You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Mar 2017 04:56 AM by  Rosi
සිනා වී නොනවතින්න. හිතට ගන්නට දෙයක් අැද්දැයි සිතා බලන්න.
 91 Replies
Sort:
You are not authorized to post a reply.
Page 5 of 5 << < 12345
Author Messages

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
08 Feb 2017 08:45 PM
ලස්සන කතාවක් දැක්කම දාන්න හිතුනා
දිනයක වැටහේවී...........
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Feb 2017 09:10 PM
නියමයි කතාව.....ආදර්ශයට ගත යුතු බොහෝ දේ තියෙනවා
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Feb 2017 09:42 PM
ජීවිතයට හොඳ පාඩමක්..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Feb 2017 11:40 AM

දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Feb 2017 11:45 AM

~ටැටු

••කෙටිකතාව•• 


  වෙහෙසකාරි සතියකට පස්සේ එළඹෙන සෙනසුරාදා තරම් මගේ හදවතට සතුට දැනෙන තවත් දවසක් නැති තරම්.. ඒ මොකද කියනවානම් අදනේ මං දහම් අයියව සතියකට පස්සේ මුණගැහෙන්නේ.. එයා ඉතිං හැම සතියෙම වගේ අදත් කලින් ඇවිත් ඉන්නවා ගෝල්ෆේස් එකට වෙලා මං එනකල්.. "මං පරක්කුද..?" හරියට ඒ ප්‍රශ්නෙත් නිකන් මනුස්සයෙක් නානවා දැක දැක නානවා නේද කියලා අහනවා වගේ හරිම මෝඩ ප්‍රශ්නයක්.. "ටිකක් විතර.. ඉතිං මහන්සිද බස් එකේ ඇවිල්ලා..?" ඒත් එයා හදවතින්ම හිනාවෙලා එයාට කොච්චර මහන්සි උනත් මගේ මහන්සිය ගැනයි හිතන්නේ.. "අපෝ ඒ ගැන කතා නොකර ඉමු දහම් අයියේ.." කියාගෙන මං එයාගේ අතින් අල්ලගත්තා. ඒවා හැමදාමත් හරිම උණුසුම් හරියට එයාගේ හදවත වගේමයි.. "දහම් අයියේ.." කකුල් දෙක ගිල ගන්න බලාගෙන ඉන්න උණුසුම් ඒත් සිනිඳු වැලි කැට උඩින් ප්‍රවේශමෙන් ඇවිදන් යන ගමන් මං ඉස්සර උනා. "හ්ම්ම්.." එයා ඉතිං පොඩි දවස් වලම බස්සෙක්ව ගිල්ලලානේ ඉන්නේ.. "මට කියන්න දෙයක් තියෙනවා.." "ඒ මොකක්ද කෙල්ලේ..?" "මං හෙට ටැටු එකක් ආට් කරන්න යනවා..!" අටුවාවිකා නැතුවම එක පාරම මාතෘකාව ඇදලා ගත්තු එක සැර වැඩිද මන්දා.. "හ්ම්.. ඔයාට..?" "ඔව් මට.." නැතුව ඉතිං ඔයාටද අනේ කියලා අහන්නත් හිතිලා මං ඔහේ කට වහන් හිටියා.. "කොහෙටද..?" අන්න ඒකනම් වැදගත් වගේම රිදවුම් ලක්ෂයක්.. කොහොමත් ඉතිං මං අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන ඉන්න තරම් අහිංසක කෙල්ලෙක්නම් නෙවෙයි රජෝ.. "හ්ම්ම් තාම ඒකනම් හිතුවේ නෑ.. එක්කෝ අතට, පිටට, කකුලට නැත්තම් පපුවට.. ඔයා දන්නවද අයියේ මං ඩිසයින් වගේකුත් සිලෙක්ට් කරා.." බංකුවට බර වෙලා මගේ කුඩේ යටට වෙලා හිටියට ඈත සිතිජය දිහා එයා දෑස් අළෝගෙන ඉන්නේ.. සමහරවිට කියන්න දෙයක් නැතුව ඇති.. හැබැයි ඉතිං එයා ආයේ මොනවා කිව්වත් මං මගේ ටැටු එක ආට් කරනවාමයි..! ••

"ක්‍රිස්ටිනා.." "මොකෝ බං..?" "මේ උඹ දැක්කද..?" කියන ගමන් සැන්ඩ්‍රා බැනියම පාත් කරලා බෙල්ල පිටි පස්සේ ආට් කරලා තිබ්බ ටැටු එකක් පෙන්නුවා. "වෝව් ඒකනම් සුපිරි බං..!" "ඕක මොකක්ද බං මේ දැක්කද මගේ ආට් පාර..?" කියාගෙන ඩල්සී නංගි කකුලේ ආට් කරලා තිබ්බ ලිය වැලක් පෙන්නුවා. "වෝව් මරු බං.. ඒක නම් කොහෙන්ද ආට් කරේ..?" ඩැෆීටත් පට්ට හැපී මට වගේම.. "බොරැල්ලෙන් බං.." "මේ බලපන් බං මං ආට් කරපු කෙහෙල් මලේ කැත.." කියලා ඩැෆියා පෙන්නුවා පිටේ ආට් කරලා තිබ්බ සමනළයෙක්ව.. ඌ සමනළයෙක්ට වඩා නිකන් පොල් කුරුමිණියෙක් වගේ.. "අපෝ ඊයා බං ඕකේ කැත.. මං ගිය ප්ලේස් එකට ගියානම් සුපිරියට කරගන්න තිබ්බා.." "ඒයි ක්‍රිස්ටිනා උඹ මොකෝ කියන්නේ ආට් කරන්නේ නැද්ද ටැටු එකක්..?" "අනේ මන්දා බං දහම් අයියා මොනවා කියයිද කියලා.." ආසාවයි බයයි මුහු උන උත්තරයක්.. "මටනම් හීනයක් වගෙ යකෝ උඹ වගේ කෙල්ලෙක්ට දහම් වගේ නෝංජලයෙක් සෙට් උන එක.." ඩල්සි මගේ වටෝරට තට්ටු කරේ හරියට අන්ත අසරණ කෙනෙක්ට පෙන්නන අනුකම්පාවකින්.. ඒ ස්වරේටනම් මට කේන්ති ගියේ දහම් අයියත් එක්ක.. මගේ යාළුවොන්ට එයාගේ බොයිස්ලාගෙන් කිසිම ප්‍රශ්නයක් නෑ ඒත් ඒකට දහම් අයියා.. "අඩේ සිරා බං උඹට මැච් වෙන්නේ සුජීව.." ඩැෆී එහෙම කිව්වන මාව ගැස්සිලා ගියා "මොකා උඹේ එක්ස් බෝයිව..?" "සිරා කතාව උඹ දහම්ව අතෑරපන් බං.." මාර කතාවක්නේ ඒක.. "හැබැයි එහෙම කරෝතින් දහම්ව මට ඕනේ.." මුන්ට විකාරද මන්දා.. "පිස්සුද බං මං දහම් අයිය්ව නැති කරගන්නේ නෑ.." නිදහස නැති උනාට මං දහම් අයියට පණ ඇරලා ආදරෙයි.. මොකද එයා වගේ කොල්ලෙක් ආයේ මට තුන් ලෝකෙන්වත් හොයාගන්න බැරි නිසා.. "ඒක උඹේ කැමැත්තක්.. ඉතිං මොකෝ කියන්නේ ටැටු එක ගැන.."

"මටත් මාර ආසාවක් බං තියෙන්නේ ඒ ගැන.." කොච්චර උත්සහා කරත් ආසාව කියන රබර් බෝලයක් ආශාවන්ගෙන් පිරුණු ජිවිතය කියන වතුර යට හංඟනවා කියන්නේ මාරම අමාරු වැඩක්.. "ඉතිං කරමුකෝ.." "මොකෝ කියන්නෙ මේ ඉරිදට සෙට් වෙමු.. මං ඇපෝයිමන්ට් එකකුත් දාන්නම්.." "හ්ම්ම් ඕකේ මං එන්නම්.." කාගෙන්වත් අහන්නේ නැතුවම මං මගේ තීරණේ ගත්තා. මේ මගේ යාළුවෝ සෙට් එකේ ඉන්නේ මමයි, ඩැෆ්නියි, ඩල්සි, සැන්ඩ්‍රායි. එයාලා මට වඩා පොශ් පැලැන්තියේ කට්ටිය ඒ නිසා මං ඇරුන කොට ඒ ත්‍රිබලම ටැටු ආට් කරලායි හිටියේ.. ඒ නිසාම වෙන්න ඇති මටත් ලොකු ආසාවක් ආවේ ටැටු එකක් ගැන.. ඒකත් හරියට ඌරාගේ පස්සෙන් හරකා ගියෝතින් ඌත් අසුචී කන්න පුරුදු වෙනවා වගේ එකක්ද.. අනේ මන්දා මොකක් උනත් හිස් චිත්‍ර පොතක් වෙච්ච ඇඟේ ලස්සනම ලස්සන චිත්‍රයක් ඇන්දයි කියලා මැරෙන්නේ නෑනේ.. එක ආසාවක් සාධාරණීකරණය කරන්න හේතු සීයක් විතර හිතෙන් මවන ලස්සන.. මටම පුදුමයි ඒ ගැන.. •• "ශිෂ්‍යත්වේ පාස් වෙච්ච උඹව, ඉඩකඩම් විකුණලා මේ වගේ ලොකු කොළඹ ස්කෝලේකට අමාරුවෙන් දාගත්තේ හොදට ඉගෙන ගන්න මිසක් විච්චූණ කරන්න නෙවෙයි දුවේ.. කෙල්ලෙක්ට වටින්නේ සල්ලිවත්, ඉගෙනීමවත්, ලස්සනවත් නෙවෙය චරිතේ අන්න ඒක හොදට මතක තියාගෙන කොළඹ අහස යට පොළවෙ පයගහලා ඉදින්.." ඕක ඉතිං හැමපාරම මං ගමේ ගියාම අපේ අම්මා රේඩියෝවක් වගේ රීපීට් කරන වදනනේ.. ඕක දැන් අහලම මට තිත්ත වෙලා.. ඒ නිසාම වෙන්න ඇති මං ගමට වඩා නගරේ ජිවිතේට මෙච්චර ලැදි.. ඒත් දැන් ඉතිං මං ස්කෝලේ ගිහින් ඉවර නිසා කාටවත් බෑ මගේ නිදහසට අනිසි විදිහට බලපෑම් කරන්න.. අනික ඉතිං පිටරට වලනම් 18 පැන්නා කියන්නේ ඕනම දෙයක් කරන්න නීතියෙන්ම නිදහස ලැබෙනවයි කියන එකනේ.. ඒකට ලංකාවේ බැදලා පවුල් වෙලත් අම්මලගේ තුරුලේ.. අපෝ මහා ලොකු සංස්කෘතියයි, සදාචාරයයි.. ඔය වචන දෙක කරන්නේ හැමදාමත් අපිව කූඩුවකට හිර කරන එක.. ශිට් ඔය ඔක්කොම කොල්ලොන්ට බලපාන්නේ නැති හැටි.. කෙල්ලෝ උනහයි කියලා අපිට කියලා ජිවිතේ විදින්න බැරිද.. කුස්සිය මුල්ල විතරද අපිට උරුම.. ඔය වගේ ප්‍රශ්න නිසා මට කොල්ලොන්වත් තිත්ත වෙනවා.. ඒත් දහම් අයියා, එයා හරිම වෙනස් මාතෘකාවක්..

මං චුටි දවස් වලලු තාත්තා නැති උනේ.. ඊට පස්සේ අම්මා අපේ කුඹුරු අස්වද්දලයි මාව කොළඹට එව්වේ ලොකු නෝනා කෙනෙක් වෙයන් 
දිනයක වැටහේවී...........
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
23 Feb 2017 11:46 AM

කියලා.. ලොකු වෙන්නවත් පොඩි වෙන්නවත් නගරයක්ම ඕනේ නෑ කියලා අපේ අම්මාලා එදා හිතුවානම් මාත් මේ වෙද්දි ගෙවිලියක් වෙන්න ගියා.. එක අතකට හොදයි අපේ අම්මාට යථාර්ථය නොවැටහුණ එකත්.. මගේ යාළුවොත් එක්ක එහේ මෙහේ යනකොට අහම්බෙන් වගේ කොෆි ශොප් එකක වේටර් කෙනෙක් විදිහට වැඩ කරන දහම් අයියව හම්බුනේ.. එයා හරිම වෙනස් කොල්ලෙක්.. කෙටියෙන්ම කිව්වොතින් දියුණු ලෝකෙක හණමිටි අදහස් දරන්නෙක්.. ඒත් එයා හරියට මට තාත්තා කෙනෙක් වගේ, ඒ නිසා වෙන්න ඇති මං එයාට ගොඩක් ආස.. එයා ළඟින් ඉන්න, කතා කරන්න, තර්ක කරන්න, එයාව පරද්දවන්න මං මාරම ආසයි.. ඒක මට හරි ජොලි වැඩක්.. මීට කාලයකට කලින් මං දහම් අයියට කිව්වේ මට ටැටු එකක් ආට් කරන්න ඕනී කියලා ඒත් එයා මට කෙලින් උත්තරයක් දුන්නේ නැතිනිසයි මමම තනි තීරණයක් ගත්තේ.. අනික ඉතිං මේක මගේ ජිවිතේනේ.. මං මොකටද කා ගාවවත් යැපෙන්නේ.. අරක කරන්නද මේක කරන්නද කිය කිය අහ අහා.. •• "සඳළි.." "ඊයා ඒ නම කියන්න එපා දහම් අයියේ.." "ඒ ඇයි..?" "ක්‍රිස්ටිනා කියන නමට මං ගොඩක් ආසයි.." "ඒත්.." "ඒත් මේත් නෙවෙයි.. කොළඹ ඉන්නකොට ඉන්න ඕනේ ඒ විදිහට, ගමේ ජරා නම් යූස් කරන්න මං ආස නෑ.." ඒක ඉල්ලීමක්නම් නෙවෙයි.. "හ්ම්ම්ම් ඔයාගේ කැමැත්තක්.." ඔව් මේක මගේ කැමැත්ත තමයි.. "අයියේ.." "හ්ම්ම්.."

හෙට මට රිදේවිද..?" "දරුවෙක් ලැබෙන කොට තරම්නම් රිදෙන එකක් නෑ.." කොටින්ම අදාල නැති උත්තරයක්නේ ඒකනම්.. අනික ඉතිං ඉදිකට්ටකින් එක පිට එක ඇනෙනවා කියනකොට දෙවියෝ බුදුන් සිහි නොවි තියේවියෑ.. "ඔයත් ටැටු එකක් ආට් කරන්නකෝ අයියේ.." "අපෝ මං ආස නෑ.." මෙයා ඉතිං හැමතිස්සෙම නෙගටිව්නේ.. ඔහොම කොහොමද අනේ අපි රටක් විදිහට ජාත්‍යන්තරයට මුහුණ දෙන්නේ.. "ඔයා හැමදාමත් ඕල්ඩ් ෆැශන විදිහටම් ඉන්නද කල්පනා කරන් ඉන්නේ..?" "මේ මගේ හැටි ඒක ඕල්ඩ්ද නිව්ද කියලා මාව ආශ්‍රේ කරන අය තේරුම් ගනී.. ඉන්න ඕන අය ඉදිවී.. යන අය යාවී.. ඒත් මම කියන්නේ මමමයි..!" මහ විකාර පිළිතුරක්.. එක අතකට අපේ උන් කියන එක හරි වගේ මට මේ වගේ නෝංජල් කොල්ලෙක්ව මැච් වෙන්නේ නෑ පොඩ්ඩක්වත්.. "සඳළි.." "මං ඔයාට කිව්වා.." ඒ පාරනම් මට කේන්ති ගියා හොදටම.. ඇයි වදේ මේ කිව්ව දේ මේ අමතක කරලනේ.. "මෙතන ඉන්නේ අපි දෙන්නා විතරනේ.." ශිට් සමාව ඉල්ලපු කැත විතරක්.. මං බලාපොරොත්තු උනේ 'අනේ සොරි ක්‍රිස්ටිනා මං ආයේ කවදාවත් එහෙම කියන්නේ නෑ..' කියයි කියලා.. "හෙට කවුරු එක්කද ඔයා යන්නේ..?" අහ් ඒ කියනේ මං හරිම නිලේ අල්ලලා තියෙන්නේ කියන එක.. නොකිව්වට දැන් හිතේ පැහැවනවා ඇති තමන්ගේ කෙල්ලගේ ඇඟේ කොහෙවත් ඉන්න මිනිහෙක් ටැටු එකක් ආට් කරන එක ගැන. හොදම වැඩේ.. ඉන්නකෝ ඉන්නකෝ හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ.. "හිතුනොත් යාළුවෝ එක්ක යනවා නැත්තම් තනියම යනවා.. ඇයි ඔයාටත් එන්න ඕනිද..?" මාත් හරියට බිළාලියක් වගේ ගොදුර එක්ක සෙල්ලම් කරලා හතිවට්ටන. ඒත් ඒකනම් මාර කුරිරූම කුරිරූ ෆීලිං එකක්..

"මං හෙට ගෙදර යනවා.. හවස පන්සලේ

කඨිනේ.." සත්තයි ඒ වෙලාවේනම් මට එක පිට එක කම්මුල් පාරවල් දහයක් පහළවක් විතර දෙනෝ දාහක් ඉස්සරහා ගැහුවටත් වඩා පුදුම ලැජ්ජාවක් ආවේ.. ඇත්තටම මේ මිනිහට පොඩ්ඩක්වත් වගක් නැති හැටි.. මහා ලොකු ගෙදරයි, ගෙදර උනුයි, පන්සලයි.. බුදු වෙන්න හදන්නවද මන්දා බැදීම් අතෑරලා.. ආපු කේන්තියටයි, ලැජ්ජාවටයි මං අත ගස්සලා පැත්තකට කරා.. අන්න ඒකටනම් එයත් පොඩ්ඩක් ගැස්සුනා.. හොද වැඩේ මේ හිතක් පපුවක් නැති මිනිහාට.. ඇයි මේ මනුස්සයට බැරි 'අනේ රත්තරනේ ප්ලීස් ටැටු එකක් ආට් කරන්න එපා..!" කියලා මගේ ගාව වැද වැටෙන්න.. මට දහම් අයියාගෙන් පේන්නම බැරි ඔය අලි ඔලුවෙන් ඉන්න රෙස්පට් ගතිය තමයි.. ඒත් තවත් වෙලාවකට මං ඒ ඩීසන්ට් ගතියට මාරම ආසයි.. එහෙමයි කියලා ඉතිං ඔය විදිහට මාව එයා ගාවට ගෙන්න ගන්න එක හොද නැහැනේ.. "රස්නෙයි නේද අද..?" කොටින්ම අදාලම නැති ප්‍රශ්නයක්නේ ඒක.. "ඔව් ටිකක් හැබැයි ඔයා තරම් නෑ.." ඒක ඇහිලා එයා හිනාවෙනවා.. ඒ හිනාව හිත පිස්සුම වට්ටනවා ඒත් මට දැන් ඕනේ නෑ පරදින්න.. "ඔයා ඔච්චරටම ආසද ටැටු එකක් ආට් කරන්න..?" "හ්ම්ම් ඔව් ඇයි..?" ආස නැත්තම් ඉතිං මං ටැටු ආට් කරනවයැ කියන්නත් හිතුනා මට.. "දවසක අපේ ළමයෙක් ඔයාගේ ටැටු එක දැක්කොතින්..?" "ඉතිං මොකද වෙන්නේ..?" "ඒක මව් පදවියට ඒ තරම් සුදුසු නැහැ නේද නංගියො..?" "ඒක මාර කතාවක්නේ.. එතකොට අර රට ඉන්න ගෑණු මිනිස්සු ටැටු ආට් කරලා නැද්ද..? ඒ ගොල්ලෝ අම්මලා, තාත්තලා නොවී ඉන්නවද..? අනික දරුවා බඩේ තියාගෙන සිගරට් බොන අම්මලා ඉන්න ලෝකේ, මං ටැටු එකක් ආට් කරා කියලා මොකද වෙන්නේ..?" කෝපය තැවරුන වචන ගොඩාක් වාතලය වෙලාගත්තා.. ගැඹුරු මුහුදෙන් ආපු මුහුදු රැළි හිත් පිත් නැති කළු ගල් උඩ ඔළුව හප්ගෙන තම පීඩනය නිදහස් කරන මේ දහවල පුදුමාකාර නිහැඩියාවක් අපිව තුරුල් කරගත්තේ අපිටම හොරෙන්.. 'සමාවෙන්න' ඒ වචනය, පුංචි අකුරු පහ උගුරෙන් එළියට දාගන්න මං විදවන තරම.. ඒත් ඇයි මං සමාවෙන්න කියන්නේ මෙතන වැරදිකාරයා දහම් අයියනේ.. මගේ හිත මට උපදෙස් දෙනවා.. එයා මගේ ළඟ ආයාචනා කරානම් ටැටු එක ආට් කරන්න එපා කියලා බොහෝ විට මං එයාගේ වචනෙට ඉහළින් නොයා ඉන්න තිබුණා..

"ඔයා දන්නවද නංගියෝ..?" එයාගේ කටහඬ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ..

කලින් වගේම හැඟීම් රහිතයි. "මොකක්ද..?" මං ඇහුවේ ඕනෑවට එපාවට.. "ටැටු ආට් කරපු අයට ලේ දන්දෙන්න හොද නැහැ.. මොකද ටැටු එකට යූස් කරන ඉන්ක් එක විසයිලු.." "ඉතිං මොකෝ..?" ඒත් මගේ ස්වරය තවමත් කේන්තියෙන් පිරිලා.. ඒක එයාට නොතේරුණෝතින් තමයි පුදුමේ.. "ඔයත් ඉතිං හෙට ඉදන් ටැටු ගහපු කෙල්ලෙක්නේ.." ඒක නිකන් ඒක කිව්වේ හරියට මං ක්ලබ් එහෙක වැඩකට යන්න දතකනවා වගේනේ.. ඒත් සමහරවිට මගේ කේන්තිය නිසා එහෙම දැනුනා වත්ද.. "ඉතිං ඔයාට මොකක්ද තියෙන රුදාව..?" ඒත් ඒක මට හිතෙනකොටත් මගේ කටින් වචන පිටවෙලත් ඉවරයි.. "ඔයා දන්නවද ලේ දන් දෙන්න යනකොට ෆෝම් එකක් පුරවන්න ඕනි කියලා.. ඉතිං ඒකේ අහලා තියෙනවා ටැටු ආට් කරලා තියෙනවද කියලා.." "ඉතිං මට මොකද..? මං කාටවත් ලේ දීලත් නෑ.. දෙන්නෙත් නෑ..!" මහම මහා උඩඟු කමින් පිරුණ වචන මගේ කටින් කොහොම පිටවෙනවද මන්දා.. "ඉතිං දවසක ඔයාට හදිස්සිම අවස්ථාවක් වෙලා ලේ දෙන්න උනෝතින්..?" "අනේ මේ අයියේ ඒකට නේද ලේ බැංකු තියෙන්නේ..? මොන කෙහෙල් මලකටද මං මගේ ලේ දෙන්නේ..? ගිහිල්ලා සල්ලි වලට හරි ලේ ගෙනල්ලා දෙනවා..!" එයා නිහඬයි.. මගේ මුළු ඇඟම ගිණියම් වෙලා ඒ රස්නේ නිසාද නැතිනම් මට ඒ තරම් කේන්ති ගිහින්ද.. ඊටත් වඩා දහම් අයියව පරාද කරාය කියන හරිම ආත්මාර්ථකාමී, ආත්මාභිමානයකින් මගේ මුළු හිතම පිරිලා ගිහිල්ලා. අහ් එයා හිතන්න ඇති මාත් එක්ක කතා කරලා දිනන්න.. කෙල්ලෙක් උනහයි කියලා කොල්ලෙක්ට පරාද වෙන්න තරම් මං දුර්වල නැහැ.. අදවත් දහම් අයියා ඒක හොදට තේරුම් ගනීනේ.. හොද වැඩේ පඩි ටෝක් දීගෙන ආවට හිතේ ඇති මගේ හිත වෙනස් කරන්න.. උඩඟු හිනාවකින් මගේ මුණ හැඩවෙලා ගිහිල්ලා..

"හෙටින් පස්සේ එළඹෙන දවසක ඔයාගේ කුසින්

බිහිඋන දරුවෙක්ට ලොකු හදිස්සියක් වෙලා ඔයාට ලේ දෙන්න උනෝතින් හිතට එකඟව ඔයාට ඒක කරන්න පුළුවන්ද සඳළි..?" හිතාගන්නවත් බැරිවෙලාවක, හිතුවෙවත් නැති වචන ගොඩක් අස්සේ අන්ත අසරණ විදිහට මාව හිරවෙලා.. ටිකකට කලින් උද්දච්ච විදිහට කතා කරපු හිත ගොළුවෙලා ගිහිල්ලා.. අනේ මොනවාහරි කියන්නකෝ මං මොකක්ද දැන් දෙන්න ඕන උත්තරේ.. උඩඟුකම, කේන්තිය අන්ත අසරණ විදිහට මාව මගේ හිත අස්සෙම හිරකරලා පැනලා ගිහිල්ලා.. හැඟීමක් දැනීමක් නැති විදිහට මං මහ මුහුද දිහා බැලුවා.. හැමදේම දරාගෙන ඉන්න මුහුද ගොඩක් ලස්සනට උනාට හරිම ගැඹුරුයි.. හරියට මගේ දහම් අයියා වගේ.. කපලා දාපු ගහක් වගේ මං එයාගේ උ‍රහිසට ඔළුව තියාගත්තා.. ආයේමත් වතාවක් එයාගේ උණුසුම් අත් දෙක අත‍රට මගේ සීතල අත් හිර උනා.. කටින් පිටකරගන්න බැරි හැඟීම් ගොඩකුත් පොදි බැඳගෙන මගේ ඇස් කොණින් කඳුළු වරුසාවක්ම පල්ලම් බැස්සේ දහම් අයියාගේ ශර්ට් එක උඩ රටා මවන්න හිතාගෙනද කොහෙද.. හරිම ආදරණීය, ඉරටත් වඩා උණුසුම් හාදුවක් මගේ නළල උණුසුම් කරේ හරිම ඉවසිමකින්.. මගේ මනස වෙළාගත්තු බහුබූත අදහසුත් ඒ ගමන්ම පිච්චිලා යනවානම් කොයිතරම් දෙයක්ද.. එතකොටම මට මතක් උනේ දහම් අයියා ටිකකට කලින් කිව්ව දේ, "මේ මගේ හැටි ඒක ඕල්ඩ්ද නිව්ද කියලා මාව ආශ්‍රේ කරන අය තේරුම් ගනී.. ඉන්න ඕන අය ඉදිවී.. යන අය යාවී.. ඒත් මම කියන්නේ මමමයි..!"


<•>නිමි<•>

දිනයක වැටහේවී...........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 Feb 2017 10:57 PM
ඉතාමත් අර්ථවත් කතාවක්..
අපේ ජීවිතයේ සදා රැදෙන අය රැක ගැනීම අපගේ ලොකු වගකීමක්..
ඒ වගේම අපි මහ පොළවේ ජීවත් විය යුතුයි...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
23 Feb 2017 10:59 PM
ඒ වගේම අපි යම් දෙයක් කිරීමට පෙර වරක් දෙවරක් පමණක් නොව විසි තිස් වරක් සිතිය යුතුයි..
එවිටත් එන්නේ නිවැරදි තීරණය නම් ක්‍රියාත්මක කිරීමට පසු බට වෙන්න එපා...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Feb 2017 05:47 PM
හ්ම්ම්ම්ම්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
03 Mar 2017 06:20 PM
අපිට ආදරේ කරන අයට අපි ඇහුන්කන් දෙන්න ඕනේ ,,එයාලගේ වටිනාකම දැනෙන්නේ කවද හරි තනි වුන වෙලාවක . ලස්සන කතාවක් .
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
07 Mar 2017 02:10 PM
මගේ මිතුරියක් ලියපු කෙටි කතාවක් මේක .. මම ලියන්න පටන් ගන්නත් කලින් මම කියපු එකක්. හිතේ රැදිලා තිබුණා ඒකයි ඔයාලටත් දුන්නේ
දිනයක වැටහේවී...........
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Mar 2017 04:56 AM
එත් ටැටූ ඉන්ක් එක විසයි කියලා නම් දැන ගත්තේ මේ කතාවෙන් ,එක ඇත්තද 
0
You are not authorized to post a reply.
Page 5 of 5 << < 12345