You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 137 << < 910111213 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 May 2017 06:13 PM

ආත්‍රයිටිස්‌ සුව කරගන්න මේ කසායත් බීලා බලන්න

ප්‍රශ්නය - පසුගිය සතියේදී මේ ප්‍රශ්නෝත්තර තීරුව ඔස්‌සේ ආත්‍රයිටිස්‌ රෝගයට අදාළව පාඨකයන්ට ලබාදුන් ඖෂධ වට්‌ටෝරුව ගැන පැසසුම් කිහිපයක්‌ ලැබී තිබෙනවා. දැන් අප ඔබෙන් එවැනි වට්‌ටෝරුවක්‌ බලාපොරොත්තු වෙනවා.

වෛද්‍ය වසන්ත උදයජීව - මතු කියෑවෙන කසාය ආත්‍රයිටිස්‌ රෝගයට ඉතාම ගුණදායක බෙහෙතක්‌. නිකමුල්, කටු කරඬු මුල්, බෙලි මුල්, බැබිල මුල්, බෙහෙත් එඬරු මුල්, පාවට්‌ටා මුල්, කලං 2 බැගින් ගෙන එයට එඬරු තෙල් මේස හැන්දක්‌ සහ වතු=ර කෝප්ප 8 ක්‌ දමා එක කෝප්පයකට සිඳුවා එයින් භාගයක්‌ උදේට ද, ඉතිරි භාගය සවසට ද යනාදී වශයෙන් දින 6 ක්‌ (වේල් 12 ක්&zwnj පානය කළ යුතුයි. මෙයට සීනි/ මී පැණි අනුපාන වශයෙන් යෙදිය යුතුයි.

ප්‍රශ්නය - මේ කසාය සඳහා යොදා ගනු ලබන ශාක ගැන විග්‍රහයක්‌ කළ හැකිද?

වෛද්‍ය වසන්ත උදයජීව - Vitex negundo යනුවෙන් හැඳින්වෙන නික ගස පස්‌ පංගුව ප්‍රයෝජනයට ගත හැකි ඖෂධීය ශාකයක්‌. ශරීරයේ හටගන්නා ඉදිමුම්, කෝටරක ප්‍රදාහය, වෙනත් ප්‍රදාහ තත්ත්වයන්, රූමටික උණ, හිසේ ඇම්ම. ඇසේ සුද, සර්ප දෂ්ට, විසඥ තත්ත්වයන්, ගරුඬ විස, කැස්‌ස, ඇදුම, උණ, සිරුරේ වේදනා, ලාදුරු යනාදියට ප්‍රතිකාර කිරීම සඳහා නික යොදා ගන්නවා.

2. කටු කරඬු - මෙහි විද්‍යාත්මක නාමය Barleria Prionitis යන්නයි. අක්‌මාවේ හටගන්නා උග්‍ර සහ නිධන්ගත රෝග, කහඋණ, වෘෂණ කෝෂ ඉදිමීම, මීයන් සපා කෑමෙන් හටගන්නා විෂ තත්ත්වය, ඇසේ සුද හට ගැනීම, කක්‌කල් කැස්‌ස, දත් නරක්‌වීම, බිබිලි හට ගැනීම වැනි රෝග තත්ත්වයන් සඳහා මේ ශාකයේ කොළ, මුල්, පොතු, මේ පැළෑටිය පුළුස්‌සා ලබා ගන්නා අළු යනාදිය යොදා ගන්නවා.

3. Aegle marmelos යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන බෙලි සිරුරට සිසිල් ගුණය ලබා දෙන උදරයට ඉතා සෞම්‍ය පලතුරක්‌.

4. බැබිල ශාකයේ උද්භිද විද්‍යාත්ම නාමය වන්නේ Sida alanifolia යන්නයි. අධික රුධිර පීඩනය, හර්නියා, සියලුම උණ රෝග යනාදියට මේ ශාකය මගින් ප්‍රතිකාර කරනවා.

5. Ricinus Communis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන එඬරු ශාකයේ පත්‍රවල තිබෙන මධ්‍යසාරමය කොටස උකහාගෙන අක්‌මා රෝග සහිත මීයන්ට එමගින් ප්‍රතිකාර කර සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට බටහිර ලෝකයට හැකිව තිබෙනවා. මෙහිදී සුවපත් වූයේ විෂ නිසා හානියට පත් වූ අක්‌මා කොටස්‌ සහිත මීයන්. කෙසේ වුවද එඬරු පැළය විෂ සහිත ශාකයක්‌ බව අප මතක තබා ගත යුතුයි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 May 2017 06:15 PM

වකුගඩු පිළිකාවක්‌ හැදුනොත්...

ප්‍රශ්නය - පසුගිය සතියේදීත් අප ඔබ සමඟ කතා කළේ වකුගඩු රෝග ගැනයි. නෙරෙංචි සහ නීරමුල්ලිය යන ඖෂධීය ශාක වකුගඩුවලට ප්‍රතිකාර කිරීමේදී ඉතාම ගුණදායක බව ඔබ එහිදී තේරුම් කළා. මේ අතර පසුගිය සතියේදී අපේ පාඨකයන් කිහිපදෙනෙක්‌ අසා තිබුණා වකුගඩුවලට පිළිකාව වැළඳෙනවාද කියලා. මේ ගැන ඔබ දරණ මතය කුමක්‌ද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ශරීරයේ ඕනෑම තැනක පිළිකා හටගැනීමට පුළුවන්. වකුගඩුවල හැදෙන පිළිකා හඳුන්වන්නේ Renal Cancer හෙවත් වෘක්‌ක පිළිකා කියලයි. වකුගඩුවේ සෛල පිළිකාකාරී (Cacerous) තත්ත්වයකට පත් වෙලා පාලනයකින් තොරව වර්ධනය වීමට පටන් ගෙන අර්බුදයක්‌ හෙවත් ඔමපදර එකක්‌ වෙනවා. වකුගඩු පිළිකාවක්‌ නිතරම හටගන්නේ රුධිරය සහ මුත්‍රා පෙරීම් කටයුතු සිදු කරන සියුම් නාලිකාවල අග කොටස්‌වලයි. මේ වර්ගයේ පිළිකා හඳුන්වනු ලබන්නේrenal cell carcinoma කියන නමින්.

ප්‍රශ්නය - පිළිකාවක්‌ කියන්නේ සෛල වර්ධනයක්‌. ඒ කියන්නේ මාංශමය වර්ධනයක්‌. මෙවැන්නක්‌ වකුගඩුවක්‌ මත හට ගත්තාම ඇතිවන හානිය කුමක්‌ද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ශරීරයේ හටගන්නා සෛලමය වර්ධනයන් පිළිකාමය සහ පිළිකා නොවන යනාදී වශයෙන් කොටස්‌ දෙකකට බෙදෙනවා. සාමාන්‍යයෙන් වකුගඩු මත වැඩි වශයෙන් හට ගන්නේ දියර පිරුණු කුඩා මල්ලක්‌ හෝ බුබුලක්‌ වැනි කෝෂ්ඨයක්‌ හැටියටයි. මේවා හානිකර දේවල් නොවෙයි. එහෙත් පිළිකාව එහෙම නොවෙයි. එය ඉතා හානිකරයි. වකුගඩු පිළිකාවක්‌ හඳුනා ගැනීම සඳහා CT, MRI හෝ ULTRA SOUND වැනි පරීක්‍ෂණ ක්‍රම වැදගත් වෙනවා. වකුගඩුව මත තහවුරු වුණ අර්බුදයක්‌ තිබෙනවා නම් එනම් ස්‌ථාවර මාංශමය වර්ධනයක්‌ තිබෙනවා නම්, එසේම එය දියර පිරුණ කුඩා මල්ලක්‌ හෝ දිය බුබුලක්‌ නොවන වර්ධනයක්‌ නම් සැලකිලිමත් විය යුතුයි. විකිරණ ශිල්පීන්ට පුළුවන් මෙවැනි පිළිකා ලෙහෙසියෙන්ම හඳුනා ගන්න.

ප්‍රශ්නය - වකුගඩු පිළිකාවක්‌ ශරීරයේ වෙනත් ප්‍රදේශවලටත් පැතිර යනවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - වකුගඩු පිළිකාවක්‌ පහසුවෙන්ම පැතිර යන කොටස්‌ කිහිපයක්‌ ශරීරයේ තිබෙනවා. අස්‌ථි, අක්‌මාව, පෙනහළු, මොළය සහ වකුගඩුවලින් ඈත තිබෙන වසා ගැටිති තමයි මෙසේ පිළිකාව පැතිරෙන ප්‍රදේශ.

ප්‍රශ්නය - වකුගඩු පිළිකාවක රෝග ලක්‍ෂණ මොනවද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අධික මහන්සිය, ශරීරයේ බර අඩුවීම, නිරන්තරයෙන් හට ගන්නා කොන්දේ වේදනාව, කොන්දේ පහළ කොටසේ ඇතිවන ගෙඩියක්‌ හෝ මාංශමය වර්ධනයක්‌, මුත්‍රා සමඟÊරුධිරය පහවීම, රක්‌ත හීනතාව සහ සිරුරෙහි රතු රුධිරානු අඩුවීම, නිතර නිතර උණ හටගැනීම තමයි මෙහි මූලික රෝග ලක්‍ෂණ. මේ ලක්‍ෂණවලින් කිහිපයක්‌ ම සෙසු පිළිකාවන්ටත් පොදුයි.

ප්‍රශ්නය - වකුගඩුවල හටගන්නා පිළිකා නොවන කෝෂ්ඨ ගැන ඔබ සඳහන් කළා. ඒවායින් හානියක්‌ වෙන්නේ නැද්ද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - හානියක්‌ නොවනවා නොවෙයි. මෙවැනි සමහර කෝෂ්ඨ මගින් වකුගඩු ක්‍රියාකාරීත්වය අඩාල වනවා.

ප්‍රශ්නය - මෙය වේදනාකාරීද?

වෛද්‍ය වික්‍රමාරච්චි - සමහර වකුගඩු කෝෂ්ඨවලට ප්‍රතිකාර කළ යුතු නැහැ. ඒ වගේම ඒවා වේදනාකාරීත් නැහැ. සමහර වකුගඩු කෝෂ්ඨ ක්‍රමයෙන් විශාල වී වේදනාව ඇති කරන මට්‌ටමට එනවා. එවිට ඒවා ආසාදනය වී රෝගියාට උණ ගැනී, උදරයේ උඩ කොටස වේදනා ගෙන දෙන්නට පටන් ගන්නවා.

ප්‍රශ්නය - වකුගඩු පිළිකා මගින් රෝගියා මිය යනවද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මුල් අවදියේදී වකුගඩු පිළිකාව මාරාන්තික නැහැ. එහෙත් පිළිකාව මුහුකුරා ගොස්‌ තිබුණොත් තත්ත්වය නරක අතට හැරෙනවා. හුඟක්‌ වෙලාවට වකුගඩු පිළිකාවක්‌ හඳුනා ගැනීමට ලැබෙන්නේ එය මුහුකුරා ගිහින් සමහර විට සිරුරේ ඇතැම් ප්‍රදේශවලට පැතිර ගියාටත් පසුවයි. අන්න එතැනදී ප්‍රශ්නයක්‌ හට ගන්නවා.

ප්‍රශ්නය - වකුගඩු රෝග හටගන්නේ කවර වයස්‌ සීමාවල පසුවන අයටද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - සාමාන්‍යයෙන් වකුගඩු පිළිකා හටගන්නේ වයස අවුරුදු 64 ඉක්‌මවූ අයටයි. අවුරුදු 45 ට අඩු අයට මෙය හට ගැනීම ඉතාම දුර්ලභයි

(ලබන සතියේ වකුගඩු පිළිකාව සුවකර ගැනීමට කළ යුතු දේ)

නොමිලේ විස්‌තර සඳහා
0713464276/ 0759061771
අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
13 May 2017 08:58 PM
ස්තූතියි මේ වෛද්‍ය උපදෙස් වලට. අද කාලේ මෙවා ඉතා බහුල රෝග.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 May 2017 07:11 AM

http://navaliya.com/2017/05/15/New%20folder/4.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 May 2017 07:12 AM

http://navaliya.com/2017/05/15/New%20folder/10.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 May 2017 07:13 AM

http://navaliya.com/2017/05/15/New%20folder/46.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 May 2017 07:15 AM

http://navaliya.com/2017/05/15/New%20folder/28.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 May 2017 08:28 AM
අපේ හාමිනේටත් අතක හිරිවැටෙන ගතියක් තිබුනා.
හැබැයි කොහොමෙන් හරි ඒකට විශේෂ බේතක් නොගෙනම හොද කරගත්තා.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 May 2017 06:25 PM

හිසරදයට ප්‍රතිකාර කළ යුත්තේ පරිස්‌සමෙන්

හිසරදයට ගොදුරු නොවූ අයෙක්‌ සිටී නම් එම තැනැත්තා තවම මෙලොව ඉපදී නැතැයි කියා පැවසුවාට එහි වරදක්‌ නැත. මවු කුසින් මෙලොව එළිය දුටු මොහොතේ සිට මියයන මොහොත දක්‌වා ඕනෑම අවස්‌ථාවක අපට හිසරදය මතුවිය හැකිය. ඊට හේතු වී ඇත්තේ අපිට විවිධ හේතු නිසා හිසරදය මතුවන බැවිනි.

වෛද්‍යතුමනි, අප හැමෝටම වධදෙන හිසරදය ඇතිවීමට බලපාන හේතු මොනවාද?

අපගේ ශරීර පද්ධතියේ ප්‍රධානතම ඉන්ද්‍රිය වන්නේ මොළයයි. මොළය යනු ස්‌නායු පද්ධතියේ මූලස්‌ථානයයි. එයින් නිකුත්වන මූල ස්‌නායුව කුඩා මොළය ඔස්‌සේ ප්‍රධාන කශේරුකා පන්තියට ඇතුළු වී කශේරුකා සන්ධි ස්‌ථානවලින් පිටතට නිකුත් වී ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන් හා අවයවයන් කරා ගොස්‌ ඒවායේ ක්‍රියාකාරීත්වයට දායක වෙනවා.

ඒ නිසා ශරීරයේ කුමන අවයවයක ඉන්ද්‍රියක දොaෂයක්‌ ඇති වුවත් එය මොළයට බලපෑම් කරනවා. එම බලපෑම් වල උච්චතම අවස්‌ථාවේදී හිසට දැනෙන අපහසුතාව හඳුනාගන්නේ වේදනාවක්‌ ලෙසයි. එය සාමාන්‍ය ව්‍යවහාරයේදී අප හිසරදය කියා හඳුන්වනවා.

වෛද්‍යතුමනි, හිසරදයට හේතු මොනවාද?

වර්තමානයේ හිසරදයට ප්‍රතිකාර සඳහා එන වැඩිදෙනකුට හේතු වී ඇත්තේ සෙම කුපිත වීමයි. හිස ආශ්‍රිත කලාපයේ සෙම් බහුල වන්නේ කුමක්‌ නිසාදැයි කියා සොයාබැලීමේදී ඊට හේතුව අප බොහෝ දෙනා නොසිතන කරුණකි.

සෙම බහුල යෑයි පවසන බොහෝ දෙනාගේ ශරීරය උෂ්ණාධික බවක්‌ පෙන්වනවා. එම උෂ්ණාධික බව ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන් හා අවයවවලට බලපෑම් අති කළ ද මොළය ආශ්‍රීතව එය කටයුතු කරන්නේ වෙනස්‌ ආකාරයටයි.

මොළය ආශ්‍රීතව පවතින්නේ ඉතා සියුම් ස්‌නායු සෛලය. ඒවා උෂ්ණාධික බව නිසා විනාශ විය හැකියි. මෙම තත්ත්වය වළක්‌වාගන්නට ශරීරය විසින් හිස පෙදෙසට සෙම ගෙන්වා ස්‌වයංක්‍රීය ශීතකරණ වැඩපිළිවෙළක්‌ (Aමඑද ඤදකසබට Sහිඑeප) ඇතිකරනු ලබනවා.

සියලු ගැටලු මතුවන්නේ ඉන් අනතුරුවය. හිස්‌ කබල තුළ එක්‌ රැස්‌වන සෙම නාස්‌ කුහරයෙන් බාහිර වාතය සමඟ එකතුවන ක්‌ෂුද්‍ර ජීවින්ගේ බලපෑමෙන් නරක්‌ වීමට (සෙම් කුපිත වීම, සෙම් පැසවීම) ලක්‌වෙනවා. එසේ දූෂණයවන සෙම නිසා හිසේ බර ගතියක්‌ ඇතිවෙනවා. එම නරක්‌ වූ සෙම මොළකුහරයෙන් ඉවත්වනතුරු හිසේ රෝගාබාධ ඇතිකරනු ලබනවා.

මෙම තත්ත්වයට අප කෝටරක ප්‍රදාහය කියා පවසනවා.

ඊට අමතරව ඇතැම් දෙනාට ඉරුවාරදය තත්ත්වය ඇති වෙනවා. හිසේ රෝග අතරින් පීඩාකාරී බවින් වැඩිම අවස්‌ථාව මෙයයි. ඉරුවාරදය වැළඳුණු විට මෙහි ඇති පීඩාකාරී බව නිසා රෝගීන්ගේ සියලු එදිනෙදා කටයුතු පවා අඩපණ වෙනවා.

හිසරදය ඇතිවීමට බලපාන තවත් හේතු ලෙස මළ බද්ධය, ගැස්‌ට්‍රයිටීස්‌ ඇතුළු ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතා, දියවැඩියාව, අර්ශස්‌, පීනස, රක්‌තහීනතාව, අධික නිදිමත හෝ නින්ද නොයැම, බඩපුරවා දැමීම, මුත්‍රා රෝග, වකුගඩු ආශ්‍රීත දුර්වලතා, පිත්තාශයේ ගල්, වරින් වර මතු වී නැති වී යන වාතරක්‌ත වැනි සමේ රෝග, කාන්තාවන්ගේ ගර්භාෂ ගත රෝග සහ ආර්ථව දොaෂ, ඇතැම් ඖෂධ දීර්ඝකාලීනව භාවිතය, මානසික පීඩනය ආදිය ද දැක්‌විය හැකියි.

වෛද්‍යතුමනි, හිසරදය සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

මෙය ඉතාමත් පරිස්‌සමට කළයුතු ප්‍රතිකාරයක්‌. ඒ නිසා රෝගියා පරීක්‌ෂාවට ලක්‌කර හිසරදයට හේතු වී ඇති කරුණු හරිහැටි හඳුනාගෙන ප්‍රතිකාර ලබාදිය යුතුයි.

සෙම රෝගය නිසා හිසරදය මතුවී ඇති විට සෙම වියළීSමට ප්‍රතිකාර කිරීමේදී නැවතත් උෂ්ණාධික බව ප්‍රමුඛ වීමෙන් මොළය ආශ්‍රීතව පවතින සියුම් ස්‌නායු සෛල විනාශ විය හැකියි. මොළය ආශ්‍රීත කලාපය සිසිලනය කිරීමට නම් මුළු ශරීරයේම උෂ්ණාධික බව අඩුකළ යුතුයි. ඒ සඳහා අප සිදුකරන ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමයකි. ඊට අමතරව රෝගියාගේ ශරීරයේ පවතින අනිකුත් අහිතකර තත්ත්වයන් සොයාබලා ඊට නිසි අවස්‌ථානුකූලව නිසි ප්‍රතිකාර ලබාදිය යුතුයි.

බොහෝ දෙනා සිතා සිටින්නේ සෙම් රෝග නිසා සහ අනෙකුත් රෝග තත්ත්වයන් නිසා ඇතිවන හිසරදය නිට්‌ටාවට සුවකළ නොහැකි වරින්වර මතුවන රෝගයක්‌ බවත් එවැනි අවස්‌ථාවන්හිදී වේදනා නාශක ඖෂධ භාවිතාකර රෝගය යටපත් කළයුතු යෑයි කියාය.

ඇත්තටම අප කරා එන රෝගීන් ගෙන් වැඩි පිරිසක්‌ මෙලෙස තාවකාලිකව හිසරදය යටපත් කරගත් අයයි. ඒ අය ප්‍රතිකාර ගත්තත් නිසි සුවය ලබා නැහැ. මේ සඳහා හේතු වී තිබෙන්නේ රෝගය පිළිබඳව සොයා බලා රෝග නිධානයට ප්‍රතිකාර ලබා නොදීමයි.

වෛද්‍යතුමනි හිස කැක්‌කුම ඇති වූ විට පරිස්‌සම් විය යුතු ආකාරය කෙසේ ද?

විශේෂයෙන්ම සෙම් රෝග, පීනස ඇති අය සවස්‌ කාලයේ ඇල්දිය නෑමෙන් වැළකිය යුතුයි. අධික උෂ්ණ ආහාර, මත්පැන්, දුම්කොළ පානයෙන් වැළකිය යුතුයි. තෙල් සහිත කෘත්‍රිම ආහාර ගැනීම වැළකීමද යහපත් ය.

වෛද්‍යතුමනි, බොහෝ දෙනා ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවීමට මැලිකමක්‌ දක්‌වන්නේ කසාය වර්ග සඳහා අවශ්‍ය බෙහෙත් බඩු සෙවීම, ආදිය දුෂ්කර නිසාය. ඒ සඳහා ඔබ ලබාදෙන විසඳුම් මොනවාද?

එවැනි ගැටලුවලට විසඳුමක්‌ ලෙස මා පූර්ණ වශයෙන් නිෂ්පාදිත ඖෂධ රෝගීන්ට ලබාදෙනවා. එම ඖෂධ වර්තමානයේ කාර්යබහුල ජීවන රටාවට ගැලපෙන ලෙස කාර්යාලයේදී, වැඩබිමේදී මගතොටේදී වුවත් පහසුවෙන් පාවිච්චි කළ හැකි පරිදි පර්යේෂණාත්මකව දියුණු කළ ඖෂධයි. ඒ නිසා රෝගීන්ට බෙහෙත් බඩු සොයා යන්න අවශ්‍ය තාවයක්‌ මතුවන්නේ නැහැ.

වැඩිදුර තොරතුරු ලබාගැනීමට දුරකථන අංක 071 - 3009088 හෝ 071 - 3007000 අමතන්න.

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක
රන්පත වෙදමැඳුර - පෑලියගොඩ
සංස්‌කරණය උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 May 2017 06:27 PM

දරුඵල පමාව නැතිකර නිරෝගී බුද්ධිමත්
දරුවකු බිහිකරගත හැකි අයුරු

වර්තමාන පරපුරෙහි විවාහක පවුල්හි දරුවන් සිටින්නේ එක්‌ අයකු හෝ දෙදෙනෙකි. එසේ බිහිකරන දරුවා නිරෝගී බුද්ධිමත් දරුවකු බවට පත්කර ගැනීමට දෙමාපියන් ගන්නා වෙහෙස අපමණය. ඒ අතර තවත් පිරිසක්‌ විවාහ වී තවමත් දරුවන් නැතැයි පවසමින් පසුතැවෙති.

වෛද්‍යතුමියනි, දරු සම්පත් පමාවීමට බලපාන හේතු ලෙස ආයුර්වේදයේ සඳහන්ව ඇත්තේ මොනවාද?

ප්‍රධානම හේතුව තමයි කාන්තාවකගේ ඔසප් චක්‍රය ක්‍රමවත්ව සිදු නොවීම. ශ්‍රී ලංකාවේ ගැහැනු දරුවකු- වයස අවුරුදු 12 - 15 වන විට මල්වර වෙනවා. එතැන් පටන් මසක්‌ පාසා, ශ්ලේමය සිවිකොටස්‌ සහිත රත්ත ස්‍රාවයක්‌ පිටවිය යුතුය. එය දින 3 - 4 ක්‌ දක්‌වා කාලයක්‌ ගර්භාෂයෙන් පිටවිය යුතුයි. මෙය රජ හෙවත් ඔසප් ලෙස හඳුන්වනවා.

නිරෝගී කාන්තාවකගේ මෙය ගඳක්‌ නොමැත. වේදනා රහිතය. කිsසිදු උපද්‍රවයක්‌ නැත.

නමුත් ඇතැම් කාන්තාවන්ගේ මෙම ඔසප් ලෙස ගඳක්‌ සහිත, වේදනාවකින් යුත් අධික ලෙස රුධිරය වහනය සිදුවෙමින් ශරීරයට උපද්‍රව ඇති කිරීමට හේතුවේ.

මෙලෙස ඔසප් චක්‍රය අක්‍රමවත් කාන්තාවන්ට දරුඵල පමාවීම සිදුවේ.

ඔසප් චක්‍රය අක්‍රමවත් වන්නේ ගර්භාෂයේ හෝ පැලෝපීය නාලවල හෝ ස්‌ත්‍රී හෝමෝනවල රෝග තත්ත්වයක්‌ පවතින විටදීය.

මෙවැනි කාන්තාවන්ට ඔසප් කාලයේදී උදර වේදනාව හටගනී. හිසරදය හා ශරීරය පුරාම වේදනාව මතු වේ. වමනය හා මලබද්ධය ඇතිවේ. පියයුරු වේදනා හා ගෙඩිහට ගැනීම සිදු වේ. මුහුණේ කුරුලෑ මතු වේ. යටිබඩ කොරවීම, හා වේදනාව, තුනටිය හා කලවා වේදනාව, ඔසප් ඇතිවීමට ආසන්නයෙන් සිරුරේ වේදනාව හට ගැනීම සිදු වේ.

අධික නිදිමත බව, පිටවන රුධිර ප්‍රමාණය අධික වීම හා එය පිටවන දින ගණන වැඩි වේ.තරහා යැම, ක්‌ලාන්තය, කැරකිල්ල ඇතිවීම ඇඟ උණුකරවා යැම (ශ්වෙත ප්‍රදරය) වැනි අපහසුතාද මතු වේ.

මෙවැනි රෝග ලක්‌ෂණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි. මෙම මූලික රෝග ලක්‌ෂණවලට නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් ගර්භාෂ ගෙඩි මතුවීම ගර්භාෂයේ පිළිකා හට ගැනීම සිදුවී අකාලයේ ගර්භාෂය අහිමිවීමටද හේතුවිය හැකියි. එවිට දරු සම්පත් ලබා ගැනීම සදාකාලිකවම අහිමි වේ. ඇතැම් කාන්තාවන්ට මෙම රෝග උත්සන්නවී ජීවිත හානි පවා සිදු වේ.

වෛද්‍යතුමියනි, මෙවැනි රෝග ඇතිවිට ඒවා සුවකර දරු සම්පත් ලබාගැනීමට ආයුර්වේදයේ ඇති ප්‍රතිකාර මොනවාද?

ඔසප්වීම පමාවීම නිසා හටගන්නා රෝගවලට ආයුර්වේදයේ සාර්ථක ප්‍රතිකාර තිබෙනවා. එම ප්‍රතිකාර මගින් පවතින රෝග නිට්‌ටාවටම සුව කළ හැකියි.

දරු සම්පත් ලබාගැනීමට පමණක්‌ නොව නිරෝගී බුද්ධිමත් දරුවකු ලබා ගැනීම සඳහාත් ප්‍රතිකාර තිබෙනවා. එවැනි ප්‍රතිකාර කරනු ලබන්නේ අපගේ පරම්පරාගත රහස්‌ ඖෂධ වට්‌ටෝරුවලට අනුව සකස්‌ කළ ඖෂධ වර්ග භාවිත කරමිනි.

එම ප්‍රතිකාර ගැනීමට නම් විවාහවීමට බලාපොරොත්තු වන දෙදෙනා විවාහයට මාස තුනකට පෙර පැමිණ මූලික ප්‍රතිකාර ලබාගත යුතුයි.

නිරෝගී දරුවකු බිහිකර ගැනීමට නම් කාන්තාවකගේ බීජ නිරෝගී විය යුතුයි. පුරුෂයාගේ බීජ නිරෝගී විය යුතුයි. එසේ නොවුණහොත් අංගවිකල, බුද්ධයෙන් අඩු නිතර රෝගවලට ගොදුරුවන දරුවකු බිහිවිය හැකිය.

වෛද්‍යතුමනි, ඇතැම් කාන්තාවන්ගේ ඔසප් අක්‍රමිකතා විවාහයෙන් පසු ක්‍රමවත් වේ යෑයි කියා මතයක්‌ පවතිනවා.එහි සත්‍යතාවයක්‌ තිබේද?

එය වැරදි මතයකි. ඔසප් චක්‍රයේ යම් දෝෂයක්‌ පවතිනවා නම් වහාම ඒ සඳහා ප්‍රතිකාර ලබාගත යුතුයි. ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාදවීමෙන් සිදුවන්නේ පවතින රෝග තත්ත්වය උත්සන්න වීමයි.

ඔබට මෙම රෝග පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට අවශ්‍යනම් දුරකථන අංක 0770181010 ඇමැතිය හැකිය.


වෛද්‍යාචාරිනී ඩී. හේවගේ
හේවගේ ආයුර්වේද බෙහෙත් ශාලාව
පාදුක්‌ක

සංස්‌කරණය උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 May 2017 06:48 PM
matath තියෙන ලෙඩෙ ඔය හිසරදය තමා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
14 May 2017 08:59 PM
හොඳ වෛද්‍ය උපදෙස් ටිකක්.. බොහොමත්ම ස්තූතියි මල්ලී.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 May 2017 04:40 AM
‘අම්මෝ.. ඒ කෙල්ලගෙ ලස්සන.. කහ කෑල්ල වගේ..’ ‘එයාට තියෙන්නේ රත්තරං පාට හමක්, හරිම ලස්සනයි..’ මේ වගේ කියුම් ඔබට අමුතු නැති බව දන්නවා.

 

මේවායින් කියවෙන්නේ රන්වන් පැහැ සමක් කෙනකුට ආකර්ෂණය කැන්දන බවයි. ඒ වගේම ‘කහ’ වර්ණයක් ලෙසින් පමණක් නෙමෙයි කුළුබඩුවක් ලෙසින් වගේම ඖෂධයක් ලෙසිනුත් අපට නැතිවම බැරි දෙයක්. ඉස්සර අපේ ගෙවල්වල කහ පැළයක් දෙකක් මිදුලේ තියෙන්නේ ‘කහ’ අත්බෙහෙත් සැකසීමටත් ගන්නා නිසයි.

කුළුබඩුවක් ලෙසත් කහ ඉවුම් පිහුම් කිරීමේ දී නැතිවම බැරි දෙයක්. ඖෂධයක් ලෙස මෙය අභ්‍යන්තරවත් බාහිරවත් යෙදේ. ඉංගී‍්‍රසියෙන් ටර්මරික් (turmeric)ලෙස හඳුන්වන මෙය සංස්කෘත භාෂාවෙන් පිතා, නිශා, පවිත්‍රා, හරිද්‍රා වැනි නාමයන් විස්සකින් පමණ හඳුන්වයි. පවිත්‍රකාරකයක් ලෙසත් කහවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

පිරිසුදු කාරකයක්

බොහෝ විට පිරිසුදු කාරකයක් ලෙස ගැනෙන නිසාම නිවෙස්වල, වෙනත් ස්ථානවල යම් සුබ කටයුත්තක් සිදු කිරීමේ දී එම ස්ථාන පිරිසුදු කිරීමට කහ දියර ඉසීම කරනු ලබයි. බොහෝ ව්‍යාපාරික ස්ථාන මෙය දිනපතාම පාහේ සිදු කරයි. ඉන්දියානු කාන්තාවන් ස්නානයේ දී කහ භාවිත කරන්නේ ද එම හේතුව නිසා විය හැකියි.

කෙසේ වුවත් පෙරදිග ඉවුම් පිහුම් කලාවේ නැතිවම බැරි කහ වර්ණකයක් ලෙසින් යෙදුව ද ඉන් අපට ලැබෙන ප්‍රයෝජන නම් සුළුපටු නැහැ.

මොළයේ සෛල ආරක්ෂාවට වැදගත්

මොළයේ සෛල හොඳින් බැඳ තබා ගැනීමට උදවු වන කහ මේ නිසා අසාමාන්‍ය ප්‍රෝටීන විසුරුවා හරිමින් ඉන් මොළයට හානි සිදුවීම වළකයි. එමෙන්ම අහිතකර කොලොස්ටරෝල් මට්ටම අඩු කිරීම මඟින් හදවතට හානි වීම වළකා හෘදරෝගවලින් ඔබ බේරා ගනී. කහ මඟින් රුධිරගත සීනි මට්ටම අඩු කිරීමට සමත් නිසා ඔබ දියවැඩියා රෝගයෙන් පීඩා විඳීම වළකයි.

තුවාල ඉක්මනින් සුවකිරීමේ විස්මිත හැකියාවක් ද කහ සතුයි. බොහොමයක් වැඩිහිටියන්ට වැලඳෙන ඇල්ෂයිමර් රෝගයට එරෙහිව ආරක්ෂාව සැපයීමට ද කහ සමත් වේ. සිරුරේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් සමනය කිරීමට මෙන්ම අද වන විට බොහෝ දෙනෙක් පීඩා විඳින ආතරයිටීස් රෝගය නිසා ඇතිවන සන්ධි වේදනාව අඩු කිරීමට ද මෙයට හැකියාව ඇත.

පිළිකා මර්දන හැකියාව සුවිශේෂීයි..

සිරුරේ බර අඩු කිරීමට ඇතැම් අය නොකරන දෙයක් නැහැ. ඒත් කහ සතුව බර අඩු කිරීමේ හැකියාවක් ඇති බව ඇසුවොත් ඔබ පුදුම වේවි. මිනිසාට ඇතිවන පියයුරු පිළිකා, මහාන්ත්‍ර පිළිකා වැනි බොහෝ පිළිකා මර්දනය කිරීමට කහ සතුව ඇත්තේ සුවිශේෂී හැකියාවකි. එපමණක් නොවෙයි, කහ මඟින් රුධිර පීඩනය පාලනය කොට අධි රුධිර පීඩන රෝගයෙන් ඔබව බේරා ගනී.

කහ ස්වභාවික ප්‍රතිජීවකයකි. මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමට ද එයට හැකියාව ඇත. අක්මාගත රෝග වළකයි. අස්ථි අතර ඇති බන්ධන ශක්තිමත් කරන නිසා අස්ථි ශක්තිමත් වේ. ආමාශගත තුවාල අද බොහෝ දෙනා පීඩා විඳින තත්ත්වයක්. ඉන් මිදීමට ද කහ ඔබට උදවු වේවි.

උළුක්කු සඳහා ප්‍රතිකාර කිරීමේ දී මෙන්ම හෙපටයිටිස් රෝගයට ප්‍රතිකාර කිරීමේ දී ද කහ යොදා ගනියි.

රූපලාවණ්‍ය සම්බන්ධ ආලේපන වර්ග සඳහා ද කහ යොදා ගන්නේ ඉන් සම වර්ණවත් කරගැනීම සඳහායි. සමේ නිරෝගීතාව සඳහා ද කහ වැදගත් වේ. සිනිඳු, බබළන සමක් ලබා ගැනීමට කහ ඔබට උදවු වේවි. ඒ වගේම සමේ රැලි වැටීම අවම කිරීමටත් සම එල්ලා වැටීම වැළැක්වීමටත් කහ සමත් වේ. අල්ට්‍රා වයලට් කිරණින් සමට සිදුවන හානිය අවම කරන කහ සමේ තරුණ පෙනුම ලබාදෙයි.

රන්වන් පැහැති කහවල ඇති රන් වටිනා ගුණය නිසාම දැන් එයින් බීමට පහසු වන සේ කරල් ද සකසා ඇත. ඒ කෙසේ වෙතත් කෑම පිසීමේ දී පහේ වර්ග අඩුවෙන් දාන අලුත් තාලේ නෝනලාට දැන් නම් කෑමවලට කහ බෝතලේම හලන්න හිතෙනවා ඇති. ඒත් වැඩියෙන් කහ දැම්මොත් රස නීරස වෙන බවත් අමතක කරන්න එපා.

කහ යෙදූ කිරි - ගෝල්ඩන් මිල්ක්

මෙම කහ යෙදූ කිරි කෝප්පයක් මඟින් අපට ලැබෙන ප්‍රතිලාභ බොහොමයකි. ඇඟ නිවන පානයක් වන මෙය ශ්වසන රෝග සඳහා මෙන්ම ඉදිමුම්, ඔළුවේ කැක්කුම් සඳහා හා ස්වභාවික වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරයි. කශේරුකාව ශක්තිමත් කරන අතර ලේ පිරිසුදු කරයි.

කිරි කෝප්පයක්, කහ තේ හැඳි භාගයක්, තලාගත් කරදමුංගු කරලක් හෝ දෙකක්, සිහින්ව ලියාගත් අමු ඉඟුරු තේ හැඳි භාගයක්, කුරුඳු කුඩු ස්වල්පයක්, ගම්මිරිස් ස්වල්පයක් (ඉතා කුඩා ප්‍රමාණවලින්) ගෙන මේ සියල්ල එකට බඳුනකට දමන්න. මෙය මඳ ගින්නේ උතුරවාගෙන යන්තම් නිවෙන්නට හැර බීමට ගන්න. පැණි කුඩා ප්‍රමාණයක් එක් කිරීමෙන් මෙහි රසය වැඩි වේවි. මෙය රසවත් මෙන්ම ගුණදායක බීමකි.

ආතරයිටීස් රෝගීන් සඳහා මෙන්ම සන්ධි වේදනා සඳහා සුදුසු ප්‍රතිකර්මයක්.

වතුර කෝප්ප දෙකකට අමු ඉඟුරු තේහැඳි භාගයක් හා අමු කහ තේ හැඳි භාගයක් බැගින් දමා ළිප තබා මඳ ගින්නේ විනාඩි 10-15 ක් තබා උතුරවා ගන්න. පසුව මෙය ළිපෙන් ඉවතට ගෙන පෙරා පැණි ස්වල්පයක් එක්කර බීමට ගන්න. මෙම පානය දිනකට වරක් පමණ ගැනීම වරදක් නැත.

කහවලින් ඇතිවිය හැකි අතුරු ආබාධ අඩු වුවත් එය අවශ්‍යතාව අනුව භාවිත කිරීම සුදුසුය.

උපුටා ගත්තේ - තරුණී වෙබ්පුවතින්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
15 May 2017 08:45 AM
කහ ගැන හොද තොරතුරු ටිකක් ...හොද කහ හොයා ගන්න තමා අමාරු .
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 May 2017 05:56 PM

* අත්තම්මාගේ වෙද පොතෙන්

මේ දවස්‌වල සිරුරට දැනෙන දාහය දිවා රාත්‍රි, පාන්දර කියා වෙනසක්‌ නැත. දරා ගැනීමට බැරි තරමට දහදිය දමන්නේය.

මෙය සෑම මිනිසාටම පොදුය. සමහර අය පාන්දර දිය නාගෙන රැකියාවට යන්නෝය. තවත් සමහරුන් රාත්‍රියේදී දිය නාන්නේය. ඇතැමුන් දිවා රාත්‍රි දෙකෙහිම දිය නාති. මතක ඇති කලෙක මෙවන් රස්‌නෙ කාලගුණයක්‌ අත්විඳ නැත.

මෙම කාලසීමාවේ බොහෝ දෙනෙක්‌ මේ අධික රශ්මිය නිසා ශාරීරිකව අසනීප වේ. කාන්තාවෝ බොහෝ දෙනෙක්‌ මෙයට ගොදුරු වේ.

ඒ මුත්‍රා දැවිල්ලය. මෙය ඉතාම දරුණු ලෙස බලපාන්නේa උතුර, උතුරු මැද දෙපළාතටය. ඒ වුවද අද මෙරට බොහෝ අය මෙයින් පීඩා විඳිති.

එදා අත්තම්මා නම් මේකට අත් බේත් කළාය. ඒ අතරින් ඖෂධීය පානයන්ට මුල් තැන දුන්නාය.

අද ජන සමාජයේ බොහෝ දෙනා නොදන්නා නීරමුල්ලිය, පොල්පලා තම්බා වතුර බීම මොනතරම් ගුණාත්මකද?

එදා සමාජයේ අත්තම්මා නිධානයක්‌ ලෙස මේ බෙහෙත් වර්ගවල වටිනාකම දුටුවාය.

නමුදු පොල්පලා නම් නිතර තම්බා දුන්නේ නැත. කොයි දේත් පමණ දැන ඇය විමසිල්ලෙන් දුන්නාය. මෙය අදට කොහොමත්ම වලංගුය.

යමුනා කුමාරි දෙඹටපිටිය

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 May 2017 06:00 PM

මානසික ප්‍රතිශක්‌තිකරණය හඳුනාගන්න

තමන්ගේ පෙම්වතිය අහිමි වීම නිසා හඬමින් වැළපෙමින්, දුකෙන් කනස්‌සල්ලෙන් ජීවිත ගත කරන තරුණ ළමයි අනන්තවත් සිටිති. නමුත් මොවුන්ගෙන් වැඩි පිරිසක්‌ මෙම තත්ත්වය දිගටම පවත්වා ගෙන යන්නේ නැත

මානසික රෝගයකදී පුද්ගලයාගේ සිතුම් පැතුම්වල හැඟීම්වල, සංවේදනයේ වෙනසක්‌ ඇතිවන බව අපි දනිමු.

මෙම වෙනස ඇතැම් විට මුල් අවස්‌ථාවේදී රෝගියාට හෝ රෝගියා වටා සිටින අයටවත් තේරුම්ගත නොහැකි වන ආකාරයෙන් සිදුවන විපර්යාසයකි.

මෙම වෙනස්‌වීම මුල් අවස්‌ථාවේදීම හඳුනාගත හැකි වුවහොත් එය ප්‍රතිකාරයේ සාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධකයකි.

එයට හේතුව අනෙකුත් ඕනෑම රෝගයක්‌ මෙන්ම මානසික රෝගයද නිදන්ගත වීමේදී සුව කිරීමට ගතවන්නාවූ කාලය දීර්ඝවන නිසාවෙනි. මෙම අවස්‌ථාවේදී, නිරෝගී අවස්‌ථාවේදී තමන්ට සිතෙන දේවල්වලට වඩා වෙනස්‌ සිතුවිලි රෝගියාගේ චිත්ත සන්තානය තුළ ජනිsත වීමට පටන් ගනියි. සිතුවිලි වල ඇතිවන මෙම විපර්යාසයන් සිදුවීමත් සමඟම තමාට හානි පැමිණවීමට හෝ මරණයට පත් කිරීමට කෙනෙකු හෝ කණ්‌ඩායමක්‌ තැත් කරන බව රෝගියාට සිතෙන්නට පුළුවන.

එසේත් නැතිනම් තමා වටා සිටින අය අධි අවධානයකින් සිටින බව සිතෙන්නට පුළුවන. අන් අයගේ ක්‍රියාකාරකම් තමා උදෙසා තමාව අපහසුතාවයට පත්කිරීමට තැත් කරන්නාක්‌ මෙන් දැනෙන්නට පුළුවන.

මේ අතර නිවසේ සිටින තමන්ගේ සහෝදර සහෝදරියන්, මව පියා, පවා තමන්ට විරුද්ධ වන බවක්‌, තමන්ට එරෙහි වන බවක්‌ සිතෙන්නට පුළුවන.

එමෙන්ම අන් කෙනකු නඟන ශබ්ද, කෙළ ගැසීම්, කෑරීම්, තම අවට සිටින පුද්ගලයන්ගේ අංගචලනයන්, ඉඟිබිඟි යන මේ සියලු දෙය තමාට එරෙහිව කරන්නාක්‌ මෙන් හෝ සිදුවන්නාක්‌ මෙන් මෙම රෝගී තත්ත්වයේදී රෝගියාට දැනෙන්නට පුළුවන.

මෙවැනි රෝගීන් නඟන ප්‍රධාන චෝදනාව නම් zzහැමදේම එපා වෙලයි තියෙන්නේ,ZZ කියන චෝදනාවයි. zzමේ ලෝකේ මිනිස්‌සු කිසි කෙනෙක්‌ මට මගේ වැඩ නිදහසේ කරගෙන යන්න දෙන්නේ නැහැ,ZZ කියන චෝදනාව ද නඟනු ලබයි.

ඉහත ආකාරයෙන් සිතෙන්නේ රෝගයේ ඇතිවන රෝග ලක්‌ෂණයක්‌ හැටියටයි. මෙම තත්ත්වය නිසාම මොවුන් සමාජය සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇතිකර ගනී. කාර්යාලයක නම් ඔහු හෝ ඇය අන් අය සමඟ සහයෝගයෙන් ක්‍රියාකිරීමේ අපහසුතාවයට පත්වෙයි. සමාජශීලිත්වය අඩුවෙයි. එනම් අන්තර් සම්බන්ධතා අඩුය. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ ඔහු හෝ ඇයගේ සමාජශීලිත්වය අඩුවීමයි.

අන් අය සමඟ සහයෝගයෙන් වැඩ කරගෙන යැමට නොහැකි වීම නිසා රැකියාව එපාවන තත්ත්වයට පත්වීමේදී සියදිවි නසා ගන්නා තත්ත්වයට පත්වෙයි. එයට හේතුව ඔහුට හෝ ඇයට සිතෙන්නේ මුළු මහත් ලෝකය තමන්ට එරෙහි වන බවයි. එය රෝගය නිසා සිදුවන දෙයකි.

මෙය වැරදි සිතුවිල්ලක්‌ මිය යථාර්ථයේ සිදුවන නියම තත්ත්වයක්‌ නොවන බව ඔවුනට වටහා ගැනීමට නොහැකි වීම මෙම රෝගයටම ලාක්‍ෂණික වූ රෝග ලක්‍ෂණයකි.

මෙම තත්ත්වයේ තවත් භයංකාර ප්‍රතිඵල ගෙනදෙන පැතිකඩක්‌ තිබේ. එනම් මෙම රෝගීs සිතුවිලි නිසා ඊට ප්‍රතිවිරුද්ධ සමාජ විරෝධී ප්‍රතික්‍රියා දැක්‌වීමට, මෙම රෝගීන් පෙළඹීමයි.

තමාට හානි පැමිණවීමට යම්කිසි කෙනෙක්‌ දරණ උත්සාහය යටපත් කිරීමට රෝගීන් විසින් ගන්නා උත්සාහයේදී ඔවුන් විසින් සිතා ගන්නා තම ප්‍රතිවාදියාට, පහරදීමට, මරණයට පත්කිරීමට එසේත් නැතිනම් වෙනත් ආකාරයේ කායික හිංසනයන්ට ලක්‌ කිරීමට යොමු වූ රෝගීන් ප්‍රතිකාර සඳහා රැගෙන එන අවස්‌ථා තිබේ. එවැනි වූ අවස්‌ථාවන් වල තම සහෝදරයන්, මාපියන් පවා මරණයට පත් කළ අවස්‌ථා නැත්තේ නොවේ.

මෙම රෝගය නිසා ප්‍රධාන හානි 02 ක්‌ සිදුවේ. එනම් රෝගියාට හානියක්‌ විය හැක. එමෙන්ම සමාජයට හානි වීමට පුළුවන.

මේ නිසාම මානසික රෝග පිළිබඳ, මානසික රෝගයේදී ඇතිවන රෝග ලක්‍ෂණ පිළිබඳ දැනුවත් වීම මෙම තත්ත්වයන් මැඬපවත්වා ගැනීමට ඉවහල්වනු ඇත.

මානසික රෝග සමාජය තුළ ප්‍රචලිත වීමට මූලික හේතුවක්‌ ලෙසට සමීක්‍ෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ මානසික රෝග පිළිබඳ සමාජය තුළ තිබෙන අඩු දැනුමයි. මෙම තත්ත්වය ලංකාවේ පමණක්‌ නොව ලෝකයේ සෑම රටකම පවතින තත්ත්වයක්‌ බවට අනාවරණය වී තිබේ.

දරුවෙකුගෙන් විමසූ විට මැලේරියාව කියන්නේ එසේත් නැතිනම් ඒඩ්ස්‌ කියන්නේ මොකක්‌ද කියා හැකිනම් ඒවායේ රෝග ලක්‍ෂණ දන්නවාදැයි යන ප්‍රශ්නවලදී ඔවුන් ඒaවාට පිළිතුරු ලබා දෙනු ඇත.

නමුත් කෙනෙකුට වැඩිපුර දුක දැනෙනවා නම්, කනගාටුව, කනස්‌සල්ල සති 2 - 3 වඩා දීර්ඝ වශයෙන් හිතේ පවතිනවා නම්, තමා මුණගැසිය යුත්තේ කුමන වෛද්‍යවරයෙක්‌ දැයි යන ප්‍රශ්නය පවා බොහෝ දෙනෙකුට අවබෝධයක්‌ නැත. නැතිනම් එය ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්‌ ද කියන දෙය ගැන පවා වැටහීමක්‌ නැත.

එමෙන්ම භින්නෝන්මාදය කියන්නේ මොකක්‌ද, භාවික උන්මාදය කියන්aනේ, විශාදය කියන්නේ මොකක්‌ද කියා ඇසූ විට බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ දැනුමක්‌ නැත.

රටක සංවර්ධනය මැනීමේ එක්‌ ප්‍රධාන නිර්ණායකයක්‌ ලෙසට එම සමාජයේ ජීවත් වන පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යයෙහි මට්‌ටම තීරණාත්මක සාධකයක්‌ ලෙස සලකනු ලැබේ.

ඉහත සාකච්ඡා කළේ මොළයේ ඇති වන්නා වූ රසායනික වෙනස්‌වීම් නිසා එනම් දේශීය මනෝ රෝග ව්‍යවරණයට අනුව මොළයේ ඇතිවන සත්ත්ව, රජස්‌, තමස්‌ යන ක්‍රියාකාරීත්වයන්හි අසමතුලිතතාවය නිසා පුද්ගලයාගේ සිතුම් පැතුම්වල ඇතිවන වෙනස්‌ වීම් යන ඒවායේ රෝග ලක්‍ෂණ ලෙසින් ඉදිරිපත් වන ආකාරයයි.

මේ නිසා ඇතිවන දෙවන තත්ත්වය පුද්ගලයාගේ හැඟීම්වල ඇතිවන වෙනස්‌වීම්ය.

දුක, සතුට යනුවෙන් හඳුන්වන්නේ මානව චිත්ත සන්තානය තුළ ජනිත වන්නාවූ හැඟීමය. මෙම හැඟීම්වල යම්කිසි අසාමාන්‍ය තත්ත්වයක්‌ වී නම් එය අපේ චර්යාවට එසේත් නැතිනම් හැසිරීමට බලපානු ඇත. ඒ හැසිරීමෙහි ඇතිවන වෙනස්‌ වීම් නිසා ඒ පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු කරගෙන යැමට ධනාත්මක හෝ සෘණාත්මක බලපෑම් ඇතිවනු ඇත.

එදිනෙදා ජීවිතයේදී බලාපොරොත්තු වන අභියෝග, ඉලක්‌ක කරා හඹා යැමේදී එවා ලැබීම නිසා හෝ නොලැබීම නිසා දුක සතුට ජනිත වන එක සාමාන්‍ය තත්ත්වයකි. නමුත් මෙම දුක හෝ සතුට දීර්ඝකාලීනව සිතෙහි පැළපදියම් වී තිබේ නම් එය සාමාන්‍ය තත්ත්වයක්‌ නොවන බව පාරම්පරික මනෝ රෝග වර්ගීකරණයේ සඳහන් කර තිබේ.

තමන්ගේ පෙම්වතිය අහිමි වීම නිසා හඬමින් වැළපෙමින්, දුකෙන් කනස්‌සල්ලෙන් ජීවිත ගත කරන තරුණ ළමයි අනන්තවත් සිටිති. නමුත් මොවුන්ගෙන් වැඩි පිරිසක්‌ මෙම තත්ත්වය දිගටම පවත්වා ගෙන යන්නේ නැත. ඇතැම් විට මාසයකට, දෙකකට හෝ තුනකට පසුව මේ ගැන කතා කරන්නටවත් මොවුන් කැමති වන්නේ නැත.

එයට හේතුව ඇතැම්විට අලුත් පෙම්වතියක්‌ හමුවීමයි.

නමුත් තවත් පිරිසක්‌ දිගින් දිගටම මෙම සිදුවීම තුළ දුකෙන් කනස්‌සල්ලෙන් සිටින තත්ත්වයක්‌ තිබේ. ඔවුන් ජීවිතයේ එදිනෙදා කටයුතු කඩාකප්පල්කර ගනියි. අධ්‍යාපනය, රැකියාව, යන සියලු කටයුතු අඩපණකර ගනියි.

ජීවිතයේ අශුභවාදී පාර්ශවය දිගින් දිගටම හුවා දක්‌වමින් දුකෙන් කනගාටුවෙන් හඩා වැළපෙමින් මාස ගණන් තමන්ගේ ජීවිතය ඔහේ ගෙවා දමයි. ඇතැම් විටෙක ජීවිතය නැතිකර ගැනීමට ද උත්සාහ කරයි.

මෙය සාමාන්‍ය තත්ත්වයක්‌ නොවන බව මෙම තත්ත්වයට මුහුණ දුන් පුද්ගලයා පවා වටහා නොගනිSයි.

එකම තත්ත්වයකට මුහුණ දුන් පුද්ගලයන් දෙදෙනකුගේ ප්‍රතික්‍රියාවන් දෙවිදිහකට වෙනස්‌ වන අයුරක්‌ තිබේ. එක්‌ එක්‌ පුද්ගලයාගේ පෞරුෂය තුළ ගොඩනැඟුණු මානසික ප්‍රතිශක්‌තිකරණය නිසාවෙන් මෙලෙස සිදුවන බව දේශිSය මානසික රෝග වර්ගීකරණයේ හඳුන්වා දී තිබේ.

පුද්ගල පෞරුෂය තුළ ගොඩනැඟුණු මෙම මානසික ප්‍රතිශක්‌තිකරණය විවිධ හේතු සාධක නිසා එක්‌ එක්‌ පුද්ගලයා තුළ අඩු වැඩි වශයෙන් වර්ධනය වෙයි.

මෙම මානසික ප්‍රතිශක්‌තිකරණය ඉහළ මට්‌ටමක ඇති අයට තමන්ට මුහුණ පෑමට සිදුවන අභියෝග ඉලක්‌ක බොහොම පහසුවෙන් හසුරුවා ගැනීමට පුළුවන. ඒවාට මුහුණ දීමේ හැකියාව ඇත.

නමුත් මානසික ප්‍රතිශක්‌තිය හීන වශයෙන් වර්ධනය වූ පෞරුෂයකට මෙම තත්ත්වයන් හමුවේ සිsය මනස කඩා වැටෙන තත්ත්වයට පත්වනු ඇත. මෙය මානසික රෝගයක්‌ ද නොව මානසික සෞඛ්‍ය පිරිහුණු තත්ත්වයක්‌ හැටියට සඳහන් කිරීමේ හැකියාව තිබේ.

මෙම මානසික සෞඛ්‍ය පිරිහීම පිළිබඳ නිසි දැනුමක්‌ ඇති වෛද්‍යවරුන් විසින් හෝ උපදේශකවරයෙක්‌ විසින් හරිහැටි කළමනාකරණය කරනොගත්තේ නම් රෝගියාගේ තත්ත්වය දරුණු මානසික රෝග දක්‌වාම වර්ධනය වීමේ ඉඩකඩ තිබේ.

උදාහරණයක්‌ ලෙසට නියපොත්තෙන් කඩන්නට හැකි දෙය පොරොවෙන් කපන්නට වූවා වැනිය.

මානසික ප්‍රතිශක්‌තිකරණය එක්‌ එක්‌ පුද්ගල පෞරුෂය තුළ විවිධ ආකාරයෙන් සැකසී තිබීම නිසාවෙන් එකම ප්‍රශ්නයකට විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දක්‌වන බව පිළිගත යුතුව තිබේ.

එසේ නොවුවා නම් ප්‍රේම සම්බන්ධතා අහිමිවීම නිසා පුද්ගලයන්ට මානසික රෝග වැළඳෙනවා නම් මේ ලෝකයේ වෙසෙන වැඩිමනක්‌ ජනතාව මානසික රෝගවලින් පෙළිsය යුතුවෙයි. සියලුදෙනා සියදිවි නසා ගත යුතුවෙයි.


නීලම්මහර
(මානසික රෝග විශේෂඥ)
ආයුර්වේද වෛද්‍ය
සමන් එස්‌. හෙට්‌ටිගේ
සංස්‌කරණය : වසන්තා ශ්‍රියාකාන්ති

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 May 2017 06:01 PM

කොත්තමල්ලි හෙවත් කොතඹුරු

කොලෙස්‌ට්‍රොaල්, දියවැඩියා මට්‌ටම පාලනය කිරීමට ද අජීර්ණ, මුඛ තුවාල, පාණ්‌ඩුව, අක්‍ෂි රෝග ආදියට ද මානසික සුවතාව වර්ධනය කරගැනීමට ද කොත්තමල්ලි කොළ ආහාරයට එකතු කරගත හැක.


මණ්‌ඩුකපර්ණී කුලයට අයත් කොත්තමල්ලි ඉන්දියාවේ සහ පකිස්‌ථානයේ සෑම ප්‍රදේශයන්හිම වැවෙනු ලැබේ. ධාන්‍යා, ධාන්‍යක, ආර්ද්‍රිකා, කුස්‌තුම්බුරු ආදී සංස්‌කෘත නාම වලින් හඳුන්වනු ලබන අතර කොත්තමල්ලි යනු ද්‍රවිඩ නාමයයි. සිංහල නම zකොතඹුරුZ යන්නයි. කොත්තමල්ලි ඇට ප්‍රධාන වශයෙන්ද, කොළ ද , සම්පූර්ණ පැළෑටියම ද ප්‍රයෝජනයට ගනී. මුළුතැන්ගෙයි නැතුවම බැරි කුළුබඩුවකි. කොත්තමල්ලි ධාන්‍ය මෙන්ම නැවුම් කොළ වශයෙන්ද වෙළඳපළෙන් දැන් පහසුවෙන් ලබාගත හැක.

කොත්තමල්ලි ඇට වල කෂාය, තික්‌ත, කුළු, මධුර යන රස හතරම පවතී. තුන්දොස්‌ සමනය කරයි. මස්‌තිෂ්ක ක්‍රියා දියුණු කර එහි ශක්‌තිය උපදවයි. පිපාසය සංසිඳුවයි. ආහාර රුචිය උපදවයි. බඩගින්න වඩවයි. දොaෂ පාචනය කරයි. යකෘති ක්‍රියා උත්තේජනය කරයි. පණු රෝගවලටද හිතයි. රත්පිත් සමනය කරයි. හෘදයට හිතයි. ශ්වසන පද්ධතියේ ක්‍රියා කරමින් කැස්‌ස, ඇදුම නසයි. මුත්‍රා වඩයි. ශුක්‍රධාතු අඩුකරයි. උණ නසයි. ඇඟ සිසිල් කරවයි. බාහිර ආලේපයෙන් ඉදිමුම වේදනාව සමනය කරයි.

කොත්තමල්ලි කොළ පමණක්‌ නොව මුළු පැළෑටියම ප්‍රයෝජනයට ගත හැක. ආමාශ හිතකාරීය. කෑම රුචිය වඩවන අතර ශාරීරික බාහිර හා අභ්‍යන්තර ප්‍රධාන අවස්‌ථාවලටද කොලොස්‌ට්‍රොaල්, දියවැඩියා මට්‌ටම පාලනය කිරීමට ද අජීර්ණ, මුඛ තුවාල, පාණ්‌ඩුව, අක්‍ෂි රෝග ආදියට ද මානසික සුවතාව වර්ධනය කරගැනීමට ද කොත්තමල්ලි කොළ ආහාරයට එකතු කරගත හැක.

කොත්තමල්ලි ඇඟ සිසිල් කරන ශීතල පානයක්‌ වුවද මඳක්‌ කබලේ බැද ගත්විට එහි ශීsත ගතිය නැති වී සෙම බහුල අයටද පානය කළ හැක.

කොත්තමල්ලි යෝග

කොත්තමල්ලි ඇට මඳ වශයෙන් කුඩුකරගත් කෂාය ගර්භණී අවස්‌ථාවේ වමනයටද, කෂ්ඨ රජස්‌ අවස්‌ථාවට එනම් ආර්තවයේදී ඇතිවන වේදනාව පහ කිරීමටද, උණ රෝගයටද, පිපාසයටද, රක්‌ත පිත්ත රෝග වලටද දිය හැක.

කොත්තමල්ලි මඳක්‌ කබලේ බැද හොඳින් කුඩුකරගත් කුඩු උණුවතුරෙන් තම්බා පෙරා උදේ - සවස බීමෙන් දුඟද පිටවන පීනස, නාස තුවාල සහිත පීනස, පුරාණ ළය පීනස, ඇදුම ආදියටද විශිෂ්ටයි.

කොත්තමල්ලි තම්බා ගත් ජලය ඇස්‌ දෝවනය කිරීමෙන් පුරාණ කාලයේ වසූරියත්. ඇස්‌ රුදාවත් යන රෝග වලින් ඇස්‌ ආරක්‌ෂා කරගෙන ඇත.

කොත්තමල්ලි ඇට කුඩුකර ඇල් ජලයෙන් අනා ගෑමෙන් බාහිර ඉදිමුම නැසේ.

සෝදා පවිත්‍රකර වියළා රන්වන් පාටවන තෙක්‌ කබලේ බැද කුඩුකර කිතුල් හකුරු සමඟ කොටා රසවත් කොත්තමල්ලි අළුවා සාදාගත හැක.

මේ අයුරින් අප කවුරුත් දන්නා කොත්තමල්ලි බොහෝ ගුණදෙන ඖෂධයකි. රස කාරකයකි. ආහාරයකි.

ආයුර්වේද වෛද්‍ය
පියුමි මල්ලිකාරච්චි අරංගල

උපුටා ගැනීම - දිවයින වෙබ්පුවතින්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 May 2017 06:05 PM

ශරීරයේ සීනි අඩුකරන 'මස්බැද්ද' ගැන රහසක්

මගෙන් ප්‍රතිකාර ගන්නා රෝගියකුට දියවැඩියාව පාලනය කර ගැනීම පිණිස වන ඖෂධ සහ වෛද්‍ය උපදෙස් නියම කළ පසුව ඔහු මගෙන් ‍මෙවන් ප්‍රශ්නයක් අසා සිටියේය.

“ඩොක්ට’මට මේ බෙහෙත් නොබී මස්බැද්ද වගේ දේකින් සීනි අඩු කර ගන්න බැරිද?”

“මොනවද මස්බැද්ද කියන්නේ? මම නම් එහෙම දෙයක් ගැන දන්නේ නැහැ; අනික මම දන්න තරමින් වෛද්‍ය විද්‍යාත්මකව එහෙම දෙයක් ගැන කියැවෙන්නෙත් නැහැ; ඒ නිසා මට ඒ ගැන මොකුත් කියන්න බැහැ. මට කියන්න පුළුවන් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වුණු ඖෂධ ගැන විතරයි.” ඒ මොහොත් මම ඔහුට කීවෙමි.

එහෙත් ඊට දින කිහිපයකට පසු මහනුවර සිට කොළඹ බලා ආපසු එමින් සිටින අතරේ මාර්ගය අද්දර පැළ තවානක තිබූ මෙවැනි පුවරුවක් දකින්නට ලැබුණි.

“මස්බැද්ද පැළ විකිණීමට තිබේ.”

එහි දී එක්වරම මගේ සිහියට නැංවුණේ අර රෝගියා මා හා කී කතාවය. ඒ සමඟම ඔහුගේ බිරිඳ කී මෙම කතාවද මට සිහිපත් විය.

“ඩොක්ට’කෙනෙකුගේ ශරීරයේ සීනි මට්ටම හුඟක් ඉහළ ගිය වෙලාවක මස්බැද්ද කොළ දෙකක් අමුවෙන් හැපුවොත් ඒ වෙලාවෙම සීනි මට්ටම පුදුම විදිහට අඩුවෙනවලු; අපි දන්න කෙනෙක් ග්ලූකෝ මීටර් එකකින් චෙක් කරලා ඒ කතාව ඇත්ත බව තහවුරු කරගෙනත් තියනවා. ඒ වගේම මස්බැද්ද කොළ දෙකක් හැපුවම දිවට රස දැනීමත් පැය කීපයක් යනතුරුම නතර වෙන බව මාත් අත්දැකලා තියනවා.”

 ඒ කෙසේ හෝ මට ඒ සම්බන්ධයෙන් කීමට තිබුණේ එම කරුණෙහි ඇති සත්‍යතාවය පිළිබඳව මට කීමට යමක් නොමැති බවය. ඒ කෙසේ හෝ ඊට පසුව මම මෙම මස්බැද්ද ශාකය සහ එහි අඩංගු යැයි කියනු ලබන ශරීරරයේ සීනිමට්ටම පහත හෙළීමේ විස්මිත බලය පිළිබඳව අදාල මූලාශ්‍ර ඇසුරින් විමසුමක යෙදුණෙමි.

Gurmar යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන මස්බැද්ද ශාකය විද්‍යාත්මක වශයෙන් ASCLEPIADACEA කුලයට අයත් Gymnema Sylvestre නම් වන පැළෑටියකි. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පමණක් වැවෙන බව සඳහන්ව ඇති එම ශාකය මුල්කොට විවිධ විද්‍යාත්මක පර්යේෂණ සිදුවී ඇති බව ද සත්‍යයකි. එහෙත් ඒ බොහෝ පර්යේෂණ මීයන් වැනි සතුන් මුල් කොට සිදුවී ඇති අතර මිනිසුන් මුල් කොට සිදු කෙරුණු පර්යේෂණ කිහිපයක් ද ඒ අතර වෙයි.

ඉහත සඳහන් කළ  රෝගියාගෙන් මා මුල්වරට දැනගත් පරිදි ඒ ශාක පත්‍රවලින් උකහා ගන්නා ක්‍රියාකාරී සංයෝග (dihydroxy gymnemic triacetate) මගින් ශරීරයේ සීනි මට්ටම, අධික රුධිර පීඩනය සහ සේම කොලෙස්ටරෝල් මට්ටම පහත හෙළීමේ ශක්තියක් ඇති බව එම පර්යේෂණ මගින් තහවුරු වී ඇති බව එම වාර්තාවන් හි සඳහන් වෙයි. එමෙන්ම එම පර්යේෂණ වාර්තා ලොව පිළිගත් වෛද්‍යායතන මගින් තහවුරු වී ඇති ඒවා බවද මට වටහා ගත හැකි විය.

නවීන විද්‍යාත්මක ඖෂධ වලට අමතරව සාම්ප්‍රදායික සහ විකල්ප වෛද්‍යක්‍රම මගින් ඖෂධ ලෙස නියම කෙරෙන ශාක කොටස් බොහෝ තිබේ. දියවැඩියාව සම්බන්ධයෙන් සාම්ප්‍රදායික ලෙස සමාජ සම්මත වූ එවන් ශාක කොටස් බොහොමයක් ගැන අපි අසා ඇත්තෙමු. ඒවායින් සමහරක් පරීක්ෂණ අධ්‍යයන (observational studies) මගින් ද සත්‍ය ලෙස තහවුරු වූ ඒවාය. එහෙත් එසේ නිරීක්ෂණ අධ්‍යයන මගින් තහවුරු වීම මත පමණක් යමක් ඖෂධ ලෙස පිළිගැනීමට නවීන විද්‍යාව සූදනම් නැත. අපි මීට කෙටි නිදසුනක් ගනිමු. වැල්පෙනෙල පුරුෂ දුබලතා මැඩ පවත්වා වාජීකරණ බලය ගෙන දෙන ඖෂධ සාරයක් බවට සමාජයේ පොදු පිළිගැනීමක් ඇත. ඒ අනුව ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන පිරිමින් සිය දෙනකුට යම් කාල සීමාක් තුළ කිසියම් වාර ගණනක් තුළ වැල්පෙනෙල ආහාරයට හෝ පානයට ගැනීමට සලස්වා  අවසානයේ ප්‍රතිපල සාමාලෝචනය කිරීමේ දී ඉන් යම් පිරිසක් තමන් එම බෙලහීනතාවයෙන් අත්මිදුණු බව ප්‍රකාශ කිරීමට පුලුවන. ඒ අනුව එම නිගමනය අනුව වැල් පෙනෙල යනු පිරිමින් ගේ ලිංගික දුබලතා මග හරින වාජීකරණ බලය වැඩි කරවන ආහාරයක්, පානයක් ලෙස සැලකීමට ද පුලුවන. නමුදු ඔවුන් ඒ සුවය ලබනුයේ වැල්පෙනෙල මගින් ශරීරයේ ජෛව රසායනික ව්‍යුහයට ඇතිවන බලපෑමක් නිසාද නැතහොත් මානසික බලපෑමක් (Psychological Component) නිසා ද යන්න පිළිබඳ නිවැරදි නිශ්චයකට පැමිණීමට ඒ ක්‍රමවේදයට නොපුලුවන. ඒ එම සුවයට හේතුව එම ශාකයේ ඇති ඖෂධීය ගුණයෙන් තමන් තුළ පවත්නා දුබලතාවය දුරුවී ඇතැයි යන මානසික සංතෘප්තිය ද එම සුවපත් වීමට මුල්විය හැකි බැවිනි. මෙම ශක්තිය නවීන විද්‍යාවේ හැඳින්වෙනුයේ තුටු බලය (Placebo effect) යනුවෙනි. එබැවින් නවීන වෛද්‍ය විද්‍යාව මෙබඳු ඖෂධයක් අත් හදාබැලීම සම්බන්ධ සායනික පරීක්ෂණ වලදී (Clinical trials) තවත් විද්‍යාත්මක උපාය මාර්ග පිළිපදිනු ලැබේ. ද්විකඅන්ධ පරීක්ෂණය (Double blind Experiment) යනු ලොව පුරා පිළිගන්නා එක් ක්‍රමයකි. කිසියම් රෝග ලක්ෂණයක් සඳහා ඖෂධීය නොවන සංයෝගයක් ලබා දීමෙන් රෝගියාට අත් වන සුවය සහ සැබෑ ඖෂධීය සංයෝගයක් ලබා දීමෙන් අත්පත් වන සුවය පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් මගින් නිශ්චයකට එළැඹීම මෙම පර්යේෂණයේ සාමාන්‍ය ක්‍රම වේදයයි.

මා ඉහත සඳහන් කළ මස්බැද්ද ශාකයේ ඇති ශරීරයේ සීනි මට්ටම, අධික රුධිර පීඩනය සහ කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කිරීමේ ජෛව රසායනික බලය පිළිබඳව විද්‍යාත්මකව තහවුරු වී ඇති බව මම මුලදීම කීවෙමි. එහෙත් එම ශාකය ඖෂධයක් ලෙස නියම කිරීමේ දී ඒ සම්බන්ධ සායනික දත්ත (Clinical data) විස්තරයක් වෛද්‍යවරයකුට ලැබිය යුතුමය. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව එම විස්තරය නිකුත් කෙරෙනුයේ නිෂ්පාදිත ඖෂධ සම්බන්ධයෙන් පමණි. එම ඖෂධය නියම කිරීම සම්බන්ධ සියලු තොරතුරු සේම එහි ඇති අතුරු සහ පශ්චාත් ආබාධ ආදිය පිළිබඳ සෑම විස්තරයක්ම එහි සඳහන් වෙයි.  එමෙන්ම තමන් නියම කරන සෑම ඖෂධයක් සම්බන්ධයෙන්ම අවශ්‍ය පරිදි රෝගියා දැනුවත් කිරීමද වෛද්‍යවරයා සතු වගකීමකි.

එහෙත් මස්බැද්ද ශාකය ඉහත සඳහන් රෝග සඳහා ගුණදෙන සංඝටක වලින් යුතු බව විද්‍යාත්මකව තහවුරු වී ඇතත් ඒ ශාකය මුල් කොට නිපදවන  බටහිර ඖෂධ ලෝකයේ නොමැති බැවින් සායනික දත්ත ද නොමැත. ඒ අනුව ශරීරයේ සීනි පාලනය සම්බන්ධයෙන් එවන් ශාකයක් ඖෂධ වශයෙන් ගත යුතු යැයි නිර්දේශ කිරීමට මට නොපුළුවන. ඒ එමගින් ඇතිවන අතුරු සහ පශ්චාත් ඵල ආදිය පිළිබඳ විමර්ශනය කෙරෙන සායනික පර්යේෂණ මේ දක්වා ම ලෝකයේ සිදුවී නොමැති බැවිනි.


හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය පීඨය, ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, රත්මලාන,

උපුටා ගැනිම - ලක්බිම වෙබ්පතින්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 May 2017 06:10 PM
අපි නොදන්න අවුශද වර්ග කොයි තරම් තියෙනවද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
15 May 2017 08:50 PM
අපේ දේශීය වෙදකමේ මොණ තරම් අත් බෙහෙත් තියෙනවාද..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 11 of 137 << < 910111213 > >>