Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 121 of 137 << < 119120121122123 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 13 May 2018 07:44 PM සුව නොවන තුවාල සඳහා ආයුර්වේද ප්‍රතිකාර සිරුරේ පිටත හෝ ඇතුළත පවතින පටක වල විනාශ වීමකි. මේවා සුළු කැපුම්, සීරුම් අවස්ථාවේ සිට නරක් වී සැරව ගලන තුවාලයක් දක්වා කල්ගත වීමේදී වර්ධනය විය හැක. විටෙක තුවාල වල පණුවන්ද ඇතිවේ. තුවාල වල ලක්ෂණ මොනවාද? විවිධ වර්ණ ඇතිවීම, කැසීම, ශ්‍රාව ගැලීම, වේදනාව, දැවිල්ල, ඉදිමුම, විවිධ ගන්ධයන් ආදී ලක්ෂණ සාමාන්‍යයෙන් පවතී. තුවාලය ඇතිවී ගතවී ඇති කාලය, තුවාලය පවතින ස්ථානය, තුවාලය ඇතිවීමට හේතුව, රෝගියාගේ පිරිසිදු බව, රෝගියාගේ වයස හා ස්වභාවය, රෝගියා ගනු ලබන ආහාර පාන වර්ග ආදී හේතු ගණනාවක් මත මෙම ලක්ෂණ විවිධාකාර වේ. තුවාල වර්ග මොනවාද? තුවාල වර්ග කිරීම කරුණු ගණනාවක් අනුව කළ හැකි වේ. තුවාල ඇතිවීමට හේතුව සිරුරේම හේතුවක් වන දියවැඩියා තුවාල, නහර ගැටගැසීම් තුවාල "නිජ තුවාල" ලෙස ආයුර්වේදයේ හඳුන්වාදී ඇත. ආගන්තුජ තුවාල යනු කැපීම්, සීරීම්, ඇනීම්, තැලීම් ආදී බාහිර හේතුන් නිසා ඇතිවන තුවාල වේ. ආයුර්වේදයේ මූලික ග්රන්ථයක් වන චරක සංහිතාවේ තුවාල ප්ර්ර්රභේද 20 ක් හා ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මූලික ග්‍රන්ථය වන සුශ්‍රැත සංහිතාවේ තුවාල වර්ග 16 ක් දක්වා ඇත. මෙම තුවාල වර්ගය අනුව කෙරෙන ප්‍රතිකාර ක්‍රම විවිධ වේ. විශේෂයෙන් ඇතිවන තුවාල වර්ග මොනවාද? තුවාල වර්ග රෝගයට අනුවත් නම් කළ හැක. දියවැඩියාව ඇති අයට තුවාල ඇතිවීම සුලභව දක්නට ලැබේ. එය නිසි ලෙස දියවැඩියාව පාලනය කර නොගැනීමෙන් ඇති වේ. බොහෝ විට දියවැඩියාව කාලයක් පවතින විට පාදවල ඇති ස්නායු ක්‍රියාකාරීත්වය අඩපණ වේ. එවිට පාදවල හිරිගතිය, බර ගතිය ඇති වේ. නොදැනීම ඇතිවූ කුඩා තුවාල ඉතා කෙටි කාලයකින් විශාල තුවාල බවට පත් වේ. මේවා සුව කිරීම ඉතාම අපහසුයි. සමහර විට තුවාලය සහිත පාදයේ කොටස ඉවත් කිරීමටත් සිදුවීමට පුළුවන. තුවාල වලට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී කරන ප්‍රතිකාර මොනවාද? තුවාලයට ප්‍රතිකාර කරන විටදී තුවාලයට පමණක් නොව තුවාලය සහිත රෝගියාටද ප්‍රතිකාර කිරීම අනිවාර්ය වේ. තුවාලය ඇති ස්ථානයට හා ඒ වටා කරන ප්‍රතිකාර ස්ථානික ප්‍රතිකාර නම් වේ. මුළු සිරුරටම කරනු ලබන ප්‍රතිකාර සර්වාංග ප්‍රතිකාර නම් වේ. මේ සඳහා ක්‍රම 60 ක් යොදා ගැනේ. තුවාල සුව කිරීමට කරනු ලබන ඒ ප්‍රතිකාර 60 මොනවාද? තුවාලයක් ඇතිවීමට පෙර සිට මූලික ලක්ෂණ අවධියේම ප්‍රතිකාර කර තුවාලය ඇතිවීම යටපත් කළ හැක. ඇතිවූ තුවාලය පිරිසිදු කිරීමටත්, තුවාලයේ නව පටක වර්ධනය කිරීමටත්, තුවාලය නිසා ඇතිවූ දාහය, වේදනාව, කැසීම, ඉදිමුම වැනි ස්ථානික අපහසුතා ඉවත් කිරීමටත්, රෝගියාගේ මුළු ශරීරයම ඇතුළතින් පිරිසිදු කිරීමත් මෙහිදී කරනු ලැබේ. තුවාල සඳහා කෙරෙන ප්‍රතිකාර වලින් සිදුවන්නේ කුමක්ද? අපිරිසිදු තුවාල පිරිසිදු කොට තුවාලය සුවවීම වේගවත් කළ හැක. තුවාලය සුව වූ විට ඇතිවන කැලලේ ඇති විකෘතිතා ඉවත් කළ හැක. තුවාලය සුව වූ විට ඇතිවන තද හෝ ලා පැහැය සාමාන්‍ය සමේ වර්ධනය බවට පත්කළ හැක. හමේ ඇති මෘදු හෝ තද බව සාමාන්‍ය තත්ත්වයට පත්කළ හැක. ලෝම රහිත බව හෝ අධි වර්ධනයද සාමාන්‍ය තත්ත්වයට පත්කර සම තුවාලයට පෙර තිබූ තත්ත්වයටද ගැනීම කළ පසු තුවාල ප්‍රතිකාරය අවසාන වේ. තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා බෙහෙත් මොනවාද? තුවාලයේ අවස්ථාව, ස්වභාවය, ගතවී ඇති කාලය ආදී කරුණු පදනම් කරගෙන යෙදිය යුතු බෙහෙත් වර්ගය තීරණය වේ. ඒ සඳහා කෂාය වර්ග, ගුලි, කල්ක, චූර්ණ වර්ග, තෙල් වර්ග, ක්ෂාර වර්ග, ආලේප වර්ග, පත්තු වර්ග, මැල්ලුම් වර්ග ආදිය යොදා ගැනේ. මෙය එකම රෝගියාගේ විවිධ අවස්ථා වලදී උචිත ලෙස යොදා ගැනේ. මීට අමතරව කෙරෙන විශේෂ ප්‍රතිකාර මොනවාද? පංච කර්ම යටතේ ගැනෙන විරේක, වමන, වස්ති, නස්‍ය, රක්ත මෝක්ෂණ ආදී ක්‍රමත් අවශ්‍ය විටකදී යොදා ගැනේ. තවද විවිධ උපකරණ යොදාගෙන කෙරෙන ප්රතිකාරද ඇත. ගෙඩි වර්ග පැලීම, සිදුරු කිරීම, තුවාල වල නරක්වූ කොටස් ඉවත් කිරීම ආදිය මේ යටතේ ගැනේ. තුවාලයේ පණුවන් ඇතිවිට ඉවත් කිරීමත්, විටෙක තුවාලය මත පණුවන් වර්ධනය කරවා තුවාලයේ නරක් වූ කොටස් කා දැමීමට සලස්වා තුවාලය පිරිසිදු කරවා ගැනීමත්, කූඩැල්ලන් යොදා දූෂිත රක්තය ඉවත් කරවා ගැනීමත් සිදුකළ හැක. බෙහෙත් තැම්බූ වතුරේ තුවාලය ගිල්වාගෙන සිටීම, තුවාලය හා ඒ අවට කොටස්වලට බෙහෙත් වතුර හෝ තෙල් වැක්කෙරීම, තුවාලය කොටසට තෙල් පුරවා තැබීම, තෙල් ගැල්වූ පුළුන් තුවාලය මත තැබීම, විවිධ ශාකමය ආලේප ගැල්වීම, බෙහෙත් දුම් ඇල්ලීම ආදී විශේෂ ක්‍රම ගණනාවක් මෙහිදී යොදා ගැනේ. මෙම විවිධ ප්‍රතිකාර මගින් රෝගියාට ලැබෙන ප්‍රතිඵල මොනවාද? රෝගියාට ගැලපෙන හා පහසු ප්‍රතිකාර ක්‍රම යොදාගෙන රෝගියාගේ අපහසුතා ඉක්මනින් වළකා ගත හැක. මෙම ක්‍රම යොදා ගැනීමේදී තුවාලයට විෂබීජ යාම වළකන අතර තුවාලය මත පවතින විෂබීජ ද ඉක්මනින් විනාශ වේ. තුවාලය සහිත කොටසේ රුධිර සංසරණය ක්‍රමවත් වීම හා වේගවත් වීම සිදුවී තුවාලය සුව වීමට ගතවන කාලය අඩු වේ. රුධිර නාළවල ඇති රුධිර කැටිති ඉවත් වේ. රුධිර නාල බිත්ති පිරිසිදු වේ. මෙම ප්‍රතිකාර අවසානයේ රෝගියාගේ පවතින වෙනත් රෝග වලට ඉබේම ප්‍රතිකාර ලැබේ. තුවාල රෝගියෙකු විශේෂයෙන් කළ යුතු දැ මොනවාද? දිනපතාම උදේ කාලයේ නෑම කළ යුතුය. ජලය හොඳින් පානය කළ යුතුය. කුසගිනි ඇති විට නිසා ප්‍රමාණ වලින් නියමිත ආහාර ගත යුතුය. රාත්‍රී ආහාර වේල රාත්‍රී 7.00 ට පමණ ගත යුතුය. කෘතිම ආහාර හැකිතාක් සීමාකළ යුතුය. ප්‍රමාණවත් නින්දක් රාත්‍රියට ලබාගත යුතුය. (රාත්‍රී 10.00- උදේ 4.00 අවම වශයෙන්) හැකි සෑම විටම තුවාලය පිරිසිදුව තබාගත යුතු අතර තුවාලය ඇති කොටසට නිසි ව්‍යායාම ලබාදිය යුතුය. දියවැඩියාව, නහර ගැට ගැසීම, අධික කොලෙස්ටරෝල් තත්ත්ව වැනි රෝග ඇති විට ඒවාට නිසි ප්‍රතිකාර ලබාගත යුතුය. තුවාල රෝගියා නොකළ යුතු දේ මොනවාද? දහවල් නින්ද අයහපත් වේ. කුසගිනි නිසි ලෙස නැති විට ආහාර ගැනීම සුදුසු නැත. අධිකව ආහාර ගැනීමද නුසුදුසුය. බොහෝ විට උෂ්ණාධික ආහාර නොගත යුතුය. මළ මුත්‍ර පහ කිරීමට අවශ්‍ය විටකදී කල් දැමීමකින් තොරව කළ යුතුය. අධික වෙහෙස වීම, ව්‍යායාම කිරීම නොකළ යුතුය. ආයුර්වේදයේ තුවාල සුව කිරීම සැබවින්ම සාර්ථක ක්රමයක්ද? ආයුර්වේද ප්‍රතිකාරයේ තුවාලයට මෙන්ම තුවාල රෝගියාටද ප්‍රතිකාර කරමින්, තුවාලය නිසා රෝගියාට ඇතිවූ අපහසුතා වලට ද ප්‍රතිකාර කරමින්, රෝගියාට ඇති අනෙකුත් රෝග තත්ත්වයන්ද පාලනය කර ගනිමින් ප්‍රතිකාර කරනු ලැබේ. බොහෝ විට ඉතා පැරණි හා සුව කිරීමට නොහැකි වූ තුවාල සාර්ථකව සුව කිරීමට මෙම ක්‍රම යොදා ගත හැකිය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 May 2018 06:12 PM නිවසක ඖෂධාලයේ වෙද හාමිනේගේ අඩුව ප්‍රශ්න ඇති කරයි මිනිසා රෝගී වීම සඳහා ලොකුම ප්රශ්නය වී ඇත්තේ අද සිටින මිනිසා පරිසරය නොහැදිනීමය. අප අවට තිබෙන ශාක වර්ග අප අසලින් වැඩී ඇත්තේ අපගේ නිරෝගී පැවැත්ම සඳහා බව නවීන පරම්පරාව නොදැන සිටීම බෝ නොවන රෝග මෙතරම් සීඝ්රයෙන් පැතිර යැමට ප්‍රධාන හේතුවක් බව සඳහන් කළ හැකිය. නැවත, දිනකට එක ශාකයක් හෝ ලබාගෙන අප ශරීරයට ඇති ඖෂධීය වටිනාකම පිළිබඳ සොයා බලන්නේ නම් වසරක් යන විට ඔබ නැවතත් නිරෝගී සමාජයක් තුළ ජීවත් වනු නොඅනුමානය. උදැසන අවදි වීම නිරෝගී දිවියකට පිටිවහලකි. උදැසන අවදි වූ ඔබ කිහිප දෙනකු නම් වතුර වීදුරුවක් පානය කරනවා දැයි ඇසූ විට එය ඔව් යන පිළිතුර ලැබෙනුයේ ස්වල්ප දෙනකුගෙන් වීම සැබෑවය. උදැසන අවදි වී වතුර වීදුරුවක් පානය නොකරන ඔබ අද සිට ඒ ක්‍රමය අනුගමනය කරන්න. ඖෂධීය කොළ වර්ගයක් මුසු කොට සාදා ගත් හීනටි හාලේ කැඳ වර්ගයක් සතියකට දින දෙකක් වත් සාදා දී පවුලේ අයගේ නිරෝගීකම වෙනුවෙන් ගෘහණිය, බිරිඳ හෝ මව වශයෙන් ඔබ එම වගකීම සිතට ගන්න. ප්‍රධාන ආහාර වේල්වලට අමතරව කඩින් කඩ ආහාර ගැනීමෙන් ශරීරය අභ්‍යන්තරයේ සිදුවන අපහසුතා ඇති නොකෙරේ. එය ශරීරයේ සැහැල්ලුවට හේතු වේ. තවද දිනපතා ස්නානය මගින් ශරීර උෂ්ණත්වය පාලනය කරනු ලැබේ. අනිත් ප්‍රධාන කාරණාව නිසි වේලාවට නින්ද ලබා ගැනීමයි. අද බොහෝ පිරිස නිසි වේලාවට නින්දට නොයා මධ්‍යම රාත්‍රියේත් නිදි වර්ජිතව සිටින්නේ අන්තර්ජාලයේ සැරිසැරීම නිසාවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඉහත කාරණා සමඟ ජීවිතයට හොඳ ව්‍යායාමයක් ලබා ගැනීම තුළ නිරෝගී භාවයට මුල් පියවර තැබුවා යෑයි ඔබට සතුටු වීමේ හැකියාව තිබේ. මෙහිදී බොහෝ වගකීමක් පවුලක ගෘහණිය, බිරඳ හෝ මව සතු වන අතර නැවතත් ඇයට නිවසේ ඖෂධාලයේ වෙදහාමිනේ විය හැකි නම් පවුලක නිරෝගීකම පවත්වා ගැනීම අපහසු නොවනු ඇත. කෙතරම් තාක්ෂණික අතින් දියුණු යෑයි සැලකුවද ඔබේ නිවසේ දියවැඩියාවට, කොලෙස්ටරෝල්, හෘද රෝග සඳහා බෙහෙත් පෙති පානය කරන කී දෙනෙක් නම් සිටිනවාද? මේ කියන්නේ තාක්ෂණික දියුණු එපා යෑයි කියන කතාව නොවේ. එය පසෙකින් තිබියදී අප නිරෝගී ජාතියක් ලෙසට ජීවත් වූ යුගයේ අපේ මුතුන් මිත්තන් අනුගමනය කළ ආහාර පාන, සිරිත් විරිත්, ජීවන ක්‍රමවේද නැවතත් අපේ නිවසට එකතු කර ගත යුතු කතාව පිළිබඳවය. ඒ අප බෙහෙත් පෙත්තෙන් ජීවත් වන ජාතියක් නොවීමටය. ඔබේ නිවසේ සිටින දියවැඩියා රෝගීන් වෙනුවෙන් ආහාර පිළියෙල කර ගැනීමේදී ලැතැවෙන ගෘහණිය වෙනුවෙන් ප්‍රතිකාර සඳහා මූලිකව සිරුර සකස් කර ගැනීමේදී අක්මාවේ නිරෝගීතාව ගොඩනඟා ගැනීමට ආහාර වේල් සකස් කර ගැනීමට ආහාර සකස් කර ගත යුතු ආකාරය මෙහි සටහන් කරමි. ප්‍රධාන ආහාර වේල් තුන - උදේ ආහාරය පෙ.ව. 5 - 6 අතර දිවා ආහාරය දහවල 12 ට පෙර රාත්‍රි ආහාර ප.ව. 5 ට පෙර රණවරා පංචාංගය (මල්, මුල්, කොළ, පොතු ගෙඩි) තැම්බූ වතුර දිනකට හතර වරක් පානයට දෙන්න. උදේට - කරපිංචා, පංචාංගය තණ හාලෙන් කැඳ පිස දෙන්න. එයට සුදු ලූනු, රතු ලූනු, උළුහාල් එක් කර පිසගන්න. නැති නම් මොනරකුඩුම්බියා කොළ හීනටි හාලෙන් කැඳ සාදා දෙන්න. එයටද සුදු ලූනු, රතු ලූනු සහ උළුහාල් එක් කරන්න. දහවලට - මඩතවාලු, පොක්කලි, සුදු මුරුංගා හෝ හීනැටි සහල් වර්ගයක් තෝරා ගන්න. එයට වෑංජන ලෙසින් - ගස්ලබු මැල්ලුම, වට්ටක්කා වෑංජනය සහ සියඹලා ආනම එකතු කර ගන්න. සියඹලා ආනම සාදා ගැනිමට අවශ්‍ය ද්‍රව්‍ය - * ඇට ඉවත් කර සෝදා ගත් සියඹලා ග්‍රෑම් 150 * පොල්කිරි කෝප්ප 2 (දිය කිරි) * සුදුරු, මහදුරු, කොත්තමල්ලි, කුරුඳුපොතු, ගම්මිරිස්, තිප්පිලි ස්වල්පය බැගින් ගෙන සෝදා කබලේ බැඳ කුඩු කර ගන්න. * සුදු ලූනු, රතු ලූනු, උළුහාල් සාදා ගන්නා ක්‍රමය - සියලු දේ මැටි වළඳකට දමා ලිප තබා උකු පදමට උයා ගන්න. ඔබගේ පවුලේ නිරෝගී දිවිපෙවෙත වෙනුවෙන් හෝ යම් රෝගී තත්ත්වයකින් පීඩා විඳින පවුලේ අය වෙනුවෙන් ඒ සඳහා දිවිපෙවෙත වෙනස් කර ගැනීමට අවශ්‍ය උපදෙස් නොමිලේ ලබා ගැනීමට 0779971700 වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ. මැදවච්චියේ පිළිකා වෛද්‍ය සංජීව අල්විස් මැදිවියේ කාන්තාවන්ට මතුවන පිළිකා මැදිවියට පත්වන විට කාන්තාවන් ලෙඩ රෝග වලට ගොදුරු වීමද වේගවත්ව සිදුවේ. මෙසේ ගොදුරුවන ලෙඩ රෝග අතර පිළිකාව වෙනදාට වඩා හිස ඔසවා ඇති බවක් දකින්නට ලැබේ. වෛද්‍යතුමනි, මැදිවියට පත්වනවිට කාන්තාවන් බහුලවම ගොදුරුවන පිළිකා වර්ගය කුමක්ද? වර්තමානයේ අප බොහෝවිට දකිනුයේ යෝනි ඉන්ද්රිය සහ ගුද ඉන්ද්රිය පිළිකාවන්ය. මෙහිදී ගුද ඉන්ද්රිය තුළ හට ගන්නා පිළිකාව බොහෝ විට බොහෝදෙනා අර්ශස් රෝග ලෙස වරදවා තේරුම් ගන්නවා. එනිසා එය නිසි වෛද්‍ය පරීක්ෂාවක් මගින් නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතුයි. ඇතැම් දෙනා අර්ශස් රෝගය යෑයි කියා සිතා ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්නවා. ඉන් සිදුවන්නේ පිළිකාවට නිසි ප්‍රතිකාර නොලැබීම නිසා එය වර්ධනය වී බරපතළ ලෙස රෝගාතුරවීමයි. මැදිවියට පත්වන විට කාන්තාවන් මෙවැනි පිළිකා රෝගවලට ගොදුරුවීමට බලපා ඇති ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඔවුනගේ සිරුරේ ඇති කාන්තා හෝමෝන දිගු කාලයක් තිස්සේ අසමතුලිත බවින් යුක්තව පැවතීමයි. මෙලෙස දිගු කාලයක් හෝමෝන අසමතුලිතව පැවතීම නිසා ඔවුනගේ ශරීරයේ ජානවල යම් යම් විකෘතිතා හට ගැනීමට බලපෑම් ඇති කරනවා. වයසට යන කොට ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වල වෙනවා. ඉන්ද්රියයන්ගේ ක්‍රියාකාරිත්වය අඩුවෙනවා. අන්න එවැනි අවස්ථාවලදී අර ජාන විකෘතිතාවයන් වල බලපෑම ශක්තිමත් වෙනවා. එවිට පිළිකා සෛල හට ගැනීම ආරම්භ වෙනවා. මෙම හෝමෝනවල බලපෑම කාන්තාවන්ගේ ලිංගික ඉන්ද්රිය පද්ධතියට ඉතා තදින්ම මතුවෙනවා. එනිසා තමයි මැදිවියට පත්වන විට ඇතැම් කාන්තාවන්ට ගර්භාෂයේ පිළිකා හටගන්නෙ. වෛද්‍යතුමනි මෙම පිළිකා හඳුනාගන්නේ කොහොමද? ඔව්- යෝනි ඉන්ද්‍රියේ පිළිකා ගැන පැවසුවහොත් යෝනි ඉන්ද්‍රියේ පිළිකාවක් හටගත්විට ඇයගේ යෝනි මාර්ගයේ දැඩි කැසීමක් හටගන්නවා. දුර්ගන්ධයක් මතුවෙනවා. යෝනි මාර්ගයෙන් සුදු පැහැති දුර්ගන්ධ ශ්රාවයක් පිටවෙනවා. මෙවැනි අවස්ථාවකදී වහාම වෛද්‍ය පරීක්ෂණයකට ලක්වී තමාට මතුව ඇති රෝගය නිවැරදිව හඳුනාගත යුතුයි ගුද ඉන්ද්‍රියේ පිළිකාවක් හටගත්විaට මළ පහ කිරීමේ අපහසුතා මතුවෙනවා. මළ සමග රුධිරය පිට වෙනවා. මෙය විවිධ ආකාරයෙන් සිදුවෙනවා. මළ පිටවීමට පෙර රුධිරය පිට විය හැකියි. මළ සමග තැවරී රුධිරය පිටවිය හැකියි. මළ පහ සිදුවූ පසු රුධිරය පිට විය හැකියි. මෙලෙස රුධිරය පිටවීම සතියකට දින තුනකට වැඩි ප්‍රමාණයක් සිදු වෙනවානම් වහාම වෛද්‍ය පරීක්ෂාවක් සිදු කරගත යුතුයි. මෙහි භයානකම තත්ත්වය තමයි ඇතැම් කාන්තාවන්ගේ යෝනි ඉන්ද්‍රියේ හටගන්නා පිළිකාව වර්ධනය වී එය ගුද ඉන්ද්රිය දක්වා පැතිර යනවා. එවිට ගුද ඉන්ද්‍රියත් යෝනි ඉන්ද්රියයත් අතර හටගන්නා විකෘතිතා නිසා රෝගියා ඉතා ඉක්මනින් මරණයට පත්වෙනවා. වෛද්‍යතුමනි, මෙම රෝගය ඇතිවීම වළක්වා ගැනීම කළ නොහැකිද? සෘෂි නාඩි වෛද්‍ය විද්‍යාවේ චාංගි නමැති මහා සෘෂිවරයාණන් වහන්සේ පිළිකාව ගැන පවසා ඇත්තේ එය පෙර අකුසල් නිසා හටගන්නා රෝගයක් බවයි. එනිසා පිළිකා රෝග ඇතිවීම වළක්වා ගන්න නම් කුසල් රැස්කළ යුතුයි. කුසල් රැස් කරනවා කියන්නෙ ආගම දහම අනුව ජීවත් වීමයි. එහිදී ආහාර පාන ගැනීමේදී සත්ත්ව මාංශ අනුභවය සීමා කළ යුතුයි. සත්ත්ව මාංශ වැඩිපුර අනුභවය නිසා පිළිකා රෝග හටගන්නවා. විශේෂයෙන්ම හරක් මස් උරුමස්, ආහාරයට ගන්නා කාන්තාවන් මැදිවියට පත්වන විට ඉතා පහසුවෙන් පිළිකා රෝගවලට ගොදුරුවන බව හෙළිවී තිබෙනවා. පිළිකා රෝගවලට අත් බෙහෙත් කරන්න උත්සාහ නොගත යුතුයි. ඇතැම් දෙනා පිsළිකා රෝගවලට අත් බෙහෙත් කරනවා. ඉන් සිදුවන්නේ රෝගය තවත් වර්ධනය වීමක් පමණයි. පිළිකා රෝගයකදී නිසි වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ලබාගැනීම මගින් රෝගය සුවකර ගැනීමට හෝ පවතින රෝග තත්ත්වය පාලනය කරගැනීමට අවස්ථාව උදාකර ගත හැකිය. යෝනි ඉන්ද්‍රියේ සහ ගුද ඉන්ද්‍රියේ පිළිකා හටගෙන ඇති කාන්තාවන්ට ප්‍රතිකාර ලබාගන්නා අතර දිනපතා පානය කළ හැකි ඖෂධීය පානයක් සඳහන් කළ හැකියි. එය සාදාගැනීම සඳහා කොටදිඹුල කොළ, අමුක්තරා කොළ, වදකහ, නීරමුල්ලිය, පොල්පලා, රසකිඳ කොළ, අක්කපාන සමව ගෙන කොටා යුෂ ලබා ගත යුතුයි. එම යුෂ කෝප්ප 08 ක් එක් කෝප්පයකට සිඳගෙන තිප්පිලි, සහිඳ ලුණු සහ මීපැණි මිශ්‍රකර දිනපතා උදේ සවස පානය කළ යුතුයි. වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0776500077 ඇමැතිය හැකිය. මොරටුව ලියන්වෙල සෘෂි නාඩි වෛද්‍ය මධ්‍යස්ථානයේ මහාචාර්ය වෛද්‍ය ජිනසිරි ලියන්වෙල සාකච්ඡා කළේ - උපාලි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 May 2018 06:37 PM මානසික රෝග වැළ`දීම නිසා එම පුද්ගලයාට, පවුලට සහ සමාජයට ඇති වන බලපෑම මානසික රෝග පිළිබ`ද අද වන විට යම් දැනුවත් කිරීමක් සමාජය තුළ දක්නට ලැබුණ ද බොහෝ තැනෙකදී මානසික රෝගියෙක් පවුලක සිටීම පිළිබ`ද දක්වන ලැඡ්ජාව, ඒ තුළින් සැ`ගවී ගැනීමට උත්සාහ දැරීමක් ලෙසින් පෙනෙන්නට තිබේ. සැබැවින්ම එය පවුලක ප්‍රශ්නයක් බවට පත් කර ගැනීම තුළ පවුල් ප්‍රශ්න ඇති වන ආකාරයක් ද සමාජය හමුවේ දක්නට ලැබේ. මානසික රෝගයක් යනු හුදු කායික රෝගයකට සීමා වන හෝ මානසික රෝගයකට සීමා වන රෝගී තත්ත්වයක් නොව මෙම රෝගී තත්ත්වය නිසා එම රෝගය වැල`දුණු පුද්ගලයාට මෙන්ම ඔහු හෝ ඇය අයත් වන පවුලට සහ මුළු මහත් සමාජයටම මේ නිසා සෘජුව හෝ වක්‍රාකාරව යම් යම් අනිසි බලපෑම් ඇති කරයි. මෙය ප්‍රජාවක් ලෙසට, සමාජයක් හැටියට අප දැනුවත් විය යුතු කරුණකි. මානසික රෝගයක් වැල`දීම නිසා එයින් ඇති වන බලපෑම ඉහත ස`දහන් කළ ආකාරයට ප්‍රධාන කොටස් තුනකට බෙදා වෙන් කර දැක්විය හැකිය. එනම් එම රෝගී තත්ත්වය නිසා රෝගියාට ඇති වන බලපෑම, එම රෝගී තත්ත්වය නිසා පවුලට ඇති වන බලපෑම සහ එම තත්ත්වය නිසා මුළු සමාජයටම වන බලපෑම වශයෙනි. මෙම රෝගී තත්ත්වය නිසා රෝගියාට වන බලපෑම් මෙම රෝගයටම ලාක්ෂණික වූ විවිධ තත්ත්වයන් හැටියට ස`දහන් කළ හැක. මක් නිසාද යත් ඔබට යම් කිසි වූ කායික රෝගයක් වැල`දී සිටී නම් ඒ පිළිබ`ද ඔබට තිබෙන අවබෝධය නිසා එම තත්ත්වය කළමනාකාරණය කර ගැනීම ස`දහා යුහුසුළුව ඕනෑම කෙනෙක් ඉදිරිපත් වන නිසාවෙන්ය. ඔබේ කකුලේ තුවාලයක් ඇති වී නම් ඔබ කෙතරම් කාර්ය බහුල වුවත්, මොන තරම් වැඩ කටයුතු තිබුණත් ඔබ එය නොසලකා නො හරින බව අප හො`දින් දන්නා කරුණකි. මෙම තත්ත්වය ඔබ නොසලකා හැරියේ නම් තුවාලය උඩු දුවා වැඩි දුර වර්ධනය වී ඔබේ පාදය සැත්කමකින් ඉවත් කිරීමට පවා සිදු විය හැකි බවට ඔබ අවබෝධයකින් සිටින බව සැබෑවය. මෙම අවබෝධයට ප්‍රධාන හේතුව තුවාලය කකුලේ තිබුණත් ඔබ තීරණ ගන්නේ ඔබේ මොළයෙන් වීම නිසාය. ඔබගේ මානසික සෞඛ්‍යය හො`ද මට්ටටමක තිබෙන නිසාවෙන් හරි දේ හරි ආකාරයටත්, වැරැදි දේ වැරැදි ආකාරයටත් අවබෝධ කර ගැනීමට ඔබේ බුද්ධිය හරි ආකාරයට මෙහෙයවීමට ඔබට හැකියාවක් ඇත. නමුත් මානසික රෝගයකදී සිදු වන්නේ ඉහත ස`දහන් කළ තුවාලය වැනි තත්ත්වය එසේත් නැතිනම් රෝගී තත්ත්වය ඇති වන්නේ ඔබ තීරණ ගන්නා ස්ථානයේ වීමයි. මේ නිසාම වැඩිමනත් මානසික රෝගීන්ට තමන්ට මානසික රෝගයක් තිබෙනවා යෑයි අනවබෝධය නිසාම, එය නොපිළිගැනීම නිසාම, මෙම තත්ත්වයට අදාල විවිධ අතුරු ඵල ඇති වීමට ඉඩකඩ තිබේ. අප ඉහත ස`දහන් කළ මානසික රෝගය නිසා පුද්ගලයාට ඇති වන බලපෑම්වල පළමු කාරණාව හැටියට අපට ස`දහන් කළ හැක්කේ මෙම රෝගී තත්ත්වය නිසාම එම පුද්ගලයාට දැනෙන මානසික හෝ කායික අපහසුතාව, වේදනාවයි. මෙය මොවුන්ට මහත් පීඩාකාරී තත්ත්වයක් ඇති කරන්නේය. මෙම තත්ත්වය තුළ සහ ඉහත ස`දහන් කළ කායික වේදනාව අතර තිබෙන වෙනස හැටියට ස`දහන් කළ හැක්කේ ඉහත ස`දහන් කළ කායික රෝගයකදී මේ පිළිබ`දව පුද්ගලයාට තිබෙන අවබෝධයත්, දෙවනුව ස`දහන් කළ මානසික රෝගී පුද්ගලයාට තිබෙන අනවබෝධයත්. මෙම අනවබෝධය නිසාම මෙම මානසික පීඩාකාරී, අසහනකාරී තත්ත්වය තව තවත් වර්ධනය වීම නිසා එම පුද්ගලයා දැඩි අපහසුතාවයකින් පෙළීමට පටන් ගැනීමයි. පුද්ගලයාට ඇති වන දෙවැනි බලපෑම හැටියට ස`දහන් කළ හැක්කේ ඉහත ස`දහන් කළ මානසික පීඩාකාරී තත්ත්වය නිසාම එම පුද්ගලයා තුළ එම තත්ත්වයට මුහුණ දීමට නොහැකි යෑයි සිතෙන්නට පටන් ගෙන ජීවිතය එපා වන තත්ත්වයට පත් වී සිය දිවි නසා ගැනීමේ සිතුවිල්ල පහළ වීමයි. මේ නිසා සමහර අවස්ථාවලදී මොවුන්ට සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයක් ඇති වේ. ඇතැම් විට මොවුන්ට දැනෙන මේ අපහසුතාව, මානසික වේදනාව තවත් කෙනකුට කීමට පවා ඔවුහු මැලි වෙති. මේ නිසාම මෙම තත්ත්වය තදබල ලෙස තමන් හිත තුළ වර්ධනය වී, ජීවිතය එපා වී සියදිවි නසා ගන්නා පුද්ගලයන් පිළිබ`දව අපට එදිනෙදා අසන්නට ලැබේ. ලෝකයේ වර්ෂයකට පුද්ගලයන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් සියදිවි නසා ගන්නා බවත්, මිලියනයේ සිට මිලියන දෙක දක්වා ප්‍රමාණයක් සියදිවි නසා ගැනීමට තැත් කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ කළ සමීක්ෂණයකට අනුව මෙම සිය දිවි නසා ගැනීමේ චර්යාවේ යෙදෙන පුද්ගලයන් සියයට 50 ක් මානසික රෝගීන් බව සනාථ වී තිබේ. ඉතිරි සියයට 50 න් සියයට 40 ක් අයත් වන්නේ මිශ්‍ර කාණ්ඩයකටයි. ඔවුන්ගේ අරමුණ සියදිවි නසා ගැනීම නොව ඔවුන් එයින් බලාපොරොත්තු වන කාරණා කිහිපයක් තිබේ. එනම් යමෙක් තව කෙනකුගේ අවධානය ලබා ගැනීමට, අන් අය හසුරුවා ගැනීම ස`දහා මෙන්ම තමන් අත් වි`දිනා පීඩාකාරී තත්ත්වයකින් මිදීමට සියදිවි නසා ගැනීමේ චර්යාවේ යෙදීමට පුළුවන. තමාට තව කෙනෙක් බැණ වැදුනේ නම්, එයින් පළි ගැනීමට, කෙනකු තමාට බැණ වැදීමේදී බැණපු කෙනාගේ සිත රිදවීම ස`දහා සිය දිවි නසා ගැනීමේ චර්යාවේ නිරත වීමට උත්සාහ කිරීමට පුළුවන. මෙහිදී මොවුන් මිය යැමට හෝ ආබාධිත වීමට පුළුවන. අවසාන සියයට 10 ක කාණ්ඩය ලෙසට ස`දහන් කළ හැක්කේ තමා පත් වී සිටින අන්ත අසරණ දුක්ත තත්ත්වයෙන් මිදීමට නොහැකි නිසා එනම් උදාහරණයක් ලෙසට අපට නිතර අසන්නට ලැබෙන අසරණ ගොවි ජනතාව තමා ලබාගත් ණය ගෙවා ගැනීමට නොහැකිව සියදිවි නසා ගන්නා අවස්ථා වැනි අවස්ථා සමාජය හමුවේ දුලබ නැත. මෙයින් සියයට 50 ක් මානසික රෝගීන් හැටියට හ`දුන්වන අතර ඉතිරි සියයට 50 මානසික රෝගීන් හැටියට හ`දුන්වා දීමට නොහැකි වුවත් ඔවුන් යම් කිසි වූ පෞරුෂ ස්වභාවයකින් පෙළෙන මානසික සෞඛ්‍ය පහළ වැටුණු, තමාගේ ජීවිතයේ එදිනෙදා මුහුණ දීමට සිදු වන අභියෝගවලට, ඉලක්කවලට මුහුණ දීමට තිබෙන මානසික ප්‍රතිශක්තිකරණය හීන වූ පුද්ගලයන් හැටියට හ`දුන්වා දිය හැක. මෙවැනි තත්ත්වයන් හමුවේ නිවසක සාමාජිකයන් පිළිබ`දව ඉතා කල්පනාකාරී වීම තුළ සියදිවි නසා ගැනීම් වැනි තත්ත්වයන් ඇති වීම වළක්වා ගැනීමේ හැකියාව ඇත්තේ එවැනි වූ පුද්ගලයන් නියමිත උපදේශනයන් වෙත යොමු කිරීමේ හැකියාව තිබෙන නිසාවෙන්ය. නිවෙසක අසල්වාසීන් අතර, පාසලක, වැඩ බිමක යන ස්ථාන තුළ මෙවැනි අය සිටී නම් ඒ බව තේරුම් ගෙන තවත් එක් මරණයක් සිදුවීමෙන් වළක්වා ගැනීමට ඔබ දැනුවත් වීම සමාජයට, තවත් එක් පවුලකට සහනයක් වන්නේය. ඔබටත් මෙවැනි වූ සිදුවීම් හමුවේ යම් ප්‍රශ්නයක් පැන නැගී ඇති නම් ඒ පිළිබ`දව නොමිලේ තොරතුරු දැන ගැනීමට 0777344141 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව ඇත. දරා ගැනීම ඇති කර ගන්නේ කොහොමද ? ලබන සතියට මානසික රෝග විශේෂඥ වෛද්‍ය සමන් එස්. හෙට්ටිගේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 1 chamaramindMost Senior MemberPosts:13471 17 May 2018 05:33 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 May 2018 05:50 PM සුලබව කෙරෙන රුධිර පරීක්ෂණ හා ඒවායින් රෝග හඳුනා ගන්නා අන්දම ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 17 May 2018 06:36 PM අම්මො බයෙ බැහැ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 17 May 2018 07:46 PM මම නම් ටෙස්ටින් වර්ග කරන්නේ නැහැ.. එතකොට ලෙඩ අහුවෙන්නේ නැති නිසා බයක් නැතිව ඉන්න පුළුවන්.. තියෙයි කියල දැනගත්තම මානසිකව වැටෙනවානේ... 0 maduranga001Most Senior MemberPosts:14118 18 May 2018 02:31 AM මම නම් ටෙස්ටින් වර්ග කරන්නේ නැහැ.. එතකොට ලෙඩ අහුවෙන්නේ නැති නිසා බයක් නැතිව ඉන්න පුළුවන්.. තියෙයි කියල දැනගත්තම මානසිකව වැටෙනවානේ...එහෙම හිතන්න එපා. පෙර සූදානම ඔය කොයිකටත් හොඳයි. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරෙවෙන් කපන්න වෙන්නෙ එහෙම උනහම. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 18 May 2018 02:55 AM අද කාලේ කන වහත් එක්ක මේ දේවල් අනිවාර්යයෙන් ...බලන්න ඔනේ... 0 indika76Most Senior MemberPosts:10449 18 May 2018 03:15 AM @ මධුර මල්ලී... මේවා දැනගත්තම මානසිකව වැටෙනවානේ... 0 maduranga001Most Senior MemberPosts:14118 18 May 2018 03:18 AM මේවා දැනගත්තම මානසිකව වැටෙනවානේ...පරක්කු වෙලා දැනගත්තහම මානසිකවත් ශාරීරිකවත් වැටිලා පවුලේ ශක්තිමත් පදනම බිදවැටෙනවා. මානසිකත්වය විතරක් බිඳ වැටිලා නතර වෙන්නේ නැහැ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 18 May 2018 03:25 AM ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා... 0 samanthaMost Senior MemberPosts:13190 18 May 2018 06:07 PM මසකට වරක් වත් මේ රුධිර පරීක්ෂා ව කරගැනීම වැදගත්. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 18 May 2018 06:18 PM හෝව්... ලස්සන වෙන්න ක්‍රීම් ගාන්නෙ බලාගෙන දකුණු ආසියාතිකයන් වන අප හට ආවේණික වූ සමේ පැහැයක් පවතී. එය විවිධ පරාසයන්ගෙන් වෙනස්කම් පෙන්වුවද අපේ දේශගුණයට ඔරොත්තු දෙන ලෙස ආකර්ෂණීය තලෙළු වර්ණයකින් යුක්ත වේ. විවිධ ඍතු කලාපයන්ට අනුව ඒ ඒ ප්‍රදේශයන්හි වෙසෙන්නෝ ඔවුන්ට ආවේණික සමේ වර්ණයන්ට උරුමකම් කියති. නමුත් මේ සත්‍ය වසන් කරමින් ශ්‍රී ලංකාව ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල් සමේ පැහැය හා සුන්දරත්වය පිළිබඳ සමාජගත වන මතවාදයක් ඇති කර තිබේ. විශේෂයෙන් කාන්තාවන් අතර ලස්සන වීමට නම් සුදු පැහැයෙන් යුතු සමකට උරුමකම් කිවයුතුයැයි යන වැරදි මතය සමාජගත වී හමාරය. මෙම තත්ත්වය තවත් වැඩිකිරීම සඳහා බොහෝ වෙළෙන්දෝ විවිධ උපක්‍රම භාවිත කරමින් විවිධ ප්රචාරක මාධ්‍ය ඔස්සේ ලබාදෙමින් මෙය සමාජගත කිරීමට උත්සහ ගනිති. මේ නිසා වර්තමානයේ දී කාන්තාවන් හා පිරිමි දෙපාර්ශවයම තම කාලය හා ධනය වැය කරමින් මේ සඳහා වැඩි උනන්දුවක් දක්වති. නමුත් මෙවැනි සම සුදු කරලීමට භාවිත කරන ක්‍රම හා ආලේපන මඟින් පසුකාලීනව ඇතිවන්නේ භයානක තත්ත්වයකි. සම සුදුවීම තුළින් සුන්දර බවක් ලබාදෙන බවට පොරොන්දු ලබාදෙන විවිධාකාර නිෂ්පාදන, විශාල ප්‍රමාණයක් වෙළෙඳපොළේ දැකගතහැකිය නගරබද පමණක්ම නොව ගම්බද ප්රදේශවලද ඉතා පහසුවෙන් මේවා ලබාගත හැකි තත්ත්වයට පත්ව තිබේ. මේවා භාවිතයද දිනෙන් දින වැඩිවෙමින් පවතී. අපගේ ශරීරයට තළෙළු වර්ණය ලැබී ඇත්තේ සමට ආරක්ෂාව සපයන මෙලනින් වර්ණකය හේතුවෙනි. දින කිහිපයක් ඇතුළත සම සුදුකර ගැනීමට ආලේපන භාවිත කිරීමෙන් මෙලනින් වර්ණක වෙනස්කම්වලට ලක්වේ. එය සුදුසු තත්ත්වයක් ද නොවේ. සමේ සැබෑ පෙනුම වෙනස්කර ගැනීමට ගොස් පෙනුම විකෘති කරගැනීම හේතුවෙන් බොහෝ දෙනා විශාල ගැටලු රැසකට මුහුණ පා තිබේ. අධික ඉල්ලුම නිසාත් නොයෙකුත් කූට වෙළඳුන් ප්‍රමිතියකින් තොරව සමට අහිතකර විවිධ රසායනිකයන් අඩංගු නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීම මේ හරහා සිදුවිය හැක. සංවේදී ඉන්ද්‍රියක් වන සම මත මෙවැනි රසායනික ද්‍රව්‍ය ගැල්වීමෙන් විවිධාකාර වූ සංකූලතා ඇතිවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයද සම සුදුවීම සඳහා භාවිත කරන ආලේපවලින් වියහැකි හානිය පිළිබඳවද අනතුරු අඟවා ඇත. මෙම ආලේපන භාවිතයෙන් ඉතා කෙටි කාලයකදී අස්භාවික සුදු පැහැයක් ලැබේ. නමුත් එමඟින් සමට මෙන්ම සමස්ත සිරුරටම අහිතකර ප්‍රතිඵල අත්වේ. මෙවැනි අහිතකර ක්‍රීම්වර්ග භාවිතයෙන් මුල් දිනවලදී මුහුණේ පැහැපත් බවක් දක්නට ලැබුණ ද ටික කලක් භාවිත කිරීමේදී අධික ලෙස කුරුලෑ හටගැනීමක් සිදුවේ. මෙම කුරුලෑ බොහෝ විට සම අභ්‍යන්තරයේ White heads ලෙස ඇතිවේ. මුල් අවස්ථාවේදී සමේ පැහැදිලි බවක් ඇති වුවත් සති කිහිපයකින් ආලේපන නවතා දැමූවිට සම දුර්වර්ණ වීමට පටන් ගනී. මෙය හිරුඑළියට නිවාරණය වීමේදී දුර්වර්ණ වීම වැඩිවේ. සම තුනීවීමක් සිදුවන අතර එමඟින් නිරෝගී සමෙහි සිදුවන ආරක්ෂිත යාන්ත්‍රණය නිසි පරිදි සිදුනොවේ. හිරැඑළියට අධික සංවේදිතාවයක් දක්වයි. (Photosensitivity) දීර්ඝකාලීනව භාවිත කිරීමෙන් සමස්ත ශරීරයටම අහිතකර බලපෑම් ඇතිවේ. හෝමෝන අසමතුලිතතා හේතුවෙන් කම්මුල්, නිකට හා උඩුතොලෙහි රෝම වර්ධනය, ආර්ථවය අක්‍රමවත් වීම, මෙන්ම ඇස් වටා ආලේප කිරීමෙන් ඇස්වල පෙනීමේ දුර්වලතා ද ඇතිවිය හැක. සමහර Fairness Cream වල Eczema, Psorisis වැනි සමේ රෝග සඳහා භාවිතා කරන ආලේපනවල අඩංගු Clobetasol නම් ද්‍රව්‍ය අන්තර්ගතවේ. මෙවැනි ආලේපන මුහුණේ ආලේප කිරීම කිසිසේත්ම සුදුසු නොවේ. මේවා භාවිතයෙන් සමෙහි කැසීම, රතුවීම, බිබිලි මතුවීම වැනි ආසාදිත ලක්ෂණ මතුවේ. ඇතැම් ආලේපනවල අඩංගු Hydroguinones නම් රසායනිකය නිසා සමෙහි මෙලනින් නිෂ්පාදනය කරන සෛල (Melanocyts) හානිවීම තුළින් සමෙහි සුදු පැහැ ලප හටගැනීම සිදුවේ. එසේම ඇතැම්විට රසදිය, ආසනික් වැනි බැර ලෝහ අඩංගු වීම නිසා දීර්ඝකාලීන භාවිතයෙන් සමේ පිළිකා හටගැනීමට ද පුළුවන්. රුව ගැන සැලකිලිමත් වන ඔබ ආලේපන තෝරාගැනීමේදී ප්‍රමිතියකින් යුතු ආලේපන තෝරාගැනීමට බුද්ධිමත් විය යුතුය. නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දින, අඩංගු ද්‍රව්‍ය, නිෂ්පාදන ආයතන, දුරකතන අංක, ගබඩා කළයුතු තත්ත්ව, ආලේපන කළයුතු පිළිවෙළ ආදිය තිබේදැයි අවම වශයෙන් පරීක්ෂා කර ආලේප තෝරා ගැනීමෙන් බොහෝදුරට ප්‍රමිතියකින් තොර ආලේපන වර්ග භාවිතයෙන් මඟහැර ගත හැකිය. රූපලාවන්‍ය සත්කාර ලබාගැනීමට යාමේදී රූපලාවන්‍ය ශිල්පිනිය හෝ ශිල්පියා ඒ සම්බන්ධ සුදුසුකම් ලබා තිබේද, භාවිත කරන මෙවලම්, නිෂ්පාදන ප්‍රමිතියෙන් යුත්තද යන්න පිළිබඳ අවබෝධය ලබාගත යුතුය. මේ සඳහා වෛද්‍ය උපදෙස් අවශ්‍ය වූ විට ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනීම අවශ්‍යය. අතීතයේ සිටම කාන්තාවන් තම රූ සපුව පිළිබඳව වැඩි උනන්දුවක් දක්වා ඇති අතර ඒ සඳහා යොදාගැනුණේ ස්වභාවික පැළෑටි, මල්, එළවළු වැනි දෑය. එකල කාන්තාවන් ගහකොළවලින් ලබාගන්නා ශාක සාර භාවිතා කරමින් රුව නිරෝගී සුන්දරව තබාගන්නට උත්සාහ කර අතර එමඟින් කිසිදු අතුරු ආබාධයක් ඇති නොවීය. මේ වනවිට වෙළෙඳපොළේ ඇති විවිධ රසායනික ආලේපන භාවිතයෙන් සිරුරට වියහැකි අතුරැ ආබාධ බොහෝ දෙනා අත්දකින සත්‍යයක් බැවින් නැවතත් ස්වභාවික ආලේපනවලට නැඹුරුවක් උනන්දුවක් ඇති වී තිබේ. එය යහපත් තත්ත්වයකි. මේ ඇති වී තිබෙන තත්ත්වයන් වළක්වා ගැනීමට ස්වාභාවිකත්වයට නැඹුරැවන ආකාරයේ ආලේපනවලට යොමුවීම සුදුසුය. සුදු පැහැ සමක් යනු සුන්දරත්වය නොවේ. අප සියල්ලන්ටම ආවේණික සුන්දරත්වයක් පවතී. මේ නිසා උනන්දු විය යුත්තේ පැහැපත් සමක් වෙනුවට නිරෝගී සමක් ඇතිකර ගැනීමටය. නිරෝගී සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව, නිරවුල් මනසක් පවත්වා ගැනීම, නිසි පරිදි ව්‍යායාම්වල නිරත වීම, ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම, යහපත් දින චර්යාවක් පවත්වා ගැනීම, මඟින් නිරෝගී බව මෙන්ම ආකර්ෂණීය පෙනුමක් ලබාගත හැක. කුමුදුනී ද සිල්වා ආයුර්වේද වෛද්‍ය සෙත්සුව ආයුර්වේද රෝහල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 May 2018 06:36 PM එළිමහනේ ඉන්න බයයිද? එහෙනම් මේ ලිපිය කියවන්න අපි කාටත් භීතිකා තියනවා. අපි කාටත් භීතීන් තියනවා. භීතියක් නැතිනම් බයක් නැති පුද්ගලයෙක් සොයාගන්න බැහැ. නමුත් මේ සාමාන්‍ය භීතීන් අපේ ජීවිතය අවුල් කරන්නේ නැහැ. ෆෝබියා කියන්නේ සාමාන්‍ය භීතියක් නෙවෙයි. මේක අසාමාන්‍ය ආතතියක්. මේ අසාමාන්‍ය ආතතිය නිසා නම් අපේ ජීවිතය අවුල් වෙනවා. රැකියාව, සමාජ ජීවිතය, පවුල් ජීවිතය මේ ආදී සියල්ලටම මේ දැඩි ආතතිය හානිකර වෙන්න පුළුවන්. මේ ඉහත phobias කොටස් තුනකට බෙදෙනවා. යම් දෙයකට, අවස්ථාවකට අසාමාන්‍ය ලෙස භීතියට පත් වීම (Specific Phobia) සමාජයට ඇති බිය (Social Phobia) පොදු හෝ ප්‍රසිද්ධ ස්ථානයක සිටීමට ඇති බිය (Agoraphobia) පළමුවෙන්ම අපි බලමු Specific Phobia (යම් දෙයකට අසාමාන්‍ය ලෙස බියට පත් වීම.) හූනන්ට ඇති බිය, උස තැන්වලට නැගීමට ඇති බිය, කැරපොත්තන්ට ඇති බිය, වතුරට ඇති බිය, ලේවලට හෝ ලේ දැකීමට ඇති බිය මෙයම උදාහරණයි. ලේ දැකීමට ඇති බිය ගැන පහත කතාවෙන් පැහැදිලි කර ගන්නට හැකියි. ඇගේ නම තරණි. ඇය ඈ පළමු වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. තරණිට තිබූ බය නම් ලේ දුටු පමණින් සිහිය නැති වී ඇද වැටීමයි. මේ හේතුව නිසාම වෛද්‍ය පීඨයේ පළමු සහ දෙවැනි වසරවල ප්‍රායෝගික පුහුණුවීම්වලට නිසි ලෙස සහභාගී වීමට නොහැකි විය. තරණි වෛද්‍ය පීඨයේ පළමු විභාගයෙන් අසමත් විය. පසුව ඇය මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරවලට යොමු වීමෙන් මේ තත්ත්වය දුරැකර ගත හැකි විය. මෙහිදී තරණි සිතුවිලි ප්‍රතිකාරය (Cognitive Therapy) සහ ලේවලට ක්‍රමයෙන් මනස විවෘත කිරීමේ ප්‍රතිකාරය (Exposure Therapy) භාවිතා කිරීමෙන් සාමාන්‍ය තත්ත්වයට පත් විය. හොඳයි.. අපි කතා කරන්න යන්නේ ඇගරොෆෝබියා (Agoraphobia) කියන භීතිය ගැනයි. මේ නම හැදිලා තියෙන්නේ ග්‍රීක් භාෂාවෙන්. මෙහි තේරුම නම් වෙළඳසැලක (Marketplace) සිටීමට ඇති භීතියයි. මේ අසාමාන්‍ය භීතිය සත්‍ය කතාවක් ඇසුරින් තේරුම් ගනිමු. ඔහුගේ නම නිමල්. වයස අවු. 30යි. විවාහ වී වයස අවු. 5ක දරුවකුත් සිටිනවා. ඔහු බැංකුවක ලිපිකරැවෙක් ලෙස සේවය කළා. නිමල්ගේ ගැටලුව ඔහුගේ බිරිඳ මෙහෙම විස්තර කළා. අපි බැඳලා අවු. 8ක් වෙනවා. නිමල්ට මේ තත්ත්වය ඇති වෙලා දැන් අවු. 3යි. ඔහු දැන් ගෙදරින් පිට කිසිම තැනකට යන්න කැමති නෑ. රස්සාවට යන්නෙත් කැමැත්තෙන් නෙවෙයි. මේ බය සමඟ දැන් ඔහුට කලකිරීමකුත් ඇති වෙලා. ජීවිතය වැඩක් නෑ. මැරුණනම් හොඳයි කියලත් ඔහු කියනවා. විශේෂයෙන් යම් තැනකට ගෙදරින් පිටට යනවා නම් මමයි, දරුවයි ඔහු ළඟ ඉන්න ඕන. එතකොට ඔහුගේ බය ටික් අඩුවෙනවා කියලා ඔහු කියනවා. මේ සේරම පටන්ගත්තේ අවු. 3කට පෙර සිදු වූ එක් සිද්ධියකට පසුව. එදා අපි තුන්දෙනාම ළඟ තියෙන මාකට් එකට ගියා. ටිකක් වෙලා යනකොට නිමල්ගේ පෙනුම වෙනස් වුණා. ඇස් දෙක උඩ ගිහින් හුඟක් බය වෙලා වගේ මට පෙනුණා. ඇඟ තෙමෙන්න දාඩිය දාලා. වේගයෙන් හුස්ම ගන්නවා. එක පාරටම සිහිය නැති වුණා වගේ වුණා. අපි ඉක්මනින්ම කොළඹ මහ රෝහලට රැගෙන ගියා. රෝහලේදී ඔහුට එන්නතක් දුන්නා. පැය භාගයක් පමණ යනවිට ඔහුට හොඳට සිහිය ආවා. එදා ඉඳලා ගෙදරින් පිට කිසිම ප්‍රසිද්ධ ස්ථානයකට යන්න මොහු බිය වුණා. මේක මටත් ලොකු පීඩනයක්. නිවසින් බැහැර සියලුම වැඩ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මටම තමයි. අපි නිමල්ගෙන් මේ ගැන තවදුරටත් කරුණු විමසුවා. ඔහු මෙහෙම කීවා. එදා මම මාකට් එක ඇතුළේ ඉන්නකොට මට පුදුම බයක් ඇති වුණා. මම මාකට් එක ඇතුළේ හිර වෙලා වගේ දැනුණා. මේක ඇතුළේ යම් සිද්ධියක් ඇති වුණොත් ඒකෙන් බේරෙන්න මෙතනින් පැනගන්නේ කොහොමද කියලා මට ලොකු බයක් ඇති වුණා. අද වෙනකොට මම මාකට් එකක් දකිනකොටත් බයයි. නිමල් ගොදුරු වී ඇත්තේ Agoraphobia නම් දරැණු භීතිකාවටයි. මෙම භීතිකාව තිබෙන බොහෝ දෙනකුට Panic (ක්ෂණිකව ඇති වන භීතිය) කියන තත්ත්වය ද ඇති වෙනවා. Agoraphobia ප්‍රජාව තුළ 2%ක් පමණ තිබෙන බව සමීක්ෂණවලින් පෙන්නුම් කරනවා. මෙය බොහෝ විට ආරම්භ වන්නේ තරුණ අවධියේ. (අවු. 20 – 30ත්) වැඩිපුර වැලඳෙන්නේ කාන්තාවන්ටයි. කාන්තාවන් දෙදෙනෙක් මේ තත්ත්වයට ගොදුරැ වනවිට පිරිමි එක්කෙනෙක් ගොදුරු වෙනවා. Agoraphobia හඳුනා ගැනීමේ ලක්ෂණ. කණ්ඩායමක් හෝ මිනිසුන් ගැවසෙන තැනක ඉන්න තිබෙන භීතිය (Standing in line or being in a crowd) වසා ඇති තැනක හෝ පාළු තැනක සිටීමට ඇති බිය. (Being in enclosed places) ගෙදරින් පිටවීමට හෝ පිට තැනක සිටීමට ඇති භීතිය. (Being outside of the home alone) විවෘත ස්ථානයක සිටීමට ඇති භීතිය. (Fear of being in a open spaces – market, film hall, bus halt) පොදු ප්‍රවාහන සේවයක ගමන් කිරීමට ඇති බිය. (Fear of being using public transpotation) සියළුම දරුණු ආතතීන් අතරින් Agoraphobia දරුණුම ආතතිය ලෙස සැලකෙනවා. මෙම ආතතියට ගොදුරු වූ සමහර අය සමාජයෙන් කොන් වී ගෙදරටම සීමා වූ ජීවිතයකට වැටෙනවා. මෙම තත්ත්වය රෝගියාට පමණක් නෙවෙයි පවුලේ අයට ද මහත් කරදරයක් සේම බරක් බවට පත් වෙනවා. Agoraphobia ඇති වීමට නිශ්චිතව හේතූන් තවම නිසි ලෙස සොයාගෙන නැහැ. මෙම රෝගය සමඟ බොහෝවිට Panic නැමති තත්ත්වය ද (වේගයෙන් හුස්ම ගැනීම, හෘද වස්තුවේ වේගවත් ස්පන්දනය දැනීම, අධික ලෙස දහඩිය දැමීම, හුස්ම ගැනීමට අපහසු වේ යැයි හෝ හෘදයාබාධයක් වැනි දෙයකින් මරණය පත්වේ යැයි යන භීතිය) ඇති වේ. නමුත් Panic නැමති රෝගය වෙනම අසනීපයකි. එම තත්ත්වය වෙනම ලිපියකින් පසුව සාකච්ඡා කරමු. මෙවැනි රෝගියකු මෝහන ප්‍රතිකාරයෙන් සුවකළ නොහැක. බොහෝ දෙනා නොදැනුවත්කමින් කාලය සහ ධනය දෙකම වැය කරමින් මෙවැනි අසාර්ථක ප්‍රතිකාර පසුපස දිව යති. නිමල්ට සුව වූයේ කෙසේද? රෝගය පිළිබඳ විද්‍යාත්මක දැනුමක් ලබා දීම. මෙය සැබෑ භීතියක් නොවන බවක් සිත තුළ නිර්මාණය වන මායාකාරී සිතුවිල්ලක් බව ඔහුට සහ පවුලට ඒත්තු ගැන්වූ විට. භියට විවෘත කිරීම. (Exposure Therapy) ක්‍රමානුකූලව තමා බියට පත් වන ස්ථානවලට නිමල් ගෙන යාමට ඔහුගේ බිරිඳ දිරිමත් කිරීම. සිහින ලෝකය තුළ ඔහුගේ මනස භීතීන්ට විවෘත කිරීම. (Imaginary Exposure) නිමල්ට මානසික අවපීඩන තත්ත්වයක් ද තිබුණි. මේ භීතීන් සමඟ ජිවිතයෙන් පලා යෑමක් ද සමඟ ඔහුට ජීවිතය ද එපා විය. ඒ සඳහා මනෝ වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ ඖෂධ ප්‍රතිකාර ලබාදීම. නිමල් අද සමාජයට බය නැතුව යන නිරෝගී පුද්ගලයකු බවට පත්ව ඇත. මානසික ගැටලුවලට නිසි මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරවලට යොමු වීමේ වැදගත්කම මින් පැහැදිලි වේ. කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 May 2018 06:37 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 May 2018 06:37 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 May 2018 06:38 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 May 2018 06:38 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 May 2018 06:38 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 121 of 137 << < 119120121122123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner