You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 102 of 137 << < 100101102103104 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Mar 2018 06:17 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Mar 2018 06:18 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Mar 2018 06:18 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Mar 2018 06:18 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Mar 2018 06:18 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Mar 2018 06:50 PM

නස ලෙඩ කළ පුංචි කාලේ අඳුරු මතක

ඔබට ඔබේ ළමා කාලය කියන්නේ අභිමානයක්. අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් ළඟ දුවලා පැනලා සෙල්ලම් කරපු කාලය ඔබට තවමත් මතක ඇති. ඒ කාලය නැවතත් අත් විඳින්න පුළුවන් නම් ජීවිතය මොන තරම් සුන්දර ද කියලා ඔබට තවමත් හිතෙනවත් ඇති. ළමා කාලය ගැන මෙසේ ඔබ සිහින මැව්වත් තවත් පිරිසකට මේ මතකයන් අමිහිරි අත්දැකීම් වෙන්නත් පුළුවන්.

ළමා ලිංගික අපයෝජනය අපි හිතනවාට වඩා පැතිරී ගිය ඛේදවාචකයක්. සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මසකට ළමුන් 100 දෙනකු පමණ ලිංගික අතවරවලට ගොදුරු වී රෝහල් ගත වන බව වාර්තා වේ. මේ බොහෝ දැරියන් අවු.15ට අඩු බවද වාර්තා වෙනවා. අපේ රට තුළ අනවශ්‍ය ගැබ් ගැනීම්වලට ලක් වෙන කුඩා දැරියන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව සංඛ්‍යා ලේඛනවලින් සනාථ වී තිබෙනවා. නමුත් බොහෝ ලිංගික අපයෝජන බිය හෝ ලජ්ජාව නිසා අදාළ දරුවාගේ දෙමාපියන් හෝ නෑදෑයින් විසින් කිසිම නීතිමය ක්‍රියාමාර්ගයකට නොගොස් සඟවාගෙන සිටිනවා. මෙම හේතුව නිසා නිවැරදි සංඛ්‍යා ලේඛන සොයා ගැනීම අපහසු වෙනවා.

ළඟම ඥාතීන් අතර සිදුවන ලිංගික සබඳතා හෝ අපයෝජනයන් අපගේ දණ්ඩ නීති සංග්‍රහයේ 364 A යටතේ දඬුවම් ලැබිය හැකි අපරාධයක් ලෙස සැළකෙනවා. මීටත් වඩා වැදගත් වනුයේ කුඩා දරැවකු ලිංගික අපයෝජනයකට ලක් වූවිට ඉන් මනසට වන බලපෑම මුලු ජීවිතයම අඳුරු වීමට හේතු වීමයි.

ඇගේ නම නයෝමි. වයස අවු. 25යි. ඇය දැන් විවාහ වී අවුරුදු දෙකයි. ඇගේ ස්වාමියා ඇයට හමු වුණේ යෝජනාවකින්. ඇය විවාහයකට ඇතුල් වුණේ ඇයට තිබුණු ආශාවටත් වඩා දෙමාපියන්ගේ බලපෑම මතයි. නයෝමි විවාහයකට කැමැත්තක් නොදැක්වූ බවත් ලිංගික ආශාව ඇයගෙන් ඈත් වී තිබෙන බවත් දෙමාපියන්  දැනගෙන හිටියේ නෑ. නයෝමි මනෝ වෛද්‍ය සායනයට යොමු කළේ ඉංජිනේරුවරයකු වන ඇගේ ස්වාමියායි. ඔහු නයෝමිගේ ගැටලුව ඉදිරිපත් කළේ මෙසේය.
නයෝමි මට හමුවුණේ යෝජනාවකින්. නමුත් දැන් ඇය සමඟ ජීවත් වීම මට එපා වෙලා. ඇය මා සමඟ ලිංගිකව එකතු වෙන්නේ කිසිම ආශාවකින් නෙවෙයි. ඇය කියනවා ලිංගික සංසර්ගයෙන් හෝ ස්පර්ශයෙන් ඇයට කිසිම ආශ්වාදයක් නොලැබෙනවා කියලා. ඇය හරිම බයකින් හා චකිතයකින් තමයි ලිංගික කාර්යයට ඇතුළු වන්නේ. ඇයට හරියට තරහා යනවා. කිසිම දේක හොඳක් දකින්නෑ. හැමදේකම වැරදි හොයනවා. සමාජෙට යන්න බයයි. ගෙදරට කොටු වී සැඟවී ඉන්න තමයි කැමති. මට හිතෙන්නේ ඇය අවුල් වූ චරිතයක්. කොතනක හෝ සැඟවුණු දෙයක් තියෙනවා. මට ඒක හිතා ගන්න බෑ.

ඔහුගේ කතාව අවසන් කළ පසු නයෝමි ඇයට හිතෙන දේ මෙසේ පැවසුවා. 

මගේ ස්වාමියා හරිම හොඳයි. ඔහු මට හරිම ආදරෙයි. ඒක මම දන්නවා. මේක ඔහුගේ වරදක් නෙවෙයි. මට කිසිම දේකින් සතුටක් ලබන්න බැහැ. ඒ වගේම සෑහීමකට පත් වෙන්නත් බෑ. මට ලිංගික සිහින හෝ ආශාවක් නෑ. මම ඔහු සමඟ ලිංගිකව එකතු වෙන්නේ ඔහුට ඕන නිසා. ආශ්වාදයකට වඩා මට දැනෙන්නේ වේදනාවක් පිළිකුලක්.

තව දුරටත් ඇගේ කුඩා කාලය ගැන අපි විමසුවා. ඇය සැමගෙන්ම සඟවාගෙන සිටි අපූරු රහසක් මෙසේ හෙළි කළා.

එතකොට මගේ වයස අවු. 10යි. අපේ අම්මා රට යනකොට මට වයස අවු. 9යි. රට ගියේ අපිට ලස්සන ගෙයක් හදන්න ඕන නිසා. අපේ තාත්තා කළේ වඩු වැඩ. මට තව අයියා කෙනෙක් හිටියා. එතකොට ඔහුගේ වයස අවු. 15යි. අම්මා රට ගියාට පස්සේ අයියාගේ ජීවිතෙත් හුඟක් අවුල් වුණා. සමහරදාට ඉස්කෝලේ යන්නේ නැතුව යාළුවොත් එක්ක සිගරට් බොන්න, කට්ටි පනින්න ඔහු පුරුදු වුණා. එදා දිනේ තාමත් මට හොඳට මතකයි. එදා අයියා ගෙදර හිටියේ නෑ. තාත්තා ගෙදර හිටියේ. මගේ හිසේ කැක්කුමක් හැදිලා මම ඉස්කෝලේ ගියේ නෑ. මම ඇඳේ හාන්සි වෙලා හිටියේ. තාත්තා පැනඩෝල් දෙකකුයි, වතුර එකකුයි අරගෙන මගේ ළඟට ආවා. හිමින් හිමින් ඔහු මගේ ඇඟ අතගාන්න පටන් ගත්තා. මට ලොකු බයක් ඇති වුණා. ඒත් බැහැ කියන්න මම බය වුණා. 

දවසක් ඔහු මොනවද කරා. මට ලොකු පිළිකුලක් දැනුණා. මම ඔහුව තල්ලු කරලා දැම්මා. අම්මට හරි අයියාට හරි කිව්වොත් මාව මරනවා කීවා. මේ බයටම බොහෝ දිනවල මේ ලිංගික එකතු වීමට මම ඔහුට ඉඩ දුන්නා. අදටත් මගේ පියා ජීවත්ව සිටිනවා. මම ඔහුව දකින්න ආස නෑ. සමහර දිනවල ඔහු අපේ ගෙදර එනවා. එතකොට මට ලොකු බයක් දැනිලා හුඟක් දාඩිය දානවා. ඔහුට මූණ නොදී ඉන්න බලනවා. කමරේ හැංඟෙනවා.

ළමා ලිංගික අපයෝජන ඔබගේ ජීවිතය අඳුරු කරන ඛේදවාචකයක්. ඔවුන්ගේ ජීවිත මානසික ගැටලු රාශියකින් කෙළවර වෙන්න පුළුවන්. ඉහත නයෝමි කුඩා කළ අපයෝජනයට ලක් වීම නිසා ප්‍රධාන මානසික ගැටලු රුසකට ගොදුරු වී සිටිනවා. ඒවා නම් ලිංගික සිහින නැති වීම සහ ආශාව අඩු වීම. (Hypoactive sexual desire) මානසික අවපීඩනය හෙවත් විශාදිය නැමති මානසික රෝගයේ ලක්ෂණ පහළ වීම. 

උදා – 

ස්වාමියා සමඟ හොඳ සබඳතාවයක් ගොඩනගා ගැනීමට නොහැකි වීම. 

නිතර කිපෙන සුළු බව.

ආදරණීය බවක් නොමැති වීම.

කිසිම දෙයකින් ආශ්වාදයක් හෝ සතුටක් නොලැබීම.

සෑම දෙයකම වැරදි සෙවීම සහ දැකීම.

දරුවකු ලිංගික අපයෝජනයට ලක් වීමේදී මොළයට සියුම් ලෙස හානි සිදුවන අතර සංකීර්ණ රසායනික හෝමෝන ප්‍රතික්‍රියා රාශියක් සිදු වෙනවා. 

නයෝමි සහ ඇගේ සැමියාගේ පවුල් ජීවිතය සාර්ථක කර ගැනීමට දෙදෙනාම මනෝ උපදේශනයට යොමු කළේය. මෙහිදී සිතුවිලි ප්‍රතිකාරය (Lognitive Therapy) සහ ලිංගික ප්‍රතිකාර (Sex Therapy) ක්‍රම භාවිතා කිරීමෙන් විශාල පරිශ්‍රමයක් යෙදීමෙන් දෙදෙනාගේම ජීවිත සාමාන්‍ය තත්ත්වයට පත් වුණි.

ළමා කාලය තුළ දරුවකු රුක ගැනීම ඔබගේ, දෙමාපියන්ගේ සහ රජයේ ද යුතුකමකි. ළමා රක්ෂක අධිකාරියට මෙහිදී විශාල වගකීමක් පැවරෙනවා. ඔවුන් විසින් දැනට ක්‍රියාත්මක කරන බොහෝ වැඩසටහන් වඩා විද්‍යාත්මක ප්‍රවේශයකින් ඉදිරිපත් කිරීමෙන් සැබෑ ප්‍රයෝජනයක් ගත හැකි වෙනවා.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Mar 2018 07:07 PM

කරකැවිල්ලේ සැඟවුණු අනතුරු

කැරකැවිල්ල බාල, තරුණ, මහළු විවිධ වයස් සීමාවල අයට ඕනෑම අවස්ථාවක  නොයෙකුත් හේතූන් මත අත්දකින්නට හැකි ආබාධයකි. කරකැවිල්ල ඉක්මනින් සුව වුණත් එය ගැන සුළුවෙන් නොසිතිය යුත්තේ එය රෝග ගණනක් ගැන අනතුරු අඟවන පෙර ලකුණක් වන බැවිණි. වාසනාවකට සුලබව ඇති වෙන කැරකැවිලි තත්ත්වයන්  භයානක රෝගී තත්ත්වයන්ට මුල් නොවෙයි.

කරකැවිල්ලට හේතු... 

 සුලබම හේතුවක් වන්නේ මොළයට ප‍්‍රමාණවත් තරම් රුධිරය ගමන් නොකිරීමයි. 

 රුධිරයේ සීනි මට්ටම පහළ බැසීම නිසාද කැරකැවිල්ල ඇතිවේ.

 රුධිර පීඩනයේ හදිසි පහළ බැසීමක් හෝ වමනය කිරීම, පාචනය, උණ වැනි වෙනත් හේතු නිසා විජලනය ඇතිවීමද කරකැවිල්ලට හේතුවෙයි.

 බොහෝ පුද්ගලයන්ට, විශේෂයෙන් වයස්ගත පුද්ගලයන්ට වැතිර සිට ඉක්මනින් අසුනෙන් නැගිටින විට කරකැවිල්ලක් ඇතිවෙයි.

 සෙම්ප‍්‍රතිශ්‍යාව, අසාත්මිකතා හා ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයන්හි දී  ද, මෙම ලක්ෂණය හටගනී. 

 තරුණ හා වැඩිහිටි වැඩි දෙනෙකුගේ කරකැවිල්ලට හේතුව ඇතුළු කනෙහි කර්ණ ශංඛය ඉදිමී හෝ අවහිර වී ක්‍රියාකාරිත්වයට බාධා ඇති වීමයි.

 වයස්ගත පුද්ගලයන්ගේ කැරකැවිල්ලට තවත් හේතුවක් වෙන්නේ කුඩා මොළයට යන නහර බෙල්ලේ කශේරුකා අතර තෙරපීමයි. 

 හෘදයාබාධයක් හේතුවෙන් හෝ හද ගැස්ම අස්වාභාවික වීම නිසා හෝ අඝාතය (ස්ට්‍රෝක්) මෙන්ම රුධිර පීඩනය බරපතල ලෙස පහළ බැසීම නිසා ඇතිවෙන කරකැවිල්ල බරපතල අනතුරු ඇඟවීම් ලක්ෂණයකි. මෙවැනි බරපතල තත්ත්වයක දී කරකැවිල්ලට අමතරව පපුවේ වේදනාව, අධික වේගයෙන් හද ගැසීම, කතා කිරීමට අපහසුවීම, පෙනීම අපැහැදිලි වීම වැනි වෙනත් ලක්ෂණ ඇතිවේ. 

 මොළයේ ගෙඩිද කරකැවිල්ලට හේතුවකි.

කරකැවිල්ලක් ඇතිවූ විට කළ යුතු දේ..

 කරකැවිල්ලක් ඇති වුණේ සිටගෙන සිටින විට දී නම් එක්වරම හදිසියේම ඉරියව් වෙනස් කිරීමට යාමෙන් වළකින්න.

 පිපාසය හෝ කරකැවිල්ල ඇතිවිට හැකි තරම් ජලය පානය කරන්න.

 වමනය නිසා ජලය පානය කිරීම අසීරු නම් ඇතැම් විට රෝහල් ගතවී සේලයින් නහර ගත කිරීමට සිදුවේ.

කරකැවිල්ල සමග පහත ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න.

හිසේ තුවාල, ෆැරන්හයිට් අංශක 101 ට වැඩි උෂ්ණත්වය, හිසරදය හා බෙල්ලෙහි දැඩි තද ගතිය, දිගින් දිගටම පවතින වමනය, පපුවේ වේදනාව, වේගයෙන් හද ගැසීම, හුස්ම ගැනීම අසීරැවීම, දුර්වලතාවය, අත් හා පා චලනය කිරීමේ අපහසුතාවය හෝ කතාවේ හෝ පෙනීමේ වෙනසක් සිදුවීම, මිනිත්තු කිහිපයක් ක්ලාන්තව හෝ සිහිසුන්ව සිටීම, කලින් කිසි දිනෙක කරකැවිල්ල ඇති නොවීම, පෙරදී ඇතිවූ කරකැවිල්ලට වෙනස් ස්වභාවයේ කරකැවිල්ලක් හටගැනීම, ඖෂධ ගත් පසු ඇතිවීම, මෙහිදී රෝගියා හිතුමතේ ඖෂධ වෙනස් නොකර වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

රුධිර පීඩනය මැනීම, ECG, කන් ඇසීමේ පරික්ෂණ, ස්නායු පරීක්ෂණ, MRI ආදී විවිධ පරීක්ෂණ ආධාරයෙන් වෛද්‍යවරයාට කරකැවිල්ලට හේතුව සොයා ගත හැකියි. කන් ආසාදන, සෙම්ප‍්‍රතිශ්‍යාව, පීනස හා වෙනත් ශ්වසන ආබාධ ඇති විට ප‍්‍රතිකාර ගන්න. සෙම්ප‍්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුවෙන්සාව හෝ වෙනත් වෛරස් රෝග ඇති විට විජලනය වැළැක්වීම සඳහා හැකි තරම් ජලය පානය කරන්න. එවැනි පියවර මගින් කරකැවිල්ල ඇතිවීම අඩු කරගත හැකියි.

CDR/ Health news

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Mar 2018 07:23 PM

විටමින් B12 අඩු වුණොත් ලෙඩ ගොඩක්

විටමින් B 12  අඩු වු‍ණොත් ලෙඩ ගොඩක්

විටමින් B 12 කියන්නේ අපේ ශරීරයට අවශ්‍යම වන පෝෂණ අතිරේකයන් අතරින්  එකක්. විටමින් B 12 ශරීරයේ සෑම සෛලයකම පරිවෘත්තීය ක්‍රියාවලියට නැතිවම බැරි විටමින් වර්ගයක්. දිගු කලක් තිස්සේ ශරීරයට විටමින් B 12 ඌනතාවය ඇති වූවිට ස්නායුක ගැටලු ඇතුළුව දිගු කල් පවතින සෞඛ්‍ය ගැටලු රැසක්  ඇති වනවා.

විටමින් B 12 ඌනතාවය ගැන පෙන්නුම් කරන භයානක රෝග ලක්‍ෂණ කිහිපයක් ගැනයි මේ.

හිස කරකැවිල්ල

නිරන්තරයෙන් ඇතිවන හිස කරකැවිල්ල තමයි විටමින් B 12 ඌනතාවයේ ප්‍රධානතම රෝග ලක්‍ෂණය වන්නේ. ඔබට පඩි පෙළක් නගිනවිට හෝ බසිනවිට නිතරම වාගේ හිස කරකැවෙනවා නම් නැත්නම් වාඩිවී සිටින පුටුවකින් ක්‍ෂණිකව නැගිටිද්දී හිස කරකැවෙනවා නම් ඔබ මේ පිළිබඳ දැඩි අවධානයක් යොමුකර මේ විටමින් B 12 සිරැරට ලබා ගැනීමට අවශ්‍ය  වෛද්‍ය උපදෙස් පතන්න.

නිතර යම් දෑ අමතක වීම

ඔබට නිරන්තරයෙන් සරල දෑ අමතක වනවා නම්, උදාහරණයක් ලෙස ඔබේ යතුරු තැබූ ස්ථාන සහ ඔබගේ මිතුරන්ගේ නම් වැනි දෑ. මෙමඟින් විටමින් B 12 ඌනතාවය පිළිබඳව කියැවෙනවා.

මේ අමතකවනසුළු බව ඇති වූවිට මිනිසුන් සිතන වැරදි දෙයක් තමයි ඔවුන්ට “dementia” හෝ “Alzheimer’s” රෝගය ඇති බව. ඔබ රැධිර පර් යේෂණයක් සිදු කරන්න. වෛද්‍ය උපදෙස් මත විටමින් B 12 සහ මතකය වර්ධනය වන අතිරේකයන් ලබාගන්න.

මාංශ පේශී දුර්වල වීම

ඔබේ මාංශ පේශී දුර්වල වී ඇත්නම් ඔබ සුළු බරක් එසවුවත් එය විශාල බරක් ලෙස දැනෙනවා. මාංශ පේශීවල සෛල වෙත ඔක්සිජන් සහ විටමින් B 12 නිසි පරිදි නොලැබීම නිසා මාංශ පේශී දුර්වල වීම සහ මැලිකම ඇති වනවා. එම නිසයි ඔබට සුළු බරක්වත් එසවිය නොහැකිව මාංශ පේශී වේදනාවන් ඇති වන්නේ. මේ සඳහා සිරැරට ඕනෑ කරන විටමින් ප්‍රමාණය ලබා ගත යුතු වන්නේ වෛද්‍ය උපදෙස් මතයි. 

සුදුමැලි  සම

ඔබේ සම සුදුමැලිවී කියා ඔබට හැඟෙනවා නම් එමඟින් කියවෙන්නේ විටමින් B12 ඌනතාවයයි. එනම් ශරීරයේ රතු රුධිර සෛල “erythrocytes”වල ඌනතාවයයි. මේ හේතුව නිසා ශරීරය තුළ “bilirubin” ප්‍රමාණය වැඩි වශයෙන් නිපදවෙනවා. එම නිසා සම සුදුමැලිවීම ආරම්භ වනු ලබනවා.

ඇඟ පොපියන  ස්වභාවය  

විටමින් B 12 ඌනතාවය ඇතිවීම නිසා පරාවින්දනය “paresthesia” නමින් හඳුන්වන රෝගය හටගන්නවා. මේ රෝගය ඇති වූවිට විශේෂයෙන්ම අත් සහ පාදවල ඇතුළුව ශරීරයේ සෑම ස්ථානයකම කටුවකින් අනිනවා වගේ පොපියන ස්වරෑපයක් සමඟ හිරිවැටී මලානික වූ ස්වරෑපයක් ඇති වනවා.

‍මෙසේ සිදුවන්නේ විටමින් B 12 ඌනතාවය ඇති වීමෙන් ශරීරයේ රතු රැධිර සෛල නිපදවීම අඩපන වී ස්නායු පටකවලට ඔක්සිජන් ලැබීම අඩු වීමෙන් ස්නායුවලට ආබාධ සිදුවීම නිසයි.

ශරීරයට බලවත් වෙහෙසක් ඇති වීම්‍

ඔබ රාත්‍රියට නිසි පරිදි නින්දක් ලැබුවත් ඔබට දැඩි තෙහෙට්ටුවක් දැනෙනවා නම් එයත් විටමින් B 12 ඌනතාවයේ ලක්‍ෂණයක් වනවා. මෙවන් ආකාරයට තෙහෙට්ටුවක් ඇති වන්නේත් ශරීරයේ විටමින් B 12 ඌනතාවය ඇති වීම මඟින් රතු රුධිර සෛල නිපදවීම අඩපණ වීම නිසා ශරීරය කරා ඔක්සිජන් සැපයීම ප්‍රමාද වූ විටයි.

ඇස්වල ලෙඩ රෝග ඇති වීම

දිගු කලක් තිස්සේ විටමින් B 12 ඌනතාවයෙන් පෙළීම නිසා ඇස් පෙනීමේ දුර්වලතා ඇති වනවා. ඇස් පෙනීමට උපකාර වන ස්නායුවලට හානි වීම නිසා පෙනීම බොඳ වීම, ආලෝකයට අධි සංවේදීතාවය නිසා කඳුළු ගැලීම සහ දර්ශන දෙගුණ වී පෙනීම වැනි ගැටලු ඇති හට ගනියි. වෛද්‍ය උපදෙස් මත විටමින් අතිරේකයන් ලබාගැනීමෙන් මේ සෞඛ්‍ය ගැටලුවෙන් මිදෙන්නට පුළුවන්.

විටමින් B 12 මඟින් අත්වන සෞඛ්‍ය වාසි 

හෘද රෝග සහ ආඝාතය වැනි තත්වයන් වැළකීම

ශරීරයේ “homocysteine” නමැති ඇමයිනෝ අම්ල මට්ටම වැඩි වීම මඟින් කොලෙස්ටරෝල් මට්ටම  ඉහළ යනවා. මේ නිසා හදවත් රෝග වැඩි වීමේ අවදානමත් ඉහළ යනවා. 

ශරීරයේ විටමින් B 12 ඌනතාවයක් ඇති වූවිට මේ ඇමයිනෝ අම්ල මට්ටමත් ශරීරය තුළ වැඩි වන බව සොයා ගෙන තිබෙනවා. එම නිසා නියමිත මට්ටමට ඇති විටමින් B 12 මඟින් ශරීරයේ “homocysteine” මට්ටම පහළ දමා හදවත් රෝගවලින් සහ ආඝාතය වැනි භයානක රෝගී තත්ත්වවලින් අපිව ආරක්‍ෂා කර දෙනවා.

ස්නායු ආබාධ වැළකීම

විෂ සහිත සංඝටකවලින් සහ විෂබීජ මඟින් ආරක්‍ෂා වීම සඳහා ස්නායු සතුව ස්වභාවිකවම සැදුම් ලත් සෛල ආවරණයක් තිබෙනවා. මේ ආරක්‍ෂාව බිඳ වැටුණුවිට ලෙහෙසියෙන්ම ස්නායුවලට හානි සිදුවී ස්නායු ආශ්‍රිත ආබාධ ඇති වනවා. එම නිසා ස්නායු සෛල මියයෑමට පත්වී මොළයට නිකුත් කරනු ලබන සහ මොළය විසින් ලබා ගන්නා සංඥා සම්ප්‍රේෂණයට බාධා  ඇති වනවා. මේ තත්ත්වයත් විටමින් B 12 නිසි පරිදි ලබා ගැනීම මඟින් වළක්වා ගන්නට පුළුවන්.

ශරීරයට අවශ්‍ය වන ශක්තිය සැපයීම

විටමින් B 12 මඟින් ශරීරයේ සෛලවලට අවශ්‍ය වන ශක්තිය නිසිපරිදි සපයා දී ශරීර සෛල ප්‍රබෝධමත්ව, සෞඛ්‍යයමත්ව සහ මනා පෝෂණයෙන් යුතුව තබනවා. මේ නිසා  විටමින් B 12 ඌනතාවයක් ඇති වූවිට ශරීරයේ සෛල දුර්වල වී ශරීරය තෙහෙට්ටුවට පත්කර ශරීරය දුර්වල කරනු ලබනවා.

ශරීරයේ තිබෙන කාබෝහයිඩ්‍රේට භාවිතයට ගත හැකි ග්ලූකෝස් බවට පත්කර ගන්නා  පරිවෘත්තීය ක්‍රියාවලියට විටමින් B 12 නිසි ලෙස අවශ්‍ය වනවා. (ශරීරයට ශක්තිය නිපදවීමේ දී මෙය අත්‍යාවශ්‍ය ක්‍රියාවක්)

ආහාර ජීර්ණ ක්‍රියාවලියට උපකාර කිරීම

විටමින් B 12 මඟින් ආහාර ජීර්ණයට අවශ්‍ය වන එන්සයිම නිපදවීම වේගවත් කර අප ලබාගත් ආහාර කොටස් දිරවීම වේගවත් කරනු ලැබීමත් සෞඛ්‍යය සම්පන්න පරිවෘත්තීය ක්‍රියාවලියක් ඇතිකිරීමත් සිදුකරනවා.

ඒ වගේම මේ විටමින් වර්ගය මඟින් ආහාර ජීර්ණ මාර්ගය තුළ සිටින හානිකර බැක්ටීරියාවන් විනාශ කර අවශ්‍ය වන බැක්ටීරියාවන් පමණක් තබා ගැනීමත් සිදුවනවා.

මළපහ කිරීමේදී ඇතිවන ගැටලු,  ලිංගාශ්‍රිත කැන්ඩිඩා “candida”  නම් රෝගය මෙන්ම  ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන වෙනත් රෝග පවා මේ විටමින් B 12 මඟින් සමනය කරනු ලබනවා.

රතු රුධිර සෛල නිෂ්පාදනය වේගවත් කර රක්තහීනතාවය දුරලයි.

විටමින් B 12 මඟින් ශරීරයේ රතු රුධිර සෛල නිෂ්පාදනය කිරීම වේගවත් කරවන නිසා ශරීරයට මහත් තෙහෙට්ටුවක් සහ පීඩාවක් ගෙන දෙන රක්තහීනතාවයෙනුත් ලෙහෙසියෙන්ම සුවය ලබා දෙනවා.

අස්ථිවලට සුවදායක වීම

සන්ධි වේදනාවලින් සහ ඔස්ටියෝපොරෝසීස් වැනි රෝගවලින් පීඩා විඳින රෝගීන්ට විටමින් B 12 වෛද්‍යවරැන් විසින් නිර්දේශ කරනු ලබනවා.
කළින් සඳහන් කළ ආකාරයටම විටමින් B 12 මඟින් ශරීරයේ  “homocysteine” ඇමයිනෝ අම්ල මට්ටම පාලනය කරනු ලබන නිසා මෙවන් අස්ථි වේදනාවකින් පසුවන රෝගියෙක්ට විටමින් B 12 අතිශය වැදගත් වනවා.

විටමින් B 12 සරු  ආහාර කිහිපයක් සහ ඒවා තුළ අන්තර්ගත ප්‍රමාණ

හරක් මස් සහ කුකුළු අක්මාව – අවුන්ස තුනක් තුළ මිලි ග්‍රෑම් 81

සැමන් – ග්‍රෑම් 108 තුළ මිලි ග්‍රෑම් 19.5

හුරුල්ලා – ග්‍රෑම් 143 තුළ මිලි ග්‍රෑම්7

කුම්බලාවා – අවුන්ස තුනක් තුළ මිලි ග්‍රෑම්3

සාර්ඩින් “Sardines” මත්ස්‍යයින් – කෝප්පයක මිලි ග්‍රෑම් 3

බලයා – අවුන්ස තුනක් තුළ මිලි ග්‍රෑම් 3

“Trout” මත්ස්‍යයින් – ග්‍රෑම් 143 තුළ මිලි ග්‍රෑම් 1

යෝගට් – යෝගට් කෝප්පයක මිලි ග්‍රෑම් 1.3

කළුකුම් – අවුන්ස තුනක් තුළ මිලි ග්‍රෑම් 1.1

රත් නොකළ කිරි – කෝප්පයක් තුළ මිලි ග්‍රෑම් එකක්

බැටළු මස් – අවුන්ස තුනක් තුළ මිලි ග්‍රෑම් 0.8

මස් මාළු ආහාරයට නොගන්නා පුද්ගලයන්ට විටමින් B 12 ලබාගත හැකි ආහාර

ධාන්‍ය වර්ග, චීස්, යීස්ට්, සෝයා කිරි, ආමන්ඩ් කිරි, පොල් කිරි

 

 

 සුගත්

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
02 Mar 2018 07:45 PM
වාඩිවී සිටින පුටුවකින් ක්‍ෂණිකව නැගිටිද්දී හිස කරකැවෙනවා වගේ ගතියක් මට තියෙනවා.
ඒ කියන්නේ බී12 අඩු ඇති...
වැඩියෙන් තියෙන්නේ නම් හරක් මස් වල .. ඒත් මම හරක් මස් කන්නේ නැහැ..
සැමන් වුනත් අප කන සැමන් වල තියෙන්නේ වෙනත් මාලු වර්ග...
හුරුල්ලා බලයා වැනි මාලුන් සහ ධාන්‍ය වර්ග වලින් තමයි ලබාගන්න වෙන්නේ...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Mar 2018 05:20 PM

madaහු ගැන අපට දැන ගන්නට ලැබුණේ අහම්බෙනි. ඒ අපගේ මිතුරකු වෙතිනි. මිතුරාගේ 16 හැවිරිදි දියණියගේ කොඳු ඇට පෙළ ඇද වී තිබිණ. එය ඇද වන්නට පටන් ගන්නේ ඇය 8 වන වියෙහි පසුවන විටය. මුලින්ම දුන්නක හැඩයට ඇද වෙන්නට පටන් ගත් කොඳු ඇටය ක්‍රමයෙන් S අකුරේ හැඩය දක්‌වා ගියේය. මුල සිටම විවිධ වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි නැඹුරු වී සිටි මගේ මිතුරා ඉන් පළ නොලැබ අවසානයේදී විකලාංග චිකිත්සකයකු මගින් ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමුවිය.
 
 "මෙතැනදී කරන්න තියෙන්නේ Open Suygery එකක්‌ කරලා කොඳු ඇට පෙළට PIN ගහන එක." ශල්‍ය වෛද්‍යවරයා අපේ මිතුරාට කීවේය. "හැබැයි ලක්‍ෂ 30 ක්‌ විතර යාවි..."


 
 ඊළඟට මිතුරා කළේ Second Opnion ලෙස හැඳින්වෙන 'විකල්ප අදහසක්‌' ලබා ගැනීම සඳහා වෙනත් ශල්‍ය වෛද්‍යවරයකු හමුවීමය.
 
 "ඕකෙ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්‌ තියෙනවා. කොඳු ඇටය දිගට පින් දමලා කෙලින් කළාම පින් කැඩෙන අවස්‌ථා තියෙනවා. ඒක අවදානම් තත්ත්වයක්‌. මොකද පුංචි ළමයකුට කියන්න බැහැනේ මෝල්ගහක්‌ ගිල්ල වගේ පැය 24 ම කෙළින් ඉන්න කියලා."
 
 අපේ මිතුරගේ සිහිය විකල් විය. දියණියගේ ඉනේ සිට උරහිස දක්‌වා වූ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඇදවීම නිසා ඉමහත් විකෘති සහගත බවක්‌ දැක්‌වින. ඇදවුන කොඳු ඇට කෙළින් කරන වැලිගම එම්. ඒ මදනායක නමැති දේශීය වෛද්‍යවරයා ගැන ඔහුට දැන ගන්නට ලැබෙන්නේ ඒ අතරය. එතැන් සිට කතාව අප මිතුරාගේ වචනයෙන් මෙසේය. "මේ වෛද්‍යවරයා කොඳුඇට පෙළ කෙළින් කරන්නේ කිසිම සැත්කමක්‌ නොකර අතින්මයි. ඔහු මුලින්ම කොඳු ඇට පෙළ දිගේ තෙල් වර්ගයක්‌ ගාලා සම්බාහනය කරනවා.
 
 මදනායක වෛද්‍යවරයා මේ සියල්ල කරන්නේ සියතිනි. ඒ සඳහා ඔහු රෝගියා තම වෙදහලේ නවත්වා ගනී. රෝගියා ඔහුදෙන කසාය පානය කළ යුතු අතර ඔහු දෙන ආහාර ගත යුතුය. ඔහුගේ විස්‌මිත හැකියාව සියෑසින් දැක ගනිමින් ඔහු සමග පැවැත්වූ සාකච්ඡා පෙළක්‌ ඔබ වෙත ගෙන එමු.
 
 
 ප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළේ කොඳු ඇට පෙළෙහි කාටිලේජ දියවීම ගැනයි. එම රෝගයෙන් පීඩා විඳින කාන්තාවක්‌ සම්බන්ධයෙන් ඔබගේ වෛද්‍ය අත්දැකීම ඔබ විස්‌තර කළා.
 
 වෛද්‍ය එම්. ඒ. මදනායක - බටහිර වෛද්‍ය විද්‍යාවේදී මේ රෝගයට යොදන නම තමයි (Degenarative disc Diseasa) යන්න. මෙය හටගැනීමට කාරණා ගොඩක්‌ තිබෙනවා. ප්‍රධානතම කාරණයක්‌ තමයි වියපත් වීම. කෙනෙකු වියපත් වීමත් සමඟමකය වැහැරෙනවා. අස්‌ථි වර්ධනය වීම, කාටිලේජ වර්ධනය වීම නවතිනවා. සමහර විට අස්‌ථි ක්‍ෂය වෙන්නටත් පටන් ගන්නවා. ඒ අතර තවත් වැදගත් කාරණයක්‌ කිව යුතුයි. මේ රෝගය අවුරුදු 20 තරම් තරුණ අයටත් වැළඳෙනවා. කාටිලේජය තමයි ඇට පුරුක්‌ දෙකක්‌ අතර තිබෙන කුෂන් එක. එය නිකම් කොට්‌ටයක්‌ වගේ දෙයක්‌. ඇට පුරුක්‌ වෙත එන පීඩනය බෙදී යන්නේ කාටිලේජ කොට්‌ට මගින්. මේ නිසා කාටිලේජවල පැවත්ම ශරීරයට අත්‍යවශ්‍ය සාධකයක්‌ ලෙස ගන්න පුළුවන්.
 
 ප්‍රශ්නය - කාටිලේජ දියවෙලා හෝ ඇට පුරුක්‌ අතර කාටිලේජ අඩුපාඩුවක්‌ හට ගත් බවක්‌ දැන ගන්නේ කොහොමද?
 
 වෛද්‍ය එම්. ඒ. මදනායක - ප්‍රධානම ලක්‍ෂණය තමයි වේදනාව.එය ගෙල අසල සිට කොඳුඇට පෙළ දිගේ පහතට ගමන් කරනවා. මෙය ටිකෙන් ටික වැඩි වෙනවා.
 
 ප්‍රශ්නය - මේ රෝගයට වැඩිපුරම ලක්‌ වෙන්නේ කොඳුඇට පේළියේ කවර කොටස්‌ ද?
 
 වෛද්‍ය එම්. ඒ. මදනායක - අපට තිබෙනවා කොඳු ඇට පුරුක්‌ 33 ක්‌. මේ කොඳු ඇට පුරුක්‌ 33 කොටස්‌ හතරකට බෙදා ගන්න පුළුවන්. ගෙළ, පිට මැද. පිටේ පහළ කොටස සහ උකුලේ පහළ කොටස යනාදී වශයෙන්. කාටිලේජ ඌණතාව වැඩිපුරම හට ගන්නේ උකුලේ පහළ කොටසට අයත් ඇට පුරුක්‌ අතරයි.
 
 ප්‍රශ්නය - ඇට පුරුක්‌ අතර කාටිලේජ කොට්‌ට දිය වුණාම ගත යුතු මූලික පියවර කුමක්‌ද?
 
 වෛද්‍ය එම්. ඒ. මදනායක - ඔබට තිබෙන්නේ මේ රෝගය කියලා වෛද්‍යවරයා නිශ්චිත වශයෙන් කී විට මුලින්ම කළ යුත්තේ දින කිහිපයක්‌ ඇඳට වෙලා විවේකයෙන් කාලය ගත කිරීමයි. ඔබ ශාරීරිකව ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් ඔබේ කොඳු ඇට පෙළ ඉතා දරුණු ලෙස වේදනා දෙන්නට පටන් ගන්නවා. ඔබ මේ කාලය තුළ කිසියම් ආකාරයක ව්‍යායාමයක්‌ කරනවා නම් එය සැහැල්ලු ලෙස ඇවිදීම වැනි සරල දෙයකට සීමා කළ යුතුයි.
 
 ප්‍රශ්නය - මේ රෝගය සුව කරන්න සැත්කම් කළ යුතුද?
 
 වෛද්‍ය එම්. ඒ. මදනායක - බටහිර වෙදකමේ නම් සැත්කම් සිදු කරනවා. ප්‍රධාන සැත්කම් තුනක්‌ තිබෙනවා. එහෙත් පාරම්පරික සිංහල වෛද්‍යවරුන් වන අප නම් නිර්දේශ කරන්නේ සැත්කම් නොවන ශාකසාර ප්‍රතිකාරවලට යන ලෙසයි.
 
 කාටිලේජ වැවෙන ශාකසාර ඖෂධ
 
 
 
 
 
 නොමිලේ විස්‌තර සඳහා
 0412251321/ 0710827836
 
 
 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Mar 2018 05:38 PM

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

hart

ප්‍රශ්නය - හෘද රෝගයක්‌ කිව්වාම සාමාන්‍ය දැනුමක්‌ තිබෙන රෝගියා දන්නේ හෘදනාල අවහිර වීමක්‌ ගැන විතරයි. මෙයට පරිබාහිර වූ හෘද රෝග කීයක්‌ තිබෙනවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - පසුගිය සතියේදී මා ඔබට පැහැදිලි කළා, හෘද රෝග හැදෙන ආකාර හතක්‌ ගැන. මෙය සැබෑ තත්ත්වය සීමා කිරීමක්‌. මොකද හෘද රෝග හැදෙන ආකාර තව ඕනෑ තරම් තිබෙන්නට පුළුවන්. මා සඳහන් කරලා තිබෙන්නේ අපේ සිංහල දේශීය වෙදකම සහ නවීන විද්‍යාව විසින් හඳුනාගත්ත ආකාර කිහිපයක්‌ විතරයි. හෘද රෝග කීයක්‌ තියෙනවද කියන කාරණය අර්ථකථනය කරන්න වෙන්නෙත් ඒ පදනමේ ඉඳලයි. නවීන විද්‍යාව මගින් කියනව හෘද රෝග තිහකට කිට්‌ටු සංඛ්‍යාවක්‌ තිබෙනවා කියලා. මගේ අත්දැකීමේ හැටියට සැබෑ ගණන 50 ක්‌ විතර වෙන්න පුළුවන්. ලෙඩ ගණන කීය වුණත් ඒවා මැඬපවත්වන්න අවශ්‍ය ඖෂධ පාරම්පරික සිංහල වෙදකමේ තිබෙනවා. හෘද රෝගයක්‌ සුවපත් කරනවා කියන්නේ කුමක්‌ද? මූලිකම දේ තමයි රෝගයට මුහුණ දී නොනැසීs සිටින්නට හැකිවන පරිදි හෘදය ශක්‌තිමත් කිරීම. හෘදය ශක්‌තිමත් කරනවා කීවම හෘද පේශි, හෘද නාල, හෘද කපාට යන සියල්ල ශක්‌තිමත් විය යුතුයි. හෘදයේ රුධිර පොම්ප කිරීමේ ක්‍රියාවලිය නිසි ලෙස පවත්වා ගැනීමට හැකි පරිදි හෘදයේ ස්‌පන්දන රිද්මය පවත්වාගෙන යා යුතුයි. මගේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය අනුව හෘද රෝගයක්‌ සුවපත් කරනවා කියන්නේ මේ සියල්ල සුවපත් කරන එකයි.

ප්‍රශ්නය - හෘදයේ ශක්‌තිමත් පැවැත්මට බලපාන ශාක වර්ග තිබෙන බව අප දන්නවා. ඔබේ පාරම්පරික බෙහෙත් වට්‌ටෝරුවලට එම ඖෂධ ඇතුළත් වෙනවද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඔව්. මේ ඖෂධ වර්ගම ඉන්දියානු ආයුර්වේද වට්‌ටෝරුවලත් තිබෙනවා. උදාහරණයක්‌ වශයෙන් ගනිමු, අමුක්‌කරා හෙවත් අශ්වගන්ධ ඖෂධය. මෙය සාංකාව නැති කරන, විඩාව සමනය කරන, ශරීරයේ අක්‍රිය බව තුරන් කරන ආතතිය දුරු කරන ඖෂධයක්‌. මෙය ඉන්දියානු ආයුර්වේදයේ ප්‍රසිද්ධ බෙහෙතක්‌. අපේ දේශීය වෙදකමේත් ප්‍රධාන බෙහෙතක්‌. ලංකාවේ දේශීය වෙදකම පරම්පරා සිය ගණනක්‌ අතර බෙදිලා තිබෙනවා. ඒ සියල්ලම ඒ ඒ පරම්පරාවට ආවේණික වෙදකම්. හැබැයි ඒ හැම පරම්පරාවකටම පොදු ඖෂධ තිබෙනවා. අශ්වගන්ධය එවැනි හොඳ බෙහෙතක්‌ නෙල්ලි. එවැනි හොඳ බෙහෙතක්‌. කහ. අරළු, බුළු, නෙල්ලි, හාතාවාරිය, කොහොඹ මෙවැනි හොඳ බෙහෙත්. මේ බෙහෙත් යොදාගෙන හෘද රෝග සුව කරන හැටි ඉදිරි ලිපි මගින් පියවරින් පියවර ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා
0713464276/ 0759061771
අංකයට කතා කරන්න

 

artharitis
 
වසර හාරසියයක්‌ පමණ පැරණි කුරුණෑගල ගැට්‌ටුවානේ වෙද පරම්පරාවේ සාමාජිකයකු වන වෛද්‍ය වසන්ත උදයජීව මහතා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ උපාධිධරයෙකි. ආත්‍රයිටිස්‌ හෙවත් ආම වාතය, අංශභාගය, පිළිකාව ඇතුළු රෝග ගණනාවක්‌ සම්බන්ධයෙන් පර්යේෂණ කර ඇති ඔහු ආත්‍රයිටිස්‌ රෝගය සම්බන්ධයෙන් වයඹ පළාතේ සිටින හොඳම ආයුර්වේද වෛද්‍යවරුන් අතුරින් කෙනෙකි. දිවයින මේ ලිපි පෙළ මගින් ඔහු සමඟ සාකච්ඡා කරමින් විවිධ රෝගාබාධ ගණනාවකට සුදුසු ප්‍රතිකාර ඉදිරිපත් කරනවා ඇත.
 
 
 ප්‍රශ්නය - අද ඔබ අපට හඳුන්වා දෙන ආත්‍රයිටිස්‌ කසාය මොනවද?
 
 වෛද්‍ය වසන්ත උදයජීව - කසාය වර්ග දෙකක්‌ හඳුන්වා දෙනවා. මේ වර්ග දෙකම වසර සිය ගණනක්‌ තිස්‌සේ අත්දුටු කසාය.
 
 1. කසාය -
 
 වෙනිවැල්ගැට, කොත්තමල්ලි, බැබිල මුල්, සුදුලූනු, වදකහ, අරත්ත අල, පාවට්‌ටා මුල්, ඇහැළ පොතු, රසකිඳ, ලුණුවරණ පොතු, පත්පාඩගම්, නෙරෙංචි, බෙහෙත් එඬරු මුල්, සිරිතේක්‌කු, කලාඳුරු අල මංචාඩි 16 බැගින් ගෙන වතුර පත 8 ක්‌ දමා 1 ට සිඳ සහිඳලුණු ග්‍රෑම් භාගයක්‌ පමණ දමා, පානය කළ යුතුයි. මෙය උදේ සවස කෝප්ප භාගය බැගින් දින 12 ක්‌ ගත යුතුයි.
 
 2. කසාය
 
 සේපාලිකා කොළ, උළුහාල්, සුදුලූනු, උඳු ඇට, නෙල්ලි, කරපිංච නැටි, අමු ඉඟුරු, ආපසුමදු මුල්, නික මුල්, බෙලි මුල්, කලං 1 මංචාඩි 4 බැගින් ගෙන වතුර පත 8 ක්‌ දමා 1 පතකට සිඳ එඬරු තෙල් තේ හැඳි භාගයක්‌ දමා උදේ සවස කෝප්ප භාගය බැගින් පානය කළ යුතුයි. පානය කළ යුතු ප්‍රමාණය හැලි 12 යි.
 
 artharitis2
 
 නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න















profsujathaප්‍රශ්නය - පාකින්සන් රෝගය ගැන සිංහල භාෂාවෙන් මුල්වරට පුළුල් ලෙස කරුණු පැහැදිලි කෙරුණු දීර්ඝ ලිපි පෙළක අවසාන කොටස්‌ වෙත අප පිවිසෙමින් සිටිනවා. පසුගිය සතියේ අප ඔබ සමඟ කතා කළේ පාකින්සන් රෝගයේ අවසාන අවධියේ සිටින රෝගියකුට ප්‍රතිකාර කරන්නෙ කොහොමද කියන කාරණය ගැනයි.

වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - මෙහිදී අවසන් අවස්‌ථාව කියන යෙදුමට අර්ථ විග්‍රහයක්‌ දිය යුතුයි. අවසන් අවස්‌ථාව කිව්වාම සමහරු කල්පනා කරාවි, එය රෝගියාගේ මරණාසන්න අවස්‌ථාව කියලා. එය වැරදි මතයක්‌. පාකින්සන් රෝගියකුගේ අවසන් අවස්‌ථාවේදී සිදු වන්නේ තවදුරටත් අලුත් රෝග ලක්‍ෂණ පහළ නොවී තිබෙන රෝග ලක්‍ෂණම වර්ධනය වීමයි. මෙයට හේතු කිහිපයක්‌ තිබෙනවා. පළමුවැනි හේතුව තමයි රෝගය, ඖෂධවලින් සන්තෘප්ත වීම. ඒ කියන්නේ ඒ ඖෂධ ඇඟට පත්තියම් වීම අවසන්. ඒවා තවදුරටත් රෝගය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ.

ප්‍රශ්නය - මෙවැනි විටෙක වහාම ඖෂධ මාරු කළ යුතුද?

වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - ක්‍ෂණිකව එවැනි පියවරකට නොයා යුතුයි. මොකද රෝගියාගේ වයස, කායික දුර්වලතා, ඖෂධ නිෂ්පත්තියට තිබෙන හැකියාව වැනි දේවල් ගැන සලකා බැලුවොත් අලුතින් හඳුන්වා දෙන ඖෂධ ක්‍ෂණිකව අවශෝෂණය කර ගන්නට රෝගියාගේ ශරීරයට බැරි වෙනවා. මේ නිසා අත් බෙහෙත්වලට යන්නෙ නැතිව ඉතාම ක්‍රමානුකූලව රෝගියාට අලුත් ඖෂධ හඳුන්වා දිය යුතුයි. විශේෂයෙන් ම රෝගියා ඉන්නෙ හැරවුම් ලCෂ්‍යයක නිසා ඉතා පරෙස්‌සමින් කටයුතු කරන්න ඕනෑ. සුළු වැරදීමකදී පවා ඉතා හානිකර ප්‍රතිඵල ලැබෙන අවස්‌ථාවක්‌ මෙය.

ප්‍රශ්නය - මේ අවස්‌ථාවේදීත් ආයුර්වේද තෙල් බෙහෙත් ගැන විශ්වාසය තැබිය හැකිද?

වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - නිසැකවම පුළුවන්. මා ඔබට කලිනුත් කියා ඇති පරිදි පාකින්සන් රෝගය හඳුනා ගන්නට ආයුර්වේදයට පුළුවන් වූයේ අවුරුදු 6000 කට පෙරයි. එදා සිට අද දක්‌වා ම මේ රෝගයට ආයුර්වේද බෙහෙත් කරනවා. ඔබ දන්නවා සිද්ධාර්ථ වැනි තෙලක්‌ හිසේ කැක්‌කුමටත් හොඳයි. මරණාසන්න මොහොතටත් හොඳයි. ඒ වගේම මහා නාරායන, අශ්වගන්ධ වගේ ඖෂධ පාකින්සන් රෝගය ආරම්යේදීත් හොඳයි. මරණාසන්න මොහොතේදීත් හොඳයි. ආයුර්වේදයත් එක්‌ක ජීවත්a වූ තරමටම ආයුර්වේදය ඔබව ජීවත් කරන බව මතක තබා ගන්න.

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත


 leeena
 
ප්‍රශ්නය - පසුගිය සතියේදී අප සාකච්ඡා කළා ඔටිසම් දරුවකුට හට ගත හැකි ASD නමැති රෝග තත්ත්වය ගැන මෙය ඔටිසම් රෝගය වැළඳුණු දරුවන්ගේ පෙනීම සමඟ සම්බන්ධ දෙයක්‌ බවත්, අප පෙන්වා දුන්නා. මේ තත්ත්වයට ප්‍රතිකාර කිරීමේදී ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රයෙන් ම ප්‍රතිකාර සිදු කිරීමේ වැදගත්කම ඔබ සඳහන් කළා.
 
 වෛද්‍ය ලීනා ඉලේපෙරුම - එයට හේතුවත් මා ඔබට කීවා. ආයුර්වේදයේ නැහැ එන්නත් ක්‍රම. ආහාර හා ඖෂධ ස්‌වාභාවික ක්‍රම ආශ්‍රයෙන් ශරීරගත කිරීම තමයි, සුදුසුම ක්‍රමය.
 
 ප්‍රශ්නය - ඔබ පසුගිය සතියේ අපට පැහැදිලි කරමින් සිටියේ ASD රෝග තත්ත්වයෙන් පෙළුණු දරුවකු සුවපත් කළ ආකාරය ගැනයි. ඒ සඳහා මූලාරම්භයක්‌ වශයෙන් දරුවාගේ ශාරීරික තත්ත්වය විග්‍රහ කරගත් බව ඔබ සඳහන් කළා.
 
 වෛද්‍ය ලීනා ඉලේපෙරුම - එතැනින් පසු තමයි, අප ප්‍රතිකාර පටන් ගත්තේ. දරුවකුගේ ශරීරය තුළ හට ගන්නා විෂ සහිත තත්ත්වයන් නැති කළ හැක්‌කේ අග්නි බලය මගින් විතරයි. අග්නිය ශක්‌තිමත් නම් දරුවාගේ අභ්‍යන්තර ඉJද්‍රියයන් ශක්‌තිමත් වෙනවා. අපේ ප්‍රතිකාර පතා ගෙනවුත් සිටි දැරියගේ අග්නිය හුඟක්‌ම දුර්වල වෙලා තිබුණා. ඉතින් අප එය ශක්‌තිමත් කරන ප්‍රතිකාර පටන් ගත්තා. එහෙම නැත්නම් දරුවාගේ ශරීරය තුළ තිබෙන ඉතා සියුම් නහරවැල් ඇතුළු ප්‍රවේශ මාර්ග සියල්ලම විෂ මගින් වැසී යැමේ අවදානමක්‌ හට ගන්නවා.
 
 ප්‍රශ්නය - මෙහිදී ඔබ පරිහරණය කළේ ශාක සාරඖෂධ විතරමද?
 
 වෛද්‍ය ලීනා ඉලේපෙරුම - ශාකසාර ඖෂධ සහ ඖෂධීය ආහාර යන දෙකම පරිහරණය කළා. ශාක සාර පාවිච්චි කළේ අග්නි බලය යළි ශක්‌තිමත් කරන්නටයි. ඖෂධීය ආහාර යොදා ගත්තේ රෝගියා නමැති සමස්‌ත ඒකකය ශක්‌තිමත් කරන්නටයි. මෙවැනි දරුවන් විශාල පිරිසක්‌ පසුගිය කාලයේදී මට හමුවුණා. ඒ දරුවන්ගේ රෝග තත්ත්වය දැන් ක්‍රමයෙන් පහව යමින් පවතිනවා.
 
 
 නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Mar 2018 05:47 PM

ranpatha

* කාන්තාවන්ට මෙතෙක්‌ වැළඳෙන ශ්වේත ප්‍රදරය හෙවත් සුද යැමේ රෝගය ඇතිවීමට ප්‍රධාන හේතු ලෙස දැක්‌විය හැක්‌කේ මොනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - මෙම රෝගය වැළඳීමේ ප්‍රධානතම හේතුවක්‌ ලෙස දැක්‌විය හැක්‌කේ සිරුරේ ඇතිවන අධික උෂ්ණාධික බවයි. විශේෂයෙන්ම උෂ්ණාධික ආහාර ගැනීම තුළින් සිරුරේ උෂ්ණාධික බව ඉහළ යැමෙන් මෙම සුද යැමේ රෝගී තත්ත්වය ඇතිවීමට හේතුවක්‌ විය හැකියි. විශේෂයෙන්ම කාන්තාවන් විසින් සිදුකරන නොයෙක්‌ වැරදි ක්‍රියාකාරකම් හා වැරදි සෞඛ්‍ය පුරුදු මෙම රෝගය ඇතිවීමට ප්‍රධාන ලෙසම බලපෑම් කරනු ලබනවා. මෙන්න මේ නිසා මෙම රෝගය වැළඳෙන රෝගයකට වඩා වැළඳ ගන්නා රෝගයක්‌ යෑයි කීවොත් නිවැරැදියි.

තමාගේ සනීපාරක්‍ෂාව නිවැරැදි ලෙස පවත්වා නොගැනීම, හොඳ සෞඛ්‍ය පුරුදු නොමැතිවීම, කෘමි ආසාදන (පණු රෝග) ලිංගික චර්යාවන්, වැඩිපුර සිටගෙන සිටීම හෝ වැඩිපුර හිඳගෙන සිටීමද, බර ඉසිලීම, පොදු වැසිකිළි හෝ අපිරිසිදු වැසිකිළි භාවිතය, බහු පුරුෂ සේවනය කියාද මෙම සුද යැමේ රෝගය ඇති වීමේ හේතු ලෙස දැක්‌විය හැකියි.

* මෙම රෝගය සමගම වෙනත් රෝගයන්ද ඇතිවිය හැකිද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක -

ඇත්තටම මේ සුද යැමේ රෝගය සමඟ ඒ පසුපසට එන තවත් රෝග රැසක්‌ද තිබෙනවා. ඒ අතරින් ආහාර අරුචිය, මළ බද්ධය, විටින් විට අක්‍රමවත් ලෙස මළ පිටවීම සිදුවිය හැකියි. මීට අමතර ශරීරය ක්‌ෂය වීම, කැසීම් ඇතිවීම, පලු දැමීම හා විවිධ සමේ රෝග ඇතිවීම, පීනස තත්ත්වය වර්ධනය වීම, අර්ශස්‌ රෝගය ඇතිවීම, හිස කැක්‌කුම, ශරීරයේ අප්‍රාණිකත්වය, අධික කේන්ති යැමද ඇතිවිය හැකියි.

* මෙම රෝගය වැළඳුණු කාන්තාවන්ට ඇතිවන අපහසුතා ගැන සඳහන් කළොත්.

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා

මෙම රෝගය වැළඳුණු කාන්තාවන්ට විවිධාකාර ගැටලු තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙනවා.විශේෂයෙන්ම යෝනි මාර්ගය අවට නිතර කැසීමේ තත්ත්වයක්‌ ඇතිවීම, ඉකිලි ආශ්‍රිත ප්‍රදේශය දක්‌වාම එය පැතිරීම, නිතර නිතර මුත්‍රා ආසාදනවලට ගොදුරු වීම බහුලවම දැකිය හැකි අපහසුතාවනුයි.

ඊට අමතරව පිරිස්‌ අතර ගැවසීමේදී පොදු මගී ප්‍රවාහන සේවාවලදී, කාර්යාලයේදී, මෙවැනි රෝගී කාන්තාවන් දැඩි අපහසුතාවලට ලක්‌විය හැකියි.

* මෙම රෝගී තත්ත්වය වැළඳුනු කාන්තාවන්ගේ රෝග ලක්‍ෂණ මොනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

සෑම කාන්තාවකටම සරු කාලයේදී ඩිම්බ පිටකිරීම සිදුකරන අතර එවැනි අවස්‌ථාවල පිටකරන ස්‍රාවයේ ගන්ධයක්‌ හෝ වර්ණයක්‌ නොමැත. නමුත් මෙම රෝගී තත්ත්වය වැළඳුණු විට ඇතැම් විට කිරි පැහැයටද තරමක උකු ස්‍රාවයක්‌ ලෙසද පිටකිරීම සිදුකරනවා. තවද සුදු පැහැති ලෙස යෝනි මාර්ගය අවට පැතිරී පැවතීමද සිදුවිය හැකියි. මීට අමතරව රතු පැහැයට හා ලා රතු පැහැයටද, කහ මෙන්ම තද කහ පැහැයෙන්ද මෙම ස්‍රාවයන් පිටවිය හැකියි. එවිට එම කාන්තාවන්ට මෙම රෝගී තත්ත්වය වැළඳී ඇති බව තීරණය කළ හැකියි.

* ශ්වේත ප්‍රදර රෝගය සුවකිරීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර තිබෙනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

ශ්වේත ප්‍රදරය රෝගය සඳහා පමණක්‌ නොව ඕනෑම රෝගයක්‌ සඳහා ආයුර්වේදය සතුව ඖෂධ තිබෙනවා. විශේෂයෙන්ම කිව යුතුයි ආයුර්වේද ප්‍රතිකාර තිබෙන්නේ රෝග සුවපත් කිරීම සඳහා නොව එම රෝග නිට්‌ටාවටම සුව කිරීම සඳහායි. ඒ අනුව ශ්වේත ප්‍රදරය රෝගයටද ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ඒ සඳහා රෝගීන් නිසි දැනුමක්‌ සහිත වෛද්‍යවරයා තෝරා ගැනීම කළ යුතු වෙනවා. මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී ඒ හා සම්බන්ධ අනිකුත් රෝගාබාධයන්ද වැළඳී ඇත්දැයි නිවැරැදි පරීක්‍ෂාවකින් පසු රෝගීන්ට නිවැරැදි ප්‍රතිකාර ලබාදීමෙන් මෙය සුවකිරීමේ හැකියාව ආයුර්වේදයට තිබෙනවා.

* විශේෂයෙන්ම කාර්යබහුල කාන්තාවන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමේදී ඒවා සොයා ගැනීමේ අපහසුව තිබෙනවා නේද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

වර්තමානයේ ආයුර්වේද ඖෂධ වෙනදා මෙන් සොයා යැම අවශ්‍ය නොවේ. මන්ද දැන් සියලුම ඖෂධ සකස්‌ කළ ඒවා ලෙස තිබෙන නිසා ඕනෑම කාර්යබහුල අයෙකුට මෙම ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුව දැන් තිබෙනවා. එම නිසා ඕනෑම රෝගියකුට දැන් කිසිදු අපහසුවකින් තොරව ආයුර්වේද ප්‍රතිකාර කරා යොමු වීමෙන් රෝග සුවකර ගැනීමේ හැකියාව පවතිනවා.

නොමිලේ විස්‌තර සඳහා

071-3007000
071 300 9088

සාකච්ඡා කළේ - ගයාන් සමරසිංහ 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Mar 2018 05:59 PM

diya1දියවැඩියා රෝගයේ දී දීර්ඝ කාලීනව රුධිර ගත ග්ලුකෝස්‌ ප්‍රමාණය ඉහළ මට්‌ටමක පවතින විට දී එමගින් රුධිර වාහිනී මත ඇති කරන බලපෑම නිසා රුධිර වාහිනී බිත්ති ඝන වීම, රුධිර වාහිනී පටුවීම සහ රුධිර වාහිනී තුළ දී රුධිර කැටි නිර්මාණය වීම සිදු වෙනවා. මෙම සංසිද්ධි ත්‍රිත්වය නිසා රුධිර වාහිනි අවරෝධ වී හෘදයේ පටක කොටස්‌ මිය යාම සිදු වෙනවා. දියවැඩියා රෝගියකු හට හෘදයා ශ්‍රිත රුධිර වාහිනී ගත රෝග (කිරීටක ධමනි ගත රෝග) ඇතිවීමේ අවදානම වෙනත් පුද්ගලයකු හට ඇති අවදානමට වඩා සිවු ගුණයක්‌ පමණ වැඩියි.

කිරීටක ධමනි විකෘතිතා නිසා ඇති වෙන හදවත් රෝගයක දී ඇති වන රෝග ලක්‌ෂණ මොනවා ද?

බොහෝ විට පුද්ගලයකු හට වරින් වර ඇති වන පපුවේ කැක්‌කුම මෙවැනි කිරීටක ධමනි ගත රෝගයක ලක්‍ෂණයක්‌ විය හැකියි. හෘදය මාංස පේශිය වෙත රුධිර සැපයුම අඩුවීම නිසා ඇතිවන පපුවේ කැක්‌කුම හෙවත් හෘද ශූලය විවිධ ස්‌වරූපයෙන් රෝගියාට දැනීමට පුළුවන. තියුණු උලකින් අනින්නාක්‌ වැනි, පපුව තද කරන්නාක්‌ වැනි, මිරිකන්නාක්‌ වැනි හෝ පපුව පලන්නාක්‌ වැනි වේදනාවක්‌ විය හැකි යි. ඇතැම් විට මෙම වේදනාව බෙල්ල, උගුර, කන හෝ වම් උරහිස, වම් අත වැනි වෙනත් ස්‌ථාන කරා පැතිරී යන බවක්‌ රෝගියාට දැනීමට පුළුවන. ඇතැම් විට වේදනාව සමඟ දහඩිය දැමීම වෙහෙසකාරී බවක්‌ මහන්සියක්‌ හෝ හුස්‌ම ගැනීමේ අපහසුව, කලන්තය, කරකැවිල්ල , වමනය, ඔක්‌කාරය හෝ උදරයේ අපහසුව වැනි තත්ත්වයක්‌ හෝ බඩ පපුව දැවිල්ල වැනි තත්ත්වයක්‌ හෝ ඇතිවිය හැකියි. ඇතැම්විට වෙහෙසකාරී කටයුත්තක යෙදී සිටින විට දී වේදනාව ඇති වී විවේක ගැනීමේ දී වේදනාව නැති වී යනවා. උද්වේගකාරී මානසික හැගීම් ඇතිවන විට දී ද වේදනාව ඇතිවිය හැකියි. රෝග තත්ත්වය වඩ වඩාත් උග්‍ර වන විට දී විවේකයෙන් සිටින විටදී ද පපුෙවි වේදනාව හෝ අපහසුතාව ඇති විය හැක. මෙවැනි තත්ත්වයන් ඇතිවන්නේ නම් හැකි ඉක්‌මනින් වෛද්‍ය උපදෙස්‌ සහ ප්‍රතිකාර ලබා ගත යුතු ය.

මෙම හදවත් රෝග තත්ත්ව උග්‍ර වීමට පෙරහඳුනා ගන්නේ කොහොම ද?

අද වෛද්‍ය විද්‍යා තාක්‌ෂණය ඉතා දියුණුයි. හෘදයේ ක්‍රියාකාරිත්වය පරීක්‌ෂා කරන විවිධ පරීක්‌ෂණ උපක්‍රම මගින් රෝග තත්ත්වයත් රෝගය ඇතිවීමට පෙර පවතින අවදානම් අවස්‌ථාත් හොඳින් හඳුනා ගත හැකියි. අවදානමක්‌ ඇතැයි සැක සහිත තැනැත්තන් වෛද්‍යවරයකු හමු වී සාකච්ඡා කොට උපදෙස්‌ ලබා ගත යුතු යි.

දියවැඩියාව නිසා ඇති වෙන හදවත් රෝග සුව කර ගැනීම සහ වලක්‌වා ගැනීම කළ හැකි ද?

දියවැඩියාව, අධික රුධිර පීඩනය, අක්‌මා රෝග සහ රුධිර ගත මේදය අධික වීම වැනි තත්ත්වයන් නිසි පරිදි පාලනය කිරීමෙන් දියවැඩියාව නිසා ඇති වෙන හදවත් රෝග මෙන්ම කිරීටක ධමනි විකෘතිතා සහිත හදවත් රෝග ඇතිවීම ද වලක්‌වා ගත හැකියි. පීඩාවට පත් වී ඇති රුධිර වාහිනිය සම්පූර්ණයෙන් ම අවරෝධ වුවහොත් ඉන් ඉදිරියට රුධිර සැපයුම ලබන හෘද මාංස පේශි පටක කොටස මිය යාම නිසා බොහෝ අපහසුතාවනට මුහුණ පෑමට සිදු වේ. ඇතැම් විට පූර්ව රෝග ලක්‍ෂණ රහිතව හදිසි මාරාත්මක හෘදයා බාධ ඇති විය හැක. හෘදයා බාධ ඇති වුවහොත් හෘදයේ ක්‍රියා කාරිත්වය දුර්වල වීම සිදුවෙනවා.

සමහර රෝගීන් සඳහා කිරීටක ධමනි ආශ්‍රිත ශල්‍ය ප්‍රතිකාර කළ යුතු යි. ආයුර්වේද ඖෂධ ප්‍රතිකාර මගින් රෝගය සුව කර ගැනීම මෙන්ම සංකූලතා ඇතිවීම වළක්‌වා ගැනීමේ හැකියාවක්‌ තිබෙන නිසා ශල්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමේ අවදානම බෙහෙවින් අඩු කළ හැකියිs. කිරීටක ධමනි ආශ්‍රිතව ශල්‍ය ප්‍රතිකාර ලබා ගත් රෝගීන් සඳහා ද මෙම ආයුර්වේද ඖෂධ ප්‍රතිකාර භාවිතයෙන් බොහෝ සංකූලතා මගහරවා ගත හැකියි. ඒ සඳහා දේශීය පාරම්පරික සහ ආයුර්වේද ප්‍රතිකාර මහෝපකාරී වෙනවා. නිවැරදි වෛද්‍ය උපදෙස්‌ අනුව ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගයට ගොදුරුවූ අයට ද ඉමහත් සහනයක්‌ ලබා ගත හැකියි.

ලබන සතියට

hartnewdox

මේ පිළිබ`ද විස්‌තර සඳහා
011-5883255/0777750111 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Mar 2018 06:16 PM

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

docweerasekara

ප්‍රශ්නය - මුත්‍රා ආසාදන සහ මුත්‍රා රෝග කියන මාතෘකාව දිනෙන් දින සාකච්ඡාවට ලක්‌වෙන, සෑම කල්හිම විද්‍යාත්මක පර්යේෂණයන්ට ලක්‌වෙන දෙයක්‌. නවීන ලෝකයේ වැඩිම වෛද්‍ය පර්යේෂණ ප්‍රමාණයක්‌ සිදු වන්නේ මෞත්‍ර ලිංගික පද්ධතිය (genito nrinary Track) සහ මුත්‍රාවාහිනී පද්ධතිය (Vrinary Track) ගැනත් සහ හදවත හ ඊට සම්බන්ධ ආසන්න ඉJද්‍රිය පද්ධතිය ගැනත් අප ඔබ සමඟ සාකච්ඡා කරන්නට අදහස්‌ කරන්නේ මුත්‍රා රෝගවලට අදාළ ආයුර්වේද අර්ථකථනය, රෝග නිශ්චය, ඖෂධ ආහාර, විහරණ කියන කරුණු ගැනයි. ඊට පෙර මේ මාතෘකාවට ප්‍රවේශයක්‌ වශයෙන් මුත්‍ර රෝගවලට සම්බන්ධ නවීන විද්‍යාත්මක අර්තකථන අපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා.

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - ආයුර්වේදයේදී වගේම නවීන විද්‍යාවේදීත් මුත්‍ර ආසාදන, මුත්‍රා රෝග, මුත්‍රවාහිනියේ රෝග යන කාරනා ඉතාම පුළුල් ලෙස විග්‍රහ කෙරෙනවා. පළමුවෙන්ම අපි සාකච්ඡා කරමු (Urinary Track infection) හෙවත් මුත්‍ර වාහිනියේ ආසාදනය කුමක්‌ද කියලා.

මොනවද මේ මුත්‍රා ආසාදන

මෙය කොටස්‌ දෙකකට බෙදෙනවා. පළමුවැන්න තමයි අපර මුත්‍රවාහිනි ආසාදානය. මෙය වකුගඩු ආසාදනය ලෙස හඳුන්වනවා. දෙවැන්න උරේඨව මුත්‍ර වාහිනි ආසාදනයයි. මෙයට කියන්නේ මුත්‍ර බොක්‌කේ ආසාදනය කියලයි.

ප්‍රශ්නය - මුත්‍ර ආසාදනයේ රෝග ලක්‍ෂණ මොනවද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - මුත්‍ර බොක්‌කේ ඇතිවන ආසාදනය ප්‍රධාන ලක්‍ෂණයන් තමයි මුත්‍රා පිට කරන විට දැවිලි සහගත තත්ත්වයන් හටගැනීම. එසේම නිරන්තරයෙන්ම පාහේ මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවක්‌ ඇති වීම. මේ රෝග ලක්‍ෂණ සාමාන්‍ය තත්ත්වයේ සිට ඉහළ තත්ත්වයන් දක්‌වා ලොකු පරාසයක පැතිර යැමට ඉඩ තිබෙනවා. වරක්‌ හටගත් විට දින හයක පමණකාලයක්‌ මේ රෝගලක්‍ෂණ පවතිනවා. සමහර විට කොන්ද රිදෙන්නටත් පටන්ගන්නවා. වකුගඩු ආශ්‍රිත මුත්‍රා ආසාදනයේදී උණ, ඔක්‌කාරය, වමනය වැනි තත්ත්වයක්‌ හට ගන්නවා. සමහර විට මුත්‍රවල රුධිරය කලවම් වී තිබෙනවා. තවත් විටෙක මුත්‍රා සමඟ සැරව මිශ්‍ර වී තිබෙනවා.

කුඩා දරුවකු තුළ මුත්‍රා ආසාදනයන් තිබෙනවිට ඇතිවිය හැකි එකම රෝග ලක්‍ෂණය උණ රෝගය වෙන්නට පුළුවන්.

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
03 Mar 2018 08:18 PM
ගොඩක් රෝග වලට මූලික හේතුව වෙලා තියෙනනේ අප ගන්නා ආහාර රටාවේ වැරදි පුරුදු නිසා..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2018 05:40 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2018 05:41 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
04 Mar 2018 08:00 AM
මල්ලි හරිම වැදගත් ලිපි ටිකක් ඔයා පලකරලා තියෙන්නේ,
ආදරයේ උල්පත අම්මා ......................
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2018 04:35 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2018 04:35 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 102 of 137 << < 100101102103104 > >>