You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 107 of 137 << < 105106107108109 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Mar 2018 06:26 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Mar 2018 06:27 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Mar 2018 06:36 PM

weda1ආමවාත හෙවත් ආතරයිටීස්‌ රෝගය හඳුන්වනු ලබන්නේ අප ගන්නා ආහාරය නිසි පරිදි ජීර්ණය නොවී ඇඟට උරා නොගැනීම හේතුවෙනි. එම නොදිරවන කොටස්‌ ආයුර්වේදානුකූලව ආමය ලෙස හඳුන්වනු ලබයි. මෙය ශරීරයට අහිතකර තත්ත්වයකි. මෙම ආමය විෂ කොටස්‌ වී ශරීරයේ සන්ධිස්‌ථානවල ඒකරාශී වීමෙන් රෝග තත්ත්වය ඇති කරනු ලබයි.
 
 ඒ අනුව බලන කල ආමවාත රෝගය නැතහොත් ආතරයිටීස්‌ සන්ධි ස්‌ථාන පීඩා කරන රෝග තත්ත්වයකි.
 
 විශේෂයෙන් දණහිස්‌ සන්ධි, වැලමිට සන්ධි, වළලුකර සන්ධි වැනි සන්ධිවලින් ආරම්භ වී කොඳු ඇට පෙළ හා ඇඟිලි පුරුක්‌ සන්ධි දක්‌වා සියලු සන්ධිවලට ද බලපානු ලබයි.
 
 ආතරයිටීස්‌ ඇතිවීමට
 
 බලපාන ප්‍රධාන හේතු
 
 * විරුද්ධ ආහාර පාන ගැනීම.
 
 * විරුද්ධ ක්‍රියාවන්
 
 * මන්දාග්නිය
 
 * ව්‍යායාම නොකිරීම.
 
 * මස්‌ මාංශ වැඩියෙන් අනුභව කිරීම.
 
 * දීර්ඝ කාලීන මළබද්ධය
 
 * බර ආහාර ගැනීම.
 
 සාමාන්‍ය ආතරයිටීස්‌ හෙවත් ආමවාත ලක්‍ෂණ
 
 * අඟ පසඟ පොඩි කරන්නාක්‌ බඳු වේදනාව
 
 * ශරීරයේ උණ ගතිය
 
 * ආහාර අරුචිය
 
 * අධික පිපාසය
 
 * අලස බව
 
 * අඟ පසඟ බර ගතිය
 
 * අත් පා ඉදිමීම
 
 මෙම තත්ත්වයට ප්‍රතිකාර නොකිරීමෙන් පහත ලක්‍ෂණ අනිවාර්යයෙන් ඇතිවේ.
 
 මෙම අවස්‌ථාවේදී ආමවාතය සෑම ලෙඩකටම වඩා ආසාදන වේ. එනම්,
 
 අත් පා බොලට, තුනටිය, දණහිස්‌, කලවා, කොඳු ඇට පෙළ හා ඇඟිලි පුරුක්‌ දක්‌වා පාදය හා අත්ල දක්‌වාත් සියලු සන්ධිවල වේදනාව ඉදිමුමක්‌ හට ගනී.
 
 තව තවත් ආමය රැස්‌ වූ විට, ඉදිකටුවෙන් අනින්නාක්‌ බඳු වේදනාව, අරුචිය, බඩගින්න අඩු බව, වැඩ කිරීමට අකැමැති බව, කේන්ති යැම, ඇඟ දැවිල්ල, මුත්‍රා අධික බව, බඩේ තද ගතිය, ඉවසිය නොහැකි වේදනාව, රාත්‍රියේ නින්ද නොයාම, දිවා කාලයේ නිදිමත ගතිය ඇතිවීම, කරකැවිල්ල, මළබද්ධය යන ආදී තත්ත්වයන් ඇති වේ. මෙම තත්ත්වය ආතරයිටීස්‌ හෙවත් ආමවාතය අධික වීම ලෙස සැලකිය හැකිය.
 
 සන්ධි ඇසුරු කරගෙන ශ්ලේෂ්මල පටල නැති වීම, දණහිස්‌වලට හා සන්ධිවල වතුර පිරීම වැනි තත්වයන්ද ඒ හේතුවෙන් සන්ධිස්‌ථානවල ක්‍රියාකාරිත්වය නිසි ලෙස සිදු නොවීම හා කාටිලේජ ප්‍රදාහයන් හා ශරීරාංග විකෘති වීම දක්‌වා මෙම ආතරයිටීස්‌ රෝගය වර්ධනය විය හැකිය.
 
 ආතරයිටීස්‌ රෝගයේදී
 
 පිළිපැදිය යුතු කරුණු.
 
 ඇඳ විවේකය අත්‍යවශ්‍ය වේ.
 
 වෙහෙස වීම, ඇවිදීම, ව්‍යායාමය නුසුදුසුය.
 
 ගුරු, ස්‌නිග්ධ, ආහාර නුසුදුසුය (මුදවපු කිරි, මාළු, මස්‌, බිත්තර, තෙල් සහිත ආහාර)
 
 කොස්‌, දෙල්, උඳු, කඩල, කවුපි වැනි පිටි බහුල බඩ පුරවා දමන සුළු ආහාර වර්ග නුදුසුදුය.
 
 නිවිති, කංකුන්, කතුරුමුරුංගා, වම්බටු, මෑ වැනි දිරවීමට අපහසු ආහාර නුසුදුසුය.
 
 සුදුසු ආහාර
 
 පහසුවෙන් දිරවන සැහැල්ලු ආහාර වර්ග සුදුසුය.
 
 ආම අවස්‌ථාවේ ලුණු කැඳ, තැම්බුම් හොඳි විශේෂයෙන් යෝග්‍ය වේ.
 
 වැටකොළු, පතෝල, කරවිල, තලන බටු, තිබ්බටු, පලාවර්ග වැනි තිත්ත රස එළවළු ගැනීම විශේෂයෙන් සුදුසු වේ.
 
 ඇල්වතුර අගුණය. උණුවතුර නෑම/ භාවිතය යෝග්‍ය වේ.
 
 ප්‍රතිකාර
 
 ශරීරගත ආම තත්ත්ව අඩු කරන ඖෂධ යෙදීම මූලිsක පියවර වේ.
 
 ශරීරයේ බඩගින්න වඩන කටුක හා තිත්ත ඖෂධ යෙදීම මෙහිදී සිදු කරයි. මේ සඳහා අප සතු පාරම්පරික කසාය වට්‌ටෝරු, පත්තු වර්ග, ගුලි, කල්ක හා ඉදිමුණු සන්ධි සඳහා රූදි තෙල් හා තැවිලි වර්ග යොදනු ලබන අතර, සුව කිරීමට අපහසු යෑයි ප්‍රතික්‍ෂේප කරනු ලබන රෝගීන් දහස්‌ ගණනක්‌ අප මනුසිංහ වෙද පරම්පරාගත පුස්‌කොළ පොත් වට්‌ටෝරු ආභාස කොට ගනිමින් ප්‍රතිකාර ලබා මේ වන විට සුවය ලබා ඇත.
 
 වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0770488118 ඇමැතිය හැකිය.

weda2

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Mar 2018 06:44 PM

weda4මහා රාවණ පරපුරෙන්, මහාකන්දා වැදි පරම්පරාවෙන් පැවැත එන පුලස්‌ති වෙද පරපුර අවුරුදු දහස්‌ ගණනක්‌ පැරැණි වෙද පරපුරකි. මහාකන්දා වැදි සමයේ ඔහු විසූ ගම රුප්ප ලෙසින් නම් වී තිබිණි. එය දඬු වැටකින් වෙන් කළ පසු දඬුබැදිරුප්ප නම් වූවේය. අදටත් දඬුබැඳිරුප්ප යන ගම, දේවහූව ගලේවෙල පිහිටා තිබේ.
 
 වළගම්බා රජු සැඟව ගත් අවස්‌ථාවකදී මහා කන්දා වැදි නායකයා රජුට රැකවරණය සලසා තිබේ. එම ලබාදුන් රැකවණයට විශේෂ වරප්‍රසාදයක්‌ ලෙසට රුප්ප වටකර වැටක්‌ බැඳ ගැනීමට අවස්‌ථාව සලසා දුන් බව අතීත කතා අපේ මතකයට නගයි. එපමණක්‌ නොව රජු නැවත රජ වූ පසු මහාකන්දා වැදි නායකයාට ගෞරත්වයක්‌ ලෙසට ගෞරව නාමයක්‌ පිරිනැමුවේය. රණවීර වනසිංහ මුදියන්සේලාගේ යන නාමයයි. එදා සිට අදටත් ඒ පරපුර ව්‍යාප්ත වී සිටිති.
 
 රාවණා රජුගේ සීයා, පුලස්‌ති සෘෂිවරයා යටතේ හැදැරු දේශීය වෙදකම, කාලයත් සමග මහා රාවණා රජු මහාකන්දා වැදි නායකයා යටතේ එම පොත් පත් සියල්ල සුරක්‍ෂිතව තැබූ බවට අදටත් සාක්‌ෂි ලෙසින් පොත් පත් දැකගැනීමේ හැකියාව තිබේ.
 
 එදා ගම ගෙවල් කිහිපයකට සීමා වී තිබූ අතර එහි සුවිශේෂි වූ එරබදු ගහ නිසාවෙන් එරමුදු ගහ ගෙදර ලෙසින්ද ගම් හඳුන්වාදෙන තත්ත්වයක්‌ තිබේ. අද ගම හැමෝම එක්‌ එක්‌ වෛද්‍ය ක්‍ෂේත්‍රවලට උරුමකම් කියන්නේ පුරාණ සෘෂිවරුන්ගේ පොත්පත් ආශ්‍රයෙනි.
 
 මහා කන්දා වැදි පරම්පරාවෙන් පැවත එන පුලස්‌ති වෙද පරපුරේ වර්තමාන පුරුක ලෙසට සර්වාංග රෝග සඳහා දක්‌ෂතාවක්‌ උසුලන විශේෂයෙන්ම පිළිකා රෝග තත්ත්වයන් වෙනුවෙන් ප්‍රතිකාරයට දක්‌ෂතා දක්‌වන වජිරජීව සරත් කුමාර මහතා, පිළිකා රෝග වෙනුවෙන් පීඩා විඳින අයටත් පිළිකාව මුල් අවස්‌ථාවේදී හඳුනා ගැනීමෙන් එය ඉක්‌මනින් සුවකර ගැනීමටත් පිළිකාවෙන් වැළකී සිටීමටත් අවශ්‍ය උපදෙස්‌ ලබාදීමට ඉදිරිපත් වී සිටී.
 
 පුරාණ සෘෂිවරුන්ගේ පොත්පත් වල පිළිකාව හඳුන්වා දී තිබෙන්නේ පිඩකා, අපචි, ග්‍රන්ථි යන නම් වලිනි. අපේ සෑම සෛලයකම DභA අණු තිබේ. DභA අනුවේ භෂ්ම අනුපිළිවෙළක්‌ ඇත. උදාහරණයක්‌ ලෙසට ඇඩිනීන්, තයිමීන් ලෙස යුගල වන අයුරිනි. පිළිවෙළ නිවැරදිව තිබේ නම් එය රෝගි තත්ත්වයක්‌ නොවේ. පිළිවළේ භෂ්ම අනුපිළිවෙළ විකෘති ලෙසින් යම් මිශ්‍රණය වී නම් සෛලයේ වර්ධන වේගය, එහි ස්‌වභාවය වෙනස්‌ වී නිරෝගි ලෙසින් ශෛලය වර්ධනය නොවී ශෛසය විකෘති ශෛසයක්‌ බවට පත්වේ.
 
 එවිට එහි ක්‍රියාකාරිත්වය කොතැනින් නතර වේදැයි කියන්නට හැකියාවක්‌ නොවේ. එවිට එම ශෛල විවිධාකාර ලෙසින් හැසිරීමේ හැකියාව තිබේ. එලෙස වෙනස්‌ වූ ශෛල යාබද සෛල පවා වෙනස්‌ කිරීමට උත්සාහ දරයි. එලෙස වෙනස්‌ වන ශෛසයක්‌ පිළිකා ශෛල ලෙස හඳුන්වා දීමේ හැකියාව තිබේ. එවැනි ශෛල ගොනුවක්‌ පිළිකාවක්‌ ලෙසින් හඳුන්වනු ලැබේ.
 
 පිළිකා වර්ග ප්‍රභේද 4848 ක්‌ බව හඳුනාගෙන තිබේ. පිළිකා සහ ගෙඩි වර්ග මෙයට ඇතුළත්ය. පිළිකා වර්ග 4848 න් විශාල ප්‍රමාණයක්‌ සුවකිරීමේ හැකියාව තිබේ.
 
 දේශීය ආයුර්වේදයෙන් සුවය බලාපොරොත්තුව පිළිකා රෝගීන් පැමිණෙන්නේ පරීක්‌ෂණ වාර්තා ලබාගනිමින් බටහිර ප්‍රතිකාර ලබාගෙන තවදුරටත් ප්‍රතිකාරයක්‌ නොමැති බවට පැවසීමේදීය. ඒ අතර ඇතැම් රෝගීහු මරණයට දින නියම කළ රෝගීහුය. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු අතහැරගත යුතු නොවන්නේ දේශීය වෙදකම තුළ ඇති විශ්මය ජනක ප්‍රතිකාර ක්‍රම නිසාවෙනි.
 
 පිළිකා වර්ග බොහෝමයක්‌ පැතිරීමට හේතුව රුධිරයට බලපෑම අස්‌ථිවලට බලපෑම ඇට මිඳුළුවලට බලපෑම නිසාවෙනි. සිරුරේ යැම ඉන්ද්‍රියක්‌ කෙරෙහිම ව්‍යාප්ත වීම පිළිකාවක ස්‌වභාවයයි. එහෙත් ඇතැම් පිළිකා ව්‍යාප්ත නොවන තත්ත්වයක්‌ද තිබේ.
 
 දේශීය ප්‍රතිකාර තුළින් කෙරෙන්නේ ව්‍යාප්ත වන පිළිකාව මර්දනය කිරීමයි. රසදිය, සාදිලිංගම්, ගෙන්දගම්, මනෝසීල ඖෂධ භාවිතයෙන් රස වෛද්‍ය ක්‍රමය යටතේ ඇති ප්‍රබලත්වය මත රෝග සුවයට ප්‍රතිකාර කරනු ලැබේ. රස වෛද්‍ය ක්‍රමය යනු ප්‍රබලම වෛද්‍ය ක්‍රමයක්‌ වන නිසාවෙන් පිළිකා සුවයට රස වෛද්‍ය ක්‍රමය ද භාවිතයට ගනු ලබන්නේ සුවකළ නොහැකි රෝග තත්ත්වයන් ඒ මගින් සුව කිරීමේ හැකියාව තිබෙන නිසාවෙනි.
 
 පිළිකාවට සුවය ලබා දීමේදී පිළිකා සෛල විනාශ කිරීම වෙනුවෙන් වූ ඖෂධ වර්ග එදත් භාවිත කළ බවට සාක්‌ෂි අනුව ඖෂධ නිෂ්පාදනයට ගනු ලබයි.
 
 පිළිකාව තිබෙන තැන අනුව යොදන ප්‍රතිකාර වෙනස්‌වන අතර කෑමට බීමට අපහසු රෝගීන්ට පෝෂණය ලබා දෙමින් ප්‍රතිකාර කළ යුතුව ඇත.
 
 මේ පිළිබඳ නොමිලේ තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් 0718285605 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ.
 
 ආයුරේවේද, පාරම්පරික දේශීය සර්වාංග රෝග, රස වෛද්‍ය
 
 weda3වජිරජීව සරත් කුමාර
 
 සංස්‌කරණය - උපාලි ද සේරම් - වසන්තා ශ්‍රියා කාන්ති

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Mar 2018 06:53 PM

suwa17 3පරිප්පු අධි රුධිර පීඩනයට එරෙහිව සටන් කළ හැකි මිලෙන් අඩු හා පහසුම ක්‍රියා මාර්ගය බව පෙන්වා දෙන පර්යේෂකයෝ පරිප්පු අනුභව කිරීමේදී මිනිසාගේ රුධිර වාහිනිවල පවතින සෞඛ්‍ය දුර්වලතා ම`ග හරවන බව අවධාරණය කර සිටි.
 
 මෙම පර්යේෂණයේ ප්‍රතිඵලයට අනුව බෙහෙත්වලින් තොරව ලොව පුරා මිනිසුන් විශාල පිරිසකට මරු කැ`දවන නිහ`ඩ මාරයා ලෙස ගැනෙන අධි රුධිර පීඩනයට ප්‍රතිකාර කළ හැකි ඵලදායී ක්‍රමයක්‌ හ`දුනාගෙන ඇතැයි ඔහු කියයි
 
 මීයන් යොදාගෙන සිදු කරන ලද මෙම පර්යේෂණවලදී වෑංජනයක්‌ වශයෙන් හා සුප්වලට යොදා අප ආහාරයට ගනු ලබන පරිප්පු අධි රුධිර පීඩනය කපා හරිමින් එම රෝග තත්ත්වයට එරෙහිව සටන් කරන බව අනාවරණය කරගෙන ඇත
 
 වයසත් සමගම ඉහළ යන අධි රුධිර පීඩනය (හයි බ්ලඩ් ප්‍රෙෂර්) කපා හැරීමට අප දෛනිකව ආහාරයට ගනු ලබන පරිප්පුවලට ඉහළින්ම හැකියාව පවතින බව ඇමෙරිකා එක්‌සත් ජනපදයේ මැනිටෝබා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයන් දෙකකදී අනාවරණය වී තිබේ.
 
 මීයන් යොදාගෙන සිදු කරන ලද මෙම පර්යේෂණවලදී වෑංජනයක්‌ වශයෙන් හා සුප්වලට යොදා අප ආහාරයට ගනු ලබන පරිප්පු අධි රුධිර පීඩනය කපා හරිමින් එම රෝග තත්ත්වයට එරෙහිව සටන් කරන බව අනාවරණය කරගෙන ඇත.
 
 පරිප්පු අධි රුධිර පීඩනයට එරෙහිව සටන් කළ හැකි මිලෙන් අඩු හා පහසුම ක්‍රියා මාර්ගය බව පෙන්වා දෙන පර්යේෂකයෝ පරිප්පු අනුභව කිරීමේදී මිනිසාගේ රුධිර වාහිනිවල පවතින සෞඛ්‍ය දුර්වලතා ම`ග හරවන බව අවධාරණය කර සිටිති.
 
 මෙහිදී පරිප්පු හා අධි රුධිර පීඩනය පිළිබ`දව පැවැත්වූ පර්යේෂණයන් දෙක මෙහෙය වූ වෛද්‍ය පීටර් සහ්රඩ්කාට අනුව මෙම පර්යේෂණවල ප්‍රතිඵලය "විස්‌මිත"ය.
 
 මෙම පර්යේෂණයේ ප්‍රතිඵලයට අනුව බෙහෙත්වලින් තොරව ලොව පුරා මිනිසුන් විශාල පිරිසකට මරු කැ`දවන නිහ`ඩ මාරයා ලෙස ගැනෙන අධි රුධිර පීඩනයට ප්‍රතිකාර කළ හැකි ඵලදායී ක්‍රමයක්‌ හ`දුනාගෙන ඇතැයි ඔහු කියයි.
 
 මෙහිදී සිදු කරන ලද පර්යේෂණයන් දෙකෙන් එකකදී ධමනි ආශ්‍රිත රෝගයකින් පෙළුණු මීයන්ගේ පාදයන් දක්‌වා රුධිර වහනය වර්ධනය කිරීමට පරිප්පු මිශ්‍රණයක්‌ ආහාරයට ගැනීම හේතු වූ බව අනාවරණය වී ඇති අතර දෙවැනි පර්යේෂණයේදී පරිප්පු ආහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය ඇති වීම අවහිර කළ හැකි බව හෙළි වී තිබේ.
 
 අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ට මෙන්ම පරිප්පු වගාකරුවන්ට ද මෙම පර්යේෂණයන්ගේ ප්‍රතිඵල ඉතාමත් වැදගත් වන බව පර්යේෂකයෝ පවසති. මෙම පර්යේෂණයන් පරිප්පු වගාකරුවන්ට සහනදායී පුවතක්‌ වනුයේ ඉකුත් ජනවාරි මාසයේ ස්‌ක්‍රිප්ස්‌ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් පරිප්පුවල පවතින කාන්තාවන්ගේ "ඊස්‌ට්‍රජන්" හෝර්මෝනයට සමාන වූ සංයෝගයන් හේතුවෙන් පියයුරු පිළිකා ප්‍රතිකාරයට පරිප්පු බාධා පමුණුවන බව හෙළි කිරීමෙන් පසු පරිප්පුවලට නරක කාලයක්‌ උදාවන ලකුණු පෙන්නුම් කිරීම හේතුවෙනි.
 
 අධි රුධිර පීඩනය යනු ආඝාතය (ස්‌ට්‍රොaක්&zwnj, හෘදයාබාධයන් හා හෘදය වස්‌තුවේ අකර්මණ්‍යතාව යන රෝගයන්ට ද මුල්වන භයානක රෝග තත්ත්වයක්‌ බව වෛද්‍යවරුන් විසින් හ`දුනාගෙන තිබේ.
 
 මෙම පර්යේෂණයන් හි ප්‍රතිඵල පසුගියදා ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ටෙක්‌සාස්‌ ප්‍රාන්තයේ ඩැලස්‌ නගරයේ පැවැති ඇමෙරිකානු හෘද සංගමයේ වාර්ෂික සමුළුවකදී ඉදිරිපත් කර තිබිණි.
 
 ඒමන්ති මාරඹේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Mar 2018 07:10 PM

මැදි වයසේ ඔබගේ නියපොතු අවලස්සන කරන

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/33891.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2018 06:06 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2018 06:06 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2018 06:06 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2018 06:09 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2018 06:09 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2018 06:10 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2018 06:11 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2018 06:12 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2018 06:12 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2018 06:12 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Mar 2018 06:21 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
22 Mar 2018 04:35 AM
දද නම් දැක්කම එපා වෙනවා..
ඒත් ඒ අය පව්...
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
22 Mar 2018 07:36 AM
ඒ වගේම ඉක්මනටම බෙහෙතක් නොකලොත් හරි ඉක්මනට පැතිරෙනවා අනිත් තැන් වලටත්.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Mar 2018 04:20 AM

ගැබිනි සමයේ වමනය, ඔක්කාරයට බෙහෙත් ගන්න ඕනද..?

 

 

 

 http://s3.amazonaws.com/adaderanawebgossip/wp-content/uploads/2018/03/23160501/319.png

 

කාන්තාවක් ගැබ්ගත් බව මුල් කාලයේදීම හදුනාගන්නා ලක්ෂණ තිබේ.
මුත්‍රා පරීක්ෂනයෙන් නිවැරදිව හදුනාගන්නා තෙක් මෙම ලක්ෂණ අනුව තමා ගැබිණියක බව බොහෝ දෙනා කලින්ම දැනගනිති.

ගැබ් ගැනීමත් සමග ඇතිවන එම මූලික ලක්ෂණ වන්නේ උදෑසන වමනය, ක්ලාන්තය, හිසරදය කෑම අරුචිය වැනි දෑය.
සාමාන්‍ය යෙන් ගර්භණී කාන්තාවන්ගෙන් 70% ක් පමණ මුල් මාසය කිහිපය තුල වමනය ඔක්කාරය වැනි ගැටලුවලින් පීඩා විදිති.
අතීතයේ මෙම ලක්ෂණ කාන්තාවක ගැබිණි බව හදුනාගන්නා රෝග ලක්ෂණයක් ලෙස සැලකේ.
ගැබ්ගෙන මුල් තෙමස තුල ඇතිවන මෙම තත්ත්වය මවට අපහසුතා ගෙනදුන්නද ඉන් දරු ගැබට කිසිදු බලපෑමක් සිදුනොවේ.

වමනය සහ ඔක්කාරය ඇතිවීම හොදද..?
ගර්භනී මුල් තෙමස තුල කාන්තාවකට වමනය ඔක්කාරය ඇතිවීම නීරෝගී ගර්භනී මවකගේ ලක්ෂණයක් ලෙස එදා සැලකිනි.
එම මතය තරමක් දුරට අසත්‍යයකි.
මෙම ලක්ෂණ පහලවන මවකට ගබ්සාවක් වීමට සිදුවන අවදානම අඩුබව පරීක්ෂණ මගින් හෙළිවී තිබේ.
එහෙත් ඔක්කාරය වමනය ඇතිවීම හේතුව නිසිලෙසට පැහැදිලි කර නැත.
වැදෑමහ තුලින් නිපදවන (HEG) හෝමෝනය මෙයට හේතුවන බව සඳහන් වේ.
මෙම හෝමෝන මට්ටම වැඩිවන්නේ නිවුන් දරුවන්, HMOLE වැනි ගැබ් ගැනීම් ඇතිවිටය.
එවැනි ගර්භනීතාවලදී වමනය සහ ඔක්කාරය සාමාන්‍ය ගර්භනී මවකට වැඩියෙන් දක්නට ලැබේ.

වමනය ඇතිවන හැටි..?
ගර්භනී මවකට පළමු සති අට තුලදී පමණ වමනය,ඔක්කාරය ඇතිවිය හැකිය.
සාමාන්‍ය යෙන් ගරු ගැබට සති 16 හෝ 17 පමණ කාලය වනවිට මෙම රෝග තත්ත්වය පහවී යයි.
කෙසේ වුවත් ගර්භනී කාන්තාවකට ගැබට සති 13 ක්, (මාස තුනෙන්) පසු මෙවැනි රෝග ලක්ෂණ පළමුවරට ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් නොවේ.
එය රෝගයක ලක්ෂණයකි.
එනිසා ගැබිනි කාන්තාවකට එසේ වුවහොත් පරීක්ෂා කර බැලීම ඉතා වැදගත්.

දරු ගැබට බලපානවද.?
මේ හැර ගැබ් ගැනීමත් සමග ඇතිවන වමනය සහ ඔක්කාරය නිසා ගැබට කිසිදු හානියක් වන්නේ නැත.
එහෙත් යම් කාන්තාවකට වමනය ඉතා දරුණු ලෙස තිබුණහොත් ඒ ගැන සැලකිලිමත් වියයුතුය.
එය Hyperemesis Gravidarum නම් රෝග තත්ත්වය වේ.
මෙහිදී මව පරීක්ෂා කර ඉහත රෝගය නම් පාලනය කළ යුතුය. එය පාලනය නොකළහොත් දරු ගැබට යම් බලපෑමක් ඇතිවිය හැකිය.
මේ නිසා මවකට වමනය නිතර යන්නේනම් නොනවත්වාම යන්නේනම් රෝහල් ගතකිරීම ඉතාම සුදුසුය.
එහිදී මවට සාමාන්‍ය ආහාර ගැනීම අපහසුවීමත් අධික වමන තත්ත්වයත් නිසා රෝහලේදී මවට නිසි ප්‍රතිකාර ලබාදෙයි.
නොනවත්වාම වමනය රෝගයක ලක්ෂණයක්නම් පහත සදහන් ලක්ෂණ තිබිය හැකිය.
මුත්‍රා වර්ණ තද පැහැවීම..
පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවේ..
වමනය සමග රුධිරය පිටවේ..
උදරයේ අධික වේදනාව..
උණ සෑදීම…

ප්‍රතිකාර තිබෙනවද…?
ගර්භනී මුල් අවදියේ වමනය, ඔක්කාරය සාමාන්‍ය තත්ත්වයක් ලෙසට සලකන්නේ එය උදරයේ ඉදහිට ඇතිවන හෙයිනි.
එසේම මව කුසගින්නේ වැඩිවේලාවක් සිටීම වැනි වෙනස්කම් මේ නිසා දක්නට ලැබේ.
මෙවැනි තත්ත්වයකට කිිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය නැත.
එහෙත් ගැබිනි මවගේ එදිනෙකා කටයුතුවලට බාධාවන ලෙසට රෝග ලක්ෂණ පවතී..
මේ සඳහා වෛද්‍ය උපදෙස් ගැනීම වඩාත් සුදුසය.
මේ සඳහා වඩාත් සුදුසු නාරිහා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා හෝ සායනයට යාමයි.
එවැනි මවගේ තත්ත්වය පරීක්ෂා කර දරුගැබට කිසිදු හානියක් නොවන ලෙස තිබෙන සහනදායී ඖෂධ ප්‍රතිකාරයක් ලබාදෙනු ඇත.

උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය චමින්ද මාතොට

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 107 of 137 << < 105106107108109 > >>