You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 125 of 137 << < 123124125126127 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 May 2018 06:36 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 May 2018 06:36 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 May 2018 06:52 PM

suwa3වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වාර්තාවලට අනුව වෛරස්‌ ඛාණ්‌ඩ 4 ක්‌ ඉන්ෆ්ලූඑන්සා උණ රෝගයට හේතු වී තිබේ. මෙහි රෝග කාරකය ලෙස නියුමොකොකල් වෛරසය, ඇඩිනො  වෛරසය ,රෙස්‌පිරේටරි සින්සිටියල්  සහ ඉන්ෆ්ලූඑන්සාව වෛරසය හඳුනා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ පසුගිය වසර කීපයකම වාර්තා ගත්කල මැයි, ජූනි සහ ජූලි යන මාසවල ඉන්ෆ්ලූඑන්සාව රෝගය වඩාත් ව්‍යාප්ත වී ඇති බවට වාර්තා ඇත.
 
 RSV වෛරසය මගින් ඇති කරන ඉන්ෆ්ලූඑන්සාව කුඩා ළදරුවන් හට වැළඳුනහොත් ඔවුන්ගේ ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ අඩු බැවින් එය ශ්වසන පද්ධතිය පුරා ව්‍යාප්තවී නියුමෝනියා තත්ත්වය දක්‌වාම ව්‍යාප්ත විය හැක.
 
 * රෝaගය පැතිරෙන අයුරු.
 
 මෙම රෝගය පුද්ගලයකුගෙන් වෙනත් පුද්ගලයකුට කිවිසුම් මගින්, කැස්‌සෙන් හෝ ස්‌පර්ශ කිරීමෙන් බෝවිය හැකිය. එබැවින් ශරිර සෞඛ්‍ය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුවේ. කැස්‌ස හෝ කිවිසුම් යැම ඇතිවිට පිරිසිදු ලේන්සුවක්‌ හෝ මුඛ ආවරණයක්‌ භාවිතා කිරීම, රෝගියෙකු ස්‌පර්ශ කළ පසු සබන් හෝ විෂබීජ නාශකයක්‌ යොදා අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීම තුළින් මෙම රෝගය පැතිරී යැම වළක්‌වාගත හැක.
 
 අවදානම් පුද්ගලයන් මෙම රෝගය සුළු වශයෙන් වැළඳිය හැකි අතර එය වඩාත් දරුණු තත්ත්වයටද පත්වී මරණය දක්‌වා උත්සන්න විය හැක. කුඩා දරුවන්, ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන්, වයස්‌ගත උදවිය, පිළිකා සහ වකුගඩු රෝගී තත්ත්වයන් ඇති රෝගීන් , දියවැඩියා රෝගීන් සහ හෘදයාබාධ රෝගීන් , වඩාත් පහසුවෙන් මෙම රෝගයට ගොදුරු විය හැක. අවුරුදු 5-18 දක්‌වා වයස කාණ්‌ඩවල ළමයින්ට මෙම රෝගය වැළඳීමේ ප්‍රවනතාවයක්‌ ඇත.
 
 * රෝග ලක්‌ෂණ
 
 මෙම රෝගයේ රෝග ලක්‌ෂණ එක්‌වරම මතුවන අතර එය ඉතා දරුණු ලෙස පෙන්නුම් කළ හැක.
 
 තද සිතල සහ ඇඟ වෙව්ලීම සමග උණ හට ගැනීම සිදුවේ. හිසරදය, වියළි කැස්‌ස , පපු පෙදෙසෙහි වේදනාව ඇතිවිය හැක. උගුර ආසාදනය වීම නිසා ගිලීමේ අපහසුතාවයන් ඇතිවේ. කුඩා දරුවන්ට සහ වයස්‌ගත වැඩිහිටියන්ට හුස්‌ම ගැනීමේ අපහසු තාවයන් ඇතිවේ. අධික මහන්සිය, තෙහෙට්‌ටුව සහ නින්ද නොයැම වැනි රෝග ලක්‌ෂණද ඇතිවේ. ශරීරයේ වේදනාවද තදබල ලෙස දැනේ. ඇස්‌ රතු වී ඇසේ ආසාදන තත්ත්වයක්‌ද ඇතිවිය හැක. මෙය අන් අයට පහසුවෙන් පැතිරි යාහැක.
 
 රෝගය වඩාත් උත්සන්න වූ විට හිසෙහි ඇති කෝටරක නමැති කුහර දක්‌වාද පැතිර යා හැකිය.. එමෙන්ම හෘදය පෙදෙසට පැතිරිමෙන් හෘදයාබාධවලටද ගොදුරු විය හැකිය. එමෙන්ම බැක්‌ටීරීයා ආසාදනයටද ලක්‌වී දරුණු රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය.
 
 * ලබාදෙන ප්‍රතිකාර
 
 ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ අධිකාරිය විසින් ඉන්ෆ්aලූඑන්සා එන්නත වසරක්‌ පාසා වඩාත් අවදානම් පුද්ගලයන්හට ලබාදීමට අවසර දී ඇත. එමෙන්ම එකම පුද්ගලයකුට විවිධ වෛරසයන් නිසා කිහිප වතාවක්‌ මෙම රෝගය වැළඳිය හැක. එබැවින් ඉන්ෆ්aලූඑන්සාව වැළැක්‌වීමට දෙනු ලබන එන්නත කෙරෙහි විශේෂ අවදානයක්‌ යොමුකළ යුතුවේ.
 
 දැනට භාවිතා වන ඡ්කසඩසzමප්ඉ නමැති එන්නත රෝගය වළක්‌වා ගැනීම සහ ව්‍යාප්තවීම වැළැක්‌වීම සඳහා යොදාගන්නා අතර එමගින්ද සාර්ථක ප්‍රතිඵල ලබාදී ඇත.රෝගයට ප්‍රතිකාර ලෙස eමර්පසබසාase සබයසඉසඑදර දිeකඒපසඩසර නමැති ඖෂධය ලබා දීමෙන්ද සාර්ථක ප්‍රතිඵල ලබාදී ඇත.
 
 ඉන්ෆ්aලූඑන්සා A වෛරසය ( H1N1 ) නිරතුරුවම අප රටෙහි ව්‍යාප්ත වෙනු දැකිය හැකිය. මෙය මුලින්ම 2009 / 2010 වර්ෂවල ව්‍යාප්ත විය. එසේම Type B වෛරසය සහ ඔහචැ C වෛරසයද ව්‍යාප්තවන අනිකුත් වෛරසයන් වේ. මෙයින් Type C වෛරස මගින් ඇතිවන ඉන්ෆ්aලූඑන්සාව A සහ B තරම් දරුණු රෝග තත්ත්වයක්‌ නොවන අතර එය පැතිරීමද එතරම් සුලභව දක්‌නට නොලැබේ. එබැවින් ඉන්ෆ්aලූඑන්සා එන්නතට ඇතුළත් වන්නේ A සහ B යන වෛරසයන්ට අවශ්‍ය ප්‍රතිශක්‌තිකරණය පමණි.
 
 RSV වෛරසය ඉතා දරුණු ලෙස ඉන්ෆ්aලූඑන්සාව ඇති කරන රෝගී තත්ත්වයකි. පෙනහළු දක්‌වා පැතිරෙන මෙම වෛරසය මගින් නියුමෝනියා තත්ත්වයක්‌ද ඇතිවේ. විශේෂයෙන් කුඩා දරුවන් හට මෙම රෝගය වැළඳීමේ ප්‍රවණතාවයක්‌ ඇත.

suwa1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 May 2018 07:07 PM

weda4දියවැඩියාව ගැන කතා බහ කිරීමේදී එහි වර්ග 26 ක්‌ තිබෙන බව ඔබ මෙතෙක්‌ දැන සිටියා ද? සැබැවින්ම එහි වර්ග 26 ක්‌ තිබේ. එනම් සෙම නිසාවෙන් ඇතිවන වර්ග 16 ක්‌, පිත නිසාවෙන් 06 ක්‌ වාතය නිසාවෙන් 4 ක්‌ ලෙස වර්ග වේ.
 
 ලුණු ඇඹුල් රස නිතර ගැනීම, නොදිරවන සුළු සීතල සෙවල සහිත ආහාර නිතර ගැනීම, අලුත් ධාන්‍ය, ගොඩදිය මස්‌ නිතර ගැනීම, ව්‍යායාම නොකිරීම, ආහාර අනුභව කර නිදා ගැනීම යන කරුණු කාරණා දියවැඩියාව (මධුමේහ) ඇතිවීම වෙනුවෙන් නොකළ යුතු දේය. එවැනි නොකළ යුතු දේ කිරීමේදී මේදස්‌ රස මාංශ ධාතු දූෂණය වී දියවැඩියාවට මග පාදනු ලැබේ. එහිදී සිදුවන්නේ මේවා මුත්‍රාශයට පැමිණ ප්‍රමේහ රෝග සෑදීමයි.
 
 (පිත්, සෙම්, ක්‍ෂය වූ විට විරුද්ධ ආහාර පාවිච්චි කළ විට, වාතය කිපී ඇට ධාතුව හැර සෙසු ධාතුව, වසා, තෙල්, ඇටමිදුළු සඳ මිදුළු මුත්‍රාශයට පමුණුවා ප්‍රමේහ සිව් ආකාරයකින් සෑදීමයි.
 
 කඵ, පිත දෙකෙන් රෝගය ඇතිවීම හඳුන්වන්නේ දුකසේ සාධ්‍යයි යනුවෙනි. වාතය නිසා ඇතිවන ප්‍රමේහ අසාධ්‍ය ලෙසින් හඳුන්වනු ලැබේ.
 
 මෙසේ සප්ත ධාතු දූෂිත වීම හේතුවෙන් ශරීරයේ සෛල ක්‍රියාකාරීත්වය දුර්වල වීමේ ක්‍රියාවලිය සිදුවන බව නොදැන බොහෝ රෝගීහු දියවැඩියාව යන රෝගය සඳහා එකම ඖෂධ ගුණයෙන් යුත් ඖෂධ දීර්ඝ කාලීනව භාවිත කිරීමෙන් ශරීර අභ්‍යන්තරයේ පද්ධතීන් විශාල වශයෙන් හානියකට පත් කර ගනිති.
 
 මෙම හානි වීමේදී නිසි ලෙස බහිශ්‍රාවය පිටතට නොයැම හේතුවෙන් මේවා ශරීරය තුළ තැන තැන එකතු වීමෙන්ද, කෘත්‍රිම රසකාරක යෙදූ නුසුදුසු ආහාර පාන හේතුකොට ගෙනද, ආගන්තුක දේ ශරීරය තුළ ගොඩනැඟීමට පටන්ගනී. මෙය කල්ගත වනතුරු හඳුනා ගැනීමට නොහැකි වනුයේ අද සිටින බොහෝ වෛද්‍යවරුන්ට නාඩි පරීක්‍ෂාවෙන් හෝ රෝගියාගේ අංග ලක්‍ෂණ, දේහ ලක්‍ෂණ පිරික්‌සීමෙන් හෝ රෝග හඳුනාගැනීමේ ඥානය ගිලිහී ගොස්‌ තාක්‍ෂණික මෙවලම් මගින් සිදු කරන පරීක්‍ෂණ වාර්තා මත ප්‍රතිකාර කරන කාර්මික ශිල්පීන් වැනි අය න්‍යායකින් තොරව දිනෙන් දින බිහිවීම සහ ඔවුන්ගේ පැවැත්ම සඳහා ප්‍රමිතියෙන් තොරවූ ඖෂධ විදේශික සමාගම් මගින් වෙළෙඳ පොළ ආක්‍රමණය කර තිබීම නිසාවෙනි.
 
 එමෙන්ම දිනපතා බලන රුධිර පරීක්‍ෂාව මත ජීවන රටාව උකසට තබමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය, අතහැර මෙම රෝග ශරීරය තුළ ගොඩනැඟêමට ඇති ඉඩකඩ තවදුරටත් ඇති වීම වළක්‌වමින් පාරම්පරික වසර දහස්‌ ගණනක්‌ තුළ නිරෝගී ජාතියක්‌ ලෙස පැවැත එන, අප වරදා ගත් තැන පිළිබඳ සොයා බලා අපට අතපසු වූ අපේම ක්‍රමවේදයන්, සිරිත් විරිත්, ආහාරපාන යළි භාවිතයට හුරුවීමට කාලය එළැඹ ඇතැයි සිතමි.
 
 සෙම නිසාවෙන් හටගන්නා දියවැඩියාවට කසායක්‌.
 
 අරළු, රසකිඳ, තෙළුඹුදැලි කලං 3 බැගින් ගෙන තලා වතුර පත අට එකට සිදුවා නිවා මී පැණි හා බොන්නේ ග්ලේශ්මා ප්‍රමේහ රෝගයටයි. (සෙම නිසා වන දියවැඩියාවටයි.)
 
 ඔබේ දියවැඩියා රෝග තත්ත්වය අනුව ඒ පිළිබඳ වැඩිදුරටත් නොමිලේ විස්‌තර දැනගැනීමට 0779971700 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ.
 weda3
 
 සෘෂි නාඩි සහ මැදවච්චියේ පාරම්පරික පිළිකා රෝග වෛද්‍ය සංජීව අල්විස්‌ - නිට්‌ටඹුව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 May 2018 07:19 PM
suwa4උදරය ඉදිරියට නෙරා ඒම හෙවත් සරල භාෂාවෙන් පවසන බඩ වැඩිවීම විවිධ හේතු නිසා සිදුවූවත් තරබාරු වනවිට ඇතිවන බඩ වැඩිවීම සහ තරබාරුව නිසා මතුවූ බඩ වැඩිවීම වර්තමානයේ කාන්තා පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනා තුළ බහුලව දැකිය හැකියි.
 
 එනිසා මේ වනවිට බොහෝ දෙනා තරබාරු බව පාලනය කරගන්න පමණක්‌ නොව ඉදිරියට නෙරා එන උදරය හෙවත් බඩ වැඩි වීම පාලනය කරගන්නත් දක්‌වන්නේ දැඩි උනන්දුවකි. ඒ සඳහා ව්‍යායාමවල යෙදීම, ආහාර පාලනය, ඖෂධ ගැනීම ආදී විවිධ ක්‍රම අනුගමනය කරති.
 
 වෛද්‍යතුමනි මහත්වන විට උදරය ඉදිරියට නෙරා ඒම හෙවත් බඩ වැඩි වෙනවාද?
 
 suwa5තරබාරුව හෙවත් මහත්වීම කියන්නේ අපගේ ශරීරය තුළ අනවශ්‍ය ලෙස මේදය තැන්පත්වීමටයි. මෙලෙස අනවශ්‍ය ලෙස මේදය තැන්පත්වීම ශරීරය අභ්‍යන්තරයේ සහ බාහිරව සිදුවෙනවා. බාහිරව මේදය තැන්පත්වීම අධික වනවිට සිරුර මහත්වීම හෙවත් තරබාරු බව මතු වෙනවා. සිරුරේ බාහිර ප්‍රදේශයේ මේදය තැන්පත්වීම බහුලව සිදුවන ස්‌ථානයක්‌ ලෙස උදරය ප්‍රදේශය දැකිය හැකියි.
 
 මේදය තැන්පත් වීමට අමතරව උදරය ඉදිරියට නෙරා ඒමට බලපාන වෙනත් රෝග තත්ත්වයනුත් තිබෙනවා. නමුත් අප මෙහිදී අවධානය යොමු කරන්නේ තරබාරුව සහ වැරදි ඉරියව් නිසා උදරය ප්‍රදේශයේ මේදය තැන්පත්වීම අධික වී උදරය ඉදිරියට නෙරාඒම පිළිබඳව පමණයි බැවින් ඊට අදාළ කරුණු පිළිබඳව පමණක්‌ අවධානය යොමු කරනු ලබනවා.
 
 තරබාරුව ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ අපගේ ආහාර රටාවේ තිබෙන අක්‍රමවත් බවයි. ඒ කියන්නේ සමබර ආහාර වේලක්‌ වෙනුවට අධික ලෙස මේදය සහ පිෂ්ටය සහිත ආහාරවලින් සමන්විතව දිනපතා අපගේ ප්‍රධාන ආහාර වේල් තුන වන උදේ දහවල් සහ රාත්‍රි වේල් තුන් ගැනීමයි. එවැනි ආහාර ගනිමින් ව්‍යායාම ආදියෙන් තොර වූ අලස දින චර්යාවක්‌ ගත කරන විට ඉතා ඉක්‌මනින්ම තරබාරුවට පත් වෙනවා. එහිදී උදරය ප්‍රදේශයේ ද මේදය අධිකව තැන්පත් වීමෙන් උදරය ඉදිරියට නෙරාඒම සිදු වෙනවා.
 
 ඒ අතර අප එදිනෙදා ජීවිතයේදී වාඩිවී සිටීමේදී අනුගමනය කරන ඉරියව් රටාවන් අනුවත් ඉතා ඉක්‌මනින් උදරය ඉදිරියට නෙරා එනවා. විශේෂයෙන්ම අප වාඩිවී හිඳිමින් දවසේ වැඩි කාලයක්‌ ගත කරනවා නම් එම වාඩිවී සිටීමේ ඉරියව් වැරදි සහගත නම් එයත් මේ සඳහා බලපානවා.
 
 වාඩිවී සිටීමේ නිවැරදි ඉරියව්ව වනුයේ කොන්ද කෙලින් තබාගෙන උරහිස දෙපසට විහිදුවා යටිබඩ ඉස්‌සී තිබෙන ලෙස වාඩිවීමය.
 
 උරහිස්‌ හකුළාගෙන කොන්ද නවාගෙන කුදුවී යටිබඩ පහළට නෙරා එන ලෙස වකුටු වී ගිය ඉරියව්වෙන් වාඩිවී සිටින විට ඉතා පහසුවෙන් උදරය ඉදිරියට නෙරා එනවා. වර්තමානයේ බොහෝ දෙනා වාඩිවී සිටින්නේ මෙවැනි වැරදි ඉරියව්වලට අනුව බව අනාවරණය වී තිබෙනවා.
 
 වෛද්‍යතුමනි, මෙවැනි හේතු නිසා ඉදිරියට නෙරා ආ උදරය යළි සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්නේ හෙවත් බඩ අඩු කරගන්නේ කෙසේද?
 
 පළමුවෙන්ම කළ යුත්තේ ආහාර පාලනයයි. එහිදී නිසි වෛද්‍ය උපදෙස්‌ මත සමබර ආහාර වේලක්‌ ගැනීමට යොමු විය යුතුයි.
 
 සමබර ආහාර වේලක්‌ නොගෙන අප කෙතරම් ව්‍යායාම කළත් ඇති ප්‍රයෝජනයක්‌ නැහැ.
 
 අප ව්‍යායාම මගින් දහනය කරන කැලරි ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක්‌ එක්‌ ආහාර වේලක්‌ තුළින් ගන්නවා නම් කෙතරම් ව්‍යායාම කළත් ශරීරයේa බර අඩුවන්නේ නැහැ.
 
 උදරය ඉදිරියට නෙරාඒම වළක්‌වා ගැනීම හෙවත් බඩ අඩු කරගන්න නම් පළමුව අප අපගේ ශරීරයේ උසට සරිලනව තිබිය යුතු බර හඳුනාගත යුතුයි. ඊට අමතරව අපගේ ශරීරයේ තිබිය යුතු ඉණ වට ප්‍රමාණය දැනගත යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්‌වා ඇති අගයන් අනුව පිරිමියකුගේ ඉණ වට ප්‍රමාණය අඟල් 36 ට අඩුවෙන් ද කාන්තාවකගේ ඉණ වට ප්‍රමාණය අඟල් 34 ට අඩුවෙන් ද තිබිය යුතුයි. එවැනි පුද්ගලයන් නිරෝගී බරකින් යුතු අය ලෙස හඳුන්වනු ලබනවා.
 
 එසේම ඉනේ සහ උදරයේ පෙනුම ඇපල් ගෙඩියක්‌ හෝ පෙයාස්‌ ගෙඩියක්‌ වැනි හැඩයකින් තිබීම සුදුසු නැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ සමීක්‌ෂණ අනුව සඳහන් කර තිබෙනවා.
 
 උදරය ඉදිරියට නෙරාඒමට බලපා ඇති ප්‍රධාන හේතුව වන උදරය ප්‍රදේශයේ අධික ලෙස තැන්පත්ව ඇති මේදය ඉවත් කර ගැනීම සඳහා ඒවා දහනය කරන (Faඑ ඊමරබ) ව්‍යායාමවල යෙදිය හැකියි. ඒ සඳහා ඇවිදීම, පිහිනීම, ව්‍යායාම උපකරණ මත ධාවනය (ඔරුadපසක) කළ හැකියි.
 
 සිරුරේ නම්‍යතාවය ඇති කරන හෙවත් සිරුර හොඳින් නැවීම දිගහැරීම ඇති කරන ව්‍යායාම සහ ඉරියව් සහිත (ආසන) ව්‍යායාම ක්‍රමයක්‌ වන යෝගා ව්‍යායාමවල යෙදීමෙන් අප වාඩිවී සිටීමේදී අනුගමනය කරන වැරදි ඉරියව් නිවැරදි කර ගැනීමට බොහෝ සේ උපකාර වෙනවා.
 
 ඊට අමතරව යටි බඩ ප්‍රදේශය සඳහාම සිදුකරන ව්‍යායාම (Sසඑ - මචි) වලිනුත් උදර ප්‍රදේශයේ තැන්පත්ව ඇති මේදය දහනය කිරීමේ හැකියාව තිබෙනවා.
 
 වෛද්‍යතුමනි මෙලෙස ව්‍යායාමවල යෙදීමෙන් ඉදිරියට නෙරාවිත් ඇති උදරය සාමාන්‍ය මට්‌ටමට යළි පත්කර ගැනීමට හෙවත් බඩ අඩු කර ගැනීමට කොපමණ කාලයක්‌ ගත වේවිද?
 
 එය පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ ඔවුන් ව්‍යායාමවල යෙදෙන ආකාරය සහ ආහාර පාලනය කරන ආකාරය අනුව තීරණය වෙනවා.
 
 සාමාන්‍ය ලෙස ආහාර ගනිමින් දිනපතා ව්‍යායාමවල නිරත වන කෙනෙකුගේ ඉණේ අඟලක්‌ අඩු කර ගැනීමට සති 03 ක්‌ පමණ ගත වෙනවා.
 
 වෛද්‍ය උපදෙස්‌වලට අනුව ආහාර පාලනය කරමින් දිනපතා ව්‍යායාමවල යෙදෙමින් නිවැරදි ඉරියව්වලට අනුව වාඩිවී හිඳිමින් කටයුතු කරන කෙනෙකුට මාසයක්‌ ඇතුළතදී ඉණෙහි අඟල් 02 ක්‌ 03 ක්‌ පමණ ප්‍රමාණයක්‌ අඩු කර ගත හැකියි.
 
 සමහරු බඩ අඩුකරගන්න කියා උදැසනට ඇවිදීම වැනි ව්‍යායාමවල යෙදෙන්නේ ආහාර වේලක්‌ ගැනීමෙන් පසුවයි.
 
 එසේ කිරීමෙන් ශරීරයේ තැන්පත්ව ඇති අනවශ්‍ය මේදය දහනය කර හරින්න බැහැ.
 
 ආහාරයක්‌ ගැනීමෙන් පසු ව්‍යායාමවල යෙදීමේදී ව්‍යායාම මගින් දහනය කරන්නේ අප ගත් ආහාර වේලෙහි ඇති මේදයයි.
 
 සිරුරේ තැන්පත්ව ඇති අනවශ්‍ය මේදය දහනය කිරීම සඳහා ව්‍යායාම කළ යුත්තේ උදැසන ආහාර වේල ගැනීමට පෙරයි. ඉන්පසු ගනු ලබන ආහාර වේල තුළ තිබිය යුත්තේ ව්‍යායාම මගින් දහනය කළ කැලරි ප්‍රමාණයට වඩා අඩු කැලරි ප්‍රමාණයකි.
 
 ඒ නිසා වර්තමානයේ බොහෝ දෙනකුට සිරුරේ පවතින තරබාරුව අඩු කර ගන්නත් ඉදිරියට නෙරාවිත් ඇති උදරය හෙවත් බඩ අඩු කර ගන්නත් අපහසු වී තිබෙන්නේ වැරදි අයුරින් ව්‍යායාමවල යෙදීම සහ වැරදි ආකාරයේ ආහාර පාන ගැනීමේ රටාවන්ට හුරුවී සිටීමත්ය.
 මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකථන අංක 0722212121 අමතා ලබාගත හැකිය.
 
 suwa2එංගලන්තයේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳ රාජකීය ආයතනයේ
 විශේෂඥ වෛද්‍ය
 අසංග විජයරත්න
 
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 May 2018 07:31 PM

weda6වසර දහස්‌ ගණනකට පෙර ලොව පහළ වී අදටත් නොනැසී නැවුම් වෙමින් නවීන පර්යේෂණ වලින් ඔප වැටෙමින් පවතින ජීවිතය පිළිබඳ විද්‍යාව ආයුර්වේදයයි.
 
 නීරෝගීව, ප්‍රීතිමත්ව, දීර්ඝායුෂ වැළඳීමට අවැසි සියලු මාවත් විවර කර ඇත්තේ ද ආයුර්වේද දර්ශනයේ පමණි. ඔබ පංචකල්‍යාණයෙන් බබළවන්නට ද, මනා පෞරුෂයකින් හෙබි ධනාත්මක සිතිවිලි පහළ කර එතුළින් ප්‍රීතිමත් ජීවිතයක්‌ ගෙවන්නට ද සෘෂි ඥානය මනාව පෙළ ගැස්‌වූ දිව ඔසු සංයෝජන දහස්‌ ගණනකින් ආයුර්වේද වෙද පුස්‌ථක පරිපූර්ණය.
 
 බාහිර පෙනුම ඔපදමා ගැනීම හා විලාසිතා පමණක්‌ රූපලාවණ්‍ය ලෙස සලකන නවීන රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයට, ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දක්‌වා ඇති ශාරීරික, මානසික නිරෝගීතාව පවත්වා ගනිමින් රුව රකින, රුව වඩන ආහාර, විහරණ ඔසු සංකලන විස්‌මය දනවයි.
 
 දිගු ඝන නීල වරලසක්‌, පැහැපත් මෘදු සමක්‌, සුන්දර ප්‍රිය මනාප මුහුණක්‌, ආකර්ශෂණීය දීප්තිමත් නෙතු සඟලක්‌, මුතු මෙන් බබළන දසන්, ලාවන්‍ය ගෙන දෙන හැඩැති සිරුරක්‌, මල් පෙත් මෙන් සුමුදු පා යුගලක්‌, තරම් වන සිහිනයක්‌ නොදකින ස්‌ත්‍රියක්‌ මිහිපිට වේ දැයි සැක සිතෙන තරමට රුව අලංකරණය පිළිබඳ ඇති උනන්දුව පෙරමුණේ සිටියි. මනා පෞරුෂයකින් හෙබි පෙනුමක්‌ සඳහා පුරුෂ පක්‍ෂය ද, විවිධ ආකාරයේ ව්‍යායාම, සහකාරක ආහාර වර්ග, (Fදදා Sමචචකැපැබඑ) විටමින් වර්ග හා හෝමෝනමය ඖෂධ වර්ග බහුලව භාවිත කරයි.
 
 සොබා දහමේ නැවුම් සුවය දනවන,ඉක්‌මන් ඵලදායී ප්‍රතිඵල ලබා දෙන ආරක්‍ෂාකාරී, රුධිර සංසරණය ක්‍රමවත් කරන, ස්‌නායු උත්තේජනය කරන, දීප්තිමත් පෙනුමක්‌ ලබා දෙන, මානසික ආතතිය දුරු කරන තරුණ පෙනුම දිගුකල් රැක දෙන (රසායන ප්‍රතිකර්ම) අනවශ්‍ය මුදල් නාස්‌තිය වළකන, අනවශ්‍ය විෂ රසායනික ද්‍රව්‍ය ශරීර ගතවීම මඟහරවන ඖෂධීය රූපලාවණ්‍ය ක්‍රම පිළිබඳ ඔ දැනුවත් වීම වැදගත් ය.
 
 රසදිය, ලෙඩ්, තැලේට්‌, ට්‍රයික්‌ලොසෝනි, 1, 4 ඩයසේන් පැරබන්, ඊතයිල් ඔක්‌සයිඩ් ආදී සිරුරට විෂ සහිත කෘත්‍රිම රසායනික අඩංගු රුව අලංකාරක භාවිතයෙන් සිරුර තුළ හට ගන්නා කෙටි කාලීන හා දීර්ඝ කාලීන විෂ තත්ත්වයන් සුළු ආසාත්මිකතාවයන්ගේ සිට දරුණු පිළිකා රෝග තත්ත්ව දක්‌වා පරාසයක සිරුරට වින කරයි.
 
 දිනපතා ඔබ භාවිත කරන නිය, තොල්, ආලේපන, පිරිසිදු කාරක සම පැහැපත් කරන, ලප කැලැල් මකන, තෙතමනය රඳවන ආලේප, හිසකේ පිරිසිදු කාරක, වර්ණ කාරක, හා රූපලාවණ්‍යාගාර මගින් කරනු ලබන සමහර සත්කාර මගින් වෛද්‍ය උපදෙස්‌ වලින් තොරව වෙළෙඳ ප්‍රචාරවලින් දැනුවත් වී ලබා ගන්නා අතිරේක විටමින් හා ආහාර ව්‍යායාම වලින් දරුණු අතුරු ආබාධ හට ගනියි.
 
 සුන්දර මුහුණක, හැඩැති සිරුරක දිගු කෙස්‌ කළඹක හිමිකාරියක වන්නට ඔබේ ඇති ආශාව ඔබ රෝගියකු කිරීමෙන් වළක්‌වා ගන්නට ආයුර්වේද රූ අලංකරණ රහස්‌, රුව රැකීම, රුව වැඩීම රුව සම්බන්ධ රෝග සඳහා ප්‍රතිකාර යන ත්‍රිවිධ ආකාරයෙන් ඔබව සුරකී.
 
 ආයුර්වේද ඖෂධ මගින් නිපදවා ඇති රසායනික විෂ ද්‍රව්‍ය අඩංගු නොවන විශේෂ සේදුම්කාරක, පැහැපත් කාරක, තෙතමන රැඳවුම් කාරක, සම රැලි වැටීම වළකන, තරුණ පෙනුම දිගු කල් රඳවන ආලේපන මෙන්ම ප්‍රතිකාර හා ප්‍රතිකර්ම වලින් ආයුර්වේදය ඉතා පොහොසත්ය.
 
 මුහුණේ කුරුලෑ හට ගැනීම, සම්පූර්ණයෙන් නවතා එමගින් හටගත් ලප කැළැල්, වළ ගැසීම්, අවපැහැ ගැන්වීම් ඉවත් කර සුන්දර මුහුණක හිමිකාරියක්‌ වීමට, බාහිර අව් වැසි දූවිලි අපද්‍රව්‍ය හා නොයෙක්‌ කෘත්‍රිම ආලේපන මගින් අවපැහැ ගැන්වුණු මුහුණේ, ගෙල ප්‍රදේශයේ, ඇස්‌ යට හා සිරුරේ ඕනෑම ස්‌ථානයක අව පැහැයන් ඉවත් කර දීප්තිමත් සමක්‌ හිමිකර ගැනීමට, අකලට ගැලවී සුදු වී, දුර්වල වූ හිසකෙස්‌ නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට, අධිකව මේදය තැන්පත් වීමෙන් සිරුරේ සිහින් හැඩය මඟහැරී අධික තරබාරු බවින් සැඟවී ගිය ඔබේ රුව සිරුර කෙට්‌ටු කර නැවත මතුකර ගැනීමට, සිරුරේ ප්‍රියමනාප භාවයට බාධා කරන විවිධ රෝග නිට්‌ටාවට සුව කර ගැනීමට, වයස්‌ගත වීම පමා කරන තරුණ පෙනුම දිගුකල් රැක දෙන, බාහිරව මෙන්ම සිරුර අභ්‍යන්තරයේ අවයව වල තාරුණ්‍ය හෙවත් නිරෝගී ක්‍රියාකාරීත්වය ආරක්‍ෂා කරන වැඩිදියුණු කරන විශේෂ ප්‍රතිකාර ක්‍රමය වන රසායන වාජීකරණ ප්‍රතිකාර හා ප්‍රතිකර්මවල සුවිශේෂත්වය විඳ ගැනීමට, යුවතියන් රුවැත්තියන් කළ හැකි අති ප්‍රබල රුව රහස්‌වල පහස විඳ ගැනීමට ආයුර්වේද ප්‍රතිකාර බොහොමයක්‌ ලබා ගත හැකිය.
 
 වේද ග්‍රන්ථ, පුරාණ ග්‍රන්ථ, සංහිතා ග්‍රන්ථවල සඳහන් කරුණු කැටිකර උතුරු ඉන්දියානු සුරූපී බවේ ප්‍රායෝගික අත්දැකීම් සමඟ මුසුකර නිපද වූ ඖෂධීය රූ අලංකරණ නිෂ්පාදන මගින් සිදුÊකරනු ලබන මුහුණ සඳහා  මුළු සිරුර සඳහා  හස්‌ත හා පාද සඳහා කරනු ලබන  ප්‍රතිකාර,  (නිල ස්‌ථාන සම්බාහන ඇතුළුව)
 
 හිසකෙස්‌ සඳහා ශිරෝ අභ්‍යංග, ශිරෝධාර ආදී මුර්ධනී තෛල විධි පූර්ව කරනු ලබන නස්‌න ප්‍රතිකාර ඇතුළුව අධික තරබාරු බව සඳහා විශේෂිත ආහාර වටටෝරු, ඖෂධ මෙන්ම සිරුරේ තෙල් ගැල්වීම, ඖෂධීය කුඩු වර්ග වලින් සම්බාහනය කිරීම  වාෂ්ප ස්‌වේද හෝ නාඩි ස්‌වේද  ලබාදීම මගින් සති දෙකක්‌ ඇතුළත අවම බර 10 ණට පමණ අඩුකර ගත හැකි සුවිශේෂී දින චර්යා විධි, කෘෂ බව දුර්වල බව සඳහා විශේෂ ආහාර විහරණ විධි සමඟ ඖෂධීය ප්‍රතිකාර මගින් ශක්‌තිමත් මාංශපේෂී වර්ධනය කර මනා පෞරුෂයකින් හෙබි නිරෝගී පුද්ගලයකු වීමට මඟÊපාදයි.
 
 මෙවන් විශාල පරාසයක පැතිරුණු රූ අලංකරණ විධි පිළිබඳ දැනුවත් වීමට නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුය.
 
 වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0711331883
 
 ඇමතිය හැකිය.
 
weda1 වෛද්‍ය එම්. වී. ආර්. විජයන්තමාලා
 බී. ඒ. එම්. එස්‌. (ගෞරව) - කොළඹ විශ්වවිද්‍යාලය
 එම්. ඩී. රස ශාස්‌ත්‍ර - ජෝත්පූර් ආයුර්වේද විශ්වවිද්‍යාලය - ඉන්දියාව.
 ආයුර්වේද රූපලාවණ්‍ය විශේෂ පුහුණු (ඉන්දියා)
 වෛද්‍ය නිලධාරී, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ශික්‍ෂණ රෝහල යක්‌කල.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 May 2018 07:45 PM

weda5කංසා එසේත් නැතිනම් ගංජා යනු අප රටේ සාමාන්‍ය ජනතාවට වගා කිරීම සහ ළඟ තබා ගැනීම නීතියෙන් තහනම්ව ඇති ශාකයකි. නමුත් මෙය රෝග රැසක්‌ සුවකිරීමට ගුණයක්‌ ඇති ඖෂධීය ශාකයකි. එබැවින් මෙහි ඇති ඖෂධීය ගුණය පිළිබඳව අපි අවධානය යොමුකර බලමු.
 
 වෛද්‍යතුමනි කංසා හෙවත් ගංජා, ශාකයෙහි ඇති ඖෂධීය වටිනාකම කෙසේද?
 
 කංසා එසේත් නැතිනම් ගංජා යන ශාකය විද්‍යාත්මකව හඳුන්වන්නේ කැනබීස්‌ සැටීවා (Caබබ්ඉසි Saඑසඩ්) යන නාමයෙනි. ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේදී කංසා යනු ඉතා සුවිශේෂී ඖෂධයකි. මෙය අවුරුදු දහතුන් දහසකටත් වඩා පැරැණි ඖෂධයකි. නමුත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් අපේ රට යටත් කරගත් පසු කංසා ශාකය තහනම් වගාවක්‌ බවට පත්කළා. නමුත් මේ වන විට මෙම ශාකය ලොව බොහෝ රටවල ඖෂධයක්‌ ලෙස පමණක්‌ නොව වෙළෙඳ වටිනාකමකින් යුත් ශාකයක්‌ ලෙස වගාකරනු ලබනවා.
 
 කංසා ආයුර්වේදය තුළ පිළිකා නැසීමට, මොළයේ සෛල විනාශ වීම අඩුකිරීමට, ජව සම්පන්න බව ආරක්‍ෂා කිරීමට, චර්ම රෝග සුවකිරීමට, විෂබීජ නාශකයක්‌ ලෙස භාවිතයට, බඩේ අජීර්ණ සඳහා යොදාගනු ලබනවා.
 
 කංසා ආයුර්වේදය තුළ ඖෂධ සඳහා යොදා ගන්නේ එහි ඇති මත්ගතිය ඉවත් කිරීමෙන් පසුයි. ඒ සඳහා ගිතෙල්වලින් බැදගනු ලබනවා. එනම් ශෝධන ක්‍රම භාවිත කිරීම හෙවත් පිරිසිදු කරගන්නා ක්‍රම භාවිත කර කංසා ඖෂධ සඳහා යොදාගනු ලබනවා.
 
 පිළිකා නසන ගුණ
 
 කංසා ඖෂධය පිළිකා රෝගීන් සඳහා ක්‍රම කිහිපයකින් භාවිත කරනු ලබනවා. කංසා යුෂ පානයට දීම, කංසා තම්බා දීම වැනි ක්‍රම මගින් පිළිකා රෝගීන්ට කංසා ප්‍රතිකාරය ලබා දෙනවා. ඉන් පිළිකා රෝග තත්ත්වයන් වර්ධනය පාලනය කිරීම, පැතිරී යැම පාලනය, පිළිකා නිසා මතුවන සංකූලතා වළක්‌වා ගැනීම සහ වේදනාව සමනය සිදුකරගත හැකියි. එනිසා කංසා පිළිකා නාශක ඖෂධයක්‌ බවට ලොවම පිළිගෙන තිබෙනවා. එය ආයුර්වේදය තුළ පමණක්‌ නොව බටහිර වෛද්‍ය ක්‍රමය තුළ පවා පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබෙනවා.
 
 මොළයේ සෛල විනාශ වීම අඩුකරයි
 
 වර්තමානයේ ලොව ඉතා වේගයෙන් පැතිරී යන රෝගයක්‌ බවට පත්ව ඇති "ඇල්ෂයිමර්" නමින් හැඳින්වෙන මොළයේ සෛල විනාශ වීමේ රෝග තත්ත්වයට කංසා ඖෂධය ඉතාමත් ගුණදායක බව අනාවරණය වී තිබෙනවා.
 
 ඇල්ෂයිමර් රෝගයේදී මොළයේ සෛල විනාශ වීම නිසා අමතක වීම, මානසික ව්‍යාකූල තත්ත්වයන් හට ගැනීම ආදිය මතුවේ. මෙම තත්ත්වයන් නිසා ඇල්ෂයිමර් රෝගීන් ජීවිතය විඳිනවාට වඩා විඳවති. මෙම රෝගී තත්ත්වය මහලුවීමේදී ඇතිවන නමුත් ඇතැම් දෙනාට ඊට පෙර මතුවේ.
 
 චර්ම රෝග සඳහා
 
 සමේ ඇතිවන කැසීමේ රෝග රැසකට ආලේප සඳහා යොදාගන්නා ඖෂධ නිපදවීමේදී භාවිත කරන ඖෂධයක්‌ බවට කංසා යොදා ගන්නවා.
 
 ආයුර්වේද ප්‍රතිකාර වලදී ඇතැම් කැසීමේ රෝග සඳහා කංසා කොළ කොටා කසන ස්‌ථානවල ආලේප කිරීමට වෛද්‍යවරු භාවිත කරනවා.
 
 කායික ශක්‌තිය වර්ධනය
 
 යම් පුද්ගලයකුගේ කායික සහ ලිංගික ශක්‌තිය හොඳින් පවත්වාගෙන යැම නිරෝගී ලක්‍ෂණයකි. ඒ සඳහා කංසා ඖෂධය ඉතා වැදගත් මෙහෙවරක්‌ ඉටුකරනු ලබයි. ලිංගික ශක්‌තිය සම්බන්ධව පීඩා විඳින කාන්තාවන් සහ පිරිමින් සඳහා ලබාදෙන ඖෂධවල අඩංගු අමුද්‍රව්‍යයක්‌ ලෙස කංසා භාවිත කරනවා. රණහංස රසායනය, මදනමෝදක, කාමේශ්වර මෝදකය ආදී ඖෂධවල කංසා අඩංගුයි.
 
 ලිංගික ශක්‌තිය වර්ධනය කිරීම මෙන්ම කායික ශක්‌තිය වර්ධනය කරන ප්‍රති ඔක්‌සිකාරක ඖෂධයක්‌ ලෙසද කංසා භාවිත කරනවා. මෙමගින් සමේ පැහැපත් බව, හිසකෙස්‌ වර්ධනය, සම රැලිවැටීම පාලනය ආදිය සිදුවෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමයේදී විටමින් භාවිතය මගින් ලබාගන්නා මෙම ඖෂධීය ගුණය කංසා මගින්ද ලබාගත හැකියි.
 
 බඩේ අජීර්ණයට
 
 ආහාර වර්ග අජීර්ණය නිසා හටගන්නා නොයෙක්‌ බඩේ අජීර්ණ සඳහා කංසා කොළ කිහිපයක්‌ මීපැණි සහ දෙහි ඇඹුල් ටිකක්‌ දමා කොටා සාදාගත් අත් බෙහෙත් ලබාදීම සිදුකරනවා.
 
 එසේම කංසා කොළ ටිකක්‌ කොටා ගිතෙල් සහ මී පැණි ටිකක්‌ සමඟ මිශ්‍රකර කල්කයක්‌ ලෙස භාවිත කිරීමද ආයුර්වේදයේ සිදුකරනවා.
 
 එමගින් ශරීරය තුළ ප්‍රතිශක්‌තිය වර්ධනය වීම ඇතිවෙනවා.
 
 විෂබීජ නාශකයක්‌
 
 කංසා යනු ඉතා හොඳ විෂබීජ නාශකයකි. එනිසා කංසා කොළ කිහිපයක්‌ ආහාර සකස්‌ කරන විට යොදා ගැනීමෙන් ආහාරවල ඇති විෂබීජ විනාශ වීමත් ආහාරවල රසය වැඩිවීමත් සිදුවෙනවා.
 
 එනිසා අප ආහාරයට කරපිංචා යොදා ගන්නා ලෙස කංසා කොළ කිහිපයක්‌ ආහාර පිසීමේදී එක්‌කර ගැනීම අතීතයේ අපේ පැරැන්නෝ සිදුකරනු ලැබුවා.
 
 වෛද්‍යතුමනි, කංසා මෙතරම් ගුණදායක නම් එය අප රටේ තහනම් වගාවක්‌ බවට පත්කර ඇත්තේ ඇයි?
 
 මෙය ඉංග්‍රීසීන් විසින් සිදුකළ ක්‍රියාවකි. ඔවුන් අප රටේ කංසා වගාව තහනම් කර දුම්කොළ වගාව හඳුන්වා දුන්නා. දුම්කොළ යනු උග්‍ර විෂ සහිත ශාකයකි. කංසා සම්බන්ධව මේ වන විට බ්‍රිතාන්‍යය, ඔස්‌ටේ්‍රලියාව, නවසීලන්තය, ඇමරිකාව වැනි දියුණු රටවල් සිදුකළ පර්යේෂණ අනුව එහි ඇති ඖෂධීය ගුණය හඳුනාගෙන එය ඖෂධ සඳහා යොදා ගැනීමටත් වගාවක්‌ ලෙස ව්‍යාප්ත කර අපනයන වගාවක්‌ ලෙස වෙළෙඳ වටිනාකමක්‌ ලබා ගැනීමටත් පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා ඔවුන් ඊට අදාළ නීති සම්පාදනය කර තිබෙනවා. එනිසා අප රට තුළ වගාකළ සහ හොඳින් වගා කළ හැකි කංසා ශාකය ඖෂධ සඳහා යොදා ගැනීමට හැකි පරිදි පවතින නීතිරීති සංශෝධනය කළ යුතුයි.
 
 මේ වගේ වටිනා ඖෂධීය ශාකයක්‌ වගාකිරීම තහනම් කිරීම හෝ විනාශ කිරීම තුළින් සිදුවන්නේ අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට බරපතළ පාඩුවක්‌ සිදුවීම සහ මෙම ඖෂධය පිටරටින් ගෙන්වීමට සිදුවීම නිසා විශාල මුදලක්‌ වෙනත් රටවලට ඇදී යැමයි.
 
 කංසා ගුණදායක ඖෂධයක්‌ වුවත් අනවශ්‍ය ලෙස භාවිත කිරීම ශරීරයට අහිතකරයි. සමහරු මෙය මත්වන ද්‍රව්‍යයක්‌ ලෙස භාවිතයට යොමුවී සිටිනවා. එය පුරුද්දක්‌ බවට පත්කර ගෙන තිබෙනවා. එය පිළිගත නොහැකියි. එනිසා නිවැරැදි ලෙස කංසා භාවිතය සඳහා නීතිරීති සකස්‌ කර මෙය ඖෂධයක්‌ ලෙස භාවිතයට යොදා ගැනීමට පියවර ගැනීම සඳහා කාලය උදාවී තිබෙනවා.
 
 වැඩි විස්‌තර සඳහා දුරකථන අංක 0714406218 ඇමතිය හැකිය.

weda2

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
31 May 2018 07:59 PM

කුඩා දරුවන්ගේ දත් දිරායාම හඳුනාගත හැකි මූලික ලක්ෂණ

https://i.imgsafe.org/0a/0a2c537a3d.jpeg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jun 2018 06:40 PM

චරිත රැසක් තනි මිනිහෙක්!

ඔබෙන් ඇහුවොත් ඔබ කවුද කියලා ඔබ කියන්නේ ඔබේ නම. අපි හිතමු ඔබ නිමල් කියලා. ඔබට නිමල් කියන නම දාන්න ඇත්තේ දෙමව්පියෝ. මේ නම වටා ඔබේ චරිතය, ගති ලක්ෂණ කුඩා කාලයේ සිටම ගොඩ නැගෙනවා. ඔබේ වට පිටාවේ සිටින නෑදෑ හිත මිතුරන් සියල්ලම නිමල් කවුද කියලා ඇහුවොත් ඔබේ රැකියාව, ඔබේ නම, ඔබ කාගේ කවුද?, ඔබ පදිංචි ස්ථානය, ඔබ මොන වගේ පුද්ගලයෙක්ද? යන විස්තර සියල්ලම පවසාවි. මේක තමයි ඔබේ හඳුනාගැනීම. මේකට කියනවා ඔබේ අනන්‍යතාවට (Identify of self) කියලා.

ඒත් ඔබ දන්නවාද? මේ අනන්‍යතාවය බිඳ වැටුණු මානසික රෝග තිබෙන බව? සමහර විට ඔබ තුළ චරිත දෙක තුනක් නෙවෙයි විවධ චරිත සීයකට වඩා වැඩි සංඛ්‍යාවක් තිබිය හැකි අපූරැ රෝගයක් මනෝ වෛද්‍ය විද්‍යාව තුළ සොයාගෙන තිබෙනවා. මේ රෝගයට ඉස්සර කීවේ බහු චරිත පෞරුෂ භින්නතාවයක්* කියලා. (Multiple personality Disorder)

නමුත් දැන් මෙම රෝගය හඳුන්වන්නේ අනන්‍යතාවයට විකෘති වීමේ රෝගය (Dissociative Identify Disorder)

සුජීවාගේ කතාව

සුජීවා අපේ සායනයට යොමු වූ තවත් තරුණියක්. ඇගේ වයස අවු. 26යි. ඇය ගුරැවරියක්. සුජීවා සායනයට යොමු වූයේ ඇගේ හොඳම මිතුරිය වන නයෝමි සමඟයි. ඇය ලස්සනට ඔසරියකින් සැරසී සිටියා. ඒත් ඒ ලස්සන සියල්ල යටපත් කරමින් ඇගේ මුහුණ තුළ පෙනුණේ දැඩි කලකිරීම, වේදනාව සහ දුකයි. සුජීවා ඇගේ කතාව මෙසේ ආරම්භ කළා.

මම ගුරුවරියක්. මගේ ස්වාමියාගෙන් දික්කසාද වෙලා දැන් අවු. 3ක් වෙනවා. නුගේගොඩ මහල් නිවාසයක කුලියට ගෙයක් අරන් ඉන්නේ. මම තනියම ඉන්නේ ඩොක්ටර්. මහ පුදුම දෙයක් ඊයේ සිද්ධ වුණා. මම ගිය සතියේ සතියකට වුවමනා බඩු ගෙනත් ශීතකරණයේ දැම්මා. ඊයේ බලනකොට ඒ බඩු මොකුත්ම ශීතකරණයේ නෑ. මගේ පර්ස් එකේ රුපියල් 10000/-ක් තිබුණා. ඊයේ උදේ නැගිටලා බලනකොට ඒ 10000/- නැති වෙලා. හොරෙක් ආව බවක් නම් පේන්න නෑ. මට හිතාගන්න බෑ මොනවා වෙනවද කියලා. මගේ යාළුවා තමයි මාව මේ සායනයට එක්කගෙන ආවේ.

සුජීවාගේ හොඳම මිතුරිය වන නයෝමි තවත් අපූරු රහසක් මෙසේ එළි කළා.

සුජීවා මගේ හොඳම යාළුවා. පොඩි කාලේ ඉඳලම අපි දෙන්නා යාළුවෝ. පසුගිය සතියේ ඇත්තටම ඇය ගෙදර හිටියේ නෑ. ඇයට සුපර් මාකට් එකේදි යම්කිසි පුද්ගලයෙක් හමුවෙලා තියෙනවා. සුජීවා මේ කෙනාට ඇයව හඳුන්වලා දීලා තියෙන්නේ ඇය ගුවන් සේවිකාවක් කියලා. ඇගේ නම කියලා තියෙන්නෙත් වැරදියට. ඇය ඔහු සමඟ නුවර එළියේ ගිහින් දවස් 5ක් ඉඳලා තියෙනවා. මේ හැමදේම මම හොයාගත්තේ සුජීවාගේ Phone එකේ තිබුණ රෙකෝඩරයෙන්. ඒත් පුදුමේ ඒක නෙවෙයි. ඇයට මේ කිසිම දෙයක් මතක නෑ.

මෙසේ කියාගෙන යන නයෝමි සුජීවාට සිදු වූ තවත් අපූරු සිද්ධියක් හෙළි කළා.

මේ සිද්ධිය වුණේ මාස තුනකට විතර ඉස්සර. එදා ඉරිදා දිනයක්. මම සුජීවා හම්බවෙන්න එයාගේ flat එකට ගියා. දොරට තට්ටු කළාම දොර ඇරියා. සුජීවා කොහොමද කියලා මම ඇහුවා. ඔයා කවුද? ඇයි ඔයා මෙහෙ  ආවේ කියලා මගෙන් ඇහුවා. මම නයෝමි කීවා. ඒත් ඇය අඳුරගත්තේ නෑ. මම ඇගෙන් නම ඇහුවා. ඇගේ නම මිසිස් සමරජීව කියලා කීවා. ඇය රෑපවාහිනියක අධ්‍යක්ෂකවරියක් කීවා. මට ගේ ඇතුළට එන්න කියලවත් කීවේ නෑ. පස්සේ දවසක මම මේ ගැන ඇගෙන් ඇහුවා. ඇයට ඒ ගැන කිසිම මතකයක් නෑ.

සුජීවාගේ ළමා කාලය ගැන අපි තව දුරටත් කරුණු විමසුවා. ළමා කාලයේ සිදු වුණු කිසිම විශේෂ සිදුවීමක් ඇයට මතක නෑ. නමුත් ඇගේ මිතුරිය වන නයෝමි සුජීවාගේ ළමා කාලය ගැන අපූරු රහසක් හෙළි කළා.

මට සුජීවා මේ කතාව කියලා තියෙන්නේ මීට අවු. 5කට ඉස්සර. සුජීවාගේ පියා ව්‍යාපාරිකයෙක්. මව ගුරුවරියක්. පියාගේ ව්‍යාපාරයේ කළමනාකරු සුජීවලාගේ ගෙදර නැවතිලා ඉඳලා තියෙන්නේ. ඔහුගේ වයස අවු. 32ක් පමණ කියලා කීවා.

මෙම පුද්ගලයා සුජීවාගේ මව සමඟ ලිංගික සම්බන්ධතාවයක් පවත්වලා තියෙනවා. මේක සුජීවාගේ තාත්තා දැනගෙන ඉඳලා නෑ. මේ අතරේ මේ මිනිහගේ බැල්ම සුජීවාටත් යොමු වෙලා තියෙනවා. එතකොට සුජීවාගේ වයස අවු. 12යි. ඇය නොයෙකුත් ලිංගික අඩන්තේට්ටම්වලට ගොදුරු වෙලා තියෙනවා. ඒවායෙන් ගැලවීමට ඇය ඇගේ මවට මේ ගැන පැවසුවත් කිසිම සැලකිල්ලක් ඒ ගැන දක්වලා නෑ. ඒත් අද වෙනකොට සුජීවාට මේ සිද්ධි මොනවත් මතක නැහැ.

ඉහත එන සත්‍ය කතාවේ සුජීවා නම් ගුරුවරිය තමා නොදැනුවත්වම චරිත කීපයක ජීවත් වන බව ඉහත කතාවෙන් පෙනේ. ඇය වරෙක ගුවන් සේවිකාවක්. වරෙක රූපවාහිනී අධ්‍යක්ෂකවරියක්. යම් කාලයකට මෙම චරිත තුළ ඇය ජීවත් වේ. බොහෝ අවස්ථාවලදී එම චරිත තුළ කළ කී දේවල් ඇයට අමතකය. ඇගේ ශීතකරණයේ තිබූ ආහාර පරිභෝජනය කළ බව ඇයට අමතකය. ඇගේ මුදල් පසුම්බියේ මුදල් වියදම් කළ බව ඇයට අමතකය. නයෝමි ඇගේ හොඳම යෙහෙළිය බව විටෙක අමතකය.
මෙම රෝගය ගැන තවදුරටත් අපි කරුණු විමසා බලමු.

දැඩි මානසික සහ ශාරීරික අපයෝජනයන්ට ගොදුරු වන දරුවන්ගේ මොළය තුළ ව්‍යූහාත්මක වෙනස්කම් පමණක් නොව රසායනික වෙනස්කම් ද සිදුවන බව සමීක්ෂණවලින් සොයාගෙන ඇත. එපමණක් නොව මනසේ ඒකාග්‍රතාවය ද, මතකය ද බිඳ වැටෙනවා. තමාට තමාගේ චරිතය තුළ තවදුරටත් ජීවත් වීමට නොහැකි වී තමාගේ ජීවිතයට වෙන චරිත ආරෑඪ කර ගැනීමටත් සිදු වෙනවා. මෙය සිදු වන්නේ උඩු  සිතට (Super ego) ඇති වී තිබෙන කම්පනය, දැඩි ශාරීරික හෝ ලිංගික අපයෝජනය වැනි උඩු සිතට දරා ගැනීමට අපොහොසත් වූ තැනදී තමාගේ චරිතය වෙනත් චරිත බවට ආරෝපණය වී එම කම්පනය අවම කර ගැනීමයි. මෙය සිදුවන්නේ රෝගියාට නොදැනුවත්වම යටි සිත තුළ ඇතිවන මානසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසිනි. මෙය මනෝ විද්‍යාවේ විගමනය (Dissociation) ලෙස හඳුන්වයි.

අනන්‍යතාවය බිඳ වැටීම නැමති රෝගයේදී ද සිදුවනුයේ මේ හා සමාන මානසික ප්‍රතික්‍රියාවකි.

මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ

1. තමන් තුළ දෙදෙනකු වඩා අලුත් චරිත ජීවත් වන බව දැනීම.
2. නිතරම  එදිනෙදා මතකයට ඇති වන බාධාවන් රෝගියාට දැනීම.
Ex: මෑතකදී ඇති වුණු සිද්ධියක් නැවත මතක් කර ගැනීමට නොහැකි වීම හෝ එයට දවස් හෝ මාස ගණනක් ගත වීම.
3. මෙම රෝගී තත්ත්වය බොහෝ විට ගැටවර වියේදී ආරම්භ වන අතර අවු. 40ට ප්‍රථමව දක්නට ලැබේ. කාන්තාවන් 9 දෙනකු ගත්විට පිරිමි එක් කෙනකුට මෙම රෝගය වැළඳේ.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jun 2018 06:41 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jun 2018 06:41 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jun 2018 06:42 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jun 2018 06:42 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jun 2018 06:42 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jun 2018 06:42 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jun 2018 06:43 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jun 2018 06:43 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jun 2018 06:59 PM

අමුතු ළමයි බිහිවෙන දරුණු ලෙඩේ Down syndrome

අපේ සිරුර සෑදී ඇති සෛල තුළ ඇති වර්ණදේහවල උපතින්ම සිදුවන වෙනස්කමක් නිසා රෝග ලක්ෂණ ගණනාවක් සහිත සුවිශේෂී දරැවන් බිහිවනු දක්නට හැකියි. මේ රෝග ලක්ෂණ එකතුව නිසා ඇතිවන තත්ත්වය හඳුන්වන්නේ Down syndrome හැටියටයි. මේ අය සුවිශේෂී පොදු ලක්ෂණ ගණනාවක්ම පෙන්නුම් කරයි.

Down syndrome දරැවෝ සැලකිය යුතු මට්ටමකින් ශ්‍රී ලංකාව තුළ සිටිති. ශ්‍රී ලංකාවේ වසරකට 300 - 400 අතර ප්‍රමාණයක් Down syndrome තත්ත්වයෙන් උපදී. මේ දරුවන්ගේ සංකූලතා හඳුනාගැනීම සඳහා ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය කටයුතු කරයි. මෙම දරුවන්ගේ දෙමාපියන් / භාරකරුවන් දැනුවත් කර ඔවුන්ගේ ක්‍රියාකාරකම් වර්ධනය කිරීම සඳහා උපදෙස් හා මග පෙන්වීම් කළ යුතුයි. නිවැරදි උපදෙස් වෙත ඔවුන් යොමු කිරීම තුළ දරැවා මෙන්ම එම පවුලේද (Quality of life) ජිවිතයේ සාර්ථකත්වය වැඩි දියුණු කළ හැක. 

සාමාන්‍යයෙන් අපේ සෛලවල වර්ණදේහ 46 ඇත. (යුගල 23) නමුත් Down syndrome තත්වය ඇති දරුවකුගේ වර්ණදේහ 47ක් ඇත. මීට හේතුව වන්නේ 21 වන වර්ණදේහ යුගලයේ ඒ වෙනුවට අමතරව වර්ණදේහයක් එනම්, වර්ණදේහ 3ක් පිහිටීමයි. (Trisomy 21) විශේෂයෙන් මෙම රෝග තත්ත්වයට ලක්වූ දරුවන් ලැබීමේ සම්භාවිතාව මවුවරැන් වයසට යෑමත් සමගම ප්‍රමාණයෙන් වැඩිය. සාමාන්‍යයෙන් අවු 21 මවකට Down syndrome දරුවන් ලැබීමේ සම්භාවිතාව 1500: 1ක් වන අතර වයස අවු 42 පමණ වනවිට 50:1 දක්වා වැඩිවේ. සමහර පවුල්වල අවසාන දරුවා Down syndrome තත්ත්වය ඇති දරුවකු වී ඇති බව විද්‍යාමාන වෙයි.

මෙම තත්ත්වය ඇති දරුවකු ඉපදුනු විට පළපුරුදු වෛද්‍යවරයකුට හඳුනාගත හැකි ලක්ෂණ පෙන්නුම් කරයි. එම ලක්ෂණ ඇතිබවට සැකකරන දරුවකු වර්ණදේහ පරීක්ෂණ (Chromosomes Analysis) වලට යොමු කිරීමෙන් එය තහවුරු කර ගත හැක. මෙවැනි දරුවකු මුල්කාලයේදී සමහර වෙනස් ලක්ෂණ පෙන්නුම් කරයි. සාමාන්‍ය  දරුවන්ගේ ඇස් එකම මට්ටමේ පිහිටන අතර මෙම දරුවන්ගේ ඇස් ඉහළට ඇලවී ගිය ස්වභාවයකින් (upward Slanting) පිහිටයි. ඇසේ කළු ඉංගිරියාවේ සුදු තිත් ඇත. කණ ඇස් මට්ටම වඩා පහළින් පිහිටයි. (Low set ears) නාස් දණ්ඩ තැළුණු ස්වභාවයක් (Flat Nasal Bridge) ඇත. මස්පිඬු ලිහිල් ස්වභාවයක් ඇත. (Hypotonia) අතේ තනී රේඛාව ඇත. (Single palmar crease) කුඩා මුඛයක් සමග ඉදිරියට නෙරූ දිවක් ඇත. සමහරවිට දිව මුඛයෙන් එළියට දමයි. කකුලේ මහපට ඇඟිල්ල සහ දෙවැනි ඇඟිල්ල අතර වැඩි පරතරයක් ඇත.

ඉහත ලක්ෂණවලට අමතරව හෘදවස්තුවේ පවතින ආබාධ 40%කට පමණ ඇති බව වාර්තා වී තිබේ. එමෙන්ම බඩවැල්වල සිහින්වීම නිසා ඉපදුණු ගමන් වමනය යෑම, මළපහ පිට නොවීම වැනි තත්ත්වයන් ඇතිවේ. ඵමෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම වැනි ලක්ෂණ ඉපදී මුල් කාලයෙදී හඳුනාගත හැක.

කාලයත් සමග මෙම දරුවන්ගේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය දරුවකුගේ ක්‍රියාකාරීත්වයට වඩා සැලකිය යුතු මට්ටමකින් අඩුවේ. විශේෂයෙන්ම මෙම දරුවන්ගේ බුද්ධිමත් බව අඩුවීම වර්ධනයත් සමගම පැහැදිලිවේ. සාමාන්‍ය දරුවකුගේ බුද්ධි මට්ටම 10-100 වන අතර මෙවැනි දරුවකුගේ මෙම මට්ටම 50-70 හෝ 35-50 අතර විය හැක. කලාතුරකින් 20- 35 දක්වා අඩුවිය හැක. සාමාන්‍යයෙන් Down syndrome සහිත වැඩිහිටි පුද්ගලයකුගේ මානසික  ක්‍රියාකාරීත්වය අවු 8-9 දරැවකුගේ වැනිය. මීට අමතරව ආසාදන සෑදීමේ ප්‍රවනතාවය වැඩිය. වැඩිහිටි වයසේදී (anxiety, depression) වැනි මානසික තත්ත්වයන් ඇතිවිය හැක. 

මෙම දරුවන්ගේ ඇස් පරීක්ෂා කිරීමේදී සමහර ආබාධ දැකගත හැක. ඇස් පෙනුම සම්බන්ධ ප්‍රශ්න (Visual Problems-Refractory Error) ඇතිවීමේ සම්භාවිතාවය 40-80%, 20-50% අතර වපරය, 15% පමන ඇසේ සුද ඇතිවීම දරුවාගේ වර්ධනයත් සමගම දැකගත හැක. විශේෂයෙන්ම 50-90% අතර මෙම දරැවන්ගේ ශ්‍රවන ආබාධ දැකිය හැක. නිතර කන් ආසාදන (Ear infection) වලට ගොදුරු වේ. මෙම දරුවන් දන්ත රෝගවලට ගොදුරැවීමේ ප්‍රවනතාවය ඉතාමත්ම වැඩිය. මෙම දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ හැකියාව අඩුයි. ඉතාම ඉක්මනින් රෝගවලට ගොදුරු වෙයි.

Down syndrome තත්ත්වය දරුවන්ගේ වර්ධනයට විශේෂයන්ම බලපාන අතර ඔවුන් උසින් අඩුය. වැඩිහිටි වයසේ පිරිමි අඩි 5ක් වන අතර ගැහැණු දරුවකු අඩි 4 අඟල් 8 ක්පමණ වේ. මෙම දරුවන් තුළ obesity /ස්ථුලතාවය ඇතිවීමේ අවදානමක් ඇත. මෙම දරුවන්ගේ විශේෂ වූ උස/බර ප්‍රස්ථාර සකස් කර ඇත.

ඉහත තත්වයන්ට අමතරව මෙම දරුවන් පිළිකා රෝගවලට ගොදුරැවීමේ ප්‍රනවතාවය වැඩිය. විශේෂයෙන් ලියුකේමියා, වෘෂණ කෝෂවල පිළිකා වැඩිපුර ඇතිවේ. විශේෂයෙන් මෙම දරුවන්ගේ කොඳුඇට පේලියේ පළමු අස්ථි දෙක සහ හිස්කබල සහිත සන්ධිය හොඳින් ශක්තිය නොතිබී වෙන්වීමේ අවදානම තිබෙන නිසා මේ ගැන x-ray රැගෙන පරීක්ෂා කර බැලිය යුතුයි. මීට අමතරව මෙම දරැවන්ට රූට නින්ද හොඳ මට්ටමකට  නොලැබේ. මීට හේතුව ස්වසන මාර්ගයේ හා පටක හා අස්ථිවල වෙනස්වීම නිසා අවහිර වීමයි. (Obstructive sleep apnea)

වැඩිහිටි වයසේ සිටින පිරිමි Down syndrome අයට දරුවන් සෑදීමට හැකියාව නැති අතර ගැහැනු Down syndrome වැඩිහිටියකූට දරුවන්ට සෑදීමේ හැකියාව අඩු මට්ටමක පවතී. පිරිමි මද සරු බවට හේතුව වනුයේ ශුක්‍රාණු (sperm) සෑදීමේ ගැටලුවයි. වැඩිහිටි වයසේ සිටින Down syndrome වැඩි ප්‍රතිශතයක් Alzheimer disease, තත්ත්වයට පත්වේ. මෙවැනි අයගේ මතකය ක්‍රමයෙන් නැතිවී යන අතර තීරණ ගැනීමේ හැකියාව හා ක්‍රියාකිරීමේ හැකියාව ක්‍රමක්‍රමයෙන් නැතිවේ. මේ අයගේ සාමාන්‍ය ජීවිත අපේක්ෂාව අවු.53ක් බව පිළිගැනීමයි.

දැනට ලෝකයේ වර්ණදේහ සංඛ්‍යාව වෙනස්වීම නිසා වැඩි වශයෙන්ම ඇතිවන රෝගය මෙය වේ. විශේෂයෙන් ගබ්සා කිරීම තහනම් කර ඇති රටවල Down syndrome දරැවන් බිහිවන වැඩි ප්‍රමානයක් ඇත. ලෝකයේ සෑම උපත් 1000:1ක්  ඉපදෙයි. (WHO)

Down syndrome කලින් හඳුනා ගැනීම

දරුවකු පිළිසිඳ මව්කුස සති 11-14 වන කාලය තුළදී (පළවන කාර්තුව- First trimester) මෙම තත්ත්වය ultra sound scan හෝ මවගේ රුධිර පරීක්ෂා කිරීම මගින් යම්කිසි හඳුනා ගැනීමක් කළ හැක. රුධිර පරීක්ෂා වශයෙන් Feto protein, uncoagulated steroid සහ HCG Blood levels නම්  කළ හැක. මෙම පරීක්ෂණ හා ස්කෑන් මගින් මව්කුස ඇති දරුවාගේ හිසේ පිටුපස බෙල්ලේ ඇති හමේ ගණකම මැනීම මගින් හා මවගේ වයස සැලකිල්ලට ගෙන බිහිවීමට සිටින දරුවාගේ Down syndrome තත්වයක අවධානම ප්‍රකාශ කල හැකි වුවත් (එය100% නිවැරදි නැත) එය තහවුරු කළ නොහැක. එහෙත් දරුවාට පිටතින් ඇති තරලය ගෙන (Amniocentesis) හෝ වැදෑමහ කොටසක් ගෙන පරීක්ෂා කිරීම (Chorionic villous sampling) මගින් හෝ දරුවාගේ සෛල ගෙන පරීක්ෂා කර දරුවා Down syndrome යන්න 100%ක් නිවැරදිව පරීක්ෂා කළ හැකියි. එහෙත් මෙම පරීක්ෂණය කිරීමේදී 0.5-1% ප්‍රතිශතයකින් කළලය ගබ්සාවීමේ අවදානමක්ද ඇත. මූලික පරීක්ෂණ (screening test) කරන්න අනුබල දෙන්නේ Down syndrome තත්ත්වය ඇති දරුවන් බිහිවීමට අවදානමක් ඇති මව්වරුන්ටයි (High Risk Groups). එහිදී මූලික පරීක්ෂණ සැකසහිත විට තහවුරු කිරීමේ පරීක්ෂණ වෙත යොමුවෙයි. නමුත් ශ්‍රී ලංකා මෙවැනි වෛද්‍ය විද්‍යාත්මක ගබ්සා කිරීමකට ඉඩ ලැබෙන්නේ මවගේ ජීවිතයට අවදානමක් ඇති අවස්ථාවකදී පමණි. එමනිසා මෙවැනි පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාව් යොමුවීමක් නොමැත. එහෙත් යුරෝපීය රටවල මෙවැනි පරීක්ෂණවලින් පසු කළලය ගබ්සා කිරීමට දෙමාපියන්ට තීරණය කිරීමට අවසර ඇත.

මීට අමතරව දරුවා බිහිවූ පසු සැකසහිත ලක්ෂණ පෙන්නුම් කරන විට ලේ සාම්පල් මගින් සෛල වල වර්ණ දේහ සංඛ්‍යාව ගණනය (Chromosomes Analysis) කර Down syndrome  තත්ත්වය තහවුරු කළ හැක. මෙම පරීක්ෂණ මගින් විශේෂයෙන්ම තරුණ මවකට මෙම දරුවකු ලැබුණ විට ඊළඟ දරුවාට මෙම තත්වය ඇතිවීමේ අවදානම පිළිබඳ විශ්ලේෂණය කර දැනුම් දිය හැක. සාමාන්‍යයෙන් මෙම දරුවන්ට අනෙක් දරුවන්ට මෙන් ප්‍රතිශක්තිකරණය ඵන්නත් නියමිත කාලයේදී ලබාදීම ඉතා වැදගත්වේ.

ඔවුන්ගේ කන් ඇසීම විටින්විට පරීක්ෂා කිරීම, ඇස්වල පෙනීම, දන්ත සෞඛ්‍යයද විටින් විට පරීක්ෂා කළ යුතුයි. විශේෂයෙන්ම සෑම දරුවෙකුගේම හෘද වස්තුවේ පවතින සංජනන ආබාධ (Congenital Heart Disease) සොයා බැලීම සඳහා ECHO පරීක්ෂාව භාවිතා කළ යුතුයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම විටින් විට පරීක්ෂා කළ යුතුයි.

මීට අමතරව දරුවාගේ බුද්ධි වර්ධනය හා කතාකිරීමේ දුබලතා වෙත අවධාරණය යොමුකර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම හා ළමා මානසික සායන (Behavioral therapy) වෙත යොමුකළ යුතුයි. මෙම දරැවන් සදහා ඔවුන්ගේ පාසල් අධ්‍යාපනය යම්කිසි මට්ටමකින් පවත්වා ගැනීම සඳහා මාර්ගෝපදේශය ලබාදිය යුතුයි. මෙවැනි දරැවකු සිටින දෙමාපියන් ඵ් වෙනුවෙන් බුද්ධිමත්ව කැපවීමක් කළ විට ඔවුන්ව ස්ථායිව සිටින තත්ත්වයකට පත්කර ගත හැක. ඵමෙන්ම ඔවුන් රුකියාවක නිරතවී ආදායමක් උපයන තත්වයට පත්කර ගත හැක. 

අප සමාජයක් වශයෙන් සෑමවිටම කළ යුත්තේ Down syndrome දරුවන් / වැඩිහිටියන් දෙපයින් නැගීසිට ස්ථායි ජීවිත ගත කරන තත්ත්වයක් උදාකරදීමට උදව් කිරීමයි. ඵ් තුළින් ඔවුන් රටට වැඩදායි පුද්ගලයින් කිරීමට දායක වීමයි.

වෛද්‍ය චින්තක රාජපක්ෂ 
ළමා රෝග විශේෂඥ
කුලියාපිටිය මූලික රෝහල

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jun 2018 07:23 PM

රෑට රෑට කකුල් රිදෙන ලෙඩේ

විවේකීව සිටින අවස්ථාවේදී, විශේෂයෙන් රාත්‍රී නින්දට යාමේදී දෙපාවල ඇතිවන නොරිස්සුම් සහගත වේදනාව, දාහය හා එක් ඉරියව්වක දෙපා තබාගැනීමට නොහැකි ආකාරයක් දැනීමේ අපහසුතාවයක් පිළිබඳව ඇතැම් දෙනා මැසිවිලි නගති. නින්දට යාමේදී මෙම අපහසුතාවය වැඩිපුර ඇතිවන නිසා නිතරම නින්දට බාධාවීමෙන් උදෑසන අවදිවීමේදී වෙහෙසකර ස්වභාවයක් ඇතිවේ. මෙහි විශේෂත්වය වන්නේ දවසේ වැඩ කරන කාලය තුළ මෙවැනි ලක්ෂණ ඇති නොවීමය.මේ පිළිබඳව යම් අවබෝධයක් ලබාගැනීම තුළින් ඇතිවන අපහසුතාවය මඟහරවාගැනීම හා අනෙකුත් වැඩ කටයුතුවලට බාධාවීම බොහෝදුරට වළක්වාගත හැකිය.

Restless leg syndrome ලෙස බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව හඳුන්වන මෙය ස්නායු සම්බන්ධ රෝග අවස්ථාවකි. විවේකීව සිටින විට පාදවලට දැනෙන අපහසුතාවය නිසා පාද චලනය කිරීමට හා ඉරියව් වෙනස් කිරීමට පෙළඹීම මෙහිදී දැකිය හැක. එසේ කිරීමේදී එම අපහසුතාවය තාවකාලිකව අඩු වී යයි. මෙය එක් පාදයක හෝ දෙපසම ඇතිවිය හැක.

මෙසේ පාදවල ඇතිවන අපහසුතාවය විටෙක නොරිස්සුම් සහගත සංවේදනයක් විය හැකි අතර එය තදබල වේදනාවක් ලෙස දැනීමටද පුළුවන. ඇතැම් විට සිහින් තුඩකින් අනින්නාක් බඳු වේදනාවක්ද තවත් විටෙක කුහුඹුවන් ගමන් කරනවාක් මෙන් සංවේදනාවක්ද ඇතිවන බව රෝගීන් පැමිණිලි කරන අවස්ථා ඇත. මස්පිඬු පෙරළීමේදී මෙන් වේදනාවක්ද ඇතිවිය හැක.

බහුලවම කෙණ්ඩා, යටිපතුල් හා කලවා ආශ්‍රිතව ඇතිවන අතර කලාතුරකින් අත්වල මාංශපේෂී ආශ්‍රිතවද මෙම තත්ත්වය ඇතිවිය හැකිය. මෙම තත්ත්වයට මුහුණදෙන්නෝ නිරන්තරයෙන් නින්දට බාධාවන හෙයින් ගැටලු රාශියකට මුහුණදෙති. එදිනෙදා කටයුතු කාර්යක්ෂමව කරගැනීමට බාධාවීම, වෙහෙසකාරී හැඟීම, ශාරීරික හා මානසික පීඩාකාරී බව ඇතිවීමද සිදුවේ.

ඕනෑම වයස් කාණ්ඩයක අයකු මෙම තත්ත්වයට පත් විය හැකිය. විශේෂයෙන් වයස්ගත පුද්ගලයන් අතර මෙය බහුලවන අතර එයින්ද වැඩි ප්‍රතිශතය කාන්තා පාර්ශ්වයට අයත්ය. ආයුර්වේදීය රෝග වර්ගීකරණය යටතේ මෙය වාත රෝග ගණයේලා සඳහන් කළ හැකි රෝග අවස්ථාවකි.

මෙම තත්ත්වය ඇතිවීමට හේතුව හා ඇතිවන ආකාරය නිශ්චිතවම සඳහන් කළ නොහැක. නමුත් වයස අවුරුදු හතළිහට අඩු පුද්ගලයන්ට මෙම රෝග තත්ත්වය ඇතිවීමට ජානවල සම්බන්ධතාවයක් හේතුවන බව අනාවරණය වී තිබේ. ස්නායු සම්ප්‍රේෂණයේදී වැදගත් වන Dopamine නම් රසායනිකයේ අඩුවීමත් හේතුවෙන් මාංශපේෂීවල චලන හා ක්‍රියාකාරී තත්ත්වයේ වෙනස්කම් ඇතිවිය හැකි බව සොයාගෙන ඇත. එබැවින් දවස අවසානයේදී විවේකීව සිටින විට මෙම රෝග ලක්ෂණ ඇතිවීම සමඟ සම්බන්ධතාවයක් පවතී.

කාලීන රෝග තත්ත්වයන් ඇතිවිට, එනම් කාලීන වකුගඩු රෝගය, සන්ධිගත රෝග (Rheumatoid arthritis) කම්පවාත (Parkinson’s disease) දියවැඩියාව වැනි රෝග නිසි ප්‍රතිකාරයකට යොමුනොවී දීර්ඝකාලීනව පවතින මෙවැනි රෝග ලක්ෂණ ඇතිවීමේ හැකියාවක් ඇත.

ශරීරයේ යකඩ පෝෂක අවශ්‍ය ප්‍රමාණයකට වඩා අඩුවූ විට Dopamine නිෂ්පාදනය අඩුවේ. එබැවින් ඉහත දැක්වූ ආකාරයට රෝග තත්ත්ව හා සම්බන්ධතාවයක් ඇතිවීමේ හැකියාවක් පවතී.

ගර්භණී මව්වරුන්ටද, ගර්භණී කාලය අවසානයේ මෙවැනි රෝග ලක්ෂණ ඇතිවන අතර ප්‍රසූතියෙන් සති 2 – 3කට පසුව එම තත්ත්ව මඟහැරී යයි. මීට අමතරව දීර්ඝකාලීනව දුම්පානය කිරීම, මත්පැන් භාවිතය, අතිස්ථූලතාවය, මානසික ආතතිය, ප්‍රමාණවත් පරිදි ව්‍යායාම්වල නොයෙදීම හා මානසික රෝග සඳහා භාවිත කරන ඖෂධ, අධික රැධිර පීඩනය සඳහා භාවිත කරන ඖෂධ දීර්ඝකාලීනව ගැනීම ආදී හේතු නිසාද මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැක.

නිවැරදි රෝග පරීක්ෂාවෙන්, විශේෂයෙන් රෝගී ඉතිහාසය පිළිබඳ තොරතුරු මගින් රෝග විනිශ්චය කළ හැකි අතර මීට අමතරව රැධිර පරීක්ෂණ, ස්නායු ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම (Nerve conduction test) හා පාදවල ස්කෑන් පරීක්ෂණ (Doppler) මගින් මෙම රෝගය හඳුනාගැනීමට වෛද්‍යවරයාට හැකියාව ලැබේ.

මෙය මාරාන්තික රෝග තත්ත්වයක් නොවූවද දීර්ඝකාලීනව මෙවැනි තත්ත්වයන්ගෙන් පෙළීමෙන්, එදිනෙදා ජීවිතයේ බොහෝ දුෂ්කරතා ඇති කරයි. එදිනෙදා කටයුතුවලට බාධා ඇති කරයි. 

එබැවින් සුදුසු වෛද්‍යවරයකු හමුවී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීම වැදගත් වේ. එමෙන්ම පවතින වෙනත් රෝග තත්ත්වයන්ට නිසි පිළියම් යෙදීම, පෝෂණ ඌණතා සඳහා නිසි පිළියම් යෙදීම සිදුකළ යුතු අතර ප්‍රමාණවත් ලෙස ව්‍යායාම්වල යෙදීම, මානසික විවේකී බව පවත්වාගැනීම වැදගත් වේ.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම මේ සඳහා භාවිත කරයි. විශේෂිත වූ ඖෂධීය තෛල ආලේපනය, තැවීම් මෙන්ම ඖෂධීය ජලයේ පාද ගිල්වා තබාගැනීම හා පංචකර්ම ප්‍රතිකාර මගින්ද සාර්ථක විසඳුම් ලබාගත හැක. මීට අමතරව චීන කටු ප්‍රතිකාර ක්‍රමයද භාවිත කෙරේ.

කුමුදුනී ද සිල්වා
ආයුර්වේද වෛද්‍ය
සෙත්සුව ආයුර්වේද රෝහල

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jun 2018 07:39 PM

සිත - ගත දෙකම අඩපණ කරන අම්ල පිත්ත රෝගය

අතීතයට සාපේක්ෂව වර්තමානයේ පෙර නොවු විරූ පරිදි මිනිසුන්ට බොහෝ රෝග වැළඳෙයි. මෙම ඇතැම් රෝග මිනිසාගේ එදිනෙදා දෛනික කටයුතුවලට ද සැලකිය යුතු ලෙස බාධා ඇති කරයි. මේ රෝග අතරින් ආයුර්වේදයේ සඳහන් වන අම්ල පිත්ත රෝගය ද එකකි. මෙම අම්ල පිත්ත රෝගයෙන් මිනිසාගේ කය සහ මනස පීඩාකාරී තත්ත්වයට පත් කෙරේ. බාල, මහලු, ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව සෑම දෙනකුටම පාහේ මෙම රෝගයට ගොදුරු විය හැක.

ආයුර්වේදයේ සඳහන් අම්ල පිත්ත රෝගයට යම් තරමක සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ අධි ආම්ලිකතාවය ( Hyper Acidity)නම් රෝග තත්ත්වය හෝ කාලීන ජඨර ප්‍රදාහයයි.(Acute or chronic Gastritis) 

රෝග ලක්ෂණ

උගුර දැවිල්ල.

ආහාර අරුචිය.

වමනය.

ඔක්කාරය.

උදරය පුරවා දැමීම.

ආහාර නිසි ලෙස නොදිරවීම.

ආහාර ගත් පසු මළ පහ පිට කිරීමේ අවශ්‍යතාවය හෝ මළ පිටවීමේ අක්‍රමිකතා, හිසරදය, මානසික ආතතිය, ශරීරය වෙහෙසට ලක්වීම.

බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ද මෙම රෝග ලක්ෂණ ඇතිවිය හැක. ඇතැම් විට පපුවේ වේදනාව හා පපුවේ දැවිල්ල හෘදයාබාධ රෝග ලක්ෂණ සමඟ ව්‍යාකූල විය හැක. ඇතැම් විට එය ගැස්ට්‍රයිටීස් හෝ අම්ල පිත්ත රෝගය සමඟ පැටලිය හැක. එම නිසා පපුවේ දැවිල්ල හා වේදනාව නිසි ලෙස හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කළ යුතුය. බොහෝවිට පපුවේ වේදනාව හා දැවිල්ල මධ්‍යම රාත්‍රියේ හට ගැනීම සිදුවිය හැක.

ගැස්ට්‍රයිටීස් රෝගය නිසා ආම්ලිකතාවය වැඩි වී ආහාර මාර්ගයේ තුවාල ද ඇතිවිය හැක. දිගින් දිගටම මේ තත්ත්වය පැවතීම සුදුසු නොවේ. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ගැස්ට්‍රයිටීස් රෝගයට මූලික හේතුව වන්නේ අධි ආම්ලික තත්ත්වයයි. නමුත් ආයුර්වේදයේ අම්ල පිත්ත රෝගයට මූලික හේතුව පිත් දෝෂයේ විෂ වීමයි. ආයුර්වේදයට අනුව අම්ල පිත්තය යනු අම්ල විදග්ධංච තක් පිත්තම් අම්ල පිත්තම්.

සාමාන්‍යයෙන් පිත ආයුර්වේදයට අනුව කටුක රසයෙන් යුක්තය. නමුත් එය නොයෙක් හේතූන් නිසා විකෘති වූ විට ඇඹුල් රසින් යුක්තයි.

ආයුර්වේදයට අනුව මෙය ඌර්ධිවගන අම්ල පිත්තය  හා අමෝගත අම්ල පිත්තය ලෙස ටෙස් දෙකකි.

ඌර්ධිවගන අම්ල පිත්ත රෝගයේදී බොහෝ විට විවිධ වර්ණ (කොළ, කහ, කළු) වලින් වමනය පිටවීම මෙන්ම සමහරවිට වමනය සමඟ රුධිරය පිටවීම ද විය හැක. බොහෝ විට ඇඹුල් රස, තිත්ත රස දැනී වමනය ඇති විය හැක.

හිසරදය, බඩ පපුව දැවිල්ල , අත් පා දැවීම, සිරුරේ උෂ්ණත්වය වැඩි වීම, සිරැර කැසීම, බිබලි ඇතිවීම ආදිය ඇති විය හැක.

අධෝගත අම්ල පිත්තයේදී සිරුරේ දැවිල්ල, කරකැවිල්ල, මුර්ජාව, පිපාසය ඇතිවීම හෝ ඇති නොවීම, ආහාරවලට අකැමැත්ත, දහඩිය දැමීම, ආහාර ගත් විගසම මළ පිට කිරීමේ අවශ්‍යතාවය, දියර සහිත පෙන සහිත දුගඳ සහිත මළ පිටවීම, සිරුරේ පළු හටගැනීම වැනි රෝග ලක්ෂණ ඇති විය හැක.

මේ සඳහා කළ යුතු ප්‍රතිකාර 
ලබන කලාපයේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 125 of 137 << < 123124125126127 > >>