You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 109 of 137 << < 107108109110111 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Mar 2018 06:24 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Mar 2018 06:38 PM

wada3ලෝකයේ කොතැනක නැති වුවත් දේශීය ශාකසාර මගින් මධුමේහයට නොහොත් දියවැඩියා රෝගයට නොවරදින ඖෂධ ශ්‍රී ලාංකීය දේශීය වෙදකම සතුව තිබෙන බව කිව හැකිය. බෝ නොවන රෝග අතර ප්‍රධානතම තැන දියවැඩියා රෝගයට ලැබී ඇති බව දිනෙන් දින මෙම රෝගයට ගොදුරු වන රෝගීන් සංඛ්‍යාවෙන් පැහැදිලිව පෙනෙන්නට ඇති අතර රෝගය කුඩා දරුවන් අතර ද ශීඝ්‍රයෙන් පැතිරෙන (බෝ නොවන ) රෝගයක්‌ බවට පරීක්‌ෂණ මගින් හෙළි වී ඇත. උපතේ සිට වසර 5 - 6 දක්‌වා සහ පාසල් යන වයසේ ළමුන්ට ද මෙම රෝගය ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරී වන බව සංඛ්‍යා ලේඛනවලින් හා වෛද්‍යවරුන්ගේ වාර්තාවලින් ඉතාමත් විශාල වශයෙන් පැහැදිලිය. කුඩා දරුවන් මෙම රෝගයෙන් පෙළෙන මාපියන් ඉතා කලබලයට සහ විස්‌සෝපයට පත් වී ඇති සමාජයක මෙම රෝගයෙන් තම දරුවා බේරා ගැනීමට කුමන ඖෂධ භාවිත කරනවාදැයි දුකෙන් සහ තැති ගැන්මෙන් යුතුව ඔවුන් කල් ගෙවන බව කිව හැකිය. මෙයට හේතුව බටහිර ප්‍රතිකර්ම මගින් මෙම රෝගයට නිට්‌ඨාවට ප්‍රතිකාර නොමැති බව මුළු ලෝකයම දැනුවත්ව සිටින බැවිනි.
 
 දේශීය ඖෂධ මගින් මෙම රෝගය නිට්‌ඨාවට සුව කර ගත හැකි බව නාසා ආයතනයේ පරීක්‌ෂණ මගින් ද ඔප්පු කොට සනාථ කර ඇත. මේ පිළිබ`ද දේශන මාලාවක්‌ පසුගිය කාලයේ විද්වතුන් විසින් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ඇතැම් මාධ්‍ය ඔස්‌සේ පැවැත්වූ අතර කොපමණ දැනුවත් කළ ද ඒ පිළිබ`ද තවමත් හරි අවබෝධයක්‌ නොමැති බව රෝගීන් විසින් අසන ප්‍රශ්නවලින් හා දරණ මතවලින් පැහැදිලිය.
 
 තවද, දේශීය ඖෂධ පිළිබ`ද ජනතාව ඉතාමත් වැරැදි ප්‍රචාර හා බිය ගැන්වීම් තුළින් දේශීය ඖෂධවලට නැඹුරු වීම වැළැක්‌වීමට දේශීය ඖෂධ වකුගඩුවලට සහ වෙනත් ඉන්ද්‍රියයන්ට හානිකර වන බවක්‌ ප්‍රචාරය කොට ඇති බවක්‌ පෙනෙන්නට ඇත.
 
 දේශීය ඖෂධ මගින් පමණක්‌ දියවැඩියා රෝගය නිට්‌ඨාවට සුව කර ගත හැකි බව නාසා ආයතනයේ විද්‍යාඥයන් විසින් පුන පුනා ප්‍රකාශ කළත් එම ප්‍රකාශයන්ට පවා ඇහුම්කන් නොදී ඇතැමුන් සහ ඇතැම් සමාගම් විසින් පතුරුවා හරින දුර්මත ඉතාමත්ම තරයේ විශ්වාසයේ තබා දේශීයත්වයට සහ දේශීය ඖෂධවලට පරිභව කරන ශ්‍රී ලාංකික ජනතාව ගැන කනගාටුවෙන් වුවත් ස`දහන් කළ යුතුව ඇත.
 
 මෙහිදී එක්‌ අදහසක්‌ ප්‍රකාශ කරනවා නම් එළදෙනගෙන් ස්‌වභාවිකව ගන්නා වටිනා කිරි ටික එලෙසින්ම පානයට ලැබෙනවා නම් ආමාශයේ පිළිකා, අක්‌මාවේ පිළිකා සහ ශරීර ශක්‌තිය අඩු වීමේ හැකියාව නැත. එහෙත් ප්‍රතිඵල අද අප විසින්ම අත් දැක ඇත. මේ පිළිබ`ද අවබෝධයක්‌ ඇති ඇතැම්හු අද වන විට දියර කිරි පානයට යොමු වී ඇති බවක්‌ පෙනෙන්නට තිබීම සතුටුදායකය. දියර කිරි භාවිතය ලෝකයේ අනෙක්‌ සෑම රටකම ඉහළ ප්‍රතිශතයකින් ඇති බවක්‌ පැහැදිලිව පෙනෙන්නට ඇත්තේ ඔවුන් ඒ පිළිබ`ද දැන සිටින නිසාවෙන් බව පැහැදිලිය.
 
 මෙම කරුණු කාරණා අනුව අපගේ ජනතාවට ඉතාමත් ආදරයෙන් සහ ලෙන්ගතුව ප්‍රකාශ කරන්නේ දේශීය ඖෂධ මගින් එසේත් නැතිනම් අප වටා ඇති ගහ කොළ, ගෙඩි වැනි දෙයින් රෝග තත්ත්වයන් නිට්‌ඨාවට සුවකර ගෙන කිසිදු අතුරු ආබාධයක්‌ හෝ කිසිම ඉන්ද්‍රියයකට හානි නොවන දේශීය ඖෂධ භාවිත කර ඉතා ශක්‌තිමත් හා නිරෝගීමත් ජීවිතයක්‌ ගත කිරීමට සිතට ගැනීම වඩාත් යහපත් බව සිහියේ තබා ගැනීම වැදගත් බවය.
 
 දියවැඩියාවට හීන් බෝවිටියා, මාදං එළය, ලුණුවිල, බෙලි කොළ, බෙලි මල්, නාමල් රේණු, කස්‌තුරි හා ස්‌වර්ණ භෂ්ම නොහොත් මකරද්වඡය (මෙය රත්‍රං භෂ්ම කර සකස්‌ කර ගන්නා ලද ඖෂධයකි.) ඉතාමත් ගුණ දායක ඖෂධයන්ය. මේ මගින් අග්න්‍යාශය සහ අක්‌මාවේ විනාශ වූ සෛල නැවත වර්ධනය වී දියවැඩියා රෝගය නිට්‌ඨාවට සුව වනු ඇත. ඒ කෙසේද යත් අපගේ ශරීරයේ විශේෂිත වූ ඉන්ද්‍රයයක්‌ වන අග්න්‍යාශයේ ඇති ලැන්ගර්හැන්ස්‌ දීපිකා තුළ වැඩෙන සෛල තුළින් නිපදවෙන ඉන්සියුලින් අපගේ ශරීරයේ සීනි පාලනය කර, මෙම ග්ලූකෝස්‌ සෛල කරා ගෙන යැමට මාර්ගය සාදනු ලැබේ. මෙම ඖෂධ මගින් ඉටු කරනු ලබන්නේ අග්න්‍යාශයේ ඉන්සියුලින් නිෂ්පාදනය නැවත සැකසීමකි.
 
 මෙයට අමතරව තෙබු, කෝවක්‌කා, මස්‌ බැද්ද වැනි ඖෂධ වර්ගද දියවැඩියාව සුව කිරීම ස`දහා භාවිත කළ හැක.
 
 අතීතයේ මිනිසුන් අවට පරිසරය සමග බද්ධ වෙමින් පරිසරයට අනුගත වූ ජීවන රටාවක නියෑළුණු අතර ඒ නිසාම ඔවුන් දියවැඩියාව වැනි රෝගවලට ගොදුරු නොවී නිරෝගී දිවි පෙවෙතක්‌ ගත කළ බවට අදටත් අප හමුවේ සාක්‌ෂි ඇත.
 
 තාක්‌ෂණික ලෝකයේ දේශීය ශාක වර්ග, ඖෂධ පැළෑටි යන මේ සියලු දෙයින් ඈත් වීම මත මිනිසා නොයෙකුත් බෝ නොවන රෝග ස`දහා ගොදුරු වී ඇත්තේ ස්‌වභාවධර්මයෙන් ඈත්වී ජීවත් වන්නට වූ නිසාවෙන් බව අමුතුවෙන් කිව යුතු නැත.
 
 නැවත අප ස්‌වභාවධර්මයට ළං වනවා යනු නිරෝගී දිවි පෙවෙතකට උරුමකම් කීමකි. ඒ කෙසේ වුවද අද රෝගීන් ලෙස පසු වන අපට නිරෝගී භාවය ලබා ගැනීම වෙනුවෙන් පිහිට ඇත්තේද ස්‌වභාවධර්මය තුළය. දේශීය ශාකසාර ඖෂධ අප නිරෝගී කර වන්නේ ඒ කාරණාව නිසාම ය.
 
 ඔබත් දියවැඩියාව වැනි බෝ නොවන රෝගයකින් පීඩා වි`දිනවා නම් ස්‌වභාවධර්මයට අනුගත වී දිවි පෙවෙතක්‌ ගත කිරීම වෙනුවෙන් අවශ්‍ය උපදෙස්‌ ලබා ගැනීමටත්, රෝගය පිළිබ`ද වැඩිදුර විස්‌තර නොමිලේ දැන ගැනීමටත් 071 - 3459626 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගත හැක.

wada7

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Mar 2018 06:48 PM

suwa2කොන්දේ ආබාධයකින් පෙළෙන ලොව පුරා මිලියන ගණනකට සරල ව්‍යායාමයක්‌ හා ශරීරය ලිහිල් කිරීමක්‌ හරහා එම ආබාධය සුවපත් කර ගැනීමට හැකියාව තිබියදීත් බටහිර වෛද්‍යවරුන් විසින් ප්‍රබල වේදනා නාශක නිර්දේශ කිරීම ඇතුළු වැරදි ප්‍රතිකාර ලබා දීමෙන් ඔවුනගේ රෝග තත්ත්වය වර්ධනය කරන බව ජාත්‍යන්තර මට්‌ටමින් සිදුකරන ලද අධ්‍යයන ගණනාවකදී හෙළිවී ඇතැයි එක්‌සත් රාජධානියේ පළවන 'ද ලැන්සෙට්‌' වෛද්‍ය සඟරාව පවසයි.

මෙහිදී අධ්‍යයනයට ලක්‌ව ඇති බොහෝ රෝගීන්ට අනවශ්‍ය අයුරින් ප්‍රබල වේදනා නාශක නියම කිරීම, වැරැදි විවේකයක්‌ ලබාදීම හා අනවශ්‍ය සැත්කම්වලට භාජනය කිsරීම හරහා එම රෝගීන් ආබාධිත තත්ත්වයට පත්වී ඇතැයි එම සඟරාව පෙන්වා දෙයි.

මෙහිදී කොන්දේ ආබාධයකින් පෙළෙන රෝගීන්ගේ අදහස්‌ද විමසා ඔවුනට සුදුසු ප්‍රතිකාරයක්‌ ලබාදීම වෛද්‍යවරුන්ගේ වගකීම බව ද සඟරාව අධ්‍යයන වාර්තා උපුටා දක්‌වමින් සඳහන් කරයි.

මේ පිළිබඳව අධ්‍යයනය කළ ජාත්‍යන්තර පර්යේෂණ කණ්‌ඩායමේ සාමාජිකයකු වන වෝවික්‌ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාටින් අන්ඩර්වුඩ්ට අනුව මෙසේ කොන්දේ ආබාධයෙන් පෙළෙන රෝගීන්ට වැරැදි ප්‍රතිකාර හා සැත්කම් කිරීම රෝගියාට මෙන්ම සෞඛ්‍ය සේවයට ද අනවශ්‍ය වියදම් දැරීමට සිදුවන තත්ත්වයක්‌ වී තිබේ.

බටහිර වෛද්‍ය විද්‍යාවේ කොන්දේ ආබාධයට සිදුකරන ප්‍රතිකාර හරහා එම රෝගීන් ආබාධිත තත්ත්වයට පත් වීමේ අවස්‌ථාව අඩු කිරීමට අසමත් වී ඇතැයි මහාචාර්ය අන්ඩර්වුඩ් කියයි.

ලොව පුරා ආබාධිත බවට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇති සාධකය වන කොන්දේ පහළ කොටසෙහි වේදනාව සඳහා අසාර්ථක ප්‍රතිකාර ක්‍රම භාවිත කිරීම ඵල රහිත ක්‍රියාවක්‌ වීම නිසා ධනවත් රටවල මෙන්ම අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවල්ද කොන්දේ ආබාධයකදී මෙවැනි අධි වියදම් අනවශ්‍ය ප්‍රතිකාර හා සැත්කම්වලට යැම වළක්‌වා එය සාර්ථක අයුරින් කළමනාකරණය කළහැකි ආකාරය පිළිබඳව දැනුවත් කළ යුතු බව ඔහුගේ අදහස වී තිබේ.

දැනට කොන්දේ ආබාධයකින් පෙළෙන රෝගීන්ට ව්‍යායාමයන් හා 'ඉබ්‍රප්‍රොෙµaන්' වැනි බෙහෙත් වර්ග නියම කරන අතර ඒවායින් රෝගියාට යහපතට වඩා සිදු වනුයේ නරකක්‌ බව ජාත්‍යන්තර වෛද්‍ය පර්යේෂකයන්ගේ මතය වී තිබේ.

මෙවැනි තත්ත්වයකට වඩාත් යෝග්‍ය වනුයේ ව්‍යායාමය හා යෝගා වැනි ක්‍රියාකාරකමක්‌ බව ඔවුහු පවසති.

මෙයට පෙර සිදුකරන ලද අධ්‍යයනවලදී කොන්දේ ආබාධයට වෛද්‍යවරුන් නිර්දේශ කරන "මෝµSන්" 'ට්‍රැමඩෝල්' හා 'ඔක්‌සිකොඩෝන්' වැනි බෙහෙත් වර්ගවල අඩංගු ලවණවලින් පමණක්‌ රෝගියාට යම් සහනයක්‌ ලැබෙන බව අනාවරණය වී තිබිණ. කෙසේ වුවද තවමත් කොන්දේ ආබාධයෙන් පෙළෙන රෝගීන්ගෙන් සියයට 40 කට වෛද්‍යවරුන් මෙම බෙහෙත්ම නිර්දේශ කරන බව හෙළි වී ඇත.

භෞතවේදී චිකිත්සකවරයකු වන ස්‌ටීව් ටොලාන් පවසනුයේ සුළු කොන්දේ ආබාධයකට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට හදිසියේ අනවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් වෛද්‍යවරුන් අනවශ්‍ය විදියට රෝගියාගේ රෝගය වර්ධනය කරන බවයි.

ඒමන්ති මාරඹේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Mar 2018 06:51 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Mar 2018 07:00 PM

ස්නායු අඩපණ කරන B'12 ඌනතාව

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/34337.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Mar 2018 08:01 PM
වයිදය වරිය පට්ට ලස්සනයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
27 Mar 2018 02:10 AM
මූට පේන දේවල්...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
27 Mar 2018 02:28 AM
වකුගඩු ඒකකය පැත්තේ ගියානම් බලා ගන්න තිබුණා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
27 Mar 2018 02:28 AM
වකුගඩු ඒකකය පැත්තේ ගියානම් බලා ගන්න තිබුණා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Mar 2018 06:54 PM

නිරෝගි දිවි පෙවෙතකට එදිනෙදා අවශ්‍ය නිරෝගි දිවි පෙවෙතකට එදිනෙදා අවශ්‍ය දැනුම
 
 බතට වැඩිපුර වතුර තබා පෙරා ඉවත් කළේ ඇයි
 
 lady135 බෙහෙත් පෙත්තෙන් ඈත්ව මුළුතැන්ගෙය සහ අවට පරිසරය අපේකමට ගොඩනඟා ගැනීම තුළ නිරෝගී දිවිපෙවෙතක්‌ ගත කිරීමට ඔබ දැනුවත් කිරීමට එක්‌වන්නේ පාරම්පරික දේශීය වෛද්‍ය ඩී. වී. පී. ආර්. සංජීව අල්විස්‌ මහතාය. මැදවච්චිය ඔහුගේ උපන් ගමයි.
 
 දුටුගැමුණු රජතුමාගේ වෛද්‍යවරයා වූ කපුරුනාථ ගුරුදේව වෙද පරම්පරාව වෛද්‍ය සංජීව අල්විස්‌ මහතා නියෝජනය කරනු ලබයි. වෙල්විදාන වෙද පරම්පරාව සහ දම්පැල්ල වෙද පරම්පරාව ලෙසින් කපුරුනාථ ගුරුදේව වෙද පරම්පරාව අද කාණ්‌ඩ දෙකකට බෙදී තිබුණද එහි ආරම්භය කපුරුනාථ ගුරුදේව පරම්පරාවට අයත් වෙයි.
 
 මෙම පරම්පරාව වෙදකමට පරිබාහිරව නාඩි ශාස්‌ත්‍රයට, නිල වෙදකමට දක්‍ෂතා දක්‌වන්නේ කපුරුනාථ ගුරුදේවයන් සතු දැනුම අද දක්‌වාම රැගෙන විත් තිබෙන නිසාවෙනි.
 
 පරම්පරා ගණනාවක ඉතිහාසය මත, කපුරුනාථ ගුරුදේවයන්ගේ වූ පුරාණ පොත පත ඇසුරේ අදින් වසර දහස්‌ ගණනාවකට එහා අද මිනිසා රෝගියෙක්‌ බවට පත්වන බවත් ඒ සඳහා ඖෂධ පිළියම් ලියා තිබීමත් මවිතයට පත්වන කරුණක්‌ බව අමුතුවෙන් කිවයුතු නොවේ.
 
 නිරෝගී දිවි පෙවෙතකට මෙන්ම රෝගී වී සිටින අයටත්, ජීවිතයේ සැබෑව කියාදෙන ලිපි පෙළෙහි ඇරඹුමයි මේ,
 
 අපට ලෙඩ තිබුණේ නැහැ. එයට හේතුව වුණේ අපේ කෑම වේල සහ අපගේ ක්‍රියාකලාපයයි. අපි හොඳට තුන් වේලට බත් ආහාරයට ගත් ජාතියක්‌. දේශීය වී වගා කර ලබාගත් වී වලින් සකස්‌ කර ගත් බත් තමයි අපි ආහාරයට ගත්තේ. ඉන්පසු කැත්ත උදැල්ල අතට ගෙන හොඳට මහන්සි වුණා.
 
 ඇත්තෙන්ම එදා මනුස්‌සයෙක්‌ වෙද ගෙදරට ගියේ සර්පයෙක්‌ දෂ්ට කළ විට හෝ අස්‌ථි භග්නයක්‌ (වැටීමකින් අස්‌ථියක්‌ බිඳීම) වැනි අවස්‌ථාවකට පමණයි.
 
 ඒත් අද එහෙම නෙමෙයි. ලොකු කුඩා සියලු දෙනාම වෛද්‍යවරුන් ළඟ පෝලිමට එක්‌වෙලා.
 
 කාලය කෙමෙන් ගෙවී යැමේදී අනාගත මිනිසා ජීවිතය වරද්දා ගන්නා බව දැන සිටි අතීත සෘෂිවරු තම විඥානය මතින් අදට ගැළපෙන ඖෂධ වර්ග පොත පතෙහි සටහන් කර තිබීම සැබැවින්ම කාලීන අවශ්‍යතාවයක්‌ වෙලා. අදින් අවුරුදු 40,000 ට පෙර ලියා තැබූ සටහනකට අනුව දිග කලිසම් ඇඳි මිනිසා ඖෂධ ස්‌ප්‍රීතු සෑදීම පිළිබඳ පවා පැරණි පොත පතෙහි සටහන්ව තිබෙනු දක්‌නට ලැබෙනවා.
 
 ශාක ඖෂධ භාවිතය පිළිබඳ අද හැමතැනම දක්‌නට ලැබෙනවා. තැනෙකදි ඒවායේ ඵල රහිත බවකුත් කියෑවෙනවා. එහෙත් මෙවැනි දේ භාවිත කළ යුතු කාල වේලාව පිළිබඳ පවා අතීත පොත පතෙහි සටහන්ව තිබෙනවා. ගසක, වැලක, කොළයක, මුලක බලය තිබෙන කාල වේලාවක්‌ තිබෙනවා.
 
  සෘතු අනුව ගහේ කොළේ බලය වෙනස්‌ වෙනවා. ඒ තරමටම ස්‌වභාව ධර්මය ශක්‌තිමත්.
 
 එක්‌ පළාතකට ගැළපෙන ඖෂධ වර්ග එම පළාතේ වැඩිපුර වැවෙනවා. ඒ ස්‌වභාව දහමේ නිමැවුමක්‌. අපේ බොහෝ අය එය නොදැන සිටින කාරණාවක්‌ ඖෂධ තිබෙන්නේ අපේ වත්තේ පිටියේ. නිතර දෙවේලේ අපේ පරිසරයේ බහුලව හැදෙන්නේ එම පරිසරයේ ජීවත් වන අයට අවශ්‍ය දේ පහසුවෙන් සොයා ගැනීමටයි.
 
 රජරට සියඹලා බහුල ප්‍රදේශයක්‌ රජරට වැසියන් සියඹලා භාවිතයෙන් අඩුවීම වකුගඩු රෝගයට මූලික හේතුවක්‌ වෙලා. සියඹලා ආහාරයට ගැනීම හැමෝටම හොඳයි. අද සියඹලා ආනම ගැන දන්නේ කීයෙන් කී දෙනාද. වකුගඩු රෝගයෙන් ගැළවීමට, නිරෝගී දිවි පෙවෙතකට සියඹලා ආනම සකස්‌ කර සතියකට දින දෙක තුනක්‌ ආහාරයට ගැනීමට උත්සාහ කර බලන්න.
 
 සියඹලා ආනම
 
 අවශ්‍ය ද්‍රව්‍ය
 
 සියඹලා - ග්‍රෑම් 150
 
 දෙවැනියට ගත් පොල් කිරි - අඬු කෝප්ප 2 ක්‌
 
 සූදුරු, මහදුරු, කොත්තමල්ලි, ගම්මිරිස්‌ ඇට කිහිපයක්‌, තිප්පිලි ටිකක්‌, සුදු ලූනු, රතු ලූනු, උළුහාල්, කුරුඳු, කරපිංචා
 
 සාදා ගන්නා ක්‍රමය
 
 සියඹලා සෝදා පිරිසිදු කර අතින් ඇට ගලවා ගන්න. අඹරාගත් සූදුරු, මහදුරු, කොත්තමල්ලි කබලේ බැද කුඩුකර ගත් තිප්පිලි කුඩු ටිකක්‌, කුරුඳු කෑල්ලක්‌, ගම්මිරිස්‌ කුඩු ටිකක්‌ සියඹලා මදවලට එක්‌කර පොල් කිරි දමා මිශ්‍ර කර ගන්න. සිහින්ව කපාගත් සුදු ලූනු සහ රතු ලූනු දමා ලිප තබා උකු පදමට සාදා ගන්න. දේශීය සහල් වර්ගයක්‌ සමඟ ආහාරයට ගන්න. මෙය නිරෝගි බවට හොඳම පිළියමක්‌.
 
 අතීතයේ අපේ ආච්චිඅම්මලා බත පිසින විට බතට වැඩිපුර වතුර තියලා බත තැබ්බෙන විට වතුර ටික පෙරා ඉවත් කළා. අද එහෙම කෙරෙන්නේ නැහැ. ඔවුන් බතේ වතුර ටික පෙරා ඉවත් කළේ බතේ වැඩිපුර පිෂ්ඨය ටික ඉවත් කර ගැනීමටයි. ඉන්පසු බත හැඳිගාලා පන් වට්‌ටියකට දමා නිවා ගත්තේ තව දුරටත් අනවශ්‍ය කොටස්‌ වාෂ්පයෙන් ඉවත් කර ගැනීමටයි. හුමාලයෙන් විෂ ඉවත් වන බව පවා එදා වැඩිහිටියන් මනාව දැන සිටි නිසා ඔවුන් නිරෝගී බව රැකගත්තේ අත්දැකීම් තුළින් ලබාගත් දැනුම හරහායි. අද බතේ වතුර පෙරනවා තබා පිසුණු බතේ වාෂ්පය ඉවත් වීමට පියන විවෘත කර තැබීමක්‌වත් සිදුවන්නේ නැහැ.
 
 ඇත්තෙන්ම අද අපි රෝගී වෙලා තිබෙන්නේ මෙවැනි ක්‍රමවලින් ඈත් වීම නිසා. මෙවැනි කරුණු කාරණා බොහෝමයකින් අපි ඈත්වෙලා. මොහොතක්‌ සිතා බලන්න ආච්චිඅම්මලාගේ කාලේ ආහාර පාන රටාව අද අපිට නැහැ. ඒ නිසාම ඇති වූ රෝග බොහොමයක්‌ අද අපට ඉතිරිවෙලා.
 
 නිරෝගී දිවි පෙවෙතකට එදිනෙදා අවශ්‍ය දැනුම පිළිබඳ හෝ ඔබේ යම් රෝගී තත්ත්වයක්‌ පිළිබඳ හෝ ඔබ අනුගමනය කළ යුතු ජීවන රටාව පිළිබඳ නොමිලේ විස්‌තර දැනගැනීමට 0779971700 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ.
 
 අපි කැඳ බීලා ලෝකෙම හොල්ලපු ජාතියක්‌ - ලබන සතියේ සාකච්ඡා කරමු.
 
 වෛද්‍ය සංජීව අල්විස්‌
 
 
 
 
 
 ඔබේ සැමියා සත්පුරුෂ පෞරුෂයකින් යුක්‌තද?
 
 වර්තමාන සමාජයේ බොහෝ විවාහයන් ටික කලක්‌ යන විට දෙදරා යන්නට හෝ පලුදුවී යන්නට බලපා ඇති කරුණු අතර සැමියාගේත් බිරිඳගේත් දුරස්‌ වීම හේතුවී ඇත. දැන් අපි ජීවත් වන්නේ දරුවො නිසා යෑයි ඇතැම් විවාහකයෝ පවසති.
 
 වෛද්‍යතුමනි, මෙලෙස වර්තමානයේ විවාහක පවුල් අතර අවුල් වියවුල් බහුල වන්නට බලපා ඇති හේතුව කුමක්‌ද?
 
 සෘෂි නාඩි වාක්‍යයට අනුව සත්පුරුෂ පවුල් ජීවිතයක්‌ ගත කිරීම සම්බන්ධව කරුණු 15 ක්‌ සඳහන් කර තිබෙනවා.
 
 එහිදී පළමුවෙන්ම සඳහන් කර ඇත්තේ විවාහයක්‌ කියන්නේ නව යුගයක ඇරඹුමක්‌ බවය. නව යුගයක්‌ කියන්නේ වසර සිය ගණනක ඉතිහාසයකට උරුමකම් කියන කාල පරිච්ඡේදයකි. එනිසා මෙය වසරකින් දෙකකින් දුරස්‌වන්න බැහැ.
 
 සත්පුරුෂ පිරිමි දරුවකු සහ සත්පුරුෂ දියණියක අතර ඇතිවන සබඳතාවය ශක්‌තිමත් වන්නේ දෙදෙනා අතර ඇති වන දැඩි ප්‍රේමය සෙනෙහස, එකිනෙකාට ගෞරව කිරීම, සැලසුම් සහගත ලෙස ආරක්‍ෂා කිරීම, පෝෂණය කිරීම, සතුට ලබාදීම ආදී කරුණු රාශියක්‌ තුළිනි.
 
 වර්තමානයේ බොහෝ විවාහක පවුල්හි ආරවුල් ඇතිවීම සඳහා බලපා ඇති කරුණු අතර සැමියාගෙන් බිරිඳට ඉටුවිය යුතු යුතුකම් සම්බන්ධ ගැටලු මතුවී ඇති බවක්‌ පෙනෙනවා.
 
 මෑතකදී මා වෙත පැමිණි එක්‌ විවාහක කාන්තාවක්‌ පැවසුවේ සැමියා නිතරම තමා දෙස බලන්නේ වෙනත් කාන්තාවන්ගේ හැකියාවන් පවසමින් ඒවා සන්සන්දනය කරමින් බවය.
 
 ඔයාගේ අර යාළුවට හොඳට උයන්න පුළුවන් නේද? කොහොමද එදා එයාලගෙ ගෙදර ගිය වෙලේ අපට හදල දුන්න කෑම වේල. හරිම රහයි යෑයි කියමින් ඒ ගැන නිතර සිහිපත් කරන බවය.
 
 මෙවැනි අවස්‌ථාවන්හිදී තමා තුළ ඇතිවන දුක සහ ලැඡ්ජාව කියා නිමකළ නොහැකි බව ඇය පැවසුවාය.
 
 මෙය ඇතැම් ස්‌වාමි පුරුෂයන් අතර දක්‌නට ලැබෙන පොදු ලක්‍ෂණයකි. විවාහ වූ අලුත බිරිඳ ආමන්ත්‍රණය කරන්නේ ඉතා ආදරයෙනි. ටික කලක්‌ යන විට "අයිසෙ" "තමුසෙ" අපේ ගෑනි" ආදී රළු වදන්වලින් ආමන්ත්‍රණය කිරීමට යොමුවේ. ඒ සඳහා ඔහුගේ යාළුවන් ගෙන්ද ලැබෙනුයේ නොමඳ සහයකි. "මචං අපේ ගෑනි" ලෙසින් කෙනෙක්‌ තම බිරිඳ ගැන පවසද්දී අනෙකාද ඊට නොදෙවෙනි වදනකින් බිරිඳ ආමන්ත්‍රණය කරයි.
 
 මගේ නෝනා දරුවන්ගේ අම්මා ලෙසින් ආමන්ත්‍රණය කිරීම ඇතැම් පිරිසකට විවාහ වී ටික කලක්‌ යන විට මදිපුංචිකමක්‌ සේ සිතේ.
 
 එලෙස ආදරයෙන් කතාබහ කරන විට තමාගේ පෞරුෂයට හානියක්‌ සිදුවේ යෑයි නිවසේ පාලනය තමා අතින් ගිලිහේ යෑයි ඔවුහු සිතති.
 
 ගෙදර සැරට හිටියොත් තමයි පාලනය ගෙන යන්න පුළුවන් වන්නේ. බුරුලක්‌ දුන්නොත් වරදින්නේ මටයි යෑයි වැරදි මතවල සිටිති.
 
 පිරිමියකුගේ පෞරුෂය සැරපරුෂ වදන්වලින් හෝ තද ගතිගුණවලින් ගොඩනඟා ගත නොහැකි බව නාඩි වෘත්‍යවල සඳහන් කර ඇත.
 
 තමා අන් අයට දක්‌වන ආදරය සෙනෙහස කරනු ලබන ගෞරවය තුළින් අන් අය තුළ තමා කෙරෙහි ඇතිවන ප්‍රතිරූපය පෞරුෂය සඳහා බලපායි. එය සත්පුරුෂ පෞරුෂය ලෙස හඳුන්වා දී තිබෙනවා.
 
 කිසි මොහොතක කෙනෙක්‌ තලාපෙලා දමමින් අපහාසයට ලක්‌කරමින් කටයුතු කරන්නා වසලයෙක්‌ ලෙස හඳුන්වා දී තිබෙනවා. වසලයා යනු කිසිදු සත්පුරුෂ ගුණයක්‌ නැති වටිනාකමක්‌ නැති පහත් පුද්ගලයෙකි. වසල ගති ඇති පුද්ගලයා තුළින් ගොඩනැඟෙන පෞරුෂය වටිනාකමක්‌ නැත.
 
 එනිසා වර්තමානයේ බොහෝ පවුල් අවුල් වී යන්නට මෙම සත්පුරුෂ පෞරුෂය සහ වසල පෞරුෂය අතර පවතින පරතරය බලපා ඇති බව මට වැටහී යනවා.
 
 තම විවාහක බිරිඳ යනු කම්සැපය සඳහා පමණක්‌ තමා සතුකර ගත් කෙනෙක්‌ ලෙස සිතන ස්‌වාමිපුරුෂයන්ද බොහෝ සිටිනවා. ඉන් අසරණ වූ බිරින්දැවරු මා හමුවී පවසන අත්දැකීම් සිතා ගැනීමටත් අපහසුයි.
 
 තම බිරිඳ යනු තමා පෝෂණය කරන මවක්‌ ලෙස සිතිය යුතුයි. පෝෂණය කිරීම යනු ආහාරපාන උයා සපයා දීම පමණක්‌ නොව තමාගේ අනාගත පරපුර සඳහා දරුවන් දායාද කරදීම, රැකබලා ගැනීම සියල්ල අයත් වෙනවා.
 
 වැඩිදුර විස්‌තර සඳහා දුරකථන අංක 0776500677 අමතා වෛද්‍යතුමන් සම්බන්ධ කරගත හැකිය.

වෛද්‍ය සංජීව අල්විස්‌

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Mar 2018 06:59 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Mar 2018 06:59 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Mar 2018 07:00 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Mar 2018 07:02 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Mar 2018 07:03 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Mar 2018 07:05 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Mar 2018 07:08 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Mar 2018 07:09 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Mar 2018 07:14 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Mar 2018 07:15 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 109 of 137 << < 107108109110111 > >>