Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 104 of 137 << < 102103104105106 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 04:33 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 04:35 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 04:36 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 04:36 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 04:36 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 04:36 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 04:37 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 04:37 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 05:42 PM සීනි වැඩිය ගත්තොත් හැදෙන ලෙඩ අපි හැමෝම වගේ පැණිරස ආහාර වලට වැඩි කැමැත්තක් දක්වමු. නමුත් වැඩිපුර සීනි ආහාරයට ගැනීම නම් එතරම් සුබදායක වන්නේ නෑ. දිනපතා ශරීරයට අවශ්‍ය වන කැලරි ප්‍රමාණයෙන් නැතිනම් ශක්තියෙන් 25%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සීනි ආහාර මගින් ලබාගත් පුද්ගලයන්ගේ හදවත් රෝග අවදානම ඉහළ බව වසර පහළොවක සිට ලද අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා. ඔබත් සීනි වැඩිපුර ආහාරයට ගන්නවා නම් ඔබේ ශරීරය ඒ ගැන අනතුරැ අඟවන මෙවන් ලක්ෂණ දැකගන්නට ලැබේවි. සෑමවිටම මහන්සියක් දැනීම සීනි වැඩි වශයෙන් ආහාරයට ගැනීම නිසා ශරීරයේ ස්වභාවික ශක්තිය හීන වනවා. ඔබේ ශරීරයටත් නිතරම වාගේ මහන්සියක් දැනෙනවා නම් එයින් කියවෙන්නේ ඔබ සීනි වැඩි වශයෙන් ආහාරයට ගන්නා බවයි. ඔබ ආහාරයට ගනු ලබන සීනි ප්‍රමාණය අඩු කරන්න. එවිට ඔබගේ තෙහෙට්ටු ස්වභාවය දුරු වේවි. සීනි වලට දක්වන දැඩි ආශාව සීනි සහිත ආහාර වලට දැඩිව ලොල් වන්නෙ සීනි සඳහා ඇබ්බැහිවී ඇති අයයි. යමෙක් මත් ද්‍රව්‍යයන් සඳහා ඇබ්බැහි වනවාට වඩා සීනි සඳහා ඇබ්බැහි වීම ඉහළ බව නවතම අධ්‍යයනයක් මගින් තහවුරු කර තිබෙනවා. ඔබට නිතරම වාගේ සීනි සහිත ආහාර සඳහා ඇල්මක් ඇතිවනවා නම් එයින් කියවෙන්නේ ඔබ පමණට වඩා සීනි සහිත ආහාර ලබාගන්නා බවයි. ඔබටත් මෙසේ දැනෙනවා නම් ඔබ සීනි සහිත ආහාර ලබාගැනීම තරමක් අඩුකිරීම ඔබේ සෞඛ්‍යයට සුවදායක වනවා. නිතර සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීම අධික ලෙස සීනි ආහාරයට ගැනීම මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි සිදුවනවා. එම නිසා ශරීරයට ආසාදනය වන වෛරස සහ බැක්ටීරියා සමග ශරීරය සටන් වැදීම දුර්වලවීම නිසා නිතරම වාගේ කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ඇතිවන්නට පුළුවන්. විෂාදය සහ කාංසාව වැනි තත්වයන් ඇතිවීම විෂාදය සහ කාංසාව වැනි තත්වයන් ඇතිවීමට සීනි බලපාන බව විශ්වාස කිරීමට අපහසු වුවත් ඔබ සීනි සඳහා ඇබ්බැහිවී ඇති පුද්ගලයෙක් නම් ඔබ සීනි සහිත ආහාර ආහාරයට ගැනීම නැවතූ විට ඔබට විෂාදය හා සම්බන්ධ මානසික හැඟීම් වන අලස බව, දුක සහ සමාජය පිළිබඳව කලකිරීම වැනි හැගීම් ඇතිවන්නට පුළුවන්. අධ්‍යාපන කටයුතු අඩාලවීමත්, මතකය දුර්වලවීමත්, අධික සීනි නිසා ඇතිවන බාධකයන් හැටියට සොයාගෙන තියෙනවා. ඇස් යට කළු පැහැ වීම සීනි වැඩි ලෙස ආහාරයට ගැනීම නිරූපණය වන තවත් කරැණක් තමයි ඇස් යට කළු පැහැ වීම. ඔබත් ඔබේ ඇස් යට කළු වීම කෙරෙහි කනස්සල්ලෙන් සිටිනවා නම් මේ සෞඛ්‍යය ගැටලුව සුවකර ගැනීමට විවිධ නිෂ්පාදිත භාවිතා කිරීමට වඩා ඔබ ආහාරයට ගන්නා සීනි ප්‍රමාණය අඩු කර බලන්න. ඔබට දින කිහිපයක් ඇතුළත ඇස් යට කළු පැහැවීම සුවකර ගන්නට පුළුවන් වේවි. ශරීරයේ බර පිළිබඳ ගැටලු ඔබත් ශරීරයේ බර වැඩිවීම නිසා පීඩා විදිනවා නම් වහාම සීනි ආහාරයට ගැනීම පාලනය කරන්න. එය ඔබට ශරීරයේ බර පාලනය කරගන්නට විශාල උපකාරයක් වේවි. අධික ලෙස සීනි ආහාරයට ගැනීමෙන් දියවැඩියාව සහ අධික තරබාරුව ඇතිවන බව ඔබ දන්නා කරැණක්. අධික ලෙස සීනි ආහාරයට ගැනීම නතරකිරීමෙන් ශරීරයේ බර අඩුකර ගන්නවාට අමතරව ඔබේ මුළුශරීර සෞඛ්‍යයම වර්ධනය වේවි. අධි රුධිර පීඩනය වැඩි වශයෙන් සීනි සහිත ආහාර ලබාගැනීම මගින් අධි රුධිර පීඩනයත් ඇතිවනවා. 2010 වසරේදී කොලෙරාඩෝ සරසවිය විසින් වැඩිහිටි පුද්ගලයින් 4,500 පමණ එක්කර එක්තරා අධ්‍යයනයක් සිදුකර තිබෙනවා. මේ අධ්‍යයනයේ දී සොයාගෙන තිබෙන්නේ සීනි ආහාරයට ගැනීම සහ අධි රුධිර පීඩනය අතර සෘජු සම්බන්ධයක් පවතින බවයි. මේ නිසා ආහාර වේල එළවලු පළතුරු සරු එමෙන්ම ප්‍රෝටින් සහ මේද සරැ සීනි අඩු මට්ටමකින් පවත්වා ගැනීම ඉතා වැදගත්. සුගත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 05:53 PM ආදරය අහිමිව ලෙඩ වූ දරුවෝ ගැටවර විය කියන්නෙ ඉතා සංකීර්ණ සහ සංක්‍රාන්තික කාල පරිච්ඡේදයක්. බොහෝ සිතුවිලි, හැඟීම් අනාගතය පිළිබඳ සිහින මේ සියල්ල එකට කැටි වී වැඩිහිටියෙක් විදිහට සමාජයට යවන්න අවශ්‍ය පෞරුෂය නිර්මාණය වන්නේ අවු:11 ත් අවු:18 ත් අතර මේ කාලය තුළදී. මේ වයස තුළ සිටින ඔබේ දරුවා නිසි ලෙස අවබෝධ කර නොගෙන ඔහුට උපදෙස් දීම, ඔහු මෙහෙයවීමට යාම, ආදරයට වඩා ඔබේ කෑදරකම ඉස්මතු වී කටයුතු කිරීම වැනි හේතු නිසා දරුවාගේ පෞරුෂය කුඩුපට්ටම් වී විනාශ වෙන්නෙ හරියට වේගයෙන් යන දුම්රියක් ක්ෂණිකව තිරිංග තද කිරීම නිසා පෙරළී ඇතිවන හානිය හා සමානවය. මීට ප්‍රධානම හේතුව නූතන මනෝවිද්‍යාත්මක සොයාගැනීම් අනුව දරුවකුගේ පෞරැෂයට අදාළ මොළයේ පරිපථ නිර්මාණය වීමට පටන් ගන්නෙ මේ ගැටවර විය තුළදී නිසයි. හැඟීම්වලට අදාළ පරිපථ, ආදරය, තීරණ ගැනීම, ප්‍රශ්න විසඳාලීමට අවශ්‍ය පරිපථ මොළය තුළ සකස් වන්නෙ මේ කාලය තුළයි. ළමා කාලය අවසන් වෙමින් සිටි අවු:18 ක් වයසැති දුමින්ද අපට යොමුවුණේ ඔහුගේ මව සමඟයි. මව සහ දුමින්දගේ මුහුණුවල දක්නට ලැබුණේ පීඩනය සහ අසහනකාරී බවයි. දුමින්දගේ ගැටලුව ගැන මව මෙසේ පැවසුවා. මම ගුරුවරියක්. මහත්තයා පොඩි ව්‍යාපාරයක් කරනවා. මට දැන් හිතෙනවා අපි දෙන්නගෙම වරද නිසා තමයි දරුවා මෙහෙම නාස්ති වුණේ කියලා. අපි දෙන්නම ජීවිතේ ගෙනියන්න ලොකු සටනක් කරනවා. පාසල් ගිහින් ඇවිත් මම tution කළා. මගේ ස්වාමියා ගෙදර එන්නෙ රෑ 9ට විතර. අපි දෙන්නටම අපේ දරුවා අපෙන් මඟහැරුණා කියලයි හිතෙන්නෙ. ඇයි ඔබ එහෙම කියන්නෙ? මම කිසිම දවසක මගේ දරුවා අගය කළේ නෑ. ඔහුගෙ වැරදිමයි හෙව්වෙ. O/L වලට A 8 ක් ගත්තා. ඒත් මම රණ්ඩු වුණා ඇයි උඹට A 9 ක් ගන්න බැරිවුණේ කියලා. මම නිතරම අනිත් ළමයි එක්ක මගෙ දරුවා සංසන්දනය කර කර ඔහුට බැන්නා. මගෙ ස්වාමියත් නිතරම දුමින්දගෙ වැරදිමයි හෙව්වෙ. ඔහු දුමින්ද ළඟින් වාඩිවෙලා ආදරෙන් කතා කරන කිසිම දවසක් මම දැකල නෑ. උඹ කාලකණ්ණියා, බූරුවා කියන වචන තමයි නිතරම ඔහුගෙ කටින් පිටවුණේ. මගෙ ස්වාමියත් හොඳටම මහන්සිවෙලා ගෙදර එන්නෙ. වෙලාවකට මට ඔහු ගැනත් දුක හිතුණා. මේ ජීවිත සටන ඇතුළෙ අපි දෙන්නත් ඈත්වෙලා. ආදරය සහ ලිංගික ජීවිතයත් අපෙන් ඈත්වෙලා. ඔහුට හරියට තරහ යනවා. මමත් ඔහු සමඟ නිතරම රණ්ඩු වුණා. දුමින්ද පුංචි කාලෙ ඉඳලම දැක්කෙ ආදරණීය පරිසරයකට වඩා ප්රචණ්ඩ පරිසරයක්. ඉතින් දැන් ඔබේ පුතාට මොනවද වෙලා තියෙන්නෙ? O/L හොඳට පාස් වුණාට පස්සෙ දුමින්ද A/L වලට කොළඹ ප්‍රසිද්ධ පාසලකට ඇතුළු වුණා. ගෙදර පරිසරය නිසාදෝ ඔහු අපෙන් හුඟක් ඈත්වුණා. උදේ 6ට ගෙදරින් යන දරැවා හවස ගෙදර එන විට 6,7 වුණා. මෙහෙම මාස 6ක්වත් පිළිවෙළට පාසල් ගියේ නෑ. අපිත් එක්ක කතා කරන එක අඩු වුණා. ගෙදරින් සල්ලි හොරකම් කරන්නත් පටන් ගත්තා. ගෙදර ඉන්න කොට ඔහු හිටියෙ කාමරේ ඇතුළෙ. හොස්ස ළඟින් මැස්සා යන්න බෑ, පුංචි දේටත් හරියට තරහ යන්න පටන් ගත්තා. දවසක් ගෙදර එනකොට ඔහුගෙ ඇස් හොඳටම රතුවෙලා තිබුණෙ. මට හොඳටම තරහ ගියා. මම ඔහුට දෙකක් ගැහුව්වා. මොනව හරි මත්වෙන දෙයක් උඹ ගන්නව නේද?* කියලා මම ඇහුව්වා. ඔහු කීවා, ඔව් මම ගංජා බොනවා. ඉස්කෝලෙ ගංජා බොන සෙට් එකක් මට ඉන්නවා. එයාල එක්ක ඉන්න කොට මට හරිම සැහැල්ලුයි. ඔයාල මට සල්ලි වියදම් කළාට කවදාවත් මට ආදරේ කළේ නෑනෙ. ඒත් මට යාළුවෝ එක්ක ඉන්න කොට හරිම සතුටක් දැනෙනවා. කියලා. අපි දුමින්ද දෙසට හැරුණා. ඔහු මෙසේ කීවා. අපේ ගෙදර තිබුණෙ හරිම සීතල පරිසරයක්. කිසිම උණුසුමක් නෑ. මට කවුරැත් දැනෙන්න ආදරේ කළේ නෑ. අම්මයි තාත්තයි නිතරම මගේ වැරදිමයි හෙව්වෙ. එයාල මගෙ අධ්‍යාපනය ගැන හෙව්වට මාත් එක්ක ජීවිතේ ගැන කතා කළේ නෑ. මම O/L හොඳට පාස් වුණා. එතනින් පස්සෙ යන්න ඕන තැන හොයාගන්න බැරිව ලෝක දෙකක් අතර අතරමං වුණා. මගේ ලෝකෙ දැන් ඉන්නෙ මගෙ යාළුවෝ විතරයි. ගංජා බීවම හරිම සැහැල්ලුයි. මගෙ ඔළුව හැමදේකින්ම නිදහස් වෙලා පාවෙලා යනව වගේ දැනෙනවා. ඒත් මට දැන් ජීවිතේ එපාවෙලා. මට හැමදේම වැරදිලා කියලා මට දැනෙනවා. මින් එළියට එන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරැව තමයි මම ඉන්නෙ. දුමින්ද මින් එළියට ගන්නේ කෙසේද? දුමින්ද මානසික අවපීඩනයෙන් පෙළෙන අතර ගංජා නැමති මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටියේය. ඔහුට මානසික අවපීඩනය හෙවත් ජීවිතය එපාවීම සහ කලකිරීමට ඖෂධ ප්‍රතිකාර ලබාදුන් විට ඔහුගේ ජීවිතය ශක්තිමත් වී ප්‍රබෝධමත් විය. ගංජා හෙවත් කැනබීස් (Cannabies) නැමති මත්ද්‍රව්‍යයෙන් එළියට ගැනීමට විශේෂ ප්‍රතිකාරයක් වන විෂානුහරණයට (Detoxification) ඔහු ලක් කළේය. ඔහුගේ ජීවිතය ශක්තිමත් කිරීම සඳහා ඉන් පසු මනෝවිද්‍යාත්මක උපදේශනයට යොමු කළේය. කොහුවල life ආයතනයේ උපදේශිකාවක් යටතේ ඔහුට ලබාදුන් උපදේශනවල සාරාංශය මෙසේය. ජීවිතයේ අරමුණු සොයාගැනීමට උදව් වීම. මනස සහ ශරීරය සැහැල්ලු කරන ව්‍යායාමවලට යොමු කිරීම. ගංජා නැමති මත්ද්‍රව්‍යවල ඇති භයානකකම හා ඉන් මොළයට ඇතිවිය හැකි හානි පිළිබඳ සාකච්ඡා කිරීම. දුමින්දගේ දෙමාපියන් සමඟ සාකච්ඡා කර ඔහු සමඟ නිරෝගී ආදරණීය සම්බන්ධයක් පවත්වා ගැනීමට අවශ්‍ය මනෝ විද්‍යාත්මක උපදේශනය ලබා දීම. දුමින්ද විනාශකාරී ජීවන රටාවෙන් එළියට පැමිණියේය. දෙමාපියන්ද දුමින්ද සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තේය. ඔවුන් දිනකට පැයක් පමණ දුමින්ද සමඟ ආදරය සතුට බෙදාගත්තේය. මෙම දරුවා දැන් සතුටින් A/L කරයි. එය අපටද සතුටකි. මේ විෂම අධ්‍යාපන ක්‍රමය දරුවන් සහ දෙමාපියන් ඈත් කර තබා ඇත. හොඳම ගුරුවරයා කියන්නේ හොඳින් ඔළුවට විෂය ගිල්වන ගුරුවරයාය. අද ගුරුවරයාට දරුවාගේ ප්‍රශ්න හෝ හැඟීම් හඳුනා ගැනීමට දැනුමක් නැත. ඔවුන්ද මුදල් හම්බ කරන සටන තුළට ගිලී ගොස්ය. විද්‍යාත්මකව උපදේශනය පිළිබඳ දැනුමක් ලැබූ ගුරුවරු අද පාසල්වල නැත. ඔවුන් බොහෝ දෙනා අම්මණ්ඩිලාය. දරුවන්ට ළංවීමේ සරල ක්‍රමවේද ඔවුන් ළඟ නැත. මන්ද ඔවුන්ට මෙම පුහුණුව ලබා ඇත්තේ ප්‍රායෝගික දැනුමක් නැති අධ්‍යාපන අමාත්‍යාංශයේ යල්පැන ගිය ඔළුගෙඩිවලිනි. ආදරය හා හැඟීම් බෙදාගැනීමේ පරිසරයක් පන්ති කාමරය තුළ නැත. මෝඩ දේශපාලකයන්ට ජාතිවාදයට වපුරමින් මේ රට ගෙන යන්නට පුළුවන් වී ඇත්තේ කුඩා කාලයේ මනුෂ්‍යත්වය හා ආදරය පිරුණු පරිසරයක් පන්ති කාමරය තුළ නිර්මාණය කිරීමට නොහැකි වූ නිසයි. කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 09 Mar 2018 06:06 PM ජල ව්‍යායාම සිරුරට ගෙනෙන ප්රතිලාභ ඕනෑම ආකාරයක ව්‍යායාම ක්‍රමයක් සෞඛ්‍යයට හිතකරය. නමුත් ජලය තුළ සිදුකරන ව්‍යායාම සෞඛ්‍යයට වාසි රැසක්ම සපයනවා. ඔබ ගොඩබිමේ ව්‍යායාම සිදු කරනවා මෙන් ජලය තුල ව්‍යායාම සිදු කිරීමේ දී ශරීරයට එතරම් තද ඝට්ටන සිදු නොවන නිසා ශරීරය 90%ක්ම සැහැල්ලු ස්වභාවයක් ගනු ලබනවා. ඇතැම්විට ජලචර ව්‍යායාම ලෙස හඳුන්වන ජලය තුළ සිට සිදුකරනු ලබන මෙම ව්‍යායාම සිදුකිරීමේ දී වෙහෙසට පත් නොවී නැවුම් ආකාරයක අත්දැකීමක්ද සමඟ සතුටක්ද විඳින්නට පුළුවන්. ජලයේ ව්‍යායාම සිදු කිරීම මගින් කුඩා දරුවාගේ සිට වැඩිහිටි පුද්ගලයා දක්වා වයස් ඛාණ්ඩ වල ඕනෑම අයෙකුට සෞඛ්‍යය වාසි අත්විඳින්නට පුළුවන්. මාංශ පේශී ඇති පුද්ගලයින්, නහර මතුවී ඇති පුද්ගලයින්, අස්ථි වලට හානිවී ඇති පුද්ගලයින් මෙන්ම ගර්භනී කාන්තාවන් සහ අධික තරබාරු පුද්ගලයින්ට පවා මෙවන් ව්‍යායාම සිදු කරන්නට පුළුවන්. මේ ඕනෑම ව්‍යායාමයක් පිහිනුම් තටාකයක සිට පහසුවෙන්ම සිදු කරන්නට පුළුවන් ඒවාය. ජලය තුළ ව්‍යායාම සිදුකිරීම මගින් සැලසෙන සෞඛ්‍ය වාසි.... 01. ශරීරයේ බර අඩුවීම ජලය තුළ සිදුකරන ව්‍යායාම මගින් ශරීරයේ බර පහසුවෙන් අඩුකර ගන්නට පුළුවන්. ව්‍යායාම සඳහා යොදනු ලබන බලය සහ ජලය මගින් සැපයෙන ප්‍රතිරෝධය එකට එක්වීම මගින් ශරීරයට පරිපූර්ණ ව්‍යායාමයක් ලැබෙනවා. ජලජ ව්‍යායාම දිනපතා දිනකට විනාඩි 30 සිට 60 දක්වා සිදුකිරීම මගින් දිනකට කැලරි 300 සිට 500 දක්වා ප්‍රමාණයක් දහනය කර ගන්නට පුළුවන්. “Obesity” සඟරාවේ 2010 වසරේ දී පළවුණු අධ්‍යයන වාර්තාවක සඳහන් වන්නේ ජලය තුළ ව්‍යායාම සිදුකිරීම මගින් ශරීරයේ මේදය සාර්ථකව දහනය කර ඉනෙහි වට ප්‍රමාණය නිසි ලෙස අඩු කරගෙන ශරීරයේ නිසි හැඩය ලබා ශරීරයට සෞඛ්‍යය සම්පන්න භාවයක් අත් කර ගත හැකි බවයි. 02. අස්ථිවල සෞඛ්‍ය වර්ධනය කිරීම ජලය තුළ සිදු කරන ව්‍යායාම මගින් අස්ථි වල සෞඛ්‍යය වර්ධනය වීමක් සිදු වනවා. ජලය තුළ ඇති ප්‍රතිරෝධතාවය මගින් අස්ථි මතට හානිදායක පීඩනයක් එල්ල නොවන නිසා වේදනාව සහ තෙහෙට්ටුව වැනි බලපෑම් ඇතිවීම වැළකෙනවා. ආතරයිටිස් වැනි සන්ධි ආබාධ සහ වෙනත් අස්ථි ගැටලුවලින් පීඩා විඳින පුද්ගලයින් සඳහා මෙම ව්‍යායාම ක්‍රමය වඩාත් ඵලදායී වනවා. ජලය තුළ ව්‍යායාම සිදු කිරීම මගින් “hemophilia” වැනි රෝග ඇති පුද්ගලයින්ට එදිනෙදා කාර්යයන් කිරීම සඳහා අස්ථිවල ශක්තිය වර්ධනයට සහ චලනයන් වර්ධනය කර ගැනීමට උපකාර වන බවයි. පිහිනුම් ව්‍යායාම සිදුකිරීම මගින් ඔස්ටියෝ ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳින පුද්ගලයින්හට ඇති වන අස්ථි තද ස්වරෑපය දුරැ කර මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය වේගවත් කරන බව සනාත කර තිබෙනවා. 03. නම්‍යතාවය සහ සංචලතාවය වර්ධනය කිරීම සාමාන්‍ය පරිදි සිදුකරනු ලබන ව්‍යායාමවල චලනයන් ගුරුත්වාකර්ෂණ බලයට සහ බිම ඇදවැටේවි යැයි යන බිය නිසා සීමා වනවා. නමුත් ජලය තුල ව්‍යායාම සිදු කිරීමේදී විශාල පරාසයක චලනයන් සිදුකිරීමට හැකිවීම නිසා අස්ථි වඩාත් නම්‍යශීලි වනවා. ජලය තුළ සිදු කරන ව්‍යායාම පිට කොන්ද ප්‍රදේශයේ නම්‍යශීලී භාවයට වඩාත් වාසිදායක වනවා. ශරීර යෝග්‍යතාවයට නම්‍යශීලීත්වය වඩාත් වැදගත් වන නිසා ජලය තුළ ව්‍යායාම සිදුකර නම්‍යශීලීත්වය වර්ධනය කිරීමෙන් ශරීරයේ නිසි සෞඛ්‍යය සම්පන්න වර්ධනයක් ඇති කරගන්නට පුළුවන්. වැඩිහිටි පුද්ගලයින්ගේ බිම ඇදවැටීමේ අවදානම අඩු කර ගැනීම සඳහා ජලය තුළ සිදු කරන “aqua aerobic” චිකිත්සාව අතිසාර්ථක වන බව අධ්‍යයන වාර්තාවක සඳහන් වනවා. මෙම ව්‍යායාම සිදු කිරීම සඳහා උණු ජලය සහිත ජල තටාකයක් භාවිතා කරනවා නම් එය මාංශ පේශීවල නම්‍යතාවයට පහසුවන නිසා ව්‍යායාමවල ප්‍රභලත්වයද වර්ධනය වනවා. 04. රුධිර පීඩනය අඩු කර ගැනීම ජලය තුළ ව්‍යායාම සිදුකිරීම මගින් ජලයෙන් නිකුත්වන ප්‍රතිරෝධය නිසා ශරීරය පුරාවටම රැධිරය සංසරණය වීමේ වඩාත් කාර්යයක්ෂම කරනු ලබනවා. මෙමගින් රැධිර පීඩනය නියාමනය කර ගැනීම සහ අක්‍රිය හෘද ස්පන්දනය නිසි තත්වයට පත්කර ගැනීම වැනි සෞඛ්‍යය වාසි අත් කරගන්නට පුළුවන්. පුද්ගලයින් පිරිසක් සති දහයක කාලයක් ජලය තුළ ව්‍යායාම කිරීම සඳහා යොදවා සිදු කල එක්තරා අධ්‍යයන වාර්තාවක් මගින් කරුණු දක්වන ආකාරයට පැහැදිලිවන්නේ ස්ථූල පුද්ගලයින්හට, අධි රැධිර පීඩනය ඇතිපුද්ගලයින්ට, ආබාධිත අයට සහ ස්වසන ගැටලු ඇති පුද්ගලයින්ට මෙම ව්‍යායාම ක්‍රමය වඩාත් ඵලදායී වන බවයි. Medi/news ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Mar 2018 03:14 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Mar 2018 03:15 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Mar 2018 03:17 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Mar 2018 03:19 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Mar 2018 03:25 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Mar 2018 06:03 PM උකුල් ඇටය පිපිරුවාම මොකද කරන්නේ ප්රශ්නය - කොඳු ඇට පෙළ ඇදවීම, කාටිලේජ දියවීම, කොඳු ඇට පුරුක් ඈත්වීම, ඇටවල හට ගන්නා පිපිරුම් යනාදිය පිළිබඳ සිද්ධි අධ්‍යයන ගණනාවක් පසුගිය සතිවල ඔබ අපට ඉදිරිපත් කළා. අද ඔබ අපට දෙන අත්දැකීම කුමක්ද? වෛද්‍ය එම්. ඒ. මදනායක - මා ඔබට අද කියන්නෙත් අස්ථê පිපුරුමක් ගැනයි. මෙය උකුල් ඇටය පුපුරා යැම ගැන කතාවක්. සිද්ධියට මුහුණ දෙන්නේ කාන්තාවක්. ඇය දෙදරු මවක්. වයස අවුරුදු 45 යි. වෘත්තියෙන් ඇය පරිගණක ක්‍රියාකාරිනියක්. සාමාන්‍යයෙන් කාන්තාවන් දරු ප්‍රසූතියට සූදානම් වන විට ඇගේ උකුල් ඇට පුළුල් වෙනවා. ඒ තමයි දරුවා පිටතට තල්ලු කිරීම සඳහා උකුල් ඇටය ලබාදෙන පහසුකම. මේ තත්ත්වයේදී උකුල් ඇටය මෙලෙක්වන ස්වභාවයක් තිබෙනවා. ඒ අතර එනම් දරු ප්‍රසූති කාලයේදී හෝ ඊට පසු කාන්තාව ඇද වැටුනොත් උකුල් ඇටය පුපුරා යනවා. ඉහත සඳහන් කාන්තාව දෙවන දරු ප්‍රසූතියෙන් පසු දිනයේ නාන කාමරයේදී ඇද වැටී තිබෙනවා. ඉන් පසු ඇයගේ කොන්ද දිගින් දිගටම වේදනා දෙන්නට පටන් ගත්තා. පසුව වෛද්‍යවරයකු වෙත ගියාම X කිරණ පරීක්ෂණයක් කළා. එහිදී දැන ගන්නට ලැබුණා ඇගේ උකුල් ඇටය පුපුරා ඇති බව. ප්රශ්නය - සාමාන්‍යයෙන් අස්ථියක් පිපිරුවාම එය යළි ඉබේටම හා වෙනවා කියලා පිළිගැනීමක් තිබෙනවා නේද? එහෙමනම් එයට තෙල් පත්තුවක් බැඳලා සාත්තු කරන්න ඕනෑද? වෛද්‍ය එම්. ඒ. මදනායක - ඇටයක් පිපිරුවාට ඒ පිපිරුම වටේට කැල්සියම් ස්ථරයක් ඇතිවෙලා පිපිරුවාම ආවරණය වන බව ඇත්ත. එහෙම වටේට හා වුණාම මැද පිපිරුම එහෙමම තිබෙන අවස්ථා බහුලයි. එවැනි තත්ත්වයන් යටතේ ඕනෑම වෙලාවක අස්ථිය එතැනින්ම පුපුරන්නට පටන් ගන්නවා. මෙසේ නොවන්නට නම් ඇට හා කරන ඖෂධ වර්ග ශරීරගත කළ යුතුයි. ඒ එක්කම තවත් වැදගත් දෙයක් කියන්නම්. අථියක් ශක්තිමත් වන්නට නම් එහි ඝනත්වය වැඩි විය යුතුයි. අස්ථියක හරස්කඩක් ගෙන බැලුවාම පෙනෙනවා ඉතා කුඩා කුස්තුරවලින් එය පිරී තිබෙන අන්දම. මේ කුස්තුර විශාල වුණ තරමට අස්ථියේ ශක්තිය අඩු වෙනවා. මෙහෙම වෙන්නේ අස්ථියේ තිබෙන කැල්සියම් මුත්‍රා මාර්ගයෙන් බැහැර වන්නට පටන් ගත්විටයි. ඇයි මෙහෙම වෙන්නේ. අධික ලුණු පරිභෝජනය නිසයි. ශරීරයට ලුණු උරා ගන්න තරමට අස්ථිවල තිබෙන කැල්සියම් බැහැර වෙන්නට පටන් ගන්නවා. මේ එක්කම අස්ථියේ කුස්තුර විශාල වෙනවා. එතකොට අස්ථි දුර්වල වෙලා පුපුරන්න බලනවා. පෙර කී කාන්තාවගේ උකුල් ඇටය පුපුරලා තිබුණේ. ඇගේ උකුල් ඇටයේ ඝනත්වය හීන වී කුස්තුර විශාල වී දුර්වල මට්ටමකට පත්වීම නිසයි. ප්රශ්නය - උකුල් ඇටය පුපුරා ගිය විට ඇතිවන අවදානම කුමක්ද? වෛද්‍ය එම්. ඒ. මදනායක - ශරීරයෙන් පහළ කොටස අතිශය අස්ථාවර වීම තමයි පළමුවන අවදානම. දෙවැන්න අධික වේදනාව. තුන්වනුව ශරීරයේ ඉනෙන් පහළ කොටස අප්‍රාණික වීමේ අවදානම. ඊළඟට තවත් ස්වභාවික දරු ප්‍රසූතියකට කාන්තාව නුසුදුසු වීම. (මේ රෝගයට කරන ප්‍රතිකාර ලබන සතියේදී) නොමිලේ විස්තර සඳහා 0412251321/ 0710827836 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ අර්ශස් මට්ටු කරන්න ආයුර්වේදයට පුළුවන් ò අර්ශස් රෝගයේ රෝග ලක්ෂණ මොනවා ද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- මෙම රෝගයේ රෝග ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා. ඒ අතරින් ගුද මාර්ගයේ හට ගන්නා අධික දැවිල්ල, ඇවිදීමේදී ඇතිවන වේදනා තත්ත්ව, ඉඳගැනීමේ අපහසුතා, නිසි පරිදි මළපිට නොවීම සහ මළ මාර්ගයේ ගෙඩි හට ගැනීම මළ පිට කිරීමේදී ඒ සමඟම රුධිරය පිටවීම, අධික කේන්තිය ආදිය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මෙම රෝගීන්ට මුනින් අතට හැර වෙනත් ආකාරයට නිදාගැනීමේ අපහසුවක්ද තිබෙනවා. මේ අනුව මෙම රෝග ලක්ෂණ අනුව මෙම රෝගයේ ඇති බැරෑරුම්කම වටහා ගත හැකියි. ò මෙම රෝගය ඇතිවීමට බලපාන හේතු සඳහන් කළොත් ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- විශේෂයෙන්ම සඳහන් කළ හැකි හේතුව තමයි මෙම රෝගය ජානවලින් බෝවීමේ හැකියාවක් තිබෙන බව. පියාට මවට අර්ශස් රෝග තිබෙනවා නම් දරුවන්ට මෙම රෝගය වැළඳීමේ හැකියාවක් තිබෙනවා. තවද වර්තමානයේ මෙම රෝගය බහුලවීමට ජනතාවගේ කාර්යබහුලත්වය ද බලපා තිබෙනවා. විශේෂයෙන්ම මෙම තත්ත්වය කුඩා දරුවන් ගොදුරුවීම වැඩිවී තිබෙනවා. නිවසේ කාර්යබහුලතාවය මත දෙමවුපියන් දරුවන්ව විධාන ලබාදෙන අතර දරුවන්ගේ දෛනික වැඩකටයුතු එම විධානයන්ට අනුව කිරීමට සිදුවෙනවා. ඒ අනුව වැසිකිළි යැම දරුවාට අවශ්‍ය වේලාවට සිදුනොකර දෙමවුපියන්ගේ විධාන අනුව සිදුකිරීමට දරුවන්ට සිදුවෙනවා. මේ ක්‍රියාවලියේදී දරුවාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවන අතර මෙම රෝගයට අතවැනීමක් වෙනවා. තවද පාසලේදී දිවා සුරැකුම් ආයතනයේදී දරුවාට මළපහ කිරීමට අපහසු වුවහොත් එය නොකර සිටින්නැයිද උපදෙස් දෙනවා. එවිට දරුවා එය දරාගෙන සිටීමට පුරුදු වෙනවා. මෙයද අර්ශස් තත්ත්වය අතවැනීමක්. අවශ්‍ය වේලාවට මළපහ නොකිරීමද අනවශ්‍ය වෙලාවට මළපහ පිටකිරීමට තැත්කිරීමද අර්ශස් රෝගය වැළඳීමට ප්‍රධාන වෙනවා. මීට අමතරව නිසි පරිදි ජලය පානය නොකිරීම, වැරදි ආහාර, පුරුදු හා කෘතීම ආහාර වර්ග වැඩිපුර ගැනීමද හේතුවිය හැකියි. ò මෙම රෝගීන් වැළකිය යුතු ආහාර වර්ග මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- පාන් පිටි සහිත ආහාර වලින් වැළකීම ඉතා අවශ්‍යයි. අධික අම්ල සහිත ආහාර බිලිං, ගොරකා, සියඹලා, අඹරැල්ල, ඉස්සන්, දැල්ලන්, බලමාළු, ජාඩි වැනි දැ ආහාරයට වැඩිපුර නොගත යුතුයි. ò අර්ශස් රෝගය සුවකිරීමට ආයුර්වේද ප්‍රතිකාර කරන්නේ කොහොමද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- පළමුවෙන්ම නිවැරදි ලෙස මළපහ පිට කිරීම සඳහා ප්‍රතිකාර ලබා දෙනවා. ඊට පසු ආහාර ජීර්ණ පද්ධතියේ ඇති එන්සයිම සමබර කිරීම සඳහා ඖෂධ ලබා දෙනවා. ඊට අමතරව රෝගියා පරීක්ෂා කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ රෝගී තත්ත්වය අනුව තවත් විවිධ ඖෂධ ලබාදීම තුළින් සැත්කම් වලින් තොරව ඉතා පහසුවෙන් මෙම කරදරකාරී රෝගය සුවකිරීමට ආයුර්වේදය සතුව ඉතා වටිනා ඖෂධ තිබෙනවා. සුදු කබර, පොතු කබර සුව කරන ඉන්දියානු බෙහෙත් ක්‍රම මෙන්න ප්රශ්නය - සෙරෙයිසිස් (පොතුකබර) සහ ලියුකොඩර්මා (සුදු කබර) චර්ම රෝග දෙක ඉතාම පීඩාකාරී රෝග දෙකක් ලෙස සැලකෙනවා. මේ රෝග සම්බන්ධයෙන් ඔබට තිබෙන රෝග නිශ්චය සහ චිකිත්සක දැනුම කුමක්ද? වෛද්‍ය එච්. ඒ. ඒ. හපුගස්පිටිය - මගේ පියාගේ වෙද පරම්පරාව වන හපුගස්පිටිය වෙද පරම්පරාව මහනුවර යුගයේ ඉතා ඉහළ තැනකට පත් වූ වසර හාරසියකට වඩා පැරැණි පරම්පරාවක්. අපි සර්වාංග වෙද පරම්පරාවක්. මගේ පියා සහ ඔහුගේ පියා සර්වාංග වෛද්‍යවරු. කොහොම වුණත් මා දැනට කරන චර්ම රෝග වෙදකම අපේ පරම්පරාවේ එකක් නොව කල්කටාවේ ආයුර්වේද වෛද්‍යවරයකු වෙතින් මගේ පියා ලද දෙයක්. මගේ පියා ජීවතුන් අතර සිටි කාලයේදී කල්කටාවට ගිහින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හැදැරුවා. එහිදී ඔහුට හමුවුණා නිතර කැලෑගත වී සිටින යෝගාවචර ආයුර්වේද වෛද්‍යවරයෙක්. මේ වෛද්‍යවරයාගේ උදව්කරුවකු ලෙස ඔහු හා සම්බන්ධ වීමට මගේ පියාට අවකාශ ලැබුණා. සාමාන්‍යයෙන් ඉන්දියාවේ හා ලංකාවේ ශිල්ප සම්ප්රදාය තමයි ගුරුවරයා ඔහුගේ හොඳම අත්උදව්කරුවා ගෝල තනතුරේ තබාගෙන ශාස්ත්‍රය කියාදීම. ඒ අනුව පෙර කී යෝගාවචර වෛද්‍යවරයාගෙන් ආයුර්වේදය පුහුණු වෙන්නට මගේ පියාට අවකාශ ලැබුණා. හැබැයි මේ වෛද්‍යවරයා විශේෂඥයකු වෙලා හිටියේ ලෙඩ දෙකක් සම්බන්ධයෙන් විතරයි. එකක් තමයි පොතු කබර. අනෙක තමයි සුදු කබර. ප්රශ්නය - මේ වෛද්‍යවරයා තම ඖෂධ සඳහා යොදාගත් අමුද්‍රව්‍ය මොනවද? වෛද්‍ය එච්. ඒ. ඒ. හපුගස්පිටිය - සියලුම අමුද්‍රව්‍ය කියන්න බැහැ. මොකද රෝගීන් අප කියන මේ වට්ටෝරු බලාගෙන තනිවම බෙහෙත් හදාගන්න ගිsහිල්ලා අමාරුවේ වැටෙනවා. මේ වෛද්‍යවරයා ප්‍රධාන වශයෙන් ම කළේ රස බෙහෙත්. රස බෙහෙත් කියන්නේ ඉතා ප්‍රවේසමින් පරිහරණය නොකළොත් නරක ප්‍රතිඵල ඇතිවන බෙහෙත්. ප්රශ්නය - ඉන්දියානු රස බෙහෙත්වල අඩංගු ද්‍රව්‍ය සහ ඉහත සඳහන් යෝගාවචරයාගෙන් ඔබේ පරම්පරාවට ලැබුණ රස බෙහෙත්වල අන්තර්ගත ද්‍රව්‍ය මොනවද? වෛද්‍ය එම්. ඒ. ඒ. හපුගස්පිsටිය - රස ඖෂධ කියන්නේ රසායනික ඖෂධවලටයි. ආයුර්වේද රස ඖෂධවල ලෝහ වර්ග සහ ඛනිජ වර්ග තිබෙනවා. ලෝහ වර්ග කියන්නේ රන්, රිදී, තඹ, මැග්නීසියම්, යකඩ, රසදිය වැනි ලෝහ වර්ගවලටයි. ඛනිජ වර්ගවලට අයත් වනවා මහ පොළවෙන් උකහාගන්නා විවිධ රසායනික මිශ්‍රණ. සමහර විට ඒවා මැණික් වෙන්න පුළුවන්. වෙනත් ගල් වර්ග වෙන්න පුළුවන්. ලෝකයේ තිබෙනවා ඛනිජ වර්ග 5500 ක්. ලෝහ වර්ග සිය ගණනක්. මේ සියල්ලම ආයුර්වේද ඖෂධවලට යොදා ගන්නවා. හැබැයි මේ දේවල් ගන්නේ විස මරලා. උදාහරණයක් හැටියට රසදිය ඒ තිබෙන විදියටම පරිහරණය කළොත් ශරීරයට ලොකු හානියක් වෙනවා. ඒ නිසා බෙහෙත් සඳහා රසදිය ගන්න කලින් විස මැරිය යුතුයි. විස මැරීමට විවිධ සංයෝග පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් බුලත් ඉස්මවලින් පුළුවන් රසදියවල විස මරන්න. එය එක් ක්‍රමයක් විතරයි. රත්තරන්වල විස මරන්නේ පුළුස්සලා. එයට අප කියනවා ස්වර්ග භෂ්ම කියලා. මේ රස බෙහෙත් ශරීරය තුළට දෙන්නේ ශාකසාර ද්‍රව්‍ය එකතු කරගෙනයි. විශේෂයෙන් ත්‍රිපලා වැනි ඖෂධ ඒ සඳහා යොදා ගන්නවා. මොකද, අප රස ඖෂධ යොදා ගෙන ප්‍රතිකාර කරන්නේ රුධිරයට. ඒ නිසා රුධිරය මගින් අවෂෝෂණය කර ගනු ලැබිය යුතු ඖෂධ පරිහරණය කිරීමට අප නිතරම වගබලා ගන්නවා. ප්රශ්නය - ඔබේ ප්‍රතිකාර ක්‍රම මගින් සුදු කබර සහ පොතු කබර ස්ථිර වශයෙන් ම සුව කරන්න පුළුවන්ද? වෛද්‍ය එච්. ඒ. ඒ. හපුගස්පිටිය - වයස 55 නො ඉක්මවූ අයගේ ලප කැලැල් 100% ක් ම සුව කරනවා. ඊට වැඩි වයස්වල අයගේ ලප කැලැල් සුව කිරීම වයසේ ප්‍රමාණය අනුව හීන වෙනවා. නැත්නම් ප්‍රමාද වෙනවා. (සුදු කබර, පොතු කබර සුව කරන ක්‍රමවේදය ලබන සතියේ කියවමු.) ලබන සතියට ගල් තැලුම් හැදුනාම සුව කරගන්නේ මෙහෙමයි ප්රශ්නය - මෙයට වසර තිහ හතළිහකට පෙර මේ රටේ ගම්මානවල ජීවත් වූ බර වැඩ කරන ගැහැනු පිරිමි හැම දෙනකුටම පාහේ දෙපාවල ගල් තැලුම තිබුණා. අද නගරවල ජීවත්වන, කම්කරු ජනතාවගේ පාදවලත් පෙර කී ආකාරයෙන් ම ගල් තැලුම් තිබෙන බව එක්තරා සෞඛ්‍ය අධ්‍යයන පර්යේෂණායතනයක් මගින් නිකුත් කළ වාර්තාවක සඳහන් වුණා. ගල් තැලුම් කියන්නේ මොනවාද? ආචාර්ය වෛද්‍ය ඒ. ඒ. ඡේ-. පුෂ්පකුමාර - ආයුර්වේදයට අනුව ගල් තැලුම් හැඳින්වෙන්නේ කදර කියන නමින්. මෙහි ස්වභාවය ඇනයක ස්වරූපය හා සමානයි. එහි හරස්කඩක් ගත්තොත් පෙනෙනවා හිස කොටස විශාලවත්, ඇතුළත කොටස කේතුවක ආකාරයෙන් පහළට ගමන් කර ඇති බවත්. කොටින්ම කියතොත් ගල් තැලුමක හරස්කඩ කේතුවක හරස් කඩ හා සමානයි. ඉංග්‍රීසියෙන් මෙය හඳුන්වන්නේ Cone කියලයි. සමස්ත ගල් තැලුම ඉතා තදයි. කැරටින්වලින් නිර්මාණය වී ඇති මෙය ඇතැම් කෙනෙකුගේ පාදයක හත අටක් හෝ දහයක් පහළොවක් විතර තිබෙනවා. ගල් තැලුමක් තියෙන අයකුට පය බිම තබන්න බැරි තරමට වේදනායි. එහි පිටතට නෙරා ඇති පොළොව සමඟ ස්පර්ශ වන කොටසට ගැමියන් කියන්නේ කොස්ස කියලා. ආයුර්වේදය මෙය හඳුන්වන්නේ ශරීරයේ උෂ්ණාධික බව නිසා ඇතිවන රෝග තත්ත්වයක් කියලයි. මේක සරල දෙයක්. හැබැයි මෙයට අවශ්‍ය ප්‍රතිකාරය පරෙස්සමින් තෝරා ගත යුතුයි. ප්රශ්නය - ගල් තැලුමක් හටගන්නේ උෂ්ණාධික බව නිසා විතරක් ද? ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - රළු පොලොව මත ගමන් කරන විට උඩට නෙරා ගිය උල් ගලක් පතුලෙහි ගැටීම හේතුවෙනුත් මෙය හට ගන්නවා. එහෙත් එය දිගින් දිගටම පවතින්නේ ශරීරයේ උෂ්ණාධික බව නිසයි. ඔබ කලින් කී පරිදි ගල් තැලුමේ ඉදිරියට නෙරා ගිය කොටස කපා ඉවත් කළාට වැඩක් නැහැ. එය නැවත හටගන්නවා. ප්රශ්නය - ගල්තැලුම් හටගන්නේ පාදයේ විතරද? ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - බහුල වශයෙන් හටගන්නේ පාදයේ. ඒ අතරම ශරීරයේ වෙනත් තැන්වලත් හට ගන්නවා. විශේෂයෙන් ම හටගන්නේ යම්කිසි මතුපිටක් සමඟ ගැටෙන කොටසකයි. ප්රශ්නය - එමගිනුත් හානි සිදුවෙනවාද? ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - කිසියම් වේදනාවක් හට ගන්න පුළුවන්. හැබැයි ඒවා ලොකු ප්‍රශ්න නොවෙයි. ප්‍රශ්නයක් වන්නේ පාදයේ හට ගන්නා ගල් තැලුමයි. හේතුව මුළු ඇඟේම බර එන්නේ පාදයටයි. එවිට පාදය රිදුම් දෙනවා. බටහිර ප්‍රතිකාර ක්‍රමයට අනුව මෙය සැත්කමක් මගින් කපා ඉවත් කළ යුතුයි. එවිට යටිපතුලේ මසෙන් කෝනයක ආකාරයක කොටසක් ඉවත් කරනවා. හැබැයි එහෙම කරන කොට ඒ ආසන්නයේ පිහිටි ස්නායුවක් එහෙම කැපුනොත් එතැන් සිට ම පාදයේ චලනයන් කරගන්න බැරි වෙනවා. පා ඇඟිලි සොලවන්න බැරි වෙනවා. මේ නිසා මෙය බාගෙට කපා ඉවත් කිරීම සිදුවෙනවා. එවිට එය නැවත වැඩෙනවා. වන මෙවිට සැත්කමකින් ඉවත් කරන්න සිදුවෙනවා. මේක ඉතින් සංසාරය වගේ නිමක් නැති වැඩක්. යම් විදියකින් පාදයක ගල් තැලුම් දහයක් පහළොවක් තිබුණොත් මුළු පතුලම කපන්න වෙන තත්ත්වයක් තමයි හටගන්නේ. ප්රශ්නය - ආයුර්වේදය මගින් මෙය සුව කරන්නේ කොහොමද? ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - අග්නි කර්මය කියන ප්‍රතිකාරය තමයි කරන්නේ. ශලාකාව නමැති සැත් උපකරණය මගින් ගල් තැලුම පිළිස්සීම මෙහිදී සිදුවෙනවා. එය ඉතා ආරක්ෂිතයි. කිසිදු වේදනාවකුත් නැහැ. සැත් උපකරණයේ උණුසුම ගල් තැලුම දිගේ ක්‍රමානුකූලව පහතට බැස කැරටින් පදාසය පිළිස්සීම තමයි සිදු කෙරෙන්නේ. මෙය කිසිම වේදනාවක් නැති ආරක්ෂාකාරී ක්‍රමයක්. ඔපරේෂන් එකක් කළා වගේ නොව ප්‍රතිකාරය සිදු කළ මොහොතේ පටන්ම වැඩ කළ හැකියි. නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 ආත්රයිටිස් සුවයට කසායක් සහ තැවිල්ලක් ප්රශ්නය - කාලගුණික තත්ත්වයේ කිසියම් වෙනසක් වී තිබෙනවා. වියළි කාලගුණය පහ වී කිසියම් ආකාරයක සමශීතෝෂ්ණ තත්ත්වයක් හටගෙන තිබෙනවා. මේ තත්ත්වය තුළ සිට අපේ පාඨකයන්ට අද ඔබ දෙන කසාය වට්ටෝරු මොනවද? වෛද්‍ය වසන්ත උදයජීව - අද මම කසායක් සහ තැවිල්ලක් නිර්දේශ කරන්නට බලාපොරොත්තු වෙනවා. සුදු හඳුන්, කටුවැල්බටු, ඉරිවේරි. අමු ඉඟුරු, කලාඳුරු අල, දුම්මැල්ල, කොහොඹ පොතු, බිං කොහොඹ, පාවට්ට මුල්, කටුවැල්බටු, සාරණමුල්, දේවදාර, බෙහෙත් එඬරු මුල්, බෙලි මුල්, තොටිල මුල්, මංචාඩි 15 බැගින් ගෙන වතුර පත 8 1ට හිඳ සීනි/ මී පැණි අනුපාන වශයෙන් දමා උදේ සවස පත භාගය බැගින් දින 12 ක් පානය කළ යුතුයි (කසාය හැලි 12) තැවිල්ල - මුරුංගා කොල, මුරුංගා පොතු, පාවට්ටා කොල, නිකකොල, බෙහෙත් එඬරු කොල, දාස්පෙතියා කොල, මිට බැගින් ගෙන කොටා විනාකිරෙන් අනා පොට්ටනි බැඳ වණ්ඩුවේ තමබා ඉඳිමුන සන්ධි උදේ සවස තැවිය යුතුයි. දවසක් හැර දවසක් දිනකට 2 වරක් තැවීම සිදුකළ යුතුයි. ප්රශ්නය - මේ කසාය මගින් සිදුවන්නේ කුමක්ද? වෛද්‍ය වසන්ත උදයජීව - කසාය මගින්a සිදුවන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමයි. එවිට ශරීරයට පුළුවන් රෝගය සමඟ සටන් කරන්නට. තැවිල්ල මගින් සිදුÊකරන්නේ වේදනාව පාලනය කර දී සන්ධිවල ක්‍රියාත්මක භාවය පවත්වාගෙන යැමයි. එවිට රෝගියාට පුළුවන් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු සාමාන්‍ය පරිද්දෙන් පවත්වාගෙන යන්නට. හැබැයි වේදනාව නැතිවුණා කියලා රෝගියා ඕනෑවට වඩා මහන්සි විය යුතු නැහැ. එවිට ඔහුගේ සන්ධි ක්ෂය වීමට පටන් ගන්නවා. ප්රශ්නය - මේ කසායේ අන්තර්ගතය ගැන යමක් කිව හැකිද? වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදීය වශයෙන් ඉතාම ප්රශස්ත මට්ටමේ ඖෂධ තමයි මේ වට්ටෝරුවේ තිබෙන්නේ. තුන්දොස් සමනය කරන හැකියාව මේ ඖෂධවල උපරිමයෙන් තිබෙනවා. දියවැඩියාව සහ අධික රුධිර පීඩනය පාලනය කිරීමට ස්වාභාවික ප්‍රතිකාර හා උපක්‍රම දියවැඩියා රෝගය සමග අත්වැල් බැඳ ගත් තවත් රෝග තත්ත්වයක් තමයි අධික රුධිර පීඩනය. දියවැඩියා රෝගයේ දී ලොකු කුඩා රුධිර වාහිනී ඇසුරු කර ගෙන හට ගන්නා බොහෝ උපද්‍රව ඇති වීම සඳහා අධික රුධිර පීඩනය හේතු වෙනවා. රුධිර පීඩනය යනුවෙන් අදහස් කරන්නේ රුධිර වාහිනී තුළ රුධිරය ගමන් කිරීමේ දී රුධිර වාහිනී බිත්ති මත රුධිරය මගින් ඇති කරන පීඩනය හෙවත් තෙරපුමයි. මෙම රුධිර පීඩනය හෘදයේ සංකෝචක සහ ප්රසාරක ක්‍රියාකාරිත්වය අනුව වෙනස් වීමක් සිදුවෙනවා. එනම් හෘදය සංකෝචනය වීමේදී එක් පීඩනයකුත් හෘදය ප්‍රසාරණය වීමේ දී තවත් පීඩනයකුත් වශයෙන් රුධිර පීඩනයේ මට්ටම් දෙකක් පිළිබඳව වෛද්‍ය විද්‍යාවේ දී විශේෂ අවධානය යොමු කරනවා. රුධිර වාහිනී බිත්ති මත රුධිරය මගින් උපරිම තෙරපුමක් පීඩනයක් ඇති කරන්නේ හෘදය සංකෝචනය වන විටයි. එය සාමාන්‍යයෙන් රසදිය මිලි මීටර 120 (120 mmHg) ක් පමණ වෙනවා. හෘදය ප්‍රසාරණය වීමේ දී ඇති තෙරපුම ඊට වඩා අඩුයි. එය සාමාන්‍යයෙන් රසදිය මිලි මීටර 80 (120 mmHg) ක් පමණ වෙනවා. හෘදයෙන් රුධිර වාහිනී වෙත යොමු කරන රුධිර ප්‍රමාණය, රුධිර වාහීනී මගින් ඇති කරන ප්‍රතිරෝධීතාව සහ රුධිර වාහිනී බිත්තිවල දෘඪභාවය රුධිර පීඩනය අඩු වැඩි වීම කෙරෙහි බලපාන ප්‍රධාන ශාරීරික සාධක ලෙස හඳුනා ගෙන තිබෙනවා. ඊට අමතර ව ශාරීරික ක්‍රියාකාරකම් මානසික තත්ත්ව ජෛව රිද්මීය වෙනස්කම් සහ විවිධ රෝග පීඩා නිසා වරින් වර හෝ කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව රුධිර පීඩනයේ අඩු වැඩි වීම සිදු විය හැකි යි. රුධිර පීඩනය පාලනය කිරීම ස්නායු පද්ධතියේ සහ අන්තරාසර්ග පද්ධතියේ ක්‍රියා කාරිත්වය මගින් සිදු කරනු ලබනවා. වැඩිහිටි පුද්ගලයෙකුගේ ප්රශස්ත නිරෝගී සාමාන්‍ය සංකුචිත හා ප්‍රසාරිත රුධිර පීඩන මට්ටම් පිළිවෙලින් රසදිය මිලිමීටර් 120 සහ 80 (120/80 mmHg) ක් ලෙස පිළිගැනෙනවා. මෙම රුධිර පීඩන මට්ටම් සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු වීම ද වැඩි වීම ද බොහෝ රෝග තත්ත්ව ඇති වීම කෙරෙහි හේතු වෙනවා. දීර්ඝ කාලීනව රුධිර පීඩනය අඩු මට්ටමක පැවතීමට වඩා රුධිර පීඩනය වැඩි මට්ටමක පැවතීම වඩාත් අනතුරු දායකයි. එනිසා රුධිර පීඩනය වැඩිවීම පාලනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. සංකුචිත සහ ප්‍රසාරිත රුධිර පීඩන මට්ටම් පිළිවෙලින් රසදිය මිලි මීටර 140 සහ 90 (120/80 mmHg) කට වඩා වැඩි නම් වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතු වෙනවා. රුධිර පීඩනය වැඩි වීම නිසා විවිධ සංකූලතා ඇති වෙනවා. ඇසෙහි දෘෂ්ටිවිතානය ආශ්‍රිතව රුධිර ගැලීම් නිසා දෘශ්‍යාබාධ ද, මොලය ආශ්රිත ව රුධිර ගැලීම නිසා අංශභාගය ඇතුළු තවත් බොහො දරුණු ස්නායු රෝගද, ඊට අමතර ව තවත් හෘදයාබාධ සහ වකුගඩු රෝගද ඇති වී ජීවිතය බොහෝ දුකට පත් කරනවා. ලබන සතියට මොකද්ද මේ මයෝපති රෝගය සනීප කරන්න පුළුවන්ද? ප්රශ්නය - පසුගිය සති ගණනාවක්ම අප ඔබ සමඟ සාකච්ඡා කළේ පාකින්සන් රෝගය ගැනයි. ඒ ගැන සම්පූර්ණ අවබෝධයක් සහ එයට කරන ප්‍රතිකාර ගැන සුවිශේෂ අදහසක් ලබාගැනීමට එම ලිsපි මගින් 'දිවයින' පාඨකයන්ට හැකි වුනා. අද සිට අප ඔබ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ මයෝපති රෝගය ගැනයි මොකද්ද මේ මයෝපති කියන්නේ. වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - අප සාමාන්‍යයෙන් මේ වාගේ ලිපි පෙළක් අරඹන විට අප විෂය කර ගන්නා රෝගයේ නවීන විද්‍යාත්මක අර්ථකථනයට යනවා. ඒ අනුව මයෝපති කියන්නේ ශරීරයේ මාංශ පේෂි ආශ්රිත රෝගයක්. මේ රෝගය හැදුනාම මාංශ පේෂියේ තන්තු හෙවත් fiber කොටස් වැඩ කරන්නෙ නැහැ. එවිට මාංශපේෂීය දුර්වල වෙනවා. ප්රශ්නය - මාංශ පේෂිවල fiber කොටස ලෙස හඳුන්වන්නේ කුමක්ද? වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - මාංශ පේෂිවල තිබෙනවා myocyte හෙවත් muscle cell කියලා කොටසක්. මෙය තමයි මාංශ පේෂීයේ පටකවල නිර්මිතය. මේවා තන්තුවගේ දිග සෛල වර්ගයක්. මාංශ පේෂිවල හටගන්නා myogenesis නියත ක්රියාත්මිකය සිදු වෙන්නේ ඒ තන්තු මගින්. මයෝපති හැදුනාම මේ ක්‍රියාකාරීත්වය කඩාකප්පල් වෙනවා. මෙය හැදුනාම මස් පෙරැළෙනවා. ඇඟේ තදගතියක් හට ගන්නවා. මසපිඬු ගැහෙනවා. මයෝපතිවලට අමතරව නියුරොමස්කියුලර් සහ මස්කියුලොස්කොලටල් කියලත් රෝග තත්ත්වයන් දෙකක් හට ගන්නවා. මේ සියලු දේ පිළිබඳ ආයුර්වේද විග්‍රහය ඉදිරියේදී ඔබට ගෙන එන්නම්. ප්රශ්නය - මේ රෝගයේ ලක්ෂණ ඔබ යම් ප්‍රමාණයකට විස්තර කළා. මේ ගැන තවදුරටත් විස්තර බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - මයෝපති කියන්නේ systamic රෝගයක්. ඒ කියන්නේ ශරීර පද්ධතියට හෝ අවයව පද්ධතියට සම්බන්ධ රෝගයක්. මෙය හටගන්නේ වෙනත් රෝග එකක් හෝ කිහිපයක අතුරු ආබාධයක් වශයෙන්. මේ රෝගය එක්කෝ උරුමයෙන් එනවා. නැත්නම් අලුතින් හැදෙනවා. උරුමයෙන් එන මයෝපති වර්ග 13 ක් විතර තිබෙනවා. අලුතින් හැදෙන වර්ග 11 ක් විතර තිබෙනවා. මේ රෝගය ජීවිතයේ විවිධ අවස්ථාවලදී නිශ්චය කරගන්න පුළුවන්. ප්රශ්නය - ආයුර්වේදයට පුළුවන්ද මේ රෝගය සුව කරන්න. වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - සුව කරන්න වගේම පාලනය කරන්නත් පුළුවන්. ඉදිරි ලිපිවල අප ඒ සියල්ල හෙළි කරනවා. සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 10 Mar 2018 06:21 PM මුත්‍රා රෝග හැදෙන්නේ මේ හේතු නිසයි ප්රශ්නය - මුත්‍රා ආසාදනවල මූලික තත්ත්වය ගැන පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළා. එහිදී අප සාකච්ඡා කළේ මේ ප්රශ්නයේ බටහිර විද්‍යාත්මක නිර්වචනයයි. අද අප මේ කාරණය සම්බන්ධයෙන් ආයුර්වේදීය නිර්වචනයක් බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය කේ. ආර්. වීරසේකර - මුත්‍රා රෝග යන කාරණය විග්රහ කරන විට පෙනී යන කාරණයක් තමයි මුත්‍රා රෝග වැඩි හරියක රෝග ලක්ෂණවල තිබෙන පොදු බව. උදාහරණයක් වශයෙන් මුත්‍ර ක්රිච්චර හෙවත් Dysuria සහ Urinary obstraction හෙවත් මුත්‍රඝාත යන රෝග ගැන දැන ගත්තාම මේ දෙකේම තිබෙන පොදු ලක්ෂණය තමයි මුත්‍රා පහ කිරීමේදී හටගන්නා දුෂ්කරතාව. ප්රශ්නය - මුත්‍රා පහ කිරීම දුෂ්කර වීමේ රෝගය හට ගන්නේ කොහොමද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. පළමුවන හේතුව වේග ධාරනය. එනම් ස්වාභාවික අවශ්‍යතා යටපත් කරගැනීම. සමහරු මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාව හට ගත්තාම එය යටපත් කරගෙන ඉන්නවා. එය ඉතාම නරක තත්ත්වයක්. දෙවැනි කාරණය තමයි රුක්ෂ ආහාර ගැනීම. එනම් වියළි ආහාර වැඩිපුරත්, ජලය අඩුවෙනුත් ගැනීම. තුන්වැනුව ගල්,කුඩා කැටකැබලි, ආගන්තුක ද්‍රව්‍ය නිසා මුත්‍රා වාහිනිය බාධා වීම. ප්රශ්නය - මුත්‍ර වාහිනි ආසාධනය කියලා තත්ත්වයකුත් තිබෙනවා නේද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - UTI හෙවත් Urinary Tract Infection ලෙස හැඳින්වෙන මෙය මුත්‍රා මාර්ගයේ ඇතිවන බැක්ටීරියා ආසාදන නිසා හටගන්නා තත්ත්වයක්. මුත්‍ර මාර්ගයේ හටගන්නා මේ ආසාදන තත්ත්වය ඉහළට ගමන් කර මුත්‍ර බොක්ක සහ මුත්‍ර මාර්ගයේ සෙසු පෙදෙස්වලට ව්‍යාප්ත වෙනවා. මෙය කාන්තාවන් අතර බහුල තත්ත්වයක්. (මේ රෝගය හටගන්නා හැටි ලබන සතියේ කියවමු) සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 11 Mar 2018 01:27 AM සමහරු මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාව හට ගත්තාම එය යටපත් කරගෙන ඉන්නවා. මේක නම් අපිත් කරනවා.. 0 chamaramindMost Senior MemberPosts:13471 11 Mar 2018 04:14 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 104 of 137 << < 102103104105106 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner