Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 106 of 137 << < 104105106107108 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 13 Mar 2018 06:33 AM සමහර ලෙඩ අහලවත් නෑනේ... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Mar 2018 06:00 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Mar 2018 06:00 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Mar 2018 06:01 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Mar 2018 06:01 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Mar 2018 06:01 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Mar 2018 06:01 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Mar 2018 06:02 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Mar 2018 06:23 PM ජීවිතය කොටුකරන අසාමාන්‍ය ලජ්ජාව ලජ්ජාව අපි කාටත් දැනෙන මානසික තත්ත්වයක්. අලුතෙන් සම්මුඛ පරීක්ෂණයකට යනවිට, නාඳුනන පිරිසක් හමුවනවිට, නැත්නම් විශ්වවිද්‍යාලයකදී යම් ඉදිරිපත් කිරීමක් කරනවිට, ඕනෑම කෙනෙකුට යම් ආකාරයක තැතිගැන්මක් හෝ ලජ්ජාවක් ඇති විය හැකියි. නමුත් “සමාජ භීතිකාව” කියන්නේ සාමාන්‍ය ලජ්ජාවක් නොවෙයි. එය මනෝ වෛද්‍ය විද්‍යාව තුළ සොයා ගෙන ඇති තවත් අසනීපයකි. මෙය භීතිය හෝ ලජ්ජාව නිසා ජීවිතය අවුල් වීම, රැකියාව කර ගෙන යාම අපහසු වීම, සමාජයෙන් ඈත් වීම වැනි නොයෙකුත් ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකිය. සමාජ භීතිකාව යනු කුමක්ද? මෙය අපට දැනෙන සාමාන්‍ය ආතතියක් නොවේ. තමාට දැනෙන දැඩි ආතතිය නිසා එදිනෙදා ජීවිතය ක්‍රමයෙන් පිරිහීමට හෝ බිඳ වැටීමට ලක්වේ. සමාජයෙන් කොන් වෙයි. රැකියාව සහ පවුල ආශ්රිත ගැටලු බවට පත්වෙයි. මෙය ඔබගේ හැඟීම් සහ හැසිරීම යන දෙකටම දැඩි ලෙස බලපෑම් ඇති කරයි. හැඟීම් සිතුවිලි සහ හැසිරීම් රටාවල දක්නට ලැබෙන ලක්ෂණ අමුත්තන් අතරට හෝ ස්ථානවලට යෑමට ඇති බිය. තමා අවමානයට ලක් වේ යැයි ඇති වන බිය. තමා අනවශ්‍ය විනිශ්චයකට ලක් වේ යැයි ඇති වන බිය. ඇස්වලින් සම්බන්ධවීමට ඇති බිය. කතාව පැටලීම හෝ කතා කිරිමට නොහැකි වීම. අනිත් අයගේ දැඩි අවධානයට තමා ලක් වේයැයි ඇති වන බිය. ශාරීරිකව දක්නට ලැබෙන ලක්ෂණ මුහුණ රතු වීම. අධික ලෙස දහඩිය දැමීම. හදවතේ ගැස්ම වැඩි වීම. ඔක්කාරය වැනි ගතියක් දැනීම. මංශ පේශීන්ගේ තද වීම. අත් සීතල වීම හෝ යම් ආකාරයක වෙව්ලීමක් ඇති වීම. මෙවැනි රෝගයකින් පෙළෙන ඔබට නිතරම සිතෙනුයේ තමාට මේ ඇති වී තිබෙන බිය සහ ලජ්ජාව මුහුණ දීමට ඇති අවස්ථාව අනුව අසාමාන්‍ය තත්ත්වයක් බවයි. නමුත් බොහෝ දෙනා මෙය ඉතා හොඳින් දැනගෙනත් ප්‍රතිකාරවලට යොමු නොවී සමාජයෙන් පලා යාමට හෝ හුදකලා වීමට ගොදුරු වෙයි. සමාජ භීතිකාව ඇති වන්නේ ඇයි? මෙයට ජානමය සහ පාරිසරික හේතු යන දෙකම බලපායි. ජානවලින් සම්ප්‍රේෂණය විය හැකියි. ඔබගේ පවුලේ ළඟ ඥාතීන්ටත් මෙවැනි තත්ත්වයක් තිබේදැයි සොයා බලන්න. මොළයේ රසායනික ද්‍රව්‍ය - මොළය තුළ ඇති රසායනික ද්‍රව්‍යයන් වන Serotonin (සෙරොටොනින්) වල ඇති වන අසංතුලිතතාවය. මොළයේ ව්‍යූහාත්මක වෙනස්කම්. ඇමෙග්ඩෙලා මොළයේ ගැඹුරින් පිහිටා ඇති ඉන්ද්‍රියකි. මෙමගින් අපගේ හැඟීම් සහ බිය යන දෙකම පාලනය කරයි. ඇමෙග්ඩෙලාහි ඇති වන අසාමාන්‍ය ප්‍රතික්‍රියා නිසා ද මෙය ඇති වන බව විශේෂඥයන් පවසති. පාරිසරික හේතු කුඩා කාලයේ දරුවෙක් අවමානයට ලක් වීම, අත්හැර දැමීම, ලිංගික අපයෝජනය, දෙමව්පියන්ගේ ගැටළුවලට ගොදුරු වීම යනාදීයද මේ තත්ත්වයට හේතු වන බව විශේෂඥයන් සොයාගෙන ඇත. මොන වගේ අය මීට ගොදුරු වෙයිද? මෙම ආතතිය බොහෝවිට පටන් ගන්නේ ගැටවර වියේදීය. කාන්තාවන් වැඩියෙන් ගොදුරු වෙයි. දෙමාපියන්ට මෙම රෝගය ඇතිනම් ඔබට හැදෙන සම්භාවිතාව ද වැඩිය. ආධිපත්‍ය පතුරුවාගෙන සිටින දෙමාපියන් නිසා දරුවන් වැඩි බියකට සහ පීඩනයකට ලක් වෙයි. මෙවැනි දරුවන්ට ද මෙම අසනීපයට පහසුවෙන්ම ගොදුරැ වෙයි. කුඩා කාලයේදී ලජ්ජාව බය වැඩියෙන් දක්නට ලැබෙන දරුවන් මෙයට ගොදුරු වීමට ඇති සම්භාවිතාවය ද වැඩිය. මෙවැනි රෝගීන්ගේ දක්නට ලැබෙන වෙනත් ලක්ෂණ මෙවැනි රෝගීන් නිසි ප්‍රතිකාර සහ මනෝ චිකිත්සක ප්‍රතිකාරවලට යොමු නොවුවහොත් නොයෙකුත් සංකූලතාවලට ගොදුරු විය හැකිය. ඒවා නම්, • ආත්ම අභිමානය අඩු වීම • තම රැකියාව තුළ ඇති අසාර්ථකභාවය • විවේචනයට බිය විම • සමාජ කුසලතා නැති වීම • අධ්‍යාපනය බිඳ වැටීම • වැඩ කරන ස්ථානයේ උසස්වීම නොලැබීම • මිතුරන් අඩුවීම • මත්පැනට පහසුවෙන් ගොදුරු වීම • සමහරවිට සිය දිවි නසා ගැනීම දක්වා යොමු වීම සමාජ භීතිකාවට ප්‍රතිකාර තිබේද? නිසැකවම තිබේ. ඒවා දෙවර්ගයකි. • ඖෂධ ප්‍රතිකාර • මනෝචිකිත්සක උපදේශන ක්‍රමය. ඖෂධ ප්‍රතිකාර සෙරොටොනින් (Serotonin) වලට බලපාන ඖෂධ මෙහිදී භාවිතා කරනු ලැබේ. මෙම ඖෂධ ශරීරය තුළ ක්‍රියාත්මක වී වෙනසක් ඇති වීමට යම් කාලයක් ගත වෙයි. මෙම ඖෂධවලින් දරුණු අතුරු ආබාධ ඇති නොවන හෙයින් ඒවා ගැනීමට කිසිම බියක් ඇති කර නොගත යුතුයි. ඔබ ඖෂධ ගන්නේ නම් එය වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ඉන්පසු තීරණ කර ගත හැකිය. මනෝ චිකිත්සක ප්‍රතිකාර පුහුණුව ලත් මනෝ චිකිත්සකවරයකු යටතේ ඔබගේ බිය සහ ලජ්ජාව ක්‍රමයෙන් අවම කරගත හැකිය. මෙහිදී ඉදිරිපත් වීමේ කුසලතා යනාදිය තුළින් ඔබ තුළ ඇති භීතිය හා ලජ්ජාව අවම කර ගත හැකිය. ඔබට නිවසේදී කළ හැකි ක්‍රියාකාරකම් ළඟම යහළුවකු සමග ප්‍රසිද්ධ ස්ථානයකට කෑම ගැනීමට යාම. අමුත්තකු හෝ යහළුවකු හමු වූවිට “ඉතින් කොහොමද” (Hello) අසා ඇස්වලින් සම්බන්ධ වීම. ඔබ කැමති කෙනෙකුට පුංචි තෑග්ගක් දීම. අමුත්තකුගෙන් ලිපිනයක් හෝ පාර ඇසීම. අපි හිතමු ඔබ මගුල් ගෙදරක සිටිනවා කියා. ඔබ හඳුනන සහ නොහඳුනන දෙපිරිසම සිටී. ඔබ එම මගුල් ගෙදර හැම මේසයකටම ගොස් ඔවුන් සමග කතා කිරීම. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Mar 2018 06:33 PM අස්ථි සහ දත් සවිමත් කරන ආහාර ශරීරයේ අනෙකුත් පද්ධති වගේම අස්ථි පද්ධතියත් ඉතා වැදගත්. යමකුගේ අස්ථි පද්ධතිය සෞඛ්‍ය සම්පන්න නම් එම පුද්ගලයාගේ කායික ශක්තිය නිසි ලෙස වර්ධනය වී මානසිකවත් නැවුම් ජවයක් ඇති වනවා. ශරීරයේ නිසි සමබරතාවය රැක ගැනීමටත් සෞඛ්‍ය සම්පන්න අස්ථි වැදගත්. දත් සහ අස්ථි සවිමත් කරන දෙන පෝෂණය සපිරි ආහාර වර්ග කිහිපයක් ගැනයි මේ. ඔබත් මෙම ආහාර නිසි ලෙස භාවිත කළොත්, එවිට ඔබේ අස්ථි වලට ඇතිවන රෝග වලින් ආරක්ෂාවී සුවෙන් සිටීමට හැකියාව ලැබේවි. කිරි අස්ථිවල වර්ධනයට දිනපතතා අවශ්‍ය වන කැල්සියම් ප්‍රධාන වශයෙන් කිරි පානය කිරීම මගින් ශරීරයට සපයා ගන්නට හැකියි. කිරි මගින් ලැබෙන ගුණ කිරි තුළ පොටෑසියම්, රයිබෆලෝවින්, මැග්නීසියම්, පොස්පරස් සහ විටමින් A, D සහ B12 අන්තර්ගත වනවා. දත්වල සහ අස්ථි වල නිසි වර්ධනයට කිරි වීදුරුවක් දිනපතා පානය කළත් ඇති. කුඩා දරුවෙකුට නම් වර්ධනය වන වයසේ දී කිරි වැඩි වශයෙන් පානය කිරීමට අවශ්‍ය වන අතර තම ශරීර බර පිළිබඳ සැලකිලිමත් වන වැඩිහිටි අයෙකුට තම අභිමතය පරිදි යොදය සහිත හෝ යොදය රහිත කිරි පානය කරන්නට පුළුවන්. සැමන් අස්ථි සවිමත් කරන හොඳම ආහාරය සැමන්ය. සැමන් සතු ගුණ අස්ථිවල වර්ධනයට අවශ්‍ය වන විටමින් D, ප්‍රෝටීන්, කැල්සියම් වගේම ඔමේගා 3 මේද අම්ලයත් සැමන් ආහාරයට ගැනීම මගින් නිසි පමණට ශරීරයට ලබා ගන්නට පුළුවන්. (විටමින් D මගින් ශරීරයට කැල්සියම් අවශෝෂණය වීම වේගවත් කරයි.) දිනපතා සැමන් ආහාරයට ගන්නවා නම් අස්ථිවල ඇතිවන සුළු බිඳුම් නැවත සකස් කර ගෙන හදවත් රෝග වලින් වැළකෙන්නටත් පුළුවන්. චීස් කැල්සියම් සහ අනෙත් විශේෂිත පෝෂණ ගුණයන් සපයාගෙන අස්ථි සවිමත් කරන තවත් සාර්ථකම ආහාරයක් තමයි චීස්. චීස් මගින් ලැබෙන ගුණ චීස් තුළ විටමින් A, D, පොටෑසියම්, රයිබෆ්ලෝවින්, ප්‍රෝටීන්, මැග්නීසියම්, විටමින් B12 සහ පොස්පරස් අන්තර්ගත වනවා. චීස් තුළ අඩු “lactose” අගයක් අන්තර්ගත වන නිසා “lactose” අසමතුලිත තාවයක් දක්වන නිතර කිරි පානය කිරීමට අකමැත්ත දක්වන අය සඳහා චීස් වඩාත් ගුණදායක වනවා. හොඳ චීස් වර්ගයකින් සුළු ප්‍රමාණයක් දිනපතා ආහාරයට ගන්න. යෝගට් ඔබ සෞඛ්‍යය සම්පන්න අස්ථි පද්ධතියක් බලාපොරොත්තු වනවා නම් ආහාර වේල් අතරට යෝගට් එක්කර ගැනීමත් අනිවාර්යය කරුණක්. යෝගට් මගින් ලැබෙන වාසි කැල්සියම් ලබා ගැනීමට ඉතා හොඳ මූලාශ්‍රයක්. යෝගට් කෝපයක් මගින් දිනකට ශරීරයට අවශ්‍ය වන කැල්සියම් අවශ්‍යතාවය සපුරා ගන්නට පුළුවන්. යෝගට් තුළ ඛනිජ සහ විටමින් විශාල ප්‍රමාණයක් අන්තර්ගතයි. තල ඇට සවිමත් අස්ථි පද්ධතියකට තල ඇටත් ආධාර වනවා. තල ඇට සතු සෞඛ්‍යය වාසි තල ඇට තුළ මැග්නීසියම්, පොස්පරස්, කැල්සියම් සහ විටමින් D, K වැනි විටමින් වර්ගත් අන්තර්ගතයි. කොළ පැහැති එළවළු සවිමත් අස්ථි පද්ධතියකට කොළ පැහැති එළවළුත් යස ආධාරයක්. සෞඛ්‍යමය වාසි කැල්සියම් සහ ඔමේගා 3 මේද අම්ල මෙන්ම විටමින් K සහ මැග්නීසියම් අන්තර්ගතයි. බැක්ටීරියා නාශක බලය, දියවැඩියාව පාලන බලය සහ පිළිකා නාශක හැකියාව අන්තර්ගත වීම. නිවිති එළවළු පලා අතරින් නිවිති විස්මිත ආහාරයක්, අස්ථිවල සෞඛ්‍ය සඳහා එය ඉතා වැදගත් එළවළු වර්ගයක්. සෞඛ්‍යමය ගුණ නිවිති තුළ තන්තු, මැග්නීසියම්, පොටෑසියම්, යකඩ සහ විටමින් A සහ C වැනි විටමින් වර්ග අන්තර්ගත වනවා. නිවිති කෝප්පයක ප්‍රමාණයකින් දිනකට අවශ්‍ය වන කැල්සියම් ප්‍රමාණය නිසි ලෙස ශරීරයට සලසා ගන්නට පුළුවන්. ඔබේ සිත්ගත් ආකාරයකට නිවිති පිසගෙන අනෙත් එළවළු වර්ග සමග ආහාරයට ගන්න. මස් කටු සුප් පානය මස් කටු සමග කුළු බඩු එක්කර හදාගන්නා සුප්, අස්ථිවල සහ දත්වල සෞඛ්‍යයට වඩාත් හිතකර වනවා. පිටත කට්ට සහිත මුහුදු ආහාර මුහුදු බෙල්ලන්, ඉස්සන්, පොකිරිස්සන් වැනි ආහාර මගින් අස්ථිවලට විශාල පෝෂණයක් සැපයෙනවා. මෙමගින් කැල්සියම් සහ සෞඛ්‍යයට හිතකර වන කොලෙස්ටරෝල් සමඟ අතිමහත් පෝෂණ ගුණයක් ලබා ගන්නට පුළුවන්. ඇට මිදුලු වර්ධනයට උදව් වන ආහාර ඇටමිදුලු (Bone marrow) යනු අස්ථි තුළ ඇති නම්‍යශීලි පටකයකි. මෙම පටකය වර්ධනය කර ගැනීම, අස්ථිවල සෞඛ්‍යය සහ ශක්තිමත් භාවය වර්ධනය කර ගන්නට ඉතාමත් වැදගත්. මෙම පටකය වර්ධනය වන ආහාර කැල්සියම් වලින් පොහොසත් පළතුරු යුෂ, කොට්ටම්බා, මෙලෙක් අස්ථි සහිත කෑන් වල අසුරන ලද සැමන්, කොළ පැහැ එළවළු. ► සුගත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Mar 2018 06:49 PM ලෙඩ ගැන කියන අමුතු ලකුණු අපේ ශරීරයට පුළුවන්කම තිබෙනවා යම්කිසි ලෙඩක් ඇතිවෙලා ශරීරය අඩපණ වූ විට ස්වයංව නැවත සකස් වන්නට..... මේ නිසාම, ශරීරයට විවිධ ලෙඩ රෝග වැළඳෙන්නට පෙර අවස්ථාවල ඒ බව අප දැනුවත් කරන්න ශරීරය විසින්ම නොයෙකුත් සංඥා නිකුත් කරනවා. ශරීරය විසින් නිකුත්කරන මේ ඉඟි කිසිවිටකත් නොසලකා හරින්න එපා. ඒවා දරුණු රෝගවල මුල් සලකුණු විය හැකි නිසයි. මොනවද මේ, අමුතු ලකුණු. ඇස් විවිධ පැහැයන් ගැනීම ඔබේ ඇසේ සුදු ඉංඟිරියාව මලානික සුදු පැහැ වී ඇත්නම් මෙයින් කියවෙන්නේ ඔබ ලබාගන්න නින්ද ප්‍රමාණවත් නොවීම සහ සෙම්ප්‍රතිශ්‍යාවේ ලක්ෂණයි. සුදු ඉංඟිරියාව කහ පැහැවී ඇත්නම් සෙංගමාලය, අක්මාවේ සහ පිත්තාශයේ ගැටලු නිරූපණය වනවා. ඒ වගේම, සුදු ඉංඟිරියාව රතු පැහැවී ඇත්නම් එමගින් කියවෙන්නේ හිස ඇසුරුකොට සිදුවන රුධිර පීඩනයේ වෙනස් වීමය. තොල් ඉරිතැලීම පරිසරයේ සුළඟ නිසා සහ උෂ්ණත්වයේ සිදුවන විවිධ වෙනස්කම් නිසා දෙතොල් ඉරිතැලීම ඇති විය හැකිය. නමුත්, දෙතොල් නිතරම වාගේ ඉරිතැලී වන වුණු ස්වරූපයක් ගෙන ඇත්නම් එයින් කියවෙන්නේ විටමින් B සහ සින්ක් ඌනතාවයයි. මෙය දිලීර ආසාදනය වීමේ දී ඇතිවන රෝග ලක්ෂණයක් නිසා වෙන්නටත් පුළුවන්. අවුරුදු 40 ට පෙර හිසකෙස් පැහීම වයස්ගත වීමත් සමඟ හිසකෙස් සුදු පැහැවීම ස්වභාවික ක්‍රියාවලියක්. ඒ වගේම, ජානමය හේතු නිසාත් හිසකෙස් අකලට පැහෙන්න පුළුවන්. නමුත්, ඔබ වයස අවුරුදු තිහේ පමණ පසුවන පුද්ගලයෙක් නම්, ඔබේ හිසකෙස් දැනටමත් 50% ක් පමණ පැසී අවසන් නම් ඔබ දියවැඩියා රෝගයට ගොදුරු වී තිබෙන්නට පුළුවන්. ඔබේ පවුලේ සාමාජිකයන්ටත් මින් පෙර මෙවන් දෑ සිදුවී ඇත්දැයි විපරම් කර බලන්න. විවිධ ලප ඇති වීම සමෙහි ඇතිවන ලප මගින් ශරීරයට පීඩාවක් නොවුණත් අධිකව හිරුඑළියට නිරාවරණය වීම නිසා ඇතිවන ලප භයානක තත්වයක් උදාකරන්නට පුළුවන්. උදාහරණයක් ලෙස හිරු කිරණ නිසා සහ UV කිරණ නිසා ඇතිවන ලප, පිළිකාව ඇතිවීමේ සලකුණක් ලෙස සලකනවා. නියපොතු වල සිදුවන වෙනස්කම් නියපොතු මගින් ශරීරයේ සිදුවන බොහෝ දෑ පිළිබඳව අනාවරණය කරගන්නට පුළුවන්. නියපොතු වඩාත් කහ පැහැ වනවානම් එය “hepatitis” වැනි අක්මාවේ ඇති වන රෝගී තත්වයක සලකුණක් වනවා. රතු පැහැ වූ නියකින් අර්ථවත් වන්නේ හදවත් රෝග පිළිබඳවයි. බෙල්ල ඉදිමීම ඔබේ බෙල්ලත් ඉදිමී ඇත්නම් ඔබ වහාම වෛද්‍යවරයෙකු මුණගැසෙන්න. ඔබේ බෙල්ලේ ඉදිරිපස පෙදෙස ඉදිමී ඇත්නම් එයින් කියවෙන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිවල ආසාදනයි. මේ තත්වය වයස අවුරුදු 20–50 අතර කාන්තාවන් අතර බහුලව දකින්නට පුළුවන්. අල්ල රතු පැහැ වීම අල්ල රතු පැහැ වීම විවිධ චර්ම රෝග නිසා, දද ඇතිවීම නිසා සහ ලෝහ, ඖෂධ සහ ආහාර සහ පාන වලින් විවිධ ආසාත්මිකතා ඇතිවීම නිසාත් ඇතිවන්නට පුළුවන්. මේ තත්ත්වය අධික ලෙස වැඩ කිරීම නිසාත් අක්මාවේ ඇතිවන රෝගී තත්වයන් නිසාත් සිදුවන්නට පුළුවන්. මුහුණ රතු පැහැ වීම මුහුණේ ක්ෂණික වෙනස් වීම වයස අවුරුදු 30–50 අතර කාන්තාවන්ට ඇතිවනවා. මේ තත්ත්වය සිදුවන්නේ හෝමෝන වල සිදුවන අසමතුලිත තාවයන්, උෂ්ණත්වයේ සිදුවන වෙනස්කම් සහ උණුසුම් ආහාර ලබාගැනීම වැනි හේතු නිසයි. සුදු පැහැ කම්මුල් ඇති කාන්තාවන් හට නිතරම වාගේ මුහුණින් රතු පැහැ වීම කුරුලෑ වැනි ඉදිමුම් සහිත බව ඇතුළත් “rosacea” ලෙස හඳුන්වන තත්ත්වය ඇතිවනවා. මෙය සමහර කාන්තාවන්ට ඇතිවන දිගුකල් පවතින චර්ම රෝගී තත්වයක්. මේ රෝගී තත්වය ඇතිවන්නට බලපාන හේතුව තවමත් සොයාගෙන නෑ. ඇහිබැම වර්ධනය නොවීම වයස් ගතවීමේ දී ඇහි බැමේ වර්ධනයත් ක්‍රමයෙන් අඩුවී යනවා. නමුත්, ඇහිබැම ක්ෂණයකින් වැටී යනවා නම් එය සිදුවන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩිවීම නිසා නැත්නම් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩපණ වීම වැනි විවිධාකාරයෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ගැටලු නිසයි. දෙපා සීතල වීම පාද කියන්නේ හදවතට ඈතින්ම පිහිටි අවයවයයි. නමුත් ඕනෑම හදවත් රෝගයක් ප්‍රථමයෙන්ම නිරෑපනය වන්නේ පාද හරහායි. “Raynaud’s” නමැති රෝගය නිසා පාද සිසිල් වීමත් සුදුමැළිවී මලානික ස්වරෑපයකුත් ගනු ලබනවා. මේ රෝගී තත්වය ඇතිවන්නේ පාද වල රුධිර නාල තරමක් ඝනවීම නිසයි. ඔබේ සිරුරේත් මෙවන් දෑ දැකගන්නට ලැබේ නම් වෛද්‍යවරයෙකු මුණගැසී ප්‍රතිකාර කටයුතුවලට යොමුවීම වැදගත්. ► Web MD ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 16 Mar 2018 10:05 PM අවුරුදු 40 ට පෙර හිසකෙස් පැහීම වයස්ගත වීමත් සමඟ හිසකෙස් සුදු පැහැවීම ස්වභාවික ක්‍රියාවලියක්. ඒ වගේම, ජානමය හේතු නිසාත් හිසකෙස් අකලට පැහෙන්න පුළුවන්. නමුත්, ඔබ වයස අවුරුදු තිහේ පමණ පසුවන පුද්ගලයෙක් නම්, ඔබේ හිසකෙස් දැනටමත් 50% ක් පමණ පැසී අවසන් නම් ඔබ දියවැඩියා රෝගයට ගොදුරු වී තිබෙන්නට පුළුවන්. ඔබේ පවුලේ සාමාජිකයන්ටත් මින් පෙර මෙවන් දෑ සිදුවී ඇත්දැයි විපරම් කර බලන්නහපොයි. එහෙමත් එකක්ද? 50%ක් ම නැතත් 35 වෙනකොට යම්තාක් දුරට අකලට හිස කෙස් පැහිලා දැනටමත්. දියවැඩියා අවදානම ද මේ? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 17 Mar 2018 06:32 PM ඔබේ දරුවා අකීකරුයිද...? කුඩා දරුවන්ගේ හැඟීම් සහ හැසිරීම් තේරුම් ගනිමු. මිනිසාගේ උදෑසන ලෙස සලකනු ලබන්නේ ළමා අවධියයි. ළමා අවධිය මැනවින් සංවර්ධනය සහ පෞරුෂත්වය ගොඩනැංවීමේ වගකීම පවතින්නේ එම දරුවන්ගේ දෙමාපියන්ටය. මේ නිසා සාර්ථක දෙමාපිය යුවළක් ලෙස කටයුතු කිරීම දරුවාගේ අනාගතයට අතහිත දීමකි. කුඩා දරුවන්ගේ හැඟීම්, වර්ධනය, හැසිරීම් සහ පෞරුෂත්වය යන සියල්ල ජාන පදනම සහ පාරිසරික සාධක මත රඳා පවතින්නෙකි. අත්දැකීම් ලබාගැනීම, විවිධ උත්තේජනයට ප්‍රතිචාර දැක්වීම තමා සහ ලෝකයා කෙරෙහි ප්‍රතිචාර දැක්වීම පාරිසරික සාධක මත රඳා පවතියි. කුඩා දරුවන්ගේ මානසික වර්ධනයේදී වැදගත්ම සාධකයක් වන්නේ පෞද්ගලික සබඳතාවන්ය. මෙහිදී දරුවා ජීවත්වන පරිසරයෙන් ඒ සඳහා කදිම පිටිවහලක් ලැබෙයි. පවුල අභ්‍යන්තරය තුළදී දරුවා ආරක්ෂා විය යුතුය. ඔහුගේ පෝෂණය රැකවරණය සැලසිය යුතුය. අධ්‍යාපනය ලබාදිය යුතුය. නමුත් මේ වන විට ලොව පුරා ඉහළ යන මව පමණක් දරුවා සමඟ ජීවත්වීම (Sසබටකැ ඡ්රුබඑs), දික්කසාදය ප්‍රමාණය දරුවන්ගේ මානසික වර්ධනයට සෘජුව බලපායි. දෙමාපියන් විසින් දරුවන් සහ පවුල වෙත ඉටුකළ යුතු යුතුකම සහ වගකීම් රැසක් හඳුනාගෙන ඇත. ඒවා සැකෙවින් මෙසේ දැක්විය හැකිය. (1) දරුවනට දෙමාපියන් අවශ්‍ය සෑම විටම දෙමාපියන් ඔවුන් සමීපයේ සිටිය යුතුය. (2) දරුවනට වන අනතුරු වලින් දරුවන් ආරක්ෂා කරගත යුතුය. (3) දරුවනට ආදරය දැක්විය යුතුය. සහයෝගය, සුව පහසුව, ආහාර සහ සෙවණ සැලසිය යුතුය. (4) දරුවන්ගේ පාලන බලය ලබාගත යුතුය. (5) දරුවන්ගේ බොළඳ ක්‍රියා හමුවේ කෝප නොගත යුතුය. ඔවුනට ගරුකළ යුතුය. (6) දරුවන් ඉදිරියේදී වැඩිහිටියන්ගේ ලිංගික කරුණු, දේශපාලන, ව්‍යාපාරික, පවුල් ගැටලු ආදිය සාකච්ඡා නොවිය යුතුය. (7) නිවස තුළ දරුවනට බලපාන සාමාන්‍ය සාධාරණ නීති ක්‍රියාත්මක විය යුතුය. (8) දෙමාපියන්ටද ඔවුනට ස්වාධීන වූ ජීවිතයක් පැවතිය යුතුය. දරුවන් මත ජීවත් විය යුතු නැත. (9) දෙමාපියන්ටද පෞරුෂ වර්ධනයක් පැවතිය යුතුය. මෙම කරුණු දෙමාපියන් වශයෙන් ඔබෙන් ඉටු වන්නේ නම් ඔබේ දරුවා සාර්ථක මිනිසකු වීමට වැඩි අවස්ථාවක් පවතියි. දරුවකු තමාගේ ජීවිතයට පළමු සබඳතා ආරම්භ කරනුයේ තම මව සමගය. උපත ලබා විනාඩි කිහිපයක් ගතවූ තැන පළමු තත්පරයේ පටන්ම දරුවා සහ මව අතර සබඳතාව ආරම්භ වෙයි. මෙම සබඳතාව ඉන් අනතුරුව පළමු මාස 06 ක කාල සීමාව පුරා වැඩී වර්ධනය වෙයි. මවගේ පෙනී සිටීම දරුවාට වැදගත් වන අතර, මව නොපෙනී සිටීම දරුවාට නොසතුටට හෝ කනගාටුවට හේතුවක් වෙයි. සමාජ සබඳතාවද මවගේ සංවේදීතාවද මෙම සබඳතා වැඩී වර්ධනයට හේතුවෙයි. මෙය ලෙයින් ලෙයට යන සබඳතාවක් නොවෙයි. දරුවාගේ මව නොවූවත්, උපත ලද අවස්ථාවේ පටන්ම දරුවා හදාවඩා ගන්නා මව කෙරෙහි විශේෂ බැඳීමක් දරුවාට ඇතිවෙයි. අලුත බිහිව හැදී වැඩෙන දරුවන් එකිනෙකාගෙන් වෙනස් වෙයි. ඇතැම් දරුවන් අහිංසක නිවී සැනසුණු ගතිගුණ පෙන්වන අතර, තවත් සමහර දරුවන් වහා කිපෙන සුලු චර්යා පෙන්වයි. නිතර අඬදබර කරගනිති. නිරන්තරව සෘණාත්මක ආකල්ප සහිතව ජීවත් වෙති. සිනහව වෙනුවට කෙඳිරිගෑම සිදු කරති. මෙවැනි කේන්තිකාර දරුවන්ට නින්දයැම පවා නිසි අන්දමට සිදු නොවෙයි. නිතර බඩගින්නේ කෑගසති. වැසිකිළි යැමද නිසි අන්දමට සිදු නොවෙයි. අලුත් සෙල්ලම් බඩු ලබාදුන් විට ඒවා ඉවතට වීසිකරයි. අලුත් පරිසරයකට යොමු කළ විට එයට හුරුවීමට සති ගණනාවක් හෝ මාස ගණනාවක් ගතවෙයි. මෙවැනි චර්යා පවතින දරුවන් අනාගතයේදී අයහපත් සමාජ චර්යාමය පරිසරයන්ට ගොදුරුවන බව මතකයේ තබාගත යුතුයි. මෙවැනි දරුවන් සමඟ ආදරණීය සබඳතා ගොඩනඟා ගැනීමද දෙමාපියනට දුෂ්කරය. මේ සඳහා ඔවුන්ගේ දෙමාපියන්ද මානසිකව පුරුදු විය යුතුව ඇත. දෙමාපියන්ද දරුවන්ගේ ප්‍රචණ්ඩත්වයට සමගාමී ලෙස ප්රචණ්ඩ ලෙස තරහගෙන කටයුතු කළහොත් මෙම ගැටලු විසඳා ගත නොහැකිය. වයසින් වැඩෙන දරුවන් තුළ ආත්ම විශ්වාසයක් පැවතිය යුතුය. (Seකෙ-esඑeeප) තමාගේ කටයුතු කෙරෙහි අනුන්ගේ අගය කිරීම ඉතා වැදගත්ය. මෙය තමා ගැන වටිනාකමක් ඇතිකර ගැනීමට ඉවහල් වෙයි. මේ අන්දමට ආත්ම විශ්වාසයක් ගොඩනඟා ගැනීමට නොහැකි දරුවන් සමාජයට මුහුණ දීමේදී ලැඡ්ජාව සහ බය ඇතිකර ගනියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස විවිධ චර්යාමය රෝගවලට ළමයි ගොදුරු වෙති. පැරදීමට නොහැකි නිසාම නව අත්හදා බැලීම්වලට යොමු නොවෙති. අලුතින් යමක් සිදු කිරීමට නොපෙළඹෙති. මෙහි අවසන් ප්‍රතිඵලය ලෝකයට අලුතින් යමක් එකතු කිරීමට දරුවා අසමත් වීමයි. නව හැකියාවන්ද වර්ධනය කර නොගනියි. මානසික ආතතිය සහ නොසන්සුන් බව ආශ්රිත රෝගවලට ගොදුරු වෙති. තමා ගැන ආත්ම විශ්වාසයක් නොමැතිවීම අවසානයේදී පෞරුෂ ගැටලු නිර්මාණය කරයි. මේ නිසා තමා ගැන අවධානය යොමු කිරීමට විවිධ අසාමාන්‍ය ක්‍රියාවලට යොමු වෙති. නිදසුනක් වශයෙන් ඇතැම් දරුවන් පාරේ වැටී තිබෙන අශූචි ආදිය අතපතගාමින් තමා වටා සිටින අයගේ අවධානය තමා වෙතට දිනා ගැනීමට උත්සාහ දරති. මේ තත්ත්වය ඇතිවීම කෙරෙහි දෙමවුපියන්ද වැඩි වශයෙන් වගකිව යුතුය. දෙමාපිය ගැටලු, සමාජ ආචාර, දෙමාපියන් ආත්ම විශ්වාසයෙන් අඩුවීම, සමාජ ගැටලු ආදිය දරුවන්ට සෘජුවම මානසිකව බලපායි. වයස අවුරුදු පහට අඩු කුඩා දරුවන් සිතනුයේ වැඩිහිටියනට වඩා වෙනස් ආකාරයටය. ලෝකයේ මධ්‍ය තමා යෑයි කුඩා ළමයි සිතති. ලොව පවතින සෑම දෙයකටම අරමුණක් ඇතැයි ඔහු සිතයි. අචල අජීවී මේසය පුටුව ආදියට ජීවයක් ඇතැයි උපකල්පනය කරයි. - මේ මේසෙ මාව රිද්දුවා. එයාට ගහන්නයි පවසන්නේ ඒ නිසාය. පුද්ගලයන් වෙන්කර හඳුනා ගැනීම දුෂ්කර වන අතර සියලු පිරිමි තම පියා ලෙස දකියි. කුඩා දරුවන් සමහර පුදුම සහගත දේ උපකල්පනය කරති. තමා දෑස පියා ගත්තොත් තමා අසල සිටින පුද්ගලයන් තමාගෙන් ඉවතට යතියි සිතති. කාලය ගැන හැඟීමකින් තොරව සෑම දෙයක්ම පිළිවෙළකට, රටාවකට සිදු කිරීමට ඔවුහු උනන්දු වෙති. තමාගේ සමාජ සබඳතා වර්ධනය කර ගැනීමට සෙල්ලම් බඩු උපකාරී කර ගනියි. කුඩා ළමුන්ද විවිධ මානසික පීඩාවනට ගොදුරු වන අතර, එවැනි තත්ත්ව දරාගැනීමට ඔවුන් විවිධ ආකාරයෙන් හැඩගැසෙති. කුඩා ළමුන්ගේ අසාමාන්‍ය චර්යාවනට හේතුව ඔවුන් වැරදි ආකාරයට පරිසරයේ පවතින සිදුවීම් ආදර්ශයට ගැනීමයි. (ඤචසබට) කුඩා ළමුනට තරහ ගියවිට ඔවුන් තමන්ට වඩා වයසින් අඩු දරුවන්ගේ ක්රියාකාරිත්වවලට පෙළඹෙති. නමුත් කාලය ගත වීම සමඟ සමාජයෙන් පැනනඟින ගැටලුවලට මුහුණ දීමට වඩා පරිණත ආකාරයට සූදානම් වීමක් දැකිය හැකිය. බුද්ධිමත් භාවයෙන් අඩු දරුවන් සමාජීය වෙනස්කම් වලට හුරුවන්නේද මන්දගාමී අන්දමිනි. මේ නිසා ඔවුන් ඉතා පහසුවෙන් විවිධ අතවර සහ අනතුරුවලට ලක්වෙති. අසාමාන්‍ය හැසිරීම් රටා පෙන්වති. දිගු ලෙස පවතින කායික රෝග ඉන් අනතුරුව මානසික රෝග බවට පරිවර්තනය වෙයි. කුඩා ළමුන්ගේ මානසික වර්ධනය කෙරෙහි ප්‍රධාන වශයෙන්ම බලපානුයේ පවුලේ සාමාජිකයන්ගේ හැසිරීම් රටාවන්ය. මෙයින් වැඩිම කාර්යභාරයක් හිමිවන්නේ දෙමාපියන්ටය. විශේෂයෙන් පහත සඳහන් කරුණු සම්බන්ධව ප්‍රබල අවධානය යොමු විය යුතුය. (1) පවුලේ සාමාජිකයන් අතර ඇතිවන ගැටුම් (2) දෙමාපියන්ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය (3) දික්කසාදය සහ දෙමාපියන් වෙන්වීම. (4) දෙමාපියන් විසින් දරුවන් අනවශ්‍ය පරිදි රැකබලා ගැනීම. (5) දෙමාපියන්ගේ අධිකාරී බලය අවම වීම. (6) කායිකව හා ලිංගික වශයෙන් දූෂණයට ලක්වීම. (7) අනවශ්‍ය පරිදි විවිධ විවේචනයන්ට ලක්වීම. (8) නිවස තුළදී විවිධ ගැටුම්, පහරදීම්, ආදියට ලක්වීමත්, විවිධ දඬුවම්වලට ලක්වීමත්. (9) විවිධ විනය ක්‍රියාමාර්ග වාරණවලට ලක්වීම. (10) ඇතැම් දෙමාපියන් තමන්ගේ විවිධ අවශ්‍යතා ඉටුකරගැනීමට කුඩා ළමුන් සම්බන්ධ කර ගනිති. (11) සමහර දෙමාපියන් දරුවාගේ අධ්‍යාපන මට්ටමට වඩා වැඩි යමක් දරුවාගෙන් බලාපොරොත්තු වෙති. දරුවාගේ පරිණත මට්ටමට වඩා වැඩි යමක් අපේක්ෂා කරති. මේ සියල්ලේ ප්‍රතිඵලය ලෙස කුඩා ළමුන්ට අහිතකර පරිසරයක් නිර්මාණය වෙයි. කෙසේ වුවත් මේ සෑම අවස්ථාවේදීම වරද දෙමාපියන් වෙතට පැමිණීම කළ නොහැකිය. ඇතැම් කුඩා දරුවන්ගේ ක්‍රියාකාරිත්වයන්ද මේ කෙරෙහි සෘජුව සහ වක්‍රාකාරව බලපාන බව සිහියේ තබා ගත යුතුය. කුඩා දරුවන්ගේ මානසික වර්ධනය කෙරෙහි අනෙක් දරුවන් සමඟ ක්‍රියාශීලීව හැසිරීමද බලපායි. සමහර දරුවන් සම වයසේ අනෙක් දරුවන් විසින් -ගොනාට ඇන්දවීම (ඉහකකහසබට) සිදු කරයි. මේ වෙනුවට කුඩා දරුවන් අතර අෙන්‍යාන්‍ය අවබෝධය ඇතිව ක්‍රියා කිරීමට අවස්ථාව සලසා දිය යුතුය. කුඩා දරුවන්ගේ මානසික ක්රියාකාරිත්වයන් කෙරෙහි සෘජුව බලපාන තවත් කරුණු වන්නේ දෙමාපියන් අතර වන විවාහ දෙදරායැම හෙවත් දික්කසාදයන්ය. මෙම දික්කසාද වීම දරුවන්ගේ වයස මට්ටම අනුව ඔවුනට බලපාන බව හේතුවී ඇත. පෙර පාසල් යන වයසේ දරුවන්ගේ ක්‍රියාශීලී ජීවිතයට මෙය තදින්ම බලපාන අතර, ඔවුන්ගේ විනෝදකාමී ජීවිතය වියවුල් වෙති. නින්ද නොයැම සිදු වෙයි. නිරන්තරව කඳුළු පිරි නොසන්සුන්ව ජීවිතය ගත කරයි. තවදුරටත් වයස ගත වෙත්ම දෙමාපියන්ගේ වෙන්වයැම තේරුම් ගන්නා අතර එයට වගකිව යුතු පාර්ශ්වයට බැණ වදිති. අසහනකාරී ජීවිතයක් ගත කරති. මව හෝ පියා අලුතින් ගෙන එන ලද පුංචි අම්මා හෝ බාප්පා කෙරෙහි මෙම දරුවන්ගේ ඊර්ෂ්‍යාවක් ඇතිවෙයි. දික්කසාද වන පවුලක දරුවන් විසින් නීති විරෝධී ක්‍රියාවලට පෙළඹීම ඉහළ යන අතර, සමාජ නීති කෙරෙහි ඔවුන්ගේ තැකීමක් නොමැත. අධ්‍යාපනික වශයෙන්ද ඔවුන් ගත කරන්නේ පහත් මට්ටමකය. විභාගවලදී අසමානතා පෙන්වයි. වැඩිවිය පැමිණි පසුවද මොවුන් සමාජයට වෛර කරන ක්‍රියාවල නිරත වෙති. තමන්ට ළමා වියේදී නොලැබුණු ආදරයෙහි අඩුව ලබා ගැනීමට සමාජයේදී කැපී පෙනෙන චරිත වීමට උත්සාහ දරති. මේ නිසා දෙමාපියන් දික්කසාද වූ පවුල්වල දරුවන්ගේ මානසික තත්ත්වය වර්ධනය විශේෂ අවධානයකින් සිදුකළ යුතුය. මෙහිදී දෙමාපියන් වෙන්ව යැමට සාධාරණ හේතු පිළිගැනීමටත්, ජීවිතය ගැන සුබවාදී ලෙස බැලීමට පුරුදු කිරීම වැදගත්ය. තනිකම හා පවුලෙන් ප්‍රතික්ෂේප වීම සම්බන්ධව අවබෝධයක් ලබාදිය යුතුය. දෙමාපියන් දෙස වැරදි දෘෂ්ටි කෝණයකින් නොබැලීමට පුරුදු කළ යුතුය. මේ සියලු තත්ත්වයන් මධ්‍යයේ ජීවිතය ජය ගැනීමටත්, අභියෝග හමුවේ ඉදිරියට යැමටත් පුරුදු කළ යුතුය. මේ සඳහා එම දරුවා වටා පවතින පරිසරය ස්ථානයක් විය යුතුය. ජීවත්වන පරිසරයේ යහළුවන් සහ හිතවතුන්ගේ සහාය ලබාගත යුතුය. වෛද්‍ය ජී. ජී. චමල් සංජීව ඕස්ටේලියාවේ සිට ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Mar 2018 06:51 PM හෘද රෝග කොයි එකත් සුළු කොට තැකියි යුතු නැහැ ප්රශ්නය - හෘද රෝග විශාල ප්‍රමාණයක් තිබෙන බව ඔබ පසුගිය සාකච්ඡාවලදී අපට පැහැදිලි කළා. මේවා අතරින් වඩාත්ම අන්තරාදායක හෘද රෝගය කුමක්ද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - කොයි හෘද රෝගයත් සුළු කොට තැකිය යුතු නැහැ. මොකද හෘදය තමයි ශරීර යාන්ත්‍රණයේ මර්මස්ථානය. ශරීරයේ ක්‍රියාත්මක භාවයේ මුල තමයි ඒ තැන. ඒ නිසා හෘද රෝග අතුරින් කොයි එක භයානකද, කොයි එක භයානක නැද්ද කියන එක පැත්තකට දමලා ප්‍රතිකාර වෙත යොමු විය යුතුයි. කෙසේ නමුත් අද සිට වැදගත් හෘද රෝග කිහිපයක් ගැන ඔබට පහදා දෙන්නට මා අදහස් කරනවා. එනම්, 1. Cardiovascular disease හෙවත් කන්තුකවාහිනී රෝගය හෘදය හෝ එය සමඟ සම්බන්ධ වන ලේ නහර රෝගී වීම තමයි අප කන්තුකවාහිනී රෝගය ලෙස හඳුන්වන්නේ. Angina හෙවත් අධික වෙහෙස නිසා පපුවේ වේදනාව හට ගැනීම, බාහිර් කන්තු ග්යානිය හෙවත් myocardial infarction යන දෙක කන්තුක වාහිනි රෝග යටතේ එන ප්‍රධාන රෝග ලෙස හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව ආඝාතය, හෘදයේ ක්‍රියාවලිය නැවැතීම, රූමැටික හෘද රෝගය වැනි රෝග රැසක් තිබෙනවා. අත්වලට සහ පාද වලට රුධිරය සැපයීම අඩපණ වීම, මොළයට රුධිරය සැපයීම කඩාකප්පල් වීම, හෘද මාංශපේශි අක්‍රිය වීම, අධික රුධිර පීඩනය නිසා ඇතිවන රෝගී තත්ත්වය, පටකවලට නිසි පරිදි රුධිරය සැපයීමට හෘදයට බැරිවීම, පාදයේ දකුණු පැත්ත අක්‍රියාකාරී වීම, හෘදයේ ස්පන්දන රිද්මය නිsසි පරිදි සිදු නොවීම, හෘද ප්‍රදාහය, හෘදයේ ඇතුළත ප්‍රදේශය ප්‍රදාහයට ලක්වීම, හෘදයේ පේශීන් ප්‍රදාහයට ලක්වීම, උපතේදී හෘදයේ ව්යqහාත්මක දොaෂ හට ගැනීම, රූමැටික උණ නිසා හෘදයේ පෙශීන් තුවාල වීම යන රෝග සමූහයක් හෘද රෝග ලෙස හඳුනාගන්නවා. හෘද රෝග වැළැඳීමට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. වයස, ස්ත්‍රී පුරුෂ භාවය, දුම්කොළ පරිහරණය, සුදුසු තරම් ව්‍යායාම ශරිරයට නොලැබීම, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පරිභෝජනය, ස්ථුල භාවය, ජානමය හේතු, පවුලේ සෙසු අයට හෘද රෝග කිරීම, අධික රුධිර පීඩනය, රුධිරයේ සීනි සංයුතිය ඉහළ යැම, රුධිර කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යැම, වායු දූෂණය යනාදිය ප්‍රධාන හේතු ලෙස ගත හැකියි. නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව පාරම්පරික වෙදකමේ අසිරිමත් හාස්කම් කට ගඳ ගසමින් විදුරුමස් දියවී දත් සෙලවී අකලට හිසකෙස් පැසී තට්ටය පෑදී කන් ඇසීමත්, ඇස් පෙනීමත් අඩපණව පීනස නිදන්ගතව සිරුර වැහැරී කල්පනා ශක්තිය නැසී අකල් වයස්ගත බවට පත්වන සවිමත්ව රූමත්ව සිටිය යුතු තරුණ තරුණියන් අප අතර ලක්ෂ සංඛ්යාතව වෙසෙති. එම ශෝචනීය තත්ත්වයෙන් ඔවුන් අත්මුදවා ගැනීම සඳහා චිරාගත පාරම්පරික වෙදවරුන් සතුව සාර්ථක ප්‍රතිකාරයන් කොතෙකුත් තිබී ඇත. ඒ අතරින් අවුරුදු අටසියයකටත් අධික ඉතිහාසයකට උරුමකම් දක්වන ඉර හඳ මෙන් විශ්වාස අපගේ කොටියාකුඹුර වෙද පරපුරට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. එම වෙද පරපුරේ වත්මන් පුරුක වන අප විසින් හිසේ රෝග සහ පීනස සඳහා නිපදවා බෙදාහරින කේශ කල්‍යාණි තෛලය ඉදිරි පරපුර නිරෝගිමත් කිරීමට වෙස්වලා සැපත් මහාශිර්වාදයකි. මෙම අගනා ඔසු තෙල භාවිතයෙන් අකලට කෙස් පැසී ගැලවී වැටී තට්ටය පෑදීම නිවාරණ වෙයි. තරුණ කාන්තාවන්ගේ කෙස් කළඹ මොනර පිලක් මෙන් නීල වර්ණව ඝනව දික්ව වර්ධනය වෙයි. තරුණයන්ගේ කෙස් කළඹද ජැන්ඩියට හැඩවෙයි. මුහුණ පැහැපත්ව ඕජෝ ගුණය වැඩෙයි. සිත් සතුටින් පිරි යයි. සියලු පීනස් රෝග දුරුවන් වෙයි. අපගේ මෙම අගනා කේශ කල්‍යාණි තෛලයට රහසිගත වට්ටෝරුවට අනුව ගොඩ දිය මල් වර්ග තිස් දෙකක්ම ගැනෙන්නේ තෙල පැසෙන විට එයට එක්කරන බෙහෙත් කල්කය වෙනුවෙනි. නිල් අවරිය, දිය හබරල, මුගුණුවැන්න, මොනරකුඩුම්බිය, අංකෙන්ද, කුඹුක්පොතු ආදි ජලජ හා පාර්ථව ගණයේ ඖෂධයන් රාශියක්ද එහිම බෙහෙත් කෂායට උපයෝගි කර ගැනෙයි. අත් පොල්තෙල් හා තලතෙල් ඒකීය තෙල් වර්ගයන් අතරට එක්වෙයි. ඒ සියල්ල චිරාගත සම්මතයට අනුගතව ගෙන කාලීන ප්‍රමිතිය සුරැක විධිමත්ව සිඳ තෙල් පෙරා ගැනෙයි. මෙම වටිනා ශීර්ෂගත ආබාධ තෛලය පොළොන්නරුව රාජ යුගයෙහි එවක රජකළ කල්‍යාණවතී බිසවට නමෝ විත්තියෙන්ම සකස් කරදී ඇත්තේ අප වෙද පරපුරේ ආරම්භක රාජ වෛද්‍ය අපගේ මී මුත්තන් විසිනි. මෙහි රහසිගත වට්ටෝරු පුස්කොළ පොත ගල් ලෙනක සඟවා තිබී අප සොයා ගත්තේ එම මීමුත්තන් සිහිනෙන් පෙනී පැවසූ ගමන් විස්තරයට අනුව මහ වනය මැද දින කීපයක් සංචාරය කිරීමෙනි. මෙම අගනා ඔසු තෙල දසරුවෙන් ගා සකල රෝගයන්ට නැවත හිස එසවීමට ඉඩ නොතබයි. පපුවේ ගා පිරිමැද නස්‍ය කිරීමෙන් පෙණහලුගත දූෂිත සෙම බැහැර කරයි. හිසේ ගා තදින් පිරිමැදීමෙන් හිසේ, ඇසේ, මුවේ, කනේ දස මහා දෝෂ දුරුවන් කරවයි. මෙම අත්දුටු ගුණය නිසාම ජනතා ප්‍රතිචාර අධික විය. නිෂ්පාදන ධාරිතාව වර්ධනය විය. අප මෙයට කේශ කල්‍යාණි නාමය යෙදුවේ කල්‍යාණවති රජ බිසොවට උපහාරයක් වශයෙනි. මෙම තෙල අලෙවියෙන් ලබාගත් ආදායමෙන් කොටසක් අරලියගහ මැඳුරේ පැවැති මහෝත්සවයේදී "අපි වෙනුවෙන් අපි" අරමුදල සඳහා ජනපතිතුමන්ට පිළිගැන්වීමට අවස්ථාව සැලසුණ බවද නිහතමානීව සිහිපත් කළ යුත්තකි. ඇටවල පිපිරුම් සුව කරන දේශීය පැළෑටි දෙකක් ප්රශ්නය - පසුගිය සතියේ අප ඔබ සමඟ සාකච්ඡා කළේ උකුල් ඇටය පිපිරූ කාන්තාවකගේ රෝග නිශ්චය ගැනයි. ඇය දරු ප්‍රසූතියෙන් පසු නාන කාමරය තුළ ඇදවැටීමෙන් උකුල් ඇටය පුපුරා ගිය බව පසුගිය සතියේදී සාකච්ඡා වුණා. අද ඔබ සමඟ අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඇයට කළ ප්‍රතිකාර ගැනයි. වෛද්‍ය එම්. ඒ. මදනායක - පිපිරූ අස්ථියක් නැවත හාවෙන විට ඒ සඳහා ඇට මිදුලුවල තිබෙන රතු රුධිරානු නිෂ්පාදක සෛල වගේම ප්‍රතිශක්තිකරණ සෛලවලත් සහාය ලැබෙනවා. එවිට සුව වීම ඉක්මන්. එය වෛද්‍යවරයාට පහසුවක්. ඒත් උකුල් ඇටයේ ඇට මිදුලු නැහැ. ඒ නිසා අස්ථිය යළි හාකිරීම වෛද්‍යවරයාට ලොකු වෙහෙසක්. මෙහිදී වෙල් රුක්අත්තන නමැති ශාකයේ සාරයෙන් නිපදවා ගත හැකි ඖෂධ තිබෙනවා. ඒ වගේම කලුකොහොල් නමැති ශාකයෙනුත් ඖෂධ සාදා ගන්නට පුළුවන්. මේ දෙවර්ගයම යොදාd ගන්නෙ පිටතින් ආලේප කරන ඖෂධ සහ සහ පත්තු වශයෙනුත් තැවිලි වශයෙනුත් යොදා ගන්නා ඖෂධ සඳහායි. ඉන්දියාවේ නම් මේ ගස්වල පස් පංගුවම ගන්නවා බෙහෙත් හදන්නට. එහෙත් අප ගන්නේ ගසේ තෝරාගත් කොටස් විතරයි. පත්තුව හදා ගන්නේ ගසේ අදාළ කොටස් අබතෙල් සමඟ ඉතා සියුම් ලෙස අඹරා ගැනීමෙනුයි. මේ පත්තුව ගාන්නේ මුල් සතිය තුළ විතරයි. ඉන් පසුව ඖෂධ වෙනස් කරනවා. වෙල් රුක්අත්තන සහ කලුකොහොල් කියන ශාක දෙකේම තිබෙනවා බැක්ටීරියා නාශක. ප්‍රදාහ නාශක ගුණයක්. සාමාන්‍යයෙන් උකුල් ඇටය පිපිරුවාම පිපිරුම අවට ප්‍රදේශ ඉදිමෙනවා. වැරදිලාවත් බැක්ටීරියාවක් ඇතුළට ගියොත් බරපතළ ලෙස ආසාදනය වෙනවා. ඒ තත්ත්වය සමඟ සටන් කරන්නට ඉහත සඳහන් ශාකවලට පුළුවන්. මීළඟට ගනිමු හීරැස්ස කියන පතොක් වැල් විශේෂය. ලෙඩ රෝග 16 කට ප්‍රතිකාර කරන්නට හීරැස්ස යොදා ගන්න පුළුවන්. එයිනුත් ප්‍රශස්තම ප්‍රතිකාරය කළ හැක්කේ අස්ථි භග්න හෙවත් ඇට පුපුරා ගිය අවස්ථා වෙනුවෙනුයි. ඇට මිදුලු නැති උකුල් ඇටය වගේ තැන්වලට හීරැස්ස ගහේ හතර පංගුවක් යොදාගෙන ප්‍රතිකාර කළ හැකියි. අස්ථිය සුව කරන අතර ශරීරයේ වාත සහ කඵ දොaෂ සමතුලිත කරන්නටත් හීරැස්ස ශාකයට පුළුවන්. ප්රශ්නය - මේ කාන්තාවගේ උකුල් ඇටය සුවපත් කරන්නට කොපමණ කාලයක් ගත වුණාද? වෛද්‍ය එම්. ඒ. මදනායක - මාස 3 කට අඩු කාලයක් තුළ ඇය පූර්ණ ක්‍රියාකාරිත්වය සහිත වුණා. දැන් ඇය සාමාන්‍ය විදියට වැඩපල කරනවා. නොමිලේ විස්තර සඳහා 0412251321/ 0710827836 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ දියවැඩියාව සහ අධික රුධිර පීඩනය පාලනය කිරීමට ස්වාභාවික ප්‍රතිකාර හා උපක්‍රම 02 දියවැඩියා රෝගීන්ගෙන් බහුතරයකගේ රුධිර පීඩනය වැඩිවීම බහුල ව දැකිය හැකි කාරණයක්. දියවැඩියාව නිසි ලෙස පාලනය නොකිරීම නිසා කල් ගත වීමේ දී මෙම උපද්‍රවය ඇති වෙනවා. දියවැඩියා රෝගය ඇති විට දී රුධිර වාහිනී මත ඇති කරන බලපෑම දීර්ඝ කාලයක් තිස්සේ හෙමිහිට සිදු වන දෙයක්. එය ජෛව රසායනික පරිවර්තන රාශියක් පසුබිම් කරගෙනයි, ඇති වන්නේ. මෙම තත්ත්වය වැළැක්වීම සඳහා රුධිර ගත සීනි ප්‍රමාණය පාලනය කිරීම අත්‍යවශ්‍ය වන අතර ම රුධිරවාහිනි බිත්ති මත ඇති වන අහිතකර බලපෑම් වැළලැක්වීම සඳහා ද ප්‍රතිකාර කළ යුතු යි. මෙම අහිතකර ජෛව රසායනික ක්රියාකාරිත්වයන් පාලනය කිරීමට සමත් ස්වාභාවික ඖෂධ සහ උපක්‍රම පිළිබඳ සාර්ථකත්වය ලොව පුරා සිදු කෙරෙන පර්යේෂණාත්මක අධ්‍යයන තුළින් තහවුරු කර තිබෙනවා. දියවැඩියාව සහ අධික රුධිර පීඩනය ඇති කරන ආහාර දියවැඩියාව සහ අධික රුධිර පීඩනය නැති කරන ආහාර රුධිර පීඩනය වැඩිවීමේ දී විශේෂිත රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති නමුත් නිතර පවතින හිසරදය ක්ලාන්තය අප්‍රාණික බව දෛනික වැඩ කටයුතු කෙරෙහි නිසි අවධානය යොමු කිරීමේ අපහසුතාව ආදිය රෝග ලක්ෂණ ලෙස ඇති විය හැකි යි. දියවැඩියා රෝග තත්ත්වය උග්‍ර වීමේ දී රුධිර පීඩනය වැඩිවීමේ අවධානම වැඩි වෙනවා පමණක් නොව ඒ හේතු කොට ගෙන හෘදයාබාධ වෘක්කාබාධ අංශභාග වැනි ඉතා දරුණු රෝග තත්ත්ව ඇති වීමේ අවධානම ද වැඩි වෙනවා. එම නිසා වෛද්‍යවරයකු හමු වී රුධිර පීඩනය පරීක්ෂා කරවා උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. දියවැඩියාව පාලනය කිරීම සඳහා දේහ බර පාලනය කිරීම, ආහාර පාලනය කිරීම, ව්‍යායාම කිරීම, මානසික සමබරතාව පවත්වා ගැනීම, ආතතියට පත් වීමෙන් වැළකීම, දුම් පානයෙන් හා මත්පැනින් වැළකීම සහ යහපත් ජීවන රටාවක් පවත්වා ගැනීම වැදගත් වන්නේ යම් සේ ද එසේ ම රුධිර පීඩනය වැඩි වීම වළක්වා ගැනීම සඳහා ද එම උපක්‍රම වැදගත් වෙනවා. ආහාර සඳහා යොදන ලුණු ප්‍රමාණය අඩු කිරීම, මාංශමය ආහාර ගැනීම අඩු කර ශාකමය ආහාර වැඩි වශයෙන් ගැනීම, ස්වාභාවික ආහාරපාන සහ ඖෂධ භාවිතයට නැඹුරු වීම මෙම අනතුරුදායක තත්ත්ව ඇති වීම පාලනය කර ගැනීමටත් ඇති වී ඇති උපද්‍රව තවදුරටත් වර්ධනය වීම පාලනය කර ගැනීමටත් හේතු වෙනවා. නූතන විද්‍යාත්මක අධ්‍යයනයන්ගෙන් තහවුරු කර ඇති ඖෂධ මගින් ලබා ගත හැකි සහනය මෙන් ම විධිමත් ලෙස නිර්දේශ කරන ස්වාභාවික ප්‍රතිකාර සහ ශාකසාර ඖෂධ මගින් ද විශේෂිත මෙහෙවරක් ඉටු කෙරෙන බව තහවුරු වී තිබෙනවා. පොතුකබර සුව කරන්න විෂ සහිත රසදිය විෂ රහිත කරන හැටි ප්රශ්නය - පසුගිය සතියේදී ඔබ අපට විස්තර කළා සොරයිසිස් රෝගය හෙවත් පොතු කබර රෝගය සුව කරන රස බෙහෙත් ගැන. මෙහි සඳහන් වුණා රසදිය පිළිස්සූ රත්තරන්වලින් ප්‍රතිකාර කරන අන්දම. මේ ගැන තවත් විස්තර අවශ්‍යයි. වෛද්‍ය එච්. ඒ. ඒ. හපුගස්පිsටිය - රසදිය කියන්නේ ඉතා විෂ සහිත රසායන ද්‍රව්‍යයක්. නවීන විද්‍යාවට අනුව එහි පරමාණුක ක්‍රමාංකය අංක 80. සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී දියර තත්ත්වයේ පවතින මේ ලෝහය මිලෙන් ඉතාම ඉහළයි. අප රසදිය ඖෂධවලට යොදා ගන්නට කලින් එහි විෂ මරන බව ඔබ මේ වන විටත් දන්නවා. බුලත් ඉස්ම සහ විවිධ ශාකසාර ඉස්ම සමඟ කලවම් කළ විට රසදියවල විෂ මැරෙනවා. රසදිය තුළ තිබෙනවා. රසායන විද්‍යාවේදී Isotopes යනුවෙන් හැඳින්වෙන ස්ථාවර ද්‍රව්‍ය 7 ක්. මෙයින් එක් වර්ගයක ක්‍රියාකාරී ජීවිත කාලය අවුරුදු 888 යි. එය එතරම් ප්‍රබල රසායනික ලෝහයක්. එහෙත් විෂ මැරුවාම එය මල් පැණි වගේ සැහැල්ලු ප්‍රනීත ද්‍රව්‍යයක් වන බව ආයුර්වේද වෛද්‍යවරුන් විශ්වාස කරනවා. අතීතයේ පටන්ම රසදිය ඖෂධයක් වශයෙන් යොදා ගත්තා. මෙයට වසර දහස් ගණනකට පෙර සිපිලිස් නමැති සමාජ රෝගය සුව කිරීම සඳහා රසදිය මිශ්‍ර ඖෂධ යොදාගෙන තිබෙනවා. රසදිය යොදාගෙන බෙහෙත් හදන ආකාරය ගැන ආයුර්වේදයේ රස ශාස්ත්‍ර නමැති කොටසේ කියෑවෙනවා. රසදිය වල විෂ මැරීම ආයුර්වේදයේ හඳුන්වන්නේ ශෝධනය කියලයි. යුරෝපයේ වෛද්‍යවරුන් 15 - 16 සියවස්වලදී රසදිය ක්ලෝරයිඩයක් වශයෙන් ගෙන ඖෂධ තැනීමට උත්සාහ කළත් එය වැරදුණා. එහෙත් 10 වැනි සියවස වනවිට ඉන්දියානු ආයුර්වේදයට පුළුවන් වුණා රසදිය සල්ෆයිඩ වර්ගයක් බවට පත් කර ආයුර්වේද ඖෂධ සාදන්නට. මේ සඳහා විෂ නැසූ රසදිය රස සින්ද්ර් ලෙස නම් කරනවා. ඒ සමඟම කිව යුතුයි ආයුර්වේදයේදී සොරයිසිස් හඳුන්වන්නේ පොතු කබර යන නමින් වන බව. ප්රශ්නය - පොතු කබර කියන්නේ ජාන උරුමයෙන් එන රෝගයක් විය නොහැකිද? වෛද්‍ය හපුගස්පිටිය - තම පියාගෙන් හෝ මවගෙන් මේ රෝගය උරුමයක් ලෙස ලැබීමේ 50% ක හැකියාවක් ළමයෙකුට තිබෙනවා. සමහර විට පරම්පරා දෙකකට කලින් සිටි අයකුගෙන් තුන්වැනි පරම්පරාවේ ළමයකුට මේ රෝගය හට ගන්නට පුළුවන්. සමහර විට විෂ වර්ග ශරීරගත වුණාමත් රුධිරය විෂ වී මේ රෝගය හටගන්නවා. රස බෙහෙත්වලින් සොරයිසිස් තිබෙන තැනට වගේම ශරීරයේ රුධිරයටත් ප්‍රතිකාර කෙරෙනවා. ලේ වල විෂ මැරීමත් එමගින් සිදුවනවා කිව්වොත් එය නිවැරැදියි. සොරයිසිස් රෝගියා හැම විටම සතුටින් තැබිය යුතුයි. රෝගියා නිතරම රෝගය ගැන කල්පනා කරමින් මෙය සුව කිරීමට බැරි වන බව හිතන්නට ගියොත් රෝගය තවදුරටත් පැතිරෙනවා. සාමාන්‍යයෙන් සොරයිසිස් රෝගීන්ගෙන් 90%ක් ම ආතතියෙන් පෙළෙනවා. ලබන සතියට ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Mar 2018 07:03 PM ආත්රයිටිස් සුවයට තවත් කසායක් සහ තැවිල්ලක් ප්රශ්නය - පසුගිය සතියේදී ඔබ අපට කසායක් සහ තැවිල්ලක් ලබා දුන්නා. එම කසාය මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය පාලනය කර ආත්රයිටිස් රෝගයට මුහුණ දීම සඳහා ශරීරය සූදානම් කරන බවත් තැවිල්ල මගින් සන්ධිවල වේදනාව නසන බවත් ඔබ සඳහන් කළා. මේ අතර පසුගිය දිනෙක අපේ පාඨකයෙක් විමසුවා මේ කසාය සහ තැවිල්ල පාවිච්චි කරන විට ඉමහත් සුවයක් ලැබුණු බව. දැන් ඔහු අසන ඊළඟ ප්රශ්නය තමයි බෙහෙත් නැවැත්වූ විට නැවත වතාවක් ආත්රයිටිස් පිට දමයිද කියන කාරණය. වෛද්‍ය වසන්ත උදයජීව - මේ ඖෂධ මාසයක් විතර පාවිච්චි කරලා නැවැත්වූ පසු සති දෙකක් ඇතුළත යළිත් රෝගය මතු වුණොත් ස්ථිර වශයෙන් ම වෛද්‍යවරයකු මුණගැසිය යුතුයි. එවිට වෛද්‍යවරයා ඔබේ ශරීරයේ සැබෑ තත්ත්වය ගැන තක්සේරුවක් කරයි. ඉන් පසු කටයුතු කළ යුත්තේ වෛද්‍ය උපදෙස් අනුවයි. ප්රශ්නය - අද ඔබ අපට දෙන කසාය සහ තැවිල්ල කුමක්ද? වෛද්‍ය වසන්ත උදයජීව - පළමුවෙන් ම කසායක් දෙන්නම්. මෙය දින 12 ක්, උදේ සවස කෝප්ප භාගය බැගින් පානය කළ යුතුයි. වැල් මදට, නෙල්ලි, රසකිඳ, බින්තල් අල, පත්පාඩගම්, ආපසුමද මුල්, බෙහෙත් එරඬු මුල්, පාවට්ටා මුල්, දුම්මෑල්ල, ඉකිරිය කලං 1 මංචාඩි 4 බැගින් ගෙන පත අට 1 ට සිඳ එඬරු තෙල් බිංදුව බැගින් දමා ගත යුතුයි. කසාය තැම්බීමේදී මැටි මුට්ටියක් යොදා ගත හැකි නම් ඉතා හොඳයි. තැවිල්ල - වදකහ, කෝමාරිකා, සුදුලූනු, මී පැණියෙන් අඹරා දිනකට වරක් බැගින් සන්ධිවල ගාන්න. මෙය දින 12 ක් එකම වේලාවක කළ යුතුයි. ගුද මාර්ගය රිදෙනවාද? මෙන්න හේතු කිහිපයක් ප්රශ්නය - අද අප ඔබ සමඟ සාකච්ඡා කරන්නට පටන් ගන්නේ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් ගැනයි. ඒ තමයි ගුදයේ හටගන්නා වේදනාව. මෙය හට ගන්නේ අර්ශස් නිසාද, ගුද මාර්ගයේ හට ගන්නා තුවාල හෝ ගෙඩි නිසාද කියන ප්රශ්නය විස¹ ගැනීම සාමාන්‍ය ජනයාට බැහැ. ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - නවීන වෛද්‍ය ක්රමයේ හැටියටත් නූතන විද්‍යාව අනුවත් ගුද මාර්ගයේ වේදනාව ඇති කරන හේතු 68 ක් තිබෙනවා. මේ ලිපි පෙළ මගින් මා ඔබට ඉදිරිපත් කරනවා එයින් ප්‍රධාන හේතු කිහිපයක්. එයිනුත් පළමුවැන්න තමයි ගුද හරිකර්තිකා කියන තත්ත්වය. ඉංග්‍රිසියෙන් මෙය හඳුන්වන්නේ anal fissure කියලයි. මෙහිදී සිදුවන්නේ ගුද මාර්ගයේ හම කැඩී ගොස් විවරයන් හට ගැනීමයි. මෙයින් රුධිරය වහනය වනවා. මෙය උග්‍ර තත්ත්වයට පත් වුණාම , මළ පහ කිරීමෙන් පසු අධික වේදනාවක් හට ගන්නවා. මෙය නිදන්ගත තත්ත්වයට ආවාම වේදනාව ක්‍රමයෙන් අඩු වෙනවා. එහෙත් විවරය හෙවත් තුවාලය එහෙමම පවතිනවා. ප්රශ්නය - මෙය හට ගන්නේ කොහොමද? ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - ගුද මාර්ගය තුළ ශ්ලේෂ්මල පටලයකින් සැදුන සමක් වැනි කොටසක් තිබෙනවා. ගුද පරිකර්තිකාවක් හට ගන්නේ ඒ පටලය දරා ගැනීමට බැරි තරම් ඇදුණු විටයි. ගුද පරිකර්තිකාවක් හැදුනාම සතියෙන් දෙකෙන් සුව වන අවස්ථා තිබෙනවා. ඒ වගේම එයට වඩා කල් අරගෙන ඉබේම සුව වූ අවස්ථාත් තිබෙනවා. ඒ වගේම හරියාකාර ප්‍රතිකාර නොකළොත් කිසිම විදියකින් සුව නොවන අවස්ථාත් තිබෙනවා. අප ප්ර්රතිකාර කරන්නේ ඒ කියන තුන්වන අවස්ථාවේදීයි. මෙවැනි ගුද පරිකර්තිකාවන් ක්‍රමයෙන් ගැඹුරු වෙලා කුඩා වළවල් වගේ ස්වරූපයක් ගන්නවා. එසේ සුව නොවෙන්නේ ශ්ලේෂ්මල පටලය තුවාල වීම නිසා එතැනට නිසි රුධිර සැපයුමක් නැති වන නිසයි. මේ තුවාලයේ මළ තැවරුණාම එහි තිබෙන බැක්ටීරියා නිසා ඉතා දරුණු ලෙස ආසාදනය වෙනවා. ප්රශ්නය - ආයුර්වේදයේ හැටියට ගුද පරිකර්තිකාවක් අර්ථකථනය වන්නේ කොහොමද? ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - ඉතා දරුණු මළබද්ධය මෙයට ප්‍රධාන හේතුවක් විය හැකි බව ආයුර්වේදයේ දැක්වෙනවා. ඒ වගේම අර්ශස් ගෙඩි ඉවත් කිරීම සඳහා කරන සැත්කමකදී අවශ්‍ය ප්‍රමාණයට වඩා අභ්‍යන්තර චර්ම කොටස් ඉවත් කළොත් එතැන කුහරයක් හටගෙන ගුද පරිකර්තිකාවක් ඇතිවන බවත් ආයුර්වේදයේ කියෑවෙනවා. ගැස්ට්‍රයිටීස් සමග රෝග රැසක් ප්රශ්නය - ගැස්ට්‍රයිටීස් රෝගය ඇති වන්නේ කොහොමද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - අධික උෂ්ණාධික ශරීර ඇති අයගේ විදග්ධ වූ පිතෙන් ඇති වන උෂ්ණ ගතිය සහ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වන යම් යම් ගැටලුකාරී තත්aත්ව නිසා නිසි පරිදි ජීර්ණය නොවූ ආහාර කොටස් විෂක් ලෙස රුධිරයට එක්වීම සිදු වන අතර මෙන්න මේ ක්‍රියාවලි නිසා සිරුරේ ඇති වන රෝගයක් ලෙස ගැස්ට්‍රයිටීස් හඳුන්වා දිය හැකියි. ප්රශ්නය - ගැස්ට්‍රයිටීස් වලින් සිරුරට ඇති කරන බලපෑම් මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - ආහාර ජීර්ණය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා සිරුරේ සෛලවලට නිසි පරිදි පෝෂණය නොලැබීම සිදුවීම ඇරඹේ. මෙම ක්‍රියාවලිය සිරුරේ ආම රසය වැඩි වීම තුළින් තව තවත් තීව්ර වීම සිදු වේ. ඒ අනුව මෙම ගැස්ට්‍රයිටීස් තත්ත්වය නිසා සිරුරේ සාන්ද්‍රව සෛලවලට නිසි පරිදි පෝෂණය නොලැබීම නිසා විවිධ ආබාධ ඇති වීම ඇරඹේ. ඒ අනුව එම විෂ කොටස් වැඩි වීම තුළින් එම විෂ කොටස් තෝරා ගත් පද්ධති හා අවයව ආක්‍රමණය කළ විට ඒවායෙන් විවිධ රෝගාබාධ ඇති වීම සිදු වේ. ඒ අනුව එම විෂ මුත්‍රා පද්ධතිය ආක්‍රමණය කළේ නම් වකුගඩු, මුත්‍රා රෝග, සිරුරේ අධෝභාගය නම් මළ පිටවීම අක්‍රමවත් වීම අර්ශස් තත්ත්ව ලෙස ඒ ඒ පද්ධති ආශ්‍රිතව විවිධ රෝග ඇති විය හැකියි. ප්රශ්නය - මෙම රෝගය වැළඳුණු අයෙක් ඒ බව දැනගන්නේ කෙසේද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක -පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝග ලක්ෂණ වෙනස් විය හැකියි. ඒ අතරිනුත් බඩ පපුව දැවිල්ල, උගුරට ඒම, කැරකිල්ල, වමන ගතිය, ක්ලාන්තය, දහදිය දැමීම, ඇඟපත අමාරුව, හන්දි වේදනාව, හිස කැක්කුම, කොන්ද කැක්කුම, පපු පෙදෙසේ ඇති වන වේදනාව, උදරයේ හිස් බවක් දැනීම, අලස බව, අධිකව කේන්ති යැම, නිදිමත ගතිය, මළ පිට වීමේ අක්‍රමවත් බව ආදීයෙන් රෝග ලක්ෂණ දැනගත හැකියි. ප්රශ්නය - ආයුර්වේද ප්‍රතිකාර මගින් මේ රෝගය සුව කළ හැකිද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - නිසි ආයුර්වේද වෛද්‍යවරයකු කරා ගොස් ඔවුන් ලබාදෙන ඖෂධ නිවැරදි ලෙස පාවිච්චි කළොත් මේ රෝගය නිට්ටාවටම සුව කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා සැකසූ සුදුසුම ප්‍රතිකාර විදි ආයුර්වේදය සතුව තිබෙනවා. නිවැරදි ලෙස රෝග ලක්ෂණ හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීම තුළින් ගැස්ට්‍රයිටීස් සුව කර ඒ නිසාම ඇති වූ අනිකුත් රෝගාබාධයන්ද සුව කර ගත හැකියි. මයෝපති රෝගයේ රෝග ලක්ෂණ මෙන්න! ප්රශ්නය - පසුගිය සතියේදී අප සාකච්ඡා කළේ මයෝපති රෝගයේ මූලික තත්ත්වයන් ගැනයි. මෙය මාංශ පේශීන්වල තිබෙන තන්තු ආශ්රිත රෝගයක් බව ඔබ සඳහන් කළා. එනම් මාංශ පේශීන් තුළ තිබෙන ස්නායු, මාංශ පේශීන්ට එරෙහිව කටයුතු කිරීමක්. එවිට ස්නායු මගින් ලබාදෙන සංඥාවලට අනුව මාංශපේශීන් ක්‍රියාත්මක වන්නේ නැහැ. අද අප ඔබෙන් අහන ප්රශ්නය මේ රෝගයේ රෝග ලක්ෂණ මොනවාද කියන එකයි. වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - මාංශ පේශි දුර්වල වීම, මස් පිඬු පෙරළීSම, මස් පිඬු තදවීම. අපස්මාරය හෝ වලිප්පුව වැනි රෝග තත්ත්වයන් තුළදී මාංශ පේශීන් තද වීම හා සමාන තත්ත්වයන් ඇතිවීම තමයි ප්‍රධාන රෝග ලක්ෂණ. ප්රශ්නය - ඔබ කිව්වා මෙය systemic diseases හෙවත් ශරීර පද්ධතිය සමඟ සම්බන්ධ රෝගයක් බව. එයින් ඔබ අදහස් කරන්නේ කුමක්ද? වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - මෙය සමස්ත ශරීරයේම මාංශ පේශීන්ට වැළඳෙනවා. එවිට එහි බලපෑම සම්මත ශරීර පද්ධතියටම බලපානවා. එක් එක් රෝග තියනවා. මයෝපති රෝගයට මූලාරම්භයක් සපයන අන්තරාසර්ග හෙවත් ශරීරයේ නාළ රහිත ඉන්ද්රියයන් රෝගී වුණාම මයෝපති හැදෙනවා. ඊළඟට ප්‍රදාහ තත්ත්වයන් දිගින් දිගට තිබුණමත් මයෝපති රෝගය හටගැනීමේ අවදානම ඇතිවනවා. තුන්වනුව කිසියම් ආසාදිත තත්ත්වයක් දිගින් දිගටම පැවතුණාමත් මයෝපති රෝගය හට ගන්නට පුළුවන්. ඒ වගේම බෙහෙත් විස වුණාමත් දිගින් දිගටම ඇතැම් බෙහෙත් වර්ග පාවිච්චි කළාමත් මේ රෝගය හැදෙනවා. ජාන උරුමයෙන් හට ගන්නා සහ අලුතින්ම වැළඳෙන යනාදී වශයෙන් මයෝපති වර්ග දෙකක් තිබෙන බව පසුගිය සතියේදී මා ඔබට තේරුම් කළා. ප්රශ්නය - ඖෂධ නිසා මේ රෝගය හැදෙන බව ඔබ කිව්වා. ඒ කොහොමද? වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - සමහර ඖෂධ තිබෙනවා දීර්ඝ කාලීනව පාවිච්චි කිරීමට තරම් සුදුසු නැති. එහෙත් පාවිච්චි නොකරත් බැරි. උදාහරණයක් වශයෙන් පිළිකා රෝගය සඳහා ලබා දෙන ඖෂධ දීර්ඝ කාලීනව පාවිච්චි කිරීම අවදානම්. හැබැයි එම බෙහෙත් දිගටම පාවිච්චි කළොත් රෝගියාට මයෝපති, වකුගඩු රෝග, අක්මා රෝග යනාදිය හටගන්නට පුළුවන්. ඇතැම් චර්ම රෝග සඳහා පාවිච්චි කරන ඖෂධ දීර්ඝ කාලයක් ගත්තම වකුගඩු නරක් වෙනවා. මයෝපති හැදෙනවා. සමහර ඖෂධ වර්ග දිගු කාලීනව ගත්තාම ශරීරයට විස වෙනවා. එතකොටත් මයෝපති හැදෙනවා. ලබන සතියේ තව කොටසක් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Mar 2018 07:18 PM මැංගුස්ටින්, කෝමාරිකා, තක්කාලි, අලිගැටපේර වලින් හදන පිළිකා සුව කරන ඖෂධය මෙන්න ප්රශ්නය - සර්වාංග වෛද්‍යවරියක වූ ඔබ දීර්ඝකාලීනව පෞද්ගලික මට්ටමින් පිළිකා රෝගය සම්බන්ධයෙන් පර්යේෂණ කරන බව අපට දැන ගන්නට ලැබුණා. ඒ අතර පසුගිය දිනෙක කළ විදේශ සංචාරයකදී මුවාගේ වැදැමහ සහ මැංගුස්ටින්, තක්කාලි, කෝමාරිකා, අලිගැටපේර තෙල්, පරවි මල් ඇතුළු ශාක සාර සහ සත්ත්ව කොටස් 10 කින් සාදන ලද පිළිකා නාශක ඖෂධයක් සාදන ආකාරය ගැන ඔබට අත්දැකීමක් ලැබුණු බවත් අපට දැනගන්නට ලැබුණා. මේ සියල්ලටම කලින් අපට කියන්න ආයුර්වේදය මගින් පිළිකාව සුවපත් කළ හැකිද? වෛද්‍ය රේණුකා අල්විස් - පිළිකා රෝගය සුව කළ හැකි වන්නේ එක්තරා මට්ටමකදී විතරයි. එතැනින් එහාට පුළුවන් වෙන්නේ පිළිකාව පැතිර යැම වැළැක්වීමයි. පිළිකාව පැතිර යැම වැළැක්වූ තැන සිට එය ටිකින් ටික සුවපත් කෙරුණ අවස්ථා ගැනත් අප අසා තිබෙනවා. මැංගුස්ටින් සහ කෝමාරිකා මුල් කරගෙන හදන ඖෂධයන් ගැන උදාහරණයක් මට කිව හැකියි. වරක් මේ ඖෂධය මගින් ගැබ් ගෙල පිළිකාව හැදුන කාන්තාවකට ප්‍රතිකාර කරනු ලැබුවා. මාස 3 ක ප්රතිකාරවලින් පසු ඇගේ ගැබ් ගෙල ප්‍රදේශයේ පිළිකා සෛලවලින් 80% ක් අතුරුදන් වුණා. තවත් මාස 2 කට පසු ඉතිරි සෛල 20% ක් අතුරුදන් වුණා. ප්රශ්නය - ඔබ කියන අලුත් ඖෂධය මගින් සිදු කරන්නේ කුමක්ද? වෛද්‍ය රේණුකා අල්විස් - ඔබ කියන්නේ මැංගුස්ටින්, මුවාගේ වැදැමහ, තක්කාලි, කෝමාරිකා ඇතුළු ද්‍රව්‍ය 10 ක් අඩංගු ඖෂධය ගැන නම් එයින් කාර්යයන් දෙකක් සිදු වෙනවා. පළමුවැන්න තමයි මුල් කාලයේදීම හඳුනා ගන්නා පිළිකා සෛල විනාශ කිරීම. දෙවැන්න තවදුරටත් පිළිකාව පැතිර යැම වැළැක්වීම. මේ දෙකෙන් කොයික කළත් පිළිකාව සුවපත් කරන්නට ආරම්භයක් ගන්නට පුළුවන්. ප්රශ්නය - පිළිකාවක් හැදෙන්නේ කොහොමද? වෛද්‍ය රේණුකා අල්විස් - පිළිකාව කියන්නේ හරිම සංකීර්ණ දෙයක්. එය වර්ධනය වන්නේ අවට තිබෙන පටක සහ ග්රන්ථීන් කා දමමිනි. මෙහෙම කලක් ගත වනවිට පිළිකා සෛල පවතින ප්‍රදේශය තුළ විස එකතු වීමට පටන් ගෙන වටපිටාවේ තිබෙන සෛල මහත් වේගයෙන් වැඩෙන්නට පටන් ගන්නවා. තවත් කලක් යනවිට ඒ ප්‍රදේශය ඉදිමෙනවා. ඊළඟට ඒ හරහා යන රුධිරය ඔස්සේ ඇඟ පුරාම මෙය පැතිර යනවා. සාමාන්‍යයෙන් නිරෝගී සෛලයක ක්‍රියා පිළිවෙත තමයි වර්ධනය වෙලා නැවත දෙකට බෙදෙමින් තිබී සුදුසු කාලයේදී මිය යැම. පරණ සෛල මිය යන විට අලුත් සෛල එතැනට එනවා. එහෙත් පිළිකා සෛල මැරෙන්නෙ නැහැ. ඒවා සිරුර පුරා පැතිරෙමින් දෙගුණ වෙනවා. පිළිකාවක් හැදෙන්නේ පහත සඳහන් කාරණා නිසයි. 1. DNA විකෘතිතා හට ගැනීම 2. ජානමය හේතු 3. දුම්කොළ, ඇස්බැස්ටෝස් තන්තු, ආසනික් යනාදිය ශරීරගත වීම විකිරණවලට සහ පාරජම්බුල කිරණවලට හසුවීම 4. දුම් ඉරීම, සිගරට් බීම, සුරුට්ටු බීම. අන් අය නිකුත් කරන සිගරට් සුරුට්ටු දුම් ආඝ්‍රාණය කිරීම සහ දුම්කොළ අනුභව කිරීම. 5. මත්පැන් පානය සහ ස්ථුල භාවය 6. ක්‍රියාකාරී ජීවිතයක් ගත නොකිරීම 7. සූර්ය තාපයට අධික ලෙස බඳුන් වීම (මෙය චර්ම පිළිකාවලට හේතුවකි.) 8. ගැමා කිරණවලට ලක්වීම. ප්රශ්නය - මෙහි රෝග ලක්ෂණ මොනවද? වෛද්‍ය රේණුකා අල්විස් - උණ, මහන්සිය, සිරුර වේදනා ගෙනදීම, ශරීරයේ තැන් තැන්වලින් අසාමාන්‍ය ලෙස රුධිරය ගැලීම, දිගින් දිගටම පවතින වියළි කැස්ස, ආහාර නොදිරවීම සහ ගිලීමට අපහසු වීම, හිටි හැටියේම බර අඩුවීම, හමේ ස්වභාවය වෙනස් වීම. (ලබන සතියේ පිළිකාව සුව කරන නව සොයාගැනීම ගැන තව තොරතුරු) ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Mar 2018 07:27 PM රතුපාටට නොපෙනුණත් සමහරුන්ගේ මුත්රාවල රුධිරය තිබෙනවා ප්රශ්නය - මුත්‍රා ආසාදන වර්ග සහ මුත්‍රා රෝග කීයක් තිබෙනවාද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - නම් වශයෙන් ගන්න පුළුවන් මුත්‍රා රෝග 48 ක් තිබෙනවා. ඊට අමතරව තවත් මුත්‍රා රෝග විශාල වශයෙන් තිබිය හැකියි. අද සිට මේවා එකින් එක ගෙන සාකච්ඡා කරමු. 1. Hemturia හෙවත් මුත්‍රා සමඟ රුධිරය පිටවීම. ඔබේ මුත්‍රා රතු පාට වුණොත් ඔබ තුළ විශාල බියක් හට ගැනීම අනිවාර්යයි. සමහර විට මෙය බිය වීමට හේතුවක් නොවෙයි. එහෙත් තවත් සමහර විට මෙය ඉතා බරපතළ තත්ත්වයක් විය හැකියි. මුත්‍රා මාර්ගයේ ඉතා කුඩා බිබිලි හට ගන්නා අවස්ථා තිබෙනවා. ඒවා පුපුරා ගිය විටත් රුධිරය පිට වී මුත්‍රා සමඟ නිකුත් වෙනවා. එවැනි අවස්ථා ස්වාභාවික සහ අනතුරුදායක නොවන අවස්ථා ලෙස සැලකිය හැකියි. ඇසට නොපෙනී මුත්‍රා සමඟ රුධිරය පිටවන අවස්ථාත් තිබෙනවා. මේ රුධිරය අංශු වශයෙන් මුත්‍රා සමඟ මිශ්‍ර වන අතර, නිසි ලෙස දැනගත හැක්කේ මුත්‍රා සාම්පලයක් ගෙන අන්වීක්ෂයකින් නැරඹූ විට පමණයි. මුත්‍රා සමඟ රුධිරය මිශ්රවීම ඇසට පෙනෙන විට අප එය හඳුන්වන්නේ (1) gross hematuria යන නමින්. අන්වීක්ෂයට පෙනෙන තත්ත්වයේ රුධිරය පවතින විට අප එය හඳුන්වනවා (2) Microscopic hematuria කියලා. පළමුවන වර්ගයේ රුධිර පහවීම සිදුවන විට මුත්රාවල පැහැය රෝස, රතු හෝ අඳුරු පැහැය ගන්නවා. එයින් කියෑවෙන්නේ රතු රුධිරානු බහුල වශයෙන් මුත්‍රා තුළ තිබෙන බවය. සාමාන්‍යයෙන් මෙය වේදනාකාරී නැහැ. එහෙත් ඔබේ මුත්‍රා මාර්ගය දිගේ රුධිර කැටිති පහ වෙනවා නම් ඉන් හට ගන්නා පීඩනය මත වේදනාවක් ඇති විය හැකියි. ප්රශ්නය - මෙය හටගන්නේ ඇයි? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - ඔබේ වකුගඩු හෝ මුත්‍රා වාහිනී පද්ධතියට අයත් සෙසු කොටස්වලින් රුධිර සෛල කාන්දුවක් සිදු වන විට එම සෛල මුත්‍ර සමඟÊමිශ්‍ර වනවා. එසේ කාන්දු වීමට හේතු ගණනාවක් තිබෙනවා. එනම්, මුත්‍ර මාර්ගයේ ආසාදනයක්, මුත්‍ර වාහිනිය හරහා බැක්ටීරියාවක් ඔබේ සිරුර තුළට ඇතුළු වී මුත්‍රා බොක්ක තුළට ගොස් දෙගුණ තෙගුණ වීමට පටන් ගන්නවා. මෙවිට නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වන අතර, මුත්‍රා දැවිල්ල සහ යටි බඩේ වේදනාවක් හට ගන්නවා. ඒ එක්කම මුත්‍රාවලින් දරුණු ගඳක් පිටවනවා. ලබන සතියේ සෙසු හේතු කියවමු. සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Mar 2018 03:30 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Mar 2018 03:36 AM ලේ පිළිකාවලට තවත් බිය විය යුතු නැහැ... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Mar 2018 06:25 PM දියවැඩියා රෝගීන් සීනි සහිත ආහාර පාලනය කර ගන්නා අයුරු "මගේ තේ කෝප්පයට සීනි දාන්න එපා" පුද්ගලයාගේ වයස, වකුගඩුවලට හානි සිදුවී තිබේද, හෘදයාබාධ මතුවී තිබේද, කකුල්වල තුවාල මතුවී තිබේද සහ දියවැඩියාවට කෙලින්ම බලපෑමක් නැතත් දණහිස් ආබාධ මතුව තිබෙනවාද යන්න පිළිබඳව ආදී කරුණු රැසක් සලකා බැලිය යුතුයි යෑයි යම් පුද්ගලයකු පැවසුවහොත් එම පුද්ගලයා දෙස අන් අය බලනුයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයකු යෑයි කියාය. එනිසා ඇතැම් අවස්ථාවලදී දියවැඩියා රෝගීන්ට සීනි යනු පැණි රස දෙයක් නොව තිත්ත රස දෙයක් බවට පත්වේ. වෛද්‍යතුමනි, දියවැඩියා රෝගීන් තම දිනපතා ආහාර වේල සඳහා සීනි සහිත ආහාර වර්ග එක්කර ගැනීමේදී අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත කුමක්ද? දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයකුට ප්‍රතිකාර ලබාදීමේදී සහ ඔවුන් දිනපතා ගනු ලබන ආහාර පාන පිළිබඳව උපදෙස් ලබාදීමේදී එම පුද්ගලයා රෝගියකු ලෙස නොසලකා සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නවා. ඒ සඳහා එම පුද්ගලයාගේ ජීවන රටාවේ යම් වෙනස්කම් සිදුකරනවා. මෙම වෙනස්කම් මගින් රෝගය පාලනය වීමත් සාමාන්‍ය ජීවිතය තෘප්තිමත්ව ගතකිරීමටත් හැකි වෙනවා. දියවැඩියාව රෝගයේදී ආහාර පාලනය කළ යුතු වන්නේ පවතින රෝග තත්ත්වය සලකා බැලීමෙන් පසුවයි. දියවැඩියා රෝගය මතුව ඇත්තේ සිරුරින් ඉන්සියුලින් බිංදුවක්වත් නිපදවන්නේ නැති කාණ්ඩ I ((Type-I) වර්ගයේ දියවැඩියා තත්ත්වය ද එසේත් නැතිනම් වයසට යැමත් සමග ඇතිවන අග්න්‍යාසයෙන් ඉන්සියුලින් නිපදවීම අඩුවන කාණ්ඩ II ට (Type-II) අයත් දියවැඩියාව ද නිසා පරීක්ෂා කළ යුතුයි. ඊට අමතරව පුද්ගලයාගේ වයස, වකුගඩුවලට හානි සිදුවී තිබේද, හෘදයාබාධ මතුවී තිබේද, කකුල්වල තුවාල මතුවී තිබේද සහ දියවැඩියාවට කෙලින්ම බලපෑමක් නැතත් දණහිස් ආබාධ මතුව තිබෙනවාද යන්න පිළිබඳව ආදී කරුණු රැසක් සලකා බැලිය යුතුයි. අනතුරුවයි එම පුද්ගලයාගේ ආහාර පාලනය සඳහා වෛද්‍යවරයා යොමුවන්නේ. එසේම එම පුද්ගලයාගේ රැකියාවේ ස්වභාවය කය වෙහෙසවා වැඩ කරන කාල සීමාව ආදිය ගැනත් සලකා බැලිය යුතුයි. තරුණ අයට ශක්තිය වැඩිපුර අවශ්‍යයි. ඔවුන් ගනු ලබන ආහාර පාලනය කිරීම ඔවුන්ගේ ශරීර වර්ධනයට හානියක් සිදු නොවන අයුරින් කළ යුතුයි. දියවැඩියා රෝගයේදී ආහාර පාලනය සිදු කිරීමේදී වැඩි අවධානයක් යොමු කරන්නේ පිෂ්ට ජනක ආහාර සම්බන්ධවයි. සරල පිෂ්ටය වැඩිපුර අඩංගු ආහාර සීමා කළ යුතුයි. එම ආහාර මගින් ශරීරයට එකවර ග්ලූකෝස් විශාල ප්‍රමාණයක් මුදාහරිනවා. එම ග්ලූකෝස් පාලනය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් අග්න්‍යාසය මගින් නිපදවන්නේ නැහැ. එසේ වූ විට රුධිරයේ පැවැතිය යුතු ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා. පිෂ්ට ජනක ධාතු සහිත ආහාර බත්, ඇට වර්ග, ධාන්‍ය වර්ග ඕනෑම අල වර්ගයක්, වට්ටක්කා, කැරට්, බීට්, කොස්, දෙල්, අලුකෙසෙල් වැනි එළවළු ලෙස අප භාවිත කරන ආහාර වර්ගවල පිෂ්ට ජනක ධාතු බහුලව තිබෙනවා. මෙම පිෂ්ඨ ජනක ආහාරවලින් සරල සීනි ප්‍රමාණය ඉහළ අගයක තිබෙන ආහාර (High Glycaemic Index) සහ සරල සීනි ප්‍රමාණය පහළ අගයක තිබෙන ආහාර (Low Glycaemic Index) ලෙස ආහාර වර්ග තිබෙනවා. පාන් පිටිවලින් නිපදවූ ආහාරවල සරල සීනි ප්‍රමාණය ඉහළ අගයක පවතිනවා. එවැනි ආහාරවලින් ඉතා ඉක්මනින් ශරීරයට සීනි මුදාහරිනවා. නාඩු සහල්, තම්බාපු සහල්, ආටා පිටි, කුරක්කන් පිටි ආදියෙහි වැඩිපුර පවතින්නේ සංකීර්ණ කාබෝහයිඩේ්රට්ය. එවැනි ආහාරවල ඇති සරල සීනි ප්‍රමාණය අඩු නිසා එම ආහාර ගත් විට ශරීරයට ඉතා ඉක්මනින් සීනි මුදා හැරීමක් සිදුවන්නේ නැත. ආහාර පාලනය කරන අයුරු පළමු කාණ්ඩයේ (Type-I) දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ගේ ශරීරයෙන් ඉන්සියුලින් නිපදවන්නේ නැති නිසා ඔවුනට බාහිරින් ලබාදෙන ඉන්සියුලින් ප්‍රමාණය ගැන අවධානය යොමුකර සීනි සහිත ආහාර පාලනය කළ යුතුයි. (Carbohydrate Counting) දෙවැනි කාණ්ඩයේ (Type-II) දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන්ගේ ශරීරයෙන් ඉන්සියුලින් නිපදවන නිසා ඔවුනට යම් ප්‍රමාණයකට රුධිරයේ සීනි පාලනය කරගත හැකියි. නමුත් ඔවුන් ද වෛද්‍ය උපදෙස් මත ආහාර පාලනය කරගත යුතුයි. බොහෝ දෙනා ආහාර ගනු ලබන ක්රමයේ වැරදි නිසා ශරීරයට අනවශ්‍ය ලෙස සීනි එකතු වෙනවා. උදාහරණයක් ලෙස පාන්, ඉදිආප්ප වැනි ආහාර අනුභව කිරීම සඳහා ව්‍යංජනයක් ලෙස යොදාගන්නේ පරිප්පු හෝ අල හොද්දක් මේ සියල්ලම සරල සීනි බහුල ආහාර නිසා මෙම ආහාර වේලක් ගැනීමෙන් ශරීරයට වැඩිපුර එකතු වන්නේ සීනි පමණයි. එනිසා පාන්, ඉඳිආප්ප වැනි ආහාර ගැනීමේදී සම්බෝල, මස්, මාළු වැනි ව්‍යංජනයක් එක්කර ගැනීම සුදුසුයි. එසේම ඇතැම් දෙනා තම ආහාර වේලට බත් මඤ්ෙÆක්කා, කොස්, දෙල් ආදිය සියල්ල එකතු කර ගන්නවා. මේ සියල්ලම සීනි බහුල ආහාර. එනිසා බත් සමග කොස් දෙල් අල වැනි ආහාරයක් එකතු කර ගැනීමේදී ඒවා අඩු ප්‍රමාණයකින් එක්කර ගත යුතුයි. නැතිනම් ආහාරයට එක්කර ගන්නා බත් ප්‍රමාණය අඩුකළ යුතුයි. දියවැඩියා රෝගීන් තම ආහාර වේලට පළා වර්ග, කොළ පැහැති එළවළු වැඩිපුර එක්කර ගැනීමෙන් පිෂ්ටය සහිත ආහාර ගැනීම පාලනය කර ගත හැකියි. පළා වර්ග කෙතරම් ප්‍රමාණයක් ආහාරයට ගත්තත් රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්නේ නැහැ. එවැනි පළා වර්ග වැඩිපුර ගත් විට කුස පිරෙන නිසා පිෂ්ට ආහාර වැඩිපුර ගැනීමට සිදුවන්නේ නැහැ. කුකුල් මස්, බිත්තර, මාළු වැනි ප්‍රොaටීන් සහිත ආහාර ගැනීම ගුණදායකයි. ඉන් රුධිර සීනි ප්‍රමාණය ඉහළ යන්නේ නැහැ. තෙල් සහිත ආහාර වැඩිපුර ගැනීම හොඳ නැහැ. ඉන්සියුලින් ප්‍රතිරෝධයක් ඇතිවිය හැකියි. බහු අසංතෘප්ත මේදය (Poly un saturated) සහිත ආහාර සීමාසහිත ප්‍රමාණයක් ගැනීම සුදුසුයි. දියවැඩියා රෝගීන් නිතරම තම ආහාර සැලසුමකට අනුව ගැනීමට හුරු විය යුතුයි. ප්‍රධාන ආහාර වේල් තුන අතර ඇතිවන කුසගින්න නිවා ගැනීම සඳහා වතුර වීදුරුවක් පානය, සිනී නොදැමූ අඩු මේදය සහිත කිරි වීදුරුවක් පානය, Green Tea කෝප්පයක් පානය, කොළ පැහැති ඇපල් කෑල්ලක්, ඉදුණු වෙරළු, ඇඹරැල්ල, දිවුල් වැනි පලතුරක් ආහාරයට ගැනීම කළ හැකියි. කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 106 of 137 << < 104105106107108 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner