Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 10 of 137 << < 89101112 > >> Author Messages samanthaMost Senior MemberPosts:13190 09 May 2017 09:53 PM මේ මෙනූ එක ඉදිරිපත් කරලා කාලයක් වෙනවා නේද? ඒත් මේවා හරි හැටි ක්‍රියාත්මක වෙනවාද කිය සොයා බලන්න ක්රමවෙදයක් නැහැ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 10 May 2017 05:25 PM පැරසිටමෝල් භාවිතය ප්‍රවේසමෙන් පැරසිටමෝල් යනු ලෝකයේ බහුලවම භාවිතා වන වේදනා නාශකයයි. එමෙන්ම ලෝකයේ වැඩියෙන්ම අවභාවිතාවන ඖෂධයත් මෙය බවට පත්ව ඇත. මෙම ඖෂධය සමහර රටවල ඇසිටමිනොපේන් යන නමින්ද හඳුන්වනු ලැබේ. වේදනාව සහ උණ ඇතිකිරීමට දායක වන සිරුර තුල නිපදවෙන ප්‍රොස්ටාග්ලැන්ඩින් නම් රසායනික ද්‍රව්‍යය නිපදවීම අඩාල කිරීම මගින් මෙම ඖෂධය සිරුර තුල ක්‍රියාත්මකවේ. ඖෂධය භාවිත කිරීමෙන් පසු එය සිරුරට අවශෝෂනය වී රුධිර ධාරාවට එකතුවේ. එමගින් සිරුර පුරා ගමන්ගන්නා මෙම රසායනික ද්‍රව්‍යය සිය ක්‍රියාකාරිත්වය සිරුර තුළ, අවශ්‍ය පටක මත ඇති කරනු ලැබේ. කෙසේ වෙතත් මෙම රසායන ද්‍රව්‍යය සිරුරට ආගන්තුක ද්‍රව්‍යයක් වන බැවින් අක්මාව මගින් මෙය සිරුරින් ඉවත්කිරීමට කටයුතු කරනු ලබන්නේ අක්මාව අපගේ සිරුරෙහි තත්ත්ව පාලන ඉන්ද්රිය වන බැවිනි. නමුත් පැරසිටමෝල් අක්මාව තුල වියෝජනයට ලක්වීමේදී නිපදවෙන අතරමැදි ඖෂධ කොටස් මගින් අක්මාවේ සෛල විනාශ කරනු ලැබේ. මේ හේතුව නිසාම කෙතරම් ප්‍රයෝජනවත් සරල ඖෂධයක් වුවත් සිරුරට අහිතකර නොවන නමුත් රෝග ලක්ෂණ සමනයකට පත්කිරීමට ප්‍රමාණවත් මාත්‍රාවක් ගැනීමට ප්‍රවේසම් සහගත විය යුතුය. සමහර පුද්ගලයින් සිය උණ හෝ හිසරදය වැනි වේදනාවන් සමනය කරගැනීම සදහා වැඩි ඖෂධ මාත්‍රාවක් ලබා ගන්නා අවස්ථා දක්නට ලැබේ. නමුත් පැරසිටමෝල් වල ප්රශස්ත රෝග පාලන මාත්‍රාව වන්නේ සිරුරෙහි බර කිලෝග්රැම් එකකට පැරසිටමෝල් මිලිග්රැම් 15ක් වන අගයෙනි. මෙයට වඩා කොපමන මාත්‍රාව වැඩිකළ ද එමගින් ඉන් ලැබෙන රෝග පාලන හැකියාව වෙනස් නොවේ. නමුත් එමගින් අක්මාවේ සෛල විනාශවීම සීග්‍රයෙන් වැඩිවේ. වයස අවුරුදු 1ත් 6ත් අතර දරුවන්ට සිරුරේ බර කිලෝග්රෑමයකට පැරසිටමෝල් මිලිග්රැම් 150 කට වඩා ගත් විටදීත් වැඩිහිටි අයෙකුට දිනක් තුළ ආසන්න වශයෙන් පැරසිටමෝල් ග්රැම් 7.5 කට වඩා ගත් විටදීත් එය සිරුරට හානිදායක වනු ඇත. පැරසිටමෝල් අධිමාත්‍රාවක් ගත් විට එය සිරුර තුළ දක්වන ක්‍රියාකාරිත්වය මත රෝග ලක්ෂණ ඇතිකරනු ලැබේ. මෙය ප්‍රධාන අවස්ථා 4කට වෙන්කර දැක්විය හැකි. 1 වන අවස්ථාව පැරසිටමෝල් අධි මාත්‍රාව ශරීර ගතවී පැය භාගයත් පැය 24ත් ඇතුළත කාලය. මෙහිදී රෝගියා කිසිදු රෝග ලක්ෂනයක් නොපෙන්වා සිටිය හැකිය. සමහර විටෙක කෑම අප්‍රිය ගතිය, ඔක්කාරය,වමනය සහ විඩා ගතිය පෙන්විය හැකිය. 2 වන අවස්ථාව පැය 18 ත් 72ත් අතර කාලය සිරුරේ දකුණු පස උදරයේ ඉහළ කොටසේ වේදනාව, ඉහත ලක්ෂන වලට අමතරව ඇතිවිය හැකියිs. හෘද ස්පන්දන වේගය වැඩිවීම සහ රුධිර පීඩනය අඩුවීමද සමහර විට දක්නට ලැබේ. මුත්‍රා පිටවීම අඩුවීමත් සමහර රෝගීන් තුළ දක්නට ලැබේ. 3 වන අවස්ථාව පැය 72 ත් 96 ත් අතර කාලය. ඉහත රෝග ලක්ෂන වලට අමතරව අක්මාවේ සෛල විනාශවීම නිසා සිරුර කහ පැහැ ගැනීම, රුධිරය කැටි නොගැසීම නිසා පහසුවෙන් රුධිර වහනය වීම, රුධිර සීනි මට්ටම පහළ බැසීම මෙන්ම මොළයේ ක්‍රියාකාරිත්වයට බලපෑම නිසා නොසන්සුන් බව, විපිලිසර බව සහ සිහිය නැතිවී යාමද මෙම අවස්ථාවේදී සිදුවිය හැකිය. ක්ෂනිකව ඇති වන වකුගඩු අක්‍රියවීම ද සමහර රෝගින් ගෙන් දක්නට ලැබෙන රෝග ලක්ෂණයකි. බහු ඉන්ද්රිය අකර්මන්‍යතාව හේතුවෙන් මෙම අවස්ථාවේ රෝගියා මරණයට පත්විය හැකිය. 4 වන අවස්ථාව දින 4 ත් සති 3ත් අතර කාලය. ඉහත 3වන අවස්ථාව පසු කිරීමට හැකි වුවහොත් මෙම අවධියේදී අක්මාව සහ අනෙකුත් ඉන්ද්‍රියන් යථා තත්වයට පත්වේ. කෙසේ වුවද එවන් පැරසිටමෝල් අධිමාත්‍රාවක් භාවිත කළ අයෙකු හැකි ඉක්මනින් රෝහල් ගතකළහොත් ඒ සඳහාම ඇති ඖෂධයක් ශරීර ගතකර අක්මාවට වන හානිය අවම කරගත හැකි නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුය. කෙතරම් වටිනා ඖෂධයක් වුවද වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගත හැකි වුවද මෙම ඖෂධය අත්‍යවශ්‍ය විටකදි පමණක් නියමිත මාත්‍රාව නොඉක්මවා ලබාගැනීම ඉතා වැදගත්වේ. වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ MBBS (PERADENIYA) ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 May 2017 05:25 PM දිනකට කැලරි අඩු ආහාර වේලක් හා නිරාහාරව සිට ගන්නා ආහාර වේලකින් ශරීරයේ බර අඩු කළ හැකි බව හෙළිවේ දෛනිකව ගනු ලබන කැලරි ප්‍රමාණය අඩු කිරීමෙන් හෝ නිශ්චිත කාලසීමාවක් නිරාහාරව සිටීමෙන් ශරීරයේ බර අඩු කර ගත හැකි බව අධ්‍යයනයකදී හෙළි වී තිබේ. "ජාමා" අභ්‍යන්තර වෛද්‍ය සඟරාවෙහි ඉකුත් සඳුදා (01 දා) පළ කරන ලද එම අධ්‍යයනයෙහි වාර්තාවට අනුව දෛනිකව ලබා ගන්නා කැලරි ප්‍රමාණය අඩු කර ගැනීමෙන් හා නිශ්චිත කාල සීමාවක් නිරාහාරව සිටීමෙන් ශරීරයෙහි බර අඩු කරගත හැකි බව සායනික මට්ටමින් තහවුරු වී ඇත. මෙම අධ්‍යයනය මෙහෙයවු ඇමරිකා එක්සත් ජනපදයෙහි චිකාගෝ නගරයෙහි ඉලිනොයි සරසවියෙහි පෝෂණවේදය පිළිබඳ මහාචාර්ය ක්‍රිස්ටා වරාඩි පවසනුයේ වසර 2011 සිට 2015 දක්වා කාලය තුළදී වැඩිහිටියන් 100 දෙනකු ආශ්‍රිතව සිදු කර ඇති මෙම අධ්‍යයනයේදී එම වැඩිහිටියන් කණ්ඩායම් තුනකට බෙදා එම කණ්ඩායම්වලට පිළිවෙලින් දිනක් නිරාහාරව සිටින විට ගත යුතු ආහාර වේලක් ද, කැලරි අඩු ආහාර වේලක්ද ලබාදීමට හා කිසිදු ආහාර වේලක් ලබා නොදීමට පියවර ගෙන තිබේ. නිරාහාරව සිටින විට ගනු ලබන ආහාර වේල ලබා ගත් කණ්ඩායමට අයත් සාමාජිකයන්ට ඔවුන් දෛනිකව ලබා ගත යුතු කැලරි ප්‍රමාණයෙන් සියයට 25 ක් ගැනීමටත් මෙහිදී නිර්දේශ කර තිබේ. කැලරි අඩු ආහාර වේලක් ලබා දුන් කණ්ඩායම දිනකට ලබා ගැනීමට නිර්දේශ කළ කැලරි ප්‍රමාණයෙන් සියයට 75 ක් ලබා ගැනීමට සලස්වා තිබේ. මෙසේ නිරාහාර ආහාර වේලක් හා කැලරි අඩු ආහාර වේලක් ලබාගත් ගත් කණ්ඩායම් සඳහා මුල් මාස තුන තුළදී ආහාර ලබාදී ඇති අතර ඉදිරි මාස නවයක කාලය තුළදී ඔවුන්ට රිසි ආහාර වේලක් ලබා ගැනීමට සලස්වා තිබේ. වසරක කාලයකින් පසු නිරාහාර ආහාර වේලක් ගත් කණ්ඩායමේ සාමාජිකයින්ගේ සාමාන්‍ය ශරීර බර ප්‍රමාණය සියයට 6 කින්ද, කැලරි අඩු ආහාර වේලක් අනුභව කළ කණ්ඩායමේ සාමාජිකයින්ගේ ශරීර බර ප්‍රමාණය සියයට 5.3 කින්ද අඩුවී තිබු බව වරාඩි පවසන්නීය. මෙම කණ්ඩායම් දෙකෙහිම ශරීර බර ප්‍රමාණය අඩු වීම අතර සමානත්වයක් දක්නට ලැබුණද නිරාහාර ආහාර වේල ගත් කණ්ඩායමේ සාමාජිකයින් වැඩි පිරිසක් තම ආහාර වේල වංචා කර ඇති බව අනාවරණය වී තිබිණි. මෙම අධ්‍යයනය තවදුරටත් ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බව පර්යේෂකයින් කණ්ඩායම සඳහන් කර ඇත. මෙම අධ්‍යයනය පිළිබඳව අදහස් දක්වන දකුණු කැලිෙµdaනියානු සරසවියෙහි මහාචාර්ය වෝල්ටර් ලොන්ගෝ පවසනුයේ මෙම අධ්‍යයනය අධි බරැති හා ස්ථුලතාවය සහිත වැඩිහිටියන්ට ප්‍රයෝජනවත් වන බවයි. එහෙත් දියවැඩියාව ඇතුළු ඇතැම් රෝගාබාධවලින් පෙළෙන අයට දවසෙන් නිශ්චිත කාලසීමාවක් නිරාහාරව සිට ආහාර වේලක් ගැනීම හානිකර විය හැකි නිසා එවැනි ආහාර වේලක් ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා ලබාගන්නේ නම් වෛද්‍යවරයෙකු හමුවී ඒ සඳහා උපදෙස් ලබා ගත යුතු බව ඔහු සඳහන් කර සිටී. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 May 2017 05:26 PM මේදය සහිත හා රහිත කිරි නිෂ්පාදනයන් පරිභෝජනයෙන් ආඝාතය හා හෘද රෝග අවදානම අඩුවේ මේදය රහිත, මේදය අඩු හෝ සම්පූර්ණ මේදය සහිත කිරි වර්ග හෘද රෝග වැඩි කිරීමට නොව අඩු කිරීමට හේතු කාරක වන බව බටහිර පර්යේෂකයින් විසින් සිදු කරන ලද අධ්‍යයනවලදී හෙළි වී තිබේ. මෙම අධ්‍යයනවලදී අනාවරණය වී ඇත්තේ අධික මේදය සහිත කිරි නිෂ්පාදනවලින් මෙන්ම අඩු මේදය සහිත කිරි නිෂ්පාදනවලින් හෘදය වස්තුවට ආරක්ෂාව ලබා දෙන බවයි. විශේෂයෙන්ම හෘදය වස්තුවට ආරක්ෂාව සලස්වන කිරි නිෂ්පාදනයන් අතර යෝගට් හා චීස් ප්‍රධාන බව අනාවරණය වී තිබේ. පසුගිය වසරේදී (2016) පළ කරන ලද කිරි නිෂ්පාදනයන් සම්බන්ධ අධ්‍යයනයන් 31 කදී හෙළිවී ඇත්තේ සම්පූර්ණ මේදය සහිත හා අඩු මේදය සහිත කිරි නිෂ්පාදනයන් පරිභෝජනය කිරීමෙන් ආඝාතය (ස්ට්‍රොaක්&zwnj වැළඳීමේ අවදානම සියයට 9 කින් අඩු වන බවත් ඒවායේ අඩංගු කැල්සියම් මගින් ආඝාතය වැළඳීමේ අවදානම සියයට 31 කින් අඩු කරන අතර චීස් පරිභෝජනයෙන් සංජානනීය හෘද රෝග හා ආඝාතය වැළඳීමේ අවදානම පිළිවෙළින් සියයට 18 කින් හා සියයට 13 කින් අඩු වන බවයි. ඩේරි නියුට්‍රිෂන් වෙබ් අඩවියෙහි පළවූ වාර්තාවක් ඇසුරිනි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 May 2017 05:27 PM "ලිංගාශ්‍රිත රෝගයක් වන හ (ර්)පීස් රෝගය සඳහා දේශීය වෙදකමෙන් අත් බෙහෙත් කිහිපයක්" * අයිස් කැට කිහිපයක් ගෙන ආසාධිත ප්‍රදේශය තුළ විනාඩි කිහිපයක් සෙමින් ගල්වන්න. * උණුසුම් තේ බෑගයක් (ටී බෑග්) ගෙන ආසාධනය පවතින ප්‍රදේශය තුළ පැය භාගයක් පමණ තබන්න. * ලෙමන් බාම් සාරය හර්පීස් ආසාධනය සඳහා යොදාගත හැකි තවත් අත් බෙහෙතකි. * පලතුරු හා එළවළු වැඩි වශයෙන් ආහාරයට ගැනීම හ(ර්)පීස් රෝගීන්ට ගුණදායකය. * සින්ක්a, යකඩ වැනි ලවණ වර්ග මෙන්ම විටමින් අධික ආහාර වර්ග වැඩියෙන් පරිභෝජනය කරන්න. ඉන්දීය ජාතික දේශීය වෛද්‍ය ශෂිකාන්ත් එස්. සෙත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 10 May 2017 09:05 PM බොහොමත්ම ස්තූතියි අපව දැනුවත් කලාට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 hasithadSuper Senior MemberPosts:5795 11 May 2017 07:19 AM ලිපි 4ටම ස්තූතියි මල්ලි. මේ අතරිනුත්පැරසිටමෝල් ගැන පල කරලා තියෙන ලිපිය සෑහෙන වැදගත්. 0 chamaramindMost Senior MemberPosts:13471 11 May 2017 08:25 AM එච්.අයි.වී. ඖෂධ සාර්ථක වන ලකුණු ඒඞ්ස් ඇති කරන එච්.අයි.වී. (මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය) සඳහා ලබා දෙන නව ඖෂධ (රෙට්රොවීර් මිලි ග්‍රෑම් 250) සාර්ථක බවත්, එච්.අයි.වී. ආසාදිතයන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරමින් ඔවුන්ගේ ආයුෂ වැඩි කිරීමට ද මෙම ඖෂධවලට හැකිවී ඇති බවත් වාර්තා වේ. මෙම නව ඖෂධ හඳුන්වා දී ඇත්තේ 2010 වසරේදීය. 1996 වසරේ ලබා දුන් ඖෂධවලට වඩා මෙම නව ඖෂධ සාර්ථක යැයි වෛද්‍ය පර්යේෂකයෝ වැඩි දුරටත් පැහැදිලි කරති. (බී.බී.සී) http://middleeast.lankadeepa.lk/24_news/%E0%B6%91%E0%B6%A0%E0%B7%8A-%E0%B6%85%E0%B6%BA%E0%B7%92-%E0%B7%80%E0%B7%93--%E0%B6%96%E0%B7%82%E0%B6%B0-%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A-%E0%B7%80%E0%B6%B1-%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94/40-2677 HIV ආසාදිතයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ නංවාගන්න පුළුවන් මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය හෙවත් HIV වෛරසය ආසාදිතයින්ට සාමාන්‍ය ආයු අපේක්ෂාව පවත්වාගෙන යාමේ අවස්ථාව උදාවී ඇති බව අධ්‍යයන වාර්තාවක් පෙන්වා දෙයි. එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය මඟින් සිදුකළ අධ්‍යයනයකදී තහවුරු වී ඇත්තේ HIV ආසාදිතයින් සඳහා සිදුකරන ප්‍රතිකාර වල දියුණුව හේතුවෙන් මෙම තත්වය උදා වී ඇති බවයි. ඒ අනුව නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් HIV ආසාදිතයින්ගේ ආයු අපේක්ෂාව, මීට පෙර පැවති තත්වයට වඩා වසර 10කින් පමණ ඉහළ නංවාගැනීමට හැකි බව එම වාර්තාවෙන් පෙන්වා දෙයි. එහෙත් එන්නත් මාර්ගයෙන් ඖෂධ ලබාගත් පිරිස් වෙත මෙතෙක් එම ආයු අපේක්ෂාව ඉහළ නංවාගැනීමට හැකි වී නොමැති බව අනාවරණය වී තිබේ. අධ්‍යයන කණ්ඩායම පෙන්වාදෙන්නේ මෙම තත්වය පසුගිය වසර 40 තුළ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් ලබා ඇති ඉහළම සාර්ථකත්වය බවයි. http://sinhala.adaderana.lk/news/73044/-HIV-%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%86%E0%B6%BA%E0%B7%94-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80-%E0%B6%89%E0%B7%84%E0%B7%85-%E0%B6%B1%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 11 May 2017 06:22 PM එහෙනම් බයවෙන්න දෙයක් නැහැ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 12 May 2017 06:41 PM මාසික වේදනාවට, බඩේ පිළිකාවට, දියවැඩියාවට, කියාපු බේත පැපොල් ලංකාවේ අපට සුපුරුදු සහ බහුලව දක්නට ලැබෙන පළතුරක් වන ගස්ලබු හෙවත් පැපොල් තුළ අඩංගු ඉහළ පෝෂණ ගුණය ගැන මේ විස්මිත කරුණු ඔබ දැන සිටියාද? • විටමින් සරුසාර පෝෂණය පැපොල්වල කැලරි ප්‍රමාණය අඩුවේ. එය විටමින් A වලින් සරුසාරය. එසේම ඉදුණු පැපොල් කෑල්ලක් තුළ විටමින් C ද බහුලය. විටමින් Bවල අත්‍යවශ්‍ය කාණ්ඩ ගණනාවක්ම එහි අන්තර්ගතය. ෆෝලික් අම්ලය, තයමින් හෙවත් B1, රයිබෝ ෆ්ලෙමින් හෙවත් B2, පැන්ටෝතෙනික් අම්ලය හෙවත් B5 සහ පිරිඩොක්සින් හෙවත් B6 එලෙස අන්තර්ගත ද්‍රව්‍ය වේ. ඒ හැර පැපොල් යනු ඉහළ කෙඳිති ප්‍රමාණයක් සහිත ආහාරයකි. ඒ තුළ මැග්නීසියම් පොටෑසියම්, තඹ මෙන්ම විටමින් K ද අන්තර්ගතය. • ඇසට ගුණයි විටමින් A සරුසාර නිසාම, එය ඇසට ගුණදායකය. වයසත් සමග ඇතිවන මාංශපේශි දුර්වලවීම සහ දිරාපත්වීම අවම කිරීමට මේ තුළ අඩංගු සේසැන්තීන් සහ ලුටින් සමත්ය. • ප්‍රතිශක්තිය ඉහළ දමයි විටමින් C, විටමින් A, සරු නිසාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රබෝධමත්ව ක්‍රියාත්මකව තබයි. මේ නිසා පැපොල් රෝගාබාධවලින් වැළකීමටද උපකාරයකි. • බඩවැලේ පිළිකා නසයි කෙඳිතිවලින් සාර නිසා බඩවැල් තුළ පිළිකා කාරක රැඳීම වළක්වයි. පැපොල් තුළ සරු විටමින් C, විටමන් E, බීටා කැරොටින්, ෆෝලේට් ආදිය පිළිකා නාශක ගුණයෙන් අනූනය. • හෘද රෝගවලට ගුණයි ප්‍රතිඔක්සිකාරක වන බීටා කැරොටින් සහ ලයිකෝපින් මෙන්ම විටමින් C සහ E ආදිය නිරෝගී නහර පද්ධතියක් පවත්වා ගැනීමට ආධාර වන්නේ කොලෙස්ටරෝල් ඉවත් කිරීමෙනි. ෆෝලීක් අම්ලය මගින් හෘදයාබාධ සහ ආඝාතය වැළැක්වීමද සිදුවෙයි. පැපොල්වල අන්තර්ගත කෙඳිති නරක කොලෙස්ටරෝල් LDL අඩු කිරීමට ආධාරයකි. පැපොල් තුළ පොටෑසියම් සරු නිසා රුධිර පීඩනය සහ ස්පන්දනය නිරෝගීව තබා ගැනීමටත් එය ආධාරයකි. ඉදුනු පැපොල්වලටත් වඩා අමු පැපොල්වල පොටෑසියම් බහුලයි. • දීප්තිමත් සමක් ප්‍රතිඔක්සිකාරක වන විටමින් C සහ E මෙන්ම කැරොටිනොයිඩ නිසා සෛල වයසට යාම වළක්වයි. මෙනිසා සමරැලි වැටීම දුර්වර්ණ වීම නවතියි. • දියවැඩියාවට ගුණයි පැණි රස වුණත් මෙහි ඇත්තේ අඩු ග්ලූකෝස් ප්රමාණයකි. මේ නිසාම එය දියවැඩියාව ඇති රෝගීන්ට ගුණදායකය. මෙහි ඇති ස්වභාවික ප්‍රතිඔක්සිකාරක ගුණයද සමබල පෝෂණයකට උපකාරයකි. • මාසික වේදනාවට සහනය කාන්තාවන්ගේ මාසික ශුද්ධිය ඇති දිනවල පැපොල් වැඩියෙන් ආහාරයට ගතහොත් එය ඒ දිනවල ඇතිවන වේදනාව සමනයට ආධාරයක් වෙයි. පැපොල් තුළ ඇති එන්සයිම සරු බව මගින් මේ ප්‍රතිලාභය හිමිකර දෙයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 May 2017 06:41 PM ලොකු වෙන්න බේත් නෑ ලිංගයේ ප්‍රමාණය පිළිබඳ සමහරුන් තුළ මතුවන ගැටලුව ගැන අපි ගිය සතියේ ආරම්භ කළ කතාබහට තවත් කරුණු කිහිපයක් එක්කර ගැනීමට මේවර අපි විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ හට ආරාධනා කළා. විශේෂයෙන්ම කෙනෙකුගේ ස්වභාවික ලිංගේන්ද්‍රිය වඩාත් ලොකු කරගන්න වර්ධනය කර ගන්න තියෙනවා යැයි කියන ඖෂධ වර්ග ගැනයි අපි ඇසුවේ. ඇත්තටම එබඳු වර්ධනාලේප, පෙති, කරල්, සැත්කම් තියෙනවාද? මේ වගේ ඖෂධ ගැන පුරසාරම් දොඩන්නේ වෙළඳ දැන්වීම්වලින් තමා. සාමාන්‍යයෙන් කෙනෙක් වැඩිවියට ළංවූ විට දක්නට ලැබෙන ද්විතියික ලිංගික ලක්ෂණ වර්ධනය කරගැනීමටත්, හෝමෝන ඌනතා නිසා ඇතිවන ගැටලු සඳහාත් ප්‍රතිකාර කරන අවස්ථා තියනවා. ටෙස්ටොස්ටෙරොන් පුරුෂ හෝර්මෝනය අඩු අයට එය ලබාදෙන අවස්ථා තියෙනවා. නමුත් එබඳු ඌනතාවක් නැති සාමාන්‍ය අයට ඒ හොර්මෝනය දීලා වැඩක් නෑ. හෝර්මෝන ගත්තාය කියලා ඒ අයගේ ප්‍රමාණයේ වෙනසක් වෙන්නෙත් නෑ. මේ නිසා කියන්න ඕනෑ ඔය දැන්වීම්වල ඇති වර්ධනාලේප, පෙති, කරල්, කුඩු ගැන විශ්වාසය තියන්න එපා කියලයි. දැන් ලෝකයේ වෛද්‍ය විද්‍යාව දියුණු කියන සැත්කම් මගින් ප්‍රමාණය විශාල කරගන්න පුළුවන්කමක් තියෙනවාද කියලා බොහෝ දෙනා විමසනවා. ඒ ගැන තත්ත්වය කෙබඳුද? මේ වගේ සැත්කම් අමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල සිදුවෙනවා. ඒ වගේම අලුතෙන්ම සාදාදෙන අවස්ථාත් තියෙනවා. නමුත් මේවා මිල අධික ප්ලාස්ටික් සැත්කම් ගණයට අයත් ඒවායි. ඉතින් මේ අධික මිල ගෙවා කරන සැත්කම සාමාන්‍ය ජීවිතයට මුහුණ දෙන්නට නොහැකි අය සඳහා ඇති පිළියමක් පමණයි. ඒක හැමෝටම අවශ්‍ය නෑ. සමහරු හිතනවා ප්‍රමාණය ලොකු වුණාම ලොකු ආකර්ෂණයක් ලැබෙනවා කියලා. සාමාන්‍යයෙන් විවාහවෙලා දරුවකු ලබාගන්න මේ ප්‍රමාණය කියන සාධකය කිසිසේත් බලපාන්නේ නෑ. කුඩා අය ලොකු කරගන්න හිතනකොට ලොකු අය පීඩාවට පත්වෙලා ඉන්නවා. තමන්ට කාන්තාවක් හා එක්වන්නට බැරිවෙයි කියලා. සාමාන්‍යයෙන් කාන්තාවගේ ශරීරය අවශ්‍ය අන්දමට ප්රසාරණයට ලෑස්තියි. දරුවෙකුගේ හිසක් එළියට එන්නට තරම් එය ප්‍රසාරණය වීමට සමත්. ඉතින් සාමාන්‍ය ලෝකයේ ඊට වඩා ලොකු ප්‍රමාණයේ ලිංගේන්ද්රියක් ගැන මෙතෙක් නම් වාර්තා වෙලා නෑ. කොටින්ම කියන්න ඕනෑ මේ ප්‍රමාණය කියන සාධකය කිසිසේත්ම ප්‍රීතිමත් විවාහ ජීවිතයකට අදාළ නැති සාධකයක් කියලයි. ඒ වගේම මේ අවයවයට විතරක් නොවේ මුළු ශරීරයේම වර්ධනය මනාව පවත්වා ගන්න නම් හොඳ සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීමයි වැදගත්. පළතුරු එළවළු වැඩි සමබල ආහාර ගැනීම, අවශ්‍ය තරම් ජලය පානය, දිනපතා ව්‍යායාම, හොඳ නින්දක් ලැබීම, මත්පැන් දුම්වැටිවලින් තොර ජීවිතයක් ගත කිරීම, මේ තමා රහස්. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 May 2017 06:42 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 May 2017 06:45 PM දවසට දෙදෙනෙක් බිලිගන්නා මුඛ පිළිකාව ශ්‍රී ලංකාව තුළ සෑම වසරක් පාසා අලුතෙන් මුඛ පිළිකා රෝගීන් 1500ත් 2000ත් අතර සංඛ්‍යාවක් වාර්තාගත වන බව සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙයි. එසේම, සෑම දිනකම මුඛ පිළිකාව හේතුකොට දෙදෙනකු මියයන බවද වාර්තා වෙයි. මේ අනුව ලංකාව ලෝකයේ මුඛ පිළිකා බහුලව වාර්තා වන රටවල් අතර පස්වැනි තැනට පත්ව තිබේ. එහෙයින්ම අද මුඛ පිළිකාව පිළිබඳව දේශය පාඨක ඔබ දැනුවත් කරන්නට අපි සිතුවෙමු. එදිනෙදා ජීවන රටාවේ සුළු වෙනස්කම් කිහිපයක් කර ගැනීමෙන් හා සාමාන්‍යයෙන් තමන්ටම කරගත හැකි මුඛ පරීක්ෂාවක් සිදුකර ගැනීමෙන්ද කුඩා සැකයක් හෝ පහළ වූ වහාම වෛද්‍ය උපදෙස් පැතීමෙන්ද මේ මාරාන්තික රෝගයෙන් බේරෙන්නට හැකි බව ඔබ දන්නවාද? • මුඛ පිළිකා රෝග ලක්ෂණ මුඛ පිළිකාවේ මුල් අවධියේදී කැපී පෙනෙන රෝග ලක්ෂණ පෙන්වන්නේ නැත. ඔබ නිතර දුම්පානය කරන මත්පැන් භාවිතයට ගන්නා මෙන්ම දුම්කොළ සහිත බුලත්විට සපන අයෙක් නම් දන්ත වෛද්‍යවරයකුගේ නිරන්තර පරීක්ෂාවට ලක්විය යුතුයි. එවිට මුල් අවදියේදී රෝගය හඳුනා ගැනීමට අවස්ථාව ලැබේ. ඒ හැර සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ලක්ෂණ තමා මේ. • ආහාර හැපීමේ, ගිලීමේ අපහසුතාව, කතා කිරීමේ අපහසුතාව, දිව සහ හනුව චලනයේදී ඇතිවන අපහසුතාවයන්. • දත් මත ඇතිවන අසාමාන්‍ය වෙනසක්, අවපැහැය සහ දත් කුහර • උගුරේ පසුපස යමක් හිරවී ඇති සේ දැනීම • කටහඬ වෙනස්වීම, දිගුකාලීන උගුරේ ආසාදන සහ ගොරෝසු බව • විදුරු මස, තොල, දිව, තල්ල ඇතුළු මුඛය තුළ ඝනවීම්, ඉදිමීම්, අසාමාන්‍ය ගැටිති, තුවාල, ලප, කැලැල් බඳු ස්වභාවයක් ඇතිවීම. • මුඛය තුළ රතු හෝ සුදු පාට ලප හෝ ගඩු වැනි ස්වභාවය • අසාමාන්‍ය රුධිර වහනය • දිවේ හටගන්නා කැක්කුම • මුහුණේ ගෙලේ හෝ මුඛය තුළ ඇතිවන අසාමාන්‍ය කැක්කුම්, වේදනා නැතිනම් හිරිවැටීම් තත්ත්වය. • මුහුණේ මුඛයේ හෝ ගෙලේ ඇතිවන ලේසියෙන්ම රුධිරය වහනය වන තුවාල සහ ඒවා සති දෙකකට වැඩි කාලයක් සුව නොවී තිබීම. මේ කියන කාරණා මුඛ පිළිකාව නිසාම හටගන්නා ලක්ෂණ නොවූවත් ඒ ගැන සුදුසු දන්ත වෛද්‍ය නිරීක්ෂණයකට ලක්වීමෙන් මුඛ පිළිකා අවදානමෙන් ගැලැවිය හැකියි. මුඛ පිළිකාව හැදෙන හේතු • අධික ලෙස මත්පැන් පානය • රතු මස්, සකසන ලද මස්, බදින ලද ආහාර අධිකව ගැනීම • පළතුරු, එළවළු අඩුවෙන් ආහාරයට ගැනීම • මුඛය පිරිසුදුව තබා නොගැනීම • පවුලේ යම් අයකුට පිළිකාව වැළඳී තිබීම • ඇතැම් මානව පැපිලෝමා වයිරස් ආසාදනයට ලක්වීම. ♦ සුගත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 12 May 2017 06:53 PM ඇග හිරි වැටිලා ගියා... 0 samanthaMost Senior MemberPosts:13190 12 May 2017 11:37 PM පිළිකා රෝහලේදී මම මේ රෝගය වැළඳුන අය සෑහෙන්න දැකලා තියෙනවා. ඒත් වැඩේ කියන්නේ මේ රෝගීන් බලා ගන්න අය තවමත් බුලත් විට හපන එකයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 13 May 2017 04:32 AM වේදනා නාශක ඖෂධවලින් හෘදයාබාධ අවදානමක් ඉබුප්රොෆෙන් වැනි ප්‍රති ප්‍රදාහ වේදනා නාශක (anti-inflammatory painkillers) ඉහළ මාත්‍රාවකින් ලබාගැනීමෙන් හෘදයාබාධ ඇතිවිය හැකි බවට නව අධ්‍යයන වාර්තාවක් අනතුරු අඟවයි. එක්සත් රාජධානිය , කැනඩාව සහ පින්ලන්තය රටවල් වලින් සුසැඳි ජාත්‍යන්තර විද්‍යාඥ කණ්ඩායමක් විසින් කරනු ලැබ ඇති මෙම නව අධ්‍යයනය සඳහා හාරලක්ෂ පනස්දහසකට ආසන්න පිරිසක් යොදාගෙන තිබේ. මෙම වේදනා නාශක ලබා ගන්නා පළමු දින 30 ඇතුළත හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි වශයෙන් පැවතිය හැකි බවද මෙම පර්යේෂණ වාර්තාවේ සඳහන් වෙයි.කෙසේ නමුත් මෙම සොයාගැනීම සියයට සියයක් නිවැරදි නොවිය හැකි බවත් වේදනා නාශකවලට අමතරව වෙනත් සාධකද මීට හේතුවිය හැකි බවත් විද්‍යාඥයෝ පවසති. පර්යේෂණයට ලක්වූ මෙම පිරිස ibuprofen, diclofenac, celecoxib සහ naproxen වැනි වේදනා නාශක භාවිත කරන රෝගීහු වෙති. උදාහරණයක් ලෙස දිනකට ibuprofen මිලි ග්‍රෑම් 1200 වැඩි මාත්‍රාවක් ලබා ගන්නා කෙනෙකු පළමු දින 30 තුළ හෘදයාබාධ ඇතිවීමේ අවදානමට ලක්විය හැක. නමුත් මෙය සියයට සියයක් නිවැරදි බවට සනාථ කළ නොහැකි බව විද්‍යාඥයෝ අවධාරණය කරති තිළිණි ද සිල්වා (බී.බී.සී.) http://middleeast.lankadeepa.lk/med...--/31-2689 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 13 May 2017 09:59 AM වේදනා නාශක බෙහෙත් කොහොමත් එච්චර පාවිච්චිය හොඳ නැහැ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 13 May 2017 06:07 PM නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර මගින් දියවැඩියාව සුව කළ හැකියි වර්තමාන සමාජයේ මිනිසාගේ කාර්යබහුලත්වය ආතතිය හා වැරදි ආහාර රටාවන් නිසා මිනිසා නොයෙකුත් රෝගාබාධයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය. එමෙන්ම බෝ නොවන රෝග සේ සැලකෙන දියවැඩියාව හෙවත් මධුමේහය පිළිබඳ අද අප සාකච්ඡා කරනුයේ පෑලියගොඩ නුවර පාරේ රන්පත වෙද මැදුරේ අධිපති ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා සමඟය. " මොකක්ද මේ දියවැඩියාව රෝගය කියන්නේ. ඇයි සමාජයේ පිරිස් මෙතරම් මේ රෝගය සඳහා බියක් දක්වන්නේ. ඇත්තටම දියවැඩියාව ලෙස හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන්ම සිරුරේ සීනි මට්ටම ඉහළ යැමයි. මෙම සීනි ප්‍රමාණය ඉහළ යැමත් සමගම ශරීරයට ඇති වන විවිධ සංකූලතා තමයි මෙම රෝග ලක්ෂණ ලෙස පෙන්වා දිය හැක්කේ. බොහෝ විට මෙම රෝගී තත්ත්වය ජාන ඇසුරින්ද ඇති විය හැකි අතර වැඩිම පිරිසක් මෙම රෝගයට ගොදුරු වන්නේ නිසි ලෙස තම දේහ පාලනයකින් තොරව කටයුතු කිරීමෙන් බවද පැවැසිය යුතුමය. විශේෂයෙන් වර්තමානයේ බොහෝ පිරිසක් මෙම රෝගී තත්ත්වයට ගොදුරු වන්නේ නිවැරදි ආහාර රටාවක් අනුගමනය නොකිරීම සහ ක්ෂණික ආහාරවලට වැඩිපුර යොමුවීම තුළිනුයි. මෙම රෝගය වැළඳුණු විට එය ඉතා අහිතකර ලෙස ශරීරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරනු ලබන අතර මෙම රෝගී තත්ත්වය නිසැකවම මිනිසාගේ සිරුර තුළට කරනු ලබන හානිදායක තත්ත්වය නිසා බොහෝ දෙනා මෙම රෝගය නිහඬ මාරයා යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන්නේ මෙහි ඇති දැඩි බරපතළ තත්ත්වය නිසාය. එම නිසා මෙම රෝගයේ සංකූලතාව හඳුනා ගැනීම සහ මේ සඳහා කඩිනමින් ප්‍රතිකාර ගැනීමද ඉතා වැදගත්ය. මෙන්න මේ රෝගය නිසා බොහෝ පිරිස් දියවැඩියාව රෝගයට ඉතාම බියක් දක්වයි. දියවැඩියාව සමඟම එන තවත් රෝගී තත්ත්වයක් තමයි අතපය හිරිවැටීම. ඇයි මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ, මෙම රෝගයෙන් පීඩා විඳින රෝගීන් ගොදුරු වන තවත් රෝගී තත්ත්වයක් තමයි ඔවුන්ගේ අතපය හිරිවැටීමේ රෝගී තත්ත්වය. මෙම රෝගීන් බහුතරය පවසන්නේ ඔවුන් ඇවිදින විට යටිපතුල් කොට්ට උඩ ඇවිදිනවා වැනි ආකාරයෙන් දැනෙන බවය. ඒ වගේම පාවහන් පැළැඳ සිටියත් ඒ බවක් ඔවුන්ට නොතේරෙන බවත් පවසනවා. මීට අමතරව දණහිස්, උරහිස් මෙන්ම වැලමිට ඇතුළු විශාල සන්ධි ආශ්‍රිතව ඇති වන අධික වේදනා තත්ත්වයක් ගැන රෝගීන් අප සමඟ නිතරම පවසනවා. සමහරුන්ට මෙම වේදනාකාරී බව උදෑසන කාලයේදී ඇතිවන අතර තවත් සමහරුන්ට මෙම වේදනාකාරී බව දිවා කාලයේදීත් තවත් සමරුන්ට රාත්‍රියේදීත් ඇතිවීමට හැකියාව පවතිනවා. යම් ලෙසකින් දියවැඩියා රෝගීන්ට මෙම අත්පා හිරිය සහ වේදනාව ඇතිවනවා නම් ඊට හේතු ලෙස අදාළ රෝගියාගේ ස්නායු පද්ධතියේ ක්රියාකාරීත්වයේ දුර්වලතාවන් නිසා මෙම තත්ත්වයට ගොදුරු වීමේ හැකියාව පවතිනවා. මන්ද දියවැඩියාව තත්ත්වය නිසා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය නිසි පෝෂණ තත්ත්වය නොලැබීම නිසා එම පද්ධතියේ ඇතිවන අඩුපාඩුකම් නිසා මෙම තත්ත්වය ඇතිවිය හැකියි. දියවැඩියා රෝග ලක්ෂණවලින් පෙළෙන අයකුට ආතරයිටීස් රෝගය වැළඳුනොත් මෙම වේදනාවන් දෙගුණ තෙගුණ විය හැකිය. එම නිසා එම රෝගයට ප්‍රතිකාර ලබා දීමේදී නිසි විමසීමක් පරීක්ෂාවකින් පමණක් ප්‍රතිකාර කළ යුතු වෙනවා. "මෙම රෝග ලක්ෂණයන්ට අමතරව දියවැඩියා රෝගීන්ට බලපාන වෙනත් රෝග තිබෙනවාද? ඒවායේ රෝග ලක්ෂණ මොනවාද? විශේෂයෙන්ම මොවුන් අතර දැකිය හැකි තවත් රෝග ලක්ෂණයක් තමයි මළ බද්ධය ඇතිවීම, ඒවාගේම මළ බුරුලට යැම, මළ බද්ධය සමඟම සම මත ඇතිවන කැසීම් තත්ත්වය සහ පළු දැමීම වැනි දේද ඇතිවිය හැකියි. හිස කැක්කුමද රෝගීන්ට ඇතිවීමේ හැකියාවක් පවතිනවා. නින්ද නොයැම, අධික ලෙස මුඛයෙන් දුර්ගන්ධයක් පිටවීම, කේන්ති යැම, පීනස් රෝග උග්රවීම මුඛයේ තුවාල හටගැනීම ඇස්වලින් කඳුළු ගැලීම හා ඇස් වියළීම වැනි රෝගාබාධයන්ද ඇතිවිය හැකියි. දියවැඩියාව රෝගයට ආයුර්වේද ප්‍රතිකාර තුළින් සුවයක් ලැබිය හැකිද? අනිවාර්යයෙන්ම ආයුර්වේද ප්රතිකාරවලින් මෙම රෝගය සුවකර ගත හැකියි. විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී ඔවුන් නිවැරදි පරීක්ෂාවකින් පසු වැළැඳී ඇත්තේ කුමන රෝගී තත්ත්වයක් දැයි නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි. ඉතාමත් කාර්යබහුල අයට පවා ඉතා පහසුවෙන් පාවිච්චි කළ හැකි ලෙස පර්යේෂණාත්මකව දියුණු ක්‍රමවලට සැකසූ ප්‍රතිකාර ක්‍රම අප සතුව පවතින නිසා ඕනෑම පුද්ගලයකුට අප කරා පැමිණ ඉතා පහසුවෙන් තම රෝග සුව කරගැනීමට හැකියාව තිබෙන බවද මෙහිදී කිව යුතුමයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 May 2017 06:08 PM මොකද්ද මේ මුත්‍රා අමාරුව? ප්රශ්නය - අද ඔබෙන් අප විමසන්නට අදහස් කරන්නේ මුත්‍රා වාහිනී පද්ධතියේ රෝග සහ ඒ ආශ්රිත රෝග ගැනයි. අපේ කට වහරේ තිබෙනවා 'මුත්‍රා අමාරුව' කියලා යෙදුමක්. "මට මුත්‍රා අමාරුව' කියලා බොහෝ දෙනා කියනවා. සමහරු දියවැඩියා රෝගයට කියන්නේ මුත්‍රා අමාරුව කියලයි. විශේෂඥ වෛද්‍ය ඒ ඒ. ඡේ. පුෂ්පකුමාර - මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර අප වටහා ගත යුතුයි මුත්‍රා කියන්නේ මොනවද කියන එක. මුත්රාවල 91-96 % අතර ප්‍රමාණයක් වතුර තිබෙනවා. එසේම ලවණ වර්ග, ප්‍රොaටීන, හෝමෝන යනාදියත් මෙහි අඩංගු වෙනවා. මෙය කිසි ලෙසකින්වත් පිරිසිදු දියරයක් නොවෙයි. මුත්‍රා වාහිනී පද්ධතියේ ආබාධ නැති අයගේ මුත්‍රාවලත්, කුඩා ප්‍රමාණවලින් බැක්ටීරියා තිබෙනවා. මුත්රාවල ඇමෝනියා සංයුතියක් තිබෙනවා. මේ නිසා මුත්‍රාවලින් යම් ප්‍රමාණයක ඇමෝනියා ගඳක් නිකුත් වනවා. මුත්රාවල ඝනත්ත්වය වැඩිවන තරමට මේ ඇමෝනියා සංයුතියත් ඉහළ යනවා. ඔබ සුපුරුදු ආහාර නොව වෙනත් ආහාර ගත් විටත් මුත්‍රාවලින් වහනය වන ගඳ වෙනස් වෙනවා. ප්රශ්නය - මුත්රාවල පැහැය එක විදියටම පවතින්නේ නැහැ. සමහර විට එය ජලය මෙන් අවර්ණයි. විටෙක කහ පාටයි. විටෙක දුඹුරු පාටයි. මෙහෙම වෙන්නේ ඇයි? විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - මුත්රාවල තිබෙනවා urochrome ද්‍රව්‍යයක් ඒ මගින් තමයි මුත්රාවල පැහැය හටගන්නේ. මුත්‍රා ලා පැහැයක් ගන්නවා කියන්නේ මුත්‍රා තනුක බවයි. එනම් ඝනත්වයෙන් අඩු බවයි. එහි පැහැය අඳුරු නම් එමගින් පැහැදිලි වන්නේ මුත්‍රා සාන්ද්රබවයි. එනම් ඝනත්වය වැඩි බවයි. ඔබ විජලනය වී සිටින බවයි. ඒ එක්කම ඔබ ගන්නා ආහාර නිසාත්, මුත්රාවල පැහැය වෙනස් විය හැකියි. උදාහරණයක් වශයෙන් බීට් යහමින් ආහාරයට ගත් විට මුත්‍රා අදුරු පැහැයක් ගන්න පුළුවන්. ප්රශ්නය - රුධියට ලේ එකතු වන්නේ කොහොමද? විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - සමහර රෝග අවස්ථාවලදී වකුගඩුවලින් හෝ මුත්‍රා වාහිනී පද්ධතියේ සෙසු කොටස්වලින් හෝ රුධිරය කාන්දු වී ඒවා මුත්‍රාවලට එකතු වීමේ ප්‍රවණතාවක් තිබෙනවා. මෙසේ කාන්දු වීමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ මුත්‍රවාහිනී පද්ධතියේ ආසාදන හට ගැනීමයි. මුත්‍රවාහිනිය තුළින් විවිධ විෂබීජ ශරීරගත වෙනවා. මේවා මුත්‍රා බොක්ක තුළදී දෙගුණ වෙනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 May 2017 06:12 PM උණුවතුර නෑම, දවල්ට නිදා ගැනීම, ඉරුවාරදයට අන්තිම නරකයි ප්රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ කතා කළේ ඉරුවාරදය නමැති ශීර්ෂ රෝගය ගැනයි. මේ රෝගය නිසා පීඩාවට පත්ව සිටින ප්‍රමාණය අති විශාල බව අපට වැටහුණේ එම ලිපිය පළවීමෙන් පසු ලැබන දුරකථන පණිවුඩ සමූහය නිසයි. ඉරුවාරදය තිබෙන රෝගියකු පැවතිය යුතු ආකාරය කුමක්ද? ඔවුන් ආහාර විහරණ කළ යුත්තේ කොහොමද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - අපි ගනිමු පිත වැඩි කෙනෙක්. ඒ කියන්නේ උපතේ සිට ඔහු පිත සහිත කෙනෙක්. ඔහුට අම්ල පිත්ත රෝගය තිබෙනවා. නිතර කුසගිනි එනවා. කෑම කෑවහම ඔක්කාරෙට එනවා. තෙල් මිරිස් කන්න බැහැ. කුසගිනි ආවහම කන්නම ඕනෑ. මේ අයගේ අග්නිය ගොඩක් වැඩියි. කාපු ගමන් දාල පිච්චිලා යන ගතියක් තිබෙනවා. ඒ වගේ කෙනෙක් තව තවත් උෂ්ණ ආහාර ගත්තොත් මොකද වෙන්නේ? විනාකිරි, අබ වගේ දේවල්, සැර මාලු වර්ග (කුම්බලා, බල, හුරුල්ලෝ) කෑවොත් මොකද වෙන්නේ? ලොකු විනාශයක් වෙන්නේ. ඔහුගේ පිත, අග්නිය, තවත් වැඩි වෙනවා...... ප්රශ්නය - තක්කලි උෂ්ණ කෑමක් ද? අචාරය වෛද්‍ය ප්‍රියානි පීරිස් - ඒක වෙන්නේ එය කන අගේ ඇගේ හැටියට. ඒ කියන්නේ ප්රකෘතියේ හැටියට. සමහරකුට තක්කලි කෑවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි තව සමහරකුට කන්න බැහැ. ඒ වගේම සූර්යාවර්තණය හෙවත් ඉරුවාරදය හැදෙන්නෙත් අදාළ ප්‍රකෘතිය තියෙන කෙනාටයි. එතකොට ඔහු තමන්ගේ ප්‍රකෘතිය සමඟ ගැටෙන ආහාර නොගත යුතුයි. පිත් ප්‍රකෘතිය තිබෙන සමහරකුගේ විදුරුමස් වලින් ලේ යනවා. සීනි ප්‍රකෘතිය තිබෙන උෂ්ණාධික ශරීර තිබෙන අයට ඉරුවාරදය හැදුනාම හුඟක් අමාරුයි. එයා සෙමයි පිතයි දෙකම වැඩිවන දේවල් කරනවා නම් එය සුදුසු නැහැ. අපි හිතමු ඉරුවාරද රෝගියෙක් හවසට ඇවිත් ඇල්වතුර නානවා. මේ නාන්නේ රස්නේ මැද්දේ ඉඳලා. එළියේ ඉඳලා ඇවිත්. එතකොට ඉරුවාරදය තවත් වැඩි වෙනවා. සමහරු නිදි මරලා ඇවිත් ඇල්වතුර හෝ උණුවතුර නානවා. එතකොට ඉරුවාරදය තව නගිනවා. ප්රශ්නය - නාන්න සුදුසු කොයි වගේ වෙලාවටද ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - උණුවතුර නෑව නම් ඉරුවාරදය තියෙන කෙනකුගේ නිරෝගිකම කිසිදු ආකාරයකින් ආරක්ෂා වෙන්නේ නැහැ. ඇස්වලට පවා උණුවතුර හොඳ නැහැ. ඇල්වතුර තමයි ගුණදායක. ඒ කියන්නේ සීතල වතුර නෙවෙයි. ඉර පායලා උදේ 10 ත් දවල් 12 ත් අතර කාලයේදී හටගන්නා පාරිසරික තත්ත්වය යටතේ තිබෙන ඇල්වතුර තමයි ස්නානය කළ යුත්තේ. සවස නෑම ඉරුවාරද රෝගියකුට කිසිසේත්ම සුදුසු නැහැ. ප්රශ්නය - හවස නෑම හොඳ නැහැ කියලා මතයක් තිබෙනවා නේද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - ඔව් හවස නෑම කාටත් සුදුසු නැහැ. එසේම ඉරුවාරද රෝගියෙක් නිදිමරන එක හොඳ නැහැ. දවල්ට නිදා ගැනීම සුදුසු නැහැ. තවත් කාරණයක් කිව යුතුයි. දවල්ට නාන එක නිරෝගී රෝගී කිසිම කෙනෙකුට සුදුසු නැහැ. දවල් කාලයේ නිදිමතක් ආවොත් ඉන්න පුqටුවෙ තැන්පත් වෙලා විනාඩි පහක් දහයක් ඇස් වහගෙන ඉන්න එක ගැන නෙවෙයි මේ කියන්නේ. සමහරු දවල්ට කාල ඇඳකට නැගලා පැයක් දෙකක් හොඳට නිදා ගන්නවා. සමහරු මේකට කියන්නේ 'නැප්' එකක් දානවා කියලා. විශේෂයෙන් සෙම අමාරුව තියෙන කෙනෙක් දවල්ට නිදා ගෙන අවදි වුණාම ඇඟපතේ ලොකු අමාරුවක් දැනෙනවා. නිරෝගී පුද්ගලයෙක් වුණත් දවල්ට නිදාගෙන ඇහැරුණාම යම් ප්‍රමාණයක අමාරුවක් දැනෙනවා. ප්රශ්නය - ආයුර්වේදයේ හැටියට ඉරුවාරදය සුවපත් කළ හැකි රෝගයක් ද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීsරිස් - මෙය සුව කිරීම අමාරුයි. හැබැයි රෝගියාගේ සහයෝගය වෛද්‍යවරයාට ලැබෙනවා නම් අමාරුවෙන් වුණත් සුව කළ හැකි ලෙඩක්. මේක සම්පූර්ණයෙන් ම සුව කරනන්න නම් ඉරුවාරදය හැදුන පුද්ගලයා එම රෝගය හැදුන හේතුවලින් වැළකිය යුතුයි. තමන්ගේ ප්‍රකෘතිය දැනගෙන ඒ සමඟ නොගැටෙන කෑම බීම ගත යුතුයි. නොමිලේ විස්තර 011-5289248/077 7620948 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 10 of 137 << < 89101112 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner