Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 130 of 137 << < 128129130131132 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 21 Jun 2018 05:22 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Jun 2018 05:22 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Jun 2018 05:23 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 21 Jun 2018 05:26 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jun 2018 07:15 PM සියඹලා ගැන ඔබ නොදන්න දේ උද්භිද විද්‍යාත්මක නාමය ලෙසින් ටැමරින් ඉන්ඩිකා (Tamarind Indica) නමින් හඳුන්වන සියඹලා ඉතා ගුණදායක ආහාරයක් ලෙසින් ආයුර්වේදයේ සඳහන් වේ. සියඹලා ආහාරයට එක්කරගන්න කුළුබඩුවක් මෙන්ම පළතුරක් ලෙසින් ද හැඳින්විය හැක. සියඹලා ග්‍රෑම් 100ක ඇති පෝෂණ ගුණ දිනකට අවශ්‍ය කරන ශක්තියෙන් සියයට දොළහක් පමණ ලබා ගත හැක. ශක්තිය කිලෝ කැලරි 239කි. දිනකට අවශ්‍ය කරන කාබෝහයිඩ්රේට් ප්‍රමාණයෙන් සියයට හතළිහක් සියඹලාවලින් ලබාගත හැක. ඒ අනුව කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 62.5කි. ප්‍රෝටීන් ග්‍රෑම් 2.80කි. එය දිනකට අවශ්‍ය කරන ප්‍රමාණයෙන් සියයට පහකි. මෙහි කොලොස්ටරෝල් නොමැති අතර කෙඳි ග්‍රෑම් 5.1කි. ෆෝලේට් මයික්‍රෝ ග්‍රෑම් 14කි. නියසීන් මිලිග්‍රෑම් 1.93කි. විටමින් ඒ මෙන්ම විටමින් සී මිලිග්‍රෑම් 2.8කි. මීට අමතරව පොටෑසියම්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, ඛනිජ ලවණ වැනි පෝෂණ ගුණ රාශියක් සියඹලාවල අන්තර්ගතව පවතී. සියඹලාවල පවතින කෙඳි මගින් මල හොඳින් පිට කිරීමට උපකාරී වේ. මේ නිසා මල බද්ධය දුරු කරයි. ආහාර මගින් ශරීරයේ ඇතිවන විස සමඟ මෙම කෙඳි එකට බැඳී මහ අන්ත්රය ඇතුළත ආරක්ෂා කිරීමට ද උපකාරී වේ. මෙම කෙඳි පිත්, ලවණ සමඟ හොඳින් බැඳී එම පිත මහා අන්ත්‍රයෙන් නැවත අවශෝෂණය අඩු කරයි. මහ අන්ත්‍රයේ පිළිකා ඇතිවීම වැළැක්වීමට සියඹලා ඉතා ගුණදායක ඖෂධයකි. සියඹලාවල පවතින වාෂ්පශීලි රසායනික සංඝටක මඟින් බොහෝ පිටුවහලක් ලබා දේ. ආහාර හොඳින් දිරවීමට උපකාරී වේ. සියඹලා හෘදයට ඉතා ගුණදායක පළතුරකි. මේ නිසා උගුර ආශ්‍රිතව විවිධ ආසාදන රෝගවලදී සියඹලා දිය කරගත් ජලයෙන් උගුර සේදීම ඉතා ගුණදායක වේ. සියඹලා කහ උණ සහ තුවාල ඇති රෝගීන්ට ඉතාමත් සුදුසු ඖෂධයකි. සියඹලා කොළවලින් සාදාගත් ග්‍රීන් ටී වෛරස් උණට ඉතා ගුණදායක වේ. මුඛයේ ඇතිවන තුවාලවලදී කොත්තමල්ලි තැම්බූ වතුර සමඟ සියඹලා වතුර බීමද ඉතා සුදුසුයි. දියවැඩියා රෝගීන්ට ද සියඹලා ඉතා ගුණය. ආහාර ගත් විගස රුධිරයේ සීනි වැඩීම සියඹලාවලින් අඩු කරයි. විවිධ කෘමීන් දෂ්ඨ කළ විටදී එයට ප්‍රති විසක් ලෙසින් සියඹලා ඇටවල චූර්ණය ආලේප කළ හැක. එයට ඒ අවස්ථාවේ සියඹලා බීමට දෙන්න. සියඹලා මෙන්ම සියඹලා ඇටවල ද ඇත්තේ පුදුමාකාර ගුණයකි. පිළිස්සුණු තුවාල ඇති වූ විට සියඹලා ඇට කුඩු කොට ආලේප කිරීමෙන් ද පිළිස්සුණු තුවාල ඉතා ඉක්මනින් සුව කර ගැනීමට හැකියාවක් ඇත. එමෙන්ම සියඹලා, මධ්‍යසාරවලට ඇබ්බැහි වූවන්ට ඉතා ගුණදායක ඖෂධයක් ලෙසින් ද හැඳින්විය හැක. ශරීර ගතවන විෂ වර්ගවලට ප්‍රති ව්‍යංජනයක් ලෙසින් සියඹලා ක්‍රියා කරයි. සියඹලා මල් ව්‍යාංජනයක් ලෙස ගැනීම ද ඉතා ගුණදායක වන අතර සියඹලාවලට ඉඟුරු ස්වල්පයක් මිශ්‍ර කර බීමද කළ හැක. ආතරයිටීස් රෝගීන්ගේ අත්පාවල, විවිධ සන්ධිවල ඇතිවන ඉදිමුමට සියඹලා කොළවල ඉස්ම සමඟ ඖෂධ ආලේප කිරීම ඉතා ගුණදායක වේ. ශරීරයේ ඇති අපිරිසිදු රැධිරය පිරිසිදු කිරීමේ ගුණයක් ද සියඹලාවල පවතී. දරැවන්ගේ සුව නොවන පණු රෝගවලදී සියඹලා කොළ කසාය ඉතා ගුණදායක වන අතර අර්ශස් රෝගීන්ට ද සියඹලා ඉතා ගුණදායක පළතුරක් හා ඖෂධයකි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jun 2018 07:20 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jun 2018 07:21 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jun 2018 07:21 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jun 2018 07:21 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jun 2018 07:21 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jun 2018 07:21 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jun 2018 07:21 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jun 2018 07:22 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jun 2018 07:43 PM කූල් බොන කොට හිරිවැටෙන දත් මනුෂ්‍යයාගේ නිරෝගී පැවැත්ම උදෙසා ඉතාමත් වැදගත් වන සාධකයක් ලෙසින් මුඛ සෞඛ්‍යය හැඳින්විය හැක. එහිදී දත් හා විදුරැමස්වල නිරෝගී බව පවත්වා ගැනීම හා ඒ ආශ්රිත රෝගවලට ප්‍රතිකාර සිදුකිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතුය. යහපත් මුඛ සෞඛ්‍යය නිරෝගී ජීවිතයකට පිටිවහලකි. රෝගවලින් තොරව දීර්ඝායුෂ විදීම සඳහා ආයුර්වේදයේ දක්වා ඇති දිනචර්යා විධි අතර මුඛ සෞඛ්‍ය රුකගැනීම සම්බන්ධයෙන් ද උපදෙස් ලබාදී ඇත. දරුවකු කුස පිළිසිඳගෙන ගැබට මාස 6-8 පමණ කිරි දත් මෝදු වීම පටන්ගනී. පසුව දරුවා ඉපදී මාස 6-7 වනවිට කිරි දත් මතුවීමට පටන්ගෙන අවුරුදු 2-3 පමණ වනවිට කිරි දත් විස්සක් පමණ හටගැනීම සිදුවේ. කිරිදත් වැටී ස්ථිර දත් පසුව වර්ධනය වීමක් සිදුවේ. අප දන්ත සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ දරුවාගේ කිරි දත් මතුවීම පටන්ගත් අවස්ථාවේ සිටය. අනවබෝධය නිසා කිරිදත් ආරක්ෂා කරගැනීමට වැඩි සැලකිල්ලක් නොදක්වන අවස්ථා අපට බොහෝ හමුවී ඇත. ඒ හේතුවෙන් ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවූ අවස්ථා ද ඇත. එබැවින් කුඩා කල සිට දත් හොඳින් මැද විෂබීජවලින් ආරක්ෂා කරගත යුතුය. කිරිදත් ඉතා ඉක්මනින් දිරාපත් වීමට ඉඩකඩක් ඇත. කිරිදත් කළු පැහැ වී දිරාපත් වීමට ලක්වූ විට ඉතා පහසුවෙන් විදුරැමස් විෂබීජ ආසාදනයට ලක්වේ. දත්වල වේදනාව, විදුරැමස් ඉදිමීම සිදුවිය හැක. සෑම කෑම වේලකටම, කිරි වේලකටම පසු දරුවාගේ මුඛය පිරිසිදු කළ යුතුය. කිරිදත් නිසි පරිදි ආරක්ෂා කර නොගතහොත් එමඟින් පසුව එන ස්ථිර දත්වලට ද බලපෑමක් එල්ලවීමට ඇති ඉඩකඩ වැඩිය. මුඛ සෞඛ්‍යයේදී අප වැඩි අවධානයක් යොමුවන්නේ දන්ත සෞඛ්‍යයටය. එහිදී මූලික අඩිතාලම දැමිය යුත්තේ ළදරැ අවධියේ සිටය. අප රටේ වැඩිපුරම දක්නට ලැබෙන මුඛ රෝගයක් ලෙසින් දත් දිරායාම හෙවත් දන්ත ව්‍යසනය, විදුරුමස් ප්රදානය හෙවත් පරිදන්ත රෝගය, මුඛ පිළිකා දැක්විය හැක. මෙම අවස්ථා තුනම මුඛ සෞඛ්‍ය රැකගැනී ඉතා පහසුවෙන් වළක්වා ගතහැක. දත් දිරායාමේ මූලික ලක්ෂණයක් ලෙසින් උණුසුම් හෝ සිසිල් පානයක් ගන්නා විටදී දත් හිරිවැටීම, දත් දිරායාමේ මූලික ලක්ෂණය ලෙස දැක්විය හැක. එවිට නිසි වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. දන්ත සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත්වීමේදී දත් හොඳින් පිරිසිදු කිරීම නිවැරදි දත් මැදීම, නිවැරදිව දත් බුරුසු, දන්තාලේප භාවිතා කිරීම පිළිබඳ නිසි උපදෙස් පිළිපැදිය යුතු අතර මෙහිදී පෝෂණීය ආහාර ලබාගැනීමත් වැදගත් වේ. එසේම ස්වාභාවයෙන්ම දත්වල ශක්තිමත්භාවය අඩු පුද්ගලයන් සිටිනා අතර දත්වල නිරෝගී භාවය පවත්වා ගැනීම පිළිබඳ මුල සිටම වඩාත් සැලකිලිමත් විය යුතුය. විදුරුමස් හා දත් අතර කොටස් නිසියාකාරව පිරිසිදු නොකිරීම, පෝෂණ ඌනතා විවිධ රෝග නිසා (දියවැඩියාව, ලියුකේමියාව) හෝමෝන විපර්යාස දීර්ඝව ලබාගන්නා ඇතැම් ඖෂධ වර්ග ආදිය විදුරැමස් රෝග සඳහා හේතුවේ. දත් මදිනා විට රුධිරය ගැලීම, විදුරුමස් කෙළවරවල් ඉදිමී තිබීම, විදුරුමස් රතු පැහැ ගැන්වීම, මුඛයෙන් දුඟදක් හැමීම ආදී රෝග ලක්ෂණ ඇතිවිට සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගත යුතුය. දිගින් දිගටම රෝගී තත්ත්වය වැඩිවී විදුරුමස් තද කළවිට, රැධිරය හෝ සැරව මතුවීම, දත් අතර හිඩැස් මතුවීම, දත් දුර්වර්ණ වීම හා දත්වල ශක්තිමත්භාවය නැතිවීම ආදිය සිදුවේ. මෙවැනි රෝග තත්ත්වයක් ප්‍රතිකාර නොකර දීර්ඝකාලීනව පැවතීමෙන් විෂබීජ ශරීරගතවී මුඛය පමණක් නොව සමස්ත ශරීරයටම බලපෑම් ඇතිවිය හැක. විෂබීජ ආසාදනය වීම මගින් ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රීයන් ද රෝගී තත්ත්වයට ගොදුරු විය හැක. ගර්භනී කාන්තාවන් පෝෂ්‍ය පදාර්ථවලින් සපිරි ආහාර වේලක් ලබාගත යුතුය. ගර්භණී කාලය තුළ මව ලබාගන්නා පෝෂණීය ආහාර දරුවාගේ දත් පසුකාලීනව ශක්තිමත්ව වර්ධනය වීමට හේතුවනවා සේම මවගේ දත් ආරක්ෂා වීමට හා විදුරුමස් රෝගවලින් ආරක්ෂාවීමට ද වැදගත් වේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මුඛ සෞඛ්‍ය රැකගැනීමට ඉතා සාර්ථක ප්‍රතිකාර ඇත. දත් සේදීම සඳහා විශේෂිත වූ මුඛ සේදුම් කාරක, දත් මැදීම සඳහා දන්ත චූර්ණ වර්ග ද අඩංගුවේ. අතීතයේදී දත් මැදීම සඳහා දැහැටි කූරු භාවිතා කර ඇත. මේ සඳහා කොහොඹ, කරඳ, නිල, වරා, නුග, කුඹුක් යනාදී ඖෂධවල මුල් හෝ දළු කැබැලිවලින් සාදාගනී. දැහැටි කූරෙහි අඩංගු ඖෂධීය ගුණ මඟින් දත් රෝග නසයි. මුඛය සුවඳවත් කරයි. මුඛ සෞඛ්‍ය රැකගැනීම සඳහා කුඩා කල සිටම දත් නිසායාකාරව පිරිසිදු කිරීමට දරුවන් පුරුදු කළ යුතුය. වරින් වර ආහාර ගනිද්දී, විශේෂයෙන් පැණිරස ආහාර ගැනීම් මඟින් නිරන්තරයෙන් මුඛයේ PH අගය අඩුවේ. එවිට දත් දිරායාමට එය හේතුවේ. මන්ද මුඛයේ ඇති ආහාර සමඟ බැක්ටීරියා ප්‍රතික්‍රියා වූ විට ආම්ලික මාධ්‍යයක් ඇතිවන බැවිනි. එබැවින් ආහාර ගත් සෑම අවස්ථාවකදීම මුඛය පිරිසිදු කළ යුතුය. ප්‍රධාන ආහාර වේල්වලට පසුව දත්මැදීම කළ යුතුය. පෝෂණය ගැන සැලිකිලිමත් වීමේදී කොළ පැහැති පලාවර්ග, කහපැහැති එළවළු, පළතුරු නිතර ආහාරයට ගන්න. අධික සිසිල්, උණුසුම් ආහාර පාන ගැනීමෙන් වැළකීම, හුණු, දුම්කොළ සහිත බුලත් විට කෑමෙන් වැළකීම, දුම්බීමෙන් වැළකීම ආදී ක්‍රම මඟින් මුඛ සෞඛ්‍ය රැකගැනීමට සෑම දෙනාම උනන්දු විය යුතුය. එය සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජීවිතයකට මහත් උපකාරයක් වේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 22 Jun 2018 07:58 PM දුම්නොබොන්න හිත හදාගමු! ජීවිතය තියෙන්නෙ විඳින්න මිස විඳවන්න නොවෙයි. වැරදි ආකල්ප, වැරදි විශ්වාස, වැරදි පුරුදු, වැරදි ආචාර ධර්ම අපේ ජීවිතය විඳවීමට ප්‍රධාන හේතුවක් වෙනවා. විසිවන සියවසේ සිටි ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වන “බර්ට්‍රම් රසල්" ඔහුගේ “සතුට ජයග්‍රහණය කිරීම" නම් පොතේ (Conquest Of Happiness) එක් තැනක මෙහෙම තියනවා. බොහෝ සතුන් සමහර විට මිනිසාට වඩා සතුටින් ජීවත් වන බවත් පෙනෙන්න තිබෙන්නේ මෙම සතුන් වැරදි ආකල්ප, විශ්වාස සහ හැසිරීම්වලින් තොරවීම නිසයි. අපේ ජීවිතය අවුල් කරන ලෙඩකරන මේ හැසිරීම්, පුරුදු මොනවාදැයි බලමු. මත්පැන් අවභාවිතය, දුම්කොළ හුණු සමඟ බුලත් කෑම. තමාගේ ශරීරයට සහ මනසට අවශ්‍ය ව්‍යායාම ලබානොගැනීම ඊර්ෂියාව සහ කුහකකම්වලින් මනස පිරීම, නිතරම අනුන්ගේ වැරදි සොයමින් සිටීම සහ දුම්බීම. එක මත්ද්‍රව්‍යයක් ලෙස දුම්පානය ගතහොත් මේ තරම් මනසට හා ශරීරයට හානිකරන කිසිම අබ්බැහියක් නැති තරම්ය. එක වර්ෂයකට දුම්පානය නිසා මිලියන 7ක් පමණ මිනිස්සු මිය යති. මින් ලක්ෂ 6ක් පමණ මිය යන්නේ කෙළින්ම දුම්බීම නිසා නොව අනිත් අයගේ දුම්බීමට ගොදුරු වීම නිසාය. දුම්පානය කරන අයගෙන් 80%ක්ම ජීවත් වන්නේ අඩු ආදායම් සහිත සහ දුප්පත් රටවලය. ශ්‍රී ලංකාව තුළ ලක්ෂ 15ක් පමණ ජනතාව දුම්බොන අතර මොවුන් දවසකට සිගරට් මිලියන 11ක් පමණ බීමට ගනී. ශ්‍රී ලංකා ජනගහනයෙන් අවු. 15ට වැඩි පිරිසෙන් 15%ක් පමණ දුම්බොන බව සොයාගෙන ඇත. අපේ රටේ දුම්බීම නිසා වර්ෂයකට විසිදහසක් පමණ මිය යන අතර දිනකට 57 දෙනෙක් මිය යති. මින් වැඩිදෙනා මිය යන්නේ හෘදයාබාධවලිනි. මින් ඉතාමත් අවාසනාවන්ත දෙය නම් දුම්බොන අයගේ ග්‍රහණයට හසුවීමයි. මේ නිසා මියයන සංඛ්‍යාව ලෝකය තුළ වර්ෂයකට ලක්ෂ 6කි. මින් 40%ක්ම දරැවන්ය. 35%ක් කාන්තාවන්ය. 33%ක් දුම්නොබොන පිරිමින්ය. මින් 60%ක් මියයන්නේ හෘදයාබාධවලිනි. 30%ක් මිය යන්නේ ස්වාසනාලය ආශ්රිත ආබාධවලිනි. ශ්‍රී ලංකාව තුළ ද මෙය ළමයින්ට හා කාන්නතාවන්ට ප්‍රබල තර්ජනයකි. පහත සඳහන් පුංචි කතාවෙන් මෙය පැහැදිලි වේ. අපි ඇයට දිස්නි කියමු. දිස්නිගෙ වයස අවු. 12යි. දිස්නි සමඟ ඇගේ මව සහ පියා අපට යොමු වූයේ දෙදෙනා අතර වූ ගැටුමක් නිරාකරණය කර ගැනීමටය. දිස්නිගේ මව කී කතාවයි මේ. “මේ ඉන්නේ මගේ එකම දුව ඇය හොඳට නීරෝගීව හිටියා. ඇය හොඳට ඉගන ගත්තා. දැන් ඇය ලෙඩවෙලා. නිතර කැස්ස හා හෙම්බිරිස්සාව. වෛද්‍යවරු කියන්නෙ ඇයට දැන් ඇදුමත් හැදිලා කියලා. මගේ Family Dr. කීවා මීට ප්‍රධානම හේතුව ගෙදර ඇතුළේ ඉදගෙන පියාගෙ දුම්බීම කියලා. මම Husband ට කීවා ඕක නවත්වන්න කියලා. ඔහුට ප්‍රෙෂර් එකත් තියනවා. අඩි 10ක් යන්න බෑ හතිය. දැන් මාත් එක්ක හරියට ලිංගිකව එකතු වෙන්නත් බෑ. ප්‍රාණවත් වෙනවා ඒත් ටික වේලාවකින් නැති වෙලා යනවා. Dr’sලා කියනවා ඒකටත් හේතුව මේ දුම්බීම කියලා. ඒත් මේ මනුස්සයට මේක තේරෙන් නෑ." අපි දිස්නිගේ පියා දෙසට හැරුණා. ඔහු මෙසේ පැවසුවේය. “මම දුම්බීම පටන් ගත්තේ අවු. 17 දී මටත් මේක නවත්ත ගන්න ඕන. නමුත් ඒක කරන්න හරිම අමාරැයි. නොබී දවසක් හරි හිටියොත් ඇඟට පණ නෑ වගේ. Office එකේ වැඩ ටික කරගන්නත් අමාරුයි. මේ ප්‍රශ්නෙ නිසා මගෙ දරුවන් අසනීප වෙලා. මේක මහ කරැමයක්. මට මේකෙන් ගැලවෙන්න ඕන.” දිස්නිගේ පියා මින් ගලවා ගත් අයුරු අපි බලමු. ඊට ප්‍රථමව දුම්බීම පිළිබඳ විද්‍යාත්මක කරුණු කිහිපයක් වෙත අපගේ අවධානය යොමු කරමු. 1. දුම්බොන කෙනෙකුට එය ක්ෂණිකව නැවැත්වීමට අපහසු ඇයි? මීට හේතුව මෙහි ඇති “නිකොටීන්" (Nicotine) නැමති රසායන ද්‍රව්‍යයේ ඇති ඇබ්බැහි වීමේ ස්වාභාවයයි. සමහරු කියනවා දුම්බීම නැවැත්වීම හරියට හොඳම යහළුවෙකුගෙන් වෙන්වීම වගේ කියලා. ඔබ අද දුම්වැටිය නැවැත්තුවොත් ඔබට දැනෙන අපහසුව දවස් දෙක තුනක් තිබේවී. වැඩිම උණොත් සති කිහිපයක් තියේවී. බලමු මේ අපහසුතා මොනවද කියලා. • ඇඟට දැනෙන මහන්සිය හා හිසේ කැක්කුම • නොසන්සුන්කම හා තරහ යාම • කෑම රුචිය වැඩි වීම • බඩ වේලීම හා බඩ පුරවා දැමීම • කැස්ස, උගුරකට වේලීම • පපුව තද වීම • නිදාගැනීමට අපහසු වීම හා නරක සිහින පෙනීම • කලකිරීම සහ එපාවීම 2. දුම්බීම නිසා ලිංගික අප්‍රාණිකත්වය ඇති වන්නේ කෙසේද? සිගරට් ගත්විට එහි අහිතකර රසායන ද්‍රව්‍ය හතලිස් එක්දහස් පමණ ඇති බව සොයාගෙන තිබේ. මෙම රසායන ද්‍රව්‍යවලින් ඇසිටෝන් (Acetone), ආසනික් (Arsenic) සහ කාබන් මොනොක්සයිඩ් (Carbon Monoxide) මඟින් ලිංගික අප්‍රාණිකත්වය ඇතිකරන බව තහවුරැ වී තිබෙනවා. මෙහිදී ශීෂ්ණයේ ඇති ධමනිවලට හානි වී ඒවායේ රුධිර නාල කැඩී බිඳී ගොස් රුධිර සැපයුම අඩාල වේ. එවිට ශීෂ්ණය ප්‍රාණවත් වීම සහ ප්‍රාණවත් වූ ශීෂ්ණය පවත්වාගෙන යාමට අපහසු වේ. දවසකට සිගරට් විස්සකට වඩා බොන අයගෙන් 60%ක් පමණ මෙසේ ලිංගික බෙලහීනතාවයට පත්විය හැකිබව සමීක්ෂණවලින් තහවුරැ වී ඇත. 3. දුම්බීමෙන් ගැලවිය හැකිද? පහත සඳහන් පිළිවෙත් අනුගමනය කිරීමෙන් ඔබට දුම්බීමෙන් ගැලවිය හැකිබව විශේෂඥ ගේ මතයයි. • මනෝවෛද්‍යවරයකු සමඟ ඔබ දුම්බොන ප්රශ්නය පිළිබඳ සාකච්ඡා කරන්න. ඔහු සමහරවිට ඔබේ අවශ්‍යතාවය අනුව දුම්බීමට ඇති ආශාව අඩු කිරීමට විශේෂ ඖෂධ ලබාදීමට පුළුවන. ඒවාට බියනොවී උපදෙස් මත එම ඖෂධ ලබාගන්න. • සති දෙකක් ඇතුළත ඔබ හරියට දුම්වැටිය නවත්වන දිනය කැලැන්ඩරයක ලකුණු කරන්න. • ඔබේ යහළුවන්ට මිතුරන්ට පවුලේ අයට මේ බව දැනුම් දෙන්න. සතුටින් ඒ ගැන සාකච්ඡා කරන්න. දුම්වැටිය නැවැත්වීමෙන් ඔබට අත්වන වාසි ගැනද සාකච්ඡා කරන්න. • දුම්බීම මතක් කරන නිදසුන් ඔබගේ පරිසරයෙන් ඈත් කරන්න. Ex. සිගරට් පෙට්ටිය, ලයිටරය, ඇස්ට්රේ එක දුම්බොන පින්තූර • දුම්බීම නැවැත්වීමට ඔබ තීරණය කරන ලද්දේ ඇයි දැයි නිසි ලෙස සොයාගන්න. මෙහිදී දිස්නිගේ පියාට නම් තිබුණු ප්‍රධානම හේතු දෙක නම් ලිංගික අප්‍රාණිකත්වය සහ දුවගේ සෞඛ්‍ය තත්ත්වයයි. • නැවත මනෝවෛද්‍යවරයා හමුවී ඔබගේ සාර්ථකත්වය පිළිබඳ සාකච්ඡා කරන්න. ඔබට දැනටමත් ලබාදී ඇති විශේෂ ඖෂධ තව යම් කාලයක් ගතයුතු බව ඔබට ඔහු තහවුරු කරාවි. දුම්බීම නැවැත්වීමෙන් පසු ඔබට නැති වී ගිය ලිංගික ප්‍රාණවත් බව නැවත ලබාගැනීමට හැකි වේ. මෙයට යම් කාලයක් ගතවිය හැකිය. මෙම කාලය තීරණය වනුයේ ඔබ ගොදුරු වී තිබෙන අනෙකුත් රෝගී තත්ත්වයන් ද සමඟය. Ex. ඔබ දියවැඩියා රෝගියෙක් නම් මෙහිදී දියවැඩියාව නිසි ලෙස පාලනය කරගත යුතුය. ඔබ මානසික අවපීඩනයෙන් පෙළේ නම් මෙම අවපීඩන තත්ත්වය නිසි ලෙස ප්‍රතිකාර ගෙන සුවකර ගත යුතුය. 4. දුම්බීම නිසා පිළිකා ඇතිවන්නේ කෙසේද? දුම්බීම නැවැත්වීමෙන් විශාල පිළිකා සංඛ්‍යාවක් වළක්වා ගත හැකිය. පෙනහළුවල ඇතිවන පිළිකා වර්ග 10කින් 7ක්ම ඇති වන්නේ දුම් බීමෙනුයි. දුම්බීමෙන් තවත් පිළිකා වර්ග 14ක් ඇති වීමට ඇති ඉඩකඩ වැඩිය. මුඛය, උගුර, ස්වාසනාලය, අන්නස්‍රෝතය, අක්මාව, අග්න්‍යාසය, උදරය, වකුගඩු, කුඩා බඩවැල්, ඩිම්බ කෝෂය, මුත්‍රාශය මෙන්ම පියයුරු පිළිකා ආදියට ගොදුරැ වීමට ඇති හැකියාව දුම්බීම සමඟ වැඩිවේ. දිස්නිගේ පියා වෛද්‍ය උපදෙස් මත ඉතා සාර්ථක ලෙස ඇඟට නොදැනීම දුම්බීම අත්හැරියේය. තම දුවගේ පෙනහළු රෝගී තත්ත්වය ද ක්‍රමයෙන් නැති වී ගියාය. මනෝචිකිත්සක ලිංගික උපදේශනය සමඟ ලිංගික ප්‍රාණවත් භාවය ද ඔහුට ලැබුණේය. දුම්බීම යනු මිදීමට හැකි ඇබ්බැහියකි. අවශ්‍ය ඔබ එය සඳහා උනන්දු වෙමින් ඉදිරිපත් වීමය. කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jun 2018 04:53 PM සපත්තුවෙන් හැදෙන එපාකරපු ලෙඩේ පාදවල, මහපටැඟිල්ලේ කොණ හෙවත් නියපොතු දාරය වණ වීමක්, එහෙම නැතිනම් සුවනොවන තුවාලයක ස්වරෑපයක් පැවතීමක්, ඉදිමීමක් හෝ නියපොතු අග වණවීම යන අපහසුකාරී අවස්ථාවට ඔබත් මුහුණදීලා ඇති. පාදයේ නියපොතු අග පැසවීම නිසා විඳිනා වේදනාව ඇත්තටම ඉමහත් පීඩාකාරී දෙයක් පමණක් නොවෙයි. දෙපා මේ නිසා අවලස්සන වෙනවා. වයස් භේදයකින් තොරව ඇතැම් අයට සිදුවන මේ ගැටලුව පිළිබඳ සොයාබැලීම අතිශයින් වැදගත් වන්නේ මේ තත්ත්වය වැඩි වර්ධනය වනවා මිස ප්‍රතිකාර නොමැතිව සුව අතට පත් නොවන නිසයි. සපත්තුවේ බලපෑම නියපොතු අග හා දාරය වණවීමට ප්‍රධාන ලෙස හේතුවන්නේ, අප පළඳින සපත්තු දෙකයි. විශේෂයෙන්ම සපත්තුවේ, ඇඟිලි ස්ථානගත වන ප්‍රදේශය තද නම් ප්‍රතිඵලය වන්නේ සපත්තුව තුළ ඇඟිලි එකිනෙක තුළට තදවීම හෙවත් පොකුරු ගැසීමයි. මෙහි ප්‍රතිඵලය වන්නේ නියපොත්ත කැරකී, එය ආසන්නයේ ඇති මස් තුළට තද වීමයි. තද ගතියෙන් යුතු හෝ දිගින් අඩු සපත්තු මගින් මේ ක්‍රියාව උග්‍රවිය හැකි වුවත්, ඇඟිලි ආවරණය වන ඕනෑම සපත්තුවකින් මෙම ක්‍රියාවලිය සිදුවිය හැකිවන බවත් මතක තබාගත යුතු වෙනවා. මෙම රෝගය ඇතිවිය හැකි මීළඟ හේතුව වන්නේ වැරදි ආකාරයට නියපොතු කැපීමයි. සාමාන්‍යයෙන් අපි නියපොතු කපන විට එහි අග කෙළින් කපා ඊළඟට නියපොත්තේ කොන් දෙක ඇදයට හෙවත් කිසියම් කෝණයකට කපනු ලබනවා. එසේ නැතිනම් ඒ ආකාරයට කැපුම් දාරය රවුම් හැඩයක් කරනු ලබනවා. සමහර විටෙක, නියපොත්ත යට ඇති මාංශමය කොටසත් පෙනෙන ආකාරයට ඉතා කොටට නියපොතු කපනු ලබනවා. මෙහිදී ප්‍රතිඵලය වන්නේද කැපූ නියපොතු දාරය අසල ඇති මස් ඇතුළට වර්ධනය වීම සහ නියපොතු අග පැසවීමයි. නියපොතු කැපිය යුතු නිවැරදි ආකාරය මේ නිසා නියපොතු කැපීමේදී එහි පිටත දාරය කෙළින් අතට හරස් ඉරක් ලෙස පමණක් කැපීමත්, නියපොතු කොන අසල දාරය කැපීමෙන් වැළකීමත්, නියපොතු ඉතා කොටට කැපීමෙන් වැළකීමත් මෙම රෝගය වැළැක්වීමේ කාරණා ලෙස වැදගත් වෙනවා. ඉහත හේතු කාරණා දෙකට අමතරව, නියපොතු දාරයට සිදුවන බාහිර තුවාල නිසාත් (උදාහරණ ලෙස නියපොත්ත මතට කිසියම් දෙයක් වැටීම) නියපොතු දාරය අසල මස තුවාල වී, නියපොත්ත ඒ මස තුළට වර්ධනය වී මෙම රෝග තත්ත්වය ඇතිවිය හැකිවෙනවා. මීට අමතරව සමහර දෙනාගේ උපතින්ම නියපොත්තේ ඇති හැඩය හා පිහිටීමත් මේ රෝග තත්ත්වයට හේතු වෙනවා. නමුත් ඒ අවස්ථාවේදීත් සපත්තු පැළඳීම යන කාරණය ඒ සඳහා අත්‍යවශ්‍ය වෙනවා. සමහර දෙනෙක් විසින් මේ රෝග තත්ත්වය, නියපොත්ත අසල සම හා මස් ප්‍රමාණය වැඩිවීම නිසා, ඒවා නියපොතු දාරයට තෙරපීමෙන් ඇතිවිය හැකි දෙයක් බවටද විශ්වාස කරනවා. සුළු ශල්‍යකර්මයක් කළ යුතුයි රෝගයට ප්‍රතිකාර ලෙස බැක්ටීරියා ප්‍රතිජීවක ඖෂධ ආලේප කිරීම ආදිය කිසියම් සහනයක් සැපයුවත්, රෝගය සෑදුණු ආකාරය ගැන අවධානය යොමුකර ඒවා වැළැක්වීමත්, විශේෂයෙන් තද ගතියක් නැති සපත්තු භාවිතයට පෙළඹීම හා නියපොතු කැපීමේදී සැලකිලිමත් වීමත් අවශ්‍ය වෙනවා. මහපටැඟිල්ල හිරි වට්ටවා, වේදනාව නැතිකර නියපොතු දාරය එහි මුල සිට ඉවත් කිරීමේ සුළු ශල්‍යකර්මය වඩාත් ප්‍රතිඵලදායක තත්ත්වයකි. එබැවින් මේ සඳහා උපදෙස් ඔබගේ වෛද්‍යවරයා හෝ ශල්‍ය වෛද්‍යවරයා ඔබට ලබාගත හැකිය. සුගත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jun 2018 04:57 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jun 2018 04:57 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jun 2018 04:57 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jun 2018 04:57 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 130 of 137 << < 128129130131132 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner