You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 108 of 137 << < 106107108109110 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Mar 2018 06:27 PM

රෝග රැස­කට ගුණ දෙන රතු ලූනු

රතු ලුණුවල ආහාරයට ගනු ලබන්නේ පත්‍ර සහ භූගතව වැවෙන බල්බ වැනි කොටසයි. රතු ලුණු ආහාර පිළියෙළ කිරීමේදී ප්‍රධාන වශයෙන් යොදා ගැනේ.

අනෙකුත් ලුණු වර්ග මෙන්ම රතු ලුණු ද ඉතා පෝෂ්‍යදායී වේ. ශක්තිය, ප්‍රෝටීන, මේද, ඛනිජ, කාබෝහයිඩ්‍රේට, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, සින්ක්, සෙලනියම් වැනි පෝෂ්‍ය පදාර්ථ බහුලව අඩංගු වේ. තවද රතුලූනුවල තයමින්, රයිබොෆ්ලේවින්, නියසින්, විටමින් B විටමින් A හා C ද ස්වල්පයක් අඩංගු වේ.

රතු ලූනු අක්මා රෝගවලට ඉතාමත් හිතකරය. විෂ ද්‍රව්‍ය බැහැරණයට උදව් වේ. එසේම මේවායේ අඩංගු ‘සැපොනින’ නම් ද්‍රව්‍ය අක්මා පිළිකා වළක්වයි. රතු ලුනු රුධිරය තුනී කරයි. කැටි ගැසීම වළක්වයි. එමගින් හෘදය රෝග වළක්වයි.

තවද මේවා ගුද මාර්ගයේ බැක්ටීරියා වර්ධනයට හා ගුද පිළිකා ඇති වීම වළක්වයි. මංගනීස්, විටමින් C ආදිය මඟින් සිරුරේ ප්‍රතිශක්තිය නංවයි. රෝග නිවාරණය කරයි. එසේම රතුලූනු ආහාරයට ගැනීම මඟින් සිරුර තුළ ඇති වන alliein නම් ද්‍රව්‍ය නිසා පිළිකා ඇති වීම වළක්වයි.

 

යශෝදා

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Mar 2018 06:35 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Mar 2018 06:35 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Mar 2018 06:35 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Mar 2018 06:35 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Mar 2018 06:36 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Mar 2018 06:36 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Mar 2018 06:36 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Mar 2018 06:36 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Mar 2018 07:07 PM

දියවැඩියාව ලිංගික ජීවිතය අවුල් කරන හැටි

දියවැඩියාව, ශාරීරික මානසික මෙන්ම ලිංගික සෞඛ්‍යයටත් බලපෑම් ඇති කරන බව ඔබ දන්නවාද? දියවැඩියාව මගින් ලිංගික ජීවිතයට ඇති කරනු ලබන බලපෑම ශාරීරික වශයෙන් ඇතිවන අතුරැ ආබාධයක්ම නොවෙයි. දියවැඩියා රෝගය පුද්ගලයකුගේ මානසික සෞඛ්‍යය බිඳවැට්ටවීම සඳහාත් සමත් වෙනවා.

දියවැඩියා රෝගය ලිංගික අවයවවලට බලපෑම් ඇතිකරන්නේ කෙසේද?

දියවැඩියාව රෝගය නිසා කාන්තාවන්ට සහ පිරිමින්ට පහත සඳහන් වන ආකාරයන්ගෙන් බලපෑම් ඇතිවෙනවා.

කාන්තාවන්ට ඇතිවන බලපෑම

දියවැඩියාව රෝගය නිසා කාන්තාවන්ගේ ස්නායුවලට බලපෑමක් ඇතිවී ලිංගික උත්තේජනය ලබාගැනීමේ හැකියාව පහව යවනවා.

මේ තත්ත්වය නිසා සංසර්ගය සිදුකරන විට කාන්තාවකගේ යෝනියෙන් වෑස්සෙන තරලයන් වෑස්සීම සීමා වී වේදනාවක් ඇතිකර සුරාන්තයට පත්වීමට ඇති අවස්ථාව දුරුකරනවා.

ආර්ත‍වභාවය අතර තුර පසුවන කාන්තාවකට දියවැඩියාව ඇතිවුවහොත් එම කාන්තාවගේ රැධිරයේ සීනි මට්ටමේ ක්‍ෂණික වෙනස්කමක් සිදුවන්නට පුළුවන්.

මේ නිසා එම කාන්තාවගේ ලිංගික සෞඛ්‍යයට දැඩි හානියක් සිදුවන්නට ඉඩ තිබෙනවා. එවන් කාන්තාවක් ලිංගිකව එක්වීමට පෙර රැධිර පරීක්ෂාවක් සිදුකිරීමයි වඩාත් සුදුසු වන්නේ.

ඒ, මෙවන් තත්ත්වයක් යටතේ සිටින කාන්තාවක් ලිංගිකව එක්වීමේදී රුධිරයේ සීනි මට්ටම වඩා අඩු අගයක් ගන්නා නිසා ලිංගික එක්වීම මගින් සතුටට වඩා වේදනාවක් දැනෙන නිසයි.

ඒ වගේම, මෙවන් කාන්තාවකට ලිංගික සංසර්ගය මගින් දැඩි අපහසුවක් ඇතිකරවන දිලීර ආසාදන සහ  “cystitis” ගැටිති  මෙන්ම  මුත්‍රා මාර්ගයේ ඇතිවන ආසාදන වැනි විවිධ ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා.

පිරිමින්ට ඇතිවන බලපෑම

දියවැඩියාව ඇති පිරිමි පුද්ගලයන්ට නිතරම වාගේ ඇතිවන්නේ තම ලිංගික කාර්යය නිසිලෙස සිදුකිරීමට නොහැකි වන පරිදි  “testosterone” හෝමෝන මට්ටම පහළ වැටීමයි.

කෙසේ වෙතත් දියවැඩියාව ඇති පිරිමි පුද්ගලයන්ට ප්‍රධාන වශයෙන් ඇතිවන ලිංගික සෞඛ්‍ය ගැටලුව වන්නේ ශිෂ්ණය නිසි පරිදි ප්‍රාණවත් නොවීමයි.

පුරුෂයකුගේ ශිෂ්ණය නිසි පරිදි ප්‍රාණවත් වන්නට නම් ශිෂ්ණයට නිසි පරිදි රැධිර සැපයුමක් අවශ්‍ය වනවා.

දියවැඩියාව මගින් රුධිර නාළිකාවලට හානි සිදුකිරීම නිසා ශිෂ්ණයට ලැබිය යුතු නිසි රුධිර ප්‍රමාණය නොලැබී යාමත් ස්නායුවලට හානි සිදුවීම නිසා ශිෂ්ණය සහ මොළය අතර ඇති සන්නිවේදනය අවහිර වීමත් සිදුවෙනවා. මේ නිසා දියවැඩියාව ඇති අයකුට ශිෂ්ණය ප්‍රාණවත් කර ගැනීම තරමක් අසීරු ක්‍රියාවක් වනවා.

කාන්තාවන්ට සහ පිරිමින්ට පොදුවේ ඇතිවන බලපෑම

දියවැඩියාවෙන් පීඩාවිඳින පුද්ගලයන්ට නිතර වෙහෙස ඇතිවෙනවා. දියවැඩියාව ඇති පුද්ගලයන්ට වෛද්‍ය උපදෙස් මත ඉන්සියුලින් එන්නත තමා විසින්ම ලබාගැනීමට අවසර දී තිබෙනවා. එමගින් රැධිරයේ ඉන්සියුලින් අගය වැඩිකර රුධිරයේ සීනි මට්ටම පාලනය කර ලිංගික සෞඛ්‍යයත් තරමක් දුරට වර්ධනය කර ගන්නට පුළුවන්.

මීට, අමතරව දියවැඩියාව ඇති පුද්ගලයන් හට ලිංගික සෞඛ්‍යය බිඳවැටීමට හේතුවන විවිධ මානසික බලපෑම් ඇතිවෙනවා.

එවන් උදාහරණ කිහිපයක් :

තමා පිළිබඳ ඇතිවන අවතක්සේරුව, කාංසාව, ශරීරයේ බර වැඩිවීම, විෂාදය, සිත හුදකලා වීම, තනිකමක් දැනීම, ආත්මාභිමානය ගිලිහීම,

දියවැඩියාව රෝගය ඇතිවීම නිසා ඇතිවන විවිධ මානසික ආබාධවලට සුවය ලබාගැනීම සඳහා වෛද්‍ය උපදෙස් මත පමණක් ගත යුතු ඖෂධ තිබෙනවා.

දියවැඩියා රෝගීන්ගේ ලිංගික ක්‍රියාකාරීත්වය වර්ධනය  සඳහා  ප්‍රතිකාර ක්‍රම

මේ සඳහා ප්‍රධානතම ප්‍රතිකාර ක්‍රමය වන්නේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම මගින් ස්නායු ආබාධ ඇතිවීම වළක්වාගැනීමයි. මේ සඳහා සිදුකළ හැකි දෑ වන්නේ දිනපතා ඉන්සියුලින් ලබාගැනීම, ඖෂධ මගින් රුධිරයේ ග්ලූකොස් මට්ටම පාලනය කිරීම වැනි දෑයි.

පිරිමින් සඳහා සිදුකළ හැකි ප්‍රතිකාර ක්‍රම

දියවැඩියා රෝගය නිසා ශිෂ්ණය නිසි පරිදි ප්‍රාණවත් නොවන පිරිමින් සඳහා වෛද්‍යවරු විසින් “Viagra” සහ “Cialis” වැනි ඖෂධ නිර්දේශ කරනු ලබනවා. කෙසේ වෙතත් මෙවන් ඖෂධ සෑම අයකුටම සුදුසු වන්නේ නෑ. (විශේෂයෙන්ම අධිරැධිර පීඩනය සහ හදවත් රෝග ඇති පුද්ගලයන්ට)

ඇතැම් පුද්ගලයන් මෙවන් ඖෂධ භාවිතා කරන අතරවාරයේ සමහරැන් වැකූම් පොම්ප “vacuum pumps” සහ ශිෂ්ණයට එන්නත් කරනු ලබන එන්නත් ආදිය භාවිතයෙන් ඵලදායීතාවය වර්ධනය කරගනු ලබනවා.

ඒ වගේම, ඇතැමුන් සැත්කම්වලට භාජනය වීම මගිනුත් ශිෂ්ණයේ ප්‍රාණවත්භාවය නැවත ලබාගන්නවා.

කාන්තාවන් සඳහා සිදුකළ හැකි ප්‍රතිකාර ක්‍රම

කාන්තාවන් ලිංගිකව එක්වීමට පෙර යම් ලිහිසි ද්‍රාවණයක් යෝනි මාර්ගයේ තවරාගන්නවා නම් සංසර්ගයේ දී ඇතිවන වේදනාව තරමක් දුරට දුරැකර වින්දනයක් ලබන්නට පුළුවන්. මේ සඳහා වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගන්න.

