Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 128 of 137 << < 126127128129130 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 11 Jun 2018 06:51 PM විෂාදය ලෙඩක හැටි මිනිස් මොළයේ සතුට ගෙන දෙන රසායන ද්‍රව්‍යයන් අඩුවීමෙන් ඇතිවෙන ජීව විද්‍යාත්මක සිද්ධාන්තයේ අවසාන ප්‍රතිඵලය ලෙසට විෂාදය නැමැති මානසික රෝගය ඇතිවෙන බව මනෝවිද්‍යාත්මකව විග්රහ කෙරේ. ලොව පුරා මිලියන 350 කට වඩා වැඩි පිරිසක් විෂාදය රෝගයෙන් පෙළෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන් පෙන්වා දේ. ලංකාවේ දැනට හඳුනාගෙන ඇති මිලියන දෙකක් (ලක්ෂ විස්සක්) පමණ වන මානසික රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේද විෂාදය රෝගයෙන් වීම විශේෂත්වයකි. පුද්ගලයන්ගෙන් 5:1 අයකුට විෂාදය ඇති බවද වාර්තා වේ. ඕනෑම වයසක පසුවන්නෙකුට විෂාදය රෝගය ඇති විය හැකිය. ළමා, තරුණ, වැඩිහිටි වශයෙන් ජීවිතයේ විශේෂ වයස් කාණ්ඩවලදී ඇතිවෙන විෂාදය රෝගයට බලපාන හේතූන් විවිධය. කුඩා අවධියේ ඇතිවෙන විෂාදයට හේතූන් • දරුවා කුස තුළ වැඩීමේදී මවට ඇතිවන ආතතිය, අමිහිරි අත්දැකීම්, • පවුල් ආරවුල් • පවුලේ අසමගිය • පාසල් අධ්‍යාපනයේදී මතුවන පීඩාවන් • අධික ලෙස බිය වීම • දරාගත නොහැකි දඬුවම්වලට ලක්වීම • ආදරය, කරුණාව, ආරක්ෂාව පවුල තුළ නැති වීම. • ජානමය හේතූන් ආදී කරුණු බලපෑ හැකිය. තරුණ වියේදී විෂාදය ඇති වීමට හේතූන් • ළඟා විය නොහැකි ඉලක්කයන්ට ළඟාවීමට උත්සාහ දැරීම • ශරීරය ඉක්මනින් වැඩීම, ලිංගික උත්තේජනය, හැඟීම් වෙනස්වීම් ආදී යෞවනයේදී ඇතිවන හෝමෝන ක්‍රියාකාරිත්වයන්හිදී ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියට බාධාවක් ඇතිවීම. • ආදර සම්බන්ධතා බිඳ වැටීම • අධ්‍යාපන කටයුතු අඩාළ වීම • විවිධ ඇබ්බැහිවීම්වලට ගොදුරු වීම • මව්පිය සෙනෙහස අහිමි වීම. • පාසලේදී මුහුණ දෙන අමිහිරි අත්දැකීම් • සුදුසුකම්වලට සරිලන රැකියාවක් නොලැබීම • පෞරුෂත්ව දුර්වලතා (සුභවාදීව නොසිතීම) ආදී කරුණු විෂාදය රෝගය ඇතිවීමට බලපා හැකිය. මැදිවිය වැඩිහිටි වියේදී විෂාදය ඇතිවීමට හේතූන් පුළුවන් කාලේ කරන්න බැරි දෙයකුත් නැහැ. බැරි වෙන කොට කරන්න පුළුවන් දෙයකුත් නැහැ. වයසට යෑමත් සමග බොහෝ පුද්ගලයන්ගේ මනසට ඇතිවන්නේ තමා දැන් සමාජයට අවශ්‍ය නොවන පුද්ගලයෙකු බවය. දරුවන්ට තමා කරදරයක් බවය. වගකීම් අන් අයට පැවරීම, හුදෙකලා බව, දරුවන් යටතේ යැපීම, ආර්ථික අපහසුතා, වයසත් සමග රෝගයන්ට ගොදුරු වීම, අන් අයගේ නොසලකා හැරීම, ආදී කරුණුද පිළිකා, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝගයන්ට ගොදුරු වීමෙන් ඇති වන මානසික පීඩනයද විෂාදයට බලපෑ හැකිය. රෝග ලක්ෂණ කුඩා කාලයේදී • බොහෝ කුඩා දරුවන් විෂාදයෙහි රෝගී ලක්ෂණ පෙන්වනුයේ කායික රෝගයක් ලෙසටය. බඩ රිදීම, හිසරදය, හේතුවක් නොමැතිව ප්‍රකාශ කිරීම. • මව සමග හෝ තම ආදරණීයන් සමග සිනා නොවීම. • නිතර දුක්මුසු ස්වරූපයෙන් සිටීම. • නිතර මුත්‍රා පිටකිරීම (රෝගය උත්සන්න වීමෙන් රාත්රියේදී ඇඳ තෙමිය හැකිය) • නින්ද නොයෑම • කෑම බීම ගැනීම ප්‍රතික්ෂේප කිරීම • පාසල් යෑමට, බාහිර පන්තිවලට යෑමට මැළිකමක් දැක්වීම • අලස බව • වැඩිහිටි සහෝදරයන් සමග සම වයසේ යහළුවන් සමග පවා කතා බහ කිරීම, සෙල්ලම් කිරීම ප්‍රතික්ෂේප කිරීම. තරුණ • තමා ප්‍රශ්නයකින් සිටිනා බව අන් පාර්ශ්වයන්ට ප්‍රකාශ කරයි. • කෑම ගැනීමට මැළිවීම • නින්ද නොයෑම • ආශාවෙන් කළ කිසිම ක්‍රියාවක් උනන්දුවෙන් නොකරයි. • මට කිසිම වැඩක් කරන්න බැහැ කියා අශුභවාදීව සිතීම. • දුක්මුසුව සිතයි • මටමයි ප්‍රශ්න මේ ප්‍රශ්න කවදාවත් ඉවරවෙන්නෑ යනුවෙන් නිතර සිතයි. • අධික ලෙස තරහා යෑම • නොසන්සුන් බව • කලහකාරී හැසිරීම • හේතු රහිතව බාහිර පාර්ශ්වයන් සැක කිරීම • ජීවිතය හානිකර ගන්නා බවට ප්‍රකාශ කිරීම හෝ ජීවිතය හානි කර ගැනීමට උත්සාහ දැරීම. වැඩිහිටියන්ට • ශරීරයේ තැනින් තැන දැවිල්ලක් ඇතිවීම • හේතුවක් නොමැතිව කායිකව ඇතිවෙන රෝග පීඩාවන් ගැන ප්‍රකාශ කිරීම • උදාසීන බව • ශාරීරික ශක්තිය හීන වීම • නිතර අසුබවාදීව සිතීම • බාහිර පාර්ශ්ව සැක කිරීම ප්‍රතිකාර විෂාදය රෝගය මානසික රෝගයක් බැවින්, කායික රෝගයක් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුවන තරම් ඉක්මනින් මෙම රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු නොවේ. • මොළයේ රසායන සමතුලිතතාව රඳවා ගැනීමට ඖෂධ ලබාදීම. • මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම • මනෝචර්යාත්මක ප්‍රතිකාර • පෞරුෂය වැඩිදියුණු කර ගැනීමට උපකාරී වීම • විශ්ලේෂනාත්මක චින්තනය • ස්වයං අවබෝධයට හුරුවීම • ප්‍රශ්න ඇතිවීම ජීවිතයට අභියෝගයක් විනා, පසුබෑමට හේතුවක් නොවනා බව රෝගීන්ට පහදාදීමට උත්සාහ දැරිය යුතුය. • විෂාදය රෝගයට ගොදුරු වූ කුඩා දරුවන් රෝගයෙන් මුදවා ගැනීමට පහත කරුණු අනුගමනය කළ හැකිය. • ආදරයෙන්, සෙනෙහසින්, කරුණාවෙන් දරුවන් හදාවඩා ගැනීම. • දරුවන්ට නිතර සවන් දීම • මුරණ්ඩු ලෙස හැසිරෙන දරුවන්ගේ ක්‍රියාවන් උපේක්ෂාවෙන් විඳදරා ගැනීම • දරුවා ආතතියෙන් මුදවා ගැනීමට ආසා දෙයකට යොදවන්න • චිත්‍ර ඇඳීම, සංගීතයට සවන්දීම, කාටුන් නැරඹීම, නර්තනයේ යෙදීම, සම වයසේ දරුවන් සමග විනෝදවීම ආදී. ලෝකයේ බහුලව වාර්තාවෙන විෂාදය රෝගය පුරුෂ පාර්ශ්වයට වඩා දෙගුණයකින් කාන්තාවන්ට වැලඳෙන බව ඔප්පු වී තිබේ. ඊට හේතුන් ලෙස වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දී ඇත්තේ කාන්තාවන් මසකට වරක් හෝමෝන වෙනස් වීම්වලට ලක්වීමය. සටහන - අසුන්තා එදිරිසූරිය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jun 2018 04:17 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jun 2018 04:17 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jun 2018 04:32 AM සමහර ආබාධවලට වෛද්‍යවරුන් නිර්දේශ කරන ඊ.සී.ජී. පරීක්ෂණය ඉලෙක්ටේරා කාඩියෝග්රෑම් යන්න ඔබට නුහුරු විය හැකිය. එහෙත් ඊ.සී.ජී. යැයි පැවසූ විට එය නොදන්නා අයෙකු නැති තරම්ය. අප කෙටියෙන් හඳුන්වන ඊ.සී.ජී. යන්නෙන් අරුත් ගැන්වෙන්නේ එයයි. ඉලෙක්ටේරා් යනු විදුලියයි. කාඩියෝ යනු හදවත යන්නෙහි ඉංග්‍රීසි අරුතයි. ඒ ආකාරයට ඊ.සී.ජී. පරීක්ෂණයකදී පරීක්ෂාවට ලක් කරන හදවත සහ විදුලිය අතර පවතින සම්බන්ධතාවය කුමක්දැයි අද අපි සොයා බලමු. හදවත යනු ශරීරය පුරා රුධිරය රැගෙන යන පොම්පයයි. එය තත්පරයකට එක් වාරය බැගින් රුධිරය ඉදිරියට තල්ලු කරයි. එම තල්ලුව සඳහා තත්පරයකට වරක් හදවත මිරිකීම සිදුවේ. හදවත පුරා ඇති සියලුම මාංශපේෂීන් එවිට එක්වරම මිරිකෙන්නට අවශ්‍ය වන අතර එම පණිවිඩය හදවත පුරා විහිදුවන්නේ විදුලියකින්ය. එම විදුලිය හදවත පුරා ගමන්කර වන්නට සැදී පැහැදී සිටින වයර් වැනි වූ කෙඳිති ගණනාවක් හදවත වටා පිහිටා තිබේ. මෙම වයර් දිගේ විදුලිය ගමන් කරන මාර්ගය ඊ.සී.ජී. පටිය මගින් පෙන්නුම් කරයි. මොහොතින් මොහොත වෙනස්වන විදුලිය ඊ.සී.ජී. යන්ත්‍රය තුළින් ගමන් කරන්නාවූ පටියේ දිගින් දිගටම පෑනකින් සටහන්වීම සිදුවේ. එලෙස හදවත පුරා ගමන් කරන විදුලිය විදුලි බල්බයක් දල්වන්නට තරම් ප්‍රබල ධාරාවක්දැයි කෙනෙකුට සිතිය හැකිය. හදවත පුරා එලෙස ගමන් කරන්නේ ඉතාමත් අංශු මාත්‍ර වූ විදුලියකි. එහෙත් එය මනාව හඳුනා ගැනීමට තරම් ඊ.සී.ජී. යන්ත්‍රය ඊට අධිසංවේදීය. ඉහළ මාලය සහ පහළ මාලය වශයෙන් හදවත කොටස් දෙකකින් යුතුවේ. එම සියුම් විදුලි ධාරාව මුලින්ම පැතිර යන්නේ හදවතේ ඉහළ මාලයටය. ඉන්පසුව පහළ මාලයට ගමන් කරන විදුලිය වම් පැත්තට වෙනමත් දකුණු පැත්තට වෙනමත් වශයෙන් එක්වරම දෙපසටම විදුලිය විහිදුවාලයි. මෙලෙස විදුලිය ගමන් කරන මාර්ගය යම් තැනකදී අවහිර වුවහොත් එය ඊ.සී.ජී. පටියේ සටහන් තුළින් හඳුනාගත හැකිය. හදවතේ මාංශපේෂීන් හි ඝනකම වඩා වැඩිනම් එයද යම් පමණකට හඳුනාගත හැකි අතර මාංශ පේෂියක යම් කොටසක් ජීවත් වන්නේ ඉතා අමාරු තත්ත්වයක නම් එයද හඳුනා ගැනීමට හැකියාව ලැබේ. හෘදයාබාධයක් හේතුවෙන් හදවතේ යම් කොටසක් අකර්මන්‍යව පවතින විට එම ක්‍රියාවලිය පියවරින් පියවර ඊ.සී.ජී පටයේ සටහන් වේ. හෘදයාබාධයක් වැලඳෙන තැන අනුව ප්‍රධාන වශයෙන් හදවතේ ඉදිරි කොටසේ වම් පැත්තේ, පහළ කොටසේ දකුණු පැත්තේ සහ පිටුපස ලෙස වර්ග කෙරේ. ඒ අනුව හෘදයාබාධය වැලඳී ඇත්තේ හදවතේ කොතැනකද යන්න ඊ.සී.ජී. පටයෙන් අවබෝධකර ගත හැකි අතර එය වැලඳී ඇත්තේ කුමන වේලාවකදීද යන්නද යම්තාක් දුරකට පෙන්වනු ලබයි. හදවත තුළින් විදුලිය ගමන් කරන්නේ ලේවල අඩංගු විවිධ ලුණු වර්ග උපයෝගී කර ගනිමින්ය. ලේවල පවතින ලුණු වර්ගයන්හි යම් අඩු බවක් හෝ වැඩි බවක්ද ක්ෂණිකව ඊ.සී.ජී පටයකින් දැකගත හැකිය. තවද හදවත වටා වතුර එක්රැස්වීමක් හෝ ඉදිමීමක් පවා ඊ.සී.ජී පරීක්ෂණයකදී හඳුනාගත හැකිය. හදවත පිළිබඳව මේසා විශාල තොරතුරු ප්‍රමාණයක් වෛද්‍යවරුන්ට ලබාදෙන ඊ.සී.ජී වාර්තාවක් කෙටි කාලයකින් සහ වැඩි පිරිවැයක් දරන්නේ නැතිව ඔබට ලබා ගැනීමට හැකියාව තිබේ. එය කිසිදු වේදනාවකින් තොරව සිදුකරන පරීක්ෂණයක් වන අතර අතුරු ආබාධ වලින්ද තොරය. ඕනෑම කුඩා රෝහලක මෙන්ම වෛද්‍ය මධ්‍යස්ථානයකද ඊ.සී.ජී පරීක්ෂණ රෝගීන් වෙනුවෙන් සූදානම්ව පවතී. ඒ ආකාරයට ඊ.සී.ජී පරීක්ෂණයකට මුහුණ දෙන ඔබට විනාඩි කිහිපයක් ඇඳක් මත දිගාවී නොසෙල්වී සිටිනන්ට සිදුවේ. දැන් දෙපා වලත් පපුවේ වම්පස පුරාවටත් වයර් සම්බන්ධ කරනු ලබයි. එලෙස සෑම පැත්තකින්ම සෑම දිශාවකින්ම සිරුරට වයර් සම්බන්ධ කරන්නේ ඒ සියලු පැති ඔස්සේ හදවතට එබි බලන්නට හැකි වන ආකාරයටය. ඒ අනුව හදවත හොඳින් නිරීක්ෂණය වන පැති දොළහක් ආවරණය වන ආකාරයට මෙලෙස වයර් සම්බන්ධ කිරීම සිදු කරයි. වයර් සම්බන්ධ වූ තහඩු කැබලි හොඳින් සම හා ගැටෙන ආකාරයට මුලින්ම සමේ ජෙල් වර්ගයක්ද ආලේප කරයි. වයර් තහඩු පපුවේ එල්ලී පැවැතීම නිසා පරීක්ෂණය නිමා වී තහඩු කොටස් ඉවත් කළ පසුව ඒවා සම්බන්ධ කළ ස්ථාන සමහරවිට රතු පැහැවී පැවැතීම බිය විය යුතු තත්ත්වයක් නොවේ. ඊ.සී.ජී පරීක්ෂණයකට මුහුණ දෙන්නට පැමිණෙන කාන්තාවක් උඩුකය නිරාවරණය කරන්නට සූදානම්ව පැමිණිය යුතුය. පුරුෂ පාර්ශ්වයේ අයගේ පපුවේ රෝම ගහනව අත්නම් වයර් තහඩුව නිසි පරිදි සමට සම්බන්ධ කරන්නට නොහැකි වන අවස්ථාද තිබේ. පාදවල වළලු කරට මදක් ඉහළින් සහ අත් දෙකේ මැණික් කටුවට ඉහළින්ද වයර් තහඩු ශරීරයට සම්බන්ධ කරන්නට සිදුවේ. ඊ.සී.ජී පරීක්ෂණය අවසානයේ පටියක් වැනි වූ දිග පත්‍රිකාවක් ඔබ අතට පත්වේ. යම් කාලසීමාවක් පුරා දිගින් දිගටම. පැවැති හදවතේ ක්‍රියාකාරිත්වය නොනවත්වා එය සිහින් පටියේ සටහන් වී තිබේ. එක දිගට ඡායාරූප ගැනීමක් ආකාරයට සිදුවන ක්‍රියාවලියක් වන නිසා එම පරීක්ෂණය සඳහා එවැනි දිගින් වැඩි පටියක් භාවිතා කරන්නට සිදුවේ. පැය විසිහතරක් පුරාම ශරීරයට වයර් සම්බන්ධ කර හදවතේ ක්‍රියාකාරිත්වය නොනවත්වා නිරීක්ෂණය කරන 24 hours holter monitoring නම් වූ ඊ.සී.ජී පරීක්ෂණයද සමහර රෝගීන් සඳහා නිර්දේශ වන අවස්ථා තිබේ. අවසානයේ ඔබ අතට පත්වන ඊ.සී.ජී සටහනේ ඡායා පිටපතක් හෝ දුරකථන ඡායාරූපයක් ළඟ තබා ගන්නට අමතක නොකළ යුතුය. එයට හේතුව වන්නේ මාස හයක් පමණ ගත වන විටදී එම ඊ.සී.ජී සටහන සම්පූර්ණයෙන්ම මැකී ගොස් කඩදාසි පටිය පමණක් ඉතිරි වන නිසාය. පසුකාලීනව ලබා ගන්නා ඊ.සී.ජී සටහනක් හා සන්සන්දනාත්මකව බලන්නට හැකිවීම රෝගය සුවපත් කර ගැනීමට ප්‍රයෝජනවත් වන නිසා ලබාගත් ඊ.සී.ජී සටහනක් එලෙස ආරක්ෂා කර ගැනීම වැදගත්ය. පරණ ඊ.සී.ජී ඡායා පිටපත වෛද්‍යවරයාට පෙන්වන විටදි ඒ සඳහා නිර්දේශ වූ බෙහෙත් තුණ්ඩුවද පෙන්වීමට අමතක නොකළ යුතුය. එසේ කලින් ගත් ඊ.සී.ජී වාර්තාව සමග පැරණි බෙහෙත් තුණ්ඩුවද වෛද්‍යවරයාට ඉදිරිපත් කළ විටදී එම ඊ.සී.ජී පරීක්ෂණය සිදු කළේ ඇයිද යන්න වෛද්‍යවරයාට හොඳින් තහවුරු කර ගත හැකිය. රෝගියාගේ පාර්ශ්වයෙන්ද ඒ ආකාරයට දුර දක්නා නුවණින් සහ සැළකිලිමත්ව කටයුතු කිරීම තුළ අනවශ්‍ය වියදම් හා අපහසුතා මගහරවා ගත හැකි වන අතර රෝගය උත්සන්න වන්නට පෙර ඊට පිළියම් යෙදීමට වෛද්‍යවරයාටද එය පහසුවක් වනු ඇත. උත්පලා සුභාෂිනී ජයසේකර කරාපිටිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා අවධාරණය කරයි ඔබේ උදරයත් වැඩිද? සෑම වසරකම ජුනි යනු පෝෂණය හා සම්බන්ධ දැනුවත් කිරීම් සිදුකරනු ලබන “පෝෂණ මාසය” බව කවුරුත් දන්නා කාරණාවකි. එහි මෙවර තේමාව කාන්තාවන්ට දැඩිව බලපා තිබෙන ගැටලුවක් හා සම්බන්ධවීම නිසාම එය අපට විශේෂය. “බඩ අඩු කරන ච මඟ” (Right way to reduce abdominal obesity) මේ මාසය පුරාම කතාබහට ලක්වෙන ප්‍රධානතම මාතෘකාවයි. බඩ වැඩිවීම ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ඉතාම අහිතකර ප්‍රතිඵල රැගෙන එන සෞඛ්‍ය ගැටලුවක් වුවද කාන්තාවන්ට ඊටත් එහාට ගොස් සිරුරේ ලාලිත්‍ය සොරා ගන්නක් බවටද හේතුවී, සමාජීය ගැටලු රැසක්ද උරුම කරදෙයි. ඉස්සර බඩවල් ඉදිරියට නෙරා ආවේ මුදලාලිලාගේ පමණි. නමුත් අද සමාජය දෙස බලන විට මිනිසුන්ගේ රූප ඉතාම අවලස්සන කරමින් බහුතරයකට මේ බඩ ඉදිරියට නෙරා ඒමේ ගැටලුව බලපා තිබේ. සමහර අයගේ අධික තරබාරුවත් සමග බඩද නෙරා තිබෙන නමුත් තවත් සමහර අයගේ ශරීරයේ සෙසු ප්‍රදේශ නියම ප්‍රමාණයන්ගෙන් පැවැතියද බඩ ඉදිරියට නෙරාවිත් ඇත. මෙය ශරීරයේ හැඩය සෝරාගන්නා කරුණකින් එහාට ගිය ජීවිතය අවදානමකට ලක්කරන හේතු ගණනාවකට පාදක වන්නක් බව බොහෝ අය නොසිතන්නකි. මෙහි තිබෙන බැරෑරුම් බව නිසාම බඩ අඩුකරගැනීමේ නිවැරදි මාර්ගය සමාජයට පෙන්වා දීමේ අතිශය වැදගත්කමක් දැන් උද්ගතව තිබේ. කෙනෙකු යම් කාලයක් තිස්සේ සිරුරට ආහාර මගින් ලබාගන්නා ශක්තිය දහනය කරන ශක්තියට වඩා වැඩිවූ විට ඒවා මේද ලෙස ශරීරයේ තැන්පත් වී ස්ථූලභාවයට මගපාදයි. මේ අතිරික්ත ශක්තිය මේද ෙසෙල තුළ (Adipocytes) ට්‍රයිග්ලිසරයිඩ (Triglyceride) ලෙස තැන්පත් වෙයි. මෙම මේද ෙසෙල ප්‍රධාන වශයෙන් උදරයේ අභ්‍යන්තරව පිහිටන අක්මාව, අග්න්‍යාසය, අන්ත්‍රා වෘක්ක වැනි අවයව වටා සේම උදරයේ සමට යටින් ඇති අධශ්චර්ම තුළ අධශ්චර්මීය මේදය (Subcutaneous fat) ලෙස තැන්පත් වෙයි. මේ මේද තැන්පත්වීම් යුගලයම එක්ව උදරයේ තරබාරුව හෙවත් බඩ ඉදිරියට නෙරා ඒම සිදුවෙයි. උදරයේ මේ ආකාරයට තැන්පත් වූ මේදය බෝ නොවන රෝග රාශියකට මුල්වෙයි. ආඝාතය, ඇල්ෂයිමර්, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග, පියයුරු පිළිකා, බඩවැලේ පිළිකා වැනි බොහෝ රෝග සඳහා මෙය ප්‍රධානතම අවදානම් සාධකයක්වේ. ඔබ උදර තරබාරුවෙන් පෙළෙනවාදැයි දැනගත හැකි ක්‍රමය නම් නාභිය හරහා ඉන ප්‍රදේශය මැන බැලීමය. පිරිමි පක්ෂයේ අයෙකුගේ ඉණ අඟල් 36ට වැඩි නම් ස්ත්‍රියකගේ ඉණ අඟල් 32 වැඩිනම් උදර තරබාරුවෙන් පෙළෙන බව සිහි තබාගන්න. උදරයේ තැන්පත් වන මේදය අඩුකිරීම තරමක් අසීරු කටයුත්තකි. එසේ නොවන ආකාරයට කටුයතු කිරීම වඩාත් නුවණැති ක්‍රියාවකි. නමුත් දැනටමත් ඔබ උදර තරබාරුවෙන් පෙළෙයි නම් මේ ආකාරයට ඒ සඳහා විසඳුම් සෙවිය හැක. * ආහාරයට ගන්නා කාබොහයිඩේ්රට් අඩංගු බත්, පාන්, සහල්පිටි, තිරිඟු පිටි වලින් සෑදු ආහාර, පිරිපහදු කරන ලද ආහාර වර්ග හැකිතාක් අඩුකරන්න. * සීනි - සිනි අධික ලෙස අඩංගු කළ පැණි බිම වර්ග ගැනීමෙන් වළකින්න. * එළවළු, පලතුරු, පලා, සෝයා, මුංඇට, කඩල වැනි ආහාර වර්ග ආහාරවලට වැඩිපුර එකතු කර ගන්න. * ප්‍රෝටීන බහුල ආහාර වැඩිපුර ආහාරයට එකතු කර ගන්න. බිත්තර සම සහ මේදය ඉවත් කරගත් කුකුල්මස්, මාළු, රනිල බෝග වර්ග ගුණදායකය. * ට්රාන්ස්මේදය අඩංගු වන බේකරි නිෂ්පාදන, කේක්, බිස්කට්, පේස්ට්‍රි, ඩෝනට්ස්, පීසා, බඳින ලද අල පෙති, මාගරින් වර්ග, ගැඹුරු තෙලේ බඳින ලද ආහාර හැකිතාක් අඩුකරන්න. * සංතෘප්ත මේදය බහුල ගිතෙල්, හරක්මස්, ඌරුමස්, චීස්, අයිස්ක්‍රීම් වැනි ආහාරද හැකිතාක් අඩු කරන්න. * තන්තු බහුලව තිබෙන නිවුඩ්ඩ සහිත ධාන්‍ය වර්ග, පිරිපහදු නොකළ සහල්, ඕට්ස්, කුරක්කන්, ඉරිඟු, එළවළු (උදා කොහිල, වැටකොළු, බණ්ඩක්කා, කැරට්) සහ දිවුල්, පේර, අඹ, ඇපල්, දොඩම්, කෙසෙල් වැනි දේ ආහාරයට එකතු කර ගන්න. * වැඩිපුර පිරිසිදු ජලය පාලනය කරන්න. වැඩිහිටි නිරෝගී කෙනෙකුට දිනකට වීදුරු 6-8ක් පමණ අවශ්‍යවේ. * නීතිපතා ව්‍යායාමවල යෙදෙන්න. දිනකට මිනිත්තු 30-60 දක්වා කාලයක් ඇවිදීම, දිවීම, පිහිනීම, ක්‍රීඩා කිරීම වැනි ව්‍යායාමයක නිරතවීම උදරයේ මේද දහනයට උදව්වනවා සේම උදරයේ අභ්‍යන්තර අවයව වටා මේද තැන්පත් වීමද පාලනය කරයි. * අවම තරමින් පැය 6-8ක සුවදායි රාත්‍රී නින්දක් ලබා ගන්න. අඩු නින්දක් ලබන සේම වැඩි නින්දක් ලැබිමද උදර තරබාරුවට හේතුවන්නකි. * ආතතිය හැකිතාක් අඩුකරගන්න. යෝග ව්‍යායාම, භාවනාව, මිහිරි සංගීතයට සවන් දීම, ගැඹුරින් ආශ්වාස ප්‍රශ්වාස කිරීම, පරිසරයේ සුන්දරබව රසවිඳීම වැනි ආතතිය අඩුකරන ක්‍රියාමාර්ග වලට යොමුවන්න. කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ සම්බන්ධීකරණ අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි කළ දේශනයක් ඇසුරිනි නිර්මලා කුමාරි සේනාරත්න කුඩා දරුවන්ට වැලඳෙන බඩේ අමාරු කුඩා දරුවන් හා ‘බඩේ කැක්කුම’ අතර තිබෙන්නේ නොබිඳිය හැකි ආකාරයේ සබඳකමකි. බඩේ කැක්කුමක් නොවැලඳුනු දරුවෙකු සොයා ගැන්ම පවා අසීරුය. විශේෂයෙන් වයස අවුරුදු 12ට අඩු දරුවන්ගේ මේ බඩේ කැක්කුම් බහුතරයක් බරපතළ හේතු නිසා හටගන්නා ඒවා නම් නොවේ. නමුත් සමහර විට බරපතළ හේතුවක් ඒවා තුළ සැඟව තිබෙන්නටද කිසියම් ඉඩකඩක් තිබේ. එබැවින් දරුවන්ගේ බඩේ අමාරුවල ස්වභාවය තේරුම්ගෙන නිවැරදි ප්‍රතිකාර කරා යොමු කිරීමට මේ තොරතුරු ඔබට උදව් වේවි. දරුවා තම බඩේ මුළු ප්‍රදේශයම රිදෙන බව පවසයි නම් සමහර විට එය ගැස්ට්‍රයිටිස් වෛරස් ආසාදනයක් හේතුවෙන් සිදුවන්නක් විය හැකිය. එසේම බඩේ කිසියම් තැනක ඇම්මක් (Cramp) වැනි කැක්කුමක් දැනෙන බව පවසයි නම් එයද සැළකිලිමත්ව සොයාබැලිය යුතුවේ. එසේම කඩින් කඩ නැවති නැවතී මතුවන තදබල වේදනාවක් නම් (Colicky Pain) එය සමහර විට මුත්‍රාශයේ ගල් හේතුකරගෙන මතුවන්නක් විය හැකිය. එම වේදනාව හටගන්නේ හිටිහැටියේය. එම අවස්ථාවලදී අධික දහඩිය දැමීමක්ද මතුවීමට පිළිවන. එසේම බඩේ දකුණු පස හෝ එක පැත්තක පමණක් මතුවන වේදනාකාරී තත්ත්වයක් ගැනද වඩාත් සැළකිලිමත් විය යුතුය. අවුරුද්දට වඩා අඩු කුඩා බිළිඳුන් හිටිහැටියේ කෑ ගසමින් අතපය උඩ දමමින් කරන හැඩීමක්ද බඩේ අමාරුවක් විය හැකිය. මෙය සමහරවිට මළබද්ධය නිසා හෝ ආහාර ආසාත්මිකතාවයක් නිසා හටගත හැකිය. සමහර විට තදබල ලෙස හැදෙන හිසරදය ඉරුවාරදය නිසා හටගන්නා බඩේ වේදනාකාරී තත්ත්වයන්ද දරුවන්ට බලපෑ හැකිය. සමහර පාසැල් අධ්‍යාපනය අවසානයේ යෙදෙන දරුවන්ට විභාග අවස්ථාවන්වලදී, අත්විඳින්නට සිදුවන ආතති තත්ත්වයන්ද බඩේ කැක්කුම ලෙස එය එළිදකින අවස්ථා ඇත. පිත්තාශයේ ගල්, ආමාශයේ තුවාල වැනි තත්ත්ව වලදීද බඩේ රුදා හටගැනීමට පිළිවන. එසේම වයස අවුරුදු 2ට අඩු කුඩා දරුවන්ගේ බඩවැල් එකකට එකක් පැටලී බඩවැලේ එක තැනකින් ඇතුළට කැවී ගිය අවස්ථාවන්වලද මේ ආකාරයට වේදනාවකින් කෑගැසිය හැකිය. කුඩා පිරිමි දරුවන්ගේ වෘෂණ කෝෂ ඇඹරීම නිසාද කුඩා ගැහැණු දරුවන්ගේ පැලෝපීය නාල ඇඹරීම නිසාද බඩේ වේදනාකාරී තත්ත්වයක් හටගැනීමට හැකියාව ඇත. මුත්‍රා ආසාදනයක් මුත්‍රාශයේ ගල් ඇති විටෙද දරුවෙකුට තදබල බඩේ වේදනාවක් දැනිය හැක. කුඩාම දරුවන්ගේ සෙල්ලම් බඩුවල තිබෙන ඉතාම කුඩා ඉලෙක්ටේරානික බැටරි කෑලි වැනි දේ ගිලුනු විටෙකද අධික බඩේ වේදනාවක් හටගැනීමට පිළිවන. එසේම බඩේ කැක්කුම සමග බඩඑළිය යාමක් වමනයක් තිබේනම් එයද වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවිය යුතු අවස්ථාවකි. බඩේ වේදනාව සමග රුධිරය මිශ්‍ර මළ පිටවීමක්, වමනය සමග රුධිරය පිටවීමක් නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවිය යුතුය. දරුවා සෙල්ලම් කිරීමකදී වැටීමක්, තදබල හැප්පීමක් වැනි දෙයකින් පසු බඩේ රුදාවක් ගැන පැමිණිලි කරයි නම් ඒ ද උදරයේ කිසියම් අවයවයක තුවාලවීමක් නිසා වීමට හැකි බැවින් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරවිය යුතුය. බඩේ රිදීමක් සමග හුස්ම ගැනීමේ වේගවත් බවක් මුත්‍රා දැවිල්ලක්, උණ ගතියක් තිබේ නම් වඩාත් සැළකිලිමත් විය යුතුවේ. නව යෞවන වයස ළඟාවන එනම් 9-10 වයස්වල දැරිවියන්ගේ බඩේ අමාරුවලට ඒ කාලයේ මල්වරවීම ආසන්න වන විට ශරීරයේ ඉහළ යන ‘Prostaglandine’ නම් හෝමෝනය හේතුවීමට පිළිවන. නූතනයේ දරුවන්ගේ වැරදි ආහාර පුරුදු නිසාද බඩේ අමාරු හටගැනීමට පුළුවන. අධික ලෙස තෙල්, පිටි අඩංගු වන ක්ෂණික ආහාර වර්ග ලබාගැනීමද මෙවැනි තදබල බඩේ රුදාවලට මගපාදයි. විශේෂයෙන් බදින ලද අල පෙති, රසකාරක යෙදූ මස් වර්ග නිතර නිතර ආහාරයට ගැනීම නිසා බඩේ අමාරු හට ගැනීමට පිළිවන. දරුවන් කලට වේලාවට ආහාර වේල් ලබා නොගැනීම නිසාද බඩේ වේදනාකාරී තත්ත්ව මතුවේ. එසේම දරුවාගේ බඩේ හටගන්නා වේදනාවන් කාලයක් පවතියි නම් ශරීර බර අඩුවීමක් දැනේ නම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් පතන්න. දරුවා රාත්‍රී කාලයේ හිටිහැටියේ වේදනාවෙන් කෑගසමින් නැගිටියි නම් බඩේ වේදනාව සමග ගිලීමේ අපහසුවක් තිබේ නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම යෝග්‍යවෙයි. කළු පාටට හුරු, කොළ පාටට හුරු වමනය හෝ බඩඑළිය සමග බඩේ රුදාවක් ගැන පැමිණිලි කරයි නම් වහාම රෝහල්ගත කිරීමට වග බලා ගන්න. සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට වැළඳෙන බඩේ කැක්කුමක් සඳහා සුළු අත් බෙහෙතක් මගින් පිළිතුරු සෙවීම හොඳය. නමුත් ඊට ප්‍රතිචාර නොදක්වන ඉහත සදහන් කළ ආකාරයේ බඩේ වේදනාවන් ගැන නම් ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන බව කිව යුතුමය. කුලියාපිටිය මූලික රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චින්තක රාජපක්ෂ සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැකි හේතු බොහෝ කාන්තාවන් තුළ දක්නට ලැබෙන ප්‍රධාන ශාරීරික ගැටලු අතරින් එකක් ලෙස ඔසප් චක්‍රය අක්‍රමවත් වීම දැක්විය හැකිය. අක්‍රමවත් ඔසප් වීමක් සඳහා වන හේතූන් මොනවාද? අපි ඒ ගැන විමසා බලමු. සාමාන්‍යයෙන් කාන්තාවකට දින 28-30ත් අතර කාලයට වතාවක් ඔසප් වීම සිදුවේ. මෙය නිරෝගී බවේ ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැකිය. ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සඳහා හෝර්මෝන අසමතුලිතතාව හේතුවෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවේදී ඛිච් ලෙස මෙම රෝගය හඳුන්වනු ලබයි. සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඩිම්බ කෝෂවලින් මාරුවෙන් මාරුවට මාසයකට වතාවක් ඩිම්බ පිටවිය යුතුය. නමුත් ඇතැම් කාන්තාවන්ගේ එක ඩිම්බයක් හෝ පිට නොවීම දැක ගත හැකිය. මෙම තත්ත්වය මද සරු භාවය දක්වා වර්ධනය විය හැකි අතර එවන් අවස්ථාවල ඵජචද පරීක්ෂණයක් මගින් මේ තත්ත්වය හඳුනාගත හැකිවේ. ඔසප් චක්‍රය අක්‍රමවත් කාන්තාවන්ගේ * ශරීරයේ බර වැඩිවීම * බෙල්ල දෙපැත්තේ සහ මුහුණේ ඇතැම් ස්ථාන කළු වීම * රැවුල වැවීම * උදරයේ සහ පපුවේ රෝම වර්ධනය වීම වැනි බාහිර ශරීර ලක්ෂණ බොහෝ විට දැකගත හැකිය. තවද මුහුණේ කුරුලෑ හට ගැනීම, කොණ්ඩයේ ගණකම අඩු වී කොණ්ඩය යාම, හිස්හොරි වර්ධනය වීම වැනි ලක්ෂණද පැවතීමට පුළුවන. වර්තමානයේ තරුණියන් තුළ විශේෂයෙන් පාසල් වයසේ ගැහැනු දරුවන් තුළ, විශ්වවිද්‍යාල සිසුවියන් තුළ අක්‍රමවත් මාස් ශුද්ධිය හේතුවෙන් ඇතිවන මෙවැනි ශාරීරික වෙනස්කම් රැසක් දැක ගත හැකිය. මෙම වෙනස්වීම් ප්‍රධාන රූපලාවන්‍ය ගැටලු බවටද අද පත්වී තිබේ. ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සඳහාත් ඒ හේතුවෙන් සිදුවන ශාරීරික වෙනස්වීම් සඳහාත් කාන්තාවන්ගේ මානසික ආතතිය, ආහාර පුරුදු, ව්‍යායාම රහිත වීම ප්‍රධාන ලෙස හේතු වී තිබේ. බොහෝ කාන්තාවන් නිරන්තරයෙන් මානසික පීඩනයකින් පසුවන බවක් දැක ගත හැකිය. එනම් විවිධ විභාග හේතුවෙන් වන පීඩනය, අවිවේකය මෙන්ම කෘත්‍රීම ආහාර වර්ග, ක්ෂණික ආහාර, ජාන වෙනස් කරන ලද ආහාර ගැනීමත්, අවිවේකී ජීවන රටාව හමුවේ ශරීරයට ව්‍යායාම රහිත වීමත් ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සඳහා වන හේතු සාධක බවට පත්වී තිබේ. එසේම කාර්යබහුල ජීවන රටාව තුළ උපකරණ භාවිතය නිසාවෙන් ශරීරය වෙහෙසා වැඩ නොකිරීම, මහන්සි නොවීම, සිට ගෙන සිටීම හෝ ඉඳගෙන සිටීම යන ඉරියව් දෙක පමණක් සිදු කිරීම යනාදී ව්‍යායාම රහිත ජීවිතද ඔසප් චක්‍රය අක්‍රමවත්වීම සඳහා හේතුවෙයි. ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රතිකාර, ඖෂධ ඇති අතර පළමුව සිදු කරනු ලබන්නේ යහපත් ආහාර පුරුදු ඇති කර ගැනීම එනම් ආහාරයේ ස්වභාවය, වර්ගය, ආහාරයට ගන්නා ක්‍රමය පිළිබඳ සැළකිලිමත්වීම, යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගැනීම, යහපත් සිතුවිලි ඇති කර ගැනීම, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වැනි අයහපත් සිතුවිලිවලින් මිදීම, ශරීරය වෙහෙසා ව්‍යායාමවල නිරත වීම සඳහා උපදෙස් ලබා දීමයි. ඉන්පසු නියමිත ඖෂධ පන්තියක් ලබාදීම සඳහා ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවලට යොමු කිරීම සිදු කරනු ලබයි. උපදෙස් කොළඹ 08 ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ වෛද්‍ය හේලි ප්‍රතාපසිංහ සැකසුම සුවිනි ඉන්දීවරි හෙට්ටිආරච්චි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jun 2018 04:44 AM කුඩා දරුවන්ගේ දත් දිරායාම හඳුනාගත හැකි මූලික ලක්ෂණ අපේ රටේ පාසල් දරුවන් අතර තිබෙන සුලබම රෝගී තත්ත්වය කුමක්දැයි කෙනෙකු ප්‍රශ්න කළහොත් ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද? රක්තහීනතාවය, මන්දපෝෂණය වැනි නානාවිධ පිළිතුරු අතරේ නිවැරදිම පිළිතුර වන්නේ දත් හා සම්බන්ධ රෝගී තත්ත්වයන් යන්නය. වයස් භේදයකින් තොරව අපේ පාසල් දරුවන් සියලු දෙනා අතර පවතින සුලබතම රෝගී තත්ත්වය දත් දිරායාම හෙවත් දන්ත ව්‍යසනයයි. මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 12 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් 10 දෙනෙකු අතරින් 4 දෙනෙකුම දත් දිරායාමට ගොදුරුව සිටී. එනම් මේ වයස් කාණ්ඩයේ පාසල් දරුවෝ 40ක්ම දත් දිරායාම නිසා පීඩා විඳිති. දත් දිරායාමෙන් මුඛයේ, දත්වල ඇතිවන අධික වේදනාකාරී බව, එම දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුවලට ජු ලෙසම, ඉතාම අහිතකර බලපෑම් එල්ල කරයි. මෙය කිසිසේත්ම සුළුවෙන් තැකිය යුතු කරුණක් නොවේ. මේ නිසාම මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ඒ ඒ පාසල් අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා පාසල් දරුවන් සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. 1, 4 සහ 7 යන ශ්‍රේණි වලදී මේ පරීක්ෂණ සිදු කෙරේ. මෙම ශ්‍රේණිවල පසුවන කාලය තුළ තම දරුවන් මේ පරීක්ෂණවලට ලක්වනවාද යන්න ගැන දෙමාපියන් වැඩි සැලකිල්ලකින් යුතුව සොයා බලා කටයුතු කිරීම ඉතා වැදගත් වේ. එසේම එම වැඩසටහන් තුළ කිසියම් අඩුපාඩුවක් වේ නම් විදුහල්පති, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමා වැනි වගකිවයුතු අය එසේ හා සම්බන්ධයෙන් දැනුවත් කිරීමට උත්සුක වන්න. එසේම තම දරුවන්ගේ දත් මේ තත්ත්වයට පත්වන්නට ඉඩ නොදී ඒවා ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් මව්පිය වැඩිහිටියන් විසින් කළ යුතු ඉතා වැදගත් කාර්යක්ද ඇත. කුඩා දරුවන්ගේ මුල්ම කිරිදත මෝදු වූ දා පටන් දත් ආරක්ෂා කර ගැනීමේ දීර්ඝ ක්‍රියාවලියට මුල් පියවර තැබිය යුතුය. ඒවා හොඳින් මැද මුඛය පිරිසිදුව තබා ගැනීමට දරුවන් පුරුදු පුහුණු කිරීම ඉතා වැදගත් කාර්යයකි. කිරි දත් ක්‍රමානුකූලව ගැළවී වැටෙන විට ඊට යටින් තිබෙන ස්ථිර දත් මෝදුවීම ක්‍රමවත් වෙයි. කිරිදත් නිසියාකාරව නිසි කලට ගැළවී වැටීම යනු ස්ථිර දත් මෝදුවීමට මගපෙන්වීමක් හා සමානය. කිරි දත් දිරායාම හා ඒවා කලින් ගැළවීමට සිදුවීම ජු ලෙසම ස්ථිර දත්වල නිරෝගීතාවයට බලපෑම් එල්ල කරයි. ස්ථිර දත් අපිළිවෙළට මෝදුවීමට සේම පසුකාලීනව ඇතිවන දත් රෝග වලට මූලිකම හේතුව කිරිදත් නිසි ලෙස ආරක්ෂාකර නොගැනීමය. “ඕවා ඉතින් කොහොමත් වැටෙන දත්නේ” කියමින් කිරි දත් ගැන අවධානය අත්හැරීම නම් අනාගතයේ මෝදුවන ස්ථිර දත් වලට හානි ගෙන දෙන්නකි. එසේම කුඩාම දරුවන් දත් මැදීමට දක්වන මැලිකම ද බොහෝ මව්වරුන් විසින් ඒ වගකීමෙන් මිදීමට පෙරට දමන කරුණකි. දත්වල වටිනාකම ගැන කුඩා දරුවන් දන්නේ නැත. තරුණ වියට එළැඹි විට ලස්සන දත් දෙපළක් අහිමිවීමේ ආදීනව ගැන ඔවුනට වැටහීමක් නැත. ඒ ගැන සැලකිලිමත්ව බිලිඳු වියේ සිටම දත් මැදීමට හුරුකරවීම විශේෂයෙන්ම අම්මාගේ යුතුකමකි. දත් මැදීම ආරම්භ කළ යුත්තේ මුල්ම කිරි දත මෝදුවූ දා සිට බව අවධාරණය කළ යුතුමය. දරුවෙකුගේ දත්වල ගැටලු මතුවීම යනු වෙනත් ගැටලු රාශියකද ආරම්භයකි. දත් දිරායාම නිසා හටගන්නා වේදනාව හේතුවෙන් ආහාර සැපීමට ගැටලු මතු කරයි. එනිසා පෝෂණයේ ගැටලු ඇතිවේ. එසේම දත් දිරායාමේ අවසන් ප්‍රතිඵලය දත ගලවා දැමීමය. එවිට දරුවාට ඒ අඩුපාඩුව නිසා වචන උච්චාරණයේ විශාල ගැටලු ඇතිවනවා සේම දරුවාගේ මුහුණේ පෙනුමේ හැඩයේ වෙනස්කම් වලටද බලපෑම් ඇතිකරයි. දත්වල අසාමාන්‍යතා දත්වල දුර්වර්ණවීම් නිසා පෙනුමට සේම කෙනෙකු හා කතා බහ කිරීමේදී මතුවන පෞර්ෂය හා සම්බන්ධ ගැටලුද සුළුකොට තැකිය හැකි නොවේ. එසේම මෙවැනි ගැටලු තිබෙන දරුවෝ විවිධ අවස්ථාවන් වලට ඉදිරිපත්වීමටද මැලිකමක් දක්වති. දරුවන්ගේ අනාගත අභිවෘද්ධියට ජු ලෙසම බලපෑම් එල්ල කරන මේ දත් රෝග වළක්වා ගැනීමට මූලිකවම කළ යුතු වන්නේ ඉතාම සුළු දෙයකි. ඒ දරුවන්ගේ කිරි දත් වල සිටම හොඳින් මැද පිරිසිදු කර මුඛයේ පිරිසිදු බව දත්වල නිරෝගී බව රැක ගැනීමය. එසේම කෙසේ හෝ දත් රෝගයකට ගොදුරු වූ විටෙකද එය දරුණු තත්ත්වයට යා නොදී ඉක්මනින් හඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු කිරීමෙන්ද දත් නොගලවා ආරක්ෂා කරගත හැකිය. දත් දිරායාමේ මුල් අවස්ථා වලදීම හඳුනාගතහොත් දත ගැළවීමෙන් වළක්වාගත හැකිය. නමුත් ඉතා අවාසනාවන්ත තත්ත්වය නම් බොහෝ දත් රෝග තිබෙන දරුවන් වෛද්‍යවරුන් වෙත එන්නේ දතේ වේදනාව සහිතව කල්ක කුහරය දක්වාම දත දිරාගිය පසුව වීමය. එවැනි අවස්ථාවකදී දත බේරා ගැනීම සඳහා කළ හැකි දේ ඉතාම සීමිතය. නමුත් දත් දිරායාම යනු එක රැයකින් මතුවන තත්ත්වයක් නොවේ. දත් දිරායාම ආරම්භයේදී හඳුනාගත හැකි විශේෂිත ලක්ෂණයක් තිබේ. මෙය හඳුන්වන්නේ සුදු ලප අවස්ථාව ලෙසනි. මේ තත්ත්වයේදී දත්වල හෝ මුඛයේ කිසිදු වේදනාවක් දැනෙන්නේ නැත. නමුත් දත්වල සේම විදුරුමස මත කුඩා සුදු ලප දැකගත හැකිය. කුඩා දරුවන්ගේ උඩුතොල ඔසවා හොඳින් ආලෝකය ලැබෙන තැනක සිට පරීක්ෂා කර බලන්න. මෙය බොහෝවිට දැකිය හැක්කේ දතට විදුරුමස සවිවන තැන මායිමේය. මාසයකට පමණ වරක් දරුවන්ගේ මුඛය මේ ආකාරයට පරීක්ෂා කර බලා මෙවැනි සුදු ලප හෝ වෙනත් දුර්වර්ණවීමක් හෝ කිසියම් වූ වෙනසක් දුටුවහොත් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න. එසේම දරුවන්ට දත්වල ඇලෙන සුළු ටොෆි, චුයින්ගම්, චොක්ලට්, පේස්ට්‍රි සේම බිස්කට් වර්ග ලබාදීම සිමාකරන්න. රසකැවිලි සහ දරුවන් අතර සම්බන්ධය බිදිය හැක්කක් නොවේ. එබැවින් දරුවන්ට මෙවැනි කෑම වර්ග ලබා දෙන්නේ නම් ප්‍රධාන ආහාර වේලකට පසු ලබාදී කට සෝදා හරින්න. මෙවැනි ඇලෙන සුළු ආහාර වර්ග වලින් දත් මත දත් දිරායාමට හේතුවන අම්ල වර්ග නිපදවෙයි. මේවා දිගු කලක් දත් මත රැඳී තිබිම දත් දිරායාමට හේතුවෙයි. එසේම දරුවන් අවම තරමින් දවසකට දෙවරක්, ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දත් මැදීමට පුරුදු පුහුණු කරවන්න. දරුවා නිසි ලෙස දත් මදිනවාදැයි පරීක්ෂා කර බලන්න. දරුවාගේ දත් ගැන අවධානයෙන් සිට, දත්වල කිසියම් වෙනසක් ඇත්නම් නොපමාව වෛද්‍ය උපදෙස් පතන්න. දරුවන්ගේ දත් රෝග බොහොමයකට හේතුවන මූලික ලක්ෂණ හඳුනාගෙන ඉක්මන් ප්‍රතිකාර වලට යොමුවීම අනාගත ගැටලු රැසක් අවම කර ගැනීමට හේතුවෙයි. සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක අවධාරණය කරයි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jun 2018 04:46 AM කුඩා දරුවන්ගේ දත් දිරායාම හඳුනාගත හැකි මූලික ලක්ෂණ අපේ රටේ පාසල් දරුවන් අතර තිබෙන සුලබම රෝගී තත්ත්වය කුමක්දැයි කෙනෙකු ප්‍රශ්න කළහොත් ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද? රක්තහීනතාවය, මන්දපෝෂණය වැනි නානාවිධ පිළිතුරු අතරේ නිවැරදිම පිළිතුර වන්නේ දත් හා සම්බන්ධ රෝගී තත්ත්වයන් යන්නය. වයස් භේදයකින් තොරව අපේ පාසල් දරුවන් සියලු දෙනා අතර පවතින සුලබතම රෝගී තත්ත්වය දත් දිරායාම හෙවත් දන්ත ව්‍යසනයයි. මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 12 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් 10 දෙනෙකු අතරින් 4 දෙනෙකුම දත් දිරායාමට ගොදුරුව සිටී. එනම් මේ වයස් කාණ්ඩයේ පාසල් දරුවෝ 40ක්ම දත් දිරායාම නිසා පීඩා විඳිති. දත් දිරායාමෙන් මුඛයේ, දත්වල ඇතිවන අධික වේදනාකාරී බව, එම දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුවලට ජු ලෙසම, ඉතාම අහිතකර බලපෑම් එල්ල කරයි. මෙය කිසිසේත්ම සුළුවෙන් තැකිය යුතු කරුණක් නොවේ. මේ නිසාම මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ඒ ඒ පාසල් අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා පාසල් දරුවන් සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. 1, 4 සහ 7 යන ශ්‍රේණි වලදී මේ පරීක්ෂණ සිදු කෙරේ. මෙම ශ්‍රේණිවල පසුවන කාලය තුළ තම දරුවන් මේ පරීක්ෂණවලට ලක්වනවාද යන්න ගැන දෙමාපියන් වැඩි සැලකිල්ලකින් යුතුව සොයා බලා කටයුතු කිරීම ඉතා වැදගත් වේ. එසේම එම වැඩසටහන් තුළ කිසියම් අඩුපාඩුවක් වේ නම් විදුහල්පති, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමා වැනි වගකිවයුතු අය එසේ හා සම්බන්ධයෙන් දැනුවත් කිරීමට උත්සුක වන්න. එසේම තම දරුවන්ගේ දත් මේ තත්ත්වයට පත්වන්නට ඉඩ නොදී ඒවා ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් මව්පිය වැඩිහිටියන් විසින් කළ යුතු ඉතා වැදගත් කාර්යක්ද ඇත. කුඩා දරුවන්ගේ මුල්ම කිරිදත මෝදු වූ දා පටන් දත් ආරක්ෂා කර ගැනීමේ දීර්ඝ ක්‍රියාවලියට මුල් පියවර තැබිය යුතුය. ඒවා හොඳින් මැද මුඛය පිරිසිදුව තබා ගැනීමට දරුවන් පුරුදු පුහුණු කිරීම ඉතා වැදගත් කාර්යයකි. කිරි දත් ක්‍රමානුකූලව ගැළවී වැටෙන විට ඊට යටින් තිබෙන ස්ථිර දත් මෝදුවීම ක්‍රමවත් වෙයි. කිරිදත් නිසියාකාරව නිසි කලට ගැළවී වැටීම යනු ස්ථිර දත් මෝදුවීමට මගපෙන්වීමක් හා සමානය. කිරි දත් දිරායාම හා ඒවා කලින් ගැළවීමට සිදුවීම ජු ලෙසම ස්ථිර දත්වල නිරෝගීතාවයට බලපෑම් එල්ල කරයි. ස්ථිර දත් අපිළිවෙළට මෝදුවීමට සේම පසුකාලීනව ඇතිවන දත් රෝග වලට මූලිකම හේතුව කිරිදත් නිසි ලෙස ආරක්ෂාකර නොගැනීමය. “ඕවා ඉතින් කොහොමත් වැටෙන දත්නේ” කියමින් කිරි දත් ගැන අවධානය අත්හැරීම නම් අනාගතයේ මෝදුවන ස්ථිර දත් වලට හානි ගෙන දෙන්නකි. එසේම කුඩාම දරුවන් දත් මැදීමට දක්වන මැලිකම ද බොහෝ මව්වරුන් විසින් ඒ වගකීමෙන් මිදීමට පෙරට දමන කරුණකි. දත්වල වටිනාකම ගැන කුඩා දරුවන් දන්නේ නැත. තරුණ වියට එළැඹි විට ලස්සන දත් දෙපළක් අහිමිවීමේ ආදීනව ගැන ඔවුනට වැටහීමක් නැත. ඒ ගැන සැලකිලිමත්ව බිලිඳු වියේ සිටම දත් මැදීමට හුරුකරවීම විශේෂයෙන්ම අම්මාගේ යුතුකමකි. දත් මැදීම ආරම්භ කළ යුත්තේ මුල්ම කිරි දත මෝදුවූ දා සිට බව අවධාරණය කළ යුතුමය. දරුවෙකුගේ දත්වල ගැටලු මතුවීම යනු වෙනත් ගැටලු රාශියකද ආරම්භයකි. දත් දිරායාම නිසා හටගන්නා වේදනාව හේතුවෙන් ආහාර සැපීමට ගැටලු මතු කරයි. එනිසා පෝෂණයේ ගැටලු ඇතිවේ. එසේම දත් දිරායාමේ අවසන් ප්‍රතිඵලය දත ගලවා දැමීමය. එවිට දරුවාට ඒ අඩුපාඩුව නිසා වචන උච්චාරණයේ විශාල ගැටලු ඇතිවනවා සේම දරුවාගේ මුහුණේ පෙනුමේ හැඩයේ වෙනස්කම් වලටද බලපෑම් ඇතිකරයි. දත්වල අසාමාන්‍යතා දත්වල දුර්වර්ණවීම් නිසා පෙනුමට සේම කෙනෙකු හා කතා බහ කිරීමේදී මතුවන පෞර්ෂය හා සම්බන්ධ ගැටලුද සුළුකොට තැකිය හැකි නොවේ. එසේම මෙවැනි ගැටලු තිබෙන දරුවෝ විවිධ අවස්ථාවන් වලට ඉදිරිපත්වීමටද මැලිකමක් දක්වති. දරුවන්ගේ අනාගත අභිවෘද්ධියට ජු ලෙසම බලපෑම් එල්ල කරන මේ දත් රෝග වළක්වා ගැනීමට මූලිකවම කළ යුතු වන්නේ ඉතාම සුළු දෙයකි. ඒ දරුවන්ගේ කිරි දත් වල සිටම හොඳින් මැද පිරිසිදු කර මුඛයේ පිරිසිදු බව දත්වල නිරෝගී බව රැක ගැනීමය. එසේම කෙසේ හෝ දත් රෝගයකට ගොදුරු වූ විටෙකද එය දරුණු තත්ත්වයට යා නොදී ඉක්මනින් හඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු කිරීමෙන්ද දත් නොගලවා ආරක්ෂා කරගත හැකිය. දත් දිරායාමේ මුල් අවස්ථා වලදීම හඳුනාගතහොත් දත ගැළවීමෙන් වළක්වාගත හැකිය. නමුත් ඉතා අවාසනාවන්ත තත්ත්වය නම් බොහෝ දත් රෝග තිබෙන දරුවන් වෛද්‍යවරුන් වෙත එන්නේ දතේ වේදනාව සහිතව කල්ක කුහරය දක්වාම දත දිරාගිය පසුව වීමය. එවැනි අවස්ථාවකදී දත බේරා ගැනීම සඳහා කළ හැකි දේ ඉතාම සීමිතය. නමුත් දත් දිරායාම යනු එක රැයකින් මතුවන තත්ත්වයක් නොවේ. දත් දිරායාම ආරම්භයේදී හඳුනාගත හැකි විශේෂිත ලක්ෂණයක් තිබේ. මෙය හඳුන්වන්නේ සුදු ලප අවස්ථාව ලෙසනි. මේ තත්ත්වයේදී දත්වල හෝ මුඛයේ කිසිදු වේදනාවක් දැනෙන්නේ නැත. නමුත් දත්වල සේම විදුරුමස මත කුඩා සුදු ලප දැකගත හැකිය. කුඩා දරුවන්ගේ උඩුතොල ඔසවා හොඳින් ආලෝකය ලැබෙන තැනක සිට පරීක්ෂා කර බලන්න. මෙය බොහෝවිට දැකිය හැක්කේ දතට විදුරුමස සවිවන තැන මායිමේය. මාසයකට පමණ වරක් දරුවන්ගේ මුඛය මේ ආකාරයට පරීක්ෂා කර බලා මෙවැනි සුදු ලප හෝ වෙනත් දුර්වර්ණවීමක් හෝ කිසියම් වූ වෙනසක් දුටුවහොත් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න. එසේම දරුවන්ට දත්වල ඇලෙන සුළු ටොෆි, චුයින්ගම්, චොක්ලට්, පේස්ට්‍රි සේම බිස්කට් වර්ග ලබාදීම සිමාකරන්න. රසකැවිලි සහ දරුවන් අතර සම්බන්ධය බිදිය හැක්කක් නොවේ. එබැවින් දරුවන්ට මෙවැනි කෑම වර්ග ලබා දෙන්නේ නම් ප්‍රධාන ආහාර වේලකට පසු ලබාදී කට සෝදා හරින්න. මෙවැනි ඇලෙන සුළු ආහාර වර්ග වලින් දත් මත දත් දිරායාමට හේතුවන අම්ල වර්ග නිපදවෙයි. මේවා දිගු කලක් දත් මත රැඳී තිබිම දත් දිරායාමට හේතුවෙයි. එසේම දරුවන් අවම තරමින් දවසකට දෙවරක්, ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයකින් දත් මැදීමට පුරුදු පුහුණු කරවන්න. දරුවා නිසි ලෙස දත් මදිනවාදැයි පරීක්ෂා කර බලන්න. දරුවාගේ දත් ගැන අවධානයෙන් සිට, දත්වල කිසියම් වෙනසක් ඇත්නම් නොපමාව වෛද්‍ය උපදෙස් පතන්න. දරුවන්ගේ දත් රෝග බොහොමයකට හේතුවන මූලික ලක්ෂණ හඳුනාගෙන ඉක්මන් ප්‍රතිකාර වලට යොමුවීම අනාගත ගැටලු රැසක් අවම කර ගැනීමට හේතුවෙයි. සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක අවධාරණය කරයි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 13 Jun 2018 07:59 AM වටිනව මේකනම් මට. ස්තූතියි Udeshika Herath 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jun 2018 06:38 PM වසංගත රෝගවලින් බේරෙන්නේ කොහොමද? ඒමන්ති මාරඹේ පසුගිය දිනවල රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් වූයේ ඉන්µaලුවන්සා රෝගය දකුණු පළාත තුළ ශීඝ්‍රයෙන් පැතිර යැමය. මෙම රෝගයට ගොදුරු වීමෙන් මතු වූ සංකූලතා හේතුවෙන් කුඩා දරුවන් ද ඇතුළුව 16 දෙනෙක් මිය ගියහ. සෑම වසරකම දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙම ඉන්µaලුවන්සා රෝගය පැතිර යැම සාමාන්‍ය තත්ත්වයක් වුවද මෙවර ඒ හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව වැඩි වීම රෝගය පිළිබඳ අනියත බියක් රට තුළ ඇති කිරීමට සමත් විය. ඉන්µaලුවන්සා ඒ වයිරසය මගින් හට ගත් ඉන්µaලුවන්සා වසංගතය හා දැනටමත් රට තුළ සාමාන්‍යකරණය වී ඇති ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ වළක්වාගත යුතු ආකාරය, හා ප්‍රතිකාරයන් සම්බන්ධව මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ. කුමක්ද මේ ඉන්µaලුවන්සාව? වයිරස් ආසාදනයක් වන ඉන්µaලුවන්සා රෝගය සමාජයේ ඕනෑම වයස් කාණ්ඩයක අයට වැළඳිය හැකි පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට ශීඝ්‍රයෙන් පැතිර යා හැකි රෝග තත්ත්වයකි. ඉන්µaලුවන්සා වයිරස් කාණ්ඩයට අයත් වයිරස් වර්ග ගණනාවක් ඇතත් මිනිසාට වැළඳෙන වයිරස් වර්ග ලෙස ඉන්µaලුවන්සා "ඒ" හා "බී" හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ නම් සෑම වසරකම වසර පුරාම ඉන්µaලුවන්සා රෝගය පැතිර යා හැකි අතර එය වසංගත තත්ත්වයෙන් පැතිර යන කාලසීමාවන් ලෙස මැයි/ජුනි/ජූලි මෙන්ම නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි හඳුනාගෙන තිබේ. මැයි මාසයෙන් මෙම රෝගය වසංගත තත්ත්වයට පත් වන කාල සීමාව ආරම්භ වුවද මෙවර අප්‍රේල් මාසයේ සිට දකුණු පළාත කේන්ද්‍ර කරගෙන මෙම රෝගය වසංගතයක් ලෙස පැතිරීම ඇරැඹිණි. ඉන්µaලුවන්සා රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණයන් වන උණ, හිසරදය, ඇඟපත වේදනාව, උගුරේ අමාරුව, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම, වමනය පාචනය (තිබීමට හෝ නොතිබීමට පුළුවන) යනාදියයි. ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වන මෙම රෝග තත්ත්වය ඇතැම් කණ්ඩායම්වලට විශේෂයෙන්ම ළදරුවන්, ගර්භණී කාන්තාවන් හෝ වයස්ගතවූවන්ට අසාධ්‍ය විය හැකි නිසා ඔවුන් අවදානම් කණ්ඩායම් ලෙස සැළකේ. ලොව පුරා රටවල් ගණනාවක මෙම ඉන්µaලුවන්සා රෝගය පැතිර යන නිසා එම රෝග තත්ත්වය වාර්තා වූ රටක සිට පැමිණි අයෙකු නම් මෙරටට පැමිණ සතියක කාලයක් යන තෙක් ඉහත රෝග ලක්ෂණ ඇති වේදැයි විමසිලිමත් වීම වැදගත්ය. මෙම රෝගයේ රෝග ලක්ෂණ මතු වූ විටදී මෙම රෝගයෙන් ඔබත් පවුලේ හා සමාජයේ අන් අයත් ආරක්ෂා කරලීමට නම් මෙම උපදෙස් පිළිපැදිය යුතු වේ. ඒවා නම් සෙනඟ රැස්වන ස්ථාන හා අවස්ථාවන් මග හැරීම කැස්සක් හෝ කිවිසුමක් ඇති වන විටකදී මුව හා නාසය ලේන්සුවකින් ටිෂූ එකකින් හෝ තම වැලමිටෙන් ආවරණය කර ගන්න (මෙයින් රෝගය කෙනෙකුගෙන් තවත් අයෙකුට පැතිර යැමට හේතු වන කෙල බිඳිති/නාසයෙන් පිට වන ශ්‍රාවයන් ගමන් කිරීම වැළැක්වේ.) නිතර දෑත් සබන් යොදා පිරිසිදු කර ගන්න. කිවිසූ පසු ලේන්සුව නිතර සෝදා පිරිසිදු කර ගන්න. ටිෂූ ආරක්ෂිත අන්දමින් ඉවත ලන්න. රෝග ලක්ෂණ මතු වූ විට සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වහාම හමුවන්න. ඉන්µaලුවන්සා රෝගයේදී සෙන්ටිග්‍රේඩ් අංශක 38 ට වැඩි උණ, කැස්ස ඇති නම් එය මෙම රෝගය බවට සැක කෙරේ. මෙම රෝගයේ අවදානම් කණ්ඩායම් වශයෙන් ගැබිනි මවුවරුන්, වයස අවුරුදු දෙකට අඩු ළදරුවන් හා වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් හඳුනාගෙන ඇති අතර ඔවුන් මෙන්ම පෙණහළු හෘද, අධි රුධිර පීඩනය, ඉදිමුම්, වකුගඩු, අක්මා හෝ ස්නායු රෝගවලින් පෙළෙන අය මෙන්ම ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයින් මෙම රෝගයට ගොදුරු වූ විට සංකූලතා හට ගත හැකි බව වෛද්‍ය මතයයි. නේවාසිකව ප්‍රතිකාර ලැබීම සඳහා රෝහල්වලට ඇතුළු කර ගන්නා ලෙස වෛද්‍යවරුන්ට දැනුම් දී ඇත්තේ දරුණු හුස්ම ගැනීමේ අපහසුතාවයත්, නිවුමෝනියා රෝග ලක්ෂණ ඇති අය, දැඩි විප්ලනයට පත්ව ඇති අය ඉන්ද්රියයන් අක්‍රීයව ඇති අය සංජානනිය ආබාධයක් දරුණු වී ඇති අයයි. ජනතාවට මරු කැඳවිය හැකි ඩෙංගු රෝගයද මෙම දිනවල පවතින කඩින් කඩ වර්ෂාවත් සමඟම උත්සන්න තත්ත්වයට පත් වීමේ අවදානමක් හට ගෙන තිබේ. කාලයෙන් කාලයට වසංගත මට්ටමින් පැතිර යන ඩෙංගු රෝගයට මුල් වනුයේ "ඊඩ්ස් ඊජිප්ටයි" හා "ඊඩ්ස් ඇල්බොපික්ටස්" යන මදුරු විශේෂයන්ය. ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ වනුයේ දින කිහිපයක් පවතින තද උණ, හිසරදය හා ඇස්යට වේදනාව, මස් පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය සමෙහි රතු ලප හට ගැනීම හා රුධිර වහනය තත්ත්වයන් යනාදියයි. ඉහත කී රෝග ලක්ෂණ ඇති නම් හෝ දින දෙකකට වඩා වැඩි උණක් පවතී නම් රෝහලක් වෙත හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න. දින දෙකකට වැඩි උණ පවතී නම් වෛද්‍යවරයා විසින් සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (µqල් බ්ලඩ් කවුන්ට්&zwnj නිර්දේශ කරනු ඇත. ඩෙංගු රෝගයේදී උණ බැස යැමත් සමඟ ඩෙංගු රත්තපාත උණ සංකූලතාවයක් වශයෙන් හට ගත හැකි නිසා ඒ පිළිබඳව විමසිලිමත් විය යුතුය. ඩෙංගු රක්තපාත උණ යනු කුමක්ද? මෙය ඩෙංගු රෝගී තත්ත්වයේ ඇතිවිය හැකි ප්‍රධානතම අවදානම් තත්ත්වයකි. මෙහිදී උණ බැස යැමත් සමඟම රුධිරවාහිනි තුළ ඇති ප්ලාස්මා තරලය පිටතට කාන්දු වීම සිදු වේ. (උරස් හා උදර කුහරයන්ට) රෝගියාට කම්පන තත්ත්වයට පත් වීමට පෙර සමහර අවස්ථාවලදී උණ සෑදී දින 3-7 අතර කාලයක් තුළදී පහත දැක්වෙන අවදානම් ලක්ෂණ පෙන්නුම් කරයි. උදරයේ ඇති වන තද වේදනාව, නොනවත්වා වමනය කිරීම, අධික නිදිමත ගතිය/ නොසන්සුන් බව /අප්‍රාණික බව/ කරකැවිල්ල හා ක්ලාන්තය, රුධිර වහනය (විදුරු මසෙන් රුධිරය වහනය වීම, කළු පැහැ වමනය හා මළපහ වීම, මුත්‍රා සමඟ ලේ පිටවීම, අසාමාන්‍ය ලෙස යෝනියෙන් ලේ පිට වීම) පැය හයකට වඩා වැඩි කාලයක් මුත්‍රා පහ නොවීම හෝ පිටවන ප්‍රමාණය අඩු වීම මෙම රෝග ලක්ෂණයන්ය. මෙම රෝග ලක්ෂණ ඇත්නම් වහා රෝහලක් වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබන ලෙස ඉල්ලීම් කෙරේ. ඩෙංගු උණ ඇති බවට සැකයක් මතු වූ විටදී රෝගියා වෙහෙසකර කටයුතුවලින් බැහැර වී හොඳින් විවේක ගැනීම, උණ පාලනය කිරීමට පැය හයකට වරක් පැරසිටමෝල් ගැනීම, තද උණ පවතින විටදී පිරිසිදු රෙදි කඩක් උණුසුම් ජලයෙන් පොඟවා රෝගියාගේ ශරීරය තැවීම, නිදන් ගත රෝග එනම් දියවැඩියාව හා රුධිරය සම්බන්ධ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ගන්නේ නම් ඒ ගැන වෛද්‍යවරයා දැනුවත් කිරීම සැහැල්ලු පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම රතු, දුඹුරු පැහැති ආහාර හා දියර වර්ග ගැනීමෙන් වැළැකීම (තේ කහට, කෝපි, තදපාට පැණි බීම, බීට්රූට් වැනි ආහාර, දම් පැහැමිදි) දිවා කාලය තුළ ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් වැළැකීම. රෝගයට ගොදුරු වීමෙන් වැළකීමට නම් මදුරු දෂ්ඨනයෙන් මිදිය යුතු යුතු අතර ඒ සඳහා අත් දිග ඇඳුම් ඇඳීම, පැඟිරි තෙල් වැනි මදුරු විකර්ශකයන් අත්පාවල ගැල්වීම සිදු කළ හැකිය. මෙහිදී වඩාත් වැදගත් වනුයේ සැම විටම තම නිවස හා ගෙවත්ත ඩෙංගු මදුරුවන් බෝවන ස්ථානවලින් තොරව ශුද්ධ පවිත්‍රව තබා ගැනීමයි. පිරිසිදු වැසි ජලය එකතු වන මාධ්‍යයන් විනාශ කිරීමත්, නිරතුරුව ජලය එක් රැස්වන ස්ථාන ශුද්ධ පවිත්‍ර කිරීමත් මෙහිදී සිදු කළ යුතුය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jun 2018 06:42 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jun 2018 07:00 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jun 2018 07:01 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jun 2018 07:50 PM ඔසප් නැවතීම ප්‍රශ්නයක් කරගන්න එපා වැඩිහිටි කාන්තාවන් හට තම ජීවිතේ යම් කාල වකවානුවක මුහුණදිය යුතු කායික තත්ත්වයක් ලෙස ආර්තවහරණය හැඳින්විය හැක. Menopause නමින් හැඳින්වෙන මෙම තත්ත්වය බොහෝ විට අවුරුදු හතළිස් පහ ඉක්මවූ විට කාන්තාවන්ට ඇතිවීමට පුළුවන. නමුත් ඇතැම් කාන්තාවන්ට එම වයස සීමාවට පසුව වුවද ආර්තවහරණය ඇතිවිය හැකිය. කාන්තාවන්ගේ ශරීරයේ ඩිම්බ නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන හෝමෝනය ලෙසින් හැඳින්වෙන ඊස්ට්‍රජන් අඩුවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැක. ආර්තවහරණයේ ප්‍රධාන කායික - මානසික ලක්ෂණ අලස ගතිය දැනීම ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවීම හේතුවෙන් හිසකෙස් ගැලවී යාම නිදිමත ගතිය ලිංගිකත්වයට දක්වන කැමැත්ත නැතිවී යාම සිරැරේ රස්නය දැනීම අත්ල හා යටිපතුල්වල දහඩිය දැමීම රාත්‍රී නින්දෙන් වරින් වර අවදි වීම රාත්‍රී නින්දට ගිය විට වරින් වර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම ඉක්මනින් කේන්ති යාම ඇඟ පතේ ඇතිවන අධික වේදනාව ආර්තවහරණය බොහෝ විට වයස අවුරුදු හතළිස් පහ පමණ වෙද්දී ඇතිවුවද ආර්තවහරණය පමාකිරීමේ හැකියාවක්ද පවතී. වයස අවුරුදු පනහ පමණ ඉක්මවූ කාන්තාවන්ටද දරැවන් බිහිකිරීමේ හැකියාවක් පැවතියද බොහෝ විට වයස අවුරුදු හතළිස් පහට පෙර දරුසම්පතක් ලබාගැනීමට වගබලාගැනීම කාන්තාවන්ගේ වගකීමකි. අවම වශයෙන් වයස අවුරැදු හතළිස් පහට පෙර එම සිහිනය සැබෑ කරගැනීම කළ යුතු වේ. ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවීම වළක්වාගත හැකිවන්නේ නම් ආර්තවහරණය පමාකර ගැනීමට හැකියාව පවතී. ඒ සඳහා ඉතා පෝෂ්‍යදායී ආහාර රටාවකට කාන්තාව හුරුවිය යුතුය. බොහෝ ගෘහණියන් තම ආහාර රටාව සම්බන්ධව දක්වන්නේ අඩු සැලකිල්ලකි. තම සැමියා ගැන, තම දරුවන් ගැන වැඩි සැලකිල්ලක් දක්වන කාන්තාව ඉතා පෝෂ්‍යදායී ආහාර පාන ඔවුන්ට ලබාදී දවස අවසානයේදී කුමක් හෝ ඉතිරි වූ ආහාරයක් කුසට දමාගෙන කුස පුරවාගනී. ඇතැම් කාන්තාවෝ බොහෝ විට කුසගින්නේම නින්දට යති. වෙලාවට කෑම නොගැනීමෙන්, පෝෂ්‍යදායී ආහාර රටාවන්ට හුරැනොවීමෙන් බොහෝ කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී යයි. මෙය ආර්තවහරණය ඉක්මන් වීමට ප්‍රධාන හේතුවක් වේ. ආහාර පාන මෙන්ම මානසික හේතුන්ද ආර්තවහරණයට යම්තාක් දුරකට හෝ බලපායි. ආයුර්වේදයට අනුව ආර්තවහරණය පමාකිරීමේ හැකියාවක් ඖෂධවල පවතී. ඩිම්බ කෝෂ අකර්මණ්‍ය වෙමින් පවතිද්දී එම ඩිම්බ කෝෂ නැවතත් වර්ධනය කර ගැනීමට අදාළ ඖෂධ උපකාරී වේ. මෙම කාලසීමාව පසුවන කාන්තාවන් ඉවසීමෙන් කටයුතු කිරීමත් සතුටින් සිටීමත් අවශ්‍යය. මේ සඳහා හාතවාරිය කැඳ පානයද ඉතා ගුණදායක වේ. ඉරමුසු කැඳ ආර්තවහරණය පමාකිරීමට උදව් වේ. එමෙන්ම බැබිල මුල් තම්බා බීමට ඉතා ගුණදායක වේ. එමෙන්ම කැල්සියම් වැඩි හාල්මැස්සන් වැඩිපුර ආහාරයට ගන්න. ආර්තවහරණය ළංව පවතින කාන්තාවන් ආර්තවහරණයේ ලක්ෂණ පවතීනම් ඉක්මනින්ම ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්න. කාන්තා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය දයානි සිරිවර්ධන ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jun 2018 08:05 PM ජීවිතය අවුල් කරන සැකය අපි කවුරුන් තුළත් හැඟීම් තිබෙනවා. දුක, සතුට, බය, කෝපය, ඊර්ෂ්‍යාව ඒ වගේම සැකය. තම ජීවිත කාලය තුළ සැකය නැමති මේ මානසික තත්ත්වයට ගොදුරු නොවුණ කෙනෙක් නොසිටින්න පුළුවන්. ඕනෑම මිනිසෙකුට විවිධ අවස්ථාවන්හි ඇති විය හැකි මේ මනෝභාවය අසනීපයක් නෙමෙයි. නමුත් සැකය අසනීපයක් ලෙස මතුවෙන්න පුළුවන් බව අවබෝධ කරගැනීම අපේ ජීවිතයට ඉතාම වැදගත් වෙනවා. පළමුවෙන්ම අසනීපයක් ලෙස නොසැලකෙන සැක සහිත තත්ත්වයක් ගැන සත්‍ය කථාවක් ඇසුරෙන් සලකා බලමු. නිමල් සහ හර්ෂණී විවාහ වෙලා අවු. 4ක් වෙනවා. නිමල් වැඩ කළේ බැංකුවක විධායක නිලධාරියෙක් ලෙස. හර්ෂණී ඉතා සාර්ථක ගෘහණියක් ලෙස නිමල්ගේ සහ ගේ දොර වැඩ කටයුතු කරගෙන සතුටින් කාලය ගත කළා. මෙසේ යන විට එක් දිනක් නිමල්ගේ phone එක බලන විට අපූරු කෙටි පණිවිඩයක් තිබුණේ මෙන්න මෙහෙමයි. නිමල් මට ඔයාව අද meet වෙන්න ඕනේ. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කථා කරන්න. මේ පණිවිඩය දුටු හර්ෂණී අතිශයින් කලබලයට පත් වුණා. විශාල කෝපයකට සහ දුකකට පත් වුණා. මොකද මේ පණිවිඩය ලැබිලා තිබුණේ නිමල් සමඟම බැංකුවේ වැඩ කරන තමත් තරුණියකගෙන්. මේ තරුණිය නිමල්ගේ හොඳ යෙහෙළියක්. නිමල් කොතරම් උතසාහ කළත් එම තරැණිය සමඟ සම්බන්ධතාවයක් නැහැ කියලා කියන්න සාර්ථක වුණේ නෑ. මොකද හර්ෂණී එය පිළිගත්තේ නෑ. ඉහත කථාවේ හර්ෂණීට කිසිම මානසික රෝගයක් නැහැ. නමුත් ඇයගේ මනස සැකය සහ කෝපය සමඟ අවුල් වී තිබුණා. ඇය සහ නිමල් මනෝ උපදේශනයට යොමු වුණා. උපදේශනයේදී ජීවිතයට එන ගැටලුවක් විසඳා ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ඇයට ලබා දුන්නා. විවෘතව ප්‍රශ්නයක් දෙස බැලීමට (open mind) දෙදෙනාගේම මනස හුරු කළා. දැන් හර්ෂණී සතුටින් සිටිනවා. ඔවුන්ගේ ප්රශ්නය එතැනින් කෙළවර වුණා. දැන් බලමු අසනීපයක් හැටියට සැලකිය යුතු සැකය ඇති වෙන අවස්ථා ගැන. සැකය නැමති මනෝභාවය සමහර මානසික රෝග සමඟ ඇති විය හැකියි. මෙම රෝග තත්ත්වයන් පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමෙන් ඒවාට ගොදුරු වුණු මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ලබා ගැනීමෙන් බොහෝවිට මෙම රෝග සුවකර ගත හැකි වෙනවා. පවුල් සංස්ථාව බිඳ වැටීම වැළැක්වීමටත් උපකාරී වෙනවා. මෙම රෝගවල ප්‍රධානම ලක්ෂණය බොහෝවිට සැකය වීමට පුළුවන්. අපි මෙම රෝග මොනවද කියලා බලමු. මායාකාරී රෝගය (Delusional Disorder) භින්නෝන්මාදය (Schizophrenia) මත්පැන් සමඟ ඇතිවන සැකය (Othello Syndrome) මායාකාරී රෝගයේ (Delusional Disorder) ප්‍රධානම ලක්ෂණය එහිදී ඇතිවන මායාකාරී සිතුවිලිය (Delusional Thought). මායාකාරී සිතුවිල්ලක් යනුවෙන් අදහස් වන්නේ යමෙකු තුළ ඇතිවන තදබල වැරදි විශ්වාසයකි. මෙම විශ්වාසය පවුලේ හෝ අනිත් අය නොපිළිගන්නා අතර රෝගියාට එය වැරදි බව ඒත්තු ගැන්වීම ලේසි කාර්යයක් නොවේ. මෙවැනි රෝගියකු සාමාන්‍ය ජීවිතයක් ගත කරන අතර එම විශ්වාසයට මනස ගොදුරු වූ කාලය තුළ පමණක් අසාමාන්‍ය චර්යාවක් පෙන්වයි. පහත සඳහන් ස්වර්ණාගේ කතාවෙන් අපි මෙය පැහැදිලි කරගනිමු. ස්වර්ණාගේ වයස අවු. 55යි. ඇගේ සැමියා මියගොස් අවු. 5කි. ඇය ජීවත් වූයේ තම දුව සමඟයි. ස්වර්ණාගේ ගැටලුව ගැන ඇගේ දුව මෙසේ පැවසුවා. මගේ අම්මාගේ හැසිරීම වෙනස් වෙලා දැන් අවු. 2ක් වෙනවා. ඇය කියනවා අල්ලපු ගෙදර අය ඇය පිස්සු වට්ටන්න plan කරනවා කියලා. ඉතින් ඇය කියන්නේ රූට මේ අය එකතු වෙලා ඇසිඩ් ගහනවා කියලා. රෑ වෙනකොට ඇගේ මූණ වෙනස් වෙනවා. අපිට පේන්නෙත් ඇගේ මූණ ඉදිමිලා වගේ. ඒ වෙලාවට ඇය යකෙක් වගේ කෑගහලා වටේ මිනිස්සුන්ට බනිනනවා. ඇත්තටම කියනවානම් අවට ගෙවල්වල අය කවුරුවත්ම අපිත් එක්ක අමනාපයක් නෑ. අපි මුලදි හිතුවේ අම්මාට භූතයෙක් වැහිලා කියලා. රුපියල් ලක්ෂ දෙකක් පමණ වැය කරලා ලොකු ශාන්තිකර්මයක් කළා. ඒත් කිසිම ගුණයක් නෑ. අන්තිමට අපි කොට්ටාවේ ගෙදර විකුණලා බොරලැස්ගමුවට ආවා. ඒත් අම්මා දැන් කියන්නේ මේ ගෙදර අවට ඉන්න අයත් අම්මාව පිස්සු වට්ටන්න නොයෙකුත් දේ කරනවා කියලයි. ස්වර්ණා ගොදුරු වී ඇත්තේ තදබල මායාකාරී රෝගයකටය. මෙය මනෝ වෛද්‍ය විද්‍යාවේ සයිකෝසියාව යටතේ වර්ග කරන රෝගයකි. මෙම රෝගය ඇති වනුයේ භූතයකු නිසා නොව මොළයේ ඇති වන රසායනික සංයුතියේ වෙනසක් නිසාය. ප්‍රතිකාර සහ උපදේශනය සමඟ දැන් ස්වර්ණා ක්‍රමක්‍රමයෙන් සුව අතට පත් වෙමින් තිබේ. සැකය ඇතිවන තවත් ප්‍රබල මානසික රෝගයකි භින්නෝන්මාදය. මෙය ප්‍රබල ලෙස ජානවලින් සම්ප්‍රේෂණය වන රෝගයකි. අපි සම ජාතීය නිවුන්නු ගනිමු. ඉන් එක් අයකුට මෙය වැළඳුණොත් අනෙකාට එය වැළඳීමේ ප්‍රවණතාව 50%කි. අම්මා සහ තාත්තා යන දෙදෙනාටම මෙය වැළඳී තිබේනම් දරුවාට වැළඳීමේ හැකියාව 46%කි. දෙමාපියන්ගෙන් එක් අයකුට මෙම තත්ත්වය තිබේනම් දරුවාට වැළඳීමේ ප්‍රවණතාව 14%කි. ජනගහනයෙන් 1%කට මෙම රෝගය තිබෙන බව විශේෂඥයන්ගේ මතයයි. භින්නෝන්මාදය සමඟ සැකය ඇතිවන අයුරු අපි බලමු. මේනකාගේ වයස අවු.35යි. ඇයට දූවරු දෙදෙනෙක් ද සිටිනවා. මේනකාගේ සැමියා පෞද්ගලික ආයතනයක ලිපිකරුවකු ලෙස සේවය කරනවා. මේනකා ඇගේ ගැටලු මෙසේ පැවසුවා. මට මගේ husband ගැන ලොකු සැකයක් තියෙනවා. ඔහු අපේ ගෙදර කැමරා සවි කරලා මම ගෙදර ඉඳන් කරන දේවල් බලාගෙන ඉන්නවා. මට ඒක හරිම වදයක්. මේ නිසා මට ගෙදර වැඩ කරගන්නත් බෑ. අනිත් එක තමයි ගෙදර TV එක. TV එකේ ප්රවෘත්ති බලනකොට මට දැනෙනවා ඒ කියන්නේ මම ගැන කියලා. මම දැන් TV බලන්නේම නෑ. මට කිසිම දෙයක් මගේ කියලා හිතන්න බෑ. මම හිතන දේවල් අවට ගෙවල්වල ඉන්න අයට තේරෙනවා කියලා මට දැනෙනවා. ඉස්සරහා ගෙදර මනුස්සයානම් මාත් එක්ක හොඳටම තරහයි. ඒ ගෙදර ඉන්න මිනිහයි ගෑනියි දෙන්නම මට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා. ඔවුන් හදන්නේ මාව දරුවන්ගෙන් ඈත් කරන්න. ඉහත කතාවෙන් පේන්නේ භින්නෝන්මාදය නැමති රෝගය තුළ ඇති වන සැකයයි. මෙහි එන මේනකා අප සායනයට යොමු වූයේ රෝගය ඇති වී අවු. 2කට පසු හොඳටම උත්සන්න වූ අවස්ථාවේදීය. ඇගේ සැමියා මුලදී මෙය මානසික රෝගයක් ලෙස නොසැලකුවාය. ඇයට භූත ආත්මයක් වැහිලා ඇතැයි ඔහු සිතුවේය. නොයෙකුත් ශාන්තිකර්මවලට විශාල මුදලක් ද ඔහු වැය කර තිබුණි. දැනට අප සායනයෙන් ප්‍රතිකාර ගන්න මේනකා 70% පමණ මෙම රෝගී තත්ත්වයෙන් සුව වී සාමාන්‍ය ජීවිතයකට ළං වී ඇත. මත්පැන් සහ සැකය^ මේ අතර තියන්නේ අපූරු සම්බන්ධතාවයක්. මත්පැන් දිගටම ගන්නා පුද්ගලයකුට තමාගේ භාර්යාව පිළිබඳ අවිශ්වාසයක් හෝ සැකයක් නිර්මාණය වෙන්න පුළුවන්. බොහෝ අවස්ථාවලදී මෙම සැකය සමාජය විසින් භාර්යාව හෙවත් එම කාන්තාව වෙත පැටවීම දකින්නට පුළුවන්. මත්පැන් දිගටම ගන්නා පුද්ගලයකුට සැකය ඇතිවීමට ප්‍රධාන හේතු කීපයක්ම තියෙනවා. දිගටම මත්පැන් ගන්නා විට ඇතිවන ලිංගික බෙලහීනතාවය. මෙම බෙලහීනතාවය සමඟ ඔහුගේ ඇති නොහැකියාව සූක්ෂම ලෙස භාර්යාවගේ වරදක් ලෙස දැකීම. සැමියා මත්පැන් ගැනීම සමඟ ඇතිවන හැසිරීම් රටාව ද සමඟ බිරිඳට සැමියාව එපා වීම. මෙහිදී බිරිඳ බොහෝ විට සැමියා සමඟ ලිංගිකව එකතු වීමට ද කැමැත්තක් නොදක්වයි. මේ හේතුව නිසා ද මත්පැන්වලට ඇබ්බැහි වූ පුද්ගලයකු බිරිඳ ගැන සැකකිරීමට පටන් ගනී. මත්පැන්වලට ගොදුරු වූ මෙවැනි රෝගියකු මනෝ වෛද්‍යවරයකු වෙත හැකි ඉක්මණින්ම යොමු කළ යුතුය. එසේ නොවුණහොත් පවුලට බිරිඳට හා දරුවන්ට විය හැකි හානිය ඇති විශාලය. සැකය, ප්රචණ්ඩත්වය හා මිනී මැරැම්වලින් ද කෙළවර විය හැකිය. සැකය නැමති මනෝභාවය මෝහනයෙන් සනීප කළ නොහැකි බව ද ඔබ මතක තබා ගත යුතුය. මොළය තුළ ඇති වන අති සංකීර්ණ රසායනික විපර්යාසයක් මෙයට හේතු වේ. බුද්ධිමත් ඔබ මෙවැනි රෝගියකු මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට අමතක නොකරන්න. කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jun 2018 08:16 PM දියවැඩියාවේ අනතුරු ඇඟවීම්! අද ඉතා බහුලව වාර්තා වන රෝගයකි දියවැඩියාව. මෙම රෝගයට ගොදුරු වූ පුද්ගලයන් හතර දෙනකුගෙන් එක් අයෙක් තරම් පිරිසක් තමාට දියවැඩියාව වැළඳී ඇතැයි කියා නොදැනීම මේ නිහඬ මාරකයේ ඇති භයානකම තත්ත්වයයි. දියවැඩියාව රෝගය වැළඳුණු විටදී හෘද රෝග, ක්ෂණික අබාධ, ඇස් රෝග, වකුගඩු රෝග වැළඳීම, පාද හෝ පදයේ ඇඟිලි කපා දැමීමට සිදුවීම සහ මරණයට පත්වීමේ අවදානම මතුවේ. මෙම අවදානම් ප්‍රතිකාර මගින් අවම කරගත හැකි දේවල්ය. නමුත් අවාසනාවන්ත කරුණ වන්නේ බොහෝ දෙනා මූලික අවස්ථාවේ රෝග ලක්ෂණ ගැන නිසි අවධානයක් යොමු නොකිරීමය. මේ, ඔබ දන්නවා යැයි සිතා සිටින එහෙත් නොසලකා හැර ඇති දියවැඩියාව රෝගයේ අනතුරැ ඇඟවීම් පිළිබඳව පූර්ව දැනුවත් කිරීමකි. 1. අධික පිපාසය සහ සෑම විටම මුත්‍රා කිරීමට අවශ්‍ය වීම මෙය දියවැඩියාව රෝගයේ රෝග ලක්ෂණවලින් එක් විශේෂ රෝග ලක්ෂණයකි. ඔබගේ රුධිරයේ අතිරික්ත ග්ලූකෝස් ප්‍රමාණයක් තිබේනම් ඔබට අසාමාන්‍ය පරිදි පිපාසයක් දැනෙන අතර නිරන්තරයෙන් මුත්‍රා කිරීමට ද අවශ්‍ය වේ. මෙම තත්ත්වය ඇති වූ විට වකුගඩු මගින් සීනි පෙරා ගැනීමට අමතර ශක්තියක් යොදවන බැවින් ඔබට සෑම විටම මුත්‍රා කිරීමට අවශ්‍ය වේ. මේ ආකාරයට විශාල ප්‍රමාණයකින් මුත්‍රා පිටවීම මගින් ශරීරය වියලෙන නිසා අධික පිපාසයක් ද ඇති වේ. 2. ශරීරයේ බර ක්ෂණිකව අඩුවීම සහ විශාල කුසගින්නක් දැනීම ඔබ බර අඩුකර ගැනීම සඳහා සිදුකරන ව්‍යායාම සහ කෑම පාලනය වැනි කිසිවක් නොකර සුළු කාලයක් තුළ ඔබගේ ශරිරයේ බර අඩු වූවානම් ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මාස හයක කාලයක් තුළ ඔබගේ ශරීරයේ බර 5% අඩු වූවානම් ඔබ වෛද්‍ය උපදෙස් ලබාගත යුතුවේ. 3. නිදන්ගත තෙහෙට්ටුව ඔබට සෑම අවස්ථාවකදීම විඩාවක් දැනෙනවානම් එයට හේතුව වන්නේ ඔබ සෑම විටම මුත්‍රා කරන නිසා ඔබගේ ශරීරය වියළීමයි. ඔබ එසේ නොකරනවානම් ඔබගේ ශරීරය තුළ ශක්තිය ලබාගැනීම සදහා සීනි පාලනය කිරීමේ ගැටළුවක් ඇත. මෙයද දියවැඩියාවේ එක් රෝග ලක්ෂණයකි 4. ඇස් බොඳවීම ඔබගේ ඇස් පෙනීම බොඳ වනවානම් එයට හේතුව වන්නේ ඔබගේ රුධිරයේ ඇති අධික ග්ලූකෝස් ප්‍රමාණයයි. මෙහිදී පටක තුළ ඝන රැධිරය පිරීම මගින් ඇස් නිසියාකාරව නාභිගත නොවෙයි. එමඟින් සමහර අවස්ථාවන්හිදී පෙනෙන දෑ බොඳවනු ලැබේ. 5. තුවාල සෙමින් සුවවීම තුවාල සෑදුණු විටදී අසාමාන්‍ය ආකාරයට තුවාල සුව වීමට වඩාත් කාලයක් ගත වන්නේ නම් මෙයද දියවැඩියාව රෝගයේ එක් රෝග ලක්ෂණයකි. රුධිරයේ ඇති අධික සීනි ප්‍රමාණය තුවාල සුවවීමේ ක්‍රියාවලිය සදහා බාධා ඇතිකරනු ලබයි. 6. නිරන්තරයෙන් ආසාදන ඇති වීම නිරන්තරයෙන් විවිධ වූ ආසාදනයන් ඇතිවීම මගින් දියවැඩියාව රෝගයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන අතර කාන්තා දියවැඩියා රෝගීන්ට මුත්‍රාශයේ සහ යෝනියේ ආසාදන ඇතිවේ. 7. අත් සහ පාදවල හිරිවැටීම, දැවිල්ල සහ වේදනාව ඇති වීම මෙම රෝග ලක්ෂණ ද ඇතිවන්නේ රුධිරයේ අධික සීනි සාන්ද්‍රණය නිසා ස්නායු හානි වීම මගින්ය. 8. සමෙහි ඇතිවන ක්ෂණික ගැටලු දියවැඩියාව රෝගයේ තවත් එක් රෝග ලක්ෂණයක් වන්නේ සම මත බිබිලි සෑදීම, කබර දැමීම හෝ ඛෙල්ල අවට සහ කිහිල්ල යට කළු වීම වැනි තත්ත්වයන් ක්ෂණිකව සම මත ඇති වීමයි. Web MD ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jun 2018 08:26 PM ලෙඩ ඇති-නැති කාටත් ගුණ කෝවක්කා කෝවක්කා දියවැඩියාවට ඉතා ගුණදායක ඖෂධයකි. සලාද සහ ව්‍යාංජන ලෙස සාදා ආහාරයට ගත හැකි කෝවක්කාවලට කොස් ඇට වතුර එකතු කර රසවත් ව්‍යංජනයක් ලෙසද සාදාගත හැක. කොළ තැම්බූ ජලය පානය කිරීමද ඉතා ගුණදායක වේ. කෝවක්කා ග්‍රෑම් 100 ඇති පෝෂණ ගුණය ලෙසින් විටමින් සී 1.4ක්ද කාබෝහයිඩ්රේට් 1.4 කැල්සියම් මිලිග්‍රෑම් 40, පොස්පරස් මිලිග්‍රෑම් 30, ප්‍රෝටීන් ග්‍රෑම් 1.2, රයිබොප්ලෙමින් මිලිග්‍රෑම් 0.8 අඩංගුව පවතී. මෙම කෝවක්කා ඉදුණු ගෙඩි පළතුරක් ලෙසද කෑමට ගත හැක. එමෙන්ම කෝවක්කා කොළ හොඳින් වේලා එය ඖෂධීය පානයක් ලෙසද පානය කළ හැක. මළබද්ධයටද කෝවක්කා ගෙඩි ඉතා ගුණදායක වේ. ගෙඩි මඟින් රැධිරයේ සීනි ප්‍රමාණය සාමාන්‍ය මට්ටමකට අඩුකර ගැනීමට උපකාරී වේ. අක්මාවට හිත එන්සයිම අඩංගුවේ. ලාදුරැ රෝගීන්ටද, ශ්වාස ප්‍රදාහ අවස්ථාවලදීත් කෝවක්කා ගෙඩි සහ කෝවක්කා කොළ ඉතා ගුණදායක වේ. මධුමේහය හෙවත් දියවැඩියාවටත්, නොයෙක් විෂ ශරීර ගතවීම නිසා ඇතිවන ඖෂධවල සංකූලතා නිසාද ආහාර මගින් විවිධ විෂ ශරීර ගතවීමෙන් අක්මාවේ ඇතිවන යම් යම් අසාමාන්‍ය ක්රියාකාරීත්වයටද කෝවක්කා ඉතා ගුණදායක වේ. බෝ නොවන රෝග සඳහා සාදනු ලබන කසාය වර්ග බොහෝමයකට කෝවක්කා යොදාගනී. කාන්තාවන්ගේ ආර්තවයේදී අධික ලෙස රැධිරය පිටවීම අඩුකිරීමටද උදව් වේ. කාන්තාවන්ගේ සුද යාමේ රෝගයටද අක්මාව ඉදිමුම සඳහාද, බෝ නොවන තුවාල සඳහාද කෝවක්කා ඉතා යෝග්‍ය වේ. කැස්ස, ඇදුම, වැඩිපුර මුත්‍රා පිටවීම, උණ, ලේ හීනවීම (රක්තහීනතාවය) වැනි රෝග සඳහාද කෝවක්කා ඉතා ගුණදායක ඖෂධයකි. බොහෝ දියවැඩියා රෝගීන් කෝවක්කා හිතුමතේට ආහාරයට ගනී. නමුත් දියවැඩියා රෝගීන් කෝවක්කා ආහාරයට ගැනීමට ප්‍රථම වෛද්‍ය උපදෙස් ලබාගැනිම අවශ්‍යය. දියවැඩියාවට කෝවක්කා ඉතා ගුණදායක වුවද සිරැරේ පවතින සීනි අසාමාන්‍ය ලෙස අඩුවී ඉතා භයානක රෝගී තත්ත්වයක් ඇතිවීමටද ඉඩ තිබීම ඊට හේතුවය. සමේ ඇතිවන විවිධ රෝග සඳහා කෝවක්කා කොළ කොටා ආලේප කිරීමෙන්ද ඉතා ගුණදායක වේ. සිරුරේ නිරෝගීභාවය ආරක්ෂා කිරීමටද අස්ථි ශක්තිමත් කරලීමටත්, ශරීරයේ ප්‍රතිශක්තිය පාලනය කිරීමටත් උපකාරී වේ. හෘදය, අක්මාව, වකුගඩුවල නිසි පෝෂණය පාලනය කිරීමේ සහ රුධිරය පිරිසිදු කිරීමේ සුවිශේෂී හැකියාවක් මෙම කොළවල පවතී. කෝවක්කා පළතුරක් ලෙසද, සුප් එකක් ලෙසද ඔසු පානය කිරීමට යොදාගත හැකි අතර නිරෝගී පුද්ගලයන් සඳහාද කෝවක්කා ඉතා ගුණදායකය. යම් රෝග සඳහාම කෝවක්කා ආහාරයට ගන්නේ නම් වෛද්‍ය උපදෙස් මත කෝවක්කා ආහාරයට ගැනීමට අමතක නොකරන්න. විශේෂඥ ආයුර්වේද වෛද්‍ය නිමාලි සොලොහොකාර කුරුණෑගල ආයුර්වේද රෝහල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jun 2018 08:52 PM මුත්‍රා පද්ධතියේ ලෙඩ ගැන කියන අමුතු ලකුණු වයස් බේදයක් නැතිව ලොකු කුඩා බාල මහළු බෙනවාකාහටත් වැළඳිය හැකි රෝග අතර ප්‍රධාන තැනක් මුත්‍රා වාහිනි පද්ධතිය ආශ්රිත රෝගවලට හිමිවේ. ඔබ නොදන්නවාට මුත්‍රා පද්ධතිය ආශ්රිත රෝග ගණනාවකි. මේ විවිධ රෝග විවිධ වූ ආකාරයට අමුතු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. ඒවා පිළිකා බඳු අසාධ්‍ය තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක් ද විය හැකියි. පුංචි පහේ අමුතු ලකුණක් පහළ වූ වහාම අත්බේත් කරමින් කල් නොමරා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවීම කළ යුතුමය. බොහෝ විට නීරෝගි පුද්ගලයකුට දිනකට පැය 4 -5 කට වතාවක් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය දැනේ. එය ලෙඩක් නොවේ. එවිට සාමාන්‍යයෙන් මුත්‍රා එක දිගට විදීමක් හෝ ගලා යාමක් සිදුවිය යුතුය. එසේ නොවන්නේ නම් එය මුත්‍රා ආශ්රිත රෝගයක් පිළිබඳ අමුතු ලකුණකි. මූලික පොදු රෝග ලක්ෂණය මෙම රෝග ගැන අනතුරු අඟවන ප්‍රධානතම පොදු ලක්ෂණය වන්නේ මුත්‍රා කිරීමට අපහසු වීමයි. ඇතැම් විට මුත්‍රා පිට කිරීම තරමක් පමා වී ඇරඹෙන අතර ඇතැම්විට තටමමින් ටික වේලාවකට පසු මුත්‍රා කිරීම ඇරඹේ. සාමාන්‍යයෙන් අවු. 45 පසුවන විට මෙවැනි රෝග මතුවිය හැක. ඇතැමුන් තැකීමක් නොකළ ද පසුකාලීනව මේ තත්ත්වය ව්‍යාකූල විය හැක. මුත්‍රා කඩින්කඩ පිටවීම සාමාන්‍යයෙන් මුත්‍රා ප්‍රවාහය තත්පර 30 - 40ක කාලයක් තුළදී එකදිගට පිටවී අවසාන විය යුතුය. නමුත් ඇතැමුන්ට මුත්‍රා කඩින් කඩ පිටවීම නිසා තත්පර 30 - 40 වඩා වැඩි කාලයක් උත්සාහයෙන් තටමමින් මුත්‍රා පිටකළ යුතුවෙයි. එය අනතුරු ඇඟවීමකි. ගිනි වතුර මෙන් දැවිල්ල සහිතව තවත් අමුතු රෝග ලක්ෂණයක් වන්නේ ගිනි වතුර මෙන් මුත්‍රා තද රස්නයට පිටවීමයි. මේ අවස්ථාවේදී මුත්‍රා දැවිල්ලක් ද ඇති වේ. වේදනාවක් සහිතව රතු පාටට මුත්‍රා පිටවන්නේ නම් එය බොහෝදුරට මුත්‍රා ආසාදනයක් පිළිබඳ ඉඟියකි. ඉබේ පිටවීම මුත්‍රා බර දැනුණු විට අවට පරිසරයේ ඒ පිටකිරීම සඳහා සුදුසු වාතාවරණයක් නොමැති නම් ස්වභාවධර්මයා විසින් මුත්‍රාශය තුළ මුත්‍රා රඳවා ගෙන කිසියම් වේලාවක් දරාගෙන සිටීමේ හැකියාව ලබා දී ඇත. සාමාන්‍යයෙන් මුත්‍රාශයේ මිලි ලීටර 400ක් පමණ මුත්‍රා එකතු විය හැකිය. නිරෝගි අයකුට මේ බර යම් කාලයක් දරා සිටින්නට හැකිය. නමුත් යම් යම් රෝගවලදී එම දරා ගැනීමේ ශක්තිය නොමැතිව පාලනයක් නැතිව මුත්‍රා ගලා යාමට පවා ඉඩ ඇත. මේනම් වහා ප්‍රතිකාර ගත යුතු තත්ත්වයකි. මුත්‍රා සමඟ රුධිරය පිටවීම මුත්‍රා සමඟ රුධිරය පිටවීම බොහෝ විට මුත්‍රා පද්ධතියේ පිළිකා රෝගයක් ගැන අනතුරු ඇඟවීමකි. විශේෂයෙන් දැවිල්ලක් නොමැතිව මුත්‍රා සමඟ රැධිරය පිටවීම පිළිකාවක් ගැන තදබල අනතුරු ඇඟවීමකි. කුඩා දරුවන්ගේ අසාමාන්‍යතා කුඩා පිරිමි දරුවන්ගේ මුත්‍රා පිටවීම වේගවත් විය යුතුයි. එසේ නොවන්නේ නම් උත්පත්තියේ සිට ඇතිවන මුත්‍රා මාර්ගයේ සිරවීමක් විය හැකිය. දරුවන්ට ද තටමමින් මුත්‍රා පිට කිරීම සිදු වේ. මෙවැනි රෝග තත්ත්වවලට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යය. එසේ නොවන්නට අනාගතයේදී වකුගඩු අකර්මන්‍ය වීමට පවා ඉඩ ඇත. සමාජ රෝග අවුරුදු 20 - 25 අතර තරැණ වයසේ අයගේ මුත්‍රා ප්‍රවාහය ඉතා අඩු වශයෙන් සිදු වනවා නම් ඇතැම්විට එය ලිංගාශ්‍රිත රෝගයක ලක්ෂණයක් විය හැක. බයිසිකල් පැදීමේදී බයිසිකල් පැදීමේදී ඇතැම්විට පිරිමින්ගේ මුත්‍රා මාර්ගය බයිසිකල් බාර් එකට තැලීමට ඉඩ ඇත. මේ තැලීම් කාලයක් ගිය පසු යම් යම් අර්බුද ලෙස මතු වී මුත්‍රා මාර්ගය ආශ්රිත ගැටලු ඇතිවිය හැක. පුරස්ථි ග්‍රන්ථිය ආශ්රිත ගැටලු වයසත් සමඟ පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම වැනි රෝගාබාධ මතුවෙයි. මුත්‍රා කඩින් කඩ පිටවීම වැනි රෝග ලක්ෂණ එහිදී මතු කරවයි. නිසිකලට පිළියම් නොකළොත් ඇතැම්විට පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාමය තත්ත්වය දක්වා ද මෙය පැතිර යා හැක. කාන්තාවන්ට මුත්‍රා රෝග ඔසප් අවසන් වීමෙන් පසු ඇතැම් කාන්තාවන්ට මුත්‍රා කිරීම අපහසු වන්නේ සිරුරේ හෝර්මෝන අඩුවීම නිසා මුත්‍රා මාර්ගය හැකිලීමට ලක්විය හැකි නිසාය. ඇතැම්විට රැධිරය පවා පිටවිය හැකි අතර එය සමහර විට පිළිකාවක ලක්ෂණයක් ද විය හැකිය. මුත්‍රා අඩස්සිය මුත්‍රා අඩස්සිය යනු මුත්‍රා පහවීම නැවතීමයි. මුත්‍රා කැඩි කැඩී පිටවීම, සෙමින් පිටවීම ආදියට නිසි ප්‍රතිකාර නොගැනීමෙන් මුත්‍රා අඩස්සිය සෑදේ. දියවැඩියාව රාත්‍රී කාලයේදී නින්දෙන් අවදි වී වරින් වර මුත්‍රා පිටවීම සිදු වන්නේ නම් එය බොහෝ දුරට දියවැඩියා රෝග ලක්ෂණයකි. මේ ආකාරයට මුත්‍රා ආශ්රිත රෝග ගණනාවක් තිබෙන හෙයින් රෝග ලක්ෂණ මතු වූ වහාම හැකි ඉක්මණින් වෛද්‍යවරයකු මුණ ගැසීම අත්‍යවශ්‍යය. එසේ නොවන්නට අනාගතයේදී මුත්‍රා ආශ්රිත ගැටලු සමූහයකට ඔබට මුහුණ දීමට සිදුවනු ඇත. පසුකාලීනව වකුගඩු බද්ධයක් දක්වා තරම් රෝගය දරුණු විය හැක. සුගත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 16 Jun 2018 05:03 AM බයිසිකල් පැදීමේදී බයිසිකල් පැදීමේදී ඇතැම්විට පිරිමින්ගේ මුත්‍රා මාර්ගය බයිසිකල් බාර් එකට තැලීමට ඉඩ ඇත. මේ තැලීම් කාලයක් ගිය පසු යම් යම් අර්බුද ලෙස මතු වී මුත්‍රා මාර්ගය ආශ්රිත ගැටලු ඇතිවිය හැක. වෘෂණ කෝෂ දෙක නම් තැලිලා තියෙනවා... 0 chamaramindMost Senior MemberPosts:13471 16 Jun 2018 06:12 PM මළ බද්ධය සුවකරන ආයුර්වේද මග මළ බද්ධය ඇතිවීම සඳහා බලපාන හේතු මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - මළ බද්ධය ඇතිවීම සඳහා හේතු කිහිපයක්ම බලපෑ හැකියි. ඒ අතරිනුත් වර්තමානයේ දක්නට ලැබෙන ගැස්ට්‍රයිටීස් සහ ජීර්ණ පද්ධතිය ආශ්රිත විවිධ දුර්වලතාද මේ සඳහා බලපෑම් ඇති කරනවා. ළමා අවධියේ පටන් සිරුරේ හට ගන්නා ඇතැම් ක්‍රියාකාරකම්ද මළ බද්ධය ඇතිවීමට හේතුවිය හැකියි. කුඩා කාලයේ දරුවන්ට විවිධ බලපෑම් කරමින් සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ආහාර දරුවන්ට ලබාදීම තුළින් ජීර්ණ පද්ධතියේ විවිධ අක්‍රමිකතා ඇතිවිය හැකි අතර පසුකාලීනව එම තත්ත්වයන් මළ බද්ධය ඇතිවීමට හේතු කාරක විය හැකියි. Ö මළබද්ධය ඇතිවීම සඳහා බලපාන ආහාර පිළිබඳ සඳහන් කළොත්. ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - වර්තමානයේ බොහෝ පිරිසක් තම දෛනික කාර්ය බහුලත්වය නිසා බොහෝවිට කෙටි කෑම කෘත්‍රිම කෑම වර්ගවලට යොමුවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් එදා අපේ ආහාර වේලේ තිබූ කෙඳි සහිත ආහාර එනම් අල වර්ග, එළවළු, පලා වර්ග බොහෝවිට අද වන විට අපේ ආහාර වේලෙන් හැලී ගොස් තිබෙනවා. ඒ වෙනුවට අද පිටි කෑම හා තෙල් කෑම එක්වී තිබෙනවා. මෙන්න මේ පිටි කෑම සහ තෙල් කෑම මළ බද්ධය ඇතිවීම සඳහා වැඩි බලපෑමක් ඇති කරනු ලබනවා. ඒ වගේ කෝපි සහ චොක්ලට් වැඩිපුර ආහාරයට ගැනීමත් මළ බද්ධයට අත වැනීමක් වෙනවා. Ö මළ බද්ධය වැළඳුණු අයෙකුට ඇතිවන රෝගලක්ෂණ මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - විශේෂයෙන්ම මළ පිටවීමේ අක්‍රමවත් බවක් ඇතිවීම සිදුවෙනවා. ඇතැම් අයට දින 3, 4, 5, 6 කට වරක් මළ පිටවීමේද සිදුවිය හැකියි. මීට අමතරව බඩපුරවා දැමීම, හිස කැක්කුම, නොරිස්සුම් ගතිය, මුඛයෙන් දුගඳක් පිටවීම, මුහුණ අව පැහැවීම, සම දුර්වර්ණවීම, තුනටිය හන්දිපත් වේදනාව ඇතිවීම ආදී ලක්ෂණයන් පෙන්විය හැකියි. මෙම රෝග ලක්ෂණයන් පිළිබඳ නිසි සැලකිල්ලක් නොදැක්වුවහොත් එම තත්ත්වයන් ක්‍රමයෙන් වැඩිවී මහා රෝග තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි. ඒ අනුව අර්ශස්, අර්ශස් භගන්දරා රෝග තත්ත්ව කරාද මෙය ව්‍යාප්ත විය හැකියි. Ö මළබද්ධය සුව කිරීම සඳහා ආයුර්වේද සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - අනිවාර්යයෙන්ම ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවන ඕනෑම රෝගියකුට නිවැරදි ලෙස ප්‍රතිකාර ලබා ගත්තොත් තමන්ගේ රෝග නිට්ටාවටම සුවකර ගැනීමේ හැකියාව පවතිනවා. මළබද්ධය සඳහාද ආයුර්වේදය සතුව විශේෂ ප්‍රතිකාර තිබෙනවා. විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට අප පළමුව විරේචන ප්‍රතිකාර අරඹන අතර ඒ අනුව ක්‍රමානුකූලව මළ පිට කිරීම ඇතිවෙනවා. මෙම විරේචන ඖෂධ රාත්‍රි ආහාරයෙන් පසු ලබාදෙන අතර ඒ අනුව උදැසනම නියමිත පරිදි මළ පිට කිරීමේ සාමාන්‍ය තත්ත්වය ඇතිවෙනවා. මෙම මළ පිට කිරීමේ සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු රෝගියාව තවත් යම් යම් රෝගාබාධ ඇතිව තිබෙනවා නම් ජීර්ණ පද්ධතියේ යම් යම් ආබාධ තත්ත්වයන් තිබේ නම් ඒවාද සුව වීම සඳහා ඖෂධ ලබාදීම සිදුවෙනවා. මෙලෙස නිවැරදි ලෙස ප්‍රතිකාර ලබා ගත්තොත් ඉතා ඉක්මනින් මේ මහා කරදරකාරී රෝගයෙන් මිඳීමට හැකියාව පවතිනවා. Ö ආයුර්වේද ඖෂධ සොයා ගැනීමේ සහ සකසා ගැනීමේ අපහසුතාවක් තිබෙනවා නේද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - එදා ආයුර්වේද වෛද්‍යවරු ප්‍රතිකාර නියම කිරීම පමණක් කළත් රෝගීන්ට වර්තමානයේ මෙම ඖෂධ වර්ග නිවැරදි තෝරා බේරා සොයා ගැනීමේ සහ නිවැරදි ලෙස සකසා ගැනීමේ අපහසුව නිසා දැන් එම ඖෂධ සැකසූ ඖෂධ ලෙස රෝගීන්ට ලබා දෙනවා. කුඩු වර්ග, ගුලි වර්ග, පෙති වර්ග, දියර වර්ග ලෙස අද මේ ඖෂධ සකස්කර දෙන නිසා රෝගීන්ට ඒවා පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාවද දැන් උදාවී තිබෙනවා. දරුඵල ප්‍රමාද කරන ෆයිබ්‍රොයිඩ් ගෙඩි (පසුගිය සතිය හා සම්බන්ධය) ප්‍රතිකාර අතරතුර හෝමෝන භාවිතයක් හෝ ශල්‍යකර්ම කිරීමක් සිදු නොකරයි. ප්‍රතිකාරය ප්‍රධාන ආකාර දෙකකි. ඖෂධීය ප්‍රතිකාර පද්ධතියකට පුද්ගලයා යොමු කිරීම හා එදිනෙදා ජීවිතයේ ආහාරපාන ව්‍යායාම උපදෙස් කළයුතු නොකළ යුතු දේ පහදාදීම තුළින් ගෙඩිවල වර්ධනය පාලනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීමත් වේ. මේ අතරතුර නියමිත කාලවලදී ස්කෑන් පරීක්ෂණ ආදියෙන් වර්ධනයේ පාලනය පිළිබඳ සොයාබලන අතර අනෙකුත් අපහසුතා වෙනස් වන ආකාරය ගැන ද විධිමත්ව අවධානය යොමු කරයි. මෙම ප්‍රතිකාර පද්ධතියේ ඇති සුවිශේෂී වාසිය වනුයේ කිසිම අවස්ථාවක දරුඵල ප්‍රමාද කිරීමක් සිදු නොකිරීමයි. පිළිසිඳ ගැනීමට අවශ්‍ය පරිසරය සකසමින් ඒ සඳහා මාර්ගයට යොමු කිරීමට සරුබව වැඩිවීමේ ප්‍රතිකාර ද මේ ඔස්සේම ක්‍රියාත්මක වේ. එනිසා ප්‍රතිකාර අතරතුර ද පිළිසිඳ ගැනීමේ හැකියාව ක්‍රමානුකූලව සිදුවෙයි. ගබ්සාවීම් හා ෆයිබ්‍රොයිඩ් අතර සම්බන්ධය ෆයිබ්‍රොයිඩ් හෙවත් ගර්භාෂයේ මාංශමය බිත්තිය ආශ්‍රිතව ඇතිවන වර්ධනයන් හෝ ගෙඩි, දරු සම්පත් බලාපොරොත්තුව ඉන්නා වයසේ කාන්තාවන්ට ඉතා කරදරකාරී රෝග අවස්ථාවකි. අධික මාස්වීම, වේදනාව ආදී ලක්ෂණ නොපෙන්වතත් දරු සම්පත් ප්‍රමාද වීමේදී මෙබඳු රෝග පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. මන්ද දරු සම්පත් ප්‍රමාද කිරීම ද ෆයිබ්‍රොයිඩ් හි පවතින එක් ලක්ෂණයක් වන හෙයිනි. සාමාන්‍යයෙන් වෛද්‍යවරුන් විශ්වාස කරනුයේ කුඩා ප්‍රමාණයේ එනම් 3 cm හෝ ඊට අඩු ප්‍රමාණයේ පවතින එක් ගෙඩියක් දරුඵල සඳහා එතරම් බලපෑම් නොකරන බවයි. එනම් ඒ සමඟම දරුඵල වැඩි කිරීම සඳහා ප්‍රතිකාර ලබා දේ. ලබන සතියට ඉරුවාරදේ හැදෙන්නේ මෙහෙමයි ප්රශ්නය - උගුර කන නාසය හෙවත් ENT රෝග සඳහා ප්‍රතිකාර ක්‍රමයක් ආයුර්වේදයේ තිබෙනවා. ශල්‍ය වෛද්‍ය ක්ෂේත්රයේ පීතෘවරයා වන සුශ්‍රැත ආචාර්යතුමා විග්රහ කරන පරිදි උගුර කන නාසය යන තැන් ආශ්‍රිතව අක්ෂි රෝග 76 ක්, මුඛ රෝග 65 ක් කර්ණ රෝග 23 ක් නිසා රෝග 31 ක් ම සහ ශිරෝ රෝග 11 ක් තිබෙන බව ඔබ සමඟ පවත්වන ලද සංවාදයේදී හෙළි වුණා. අද අප ඔබෙන් විමසන්නට බලාපොරොත්තු වන්නේ ඉරුවාරදය නමැති රෝග තත්ත්වය ගැනයි. ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - සුශ්‍රැත ආචාර්යතුමාගේ අර්ථකථනය අනුව ශිරෝ රෝග11 ක් තිබෙනවානේ. ඉරුවාරදය කියන්නේ ඒ රෝග අතුරින් වැඩිම හිරිහැරයක් ඇති කරන රෝගයයි. මෙය ඉතා බහුලව පවතින රෝගයක්. මෙය වාත පිත්ත කප යන තුනම සම්බන්ධ වෙන අවස්ථාවක්. මේ තුනෙනුත් පිත්ත දොaෂය වැඩියෙන්ම මෙම රෝගය සමඟÊ සම්බන්ධ වෙනවා. ඉරුවාරදයට ආයුර්වේදයේ කියන නියම නම තමයි සූර්යාවර්තය කියන එක. නමේ විදියට අපි මෙය සංසන්දනය කරන්නේ කෝටරක ප්රදාහයටයි. සූර්යාවර්තය, ඒ කියන්නේ සූර්යයාගේ ආවර්තය කියන රෝගය හටගන්නේ ඉර නැගෙගෙන ඇවිත් මුදුන් වෙලා ක්රමයෙන්බැස යන ආකාරයටයි. මේ රෝගයට පිත සම්බන්ධයි කියන්නේ ඇයි?. පිතේ ස්වභාවයයි ඉරේ ස්වභාවයයි අතර තිබෙනවා සමාන ලක්ෂණ. පිතේ තිබෙනවා උෂ්ණ ගුණය සහ ශීත ගුණය. මේ අනුව ඉරුවාරද රෝගියාට උදේ කාලයේ තියෙන සෙම් ගතිය දවල් වනවිට අඩු වෙලා පිත් ගතිය ඉහළට එනවා. සවස් වන විට ක්‍රමයෙන් පිත් ගතිය අඩුවෙලා වාත ගතිය වැඩි වෙනවා. ඒ කියන්නේ සූර්යයාගේ ආවර්තනයත් එක්ක මේ රෝගය ටිකෙන් ටික මතුවන බවයි. ඉර මුදුන් වන විට රෝග තත්ත්වය හොඳටම වැඩිවෙලා සවස් වන විට අඩුවෙලා යනවා. ප්රශ්නය - ඔබ කියන්නේ සූර්යෝදගමනයත් එක්ක මේ රෝග තත්ත්වය වැඩිවන ආකාරයයි. අපට පැහැදිලි කර දෙන්න පුළුවන් ද සූර්යයා ක්‍රමයෙන් නැගෙන විට ශරීරය තුළ හට ගන්නා ක්‍රියාවලිය කුමක්ද කියලා. ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - අපේ හිස් කබල සහ පිටත සම අතර හිස් අවකාශ කිහිපයක් තිබෙනවා. අප ඒවාට කියන්නේ කෝටරක කියලා. නවීන විද්‍යාවේදී කියනවා හිසේ සමබරතාව පවත්වාගෙන යන්නට මේ කෝටරක උපකාරී වෙනවා කියලා. මේ හිස් අවකාශය තුළ තිබෙනවා සෙම.... ප්රශ්නය - මේ හිස් අවකාශවලින් ශරීරයට තිබෙන ප්‍රයෝජනය කුමක්ද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - අපේ හිස්කබල සහ සම අතර කිsසිදු හිස් අවකාශයක් නැතිව සම හිස්කබලටම ඇලිලා තිබෙනවා නම් අපට කතා කරගන්න පවා බැරි වෙනවා. හිස් කබලේ දෙදරීම් ඇති වෙනවා. ඒ වගේම මේ අවකාශ නිසා හිස් කබල සහ එහි සම ආශ්‍රිතව ඪැබඑසක්එසදබ (වාතය ගමන් කිරීම) නිසි ආකාරයට සිදු වෙනවා. අපේ හිසට තිබෙන එකම දොරටුව තමයි නාසය. කට කියන්නේ ගෙලින් පහළට තිබෙන විවරයක්. අනෙක කට හිස්කබල සමඟ සම්බන්ධ වන්නේත් නාසය හරහායි. ප්රශ්නය - ඒ අනුව ඔබ කියන්නේ නාසයෙන් මොළයට ප්‍රවේශ විය හැකි ගමන් මාර්ගයකුත් තිබෙනවාද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - ඔව්· අප නශ්‍ය කර්මයක් එනම් නස්නයක් කරනවා කියලා හිතන්න. නශ්‍ය කර්මවලදී පැහැදිලිව කියනවා ශීර්ශයට තිබෙන ද්වාරය නාසය කියලා. අපි ඉරුවාරදය හැදුනාම නස්න කරනවා. නාසය තුළට තෙල් බින්දු කිහිපයක් හෝ කිසියම් ඖෂධීය සාරයක් දමනවා. එවිට එම වායුව නාසය ඔස්සේ අර කලින් කියාපු කෝටරක තුළට ගමන්කරලා එහි තිබෙන ආසාදිත තත්ත්වයන් නැති කරනවා. සෙම නිසා විවිධ ආසාදනයක් හට ගන්නට පුළුවන්. සමහර රෝගීන් අපට ඇවිත් කියනවා මට ඔලුව උස්සන්න බැහැ, එහෙමත් නැත්නම් පහත් කරන්න බැහැ බරයි කියලා. එතකොට අපි නාසයට උරන්න දුමක් දෙනවා. නාසය හරහා මේ ඖෂධීය දුම කෝටරකවලට ගමන් කරනවා. ඉන් පස්සේ ආසාදන නැති කරනවා. අනෙක මේ කෝටරක ඇතුලේ තිබෙනවා ශ්ලේශ්මල කලාපයන් හෙවත් ඵමජදමි පැපඉර්බැ එකක්. මෙහි තිබෙනවා පොඩි තෙත් ගතියක්. පිතේ බලපෑම වැඩිවුණාම මේ තෙත් කලාපය වියෑලෙනවා. එතකොට කෝටරක හරහා ගමන් කරන්න වාතයට බැරි වෙනවා. ඔලුව රිදෙන්න පටන් ගන්නේ එවිටයි. සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත සයටිකා සුවකරන ශාක සාර ප්රශ්නය - සයටිකා වේදනාව සුව කිරීමට සුදුසු ආයුර්වේද ශාක ද්‍රව්‍ය මොනවද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - Vitex negundo හෙවත් නික ඉතා ප්‍රබල ආයුර්වේදීය වේදනා නාශකයක්. නික කොළ කොටා පොට්ටනි බැඳ වාෂ්පයෙන් තම්බා වේදනා සහගත ප්‍රදේශ තැවීමෙන් වේදනාව පහව යනවා. වාත දොaසය කුපිත වීම නිසා වේදනාවට පත් ස්නායු සහ සන්ධි ප්‍රකෘතිමත් කර ගැනීමට නික කොළවලින් කරන ප්‍රතිකාර ඉතා සුදුසුයි. ඊළඟ ශාකමය ඖෂධය තමයි commiphora wightii හෙවත් ගුග්ගුලු. මෙය ලොව තිබෙන පැරණිතම වේදනා නාශකයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙයින් සාදන වේදනා නාශකය මුඛයෙන් ශරීරගත කරනවා. ඒ මගින් ශරීරයේ කොන්ද ආශ්‍රිතව තිබෙන මාංශ පේශි සහ පටක ශක්තිමත් වෙනවා. එසේම අස්ථි ශක්තිමත් කරගන්නටත් ගුග්ගුලුවලට පුළුවන්. Ricinus commiunis හෙවත් එරඬු (එඬරු) යනුවෙන් හැඳින්වෙන ශාකයේ මුල් වලින් සාදා ගන්නා ඖෂධ වලින් සයටිකා වේදනාව සමනය කළ හැකියි. රූමැටික ආත්රයිටිස්, ඔස්ටියෝ ආත්රයිටිස්, කාන්තාවන්ගේ ඔසප් දොaෂ යනාදියේදී හටගන්නා වේදනාව නැති කිරීමේ හැකියාව එඬරු ශාකයේ තිබෙනවා. ඊළඟ ශාකය වන්නේ අශ්වගන්ධ හෙවත් අමුක්කරා (Withania somnifera) සයටිකා වේදනාව පවතින ප්‍රදේශය පුරා අශ්වගන්ධ තෛලය ගා සම්බාහනය කිරීමෙන් වේදනාව තුරන් කර ගැනීමට පුළුවන්. මෙය දිනකට දෙවතාවක් පමණ කළ යුතුයි. අශ්වගන්ධ තෙල් මේස හැන්දකට දමා පහන් දැල්ලෙන් මඳක් රත්කර රස්නය පිටින්ම ගෑ හැකිනම් තවත් හොඳයි. හිරිය, මාංශපේශි තද වීම යනාදිය ක්ෂණිකව සුව කරන්නට රත්කළ අශ්වගන්ධ තෛලයට පුළුවන්.ලබන සතියට නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත ආත්රයිටිස් නසන මී පැණි ජෙල් ප්රශ්නය - ආත්රයිටිස් රෝගය නිසා ක්ෂය වන දණහිස් කාටිලේජ යළි වර්ධනය කර ගැනීම සඳහා පිටතින් යෙදිය හැකි ජෙල් වර්ගයක් නිපදවීම සඳහා මේ දිනවල පර්යේෂණ පැවැත්වෙනවා. ආත්රයිටිස් නිසා කාටිලේජය විනාශ වූ විට එහි රුධිර සැපයුම දුර්වල වෙනවා. මේ ජෙල් වර්ග ආලේප කළ විට කාටිලේජවලට රුධිර සැපයුම නැවත ප්‍රකෘතිමත් වනවා. මේ ඖෂධයේ තාක්ෂණය එයයි. වෛද්‍ය වසන්ත උදයජීව - මේ වර්ගයේ ඖෂධයක් අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුළ තිබෙනවා. මෙහි පාදම ලෙස ගන්නේ මී පැණි. එයට තවත් රහස් ඖෂධ වර්ග තුනක් එකතු කරනවා. එසේ හදාගන්නා ඖෂධය ජෙල් වර්ගයක ස්වරූපය ගන්නවා. මෙය දණහිස්වල ගෑ සැණින් සම තුළින් කාටිලේජයට ගමන් කරනවා. එයට හේතුව මී පැණිවල අඩංගු ස්වභාවික සීනි සංයුතියයි. මේ ජෙල් වර්ගය මගින් කාටිලේජය පෝෂණය වනවා. අප දැනටත් මේ ජෙල් වර්ගය රෝගීන්ට ආලේප කරනවා. ප්රශ්නය - මෙවර ඔබ අපට ලබා දෙන කසාය කුමක්ද? වෛද්‍ය වසන්ත උදයජීව - මෙය ඉතා පැරැණි ආයුර්වේද කසායක්. දේවදාර, කටුවැල්බටු, බිංකොහොඹ, පාවට්ටා මුල්, අරත්ත අල, උළුහාල්, සුදුලූනු, බැබිල මුල්, සාරණ මුල්, කටුකරෝසන, නීරමුල්ලිය, නෙල්ලි කලං 1 බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පෙරා සීනි/ මීපැණි දමා උදේ පත භාගයක් සහ සවස පත භාගයක් බැගින් කසාය හැලි 12 ක් (දින 12 ක්&zwnj පානය කළ යුතුයි. ප්රශ්නය - මේ කසාය හැම ආත්රයිටිස් රෝගියකුටම සුදුසුද? වෛද්‍ය වසන්ත උදයජීව - ආත්රයිටිස් කියන්නේ රෝගියාගෙන් රෝගියාට වෙනස් වන රෝගයක්. ඒ නිසා ප්‍රතිකාර කරන විට රෝගියාගෙන් රෝගියාට වෙනස් ප්‍රතිකාර අනුගමන කළ යුතුයි. සන්ධිගත වාත (osteoarthritis) සහ ඇට වාත (Rheumatoid arthritis) යනුවෙන් ආත්රයිටිස් රෝග දෙකක් තිබෙනවා. අනෙක් ආත්රයිටිස් වර්ග සියල්ලම මේ රෝග තත්ත්ව දෙක යටතේ එනවා. කොපමණ වුණත් අප ඉහතින් නිර්දේශ කර ඇති කසාය ඉහත රෝග තත්ත්ව දෙකටම පොදුවේ ගුණ දෙනවා. මෙය මූලික කසායක්. මෙයින් රෝගය සුව වුණේ නැත්නම් රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. ලබන සතියේ තව කොටසක් නොමිලේ විස්තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව පුරස්ථිත ඉදිමීම අවදානම් හැබැයි සුව කළ හැකියි පුරස්ථිත ග්‍රන්ථිය ඉදිමෙන්නේ ඇයි? විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - පිරිමියකු මහලු වියට පත්වන විට පුරස්ථිත ග්‍රන්ථිය ඉදිමීම සුලබ සහ සාමාන්‍ය තත්ත්වයක්. මෙය කෙතරම් සාමාන්‍යද යත් කෙනෙකු මහලු වන අතර හිසකෙස් සුදු වීමත්, පුරස්ථිතය ඉදිමීමත් සිදුවන බවට කියමනක් පවා තිබෙනවා. වයස අවුරුදු 60 ආසන්න වන පිරිමින්ගෙන් 50% කට මේ රෝගය තිබෙනවා. වයස 85 වන පිරිමින්ගෙන් 90% කට මෙය හටගන්නවා. පිරිමින්ගේ මුත්‍ර වහනය සිදු වන්නේ මුත්‍රා බොක්කේ සිට මුත්‍ර වාහිනිය ඔස්සේ. පුරස්ථිතය මැදින් තමයි මුත්‍රා වාහිනිය ගමන් කරන්නේ. පුරස්ථිතය ඉදිමෙන්නට පටන් ගත් විට ක්‍රමයෙන් මුත්‍රවාහිනිය තෙරපෙන්නට පටන් ගන්නවා. මේ නිසා මුත්‍ර වහනයට බාධා ඇතිවෙනවා. පුරස්ථිතය ඉදිමෙන්නට පටන් ගත්තාම එහි සෛල ප්‍රමාණයෙන් ඉහළ යන්නට පටන් ගන්නවා. එතකොට නිsසි පරිදි මුත්‍රා පිටකර ගැනීමට බැරිව රෝගියා පීඩා විඳින අතර මුත්‍රා පිටකිරීම තටමමින් කිරීමට සිදුවෙනවා. වෙනදා රාත්‍රියට එක් වරක් පමණක් මුත්‍රා කරන කෙනෙකුට දහ දොළොස් වතාවක් අවදි වෙමින් මුත්‍රා බැහැර කරන්නට සිදුවෙනවා. ඒ එක්කම මුත්‍රා බොක්කේ මාංශ පේෂි ඝනකම් වීමටත් දැඩි වීමටත් පටන් ගන්නවා. මේ සියලු කරුණු නිසා පුරස්ථිත ග්‍රන්ථිය ඉදිමුණ කෙනෙක් මුත්‍රා කරන විට මුත්‍රා බොක්ක සම්පූර්ණයෙන් ම හිස් වන්නේ නැහැ. පුරස්ථිතය ඉදිමීමේ රෝග ලක්ෂණ පහත සඳහන් වෙනවා. 1. මුත්‍රා පිට කිරීමේදී මුත්‍රා ධාරාව ඉතා සෙමින් දුර්වල ලෙස ගලා යැම. 2. මුත්‍රා බොක්ක සම්පූර්ණයෙන් හිස් නොවූ බවට දැනීමක් සහ හැඟීමක් හට ගැනීම. 3. මුත්‍රා පහ කිරීම පටන් ගැනීමට දුෂ්කර වීම. 4. නිතර නිතර මුත්‍රා පහ කිරීමට සිදුවීම. 5. මුත්‍ර පහ කිරීමේ හදිසි අවශ්‍යතා මතුවීම. 6. රාත්‍රි කාලයේදී නිතර නිතර අවදි වෙමින් මුත්‍ර පහ කිරීම. 7. මුත්‍ර පහ කිරීමෙන් විනාඩි කිsහිපයකට පසු නැවතත් එම අවශ්‍යතාව හට ගැනීම. ප්රශ්නය - මෙහි අවදානමක් තිබෙනවද? විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - ස්ථිර වශයෙන් ම තිබෙනවා. මුත්‍රා බොක්ක තුළ මුත්‍ර එකතු වී දිගින් දිගටම තිබුණාම මුත්‍ර මාර්ගයේ ආසාදන ඇති විය හැකියි. ඉන් පසු මුත්‍රා බොක්කේ ගල් හට ගැනීමේ අවදානමක් ඇති වෙනවා. මුත්‍ර සමඟ රුධිරය එකතු වීම සහ උග්‍ර මුත්‍ර අඩස්aසියක් ඇති විය හැකියි. මේ සියල්ලේaම අවසන් ප්‍රතිඵලය විය හැක්කේ මුත්‍ර බොක්ක සහ වකුගඩු හානියට පත් වීමයි. ප්රශ්නය - පුරස්ථිත ග්‍රන්ථි ශරීරයට අත්‍යවශ්‍ය ද? විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - පිරිමියකුගේ ලිංගික ජීවිතයේ වැදගත්ම කාර්යභාරයක් ඉටු කරන ඉන්ද්‍රියක් ලෙස පුරස්ථිතය සලකන්නට පුළුවන්. ශුක්‍ර නිෂ්පාදනය වීම වෘෂණ කෝෂ තුළ සිදුවන අතර එය පුරුෂ ලිංගයෙන් බැහැරට ගෙන යන ශුක්‍ර තරලය නිෂ්පාදනය කරන්නේ පුරස්ථික ග්‍රන්ථිය මගිනුයි. පිරිමියෙක් ක්‍රමයෙන් වැඩිවියට පත්වන අතර අවස්ථා දෙකකදී පුරස්ථිත ග්‍රන්ථිය වර්ධනය වෙනවා. මුලින්ම නව යොවුන් වියේදී පුරස්ථිකය දෙගුණ වෙනවා. පසුව අවුරුදු 25 දී පමණ නැවත එය වර්ධනය වෙනවා. ඉන්දියානු ආයුර්වේදයේ එන හැටියට පුරස්ථිත ග්‍රන්ථිය ඉදිමීම සමනය කිරීම සඳහා වට්ටක්කා ඇට ඉතා හොඳ ඖෂධයක්. දිනකට දෙවරක් කැරට් යුෂ මිලි ලීටර් 500 බැගින් හෝ නිවිති යුෂ මි. ලී. 200 ක් සහ කැරට් යුෂ මි. ලී. 300 ක් මිශ්‍රකර පානය කිරීමෙන් හෝ පුරස්ථිකය ඉදිමීම වළක්වා ගත හැකිය. වට්ටක්කා ඇට නම්, වියළා ග්‍රෑම් 90 ක් පමණ කුඩුකර එළවළු සමඟ මිශ්‍ර කර අනුභව කළ යුතුයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Jun 2018 05:04 AM ‘එච්7එන්9’ සිරුර දැඩි ලෙස දුර්වල කරන වැළඳෙන පිරිසෙන් තුනෙන් එකකට මරණය කැන්දන මාරාන්තික කුරුළු උණ රෝගයක් සම්බන්ධයෙන් මේ වනවිට රටවල් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි. ‘එච්7එන්9’ යනුවෙන් හැඳින්වෙන ඉන්ෆ්ලුවන්සා වෛරසය මේ වනවිට චීනයේ කුක-ුළු කර්මාන්තය තුළ වේගයෙන් පැතිර යමින් තිබෙන අතර වෛරසය හේතුවෙන් මිනිසුන් සිය ගණනක් ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද තවත් බොහෝ පිරිසක් රෝගාතුර වී ඇතැයි වාර්තා වේ. මෙම ඉන්ෆ්ලුවන්සා වෛරසය වසංගතයක් බවට පත්වීමට පෙර මෙම මාරාන්තික වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමට එක්සත් රාජධානිය මේ වනවිටත් පියවර ගෙන තිබේ. මෙම වෛරසයේ භූගෝලීය පැතිර යෑම සහ එහි ජානමය සංයුතිය මෙන්ම මිනිසුන් අතර බෝවිමට ඇති හැකියාව සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විශේෂඥයෙන් පරීක්ෂණ කිරීමට නියමිතය. “මෙම වෛරසය මීළඟ වසංගතය බවට පත්වීමේ වැඩි හැකියාවක් තිබෙනවා” යැයි මේ සම්බන්ධයෙන් ‘ඬේලි ටෙලිග්රාෆ්’ පුවත්පතට අදහස් දක්වමින් එංගලන්තයේ නියෝජ්‍ය වෛද්‍ය ප්‍රධානී මහාචාර්ය ජොනතන් වැන් ටෑම් පැවැසීය. “(එච්7එන්9) වෛරසය කුරුල්ලන්ගෙන් මිනිසුන්ට බෝවීමේ වැඩි හැකියාවක් තිබෙන තවත් වෛරසයක් ලෙස පෙන්වාදෙන්න පුළුවන්” යැයි ද මහාචාර්යවරයා කීය. මහාචාර්යවරයා ඒ බව ප්‍රකාශ මේ වසර ආරම්භයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය මාරාන්තික රෝග බීජයක් සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබියදීය. මෙම මාරාන්තික රෝග බීජය සම්බන්ධයෙන් විද්‍යාඥයන්ට තවමත් හරි හැටි අවබෝධයක් නැති බව ද ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. විද්‍යාඥයන්ටද හරිහැටි අවබෝධයක් නොමැති අතර රෝග බීජයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික ලැයිස්තුවට ඇතුළත් කළ පළමු අවස්ථාවද එය විය. මෙම වෛරසය මානව වර්ගයාට දැඩි තර්ජනයක් එල්ල කරන වෛරස 10ක් අතරින් එකක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. ඉබෝලා සහ සිකා යන වෛරස ද එම වෛරස 10 අතරට ඇතුළත් වේ. එච්7එච්9 මිනිසුන්ට වැළැඳී ඇති බව මුලින්ම අනාවරණය කරගත්තේ 2013 වසරේ මාර්තු මාසයේදීය. එතැන් මේ මේ දක්වා කාලයේදීය 1,625 දෙනකු වෛරසයට ගොදුරු වී තිබෙන අතර කැනඩාවෙන් සහ මැලේසියාවෙන් සිදුවීම් දෙකක් වාර්තා වී තිබේ. ආසාදනයට ලක්වූ පිරිසෙන් 623 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර ඒ අනුව මරණ අනුපාතය සියයට 38කි. “මෙම වෛරසයේ මරණ අනුපාතය මෙතෙක් වාර්තා වූ මානව වසංගත වෛරසවලට වඩා ඉතා වැඩි අගයක්” යැයි මහාචාර්ය ජොනතන් වැන් ටෑම් කීය. එහෙත් සියයට 38 ක මරු කැඳවන මෙම වෙරසයේ තත්ත්වය වෙනස් වී එම සංඛ්‍යාව පහළ යා හැකි බව මහාචාර්යවරයා පෙන්වාදෙයි. මේ අවස්ථාව වනවිට ‘එච්7එන්9’ වෛරසය මිනිසුන්ගෙන් මිනිසුන්ට බෝ නොවේ. වෛරසය අඛණ්ඩව වෙනස්වන බැවින් ඕනෑම අවස්ථාවක වෙනස්කම් සිදුවිය හැකි යැයි විද්‍යාඥයෝ බිය පළ කරති. හර්ෂණ තුෂාර සිල්වා ඬේලිමේල් ඇසුරිනි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 17 Jun 2018 07:01 AM ස්තූතියි ලිපි ටිකට Udeshika Herath 0 You are not authorized to post a reply. Page 128 of 137 << < 126127128129130 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner