Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 129 of 137 << < 127128129130131 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 17 Jun 2018 06:23 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Jun 2018 06:23 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 17 Jun 2018 06:49 PM එදා ඉදන් රත කල්කය අප් අය පාවිච්චි කලා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Jun 2018 06:55 PM මිලියන ගණනක් වූ "ඔස්ටියෝආත්රයිටිස්" රෝගීන්ගෙන් සියයට 23 කට වේදනා නාශක අපලයි ලොව පුරා වෙසෙන මිලියන ගණනක් වූ "ඔස්ටියෝආත්රයිටිස්" රෝගීන්ගෙන් සියයට 23 ක් පමණ දෙනා ඔවුනට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන වේදනා නාශකයන් භාවිත කිරීම හේතුවෙන් හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානමක් පවතින බව කැනේඩියානු වෛද්‍ය පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. මෙම අධ්‍යයනය සිදු කරන ලද කැනඩාවේ නව බ්‍රිටිෂ් කොලොම්බියා සරසවියෙහි පර්යේෂකයින් පිරිසට අනුව "ඇස්පිරින්" හා "ඉබුප්රොaෙෆ්න්" යන වේදනානාශකයන් ලබාගන්නා "ඔස්ටියෝආත්රයිටිස්" රෝගයෙන් පෙළෙන්නන්ගෙන් සියයට 23 ක් මෙම හෘද රෝග අවදානමට ලක් වේ. දැනට ලැබී ඇති සාධකයන්ට අනුව ලොව ප්‍රධානතම පෙළේ මාරක රෝග තත්ත්වය සේ සැලැකෙන හෘද රෝග හා ඉහත කී රෝගීන්ට ලබා දෙන වේදනානාශකයන් අතර සබඳතාවයක් පවතී. මෙම අධ්‍යයනය මෙහෙයවූ කොලොම්බියා සරසවියේ මහාචාර්ය අස්ලාම් ආනිස්ට අනුව මෙය ඉතාමත් වැදගත් සොයා ගැනීමකි. මෙම අධ්‍යයනය සඳහා 31,000 ක් පමණ වන පිරිසක් සහභාගී කරගෙන ඇති අතර ඔවුන්ගෙන් කාලකට පමණ ඔස්ටියෝආත්රයිටිස් රෝගය තිබී ඇත. මෙහිදී එම රෝගීන්ට වෙනත් සංකුලතා හට ගැනීමේ අවදානමක් පැවැතියද වේදනා නාශකයන් ගැනීම නිසා හෘද රෝග වැළඳීමේ දැඩි අවදානමක් පවතින බව හෙළි වී ඇත. මෙම වේදනා නාශකයන් හේතුවෙන් සංජානනීය හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානම සියයට 17 කින්ද ආඝාතයට ගොදුරු වීමේ අවදානම සියයට 14 කින්ද වැඩි වන බව හෙළි වී තිබේ. එමෙන්ම " ඔස්ටියෝආත්රයිටිස්" රෝගයෙන් පෙළෙන්නන්ගෙන් 2/3 කට වඩා (සියයට 68 ක් පමණ) පිරිසකට හෘද රෝග වැළඳීමේ අවදානම් හටගනුයේ වේදනා නාශකයන් නිසා බවද මෙහිදී තහුවරු වී තිබේ. මෙම නවතම සොයා ගැනීම පිළිබඳව පසුගියදා නෙදර්ලන්තයේ ඇම්ස්ටඩෑම් නගරයේ පැවැති වාර්ෂික රුමෑටිකවේදය පිළිබඳ යුරෝපීය කොංග්‍රසයේදී තොරතුරු අනාවරණය කෙරිණි. එක්සත් රාජධානියේ ලක්ෂ 80 ක් දෙනාට හා ඇමරිකා එක්සත් ජනපදයේ ලක්ෂ 300 ක් දෙනා "ඔස්ටියෝආත්රයිටිස්" රෝගයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ. එම රෝග තත්ත්වය හට ගනුයේ කාටිලේජ සිහින් වීමෙනි. ඒමන්ති මාරඹේ කාන්තාවන්ගේ හෘදය වස්තුව පිරිමින්ට වඩා ශක්තිමත්ලු පොදුවේ හට ගන්නා හෘද රෝග තත්ත්වයක් "කාඩියෝමයෝපති" හේතුවෙන් පිරිමින් මියයැමේ හැකියාව කාන්තාවන්ට වඩා සියයට 64 කින් වැඩි බව එක්සත් රාජධානියේ වෛද්‍ය පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. ඉහත කී "කාඩියෝමයෝපති" රෝග තත්ත්වය මත පිරිමින්ට වඩා කාන්තාවන්ගේ හෘදය වස්තුව අක්‍රීය වීමේ අවදානම සියයට 10 කින් වැඩි වුවද එයින් වැඩි වශයෙන් මියයැමේ හැකියාවක් ඇත්තේ පිරිමින්ට බව මෙහිදී හෙළි වී තිබේ. කාන්තා හෝමෝනයන් මෙහිදී කාන්තාවන්ගේ හෘද පටකයට හානි සිදුවීමේ හැකියාව අඩු කර හෘදයවස්තුවට ලේ පොම්ප කිරීමේ හැකියාව පවත්වා ගැනීමට උපකාර වන බව මෙහිදී හෙළි වී තිබේ. මෙම නව සොයා ගැනීම නව ප්‍රතිකාර සඳහා මඟපාදනු ඇති බවට විද්‍යාඥයින් විශ්වාසය පළ කර ඇත. "කාඩියෝමයෝපති" යනු හෘදය වස්තුවේ මාංශ පේශීය ඇදෙන සුළු හා සිහින් කරන රෝග තත්ත්වයකි. හුස්ම ගැනීමේ අපහසුතා උදරය හා කෙණ්ඩා ඉදිමීම මෙහි ප්‍රධාන රෝග ලක්ෂණයන් වේ. මෙහිදී ලන්ඩනයේ ඉම්පීරියල් විදුහලේ පර්යේෂකයින් කණ්ඩායමක් විසින් "කාඩියෝමයෝපති" රෝගයෙන් පෙළෙන කාන්තාවන් 290 දෙනෙකු හා පිරිමින් 591 දෙනෙකු අධ්‍යයනයට ලක් කර තිබේ. අධ්‍යයනය මෙහෙය වූ වෛද්‍ය සන්ඡේ ප්‍රසාද්ට අනුව මෙම අධ්‍යයනයේදී කාන්තාවන්ට වඩා පිරිමින් ඉහත කී රෝග තත්ත්වයෙන් මියයැමේ අවදානම වැඩි බව හෙළි වී තිබේ. පර්යේෂකයින් ඉදිරියේදී කාන්තාවන් අතර මෙම රෝග තත්ත්වය නිසා සිදු වන මරණ අඩු වීම කෙරෙහි කාන්තා හෝමෝන ආරක්ෂක පලිහක් ලෙස ක්‍රියා කර ඇත්දැයි වැඩිදුර අධ්‍යයනය කිරීමට නියමිතය. රෝගයට නිධානය ඔබත් සොයාගතනොහැකිව පීඩාවෙන්ද? - රෝග නිධානය සොයා ප්‍රතිකාර ලබාදෙන නාඩි වෙදකම රෝගයක් සුවපත් කිරීම සඳහා විවිධ වෛද්‍ය ක්‍රම විවිධ මතිමතාන්තර අද නූතන සමාජයේ න්‍යායාත්මකව කරුණු ඉදිරිපත් කරමින් පවතී. බටහිර වෛද්‍ය ක්‍රමය, ආයුර්වේද වෛද්‍යක්‍රමය, චින කටු, හෝමියෝපති, පාරම්පරික වෛද්‍ය ක්‍රම හෝ යුනානි ක්‍රමය ඇතුළු වෛද්‍ය ක්රමයන් අතරින් කුමන හෝ වෛද්‍ය ක්‍රමයකින් රෝගියෙකුට අත්‍යාවශ්‍ය වන්නේ තමන් විඳවන රෝගයෙන් සුවපත් වීමටයි. මිනිසාගේ ජීවිතය පවත්වාගෙන යැම සඳහා ආහාර අනුභවය අත්‍යාවශ්‍යම වේ. රසයන් හයකින් යුක්ත වු එනම් මධුර, අමිල, ලවන, කටුක, තිත්ත, කෂාය රසයන් ආමාශයේදි පැසවීමෙන් පසු මධුර අම්ල හෝ කටුක රසයෙන් යුක්ත වේ. අප ගනු ලබන ආහාර නිසි පරිදි දිරවා පැසවා සප්තධාතුන් කරා ගමන් කිරීමෙන් බොහෝ විට මනුෂ්‍ය ශරීරය නිරෝගිමත් වේ. රස, රක්ත, මාංශ, මේදස් අස්ථි අස්ථිමඡ්ජා ශුක්‍රානු ලෙස මෙම සප්ත ධාතුන් නිෂ්පාදනය වී යත් සියලු ධාතුන් අතුරින් රක්ත ධාතුව ප්‍රධාන වේ. රෝගියෙකු පරීක්ෂා කිරීමේදී අෂ්ඨ විධි පරීක්ෂාවක් (අටතැන් පරීක්ෂාවක්&zwnj වෛද්‍ය විද්‍යාවන්හි දක්වා ඇත. නාඩි මුත්‍ර මල, ජිහ්වා, ශබ්ද, ස්පර්ශ, නේත්‍ර ආකෘති වේ. මෙහිදී නාඩි පරීක්ෂාව ඉන් පළමුවැන්නා ලෙස හැඳින්වේ. මෙම නාඩි පරීක්ෂාව මුල් තැනෙහිලා මෙම වෛද්‍ය ක්‍රමය අනුව පුරුෂයන්ගේ දකුණු අතෙහි ද ස්ත්‍රින්ගේ වම් අතෙහිත් මැනික් කටුව අසල රුධිරවාහිනි ගැස්ම හෙවත් ස්පන්දනය හඳුනාගත හැකිය. තවදුරටත් නාඩිවල ඇතිවන වෙනස්කම් තීව්ර ලෙස දැකීමෙහිලා මෘදු ලෙස වරින්වර නාඩි තදකොට නාඩිවල වැඩිගැස්ම සහ අඩුගැස්ම අවබෝධ කර ගත හැකිය. ත්රිධාතුන් හෙවත් ත්රිශක්තින් (වාත පිත, කඵ) සමබරව පවත්නාකල් මිනිස් සිරුර නිරෝගීව පවතී. එම ධාතූන් එකක් හෝ විකෘතිවීම නිසා රෝග හටගනී. බෝහෝ විට වර්තමානයේ ලබාගනු ලබන ආහාර පාන, හරිහැටි නින්ද නොමැතිකම, විවේකය නොලැබීම, මානසික ප්‍රශ්න හේතුකොටගෙන ද මෙම ශක්තීන් දෝෂ වී රෝගාබාධයන්ට ගොදුරු වේ. නාඩි වෛද්‍යවරයකු නාඩි අල්ලා නිර්නය කරනු ලබන්නේ රෝග නිධානයයි. ප්‍රතිකාර දෙනු ලබන්නේ රෝගයට නොව රෝග නිධානයටයි. මේ පිළිබඳව මනා කොට ඇති අවබෝධයෙන් ශරීරයේ වාත පිත කඵ යන ශක්තීන්ගේ වෘද්ධිය හෝ ක්ෂීනතාවය පිළිබඳ අවබෝධය ලබාගත හැකිය. මෙම ත්රිධාතුන්ගේ ස්වරූපය ඒ පිළිබඳව මනා අවබෝධයක් ඇති වෛද්‍යවරයකුට එතරම් දුෂ්කර කාර්යයක් නොවන්නේය. නාඩි පරීක්ෂාවේදී වෛද්‍යවරයා සම්පූර්ණ චිත්ත ඒකාග්‍රතාවයෙන් යුක්ත විය යුතුමය. බෝහෝ රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන අත්දැකීම් මත නාඩි වෛද්‍යවරයා ක්ෂණිකව චිත්ත ඒකාග්‍රතාවයට පත්වේ. රෝගියාගේ දිගහරින ලද අතගෙන මැනික් කටුව සන්ධිය මතට වෛද්‍යවරයාගේ දබරැඟිල්ල, මැදැඟිල්ල, වෙදැඟිල්ල තබා වාත කඵ, පිත, නාඩිය වෙන්කොට හඳුනාගෙන එහි ඇති චංචල හෝ දෙදොස්, තුන්දොස් ස්වභාවය වැඩිදුරටත් හඳුනා ගනී. මහාර්ෂිහු පංච භෞතික ශරීරයෙහි සිදුවන ක්‍රියා විස්තර කිරීමේදී වාත පිත කඵ ගැන හඳුන්වා දී ඇත. නාඩි විඥානය පිළිබඳව රහස්‍ය කරුණු අවබෝධ කරගැනීම සඳහා පංච මහා ධාතූන් හා ත්රිධාතුන් පිළිබඳව කරුණු අති සූක්ෂ්මව අවබෝධය ලබාගැනීම අත්‍යාවශ්‍යයයි. ප්‍රතිකාර කරනු ලබන්නේ කෂායවලින්ද, ආසව, අරිෂ්ඨ වැනි පෙරාපු බෙහෙත්වලින්ද, යනු පැනයකි. කිව යුත්තේ නැත යන්න පමණකි. වියලා කුඩු කරගත් චූර්ණ සහ ඒවා ගුලි කල්ක ලෙස මීපැණි එළඟිතෙල් දමා සකස්කරගත් ඖෂ ධයන් වේ. එය වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි ඖෂධයන් නොවේ. ආයුර්වේදය මධ්යගතයි. සිංහල වෙදකම විමධ්‍යගතයි. රෝගීන්ගේ හිතසුව පිණිස අසවල් අසවල් රෝගයට කියා නොව පොදුවේ නාඩියෙන් තීන්දුවන්නාවූ රෝග නිධානයට ප්‍රතිකාර කරනු ලබත්, එවිට රෝගියාගේ ශරීරගත ආබාධය සුවපත් වේ. වඩාත්ම තෝරා බේරා කියතොත් මේ අසවල් අසවල් රෝගයට ප්‍රතිකාර කරනු ලබන්නේද, එනම් සමාජයේ බොහෝ කතාබහට ලක්වන සන්ධි ඉදිමුම, සන්ධි ආබාධ, බලවත් වූ හිසරුජා, ඇදුම, වකුගඩුවල ගල් යනුවෙන් වර්ගකරණ ලද රෝගාබාධයන් පිළිබඳව විමසුමට ලක්වේ. වෙනත් වෛද්‍ය ක්‍රම කරා ගොස් එනු ලබන රෝගීන් ඉදිරිපත් කරන එක්ස්රේ කිරණ ප්‍රතික්ෂේප කරනු ලබන්නේද, වෛද්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරනු නොලබන්නේ ඒ පිළිබඳ කථා කිරීම අපට අයත් නොවන බැවිනි. වත්මන් රෝගාබාධාවල ප්‍රධාන හේතුව මිනිස් ශරීරයේ රුධිර ශක්තිය හීනවීමය. රුධිර ශක්තිය වැඩිකිරීම නැතහොත් හිමොග්ලෝබීන් වැඩිකිරීම රෝගයන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කොට රෝගියාට අවශ්‍ය සුවපත්වීම සඳහා අදාළ නාඩියට ප්‍රතිකාර කිරීමයි. මෙවැනි වටිනා නාඩි වෛද්‍යක්‍රමයක් රටේ ඇති බවත් එමගින් බොහෝ රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබාගත හැකි බවත් මෙයින් දන්වා සිටිමි. මෙම වෛද්යක්රමයේදී ඖෂධ භාවිතය අපහසු නොවේ. රැකියාවන් හෝ අධ්‍යාපනය ලබන්නන්ට වුවද විදේශ ගතවන අයට වුවද දිනකට වතාවක් වුව භාවිතා කළ හැකිය. ඔබත් යම් රෝගාබාධයකින් පීඩා විඳිනවා නම්, නැතිනම් ඔබේ වේදනාවට රෝගයේ නිධානය සොයාගත නොහැකිව ලතැවෙනවා නම් නොමිලේ ඒ පිළිබඳ විස්තර දැනගැනීමට 0779399935 හෝ 0710410429 යන අංකවලින් වෛද්‍යතුමිය සම්බන්ධ කරගැනීමේ හැකියාව තිබේ. පාරම්පරික ආයුර්වේද නාඩි වෛද්‍ය මොයිරා එලිසබෙත් කරුණානන්ද රජමහා විහාරය අසල පැපිලියාන ඉන්ෆ්ලුවන්සාව නිවැරැදිව හඳුනා ගන්නා අයුරු රෝගය බෝවන අයුරු ඉන්ෆ්ලුවන්සාව වෛරසයකින් බෝවන රෝගයකි. ඉන්ෆ්ලුවන්සා රෝගියකු කහින විට, කිවිසුම් යවන විට, හයියෙන් කතා කරන විට හා සිනාසෙන විට පිටවන කෙළ බිඳිති, සොටු ආදියෙන් රෝගය අන් අයට බෝවේ. රෝග ලක්ෂණ උණ, කැස්ස, උගුරේ වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම වැනි රෝග ලක්ෂණ ඉන්ෆ්ලුවන්සාව නිසා විය හැකිය. මෙම රෝග ලක්ෂණ ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවන්න. රෝගය උත්සන්න වීමේදී මතුවන අනතුරුදායක ලක්ෂණ හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ හෝ උදර ප්‍රදේශයේ කැක්කුම හා බර ගතිය, එකදිගට පවත්නා වමනය, කරකැවිල්ල. කුඩා දරුවන්ට කිරි උරාබීම අඩුවීම, දියර වර්ග පානය කිරීම අපහසුවීම, මුත්‍රා පිටවීම අඩුවීම, නොසන්සුන් ලෙස හැසිරීම වැනි රෝග ලක්ෂණද ඇතිවිය හැකිය. ඉහත අනතුරුදායක රෝග ලක්ෂණ පෙන්වයි නම් වහාම රෝහලකට යන්න. ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ ඇත්නම් ඉක්මන් සුවය සඳහා හොඳින් විවේක ගන්න. බිත්තර, මාළු, මස්, කරවල, කඩල, පරිප්පු වැනි පෝෂ්‍යදායී ආහාර කෑමට එකතු කරගන්න. කැඳ, සුප් වැනි උණුසුම් දියර වර්ග පානය කරන්න. ළදරුවන්ට මව්කිරි දීම ද නොනවත්වාම සිදු කරන්න. රෝගය පැතිරීම වැළැක්වීම සඳහා කැස්සකදී හෝ කිවිසුම් යැමකදී ලේන්සුවකින් හෝ ටිෂූ කඩදාසියකින් නාසය හා මුව ආවරණය කරගන්න. එසේ නොමැති විට වැලමිටේ ඇතුළු පැත්තෙන් නාසය හා මුව ආවරණය කරගන්න. කැස්සකදී හෝ කිවිසුම් යැමකදී භාවිත කළ ටිෂූ කඩදාසිය කසළ බඳුනකට දමන්න. ලේන්සු නිතර සෝදා වියළා ගන්න. දැත්වලින් මුව හා නාසය නිතරම ඇල්ලීමෙන් වළකින්න. නිවසින් බැහැරට ගොස් නැවත පැමිණි විට සබන් යොදා හොඳින් දැත් සෝදා පිරිසිදු කරගන්න. මහජනතාව ගැවසෙන ස්ථානවලට යෑම හැකිතාක් අවම කරන්න. ඉන්ෆ්ලුවන්සා රෝගීන් රැකියා ස්ථාන වෙත යැමෙන් වළකින්න. රෝගී දරුවන් පෙර පාසලට, පාසලට, අමතර පන්තිවලට යෑවීමෙන් වළකින්න. ඉන්ෆ්ලුවන්සා රෝගය වැළඳීමට හා රෝගය උත්සන්න වීමට වැඩි හැකියාවක් ඇති අවදානම් කාණ්ඩ - ගර්භනී කාන්තාවන්, අවුරුදු 2 ට අඩු දරුවන්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයන්, ඇදුම වැනි ශ්වසන රෝග, දියවැඩියාව වැනි කල්පවතින රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන්, දීර්ඝකාලීනව ස්ටිරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබාගන්නා රෝගීන්, ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයන්. පැය 24 පුරා ක්‍රියාත්මක සුවසැරිය ක්ෂණික දුරකථන සේවාව ඇමතීමෙන් ඉන්ෆ්ලුවන්සාවව සහ ප්‍රතිකාර පිළිබඳ වැඩි විස්තර නොමිලේ ලබාගත හැකිය. එහි දුරකථන අංකය 0710 107 107 වෙයි. * ජානක සුනෙත් බණ්ඩාර ප්රචාරක නිලධාරි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Jun 2018 07:11 PM කරදරකාරී සමේ රෝග බොහොමයක් නිට්ටාවටම සුව කළ හැකියි පැහැපත් වූ සුවපත් සමක් ඇත්නම් ඔබට කෙතරම් සතුටු විය හැකිද? සම යනු ශරීරයේ පිටතින්ම පවතින ඉතා වැදගත් කාර්යයන් ගණනාවක් ඉටුකරන ඉන්ද්‍රියකි. සමෙන් ඉටුවන කාර්යයන් මොනවාද? සිරුරේ ඇති අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීම. සිරුරේ ඇතැම් ස්ථානවලට හැඩයක් ලබාදීම. සිරුරෙහි උණුසුම නියත මට්ටමක තබා ගැනීමට දායක වීම. ශරීරයට එකතු වූ විෂ, අපද්‍රව්‍ය බහිශ්‍රාවී ක්‍රියාව මගින් බැහැර කිරීම. නමුත් විවිධ හේතූන් මත පැන නැගෙන ගැටලුකාරී තත්ත්වයන් ගණනාවකින් සම රෝගවලට ගොදුරු වේ. එය ශරීරයට බාහිරින් පැමිණෙන ක්ෂුද්‍ර ජීවී ආසාදනයක් විය හැක. එවැනි බෝවන රෝග තත්ත්වයන් ස්පර්ශයෙන්, ලිංගික ක්‍රියා මගින් හෝ අපිරිසිදුකමින් සම්ප්‍රේෂණය වේ. එවන් අවස්ථාවකදී වත්මනෙහි අති දියුණු තාක්ෂණික ක්‍රම මගින් නිපදවන ලද ක්ෂුද්‍ර ජීවී නාශක ඖෂධ වඩාත් යෝග්‍ය වුවද එසේ පිටතින් පැමිණෙන විෂබීජ මගින් සමෙහි ආසාදනයන් ඇති වන්නේ කුමක් නිසාදැයි සලකා බැලිය යුතුය. සැබැවින්ම ඊට හේතු වනුයේ ක්ෂුද්‍ර ජීවීන්ට පහසුවෙන් වැඩීමට අවශ්‍ය පරිසර තත්ත්වයන් (උෂ්ණත්වය හා තෙතමනයන්) එම පුද්ගලයන්ගේ කායික අභ්‍යන්තර හේතූන් මගින් ඇතිවන බැවිනි. එවැනි අවස්ථාවලදී පිටතින් පැමිණෙන විෂබීජයන්ගේ ආසාදනයන් විකර්ෂණය කළ හැකි ඒවාට ඔරොත්තු දෙන ඉහළ ප්රතිශක්තීන් ගොඩනඟා ගැනීමට දියුණු ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඇසුරු කිරීම යෝග්‍ය වේ. ක්ෂුද්‍ර ජීවී ආසාදනයන්ගෙන් තොරව එනම් බෝ නොවන තත්ත්වයන් යටතේ සමේ ස්වභාවික තත්ත්වයට හානි පමුණුවමින් හටගන්නා විවිධ සමේ රෝග නිට්ටාවටම සුව කර ගත හැකි ක්‍රමයක් තිබේදැයි සොයා බැලිය යුතුය. මෙවැනි අවස්ථාවලදී සියලු වෛද්‍ය ක්‍රම අභිබවමින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පෙරමුණේ සිටී. ඉහත කී බෝ නොවන සමේ රෝග ඇති වීමට ප්‍රධානතම හේතුව වන්නේ විවිධ හේතූන් නිසා රක්තය දූෂණයට ලක්වීමයි. රක්තය දූෂණය වන හේතු මොනවාද? ශරීර ප්‍රකෘතිය - උපතේ සිටම පුද්ගලයකුට උරුම වන වා, පිත්, සෙම් දොaෂයන් අතුරින් පිත් දොaෂය අධික වූ උෂ්ණාධික ශරීර තත්ත්වයන් ඇති අයගේ සම පැසවීම බහුල වන අතර එයට වා, සෙම්, දොaෂවල දායකත්වයෙන් සම වියළීම, ඉරිතැලීම හෝ කැසීම ලක්ෂණ මතු වේ. ආහාර විහරණයන් - පරිභෝජනය කරන ආහාරවල ආම්ලික ප්‍රභවයන් බිලිං, ගොරකා, සියඹලා, තක්කාලි, අන්නාසි ආදී විටමින් සී පදාර්ථ බහුල ආහාරවල ඇති ඇස්කොබික් ඇසිඩ්, සිට්රික් ඇසිඩ් බහුලත්වය හේතුවෙන් සහ උෂ්ණාධික ආහාර (දෙල්, කිරිඅල, ඉස්සෝ, දැල්ලෝ, බලමාළු, කකුළුවෝ) අධිකව පරිභෝජනය නිසා කෙළින්ම රක්ත දොaෂ ඇති වේ. ඊට අමතරව රාත්‍රි නිදිවැරීම, දහවල නිදීම, තද අව්වේ ගමන් බිමන් යැම, කෑ පිට කෑම, විරුද්ධ ආහාර භෝජනය, මත්පැන් භාවිතය ආදී අහිතකර විහරණයන් (ක්‍රියාවන්) නිසා රක්ත දොaෂ හට ගැනීම. ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතාවන් - ඇතැම් පුද්ගලයන්ගේ ආහාර ජීර්ණයේ පවතින දුර්වලතාවන් නිසා ගන්නා ආහාර ශරීරයට ගත හැකි අවසාන ඵල දක්වා භේදනය නොවී අවශෝෂණය වී (මෙය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ආමරසය හෙවත් අමු ආහාර රසය ලෙස දැක්වේ.) රක්තයට එකතු වීමෙන් නිරන්තරයෙන් රක්තය දූෂණය වේ. මානසික හේතු මත - නිතර ඇතිකර ගන්නා වෛර, ක්‍රෝධ සිතුවිලි, කනස්සල්ල, නිතර කේන්ති ගැනීම, කාර්යබහුලත්වය නිසා ඇතිවන මානසික පීඩනය ආදී හේතුන් නිසා රක්ත දොaෂ හටගනී. දිගු කලක් දියවැඩියාව පැවතීම - දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන්ගේ රුධිරයට නිරතුරුවම විෂ කොටස් එකතු වන්නේ එයද ආහාර ජීර්ණයේ විකෘතියක් වන බැවිනි. දීර්ඝකාලීනව දියවැඩියාවට ඉවක් බවක් නැතිව පෙති ගිලින්නන් එමගින් සමේ රෝග වැනි අතුරු ආබාධ ඇති වන්නේ යෑයි නිතර මැසිවිලි නඟති. වර්තමානයේ බහුල බෝ නොවන සමේ රෝග මොනවාද? සමේ පලු දැමීම - ඇතැම් අයට විවිධ දැ ස්පර්ශ වීම (ශාකවල බූව, දළඹුවන් ආදී වූ...) නිසා විෂම වූ ආහාර වර්ග හෝ කෘමි දෂ්ඨන (මදුරුවන්, මකුණන්...) නිසා සිරුර පුරා පලු දැමීම සහ අසාත්මිකතාවන් වලින් ආරම්භ වී ඇතැම් විට දරුණු පීඩාවන් ඇතිකරවන අවස්ථා තිබේ. ඇතැම් අයට කැසීම් නිසා හෝ සවස් කාලයේ දිය නෑම, ඇඟපත සේදීම වැනි අවස්ථාවල පලු දැමීම ඇති වේ. (කාන්තාවන් අතර මෙම තත්ත්වය බහුලය.) මදුරුවන් දෂ්ඨ කළ විට හෝ ඉබේටම තැන් තැන්වල ඇතිවන කුඩා බිබිලි විශේෂයන් කැසීම නිසා ඇතමුන්ගේ තුවාල හටගනී. ක්‍රමයෙන් වේගවත්ව මේවා පැතිරී යයි. ඇතැම් විට තෙත් වූ දියර වගුරයි. මෙවැනි පැතිරෙන සුළු තුවාල ශරීරයේ ඕනෑම තැනක හටගත හැකිය. ඊටත් වඩා ප්රබලව රක්ත දොaෂ ඇති අයට දෙපාවල දණහිසින් පහළ ප්‍රදේශවල සම පුපුරා තෙත දියර ගලන අධික කැසීම් සහිත වාතරක්ත අවස්ථාවන් මතු වේ. ඇතැම් විට මේවා පාද හෝ ඇඟිලිකරු ආශ්‍රිතව සන්ධිවල කැසීම්වලින් ආරම්භ වේ. සමේ රෝගවල දරුණුතම අවස්ථාව වනුයේ විවිධාකාරයෙන් හට ගන්නා කුෂ්ඨ රෝගයන්ය. මේවා බොහෝ විට පෙර භවවලදී කරන ලද අකුසල කර්මයන්ගේ බලපෑම් මතින් ඇති වන පීඩාකාරී අවස්ථාවන් වේ. ඒ ඒ පුද්ගලයන්ට ආවේණික වූ කර්මානුරූප හේතූන් අනුව එවැනි කුෂ්ඨ රෝගවල ව්‍යාප්තිය සිදුවී ස්ථානගත වන බැවින් ඖෂධ ප්‍රතිකාරයන්ට සමගාමීව මෛත්‍රි සහගතව සිදුකළ හැකි ආධ්‍යාත්මික පුණ්‍ය ක්‍රියාවන්ට යොමුවීම මෙවැනි අවස්ථාවලදී සිදුකළ යුතු වේ. සමේ රෝග ඇතිවන බොහෝ අවස්ථාවලදී එම රෝගවලට සමගාමීව ඇති වන විවිධ වූ වෙනත් කායික රෝග ද හටගනී. ඇදුම, පීනස, අර්ශස්, බඩ පුරවා දැමීම, මළබද්ධය, බඩගින්න අඩුවීම හෝ අධික බඩගින්න ආශ්රිත ජීර්ණ පද්ධතියේ දොaෂ, (ගැස්ට්‍රයිටීස් මේ අතුරින් ප්‍රධානත්වයක් ගනී.) හිසේ කැක්කුම, නින්ද නොයැම, අධික නිදිමත, අධික ලෙස කේන්තියැම, ඇස් කන් කැසීම්, උගුරේ සෙම පැටලීම, සෙම්ගෙඩි, නිතර සෙම ඇවිස්සීම ආදී බොහෝ රෝග හා රෝග ලක්ෂණ අවස්ථානුකූලව ඒ ඒ පුද්ගලයන්ට ආවේණික ලෙස ප්රමුඛ වේ. විමර්ශනශීලීව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක රීතීන්ට අනුව රෝග සුවපත් කිරීමේ නියෑළෙන්නන්ට එක විට එක රෝග තත්ත්වයක් හෝ ලක්ෂණයක් පිළිබඳව පමණක් සලකා බැලීමකින් තොරව ඉහත සියලු ලක්ෂණයන් හෝ රෝග තත්ත්වයන් පිළිබඳව පුළුල්ව සොයා බලා සැලසුම් සහගතව ප්‍රතිකාර කිරීමෙන් එවන් වූ සියලු රෝග නිට්ටාවටම සුවකර ගත හැකිය. වත්මන් සමාජයේ බුද්ධිමත් විමර්ශනශීලී සියල්ලන්ම පාහේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳ තිරසාර විශ්වාසයක් ගොඩනඟාගෙන තිබුණද මෙම වෛද්‍ය කර්මයන් හිදී අමුද්‍රව්‍ය සොයා, කපා, කොටා සකස් කරගෙන කෂාය තැම්බීම සහ වෙනත් ඖෂධ පිළියෙල කරගැනීම් නිසියාකාරයෙන් සිදුකර ගැනීමට අපහසු වීම නිසා මෙම විශිෂ්ට වූ වෛද්‍ය ක්‍රමයට අවතීර්ණ නොවේ. නමුත් ඉපැරැණි ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියන අපගේ හෙළ වෙදකමෙහි සශ්‍රීක මූලාශ්රයන්ගෙන් පෝෂණය වූ රන්පත වෙද පරපුරෙහි විස්මිත වෙදකම් නිර්මාණශීලීව යාවත්කාලීන කර ඇත්තේ රෝග නිට්ටාවටම සුවපත් කර ගැනීමට නව මඟක් විවර කරමිනි. ඕනෑම කාර්යබහුල අවස්ථාවන්හිදී රැකියාවන් කරන අතරතුර පහසුවෙන් භාවිතයට ගත හැකි ලෙස නියමිත ප්‍රමිතීන්ට අනුකූලව උත්කෘෂ්ට වූ ඖෂධීය ගුණයෙන් යුතු බෝතල් ලෙස පිළියෙල කළ කෂාය වර්ග, පෙති ලෙස සකස් කළ කෂාය වර්ග, ගුලි වර්ග, කල්ක, චූර්ණ නිෂ්පාදනය කර ඇත්තේ විවිධ පීඩාවන්ගෙන් පෙළෙන සුවහසකගේ රෝග පහසුවෙන් නිට්ටාවටම සුවපත් කිරීම උදෙසාමය. වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0713009088 හෝ 0713007000 ඇමතිය හැකිය. ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක රන්පත වෙද මැදුර, පෑලියගොඩ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 kingDVeteran MemberPosts:3309 17 Jun 2018 09:44 PM Posted By chamaramind on 17 Jun 2018 06:23 PM ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙන නිසා දැන් හුගක් අය රත කල්කය දෙන්නෙ නෑ නේද Business, you know, may bring money, But friendship hardly ever does. 0 chamaramindMost Senior MemberPosts:13471 18 Jun 2018 05:50 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Jun 2018 05:50 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 18 Jun 2018 05:51 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Jun 2018 04:44 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Jun 2018 04:45 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Jun 2018 04:45 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Jun 2018 04:45 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Jun 2018 04:45 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Jun 2018 04:45 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 19 Jun 2018 04:52 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 19 Jun 2018 06:59 AM කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන එක තමා හොදම දෙය... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Jun 2018 05:22 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Jun 2018 05:22 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Jun 2018 05:22 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 129 of 137 << < 127128129130131 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner