Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Dec 2016 11:52 PM by samantha මියෙදෙන තුරා.......... 254 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 8 of 13 << < 678910 > >> Author Messages සඳුනිVeteran MemberPosts:2462 31 Oct 2016 11:46 AM Quote Reply මුල අමතක කරන්න බැරියෝ දිනයක වැටහේවී........... 0 kingDVeteran MemberPosts:3309 01 Nov 2016 01:43 AM Quote Reply අනේ අදට ඉවරද ..දාන්නකෝ තව කොටස් දෙක තුනක් ... Business, you know, may bring money, But friendship hardly ever does. 0 sha733Super Senior MemberPosts:7332 01 Nov 2016 01:43 AM Quote Reply Posted By සඳුනි on 31 Oct 2016 11:46 AM මුල අමතක කරන්න බැරියෝ මුල අමතක කරන්න බැරිද. ඇත්තද මම ඕකට හොදට කියල දෙන්නං එන්නකෝ ඔය මුලින් පටන් ගත්තා කියන තැනට චැට් බොක්ස් එකෙන් 0 සඳුනිVeteran MemberPosts:2462 01 Nov 2016 08:53 PM Quote Reply 32. වන කොටස. මියෙදෙන තුරා... *ඔන්න නංගියේ මම ලොකු කෝප්පයකටම දැම්මේ ඉක්මණට නිවෙන්න ඔනේ නිසා අහිතක් නම් හිතන්න ඒපා.* *අනේ ඒකට කමක් නෑ අක්කේ.* මම අැය දුන් කැද කෝප්පය රස බලන්න වුනා. සැබවින්ම ඒය ලීලම්මා හදන කැද වලටත් වඩා රසවත් . *හරිම රසයි අක්කේ.* *අනේ තව දෙන්නද නංගියේ .රෑට කාලත් නැතුව අැතිනේ.* *අනේ මේක වැඩිත් ඒක්ක .අක්කත් බොන්නකෝ* *අනේ මගේ කොල්ලා අැහැරුනා මම බොන්නම් නංගියේ.* ගමේ දුප්පත් මිනිසුන් ළග කෙතරම් මනුස්සකම් තියෙනවා දැයි කල්පනා කරමින් මම කැද සියල්ලම පානය කලා. * නංගිට රෑ යාමේ නිදා ගන්න ලැබුනේ නැතුව අැතිනේ? ඔනේ නම් ටිකක් නිදා ගන්න.* *දැන් බෑ අක්කේ.* *මම ඒහෙනම් කොල්ලට කූද්දලා ඒන්නම්. ඉස්කොලේ යන්න පරක්කු වෙනවනේ.* විනාඩි කීපයක්ම අැහැරවලා අැහැරවලා අවසානයේ වයස අවුරුදු දොළහක් පමණ පිරිමි ළමයෙක් අැස් දෙක පොඩි කරමින් කුස්සිය දෙසට අාවා. *ඔහෙම හිටින්නකෝ නංගියේ මම මේ කොල්ලව ඉස්කොලෙ යන්න ලෑස්ති කරවලා ඒන්නම්.* *කවුද අම්මේ මේ නැන්දා* *මම අදුරන කෙනෙක් . කෝ යං මුණ හොදන්න.* අැය දරවාව අැදගෙන වගේ පීල්ල අැති පැත්තට ගියා. දාරුවා පාසල වෙත යවා අැය මා දෙසට අාවා. *නංගියේ . අද කඩේ අරන්නත් පරක්කුයි. නංගි අැරලලා අැවිත්ම කඩේ අරින්නයි හිතුවෙ. නැත්තම් කඩේ දාලා යන්න විදියක් නෑනේ. ලිපිනයක් හරි නමක් හරි කියන්න බලන්න.* *අර අක්කේ සෝමපාල කියලා කෙනෙක්. අසනිප වුන ගෑනු ළමෙක් ඉන්නේ. නෝනා මැරිලා.* *අා මේ අපේ වලි සෝමේ අයියා ගැන වෙන්න ඔනේ ඔය කියන්නේ.* *වෙන්න අැති අක්කේ ඒත් අැයි සෝමේ මාමාට'' වලි සෝමේ'' කියන්නේ.* *හවසට කටගොන්නක් බීගෙන ගම දෙවනක් කරනවනේ. කවුරුත් මොකුත් කියන්නේ නෑ . උෟ ඒක්ක පොරකාලා දිනන්න බෑ කාටවත්.* *ඒහෙට හුගක් දුරයිද අක්කේ තව.* *පාරෙන් ගියෙත් නම් දුරයි. වෙල පාරෙන් යමු.* *හ්ම්.* *ඒත් දැන් මේ නංගී අැයි හිටපු ගෙදරින් අාවේ. මම මේ ඔය නංගිට දැන ගන්න කියන්නේ . වලි සෝමේ අයියලෑ ගෙදර නම් ඔය නංගිට නවතින්න හොද තැනක් නෙමේ.* *මොනවා කරන්නද අක්කේ වෙන යන්න තැනක් නෑ.* *යමුද ඒහෙනම්.* *යමු අක්කේ .* මම නිවසින් බැහැරට ඒනවිට රැගෙන අා. පොත් කිහිපයත් ඔරලෝසුවත් අතට ගත් මම අැය පසු පසින් අැදුනා. අඩි පාරක් දිගේ අැදුණු අපි වෙල් යායාක් මැදින් වූ නියරක මතින් ඉදිරියට ගමන් කලා. *පරිස්සමින් වරෙන් නංගියේ උබට පුරුදු නෑ වගේ මෙවැයි අැවිදලා. ඔය ගවුම කොට කරලා අල්ල ගනින්. ඔය ලස්සන සුදු ගවුමේ මඩ ගෑවුනොත් යවනවා බොරු.* ඒහෙට මෙහෙට වැනෙමින් , සමබරව ගමන් කරන්නට උත්සහකරන අාකාරය දෙස බලා සිනා සෙමෙන් අැය පැවසුවා. සැබවින්ම ඒහි අැවිදීම පහසු නැහැ. උදෑසන පින්නට තෙත් වූ කණ නිල්ල දෙපා තෙත් කලා. වැඩි දුරක් යන්නටත් පෙර පිණි දිය සමග ඒක් වූ මඩ නිසා පවන් යුවල ලිස්සන සුළු ගතියක් අැති කලා. *නංගියේ ඔය සෙරෙප්පු දෙක ගලවලා අතට ගනින්. නැත්තම් ලිස්සලා වැටේවි.* මම අැය කියු දෙය පිළි ගෙන පාවහන් දෙක ගලවා දැමුවා. *කෝ දියන් මම ගන්න ඔය සෙරෙප්පු දෙක. නැත්තම් ගවුම ගන්න දෙයක නැති කර ගනීවි.* අැය මගේ පාවහන් දෙකත් රැගෙන ඉදිරියෙන් ගමන් කලා. මම ගවුමක් කෙටි කරගෙන අෑ පිටුපස ගමන් කලා. අවසානයේ පටු මාවතකට පිවිසි අපි තරමක් හුදකලා වූ නිවක් දෙසට ගමන් කලා . *නංගියේ. මෙන්න මේක තමා වලි සෝමේ අයියගේ ගේ. නංගී දැන් දිගටම මෙහෙ ඉන්නද කල්පනාව.* අැය ඉදිරියෙන් පෙනුනු කඩා නිවස පෙනවමින් කියා සිටියා. පෙනුමේ හැටිටනම් ඒ නිවසෙහි දෙදෙනෙකුටත් ජීවත් වීමට අපහසුයි. සිමෙන්ති ගලෙන් නිමවන්නට අාරම්භ කර තිබු නිවසේ වැඩි හරිය තවමක් අත්තිවාරමට පමනක් සීමා වෙලා තිබුනා.බිත්තී ඉහට නංවා ටකරං තහඩු කිහිපයක් හෙවිල්ලා තිබුනේ අත්තිවාරමෙන් තුඩා කොටසකට පමණයි. *ඔව් අක්කේ වෙන යන්න දිහාවක් නෑ. ශාමලීවත් බලාගෙන ඒයාගේ ළගට වෙලා ඉන්නවා.* *ශාමලී කෙල්ලව බලාගන්න හිතපු ඒක නම් ලොතකු දෙයක් . ඒත් නංගියේ වැඩි දවසක් යන්න කලින් දැනෙයි මෙහෙ ඉන්න ඒකේ අමාරුව.* *මොනවා කරන්නද අක්කේ.* අපි නිවසෙහි මිදුලටම පැමිණ තිබුනා. මාස ගණනාවකින් ඉදලක් නොදුටු පොළව වියලි කොළ වලින් වැසී ගොස් තුබුනා. කුඩා පැලෑටිවලින් ගහන මිදුල පුරා තිබුනේ මුසල බවක්. නිවස ඉදිරිපස වූ මල් පාත්ති වන මලින් පිරී ගොස් තිබුනා. මල් ගස් වට ඒතුනු වැල් ඒම ගස් වලටත් වඩා ඉහළට නැංවී තිබුනා. *වලි සෝමේ අයියේ... වලි සොමේ අයියේ...* *මොකාද බොල මේ උදේ පාන්දර බෙරිහන් දෙන්නේ.* *වලි සෝමේ අයියේ වරෙන්කෝ පොඩ්ඩක් ඒළියට . මේ උබගේ නෑදෑයෙක් අැවිත්.* *ලො.....* මා දුටු ගමන් ලොකු බේබී යැයි කියන්න ගියේ දෑස් ඉහලට නංවාගෙන. ඔහු කතා කරන්නට ප්‍රථම මුව මත මැදගිල්ල තබා ඒසේ නොපවසන ලෙස ඉගි කරනු ලැබුවා. *අා ... මේ ළමයනේ මොකද මේ දරුවා හදිස්සියෙම මේ පැත්තේ.* *මේ නංගි ගෙදරින් පැණලා අාවා කිව්වේ .මෙහෙ නවතින්න.* *මොනවා..* පුදුමයෙන් මුව අයා ගත් ඔහු දෑස් ලොකු කරගෙන මගේ දිහා බැලුවා. *අැයි සොමේ මාමා අකමැතිද මම මෙහෙ ඉන්නවට.* *මගේ නම් අකමැත්තක් නෑ දරුවෝ. ඒක් මෙහෙ හිටියොත් දුක් විදින්න තමා වෙන්නේ. මේ දරුවත් බලා ගන්න විදියක් නැතුව මම ඉන්නේ.* *ඔය කට ගොන්නක් බොන ඒක් නැවත්තලා කෙල්ල බලා ගත්තා නම් ඉවරනේ. ඔය හැටි කියවන්නේ.* *අනේ මේ ... රේනු නංගියේ. අනුන්ගේ කෝප්ප හොදන්නේ නැතුව ගිහින් කඩේ අැරපන්.* *අම්මද බොල මුට උදව්වක් කළාමත් අපට කතා කරන හැටි.* *පලයං පලයං යකෝ යන්න.* *යනවා තමා යකෝ. මම යනවා නංගියේ යන්න. උබට මෙහෙ ඉන්න ඒක අැති වුනොත් වරෙන් අපේ ගෙදරට.* ඒහෙම කියපු අැය සෝමේ මාමාටත් ගස්සගෙන යන්න ගියා. නිවසට ගොඩවැදුනු මොහොතේ සෝමේ මාමාගේ හැසිරීමෙන් බිරන්ත වූ මම නිහඩව බලා වුන්නා. *ලොකු බේබි මොනවද මේ කරන වැඩ. උදේ ලොකු බේබි මහත්තයත් මෙහෙ අාවා මාරාවේස වෙලා.* *මොනවා මෙහෙ අාවා. සෝමේ මාමාට බැන්නද?.* *මට බයින්න. මගේ තැනට අැවිත් මට බනින්නේ කොහොමද උන්.* *මට තවත් ඒ ගෙදර ඉන්න බෑ සෝමේ මාමේ.* *ඒ මොකද ලොකු බේබී. ලොකු බේබීට කසාදයකුත් ලෑස්ති කරලනේ තිබුනේ. * *ඒක තමා ඒහේ ඉන්න බැරි හේතුව.* * ඒ කිව්වේ. අනේ ලොකු බේබී තාම හිටගෙන ඒන්න අැතුලට.* මම ඔහුගේ අාරාධනයත් සමග ගෙට අැතුල් විය. මා හට ඉද ගන්න පුටවක් සුදානම් කර දුන් ඔහු ඉදගන්නයි අැරයුම් කලා. ඒම අසුනෙහි හිද ගත්මම වට පිටාව හොදින් බැලුවා. මකුළු දැල් වලින් වැසි ගිය නිවස හරිම අපිරිසිදුයි. සෑම පුටුවකම රෙදි, මේසය උඩ පවා රෙදි. කොනක වූ කුඩා කැබිනෙට්ටුවත් නිසේ අනිත උපකරනත් දූවිල්ලෙන් වැසි ගිහින්. මාස ගණනකින් කවුරුන් හෝ නිවසෙහි නොසිටි ගානයි. මුළු නිවසින්ම දැනුනේ පාළු පුස් ගදක්. ඒ ගද නිසාම මට හිතුනා සෑහෙන කාලෙකින් නිවස තුළට හිරු ඒළියක් වැටී නැති බව. *මොකද ලොකු බේබි වට පිට බලන්නේ. ලොකු බේබීට මේ ජීවිතේ හරියන්නේ නෑ. අාපහු වලව්වට යමු.* *නෑ නෑ මම අාවේ අායි යන්න නෙමෙයි. සොමේ මාමා අකමැතිද මම මෙහෙ ඉන්නවට.* *මම මොකට අකමැති වෙනවද? ලොකු බේබිට පුළුවන් නම් මට මොකද?* *මට දැන් වත් බේබි කියන කෑල්ල නවත්වන්න සෝමේ මාමේ.* *ඒක කොහොම නවත්වන්නද?* ඊ ළග කොටසින් හමු වෙමු... දිනයක වැටහේවී........... 0 kingDVeteran MemberPosts:3309 02 Nov 2016 12:02 AM Quote Reply අයියෝ..ගමේ ම ගෙදරක නැවතුනොත් අහුවෙයි නේද ඉක්මනටම Business, you know, may bring money, But friendship hardly ever does. 0 DushanVeteran MemberPosts:2536 02 Nov 2016 12:21 AM Quote Reply තව ටිකක් හදිස්සි නොවී හිටියා නම් වෙන විදිහක් වෙන්න තිබුනා කොහොමත් වැඩි දවසක් ඔහොම හැංගිලා ඉන්න බැරි වෙයි 0 sha733Super Senior MemberPosts:7332 02 Nov 2016 02:42 AM Quote Reply දැන් ඉතින් ඔන්න කප්පාදුව පටන් ගත්ත ලස්සයි මේ කථාව එක හුස්මට කියවල ඉවර කරන්න කොහෙද ඒකට චාන්ස් නැහැනේ 0 DushanVeteran MemberPosts:2536 02 Nov 2016 02:46 AM Quote Reply Posted By sha733 on 02 Nov 2016 02:42 AM දැන් ඉතින් ඔන්න කප්පාදුව පටන් ගත්ත ලස්සයි මේ කථාව එක හුස්මට කියවල ඉවර කරන්න කොහෙද ඒකට චාන්ස් නැහැනේ ඒක නම් ඇත්ත අයියේ 0 sha733Super Senior MemberPosts:7332 02 Nov 2016 03:50 AM Quote Reply Posted By kingD on 02 Nov 2016 12:02 AM අයියෝ..ගමේ ම ගෙදරක නැවතුනොත් අහුවෙයි නේද ඉක්මනටම සමහර විට ආයෙ එන්නෙ නැති වෙයි . එකපාරක් ඇවිල්ලනේ ගිහින් තියෙන්නේ 0 kingDVeteran MemberPosts:3309 02 Nov 2016 03:57 AM Quote Reply කෝ මේ සඳුනි නංගි ..මොනවා කරනවද මන්දා කොටස් දෙක තුනක් එකපාර දාන්නෙ නැතුව.. හ්හ් Business, you know, may bring money, But friendship hardly ever does. 0 සඳුනිVeteran MemberPosts:2462 02 Nov 2016 08:05 AM Quote Reply කට්ටියට ඒක හුස්මට කතා කියව්ව හදිස්සී වගේ. ඉක්මණට ලියන්නම්කෝ දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 02 Nov 2016 10:08 AM Quote Reply Posted By සඳුනි on 02 Nov 2016 08:05 AM කට්ටියට ඒක හුස්මට කතා කියව්ව හදිස්සී වගේ. ඉක්මණට ලියන්නම්කෝ හත්දෙයියනේ ඒ කියන්නෙ තව කථාව ලියලවත් නැද්ද 0 සඳුනිVeteran MemberPosts:2462 02 Nov 2016 10:12 AM Quote Reply 33. වන කොටස. මියෙදෙන තුරා.. *කාටහරි අැහුනොත් සෝමේ මාමා මට බේබි කියනවා. හැමෝම දැන ගනී මම තමා වලව්වෙන් පැනලා අාපු බේබි කියලා.* *දැන් කියන්නකෝ බේබි වලව්වෙන් පැනලා අාපු හේතුව මොකද්ද කියලා. අපේ ලීලාවතී නංගී දන්නවද දුව මෙහෙ අාපු බව.* *ඒක පාරින්ම මට දු.. කියන්න පටන් ගත්තේ. මගේ හොද සෝමේ මාමා.* *ලොකු ෙබ්බි කොහොමත් මගෙම දරුවෙක් වගේ තමයි.* *අායි ලොකු බේබි කියනවා.* *හරි හරි දූ. * *ලීලම්මා දන්නේ නෑ සෝමේ මාමේ. මම කිව්වෙ නෑ.* *අනේ දැන් ඒකී වැළහින්නක් වගේ අඩා වැටෙනවා අැති දැන .* මම සෝමේ මාමාත් සමග සිදු වූ සියල්ල විස්තරාත්මකව කියා සිටියා. මොන දේ කිව්වත් මගේ අසනිපය ගැන නම් සෝමේ මාමාටවත් කිව්වේ නෑ. *ඉතිං අැයි දු. සුමේධ මහත්තයට අකමැතියි. ඔය කියන තාලෙට ඒ කොලුවගේ අැති වරදක් නෑනේ.* *ඒකට හේතුවක් තියෙයි සෝමේ මාමේ . දවසක හැමෝටම දැන ගන්න ලැබෙයි. සෝමේ මාමා අකමැතිද කියන්නකෝ මම මෙහෙ ඉන්නවට.* *මම කැමතී ලොකු බේබී.* *අායි ලොකු බේබී කියනවා.* අසුනෙන් හිටගත් මම වසා දාමා තිබු ජනේලය අසලට ගියා. කාලෙකින් ජනෙල් පියනේ අගුල අැරලා නෑ මළකඩක් කාලා. මම අමාරුවෙන් ජනෙල් පියන් දෙක විවෘත කලා. තවමත් පරිසරයේ වුයේ මද හිරු ඒළියක් පමණයි. මන්ද තවමක් වෙලාව උදැසන හත පසු වූවා පමණක් නිසාවෙන්. *ලොකු බේබී මම උදෙට කන්න ඉදි අාප්ප ටිකක් අරන් ඒන්නම් කඩේට ගිහින්. දැන් ඉතින් සැප නෑ. අපට තියෙන විදිහට තමා කලා ඉන්න වෙන්නේ.* *අර හිර ගෙදර ඉන්නවට වඩා මට මේ සැප නැති ජීවිතය හොදයි සෝමේ මාමේ. ලොකු මල්ලී ඒයිද අායි මෙහෙ.* *ලොකු බේබි බය නොවී ඉන්න. ඒයා අවොත් මම බලා ගන්නම්. ලොකු බේබී යන්න අකමැතිනම් මම අායි කටත් බේබිව බලෙන් අරන් යන්න දෙන්නේ නෑ.* *සෝමේ මාමා නැති වෙලාවක අාවොත්.* *බේබී බය නොවී ඉන්න. මම ගේ පෙන මානෙන් තමා දවසම ඉන්නේ. ගෙදරට මොකද ඒන්නේ මම දන්නවා.* සෝමේ මාමා අැද සිටි සරමටම කමිසයක් අැගලාගෙන නිවසින් පිට වී ගියා.ඉන් පසු මම ගියේ නිවසෙහි වු ඒකම කාමරයට. දෙවියනේ ශාමලී පැදුරු කෑල්ලක බිමි වැතිරිලා ඉන්නවා. මට අෑ අසලට යන්නටත් බය හිතුනේ අැය පුංචී ළමයෙක් වගේ අැග වැහැරිලා ගිහින්. කාමරය තුළන් අාවේ අප්‍රසන්ද දුගදක්. කිසිත් නොතැකු මම ශාමලි ළග දන ගහගෙන අැගේ මුහුනට ඒබුනා. *ශාමලී...* මගේ හඩ අැහෙත්ම අැය මළානික දෑස් දල්වා මා දෙස අමාරුවෙන් බැලුවා. මා දෙස ටික මොහොතක් බලා වුන් අැගේ මුහුනේ පද සිනාවක් අැදුනා. ඒ සිනහව කිව්වේ අැය මා හදුනා ගත් බව. *ශාමලී.. ඔයාට කොහොමද?* *ලො... කු.. බේ...* *අනේ මට ලොකු බේබී කියන්න ඒපා ශාමලී. මම දැන් ලොකු බේබී නෙමෙයි මම අායි කවදාවත් ලොකු බේබී වෙන්නෙත් නෑ. මම අාවේ ඔයා ළගටම වෙලා ඉන්න.* *අ...නේ... ලො..කු...* *අනේ ශාමලි මට නිල්මී කියන්න ඉස්සර ඉස්කෝලෙදී වගේ.* *නි...ල්..මී..* අැගේ නෙතින් කදුළු වෑස්සුනා. නමුත් අැගේ මුහුනේ තිබුනේ සිනහවක්. මාව දැකීමම අැයට සැනසීමක් වී බව මට දැනුනා. *ඔයාගේ නිල්මී ඔයාගේ ළගින්ම ඉන්නවා ශාමියෝ.* අැගේ කදුළු පිස දැමූ මම අෑ ළගින් නැගිට කාමරේ ජනේලයද හැර දැමුවා. උදා හිරු ඒළිය ජනෙල් කවුළුවෙන් කාමරය වෙත කාන්දු වුනා. ශාමලී අමාරුවෙන් හිස හරවා ඒ දෙස බැලුවේ හරිම අාසාවෙන්. *ඔයාට බඩ ගිනීද ශාමී. සෝමේ මාමා ගියා කෑම ගෙන්න.* අැය බඩගිනි නෑ යැයි මුහුන වනා ඉගි කලා. මා හිටි සුදු අැදුම අැදගෙන නිවස අස් කිරීම අපහසු බව තේරුම් ගත් මම ශාමලිගේ කුඩා අල්මාරය හැර බැලුවා. සේරම අවුස්සලා දාලා. ඒකෙන් අැදුමක් තෝරා ගත් මම ඒය අැද ගත්තා. ඒය දනහිසට වඩා පොඩ්ඩක් පහළට දිග කළු පසුබිමෙහි කහ මල් වැටුණ චීත්ත ගවුමක්. ඉන් පසු මම ගියේ කුස්සිය දෙසට. කුස්සිය ගෙයි අනිත් කැන් වලටත් වඩා අපිරිසිදුයි, පිළණු ගදයි. කුඩා නිවසක් වුනත් කුඩාවට පොරණුවක් බැද ලිප සකස් කර තිබුනා. නමුත් ලිපේ ගා තිබූ මැටි ගැලවි ගොසින්, පිගන් කොල්ල ගත් ගත් කැන් වල ,ඉදුල් වතුර කොරහක් පිලිණු වෙලා, පෝරණුව අසල වු කුණු භාජනය පෙරල ගෙන පුසෙක් කන්නට යමක් සොයනවා. මේ තත්වයෙන් ගොඩ ඒන්නය හුගක් මහන්සි වෙන්න වෙයි කියලා මම තනියම හිතුවා. මම මුලින්ම නිවසින් බැහැරට ගොස් බැලුවේ වතුර සපයා ගන්නේ කෙසෙද කියලා. විශාල ගල් කීපයක් අතර ගසා තිබූ පිල්ලක් දිගේ පිරිසිදු ජලය ගලා අාවා. පීල්ල යට දෙකය කපන ළද ප්ලිස්ටක් බැරලයක් ජලය රැස් විමට තබා තිබුනා. බැරලයට පිරුණු ජලය හතර වටින් උතුරා ගියා. ඉන් පසු නැවත කුස්සියට අතුළු වූ මම ඉදුල් වතුර භජනය විසි කරන්නට රැගෙන ගියේ නාසය හකුලාගෙන. මට නිවසක වැඩ කිරිම පිළිබද කිසිම අත්දැකිමක් තිබුනේ නැ. මන්ද යත් කිසිදා අප කුස්සිය දෙසටවත් යනවාට අම්මා අකමැති වූ නිසා. කෙසේ හෝ මම මේ ජිවිතයට හැඩ ගැසිය යුතුයි. මගේ අහිංසක මිතුරියට යලි දෙපයින් නැගිටන්නට වාරු දිය යුතුයි. මම හිත දැඩි කරගෙන පිගන් කොප්ප අනිකුත් භාජනද පිල්ල ලගට රැගෙන ගොස් සොදා පිරිසිදු කලා. ළිප වටේම තබා තිබු ඉදුල් වලන් පීල්ල අසලට ගොස් දැමු මම කොස්සක් ගෙන කුස්සිය අතු ගා දැමුවා. වතුර උණු කීරිමට අවශ්‍ය බව සිතු මම දැලි වලින් කළු වි තිබූ කේතලය ගෙන වතුර පුරවා ලිප මත් තැබුවා. පොරනය යට වූ දර කෑලී කිපයක් ලිපට දමා. ලීලම්මා අවුලන අාකාරය දැක අැති නිසා ඒ විදියට ලිප අවුලන්නට උත්සහා කලා. * ලොකු බේබි .. ලොකු බේබී. කෝ මේ දරුවා.* සෝමේ මාමා කුස්සිය දෙසට ඒන විට මම අාපසු හැරි බැලුවා. කුස්සිය පුරා දුමෙන් වැහිලා ගිහින්. මම දැක්ක වහාම සෝමේ මාමාට හොදම හිනා. *මොකද සොමේ මාමේ.* *පොඩ්ඩක් අල්මාරියේ කණ්නාඩියට ගිහින් බලන්නකො තේරෙයි. * *අැයි මක් වෙලාද?* *මූනේ දැලි පැල්ලම්. ඔලුව පුරා අළු ලිපට පිබලා. ඔය දරුවට ඔය වැඩ කරන්න බෑ. මම කරන්නම් ඉන්න.* * අනේ මටත් අාසයි සෝමේ මාමේ මේවා පුරුදු වෙන්න.* මම හිසේ වූ අළු ගසමින් කියා සිටියා.. *කොයි දේත් පුරුදු වෙන ඒක නම් හොදයි තමයි. බේබි හිතුවෙ නෑ කවදාවත් මේවගේ තැනක ජිවත් වෙන්න වෙයි කියලා. ජීවිතේ ඔහොම තමා හිටි ගමන් වෙනස් වෙනවා. අපිට ඒවට හැඩ ගැහෙන්න වෙනවා.* ඒක වරම ලිප අැවිල වු ඔහු සිනා සී මා දෙස බැලුවා. *ලොකු බේබි කුස්සිය සේරම අස් කරලා නේද කොප්ප පිගන් ටිකත් හොදලා. මට මේව සුද්ද කරලා තියා ගන්න අාසාවක් තිබ්බේ නෑ ළමයෝ. අපේ කොල්ලා අාවම තමා මේවා පොඩ්ඩක් පිළිවෙල කරලා. යන්නේ. උෟත් ඒන්නේ දුවන්න බලාගෙන.* *මටත් අාසයි මල්ලිව දකින්න.* *මේ දරුවා ඔය තෙත අැදුම මාරු කරන්. මුනේ දැළි ටිකත් හොදන් ඒන්න කෑම ටිකක් කාලා ඉන්න. මම උදවු වෙන්නම් මේ දරුවට ගේ පිළිවෙලක් කර ගන්න.* මුණ අතපය සොදා ගත් මම තව අැදුමක් මාරු කර ගත්තා. ඉන් පසු සෝමේ මාමා ගෙන අා ඉදි අප්ප ශාමලීටද කවා මමත් අාහාරයට ගත්තා. සොමේ මාමා මම ශාමලිට කවන දිහා බලාගෙන කදුළු සැලුවා. මම දන්නවා ඒ කාලේ ඉදන්ම සෝමේ මාමා ශාමලිට අාදරෙයි. දැන් වත් මේ මනුෂ්සයට සැනසිමක් ලැබෙයිනේ. හවස් වන විට නිවස පිළිවලට පිරිසිදු කර ගත්තේ සෝමේ මාමාගේද උදව්ව අැතුව. ඔහු ඉතා කැමැත්තෙන් ඒ වැඩවල නිරත වුනා. මිදුල පුරා පොළවට පොර වෙමින් තිබූ ඝන කොළ තට්ටුවද අතු ගා පුළුස්සා දැමුවා. දැන් නිවසම කල ඒළි වෙලා. ශාමලිද සෝම මාමාගේ උදව් අැතිව උණු දියෙන් නහවා පිරිසිදු කර අලුත් අැදුම් අළුත් රෙදි මත හාන්සි කළා. අැය අමාරුවෙන් අකුරු ඒක කර කියා සිටියේ '' ලොකු බේබී මට පව් සිද්ද වෙනවා ඔයා ලව්වා මේවා කර ගත්තම'' කියලා පමණයි. දවසම වෙහසුන නිසා මට දැනුනේ විශාල විඩාවක්. මගේ සිරුරට පුරුදුත් නෑ මෙහෙම වෙහෙසී වැඩ කරලා. මහන්සි නිවා ගන්නට සිතු මම ශාමලි ළගින් ටිකක් වාඩි වෙලා කතා කරමින් ඔන්න. අැයට කතා කරන්නට තරමක් අපහසුයි. ශරීරයේ ශක්තිය වැහැරිලා ගිහින්. මම අසන දෙවල් වළට අැය ඉගි කලා පමණයි. *ලොකු බේබි.* *අනේ සෝමේ මාමේ මට ලොකු බේබි කියන ඒක අත් අරින්නකෝ. මම දැන් ලොකු බේබි නෙමෙයි.* *හරි හරි දරුවෝ ඒක පාරට වෙනස් වෙන්න බෑනේ.* *අාන්න ඒහෙම වත් කතා කරන්න.* *මම පොඩ්ඩක් කඩේ පැත්තට ගිහින් ඒනනම් . රෑට උයන්න දේකුත් අරන්.* *හා හොදයි සෝමේ මාමා. අද නම් බොන්න ඒපා හොදද?.* *හරි හරි දරුවාේ මම බොන්නේ නෑ.* ඔහු පිට වි ගියා. සවස හයටත් කිට්ටු වි නිසා මම උයන්නට ඔනේ යැයි සිතුවා නමුත් මම උයන්නට දන්නේ නෑ. මම කුස්සිය පැත්තට ගොස් සහල් අැද්දැයි සොයා බැලුවා. ඒවිට ශාමලීගේ කාමරය දෙසින් අැසුනේ පිරිමි කටහඩක්. මම පුදුමයෙන් කාමරයේ දොර අසලට ගොස් බැලුවා. මට පිටු පා ශාමලි ළග වාඩි වි සිටි ඔහු, ශාමලි සමග කතා කරමින් සිටියා. ශාමලිත් සිනා මුසු මුහුණින් ඔහු කියන දේ වලට ඉගි කලා. ඊ ළග කොටසින් හමු වෙමු... දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 02 Nov 2016 10:16 AM Quote Reply Posted By sha733 on 02 Nov 2016 10:08 AM Posted By සඳුනි on 02 Nov 2016 08:05 AM කට්ටියට ඒක හුස්මට කතා කියව්ව හදිස්සී වගේ. ඉක්මණට ලියන්නම්කෝ හත්දෙයියනේ ඒ කියන්නෙ තව කථාව ලියලවත් නැද්ද ලියලා නෑ. දැන් ලියන ලියන කොටස දාන්නේ. දිනයක වැටහේවී........... 0 kingDVeteran MemberPosts:3309 02 Nov 2016 10:57 PM Quote Reply ඔන්න 33 වෙනි කොටසත් කියෙව්වා... නංගි මේ බොරු නම් කියන්න එපා හරිද ලියල නෑ කියල ..හ්හ්... Business, you know, may bring money, But friendship hardly ever does. 0 sha733Super Senior MemberPosts:7332 03 Nov 2016 04:09 AM Quote Reply ඔය කෙල්ල කියන්නේ බොරැ තමා අපේ රජතුමනි ලැප් එක පරීක්ෂා කරල දඩු කදේ ගහන්න ඕනේ 0 සඳුනිVeteran MemberPosts:2462 03 Nov 2016 04:38 AM Quote Reply අා දැන් කට්ටියට සුවර් නෑ ඉන්නකෝ ස්ක්‍රීන් ඒකක් ගහලා දාන්න අද දවසම කරට් නෑ කොහොම ලියන්නද දිනයක වැටහේවී........... 0 DushanVeteran MemberPosts:2536 03 Nov 2016 07:46 AM Quote Reply මාත් කියෙව්වා ඊලග කොටස එනකන් ඉන්නේ එහෙනම් 0 sha733Super Senior MemberPosts:7332 03 Nov 2016 07:46 AM Quote Reply Posted By සඳුනි on 03 Nov 2016 04:38 AM අා දැන් කට්ටියට සුවර් නෑ ඉන්නකෝ ස්ක්‍රීන් ඒකක් ගහලා දාන්න අද දවසම කරට් නෑ කොහොම ලියන්නද හරී................. විහිලුවක්වත් තේරෙන්නෙ නැහැනේ 0 සඳුනිVeteran MemberPosts:2462 03 Nov 2016 03:17 PM Quote Reply හ්ම් දැක්කනේ. උණු උණුවේ දැන් කතාව ලැබෙන්නේ.... ලියනවා දානවා. හි දිනයක වැටහේවී........... 0 Add Reply Page 8 of 13 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit