You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Dec 2016 11:52 PM by  samantha
මියෙදෙන තුරා..........
 254 Replies
Sort:
Page 7 of 13 << < 56789 > >>
Author Messages

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
31 Oct 2016 04:37 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 31 Oct 2016 04:13 AM
10 යම දාන්නද? ඉවරයක් වෙන්න
හා හා දාන්න..ඕකත් අහන්න දෙයක් ද 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Oct 2016 05:06 AM
  •  Quote
  •  Reply

23. වන කොටස.



මියෙදෙන තුරා.


     කිව්වේ නම් කොහොමද සෙව්මිණීගේ තැන වෙනකාටවත් ගන්න බෑ. මම අායි කසාද බදින්න කැමති නෑ කියලා. ඒත් තමන්ගේ දරුවෝ දෙන්නගේ අම්මා මැරිලා අවුරුද්දේ දානය දෙනත් තලින් තව බිරිදක් බලන්න යනවා.

*කොහොමද නිල්මිණී නංගී.*

*මට නම් නිසි අවුලක් නෑ. හැමෝටම කියන්නේ. මගේ ජීවිතෙන් අයින් වෙලා ඉන්න.*

      මම ඒහෙම කියාගෙන ගියේ සුමේධ අයියා දකින විට මට අප්‍රදායක් දැනෙන නිසාවෙන්.

*මොනවද ලොකු අක්කී ඔයා කියන්නේ .මොකද ඔයාට වෙලා තියෙන්නේ.*

*මට නම් මොකුත්ම වෙලා නෑ. ඒත් මම දැන් කාගේ කාගෙත් හැටි හොදටම දන්නවා.*

*මට පේන්නේ නිල්මිණි නංගී මං ගැන වැරදියට හිතලා වගේ.*

*මම කා ගැනවත් හිතන්නෙත් නෑ. හිතන්න ඔනෙත් නෑ. මට පාඩුවේ ඉන්න දීලා සේරමලා මෙතනින් ගියානම් හොදයි.*

      පොරවනය හරි ගස්වා ගත් මම අනික් පසට හැරිලා නිදා ගත්තා. මට අැහුනා හැමෝම පිට වෙලා යනවා. චූටී දූ අඩද්දීම වගේ සුමේධ අයියා ඒයාව වඩන් ගිය බව අැහුනා.

       මේ සිදුවීම් වලින් පස්සේ මම පහළට යන ඒක හුගක් අඩු කරලා. හුදකලාව ජනෙල් කවුළුව අසලට වී ඉන්නට පටන් ගත්තා. ඉද හිට දරුවන් අාවත් මම පහළට යන්න කැමති වුනේ නෑ. දරුවෝ දෙන්නා කාමරයට ගෙන්න ගත්තේ මොන දේ සිද්ද වුනත් දරුවන් දෙදෙනාට තවමත් ඒදා මෙන් අාදරය කරන නිසයි.

        සති දෙකක් පමණ ගෙවී ගියේ හරිම වේදනාවෙන්. සුමේධ අයියා නිතර අැමතුන් ගත්තත් මම ඒවට සවන් දෙන්න අකමැති වුණා. දින පතා කරුණු පැහැදිලි කරමින් කෙටි පණිවිඩ අාවාත් ඒ ඒකක් වත් මට කියවන්නට අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. මම කාගේ වත් බසට සවන් දෙන්නට අකමැති වුනා.පුංචී නංගිත් ඒ දවස් කීපයට සෑහෙන්න වෙනස් වෙලා තිබුනා. අැය පෙර අාකාරයටම මට සලකන්ට පටන් ගත් නිසා මම අැගේ අැස ගැටෙන මානයටත් යන්න අකැමැති වුණා. මට තවමත් වටහා ගන්නට අපහසු මිනිසුන්ට තම වාසියට මෙලෙසින් රගපාන්නට පුළුවන්ද කියලා. පුංචී නංගී මට ළං වුනේ සැබෑ සහෝදර ප්‍රේමයෙන් කියලයි මම හිතන් හිටියේ. අැත්තටම මම රැවටිලා.

         ලීලම්මයි සිගිතී කාමරයට ඒන ඒකත් අඩු වුනේ මගේ ප්‍රශ්න වලට දෙන්න පිළිතුරු නොමැති වීම නිසයි. අම්මාගේ අප්පච්චිගේ හැසිරීමත් , මල්ලිගෙය නංගිගෙයි හැසිරීමත් සමග මම මේ පවුලේ දරුවෙක් නෙමෙයිද? මෙයාලගේ සහෝදරයෙක් නෙමේද කියලා මට වෙලාවකට හිතුනා.

      සියලු වේදනාවලින් මට ටිකක් හරි හිත නිදහස් කර ගන්න මට පිහිට වුනේ, මගේ ළග තිබුනු පොත් කිහිපය තමයි. පුංචී නංගී මා සමග මිතුරුව ඉන්න දවස් වල මම ඉතාම ප්‍රිය කළ ලේඛකයගේ පොත් කිහිපයක්ම මට තියා ගන්නම අරන් දුන්නා. ඒ කතා වලට බොහෝම අාසා කළ මම නැවත නැවත කියෙව්වා. මගේ අදහස් වලට සමාන අදහස් අැති සියලු බැදීම වලින් මිදි ස්වාධීනව ජිවත් වන පුද්ගලයෙකුගේ කතාවට මම අාදරය කලා. මමත් ප්‍රාර්තනා කලේ ඔහු මෙන් මටද මේ සිරකූඩුවෙන් පියඹා අෑතකට යන්න තිබුණා නම් කියලා.

       නැවතත් පොත කියවා සිත සනසා ගන්නට සතු මම ''නිල්ල පිරුණු මිටියාවත'' පොතත් රැගෙන ජනෙල් කව්ළුව අසල වූ අසුණට බර වුනා. පොතේ මැද පිටුවක් පෙරළා ගත් මම ඒතැන සිට කියවන්නට සිතුවේ ඒ කතාවේ මම කැමතිම කොටසක් වීම නිසයි. මම කතාවට පිවිසියා. මම කතාව තුළ ජීවත් වෙන්නට ගත්තා. මා කැමතිම ජිවිතය නිසාදෝ අනිත් සියලු පොත් කියවා ලබන වින්දනයට වැඩි වින්දනයක් මම මේ පොතෙන් ලැබුවා. මට පිටු පහ හයකට වඩා පෙරලන්නට ලැබුනේ නැහැ සිගිතී දොරට තට්ටු කරමින් කතා කරන්න වුනා.


*මොකද සිගිතියෝ . ඔය දොර කඩන්නේ නැතුව අැතුළට ඒන්න.*

*ලොකු මහත්තයා ඒන්න කිව්වා.හ්හ්.*

*ඒ මොකටද සිගිතියෝ.*

*මම දන්නේ නෑ ලොකු බේබී.හ්හ්*

*මට යන්න බෑ සිගිතියෝ අදත් මොන වගේ හෙන ගෙඩියක්ද දන්නේ නෑ.*

*ලොකු මත්තයාට කේන්ති යාවී පොඩ්ඩක් පහළට ගිහින් බලන්න ලොකු බේබී..හ්හ්.*

*මම ඒන්නම් ඒහෙනම්. සිගිති යන්න.*

        මම පහළ මහළ ගියේ හිතේ චකිතයෙන්. මම හිතපු විදියටම අවුලක් තමා. අදත් සියලු දෙනාම වට වෙලා ඉන්නවා. මට අාපසු හැරිලා කාමරයට යන්න සිතුවත් අෑත තියාම මා දැක්ක අප්පච්චී මට අඩ ගැහුවා.

*ලොකු දූ මෙහෙට ඒන්න.*

          මම ඔවුන් අසලට ගියත් මගේ හිත කිව්වෙම අදත් ලොකු ගැටළුවක් අැති වේවී කියලා.

*මොකද ලොකු දූ හිටගෙන මෙතනින් වාඩි වෙන්නකෝ.*

*කමක් නෑ අප්පච්චී කියන්නකෝ.*

*අනේ මේ හලෝ විකාර නැතු ඔතනින් ඉද ගන්නවා. ඒදා වගේ ක්ලාන්ත වෙලා වැටෙයි නැත්තම්.*

*පුංචී දූ කටපියා ගන්න. මට මේක අක්කට කියන්න දීලා.*

     මා දෙසට හැරී සිටි අප්පච්චී පුංචී නංගී දෙස බලමින් කිව්වා.

*ලොකු දූ අපි වෙලා බැලෙව්වා.*

*ඒ මොකටද අප්පච්චී.*

*ඔයාලගේ කසාදයට.*

*මම කැමති නෑ කිව්වනේ අප්පච්චී.*

       සියල්ලන්ම සද්ද නැතුව ඉන්නා විට මම හිතුවේ කට්ටිය බලාපොරොත්තු අත්හැරලා ඉන්නවා කියලා. තවත් කට්ටිය යටින් පෑලැන් කරනවා. මට අාවේ දරා ගන්න බැරි දුකක්. අැයි මේ මිනිස්සුන්ට මම කියන දේ තේරෙන්නේ නැත්තේ.

*ඒහෙම කියලා බෑනේ ලොකු දූ. මෙච්චර ලොකු මහත් කරපු මටත් අයිතියක් තියෙනවනේ ඔයා වෙනුවෙන් තීරණයක් ගන්න. අනික මේකෙන් ඔයාට වරදක් වෙන්නේ නෑ දරුවෝ.*

       අප්පච්චි හරිම සාමදානයෙන් කතා කලා. මම සැරින් සැරේ ලොකු මල්ලී දිහා බැලුවා. ඔහු හිටියේ කළබලයෙන්. ඔහුට මෙවැනි සමකාමී කතා හරි ගියේ නැහැ. බලෙන් හෝ තමනට ඔනේ දේ කර ගැනිමයි ඔහුගේ පුරුද්ද.

*මම දන්නේ නෑ අප්පච්චි මම මේකට කැමති නෑ. මම කවදාවත් සුමේධ අයියා ගැන ඒහෙම හිතුවෙත් නෑ.*

*අනේ ලොකු දුව මං වෙනුවෙන් වත් මේකට කැමති වෙන්න.*

*අනේ අප්පච්චි මොකටද මෙයාට පිංසේන්ඩු වෙන්නේ. මොළේ කියලා කළදක් නෑ .මගේ අක්කා කියලා කියන්නත් ලැජ්ජයි. මෙයාට ගැළපෙන්නේ සේවර්න්ට්ම තමා.*

       පුංචි නංගි නැවතත් මට බැන වදින්නට වුනා. මෙතරම් වෙලා නිහඩව බලා හුන් ලොකු මල්ලි පුටුවෙන් නැගිට මගේ අසළට අාවා.

*මට ඔය හුරතල් කෙරිලි තේරෙන්නේ නෑ. මාව මේ කතාවට ගාව ගන්නේ නැතුව අප්පච්චී කියන දෙයක් කරානම් හොදයි.*

          ඒසේ කිවු ලොකු මල්ලී ඉක්මන් පියවර වලින් සාලයෙන් පිටවි ගියා. මේක නම් මොන විදිහේ ජීවිතයත්ද?. මෙතරම් කල් මා ගැන සොයා බැලුවේ වත් නොමැති අය බලහත්කාරයෙන්ම මාව විවාහා කර දෙන්නට සූදානම් වෙනවා.

*හොද වැඩේ. අපි කියන දෙයක් පිළිගන්න අකමැතිනේ.*

         සිදු වු දෙයින් සතුටක් ලබපු පුංචී නංගී මට සමච්චලයට හිනා වුනා. මට තිබුනේ දුකක්. මා ගැන සිතන්නට මේ නිවෙසෙහි කිසිවෙකු නැති බව මට වැටහුනා. අනේ මගේ මරණය ඉක්මන් කරන්න දෙවියනේ මම අඩන්නට වුනා.

*කවුරු කොහොම.. කිව්ව...ත් මම කැම..ති නෑ.*

*ලොකු දූ මොකද පොඩි ළමෙක් වගේ අඩන්නේ. දුක් වෙන්න දෙයක් නෑ. අපි ඔයාව ඒහේ තනියෙන් යවන්නේ නෑ. ලීලම්මත් දෙනවා ඔයාට අරන් යන්න.*

*දැන් ...සු...මේධ අයියා.. කැමතිද මේකට..*

*ඒ ළමයගේ අකමැත්තක් නෑ.*

* මම යනවා අප්පච්චී මට මේකට කැමති වෙන්න බෑ.*

*මොකද දරුවෝ වෙලා තියෙන්නේ. දරුවෝ දෙන්නා ගැනවත් හිතන්න.*

      තවත් කිසිවක් අසන්නට සිත් නොදුන් නිසා මම ඉහළ මහළට දුවගෙන ගිහින් දොර වහ ගත්තා. ඒතැන් පටන් සියල්ල සිදු වුනේ අප්පච්චිටයි ලොකු මල්ලිටයි ඔනේ විදියට. සියලුම දෙනා යොදා ගත් දිනයේ විවාහා මංගලයට සූදානම් වුනා. මගේ කැමත්ත විමසන්න නොඅා ඔවුන් සියලු කටයුතු සූදානම් කලා. සුමේධ අයියාගේ දෙවන විවාහය නිසා සුළු උත්සවයකින් සියලු කටයුතු නිම කරන්නට ඔවුන් තීරණය කර තිබුනා.
ටික දිනෙක සිට දරුවන් දෙදෙනා මෙහි නොඒවුවේ මම විවාහයට අකමැති බව දන්නා නිසා විය යුතුයි. සිදු වන දෙය බලා ඉන්නවා හැරෙන්නට කළ යුතු දෙයක් මට ඉතුරුව තිබුනේ නැ.

*ලොකු අක්කි. අාන් අම්මා ඒන්න කිව්වා.*

       කිසිදු ප්‍රශ්ණ කිරීමෙකින් තොරව මම පහළ මහළයට ගියේ, මගේ අකමැත්ත පෙන්විමෙන් කිසිදු පලක් නැති බව වටහා ගත් නිසයි.

*ලොකු දූ ඔයාගේ ජැකට් මහන්න මැෂිමෙන්ට් ගන්න මේ අාන්ටි අැවිත් ඉන්නේ.*

        මා හා සිනාසුන මැදි වියේ කාන්තාව මට අත පෑවා. අැය සමග මද සිනහවත් පෑ මම අැයට අැගේ කාර්යය කර ගැනීමට ඉඩ දුන්නා. හිතේ අකමැත්ත ඒසේම තිබුනත් මට ඒන දේකට මුහුණ දෙනවා අැර කරන්නට යමක් නොතිබුන නිසා.

        දින කෙමෙන් ගෙවී ගියා. සිදුවන දේ වලට සතුටු වෙන්නද දුක් වෙන්නද කියා මට සිතා ගන්නට අපහසුයි. මුළු නිවසම අළුත්වැඩියා වෙමින් තිබුනා. තව දින දහයකින් මම සුමේධ අයියා සමග විවාහා වෙනවා. මම තවමත් ඉන්නේ සියල්ලන් සමග කෙන්තියෙන්. සුමේධ අයියාගේ අැමතුම් වලටත් සවන් නොදුන් මම දුරකථනය ක්‍රියා විරහිත කර අල්මාරියට දැමුවා.

       දිනක හවස් වරුවක මාව සැලුන් ඒකකට ඒක්කරගෙන යාමට පුංචී නංගී සූධානම් වුනා. ඒ සදහා කොහෙත්ම අකමැති වු මම පුංචී නංගී සමග ගැටුම් අැති කර ගත්තා. සියලු අැදුම් මසා නිමා කර තිබුනා. අැදුම් මසන කාන්තාව මැසු අැදුම් මට අන්දවා බැලුවා. අලංකාර සුදු වර්ණයකින් යුතු සාරියට මට අාසාවක් අැති වුනා. සැබැවින්ම ඒ සාරිය මගේ සිරුරට හොදින් ගැලපුනා.

ඊ ළග කොටසින් හමු වෙමු.........



දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Oct 2016 05:22 AM
  •  Quote
  •  Reply

24. වන කොටස.



මියෙදෙන තුරා..




      අැදුම පිළිබද අාසාක් අැති වුවද , තව නොබෝ කලකින් මෙවැනී අැදුමකින්ම ජීවිතෙන් පිටවී යනවා නේද කියලා මට හිතුනා. දැන්වත් අසනීපය ගෙදරට කියන්න ඔනේ කියලා හිතුවා. ඒතකොට හැමොටම තේරෙයිනේ මම අැයි අකමැති කියලා. මුලින්ම ලීලම්මට කියලා ඉන්නවා ඒතකොට ඒයා හැමෝටම කියයි කියලා මම කාමරෙන ඒළියට අාවේ ලීලම්මව හොයාගෙන. 

   වෙලාව ඒකළොහට කිට්ටු නිසා මම කෙලින්ම කුස්සිය පැත්තට ගියා. ලීලම්මා දවල් අාහාරය පිළිවෙල කරමින් හිටියා. 

*ලීලම්මේ...*

*අැයි ලොකු බේබී කවදාවත් නැතුව.*

*මම ලීලම්මට දෙයක් කියන්න අාවේ.*

*මොකද්ද ලොකු බේබී.*

        කපමින් සිටි ඒළවලු ටික ඒහෙමම තිබියදී ලීලම්මා මගේ පැත්තට හැරුනා.

*මට අර නිතර පපුවේ අමාරුවක් හැදෙන්නේ.*

*අනේ ලොකු බේබී හුගක් රිදෙනවද ? අමාරුයිද?*

     ලීලම්ම මොන තරම් කළබල වුණාද කියනවා නම් ඉක්මණින් දැත් සොදා උඩින් හැද සිටි චීත්තයේ කොළක පිස දමා. මාව අැගේ වතට බර කර ගත්තා.

*අනේ දැන් අමාරුවක් නෑ ලීලම්මේ.*


*ඒහෙනම් අැයි ලොකු බේබී. *

    මේ පපුපුවේ අමාරුව ගැන කියද්දී කළබල වෙන තාලෙට මට මැරෙන දිනයත් තීරනව වී අැති බව දැන ගත්තම මොනවයි මොනවා වෙයිද? ඒක නිසාම මම රෝගය ගැන කියන අදහස් අතහැරලා දැම්මා. ලීලම්මට මේ තරම් රිදෙනවා නම් අම්මට අප්පච්චිට මොනතරම රිදෙයිද කියලා මට සිත් වේදනා අැති වුනා.

*නෑ . නෑ ලීලම්මේ අැයි දන්නේ නෑ මගේ පපුව රිදෙන්නේ.*

*අැයි ලොකු බේබී ඒදා ක්ලාන්ත හැදුනට පස්සේ දවසක අායි හැදුනද ?*

* නෑ . නෑ ලීලම්මේ*

*ලොකු බේබීට බයක් දැනෙනවා නම් බෙහෙත් ගමු.*

*නෑ ලීලම්මේ. ඒහෙම ලොකු අමාරුවක් නෑ. අායි හැදුනොත් බලමු.*

*මේ ළමයා මාව බය කරනවනේ.*

         අාදරයෙන් මට ඒහෙම කියපු ලීලම්මා ඒළවලු කපන්න පටන් ගත්තා. සැබවින්ම ලීලම්මා මට සැළකුවේ අැගේම දරුවෙකුට වගේ . අැය කොයි දරුවටත් හරිම අාදරෙයි.

*ලීලම්මේ. අද පරක්කු වෙලාද?*

*ඔව් ලොකු බේබී. අද ටිකක් පරක්කු වුනා.*

*මම ටිකක් මෙතනට වෙලා ඉන්නද? මටත් අාසයි උගන්න ඉගෙන ගන්න.*

*අනේ ලොකු බේබී මොකට උයන්න ඉගෙන ගන්නවද? සුමේධ මහත්තයා ලොකු බේබීට උයන්න දෙන්නේ නෑ. රැජිනක් වගේ තියාවී.*

         මගේ සිත නැවතත් දුකින් පිරී ගියේ මම ළගදිම සුමේධ අයියලාගේ ගෙදර යනවා නේද කියලා. සිදු වන්න යන දෙයට කැමති වී වෙන දේකට මුණ දෙනවා අැර වෙන විකල්පයක් නෑ. මම හිත හදා ගන්න තීරණය කළා.

* ඒත් දරුවෝ දෙන්නා අාස වෙයි මගේ අතින් උයන දෙයක් ඉදලා හිටලා හරි කන්න.*

*හ්ම් .. ඒන්නකෝ ඒහෙනම් බලන් ඉන්න. ලොකු නෝනා දැක්කොත් නම් මට බනිවී.*

ලීලම්මා මට උයන විදිය කියලා දෙමින් අාහාර පිසින්න වුනා. අම්මා ඒක වරම කුස්සියට අැතුල් වූනා.

*ලොකු දූ ඔයා මොකද කුස්සියේ.*

*ලොකු බේබිට උයන්න පුරුදු වෙන්න ඔනෙලු ලොකු නෝනා.*

*ඒ මොකද හදිස්සියෙම.*

*දරුවෝ දෙන්නට ඒයා අතින්ම උයලා දෙන්න ඔනේ කියන්නේ ලොකු බේබීට* 

      ලීලම්මා කිව්වේ හරිම සන්තෝෂෙන්. ඒ වචනයත් සමග අම්මාගේ මුණට අැදුනේ ලස්සන හිනාවක්. අැය මට විහිළු කලා.

*දරුවෝ දෙන්නට විතරද?*

*ඒක තමයි ලොකු නෝනා.*

*අන්තිම මොහොතේ හරි ලොකු දූ මේකට කැමති වුන ඒකනම් හොදයි. මම ලොකු ගින්දරක හිටියේ.*

       අම්මා මාව අාදරයෙන් තුරුළු කර ගනිමින් කිව්වා. ලීලම්මාගේ දෑසේ වු කදුළු කැට දිළිසෙනවා මම දුටුවා. ඔවුන් දෙදෙනාම මගේ විවාහය නිසා හුගක් සතුටු වෙන බව දැනිලා සතුටු හිතුණත්, ඒ සතුට හැමෝටම ටික කාලයයි නේද කියලා ලොකු දුකකුත් අැති වුනා. මම අම්මාගේ උණුසුමට ගුලි වෙමින් දෑස් පියා ගත්තා.

*දූ  අපි ඔයාට වරදක් කරනවා කියලා හිතන්න ඒපා. සුමේධ අයියා හොද ළමෙක්. මගේ දූව හොදින් බලා ගනිවී.*

      මා සමග විවාහා උත්සවයේ කටයුතු ගැන කතා කල අම්මා හිටියේ හරිම සතුටින්. තවත් මොකුත්ම කල්පනා නොකරන්නට සිතු මම ඉහළ මහලට ගියා. සුපුරුදු විදියටම ජනෙල් කවුළුව අසලට ගොස් දහල් අව්ව වැටී රත් වී තිබු උළුනහු කනුව අල්ලදි ඒක පාරට අතට දැඩි රස්නයක් දැනුනා.අවුව නැත් පැත්තේ බිත්තියට මුවා වූ මම රූස්ස ගස් පෙළ අතරින් පාර දෙස බැලුවා. කිසිවෙක් පාරේ සිටියේ නැ. නිවසේ පිටත බිත්තිවල තින්ත අලේප කරමින් සිටියේ සිගිති සහ තවත් පුද්ගලයෙකි. ඔවුන් වැඩ කරන අයුරු අාසාවෙන් පලා සිටි මට තීන්ත අාලේප කරන අනිත් පුද්ගලයා දැකලා පුරුදු බව සිතුනා. 

*ලොකු බේබී. ලොකූ නෝනා කෑම කන්න ඒන්න කිව්වා.*

        මම විවාහයට කැමති වූ නිසා සියලු දෙනා යථාතත්වයට පත් වි අැතැයි සිතූ නිසා මම කෑම ගන්නට පහළ මහලට ගියා. සිතු අයුරින්ම සියල්ල යථාතත්වයට අැවිත් තිබුණා. කෑම ගැනීමෙන් පසු මම කුස්සියට ගියේ අත සෝදන්න. කෑම මේසය මත අත සෝදන්නට භජන තබා තිබුනත් මම පුරුද්දක් වශයෙන් කුස්සියට ගිහින් අත සේදුවා. මම කුස්සිය දෙසට යන විට සිගිතිත් අර අනිත් පුද්ගලයත් කෑම කමින් සිටියා. මම යනවත් සමගම කෑම කා අවසන් කළ සිගිති කුස්සියෙන් ඒළයට ගියේ සුනඛයන්ට කෑම දීමට විය යුතුයි.

         දැක පුරුදු පුද්ගලයා දෙස විමසිල්ලෙන් බැලු මම කවුරුදැයි කල්පනා කරමින් අත සොදන්න වුනා. හිස කෙස් සහ මුහුණ පුරා වවා ගත් රැවුල තැනින් තැන සුදු පැහැ වි තිබුනා. වැහැරිලා වි ගිය සිරැරත් සමග මට ඔහු කවුදැයි අදුරා ගන්න බැරි වුනා. මා දෙස බලා මුව පුරා සිනා සුණ ඔහු මට හිස සලා  අාචාර කලා.

*ලොකු බේබීට මම මතකද?*

*දෙවියනේ සෝමේ මාමා.*

*ලොකු බේබීට මාව අමතක නෑ ඒහෙනම් තාමත්*

*ඒක පාරට අදුර ගන්න බැරි වුනා සෝමේ මාමේ. මාමා හුගක් වෙනස් වෙලානේ.*

*ලොකු බේබී නම් ඒදා වගේමයි තාම.*

*කොහොම ඉතිං සෝමේ මාමේ .*

*අනේ ලොකු බේබී මට මාමේ කියන්න ඒපා. ලොකු නෝනා දැක්කොත් මට බනීවි. මට මතකයි බේබි පොඩි කාලෙත් මට සෝමේ මාමා කියලා කතා කරනවා . ලොකු මහත්තයයි, ලොකු නෝනයි මොන තරම් බැන්නත් තාමත් ඒ පුරුද්ද ඒහෙමමයි නේද.*

        ඔහු අපේ අතිතය මට යලි මතක් කර දුන්නා. සෝමේ මාමා යනු මගේ හොදම මිතුරිය ශාමලිගේ පියයි. ඒ වගේම ලිලම්මාගේ ඒකම සහෝදරයයි. මොන හේතුවක් නිසාද නොදන්න මුත් ගමේ අනිත් දරුවන්ට ඒන්නට තියා සිතන්නට වත් අපහසු අපේ පාසලට ශාමලිට ඒන්නට ලැබුනේ ලීලම්මා නිසා විය යුතුයි. නිතර ලීලම්මා සමග මෙහි පැමිණියේ ශාමලීගේ මව අසණීපයෙන් සිටි නිසා අැය බලා ගැනිමට කෙනෙකු නොමැති නිසයි. ඒ දවස් වල ලීලම්මා පවුලේ අය සමග ළගින් අැසුරුකම් පැවැත්තුවත් අප්පච්චිගේ අකමැත්ත නිසා . සියල්ලන්ගෙන්ම අෑත් වෙන්න සිදු වුනා.

           මා සමගම පාසල් ගිය අැය මට සිටි ඒකම මිතුරියයි. ඒ කාලයේ පටන්ම යාහළුන් අැති කර ගැණීමේ හැකියාවක් මට තිබුනේ නැහැ. මම බොහොම නිහඩ ළමයෙක් නිසා මගේ යාලුවෝ මට කැමති වුනෙත් නැහැ. ඒක වසරේ ඉදන් මගේ සෙවනැල්ල වගේ සිටියේ අැයයි. පාසලේ යහළුවන් අතර වූ ගැටුම් වලදි පවා අනිත් යාළුවන්ට දොස් පවර මා බේරා ගත්තේ අැයයි.ඉගෙන ගැනිමට ඒතරම් පිය නොකළ මා හට ඉගෙන ගැනිමට දිරි ගැන්නුවේ අැයයි. ඒසේ ළං වි සිටි අපි දෙදෙනා වයසෙන් වැඩෙත්ම දෙමාපියන් විසින් වෙන් කරනු ලැබුවා. පවුලේ අය අැසුරු කරනවාට අප්පච්චී අකමැති වූ නිසාම සෝම මාමායි, ශාමලී මෙහෙ ඒන ඒක නවත්වන්නට ලිලම්මා කටයුතු කළා. ඉන් පසු ශාමලි ගැන කිසිදු අාරංචියක් නොලැබුන අතර ඉගෙන ගැනිමට අැති වු අාර්ථික අපහසුතා මැද ඉගෙනිම අත හැර නගරයේ කම්හලක රැකියාවක් කරන බව පමනක් දැන ගන්නට ලැබුනා. පාසල් අධ්‍යාපනයෙන් පසු නිවසටම කොටු වූ මට කිසිවෙක් අැසුරු කරන්නට ඉඩ ලැබුනේ නැ. අවුරුදු දාහතක්ම මම මේ නිවාස අඩස්සියේ හිටියා. අතීතය සිහි විමෙන් මට අැති වුනේ දුකක්. නමුත් මා මෙලෙස රැකවල් මැද තබන් ඉන්නේ අැයි දැයි මට තවමත් පැහැදිලි නැ. තවත් පුදුමයට කරුණක් නම් මට වන් නීති පුංචි නංගිට නොවිමයි.

*මට මොකුත් අමතක නෑ සෝමේ මාමේ. කොහොමද දැන් ශාමලීට දැන් බැදළා දරුවොත් අැති නේද?*

         ශාමලී ගැන අහත්ම ලොකු සුසුමක් හෙළු ඔහු මා දෙස කදුළු බර දෙනෙතින් බැලුවා.

*අනේ අැයි සෝමේ මාමේ. නැන්දට කොහොමද?*

*උන්දෑ වලලපු තැන මහ ගසුත් අැති දැන්. උන්දෑ මැරුනේ ඒ කාලේ මයි.*

*අනේ මට මොකවත්ම අාරංචී වුනේ නෑ සෝමේ මාමේ. ශාමලීට මොකද?*

*ඒ දරුවා වළපයයි ගොඩපයයි ඉන්නේ. දරුවෙක් නම් ඉන්නවා .ඒ පොඩි ඒකත් ඒකී ළග නෑ දැන්.*

*ඒ කිව්වේ.*

       මට ඔහු කිවූ දෙයි අග මුළ යා කර ගන්නට අපහසු වුනා.

*ශාමලි හොදටම අසනීපෙන් ඉන්නේ නැගිටින්න වත් බෑ . දාපු තැන වැටිලා ඉන්නවා. මට ඒකී ගැන දුකයි. මට ඒකට උගන්න ගන්නත් බැරි වුනා. ඒක දවසක් වත් දුක් නොවිද ජිවත් වෙන්න හදලා දෙන්නත් බැරි වුනා.*

ඊ ළග කොටසින් හමු වෙමු.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 Oct 2016 05:28 AM
  •  Quote
  •  Reply
ඇයි 10 යේ 0 කපල දාල තියෙන්නේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Oct 2016 05:35 AM
  •  Quote
  •  Reply


25. වන කොටස.


මියෙදෙන තුරා..


*ඒ තරම් අමාරුයිද? කවුද ඒයාව බලා ගන්නේ.*


*බලාගන්න ඉන්නේ මම විතරයි. මට ඒකී දුක් විදිනවා බලන් ඉන්න බෑ ලොකු බේබී. ඒත් මට කරන්න දෙයක් නෑ. ඒකිට හරියට කෑම ටිකක්වත් ලැබෙන්නෙනෑ.*


*මොනවා ..ඒ මොකද සෝමේ මාමේ.*


*මට ඒකී දැක්කම දුක ඉවස ගන්න බෑ. සේරම අමතක වෙන්න මම හවසට මොනවා හරි කටේ හලාගෙන තමා යන්නේ.*


       පවු දෙයියනේ බඩගින්නෙන් වේදනාවෙන් තනිකමින් අැති. මගේ හොදම යාලුවා වෙලත් මට ඔයා වෙනුවෙන් දෙයක් කරන්න බෑනේ .මට මේ ගෙරින් ඒළියට යන්න විදියක් නෑනේ. මම තනියම විලාප දුන්නා.


*කෝ මාමාමේ ශාමලීගේ මල්ලී ඒ කාලේ පුංචියට හිටිය.*


*ඔය දරුවා දන්නේ නැද්ද මගේ කොල්ලා කවුද කියලා. වූ තමා ඉද හිටවත් ශාමලියගේ කුස ගින්න නිවන්නේ. නාවලා කරලා ඒන්නේ.*


*මම කොහොම දැන ගන්නද සෝමේ මාමේ.*


* උෟට නම් කෙල්ල නැහිලා නැහිලා ඉගැන්නුවා. වැඩක් නෑ උෟත් දුක් විදිනවා.*


*අානේ ලොකු බේබී. අදුරනවද මෙයාව.හ්හ්*


*මම ලොකු බේබීබව දන්නේ උබ අත දරුවා කාලේ ඉදන් බොල.*


        සේදූ පිගානද අතැතිව අප අතරට අා සිගිතිගේ පැනයට සෝමේ මාමා පිළිතුරු ලබා දුන්නේ මා දෙස බලා සිනා සෙමින්.


*මේ අද දවස අැතුළත අර ටික පේන්ට් කරලා ඉවර කර ගන්න ඔනේ යමු.*


            සෝමේ මාමා මා අදුරන බව දැන ගත් වහා සිගිති බොහෝ සෙයින් කලබල වුනා. සෑම වදනකම අගට ඒක් වන හ්හ් පදයද අමතක කළ ඔහු සෝමේ මාමාවද රැගෙන ඒතනින් නික්ම ගියා. ශාමලී ගැන අැසීම නිසා මා සිත තුළ වුනේ විශාල කම්පනයක්. පැත්තකට වි දවස් ගණනාවක් හඩන්නට තරම් සිත් වුනා. කුස්සියේ වූ බංකුව මත හිද ගත් මම කල්පනා කරන්න වුනා.

*ලොකු බේබී අැයි මේ කුස්සියේ ඉදගෙන කරන්නේ*


*අනේ ලීලම්මේ ශාමලිට හුගක් අමාරුයිලු. අනේ මගේ ඒකම යාළුවා.*


*කවුද ලොකු බේබීට ඔක කිව්වේ.*


*සෝමේ මාමා*


*සෝමේ මල්ලී ඔය ටිකට ඒකත් කිව්වද?*


*අැයි ලීලම්මේ ඒහෙම කියන්නේ ලීලම්මට දුක නැද්ද?*


*දුකයි ලොකු බේබී. ඒත් ලොකු මහත්තයා කැමති නෑනේ මම නෑදෑයෝ අශ්‍රය කරනවට. වෙලාවකට මේ සේරම අතෑරලා මට ඒ කෙල්ල ළගට යන්න හිතෙනවා.*


*අනේ ඔයා මම වෙනුවෙන් මගේ යාළුවා ළගට යන්න ලීලම්මේ. මම සල්ලිත් දෙන්නම් ඔයාට වියදමට.*


*ඒත් මම ඔයාව දාලා කොහොම යන්නද ලොකු බේබී.*


*මට මොකුත් කරදරයක් නෑනේ ලීලම්මේ. ශාමලීට දැන් තනියෙම ජිවත් වෙන්න බෑ.*


*ලොකු බේබීටත් මම ඔනෙම වෙලාව මේක.*


*මට සුමේධ අයියා ඉන්නවනේ ලීලම්මේ.*


*අනේ මන්දා ලොකු බේබී මම මේ සේරම අතෑරලා ගියොත් අායෙත් කවදාවත් මට ලොකු බේබීට ළං වෙන්න වත් ලැබෙන්නේ නෑ. මම දන්නවනේ ලොකු මහත්තයගේ හැටි.*


*සුමේධ අයියා අප්පච්චී වගේ නෑ. මම ලීලම්මව කවදා හරි මගේ ළගට ගන්නම්. මම වෙනුවෙන් ශාමලි ළගට යන්න.*


      අසුනින් සිට ගත් මම නෙතට නැගුන කදුළ ලීලම්මාගේ උරහිසට වැටෙන්නට ඉඩ දී අෑ වැළද ගත්තා.හිතේ තිබෙන් දුක ටිකක් හෝ තුරන් වේ යැයි සිතා මම උරහිසේ හිස හොවාන අඩන්න ගත්තා.


*ලොකු දූ.. මොකද මේ අඩන්නේ.*


       පිටු පසින් අම්මාගේ හඩ අැසිමත් සමග අපි දෙදෙනා දෙපසට විසි වුනා. ලොකු වරදක් කළ කලක මෙන් ලීලම්මා අම්මාට හිස සැලුවේ අාචාර කරන්න මෙන්.


*ලීලාවතී කවුද මැරිලා තියෙන්නේ.*


*කවුරුත් නෑ ලොකු නෝනා.*


*මොකද ඒහෙනම් දෙන්නා ඒක්ක අඩන්නේ. මොනවද ලොකු දුවට ලීලාවතී ඒක්ක ඔය හැටි තියෙන කතාව.*


         අම්මා සිටියේ කේන්තියෙන්. ලිලම්මා වෙත පෑවේ නපුරු බැල්මක්. කවදාවත් නැතුව අම්මා ලීලම්මට සැර වෙනවා දුටුවාමයි.


*අම්මේ ශාමලීට හුගක් අමාරුයිලු.*


        මම අම්මාලේ උරහිසට හිස තබාගෙන හඩමින් කිව්වා.


*ඒකට දැන් ලොකු දූ මොකටද අඩන්නේ.*


*ඒ මගේ යාලුවනේ අම්මේ. අම්මට අමතකද?*


*නෑ . නෑ . මම මැරිලා උපන්නේ නෑ. ලීලාවතීට නම් සේරම මතක් කරලා දෙන්න වෙයි වගේ මුල ඉදන්.*


*අනේ වැරදි දෙයක් කිව්වේ නෑ ලොකු නෝනා.*


*මම කිව්වා සෝමපාලව ගෙන්නන්න හදද්දිම ඔක වෙයි කියලා. ලොකු දූ යන්න ගිහින් වැඩක් බලා ගන්න ඔයාගේ.*


       අම්මා ලිලම්මාට දොස් නගන්න වුනා.


*අනේ අම්මේ අපි ශාමලීට උදව් කරමුකෝ.*


*ලොකු දූ කිව්වම අහලා කාමරයට යනවා. මම ඒක ලීලාවති ඒක්ක බලා ගන්නම්.*


*අනේ අම්මේ ලිලම්මට බනින්න ඒපා.*


*ලොකු දු කිව්වම අහලා මෙතනින් යන්න. අායි ලීලාවතී ඒක්ක වැඩි අැයි හොදැයිකම් ඔනේ නෑ*


          මේ සිදුවන කිසිත් මට තේරුම් ගන්නට නොහැකි වුනා. හඩාගෙන කාමරයට ගිය මම අැදට වැටී ඉකි ගසමින් අඩන්නට වුනා. සිත ටිකක් හෝ සැහැල්ලු කර ගැනිමට වෙහෙසුනත් සැනසෙන බවක් දැනුනෙම නෑ. කදුළු පිස දා ගත් මම පහළ මහලට අාවේ සෝමේ මාමාගෙන් තව විස්තර ටිකක් අහගන්න හිතාගෙන. මම වට පිට බලමින් කුස්සිය දෙසට යන්න වුනා.


*ලොකු දූ කොහෙද හොරා වගේ යන්ෙන් *


*අනේ අම්මේ.*


*කිව්වම අහලා කාමරේට යන්න. නැත්තම මට මේක අප්පච්චී ඒක්ක කියන්න වෙනවා. මෙතරම් කල් මම ලීලාවතිව විශ්වාස කලා. මට පේන්නේ ලීලාවති ලොකු දුවව අපෙන් අෑත් කරලා වගේ.*


*අනේ ඒහෙම නෑ අම්මේ.*


*හරි ලොකු දූ ඔයා ඔයාගේ වැඩක් බලා ගන්න. මම අප්පච්චී ඒකක කතා කරලා ශාමලී වෙනුවෙන් දෙයක් කරන්නම්.*


        තවත් අැවිටිලී කිරීමෙන් තීරන වල වෙනසක් කළ නොහැකී බව වටහා ගත් මම කාමරය දෙසට ගියේ හරිම හිත් වේදනාවෙන්. මේ සැමටමත් වඩා සුමේධ අයියා සංවෙදී අැති කියලා මගේ හිත කියන්න ගත්තේ ඒක පාරටමයි. අල්මාරිය තුල වු දුරකතනය පිටතට ගත් මම ඒය විවෘත කලා. සුමේධ අයියාගේ අංකයට තෝරා ඒයට අැමතුමක් ගන්න උත්සහ කලා.


*හෙලොව් නිල්මිණි නංගි.*


*අනේ සුමේධ අයියේ.*


*අැයි මේ අඩන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් වුනාද?*


*මට ඔයාව හම්බෙන්න ඔනේ*


*අැයි ඒක පාරටම. මම ගෙදරට ඒන්නම් ඒහෙනම්.*


*ඉක්මණට ඒනවද?*


*හරි මම ඒන්නම් අඩන්නේ නැතුව ඉන්න. මම ඉක්මණට ඒනවා බුදු සරනයි.*


*බුදු සරණයි! පරිස්සමින් ඒන්න.*


       මට දැන් පිහිට විය හැකි ඒකම පුද්ගලයා සුමේධ අයියා බව තේරුම් ගත් මම දෙවරක් නොසිතාම ඔහුගෙන් උදවුක් ඉල්ලනට සිතුවා. ඔහු ඒනතුරු මග බලා වුන් මට ජනෙල් කවුළුව අසල වූ අසුනේම නින්ද ගිහින් තිබුනා.


*ලොකු බේබී .. ලොකු බේබී.. මේ සුමේධ මහත්තයා අැවිත්.*


*කාමරයට ඒන්න කියන්න ලීලම්මේ.*


        කාමරයේ දොර තල්ලු කරගෙන සුමේධ අයියා කාමරය අැතුළට අාවා. නැගිට ඔහුට අසුන දුන් මම අැද කොනක හිද ගත්තා. ඔහුගේ මුහුණේ වුනේ විමතියක්.


*අැයි නිල්මිණී නංගී හදිස්සියෙම.*;


*ඔයා දන්නවා නේද මම ඔයාව මැරී කරන්න කැමති වුන බව.*


*ඔව් මට කිව්වා. මට ඔයාව බලෙන් මැරි කරන්න ඔනේ නෑ. මම දැන් ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙලා නේද? මම මේ හැමදේම අත් අැරලා ළමයි දෙන්නත් අරන් යනවා. ඔයාගේ තීරණය මත තමා ඒක වෙන්නේ.*


*ඒහෙම කරන්න ඔනේ නෑ. මගේ තීරණ වලින් අපේ ගෙදර අයට වැඩක් නෑ. *


*ඒ කියන්නේ ගෙදර අය කියන නිසාද ඔයා මාව මැරි කරන්නේ.*

 

*නෑ මම ඔයාට අකමැති නෑ . දරුවෝ දෙන්නා වෙනුවෙන් මම හැමදේම කරන්නේ.*


*ඔයා හිතන්න ඒපා මම කපටි කමින් ඔයාව මගේ ළගට ගන්න හදනවා කියලා. මට මුල ඉදලම වුමනාවක් තිබුනේ නැ මේ කටයුත්ත ගැන ශාලින්ද මල්ලී යෝජනා කලාට. දරුවෝ දෙන්නට ඔයා අදරේ නිසයි මම කැමති වෙන්න හිතුවේ. අකමැති වෙන්න මට ඔයා ගැන කියන්න සාධාරන හේතුවකුත් නැති නිසා. මම දන්නවා මාව මැරි කරත් නැතත් ඔයා දරුවෝ දෙන්නට අාදරේ බව.*


*ඒහෙම මොකුත් නෑ සුමේධ අයියේ . දැන් මම කැමතී .වුන දේවල් අමතක කරළා දාන්න.*


ඊ ළග කොටසින් හමු වෙමු.

දිනයක වැටහේවී...........
1

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Oct 2016 05:47 AM
  •  Quote
  •  Reply


26. වන කොටස.



මියෙදෙන තුරා.



*මම හැමදේම අමතක කරලා ඉවරයි. කවදාවත් ඔයා හිතට ඒකග නැති තීරණයක් නම් ගන්න ඒපා තේරුනාද. ඔයා ගන්න ඔනේ තීරණයකට මම ඒකගයි.*

        මම සුමේධ අයියා සමග ශාමලි ගැන සියලු විස්තර කිව්වා . ඔහු අැය ගැන බොහෝ සෙයින කණගාටු වුනා. ඔනෑම උදව්වක් කරන්නට ඔහු කැමති වුනා.

*මම මොනවද නිල්මිණී නංගී දැන් කරන්න ඔනේ.*

*මට තේරෙන්නේ නෑ සුමේධ අයියේ. ඒයාට අැවිදින්න වත් බැරිලු.*

*මම හොයලා බලලා දෙයක් කරන්නම්.*

          විවාහයට තියෙන්නේ තව දවස් අටයි. මම සිත හදාගෙන හිටියේ සුමේධ අයියා සමග විවාහා වෙන්න. සුමේධ අයියා ගමේ ගෑනු කෙනෙක්ට වැටුප් දෙන්නට පොරොන්දු වී ශාමලී බලා ගන්නට යවලා තිබුනා. ඒ අාරංචිය ලැබුණම මම තව තවත් සුමේධ අයියා ගැන පැහැදුනා. මොනම හේතුව නිසාවත් මට සුමේධ අයියා ගැන යහපත් හැගිමක් මිස අාදරයක් අැති වී තිබුනේ නැ. නමුත් දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ලොකයේ හැකි කල් ඉන්නට මම සිතා ගත්තා.

        විවාහා උත්සවයට තව දින පහක් ඉතිරිව තිබුනා. පුංචි නංගීද පෙර මෙන් නැතත් මට ළං වී තිබුනා. නමුත් ඔවුන්ට ළං නොවු මම හුදකලාව ඉන්නට නිතර උත්සහ ගත්තා. සැන්දෑ වරුවක දරුවන් දෙදෙනාද සමග සුමේධ අයියා අප නිවසට පැමිණියා. ඔහු අා බවට ලද පණිවිඩයෙන් මම පහළ මාළයට පැමිණියා.

*අම්මී නැද්දී.*

       චූටී දූ මා ළගට දුවගෙන අාවා. අැය වඩා ගත් මම කොපුල මත හාදුවක් තැබුවා. අැයත් ඔසවාගෙන ලොකු දූ අසට ගිය මම අැයත් අාදරයෙන් සිප ගත්තා.

*නිල්මිණි නංගී පංසල පැත්තේ ගිහින් ඒන්න යමුද?*

*යන්න දෙයිද දන්ෙන් නෑ.*

*මම අහලා බලන්නම්. ඔයා යන්න කැමතිනේ.*

*මගේ අකමැත්තක් නෑ.*

         විවාහා යෝජනාවත් සමග අැති වු අාරවුල මත අපගේ මිතුරු කම පවා දුරස් වූ නිසා කලෙකින් නිවසින් බැහැරට යන්නට මට ලැබුනේ නැහැ. සුමේධ අයියා අවසර ඉල්ලන පරක්කුවෙන් නිවසින් අවසර ලැබුනා. හරිම සතුටින් කාමරයට ගිය මම සුදු අැදුමකින් සැරසි පහළට අාවා.

*අපි ගිහින් ඒන්නම් අප්පච්චී.*

        පැවසූ සුමේධ අයියා අපිවත් පෙරටු කොට ගෙන නිවසින් පිටත් වුනා. මෝටර් රථයට නැගී අපි මුලින් හමු වූ පන්සල අසල වාහනය නැවතුනා.

*නිල්මිණි නංගී දන්නවද ඔයාව මේ පන්සලටම ඒකන් ඒන්න හේතුවක් තියෙනවා.*

*ඒමොකද්ද සුමේධ අයියේ හේතුව. අපි මුලින්ම මුන ගැහැනු පන්සල නිසාද?*

*ඒක ඒක හේතුවක් විතරයි. ඉස්සරලාම බුදුන් වැදලා ඉමුකෝ. ඔයාලා යමු මම මල් ටික ඒහෙම අරන් ඒන්නම්.*

        ඔහු ඒන තුරු දරු දෙදෙනාගේ සුරතල් අතගිලි අතර අත් පටලාගෙන සිහින් වැල්ල මතු පිට  පන්සල දෙසට පියමැන්නා. මල් සහ අනෙක් ද්‍රවය සහිත කවරයද අතැතිව සූමේධ අයියාද අපි අතරට ඒක් වුනා. පුජා භූමියට අැතුල් වූ අපි මල් පහන් පුදා බුදුන් වැන්දා. ඉන් පසු බෝ මළුවේ කොනක හිද ගත් සුමේධ අයියා ලොකු සුසුමක් හෙළුවේ ලොකු කතාවකට මුල පුරන්නට වෙගේ.

*නිල්මිණි නංගී හිත සැහැල්ලු වෙන්නත් ඒක්ක මෙතට වෙලා ටිකක් ඉදලා යමු. වැදගත් දෙයක් තියේ මට කියන්න.*

        ඔහු අසලින් වාඩු වුන මම, ඔහු දෙස බැලුවේ කියන්නට යනදේ අසා සිටින්නයි. චූටි දුවත් ලොකු දුවත් බෝ මළුවේ වැල්ල පුරා අැවිදිමින් දුවමින් සතුටින් හිටියා. කොනක වූ නිල් මානෙල් පිපී සුවද දුන් පොකුනේ මසුන් බලමින් ඔවුන දෙදෙනා සිනසෙන්න වුනා.

*නිල්මිණි නංගී අද අපි අන්තිම තිරණය ගන්න ඔනේ.*

*තව මොන තීරණයක්ද සුමේධ අයියේ.*

*මම දන්නවා නිල්මිණි නංගී මේකට කැමති වුනේ කැමැත්තෙන් නෙමේ. ඒකට ඔයාට හේතුවකුත් අැති.*

*කොහොම හරි දැන් මම කැමතිනේ.*

*ඒ වචනයෙන්ම තේරෙනවා මේක ඔයාගේ හදවතට ඒකග තීරණයක් නෙමෙයි.*

*බොරු කියන්න ඔනේ නෑනේ සුමේධ අයියේ. මගේ හිතේ තාමත් ඔයා ගැන පැහැදීමක් අැර වෙනත් හැගිමක් නෑ. ඒ දෙවල් මැරේජ් ඒකෙන් පස්සේ අැතිවෙයි කියලා හිතනවා.*

*මගේ හිතෙත් නිල්මිණි නංගී ගැනත් ඒහෙම හැගීමක් නෑ. අපි බොරුවට අපේ හිත් රවට්ට ගන්න ඔනේ නෑ. ඒත් මම කැමති වගේ ඉන්නේ ඔයා වෙනුවෙන්. මම ඔයාගෙන් අෑත් වෙනවා කියන්නේ ඔයාගේ ලොකු මල්ලිගෙන් ඔයාට ප්‍රශ්න අැති වෙනවා.*

*ඒකට කමක් නෑ සුමේධ අයියේ.*

*මම දන්නවා ඔයාගේ මල්ලිගේ හැටි හොදටම . මේ බලන්න.*


        කවරයකින් ඒළියට ගත් කුඩා පොත් කිහිපයක් මා අත තැබුවා. ඒවා ඔහුගෙත් දරුවන් දෙදෙනාගෙත් ගුවන් බල පත්‍ර.


*සුමේධ අයියා රට යන්නද හදන්නේ.*

*අපි කොහොමත් දිගටම වගේ හිටියේ රට තමයි. අපිට ඒහේ පුරවැසිභාවය තියෙනවා සෙව්මිණිගේ අම්මලා ළගට යන්න සුදානම් වුනේ .*

*මේක ශාලින්ද මල්ලී ඒහෙම දන්නවද?*

*නෑ කවුරුත්ම දන්නේ නෑ. අපි ලංකාවට අාවේ දරුවෝ දෙන්නා ලංකාවේ ඉගෙන ගන්නවා දකින්න, සිංහල විදියට හැදෙනවා දකින්න සෙව්මිණි කැමති වුන නිසා. අනික සෙව්මිණී දැනන් හිටියා ඒයා ජීවිතේ ගෙවන්නේ අන්තිම කාලේ බව. ඒක නිසා අන්තිම කාලය ලංකාවේ ඉන්න ඔනේ වුනා. ඒකයි අපි ලංකාවට අාවේ.*

* සුමේධ අයියා අැයි දැන ලංකාව දාලා යන්න හදන්නේ. සෙව්මිණිගේ කැමැත්ත ඉස්ඨ කරන්නේ නැද්ද?*

* මම කැමති නෑ ඔයා අකමැති දෙයක් කරන් වද විදිනවි දකින්න. අනික ශාලින්ද මල්ලී ඔයා ගැන හුගක් දේවල් කියලා තියෙනවා. මොකක් හරි හේතුවක් නිසා ඔය ඔයාගේ ගෙදර හිර වෙලා ඉන්නේ කියලා ශාලින්ද මල්ලී කියලා තියෙනවා.*

*මටත් ඒක කම් හිතෙනවා සුමේධ අයියේ. ඔයා ගැන මම මොන තරම් නරක විදියටද හිතුවේ. මම හිතුවේ ඔයත් මේ කසාදෙට මුල ඉදන් කැමැත්තෙන් හිටියා කියලා.*

*නෑ. නෑ නිල්මිණි නංගී . ශාලින්ද මල්ලී කිව්වා ඔයා ඒයා ඒක්කත් කතා කරන්නේ නැ කියලා. මේ යොජනාව ඒයා කලේ සල්ලි වෙනුවෙන් කියලා ඔයා හිතනවා කියලත් ඒයා කිව්වා. අැත්ත ඒක ඒහෙම නෙමෙයි. ශාලින්ද මල්ලී හරිම හොද කෙනෙක් . ඔයාගේ නිදහස තමා ඒයා අරන් දෙන්න හැදුවේ. *

*මට මේ සේරම පැටලිලා.*

*මම දන්නවා ඔයාලගේ ගෙදරින් මට කැමති වුනේ සල්ලි වෙනුවෙන් බවත්.*

       ඒ වචනයත් සමග මට පොළව පලාගෙන යන්න හිතුනා. සුමේධ අයියා නම් මනුස්සයෙක් නෙමෙයි දෙවියෙක්. මනුස්සයෙක්ට පුළුවන්ද මේතරම් අනිත් මිනිස්සු ගැන හිතන්න. මම කොහොමද මේ තරම් හොද හිතක් තියෙන කෙනෙක් නැති කර ගන්නේ. ඒත් මට බෑ මේ හොද හිතට දෙවෙනි පාරටත් දුකක් දෙන්න. සෙව්මීණී වෙනුවෙන් වේදනාවෙන පුපුරු ගහපු හිතට අායෙත් නිල්මිණි වෙනුවෙනුත් පුපුරු ගහන්න සලස්වන්න බෑ . මමත් ඔයාගේ සෙව්මිණී ගිය තැනටම යන්න ඉන්නේ සුමේධ අයියේ. මගේ හිතට තවත් ජිවත් වෙන්න ලෝභ කම් අැති වුනාත් මරණය වලක් වන්න බෑ . තීරණයක් ගන්න බැරිව සිත දෙගිඩියාවෙන් ළත වුනා.

*නංගි තව දවස් දවස් පහක් තියේ ඔයා තිරණයක් ගන්න. වෙඩින් ඒකට පැයක් තියා ඔයා ගන්න තිරණයට වුනත් මම ඒකගයි. හොදට හිතලා තීරනයක් ගන්න.*

*මට හිතා ගන්න බෑ සුමේධ අයියේ.*


          දින කෙමෙන් ගෙවි ගියා සුමේධ අයියා කිව් සියලු දේ ගැන මම හොදින් කල්පනා කරන්න වුනා. නිතරම කල්පනා කිරීම නිසාදෝ වරින් වර මට පපුවේ වේදනාව මතු වුනා. ඒ වේදනාව මට කිව්වේ සුමේධ අයියාගේ ජිවිතේට යන්න ඒපා කියලා. මම සුමේධ අයියට අකමැති වෙලා සුමේධ අයියා රට ගියොත් මැරෙනකන් මට හිරකාරයක් වගේ ඉන්න වේවි. මේ ගෙදරින් නිදහස් වෙන්නටත් ඔනේ, සුමේධ අයියගේ ජිවිතේට නොයා ඉන්නත් ඔනේ . හරියට'' රෑවුලත් ඔනේ කැදත් ඔනේ'' වගේ.


      විවාහයට දවස් තුනක් තිබියදී මම තීරනයක් ගත්තා. සැහැල්ලු සිතින් දුරකථනය අතට ගත්මම ජනෙල් කවුළුව අසලට ගියා. ජනෙල් කවුළුවේන් බාහිර ලෝකය දකින්න උත්සහ කළ මම අදත් ඒ විදියටම රෑස්ස ගස් පෙළ අතරින් අෑත බලාගෙන් සුමේධ අයියට අැමතුමක් ගත්තා.

*හෙලොව් සුමේධ අයියේ.*

*හෙලොව් නිල්මිණි නංගී.*

*මම තීරණයක් ගත්තා අයියේ *

*මොකද්ද තීරණය.*

*අන්තිම වතාවට මාව මේ ගෙදරින් ඒළියට ඒක්ක යනවද?*

*හරි මම ඒන්නම් නිල්මිණි නංගී. තීරණය කියන්න.*

*ඒක හම්බුනාමම කියනන්නම්.*

*හොදයි මම හවස් වෙන්න අැරලා ඒන්නම්.*

*හොදයි සුමේධ අයියේ බුදු සරණයි*

*බුදු සරණයි!*

          අැමතුම විසන්ධි කළ මම ගස් අතරින් පෙනෙන පාර දෙස බැලුවා. හුග දිනකට පසු මර හඩ දීගෙන විජී අයියගේ බයික් ඒක පෙරටම අැදුනා. මටත් අන්න ඒ වගේ නිදහස ලබන්න තිබුණා කොල්ලෙක් වුනා නම්. මට නැවතත්'' නිල්ල පිරුණු මිටියවත'' පොත සිහි ගැන්වුනා. සිටු මැදුරින් පලා අාපු ඒ තරුණයාට වගේ සැහල්ලු ජිවියත් ,මගේ අවසන් කාලෙට මට ලැබෙනවා නම් මම සිහින මැව්වා.

        ඒදා සිදු විමෙන් පසු ලීලම්මත් මාත් අතර වූ සම්බන්ධය දුරස් වුනා. ලිලම්මා මා ළග සිටිනවාව අම්මා අකමැති වුනා. අම්මාට හොරන් මෙන් වචන කීපයක් කතා කලා. ඒ හේතුව නිසා මගේ පාළුව තවත් වැඩි වි නිසා නිවසේ සිටිම තව තවත් ඒපා වුනා.



ඊ ළග කොටසින් හමු වෙමු..

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Oct 2016 06:05 AM
  •  Quote
  •  Reply


27. වන කොටස.


මියෙදෙන තුරා..

        සිගිතිත් ලීලම්මත් මගෙන් අෑත් වීම මට විශාල වේදනාක් වුනේ මම වෙනුවෙන් සිතා කටයුතු කරන්නේ ඔවුන් දෙදෙනා පමණක් යැයි මට දැනුන නිසයි. මම තවමත් ජනෙල් උළුවස්සට වාරු වී නොපෙෙනන කොදෙව්වක් දිහා නෙත් යොමාගෙන කල්පනා කරන්න වුනා. මම අද මගේ තීරණය සුමේධ අයියට කියනවා. සුමේධ අයියා හොද කෙනෙක් මට මං ගැන අැත්තම ඒයාට කියන්නත් හිතෙනවා. අැත්තටම මම අැන් සුමේධ අයියට කැමතී . ඒක අාදරයක් නොවුනත් ඔහුගේ හොද ගතිගුණ වෙනුවෙන් ඔහුගේම වෙන්නට මගේ හිත කියනවා. මොකද අන් කවර දාකවත් මොතරම් කිසිදු පිරිමියෙක් මගේ ජීවිතයට ළං නොවූ නිසා.

*ලොකු බේබී. හ්හ්.*

*අනේ සිගිතියෝ .*

*ලොකු බේබී දැන් සුමේධ මහත්තයා ගැන කල්පනා කරන්නත් පටන් අරන් නේද?.හ්හ්*

*විකාර කියවන්නේ නැතුව ඉන්න සිගිතියෝ*

*විකාර නෙමේ මම දැන් මෙතනට අැවිත් මොන තරම් වෙලාද?.හ්හ් ලොකු බේබී දැක්කද? නෑනේ.හ්හ් මම දොර ළගට වෙලා කතා කරලා කරලා බැරිම තැන තමා අැතුළට අාවේ.හ්හ්*

     ඒ වදනත් සමග මගේ හිතටත් ලැජ්ජාවක් දැනුනා. සැබවින්ම මම වුනනේ සුමේධ අයියගේ යහපත් ගතිගුණ ගැන සිතමින්නේ.

*ලොකු බේබී දැන් සුමේධ මහත්තයට අැත්තටම කැමති නේද? හ්හ්..ලොකු බේබීත් මෙහෙන් ගියාම අායි අපිට හොදින් කතා කරන්න වත් කෙනෙක් නැතුව යනවා.හ්හ්.*

*මොනවා කරන්නද සිගිතියෝ ජීවිතේ ඔහොම තමයි . මට යන්නම වෙනවා.*

       මම ගත් තීරණය සිගිතිට කියනවද නැද්ද සිතමින් ,කෙසෙ නමුත් අපි ළගදීම වෙන වන බව සිගිතිට අැගෙව්වා.

*ඒකට කමක් නෑ .හ්හ්. ලොකු බේබීට මෙහෙට වඩා නිදහසේ සතුටින් සුමේධ මහත්තයා ළග ඉන්න ලැබේවී.හ්හ්.. ලොකු බේබිට හොදක් වෙනවා නම් ඒච්චරයි.*

*මමත් හිතනවා මම දැන් ඉන්න තැනට වඩා, මම යන්න ඉන්න තැන මට සැනසිමක් තියෙවී කියලා.*

*ලොකු බේබී මොනවා හරි හිතේ තියානද කතා කරන්නේ.හ්හ්*

*අනේ නෑ සිගිතියෝ.*

         ඒක වරම පියවි සිහියට අා කලක මෙන් මම සිගිති දිහා බලා කියා සිටියා. සැබවින්ම ළගදිම මම යන්න ඉන්න තැන මොන වගේද කියලයි කල්පනා කරමිනුයි සිටියේ.

*සිගිතියෝ සෝමේ මාමලාගේ ගෙවල් පැත්තේ ඒහෙම ගියේ නැද්ද?*

*අයියෝ මම හැමදාම යනවා.හ්හ්*

*හැමදාම යනවා.*

*ඔව් අක්කා අසනීපෙන්නේ.හ්හ් මම ඉතිං බලන්න යනවා.හ්හ් ලොකු මහත්තයලා දන්නවා නම් මගේ රස්සාවත් නැති වෙයි.හ්හ්.. අනේ ලොකු බේබී. කියන්න නම් ඒපා හොදද? ලොකු මහත්තයට.හ්හ්*

*පිස්සුද සිගිතියෝ මටත් ඔනේ ශාමලිට උදව් කරන්න. මම කියන්නේ නෑ. සිගිති දන්නේ නැද්ද ශාමලී කියන්නේ මගේ හොදම යාළුවා බව.*

*මට කිව්වා අප්පච්චී ඒක.*

*සිගිතිගේ අප්පච්චී නෑ කිව්වා නේද?*

*ඔව් ඔව් මගේ අප්පච්චි නෑ.හ්හ් මම මේ කිව්වේ ශාමලී අක්කගේ අප්පච්චී ගැන.හ්හ්*

*අාහ්.. දැන් අර ශාමලීව බලාගන්න හොයලා දුන්න ගෑනු කෙනා ශාමලිව බලා ගන්නවද?*

*අනේ ඔහේ නෑ ලොකු බේබී.හ්හ් සුමේධ මහත්තයා අැඩ්වාන්ස් ඒකක් දීලා තිබුනනේ .හ්හ් දවස් දෙකයි වැඩ කලා. ඒ ගැනු කෙනා සල්ලිත් අරන් පැනලා ගිහින්.හ්හ්*

*අනේ දෙවියනේ කවුද දැන් ශාමලිව බලා ගන්නේ.*

*කවුරුත් නෑ ලොකු බේබී . මම පුළුවන් හැම වෙලාවකම ඒයා බලන්න යනවා.*

       මේකනම් මේ කෙල්ලට පෙර කළ කර්මයක් පල දෙනවද කොහෙද . පුංචි කාලේ ඉදන් අම්මා අසනීපෙන්. අම්මාගේ වැඩත් කරන් කෙල්ල අමාරුවෙන් ඉගෙන ගත්තා. ඊට පස්සේ ගාර්මට් ගානේ නැහෙන්න අැති. ශාමලී බැන්දද දන්නේ නෑ. සෝමේ මාමා කිව්වේ දරුවෙක් ඉන්න කතාවක්. අනේ මන්දා. මම මේ ගේ අස්සේ හිර වෙලා සැපට ඉන්න ගමන් හිතනවා මම තරම් වෙන කවුරුත්ම වේදනා විදින්නේ නැතුව අැති කියලා. හරියකට ඉන්න තැනක් නැතුව කන්න බොන්න දෙයක් නැතුව මේ කෙල්ල මොන අපා දුකක් විදිනවා අැද්ද?.

*මොනවද ලොකු බේබි කල්පනා කරන්නේ.හ්හ්*

*ඔයා දන්නවද ශාමලිගේ මල්ලි කොහොද ඉන්නෙ කියලා.*

*ඔව්.. ඔව්.. අැයි ලොකු බේබී. ඔයා ඒයාවත් දන්නවද?*

*නෑ සිගිතියෝ පොඩි කාලේ නම් දැකලා තියේ. දැන් දැක්කත් අදුර ගන්න බැරි වෙයි.*

*අනේ ලොකු බේබී . හ්හ්. මට කියන්න අා දේත් අමතක වුනා.*

*මොකද්ද සිගිතියෝ කියන්න අාවේ.*

*ලොකු මහත්තයා මට පලු යන්න දෙහි කපනවා අැති. හ්හ්. සුමේධ මහත්තයා අාවා .මම මේ ලොකු බේබීට පහළට ඒන්න කිව්වා කියන්න අාවේ.*

        මගේ මූනේ අැදුනේ ලස්සන හිනාවක්. මම සිගිතිගේ පැත්තට හැරුනේ හරිම සතුටින්.

*අම්මේ ...ලොකු බේබීගේ මූණේ තියෙන සතුට. හැමදාම ඔය වගේ සතුටන් ඉන්න ලොකු බේබි.*

*අැයි සුමේධ අයියා කාමරේට ඒකක් නාවේ.*

     මම සිගිතිව පහු කරගෙන යමින් කිව්වා.

*ලොකු නොනත් කිව්වා සුමේධ මහත්තයට කාමරේට ඒන්න කියලා.හ්හ් දරුවෝ දෙන්නත් නැති නිසා බෑ කිව්වා.හ්හ්*

       පුදුම මනුස්සගෙක් තමා. ළමයි දෙන්න නෑ කියලා මගේ කාමරයටත් ඒන්න අකමැතිලු. අැත්තනයි දෙවියනේ සුමේධ අයියාව මගේ ජීවිතයට ඒවන්න මේ තරම් පමා වුනේ අැයි. සුමේධ අයියත් ඒක්කම මගේ ජීවිතයට මරනය ළං කලේ අැයි. ඒක්කෝ ඒයාව මට මුණ නොගස්වන්න තිබුනා. මම හිත සමග මුරන්ඩු වෙමින් පහළ මහලට ගියා.

*මම හිතුවා පරක්කු වෙද්දී ලෑස්ති වෙලාම ඒයි කියලා. සුමේධ ළමයා කිව්වේ මනමාළි වෙන්න කලින් අද රවුමක් ඒක්ක යන්න ඔනේ කියලා.*

          මගේ රුව දකිනවත් සමගම අම්මා කියනවා මට අැහුනා. අම්මයි අප්පච්චි හිටියේ හරිම සතුටින්. තව දවස් තුනකින් ඒයාලගේ ඒකම හීනය සැබෑවෙන නිසා නොයිවසිල්ලෙන් ඉන්න බව මට දැනුනා.

*දැම්මම යනවද සුමේධ අයියේ.*


*යන්න කියලා තමා හැදුවේ නිල්මිණි නංගී. මේ දවස් ටිකේ මම බිසි. අායි වෙඩින් ඒක දාට තමා ඒන්න වෙන්නේ. ඒකයි අද ටිකක් කලින් අාවේ.*

*ඒහෙනම් මම ටක් ගාලා අැදුමක් දාන් ඒන්නම් සුමේධ අයියේ.*

       මම නැවතත් ඉහළ මහලට යන්න සැරසුනා.

*ලොකු අක්කි මාත් ඒන්නද ඔයාලා ඒක්ක යන්න.*

        දැන් මොකද කරන්නේ පුංචි නංගි අාවොත් මට මගේ තීරනය නිදහසේ කියන්න බැරුව යනවා. ඒන්න ඒපා කියන්නත් බෑ.

*මට මොකද පුංචී නංගි. යනවානම් ලැස්ති වෙන්න. නේද සුමේධ අයියේ.*

        ඒහෙම කියලා මම සුමේධ අයියා දිහා බැලුවේ මොකද දැන් කරන්නේ අහන්න වගේ.

*මගේ නම් අකමැත්තක් නෑ. නිල්මිණි නංගී.*

*ඔය අයියා නගා කෑලල් නම් දැන් නවත්ත ගන්න වෙයි දෙන්නට.*

        පුංචි නංගි අපිට විහිළු කරන්න වුනා.

*පුංචී දූ ... ඔයා කොහේ යන්නද. මේන් මෙහේ ගෙදරට වෙලා ඉන්න. ඒ දෙන්නට පාඩුවේ ගිහින් ඒන්න දිලා.*

*හරි හරි අම්මේ . මම යන්නේ නෑ. මොකද කියන්නේ බලන්න අැහුවේ.*

         ඉහළ මහළට ගිය මම මම කැමතිම දම්පාට තට්ටු සාය අැදලා, සුදු පාට හැට්යයක් අැද ගත්තා. කණ්ණඩිය ඉදිරියට ගිහින් හැඩ බැලුවේ පුරුද්දට වගේ. මම දන්නවා මම ඒ තරම ලස්සන නෑ කියලා. මගේ අැග තවත් වැහැරිලාද කියලා මට හිතුනා. වෙනදා වගේම හකුලලා කොන්ඩයක් දා ගත්තු මම පහළ මහලට ගියා. සුමේධ අයියත් මමත් මෝටර් රථයට නැගි ටික දුරක් අාවේ නිහඩවමයි.

*නිල්මිණි නංගී අපි දැන් කොහෙටද යන්නේ.*

*හුගක් නිදහස් තැනකට යමු.*

*තව වෙලා තියෙන නිසා අපි ටිකක් දුර තැනකට යමුද. අායි මට ඔයාව කවදාවත්ම මේ විදිහට මුණ ගැහෙන්නෙ නැති වෙන්න පුළුවන් . මේ අපේ අන්තිම හමුවීම වෙන්නත් පුළුවන්.*

*ඒ මොකද සුමේධ අයියේ ඒහෙම කිව්වේ.*

       මම තරමක් ඔහුගේ දෙසට නැඹුරු වෙමින් අැසුවා. ඔහුගේ මුහුනේ තිබුනේ සිනහවක්.

*ඔයාගේ තීරණය මාව මැරි කරන ඒක නම්. යාලුවෙක් විදියට ඔයාව හම්බෙන් අන්තිම දවසනේ. නැත්තම් මගෙන් අයින් වෙන්න තීරනය කලා නම් . මම අායි කවදාවත්ම ඔයාගේ ජීවිතය ඒන්නේ නෑ. තරහක් නිසා නෙමෙයි. ඒක ඔයාට ගෙදරින් ප්‍රශ්ණයක් අැති වෙන දෙයක් නිසා.*

*ඔයා නම් හරි පුදුම කෙනෙක් සුමේධ අයියේ.*

*ඔයා දන්නවද නිල්මිණි නංගී. ඔය කතාවම තමා සෙව්මිණිගේ කටෙත් නිතරම තිබුනේ.*

ඊ ළග කොටසින් හමු වෙමු...
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 Oct 2016 06:15 AM
  •  Quote
  •  Reply
ඉවරද දාල ආයෙ දාන්න නැද්ද. කියවල ඉවරයි ඔන්න
මේක හැබැයි මහ ගුප්ත චිත්‍රපටියක් වගේ. ඇදෙන ඇදෙන කෙනා ගැන රහසක් තියෙනවානේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Oct 2016 06:15 AM
  •  Quote
  •  Reply


28. වන කොටස.



මියෙදෙන තුරා..



*මොකද්ද? ඔයා හරි පුදුම කෙනෙක් කියන ඒකද?*

*ඔව්.. ඔයාව මැරි කලොත් නම් මට සෙව්මිණී ඒක්ක ඉන්නවා වගේම දැනෙයි. ඔයාගේ පෙනුමත් ඒ වගේ හැසිරිම් කතා බහ ඒ සේරම ඒ වගේ.*

*ඒ කියන්නේ සුමේධ අයියට මං ගැන බලාපොරොත්තුවක් තියෙද?*

*නෑ. නෑ. ඔයාගේ තීරණය තමා අවසන් තීරණය. *

*අනේ මන්දා .*

*ඒක නෙමෙයි ඔයා අාස නැද්ද බීච් ඒකට යන්න.*

*නියමයි ගිය කාලයක් මතක නෑ. ඒත් දුරයිනේ සුමේධ අයියේ.*

*ඒ හැටි දුරක් නෑ . තව පැයක් යද්දී අපි බීජ් ඒකේ ඉදිවි.*

       ඉන්පසු නිහඩ වුන අපි වෙන වෙනම කල්පනා ලෝක වල කිමිදුනා. කාර් රථයේ විදුරුව තරමක් පහළට කර ගත් මම සුළං කැරලි වලට මගේ මුහුනෙහි වෙලෙන්නට ඉඩ දුන්නා. වාහනය ධාවනය වන් වේගයත් සමග අැතුළ අා සුළං මගෙ කෙහෙරැලි පිටු පසට අැදගෙන ගියා. මාර්ගය දෙපස සිරි නරඹමින් මම ගියේ පොඩි දරුවෙක් වගේ සැහැල්ලුවෙන්. මෙලෙසින් මගෙ හිත තේරුම් ගන්නට හැකි කෙනෙක් සිටින බව දැන වුන් නිසා, මගේ සිත ඒ සතුටින් උද්දාමයට පත් වෙලා තිබුනා.

       මම ඉද හිට සුමේධ අයියා දෙස බැලුවා. ඔහුත් වරින් වර මා දෙස බලමින් තනියම සිනා වුනා. දෙන්න ම නිහඩවම සිටියත් අපි දෙන්නම අද ඉන්නේ හරිම සැහැල්ලුවෙන් සතුටින් කියලා මට හිතුනා.

      වාහනය රථ ගාලකට දැමු ඔහු මට වාහනයෙන් බහින ලෙස අැරයුම් කලා. අැතීන් පෙන්නේ නිල්ම නිල් පැහැ මුහුද. සිමාවක් මායිමක් නොපෙනෙන, අහසයි පොළවයි ඒකට ඒක් කරන සිතිජය. මට දැනුනේ නිම් නැති සතුටක්. මුහුදු සුළග මගේ හිසකේ තවත් අවුල් කලා. මුහුදේ හෝ නාදයෙන් මා සවන පිරී ගියා.

* නිල්මණි නංගී ඉස්සරලා අපි වෙරෙළ පැත්තට ගිහින් ඒනවද ? නැත්තම් මොනවා හරි බීලම යනවද?*

         මම අාසාවෙන් මුහුදේ රළ බිදෙන හැටි බලන් ඉන්න විදිය දිහා බලාගෙන සුමේධ අයියා ප්‍රශ්න කලා. අපි අැවිත් තිබුනේ වෙරළ අාසන්නයේ තිබූ අලංකාර අවන්හලකට. අවන්හලත් නෙත් පිනා යන අාකාරයෙන් නිමවලා තිබුනා . ඒත් මගේ නෙත අැදුනෙම වෙරළ දෙසට.

*අපි ටිකක් වෙරළට ගිහින්  ඉමුද?*

*නිල්මිණී නංගි කැමකී වගේ මුහුදුට*

        අපි දෙන්නා වෙරළ පැත්තට ගියා. මගේ තීරණය මොකද්ද කියලා දැන ගන්නට සුමේධ අයියාට කිසිදු හදිස්සියක් තිබුනේ නැ. මට ඉක්මනින් ඒය කියන්නට අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ. මම තරමක් රැල්ල දෙපයේ වදින් හරියට ගියා. මම අපහු හැරිලා බලද්දී සුමේධ අයියා තරමක් අෑතට වෙලා බලන් ඉන්නවා.

* නිල්මිණි නංගී . ඔයාගේ අැදුම් තෙමේවී. ඔය සෙරෙප්පු දෙක මෙහෙන් ගලවලා තියලා යන්න.*

        ඒහෙම කිව්වම මම නිකමට වගේ සුමේධ අයියගේ දෙපා දිහා බැලුවා . ඔහු පාවහන් ගලවලා වහනේම තියලා අැවිත්.  මුහුද දැක්කම සේරම අමතක වුනානේ මම මටම දොස් කියා ගත්තා.

*නිල්මිණි නංගී ඉක්මණට මෙහෙට දුවන්න. ඔයා නෑවෙයි. ඔන් ලොකු රැල්ලක්.*

    අාපසු බලන්නට සිහියක් තිබුනේ නෑ මම සුමේධ අයියා ළගට දිව්වා. ඒහෙම දුවන් ඒද්දි මගේ පාවහන් දෙක වැලි වල ඒරිළා වැටෙන්න ගියා.

*ඔය වැටෙයි ළමයෝ .*

        වැටෙන්න ගිය මාව පැනලා අල්ල ගන්න ගමන් සුමේධ අයියා කිව්වා. මම නිහඩවම ඒයාගේ අැස් දෙක දිහා බැලුවේ අහම්බෙන් වගේ . ඒ නෙත් දෙක හරිම කාන්ති මත්ව දිලිසුනා. මම කවදාවත් සුමේධ අයියාගේ අැස් දැකෙන් ඒහෙම අාලෝකයක් දැක්කේ නැහැ. මම දන්නවා සුමේධ අයියේ ඔයා මට අාදරෙයි. මොන තරම් මං ගැන හැගීමක් නෑ කිව්වත් ඔයා මට අාදරෙයි මගේ සතුට ගැන හුගක් හිතනවා. මම දන්නවා අද වගේම ජීවිතේ මම වැටෙන්න යන හැම තැනකදිම ඔයා මාව අල්ල ගිනීවී. සමහර විටි මගෙන් ඔයාට ඔයාගේ සෙව්මිණිව පේනවා අැති. ඒ අපි දෙන්නගේ හැඩහුරු කම් ඒක නිසා. මටත් දැන් ලොබයි ඔයාව නැති කර ගන්න.

*නිල්මිණි නංගි.*

*හ්ම් සුමේධ අයියේ.*

       මම පියවි සිහියට අාවේ ඔහු කටහඩ අැහෙද්දී. මම ඔහුගේ සවිමත් බාහු දෙකෙන් අල්ල ගත් විදියටම අල්ලගෙන ඔහු දිහා බලන් ඉදලා.


* රැල්ල පාගන්න කල්පනාවක් නැද්ද?*

       ඔහු සිනාසෙමින් කියද්දී මගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වුනා.

* සුමේධ අයියේ ඔයත් යමුද රැල්ල පාගන්න.*

*අැයි ගහගෙන යයි කියලා බයද?*

*හ්ම්.*

*අැවිදින්නත් බෑ වැටෙනවනේ. යමු.*

          ඒසේ කියා නැමුනු ඔහු කලිසමේ කකුල් දනිස්ස ගාවට වන්නට හකුලන්න වුනා. අපි දෙදෙනා රැල්ල පාගමින් සතුටු වුනා. දිගු සාය කොට කර ඉනේ ගසා ගත් මම මුහුද දෙසටම ගියා. කීපවරක්ම රැල්ලට පිටුපා දුවන විට මම සුමේධ අයියගේ දෑතේ ඒල්ලුනේ ඉබේටමයි. මුහුදු වෙරලේ ගෙවුණ ඒ මොහොත තරම් සුන්දර මොහොතක් මම මගේ ජීවිත කාලයටම අත්විදලා නෑ. සුමේධ අයියාත් හිටියේ හරිම සතුටින්. අපි අවන්හල දෙසට ගමන් කලේ දැඩී පිපාසයක් දැනුන නිසයී. අවන්හලට අැතුළු වූ අපි දෙදෙනා පා තබන විට ඒරී යන සිනිදු වැල්ලේ ඉදි කර තිබී කබානා ඒකක් යට වාඩී වුනා. අපිට අවශ්‍ය දේවල් මගෙන් නොවිසාම අැණවුම් කළ ඔහු මගේ දිහා බලලා හිනා වුනා.

*නිල්මිණි නංගී අද හරි සතුටින් නේද?.*

*ඔව් අයියේ මම හුගක් සතුටින්. දූලා දෙන්නත් හිටයා නම්.*

*ඔයාටත් ඒ දෙන්නාගෙන් තොර ලොවක් නෑ නේද?*

*අනේ අපරාදේ ඒයාලවත් ඒක්ක ඒන්න තිබුනේ.*

*යන ගමන් මම ඔයාව දූලව බලන්න ඒක්ක යන්නම්.*

         අැණවුම් කල බීම හා සුළු අාහාර වර්ග කිපයත් කුඩා වටකුරු මේසය උඩ තිබුනා. කන්නට ඒතරම් පිරියක් නොතිබුනත් අව්ව නිසා අැති වූ පිපාසය නිසා බීම ඒක පානය කලා. තවත් ටික වෙලාවක් මගෙත් ඒක්ක සතුටින් කතා කරපු සුමේධ අයියා. ලොකු සුසුමක් හෙලලා මගේ දිහා බැලුවා.

*නිල්මිණි නංගියෝ කියන්න බලන්න දැන් ඔයාගේ තිරනය.*

*සුමේධ අයියේ මම හුගක් හිතලයි මම මේ තීරනය ගත්තේ. මට කියන්න බැරි ඒක දෙයක් තියෙනවා. ඒක දිනයක ඔයාට දැන ගන්න ලැබෙයි. ඒදාට ඔයාට හිතේවි මම හරි කියලා.*

         මම මගේ තිරණය පැහැදිලිව සුමේධ අයියා ඒක්ක කිව්වා. හරිම සාවධානව අහන් හිටපු ඔහු මා සමග මද සිනහවක් පෑවා.


*මට හරිම සංතෝෂයි ඔයා මේ වගේ කෙලින් තීරණයක් ගත්තු ඒක ගැන. මගේ කිසි විරුද්දත්වයක් නෑ ඔයාගේ තීරණයට.*

*මට වෙන කරන්න දෙයක් නෑ සුමේධ අයියේ.*

*ඔයාට විශ්වාසයිද ඔයාට මේ ජීවිතේට හැඩ ගැහෙන්න පුළුවන් කියලා. *

*මම හිතනවා අයියේ මට ඒකට ශක්තිය තියේ කියලා.*

*හොදයි. ඔනෙම දේකට මමත් ඔයා ඒක්ක ඉන්නවා.*

       හවස හතරට කිට්ටු වෙන්න අැවිත් තිබුණ නිසා අපි අහපහු ඒන්න පිටත් වුනා. කෙලින්ම අපි අවේ සුමේධ අයියලාගේ ගෙදරට. විශාල නිවසක් අපේ නිවසටක් වඩා විශාලයි. සුදු වර්ණගෙන්ම සියලුම අලංකාර කිරීම් කරලා තිබුන නිසා නිවසේ බාහිර පෙනුම නම් සිත සනසාලුවා. ගෙමිදුලත් හරිම ලස්සකයි. ලස්සන මල් වර්ග ගේ වටේටස හිටවලා. ඒ ගස් වල මල් බරවෙලා හරිම සුන්දරත්වයක් පරිසරයට ඒකතු කරලා තිබුනා.

      වාහනය ඒන සද්දය අැහෙනවත් සමගම ඒළියට දුවගෙන අාවේ දරුවෝ දෙනන්ා. මම කාර් රථයෙන් ඒළියට බහිනවත් සමගම චූටී දූ මගේ ළගට දුවගෙන අාවා. ඒයාගේ හිතේ තිබුනේ කියා ගන්න බැරි තරම් සතුටක්.

*අම්මී නැද්දී.*

*අනේ මගේ පැටියෝ.*

       මම අැයව වඩාගෙන තුරුළු කර ගත්තා.

*අම්මී නැන්දී හැමදාම මේ නවතින්නද අාවේ.*

*මගේ පැටියා අාසද අම්මී නැන්දී අහැදාම මෙහෙ ඉන්නවට.*

*අම්මී නැන්දී කදද චූටි දූගේ අම්මී වෙන්නේ.*



ඊ ළග කොටසින් හමු වෙමු...

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 Oct 2016 06:23 AM
  •  Quote
  •  Reply
හරි 10 ම දානවා නේද අද
ටක් ගාල දාන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Oct 2016 06:25 AM
  •  Quote
  •  Reply


29. වන කොටස.



මියෙදෙන තුරා..



*මම දු ගේ අම්මී තමා රත්තරං.*

*අම්මි නැන්දී බොලු කීනවා. මගේ අම්මි නම් අපි ළග ඉන්න ඔනේ. චූටී දූ බලා ගන්න ඔනේ. හබුං කවන්න ඔනේ. කතාන්දර කිලා දෙන්න ඔනේ.*

      මම දැනුන දුක හිතා ගන්නත් අමාරුයි .මම චුටී දුගේ පපුවට මූණ තද කරගෙන අැඩුවා.

*අම්මී නැන්දී අැයි අඩන්නේ.*

*මොකුත් නෑ මගේ පැටියෝ. *

     මම අැයවත් වඩාගෙන් ගේ අැළට ගියා.

*ඒන්න ඒන්න දූ. මේ දරුවා ගැන කිව්වට මම අදම නොවේ මේ දරුවව  දැක්කේ.*

      මාව අාදරෙන් සිප ගනිමින් මාව පිළිගත්තේ සුමේධ අයියලගේ අම්මා. මගේ උරහිස් දෙකෙන් අල්ලගෙන පුදුමගෙන් වගේ බලන් හිටි, අැය මගේ කොපුලක් අත ගෑවා. තවමත් මගේ අතට වෙලා මේ සිදු වීම දිහා බලන් හිටිය චූටී දූ හුරුතලේට කතා කරන්න ගත්තා.

*කූඅම්මේ . මගේ අම්මී නැන්දී ලස්සනයි නේද?*

*ඔව් මගේ චූටී දූ ඔයාගේ අම්මට පණ දීලා වගේ. ඒක වගේ හත් දෙනෙක් ඉන්නවා කිව්වට මෙහෙමත් ඒක වගේ වෙන්න පුළුවන්ද?*

*ඔය වෙලා තියෙන්නේ අම්මේ.*

        මේ සිදු වීම දිහා නිහඩව බලන් වුන්නු සුමේධ අයියා ඔහුගේ අම්මා සමග කිව්වා.

*සෙව්මිණිලගේ අම්මා දැක්කොත් ඒහෙම. ඒයත් රැවටේවී සෙව්මීණී මැරිලා නෑ කියලා.*

*කූ අම්මී නැන්දී අම්මිට කුක්කු ඒකක් හදලා දෙමුකෝ...*

*අනේ මට ඔයාව දැක්කම හැමදේම අමතක වුනා. මෙහෙන් ඉදගන්න නිල්මීණී දූ. මම කුසුමෙට කියලා ඒන්නම් හැමොටම හවස තේ වේල ලෑස්ති කරන්න කියලා. තව දවස් තුනකින් මේ දරුවා දිගටම මෙහෙනේ. මට හරිම සංතෝෂයි.*

          පැය භාගයක් පමණ ඒහි ගත කල අපි නිවස බලා ඒන්නට සුදානම් වුනා. චූටී දූගෙන් බේරුමක් නොවුන නිසා දරුවනුත් සමග අපේ නිවසට පැමිනියා. අපේ ගෙදර අයගේ බලකිරිම නිසා සුමේධ අයියලා රෑ අාහාරය ගන්න ඉන්න කැමති වුනා. සියල්ලන්ම විවාහා උත්සවය ගැන සතුටින් කතා කලා. රෑ අාහාරයෙන් පසු අපෙන් සමු ගත් සුමේධ අයියත්, දරුවන් දෙදෙනාත් පිට වි ගියා. මගේ හිතට දැනුනේ කියා ගන්න බැරි තනිකමක් පාළුවක්. මම කාමරයට වැදිලා අැදේ ඒ මේ අත පෙරලෙමින් කල්පනා කලා. මගේ තීරනයත් සමග මගේ හිත දන්නවා මම මේ පහන් කරන්න උත්සහ කරන්නේ මොන වගේ රැයද්ද කියලා. මගේ හිත කිරි ගැසුනේ අප්‍රමාන දුකකින්.

*ලොකු බේබී .. ලොකු බේබී මහත්තයා කතා කරනවා.*

*අැයි ලීලම්මේ.*

*දන්නේ නෑ ලොකු බේබි.*

       ලිලම්මා දකිද්දී මගේ දුක දෙගුන තෙගුණ වුනා. මම ඒක පාරටම ලිලම්මගේ බද වටේ අත් දෙක යවලා තුරුල් වෙන ගමන්, මගේ මුහුන අැගේ ළය මත තබා ගත්තා.

*අැයි මේ රත්තරනේ.*

*මොකුත් නෑ ලීලම්මේ.*

*මොකුත් නැත්තම් අැස් වල කදුලු.*

        මගේ නිකට යටින් අල්ලලා මගේ මුහුණට ඒබෙමින් ලිලම්මා අැහුවා. මගේ අැස් දෙකේ වැටෙන්න ඔන්න මෙන්නව සිර වී තිබු කදුළු කැට කම්බුල් දිගේ රූරා ගියා.

*මට ඔයාලව දාලා යන්න වෙනවා. මට වෙන කරන්න දෙයක් නෑ.*

*අනේ රත්තරං ලොකු බේබි . කසාද බැන්දම මහත්තයාගේ ගෙදරනේ ඉන්න ඔනේ. අනික මහ අෑතකට යන්නේ නෑනේ. සුමේධ මහත්තයා නිතර ඔයාව මෙහෙ ඒක්ක ඒවී.*

*මට හුගක් දුකයි ලීලම්මේ.*

*තව දින තියෙනවනේ රත්තරං. කෝ නාඩා ඉන්න.*

         ලීලම්මා මගේ කදුළු පිහින්න උත්සහ කලත් අැයගේ නෙතින් අා කදුලු වලක්ව ගන්න අැයටත් නොහැකි වුනා. සුළු මොහොතක් අැගේ තුරුලේ රදවාගෙන හැඩුව අැය මාව උරහිස් දෙකෙන් අල්ලා මගේ මලානික වුන මූණ දිහා බැලුවා.

*ලොකු බේබි දුක් වෙන්න ඒපා. මම කොහොම හරි ලොකු බේබි ගාවට ඒනවා.*

*අනේ ඉක්මණට මගේ ගාවට ඒන්න ලිලම්මේ.*

       කියමින් මම නැවතත් අැගේ වතට වාරු වුනා.

*ලොකු බේබී දැන් පහළට යන්න. නැත්තම් ලොකු බේබි මහත්තයට කේන්ති යාවි දන්නවනේ හැටි.*

*හ්ම්.*

          දෑතින් කදුළු පිස ගත් මම පහළ මහළට ගියා. ලොකු මල්ලී තනියෙම සෙටියේ වාඩිවි රෑපවාහිනිය නරඹමින් සිටියා.


*අැයි ලොකු මල්ලි කතා කලේ.*

*ඔතනින් පොඩ්ඩක් වාඩි වෙන්නකෝ ලොකු අක්කේ.*

        මම ඔහු ඉදිරිපස වූ අසුනේ වාඩි වෙලා ඔහු දිහා බැලුවේ මොකද්ද කියන්න යන්නේ කියලා හිතා ගන්න බැරිව. ඔහු මා වෙතට පයිල් ඒකක් පෑවා. මොකද්ද කියලා අහන්නෙත් නැතිව මම පයිල් ඒක මගේ අතට ගත්තා.

*ලොකු අක්කේ මට ලොකු උදව්වක් ඔනේ.*

*මොකද්ද මේ ලොකු මල්ලි*

*ඔක බිස්නස් අැග්රිමර්න්ට් ඒකක්. සුමේධ මස්සිනාට කියලා ඔක අත්සන් කරලා ඔනේ මට.*

            මගේ හිත පිළිකුලින් පිරිලා ගියා . මොකද මම හොදටම දන්නවා. මේක සුමේධ අයියට කෙසේ වෙතත් ලොකු මල්ලිට වාසි වෙන වැඩක් බව. මොන ජාතියේ මිනිස්සුද මෙයාලා. මාව ඉත්තා කරගෙන සුමේධ අයියව සුද්ද කරන්නයි මෙයාලා හදන්නේ. මෙහෙම සල්ලි වලට කෑදර මිනිස්සු ඉන්න තැනක අැයි මම ඉපදුනේ. මම මටම චෝදනා කර ගත්තා.

*ලොකු අක්කේ මොනවද කල්පනා කරන්නේ. පුළුවන් නේද?*

*හා මල්ලී මම සුමේධ අයියාට දෙන්නම් මට මේවයේ තේරුමක් නෑ. සුමේධ අයියා බලලා අත්සන් කරයි.*

*ඒහෙම කියලා බෑ. සුමේධ අයියව කැමති කරන ඒක ඔයාගේ අතේ තියෙන්නේ. මට කොහොම හරි වැඩේ කෙරෙන්න ඔනේ.*

     ඔහුගේ මුහුනේ තිබුනේ හරිම කපටි හිනාවක්. තවත් තර්ක කිරිමෙන් වැඩක් නොවන බව තිරණය කළ මම යන්න අසුනෙන් නැගිට්ටා.

*ලොකු අක්කේ පුළුවන් ඉක්මණට වැඩේ කරලා දෙන්න.*

*හරි මල්ලි .*

       මම උඩ තට්ටුවට ඒන්න ඒද්දි මට මගදි සිගිතිව හම්බ වුනා. සිගිතිට පොඩ්ඩක් කාමරය පැත්තට ඒන්න කියපු මම පයිල් ඒකකත් අරන් කාමරයට වැදුනා. පයිල් ඒක ජනෙල් කවුලු අලව වූ අසුන මතට විසි කලේ හිතේ හිර කරන් අාපු දුකත් කේන්තියත් පිට කරමින්.

*ලොකු බේබි මම අැතුළට ඒන්නද?හ්හ්.*

*ඒන්න සිගිතියෝ.*

*අැයි අඩ ගැහුවේ ලොකු බේබී. හ්හ්.*

         මට හිතේ තියෙන කේන්තිය කියන්න වෙන කවුරුත්ම නැ. මම සිගිති ඒක්ක වුන සිද්දිය කිව්වේ කේන්තියෙන්. සිගිති විසික්කරලා තිබුන පියිල් ඒක පෙරළා බැලුවේ හරියට තේරෙනවා වගේ. ඉංග්‍රීසියෙන් මුද්‍රණය කර තියෙන ඒවා සිගිතිට තේරෙන්නේ කොහොමද?

*අම්මෝ ලොකු බෙබී. මෙක නම් අත්සන් කරන්න දෙන්න ඒපා සුමේධ මහත්තයට. මේවා අහු වුනොත් බලු කූඩුවේ කූරු ගනින්න තමා වෙන්නේ.*

*සිගිති කොහොමද ? ඔක ඒහෙම ඒකක් බව දන්නේ.*

*මට නම් මේකේ තියෙන ඒවා තේරෙන්නේ නෑ.හ්හ් ඒත් ලොකු බේබී මහත්තයා කරොත් ඒ වගේ වැඩක්නේ.හ්හ් සුමේධ මහත්තයට නම් ඔවට කැමති වෙන්න දෙන්න ඒපා.හ්හ්*

*හ්ම්. සිගිතියෝ..*

*අැයි ලොකු බේබී.*

*ශාමලිට කොහොමද දැන්.*

*අක්කට නම් සුවයක් නෑ ලොකු බේබි. හ්හ් ..අපිව අදුර ගන්නෙත් අමාරුවෙන් දැන් ඒයාට.හ්හ්*

*පවු නේද සිගිතියෝ.*

*අනේ ඔව් ලොකු බේබි.හ්හ්*

*මෙහෙ ඉදන් ශාමලීලගේ ගෙදරට ගොඩක් දුරද?*

*ඔව් ලොකු බේබි ගම කෙලවරේ නේ තියෙන්නේ.හ්හ්*

*සිගිතිට දුක නැද්ද මම ළගදිම මෙහෙන යන ඒක ගැන.*

*ලොකු බේබී මොනවා අහනවද මන්දා.හ්හ්*

*ඒ මොකද?*

*මට තරම් දුකක් දැනෙන ඒකක් නෑ පුංචි බේබිටවත්.*

*ඔව් ඒයාලට නම් මම නැතුව දුකක් දැනෙන ඒකක් නෑ. මට උදව්වක් කරන්නකෝ සිගිතියෝ.*

*මොකද්ද ලොකු බේබී.*

*ඒකම ඒක පාරක් මට අක්කේ කියලා කතා කරන්නකෝ.*

*අනේ ඒ මොකද ලොකු බේබී. මම කොහොමද ලොකු බේබීට අක්කේ කියන්නේ.*

*මගේ සහෝදරයන්ටත් වඩා ඔයා මට මගේම සහොදරයෙක් වගේ ඔයා දැනෙන්නේ. ඒකයි ඒහෙම කිව්වේ.*

*මටත් මගේම සහොදරියක් වගේ තමා දැනෙන්නේ මගේ අක්කේ.*

            ඒ වචනය මගේ හදවත් පසාරු කරගෙන ගියා. මම දෙවක් නොහිතම සිගිතිව වැළද ගත්තා. අැත්තටම මට මේ ගෙදර දාලා යන්න බැරි ලීලම්මයි සිගිතී නිසා. 

ඊ ළග කොටසින් හමු වෙමු.

දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 Oct 2016 06:37 AM
  •  Quote
  •  Reply
ඔයා පරක්කු කරනවනේ නංගී ඔය ටික දාන්නකෝ විගහට
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Oct 2016 06:37 AM
  •  Quote
  •  Reply


30. වන කොටස.



මියෙදෙන තුරා.



*ඔයා මගේ මල්ලිම තමයි සිගිතියෝ.*

*අනේ අැයි ලොකු බේබී දුකෙන් ඉන්නේ*

*මට ඔයාලව දාලා යන්න වෙනවා. මගේ මල්ලී ඒනවා නේද මාව බලන්න. මට ඔයාගෙන් ලොකු උදව්වකුත් ඔනේ.*

*ඒ මොකද්ද ලොකු බේබී.*

*ඒක ඔයාට හෙට අනිද්දා වෙනකොට දැන ගන්න ලැබෙයි.*

      මම අැද මත ඉදගනිමින් කිව්වා. මගේ හිතට දැනුන වේදනාව කොහොම ඉවසන්නද කියලා මට හිතා ගන්නත් අපහසුයි.

*අනේ කියන්නකෝ ලොකු බේබී.*

*කෝ හ්හ් ඒක. කොහොමද පුරුද්ද අත්අැර ගත්තේ.. .*

         දුක අතරෙම මගේ මුවගට යාන්තම් සිනහවක් නැගුනා. මගේ මුහුණට හැමදාමත් සිනාව ගෙනාවේ සිගිති තමයි. මට දරා ගන්න බෑ ඒයාලව දාලා යන්න වෙන ඒක.

*ඒක තියෙනවා. හ්හ්*

         සිගිතිගේ කතාවත් ඒක්ක මගේ හිනාව තවත් වැඩි දිවුණු වුනා. සිගිති නම් සැබැවින්ම මගේ සිනහවේ අදිපතිද කෙහෙද ? මම හිත යටිනුත් තව තවත් සතුටු වුනා.

*අාන් ඒහෙම හිනා වෙලා ඉන්න ලොකු බේබී.*

*අායි බේබී කියනවා.*

*අම්මෝ ලොකු නෝනට අැහුනොත් මාව ගෙදරම පන්නාවී.*

*ඒ අැහුනොත්නේ.*

        මට හයියෙන් හිනාවක් අාවේ සිගිතිට අප්පච්චී පන්න පන්න ගහන හැටි මැවිලා පෙනුන නිසා.

*මොකද ඒ පාර හිනා වෙන්නේ ලොකු බේබී.*

*නෑ මට මැවිලා පේනවා සිගිතිට අපේ අප්පච්චී පන්න පන්න ගහන හැටි.*

*මොකද සිගිති මේ මහ රෑ ලොකු දූගේ කාමරේ.*

        ඒක වරම අම්මාගේ කට හඩ අැහෙද්දී මගේ මුළු අැගම සීතල වෙලා ගියා. සිගිති පව් හොදටම බය වෙලා බිම බලාගෙන ඉන්නවා අහිංසකයා වගේ. මට පුදුමේ අම්මා ලේසියෙන් මගේ කාමරයට ඒන්නේ නෑ ඒක පාරටම අාවේ මොකද කියලා.

*මම සිගිතිට ඒන්න කිව්වේ අම්මේ.*

*ඒ මොකටද ලොකු දූ. මම ඔයාට කියලා තියෙනවා නේද? ලීලම්මයි සිගිති ඒක්ක වැඩි අැයි හොදයි ඔනේ නෑ කියලා. අනික ඔයා මේ ගෙදර වැඩිමාල් දරුවා. සිගිතිලා මේ ගෙදර කවුද?*

*අැයි අම්මේ ඔයා ඔහොම කතා කරන්නේ අපි කවුරුත් මනුස්සයොනේ. අනික ලිලම්මයි සිගිති අපි වෙනුවෙන් මොන තරම් දේවල් කරනවද?*

*මොකද ලොකු දූ වෙලා තියෙන්නේ . ඔයාට දැන් අපිට වඩා ගෙදර වැඩ කරන අයද වටින්නේ. මට තේරෙනවා මම ඔයාට ඒයාලට ලං වෙන්න දුන්නා වැඩී.*

*අනේ ඒහෙම දෙයක් නෑ අම්මේ.*

*සිගිති යනවා ගිහින් වැඩක් බලා ගන්නවා.*

*හොදමයි ලොකු නෝනා. හ්හ්.*

          සිගිති කාමරෙන් පිට වෙලා ගියා. මගේ සතුට සැනසීමත් සිගිතිත් ඒක්කම පිට වෙලා ගියා. මගේ අැදේම කොනක හිද ගත් අම්මා මගේ හිස අත ගෑවා. මම අැගේ උරහිසට වාරු වුනා.

*මම ඔයාගෙම හොදටනේ කියන්නේ ලොකු දූ. ඔයාට මම අාදරේ නිසයි කියන්නේ.*

*හරි අම්මේ.*

         ඔවුන් හිතන පතන විදිය මට වෙනස් කරන්නට නොහැකි බව මම දන්නවා. ධනවත් කම මිනිසුන්ගේ යහපත් සිතුවිලි යට කරගෙන උඩගුකම රජ කරවනවා. මෙතරම් ධනවත් පවුලක දරුවෙක් වෙලත් මම හිතන විදිය සියයට සියයක් ම වෙනස් වුනේ කොහොද කියලා මම හිතුවා.

*අැයි අම්මේ මේ මහ රෑ නින්ද යන්නේනැද්ද?*

*අනේ මන්ද ලොකු දූ මට අද මහ අමුත්තක් දැනෙනවා.*

*ඒ මොකද අම්මේ*

         මම හිස උසවා අෑ දෙස බලමින් විමසා සිටියා. අැගේ මුහුනේ තිබුනේ දුකක්.

*මම නරක හීනයක් දැක්කා දරුවෝ ඔයා ගැන.*

*මම ගැන*

*ඔව් මට බයයි ඔයා අපෙන් අෑත් වෙයි කියලා.*

*හමුවෙන හැමෝම වෙන් වෙනවා අම්මේ. ඒක අපිට වළක්වන්න බෑ.*

*මොනවද ලොකු දූ  ඔයා ඔය කියන කතා. කොහෙන් ඉගෙන ගන්න ඒවද?*

*ඒවා අැත්තනේ අම්මේ.*

*ඔයා තාමත් සුමේධ පුතාට අකමැතිද?*

*අනේ නෑ අම්මේ . සුමේධ අයියා තරම් හොද කෙනෙක් මම ජීවිතේට දැකලා නෑ. මම ඒයාට හුගක් කැමතී.*

*මගේ හොද දූ.*

        අම්මා මාව තුරුළු කර ගනිමින් කිව්වා. අැත්තටම අම්මා මට අාදරෙයි කියලා මගේ හිත හුගක් සතුටු වුනා. මම අම්මගේ උණුහුමට ගුලි වෙලා හිටියේ හරිම අාසාවෙන්.

*ලොකු දූ..ඔයා සුමේධ පුතාට මල්ලිගේ බිස්නස් ඒක ගැන කිව්වද?*

*මොන බිස්නස්ද අම්මේ.*

*අැයි ලොකු පුතා ඔයාට පයිල් ඒකක් දුන්නා නේද?*

*අා දුන්නා අම්මේ. අම්මත් ඒක දන්නවද?*

*ඔව් ලොකු දූ ඒක අපි හැමෝටම හොද අාදායමක් ගන්න පුළුවන් වැඩක්.*

*මම නම් ඔවා දන්නේ නෑ අම්මේ. මම හෙට සුමේධ අයියට කියන්නම්.*

            අැත්තෙන්ම අම්මා ගැන හිතේ තිබූ අාකල්පය ඒහෙන් පිටින්ම වෙනස් වෙන්න ගත වුනේ සුළු මොහොතයි. අැත්තටම අැය මට අාදරේද ? නැත්තම් මාව ඉත්තෙක් කරගෙනද?. අම්මා ගැන ඒහෙම හිතන ඒක පව් කියලා මම දන්නවා. ඒත් මේ අැහෙන වචන , මම කොහොමද මේ මිනුස්සුන්ව තේරුම් ගන්නේ.

*අම්මේ මට හොදටම නිදි මතයි. දැන් හුගක රෑත් වෙලා මම නිදා ගන්නද?*

*හරි ලොකු දූ ඒහෙනම් මම යනවා. ඔයා නිදා ගන්න. *

         ඒහෙම කියපු අැය පිට වී ගියා. සැබවින්ම මා හට නිද මතක් අහලකටවත් අැවිත් නොතිබුනත් අම්මා කාමරෙන් පිට කීරිමට අවශ්‍ය නිසා නිදි මත බව පැවසුවා. නාන කාමරයට ගොස් මූණ අතපය දොවනය කර පිරිසිදු වුන මම රෑ අැදුමක් අදින්නේ නැතුවම අැදේ හාන්සි වුනා.

           මම ගත් තීරණය ගැන මම අායෙත් කල්පනා කලේ නිසි අයුරින් ඒක කර ගන්නට ලැබේවයි දෙවියන්ගෙන් ඉල්ලීම් කරමින්. සියල්ලන් ගැනම සිහිපත් කරමින් දුක් වෙමින් සිටි මට ඉබේටම නින්ද ගියා. හිතේ කලබලය නිසාම ඒක දිගට නින්ද නොගිය මම සැරින් සැරේ නින්දෙන් අැහැරුනා. මම පාන්දර දෙකට පමණ අැහැරියේ පපුවේ වේදනාවෙන් පීඩා විදිමින්. ටික වේලාක් පැවති වේදනාව මම අායාසයෙන් දරා ගත්තා. හුග දිනකට පසු පපුවේ වේදනාව අැති වුනේ මගේ හිතට ශක්තිය දෙන්නද කියලත් මට සිතුනේ, මා ගත් තීරණ නිවැරදී බව තහවුරු කරවමින්.

           පපුවේ වේදනාව තරමක් අඩු වු පසු මම අැද වියලට හේත්තූ වී කල්පනා කරන්න වුනා. මගේ හිත කිව්වෙම මමගත් තීරණය හරි කියලා. මම මද වෙලාවක් අදුරේම හිද කල්පනා කලා.

     ඉන් පසු අදුරේම අැද අදල වූ කුඩා මේසය අත ගා සුමේධ අයියා මාස හතරකට පමණ පෙර තෑගි දුන් දරුවන් දෙදෙනාගේ චායාරුව අැති ඔරලොසුවේ අාලෝකය දැල්ලුවා. මගේ අාදරණිය දරුවෝ දෙන්නා ඒදා වගේම තාමත් අාදරෙන් හිනා වෙලා මගේ දිහා බලන් ඉන්නවා. මම ඒම චායාරුව ළගට තුරුළු කරන් අඩන්න වුනා. මට ඔයාලගේ ළගින් ඉන්න වරම් නෑ රත්තරනේ. මම අාසයි ඔයාලගේ අම්මා වෙන්න. මගේ තුරුලෙම ඔයාලා ලොකු වෙනවා බලන්න. මට ඔයාළට ළං වෙන්න බෑ. ඒකෙන් ඔයාලට කවදා හරි හෙට දැනෙන දුකට වඩා ලොකු දුකක් දැනේ වී.

         මම ඔරලෝසුව අැදලා ගත් නිසා විදුලි රැහැන ගැලවි ගියා. දැන් කාමරය නැවතත් අදුරෙන් වැසිලා ගිහින්. මම පුළුවන් තරම් ඉකි ගගහා හැඩුවා. අායෙත් අදුරෙම අත ගලා ඔරලොසුවේ අාලොකය දල්වා ගත් මම අැද මත වාඩි වානේ පොතකුයි පෑනකුයි අතැතිව. මම කදුලු මැදින් අකුරු අමුනන්න වුනා.

අම්මා අැතුළු පවුලේ සැම වෙත,

      කදුලු දෑසින් රාත්‍රියේ ලියමි. මගේ අම්මේ මට සමාවෙන්න. මම සුමේධ අයියට කැමතී . දරුවෝ දෙන්නත් මගේ පණ හා සමයි. මට තව දුරටත් ඔයාලා හැමෝටම දුක් දෙන්න බෑ. මම දන්නවා මගේ තීරනය ඔයාලට මුලින් දුකක් වෙයි . ඒත් පස්සේ ඔයාලා මට වෙෙර කරන්න ගනී. ඒ වෙෙරය ඔයාලගේ දුක නැති කරලා දමාවී. දැන් ඔයාලට පොඩි මල්ලි නැතුව දුක නෑ වගේ.

          මගේ මේ තීරණයට ලොකු හේතුවක් තියේ .ඒක දවසක ඔයාලා හැමෝටම දැන ගන්න ලැබෙයි. ඒදාට වෙෙරය ඉවරවෙයි. මම ගැන හොයන්න ඒපා. මම හොදින් ඉන්න බව විතරක් හිතන්න. මාව හොයන්නත් ඒපා.  මම ඔයාලට මොන තරම් අාදරේද කියලා දවසක ඔයාලා හැමොටම තේරේවී. මම නවතින්නම්. තෙරුවන් සරණයී.


                                                                                                 මම ලොකු දූ...

         මම ලිව්ව කීපවරක්ම කියවා හතරට නවලා පොත අතරටද දැමලා කුඩා මේසය මතම තැබුවා. සද්ද නොඅැසෙන්නා අැදෙන් බැස්ස මම අල්මාරිය ළගට ගියා. කරුවෙලේම ගිය නිසා මම අල්මාරියේ හැපි පොඩි සද්දයක් නැගුණා. මම හිටි තැනම ගල් වුනේ ලිලම්මා අැහැරෙයිද කියලා බියෙන්. සුළු මොහොතකට පසු හිතපු විදියටම ලිලම්මගේ කාමරයේ විදුලි පහන දැල් වුන දැන් සේරම ඉවරයි. ගෙදර හැමෝම අැහැරෙයි දැන්. මගේ හිතේ නැගුනේ දුකක්. මම ඉක්මනින් අැදට ගිහින් පොරවනය පොරවාගෙන නිදි වගේ හිටියේ මම රෑ අැදුමක් අැද නැති ඒක ලීලම්මට සැකයක් අැති කරයි කියලා.

        ඊ ළග මොහොතේ කාමරයට අැතුළු වූ අැය කාමරයේ විදුලි පහන දැල් වුවා.

ඊ ළග කොටසින් හමු වෙමු...

දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
31 Oct 2016 06:37 AM
  •  Quote
  •  Reply
ඔන්න මාත් කියෙව්වා මේ කොටස් ඔක්කොම ටික

දැන් නම් මේ කතාව නියමයි
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
31 Oct 2016 06:53 AM
  •  Quote
  •  Reply
අපොයි කාටත් නොකියා ගෙදරින් යන්නද හදන්නේ මේ කෙල්ල

මේ කතාව කොයි අතට හැරෙයිද කියල හිතාගන්න බෑ

0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Oct 2016 07:00 AM
  •  Quote
  •  Reply



31. වන කොටස.



මියෙදෙන තුරා...



        ටික වෙලාවකට පසු ස්විචය නිවන හඩ මට අැසුනා. පැය බාගයක් පමණ අැදටම වි හිටියේ මා හොදම තැතිගෙන සිටි නිසා .නැවතත් අල්මාරිය ළගට ගිය මම සද්ද අැති වීම වලක්වා ගැනීමට උත්සහා කලා. අල්මාරියේ අගුල කරකවා අලිමාරිය හැර උඩම වූ අැදුම අතට ගත්තා. අල්මාරිය වසා දමා ඒ අැදුම හැද ගත්තා. ඔරලොසුවේ සහන් අාලොකයෙන් පෙනුනා ඒක මට තිස් හතරවන උපන් දිනයට සිගිතියෙන් ලද තෑග්ග බව. ඒකත් හොදයි මම අම්මලාගේ මොකුත්ම ගෙනියන්නේ නෑ කියලා හිතලා හිත හදා ගත්තා. විදුලි රැහැන ගලව අකුලා ඔරලොසුවත් , මට නැතුවම බැරි පොත් දෙකත් අතට ගත් මම පාන්දර තුනට පමන මගේ කාමරයේ දොර වෙත අාවා. නිවස පුරා පැවතියේ දැඩි අදුරක් කොහෝ හරි හැපී සද්දයක් අැතිවේ යැයි බියෙන් මම ඉදිරියට අැදුනා.

        දොර හිමින් අැර ගත් විට පහත මාළයේ බුදු පහන ළග දල්වා තිබූ  විදුලි බල්බයේ අාලෝකය පඩිපෙළ දෙසින් ගලා විත් තිබුනා. දෑසත් අදුරට හුරු වීදෝ මට වට පිටාවේ අැති දේ තරමක් දර්ශණය වුනා. මම ලීලම්මගේ කාමරය පසු කරගෙන පඩිපෙල දෙසට අාවා. හඩ නොනැගෙන්නට පඩිපෙල් ඒකින් ඒක බැහුපු මට අාලින්දයට ඒන්න සෑහෙන කාලයක් ගත වුනා. මගේ හදවත වේගෙන් ගැහෙනවා. ඒ හඩ පිතටඩ අැහෙනවා අැති කියලා මට හිතුනා. ඒ හඩ මාව අධෙෙර්ය කලා. මට සිතුනෙම නැවත කාමරයට යන්න. අද මම මේ ගමන නොගියොත් මට අායි අවස්ථාක් ලැබෙන්නේ නෑ. මම ප්‍රධාන දොර වෙත ගමන් කලා.

        හරිම පරිස්සමින් දොර හැර ගත්තා. මගේ දෑතම වෙව්ලනවා. දෑත විතරක් නෙමේ මුළු සර්වාංගයම වෙව්ලනවා. දෙපා නගන්නට වාරු නැ වගේ. මම නිවසින් පිටතට අැවිත් දොර වැහුවා. ගෙයින් නම් පිටතට පැමිණියා. දැන් ගේට්ටුවෙන් පිට වෙන ඒක තමා තිබෙන ඒකම ගැටළුව. ගේට්ටුව හැර නිවසින් බැහැර යන්නට වෙනත් මාර්ගයක් තිබිනේ නෑ. මම අනුමාන කරන් හිටියේ පාන්දර යාමය නිසා මේ වෙලා වෙනකොට මුරකරුට හොදටම නින්ද ගිහින් තියේවී කියලා. නිවසින් පිතට හරිම අන්ධකාරයි. සීතල දරන්නටත් නොහැකි තරම්. මම කවදාවත්ම රෑ අදුරේ තනිවම නිවසින් පිටතට අැවිත් නැහැ. මට හුගක් දුර තනියෙම මේ අදුර මැදින් යන්න තියෙනවා. ගමනේ බයානක බව පෙනී පෙනී මම ඉදිරියටම ගියා. මම ගේට්ටු කිට්ටු වෙද්දී මුරකව්ළුවේ බිත්තියට මුවා වුනා. මගේ අනුමානය නිවැරදි වෙලා තිබුනා . මුරකරු අසුනෙම හොදටම ගොරවමින් නිදි.

         ගේට්ටුව වෙත පියනැගුව මම ගේට්ටුවේ කුඩා කවුළුව විවෘත කලේ හරිම පරිස්සමින්. පොඩි හෝ සද්දයක් නැගුනොත් මුරකරු අවදි වෙන්න පුළුවන්. දැන් මම මුරකරුට අසු වුනොත් , මේ නිවස තුළ මට උදාවන තත්වය හිතා ගන්න වත් බෑ. මට කියන්න හෝතුවකුත් නැතිව යනවා. අවසානයේ මම නිවහනෙන් බයානකයි කියන, කටුකයි කියන බාහිර ලෝකයට පිවිසියා. ''සිටු මැදුරින් පලා යන කුමාරිකාව'' මගේ සිතට සිවුම් සතුටක් කාන්දු වුනා. මට සිහි ගැන්වුනේ'' සිටු විමන'' කතා මාලාව. මගේ ජීවිතේ මේ වගේ වෙනසක් වෙයි කියලා මම කවදාවත්ම හිතුවේ නෑ. මම පා ඉක්මන් කරලා පාර දිගේ ඉදිරියට අැදුනා.

       ඊ ළගට මට හමු වුනේ රූස්ස ගස් පෙලින් අාවරණය වූ මාර්ගය. ඒ තුළ වුනේ පුදුමාකාර අන්ධකාරයක්. රාත්‍රියේ නද දෙන කෘමි සත්තුන්ගේ නාද මගේ හිත තවත් බිය ගැන්නුවා. කිසාදා නිවසින් බැහැට නොඒන මට ඒ හඩවල් හුගක් නුහුරුයි. මට හිතුනෙම මේ කෑ ගහන්නේ මහ බයානක සත්තූ කියලා. ගස් අතර සැගවී සිටින ඔවුන් මගේ අැගට පැන මාව කා දමාවී කියලා මට හිතුනා. හදිස්සියෙම මට සිහි ගැන්වුනේ මා කියවූ භූත අාත්ම ගැන කතාවක්. කිසි දිනක මා මෙතරම් බියකට පත් වෙලා නෑ. මම මට හැකි වේගයෙන් දුවන්න වුනා.

          අනේ දෙවියනේ මම මේ ලෝකය ගැන දන්නේ බොහොම ටිකයි. මට හිතෙනවා දැන් මම ගත්තේ මෝඩ තීරනයක් කියලා. තවත් නම් මට ඉදිරියට යන්න බයයි. තව ඒළිය වැටෙන්නත් හුගක් වෙලා යයි ඒළියක් පෙන මානයකවත් නැහැ. මම ලොකු අමාරුවක වැටිලා වගේ මට දැනෙන්නේ. අනේ ලීලම්මේ . ඔයාලට දෙන් දුක් ගින්දර තමා මේ පල දෙන්නේ. මගේ දෑසත් කදුලින් බොද වෙලා. අවසානගේ සහන් ඒළියක් හමු වුනේ ගස් වදුල නිම වී වෙල් සහිත පෙදෙසක් හමු වූ නිසා. මිනිස් පුළුටක් වත් පේනමානයක නොමැති මාර්ගයේ මම හඩමින් ඉදිරියටම පිය මැන්නා.

      මම මාර්ගය දන්නේ නැහැ . මට ගම දෙසට ගිය දිනයක් වත් මතක නැහැ. මාර්ගය අසන්නත් කිසිවෙක් නෑ. මට දැනුනේ ලොකු අසරනකමක්. මගේ ලීලම්මේ ඔයා කියනවා වගේම ගෙදරින් පිට ජීවිතේ හරිම බයානකයි. නිවසින් පිට වුන මේ විනාඩි කීපයට මට හොදටම ඒක තේරුනා.

           දැන් මට අාපසු හැරෙන්නට බැ. කදුළුත් බයත් සමග ඉදිරියට අැදුනේ නිවැසියන්ට මා නැති බව දැනුන විට සැම තැනම මා සොයන්නට වාහන යොදවන බව දන්න නිසා. මම හිත සවිමත් කරගෙන පය ඉක්මන් කලා. නිමක් නැති වෙල් යාය මිස නිවසක් පේන මානයකවත් නැ. කෙතරම් හිත සවිමත් කර ගත්තත් වෙල් යාය තුළින් අැසෙන සත්ව නාද මාව බිය ගැන්නුවා. කළු පැහැති කුරුල්ලන් සමුහයක් හිස ළගින්ම වගේ මහ බයානක හඩක් නගාගෙන වන වදුල දෙසට පියාඹා ගියා. රෑ කාලය නිසා වවුලන් විය යුතුයි, මම අනුමාන කලා. කෙතරම් මම ස්වභාව ධර්මයෙන් අෑත් වී බිත්ති සතක් මැද සිර වී සිටියාද කියා තව තවත් පසක් වුනේ මේ සිදු වීමත් සමගයි. මම කිසි දිනෙක හැබැවින් වවුලන් දැක තිබුනේ නැහැ. මම පොත් කිපයත් ඔරලෝසුවත් ළයට තද කරන් ඉදිරියට අැදුනා. හිමිදිරියේ මිහිදුමෙත් සිතලෙත් අපහසුව මට නොදැනුනේ බිය නිසා මුළු සිරුරම බයට රත් වි තිබු නිසා විය යුතුයි. හිතට නොදැනුන සිතලත් මීදුමත් නාසයට හොදින් දැනී අැති බව පසක් වුනා. නාසයේ සිට ඉහළ අෑදී අා දැවිල්ල සිතල නිසා බව මම හිතුවා. උගුරත් තරමක් රිදුම් දුන්නා.

       මම පණමේන් අාදරය කළ සියල්ලන් සිහිපත් කරමින් ඉදිරියටම පිය නැගුවා. දැන් නිවෙස් ඒකින් ඒක හමු වෙනවා. මගේ බිය තරමක් පහ වුනා. නිවෙස් වල දල්වා තිබු විදුලි බුබුලු මට අාලෝකය සැපයුවා. ඒතරම් ළග ළග නොපිහිටි නිවෙස් අතර තරමක පරතරයක් තිබුනා. නිවෙස් නැති හරියේ දුවමින් ගමන් කළ මම නිවෙස් අසළදි විඩා නිවා ගත්තා .හිරු ඒළිය ටිකෙන් ටික අදුර නසමින් තිබු නිසා මගේ සිත සැනසුනත් ලොකු මල්ලිගේ වාහන මේ දෙසට ඒ යැයි බිය හද ගිනියම් කලා.

       නිවෙස් තුළින් මිනිස් කටහඩවල් අැසිම මට සහනයක් වුනා. මට ටික දුරක් යන විට හොදින් අැද පැළද ගත් අයෙකු මා දෙසට ඒනු පෙනුනා. කෙමෙන් ඔහු මට ළං වෙත්ම ඔහුගේ මූනේ තිබුනේ බියක් හරියට හොල්මනක් දැකලා වගේ. සමහර විට මම හොල්මනක් කියලා හිතනවා අැති. මගේ මුහුනට මද සිනහවක් නැගුනා. මා පසු කර ඔහු නගරය දෙසට අැදුනා. පරිසරය තුළ වූ බයානක හඩවල් නසමින් කුකුළන් හඩලන හඩත් , කපුටන්ගේ හඩත් අැසෙන්න වුනා. ඒ හඩවල් මා සිතට ගෙන දුන්නේ චමත්කාරයක් . නිවසේ සිටියදි මේ හඩවල් මට අැසුනේ අෑතින්. ඒ හඩවල මිහිරියාව හැබැහින් විදින්නට මම පිං කරලා තියෙයි , මගේ තීරණය ගැන වු පළමු සතුටු හැගීම සිත තුළ අැති වුනා.


            ලීලම්මා අද ටිකක් දවල් වෙලා මාව අැහැරවන්න කාමරයට ගියොත් හොදයි. අනිත් කවුරුත් නම් මාව හොයාගෙන කාමරයට ඒන්නේ නැනේ. සිකුරුටි අංකල් දකීද දන්නේ නෑ ගේට්ටුවේ අැතුලේ ලොග් ඒක අැරලා කියලා. ඒයා රෑ වහන්න බැරි වෙලා කියලා හිතුවොත් හොදයි. විය යුතු දේ අනුමාන කරමින් මම ඉදිරියටම අැදුනා. මම පැය ගන්නාවක් ඒක දිගටම අැවිදන් අා නිසා දෙපය අැදුම් දෙනවා. තවත් අැවිදින්න බෑ සිත කිව්වා. මට මෙහෙම අැවිදලා මට පුරුදුත් නෑ. චාරිකාවක් හරි පංසල් හරි ගියොත් මිස මම මෙහෙම අැවිදින්නේ නෑ. ජීවිතේ මුල්ම වතාවට තමා මා මෙතරම් දුරක් පයින් අාවේ. මේක නම් මගේ ජීවිතේට ලොකුම ලොකු අද්දැකීමක්. මම මැරුණත් මට අද දවස නම් අමතක නොවේවි.

        විඩාව නිසාම මම කුඩා කඩයක් ඉදිරි පස වු පඩියක් මත හිද ගත්තා. මම වට පිට බැලුවේ ලොකු පිපාසයක් දැනෙන නිසා. උගුර කට සියල්ල වියලිලා ගිහින්.නාසයත් උගුරත් දැවිල්ලයි. මම දුටුවේ ලි පතුරක් දිගේ විත් අැද හැලෙන දිය පහරක්. ඒ යට විශාල බාල්දියක් තබා තිබුනා. අැසට සොදුරු දසුනක් වුණ ඒය, මා කියවු පොත් පත්පත් වල වූ වතුර පිල්ලක් විය යුතුයි කියා මම අනුමාන කලා. මම සියල්ල කියවා , රෑපවාහිනියෙන් නරඹා තිබුනා මිස සියසින් දකින්නේ දැන් බව මට වැටහුනා. කුඩා වතුර පීල්ල වෙත ගිය මම දොත අැල්ලවා. ඒ වතුර අයිස් වගේ සීතලයි මම පිපාසය සන්සිදෙන තුරු ජලය පානය කලා.

        දැන් නම් ගම කෙලවරටම මම අැවිත් අැති. කාගෙන් හෝ පාර අසන්නට ඔනේ කියලා මම හිතුවා. ඒත් අහන්නට කිසිවෙක් නැ. මම පඩිය මත වාඩි වී බලා සිටියේ රැකියා කරා යක නිසිවෙකු හො මාර්ගයට පැමිනෙන තුරු.

          මෙතරම් වෙලා වාහන හඩක් වත් අසන්නට නොතිබූ පාරේ අැතින් වාහනයක හඩක් අැහෙන්න වුනා. මගෙ හිත කිව්වෙම ලොකු මල්ලි වෙන්න අැති කියලා . ඉක්මනින් හිද සිටි තැනින් නැගිට ගත් මම කඩය පිටු පසට දිව්වේ කිසිවක්ම නොසිතා.මම සැගවි බලාසිටියා. හිතුවා හරි දෙවියනේ ලොකු මල්ලී තමයි. ලීලම්මා අද උදෙන්ම මාව අැරවන්න ගිහින් වාගේ. වේගෙන් ගිය වාහනය ටික වෙලාවකින් නැවත කඩය පසු කර නගරය දෙසට ගියා. ඒහෙමම බිත්තියට වාරු වූ මම දෑස් පියා ගත්තා.

*කවුද මේ.*

         මා දෑස් විවර කර බලන විට මා ඉදිරයෙහි කාන්තාවක් සැක මුසු මුහුණින් මා දෙස බලා සිටියා. මල් ඉහිරුන චිත්ත රෑ අැදුමක් හැද සිටි අැය වට පිට බැලුවේ කෑ ගහන්න වගේ.

*අනේ අක්කේ කෑ ගහන්න නම් ඒපා. මම හොල්මනක් වත් හොරෙක් වත් නෙමෙයි.*

*මොකද ඒහෙනම් මේ පාන්දර අපේ ගේ පිටිපස්සේ කරන්නේ. *

*දැන් වාහන ගොඩක් අාවා ඒකපාරට .ඒවට බයේ හැංගුනේ.*


*ඒ මන්ත්‍රී බේබී මහත්තයගේ වාහනනේ. මේ නංගි මේ පැත්තට අළුත් වගේ.*

        අැය මද සිනහවකින් මට සංග්‍රහ කරද්දී මට ලොකු සැනසිමක් දැනුනා. මේ මිනිස්සු මම ඒ මන්ත්‍රී බේබිගේ අක්කා බව අදුරන්නේ නෑ. ඒක නිසා හොදයි.

*අනේ මම අදුරන්නේ නෑ අක්කේ. මම මේ ඊයේ ඉදන් මගේ නෑදෑ කෙනෙක්ගේ ගෙයක් හොයාගෙන ඒනවා. *

*අනේ නංගියේ රෑ කොහෙද හිටියේ.*

*බස් වලයි පාරෙයි තමා අක්කේ.*

*අනේ දෙවියනේ ටවුමේ ඉදන් තනියෙම පයින් අාවද?*

*ඔව් අක්කේ.*

*ඔයා මාර ළමයෙක්නේ. උදේක ඒහෙන් පිට වෙන්න ඒපෑ. රෑ කියන්නේ ගෑනු ළමයින්ට අැවිදින්න පුළුවන් කාලයක් නෙමෙයි. ඔයා වගේ ලස්සන ගෑනු ළමයෙක් දැක්කම වලත්තයන්ගෙන් බේරුමක් වෙන ඒකක් නෑ. නංගී අර වාහන වලට බයේ හැංගුන ඒක හොදයි.*

*ඒ අැයි අක්කේ ඒහෙම කිව්වේ. උදේ වෙනකන් ඉන්න බැරි වුනා අක්කේ මම මේ ගෙදරින් තරහා වෙලා ඒන ගමන් *

*ඔය මන්ත්‍රීලා ළග වැඩ කරන වුනගේ හැටි දන්නේ නැද්ද?. තනි ගෑනු ළමෙක් පාර ඉන්නවා දැන්නම. මුව පැටියෙක් දැක්ක කොටි වගේ කඩා පනීවී. ඔය මන්ත්‍රීගේ කැරැට්ටුවත් ඒ හැටි හොද නැ.*

*මම ඒහෙනම් දෙවියන්ගේ අාරක්ෂාව නිසා බේරිලා තියෙන්නේ.*

*අම්මේ ඔව් . දෙවියන්ගේ පිහිටින් නංගි පරිස්සමට අාවනේ. යමුකෝ නංගියේ ගෙට . හොදටම මහන්සි නැතෑ රෑ පුරාම අැවිදලා. ටිකක් විවේක අරන් ඔයාගේ නෑදෑයගේ ගෙවල් පැත්ත හොයා ගමු.*

      මම නිහඩවම අෑ දැස බලන් හිටියා.

*මොකද ළමයෝ බය වෙලාද ? ඒන්න ගෙට මායි දරුවයි විතරයි ඉන්නේ.*

     මම අෑ සමග කුස්සිය පැත්තෙන් ගෙට අැතුල් වුනා. හැරෙන්න වත් ඉඩ නැති පුංචී කුස්සියක් . ඒකත් හදලා තිබුනේ මැටියෙන් කියලා වට පිටාව බලද්දී මට තේරුනා.

*මේ ළමයා හොද පොහොසත් පවුලක වගේ. අපි නම් ඉතිං බොහොම දුප්පත්. ඔන්න ඔය පුටුවෙන් ඉද ගනින්කෝ නංගියේ. මම මේ අපේ කොල්ලට කැද ටිකක් හදන්න හැදුවේ.*

අැය පෙන්නු ලී පුවුව මත් හිදගෙන මම බලා සිටියා. මා සමග නොයෙක් දේ කතා කරමින් අැය කැද පිසුවා. අවසානයේ විශාල කොප්පයනට දමා මා වෙත කැද පිළගැන්නුවේ හතුරු කෑල්ලකුත් සමග.



ඊ ළග කොටසින් හමු වෙමු...

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Oct 2016 07:07 AM
  •  Quote
  •  Reply
ඔන්න ඉවරයි දාලා. 10 තියේ කියලා හිතුවට 9 යි තිබිලා තියෙන්නේ.
මම කියවලා වැරදි හද හද දැම්මේ.
ඒකයි පරක්කු වුනේ.
හුගක් ස්තූතියි උනන්වෙදුන් කතාව කියවනවට.
දැන් ඉතින් හෙට ඉදන් දවසට ඒක කොටසයි හොදේ.

කලින් කතාව අැත්ත සිදු වීමක්නේ.
මේක මගේ අාකල්පයක්. වෙනසක් තියෙද?
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 Oct 2016 07:16 AM
  •  Quote
  •  Reply
හතුරු කෑල්ල එක්කම කැද බිබී ඉන්නකෝ අනිත් කෑල්ල දානකං
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
31 Oct 2016 07:24 AM
  •  Quote
  •  Reply
හැබැයි කැද බීලා තමා ඉන්න වෙන්නේ හෙට වෙනකන්
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 Oct 2016 09:48 AM
  •  Quote
  •  Reply
ස්ටන් එකට විශේෂයක් කරන්න කැමති නැද්ද
නිකං ෆේස්බුක් එකට වඩා එක කොටසක් කලින් දාල වගේ
0
Add Reply
Page 7 of 13 << < 56789 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below