You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 13 of 137 << < 1112131415 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 May 2017 05:56 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/15309.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 May 2017 06:00 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/15310.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 May 2017 06:04 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/15311.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 May 2017 06:08 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/15312.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 May 2017 06:09 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/15313.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 May 2017 06:17 PM

ලස්සන වෙන්න පැණි කොමඩු කන්න


රස්නය වැඩි කාලවලදී පිපාසය නිවා ගනු වස් පැණි කොමඩු කා අතරත් ජනප්‍රිය පලතුරකි.  ඒවායෙහි විවිධ ප්‍රභේද ඇති අතර තිත්ත රසැති, පැණි රසැති මෙන්ම සුළු ඇඹුල් ගතියෙන් යුත් ආදී ලෙස දක්නට ලැබේ.

ගෙඩියේ ඇතුළත තද කොළ, ලා කොළ සහ කහ පාට තිත් ආදී ඇට දක්නට ලැබේ. ජාත්‍යන්තර පෝෂණ සංවිධානයේ දත්ත ඉදිරිපත් කරන පරිදි කොමඩු ගෙඩියක පෝෂණ ප්‍රමාණය පහත පරිදි වේ. 

ශක්තිය 127% , කාබෝහයිඩ්ඩ්‍රේට් 7.55g , සීනි 6.2g , කෙඳි 0.4g , මේදය 0.15g , ප්‍රෝටීන් 0.61g , වතුර 91.45g , විටමින් -a   28ug , බේටා කැරෝටින් 3.3ug   , විටමින් b-1  0.033mg , විටමින් b-2  0.021mg  , විටමින්  b-3 0.178mg , විටමින් b-5 0.221mg , විටමින් b-6  0.45mg , වෝලයින් 4.1mg , විටමින් c 8.1mg , කැල්සියම් 7mg , යකඩ 0.24mg , මැග්නීසියම් 10mg , ලිකොෆයින්  4532ug, මැංගනීස් 0.03mg , පොස්පරස් 11mg , පොටෑසියම් 112mg , සෝඩියම් 1mg, සින්ක් 0.1mg

මුත්‍ර ආසාධිත රෝගීන් සඳහා විශේෂයෙන් සුදුසු වේ.

මෙය සුළු වශයෙන් බඩ සුද්ධ කරන ගතියක් දැකිය හැකිය. වැඩිපුර ගත් කෙනකු මේ සඳහා බිය විය යුතු නැත. වැඩි වශයෙන් වතුර පානය නොකරන්නන් සඳහා උචිතයි. මෙහි අන්තර්ගත සීනි ප්‍රමාණයද ඉතා අඩුය. එසේම අවු රශ්මිය නිසා පිළිස්සුණු හමක් ඇති අයට වඩාත් සුදුසු වේ. ඒවගේම මුහුණේ හම රැලි වැටී ඇති අයට සුදුසුය. මෙහි ලිපොෆයින් අඩංගු නිසා විසහරණ හැකියාව ඇත. පිළිකා රෝගවලින් නිරතුරු ආරක්ෂා වේ. 

ආහාරයෙන් පසු පැණි කොමඩු කැබලි ආහාරයට ගැනීමෙන් මනා නින්දක් ලැබේ.  දෛනිකව අවශ්‍ය කෙරෙන ශක්තියෙන් 23%ක ශක්ති ප්‍රමාණයක් සපුරාලීමට පැණි කොමඩු සමත් වේ. පුරුෂ පක්ෂයේ  හෝමෝන වර්ධනයටද උපකාරවේ. දියවැඩියාව සහ අධි රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන්ටද සුදුසු වේ. එමෙන්ම කුඩා දරුවන්ගේ සලාද සහ බීම වර්ග සැකසීමේදී අනිවාර්යයෙන් එකතු කර ගත යුතු පලතුරක් බව නොකියාම බැරිය. 

ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන
සටහන / මාධවී ධර්මරත්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 May 2017 06:19 PM

මොනවා හරි උගුරේ සිරවුවහොත්...

ආහාර කැබලි සිරවීමෙන් කුඩා දරුවන් මියගිය දරුවන් ගණනාවක් පිළිබඳව පසුගිය දිනවල අසන්නට ලැබිණි.

දරුවෙකුගේ උගුරේ යමක් සිරවුවහොත් දියයුතු ප්‍රථමාධාර සම්බන්ධයෙන් එලෙස මියයන දරුවන්ගේ ජීවිත රැකගැනීමේ අවස්ථාව තිබූ නමුත් බොහෝ දෙමාපියන්ට ඒ පිළිබඳ අවබෝධයක් නැත.වයස අවුරුද්දට අඩු දරුවෙකුගේ උගුරේ යමක් සිරවූ විට ඔබ කළ යුත්තේ මෙයයි.

කලබල නොවන්න

දරුවාගේ සහය ලබා ගැනීමට තමා පිළිබද විශ්වාසය තබන්න

නොසන්සුන් දරැවාගේ මුඛය තුළට ඇගිළි දමා එම දෙය ගැනීමට උත්සාහ නොකරන්න

දරුවාගේ ශරීරය තම නුපුරුදු අතට ගන්න (මුහුණ පහතට සිටින සේ) මෙහිදී හිස සහ ගෙළ අත්ලෙහි ආරක්ෂිතව රදවාගන්න.

ඉන්පසු තම සුපුරුදු අතෙහි අත්ලෙහි අඩියෙන් පිට පහර 5 ක් අඛන්ඩව ලබා දෙන්න (මෙම පහරදීම් ලබා දිය යුත්තේ පිටිපස උරපතු දෙක අතරටය) මෙම පහරදීම් දීමේදී ගැස්මක් ඇතිව සිදුකළ යුතුය

සිරවී ඇති දෙය ඉවත්වුනිදැයි බලන්න

සිරවී ඇති දෙය ඉවත් නොවුනේ නම් පපුව මැදට තෙරපීම් 5 ක් දෙන්න. මෙය මාරුවෙන් මාරුවට අඛන්ඩව සිදු කරන්න.

දරුවා අසාධ්‍ය තත්වයට පත්වුවහොත්

දරුවාගේ පාදයේ යටි පතුලට හෝ අතෙහි ඉහළ බාහුවට තට්ටු කර ප්‍රතිචාරය බලන්න

ප්‍රතිචාරයක් නැතිනම් හුස්ම ගන්නා මාර්ගය සකසන්න. එනම් නිකට මදක් ඔසවා නළල පහත් කරන්න.

ඉන්පසු තම කම්මුල දරුවාගේ නාසය සහ මුඛය අසල තබාගෙන හුස්ම වැටෙනවාදැයි බලන අතර පපු ප්‍රදේශය උස් පහත් වේදැයි තත්පර 5 - 10 ක් පමණ බලන්න

දරුවා හුස්ම ගන්නේ නැතිනම් වහාම දරුවාගේ කට සහ නාසය දෙකම තම මුඛය තුළට රුවාගනිමින් හුස්ම වාර 5 ක් ලබා දෙන්න . එක් හුස්මක් ලබා දීමට එක තත්පරයක් ගන්න.

ඉන්පසු

පපු තෙරපුම් වාර 15 ක් ලබා දෙන්න.

ඇගිළි 2 ක් පපුව මධ්‍යයේ තබා සෙන්ටි මීටර් 4 ක් ගැඹුරට යන සේ තෙරපුම් ලබා දෙමින් ඉහිල් කරමින් පපු තෙරපුම් ලබා දෙන්න.

ඉන්පසු හුස්ම වාර 2 කට පපු තෙරපුම් වාර 15 ක් අඛන්ඩව ක්‍රියාත්මක කරන්න.

අවම තරමින් විනාඩියක්වත් මෙම ප්‍රතිජීවණය සිදුකළ පසු ආධාර ඉල්ලා සිටින්න.

මෙම පිළිවෙත අඛන්ඩව ක්‍රියාත්මක කරමින් රෝහල කරා දරුවා රැගෙන යන්න.

මෙමගින් අකාලයේ මිය යන දරුවන් රැකගත හැකි බව තරයේ සිහි තබා ගන්න

කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසා                                               

සටහන - ඩයනා උදයංගනී

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
19 May 2017 09:59 PM
වටිනා ලිපියක් නුදුරු කාලයක මුණුබුරන් ලැබුනාම අපිටත් ප්‍රයෝජනවත් ලිපිය කියවපු නිසා
ආදරයේ උල්පත අම්මා ......................
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
19 May 2017 10:41 PM
අහා එහෙනම් ගාමිනි අය්යත් සීයා කෙනෙක් වෙන්න ආසයි වගෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
19 May 2017 11:34 PM
මේක නම් වටිනව ඈ තැන්කූ
Udeshika Herath
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 May 2017 07:44 AM
මේ වගේ ලිපි හැමෝටම කියන්න බැරි තරම් වටිනවා. පොඩි අයට මෙහෙම දෙයික් වුනාම හැමෝම කලබල වෙලා දගලනවා මිසක් හරි දේ කරන්න දැනුවත් වෙන එක තමයි වැදගත්.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
20 May 2017 10:06 AM
Posted By Ind007ka on 19 May 2017 10:41 PM
අහා එහෙනම් ගාමිනි අය්යත් සීයා කෙනෙක් වෙන්න ආසයි වගෙ


on the way..........................
ආදරයේ උල්පත අම්මා ......................
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 May 2017 10:44 AM
ඉතාමත් වටිනා ලිපියක්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 May 2017 04:18 PM

වකුගඩු පිළිකා හැදෙන්නේ මෙන්න මේ වගේ අයටයි

ප්‍රශ්නය - පසුගිය සතියේදී අප මේ තීරය ඔස්‌සේ සාකච්ඡා කළේ වකුගඩු පිළිකා ගැනයි. අද අපි තවදුරටත් ඒ ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙහිදී වකුගඩුව ගැන නැවත වතාවත් මතක්‌ කර දිය යුතුයි. වකුගඩු යුගලයේ ප්‍රමාණයේ මිට මෙලවූ සාමාන්‍ය ප්‍රමාණයේ අතක්‌ හා සමානයි. රතු පැහැයට හුරු දුඹුරු පැහැයකින් යුතු මේ ඉන්ද්‍රිය ඉතාම පහළින් කොඳු ඇට පෙළ දෙපස පිහිටා තිබෙනවා. වකුගඩු පිළිකාවකදී පාලනයෙන් තොරව වර්ධනය වීමට පටන් ගන්නා වකුගඩු සෛල පසුව අර්බුද නමැති ගෙඩි වර්ගය බවට පත්වෙනවා. රුධිරයේ තිබෙන අතිරික්‌ත ජලය, අපිරිසිදු කොටස්‌, ප්‍රමාණය ඉක්‌මවා ගිය ඛනිජ වර්ග පෙරා පිරිසිදු රුධිරය ශරීරයට එකතු කිරීම තමයි වකුගඩුවල කාර්යය. ශරීරයට අත්‍යවශ්‍ය හෝමෝන නිෂ්පාදනයට මෙන්ම රතු රුධිරුනු නිෂ්පාදනයටත් වකුගඩු දායක වෙනවා. අපට වකුගඩු දෙකක්‌ තිබුණට මනුෂ්‍ය ශරීරයේ පැවැත්මට එක වකුගඩුවකිනුත් කොටසක්‌ තිබුණාම ප්‍රමාණවත්. වකුගඩු නරක්‌ වෙනවා කියන්නේ ඒ කුඩා කොටසත් ඉතිරි කොටස්‌ සියල්ලත් විනාශ වූ විටයි.

ප්‍රශ්නය - වකුගඩු පිළිකා වර්ග කීයක්‌ තිබෙනවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - Renal Cell Carcinoma ව තමයි ඉතාම වැඩි වශයෙන් පැතිර තිබෙන වකුගඩු පිළිකා වර්ගය. මාරාන්තික වකුගඩු පිළිකාවෙන් 90% ක්‌ම අයත් වන්නේ මෙයටයි. මේ පිළිකාව තවත් උප කොටස්‌ පහකට බෙදිය හැකියි. ඒ ගැන විස්‌තර කිරීම වෛද්‍ය ශිෂ්‍යයන්ට මිස පාඨකයන්ට ප්‍රයෝජනවත් නැත.

ප්‍රශ්නය - වකුගඩු පිළිකාව හැදෙන්නේ කවර හේතු නිසාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - එයට වඩා හොඳයි ඔබ මගෙන් අහනවා නම් වකුගඩු රෝග හට ගන්නේ කොයි වගේ අයටද කියලා.

1. දුම්වැටි උරණ අයට මේ රෝගය වැළඳෙනවා.

2. ගැහැනුන්ට වඩා පිරිමින්ට මෙය වැළඳීමේ ප්‍රවණතාව වැඩිවී සාමාන්‍ය වශයෙන් ගත් කළ හතරදෙනකුට මේ වකුගඩු පිළිකාව හැදෙනවා නම් එයින් තුනක්‌ ම පිරිමි.

3. අවුරුදු 50 -70 වයස්‌ සීමාව අතර සිටින අයට මෙය වැළඳෙනවා.

4. අධික තෙල් සහිත ආහාර ගන්නා අයට වකුගඩු පිළිකාව හැදෙන බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම ස්‌ථුල භාවයෙන් වැඩි අයටත් මෙය වැළඳෙනවා.

5. අධික රුධිර පීඩනය තිබෙන පිරිමින්ට වකුගඩු පිළිකා සෑදීමේ ප්‍රවණතාව වැඩි වේ.

6. පමණ ඉක්‌මවා නිර්වින්දන පෙති සහ වේදනා නාශක පෙති ගන්නා අයට වකුගඩු පිළිකාව වැළඳීමට ඉඩ තිබෙනවා.

7. රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වන අයට වකුගඩු පිළිකාව වැළඳීමේ ප්‍රවණතාව ඉතාම ඉහළයි. විශේෂයෙන් කැඩ්මියම් ලෝහයට නිරාවරණය වන අයට මේ අනතුර තදින්ම තිබෙනවා. බැටරි නිෂ්පාදනය, තීන්ත නිෂ්පාදනය, වෙල්ඩිං කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ නිරත වන අයටත් මේ අවදානම තිබෙනවා. එසේ නිරාවරණය වන අය දුම්පානය කරනවා නම් තත්ත්වය තවත් භයානකයි.

8. ව්‍යායාම නොකර, අලස වෙමින්. නිකරුණේ සිටින අයටත් මේ රෝගය වැළඳෙනවා.

9. ජානමය උරුමයක්‌ ලෙසත් මේ රෝගය හටගන්නවා.

10. Von Hippen lindau යනුවෙන් හැඳින්වෙන රෝග තත්ත්වයක්‌ තිබෙන අයට නිතරම ගෙඩි, වණ, පිළිකා, අර්බුද ඇතිවෙනවා. ඔවුන්ටත් වකුගඩු පිළිකාව හට ගැනීමේ අවදානම ඉතාම වැඩියි.

නොමිලේ විස්‌තර සඳහා
0713464276/ 0759061771
අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 May 2017 04:19 PM

කැඩ්මියම්, ආසනික්‌ නිසාත් සුදු කබර
මතුවෙනවා මේ ප්‍රත්‍යක්‍ෂ කසාය බොන්න


ප්‍රශ්නය - වස වර්ග ශරීරගත වීමෙන් සුදු කබර හට ගන්නා බව ඔබ පසුගියදා සඳහන් කළා. මොනවද ඒ විෂ වර්ග.

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - අපේ රටේ ආහාරවල බහුල වශයෙන් රසායනික විෂ වර්ග තිබෙනවා. එයට හේතුව එම ආහාරවලට දමන පොහොර මගින් කැඩ්මියම් හා ආසනික්‌ වැනි විෂ ද්‍රව්‍ය පැළෑටිවලට මිශ්‍ර වීමයි. විශේෂයෙන් ම අපේ රටේ සහල්වල මේ විෂ වර්ග බහුලව තිබෙනවා.

ප්‍රශ්නය - කැඩ්මියම් සහ ආසනික්‌ විෂ වර්ග දෙක ගැන හැඳින්වීමක්‌ කරන්න.

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - කැඩ්මියම් කියන්නේ මෘදු ලෝහයක්‌. මෙය වකුගඩු විනාශ කරනවා. එමතුදු නොව අධික රුධිර පීඩනය, හෘද කපාටවල හටගන්නා ආසාදන යනාදියට මේ ලෝහය මුල් වෙනවා. සිගරට්‌ දුම්කොළවල කැඩ්මියම් අඩංගු වන අතර එම දුම් උරන අය මෙන්ම එම දුම් ආඝ්‍රාණය කරන අයත් අවදානමට ලක්‌ වෙනවා. යුරෝපා සංගමය තුළ කැඩ්මියම් අඩංගු කිසිවක්‌ පරිහරණය කිරීම තහනම්. කැඩ්මියම් අඩංගු දේ රට තුළට ගෙන ඒමත් තහනම්. ආසනික්‌ ගත්තොත් එයත් විෂ සහිත ද්‍රව්‍යයක්‌. බංගලාදේශයේ පානීය ජලය සමඟ ආසනික්‌ මිශ්‍ර වීම නිසා එරට ජනතාව විශාල අන්තරායකට ලක්‌ව සිටින්නේ ආසනික්‌ ඉතා කුඩා ප්‍රමාණ ශරීර ගතවීමෙන් පවා පිළිකාව වැළඳෙන නිසයි. ආසනික්‌ හා කැඩ්මියම් යන දෙකම වකුගඩුවලට අමතරව අක්‌මාව තුළ තැන්පත් වීමේ ප්‍රවණතාවක්‌ තිබෙනවා.

ප්‍රශ්නය - පසුගියදා සුදු කබර රෝගීන් සඳහා ඔබ ලබාදුන් කසාය සහ ආලේප වට්‌ටෝරුවලින් අපේ පාඨකයන් රැසක්‌ දැනටමත් ප්‍රයෝජන ලබමින් සිටිනවා.

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - ඔව්. අදත් මා ඔබට තවත් කසායක්‌ දෙනවා. අරළු, කොහොඹ පොතු, දුම්මැල්ල, රසකිඳ, රත්හඳුන්, ආඩතෝඩ යන ඖෂධ කලං 2 බැගින් ගෙන සෝදා පිරිසිදු කර, කුඩා කැබලිවලට කපා, මැටි මුට්‌ටියක දමා වතුර කෝප්ප 8 ක්‌ වත් කර දර ලිපක තබා පත එකට සිඳ පෙරා සීනි දමා පත භාගය බැගින් උදේ සවස පානය කළ යුතුයි. මේ කසාය සති දෙකක්‌ ගත යුතුයි.

ඊළඟට අප බලමු මේ කසායට දමන ඖෂධ වර්ගවල තිබෙන ගුණය.

අරළු - ආයු ශක්‌තිය වැඩි කරන, කෙසඟ අයට මාංශ සම්පත්තිය ඇති කරන. ස්‌ථුල අයගේ මාංශ සම්පත්තිය අඩු කරන අරළු බඩවැල් තුළ හට ගන්නා සිරුරට හානිකරන බැක්‌ටීරියා වර්ග විනාශ කිරීමට ඉවහල් වෙන, උණ සමනය කරන සමේ රෝගවලට සහනය දෙන ඖෂධයක්‌. සිරුරේ රුධිරය ශෝධනය කිරීමේදී මෙයින් විශාල මෙහෙයක්‌ සිදුවන බවයි පිළිගැනීම.

කොහොඹ - විෂබීජ නාශකයක්‌ වන, කොහොඹ ඇට හතර බැගින් කුඩු කර උණුසුම් වතුර වීදුරුවකට දමා එවැනි වතුර වීදුරුවක්‌ බැගින් දිනපතා උදේ හිස්‌බඩ දින හතක්‌ පානය කළ විට ලේගලන අර්ශස්‌ රෝග තත්ත්වයන් සුවපත් වන බවයි පිළිගැනීම. එසේම දිනපතා උදේට කොහොඹ කොළ 8 - 10 අතර ප්‍රමාණයක්‌ හප කර ගිළිනවා නම් දියවැඩියාව සහ අධික රුධිර පීඩනය නැතිවන බව දේශීය සිංහල වෙදකමේ සඳහන් වෙනවා. මෙය චර්ම රෝග සඳහා ඉතා හොඳ ඖෂධයක්‌.

දුම්මැල්ල - ඡයහකක්‌බඑයමි රුඑසජමක්‌එමි යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන දුම්මැල්ල රුධිරයේ හටගන්නා විෂමතා නැති කරනවා.

රසකිඳ - රූමැටික ආත්‍රයිටිස්‌, උණ. ක්‍රිsමි රෝග, දියවැඩියාව, පාන්ඩුව, කහඋණ, චර්ම රෝග යනාදියට හොඳ ප්‍රතිකාරයක්‌.

ඉහත සඳහන් ඖෂධවල තිබෙන පොදු ගුණයක්‌ තමයි චර්ම රෝග සහ රුධිරයට බලපෑමක්‌ කිරීමට ඒවාට හැකි වීම. ලබන සතියේ අප ඔබට දෙන්නේ මේ කසාය බොන අතර සුදු කබර පැල්ලම් මත ගෑ යුතු ආලේපයක්‌.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 May 2017 04:20 PM

කල්මරමර නොසිට ඉක්‌මනට ගැස්‌ට්‍රයිටීස්‌ සුවකර ගමු

අප මෙවර ගැස්‌ට්‍රයිටීස්‌ ගැන වැඩි අවධානයක්‌ යොමුකර පෑලියගොඩ රන්පත වෙද මැඳුරේ රන්පත රුවන් රත්නායක වෛද්‍යතුමා හමුවේ මේ පිළිබඳ තොරතුරු විමසීමු.

මොකක්‌ද මේ ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය කියන්නේ. ඇයි මෙය දැඩි කරදරකාරී රෝගයක්‌ බවට පත්ව ඇත්තේ.

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා-

ගැස්‌ට්‍රයිටීස්‌ යනු මහත් කරදරකාරී රෝගයක්‌ බව සත්‍යයකි. එහි ඇති කරදරකාරී බවටත් වඩා එමගින් ඇතිකරන ජීර්ණ දුර්වලතාවයන් හේතුවෙන් පසුකාලීනව ඇතිවිය හැකි උපද්‍රවයන් පිළිබඳව අප දැනුවත් විය යුතුය.

ශරීරය සෑදී ඇති පද්ධති සියල්ල සලකා බැලූවිට ආහාර ජීර්ණ පද්ධතියට සුවිශේෂී තැනක්‌ හිමිවේ. පුළුල්ව සිතා බැලුවහොත් අන් සියලුම පද්ධතීන්ටත් වඩා වැදගත්ම පද්ධතිය වන්නේ ආහාර ජීර්ණ පද්ධතියයි.

ඊට හේතුව ශරීරයේ අන් සියලුම පද්ධතීන්ට පෝෂණය සැපයීමේ පූර්ණ වගකීම දරන්නේ ආහාර ජීර්ණ පද්ධතිය වීමයි.

ශරීරයේ කුඩාම තැනුම් ඒකක වන සෛලවලට පෝෂණය සැපයීමට නම්, අප ගන්නා ආහාර එම සෛලවලට උරාගත හැකි මට්‌ටමට සරල කොටස්‌ බවට පත්විය යුතුය.

ජීර්ණ ක්‍රියාවලිය අතරමග නතර නොවී ගන්නා ලද ආහාරවල ඇති පෝෂක කොටස්‌ සෛල වලට උරාගත හැකි අවසාන ඵල බවට පත්කරන්නේ ජීර්ණ පද්ධතියේ මූලිකත්වයෙනි.

එසේ වීමට නම් ආහාර ජීර්ණ පද්ධතිය තුළ සිදුවන සියලු ක්‍රියාවන් යහපත් විය යුතුය.

නමුත් ගැස්‌ට්‍රයිටීස්‌ රෝග තත්ත්වය විවිධ ස්‌වරූප වලින් පවතින විට ආහාර ජීර්ණ පද්ධතියේ යහපත්වූ ස්‌වභාවික ක්‍රියාව අක්‍රමවත් වේ.

අනෙකුත් සියලු පද්ධතීන්ට අහිතකර වූ බලපෑම් ඇතිවන්නේ එතැන් පටන්ය.

මෙම රෝගයේ රෝග ලක්‍ෂණ ගැන කතා කළොත්

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා-

ආහාර ගැනීමෙන් පසු උගුරට ඒම, බඩේ දැවිල්ල, බඩ පුරවා දැමීම, ආමාශයේ තුවාල, පපුව හිරවීම වැනි ලක්‍ෂණ ඇතිවිට පමණක්‌ ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය ඇතැයි ඇතමුන් සිතති. නමුත් මෙම ලක්‍ෂණ ඇතිව හෝ නැතිව ආහාර ජීර්ණ පද්ධතියේ මතුවන විවිධ සංකූලතා හේතුවෙන් ගන්නා ආහාර හරිහැටි නොදිරවීම නිසා ඇතිවන තවත් උපද්‍රවයන් ඇත.

ඒවා නම් හිසේ කැක්‌කුම, ක්‌ලාන්ත ගතිය, කරකැවිල්ල, පිටකොන්දෙ කැක්‌කුම්, ඇඟපත අමාරුව, අලසබව, අධික ලෙස කේන්තියාම, ශරීරයේ අප්‍රාණික බව, නිතර නිදිමත හෝ නින්දනොයාම, මල, මුත්‍ර පිටවීමේදී ඇති අපහසුකම් සහ අක්‍රමිකතාවන් ආදී ලක්‍ෂණයි.

මෙසේ මුල් අවදියේදීම එවැනි ලක්‍ෂණ පහලවීමෙන් පෙනී යන්නේ ගැස්‌ට්‍රයිටීස්‌ හෝ ජීර්ණ පද්ධතියේ ඇති දුර්වලතාවයන්ගේ බලපෑම අනෙකුත් සියලුම ඉන්ද්‍රියන්ට හෝ පද්ධතීන්ට ඇති බවයි.

මෙවැනි ජීර්ණ දුර්වලතාවන් කල්යත්ම චිරකාලීන වූ උපද්‍රවයන් ඇතිකරයි. ඊට හේතුවන්නේ මේ නිසා ඇතිවන පෝෂණ ඌනතාවයන්ම පමණක්‌ නොවීමද විශේෂත්වයකි.

ගැස්‌ට්‍රයිටීස්‌ හෝ වෙනත් ආහාර ජීර්ණයේ දුර්වලතාවන් ඇතිවිට ගන්නා ලද ආහාර සිරුරට අවශෝෂණය කළ හැකි අවසාන ඵලයන් තත්ත්වයට පත්නොවේ. එනම් ඒවා විෂක්‌ ලෙස රුධිරයට එකතු වෙයි. ඒවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාළ තුළ හඳුන්වන්නේ "ආම" යනුවෙනි. එම ආම තත්ත්වය යනු සැබෑලෙස නොදිරවූ ආහාර රසයයි.

එයින් ශරීරයේ කිසිදු සෛලයකට නිසියාකාරව වැඩක්‌ ගැනීමට නොහැකිය.

මේ අතරතුරම උෂ්ණාධික ශරීර ඇති අයගේ විධග්ධවූ විතෙහි ඇති උෂ්ණ ගුණයද මුසුවීමෙන් ඇතිවිය හැකි උපද්‍රවයන් තවතවත් වැඩිවේ.

මෙම ආම රසය රක්‌ත - ධාරාව හරහා කුමන පද්ධතියකට, ඉන්ද්‍රියකට, පටකයකට හෝ සෛලයකට ගෙනගියද එම ස්‌ථානයන්හි ස්‌වාභාවික ක්‍රියාවන් අක්‍රමවත් වෙයි. එය පිටතට පෙන්වන්නේ රෝගයක්‌ හෝ රෝග ලක්‍ෂණයක්‌ ලෙසයි. මුලදී හිසේ කැක්‌කුමක්‌ ඇඟපත රිදීමක්‌ හෝ මල පිටවීමේදී ඇතිවන අක්‍රමිකතාවයක්‌ වැනි ලක්‍ෂණ පෙන්නුම් කරයි.

නමුත් පසුව චිරකාලීන රෝග ඇතිකරන්නේ ඉහත කී විෂ කොටස්‌ මගින් තෝරාගත් පද්ධතියක්‌ හෝ අවයවයන් මුලුමනින්ම ආක්‍රමණය කළවිටයි.

මෙහිදී ඇතිවිය හැකි වෙනත් රෝග තත්ත්ව මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා-

එම විෂ තත්ත්වය ඇසුරු කළේ වකුගඩු ආශ්‍රිත මුත්‍රාශ පද්ධතිය නම්, වකුගඩු ආබාධ, මුත්‍රා රෝග ආදිය ඇතිවිය හැකිය. ශරීරයේ අධෝභාගය ආක්‍රමණය කළේ නම් අක්‍රමවත් මල පිටවීම්, මලබද්ධය හෝ අර්ශස්‌ වැනි තත්ත්වයන් ඇතිවිය හැකිය. ඒ අයුරින්ම අග්නාශය ඇසුරු කළ විට දියවැඩියා ආශ්‍රිත ප්‍රමේහ රෝග තත්ත්වයන්ද, හෘදය ඇසුරු කළවිට විවිධ වූ හෘද රෝගද එම ඇසුරු කළවිට වෘතරක්‌ත, පලුදැමීම කැසීම් ආශ්‍රිත විවිධ වූ සමේ රෝගද ආදී ලෙස ඒ ඒ පද්ධතීන්ට, ඉන්ද්‍රියන්ට ආවේනික වූ රෝග තත්ත්වයන් ඇති කරයි.

එසේ නම් මේ සියලු රෝග තත්ත්වයන් උපද්‍රවයන් ඇති කිරීමට මූලික වන්නේ ගැස්‌ට්‍රයිටීස්‌ හෝ ආහාර ජීර්ණයේ විවිධ අක්‍රමිකතාවන් බැවින් එම තත්ත්වය අප විසින් වහවහා සුවකරගත යුතුය.

මෙම රෝග තත්ත්ව ආයුර්වේදයෙන් නිට්‌ටාවටම සුවකළ හැකිද?

ආයුර්වේද රන්පත රුවන් රත්නායක මහතා-

ඊට පැහැදිලිම පිළිතුර නම් මෙම බෝ නොවන රෝගයන් නිට්‌ටාවටම සුවකළ හැකි බවයි. එවිට එම රෝග නිට්‌ටාවටම සුව කරන්නේ කෙසේදැයි ඔබ අසනු ඇත. රෝග නිට්‌ටාවටම සුවකිරීම සඳහාම නිර්මාණය වූ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නිවැරදිව භාවිත කිරීමෙන් මෙම රෝග නිට්‌ටාවටම සුව කළ හැකිය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 May 2017 04:21 PM

ඉරුවාරදයට ප්‍රත්‍යක්‍ෂ කසායක්‌

ප්‍රශ්නය - පසුගිය සතියේදී ඉරුවාරදය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාව අවසන් කරමින් ඔබ කියා සිටියේ මේ රෝගය අමාරුවෙන් සුවපත් කළ හැකි රෝග අතුරින් එකක්‌ ලෙස ආයුර්වේදයේ හඳුන්වා දී තිබෙන බවයි. අද මේ සාකච්ඡාව අරඹමින් අප ඔබෙන් පවසනවා බටහිර වෛද්‍ය විද්‍යාවට මෙය සුව කළ හැකිද කියලා.

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මේ රෝගය සඳහා නොයෙක්‌ දේ කරනවා. එකක්‌ තමයි Antral wash කිරීම. ඒ කියන්නේ නාසයේ දෙපස පිහිටා තිබෙන වායු කෝටර තුළට නාසය ඔස්‌සේ කැනියුලාවක්‌ ඇතුල් කර ඒ හරහා විශේෂ දියරයක්‌ යවා සෝදා කෝටරය තුළ තිබෙන සියලුම පැසවූ ද්‍රව්‍ය, එනම් සැරව සහ ආසාදිත දේවල් ඉවත් කරනවා. මෙය කිරීමට පෙර රෝගියා නිර්වින්දනය කරනවා. ඒ අතර කෝටරවල සෙම ඉවත් කරනවා. එහෙත් එසේ කරගෙනත් සුව නොවූ අය ඕනෑ තරම් ආයුර්වේද රෝහල්වලට එනවා. අපේ තිබෙනවා ස්‌ථානික සහ අභ්‍යන්තර ප්‍රතිකාර කියලා දෙවර්ගයක්‌. ඒ කියන්නේ ඇඟටත් බෙහෙත් දෙනවා. රෝගය හරියටම පවතින තැනටත් බෙහෙත් දෙනවා. ඔළුවට කරන ප්‍රතිකාර ගොඩක්‌ තිබෙනවා. නස්‍යකර්ම තිබෙනවා. තැවිලි තිබෙනවා. හිසට ලේප දැමීමත් තිබෙනවා. මේවාට කියන්නේ ශිරෝලේප කියලා.

ප්‍රශ්නය - හිස කුඩුච්චි දානවද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - හිස කුඩුච්චි නොවෙයි. නළලටයි ලේප දමන්නේ. හිස කුඩුච්චියක්‌ දාන්නේ ගොඩක්‌ පරීක්‍ෂා කර බලලා අත්‍යවශ්‍ය නම් විතරයි. ඒ අතර ඔළුවට තෙල් වර්ග දැමීමත් සිදුවෙනවා.

ප්‍රශ්නය - ඔලුවට තෙල් දාන එක හොඳ ද? බටහිර විද්‍යාත්මක මතයක්‌ තිබෙනවා ඔලුවට තෙල් වර්ග හෝ ජෙල් වර්ග ක්‍රීම් වර්ග හෝ නොයෙදිය යුතු බවට.

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - ආයුර්වේදයේ එනවා දින චර්යා කියලා කොටසක්‌ ඒ අනුව එක්‌ දින චර්යාවක්‌ විය යුත්තේ ශිරෝ අභ්‍යංගය හෙවත් ඔළුවට තෙල් දමා සම්භාහනය කරන එකයි. හැබැයි එය අපේ ජනතාව තෙල් දාන විදිය නොවෙයි. තෙල් පොඩි ප්‍රමාණයක්‌ අරගෙන හිසට දාලා හිස්‌ කබල ඇතුළට යන පරිදි ක්‍රමවත්ව, පීඩාකාරී නොවන විදියට මසාඡ් කළ යුතුයි. කෙස්‌ගස්‌ මුලට මසාඡ් කළ යුතුයි. එමගින් ඇස්‌ පෙනීම වර්ධනය වෙනවා. රාත්‍රියට නිදා ගැනීමට පෙර යටි පතුල් සෝදා තෙල් ස්‌වල්පයක්‌ යොදා මසාඡ් කළ යුතුයි. ඇස්‌ පෙනීමට මෙය ඉතාම ගුණදායකයි. ශිරෝ අභ්‍යංගය සහ පාද අභ්‍යංගය ලෙස තමයි මේ දෙක හඳුන්වන්නේ.

ප්‍රශ්නය - ඉරුවාරද රෝගීන්ට සුදුසු කසායක්‌ අපට කිව හැකිද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - පුවත්පත්වලින් දෙන කසාය බෙහෙත් කඩයකදී නිසි ලෙස කිරාගෙන මැනගෙන පිරිසිදු කර තම්බා පානය කරන්නට සැලැස්‌වීම රෝගියාගේ භාරකරුවන් සතු වගකීමක්‌ ලෙස මා දකිනවා. මා අද ඔබට කියන්නම් දසමූල කසාය නමැති වටිනා ආයුර්වේද කසාය ගැන. මේ කසාය මහ පස්‌ මුල් (මුල් වර්ග පහයි) සහ සුළු පස්‌ මුල් (මුල් වර්ග පහයි) යනාදි වශයෙන් කොටස්‌ දෙකකට බෙදුණත් කසාය තම්බන විට මුල් වර්ග දහයම එකට තැම්බීම කරනවා.

1. මහ පස්‌මුල්
බෙලි
මිදි
තොටිල
ඇත්දෙමට
පළොල්

2. සුළු පස්‌මුල්
අස්‌වැන්න
පොල්පලා
කටුවැල්බටු
එළබටු
හීන් නෙරෙංචි

මේ එක්‌ එක්‌ බෙහෙත් ද්‍රව්‍ය කලං 1 මදටිය 4 බැගින් ගෙන හොඳින් සෝදා වියළා. කැබැලි කර කපා හොඳින් කොටා පත 8 එකට සිඳ එළඟිතෙල් හැඳි 1/2 ක්‌ යොදා පත භාගය බැගින් උදේ හවස දින 7 ක්‌ පානය කළ යුතුයි. මෙහිදී පත 8 එකට සිඳ ගැනීමේ නියම ක්‍රමවේදයක්‌ තිබෙනවා. එනම්, මේ ඖෂධ සියල්ල මැටි මුට්‌ටියකට දමා වතුර කෝප්ප එකහමාරක දමා හැඳි මිටෙන් වතුර මට්‌ටම මැන ගන්නවා. ඉන් පසුව ඉතිරි වතුර කෝප්ප හයහමාර දාලා හින්දවනවා. එසේ හිඳීගෙන යද්දී මුට්‌ටියේ වතුර ප්‍රමාණය හැඳි මිටෙන් වතුර කෝප්ප එකහමාරක මට්‌ටමට පැමිණි විට ළිපෙන් බා ගත යුතුයි. කසායට අවශ්‍ය පරිදි සහිඳ ලුණු ස්‌වල්පයක්‌ එකතු කළ යුතුයි.

(ලබන සතියේ මේ කසායේ ශාක මුල්වල ඇති ගුණදොස්‌ විචාරමු.)

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 May 2017 04:23 PM

මුත්‍රා අමාරුව නමැති රෝගයේ සැබෑ කතාව මෙන්න

ප්‍රශ්නය - ඔබ ගුද ගත රෝග සම්බන්ධයෙන් විශේෂඥයකු බව අප දන්නවා. පසුගිය මාස කිහිපය තුළ අප ඔබ සමඟ සාකච්ඡා කර සකස්‌ කළ ලිපි සමූහය මගින් ගුද රෝග වැඩිහරියක්‌ ආවරණය වුණා. ඒ අතරින් භගන්දර රෝගය සහ අර්ශස්‌ රෝගය සම්බන්ධයෙන් ඔබ පළකළ අදහස්‌ මහත් සේ ජනප්‍රසාදයට පත් වුණා. අද සිට අප ඔබ සමඟ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මුත්‍රවාහිනී පද්ධතිය ආශ්‍රිත රෝග ගැනයි. එහි ආරම්භක හඳුන්වාදීමේ ලිපිය පසුගිය සතියේ පළ වුණා. අප ඔබෙන් පළමුවෙන් ම විමසන්නේ ආයුර්වේද අර්ථකථනයට අනුව මුත්‍රා රෝග කීයක්‌ තිබෙනවාද යන්නයි.

විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - ආයුර්වේදයේ මුත්‍රා රෝග ප්‍රධාන කොටස්‌ දෙකකට බෙදෙනවා. එකක නම මුත්‍රා ක්‍රිච්ඡ. අනෙක මුත්‍රාඝාත. මෙහි පළමුවැන්න වන මුත්‍රා ක්‍රිච්ච අවස්‌ථාවේදී සිදුවන්නේ මුත්‍රා අපහසුවෙන් සහ වේදනාවෙන් පිට කිරීමයි. බටහිර වෛද්‍ය ක්‍රමයේදී මුත්‍ර පිටකිරීමේදී ඇතිවන වේදනා සහගත භාවය හඳුන්වන්නේ Burning Sensation යනුවෙන්. මේ කාණ්‌ඩය යටතේ උප රෝග 8 ක්‌ තිබෙනවා. මුත්‍රාඝාත කියල කියන්නේ මුත්‍රා පිටකරන්න තිබෙන අපහසුව. එය හට ගන්නේ මුත්‍රා ව්‍යqහයේ තිබෙන සංකූලතා නිසයි. මේ කාණ්‌ඩය යටතේ මුත්‍රා රෝග 13 ක්‌ තිබෙනවා. මේ අනුව ආයුර්වේද විග්‍රහයට අනුව මුත්‍රා රෝග 21 ක්‌ තිබෙනවා. ඔබට මුත්‍රා රෝගයක්‌ තිබෙනවා නම් එය අයත් වන්නේ මේ රෝග 21 න් කවරකටද කියන එක සැක හැර දැන ගැනීමට මෞත්‍රවාහිනි පද්ධතියේ රෝග පිළිබඳ දැනුමක්‌ තිබෙන වෛද්‍යවරයෙක්‌ හමුවිය යුතුමයි. හැබැයි ඔබ මුත්‍රා පහ කරන විට එක එල්ලෙ එය පිටතට ගලා එන්නේ නැත්නම්, බ්ලොක්‌ වන ගතියක්‌ තිබෙනවා නම්, ඒ අනුව තටම තටමා මුත්‍රා පිට කරන්නට සිදුවෙනවා නම් එයින් අදහස්‌ වන්නේ ඔබට අශ්මරී රෝගය හෙවත් සරළ බසින් කියනවා නම් මුත්‍රා බොක්‌කේ ගල් හටගෙන ඇති බවයි. ඒ අතර තවත් රෝගයක්‌ තිබෙනවා වාතාෂ්ටිලා යනුවෙන්. ඉංග්‍රීසි රෝග නිශ්චය ක්‍රියාවලිය තුළ තිබෙනවා. BPH (Benign Prostatic Hyperplasia) කියල රෝගයක්‌. වාතෂ්ටිලා රෝගය සහ ඊඡ්‍ය රෝගය එක සමානයි.

ප්‍රශ්නය - BHP රෝගය ගැන විස්‌තර කරන්න.

විශේෂඥ වෛද්‍ය ඒ ඒ. ඡේ. පුෂ්පකුමාර - මේ රෝගය ගැන මීට පෙරාතුවත් මේ පුවත්පතේ ලිපි පළවෙනු මා දැක තිබෙනවා. ඒත් මතකය අලුත් කර දෙන්නට ඒ ගැන නැවතත් සඳහන් කරන්නම්. මෙහිදී සිදුවන්නේ පුරස්‌ථිත ග්‍රන්ථිය ඉදිමීමයි. මෙය පිළිකාවක්‌ නොවන වර්ධනයක්‌. මුත්‍රා බොක්‌ක පිහිටා ඇත්තේ පුරස්‌ථිත ග්‍රන්ථය උඩින්. මුත්‍රා වාහිනිය තිබෙන්නේ පුරස්‌ථිකය මැදින්. පුරස්‌ථිතය විශාල වනවිට මුත්‍රා වාහිනිය තෙරපීමකට ලක්‌වෙනවා. එවිට මුත්‍රා පිට කිරීමට අවහිරතා ඇති වෙනවා.

ප්‍රශ්නය - පුරස්‌ථිතිය විශාල වී ඇති බව දැන ගැනීමට තිබෙන එක සාධකය මුත්‍රා බැහැර කිරීමේදී එය එක එල්ලේ කර ගැනීමට බැරි වන පරිදි බාධා ඇතිවීමද?

විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - තවත් ලක්‍ෂණ කිහිපයක්‌ තිබෙනවා. මේවා රෝග ලක්‍ෂණ ලෙස නම් කළාට වරදක්‌ නැහැ. නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම එක්‌ ලක්‍ෂණයක්‌. මොකද ඉදිමුනු පුරස්‌තිතය නිසා මුත්‍රා වාහිනිය අවහිර වීමෙන් මුත්‍රා බොක්‌ක සම්පූර්ණයෙන් ම හිස්‌වන තුරු මුත්‍රා යන්නේ නැහැ. ඊළඟට රාත්‍රි කාලයේදී විටින් විට මුත්‍රා කිරීමට සිදුවනවා. මෙයට කියන්නේ Nocturia හෙවත් Walking at night to urinate එද මරසබ්එe කියලයි. සමහර විට මුත්‍රා පිට කර අවසන් වූ පසුත් මුත්‍රා කාන්දුවක්‌ ඇතිවෙනවා. තවත් විටෙක මුත්‍රා කරන විට මුත්‍රා ධාරාව එක එල්ලේ ගමන් නොකර කැඩි කැඩී ගලා යනවා.

ලබන සතියේ තව කොටසක්‌

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
20 May 2017 07:09 PM
ගොඩක් වටිනා ලිපි එකතු කරලා තියෙන්නේ චාමර මල්ලි . ස්තුතියි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 May 2017 07:22 PM
අම්මො බයෙ බැහැ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0
You are not authorized to post a reply.
Page 13 of 137 << < 1112131415 > >>