You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 127 of 137 << < 125126127128129 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jun 2018 08:12 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jun 2018 08:13 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jun 2018 08:13 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jun 2018 08:14 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jun 2018 08:14 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
08 Jun 2018 08:43 PM
දියවැඩියාව නූතන සමාජයේ ලොකු ගැටළුවක් බවට පත්වෙලා..
දැන්ම ඉදලම කවුරු කවුරුත් පරෙස්සම් වෙනවනම් හොඳයි...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jun 2018 09:13 PM

ඉන්ෆ්ලුවෙන්සාව පිට පළාත්වලටත් පැතිරීමේ අවදානමක්

ඉන්ෆ්ලුවෙන්සා රෝගය අනෙකුත් ප්‍රදේශවලද වේගයෙන් පැතිර යෑමේ අවදානමක් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනතුරු හඟවයි. වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ පරිදි ගාල්ල මාතර යන ප්‍රදේශවල මේ වන විට උණ රෝගීන්ගේ යම් අඩුවීමක් දක්නට ලැබුණද අනෙකුත් පළාත්වලින් රෝගීන්ගේ වාර්තා වීමේ වැඩි වීමක් පෙන්නුම් කරන බවයි.

මේ පිළිබඳව සිළුමිණට අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළේ මෙම ඉන්ෆ්ලුවෙන්සා A රෝගය ඉතා පහසුවෙන් එක් අයකුගෙන් තවත් අයකුට බෝ වීමේ ප්‍රවණතාවක් පවතින බැවින් උණ, කැස්ස, උගුරේ වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම වැනි රෝග ලක්ෂණද ඉන්ෆ්ලුවෙන්සා රෝගි තත්ත්වය නිසා විය හැකි බැවින් මේ රෝග ලක්ෂණ ඇත් නම් වහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත යුතු බවයි.

ගර්භිණී කාන්තාවන්, අවුරුදු 2ට අඩු දරුවන්, වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්, ඇදුම වැනි ස්වසන රෝග හෝ දියවැඩියාව වැනි කල් පවතින රෝග තත්ත්වයෙන් පෙළෙන්නන් මෙන්ම ප්‍රතිශක්තිය හීන වූ අයටද ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැලඳීමේ හා උත්සන්න වීමේ වැඩි අවදානමක් පවතියි.

 

අම්ල පිත්තය තදින් නග්ගන කෑම ජාති

අම්ල පිත්ත රෝගය හා සම්බන්ධ විස්තරයක් පසුගිය සතියේදී“අපේ වෙදකම” ඔස්සේ විස්තර කළෙමු. මෙහිදී අම්ල පිත්ත රෝගයට හේතු හා වළක්වා ගැනීම සම්බන්ධව සාකච්ඡා කෙරේ. ආයුර්වේදයට අනුව රෝගයක් ඇතිවීමට මූලික හේතුව වා, පිත්, සෙම් යන තුන්දොස්වල වෙනස්වීම හෙවත් විෂමතාවයයි.

අම්ල පිත්ත රෝගය සඳහා ඉහත දෝෂ තුනෙන් පිත් දෝෂයේ විෂමතාවය හේතුවේ. මෙහිදී නොකිපුණ හෙවත් ප්‍රකෘති ස්වභාවයෙන් පවතින පිත කටුක රසයෙන් යුක්ත අතර එය නොයෙක් හේතූන් නිසා විකෘති ස්වභාවයට පත්වී  එහි රසය අම්ල රසය බවට පත්වේ. මෙසේ පිත විකෘති වීම හෙවත් විදග්ධයට යාම නිසා පිත විසින් ඉටුකරන සිතේ සාමාන්‍ය ක්‍රියා, අඩපණ වී විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

මෙසේ ප්‍රධාන ලෙසට විකෘති වන්නේ. ආමාශය හා පත්වාශය මධ්‍යගතව පිහිටියා වූ විශේෂයෙන්ම ආහාර ජීර්ණය හා සම්බන්ධ ’පාචක” පිතයි. මෙසේ පිත විකෘති වීම නිසා පපුව, උගුර හා උදර මධ්‍ය ප්‍රදේශයේ දැවිල්ල ඇතිවේ. සමහර රෝගීන්ට ඇඹුල් රසට ආමාශයික යුෂ නිතරම උගුරට පැමිණේ. එවිට උගුරේ දැවිල්ල ඇතිවේ. ඇතැම් රෝගීන්ට ආහාර අරුචිය ඇතිවේ. එවිට ආහාර නොගැනීම නිසා තව තවත් රෝගය උත්සන්න වේ. එසේම සමහර රෝගීන්ට ආහාර ගත් විගස මළපහ පිට කිරීමේ අවශ්‍යතාවයද ඇතිවේ. ඇතැම් රෝගීන්ට මෙම රෝගය උත්සන්න වූ විට හිසරදය, මනසේ නොසන්සුන් බවද ඇතිවේ. සමහර අවස්ථාවලදී හිසේ කැරකැවිල්ල, ඔක්කාරයද ඇතිවේ. උදරයේ මධ්‍ය ප්‍රදේශයේ තුවාලයක මෙන් වේදනාවක්ද සමහර රෝගීන් පෙන්නුම් කරයි.

තවද අත්පා වල පවා දැවිල්ල ඇතිවීමා, සමේ කැසීම් ඇතිවීම, බිබිලි දැමීමද ඇතිවිය හැක. තිත්ත හා ඇඹුල් රසයෙන් යුක්ත ඔක්කාරය නිසා ඇතැම් විට කරකැවිල්ල ඇතිවී සිහිසුන් වීමටද පුළුවන. මීට අමතරව වෙනත් රෝග ලක්ෂණද ඇතිවිය හැක.

අම්ල පිත්ත රෝගය වර්තමාන සමාජයේ වයස් භේදයකින් තොරව ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව පවත්නා රෝගයක් ලෙස ප්‍රකටය. අතීතයට සාපේක්ෂව වර්තමානයේදී මිනිසුන්ගේ ජීවන රටාව අයහපත් ලෙස පවත්වාගෙන යාම නිසා රෝගී තත්ත්වය එදාට වඩා අද බහුල වේ. කාර්යබහුල ජීවන රටාවත් සමග මිනිසාගේ යහපත් ආහාර පාන පුරැදු, යහපත් හැසිරීම් රටා, (විහරණමය හේතු) වෙනස් වී ඇත. ඒ සමඟම බොහෝ මිනිස්සු වයස් භේදයකින් තොරව මානසික ආතතියෙන් පෙළෙති. පාසල් ළමුන් අතරද අම්ල පිත්ත රෝගය බහුල වී ඇත. මෙයට හේතු වී ඇත්තේ අධ්‍යාපන කටයුතු සම්බන්ධ ඔවුන් තුළ පවත්නා අනවශ්‍ය මානසික ආතතිය, කලට වෙලාවට ආහාර නොගැනීම හා සංකර ආහාර රටාවන්ය.

ආහාරමය හේතු

ආයුර්වේදයට අනුව ආහාර යනු ප්‍රාණීන්ගේ ප්‍රාණයයි. ආහාර හේතුකොට රෝග ඇතිවන බවද ආයුර්වේදයේ පැහැදිලිව දක්වා ඇත. යහපත් ආහාර මිනිසාගේ නිරෝගී බවට මෙන්ම අයහපත් ආහාර මිනිසාගේ රෝගී බවටද හේතුවේ. වර්තමානයේ සමාජයේ පවත්නා බොහෝ බෝ නොවන රෝග සඳහා මෙන්ම අම්ල පිත්ත රෝගය සඳහාද ඍජු ලෙස හෝ වක්‍ර ලෙස ආහාරවල යම් බලපෑමක් ලබාදේ. විශේෂයෙන්ම අම්ල පිත්ත රෝගය ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ රෝගයන් නිසා අනෙක් රෝගවලට සාපේක්ෂව ආහාර මඟින් විශේෂ බලපෑමක් මෙම රෝගය කෙරෙහි ඇති කරයි.

විශේෂයෙන් ස්වභාවික ආහාරවලින් ඈත් වී කෘත්‍රිම ආහාරවලට ඇබ්බැහි වීමක් වර්තමානයේදී දැකිය හැක. කෘත්‍රිම ආහාර යනු රසකාරක (ආහාර රසගන්වන කෘත්‍රිම රසායන ද්‍රව්‍ය) වර්ණකාරක (ආහාර වර්ණ ගන්වන කෘත්‍රිම වර්ණකාරක) මෙන්ම තෙල්, සීනි හෝ ලුණු අධිකව අඩංගු ආහාර, අඩක් හෝ සම්පූර්ණ ලෙස පිසූ ආහාර වේ. මෙම වර්ණකාරක, රසකාරක මෙන්ම තිරකාරක යෙදූ ආහාර මගින් අම්ල පිත්තය රෝගය උත්සන්න වේ. රෝගය නොමැති රෝගීන්ට ඉහත කෘත්‍රිම ආහාර (කිරිපිටි, බිස්කට්, ක්ෂණික නූඩ්ල්ස්, මීට් බෝල්ස්, ජෑම්, සොසේජස්) වැනි ආහාර මගින් අම්ල පිත්ත රෝගය ඇතිවීමට අනුබලයක් ලබාදේ. එමෙන්ම කොත්තු, බදින ලද කට්ලට්, පැටිස්, ෆ්‍රයිඩ් රයිස් වැනි ආහාර මගින්ද අම්ල පිත්ත රෝගය වර්දනය වේ. එසේම උෂ්ණාධික යැයි සම්මත, තක්කාලි, බලමාළු, කෙළවල්ලන්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් වැනි ආහාරද කුළුබඩු වැඩිපුර යෙදූ තෙල්, අධික මිරිස් සැර යෙදූ ආහාර, විශේෂයෙන් තිරිඟු පිටි යෙදූ ආහාර, අධික තේ කහට, කෝපි, කිරිපිටි වර්ග, මෝල්ට් කිරි වර්ග රෝගයට අහිතකර වේ. මේ නිසා මෙවැනි අහිතකර ආහාරවලින් වැළකී සිටීම අම්ල පිත්ත රෝගීන් වගබලා ගත යුතුයි.

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jun 2018 09:39 PM

වැඩි කලක් ජීවත් වෙන්න: දහ වතාවක් පළතුරු කන්න

උපන්දා සිට සැම දෙනාගේම උත්සාහය වැඩිම කාලයක් ජීවත් වීමටය. ඒ සඳහා උපකාරී වන යහපත් පුරුද්දක් ගැන දැන් තොරතුරු වාර්තා වී තිබේ. එක දවසකට දහ වතාවක් එළවළු සහ පළතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් මිනිස් ආයු කාලය දීර්ඝ විය හැකි බව මෙම අලුත්ම සොගැනීම පෙන්වා දෙයි. 

එවැනි ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් වසරකට අකල් මරණ ලක්ෂ හැත්තෑ අටක් වළක්වා ගත හැකි බව කියන්නෙ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්වවිද්‍යාලයේ පර්‍ෙය් ෂක පිරිසකි. 

පිළිකා සහ හෘද රෝග වැළඳීමේ අන්තරායෙන් වැළකීමට හේතුවෙන විශේෂ එළවළු සහ පළතුරු වර්ග ඉහත කී අධ්‍යයන කණ්ඩායම විසින් හඳුනාගනු ලැබ ඇත. එළවළු සහ පළතුරු සුළු වශයෙන් ආහාරයට ගැනීම පවා ශරීර සෞඛ්‍යයට හිතකර වන අතර එවැනි ආහාර වර්ග වැඩි වශයෙන් අනුභව කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව එම අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි.

පර්යේෂකයන්ට අනුව එකවරකට ආහාරයට ගත යුතු එළවළු හෝ පළතුරු ප්‍රමාණය ග්‍රෑම් අසූවකි. එනම් කුඩා කෙසෙල් ගෙඩියකට හෝ පෙයාර්ස් ගෙඩියකට සමාන ප්‍රමාණයකි.

පිළිකා වැළඳීමේ අනතුර පහත හෙළන  එළවළු වර්ග:

කොළ පැහැති එළවළු, කහ පැහැති එළවළු, ගෝවා, මල් ගෝවා සහ බ්‍රොකොලි වැනි කොළ පැහැති පත්‍ර සහිත එළවළු

හෘද රෝග වැළඳීමේ අනතුර පහත හෙළීමට බලපාන එළවළු  පළතුරු වර්ග

ඇපල්, පෙයාර්ස්, පැඟිරි සහිත පළතුරැ, සලාද, කොළ පැහැති එළවළු, ගෝවා, මල් ගෝවා සහ බ්‍රොකොලි වැනි කොළ පැහැති පත්‍ර සහිත එළවළු.

- Web  MD

ආයුර්වේද අත්බෙහෙත්

♦උළුක්කුවට

වල් අඹ පොතු, බැලතණ, අමුකහ, ලුණු දමා කොටා මලවා බඳින්න.

බේත් එඬේරු කොළ, පොතු, මුල්, ඇට, දළු, අමුකහ, ලුණු දමා කොටා මලවා බඳින්න.

එරබදු කොළ පොතු, අමුකහ, ලුණු දමා කොටා මලවා බඳින්න.

♦මුත්‍රා පිටනොවීම නිසා යටිබඩ කොරවීම

යටිබඩේ එඬරු තෙල් ආලේප කර උණු ජලය පිරවූ වීදුරු බෝතලයකින් තවන්න.

කුප්පමේණිය කොළවලට කපුරු පෙත්තක් දමා අඹරා යටිබඩේ ගාන්න.

යටිබඩේ එඬරු තෙල් ගා බැබිල කොළ කොටා එයින් පොට්ටනියක් සාදා යටිබඩ තවන්න.

♦ඉක්කාවට

අරත්ත අල මී පැණියෙන් අඹරා දිවේ ගාන්න.

සුදුලූනු, බැවිල මුල්, උළුහාල්, ගම්මිරිස් තම්බා බොන්න.

► අන්තර්ජාලය ඇසුරෙනි

 

විභාග පිස්සුව!

අද අපේ බොහෝ දරුවන්ට දරුවකු ලෙස ජීවත් වන්න බැරි වෙලයි තියෙන්නේ. ළමා කාලය විඳින්න බැරි වෙලා තියෙනවා. ආදරය සහ ක්‍රීඩාවෙන් ඈත් වෙලා තියෙනවා. හෙට දවස ගැන අවිනිශ්චිත බවක් ඇති වෙලා තියෙනවා. මව්පියන්ගෙන් සහ සමාජයෙන් ඈත් වෙලා වට්ස් ඇප් එකක් ඇතුළේ, වයිබර් ඇතුළේ එහෙමත් නැත්නම් ඉමෝ ඇතුළේ මොළය විඩාවට පත් කරමින් වෙහෙසෙමින් කාලය අපතේ හරිනවා. මේ සියල්ල ඇතුළේ තවත් රහසක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ළඟදි නිකුත් වුණ වාර්තාවක පෙන්වා දෙන්නේ රටේ සිටින සියලුම මානසික රෝගීන්ගෙන් 35%ක් අවු.5ත් 19ත් අතර දරුවන් කියලා. 

ඔබ දන්නවාද මේ දරුවන් ගොදුරු වෙලා තියෙන මානසික ගැටලු මොනවද කියලා? මෙම දරුවන්ගෙන් 20%ක්ම ජීවත් වෙන්නේ පියා නැති පවුල්වල. මෙම දරැවන්ගෙන් 6%ක් පමණ සියදිවි නසා ගන්නවා. 9%ක් පමණ සියදිවි නසාගැනීම්වට උත්සාහ කරනවා. රටේ දික්කසාද අනුපාතය 56%යි. ගෘහ ප්‍රචණ්ඩත්වය 60%ක්. මත් පැන්වලට ගොදුරැ වූ පවුල් සංඛ්‍යාව 35%ක්.

මේ සියලු කරුණු අතරින් අද ගැටවර වියේ සිටින දරුවා මුහුණ දෙන ප්‍රධානම මානසික ආතතිය විභාග ආතතිය කියලා සමහර විට ඔබ දන්නේ නැතුව ඇති. සෞඛ්‍ය අමාත්‍යංශයේ ජේෂ්ඨ වෛද්‍ය විශේෂඥ නීල් තලගල යුනිසෙෆ් ආයතනයත් සමඟ ලංකාව පුරාම කරන ලද සමීක්ෂණයකින් හෙලි වූයේ ගැටවර වියේ සිටින දරුවන් විශාල සංඛ්‍යාවක් විභාග ආතතිය සහ අසහනයෙන් සහ බියෙන් පෙළෙන බවයි.

අපි මේ ආතතිය කුමක්ද කියලා බලමු. ආතතිය කියන්නේ මොළයේ සිදුවන යම් මානසික සහ රසායනික ප්‍රතික්‍රියාවක්. ආතතිය එක්තරා ප්‍රමාණයකට වැඩි වූ විට අපේ ශරීරය අපට අවශ්‍ය කාර්ය කිරීමට හොඳින් සකස් කර දෙනවා. අපි හිතමු ඔබ සම්මුඛ පරීක්ෂණයකට යනවා කියලා. කළින් දවසේ ඔබට නින්ද පොඩ්ඩක් අඩු වෙනවා. පොඩි බයක් ඇති වෙනවා. උදේ පාන්දර හිසේ පොඩි බර ගතියක් වගේම අමුතු ප්‍රබෝධයක් සහ අවදි වීමක් ද මනසට සහ ශරීරයට දැනෙනවා. ඉතින් ඔබ සම්මුඛ පරීක්ෂණයට යනවා. පොඩි චකිතයක් සහ බයක් ඇති වුණත් ඔබ ඊට හොඳින් මුහුණ දෙනවා. 

පුංචි කථාවක් උපයෝගී කරගෙන දරුවන් මෙම විභාගය නැමති ආතතියට ගොදුරැ වන ආකාරය සොයා බලමු. 

කසුන්ගේ කතාව

කසුන් අපේ සායනයට යොමු වුණ තවත් දරුවෙක්. කොළඹ පාසලක ඉගෙනුම ලබන කසුන් තව මාස 6කින් පහේ ශිෂ්‍යත්වයට සූදානම් වෙමින් සිටිනවා. කසුන් අපට යොමු වුණේ ඔහුගේ මව සමඟය. මව ගුරුවරියකි. කසුන්ගේ ගැටලුව මව මෙසේ පැහැදිලි කළාය. 

දැන් ඉස්කෝලේ යන්නත් බෑ කියනවා. උදේට පටන්ගන්න හිසේ කැක්කුම හවස් වෙනකල්ම තියෙනවා. නිතරම තරහා යනවා. නිදාගන්න ගියත් පැය ගාණක් යනකම් නින්ද යන්නෑ. හතරේ පංතියේදි නම් විෂයන්ට හොඳට ලකුණු තිබුණා. දැන් බොහෝ විෂයන්ට ලකුණු 40යි, 50යි. ගුරුවරු කියනවා මේ ළමයා නම් විභාගේ පාස් වෙන එකක් නෑ කියලා. මමත් ගුරුවරියක්. පුතාගේ ටීචර්ස්ලා බනින්නේ මට. තාත්තා ඉන්නේ ආමි එකේ. මාසයකට සැරයයි ගෙදර එන්නේ. මට තව දුවෙකුත් ඉන්නවා. මේ සේරම බර මගේ ඔළුවේ තමා තියෙන්නේ. දැන් මේ දරුවා ඩොක්ටර්ස්ලා හතර දෙනකුට පෙන්නුවා. CT ස්කෑන් එකකුත් ගත්තා. හැම පරීක්ෂණයක්ම සාමාන්‍යයි. ඔවුන් කියන්නේ කසුන්ට මිග්‍රේන් තියෙනවා කියලා. දැන් මාස හතරක් තිස්සේ බෙහෙත් දෙනවා. කිසිම සනීපයක් නෑ.

අපි කසුන්ගෙන් ඔහුගේ අසනීපය ගැන විමසුවා. ඔහු මෙහෙම කීවා.

මගේ මේ ඔළුව කැක්කුම මාස තුනක් විතර. පොත අතට ගත්ත හැටියෙම හිසේ කැක්කුචම හැදෙනවා. දැන්නම් පාඩම් කරන්න කිසිම ආසාවක් නෑ. ඉස්කෝලේ යන්නත් ආස නෑ. අම්මා නිතරම බනිනවා පාඩම් කරන්නෑ කියලා. ඉස්සර මම සතියට දවස් දෙකක් Swimming ගියා. අම්මා ඒකත් නැවැත්තුවා. අල්ලපු ගෙවල්වල ඉන්නේ මගේ යාළුවෝ. ඉස්සර මම යාළුවොත් එක්ක හවසට ක්‍රිකට් ගැහුවා. අම්මා ක්‍රිකට් ගහන එකත් නැවැත්තුවා. අම්මා කියන්නේ ශිෂ්‍යත්වේ නිසා බාහිර වැඩ සේරම නවත්වන් කියලා. අම්මා මට නිතරම බනිනවා. මගේ කිසිම හොඳක් දකින්නේ නෑ. අම්මා හිතන්නේ ශිෂ්‍යත්ව පංති ගැන විතරයි. ඉස්කෝලේ ඉවර වුණාම හවස ශිෂ්‍යත්ව පංති තියෙනවා. ගෙදර එනකොට හරිම මහන්සියි. අම්මාට මගේ මහන්සිය තේරෙන්නේ නෑ.

මෙහි එන කසුන් ගොදුරැ වී ඇත්තේ මනෝ වෛද්‍ය විද්‍යාව අනුව කල් පවතින දැඩි මානසික ආතතිය (Generalized Anxiety Disorder) විභාග ආතතියකදී දරුවන් බොහෝ විට ගොදුරැ වනුයේ මෙම රෝගී තත්ත්වයටය. මෙහි ලක්ෂණ තවදුරටත් හඳුනාගනිමු.

පාසල් යාමට ඇති අකමැත්ත.
(Refusing to go to School)

නිතර පවතින හිසේ බර ගතිය හෝ හිසේ කැක්කුම.
(Frequent Headaches)

නින්ද ආරම්භ කිරීමට ඇති අපහසුව.
(Sleeping Difficulties)

සැහැල්ලුවෙන් සිටීමට ඇති අපහසුතාව හෝ අවිවේකී බව.
(Inability to relax)

නිතර අමතක වීම හෝ මතක තබා ගැනීමට අපහසු වීම.
(Lock of concentration) 

ඉවසීම අඩු වීම හා පහසුවෙන් කිපෙනසුළු බව.
(Irritability) 

ඉහත ලක්ෂණ අනුව මනෝ වෛද්‍යවරයකු විසින් දරුවාගේ ගැටලුව පිළිබඳ අවසාන රෝග විනිඕචයකට එළඹෙනු ඇත. දරුවාට තිබුණු රෝගය මිග්ග්‍රේන් (Migraine) යැයි වැරදි ලෙසස වටහාගෙන මාස 6කට වැඩි කාලයක් නොයෙකුත් ප්‍රතිකාර ලබා දී තිබුණි. සායනයට ‍යොමු වූ කසුන් සම්පූර්ණ සුවය ලබා හොඳින් ශිෂ්‍යත්වයට ද මුහුණ දුන්නේය. මෙම මානසික ආතතියෙන් කසුන්ව මුදවා ගත් ආකාරය දැන් අපි බලමු.

කසුන්ගේ කතාවෙන් ඔබට පෙනෙනුයේ මෙම දරුවා පමණක් නොව මවද දරුවාගේ විභාගය පිළිබඳ අසාමාන්‍ය ලෙස ආතතියට පත් වී ඇති බවය. කසුන් මින් මුදවා ගැනීමට පහත සඳහන් ක්‍රියාකාරකම්වලට එළඹුනි.

මවගේ තරහා සහ ආතතිය අවම කිරීමට අවශ්‍ය මනෝ අධ්‍යාපනය, ප්‍රතිකාර සහ ව්‍යායාම හඳුන්වා දීම.

දරුවාගේ ආත්ම අභිමානය වැඩි කිරීමට කළයුතු ක්‍රියාකාරකම් මවට කියාදීම.

Ex - කුඩා පොත් පිංචක දරුවාගේ ලස්සන පිංතූරක් ඇලවීම සහ එම පොතෙහි දිනපතා දරුවාගේ එදිනෙදා දක්නට ලැබෙන ආස හිතෙන හැසිරීම් එකක හෝ දෙකක් ලිවීම. (ඔයා ලස්සනට හිනාවෙනවා. මම ඔයාට ආදරෙයි.
දරුවා නැවත ක්‍රීඩාවලට යොමු කිරීම.

දරුවාගේ ශිෂ්‍යත්ව පංති පහ තුනකට අවම කිරීම. (මෙහිදී අප දරුවාගේ පාසලේ විදුහල්පතිනියට තත්ත්වය පිළිබඳ පැහැදිලි කර ලිපියක් ලබා දුණි.)

දරුවා සමඟ දිනකට පැය භාගයක් හෝ විනාඩි 45ක් ගත කරන ලෙස මවට උපදෙස් දීම. (දරුවා සමඟ සිංදුවක් කීම, කතාවක් කියා දීම, යම් සෙල්ලමක යෙදීම.)

සති දෙකෙන් දෙකට කසුන් සායනයට ගෙන්වා ගත් අතර ප්‍රගතිය පිළිබඳ නිසි සමාලෝචනයක යෙදුණි. මේ පිළිබඳ කසුන් පැවසූ දේ අපි බලමු.

දැන් අම්මාට තරහා යන්නේ නෑ. අම්මා ඉන්නේ මගේ යාළුවෙක් වගේ. මට සෙල්ලම් කරන්නත් දෙනවා. මගේ දැන් ඔළුව කැක්කුමකුත් නෑ. මට පාඩම් කරන්නත් පුළුවන්. ඉස්සර මට කවුරුවත් නෑ කියලා හිතුණේ. දැන් නම් මට හිතෙන්නේ මගේ අම්මයි තාත්තායි දෙන්නම මට ඉන්නවා කියලා.

ඩයනා බර්මුරන් (Diana Burmuran) කියන්නේ අමෙරිකානු ජාතික විශිෂ්ඨ මනෝ විද්‍යාඥවරියක්. මව්පියන්ගේ හැසිරීම් අනුව දරුවන්ගේ හැසිරීම් වෙනස් වන ආකාරය පිළිබඳ සමීක්ෂණ ආශ්‍රය කරගෙන මුළු ලෝකයටම ඉස්සරලම කියලා දුන්නේ ඇය තමයි. ඇය දෙමාපියන් කොටස් තුනකට බෙදුවා.

ආධිපත්‍ය පතුරවාගෙන සිටින මාපියන් (Authoritarian Parenting)

ඇයට අනුව මෙම මව්පියන් දරුවාට දැනෙන්න ආදරය කරන්නේ නෑ. දරුවා සහ දෙමාපියන් අතර ඇත්තේ ඉතා දුරස්ථ සම්බන්ධතාවයක්. දැඩි නීති රීති සමුදායක් යටතේ තමයි දරුවා හදන්නේ. දරැවාට හිතන්න හෝ තම අදහස් ප්‍රකාශ කරන්න අවකාශයක් නෑ. ඩයනා බර්මුරන් කීවා මෙවැනි දරුවන් යම් දිනක වැඩිහිටියන් වූ විට සතුටින් ජීවත් වෙන්න බැරි, නිතර කිපෙනසුළු, සමාජ කුසලතා අඩු, බොහෝ විට අසාර්ථක පවුල් ජීවිත ගත කරන අය බවට පත් වෙන්න පුළුවන් කියලා.

දරුවන්ට අසීමිත නිදහස දෙන මව්පියන් (Permissive Parenting)

මෙම මව්පියන් දරුවා පිළිබඳ නිසි සොයා බැලීමක් කරන්නේ නැහැ. දරුවන්ට හුඟක් ආදරෙයි. ඉල්ලන ඕනම දෙයක් අරන් දෙනවා. දරුවා වැඩීමට යම් ආකාරයක විනයක් සහ සමහර රෙගුලාසි අවශ්‍යයි කියලා ඔවුන් හිතන්නේ නෑ.

Ex - දරුවන්ගේ ගුරුවරු සහ යහළුවන් සමඟ මෙම මව්පියන් තබාගෙන ඇති සම්බන්ධතාවය ඉතා අවමය. 

ඩයනා බර්මුරන් කීවා මෙවැනි දරුවන් යම් දිනක වැඩිහිටියන් බවට පත් වන විට හැඟීම් පාලනයට අපහසු ආත්මාර්ථකාමී චරිත බවට පත්විය හැකි බව.

දරැවාගේ හැඟීම් තේරැම් ගත් මව්පියන් (Authoritative Parenting)

මෙම මාපියන් ඉතාම සාර්ථක මව්පියන් බව මේ විද්‍යාඥවරිය පැවසුවා. මෙම පරිසරය තුළ තිබෙන ප්‍රධානම ලක්ෂණය නම් දරුවාගේ හැඟීම් හඳුනා ගැනීම සහ ඊට නිසි ලෙස ප්‍රතිචාරාත්මක වීම. ඊට අමතරව යම් විනය පද්ධතියක් තුළ දරුවා පාලනය වෙනවා. මෙහිදී දරුවාට ඉල්ලන හැමදේම ලබාදීමක් සිදුවන්නේ නෑ. බැහැ කියන දේ පැහැදිලිවම බැහැ කියලා කියනවා. දරුවාගේ එදිනෙදා ජීවිතය ගැන නිසි අවබෝධයෙන් සිටිනවා. දරුවා සමඟ යම් කාලයක් දිනකට ගත කරනවා. ඩයනා බර්මුරන් කීවා මෙම දරුවන් යම් දිනෙක වැඩිහිටියන් බවට පත් වූ විට සතුටින් කල් ගෙවන, අන් අයගේ හැඟීම් තේරුම් ගන්න, පහසුවෙන් මානසික ආතතීන්ට සහ අවපීඩන තත්ත්වයන්ට ගොදුරු නොවන නිරෝගී පුරවැසියන් බවට පත් වන බව.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jun 2018 09:50 PM

ගෑනු පිරිමි බේදයක් නැති පියයුරු පිළිකා මාරකේ!

කාන්තාවන්ට වැළඳෙන පිළිකා රෝග අතරින් වැඩි ලෙසම වාර්තා වන්නේ පියයුරු පිළිකාව බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පෙන්වා දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම තත්ත්වය සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් දෙවර්ගයටම පොදු කරුණක් බවය.

2011 වසරේ දී ලොව පුරා කාන්තාවන් 508,000 ක් පියයුරු පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇති බව ඇස්තමේන්තු කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 2014 වසරේ දී ශ්‍රී ලංකාව තුළ පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇති කාන්තාවන් සංඛ්‍යාව 7,200 කි. ඉන් 18.8%ක්ම පියයුරු පිළිකා රෝගීන්ය. කෙසේ නමුත් පියයුරු පිළිකාවක් වැළඳී සුවය ලැබීමට පවතින හැකියාව රටින් රටට අනුව වෙනස් වේ.

පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්‍ෂණ

ශ්‍රී ලංකා ජාතික පිළිකා ආයතනය පවසන පරිදි පියයුරු පිළිකා ප්‍රාථමික හෝ ද්වීතියික මට්ටමේ පවතින්නක් විය හැක.

පිළිකාව මුලින්ම පියයුරු ආශ්‍රිතවම ඇතිවූවක් නම් එය ප්‍රාථමික පියයුරු පිළිකාවකි. ශරීරයේ වෙනත් තැනක ඇතිවූ අර්බුදයක් පියයුරැවලට පැතිරී ඇත්නම් එය ද්වීතියික පියයුරැ පිළිකාවකි.

බොහෝ අවස්ථාවලදී ප්‍රාථමික පියයුරු පිළිකා ප්‍රතිකාරවලින් පසු නැවත හටගැනීමක් සිදුවන්නේ කලාතුරකින් බව පිළිගැනීමයි. 

කෙසේ නමුත් ඇතැම් අයගේ පිළිකා සෛල, ප්‍රාථමික පිළිකාවලින් වෙන්වී ගොස් රුධිර ප්‍රවාහය හෝ වසාවාහී පද්ධතිය මගින් ශරීරයේ අනෙක් කොටස්වලට පැතිර යා හැකිය.   

පියයුරු පිළිකාව ගැන  ඉඟිකරන පොදු රෝග ලක්‍ෂණ 12 ක්

පියයුරු ආශ්‍රිත සම ඝන වීම, සම මතුපිට වළ ගැසීම, තන පුඩුව මත කුෂ්ට ඇතිවීම, තන පුඩුවෙන් දියරයක් ගැලීම, අසීරුවක් හෝ වේදනාවක් දැනීම, තන පුඩුව ඇතුළට ගිලීයාම, නහර මතුවීම, ඉදිමීම, සැරව සහිත තුවාල ඇතිවීම, සම දොඩම් ලෙල්ලක ස්වරූපය ගැනීම, පියයුරුවල ප්‍රමාණය හෝ හැඩය වෙනස්වීම, තද ගැටිති.

ඉහත කී රෝග ලක්ෂණ ඇත්නම් වහා වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරගත යුතු බව විශේෂඥ මතයයි.

පියයුරුවල ගැටිති ඇතිවීම පියයුරු පිළිකාවල ඉතා සුලබ ලක්‍ෂණයක් වුවද එසේ පියයුරුවල ඇතිවන සෑම ගැටිත්තක්ම පිළිකා නොවන බව වෛද්‍ය මතයයි.  මේ අතර කාන්තාවන් මෙන්ම පුරුෂයන් ද පියයුරැ පිළිකාවලට ගොදුරු විය හැකි නමුත් ශ්‍රී ලංකාවේ බහුතර පුරුෂයන් ඒ සම්බන්ධයෙන් දැනුවත්ව නොමැති බව ජාතික පිළිකා ආයතනය  පෙන්වා දී තිබේ.

පිරිමියෙකු තුළ දැකිය හැකි පියයුරු පිළිකා රෝග ලක්ෂණ

තන පුඩුව යට හෝ කිහිලි යට ඇතිවන වේදනා රහිත ගැටිති, පියයුරුවල ප්‍රමාණය හෝ හැඩය වෙනස්වීම, යටිකුරු වූ තන පුඩු, තන පුඩුවේ කුෂ්ඨ ඇතිවීම, තන පුඩුවෙන් රුධිරය වහනය වීම, කිහිල්ල ඉදිමීම හෝ ගැටිති ඇතිවීම, තන පුඩුව වටා තුවාලයක් හටගැනීම.

කාන්තාවන් මෙන්ම පුරැෂයන් ද පියයුරු පිළිකාවලට ගොදුරැ විය හැකි නමුත් ශ්‍රී ලංකාවේ බහුතරයක් පුරුෂයන් ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැත. පියයුරු පිළිකාවලට ගොදුරැවන කාන්තාවන් හාරදහසත් පන්දහසත් අතර සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවෙන් වාර්ෂිකව වාර්තා වන අතර පුරුෂයන් වාර්තා වන්නේ පනස් දෙනෙකු පමණ  අඩු ප්‍රමාණයකි. පුරැෂයන්ට පියයුරු පිළිකා ඇතිවීමට හේතු කීපයක් බලපෑ හැකි බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති. 

පුරුෂයන්ගේ පියයුරු විශාල වන්නේ ඇයි?

ඊස්ට්‍රජන් හෝමෝන වැඩිවීම, ජානමය හේතු, අක්මාව ආශ්‍රිත රෝග (සිරෝසිස් වැනි), අධික රැධිර පීඩනය සඳහා ලබාදෙන ඖෂධ, ඇතැම් නිදිපෙති වර්ග, තරබාරුව.

පුරුෂ පියයුරු පිළිකාව ශ්‍රී ලංකාවේ බහුලව දැකිය නොහැකි නිසා ඒ පිළිබඳ විමසිලිමත් වීමද අඩුය. නමුත් යම් පුරුෂයකුගේ පියයුරු සාමාන්‍යයෙන් පුරැෂයකුගේ තිබිය යුතු ප්‍රමාණයට වඩා විශාල නම් ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්ය.                                                                                                        

  සුගත්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jun 2018 10:03 PM

වකුගඩු ලෙඩේට සරල ප්‍රතිකාර!

වෛද්‍ය විද්‍යාව ඉතාමත් දියුණු මට්ටමකට පත්ව තිබෙන අද මෙන් නොව අතීතයේ ඉඳහිට වාර්තා වූ දියවැඩියාව, කොලෙස්ටරෝල් වැඩිවීම, අධික රුධිර පීඩනය, හෘද රෝග, පිළිකා රෝග, වකුගඩු රෝග වැනි බෝ නොවන රෝගවල ගොදුරු බවට අද බොහෝ දෙනෙක් පත්වෙති. වර්තමානය වනවිට සැම නිවසකම එක් සාමාජිකයකු හෝ ගොදුරු කර ගැනීමට එවැනි රෝග සමත් වී ඇත. තාක්ෂණික දියුණුවත් සමඟ ලබාගන්නා අති සුඛෝපභෝගී ජීවන රටාව, අයහපත් ආහාර රටා, ප්‍රමාණවත් ව්‍යායාම් නොමැතිකම, ශාරීරික හා මානසික අවිවේකී බව මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ප්‍රධානවම බලපා තිබේ.

බෝ නොවන රෝග අතුරින් කාලීන වකුගඩු රෝගය ක්‍රමක්‍රමයෙන් හිස එසවීමට පටන්ගෙන තිබීම එම තත්ත්වයේම කොටසකි. කාලීන වකුගඩු රෝගයේදී ක්‍රම ක්‍රමයෙන් කාලයත් සමඟ වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩුවේ. මෙය නවීනම Chronic Kidney disease (CKD) ලෙස හඳුන්වයි. ඉතා සෙමින් වසර ගණනාවක් තිස්සේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩපණ වීම මෙහිදී සිදුවන අතර මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ නොපෙන්වයි. සැලකිය යුතු ප්‍රතිශතයකින් වකුගඩු අකර්මණය වූ විට රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගන්නා බැවින් වකුගඩුවල නිරෝගීභාවය පිළිබඳ නිතරම සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් කරුණකි.

ලංකාවේ පමණක් නොව වකුගඩු රෝගය පිළිබඳ ලෝක ව්‍යාප්තිය සලකා බැලීමේදී එහි වැඩිවීමක් දක්නට ලැබේ. වයස්ගත වීමේදී ස්වභාවිකවම වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩුවීමක් දක්නට ලැබේ. එසේම වැඩිහිටි ජනගහණය අතර කාලීන වකුගඩු අකරණය බහුලවම දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ කාලීන වකුගඩු අකරණය සඳහා බලපාන ප්‍රධානතම රෝග වන්නේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, මුත්‍රා ආශ්‍රිත ගල්, වකුගඩු ප්‍රදාහය, වකුගඩු බහු කෝෂ්ට රෝගය (Polycystic kidney disease) මුත්‍රා ආසාදන හා විශේෂයෙන් උතුරු මැද පළාතේ තවමත් නිශ්චිත හේතුවක් සොයා නොගත් වකුගඩු රෝගයයි.

දියවැඩියාව, අධි රුධිර පීඩනය සහිත රෝගීන් නිසි ලෙස ඖෂධ හා අවශ්‍ය උපදෙස් පිළිපැදීම මගින් පාලනය කරගැනීමට නියමිත කාලවකවානුවලදී වකුගඩු පරීක්ෂා කරවා ගැනීමටත් වෛද්‍ය උපදෙස් අනුව සිදුකළ යුතුය. එබැවින් එවැනි රෝගවලින් වකුගඩුවලට වන බලපෑම අවම කර ගැනීමට හැකිවනු ඇත.

එසේම වකුගඩු ප්‍රදාහ මුත්‍රා ගල් වැනි රෝග තත්ත්ව වලදී නිසි ප්‍රතිකාර ලබා ගැනීමද කළ යුතුවේ. මෙම රෝග තත්ත්වයන් සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව පවතී. එබැවින් සුදුසු වෛද්‍යවරයකු හමුවී නියමිත ප්‍රතිකාර ලබාගැනීමෙන් වකුගඩු අකර්මණ්‍ය වීමෙන් වළක්වා ගත හැකිවේ.

වකුගඩු රෝගය වැළඳීමේ අවදානම වැඩි පුද්ගලයන් ලෙස, සියලුම දියවැඩියා රෝගීන්, සියලු අධිරුධිර පීඩන රෝගීන්, ළඟ ලේ ඥාතීන්ට වකුගඩු රෝගය ඇති පුද්ගයන්, දුම්පානය කරන්නන්. වයස අවුරුදු පනහ ඉක්ම වූ සියලු දෙනා දැක්විය හැකිය. මෙසේ අවදානමක් සහිත පුද්ගලයන් හඳුනාගත් විට ඔවුන් වසරකට වරක් පරීක්ෂාවන් සඳහා යොමු කරවීමටත් එමඟින් රෝගය හොඳින් පාලනය කිරීමටත් අවස්ථාව සැලසේ.

නිරෝගී වකුගඩු සඳහා සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් පවත්වා ගැනීම අනිවාර්ය වේ. ශරීරයේ ස්ථුලතාවය වැඩිවීම රෝග රැසකට හේතු වනවා සේම එය වකුගඩු රෝග සඳහාද බලපාන බව මෑතකදී සොයාගෙන ඇත. නියමිත පරිදි ශරීර ස්කන්ධ දර්ශකය (BMI) පවත්වා ගැනීමෙන් රෝග රැසකින් ආවරණය ලැබේ.

සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් සඳහා සමබල ආහාර වේලක් හා ක්‍රියාශීලී දිවිපෙවෙතක් පවත්වා ගැනීම අනිවාර්ය වේ. මේ සඳහා නැවුම් එළවළු, පළතුරු, පලාවර්ග වැඩිපුර ආහාරයට එක්කර ගැනීම, ප්‍රමාණවත් ජලය පානය කිරීම, කෘත්‍රිම ආහාර පාන, ක්ෂණික ආහාර වර්ග වලින් ඈත් වීම, සැහැල්ලු මනසක් පවත්වා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව අවධානය යොමුකළ යුතුය. ප්‍රමාණවත් ශාරීරික ව්‍යායාම්වල යෙදීම, එළිමහන් ක්‍රීඩාවල නිරතවීම, නිරතුරුවම ක්‍රියාශීලී වීම, එකම ස්ථානයේ එකම ඉරියව්වේ වාඩි වී නොසිටීම, බයිසිකල් පැදීම, පිහිනීම වැනි ව්‍යායාම්වල නිරතවී වකුගඩු රුක ගැනීමට උදව් වේ.

රුධිර සීනි මට්ටම හා රුධිර පීඩනය හොඳින් පාලනය කර ගැනීම, ජලය පානය කිරීම, දුම්පානයෙන් වැළකීම, විශේෂයෙන් වෛද්‍ය උපදෙස්වලින් තොරව ඖෂධ දීර්ඝකාලීනව භාවිතයෙන් වැළකීම, නිසි ආහාර ගැනීම වැනි ක්‍රම මගින්ද වකුගඩු රැකගත හැකි වේ.

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jun 2018 07:52 PM

danisපසුගිය දිනෙක අප කතා කළා අස්‌ථී සන්ධි ප්‍රදාහය පිළිබඳවත්, එය වැළඳීම කෙරෙහි බලපාන සාධක පිළිබඳවත්. අද අපි කතා කරමු අස්‌ථී සන්ධි ප්‍රදාහයේ එක්‌ අවස්‌ථාවක්‌ වන දණ හිස්‌ සන්ධි ප්‍රදාහය ගැනත් ඊට යොදා ගත හැකි ප්‍රතිකාර ක්‍රම මොනවාද කියාත්. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද දිනයේත් අප එකතු කර ගත්තේ හලාවත මූලික රෝහලේ වෛද්‍ය ලිහිරු සරංග ප්‍රනාන්දු මහතාවයි.

වෛද්‍යතුමනි දණ හිස්‌ සන්ධි ප්‍රදාහය වැළඳී ඇති රෝගියෙකු හඳුනා ගන්නේ කෙසේද?

මිනිස්‌ සිරුරක බර සෘජුවම දැනෙන සන්ධියක්‌ ලෙස දණ හිස්‌ සන්ධි හඳුන්වා දිය හැකියි. මේ නිසා ශරීරයක ඇති සන්ධි අතුරින් මුලින්ම ආසාදනයට ලක්‌ වන්නේ දණ හිස්‌ සන්ධියයි. අධික ලෙස බර දැරීමේදී දණ හිස්‌ සන්ධිවල ඇති කාටිලේජ හෙවත් කොමලාස්‌ථී ගෙවී යනවා. පසුව එම ගෙවීම සමබර කර ගැනීම සඳහා කාටිලේජ දෙපසින් ඇති ඛණ්‌ඩරා සහ පේශිවල සැකැස්‌ම වෙනස්‌ වනවා. මෙම වෙනස්‌ වීමෙන් දණ හිස ඇතුලට නැවීමක්‌ හෝ පිටතට නැවීමක්‌ සිදුවිය හැකියි. මෙහිදී පුද්ගලයකු ඇවිදින චක්‍රය හෙවත් Gates Cycle එකෙහි ඇතිවන වෙනස මගින් ඔහුට හෝ ඇයට මෙම රෝගය වැළඳී ඇති බව හඳුනා ගත හැක.

මෙවැනි රෝගීන් හට වේදනාවක්‌ හට ගන්නේ කෙසේද?

දණ හිස්‌ සන්ධි පෙදෙස්‌ තුළ සිදු වන මෙම වෙනස්‌කම් හේතුවෙන් මාංශපේශිවල තදවීම් හෝ ස්‌නායුවල තදවීම් ඇතිවිය හැකියි. එනිසා තමා මේ අවස්‌ථාවේ සිටින රෝගියෙකුට වේදනා හට ගැනීමක්‌ සිදු වන්නේ.

මෙවැනි රෝගීන් සඳහා සිදු කෙරෙන ප්‍රතිකාර ක්‍රම කවරේද?

වෛද්‍යවරයෙකු වෙත පැමිණෙන දණ හිස්‌ සන්ධි ප්‍රදාහය වැළඳුනු රෝගියෙකු වෙනුවෙන් සිදු කළ යුතු ප්‍රථම කාර්ය තමා ඔහුගේ හෝ ඇයගේ දණ හිස්‌ සන්ධිවල ඇතිවන වේදනා සමනය කිරීම. මේ සඳහා විවිධ ක්‍රම භාවිතා කරනවා. දැනට පවතින වෛද්‍ය ක්‍රමවේදයන්ට අනුව මුලින්ම සිදු කළ යුතු වන්නේ මාංශපේශීන් ශක්‌තිමත් කිරීමයි. ඒ සඳහා ඖෂධ වර්ග ලබා දීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත නොහැකියි. පිළිගත් වෛද්‍ය ක්‍රමවේදයන්ට අනුව ව්‍යායාමවල නිරත වීමෙන් දණ හිසෙහි මාංශපේශීවල ශක්‌තිමත්භාවය වැඩිකර ගැනීම හැකි වනවා. මෙම ව්‍යායාමයන් භෞතචිකිත්සක හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස්‌ මත සිදු කළ යුතුයි. ඒත් සමගම වඩාත් ප්‍රබල නොවන සහ මිලෙන් අඩු වේදනා නාශකයක්‌ ලබා ගැනීමට රෝගියාට නිර්දේශ කළ හැකියි. නමුත් ව්‍යායාමද අඛණ්‌ඩව සිදු කළ යුතුයි.

ව්‍යායාම මගින් මාංශපේශීන් ශක්‌තිමත් කළ විට ඇටකටුවලට දැරීමට සිදු වන මුළු ශරීර බරෙන් කොටසක්‌ මාංශපේශීවලටත් දීමට හැකි වනවා. එවිට දණ හිස්‌ ගෙවීමේ ප්‍රමාණය අඩු කරගත හැකියි. මෙම ක්‍රමය බොහෝවිට විදේශ රටවල වෛද්‍යවරුන් අනුගමනය කරන ක්‍රමයක්‌.

නමුත් ඇතැම් වෛද්‍යවරුන් ව්‍යායාමවලට යොමු නොකර, මෙම රෝගයේ මුල් අවස්‌ථාවේදීම විශාල ඖෂධ ප්‍රමාණයක්‌ ලබා දෙනවා නේද?

ඇතැම් වෛද්‍යවරුන් ඔස්‌තියෝ ආතරයිටීස්‌ බවට රෝගියාගේ රෝග තත්ත්වය නිර්ණය කරගත් පසුව ව්‍යායාම පිළිබඳ රෝගියා හට කිසිදු දැනුවත් කිරීමක්‌ සිදු නොකරම විශාල ඖෂධ ප්‍රමාණයක්‌ නියම කරනවා. රෝගියාගේ වේදනාව ඉන් සුවවන නිසා ඔවුන් සිතනවා දැන් රෝගය සුව වී හමාරයි, වෛද්‍යවරයා වෙත නැවත යාමට අනවශ්‍යයි කියා. මද කලකට පසු වේදනාව නැවත මතු වනවා. එවිට බොහෝ රෝගීන් වෛද්‍යවරුන් වෙත නොගොස්‌ කලින් භාවිතා කළ ඖෂධ වර්ග දිගින් දිගටම භාවිතා කරනවා. මෙය ශරීරයට අහිතකරයි. දණ හිස්‌ ගෙවීම දිගටම සිදු වන අතර දණ හිස්‌වල විකෘති බව ද උග්‍ර වනවා. අසීමිත ලෙස ඖෂධ භාවිතා කිරීම හේතුවෙන් වකුගඩු, අක්‌මාව කෙරෙහි අහිතකර බලපෑම් ඇති වී වෙනත් රෝගයන්වලට ගොදුරුවීමක්‌ ද සිදු වනවා.

එසේම ඇතැම් වෛද්‍යවරුන් මෙවැනි රෝගීන් සඳහා Steroid වැනි ඖෂධ වර්ග නිර්දේශ කරනවා. මෙවැනි ඖෂධ ලබා ගැනීමෙන් රෝගය සුවවීමක්‌ සිදු නොවන අතර එය යටපත්වීමක්‌ සිදු වනවා. මෙහි අතුරු ප්‍රතිඵලයන් ලෙස දියවැඩියාව අධි රුධිර පීඩනය වැනි රෝග ඇතිවිය හැකියි.

සන්ධියක ගෙවුණු කාටිලේජ නැවත වැඩීමක්‌ සිදු වනවාද?

ගෙවුණු සන්ධියක කාටිලේජ වැඩීමක්‌ මගින් සන්ධිය නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකිය යන නිගමනයේ තමා අද වනවිට බොහෝ වෛද්‍යවරුන් සිටින්නේ. ඇතැම් වෛද්‍යවරුන් විවිධ වූ විටමින් වර්ග, ඖෂධ වර්ග කාටිලේජ වැඩීම සඳහා ලබා දුන්නද එම සියල්ලම ඵල රහිත බව අද වෛද්‍ය විද්‍යාවේදී සොයාගෙන තිබෙනවා.

මෙම රෝගය සඳහා ප්‍රතිකාරයක්‌ ලෙස දණ හිස්‌ සන්ධි බද්ධ කිරීම අද විශාල ලෙස දක්‌නට ලැබෙනවා. එය රෝගියාගේ ශරීර බර දරා සිටීම සඳහා දණ හිස්‌ සන්ධියට සහායක්‌ ගෙන දුන්නද යම්කිසි කාල පරාසයකට පසුව එය නැවත නැවත මාරු කිරීමට සිදු වනවා. එසේම එය මිල අධික නිසා සෑම රෝගියෙකුටම භාවිතා කිරීමට අපහසු වනවා. නමුත් මේ වනවිට ඇතැම් වෛද්‍යවරුන් විශේෂිතව සැකසූ එන්නත් ක්‍රමයක්‌ මෙවැනි රෝගීන් සඳහා හඳුන්වා දී තිබෙනවා. එය සහනදායී මිලට ලබා ගත හැකි සහ සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌ ලෙස හඳුන්වා දිය හැකියි.

Ö වෛද්‍ය ලිහිරු සරංග ප්‍රනාන්දු

අස්‌ථී ශල්‍ය හා විකලාංග ඒකකය

හලාවත මහ රෝහල

සාකච්ඡා කළේ - මල්ෂා ප්‍රනාන්දු

 

head* බොහෝ දෙනෙක්‌ පීඩා විඳින රෝගයක්‌ තමයි හිසරදය කියන්නේ. කොහොමද මෙම රෝගය ඇතිවන්නේ.

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - රදය යනු වේදනාවයි. මිනිසාගේ ශරීරයේ ප්‍රධානතම ඉන්ද්‍රිය මොළයයි. මොළය ස්‌නායු පද්ධතියේ මූලස්‌ථානයයි. එයින් නිකුත් වන මූල ස්‌නායුව කුඩා මොළය ඔස්‌සේ ප්‍රධාන කශේරුකා පන්තියට ඇතුළු වී කශේරුකා සන්ධිස්‌ථානවලින් පිටතට ගොස්‌ ශරීරයේ සියලුම ඉන්ද්‍රිය හා අවයව කරා දිවෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වය දායක වීම සිදු වෙනවා. එම නිසා ශරීරයේ කුමන ස්‌ථානයක ඉන්ද්‍රිය දොaෂයක්‌ හටගත්තත් එය මොළයට බලපෑම සිදු කරනවා. එම බලපෑම්වල උච්චතම අවස්‌ථාව තමයි මෙම රදය හෙවත් හිසරදය ලෙස හැඳින්විය හැක්‌කේ.

* හිසරදය වැළඳුණු රෝගීන්ගේ ප්‍රධානතම රෝගී තත්ත්වය ලෙස හැඳින්විය හැක්‌කේ කුමන අවස්‌ථාවක්‌ද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - අප කරා පැමිණෙන බොහෝ රෝගීන්ගේ හිස කැක්‌කුමට ප්‍රධානතම හේතුව ලෙස දැක්‌විය හැක්‌කේ සෙම කුපිත වීමයි. මෙලෙස හිස ආශ්‍රිත කලාපයේ සෙම බහුල වීම සඳහා බලපාන්නේ බොහෝ දෙනෙක්‌ එතරම් නොසිතන ශරීරයේ අධික උෂ්ණාධික බවයි. මෙම උෂ්ණාධික බව ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන් හා අවයවවලට බලපෑම් ඇති කරන අතර මොළය ආශ්‍රිතව පවතින්නේ ඉතා සියුම් සෛල නිසා එම සෛල මෙම අධික උෂ්ණාධික බව නිසා විනාශ විය හැකියි.

මෙම තත්ත්වයෙන් මොළයේ සෛල ආරක්‍ෂා කර ගැනිම ශරීරය විසින් හිස පෙදෙසට සෙම ගෙන්වා ගෙන ස්‌වයංක්‍රීය ශීතකරණ වැඩපිළිවෙළක්‌ ඇති කරනු ලබනවා. මෙන්න මේ ක්‍රියාවලියක්‌ සමග තමයි සියලු ප්‍රශ්න ඇතිවීම සිදුවන්නේ.

* මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කළොත්

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - මෙසේ මොළ කුහරය තුළ වැඩි වශයෙන් එක්‌වන සෙම නාස්‌කුහර තුළින් පැමිණෙන බාහිර වාතයත් සමග එන ක්‍ෂුද්‍ර ජීවීන්ගේ බලපෑම් හමුවේ සෙම නරක්‌ වීමේ තත්ත්වයට පත්වීමෙන් හිසේ බර ගතිය සහ වේදනාව ඇතිවීම සිදු වේ. මෙම තත්ත්වයේ උච්චතම අවස්‌ථාව ලෙස ඉරුවාරදය හැඳින්විය හැකියි.

* මීට අමතරව හිසරදය ඇතිවීමට බලපාන වෙනත් තත්ත්වයන් තිබෙනාවද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ඔව්. තවත් විවිධ රෝග අවස්‌ථා නිසා හිසරදය ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ඒ අනුව මළ බද්ධය, ගැස්‌ට්‍රයිටීස්‌ ඇතුළු ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන දුර්වලතා, දියවැඩියාව, අර්ශස්‌, පීනස, රක්‌තහීනතාව, අධික නිදිමත හෝ නින්ද නොයැම බඩ පුරවා දැමීම, මුත්‍රා රෝග, වකුගඩු ආශ්‍රිත දුර්වලතා, පිත්තාශයේ ගල්, කාන්තාවන්ගේ ගර්භාෂ රෝග, විවිධ සමේ රෝග, වාතරක්‌ත වැනි රෝගාබාධ අවස්‌ථාවන්හිදී ද හිසරදය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක්‌ තිබෙනවා. මීට අමතරව විවිධ මානසික පීඩනයන් නිසාද හිසරදය ඇතිවිය හැකියි.

* මෙම රෝගය සඳහා ප්‍රතිකාර කළ යුත්තේ කෙසේද?

* ආයුර්වෙද් වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - සෙම ඉවත් කිරීම සහ සෙම වියළීමට ප්‍රතිකාර කිරීම තුළින් උෂ්ණාධික බව තවත් වැඩි වී මොළය ආශ්‍රිත සියුම් සෛල තවත් විනාශ විය හැකියි. එම නිසා මොළය ආශ්‍රිත කලාපය සිසිලනය කිරීම සඳහා මුළු ශරීරයයේම උෂ්ණාධික බව අඩු කිරීමට ප්‍රතිකාර කළ යුතුයි. අප අනුගමනය කරන්නේ එම ක්‍රමවේදයයි. එවිට රෝගියාගේ සම්පූර්ණ ශරීරයේම පවතින උෂ්ණ බව නැති වෙන අතර එවිට මොළයේ සිසිලනය ද සිදුවී හිසරදය සම්පූර්ණයෙන්ම සුව වීම සිදු වෙනවා. මීට අමතරව රෝගියාට පවතින අනෙකුත් රෝගී තත්ත්වයේද සොයා බලා ප්‍රතිකාර ලබාදීම සිදු කළ යතුයි.

* බොහෝ දෙනා සිතන්නේ හිසරදය නිට්‌ටාවටම සුව කළ නොහැකි බවත් මෙය ඒ ඒ අවස්‌ථාවන්හිදී යටපත් කළ හැකි තත්ත්වයක්‌ පමණක්‌ බවය. ඇත්තටම හිසරදය නිට්‌ටාවට සුව කළ නොහැකිද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- ඇත්තටම බොහෝ රෝගීන් පවසන්නේ කෙතරම් බෙහෙත් ගත්තත් මෙය යළි යළි මතුවෙන බවයි. නමුත් වෛද්‍යවරයකු හෝ වෛද්‍යවරියක කරා ගොස්‌ නිවැරදි පරීක්‍ෂාවකින් පසු රෝගියාට වැළඳී ඇත්තේ කුමන රෝගයක්‌දැයි වටහාගෙන රෝග නිධානයට ප්‍රතිකාර ලබා දුන්නොත් හිසරදය නිට්‌ටාවටම සුව කළ හැකියි. වේදනා නාශක තුළින් හිසරදය සුවපත් කිරීමෙන් පසුකාලීනව වෙනත් බරපතළ රෝගාබාධ වැළඳීමද සිදුවිය හැකියි.

* විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ දක්‍ෂ ආයුර්වේද වෛද්‍යවරයකු කරා ගියොත් මේ රෝගය නිට්‌ටාවටම සුව කර ගත හැකියි. ඒ සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවා.

head1

 

womenතරුණ කාන්තාවන්ගේ සිහින අතර ඉහළින්ම ඇති සිහිනය වන්නේ තමාගේම දරුවකුගේ කිරි සිනහ දැකීමයි. අද පවතින සමාජ රටාවත් සමඟම පෙරදාට වඩා ක්‍රමවත්ව, සූදානමක්‌ සහිතව, සැලසුම් සහගතව දරු සිහිනයක්‌ සඳහා අවස්‌ථාව සලසා ගැනීමට පුද්ගලයන්ට සිදුව ඇත. මේ හේතුව නිසාම සැලසුම් කළ කාල පාරාසයේදී දරු පිළිසිඳීමක්‌ නොවීම මානසික ආතතියක්‌ දක්‌වාම වර්ධනය වන කරුණකි. එමෙන්ම පිළිසිඳීම් කල් දැමීම තුළින් කාන්තාව වයසින් පරිණත වීම ද විවිධ රෝගාබාධවලට ලක්‌වීමේ ප්‍රවනතාව ද වැඩි කරයි. අද සමාජයේ ෆයිබ්‍රොයිඩ් රෝග තත්ත්වය දරුඵල ප්‍රමාද කරන හේතු අතරින් ඉහළට පැමිණ ඇත්තේ ද මෙම කාරණා නිසාමය.

ෆයිබ්‍රොයිඩ් කාන්තාවකගේ ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන ගෙඩි වර්ග අතුරින් වඩා බහුලම තත්ත්වයයි. දරුවන් සාදන වයසේ පසුවන කාන්තාවන් තිදෙනෙකුගෙන් එක්‌ අයෙකුට මෙම තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාව පවතී. මෙම වර්ධනයන් සෙන්ටිමීටරයේ සිට සෙන්ටිමීටර 20 පමණ විශාල තත්ත්වයෙන් පැවතිය හැක. එමෙන්ම එකක්‌ හෝ කිහිපයක්‌ විවිධ ප්‍රමාණවලින් ගර්භාෂය තුළ පැවතීමට ද ඉඩකඩ පවතී. මෙම රෝග තත්ත්වය පවතින සෑම කාන්තාවකටම දරුඵල ප්‍රමාද වන බව වෛද්‍ය මතය නොවේ. නමුත් ඒවායේ ප්‍රමාණය, පවතින ස්‌ථානය ආදිය අනුව මෙම ගෙඩි කොතරම් දුරට දරුඵල ප්‍රමාදයට හේතුවේදැයි අනුමාන කළ හැකි වේ.

නූතන ජනප්‍රිය වෛද්‍ය ක්‍රමයන් අනුව මේ සඳහා ප්‍රතිකාරය ශල්‍යකර්ම ආශ්‍රිතව ගෙඩි ඉවත් කිරීමයි. නැතහොත් උපත් පාලනයට ගන්නා ඖෂධ නිර්දේශයෙන් ඒ සමඟ ඇතිවන අනෙකුත් ලක්‍ෂණ පාලනයයි. මේ ප්‍රතිකර්ම දෙකම දරුසිහිනය තවදුරටත් කල් දැමීමක්‌ වනු ඇත.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ගර්භාෂගත අර්බුද ලෙස හඳුන්වන ෆයිබ්‍රොයිඩ් රෝග තත්ත්වයට සාර්ථක ඖෂධීය ප්‍රතිකාර හඳුන්වා දී ඇත.

ලබන සතියට

women1

 

bihiriඅප අද ඔබෙන් විමසන්නේ බිහිරි බව සුවපත් කළ හැකි ද කියන කාරණයයි. බටහිර වෛද්‍ය විද්‍යාව තුළ කර්ණශංඛ බද්ධය නමින් ක්‍රමවේදයක්‌ තිබෙන බව ඔබ දන්නවා. එවැනි වැඩපිළිවෙළක්‌ ආයුර්වේදයේ තිබෙනවාද? තිබෙනවා නම් ඒ කුමක්‌ ද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - බිහිරි බව හටගන්නේ නිකම්ම නොවෙයි. එයට කිසියම් කර්ණ රෝගයක්‌ මුල් වෙනවා. මේ ලිපි පෙළ පටන් ගන්නා විට මා ඔබට කිව්වා කර්ණ රෝග වර්ග 28 ක්‌ තිබෙනවා කියලා. හරියට හඳුනාගෙන ප්‍රතිකාර කළොත් ආයුර්වේදයට පුළුවන් මේ රෝග 28 න් ඕනම එකක්‌ සුවපත් කරන්න. බිහිරි බවට මුල් වූ රෝගය සුවපත් නොකර ශ්‍රවණ දුර්වලතාවට ප්‍රතිකාර කිරීම නිෂ්ප්‍රයෝජනයි. ඒ එක්‌කම කර්ණ රෝගයකදී ආයුර්වේද වෛද්‍යවරයා කනට විතරක්‌ නොවෙයි ප්‍රතිකාර කරන්නේ. ඔහු කනට සම්බන්ධ, කනට අදාළ සෙසු ප්‍රදේශවලටත් ප්‍රතිකාර කරනවා.

මුලින්ම අප උගුර පිරිසිදු කර ගත යුතුයි උගුරේ ආසාදන, සෙම්ගෙඩි වැනි දේවල් තිබුණොත් කනට කොතරම් ප්‍රතිකාර කළත්, වැඩක්‌ නැහැ. මොකද ඒ ආසාදිත තත්ත්වයන් නිරන්තරයෙන් ම කනට බලපෑම් කරනවා. ඒ එක්‌කම කිව යුතුයි කර්ණ රෝග සඳහා සාර්ථක ප්‍රතිකාර රැසක්‌ ආයුර්වේදය සතුව තිබෙන බව.

ප්‍රශ්නය - මොන විදියේ රෝගවලට කරන මොන විදියේ ප්‍රතිකාරද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - ඔය පූතිකර්ණ කියන රෝගය ගත්තොත් එය හටගන්නේ පිත සහ කප යන දෙක හේතුවෙන් මෙහිදී අප මුලින්ම කරන්නේ පිත සහ කප යන දෙක සමනය කරන ඖෂධ රෝගියාට ලබා දීමයි. මේ අනුව ගොඩක්‌ සීතල ද්‍රව්‍ය වගේම ගොඩක්‌ උෂ්ණ ආහාර වර්ග ගැනීමෙන් වැළකිය යුතුයි. රෝගියා මධ්‍යස්‌ථ ආහාර රටාවකට පුරුදු විය යුතුයි. උෂ්ණ දේවල් කියන්නේ අච්චාරු, අන්නාසි, තක්‌කාලි, බිලිං, විනාකිරි යන ආහාර වැනි ආම්ලික සංයුතියක්‌ තියෙන ආහාර. ඒ වගේම සැර මාළු වර්ග සුදුසු නැහැ. ඒ වගේම බණ්‌ඩක්‌කා, මෑකරල්, වම්බටු, කූල් බීම, අයිස්‌ වතුර, අයිස්‌ ක්‍රීම් වැනි ආහාර සුදුසු නැහැ.

ඒවා ශීත ආහාර හැටියට තමයි ගණන් ගන්නේ. කනේ රෝගයක්‌ තිබෙන රෝගියා නිදි වැරීම කිසිසේත් ම සුදුසු නැහැ. රෝගියා මේ ආකාරයට ආහාර විහරන කරන අප මුඛ මාර්ගයෙන් ඖෂධ ලබා දෙනවා.

විශේෂයෙන් කසාය වර්ග, ඊළඟට අපි කන පිරිසිදු කරනවා. ඒ සඳහා ආයුර්වේදයේ තිබෙනවා වෙනම උපකරණ සහ වෙනම ඖෂධ වර්ග. මේ ප්‍රතිකාරවලදී අප මොනම හේතුවකටවත් තෙල් වර්ග පාවිච්චි කරන්නේ නැහැ. මොකද කන තුළින් ගලන්නේ සැරව. තෙල් කන තුළට දැම්මොත් සැරව එන එක නවතින්නත් පුළුවන්. වෙනත් දරුණු රෝග තත්ත්ව හට ගන්නත් පුළුවන්.

ප්‍රශ්නය - කන පිරිසිදු කරන උපකරණ ආයුර්වේදයේ තිබෙන බව ඔබ කියනවා.

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - ස්‌ථිර වශයෙන්ම ඔව්. අප අනුගමනය කරන සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද ගුරුකුලය තුළ මේ උපකරණ අදටත් පරිහරණය වෙනවා. මේ උපකරණවලට තිබෙන්නේ සහස්‌ථාන නම්....

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

bihiri1

 

sayaticaප්‍රශ්නය - සයටිකා රෝගීන්ට සුදුසු ආහාර මොනවද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - B විටමිනය සහිත ආහාර ගැනීමෙන් සයටිකා සුවපත් වීම ඉක්‌මන් වෙනවා. කැල්සියම් මි. ග්‍රෑ. 2000 ක්‌ සහ මැග්නීසියම් මි. ග්‍රෑ. 1000 බැගින් දිනපතා ගැනීමෙන් ස්‌නායු මත හට ගන්නා මාංශ පේශිවල පීඩනය අඩු වී යනවා. ඒ අතර Bromelain යනුවෙන් එන්සයිමයක්‌ තිබෙනවා. මෙය දිනකට මි. ග්‍රෑ. 800 ගැනීමෙන් කොන්දේ වේදනාව සහ ප්‍රදාහ තත්ත්වයන් නැති වෙනවා. හැබැයි මේ සියල්ල කළ යුත්තේ සුදුසු වෛද්‍යවරයකුගේ උපදෙස්‌ මත බව මා දැඩි අවධාරණයෙන් යුතුව කියනවා.

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ වැනි රෝග සුව කරන්න අපහසු බවට හැඟීමක්‌ තිබෙනවා.

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - නිසි පරිදි කරන ප්‍රතිකාර මගින් සති හත අටක්‌ තුළ සයටිකාව සුව කරගන්නට පුළුවන්. සමහර විට සයටිකාව මාස හත අටක්‌ ඇදෙන අවස්‌ථා තිබෙනවා.

ප්‍රශ්නය - සයටිකා රෝගයට ප්‍රතිකාර නොකර රෝගය නොසලකා හිටියොත් සිදුවන්නේ කුමක්‌ද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - මෙවිට Cauda equina syndrome නමැති රෝගය හට ගන්නවා. මෙහිදී සිදුවන්නේ සුෂුම්නාවේ පහළ කොටස තෙරැපීමකට ලක්‌වීමයි. එවිට කොන්ද රිදෙන්නට පටන් ගන්නා අතර තට්‌ටම් හිරිවැටෙනවා. දෙපා දුර්වල වෙනවා. මුත්‍රා බොක්‌කේ ක්‍රියාකාරකම් සහ අන්ත්‍රවල ක්‍රියාකාරකම් කඩාකප්පල් වෙනවා. මෙයත් නොසලකා හැරියොත් රෝගියා අංශභාග තත්ත්වයට පත්වෙනවා.

ප්‍රශ්නය - සයටිකාව නිදන්ගත තත්ත්වයට පත්වන රෝගයක්‌ද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - තුන් මාසයකට වඩා සුව නොවී පවතින සයටිකාව නිදන්ගත සයටිකා තත්ත්වයක්‌ ලෙස හැඳින්වෙනවා.
ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

sayatica1

 

 

anusප්‍රශ්නය - ගුදවිද්‍රදියක්‌ ලෙස සැක කරන අවස්‌ථාවක රෝග විනිශ්චය සිදුවිය යුත්තේ කොයි ආකාරයටද?

විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - බාහිර ගුදවිද්‍රදියක්‌ නම් ඇසට පෙනෙනවා. එහෙත් අභ්‍යන්තර ගුදවිද්‍රදියක්‌ නම් එහෙම නැහැ. බොහෝවිට අභ්‍යන්තර ගුද්‍රදියක්‌ සහ අර්ශස්‌ ගෙඩි පටලවා ගන්නා අවස්‌ථා එනවා. එවැනි විටක අර්ශස්‌වලට බෙහෙත් කරන්නට ගියොත් විශාල අවුලක්‌ හට ගන්නවා. සමහර විට අර්ශස්‌ ගෙඩියක, එහෙමත් නැත්නම් විද්‍රදියක පෙනුම තිබෙන ගුදගත පිළිකාවක්‌ හටගන්න පුළුවන්. එය අර්ශස්‌ ගෙඩියක්‌ හැටියට හඳුනා ගත්තොත් මොකද වෙන්නේ? රෝග විනිශ්චය හරියට කරගත් විට ප්‍රතිකාර කිරීම එතරම් සංකීර්ණ කාරණයක්‌ වෙන්නේ නැහැ. ගුද විද්‍රදිය සහ අර්ශස්‌ රෝගය පටලවාගෙන අවුරුද්දක්‌ ප්‍රතිකාර ලබාගත් රෝගියෙක්‌ මට හමු වුණා. අර්ශස්‌ රෝගය සඳහා දෙන ඇතැම් ආලේප වර්ග සහ ඖෂධ ගුද විද්‍රදියට සුදුසු නැහැ. විශේෂයෙන්ම මෙහිදී අප සැළකිල්ලට ගත යුතු කාරණයක්‌ තිබෙනවා. ගුද විද්‍රදිය හෝ අර්ශස්‌ ගෙඩි තිබෙන්නේ රෝගියාට පෙනෙන තැනක නොවෙයි.

ප්‍රශ්නය - ගුද පිළිකාවක්‌ කියන්නේ මොකක්‌ද?

වෛද්‍ය පුෂ්පකුමාර - ආහාර ජීර්ණ පද්ධතියේ අවසන් කොන වන ගුද විවරයෙහි හටගන්නා පිළිකාවක්‌ ලෙස ගුද පිළිකාව හැඳින්විය හැකියි. මෙය Malignant හෙවත් උග්‍ර එහෙමත් නැත්නම් මාරක පිළිකා තත්ත්වයක්‌.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය පුෂ්පකුමාර - ගුදය තුළ වේදනාවක්‌ හට ගැනීම, මළ පිට කිරීමේ ක්‍රියාවලියේ වෙනස්‌කම් හට ගැනීම, ගුදය ආශ්‍රිතව ගෙඩියක්‌ හට ගැනීම, එය කැසීම හෝ එතැනින් ස්‍රාවයක්‌ නිකුත් වීම හෝ එම කාරණා දෙකම සිදු වීම, ඇතැම් විට රුධිරය වහනය වීම යනාදිය මෙහි රෝග ලක්‍ෂණ ලෙස හැඳින්විය හැකියි. අර්ශස්‌ රෝගය වැළඳුනාමත් ගුද පිළිකාවට ආවේණික සමහර ලක්‍ෂණ පහළ වෙනවා. උදාහරණයක්‌ ලෙස මළ මාර්ගයෙන් රුධිරය පිටවීම දක්‌වන්නට පුළුවන්. මෙහිදි එම පිළිකාව, අර්ශස්‌ රෝගය හැටියට වරදවා වටහාගෙන බෙහෙත් කළොත් මොකද වෙන්නේ? රෝගය බරපතළ වී රෝගියා විශාල අමාරුවකට පත්වීම නේද සිදුවන්නේ?

ප්‍රශ්නය - මේ ලක්‍ෂණ සහිත ගුද පිළිකාවක්‌ අර්ශස්‌ රෝගයෙන් වෙන් කරගෙන ඔබ හඳුනා ගන්නේ කොහොමද?

වෛද්‍ය පුෂ්පකුමාර - මේ සඳහා ගුදගත පරීක්‍ෂාවක්‌ කළ යුතුයි. ගුද ගත පිළිකාවක හැඩය අක්‍රමවත්, ඒ වගේම එය ස්‌පර්ශ කරන විට ඝන ස්‌වභාවයකින් තමයි හසුවන්නේ. හරියටම ගල් මලක්‌ වගේ. ඒත් අර්ශස්‌ ගෙඩි එහෙම නැහැ. ඒවා රවුම්. ඝන ස්‌වභාවයත් එහි නැහැ.

ප්‍රශ්නය - එවිට ඔබ බයෝප්සි පරීක්‍ෂණයක්‌ කරනවද?

වෛද්‍ය පුෂ්පකුමාර - මූලික අවස්‌ථාවේදී නැහැ. එහෙත් අප තුළ කිසියම් සැකයක්‌ හට ගන්නවා නම් බයෝප්සි පරීක්‍ෂණයක්‌ කරනවා. ඊට අමතරව තවත් පරීක්‍ෂණ කිහිපයක්‌ කළ යුතුයි. මෙහිදී වැදගත් වන කාණයක තමයි ගුදගත පිළිකාව හරිහැටි හඳුනා ගැනීම.

anus1

 

aracදීර්ඝ කාලයක්‌ ඇල්කොහොල් භාවිතා කරන අයගේ මොළයේ ස්‌නායු සෛල හැකිලී කුඩා වෙනවා. මේ නිසා සමස්‌ත මස්‌තිෂ්කයම කුඩා වීමකට ලක්‌ වෙනවා. මස්‌තිෂ්ක අභ්‍යන්තරයේ ඇති කුහර හෙවත් මස්‌තිෂ්ක කෝෂිකා විශාල වෙනවා. මෙම විකෘතිතා නිසා ක්‍රමයෙන් වර්ධනය වන විවිධ විකෘති එනම් චාලක ක්‍රියාකාරිත්වයන්ගේ සමායෝජනය විකෘති වීම, සුවදායක නින්දක්‌ නොලැබීම, ශරීර උෂ්ණත්වය වෙනස්‌වීම, හැඟීම් දැනීම වෙනස්‌ වීම, මතකය පිරිහීම, අධ්‍යයන දුර්වලතා, තීන්දු තීරණ ගැනීමේ දුර්වලතා, ගැටලු නිරාකරණය කර ගැනීමේ හැකියාව දුර්වල වීම වැනි තත්ත්ව ඇති වෙනවා.

ශ්‍රී ලාංකික සමාජය තුළ කාන්තාවන් විසින් ඇල්කොහොල් භාවිත කිරීම සාපේක්‌ෂව අඩු නමුත් වර්තමානයේ කාන්තාවන් විසින් ඇල්කොහොල් භාවිත කිරීම වැඩි වීමේ ප්‍රවනතාවක්‌ දැකිය හැකි යි. ගර්භණී කාන්තාවන් විසින් ඇල්කොහොල් භාවිත කිරීම නිසා උපදින්න සිටින දරුවාගේ මොළයේ වර්ධන විකෘතිතා ඇති වන බව අනාවරණය වී තිබෙනවා. ඇල්කොහොල් භාවිත කරන ගර්භණී කාන්තාවන්ගෙන් බිහි වන දරුවන්ගේ මුහුණේ අසාමාන්‍ය පෙනුමක්‌ ඇති වන අතර කායික මෙන්ම මානසික වර්ධනයේ විකෘතිතා සහ බුද්ධි විකෘතිතා කුඩා කල සිටම ඇති වෙනවා.

ඇල්කොහොල් භාවිතය නිසා මොළයට ඇති වී ඇති බලපෑම් විශේෂිත ප්‍රතිකාර මගින් සුව කර ගැනීමේ හැකියාවක්‌ තිබෙනවා. ඒ සඳහා විධිමත් වෛද්‍ය උපදෙස්‌, ප්‍රතිකාර උපක්‍රම, ඖෂධ සහ නිවැරදි උපදේශනය ලබා ගත යුතු වෙනවා.

arac1

 

atharaiticeප්‍රශ්නය - පසුගිය මාස කිහිපය තුළ ඔබ සමඟ කළ සාකච්ඡාවලදී අපට දැන ගන්නට ලැබුණා ආත්‍රයිටිස්‌ රෝගීන්ට භාවිතා කළ හැකි දේශීය කසාය වර්ග සහ ආයුර්වේද ආලේපන වර්ග. මීට අමතරව ආයුර්වේද ඖෂධ සහිත පොට්‌ටනි මගින් සන්ධි තැවීමත් ආයුර්වේදයට අයත් නේද?

වෛද්‍ය වසන්ත උදයජීව - සන්ධි හෝ ඉදිමුම් හටගත් තැන් තැවීම ආයුර්වේදයේ මෙන්ම දේශීය සිංහල පාරම්පරික වෙදකම තුළත් ඉතාම ප්‍රචලිතයි. අද මා ඔබට ඉදිරිපත් කරනවා අත්දුටු තැවිල්ලක්‌. මෙය අපේ වෙද පරම්පරාව ශත වර්ෂ කිහිපයක්‌ තිස්‌සේ රෝගීන්ට නියම කළ තැවිල්ලක්‌. ඒ සඳහා පොට්‌ටනි සාදා ගන්නේ මෙහෙමයි.

අවශ්‍ය ඖෂධ වර්ග

මුරුංගා කොළ මුරුංගා පොතු

පාවට්‌ටා කොළ නික කොළ

බෙහෙත් එඬරු අබ - සුදුළුනු

මේ සියල්ල අමුවෙන් ලබාගැනීම තමයි වඩා යෝග්‍ය. මෙයින් මිට බැගින් ගෙන සෝදා පිරිසිදු කර කොටා, පොල් විනාකිරි දමා අනා ගන්න.ඉන් පසුව පොට්‌ටනි දෙකක්‌ වන සේ බැඳ වණ්‌ඩුවේ තම්බා මඳ රස්‌නය තිබියදී ආත්‍රයිටිස්‌ ආසාදිත සන්ධි තවන්න.

මෙය උදේ සවස කළ යුතුයි. දිනපතාම කළ හැකි නම් ඉතාම හොඳ ගුණ දෙනවා. මෙය රුක්‍ෂ ගුණය සහිත ඖෂධයක්‌ හැටියට තමයි සැලකෙන්නේ. දැන් අපි මීළඟට බලමු මේ ඖෂධවල තිබෙන ගුණ මොනවද කියලා.

මුරුංගා Terminalia Ferdinandiana් යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මුරුංගා ශාකය ඔස්‌ටේ්‍රලියාව මුල්බිම කරගත් අතර පසු කාලයේදී ආසියාවේ ව්‍යාප්ත වුණා. මුරුංගා පත්‍රය විටමින්, ඛනිජ ලවණ, අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, ශරීරයේ විෂ නසන ගුණය යනාදියෙන් පරිපූර්ණයි. මෙය දියවැඩියා නාශකයක්‌. ප්‍රදාහය පාලනය කර සුවපත් කරන්නක්‌. කොලෙස්‌ටරෝල් නැති කරන ගුණය හා හෘද රෝග වැළැක්‌වීමේ හැකියාව මෙහි තිබෙනවා. ජලය පිරිපහදු කිරීමේදී මුරුංගා ඇට යෙදීමෙන් කෘත්‍රිම ද්‍රව්‍ය යොදනවාට වඩා ප්‍රයෝජන ලබා ගත හැකියි.

පාවට්‌ටා :මෙහි ගුණාගුණ පසුගිය සතිවලදී මේ පිටුවේ පළවුණා)

atharaitice1නික කොළ - Vitex negundo - ආසියාව පුරාත්, අප්‍රිකා මහද්වීපයේ කුඩා කොටසකත් තිබෙන නික ශාකය දද, කුෂ්ට, පටිපණු රෝගය සහ වෙනත් චර්ම රෝග සඳහා යොදා ගන්නා ඖෂධයක්‌. අක්‌මාවේ රෝග, ප්ලීහාව ඉදිමීම, රූමැටික වේදනා, වාතරක්‌තය, ශරීරය මතුපිට හටගන්නා තුවාල සහ කොන්දේ අමාරු සඳහා යොදා ගන්නවා. මෙය හෘද රෝග සඳහා ඖෂධ තැනීමේදී ඉතා වැදගත් වන ශාකයක්‌.

අබ - අබ ඇටය කුළු බඩුවක්‌ වීමට පෙරදී තිබුණේ ඖෂධයක්‌ ලෙසයි. ගෝනුසු විෂ මර්දනය කළ හැකි බෙහෙතක්‌ ලෙස අබ යොදා ගැනීම ක්‍රි. ව. 600 දී ග්‍රීසියේ පයිතගරස්‌ කටයුතු කළා. ඉන් වසර 100 කට පසු හිපොක්‍රටීස්‌ (නූතන වෛද්‍ය ශාස්‌ත්‍රයේ පියා) අබ යොදාගෙන ඖෂධ තැනුවා. ආයුර්වේදයට අනුව මෙය විෂබීජ නාශක, බැක්‌ටීරියා නාශක, වෛරස්‌ නාශක, උදරයේ ආම්ලිකතාවය සමනය කරන ඖෂධයක්‌. කොන්දෙ වේදනාව,සන්ධි වේදනාව, ආහාර දිරවීමේ අපහසුතා, ඉක්‌කාව යනාදියටත් මළ බද්ධයටත්, මාංශ පේෂීන්වල තද ගතිය නැති කිරීමටත් අබ යොදා ගන්නවා. මේ මගින් පිත සහ කඵ මර්දනය කරනවා. අඹරන ලද අබ 1 කොටසක්‌ මත්පැන් කොටස්‌ 40 ක්‌ සමඟ මිශ්‍රකර සාදන ලද දියරය ආත්‍රයිටිස්‌ නිසා වේදනා ගෙන දෙන සන්ධි මත ආලේප කළ විට වේදනාව නැතිව යන බවයි පිළිගැනීම.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

 

 

downප්‍රශ්නය - Down Syndrome රෝගයේ වර්ග කීයක්‌ තිබෙනවද?

වෛද්‍ය රේණුකා ද අල්විස්‌ - වර්ග තුනක්‌ තිබෙනවා. ඒ මෙසේය :

1. Trisomy 21 - Down Syndrome වැළඳෙන දරුවන්ගේ සෛලවල තිබිය යුතු ක්‍රොමසෝම 2 වෙනුවට 3 ක්‌ තිබෙන අවස්‌ථාවයි මෙයින් හැඳින්වෙන්නෙ. ඩවුන් සින්ෙඩ්‍රාම් රෝගීන්ගෙන් 95% ක්‌ම මෙම තත්ත්වය යටතේ තමයි ඉන්නේ.

2. MOSAIC Down Syndrome - මේ තත්ත්වයට යටත්වන දරුවන්ගේ සමහර සෛලවල වැඩිපුර ක්‍රොමසෝමයක්‌ තිබෙනවා. තවත් සමහර සෛල ස්‌වාභාවික තත්ත්වයේ තිබෙනවා. මෙය දුර්ලභ අවස්‌ථාවක්‌ වන අතර ඩවුන් සින්ෙඩ්‍රාම් රෝගීන්ගෙන් 2% කට වඩා මේ ලක්‍ෂණ ඇතිව උපදින්නේ නැහැ.

3. Translocation Down Syndrome මේ තත්ත්වය යටතේ උපදින දරුවන්ගේ සෛලවල අමතර ක්‍රොමසෝම කැබැල්ල බැගින් තිබෙනවා. ඩවුන් සින්ෙඩ්‍රාම් දරුවන්ගෙන් 4% ක්‌ ම මේ තත්ත්වයට යටත්.

ප්‍රශ්නය - මේ රෝගය සම්බන්ධයෙන් මෑත වකවානුවේදී කරන ලද ආයුර්වේද පර්යේෂණ තිබෙනවාද?

වෛද්‍ය රේණුකා ද අල්විස්‌ - දිගු කාලයක පටන් ඩවුන් සින්ෙඩ්‍රාම් රෝගය ගැන ආයුර්වේද අංශ පරීක්‍ෂණ පවත්වනවා. මුඛ මාර්ගයෙන් ලබාදෙන ඖෂධ වර්ග වගේම පිටතින් ආලේප කරන තෙල් වර්ග ආශ්‍රයෙන් මේ රෝගය සුවපත් කරන ආකාරය ගැන තොරතුරු ඒ පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා. මේ අතර ඩවුන් සින්ෙඩ්‍රාම් රෝගීන්ට විටමින් ආශ්‍රයෙන් කරන ප්‍රතිකාර විශේෂයන් ගැනත් අවධානය යොමු වී තිබෙනවා.

ඩවුන් සින්ෙඩ්‍රාම් රෝගී දරුවන් තුළ ජෛව රසායන අවශ්‍යතා රැසක්‌ තිබෙනවා. ඒවා සකස්‌ කිරීමේදී විටමින් සතු කාර්ය භාරය ඉතා විශාලයි. මෙයට පදනම් වූ බටහිර විද්‍යාත්මක පර්යේෂණයක්‌ 1981 දී සිදු කළා. ඩවුන් සින්ෙඩ්‍රාම් රෝගී දරුවන්ට නිශ්චිත විටමින් වර්ග කිහිපයක්‌ මාස 8 ක කාලයක්‌ තිස්‌සේ ලබාදුන් විට එම දරුවන්ගේ සාමාන්‍ය දැනීම වර්ධනය වන බව හෙළි වුණා. A විටමින්, zinc ලෝහය, pyridoxine යනාදිය ඩවුන් සින්ෙඩ්‍රාමය සහිත දරුවන්ට දුන් විට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය වුණා. මේ විටමින් සහ ලෝහ වර්ග ඒවා පවතින ස්‌වභාවයෙන්ම ශරීරගත කළාම පසුකාලීන බලපෑම් ඇතිවිය හැකියි.

ඒ අනුව මේ විටමින් සහ ලෝහ වර්ග තිබෙන ශාකසාර මොනවද කියන කාරණය ගැන දැන් පර්යේෂණ පැවැත්වීගෙන යනවා. සමහර කසාය වර්ග තිබෙනවා ඩවුන් සින්ෙඩ්‍රාම් රෝගයට දෙන. ඒවායේ සංයුතිය තුළ විටමින් සහ ඛනිජ ලවණ තිබෙනවා ද යන්න සොයා බලාගෙන යනවා. ඒ අතරම A විටමින් තිබෙන ශාකසාර, zinc ලෝහය අන්තර්ගත ශාකසාර යනාදිය සෙවීම සඳහා වෙනම පර්යේෂණ පැවැත්වෙනවා.

down1

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jun 2018 06:21 PM

suwa20 1ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ඇති ඇතැම් ප්‍රතිකාර ක්‍රම මගින් රෝග සුවපත් කරනුයේ විස්‌මිත අයුරිනි. එවැනි විස්‌මිත අයුරින් රෝග සුවපත් කරන ප්‍රතිකාරයක්‌ ලෙස සින්දූරම් ප්‍රතිකාරය හඳුන්වනු ලැබේ.
 
 වෛද්‍යතුමනි - සින්දූරම් ප්‍රතිකාර ක්‍රමය මගින් රෝග සුවපත් කරන ආකාරය පැහැදිලි කළ හැකිද?
 
 සින්දූරම් ප්‍රතිකාර ක්‍රමය ලෙස හඳුන්වන්නේ රස ඖෂධවලින් සිදුකරන ප්‍රතිකාර ක්‍රමයකටයි. ඒ සඳහා රසදිය ප්‍රධානකොට ගත් ඖෂධ භාවිත කරනවා. එනම් රත්‍රන්, මුතු, මැණික්‌ සහ ලෝහ ආදියයි.
 
 මෙම ප්‍රතිකාරය ඕනෑම රෝගයක්‌ සඳහා භාවිත කළ හැකියි. කිසියම් රෝගයක්‌ සාමාන්‍ය ප්‍රතිකාර මගින් සුවවන්නේ නැත්නම් මෙම සින්දූරම් ප්‍රතිකාරය අවසාන ප්‍රතිකාරය ලෙස ලබාදීමට ඈත අතීතයේ සිටම ආයුර්වේද වෛද්‍යවරු පියවර ගන්නවා. මෙහිදී ලබාදෙන ඖෂධ රස ඖෂධ ලෙස හඳුන්වනවා. රත්‍රන් රසදිය සමඟ මිශ්‍රකර ඖෂධවලට යොදාගන්නවා. එහිදී රසදිය වාශ්ප වී යනවා. රත්‍රන් දියවී ඖෂධ සමඟ එකතු වෙනවා.
 
 suwa20 2වෛද්‍යතුමනි - මෙවැනි ප්‍රතිකාර වර්තමානයේ භාවිත කිරීම සීමාවී ඇත්තේ ඇයි?
 
 හේතු දෙකක්‌ තිබෙනවා. පළමු හේතුව මෙම ඖෂධ ප්‍රතිකාර පිළිබඳව ඇති දැනුම අඩුකම. දෙවැනි හේතුව රත්‍රන් මිශ්‍රකර ඖෂධ සෑදීමේදී වැයවන මිල අධික බව.
 
 ඔබ සින්දූරම් වෙද පරම්පරාවේද?
 
 නැහැ... අපි පැවත එන්නේ කුෂ්ඨ සහ අර්ශස්‌ වෙද පරම්පරාවෙන්.
 
 සින්දූරම් වෛද්‍ය ප්‍රතිකාරය මගින් මෑතකදී සුවපත් කළ රෝගයක්‌ පිළිබඳව පැවසිය හැකිද?
 
 එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය විද්‍යාලයේ හෘද රෝග අංශයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා වන මහාචාර්ය ඩේවිඩ් රිචන්ස්‌ මහතා පාකින්සන් රෝගයට ගොදුරුවීමේ මුල් අවස්‌ථාවට පත්ව සිට තිබෙනවා. මේ සඳහා බටහිර වෛද්‍ය ක්‍රමය තුළ සාර්ථක ප්‍රතිකාර නැති බව ඔහු දැන සිටියා. මොකද ඔහු ලංකාවේ පශ්චාත් වෛද්‍ය උපාධි ලබාගන්නා වෛද්‍යවරුන්ගේ පරීක්‍ෂකවරයෙක්‌ ලෙසත් කටයුතු කරනවා. එනිසා ඔහුට වෛද්‍ය ක්‌ෂේත්‍රය පිළිබඳව පුළුල් අවබෝධයක්‌ තිබෙනවා. නමුත් ඔහු දැනගෙන තිබෙනවා ඉපැරැණි ආයුර්වේද ක්‍රමය තුළ මේ සඳහා ප්‍රතිකාර තිබෙන බව. ඒ ගැන සොයා බලද්දී ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයෙක්‌ වන මයියා ගුණසේකර මහතාගෙන් ඒ ගැන විමසා තිබෙනවා. මයියා ගුණසේකර වෛද්‍යවරයා මා විසින් කොඳු ඇටපෙළ ආබාධ සඳහා ප්‍රතිකාර කරන බව දන්නා නිසා මේ සඳහා සුදුසුම කෙනා මා බව පවසා තිබෙනවා. ඒ අනුව වෛද්‍ය රිචන්ස්‌ ශ්‍රී ලංකාවට පැමිණ මයියා ගුණසේකර වෛද්‍යතුමන් සමඟ මා හමුවෙන්න පැමිණියා. ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහුට වැඩි කාලයක්‌ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නොහැකි නිසා පත්තු බඳින්න, මැල්ලුම් බඳින්න සිදුකළ නොහැකියි. කසාය සකස්‌ කර බොන්නත් බැහැ. ඉතා ඉක්‌මණින් ප්‍රතිකාර කළ යුතුයි. ඒ අනුව මම ඔහුට සින්දූරම් ඖෂධ ප්‍රතිකාරය ලබා දුන්නා. පළමුව සති දෙකකට ප්‍රතිකාර ලබා දුන්නා. ඉන් ගුණ ඇති බව ඔහු පැවසුවා. නැවත වරක්‌ සති දෙකකට පසු ලංකාවට පැමිණ බෙහෙත් අරගෙන ගියා. ඉන් පසු ඔහු ලංකාවට පැමිණියේ පාකින්සන් රෝගය සම්පූර්ණයෙන්ම සුව වූ බවට මට සහතිකයක්‌ ද අරගෙනයි.
 
 වෛද්‍යතුමනි - ඔබ කොඳු ඇට පෙළ ආබාධ සඳහාත් සුවිශේෂී ප්‍රතිකාරයක්‌ සිදුකරනවා. ඒ ගැන පැහැදිලි කළ හැකිද?
 
 අපගේ වෙද පරම්පරාවේ තිබෙන සුවිශේෂී තෙල් වර්ග තුනක්‌ භාවිත කරමින් කොඳු ඇට පෙළෙහි මතුව තිබෙන ආබාධ සුව කරනවා. කොඳු ඇට පෙළෙහි සිදුව තිබෙන අස්‌ථිවල පිහිටීම වෙනස්‌වීම සඳහා සිදුකරන මෙම ප්‍රතිකාරය මගින් පැය කිහිපයකින් රෝගියා යළි සාමාන්‍ය සුවයට පත්වෙනවා.
 
 එහිදී සිදුකරන්නේ තෙල් වර්ග තුනක්‌ කොඳු නාරටිය මත එක පිට එක ගල්වනවා. එම තෙල් ආලේප කර මිනිත්තු 5 ක්‌ පමණ යනවිට දැඩි උණුසුමක්‌ ඇතිවෙනවා. එම උණුසුම නිසාම ප්‍රතිකාර කරනු ලබන කාමයේ ඇති විදුලි බුබුළු පවා නිවා දමනවා. එසේ කරන්නේ විදුලි බුබුළෙන් පිටවන රශ්නය රෝගියාගේ සිරුරට ඇතුළු වීම වළක්‌වාලීමටයි. මෙසේ තෙල් වර්ග ගැල්වීමෙන් පසු විනාඩි 5 ක්‌ පමණ යනවිට කොඳුඇට පෙළ ආශ්‍රිත අස්‌ථි, බන්ධන, මාංශ පේශි සහ කණ්‌ඩරා සියල්ල ලිහිල් වෙනවා. ඉන් පසු සිරුරේ මතුවූ උණුසුම් තාපය ක්‍රමක්‌ ක්‍රමයෙන් අඩුවී යනවා. එම අවස්‌ථාවේදී වෛද්‍යවරයා තම දැත්වල මහපටඟිලි දෙකෙන් කොඳුඇට පෙළෙහි අවතැන් වූ අස්‌ථි සාස්‌ත්‍රානුකූලව පිරිමදිමින් යළි යථා තත්ත්වයට පත්කරනු ලබනවා. මෙහිදී අවතැන් වූ අස්‌ථි යළි සැකසීම සඳහා ලී වලින් සැකසූ සුළු උපකරණයක්‌ ද භාවිතා කරනු ලබනවා. ඉන් පසු කොන්දේ වෙනස්‌ව ඇති අස්‌ථි පිහිටීම නැවත යථා තත්ත්වයට පත් කරනවා. එසේ යථා තත්ත්වයට පත්කළ පසු නැවත සාමාන්‍ය කටයුතුවල නිරතවිය හැකියි.
 
 මෙසේ අවතැන් වූ අස්‌ථි යළි සකස්‌ කළ පසු රෝගියාට ඉන් නිසි සුවයක්‌ ලැබී ඇතිදැයි පරීක්‍ෂා කර බැලීමක්‌ ද කරනු ලබනවා. ඒ සඳහා රෝගියා ඇඳෙන් බස්‌සවා ඇවිද්දවා, දුවවා, නැවෙන දිගහැරෙන ව්‍යායාම කරවා බලනවා. ඉන් පසු රෝගියාට යළි සාමාන්‍ය කටයුතුවල නිරතවිය හැකි බව වෛද්‍යවරයාට සහතික විය හැකියි.
 
 නමුත් බර ඉසිලීම, බරක්‌ ඇදගෙන යැම වැනි කටයුතුවල යෙදීමට දින හතරක්‌ වත් ගතවනතුරු සිටින ලෙස උපදෙස්‌ දෙනවා.
 
 හදිසි අනතුරක්‌ නිසා කොඳු ඇටපෙළ බිඳී ගිය ස්‌නායු පද්ධතියට හානි සිදුවූ අය සඳහා (Fර්ජඑමර) මෙම ප්‍රතිකාරය කරන්නේ නැහැ. කොඳු ඇට පෙළෙහි අස්‌ථි අවතැන් වීම නිසා (Sචසබ්ක ඤad Dසි ඛදජ්එසදබ) ඇතිවූ ආබාධ සඳහා පමණයි ප්‍රතිකාර කරන්නෙ.
 
 මෙවැනි කොඳුඇට පෙළ අස්‌ථි අවතැන්වීම නිසා ආබාධවලට ලක්‌වූ විදේශිකයන් විශාල පිරිසක්‌ මේ වනවිට මෙම ප්‍රතිකාරය ලබාගෙන සුවපත් වී තිබෙනවා.
 
 මෙම ප්‍රතිකාරය දිනකට රෝගීන් දෙදෙනකු සඳහා පමණයි සිදුකරන්නේ. එක්‌ ප්‍රතිකාර අවස්‌ථාවක්‌ සඳහා පැය තුනක්‌ පමණ ගතවෙනවා.
 
 වැඩිදුර විස්‌තර සඳහා දුරකථන අංක 0112431530 ඇමතිය හැකිය.

suwa20 3

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jun 2018 06:55 PM
suwa17 5මෙරට වැඩිවෙමින් පවතින උදරයේ තරබාරු බව අඩුකර ගැනීම සඳහා මේදය (ට්‍රාන්ස්‌මේදය හා සංතෘප්තමේදය) අඩංගු ආහාර ගැනීම අඩුකර දිනකට එළවළු කොටස්‌ දෙකක්‌. පළා කොටස්‌ එකක්‌ හා පළතුරු කොටස්‌ දෙකක්‌ අනිවාර්යෙන්ම ආහාරයට එක්‌ කර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ සම්බන්ධීකරණ අංශය පවසයි.
 
 ප්‍රොaටීන් බහුල ආහාර වර්ග වැඩිපුර ගැනීමත්, කාබොහයිඩේ්‍රට්‌ ප්‍රමාණය අඩු කර ඒ වෙනුවට එළවළු, පලා, සෝයා, මුං ඇට, කඩල වැනි ආහාර වර්ග වැඩිකර ගැනීම පිරිපහදු කළ ධාන්‍ය හා පිටිවලින් සාදනු ලබන ආහාර වෙනුවට නිවුඩ්ඩ සහිත සම්පූර්ණ ධාන්‍ය හා ඒවායේ නිෂ්පාදනයන් ආහාරයට ගැනීමද මෙහිදී වැදගත් බව එම අංශය අවධාරණය කර සිටී.
 
 මෙම පියවර අනුගමනය කිරීමෙන් හා දිනපතා විනාඩි 30 ක කායික ව්‍යායාම්වල නිරත වීමෙන් ආතතිය අවම කරගෙන දිනකට පැය 6 - 7 අතර වේලාවක්‌ නිදා ගැනීම, උදෑසන ආහාර වේල නියමිත වේලාවට උදෑසනින්ම ගැනීම, දිනකට ජලය ලීටර් 1.5 ත් 2 අතර ප්‍රමාණයක්‌ පානය යන පියවර ක්‍රියාත්මක කිරීමෙන් උදරයේ තරබාරු බව අඩුකරගෙන බෝනොවන රෝග රැසක්‌ වළක්‌වා ගත හැකි බව වෛද්‍ය මතයයි.
 
 ඒමන්ති මාරඹේ
 

p17 4ගෙඩියක සීනි බහුලව අඩංගුවීම හේතුවෙන් අල වැඩිපුර ආහාරයට ගැනීම තරබාරු බව වැඩි වීමට හේතු වන බව එක්‌සත් රාජධානියේ පෝෂණවේදීහු අනාවරණය කර ගෙන තිබේ.
 
 බේක්‌ කරන ලද අල ගෙඩියක සිනී ග්‍රෑම් 90 ක්‌ පමණ අඩංගුවන අතර එය කුඩා සීනි කැට (කියුබ්) 19 කට සමාන බවත් ඇතැම් චොක්‌ලට්‌ බාර් එකක අඩංගු වනුයේ සිනී කැට 6 ක ප්‍රමාණයක්‌ බව එම පෝෂණවේදීහු පවසති. මෙම තත්ත්වය මත එක්‌සත් රාජධානියේ තරබාරු බව වැඩිවීමට බේක්‌ කරන ලද අල වැඩිපුර ආහාරයට ගැනීම හේතුවී ඇති බව ඔවුහු ප්‍රකාශ කර ඇත.
 
 අලවල අඩංගු කාබෝහයිඩේ්‍රට්‌ පාන් හා පැස්‌ටා මෙන්ම ශරීරය තුළ ග්ලූකෝස්‌ හෙවත් සීනි බවට පරිවර්තනය වීම නිසා ඒවා වැඩිපුර ආහාරයට ගැනීම නුසුදුසු බව පෝෂණවේදී ඇලිසන් බාන්ස්‌ බිබීසී පුවත් සේවයට ප්‍රකාශ කර ඇත. පැස්‌ටා, බත් හා අල පිසීමෙන් පසු සීතල වන්නට හැරීමෙන් ඇතිවන බලපෑම අවම කර ගත හැකි බව පෝෂණවේදීන්ගේ මතය වී තිබේ.
 
 අල වැඩි වශයෙන් ආහාරයට ගැනීම තරබාරු බවට හේතු වන බව සඳහන් වාර්තාමය වැඩසටහනක්‌ "ද ටෲත් අබවුට්‌ කාබ්ස්‌" මැයෙන් බදාදා (06 දා) බීබීසී වන් රූපවාහිනී සේවය ඔස්‌සේ විකාශනය විය.



 


suwa20 4තෙල් ගෑම සහ තැවීම යනු සාමාන්‍යයෙන් වාත රෝග වලදී එකම ආකාරයට සිදුවන්නක්‌ යෑයි සමාන්‍ය ජන සමාජයේ මතයක්‌ පවතී. එහෙත් එය ඊට එහා ගිය විධිමත් හා විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදුවන්නක්‌ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. එනිසාම අප සඳහන් කරන්නාවූ විවිධ වාත රෝග අවස්‌ථාවන්හිදී ඒ එකිනෙකට සාධාරණ වූ චිකිත්සාවක්‌ ලෙසටම මෙම ස්‌නේහ, (තෙල්ගෑම), ස්‌වේද (තැවීම) ප්‍රතිකාරය සිදුවිය යුතුය. එබැවින් ඒ පිළිබඳ මනා නිපුණ දැනුමැති වෛද්‍යවරයෙක්‌ ලවාම එම කාර්යය (ස්‌නේහ, ස්‌වේද) සිදුකර ගැනීමෙන් ස්‌ථිර සහ නිසැක ප්‍රතිඵල ළඟා කරගත හැක.
 
 වාත වේදනා කැක්‌කුම් වලදී තෙල් ආලේප කළ යුතු හා තැවිය යුතු පිළිවෙළක්‌ තිබේද?
 
 ඔව්, විශේෂයෙන්ම සන්ධිගත වාත රෝග අවස්‌ථාවන්හිදී ස්‌ථානයේ ඉඳිමුම නැතිනම් රළුබව, සන්ධියේ විකෘතිතාවය ආදී කරුණු මනාව පරීéd කර බලා ඊට සාධාරණ ලෙස සුදුසුම තෙල් වර්ගය යොදාගත යුතුය. එලෙසටම ස්‌වේදයද (තැවිලි ප්‍රභේදයද) තීරණය කරගත යුතුය.
 
 තව දුරටත් පැහැදිලි කරනවානම්,
 
 අදාළ සන්ධි ආශ්‍රිත වාත රෝගයේ ප්‍රභේදයට අනුව සහ ඊට අනුබද්ධ දොaෂයනට අනුව තෙල් වර්ගය තෝරාගත යුතුය. උදාහරණයක්‌ ලෙසට සෝතජ (ඉදිමුම සහිත) ආමවාතජ සන්ධි රොගයේදී සෝතහර ඝර්ම ගුණයෙන් (දහදිය වැගිරෙන සුළු) තෙල් වර්ග භාවිත කළ යුතුය. වියළී ගිය මෘදු අස්‌ථි ඛාදනයට ලක්‌වූ (කාටිලේජ ගෙවී ගිය) සන්ධිගත වාත වේදනාවන්හිදී තර්පන ගුණයුත් (පෝෂණය ඇති කරන) තෙල් වර්ග භාවිත කළ යුතුය.
 
 තැවිලිත් ඒ ආකාරයෙන්ම සිදුවිය යුතුද?
 
 තැවිලි ද එපරිද්දෙන්ම ඒ ඒ අවස්‌ථාවට අනුව විවිධ ලෙස වර්ග වේ. ආයුර්වේදයේ දක්‌වා ඇති ලෙසට ස්‌වේද චිකිත්සාව (තැවිලි) ප්‍රධාන ප්‍රභේද හතරකට බෙදා වෙන් කර ඇත. එනම් තාප ස්‌වේදය, උපනාහ ස්‌වේදය, ද්‍රව ස්‌වේදය සහ ඌෂ්ම ස්‌වේදය ලෙසිනි.
 
 මෙම හතර වැදැරුම් ස්‌වේද ක්‍රම නැවත දහතුන් වැදැරුම්ව විස්‌තර වේ. ඒ චිකිත්සා උපක්‍රමයන් ලෙසටය.
 
 අප මේ සඳහන් කළ ස්‌වේද ක්‍රම හතර අතුරින් තැවිලි යන වචනාර්ථය බහුල ලෙසටම භාවිත වන්නේ පොට්‌ටනිවලින් කරනු ලබන තැවීමේදීය. එහෙත් අප මෙම ලිපියේ තැවිලි ලෙස දක්‌වා ඇත්තේ පරිපූර්ණ ස්‌වේද චිකිත්සාවමය. එනිසා ඒ ඒ රෝගයේ තත්ත්වය අනුව ස්‌ථිරසාර ප්‍රතිඵල උදෙසා මෙම ප්‍රභේද හතරෙන් උපයෝගී කරගත යුත්තේ කුමක්‌දැයි වෛද්‍යවරයා විසින් නිගමනය කළ යුතුය.
 
 කරුණු එසේ වන්නේ මෙවැනි වාත රෝග අවස්‌ථාවන්ට සිදුකරනු ලබන චිකිත්සාවන්හිදී එහි සුවය අභ්‍යන්තරිකව යොදන පාන ඖෂධ වර්ග තරමටම නැතිනම් ඊටත් වඩා වැඩි සාධාරණයක්‌ විධිමත් ස්‌නේහ ස්‌වේද චිකිත්සාව තුළින් ළඟාකර දෙන නිසාය.
 
 ස්‌වේද චිකිත්සාවේ ප්‍රධාන ප්‍රභේද හතර සඳහා උදාහරණ පෙන්වා දෙනවා නම්,
 
 තාප ස්‌වේදය මගින් උණුසුම්කළ ඖෂධීය ගුණයෙන් යුතු යම්කිසි ද්‍රව්‍යක රස්‌නය (උණුසුම) රෝගියාගේ ශරීරයට වැදීමට සැලැස්‌වීම සිදුකරයි. රත්කළ යම්කිසි පෘෂඨයක්‌ හෝ ගල් තලාවක්‌ මත රෝගියා සැතපවීම මේ සඳහා උදාහරණයකි.
 
 උපනාහ ස්‌වේදය යනු අවස්‌ථාවට අනුව සුදුසු වන තැවිලි පොට්‌ටනි මගින් තැවීමයි.
 
 ඌෂ්ම ස්‌වේදයේදී ඖෂධීය ද්‍රව්‍ය තැම්බෙන ජලයෙන් නැගෙන හුමාලය වැදීමට සලස්‌වනු ලැබේ. (ස්‌ට්‍රීම් කිරීම)
 
 ද්‍රව ස්‌වේදය මගින් ඖෂධීය ජලය තම්බා එම ජලයේ උණුසුමෙහි ආශ්‍රිත ස්‌ථානය ගිල්වා තැබීම හෝ නැහැවීම සිදුකරයි. බෙහෙත් ඔරුවක බහා තැබීම හොදම උදාහරණයකි.
 
 කොදු ඇට පෙළ ඇතුළු බොහෝ සන්ධිගත වාත රෝගවලදී මේ සඳහන් කළ තෙල් හා තැවිලි ක්‍රම උපයෝගී කරගෙන කරන ප්‍රතිකර්මය මගින් නිට්‌ඨාවට සුවය ලබාගත හැකිද?
 
 ඔව්, අප මුලින් සඳහන් කළ ආකාරයටම රෝගී තත්ත්වය හා එහි අනුබද්ධ දොaෂයන්ගේ තත්ත්වය යන දෙකටම සාධාරණ වන අයුරින් තෙල් සහ තැවිලි ක්‍රම තෝරාගෙන චිකිත්සාව සිදුකළ යුතුය. ඊටත් අමතරව උදාහරණයක්‌ ලෙස කියන්නේ නම් කාටිලේජ ගෙවී ගිය දණ හිස වැනි සන්ධිගත චිකිත්සාවේ බලාපොරොත්තුව වන්නේ නැවත කාටිලේජ කොටස්‌ වර්ධනය කරගැනීම සහ ක්‍රියාකාරිත්වය ප්‍රකෘතිමත් කිරීමයි. එහිදී එකිනෙක ගැටෙන අස්‌ථි නැවත නියමිත ලෙසට සකසා ගත යුතුය. කොඳු ඇට පෙළ ආශ්‍රිතයේදී ද එය එපරිද්දෙම සිදුකළ යුතුය. මෙහිදී ලංවූ, ගැටෙන, වෙනස්‌ වූ අස්‌ථීන් පළමුව නියමිත ආකාරයට සකස්‌කර ගැනීමේ ක්‍රමවේදය අනුගමනය කළ යුතුය. එසේ නොකොට තෙල් අලේපකර තැවූ පමණින් රෝගාබාධයේ සම්පූර්ණ සුවයක්‌ අපේක්‌ෂා කළ නොහැක. එනිසාම ඒ පිළිබඳව මනා දැනුමක්‌ ඇති වෛද්‍යවරයෙක්‌ ලවා ප්‍රතිකාර සිදුකර ගැනීමෙන් උසස්‌ ප්‍රතිඵල අත්කර ගත හැක.
 
 මේ සඳහා කොපමණ කාලයක්‌ අවශ්‍ය වෙනවාද?
 
 කාලය පිළිබඳ කතා කිරීමේදී එය තීරණය කළ යුතු වන්නේ රෝගී තත්ත්වයට අනුරූපීවය. ඉහත අප කී ආකාරයටම කාටිලේජ ගෙවී ගොස්‌ ක්‍රියාකාරිත්වය විකෘති වූ දණහිස ආශ්‍රිත වාත රෝග අවස්‌ථාවකදී නම් එය නියමිත ලෙස සකසා සිදුකරන ස්‌නේහ ස්‌වේද චිකිත්සාවට රෝගයේ තත්ත්වය මත කාලය තීරණය කර ගත යුතුය.
 
 කොඳු ඇට පෙළ ආශ්‍රිත වෙනස්‌වීම් සහ ආබාධ තත්ත්වයන්හිදී එය යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රමවේදයටද අවස්‌ථාව අනුව කාලය තීරණය වනු ඇත.
 
 සාමාන්‍ය සන්ධිගත වාත වේදනාවන්හිදී දින කිහිපයක්‌ හෝ වරු කිහිපයක්‌ නිර්දේශිත තෙල් හා තැවිලි ප්‍රතිකාරය සිදුකිරීමෙන්ම විශිෂ්ට ප්‍රතිඵල අත්කර දෙයි.
 
 තැවිලි සහ තෙල් ආලේප කිරීමේදී පළමුව සිදු කළ යුත්තේ කුමක්‌ද?
 
 සෑම අවස්‌ථාවකදීම ස්‌නේහ කර මිස (තෙල් ආලේප කර) ස්‌වේද (තැවිලි) චිකිත්සාව නොකළ යුතුය. තවා, තෙල් ආලේප කිරීමෙන් පේශි පටක ඉන්ද්‍රිය ආදී කොටස්‌වලට විශාල බලපෑම් පවා ඇතිවීමට පුළුවන. එහෙයින් තෙල් ආලේප කර තැවීමට වගබලා ගත යුතුය.
 
 ස්‌නේහ ස්‌වේද චිකිත්සාව සාර්ථක යෑයි පැවසීමට හේතු මොනවාද?
 
 අනාධිමත් කාලයක පටන් වාත රෝග බොහොමයකදී තෙල් සහ තැවිලි ප්‍රතිකර්මය තුළින් විශිෂ්ට ප්‍රතිඵල රෝගීන් විෂයෙහි ළඟාකර ඇත. ඒ නියමිත ගුණ හා නියමිත ක්‍රමයට එම චිකිත්සාව සිදු කිරීම මගිනි. අප කරන ප්‍රතිකාර තුළින් ද රෝගීන් දහස්‌ ගණනක්‌ සුවය ලබා ඇති බවට බොහෝ අත්දැකීම් ඇත.
 
 එලෙසටම මෙම ප්‍රතිකාරයේදී රෝගියාගේ ඇවතුම් පැවතුම් පත්‍ය අපත්‍ය යන කරුණු පිළිබඳව යම් සීමාවක්‌ අවශ්‍ය වන්නේය.
 
 වයස අවුරුදු 50-60 පසුවූ කාන්තා පිරිමි දෙපිරිසම හන්දි කැක්‌කුම නිසාවෙන් මැසිවිලි නගති. එවැනි අවස්‌ථාවලදී ඉතාමත්ම විධිමත්ව කරන්නාවූ ස්‌නේහ ස්‌වේද චිකිත්සාව තුළින් අති විශිෂ්ට ප්‍රතිඵල ළඟාවෙන බව ඉඳුරාම කිව හැකිය.
 
 ඔබත් හන්දි වේදනාවෙන් පීඩා විඳිනවා නම් ස්‌නේහ ස්‌වේද චිකිත්සාව පිළිබඳ තවදුරටත් නොමිලේ තොරතුරු දැනගැනීමට 0775175409 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කරගැනීමේ හැකියාව ඇත.

suwa20 5

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jun 2018 07:12 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jun 2018 07:24 PM

p17 1උදරයේ පහළ කොටස විශාල වීම නිසා දණහිස්‌ ආශ්‍රිත රෝගාබාධ මතුවිය හැකියි
 
 සිරුරේ අනවශ්‍ය බර අඩු කර ගැනීමට පියවර ගැනීමේදී සිරුරේ හැඩය ගැනද බොහෝ දෙනා අවධානය යොමු කරති. විශේෂයෙන්ම කාන්තාවන් එහි ප්‍රමුඛ ස්‌ථානයේ සිටිති.
 
 වෛද්‍යතුමනි සිරුරේ අනවශ්‍ය බර අඩු කර ගැනීමට කටයුතු කිරීමේදී සිරුරේ හැඩය ගැන අවධානය යොමු කළ යුතු අයුරු කෙසේද?
 
 ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව නිරෝගී පිරිමියකුගේ ඉන වට ප්‍රමාණය තිබිය යුත්තේ අඟල් 36 ට අඩු වෙන්ය. කාන්තාවකගේ ඉන වට ප්‍රමාණය අඟල් 34 ට වඩා අඩු වෙන් තිබිය යුතුයි.
 
 ඉන වට ප්‍රමාණය මැනීමේදී නාභිය හරහා යන පරිදි මැනීම කළ යුතුයි.
 
 සිරුරේ අනවශ්‍ය බර අඩුකර ගැනීමේදී බොහෝ කාන්තාවන්ට මතුවන ගැටලුවක්‌ වන්නේ ඔවුන්ගේ උකුල ප්‍රදේශය කෙතරම් අගයකින් තිබිය යුතු දැයි කියාය.
 
 උකුල ප්‍රදේශය පුළුල්ව පැවතීම බරපතළ තත්ත්වයක්‌ නෙමෙයි. සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ උකුල ප්‍රදේශය පළල්ව තිබෙනවා. එසේ පවතින්නේ ඔවුනට දරු ප්‍රසූතියකදී පහසුවක්‌ ඇතිවීම සඳහායි.
 
 එනිසා පළල් උකුලක්‌ තිබීම ගැන අනවශ්‍ය ලෙස බිය විය යුතු නැහැ. කෙසේ නමුත් මේ යම් කෙනෙකුට තමාගේ උකුල ප්‍රදේශයේ තිබිය යුතු නියමිත වට ප්‍රමාණය ගැන දැන ගැනීමට අවශ්‍ය නම් ඉනෙහි වට ප්‍රමාණය උකුල් වට ප්‍රමාණයෙන් බෙදීම කළ හැකියි. එහිදී ලැබෙන අගය දශම 9 ට අඩුනම් (0.9) එය සාමාන්‍යයෙන් පැවැතිය යුතු උකුල ප්‍රමාණයයි. කෙසේ නමුත් පුළුල් උකුලක්‌ තිබීම රෝගී තත්ත්වයක්‌ නොවෙයි.
 
 වෛද්‍යතුමනි, උදරය ප්‍රදේශයේ තිබිය යුතු හැඩය කෙසේද?
 
 උදරයේ හැඩයක්‌ මතුවන්නේ උදරය අනවශ්‍ය ලෙස ඉදිරියට නෙරා එන විටයි. එසේ නැතිනම් උදරයේ විශේෂ හැඩයක්‌ ඇති වන්නේ නැහැ.
 
 උදරය ඉදිරියට නෙරා ඒමෙන් පවසන්නේ එම පුද්ගලයාගේ ශරීරයේ බර වැඩිවීමක්‌ සිදුවන බවයි. උදරය ඉදිරියට නෙරා ඒමේදී ඇතිවන හැඩ දෙකක්‌ තිබෙනවා. එක්‌ හැඩයක්‌ තමයි ඇපල් ගෙඩියක්‌ හැඩයට උදරය නෙරා ඒම. ඇතැම් දෙනා මෙය කළගෙඩියක්‌ වගේ කියාත් පවසනවා. අනෙක්‌ හැඩය තමයි පෙයාස්‌ ගෙඩියක්‌ වගේ හැඩයක්‌ ඇතිවීම.
 
 ඇපල් ගෙඩියක්‌ වැනි උදරයක්‌ ඇතිවීම
 
 කිසියම් පුද්ගලයකුගේ උදරය ඇපල් ගෙඩියක්‌ හෝ කළගෙඩියක්‌ වැනි ලෙස ඉදිරියට නෙරා ඇත්නම් එවැනි අය දිවයෑඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් අධිකවීම වැනි බෝ නොවන රෝගවලට ඉතා පහසුවෙන්ම ගොදුරු විය හැකියි.
 
 පෙයාස්‌ ගෙඩියක්‌ වැනි උදරයක්‌ ඇතිවීම
 
 පෙයාස්‌ ගෙඩියක්‌ වැනි හැඩයෙන් ඇති උදරයක්‌ තිබීම හඳුනාගත හැක්‌කේ උදරයේ ඉහළ කොටස සිහින්වත් පහළ කොටස පළල්වත් ඉදිරියට නෙරා ඒමයි.
 
 මෙවැනි උදරයක්‌ ඇති අයට හෝමෝන අසම තුළිතතාවයන් මතු වෙනවා. එනිසා ඔවුනට හෝමෝන ආශ්‍රිත රෝග මතුවීමට ඇති ඉඩ කඩ වැඩියි. විශේෂයෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු මතුවිය හැකියි. උදරයේ පහළ කොටස විශාල වීම නිසා දණහිස්‌ ආශ්‍රිත රෝගාබාධ මතුවිය හැකියි.
 
 උදරයේ හැඩය පාලනය කර ගැනීම උදරය ඉදිරියට නෙරා එමින් ඇතිවන හැඩයන් පාලනය කර ගැනීම සඳහා ව්‍යායාමවල නිරත වීම වගේම ආහාර පාලනයත් එක සමානව සිදු කළ යුතුයි.
 
 ව්‍යායාමවල යෙදීමේදී යෝගී ව්‍යායාම සහ උදරය සඳහාම වු ව්‍යායාමවල යෙදීම කළ හැකියි. ආහාර පාලනයේදී සමබර ආහාරවේලක්‌ ගැනීම හා සාමාන්‍ය රාත්‍රී ආහාරවේලද රාත්‍රී 7 ට පෙර ගැනීමට අවධානය යොමු කළ යුතුයි. රාත්‍රී ආහාරවේල ප්‍රමාද වී ගැනීමේදී සිදු වන්නේ එම ආහාර හොඳින් දිරවීම සඳහා කාලයක්‌ නොලැබීමයි. රාත්‍රී නින්දේදී ආහාර දිරවීමේ ක්‍රියාවලිය සිදු වන්නේ ඉතා සෙමිණි.
 
 එසේම රාත්‍රී ආහාර වේලට වැඩිපුර කෙඳි සහිත ආහාර එක්‌කර ගැනීමට ද අවධානය යොමු කළ යුතුයි. මෙලෙස නිසි ලෙස ව්‍යායාමවල යෙදීම සහ ආහාර පාලනය සිදු කිරීම මගින් මාසයකදී අඟල් දෙකකින් උදරය විශාලත්වය අඩු කරගත හැකිය.
 
 වැඩිපුර විස්‌තර සඳහා දුරකථන අංක 0722212121 ඇමැතිය හැකිය.

suwa17 1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jun 2018 07:38 PM

p17 3පාදවල හෝ පතුල්වල තුවාල හා සිරීම් ඇති නම් ජලය රැඳුණු දියකඩිතිවලට, පල් වතුර සහිත ස්‌ථානවලට හෝ කුඹුරට බැසීමක්‌ නොකළ යුතුය. ඇතැම් විට ඔබට නොපෙනෙන සියලු තුවාල පාදයේ නියපොතු අතරද තිබිය හැකිය

ගංවතුර බැස ගියද තවමත් වැසි සහිත තත්ත්වයේ අඩුවක්‌ නැත. ගංවතුර බැස ගිය පසු ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හැකි රෝග අතර මී උණ (Leptospirosis) රෝගය ප්‍රධාන තැනක්‌ ගනී.

එකතැන ජලය රැඳී ඇති දියකඩිති හෝ පල් වූ ජලය සහිත ස්‌ථාන ආශ්‍රිතව කටයුතු කිරීමට පෙර මෙම මී උණ වැළැක්‌වීමට ප්‍රතිකාරය ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. කුඹුරු වැඩ සඳහා මඩට බසින්නට පෙර ද මෙම ප්‍රතිකාරය ලබා ගැනීම වැදගත්ය. විශේෂයෙන් පුරන් වූ කුඹුරුවලට බැසීම රෝගය ඇති වීමේ අවදානම ඉහළ නංවයි. ඒවායේ මීයන් බෝවීමට වැඩි ඉඩකඩක්‌ ඇත.

පාදවල හෝ පතුල්වල තුවාල හා සිරීම් ඇති නම් ජලය රැඳුණු දියකඩිතිවලට, පල් වතුර සහිත ස්‌ථානවලට හෝ කුඹුරට බැසීමක්‌ නොකළ යුතුය. ඇතැම් විට ඔබට නොපෙනෙන සියලු තුවාල පාදයේ නියපොතු අතරද තිබිය හැකිය. ඉතා පහසුවෙන් පාවිච්චි කළ හැකි බෙහෙත් කරල් ලෙස ලබාගත හැකි මෙම මී උණ වැළැක්‌වීමේ ප්‍රතිකාරය (doxycyline) ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් හෝ ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරයාගෙන් නොමිලේ ලබාගත හැකිය.

රෝග ලක්‌ෂණ - මී උණ රෝග කාරකය බැක්‌ටීරියාවකි. එය මීයන්ගේ මුත්‍රාවල අඩංගුය. මී උණ රෝගයේ මූලික අවස්‌ථාවේ රෝග ලක්‌ෂණ වන්නේ උණ හා හිසරදය, මස්‌ පිඬුවල හන්දිපත්වල වේදනාව, ඇස්‌වල සුදු ඉංගිරියාවේ බොර පැහැවීම හෝ රතු පැහැ වීමයි. මේ පුද්ගලයකුට මෙම රෝග ලක්‌ෂණ ඇත්නම් වහාම රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබාගත යුතුය. නිසි ප්‍රතිකාර නොලැබුණහොත් තීව්‍ර වකුගඩු රෝග ආසාදන තත්ත්වය දක්‌වා ද මී උණ රෝගය පුද්ගලයකුට බලපෑම් ඇති කරයි. එසේම තවදුරටත් ප්‍රතිකාර නොලැබුණහොත් මරණය පවා ඇති කිරීමට මෙම රෝගය සමත්ය.

මී උණ හෝ ඒ සම්බන්ධ ප්‍රතිකාර පිළිබඳව වැඩි විස්‌තර පැය 24 පුරා ක්‍රියාත්මක සුවසැරිය ක්‌ෂණික දුරකථන සේවාව ඇමතීමෙන් නොමිලේ ලබාගත හැකිය. එහි දුරකථන අංකය 0710107107 වෙයි. වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් සෘජුවම සම්බන්ධ කරගත හැකි සුවසැරිය ජංගම සෞඛ්‍ය උපදේශන සේවාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා සත්කාරයක්‌ ලෙස ක්‍රියාත්මක කරයි.

p17 2

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Jun 2018 10:44 PM
මී උන ඩෙන්ගු අර උන මෙ උන ..අනේ මන්දා අපේ රටට තමා මෙ ඔක්කොම උන
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
11 Jun 2018 01:00 AM
අනේ මන්දා. අර මොකක්දෝ ඉන්ෆ්ලුවෙන්සා කියල වහ කදුරු උණක් ඇවිල්ලා දවසින් දවස පොඩි උන් මැරෙනවා. ව්‍යාප්ත වීම වැලක්වීමට නිසි පියවර ගත්තේ නැහැ. ඔහොම වෙලාවට සතියක් නිවාඩු දුන්න නම් හරි. මොකද ඉස්කෝල වලින් මේ වගේ ලෙඩ පැතිරෙන එක වැඩියි. පනහක් විතර මැරුණට පස්සෙයි පාසල් නිවාඩු දුන්නෙ. දැන් දකුණු පළාතෙන් රත්නපුරයටත් ඇවිත්. අද සිට සතියක් නිවාඩු දුන්න අපේ දරුවන්ගේ ඉස්කෝලෙත්. දුර තියාම පිළියම් යොදන එකයි නිවැරදිම.

වයිරසයක් නිසා දවස් තුනයි එහි ආයුෂ. ඒ නිසා සතියක විරාමයකින් පැතිරෙන එක සෑහෙන දුරට අවම කර ගන්න පුළුවන්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Jun 2018 04:00 AM





ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Jun 2018 04:46 AM

කුඩා කල හැදෙන දද සුව කරන්න පුළුවන්ද

කුඩා දරුවාගේ සමේ දද හට ගැනීම ඉතාම කරදරකාරී තත්ත්වයකි. එහෙත් මෙය බොහෝවිට දැකිය හැකි සුලබ රෝගි තත්ත්වයකි. මෙවැනි රෝගයකට කුඩා දරුවකු ගොදුරු වූ විට ඉන් මවුපියන්ගේ ජීවිතවලට පවා අහිතකර ගැටලූ ඇති වේ. මෙයට ප‍්‍රධාන හේතුව වන්නේ එම රෝගය ගැන නිසි අවබෝධයක් නොමැතිකමයි.

 

 

  • මෙවැනි රෝගියකුට ආහාර පානවලින් වැළකීම අවශ්‍ය නැත. ඕනෑම ආහාරයක් ගත හැකියි. එහෙත් යම් ආහාරයක් ගත් විට රෝගය වැඩිවන්නේ නම් පමණක් එම ආහාරය නොදිය යුතුය. නැත්නම් මේ සඳහා විශේෂයෙන් නුසුදුසු ආහාර නැත.
     
  • දරුවා නෑවීමේදී ඇල් මැරුණු වතුර හෝ සාමාන්‍ය ජලය භාවිත කළ යුතුය. තද උණුසුම් ජලය සුදුසු නැත.
     
  • රෝගය සුව වූ විට හතිය, ඇදුම, පීනස වැනි තත්ත්වසෑදේ යැයි බිය නොවිය යුතුය. ඊට හේතුව වයසත් සමග ඉහත සඳහන් රෝගද ඇති විය හැකි නිසාය. එක් රෝගයක් සුව කළ විට අනෙක් රෝගය ඇති වේ යැයි බියක් ඇති කරගත යුතු නැත.
     
  • බොහෝවිට දරුවන්ගේ වයසත් සමග රෝගය සුව වේ. එනිසා ඉවසීමෙන් මේ සඳහා නිසි වෛද්‍ය ප‍්‍රතිකාර කළ යුතුය.

 

දද බොහෝදෙනා හඳුන්වන්නේ ‘රක්තය’ නමිනි. මෙය වයස මාස 2 - 3 පටන් දරුවකුට ඇතිවීමට පුළුවන. මෙහි ප‍්‍රධානම ලක්‍ෂණය වන්නේ කැසීමය. මේ නිසා දරුවාට නින්ද නොයාම, කෑම අරුචිය, කේන්තියාම වැනි බාහිර ගැටලූ ඇති වේ. එසේම කැසීම නිසා බැක්ටීරියා ආසාදනවලට ලක්විය හැකිය. එසේම දරුවා නිදා නොගැනීම නිසා පවුලේ අනෙක් සාමාජිකයන්ගේද ජීවිතවලට මෙමගින් අවහිරතා ඇති වේ. මවුපියන්ද මානසික පීඩනයට හා ආතතියට ලක් වේ. ඒ නිසා මෙවැනි රෝග තත්ත්වයක් හඳුනා ගතහොත් නිවැරදි ප‍්‍රතිකාර ක‍්‍රමයකට යොමුවිය යුතුය. එහෙත් බොහෝවිට වැරදි ආකල්පවලට යොමුවීම අපේ රටේ මෙම රෝගීන් අතර දක්නට ලැබේ. එනිසා මෙම රෝගය ගැන නිසි අවබෝධයෙන් යුතුව ප‍්‍රතිකාර සඳහා යොමුවීම ඉතාම වැදගත් වේ.

 

රෝග ලක්ෂණ

දරුවා අධික ලෙස දෙපා කසයි. මෙය දෙපා පමණක් නොව සිරුරේ අන් තැන්වලත් දක්නට ලැබේ. කසන තැන්වල රතු පැහැති පුල්ලි සෑදෙයි. එය මුහුණේ, වැළමිට ඉදිරිපස, දණහිස පිටුපස ආදී තැන්වල මතු වේ. මේ හැර මුළු ශරීරයටම රතු පැහැ ගනී. සම කසන තැන්වලින් වතුර වැනි ද්‍රව්‍යයක් ශ‍්‍රාවය වෙයි. අධික කැසීම නිසා සම තුවාල වේ. එවිට එම තුවාල බැක්ටීරියා මගින් ආසාදනය වේ. දරුවාගේ ඇස් වටේ, කට වටේ ඇති සම පිපිරීමට පුළුවන. මෙවැනි දරුවන්ගේ මුළු ශරීරයේම සම වියළි ස්වභාවයක් ගනී.

 

 



හැදෙන්නේ ඇයි?

දද සෑදෙන්නේ ප‍්‍රධාන වශයෙන් සම වියළි වූ විටය. වියළි සම සාමාන්‍ය සමට වඩා වෙනස් වේ. එම සම බොහෝ දේවලට ආසාත්මිකතාවක් දක්වයි. වියළි සම නිසි ලෙසට පරෙස්සම් කර ගැනීමෙන් මෙවැනි දෑ ඇති නොවී සාර්ථක ලෙස පාලනය කළ හැකිය.

 



රෝගය වැඩිවෙන හේතු

මෙම රෝගය යම් යම් කාලවලදී ඉතාම අපහසුතා ගෙන දෙන ලෙස වැඩි වේ. එසේම රෝගී දරුවාට එම තත්ත්වය වළක්වා ගැනීමට දී ඇති උපදෙස් පිළි නොපැදීමත් තවත් ප‍්‍රධාන හේතුවකි. එනිසා පහත කරුණු ගැන සැලකිලිමත් වන්න.

 

I වියළි සමක් ඇති ඔබේ දරුවාගේ සම මත තෙතමනය රඳවා තබාගන්නා කී‍්‍රම් වර්ගයක් භාවිත කළ යුතුය.

II අධික උණුසුම් කාලයේදී ඉහත කී‍්‍රම් වර්ගයක් සමේ ආලේප කිරීම අවශ්‍යය.

III දුවිලි හා සතුන්ගේ ලොම් නිසා දද තිබෙන දරුවාගේ රෝගය වැඩි වේ.

IV අධික දහදියටත් ගැටලූ ඇති වේ.

V මදුරුවන් වැනි කුඩා කෘමීන් දෂ්ට කිරීම හානිකරය.

VI බැක්ටීරියා ආසාදනවලට ගොදුරුවීම

 

 



ප‍්‍රතිකාර මොනවාද?

සෑමවිටම වියළි සමට ගැළපෙන පිරිසුදු කාරක හා කී‍්‍රම් පමණක් භාවිත කළ යුතුය. මෙය රෝගය පැන නැගුණු හා සුව වූ යන අවස්ථා දෙකේදීම කළ යුතුය. රෝගය උත්සන්න වූ විට එම කී‍්‍රම් භාවිතය වැඩි කළ යුතුය. එහෙත් රෝගය පාලනය වූ පසුවද දිනකට දෙවරක් සමේ තෙතමනය රැුඳෙන ලෙසට කී‍්‍රම් වර්ගයක් භාවිත කළ යුතුය. මේ සඳහා Aqeous cream (SPC) වැනි මිල අඩු ක‍්‍රීම් වර්ගයක් භාවිත කළ හැකිය. එම කිී‍්‍රම් රජයේ ඔසුසල්වලින් (SPC) ලබාගත හැකිය. රෝගය උත්සන්න වූ විට ඒ සඳහා අදාළ ඖෂධ වෛද්‍යවරයා විසින් ලබාදෙනු ඇත. එම කාලයේදී පමණක් ඖෂධ භාවිත කළ යුතු වේ. හිතුමතේ එම ඖෂධ තමන් විසින් නැවත නැවත භාවිත නොකළ යුතුය.

 

 



රෝගය වැඩිවීම වළක්වන හැටි

දරුවාගේ හෝ රෝගී වැඩිහිටි ඕනෑම කෙනෙක් තම සමට ගැළපෙන සමේ තෙතමනය රඳවා ගන්නා කී‍්‍රම් වර්ග නොකඩවා භාවිත කළ යුතුය. මදුරුවන් වැනි සතුන් දෂ්ට කිරීමෙන් ආරක්‍ෂා විය යුතුය.

දුවිලි, සිමෙන්ති, අධික උණුසුම ආදී දෑවලින් ආරක්‍ෂා විය යුතුය.

රෝගය උත්සන්න වනවිට වෛද්‍ය උපදෙස් පමා නොකර ලබාගත යුතුය.

 

 



මේවා දැන ගැනීම වැදගත්

මෙවැනි රෝගියකුට ආහාර පානවලින් වැළකීම අවශ්‍ය නැත. ඕනෑම ආහාරයක් ගත හැකියි. එහෙත් යම් ආහාරයක් ගත් විට රෝගය වැඩිවන්නේ නම් පමණක් එම ආහාරය නොදිය යුතුය. නැත්නම් මේ සඳහා විශේෂයෙන් නුසුදුසු ආහාර නැත. දරුවා නෑවීමේදී ඇල් මැරුණු වතුර හෝ සාමාන්‍ය ජලය භාවිත කළ යුතුය. තද උණුසුම් ජලය සුදුසු නැත.

රෝගය සුව වූ විට හතිය, ඇදුම, පීනස වැනි තත්ත්වසෑදේ යැයි බිය නොවිය යුතුය. ඊට හේතුව වයසත් සමග ඉහත සඳහන් රෝගද ඇති විය හැකි නිසාය. එක් රෝගයක් සුව කළ විට අනෙක් රෝගය ඇති වේ යැයි බියක් ඇති කරගත යුතු නැත. බොහෝවිට දරුවන්ගේ වයසත් සමග රෝගය සුව වේ. එනිසා ඉවසීමෙන් මේ සඳහා නිසි වෛද්‍ය ප‍්‍රතිකාර කළ යුතුය.

නිවැරදිව සමේ කී‍්‍රම් භාවිතයෙන් සාර්ථකව රෝගය පාලනය කර ගත හැකිය. නැතහොත් ඖෂධ ගන්නා විට පමණක් රෝගය අඩුවන අතර එය බෙහෙත නතර කරන විට නැවත මතුවිය හැකිය.

 

ශිරානි ගල්ලෑල්ල

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 127 of 137 << < 125126127128129 > >>