You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 02 Dec 2016 11:52 PM by  samantha
මියෙදෙන තුරා..........
 254 Replies
Sort:
Page 9 of 13 << < 7891011 > >>
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
03 Nov 2016 03:46 PM
  •  Quote
  •  Reply

34. වන කොටස..

මියෙදෙන තුරා...

        මා නොදන්න මුත් ඔවුන්ගේ පවුලේ මිතුරෙක් විය යුතුයි. නැතිනම් කිසි බයක් සැකක් නැතුව කාමරය අැතුලටම ඒන්නේ නෑනේ. මම ඔවුන්ගේ සංවාදයට බාධාකලේ නැ. කවුරු වුනත් පවුලේ නෑදෑයෙන් වෙන්නට අැතැයි සිතු මම නැවතත් කුස්සිය දෙසට ගියා.

        විශාල මැටි වළදක දමා තිබු සහල් වගයක් මට හමු වුනා.උයන්නට අවශ්‍ය ප්‍රමාණයක් නොදන්න මුත් ඒහි වු කෝප්පයෙන් අැයි සිතෙන තරම් සහල් කොරහට දා ගත් මම පිල්ල දෙසට යන්නට සැරසුනා.මුළු පරිසරයම අදුරු වෙලා. වැස්සක පෙර නිමිති පහළ වෙලා තිබුනා.

*මේ නිල්මිණි වෙන්න ඔනේ.*

        පිටු පසින් අැසුනු ගොරෝසු කටහඩ නිසා මම අාපසු හැරී බැලුවා. කොහොම අදහන්නද? විජී අයියා. මම නෙත් විසල් කරගෙන පිළිමයක් සේ බලා වුන්නා.

*ලොකු කුමාරිහාමිනේ මේ . අප්පේ මොකද වලව්ව අැති වුනාද?.*

      සිනාසෙමින් මා අසලට අා ඔහු. මගේ මුහුණට ඒබෙමින් සරදම් සිනහවක් පෑවා.

*මොකද ලොකු කුමාරිහාමී මන්ත්‍රී බේබී පැන්නුවද ගෙදරින්. කෝ කට. අැත්තට කතා කරන්න බැරිද? මට මතකයි ඒදා පාරෙදි  හමුබුන දවසෙත් කතා කලේ නෑ.*

      සැබවින් මම සිටියේ බියෙන්. දැන් ඉතිං ඉවරයි. අපේ ගේ ඉස්සරහට ගිහින් මේ මිනිහා මම මෙහෙ බව ගමම දෙවනක් කරලා කියයි. මේ නාදුනන මිනිහා මෙහෙ මක් කරනවද?. සෝමේ මාමාටත් පිස්සුද මන්දා. ගෑණු ළමෙක් ඉන්න ගෙදරට මේ පිරියෙක් ගෙන්න ගන්න.

*මොකෝ මොකෝ බය වෙලාද? නිල්මිණි නගා වචනයක් දෙකක් දාන්නකෝ කට හඩවත් අහන්න.*

*අනේ විජී අයියේ මම මෙහෙ බව නම් අපේ ලොකු මල්ලිට කියන්න ඒපා.*

*අප්පට සිරි මගේ නමත් දන්නවා.*

      මේ මනුස්සයා නම් මොන ජාතියේ මිනිහෙක්ද මන්දා. හොදයිද නරකයිද කියලා වත් මට හිතා ගන්න බෑ.

*හරි  හරි මම නොකියා ඉන්නම්කෝ . නිල්මිණි නගා කැමති මෙහෙ ඉන්න නම් ඒක ඒ විදියට වෙයි.*

        මේ මනුස්සයා හරියට කතා කරන්නේ මාව උපන් දා ඉදන් දන්නා වගේනේ. මට තවත් කියන්නට දෙයක් සිහියට නොඅා නිසා ඔහු කතා කරන තුරු බලා සිටියා.

*නිල්මිණී නගා මෙහෙට අාපු හේතුව නම් මට දැන ගන්න ඔනේ නෑ. මම හිතනවා ශාමලී නගා වෙනුවෙන් ඒන්න අැත්තේ කියලා . කොහොම වුනත් දැන් අපිත් ඒක්ක තමා ඉන්න වෙන්නේ.*

*ඒ කිව්වේ ඔයත් මෙහෙද ඉන්නේ.*

     ඒ පැණය මගේ මුවින් පිටවුනේ මම සිතන්නටත් පෙරයි. ඔහුගේ සිනහව ඒ වචනයත් සමග තවත් ත්‍රීවර් වුනා.

*ඔව් අැයි. අපි ඒක්ක ඉන්න බයද? *

*නෑ නෑ ඒහෙම ඒකක් නෑ.*

*නිල්මිණි නගා බය වෙන්න ඒපා. මම මෙහෙ ඉන්නේ නෑ. මම ඉන්නේ කොහෙද කියන්න කවුරුත් දන්නේ නැ.*

* කොහෙද ඔයා ඉන්නේ.*


*ඒක නම් කියන්න වෙන්නේ නෑ. උයන්නද යන්නේ කුමාරිහාමිට උයන්නත් පුළුවන්ද?*

        මට සමච්චලයට කතා කරන නිසා මම අමනාපයෙන් ඔහු දෙස බැලුවා. මගේ හැගීම තේරුම් ගත් නිසාදෝ ඔහුට මහුණෙහි සිනහවක් අැදුනා.

*හරි හරි. නිල්මිණී නගා උයන්න බැරුව අැතිනේ. කෝ දෙන්න මම ඔය ටික ලිපේ තියලා දෙන්න.*

*ඔයාට උයන්න පුළුවන්ද?*

*මොකද බැරි මම තනි මිනිහිනේ. තනියෙන් තමා උයන් කන්නේ. නිල්මිණි නගා ශාමලී නගා වෙනුවෙන් කරන දේ නම් හුගක්ම වටිනවා. ඔනේ උදවුවක් මට කියන්න.*

       ඔහුගේ භාෂාවද මුළුමනින්ම වෙනස් වුනා. මුහුනෙහි වූ රසතියාදුකාර සිනහව වෙනුවට සුහද සිනහවක් අැති වුනා. කෙසේ නමුත් ඔහු ශාමලී ගැන බෙහේ සෙයින් සිතන බව නම් මට වැටහුනා. මගේ අතේ වු සහල් සහිත කොරහා අතට ගත් ඔහු  පීල්ල දෙසට ගියා. නැවත කුස්සිය දෙසට පැමිණි ඔහු මුට්ටියකට සහල් දමා ලිප තැබුවා.

*නිල්මිණි නගා ශාමලී නගාගේ ඉස්කෝල යාළුවලු නේද?*

*ඔව් විජී අයියේ.*

*නිල්මිණී නගාට වලව්ව ඒපා වුන ඒකනම් අහන්න දෙයක් නෙමේ. ශාමල් මල්ලී නිතර ඔයා ගැන කියලා තියේ මට.*

*කවුද ශාමල් කියන්නේ.*

         මම පුදුමයෙන් ප්‍රශ්ණ කළේ ඒහෙම නමක් අැති අයෙක් නොදන්න නිසායි.

*අැයි දන්නේ නැද්ද? ශාමලී නංගිගේ මල්ලීනේ.*

*ඒයා කොහොමද මම ගැන දන්නේ.*

         සමහර විට සිගිති කියන්න අැති. මම තනියම කල්පනා කරන්න වුනා. සෝමේ මාමා ඒවිටම නිවසට පැමිණි නිසා ශාමල් ගැන කතාව යට ගියා.

*විජී ළමයා කොයි වෙලේද අාවේ. මම මේ කඩේ පැත්තට ගියා .*

*දැන් ටික වෙලාවක් සෝමේ මාමේ.*

*මේ දරුවව අදුරනවද?*

*අප්පේ ඔව් වලව්වේ ලොකු කුමාරිහාමිනේ.*

*දැන් කුමාරිහාමී නෙමෙයි අපේ දරුවෙක්.*

*මට ශාමලී නංගා කිව්වා සෝමේ මාමේ.*

*හ්ම්.. කවුද හාල් ලිපේ තිබ්බේ.*

*විජී අයියා සෝමේ මාමේ.*

        ඒතරම් වෙලා නිහඩව බලා උන් මම කතා කරන්න වුනා. සැබවින්ම වීජී අයියා ඒ මොහොත වන විට හොදින් දන්න හදුනන කෙනෙක් බවට පත් වෙලා තිබුනා.

       ඒතැන් සිට දවස් කීපයක්ම ගෙවී ගියේ හරිම සාමකාමීව. මුල්ම දවසේ ලොකු මල්ලී මම හොයන්න සෝම මාමලාගේ නිවසට අැවිත් තිබුණත් ඉන් පසු ඔහුට මම ඒහි අැතැයි සැකය තුරන් වී යන්නට අැති. කිසිවෙක් මා සොයාගෙන මෙහි පැමිනියේ නෑ.  මම ශාමලීට සාත්තු සප්පායම් කරමින් හරිම සැහැල්ලුවෙන් කාලය ගෙවා දැමුවා. සෑම දිනකම වගේ විජී අයියා හවස් යාමයේ අදුරත් සමග නිවසට ගෙඩවැදී. මහ රෑ වෙන තුරා සෝමේ මාමා සමග කතා බහ කරමින් සිට පිටවී ගියා. සෝම මාමාගෙත් විජී අයියාගෙත් උදවුවෙන් මම කුස්සියේ වැඩ ටික ටික හුරු වෙමින් සිටියා.

      සිගිති ශාමලී බලන්න ඒයි යැයි මම මග බලන් සිටියත් තවමත් නොපැමිණිම මගේ නොවිසිල්ල තවත් වැඩි කලා. මම නිවසින් හොර රහසේම යාම නිසා අැති වු ගැටලුව නිසා  සිගිතිට නිවසින් බැහැරට ඒන්නට නොහැක් වන්නට අැතැයි සිතුවා. දැන් දැන් ශාමලී වෙනදාට වඩා ප්‍රබෝධමත් බවකින් යුතුව පසු වුණා. අැගේ මලානික මුහුන දැන් ලස්සන සිහවකින්  ජනිත වි තිබුනා. අැගේ ඒ සිනහවට හේතුව මම නිසා මගේ හිතට දැනුනේ තෘප්තිමත් බවක්.

      මෙම නිවසට අාදා සිට මා හට තවම පපුවේ වෙදනවා අැති නොවීම ගැන මම පුදුම වුනේ, නිවසින් පිට වෙන්නට තීරණය කළ දිනෙයේ සිට වරන් වර ළග ළගම පපුවේ වේදනාව අැති වු නිසායි.

*නිල්මී....*

     මම වුන්නේ ශාමලීගේ අැදුම් නමා අල්මාරිය අස් කරමින්. ශාමලීගේ කටහඩ ප්‍රාණවත් වී අැති බව අැසීම නිසා මම අෑ ළගට ගොස් දනගසා ගත්තා.

*අැයි ශාමී... මොවද ඔනේ ඔයාට.*

*මට මොකුත්.... ඒපා... නිල්මී...*

*දැන් ඔයාට සනීපයක් දැනෙනවද?*

*ඔව් නිල්මී.... මම හුගාක් සතුටින් ඉන්නේ.. ඔයා නිසා.... මම ජීවිතේ අතෑරලා හිටියේ නිල්මී... මට දැන් අායි ජීවත් වෙන්න ඔනේ... මගේ පණ, මගේ රත්තරං, මගේ පුතා මගේ ළගට... ගන්න ඔනේ.. මට විජී අයියා ... ඒ්කට උදවු කරන්නම් කිව්වා....*

      මම අැයට කතා කරන්නට ඉඩ දී අෑ දෙස බලන් හිටියා. විජී අයියා නිවසට අා විට ශාමලී හිටියේ හරිම සතුටන්. මට වැටහෙන විදියට ශාමලී විජී අයියට අාදරේ කරනවා. විජී අයියත් ශාමලී ගැන හොයා බලනවා, විජී අයියත් ශාමලීට අාදරේ අැති. ඒත් මේ දරුවා කාගෙද? කෝ දැන්මේ දරුවා.

*අනේ මගේ පුතා මොනවා කරනවද දන්නේ නෑ.... කනවා බොනවා නම් අැති.. මන් නැතුව අඩනවා අැති..*

*පුතා කා ළගද ශාමී ඉන්නේ.*

*ඒයාගේ තාත්තා ළග.*

*අැයි ඒයාලා ඔයාගෙන් අෑත් වෙලා ඉන්නේ. *

*හේෂාන් අයියලාගේ ගෙදරින්... මේකට මුල ඉදන්ම අකමැතී..*

*ඒ අැයි ශාමි..*

*ඒ ගොල්ලෝ හුගත් පෝසත් අය....*

*ඒත් පුතා..... ඔයාලා කොහොද මැරි කරලා හිටියා.*

*අපි මැරි කරලා හිටියේ නෑ...*

*මොනවා.*

*ඒක දිග කතාවක් නිල්මී.*

*ඔයා පව් ශාමී.*

*මම නම් පව් වුනාට කමක් නෑ.... මගේ දරුවා තමා පව්.*

*ඒ කියන්නේ හේෂාන් ඔයාව රැවැට්ටුවද?*

*නෑ . නෑ. ඒ කතාව... මම ඔයාට වෙලාවක කියන්නම්...*

* හ්ම්....*

*මට ටිකක් මහන්සී වගේ නිල්මී.*

*අැයි බෙහෙත් වේලත් බිව්වනේ.*

ඊ ළග කොටසින් හමු වෙමු..

දිනයක වැටහේවී...........
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
04 Nov 2016 04:42 AM
  •  Quote
  •  Reply
මේ කොටසත් කියෙව්වා අනිත් කොටසත් දාමුකෝ බලන්න bonus එකක් හැටියට
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
04 Nov 2016 04:54 AM
  •  Quote
  •  Reply
ම් ..කියවල ඉවරයි ... අපිව කේන්ති ගස්සන්නේ නැතුව දාන්නකො තව කොටසක් ඉක්මනටම
Business, you know, may bring money, But friendship hardly ever does.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Nov 2016 10:04 AM
  •  Quote
  •  Reply
ඒවගෙනං කියවන්න දේකුත් නැහැ වගේ හොරාටත් එකක් දැන් පොඩ්ඩයි වගේ දාන්නෙ
කියෙව්වා ඔන්න
ඔයා ලියන්න
තව ලියලත් නැහැ කියල බොරැත් කියනවනේ
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
04 Nov 2016 12:06 PM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 03 Nov 2016 03:17 PM
හ්ම් දැක්කනේ. උණු උණුවේ දැන් කතාව ලැබෙන්නේ.... ලියනවා දානවා. හි
අැත්ත කිව්වේ අනේ මේ බලන්න.
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Nov 2016 01:09 AM
  •  Quote
  •  Reply


35. වන කොටස.


මියෙදෙන තුරා..

''කලබල වෙන්න දෙයක් නෑ.  මම ටිකක් නිදා ගන්නම්.''


''ලොකු අමාරුවක් නෑ නේද?''.


'' අනේ නෑ නිල්මී.''


        ඒදා දවස ගෙවිලා ගියේ හරිම වේගෙන් වෙනදා වගේම හවස් වන විට විජී අයියා

 නිවස වෙත පැමිණියා.


'' නිල්ම්ණි නගා.  නිල්ම්ණී නගා.''


''අැයි විජි අයියේ.''


       ඔහු ඉදිරි  පස දොර අසලට වී මගේ නම කියමින් අමතන විට මම ඒදෙසට පිය 

නැගුවා.


''දැන් ඉතින් අවසර ගන්න ඒපෑ ගෙට ඒන්න.''


''ඒ මොකටද?.''


'' ඉස්සර වගේ බැනේ. ඉස්සර ශාමලී නගාව බලා ගන්න මම විතරයි හිටියේ.

 දැන් ඒයාගේ හොදම යාලුවා ඉන්නවානේ ඒයා ළග.''


'' අනේ ඔයාට පිස්සු විජී අයියේ. මගෙන් අහන්නේ මොකටද.''


''නිල්මිණි නගා දැන් ශාමලී නගාට කොහොමද?''


''සුව අතට හැරීගෙන ඒනවා මම හිතන්නේ. අද හුගක් වෙලා මාත් ඒක්ක 

කතා කලා.''


''ඔයා අාවේ හොදම වෙලාවට නිල්මිණි නගා නැත්තම් මේ අහිංසක කෙල්ලගේ

 ජීවිතේ මෙතනින්ම කෙලවර වෙන්න තිබුනා.''


      විජී අයියා කතා කලේ සැබෑ වේදනාවකින්. සැබවින් ඔහු අාදරය කියා ගන්න 

බැරුව ළතවෙනවද?. නැත්තම් ශාමී පුතයි, හේෂානුයි නිසා අාදරේ පිළිගන්නේ 

නැතුව ළතවෙනවද? මා සිත තෙරපුනේ ප්‍රශ්න රැසක්. නමුත් ඔවුන් දෙදෙනාගෙන්ම 

ඒය විමසීමට සිතේ ශක්තියක් තිබුනේ නැ.


      පසු දින උදෙන්ම අවදී  වු මම නිවසේ සියලු වැඩ ඉක්මණින්ම අවසන් කර 

ගැනීමට  උත්සහා කලා. උදේ අාහාරය පිළියෙල කර ගැනීමට  සෝම මාමා 

බොහෝ සෙයින් උපකාර කලා. උදේ අාහාරයෙන් පසු දිනයේ වියදම සරි කර 

ගැනීමට කුමක් හෝ වැඩක් සොයා ගන්න ඔනේ කියලා සෝමේ මාමාත් පිටවී

 ගියා.  මම ශාමලී ළගට ගියේ අැයගේ කතාවට සවන් දී අැගේ දුක ටිකක් හෝ 

අඩු කර දෙන්නට සිතාගෙන.


'' ශාමී දැන් ඔයාට සුවයක් දැනෙනවා නේද?.''


'' අනේ ඔව්. ඔයා නිසයි මම අද මෙහෙම වත් සුවෙන් ඉන්නේ.''


'' ඒහෙම කියන්න ඒපා ශාමී. ඔයා වෙනුවෙන් මම මේ තීරණය ගත් නිසයි අද

 මමත් ගොඩක් සැහැල්ලුවෙන් ඉන්නේ.''


''අැත්තටම අැයි නිල්මී ඔයා වලව්වෙන් අාවේ. මම මේ අහන්නමයි හිටියේ.''


''ඔයාට උදවු කරන්න තිබුණ උවමනාව තමා මුල්ම හේතුව. තව හේතු තියෙයි 

ශාමී.''


'' නිල්මී මට  වාඩි වෙන්න උදව් කරන්න. මට අාසයි වාඩි වෙන්න . මේ සතියට 

දෙකට මම නැගිටින්න බැරි තැනටම වැටුනා. මම  මගේ අවසානේ කියලා හිතන් 

හිත් හදන් වුනේ.''


''මොනවද ශාමී ඔය කියන්නේ.''

      මම අැයට බිත්තියට පිටදි  වාඩි වන්නට උදවු කලා. සැබවින්ම අැයට

 ලොකු අසනීපයක් වැළදී තිබුනේ නෑ. නියම ප්‍රතිකාල නාෙගත් උණ සහ 

සෙම්ප්‍රතිස්සාව රෝගත්, අැගේ සිත දවා ලන නොයෙක් ප්‍රශ්න නිසා

 අැති වු කලකිරීමක් සමග අැති කර ගත් තත්වයක්. වෙෙද්‍යාවරයා නම්

 කියා සිටියේ අැගේ සිත සතුටින් 

තබන්න කියායි.


'' කවුද මේ.... අක්කේ.''


     පිටුසින් අැසුනේ සුපුරුදු කට හඩක, මා මග බලා වුන් කටහඩකි. හුන් තැනින් 

නැගිට ගත් මම ඒ දෙස හැරී බැලුවා. මගේ දෙසවනට වැරදි නැ. මම ඉක්මණින් 

 ඔහු අසලට ගොස් වැළද ගත්තා.


'' අනේ සිගිතියෝ.''


      මේ සිදුවීම දෙස සතුට උතුරන දෙනයන වලින් බලා වන් ශාමලී. අැගේ නෙතග 

බොද කල කදුල පිස ගත්තා.


''නිල්මී ඔයා මගේ මල්ලිව අදුරනවද?''


''ඔයාගේ මල්ලී. මේ ඔයාගේ මල්ලිද? ඒතකොට මේ සිගිතා නෙමෙයිද?''


     මම ක්ෂණයකින් ඔහුගේන් මිදී පුදුමයෙන් ඔහු දෙස බලා වුන්නා.


'' කවුද නිල්මී සිගිති කියන්නේ . මේ මගේ ඒකම මල්ලී ශාමල්.''


''මොනවා වෙන්න බෑ. මෙයා සිගිති මයි. අනේ ඔයා සිගිති නේද?''


        මම දෑස් පිස දා ඔහු දෙස හොද හොදින් බැලුවේ මම සිගිති ඒයි 

යැයි බලාපොරොත්තුවෙන් වුන් නිසා හීන පෙනවා වත්ද කියලා.

 නැත්තම් ශාමල්මල්ලිව සිගිති වගේ මැවිලා පේනවද කියා සිතලා. 

වෙනසක් නෑ ඒ රූපයමයි.මෙයා සිගිති නෙමේ නම් කොහොමද මේ

 තරම් ඒක වගේ වුනේ. නෑදෑයෝවුණ පලියට මෙහෙමත් කොපි ගහලා

 වගේ වෙනවද?. නෑ නෑ මේ සිගිතිම තමා. ශාමීට වැරදිලා අැති. ඔහුගේ

 නිහඩ භාවය මට තවත් පෙහේළිකාවක්  වුනා.


''පොඩ්ඩෝ ඔයා දන්නවද මේ මගේ හොදම යාලුවා නිල්මිණී. ඔයාට නම් මේ 

අක්කව මතක නැතුව අැති. ඒයා ඒ කාලේ හුගක් පොඩී.''


      කෙසේ වෙතත් ඔහු ගොළුවෙලා සියල්ලන් කියන දෙය අසා සිටිනවා 

විනා තවම වචනයක් වත් කතා නොකලාය.


''ලොකු බේබී අැයි වලව්වෙන් අාවේ.''


''පොඩ්ඩෝ නිල්මිණීව දන්නවද?''


'' අනේ සිගිතියෝ මේ ඔයා නේද?''


''ඔව් ඔව් මම සිගිති තමා. ලොකු බේබී මොකද වලව්වෙන් පැනලා අාවේ 

කියන්න. ඒහෙ ඒක යුද්දයයි. ලීලා නැන්දා කෑමක් බීමක් නැතුව අඩනවා.''


'' පොඩ්ඩෝ..''


        මෙම කතාවේ අග මුල පටලා ගත් ශාමලී පුදුමයෙන් බලන් හිටියා.


'' අැයි අක්කේ. අක්කා අැහුවනේ හැමදාම මම කොහෙද රස්සාව කරන්නේ 

කියලා.''


''ඔව් ඉතිං...''


'' මම වැඩ කලේ වලව්වේ. ලීලා නැන්දා වැඩ කරපු තැන.''


''මොනවා. මම පොඩ්ඩට මේ තරමි මහන්සියෙන් ඉගැන්නුවේ වලව්වලට

 මෙහෙකාර කම් කරන්නද?''


       අැගේ වචනයේ ගැබ් වී තිබුනේ ශෝකයක්. තම සහොදරයා 

වෙනුවෙන් අැති වූ සාධාරණ වේදනාවක්. අැගේ මුහුණම අදුරු වී තිබුනා.

 සැබවින්ම මමත් හිටියේ ශාමලීගේ මතයේමයි. ධනවත් පවුලක දරුවෙකු

 වී උපන්නත් මා ඔවුන්ගේ අදහස් වලට හාත්පසින්ම වෙනස් වූ අදහස්

 අැත්තියක් වීම මටම පුදුම සහගත වුනා.


'' තව ටික කාලයක් මට ඒහෙ වැඩ කරන්න වෙනවා අක්කේ දුක් වෙන්න 

ඒපා. මම ලීලා නැන්දා වෙනුවෙනුයි මේ හැමදේම කරන්නේ.''


''අනේ ඒත් පොඩ්ඩෝ.''


''දුක් වෙන්න ඒපා අක්කේ.''


'' ඒත් සිගිතායෝ මොකටද දුක් විදින්නේ . ලීලම්මා වත් ඒහෙන් ඒක්ක 

අැවිත් ඔයා හොද රස්සාවකට ගියානම් හරිනේ. මගේ අම්මා අප්පච්චී වුනත් 

ඒ මිනිස්සුන්ගේ උද්දච්චකම මට නම් පෙන්න බෑ.''


''ඒහෙම කරන්න බෑ ලොකු බේබී. ඒකට හේතුවක් තියේ.''


''ඒ හේතුව දැන් වත් මට කියන්න බැයිද?''.


'' පුළුවන්.''


'' ඉතිං කියන්නකෝ.''


'' අද නෙමේ දවසක් ඒයි ඒදාට කියන්නම්.''


''ඔය දවස කවදාවත්ම නෑවිත් තියේවිද?.''


'' නෑ නෑ දැන් ඒ දවස ළගයි ලොකු බේබී.''


''සිගිතියෝ මට ලොකු බේබී කියන්න ඒපා දැන්. මම දැන් බේබී කෙනෙක් 

නෙමෙ. අායි බේබී කෙනෙක් වෙන්නෙත් නෑ.''


''මටත් සිගිති කියන්න ඒපා ඒහෙනම්. ඒක මගේ අනුවර්තන නාමයක් 

විතරයි.''


     සිගිති හිනා වෙමින් කිව්වා අපි සේරටම හයියෙන් හිනා ගියා. බිත්තියට

 වාරු වී හිදන් වුන් ශාමලී අපි දිහා බලාගෙන සතුටින් හිනා වුනා.


''පොඩ්ඩෝ කෝ ''හ්හ් ''කෑල්ල. ඒකත් අනුවර්ථන පදයක්ද?''



''හ්හ්... ඔව් නිල්මී අක්කේ.''


''මෙන්න මෙයාත් මට නිල්මී කියන්න අරන්.''


'' අැයි ඔයත් මට පොඩ්ඩෝ කියන්න අරන්නේ.''


    අපි සියලු දෙනාට නැතත් හිනහව පාලනය කර ගන්න බැරි වුනා.


'' මොකද මේ මගුල් ගෙයක්ද අා.. කට්ටියට.''


''අම්මට සිරි විජී අයියා .''


      විජී අයියා දැකීමෙන් සතුට පත් වූ සිගිති පිළිගත්තේ දෙවියෝ බුදුන් 

දැක්කා වගේ අාදරෙන්.


'' මම මේ ඔබ අා බව අාරංචී වෙලා අාවේ. මොකද මේ ටිකේ මෙහෙ නාවේ.''


'' දන්නැද්ද වලව්වේ මහ යුද්දයයි . ලොකු බේබී පැනලා ගිහින්නේ.''


''අම්මට සිරි කොල්ලෙක් ඒක්කද බං.''


'' නෑ නෑ බං හිටපු කොල්ලා හොද නෑ කියලා .වෙන කෙල්ලෙක් හොයන් 

ගිහිල්ලලු.''


    සිගිතිත් විඡී අයියත් මා දෙස හොරෙන් බලමින් මට විහිළු කලා. සැබවින්ම

 මම මෙහෙ අා ඒකට සිගිති සතුටු වුන ඒක ගැන මට දැනුනේ සැනසීමක්.

'' හිනා වුනා වගේ නෙමේ බං අර මන්ත්‍රී බේබීඋන්නාස්සෙට අාරංචී වුනෝත් 

මෙහෙ අැවිත් යුද්දයක් කරලා මෙතුමියව උස්සන් යයි.''


'' ඒක නම් සිරා බං. අායි ඒක්කන් ගියොත් නම් නිල්මීණී නගාට විසුමක් 

වෙන්නේ නෑ.''


ඊ ළග කොටසින් හමු වෙමු..


දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Nov 2016 04:14 AM
  •  Quote
  •  Reply
එක පදයක්නං ඔන්න විසදා ගත්ත. තව කොච්චර තියේද මෙහෙම විසදෙන්න ඒවා
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Nov 2016 04:28 AM
  •  Quote
  •  Reply
විසදලා දෙන්න බැයිද?
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
05 Nov 2016 10:23 AM
  •  Quote
  •  Reply
මම ඕක විසදන්න ගියොත් අච්චාරැවක් වෙයි
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Nov 2016 12:18 PM
  •  Quote
  •  Reply
මම ම විසදන්නම්. තව ප්‍රශ්නේ ටිකක් වැඩි කරලාම
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Nov 2016 03:23 PM
  •  Quote
  •  Reply

36. වන කොටස.

මියෙදෙන තුරා..


      ඔවුන්ගේ වදන් වලින් සැනසී තිබු මගේ සිත නැතත් අව්ල් වී ගියා. අැත්තටම

 ලොකු මල්ලී ගෝලබාලයෝ ටිකත් අරන් අැවිත් මාව අැදන් ගියොත්. මොන

 දෙවියන්ට කියන්නද?. දැන් මට මෙහෙනුත් හැංගෙන්නද වෙන්නේ. දැන් ඉතිං

 කොහේ කියලා යන්නද?.


'' මන්ත්‍රී බේබීට අැමති පට්ටමකුත් ලැබෙන්න යනවලු. අපි ඉදලා හමාරයි.''


''නිල්මී අක්කේ මොනවද කල්පනා කරන්නේ.''


'' ඊ ළගට මම කොහෙද යන්නේ කියලා.''


'' අනේ නිල්මී අක්කේ ඔයා අායි කොහෙ යන්නද?''


''ඔයාලා කියන තාලෙට මට දැන් මෙහෙ ඉන්නත් බයයිනේ. දැන් ශාමිව විජී 

අයියට බලා ගන්නත් පුළුවන්නේ.''


       මම කිසිත් නොසිතාම සිතට නැගුණ සියල්ලම කියාගෙන ගියා. මගේ හිතේ 

මැවුනේ ලොකු මල්ලී ගමම දෙවනක් කරලා මාව අාපහු අරන් ය හැටි.


'' අනේ පිස්සී. අපි ඒහෙම ඔයාව අරන් යන්න දෙනවද? යන්න අකමැති අයව අරන්

 යන්න අපි දෙන්නේ නෑ.''


     මගෙයි සිගිතිගෙයි සංවාදය දෙස බලන් වුන් විජී අයියා සිනා මුසු මහුණින් 

කිව්වා. අැත්තටම ඔවුන්ට මම ඔවුන්ගෙම කෙනෙක් වෙලා. අාගන්තුක විජී අයියත්

 මේ පවුලෙම කෙනෙක් වගේ ඔවුන් සැලකුවේ. ඔහුගේ සැබෑ විස්තර දැන ගැනීමට

 මට සිතුවත් ඔහු කියනට අකමැති බව මම දැන වුන්නා.


'' මෙයා සිරීයස් ගන්නවනේ සේරම අපි මේ ඔයාව අවුස්සන්න කිව්වේ.''

'' දෙවියනේ ශාමී නගා. ඔයාට දැන් හොදයිද? දැන් ඉද ගන්නත් පුළුවන්.''


       මෙතරම් වෙලා කතාවට වැටී වුන් නිසා ශාමලී ඉදන් ඉන්න බව විජී අයියා

 දකින්නට නැතුව අැති. අැය දැකීමෙන් මහත් සතුටට පත් වූ ඔහු කෙලින්ම අැය

 අසල දණ ගසා ගත්තා.


'' ටිකක් හොදයි විජී අයියේ.''


'' ඉක්මණින් හොද වෙයි. අපි ඒතකොට පුතා අාපහු ගේමු ශාමී නගා. උන්ට 

දරුවගේ අයිතියක් නෑ. උසාවී ගියත් නගාටයි දරුවා අයිති. බය වෙන්න ඒපා 

මම පුතා ගෙනවා අපහු.''


       ශාමලීගේ මුහුණම කදුළු වලින් පෙගී ගියේ බලන් සිටියදීමයි.  ශාමලී විජී 

අයියායි ඒකතු වුනෝත් හොදයි මගේ හිතුවා. ඒත් මගේ හිත ඒක අකමැතී 

කියලා මට නිතරම දැනුනා. නමුත් මම ඒ පිළිබද කල්පනා කරන්නට උත්සහ 

නොකලේ ඒය මොඩ හැගීමක් කියලා හිතලා.


'' අද කට්ටිය හුගයි මම තේ ටිකක් හදන්නම්.''


       මම කුස්සිය දෙසට යන්න හැරුනා.


''මොනවා ලොකු බේබීට දැන් තේ හදන්නත් පුළුන්ද?''


''අායි ලොකු බේබී කියන්න ගත්තා''


''හරි හරි නිල්මී අක්කා.''


''පොඩ්ඩෝ.''


''මොකේ''.


       මා සමග විහිළු කරමින් සිගිතිත් මා පසු පසම කුස්සිය දෙසට අාවා. සමහර

 විට  විජී අයියයි ශාමී අතර සම්බන්ධයක් තියෙන බව පොඩ්ඩා දන්නවා අැති.

 ඒකනේ ඒයාලට කතා කරන්න ඉඩ දීලා කුස්සියට අාවේ. සිතින් මෙනෙහි 

කරමින් කේතලයට වතුර දමා ලිප මත තැබුවා. යටින් දර කෑලි කිහිමයකුත් 

ලිප ළග වු දර කැබලී කීපයත් ළං කර මම ලිප අැවිලුවේ නිහඩවමයි.



''නිල්මී අක්කේ අැත්තටම ඔයාට මෙහෙ හොදයිද ? වලව්වට වඩා.''



''ඔව් පොඩ්ඩෝ. ඒත් මට බයයි ලොකු මල්ලී මාව හොයන් ඒයිද කියලා.''



''ඒයි ඒයි ඒත්  ඔයාව ගෙනියන්න ලැබෙන්නේ නෑ ඒයාලට.''



'' ඔයා කොහොම විශ්වාසයෙන් කියන්නේ. මාව අායි අරන් ගියොත් නම් 

ඉවරයි.''



'' බය නොවී ඉන්න . මන්ත්‍රී බේබී මේ දවස් වල නම කැත කර ගන්න කැමති 

නෑ. ඔයා මහේ ඉන්න බව දැන ගත්තත් ඒයා කළබල කරන්නේ නෑ. මොකද 

අැමතිකමට ප්‍රශ්නයක් වෙයි කියලා. දන්නවනේ අපේ තාත්තාගේ කට , අනික 

විජී අයියත් ඉන්නවනේ. ඒයා මෙයාලගේ කට අැවිස්සෙනවට බයයි. නිල්මී

 අක්කා බය නොවී ඉන්න.''



'' අැයි අපේ මල්ලී විජී අයියට ඔය තරම් බය.''



''විජී අයියා දන්නවා මන්ත්‍රී බේබීගේ සේරම හොර වැඩ ඒකයි. විජී අයියා කට 

අැරියොත් සේරම පට්ටම් ඉවරයි.''



''ඔය හොර මන්ත්‍රියව අල්ලලා දෙන්න තියෙන්නේ.''



''ඔයාගේ මල්ලිනේ කමක් නැද්ද?''



''මල්ලී නෙමේ කවුරු වුනත් වැරදි කරොත් දඩුවම් දෙන්න ඔනේ.''



'' ඒයාට දඩුවම් ලැබෙයි ගානට.''



      සිගිති මා සමග මා නිවසින් පැන අා දවසේ සිදු වූ සියල්ල මා සමග කිව්වා.

 ලීලම්මට හොදටම අප්පච්චී බැනලා තිබුනා. ඒයාලගේ මුල්ම සැකේ මම

 මෙහෙ අා බව. ඒත් ඒයාලා දෙතාවක්ම අැවිත් බැලුවත් මම මෙහෙ නොසිටිය

 නිසා ඒ සැකේ දුරු වෙලා තියෙනවා. මම හිතන්නේ. මම අර නාදුනන ගෑනු

 කෙනාගේ ගෙයි ඉද්දී ලොකු මල්ලියා අායිත් පාරක් ඒන්න අැති.



     ඊට පස්සේ කවුරුත්ම හිතලා නෑ මම මෙහෙ අැති කියලා. දැන්නම් ගෙදර

 අය මාත් ඒක්ක හුගක් තරහින්ලු ඉන්නේ. මම සුමේධ අයියට කියලා අවේ

 නොදන්න ගානට පහු වෙනිදා අපේ ගෙදරට අැවිත් මගේ පිට වැරුද්ද දාලා 

යන්න කියා. ඒත් මම අාපු දවසෙම පාන්දර සුමේධ අයියාත් දරුවෝ දෙන්නා

 ඒක්ක මෙරටින් පිට වී ගිහින්ලා. කට්ටිය සැක කරලා තියෙන්න ඒයාලගේ 

බිස්නස් ඒකට උදවු කරන්න වෙනවට මම සුමේධ අයියා ඒක්ක රටින් පැනලා 

කියලා. ඒයාර් පොර්ට් ඒකෙනුත් බැලුවම මම ගිහින් නැති බව දැන ගෙන. 

ඒත් දැන් කට්ටියට මම ඉන්න තැනක් හොයා ගන්න බැරුවලු ඉන්නේ. ඒත්

 ළගදිම අායි මෙහෙ ඒන්න ඉඩ තියෙනවාත මම අනුමාන කලා.



'' මොකද දෙන්නගේ කයිය අපිට තේ නැද්ද?''



     විජී අයියාගේ අැගට බරවී සිටන් සිටියේ ශාමලී.



'' අනේ ශාමී ඔයා අැවිදිනවා. ''



'' ඔව් නිල්මී මම අායි දෙපයන් හිට ගත්තා.''



''අනේ මට ඒන සතුට කියා ගන්න බෑ.''



       සියල්ලන්ගේම මුහුණේ තිබුනේ කියාගන්නට බැරි තරමේ සතුටක්.


 

'' තාත්තා දැන ගත්තාම සතුට දරා ගන්න බැරුව යයි. මම දන්නවා තාත්තා 

මටත් වඩා අක්කට අාදරෙයි කියලා.''



''අනේ විකාර නොකියා ඉන්න  පොඩ්ඩෝ. තාත්තට අපි ඔක්කොම ඒකයි.''



        ඒ කියන්නේ  සෝමේ මාමාත් දන්නවද විජී අයියා ශාමිට අාදරේ බව. 

මොන මගුලකටද මම ඔවා මම මටම දොස් පවර ගත්තා.



'' විජී අයියේ ශාමීව මේ පුටුවෙන් වාඩි කරන්න.''



    මම කුස්සියේ තිබු ඒකම ලී පුටුව ඔවුන් අසල තබමින් කියා සිටියා.




'' කට්ටිය තේ ටිකක් බොමු නේද? ''


     මම පළමු තේ කෝප්පය ශාමලීගේ අතට දෙමින් කිව්වා. අැයට දැන් තනියම 

යම් දෙයක් කර ගැනීමේ හැකියාව ලැබී තිබුනා.



'' ශාමී නගා තනියෙන් බොන්න පුළුවන්ද ? මම පොවන්නද?''



'' නෑ නෑ මට පුළුවන් විජී අයියේ.''



       අැය තනියම තේ කෝප්පය තොළ ගාන්න වුනා. සිගිතිත් තෝ ඒකෙන් ඒක

 උගුරක් පානය කර මා දෙස බැලුවා.



'' මාර රසයිනේ නිල්මී අක්කේ. මේ ටික දවසට ඔයා සෑහෙන්න දේවල් ඉගෙන 

ගෙන වගේ. අැත්තමයි ලීලා නැන්දගේ තේ ඒක වගේම රසයි.''


''අනේ බොරු වර්ණනා නැතුව ඉන්න පොඩ්ඩෝ.''



       මම ලැජ්ජාවෙන් යුතුව කියා සිටියා.



'' අනේ පව් නිල්මී මම නිසා මේ ගෙදර වැඩ සේරම තනියෙම කරනවා. මගේ 

වැඩත් කරණවා. මට හොද වුනාම මම නිල්මිව බලා ගන්නම්.''



''හොද වුනාම බලාගන්නකෝ. ඉක්මනට හොද වෙන්නකෝ මුලින්.''



      මුවින් ඒසේ කිව්වත් හිත කිව්වේ වෙනත් දෙයක්. කොහොමත් දවසක මම

 අසනීප වුනාම ඔයාට මාව බලා ගන්න වෙයි ශාමී. හිත පෙරළි කලේ ඒලෙසින්.


     සති දෙකක් පමණ ගෙවි ගියා. සිගිතිත් දවස ගානෙම වගේ අපි බලන්න 

ශාමලීලගේ ගෙදරට අාවා. සිගිති ටිකෙන් ටික මට  පොඩ්ඩා බවටම පත් වී තිබුනා.

 පොඩ්ඩා ලීලම්මාට මම මෙහෙ බව කියා තිබුනා. ඒ අාරංචිය නිසා ලීලම්මා හුගක් සැනසීමෙන් ඉන්න බව  පොඩ්ඩා මට කිව්වා. ගෙදර අනික් අය නම් මට සැහෙන්න 

දොස් කියන බවත් වෙෙරකරන බවත් පොඩ්ඩා මට කිව්වා. ශාලින්ද මල්ලී කාටත්

 හොරා පොඩ්ඩගෙන්  මා  ගැන අැසු බවත් පොඩ්ඩා මට කිව්වා. සමහර විට සුමේධ

 අයියා ශාලින්ද මල්ලිට යමක් කියා අැති මගේ හිත කිව්වා.


    දිනෙන් දින ශාමලි සුව අතටම හැරුනා.  ශාමලී අැගේ වෙෙද්‍ය සායනයට ගියේ

 අැගේ දෙපයන් මයි. අැය දැන්  අැවිදිමේ හැකියාවත්, තමන්ගේ වැඩ කර ගැනිමේ හැකියාවත් ලබා  තිබුනා. ගෙදර වැඩ කටයුතු වලට උදව් වීමටද අැය උනන්දු වුනා.

 නමුත් මම අැයට ඒම වැඩ වලට ඉඩ නොදුන් නිසා අැය මා සමග අමනාප වුනා.


      මම හැමදාමත් දවස අවසානයේ නින්දට කලින් නිවසින් බැහැරට ඒද්දී රැගෙන 

අා මට ජීවිතයටත් අමතක කළ නොහැකි දරුවන් දෙදෙනාගේ චායා රුව දෙස බලා  නෙතින් මොදු වන කදුළු බිදුවට කොට්ටයේ පුළුන් අතර සැගවෙන්නට ඉඩ හැරියා.

 මේ සිදුවීම දිනක් නෙත ගැටුණු ශාමලී මගෙන් ඔවුන් ගැන අසා සිටියා . මම අැය

 සමග මා හට ඔවුන් හමු වූ අයුරුත් ඔවුන් මගේ ජීවිතයෙන් මගහැරුණු හැටිත් කියා

 සිටියා. සියල්ල නිහඩව අසා සිටි  ශාමලී අැගේ නෙතේ කදුළු පිස සගවන්නට 

වෑයම් කලා.


'' අැයි  ශාමී.''


'' මට පුතාව මතක් වුනා නිල්මී. ඒයා මාව හොයන්න අැති හුගක්. පව් මගේ

 අහිංසක දරුවා.''


''දැන් ඔයාට හුගක් හොදයිනේ .මමත් ඉන්නවනේ. අපි විජී අයියට කියමුද දරුවා 

ගෙන්න ක්‍රමයක් යොදන්න කියලා.''


''අනේ ඔව් පුළුවන් ඉක්මණට මගේ පුතා මගේ ළගට ගන්න ඔනේ.''


'' පුතා අාවම මගේ වේදනාවත් ටිකක් හරි අඩු වෙලා යායි ශාමී.''


''ඔයා මම නිසාද සුමේධ අයියව නැති කර ගත්තේ. අපරාදේ. ඔයා කිව්ව 

විදියෙන්ම මට හිතුණා .ඒයා හුගක් හොද කෙනෙක් කියලා.''


ඊ ළග කොටසින් හමු වෙමු.

දිනයක වැටහේවී...........
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
05 Nov 2016 03:58 PM
  •  Quote
  •  Reply
me para kathawe nam mul tika witharayi kiyewwe
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
05 Nov 2016 04:42 PM
  •  Quote
  •  Reply
පුළුවන් වෙලාවක කියවන්න
දිනයක වැටහේවී...........
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Nov 2016 04:56 AM
  •  Quote
  •  Reply
දැන් මේ කොටස කියෙව්වා. පොඩි ආසාවක් දැනුන ටිකක් දිගට තිබුණ නිසා
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
06 Nov 2016 11:45 AM
  •  Quote
  •  Reply

37. වන කොටස.


මියෙදෙන තුරා..


''ඔයා නිසා නෙමෙයි ශාමී. ඒක මගේ නොලැබීම. චුටි දූ දවස් ගානක් රණ්ඩු 

කරන්න අැති මාව ඉල්ලලා. සුමේධ අයියා කොහොම නලවා ගත්තද 

දන්නෑ.''


    අපි දෙදෙනාම අපෙන් අැත් වූ දරුවන් පිළිබද කතා කරමින්  දුක් වුනා. 

මගේ හිත මට දොස් නැගුවේ දැන් බොරුවට නඩා ඉන්නවා. ඔයා විහින් 

මයි දරුවෝ දෙන්නයි සුමේධ අයියයි නැති කර ගත්තේ කියලා. මට සමාව 

දෙන්න දෙවියනේ මම කරන්න දෙයක් නැති නිසාමයි ඒයාලගෙන් අෑත් 

වුනේ. මම අාස නෑ  මගේ මරණය නිසා ඔවුන් වේදනා විදිනවා දකින්න.

 දැන් ඒයාලට වැඩි කල් යන්න කලින් මාව අමතක වෙයි. දැන් ඒයාලා 

ලංකාවෙත් නැහැනේ. මම මගේ හිතේ දොස් පැවරීම යටත් කර  

ගැණිමට හේතු ඉදිරිපත් කළා.


''ශාමී නගා... නිල්මී නගා....'


      අපි දෙදෙනාටම අමතමින් ගෙට ගොඩ වන්නේ  විජී අයියා බව 

කටහඩින්ම අපි අදුර ගත්තා. මම මේම නිවසෙහි වෙසෙන බව ගෙදර 

අාරංචී වී අැති බවත් පොඩ්ඩාගෙන් දැන ගන්නට ලැබුනා.  නමුත් 

ඔවුන් මා සොයා නොපැමිණිම මට ලොකු සහනක් වුනා. මම දැන් 

නිවසින් පිට වී මාස දෙකක් ගත වී තිබුනා. නිවැසියන් මා වැනි දරුවෙක්

 සිටිනා බවද පහසුවෙන් අමතක කර අැති බව පොඩ්ඩා කිව්වා. 

කාටවත්ම මගේ නමවත් කීමට ඉඩ නොදෙන බවත් ඔහු පැවසුවා.  මට 

ඔවුන් ගැන පුදුමයක් නැහැ. පුංචී මල්ලී අමතක කර දැමු අාකාරයටම

 මාවත් අමතක කරන්නට අැතැයි සිතා මම සිත සනසා ගත්තා.


''කෝ මේ දෙන්නා..''


       කෙලින්ම  අපි සොයාගෙන් ඔහු කුස්සිය දෙසට අාවා. ශාමලිත් මමත් 

හිටියේ රාත්‍රියට කන්නට ඉදි අාප්ප පිසිමින්. මම ඉදි අාප්ප පිසීම දැකවත් 

තිබුනේ නෑ. ශාමලී මට  ඉදි අාප්ප හදන අාකාරය කියා දුන්නා. දැන් මට

 හුගක් අාහාර වර්ග නිවැරදිව පිස ගැනිමේ හැකියා ලැබී තියෙන්නේ 

මෙහෙ නවතින්න අා නිසා.



'' අද රෑට ඉදි අාප්පද?''


'' ඔව් අැයි අකමැතිද?''


'' අපෝ නෑ . මටත් ඒක්කද හදන්නේ.''


'' නැතුව ඔයාටත් ඒක්ක තමයි මේ ගෙදර හැම කෑමක්ම ඉදෙන්නේ.''


       ශාමලී ඒ බව කිව්වේ තරමක් අමනාපයෙන්.සැමදා ඔහු අාවත් නාවක්

 ඔහු වෙනුවෙන් පංගුව වෙන් කර තබන අැයට ඒය වේදනාවක් වන්නට අැති.

'' අපෝ කේන්ති ගන්න දෙයක් කිව්වේ නෑ . නේද නිල්මී නගා.''


''ඔයා නම් හරි නරකයි විජී අයියේ.''

''ඔව් මම හරි නරකයි තමයි. අා...''


        ඔහු අතේ ඒල්ලාගෙන උන් ඒළවලු පිරවු මල්ලක් ශාමලී අත තබමින්  

කිව්වා.


'' අද පොළක් නෑනේ .  විජී අයියා කොහෙන්ද ඒළවලු.''


'' ගෙනාපු කැන වැඩක් නැහැනේ. ඉදි අාප්ප කන්න මොනවද මාලු  හද්නේ.''


        ඔහු මාතෘකාව වෙනස් කරමින් කියා සිටියා.


'' තව හිතුවේ නෑ මොනවා හැදුවොද්ද හොද?''


''හ්ම්...මම මාලු ටිකක් අරන් දෙන්නම් ටවුන් ඒකට ගිහින්. ''


''අනේ කරදර වෙන්න ඔනේ නෑ විජී අයියා.''


''මොන කරදරයක්ද මම ගිහින් ඒන්නම්.''



            කියපු ඔහු පිටවි ගියා. ශාමලීගේ මුහුණේ තිබුනේ ඔහු පිටව ගිය

ඒක ගැන අකමැත්තක්. මම හිතන්නේ ශාමී විජී අයියා ඒනකන් මග බලන් 

ඉන්න අැත්තේ. ඒකනේ දැන් මූණ පුළුටු කරන් ඉන්නේ. මගේ සිත නැතත්

 අැගේ සිතුවිලි අනුමාන කරන්නට පටන් ගතත්තා.


'' ශාමී විජී අයියා කොහේ කෙනෙක්ද?''


''දන්නේ නෑ නිල්මී.''


'' දැන් ඉන්නේ කොහෙද?''


'' ඒත් දන්නේ නෑ''.


'' අැත්ත නම දන්නවද?''.


''ඒත් නෑ...''.


''මොනාද දන්නේ විජී අයියා ගැන.''


'' හොද හිතක් තියෙන මාව හොදින්ම තේරුම් ගත්ත ඒකම පුද්ගලයා

 කියලා.''


      මම හිතුවා හරී ශාමියේ  හිතේ විජී අයියා ඉන්නවා වගේ. මමත් 

හොයන්නේ අනුන්ගේ මගුල්මනේ මම අායෙත් හිතට බැන වැදුනා.


'' අැයි  නිල්මී විජී අයියා ගැන අැහුවේ.''


''නිකන් අනේ. මේ පවුලට ළං වෙලා ඉද්දී මම හිතුවේ නෑදෑ කෙනෙක් 

කියලා.''


'' අනේ නෑයෝ නෙමේ. ඒත් දැන් නෑදෑයෝ වගේ තමා.''


       මගේ හිත නැතත් ඔවුන්ව ජොඩු කරන්නට පටන් ගත්තා.


      තවත් දින කීපයකට පසු. මම  මිදුළ අමදිමින් සිටියා. මට හිතන්න වත්

 අවස්ථාක් නොමැතිව ලී දෙකක් දමා හරස් කර තිබු වැට අසල  කළු 

වීදුරු සහිත් වැඩි වටිනාකම් සහිත වාහනයක් නතර වුනා. ඉන් දොරවල් 

සියල්ල හැර ඒක වරම කීපදෙනෙක්ම රථයෙන් බිමට බැස්සා. ඊට පිටු 

පසින් අාවේ රථ වැළක්. අද නම් මම ඉවරයි. කර කියා ගන්නට දෙයක් 

නැති වූ මම ගේ දෙසට දුවන්න සැරසුනා.


'' ලොකු අක්කේ.''


     මට ඉබේටම අාපසු බැලුනා. ඔහු අසල වුන් පිරිස ඉදිරියට ඒන්න 

උත්සහ ගද්දී ඔහු ඔවුන්ගේ ගමන අතින් සංඥා කර නැවැත්තුවා.ඉන් පසු 

ඉදිරියම අැදුනු වු ඔහු හැද සිටි ක්‍රීම් පැහිති සරම හකුලා උසවගෙන

 වැටෙන් පැන මා අභියසට අාවා. මම හිතුවේ දැන් ගහයි දැන් ගහයි කියලා.


'' ලොකු අක්කේ වරෙන් විකාර නැතුව ගෙදර යන්න.''


       ඔහු ඒක කිව්වේ  හඩ පහත් කරලා වට පිට බලමින්. අසල්වාසින් ඒකා 

දෙන්නා වටින් ගොඩින් නිවස දෙසට අැදෙමින් සිටියා.


''මට බෑ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.''


''මේ ගුබ්බෑයම් වල මොකට දුක් විදිනවද? කිව්වම අහලා වරෙන් ගෙදර 

යන්න.''


     ඔහු මගේ අතකින් තදින් අල්ලා අදිමින් කිව්වා. අනේ දෙවියනේ  විජී අයියා

 වත් නෑනේ. සෝමේ මාමා කොහේ ගිහින්ද මන්දා. මට ඔහු සමග පොර

 බදන්න ශක්තියක් තිබුනේ නෑ. මම ඔහුගේ ශක්තිය හමුවේ ඔහු පසු පස

 අැදී ගියා. ශාමලිත් අමාරුවෙන් දොර අභියසට වී කරකියා ගන්නට දෙයක්

 නොමැතිව  බලා හුන්නා.


''ලොකු මල්ලී මාව අතාරිනවා. කවුරුත්ම දන්නේ නෑ මම තමුසෙගේ 

අක්කා බව. මම කෑ ගහනවා මට කරදර කරන්න හදනවා කියලා.''


     ඒවර අැදන් යාම නවතා මා දෙස ගිනි ගන්නා දෑස් දල්වා බැලුවා. මගේ 

හිතේ තිබුණ කේන්තිය බය කියන හැගීම මුළුමනින්ම යටපත් කර තිබුනා.

මම ඔහු දෙස කෝපාවිත දෑසින් යුතුව බලා හිටියා.


'' කෑ ගහපන් බලන්න . උබ බේර ගන්න පුළුවන් ඒකෙක් මෙතන ඉන්නවද

 බලන්න.''


'' ඊ ළග පාර අැමතිකම් කරන්න ඔනේ නැද්ද?''


'' අා ඒවත් දන්නවා නේද?''


'' ඔව් දන්නවා. බලු වැඩ කරලා අැමති කමක් ගත්තා කියලා.''


         ඒක් වරම අතකින් මගේ කට මිරිකා අල්ලා ගත් ඔහු තව තවත් අතැගිලි

 තද කලා. මම දෑතින්ම ඔහුගේ දෑතින් ගැලවීමට උත්සහ ගත්තත්  

ගැලවීමක් ලැබුනේ නැහැ. මගේ උදව්වට මගේ ළගට දුවගෙන අා ශාමලීද 

ඔහු පසෙකෙට තල්ලු කර දැමුවා. තවම හරි සුවයක් නැති නිසා ශාරිර 

ශක්තියක් නැති අැය විසිවී ගොස් මිදුල මත අැද වැටුනා.


'' ඔය කට වහන් වරෙන් ගෙදර යන්න. අපට ලැජ්ජා කරන්නේ නැතුව.''


'' අතෑරපන් මාව. මගේ ගේ මෙක. ඔබ මගේ කවුරුවත් නෙමෙ . ''


         කොහොම හරි ග්‍රහනයෙන් මිදුන මම ඔහුට දෑතින්ම පහර දුන්නා.


'' මේකිව අල්ලා වාහනේට දා ගනිල්ලා.''


        ඒවර මට මැවී පෙනුන විදියට ලොකු මල්ලිගේ ගෝලබාලයෝ ටික 

මාව උස්සගෙන වගේ ගියා. ඒහෙත් උත්සහය අත්නොහැරිය මම කෑ

 ගහන්න වුනා.


'' අනේ කිවුරුත් නැද්ද මාව බේර ගන්න. මේ අැමතියා මාව බලහත්කාරයෙන්

 අරන් යනවා. කොහේ ගෙනියන්න හදනවද දන්නේ නෑ .අනේ මාව බේර

 ගන්න.''


     ඒතනට රැස් වි සිටි පිරිස අතර කසුකුසුවක් අැති වුනා මිස කිසිවෙකු 

අැමතිවරයාට විරුද්දව අභියෝග කරන්න ඉදිරිපත් වුනේ නෑ. දැන් නම් 

මට බේරුමක් නැ. මුන් මාව අතාරින්නෙම නෑනේ.


'' අනේ මම මේ ගමට අළුත්. මම මේ අැමතියව අදුරන්නේ වත් නෑ. අනේ

 මාව බේර ගන්න.''


       වැටෙනුත්  ඒහේ පැත්තට මාව ඔසවාගෙන ගොස් සිටි ඔවුන් මාව

 වාහනයට දමා ගන්නට උත්සහ ගත්තා.


'' උබ යමංකෝ ගෙදර .මම කවුද කියලා අදුන්නලා දෙන්න.''


     සියලු දෙනාම වාහන වලට නැග පිට වන්න සැරසෙනවා. මට බේරුමක් 

නෑ. මට නම් බෑ ඒ හිරගෙදර ඉන්න. මම මේ ගෙදර මොන  තරම් නිදහසේ

 වුන්නද?. මට තදට පපුවේ වේදනාව දැනෙන්න ගත්තේ ඒක වරමයි.

 තිබු හිතේ වේදනාවත් සමග මම පපුව අල්ලගෙන හයියෙන් කෑ ගැහුවා. 

ලොකු මල්ලිගේ ගෝලබාලයින් මා  වට කරගෙන අල්ලාගෙන හිටියේ.


'' ලොකු සර් ලොකු බේබීට අසනීපයක් වගේ.''


'' නෑ නෑ ඔය මායම්. අපි යමං.''


'' අ..නේ... මගේ... පපු..ව රිදෙන...වා. අනෙ..් ඉවස..න් ඉන්...න බෑ.....''


''අනේ නෑ ලොකු සර් අමාරුයි. මේ අැසුත් උඩ ගිහින්.''


''ඔය ඔකිගේ බොරු බං සද්ද නැතුව ඉදහල්ලා.''


'' අනේ නෑ ලොකු  සර් මේ බලන්නකෝ''


'' කිව්වම ස්ටාට් කර ගනින් වාහනේ''


     ලොකු මල්ලී රියදුරාට බැන වැදුනා. ඔලුව කැරකවීමත් සමග හතර 

වටින් කළුවර වු  අතර ශරීරය පණ නැතිව අසුන මත අැද වැටුනා.


ඊ ළග කොටසින් හමු වෙමු..

දිනයක වැටහේවී...........
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
07 Nov 2016 01:10 AM
  •  Quote
  •  Reply
අනේ පව් ලොකු බේබි...ඔත්පල වෙයිද
Business, you know, may bring money, But friendship hardly ever does.
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Nov 2016 01:15 AM
  •  Quote
  •  Reply
ඊ ළග කොටසින් හමු වෙමු
දිනයක වැටහේවී...........
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
07 Nov 2016 01:31 AM
  •  Quote
  •  Reply
අයියෝ දාන්නකො ඉක්මනට ........
Business, you know, may bring money, But friendship hardly ever does.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Nov 2016 02:10 AM
  •  Quote
  •  Reply
පව් අනේ ලොකු බෙබි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Nov 2016 03:33 AM
  •  Quote
  •  Reply
බෑ අද රෑ තමා දාන්නේ ඊ ළග කොටස හෙට කිවන්න රජ තුමනී
දිනයක වැටහේවී...........
0
Add Reply
Page 9 of 13 << < 7891011 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below