හෝමෝන ලබාදීම මගින් සිදුකරනු ලබන ප්‍රතිකාර

කාන්තාවන්ගේ මෙන් පිරිමින්ගේ ද ලිංගික හැකියාව නැවත වර්ධනය කරන සාර්ථක ක්‍රමවේදයක් තමයි හෝමෝන ලබාදීම. කෙසේ වෙතත් මෙමගින් විවිධ අතුරැආබාධ ඇතිවීමට හැකියාව ඇති නිසා මෙවන් ප්‍රතිකාර ක්‍රම වෛද්‍යවරුන්ගේ අනුමැතිය ඇතිවම  සිදුකළ යුතුයි.

නැතිවී ගිය ලිංගික ක්‍රියාශීලීත්වය වර්ධනයට ජීවන රටාවේ සිදුකරනු ලබන වෙනස්කම්

දියවැඩියාව ඇති කාන්තාවන් සහ පිරිමින් සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවකට හුරුවීම මගින් නැවතත් ලිංගික ක්‍රියාශීලී බවක් වර්ධනය කර ගන්නට පුළුවන්. දුම්පානය, මත්පැන්  අත්හරින්න.

දිනපතා සෞඛ්‍යයට හිතකර ආහාර ලබාගන්න, ව්‍යායාමවලත් නිරත වන්න.

තරබාරු පුද්ගලයකු දියවැඩියා රෝගයෙන් පීඩා විඳිනවා නම් තරබාරුභාවය අඩුකර ගැනීම මගිනුත් ලිංගික ජීවිතය වර්ධනය කර ගන්නට පුළුවන්. 

දියවැඩියා රෝගියකුගේ මානසික ආතතිය දුරැකරගැනීම සඳහා භාවනා සිදුකිරීම, පොත්පත් කියවීම, යෝගා අභ්‍යාසවල යෙදීම වැනි කාර්යයන් සිදුකර මානසික ආතතිය දුරුකරගැනීම වඩාත් වැදගත් වෙනවා.

 Web MD

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Mar 2018 07:16 PM

දෙන්නා නුරුස්සන හිතේ ලෙඩේ

ආතතිය කියන්නේ හොඳ දෙයක්. යම් කාලයකදී ප්‍රමාණවත් ආතතියක් මනසට සහ ශරීරයට ප්‍රබෝධයක් සහ අවදි වීමක් ඇති කරනවා. එම අවදි වීම තුළ අප කරන කාර්යයන් බොහෝ සෙයින් සාර්ථකත්වයට පත් වෙනවා. නමුත් දැඩි ආතතිය හෙවත් කල් පවතින ආතතිය අපගේ මනස සහ ශරීරය දෙකම ඉක්මනින් දිරාපත් වීමට හා විඩාවට පත් කෙරෙනවා.

කල් පවතින ආතතිය මානසික අවපීඩනය හෙවත් විශාදිය ඇති වීමට ප්‍රධානම හේතුවයි. අද වෙනකොට විශාදිය සියලුම අසනීපවලින් දෙවැනි ස්ථානයට පැමිණ තිබෙනවා. මිනිසාගේ ජීවිතය අවුල් කිරීමට මෙන්ම පරිහානියට පත් වීමට ප්‍රධානම හේතුවක් ලෙස විශාදිය හෙවත් මානසික අවපීඩනය හොයාගෙන තියෙනවා.

ලිංගිකත්වය කියන්නේ ස්වාභාවික ආශාවක්. එය ආහාරයට තියන ආශාව වගේම මිනිසා තෘප්තිමත් වන ආශ්වාදයක්. එය ව්‍යයාමයක්. එක ලිංගික එකතුවීමකදී ශරීරය තුළ එකතු වන අනවශ්‍ය ශක්තියෙන් කැලරි 200ක් පමණ වැය වන බව සමීක්ෂණවලින් සොයාගෙන තියෙනවා. ලිංගික එකතු වීමකදී සතුට ගෙන දෙන රසායනික ද්‍රව්‍ය ශ්‍රාවය වීම වැඩි වෙනවා. අනවශ්‍ය ලෙස කෝටිසෝල් කියන හෝමෝනය ස්‍රාවය වීමද අඩු වෙනවා. බොහෝවිට අපේ මනසේ ඇතිවන විඩාව ශරීරය තුළ ඇති වන දිරාපත් වීම හෙවත් බොහෝ අසනීපවලට ගොදුරු වීම ආරම්භ වන්නේ කෝටිසෝල් වැඩි වීමත් සමඟ කියලා විශේෂඥයන් පවසනවා. වැඩිපුර කෝටිසෝල් හෝමෝනය ශ්‍රාවය වනවිට එය ලිංගික ආශාව අඩු වීමටද බලපාන බව විද්‍යාත්මක මතයයි. කල් පවතින ආතතියේදී මේ ඇතිවන හෝමෝන සහ රසායනික වෙනස්වීම් සමඟ ඔබ කලබල පුද්ගලයකු බවට පත් වෙනවා. ක්‍රමානුකූලව ඔබගේ ලිංගික ආශාවද අඩු වී යනවා.

දැඩි ආතතියකදී ඔබගේ මනසේ ඇති වන විඩාවත් සමඟ ලිංගික ආශාව අඩු වීමට තවත් ප්‍රධාන හේතු දෙකක් මුල් වෙනවා. ඒවා නම් කාන්තාවකගේ යෝනි මාර්ගය හොඳින් තෙත් නොවීම සහ පිරිමියකුගේ ශිෂ්ණය හොඳින් ප්‍රාණවත් නොවීම. ඔබගේ ජීවිතය සංකීර්ණ වන තරමට ඒ සමාන වේගයෙන් ආතතිය ද ඔබ පිටුපස හඹා එනවා. ආතතිය නිසි ලෙස කළමණාකරණය නොකළොත් විඳිනවාට වඩා වෙන්නේ ජීවිතය විඳවන්න. අපි කුමුදුගේ කතාව බලමු.

කුමුදු අපගේ සායනයට යොමු වුණු තවත් කාන්තාවක්. ඇයගේ මුහුණින් විඩාබර බව හොඳින් පිළිබිඹු වුණා. ඇයගේ කතාව මෙසේ ඇය පැවසුවා.

මම බැංකුවේ වැඩ කරන්නේ. බැඳලා අවු. 5ක් වෙනවා. මගේ මහත්තයත් බැංකුවේ. අපි අවු. 5ක් ආදරය කරලා තමයි විවාහ වුණේ. අපිට අවු. 1ක පුතෙකුත් ඉන්නවා. පළමු අවු. 2ක අපි හරිම සතුටින් හිටියා. දැන් අපි දෙන්නා හුඟක් වෙනස් වෙලා. අපි දෙන්නම වැඩට යනවනේ. හස්බන්ඩ්ගෙන් මට කිසිම  support එකක් නෑ. ඔහුගෙන් කිසිම ආදරයක් මට ලැබෙන්නේ නෑ. අවු. 2ක ඉඳලා අපි දෙන්නා අතර sex life එකක් නෑ. මුලදිනම් මට ඕන වුණත් එයාට අවශ්‍ය වුණේ නෑ. මම සෙක්ස් කරන්න ඕන කිව්වත් කිසිම දෙයක් කියන්නැතුව එහා පැත්ත හැරිලා නිදාගන්න දවස් තිබුණා. දැන්නම් මටත් සෙක්ස්වලට ආශාවක් නෑ. ඔහු මාව touch කරත් මගේ යෝනි මාර්ගය තෙත් වෙන්නෑ. මට එහෙම ආශාවක් නැත්නම් mood එකක් එන්නෑ. වැඩට ගිහින් ඇවිත් ගෙදර වැඩ ටික සේරම ඉවර කරලා තනියම බබාගේ වැඩ ටිකත් කරලා ඉවර වුණාම මට පුදුම තෙහෙට්ටුවක් දැනෙනවා. ඉතින් මම කැමති හැමදේම පැත්තක තියලා නිදාගන්න විතරයි.

ඉතින් ඔබ කීවේ හස්බන්ඩ්ගෙන් කිසිම support එකක් නෑ කියලා. ඒ ඇයි?

එයා ගෙදර එනවා. මාත් එක්ක කතාවකුත් නෑ. මූණ හෝදගන්නවා. මහ රෑ වෙනකල්ම T.V බලනවා. ඊට පස්සේ ෆෝන් එක අරගෙන Facebook යනවා. අඩුමගානේ මට kiss එකක්වත් දුන්න දවසක්වත් මතක නෑ. ඔහු ඉන්නේ ඔහුගේ ලෝකේ. මට හිතෙන්නේ ඔහුගේ ආතතිය අඩු කරගන්න ඔහුත් T.V එකට ඇබ්බැහි වෙලා කියලා. එයාගෙන් ප්‍රශ්නයක් අහන්නත් බෑ. හරියට තරහා යනවා. මට දැන් මේ ජීවිතය මොකටද කියලා හිතෙනවා.

කුමුදු දැඩි ආතතියට ගොදුරු වී ඇති බව පේනවා. ලිංගික ආශාව අඩු වීමක් ආතතියේම කොටසක්. කුමුදු සහ ඇගේ ස්වාමියා මෙම ආතතියෙන් එළියට ගැනීමට පහත සඳහන් විද්‍යාත්මක ක්‍රමවේදවලට යොමු කළා. ඔවුන් කොහුවල LIFE ආයතනයේ උපදේශනයට යොමු කළා. උපදේශනයේ ප්‍රධාන අවස්ථා පහතින් කියවා බලමු.

දෙදෙනා අතර සන්නිවේදනය සහ ලිංගික සන්නිවේදනය දියුණු කිරීමට දෙබස් උපයෝගී කර ගැනීම.

මනස සහ ශරීරය සැහැල්ලු කරන වායාමවලට දෙදෙනාම පුරැදු කිරීම.

ශරීරය මෘදු ලෙස ස්පර්ශ කිරීම මගින් ලිංගික ආශාව වැඩි කිරීම. (Sensate focus Therapy) 

ලිංගික එකතු වීමකදී ශරීරයට සහ මනසට ඇති වන තිලාභ ගැන කෙටි චිතපටි උපයෝගී කරගෙන සාකච්ඡා කිරීම.

කල් පවතින ආතතිය නිසා මනස සහ ශරීරය දිරාපත් වන ආකාරය විදාත්මක ලෙස සාකච්ඡා කිරීම.

දෙදෙනාම සාර්ථක ලෙස උපදේශන වාරවලට සහභාගී වූ අතර දැනට ඔවුන් දෙදෙනා සතුටින් කල් ගෙවයි. මෙහිදී ඔබට මතක් කළ යුතු ඉතාම වැදගත් රහසක් ද පවතී. මෙවැනි ගැටලුවක් ඇති වුණුවිට බලි, තොවිල්, ශාන්තිකර්ම හෝ මෝහනය කිරීමට යාම විසඳුමක් නොවන බව අවබෝධ කර ගැනීම. අද බොහෝ මාධ්‍ය මෝහනය ඉතා සාර්ථක ප්‍රතිකාරයක් ලෙස පෙන්වා මිනිසුන් මුලා කරයි. හොරු සහ තක්කඩියන් මාධ්‍ය තුළ වෛද්‍යවරැ ලෙස පෙනී සිටිමින් ප්‍රජාවගේ මනස විකෘති කරමින් සිටීම ඛේදනීයයි. මෙවන් ගැටලුවක් ඇති වූවිට මනෝ වෛද්‍යවරයකු හමුවීමයි කළ යුතුම දෙය.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Mar 2018 07:29 PM

නිහඬ මාරයා මුත්‍රාශ පිළිකාව

පෙනහළු පිළිකා, චර්ම පිළිකා, පියයුරු පිළිකා සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා වැනි වෙනත් පිළිකා වර්ග මෙන් නොව මුත්‍රාශයේ ඇතිවන පිළිකාව හඳුනාගැනීම තරමක් අපහසුය.මුත්‍රාශයේ ඇතිවන පිළිකාව සතු රෝග ලක්ෂණ පවා හඳුනාගැනීම තරමක් අපහසු වන අතර, මෙම පිළිකා තත්ත්වයේ රෝග ලක්‍ෂණ වෙනත් රෝග හා වැරදි ලෙස වටහාගැනීමේ ප්‍රවණතාවය වැඩිවීම නිසයි මුත්‍රාශයේ පිළිකාව සෑදී මියයන පිරිස වැඩි වන්නේ.

මුත්‍රාශයේ පිළිකාව යනු ඇත්ත වශයෙන්ම කුමක්ද?... එය හට ගන්නේ කෙසේද?…

අනෙක් පිළිකා වර්ගයන් වගේම මෙහිදී සිදුවන්නේත් මුත්‍රාශයේ සෛල අධිවර්ධනය වීම මගින් පිළිකා තත්ත්වය හටගැනීමයි.

මෙවන් අවස්ථාවලදී පිළිකා නොවන මුත්‍රා මාර්ගයේ ආසාදනයන් සහ වකුගඩුවල ගල් හටගැනීම වැනි තත්ත්වයන් සහ “papilloma” සහ “fibroma” ලෙස හඳුන්වනු ලබන පටකවල අසාමාන්‍ය වර්ධනයන් ද ඇතිවිය හැකියි.

මුත්‍රාශයේ ඇතිවන පිළිකා වර්ග

Invasive Bladder Cancer :- මෙය සම්බන්ධක පටකවල සහ මුත්‍රාශයේ බිත්තියෙහි මාංශපේශීවල වර්ධනය වන පිළිකා තත්ත්වයක්.

non-invasive Bladder Cancer :- මෙය මුත්‍රාශය තුළ ඇති අපිච්ඡද පටක සෛල තුළ හටගනු ලබන පිළිකා තත්ත්වයක්.

මුත්‍රාශයේ  පිළිකාව සඳහා ප්‍රතිකාර ක්‍රම

පිළිකාවේ වර්ගය, කාණ්ඩය සහ වර්ධිත තත්ත්වය අනුව පිළිකාව සඳහා සිදුකරනු ලබන ප්‍රතිකාර ක්‍රමයන් වෙනස් වනවා.

මුත්‍රාශයේ ඇතිවන පිළිකාව සඳහාත් සිදුකරනු ලබන සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රමයන් වන්නේ සැත්කම් සිදුකිරීම, විකිරණ භාවිතය, රසායනික චිකිත්සාව “chemotherapy” සහ ප්‍රතිශක්ති චිකිත්සාව “immunotherapy” වැනි ප්‍රතිකාර ක්‍රමයි.

මුත්‍රාශ පිළිකාවේ රෝග ලක්‍ෂණ

මුත්‍රාශයේ ඇතිවන පිළිකාවේ රෝග ලක්‍ෂණ ප්‍රධාන ලෙස කොටස් දෙකකට බෙදන්නට පුළුවන්.

පෙර සලකුණු 

මුත්‍රා සමඟ රුධිරය පිටවීම.

මුත්‍රා කිරීමට දැනෙන අපහසුව සහ මුත්‍රා කිරීමේදී ඇතිවන දැවිල්ල.

මුත්‍රා කිරීමට අවශ්‍ය වන විට මුත්‍රාශය ප්‍රදේශයේ වේදනාවක් හටගැනීම.

නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම.

පිළිකාව ඇතිවූ පසු රෝග ලක්‍ෂණ

ආහාර අරැචිය සහ ශරීරයේ බර අඩුවීම.

මළපහ කිරීමේ පෙර රටාවන් වෙනස් වීම.

ශ්‍රෝණි ප්‍රදේශයේ, ගුද මාර්ගයේ, මුත්‍රාශයේ හෝ ඒ ආශ්‍රිත අස්ථිවල වේදනාවක් ඇතිවීම.

උකුළු ප්‍රදේශයේ ඉදිමුම.

ශරීරයේ රැධිරය අඩුවීම.

උණ හෝ පාද ඉදිමීම.

මුත්‍රාශයේ ඇතිවන පිළිකාවෙන් වැළකීම සඳහා සිදුකළ හැකි දෑ

වයස, ලිංග භේදය, උපතින්ම උරුම වන මුත්‍රාශය ආශ්‍රිත ගැටලු සහ විවිධ හුරැපුරැදු වැනි හේතූන් නිසා මුත්‍රාශයේ පිළිකාව ඇතිවන්නට පුළුවන්.

පිළිකා අවධානම වැඩි වශයෙන් ඇතිවන්නේ මෙම හේතූන් මගින් විෂ සහිත සංඝටකයන් ශරීරයේ තැන්පත් වීම නිසයි.

එළවළු සහ පළතුරැ වැඩි වශයෙන් ආහාරයට ගන්න.

විවිධ වර්ගවල එළවළු සහ පළතුරැ ඔබට හැකි පරිදි ආහාරයට ගන්න. එළවළු සහ පළතුරැ සතුව තන්තු සහ පිළිකාව මර්ධනය සඳහා උපකාර වන ප්‍රතිඔක්සිකාරකයන් අන්තර්ගත වන නිසා මුත්‍රාශයේ ඇතිවන පිළිකාවෙන් ආරක්‍ෂා වීමට එළවළු සහ පළතුරු අනුභවය ඉතා වැදගත් වනවා. තන්තු ආහාර ජීර්ණ පද්ධතිය සුවදායක කරන අතර ප්‍රතිඔක්සිකාරක මගින් පිළිකාව ඇතිවීමට පෙර ඒ හා සමඟ සටන් වදිනවා.

වැඩි වශයෙන් ජලය පානය කරන්න.

දිනපතා ජලය වැඩි වශයෙන් පානය කිරීම මගින් මුත්‍රා වර්ධනය වැඩිවීමක් සිදුවෙනවා. මුත්‍රා සමඟ වකුගඩුවලින් විෂ සහිත සංඝටකයන් පෙරීයෑම වැඩිවීම නිසා එම සංඝටකයන් මුත්‍රාශයේ ඉතිරි නොවී ශරීරයෙන් පහසුවෙන්ම ඉවත් කර ගන්නට පුළුවන්.
රසායනික ද්‍රව්‍යයන්වලට නිරාවරණය වීම සීමා කරන්න.

අද වන විට රසායනික ද්‍රව්‍ය හා කාර්යයන් සිදුකරන රැකියා බොහෝ සෙයින් වැඩිවෙලා. ඔබත් මෙවන් රුකියාවක් සිදුකරනු ලබන අයෙක් නම් ආරක්‍ෂිත උපාංග භාවිතා කිරීමට සැලකිලිමත් වන්න. ඒ වගේම, රසායනික ද්‍රව්‍ය කරා නිරාවරණය වීම හැකිතාක් අඩු කරන්න.

ඔබ සැකසූ ආහාර නිතරම ලබාගන්නවා නම් එම ආහාර වර්ග වෙනුවට සෞඛ්‍යය සම්පන්න අහාර ලබාගන්න.

ඒ වගේම, පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍යයන් භාවිතය වෙනුවට ස්වභාවික පිළියම් ද රසායනික රෑපලාවන්‍ය නිෂ්පාදිතයන් වෙනුවට ස්වභාවික පිළියම්ද භාවිතා කරන්න.
දුම්පානයෙන් වැළකෙන්න.

දුම්පානය කිරීමෙන් ද අහිතකර වන රසායනික ද්‍රව්‍ය 5000කට වැඩි ප්‍රමාණයක් ශරීරගත වනවා. දුම්පානය කිරීමෙන් සහ දුම්පානය කරන පුද්ගලයන් අසල සිටීමෙන් ද වළකින්න.

 සුගත්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Mar 2018 07:53 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Mar 2018 06:01 PM

atharaiticeප්‍රශ්නය - මේ සතියේ ඔබ ආත්‍රයිටිස්‌ රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ මොනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව - පළමුවෙන්ම කසාය. දෙවනුව තැවිල්ලත නික මුල්, කලාඳුරු අල, දේවදාර, සිරිවැඩි, බැබිල මුල්, කේසර බැබිල මුල්, සුවඳ කොට්‌ටං, බෙහෙත් එඬරු මුල්, පොල්පලා, ඉකිරිය, නෙරෙංචි, කටුකරෝසන, බිංකොහොඹ යනාදිය කලං 1 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳුවා පෙරා සහිඳ ලුණු දමා පත භාගය බැගින් උදේ හවස හැලි දින 12 ක්‌ (හැලි 12) පානය කළ යුතුයි.

ඊළඟට තැවිල්ල - තොටි. කොට්‌ට පොල්, මුරුංගා කොළ, වද කහ, අබ, සුදු ලූනු, මුරුංගා පොතු, අමු කහ සම සමව ගෙන කොටා වණ්‌ඩුවේ තම්බා ආසාදනය වූ සන්ධි මත මහා නාරායන තෛලය ගා ඉන් පසු තැවිය යුතුයි. උදේ සහ හවස දවසක්‌ හැර දවසක්‌ දින 7 ක්‌ තැවීම යෝග්‍යයි.

ඒ අතර ආත්‍රයිටීස්‌ රෝගීන් සඳහා සුදුසු ආහාර රටාවකුත් කියන්නම්.

1. ෆයිබර් වැඩි රතු හාලේ බත් සහ කොහු අඹ ඉතා සුදුසුයි.

2. ශාක ප්‍රොaටීන මිස සත්ත්ව ප්‍රොaටීන ආහාරයට ගන්න එපා. බෝංචි, රනිල භෝග, සෝයා, කිරි, සෝයා ටෝෆුවලින් ශාක ප්‍රොaටීන ලබාගත හැකියි.

3. ගෑස්‌ සහිත සිසිල් බීම බොන්න එපා. ඒ අතර රසකාරක යෙදූ පැනි බීමත් බොන්න එපා.

4. ඔබේ කෑම පිඟානෙන් තුනෙන් දෙකක්‌ම සමන්විත විය යුත්තේ එළවළු, පලතුරු, තක්‌කාලි, පිපිඤ්Æ, කැරට්‌ වලිනි.

5. තෙල් කෑම පළාතකටවත් ගන්න එපා.

6. කේක්‌ සහ පැනි රස බිස්‌කට්‌ කෑමෙන් වලකින්න.

7. බඩ බාගෙට පිරීගෙන එන විට කෑම නවත්වන්න.

atharaitice1

 

mayopathiප්‍රශ්නය - පසුගිය සතියේදී මයෝපති රෝගයේ ස්‌වභාවය ඔබ අපට විස්‌තර කර දුන්නා. මෙය neuromuscular රෝගයක්‌ හෙවත් ස්‌නායු පේෂී රෝගයක්‌ බව ඔබ සඳහන් කළා. අද අප අදහස්‌ කරන්නේ මෙහි ප්‍රතිකාර පැත්ත ගැන කතා කරන්නටයි.

මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - මයෝපති රෝගයට ප්‍රතිකාර කරන ආකාර කිහිපයක්‌ තිබෙනවා. පළමුවැන්න තමයි මුඛය මගින් දෙන ඖෂධ. කසාය, අරිෂ්ට, ගුලි, කල්ක, ක්‌වාථ, චූර්ණ වගේ දේවල් මෙයට අයත් වෙනවා. ඊළඟට සම්භාහනය. විවිධ ඖෂධීය තෙල් වර්ග යොදා ගෙන කරන සම්භාහනය මෙහිදී ඉතා වැදගත්. ඊළඟට මස්‌පිඩුවලට ව්‍යායාම කරනවා. සමහර අවස්‌ථාවල මේ ප්‍රතිකාර ක්‍රම තුනම එක විට කරන අවස්‌ථාවන් තිබෙනවා. ඕනැම රෝගයකදී අප සිරුරේ අභ්‍යන්තරයට යන ඖෂධ හෝ සැත්කම්වලට යන්නේ අවසානයටයි. අප මුලින්ම නිර්දේශ කරන්නේ මස්‌පිඩුවලට කරන ව්‍යායාමයන්.

ප්‍රශ්නය - මේ ව්‍යායාම් ගැන තව දුරටත් විස්‌තර කරන්න.

මහාචාර්ය වෛද්‍ය සුජාතා එදිරිවීර - මයෝපති රෝගය නිසා මාංශපේෂීන් හානියට පත්වන බව ඔබ දන්නවා. ව්‍යායාමවලට පුළුවන් මෙසේ හානියට පත්වූ මස්‌පිඩු පවා ප්‍රතිසංස්‌කරණය කරන්නට. මෙවිට සමහරු ප්‍රශ්න කරනවා ව්‍යායාම්වලදී මාංශ පේෂිය තවදුරටත් හානියට පත්වනවා නේද කියලා. නිසි භෞත චිකිත්aසකයකුගේ උපදෙස්‌ පරිදි කරන කිසිදු ව්‍යායාමයකින් මාංශ පේෂිවලට හානියක්‌ වෙන්නෙ නැහැ. ව්‍යායාමවලදි ඉතා වැදගත් දෙයක්‌ සිදු වෙනවා. ඒ තමයි හෘදයේ ක්‍රියාකාරිත්වය වර්ධනය වීම. ඊළඟට රෝගියාට ඔස්‌ටියෝපොරෝසීස්‌ රෝගය වැළඳීමේ තර්ජනයක්‌ ව්‍යායාම නිසා නැතිවනවා. ඔබ දන්නවා ව්‍යායාම නිසා උපරිම ඔක්‌සිජන් ප්‍රමාණයක්‌ ශරීරය විසින් ලබා ගන්නා බව. කෙසේ වුවත් මයෝපති රෝගියෙක්‌ ව්‍යායාම කිරීමට පෙර සුදුසු වෛද්‍යවරයකු වෙතින් පහත සඳහන් කරුණු ගැන පැහැදිලි කිරීමක්‌ ලබාගත යුතුයි.

1. ඔබ පෙළෙන මයෝපති රෝගයේ තත්ත්වය දැකගන්න. ඔබේ රෝගය සමග හෘදය කොතරම් දුරට සම්බන්ධද කියා පැහැදිලි කරගන්න. ව්‍යායාම කිරීමට පෙර එය ඔබේ හදවත සමග නොගැටෙන පරිදි ව්‍යායාම වැඩසටහනක්‌ සකස්‌කර ගන්න.

2. හදවතේ තත්ත්වය දැනගත් පසු ඉතා මෘදු ව්‍යායාමවලින් පටන් ගන්න. වෛද්‍යවරයකුගේ උපදෙස්‌ මත පමණක්‌ එය ක්‍රමයෙන් වැඩිදියුණු කර ගන්න. එකවරම ව්‍යායාම වැඩි කළොත් එය ශරීරයට දරාගන්නට බැහැ.

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

mayopathi1

 

anyප්‍රශ්නය - ගුද ප්‍රදේශයේ/මාර්ගයේ වේදනාව ගැන පාඨකයන් නගන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දිය යුතුව තිබෙනවා. පළමුවන ප්‍රශ්නය වන්නේ කොඳුඇට පෙළේ අවසානයේ තිබෙන ගුද මාර්ගය ආශ්‍රිත අස්‌ථිය වේදනා දෙන්නේ මන්ද කියන එක. එවිට මුළු ගුදයම රිදෙනවා.

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - ඔබ කියන්නේ කොඳු ඇට පේළියේ අග පිහිටි අනුත්‍රිකාස්‌ථිය ගැනයි. මෙය ඔබට නොදැනීම ඇතුළතින් තුවාල වන අවස්‌ථා තිබෙනවා. ඔබේ පස්‌ස තදින් බිම ඇනුණොත් ඉහත කී අනුත්‍රිකාස්‌ථිය පුපුරන්නට පවා ඉඩ තිබෙනවා. ඊළඟට මෙතැන ආසාදනය වෙනවා. එහි ප්‍රතිඵලය තමයි වේදනාව.

ප්‍රශ්නය - තවත් පාඨකයෙක්‌ කියනවා ඔහුගේ ගුද මාර්ගය පහතට එන තත්ත්වයක්‌ තිබෙනවා කියලා. එමගින් අධික වේදනාවක්‌ හටගන්නවා කියලත් ඔහු කියනවා.

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - මෙය Rectal Prolaps යනුවෙන් හඳුන්වන තත්ත්වයක්‌. ආයුර්වේදයේ මෙය හඳුන්වන්නේ ගුද භ්‍රංශය යනුවෙනි. ඕනෑම වයසක කෙනකුට මෙය වැළඳෙන්නට පුළුවන්. හැබැයි මෙය බහුල වශයෙන් ඇතිවන්නේ වියපත් පුද්ගලයන්ට සහ කුඩා දරුවන්ටයි.

ප්‍රශ්නය - මෙය හටගන්නේ කොහොමද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - සමහරු ස්‌වභාවික අවශ්‍යතා ඉතා තදින් මර්දනය කරගෙන ඉන්නවා. අවශ්‍යතා මතුවූ විට මුත්‍රා පහනොකිරීම එකක්‌. මළ පිට නොකිරීම තව එකක්‌. ඒ එක්‌කම, වැටීමකින්, ආගන්තුක ද්‍රව්‍යයන් ගුදය තුළට ඇතුළු වීමෙන් සැත්කමකින් ගුදයට හානි වුණොත් ගුද භ්‍රංශය හටගන්නවා. දිගින් දිගටම පාචන තත්ත්වයක්‌ ඇති වුණත් ගුදය පිටතට විත් ගුද භ්‍රංශය හටගන්නවා. අධික ලෙස මළ බද්ධයෙන් පීඩා විඳීම, වැඩි කාල පරතරයක්‌ නැතිව දරුවන් ප්‍රසූත කිරීම, ගබ්සාවක්‌ කිරීම, මන්ද පෝෂණය, ක්‍රිමි රෝග වලින් දිගුකාලීනව පෙළීම යනාදියත් මෙයට හේතු විය හැකියි.

ප්‍රශ්නය - මෙයට ප්‍රතිකාර සඳහා ශාකසාර යොදා ගත හැකිද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - ශාක සාර මගින් කරන ආයුර්වේද ප්‍රතිකාර තමයි වඩාත් සුදුසු. ගුද භ්‍රංශයට ප්‍රතිකාර ලෙස දිය හැකි ශාක ගැන විස්‌තරයක්‌ ලබන සතියේ කරන්නම්.

any1

 

 

pothuප්‍රශ්නය - ආයුර්වේද මූලධර්මවල හැටියට සොරයිසීස්‌ හෙවත් පොතු කබර රෝගය හට ගැනීමට මූලික හේතුව කුමක්‌ද?

වෛද්‍ය එච්. ඒ. ඒ. හපුගස්‌පිටිය - පොතු කබර රෝගය හටගැනීමට හේතු ගණනාවක්‌ම තිබෙනවා. පරම්පරාවෙන් එන ජාන මගින් මෙය හට ගැනීමට ඉඩකඩ තිබෙනවා. උදාහරණයක්‌ වශයෙන් සීයාට හෝ ආච්චිට රෝගය තිබුණොත් පුතාට හෝ දුවට වැළඳෙන්නෙ නැතිව මුනුපුරාට හෝ මිනිපිරියට වැළඳෙන අවස්‌ථාව 15% යි. එහෙම නැත්නම් පරම්පරා දෙක තුනකට පෙර තිබූ රෝගය මේ පරම්පරාවෙන් මතු වෙනවා. දෙමාපියන් දෙදෙනාටම රෝගය තිබුණොත් දරුවන්ට එය හටගැනීමේ අවස්‌ථාව 60% යි. විරුද්ධාහාර ලෙස ආයුර්වේදයේ හැඳින්වෙන දේවල් කිරි සහ මාලු එකවර ආහාරයට ගැනීම, සම මත හටගන්නා කැපුම් නහරවල් නරක්‌ වීම, පිළිස්‌සීම් සහ දරුණු සීරිම්වලට සම භාජනය වීම, ඇතැම් ඖෂධ වර්ග විස වීම, සිගරට්‌, බීඩි, සුරුට්‌ටු දුම් ඉරීම, මත්පැන් පානය, අධික මානසික පීඩනය, මානසික ආතතිය, උමතුව යන සාධක මගිනුත් මේ රෝගය වැළඳෙන බව ආයුර්වේදයේ කියෑවෙනවා. හැබැයි රෝගය කොතරම් උග්‍ර වුණත් පළමු වැනි මාසයේදී රෝගයෙන් 60% ක්‌ සුව කරන්න පුළුවන්.

ප්‍රශ්නය - පොතු කබරවල රෝග ලක්‍ෂණ මොනවද?

වෛද්‍ය හපුගස්‌පිටිය - 1. සම මත එක්‌ එක්‌ තැන්වල කොරපොතු හට ගැනීම සහ ඒවා තදබල සුදු පැහැයෙන් හෝ රිදී පැහැයෙන් දිලිසීම, 2. සම මත විශාල වශයෙන් කැසීම සහ කසන තැන්වල දැවිල්ලක්‌ හටගැනීම., 3. සම මත බිබිලි හටගෙන ඒවා තුළ සැරව පිරීම, 4. සම රතු වීම සහ ඒ තැන්වල තද රතු ලප හටගැනීම., 5. අත් පා චලනය කරන විට වේදනාවක්‌ හෝ තද ගතියක්‌ හෝ මේ දෙකම හටගැනීම., 6. ආතතිය - හැඟුම්බර ගතිය හෝ ශෝකී ස්‌වභාවය හෝ මේ සියල්ල ඇතිවීම, 7. සම රිදීම සහ ප්‍රදාහ තත්ත්වයක්‌ ඇති වීම, 8. සම මත දිය බුබුළු හටගැනීම, 9. සම මත වියලි ස්‌වරූපයක්‌ ගත් ලප ඇති වීම, 10. එම ලපවලින් රුධිරය කාන්දු වීම

(ලබන සතියේ - පොතු කබර ගැන ආයුර්වේද විග්‍රහය සහ ප්‍රතිකාර)

pothu1

 

diabiticeÕ වෛද්‍යතුමනි මොකක්‌ද මේ දියවැඩියාව රෝගය කියන්නේ...

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - දියවැඩියාව ලෙස හඳුන්වන්නේ ශරීරයේ සීනි මට්‌ටම ඉහළ යැමයි. මෙලෙස සීනි මට්‌ටම ඉහළ යැම තුළින් ශරීරයේ ඇතිවන විවිධ සංකූලතා මෙහි රෝග ලක්‍ෂණ ලෙස හැඳින්විය හැකිය. සමහරුන්ට මෙය ජානමය හේතූන් මගින්ද ඇතිවිය හැකි අතර බොහෝ පිරිසක්‌ මෙම රෝගයට ගොදුරු වන්නේ වැරැදි ආහාර රටාවන්ට යොමුවීම තුළින් බවද පැවසිය හැකිය. දියවැඩියාව වැළඳුණු විට එම රෝගියාගේ ශරීරයට එය ඉතා අහිතකර බලපෑම් කරනු ලබන නිසා එය බොහෝ දෙනා නිහඬ මාරයා ලෙසද හඳුන්වනු ලබනවා.

Õ දියවැඩියා රෝගීන්ට වැළඳෙන තවත් අතුරු රෝගී තත්ත්වයක්‌ තමයි අතපය හිරිවැටීම. මේ රෝගී තත්ත්වය ගැන සඳහන් කළොත්...

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - මෙම රෝගී තත්ත්වය වැළඳුණු බොහෝ දෙනෙක්‌ පවසන්නේ ඔවුන් ඇවිදින විට දෙපා කොට්‌ටයක්‌ උඩ ඇවිදිනවා වගේ දැනෙන බවයි. පාවහන් පැළඳ සිටියත් ඒ බවක්‌ ඔවුන්ට නොදැනෙන බවද පවසනවා. සමහරුන්ට උදෑසනත්, තවත් අයට දිවා කාලයේත්, තවත් සමහරුන්ට රාත්‍රියේදීත් මෙම වේදනාවන් ඇති වෙනවා. බොහෝ විට මේ තත්ත්වය ඇති වන්නේ ඔවුන්ගේ ස්‌නායු පද්ධතියේ දුර්වලතා නිසයි. දියවැඩියාව රෝගය වැළඳුණු විට ස්‌නායු පද්ධතියට නිසි පෝෂණය නොලැබීම නිසා එම පද්ධතිය දුර්වල වූ විට මෙවැනි රෝග ලක්‌ෂණ ඇතිවිය හැකිය.

දියවැඩියාව සමඟම ආතරයිටිස්‌ රෝගයත් වැළඳුණහොත් මේ තත්ත්වය දෙගුණ තෙගුණ වීම සිදුවිය හැකිය. එම නිසා මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී නිවැරැදි පරීක්‍ෂණ අනිවාර්යයි.

Õ අතපය හිරිවැටීමට අමතරව මෙවැනි රෝගීන්ට ඇතිවන වෙනත් රෝග ලක්‍ෂණ කවරේද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - මළ බද්ධය, මළ බුරුලට පිටවීම, සම මතුපිට කැසීමේ තත්ත්වය, පලු දැමීම නිසා කැක්‌කුම, නින්ද නොයැම, මුඛයෙන් දුඟඳ හැමීම, කේන්ති යැම, ඇස්‌වලින් කඳුළු ගැලීම, ඇස්‌ වියළීම ආදී රෝග ලක්‍ෂණ රැසක්‌ම හඳුන්වා දිය හැකියි.

Õ මෙම රෝග සුව කිරීමට ආයුර්වේදය සතුව ප්‍රතිකාර තිබෙනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ඉතාමත් නිවැරැදි ලෙස පරීක්‍ෂා කර බලා රෝගියාට වැළඳී ඇති රෝගය නිවැරැදිව හඳුනා ගැනීම තුළින් ඉතාම කෙටි කාලයක්‌ තුළ මෙම රෝග සුව කිරීමට ආයුර්වේදය සතුව ඖෂධ තිබෙනවා. ඒ සඳහා ඉතා දක්‌ෂ වෛද්‍යවරයකු තෝරා ගැනීමට රෝගියා සමත් වූවොත් කෙටි කලකින්ම ආයුර්වේද ප්‍රතිකාර තුළින් නිරෝගී සුව ළඟාකර ගත හැකියි.

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Mar 2018 06:28 PM

diabitice1දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා අද ලෝකයේ සෑම රටක්‌ම සෑම වෛද්‍ය ක්‍ෂේත්‍රයක්‌ම විශේෂ අවධානයක්‌ යොමු කර තිබෙනවා. විවිධ ඖෂධ වර්ග හඳුන්වා දී තිබෙනවා. වඩාත් සාර්ථක ප්‍රතිකාර සහ උපක්‍රම සෙවීම සඳහා නිරතුරුවම පර්යේෂණ සිදු කරනවා. දියවැඩියා රෝගයේ දී රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය පාලනය කිරීම සඳහා සාර්ථක ඖෂධ බොහොමයක්‌ හඳුනාගෙන තිබෙනවා. කලින් කලට නව ඖෂධ වර්ග වෙළඳ පොළට හඳුන්වා දෙනවා. විධිමත් වෛද්‍ය උපදෙස්‌ අනුව මෙම ඖෂධ භාවිත නොකළහොත් දියවැඩියා රෝගය සාර්ථකව පාලනය කළ හැකි වන්නේ නැහැ. විධිමත් වෛද්‍ය උපදෙස්‌ සහ අධීක්‌ෂණයෙන් තොරව ඖෂධ භාවිත කරන රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරිහානියට පත් වීමක්‌ සහ සංකූලතා වලට ගොදුරුවීමේ ප්‍රවණතාවක්‌ පෙනෙන්නට තිබෙනවා.

ඇතැම් ඖෂධ රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය පාලනය කිරීමට සමත් වුව ද එම ඖෂධ මගින් ඇති කරන අයහපත් අතුරු ඵල නිසා විවිධ සංකූලතා ඇති වෙනවා. ඖෂධ භාවිතයෙන් පමණක්‌ම දියවැඩියා රෝගය සාර්ථකව පාලනය කළ හැකි වන්නේ නැහැ. ඒ සඳහා නිවැරදි ආහාර පාලනයත් නිවැරදි ජීවන චර්යාවක්‌ ද අවශ්‍යයි. ප්‍රමාණවත් ලෙස ඉන්සියුලින් නිෂ්පාදනය නොවීම නිසා ඇති වන පළවෙනි වර්ගයේ දියවැඩියා රෝගීන් සඳහා ඉන්සියුලින් ප්‍රතිකාරය අත්‍යවශ්‍යයි. නමුත් දීර්ඝ කාලයක්‌ මෙම ප්‍රතිකාර භාවිත කිරීමේ දී ක්‍රමයෙන් ප්‍රතිරෝධීතාවක්‌ වර්ධනයවීම නිසා අඩු මාත්‍රාවකින් රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය පාලනය කිරීමට නොහැකි වෙනවා. මේ නිසා ඉන්සියුලින් ප්‍රතිකාරයේ මාත්‍රාව වැඩි කිරීමට සිදු වෙනවා. මෙම තත්ත්වය යහපත් වන්නේ නැහ. මෙවැනි අවස්‌ථාවල දී ඉන්සියුලින් මාත්‍රාව වැඩි නොකර රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය පාලනය කිරීම සඳහාත් ඇති විය හැකි උපද්‍රව පාලනය කිරීම සඳහාත් විධිමත් පර්යේෂණ තුළින් තහවුරු කරන ලද විශේෂිත ස්‌වාභාවික ඖෂධ ප්‍රතිකාර තිබෙනවා. මෙම ප්‍රතිකාර විධිමත් වෛද්‍ය උපදෙස්‌ සහ අධීක්‌ෂණයෙන් යුතුව ලබා ගැනීම කළ යුතු යි.

වැඩිහිටි අයට දියවැඩියාව ඇති වීම බොහෝ සෙයින් වළක්‌වා ගත හැකි දෙයක්‌. අනවබෝධය නිසාත් නොසැලකිලිමත්කමත් නිසාත් වැරදි ආහාර පුරුදු සහ ජීවන රටාවන් වලට ඇබ්බැහි වීම හේතු කොට ගෙන එවැනි තැනැත්තන් දියවැඩියා රෝගයට ගොදුරු වෙනවා.

ලබන සතියට

අවදානම් තත්ත්ව හඳුනා ගැනීම සඳහාත් අදාළ හේතු සාධක හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීම සඳහාත් නිවැරදි වෛද්‍ය උපදේශන ලබා ගත යුතු වෙනවා. මේ සඳහා විශේෂිත වූ ආයුර්වේදීය ස්‌වාභාවික ප්‍රතිකාර සහ උපදේශ අනුගමනයෙන් මහත් ප්‍රතිලාභ අත් කර ගත හැකියි. එමගින් දියවැඩියාව පමණක්‌ නොව ඇති විය හැකි වෙනත් විවිධ රෝග තත්ත්වද උපද්‍රව ද වළක්‌වා ගත හැකි යි. විවිධ හේතු නිසා විෂමතා වලට ගොදුරු වන ශරීරය ක්‍රමානුකූලව පුනරුත්ථාපනය කිරීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත් කර ගත හැකියි. එය යහපත් සෞඛ්‍ය තත්ත්ව සුරක්‍ෂිතව පවත්වා ගැනීමට මහෝපකාරී වෙනවා. රෝග තත්ත්ව ඇති වීම වලක්‌වා ගැනීම වඩාත් ඥානාන්විතයි.

වැඩිහිටි අයට දියවැඩියාව ඇති වීමේ දී ප්‍රමාණවත් ලෙස අග්න්‍යාසයෙන් ඉන්සියුලින් නිශ්පාදනය වුවත් එය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. අග්න්‍යාසය උත්තේජනය කර ඉන්සියුලින් නිෂ්පාදනය වැඩිකරන ඖෂධ මගින් ක්‍ෂණිකව රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය පාලනය කිරීම තාවකාලිකව සිදු කළත් දීර්ඝ කාලයක්‌ එම ඖෂධ භාවිත කිරීමේ දී විවිධ අතුරු උපද්‍රව ඇති වෙනවා. ඒ සමගම රුධිර ගත ග්ලුකෝස්‌ ප්‍රමාණය පාලනය කිරීමේ හැකියාව ද ක්‍රමයෙන් අඩු වෙනවා. මෙවැනි තත්ත්ව ඇති වීම වළක්‌වා ගැනීමට ස්‌වාභාවික ශාකසාර ඖෂධ ඉමහත් පිටිවහලක්‌ වෙනවා.

රුධිරයේ පවතින ග්ලුකෝස්‌ ප්‍රමාණය සහ මේද වර්ග වල ප්‍රමාණයන් යහපත් මට්‌ටම්වල පවත්වා ගැනීම සඳහා අක්‌මාවෙන් විශාල මෙහෙයක්‌ ඉටු කරනවා. කුමන හෝ හේතුවක්‌ නිසා අක්‌මාවේ රෝග තත්ත්වයක්‌ ඇති වුවහොත් රුධිර ගත ග්ලුකෝස්‌ සහ මේද ප්‍රමාණයන් පාලනය කිරීමේ දුෂ්කරතා ඇති වෙනවා. ඒ නිසා රෝග තත්ත්වය උග්‍ර වෙනවා පමණක්‌ නොවෙයි ඖෂධ පවා නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ සංකූලතා ඇති වෙනවා. කල් ගත වූ බොහෝ දියවැඩියා රෝගීන් තුළ මේ තත්ත්වය දැකිය හැකි යි. මෙම තත්ත්ව පාලනය කිරීම නිවැරදි වෛද්‍ය උපදේශවලින් තොරව සිදු කළ නොහැකි යි. අක්‌මාව, වකුගඩු වැනි සියුම් අවයව කෙරෙහි අහිතකර බලපෑම් ඇති වීම වළක්‌වන පර්යේෂණාත්මක අධ්‍යයන සහ සායනික අධ්‍යයන තුළින් තහවුරු කරන ලද විශේෂිත ස්‌වාභාවික ඖෂධ ප්‍රතිකාර තිබෙනවා. විධිමත් වෛද්‍ය උපදෙස්‌ සහ අධීක්‌ෂණයක්‌ යටතේ සිදු කෙරෙන ආයුර්වේද ප්‍රතිකාර තුළින් මෙවැනි තත්ත්ව ඇති වීම වළක්‌වා ගත හැකි යි. නමුත් ආයුර්වේද හෝ ස්‌වාභාවික ඖෂධ යන නාමයෙන් ඇති විවිධ ඖෂධ වර්ග ස්‌වයං ප්‍රතිකාර වශයෙන් හෝ අත් බෙහෙත් වශයෙන් භාවිත කිරීමෙන් දියවැඩියා රෝගීන් කාලයත් සමග බොහෝ දරුණු උපද්‍රවවලට ගොදුරු වන බවක්‌ පෙනෙන්නට තිබෙනවා. විධිමත් වෛද්‍ය උපදෙස්‌ සහ අධීක්‌ෂණයෙන් තොරව දියවැඩියාව නිට්‌ටාවට සුව කරන ඒකායන ප්‍රතිකාර පිළිබඳ ව විශ්වාසය තැබීම ඥානාන්විත නැහැ. විධිමත් වෛද්‍ය උපදෙස්‌ සහ අධීක්‌ෂණයෙන් තොර ව ඖෂධ භාවිතය අනතුරුදායකයි.

දියවැඩියාව නිසි ලෙස පාලනය නොකළහොත් උපද්‍රව ලෙස වකුගඩු රෝග, හෘද රෝග, ස්‌නායු රෝග සහ දෘශ්‍යාබාධ වැනි තත්ත්ව ඇති විය හැකි යි. වෘක්‌කානුව හා සම්බන්ධ ගුච්හකාව විකෘති වීමෙන් රුධිරයේ පවතින ප්‍රොaටීනය මූත්‍ර සමග බැහැර වෙනවා. වකුගඩු උග්‍ර ලෙස පීඩාවට පත් වන තෙක්‌ ඊට අදාළ රෝග ලක්‍ෂණ පෙන්වන්නේ නැහැ. උග්‍ර ලෙස වකුගඩු පීඩාවට පත් වීමේ දී රුධිර පීඩනය වැඩිවීම, ඉදිමුම් ඇති වීම, පෙන සහිත මූත්‍ර පිටවීම, ආහාර අරුචිය, වමනය සහ ඔක්‌කාරය වැනි ලක්‍ෂණ ද රුධිර නිෂ්පාදනය අඩු වීමෙන් රක්‌තහීනතාව ද සමස්‌ත පරිවෘත්තීය ක්‍රියාවලිය විකෘති වීම නිසා විවිධ වෙනත් රෝග ලක්‍ෂණ ද ඇති විය හැකියි. දියවැඩියා රෝගයේ දී මුලික අවස්‌ථාවේ සිටම වෛද්‍ය උපදෙස්‌ අනුව නිවැරදිව සැලකිලිමත්ව ප්‍රතිකාර ලද හොත් වකුගඩු පීඩාවට පත්වීම වළක්‌වා ගත හැකි යි.

දියවැඩියාව නිසා ඇතිවන හෘද රෝග සහ රුධිර වාහිනී ගත රෝගවලදී හෘද මාංශ පේශියට රුධිර සපයන වාහිනී අවරෝධ වීම නිසා පපුවේ වේදනාව ද හෘදයේ පටක කොටස්‌ මිය යැමෙන් දරුණු හෘදයාබාධ ද හෘදයේ සංකෝචන ප්‍රසාරණ ක්‍රියාකාරිත්වයේ රිද්මීය විකෘතිතා සහ රුධිර පීඩනය වැඩිවීම ද ඇති වෙනවා. දියවැඩියා රෝගයේ මුල් අවස්‌ථාවේ සිටම විධිමත් ස්‌වාභාවික ආයුර්වේද ප්‍රතිකාර භාවිතයෙන් මෙවැනි අතුරු ආබාධවලට ගොදුරුවීම වළක්‌වාගත හැකි යි.

දියවැඩියාව නිසා ඇතිවන ස්‌නායු රෝගවල දී විධිමත් ස්‌වාභාවික ආයුර්වේද ප්‍රතිකාර භාවිතයෙන් ලබා ගත හැකි ප්‍රයෝජනය සුවිශේෂයි. විවිධ ස්‌වරූපයෙන් ඇති වන ස්‌නායු පීඩා, චාලක විකෘතිතා මාංශ පේශිවල අප්‍රාණිකත්වය, ස්‌වයං සාධක ස්‌නායු පද්ධතියේ ඇති වන විකෘතිතා, ලිංගික අප්‍රාණිකත්වය ඇතුළු විවිධ සංකූලතා නිවාරණය කිරීමට විධිමත් සැළසුමකින් යුතු ස්‌වාභාවික ආයුර්වේද ප්‍රතිකාර භාවිතයෙන් විශේෂ ප්‍රගතියක්‌ ලබා ගත හැකි යි. රුධිරයේ ග්ලුකෝස්‌ ප්‍රමාණය පාලනය කිරීම සදහා පමණක්‌ අවධානය යොමුකර රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය අඩු කරන ඖෂධ භාවිතයෙන් පමණක්‌ මෙම රෝග තත්ත්වය සාර්ථක ව සුව කළ නොහැකි බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක්‌. රුධිරයේ ග්ලූකෝස්‌ ප්‍රමාණය වැඩි වීම පිටුපසින් ක්‍රියාත්මක වන සංකීර්ණ ජෛව-රසායනික යාන්ත්‍රණයන්ගේ සිදු ව ඇති විකෘතිතා නිවැරදි කිරීම සඳහා විධිමත් ලෙස සැලසුම් කරන ලද ප්‍රතිකාර තුළින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව ප්‍රතිකාර අත්දැකීම් තුළින් මෙන් ම විද්‍යාත්මක අධ්‍යයන තුළින් ද තහවුරු වී තිබෙනවා. අක්‌මාවේ තෙල් තැන්පත්වීම, දියවැඩියාව සහ ඒ සමග ඇති වෙන හෘදරෝග, වකුගඩු ආබාධ, දෘෂ්ටි ආබාධ, ස්‌නායු රෝග වැනි උපද්‍රව ඇතිවීම පාලනය කිරීමටත් අතුරු ආබාධ රහිත ව සුව කිරීම පිණිසත් ස්‌වභාවික ශාක සාර ඖෂධ ප්‍රතිකාර සුවිශේෂි සාර්ථකත්වයක්‌ පෙන්වනවා.

ලබන සතියට

diabitice2

 

 

heartප්‍රශ්නය - අපගේ පාඨකයන් රැසක්‌ පසුගියදා දුරකථනය ඔස්‌සේ අපට ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කරනවා. ඒ තමයි හෘදයාබාධයක්‌ හැදීගෙන එන විට හරියටම පපුවෙ රිදෙන තැන කොතැනද කියන එක.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - හෘදයාබාධයක්‌ වැළඳෙන්න පපුව රිදෙනවානම් පපුවේ හරි මැද තමයි රිදෙන්න පටන් ගන්නෙ. එහෙත් පපුව රිදීම දෙවැනි තැනට දාල සිරුරේ වෙන තැනක වේදනා දීල හෘදයාබාධය හැදෙන අවස්‌ථා තිබෙනවා. එනම් දෙඅත්, කොන්ද, හකු, ගෙල, උදරය වැනි තැන් රිදෙන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් වේදනාව අධික වන අතර වේගයෙන් හුස්‌ම වැටෙන්නට පටන් ගන්නවා. ඇඟ සීතල කරලා ඔක්‌කාරය ඇති වෙනවා. අධික මහන්සියක්‌ සහ කරකැවිල්ලක්‌ එනවා. මේ රෝග ලක්‍ෂණ ක්‍රමයෙන් වැඩි වෙමින් විනාඩි පහක කාලයක්‌ එක දිගට තිබෙනවා නම් වහාම වෛද්‍යවරයකු වෙත යා යුතුයි.

ප්‍රශ්නය - මේ වේදනා එන්නෙ හෘදයාබාධයට විතරද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - වෙනත් හදිසි රෝගී තත්ත්වයකටත් ඇති වෙන්න පුළුවන්. බඩ රිදෙනවානම් ඒ ගැස්‌ට්‍රයිටීස්‌ නිසා වෙන්නට පුළුවන්. පපුව ඇතුළේ කුඩා විදුලි සරයක්‌ වදිනවා වගේ දැනෙනවා නම් එයට හේතුව පපුවේ ඉල ඇට සමග සම්බන්ධ මාංශමය කොටසේ හටගත් තුවාලයක්‌, ප්‍රදාහයක්‌, ස්‌නායු තුවාල වීමක්‌ වෙන්නට පුළුවන්. පපුවෙ ඇතුළෙ ඉදිකටුවලින් අනිනවා වගේ දැනෙනවා නම් එයට හේතුව පෙණහලු ආබාධයක්‌ වෙන්න පුළුවන්. හැබැයි රෝගියාට කියන්න පුළුවන්කමක්‌ නැහැ මේ වේදනාව එන්නේ කවර රෝගයක්‌ නිසාද කියලා. ඒ නිසා හොඳම දේ තමයි සුදුසු වෛද්‍යවරයකු හමුවීම. එවිට හෘදයාබාධයක්‌ නම් එයට බෙහෙත් අරන් පණ බේරා ගන්න පුළුවන්. එහෙම නැතිව වෙන ලෙඩක්‌ නම් ඒකට බෙහෙත් ගන්න පුළුවන්.

ප්‍රශ්නය - ඔබේ සාම්ප්‍රදායික දේශීය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එන අයට ඔබ ප්‍රතිකාර පටන් ගන්නෙ කොතැනින්ද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මුලින්ම කට පරිස්‌සම් කරගන්නා ලෙස උපදෙස්‌ දෙනවා. රෝගියාට තෙල් සහ කැල්සියම් බහුල ආහාර ගැනීම තහනම්. මොකද, හදවතට ලේ ගෙනයන නාලවල කැල්සියම් බැඳී අවහිර වෙනවා. තෙල් බැඳිලාත් අවහිර වෙනවා. ඉතින් අප මුලින්ම කළ යුත්තේ මේ තත්ත්වය වර්ධනය වීම වළක්‌වා ගැනීමයි.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

heart1

 

mangusප්‍රශ්නය - පිළිකා රෝගය සුව කිරීමට සහ පැතිරීම පාලනය කළ හැකි නව ඖෂධයක්‌ සොයා ගෙන ඇති බවත් එහි පිළිකා නාශක ශාකසාර සහ ද්‍රව්‍ය 10 ක්‌ අඩංගු බවත් පසුගිය සතියේ ඔබ සඳහන් කළා. පසුගිය සතියේ සාකච්ඡාව අප අවසන් කළේ එම ඖෂධයෙහි අඩංගු Xanthone නමැති සංඝටකය තිබෙන මැංගුස්‌ටින් ගැන කතා කරමිනුයි. මෙහි තිබෙන පිළිකා නාශක මර්දන ගුණය ගැන ඔබට විග්‍රහයක්‌ කළ හැකිද?

වෛද්‍ය රේණුකා අල්විස්‌ - නවීන විද්‍යාඥයන් විසින් විටමින් සොයා ගත්තේ එක්‌දහස්‌ නවසිය ගණන්වල මුල් හරියේදී. එතැන් සිට විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ බෙහෙත් වලින් රෝග සුව කරනවා වෙනුවට ආහාර මගින් රෝග සුව කළ හැකි ද යන කාරණය ගැනයි. විවිධ රෝග මර්දනයට උදව් කරන විටමින් සහ ප්‍රොaටීන සංයුතීන් ආහාර තුළ තිබෙන බව ඔවුන් දැනගැනීමයි එයට හේතුව. මේ සඳහා කළ පර්යේෂණවලදී තමයි විද්‍යාඥයන්ට Xanthone නමැති ද්‍රව්‍යය හමුවන්නේ. එය මැංගුස්‌ටින්වල යහමින් තිබෙන බව ඔවුන් දැනගන්නවා. එයම ගොරකවල තිබෙන බවත් දැනගන්නවා. ඒ කියන්නේ Gareinia‌ පවුලේ ශාකවල Xanthone තිබෙනවා. මැංගුස්‌ටින් උපන් රට ලෙස සැලකෙන තායිලන්තයේ ජනතාව මෙම පලතුර හඳුන්වන්නේ සියලු පලතුරු අතර අග රැජන ලෙසයි. සාමාන්‍යයෙන්, අග්නිදිග ආසියාවේ රටවල ජනයා ලෙඩ රෝග ගණනාවකටම ප්‍රතිකාර කිරීමේදී මැංගුස්‌ටින් ප්‍රයෝජනයට ගැනීමට පුරුදු වී සිටියා. මෙය වසර දහස්‌ ගණනක්‌ පැරණි පුරුද්දක්‌. ලංකාවේ ඇතැම් දේශීය වෛද්‍ය ගුරු කුලවල එහෙමත් නැත්නම් වෙද පරම්පරාවල මැංගුස්‌ටින් අඩංගු බෙහෙත් වට්‌ටෝරු තිබෙන බව අප අසා තිබෙනවා. පාචනය, වණ සහ තුවාල, ප්‍රදාහ තත්ත්වයන් යනාදිය සුවපත් කරන්නට ඔවුන් මැංගුස්‌ටින් යොදා ගන්නවා. මැංගුස්‌ටින් ගෙඩියේ පොත්ත මදය යන හැම තැනකම Xanthone තිබෙන බව විද්‍යාඥයන් සොයා ගත්තේ මෑතකදී. මේ නිසා වසර 2007 දී ඇමරිකාවේ වැඩිම අලෙවියක්‌ තිබෙන පැළ වර්ග තුනෙන් එකක්‌ බවට මැංගුස්‌ටින් පත් වුණා. ඇමරිකාවේ පළකරන Nutrition Journal නමැති සඟරාව තහවුරු කරන පරිදි මැංගුස්‌ටින්වල Xanthone වර්ග දෙකක්‌ තිබෙනවා. ඒවාට පුළුවන් ප්‍රදාහ තත්ත්වයන් මර්දනය කරන්නට. එවිට ලෙඩ රෝග දුරදිග යන්නෙ නැතිව එක තැනක නවතිනවා. උදාහරණයක්‌ හදවත් නාලවල ප්‍රදාහ තත්ත්වය වළක්‌වා ගත්තාම හෘදයාබාධ නවත්වා ගන්නට පුළුවන්. පෙණහලු රෝග වැඩි දියුණු නොවී තබා ගන්නට පුළුවන්. පිළිකාව දුරදිග යන්නෙ නැතිව සීමා කර ගන්නට පුළුවන්. බඩවැලේ එන තුවාල පැතිරීම සහ ඒවා පැසවීම වළක්‌වා ගන්නට පුළුවන්. ආත්‍රයිටීස්‌ පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නෙ බටහිර වෙදකමේ Antibiotic හෙවත් ප්‍රතිජීවක ඖෂධවලින් සිදුවන දේවල් මැංගුස්‌ටින් ගෙඩියට කරන්නට පුළුවන්. දැන් තමයි වැදගත්ම කාරණයට අප එන්නෙ ඇමරිකාවේ ප්‍රකාශයට පත් කරනInternational Journal of Molecalar Scienc සඟරාව තහවුරු කරන පරිදි මැංගුස්‌ටින්වල අඩංගු Xenthone වලට පුළුවන් පිළිකා සෛල මර්දනය කරන්නට. ඒ කියන්නෙ තව දුරටත් පිළිකා සෛල දෙකට බෙදෙමින්, ගුණාකාර වෙමින් වැඩිදියුණු වීම වළක්‌වාලන්නට.

mangus1

mangus2

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Mar 2018 06:38 PM

menප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමග සාකච්ඡා කළේ මුත්‍රා සමග රුධිරය පිටවීම ගැනයි. ඇසට නොපෙනෙන තරම් කුඩා අංශු වශයෙන් රුධිරය මුත්‍රා සමග පිටවෙන බව එහිදී ඔබ අපට පැවසුවා. ඒ අතර මේ සතිය මුලදී පාඨකයන් කිහිප දෙනෙක්‌, ඔවුන්ට තිබෙන මුත්‍රා සම්බන්ධ ගැටලු කිහිපයක්‌ දුරකථන මාර්ගයෙන් අපට ඉදිරිපත් කළා. එයින් පළමුවන ප්‍රශ්නය තමයි එක්‌ අයකුගේ මුත්‍රා ඉතාම පැහැදිලි පෙනුමින් යුක්‌ත වීම.

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - ඔබේ මුත්‍රා කිසියම් අපැහැදිලි හෝ වර්ණවත් තත්ත්වයක තිබෙනවා නම් එයට හේතුව වන්නේ ඔබ ගත් ආහාරයක හෝ ඖෂධයක අඩංගු වර්ණයයි. සමහර විට තද රතු පැහැති සිසිල් බීමක්‌ පානය කළාම මුත්‍රා කහ පාට වෙනවා. එහෙමත් නැත්නම් B විටමින් කැප්ස්‌යුල ගත් විට මුත්‍රා කහ පැහැ වෙනවා. එසේම ඔබේ මුත්‍රාවල රුධිර අංශු තිබෙන විටත් මුත්‍රාවල පැහැයේ වෙනසක්‌ ඇතිවෙනවා. හැබැයි ඔබේ මුත්‍රා අතිශයින්ම පැහැදිලි නම් එයින් කියෑවෙන්නේ ඔබ විශාල වශයෙන් ජලය පානය කරන බවයි.

ප්‍රශ්නය - මුත්‍රා ආබාධ හැදෙන්නේ කෙනකුගේ ජීවිතයේ කවර අවස්‌ථාවලදීද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - ජීවිතයේ කොයි කාලයේදීත් මුත්‍රා අමාරුව හැදෙනවා. හැබැයි ක්‍රමයෙන් මහලු වියට පිවිසෙන විට මුත්‍රා ආබාධ ඇති වීමේ අවදානම වැඩි වෙනවා. විශේෂයෙන්ම, පිරිමින් වැඩි දෙනා මැදි විය ඉක්‌මවන විට ඔවුන්ගේ පුරස්‌ථික ග්‍රන්ථි ඉදිමෙනවා. එවිට නිතර මුත්‍රා කරන්න සිදු වන්නේ ඉදිමුණු පුරස්‌ථි ග්‍රන්ථි මුත්‍රා බොක්‌කට යොදවන පීඩනය නිසයි. සමහරු මහලු වියට එද්දි මුත්‍රා කිරීම පටන් ගන්න බැරිව ටික වෙලාවක්‌ තටමන්නට සිදු වෙනවා. ඔවුන්ගේ මුත්‍රා ධාරාව දුර්වලයි. ඒ එක්‌කම පුරස්‌ථි ග්‍රන්ථිය හෝ මුත්‍රා වාහිනිය ආසාධනය වෙනවා. මෙයත් ගැටලුවක්‌.

ප්‍රශ්නය - රාත්‍රි කාලයේදී නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාව සමහරකුට ඇති වෙනවා. මෙය නවත්වා ගත හැකිද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - රාත්‍රි නින්දට යැමට සෑහෙන වෙලාවක්‌ තිබියදී පාන වර්ග ගැනීම සීමා කරන්න. සවස 5-6 අතර කාලයට පසු පාන වර්ග නොගන්නවා නම් ඉතා හොඳයි. හැබැයි සමහරු ඉන්නවා හැම විටකම හිතනවා තවත් මුත්‍රා කළ යුතුයි කියලා. එය මානසික ප්‍රශ්නයක්‌. ඒ එක්‌කම නිතරම මුත්‍රා පහවෙනවා නම් එය දියවැඩියාව, වකුගඩු හෝ වෙනත් ශාරීරික රෝගී තත්ත්වයන් නිසා ඇති වන්නක්‌ විය හැකියි.

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

men1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
25 Mar 2018 05:29 AM
වයසට යන කොට සෑම කෙනෙකුටම මෙම තත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Mar 2018 06:14 PM
suwa1රිය අනතුරක්‌ හෝ මොනයම් අනතුරකට ලක්‌ව සිටින රෝගියකුට කළයුතු මූලික ප්‍රතිකාරයන් ගැන බොහෝදෙනා නොදන්නා කාරණයකි.
 
 ඒ නොදැනුවත්භාවය නිසාම අනතුරට ලක්‌වූ රෝගීහු නිකරුණේ මහමඟදීම මියයන ආකාරය අප කොතෙකුත් දැක්‌ ඇත්තෙමු. අනතුරකට මුහුණ පා සිටි රෝගියකුට මූලික ප්‍රතිකාර සිදුකර රෝහලට රැගෙන ඒමට කටයුතු කළහොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය බේරා ගැනීමේ හැකියාව පවතී. මේ නිසා ඒ ගැන කවුරුත් දැනුවත් වීම වැදගත්ය.
 
 අනතුරට ලක්‌ව අසාධ්‍යව සිටින රෝගියකු සඳහා කළයුතු මූලික ප්‍රතිකාර මොනවාද?
 
 1. රෝගියා සිටිනස්‌ථානය තමාටත්, රෝගියාටත් ආරක්‍ෂිත දැයි බලන්න.
 
 2. එම ස්‌ථානය ආරක්‍ෂිත නම් රෝගියා ආසන්නයට යන්න.
 
 3. ඔහුට හෝ ඇයට සිහිය ඇත්දැයි බැලීමට උරහිසට තට්‌ටු කර බලන්න.
 
 4. කිසිදු ප්‍රතිචාරයක්‌ නැතිනම් ඔබ තනිවම සිටීනම් ආධාර ඉල්ලා කෑගසන්න.
 
 5. හුස්‌ම ගන්නා මාර්ගය සකසන්න. එනම් රෝගියාගේ නිකට මදක්‌ ඔසවා නළල මදක්‌ පහත් කරන්න.
 
 6. හුස්‌ම ගන්නේ දැයි පරීක්‍ෂා කර බලන්න. ප්‍රථමාධාරකරුගේ කම්මුල රෝගියාගේ නාසය සහ මුඛය ආසන්නයට තබා ඇස්‌ දෙකෙන් පපු ප්‍රදේශය දෙස බලමින් තප්පර 5 ක්‌ 10 ක්‌ පමණ හුස්‌ම (ශ්වසනය) ගන්නේ දැයි බලන්න.
 
 7. හුස්‌ම (ශ්වසනය) නැතිනම් ගිලන් රථයකට (1990 හෝ වෙනත් ප්‍රවාහන පහසුකමක්‌ සඳහා ඇමතුමක්‌ දෙන්න.
 
 8. පපු තෙරපුම් ආරම්භ කරන්න.
 
 ප්‍රථමාධාරකරුගේ එක්‌ අතක්‌ උඩින් අනිත් අත තබන්න. අතෙහි අල්ලෙහි අඩිය රෝගියාගේ පපුව මධ්‍යයේ තබන්න. පපුව මධ්‍යයෙන් අඟල් 2 ක්‌ ගැඹුරට යනසේ පපු තෙරපුම් වාර 30 ක්‌ රිද්මයානුකූලව අරඹන්න. විනාඩියකට පපු තෙරපුම් 100 ත් 120 ක්‌ පමණ ලබා දෙන්න.
 
 9. ඉන්පසු ඔබ පුහුණුවූ අයෙක්‌ නම් මුඛයට මුඛය තබා හුස්‌ම වාර දෙකක්‌ දෙන්න. (තත්පරයකට එක හුස්‌මක්‌ ලෙස)
 
 10. කෘත්‍රිම ශ්වසනය ලබාදීමට නොහැකි
 
 නම් පපු තෙරපුම් අඛණ්‌ඩව ලබා දෙමින් ළඟම ඇති පහසුකම් සහිත රජයේ රෝහලක්‌ වෙත රෝගියා රැගෙන යන්න.
 
 අනතුරක්‌ හෝ අසනීප තත්ත්වයක්‌ සිදුවුවහොත් එයින් පසු එළැඹෙන පළමු පැය රත්‍රන් පැය ලෙස සැලකේ.
 
 එයින්ද මුල් විනාඩි දහය ප්ලැටිනම් විනාඩි දහය ලෙස සැලකේ.
 
 එබැවින් මෙම විනාඩි දහය තුළ ක්‍ෂණිකව ක්‍රියාත්මක වී කටයුතු කිරීමෙන් රෝගීන්ගේ ජීවිතය බේරා ගැනීමට හැකිවේ.
 
 එබැවින් නිරන්තරයෙන්ම හදිසි අනතුරකට ලක්‌වන ඕනෑම පුද්ගලයකුගේ ජීවිත බේරා ගැනීමට සෑම කෙනෙකුගේම දායකත්වය ලබාදීම ඉතා වැදගත්ය.
 
 1. රෝගියා සිටිනස්‌ථානය තමාටත්, රෝගියාටත් ආරක්‍ෂිත දැයි බලන්න
 
 2. එම ස්‌ථානය ආරක්‍ෂිත නම් රෝගියා ආසන්නයට යන්න
 
 3. ඔහුට හෝ ඇයට සිහිය ඇත්දැයි බැලීමට උරහිසට තට්‌ටු කර බලන්න
 
 8. පපු තෙරපුම් ආරම්භ කරන්න.
 
 ප්‍රථමාධාරකරුගේ එක්‌ අතක්‌ උඩින් අනිත් අත තබන්න. අතෙහි අල්ලෙහි අඩිය රෝගියාගේ පපුව මධ්‍යයේ තබන්න. පපුව මධ්‍යයෙන් අඟල් 2 ක්‌ ගැඹුරට යනසේ පපු තෙරපුම් වාර 30 ක්‌ රිද්මයානුකූලව අරඹන්න. විනාඩියකට පපු තෙරපුම් 100 ත් 120 ක්‌ පමණ ලබා දෙන්න.
 
 suwa3කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී
 පුෂ්පා රම්‍යානි සොයිසා
 සාකච්ඡා කර ලිපිය සකස්‌ කළේ
 ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Mar 2018 06:23 PM

wada2මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය අනුව බොහෝ දෙනා සෙම් රෝගවලින් පීඩා වි`දිති. පීනස ඇති අයට එය වඩා දරුණු වී ඇත. තවත් පිරිසක්‌ පපුවේ සෙම බැ`දී ඇතැයි පවසමින් නිතර කැස්‌ස ඇතිවීමට ලක්‌ව සිටිති.
 
 වෛද්‍යතුමනි, නිතර දකින්නට ලැබෙන මෙම සෙම් රෝගවලට බලපාන හේතුව කුමක්‌ද ?
 
 සෙම් රෝග පිළිබ`දව විමසා බලන විට පීනස්‌ රෝග මූලිකත්වයක්‌ ගනු ලබයි. උදැසන අවදි වූ විට සොටු දියර ගැලීම, කිවිසුම් යැම, නාසයෙන් ඇතිවන දුග`ද, හිසෙහි බර ගතිය ආදිය රෝග ලක්‌ෂණ ලෙස මතු වේ.
 
 මෙවැනි පුද්ගලයන් මේ දිනවල පවතින විටෙක වියළි සහ විටෙක සිසිල් කාලගුණ තත්ත්වය නිසා මහත් සේ පීඩා වි`දිනු ඇත.
 
 ඔවුනගේ පීනස්‌ රෝගය උත්සන්න වේ. සෙම්ප්‍රතිශ්‍යාවට ඉතා පහසුවෙන් ගොදුරු වෙති.
 
 මෙවැනි පීඩාවනට පත්ව සිටින බොහෝ දෙනාට අවශ්‍යව ඇත්තේ ඉතා ඉක්‌මනින් තමා පීඩා වි`දින සෙම් රෝගයෙන් මිදීම ස`දහා ක්‌ෂණික ප්‍රතිකාරයකි. නමුත් ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල ජීවත් වන අප බොහෝ දෙනාගේ ශරීරය අධික උෂ්ණ සහිතය. මෙම උෂ්ණ අධික බව සාමාන්‍ය සෛලවලට දරා ගත හැකි වුවත් මොළය ආශ්‍රිත සියුම් ස්‌නායුවලට දරා ගත නොහැකිය. එබැවින් ශරීරය විසින් ඊට උපක්‍රමයක්‌ ලෙස ස්‌වයං ශීතකරණ ක්‍රමයක්‌ (Aමඑද ඤදකසබට Sහිඑeප) අනුගමනය කරයි.
 
 මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්‌ ලෙස මොළය විසින් නිකුත් කරන සංඥා අනුව ක්‍රියාත්මක වන ආහාර ජීර්ණ පද්ධතිය සෙම නිෂ්පාදනය කර මොළය දෙසට ගමන් කරවයි. ඉන් බලාපොරොත්තු වන්නේ ශරීරයේ උෂ්ණ අධික බව වලක්‌වා ගැනීම හා ස්‌නායු සෛල වියළීම වළක්‌වා ගැනීමයි. මෙසේ පැමිණෙන සෙම පදාර්ථ නළල ආශ්‍රිත ප්‍රදේශයේ කෝටර (හිස්‌ කබල, නාසය හා ඇස්‌ ආශ්‍රිත කුහර) තුළ එක්‌ රැස්‌ වේ. පසුව එම සෙම් කොටස්‌ නාසය හරහා වාතයට නිරාවරණය වීමෙන් ක්‌ෂුද්‍ර ජීවීන්ගේ ආක්‍රමණයට ලක්‌ වේ. එම ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිසා සෙම පැසවීමට ලක්‌ වී සෙම්ප්‍රතිශ්‍යාව ඇති වේ. කාලයක්‌ මෙම තත්ත්වය පවතින විට ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිසා දුර්ගන්ධයක්‌ හට ගනී.
 
 වෛද්‍යතුමනි, මෙවැනි සෙම් රෝග ස`දහා ඇති දේශීය වෛද්‍ය ප්‍රතිකාර මොනවාද ?
 
 මෙවැනි සෙම් රෝග ස`දහා පොදුවේ ප්‍රතිකාර ලබාදිය නො හැකියි. එය තාවකාලිකව ලබා දිය නොහැකියි. එය තාවකාලික ප්‍රතිකරයක්‌ පමණයි. එනිසා රෝගියාගේ ශරීර තත්ත්වය පරීක්‌ෂාවට ලක්‌ කර ප්‍රතිකාර ලබා දිය යුතු වනවා.
 
 ඇතැම් දෙනාගේ උපතින්ම ශරීරය උෂ්ණ අධිකයි. තවත් පිරිසකට උෂ්ණ අධික බව ඇති වන්නේ ඔවුන් ගන්නා ආහාර අනුවයි. ඉස්‌සෝ, දැල්ලෝ, කකුළුවෝ, බල මාළු වැනි උෂ්ණ අධික මාංශ ආහාර වගේම අන්නාසි, තක්‌කාලි වැනි අම්ල අධික ආහාර ගත් විට ඔවුන්ගේ ශරීරය උෂ්ණ අධික වනවා.
 
 මෙම උෂ්ණ අධික බව සමග අර්ශස්‌ රෝග, සමේ පලු දැමීම, අධික නිදිමත, නින්ද නොයැම, තදබල ලෙස පවතින ගැස්‌ට්‍රයිටීස්‌ රෝග තත්ත්ව, මළ බද්ධය, අධික කේන්තිය වැනි රෝග තත්ත්වයන් හට ගන්නවා. එනිසා මෙම සියලු රෝග තත්ත්ව සලකා බලා ප්‍රතිකාර ලබා දිය යුතුයි.
 
 එම ප්‍රතිකාර ස`දහා ලබා දෙන බෙහෙත් නිසි මාත්‍රාවට අනුව සකස්‌ කර රෝගියාට ලබා දීමට අප කටයුතු කර තිබෙනවා. එනිසා රෝගීන්ට අපහසුවකින් තොරව දේශීය වෛද්‍ය ප්‍රතිකාර මගින් මෙම සෙම් රෝග සුව කර ගැනීමට පහසුකම් තිබෙනවා.
 
 වැඩිදුර තොරතුරු ස`දහා දුරකථන අංක 071 -3009088 හෝ 071 -3007000 ඇමැතිය හැකිය.
 
 wada6
ආයුර්වේද වෛද්‍ය රන්පත
 රුවන් රත්නායක
 රන්පත වෙද මැදුර, නුවර පාර, පෑලියගොඩ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Mar 2018 06:23 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 108 of 137 << < 106107108109110 > >>