Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 122 of 137 << < 120121122123124 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 18 May 2018 06:39 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 May 2018 06:39 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 May 2018 06:39 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 May 2018 06:57 PM පිළිකා නසන ඔලිව් තෙල් වසර හත්සීයකටත් පෙර සිටම ඔලිව් ඖෂධයක් වශයෙන් මෙන්ම ආහාරයක් ලෙස ද යොදා ගනු ලැබීය. සිරියාව ඔලිව්වල නිජ බිම ලෙස සැලකේ. ඔලිව් ගෙඩි ද ආහාරයට ගත්තද වැඩි වශයෙන් ඔලිව්වලින් ලබාගන්නා තෙල් ඖෂධ ලෙස යොදා ගැනේ. ඔලිව්වල පවතින ඔලියෝ කැන්ටල් නම් රසායනික සංඝටකය සෞඛ්‍යයට බොහෝ හිතකර වේ. ඔලිව්වල ඒක අසංතෘප්ත මේද අම්ල ප්‍රමාණයක් අඩංගු වේ. බොහෝ විට මේද අම්ල වැඩිම ප්‍රමාණයක් අන්තර්ගතව පවතින තෙල් වන්නේ ද ඔල්ව් තෙල්ය. සිරුර තුළ ඔක්සිකරණය නොවේ. බොහෝ පිළිකා මර්දනය සඳහා සුදුසු ප්‍රතිඔක්සිකාරකයන් වැඩි ප්‍රමාණයක් මෙහි අන්තර්ගත වේ. විශේෂයෙන් පියයුරු පිළිකා සැදීම වැළැක්වීමටත් පියයරැ පිළිකා ඇති වූ විට එය වර්ධනය වීම වැළැක්වීමටත් ඔලිව් තෙල්වල විශේෂ ගුණයක් පවතී. මේ නිසා එවැනි රෝගීන්ට වෛද්‍ය උපදෙස් මත ඔලිව් තෙල් ලබාගත හැක. සමේ ඇතිවන පිළිකාවලට විරුද්ධව සටන් කිරීමේ ප්‍රබල ශක්තියක් ඔලිව් තෙල්වල පවතී, ඔලිව් තෙල් අලේපනයක් ලෙසින් ද භාවිතා කළ හැක. ආහාර මාර්ගයේ පිළිකා, ආමාශයේ කුඩා අන්ත්‍ර හා මහ බඩවැලේ ඇතිවන පිළිකාමය තත්ත්වයන් සඳහා ද ඔලිව් ඉතා ගුණදායක ඖෂධයකි. ඔලිව් තෙල්වල ඇති කැලරි ප්‍රමාණය වැඩි වුවත් මෙය අධික තරබාරුවට ඉතා හොඳ ඖෂධයක් බව බොහෝ රටවල් කරන ලද පරීක්ෂණවලින් ඔප්පු වී ඇත. මෙමඟින් රුධිරයේ අනවශ්‍ය සීනි ප්‍රමාණය ද පාලනය කරයි. ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය ද වැඩි කරයි. කාන්තාවන්ගේ ආර්තවහරණයෙන් පසුව ඇතිවන ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය හෙවත් අස්ථිවල ඝනකම අඩුවීම හේතුවෙන් ඇතිවන අස්ථි දුර්වලවීම්, කැඩී යෑම් නවතාගත හැක. කැල්සියම් වැඩිකර අස්ථි ශක්තිමත් කරලීමට ඔලිව්වල ඇත්තේ ප්‍රබල ශක්තියකි. එමෙන්ම රූමැටොයිඩ් ආතරයිටීස් අඩු කිරීමේ හැකියාවක් ඔලිව් තෙල්වල පවතී. වයසට යාමත් සමඟ ධමනි නිසි ලෙස ක්‍රියා නොකිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වේ. ඔලිව් තෙල් නිසි ලෙස භාවිතා කිරීමෙන් මෙම ධමනි නිසි ලෙස ක්‍රියාකිරීමේ හැකියාව ඇති වන බව පර්යේෂණ පෙන්නුම් කෙරේ. ඔලිව් තෙල් ආහාරවලට එක්කර ගැනීමෙන් මොලයේ රුධිරයේ කැටිගැසීම නවතා අංශභාග රෝගය වළක්වා ගත හැක. මානසික පීඩනය, මානසික අසහනය අඩු කිරීමට ද ඔලිව් ඉතා ග්රණදායක ඖෂධයක් වේ. ඔලිව් තෙල්වල විටමින් ඊ ඇති බැවින් එය හිසට ද ඉතා හිතකර වේ. කෙස් ගැලවී යාම වළකන අතර කෙස් වැඩීමට ද ඉතා හිතකර වේ. වයසට යාමේදී කල්පනා ශක්තිය අඩුවීම වැනි තත්ත්වයන්ට ද ඔලිව් තෙල් ඉතා ගුණදායක වේ. ආහාර මාර්ගයේ වැඩෙන අහිතකර බැක්ටීරියාවල ක්‍රියාකාරීත්වය අඩු කරයි. හෙලිකොබැක්ටො ෆයිට්රයිටිස් නම් බැක්ටීරියාව ගෑස්ට්‍රයිටීස්, අම්ල පිත්ත රෝග සහ තවත් නොයෙකුත් රෝග තත්ත්ව ඇති කරයි. මේ සඳහා ඔලිව් තෙල් භාවිතා කළ යුත්තේ වෛද්‍ය උපදෙස් අනුවය. දියවැඩියාව, අධික තරබාරුව, හෘදයාබාධ, කොෙලස්ටරෝල්, පිළිකා වැනි රෝග තත්ත්වයන් මර්දනය සඳහා ඔලිව් තෙල් ඉතා යෝග්‍ය වන අතර එය භාවිතා කළ යුත්තේ වෛද්‍ය උපදෙස් අනුව නියමිත මාත්රාවටය. මෙය ආහාරයක් ලෙසින් ද ආහාර පිසිද්දී තෙලක් ලෙසින් ද යොදාගත හැක. අධික උෂ්ණත්වයට පත් නොකර භාවිතා කිරීමෙන් නිසි ගුණයක් ලබාගත හැක. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 May 2018 07:11 PM හොඳම දත් බුරුසුවක හැටි කොහොමද? හොඳ දත් බුරුසුවක් තෝරාගන්නේ කොහොමද කියන එක ගැන අද අපේ ගොඩක් දෙනෙකුට අවබෝධයක් නැහැ. හොඳ දත් බුරුසුවක් කියන්නේ දත්වලට, විදුරුමසට හානියක් වෙන්නේ නැතිව දත් මතුපිට, දත් අතර හා විදුරැමස් දාරය මත රැඳෙන බැක්ටීරියා වර්ග සහ ආහාර කැබලි කාර්යක්ෂමව පිරිසුදු කර ඉවත් කළ හැකි එකකට. ඉතින් අපි තෝරා ගන්නා දත් බුරුසුවක මේ සඳහා පැවතිය යුතු මූලික ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා. දත් බුරුසුවක් තෝරාගැනීමේදී සැලකිය යුතු කරුණු දත් බුරුසුවක හැඩය, හිසෙහි ප්‍රමාණය, කෙඳිවල ස්වභාවය, මිටේ දිග හා එහි හැඩය, කෙඳි හා මිට නිෂ්පාදනය කර ඇති ද්‍රව්‍යය, තිබිය යුතු කෙඳි පොකුරැ ගණන හා කෙඳි සංඛ්‍යාව ගැන විශේෂයෙන් සැළකිලිමත් වෙලා තමයි දත් බුරුසුවක් තෝරාගන්නට ඕන. කටට, වයසට ගැලපෙන දත් බුරුසුවක් වයසට වගේම කටට ගැලපෙන දත් බුරුසුවක් මිලදී ගැනීම වැදගත් වෙනවා. කුඩා දරුවන්ට කුඩා හිසක් ඇති කුඩා දත් බුරුසුවක් ප්‍රමාණවත් වන අතර ළදරුවන්ට ඇඟිල්ලට දමා මැදිය හැකි දත් බුරුසුවක් හොඳින් ගැලපෙනවා. කුඩා දරුවන්ට වැඩිහිටියන් භාවිත කරන දත් බුරුසුවක් භාවිත කිරීමට ඉඩ දීමෙන් සිදුවන්නේ දත් නිසි ලෙස පිරිසුදු නොවීමත්, ඇතැම් විටක මුඛයේ මෘදු පටකවලට හානි සිදුවීමත්ය. රවුම් කුඩා ඔළුවක් ඇති දත් බුරුසු දත් බුරුසුවක හිස කොටස කුඩා වෙන එක වැදගත් වන්නේ දත්වල සෑම පැත්තක්ම පහසුවෙන් මැද ගන්න හැකියාව ලැබෙන නිසා. දත්වල ඇතුළු පැත්ත, හණුව කෙළවරේ ඇති දත්වල පිටුපස, ඇද වුණු දත් හා විකලාංග දන්ත ප්‍රතිකාර කිරීමේදී සවිකරනු ලබන කම්බි කොටස් අතරින් දත් පිරිසුදු කිරීමේදී දත් බුරැසුවේ කුඩා හිස වැදගත් මෙහෙයක් ඉටු කරනවා. සාමාන්‍යයෙන් වැඩිහිටියකුට දත් බුරුසුවේ කෙඳි සවි කළ හිස කොටසේ දිග සෙ.මී. 2.5 ක් පමණ වීමත් සහ හිස කොටසේ පළල සෙ.මි. 1 ක් පමණ වීමත් ප්‍රමාණවත්. කුඩා දරුවකුට නම් දත් බුරැසුවේ කෙඳි සවි කළ හිස කොටසේ දිග සෙ.මී. 2 ක් පමණ වීමත් සහ හිස කොටසේ පළල සෙ.මී. 1 ක් පමණ වීමත් ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම දත් බුරුසුවේ හිසේ කෙළවර රවුම් වී තිබීම අවශ්‍ය වන්නේ මුඛයට හානි සිදුවීම වළක්වා ගැනීමටයි. බුරුසුවේ ඇති කෙඳි විවිධ ආකාරයේ කෙඳිවලින් හදපු දත් බුරුසු වෙළෙඳපොළේ තියෙනවා. මේවා අතරින් වෛද්‍යවරැන් නිර්දේශ කරන්නේ මෘදු කෙඳි සහිත දත් බුරුසුවක් තෝරා ගැනීමටයි. වැඩිහිටියන් සඳහා සුදුසු දත් බුරුසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 20 ක් පමණත්, ළමයින් සඳහා සුදුසු දත් බුරුසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 18 ක් පමණත්, ළදරුවන් සඳහා සුදුසු දත් බුරැසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 10 ක් පමණ ද තිබීම ප්‍රමාණවත් වෙනවා. දත් බුරුසුවේ මිට දත් බුරුසුවේ මිට නිපදවා ඇති ප්ලාස්ටික්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සරල පරීක්ෂණයක් නිවසේදී ඔබට කරන්නට පුළුවන්. සෙල්සියස් අංශක 63 සිට 67 දක්වා රත් කළ ජලයෙහි ගිල්වා තැබූ විට දත් බුරුසුවේ මිට මෘදු වී නැමී යන්නේ නැත්නම් නම් ඔබ මිලදී ගෙන ඇති දත් බුරුසුවේ ප්ලාස්ටික්වල ප්‍රමිතිය හොඳයි. එසේම දත් බුරැසුව දවටනය කර ඇති පොලිතීන් හෝ ප්ලාස්ටික් ආවරණය පළුදු නොවී ඇත්දැයි කියාත් බැලිය යුතුයි. Dental news ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 May 2018 07:17 PM හොඳම දත් බුරුසුවක හැටි කොහොමද? හොඳ දත් බුරුසුවක් තෝරාගන්නේ කොහොමද කියන එක ගැන අද අපේ ගොඩක් දෙනෙකුට අවබෝධයක් නැහැ. හොඳ දත් බුරුසුවක් කියන්නේ දත්වලට, විදුරුමසට හානියක් වෙන්නේ නැතිව දත් මතුපිට, දත් අතර හා විදුරැමස් දාරය මත රැඳෙන බැක්ටීරියා වර්ග සහ ආහාර කැබලි කාර්යක්ෂමව පිරිසුදු කර ඉවත් කළ හැකි එකකට. ඉතින් අපි තෝරා ගන්නා දත් බුරුසුවක මේ සඳහා පැවතිය යුතු මූලික ලක්ෂණ කිහිපයක්ම තිබෙනවා. දත් බුරුසුවක් තෝරාගැනීමේදී සැලකිය යුතු කරුණු දත් බුරුසුවක හැඩය, හිසෙහි ප්‍රමාණය, කෙඳිවල ස්වභාවය, මිටේ දිග හා එහි හැඩය, කෙඳි හා මිට නිෂ්පාදනය කර ඇති ද්‍රව්‍යය, තිබිය යුතු කෙඳි පොකුරැ ගණන හා කෙඳි සංඛ්‍යාව ගැන විශේෂයෙන් සැළකිලිමත් වෙලා තමයි දත් බුරුසුවක් තෝරාගන්නට ඕන. කටට, වයසට ගැලපෙන දත් බුරුසුවක් වයසට වගේම කටට ගැලපෙන දත් බුරුසුවක් මිලදී ගැනීම වැදගත් වෙනවා. කුඩා දරුවන්ට කුඩා හිසක් ඇති කුඩා දත් බුරුසුවක් ප්‍රමාණවත් වන අතර ළදරුවන්ට ඇඟිල්ලට දමා මැදිය හැකි දත් බුරුසුවක් හොඳින් ගැලපෙනවා. කුඩා දරුවන්ට වැඩිහිටියන් භාවිත කරන දත් බුරුසුවක් භාවිත කිරීමට ඉඩ දීමෙන් සිදුවන්නේ දත් නිසි ලෙස පිරිසුදු නොවීමත්, ඇතැම් විටක මුඛයේ මෘදු පටකවලට හානි සිදුවීමත්ය. රවුම් කුඩා ඔළුවක් ඇති දත් බුරුසු දත් බුරුසුවක හිස කොටස කුඩා වෙන එක වැදගත් වන්නේ දත්වල සෑම පැත්තක්ම පහසුවෙන් මැද ගන්න හැකියාව ලැබෙන නිසා. දත්වල ඇතුළු පැත්ත, හණුව කෙළවරේ ඇති දත්වල පිටුපස, ඇද වුණු දත් හා විකලාංග දන්ත ප්‍රතිකාර කිරීමේදී සවිකරනු ලබන කම්බි කොටස් අතරින් දත් පිරිසුදු කිරීමේදී දත් බුරැසුවේ කුඩා හිස වැදගත් මෙහෙයක් ඉටු කරනවා. සාමාන්‍යයෙන් වැඩිහිටියකුට දත් බුරුසුවේ කෙඳි සවි කළ හිස කොටසේ දිග සෙ.මී. 2.5 ක් පමණ වීමත් සහ හිස කොටසේ පළල සෙ.මි. 1 ක් පමණ වීමත් ප්‍රමාණවත්. කුඩා දරුවකුට නම් දත් බුරැසුවේ කෙඳි සවි කළ හිස කොටසේ දිග සෙ.මී. 2 ක් පමණ වීමත් සහ හිස කොටසේ පළල සෙ.මී. 1 ක් පමණ වීමත් ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම දත් බුරුසුවේ හිසේ කෙළවර රවුම් වී තිබීම අවශ්‍ය වන්නේ මුඛයට හානි සිදුවීම වළක්වා ගැනීමටයි. බුරුසුවේ ඇති කෙඳි විවිධ ආකාරයේ කෙඳිවලින් හදපු දත් බුරුසු වෙළෙඳපොළේ තියෙනවා. මේවා අතරින් වෛද්‍යවරැන් නිර්දේශ කරන්නේ මෘදු කෙඳි සහිත දත් බුරුසුවක් තෝරා ගැනීමටයි. වැඩිහිටියන් සඳහා සුදුසු දත් බුරුසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 20 ක් පමණත්, ළමයින් සඳහා සුදුසු දත් බුරුසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 18 ක් පමණත්, ළදරුවන් සඳහා සුදුසු දත් බුරැසුවක අවම වශයෙන් කෙඳි පොකුරු 10 ක් පමණ ද තිබීම ප්‍රමාණවත් වෙනවා. දත් බුරුසුවේ මිට දත් බුරුසුවේ මිට නිපදවා ඇති ප්ලාස්ටික්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සරල පරීක්ෂණයක් නිවසේදී ඔබට කරන්නට පුළුවන්. සෙල්සියස් අංශක 63 සිට 67 දක්වා රත් කළ ජලයෙහි ගිල්වා තැබූ විට දත් බුරුසුවේ මිට මෘදු වී නැමී යන්නේ නැත්නම් නම් ඔබ මිලදී ගෙන ඇති දත් බුරුසුවේ ප්ලාස්ටික්වල ප්‍රමිතිය හොඳයි. එසේම දත් බුරැසුව දවටනය කර ඇති පොලිතීන් හෝ ප්ලාස්ටික් ආවරණය පළුදු නොවී ඇත්දැයි කියාත් බැලිය යුතුයි. Dental news ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 May 2018 07:34 PM රටවටේ පැතිරෙන ලේ වතුර කරන ලෙඩේ මෙම රෝගී තත්ත්වය පිළිබඳව සලකා බලනවිට ලංකාව පුරා වසරකට තැලසීමියා රෝගීන් වූ දරුවන් 80ක් පමණ උපදින බව ඔබ දන්නවාද? ඒ අනුව ලංකාව පුරා රෝගීන් 2000ක් පමණ වාර්තා වෙනවා. එසේම ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 2.4%ක්ම තැලසීමියා වාහකයන් වනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ තොරතුරු වලට අනුව මෙම රෝගය කුරුණෑගල, නුවර, පුත්තලම, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, මාතලේ, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක අටක වැඩි වශයෙන් ව්‍යාප්තියක් පෙන්වනවා. ඒ අතරිනුත් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළයි. මෙම එක් තැලසීමියා රෝගියෙක් සඳහා ප්‍රතිකාර කිරීමට වසරකට ලක්ෂ 2-4 පමණ වියදම් වෙනවා. සෞඛ්‍ය සඳහා යන සමස්ත වියදමින් 7% ක් වැයවන්නේ මෙම තැලසීමියා රෝගීන් සඳහායි. තැලසීමියාව වැටෙන්නේ බෝ නොවන රෝග කියන කොටසට. ඒ කියන්නේ කෙනෙකුගෙන් තව කෙනෙක්ට බෝ වෙන්නේ නෑ. මේක වැළඳෙන්නේ උපතින්. මෙය රුධිරය ආශ්රිත රෝගයක්. ඇතිවෙන්නේ දෙමව්පියන්ගේ ජාන හරහා. තැලසීමියා රෝගීන් වැඩිපුර වාර්තා වෙන්නේ කුරුණෑගල, නුවර, බදුල්ල, අනුරාධපුර දිස්ත්‍රික්කවල. එතනිනුත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන රෝගීන් ප්‍රමාණය සාපේක්ෂව ඉහළයි. තැලසීමියාවේදී වෙන්නේ රුධිරයේ තිබෙන රතු රැධිරාණු බිඳී විනාශ වී යාමක්. රතු රුධිරානු රතු පාටක් ගන්නේ ලේවල තියෙන හිමොග්ලොබින් නිසා. හිමොග්ලොබින්වල ග්ලෝබින් කියන ප්‍රෝටීන් එක නිපදවීම අඩාල වෙලා තමයි රතු රුධිරානුවල බිඳීම සිද්ධ වෙන්නේ. ප්‍රෝටීන දාමවල වෙනස්කම් නිසා කාර්යක්ෂමතාවෙන් අඩු රතු රුධිරාණු මෙම රෝගීන්ගේ රැධිරයේ ඇති වේ. මේක ජානවලින් ඇති වෙන රෝගී තත්ත්වයක්. අපේ පැරුන්නෝ “ලේ වතුර වෙනවා” කියලා කිව්වෙත් මේ තැලසීමියාවටම තමයි. තැලසීමියාවෙත් කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි දුබල තැලසීමියාව හා ප්‍රබල තැලසීමියාව. අපි තැලසීමියා රෝගීන් කියලා අඳුනගන්නේ මේ ප්‍රබල තැලසීමියාව තියෙන අය. දුබල තැලසීමියාව තියෙන අය එහෙම අඳුනා ගන්න බෑ. එයාලත් මේ සමාජයේ අපි වගේම එදිනෙදා වැඩ කටයුතු කරගෙන අපි වගේම සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවෙක් බිහිවෙන්න එකම හේතුව තමා තැලසීමියා රෝග වාහකයන් දෙදෙනෙකු අතර ඇතිවෙන විවාහය. තැලසීමියාව බෝ නොවන රෝගයක්. එතකොට තැලසීමියාව දරුවට සම්ප්‍රේෂණය වෙන්නේ මවගෙයි, පියාගෙයි ජානවලින්. බොහෝ දෙනාට තිබෙන ප්‍රශ්නයක් තමයි දරුවාගේ මවට හරි පියාට හරි මේ ලෙඩේ තියෙනවා නම් එයාලා මැරෙන්නේ නැද්ද කියලා. ඔවුන් රෝග වාහකයෝ. ඔවුන් කරන්නේ ලෙඩේ ඊළඟ පරපුරට දෙන එක. එහෙම වෙන්නේ මෙහෙමයි. මිනිසා නිර්මාණය වෙන්නේ ප්රමුඛ ජානයි නිලීන ජානයි කියන දෙකේ සංයෝගයකින්. තැලසීමියා රෝග වාහකයා වෙන්නේ නිලීන ජාන. මේ රෝග වාහක අම්මා කෙනෙකුගෙයි හරි තාත්තා කෙනෙකුගෙයි එකතුවෙන් හැදෙන්නේ රෝගී දරුවෙක්. එතකොට අම්ම හරි තාත්තා හරි දෙන්නගෙන් එක්කෙනෙක් රෝග වාහකයෙක් කියන්නේ ඒ දෙන්නගෙන් එක්කෙනක් හොඳයි අනිත් කෙනා නරකයි. එතකොට උපදින දරුවා රෝග වාහකයෙක් මිසක් රෝගියෙක් නෙවෙයි. ඒ නිසා කොයි කවුරුත් බඳින්න කලින් රුධිර පරීක්ෂාවක් කරගත්තොත් හොඳයි. ඕනෑම රජයේ රෝහලකින් මේ පරීක්ෂණය කරගන්න පුළුවන්. සතියක් වගේ කාලයක් ඇතුළත ප්‍රතිඵල ලබා දෙනවා. තැලසීමියා රෝග ලක්ෂණ ඇස් කහපාට වීම, රතු රුධිරානු විනාශ වීම නිසා සුදුමැලි වීම, වර්ධනය බාල වීම, ප්ලීහාව හා අක්මාව ඉදිමීම නිසා උදරය ඉදිරියට නෙරා ඒම, පහසුවෙන් රෝගවලට ගොදුරු වීම, ඇට මිදුලු ප්‍රසාරණය වීම නිසා අස්ථි කැඩීමකට භාජනය වීම. මෙම රෝගය සෑදුණු ළදරුවකු සාමාන්‍ය ළමයකු වශයෙන් මෙලොවට ජනිත වේ. බාහිර ලක්ෂණ කිසිවක් මුලදී පෙන්නුම් නො කරයි. මාස 03 සිට 06 දක්වා කාලය තුළ ළමයා ක්‍රමයෙන් සුදුමැලිවීම, ක්‍රියාකාරිත්වය අඩුවීම, ඇස් කහපාට වීම සහ ප්ලීහාව ඉදිමීම ඇති වේ. මෙම රෝගය තදින් වැළඳී ඇති ළමයකුට සාමාන්‍යයෙන් මාස 06 පමණ වනවිට අනිවාර්යයෙන්ම රුධිර පාරවිලනයක් නොමැතිව ජීවත්වීමට නොහැකියි. එසේ නොකළහොත් රක්තහීනතාව නිසා ජීවිතක්ෂයට පත් වේ. ක්‍රමයෙන් මොවුන්ගේ නළල ඉදිරියට නෙරා ඒමත් මුහුණෙහි ඇතිවන වෙනස්කමත් නිසාත් සියලුම රෝගීන් එක සමාන මුහුණුවරක් පෙන්නුම් කරයි. ඇටමිදුළු වර්ධනය බාල වීමත් ඇටකටු දුර්වලවීමත් නිසා සාමාන්‍යයෙන් උසින් අඩුවේ. පසුකාලයේදී දියවැඩියාව, හෘද රෝග වැනි ආකූලතා නිසා ජීවත්වීමේ කාලය ඉතා කෙටි බවට පත්වේ. ජීවිත කාලය පුරාවටම පවතින රෝගී තත්ත්වයක් වන තැලසීමියාව සඳහා නොකඩවා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වෙනවා. එහිදී රුධිර පාරවිලනය ප්‍රධාන වෙනවා. රෝගියාට අනුව හා අවශ්‍යතාවයට අනුව මෙම රුධිර පාරවිලනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. එසේම යකඩ ඉවත් කිරීමේ ප්‍රතිකාරයද වැදගත් වෙනවා. රෝගීන්ගේ ජීවිතය රඳා පවතින්නේ මෙය මතයි. මෙයට ස්ථිර ප්‍රතිකාරය වන්නේ රෝගයෙන් නොපෙළෙන ඉතා කිට්ටු ලේ සබඳතා ඇති සහෝදරයකු හෝ සහෝදරයකුගෙන් ලබාගන්නා ඇටමිදුළු බද්ධ කිරීමයි. මෙම ශල්‍යකර්මය සඳහා අධික වශයෙන් මුදල් වියදම් වෙන අතර මේ සඳහා ලංකාවේද පහසුකම් ඇත. අනෙක් ප්‍රතිකාරය වන්නේ මාසිකව රුධිර පාරවිලයනය කරවීමයි. මෙම රුධිර පාරවිලයනය නිසා ශරීරයේ යකඩ පදාර්ථය තැන්පත් වේ. සෑම රුධිර මිලිලීටර් 500 කට යකඩ මිලිග්‍රෑම් 200 ක් ශරීරගත වේ. මෙම යකඩ අග්න්‍යාශයේ තැන්පත්වීම නිසා දියවැඩියාවද හෘදයේ තැන්පත්වීම නිසා හෘදයාබාධ ද හමෙහි තැන්පත් වීම නිසා හම කළුවීම යන අතුරු ආබාධ ඇති වේ. මෙම අතුරැ ආබාධවලින් රෝගියා බේරාගැනීම සඳහා ඖෂධයක් ශරීර ගත කළ යුතුය. එය ශරීර ගත කළ යුත්තේ ඉතා සෙමිනි. මේ සඳහා දිනකට පැය 12 ක කාලයක් ගත වේ. මේ ඖෂධය ශරීර ගත කිරීමට විශේෂිත උපකරණයක් ඇත. මෙම රෝගීන්ට නිරෝගී පුද්ගලයෙකු මෙන් සාමාන්‍ය ආහාර වේලක් ගැනීමට හැකියි. එහිදී යකඩ අවශෝෂණය අඩුකරන හා අස්ථි වර්ධනයට වැදගත්වන ආහාර ගැනීමට ද වගබලාගත යුතු වෙනවා. ප්‍රතිකාර සමඟ මොවුන්ටද එදිනෙදා වැඩපල වල, ගමන් බිමන් වලද නිරතවීම මෙන්ම සුදුසු ක්‍රීඩාවන් වල නිරතවීමට හැකියි. තැලසීමියාව යනු ඇතිවීම වළක්වා ගත හැකි රෝගී තත්ත්වයක් ආයු කාලය තැලසීමියා රෝගයට ගොදුරු වූ දරුවන්ගේ ජීවත්වීමේ කාලය එම ඖෂධය ශරීර ගත කිරීම මත තීරණය වේ. එනම් (රුධිර පාරවිලයනය 10 කට පසුව) මෙම ඖෂධ ශරීර ගත කළහොත් ආයු කාලය වසර 40 වඩා දීර්ඝ කළ හැකිය. රුධිර පාරවිලයනය පමණක් ලබන රෝගියකු අවුරුදු 8 - 10 ක් පමණ වනවිට ජීවිතක්ෂයට පත් වේ. නියම අයුරින් ප්‍රතිකාර ලබන ළමයකුට සාමාන්‍ය ළමයකු මෙන් ජීවත්වීමට වාසනාව ඇත. රෝගය වළක්වා ගත හැකි ක්‍රම දුර්වල ජාන දෙකක් ඇති දෙදෙනකු විවාහවීම නිසා ඔවුන්ගෙන් උපදින දරුවන් තැලසීමියා රෝගයට ගොදුරු වේ. දුර්වල ජාන එකක් අති මව සහ පියා රෝග ලක්ෂණ නොපෙන්වීම මෙහි ඇති ප්‍රධාන ගැටලුවයි. මෙය වැළැක්වීමට නම් කළ යුතුව ඇත්තේ විවාහයට පෙර තැලසීමියා පරීක්ෂාව සිදු කිරීමයි. නෑනා මස්සිනා අතර වෙන විවාහවීම්වලදී මේ තත්ත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. අලුත්ම ප්‍රතිකාරය මේ වෙනකොට මේ ලෙඩේ හොඳ කරන්න ක්‍රමයක් හොයාගෙන තියෙනවා. ඒ තමයි ස්ටෙම් රුධිර සෛල (Stem Cell) බද්ධය. මේ සෛල ලබාගන්නේ දරු ප්‍රසූතියේදී ඉවත් කරන වැදෑමහෙන්. අද වෙනකොට ලෝකයේ බොහෝ රටවල් මේ ක්‍රමය අනුගමනය කරනවා. දරු ප්‍රසූතියේදී ඉවත් කරන වැදෑමහ සංරක්ෂණය කරනවා දරුවට මේ වගේ ලෙඩක් හැදුණොත් ප්‍රයෝජනයට ගන්න .මේ ස්ටෙම් සෛල බද්ධයෙන් තැලසීමියාව විතරක් නෙවෙයි ලේ පිළිකා පවා නිට්ටාවටම සුව කරන්න පුළුවන් කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. ඒත් මේ ප්‍රතිකාර ක්‍රමය සඳහා ස්ටෙම් සෛල රැධිර බැංකුවක් වගේම වෛද්‍ය මධ්‍යස්ථානයකුත් පිහිටුවන්න ඕනි. අපේ රටේ මේ ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ නෑ දරන්න වන අති විශාල වියදම නිසා. ඉතින් ඒ නිසා අපේ රටේ කරන්නේ තැලසීමියාව වැළඳුණ කුඩා දරුවන්ගේ ජීවන අපේක්ෂාව ටිකක් වැඩි කරන්න විටින් විට රැධිර පාරවිලයනය කරන එක. ඒ කියන්නේ ලේ දෙන එක. එහෙම කලාම ලේ වල තියෙන යකඩ අක්මාව, ප්ලිහාව වගේ ඉන්ද්‍රියන් වල තැන්පත් වෙලා ඒවා අක්‍රිය වෙනවා. ඉතින් ඒක වළක්වා ගන්න වෙනම ප්‍රතිකාර කරන්න ඕනි. මේ ක්රමයටත් විශාල වියදමක් දරන්න රජයට සිද්ධ වෙනවා. ඒ වගේම මේ ලෙඩේ වැඩිපුර පැතිරිලා තියෙන දිස්ත්‍රික්ක වල විශේෂයෙන් වයඹ පළාතේ මේ ගැන දැනුවත් කරන්න ජාතික තැලසීමියා මධ්‍යස්ථානයෙන් විශාල වෙහෙසක් වගේම වියදමක් දරනවා. ඒත් කණගාටුදායක කාරණය තමයි මධ්‍යස්ථානය භාරව ඉන්න ප්‍රධාන වෛද්‍ය නිලධාරිතුමා කියන විදිහට කොච්චර දැනුවත් කිරීම් කළත් රෝගීන්ගේ ප්‍රතිශතය තාම අඩුවෙලා නෑ කියන එක. ඒ නිසා විවාහ අපේක්ෂාවෙන් සිටින ඔබ විවාහයට ප්‍රථම ළඟම ඇති රජයේ රෝහලෙන් නොමිලේම මෙම රැධිර පරීක්ෂාවක් කර ගැනීම ඉතාම වැදගත්. වෛද්‍ය චින්තක රාජපක්ෂ කුලියාපිටිය මූලික රෝහල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 1 JaaniBasic MemberPosts:285 19 May 2018 12:10 AM බොහොම වැදගත් වටිනා ලිපියක් කියවන්නට අවස්ථාව සකසා දුන් ඔබට බොහොම තුති 0 ImalkaVeteran MemberPosts:4533 19 May 2018 05:24 AM විවාහයට පෙර රුධිර පරීක්ෂාවක් සිදුකරගැනීම ඉතා යහපත් බව අමතක කරන්න නරකයි. 0 isurusamSuper Senior MemberPosts:7342 19 May 2018 06:01 AM ඉතාමත් වැදගත් ලිපියක් ....ස්තුතියි ලිපියට . 0 chamaramindMost Senior MemberPosts:13471 19 May 2018 08:16 PM ෆයිබ්‍රොයිඩ් සඳහා ගුණදායක එළවළු පළා මැදිවියේ කාන්තාවන් බහුල වශයෙන් පෙළෙන්නාවූ ෆයිබ්‍රොයිඩ් තත්ත්වය සමහරුනට අපහසුතා ගෙනදෙන අතර සමහරුනට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. බොහෝ විට මේ තත්ත්වයට ප්‍රතිකාර ලෙස වෛද්‍යවරු ශල්‍යකර්ම නිර්දේශ කරති. එනමුත් අපහසුතාවලින් තොරව පවතින ෆයිබ්‍රොයිඩ් තත්ත්වයන්හිදී සිදු කරනුයේ වරින්වර වෛද්‍ය පරීක්ෂණ මගින් ගෙඩියෙහි වර්ධනය පිළිබඳ සොයා බැලීමයි. මෙබඳු අවස්ථාවලදී මෙම වර්ධනය පාලනය කිරීම හෝ ගුණදායක ආහාර පානාදිය පිළිබඳ අවබෝධයෙන් පසුවීම සැමටම ප්‍රයෝජනවත් කරුණකි. ආයුර්වේද ක්‍රමය තුළ ප්‍රතිකාර කරන සෑම රෝග තත්ත්වයක් සඳහාම නියමිත වූ ආහාර පාන පිළිබඳ උපදෙස් මාලාවක් පවතී. මෙම උපදෙස් ආයුර්වේද මූලධර්මවලට අනුකූලව හා ආයුර්වේදයේ පොත පත ඇසුරින් සපයාගත් කරුණු අනුව ගොඩනැඟී පවතී. ගර්භාෂගත අර්බුද හෙවත් ෆයිබ්‍රොයිඩ් තත්ත්වය සඳහා ද මෙම පදනමින් සැකසී ගුණදායක ආහාරපාන පවතී. ඒවායින් සමහරක් කරුණු දැනට සිදුකර ඇති විද්‍යාත්මක පරීක්ෂණ වලින් ද ඔප්පු කර ඇති වීම විශේෂත්වයක් වේ. ෆයිබ්‍රොයිඩ් තත්ත්වය සඳහා පාහින ලද පිටි වර්ග හෝ කුරුට්ට ඉවත් කළ ඇට වර්ග භාවිතය නුසුදුසුය. ශරීරයේ ධාතු පෝෂණය අනවශ්‍ය පරිදි සිදු නොකරනු ලබන ධාන්‍ය හා ඇට වර්ග භාවිතය නිතිපතා සිදු කිරීම මෙම තත්ත්වය පාලනය සඳහා මැනවින් උදවු වේ. කුරුට්ට සහිතව පිළියෙල කළ රතු කැකුළු සහල් හෝ තම්බාපු සහල් භාවිතයට ගත යුතුය. එමෙන්ම කුරුලුතුඩ, මඩතවාළු වැනි කුඩා ප්‍රමාණයකින් වැඩි පෝෂණයක් ලබාදෙන පැරැණි දේශීය සහල් වර්ගවලින් පිළියෙල කළ බත්, කැඳ වර්ග මෙන්ම එම පිටිවලින් සැකසූ ආහාර පරිභෝජනයට හුරුවීම ද මෙම රෝග තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන්ට ගුණදායකය. උදැසන ආහාරය වැනි ප්‍රධාන ආහාර වේල් සඳහා ද මුං ඇට, කළු කවුපි, කොල්ලු වැනි ඇට වර්ග වලින් සෑදු ආහාරයන් ඉතා වැදගත් වේ. එමෙන්ම කුරක්කන්, ආටාපිටි, උඳුපිටි ආදියෙන් සැකසූ ආහාරයක් නිතිපතා පරිභෝජනයට ගැනීම මෙහිදී ඉතා වැදගත් කරුණකි. පාන්පිටි, පාහින ලද සහල්, උදා: සම්බා, නාඩු, බාස්මතී, ආදියෙන් හැකිතාක් වැළකී සිටීම රෝග තත්ත්වය අඩු කිරීමට හෙවත් ෆයිබ්‍රොයිඩ් ගෙඩිවල වර්ධනය පාලනය කිරීමට වඩා හොඳ පිටිවහලකි.. ෆයිබ්‍රොයිඩ් යනු ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව ශරීරයේ ධාතු කොටස්වල එක්රැස්වීම, අනවශ්‍ය පෝෂණය වීම මත හටගන්නා තත්ත්වයකි. එසේ නම් රෝග තත්ත්වය පාලනය සඳහා ධාතු පෝෂණය අනවශ්‍ය ලෙස සිදු කරන සුදු පිටි හා සීනි ආහාර වලින් හැකිතාක් ඉවත් විය යුතු වේ. ලබන සතියට ආයුර්වේදයේ බලයෙන් සුදු කබර සුවපත් කරන හැටි ප්රශ්නය - පසුගිය මාස දෙකහමාරක පමණ කාලය තුළ පොතු කබර සහ සුදු කබර යන චර්ම රෝග ගැන අප ඔබ සමඟ සාකච්ඡා කළ ලිපි මාලාවක අවසන් ලිපියයි මේ. අද අප ඔබෙන් බලාපොරොත්තු වන්නේ සුදු කබර රෝගියකු සුව කිරීම පිළිබඳ සිද්ධි අධ්‍යයනයක් හෙවත් Case Study එකක්.... වෛද්‍ය හපුගස්පිටිය - මෙයට දෙමසකට පමණ පෙර මා වෙත පැමිණි රෝගයකු ගැන කියන්නම්. ඔහුගේ වයස අවුරුදු 40 යි. ඔහු පොහොර ගබඩාවක වැඩ කළ සේවකයෙක්. මා වෙත එන විට ඔහු අවුරුදු 10 ක් පමණ එම ගබඩාවේ වැඩ කර තිබුණා. ඔහු ප්‍රතිකාර සඳහා මා වෙත එන විට සුදු කබර රෝගය ශරීරයේ විශාල කොටසක් ආක්‍රමණය කර තිබුණා. ඔහුගේ මුඛය වටේත්, මුහුණේත් කන් දෙපසත් ඇස් වටත් අත්වලත් සුදු කබර පැල්ලම් තිබුණා. මා පරීක්ෂා කර බලන විට ඒවා තවදුරටත් පැතිරෙන ලකුණු තිබුණා. ඒවා කොතරම් වේගයෙන් පැතිරී ගිහින් තිබුණාද කියනවා නම් තව අවුරුද්දක කාලයක් ඔහුගේ මුළු ශරීරයම සුදු කබර වලින් වැසී යැමේ තර්ජනයක් මතු වී තිබුණා. ප්රශ්නය - ඔහුට මෙය වැළඳී තිබුණේ කොහොමද? වෛද්‍ය හපුආරච්චි - ඔහු සේවය කළ පොහොර ගබඩාවේ රසායනික පොහොරවලින් තමයි, රෝගය හටගත්තේ. ඒ රසායනිකවල සැර ඔහුගේ හම ඔස්සේ ශරීරයට ඇතුළු වී රුධිරය සමඟ මිශ්‍ර වෙලා තිබුණා. ඔබ දන්නවා මේ රෝගය රුධිරය මූලික කරගත් කර්මාන්විත රෝගයක්. අපට පුළුවන් බෙහෙත් කරන්න. ඒ අතර රෝගියා යහපත් සහ පින්වත් ජීවන මාර්ගයකට අවතීර්ණ වෙලා රෝගය කෙරෙහි තිබෙන කර්මයේ බලපෑම අවම කර ගත යුතුයි. මෙහිදී ඔහු තමන් අදහන ආගමට අනුව පින් දහම් කරනවා නම් මස් මාංශවලින් වැළකෙනවා නම් යහපත් සිතුවිලි සිතට ඇතුළු කරගන්නවා නම්, මදුරුවකු හෝ නොමරනවා නම් එය ඔහුගේ රෝගය සුව කර ගැනීමේදී සියලු පාර්ශ්වවලට සහනයක්. ඔහු මා වෙත පැමිණි විට මා ඔහුට අපේ පාරම්පරික ඖෂධ දුන්නා. ඉන් පසු එළඹි පළමුවන සතියේදීම ඔහුගේ කබර පැල්ලම් මත ඉතා කුඩා තිත් වශයෙන් මෙලනින් හැදෙන්නට පටන් ගත්තා. මේ වන විට ඔහුගේ මුඛය, කන්, ඇස් යට තිබූ පැල්ලම් වලින් 75% ක් විතර ප්‍රදේශ මෙලනින් වලින් ආවරණය වී සාමාන්‍ය සමේ පැහැයට ඇවිත් තිබෙනවා. දැන් 50% ක් සනීපයි. තව මාසයකින් ඔහුගේ පැල්ලම් සියල්ල සුවපත් වීමට නියමිතයි. ගුද පරිකර්තිකාව මාස 6 කට වඩා තිබීම සුදුසු නැහැ ප්රශ්නය - ගුද පරිකර්තිකාව හෙවත් Anal fissure කියන රෝගයේ ස්වභාවය ගැන මේ වනවිට අපේ පාඨකයන් දැනුවත්ව සිටිනවා. මේ රෝගය හට ගැනීමට මූලික හේතු පහුගිය සතිවල අප සාකච්ඡා කළා. අද අප එම විෂය වඩාත් ගැඹුරින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ. ළදරු වියේදී, ඒ කියන්නේ දරුවකුගේ මුල් අවුරුද්ද තුළ මේ රෝග තත්ත්වය හට ගන්නවා. එහෙත් මෙයට හේතුව හරියටම හොයාගෙන නැහැ. මහලු වියේදී ගුද පරිකර්තිකා තත්ත්වය ඇති වනවා. එහෙම වන්නේ මහලු වියේදී ගුදයේ ක්‍රියාකාරිත්වයේ යම් බිඳ වැටීම් ඇති විටයි. ඒ කියන්නේ මහලු වන විට ගුද ප්‍රදේශයට රුධිරය සංසරණය වීමේ අඩුවක් හටගන්නවා. ගුද ප්‍රදේශය ඒ නිසා දුර්වල වනවා. මළ බද්ධය නිසාත් ගුද පරිකර්තිකා රෝගය හට ගන්නවා. වියලුනු හෝ හයිවුණ මළ කැබලි මළ මාර්ගය හරහා ගමන් කරන විට ගුද මාර්ගයේ සම ඉරී යනවා. එසේ ඉරුන තැනින් ගුද පරිකර්තිකාවක් හට ගන්නවා. දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන් තුළ ගුද පරිකර්තිකා තත්ත්වයක් හට ගැනීම ස්වභාවිකයි. ප්රශ්නය - මේ රෝගය හටගැනීම මැඬ පවත්වන්නේ කොහොමද? වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - ගුදය ආශ්රිත ප්‍රදේශය වියළිව තැබීම, එම ප්‍රදේශය වියළි පිරිසිදු රෙදි කැබැල්ලකින් පිස දමා වියළිsව තැබීම, ඇඟිලි හෝ වෙනත් දේ ඇතුල්කර ගුද මාර්ගය කැසීමෙන් වැළකීම සහ මළ බද්ධය හට ගැනීමට ඉඩ නොදීම යන මූලික කරුණු මගින් එය වළක්වා ගත හැකියි. ප්රශ්නය - මේ රෝගය නිසා හට ගන්නා සංකීර්ණතා ගැන ගැඹුරින් පැහැදිලි කරන්න. වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - ගුද පරිකර්තාවක් හටගෙන තිබෙන බව හඳුනාගත් වහාම එයට ප්‍රතිකාර කළ යුතුයි. මෙය සති 6 කට වඩා සුව නොවී පැවතුනොත් නිදන්ගත තත්ත්වයට පත් වෙනවා. වරක් මෙය වැළඳුන විට නැවත නැවත හට ගැනීමේ ප්රවනතාව ඇතිවෙනවා. ඔබේ ගුදය වැසී පවතින්නේ එහි තිබෙන මාංශ පේෂිවල ක්‍රියාකාරිත්වය නිසයි. ගුද පරිකර්තිතාව දිගටම තිබුණොත් එම මාංශ පේශීන්වල එය පැතිරෙන්නට ඉඩ තිබෙනවා. ලබන සතියට නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 ඩවුන් සින්ඩ්‍රම් දරුවන් හොඳ කරන්නට බැරිද? ප්රශ්නය - පසුගිය සතිවල අප ඔබ සමග සාකච්ඡා කළේ පිළිකා රෝගය සහ එය සුව කිරීම සඳහා නිපදවා ඇති ඖෂධ ගැනයි. මැංගුස්ටින්, තක්කාලි, අලිගැට පේර, මුවාගේ වැදැමහ, කොරල් යනාදි ද්‍රව්‍යවල තිබෙන පිළිකා නාශක සංඝටක ගැන ඒ ලිපි පෙළ ඔස්සේ කරුණු පැහැදිලි කෙරුණා. අද සිට ඔබ සමග අප සාකච්ඡා කරන්නේ Down syndrome (වෛද්‍ය විද්‍යාවේ මෙය හඳුන්වනු ලබන්නේ ටොක්ගෝල් ස්වරූපය ලෙසය) නමැති රෝගය කුමක්ද යන්නත් එය වැළඳෙන්නේ කෙසේද සහ එය සුව කරන්නේ කෙසේද කියන කරුණ ගැනයි. වෛද්‍ය රේණුකා ද අල්විස් - ඩවුන් සින්ෙඩ්‍රාaමය සඳහා දරුවන් දෙකෝටි හැට ලක්ෂයකට වඩා මේ මොහොතේ මේ මිහිතලය මත ඉන්නවා. මේ රෝගය වර්ග කිහිපයකට බෙදෙන අතර ඒවා අතුරින් වැඩිපුරම තිබෙන්නේ trisomy 21 නමැති රෝගයයි. සාමාන්‍යයෙන් මනුෂ්‍ය ශරීරයේ සෛලයක ක්‍රොමසෝම හෙවත් වර්ණ දේහ 46 බැගින් තිබෙනවා. ඩවුන් සින්ෙඩ්‍රාaමය හැදුන අයගේ සෛලයක වර්ණ දේහ 46 වෙනුවට 47 ක් තිබෙනවා. මේ විකෘතිය හෙවත් අවිධිමත්භාවය තුළ තමයි මේ රෝගය හට ගන්නේ. ප්රශ්නය - දරුවකුට මේ රෝගය හට ගැනීමේ අවදානම කොපමණද? වෛද්‍ය රේණුකා ද අල්විස් - දරුවාට මේ රෝගය හට ගැනීමේ අවදානම එන්නේ දෙමාපියන් වෙතින්. මව දරුවා ප්‍රසූත කළේ දරු ප්‍රසූතිය සඳහා සුදුසු වයස ඉක්ම ගිය පසුව නම් එම දරුවා ඩවුන් සින්ඩ්‍රම් දරුවකු බවට පත් වීමේ අවදානමක් තිබෙනවා. එයට හේතු ස්ත්‍රී බීජ වියපත් වූ තරමට වර්ණ දේහ ප්රශ්නය ක්‍රමයෙන් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් වයස 45 ඉක්මවූ පසුව මවක් දරු උපතක් සිදු කරනවා නම් සැලකිලිමත් විය යුතුයි. පළමු දරු උපත ඩවුන් සින්ඩ්‍රම් සහිත දරුවෙක් නම් ඊළඟ දරු උපතත් ඩවුන් සින්ඩ්‍රම් දරුවකු වීමට ඇති ඉඩකඩ 0.1% ක් තරම් අඩු ප්‍රමාණයක්. ප්රශ්නය - මෙය සුව කරන්න පුළුවන්ද? වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - බටහිර විද්‍යාවට අනුව නම් මෙය සුව කරන්න බැහැ. ඔවුන් කියන්නේ ඩවුන් සින්ඩ්ර්රම් දරුවන්ට නිසි අධ්‍යාපනය ලබාදී ඔවුන් සමාජයානුයෝගී කරවීම ඔවුන් වෙනුවෙන් කළ හැකි යෝග්‍යතම දෙය බවයි. එහෙත් ආයුර්වේදයෙන් මෙය සුව කරන්නට පුළුවන්. ඔටිසම් නමැති රෝගය ආයුර්වේදය මගින් සුව කරන්නට හැකිනම් ඩවුන් සින්ඩ්‍රම් සුව කිරීම කළ හැකි වෙයි. (ලබන සතියට) ලබන සතියේ තව කොටසක් පපුවට නොදැනී හැදෙන හෘදයාබාධ ගැන තව විස්තර මෙන්න ප්රශ්නය - පසුගිය සතියේදී ඔබ සඳහන් කළා ක්ෂුද්‍ර (Mini) හෘදයාබාධ ලෙස සැලකෙන හෘදයාබාධ විශේෂයක්. ඔබ එහිදී කිව්වා මේ Mini Heart attack වර්ගය තිබීම වේදනාවක් නැතිව හදවත විනාශ කරනවා කියලා... වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - සමහර අවස්ථා තිබෙනවා සුළු වේදනාකාරී තත්ත්වයන් යටතේ ක්ෂුද්‍ර හෘදයාබාධ හටගන්නවා. කවුරු හරි තමන්ගේ පපුව යාන්තමින් තද කරනවා වාගේ දැනීම මෙවැනි සුළු වේදනාකාරී තත්ත්වයක්. මෙය හටගන්නේ පපුවේ දකුණු පැත්තේ. ඒ එක්කම ඔබේ ගෙල, හකු, කොන්ද, උදරය දෙඅත් යනාදියත් එකවිට සුළු වශයෙන් කැක්කුම් දෙනවා නම් එය සුළු හෘදයාබාධයක් විය හැකියි. එමගින් හදවතේ සෛල ක්‍රමයෙන් මැරෙනවා. මේ ක්ෂුද්‍ර හෘදයාබාධ හඳුනා ගත්තම දේශීය වෛද්‍යවරයා කරන්නේ දිගුකාලීන කසාය මාලාවක් මගින් තත්ත්වය සමනය කිරීමයි. එවිට පුළුවන් අනාගතයේදී ඇති වන ලොකු හෘදයාබාධයන් වළක්වා ගන්නට. ප්රශ්නය - හෘදයාබාධයක රෝග ලක්ෂණ දින ගණනාවක් තිස්සේ පවතිනවාද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - සමහර හෘදයාබාධ හදිසියේම හැදෙනවා, කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව. එහෙම නැතිව පැය දින සති කිහිපයක් පපුවේ වේදනාව ගෙන දීමෙන් පසුත් තව සමහර හෘදයාබාධ හැදෙනවා. තවත් සමහර විටෙක පපුවේ අමාරුව තිබෙනවා නම් විවේකයක් ගත්තාම ඇරිල යනවා. එහෙම වුණු ගමන්ම රෝගියා කළ යුත්තේ සුදුසු වෛද්‍යවරයකු හමු වීමයි. මෙවැනි තත්ත්ව තුළදී අපේ දේශීය වෛද්‍ය පරම්රාව අනුගමනය කරන්නේ පපුවට තෙල් සම්බාහනය කිරීමෙන් හදවත ප්‍රාණවත් කිරීම සහ අනාගත හෘදයාබාධ වැළැක්වීම සඳහා කසාය වර්ග කිහිපයක් ලබා දීමයි. ප්රශ්නය - හෘද නාලවල බැඳෙන කොලෙස්ටරෝල් තට්ටු ඉවත් කරන්නෙ කොහොමද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඔබ දන්නවානේ මේ වගේ අවස්ථාවක බැලුන් යවා රුධිර නාලවල බැඳෙන තෙල් තට්ටු දෙපැත්තට තල්ලු කරන බව. හැබැයි එහෙම වුණා කියලා තෙල් තට්ටු නහරවලින් ඉවත් වෙන්නේ නැහැ. ඊළඟට නැවතත් ඒ තෙල් තට්ටුවල අලුත් තෙල් අංශු බැඳෙනවා. එහෙනම් කරන්න තියෙන්නේ තෙල් තට්ටු දිය කර රුධිරය සමග ශරීරය පුරා විසුරුවා හැරීමයි. මේ කාරණය සඳහා දේශීය ඖෂධ ඕන තරම් තිබෙනවා. මේ ඖෂධ හදන්න කුරුඳු, සුදුලූනු, ඉඟුරු, රතුලූනු, කහ සහ මිරිස් වර්ග යොදා ගන්නවා. ඉහත සඳහන් ද්‍රව්‍ය අහුරක් මිරිස් වර්ග හැර සෙසු ඒවා යහමින් ආහාරයට ගැනීම ඉතාම හොඳයි. ප්රශ්නය - හෘදයාබාධයකදී පිරිමින්ට හා කාන්තාවන්ට වෙන වෙනම රෝග ලක්ෂණ හට ගන්නවද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - පපුවේ වේදනාව තමයි පොදු ලක්ෂණය. ඒත් හෘදයාබාධ තත්ත්වයන් තුළදී හුස්ම ගැනීමේ අපහසුව, ඔක්කාරය සහ වමනය, කොන්ද සහ හකුවල වේදනාව කාන්තාවන්ට ටිකක් සැරට ඇතිවෙනවා. ප්රශ්නය - ආතතිය නිසාත් හෘදයාබාධ ඇති වනවා නේද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - හිතේ අමාරුව නිසා පපුවේ අමාරුව හැදෙනවා කියලා පරණ සිංහල කියමනක්a තිබෙනවා. හිතේ අමාරුව ලෙස එදා අර්ථකථනය කළේ ආතතියයි. පුරාණ සිංහලයේ ආතතිය කියා වචනයක් තිබුණෙ නැහැ. ඇමරිකාව වගේ රටවල ජනයාගේ හෘදයාබාධයට ප්‍රධාන හේතුව ආතතිය බවට පිළිගැනීමක් තිබෙනවා. රෑට නින්දට යන විට පන්සිල් ගැනීම හෝ පිරිත් මුමුණමින් නින්දට පිවිසීමෙන් ආතතිය අඩු වෙනවා. ප්රශ්නය - අධික දුකක් හටගත් විට සමහරුන්ට පපුවේ බරගතියක් ඇති වෙනවා ඒ ඇයි? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අපට දුකක් දැනෙන විට හෘද ස්පන්දනය ඉහළ යනවා. පපුවේ සහ හෘදයේ මාංශ පේෂිවල තද ගතියක් ඇතිවෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් හුස්ම ගැනීම අපහසු වී බඩ ඇතුළත සැලෙනවා වගේ (සමහරුන්ට) දැනෙනවා. දුක හිතුණාම පපුව හිරවෙනවා කියන්නේ ඔය තත්ත්වයටයි. ප්රශ්නය - ආතතිය කියන මානසික රෝග තත්ත්වයේ ලක්ෂණ මොනවාද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - නොසතුටක් ඇතිවීම, කාංසාව සහ උද්දීපනය, අධික කෝපයක් හට ගැනීම, හුදෙකලා බවක් හෝ තමන් වටා කවුරුත් නැති බව දැනීම තමයි මූලික ලක්ෂණ. ප්රශ්නය - පපුවේ වේදනාවක් ආවාම මුලින්ම කළ යුත්තේ කුමක්ද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඇඳක හෝ පුටුවක ඉඳගෙන ඉදිරිපසට නැඹුරු වුණාම වේදනාව පාලනය වෙනවා. දිගටම නිදාගෙන හිටියොත් වේදනාව බරපතළ වෙනවා. නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව දියවැඩියාව සුව කරන ආයුර්වේද යතුර සමාජයේ බොහෝ පිරිසක් දියවැඩියාවෙන් පීඩා විඳිනවා බොහෝ දෙනෙක් මෙම රෝගයට දැඩි බියක් දක්වනවා. ඇත්තටම දියවැඩියාව යනු කුමක්ද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - දියවැඩියාව යනු ශරීරයේ සීනි මට්ටම ඉහළ යැමයි. මේ සීනි මට්ටම ඉහළ යැමත් සමඟ ශරීරයේ ඇති වන විවිධ සංකූලතා තමයි දියවැඩියාවේ රෝග ලක්ෂණ ලෙස හඳුන්වන්නේ. මෙම රෝගය ජාන අනුවද වැළඳිය හැකි අතර වැඩි පිරිසක් මේ සඳහා ගොදුරු වන්නේ නිසි ලෙස තම දේශපාලනයකින් තොරව කටයුතු කිරීමෙන් බවද පැවැසිය හැකියි. නිවැරැදි ආහාර රටාවන් අනුගමනය නොකිරීම සහ ක්ෂණික ආහාරවලට යොමුවීම ඒ අතරින් ප්‍රධානයි. ඇයි සමාජයේ මෙතරම් දියවැඩියාවට බියක් දක්වන්නේ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - මෙම රෝගය ඉතා අහිතකර ලෙස ශරීරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරනවා. නිහඬවම මිනිසාගේ සිරුරට කරන හානිදායක තත්ත්වය නිසා නිහඬ මාරයා යන අන්වර්ථ නාමයෙන්ද මෙම රෝගය ඇතැමුන් හඳුන්වනවා. එබැවින් මෙම රෝග ලක්ෂණ ඇති වු වහාම රෝගීන් ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා අවශ්‍යයි. මෙන්න මේ නිසා තමයි බොහෝ අය මේ රෝගයට බියක් දක්වන්නේ. දියවැඩියාව වැළඳුණු රෝගීන් මුහුණ දෙන අතුරු ආබාධ මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - ආතතිය හිරිවැටීම් දියවැඩියා රෝගීන් මුහුණ දෙන අමතර රෝගී තත්ත්වයක්. රෝගීන් බොහෝ විට අප සමඟ පවසන්නේ කොට්ටයක් උඩ ඇවිදිනවා වැනි දෙයක් යටිපතුල්වලට දැනෙන බවයි. පාවහන් පැළඳ සිටියත් එය දැනෙනවා ඊට අමතරව දණහිස්, උරහිස් මෙන්ම වැලමිට ඇතුළු විශාල සන්ධි ආශ්‍රිතව ඇති වන අධික වේදනා තත්ත්වයන්ද ඇති විය හැකියි. මෙම වේදනාවන් සමහර අයට උදය කාලයේත් තවත් සමහරුන්ට දිවා කාලයේත් රාත්‍රී කාලයේත් ඇති විය හැකියි. ස්නායු පද්ධතියේ ඇති වන දුර්වලතා නිසා තමයි අත්පා හිරිවැටීම මෙම රෝගීන්ට ඇති වන්නේ. දියවැඩියා රෝගය වැළඳීමත් සමඟ ස්නායු පද්ධතියට නිසි පෝෂණ තත්ත්වයක් නොලැබීම මේ සඳහා හේතු වෙනවා. * දියවැඩියා රෝගීන්ට බලපාන තවත් රෝග ලක්ෂණ ඇති ඒ මොනවාද? බොහෝ විට ඇති වන රෝග ලක්ෂණයේ තමයි මළ බද්ධය,මළ බුරුලට යැම, ඒත් සමඟම සම මත ඇති වන කැසීම, පළු දැමීම, වැනි සමේ රෝගද හිස කැක්කුමද ඇති විය හැකයි. නින්ද නොයැම, මුඛයෙන් අධික දුර්ගන්ධයක් පිටවීම, කේන්ති යැම, පීනස් රෝග උග්රවීම, ඇස් වියළීම, කඳුළු ගැලීම වැනි රෝග ලක්ෂණද බහුලවම ඇති විය හැකියි. * මෙම රෝගය ආයුර්වේද ප්රතිකාරවලින් සුව කළ හැකිද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - අනිවාර්යයෙන්ම ආයුර්වේද ප්‍රතිකාර නිසි සුදුසුකම් ඇති වෛද්‍යවරයකුගෙන් ලබා ගත්තොත් රෝගය සුව කර ගත හැකියි. විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී ඔවුන් නිවැරදි ලෙස පරීක්ෂා කිරීමෙන් පසු නිවැරැදි රෝග ලක්ෂණ හඳුනාගෙන ඒවාට නිසි ලෙස ප්‍රතිකාර ලබා දීමෙන් රෝගය සුවකර ගත හැකියි. කාර්ය බහුල අයට පවා ලබාගත හැකි ලෙස අපගේ ඖෂධ සකසා ඇති බැවින් බොහෝ දෙනා දැන් ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන රෝග සුවකර ගන්නවා. සයටිකා රෝගය ගැන ආයුර්වේද දැනුම මෙන්න ප්රශ්නය - පසුගිය සතිවල අප ඔබ සමග සාකච්ඡා කළේ සයටිකා රෝගය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාත්මක දැනුම ගැනයි. අද අප බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ ආයුර්වේද දැනුම පිරික්සා බලන්න. වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සමහර විට එක පාදයකත් තවත් සමහර විටෙක පාද දෙකෙහිමත් හටගන්නා සයටිකාව විශාල වේදනාවක් ඇති කරන රෝගයක් බව අප දන්නවා. දීර්ඝ වශයෙන් හිඳගෙන සිටීමට සිදුවන රැකියා කරන අයට මේ රෝගය වැළඳීමේ හැකියාව වැඩි බවත් අප දන්නවා. සයටිකාව බොහෝ විට එන්නේ කොඳුඇට පෙළේ හටගන්නා වේදනාව (කොන්දේ අමාරුව) සමගයි. ආයුර්වේද අර්ථකතනයට අනුව සයටිකාව හඳුන්වන්නේ වාත දොaෂ 80 කින් එකක් හැටියටයි. සයටිකා රෝගයේ ආයුර්වේදනාමය "ග්රිද්රාසි" බව අප දැනටමත් දන්නවා. එම වචනය සැදී තිබෙන්නේ ග්රිද්ර කියන සංස්කෘත වචනයෙන්. සංස්කෘතයෙන් ග්රිද්රට කියන්නේ ගිජු ලිහිණියාටයි. සයටිකාව හැදුනාම රෝගියකුගේ ගමන් විලාසය වෙනස් වෙනවා. රෝගියාගේ දෙපා තද ගතියකින් පෙළෙනවා. ඊළඟට ස්වල්ප වශයෙන් වකුටු වෙනවා. රෝගියා ඇවිදින්නේ ගිජු ලිහිණියෙක් වගෙයි. පුරාණ ආයුර්වේදය ලෙඩ රෝගවලට නම් තැබුවේ විවිධ නිදර්ශන ප්‍රයෝජනයට අරගෙනයි. එය එක මතයක්. තවත් මතයක් තමයි සයටිකා රෝගියා විසින් විඳිනු ලබන වේදනාව ගිජු ලිහිණියකුට හසුවන සතෙකුට විඳින්නට සිදුවන වේදනාවට සමාන බව. ඒනිසා ගිජු ලිහිණියාගේ නමින් රෝගය නම් කිරීම සිදුවූ බව කියනවා. ප්රශ්නය - ආයුර්වේද නිර්වචනයට අනුව සයටිකා රෝගය හටගන්නේ කොහොමද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - වාත දොaෂය වර්ධනය කරන කොණ්ඩ කඩල, රටකජු, රතු පරිප්පු, මෑ, යනාදිය ගැනීමෙනුත්, වියලි, සැහැල්ලු ශීත ආහාර සීමාවක් නැතිව පරිභෝජනය කිරීමෙනුත්, තිත්ත කහට සහ කටුක ආහාර සීමාවක් නැතිව ගැනීමෙනුත්. දරන්න බැරි තරමට බර ඉසිලීම, දීර්ඝ වශයෙන් පයින් යැම, වැරදි ඉරියව්වලින් නිදා ගැනීම සහ හිඳගෙන සිටීමෙනුත්, මුත්‍ර සහ මළ පිට කිරීමේ අවශ්‍යතා මැඩ පැවැත්වීමෙනුත්, අනවශ්‍ය පරිදි වස්ති කිරීමෙනුත් මේ රෝගය හැදෙන බව ආයුර්වේදයේ කියෑවෙනවා. ලබන සතියට නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත කනේ දිලීර හට ගත්තොත්...! ප්‍රශ්නයඃ- කනට වැළෙදන සෙසු රෝග මොනවාද? ආචාර්ය වෛද්‍ය ශ්‍රියානි පීරිස් - සමහරුන්ගේ කන් නිතරම කසනවා. මෙහෙම දිගින් දිගටම කසන විට කනෙන් කිසියම් දියරයක් ගලනවා. මෙය සිදුවන්නේ කන තුළ දිළීර තත්ත්වයක් හට ගත් විටයි. මෙවැනි තත්ත්වයක් තිබෙන විට කන තුළින් දුඟදක් හමනවා. පරණ පාන් වතුරේ පොඟවලා දවසක් විතර තැබුවාම එන ගඳට මේ ගඳ සමානයි. විවිධ හේතු මත මේ දිලීර හටගන්නවා. සමහර විට ඔලුවේ හිස් සොරි තිබුණාමත් කනේ පුස් හටගන්නවා. ඒ හිස්සොරි කන ඇතුලට ගිහින් තැන්පත් වන නිසයි. ඒ වගේම දියවැඩියා රෝගීන්ටත් කනේ පුස් වර්ග හට ගන්නවා. කෙනෙක් කන කසන විට එය තුළට විවිධ දේවල් ඇතුළු කරනවා නම් ඒ මගින් අවට පරිසරයේ තිබෙන පුස් වර්ග කන තුළට ගිහින් තැන්පත් වෙන්නට පුළුවන්. ඒ වගේ දේවල් කන ඇතුළට දමලා කන කසද්දී කනේ ඇතුල් ස්ථරය තුවාල වෙනවා. එතකොට ඒ තුවාල වූ තැන පුස් හට ගන්නටත් පුළුවන්. ආයුර්වේදයෙ එනවා කර්ණ කණ්ඩු කියලා තත්ත්වයක්. කන තුළ හටගන්නා දිලීර තත්ත්වය තමයි මෙයින් හඳුන්වන්නේ. මේ දිලීර සුදු පාටට තියෙන්නත් පුළුවන්. කළු පාටට තියෙන්නත් පුළුවන්. මේ අතර පිට කනේ බිත්තිවල හට ගන්නවා කුඩා තුවාල විශේෂයක්. අප මේවා හඳුන්වන්නේ කර්ණ විද්‍රධි කියලයි. මෙය ඉතාම වේදනා සහගත තත්ත්වයක්. මෙවැනි රෝග තත්ත්යක් තුළ කන අල්ලන්නටවත් බැරිවන තරමට රිදෙනවා. මෙහිදී තවත් වැදගත් දෙයක් කිව යුතුයි. ඒ කනේ සැරව ගැලීම ගැනයි. මෙහි අවස්ථා දෙකක් තිබෙනවා. පළමුවැන්න තමයි කන තුළ සැරව හට ගත්තත් පිටතට නොගැලීම. එයට හේතුව කන් බෙරය හිල්වුණොත් තමයි සැරව පිටතට ගලාගෙන එන්නේ. ඒ කියන්නේ ඇතුළෙන් පිටට සැරව ගැලීම. බාහිර කනේ මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් සැරව පිටට ගලනවා. ඒ එක්කම තවත් වැදගත් දෙයක් තමයි කුඩා දරුවන්ගේ දීර්ඝ කාලීන උගුරේ ආසාදන. උගුර සහ කන අතර සම්බන්ධයක් තිබෙනව බව මා මීට පෙර සතියක කිව්වා. එය හටගන්නේ යුස්ටේකීය නාලය හරහා. ඉතින් මේ යුස්ටේකීය නාලය හරහා මැද කනේ සෙම එකතු වෙනවා. ඊළඟට කල්ගත වෙද්දී එතැන ආසාදනයක් ඇති වෙනවා. කර්ණ පටලය නොරාගෙන ඇවිත් පුපුරනවා. එවිට මැද කනේ සිට දියර පිටතට එනවා. මෙය ඉතා පරෙස්සමින් සැලකිල්ලට ගත යුතු තත්ත්වයක්. මැද කනේ සෙම එකතු වුණාමත් ලොකු වේදනාවක් හට ගන්නවා. රෝගියාගේ කුස පිරුණ තත්ත්යක් එනවා. ශ්‍රව්‍ය දුර්වල වෙනවා. මන්ද යත් යුස්ටේකීය නාලය අවහිර වීමයි. ලබන සතියේදී බිහිරි භාවය ඇති වීමට හේතු ලබන සතියට සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත අරක්කු බීමෙන් ඇතිවන අක්මා ප්‍රදාහය දීර්ඝ කාලීනව ඇල්කොහොල් අධික ලෙස පානය කිරීම නිසා ආරක්ෂක ක්රියාකාරිත්වයන් දුර්වල වී අක්මා සෛල විනාශ වීම සිදු වෙනවා. මෙම අක්මා සෛල විනාශ වීමත් සමග තවත් නොයෙක් ප්‍රදාහාත්මක ප්‍රතික්‍රියාවන් සිදු වෙනවා. මෙම තත්ත්වය වරකට භාවිතා කරන ඇල්කොහොල් ප්‍රමාණය, ඇල්කොහොල් භාවිතා කරන වාර ගණන සහ කාලය වැඩි වීමත් සමඟ අක්මා සෛලවලට සිදු වන හානිය ද වැඩිවෙනවා. ඒ අනුව ඇල්කොහොල් පානය කරන විවිධ පුද්ගලයන් තුළ විවිධ විවිධ මට්ටමෙන් අක්මාව කෙරෙහි හානි සිදු වෙනවා. අක්මාවේ තෙල් තැන්පත් වීමත් අක්මාව ප්‍රදාහයට පත් වීමත් එකට සිදු විය හැකි යි. අක්මාව ප්‍රදාහයට පත් වීමේ දී අක්මා සෛල ඉදිමෙනවා. ඒ සමඟ අක්මා සෛල තුළ ඇති වන ජෛව රසායනික වෙනස්කම් නිසා එම සෛල මරණයට පත් වෙනවා. අක්මා සිරෝසිස් (Alcoholic Liver Cirrhosis) මිය යන අක්මා පටක වෙනුවට නිර්මාණය වන අලුත් පටක නිසා අක්මාවේ සාමාන්‍ය ස්වරූපය විකෘති වෙනවා. අක්මාව තන්තුමත් වෙනවා එමෙන් ම විවිධ ප්‍රමාණයේ ගැටිති නිර්මාණය වෙනවා. අක්මාව තුළ රුධිර සංසරණය සහ පිත සංසරණය වීම අවරෝධ වෙනවා. මේ නිසා අක්මාවෙන් ඉටු කෙරෙන මෙහෙයන් නිසි පරිදි සිදු වන්නේ නැහැ. අක්මාව විශාල වී, ඝන වී කඨින භාවයට පත් වෙනවා. පසුව අක්මාව හැකිලී කුඩා වෙනවා. සිරෝසිස් නමින් හඳුන්වන්නේ මේ තත්ත්වය යි. මෙය එකවර ම ඇතිවන තත්ත්වයක් නොවේ. කාලයත් සමඟ හෙමිහිට ඇති වෙන තත්ත්වයක්. තීව්ර අක්මා ප්‍රදාහය නිසා ඇති වන රෝග ලක්ෂණ ඉහත සඳහන් කරන ලද විෂාත්මක තත්ත්වයන් නිසා අක්මාව ප්‍රදාහයට පත් වීමත් එය කල්ගත වීමත් නිසා බොහෝ ආබාධ ඇති වෙනවා. සාමාන්‍යයෙන් ඇල්කොහොල් භාවිත කරන අයට ඇති වන මෙම අක්මා ප්‍රදාහය එකවර මතු පිටට පෙන්වන්නේ නැහැ. ඒ නිසා අක්මා රෝගයකට අදාළ රෝග ලක්ෂණ පහළ වීමක් මුල් අවස්ථාවල දී දැකගත නොහැකි යි. දිගින් දිගටම ඇල්කොහොල් භාවිත කිරීම නිසා නොදැනුවත්වම අක්මාව විනාශ වෙනවා. කල්ගත වීමේ දී රෝග ලක්ෂණ ලෙස ශාරීරික අප්‍රාණිකත්වය, අසාමාන්‍ය වෙහෙසකාරී බව, නිතර පිපාසය ඇති වීම, මුඛයේ වියළි බව ආහාර අප්‍රිය වීම හෝ අරුචිය, ඔක්කාරය සහ වමනය, ශරීරය ක්‍රමයෙන් කෘශ වී වැහැරීම, බර අඩුවීම, ශාරීරික දුර්වලත්වය, උදරයේ අපහසුතාව, බඩ පුරවා දැමීම හෝ පිපුම, මානසික අසහනකාරී බව වැනි රෝග ලක්ෂණ ඇතිවෙනවා. අක්මාව ඉදිමීමත් සමඟ ඇතැම් විට උදරයේ දකුණු පසින් ඉලඇට ආසන්න ප්‍රදේශයේ හෝ උදරයේ මැදින් වේදනාවක් ඇති විය හැකියි. සමහර විටෙක ඇස් කහ පාට වීම, ශරීර වර්ණය සුදුමැලි කහ පාට හෝ පාණ්ඩු වර්ණයට හැරීම, කෙස්, නිය පොතු දුර්වර්ණ වීම සහ පහසුවෙන් කැඩීබිඳී යැම වැනි රෝග ලක්ෂණ ද ඇති විය හැකියි. ඇල්කොහොල් පානය කළ පසු ඉහත රෝග ලක්ෂණ වල වැඩිවීමක් පෙන්වනවා. දීර්ඝ කාලීනව ඇල්කොහොල් භාවිත කිරීමේ දී ඉහත සඳහන් කළ විකෘතිතාවලට අමතරව තවත් නොයෙක් විෂමතා ඇති වෙනවා. වකුගඩු පීඩා වීම නිසා විවිධ මුත්‍රාබාධ, මුත්‍ර පිට කිරීමේ දී දැවිල්ල, වේදනාව ආදිය ඇති වෙනවා. ලබන සතියට කාටිලේජ වර්ධනයට සුදුසු රනිල බෝග මොනවාද? ප්රශ්නය - වැහැරුණු, ඉරුණු හෝ ගෙවුණු කාටිලේජයක් යළි අලුත්වැඩියා කළ හැකිද? පසුගිය සති කිහිපය තුළ අප කතා කළේ එම කාරණය ගැනයි. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ශරීරයේ සෙසු ගෙවී යන පටක සතු අලුත්වැඩියාවට පත්වීමේ හැකියාව කාටිලේජ වලට නැහැ. ඒ වගේම කාටිලේජයකට තුවාලයක් සිදු වුණාම එයට ප්‍රතිකාර නොකළොත් ඉතාම ඉක්මනින් මුළු කාටිලේජය පුරාම පැතිර යනවා. එහෙම නේද? වෛද්‍ය වසන්ත උදයජීව - කාටිලේජයේ වැඩි හරිය නිර්මාණය වී තිබෙන්නේ කොලැජන් නමැති ප්‍රොaටීනයෙන්. යම් ක්‍රමවේදයක් තිබෙනවා නම් කොලැජන් යළි වර්ධනය කරන්නට කාටිලේජය හරිගස්සන්නට පුළුවන්. ප්රශ්නය - එවැනි කාටිලේජ වර්ධක තිබෙනවාද? වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදය තුළ ඕනෑ තරම් තිබෙනවා. මෑකරල්, බෝංචි, මුංඇට වැනි රනිල භෝගවල ඕනෑ තරම් තිබෙනවා කාටිලේජ වර්ධක. ඊට අමතරව බිත්තර, සෝයා බෝංචි, කජු, රටකජු, ජෙලි වැනි ද්‍රව්‍යවලිනුත් කාටිලේජ වර්ධනය කර ගන්නට පුළුවන්. විටමින් C බහුලව තිබෙන පලතුරුවලට හැකියි, කාටිලේජ වර්ධනය වීමේ ක්‍රමවේදය ආරක්ෂා කරන්නට. දෙළුම්වලත් තිබෙනවා. කාටිලේජ වර්ධනය කරන විශේෂ ගුණයක්. ප්රශ්නය - කාටිලේජ වැහැරීමත් සමඟම ඒවා දෙපස තිබෙන අස්ථි එකිනෙක ගැටෙන්නට පටන් ගන්නවා. මේ තත්ත්වය නැති කර ගන්නේ කොහොමද? වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදය සතුව තිබෙනවා සාම්ප්‍රදායික තෙල් වර්ග රැසක්. මේ තෙල් වලට පුළුවන් ලිහිස්සි තෙල් වශයෙන් ක්‍රියා කරමින් කාටිලේජ අතර ඝර්ෂණය වළක්වන්නට. ඒ අතර ආයුර්වේදය සහ දේශීය වෙදකම යන දෙකම සම්මිශ්‍රණය කර අප නිපදවපු විශේෂ තෙල් වර්ග කිහිපයකුත් තිබෙනවා. ඒ එක්කම කාටිලේජ වර්ධනය කරන කසාය වර්ග කිහිපයක්ම ආයුර්වේදයේ එනවා. මහලු අයගේ කාටිලේජ වර්ධනය කිරීම දුෂ්කරයි. එහෙත් ඒවා පවා වර්ධනය කළ හැකි ඖෂධ ආයුර්වේදයේ තිබෙන බව අමතක නොකළ යුතුයි. ලබන සතියට ගෙල ඇටය දිරායැමේ භයානක තත්ත්වයෙන් ගොඩ එන්නේ කොහොමද? ප්රශ්නය - ගෙල ඇටය දිරා යැම නිසා අකර්මණ්‍ය වූ තරුණ සොයුරියන් දෙදෙනකු ගැන අප පසුගිය දෙසතිය තුළ ඔබ සමඟ කතා කළා. අද අප ඔබෙන් අසන්නට බලාපොරොත්තු වන්නේ ඔවුන් සුවපත් කළ ආකාරයයි. වෛද්‍ය එම්. ඒ. මදනායක - ගෙල ඇටය හෙවත් ග්රීව අස්ථිය කියන්නේ ශරීරයේ වැදගත්ම කොටසක් බව මෙහිදී සිහිපත් කළ යුතුයි. ග්රීව අස්ථිය කොඳුඇටය සමඟ සම්බන්ධ එහිම කොටසක්. මෙය දිරා යැම, කැඩීම, කාටිලේජ දියවීම නිසා හානි වීම වැනි අර්බුදවලට ලක්විය හැකියි. එහෙම වුණාම අධික වේදනාවක් හටගන්නවා. වේදනාවෙන් නොනැවතී මුළු ශරීරයම අකර්මණ්‍ය වන අවස්ථා තිබෙනවා. ග්රීව අස්ථිය දිරා යැම වෙනම ලෙඩක්. එය Degenerative neck bone disease කියලා හඳුන්වනවා. ලොව කිසිම දෙයක් සදාකාලිකව නොපවතිනවා වාගේ මනුෂ්‍ය ශරීරයත් සදාකාලික නැහැ. දශක ගණනාවක් පුරා දිග හැරෙමින්, කැඩෙමින් භ්‍රමණය වෙමින් බර උසුලමින් කල් ගත කරන අපේ අස්ථි පCඳ්ජරය දිරා යැම පුදුමයට කරුණක් නොවෙයි. ලොකුම ප්රශ්නය හට ගන්නේ මෙම අස්ථි දිරා යැම රෝගියා මියගිය පසුව නොව ඔහු/ ඇය පණපිටින් සිටින විට සිදු වුණාමයි. ප්රශ්නය - මෙවැනි දිරායැම් වලදී ඔබ කරන්නේ කුමක්ද? වෛද්‍ය එම්. ඒ. මදනායක - අපි මේ සඳහා උදාහරණ ලෙස ග්රීව අස්ථිය දිරාගිය සොයුරියන් දෙදෙනා පිළිබඳ උදාහරණයට ගනිමු. ඇට දිරා යන්නේ ඇයි? එම ඇටවලට අවශ්‍ය පෝෂණ ගුණය නැති වීම නිසයි. පෝෂ්‍ය ගුණය නැති වන්නේ ඇයි? එම අස්ථි ප්‍රදේශයට රුධිරය සැපයෙන නහර සහ ස්නායු අඩපණ වීම නිසයි. එවිට අප කරන්නේ රුධිර නාළ සහ ස්නායු පණ ගැන්වීම සඳහා ප්‍රතිකාර පටන් ගැනීමයි. මෙයට පෙරත් කියා ඇති පරිදි අපේ ප්‍රතිකාරය තෙල් ගා තැවීම, බෙහෙත් පොට්ටනි යොදා තැවීම සහ කසායවලින් සමන්විත වෙනවා. අප ඉහතින් සඳහන් සොයුරියන් දෙදෙනාට ඉහත සඳහන් ක්‍රමවලට ප්‍රතිකාර කළා. දෙසතියක් ගත වන විට ඔවුන් යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත් වුණා. අද වන විට ඔවුන් තනිව ඇවිද යැමට සහ තමන්ගේ වැඩ තනිව කර ගැනීමට හැකි තත්ත්වයක සිටිනවා. ඉදිරි දෙසතියේ ප්රතිකාරවලින් පසු ඔවුන් 100% ක් ම සුවපත් වෙනවා. ලබන සතියට නොමිලේ විස්තර සඳහා 0412251321/ 0710827836 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 May 2018 06:25 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 May 2018 06:25 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 May 2018 06:38 PM රෝගයක් නොමැති බව වාර්තා වුවත් ඔබ තවමත් කොන්දේ වේදනාවෙන්ද? මෙවැනි රෝගීන්ට බන්ධනී ශක්තිමත් කිරීමේ ප්‍රතිකාර සිදුකිරීමෙන් මෙම රෝගය අතුරු ආබාධයකින් තොරව සිංහල වෛද්‍ය ක්‍රමය තුළින් නිට්ඨාවට සුවකර ගත හැකි වන්නේය කෙනෙක් කාලයක් තිස්සේ කොන්දේ වේදනාවක් පිළිබඳ නිතර නිතර පැමිණිලි කරන විට සාමාන්‍ය සිරිත වන්නේ වේදනා නාශක ගැනීමය. ඉන් ඔබ්බට මෙම වේදනාව පිළිබඳ තවදුරටත් පවසන විට බොහෝ වෛද්‍යවරු ඞ කිරණ වාර්තාවක් ලබා ගැනීමට උපදෙස් ලබාදෙනු ඇත. නමුත් ඞ කිරණ වාර්තාවකින් ගත හැකි දත්ත ප්‍රමාණය ඉතාම අල්පය. එහිදී විශේෂයෙන්ම කශේරුකාහි සිදුවන වෙනස් වීම පමණක් සටහන් වන අතර අන්තර් කශේරුකා මඩලෙහි සිදුවන වෙනස්වීම් නිර්ණයකර ගත හැකි වන්නේ අනුමානයෙනි. එහෙයින් කොන්දේ වේදනාවක් සඳහා ඞ කිරණ වාර්තාවක් ලබා ගැනීම රෝගය නිර්ණයකිරීමට අවම, දත්ත ප්‍රමාණයක් සපයන ඉතාමත් සරල මට්ටමේ උපකාරයක් වනු ඇත. මේ නිසා මෙයින් රෝග නිර්ණයක් ගැනීමට නොහැකි වෛද්‍යවරුන් ඊළඟට පෙළඹෙනුයේ ඵRෂ පරීක්ෂණයක් සිදුකිරීම සඳහායි. මෙය ලෝකයේ දියුණුම රෝගයන් පිළිබඳ දත්ත සපයන ක්‍රමයක් ලෙස අද සමාජගත වී ඇත. එහෙත් අවාසනාවකට මෙම ඵRෂ දත්ත සටහන් මගින් කිසිදු රෝග තත්ත්වයක් නොමැති යෑයි නිගමනය කර ඇති නමුදු කොන්දේ වේදනාව නිසා ඇවිද ගැනීමට හෝ නොහැකි රෝගීන් දුලබ නැත. බොහෝ විට මෙවැනි රෝගීන්ට වෛද්‍යවරයා විසින් දෙනු ලබන නිගමනය වන්නේ කිසිදු රෝගයක් නොමැති බවයි. නමුදු මෙම රෝගීන් මෙම කොන්දේ වේදනාව නිසා අනේක දුක් විඳින්නෝය. වරින් වර වෛද්‍යවරයාට මෙම රෝගය පිළිබඳ දන්වා සිටින විට ප්‍රතිඵලය වන්නේ වේදනා නාශකවලට අමතරව ඔවුන්ට මානසික රෝග සඳහා භාවිත කරන ඖෂධ ලබාදීමයි. වේදනා නාශකවලින් සිදුවන අතුරු විපාකවලට අමතරව මෙම රෝගීන්ට මානසික ප්‍රතිකාර සඳහා භාවිත කරන අතුරු ආබාධ බහුල, ඖෂධවලින් සිදුවන අතුරු විපාකවලටද ගොදුරු වීමට සිදුවනු ඇත. එනම් දියුණු යෑයි පවසන, ඉතාමත් මිල අධික යන්ත්‍ර සූත්‍ර මගින් රෝග නිර්ණය හරිහැටි කරගත නොහැකි යන්ත්‍ර සූත්‍ර මතම තමාගේ රෝග නිර්ණය සිදුකරන වෛද්‍යවරු නිසාවෙන් රෝගීන් එක් රෝගයකින් පීඩා විඳීමට අමතරව තවත් තමාට නොමැති රෝගයකට ප්‍රතිකාර ගැනීමට සිදුවීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් වන්නේය. සිංහල වෛද්‍ය ක්‍රමයේදී මෙම තත්ත්වය හඳුන්වන්නේ චල කශේරුකා රෝගය ලෙසය. මෙහිදී සිදුවන්නේ යම් හෙයකින් කශේරුකා හා අන්තර් කශේරුකා මඩල නිශ්චිත ලෙස පවත්වා ගැනීම සඳහා දායක වන බන්ධනී, දුර්වල වීමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් කශේරුකා දෙකක් අතර ඇති අන්තර් කශේරුකා ම`ඩල කශේරුකා මත ශරීරයේ බර යෙදෙන අවස්ථාවන්හිදී (එනම් හිටගෙන සිටීම හා වාඩි වී සිටීම) අන්තර් කශේරුකා ම`ඩල තල්ලු වී ගොස් සුෂුම්නාවෙන් පැන නඟින ස්නායු තෙරපීම හෝ සුෂුම්නාවම තෙරපීම මෙහිදී සිදුවේ. මෙහි විශේෂය වන්නේ රෝගියා හිටගෙන සිටින විට හෝ වාඩිවී සිටින විට මෙම වේදනාව සුළු වශයෙන් ඇතිවී මඳ වේලාවක් යන විට එය දැඩි වේදනාවකට පරිවර්තනය වීමයි. ඇතැම් විට එසේ එක් ඉරියව්වක බොහෝ වේලා සිටි විට ඇවිදගැනීමට පවා නොහැකි මට්ටමට මෙම වේදනාව උග්‍රවිය හැක. හාන්සි වී සිටින අවස්ථාවේදී මෙවැනි රෝගීන්ට වේදනාවක් නොදැනී යන්නේ අන්තර් කශේරුකා ම`ඩල මත බර යෙදීමක් නොමැති නිසා අන්තර් කශේරුකා ම`ඩල තල්ලුවීමක් එවිට සිදු නොවීම නිසාය. එයට හේතුව හාන්සි වී සිටින ඉරියව්වේ ස්නායු තෙරපීමක් සිදු නොවීමය. නමුදු මෙවැනි රෝගීන්ගේ ඵRෂ පරීක්ෂණය සිදුකරනු ලබන්නේ රෝගියා හාන්සි කරවාය. එනිසා මෙවැනි රෝගීන්ගේ හාන්සි වූ ඉරියව්වේදී ස්නායු තෙරපීමක් නොවන නිසා ඵRෂ වාර්තාවල කිසිදු රෝග තත්ත්වයක් දක්නට නොලැබෙන්නේය. මෙම වාර්තා මතම රෝග නිගමනයන්ට එළැඹෙන වෛද්‍යවරුන්ට මෙම රෝග තත්ත්වය මඟහැරී යන්නේ මේ හේතුව නිසාවෙනි. එනමුදු සිංහල වෛද්‍ය ක්‍රමයේදී පළපුරුදු සිංහල වෛද්‍යවරයාට මෙම චල කශේරුකා තත්ත්වය රෝගියාගේ කොඳුඇට පෙළ ස්පර්ශ කිරීමෙන් ක්ෂණිකව පහසුවෙන් හඳුනාගත හැකි රෝගී තත්ත්වයකි. මෙවැනි රෝගීන්ට බන්ධනී ශක්තිමත් කිරීමේ ප්‍රතිකාර සිදුකිරීමෙන් මෙම රෝගය අතුරු ආබාධයකින් තොරව සිංහල වෛද්‍ය ක්‍රමය තුළින් නිට්ඨාවට සුවකර ගත හැකි වන්නේය. ඔබත් කලක සිට මෙවැනි වේදනාවකින් පීඩා විඳින්නේ රෝගී තත්ත්වයක් නොමැති බවට වාර්තා වූ පසුබිමක නම් ඔබේ වේදනාව පිළිබඳ තවදුරටත් නොමිලේ විස්තර දැන ගැනීමට 0711142000 දුරකථනයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 May 2018 06:50 PM අධි රුධිර පීඩනය සුව කරන ආයුර්වේද ප්‍රතිකාර වර්තමානයේ අප දකින ප්‍රධාන හේතුව තමයි ශරීරයේ කොලෙස්ටරෝල් තැන්පත් වීම නාලවල අභ්‍යන්තර කුහර සිහින් වීම සිදුවෙනවා සිහින් වූ නාල හරහා රුධිරය ගමන් කිරීමේදී පෙරට වඩා වැඩි පීඩනයක් දැරීමට සිදුවෙනවා එම පීඩනය හෘදයට බලපානවා හෘද පේශිවලට රුධිරය සපයන කිරීටක ධමනියේ කොලෙස්ටරෝල් තැන්පත් වීම භයානකය කොලෙස්ටරෝල් තැන්පත්වීමෙන් ඇතරෝඩා නමැති තෙල් කැටි හට ගැනීම සිදුවෙනවා තෙල්කැටි හට ගැනීම නිසා රුධිර නාල අවහිරවී ඉන් ඔබ්බට රුධිරය ගලායැම ඇනහිටිනවා මෙලෙස සෛල මැරීයැම නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුනොවී හෘදයාබාධවලට ලක්ව මරණයට පත්විය හැකියි නිරෝගී පුද්ගලයකුගේ තිබිය යුතු රුධිර පීඩනය වනුයේ 80-120 අතර අගයක් වුවත් වර්තමානයේ මෙම රුධිර පීඩන අගය පවත්වාගෙන යැමට බොහෝ දෙනාට නොහැකි වී ඇත. ඊට හේතුවී ඇත්තේ ඔවුන් ගතකරන සමාජ රටාව අනුව අධික තෙල් සහිත ආහාරපාන නිතර ගැනීම, ව්‍යායාම නොකිරීම ආදී කරුණුය. වෛද්‍යතුමනි, යම් පුද්ගලයකුගේ සිරුරේ රුධිර පීඩනය වැඩිවීමට බලපාන ප්‍රධාන හේතුව කුමක්ද? වර්තමානයේ අප දකින ප්‍රධාන හේතුව තමයි ශරීරයේ කොලෙස්ටරෝල් තැන්පත් වීම. අධික වීම මෙලෙස යම් පුද්ගලයකුගේ සිරුරේ කොලෙස්ටරෝල් අධික වීමෙන් ඔවුන්ගේ රුධිරනාලවල අභ්‍යන්තර බිත්ති මත ද මේවා තැන්පත් වෙනවා. එවිට එම නාලවල අභ්‍යන්තර කුහරය සිහින් වීම සිදුවෙනවා. එම සිහින් වූ නාල හරහා රුධිරය ගමන් කිරීමේදී පෙරට වඩා වැඩි පීඩනයක් දැරීමට සිදුවෙනවා. මෙලෙස සිරුරේ රුධිර නාල කිහිපයක කොලෙස්ටරෝල් තැන්පත්වීම නිසා රුධිරය ගමන් කිරීමට වැඩි පීඩනයක් දැරීමට සිදුවීමෙන් එම පීඩනය හෘදයට බලපානවා. එය හෘදයේ ක්‍රියාකාරිත්වයට අහිත කරයි. එසේම හෘද පේශිවලට රුධිරය සපයන කිරීටක ධමනියේ කොලෙස්ටරෝල් තැන්පත් වීම භයානකයි. කිරීටක ධමනියේ කොලෙස්ටරෝල් තැන්පත්වීමෙන් ඇතරෝඩා නමැති තෙල් කැටි හට ගැනීම සිදුවෙනවා. මෙම තෙල්කැටි හට ගැනීම නිසා රුධිර නාල අවහිරවී ඉන් ඔබ්බට රුධිරය ගලායැම ඇනහිටිනවා. එවිට එම නාල හරහා රුධිරය ගලායන හෘදයේ සෛල කොටස්වලට නිසි පරිදි රුධිරය නොලැබීම නිසා එම සෛල මැරීයැම සිදුවෙනවා. මෙලෙස සෛල මැරීයැම නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුනොවී හෘදයාබාධවලට ලක්ව මරණයට පත්විය හැකියි. වෛද්‍යතුමනි, අධි රුධිර පීඩනයෙන් මිදීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද? තම ශරීර සෞඛ්‍යය පිළිබඳව නිසි සැලකිල්ලක් දැක්විය යුතුයි. විශේෂයෙන්ම වයස අවුරුදු 35-40 ඉක්මවන සියලු දෙනා ආහාර පාලනය කිරීමට පියවර ගත යුතුයි. තෙල් අධික ආහාර පාන ගැනීම වෙනුවට ශරීරයට හිතකර මේදය සහිත ආහාරපාන නිසි ප්‍රමාණයක් ගැනීමට පුරුදු විය යුතුයි. දිනපතා ව්‍යායාම කළ යුතුයි. වෙහෙසවී වැඩ කටයුතුවල යෙදීම ඉතා හොඳයි. සත්ත්ව තෙල් අධික ආහාරපාන ගැනීම සීමා කළ යුතුම වෙනවා. බිත්තර කහමදය මස් වර්ග පාලනයකින් යුතුව ආහාරයට එක්කර ගත යුතුයි. ඇතැම් දෙනාගේ ආහාර ජීර්ණයේ ඇතිවන යම් යම් ගැටලු නිසාත් සිරුරේ කොලෙස්ටරෝල් අධිකව නිපදවනවා. එවිට මේද කොටස් අක්‍රමවත්ව හෝ අවිධිමත් ලෙස රසායනික පරිවර්තනයකට ලක්වීම නිසා කොලෙස්ටරෝල් ඉහළ යැම සිදුවෙනවා. මෙවැනි ජීර්ණ ගැටලු පවතින විට නිර්මාංශ පුද්ගලයන් පවා කෙලෙස්ටරෝල් වැඩිවීමේ ගැටලුවට ලක්වෙනවා. වෛද්‍යතුමනි, ආයුර්වේද ප්‍රතිකාර තුළින් මෙම අධිකව නිපදවන කොලෙස්ටරෝල් විනාශ කිරීම සඳහා ප්‍රතිකාර තිබෙනවාද? ආයුර්වේදයේ මෙම කොලෙස්ටරෝල් හඳුන්වන්නේ පිත්තස්නේහ ලෙසයි. එනම් නිවැරැදි ලෙස නොදිරවූ මේද කොටස් ලෙසයි. ඒවා ආම රසය ලෙසද හඳුන්වනවා. ආයුර්වේද ප්‍රතිකාර ඇරඹීමට පෙර ශරීරයේ කොලෙස්ටරෝල් හටගන්නා ක්‍රමවේදය ද නිසි ලෙස හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි. ඇම පාචක නම් ඖෂධ මගින් රුධිර නාල හෝ වෙනත් තැනක ඇති අහිතකර කොලෙස්ටරෝල් නැවත ජීර්ණය කරවීම සිදුවේ. මෘදු විරේචන ඖෂධ මගින් ඒවායේ ඇති අහිතකර පාදාර්ථ මළ මුත්‍රා හා දහදිය මගින් පිටකිරීම සිදුකරනවා. මෙම ඖෂධ ප්‍රතිකාර සමඟ ලබාදෙන ජීරක එන්සයිම සමබර කරවන ඖෂධ මගින් ශරීරයට අලුතෙන් එක්වන මේද කොටස් නිවැරැදි ආකාරයට ජීර්ණය වී ශක්තිය ලෙස නැවත ශරීරයට ලබාදීම සිදුකරනවා. මෙලෙස අප විසින් සිදුකරන ආයුර්වේද ප්‍රතිකාර මගින් ඉතා කෙටි කලකින්ම කොලෙස්ටරෝල් අධික වීමේ රෝගයට ගොදුරු වී සිටින රෝගීන්ට සුවය ලබා ගත හැකියි. එසේම අධික රුධිර පීඩනය ඇතැයි කොලෙස්ටරෝල් වැඩියි කියා පවසමින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ඔවුන්ට වෙනත් රෝග තිබේ දැයි කියා පූර්ව විමසීමක්ද කරනවා. එවිට බොහෝ රෝගීන් පවසන රෝග කිහිපයක් තිබෙනවා. දියවැඩියාව, ගැස්ට්‍රයිටීස්, අර්ශස්, පීනස, තුනටියේ වේදනාව, හිසේ කැක්කුම, ඇඟපත රුදාව, අත්පා හිරිවැටීම, අධික ලෙස කේන්තියැම, මළබද්ධය, වාතරක්තය සහ විවිධ සමේ රෝග පවතින බව කියනවා. එවැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ඔවුනගේ පවතින මෙම රෝගවලටත් ප්‍රතිකාර ලබා දෙමින් ඔවුනට ආවේණික වූ ඖෂධ රටාවක් යටතේ කොලෙස්ටරෝල් අධික බව සඳහා ප්‍රතිකාර ලබා දෙනවා. මෙවැනි නිවැරැදි ප්‍රතිකාර මගින් කොලෙස්ටරෝල් අධික බව නිට්ටාවට සුවකළ හැකියි. වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0713007000 හෝ 0713009088 අමතා ලබාගත හැකිය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 20 May 2018 07:00 PM ඇදුම රෝගය නිට්ටාවටම සුව කළ හැකිද? අපට එසේ කළ නොහැකි වුවත් බිය නොවන්න. ඇදුම ඉතාමත් හොඳින් පාලනය කළ හැකිය. බොහෝa ඇදුම රෝගීන්ට ඉතා අවම රෝග ලක්ෂණ සහිතව නිරෝගී සහ ක්‍රියාකාරී ජීවිතයක් වෙනත් ඕනෑම පුද්ගලයකු සේ ගත කිරීමේ හැකියාව ඇත. එබැවින් ඔබත් ඇදුම රෝගයෙන් පෙළේ නම් අප හමුවීමට එන්න. ඇදුම රෝගය පාලනය කර ගන්නේ කෙසේද? * ඇදුම රෝග ලක්ෂණ උත්සන්න කරවන කාරක වලට නිරාවරණය වීම අවම කර ගැනීම වඩාත් වැදගත් වේ. * ඇදුම රෝගය සඳහා වඩාත් ආරක්ෂාකාරී ප්‍රතිකාර ක්‍රමය බෙහෙත් පෙති නොව කටින් උරන ඉන්හේලරයයි. මන්ද ඉන්හේලරය පෙනහළුවල පමණක් ක්‍රියාත්මක වන අතර පෙති භාවිත කිරීමෙන් මෙම ඖෂධවල සංකූලතා මුළු ශරීරයට බලපානු ඇත. එමෙන්ම ඉන්හේලරයේ ඇති සුළු ඖෂධ මාත්‍රාවෙන් වඩාත් සහනදායී ප්‍රතිඵල ලැබෙනු ඇත. ඉන්හේලර දෙවර්ගයක් ඇදුම රෝගියකු භාවිත කරයි. ඉන් එක් වර්ගයක් නම් ක්ෂණික සහනදායී ඉන්හේලරයයි. (නිවාරණ ඉන්හේලරය) * මෙය භාවිතා කළ යුත්තේ රෝග ලක්ෂණ ඇති වන වෙලාවන්හිදීය. * එවිට හැකිළුණු ශ්වසන මං විවෘත වන අතර රෝග ලක්ෂණවලින් ඉක්මන් සහනයක් ලබා දේ. බොහෝ සහනදායී ඉන්හේලරයන් නිල් පාටයි. දෙවැන්න රෝගය වළක්වන ආකාරයේ ඉන්හේලරයයිa * රෝග ලක්ෂණ ඇති වීම වැළැක්වීමට නම් දීර්ඝකාලීනව මෙම ඉන්හේලරයන් නිතිපතා පාවිච්චි කළ යුතුය. * එවැනි බෙහෙත් වර්ග ශ්වසන මාර්ගයේ ප්‍රදාහ තත්ත්වය සමනය කර එහි සංවේදීතාවය පාලනය කරනු ලබයි. මෙලෙස ඇදුම උත්ප්‍රේරකයකට නිරාවරණය වූ විටද එයට ප්‍රතික්‍රියා කිරීම වළක්වයි. * මේ ආකාරයේ ඉන්හේලරයන් නිතිපතා රෝග ලක්ෂන නැති විට පවා නොකඩවා පාවිච්චි කළ යුතුය. * එමෙන්ම සෑම දිනකම එකම වෙලාවකදී පාවිච්චි කිරීම වඩාත් සුදුසුය. * මෙම ඉන්හේලරය රෝගය මනා ලෙස පාලනය කර පෙනහළු ආරක්ෂා කරයි. එමෙන්ම ඇදුම නිසා ඇති විය හැකි ජීවිත හානිය වළක්වා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට උපකාරී වේ. ඉන්හේලරයන් පිළිබඳව දැනුම්වත් වෙමු. විවිධාකාර ඉන්හේලරයන් අපි අතර ඇත. මින් බහුලවම දකිනු ලබන්නේ...... * වියළි කුඩු සහිත ඉන්හේලරයන් (Dry powder Prepreparations * අධි පීඩනයක් යටතේ මාත්‍රාව ලබාදෙන ඉන්හේලරයන් (Pressurized metered dose inhalers) * වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර ඒ ඒ රෝගියාට වඩාත් ගැලපෙන ඉන්හේලර වර්ගය පිළිබඳව එකඟතාවකට පැමිණීම සුදුසුය. * රෝග පාලනය කිරීම සඳහා ඉන්හේලරය අසාර්ථක වීමට මූලික හේතූන් නම් රෝගියා ක්‍රමවත් ලෙස ආශ්වාස නොකිරීම සහ වෛද්‍ය උපදෙස් අනුව නිතර භාවිතා නොකිරීමයි. * එබැවින් ඉන්හේලරයේ ප්‍රතිඵල සාර්ථකව ලබා ගැනීම සඳහා එය නිසි ආකාරව භාවිත කරන්න. එය ගැන වඩාත් සැලකිලිමත් වන්න. ස්පේසරයක් යනු කුමක්ද? * අධි පීඩන ඉන්හේලරය භාවිතයේදී එහි අඩංගු ඖෂධ මාත්‍රාව වඩාත් කාර්යක්ෂමව රෝගියාගේ පෙනහළු තුළට යැම සඳහා භාවිතා වන ආධාරකයකි. ළමුන් සහ වැඩිමහල් පුද්ගලයන් මෙය භාවිතා කිරීම වඩාත් වැදගත්ය. * නමුදු රෝගියා ඉන්හේලරය භාවිත කරන විලාසය පිළිබඳව සතුටු නොවන්නේ නම් වෛද්‍යවරුන් විසින් ඕනෑම රෝගියකුට මෙය නිර්දේශ කළ හැක. ඇදුම රෝගය පාලනය කරන්නේ කෙසේද? * වෛද්‍යවරයකුගේ පරීක්ෂාව යටතේ දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලැබිය යුතුය. * වෛද්‍යවරයකුගේ නිර්දේශයක් නොමැතිව ප්‍රතිකාර නැවැත්වීම නොකළ යුතුය. * සායනයේ කාර්ය මණ්ඩලය සමග මනා සම්බන්ධතාවක් සහ අදහස් හුවමාරු කර ගැනීමක් සඳහා උනන්දු වන්න. * රෝගියාට යම් ප්‍රහේලිකාවක් ඇත්නම් ඒ ගැන සාකච්ඡා කිරීමට කාර්ය මණ්ඩලය වඩාත් සතුටු වනු ඇත. ඇදුම රෝගය මනාව පාලනය කර රෝගියකුට කළ හැක්කේ මොනවාද? * ඇදුම රෝග ලක්ෂණ ඉස්මතු නොවී මනා ක්රියාකාරිත්වයක යෙදීම ඕනෑම ශාරීරික ව්‍යායාම සහ ක්‍රීඩාවල නිරත වීමට හැකිවීම. * ඇදුම රෝග ලක්ෂණ නොමැතිව රාත්‍රිය පුරාවට බාධාවකින් තොරව නිදා ගැනීම. * ඇදුම රෝග ලක්ෂණ වළක්වන අතර සහනදායී ඉන්හේලර පාවිච්චිය සතියකට දෙවරක් හෝ ඊට අඩු වාර ගණනක් දක්වා අවම කරයි. * පෙනහළු ක්‍රියාකාරීත්වය උපරිම මට්ටමක පවත්වා ගැනීම. මීළඟ සායනික පරීක්ෂාවට සූදානම් වන්නේ කෙසේද? * ඇදුම පිළිබඳ දින පොතක් නිවසේදී පවත්වා ගන්න. හටගන්නා සියලුම ඇදුම රෝග ලක්ෂණ පිළිබඳ සටහනක් යොදා එය වෛද්‍යවරයාට පෙන්වන්න. මෙය ඖෂධ මාත්‍රාවන් අඩු වැඩි කිරීම සඳහා වෛද්‍යවරයාට උපකාරී වනු ඇත. * පීනස් රෝගී තත්ත්වයන් ඇති වුණාද නැතිද යන්නත් ගැස්ට්‍රයිටිස් රෝගී තත්ත්වයක් තිබුණිදැයි සඳහන් කරන්න. * සෑම අවස්ථාවකදීම ඉන්හේලරය නොවරදවා සායනයට රැගෙන යන්න. සහනදායී ඉන්හේලර මොනවාද, රෝගය වළක්වන ආකාරයේ ඉන්හේලර මොනවාද යන්න ගැන හොඳින් පැහැදිලි කරවා ගන්න. * සායනයේ කාර්ය මණ්ඩලයට ඉන්හේලරය පාවිච්චි කරන ආකාරය ප්‍රායෝගිකව පෙන්වන්න. * ඇදුම රෝගය උත්සන්න වීම හඳුනා ගන්නේ කෙසේදැයි විමසා සිටින්න. එවැනි අවස්ථාවල කළ යුත්තේ කුමක්දැයි විමසා දැනගන්න. * ඉන්හේලරය පාවිච්චි කිරීම නවත්වන කාලය සහ එය කරන ආකාරය විමසා දැනගන්න. * ඔබට තවදුරටත් යම් සැකයක් හෝ බියක් තිබෙනවා නම් ඒ ගැන වෛද්‍යවරයා හෝ සෞඛ්‍ය අධ්‍යාපන හෙද නිලධාරිනියට පවසා සැක දුරු කර ගන්න. ශ්‍රී ලංකා ශ්වසන රෝග විශේෂඥවරුන්ගේ විද්‍යාලයීය සභාව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 20 May 2018 07:12 PM ඉතා වැදගත් තොරතුරු ටිකක්. මමත් අහල තියෙන්නේ ඉන්හේලර් භාවිතය තමයි ඉතා සුදුසු කියල. ඒ වගේම නිවැරදිව පාලනය නොකළහොත් මාරාන්තික වෙන්න පුළුවන් රෝගී අවස්තාවක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 20 May 2018 07:27 PM දරුවන්ගේ කකුල් බකල් වීම එමෙන්ම මෙවැනි තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා පාපන්දුවකට පයින් ගැසීමට සැලැස්වීමද සුදුසු ප්‍රතිකර්මයක් වේ ට්රයිසිකල් පැදවීමට යොමුකිරීම, තරප්පු නැගීම ආදියද මෙහිදී සිදුකළ හැකි තවත් ව්‍යායාම කිහිපයක දරුවා රාත්‍රියේ නිදාගත් අවස්ථාවේ පතුරු තබා බැඳීම සිදුකළ හැකි අතර මෙය පැය 5ක් 6ක් පමණ යෙදීම කළ යුතුය. එහිදී තදින් බැඳීම නොකළ යුතුය කුඩා දරුවන්ට ඇතිවන විකෘතිතා අතර බහුල ලෙස දැකිය හැකි රෝගී තත්ත්වයක් වශයෙන් කකුල් බකල් වීම හැඳින්විය හැකිය. වෛද්‍ය විද්‍යාත්මකව මෙම රෝගී තත්ත්වය, ජිනු වේරම් (genu varum) ලෙස හැඳින්වේ. කුඩා දරුවන්ට ඇතිවිය හැකි මෙම රෝග තත්ත්වය පිළිබඳව මෙන්ම ඒ සඳහා සිදුකළ හැකි භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දැනුවත් වීම වැදගත්ය. බොහෝ දරුවන්ගේ මෙම තත්ත්වය උපතේදීම දැකිය හැකිය. එහෙත් අවුරුදු දෙකක පමණ කාලයක් ගත වූ පසු ස්වාභාවිකවම මෙම තත්ත්වය මගහැරී යනු දැකිය හැකිය. එහෙයින් වෛද්‍ය මතය වන්නේ දරුවන්ගේ මෙම බකල් ස්වභාවයට අවුරුදු දෙකක් යනතුරු ප්‍රතිකාර නොකළ යුතුය යන්නයි. එහෙත් වර්තමානයේ මේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමේදී මීට මුල් අවස්ථාවේ සිටම ප්‍රතිකාර කළයුතු බව පෙනෙයි. දරුවන් වර්ධනයවත්ම ඔවුන්ගේ මාංශ පේශී හා අස්ථි ඝන වීම හේතුවෙන් පසුව ප්‍රතිකාර කිරීමේදී ඒ සඳහා දැඩි ආයාසයක් දැරිය යුතුය. එහෙයින් දරුවන්ට ඇති වූ මෙවැනි රෝග හඳුනාගත් වහාම ප්‍රතිකාර සඳහා යොමුවීම සුදුසු වේ. පාදවල ඇතිවන බකල් තත්ත්වයන්ට ප්‍රධාන හේතුව වන්නේ දරුවන්ගේ ස්වෝත්සහයෙන් නැගී සිටීමට ප්‍රථමයෙන් දෙමාපියන් විසින් දරුවන් නැගිටුවා තැබීමට උත්සාහ දැරීමයි. එහිදී ස්වාභාවිකව සිදුවිය යුතු මෙම ක්‍රියාව ආයාසයෙන් සිදුවීම නිසා පාදවල මෙම බකලතාව ඇතිවේ. එමෙන්ම මේ තත්ත්වය අධික බරින් යුක්ත දරුවන්ගෙන්ද දිස්වේ. බොහෝ විට කුඩා අවධියේදී නිසි ප්‍රමාණයට වඩා බර වැඩි දරුවන්ගේ බර, පාදවලට දරා ගැනීමට අපහසු වීම නිසා මෙම තත්ත්වය ඇතිවේ. මීට අමතරව ඔස්ටියෝපොරෝසිස්, මාංශ පේශිවල දුර්වලතා ආදී තත්ත්වයන්ද මේ සඳහා හේතුවේ. එමෙන්ම යම් දරුවකු නිසි වයසට පෙර සිටගන්නා අවස්ථාවලදී මෙන්ම දරුවන් ඇවිද්දවීමේ උපකරණවල ආනැර - යෙදවීම නිසාද මෙවැනි බකල තත්ත්වයක් ඇතිවිය හැකිය. එමෙන්ම එරිකට්ස් නම් වූ රෝගී තත්ත්වය නිසා ද මෙම පාද බකලතාව හෙවත් ජිනු වේරම් (ටැබම ඩ්රමප) රෝගය ඇතිවේ. පාද බකලතාව හෙවත් ජිනු වේරම් රෝගය නිවැරැදි කර ගැනීම සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර යොදාගත හැකිය. මෙම රෝගය සඳහා ප්‍රතිකාර සිදුකිරීමට පෙර මූලික වශයෙන් දරුවාට එරිකට්ස් නම් වූ රෝගී තත්ත්වය වැළඳී ඇත්දැයි යන්න පිළිබඳව සනාථ කරගත යුතුය. එමෙන්ම දරුවාගේ යම් පෝෂණ ඌනතාවක් නිසා මෙම තත්ත්වය ඇතිවී දැයි යන්න සොයා බැලිය යුතුය. බොහෝ විට සීරම් කැල්සියම් මට්ටම මෙහිදී බලපායි. එහෙයින් රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමට පෙර ඒ තත්ත්වයට මූලික හේතුව සොයා බැලීම වැදගත් වේ. මෙම ප්‍රතිකාර සිදුකිරීමේදී පේශි ශක්තිමත් කිරීම පිළිබඳව මූලික අවධානය යොමුකෙරේ. එහිදී විශේෂයෙන්ම පාදයේ පේශි ශක්තිමත් කිරීමට කටයුතු කරයි. එම පේශි ශක්තිමත් කිරීමේදී පාදයේ අස්ථිවලට යොමුවන බර නිදහස් වන අතර පාදයේ බකලතාව මගහැරී යයි. මෙම තත්ත්වය නිවැරැදි කිරීම සඳහා භෞතචිකිත්සක ප්රතිකර්මවලට අදාළ වන ව්‍යායාම කළ හැකිය. ඒ සඳහා කළ හැකි ව්‍යායාම කිහිපයක් හඳුනාගත හැකිය. එනම් ග්‍රෑම් 100 ක් පමණ බර වැලි කොට්ටයක් දරුවාගේ වලලු කරෙහි එල්ලා දරුවාට එය ඔසවන්නට සැලැස්වීම මේ සඳහා සිදුකළ හැකි එක් ප්‍රතිකර්මයකි. මෙහිදී පාදයේ මාංශ පේශි ශක්තිමත් වේ. මෙමඟින් අස්ථිවලට යොමුවන බර නිදහස් වී පාදය යථා තත්ත්වයට පත්වේ. මෙම ව්‍යායාමය සතියක් පමණ එක දිගට සිදුකිරීමෙන් පසුව නැවත වැලි කොට්ටයේ බර ග්‍රෑම් 50 කින් පමණ වැඩි කර දරුවාට එය ඔසවන්නට සැලැස්විය යුතුය. ඒ ආකාරයට දරුවාගේ පාද බකලතාව යථා තත්ත්වයට පත්වනතුරු වැලි කොට්ටයේ බර සතියෙන් සතියට ග්‍රෑම් 50 ක පමණ ප්‍රමාණවලින් වැඩිකිරීම කළ යුතුය. එමෙන්ම මෙවැනි තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා පාපන්දුවකට පයින් ගැසීමට සැලැස්වීමද සුදුසු ප්‍රතිකර්මයක් වේ. එහිදීද පාදයේ මාංශ පේශි ශක්තිමත් වී පාද අස්ථිවලට යොමුවන බර නිදහස් වේ. ට්රයිසිකල් පැදවීමට යොමුකිරීම, තරප්පු නැගීම ආදියද මෙහිදී සිදුකළ හැකි තවත් ව්‍යායාම කිහිපයකි. එමෙන්ම මෙම තත්ත්වයේදී දරුවා නිදියන අවස්ථාවල දරුවාට මර්මේඩ් ස්ප්ලින්ට් (Murmaid Splint) හෝ මිඩියල් ස්ප්ලින්ට් (Medial Splint) යෙදීම කළ හැකිය. දරුවා රාත්‍රියේ නිදාගත් අවස්ථාවේ පතුරු තබා බැඳීම සිදුකළ හැකි අතර මෙය පැය 5 ක් 6 ක් පමණ යෙදීම කළ යුතුය. එහිදී තදින් බැඳීම නොකළ යුතුය. යම් හෙයකින් පතුරු බැඳීමේදී තද වැඩි වුවහොත් රුධිර ගමනාගමනයට බාධා වී, පාදයේ ඇඟිලි හා පතුල නිල් පැහැවී සීතල වී ඉදිමිය හැකිය. එහෙයින් එලෙස පතුරු බඳින ලද අවස්ථාවලදී දෙමාපියන් ඒ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්වේ. එවැනි තත්ත්වයක් දුටු වහාම පතුරු ලිහිල් කිරීම කළ යුතුය. දරුවාගේ ආබාධය යහපත් තත්ත්වයට පත්වී ඇති බව නිවසේදීම මැනගත හැකි ක්‍රමයක් නම් දරුවාගේ වළලුකර එකට සිටින සේ තබා, දණහිස් දෙක අතර දුර ප්‍රතිකාර කරන අතරතුර මැනීමය. ප්‍රතිකාර කිරීමේදී දරුවාගේ දණහිස් අතර පරතරය ක්‍රම ක්‍රමයෙන් අඩුවී ඇත්නම් දරුවා යථා තත්ත්වයට පත්ව ඇති බව නිගමනය කළ හැකිය. මෙම තත්ත්වයෙන් දරුවන් මුදා ගැනීම සඳහා මෙම අවවාද මතක තබා ගැනීම වැදගත් විය හැකිය. බෙහෝ අවස්ථාවලදී මෙවැනි තත්ත්වයන් ඇති වන්නේ දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම උඩය. එහෙයින් තම දරුවා ස්වෝත්සහයෙන් නැගිටිනතුරු දරුවා නැගිටුවා තැබීමට උත්සාහ නොකළ යුතුය. එමෙන්ම අධික ස්ථුලතාව ඇති නොවන ලෙස දරුවාගේ බර පාලනය කිරීමට දෙමාපියන් කටයුතු කළ යුතුය. දරුවා නිසි කලට පෙර ඇවිද්දවීමේ උපකරණවල (උaකනැරි) යෙදවීම නොකළ යුතුය. කොළඹ රිඡ්වේ ආර්යා රෝහලේ, ප්‍රධාන භෞතචිකිත්සක, ආචාර්ය ජාලිය උඩුවැල්ල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 20 May 2018 10:21 PM මේ වගේ රෝගී තත්ත්වයන් නම් ව්‍යායාම මගින් ගොඩක් දුරට අවම කර ගන්න පුළුවන්... 0 chamaramindMost Senior MemberPosts:13471 21 May 2018 04:43 AM අනවශ්‍ය ලෙස වේදනානාශක ගන්න එපා කැක්කුම් ගැන වේදනාවල් ගැන අහන්නට, දකින්නට ලැබෙන අවස්ථා කෙළවරක් නෑ. හරියට කොන්ද කැක්කුමයි, මගේ බෙල්ල හරවන්න බෑ. තුනටිය කැක්කුම ඉවසන්නම බෑ. මේ කැක්කුම්වලයි, වේදනාවල්වලයි ඉවරයක් නෑ නේද? ගෙදර වැඩ කරගන්න ඕන හැන්දා වේදනානාශක පෙත්තක් බිව්වා ඒත් අඩුවක් නෑ. ඔබත් මේ වගේ කැක්කුම්, වේදනා නිසා නිතර පීඩාවිඳින, ඒ ගැන මැසිවිලි කියමින් වැඩකරන කෙනෙක්ද? මේ වගේ වේදනා ඇතිවුණහම වැඩි දෙනෙක් කරන්නේ වේදනා නාශක පෙත්තක් ගිලින එක නැත්නම් වේදනා නසන ආලේපනයක් ගල්වා පිරිමැදීමයි. සමහරවිට මේ දේවල්වලින් ඔබ සහනයක් ලබන්නට ඇති. ඒත් එය තාවකාලික බව ඔබට දැනෙන්නේ නැවතත් පෙර පරිදිම වේදනාව ඇතිවූ විටයි. මොකද මෙහෙම වෙන්න හේතුව? ඔන්න ඔබ ගැනයි ඔබ හිතන්න ඕන. වේදනාවක්, කැක්කුමක් ඇතිවන්නේ කිසියම් හේතුවක් නිසයි. එම නිසා ඔබ වේදනා නාශක හෝ එවන් ආලේපනවලට මුල්තැනක් දෙන්නට කලින් මේ වගේ වේදනාවක් ඇතිවන්නේ කුමක් නිසාද කියලා හිතන්න. වේදනා ගැන, කැක්කුම් ගැන වැඩිවශයෙන් කියන්නේ කාන්තාවන්. බොහෝවිට එදිනෙදා වැඩකටයුතුවලදී ඔබ නුහුරු ඉරියව්, වැරැදි ඉරියව් මෙම කැක්කුම් වේදනාවලට හේතුවන්නට ඇති කියලා හිතුවේ නෑ නේද? අපි උදාහරණ හැටියට ඔබ කිසියම් කටයුත්තක යෙදීමට කොන්ද නමන ආකාරය ගැන හිතලා බලමු. ඔබ බරක් ඔසවන විට කොන්ද නැමීම ඉඟටියෙන් සිදුකළොත් එය වැරැදි ඉරියව්වක්. එහෙමනම් නිවැරැදි ඉරියව්ව මොකක්ද? කොන්ද නොනැමී දණ හිසෙන් නැමී ගැනීමට අවශ්‍ය දේ තමාගේ සමීපයට ගෙන ඔසවමින් දණහිස්වලින් නැගීසිටීම බර එසවීමේ දී අනුගමනය කළයුතු නිවැරැදි ක්‍රමයයි. එසේ නොමැතිව ඔබ දණහිස් නොනමා පහතට නැමී බරක් එසවුවහොත් කොන්ද හා අස්ථිවලට මෙන්ම එහි මාංශ පේශීන් පිහිටා ඇති රටාව ඇදී යාමකට ලක්වීමෙන් අස්ථි බන්ධනවල ඇති කරන ආතතිය නිසා වේදනාවක්, ඉදිමුමක් ඇතිවන්නට පුළුවන්. ඉහත කී ආකාරයෙන් වේදනා කැක්කුම් ගෙන දෙන්නේ ඔබ ශරීරයේ පිහිටීම් ගැන සැලකිල්ලක් නොදක්වා ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් කටයුතු කිරීමට යාම නිසයි. මේ විතරක් නෙමෙයි. ඔබ නිදාගන්නා විට, ඉඳගන්නා විට, පහතට නැඹුරුවන විට වැරැදි ඉරියව්වල සිටීමෙන් ඔබට ඇතිවන වේදනා කැක්කුම්වල කෙළවරක් නොවෙයි. මෙම වේදනා කැක්කුම් මඟහරවා ගන්නට නම් ඔබ කළයුත්තේ එදිනෙදා වැඩකටයුතුවලදී නිවැරැදි ඉරියව් පවත්වාගන්නට උත්සාහ කිරීමයි. බොහෝවිට ඔබ මුළුතැන්ගෙයි වැඩකටයුතු කරන්නේ සිටගෙන නම් වැඩකිරීමට භාවිතකරන මේසය තම වැලමිටෙහි උස ප්‍රමාණයට පවතිනවාද යන්න ගැන සැලකිලිමත්වීම වැදගත්.ඇතැම්විට පැන්ට්‍රියේ උස ප්‍රමාණය පවතින්නේ ඔබේ වැලමිට පහතින් නම් නිතරම පහතට නැමී සිටින ඉරියව්වෙන් වැඩකිරීම නිසා මාංශ පේශීවලට සහ අස්ථිවලට ද ඇතිවන ආතතිය කොන්දේ කැක්කුමක් ලෙස දැනෙන්නට පුළුවන්. මෙවන් අවස්ථාවලදී ඔබ වේදනාවන් මඟහරවාගන්නට වේදනා නාශකවලින් පිළියම් සෙව්වත් එමඟින් වේදනාව කෙටි කලකින් සමනය වීමක් හැර සිදුවී ඇති හානිය අවම කිරීමක් සිදුවන්නේ නැහැ. එමෙන්ම අනවශ්‍ය ලෙස වේදනා නාශක භාවිතය නිසා ඉන් අතුරුඵල ගෙන දීමේ ඇති හැකියාව වැඩියි. එසේනම් මෙයට ප්‍රතිඵලදායක විසඳුමක් ලෙස සැලකිය හැක්කේ කුමක්ද? භෞතචිකිත්සා ප්‍රතිකාර මඟින් මෙවැනි රෝග තත්ත්වයන්ට ඉක්මන් සුවය ළඟාකරගත හැකියි. මෙහි කිසිදු අතුරු ආබාධයක් නොවන අතරම තාප ප්‍රතිකාර, කෙටි තරංග, විද්‍යුත් උත්තේජන ආදී ප්‍රතිකර්ම රැසක් භෞතචිකිත්සාවෙන් කරනු ලබනවා. මේ සඳහා ව්‍යායාම් ක්‍රම අනුගමනය කිරීමට පෙළඹෙන අවස්ථා තිබෙනවා. එය මේ සඳහා සාර්ථක පිළියමක් ද? ව්‍යායාම් කිරීම සුදුසු දෙයක් වුවත් තමන්ට යෝග්‍යවන්නේ කුමන ආකාරයෙන් ව්‍යායාමයක් ද යන්න ගැන පරීක්ෂාකාරී වී තීරණයකට එළඹීම වඩාත් වැදගත්වෙනවා. එසේ නොමැතිව ආයාසයෙන් ව්‍යායාම් කිරීමට යාමෙන් විවිධ සංකූලතාවයන්ට මුහුණු පෑමට සිදුවිය හැකියි. මේ නිසා ඔබට සුදුසු ඔබ කළයුතු ව්‍යායාම මොනවා ද? යන්න පිළිබඳ භෞතචිකිත්සකවරයාගෙන් හෝ නිසි සුදුසුකම්ලත් උපදේශකවරයකුගෙන් උපදෙස් ලබාගෙන කටයුතු කිරීම වඩාත් වැදගත්. සමහරුන් ඉහත කී ආකාරයෙන් වේදනාවක්, කැක්කුමක් ඇති වූ විට බොහෝවිට උණුවතුරෙන් තැවීමට උත්සාහකරන අවස්ථා තිබෙනවා. නමුත් මෙය සුදුසු දෙයක් ලෙස අනුමත කළ නොහැකියි. හේතුව උණුවතුරින් තවන විට ඒ තැනින් යම් ඉදිමුමක් ද ඇතිවන්නට ඉඩ ඇති නිසයි. මෙහිදී කළයුතු වන්නේ එම ස්ථානය නිසොල්වන්ම මඳක් එසවෙන සේ තබාගෙන සිටීමට හැකිනම් අයිස් වතුරෙන් තැවීම වැනි දෙයක් කිරීම සුදුසුයි. එසේ කිරීමෙන් ඉදිමුමක් ඇති නොවෙයි. ඉන් දින තුනකට පමණ පසුව උණුවතුරෙන් තැවීම සුදුසුයි. ඉහත කී ආකාරයේ කරුණු හැරෙන්නට වෙනත් හේතූන් නිසාත් කොන්ද කැක්කුම වැනි දේ ඇතිවිය හැකිද? කොන්ද කැක්කුම ඇතිවීම තනිකරම වැරැදි ඉරියව් නිසා ඇති නොවන්නක් වන්නටත් පුළුවන්. සමහරවිට වකුගඩු ආබාධ, උණ, මුත්‍රා ආසාදන වැනි ශාරීරික රෝග තත්ත්වයන් හේතුවන්නට පුළුවන්. නමුත් ඒ පිළිබඳව බියට පත්වීම හෝ තාවකාලික වේදනානාශකවලින් පමණක් සෑහීමකට පත්නොවී අවශ්‍ය පියවර ගැනීමට සැලකිලිමත් වීම වැදගත්. උපදෙස් - ආචාර්ය ජාලිය උඩුවැල්ල ප්‍රධාන භෞතචිකිත්සක රිජ්වේ ආර්යා ළමා රෝහල http://www.tharunie.lk/ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 122 of 137 << < 120121122123124 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner