You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 124 of 137 << < 122123124125126 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 06:11 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 06:12 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 06:12 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 06:13 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 06:14 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 06:54 PM

Autism දරුවා

සෑම මවකගේම සිහිනය නිරෝගී දරුවකු ලැබීමයි. මවක් මේ සඳහා සූදානම් වන්නේ දරුවා පිළිසිඳ ගැනීමටත් පෙරයි. තමාගේ බර, නිසි පෝෂණය, නිසි ලෙස සායනවලට සහභාගි වීම, පවුල් සෞඛ්‍ය උපදේශිකාවන් හමුවීම යනාදී වශයෙන් මානසික සහ ශාරීරික සෞඛ්‍ය යහපත්ව පවත්වාගැනීමට සෑම උත්සාහයක්ම දරයි. මවක් සියලුම උත්සාහයන් මේ ආකාරයෙන් දැරුවද ප්‍රශ්න හෝ ගැටලු සහිත දරුවෙක් ලැබීමට තිබෙන අවස්ථාවන්ද ඇයට මඟහැරිය නොහැකියි. ඒ අනුව Autism තත්වය සහිත දරුවකු ලැබීමට තිබෙන හැකියාවද දරුවන් 1000කට 5ක් හෝ 10ක් පමණ විය හැකි බව සමීක්ෂණවලින් තහවුරු වී ඇත. මෙවැනි බොහෝ දරුවන් වෛද්‍යවරුන්ගේ නිසි මඟපෙන්වීමට යොමුනොවන බව බොහෝ සමීක්ෂණවලින් පෙන්නුම් කරයි.

මීට ප්‍රධාන හේතු දෙකකි. තම දරුවාට ප්‍රශ්නයක් ඇති බව පිළිගැනීමට දෙමාපියන් මැලිවීම සහ නොයෙකුත් මිත්‍යා විශ්වාස සහ ආකල්ප නිසා දරුවා සමාජයෙන් සඟවාගෙන සිටීම.

අපි කතාවක් ඇසුරෙන් Autism දරුවකු හඳුනාගනිමු.

සුපුන්ගේ වයස අවුරුදු 3 යි. දෙමාපියන් පුදුමයට පත් කරමින් සුපුන්ගේ හැසිරීම වෙනස් වුණේ අවුරුදු 3 ලැබීමට මාස 4කට පෙරය. වචන කිහිපයක් හොඳින් කතා කරමින් සිටි සුපුන් හිටි හැටියේ කතාව නතර කළේය. ඔහුට යමක් අවශ්‍ය වූ විට මවගේ හෝ පියාගේ අත අල්ලාගෙන ඒ දෙසට යොමුකිරීමට පුරුදු විය. ඇස්වලින් සම්බන්ධ වීම අඩුවිය. වෙනදා  අම්මාට තුරුළු වී සුරතල් වූ සුපුන් දැන් එවැනි සුරතල් වීමක් නොකරන බව දෙමාපියන්ටද දැනුණි. සුපුන් වෙනම ලෝකයක සිටින බව පෙනෙන්නට තිබුණි. සමහරවිට කතා කරන විට නොඇසුණා සේ සිටින බවද පෙනුණි. සුපුන්ගේ ඇසීම පරීක්ෂා කිරීමේදී කිසිම ආබාධයක් නොමැති බව වෛද්‍යවරු පැවසීය. පිළිවෙළකට සෙල්ලම් කිරීමට සුපුන්ට නොහැකි විය. තමාගේ සෙල්ලම් බඩු එහේ මෙහේ විසිකරමින් කිසිම අරමුණක් නැතිව නොයෙකුත් ක්‍රියාවල යෙදෙන බව පෙනෙන්නට තිබුණි. අල්ලපු ගෙදර සුපුන්ගේ වයසේම දරුවෙක් සිටී. වෙනදා ඔහුගේ නම කියා නිතර ආමන්ත්‍රණය කළේය. ඔහු සමඟ පිළිවෙළට සෙල්ලම් කළේය. දැන් මේ යාළුවා සුපුන් ළඟට ආවද සුපුන්ට කිසිම ගාණක් නැත. සුපුන් තමාගේ ලෝකය තුළ තනිවී ඔහුට සීමා වූ හැසිරීම් රටාවක යෙදෙන බව පෙනෙන්නට තිබුණි. සමහරවිට වේගයෙන් එක තැන කැරකුණේය. කරකැවෙන විදුලි පංකාව දෙස බලා සිටීමට ඔහු ආශා කළේය. ඇඟිලි තුඩුවලින් නොයෙකුත් හැසිරීම් රටාවන් මවන බවද පෙනෙන්නට තිබුණි. අනිත් අයගේ හැඟීම් ගැන අවබෝධයක් නැති හුදෙකලා ස්වභාවයක් ඔහු තුළ දක්නට ලැබුණි.

Autism රෝගය

Autism දරුවන්ගෙන් 80%කට නොයෙකුත් ඉගෙනීමේ දුබලතාවයන් තිබිය හැකිය. 20% ක් පමණ දෙනා හොඳ බුද්ධි මට්ටමක සිටී. 2% ක් පමණ දරුවන් සම්පූර්ණ සාමාන්‍ය තත්ත්වයට පැමිණේ. නමුත් මෙම දරුවන්ගෙන් 70%කට පමණ අනිත් අයගේ උදව් උපකාර සහිතව ජීවිතය පවත්වාගෙන යාමට සිදුවේ. මේ හේතුව නිසාම මෙම දරුවන් මුල් අවධියේම හඳුනාගෙන නිසි පුහුණුවකට යොමුකිරීම ඉතාම වැදගත් කාර්යයකි. මෙවැනි පුහුණුවකදී Autism දරුවන්ගේ දුබලතා නිසිලෙස හඳුනාගෙන ඒ අනුව පුහුණුව සකස් කරගත යුතු වේ. ප්‍රධාන දුබලතා තුනකි.

1. සමාජශීලී නැති බව (Poor social interaction)
 ඇස්වලින් සම්බන්ධ වීම, හැඟීම් හඳුනාගැනීම, එකට සෙල්ලම් කිරීම, සතුටු වීම, සතුට බෙදාගැනීම, මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කිරීම යනාදියෙහි ඇති දුබලතා.

2. සන්නිවේදනයේ ඇති දුබලතා (Communication Difficulty)
කතා කිරීමට නොහැකි වීම, කතාව ආරම්භ කිරීමට හෝ පවත්වාගැනීමට ඇති නොහැකියාව, එකම වචනය හෝ වාක්‍ය නැවත නැවත කීම වැනි භාෂාමය දුබලතා.

3. අසාමාන්‍ය හැසිරීම් රටාවන් (Restricted interests of activities)
ශරීරය පැද්දවීම, එක තැන කරකැවීම, සෙල්ලම් කාර්, සෙල්ලම් බඩු ආදිය එක පේළියට තැබීම, ඇඟිලි තුඩුවලින් කරන නොයෙකුත් විකාර රූපී චර්යාවන් යනාදිය මීට ඇතුළත්ය.

Autism රෝගයට ඖෂධ තිබේද?

Autism සුවකළ හැකි ඖෂධයක් තවම සොයාගෙන නැත. මෙම දරුවන්ගෙන් 2% ක් පමණ පාලනය කළ නොහැකි ප්‍රචණ්ඩ ගතිපැවතුම්වලට ගොදුරු විය හැකි බව සමීක්ෂණවලින් පෙන්නුම් කරයි. මෙවැනි තත්ත්වයන් අවම කර ගැනීමට මනෝ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගැනීමට ඉතාම වැදගත්ය.

Autism දරුවන්ට ලබාදෙන විවිධ පුහුණු ක්‍රමවේද

1.  A.B.A පුහුණුව (Applied Behavior Analysis)
මෙම ක්‍රමවේදය Autism දරුවකුගේ හැසිරීම් රටාවන් දියුණු කිරීමට යොදාගනී. ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙ කීර්තිමත් විද්‍යාඥයකු වන Dr. Lovass මෙම ක්‍රමවේදය සොයාගැනීමට මුල්විය.

2. පින්තූර ආශ්‍රය කරගෙන සන්නිවේදනය දියුණු කිරීමේ ක්‍රමවේදය  (Picture Exchange Communication system)
මෙම ක්‍රමවේදයේදී පින්තූර රාශියක් සකස් කර (Picture pool) ඒවා උපයෝගී කරගෙන ක්‍රමානුකූලව දරුවාට භාෂාව ඉගැන්වීමට මින් හැකි වේ.

3. ශාරීරික ව්‍යායාම (Physical Therapy) 
Autism දරුවන්ගේ මාංශපේෂීන් ඉතා ලිහිල්ය. මෙම ලිහිල් මාංශපේෂී ශක්තිමත් කිරීම සඳහා ශාරීරික ව්‍යායාම ක්‍රම වැදගත් වේ.

4. අනුකරණ ප්‍රතිකාර ක්‍රම (Imitative Therapy)
Autism දරුවකු කණ්ඩායමක් තුළ පුහුණු කිරීමේදී මෙම ක්‍රමවේදය භාවිත කළ හැකිය. Ex: නත්තල් සීයා ලෙස හැඳ පැළඳ සාමාන්‍ය ළමයි කිහිපදෙනෙක් තබාගෙන ගීතයට අනුව දරුවන් එකතු කරගෙන නර්තනයේ යෙදීම. මින් දරුවා අනුකරණයට පුරුදු වේ.

Autism නැමැති රෝගයට නිශ්චිතවම හේතුවක් සොයාගෙන නොමැත. ජානමය සහ පාරිසරික හේතු දෙකම බලපාන බව සමීක්ෂණවලින් තහවුරු වී ඇත.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 07:07 PM

ආයුර්වේද අත්බෙහෙත්

කුරුලෑවලට

කඩල පිටි මේස හැඳි දෙකක්, මී කිරි හා කහ කුඩු ස්වල්පයක් සමඟ මිශ්‍රකර මුහුණේ ආලේප කර විනාඩි විස්සකින් සෝදා හරින්න.

අත් යට කළු පැහැ ගැන්වීම නැති කරගැනීමට

සුදු හඳුන්, වෙනිවැල්ගැට කුඩු, මී කිරි මිශ්‍ර කර ආලේප කරන්න. විනාඩි විස්සකට පසුව සෝදා හරින්න. 

කොකුම් කුඩු, වෙනිවැල්ගැට සමඟ මිශ්‍ර කර ආලේප කරන්න.

මුහුණ පැහැපත් වීමට

කෝමාරිකා මද සාරය කෝප්ප භාගයක්, දෙහි යුෂ තේ හැඳි දෙකයි, මුදවන ලද කිරි මේස හැඳි එකක් සමඟ හොඳින් මිශ්‍ර කර මුහුණේ ගෙල පෙදෙස

 

වැස්සත් එක්ක පැතිරෙන ලෙඩ ගොඩක්!

මේ දිනවල පවතින අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය නිසා ඇති වන ආපදා හේතුවෙන් බොහෝ දෙනාට එදිනෙදා ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබේ. මහ වැසි හේතුවෙන් විවිධ සෞඛ්‍ය ගැටලු පැන නැගීමත් රෝග සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී යාමත් දැකගත හැකිය. එබැවින් ඒ පිළිබඳව දැනුම්වත් වීම, රෝගවලින් ආරක්ෂා වීමට අත්‍යවශ්‍ය වේ.

අධික වර්ෂා කාලයත් සමඟ සිදුවන කාලගුණික විපර්යාස හේතුවෙන් මෙවැනි සෞඛ්‍ය ගැටලු ඇති වීම සාමාන්‍ය දෙයක් වුවද පෙර සූදානම හා අවශ්‍ය පියවර ගැනීම මඟින් සිදුවිය හැකි බොහෝ උපද්‍රවවලින් ආරක්ෂා වීමට ඉඩකඩ හදාගත හැක.
මෙවැනි කාලවකවානුවක ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග පැතිරීම, ආරම්භයේදීම දක්නට ලැබෙන්නකි. උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුරේ ආසාදන ආදිය සීඝ්‍රයෙන් පැතිර යයි. කුඩා ළමුන්, මහලු පුද්ගලයන්, දීර්ඝ කාලීන කායික රෝගවලින් පෙළෙන්නන්, ඇදුම ආදි කාලීන ශ්වසන ආබාධවලින් පෙළෙන්නන්, ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයන් ඉතා ඉක්මනින් මෙසේ පැතිර යන රෝගවලට ගොදුරු වේ. එබැවින් විශේෂයෙන් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

සෑමවිටම උතුරවා නිවාගත් ජලය පානය කිරීම ජනාකීර්ණ ස්ථානවල නිතර නිතර ගැවසීමෙන් වැළකීම, පොදු ස්ථානවල ගැවසීමෙන් පසුව හොඳින් දෑත් පිරිසිදු කිරීම හා ස්නානය කිරීම, කැස්ස හා කිවිසීමේදී ලේන්සුවක් භාවිතා කිරීම ආදී ක්‍රම මඟින් රෝග පැතිරීම වළක්වා ගත හැකිය. රෝග තත්ත්වයන්වලදී අවශ්‍ය නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු විය යුතුය.

විශේෂයෙන්ම අධික වර්ෂාවත් සමඟ ඇතිවන ගං වතුර තත්ත්වය හේතුවෙන් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සීඝ්‍රයෙන් පැතිරීම සිදු වේ. විශේෂයෙන් අසූචි මිශ්‍රිත පිටාර ජලය හේතුවෙන් E.Coli වැනි බැක්ටීරියා හා වෛරස් ආසාදන බහුලවම පැතිරීම සිදු වේ. අපවිත්‍ර ආහාර හා ජලය මඟින් ආසාදන හට ගනී. මෙවැනි අවස්ථාවන්හිදී අප ගන්නා ආහාර හා ජලය ඉතාමත් සුපරික්ෂාකාරීව භාවිතා කළ යුතු අතර සනීපාරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. මෙවැනි ආසාදනයන්ට ලක්වීමට ඉඩ ඇති ආහාර වර්ගවලින් ඈත්වීම ද ආරක්ෂාකාරී පියවරකි.

හොඳින් උතුරවා නිවාගත් ජලය පානය කරන්න. හැකි සෑම විටකම නිවසේ පිළියෙල කරගන්නා ආහාර පමණක් ආහාරයට ගන්න. එළවළු සහ පලතුරු ඉතා හොඳින් සෝදා පිරිසිදු කර භාවිතා කරන්න. අමුවෙන් භාවිතයට ගන්නා එළවළු පලා වර්ග ආදිය වෙළඳපොළෙන් ලබා ගන්නේ නම් වඩාත් ආරක්ෂාකාරී පිරිසිදු තැන්වලින් පමණක් මිලදී ගන්න. ගනු ලබන සෑම විටම හොඳින් සෝදන්න. පලා වර්ග සඳහා කතුරුමුරුගා වැනි පලා වර්ග පමණක් ආහාරයට ගන්න. විශේෂයෙන් මේ දිනවල තැන් තැන්වල ඇති කොළ කැඳ අලෙවිසැල්වලින් කොළ කැඳ බීම සීමා කරන්න. මස්, මාළු, බිත්තර හොඳින් පිස ආහාරයට එක්කරගන්න.

මෙවැනි ආසාදනයන්ට ලක්වූ විට වමනය, බඩ පිපුම, වේදනාව, අතීසාරය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ. මෙවැනි රෝග ලක්ෂණ පහළ වූ වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. නිසි ප්‍රතිකාරවලට යොමුවිය යුතුය. රෝගියාගේ ස්වභාවය අනුව ඇතිවන තත්ත්වයන් ද වෙනස් වේ. එසේම රෝගියාගේ මෙන්ම නිවෙසේ අනෙකුත් සාමාජිකයන්ගේ සනීපාරක්ෂාව පිළිබඳව වඩාත්ම සැලකිලිමත් විය යුතුය. එමඟින් රෝගය පැතිරීයාම වළක්වා ගත හැක.

මීට අමතරව මෙවැනි කාලවලදී හමුවේ මතුවිය හැකි තවත් රෝග වන්නේ පිටාර ජලය හා අපද්‍රව්‍ය, මඩ ස්පර්ශ වීම හේතුවෙන් සමේ විවිධ ආසාදන තත්ත්ව ඇති වීමයි. එසේම තුවාල, සීරීම්, සමේ පළුදු වීම් ඇති විට මෙම තත්ත්වය භයානක විය හැක. මන්ද මාරාන්තික විෂබීජ ශරීරගතවීමට ඇති හැකියාව වැඩි බැවිනි. 

මී උණ, පිටගැස්ම වැනි රෝගයන්ට ගොදුරු වීමේ අවකාශ මෙවැනි කාල සීමාවල ඇති විය හැකිය. එබැවින් එය නොසලකා හැරිය යුත්තක් නොවේ. මෙවැනි ස්ථානවල ගැවසීම, අපරික්ෂාකාරී ලෙස වතුරට බැසීම ආදියෙන් ප්‍රවේසම් වීම වැදගත් වේ. රෝග ලක්ෂණ පහළ වූ වහාම නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගත යුතුය.

ගං වතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යාමත් සමඟ මදුරු උවදුර හිස එසවීම බලාපොරොත්තු විය යුතුය. පහත් බිම්වල ජලය එක්රැස් වී ඇති ස්ථානවල කැලි කසළ අපද්‍රව්‍ය, බෝතල්, ටින් කැබලි, ටයර් ආදිය තැන තැන ගොඩ ගැසී තිබීමෙන් එම ස්ථානවල මදුරු කීටයන් වර්ධනය වීමෙන් සති කිහිපයක් තුළදී මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවේ.

මේ පිළිබඳව සැලකිලිමත් වීමෙන් පෙර සූදානම මඟින් මෙවැනි ව්‍යසනයන්ගෙන් බොහෝ දුරට වැළකී සිටිය හැකිය. තම අවට පරිසරයේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, තම තමන්ට පැවරෙන රාජකාරියක් ලෙස ක්‍රියාත්මක වීමෙන් එය පහසු කාර්යයක් වනු ඇත. එය පුද්ගල මට්ටමින් නොව කණ්ඩායමක් ලෙස සාමූහිකව සංවිධානාත්මකව කළ යුතු කාර්යයකි. මීට අමතරව මේ කාලවලදී ආයුර්වේදීය ආලේපන, ඖෂධීය දුම් භාවිතා කිරීමෙන් මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීමට ද පියවර ගත හැකිය.

තමා අවට පරිසරයේ පැතිරී යන රෝග පිළිබඳව අවබෝධයක් තිබිය යුතු අතර රෝග උපද්‍රවවලින් ආරක්ෂා වීමට, පෙර සූදානමක් ද තිබීම ඉතා වැදගත් වේ. අවබෝධය තුළින් රෝග පැතිරී යාම වැළැක්වීම සඳහා පුද්ගල මට්ටමින් ගත හැකි පියවර ගැනීමෙන් මෙම ආපදා හානි වළක්වා ගැනීමට සියල්ලටම දායක විය හැක.

 

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 07:19 PM

ඇඟ අැතුළේ ඉන්සියුලින් හදන උළුහාල්

ආහාර රස ගැන්වීම සඳහා යොදනු ලබන ධාන්‍ය වර්ගයක් ලෙසින් උළුහාල් හැඳින්විය හැක. ඖෂධීය ගුණයන් ද ඇති අතර ආහාර සුවඳවත් කිරීමට ද උපකාරී වේ.

උළුහාල්වල ඇති පෝෂණ ගුණයන් මෙසේ සඳහන් කළ හැක. ශරීරයට අත්‍යවශ්‍ය වන ඛනිජ කොපර්, පොටෑසියම්, සින්ක්, කැල්සියම්, සෙලිනියම්, යකඩ වැනි පෝෂණ ගුණයන් උළුහාල්වල අන්තර්ගතව පවතී.

එමෙන්ම විටමින් ඒ, විටමින් සී, විටමින් බී6, ෆෝලික් ඇසිඩ් වැනි පෝෂණ ගුණ ද කෙඳි බහුලව ද අන්තර්ගය.

උළුහාල් ග්‍රෑම් 100 කෙඳි ග්‍රෑම් 24.6 හෝ සියයට 65කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගතව පවතී. මෙහි මේදය ග්‍රෑම් 28ක් ද, ප්‍රෝටීන් ග්‍රෑම් 23ක් ද අඩංගුය.

උළුහාල් මඟින් රුධිරයේ ඇති අහිතකර කොලොස්ටරෝල් වන එල්.ඩී.එල් මට්ටම පහත දමයි. අප විසින් ගනු ලබන ආහාරවල ඇති විෂ ද්‍රව්‍යයන් උළුහාල් මඟින් අවශෝෂණය කර මහා අන්ත්‍රයට පිළිකා මඟින් ඇති විය හැකි අනතුරු වළකාලන්නට උදවු කෙරේ. එමෙන්ම උළුහාල් මඟින් ආහාර මාර්ගයේදී ආහාර හොඳින් කැටි කර හොඳින් මළ පිට කිරීමට උදවු කරන අතර එමඟින් මළබද්ධය වළකාලයි. එයට බොහෝවිට උදව් වන්නේ උළුහාල්වල ඇති පිෂ්ඨමය නොවන පොලිසැකරයිඩ් නම් කාබෝහයිඩ්‍රේට් විශේෂයයි.

උළුහාල්වල ඇති හයිඩ්‍රොජසි අයිසොලියුසීන් නම් රසායනික සංයෝගය මඟින් ඉන්සියුලින් ස්‍රාවය නිපදවීමට උදවු කෙරේ. එමඟින් දියවැඩියා රෝගීන්ට උළුහාල් ඉතා ගුණදායක වේ. මෙහි පවතින කෙඳි මඟින් ආහාර මාර්ගයේ ග්ලූකෝස් අවශෝෂණය අඩු කෙරේ. කැස්ස සහ ශ්වාසනාල ප්‍රදාහ සඳහා ද උළුහාල් ඉතා ගුණදායක වේ. රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කිරීමට ද උළුහාල් බොහෝ උපකාරී වේ. එමෙන්ම කිරිදෙන මව්වරුන්ට කිරි නිපදවීමටත් උණ රෝගය වැළඳුණු විට දිය හැකි ඖෂධයක් ලෙසින් ද උළුහාල් හැඳින්විය හැක. උගුරේ ආසාදන අඩු කිරීමට උළුහාල් උපකාරී වේ. මේ සඳහා උළුහාල් කුඩු තේ හැඳි එකක් මී පැණි තේ හැඳි එකක් සමඟ මිශ්‍ර කර එයට දෙහි ස්වල්පයක් ද එක්කර ආහාරයට ගන්න. උගුරේ ආසාදනයන්ට ඉතා ගුණදායක වේ.

දරු ප්‍රසූතිය පහසු කිරීම සඳහා ද ගර්භාෂයේ සංකෝචනය කිරීමට ද ප්‍රසූති වේදනාව අඩු කිරීමට ද උළුහාල් ඉතා ප්‍රයෝජනවත් වේ. මේ අවස්ථාවලදී උළුහාල් තැම්බූ වතුර පානය කරන්න. කාන්තාවන්ගේ ආර්තව චක්‍රයේදී වැඩිපුර රුධිරය පිටවීමේදී ඇති වන වේදනාව අඩු කරගැනීමටද උළුහාල් උපකාරී වේ.

කුරුලෑ, කළු ලප මුහුණේ ඇති වීම, සම රැලි වැටීම මෙන්ම සමේ ඇති වන විවධ චර්ම රෝගවලට උළුහාල් ඉතා හොඳ ඖෂධයකි. උළුහාල් තැම්බූ මඳ රස්නය ඇති වතුර මුහුණට සහ හිස කෙස්වලට ඉතා ගුණදායක වේ.

පිරිසුදු පොල් තෙල් ස්වල්පයක උළුහාල් ස්වල්පයක් රැයක් පමණ පොඟවා අඹරා එය හිසේ ආලේප කරන්න. පසුව විනාඩි විස්සක් පමණ හොඳින් හිස සම්භාහනය කරන්න. මෙයින් හිසකෙස් අකලට වැටීම හා තුනී වීම වළකාලයි.

ගෘහණියෝ උළුහාල් ආහාරවලට එක්කර ගනිති. එමගින් ආහාර දිරවීම පහසු කරයි. ප්‍රෝටීන් වැඩි තන්තු සහිත මස්, මාළු වැනි ආහාරවලට එක් කිරීමෙන් හොඳින් දිරවා හොඳින් මළ පිටකිරීමට උදවු කෙරේ. ව්‍යංජන පිසිද්දී උළුහාල් තේ හැඳි භාගයක් එක් කරන්න. මෙයින් ආමාශයේ සහ අක්මාවේ පිළිකා ඇති වීම වළකාලයි. එමෙන්ම උදරය පුරවා දැමීම වළකාලයි.

වමනය, හිස කැසිල්ල, සෙම්ප්‍රතිශ්‍යාව, ආහාර අරුචිය වැනි ආහාර නිසා ඇතිවන ආසාත්මිකතා වළකාලීමට උළුහාල් උපකාරී වේ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 07:32 PM

කෑම කන්න හොඳම වේලාව!

වෙලාවට කෑම කන්නෙ නැති එකේ ආදීනව ගැන ‍දොස්තර මහත්තුරු කොයි තරම් අවවාද දුන්නත් අපේ ගොඩක් අයට කෑම කන්න නියමිත වෙලාවක් හදාගන්න බොහොම අමාරුයි. ඒවා නිකන් බීරි අලින්ට වීණා වයනවා වගේ. ඒක එහෙම වුණත් අපි කන වෙලාව  පාලනය කරගත යුතු බව අලුත් පර්ෙය්ෂණයකින් තහවුරු කියලා තියෙනවා.

ඒ කියන විදියට නම්, උදේ කෑම කන්න කියලා කියන්නේ උදේ නැඟිටලා පැය භාගයක් ඇතුළතයි. අඩුම තරමේ උදේ 6.30ට වත් නැඟිටලා 7 වෙන්න කලින් උදේ කෑම කන එක වඩාත් සුදුසු බවයි එයින් කියන්නේ. ඒ වගේම පුළුවන් තරම් ප්‍රෝටීන් සපිරි ආහාර උදේ කෑම වේලට එකතු කර ගන්න කියලත් ඔවුන් කියනවා. ශරීර බර අඩු කිරීමට අදාළ ජාන වර්ධනය කිරීමටත්, රුධිරගත ග්ලූකෝස්‌ හා ඉන්සියුලින් ප්‍රමාණයන් පාලනය කරමින් දෙවැනි ගණයේ දියවැඩියාව රෝගයට ගොදුරු වීමෙන් වැළකීමටත් එයට හේතුවන බව මේ නවතම අධ්‍යයන‍යේදී අනාවරණය වී තියනවා. 

මෙම අධ්‍යයනයට අනුව යමෙකු දවසේ වැදගත්ම ආහාර වේල වන සිය උදෑසන ආහාරය නොගෙන සිටියහොත් ශරීරයෙහි බර අඩුවීමට හේතු වන ජාන අඩුවෙන් වර්ධනය වන අතර දවසෙහි අනිකුත් ආහාර වේල් නියමිත පරිදි ගත්ත ද එම තත්ත්වයෙහි වෙනසක්‌ ඇති  වන්නෙ නෑ. එයට අනුව අඩුතරමේ උදැසන 9.30 ට පෙර සිය උදෑසන ආහාර වේල ගැනීමෙන් අයකුගේ මුළුමහත් ශරීරය පුරාම ජීර්ණ ක්‍රියාවලිය හා විවිධ සෛල අතර ද්‍රව්‍යයන් ප්‍රවාහනය කිරීම යන කාර්යයන්ගේ කාර්යශීලී බව වර්ධනය කිරීමටත් ශරීරයේ බර අඩු කිරීමටත්, දෙවැනි ගණයේ දියවැඩියාව හා අනෙකුත් වයස හා සම්බන්ධ රෝග තත්ත්වයන්ට මුල් වන සංකූලතාවන් ඇතිවීම පමා කිරීමටත් එය හේතුවක් වනවා.

මෙම පර්ෙය්ෂකයන්ට අනුව ලොව පුරා බොහෝ රටවල ළමුන් හා යෞවනයන්ගෙන් 1/3 ක්‌ පමණ දෙනා නිරතුරුව සිය උදැසන ආහාර වේල මඟහරින බව වාර්තාගතයි. 

වෙනත් අධ්‍යයනවලදී ද අනාවරණය වී ඇත්තේ උදෑසන ආහාර වේල මඟහැරීම තරබාරු බවට හේතු වන බවයි. මෙම කරුණුවලින් පෙනී යනුයේ උදෑසන ආහාර වේල ශරීරයෙහි බර පාලනය කිරීමේ මාධ්‍යයක්‌ ලෙස යොදා ගත හැකි බවයි. 
ඔවුන් දහවල් ආහාරය ගැන කියන්නේ මේ වගේ දෙයක්. දහවල් ආහාරය ගන්න හොඳම වෙලාව තමයි දහවල් 12.45. ඒ කියන්නේ උදේ ආහාරයෙන් පැය හතරකට පස්සෙ තමයි දහවල් ආහාරය ගන්න කියලා කියන්නෙ. ඒ වගේම දහවල් ආහාරයෙන් පැය භාගයක්වත් යනතුරු අසුන් ගැනීමෙන් වළකිනවා නම් හොඳයි කියලත් ඔවුන් කියනවා.

රාත්‍රි ආහාරය ගන්න හොඳම වෙලාව තමයි රාත්‍රි 7.00. ඒ වගේම රාත්‍රි ආහාරය සහ නින්දට යෑම අතර පැය තුනකවත් පරතරයක් තියෙන්න ඕනෙ. රාත්‍රි ආහාරය ලබා ගත්ත ගමන් නින්දට යෑම ලෙඩ රෝග ගණනාවකට හේතු වෙන්න පුළුවන් කියලා ඔවුන් කියනවා. ඒ වගේම හොඳ නින්දක් ලබා ගන්න නම් අඩුම තරමින් රාත්‍රි ආහාරයෙන් පසු පැය තුනක් විතර විවේකීව ඉන්නත් ඕනෙ.

►සුගත්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 May 2018 07:46 PM

වැස්සත් එක්ක එන සෙම රෝග

මේ සමයේ කැපීපෙන රෝග අතර සෙම් රෝග  සඳහා  හිමි වන්නේ  විශේෂ තැනකි. කුඩා දරුවන් සෙම් රෝග සඳහා නිරන්තරයෙන් ගොදුරැ වීම දක්නට හැකි තත්ත්වයකි. ගර්භනී මව්වරැන් සහ 65ට වැඩි  මහළු අය ද මේ අතරට එක් වීම තවත් දුක්ඛිත තත්ත්වයකි.  සෙම් රෝග අතර සාමාන්‍යයෙන් උණ, හෙම්බිරිස්සාව ලෙස හඳුන්වන ප්‍රතිශ්‍යාව වැඩිපුරම ඇති විය හැකි රෝගී තත්ත්වයයි. පීනස් රෝග තත්ත්වයත්  වැසි කාලයට වැඩිවීම සුලබයි. කැස්ස, ඇදුම වැනි රෝග තත්ත්ව ද වැඩිපුරම දැකිය හැක්කේ වර්ෂා කාලයේදීයි. මේ කාලයේ බහුලව පැතිර යන තවත්  රෝගි තත්ත්වයක් වන්නේ වෛරස උණ සහ  ඉන්ෆ්ලුවෙන්සා රෝගයයි. මේ බොහෝ රෝගවල ප්‍රධාන ලකෂණ ප්‍රතීශ්‍යා  ලක්ෂණමය. මේවා නිසි ලෙස හඳුනාගෙන කලට වේලාවට ප්‍රතිකාර නොගතහොත් නිව්මෝනියා බඳු මාරාන්තික තත්ත්වයකට පෙරැළීමට හැකිය. අපි අද මේ ප්‍රතීශ්‍යා රෝග ලක්ෂණ ගැන සොයා බලමු. 

ප්‍රතිශ්‍යාව
මෙය කුඩා දරුවන්ට සෑදීමේ හැකියාව වැඩියි. ස්පර්ශයෙන් හා කිවිසුම් යාම හේතු කොටගෙන පැතිර යන විෂබීජ හේතුවෙන් බෝවීම වැඩිවිය හැකියි. ප්‍රතිශක්තිය අඩු අයට හා විවිධ ලෙඩ රෝග වැළඳී සිරුර දුර්වල තත්ත්වයේ පසුවන අයට මේ කාලයේ ප්‍රතිශ්‍යාව ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළය. 

මොනවද මේ ප්‍රතිශ්‍යාවේ ලක්ෂණ

උගුරේ ඇතිවන වෙනස්කම් මත සිදුවන පීඩාකාරී බව අපට ප්‍රතිශ්‍යාව හඳුනා ගැනීමට හැකි වන මූලික ලක්ෂණයකි. උගුර කැසීම හා උගුරේ අපැහැදිලිතාවය වැනි රෝගාබාධ ඇතිවීම මෙහි දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයකි. නිතර නිතර එක ළඟ කිවිසුම් පිටවීම ද ප්‍රතිශ්‍යාවේ තවත් මූලික ලක්ෂණයක්ය. ඉතාම ආසන්නවම ප්‍රතිශ්‍යාව වැළඳීමේ ලකුණු පහළ වන්නේ එවිටයි.

මෙහිදී නොකඩවා කිවිසුම් යාම ඇතිවේ. කිවිසුම් යාමත් සමඟ සොටු දියර ගැලීම ඇති වේ. සමහරවිට සිරුර සීතල කර උණ රෝග තත්ත්වය ඇති වේ. පසුව එය වැඩිවත්ම හිසරදය හා මාංශපේශිවල වේදනාව හන්දිපත් අමාරුව දක්වා පැමිණ සිරුරේ අප්‍රාණිකත්වය මෙන්ම උද්‍යෝගිමත් ඇතිකළ හැකියි. කිසිදු වැඩක් පලක් කිරීමට සිත දෙන්නේ නැත. අලස බව ඇති කරයි. ඔළුව බර ගතිය සේම ඔළුව ඔබාගෙන නින්දට යෑමට බල කෙරෙන බව හැඟෙයි. ඇස් කැසීම, ඇස්වලින් කඳුළු වැගිරීම, ඇස් රතුවීම, මුහුණ රෝස පාටවීම, හිරු එළිය දෙස බැලීමේ අපහසුව, නාසය හිරවීම, හුස්ම ගැනීමේ අපහසුව ඇති විය හැකියි.

කහපාටට සෙම පිටවීම

කහපාටට, කොළ පාටට හෝ දුඹුරු වැනි පාටවලින් සෙම පිටවිය හැකියි. එයට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් නිව්මෝනියා රෝග තත්ත්වය දක්වා වර්ධනය විය හැකියි. මේ නිසා රෝගයට නිසි ප්‍රතිකාර අත්‍යවශ්‍ය බැවින් කල් නොයවා ප්‍රතිකාරවලට යොමුවීම වැදගත්ය.

ප්‍රතිශ්‍යා හෝ  ඉන්ෆ්ලුවන්සා ලක්ෂණ  ඇතිවිට කළයුතු දේ.

උණු ජලය භාවිතය, බර ආහාර නොගැනීම, සහැල්ලු ආහාර උණුවෙන් ගැනීම.

උණුසුම් ඇඳුම් ඇඳීම, ස්නානය නොකිරීම, ශීතකරණයේ තබා ඇති ආහාර නොගැනීම.

තද අව් රශ්මියේ නොසිටීම, දූවිලි නොවැදීම, ඇල් ජලය භාවිත නොකිරීම, විදුලි පංකා සහ ශීත කළ කාමරවල නොසිටීම සහ හොඳ වාතාශ්‍රයක්  පවත්වා ගැනීම. 

සැහැල්ලු ඇඳුමක් ඇඳ සිටීම, හැමවිටම අත් පිරිසුදුව තබා ගැනීමත් ප්‍රතිශ්‍යාවෙන් වැළකී සිටීමට උදව් වෙයි.

උණු වතුර වාෂ්පය, උණු වතුරට දෙහි කොළ දමා නැඟෙන වාෂ්පය, කොත්තමල්ලි හැලියේ වාෂ්පය ආදී මෙම කවර වර්ගයක වාෂ්පය ඉරීම සෙම්ප්‍රතිශ්‍යාවෙන් මිදී ඔබට සහනයක්ම ගෙන දීමට සමත් වේවි.

ආරක්ෂක  පියවර 

රෝගියකු කිවිසුම් අරින හෝ කහින තැනක ඔබ සිටියහොත් මඳ වේලාවක් හුස්ම නොගෙන හුස්ම අල්ලාගෙන සිටීම එක් ආරක්ෂාකාරී පියවරකි. නැතිනම් මුඛ ආවරණ පැළඳිය යුතුය. 

උදේ සවස ලුණු වතුරෙන් කට සේදීම. ප්‍රතිශ්‍යාව ඇති අයෙක් තුවාය භාවිත කිරීම වෙනම සිදුකළ යුතුයි. තමා පරිහරණය කරන බඩු භාණ්ඩ වෙනම භාවිත කිරීම අන් අයට එය බෝවීම වැළැක්වීමට හොඳම උපක්‍රමයකි. ලේන්සු, පිඟන්, කෝප්ප වැනි භාණ්ඩ මෙහිදී තමාටම කියා වෙන්කර ගන්න. සැහැල්ලු ආහාර වර්ග ගැනීම ගුණයි. උණුසුම් පාන වර්ග ගැනීම යහපත්ය. අව්වේ, වැස්සේ, පින්නේ යාම හොඳ නැත. සීතල වතුර සමහරුන්ට ස්පර්ශය පවා නුසුදුසුයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට පවතින සිරුරේ වෙනස්කම් මත රෝගී බව පෙන්නුම් කරන නිසාය. මහන්සි වීම, නිදිවැරීම හොඳ නැත. උදෑසන 10 - 11 වන විට උණුසුම් ජලයෙන් මුහුණ කට හෝ ඇඟ සේදීම කළ හැකියි.

ඉන්ෆ්ලුවෙන්සාව  
ප්‍රතීශ්‍යා තත්ත්වයන් සුව නොවි  දීර්ඝ කාලයක් පැවතුණහොත් වහා සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත පැමිණීම වඩාත් යෝග්‍යය. විශේෂයෙන්ම තද උණ දිගටම පැවතීම  මෙන්ම හිසරදය හුස්ම ගැනිමේ අපහසුතාව, උත්සන්නවන කැස්ස, උගුරේ රුදාව, හන්දිපත් රුදාව, මස් පිඩුවල වෙහෙස ගතිය දිගටම පැවතීමත් ඇතැම් අවස්ථාවල වමනය ඇති වීමත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ උණ රෝගයේ ලක්ෂණයකි. මේ අවස්ථාවේ වෛද්‍ය උපකාර පැතිය යුතුමය.

 

►සුගත් පි. කුලතුංග ආරච්චි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
25 May 2018 07:49 PM
කතා කොරල වැඩක් නැහැ. ඔක්කොමත් හරි වැස්ස කාලෙට පොඩි වුන් ලෙඩ උනහම.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 May 2018 05:58 PM

govaමැදිවියේ කාන්තාවන් බහුල වශයෙන් පෙළෙන්නාවූ ෆයිබ්‍රොයිඩ් තත්ත්වය සමහරුනට අපහසුතා ගෙනදෙන අතර සමහරුනට කිසිදු රෝග ලක්‍ෂණයක්‌ නොපෙන්වයි. බොහෝ විට මේ තත්ත්වයට ප්‍රතිකාර ලෙස වෛද්‍යවරු ශල්‍යකර්ම නිර්දේශ කරති. එනමුත් අපහසුතාවලින් තොරව පවතින ෆයිබ්‍රොයිඩ් තත්ත්වයන්හිදී සිදු කරනුයේ වරින්වර වෛද්‍ය පරීක්‍ෂණ මගින් ගෙඩියෙහි වර්ධනය පිළිබඳ සොයා බැලීමයි. මෙබඳු අවස්‌ථාවලදී මෙම වර්ධනය පාලනය කිරීම හෝ ගුණදායක ආහාර පානාදිය පිළිබඳ අවබෝධයෙන් පසුවීම සැමටම ප්‍රයෝජනවත් කරුණකි.

ආයුර්වේද ක්‍රමය තුළ ප්‍රතිකාර කරන සෑම රෝග තත්ත්වයක්‌ සඳහාම නියමිත වූ ආහාර පාන පිළිබඳ උපදෙස්‌ මාලාවක්‌ පවතී. මෙම උපදෙස්‌ ආයුර්වේද මූලධර්මවලට අනුකූලව හා ආයුර්වේදයේ පොත පත ඇසුරින් සපයාගත් කරුණු අනුව ගොඩනැඟී පවතී. ගර්භාෂගත අර්බුද හෙවත් ෆයිබ්‍රොයිඩ් තත්ත්වය සඳහා ද මෙම පදනමින් සැකසී ගුණදායක ආහාරපාන පවතී. ඒවායින් සමහරක්‌ කරුණු දැනට සිදුකර ඇති විද්‍යාත්මක පරීක්‍ෂණ වලින් ද ඔප්පු කර ඇති වීම විශේෂත්වයක්‌ වේ.

ෆයිබ්‍රොයිඩ් තත්ත්වය සඳහා පාහින ලද පිටි වර්ග හෝ කුරුට්‌ට ඉවත් කළ ඇට වර්ග භාවිතය නුසුදුසුය. ශරීරයේ ධාතු පෝෂණය අනවශ්‍ය පරිදි සිදු නොකරනු ලබන ධාන්‍ය හා ඇට වර්ග භාවිතය නිතිපතා සිදු කිරීම මෙම තත්ත්වය පාලනය සඳහා මැනවින් උදවු වේ. කුරුට්‌ට සහිතව පිළියෙල කළ රතු කැකුළු සහල් හෝ තම්බාපු සහල් භාවිතයට ගත යුතුය. එමෙන්ම කුරුලුතුඩ, මඩතවාළු වැනි කුඩා ප්‍රමාණයකින් වැඩි පෝෂණයක්‌ ලබාදෙන

පැරැණි දේශීය සහල් වර්ගවලින් පිළියෙල කළ බත්, කැඳ වර්ග මෙන්ම එම පිටිවලින් සැකසූ ආහාර පරිභෝජනයට හුරුවීම ද මෙම රෝග තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන්ට ගුණදායකය. උදැසන ආහාරය වැනි ප්‍රධාන ආහාර වේල් සඳහා ද මුං ඇට, කළු කවුපි, කොල්ලු වැනි ඇට වර්ග වලින් සෑදු ආහාරයන් ඉතා වැදගත් වේ. එමෙන්ම කුරක්‌කන්, ආටාපිටි, උඳුපිටි ආදියෙන් සැකසූ ආහාරයක්‌ නිතිපතා පරිභෝජනයට ගැනීම මෙහිදී ඉතා වැදගත් කරුණකි. පාන්පිටි, පාහින ලද සහල්, උදා: සම්බා, නාඩු, බාස්‌මතී, ආදියෙන් හැකිතාක්‌ වැළකී සිටීම රෝග තත්ත්වය අඩු කිරීමට හෙවත් ෆයිබ්‍රොයිඩ් ගෙඩිවල වර්ධනය පාලනය කිරීමට වඩා හොඳ පිටිවහලකි..

ෆයිබ්‍රොයිඩ් යනු ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව ශරීරයේ ධාතු කොටස්‌වල එක්‌රැස්‌වීම, අනවශ්‍ය පෝෂණය වීම මත හටගන්නා තත්ත්වයකි. එසේ නම් රෝග තත්ත්වය පාලනය සඳහා ධාතු පෝෂණය අනවශ්‍ය ලෙස සිදු කරන සුදු පිටි හා සීනි ආහාර වලින් හැකිතාක්‌ ඉවත් විය යුතු වේ.

gova1

 

anusප්‍රශ්නය - පසුගිය සතිවල ගුද මාර්ගය ආශ්‍රිතව හටගන්නා වේදනාව සහ එයට වග කිවයුතු රෝග ගැන අප සඳහන් කළා. අප සාකච්ඡා කළ කරුණ දෙස නැවත හැරී බැලීමක්‌ කිරීමටයි මේ අදහස. ගුදයේ වේදනාවක්‌ හට ගන්නේ කොහොමද?

වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ -ගෙල ප්‍රදේශයේ මාංශපේශීන්වල හදිසි ගැස්‌මක්‌ ඇති වුණාම හිස කකිsයන්නට පටන් ගන්නවා. ඒ වගේම ශ්‍රොaණිය හා සම්බන්ධ මාංශ පේශීන්වල ගැස්‌මක්‌ හට ගන්නවා. ගුදයේ වේදනාවක්‌ හටගන්නවා. ඒ වේදනාව කොතරම් දරුණු ද කියනවා නම් ගුදය තුළට පිහි තුඩකින් අනිනවා හා සමාන වේදනාවක්‌ ලෙස පිළිගැනෙනවා.

ප්‍රශ්නය - ඉඳගෙන සිටින විට ගුදයෙහි වේදනාවක්‌ හටගන්නවා නම් එයට හේතුව මොකක්‌ද?

වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ- මෙය බොහෝ විට සිදු වන්නේ මළපහ කරන විටය. බර එසැවීම සහ දරු ප්‍රසූතියත් මෙයට හේතු වියහැකියි.

ගුද භ්‍රංගය, ගුද පරිකර්තිකාව, ගුද විදාධිය, අර්ශස්‌ වැනි තත්ත්වයන් යටතේ සිටින රෝගීන්ටත් ගුද වේදනාව හට ගන්නවා.

ප්‍රශ්නය - Proctictis කියන ගුද රෝග තත්ත්වය කුමක්‌ද?

වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - මෙයට කියන්නේ ගුද විදාරණය කියලය.s මෙහි රෝග ලක්‍ෂණය තමයි,

1. මළ පහ කිරීමට අවශ්‍ය බව නිතර හැඟීම.

2. ගුදයෙන් රුධිරය පිට වීම

3. ගුදයෙන් සෙම පිටවීම

4. ගුදයේ වේදනා දීම

5. උදරයේ වම් පස වේදනාදීම

6. පාචන තත්ත්වය

7. මළ පහ කරනවිට වේදනාවක්‌ හට ගැනීම.

මෙය ගුදය තුළ හටගන්නා ප්‍රදාහ තත්ත්වයක්‌a. හැබැයිs ඉතා ඉක්‌මනින් සුව කරන්නට පුළුවන්.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

anus1

 

neckප්‍රශ්නය - ගෙල ඇටය දිරා යැම නිසා අකර්මණ්‍ය වූ තරුණ සොයුරියන් දෙදෙනකු ගැන අප පසුගිය දෙසතිය තුළ ඔබ සමඟ කතා කළා. අද අප ඔබෙන් අසන්නට බලාපොරොත්තු වන්නේ ඔවුන් සුවපත් කළ ආකාරයයි.

වෛද්‍ය එම්. ඒ. මදනායක - ගෙල ඇටය හෙවත් ග්‍රීව අස්‌ථිය කියන්නේ ශරීරයේ වැදගත්ම කොටසක්‌ බව මෙහිදී සිහිපත් කළ යුතුයි. ග්‍රීව අස්‌ථිය කොඳුඇටය සමඟ සම්බන්ධ එහිම කොටසක්‌. මෙය දිරා යැම, කැඩීම, කාටිලේජ දියවීම නිසා හානි වීම වැනි අර්බුදවලට ලක්‌විය හැකියි. එහෙම වුණාම අධික වේදනාවක්‌ හටගන්නවා. වේදනාවෙන් නොනැවතී මුළු ශරීරයම අකර්මණ්‍ය වන අවස්‌ථා තිබෙනවා. ග්‍රීව අස්‌ථිය දිරා යැම වෙනම ලෙඩක්‌. එය Degenerative neck bone disease කියලා හඳුන්වනවා. ලොව කිසිම දෙයක්‌ සදාකාලිකව නොපවතිනවා වාගේ මනුෂ්‍ය ශරීරයත් සදාකාලික නැහැ. දශක ගණනාවක්‌ පුරා දිග හැරෙමින්, කැඩෙමින් භ්‍රමණය වෙමින් බර උසුලමින් කල් ගත කරන අපේ අස්‌ථි පCඳ්ජරය දිරා යැම පුදුමයට කරුණක්‌ නොවෙයි. ලොකුම ප්‍රශ්නය හට ගන්නේ මෙම අස්‌ථි දිරා යැම රෝගියා මියගිය පසුව නොව ඔහු/ ඇය පණපිටින් සිටින විට සිදු වුණාමයි.

ප්‍රශ්නය - මෙවැනි දිරායැම් වලදී ඔබ කරන්නේ කුමක්‌ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - අපි මේ සඳහා උදාහරණ ලෙස ග්‍රීව අස්‌ථිය දිරාගිය සොයුරියන් දෙදෙනා පිළිබඳ උදාහරණයට ගනිමු. ඇට දිරා යන්නේ ඇයි? එම ඇටවලට අවශ්‍ය පෝෂණ ගුණය නැති වීම නිසයි. පෝෂ්‍ය ගුණය නැති වන්නේ ඇයි? එම අස්‌ථි ප්‍රදේශයට රුධිරය සැපයෙන නහර සහ ස්‌නායු අඩපණ වීම නිසයි. එවිට අප කරන්නේ රුධිර නාළ සහ ස්‌නායු පණ ගැන්වීම සඳහා ප්‍රතිකාර පටන් ගැනීමයි. මෙයට පෙරත් කියා ඇති පරිදි අපේ ප්‍රතිකාරය තෙල් ගා තැවීම, බෙහෙත් පොට්‌ටනි යොදා තැවීම සහ කසායවලින් සමන්විත වෙනවා. අප ඉහතින් සඳහන් සොයුරියන් දෙදෙනාට ඉහත සඳහන් ක්‍රමවලට ප්‍රතිකාර කළා. දෙසතියක්‌ ගත වන විට ඔවුන් යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත් වුණා. අද වන විට ඔවුන් තනිව ඇවිද යැමට සහ තමන්ගේ වැඩ තනිව කර ගැනීමට හැකි තත්ත්වයක සිටිනවා. ඉදිරි දෙසතියේ ප්‍රතිකාරවලින් පසු ඔවුන් 100% ක්‌ ම සුවපත් වෙනවා.

නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

neck1

neck2

 

heartප්‍රශ්නය - හෘද රෝග ගැන අප පසුගිය සතිවල දිගින් දිගටම කතා කළා. ඒ සියල්ලටම පාහේ බටහිර ලෝකයට අයත් විද්‍යාත්මක දැනුමයි. අද අප බලාපොරොත්තු වෙනවා මෙහි දේශීය විද්‍යාත්මක පැත්ත ගැන තොරතුරු.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ශරීරයේ පැවැත්මට සහ ක්‍රියාශීලීත්වයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ, ඔක්‌සිජන් සහ ප්‍රාණ (මෙය දේශීය වෛද්‍ය විද්‍යාවේ එන දෙයක්&zwnj සපයන්නේ රුධිර සංසරණ පද්ධතියයි. මේ පද්ධතියේ මැද හෘදය පිහිටා තිබෙනවා. රුධිර සංසරණ පද්ධතිය තනිකරම මෙහෙයවන්නේ හෘදය විසිනුයි. අනෙක්‌ කිසිදු ඉන්ද්‍රියයක්‌ මැරුණට මනුෂ්‍යයා එකෙනෙහිම මැරෙන්නේ නැහැ. ඒත් හදවත මැරුණොත් මනුෂ්‍යයා එකෙනෙහිම මිය යනවා.

සාමාන්‍ය නිරෝගී සෞඛ්‍යයක්‌ තිබෙන කෙනකුගේ හදවත විනාඩියකට 65-75 වාරයක්‌ ස්‌පන්දනය වෙනවා. ඒ අනුව අවුරුදු 75 ක ආයු කාලයක්‌ ගත කරන කෙනකුගේ හදවත මිලියන හතළිස්‌ වතාවක්‌ ස්‌පන්දනය වෙනවා. මේ ස්‌පන්දනය නැවතුන විට හදවත නවතිනවා. මේ ස්‌පන්දනය නොනැවතී හැකිතරම් කල් පවත්වාගෙන යනු පිණිස සුදුසු ඖෂධ දේශීය වෙදකමේ දකින්නට ලැබෙනවා.

ඔබ ආහාරයට ගන්නා හැම දෙයක්‌ම ඔබේ ශරීරයට බලපානවා. ආහාරවලින් ලැබෙන දෙයට අප කියන්නේ ගුණය කියලයි. පිපිඤ්Æ වැනි එළවළු කෙනකුගේ ඇඟ නිමනවා. එය සිසිල් ගුණය. මිරිස්‌ වැනි දේවල් කෙනකුගේ සිරුර ගිනියම් කරනවා. එය ඌෂ්ණ ගුණය. ඔබ ආහාරයට ගන්නා සෑම දෙයකම බලපෑම ඔබේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට ඇතිවෙනවා. විශේෂයෙන්ම හදවතට බලපාන ආහාර රැසක්‌ තිබෙනවා. ගෝවා, වට්‌ටක්‌කා වැනි එළවළු හදවතට ඉතා හොඳයි. රාබු, මුත්‍රා වාහිනී පද්ධතියට හොඳයි. හදවත් රෝගවලින් හදවත ගලවා ගන්නට නම් පහත සඳහන් ශාරීරික තත්ත්වයන් ශරීරයට හඳුන්වා දිය යුතුයි.

1. ශරීරයේ අභ්‍යන්තර පිරිසිදු කර ... තැබිය යුතුයි.

2. රුධිර සංසරණය පහසු වීම සඳහා රුධිරය තුනී විය යුතුයි.

3. වකුගඩු නිසි පරිදි ක්‍රියාත්මක වී මුත්‍රා බැහැර වීම නිසි පරිදි සිදු විය යුතුයි.

4. ශරීරයේ බර පාලනය කර ගත යුතුයි.

5. මළ නිසි පරිදි බැහැර විය යුතුයි.

6.ශරීරය නිසි පරිදි ශක්‌තිමත් විය යුතුයි.

heart1ශරීරයේ අභ්‍යන්තරය පිරිපහදු වීම සඳහා සූදුරු, කොත්තමල්ලි, උළුහාල් යනාදියට පුළුවන්. මේ තුන තේ හැඳි භාගය බැගින් ගෙන උතුරන වතුර කෝප්පයකට දමා විනාඩි 10 ක්‌ වසා තබා පෙරා පානය කිරීම ඉතා සුදුසුයි. පෙරා ඉවත් කළ මන්ඩි (සූදුරු, කොත්තමල්ලි, උළුහාල්) ඒ වෙලාවේම අනුභව කළ හැකි නම් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.

රුධිර සංසරණය පහසු වීම සඳහා තෙල් ආහාරයට ගැනීම ඉතාම අඩු කළ යුතුයි. කරපිංචා, සුදුලූනු, ඉඟුරු යනාදියට පුළුවන් ලේවල කොලෙස්‌ටරෝල් අඩු කිරීමට. ඒ වගේම කැල්සියම් වැඩිපුර ආහාරයට නොගත යුතුයි. ඒවා අතිරික්‌ත කැල්සියම් රුධිරය සමඟ මිශ්‍ර වී ශරීරය පුරා ගමන් කර රුධිර නාළවල බැඳෙනවා. නෙල්ලි, ත්‍රිපලා, ගොටුකොළ යනාදිය මගින් හෘදය ශක්‌තිමත් කළ හැකියි.

වකුගඩු සහ මුත්‍රවාහිනිය නිසි පරිදි හා සෞඛ්‍ය සම්පන්න ලෙසත් පවත්වාගෙන යැම සඳහා ජලය ප්‍රමාණවත් තරම් පානය කිරීමත් සිසිල් ගුණයෙන් යුතු දිය ගතිය වැඩි එළවළු හා පළතුරු ආහාරයට ගැනීමත් කළ යුතුයි. වෛද්‍ය උපදෙස්‌ මත පොල්පලා වතුර බීම, කොත්තමල්ලි වතුර බීම ඉතා වැදගත්.

බර අඩු කර ගැනීම සඳහා සීනි සහ පිෂ්ටය අනවශ්‍ය පරිදි ශරීරය විසින් අවශෝෂණය කරගනු ලැබීම නැවැත්විය යුතුයි. මළපහ වීම නිසි ලෙස පවත්වා ගැනීම සඳහා වියළි ගුණයෙන් අඩු ආහාර ගැනීම, ජලය වැඩියෙන් පානය කිරීම, දිනයේ නිසි වේලාවකදී ආහාර ගැනීම යනාදිය කළ යුතුයි. ශරීරය නිසි පරිදි ශක්‌තිමත් වීමට අශ්වගන්ධ අරිෂ්ටය සුදුසු වෛද්‍යවරයකුගේ උපදෙස්‌ මත ගැනීමෙන් පුළුවන්. දසමූලාරිෂ්ටයත් සුදුසුයි. හැබැයි වෛද්‍ය උපදෙස්‌ නැතිව අරිෂ්ට ගත්තොත් අක්‌මාවට හානි වෙනවා.

හෘදයාබාධ වැළැක්‌වීම සඳහා ගත යුතු ආහාර මොනවාද? කෝමාරිකා, තිප්පිලි, අමු සුදුලූණු, මීපැණි වල බහාලන ලද සුදුලූණු, වියළි පාස්‌ලි සහ අමු පාස්‌ලි, අමු රාබු යනාදිය හෘදයාබාධ මැඬපැවැත්වීමට හේතු වෙනවා.

ලබන සතියේ නහරවල හිරවී ඇති ලේ කැටි දිය කරන අරුම පුදුම සිංහල බෙහෙත්)

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

heart2

 

 

whiteඅද අප කතා කිරීමට යන්නේ කාන්තාවන්ටම පමණක්‌ වැළඳෙන රෝගයක්‌ ගැන සහ එය සුවකර ගැනීමට ආයුර්වේදය සතු ප්‍රතිකාර ක්‍රමවේද පිළිබඳවය. මේ පිළිබඳව ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා අප සමඟ මෙසේ පැවැසීය.

කාන්තාවන්ට වැළඳෙන ලැඡ්ජාව නිසා බොහෝ කාන්තාවන් ප්‍රතිකාර ගන්න අදිමදි කරන මොකක්‌ද මේ සුදයැමේ (ශ්වේත ප්‍රදර) රෝගය කියන්නේ.

වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ඔව්· මෙය කාන්තාවන්ටම පමණක්‌ වැළඳෙන රෝගී තත්ත්වයක්‌. ඒවාගේම මෙය සඟවාගෙන නොසිට ප්‍රතිකාර කරා යොමුවිය යුතු රෝගී තත්ත්වයක්‌. කාන්තාවන්ගේ යෝනි මාර්ගය අවට ප්‍රදේශය තෙත් ගතියකින් පැවැතීම සාමාන්‍ය තත්ත්වයක්‌. ගර්භාෂය නිතරම කලලයක්‌ දැරීමට සූදානමින් සිටින අතර එම ක්‍රියාවලියේදී ඩිම්බ පිටකිරීමද සිදුකරනවා. මේ නිසා යෝනි මාර්ගය අවට ඇතිවන ස්‍රාව තත්ත්වයන් වැඩි වශයෙන් ඇතිවන අතර සුද යැමේ රෝගී තත්ත්වය ඇතිවූ විට මේ තත්ත්වය තවත් වැඩිවෙනවා. එලෙස වැඩි වශයෙන් යෝනි මාර්ගයෙන් ස්‍රාවයක්‌ පිටවීමේ තත්ත්වය සුද යැමේ රෝගී තත්ත්වය ලෙස හැඳින්වෙනවා.

ඇතැම් විට එම ස්‍රාවයන් කිරි පැහැයටද (මේවා බොහෝ විට මුදවපු කිරි වලට සමාන තත්ත්වයක්‌ ගනු ලැබේ) තරමක්‌ උකු ස්‍රාවයක්‌ ලෙසින්ද පිටවිය හැකිය.

තවද සුදු පැහැති ලෙසද යෝනි මාර්ගය අවට පැතිරී පැවැතිය හැකි අතර මීට අමතරව රතු පැහැයට ලා රතු පැහැයට කහ මෙන්ම තද කහ පැහැයෙන්ද පිටවීම සිදුවිය හැකියි. එලෙස විවිධ පැහැයෙන් ස්‍රාවයන් පිටවීමේදී කාන්තාවන්ට තමන්ට මෙම රෝගී තත්ත්වය වැළඳී ඇති බව දැනගත හැකියි.

මෙම රෝගය වැළඳීමත් සමඟ ඔවුන්ට ඇතිවන අපහසුතා මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - මෙම රෝගය වැළඳුණු කාන්තාවන්ට විවිධ අපහසුතා ඇතිවිය හැකියි. ඒ අනුව යෝනි මාර්ගය අවට ප්‍රදේශය නිතර නිතර කැසීමේ තත්ත්වයක්‌ ඇතිවීම සහ එම කැසීම ඉකිළි ආශ්‍රිත ප්‍රදේශය දක්‌වා ව්‍යාප්ත වීම සහ නිතර මුත්‍රා ආසාදනවලට ගොදුරු වීම ප්‍රධාන ලෙසට දැකිය හැකි අපහසුතා ලෙස දැක්‌විය හැකියි. මේ නිසා බොහෝ කාන්තාවන්ට කාර්යාලවලදී පොදු මගී ප්‍රවාහන සේවාවලදී නිතර පිරිස්‌ අතර ඇසුරේදී ඉතා දැඩි අසරණභාවයකට පත්වීමට සිදුවන්නේය.

මේ රෝගය වැළඳෙන්නේ මොනවගේ හේතු කාරණා නිසාද?

වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- ඇත්තටම මෙය වැළදෙනවාට වඩා වැළඳගන්නවා යෑයි කීවොත් එය බොහෝ නිවැරැදියි. බොහෝ විට කාන්තාවන් තම ශරීර සනීපාරක්‍ෂාව පිළිබඳ අඩු අවධානයක්‌ යොමු කිරීමෙන් මෙම රෝගය ඇතිවිය හැකියි. එනම් යෝනි මාර්ගය අවට ප්‍රදේශය නිරන්තරයෙන්ම පිරිසිදුව තබා නොගැනීම, හොඳ සෞඛ්‍ය පුරුදු නොමැතිවීම, ක්‍රිමි ආසාදන (පණු රෝග) ලිංගික චර්යාවන්, වැඩිපුර සිටගෙන සිටින සහ වැඩිපුර ඉඳගෙන සිටීමද මෙම රෝගය ඇතිවීමට හේතුවිය හැකියි. තවද බර ඉසිලීම, පොදු වැසිකිළි භාවිතය හා අපිරිසිදු වැසිකිළි භාවිතය, බහු පුරුෂ සේවනය ආදිය සුද යැමේ රෝගය ඇතිවීමට බලපාන හේතු කාරණා ලෙස හැඳින්විය හැකියි.

තවද ඉහත හේතූන්ට අමතරව උෂ්ණාධික ආහාර ගැනීම, විශේෂයෙන්ම තරුණ අවධියේ සිටින කාන්තාවන් අමු අඹ, අන්නාසි, බිලිං, අඹරැල්ලා, අච්චාරු වැනි දේ ආහාරයට ගැනීමෙන් මෙම රෝගී තත්ත්වයට ගොදුරුවිය හැකියි. විශේෂයෙන්ම ශරීරයේ අධික උෂ්ණාධික බවද මෙම රෝගය හටගැනීමේ හේතුවක්‌ ලෙස දැක්‌විය හැකියි.

මෙවැනි වැරදි ක්‍රියාකාරකම් නිසා බොහෝ කාන්තාවන් මෙම රෝගී තත්ත්වයට ගොදුරුවන අතර එනිසා හැකිතාක්‌ නිවැරදි ආහාර රටාවන්ට හොඳ සෞඛ්‍ය පුරුදුවලට පිරිසිදුකමට මූලිකත්වය දුන්නොත් බොහෝදුරට මෙම රෝගය වැළඳ නොගැනීමේ හැකියාව පවතින බවද මෙහිදී පැවසිය යුතුම වෙනවා.

මෙම රෝගය වැළඳුණු කාන්තාවන් එයින් මුදාලීම සඳහා ආයුර්වේදය සතු ප්‍රතිකාර ක්‍රම මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා,

white1ශ්වේත ප්‍රදරය (සුදයැම) රෝගය සුව කිරීම සඳහා ඉතා හොඳම ප්‍රතිකාර ක්‍රමවේදය ආයුර්වේදයයි. මන්ද මෙම රෝගය වැළඳුණු කාන්තාවන් අප කරා පැමිණ ඔවුන් මේ සඳහා විවිධ ප්‍රතිකාර ලබාගත් බවත් නමුත් අවසන රෝගය සුවවූයේ අපගේ ප්‍රතිකාර මගින් බවත් නිරන්තරයෙන්ම අප හා පවසනවා. එනිසා මේ සඳහා හොඳම ප්‍රතිකාර ක්‍රමය ආයුර්වේදය බව නොබියව පැවැසිය හැකියි.

මේ සඳහා ආයුර්වේදය සතු ප්‍රතිකාර ක්‍රම විවිධයි. මන්ද මෙම රෝගය වැළඳුණු කාන්තාවන්ට ඇතිවන අපහසුතා විවිධාකාරයි. ඉහත සඳහන් කළාක්‌ මෙන් එම විවිධ අපහසුතා පිළිබඳ සියුම්ව රෝගීන් සමඟ සාකච්ඡා කර ඒ ඒ අවස්‌ථා සඳහා වෙන වෙනම ඖෂධ ලබාදීම සිදුකළ යුතුයි. ඒ සඳහා සැකසූ විශේෂිත ප්‍රතිකාර ක්‍රම හා ඖෂධ අප සතුව තිබෙන අතර වෛද්‍ය නිර්දේශ අනුවම පමණක්‌ රෝගීන් එම ප්‍රතිකාර ලබාගත යුතුවෙනවා.

විශේෂයෙන්ම මෙම රෝගී තත්ත්වය දිගු කලක්‌ පැවැතීමෙන් ගර්භාෂය ආශ්‍රිතවද යම් යම් රෝග තත්ත්වයන් ඇතිවීමේ අවදානමක්‌ තිබෙන නිසා බොහෝ විට එවැනි අවස්‌ථාවලදී දරුඵල නොමැතිවීම දක්‌වා තත්ත්වය භයානක විය හැකි බැවින් මේ සඳහා කඩිනමින් ප්‍රතිකාර ලබාගන්නා ලෙසද කාන්තාවන්ට පැවැසිය යුතුම වෙනවා.

 

sayatikawaප්‍රශ්නය - පසුගිය සතිවල අප කතා කළේ සයටිකා රෝගයට අදාළ බටහිර විද්‍යාත්මක නිර්වචන ගැනයි. අද අප එහි ආයුර්වේද පැත්ත ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. සයටිකාව නිසා හටගන්න ප්‍රමුඛතම ප්‍රශ්නය තමයි පාදයේ අධික වේදනාව. මේ සඳහා සුදුසු වේදනා නාශක ආයුර්වේදයේ තිබෙනවද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - බටහිර වෛද්‍යතුමාගේ වේදනා නාශක තරමටම බලසම්පන්න, වකුගඩුවලට කිසි හානියක්‌ නැති වේදනා නාශක ආයුර්වේදයේ තිබෙනවා. හැබැයි මේවා ගත යුත්තේ සුදුසු වෛද්‍යවරයකුගේ නිර්දේශ මතයි. ඉන් ප්‍රධාන වේදනා නාශකයන් තමයි ගුග්ගුලු. මෙය ඉන්දියාවේ හැදෙන කුඩා ගසකින් ලබා ගන්නා දුම්මල වැනි ගම් වර්ගයක්‌. වේදනා නාශක සංයෝග වගේම ප්‍රදාහ නාශක සංයෝග විශාල ප්‍රමාණයක්‌ ගුග්ගුලුවල තිබෙනවා. විශේෂයෙන් සන්ධිවල සහ අස්‌ථිවල හටගන්නා වේදනාව සමනය කරන්නටයි මේ ඖෂධය වැඩි වශයෙන් පරිහරණය කරන්නේ. මෙය කෙතරම් බලගතු ද කියනවා නම් සැත්කමකින් පසුව එන අධික වේදනාව පාලනය කරන්නට ගුග්ගලුවලට පුළුවන්.

ප්‍රශ්නය - සයටිකාවට කරන වෙනත් ආයුර්වේද ප්‍රතිකාර ගැන විස්‌තර කරන්න.

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - කටි බස්‌ති කියලා ප්‍රතිකාර ක්‍රමයක්‌ තිබෙනවා. මෙය ආයුර්වේදයටම සුවිශේෂ වූ ක්‍රමයක්‌. කටි කියන්නේ කොන්දටයි. කොන්ද අමාරුව කටි වායුව ලෙස පුරාණ ගැමියන් කියනවා. අප අසා තිබෙනවා. මෙහිදී සහල් පිටි වතුරින් අනා රොටී පදම ගෙන අඟලක්‌ පමණ උස අඟලක්‌ පමණ ඝනකම කුඩා තාප්පයක ස්‌වරුපයෙන් කොන්දේ වේදනා සහිත ප්‍රදේශය වටා එළනවා. ඊට පසු එම ප්‍රදේශයට උණුසුම් ඖෂධීය තෙලක්‌ වත් කරනවා. තෙල් තිබෙන විට ඉවත් කරගෙන නැවත වතාවක්‌ උණුසුම් තෙල් පුරවනවා. මේ විදියට කිහිප වතාවක්‌ කළාම තෙල්වල උණුසුම නිසා කොන්ද ප්‍රදේශයේ රුධිර සංසරණය වැඩි වෙනවා. එවිට මාංශපේශීන් ලිහිල් වෙලා වේදනාව නැතිවී ගොස්‌, කොන්දේ ක්‍රියාශීලීත්වය වැඩිවෙලා පාදවල වේදනාව සහ තද ගතිය නැතිව යනවා. අප මේ වනවිට දන්නවා සයටිකා ස්‌නායු කොඳු ඇටය සමඟ සම්බන්ධ බව.

ප්‍රශ්නය - මේ සුවය පවතින්නේ කටි බස්‌ති ප්‍රතිකර්මය කරන කාලය තුළ විතරක්‌ නොවෙයිද?

වෛද්‍ය ආර්. කේ. වීරසේකර - නැහැ. එම සුවය අල්ලා සිටීම සඳහා නියම කරන කසාය වර්ග චූර්ණ සහ තැවිලි තිබෙනවා. මේවා නිසි ලෙස කළාම ලේ ගමන යළි නියමිත පරිදි සිදු වීමට පටන් ගන්නවා. සයටිකා රෝගය සුව කිරීම හිතන තරම් දුෂ්කර නැහැ. රෝගියාගේ සහය ලැබෙනවා නම් එය ඉතා ඉක්‌මනින් කළ හැකියි.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

sayatikawa1

 

entප්‍රශ්නය - අප දන්නා පරිදි ආයුර්වේදයේ තිබෙන ලොකුම ප්‍රශ්නයක්‌ තමයි විවිධ රෝගාබාධ හෝ ඖෂධ ගැන නවීන විද්‍යාත්මක පර්යේෂණ ඇති නොවීම.....

වෛද්‍ය ආචාර්ය ප්‍රියානි පීරිස්‌ - සම්පූර්ණ දුර්මතයක්‌ තමයි ඔබ දරන්නේ. නූතන ආයුර්වේදයේ රෝග නිශ්චය කටයුතු සඳහා සියලු ආකාරයේ නවීන උපකරණ යොදා ගන්නවා. ඔබට මා තවත් කාරණයක්‌ කියන්නම්. සාමාන්‍යයෙන් පිළිගැනීමක්‌ තිබෙනවා ඇතැම් ලෙඩ රෝගවලට ප්‍රතිකාර ආයුර්වේදයේ නැහැයිකියලා. මෙයත් සම්පූර්ණ මිථ්‍යාවක්‌. බටහිර වෛද්‍ය විද්‍යාවේ වගේම රෝග ශ්‍රේණිගත කිරීම, ශරීරයේ රෝග පවතින කලාප, ශ්‍රේණි පවා ආයුර්වේදයේ තිබෙනවා.

ප්‍රශ්නය - කන, නාසය, උගුර (ENT) පිළිබඳ ආයුර්වේද ක්‍ෂේත්‍රයේ සිටින ප්‍රාමාණික විද්වත් වෛද්‍යවරිය බවයි දැනට ඇති පිළිගැනීම. මොකද්ද මේ කන, නාසය, උගුර කියන අංශය?

වෛද්‍ය ආචාර්ය ප්‍රියානි පීරිස්‌ - මෙය එක්‌තරා ආකාරයක රෝග කලාප ශ්‍රේණිගත කිරීමක්‌. ආයුර්වේදයේ මෙය විග්‍රහ කෙරෙන්නේ කන, නාසය, උගුර යන කොටස්‌ තුනට සීමා නොවී වඩාත් පුළුල් ලෙසයි. එනම්. නාසා, කර්නා, අක්‍ෂි, ශිරෝ. මුඛ යනාදී වශයෙනුයි. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයේදී මෙය Otorhinolaryngology ලෙස හඳුන්වනවා. මේ කලාපය සම්බන්ධයෙන් විශේෂීකරණය වූ වෛද්‍යවරුන්ට කියනවා ENT වෛද්‍යවරු කියලා. ආයුර්වේදයේ දී මේ කලාපය තුළ හට ගන්නා රෝග අර්ථකථනය කරන්නේ පහත සඳහන් විදියටයි.

1. නාසා රෝග - නාසය තුළ හට ගන්නා රෝග ගැනයි මෙයින් කියෑවෙන්නේ.

2. කර්ණා රෝග - මෙයින් හැඳින්වෙන්නේ කන තුළ හටගන්නා රෝග පිළිබඳවයි.

3. මුඛ රෝග - මුඛය තුළ සහ දත් ආශ්‍රිතව හටගන්නා සියලු රෝග මෙයින් ආවරණය වෙනවා.

4. ශීර්ෂ රෝග - හිස්‌ කබල සහ එය ආශ්‍රිතව හටගන්නා මිග්රේන් සහ සසිනොසයිටිස්‌ වැනි රෝග මේ කොටස මගින් ආවරණය වෙනවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ප්‍රධාන සම්ප්‍රදායයන් දෙකක්‌ මත ගොඩනැඟී ඇති වෛද්‍ය ක්‍රමයක්‌ එයින් ධන්වන්තරී සම්ප්‍රදාය අනුව ගොඩනැඟුණු වෛද ක්‍ෂේත්‍රය තමයි ශාලාක්‍ය තන්ත්‍රය මෙහි මූලික ආචාර්යවරයා හැටියට සලකන්නේ ශල්‍ය වෛද්‍ය ක්‍ෂේත්‍රයේ පියා වන සූශ්‍රැත ආචාර්යතුමා. මෙතුමාගේ විශ්ලේෂණය අනුව ශාලාක්‍ය තන්ත්‍රයේ තිබෙනවා අක්‍ෂි රෝග 76 ක්‌. මුඛ රෝග 65 ක්‌, කර්ණා රෝග 28 ක්‌ නාසා රෝග 31 ක්‌ ශිරෝ රෝග 11 ක්‌ යනාදී වශයෙන් ආයුර්වේදයේ සඳහන් වෙනවා.

ප්‍රශ්නය - ENT රෝග සඳහා ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකාර ආයුර්වේදයේ තිබෙනවද?

වෛද්‍ය ආචාර්ය ප්‍රියානි පීරිස්‌ - ස්‌ථිර වශයෙන් ම තිබෙනවා. කිසිදු අතුරු ආබාධයක්‌ නැති, ශාක සාරමය ඖෂධවලින් උගුර, කන, නාසය ආශ්‍රිත රෝග සුව කරන්න පුළුවන්.

ලබන සතියේ සිට ENT රෝග ගැන වඩාත් පුළුල්ව කතා කරමු.

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

ent1

 

aracඅක්‌මා සිරෝසිස්‌ තත්ත්වය නිසා ඇති වන රෝග ලක්‌ෂණ

සිරෝසිස්‌ තත්ත්වය දක්‌වා රෝගය වර්ධනය වූ විට දරුණු රෝග ලක්‌ෂණ පහළ වෙනවා. ශරීරය ඉදිමීම, ලේ වමනය, ගුදයෙන් ලේ පිටවීම, කළු පැහැයෙන් මල පිටවීම, බඩේ වතුර එකතු වීම, උදරයේ ලේ නහර ඉස්‌මතු වීම, හමේ පැහැය වෙනස්‌වීම වැනි රෝග ලක්‌ෂණ පහළ වෙනවා. තවත් මාංශ පේශි වල දුර්වලතා, අත පය වෙවුලීම, හිරිය, සංවේදන නොදැනීම හෝ අධික ලෙස සංවේදන දැනීම වැනි ස්‌නායු පීඩා නිසා ඇති වන රෝග ලක්‌ෂණ පහළ වෙනවා. දීර්ඝ කාලීනව ඇල්කොහොල් අධික ලෙස භාවිතා කරන පිරිමි අයගේ ලිංගික හෝමෝන වල ක්‍රියාකාරිත්වය හීන වීම නිසා ශරීරයේ රෝම වර්ධනය අඩු වෙනවා, කාන්තාවකගේ මෙන් පියයුරු වර්ධනය වීම සිදු වෙනවා, අණ්‌ඩ කෝෂ කුඩා වීම, ලිංගික අප්‍රාණිකත්වය සහ ලිංගික අතෘප්ති කර බව ඇති වෙනවා. විටමින් සහ වෙනත් පෝෂණ පදාර්ථවල ඌනතා සහ ලේ හිඟ වීම ද ඇති විය හැකි යි.

ඇල්කොහොල් හේතු කොට ගෙන ඇති වන අක්‌මා රෝග සඳහා ප්‍රතිකාර

බුද්ධිමත් ව කල්පනා කර ඇල්කොහොල් භාවිතයෙන් වැළකී සිටියහොත් මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වීම වළක්‌වා ගත හැකි යි. දැනටමත් ඇල්කොහොල් භාවිත නොකරන අය එම තත්ත්වය ආරක්‌ෂා කර ගැනීමට ධෛර්යමත් විය යුතු යි. ඇල්කොහොල් පානය කිරීමට සමාජයෙන් ඇති කරන පෙළඹ වීමට හසුනොවී සිටීමට හැකි වන පරිදි මනස ශක්‌තිමත් ව තබා ගත යුතු යි. නොදැනුවත් කම නිසා හෝ නොසැළකිල්ල නිසා හෝ ඇල්කොහොල් භාවිතයට ඇබ්බැහිවී සිටී නම් ඒ තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය උපදේශන ලබා ගත යුතු යි. ඇල්කොහොල් භාවිතය නිසා හට ගන්නා අක්‌මා රෝග මූලික අවස්‌ථාවේ දී ම නිවරදි ව හඳුනාගෙන ඊට නිවැරදි ප්‍රතිකාර ලබා ගත හොත් සාර්ථකව සුව කර ගත හැකි යි. සිරෝසිස්‌ තත්ත්වයට පත් වී අක්‌මාවත් ශරීරයේ අනෙකුත් අවයවත් නැවත යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වන තෙක්‌ම ඇල්කොහොල් පානය කර අවසාන අවස්‌ථාවේ දී ජීවිතය රැක ගැනීමට දරණ උත්සාහයෙන් ලබා ගත හැකි ප්‍රගතිය ඉතා අල්ප බවත් එවිට සියලු වෛද්‍ය ක්‍රම සහ ප්‍රතිකාර ක්‍රම අසාර්ථක විය හැකි බවත් අවබෝධ කර ගත යුතු ය.

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

arac1

 

catilageප්‍රශ්නය - කාටිලේජ ගෙවී යැම හෙවත් වැහැරීම ගැන පසුගිය සතිවල අප කතා කළා. මේ ගෙවී යැම්වලට තුඩුදෙන රෝග තිබෙනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව - ඔස්‌ටියෝආත්‍රයිටිස්‌ සහ ඔස්‌ටියෝ පොරොසිස්‌ කියන රෝග දෙක තමයි සන්ධිවල කාටිලේජ ක්‍ෂය වීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ. කාටිලේජ කියන්නේ අස්‌ථි දෙකක්‌ අතර ඉඩ පුරවන ඝන ජල්ලි වැනි ද්‍රව්‍යයක්‌. මෙය ශක්‌තිමත් ඒ වගේම නම්‍යශීලී. අස්‌ථි දෙකක්‌ එකිනෙක ගැටීම වැළැක්‌වීම තමයි කාටිලේජයක ප්‍රධාන වගකීම. කාටිලේජ අප වියපත් වන විට ක්‍ෂය වෙනවා. චලනයන් බහුලව සිදුවන ගෙළ, ඉණ, දණහිස, උරහිස්‌, කොඳුඇට යනාදියට අදාළ කාටිලේජ වයසත් එක්‌ක ක්‍රමයෙන් ක්‍ෂය වෙනවා. ඔස්‌ටියෝ ආත්‍රයිටිස්‌ සහ ඔස්‌ටියෝපොරොසිස්‌ කියන රෝග වැළඳුනාම අවුරුදු 50 කින් වෙන්න තිබෙන ක්‍ෂයවීම අවුරුදු 2 න් සිදු වෙනවා.

ප්‍රශ්නය - ඉහත සඳහන් රෝගවලදී කාටිලේජ ක්‍ෂයවීම් සිදුවන විට ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව - ප්‍රධානම දේ තමයි වේදනාව. දණහිසේ කාටිලේජ ක්‍ෂය වුණාම කකුල නවන්න අමාරුයි. ඒ තත්ත්වය ගෙල ආශ්‍රිතව හට ගත්තාම හිස හරවන්න, ගෙල නවන්න අමාරුයි. ඒත් අවස්‌ථාවක්‌ එනවා කිසිම චලනයක්‌ කරන්න බැරි.

ප්‍රශ්නය - ආයුර්වේදය මේ තත්ත්වය දකින්නේ කොහොමද?

වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදය කියන්නේ සර්වාංග ප්‍රතිකාර ක්‍රමයක්‌ බව මේ වන විට ඔබ දන්නවා. ඒ නිසා සිරුරේ අනෙක්‌ හැම තැනකටම වගේ සන්ධිවල හටගන්නා රෝගවලටත් එහි ප්‍රතිකාර තිබෙනවා.

ප්‍රශ්නය - වැහැරුන කාටිලේජ වර්ධනය සඳහා සුදුසු ශාකසාර ඖෂධ මොනවද?

වෛද්‍ය වසන්ත උදයජීව - නෙල්ලි, රසකිඳ, හීන් අරත්ත, අමුක්‌කරා අල, පාවට්‌ටා, බෙහෙත් එඬරු ඇතුළු ශාක වර්ග 90 ක්‌ පමණ යොදාගෙන ක්‍ෂයවන කාටිලේජ යළි වර්ධනය කරන ඖෂධ හැදිය හැකියි. ඒ ගැන ලබන සතියේ පැහැදිලි කරන්නම්.

ලබන සතියට

catilage1

 

downප්‍රශ්නය - Down syndrome (ඩවුන් සින්ෙඩ්‍රාaම්) රෝගීන්ගේ ස්‌වභාවය කුමක්‌ද?

වෛද්‍ය රේණුකා ද අල්විස්‌ - ඩවුන් සින්ෙඩ්‍රාaම් ස්‌වභාවය කියන්නේ රෝග ලක්‍ෂණයි. ඒ මෙසේයි.

1. නිකට කුඩා වීම. 2. මාංශපේශීන් දුර්වල වීම, 3. නාසය පැතලි (මුක්‌කන්) ස්‌වරූපයක්‌ ගැනීම, 4. අත්ල මත ප්‍රධාන රේඛාව (ජීවන රේඛාව) හැර වෙනත් පැහැදිලි රේඛා නොවීම. 5. කුඩා මුඛයක්‌ සහ විශාල දිවක්‌ තිබීම, සහ දිවේ විශාලත්වය නිසා එය නිතරම මුඛයෙන් පිටතට නෙරා විත් තිබීම. 6. පැතලි මුහුණක්‌ තිබීම. එය පළල් ය. 7. කෙටි ගෙලක්‌ තිබීම. 8. ශරීරයේ සියලු සන්ධි උවමනාවටත් වඩා නම්‍යශීලී වීම. 9. පාදයේ මහපට ඇඟිල්ල සහ ඊළඟ ඇඟිල්ල අතර විශාල පරතරයක්‌ තිබීම. 10. ඇඟිලි තුඩුවල හැඩය අසාමාන්‍ය වීම හා ඇඟිලි කෙටි වීම. 11. අස්‌ථි පිහිටීමේ විකෘතිභාවයන් නිසා කොඳුඇටපෙළට හානි වීම (මෙය දැකිය හැක්‌කේ රෝගීන් 1-2% අතර ප්‍රමාණයක පමණි). 12. ඉඟටියේ ඇට පැනීම නිසා ඉඟටිය ඇද වීම (මෙය රෝගීන්ගෙන් තුනෙන් එකකට හට ගනී). 13. රෝගියා උසින් අඩුවීම (සාමාන්‍යයෙන් පිරිමි රෝගියකු අඩි 5 අඟල් 1ට වඩා උස නොයන අතර කාන්තා රෝගියකු අඩි 4 අඟල් 8 කට වඩා උස්‌ වන්නේ නැත.) 14. ඩවුන් සින්ෙඩ්‍රාaමය සහිත රෝගියා වයස්‌ ගතවනවිට ස්‌ථුල බවට පත්වීමේ අවදානමක්‌ ඇත. 15. මානසික වර්ධනය නැති වීම (රෝගීන්ගෙන් 50% කට). 16. ශාරීරික වර්ධනය කුඩා වියේදීම මන්දගාමී වීම හෝ නැවැතීම. රෝගීන්ගෙන් (90% කට). 17. පෙකණිය ආශ්‍රිතව, හර්නියා තත්ත්වයක්‌ හට ගැනීම (90%), 18. ගෙල පිටුපස සම වර්ධනය වී රැලි ගැසීම (රෝගීන්ගෙන් 80% කට) , 19. උඩු තොල පළල් වීම (රෝගීන්ගෙන් 76% කට), 20. පැතලි හිස (රෝගීන්ගෙන් 75%) කට), 21. කන අසාමාන්‍ය ස්‌වරූපයකින් පිහිටා තිබීම (රෝගීන්ගෙන් 70% කට), 22. දත්වල අසාමාන්‍ය වර්ධනයක්‌ හෝ ස්‌වභාවයක්‌ පෙන්නුම් කිරීම (රෝගීන්ගෙන් 60% කට) 23. ඇස්‌වල පිහිටීම ඇද වීම (රෝගීන්ගෙන් 60%කට), 24. දෙඅත් කොට වීම (රෝගීන්ගෙන් 60% කට)

ඉහත සඳහන් තත්ත්වයන්ට අමතරව තවත් රෝග ලක්‍ෂණ කිහිපයක්‌ තිබෙනවා. ඒ ගැන ලබන සතියේ සාකච්ඡා කරමු. ඊට අමතරව කිව යුතු වැදගත්ම කාරණය තමයි Down syndrome රෝගියා ළමා වියේදීම සුවපත් කරගත යුතු බව. මන්ද දරුවා වියපත් වන විට ඔහුගේ ශරීරය මෝරා ගොස්‌ ස්‌ථාවර තත්ත්වයකට පත්වන නිසා ඖෂධ මගින් වෙනස්‌ කිරීමට බැරි වෙනවා.

ලබන සතියේ තව කොටසක්‌

down1

 

 

 

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 May 2018 03:17 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 May 2018 03:21 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 May 2018 06:30 PM
කාටත් කියවගන්න හොදා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
28 May 2018 03:15 AM
අපිට මේ වගේ ලෙඩ නෑ බං...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 May 2018 06:29 PM

මැරුණු සෛල ඇඳේ අතුරාගෙන නින්දට යන ඔබටයි

 

අපේ පිරිසුදුකම මනින්නට උපකරණ කිහිපයකින් හැකියැයි අපි සිතා සිටිමු. එහෙත් අප නොදන්නා ලෙසත් නොසිතනා ලෙසත් අපේ පිරිසුදුකම මනින්නට බොහෝ දෙනෙක් සූදානම් වී සිටී. ඔබේ නිවසේ මුළුතැන්ගෙය මෙන්ම නිදන කාමර සහ අනෙකුත් කාමර පිළිවෙළකට තිබෙනවා ඇති. එහෙත් බොහෝ විට නිවස සුන්දර කරන ඇඳ ඇතිරිලි , තිර රෙදි මේවා ගැන ඔබ එතරම් සැලකිල්ලක් නොදක්වනවා ඇති. අවුරුද්ද උදාවන විට හෝ නැතිනම් නිවසේ උත්සවයක් පවතින විට ඇඳ ඇතිරිලි තිර රෙදි ආදිය පිරිසුදු කරන්නට ඔබට මතක් වුවත් සාමාන්‍යයෙන් ඔබ සිතා බලා මේවා පිරිසුදු කරන්නට නොසිතයි. මන්ද ඒවා පිරිසුදු කරන්නට බොහෝ කාලයක් වැය වීමත් ඒවා ඉක්මනින් අපිරිසුදු වී ඇති බව ඔබට නොපෙනීමත් ය. එහෙත් තිර රෙදි ඇඳ ඇතිරිලිවලින් ලෙඩ රෝග ඇති කළ හැකි බව ඔබ විශ්වාස නොකරනවා විය හැකියි. එහෙත් ඔබ ලෙඩ කරන්නට ඔබේ නිවසේ ඇති තිර රෙදි ඇඳ ඇතිරිලිවලට හැකියාව තිබේ. මෙවර විමසිල්ලෙන් සැනසිල්ල ඔබ දැනුවත් කරන්නේ ඒ පිළිබඳවයි.

 

ඇඳ ඇතිරිලි පිරිසුදු කරන්නේ කොහොමද?

ඔබ ලෙඩ කළ හැකි ප‍්‍රධානම ස්ථානයක් ලෙස ඇඳ හැඳින්විය හැකිය. බොහෝ විට අප දවසේ වැඩි වේලාවක් ගත කරන්නේ නින්දේය. නින්දේ දී අපේ ශරීරයේ මැරුණු ෙසෙල ඉවත්වීම, වා, පිත්, සෙම්, මේ සියල්ල මුදා හැරීම ආදිය සිදුවේ. මේ සියල්ල එක්වන්නේ ඇඳ කොට්ට මෙට්ටවල ඇති ඇතිරිලිවලටයි. මේවා දිනපතා එක්වීම සිදුවේ. ඔබේ නිදන ඇඳේ ඔබ පමණක් නොව සැමියා , දරුවන් මේ සියලූ දෙනාම නිදා ගන්නා අවස්්ථා තිබේ. එහිදී සියලූ දෙනාටම එකිනෙකාගේ ශරීරයෙන් පිටවන අපද්‍රව්‍ය එක්වේ. මේ නිසා එක වර සියලූ දෙනාම ලෙඩවීමට හැකියාව ද තිබේ. මේ ගැන ඔබට නොසිතෙන්න ඇති. එහෙත් බොහෝ විට ලෙඩ රෝග පවුලේ සාමාජිකයන්ට බෝ වන්නේ නිදන ඇඳෙනි. ඇඳ ඇතිරිලි කොට්ට උර මේවා දින තුනකට වරක් හෝ පිරිසුදු ජලයෙන් සෝදා තද අවු රශ්මියෙන් වියළා නොගත් විට මෙහි මකුණන් වැනි සතුන් ඇති වේ. එවැනි සතුන් ජීවත් වන්නේ නින්දේ දී අපේ ශරීරයෙන් ඉවත්වන මැරුණු ෙසෙල ආහාරයට ගැනීමෙනි.

 

 

මේ දිනවල සැලකිලිමත් වන්න

මේ දින ගෙවෙන්නේ වැසි සහිත කාලගුණයක් සමගයි. හිරු එළිය ලැබෙන්නේ සීමිත ලෙසයි. ඒ නිසා ඔබ ඇඳ ඇතිරිලි හෝ රෙදි සේදීමටත් අකැමැති ය. මෙවැනි කාලගුණයක් ඇති දිනවල දී ඇඳ ඇතිරිලි ආදිය තෙතමනයට ලක්වේ. මෙලෙස තෙතමනයට ලක් වූ රෙදි මත පුස් ආදී දිලීර ඇති වීමේ හැකියාව වැඩිය. එහෙත් ඔබට මේ දිනවල ඇඳ ඇතිරිලි සේදිය නොහැකිය. එයට හේතුව ඒවා නිසි ලෙස වියළා ගත නොහැකි වීමයි. එසේනම් ඔබට කළ හැකි එක් පිළියමක් තිබේ. ඒ හොඳින් රත් වූ ඉස්ති‍්‍රක්කයකින් ඒවා මැද ගැනීමයි. එවිට එහි ඇති විෂ බීජ තරමක් දුරට ඉවත් වේ. එසේම ජනෙල් රෙදි මේ කාලයේ දී තෙතමනයට ලක්වන ප‍්‍රමාණය වැඩිය. ඒ ජනෙල් පියන් විවෘත කර තබන නිසා ජල වාෂ්ප ඒවාට වැටීමයි. එහෙත් ඔබට මෙය නොපෙනේ. නමුත් මේවා උණුසුම් නොවන නිසාත් වේළීමක් සිදු නොවන නිසාත් මේවාගේ ද දිලීර ආදිය ඇති වේ. ඒවා ක‍්‍රම ක‍්‍රමයෙන් වාතයට එකතු වී ඔබ ආශ්වාස කිරීමෙන් ශරීරයට එකතු වේ. එසේ එකතු වන්නේ කාලයක් දුවිලි ආදිය තැන්පත්ව තිබූ තිර රෙදිවලට ජල බිංදු වැටීමෙන් ඒවා ද උරා ගනිමිනි. මේ නිසා ඇදුම, පීනස වැනි රෝග නිවසේ සාමාජිකයන්ට ඉක්මනින් ඇතිවිය හැකිය. මේ කාලයේ දී කළ හැකි හොඳම දෙය වන්නේ ජනෙල් තිර රෙදි ඉවත් කර තැබීමයි. නැතිනම් ජනෙල් පියන් විවෘත නොකිරීමය.

 

 

දොර රෙදි නිසා ඔබේ මුහුණ අපවිත‍්‍ර වේ

හොඳින් කල්පනා කර බලන්න. ඔබේ නිවසේ දොර රෙදි සෝදා පිරිසුදු කළේ අලූත් අවුරුද්දට නොවේ ද?. ඉන් පසු ඔබ ඒ ගැන නොසිතන්න ඇති. දැන් කොපමණ කාලයක් ද?. පසුගිය උත්සව සමයේ ඔබේ නිවසට කුඩා දරුවන් මෙන්ම බොහෝ නෑදෑ හිතවතුන් පිරිසක් පැමිණෙන්නට ඇති. ඔවුන් ඔබේ නිවසේ දොර රෙදි අල්ලා බලන්න ඇති. නැතිනම් එහා මෙහා ගමන් කරන විට අනේක වාරයක් ඒවා අතපත ගාන්නට ඇති. ඉන්පසු ඔබ මුළුතැන්ගෙයින් කාමරයට එන විට දොර රෙදි අතින් එහා මෙහා කරයි. ඔබ පමණක් නොවේ. පවුලේ සියලූ සාමාජිකයන් සියලූ දෙනා මේවා එහාට මෙහාට කරමින් ගමන් කරයි. ඇතැම් විට අත පිස දා ගන්නත් දොර රෙදි භාවිතා කරන අවස්ථා නැතිවා නොවේ. දැන් ඔබ මේවා කාලයක් එල්ලා තබන්නට ඇති. එහි බැක්ටීරියා, දිලීර ආදී විෂ බීජ බොහෝ ප‍්‍රමාණයක් වර්ධනය වී තිබේ. ඔබේ කුඩා දරුවා නිවසේ එහා මෙහා ඇවිදින විට දොර රෙදිවල මුහුණේ ඇතිල්ලේ. කුඩා දරුවා පමණක් නොව ඔබත් අතින් දොර රෙදි එහා මෙහා නොකර ගමන් කරන විට ඉන් මුහුණ පිසදැමේ. කාලයක් දොර රෙදිවල කුණු දුවිලි ආදිය එකතු වී මුහුණේ සංවේදී සම හරහා ගමන් කර කුරුලෑ ආදිය ඇති කරයි. ඔබ මුහුණේ ඇති කුරුලෑ ආදිය ඇති සුව නොවේයැයි මැසිවිලි නැඟුවත් එයට ඔබේ දොර රෙදි හේතුවක් විය හැකියි.

 

තිර රෙදි ගැන සිතන්න

ඔබේ නිවස අලංකාර කරන තිර රෙදිවල කුණු නැතැයි සිතා කාලයක් ඒවා පිරිසුදු නොකර භාවිතා නොකරන්න. ඒවා සති දෙකකට වරක් හෝ සෝදා පිරිසුදු කළ හැකි නම් පවුලේ සාමාජිකයන් අතර ඇති ලෙඩ රෝග ගණනාවක් සුව කළ හැකිය. එනම් සෙම්ප‍්‍රතික්ෂාව, ඇදුම, පීනස වැනි රෝග ඒ අතර ප‍්‍රධාන වේ. නිවසේ එක් සාමාජිකයකුට අලූහම් වැනි සමේ රෝග ඇති වූ විට එය පවුලේ සියලූ දෙනා අතර පැතිරෙන්නේ ඇඳ ඇතිරිලි, දොර ජනෙල් රෙදි නිසාය. ඒවා නිසි ලෙස පිරිසුදු වන්නේ නම් මෙවැනි රෝග සුවකර ගත හැකිය.

 

ලක්ෂිකා මධුවන්ති රාජපක්ෂ

 
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
31 May 2018 06:32 PM
මෙහෙම බලන් ගියහම රෙදි නැතිව තමා ඉන්න වෙන්නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 May 2018 06:35 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 May 2018 06:35 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 124 of 137 << < 122123124125126 > >>