Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 100 of 137 << < 9899100101102 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 23 Feb 2018 05:22 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Feb 2018 05:22 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Feb 2018 05:23 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Feb 2018 05:23 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Feb 2018 05:23 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Feb 2018 05:23 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Feb 2018 05:24 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Feb 2018 05:43 PM ඇ ස් රැක දෙන සුපිරි ප්රතිකර්මය ඇස්, අපේ සිරුරේ වටිනාම අවයවයක්. ඒකනේ කියන්නේ, ඇස් දෙක වාගේ රැක ගන්නම් කියලා. ඔබ අවදිව සිටින කාලය පුරාවටම ඔබේ ඇස් ක්‍රියාත්මක වෙනවා. මේ නිසාම සමහර අවස්ථාවල ඇස් තෙහෙට්ටුවට පත් වන අවස්ථා ද තිබෙනවා. දීර්ඝ වෙලාවක් රූපවාහිනිය හෝ පරිගණකය ඉදිරිපිට සිටීම ඔබේ ඇස්වලට ඉතාමත් අහිතකරයි. ඒ වගේම දීර්ඝ කාලයක් නොනිදා අවදියෙන් ඉන්නව නම් එවිටත් ඔබේ ඇස් තෙහෙට්ටුවට ලක් වෙනවා. මේ වගේ අවස්ථාවල හොඳම දේ තමයි කෙටි විවේකයක් ගැනීම, ටිකක් නිදාගැනීම. නමුත් සමහර වෙලවට ඔබට නිදහසක් ලබාගත නොහැකි තරම්ම වැඩ අධික නම් ඒ වගේ වෙලාවට සිදු කරන්න පුළුවන් ඉතාමත් පහසු නමුත් ඔබේ ඇස්වලට සහනයක් සපයන ඇස් රැක දෙන සුපිරි ප්‍රතිකාරයක් ගැනයි මේ. මේක පුංචි ව්‍යායාම කිහිපයක්. ව්‍යායාමය 1 ඔබේ වැලමිට මේසය මත තබා දෑස් අත්ලෙන් වසාගන්න. මිනිත්තු කිහිපයක් අඳුරේ ඇස් පියාගෙන සිටින්න. මෙය ඔබේ ඇස වගේම ඔබේ මනසත් සැහැල්ලු කරන ව්‍යායාමයක්. ව්‍යායාමය 2 කෙලින් හිටගන්න. හිස හරවන්නේ නැතුව ඇස්වලින් පමණක් ඔබේ වම් අත පැත්ත පැත්ත බලන්න. නැවත දකුණු අත පැත්ත බලන්න. මෙය තුන් වතාවක් පමණ කරන්න. මෙමඟින් ඔබේ ඇසේ මාංශ පේශිවලට නිසි ව්‍යායාමයක් ලැබෙනවා වගේම ඔබේ ඇස්වල ආතතියෙන් ඔබව ආරක්ෂා කරනවා. ව්‍යායාමය 3 කෙලින් හිටගන්න. කලින් වතාවේ වම දකුණ බැලුවා වගේ දැන් ඉහළ පහළ බලමින් ව්‍යායාමය සිදු කරන්න. ව්‍යායාමය 4 කෙලින් හිටගන්න. ඔබේ ඇස් පමණක් හරවා ඔබේ දකුණු පස පහළ බලන්න. ඔබට පෙනෙන වස්තුවට අවධානය යොමු කරන්න. නැවත ඉදිරිය බලන්න. දැන් වම් පස පහළ බලන්න. ඔබට පෙනෙන දෙයට අවධානය යොමු කරන්න. මෙය කිහිප වතාවක් සිදු කරන්න. ව්‍යායාමය 5 කෙලින් හිටගෙන සන්සුන් වෙන්න. දැන් ඉදිරිය බලන්න. ඔබේ ඇස් ක්‍රමයෙන් දකුණේ සිට රවුම් ආකාරයට කරකවන්න. නැවත වමේ සිට දකුණට කරන්න. මෙයාකාරයෙන් මෙම ව්‍යායාමය තුන් වතාවක් සිදු කරන්න. ව්‍යායාමය 6 කෙලින් හිටගෙන් පැන්සලක් හෝ පෑනක් අතට ගන්න. එය ඔබේ ඇස් ඉදිරියෙන් නාභිගත කරන්න. දැන් මුලින්ම පැන්සල දෙස බලන්න. ඉන්පසුව ඉන් ඉදිරියේ තරමක් දුරින් ඇති වස්තුවක් දෙස බලන්න. නැවත පැන්සල දෙස බලන්න. මෙලෙස මාරුවෙන් මාරුවට තුන් වතාවක් පමණ මෙම ව්‍යායාමයේ නියැලෙන්න. ව්‍යායාමය 7 කෙලින් හිටගන්න. ඔබේ ඇහි බැම අතරට අවධානය යොමු කරන්න. තප්පර කිහිපයක් ඉන්න. දැන් ඉදිරිය බලන්න. නැවත පෙර පරිදිම ඇහි බැම මැදට ඇස යොමන්න. නැවත ඉදිරිය බලන්න. මෙය කිහිප වතාවක් කරන්න. ව්‍යායාමය 8 පුටුවක කෙලින් ඉඳගන්න. ඔබේ නාසයේ අග දෙස බලන්න. දැන් නැවතත් ඉදිරිය බලන්න. නැවත නාසය දෙස බලන්න. මෙම ව්‍යායාමය 5 වතාවක් පමණ සිදු කරන්න. ව්‍යායාමය 9 ඔබේ ඇස් තදින් වසන්න. තප්පර කිහිපයක් එසේ හිඳ ඇස් අරින්න. නැවත තදින් වසන්න. මෙය කිහිප වතාවක් කරන්න. පරිඝණක නිතර භාවිතා කරන අය දවසට කිහිපවතාවක් මේ ව්‍යායාමය කිරීම ඇස් රුක ගැනීමට හොඳම ප්රතිකර්මයයි. Eye - Journal ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Feb 2018 05:51 PM අධික මහතට පිළියම් මෙන්න! ශ්‍රී ලංකාව තුළද තරබාරුව හෙවත් අධික ලෙස මහත්වීම සීඝ්‍ර ලෙස ඉහළ යන බෝ නොවන රෝගයක් බවට පත්ව තිබේ. පසුගිය වසරේ කළ පරීක්ෂණ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාව තුළ තරබාරුව මෙන්ම අධිබර තත්ත්වය තදින් ඉහළයාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. එයිනුත් වැඩිහිටි පිරිස අතර උදරාශ්‍රිත තරබාරු තත්ත්වයන් ඉහළ ගොස් තිබේ. මේ ලිපියෙන් දේශය ඔබ දැනුවත් කරන්නේ විවිධ තරබාරු තත්ත්වයන් සහ ඒවායෙන් මිදීමට කරුණුය. ආහාර නිසා ඇතිවන තරබාරු භාවය “Food Obesity” මේ තරබාරු භාවය ඇතිවන්නේ අධික ලෙස ආහාරත් ජලයත් පරිභෝජනය කිරීම නිසයි. මේ තත්ත්වයේදී ශරීරයේ උඩ කොටසේ මේදය තැන්පත් වීමත් උදරයේ මේදය තැන්පත් වීමත් ඇතිවී උදරය ඉදිරියට නෙරා ආ ස්වරෑපයක් ගනු ලබනවා. මේ තරබාරු භාවය නැති කර ගන්නට නම් ඔබට කරන්න තිබෙන්නේ අධික ලෙස ආහාර අනුභවය නතර කර ආහාරයට ගන්නා සීනි ප්‍රමාණයත් අඩුකිරීම පමණයි. ඒ වගේම, සෑම දිනකම විනාඩි 30ක් පමණ ව්‍යායාමවල නිරත වන්න. ස්නායුක උදර තරබාරු භාවය “ Nervous Stomach Obesity ” මානසික ආතතිය සහ කාංසාව යන කරැණු නිසා මේ තරබාරු භාවය ඇති වනවා. වැඩි වශයෙන් පැණිරස ආහාර අනුභවය සහ විශාදය වැනි තත්ත්ව නිසාත් මේ තරබාරුභාවය ඇති වන්නට පුළුවන්. මේ තරබාරු භාවය දුරැකරගන්නට හොඳම ක්‍රමය වන්නේ ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වීම මගින් මානසික ආතතිය සහ කාංසාව වැනි තත්ත්වයන් දුරුකර ගැනීමයි. ග්ලූටන් තරබාරු භාවය “Gluten Obesity” මේ තරබාරු භාවය වැඩි වශයෙන් ඇති වන්නේ කාන්තාවන්ටයි. කාන්තාවන්ට මේ තරබාරු භාවය නව යොවුන් වියේදී, සහ ආර්තවාභාවයේදී ඇති වන්නට පුළුවන්. ඒ වගේම, මේ තත්ත්වය හෝමෝනවල සිදුවන යම් වෙනස්කම් නිසාත් සිදුවනවා. මේ තරබාරු භාවය නැති කරගන්න නම් එකම ස්ථානයේ දිගු වෙලාවක් වාඩිවී සිටීමෙන් වළකින්න. ඒ වගේම, දිනපතා බර එසවීම ඇතුළුව ව්‍යායාම සිදු කරන්න. දුම්පානයෙන් සහ මත්ද්‍රව්‍ය පානයෙන් වැළකී සිටින්න. ධමනි තුල මේදය තැන්පත් වීම නිසා ඇතිවන පරිවෘත්තීය තරබාරු භාවය “Atherogenic Metabolic Obesity” මේ තරබාරු භාවය නිසා පිම්බුණු බැලුමක ආකාරයේ උදරයක් ඇතිවී ශරීරයේ මේදය උදරයට එකතුවී ඇති ස්වරූපයක් ගනු ලබනවා. ඇල්කොහොල් සහිත පාන වර්ග පානය කරන පුද්ගලයින්ගේත් මෙවන් තත්වයක් ඇතිවී හුස්ම ගැනීමට පවා අපහසු තත්වයක් ඇතිවනවා. මේ තරබාරු භාවය නැති කරගන්න නම් සෞඛ්‍යය සම්පන්න ආහාර වේලකට හුරැවී ව්‍යායාමවල නිරතවී දුම්පානයෙන් සහ මත්ද්‍රව්‍ය පානයෙන් වැළකි සිටින්න. ශිරා තරබාරුභාවය “Venous Obesity” මේ තරබාරු භාවය ශිරා හරහා රුධිර සංසරණය වීමේදී ඇතිවන තත්ත්වයන් නිසා හට ගනු ලබන තරබාරු භාවයක්. සාමාන්‍යයෙන් මෙය ජන්ම වශයෙන් ඇතිවන තත්ත්වයක්. මේ තරබාරු භාවය කාන්තාවකගේ ගර්භනී සමයේදී ඇතිවනවා. ඇතැම් විට පුද්ගලයින්ගේ පාද ඉදිමුණු ස්වභාවයක් ගනු ලබන්නේත් මේ තරබාරු භාවය නිසයි. මේ පීඩාකාරී තත්වය මඟ හරවා ගැනීම සඳහා සුදුසුම ක්‍රියාව වන්නේ ව්‍යායාමවල නිරත වීමයි. ව්‍යායාම අතරවාරයේදී දිවීම කඳු නැගීම ආදියත් සිදුකරන්න. ක්‍රියාශීලි නොවීම නිසා ඇතිවන තරබාරු භාවය මෙය ශරීරයේ විවිධ කොටස් වලට ඇතිවන තරබාරු භාවයක්. මේ තරබාරැ භාවයට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ශරීරය ක්‍රියාශීලි නොවීමයි. ව්‍යායාම වල නිරත නොවී ක්‍රියාශීලි නොවන පුද්ගලයින්ට මේ තරබාරු භාවය ඇති වන්නට පුළුවන්. ඔබත් මෙම තරබාරු භාවයෙන් පීඩා විඳින අයෙක් නම් වහාම ව්‍යායාමවල නිරතවීම අරඹන්න. ඒ වගේම, මේදය දහනය වන සෞඛ්‍යය සම්පන්න ආහාර වලට හුරුවී ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරගන්න. Web MD ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Feb 2018 05:00 PM සිංහල බෙහෙත් වලින් හෘද රෝග සුව කරන හැටි (1 කොටස) ප්රශ්නය - මෙය හෘද රෝග සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන අලුත් ලිපි පෙළක්. හෘද රෝගවල ස්වභාවය, හෘද රෝග හට ගන්නා ආකාරය සහ ඒවා හට ගැනීමට හේතු මෙම ලිපි මගින් සාකච්ඡා කෙරෙනවා ඇති. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - හෘද රෝගවලට නවීන විද්‍යාව විසින් පොදුවේ දෙනු ලබන නම Cardiovascular disease . මෙහිදී සිදුවන්නේ හෘදය ආශ්රිත රුධිර නාල එකක් හෝ කිහිපයක් අවහිර වීම නිසා හෘදය තුළට රුධිර යැම නැවතී පපුවේ වේදනාව, (Angina) ආඝාත තත්ත්වයන් හට ගැනීම හෝ හෘදයාබාධයන් ඇති වීමයි. වෙනත් හෘද රෝග තත්ත්වයනුත් තිබෙනවා. මේ මගින් සිදුවන්නේ හදවතේ කපාට හෙවත් වැල්ව, හෘද ස්පන්දනයේ ස්වාභාවික රිද්මය සහ හෘදයේ පේශීන් අවුල් වීමයි. තවත් විදියකින් කියනවා නම් හෘදයට රුධිරය නිකුත් කරන සහ හෘදය වෙතින් රුධිරය ආපසු ගන්නා කපාට රෝගී වීමයි. හෘදයේ මාංශ පේශීන්වල ක්‍රියාකාරීත්වය බිඳ වැටීමයි. හෘදයේ ස්පන්දන රිද්මය වෙනස් වීමයි. ඉදිරි ලිපිවලදී මේ ක්‍රියාවලීන් තුළින් සිදුවන්නේ කුමක්ද කියන එක හරියට විස්තර කරන්නම්. ප්රශ්නය - හෘදයාබාධයක් හට ගන්නට හේතු මොනවාද? චෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - 1.Cardiomyopathaies කියලා තත්ත්වයක් තිබෙනවා. මෙහිදී සිදුවන්නේ හෘදයේ පේශීන්ට හානි සිදුවීමයි. 2. මීළඟ හේතුව තමයි Cornory Artery Disease කියන තත්ත්වය හටගැනීම. මෙහිදී සිදුවන්නේ හෘදයට රුධිරය ගෙන යන නාල රෝගී වීමයි. 3. දියවැඩියාව නිසාත් හෘද රෝග හටගන්නවා. 4. හෘද කපාට හෙවත් වැල්වවල හටගන්නා රෝග තත්ත්වය නිසාත් හෘද රෝග හටගන්නවා. 5. සමහරුන්ගේ හදවත උපතේදීම රෝගී වෙනවා. සමහර දරුවන් හදවතේ සිරුරක් තියන තත්ත්වය සහිතව ඉපදෙනවා. ඔවුන්ට අප Blue Babies කියනවා. මේ දරුවන් හයියෙන් අඬන විට හෝ කෝපයෙන් දඟලන විට ඔවුන්ගේ සිරුරු නිල් පැහැ ගැන්වෙනවා. හරියාකාරව ප්‍රතිකාර නොකළොත් අනාගතයේදී මේ තත්ත්වය දරුණු හෘද රෝගයක් බවට පරිවර්තනය වෙනවා. ඒ සමඟම සමහර දරුවන්ගේ මේ රෝගී තත්ත්වය වියපත් වන විට ඉබේම හරියනවා. 6. අධික රුධිර පීඩනය නිසාත් හෘද රෝග හටගන්නවා. 7. එම්පිස්මාව නමැති පෙනහලු රෝගය නිසාත් හෘදයාබාධ හටගන්නවා. මේ සියලු කාරණා අතර මතක තබා ගත යුතු දෙයක් තමයි දේශීය වෙදකම මගින් හෘදයාබාධවලින් 90% ක් ම සුව කරන්නට හැකි බව. ඒ ගැන සහ එම ඖෂධ ගැන ඉදිරි සතිවල ඔබට දැන ගන්නට පුළුවන්. ලබන සතියට නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව පීනස සුව කරන්නේ මෙහෙමයි * බොහෝ පිරිසකගේ දෛනික ජීවිතයට විශාල බලපෑමක් එල්ල කරන රෝගී තත්ත්වයක් තමයි පීනස කියන්නේ. මේ රෝගයේ ලක්ෂණ මොනවා ද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - මෙම රෝගය වැළඳුණු බහුතර රෝගීන් පිරිසක් දිනපතා අප කරා පැමිණෙනවා. මෙම රෝගයේ ප්‍රධානම රෝග ලක්ෂණ ලෙස හඳුන්වා දිය හැක්කේ, නාසයෙන් සොටු දියර ගැලීම, හිස බර ගතිය, අධික කේනිතිය සහ නිතර කිවිසුම් යැමයි. මීට අමතරව රෝග ලක්ෂණ තිබුණත් ඉහත රෝග ලක්ෂණ ප්‍රධාන ලෙස පෙන්වා දිය හැකියි. * මෙම රෝග ලක්ෂණ විශේෂයෙන්ම රෝගියාට ඇතිවන විශේෂ කාලවේලාවක් තිබෙනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - පීනස රෝගයේ විශේෂ ලක්ෂණයක් තමයි අනෙක් රෝගවල මෙන් මෙම රෝගයේ රෝග ලක්ෂණ නිතරම නොපෙන්වීම, ඒ අනුව මෙම රෝගීන්ට රෝග ලක්ෂණ පෙන්වනු ලබන්නේ පරිසරයේ සිසිල් ගතිය වැඩිපුර තිබෙන අවස්ථාවලයි. ඒ අනුව බොහෝ රෝගීන්ට උදෑසන කාලයේ මෙම ලක්ෂණ වැඩිපුරම ඇති කරනු ලබනවා. කිවිසුම් යැම, සොටු දියර ගැලීම බහුලවම එම කාලයේදී සිදුවනු ලබනවා. තවද සවස් කාලය හා රාත්‍රියේද මෙම රෝග ලක්ෂණ මතුවිය හැකියි. බොහෝ විට දිවා කාලයේදී ඔවුන්ට මෙම රෝග ලක්ෂණ කිසිවකින් පීඩාවක් සිදුවන්නේ නැහැ. එයද මේ රෝගයේ විශේෂයක් ලෙස හැඳින්විය හැකියි. * පීනස රෝගීන්ට බලපාන වෙනත් රෝගාබාධ තිබෙනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - අප කරා පැමිණෙන මෙවැනි රෝගීන් පරීක්ෂා කිරීමේදී ඔවුන්ට වැළඳෙන තවත් රෝග රැසක්ම අප හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඉන් කීපයක් ලෙස ගැස්ට්‍රයිටීස්, අර්ශස් හා සමේ රෝග විශේෂයෙන්ම පෙන්වා දිය හැකියි. බහුතර පීනස් රෝගීන් පිරිසක් ඉහත රෝගාබාධවලින්ද පීඩා විඳිනවා. * ආයුර්වේද ප්රතිකාරවලින් මෙම රෝගය නිසි ලෙස සුවකර ගත හැකිද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - නිසි ලෙස නොව නිට්ඨාවටම සුවකළ හැකියි. නමුත් බොහෝ දෙනෙක් මෙම රෝගයට ආයුර්වේද ප්‍රතිකාර ගැනීමේදී රෝගය තවත් උත්සන්න විය හැකි යෑයි සිතා සිටිනවා. නමුත් අපට ඉතා පැහැදිලිවම කිව හැකියි නිවැරදි ලෙස ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත්තොත් මේ රෝගයෙන් නිට්ඨාවටම සුවය ලැබිය හැකි බව. බොහෝ විට සෙම ඉවත් කිරීමෙන් පමණක් මෙම රෝගය සුවකළ නොහැකියි. බොහෝ අය විවිධ නස්න ක්‍රම සහ සෙම වියළන ප්‍රතිකාර ලබා ගෙන එහෙත් රෝගය සුව නොවී අප කරා එනවා. පීනසට ප්‍රතිකාර කිරීමට පෙර ඔහුට හෝ ඇයට බලපාන වෙනත් රෝග තිබෙනවාද? එසේ නම් ඒ මොනවාද කියා සොයා බලා ශරීරයේ සෙම ඇතිවීමට හේතු ද සොයා බලා ඒ ඒ රෝගියාට පැළඳී ඇති රෝගාබාධ වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාදීමෙන් පමණයි මෙම රෝගය සුවකළ හැක්කේ. ඒ අනුව එකම රෝගය වුවත් ප්‍රතිකාර ක්‍රම විවිධ විය හැකියි. භගන්දර රෝගය සුව කරන බෙහෙත් හදන්නේ මෙහෙමයි ප්රශ්නය - භගන්දර රෝග සැත්කම් මගින් සුවපත් කරන්නට බැරි බවත්, සුවපත් කළ හැකි එකම ක්‍රමය ආයුර්වේදය බවත් ඔබ පෙන්වා දුන්නා. අද සාකච්ඡා කරන්නේ මෙය සුව කිරීම සඳහා ආයුර්වේදය මගින් යොදා ගන්නා ඖෂධ මොනවාද කියන එකයි. වෛද්‍ය පුෂ්පකුමාර මහතා - භගන්දර රෝගය සම්බන්ධයෙන් අප කළ ආයුර්වේද පර්යේෂණ ගණනාවක් තිබෙන බව මෙහිදී කිව යුතුයි. කොළඹ වෛද්‍ය පීඨය සමඟ එකතුවෙලත් අප පර්යේෂණ කරලා තිබෙනවා. මේ පර්යේෂණවලට අදාළ පත්‍රිකා ඇමරිකාවේත් ශ්‍රී ලංකාවේ ආයුර්වේද සමීක්ෂා සඟරාවේත් පළකර තිබෙනවා. මේ අතර මේ රෝගයට වඩාත්ම ගැලපෙන ප්‍රතිකාරය ලෙස හඳුනාගෙන තිබෙන ක්ෂාර සූත්‍ර නමැති බෙහෙත් නූල් ප්‍රතිකාර ක්‍රමයයි. ක්ෂාර කියන්නේ ALKALINE. සූත්‍ර කියන්නේ නූල. අප නූලක් ගෙන වසර දහස් ගණනක් පැරැණි විද්‍යාත්මක ක්‍රමයකට අනුව එයට මුලින්ම ක්ෂාර වර්ගයකුත් ඊළඟට දලුක් කිරිත් ඊළඟට කහ චූර්ණයත් ආලේප කරනවා. ප්රශ්නය - ක්ෂාර හැටියට ඔබ ගන්නේ කුමක්ද? වෛද්‍ය පුෂ්පකුමාර මහතා - අපාමාර්ග නමැති ශාකයේ අළු තමයි අප ගන්නේ. අපාමාර්ග ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Achyranthus Aspera මේ ශාකය තුළ ඖෂධීය වටිනාකමක් ඇති රසායනික ද්‍රව්‍ය කිහිපයක් තිබෙනවා. අතීතයේ සිටි ඉන්දියානුවන් මෙය ඖෂධ සෑදීමට යොදා ගත්තා. ආතතිය සහ කාංසාව සඳහා ප්‍රතිකාර කිරීමේදීත් මෙය ඖෂධයක් හැටියට පාවිච්චි කරනවා. අපාමාර්ග ගසට සිංහලෙන් කියන නම තමයි ගස්කරල් හැබ. එහෙමත් නැතිනම් කරල් සැබ. ඊළඟට අප ගන්නවා දලුක් ගහේ කිරි, Euphorbia antiquoram නමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පතොක් වර්ගයේ ශාකයක් තමයි, දලුක් කියන්නේ. වසර දහස් ගණනක සිට විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට දලුක් ශාකය යොදාගෙන තිබෙනවා. ශාරීරික වේදනාව, මළබද්ධය, ඇඟේ හටගන්නා ඉදිමුම, චර්ම රෝග, කන් කැක්කුම, ස්නායු පද්ධතියේ රෝග, බෙලහීනතාව, උදර රෝග, අක්මාවේ රෝග, රුමැටික් ආතරයිටීස්, කැස්ස, ඇදුම, දියවැඩියාව අර්ශස් රෝගය යනාදිය මේ ශාකය යොදාගෙන සුවපත් කළ හැකියි. මෙහි අතුවලින් එන කිරිත්, මුල්වල පොතුත් ඖෂධ සෑදීමට යොදා ගන්නවා. එහෙත් අප මෙහිදී දලුක් කිරි යොදා ගන්නේ ගම් එකක් හැටියටයි. අපාමාර්ග හෙවත් කරල්සැබ ක්ෂාරයත්, දලුක් කිරිත් කහ චූර්ණයත් කවන ලද නූල භගන්දර නලය දිගේ ඇතුළට යවා නිශ්චිත කලක් තබනවා. විටින් විට නූල මාරු කරනවා. භගන්දර නලය තුළ ඇති නරක් වූ පටක සහ රෝගී පටක ඉවත් කිරීමටත්, අලුත් නිරෝගී පටක වර්ධනය කිරීමටත් මේ ක්‍රියාවලියට පුළුවන්. ඊට පසු ක්‍රමයෙන් තුවාලය තුළ මස් වර්ධනය වී භගන්දරය සුවපත් වෙනවා. සාමාන්‍යයෙන් සතියකට සෙන්ටිමීටරයක් විතර තමයි සුවපත් කරගන්න පුළුවන් වන්නේ. සති කිහිපයක් තුළ රෝගියා සෞඛ්‍ය සම්පන්න නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා. මෙය තමයි භගන්දර රෝගයට තිබෙන විශිෂ්ටතම ප්‍රතිකාරය. එක කැපුම් පහරක් නැතිව රෝගය සුව කරන්නට හැකි ක්‍රමය මෙයයි. මෙම ලිපිය පාඨකයන් සිය ගණනකගේ ඉල්ලීම පරිදි නැවත පළකරන ලද්දකි. සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 අවසන් අඩියේ සිටින පාකින්සන් රෝගියකු සුව කරන්නේ කොහොමද? ප්රශ්නය - පාකින්සන් රෝගය ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා 'දිවයින' පුවත්පත පල කරගෙන යන මේ ලිපි පෙල ශ්‍රී ලංකාවේ ඒ වර්ගයේපළමුවන ලිපිපෙළ බවට පත්වතිබෙනවා. අද අප ඔබෙන් අහන්නේ පාකින්සන් රෝගියකු අවසන් අඩියට පත්ව සිටින විට ඔබ ප්‍රතිකාර කරන්නේ කොහොමද කියන එකයි. ඒ වගේ අප දැනගන්නට කැමතියි එවැනි තත්ත්වයකට පත් වුණ රෝගියකු සුවපත් කරන්න පුළුවන්ද කියන කාරණය. වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - එවැනි රෝගීන් ස්ථිර වශයෙන් ම සුව කළ හැකි අතර එසේ සුව කළ අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. මෙහිදී අප වැදගත් කාරණයක් මෙනෙහි කළ යුතුයි. එනම් පාකින්සන් රෝගියකු අවසන් අඩියේ සිටින විට ඔහුගේ /ඇයගේ රෝග ලක්ෂණ මොනවද කියන එකයි. එම ලක්ෂණ තමයි 1. පාලනය කර ගත නොහැකි තරමට අත්පා වෙව්ලීම සහ පාලනය කරගන්නට බැරි තරමට රෝගියා කම්පනය වීම. 2. අත් පා සෙලවීම, ගමන් කිරීම, කතා බහ කිරීම ඉතාම සෙමින්, මන්දගාමී ලෙස සිදු කිරීම. 3. සිටගෙන සිටින විට ශරීරය සමබරව තබා ගැනීමට බැරි වීම, ඒ වගේම සුළු වේලාවකදී වුවත් සිටගෙන ඉන්නට බැරි වීම. 4. අත් පා දරදඬු වීම. ප්රශ්නය - පාකින්සන් රෝගියාට මේ වර්ගයේ අපහසුතා කොහොමටත් තිබෙනවා නේද? වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - තිබෙනවා තමයි. එහෙත් අවසන් අඩියේදී තරම් දරදඬුවට නොවෙයි. සාමාන්‍ය විදියටයි. අවසන් අඩියේදී සමහර රෝගීන් සියදිවි නසා ගන්නට පවා උත්සාහ කරනවා. එතේ රෝගයේ මුල් අවස්ථාවේදී එවැනි තැනකට යන්නට ඔවුන් කල්පනා කරන්නෙ නැහැ. රෝගියාගේ රෝග තත්ත්වය ගණනය කරන්නට ජාත්‍යන්තර මට්ටමින් යොදා ගන්නා ගණන වේදයන් පවා තිබෙනවා. (උදා Hoehn and Yahr rating system) ප්රශ්නය - මේ අය සුව කරන්නෙ කොහොමද? වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - වසර 2017 වන තුරුත් මේ රෝගය සුව කරන්න ක්‍රමයක් බටහිර වෛද්‍ය විද්‍යාවේ තිබුණේ නැහැ. එහෙත් වසර දහතුන්දහසකට පෙරත් ආයුර්වේදය තුළ මේ රෝගයට ප්‍රතිකාර තිබුණා. රෝගයට නමකුත් තිබුණා. ඒ තමයි 'කම්පවාත රෝගය' පාකින්සන් කියන්නේ එක්දහස් අටසිය ගණන්වල නමක්. අවසන් අඩියේ සිටින පාකින්සන් රෝගියකුට ප්‍රතිකාර කරන හැටි ලබන සතියේ කියවමු. සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආත්රයිටිස් සුව කරන්නත් පුළුවන් කළමනාකරණය කරන්නත් පුළුවන් ප්රශ්නය - සමහර රෝග තිබෙනවා සුව කරන්න බැරි කළමනාකරණය කරගෙන ඉදිරියට යැම පමණක් කළ හැකි. ආත්රයිටිස් කියන්නේ මෙයින් කවර වර්ගයට අයත් රෝගයක්ද? වෛද්‍ය වසන්ත උදයජීව - ආත්රයිටිස් කළමනාකරණය කරගන්නත් පුළුවන්. ත්‍රිදොaෂ අතුරින් වාත දොaෂය කුපිත වීම මූලික කරගෙන හැදෙන මේ රෝගය ඇතැම් විට පාකින්සන් රෝගය දක්වා පැතිර යැමට ඉඩ ඇති නිසා වෛද්‍යවරයා හරියටම රෝග මූලයට ප්‍රතිකාර කළ යුතුයි. අද මා ඔබට දෙනවා ආත්රයිටිස් රෝගය සුව කර ගැනීමට මඟපාදන කසායක්. මෙය වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ පානය කළ යුතු බව මතක තබා ගන්න. බැබිල මුල් ආපසු මදුවැල් අරත්ත අල, දේවදාර, වැල් පෙනෙල, දුම්මැල්ල, කටුකරෝසන, සිරිතේක්කු, සුවඳ කොට්ටම්, පත්පාඩගම්, කලාඳුරු අල, වැල් මී කලං 1 බැගින් ගෙන වතුර පත 8 කට දමා, පත 1 ට සිඳවා සීනි, මී පැණි දමා දිනකට කෝප්ප භාගයබැගින් උදේ සවස දින 12 ක් පානය කළ යුතුයි. වේදනා නාශක, ප්‍රතිජීවක ඖෂධ සහ අසාත්මිකතාව නසන ඖෂධ යන සියලු දේ මේ වට්ටෝරුව තුළ තිබෙනවා. මේ සඳහා බෙහෙත් තෝරා ගැනීමේදී නියමිත ප්‍රමිතියට අනුව කටයුතු කළ යුතුයි. ඒ අතර කසාය තැම්බීම මැටි මුට්ටියක කළ යුතුයි. රබර් දර නොවන දර වර්ග යොදා මෙය තැම්බීම කළ හැකි නම් ඉතා වැදගත්. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Feb 2018 05:10 PM ඔටිසම් දරුවාගේ පෙනීමේ අවුලක් නම් මේ ලිපිය කියවන්න ප්රශ්නය - ඔටිසම් රෝගයේ තිබෙනවා Autism Spectrum disorder කියලා තත්ත්වයක්. මේ තත්ත්වයට මුහුණ දෙන දරුවන්ගෙන් සමහරකට ඇස් පෙනීම දුර්වලයි. සමහරුන්ගේ ඇස් හරියට Focus වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට නිසි රූපය ලබා ගන්නට බැහැ. ඇස් දෙක හරියට Focus නොවන විට එක රූපය දෙකක් වගේ පෙනෙනවා. මෙය ඉතාම පීඩාකාරී තත්ත්වයක් මේ ගැන ඔබට තිබෙන අත්දැකීම් කුමක්ද? වෛද්‍ය ලීනා ඉලේපෙරුම - මෙයට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ ආයුර්වේද වෛද්‍ය ආයතනයකදි අපිට ලැබී තිබෙනවා. ඔටිසම්වලට අදාළ මේ වර්ගයේ රෝගවලට පොදු ආයුර්වේද නමක් තිබෙනවා. ඒ තමයි මනෝ ..... බලය. රෝග කියන නම. එහෙත් ASD රෝග තත්ත්වය කියලා වෙනම රෝගයක් ආයුර්වේදයේ නැහැ. ඒ නිසා ඒ රෝගයටම ඉලක්ක කරල ප්‍රතිකාර කිරීමේ දුෂ්කරතාවක් තිබුණා. මේ අතර අප පුහුණුව ලද ඉන්දියානු ආයතනයට අවුරුදු 8 ක ගැහැනු ළමයකු ගෙනාවා. ඇය ASD රෝග තත්ත්වයෙන් පෙළුනා. ඇයට ප්‍රතිකාර කිරීම විශාල අභියෝගයක්. එම ප්‍රතිකාර සඳහා ක්‍රමවේදයක් හදා ගැනීමට අපට හැකි වුණා. අප මුලින්ම කළේ දරුවාගේ රෝග ලක්ෂණ සියල්ල වෙන් වෙන්ව ගෙන ආයුර්වේද මූලධර්මවලට අනුකූලව තක්සේරු කිරීමයි. ඒ කියන්නේ හැම රෝග ලක්ෂණයක්ම ත්‍රිදොaෂ ක්‍රමවේදයට යටත් කර අර්ථකථනයක් ගැනීමයි. එවිට අපට හඳුනාගන්නට පුළුවන් වුණා එක් එක් රෝගලක්ෂණය පදනම් වෙලා ඇත්තේ ත්‍රිදොaෂවල කවර කොටස මතද කියන කාරණය. එවිට ප්‍රතිකාර කළ යුත්තේ කවරක් සඳහා ද කියන කාරණය පැහැදිලි වුණා. ඒ එක්කම අප තේරුම් ගත්තා රෝගය නැති කිරීම සඳහා යොදාගත හැකි ප්‍රධාන ඉJද්‍රිය දැරියගේ ආහාර ජීර්ණ පද්ධතිය කියන එක. දැරියට සුදුසු, ඇය ශක්තිමත් කරන ආහාර වගේම ඇය සුවපත් කරන ඖෂධ ශරීරගත කිරීම සඳහා අපට ලැබී තිබුණේ ආහාර ජීර්ණ පද්ධතියයි. මන්ද යත් ආයුර්වේදයේ එන්නත් මගින් ඖෂධ ශරීරගත කරන ක්‍රමයක් නැහැ. සේලයින් දෙන්නේ නැහැ. සියලුම ඖෂධ ස්වභාව ධර්මයට කිට්ටු ක්‍රම මගින් ශරීරගත කිරීම තමයි සම්ප්රදායය. ASD රෝගයට බලපාන ශරීරයේ විෂ සහිත තත්ත්වයන් තුරන් කිරීමේදී ආහාර ජීර්ණ පද්ධතිය යොදා ගැනීමට හැකියාව තිබුණා. අප එදා ඒ දරුවාට කළ ප්‍රතිකාරයෙන් පස්සේ එම ක්‍රමවේදය ගැන වෛද්‍ය පත්‍රිකා රැසක් නිකුත් කෙරුණු බව දැන ගන්නට ලැබුණා. (දරුවාට ප්‍රතිකාර කර සුව කළ හැටි ලබන සතියේ කියවමු.) ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Feb 2018 04:05 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Feb 2018 05:46 PM කොඳුඇට පෙළ රෝග නිට්ටාවට ම සුව කරන දේශීය පාරම්පරික සිංහල වෙදකම මනු, බලි රාජ්‍ය පාලන කාලයේ සිට පැවත එන්නා වූ පුලස්ති ආදී සෘෂිවරුන් වැඩි දියුණු කළා වූ රාවණා රජු විසින් රාජ්‍ය අනුග්‍රහය දක්වමින් වැඩි දියුණු කළා වූද ලාංකීය ස්වදේශීය වෛද්‍ය ක්‍රමය දේශීය පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රයයි. පාරම්පරික වෛද්‍යවරුන් එදා සිට අද දක්වා තම කුල පරම්පරාවලින් තම දුවා දරුවන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන් පවත්වාගෙන එන මෙම විස්මිත වෛද්‍ය ශාස්ත්‍රය, තම පරම්පරාවලට, ආවේණික රෝගාබාධ සුව කිරීමේ විස්මිත වූ රහස් ඖෂධ ක්‍රම, චාරිත්‍ර, දැක පුරුදු සහ කළ පුරුදු සහිතව පැවත එන්නෝය. එසේ පැවත එන්නා වූ එක් අංගයකි ඇටහන්දි වෙදකම. කොඳුඇට ආශ්‍රිතව ඇති වෙනස්වීම්, දිරා යැම, ඇදවීම නිසා නොයෙක් මාදිලියේ රෝග තත්ත්වයන් හටගනී. එමඟින් එම අවස්ථා නිවැරදි නොකළේ නම් වාත රෝග අවස්ථාවට පත් වෙයි. නමුදු අප වාත රෝග අවස්ථාවට ප්‍රතිකාර කරමින් වේදනාව සමනය කිරීමට උත්සාහ දැරුවහොත් එය නිෂ්ඵල කාර්යයක් වේ. දේශීය වෙදකමේ උගන්වනුයේ රෝග මූලයට අවශ්‍ය ප්‍රතිකාර කිරීමයි. කොන්දේ වේදනාව හටගන්නා විවිධ ක්‍රම, රෝග තත්ත්වයන් ඇත්තේය. අස්ථිවල වෙනස් වීමකින් තොරව වකුගඩු ආබාධ, ආමාශගත රෝග, අන්ත්‍රගත රෝග, අක්මා රෝග, පිළිකා තත්ත්වයන්, අම්ලපිත්ත තත්ත්වයන් නිසාද කොඳු ඇට පෙළ වේදනාව ඇති වේ. දක්ෂ දේශීය වෛද්‍යවරයා තමා පාරම්පරිකව ප්‍රගුණ කළ නාඩි ශාස්ත්‍රීය දැනුමෙන් මේ කුමන ආකාරයේ රෝගාබාධයක් දැයි හඳුනා ගනී. ඔහු ඒ සම්බන්ධව සමතෙකි. මා ලිපියෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ කොඳුඇටවල වෙනස්වීමක සිදු වන වේදනාකාරී තත්ත්වය පිළිබඳව පමණි. අස්ථිවල වෙනස්වීම කීප ආකාරයකට ම විය හැකිය. 1. කශේරුකා අස්ථි ආශ්රිත අතිරේක වැඩීම (Osteophytes) 2. කශේරුකා අස්ථි දිරා යැම (Vertibra Degeneration) 3. කශේරුකා අස්ථි පසෙකට තල්ලු වීම (Slip of Vertibra) 4. කශේරුකා අස්ථි අතර අන්තර් කශේරුකා බිම්බ කොටස දිරාපත් වීම (Intervertertibral Disk Degeneration) 5. කශේරුකා අස්ථි අතර අන්තර් කශේරුකා බිම්බ කොටස පසෙකට තල්ලු වීම (Slip of Intervertertibral Disk) 6. අන්තර් කශේරුකා බිම්බ කොටස් දිරාපත් වීම හෝ තල්ලු වීම නිසා ඇති වන කශේරුකා අස්ථි අතර පරතරය ළං වීම හෝ දුරස් වීම. කොඳුඇට පෙළට සිදු විය හැක්කේ ඉහත කාරණා එකක් හෝ වැඩි ගණනක් නිසා සිදු වන ආබාධ තත්ත්වයකි. මෙය කොඳුඇට පෙළේ ගි්රවි කශේරුකා කලාපයේද, පෘෂ්ඨ කශේරුකා කලාපයේද, කටී කශේරුකා කලාපයේද, ත්‍රික හා අනුත්‍රික කලාපයේද ඉහත සය ආකාරයෙන් එක් හෝ ඊට වැඩි තත්ත්වයන් ගණනකින් විය හැකිය. මෙම ආබාධ තත්ත්වයන් පැමිණි කල කශේරුකා අස්ථි ආශ්‍රිතව පවතින ස්නායු තෙරපුම සහ ඇදීම හේතුවෙන් ස්නායු ක්‍රියාකාරීත්වය අඩපණ වීම සිදු වෙයි. අස්ථි පෙළෙහි ආබාධය සහිත අස්ථිය පිහිටන තැන අනුව පිහිටි ස්නායුවෙන් නියෝජනය වන ශරීර කලාපය මේ අනුව පීඩාවට පත් වෙයි. ගෙලෙහි ගි්රවි කශේරුකා ආබාධ වූ කල අත් දෙකෙහි, උරහිස්, වැලමිට, ඇඟිලි ආදියේ හිරිය, වේදනාව, අප්‍රාණිකත්වය පවා ඇති විය හැකිය. නිදසුනක් ලෙස ගි්රවි 4 සහ 6 වැනි අස්ථි (C4/C6) පීඩා වූ කල අත්, පාද සහ ශරීරයේ බොහෝ තැන්වල ඉහත රෝග තත්ත්වයන් ඇති විය හැකිය. පෘෂ්ඨ කශේරුකා 6 හා 9 ආදී අස්ථි (T6/T9) පීඩා වූ කල පීඩා වන ස්නායු මගින් පපුවෙන් පහළ බොහෝ ශාරීරික පද්ධතිවල ක්රියාවේ විකෘතිතා ඇති විය හැකිය. එසේම කටී කශේරුකා 3/4/5 (L3/L4/L5) අස්ථි වෙනස්වීම් වූ කල තුනටියෙන් පහළට ගෙන යන ස්නායු ක්‍රියාකාරීත්වය බිඳ වැටීමෙන් කකුල්වල අප්‍රාණිකත්වය, හිරිය, වේදනාව, කෙණ්ඩා පෙරළුම, දණහිස් සන්ධියේ, වළලුකර සන්ධියේ, ඇඟිලිවල, විලුඹේ ආබාධ රැසකට ද මුල් වෙයි. කෙසේ නමුත් අප විසින් රෝගියාගේ රෝග තත්ත්වයට වගකිවයුතු රෝග මූලය තෝරා ගෙන පළමුව එය නිවැරදි කළ යුතුයි. එසේ නොමැතිව රෝග ලක්ෂණවලට පමණක් ප්‍රතිකාර කිරීමට යැමෙන් සිදු වන්නේ රෝග මූලයේ ආබාධය තව තවත් උග්‍ර අතට හැරීමෙන් රෝගියා ව්‍යාධි තත්ත්වයට පත් වීමයි. එසේ නම් පළමු පියවර විය යුත්තේ අස්ථිවල ඈත් වීමක් හෝ අනිසි ළං වීමක් සිදු වී ඇත්නම් ඒවා නිවැරදිව ස්ථානගත කළ යුතුය. නොවෙනස් වන ලෙස බෙහෙත් බැඳිය යුතුය. අස්ථි දිරාපත් වී තිබේ නම් අස්ථි වර්ධක ඖෂධ බැඳිය යුතුය. කශේරුකා මඬල ලිස්සා යැමක් ඇත්නම් අස්ථි නිවැරදිව ස්ථානගත කර කශේරුකා බිම්බ අභ්‍යන්තරයට නැවත අවශෝෂණය කිරීමට සමත් ඖෂධ බැඳ නිවැරදිව ස්ථානගත කළ යුතුය. එසේ නොමැතිව එම නිසා පීඩාවට පත් වූ ස්නායු ප්‍රකෘති ක්‍රියාකාරීත්වයට පත් කළ නොහැකිය. අස්ථිවල නිරවද්‍යතාව සලසන තාක් බොන බෙහෙතකින් පමණක් ස්වයංක්‍රීයව අස්ථි නිවැරදි නොවේ. දේශීය පාරම්පරික චිකිත්සා ක්‍රමවල එන ඖෂධ ආලේපන මගින් පේශි හා අස්ථි බුරුල් කර හස්ත ක්‍රම උපයෝගී කර ගනිමින් අස්ථි ස්ථානගත කිරීමේ ක්‍රම උපයෝගි කර ගනිමින් නිවැරදිව ස්ථානගත කළ යුතුය. ඉන්පසු නිවැරදිව ස්ථානගත වූ අස්ථි ඒ ආකාරයෙන්ම ස්ථාවර වීමට ඖෂධ යෙදිය යුතුය. ඉන්පසු ද කාර්යය නිම නොවේ. රෝගියා පෙරදි කළ රැකියා කටයුතු සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරකම් ඉටු කිරීමට අවශ්‍ය පරිදි අස්ථි පෙළ නම්‍යශීලී වීමට අවශ්‍ය ව්‍යායාම් කරවිය යුතුය. නිවැරදි වෛද්‍යවරයාගේ නිවැරදි මඟපෙන්වීමත් රෝගියාගේ සහ ඔහුගේ ආවතේවකරුගේ යුතුකම් සහ කැපවීමත්, වෛද්‍ය අවවාද නිසි ලෙස පිළිපැදීමෙනුත් නිත්‍ය සුවය ලබාගත හැකිය. කොඳුඇට පෙළ අස්ථි නිවැරදි කිරීම සහ ප්‍රතිකාර කිරීමේදී අස්ථි සකස් කිරීමම බොහෝ වගකීමක් සහිත උත්තුංග කර්තව්‍යයකි. බටහිර වෛද්‍ය ක්‍රමයේදී පවා පැය ගණනක් ගෙන ශල්‍යාගාරයක සිදු කරන කටයුත්තක් ස්වාභාවික පරිසරයේදී සිදු කරන විට එය කොතරම් අසීරු දැයි හැඟෙනු නියතය. නමුදු විශ්මය එයයි. දේශීය පාරම්පරික වෛද්‍යවරයා පැවත එන ඉපැරණි පරම්පරාවලින් හෙළ අංගම් ශාස්ත්‍රයද චිකිත්සාවට උපකාර වන ලෙස උගන්වමින් පැවත ආවේ මෙවැනි කාරණා නිසාමය. ඒ තුළින් වෛද්‍යවරයාගේ ඉවසීම, සංවරය අත්පාවල සමතුලිත බව නම්‍යශීලිත්වය තහවුරු කළේය. එවැනි වෛද්‍යවරු අදටත් බොහෝ සිටිති. ඔවුන්ට අස්ථි, සන්ධි, නිල, මරු නිල සම්බන්ධ දැනීමද, සන්ධි කිරීම්, අවසන්ධි කිරීම්, ඇට එහා මෙහා කිරීම් සම්බන්ධයෙන්ද මනා දැනුමක් සහ ඒවා ක්ෂණයෙන් වඩාත් නිවැරදි කිරීමට මෙන්ම රෝගියාටද නොදැනෙන නොසිතන නිමේෂයෙන් ඉටු කර දීමට ඔවුන් දක්ෂයෝය. මෙය දේශීය පාරම්පරික වෛද්‍යවරුන්ට ලොව මවිත කරවන්නට තිබෙන අවියක් ද වන්නේය. ඔවුන්ට කොඳුඇට පෙළ සම්බන්ධව තිබෙන දැනුම් සම්භාරය ඉතාමත් විශිෂ්ටය. ඔවුන් සතුව සෑම අස්ථියක් අස්ථියක් පාසාම නිවැරදි කරන පාරම්පරික හස්ත ක්‍රම පවතී. ඒවා භාවිතයෙන් රෝගියා පීඩාවට පත් නොකර ක්ෂණයෙන් නිවැරදිව පිහිටීම් කිරීමටත් අවශ්‍ය ප්‍රතිකාර කිරීමේ දැනුම් සම්භාරය ද ඔවුන් සතු වෙයි. අද කොන්දේ වේදනාවලින් පෙළෙන රෝගීන්ගෙන් අතළොස්සක් හැරුණු විට අන් සියලු දෙනා අස්ථි සම්බන්ධ ඉහත දැක්වූ ප්‍රශ්න නිසා ඇති වූ කොන්දේ වේදනා නිසා පීඩා විඳින්නෝය. ඔබද තවදුරටත් කොන්දේ අස්ථි වෙනස්වීමකින්, දිරා යැමකින්, අන්තර් කශේරුකා බිම්බ වෙනස් වීමකින් පෙළෙයි නම්, එම රෝග සම්බන්ධ තොරතුරු නොමිලේම ලබාදීමට සතියේ ඕනෑම දිනයක රාත්‍රි 7 න් පසු 071-7666488 අංකයට කතා කර විස්තර දැනගැනීමේ පහසුව පවතී. සංස්කරණය - උපාලි ද සේරම් - වසන්තා ශ්‍රියා කාන්ති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Feb 2018 05:47 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Feb 2018 05:58 PM නින්දේදී ආහාර ගෙන පැය දෙක තුනකින් නිදිමත හෝ ක්ලාන්තය ඇති වෙනවාද? ප්‍රධාන ආහාර වේල් දෙක අතර සීනි අධිකව අඩංගු නැති කුඩා ආහාර වේලක් ගත හැකියි. ඒ සඳහා පේර කැල්ලක්, කොළ පැහැති ඇපල් කැබැල්ලක්, බිස්කට් 02 ක් වැනි කුඩා ආහාර වේලක් ගැනීම කළ හැකියි. වෛද්‍ය උපදෙස් මත සිරුරේ ස්ථුලබව අඩුකර ගැනීම සඳහා පියවර ගත යුතුයි. ආහාර පාලනයට අමතරව ඇවිදීම. ව්‍යායාමවල යෙදීම ආදිය මගින් එය සිදුකර ගත හැකියි. මෙලෙස කටයුතු කිරීමෙන් මතුව ඇති රෝගය පාලනය කර ගැනීමට පිළිවන. දවසේ ප්‍රධාන ආහාර වේල් තුන වන උදේ, දහවල් සහ රාත්‍රි යන ආහාර වේල් ගැනීමට අප බොහෝ දෙනා පුරුදුව සිsටිති. මෙම ආහාර වේල් තුන අප ගනු ලබන්නේ පැය 06 ක පමණ පරතරයක් තබාගෙනය. ප්‍රධාන ආහාර වේලකින් කුස පුරවා ගත් පසු ඇතැම් දෙනා පැය 2 ක් හෝ 03 කින් පසු දැඩි නිදිමතක්, කැරකිලි සහගත බවක් හෝ ක්ලාන්තයක් දැනෙන බව පවසති. වෛද්‍යතුමනි, දවසේ ප්‍රධාන ආහාර වේලක් ගැනීමෙන් පසු මෙලෙස ඇතිවන නිදිමත හෝ ක්ලාන්තයට හේතුව කුමක්ද? යම් පුද්ගලයකුට ප්‍රධාන ආහාර වේලක් ගැනීමෙන් පසු හෝ අධික සීනි සහිත පානයක් ගැනීමෙන් පසු පැය 02 ක් 03 ක් වැනි කාලයකින් නිදිමතක් කැරකිලි සහිත බවක් හෝ ක්ලාන්ත බවක් ඇති වේ නම් එය වෛද්‍ය පරීක්ෂාවට ලක් කළ යුතු කරුණක් බව පළමුවෙන් පැවසිය යුතුය. එවැනි පුද්ගලයකුට සීනි අධික ආහාරයක් ගත් පසු මෙවැනි තත්ත්වයක් මතු වන්නේ එම පුද්ගලයාගේ අග්න්‍යාශයෙන් සාමාන්‍ය පුද්ගලයකුට වඩා ඉන්සියුලින් හෝමෝන නිපදවන නිසාය. මෙය රෝගී තත්ත්වයකි. එය (Reactive Hypoglycaemia) නමින් හඳුන්වනවා. මීට මූලික හේතුව මෙවැනි පුද්ගලයින්ගේ ශරීරයේ ඉන්සියුලින් හෝමෝනයට ප්‍රතිරෝධයක් පැවතීමය. (Insiyulin Resistance) ඉන්සියුලින් ප්‍රතිරෝධය මැඬපැවැත්වීමට අග්න්‍යාශය පමණට වඩා ඉන්සියුලින් නිපදවයි. මෙම රෝගය බහුලව දක්නට ලැබෙන්නේ මැදි වියේ සහ ස්ථුලතාවයෙන් පෙළෙන අය අතරය. සිරුරට වැඩිපුර සීනි සහිත ආහාර එක්වීම නිසා අග්න්‍යාසය මගින් එම වැඩිපුර සීනි ඉක්මනින් ජීර්ණය කර ගැනීම සඳහා වැඩිපුර ඉන්සියුලින් නිපදවනු ලබනවා. ඒ සඳහා අග්න්‍යාශයේ ඇති බීටා සෛල වැඩි වෙහෙසක් ගනු ලබනවා. (Beta cell Exhaution) මෙම තත්ත්වය සිරුර තුළ ක්‍රියාත්මක වන විට අග්න්‍යාශය මගින් සීනි බහුල ආහාරයක් ගත් විගස එම සීනි ජීර්ණය කර ගැනීම සඳහා වැඩිපුර ඉන්සියුලින් නිපදවීමට හුරු වෙනවා. එසේ වූ විට එවැනි පුද්ගලයකු සීනි බහුල ආහාරයක් ගෙන පැය 3 ක් හෝa 4 කින් එම ආහාර සම්පූර්ණයෙන් ජීර්ණය වීම නිසා රුධිරයේ පැවතිය යුතු සීනි මට්ටම පහළ යනවා. නිදිමත, ක්ලාන්තබව, කැරකිලි සහිත බව ඇති වන්නේ එවැනි අවස්ථාවලදීය. වෛද්‍යතුමනි, මෙවැනි අවස්ථාවකදී රුධිරයේ සීනි මට්ටම ඉහළ නංවා ගැනීමට සීනි අධික ආහාරයක් ගැනීම කළ හැකියි නේද? ඔය වරද තමයි මෙවැනි පුද්ගලයන් සෑම කෙනෙක්ම කරන්නේ. රුධිරයේ සීනි ප්‍රමාණය අඩු වූ නිසා සීනි මට්ටම ඉහළ දමා ගැනීමට නැවත වරක් සීනි අධික ආහාරයක් ගනු ලබනවා. එවිට නැවත වරක් අග්න්‍යාශයෙන් අධික ලෙස ඉන්සියුලින් නිපදවනවා. එවිට රුධිරයේ ග්ලූකෝස් මට්ටම නැවත පහළ යනවා. එවැනි තත්ත්වයකදී නැවත වරක් එම පුද්ගලයා සීනි අධික ආහාරයක් ගැනීමට පෙළඹෙනවා. මෙලෙස දිගින් දිගටම සිරුරට සීනි අධික ප්‍රමාණයෙන් යුත් ආහාර ගැනීම නිසා ඊට එම පුද්ගලයා ඇබ්බැහි වෙනවා. එවිට පුද්ගලයා තරබාරු වී ඉන්සියුලින් ප්‍රතිරෝධය තව තවත් වැඩි වෙනවා. මෙලෙස කාලයක් යන විට එම පුද්ගලයා අධික තරබාරුවත් සමග දියවැඩියා රෝගයට ගොදුරුවෙලා සිටිය හැකියි. එනිසා මෙවැනි පුද්ගලයන් කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මත ආහාර පාලනය කිරීමයි. මෙවැනි පුද්ගලයන්ට වඩා සුදුසු වන්නේ තන්තු වැඩිපුර සහිත ආහාර, කොළ පැහැති එළවළු, පලාවර්ග සහිත මිශ්‍ර ආහාරයකි. (Mixed Meal) මෙම ආහාරයට ප්‍රොaටීන් එක්කර ගැනීම සඳහා මාළු, බිත්තර, ආදිය එක්කර ගැනීම වරදක් නැහැ. ප්‍රධාන ආහාර වේල් දෙක අතර සීනි අධිකව අඩංගු නැති කුඩා ආහාර වේලක් ගත හැකියි. ඒ සඳහා පේර කැල්ලක්, කොළ පැහැති ඇපල් කැබැල්ලක්, බිස්කට් 02 ක් වැනි කුඩා ආහාර වේලක් ගැනීම කළ හැකියි. වෛද්‍ය උපදෙස් මත සිරුරේ ස්ථුලබව අඩුකර ගැනීම සඳහා පියවර ගත යුතුයි. ආහාර පාලනයට අමතරව ඇවිදීම. ව්‍යායාමවල යෙදීම ආදිය මගින් එය සිදුකර ගත හැකියි. මෙලෙස කටයුතු කිරීමෙන් මතුව ඇති රෝගය පාලනය කර ගැනීමට පිළිවන. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Feb 2018 06:09 PM නින්දේදී හුස්ම නැවතීමේ රෝගය ගැන දැනුවත්ද ? මිනිසෙකුගේ මනා කායික සහ මානසික නිරෝගීතාවය සඳහා නිසි පරිදි ප්‍රමාණාත්මක නින්දක් අවශ්‍ය වේ. මෙය සාමාන්‍යයෙන් දිනකට පැය 7 ක පමණ අඛන්ඩ කාලයක් ලෙස සැලකේ. නින්ද, ප්‍රධාන වශයෙන් අඩ නින්ද සහ ගැඹුරු නින්ද ලෙස අවධීන් දෙකකට බෙදා දැක්විය හැකිය. මින් ප්‍රමාණවත් ගැඹුරු නින්දක් නිතිපතා ලබාගැනීම මිනිසාට අත්‍යවශ්‍ය වේ. නමුත් මෙම ගැඹුරු නින්දට බාධා කරන සෞඛ්‍යය තත්ත්වයක් බොහෝ දෙනා නොදැන වුව ද තමන් වෙත පැවතිය හැකිය. මෙහිදී සිදුවන්නේ නින්දේදී ශ්වසනයට බාධා වන පරිදි සිරුර ක්‍රියාකාරී වීම නිසා සිරුරට අවශ්‍යය ඔක්සිජන් වායුව නිසි පරිදි නොලැබීම හේතුවෙන් රුධිරයේ අඩංගු කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සාපේක්ෂව ඉහළ යැමක් නිසා එකවරම සුළු මොහොතකට ගැඹුරු නින්දෙන් අවදිව තදින් හුස්ම ගැනීමක් සිදුවීමයි. තත්ත්aපර ගණනක් පුරා හුස්ම ගැනීම නතර වීම හෝ කෙටි හුස්ම ගැනීමෙන් අනතුරුව එකවර තදින් හුස්ම ගැනීම මෙහිදී දක්නට ලැබේ. මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ 1. උගුර තුළ මාංශපේශී ඉහිල් වීම හෝ ශ්වසන මාර්ගයේ වෙනත් අවහිර වීම්. 2. මොළය මඟින් ශ්වසන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන පේශීන් වෙත නිසි පරිදි උත්තේජන පණිවුඩ ලබා නොදීම. 3. ඉහත තත්ත්වයන් දෙකෙහිම සංකලනයක් ශ්වසන මාර්ගය අවහිර වීම බොහෝ දුරට සිදුවන්නේ උගුරේ මාංශපේශීන් නින්දේදී ඉහිල්වීම නිසා එමඟින් ශ්වසන මාර්ගයට යාන්ත්‍රික බාධාවක් සිදුවීමයි. එසේම නාසයේ මස් දලූ පැවතීම, අසාත්මිකතා හේතුවෙන් ශ්වසන පටක ඉදිමීම, සෙම්ගෙඩි විශාල වීම වැනි හේතුන් මත ද ස්වසන මාර්ගය අවහිර වීම සිදුවිය හැකිය. එවිට නින්දේදී තදින් ගෙරවීම සිදු වේ. එසේම අක්‍රමවත් ලෙස ශ්වසනය සිදුකෙරේ. තදින් ගෙරවීම සුළු වෙලාවකින් නැවතී, හුස්ම ගැනීම ද මඳකට නතර වේ. මඳකින් නැවත සාමාන්‍ය ලෙස හුස්ම ගැනීම සිදුවේ එය සිදුවන්නේ ගැඹුරු නින්දෙන් අවදිවීම හේතුවෙනි. නැවත ගැඹුරු නින්දට පත් වනවිට පෙර පරිදිම ගෙරවීම පටන්ගෙන එය උච්ඡ තත්ත්වයට පත්ව පෙර පරිදිම හුස්ම ගැනීම නතර වේ. මෙය අවම වශයෙන් පැයකට පස් වරක් හෝ ඊට වැඩියෙන් සිදුවන විට ගැඹුරු නින්දට බාධා වීම සිදුවේ. මෙය බොහෝ විට එම පුද්ගලයාට නිරීක්ෂණය නොවන අතර ඔහු නිදනා අවස්ථාවේ ඒ අසල සිටිනා අනෙක් අය විසින් නිරීක්ෂණය කරනු ලබයි. බහුතරයක් දෙනා පීඩාවිඳිනු ලබන්නේ ඉහත කී ස්වසන මාර්ගය අවහිර වීමෙන් ඇතිවන රෝග තත්ත්වයෙනි. එසේම ගෙරවීමකින් තොරව ඇතිවන හුස්ම ගැනීමේ අපහසුව නිසා නින්දෙන් අවදිවීමට සිදුවීම මොළයේ ස්නායුවල ආවේග ගමන් කිරීමේ දුර්වලතාවයක් හේතුවෙන් මෙන්ම සමහර හෘද රෝග නිසා ද ඇති වේ. සමහර අයට මෙම හේතූන් දෙකම සංකලනය වීම නිසාවෙන් ද මෙම තත්ත්වය ඇති වේ. මෙහි රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැකි වන්නේ * නින්දේදී තදින් ගෙරවීම Ö නින්දේදී හුස්ම ගැනීම මඳකට නතර වීමZ * උගුර වියළී හෝ උගුරේ වේදනාව සහිතව නින්දෙන් අවදිවීම Ö නින්ද නොයැම * එකවරම හුස්ම ගැනීමට අපහසු වී නින්දෙන් අවදිවීම * උදෑසන පවතින හිසරදය * යමකට අවධානය යොමුකිරීමට අපහසු වීම * කලබලකාරී ගතිය * දිවා කාලයේ අධික නිදිමත ,(සමහර විට දිවා කාලයේ රිය පදවන විට හෝ මෝටර් බයිසිකල් පදවමින් සිටින විට පවා නින්ද යැම නිසා අනතුරුවලට ලක්වන අවස්ථා දක්නට ලැබෙන නමුත් එයට හේතුව මෙම තත්ත්වය බව බොහෝ දෙනෙක් නොදනිති.) ශ්වසන මාර්ගය අවහිරවීම හේතුවෙන් ඇතිවන මෙම තත්ත්වයට ගොදුරුවීමේ වැඩි අවධානමක් ඇති අය වන්නේ, * තරබාරු පුද්ගලයන් * බෙල්ල මහත පුද්ගලයන් (මෙහිදී පිරිමි පුද්ගලයෙකුගේ බෙල්ල වට ප්‍රමාණය අඟල් 17 ක් හෙවත් සෙන්ටිමීටර 43 කට වඩා වැඩිවීමත් කාන්තාවන්ගේ එම ප්‍රමාණය අඟල් 15 ක් හෙවත් සෙන්ටිමීටර 38 කට වඩා වැඩිවීමත් මෙම තත්ත්වයට ගොදුරු වීම සඳහා වැඩි අවදානමක් ඇතිකරයි.) * උපතින්ම සිහින් ශ්වසන මාර්ගයක් පිහිටීම හෝ විශාල සෙම් ගෙඩි උගුරේ පැවතීම * පිරිමි අයට කාන්තාවන්ට මෙන් දෙගුණයක අවදානමක් පවතී * මැදි හෝ මහලු වයස * දුම්පානය නිසා සාමාන්‍ය පුද්ගලයකුට වඩා තුන් ගුණයක අවදානමක් ඇතිවන්නේ එමඟින් ශ්වසන මාර්ගය තුළ නිරතුරුව ප්‍රදාහයක් ඇතිවීම නිසා වැඩිපුර තෙතමනයක් රැඳීම හේතුවෙනි. * මත්පැන් පානය * නිද්‍රdකාරක හෝ මනස සන්සුන්කිරීම සඳහා යොදාගන්නා ඖෂධ භාවිතය * පවුලේ ලේ ඥාතීන්ට මෙම තත්ත්වය පැවතීම * නිරතුරුව අසාත්මිකතාවන්ට ගොදුරුව නාසය තුළ සෙම් තත්ත්වයක් දිගුකාලීනව පැවතීම යන කරුණු දැක්විය හැකිය. මීට අමතරව මොළයේ ස්නායු ආවේගයන් නිසි ලෙස ගමන් නොකිරීම හේතුවෙන් ඇතිවන මෙම තත්ත්වයට වැඩිපුර ගොදුරුවීමේ අවදානමක් ඇත්තේ, මැදි හෝ වයස්ගත අය, හෘද අකර්මණ්‍ය වැනි හෘද රෝග ඇති අය, ප්‍රබල වේදනා 0නාශක දිගුකලක් භාවිත කරන අය සහ අංශභාග රෝගයට ගොදුරු වූ තැනැත්තන් හටය සංකූලතා මෙම තත්ත්වය දිගටම පැවතීම නිසා දරුවන් නම් පාසල් වැඩකිරීම දුර්වල වීම සහ කලබලකාරී බවත් අවධානය යොමුකිරීමේ දුර්වල බවත් දක්නට ලැබේ. වැඩිහිටියන් ගත්විට ඔවුන්ගේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය විටින් විට වෙනස් වන නිසා අධික රුධිර පීඩනය, අක්‍රමවත් ලෙස හෘදය ස්පන්දනය වීම, හෘදයාබාද ඇතිවීමේ අවදානම ඉහළ යැම සහ අංශභාග රෝග තත්ත්වයට ගොදුරු වීමේ අවදානම ඉහළ මට්ටමේ පවතී. මීට අමතරව ඉන්සියුලින් වලට ප්‍රතිරෝධී දියවැඩියාව, රුධිරගත මේදය වැඩිවීම සහ අක්මාවේ තෙල් තැන්පත්වීම ආදී රෝගවලට ගොදුරුවීමේ අවදානම ද ඉතා ඉහළය. එසේම ශල්‍යකර්ම කිරීමේදී ලබාදෙන ඖෂධ මඟින් ද සංකූලතා ඇතිවිය හැකි නිසා ශල්‍යකර්මය කිරීමට පෙර මෙම තත්ත්වය ගැන වෛද්‍යවරුන් දැනුවත් කිරීම අවශ්‍ය වේ. රෝගය හඳුනාගැනීම මේ සඳහා එම පුද්ගලයාට නින්ද ගිය විට ඔහුගේ ශ්වසන විලාසය, වේගය සහ රිද්මය ද රුධිරගත ඔක්සිජන් සාන්ද්‍රනය ද හෘදයේ ක්‍රියාකාරීත්වය මෙන්ම මොළයේ ක්‍රියාකාරීත්වය ද නින්දේදී අත්පා වල චලනයන් ද රාත්‍රි නින්ද පුරාවටම නිරීක්ෂණය කරනු ඇත. එයින් සොයාගන්නා දත්තයන් අනුව සුදුසු ප්‍රතිකාර වෛද්‍යවරුන් විසින් ලබාදෙනු ඇත නිදාගන්නා විට නාසයේ හෝ මුඛයේ පැළඳිය හැකි වෛද්‍ය උපකරණ සහ කුඩා ශල්‍යකර්ම පානය කිරීමට හෝ නාසයට විහිදුවන ඖෂධත් මෙම තත්ත්වයට පිළියම් කිරීම සඳහා රෝග තත්ත්වයට අනුරූපව යොදාගනු ලැබේ. කෙසේ වෙතත් මෙම තත්ත්වයෙන් වැළකී සිටීමට නම් සිරුරේ බර ප්රශස්ත මට්ටමේ පවත්වා ගැනීමත් නිරතුරුව ස්වායු ශ්වසන ව්‍යායාම කිරීමත් සුදුසුවන අතර පැත්තකට හැරී හෝ මුනින් අතට නිදාගැනීමත් ශ්වසන මාර්ගය අවහිර වීමෙන් වළක්වාගැනීමට උපකාරී වේ. මීට අමතරව මත්පැන් පානයෙන් සහ දුම්පානයෙන් වැළකීසිටීමත් අත්‍යවශ්‍ය බව තරයේ මතක තබාගත යුත්තකි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Feb 2018 06:09 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Feb 2018 06:19 PM සන්ධි රෝග ඇති විට සැලකිලිමත් විය යුතු අවස්ථා හඳුනා ගන්න සන්ධි රෝග පිළිබඳ සමාජයෙන් නිතර මැසිවිලි නැගෙන තත්ත්වයක් තිබේ. එයට හේතුව බොහෝ පිරිසක් සන්ධි රෝගවලින් පීඩා විඳීමයි. සන්ධි රෝගයක් හඳුනා ගන්නේ කෙසේද? සන්ධි රෝගයකදී බහුලව දැකගත හැකි ලක්ෂණ වන්නේ දණහිස, වළලුකර, මැණික් කටුව, උකුල සන්ධිය ආශ්රිත සහ සෙසු කුඩා සන්ධි ආශ්රිත එනම් ඇඟිලි පුරුක් සහ කොඳුඇට පුරුක්වල ඇති වන වේදනාවයි. මෙහිදී වේදනාව, සුෂ්ක බව හෝ වියළුණු ගතිය මෙන්ම ඉදිමුම සහිත තත්ත්වයක් සන්ධි ආශ්‍රිතව ඇතිවන අතර එම සන්ධි ආශ්‍රිතව ක්‍රියාකාරීත්වය අපහසුය. සන්ධි රෝගවලදී විටෙක වේදනාව පමණක් ඇතිවන අතර තවත් විටෙක ඉදිමුම සමඟ වේදනාව ඇතිවීමේ හැකියාව ඇත. ඇතැම් විටෙක අදාළ සන්ධි වියළි සහ කට, කටස් ලෙසින් ශබ්ද නඟන තත්ත්වයක් ඇති වන්නේ ඇයි? එහිදී ඇසුරු කළා වූ වාත රෝග ප්‍රභේදය සහ ඊට අනුබද්ධ දොaෂ තත්ත්වය මත මෙම වෙනස්කම් දැකිය හැක. උදාහරණයක් ලෙසින් ආමවාතයේදී ආමයද, කපද සහ සම්බන්ධ වන බැවින් ඉදිමුම ප්‍රකට වේ. ආමය යනු ආහාරයේ නොදිරවූ කොටස් විෂ බවට පත්වී විදග්ද වූ රස ධාතුව රුධිරය සමඟ මිශ්‍ර වීමයි. තවත් උදාහරණයක් ලෙසින් රක්ත වාතයේදී දාහය (දැවිල්ල) සහිත ඉදිමුමක් දැකිය හැකි වන්නේ රක්තය (ලේ) පිත හා අනුබද්ධ වන බැවිනි. ආමය යටතේ සන්ධි වේදනාව ඇතිවීමට හේතු මොනවාද? එහිදී අප මුලින් පැවසුවා සේ විදග්ද රස ධාතුව විකෘති ස්වභාවයෙන් අදාළ සන්ධි ඇසුරු කර එම ස්ථාන ප්‍රදාහයකට ලක් කරමින් මෙම තත්ත්වය ඇති කරයි. සන්ධිවල තැන්පත් වූ ආම වාතය හා මුසුව අදාළ සන්ධි මෘදු අස්ථි හා පටක පෙළමින් උග්‍ර පීඩාවක් ඇති කරයි. ආමය බර ගතියෙන් යුතු නිසා විශාල සන්ධිවල සිට කුඩා සන්ධි දෙවනුව ආක්‍රමණය කරයි. රක්තවාතයේදී දුෂිත වූ රුධිරය වාතය මෙහෙයවීමෙන් අනුක්රමිකව කුඩා සන්ධිවල සිට විශාල සන්ධි තෙක් ආක්‍රමණයට ලක් කොට පෙර ආමවාතයේදී කී පරිදිම අදාළ සන්ධි ස්ථාන ප්‍රදාහයට ලක් කොට පීඩාවට පත් කරයි. රක්තවාතයේදී හේතුව වන්නේ රුධිර නිසා රුධිරය වේගයෙන් කුඩා සන්ධි වෙතට පහසුවෙන් ගමන් කිරීමයි. ආමවාතයේදී පළමුව විශාල සන්ධි ප්‍රදාහය වීමටත් රක්තවාතයේදී කුඩා සන්ධි පළමුව ප්‍රදාහය වීමටත් හේතුව දැන් ඔබට පැහැදිලි බව නිසැකය. ආමවාතය ඇතිවීමට හේතු මොනවාද? ආහාර පාන විහරණ ප්රකටව මේ සඳහා හේතු ඇති කරයි. එහිදී බර අධික නොදිරවන සුළු වැගිරෙන ගතියෙන් යුත් බෙලසුන් ආහාර පාන අධි මාත්‍රාවකින් හෝ වැරදි මාත්‍රාවෙන් අනුභව කිරීම සහ ව්‍යායාමයෙන් තොර ජීවන රටාවක් පවත්වාගෙන යැම එයට ප්‍රධාන හේතුන්ය. එයට අමතරව රස ධාතුව කෝප කරවන දහවලට නින්ද, කෑපිට කෑම, ක්‍රියාශීලී ජීවන රටාවෙන් ඉවත් වීම යන බොහෝ කරුණු ආමය නිපදවීමට ඉවහල් වේ. ඉනික්බිති එම ආමය වාතය මෙහෙයවීමෙන් රක්ත ධාතුව හා එක්ව ශරිරය පුරා ගමන් කර සන්ධි ස්ථාන ඇසුරු කර තැන්පත් වී අදාළ සන්ධි පීඩාවට පත් කරයි. මෙහිදී සන්ධි ස්ථාන පමණක් නොව මෙවන් වූ ආමය හෘදය පවා පීඩාවට පත් කරලයි. නොදිරවන සුළු මස් වර්ග, තෙල් අධික ආහාර, නැවත නැවත පිසින ලද ආහාර, ශීතකරණයේ තබා කිsහිප වරක් රත් කරමින් කෑමට ගන්නා ආහාර මෙන්ම කිරි සමඟ මස් වැනි එකකට එකක් විරුද්ධ ආහාර ගැනීම මෙහිදී ආමය ඇති කිරීමට හේතු වන බව අමතක නොකළ යුතුය. රක්තවාතය ඇතිවීමට හේතු සඳහන් කරනවා නම්, රක්ත ධාතුව කෝපතාවයට පත් කරන ඌෂ්ණ විදාහි ආහාර පාන හා විහරණ රෝගය මතු කරලීමට ඉවහල් වේ. ව්‍යවහාරයේදීÊඅප දන්නා පරිදිම ඉස්සන්, දැල්ලන්, අන්නාසි, තක්කාලි, අච්චාරු, බලමාළු ආදී ආහාර පාන මෙම රෝගයේදී අපත්‍ය ගණයට වැටේ. එමෙන්ම ආමවාතයේදී පරිද්දෙන්ම රක්තවාතයේදීද ඇල් දිය අගුණය. එයට හේතුව මෙම රෝග අවස්ථා දෙකේදීම ප්රකටව වාතය සිටින බැවිනි. වාතය නෛසර්ගික ගුණයක් වන ශීත ගුණය කෝප කරවන හේතුවක් ඇල් දියේ පවතින බැවින් මෙම අපත්‍ය බව ඇති කරයි. පරිසරයේ ශීතාධික බවද එලෙසමය. පීඩාව තීව්ර කරයි. රාත්‍රියට වේදනාව වැඩිවීමට හේතුව එයයි. සියලු සන්ධි රෝගයන්ට මෙය පොදුවේ බලපාන තත්ත්වයකි. ප්‍රතිකාර ගැන සඳහන් කරනවා නම්, වෛද්‍යවරයා බහුවිධ හේතු පරීක්ෂණය කර රෝග නිධානයෙන්, ඉතිහාසයෙන් යන කාරණා දෙක හඳුනා ගනිමින් රෝගය නිර්ණය කිරීමට හේතුව මෙයට අමතරව තවත් සන්ධි රෝග තිබෙන නිසාවෙනි. රෝගයට හේතුව ආමය නම් පළමුව ආමපාචන චිකිත්සා ක්‍රියාවලියක් සිදුකරනු ලැබේ. ඉන්පසු වාතය සමනය කිරීම සිදු කරයි. ලංගන චිකිත්සාව (ශරිරය සැහැල්ලු බවට පත් කිරීම) ආමයේදී ප්රශස්ථම චිකිත්සාව පිළිබඳ පුරාණ ආයුර්වේද පොත පතෙහි පැහැදිලිව සටහන් කර තිබෙන්නේ එහි ඇති වැදගත්කම නිසාවෙන් බව පෙනේ. මෙම ප්‍රතිකාර කාලය තුළදී රෝගියාගේ ආහාර රටාව පමණක් නොව ඇවතුම් පැවතුම් පිළිබඳ පවා ඉතා හොඳ අවධානයක් දැක්විය යුතුය. අභ්යන්ත්රික ඖෂධ පාන චිකිත්සාව තරමටම බාහිර තෛල අභ්‍යන්ග, තැවිලි, පත්තු ආදී චිකිත්සාවන් ද වැදගත් බව සඳහන් කළ යුතුය. එම චිකිත්සාවන් ද ඉතාම නිවැරදිව කළ යුතු වන්නේ එය වැරදි නම් අතුරු උපද්‍රව ඇති විය හැකි නිසාවෙනි. රක්තවාතයේදී චිකිත්සාව ගොඩනැගෙනුයේ පළමුව රක්ත ශෝදන චිකිත්සා පද්ධතියකිනි. එසේම විරේචන ආදී වූ චිකිත්සා උපක්රමයන් ද උපයෝගි කර ගනු ලැබේ. ඉන්පසු වාත සන්නමන ප්‍රතිකාර අනුගමනය කරමින් විධිමත් චිකිත්සා අනුගමනය තුළින් රෝගයට ප්‍රතිකාර කරනු ලැබේ. මෙහිදී ද අභ්‍යන්තර ඖෂධ ලෙසටම බාහිරින් සිදු කරන්නා වූ අභ්‍යන්ග උපක්රමයන් ද අතිශයින් වැදගත් වේ. විධිමත් තැවිලි සහ තෙල් සාත්තුව තුළින් සාර්ථක ප්‍රතිඵල උදා කරගැනීමේ හැකියාව තිබෙන්නේ පුරාණ ආයුර්වේද පොත පතෙහි සන්ධි රෝග වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳ සටහන් කර තිබෙන නිසාවෙනි. ඔබත් ආමවාතයෙන් හෝ රක්තවාතයෙන් පීඩා විඳිනවා නම් රෝගය පිළිබඳ වැඩි විස්තරයක් දැනගැනීමට අවශ්‍යතාවක් තිබේ නම් 0775175409 යන අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර නොමිලේ විස්තර දැනගැනීමට හැකියාව තිබේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Feb 2018 04:02 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 Feb 2018 04:02 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 100 of 137 << < 9899100101102 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner