Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 126 of 137 << < 124125126127128 > >> Author Messages hasithadSuper Senior MemberPosts:5795 02 Jun 2018 08:23 AM අම්මෝ වමනෙ යද්දි තියෙන තිත්ත.....මතක් වෙද්දිත් බඩ පෙරලනවා වගේ. 0 chamaramindMost Senior MemberPosts:13471 02 Jun 2018 06:30 PM ෆයිබ්‍රොයිඩ් තත්ත්වය දරුඵල ප්‍රමාදයට හේතු විය හැකිද? දරුවන් සාදන වයසේ පසුවන කාන්තාවන්ගේ ගර්භාෂයේ මාංශ පේශිවල වර්ධනය වන ගෙඩි විශේෂයක් වන මෙම රෝගී තත්ත්වය බොහෝ කාන්තාවන්ට පවතින සුලබ ගැටලුවකි. මෙහිදී දරුඵල ප්‍රමාදයක් සිදු වේ දැයි යන ගැටලුවක් පවතී. ෆයිබ්‍රොයිඩ් වර්ධනය නිසා දරු පිළිසිඳ ගැනීම් ප්‍රමාද වීම සිදුවිය හැකි බව පරීක්ෂණවලින් ඔප්පු කර ඇත. සියලු ෆයිබ්‍රොයිඩ් රෝගී කාන්තාවන් දරුඵල ප්‍රමාදයෙන් අපහසුතාවන්ට ලක් නොවන නමුත් 30% ක පමණ දෙනාගේ මෙම තත්ත්වය පවතී. ෆයිබ්‍රොයිඩ් තත්ත්වය නිසා ගර්භාෂය පිළිසිඳ ගැනීමකට සූදානම් නැතිවීම මෙයට හේතුවයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ගර්භාෂගත අර්බුද නමින් මෙම වර්ධනය හඳුන්වනු ලබයි. ගර්භාෂයේ මාංශමය පටකයේ සෛල රැස්වීමක් හෙවත් විකෘති තත්ත්වයක් මෙම අර්බුදය ඇති කරන බව දැක්විය හැක. ආයුර්වේදයට අනුව දරුඵල ප්‍රමාද කිරීමට බලපාන හේතු ප්‍රධාන මාතෘකා 04 ක් ඔස්සේ දැක්විය හැක. 1. සෘතු දොaෂ 2. ක්ෂේත්‍ර දොaෂ 3. අම්බු දෝෂ 4. බීජ දොaෂ මේ අතුරින් ෆයිබ්‍රොයිඩ් රෝගය ක්ෂේත්‍ර දොaෂ යටතේ විස්තර කළ හැක. එනම් ආයුර්වේදයට අනුව පිළිසිඳීමක් නිරෝගීව සිදුවීමට අවශ්‍ය ක්ෂේත්රය, බිම ගර්භාෂය වන අතර, එහි විකෘතියක් ලෙස ගර්භාෂගත අර්බුද තත්ත්වය දක්වයි. මෙම රෝගයේදී දරුඵල ප්‍රමාදයක් පවතින කාන්තාවන් සඳහා බටහිර වෛද්‍ය ක්රමයේ සිදුකරනුයේ උදරයට සිදු කරන ශල්‍යකර්මයක් මගින් වර්ධනයට අදාළ ගර්භාෂයේ මාංශපේශී කොටස ඉවත් කිරීමයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ මෙබඳු තත්ත්වවවලදී ශල්‍යකර්මවලින් 100% තොර වූ ස්වභාවික ශාකමය ප්‍රතිකාර පද්ධතියක් පවතී. මෙහිදී මුඛයෙන් ගන්නා ඖෂධ මෙන්ම බාහිරින් කරනු ලබන සුවිශේෂී ප්‍රතිකාර ක්‍රම ද අනුගමනය කරනු ලබයි. තෙල් ආලේපය, තැවීම්, පත්තු ආලේපයන්, තෙල් පිචු දැමීම වැනි උදරය ආශ්රිත ප්‍රතිකාර තුළින් ද සාර්ථකව ෆයිබ්‍රොයිඩ් තත්ත්වය පාලනය කළ හැකි වේ. මෙහි ඇති සුවිශේෂීත්වය නම් ප්‍රතිකාර ගන්නා අතරතුර කිසිදු අයුරකින් දරුඵල ප්‍රමාද කිරීමක් සිදු කිරීම අවශ්‍ය නොවීමයි. එනම් ප්‍රතිකාර ක්‍රමය සැකසී ඇත්තේ වර්ධනය අඩු කිරීම සමඟම සරු බව වැඩිකර පිළිසිඳ ගැනීමේ හැකියාව වැඩිකිරීමට වේ. ගුදයට වේදනා දෙන තවත් රෝගයක් ප්රශ්නය - පසුගිය සතිවල අප ඔබ සමඟ සාකච්ඡා කළේ ගුදය තුළ අධික වේදනාවක් ඇති කරන රෝග ගැනයි. ඒ අනුව ගුද විදාරනය නමැති රෝග තත්ත්වය ගැන අප සාකච්ඡා කළේ ගිය සතියේ. වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - අද අප සාකච්ඡා කරන්නේ ulcerative colitis හෙවත් ව්රණමය පුරිකන් දාහය යන රෝග තත්ත්වය ගැනයි. මෙය ගුදය දක්වා වූ අන්ත්‍රයේ හට ගන්නා නිදන්ගත ප්‍රදාහ තත්ත්වයක්. ආහාර ජීර්ණ ක්‍රියාවලියට දායක වන මහා අන්ත්රය සහ කුඩා අන්ත්රය මේ රෝගය නිසා දිගු කාලීන ප්‍රදාහ තත්ත්වයකට පත්වෙනවා. රෝගය වැඩිපුර හැදෙන්නේ මහා අන්ත්‍රයේ අවසන් කොටස වූ ගුදයටයි. ප්රශ්නය - මේ රෝගය හට ගැනීමට හේතු මොනවද? වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - ජාන උරුමය එක හේතුවක් විය හැකියි. ඔබේ පවුලේ ලේ නෑයකුට මේ රෝගය තිබුණා නම් ඔබටත් එය වැළඳීමේ ඉඩකඩ තිබෙනවා. මේ රෝගය වැළඳීම සහ වර්ධනය යන කරුණුවලදී ජානමය අනුක්‍රමය ඉතා තදින් බලපානවා. සමහර අවස්ථා තිබෙනවා තමන්ගේ ප්‍රතිශක්තිකරණය තමන්ට ඉහළින් නැගී සිටින. එවිටත් මේ රෝගය හැදෙනවා. ඊළඟට ආහාර අසාත්මිකතා, කොලැජන් නමැති ද්‍රව්‍යයේ ඌනතාව, ඇතැම් ආසාදන යනාදිය මේ රෝගය හට ගැනීමට බලපානවා. ආයුර්වේද අර්ථකථනයට අනුව මෙය හට ගන්නේ පිත් දෝෂ වර්ධනය වීමත්, රූපවාහිනිය බලන අතර ආහාර ගැනීම, ඇවිදිමින් ආහාර ගැනීම, අධික සූර්ය තාපයට නිරාවරණය වීම, මත්පැන් පානය සහ දුම්වැටි පරිහරණය, අධික මානසික පීඩනය, ආහාර වේල් මඟහැරීම, කුළුබඩු අධික, ඇඹුල් අධික, මිරිස් අධික පරණ සහ නරක් වූ ආහාර ගැනීම මේ රෝගය හට ගැනීමට හේතුවක්. ප්රශ්නය - මෙහි රෝග ලක්ෂණ මොනවද? වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - ශරීරයේ බර අඩුවීම, කුසගින්න නැතිව යැම, විටින් විට ගුදය වේදනා දීම, උගුරේ සහ පපුවේ දැවිල්ලක් හට ගැනීම, නිසි වේලාවේදී මළපහ කිරීමට අවශ්‍ය නොවීම, ආහාර ජීර්ණය අසංවිධිත වීම, නොදිරවූ ආහාර නිල් පැහැයෙන් හෝ කලු පැහැයෙන් පිටවීම, බඩ පෙරළීම, පැහැදිලි කළ නොහැකි හේතූන් මත විඩාපත් ගතියක් හට ගැනීම, ශරීරයෙන් දුගඳක් නිකුත් වීම යන මූලික රෝග ලක්ෂණ දකින්නට ලැබෙනවා. ප්රශ්නය - ව්රණමය ගුද ප්‍රදාහය යන නමට අමතරව පිත්ත ග්රහනිය කියලත් මෙයට කියනවද? වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - මේ රෝගය ගුදයෙන් පටන් ගෙන උඩට එනම්, අන්ත්‍ර කරා පැතිරී යනවා. ඒනිසා මෙයට පිත්ත ග්‍රහණිය කියලත් කියනවා. ලබන සතියට නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 අතකුත් පණ නැහැ කොන්දත් රිදෙනවා දැන් මොකද කරන්නේ? ප්රශ්නය - දකුණු අතේ හට ගත් වේදනාවක් නිසා අකර්මන්‍ය තත්ත්වයට පත්ව සිට එය සුවපත් වූ පසු නැවත කොඳුඇට පෙළේ ආබාධයක් හට ගැනීම හේතුවෙන් ඇවිද ගැනීමට බැරි වූ කාන්තාවක් ඔබ විසින් සුවපත් කිරීම ගැන පුවතක් අපට තිබෙනවා. මේ පුවත අපට පැවසුවේ ඒ කාන්තාව විසින්මයි. වෛද්‍ය එම්. ඒ. මදනායක - ඉහත කී කාන්තාව දක්ෂිණ අධිවේගී මාර්ගයේ පරික්ෂකවරියක ලෙස සේවය කළ කෙනෙක්. ඇය තම සේවා කටයුතු සඳහා ගමන් කිරීමට යතුරු පැදියක් පරිහරණය කළා. මෙයට වසර 3 කට විතර ඉස්සර ඇගේ දකුණු අත යන්තමින් හිරිවැටෙන්නට පටන් ගත්තා. පළමු වන මාස 6 දී ඇගේ හිරිය වැඩි වුණා. ඊළඟ මාස 6 දී අත වේදනා දෙන්නට පටන් ගත්තා. වේදනාව ටිකෙන් ටික වැඩි වෙලා අත හොලවන්නට බැරි තරමට අමාරු තත්ත්වයක් එනවා. ඊළඟට ඇයට යතුරු පැදියේ ක්ලච් එක අල්ලන්න. රේස් කරන්න පවා බැරි තත්ත්වයකට පත් වෙනවා. ඉන් පසු ඇයට තම රැකියාව පවා කරගන්නට බැහැ. මේ අතර ඇය මට හමුවෙනවා. ප්රශ්නය - ඇයට වැළඳිලා තිබූ රෝගය කුමක්ද? වෛද්‍ය එම්. ඒ. මදනායක - ඇගේ අතේ අස්ථිවල දිරා යැමක් තිබුණා. ඒ දිරායැම මුලින් පටන් ගෙන තිබුණේ ඇගේ උරහිසට ආසන්න අස්ථියෙන්. ඇටයක් දිරන විට එයට පෝෂණය ලැබෙන්නෙ නැතිව යනවා. පෝෂණය නැතිව යනකොට ඇටය තවදුරටත් දිරනවා. ඒ සමඟම අස්ථියට රුධිරය සැපයෙන නහර අකර්මන්‍ය වීමට පටන් ගන්නවා. එතකොට වැඩේ තවත් දරුණු තත්ත්වයට පත්වෙනවා. ඒ සමඟම අස්ථිය දිගින් දිගටම නරක් වන අතර දරන්න බැරි තරම් වේදනාවක් හට ගන්නවා. මෙය වැළමිට දක්වාම පැතිරුණාම අතේ එතැන් සිට පහළට ඇඟිලිත් සමඟම වේදනා දෙන්නට පටන් ගන්නවා. ඇයට සිදු වී තිබුණේ එයයි. අන්තිමට යතුරුපැදිය අල්ලන්නට බැරි තැනට ඇය එනවා. ප්රශ්නය - ඔබ ඇය සුවපත් කරන්නේ කොහොමද? වෛද්‍ය එම්. ඒ. මදනායක - ඔබ දන්නවා අතේ වේදනාවේ තිබෙනවා. විශේෂ සම්බාහන ක්‍රමයක් එය තෙල් ගාමින් කරන සම්භාහනයක්. ඒ තෙල හිඳින්න අමුද්‍රව්‍ය 4 යි ගන්නේ. හැබැයි ඒවා හරිම දුර්ලභ අමුද්‍රව්‍ය. මේ තෙල ගාලා සම්බාහනය කරන විට එය ඇට දක්වාම ගමන් කරනවා. අතේ සන්ධියකට ගෑවාම ඇට මිදුලුවලට උරා ගන්නවා. මේ බෙහෙත කරලා ඇගේ අත සුවපත් කරන්න මට ගියේ සති දෙකයි. ප්රශ්නය - අත සුව වනවාත් එක්කම ඇගේ කොන්ද රිදෙන්නට පටන් ගත්තා නේද? වෛද්‍ය එම්. ඒ.මදනායක - එයට හේතුව තමයි ඇගේ කොඳු ඇටයේ ඇට කිහිපයක් එකිනෙක ඇතිල්ලීම . කාන්තාවන්ගේ කොන්ද පිරිමියකුගේ කොන්දට වඩා මෙලෙකයි. ඒ නිසා යතුරුපැදිවල පුරුද්දක් ලෙස ගමන් කරන විට කොඳු ඇට පුරුක් විතැන් වීමට ඉඩ තිබෙනවනා. ඇයට සිදු වී තිබුණෙත් එවැන්නක්. මා ඇගේ කොඳු ඇටවල තෙල් ගාලා ඇඟිලිවලින් සම්බාහනය කරමින් ඇට පුරුක් නිසි තැන්වල පිහිටෙව්වා. ඒ සඳහාත් දෙසතියක් ගියා. තෙල් වලට අමතරව ඇයට කසාය වේල් කිහිපයකුත් බොන්න වුණා. දැන් ඇය හොඳටම සුවපත්. ඇය සුපුරුදු පරිදි රැකියාව කරනවා. නොමිලේ විස්තර සඳහා 0412251321/ 0710827836 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ ඒකාවේරිය සහ කුඹුක්වලින් හෘදයාබාධ සුව කරන හැටි පසුගිය සති කිහිපය තුළ අපි ඔබ සමඟ හෘද රෝග ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. හෘද රෝගවලට මුල්වන හේතු ලෙස දියවැඩියාව, අධික ස්ථුලභාවය, පෝෂ්‍ය ගුණයෙන් අඩු ආහාර ගැනීම, ව්‍යායාම නොකිරීම. මත්පැන් සහ දුම්වැටි පරිහරණය හේතුවන බව අප දන්නවා. දේශීය වෛද්‍ය ක්‍රමය මගින් හෘද රෝගවලට ප්‍රවේශ වන ආකාරය දෙස බලන විට අපට පෙනී යනවා, හෘදයාබාධ හට ගැනීමට තුඩු දෙන ප්‍රධාන මොඩල තුනක් හඳුනා ගැනීමට දේශීය වෛද්‍ය ක්‍රමයට හැකියාව තිබෙන බව. එනම්, 1. නොසැලකිලිමත් ලෙස සීමාවක් නැතිව ආහාර ගැනීමá ආතතිය කළමනාකරණය කර ගැනීමට බැරි වීම, නූගත්කම. 2. රස විතරක් තිබෙන ගුණ නැති ආහාරවලට පුරුදුවීම, විවේකයක් නැති වීම සහ ක්‍රමවත් ක්‍රියාකාරකම් නැති වීම. 3. අක්‍රමවත් ලෙස ආහාර ගැනීම ශරීරයට නුසුදුසු හා සුදුසු ආහාර එකපිට එක ගැනීම. කැලරි වැඩි පෝෂ්‍ය පදාර්ථ නැති ආහාර ගැනීම. ඉහත සඳහන් මොඩලවලට අනුව ජීවත්වන අයට හෘදයාබාධ හැදුනාම ඔවුන් සුවපත් කිරීම සඳහා යොදන ශාකසාර මොනවද කියලා දැන් බලමු. 1. Rauwolfia sepentina හෙවත් ඒකාවේරිය. ඉන්දියානුවන් මේ පැළයට සර්ප ගන්ධ කියලත් කියනවා. මෙයට ඒ නම යොදන්නේ එහි මුල් සර්පයකු හා සමාන නිසයි. මේ ශාකයේ යුෂ යොදාගෙන අධික රුධිර පීඩනය මැඩපවත්වන ආකාරය ක්‍රි. පූ. 600 දී ලියූ ඉන්දියානු ආයුර්වේද ග්රන්ථයක් වන සුශ්‍රැත සංහිතාවේ සඳහන් වෙනවා. ඒකාවේරිය යුෂ මගින් ප්‍රධාන කාර්ය දෙකක් කරනවා. පළමුවැන්න තමයි හෘදය මූලික රුධිර සංසරණ පද්ධතිය ලිහිල් කිරීම. දෙවැන්න ස්නායු පද්ධතිය ලිහිල් කිරීම. පළමුවන කාරණයේදී රුධිර සංසරණ පද්ධතියට අදාළ මාංශ පේශීන් ලිහිල් වීම නිසා රුධිරය ගමන් කිරීම හෙවත් සංසරණය ඉතා පහසු වෙනවා. ස්නායු පද්ධතිය ලිහිල් වීමෙන් මානසික ආතතිය අඩුවෙලා හෘදය මූලික රුධිර සංසරණ පද්ධතියට එහි කාර්ය කිරීමට උපකාරී කරනවා. මේ ක්‍රමය යටතේ ශරීරයේ සියලු ඉJද්රීන් හරියට වැඩ කරනවා. එවිට සෛල තුළට ඔක්සිජන් නිසි ලෙස යනවා. අනවශ්‍ය මේදය දහනය වෙනවා. සීනි ලේවල ඉතිරි නොවී දහනය වෙනවා. මේ සියලුම දෙයින් සිදුවන්නේ ශරීරය පුරා රුධිරය පොම්ප කිරීමට හදවතට පහසුකම් ලැබීමයි. ඒකාවේරිය පැළයේ තිබෙනවා reserpine කියලා සංඝටකයක්. හෘදයාබාධ තුරන් කිරීමේදී විශාල වැඩ කොටසක් කරන්නට මේ සංඝටකයට පුළුවන්. හැබැයි reserpine පමණක් තනිව ශරීරය ඇතුළට ගියාම ආතති තත්ත්වයක් හට ගන්නවා. ඒත් ඒකාවේරිය පැළයේ තිබෙනවා එකිනෙකට වෙනස් ඇල්කලොයිඩ වර්ග 90 ක්. මේ සියල්ලම ශරීරගත වුණාම reserpine වල තිබෙන අතුරු ආබාධ හට ගැනීමේ ස්වභාවය නැතිව යනවා. හෘදයාබාධ නැති කරන ඊළඟ ශාකය තමයි Terminalia Arjuna හෙවත් කුඹුක්. සාමාන්‍ය ආයුර්වේද දැනුමට අනුව හෘද රෝග, උණ වර්ග, චර්ම රෝග, අධික ස්ථුලභාවය, තුවාල, අස්ථි භග්න, අර්ශස්, කැස්ස යනාදිය තුරන් කරන්නට කුඹුක් ගසේ පස් පංගුවට පුළුවන්. පිත සහ කඵ යන දොaෂ කුපිත වීම මර්දනය කරන්නට කුඹුක් පස් පංගුවට පුළුවන්. ඉන්දියානුවන් පොදුවේ කුඹුක් ගස හඳුන්වන්නේ අර්ජුන යනුවෙන්. එය හෘද රෝග රැසක් සුවපත් කිරීමට භාවිතා කරනවා. හෘදයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්නට කුඹුක් සාරයට පුළුවන්. එය දේශීය වෛද්‍ය දැනුමේ කොටසක්. මෙය සායනිකව අත්හදා බැලූ ඖෂධයක්. සති 2 සිට වසර 2 දක්වා කාලයක් තුළ කුඹුක් ශාකසාරය ශරීරගත කිරීම නිසා සුවපත් වූ හෘද රෝගීන් ගැන වාර්තා තිබෙනවා. පපුවේ වේදනාව නැති කරන flavonoid සහ glycosides මෙහි තිබෙනවා. මේ සංඝටකවලට පුළුවන් හෘදයේ පටක ශක්තිමත් කරන්නට. හෘද රෝග සඳහා දෙන රසායනික ඖෂධවල (chemotherapy) තිබෙන විෂ නසන්නටත් කුඹුක් සාරයට පුළුවන්. ඊළඟ ශාකය තමයි lnula racemosa හෙවත් පුෂ්කරමුල්. ඩේසි පවුලට අයත් මේ ගස හිමාලය, චීනය, ඇෆ්ගනිස්ථානය, කාශ්මීරය, නේපාලය, පාකිස්තානය යන රටවල හැදෙනවා. මෙහි පස් පංගුවෙන් තමයි බෙහෙත් හදන්නේ. හැබැයි හෘද රෝගවලට බෙහෙත් හදන විට බොහෝ විට ගන්නේ මෙහි මුල කොටසයි. ලංකාවේ බහුලව හැදෙන ශාකයක් තිබෙනවා පිට සුදු සාරණ කියලා. මෙහි උද්භිද විද්‍යාත්මක නාමය Boerhavia diffusa පිට සුදු සාරණ සහ පුෂ්කරමුල් එකතු කරලා හදන කසායකින් පුළුවන් හෘද රෝග සමනය කරන්න. පිට සුදු සාරණ පැළය මුත්‍රා වර්ධකයක්. ශරීරයේ මුත්‍රා ප්‍රමාණය වර්ධනය කරන්නට මේ ශාකයට පුළුවන්. පුෂ්කරමුල සහ පිට සුදු සාරණ එකතු කරලා සාදන ඖෂධය හෘද රෝගීන්, අක්මා රෝගීන්, වකුගඩු රෝගීන් යනාදීන්ගේ ශරීරය තුළ ඇතිවන දියර වර්ධනය වීමේ තත්ත්වය නැති කරන Furosemide නමැති බටහිර ඖෂධය හා සමානයි. හැබැයි Furosemide ශරීරගත කළාම හැදෙන අතුරු ආබාධ (රුධිර පීඩනය පහතවැටීම, දෙකන් තුළ නිරන්තර දෙදරුම් ශබ්දයන් ඇතිවීම, සූර්යතාපය දැරීමට නොහැකි වීම) එකක්වත් පුෂ්කරමුල සහ පිටසුදු සාරණ කසාය බිව්වට හැදෙන්නේ නැහැ. හෘදයාබාධයකදී හෘදයට තුවාල වන බව අප දන්නවා. හෘදයාබාධයකින් පසුව හෘදය තුළට නැවත රුධිරය ගලා එන විටත් හෘදය තුවාල වෙන්නට පුළුවන්. මෙයට ඉංග්‍රිසියෙන් කියන්නේ reperfusion lnjary කියලයි. පුෂ්කරමුල පිටසුදු සාරණ මිශ්‍රණයට පුළුවන් මේ තුවාල වීම වළක්වාලන්නට. හෘදයාබාධයකින් පස්සේ ඊළඟට එන තුවාලකාරයා තමයි වකුගඩු. ඉහත ශාකසාර මිශ්‍රණයට පුළුවන් එම තත්ත්වය නැතිකර වකුගඩු ආරක්ෂා කරන්නට. නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ගැස්ට්‍රයිටීස් සුවකරන්න මෙන්න මග ප්රශ්නය - ගැස්ට්‍රයිටීස් රෝගය ඇති වන්නේ කොහොමද? වෛද්‍ය රන්පත රුවන් රත්නායක - අධික උෂ්ණාධික ශරීර ඇති අයගේ විදග්ධ වූ පිතෙන් ඇති වන උෂ්ණ ගතිය සහ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වන යම් යම් ගැටලුකාරී තත්aත්ව නිසා නිසි පරිදි ජීර්ණය නොවූ ආහාර කොටස් විෂක් ලෙස රුධිරයට එක්වීම සිදු වන අතර මෙන්න මේ ක්‍රියාවලි නිසා සිරුරේ ඇති වන රෝගයක් ලෙස ගැස්ට්‍රයිටීස් හඳුන්වා දිය හැකියි. ප්රශ්නය - ගැස්ට්‍රයිටීස් වලින් සිරුරට ඇති කරන බලපෑම් මොනවාද? වෛද්‍ය රන්පත රුවන් රත්නායක - ආහාර ජීර්ණය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා සිරුරේ සෛලවලට නිසි පරිදි පෝෂණය නොලැබීම සිදුවීම ඇරඹේ. මෙම ක්‍රියාවලිය සිරුරේ ආම රසය වැඩි වීම තුළින් තව තවත් තීව්ර වීම සිදු වේ. ඒ අනුව මෙම ගැස්ට්‍රයිටීස් තත්ත්වය නිසා සිරුරේ සාන්ද්‍රව සෛලවලට නිසි පරිදි පෝෂණය නොලැබීම නිසා විවිධ ආබාධ ඇති වීම ඇරඹේ. ඒ අනුව එම විෂ කොටස් වැඩි වීම තුළින් එම විෂ කොටස්a තෝරා ගත් පද්ධති හා අවයව ආක්‍රමණය කළ විට ඒවායෙන් විවිධ රෝගාබාධ ඇති වීම සිදු වේ. ඒ අනුව එම විෂ මුත්‍රා පද්ධතිය ආක්‍රමණය කළේ නම් වකුගඩු, මුත්‍රා රෝග, සිරුරේ අධෝභාගය නම් මළ පිටවීම අක්‍රමවත් වීම අර්ශස් තත්ත්ව ලෙස ඒ ඒ පද්ධති ආශ්‍රිතව විවිධ රෝග ඇති විය හැකියි. ප්රශ්නය - මෙම රෝගය වැළඳුණු අයෙක් ඒ බව දැනගන්නේ කෙසේද? වෛද්‍ය රන්පත රුවන් රත්නායක -පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝග ලක්ෂණ වෙනස් විය හැකියි. ඒ අතරිනුත් බඩ පපුව දැවිල්ල, උගුරට ඒම, කැරකිල්ල, වමන ගතිය, ක්ලාන්තය, දහදිය දැමීම, ඇඟපත අමාරුව, හන්දි වේදනාව, හිස කැක්කුම, කොන්ද කැක්කුම, පපු පෙදෙසේ ඇති වන වේදනාව, උදරයේ හිස් බවක් දැනීම, අලස බව, අධිකව කේන්ති යැම, නිදිමත ගතිය, මළ පිට වීමේ අක්‍රමවත් බව ආදීයෙන් රෝග ලක්ෂණ දැනගත හැකියි. ප්රශ්නය - ආයුර්වේද ප්‍රතිකාර මගින් මේ රෝගය සුව කළ හැකිද? වෛද්‍ය රන්පත රුවන් රත්නායක - නිසි ආයුර්වේද වෛද්‍යවරයකු කරා ගොස් ඔවුන් ලබාදෙන ඖෂධ නිවැරදි ලෙස පාවිච්චි කළොත් මේ රෝගය නිට්ටාවටම සුව කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා සැකසූ සුදුසුම ප්‍රතිකාර විදි ආයුර්වේදය සතුව තිබෙනවා. නිවැරදි ලෙස රෝග ලක්ෂණ හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීම තුළින් ගැස්ට්‍රයිටීස් සුව කර ඒ නිසාම ඇති වූ අනිකුත් රෝගාබාධයන්ද සුව කර ගත හැකියි. විශේෂයෙන්ම කිව යුත්තේ සිරුරේ ඇතිවන ආම රසය රක්ත ධාතුව හරහා කුමන හෝ ඉන්ද්රිය පද්ධතියකට ඇතුළු වූයේද එම පද්ධතිය ආශ්‍රිතව කුමක් හෝ රෝග ලක්ෂණයක් පහළ වීම සිදු වේ. මෙම රෝගීන් වැළකිය යුතු ආහාර හෝ වෙන යම් දේවල් තිබෙනවාද? ෆ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ නියමිත පරිදි ආහාර වේල් නිසි පරිදි ගත යුතු වීමයි. අධික වේලාවක් කුසගින්නේ නොසිටිය යුතු අතර හැකි තරම් විෂ සහිත ආහාරවලින් (ක්ෂණික) වැළකිය යුතුයි. එළවළු, පළතුරු වැඩි වැඩියෙන් ආහාර සඳහා එකතු කරගත යුතු අතර මස් මාංශ වැඩිපුර ගැනීමෙන් ද වැළකිය යුතුයි. උෂ්ණාධික ආහාර වර්ගවලින් හැකි සැම විටම ඈත්ව සිටිය යුතු අතර දුම්පානය, මත්පැන් පානයද මෙම රෝගීන්ට බොහෝ අකැපය. ගර්භණී සමයේදී සයටිකාව හැදුනොත්.... ප්රශ්නය - Sciatica රෝගය ගැන පසුගිය දිනවල අප ඔබ සමඟ කළ සාකච්ඡා වලින් පාඨකයන්ට රෝගය ගැන විශාල දැනුමක් ලැබෙන්නට ඇතැයි අප විශ්වාස කරනවා. අද අප ඔබෙන් අහන්නේ මේ රෝගයට අදාළ වෙනත් පැත්තක් ගැනයි. ගැබිනි සමයේදී සයටිකාව හැදුනොත් හෝ සයටිකාව තිබෙන විට ගර්භණී වුණොත් ඇතිවන තත්ත්වය කුමක්ද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - ගර්භණී සමයේදී ඕනෑම ලෙඩක් හැදෙන්නට පුළුවන්. ඒ එක්කම ඒ කාලයේදී ශරීරය තුළ හට ගන්නා විවිධ රෝගවලට වැරදි රෝග නිශ්චය සහ වැරදි අර්ථකථන ලැබෙන්නටත් පුළුවන්. ගර්භණී සමයේදී හැදෙන සයටිකා රෝග ලක්ෂණ හා සමාන වෙනත් රෝග තිබෙනවා. සමහර විට මස් පෙරළීමක් වෙන්න පුළුවන්. සමහර විට ශ්‍රොaණිය සම්බන්ධ ආබාධයක් (pelvic grildle pain) වෙන්න පුළුවන්. ඒ අතර සයටිකාවට වෙන්නත් පුළුවන්. මේ වගේ වෙලාවක කළ යුත්තේ සුදුසු වෛද්‍යවරයකුගෙන් රෝග විනිශ්චයක් ලබාගැනීමයි. ප්රශ්නය - ගර්භණී සමයේදී සයටිකාව හැදීගෙන එනවා නම් රෝග ලක්ෂණ විදියට දැනෙන්නේ මොනවද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - කලව හෝ පාදය (බත්කෙණ්ඩ) ආශ්‍රිතව විටින් විට හෝ දිගින් දිගට හටගන්නා වේදනාව, කලව දිගේ පහළට බත්කෙණ්ඩ හරහා යටිපතුල වෙත පැතිර යන වේදනාව, තියුණු කැක්කුමක් හෝ පිළිස්සෙනවා වැනි වේදනාව, පාදය හිරි වැටීම, යටි පතුලට සහ පාදයට අල්පෙනෙතිවලින් අනිනවා වැනි ස්වභාවයක් දැනීම තමයි ප්‍රධාන රෝග ලක්ෂණ. මෙයට අමතරව සිටගෙන සිටීම, ඇවිදීම සහ හිඳගැනීම යන අවස්ථාවලදීත් අධික වේදනාවක් හට ගන්නවා. ප්රශ්නය - ගර්භණී සමයේදී සයටිකාව හැදෙන්නෙ ඇයි? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සයටිකාව හැදෙන්නෙ ගර්භණී බව නිසා නොවෙයි. ගැබිනි බව එකක්, සයටිකාව තව එකක්. සයටිකාව හට ගන්නේ කොඳුඇට ආශ්‍රිතව හටගන්නා සංකීර්ණ ප්‍රශ්නයක් නිසා බව මේ ලිපි පෙළෙහි මුල් ලිපිවලින් ඔබට වැටෙහන්නට ඇත. එම තත්ත්වය සහ ගැබිනි බව අතර සම්බන්ධයක් නැහැ. ප්රශ්නය - ගැබිනි සමයේදී සයටිකාව හටගත්තාම කළ යුතු ප්‍රතිකාර මොනවද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - පළමු දෙය තමයි සුදුසු වෛද්‍යවරයකු හමුවීම. ඔහු දෙන ඖෂධවලට අමතරව උණුවතුර ස්නානය කිරීම, පාදය සහ බත් කෙණ්ඩ Warm Heating Pal එකකින් උණුසුම් කර තබාගැනීම, යෝග ව්‍යායාම කිරීම, භෞත චිකිත්සා ප්‍රතිකාර ගැනීම ඉතාම හොඳයි. ලබන සතියට නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත ඉරුවා රදේ හැදෙන්නේ මෙහෙමයි ප්රශ්නය - උගුර කන නාසය හෙවත් ENT රෝග සඳහා ප්‍රතිකාර ක්‍රමයක් ආයුර්වේදයේ තිබෙන බව පසුගිය සතියේ ඔබ අපට පැහැදිලි කළා. ශල්‍ය වෛද්‍ය ක්ෂේත්රයේ පීතෘවරයා වන සුශ්‍රැත ආචාර්යතුමා විග්රහ කරන පරිදි උගුර කන නාසය යන තැන් ආශ්‍රිතව අක්ෂි රෝග 76 ක්, මුඛ රෝග 65 ක් කර්ණ රෝග 23 ක් නිසා රෝග 31 ක් ම සහ ශිරෝ රෝග 11 ක් තිබෙන බව ඔබ සමඟ පවත්වන ලද සංවාදයේදී හෙළි වුණා. අද අප ඔබෙන් විමසන්නට බලාපොරොත්තු වන්නේ ඉරුවාරදය නමැති රෝග තත්ත්වය ගැනයි. ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - සුශ්‍රැත ආචාර්යතුමාගේ අර්ථකථනය අනුව ශිරෝ රෝග11 ක් තිබෙනවානේ. ඉරුවාරදය කියන්නේ ඒ රෝග අතුරින් වැඩිම හිරිහැරයක් ඇති කරන රෝගයයි. මෙය ඉතා බහුලව පවතින රෝගයක්. මෙය වාත පිත්ත කප යන තුනම සම්බන්ධ වෙන අවස්ථාවක්. මේ තුනෙනුත් පිත්ත දොaෂය වැඩියෙන්ම මෙම රෝගය සමඟ සම්බන්ධ වෙනවා. ඉරුවාරදයට ආයුර්වේදයේ කියන නියම නම තමයි සූර්යාවර්තය කියන එක. නමේ විදියට අපි මෙය සංසන්දනය කරන්නේ කෝටරක ප්රදාහයටයි. සූර්යාවර්තය, ඒ කියන්නේ සූර්යයාගේ ආවර්තය කියන රෝගය හටගන්නේ ඉර නැගෙගෙන ඇවිත් මුදුන් වෙලා ක්රමයෙන්බැස යන ආකාරයටයි. මේ රෝගයට පිත සම්බන්ධයි කියන්නේ ඇයි?. පිතේ ස්වභාවයයි ඉරේ ස්වභාවයයි අතර තිබෙනවා සමාන ලක්ෂණ. පිතේ තිබෙනවා උෂ්ණ ගුණය සහ ශීත ගුණය. මේ අනුව ඉරුවාරද රෝගියාට උදේ කාලයේ තියෙන සෙම් ගතිය දවල් වනවිට අඩු වෙලා පිත් ගතිය ඉහළට එනවා. සවස් වන විට ක්‍රමයෙන් පිත් ගතිය අඩුවෙලා වාත ගතිය වැඩි වෙනවා. ඒ කියන්නේ සූර්යයාගේ ආවර්තනයත් එක්ක මේ රෝaගය ටිකෙන් ටික මතුවන බවයි. ඉර මුදුන් වන විට රෝග තත්ත්වය හොඳටම වැඩිවෙලා සවස් වන විට අඩුවෙලා යනවා. ලබන සතියට සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත අරක්කු නිසා මොළයට වූ හානි විශේෂිත ප්‍රතිකාර මගින් සුව කර ගන්නේ කොහොමද එක් වතාවක් හෝ වැඩි වාර ගණනක් හෝ දීර්ඝ කාලයක් ඇල්කොහොල් අධික ප්‍රමාණයක් භාවිත කිරීම නිසා ශරීරයට නොයෙකුත් අහිතකර බලපෑම් ඇති වෙනවා. ඇල්කොහොල් අධික ලෙස භාවිත කිරීම නිසා මොළය ඇතුළු කේන්ද්‍රීය ස්නායු පද්ධතිය, හෘදය, අක්මාව, අග්න්‍යාසය සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇතුළු නොයෙක් අවයව සහ එම අවයවයන්ගේ ක්‍රියාකාරීත්වය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරනවා. ඇල්කොහොල් මගින් අක්මාව කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව මීට ඉහත පළ කරන ලද ලිපි මගින් පැහැදිලි කළ අතර අනෙකුත් අවයව කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳ ව මෙම ලිපි පෙළින් පැහැදිලි කිරීමට අපේක්ෂා කරනවා. ඇල්කොහොල් මගින් බලපෑමට ලක් කරන මොළයේ විශේෂිත කොටස් හඳුනාගෙන තිබෙනවා. කුඩා මොළය (අනුමස්තිෂ්කය), මස්තිෂ්ක බාහිකය සහ ලිම්බික් පද්ධතිය මීට අයත් වෙනවා. ඇල්කොහොල් මගින් මොළයේ ටි්රලියනයක් පමණ වන ස්නායු සෛල අතර ස්නායු ආවේග සම්ප්‍රේෂණ කිරීමට දායක වන රසායනිකවල ක්‍රියාකාරිත්වයට ඇති වන බාධාවන් නිසා මෙම වෙනස් වීම් ඇති වන බව වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කර තිබෙනවා. මොළයේ සන්නිවේදන ක්‍රියාකාරිත්වය වෙනස් වීම නිසා බාහිර පරිසරයේ සිදු වෙන දේ අවබෝධ කර ගැනීම සහ ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමේ විෂමතා ඇති වෙනවා. මනසේ ක්‍රියාකාරී ස්වභාවය, හැඟීම් සහ සිතිවිලිවල සාමාන්‍ය ස්වාභාවය වෙනස් වෙනවා. එසේම චර්යාව හෙවත් හැසිරීමේ ස්වභාවය ද වෙනස් වෙනවා. පැහැදිලි ව නිරවුල් ව සිතිවිලි ගොනු කර ගැනීමට අපහසු වෙනවා මෙන්ම අත් පා සහ දිව වැනි චාලක අවයවයන්ගේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස සමායෝජනය කර ගැනීමේ අපහසුතාව ඇති වෙනවා. නිද්‍රdශීලී මත් වූ ස්වභාවය ඇති වෙනවා. මොළයේ ඉදිරි පස බාහිකය කෙරෙහි ඇති කරන බලපෑමේ ප්‍රතිඵලය නම් බුද්ධි විෂමතා සහ ස්මරණ ශක්තියේ පිරිහීම ඇති වීමයි. අධ්‍යයනයේ සහ මතක තබා ගැනීමේ හැකියාවේ දුර්වලකම් ඇති වෙනවා. මානසික අවපීඩනය, ප්රකෝපකාරී ස්වභාවය ඇති වෙනවා. ඇතැම් විට ආක්ෂේප තත්ත්ව (වලිප්පුව වැනි ශරීරයේ ගැස්ම) පවා ඇති විය හැකි යි. ඇල්කොහොල් සුළු ප්‍රමාණයක් ශරීර ගත වීමේ දී පවා මොලයේ පවතින ග්ලුටමේට් රසායනිකයේ ක්‍රියාකාරිත්වය වෙනස් වෙනවා. මෙම රසායනිකය මතකය පවත්වා ගැනීම කෙරෙහි දායක වෙනවා. ඇල්කොහොල් නිසා මත් වූ තත්ත්වයේ සිටින අයට සිදුවෙන සහ කරන ක්‍රියාකාරකම් පිළිබඳ ව මතකයේ නොරැඳීමට හේතුව මෙම ග්ලුටමේට් රසායනිකයේ ක්‍රියාකාරිත්වය වෙනස් වීම යි. මීට අමතරව මස්තිෂ්කයේ ඇති ස්නායු සෛලවලින් සිරොටොනින් සහ එන්ඩොපීන් රසායනික ශ්‍රාවය කිරීම වැඩි කරනවා. මෙම රසායනික හැඟීම් ප්රකාශනය කෙරෙහි දායක වෙනවා. එන්ඩොපීන් රසායනිකය තාවකාලික ලෙස මනසේ සහනකාරී හැඟීම් ඇති කිරීමට සහ සතුටුදායක වින්දනයන් ඇති කිරීමට හේතු වන නමුත් අතික්රියාකාරිත්වය නිසාත් වෙනත් රසායනිකවල බලපෑම නිසාත් අහිතකර තත්ත්ව ඇති කරනවා. ලබන සතියට සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ඉඟුරු, කහ, කුරුඳුවලින් ආත්රයිටිස් වේදනා නාශකයක් ප්රශ්නය - පසුගිය සති ගණනාවක් මුළුල්ලේ අප ආත්රයිටිස් රෝගය ගැන දිගින් දිගටම සාකච්ඡා කළා. රූමටික ආත්රයිටිස්, ඔස්ටියෝ ආත්රයිටිස් ඇතුළු ආත්රයිටිස් රෝග විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් පාඨකයන් දැනුවත් කළා. මේ සංවාදවලින් ප්‍රතිඵල ලද දහස් සංඛ්‍යාත පාඨක පිරිස් අපටත්, අදාළ වෛද්‍යවරුන්ටත් දුරකථන ඇමතුම් දී ඒ බව තහවුරු කර තිබෙනවා. අද අප කරන්නේ පුනරීක්ෂණ ලිපිsයක්. මෙතෙක් අප කළ ලිපි සමූහයේ සාරය යම්කිසි ප්‍රමාණයකට කැටිකර දැක්වීමයි අපගේ අරමුණ. වෛද්‍ය වසන්ත උදයජීව - සන්ධිවාත ලෙස පොදුවේ හැඳින්විය හැකි ආත්රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ හැම එකකින්ම තවත් ප්‍රතිඵලයක් එනවා. මේ රෝගයේ පළමුවැනි ලක්ෂණයන් විය හැක්කේ උණ. ඒ සමගම රෝගියා විඩාවට ලක්වනවා. ක්‍රමයෙන් ශරීරයේ බර අඩු වනවා. ඊළඟ ලක්ෂණය සන්ධි වේදනාව හට ගැනීමයි. එවිට සන්ධි ඉදිමෙනවා. ඊළඟට සන්ධි විකෘති වෙනවා. සන්ධිවල ප්‍රදාහ තත්ත්වයක් හට ගන්නවා. අවසන් වශයෙන් සන්ධි දිග හැර ගන්නට බැරි තද ගතියක් ඇති වෙනවා. ඊළඟට අප කෙටියෙන් මතක් කරමු ආත්රයිටිස් රෝගය සුවපත් කර ගන්නට යොදා ගත හැකි දේවල් මොනවද කියලා. තුවරලා (Boswellia serrata) නමින් ශාකයක් ගමේ ගොඩේ තිබෙනවා. මා දන්නා පරිදි සිංහල පාරම්පරික වෙදකම තුළ ආත්රයිටිස් රෝගය සුවපත් කිරීම සඳහා හදන හොඳම ඖෂධවලට යොදා ගන්නේ තුවරලා ශාකයයි. ඊළඟට එන ශාකය තමයි මින්චි. මින්චි කොළවලත් තිබෙනවා ආත්රයිටිස් සමනය කරන ගුනය. තුන්වැන්න එඬරු ශාකයයි. දෙහිපොතුවලිනුත් පුළුවන් ආත්රයිටිස් වලට ගුණ දෙන ඖෂධ හදන්නට. Tinospora Cordifolia හෙවත් රසකිඳ ශාඛය තුළත් තිබෙනවා ආත්රයිටිස් නසන ගුණය. ආත්රයිටිස් රෝගය නිසා පීඩාවට පත් වන තැන් මොනවද? හකුපාඩා, ඉඟටිය, ගෙළ, පාද, දණ, අත්, මැණික් කඩුව, විලුඹ ආශ්‍රීත ප්‍රදේශ, වැලමිට, උරහිස් යන ප්‍රදේශවලට මේ මගින් විශාල පීඩාවක් ඇති වෙනවා. ආත්රයිටිස් රෝගය බෝ නොවන රෝගයක්. සන්ධි තුළට, ශරීරය තුළම හට ගන්නා රෝගයක්. එහෙත් මේ රෝගය ශරීරය තුළ හට ගැනීම ඉක්මන් කරන කරුණු කිහිපයක් තිබෙනවා. එයින් පළමුවැන්න තමයි අධික විඩාව. ඊළඟ හේතුව මහලු විය. දුම්පානය, විවිධ ආසාධානවලට ලක්වීම, මත්ද්‍රව්‍ය පාවිච්චියට පුරුදු වීම, ආහාර අසාත්මිකතාවලට ලක්වීම, ජානමය හේතුන්, හෝමෝන අසමතුලිතතාව, පාරිසරික හේතු, බැක්ටීරියා හෝ වෛරස් ආසාදන යනාදිය නිසා රෝගය වැළඳීමට ඉක්මන් වෙනවා. හරියට ප්‍රතිකාර නොලැබුණොත් මේ රෝගය නිසා සන්ධි විකෘති වෙනවා. කාටිලේජ, පටක, ඉරී තුවාල වී යළි සුව නොවන තැනකට පත් වෙනවා. මීළඟට අප සාකච්ඡා කරමු ආත්රයිටිස් වේදනාවෙන් දැවෙන සන්ධිවලට ප්‍රතිකාර කළ හැක්කේ කොහොමද කියලා. අමු වදකහ කැබැල්ලක් ගෙන ඇල් වතුරෙන් අඹරා තුනී පාප්පයක් සාදාගෙන එය ආත්රයිටිස් ආසාදිත ප්‍රදේශවල ආලේප කළාම වේදනා අඩු වෙනවා. මිදි කොළ අඹරා සන්ධිවල ගෑවත් ඉතාම සුදුසුයි. ඒවා ඇඹරිය යුත්තේ ඇල් ජලයෙනුයි. ආත්රයිටිස් වේදනාවට විශේෂ කසායක් ඉඟුරු කැබලි (අඟලක් දිග) 1 යි කහ කුඩු තේ හැඳි 1 යි කුරුඳු පොත්තක් (අගල් 2 ක් දිග) මේ සියල්ල වතුර කෝප්ප 2 කට දමා විනාඩි 20 ක් උතුරුවන්න. ඉන් පසු ලිපෙන් බා විනාඩි 5 ක් නිවෙන්න තබන්න. එය මී පැණි තේ හැන්දක් දමන්න. ඉන් පසු උදයට අඩක් හා සවසට අඩක් වශයෙන් දිනකට දෙවරක් බැගින් මාස 3 ක් පානය කරන්න. මෙය ආත්රයිටිස් වේදනා නාශකයක්. ලබන සතියට නොමිලේ විස්තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ඩවුන් සින්ෙඩ්‍රාම් දරුවන් තීරණ ගන්නේ හරිම හෙමින් Down Syndrome රෝගය වැළඳුන දරුවන්ගේ රෝග ලක්ෂණ කිහිපයක් පසුගිය සතියේදී අප කතා කළා. තවත් වැදගත් රෝග ලක්ෂණ කිහිපයක් අද කතා කරනවා. එනම්, 1. කිසියම් දෙයක් කෙරෙහි යොදන අවධානයේ ප්‍රමාණය අඩු වීම හෝ සීමා සහිත වීම, 2. විනිශ්චයන් ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වීම සහ නිතරම එම විනිශ්චයන් වැරදීම. 3. අවිධිමත් හැසිරීම හෙවත් තම හැසිරීම චර්යා සම්පන්න විය යුතු බවට හැඟීමක් රෝගී දරුවා තුළ නැතිවීම. 4. මන්දගාමී අධ්‍යාපනය හෙවත් සම වයසේ අනෙක් දරුවන් සමඟ සම සමව සිටීමට බැරි වීම. 5. කතා කිරීමට හුරුවීම ප්‍රමාද වීම සහ කථන සංවර්ධන වේගය මන්දගාමී වීම. ප්රශ්නය - කෙලින්ම Down Syndrome රෝගයට අදාළ නොවන, නමුත් එකී රෝග තත්ත්වය යටතේ මතුවිය හැකි වෙනස් රෝග තිබෙනවද? වෛද්‍ය රේණුකා ද අල්විස් - හෘද රෝග තමයි මුලටම එන්නෙ. Down Syndrome රෝගය වැළඳුන දරුවන්ගෙන් 50% කට පමණ සහජ හෘද රෝග තිබෙනවා. මෙයින් Congenital Heart disease නමැති රෝග තත්ත්වය ඇති වුණාම පෙනහලුවල රුධිර පීඩනය වැඩි වීම, ක්‍රියාශීලී සහ ප්‍රයෝජනවත් පරිදි රුධිරය පොම්ප කිරීමට හෘදය සමත් නොවීම, රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය පහළ යැම නිසා දරුවාගේ සම නිල්පාට වීම හෙවත් cyanosis රෝග තත්ත්වය හට ගැනීම යනාදිය සිදු වනවා. ඩවුන් සින්ෙඩ්‍රාaමය සහිත දරුවන්ට වැළඳෙන සමහර හෘද රෝග එතරම් බරපතළ නැහැ. එබැවින් ඖෂධ මගින් එම රෝග සුව කරන්නට පුළුවන්. ඊළඟ ප්රශ්නය තමයි දරුවාගේ ඇස් පෙනීමේ දුර්වලතා හට ගැනීම. Down Syndrome රෝගය හැදුන දරුවන්ගෙන් 50% කටම ඇස් පෙනීමේ දුබලතා තිබෙනවා. විශේෂයෙන් ම ඇසේ සුද මතුවීම යන රෝගය උපතින්ම පිහිටනවා. ඊළඟට දරුවා මෝරා යත්ම ඇසේ සුදත් මෝරා යන්නට පටන් ගන්නවා. ඊළඟ දෘෂ්ටි ආබාධය තමයි දුර නොපෙනීම සහ ළඟ පෙනීම. සමහර දරුවන්ගේ ඇස් වපර වෙනවා. ඒ එක්කම ඇස්වල චලනය ඉතා වේගයෙන් සිදු කරනවා. ඒ වගේම ඩවුන් සින්ඩ්‍රම් රෝගී දරුවන්ට කන් ඇහෙනවා අඩුයි. මෙවැනි දරුවන්ගෙන් තුනෙන් එකක් ශ්රව්යාබාධවලින් පෙළෙනවා. ඒ ගැන දෙමාපියන් කල්පනාවෙන් සිටිය යුතුයි. මේ රෝග තත්ත්ව සියල්ලම සමනය කරන්නට පුළුවන්. ලබන සතියට ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jun 2018 07:33 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jun 2018 07:34 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jun 2018 07:34 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jun 2018 07:34 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jun 2018 07:35 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Jun 2018 06:21 PM අම්මො හරිම බයයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jun 2018 06:25 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jun 2018 06:25 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jun 2018 06:26 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jun 2018 06:36 PM දියවැඩියාව සමඟ ඇති වන බෙලහීනතාවයට ආයුර්වේදයේ ඇති ප්‍රතිකාර වර්තමානයේ වේගයෙන් ව්‍යාප්ත වන බෝ නොවන රෝග අතර දියවැඩියාව ඉදිරියෙන් සිටී. දියවැඩියාව හෙවත් මධුමේහය මිනිස් සිරුරේ හිසේ සිට දෙපතුළ දක්වා ශරීරයේ සෑම අංගයකටම හානි පමුණුවයි. කටට මධුර රස දැනීම, අතපය හිරි වැටීම, දැවිල්ල, උගුර තොල කට වේළීම, පිපාසය, අලසබව ශරීරගතව මධුමේහය වැළඳී ඇති බවට කරනු ලබන ඉඟි වේ. මේ සඳහා බලපාන හේතු අතර ප්‍රධාන වන්නේ අතපය නොවෙහෙසා සිටීම ද අධික නින්ද, කිරි, මස් මාංශ හොදි වර්ග, කිරි වැඩිපුර ආහාරයට එක්කර ගැනීම නිරතුරුව අලුත් සහලේ බත් අනුභවය පැණි රස අධික ආහාර, ඇඹුල් රස අධික ආහාර, ලුණු රස අධික ආහාර මෙන්ම තෙල් අධික ආහාර ද සිසිල් බවින් අධික ආහාර ද දිනපතා අසීමාන්තිකව ගැනීමය. ධාන්‍ය වර්ග ආහාරයට ගනිද්දී අලුත් ධාන්‍ය නොව පැරණි වූ ධාන්‍ය ආහාරයට ගැනීමට හුරු විය යුතුය. අලුත නෙළා ගත් ධාන්‍ය මධුර රසයෙන් යුක්ත වන බැවින් දිගින් දිගටම ආහාරයට ගැනීම ප්‍රමේහයට හේතු වේ. පස්ගෝරස මෙන්ම තෙත් සහිත ප්‍රදේශයන්හි වෙසෙන සතුන්ගේ මාංශ නිතර ආහාරයට ගැනීම එළකිරි, මීකිරි අධි මාත්‍රාවෙන් ගැනීම, උක් හකුරුවලින් සකස් කළ ආහාර මෙන්ම පිටි සහිත ආහාර ද අහිතකරය. ව්‍යායාම නොකිරීම, දහවල් නිදීම (මහලු අයට සහ කුඩා දරුවන්ට මෙය බලනොපායි.) අලසකම දවසේ වැඩි කාලයක් සැප ආසනයන්නහි හිඳගෙන සිටීම ද ප්‍රමේහයට හේතු කාරක වේ. ශාරීරික රෝග මනසට ද මානසික රෝග ශරීරයටද බලපෑම් කරයි. මානසික ආතතිය, යම් සිතිවිල්ලක දිගින් දිගටම එල්බ සිටීම වැනි හේතු ද දියවැඩියා රෝගය ඇතිවීමට උපකාරි වේ. නිතර නිතර තරහා යැම, නිතර ශෝක වීම, බයෙන් සිටීම සිත්තැවුල් ආදියට ගොදුරු වීම මෙම රෝගී තත්ත්වය ඇතිවීමට බලපාන මානසික හේතුන්ය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මෙම රෝග ලක්ෂණ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කරන ආකාර දෙකක් වේ. එනම් ස්ථූල බලවත් ශරීර ඇත්තන් හට අවශ්‍ය පරිදි ආහාර පාලනය කරමින් ප්‍රතිකාර කරන අතර කෘෂ සිහින් සිරුරක් ඇති දුර්වල අයට අගුණ නොවන පෝෂණීය ආහාර දෙමින් ද ප්‍රතිකාර සිදු කෙරේ. ඉන්සියුලින් මත යෑපෙන රෝගීන්ට දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ප්‍රතිකාර ලබාගත හැකිය. මෙම රෝගී තත්ත්වය හේතුකොටගෙන මිනිස් සිරුරේ සෑම ඉන්ද්‍රියකම මළ රැස් වේ. මේ හේතුවෙන් දියවැඩියා රෝගීන්ගේ සිරුරින් අප්‍රසන්න දුර්ගන්ධයක් පිටවේ. මේ රෝගී තත්ත්වයේදී ඉක්මනින් හිස කෙස් පැසේ. දන්ත මළ, කර්ණ මළ, අක්ෂි මළ වැඩේ. ඔවුන්ට අධික ලෙස දහදිය දැමීම ද සිදුවේ. වෙනත් රෝගී තත්ත්වයක් නොමැති නම් දිනපතා නා පිරිසිදුව සිටීම අත්‍යවශ්‍යය. මෙම රෝගී තත්ත්වයේදී ශරීරයේ ශක්තිය අඩුවීම, හතිය, ඉක්මනින් නිය කෙස් හැලීම, ශරීරයේ මාංශ බුරුල් වීම, සීතලට කැමැති වීම දක්නට ලැබෙන ලක්ෂණයන්ය. ඊට අමතරව මෙම රෝගීන් අතර පීනස, මුත්‍රා අධික ලෙස පිටවීම, පෙනීමේ දුර්වලතා, විකෘති සන්නිවේදනය, ඉක්මනින් වෙහෙස දැනීම, ලේ වල සහ මුත්රාවල පවත්නා සීනි ප්‍රමාණය ඉහළ යැම දක්නට ලැබේ. මුත්‍රා කහට පැහැ වීම, රළු වීම, පෙණ ගතියෙන් යුතු වීම විශේෂ ලක්ෂණ වේ. මෙම අවස්ථාවේදී ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යවශ්‍ය රෝග ලක්ෂණ නොසලකා හැරීම උපද්‍රව ඇති කරයි. දියවැඩියා රෝගී තත්ත්වයේ උපද්‍රව ලෙස අක්ෂි රෝග ඇති වේ. මෙම රෝගය ඇසට කරනු ලබන හානිය ප්රබලය. ඉන් පෙනීමේ දුර්වලතා ඇතිවේ. වකුගඩුවල ක්‍රියාකාරීත්වයට හිතකර නොවන දියවැඩියා රෝගය ඒවා ක්‍රමයෙන් අකර්මණ්‍ය කරයි. වකුගඩුවල කාර්යය නිසි ලෙස සිදුකිරීමට වකුගඩු රෝගියාගේ වකුගඩු සමත් නොවේ. පාද හිරිවැටීම හේතුවෙන් දෙපා ගල් මුල් මේස පුටු ආදියෙහි වැදී නොදැනීම හේතුවෙන් එම අවස්ථාවන්හි ඇතිවන තුවාල කෙරෙහි අවධානය යොමු නොවීමෙන් තුවාල උත්සන්න වේ. දියවැඩියා රෝගීන්ගේ තුවාල සුවවීමේ කාර්යය ස්වභාවයෙන්ම ප්‍රමාද බැවින් දෙපා තුවාල කර ගැනීමෙන් වැළකී සිටීම වැදගත් වේ. මතකය අඩුවීම ද මෙම රෝගයෙන් ඇතිවන පීඩාකාරී උපද්‍රවයකි. ස්නායු විකෘතිතා ඇතිවීම දියවැඩියාවේම උපද්‍රවයක් වේ. මේ හේතුවෙන් ආහාර මාර්ගයේ විකෘතිතා ද ඇති වේ. අධික ලෙස උගුරට පැමිණෙන අම්ල ගතිය බහුලව දැකිය හැකි අතර ආහාර නිසි ලෙස නොදිරවීම, ආහාර අරුචිය, මළබද්ධය හෙවත් මළ නිසි ලෙස ඝන නොවීම, ආහාර මාර්ගයේ ඇතිවන විකෘතිතා ලෙස හඳුනා ගත හැකි ලක්ෂණ වේ. අස්ථි හා මාංශ පේශීවල විකෘතිතා ඇතිවන අතර ශරීරයේ මාංශ පේශී ලිහිල් වීම, සන්ධි ඇදවීම, අස්ථි දිරාපත් වීම, අස්ථි ඇදවීම එහි ලක්ෂණ වේ. ලිංගය හා මුත්‍රාශය ආශ්‍රිතව ඇතිවන ඉඳිකටුවලින් අනින්නාක් බඳු වේදනාව, නින්ද වැඩිවීම, වමනය මෙම රෝගයේ ලක්ෂණ වේ. ආහාර ගත් සැණින් නින්දට යැම කිසිසේත්ම යෝග්‍ය නොවේ. ඉහත රෝගී තත්ත්වය හේතුවෙන් පිරිමි පාර්ශ්වයට පැමිණෙන පුරුෂ ලිංගය මුණ්ඩය ආශ්රිත පැලීම් හෝ පිපිරීම් සහ ප්‍රාණවත් නොවීම හා බෙලහිනතාවය ද ඇති වේ. ඒ සඳහා තෙල් වර්ග, භෂ්ම ශාර ආදී ක්‍රම මගින් හා රස බෙහෙත් මගින් ප්‍රතිකාර කිරීම සිදුකරනු ලැබේ. වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0770488118 ඇමැතිය හැකිය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jun 2018 07:04 PM නින්ද නොයැමේ රෝගය ඇල්සයිමර්ස්/ඩිප්රෙෂන් රෝග වලට මග හදයි ප්‍රමාණවත් නින්දක් නොලබන අයට ඝෘණාත්මක සිතුවිලි ඇතිවීම ප්‍රමාණවත් නින්දක් ලබන අයට වඩා වැඩි බවත් ඔවුනට එම තත්ත්වයෙන් මිදීමේ හැකියාව ද අඩු බව හෙළිවී තිබේ නින්ද නොයැමේ රෝගයෙන් හෙවත් "ඉන්සොම්නියා" රෝගයෙන් පෙළෙන්නන්ගේ නිරෝගී ස්නායු සෛල ඉවත් වීම හේතුවෙන් "ඇල්සයිමර්ස්" වැනි රෝගවලට ගොදුරුවීමේ අවදානමක් පවතින බව බටහිර වෛද්‍ය පර්යේෂකයෝ අනාවරණය කර ගෙන තිබේ. නින්ද නොයැම පිළිබඳව පර්යේෂණය කළ පර්යේෂණ කණ්ඩායමේ නායක ඉතාලියේ ඇන්කෝනා හි හෙලිතාක්ෂණික සරසවියෙහි වෛද්‍ය මිචෙලේ බෙල්ලෙ සිට අනුව නින්ද අහිමි වීම හේතුවෙන් පුද්ගලයෙකුගේ මොළය කාදමන තත්ත්වයක් උද්ගත වේ. මෙහිදී පර්යේෂණය සඳහා මීයන් කණ්ඩායම් හතරක් යොදා ගෙන ඇති අතර ඉන් එක් මීයන් කණ්ඩායමකට පැය හයත් අටත් අතර කාලයක් නින්ද යැමට සලස්වා අනෙකුත් මීයන් කණ්ඩායම් තුනට අවදියෙන් සිටීමට පර්යේෂකයින් ඉඩ සලස්වා තිබේ. මෙහිදී නිදා නොගෙන සිටි මීයන්ගේ මොළය විනාශ වන අයුරුත් දැක ඇති අතර හොඳින් නිදාගත් මීයන්ගේ මොළයෙහි එම තත්ත්වය හටගෙන ඇත්තේ අඩු වශයෙන් බව අනාවරණය වී තිබේ. මෙයට පෙර නින්ද නොයැමේ තත්ත්වය ගැන සිදු කරන ලද පර්යේෂණවලදී පැය අටකට වඩා අඩු කාලයක් නිදා ගන්නා අයට කාංසාව හා විශාදය (ඩිප්රෙෂන් යන රෝග තත්ත්වයන් හට ගැනීමේ අවදානමක් ඇතැයි හෙළි විය. එමෙන්ම ප්‍රමාණවත් නින්දක් නොලබන අයට ඝෘණාත්මක සිතුවිලි ඇතිවීම ප්‍රමාණවත් නින්දක් ලබන අයට වඩා වැඩි බවත් ඔවුනට එම තත්ත්වයෙන් මිදීමේ හැකියාව ද අඩු බව හෙළිවී තිබේ. පර්යේෂණයට සහභාගි වූ ඇමරිකා එක්සත් ජනපදයේ බින්ග්හැම්ටන් සරසවියේ මහාචාර්ය මෙරඩිත් කොල්ස්ට අනුව මෙම පර්යේෂණයන්ට ලක්වූ ප්‍රමාණවත් නින්දක් නොලබන අයගේ සිතුවිලි හිසෙහි සිරවී ඇති අතර ඔවුන්ගේ සෘණාත්මක චින්තනය මත එම තත්ත්වය මඟහරවා ගැනීම අපහසු වී ඇත. ඒමන්ති මාරඹේ රෝග නසන රුව වඩවන චීන කටු චිකිත්සාව ලෝකයේ පවතින ආදිතම වෛද්‍ය ක්‍රමයක් ලෙස කටු චිකිත්සාව හැඳින්විය හැකිය. ලේඛනගත ඉතිහාසය දෙස බලන විට හුවාන් ඩිනේජින් නම් චීන කහ අධිරාජ්‍යයාගේ අභ්‍යන්තර වෛද්‍ය ලියවිල්ල හරහා කටු චිකිත්සාව චීනයේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයක් ලෙස හඳුන්වා දී තිබේ. ක්‍රි. පූ. දෙවැනි සියවසේ ලියෑවුණු මෙම කෘතියේ දී සු වෙන් හා ලින්ෂි යනුවෙන් කොටස් 2 ක් පවතී. මෙහි ලින්ෂි කොටසෙහි කටු චිකිත්සාව සහ මුක්ත පිළිස්සුම් කොටසක් විස්තර වෙන අතර සු වෙන් කොටස අධ්‍යාත්මික ශාස්ත්‍රීය ලියවිල්ලක් ලෙස පවතී. මෙම කෘතියෙහි නිලස්ථාන 565 ක්, කටු චිකිත්සාව සිදු කරන ආකාරය, සුව කරන රෝග හා එක් එක් රෝගියාට කටු යෙදිය යුතු ආකාරය මෙන්ම එකල භාවිත වු කටු වර්ග 9 ක් පිළිබඳවත් සඳහන් වේ. කෙසේ වෙතත් කටු චිකිත්සාව මෙරට පැවැති නිල වෛද්‍ය ක්‍රමය යෑයි මතයක් පවතී. පෘතුගීසි හා ලන්දේසි ආක්‍රමණය නිසා දේශීය වෛද්‍යවරුන් මරා දැමීම තුළ මෙම වෛද්‍ය ක්‍රම චීනයට ගෙනගොස් චීන කටු චිකිත්සාව ලෙස වර්ධනය වූ බව දැක්වේ. කෙසේ වූවද චීන කටු ක්‍රමය යටතේ රෝග රැසකට ප්‍රතිකාර ලබාගත හැකිය. සමේ රෝග සහ රූපලාවන්‍ය හා බර අඩුවීම මුහුණ රැළි වැටීම, මුහුණේ මාංශ පේශී එල්ලා වැටීම, බොහෝ විට සිදුවන්නේ ක්‍රමයෙන් වියපත් වීමත් සමඟය. මෙහිදී කොලැජන් තන්තු ප්‍රමාණවත් පරිදි නොමැති වීම ප්‍රධාන හේතුවයි. කුරුලෑ හා කැළැල් ඇතිවීමට හේතුව යොවුන් වියේදී ඇතිවන ග්‍රන්ථි ක්රියාකාරීත්වයන් නිසයි. මෙම තත්ත්වයන් නැතිකර ගැනීම සඳහා "කටු චිකිත්සාවේ" ප්රත්යක්ෂ ප්‍රතිකාර ක්‍රම ඇත. මෙහිදී මුහුණේ ඇති ග්‍රන්ථි නිසියාකාරව ක්‍රියාත්මක වීම සඳහා නියමිත නිල ප්‍රතිකාරත්, ලේසර් ප්‍රතිකාරත් යොදා ගනී. හිසකෙස් ගැලවී යැම සහ වැඩීම 1960 ඔරෙන්ට්රෙයිව් විසින් පුරුෂයන්ගේ හිසකෙස් යැම ඇන්ෙඩ්රාජෙනටික් ඇලොපේෂියා නමින් හඳුන්වනු ලැබීය. මෙය සිදුවන්නේ සමේ ටෙස්ටොස්ටොරොන් (Testotorone) හෝමෝනයේ ඩිහයිෙඩ්රාa ටෙස්ටොස්ටෙරෝන් (Dihydro Tesosterone) මට්ටම වැඩිවීම නිසාය. මානසික ආතතිය නිසාත්, වෙනත් රසායනික හේතු නිසාත් මෙම තත්ත්වය උග්‍රවේ. චීන කටු චිකිත්සාව මගින් මෙය සාර්ථකව මැඬ පැවැත්විය හැකිය. ඇදුම සහ පීනස පෙනහලුවල වායු මාර්ගයේ ගැස්මක්, ආසාත්මිකතාවක්, විෂබීජ නිසාත්, මානසික තත්ත්වයන් නිසාත් මෙය ඇතිවේ. නාසයේ ශ්ලේශ්මල පටල ඉදිමීම, උගුර සම්බන්ධ පොදු ආසාත්මිකතාවන් නිසාත් පීනස ඇතිවේ. මෙහි ලක්ෂණ වන්නේ වන්නේ කිවිසුම් යැම, කඳුළු ගැලීම යන ආදියයි. මෙම රෝග තත්ත්වයන් චීන කටු චිකිත්සාව ආයුර්වේද ප්‍රතිකාර මගින් සාර්ථකව සුව කළ හැකිය. මීට අමතරව වෛද්‍ය සුමිත්‍ර මනම්පේරි මහතාගෙන් ස්නායු රෝග, නින්ද නොයැම ඇතුළු සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර ලබාගත හැකි ය. වැඩි විස්තර සඳහා දුරකථන අංක 0714222954/0777354220 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jun 2018 07:15 PM ඉරුවාදරය ඇතුළු හිසේ රෝග රැසකට නස්නය සාර්ථක පිළියමකි හිසරුදාව ගැන බොහෝ දෙනා අතරින් අසන්නට ලැබෙනවා. කොපමණ ප්‍රතිකාර කළද සුවයක් නොලැබූ බවට චෝදනා කරන පිරිස ඒ අතුරින් වැඩි බවකුයි පෙනෙන්නේ. අද අපි ඒ පිළිබඳ විමසා බලමු. හිස රුදාව හඳුන්වනවා දෙනවා නම් මෙහිදී හිසෙහි එක් ප්‍රදේශයක් හෝ (නළල, හිස මුදුන, හිස පිටුපස, කන් ආශ්‍රිතව) මුළු හිසම ආවරණය වන ලෙස පැන නඟින උග්‍ර වේදනාව ශීර්ෂ ශූලය නැතහොත් හිසෙහි කැක්කුම ලෙසට සරලව පැහැදිලි කළ හැකි වෙනවා. ඇතිවීමට හේතු - ශීර්ෂ ශූලයට තරම් හේතු ඇති කරන තවත් රෝග නැති තරම්. හිස් කබල ආවරණය කොට පිහිටි මොළය ශරීරයේ පාලන සහ සංඥා ක්‍රියාවන්ට ඉවහල්වන ස්නායු ප්‍රකෝටි ගණනකින් සැදුම් ලද්දක්. එසේම ආයුර්වේදයෙහි හිස ප්‍රදේශය උත්තමාංගය ලෙස දක්වා තිබෙනවා. එපරිද්දටම පංච ඉන්ද්‍රියන්ට අයත් සියලුම අවයව මෙම කොටස ආවරණය කරන අතර හිසෙහි කැක්කුමට බලපෑ හැකි හේතු බොහොමයකි. උදාහරණයක් ලෙසට වාත, පිත්ත, කප, දෝෂ නිසා ඇතිවන ශීර්ෂ ශූලයන් පෙන්වා දෙන්නට පුළුවන්. මෙහිදී ඉරුවාරදය, (මිග්රේන්) අනන්ත වාතය, අර්ධාව ෙ€දකය, සංකඛය, ආදී වූ දෝෂ ප්රකටකර පැන නඟින ශීර්ෂ ශුල අවස්ථා ගණනාවකි. එහිදී ඒ ඒ දෝෂයන්ට අනුව ශීර්ෂ ශුලය ප්‍රකට කරයි. දෝෂ තත්ත්වය හා ප්‍රකෘති ආදී විශේෂ කරුණු පරීක්ෂාව මගින් අදාළ තත්ත්වය විනිශ්චය කිරීමේ හැකියාව තිබේ. අප මෙහිදී එලෙස සඳහන් කළේ මේ දෝෂජ රෝග තත්ත්වයන්ට අමතරව තවත් හේතූන් නිසා හටගනු ලබන හිසෙහි කැක්කුම් අවස්ථා බොහොමයක් පවතින බැවිනි. උදාහරණයක් ලෙස පවසනවා නම් හිසට සිදු වූ ආඝාත තත්ත්වයන්, අධි රුධිර පීඩනය අවස්ථාවන්, අජීර්ණාබාධ අවස්ථාවන්, විශේෂයෙන් උග්‍ර අම්ල පිත්ත රෝග තත්ත්වයේදී, ප්‍රතිශ්‍යාව වැළඳුණු අවස්ථාවන්හිදී, ඡ්වර (උණ) රෝගයේදී සහ කුසගිනි ආදී ස්වභාවික හේතූන් කරණ කොට සහ මෙකී නොකී බොහෝ අවස්ථාවන්හිදී හිසෙහි කැක්කුම පැන නැගිය හැකියි. එහෙත් මෙහිදී වැදගත් වනුයේ හිංසක හා අහිංසක ශීර්ෂ ශූල අවස්ථා කුමක්දැයි නිවැරදිව විනිශ්චය කර ඊට සාධාරණ පිළියම් යෙදීමයි. තවද හිස ආශ්‍රය කළා වූ අර්බුද පිළිකා වැනි අවස්ථාවන්හිදීද, උග්‍ර ශීර්ෂ ශූලයන් පැන නගී. මේ හේතුව නිසාම අනිත් සෑම අවස්ථාවටම වඩා මෙහිදී නිවැරදි රෝග විනිශ්චය අතිශයින්ම වැදගත් වේ. දෝෂ තත්ත්වයන්ගෙන් හට ගන්නා හිසේ කැක්කුමට කළ යුතු මොනවාද? මෙහිදී දෝෂ තත්ත්වයන් ලෙස වාත, පිත්ත, කප ප්‍රධාන වේ. එයිනුත් කප දෝෂය හා පිත අනුබද්ධව පැන නගින ඉරුවාරදය ශීර්ෂ රෝග අතුරින් වර්තමානයේ බහුලව දැකිය හැකි අවස්ථාවකි. ඊට අමතරව වාතය ප්‍රධාන කොට උපදවාලනු ලබන අනන්ත වාත, අර්ධාව ෙ€දක, ආදී ශීර්ෂ ශූලයන්ද උග්‍ර වේදනාකාරී තත්ත්වයන්ය. මෙහිදී චිකිත්සාව ඒ ඒ දෝෂයන්ට සාධාරණ වන ලෙස ගොඩනැඟිය යුතුය. බොහෝ හිසෙහි වේදනාවන් උදෙසා වසර ගණනාවක පටන් අඛණ්ඩව ප්‍රතිකාර ලැබූ එහෙත් කිසිදු සුවයක් නොලැබූ රෝගීන් අපට හමු වී ඇත. මෙහිදී ඊට හේතු වන අනුබද්ධ දෝෂ ආදී තත්ත්වයන්ට නිසි පිළියම් නොලද එමෙන්ම සාධාරණ චිකිත්සාවක් අනුගමනය නොවීම ඊට හේතුවයි. දීර්ඝ කාලීනව පාන, අභ්‍යන්ග ආදී (තෙල් ගෑම) වැනි ප්‍රතිකර්ම සිදු කළත් හේතූන් උපුටා දැමීමෙන් තොරව සිදු කරන පිළියම බෙහෙවින්ම තාවකාලික එකක් විය හැක. එසේ නම් සාර්ථක චිකිත්සාවක් කෙසේද? පාන හා අභ්‍යන්ග ප්‍රතිකාර ශීර්ෂ රෝග අවස්ථාවන්හිදී අතිශයින්ම වැදගත්ය. එහෙත් ප්‍රකෝප වූ දෝෂ තත්ත්වයන් සමනය කළද නැවත උත්සන්න වීමේ ප්‍රවණතාවයක් පවතී. එනිසාම කප ආදී දෝෂ හේතුකොට උපන් ඉරුවාරදය වැනි අවස්ථාවන්හිදී නස්‍ය ප්‍රතිකාර (ශිරෝ විරේචන) ප්රතිකර්මය අති සාර්ථකය. මෙහිදී කුපිත වූ දෝෂයන් ක්ලේදනය කර නාසා මාර්ගයෙන් බැහැර කිරීම සිදුවන ක්‍රියාවලියයි. එලෙසටම වාතය ප්‍රධාන කොට හටගත් ශීර්ෂ ශුලයන්හිදී තර්පන නස්‍ය ප්‍රතිකාරය මහඟුඵල අත්කරයි. එහිදී සුෂ්කව ගිය හිස් කබල හා ස්නායු පෝෂණය කර හේතූන් පරිවර්ජනයට ලක් කිරීම නිසා අදාළ හිසේ කැක්කුම ස්ථීර ලෙසම සුවතාවට පත් කරයි. නස්‍ය පිළිබඳ තවදුරටත් පැහැදිලි කරනවා නම් නස්‍ය යනු බෙල්ලෙන් උඩ උපන් බොහෝ වූ රෝගයන් සඳහා සිදු කළ හැකි අති සාර්ථකම ප්‍රතිකාර උපක්‍රම, විධියකි. ආයුර්වේදයේ මෙය පංච කර්මයන්ට අයත් එක් අංගයකි. පුරාතන දේශීය චිකිත්සාවේ ශිරෝ විරේචනය ලෙසට දක්වා ඇත්තේද මෙයමය. නස්‍ය ප්‍රධාන ප්‍රභේද දෙකකි. එනම් ශෝධන නස්‍ය හා තර්පන නස්‍ය මෙහිදී ශෝධන නස්‍ය උපයෝගී කොට ගනු ලබන්නේ ශීර්ෂය ඇසුරු කළා වූ කප ආදී සංචය දෝෂයන් බැහැරකරලීම සඳහාය. ඉරුවාරදය රෝගය හටගනු ලබන්නේ මෙලෙස සංචය වූ කප පිත දෝෂ ශීර්ෂ කෝටරක තුළ තෙරපී එහි වායු සංසරණයට හා රුධිර සංසරණයට බාධා පමුණුවමින් ඇති කරනු ලබන තෙරපුම නිසාය. නස්‍ය මගින් එම දෝෂ උපුටා පිටතට හෙළනු ලබයි. එමගින් එවන් දෝෂ මුලිනුපුටුටා දැමූ බැවින් එනිසා ජනිත වූ හිසෙහි වේදනාව ස්ථිර ලෙසම පහව යයි. රෝගියා වහා සුවය ලබයි. මෙවන් හේතු නිසා ඇතැම් රෝගීන් සිහිමඳතාවට පවා පත්වන අවස්ථා අප දැක ඇත. එහෙත් සාර්ථක ශෝධක නස්‍ය චිකිත්සාවකින් පසු එවන් රෝගීහු වහ වහා සුවය ලබති. තර්පන නස්‍ය යනු වාතය විසින් වියළා දැමූ හිස් කබලේ කෝටර හා ශ්ලේෂ්මල පෝෂණයට පත්කර සිතිලතාවය ඇති කිරීම සඳහා උපයෝගී කර ගනු ලබන චිකිත්සා උපක්රමයකි. එහිදී වැහැරී වියළී ගිය වාතය හේතුවෙන් පැන නැඟුණාවූ ශීර්ෂ ශූලයන්, උමතු තත්ත්වයන් ආදී වහා සමනය කොට ස්ථීර සුවයක් ඇති කරයි. අප මෙම ලිපියේ මුලින් සඳහන් කළ අම්ල පිත්ත රෝගයේදී ද, උග්‍ර වූ ශීර්ෂ ශූලයන් ඇති කරයි. ඒ ප්‍රකෝප වූ පිත ධාතුව හිස ආක්‍රමණය කිරීම හේතුවෙනි. මෙහිදී සිදු කළ යුත්තේ අම්ල පිත්ත රෝගයට සාධාරණ ප්‍රතිකාර පද්ධතිය ඉතා නිවැරදිව සිදු කිරීමයි. එහිදී ඉන් උපන් හිසෙහි වේදනාව ශාන්තියට පත්වේ. මෙපරිද්දෙන්ම වෙනත් ආශ්රිත හේතූන් නිසා හටගත් හිසෙහි කැක්කුම සුවකිරීම සඳහා ඇවැසි වන්නේ ඊට බලපෑ එම හේතූන් හඳුනාගෙන ඒ සඳහා නිවැරදි සහ සාධාරණ ප්‍රතිකර්ම යෙදීමයි. ජීවක වෛද්‍යවරයා බුදුන් වහන්සේට හටගත් දරුණු ශීර්ෂ ශූලය මහනෙල් මලක ගැල් වූ ඔසු ආඝ්රහරණය කිරීමට සලස්වා සිදු කළ නස්නය මගින් නිට්ඨාවට සුව කළ බවට බෞද්ධ ඉතිහාසයේ සඳහන්ය. එපරිද්දෙන්ම ආයුර්වේද පුරාණයේ සහ දේශීය චිකිත්සා පුරාණයේ එවන් අතිසාර්ථක චිකිත්සා අවස්ථා බොහෝ කොට දක්වා ඇත. මෙම චිකිත්සාවේ සාර්ථකත්වයට ප්රත්යක්ෂයෙන්ම හේතුව එය වනු ඇත. ඔබත් කාලයක සිට ශීර්ෂ ශූලයේ යම් අවස්ථාවකින් එනම් විශේෂයෙන්ම බහුලව හඳුනාගත හැකි ඉරුවාරදයෙන් පීඩා විඳිනවා නම් ඒ වෙනුවෙන් වැඩිදුරට විස්තර නොමිලේ දැන ගැනීමට 0775175409 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව ඇත. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jun 2018 07:31 PM රෝග සුවයට සුවිශේෂීවූ හෝමියෝපති ප්‍රතිකාර වෛද්‍යතුමියනි කුමක්ද මේ හෝමියෝපති කියන්නේ? මිනිස් වර්ගයාගේ නූතන විද්‍යාත්මක දියුණුවේ අග්රතම ඵලයක් වන හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමය, මුළු මිනිස් වර්ගයාටම සුවය ලබාගැනීමේ විද්‍යාත්මක නියම මත පදනම් වූ රෝගයට හේතුව නසන, සම්පූර්ණ සුවය ගෙනදෙන ප්‍රතිකාර ක්රමයකි. මෙහිදී විශේෂ වන්නේ අතුරු ආබාධ නැති ප්‍රතිකාර ක්‍රමයක් වීමයි. වසර 200 කට ඉහත ජර්මනියේ විසූ ඇලෝපති වෛද්‍යවරයෙක් වූ වෛද්‍ය සැමුවෙල් ෙµඩ්රික් ක්‍රිස්ටියන් හානේමාන් තුමා එම වෘත්තියේ නියෑලී සිටියදී ඖෂධ මගින් ඇතිවන අතුරු ආබාධ දැක, ඖෂධ ක්රියාකාරිත්වයේලා සුවපත් කිරීමේ ශක්තිය සඳහා කිසිම මූලධර්මයක් නොමැතිකම හේතුවෙන් තම වෘත්තිය පිළිබඳව කලකිරීමක් ගෙනදුනි. නමුත් මේ විශ්වය තුළ සුව කිරීමේ ශක්තිය සඳහා ක්‍රමවත්ව සැකසුනු මූලධර්මයක් සොයාගත හැකි බව ඔහු විශ්වාස කර තිබුණි. මේ අනුව ඇලෝපති වෛද්‍ය වෘත්තියේ පියා ලෙස සලකන හානේමාන් තුමා විසින් "රෝගයට විරුද්ධ ප්‍රතිකාර තුළින් රෝගයේ පාලනයත්, රෝගයට සමාන ප්‍රතිකාර තුළින් රෝගයට සුවයත්" යන කරුණු පිළිබඳව විමර්ශනයකට භාජනය කරන ලදී. මෙම පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස "සමාන දෙයින් සමාන දේ සුවපත් වේ" යන මූලධර්මය සමග හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය 1870 දී වෛද්‍ය හානේමාන් තුමා විසින් මෙලොවට දායාද කරන ලදී. මෙම ප්‍රතිකාර ක්රමයේ තියෙන විශේෂත්වය කුමක්ද? හෝමියෝපති වෛද්‍ය ක්‍රමය, ප්‍රතිශක්තිකරණය එනම් ජීව බලය පදනම්කොට ගොඩනැඟී ඇත. මෙහිදී ජීව බලය වෙනස් වීම එනම් ශරීර පද්ධති අසමතුලිතතාවය සමඟ පෙන්වන්නා වූ රෝග ලක්ෂණ වලට ප්‍රධාන තැනක් හිමිවනු ඇත. මෙහිදී කායික හා මානසික රෝග ලක්ෂණ සියල්ලම සැලකිල්ලට ගනු ඇත. වෛද්‍ය සැමුවෙල් හානේමාන්තුමා පැවසුවේ රෝග ලක්ෂණය තුළින් රෝගය හඳුනාගත හැකි බවත්, රෝග ලක්ෂණයන්ගෙන් තොරව රෝගයක් සුව කිරීමට නොහැකි බවත්ය. මෙලොව ජනිත වන්නාවූ සෑම පුද්ගලයෙකුගේම ඔහුට හෝ ඇයටම ආවේනික වූ ගති ලක්ෂණයන්ට උරුමකම් ඇත. මෙම පුද්ගලයන් කේන්ද්‍රගතව ඇති ගති ලක්ෂණයන් හේතු කොටගෙන නිරෝගී භාවයේදී මෙන්ම රෝගී භාවයේදීද තමාටම ආවේනික ලක්ෂණයන් පෙන්වමින් තමාගේ සුවිශේෂිත්වය තහවුරු කරන්නේය. විශ්වයේ සුවිශේෂ වූ රෝග ලක්ෂණයට සමාන වූ හෝමියෝපති ඖෂධ නිෂ්පාදනයේහිලා ගනු ලබනුයේ ශාක, පාෂාණ, සත්ත්ව, නිරෝගී පටක, රෝගී පටක හා ං-ර්හ කිරණ වැනි ශක්තීන් මෙන්ම ද්‍රව්‍යමය කොටස්ය. මේවායේ මූලධාතුව ශක්තිකරණයකට භාජනය කරනු ලබයි. මූලධාතුව නොමැතිව ශක්තිමය බලයක් ලෙස ඖෂධ ලබාදෙන බැවින් හෝමියෝපති ඖෂධවල අතුරු ආබාධ නොමැත. හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළින් රෝගයක් සුවවන ආකාරය ගැන පැහැදිලි කළොත්? නිදසුනක් ලෙස ආතරයිටිස් රෝගය ගනිමු. එය සන්ධි අතර කාටිලේජ ගෙවීයැම, අස්ථි දිරායැම, අස්ථි එකිනෙක ගැටීම නිසා ඇතිවන වේදනාව, සන්ධි රතු වීම, පාද ඇද වීම, සන්ධි විකෘති වීම, හිරිවැටීම, අඩපණ වූ ජීව බලය අසමතුලිතතාව පෙන්නුම් කරන්නා වූ රෝග ලක්ෂණයන්ය. මෙම ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනු ඇත. මේ අනුව සියලුම කායික රෝග ලක්ෂණ මෙන්ම මානසික තත්ත්වයන්ද සැලකිල්ලට ගෙන පුද්ගලයන්ට ආවේනික වූ ආකාරයෙන් සියුම් වෙනස්කම්වලින් යුක්ත වන බැවින් මෙම වෙනස්කම් සියල්ලම පුද්ගලයාගේ විවිධ රෝග ලක්ෂණ සේ සලකා සියල්ල ඒකරාශී කරමින් එම රෝගියාට ආවේනික ප්‍රතිකාරය දෙනු ලබන්නේ, හෝමියෝපති වෛද්‍ය ක්රමයේ ප්‍රතිකාරය රෝගයට නොව රෝගියාට හේතු බව දක්වමින්ය. කෙනෙක් රෝගී වන්නේ ඔවුනොවුන්ගේ ශරීරගත ජීව ශක්තිය දුර්වල වීමක් නිසා. එය පිටතට පෙන්නුම් කරන ලක්ෂණ අපි කියනවා රෝග ලක්ෂණ ලෙස. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේදී මේ ප්‍රතිශක්ති කරන පද්ධතියටත් රෝග ලක්ෂණවලටත් ප්‍රධාන තැනක් හිමි වෙනවා. රෝගියාගේ රෝග ලක්ෂණ ඔහුගේ දුර්වල වූ ජීව ශක්තිය ගොඩනැඟීමට සුදුසු ඖෂධය තෝරාගැනීමට උදව් කරනවා. එනම් රෝග ලක්ෂණය අනතුරක සංඥා මාර්ගයක් වෙනවා. අප එය එකපාරටම නිවා දමා සැනසීම ලබන්න යැම තුළ රෝගී තත්ත්වය ඇතුළාන්තයෙන් වර්ධනය වෙනවා. වේදනාව දරන්න බැරිව ජීවිතය පවා එපා වෙනවා. ශල්‍යකර්මයට භාජනය වන අවස්ථාව උදාකර ගන්නවා. හෝමියෝපති ප්‍රතිකාර මගින් රෝගයේ රෝග ලක්ෂණය වන සංඥාව නිවා නොදමා රෝග ලක්ෂණ ඔස්සේ අනතුර අඟවන සංඥා මාර්ගය ඔස්සේ ගොස් රෝග මූලයම නැති කර දමනවා. එනම් රෝගයට හේතුව නැති කරනවා. රෝග ලක්ෂණයට සමාන වූ ඖෂධය ශරීරගත කිරීම තුළින් රෝගියාගේ ව්යqහාත්මක වෙනස්කම්, ඒවගේම රසායනික වෙනස්කම් නැවත යථා තත්ත්වයට ක්‍රම ක්‍රමයෙන් ගෙන එනවා. ඒ තුළින් ආතරයිටිස් රෝගියෙකුගේ වේදනාව නැතිව යනවා. ඔවුන්ගේ ශරීරයේ ඇතුළාන්තයෙන් ප්‍රතිශක්තිකරණය ගොඩනැඟීමත් සමඟ ගෙවුණු කාටිලේජ වර්ධනය වීම, දිරා යන අස්ථි පටක ගොඩනැඟීම හා ඇදවුණු පාද ක්‍රම ක්‍රමයෙන් යළි යථා තත්ත්වයට ගෙන ඒම මෙහිදී සිදුවේ. ඇතුළාන්ත සුවයත් සමඟම ඒ නිසා වේදනා නාශක නොමැතිවම වේදනාව නැතිවීම සිදු වනවා. ඒ වගේම වෙනස් වූ රසායනික සංයුතීන් නැවත යථා තත්ත්වයට සැකසීම මේ තුළින් සිදු වෙනවා. ඒ වගේම දුර්වල වී තිබුණා නම් වකුගඩු, අක්මාව හා දුර්වල ඉන්ද්රිය ක්‍රියාකාරිත්වයද යථා තත්ත්වයට පත්වීම මේ තුළින් සිදුවීමත්, අතුරු ආබාධ නොමැතිව රෝගියා බොහෝ සුවය මේ තුළින් ලබනවා. කායික මෙන්ම මානසික සතුටද, තාරුණ්‍යය රැකදීමද මෙහි සුවිශේෂී ප්‍රතිකාර ක්රමයේ ලක්ෂණයක් වෙනවා. ඕනෑම රෝගයකට හෝමියෝපති ප්‍රතිකාර තිබෙනවාද? ඔව්. තීව්ර රෝග, නිධන්ගත රෝග හා බෝවන / බෝ නොවන ආදී සෑම රෝගයකටම හෝමියෝපති වෛද්‍ය සුවිශේෂ වූ ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ආතරයිටිස්, පාකින්සන්, කොඳුඇටපෙළේ ආබාධ, ස්නායු රෝග, අත් පා වල හිරිවැටීම, වෙව්ලීම, නහර ගැට ගැසීම, අර්ශස්, හර්නියා, ඉරුවාරදය, අකලට කෙස් සුදුවීම, ගැළවී යැම, දත්මුල් දියවීම, ආමාශගත රෝග, මළබද්ධය, ලිංගික රෝග, හෘද රෝග, අක්මා රෝග, වකුගඩු මුත්‍රාශ්‍රිත රෝග, දියවැඩියාව, අධික ස්ථුලතාව, කැස්ස, ඇදුම, පීනසය, සියලු කාන්තා රෝග, දද, කුෂ්ඨ, පොතු කබර, කුරුලෑ, අළුහම්, ශරීරය කැසීම ආදී රෝගයන් හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මගින් සුවකළ හැකියි. වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0112731695, 0718250716/17 ඇමතිය හැකිය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jun 2018 07:56 PM තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය ශරීරයට බලපාන අයුරු තයිරොක්සින් හෝමෝනය අපට බලපාන්නේ මවු කුසේ හටගන්නා කලල අවස්ථාවේදී සිටයි. දරු කලලයේ මොළය වර්ධනය නිසි ලෙස සිදුවීම සඳහා තයිරොක්සින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය බලපානවා. එසේම තයිරොක්සින් හෝමෝනය තමයි අපගේ ශරීරයේ ශක්තිය නිෂ්පාදනය වන වේගය තීරණය කරන්නෙ නිරෝගීව ජීවත්වීම සඳහා පෝෂ්‍යදායී ආහාර පාන ගැනීම, ව්‍යායාම කිරීම මෙන්ම සිරුරේ ඉන්ද්රියයන්ගේ ක්‍රියාකාරිත්වයද නිසි ලෙස සිදුවීම අවශ්‍යය. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයද නිසි ලෙස සිදු නොවුණහොත් සිරුරේ නොයෙකුත් අසාමාන්‍යතා මතු වේ. වෛද්‍යතුමනි, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය ශරීරයට බලපාන්නේ කෙසේද? තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් අපගේ ශරීරයට අවශ්‍ය තයිරොක්සින් හෝමෝනය (Thyroxine Hormone) නිපදවනු ලබනවා. මෙම හෝමෝනය මොළයේ සිට දෙපා දක්වා වූ ශරීරයේ සියලුම ඉන්ද්රියයන්ගේ ක්‍රියාකාරීත්වයට බලපානවා. තයිරොක්සින් හෝමෝනය අපට බලපාන්නේ මවු කුසේ හටගන්නා කලල අවස්ථාවේදී සිටයි. දරු කලලයේ මොළය වර්ධනය නිසි ලෙස සිදුවීම සඳහා තයිරොක්සින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය බලපානවා. එසේම තයිරොක්සින් හෝමෝනය තමයි අපගේ ශරීරයේ ශක්තිය නිෂ්පාදනය වන වේගය තීරණය කරන්නෙ. (Basal MetabolicRate) විශේෂයෙන්ම ශරීරයේ තාපය පාලනය කිරීමටත් මෙය බලපානවා. මවු කුසින් මෙලොව බිහිවූ දරුවාගේ ශරීරයේ සහ මොළයේ වර්ධනය සඳහා තයිරොක්සින් හෝමෝනය අත්‍යවශ්‍යයි. එහි ඌනතාවයක් හටගත් විට (Cretinism) දරුවන්ගේ ශරීර වර්ධනය බාල වෙනවා. එවිට උස යැම, මොළයේ වර්ධනය අඩාල වෙනවා. වෛද්‍යතුමනි අපගේ ශරීරයේ තයිරොක්සින් හෝමෝනයේ වෙනස්කමක් ඇති වූ විට මතු වන රෝග ලක්ෂණ මොනවාද? තයිරොක්සින් හෝමෝනය නිපදවීම අඩු වූ විට කුඩා දරුවකුගේ නම් උස යැම බාල වීම, අධික ලෙස මහත් වීම, හුස්ම ගැනීමේ අපහසුතා හට ගැනීම, නිතර ඇස් කහ පැහැගැන්වී තිබීම බුද්ධි වර්ධනය සහ වර්ධක කඩඉම් ප්‍රමාද වීම ආදී රෝග ලක්ෂණ දැකිය හැකියි. වැඩිහිටි පුද්ගලයන් තුළ තයිරොක්සින් හෝමෝනය නිපදවීම අඩු වූ විට නිතර නිදිමත බව, අලස බව, නිතර නිදි කිරා වැටීම, සිරුර තුළින් නිතර ශීතල බවක් දැනීම, අකලට හිසකෙස් අධික ලෙස යැම, සම මත වියළි ස්වභාවයක් හටගැනීම, නිතර මතු වන ඇඟපත වේදනාව, මළබද්ධය වැනි රෝග ලක්ෂණ හටගන්නවා. කාන්තාවන්ට මෙම තත්ත්වය ඇති වූ විට ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව, ඔසප් වීමේදී අධික ලෙස රුධිරය පිටවීම වැනි රෝග ලක්ෂණද දැකිය හැකියි. තයිරොක්සින් හෝමෝනය ඉතා අධික ලෙස අඩු වූ විට හෘද ස්පන්දන වේගය අඩාල වෙනවා. එවිට කෝමා තත්ත්වයකට පත්විය හැකියි. (Myxoedema Coma) තයිරොක්සින් හෝමෝනය නිපදවීම අධික වූ විටදීද ශරීරයේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. විශේෂයෙන්ම ශරීරයෙන් අධික ලෙස තාපය නිපදවීම සිදුවෙනවා. එවිට නිතර සිරුරින් දහදිය පිට වෙනවා. (Heat Intolerance) ඊට අමතරව ශරීරය කෙට්ටු වීම, නින්ද නොයැම, නිතර අධික කෝපය, මස්පිඬුවල දුර්වලතාවය, හිටගෙන සිටීමේ අපහසුතාවය, මළපහ දියර ලෙස (බඩඑළිය යැම) නිතර පිටවීම ආදී අපහසුතාවන්ද මතු වෙනවා. තයිරොක්සින් හෝමෝනය නිපදවීම අධික වීමේ තත්ත්වය ඉතා උග්‍ර වූ විට (Thyrotoxic Crisis) මනස නොසන්සුන් වීම හෘද ස්පන්දනය අධික වී හෘදයේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම පවා සිදුවෙනවා. ඇතැම් විට මෙම තත්ත්වයේදී පුද්ගලයා මරණයට පත්වීම සිදුවිය හැකියි. වෛද්‍යතුමනි, තයිරොක්සින් හෝමෝනය ක්‍රියාකාරීත්වය ඇති වන වෙනස්කම් හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ මොනවාද? තයිරොක්සින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වයේ මතුව ඇති වෙනස්කම් හඳුනා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම TSH (Thyroid Stimulating Hormorne) නමැති පරීක්ෂණය සිදුකරනවා. මෙමගින් තයිරොක්සින් හෝමෝනය නිපදවීම අඩු වීමක් සිදුව තිබෙනවාද වැඩි වීමක් සිදුව තිබෙනවාද කියා හඳුනාගත හැකියි. මීට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් ශ්‍රාවය වන T3 සහ T4 හෝමෝන වර්ග දෙක පිළිබඳව සිදුකරන පරීක්ෂණත් තිබෙනවා. මෙවැනි හෝමෝන පරීක්ෂණ මගින්ද තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව හඳුනාගත හැකියි. මීට අමතරව තවත් පරීක්ෂණ තිබෙනවා. වෛද්‍යතුමනි, මෙලෙස තයිරොක්සින් හෝමෝනය නිපදවීමේ වෙනස්කම් ඇති වීමට බලපාන හේතු මොනවාද? හේතු රැසක් තිබෙනවා. ඉන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය වැඩි වීමට බලපාන හේතුවක් ලෙස ග්‍රේවිස් තත්ත්වය (Graves Disease) බලපානවා. මෙහිදී සිදුවන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් TSH හෝමෝනයේ ව්යqහයට සමාන ප්‍රතිදේහයක් නිපදවීමයි. එවිට TSH හෝමෝනය මගින් උත්තේජනය වන ප්‍රතිග්‍රාහකවලට මින් උත්තේජනයක් ඇති වෙනවා. එසේ වූ විට එම ප්‍රතිග්‍රාහක සිතන්නේ TSH හෝමෝනයේ වැඩි වීමක් සිදුව ඇතැයි කියාය. එසේ සිතා TSH වලට එරෙහිව ක්‍රියා කිරීමට පටන් ගන්නවා. මෙසේ TSH වලට එරෙහිව ක්‍රියා කරන විට තයිරොයිඩ් ග්රන්ථියද TSH හෝaමෝන නිපදවීම සඳහා එහි ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. ඊට අමතරව විශේෂ හේතුවක් නැතිව තයිරොයිඩ් ග්‍රන්ථියේ එක් කොටසක් අධික ලෙස ක්‍රියා කිරීම සිදුවෙනවා. (Toxic Adenoma) මෙම හේතුවලට අමතරව ගලගණ්ඩයට ලක්වූ තයිරොයිඩ් ග්‍රන්ථියේ කොටසක් සාමාන්‍ය පාලනයෙන් මිදී ක්‍රියාකාරී වන අවස්ථා තිබෙනවා. එවිටද තයිරොක්සින් හෝමෝනය නිපදවීම වැඩි වෙනවා. (Toxic Mulinodular Goitre) මෙලෙස තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩිවීම වගේම එහි ක්‍රියාකාරීත්වය අඩාල වීම නිසාද තයිරොක්සින් හෝමෝනය නිපදවීම වෙනස් වෙනවා. මේ සඳහා බලපාන හේතුවක්ව පැවතියේ අයඩින් ඌනතාවයයි. වර්තමානයේ අයඩින් මිශ්‍ර ලුණු භාවිත කරන නිසා එම තත්ත්වය පාලනය වී තිබෙනවා. නමුත් වර්තමානයේ බොහෝ විට අපට දකින්නට ලැබෙන තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩාල වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ එහි ක්‍රියාකාරීත්වයට එරෙහිව ශරීරය තුළින් හානිකර ප්‍රතිදේහ නිපදවීමයි. (Thyrodits) මෙම හේතුවට අමතරව ශරීරයේ ඇති වන නොයෙකුත් ලෙඩ රෝග තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්රියාකාරීත්වයේ ඇති වන වෙනස්කම් සඳහා ලබාදෙන විකිරණ අයඩින් ප්‍රතිකාරය නිසා ඇති වන අතුරු ආබාධ නිසාද තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩාල වීමට බලපානවා. වෛද්‍යතුමනි, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්රියාකාරීත්වයේ මතු වන වෙනස්කමකදී ලබාදෙන ප්‍රතිකාර මෙනවාද? ප්‍රතිකාර ලබාදීම තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්රියාකාරීත්වයේ මතුව ඇති වෙනස්කම් අනුව තීරණය වෙනවා. තයිරොක්සින් නිපදවීමේ ඌනතාවක් පවතිනවා නම් ඒ සඳහා බාහිරින් තයිරොක්සින් හෝමෝන පෙති ලබාදීම සිදුකරනවා. මෙම ඖෂධ මගින් ශරීරයට කිසිදු අතුරු ආබාධයක් ඇති වන්නේ නැහැ. ඒ නිසා එය දීර්ඝ කාලීනව ගැනීමට බිය විය යුතු නැහැ. තයිරොක්සින් හෝමෝනය ගැනීමේදී එය නිවැරදිව සිදු කළ යුතුයි. උදැසන හිස්බඩ එය ගත යුතුයි. මෙසේ හිස්බඩ තයිරොක්සින් හෝමෝන පෙති ගත යුත්තේ ඇතැම් ආහාර පාන මගින් තයිරොක්සින් හෝමෝනය ශරීරයට අවශෝෂණය කර ගැනීමේ බාධාවන් මතු වෙනවා. ඒ නිසා දිනපතා උදැසන හිස්බඩ මෙම ඖෂධය ගැනීමෙන් එම බාධාව මඟ හරවා ගත හැකියි. එසේම තයිරොක්සින් පෙති ගැනීමෙන් පසු පැය භාගයක් පමණ යනතුරු ආහාර පාන ගැනීම නොකළ යුතුයි. මෙය නිවැරදිව අනුගමනය නොකළහොත් දිනපතා ශරීරයට අවශ්‍ය තයිරොක්සින් හෝමෝන ප්‍රමාණය නොලැබී යනවා. එවිට මතුව ඇති රෝගය පාලනය වන්නේ නැහැ. තයිරොක්සින් හෝමෝන ලබාදීමට අමතරව පවතින රෝග තත්ත්වය අනුව ලබාදෙන වෙනත් ඖෂධ සහ තයිරොයිඩ් ග්‍රන්ථියට සිදුකරන විකිරණ ප්‍රතිකාර හෝ සැත්කම් මගින් මතුව ඇති රෝග තත්ත්වය සුව කළ හැකියි. ඒ නිසා තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්රියාකාරීත්වයේ ඇති වන වෙනසකදී නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් මතුව ඇති රෝග තත්ත්වය සුව කර ගත හැකියි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 05 Jun 2018 06:01 PM ගැබ්ගෙල පිළිකාව වළක්වන මග ගැබ්ගෙල පිළිකාව ලෝකයේ කාන්තා පිළිකා අතරින් දෙවැනි වන්නේ පියයුරු පිළිකාවට පමණි. අපේ රටේ මෙම පිළිකාවෙන් වසරකට 1300 ක් පමණ මියයන බව වෛද්‍ය වාර්තාවලින් හෙළි වී තිබේ. මේ නිසා සෑම කාන්තාවක්ම මෙම පිළිකාව ගැන දැනුවත්වීම ඉතාම වැදගත් වේ. ඒ අපේ රටේ රජයේ රෝහල්වල වසරකට බරපතළ තත්ත්වයට පත් වූ ගැබ්ගෙල පිළිකා රෝගීන් 900 ක් පමණ හමුවන නිසාය. වළක්වාගන්න පුළුවන්ද? මෙම පිළිකාව මුලදී හඳුනා ගතහොත් සුව කළ හැකිය. ඒ PAP නම් පරීක්ෂාව මගිනි. මෙම පරීක්ෂණය මගින් අසාමාන්‍ය සෛල සහිත පෙර පිළිකා අවධියේදී හඳුනා ගතහොත් ප්‍රතිකාර මගින් ගැබ්ගෙල පිළිකාවබවට පත්වීමට පෙර වැළැක්විය හැකිය. එසේම ගැබ්ගෙල පිළිකාවට හේතු කාරකයක් වන HPr (Human Papilloma Virus) වෛරසය මර්දනය කරන ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම මගින් ගැබ්ගෙල පිළිකාව වළක්වාගත හැකිය. හැදෙන්නේ කොහොමද? ගැබ්ගෙල පිළිකාව හැදෙන්නේ යෝනි මාර්ගයට විවෘත බාහිර විවරය අසලය. එහි කාලයක් තිස්සේ සිදුවන අසමාන්‍ය ෙසෙල වර්ධනයක් පිළිකාවබවට පත් වේ. මෙය ක්‍රමයෙන් සිදුවන්නකි. ගැබ්ගෙලේ මතුපිට අවිච්ඡුදා නම් ස්ථරයේ අසාමාන්‍ය වේගයෙන් සිදුවන ෙසෙල බෙදීමක් වසර 5 -15 දක්වා කාලයකින් පිළිකාවක්බවට පරිවර්තනය වේ. මෙසේ අසාමාන්‍ය ෙසෙල බෙදීමක් තිබෙන සෑම කාන්තාවකටම එය පිළිකාවක්බවට පත්වන්නේ නැත. ඉන් 20 - 30 කට පමණ ඉබේම එය ප්‍රකෘති තත්ත්වයට පත් වේ. මේ අසාමාන්‍ය ෙසෙල බෙදීම ආරම්භවන මුල් අවදියේ එනම් පෙර පිළිකා අවදියේදී (PreCancerous Stage) රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. එහෙත් ගැබ්ගෙල ශ්‍රාව පටල (PAP Smear) පරීක්ෂණය කිරීමෙන් එය සොයාගත හැකිය. මෙම අවස්ථාවේ ඇති ගැබ්ගෙල පිළිකාවක්බවට පත්වීමට පෙර නිවැරදි ප්‍රතිකාර මගින් සුව කළ හැකිය. මෙම යෝනි මාර්ග පරීක්ෂණයකින් පසු ගැබ්ගෙලින් ලබාගන්නා ශ්රාවයක් වීදුරු කදාවක් මත ආලේප කරයි. ඉන්පසු රසායනාගාරයක දී අන්වීක්ෂණයක් මගින් ෙසෙල බෙදීමේ ශීඝ්‍රතාව අනුව වර්ගීකරණය කරනු ලැබේ. එම වාර්තා සාමාන්‍ය ගැබ්ගෙලත් පෙර පිළිකා අවදියක් ඇති ගැබ්ගෙලත් අතර සලකා බලනු ලබයි. එහිදී නිවැරදි වාර්තාවක් ලබා ගැනීමට නොහැකි වුවහොත් එය අසම්පූර්ණ අසාර්ථක සාම්පලයක් ලෙසට සලකනු ලැබේ. මෙම පිළිකාව පෙර පිළිකා අවදිය, සාමාන්‍ය පිළිකා අවදිය තිව්ර පිළිකා අවදිය ලෙස වර්ගීකරණය කරයි. එය CIN-I,II, IIIලෙසට වර්ග කරයි. මෙවැනි CIN-I එනම් පෙර පිළිකා අවදියේ දී වාර්තාවක් ලැබී නම් ඒ ගැන දැඩිලෙස සැලකිලිමත් විය යුතුය. ඉන්පසු තවදුරටත් රෝග තත්ත්වය හඳුනා ගැනීමට PAP පරීක්ෂණයක් කරනු ලැබේ. මේ අවස්ථාවේදී නාරිවේද වෛද්‍යවරයා පරීක්ෂණය කිරීම හෝ ප්‍රතිකාර සඳහාත් යොමු කරනු ලැබේ. මෙම CIN-Iඅවස්ථාව නැවත පිළිකාමය නොවන හෝ පිළිකා තත්ත්වයට පත්වීමට ඉඩ තිබේ. මෙවැනි රෝගීන් නැවත ප්‍රති විපරම් කිරීම අත්‍යවශ්‍යය. එවැනි තත්ත්ව ගණන් නොගෙන සිටියොත් රෝගය ක්‍රමයෙන් වැඞී බරපතළ පිළිකාවක්බවට පත්වනු ඇත. පරීක්ෂණ වාර්තාව සාමාන්‍ය වාර්තාවක්බවට සඳහන් වුවත් මෙවැනි සැක සහිත රෝගීන් වසර පහකට වරක් PAP පරීක්ෂණය සිදුකර ගත යුතුය. ඉහත පරීක්ෂණය ආසාදන සහිත පටල වාර්තාවක් වුවහොත් හෝ එය අසම්පූර්ණ වාර්තාවක් ලෙසට සඳහන් වුවහොත් ඒ සඳහා නැවත PAP පරීක්ෂණයක් කිරීමට සිදු වේ. මෙහිදී ආසාදන සහිත නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා දී නැවත PAP පරීක්ෂණයට ලක් කරයි. මෙසේ කාන්තාවන් උනන්දු වී PAP පරීක්ෂණය සඳහා යොමු වුවහොත් එය සැක කටයුතු අවස්ථාවේදීම හඳුනාගෙන සම්පූර්ණයෙන්ම සුවකර ගත හැකිය. සාමාන්‍යයෙන් කාන්තාවන් 1800 ක් පමණ ගැබ්ගෙල PAP පරීක්ෂණයට යොමු වුවහොත් ඉන් එක් අයෙකු මෙම පිළිකාවට ගොදුරු විය හැකි හෝ ඒ සඳහා අවදානම් සහිත හෝ රෝගියෙකු බවට හඳුනාගත හැකිය. ගැබ්ගෙල පිළිකාවට හේතුවන HPV වෛරසය ගැබ්ගෙල පිළිකාවලට බොහෝදුරට හේතුවන්නේ HPV එනම් (Human Papilloma Virus) එකය. මෙම වෛරසයට බහු ලිංගික සබඳතා පවත්වන අය බෙහෙවින් ගොදුරු විය හැකිය. මේ හැර දිගු කලක් උපත් පාලන පෙති ගැනීම, දුම්පානය කිරීම, අඩු වයසේදී විවාහවීම, HIV ආසාදනයට ගොදුරුවීම වැනි අවදානම් සාධක ඇති අය වැඩි වශයෙන් ගොදුරු වේ. එනිසා තමාට ඉහත සඳහන් අවදානම් සාධක තිබේ නම් හෝ සැක සහිත නම් PAP පරික්ෂාවට යොමුවීම ඉතාම වැදගත්ය. ඉන් බොහෝදුරට ගැබ්ගෙල පිළිකාවෙන් වැළකීමට හැකි වේ. පිළිකාව වැළැක්වීමට එන්නතක් ගැබ්ගෙල පිළිකාවට 99්% ක්ම හේතුවන HPV වෛරස් ආසාදනයට විරුද්ධව කි‍්‍රයා කරන ප්‍රතිශක්තිකරණ එන්නතක් අපේ රටටද හඳුන්වා දී තිබේ. එය වයස අවුරුදු 10 -11 අතර එනම් 6 වසර දැරියන්ට මාත්‍රා දෙකකින් ලබාදීමට රජය මගින් නිර්දේශ කර තිබේ. මෙම එන්නත ලබාදීමෙන් ඉදිරියේදී ගැබ්ගෙල පිළිකාවෙන් 80%ක් පමණ වැළකිය හැකිය. ඒ ප්‍රතිශක්තිකරණය ලබාදීම නිසාය. මෙම එන්නත ඉහත සඳහන් වයසේදී මෙන්ම ඉන් පසුවත් ප්‍රථම ලිංගික එක්වීමට පෙර ලබාගත යුතු බවද සඳහන් කළ යුතුය. ආර්ථවහරණයෙන් පසුවත් හැදෙනවාද? ආර්ථවහරණයෙන් පසුව වුවත් සෑදිය හැකිය. යම් කාන්තාවකට මාස්ශුද්ධිය නතර වූ පසු (ආර්ථවහරණයෙන් පසු) රුධිර වහනයක් වුවහොත් හෝ මාස් ශුද්ධිය තිබෙන කෙනෙකුට එය අතරතුර නැවත ශුද්ධවීම සිදුවුවහොත් වඩාත් සැලකිලිමත් විය යුතුය. එසේම ලිංගික එක්වීමෙන් පසු රුධිර වහනයක් වේ නම් එය මෙම පිළිකාව දැයි සැක කළ හැකි ප්‍රබල සාධකයකි. එවැනි තත්ත්වයක් පවතී නම් පමා නොකර නාරි වේද විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගන්න. ශිරානි ගල්ලෑල්ල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jun 2018 08:11 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jun 2018 08:12 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jun 2018 08:12 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 126 of 137 << < 124125126127128 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner