Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 123 of 137 << < 121122123124125 > >> Author Messages Ind007kaMost Senior MemberPosts:12931 21 May 2018 06:18 PM මේ කතාව නම් ඇත්ත First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 21 May 2018 06:43 PM එක බේතක් බොනකොට ඒකෙන් තව ලෙඩක් බිහිවෙනවා... සංසාර චක්‍රය වගේ ඉවර වීමක් නැහැ... 0 chamaramindMost Senior MemberPosts:13471 22 May 2018 05:12 PM නිරෝගිමත් හා ශක්තිමත් මනසකින් යුතු කාන්තාවක් වෙන්න ඔසප් චක්‍රය ක්‍රමවත්ව පවත්වා ගන්න මල්වරය සිදුවීමෙන් පසු යම් සාධාරණ කාලයක් තුළ දී ඔසප් චක්‍රය ආරම්භය සිදුනොවූයේ නම් නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාර ලබාගන්න. අද කාලයේ තරුණ අම්මලා බොහෝ දෙනකුගේ සහ ඔවුන්ගේ අම්මලාගේ කාලයේ දී ගැහැනු දරුවකු මල්වර වූ වයස සාමාන්‍යයෙන් අවුරුදු 13-14 තරම් වෙනවා. නමුත් අද කාලයේ ගැහැනු ළමයකුගේ මල්වර වයස අවුරුදු 10 ක් තරම් වෙනවා. අද දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ යාමත් වසංගත රෝගවලට ගොදුරු නොවීමත් හා සාපේක්ෂව එදාට වඩා දියුණු සෞඛ්‍යය සේවාවක් තිබීමත් ආදිය මේ සඳහා හේතුවී තිබෙනවා. එබැවින් එම තත්ත්වය මිනිසාගේ දියුණුවත්, වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබාගැනීමත් යන කාරණා සමඟ බැඳී තිබෙන හේතුවක් මිස ගැටලුවක් නොවෙයි. නමුත් වෙළඳපොළෙහි තිබෙන නොයෙක් රසායන ද්‍රව්‍ය එන්නත් කරමින් ඉතා කෙටි කලකින් වර්ධනය කරගෙන මසට සකස් කරන කුකුළන්ගේ මස් ප්‍රධාන කොට වූ ආහාර වර්ග නොකඩවා කෑමට ගැනීම හේතුවෙන් ගැහැනු ළමයින්ගේ ශරීර තුළ හෝමෝන ක්‍රියාකාරීත්වයට යම් හෝ බලපෑමක් සිදුවීමට හැකියි. එවැනි වූ හේතූන් නිසා ද මල්වර වන වයස අඩු විය හැකිය. මල්වරයෙන් පසුව සෑම නිරෝගී ගැහැනු ළමයෙකුගේම, කාන්තාවකගේම ඔසප් චක්‍රය මාසිකව හා ක්‍රමානුකූලව රටාවකට අනුව සිදුවෙනවා. මල්වරය සිදුවීමෙන් පසු මාසිකව සාමාන්‍යයෙන් දින 28 ක කාලයකට වරක් බැගින් ඔසප් වීම සිදුවෙනවා. සාමාන්‍යයෙන් මෙම දින 28 සංඛ්‍යාව අඩුවීමට හෝ වැඩිවීමට හැකියි. එනම් එය දින 26 හෝ 30 අතර විය හැකියි. එසේ දින ගණන අඩු හෝ වැඩිවීම කලබල වියයුතු දෙයක් නොවෙයි. ප්‍රථම වර ඔසප් වීම සිදුවූවත් එය රටාවකට සිදුවීමට තරම් අදාළ ඉන්ද්රීයවල පරිණත වීම සිදුනොවී තිබීම ඊට හේතුවයි. ඒ හේතුවෙන් මල්වරයෙන් පසු ඔසප් චක්‍රය ක්‍රමානුකූලව සිදුනොවීමට ඉඩ තිබෙනවා. එය මාස කිහිපයකින් හෝ සමහරවිට වසරකින්, දෙකකින් හෝ පසුව යථා පරිදි සිදුවීමට පටන් ගන්නවා. සමහරවිට එසේ ඔසප් චක්‍රය ක්‍රමවත් වීමට වසර 3-4 ක උපරිම කාලයක් ද ගතවිය හැකියි. සාමාන්‍යයෙන් ගැහැනු ළමයකු මල්වර වීමෙන් පසු ක්‍රමයෙන් ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වීම සිදුවී වයස 18 පමණ කාලය වන විට ඔසප් චක්‍රය ක්‍රමවත්ව, නොකඩවා සිදුවීමට පටන් ගන්නවා. එබැවින් ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට ඉඩදී අප බලා සිටිය යුතුයි. එසේ නොවී එම කාලය තුළ කලබල වීම කළයුතු නැහැ. සමහර අම්මලා තමන්ගේ අතීත අත්දැකීම් අමතක කළවුන් පරිද්දෙන් මෙවන් අවස්ථාවලදී කලබල වීම හා තම දියණිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරවීම දැකගත හැකියි. එය නොකළ යුතු ක්‍රියාවක් බව නැවතත් මතක් කළ යුතුයි. ශරීරයට ස්වාභාවික ලෙස වැඩී වර්ධනය වීමට යම් සාධාරණ කාලයක් ලබාදිය යුතු අතර එම ක්‍රියාකාරීත්වය රසායන ඖෂධ මඟින් බලහත්කාරයෙන් වෙනස් කිරීම බොහෝ ගැටලු සඳහා හේතුවිය හැකියි. එමෙන්ම නිසි වයසට එළඹුණු පසුව හා යම් සාධාරණ කාලයක් ගතවූ පසුත් ඔසප් චක්‍රය තවදුරටත් ක්‍රමවත්ව සිදු නොවෙයි නම් යෞවන වයසේ දරුවන් සිටින අම්මලා මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුයි. “මේ දුවන පනින කාලේ, ඉගෙන ගන්න කාලේ ඕක ටිකක් කල් නැවතිලා තියෙන එකක් හොඳයි.” කියලා සමහර මවුවරු හිතනවා. දියණියෝත් හිතනවා. එසේ සිතන්නේ නම් ඔවුන් උගසට තබන්නේ අනාගතයේ දී හිමිවන උත්තරීතර මවු පදවිය බව ද මතක තබාගත යුතුයි. වැඩිහිටි වියේ දී කාන්තාවකගේ ඔසප් වීම ස්වභාවිකව ස්ථිරවම නතර වීම මල්වරයේ අවසානය හෙවත් ආර්තවහරණය ලෙසින් හඳුන්වනවා. ඉන්පසුව සාමාන්‍ය තත්ත්වයන් යටතේ ඇයට දරු පිළිසිඳ ගැනීමක් සිදුවන්නේ නැහැ. කාන්තාවක් ගර්භණී තත්ත්වයට පත්වූ විටදීත් ඔසප් චක්‍රය තාවකාලිකව නතර වෙනවා. මවුකිරි දෙන අම්මලාගේ මුල් මාස 6 ක පමණ කාලය තුළ ඔසප් චක්‍රය ක්‍රමවත්ව සිදුවන්නේ නැහැ. ඩිම්බ කෝෂයේ නොයෙකුත් ආබාධ තත්ත්වයන් නිසාත්, තයිරොයිඩ් හා පිටියුටරි ග්‍රන්ථිවල ආබාධ නිසාත් ඔසප් චක්‍රය අක්‍රමවත් ලෙස සිදුවෙනවා. තවද ගර්භාෂය ආශි‍්‍රතව සිදුකරන සැත්කම් හා ගබ්සා කරගැනීම් හේතුවෙන් යෝනි මාර්ගය හරහා විෂබීජ ඇතුළු වීම වැනි කාරණා නිසාත් ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සිදුවිය හැකියි. මේ හැරුණු විට ක්‍රීඩා කටයුතු ආදියේ පුහුණුවීම වෙනුවෙන් අධික ලෙස ව්‍යායාම කිරීම සහ තරග විභාගයන්ට මුහුණ දීමට රෑ දහවල් නොතකා වෙහෙසවීමෙන් තදබල මානසික පීඩනයට පත්වීම නිසාත් කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත්වීම ඇතිවිය හැකියි. ඔසප් චක්‍රය අක්‍රමවත්වීම හේතුවෙන් ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට යම් යම් බාධාවන් ඇතිවෙනවා. එම තත්ත්වය ශාරීරිකව මෙන්ම මානසිකව ද බලපෑම් ඇතිකරනවා. කාන්තාවට උරුම හා අතිවිශේෂිත වූ චර්යාව බිඳවැටීම හරහා ඇයගේ සිතෙහි හටගන්නා චංචලබව පිළිබඳ ප්‍රථමයෙන්ම සඳහන් කළ යුතුයි. තමාගේ ශරීරය ඇත්තෙන්ම නිරෝගී තත්ත්වයේ නොමැති බව ඇයට වැටහෙනවා. මේ ගැන කියන්නේ කාටද?.. උපදෙස් ලබාගන්නේ කාගෙන් ද?... මොනවා හිතයිද?... ප්‍රතිකාර ලබාගන්නට යන්නේ කොතැනට ද?.. ආදී වශයෙන් ඇය විපිළිසර වෙනවා. එක් එක් වයස් කාණ්ඩය හා ඇය ජීවත්වන පරිසරය හා නැවතී සිටින ස්ථානය හා විවාහක කාන්තාවක් නම් පවුලේ පසුබිමත්, සැමියාගේ හැසිරීමත් සමඟ සම්බන්ධ කරගෙන මේ තත්ත්වය ගළපා ගත යුතුයි. මේ අනුව ඔසප් චක්‍රය අක්‍රමවත්වීම යනු කාන්තාවකට ඇත්තෙන්ම ගැටලුවක්. ඔසප් චක්‍රය අක්‍රමවත්වීම හේතුවෙන් ශරීරය ක්‍රමයෙන් මහත්වීම සිදුවිය හැකියි. නිදිමත දැනීම, අලස ස්වභාවය පෙන්වීම හා කම්මැලි ක්‍රියාකාරීත්වය ඇතිවීම ද දැකිය හැකියි. එමෙන්ම යම් සුළු ක්‍රියාවකින් පවා අධික වෙහෙසක් දැනීමත්, විඩාව හා තෙහෙට්ටුව ඇතිවීමත් සිදුවෙනවා. එමෙන්ම ගර්භාෂය ආශි‍්‍රතව නොයෙක් රෝගාබාධ ඇතිවීමටත් ඔසප් චක්‍රය අක්‍රමවත්ව සිදුවීම හේතුවිය හැකියි. මෙහි ඇති භයානකම අනතුර එයයි. මේ හේතුවෙන් පසු කාලයේ දී දරුවන් පිළිසිඳ ගැනීමටද යම් හෝ බාධාවක් ඇතිවිය හැකියි. එබැවින් මෙම තත්ත්වය නිවැරැදිව වටහාගෙන, බුද්ධිමත්ව කටයුතු කිරීමට සෑම කාන්තාවක්ම වගබලා ගත යුතුයි. සාමාන්‍යයෙන් මසකට වරක් බැගින් ඔසප්වීම ඇතිවීම නිසි පරිදි සිදු නොවෙයි නම්, එක් මසක කාලයක් තුළදී එක් වරකට වැඩියෙන් ඔසප්වීම සිදුවෙයි නම්, ඔසප්වීම ඇරඹී දින 10-15 පමණ කාලයක් තිස්සේම නොකඩවා රුධිරය වහනය වීම පවතින්නේ නම්, මුලදී ඉතා ක්‍රමවත්ව පැවැති ඔසප් චක්‍රය පසුව ක්‍රමයෙන් අක්‍රමවත්වීම හා පසුව එය නිවැරැදිව සිදුවී නැවතත් අක්‍රමවත්වීම සිදුවේ නම් හා මෙම තත්ත්වය මාරුවෙන් මාරුවට සිදුවෙයි නම්, මල්වරය සිදුවීමෙන් පසු යම් සාධාරණ කාලයක් තුළදී ඔසප් චක්‍රය ආරම්භ වීම සිදු නොවූයේ නම් ඒ සඳහා නිවැරැදිව ආයුර්වේද ප්‍රතිකාර ලබාගන්න. ශරීරයට කිසිදු අන්තරායකාරී බවකින් තොරව මුළුමනින්ම ශාකසාර ඖෂධ මඟින් සිදුකරන නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාරය ලබාගෙන ඔසප් චක්‍රය ක්‍රමවත්ව පවත්වා ගන්න. නිරෝගිමත් හා ශක්තිමත් මනසකින් යුතු කාන්තාවක් වන්න. වෛද්‍ය සජානි වාසනා ප්‍රනාන්දු BAMS (Hons) University of Kelaniya ධන්වන්තරි ආයුර්වේදය පිළියන්දල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 May 2018 05:44 PM කාන්තාවන්ට ඉක්මන් කෝපය ඇතිවන්නේ ඇයි? හොස්ස ළඟින් මැස්සො යන්න බැහැනෙ. පුදුම කේන්තියක් තියෙන්නෙ. සමහර කාන්තාවන් සහ පිරිමින් සම්බන්ධව අපි පවසන්නෙමු. එසේ පැවැසීමට සිදු වන්නේ ඔවුන් තුළ පවතින ඉක්මන් කෝපය නිසාය. ඉක්මනින් කෝපවීම කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන බව පවසති. එනිසා කාන්තාවන් මෙලෙස ඉක්මනින් කෝපයට පත්වන්නේ ඇයිදැයි කියා විමසා බැලීම වැදගත්ය. වෛද්‍යතුමනි, ඉක්මනින් කෝපයට පත්වීම කාන්තාවන් අතර බහුලවීමට බලපා ඇති හේතුව කුමක්ද? ඉක්මනින් කෝපයට පත්වීම කියා පවසන්නේ ඉතා ඉක්මනින් මනස නොසන්සුන් වීමටයි. යම් පුද්ගලයකුගේ මනස සන්සුන්ව පවත්වනවා නම් කෝපය ඇතිවන්නේ නැහැ. කාන්තාවන් අතර ඉතා ඉක්මනින් කෝපය ඇතිවීමට බලපා ඇති ප්‍රධානම හේතුවත් ඔවුන්ගේ මනස නොසන්සුන් බවය. මේ සඳහා හේතු රාශියක් බලපානවා. ඒ බව සෘෂි නාඩි විද්‍යාවේත් සඳහන් කර තිබෙනවා. කදස්මති සෘෂි භාසීතම්, ස්ත්‍රී භාගා ක්ෂණික කෝපාවිෂ්ඨභාගා, කෲර භාගා තැනා හේතුං... මින් සඳහන් කරන්නේ කාන්තාවන්ට ඉක්මනින් කෝපය ඇතිවීමට දරුණු සිතුවිලි පහළවීමට බොහෝ හේතු බලපාන බවය. මෙය උපතින්ම ඇතිවිය හැකියි. තම පරම්පරාවට යා හැකියි. රෝග පීඩා නිසා මතුවිය හැකියි. ඇය ජීවත්වන පරිසරය අනුව මතුවිය හැකියි. උපතින්ම ඇතිවීම කුස තුළ සිටින දරුවාගේ මානසික වර්ධනය සඳහා බලපාන්නේ මවගේ ගැබිනි සමයේ පරිසරය බව හඳුනාගෙන තිබෙනවා. දරු ප්‍රසූත සමයේදී මව ජීවත්වන්නේ නොසන්සුන්බවකින් නම්, දැඩි මානසික පීඩනයකින් නම් උපදින දරුවා තුළද එම අවුල් වියවුල් බව පවතිනවා. මෙය දරුවා උපන් මොහොතේ සිට දැකිය හැකියි. නිතර හැඬීම, නිදා නොගැනීම, අසාමාන්‍ය ලෙස දැඟලීම ආදී ලක්ෂණ දරුවා තුළින් මතුවෙනවා. මෙසේ උපන් දරුවා ගැහැනු දරුවෙක් නම් ඇයගේ ස්ත්‍රී හෝමෝනවලට ද බලපෑම් ඇති වෙනවා. එවිට ඇය වැඩිවියට පත්වීමේ ප්‍රමාදයන් සිදුවෙනවා. ඇය තුළ නිතරම සැර පරුෂ ගතිගුණ පහළ වෙනවා. ඉක්මනින් කෝපයට පත්වෙනවා. පරම්පරාවට ඇතිවන කෝපය වර්තමානයේ දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. අතීතයේදි නම් එවැනි පවුල් බොහෝ දකින්නට ලැබුණා. රෝග පීඩා නිසා පිරිමියකුට වඩා කාන්තාවකගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය සංකීර්ණයි. එනිසා ඇයට මතුවිය හැකි රෝග පීඩාදිය දැඩියි. විශේෂයෙන්ම කාන්තාවන් මතුවන පිළිකා රෝගද බහුලයි. ඉතිං... එවැනි රෝගයක් වැළඳුන කාන්තාවක් හෝ ඒ සඳහා රෝග ලක්ෂණ මතුවෙමින් පවතින අවධියක සිටින කාන්තාවකට ඉතා ඉක්මනින් කෝපය ඇති වෙනවා. ජීවත්වන පරිසරය අනුව කාන්තාවකට ඉතා ඉක්මනින් කෝපය ඇතිවීම බලපාන බරපතළම කාරණය වන්නේ ඇය ජීවත්වන පරිසරයයි. ඇය ජීවත්වන්නේ නිතර අඬ දබර ඇතිවන පවුලක නම් ඇයටත් එම ගතිගුණ, ඉක්මනින්ම මතුවෙනවා. එසේම විවිධ ආර්ථික ගැටලු, රෝග පීඩාවන්, ආදරය, කරුණාව අහිමිවීම වැනි කරුණු මත දිවි ගෙවන විටදීද ඇයට ඉතා ඉක්මනින් කෝපය මතුවෙනවා. වෛද්‍යතුමනි, මෙලෙස මතුවන ඉක්මන් කෝපය පාලනය කළ හැක්කේ කෙසේද? පළමුවෙන්ම ඇයට ඉක්මන් කෝපය මතුවීමට බලපා ඇති හේතුව හඳුනාගෙන යුතුයි. ඒ අනුව ඇයට ලබාදිය යුතු ප්‍රතිකාරය කුමක් දැයි කියා තීරණය කිරීමට සිදු වෙනවා. ඇතැම් දෙනා ඉක්මන් කෝපය පාලනය කිරීමට කියා සිත සක්සුන් කර ගැනීමේ භාවනා වැඩසටහන්වලට යොමු වෙනවා. එය හොඳ දෙයක්. නමුත් තමා තුළ කෝපය මතුවීමට හේතු වූ කරුණ කාරණා හරිහැටි අවබෝධකර නොගෙන ඒ සඳහා යොමු වුවහොත් ඉන් ප්‍රතිඵල ලබාගත නොහැකියි. එසේ වූ විට ඔවුන් භාවනා කිරීමේ ක්‍රම කෙරෙහි අවිශ්වාසයක් ඇති කරගන්නවා. එනිසා ඉක්මන් කෝපය පාලනය කර ගැනීම සඳහා යොමු වීමෙන් ඉවසීමෙන් යුතුව කළ යුතුයි. ඇතැම් කාන්තාවන් නිතරම ජීවත්වන්නේ සැකය තුළිනි. සැකය මුල්කරගෙන ජීවත්වීමේදී ඔවුන් තුළ ඉක්මන් කෝපය හට ගන්නවා. මැදි වයසට යනවිට කාන්තාවන් තුළ ඉතා ඉක්මනින් කෝපය හට ගැනීම බහුලව සිදුවෙනවා. ඊට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ඔවුන්ගේ ශරීරයේ හෝමෝන ක්රියාකාරීත්වයේ ඇතිවන වෙනස්කම්ය. ඊට අමරව ඔවුන් තුළ ඇතිවන හුදකලා බව නිසාත් කෝපය හට ගන්නවා. මේ සියල්ලට ම අමතරව මතුවන හේතුව වන්නේ අප සමාජයේ කාන්තාව කෙරෙහි පවතින ආකල්පයයි. අප බොහෝවිට ඇයගෙන් බලාපොරොත්තු වන්නේ මෘදු මොළොක් ගතිගුණයි. ඉතිං එවැනි ගතිගුණ අඩුවනවිට අප ඇය ඉක්මනින් කෝපයට පත්වන සැර පරුෂ ගති ගුණ ඇති කාන්තාවක් කියා පවසනවා. කෙසේ වෙතත් මෙවැනි ඉක්මනින් කෝපය ඇතිවන කාන්තාවන් නිතර ආහාරයට ගත යුත්තේ ඇඟ සිසිල ගෙන දෙන ආහාර පානය. විශේෂයෙන්ම කොළ මැල්ලුම් වර්ග දිනපතා ආහාරයට ගැනීම හොඳයි. එහිදී කැම්බේරියා කොළ, මුරුංගා කොළ, කතුරු මුරුංගා කොළ මැල්ලුමක් සාදා ගැනීම ගුණදායකයි. නිsවිති වර්ග ව්‍යාංජනයක් ලෙස ආහාරය එක්කර ගත හැකියි. ගස්ලබු, අඹ වැනි පලතුරු නිතර ආහාරයට එක්කර ගැනීම හොඳයි. වෛද්‍යතුමනි, ඉක්මනින් කෝපවන කාන්තාවන් ඉක්මනින් වයසට යනවාද? ඔව්.... ඉක්මනින් කෝපයට පත්වෙනවා කියන්නේ ඔවුන්ගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය ලෙස පැවැතීමයි. එවිට ඔවුන්ගේ සම පැහැය අඩුවීම, හිසකෙස් සුදු වීම ඉක්මනින් සිදුවෙනවා. ලෙඩ රෝගවලට ගොදුරුවීම ද ඉතා පහසුවෙන් ලක්වෙනවා. ඇතැම් විට ඉක්මනින් කෝපයට පත්වන අය ඉක්මනින් මරණයට ද පත්විය හැකියි. වැඩි විස්තර සඳහා දුරකථන අංක 0776500677 ඇමැතිය හැකිය. මොරටුව ලියන්වෙල සෘෂි නාඩි වෛද්‍ය මධ්‍යස්ථානයේ මහාචාර්ය වෛද්‍ය ජිනසිරි ලියන්වෙල සාකච්ඡා කළේ - උපාලි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 May 2018 05:57 PM රූපයට අවලස්සනක් එක් කරන මුහුණේ අනවශ්‍ය රෝම ප්‍රශ්නයක් වෙලාද? මුහුණේ රෝම ඇතිවීම බොහෝ යුවතියන්ට මෙන්ම කාන්තාවන්ට ගැටලුවක් වී ඇත්තේ එය රූපලාවන්නයට ඇති කරන අවලස්සන නිසාවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම තත්ත්වය වැඩිවියට පත් යුවතියන්ට සහ තරුණ කාන්තාවන්ට අවලස්සනක් එක් කරන, මුහුණේ අනවශ්‍ය ලෙස ගණට රෝම වර්ධනයට පිළිතුරු සොයන කාන්තාවන් අතර වැඩි පිරිස ඒ නිසා පිළිතුරු ලබනවා නොව ලතැවෙන්නෝ වෙති මෙයට හේතුව කාන්තාවන් සතු විය යුතු කාන්තා හෝර්මෝනවලට වඩා එම කාන්තාවන්ගේ පුරුෂ හෝර්මෝන වැඩිපුර ශ්‍රාවය වීම (ඇන්ෙඩ්‍රාජන් වැනි) නිසා විය හැකිය. මෙහිදී මෙම කාන්තාවන්ගේ මාසික ඔසප් වීම නිසි අයුරින් සිදු වෙනවාදැයි මුලින්ම විමසා බලා එම කාන්තා හෝර්මෝන නිසි පරිදි අවශ්‍ය ප්‍රමාණයට නිර්නාල ග්‍රන්ථි මගින් ශ්‍රාවය වීමට සැලැස්විය යුතුය. එමෙන්ම මෙවැනි තත්ත්ව ඇති කාන්තාවන්ට ගර්භාෂගත ආබාධ ඇතිවීමේ වැඩි ප්‍රවනතාවයක්ද පවතින නිසා වඩා සැලකිලිමත් විය යුතුය. මෙහිදී රුධිර පරීක්ෂණයක් මගින් ශරීරයේ පැවැතිය යුතු හෝර්මෝන නිසි පරිදි පවතිනවා දැයි පරීක්ෂා කර ගත යුතුය. අනතුරුව එහි පවතින වෙනස්කම් යථා තත්ත්වයට පත්කිරීම සඳහා ප්‍රතිකාර සිදු කළ යුතුය. වර්තමානයේදී මෙහි පවතින රූපලාවණ්‍යමය ගැටලුවට පමණක් අවධානය යොමු කර ලේසර් ප්‍රතිකාර වැනි තාක්ෂණයෙන් යුතු ප්‍රතිකාර ක්‍රමවලට පමණක් යොමුවීම බහුලව දක්නට ලැබේ. මෙහිදී වඩාත් වැදගත් වන්නේ තම ශරීර අභ්‍යන්තරයේ පැවැතිය යුතු රසායන ද්‍රව්‍යයන්ගේ තුලිතතාවය මනාව පවත්වා ගැනීමට වැඩි අවධානයක් යොමු කිරීමටය. මෙහිදී රූපලාවණ්‍යමය ප්‍රතිකාර මගින් රෝම ඉවත්කර ගැනීම වරදක් නොමැති නමුත් තමාගේ අභයන්තර සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. එසේ නොවී නම් රූපලාවණ්‍ය ක්‍රම යටතේ රෝම ඉවත් කර ගැනීම තාවකාලික විසදුමක් වන්නේය. එයට හේතුව එමගින් නැවත නැවත රෝම ඇතිවීමයි. එම ක්‍රම යටතේ රෝම පිටතට වර්ධනය නොවුවත් අභ්‍යන්තරයේ විවිධ රෝගාබාධවලට මුහුණ දීමට සිදුවන අවස්ථා ඇතිවිය හැකිය. මෙවැනි අයට වඩාත් සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට චීනකටු වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය පෙන්වා දීමේ හැකියාව තිබේ. මෙහිදී පළමුව එම කාන්තාවගේ හෝ යුවතියගේ රසායනික සංඝටකයන් රුධිර සාම්පල පරික්ෂාවක් මගින් පවතින තත්ත්වය තහවුරු කොට ඒ අනුව ප්‍රතිකාරය තීරණය කරනු ලැබේ. එම යුවතියගේ හෝ කාන්තාවගේ ශරීර අභ්‍යන්තරයේ පැවැතිය යුතු හෝර්මෝන ශ්‍රාවයන් නිසි මට්ටමට ගැනීම පළමුව සිදු කරන අතර අනතුරුව එම අනවශ්‍ය රෝම වර්ධනය පාලනය කිරීමක් සිදු කරයි. නිසි උපදෙස් අනුව ප්‍රතිකාර ගැනීම තුළින් චීනකටු වෛද්‍ය ක්‍රමය යටතේ මුහුණේ අනවශ්‍ය රෝම ගණව වර්ධනය වීම වෙනුවෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක. මේ මගින් සම්පූර්ණ සුවය ලබා ගනිමින් රූපලාවණ්‍ය ගැටලුවට විසදුම් ලබා ගැනීමට හැකියාව තිබේ. ඔබත් චීනකටු වෛද්‍ය ක්‍රමය යටතේ නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීමට කැමැති නම් 0112507383 අංකයෙන් වෛද්‍යතුමිය අමතා දිනයක් ලබාගත හැක. වෛද්‍ය අමිලා කේ. ජයසිංහ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 May 2018 06:10 PM ඔබත් ගැටලු ගැන සිතමින් පීඩාවෙන්ද? මෑතකදී අපහට දක්නට ලැබුණු සියදිවි නසා ගැනීමේ චර්යාව ජංගම දුරකථනයකින් වීඩියෝගත කොට මියගිය ඇතැම් පුද්ගලයන්ගේ මෙම දිවි නසා ගැනීමේ චර්යාව අධීක්ෂණය කිරීමේදී සොයා ගැනීමට හැකියාවක් තිබුණේ යම් යම් මානසික රෝගීන්, ඔවුන්ගේ මානසික රෝග නිසා ඇති වන දිවි නසා ගැනීමේ සිතුවිල්ල අන්තර්ජාලය ඔස්සේ එයට වීරත්වයක් ආරෝපණය කර සමාජගත කිරීමට දරන උත්සාහයක්, වෑයමක්, මේ පිළිබඳ නොදැනුවත්කම නිසා එටය අනුගමනය කිරීමට යැමේදී ඇති වූ ප්‍රතිඵලයක් හැටියටයි. මෙම කණ්ඩායම උත්සාහ කරන්නේ යම්කිසි ගැටලුවකදී තමාට එයට මුහුණ දීමට හැකියාවක් නොමැති වූ විට එහි අවසාන තීරණය විය යුත්තේ ජීවිතය නැති කර ගැනීම යන්නයි. මෙවැනි වූ වැරදි මතිමතාන්තර නිසා නිරෝගී පුද්ගලයන් වුවත් මෙවැනි වූ තත්ත්වයන් අනුගමනය කිරීමට පෙළඹීමට හැකියාවක් තිබේ. මෙය කියවන අප සැම දත යුතු ප්‍රධාන කරුණකි. විශේෂයෙන්ම පවුලක මවකට තම දරුවන් දැනුවත් කළ යුතු කාරණාවකි. එනම් ඔබට, මට මේ ලොවට බිහිවන ඕනෑම කෙනෙකුට තම උපතේ සිට මරණය දක්වා විවිධ වූ ගැටලු ඇති වීම ස්වාභාවික, සාමාන්‍ය තත්ත්වයන් බවයි. විවිධ පුද්ගලයන්ට ගැටලු අඩු වැඩි වශයෙන් ත්‍රීවුතාව වෙනස් විය හැකි බවයි. නමුත් ඒ සෑම ගැටලුවක්ම අප හැමටම පොදු දෙයකි. නමුත් මේ සඳහා මුහුණ දීමේ හැකියාව, දරා ගැනීමේ හැකියාව පුද්ගලයාට වෙනස්a වන බව අප දත යුතු කාරණාවයි. එය සාමාන්‍ය තත්ත්වයක් බව තේරුම් ගත යුතු අතර ඒ සඳහා අප කළ යුත්තේ හදිසි තීරණ ගැනීම නොව මෙම ගැටලු සම්බන්ධව තව කෙනකු සමඟ විශේෂයෙන් ඒ පිළිබඳ තාක්ෂණික දැනුමක් ඇති අයකු සමඟ සාකච්ඡා කිරීමයි. මවක් දරුවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ඇහුම්කන් දීමේ මෙන්ම සාකච්ඡා කිරීමේ හැකියාවක් ඇති කර ගැනීම තුළ බොහෝ තැනකදී මතු වන ප්‍රශ්න නිරාකරණය කර ගැනීමේ හැකියාව ලැබෙන බව අමතක නොකළ යුතුයි. සෑම ගැටලුවකටම විසඳුමක් ඇති බව සැබෑම කතාවයි. මෙම විසඳුම් මගින් කෙටි කාලීන, තාවකාලික, දීර්ඝ කාලීන වශයෙන් ඔබට ප්‍රතිඵල ලබාගත හැකිය. මේ සඳහා විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක, සංස්කෘතිය තුළ, ආගම තුළ ඕනෑම ප්‍රශ්නයක් සඳහා පිළිතුරු සොයාගත හැක. බෞද්ධ සාහිත්‍යය තුළ දිය හැකි හොඳම උදාහරණය හැටියට විතක්ඛ සන්තාන සූත්‍රයෙහි ගැටලුවකට ලබාගත හැකි කෙටි කාලීන, තාවකාලික, දීර්ඝ කාලීන විසඳුම් රාශියක් සඳහන් කර ඇත. ගැටලු නිරාකරණය යනු අද ලෝකයේ ප්‍රචලිත වෙමින් පවතින විශේෂිත වූ විෂයයකි. ගැටලු නිරාකරණය කර ගැනීමේදී ක්‍රමවේදයන් හරි හැටි අවබෝධ කර ගත්තේ නම් ඔබේ ජීවිතය වඩාත් රසවත් වනු නිසැකය. ගැටලු හමුවේ පලා නොයනු නිසැකය. ඔබ ගැටලු හමුවේ සියදිවි නසා ගැනීම ගැන නොසිතනු නිසැකය. එමනිසා ඔබට යම්කිසි වූ අර්බුදයක්, ගැටලුවක් තිබේ නම් ඒ පිළිබඳ සිතේ තබා කම්පා වෙමින් ජීවිතය ගත කරන්න එපා. මානසික රෝග නිසා පුද්ගලයා ආබාධිත තත්ත්වයට පත්වීමේ අවදානමක් තිබේ. ලෝකයේ මිනිසුන් ආබාධිත තත්ත්වයට පත් කරන රෝග දහයක ලැයිස්තුවක් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ඉදිරිපත් කර තිබෙන අතර එයින් පහක්ම මානසික රෝග වීම සුවිශේෂී වූ කාරණාවකි. මෙම තත්ත්වය නිසා ඊළඟ කාරණාවට මුලපුරනු ඇත. එනම් පුද්ගලයාගේ දෛනික වැඩ කටයුතු අඩාල වීමයි. ශිෂ්‍යයෙක් නම් මානසික ආබාධිත තත්ත්වය නිසා තමාගේ වැඩ කරගෙන යැමට නොහැකි වේ. රැකියාවක් කරනවා නම් කාර්යාලයේ, වැඩබිමේ වැඩ සාමාන්‍ය තත්ත්වයට කර ගැනීමට නොහැකිය. මෙවැනි පුද්ගලයකුට ඇති වන දරුණුතම සහ මෙම රෝගයටම සුවිශේෂී වූ ලක්ෂණයක් හැටියට මානසික රෝගියෙක් වීම නිසා මානසික රෝගයක් වැළඳීම නිසා සමාජය තුළින් කැලැලක් ඇති වන තත්ත්වයක් අදටත් පෙනෙන්නට තිබේ. එය කනගාටුවට කරුණකි. අද ලෝකය පුරා මානසික රෝගීන් සුවපත් වී නැවත සමාජගත වීමේදී මෙම තත්ත්වයේ ඇති වන බලපෑම මත ඇතැම් පුද්ගලයන් නැවත මානසික රෝගීන් බවට පත්වන බව සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ. අප සමාජය පුරුදු වී සිටින්නේ මානසික රෝගියෙක් දෙස එදා ලාදුරු රෝගියෙක් දෙස බැලූ ආකාරයෙන් බැලීමටයි. අද වනවිටත් එය එලෙසින්ම පැවතීම පුදුමයට කාරණාවක් ද වී තිබේ. පවුලක්, සමාජයක්, ප්‍රජාවක් හැටියට දත යුතු කරුණක් වන්නේ අපගේ වගකීම විය යුත්තේ අප අන් අය ආගම්, ජාති, කුලමල බේද වශයෙන් වෙන්කර නොසලකනවා මෙන්ම මෙවැනි වූ රෝගීන් පිළිබඳ සමාජයේ නිරෝගී පුද්ගලයන් තුළ තිබෙන ආකල්පය වෙනස් කර නව කෝණයකින් ඔවුන් දෙස බැලීමටයි. එවිට ඔවුන්ට ද සමාජය තුළ අර්ථවත් ජීවිතයක් ගත කිරීමේ හැකියාව ලැබෙනු ඇත. විස¹ගත නොහැකි යෑයි සිතමින් යම් ගැටලුවකින් ඔබත් පීඩා විඳිනවාද? එසේ නම් ඒ සඳහා නොමිලේ උපදෙස් ලබා ගැනීමට 0777344141 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ. මානසික රෝග විශේෂඥ වෛද්‍ය සමන් එස්. හෙට්ටිගේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 22 May 2018 07:42 PM හැමොටම ඉතින් ගැටලු තමා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 23 May 2018 02:08 AM ගැටළු නම් ඉවර කරන්න ලැබෙන්නේ නෑ.. එක ගැටළුවක් විසදන කොට තව දෙක තුනක් මතුවෙනවා... 0 chamaramindMost Senior MemberPosts:13471 24 May 2018 04:07 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 May 2018 04:08 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 May 2018 04:08 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 May 2018 04:08 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 May 2018 04:14 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 May 2018 03:19 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 May 2018 03:20 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 May 2018 03:20 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 May 2018 03:32 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 May 2018 03:34 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 May 2018 06:11 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 May 2018 06:11 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 123 of 137 << < 121122123124125 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner