You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 103 of 137 << < 101102103104105 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2018 04:48 PM



* වාඩි වූ ඉරියව්වක බෙල්ල නවා ගෙන නින්ද රෝගයකට හේතු විය හැකි බව ඔබ දන්නවාද

neckබස්‌ එකේදී දුම්රියේදී එහෙමත් නැතිනම් වෙනත් වාහනයක ගමන් කිරීමේදී මෙන්ම දරුවන් පාසල් වෑන් රථවල යැමේදී වැඩි දුරක්‌ නිදි කරමින් යැම බොහෝ විට සිදුවන ක්‍රියාවලියකි. මෙය කියවන ඔබටත් එම අත්දැකීම නොමැති බවට පැවසීමේ හැකියාවක්‌ නොවනු ඇති. එහෙත් මෙය යම් රෝගී තත්ත්වයකට හේතු විය හැකි ඔබ මෙතෙක්‌ නොදැන සිටියා නේද?

යම් වාහනයක නිදාගෙන හිස පහතට කඩා වැටෙමින් නිතර නිතරම ගමන් කරනවා නම් වෙනත් කිසිදු හේතුවක්‌ රහිතව ස්‌නායු තෙරපීමේ රෝග තත්ත්වය ඇතිවීමේ හැකියාව තිබේ.

තවද එක දිගට කම්පියුටරය දිහා බලාගෙන කටයුතු කිරීම, බෙල්ල වැරදි ඉදිරියව්වකින් නවාගෙන එනම් බෙල්ල පැත්තකට කර ෆෝන් එක කනේ තබාගෙන සිටීම, (මුහුණු පොතේ) (Fඊ) දිගටම රැඳී සිටීම, ඔලුවට තද පහරක්‌ වැදීම, හිසමතින් අධික බර ගෙන යැම, අනතුරුවලට ලක්‌වීම මෙන්ම ක්‍රීඩාවලදී වැටීම යන කාරණාවන්ද ස්‌නායු තෙරපීම ඇතිකිරීමට හේතුවන තවත් කාරණාවන් ලෙස පෙන්වා දීමට පුළුවන.

ගෙලෙහි සිදුවන ස්‌නායු තෙරපීම ඉතාම පීඩාකාරී රෝග තත්ත්වයකි. රෝගය සුවකර ගැනීමේදීද ඉතා ප්‍රවේශම් වීම වැදගත්ය. එයට හේතුව කොන්දට වඩා ගෙලෙහි චලන පරාසය වැඩිවීමයි.

ගෙලෙහි ස්‌නායු තෙරපීමක්‌ යනු සුෂුම්නාව ආරම්භ වන මෙන්ම සුෂුම්නාවේ ස්‌නායු වැඩිම ප්‍රමාණයක්‌ ගෙල තුළින්, (ග්‍රවී කශේරුකා) ගමන් කිරීමේදී මෙම කශේරුකා හෝ අන්තර් කශේරුකා මඩල මගින් සුෂුම්නාවම හෝ සුෂුම්නාවෙන් බාහිරයට පැන නගින ස්‌නායු තෙරපීමට ලක්‌වීම ගෙල ආශ්‍රිත සිදුවන ස්‌නායු තෙරපුමක්‌ ලෙස හඳුන්වනු ලැබේ.

ඉතාමත් සුළු ස්‌නායු තෙරපුමකදී ගෙලෙහි වරින් වර ඇති වී නැති වී යන සුළු වේදනාවක්‌ ඇතිවන අතර එය නොසලකා හැරීමෙන් ක්‍රම ක්‍රමයෙන් රෝගී තත්ත්වය වර්ධනය වනවාත් සමඟ වේදනාව ගෙල දෙපසට විහිදී යනු ඇත. තව තවත් රෝගය උත්සන්න වන විට ගෙල සිට උරහිස්‌ දක්‌වා වේදනාව ගමන් කිරීමට පටන් ගනු ඇත. ක්‍රම ක්‍රමයෙන් ස්‌නායු තෙරපීම වැඩිවන විට ගෙල ආශ්‍රිත පේශී සහ උර ආශ්‍රිත පේශී තදවීමට පටන් ගන්නේය. එමෙන්ම ගෙලෙහි චලන අඩුවීම නැතහොත් ගෙල හැරවීමේ අපහසු තාවයක්‌ ඇතිවන්නේ එවිටය. මෙම තත්ත්වයද නොසලකා හැරීමෙන් ගෙල උරහිස දක්‌වා ඇති වේදනාව දෑත් කරා පැතිරී යැමට පටන් ගන්නා අතර තවදුරටත් රෝගය උත්සන්න වන විට අත් එසවීමට අපහසුව, අත දිගේ විටෙක විදුලියක්‌ ගමන් කරනවා මෙන් දැනීම ආදී රෝග ලක්‍ෂණ සහ ඉවසා දරාගත නොහැකි දැඩි වේදනාව නිසා නින්ද නොයැම ආදී කරුණු මෙම රෝගීන්ගෙන් දැක ගැනීමට ලැබෙන්නේය.

මෙම තත්ත්වයන් යටතේ සුෂුම්නාවේ සිට අත දක්‌වා එන ස්‌නායු හානිවීමට ලක්‌වීමෙන් දෑත් වාරු නැතිවීම, දෑතෙහි මාංශ ක්‍ෂය වීම ආදී ලක්‍ෂණ දැක ගැනීමට හැකිය. එසේ ඇති වන්නේ බොහෝ දුරට දෑතට එන ස්‌නායු තෙරපීම නිසා වන අතර අන්තර් කශේරුකා මඩල හෝ කශේරුකා මගින් සුෂුම්නාව තෙරපීමට ලක්‌වීම මෙයට වඩා බොහෝ සෙයින් දරුණු දුබලතාවයන්ට රෝගීන් පත් කරනවා ඇත.

එයට හේතුව වන්නේ ගෙලෙහි සිට පහළට මුළු ශරීරයටම අදාල වන ස්‌නායු කොදුඇට පෙළ තුළින් ගමන් කිරීම නිසාවෙනි. එසේ ගමන් කරන ස්‌නායු තෙරපීමට ලක්‌වීමෙන් එනම් ගෙල ආශ්‍රීතව සුෂුම්නාව තෙරපීමට ලක්‌වීමෙන් ගෙල සිට පහළට මුලු ශරීරයම වුවද අප්‍රාණික වීමේ හැකියාවක්‌ ඇතිවීමට පුළුවන. එම නිසා ගෙල ආශ්‍රිතව ඇතිවන සුළු ස්‌නායු තෙරපීමකදී පවා ඉක්‌මන් ප්‍රතිකාර ගැනීම ඉතාම වැදගත්ය.

මෙසේ සිදුවන ස්‌නායු තෙරපීමක්‌ සමඟ කාලයක්‌ තුළ සාමාන්‍ය කටයුතුවල නිරතවීම මගින් තවදුරටත් උග්‍රඅතට හැරෙන අතර කල් පැවතීමෙන් කශේරුකා දේහය ආශ්‍රිතව සිදුවන කැල්සියම් තැන්පත් වීමෙන් සුෂුම්නාව ගෙන යන කුහරය මදින් මද පටුවීම සිදුවිය හැකිය.

කශේරුකා හෝ අන්තර් කශේරුකා මඩල වෙනස්‌ වීමෙන් ඇතිවන ස්‌නායු තෙරපීමට වඩා කැල්සියම් තැන්පත් වීම නිසා සිදුවන ස්‌නායු තෙරපීම බොහෝ සෙයින් භයානකය. එයට හේතුව වන්නේ කශේරුකා හෝ අන්තර් කශේරුකා මඩල වෙනස්‌ වීමෙන් සිදුවන ස්‌නායු තෙරපීමක්‌ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ යළි සැකසීමේ හැකියාව ඇතත් කැල්සියම් තැන්පත් වූ විට එය ඉවත් කිරීමේ ක්‍රමයක්‌ නොමැති නිසාය.

මෙම තත්ත්වය යටතේදී සැත්කම් කිරීමක්‌ සිදුවන අතර සැත්කම සුෂුම්නාව ආසන්නයේම සිදුකරන බැවින් සුෂුම්නාවට හානියක්‌ සිදු වී නම් මුලු ශරීරයම අප්‍රාණික වීමට පවා එය හේතුවිය හැක. එම නිසා ගෙල ආශ්‍රිතව සිදුවන ස්‌නායු තෙරපීමකදී එය සුළුකොට නොතකා ඉක්‌මන් ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත්ය.

දේශීය වෙදකමේදී පුරාණ ආයුර්වේද පොත පතෙහි සඳහන් පරිදි ගෙල ආශ්‍රිත ස්‌නායු තෙරපීමකට වෛද්‍යවරයා විසින් රෝගය හඳුනාගෙන තෙල් ආලේපයෙන් අදාල ස්‌ථාන බුරුල්කිරීමකට ලක්‌කර වෙනස්‌ වූ කශේරුකාවන් හෝ අන්තර් කශේරුක මඩල ස්‌ථානගත කිරීම සිදු කරන අතර ස්‌නායු තෙරපීම නිසා තද බවට පත්වී ඇති පේශී තෙල් ගැල්වීමෙන් මෘදු බවට පත්කරයි. එමෙන්ම කොදුඇට පෙළ ශක්‌තිමත් කිරීම මගින් යළි යළිත් මෙම රෝගී තත්ත්වය ඇතිවීම වළක්‌වා ගැනීම සිදු කරයි.

දේශීය ප්‍රතිකාරවල සුවිශේෂීත්වය වන්නේ අනෙකුත් ප්‍රතිකාරවල ඇති අතුරු ආබාධ රහිතව මෙම රෝග තත්ත්වය පූර්ණ වශයෙන් සුවපත් කර ගැනීමට ඇති හැකියාවයි.

මේ පිළිබඳ ඔබටත් වැඩිදුර විස්‌තරයක්‌ දැන ගැනීමට අවශ්‍ය නම් 0713494113 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධකර නොමිලේ විස්‌තර දැන ගැනීමේ හැකියාව තිබේ.

තලල්ලේ වෙද පරම්පරාවේ
වෛද්‍ය අශෝක රාමසුන්දර
දේශීය වෛද විද්‍යාලය
කොළඹ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2018 05:04 PM

 
 
sugerරුධිරයේ සීනි මට්‌ටම ඉහළ යාම මෙන්ම සීනි මට්‌ටම පහළ යාමද භයානකයි.සීනි අඩුවූ විට ඇතිවන කෝමා තත්ත්වය නිසා මොළය අක්‍රිය විය හැකියි. රුධිරයේ සීනි අඩුවීම සම්බන්ධව සාමාන්‍ය ජනතාව ලෙස අපි එසේ පවසන්නෙමු.
 
 එනිසා බොහෝදෙනා රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ යාමට වඩා බියක්‌ දක්‌වන්නේ රුධිරයේ සීනි ප්‍රමාණය පහළ යාමටය. එලෙස රුධිර සීනි මට්‌ටම පහළ යාවියෑයි කියා සැකකරන පුද්ගලයන් නිතර පැණි රස වර්ග ආහාරයට ගැනීමට හුරුව සිටිති.
 
 වෛද්‍යතුමනි, රුධිරගත සීනි මට්‌ටම පහළ යාම ලෙස හඳුන්වන්නේ කුමන අවස්‌ථාවේදීද?
 
 නීරෝගීව ජීවත්වීම සඳහා අප සෑම පුද්ගලයකුගේම රුධිරයේ ඇති සංඝඨකවල ප්‍රශස්‌ත අගයක්‌ තිබිය යුතුයි. ඒ අනුව නීරෝගී දිවියක්‌ ගතකිරීම සඳහා පුද්ගලයකුගේ රුධිරයේ තිබිය යුතු සීනි වල ප්‍රශස්‌ත අගය එය පරීක්‍ෂා කරන ආකාරය අනුව තීරණය වෙනවා.
 
 පැය 08 ක්‌ නිරාහාරව සිටීමෙන් පසු සිදුකරන රුධිරගත සීනි පරීක්‍ෂාවේදී තිබිය යුතු ප්‍රශස්‌ත අගය 70-99 ලෙස සලකනවා.
 
 ආහාර ගැනීමෙන් පසු සිදුකරන රුධිරගත සීනි පරීක්‍ෂාවේදී ප්‍රශස්‌ත අගය 90-140 ත් අතර තිබිය යුතුයි.
 
 මීට අමතරව රුධිර ගත සීනි පරීක්‍ෂාව සිදුකරන HBA1C පරීක්‍ෂණයේදී තිබිය යුතු රුධිරගත සීනි ප්‍රශස්‌ත මට්‌ටම 5.7 ට අඩු අගයක පැවතිය යුතුයි. මෙම ප්‍රශස්‌ත අගයන් ඉහළ යාම හෝ පහළයාම එම පුද්ගලයාගේ ශරීරයේ පවතින සෞඛ්‍ය තත්ත්වය පෙන්නුම් කරනවා.
 
 රුධිරයේ පැවතිය යුතු සීනි මට්‌ටම ශීඝ්‍ර ලෙස පහළ බැසීමට හේතුවන අවස්‌ථාවන්හිදී හැර සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ රුධිරයේ සීනි මට්‌ටම පහළ බසින්නේ නැහැ.
 
 රුධිරයේ සීනි මට්‌ටම පහළ නොබැස ආරක්‍ෂාකර ගැනීමට යාන්ත්‍රණයක්‌ සිරුර තුළ ක්‍රියාත්මකවෙනවා.
 
 එනිසා දින කිහිපයක්‌ ආහාර නොගෙන සිටියා කියා එකවර රුධිරගත සීනි මට්‌ටම පහළ බසින්නේ නැහැ. ශරීරයට අවශ්‍ය ග්ලූකෝස්‌ ග්ලයිකෝජන් ලෙස ශරීරය තුළ තැන්පත්ව තිබෙනවා.
 
 එයත් නැතිවූ විට අක්‌මාව තුළ ශරීරයට අවශ්‍ය ග්ලූකෝස්‌ නිපදවනවා. (Gluconeo genesls)
 
 ඇමයිනෝ අමිල මේද අමිල භාවිත කර සිරුරට අවශ්‍ය ග්ලූකෝස්‌ නිපදවනවා.
 
 යම් පුද්ගලයකුගේ රුධිරගත සීනි මට්‌ටම පහළ යාමට බලපාන විශේෂ හේතුවනුයේ දියවැඩියාව රෝගයෙන් පෙළෙන පුද්ගලයන් රුධිර ගත සීනි ප්‍රමාණය පාලනය සඳහා ඖෂධ භාවිත කිරීම, ඉන්සියුලින් ගනු ලබන පුද්ගලයන් ඉන්සියුලින් නිෂ්පාදනය කරනු ලබන සෛලවල ගෙඩිහට ගැනීම (Insulinoma Tumour) දරුණු අක්‌මා ආබාධ සහ වකුගඩු ආබාධ සහිත පුද්ගලයන් සහ ඉන්සියුලින් වලට එරෙහිව සිරුර තුළින් නිපදවන විට Cortisol වැනි හෝමෝන අඩුවන අවස්‌ථාවලදී එම පුද්ගලයන්ගේ රුධිර ගත සීනි මට්‌ටම පහළ බැසීමට හේතුවෙනවා.
 
 වෛද්‍යතුමනි, ඔබ සඳහන් කළ විශේෂ රෝග සහිත පුද්ගලයන්ගේ රුධිර ගත සීනි මට්‌ටම අඩුවීමෙන් සිදුවිය හැකි අනතුරු මොනවාද?
 
 ග්ලූකෝස්‌ මොළයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය සම්පූර්ණ ශක්‌තිය ලබාදෙනවා. එනිසා ග්ලූකොස්‌වලින් මොළයට ලැබෙන ශක්‌තිය අඩුවන විට මොළයේ ක්‍රියාකාරීත්වයද දුර්වලවෙනවා. එවිට කල්පනාව අඩුවීම, මතක ශක්‌තිය දුර්වලවීම, තීරණ ගැනීමේ ශක්‌තිය අඩුවීම වැනි දුර්වලතා මතුවෙනවා. රුධිර ගත සීනි මට්‌ටම ඉතා විශාල ලෙස අඩුවූ විට සිහිනැතිවීමට (Coma) පත්වෙනවා.
 
 එබැවින් දියවැඩියා රෝගීන් රුධිර ගත සීනි මට්‌ටම පාලනය සඳහා ඖෂධ ගන්නා විට නිසි වෛද්‍ය උපදෙස්‌ මත ලබාගැනීමට අවධානය යොමුකළ යුතුයි.
 
 
 කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
 ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ
 විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2018 05:28 PM

 
akmaඅක්‌මාව අපගේ ශරීරයේ වැදගත් ඉන්ද්‍රියයකි. එය නිරෝගීව පවත්වා නොගතහොත් එහි ක්‍රියාකාරිත්වය දුර්වල වේ. වර්තමානයේ අක්‌මාව ආශ්‍රිතව හට ගන්නා රෝගවලට ගොදුරුවන පුද්ගලයින් බහුල වන්නට පටන් ගෙන ඇත.
 
 වෛද්‍යතුමියනි,.. අක්‌මාවේ ඇති වැදගත්කම පිළිබඳ පැහැදිළි කිරීමක්‌ කළ හැකිද?
 
 අක්‌මාව ශරීරයේ පැවැත්මට ඉතා විශාල කාර්යයක්‌ ඉටුකරනු ලබනවා. ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය මෙන්ම විශාලතම ග්‍රන්ථිය ද වෙනවා. මිනිස්‌ සිරුරේ රසායනාගාරය ලෙස අක්‌මාව හැඳින්විය හැකියි. අප ගන්නා ආහාරයේ ග්ලුකෝස්‌, ග්ලයිකෝජන් ලෙස අක්‌මාවේ ගබඩා කර තබන අතර එය වරින් වර ග්ලූකෝස්‌ බවට පත්කරමින් ශරීරයට මුදාහරිනවා.
 
 ආහාර ජීර්ණයට අවශ්‍ය වන පිත නිෂ්පාදනය රුධිරය කැටි ගැසීම වළක්‌වන ප්‍රොaටීන නිෂ්පාදනය මත්පැන්වලින් ශරීරයට ඇතිවන අහිතකර බලපෑම අඩු කිරීම හෝමෝන නිෂ්පාදනය ආදී කාර්යයන් රැසක්‌ සිදුකරනවා.
 
 වෛද්‍යතුමියනි, අක්‌මාව ආශ්‍රිතව හට ගන්නා රෝග මොනවාද?
 
 අක්‌මාව ආශ්‍රිතව ඉතා සුලභව දක්‌නට ලැබෙන රෝග තත්ත්වයක්‌ වනුවේ අක්‌මාවේ තෙල් තැන්පත් වීමයි. සාමාන්‍යයෙන් අක්‌මාවේ යම් ප්‍රතිශතයක්‌ මේදය තැන්පත්වී තිබෙනවා. එම ප්‍රමාණය ඉක්‌මවා තෙල් තැන්පත්වීමෙන් අක්‌මා සෛලවලට හානි සිදුවීම හා අක්‌මාවේ ක්‍රියාකාරිත්වයට බලපෑම් එල්ල විය හැකියි.
 
 මෙයට ප්‍රධානම හේතුව වනුයේ මත්පැන් භාවිතයයි. නමුත් මත්පැන් පානය නොකරන පුද්ගලයන් අතර ද අක්‌මාවේ මේදය තැන්පත්වීම සුලභ කරුණක්‌ බවට පත්වෙමින් පවතිනවා. ඊට ප්‍රධාන හේතු ලෙස අධික ස්‌ථුලතාවය, කෙටි කාලයක්‌ තුළදී ශරීරයේ බර අධිකව අඩුවීම, දියවැඩියා රෝගයෙන් පෙළීම, මන්දපෝෂණය රුධිරයේ කොලෙස්‌ටරෝල් වැඩිවීම සහ වයස්‌ගතවීම ආදිය දැක්‌විය හැකියි.
 
 අක්‌මාවේ තෙල් තැන්පත්වීමට වර්තමානයේ බහුල හේතුවක්‌ බවට පත්ව තිබෙන්නේ තෙල් අධික ආහාර නිතර පරිභෝජනය කර නිසි පරිදි ව්‍යායාම්වල නොයෙදී සිටීමයි. මෙම වැරදි පුරුදු නිසා අක්‌මාවේ මේදය අධික ලෙස තැන්පත්වීමේ අවධානම සුලභවී තිබෙනවා.
 
 වෛද්‍යතුමියනි, අක්‌මාවේ මේදය අධික ලෙස තැන්පත්වූවිට මතුවන රෝග ලක්‌ෂණ මොනවාද?
 
 බොහෝ රෝගීන් තුළ විශේෂ රෝග ලක්‌ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. කලාතුරකින් දැකිය හැකි රෝග ලක්‌ෂණ ලෙස අධික තෙහෙට්‌ටුව බඩපුරවා දැමීම, උදරයේ දකුණු පැත්තේ අක්‌මාව ආශ්‍රිතව වේදනාවක්‌ ඇතිවීම සිදුවිය හැකිය.
 
 අක්‌මාවේ තෙල් තැන්පත්වීමේදී මුල් අවස්‌ථාවේදී අක්‌මාවට කිසිම බලපෑමක්‌ සිදුවන්නේ නැහැ. තවදුරටත් මේදය තැන්පත්වීමෙන් අක්‌මා සෛල ආසාදනයට ලක්‌විය හැකියි.
 
 මෙම තත්ත්වයට නිසි ප්‍රතිකාර නොකර සිටීමෙන් සිරෝසීස්‌ තත්ත්වය දක්‌වා වර්ධනය විය හැකියි. එවිට අක්‌මා සෛල විනාශ වී අක්‌මාවේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් වෙනස්‌වීමට ලක්‌වෙනවා.
 
 මත්පැන් පානය නොකරන පුද්ගලයින් අතර හටගන්නා සිරෝසිස්‌ රෝගයට ප්‍රධාන හේතුවක්‌ ලෙස අක්‌මාවේ අධික ලෙස තෙල් තැන්පත්වීම හැඳින්විය හැකියි.
 
 අධික ස්‌ථුලතාවයෙන් පෙළෙන අය, රුධිරයේ කොලෙස්‌ටරෝල් වැඩි අය සහ අවුරුදු 45 ට වැඩි පුද්ගලයින් මෙම තත්ත්වයට ගොදුරුවීමට වැඩි ඉඩ කඩ පවතිනවා.
 
 වෛද්‍යතුමනි, අක්‌මාවේ අධික ලෙස තෙල් තැන්පත්වීම හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්‍ෂණ මොනවාද?
 
 අක්‌මාවේ ක්‍රියාකාරිත්වයේ ඇතිවන වෙනස්‌කම් හඳුනා ගැනීම සඳහා සුලභව සිදුකරන රුධිර පරීක්‍ෂණ වන්නේ අක්‌මාව මගින් නිපදවන SGOT සහ SGPT නමැති එන්සයිමය පිළිබඳව පරීක්‍ෂා කිරීමයි. අක්‌මාවේ මේදය අධික ලෙස තැන්පත්වීමේදී මෙම එන්සයිම මට්‌ටම ඉහළ යනවා.
 
 මීට අමතරව අල්ට්‍රා සවුන්ඩ් ස්‌කෑන් (USS) සීටී (CT) හා එම්. ආර්. අයි. (MRI) පරීක්‍ෂණ මගින් පැහැදිලි විස්‌තර ලබාගත හැකියි.
 
 වෛද්‍යතුමියනි, අක්‌මාවේ අධිකව තෙල් තැන්පත්වීම වළක්‌වා ගැනීම සඳහා ගතහැකි පියවර මොනවාද?
 
 මත්පැන් පානය කරන කෙනෙක්‌නම් වහාම මත්පැන් පානය නතර කළ යුතුයි. අධික ස්‌ථුලතාව සහිත අයෙක්‌නම් නියමිත වෛද්‍ය උපදෙස්‌ අනුව බර අඩුකර ගැනීමට පියවර ගත යුතුයි. දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේ නම් නිසි ප්‍රතිකාර ගෙන එය පාලනය කරගත යුතුයි.
 
 එළවළු, පලතුරු, කෙඳි සහිත ආහාර, ධාන්‍ය වර්ග, වැඩිපුර ආහාරයට එක්‌කරගත යුතුයි. මස්‌ භාවිතය, තෙල් සහිත ආහාර අනුභවය (විශේෂයෙන් සංතෘප්ත මේදය සහිත) අඩුකළ යුතුයි.
 
 සම්පූර්ණ යොදය සහිත කිරි, බිත්තර කහමදය සීනි භාවිතය අඩු කළ යුතුයි.
 
 අක්‌මාවේ තැන්පත්ව ඇති මේදය අඩු කිරීමට අත්‍යවශ්‍ය අංගයක්‌ ලෙස ව්‍යායාම හැඳින්විය හැකියි. එනිසා දිනකට පැය භාගයක්‌වත් ව්‍යායාමවල යෙදිය යුතුයි. එහිදී ඇවිදීම ද හොඳ ව්‍යායාමයකි.
 
 ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ අක්‌මාව නිරෝගීව ආරක්‌ෂා කර ගැනීම සඳහා සහ අක්‌මාගත රෝග සඳහා විශේෂිත ප්‍රතිකාර විධි ඇවතුම්, පැවැතුම් තිබෙනවා. එබැවින් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක්‌ හමුවී උපදෙස්‌ ලබා ගැනීමෙන් මතුව ඇති රෝග සුව කරගත හැකියි.
 
 වැඩිදුර විස්‌තර සඳහා දුරකථන අංක 0774941118 ඇමැතිය හැකිය.
 
 
 ආයුර්වේද වෛද්‍ය
 කුමුදුනී ද සිල්වා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
04 Mar 2018 05:36 PM
බිත්තරයෙ කහ මදය අයින් කරලා කන්නම හිතෙන්නෙ නැහැ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2018 05:42 PM

 
urinසාමාන්‍ය මුත්‍රා පරීක්‍ෂණයක්‌ මගින් මිනිසාගේ ශරීරය කොපමණ වියපත් වී ඇත්ද?

හා කොපමණ කාලයක්‌ තව ජීවත්වීමට තිබේද?
 
යන්න මැන බැලිය හැකි බව චීන පර්යේෂකයන් පිරිසක්‌ විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකදී අනාවරණය කරගෙන තිබේ.
 
පර්යේෂකයින් විසින් මෙහිදී මුත්‍රාවල අඩංගු "8 - ඔක්‌සෝජීස්‌ එන්" නමැති ද්‍රව්‍යයක්‌ සොයාගෙන ඇති අතර එම ද්‍රව්‍ය මිනිසාගේ අභ්‍යන්තර සෛලවලට සිදුවන හානිය නිරූපණය කරන බවත් මිනිසා වියපත් වන්නට වන්නට මුත්‍රාවල අඩංගු එම ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වන බව අනාවරණය කරගෙන තිබේ. මෙසේ අභ්‍යන්තර සෛලවලට සිදුවන හානිය අනුව පුද්ගලයකුගේ අභ්‍යන්තර වයස හඳුනාගෙන ඔවුනට වැළඳීමේ අවදානමක්‌ පවතින වයස ආශ්‍රිත රෝග තත්ත්වයන් මෙන්ම මුල් අවස්‌ථාවේ සිදුවිය හැකි මරණ පිළිබඳව ද තක්‌සේරු කළ හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
 
 මෙහිදී චීන පර්යේෂකයන් පිරිස විසින් මුත්‍රා විශ්ලේෂණය කිරීම සඳහා යෙදා ගෙන ඇති තාක්‌ෂණය යටතේ පැයක කාලයක්‌ තුළදී පුද්ගලයන් දස දෙනෙකුගේ මුත්‍රා සාම්පල තක්‌සේරු කර තිබේ. මෙම තාක්‌ෂණය ඉදිරියේදී "8 ඔක්‌සෝ ජීඑස්‌එන්" හා ජීව විද්‍යාත්මක වියපත්වීම අතර සබඳතාවය විමර්ශනය කෙරෙන අධ්‍යයනවලට ප්‍රයෝජනවත් වියහැකි බව එම පර්යේෂකයෝ පවසති. මෙම පර්යේෂණය මෙහෙයවූ වෛද්‍ය ජියාන් පින්ග් කායිට අනුව මුත්‍රාවල අඩංගු "8 -ඔක්‌සෝ ජීඑස්‌ එන්" ද්‍රව්‍යයකට අපගේ ශරීරවල නියම තත්ත්වය පෙන්වා දිය හැකි වනු ඇති අතර එය අපගේ සැබෑ වයස හඳුනා ගැනීමට වඩා නිවැරදි නිර්ණායකයක්‌ බවත්, ඒ හරහා වයස ආශ්‍රිතව හටගත හැකි රෝග අවදානමද දැන ගැනීමට හැකි වනු ඇත.
 
 මෙයට පෙර සිදුකරන ලද පර්යේෂණවලදී සතුන් වියපත් වනවිට ඔවුනගේ මුත්‍රාවල අන්තර්ගත "8 - ඔක්‌සෝ ජීඒස්‌එන්" ද්‍රව්‍ය මට්‌ටම වැඩිවන බව පර්යේෂකයන් විසින් අනාවරණය කර ගෙන තිබිණි.
 
 චින පර්යේෂකයින් පිරිස සිය නවතම සොයා ගැනීම සඳහා සිදුකරන ලද පර්යේෂණය සඳහා වයස අවුරුදු දෙකේ සිට අනූව දක්‌වා වයස්‌වල පසුවන චීන ජාතිකයන් 1228 දෙනෙකුගේ මුත්‍රා සාම්පල විශ්ලේෂණයට ලක්‌කර තිබේ.
 
urin2 මෙහිදී වයස අවුරුදු 21 හා එයට වැඩි වයස්‌වල පසුවූවන්ගේ මුත්‍රා සාම්පලවල "8 - ඔක්‌සෝජීඑස්‌එන්" ද්‍රව්‍ය වැඩි වී තිබී ඇත. මේ අනුව ඉහත කී ද්‍රව්‍ය වියපත්වීම සනිටුහන් කරනු ලබන නවතම දර්ශකයක්‌ බවට පත්ව ඇතැයි වෛද්‍ය කායි කියයි. පශ්චාත් ආර්තවහරණයෙන් පසුවන කාන්තාවන්ගේ හැර විශ්ලේෂණය කළ මුත්‍රා සාම්පල අයත් කාන්තාවන් හා පිරිමින්ගේ මුත්‍රාවල අඩංගු "8 - ඔක්‌සෝජීඑස්‌එන්" ප්‍රමාණය සමාන මට්‌ටමකින් පවතින බව අනාවරණය වී තිබේ. මෙම පර්යේෂණයට සහභාගි නොවූ එක්‌සත් රාජධානියේ ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉලරියා බෙල්ලන්ට්‍රඕනොට අනුව මෙම පර්යේෂණයට අනුව මුත්‍රාවල අඩංගු "ඔක්‌ස්‌සෝ ජීඑස්‌එන් ප්‍රමාණය හඳුනා ගැනීමෙන් වයසට යන්නට යන්නට එම ද්‍රව්‍ය ප්‍රමාණය ඉහළ යයි. එහෙත් වයසට යැම යනු රෝගයක්‌ නොවන අතර වයස්‌ ආශ්‍රිතව ඇතිවන රෝග අවදානම විශේෂයෙන්ම දුම්පානය නිසා ඇතිවන පෙනහලු පිළිකාව වැනි රෝග මෙම පරීක්‍ෂාව හරහා හඳුනාගත හැකිවන බව ඇය කියයි.
 
 එහෙත් මෙම පරීක්‍ෂණයේදී ඉහත කී ද්‍රව්‍ය ඔස්‌ටියෝපොරෝසීස්‌, දියවැඩියාව, පාකින්සන් වැනි රෝගවලින් පෙළෙන අයගේ මුත්‍රාවල ඉහළ මට්‌ටමින් අඩංගුව ඇත්දැයි යන්න පෙන්වා දී නොමැත.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2018 05:44 PM
අපස්මාරය කියන්නේ මාරාන්තික ලෙඩක් නෙවෙයි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
04 Mar 2018 06:59 PM
අපස්මාරය රෝගය ගැන නම් මට දැනුමක් තිබුණේම නැහැ..
ස්තූතියි මේ ලිපියට...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Mar 2018 05:46 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Mar 2018 05:47 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Mar 2018 05:47 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Mar 2018 05:47 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Mar 2018 05:47 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Mar 2018 06:03 PM

ඔබේ වකුගඩු නිරෝගීද?

http://www.rivira.lk/epaper/daily/tue/2018/03/06/files/assets/common/page-substrates/page0017.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Mar 2018 04:46 AM

දන්නා කුළුබඩු වල නොදන්නා බෙහෙත් ගුණ

තුනපහ සහ දුරු මිරිස් නැතිව ආහාර පිසීමක් ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් තුළ සිදුනොවේ. එය මේ රටවල ගෘහණියන් අතර දැකිය හැකි පාරම්පරික පුරුද්දක් තරමට සුලබ වූවකි. එහෙත් තමන් මෙසේ ආහාරයට එක්කරන්නේ තමන්ගේ සහ තම පවුලේ සෞඛ්‍යයට හා ලෙඩ රෝග මර්දනයට හේතුකාරක වන ඉතා වැදගත් පියවරක් බව ඔවුන් අතරින් වැඩි දෙනෙක් නොදන්නවා විය හැකිය.

 

මේ පිළිබඳ අදහස් දක්වන එක් ඉන්දීය ආහාර විශේෂඥයෙක් කියා සිටියේ තෙල්, බටර්, ලුණු හා සීනි එක්කරමින් අධික රුධිර පීඩනය, දියවැඩියාව, හෘදය රෝග ආදියට අතවනනු වෙනුවට මෙසේ කුළුබඩ එක්කරමින් අපගේ කාන්තාවන් ප්‍රතිශක්තිය වර්ධනයට හා සෞඛ්‍යය සුරැකීමට දායක වන බවය.

විද්‍යාත්මක පර්යේෂණ මඟින් මෑතදී හෙළිකර ඇති තොරතුරු අනුව අප සුලබව භාවතකරන කුළුබඩු කිහිපයකින් ලැබෙන සෞඛ්‍යය වාසි හා ඵලප්‍රයෝජන සමහරක් මෙසේය.

කොත්තමල්ලි

 

සිලන්ට්‍රාවෝ නම් කුඩා පැළෑටියේ ඇටවලින් කොත්තමල්ලි සැපයෙයි. කොත්තමල්ලි සතුව ප්‍රතිප්‍රදාහමය, ප්‍රතිජීවක, ප්‍රතිඅසාත්මික මෙන්ම ප්‍රති-ඔක්සිකාරක ගුණ ද පවතියි. උණ, හෙම්බිරිස්සාව, කැස්ස ආදී තත්ත්වයන්ට අප කොත්තමල්ලි තම්බා පානය කළවිට ගුණ දැනෙන්නේ ඇයිද යන්න දැන් ඔබට වැටහෙනවා ඇති. කොත්තමල්ලි සතුව ආහාර ජීර්ණයට උදවු කිරීමේ හැකියාව, කොලෙස්ටරෝල් අඩුකිරීමේ හැකියාව ද පවතියි. කොත්තමල්ලි තුªළ ඇති කාර්වෝන්, පේරන්ලෝල්, පෙලිනලූල් නම් ප්‍රතිපෝෂක බහුලත්වය මෙන්ම කුසර්සිමින්, කෙම්පනරෝල් සහ අපි‍්‍රජෙනින් නම් ෆ්ලේමනොයිඩ රසායනික ද මෙම යන ගුණයට අයත් වන බව පෙනේ.

ඉඟුරු

 

ඉඟුරු තේ පානය දැන් විලාසිතාවක් තරමට ප්‍රචලිතව ඇත. උණට ඉඟුරු කොත්තමල්ලි තරම් සාර්ථක ප්‍රතකර්මයක් නැති බව ඇයිද අත්දැකීමෙන් දනිමු.

ඉඟුරු ඉතා ප්‍රබල වූ ප්‍රතිප්‍රදාහක ගුණ සහිත වූවකි. ගමන් අසනීපයට මෙන්ම පර්වදාහ (ආර්තරයිටීස්) ප්‍රදාහයට ද ඉඟුරු භාවිතය සුදුසුය. ප්‍රතශක්ති පද්ධතිය වර්ධනයට මෙන්ම ආසාදනවලට එරෙහිව සටන් කිරීමට ද එය සමත්ය.

මහාන්ත්‍ර, ගුද මාර්ග හා ඩිම්බ කෝෂ පිළිකා වැළැක්වීමට ද යම් දායකත්වයක් ලබාදීමට ඉඟුරු සමත් බව පළවෙයි.

ඉඟුරු සතු මෙම ප්‍රතිප්‍රදාහමය ගුණයට හේතුව ඒ තුළ ඇති “ජින්ජර්රෝල්” නම් ඇඟ උණුසුම් කිරීමට සමත් රසායනිකයය. උගුර බැරැණ්ඩිය හා සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවිට ඉඟුරු කැබැල්ලක් හැපීම සහනය සලසයි. ඉඟුරු ආහාර ජීර්ණයට ද අතදෙයි. කෙසේ වෙතත් රුධිර මේදය අඩුකිරීමට හා දියවැඩියාව පාලනයට ගන්නා සමහර ඖෂධ ක්‍රියාකාරීත්වය සහ හරස්වීමට ඉඟුරු සතු හැකියාව නිසා එවැනි රෝග සඳහා ප්‍රතිකාර ගන්නා විට වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත් ය.

කරාබුනැටි

 

දත් කැක්කුමක්, උගුරේ සෙම හිරවීමෙන්, කතා කිරීමට අපහසු වූවිට කරාබුනැට්ටක් සැපීමට අතීතයේ සිටම හුරුව ඇත්තෙමු. හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවූ විට කරාබුනැටි කිහිපයක් තම්බා ඉන් නැගෙන දුම් ආඝ්‍රාණයද සහනය සලසයි. සෙම කැඩී නොයන වියළි කැස්ස සුවපත් කිරීමට ද සමත් කඨෝත්කාරක ගුණය ඒ සතුය. උගුරේ හිරවී ඇති සෙම කඩා ඉවත් කිරීමට කරාබුනැටි සමත්ය.

කුරුඳු

 

ශ්‍රී ලංකාව කුරුඳුවල නිජබිමය. එසේම අප රට මෙම කුළුබඩු විශේෂය සඳහා ලෝක ප්‍රසිද්ධය. “සිනමෝමම් සිලනිකම්” යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන කුරුඳුවල “සිනම්ල්ඩිනයි” නම් ප්‍රකාශ් රසායනිකය අඩංගුය. වෛරස හා සටන් වැදීමට, රුධිරගත සීනි ප්‍රමාණය අඩුකිරීමට, කොලෙස්ටරෝල් මට්ටම අඩුකිරීමට මෙන්ම ස්නායු අකර්මණ්‍යවීම වැළැක්වීමට ද එයට හැකියාව ඇත.

ප්‍රතිශක්තිය නංවාලමින්, ආසාදන ඇති කිරීමට සිරුරේ පරිවෘත්තීය යා යහමඟ ගැන්වීමට මෙන්ම ඇල්ෂයිමත් රෝගය මතුවීමට හරස්වීමටද සමත් කුරුඳු ශරීරයේ උණුසුම් කිරීමට හා සීතල දවස්වලදී සම වෙත රුධිරය හා පෝෂක ප්‍රවාහනයට ද දායක වෙයි.

ගම්මිරිස්

 

ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක ආහාර පිසීමේ දී භාවිත කරන ගම්මිරිස් ලොව පුරා අනර්ඝත්වයෙන් පිළිගැනෙන කුළුබඩු විශේෂයකි. කැලරි (ශක්තිය) අඩු එහෙත් කේ විටමිනය හා මැංගනීස්, කැල්සියම්, යකඩ යන ඛනිජ මෙන්ම ආහාරමය තන්තු ද ඒ තුළ සෑහෙන තරමින් අඩංගුය.

ගම්මිරිස් ආහාර රසයට ලබාදෙන තල්ලුව ගැන අප දන්නා බැවින් එහි සෞඛ්‍යමය ගුණ පිළිබඳ කතා කරමු.

ගම්මිරිස් (පෙපර්) තුළ අඩංගු පයිපරීන් නම් රසායනික සංයෝගය සෞඛ්‍යය ප්‍රතිඵල රැසකට මුල්වෙයි. එය සෙම්ප්‍රතිශ්‍යාව සම කැස්සට සහනය සලසයි. පියයුරු පිළිකා වැළැක්මේ ගුණයක් ද සහිතය.

වයසට යාම වැළැක්වීමට, විෂ නැසීමට, දහඩිය සහ මුත්‍ර පිටවීම නංවාලීමට (එමඟින් ශරීරය තුළ ඇති විෂ හා ධූලක ද්‍රව්‍ය ඉවත් කිරීමට) ගම්මිරිස් සමත් ය.

ගම්මිරිස් සතු අනෙක් ප්‍රධානම හැකියා අතර ආර්තරයිටීස් (පර්මප්‍රදාහය) සහ ඇදුම නිසා ඇතිවන ප්‍රදාහ මැඩීම, ප්‍රතිශක්ති පද්ධතිය හා අස්ථි ශක්තිමත් කිරීමට සමත් ගම්මිරිස් බඩ පුරවා දැමීම ද අඩුකරයි. ඒ සතු ආමාශයේ හයිඩ්‍රොක්ලෝරික් රම්ලය ස්‍රාවය කිරීම වේගවත් කිරීමට ඇති සමත්කම හේතුකොට ආහාර දිරවීම පහසු කරයි. දත්කැක්කුම මෙන්ම දත් දිරායාම වැළැක්වීමට ගම්මිරිස් දායකත්වය හිමිවෙයි.

ගම්මිරිස් සතුව ප්‍රතිජීවක, ප්‍රතිප්‍රදාහක සහ ප්‍රති ඔක්සිකාරක ගුණ පැවතීම එහි ඇති සෞඛ්‍යයමය ප්‍රබලත්වයට හේතුවෙයි.

සූදුරු

 

වෛද්‍ය පර්යේෂකයන්ගේ මතය අනුව නම් සූදුරු සතුව රෝගවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව, පිළිකා තත්ත්ව ගණනාවකට හරස්වීමට මෙන්ම ආහාර ජීර්ණයට උදවු කිරීමට හැකියාව ඇත. සූදුරු සතුව ප්‍රති ඔක්සිකාරක සහ ප්‍රති ප්‍රදාහමය ගුණ හිමි ප්‍රකාශ් රසායනිකය වන තයිමේ ලෙයිකෝන් පවතියි. එසේම ගුද මාර්ගයේ ඇතිවෙන රෝග තත්ත්වයන් සමනයට ද සූදුරු සමත්ය.

කහ

කහ තුළ කර්මින් නම් ප්‍රකාශ් රසායනිකය අඩංගුය. එහි ප්‍රති ප්‍රදාහයට, ප්‍රති පිළිකාමය සහ ප්‍රති ඔක්සිකාරක ගුණයට හේතුවන්නේ මෙම රසායනික බවට විශ්වාස කෙරේ.

එසේම බැක්ටීරියා වෛරස හා පරපෝෂිත රෝගකාරකයන්ට එරෙහිවෙමින් ප්‍රතිශක්තිය වර්ධනයට කහ සමත්ය. කහ සතුව යම් විෂබීජ නාශක ගුණයක් ද පවතියි.

උළුහාල්

 

සෞඛ්‍යයට හිතකර කුළුබඩු අතර උළුහාල් සතුවන්නේ ඉතා ඉභළ පිළිගැනීමකි. ඒ සතු උදර සමන හා ප්‍රතිශ්ලේ්ෂ්ම මෙන්ම ප්‍රති ප්‍රදාහමය, ප්‍රති ක්ෂුද්‍රජීවී. ප්‍රති පිළිකාමය සහ ප්‍රතිඔක්සිකාරක ගුණය ද මුත්‍රකාරකයක් ලෙස ක්‍රියාකිරීමේ හැකියාවද නිසා උළුහාල් සෞඛ්‍යයමය කුළුබඩුවක් ලෙස සැලකෙයි.

විටමින් සී, පොටෑසියම්, මැන්ගනීස්, යකඩ, ෆෝලික් අම්ලය මෙන්ම තන්තු ද උළුහාල් තුළින් ලද හැකිය. වාෂ්පශීලී තෙල් මෙන්ම ප්‍රකාශ් රසායනික ද උළුහාල් තුළ බහුලය.

විශේෂයෙන්ම උදරයේ ඇතිවන වේදනා පාචනය, උත්කෝපිත මහාන්ත්‍ර සහලක්ෂණය ආහාර දිරවීමේ ගැටලු, බඩ පිපුම, බඩවේලීම ආදී උදරගත රෝග තත්ත්වයන්ට සහනය සැලසීමට උළුහාල් සමත්ය.

උළුහාල් සතුව කොලෙස්ටරෝල් අඩුකිරීමේ හැකියාව, හෘදරෝග අඩුකිරීමට ද එහි අඩංගු පොටෑසියම් අධික රුධිර පීඩනය පාලනයට ද, කාන්තාවන්ගේ ආර්තව ගැටලු ලිහිල් කිරීමට ද උදවු සලසයි.

උළුහාල් තුළ ඉහළ අගයකින් පවතින ග්ලෙවනොයිඩ ඇල්කොලොයිඩ සහ පීනෝල් ගණයේ රසායනික

පිළිකාමය අර්බුද ඇතුළු සියලු අර්බුද පාලනයට සමත්යයි පැවසෙයි. මේ අතර ප්‍රතිශක්ති පද්ධතිය වර්ධනයට සමේ පටක අලුත් වැඩියාවට මෙන්ම මුක්ත අංශුවලින් රුධිර නාළවලට ඇතිවන බලපෑම වැළැක්වීමට ද උළුහාල් සමත් ය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Mar 2018 04:56 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Mar 2018 04:57 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Mar 2018 04:57 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Mar 2018 04:58 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Mar 2018 06:28 PM
hair135අකලට හිසකෙස්‌ සුදුවන විට, හිසකෙස්‌ ගැලවී තට්‌ටය පෑදෙන විට පිරිමි පාර්ශ්වයට කොණ්‌ඩය කොටට කැපීමෙන් හෝ හිස බූ ගෑමෙන් එම ගැටලුවලට විසඳුම් ලබා ගත්තද කාන්තා පාර්ශ්වයට එසේ විසඳුම් ලබාගත නොහැකියි. එහිදී ඔවුනට සිදුවන්නේ කොණ්‌ඩය වර්ණ ගැන්වීම හෝ හවරියක්‌ භාවිතා කිරීමය.
 
 කාන්තාවන්ගේ රූපාලංකරණයේ ප්‍රධාන අංගයක්‌ බවට හිසකෙස්‌ පත්ව ඇති නිසා ඇය මුළු ජීවිත කාලයටම හිසකෙස්‌ රැකගත යුතුය.
 
 වෛද්‍යතුමනි, කාන්තාවක්‌ තම හිසකෙස්‌ රැක ගැනීම පිළිබඳව සෘෂි නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව අනුගමනය කළ යුතු පිළිවෙත් මොනවාද?
 
 මහා සෘෂි වෛද්‍යවරුන් කාන්තාවකගේ දිගු වරලස දුටුවේ ඇයගේ සිරුරේ නිරෝගී බව පෙන්වන කැඩපතක්‌ ලෙසයි.
 
 අකලට හිස කෙස්‌ ගැලවී යන විට, කොණ්‌ඩය සුදුවන විට ඇය තුළින් සිය නිරෝගී බව ඈත්ව රෝගී බවට ළංවන බව සෘෂි නාඩි වෛද්‍යවරුන් පවසා තිබෙනවා.
 
 ස්‌ත්‍රී කේෂ කලාප භාගා, රෝග පීඩා භාගා, කෘෂ භාගා තුන්කනේ හේතුං" ලෙසින් පවසා ඇත්තේ යම් ස්‌ත්‍රියකගේ කේෂ කලාපයෙන් ඇයගේ ශරීරයේ ඇති රෝග පීඩාවන් පිළිබඳව හඳුනාගත හැකි බවයි.
 
 දිගු වරලසක්‌ කාන්තාවකට හිමිව තිබීම ඇය සතු ආභරණයක්‌ බැවින් එම ආභරණය රැක ගැනීමත් ඇය සතු යුතු කමක්‌ වෙනවා.
 
 සාමාන්‍යයෙන් කාන්තාවකගේ ජීවිතයේ වර්ධන අවධි කොටස්‌ තුනකට බෙදා තිබෙනවා.
 
 වයස අවුරුදු 10 ත් 35 ත් අතර අවධිය කියන්නේ කාන්තාවකගේ ශරීර වර්ධනයේ උපරිම කාලයයි. මෙම කාලයේදී ඇය බරපතළ රෝග පීඩාවන්ගෙන් පෙළෙන්නේ නැතිනම් තම ශරීරය රැක ගැනීම සඳහා වැඩි වෙහෙසක්‌ ගත යුතු නැහැ. නමුත් ඇය තම ශරීරයේ නිරෝගී බව රැක ගැනීමට සහ එය පවත්වාගෙන යැමට පියවරගත යුතුයි.
 
 තරුණ වයසේදී කාන්තාවකගේ හිසකෙස්‌ හරිම ශක්‌තිමත්ව පවතිනවා. දීප්තිමත් කලු පැහැයකින් යුක්‌ත වෙනවා. එනිසා එම වරලස හැඩ වැඩ කරන්න පහසුයි.
 
 නමුත් කාන්තාවගේ ජීවිතයේ වර්ධන අවධියේ දෙවැනි පරිච්ඡේදය වන වයස අවුරුදු 35 ත් 45 ත් අතර කාලය සහ තෙවැනි අවධිය වන අවුරුදු 45 න් පසු කාලය තීරණය වන්නේ පළමු අවධියේ ගතකළ ජීවන රටාව අනුවයි.
 
 අකලට හිසකෙස්‌ ගැලවෙනවා. කොණ්‌ඩය සුදු වෙනවා. තට්‌ටය පෑදෙනවා කියමින් පසුතැවෙන්නේ වෛද්‍යවරුන් වෙත යන්නේ ජීවිතයේ දෙවැනි අවධියේදීය.
 
 එසේ පසුතැවෙන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන කාන්තාවන්ගෙන් ඔවුන්ගේ තරුණ අවධිය ගැන විමසන විට ඔවුන් කෙතරම් තම වරලසට වධ දුන්නා දැයි කියා හොඳින් වටහාගත හැකියි.
 
 විවිධ වර්ණ ආලේප කරලා, කෙස්‌ ගස්‌වලට දැඩි පීඩාගෙන දෙන විලාසිතාවන්හි තරුණ වියෙහි නිරතවෙලා, අවේලාවේ ස්‌නානය කරලා ආදී හේතු ඔවුන් පවසනවා.
 
 තරුණ වයසේදී විලාසිතාවන් හි යොමුවීම වරදක්‌ නැහැ. නමුත් එය අසීමිතව සිදුකිරීම තුළින් සිදුවන්නේ මැදි වියේදී හිසකෙස්‌වලට හානි සිදුවීමයි.
 
 දැන් බලන්න තරුණ වයසේ ගැහැනු කී දෙනෙක්‌ සතියකට දෙවරක්‌වත් තම හිසට ඖෂධීය ගුණ ඇති තෙල් වර්ගයක්‌ යොදා හොඳින් සම්බාහනය කර ස්‌නානය කරනවාද? එය එතරම් අපහසු දෙයක්‌ නෙවෙයිනේ. වෛද්‍ය උපදෙස්‌ මත තම හිසට ගැලපෙන ඖෂධීය තෙල් වර්ගයක්‌ ස්‌නානයට පෙර සතියට දෙවරක්‌වත් යොදාගෙන තම දැතීන් හිස සම්බාහනය කර ගැනීම පුරුද්දක්‌ කරගත යුතුයි.
 
 දහවල් 12 ට පෙර ස්‌නානයට යොමුවිය යුතුයි.
 
 හිස කෙස්‌ වර්ධනයට ඕනෑම කොළ මැල්ලුමක්‌ ගුණදායකයි. ඒවා දිනපතා ආහාරයට එක්‌කරගත හැකියි.
 
 දිනකට වතුර ලීටර් 2 ක්‌වත් පානය කිරීම වැදගත් වෙනවා. සිරුරේ අනෙකුත් ඉන්ද්‍රියයන් ලෙඩවීම හිසකෙස්‌වලට තදින්ම බලපානවා.
 
 කාන්තාවන් තම හිසකෙස්‌වලට ආදරය කරනවානම් එය මුළු ජීවිත කාලයටම රැකගන්න උත්සාහ කරනවානම් කිසි දිනෙක මාතෘ මාංශ ලෙස සලකන හරක්‌ මස්‌ හෝ සූචි චක්‍ර මාංශ ලෙස සලකන ඌරු මස්‌ ආහාරයට ගැනීම නොකළ යුතුයි.
 
 වෛද්‍යතුමනි නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව හිසකෙස්‌ රැකගන්න කාන්තාවන්ට භාවිත කළ හැකි අත් බෙහෙත් තිබෙනවාද?
 
 බොහෝ අත්බෙහෙත් ගැන නාඩි වෛද්‍යවරු පවසා තිබෙනවා. ඒවා අතරින් පහසුවෙන් සකසා ගත හැකි අත් බෙහෙතක්‌ ලෙස සඳහන්ව ඇති අත්බෙහෙත් වර්ගයක්‌ පැවැසිය හැකියි.
 
 කීකිරිඳිය සහමුලින්ම, හීන් ගොටුකොළ සහමුලින්ම, වල්කොත්තමල්ලි සහමුලින්ම කළු තැම්බේරිය සහමුලින්ම ලුණුවිල සහමුලින්ම බැබිල සහමුලින්ම, යකිනාරං කොළ සමව ගෙන තම්බා ගන්න.
 
 එසේ තම්බාගත් උණු ජලයට කොහොඹ තෙල්, තල තෙල්, මීතෙල් මේස හැන්දක්‌ බැගින් දමා මිශ්‍රකර හොඳින් නිවුණු පසු විනාඩි දහයක්‌ පමණ එම ඖෂධීය ජලයෙන් හිස පමණක්‌ ස්‌නානය කරවන්න.
 
 එසේ ස්‌නානය කරන අතර දැතේ ඇඟිලිවලින් හිස සම්බාහනය කරමින් හිස කෙස්‌ පසුපසට පිරිමදින්න.
 
 වැඩිදුර විස්‌තර සඳහා දුරකථන අංක 0776500677 ඇමැතිය හැකිය.

jinasiair
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Mar 2018 04:19 PM

මේ තෙත­ම­න­යට කදිම අලි‍ගැ­ට­පේර

ෂෙරීන් ප්‍රනාන්දු

අපගේ මුළු ශරීරය ම ආවරණය කරන සම වියළීම මඟින්, ශරීර අභ්‍යන්තරයේ පවතින විවිධ රෝගාබාධ කියාපායි. සමබර ආහාර නොගැනීම, සම තද හිරු රැස්වලට නිරාවරණය වීම, ජලය නිසි පමණට භාවිතා නොකිරීම, බෙහෙත් හා ප්‍රතිජීවක ඖෂධ වැඩිපුර භාවිතා කිරීම, වැරැදි ආහාර පුරුදු ආදිය නිසා සම වියලීම ඉක්මවන්වන අතර නිරෝගී සමක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිණී ෂෙරින් ප්‍රනාන්දු මහත්මිය රන්බිමට මෙසේ අදහස් දැක්වූවාය.

* සම වියළීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගෘහස්ථ ප්‍රතිකාර කව‍රේද?

වියළුණු සමක් සහිත මුහුණට ෂුගර් ස්ක්‍රම් එකක් භාවිතා කරන්න පුළුවන්. සීනි හා වර්ජින් කොකනට් ඔයිල් තේ හැඳි 2 ක් දමා එය මිශ්‍රකර එයට මී පැණි තේ හැඳි 1/2 ක් කලවම් කර මුහුණට ස්ක්‍රම් එකක් සේ දමා විනාඩි 10 කට පසු සෝදා ඉවත් කරන්න.

හිසේ සම වියළුණු විට ලෙමන්ජූස් සීනි තේ හැන්දක් මිශ්‍ර කර පිපිඤ්ඤා හීනි පෙත්තකින් හිස මත අතුල්ලා සෝදා හරින්න.

* ශරීරයේ සම වියළීමට ප්‍රතිකාර ලෙස කෝපි ඇට කුඩුකර ඊට බ්‍රවුන් ෂුගර් හා වර්ජින් කොකනට් ඔයිල් කුරුඳු කුඩු, වැනිලා දියර ස්වල්පයක් මිශ්‍ර කර ශරීරයේ අතුල්ලා, විනාඩි 10 ක් තබා ස්ක්‍රම් කර සෝදා හරින්න.

* මුහුණේ සම වියළීමට ප්‍රතිකාර ලෙස, පාන්කුඩු, ඩබල්ක්‍රීම් හෝ යෝගට් මේස හැඳි 2 බැගින් ගෙන එයට මීපැණි තේ හැඳි 1/2 ක් දමා මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 10 ක් තබා අතුල්ලා සෝදා හරින්න.

* අලිගැටපේර පොඩිකර බිත්තර කහ මදයක් හා මී පැණි තේ හැඳි 1/2 ක්, යෝගට් මේස හැඳි 2 ක් දමා පේස්ට් එකක් සාදාගෙන මුහුණේ ගා (ඇස්ව‍ෙට් හැර) විනාඩි 10 න් පසු සෝදා හරින්න.

* කඩල පිටි මේස හැඳි 2 ට, සුදු හඳුන් කුඩු, තේ හැන්දක් දමා මී පැණි හා මුදවාපු කිරි මේස හැන්දක් ද මිශ්‍ර කර මුහුණේ හා සිරුරේ ආලේප කර විනාඩි 10 න් සෝදා හරින්න.

* කෙසෙල් ගෙඩි 1/2 හොඳින් පොඩි කර එයට කෝන් ෆ්ලවර් මේස හැඳි 2 ක් හා යෝගට් මේස හැඳි 2 ක් මිශ්‍රකර මී කිරි මේස හැන්දක් ද දමා කලවම් කර මුහුණේ ආලේප කර විනාඩි 10 තබා සෝදා හරින්න.

* පිපිඤ්ඤා ජූස් මේස හැඳි 2 ට, කොමඩු ජූස් මේස හැඳි 2 ක් දමා යෝගට් කිරිපිටි තේ හැන්දක් මිශ්‍ර කර පේස්ට් එකක් සාදා සමේ හා මුහුණේ ආලේප කර විනාඩි 10 පමණ පසු සෝදා හරින්න.

* මී කිරි මේස හැඳි 6 ට ටර්මරික් පවුඩර් මේස හැන්දක් කලවම් කර පේස්ට් එකක් සාදා ඇ‍ඟේ ගා විනාඩි 10 ක් තබා එයින් ම අතුල්ලා සෝදා හරින්න.

* සමේ වියළි බව ඇති නොවීමට යහපත් ආහාර පුරුදු මෙන් ම, ව්‍යායාමයත් වැදගත් නේද?

ස්වභාවික එළවළු, පලතුරු, කොළ කැඳ, පලාවර්ග ආහාරයට එක්කරගත යුතුයි. නිතර ශරීරයට ව්‍යායාම ඇත්නම් සම නිරෝගීව පවත්වාගන්න පුළුවන්.

විටමින් E ප්‍රතිකාරකය රෑට මුහුණේ ආලේප කර ලාවට උඩු අතට සියුම් ලෙස, රවුම් ආකාරයට මසාජ් කරන්න.

ඇස්වටේ වියළි බව නැතිකර ගැනීමට ආමන්ඩ් අඩංගු අයික්‍රීම් ආලේපකර මුදු ඇඟිල්ලෙන් රවුම් ආකාරයට මසාජ් කරන්න.

මුහුණේ මැරුණු සම ඉවත් කිරීමට දවසක් ඇර දවසක් ස්ක්‍රබ් එකක් ආලේප කර සම නොඇදීමට මුහුණේ සම දෙපසට ඇද අනෙක් ඇඟිල්ලෙන් ස්ක්‍රබ් කරන්න.

 

නිශානී හේරත් බන්නැහැක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 103 of 137 << < 101102103104105 > >>