Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 12 of 137 << < 1011121314 > >> Author Messages DushanVeteran MemberPosts:2536 16 May 2017 01:50 AM බොහොම වටිනා ලිපියක් ස්තුති 0 chamaramindMost Senior MemberPosts:13471 16 May 2017 03:54 AM රුධිර කාන්දුකරණය අපේ වකුගඩු යම් හෙයකින් අකර්මණ්‍ය වුව හොත් ශරීරයේ සමතුලිතතාවට බරපතළ ප්‍රශ්නයක් එල්ල වේ. එමෙන්ම රෝගියාටද විවිධ අපහසුතා ඇතිවේ. එවන් විටෙකදී වකුගඩු මගින් කෙරෙන කාර්යය යන්ත්‍රයක් ආධාරයෙන් යම් දුරකට හෝ ඉටු කිරීමට වෛද්‍යවරුන්ට හැකි වේ. එය රුධිර කාන්දුකරණය නමින් හැඳින්වේ. මෙම යන්ත්‍රයෙන් අපගේ වකුගඩු ක්‍රියාකාරීත්වයට සමානව රුධිරය පෙරීමක් සිදු වේ. කුඩා කේශනාලිකා විශාල ප්‍රමාණයක් එකතු වීමෙන් සාදා ඇති 'ඩයලයිසර්' මෙහි ඇති වැදගත් මෙන්ම ක්‍රියාකාරී ඒකකයයි. ක්‍රියාකාරීත්වය - රෝගියා තුළ සංසරණය වන රුධිරය නළ මාර්ගයෙන් යන්ත්‍රය ඇතුළට ඇද ගනී. මෙසේ රෝගියාගෙන් රුධිරය පිටතට ලබා ගැනීමට ඇතැම් අවස්ථාවලදී තාවකාලිකව විශාල ශිරාවකට යොදා ගන්නා බටයක් භාවිත කරයි. විශාල ශිරාවන් වශයෙන් බෙල්ලේ හෝ කලවා පෙදෙසේ ඇති ශිරාවන් යොදා ගැනේ. මෙවැනි නළ කාලයක් පවත්වා ගැනීමට අවශ්‍ය වූ විටෙක පපුවට සම්බන්ධ කරයි. බොහෝ විට දිගුකාලීන රුධිර කාන්දු පෙරණය සිදු කිරීමට ධමනියක් සහ ශිරාවක් බද්ධ කිරීමෙන් ඇති කරන විප්ටියුලාවක් අවශ්‍ය වේ. බොහෝ අවස්ථාවලදී මෙය සිදු කර ගනු ලබන්නේ රෝගියාගේ මැණික් කටුව හෝ අතේ වැලමිට ආශ්‍රිත කොටසේය. ඒ ආශ්‍රිතව ඇති සම හිරිවැට්ට වීමෙන් අනතුරුව සිදු කරන කුඩා සැත්කමක් මගින් විස්ටියුලාව සාදා ගනී. ඉහත යම් ක්‍රමයක් මගින් රෝගියා සහ යන්ත්‍රය සම්බන්ධ වූ පසු යන්ත්‍රය මගින් රුධිරයේ ඇති අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත් කිරීම අරඹයි. මෙම යන්ත්‍රය හරහා ශරීරයේ පවතින අතිරික්ත ජලයද ඉවත් කර ගැනීමට පුළුවන. ශරීරයේ සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් සතියකට පැය 12ක් පමණ මෙම ප්‍රතිකාරය සිදු කළ යුතුය. ඒ අනුව වරකට පැය 04 බැගින් සතියකට 03 පාරක් ප්‍රතිකාරය ලබා දේ. රුධිර කාන්දුකරණය සිදු කිරීමෙන් බොහෝ අපහසුකම්වලින් තොරවූ සහනයක් රෝගියාට ලැබුණද වකුගඩු මගින් නිරතුරුව සිදු කරන සමස්ත කාර්යභාරයම යන්ත්‍රය මගින් ඉටු නොවේ. විශේෂයෙන් හෝමෝන ක්‍රියාකාරීත්වය සහ අස්ථි පද්ධතිය සමතුලිතව පවත්වා ගැනීමට වකුගඩු මගින් ලැබෙන සහයෝගය යන්ත්‍රය මගින් නොලැබේ. මේ නිසා දීර්ඝ කාලීනව රුධිර කාන්දුකරණය සිදු කර ගන්නා රෝගීන්ට බලපාන අවදානම් තත්ත්ව ඇත. මොවුන් හෘදයාබාධ, අංශභාග වැනි තත්ත්ව ආදියට ගොදුරු වීමට ඇති අවකාසය වැඩිය. එසේම තාවකාලිකව නළ මගින් ප්‍රතිකාරය ලබා ගැනීමේදී ශරීරයට විසබීජ ඇතුළු වීමට පුළුවනි. එබැවින් වකුගඩු රෝගීන්ට දැනට ඇති ප්‍රතිකාර ක්‍රම අතුරින් වකුගඩු බද්ධ කිරීම හොඳම විසඳුම ලෙස පිළි ගැනේ. එක්සත් රාජධානියේ ඩම්ෆ්‍රීස් සහ ගැලොවේ ජාතික වෛද්‍ය සේවයේ වකුගඩු සහ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීකා රත්නමලල -සටහන - මාධවී ධර්මරත්න ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 DushanVeteran MemberPosts:2536 16 May 2017 04:35 AM බොහොම වැදගත් ලිපියක් ස්තුති 0 smt90Veteran MemberPosts:1736 16 May 2017 06:38 AM වැදගත් විස්තර ටිකක් 0 chamaramindMost Senior MemberPosts:13471 16 May 2017 06:08 PM හදිසි අනතුරකදී ලබාදිය යුතු ප්‍රථමාධාර නොසිතූ මොහොතක සිදුවන අනතුරක් හදිසි අනතුරක් ලෙස අපි පවසන්නෙමු. මෙම අනතුරු මාරාන්තික, බරපතල සහ සාමාන්‍ය අනතුරු ලෙස කොටස් තුනකට වර්ග කළ හැකිය. මෙම කුමන අනතුරකින් වුව සිදුවන ශාරීරික හානිවලට වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය. වෛද්‍යතුමනි, හදිසි අනතුරකදී ඊට මුහුණ දුන් පුද්ගලයා රෝහලක් කරා ගෙන යනතුරු අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය කුමක්‌ද? අනතුරට ලක් වූ පුද්ගලයා නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලකට රැගෙන යන තුරු ප්‍රථමාධාර ලබාදීම කළ යුතුයි. එම ප්‍රථමාධාර ලබාදීම කළ යුත්තේ සිදුව ඇති තුවාල අනුවය. මෙය ඉතා වැදගත් කරුණකි. වර්තමානයේ බොහෝ දෙනා අනතුරකින් පසු අසාධ්‍ය තත්ත්වයට පත්වන්නේ රෝහලකට ගෙන යනතුරු ලබාදෙන වැරදි ප්‍රථමාධාර ක්‍රම හේතුවෙනි. * අස්‌ථියක් බිඳී ඇතිවිට සිදු වූ හදිසි අනතුර නිසා අත පය කැඩී ඇත්නම් එහිදී අප අවබෝධ කරගත යුත්තේ එම තැනැත්තාගේ අස්‌ථි බිඳී ඇතිබවය. එ නිසා එම කැඩුණු අත පය දිගහැරීමට හෝ නැවීමට කටයුතු නොකර එම පවතින තත්ත්වයෙන්ම රෝහල වෙත රැගෙන යා යුතුය. එහිදී එම බිදුණු අතපය නොසොල්වා රැගෙන යැම සඳහා ලී පතුරු කැබැල්ලක් එම ස්‌ථානයේ තබා බැඳීම කළ හැකිය. * තුවාල සිදු වී ඇතිවිට අනතුර නිසා ශරීරයේ මාංශ පේශී කැපීමකට ලක්‌ව තුවාල සිදුව ඇත්නම් වහාම එම ස්‌ථානය මත අයිස් පිරවු බෑගයක් තබා ලේ වහනය වීම වැලැක්‌විය යුතුය. ඉන්පසු තුවාල වී ඇති ස්‌ථානය පිරිසිදු වෙලුම් පටියකින් ඔතා වැසීම කළ යුතුය. වෙලුම් පටියක් නොමැති නම් පිරිසිදු රෙදි කැබැල්ලක් හෝ තුවායක් ඒ සඳහා යොදාගත හැකියි. * බාහිර දෙයක් ශරීරයේ ඇනී ඇතිවිට වර්තමානයේ බොහෝ විට අප දකින අනතුරුවලදී ශරීරය ඇතුළට ලී පතුරක්, යකඩ කූරක්, පිහියක් වැනි දෙයක් ඇනී තිබේ. මෙවැනි අවස්‌ථාවකදී එම ඇනී ඇති දේවල් ගලවා ඉවත් කිරීමට උත්සාහ නොකළ යුතුය. එය ඉවත් කළ යුත්තේ වෛද්‍යවරයකුගේ පරීක්‍ෂාව යටතේය. * ආහාර පාන ලබාදීම අනතුරට ලක් වූ පුද්ගලයා කෙරෙහි අප තුළ ඇති වන අනුකම්පාව නිසා ඇතැම් දෙනා ජලය හෝ බීමට වෙනත් සිසිල් පානයක් ලබාදේ. එය කිසිසේත්ම නොකළ යුතුය. ඉන් සිදුවන්නේ අනතුරට ලක් වු පුද්ගලයාට හදිසි සැත්කමක් ආදිය කළ යුතුනම් එය සිදු කිරීම ප්‍රමාද වීමය. උපදෙස් - ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 16 May 2017 06:11 PM නිවසේ ඇති කරන බල්ලන් ගැන දැනගත යුතු කරුණු අපගේ නිවෙස්‌හි ඇති කරන සතුන් අතර බල්ලාට ඇත්තේ ප්‍රමුඛ ස්‌ථානයකි. සුරතලයටත්, නිවසේ ආරක්‍ෂාවටත් ලෙසින් අප බල්ලන් ඇති කරන්නෙමු. බල්ලාට කථා බහකළ නොහැකි වූවත් එම සතාටත් බොහෝ හැඟීම් දැනීම් පවතී. එබැවින් නිවසේ ඇතිකරන බල්ලා ගැන අප යම් අවබෝධයක් ලබාගැනීම වැදගත්ය. වෛද්‍යතුමියනි, නිවසක ඇතිකිරීම සඳහා බලු පැටවකු රැගෙන ඒමේදී අවධානය යොමුකළ යුතු කරුණු මොනවාද? මුලින්ම අප අවධානය යොමුකළ යුත්තේ බලු පැටවා අප නිවසට රැගෙන එන්නේ කුමන අවශ්‍යතාවයක් සඳහා දැයි කියාය. බොහෝ දෙනා බලු පැටවකු ඉතා කුඩා ප්‍රමාණයෙන් දුටුවිට එම පැටවා ගැන ආශාවක් ඇතිකරගන්නවා. එම ආශාව නිසා සුරතලයට ඇති කරන්න කියා රැගෙන එනවා. හැබැයි එම සතා ලොකුවෙන කොට මුලින් පැවතී හුරුබුහුටි බව අඩුවී යන විට සුරතලයට වඩා එම සතාගෙන් බලාපොරොත්තුවන්නේ නිවසේ ආරක්‍ෂාවයි. එවිට එම සතාට මුලින් තිබූ ආදරයත් අඩුවෙනවා. තවත් පිරිසක් තමාගේ පෞද්ගලික ජීවිතයේ පවතින පාලුව තනිකම නැතිකර ගැනීම සඳහා සුරතලයට බල්ලන් ඇතිකරනවා. එම සතා මියයන තුරුම ආදරයෙන් සුරතල් සතකු ලෙස හදා ගන්නවා. නිවසේ ආරක්‍ෂාව මූලික කරගෙනම බල්ලන් ඇතිකිරීම සඳහාත් තව පිරිසක් යොමුවෙනවා. එනිසා අප බල්ලකු නිවසට රැගෙන ඒමට පෙර අපගේ අවශ්‍යතාවය කුමක්‌දැයි කියා නිවැරදි අවබෝධයක් ඇතිකරගත යුතුයි. එහෙම නොවුණහොත් සිදුවන්නේ එම සතා නිවස තුළදී හිංසා පීඩාවට ලක්‌වීමයි. එවිට එම සතුන් දැඩි ලෙස මානසික පීඩනයට පත්වෙනවා. මෙම මානසික පීඩනය නිසා ඔවුන් කිසිවකුට කීකරු නැතිවෙනවා. තමුන්ගේ ඇඟට අත තබන ඕනෑම අයකු සපාකන්න යොමුවෙනවා. තැන තැන මල මුත්‍රා කරමින් තමා තුළ ඇති විරෝධය පානවා. * සුරතලයට ඇති කරන බල්ලන් සුරතලයට ඇති කරන බල්ලන් වර්ග රැසක් සිටිනවා. මෙම බොහෝ සතුන් කිලෝ ග්‍රෑම් 10-15 ට වඩා බර අඩුයි. ශරීර ප්‍රමාණයෙන්ද කුඩාය. මේ අතර ශරීරය විශාල වර්ගද සිටිනවා. සුරතලයට ඇති කරන බල්ලන් වර්ග අතර පොමනේරියන්, ඩෑෂ් හවුන්ඩ් බොහෝදෙනා අතර ජනප්‍රියයි. * සුරතලයට සහ නිවසේ ආරක්‍ෂාව සඳහා ඇති කරන බල්ලන් අප බොහෝදෙනා නිවසේ බල්ලන් ඇතිකිරීමේ ප්‍රධාන අරමුණ කරගෙන සිටින්නේ සුරතලයත් නිවසේ ආරක්‍ෂාවත් දෙකම ලබාගැනීමයි. ඒ සඳහාද විවිධ වර්ග රැසක බල්ලන් සිටිනවා. එම වර්ග අතරින් රොට් වයිලර්, ඩ්‍රබර්මාන්, බොක්‌සර්, ජර්මන් ෂෙපඩ් වර්ගයේ බල්ලන් අප රටේ බොහෝදෙනා ඇතිකරනවා. * ආරක්‍ෂාව සඳහා ඇතිකරන බල්ලන් නිවසේ ආරක්‍ෂාව සඳහා ඇතිකරන බල්ලන් ද වර්ග රැසක් සිටිනවා. ඒ අතර රොට් වයිලර් වර්ගයේ බල්ලන් නිවසේ එක් අයකුට පමණක් කීකරු බවක් දක්‌වනවා. තම ස්‌වාමියාට පමණක් කීකරු බල්ලන් ලෙස ඔවුන් හඳුන්වනවා. වෛද්‍යතුමියනි, අප රටේ බොහෝ ජනප්‍රිය වර්ගයක් ලෙස සලකන්නේ වල් බල්ලන්ය. මෙම වර්ගයේ බල්ලන් නිවසේ ඇතිකිරීම සුදුසුද? ඇත්තටම වල් බල්ලන් කියන්නේ අපේ රටේ පරිසරයට අනුවර්තනය වූ වර්ගයකි. මෙම සතුන් පරයා වර්ගයට අයත් බල්ලන් (Pariah Dog) ලෙස හඳුන්වනවා. මෙම වර්ගයේ බල්ලන් අප එදිනෙදා ගන්නා ආහාර වර්ග ගැනීමට හුරුවී සිටිනවා. සාමාන්‍යයෙන් බල්ලන් මාංශ වර්ග අනුභවයට වැඩි කැමැත්තක් සහිතයි. නමුත් පරයා කියන වර්ගයට අයත් බල්ලන් බත්, පාන් ආදිය ආහාරයට ගැනීමට හුරුවී සිටිනවා. ඔවුන් ලෙඩ රෝග වලට ඔරොත්තුදීමේ හැකියාවෙනුත් ඉහළයි. වෛද්‍යතුමියනි, අපට වඩාත් සුදුසු වර්ගය ලෙස සැලකිය හැක්‌කේ කුමන වර්ගයේ බල්ලන්ද? එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. පළමුව අප බල්ලකු නිවසට රැගෙන ඒමේදී තීරණය කළ යුත්තේ එම සතා තමාට නඩත්තු කළහැකිදැයි කියාය. පරයා වර්ගය හැර අනෙක් සෑම වර්ගයකම බල්ලන්ට දියයුතු ආහාර වර්ග තිබෙනවා. එම ආහාර අපට දිනපතාම ලබාදිය හැකිද කියා සිතා බැලිය යුතුයි. බල්ලාටත් නිදහස අවශ්‍යයි. කූඩුවක පැය 24 පුරා සිරකර හෝ දම්වැලකින් බැඳ තබන්න හොඳ නැහැ. දුවන්න, ඇවිදින්න අවශ්‍යයි. එවිට තමයි එම සතාගේ ශරීරය හොඳින් ක්‍රියාකරන්නෙ. ඉතිං ඒ සඳහා ඉඩකඩ තිබෙනවාද කියා අවධානය යොමුකළ යුතුයි. ඒවගේම තමයි බලු පැටවකු අප නිවසට රැගෙන එනවිට එම පැටවාගේ වයස සති 06 ක්‌වත් ඉක්‌මවා තිබිය යුතුයි. එවැනි වයසක සතකු ඝණ ආහාර ගනු ලබනවා. අලුත් පරිසරයට හුරුකරගත හැකියි. කුමන වර්ගයේ බලු පැටවකු නිවසට රැගෙන එනු ලැබූවත් එම සතාට මුලින්ම ලබාදිය යුතු ප්‍රධාන එන්නත් වර්ග තුනක් තිබෙනවා. ජලභීතිකා, පාවෝ සහ ඩිස්‌ටෙම්පර් යන එන්නත් තුන ලබාදිය යුතුයි. මෙම එන්නත මුල්අවස්‌ථාවේදී දෙවරක් ලබාදෙනවා. එසේ වූ විට තමයි එම සතාට ඉන් ප්‍රතිශක්‌තිය ලැබෙන්නෙ. ඉන් පසු වාර්ෂිකව හෝ පශු වෛද්‍යවරයාගේ උපදෙස් මත ලබාදිය යුතුයි. වෛද්‍යතුමියනි, බල්ලකුගේ වයස හඳුනාගන්නේ කෙසේද? මෙය ඉතාමත් වැදගත් කටයුත්තකි. බල්ලකුගේ ආයු කාලය සාමාන්‍යයෙන් වසර 10 ක් 15 ක් වෙනවා. ඒ අතර එම බල්ලා අයත් වර්ගය අනුවත් එය තීරණය වෙනවා. එනිසා මෙම සතුන් ඉතා ඉක්‌මනින් වර්ධනය වෙනවා. එය මනුෂ්‍යයකුගේ වයස හා සමාන කිරීමට පහත වගුව උපකාරී කරගත හැකියි. ඉහත වගුව අනුව අපට බල්ලාගේ වයස අනුව එම සතාගේ ක්‍රියාකාරකම් හඳුනාගත හැකියි. වයස අවුරුද්දක බල්ලකු යනු වයස අවුරුදු 15 ක පමණ තරුණ දරුවකු හා සමානයි. එවිට එම සතාගේ ක්‍රියාකාරකම් සහ අවශ්‍යතා හඳුනාගත හැකියි. * කිරිබත්ගොඩ සත්ත්ව සායනයෙහි පශු වෛද්‍ය චින්තා පොන්වීර උපුටා ගැනිම - දිවයින වෙබ්පුවතින් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 16 May 2017 06:17 PM ඉතාම වටිනා තොරතුරු First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 16 May 2017 07:35 PM මමත් ආසම සතෙක් තමයි බල්ලා.. අපේ පැත්තේ බල්ලන්ට මම කන්න දීලා මා එනවිට පසු පසින් බල්ලන් කිහිප දෙනෙක්ම එනවා... 0 chamaramindMost Senior MemberPosts:13471 17 May 2017 06:08 PM "ප්‍රොස්‌ටේට් ග්‍රන්ථිය ආශ්‍රිත ආබාධයන් සඳහා දේශීය වෙදකමෙන් අත් බෙහෙත් කිහිපයක්" * වට්‌ටක්‌කා ඇට ප්‍රොස්‌ටේට් ග්‍රන්ථිය ආශ්‍රිත ආබාධයන් සඳහා ප්‍රතිකාර කිරීමේදී අතිශයින් ප්‍රයෝජනවත් වන ඇට විශේෂයකි. අසංතෘප්ත මේද අම්ලයන්ගෙන් පරිපූර්ණ වූ වට්‌ටක්‌කා ඇට ග්‍රෑම් 60-90 අතර ප්‍රමාණයක් දිනකට පරිභෝජනය කිරීම ප්‍රොස්‌ටේට් ග්‍රන්ථිය ආශ්‍රිත රෝගවලින් පෙලෙන පිරිමින්ට ගුණදායකය. වට්‌ටක්‌කා ඇට කුඩු කර එය ආහාර මත ඉස පරිභෝජනය කළ හැකිය. සින්ක් ලවණය දිනකට මිලි ග්‍රෑම් 30 ක් ලබා ගැනීමද මෙම රෝගයන්ට ගුණදාකයකය. * කොළ පැහැති එළවළු වර්ග, පරිපූර්ණ ධාන්‍ය නිෂ්පාදනයන් වැනි විටමින් ඊ අඩංගු ආහාර වැඩිපුර පරිභෝජනය කරන්න. * නිවිති යුෂ මිලි ලීටර් 200 කට කැරට් යුෂ මිලි ලීටර් 300 ක් එක් කර පානය කරන්න. * එළවළු යුෂ පානය කිරීමද ප්‍රොස්‌ටේට් ආබාධයන්ට ගුණදායකය. * කිරි හා ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමද යෝග්‍යය. ඉන්දීය ජාතික දේශීය වෛද්‍ය ශෂිකාන්ත් එස් සෙත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 May 2017 06:09 PM ලොව පුරා නව යොවුන් වියෙහි පසුවන්නන් මිලියන 1.2ක් වැඩි වශයෙන් වළක්‌වා ගත හැකි හේතූන් මත මිය යයි ලොව පුරා සෑම වසරකම නව යෞවන වියෙහි පසුවන්නන් (වයස අවුරුදු 10-19) මිලියන 1.2 කට අධික සංඛ්‍යාවක් විශාල වශයෙන් වළක්‌වා ගත හැකි හේතූන් මත මරණයට පත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ නවතම වාර්තාවක සඳහන් කර තිබේ. එම වාර්තාවට අනුව දිනකට මෙසේ විශාල වශයෙන් වළක්‌වාගත හැකි හේතූන් මත මිය යන නව යෞවන වියෙහි පසු වන්නන්ගේ සංඛ්‍යාව 3000 ක් පමණ වේ. වසර 2015 දී නව යෞවන වියෙහි පසු වන්නන් වැඩි දෙනෙකු එනම් 115,000 ක් පමණ දෙනා මිය යාමට හේතුවී ඇත්තේ මාර්ග අනතුරුව එම මරණවලට බලපෑ දෙවැනි හා තෙවැනි ප්‍රධානතම හේතූන් වනුයේ ශ්වසන ආසාධනයන් හා තමන් විසින් සිදු කරගත් අනතුරුය. මෙම නව යෞවන වියෙහි පසුවන්නන් අතර සිදුව ඇති වැඩි වශයෙන් වළක්‌වා ගත හේතූන් පදනම් කරගත් මරණවලින් 2/3 ක්‌ම අග්නිදිග ආසියාතික කලාපීය හා අප්‍රිකානු රටවල සිදුව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවට අනුව මාර්ග අනතුරුවලින් මිය යන වයස අවුරුදු 15-19 වයස් කාණ්‌ඩයට අයත් නව යෞවනයින් වැඩි දෙනෙකු රියෑදුරන් නොවන පදිකයින් හා පාපැදිකරුවන්ය. නව යෞවන වියෙහි පසුවන පිරිමි ළමුන් අතර මිය යාම්වලට හේතු වන දෙවැනි ප්‍රධානතම හේතුව වී ඇත්තේ කායික හෝ ලිංගික අතවරයන් වැනි අන්තර් පුද්ගල හිංසනයන්ය. ලොව පුරා නව යෞවන වියෙහි පසුවන ගැහැණු ළමුන් අතර (වයස 10-14) වැඩි වශයෙන් මරණ සිදු වනුයේ නිව්මෝනියාව ඇතුළු ශ්වසන ආසාධනයන් නිසා බව අනාවරණය වී තිබේ. මෙම තත්ත්වයට වැඩි වශයෙන් හේතු වී ඇත්තේ නිවෙස්‌වල ආහාර පිසීම සඳහා භාවිත කරන පරිසර දූෂණයට හේතු වන ඉන්ධන වර්ග බව වාර්තාවෙහි සඳහන් වේ. තුන්වැනි ලෝකයේ රටවල ගැහැණු දරුවන් මෙසේ ගෘහස්‌ථව ඇති වන වායු දූෂණය මත හට ගන්නා රෝගවලින් අකාලයේ මිය යනුයේ ඔවුනට නියමිත වේලාවට ප්‍රතිකාර ලබා ගැනීමට යොමු නොකිරීම බව වෛද්‍ය මතයයි. වයස අවුරුදු 15-19 වයස් කාණ්‌ඩයට අයත් ගැහැණු දරුවන්ගෙන් බහුතරය මිය යනුයේ ගර්භණිභාවය තුළ හට ගන්නා සංකූලතාවන්, දරු ප්‍රසූතිය හා අනාරක්‍ෂිත ගබ්සා කිරීම් යන කරුණු මතය. එම වයස් කාණ්‌ඩයේ ගැහැණු දරුවන් මිය යාමට හේතු වන සෙසු ප්‍රධාන කරුණු වනුයේ පාචන රෝගයන්, මෙනින්ජයිටිස්, එච්අයිවී ඒඩ්ස්, ස්‌වයං හිංසනය මාර්ග අනතුරු යනාදියයි. නව යෞවන වියෙහි පසුවන්නන් සඳහා වැඩිදියුණු කරන ලද සෞඛ්‍ය සේවාවන් (සමාජයීය හා මානසික සහාය ඇතුළු) ලබාදීම හා පවුලේ සාමාජිකයින් හා ප්‍රජාව මෙම යෞවනයින් හැසිරෙන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම යන ක්‍රියාමාර්ගයන් හරහා මෙසේ අකාලයේ මිය යන නව යෞවන වියෙහි පසුවන්නන් බහුතරයකගේ ජීවිත බේරා ගත හැකි වනු ඇතැයි විශේෂඥයෝ පෙන්වා දෙති. 'නව යොවුන් වියෙහි පසුවන්නන්ට සහාය අවශ්‍යයි. ඔවුන්ට අවශ්‍ය සහාය නොලැබුණු විටදී අවදානම් චර්යාවන්ට යොමු වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්‌නට ලැබෙනවා. මොවුන් සමාජයට අනාගතයේදී අත්‍යවශ්‍ය සම්පත් බව අමතක නොකළ යුතු අතර ඔවුන්ට අවශ්‍ය සහාය ලබා දීම සැමගේ යුතුකමක්' බව එම විශේෂඥයෝ සඳහන් කර සිටිති. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 May 2017 06:10 PM "මුරුංගා සාරයෙන් සමෙහි ගල්වන ආලේපන නිපදවීමට යයි දශක ගණනාවක් මුළුල්ලේ දියවැඩියාව රෝගයට ගුණදායක වූ එළවළුවක් සේ සැළකුණු මුරුංගා පාරිසරික හේතූන් මත වෙනස්‌වන සමෙහි සෛල ප්‍රකෘති තත්ත්වයට පත් කර වයසට යැම වැළැක්‌වීමට ක්‍රියා කරන බව බටහිර පර්යේෂණවලදී අනාවරණය වී තිබේ. මුරුංගා ශාකයෙහි අඩංගු අධික ප්‍රොaටීන් හා වෙනත් සංයෝග හේතුවෙන් ආතරයිටීස් ඇතුළු රෝග ගණනාවක් සුව කිරීම සඳහා මුරුංගා සාරය ආශ්‍රිතව ආහාර ආදේශකයන් (ඩයට්‌රි සප්ලමන්ට්&zwnj නිපදවීම කෙරෙහි බටහිර රටවල් යොමුව තිබෙන බව වාර්තා වේ. විශේෂයෙන්ම මුරුංගාවල පවතින සමෙහි සෛල නිරෝගීව පවත්වාගෙන යාමේ හැකියාව හේතුවෙන් මුරුංගා සාරය යොදා ගෙන සමෙහි ගල්වවන ආලේප නිපදවීමේ හැකියාවක්‌ද පවතින බව බටහිර පර්යේෂකයෝ පෙන්වා දී තිබේ. මුරුංගා පිළිබඳව පර්යේෂණ පැවැත්වූ ඉල්යා රස්‌කින්ට අනුව මුරුංගාවල පවතින රෝග නිවාරණ ගුණය නිසාම අද එය සිය නිජබිම වන අග්නිදිග ආසියාතික රටවල ට පමණක් නොව අප්‍රිකානු හා දකුණු ඇමරිකානු රටවල මෙන්ම හවායි දූපතේද මේ වනවිට වගා කර තිබේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 May 2017 06:12 PM කුරුඳුපොතු ශරීරයේ බර අඩු කරන බව හෙළි වේ" කුරුඳුපොතු ආහාරයට එක් කර ගැනීමෙන් අධික තෙල් සහිත ආහාර වේලක් ගත් විටදී උදරය වටා තෙල් තට්‌ටුවක් බැඳීම නතර කර ශරීරයෙහි බර අඩු කර ගැනීමට හැකි බව ඇමරිකානු පර්යේෂකයන් විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. ශරීරයට අහිතකර ආහාර වර්ග අනුභව කළ විටදී හෘදය වස්‌තුවට එමගින් සිදු වන හානිය අඩු කිරීමටත් ශරීරයෙහි තෙල් ගබඩා වීමේ ක්‍රියාදාමය මන්දගාමී කිරීමටත් කරුඳුපොතුවලට හැකියාව ඇති බව එම අධ්‍යනයේදී හෙළි වී තිබේ. චිකාගෝ නගරයේ කුෂ් විශ්වවිද්‍යාලයීය වෛද්‍ය මධ්‍යස්‌ථානයේ පර්යේෂකයන් පිරිසක් විසින් පැවැත්වූ අධ්‍යයනයේ ප්‍රතිඵලය පසුගියදා ඇමරිකානු හෘද සංගමය වෙත ඉදිරිපත් කර තිබිණි. මෙම අධ්‍යයනය මුල් අවස්‌ථාවේදී මීයන් ආශ්‍රිතව සිදු කර ඇති අතර එය මනුෂයන් සම්බන්ධවද ඒ හා සමාන ප්‍රතිඵල පෙන්නුම් කරනු ඇතැයි පර්යේෂකයෝ විශ්වාසය පළ කර ඇත. මෙම අධ්‍යයනයේදී මීයන්ට කුරුඳු පොතු අඩංගු ආහාරයක් සති 12 ක කාලයක් පුරා ලබා දී ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ කුරුඳු පොතුවල මානසික ආතතියෙන් ශරීරයට හානි සිදු වීම වැළැක්‌වීමේ ප්‍රතිඔක්‌සිකාරක ගුණයක් පවතින බවයි. එම මීයන්ගේ ශරීර බර ප්‍රමාණය අඩු මට්‌ටමක පැවැති අතර උදරය ආශ්‍රිතව තැන්පත් වී තිබූ තෙල් තට්‌ටුවද අඩු මට්‌ටමක් පැවැති බව පර්යේෂකයෝ සඳහන් කර සිටිති. කුෂ් විශ්වවිද්‍යාලයීය වෛද්‍ය මධ්‍යස්‌ථානයේ පර්යේෂකයන්ට අනුව කුරුඳු පොතු කුඩු උණුසුම් පානයකට ඕට් ධාන්‍ය ආහාර හා උදැසන සීරියල් ධාන්‍ය වර්ගයකට එක් කර පානය කිරීමෙන් මතක ශක්‌තිය ගබඩා කරන හා එය සංවිධානය කිරීමට උපකාරී වන මොළයෙහි ඇති ප්‍රොaටීනයන් ශක්‌තිමත් කිරීමට හේතු වේ. කුරුඳු පොතු කුරුඳු ගසෙහි ඇතුළත කොටසෙන් නිපදවන අතර එම කුරුඳු පොතු මගින් කුරුඳු කැබලි හා කුරුඳු තුඩු නිපදවයි. කුරුඳු පොතු ආහාරයට එක් කර ගැනීමෙන් දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනි මට්‌ටම පහළ දැමීමටත් ආමාශයේ උෂ්ණත්වය අඩු කර ආහාර දිරවීම පහසු කරවීමටත් පාකිත්සන් රෝගය මඟහැරවවීමටත් උපකාරී වන බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ. කුරුඳු පොතු චීන වෛද්‍ය ක්‍රමයේ සෙම්ප්‍රතිශ්‍යාව, ආහාර නොදිරවීමේ තත්ත්ව හා මාංශ පේශී පෙරළීම යන තත්ත්වයන්ට ප්‍රතිකාර සඳහා යොදා ගැනේ. කුරුඳු පොතු බඩවැල්වල හට ගන්නා රෝගයන් බොහොමයක් හට ගැනීම අඩු කරන බවත් ආමාශයට හානි සිදුවීම වළක්‌වන බවත් හෙළි වී තිබේ. ඕස්‌ටේ්‍රලියාවේ මෙල්බන් නගරයේ ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ ආර්. එම්. අයි. ටී විශ්වවිද්‍යාලයීය විද්‍යාලයේ ආචාර්ය ජියාන් සෙන් අවුට අනුව කුරුඳුපොතුවලට ආමාශය සෙල්සියස් අංශක 2 ක් දක්‌වා සිසිල් කිරීමේ හැකියාව පවතී. ඌරන් ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණවලදී ඌරන්ට කාමර උෂ්ණත්වයක් යටතේ ආහාර ලබා දුන් විටදී ඔවුන්ගේ උදරය තුළ නිපදවන කාබන්ඩයොක්‌සයිඩ් වායුව වැඩි වන බව හෙළි වී ඇති අතර කුරුඳුපොතු අඩංගු ආහාර ලබාදුන් විට ඔවුන්ගේ එම වායු ප්‍රමාණය අඩු වී ගැස්‌ටි්‍රක් අම්ලය හා පෙප්සින් ප්‍රමාණය අඩු වූ බව අනාවරණය වී තිබේ. උපුටා ගත්තේ දිවයින වෙබ්පුවතින් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 17 May 2017 09:00 PM වටිනා ලිපි ටිකක්.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DushanVeteran MemberPosts:2536 18 May 2017 05:00 AM ස්තුති මෙම ලිපි ටිකටත් 0 hasithadSuper Senior MemberPosts:5795 18 May 2017 07:57 AM මේක ඇත්ත.....මමත් කුරුදු කුඩු කාලෙක ඉදන් තේ වගේ හදලා බොනවා. පුදුම වෙනසක් දැනෙනවා. 0 gaminiVeteran MemberPosts:4475 18 May 2017 09:44 PM කුරුදු හොද අවුෂදයක් අපි ඕක නිසිලෙස ප්‍රයෝජනයට නොගත්තාට උරෝපා කරයේ බොහෝ දෙනා කැමති, එකනේ ලංකාවෙන් කුරුදු ටොන් ගණන් පිටරට ඇදිලා යන්නේ.......... ආදරයේ උල්පත අම්මා ...................... 0 samanthaMost Senior MemberPosts:13190 18 May 2017 10:07 PM ජර්මණියේ මගේ වෛද්‍ය වරියට මම අපේ කුරුඳු පැකට් එකක් තෑගි දුන්නා. ඇය කියනවා එයා කවදාවත් මෙහෙම දැකලා නැහැ කියලා. මෙහෙ ගොඩක් වෙලාවට තියෙන්නේ ගස් වල පොතු වගේ කුරුඳු. ඉතිං එයා කියනවා හරි පරෙස්සමෙන් ඒවා භාවිතයට ගන්නවා කියලා. මම කිව්වා තව දෙන්නම් කියලා. ඉන්දියාවෙන් ගේන ඒවා පොතු වගේ තියෙන්නේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 santhaaBasic MemberPosts:249 19 May 2017 10:00 AM වටිනා තොරතුරු ටිකක් 0 chamaramindMost Senior MemberPosts:13471 19 May 2017 05:50 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 May 2017 05:52 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 12 of 137 << < 1011121314 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner