Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 02 Dec 2016 11:52 PM by samantha මියෙදෙන තුරා.......... 254 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 13 of 13 << < 910111213 Author Messages සඳුනිVeteran MemberPosts:2462 23 Nov 2016 01:55 PM Quote Reply 55. වන කොටස. මියෙදෙන තුරා. ඔහු තමා සෝමවංශ ඉදිකිරීම් කොන්තරාත් ආයතනයේ අදිපතිතුමා. ඒ කියන්නේ ඔවුන් කොටිපතියෝ. එයාලගේ පවූල ළග අපේ පවුල හරියට හිගන්නෝ ගානයි. ඒ නිසා කවදාවත්ම මම එයාගේ ලෙලි වෙනවට අකමැති බව මම කල්පනා කළා. සැදෑ අදුර හතර වටින් එබිකම් කලත් වීජී අයියා තාමත් පැමිණියේ නැති නිසා මගේ හිතට ලොකු අමුත්තක් දැනෙන්න ගත්තා. දොළ අසල කුබුක් ගස යට වූ ගල් පතුර මත හිදගෙන හිටියා. මාව ම නොපෙනෙන තරමට අදුර වැටුනත් වීජී අයියා එන පාටක් පෙනෙන්නට තිබුනේ නැ. මම වේදනාවෙන් නිවාස තුලට වැදී දොර වසා ගත්තා. විදුලි ජනන යන්ත්ර ය ක්රි්යාත්මක කරන්න මම දැන නොසිටි නිසා ඉටිපන්දමක් දල්වාගෙන මම යහන මත ඇලවී බලන් වුන්නේ වීජී අයියගේ කටහඩ ඇසෙනතුරු. මහා රෑ වෙද්දී මට ඉබේටම නින්දගිහින් තිබුනා. පසුදින මම අවදි වන විටත් වීජී අයියා පැමිණ සිටියේ නෑ. මම යහන මතින් නැගිටින්නට උත්සහ ගත්තත් සිරුරේ දැනුනේ අප්රාසණික බවක්. වීජී අයියා එනතුරු මග බලා සිට රැ ආහාරයද නොගෙනම නින්දට වැටුන නිසා හාමත් වී ඇතැයි සිතු මම තව මොහොතක් යහන මතම ඇලවී සිටියා. කීපවරක්ම ඇදෙන් බහින්නට උත්සහ ගත්තත් මට ඒක කරන්නට තරම් වත් ශක්තියක් තිබුනේ නෑ. '' ලොකු බේබී... ලොකු බේබී...'' පිටතින් ඇසුනේ පොඩ්ඩාගේ හඩ මම අමාරුවෙන් නැගිටලා යහන මත ඉද ගද්දි පොඩ්ඩා පිටුපස දොරෙන් ඇතුලට ආවා. ''පො....'' ''ස්ස්ස්ස්ස්..'' මම පොඩ්ඩා කියා අමතන්න හදද්දිම පොඩ්ඩා දබර ඇගිල්ල ඔහුගේ දෙතොල මත තබාගෙන නිහඩ වන්න යයි ඉගි කළා. '' ලොකු බෙබී ඔයාව එක්ක යන්න ලොකු බේබි මහත්තයා ඇවිත්.'' '' ඒ මොකද එක පාරටම.'' ''මෙහෙ වුන දේවල් සේරමත් වලව්වට ආරංචි වුණා. සෝමවංශ මහත්තයා මහත්තයා වලව්වට ඇවිදින් සේරම කියලා ගියා. ආයෙත් වීජී අයියව මෙහෙ එවන්නේ නෑ කියලා , ලොකු බේබීව ආයෙත් වලව්වට එක්ක යන්න කිව්වා.'' මට සිදුවන කිසිවක් සිතන්නට වත් වෙලාවක් තිබුනේ නෑ. මොකද්ද මේ සිදු වන්නේ කියලා කල්පනා කරමින් මම ඇදෙන් බහින්නට උත්සහ කරද්දී සිහි නැතිවී ඇද වැටුනා. සිහි ලැබෙන විට මම වුන්නේ යහෙන මත වැතිරිලා . ලොකු මල්ලිත් ඔහුගේ ගෝල බාලයනුත් මා වටා රොක් වි සිටියා. '' ලොකු අක්කේ මොකද වුනේ. දැන් හරිද.'' ලොකු මල්ලි මට කරුණාවෙන් කතා කරද්දී මගේ හදවත කඩා වැටෙනවා වගේ මට දැනුනා. ලොකු මල්ලිට උත්තරයක් නොදීම මම අඩන්නට වුණා. '' යමු ලොකු අක්කේ ගෙදර. ඔයා දන්නවද වීජී අයියා කියන්නේ කවුද කියලා.'' '' ඔව් ලොකු මල්ලි . එයාලා මට කැමති වෙන්නේ නෑ.'' ''ඒවා පස්සේ හිතමු .අපි ගෙදර යමු. අක්කට ඇවිදන් යන්න පුලුවන්ද?'' '' පුළුවන් වෙයි . සිගිතියෝ මට බොන්න වතුර ටිකක් දෙන්න,'' '' ඉන්න ලොකු බේබී හ්හ් '' පොඩ්ඩා දුන් වතුර වීදුරුව එක පාරටම පානය කල මට වමනෙට එන්න ආවා. මම එක පාරට එලියට දුවන් යන්න ශක්තිය ආවේ කොහොමද කියලා වත් හිතන්න අපහසුයි. කෑම කන්නෙත් නැතුව මොනවා වමනෙට එනවද මන්දා. මම අමාරුවෙන් කල්පනා කළා. '' ලොකු බේබී ට අසනීපයක්ද? හ්හ්'' '' අනේ මන්දා පො... සි..ගිතියෝ..'' '' අපි ගිහින් බෙහෙත් ටිකක් ගමු ලොකු අක්කේ දැන් යමු.'' මට කිසිවක් ගෙන යන්නට සිහියක් තිබුනෙ නෑ. මම ඇදැන් හිටි ඇදුම පිටින්ම අවසිහියෙන් ඔවුන් සමග මම ,ආසාවෙන් සිටි මගේ සුරංගනා මාලිගාව අත්ඇරලා නැවතත් මට උරුම සිර ගෙදරට යන්නට පිටත් වුණා. වනයෙන් එලියට ආ පසු ලොකු මල්ලිගේ වාහනයට නැගී නිවාස කරා පැමිණියා. මම නිවසට ඇතුළු වෙද්දීම අම්මා මාව තුරුළු කරගෙන අඩන්න ගත්තේ '' මොනවද මේ මගේ දුවේ උබ කරන්නේ කියලා.'' මමත් මොකුත් නොකියම ඇඩුවා. '' අම්මේ මම ටිකක් අසනීපෙන් හරිම අමාරුයි මට.'' මම සෙටිය මත වාඩි ගෙන දිගා වුණා. පුංචි නංගිත් විවාහා වී ශාලින්ද මල්ලිගේ ගෙදර ගිහින් තිබුනා. දැන් නිවසේ සිටියේ ලොකු මල්ලිගේ පවුලත් අම්මත් අප්පච්චිත්, ලීලම්මත් පොඩ්ඩත් විතරයි. දින කීපයක්ම මම මගේ කාමරයට වී ගත කළා. ලීලම්මා මම ගැනම සොයා බලමින් මා අසලම ගැවසුනා. එන්න එන්නම මගේ රෝගී තත්වය දරුණු වුණා. නිතරම හිස කැරකෙන ගතියක් දැනෙන්න ගත්තා. දිනෙන් දිනෙන් ඇති වුන කෑම අරුචියත් සමග බලන් සිටියේදී සිරුර වැහැරී ගියා. මගේ හිත කිව්වෙම දැන් නම් මට යන්නට කාලය උදා වෙලා කියලා. රෝගී තත්වය නිසාම වීජී අයියා ගැන තවත් නොසිතා ඉන්නට තීරනය කළා. නමුත් මට දවසින් වැඩි වාරයක් සිහි වුනේ ඔහු සමග ගෙවූ ලස්සන ජීවිතය පමණයි. ජනෙල් කවුළුව අසලට ගියත් මට මැවී පෙනුනේ රූස්ස ගස් පෙළ අතරින් වීජී අයියා බයිසිකලයෙන් එන අයුරුයි. යහන මත වතිරුනත් ඔහුගේ උනුහුමේ නිදා සිටි අයුරු මට සිහි පත් වුණා. කෑම කන්නට ගියත් වීජී අයියාගේ අතින් ම මට කෑම කැවූ අයුරු මට සිහිපත් වුණා.දිනක් මම අමාරුවෙන් පඩිපෙළ බැසගෙන ආලින්දයට එනවිට අහගන්නට ලැබුනේ සිගිති ගිය අතක් නැති බවයි. ඉන් පසු සිගිතිත් මගේ ජීවිතෙන් අතුරුදහන වුණා. මම මග බලා වුන්නේ ඔවුන්ගේ ජීවිතයෙන් මම අතුරුදහන් වන්නේ කවදාද කියලා. මට දැන් ජීවත්වන්නට කිසිම ආසාවක් තිබුනේ නැ. සතියකට පමණ පසු දැනෙන පාළුව දරා ගන්න ට නොහැකි නිසා මම මිදුලට බැස පොඩ්ඩා අලංකාරව වවා තිබු තන නිල්ල මත පියමැන්නා. එවිට මම අහම්බෙන් වගේ දැක්කේ පෙර දිනක මම මුල පමණක් ඉතිරිවන තුරු කපා දැමු රෝස පැලය නැවතත් සාරවත්ව වැවී තිබෙන අයුරුයි . රෝස ගස මල් පොකුරු වලින් බරවී තිබුනා. පොඩ්ඩා ආයෙත් වෙන රෝස පැලයක් හිටවන්න ඇති කියලා හිතලා මම ඒක අමතක කර ඉදිරියට ඇදුනා. මම තනියම අඹ ගස සෙවනේ වූ ගල් බැංකුව මත හිදගෙන හැගීමකින් තොරව බලා වුන්නා. '' ලොකු බේබී ඔයා දැන් හරි අමුතුයි. රත්තරන් අසනීපෙන්ද? අපි බෙහෙත් ටිකක් ගේමුද?'' මම හුදකලාව සිටිනු දැක ලීලම්මා මා අසලට පැමිණ අසා සිටියා. '' පොඩි අසනීප ගතියක් නම් තියේ ලීලම්මේ . බෙහෙත් අරන් වැඩක් නෑ.'' '' වැඩක් නෑ කිව්වේ.'' '' ලොකු අමාරුවක් නැති නිසා.'' ''එත් මට ලොකු බේබීගේ මුනෙන්ම පේනවා මොකක් හරි ලොකු අමාරුවක් තියෙනවා කියලා.'' ''අනේ නෑ ලීලම්මේ'' නැවතත් මට කැරකෙන ස්භාවයක් දැනෙන්න ගත්තා. සිහි එන විට මම සිටියේ වාහනයක් තුල අම්මගේ උකුලේ හිස තියාගෙන. ඒ අසලම ලීලම්මත් ඉගෙන හිටියා. වට පිට විමසිල්ලෙන් බලද්දී මට වැටහුනා මම සිටින්නේ ලොකු මල්ලිගේ වාහනයේ බව. ඒ වගේම මම වෙෙද්ය වාරක් වෙත රැගෙන යන බව. දැන් මගේ ජීවිතේට මොනවා වුනත් එකයි මට දැන් මේ ගමන නවත්වන්න බෑ මම නිහඩවම වුන්න. ඔවුන් මාව කෙලිම රැගෙන යනු ලැබුවේ සුවාසි පුද්ගලික රෝහල වෙත. මගේ මරණය තීරණය කල තැනටම මාව නැවත රැගෙන ඇවිත්. මාව පරික්ෂා කර බැලු වෙෙද්‍යවරයා පරීක්ෂණ කීපයක් නිර්දේශ කළා. සියලු පරීක්ෂණ වල වාර්තා සමග අම්මයි මමයි නැවත වෙෙද්‍යවරයා වෙත යොමු වුණා. වාර්තා පරික්ෂා කර බැලීමෙන් පසු ලස්සන සිනහවක් මවාගෙන මා වෙතට හැරුන වෙෙද්යාවරයා . '' අම්මේ දැන් මෙයාව හුගක් පරිස්සම් කරන්න වෙයි . ඔයාගේ දුව ප්රෙයග්නට් . ඔන්න මගෙන් සුභ පැතුම්.'' මම වෙෙද්‍යවරයා දෙස බලා සිටියේ මේ මොනවද කියන්නේ කියලා. ඉබේම මගේ ඇත කුස මතට යද්දී නෙත් දෙකෙන් කදුළු කඩා වැටෙන්න ගත්තේ දුකටද සතුටටද කියල හිතා ගන්න බැරුව, මම අම්මගේ පපුවට හිස හොවාගෙන ඇඩුවා. මම අම්මෙක් කරන්න මගේ පැටියට පුළුවන් වුණා. දැන් මට ඔයාට ජීවිතේ දෙනකන් ජීවත් වෙන්න ඕනේ .මම හිතින් මගේ කුසේ වැඩෙන මගෙයි වීජී අයියාගෙයි දරුවා සමග දොඩමලු වුණා. '' මොකද මේ අම්මා අඩන්නේ. ඔයා දැන් සතුටින් ඉන්න ඕනේ කාලෙනේ.'' වෙෙද්‍යවරයා මා දෙස බලාගෙන පුදුමයෙන් කිව්වා. '' අම්මේ මට එක පොරොන්දුවක් වෙන්න . මගේ අම්මේ මට එක පොරොන්දුවක් වෙන්න.'' '' මොකද්ද මගේ රත්තරන්.'' ''මගෙයි වීජී අයියගෙයි දරුවා හැමාදාමත් හොදින් බලා ගන්නවා කියලා පොරොන්දු වෙන්න.'' දැන් මට අම්මා හැර උදවු ඉල්ලන්ට කෙනෙක් ඉතුරු වී සිටියේ නෑ. මම මොන තරම් දේවල් කලත් මගේ අම්මා මාව භාර ගත්තා නේද ? එක තමා අම්මෙක්ගේ ආදරය කියන්නේ. මම මොනතරම් රිද්දුවත් මගේ අම්මා මට තාමත් ආදරෙයි. මට සමාවෙන්න අම්මේ.මම අම්ම කෙනෙක් වෙන්න යනකොට තමයි මගේ අම්මා මම වෙනුවෙන් මොන තරම් විදවන්න ඇතිද කියලා මට හිතෙන්නේ. මම අම්මගේ උනුහුමට වෙලා තව තවත් ඇඩුවා. මම දරුවාගේ ජීවිතය ගැන හිතලා මගේ රෝගී තත්වය වෙෙද්‍යවරයා සමග පැවසුවේ කදුළු අතරින්. ඒ කතාව අහගෙන ඉදලා අම්මා මාව තුරුලු කරන හොදටම අඩන්න ගත්තේ ඇයි මේ තරම් කල් හැන්ගුවේ කියලා. '' මට නම් මේ කරපු ටෙස්ට් වලින් ඔය දරුවට වෙනත් අසනීපයක් තියෙන බවක් නම් පෙනුනේ නැහැ.'' ''මෙහෙන්ම තමා මම ඒ ටෙස්ට් ටික කලේ.'' ''දැන් කොච්චර කල්ද?'' ''හරියටන අවුරුද්දක් ඇති.'' ''රිපෝට් ගත්තද මෙහෙන්.'' '' නෑ මම රිපෝට් ගන්න ආවේ නෑ.'' '' ඔයා නම් මහා පුදුම ළමෙක් . මෙතරම් කල් ඔය රහස රැකගෙන ජීවත් වුනාද? මොකද ට්රියට්මන්ට් ගත්තේ නැත්තේ.'' ''මට ජීවත් වෙන්න ආසාවක් වත් අනිත් අය මම වෙනුවෙන් දුක් වෙනවා දකින්නවත් අකමැති නිසා. මට දැන් මේ දරුවට ජීවිතේ දෙන්න ඕනේ ඩොක්ටර් . එතකන් මාව කොහොම හරි අනේ මාව ජීවත් කරන්න ඩොක්ටෙර්.'' මම දෑත් නනලේ තබාගෙන වෙෙද්‍යවරයාට වදිමින් කිව්වා. '' හරි හරි දරුවෝ. අපි ආයෙත් චෙක් කරලා බලමු. ඔයාගේ ඒ අසනීප තත්වය කොහොමද කියලා'' අවසාන කොටස සමග එක වන්න. දිනයක වැටහේවී........... 0 Ind007kaMost Senior MemberPosts:12931 23 Nov 2016 07:44 PM Quote Reply අය්යො අවසාන කොටසද ඊලගට එන්නෙ ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 kingDVeteran MemberPosts:3309 23 Nov 2016 10:42 PM Quote Reply අවසාන කොටසටත් අපි ඇවිත්ද ..අපරාදේ ලස්සන කතාව Business, you know, may bring money, But friendship hardly ever does. 0 සඳුනිVeteran MemberPosts:2462 24 Nov 2016 03:10 AM Quote Reply කට්ටිය ආස නෑ වගේ කතාව ඉවර වෙනවට දිනයක වැටහේවී........... 0 DushanVeteran MemberPosts:2536 24 Nov 2016 05:09 AM Quote Reply කතාව නම් හරිම ලස්සනයි අපොයි ඊළගට අන්තිම කොටසද 0 සඳුනිVeteran MemberPosts:2462 24 Nov 2016 08:52 AM Quote Reply 56. වන කොටස. (අවසාන කොටස) මියෙදෙන තුරා.... '' අනේ මගේ දරුවා බේරගන්න ඩොක්ටර්.'' '' ඔය දරුවා මේ පරීක්ෂණ ටික කරගෙන ගෙදර යන්න . විස්තර ටික දීලා යන්න පරණ පයිල්එක හොයා ගන්න බලන්න.'' සතුටු වෙන්නට කරුනකුත් සමග දුක් වෙන්නට කරුණු ගොඩක් අපිට උරුම වී තිබුනා. ලීලම්මාත් හිටියේ පිස්සියක් වගේ .මම දකින දකින වාරයක් පාසා හුල්ලන්න වුණා. දැන් මුළු නිවසම කදුළු ගගක් වෙලා තිබුනා. දින කීපයකින් අම්මයි මමයි රෝහල වෙත ගියේ දෙවියන් යදිමින්. මම දෙවියන්ගෙන් ඉල්ලුවේ මගේ දරුවට ජීවත් වෙන්න අයිතිය දෙන්න කියලා විතරයි. සුළු මොහොතකින් අපි සියලු වාර්තා සමග වෙෙද්‍යවරයා වෙත යොමු වුණා. හොද කල්පනාවෙන් සියල්ල පරික්ෂා කර බැලු ඔහු රෙජිස්ටර් තැපෑලෙන් මගේ නමට ආ ලිපියක් මා ඇත තැබුවා. '' මේක කියවලා බලන්නකෝ. එතකොට සේරම විසදෙයි.'' වෙෙද්‍යවරයා සිනා සෙමින් මා අත ලිපිය තබද්දී ඔහු සමග ඇති වුනේ අමනාපයක්,මම මරණයට බියෙන් ඉද්දි සිනා වන නිසා. මම වෙව්ලන දෑතින් ලිවුම ගලවලා දිග අතට හතරට නමා තිබු ලියවිල්ල දිග හැරියා. අම්මත් හිටියේ ලිව්මට නෙත් යොමාගෙන. ලිව්ම කියවන්නට පෙර වරක් මම වෙෙද්‍යවරයා දෙස බැලුවා. '' කියවලා බලන්න'' ඔහු තවමත් සිනා සෙමින් බලා ඉන්නවා. නිල්මිණී මෙනෙවිය වෙත, පළමුව අප ආයතනය වෙනුවෙන් සමාව අයද සිටිනවා. අප අතින් සිදුව ඇති වරද සුළු පටු නොවන බව අපි හොදින්ම දන්නවා. ඔබ මේ වෙනුවෙන් නීති ක්‍රියා මාර්ග ගතහොත් වන්දි මුදලක් ගෙවීමටද අපි යුහුසුලුව ඉදිරිපත් වෙනවා. ඔබ වෙත මීට ප්‍රථම ඒවා තිබු ලිපිය ඔබට අයිති එකක් නොවන අතර. එකම දින එකම මොහොතේ අප රෝහලෙන් ප්‍රතිකාර ගත නිසාත්, ඔබ දෙදෙනාගේ නම් දෙකද සමාන වීම නිසා ලිපින පැටලවීමක් සිදු වී ඇති වී ඇත. මේ සිදු වීම වෙනුවෙන් අපගේ බලවත් කනගාටුව. ඔබට කිසිදු රෝගී තත්වයක් නොමැති බවත්. වාර්තා වලට අනුව මානසික පීඩනය මත යම් වේදනාවක් මතු වුවද නිවසේ අයගේ සහයෝගය මත එම තත්වය මගහරවා ගත හැකි. ඔබ ලක් වූ අපහසුතාවය ගැන කනගාටුයි. මම නිවසෙහි නැති දින වල මෙමෙ ලිපිය අප නිවසට ඇවිත් තිබුනත් මා සමග තිබු අමනාපය නිසාම කවුරුත් අත්සන කර ලිපිය ලබාගෙන තිබුනේ නැහැ. ඒක නිසා ලිපිය නැවත රෝහලටම ඇවිත් තිබුනා. මම ලිපිය කිහිප වරකම කියවනු ලැබුවේ හරිම හදීස්සියෙන්. මම පුදුමයෙන් වෙෙද්‍යවරයා දෙස බලද්දී ඔහු හිස සලා ඒක තමා ඇත්ත කියලා තහවුරු කළා. මම ලිවුම පපුවට තද කරන සිනාසෙමින් හදන්නට වුණා. මේ සතුට විදින්නට වීජී අයියත් මගේ ළග හිටියා නම්. ජීවිතයෙන් මරණ බිය පහව ගියත්, අද වන විට මම දරුවෙකු සමග මේ ලොව තනි වී ඇති බව හිත කිව්වා. අනේ වීජී අයියේ ඔයා දන්නේ නෑනේ අපි දෙන්නගේ චුටි පැටියා මගේ බන්ඩිය ඇතුලේ ඉදන් අපි ලගට එන්න මග බලන් ඉන්නවා කියලා. '' එහෙනම් දැන් දුක් වෙන්න හේතු නැහැනේ අම්මේ .ඔය කාලෙට බබා ගැන හිතලා අම්මා හුගක් සතුටින් ඉන්න ඕනේ.'' ''හොදයෝ ඩොක්ටර් මම සතුටින් ඉන්නම් අපේ පැටියා වෙනුවෙන්.'' සතියක් පමණ නිහඩවම ගෙවිලා ගියත් වීජී අයියා ගැනවත් පොඩ්ඩා ගැනවත් දැන ගන්න ලැබුනේ නෑ. පොඩ්ඩා වත් හිටියා නම් වීජී අයියට මේ පණිවිඩය දෙන්න තිබුනා. මගේ ලගට එන්න බැරි වුනත් එයා හුගක් සතුටු වෙයි අපි දෙමව්පියෝ වෙන්න යන එකට. මම සෙටිය මත හිදගෙන රුපවාහිනිය නරබමින් සිටියා. '' ගෙදර කවුද?'' '' කවුද?'' මම තරමක් අපහසුතාවයෙන් ඇවිදගෙන දොර ලගට ගියා. දෙවියනේ පොඩ්ඩයි වීජී අයියයි දෙන්නම ඉන්නවා. නමුත් ඔවුන්ගේ පෙනූම සම්පුර්නයෙන්ම වෙනස්. හරිම වැදගත් පෙනුමකින් ඔවුන් දෙදෙනා පැමිණ සිටියේ ,පොලිස් නිලදාරීන් කීපදෙනෙකුත් සමග. '' ඇයි ඉන්ස්පෙක්ටර් හදිස්සියේම මේ පැත්තේ.'' අප්පච්චි පඩි පෙළ බැසගෙන එනගමන් විමසුවත් වීජී අයියත් පොඩ්ඩත් දැකීමෙන් පුදුමයට පත් වී බලාවුන්නා. '' සිගිති'' '' මම සිගිති නෙමෙයි මම සී.අයි.ඩී ඔෆිසර් ශාමල් කුමාරසිරි එතකොට මේ ඉන්නේ සී.අයි.ඩී ඔෆිසර් විජිත .පී සෝමවංශ.'' '' ඉතින් මොකද? ඔයාලා මෙහෙ මොනවද හොයන්නේ.'' අප්පච්චි ඇහුවේ කැලබුන සිතින් යුතුව බව මට ඔහුගේ දෙනතින් පෙනුනා. '' ඒ කියන්නේ මිස්ටර් වීරසිංහ තවම වරද පිලි ගන්න සූදානම් නෑ.'' ''මොන වරදද.'' එතකොටම ලොකු මල්ලිත් ගෙට ගොඩ වුණා. වීජී අයියත් පොඩ්ඩත් දැක්කම ඔහුත් පුදුමයෙන් අප්පච්චි දෙස බැලුවා. '' ඔබ තුමත් ආපු එක හොදයි මෙතනට. මිස්ටර් විකුම් නිරෝෂන් රණසිංහ.'' ''සිගිති කොහෙද උබ ගිහින් හිටියේ මොකද මේ පොලිසියෙනුත් අරන්. මොකද මේ වීජී .උබ අපේ අක්කව බාර ගන්නේ නැද්ද.?'' ''හා හා කට පරිස්සමින්. පොඩ්ඩක් අපි කියන දේ අහන් හිටියා නම් හොදයි. අපි මේ මිස්ටර් රණසින්හාව ඇරෙස්ට් කරන්න ආවේ.'' '' ඒ මොකටද?'' '' ඒවා උසාවියේදී දැන ගමු.'' '' හේතුවක් නොදැන අප්පච්චි ගෙනියන්න දෙන්න බෑ.'' ''එහෙනම් මිස්ටර් රණසිංහ අපිට හැමෝටම ඇත්ත කියන්න වෙනවා.'' පොඩ්ඩා වීරයා වගේ ඉදිරියට ඇවිත් කියද්දී අප්පච්චි වේදනාවෙන් පඩි පෙලේ අවසාන පඩිය මත හිද ගත්තේ අත් වැටේ එල්ලෙමින්. අප්පච්චි හරිම අහිංසක කෙනෙක් කවදාවත්ම වරදක් කල බව මට නම් ආරංචි වෙලා තිබුනේ නෑ. කුමක් නමුත් මෙතන නම් හේතුවක් ඇති බව නම් මට පැහැදිලි තේරුම් ගියා. ලීලම්මත් ඉදිරියටම ඇවිත් බලන් හිටියේ රටක් රාජ්ජයක් දිනුවා වගේ. පොඩ්ඩා රහස් පොලිසියේ බව ලීලම්මා දැනන් හිටියද. දහසකුත් ප්‍රශ්න සිත තුල ජනිත් වෙද්දී මම නිහඩව වන්නේ කුමක්ද කියලා බලාගෙන හිටියා. '' මේ දේවල් කතා කරන්න ඕනේ උසාවියක බව අපි දන්නවා නමුත් අද අපි මෙතන හැමදේම කියන එක වැදගත් කියලා හිතනවා.'' මෙතරම් වෙලා නිහඩව හිටි වීජී අයියා ඉදිරියට ආවා. '' අනේ මහත්තයෝ මම වරද භාර ගන්නවා. මගේ දරුවෝ ඉස්සරහා ඒ දේවල් කියන්න එපා. මගේ දරුවෝ මට නැති කරන්න එපා. අවුරුදු තිස්පහක්ම මම මේ හේතුව නිසා හිතින් විදෙව්වා.'' '' නෑ නෑ අපිට දැන ගන්න ඕනේ .'' ලොකු මල්ලි සිදුවීම පැහැදිලිව තේරුම් ගන්න අවශ්‍ය නිසා රහස දන ගන්නට කැමති වුණා. ''අනේ එපා මහත්තයෝ.'' ''අප්පච්චි සද්ද නැතුව ඉන්න.'' '' ඔයාලා දන්නවද ඔයාලට නාරද වීරසිංහ කියලා මාමා කෙනෙක් හිටියා කියලා.'' වීජී අයියා කතාව ආරම්භ කළා. '' ඒ කවුද අප්පච්චි අපට මාමා කෙනෙක් හිටියද?'' අප්පච්චි අවසන් පඩිය මත හිදගෙන තනියම අඩනවා. අම්මත් ඉන්නේ හොදටම බය වෙලා. '' දන්නේ නෑ නේද මිස්ටර් වීරසිංහ ගේ එකම මල්ලි මිස්ටර් නාරද වීරසිංහ .එයාගේ හොදම යාලුවා මිස්ටර් වික්‍රමසිංහ. මම හරි නේද?'' ''ඒ කාලේ මිස්ටර් නාරද, වික්‍රමසිංහ වලව්වේ වැඩට හිටිය ගෑණු ළමයා එක්ක ආදර සම්බන්දයක් පටන් ගත්තා.'' විජේ අයියා කතාව නවත්තපු තැනින් පොඩ්ඩා කතාව පටන් ගත්තා. ''ඒකට මිස්ටර් වීරසිංහ හුගක් අකමැති වුනේ මේ වලව්වත් තවත් වටිනා ඉඩම් වගයකුත් නාරද මල්ලිට ලියලා තිබුන නිසා.'' ''ඒත් නාරද මල්ලි වැඩකාරි එක්ක ඇති කර ගත්තු ආදර සම්බන්දෙ නැවැත්තුවේ නෑ.'' '' සේරමට හොරෙන් ඒ කෙල්ලව බැදලා නාරද මල්ලි දුර පලාතක ටික කාලයක් ජීවත් වුනා.'' '' නමුත් මිස්ටර් වීරසිංහ දැනන් හිටියා දවසක නාරද මල්ලි ආපහු ආවොත් සේරම දෙන්න වෙයි කියලා. මම හරි නේද.'' '' මොනවද අප්පච්චි මේ කියන්නේ මේවා ඇත්තද?'' '' පොඩ්ඩක් නිහඩව කතාව අහන ඉන්නවා'' පොඩ්ඩා තද ස්වරයෙන් කතා කරද්දී ලොකු මල්ලි නිහඩව බලා වුන්නා. ''ඒක නිසා මිස්ටර් වීරසිංහ තමන්ගේ ගෝලබාලයෝ දම්මලා තමන්ගේ මල්ලි වුන නාරද වීරසිංහව පැහරගත්තා.'' '' මොකද ඔයා දනන් හිටියා ඒ වෙනකොට තමුන්ගේ මල්ලි තාත්තා කෙනෙක් වෙන්න යන බව.'' '' තමුන් හැදුවේ නාරද වීරසිංහ ලවා බලෙන්ම ඒ දේපල තමන්ගේ නමට ලියා ගන්න.'' ''එත් මොස්ට්ර් නාරද එකට කැමති වුනේ නෑ. මැරුවත් මේ දේවල් දෙන්නේ නැහැ කිව්වා.'' '' ඒක නිසා තමුන් නාරද මල්ලිව කන්න බොන්න නිදි හිර කරන හිටියා.'' '' දවසක් සිහි නැතිවෙලා වගේ රගපාලා නාරද මල්ලි ඔයාලා සේරටම ගහලා පැනලා යන්න උත්සහා ගද්දි තමුන් තමුන්ගේ මල්ලිට වෙඩි තිබ්බා'' '' අනේ මම මගේ මල්ලිව මරා ගත්තා. මම මරන්න හිතන් නෙමේ පිස්ටල් එක දික් කලේ . හිතට ආපු ආවේගයත් එක්ක මගේ අතින් කොකා ගැස්සිනා. අනේ මට සමාවෙයන් මගේ දරුවනේ.'' මොනවා මාමාව මැරුවේ අපේ අප්පච්චිද. ලීලම්මා කිව්වේ රට ගියා කියලනේ. මොනවද මේ වෙන්නේ. අම්මත් හෝ ගාලා අඩනවා. ''හැමෝම දැන ගන්න කැමති ඇති, ඒ නාරදගේ වයිප් කවුද එයාටයි එයාගේ දරුවටයි මොකද වුනේ කියලා.'' '' අනේ රත්තරං මහත්තයෝ ඒ ඇත්ත නම් හෙළි කරන්න එපා. මට ඒක දරා ගන්න බෑ.'' අම්මා සිගිතිගේ දෙපාමුල වැටිලා අඩද්දී මම අම්මව නැගිට්ටවලා පපුවට තුරුලකර ගත්තේ වේදනාවෙන්. ''ඔයාල කරපු වැරදි ඔයාලා විදවන්න ඔනේ. වරදක් නොකර මගේ නැන්දා අවුරුදු තිස්පහක්ම දුක් වින්දා.එයාහේ ඒ දුක ඉවර වෙන්න ඕනේ.'' පොඩ්ඩා අඩමින් සිටි ලීලම්ම ලගට ගිහින් තුරුල් කරගෙන කිව්වා. ''මේ ඉන්නේ මිස්ටර් නාරදගේ වයිප්.'' වීජී අයියා එහෙම කියද්දී මම පුදුමයෙන් ගල් ගැහුනා. එතකොට මොකද තමනේ මහත්තයා මරුපු අය ළග තාම වැඩ කරන්නේ. ''හැමෝටම පුදුම ඇති නේද මගේ නැන්දා තාමත් මේ ගෙදර වැඩ කරන්නේ ඇයි කියලා. එයා මේ ගෙදර ඉන්නේ එයාගේ දුව වෙනුවෙන් . ඒ කියන්නේ මගේ අක්කගේ අයිතිය වෙනුවෙන්.'' '' ඔව් නාරදව පහර ගත දවසේ මිස්ටර් වීරසිංහ ගියා ලීලාවතී බලන්න තෑගිබෝග අරන්. ඒ සැකේ වහ ගන්න. පස්සේ නාරද අතුරුදහන් වුනාම කිව්වා නාදුනන පිරිසක් ඔහුව පැහැරගෙන ගිහින් කියලා.'' '' මාස පහක බඩකුත් උස්සගෙන නැන්දට කරන්න පුළුවන් දෙයක් තිබුනේ නෑ. එදත් එයා තමගේ දුව වෙනුවෙන් ඉවසුවා.'' ''පස්සේ නාරද කොහේදෝ පාරක් අයිනේ මරලා දාලා ඉන්නවා කියලා මිස්ටර් වීරසිංහම අපේ නැන්දට කිව්වා. නැන්දා එතකොට හිටියේ අපේ ගෙදරලු අපේ අම්මටත් අපේ අක්කව හම්බෙන්නලු හිටියේ.'' '' පස්සේ උසාවියේ නඩු වැටුනම සල්ලි විසික් කරලා තමාගේ වැරදි යට කරගෙන වෙන මිනිහෙක්ව හිරේ යවලා තමුන් බේරුනා. එහෙම නේද?'' ''වෙන මිනිහෙක් වැරදිකාරයා වුනාම මගේ නැන්දා උබලව විශ්වාස කළා. උබලට ළමයි හිටියේ නැති නිසා ලැබෙන්න හිටිය දරුවාව බාර ගන්න උබලා කැමති වුණා. එත් ආදරේට නෙමේ උබලා දැනන් හිටියා මේ දේපලවල අයිතිය තියෙන්නේ අපේ නැන්දට කියලා. උබලා නැන්දාව එදා අතාරලා දැම්මා නම් මේ දේපල උබලට නැති වෙනවා. දරුවා හදා ගත්තේ එකයි. කරුමෙට මගේ නැන්දා දැනන් හිටියේ නෑ මේ දේපල තමන්ගේ කියලා. තමන්ගේ දරුවාගේ අයිතිය ලබා ගන්න තමයි මේ තරම් කල් උබලට බැලමෙහෙවර කලේ.'' ''අපි හිරෙන් නිදහස් වුන ඔබලාගේ බොරු මිනිමරුවැව යාලුවෙක් වගේ ආශ්‍රය කරලා සියලු අතීතය අහ ගත්තා. ශාමල් මෙහෙ ගෙදර වැඩකාරයෙක් වගේ නැවතිලා වලව්වේ රහස් හෙව්වා. මම අර කැලෑවේ ජීවත් වේවි ගමෙන මේ ගැන තොරතුරු හෙව්වා. ශාමල්ට උබලගේ ගබඩා කාමරේ තිබිලා ලියවිලි වගේකුයි පිස්ටල් එකයි හම්බුනා.'' '' මොනවා ඒ ගබඩාවේ යතුර නැති වෙලානේ.'' ලොකු මල්ලි එහෙම කියද්දී මම හිටියේ අන්දුන්කුන්දුන් වෙලා . මටනම් හිතා ගන්න බෑ මේ මොකද වෙන්නේ කියලා. කවුද දැන් ලීලම්මගේ දුව. '' ඔයාලා සේරම හිතුවේ යතුර නැති වෙලා කියලනේ ඔයාගේ අප්පච්චි ළග ඒ යතුර තිබුනා. දැන් ඒක තියෙන්නේ මගේ ළග. මේ මෝඩ සිගිතියව විස්වාස කරලා ඒ කාමරය අස්කරන්න අවස්තාවක් මේ මෝඩ හමුවා දුන්නා'' ''එන්න නිල්මී '' මම වීජී අයියගේ හඩත් සමග ඔහු ලගට ගියා. '' ඔයා වෙනුවෙන් මේ තරම් කල් වේදනා විදපු හැබෑ අම්මා තමා මේ. ඔයාට මේ ලෝකේ ඇත්තටම ආදරේ කරපු අම්මා මේ.'' වීජී අයියා ලීලම්මා පෙන්නලා එහෙම කියද්දී මම දුවලා ගිහින් ලීලම්මට තුරුළු වුණා. හැමදාමත් මගේ හදවත පිළිගත් අම්මා ඇය තමයි. අම්මා මාව තුරුළු කරන සිප ගත්තේ ඇයගේ කදුළු වලින් මගේ මුහුණම තෙත් කරමින්. '' මගේ අම්මේ .....ඇයි අම්මේ ...ඔයා මගේ අම්ම බව මට හැන්ගුවේ. මට සමාවෙන්න මගේ අම්මේ.. මම ඔයාට හුගක් රිද්දුවා.'' '' අනේ නෑ මගේ රත්තරනේ අඩන්න එපා.'' '' නිල්මී අක්කේ ඔයා නොදන්නා තව දෙයක් තියෙනවා. ඔයා හිතනවා ඇතිනේ ඔයා මගේ අක්කා බව දැන දැනත් සුමේධ අයියට ඔයාව බන්දලා දෙන්න කැමති වුනේ ඇයි කියලා. සෙව්මීණී කියන්නේ ඔයාගේ අක්කා. ඔයාගෙම නිවුන් සහෝදරි. කවුරුත්ම දැනන් හිටියේ නෑ නැන්දාට ඉපදුනේ නිව්න්නු කියලා. නැන්දා දරුවා ලැබෙනකන් හිටියේ වික්‍රමසිංහ වලව්වේ. වික්‍රමසිංහ මහත්තයලට දරුවෝ නැති නිසාත් ,ඔයාගේ අප්පච්චිගේ හොදම යාලුවා නිසාත් කාටත් රහසේ සෙව්මී අක්කව එයාලට හදා ගන්න දුන්න. දරුවත් අරගෙන වික්‍රමසිංහ මහත්තයාලා එදාම රැ රටින් පිට වුන නිසා කාටවත් ඒ ගැන සැක හිතුනේ නෑ. එයාලා අකමැති වුණා සෙව්මී අරන්හදා ගත කෙනෙක් කියලා දුක් වෙනවා දකින්න. දුලා දෙන්න ඔයාගේ අක්කගේ දරුවෝ . සුමේධ කියන්නේ ඔයාගේ මස්සිනා. කවදා හරි ඇත්ත එලි වුනාම ඔයා හුගක් සතුටු වෙයි කියලයි අපි ඒකට කැමති වුනේ.'' '' අනේ මගේ දරුවෝ දෙන්න.'' '' එහෙනම් ඉන්ස්පෙක්ටර්..... මිස්ටර් වීරසිංහට මාංචු දාන්න. '' '' විජිත පුතේ මේ ඉන්නේ වැඩදකාරිගේ දුව තමයි .පුතා මගේ දුව තනිකරන්නේ නෑ නේද?'' මගේ අම්මා ඒ කියන්නේ ලීලම්ම එහෙම අහද්දී වීජී අයියා මගේ පැත්තට හැරුනා. වටපිටාවේ ඉන්නේ කවුද නොසිතපු ඔහු මාව ඇදලා අරන් තුරුල්කරගෙන නළලත හාදුවක් තිබ්බා. '' නෑ අම්මේ මගේ කෙල්ලව මම තනිකරන්නේ නෑ. මම හිගන්නෙක් වෙලා ඉද්දිනේ මගේ කෙල්ල මට ආදරේ කලේ .මම ඔයාගේ හිගන්නම තමා මගේ කෙල්ලේ.'' වීජී අයියා මාව තව තවත් සිපගනිමින් කිව්වා. කිසි ලැජ්ජාවක් නැති මනුස්සයෙක් මම හිති හිතුවත් ඔහුගේ උණුසුම තරම් සතුටක් මට තවත් තිබුනේ නැහැ. '' මොකද මගේ කෙල්ලේ ඔහොම බලන්නේ. විහාගී මතක් වෙලාද ඒ මගේ නෑනා .මම එයාව බදින්නේ නෑ. මගේ තාත්තා ඔයාට කැමති.ඔයා දුක් වෙන්න එපා.'' '' මට දෙයක් කියන්න තියේ වීජී අයියේ.'' '' මටත් දෙයක් කියන්න තියේ'' මගෙන් මිදුණු ඔහු පොඩ්ඩා අතේ තිබුන පොත අරගෙන මා අත තැබුවා. '' මියෙදෙනා තුරා.. මා ඔබේ.... එස්. එම්. විජිත් .පී .සෝමවංශ. වීජී අයියේ ඔයාද මේ පොත් ලිව්වේ.'' '' ඔව් මගේ රත්තරන් . ඕක තමා අර රහස් කාමරේ රහස. ඔය රහස තමා එදා මම ඔයාට එලි කරන්න හිටියේ. මට සමාවෙන්න රත්තරනේ ඔයාව මේ දවස් ටිකේ දුකෙන් තිබ්බට. ඔයා එනවා නේද මගේ ජීවිතේට අපි තව කතාවක් ලියමු.'' '' මම එනවා වීජී අයියේ හැබැයි තනියම නෙමෙයි.'' ''ඒ ගැන හිතන්න එපා පැටියෝ . ඔයා ඉන්න තැනක අනිවාරෙන් ඔයාගේ අම්මත් ඉන්නවා. මම එක පොරොන්දු වෙනවා.'' '' තව කෙනෙක් ඉන්නවා.'' ''ඒ කවුද ජිමි ටිමිද'' '' නෑ අපේ චුටි පැටියා.'' මම කුස පිරිමදිමින් කියද්දී වීජී අයියා මාව වඩාගෙන කැරකෙන්න ගත්තා. එයාගේ සතුට ඉයවහා ගිහින්. '' විජිත පුතේ ඔය දරුවා බිමින් තියන්න. ඔහොම දගලන්න හෝද නෑ. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙකුට.'' ''අපේ පැටියටයි, ඔයාටයි කවදාවත්ම දුකක් දෙන්නේ නෑ සත්තයි'' * * * * * * * ***වසර දහයකට පසු *** '' බලා ඉන්නම් දෑස් පියෙනා තුරා '' ''දුක් නොවන්නම් සිහින පුදින තුරා '' ''ඉකි බිදින්නම් ඔබේ සිතටත් හොරා '' ''සිහි කරනම් මා මියෙදෙනා තුරා '''' '''' ''මගේ චුටි පැටව් මොනවද ඔය කියවනේ .'' '' නැන්දා අම්මි මේ මල්ලි නංගි පරණ පොත් කබඩ් එක ඇදලා '' නිමිනීගෙයි විජිතගයි නිවුන් දුවයි පුතයි අතීතය සිහි කරන කවිපෙළ පදෙන් පදය කියවද්දී නිල්මිණී අතීතයට පියාබා ගියා. '' චුටි අම්මේ ඇත්තම ඒ වලව්වට මොකද වුනේ චුටි බාප්පා තාම ''මියෙදෙන තුරා'' කතාවට පස්සේ පොත ලියනවනේ. මට ඉවසුමක් නෑ ඒක කියවනකන්.'' සේව්මිනීගෙයි සුමේධගෙයි දරුවෝ දෙන්නත් හිටියේ නිල්මිණී එයාලගේ ආච්චි ලීලාවති එක්ක, ඒ ගෙදරමයි. ලොකු දුට විස්සයි චුටි දුට පහලවයි . දැන් ලීලම්මා නම් හොදටම වයසයි අවුරුදු හැටපහක් විතර. '' අපි ඒ වලව්ව වික්කා ලොකු දු'' ලීලම්මාද ඔවුන් අතරට එක්වෙමින් කිව්වා. ''ඒ ඇයි ආච්චි අම්මේ.'' '' ඒ සිද්දියෙන් පස්සේ වලව්ව මට බාර දීලා ලොකු බේබී මහත්තයා වෙනම ගෙයක් අරගෙන යන්න ගියා.ලොකු මහත්තයත් අවුරුදු ගානකට හිරේ ගියා. අපට ඔයාලගේ සීයව නැති වුනේ ඔය වලව්ව නිසා ඒකනිසා අපි ඒ වලව්ව ළමා නිවාසයකට පරිත්‍යාග කළා ,සීයට පින් ලැබෙන්න කියලා.ඔයාලගේ අප්පච්චිට ලොකු බිස්නස් වැඩකට රට යන්න වුන නිසා ඔයාලා දෙන්නව අපි ළග දාලා රට ගියේ හරිම සැහැල්ලුවෙන්. දැන් ඉතින් ඔයාලා බලාගන්න චුටි අම්මා ඉන්න නිසා ඔයාලගේ අප්පච්චිට මෙහෙ නවතින්න කල්පනාවක් නෑ. ''ආච්චි අම්මේ ශාමල් මාමලා ලගදී මෙහෙ ආවේ නෑනේ.'' ''අවුරුද්දට ඒවී දු . තාම චුටි මල්ලිට තාම මාසයනේ.'' '' අනේ ආච්චි අම්මේ.. අපි සුදු මල්ලි එකක් එමුකො . මට මේ ගෑණු ළමයි එක්ක සෙල්ලම් කරලා එපා වෙලා.'' ලීලම්මා සිනහා වෙමින් නිල්මිණීගේ නම හැවරදී පුතාව උකුල මත තබාගෙන සිප ගත්තා. ලීලම්මා දන්නවා පුතා මේ කියන්නේ පොඩ්ඩාගේ පස් හැවරදී ලොකු පුතා ගැන කියලා. '' සුදු මල්ලි විතරක් නෙමේ ශාමලී නැන්දලත් අවුරුද්දට ලංකාවට එනවා කිව්ව අයියයි ,චතු නංගි එක්ක.'' කෙතරම් ගැටළු ආවත් , අද සියලු දෙනාම හුගක් සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. වලි සෝමේ මාමා මතකද? එයා නම් තාමත් අර ගමේ පුංචි ගෙදර තමා. නිතරම වගේ දරුවෝ බලලා යන්න එනවා. එයාට ඉතින් අඩියක් ගහලා සද්දයක් දාලා ඉන්න තියෙනවා නම් ඒ ඇති. *** සමාප්තයි*** තෙරුවන් සරණයි !! සඳුනි කාංචනාගේ නිර්මාණයක් .... දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 26 Nov 2016 05:03 AM Quote Reply මේ තරම් කල් මගේ කතාව කියවන්න පොරකාපු රජතුමා එහෙම කෝ .අන්තිම කොටස කියවන්න කවූරුත් නැද්ද දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 26 Nov 2016 09:10 AM Quote Reply හී....................... මම කියෙව්වනේ.ලස්සනයි ඇ.......... 0 DushanVeteran MemberPosts:2536 29 Nov 2016 10:53 AM Quote Reply කතාව නම් හරිම ලස්සනට නිමා වෙලා තියනවා හිතුවටත් වඩා හොදට මාත් පොඩ්ඩ පොඩ්ඩ කියෙව්වා වෙලාව ලැබුන විදිහට බොහොම ස්තුති මේක කියවන්න අවස්ථාව ලබා දුන්නට 0 sha733Super Senior MemberPosts:7332 30 Nov 2016 12:38 AM Quote Reply සදුනිට තරහ ගිහින් ඉන්නේ අපේ රජතුමා කථාව කියවන්නෙ නැති නිසා 0 kingDVeteran MemberPosts:3309 01 Dec 2016 05:41 AM Quote Reply අයියෝ මන් මේ කතාව දාපු දවසෙම කියෙව්වා... මට පොස්ට් දාන්න බැරි පොඩි අවුලක් තිබුණා ..ඒකයි රිප්ලයි එකක් දාන්න බැරි උනේ... සඳුනි නගාට කේන්ති ගොහිං වගේ ඇත්තටමට හිතුවටත් වැඩිය හොඳට මේ කතාව නිම කරල තියෙනවා... හැබැයි අර අලුත් පරම්පරාවේ නෑදෑ කට්ටිය මට ටිකක් පැටලුනා ගොඩක් රසවිදපු ලස්සනම කතාවක් .... ගොඩක්ම සාර්ථකයි... ස්තූතියි අපිව වෙනමම කතා ලෝකෙකට ගෙනිච්චට නංගි ..ජය වේවා ! Business, you know, may bring money, But friendship hardly ever does. 0 sha733Super Senior MemberPosts:7332 02 Dec 2016 09:20 AM Quote Reply දැන් කේන්තිය බැහැල ඇති නගාගේ 0 සඳුනිVeteran MemberPosts:2462 02 Dec 2016 06:35 PM Quote Reply මේ කතාව කියවමින් මාව දිරි ගන්වපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි . අලුත් කතාව ඔයාලා දන්නවනේ. ''අහිමි වස්සානය.'' කියන්න දෙයක් නෑ . එක් වෙලානේ ඉන්නේ . ඔබ සැමට හද පිරි ප්‍රණාමය. තෙරුවන් සරණයි !!!!!!!!! දිනයක වැටහේවී........... 0 සඳුනිVeteran MemberPosts:2462 02 Dec 2016 06:40 PM Quote Reply දිනයක වැටහේවී........... 0 samanthaMost Senior MemberPosts:13190 02 Dec 2016 11:52 PM Quote Reply බොහොමත්ම ස්තූතියි සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Add Reply Page 13 of 13 << < 910111213 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit