Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 131 of 137 << < 129130131132133 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 23 Jun 2018 05:32 PM ඔබටත් ගල් තැලුමක් තියෙනවද? එහෙනම් මෙය කියවන්න ප්රශ්නය - මෙයට වසර තිහ හතළිහකට පෙර මේ රටේ ගම්මානවල ජීවත් වූ බර වැඩ කරන ගැහැනු පිරිමි හැම දෙනකුටම පාහේ දෙපාවල ගල් තැලුම තිබුණා. අද නගරවල ජීවත්වන, කම්කරු ජනතාවගේ පාදවලත් පෙර කී ආකාරයෙන් ම ගල් තැලුම් තිබෙන බව එක්තරා සෞඛ්‍ය අධ්‍යයන පර්යේෂණායතනයක් මගින් නිකුත් කළ වාර්තාවක සඳහන් වුණා. ගල් තැලුම් කියන්නේ මොනවාද? ආචාර්ය වෛද්‍ය ඒ. ඒ. ඡේ-. පුෂ්පකුමාර - ආයුර්වේදයට අනුව ගල් තැලුම් හැඳින්වෙන්නේ කදර කියන නමින්. මෙහි ස්වභාවය ඇනයක ස්වරූපය හා සමානයි. එහි හරස්කඩක් ගත්තොත් පෙනෙනවා හිස කොටස විශාලවත්, ඇතුළත කොටස කේතුවක ආකාරයෙන් පහළට ගමන් කර ඇති බවත්. කොටින්ම කියතොත් ගල් තැලුමක හරස්කඩ කේතුවක හරස් කඩ හා සමානයි. ඉංග්‍රීසියෙන් මෙය හඳුන්වන්නේ Cone කියලයි. සමස්ත ගල් තැලුම ඉතා තදයි. කැරටින්වලින් නිර්මාණය වී ඇති මෙය ඇතැම් කෙනෙකුගේ පාදයක හත අටක් හෝ දහයක් පහළොවක් විතර තිබෙනවා. ගල් තැලුමක් තියෙන අයකුට පය බිම තබන්න බැරි තරමට වේදනායි. එහි පිටතට නෙරා ඇති පොළොව සමඟ ස්පර්ශ වන කොටසට ගැමියන් කියන්නේ කොස්ස කියලා. ආයුර්වේදය මෙය හඳුන්වන්නේ ශරීරයේ උෂ්ණාධික බව නිසා ඇතිවන රෝග තත්ත්වයක් කියලයි. මේක සරල දෙයක්. හැබැයි මෙයට අවශ්‍ය ප්‍රතිකාරය පරෙස්සමින් තෝරා ගත යුතුයි. ප්රශ්නය - ගල් තැලුමක් හටගන්නේ උෂ්ණාධික බව නිසා විතරක් ද? ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - රළු පොලොව මත ගමන් කරන විට උඩට නෙරා ගිය උල් ගලක් පතුලෙහි ගැටීම හේතුවෙනුත් මෙය හට ගන්නවා. එහෙත් එය දිගින් දිගටම පවතින්නේ ශරීරයේ උෂ්ණාධික බව නිසයි. ඔබ කලින් කී පරිදි ගල් තැලුමේ ඉදිරියට නෙරා ගිය කොටස කපා ඉවත් කළාට වැඩක් නැහැ. එය නැවත හටගන්නවා. ප්රශ්නය - ගල්තැලුම් හටගන්නේ පාදයේ විතරද? ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - බහුල වශයෙන් හටගන්නේ පාදයේ. ඒ අතරම ශරීරයේ වෙනත් තැන්වලත් හට ගන්නවා. විශේෂයෙන් ම හටගන්නේ යම්කිසි මතුපිටක් සමඟ ගැටෙන කොටසකයි. ප්රශ්නය - එමගිනුත් හානි සිදුවෙනවාද? ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - කිසියම් වේදනාවක් හට ගන්න පුළුවන්. හැබැයි ඒවා ලොකු ප්‍රශ්න නොවෙයි. ප්‍රශ්නයක් වන්නේ පාදයේ හට ගන්නා ගල් තැලුමයි. හේතුව මුළු ඇඟේම බර එන්නේ පාදයටයි. එවිට පාදය රිදුම් දෙනවා. බටහිර ප්‍රතිකාර ක්‍රමයට අනුව මෙය සැත්කමක් මගින් කපා ඉවත් කළ යුතුයි. එවිට යටිපතුලේ මසෙන් කෝනයක ආකාරයක කොටසක් ඉවත් කරනවා. හැබැයි එහෙම කරන කොට ඒ ආසන්නයේ පිහිටි ස්නායුවක් එහෙම කැපුනොත් එතැන් සිට ම පාදයේ චලනයන් කරගන්න බැරි වෙනවා. පා ඇඟිලි සොලවන්න බැරි වෙනවා. මේ නිසා මෙය බාගෙට කපා ඉවත් කිරීම සිදුවෙනවා. එවිට එය නැවත වැඩෙනවා. වන මෙවිට සැත්කමකින් ඉවත් කරන්න සිදුවෙනවා. මේක ඉතින් සංසාරය වගේ නිමක් නැති වැඩක්. යම් විදියකින් පාදයක ගල් තැලුම් දහයක් පහළොවක් තිබුණොත් මුළු පතුලම කපන්න වෙන තත්ත්වයක් තමයි හටගන්නේ. ප්රශ්නය - ආයුර්වේදය මගින් මෙය සුව කරන්නේ කොහොමද? ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - අග්නි කර්මය කියන ප්‍රතිකාරය තමයි කරන්නේ. ශලාකාව නමැති සැත් උපකරණය මගින් ගල් තැලුම පිළිස්සීම මෙහිදී සිදුවෙනවා. එය ඉතා ආරක්ෂිතයි. කිසිදු වේදනාවකුත් නැහැ. සැත් උපකරණයේ උණුසුම ගල් තැලුම දිගේ ක්‍රමානුකූලව පහතට බැස කැරටින් පදාසය පිළිස්සීම තමයි සිදු කෙරෙන්නේ. මෙය කිසිම වේදනාවක් නැති ආරක්ෂාකාරී ක්‍රමයක්. ඔපරේෂන් එකක් කළා වගේ නොව ප්‍රතිකාරය සිදු කළ මොහොතේ පටන්ම වැඩ කළ හැකියි. ආත්රයිටිස් රෝගයට බිං කොහොඹ කසායක් ප්රශ්නය - කුඩා දරුවන්ට හැදෙන ආත්රයිටිස් රෝගය සඳහා සුදුසු ශාකසාරමය ආයුර්වේද ප්‍රතිකාර ගැන අප පසුගිය සතියේදී සාකච්ඡා කළා. අද ඒ ගැන තවදුරටත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය වසන්ත උදයජීව - කුඩා දරුවන්ට හැදෙන ආත්රයිටිස් රෝගයට ප්‍රතිකාර කරන විට ආයුර්වේද වෛද්‍යවරුන් මුලින්ම කරන්නේ රෝගයට බලපාන ශාරීරික තත්ත්වයන්ට ප්‍රතිකාර කර ඒවායින් ශරීරය නිදහස් කර ගැනීමයි. ආයුර්වේදයට අනුව අපේ ශරීරයේ සෞඛ්‍ය සම්පත්තිය, සුවතාව, ලෙඩ රෝගවලට භාජන වීමේ හැකියාව යන කාරණා පාලනය වන්නේ ප්‍රධාන දොaෂ තත්ත්ව හතරක් මගිනුයි. එයින් වාත දොaෂය පැනනැංගාම ආත්රයිටිස් හටගන්නවා. මේ තත්ත්වය තුළදී සිරුර තුළ ආමය නමැති විෂ සහිත දෙයක් හටගන්නවා. මේ නිසා ආහාර ජීරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් බිඳවැටෙනවා. ආමය ජනිත වුණාම මුළු මහත් ශරීරය පුරාම ගමන් කරනවා. ඊළඟට ශරීරයේ දුර්වල තැන්වල තැන්පත් වෙනවා. මේ අතර ශරීරය තුළ තිබෙන වාත දොaෂ තත්ත්වය ක්‍රියාත්මක වෙනවා. එතකොට ආමය ක්‍රියාත්මක වී වැඩිදියුණු වෙන්නට පටන් ගන්නවා. සන්ධි වේදනාව හටගන්නේ මෙසේ ආමය වැඩිදියුණු වීමට පටන් ගත් විටයි. සාමාන්‍යයෙන් ඇඟිලි සන්ධිවල හටගන්නා ආත්රයිටිස් තත්ත්වයට වඩා පාදයේ සන්ධිවල හටගන්නා ආත්රයිටිස් තත්ත්වය දරුණුයි. හේතුව එම සන්ධිවලට ශරීරයේ බර සම්පූර්ණ වශයෙන්ම වැටීමයි. මේ නිසා ආත්රයිටිස් රෝගයට ප්‍රතිකාර කරන විට ශරීරයේ වාත තත්ත්වය සමබර කිරීමට ආයුර්වේද වෛද්‍යවරයා උත්සුක වෙනවා. ප්රශ්නය - ආත්රයිටිස් රෝගයට ප්‍රතිකාර කිරීමේදී මෙයින් ඔබ්බේ යමක් සිදුවන්නේ නැද්ද? වෛද්‍ය උදයජීව - ස්ථිර වශයෙන්ම සිදුවෙනවා. මුලින්ම ශරීරයේ රුධිර වහනය සිදුවන සියලු නහර පිරිසිදු කෙරෙනවා. ඊළඟට ආහාර ජීරණය ශක්තිමත් තත්ත්වයකට පත් කරනවා. තුන්වෙනුව සන්ධිවල ලිහිසි තත්ත්වය වර්ධනය කර සන්ධි එහා මෙහා කිරීමේ පහසුව ඇති කරනවා. ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය සමතුලිත කරනවා. ප්රශ්නය - ආත්රයිටිස් රෝගය සමනය කර ගැනීම සඳහා දැන් අප අත් බෙහෙත් කිහිපයක් බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය වසන්ත උදයජීව - ඖෂධ කිහිපයක්ම තිබෙනවා. අබ තෙල් කෝප්ප 1 ක් අරගෙන එයට කපුරු (කපුරු බෝල නොවේ) ග්‍රෑම් 10 ක් මිශ්‍ර කර කපුරු සම්පූර්ණයෙන්ම දියවන තුරු තෙල් රත් කරන්න. තෙල් ඇල් මැරුණු පසු ආත්රයිටිස් නිසා ඉදිමුණ සන්ධි සියල්ල එම තෙල් වලින් ඉතා හොඳින් සම්බාහනය කරන්න. මෙවිට සන්ධිවල දැඩි බව සහ ඉදිමුම නැතිව යනවා. ඊළඟ ඖෂධය මුං ඇට සහ සුදුලූනු ඇසුරින් නිපදවන එකක්. මුං ඇට මේස හැඳි 3 ක් වතුර මිලිලීටර් 250 ක දමා රැයක් එළිවනතුරු පොඟවා ගන්න. පසු දින මුං ඇටවල අංකුර ඇදුණු පසු සුදුලූනු බික් දෙකක් අඹරා මුංඇට සමග මිශ්‍ර කරන්න. එයට ලුණු සහ ගම්මිරිස් එකතු කර උදේටත් සවසටත් ආහාරයට ගන්න. මුංඇට පිසීමෙන් වළකින්න. සතියක් පමණ මෙම ප්‍රතිකාරය කර ප්‍රතිඵල භුක්ති විඳින්න. මේ වාගේම උසස් ප්‍රතිඵල ගෙන දෙන තවත් බෙහෙතක් කියන්නම්. මේ සඳහා ඉඟුරු කුඩු ග්‍රෑම් 50 ක්, උළුහාල් කුඩු ග්‍රෑම් 50 ක් සහ කහ කුඩු ග්‍රෑම් 50 ක් අවශ්‍යයි. මේ සියල්ල හොඳින් මිශ්‍ර කර අසුරනයකට දමා සුළං නොයන සේ හොඳින් වසා තබාගෙන සෑම උදයකම සහ සවසකම තේ හැන්දක් බැගින් අනුභව කරන්න. කුඩු ගතිය නිසා කෑම අපහසු නම් උණුවතුර ස්වල්පයක් මිශ්‍ර කර ආහාරයට ගන්න. උදේට සහ හවසට තල අහුරක් බැගින් දිගටම අනුභව කළ හැකිනම්, ආත්රයිටිස් රෝගයට එයත් හොඳ ප්‍රතිකාරයක්. ආත්රයිටිස් රෝගයට බිං කොහොඹ බිං කොහොඹ, කොහොඹ පොතු, එලබටු, කටුවැල්බටු, කොටිල පොතු, ලුණවරණ පොතු, අමු ඉඟුරු, දියමිත්ත යනාදිය කලං 1 මංචාඩි 10 බැගින් ගෙන වතුර පත 8 කට දමා පත 1 ට සිඳවා පෙරා උදේ සවස පත භාගය බැගින් බොන්න. පානය කළයුතු කාලය දින 6 කි. නොමිලේ විස්තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව සයටිකා රෝගයක් නොව රෝග ලක්ෂණයක් ප්රශ්නය - සයටිකා කියන්නේ රෝගයක්ද එහෙමත් නැත්නම් රෝග ලක්ෂණයක් ද කියන කාරණය අපට පැහැදිලි කළ යුතුයි. උණ යනු රෝගයක් නොව රෝග ලක්ෂණයක් බව අප දන්නවා. සයටිකා සම්බන්ධ තත්ත්වය කුමක්ද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සයටික් ස්නායුව පීඩනයට පත් වීමේ රෝග ලක්ෂණය තමයි සයටික් වේදනාව. එතකොට රෝගය වන්නේa ස්නායුව පීඩනයට පත්වීමයි. ඒ නිසා සයටිකාවට ප්‍රතිකාර කරන විට රෝගය ඒ මොහොතේ පවතින තත්ත්වය මොකද්ද කියන කාරණය ගැන වෛද්‍යවරයා දැනුවත් විය යුතුයි. ඒ අනුව මේ රෝගයට ප්‍රතිකාර කරන විට අප ප්‍රධාන අංශ තුනක් ගැන සැලකිලිමත් වෙනවා. එනම්, 1. ප්‍රදාහ නාශක තත්ත්වයන් ඇති කර මත්ද්‍රව්‍ය නොවන වේදනා නාශක ලබා දීම. 2. මධ්‍ය ස්නායු පද්ධතිය නිද්‍රdජනක තත්ත්වයට පත් කර වේදනාව සමනය කිරීම. 3. සයටිකා ස්නායුව පවත්නා ප්‍රදේශයේ මාංශපේශින් ලිහිල් කරදීම. ප්රශ්නය - සයටිකාවෙන් පීඩා විඳින අයකුගේ ආහාරපාන කෙසේ විය යුතුද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - සයටිකාවෙන් පීඩා විඳින රෝගියා ගන්නා ආහාරවලින් වැඩි ප්‍රමාණය කාබෝහයිඩේ්‍රට් විය යුතුයි. කාබෝහයිඩේ්‍රට් ජීර්ණය වී ගුදය දක්වා ගමන් කිරීමෙන් අන්ත්‍රවල (බඩවැල්වල) චලනයන් නියමානුකූල වෙනවා. එවිට ආහාර ජීර්ණය යහපත් අතට හැරී ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීම නියමානුකූලව වෙනවා. ඒ අනුව රෝගියා ශක්තිමත් කෙනෙක් බවට පත්වෙනවා. කොළ මැල්ලුම්, සලාද කොළ යනාදිය වැඩි වශයෙන් ආහාරයට ගැනීම සයටිකා රෝගියාට ඉතාම වැදගත්. කොළ වර්ගවල තන්තු හෙවත් Fiber තිබෙනවා. තන්තු බඩට ගියාම ආහාර ජීර්ණය වීම ඉතා පහසුයි. ආහාර ජීර්ණය නිසි ලෙස සිදුවන විට මළ පහ වීමත් නිසි ලෙස සිදුවෙනවා. කෙසෙල් සහ ඇපල් මෙවැනි රෝගීන්ට ඉතා ගුණදායකයි. රෝගියා බර ආහාර ගැනීමෙන් සම්පූර්ණයෙන් ම වැළකිය යුතුයි. මන්ද බර ආහාර ජීර්ණය වීමට විශාල වේලාවක් ගත වෙනවා. එවිට ගුදය ආශ්රිත ප්‍රදේශයට ලොකු පීඩනයක් එල්ල වෙනවා. සයටිකා රෝගියා උඩුබැලි අතට නිදාගත යුතුයි. පාද ඔසවා දණහිස යටින් කොට්ටයක් තැබිය යුතුයි. සයටිකා රෝගියා නිතරම සැහැල්ලු ව්‍යායාම කළ යුතුයි. එසේ කරන විට පාද රිදෙනවා නම් වහාම ව්‍යායාම නැවැත්විය යුතුයි. අමු කරාබු නැටි 2 - 3 ක් දිනපතා ආහාරයට ගත යුතුයි. ලබන සතියට නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5288055 සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත ඉරුවාරදයට දෙන කසායේ ගුණය හැදෙන්නේ මෙහෙමයි ප්රශ්නය - පසුගිය සතියක ඔබ අපට දුන්නා ඉරුවාරදය නමැති රෝගයට ප්රත්යක්ෂ ගුණ දෙන කසායක්. අද අප බලාපොරොත්තු වන්නේ ඒ කසායේ අඩංගු ශාකමය ඖෂධවල ගුණ දොස් ගැන සාකච්ඡා කිරීමටයි. ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - මේ කසායට බෙලි, මිදි, තොටිල, ඇත්දෙමට, පළොල් යන ශාකවල මුල් වගේම අස්වැන්න, පොල්පලා, කටුවැල්බටු, එළබටු, හීන් නෙරංචි යනාදියෙහි මුල් අපි එකතු කරගන්නවා. දැන් අපි බලමු මේ ශාකවල ගුණය කුමක්ද කියලා. බෙලි - (Aegle marmelos) මේ ශාකය සම්පූර්ණයෙන් ම ආයුර්වේදීය ගුණ දෙනවා. මෙහි මුල්වල xanthotoxin, umbeli ferone, marmesin, marmin, skimming යන ද්‍රව්‍ය අඩංගු වෙනවා. බෙලි මුල ඉතා පහසුවෙන් ජීර්ණය වන දෙයක්. බෙලි ගසට අයත් පෝෂ්‍ය පදාර්ථ වැඩියෙන්ම පිහිටි කොටස ලෙස මුල් හැඳින්විය හැකියි. එය ඉතා මිහිරි රසයෙන් යුක්තයි. ඒ වගේම මනුෂ්‍ය ශරීරයේ හටගන්නා ප්‍රදාහ තත්ත්වයන් සමනය කිරීමේ අපූරු හැකියාවක් එම මුල් තුළ තිබෙනවා. උදරයේ හට ගන්නා මස් පෙරළීම, බඩවැලේ හටගන්නා තුවාල සුවපත් කිරීමේ බලය බෙලි මුල්වල තිබෙනවා. මිදි - මෙය අප කවුරුත් දන්නා Grapes හෙවත් මිදි සෑදෙන වැල් වර්ගයේ මුල් නොව කුඩා ගස් වශයෙන් සෑදෙන ලංකාවට ආවේණික ශාකයකි. ශරීරයේ උෂ්ණ දාහය සමනය කිරීමට යොදා ගනු ලැබේ. තොටිල - (oroxilum indicum) තිත්ත රසය ඇති රුක්ෂ ගුණය සහිත ශීත විර්යයෙන් සමන්විත තොටිල ශාකය අධික වේදනා ඇති කරන ප්‍රදාහ තත්ත්වයන් සමනය කළ හැකි ශාකයක්. ත්‍රිදොaෂ සමනය කිරීමේ බලය තොටිල සතුයි. ඇත්දෙමට - ඇත්දෙමට මුල් ප්‍රධාන වශයෙන් ගනු ලබන්නේ දශමූලාරිශ්ටය සෑදීමටය. රක්තාතීසාරය සමහන් කිරීමේ බලය ඇති ඇත්දෙමට මුල් කසායට යෙදූ විට ආහාර අරුචිය නැති කරයි. මෙය ආම වාත රෝග සුව කිරීමට ඉතා සුදුසුය. මළ බද්ධය, අර්ශස් යනාදියට බෙහෙවින් ගුණදායකය. පලොල් (Stereospermum chelonoides) වඳ වී යැමේ තර්ජනයට මුහුණ පා ඇති දුර්ලභ ශාකයක් වන පලොල් ශ්‍රී ලංකාවට ආවේණිකය. ශීර්ෂ රෝග සඳහා ඉතා ගුණදායකය. අස්වැන්න (Alysicarpus vaginalis) ස්වදේශික ශාකයක් වන මෙය මුත්‍ර වාහිනී පද්ධතියේ ආබාධ, මැලේරියාව, උණ රෝග, ක්‍රිමි රෝග, අතීසාරය, ඉදිමුම්, ගොනෝරියා, සමාජ රෝගය යනාදියට ඖෂධ සෑදීමට යොදා ගනු ලැබේ. ශරීරයේ රුධිරය පිsරිසිදු කිරීමේ හැකියාව ඇත. පොල්පලා (Aerva Javanica) මෙම පැළෑටිය ශරීරයේ හටගන්නා ඉදිමුම්, කැස්ස, හිසේ වේදනාව, මුත්‍ර රෝග, මුත්‍ර බොක්කේ ගල් හට ගැනීම යන රෝග සුවපත් කරනු ඇත. කටුවැල්බටු (Solanum Virginianum) කැස්ස, ඇදුම, උණ, පපුවේ වේදනාව, අත්වල වේදනාව, ගොනෝරියා, පීනස, ක්‍රිමි රෝග, ශ්වේත ප්‍රදරය, ලිංගික දුර්වලතා, හිසකෙස් යැම (alopecia areatra) වමනය, මුත්‍රා ආබාධ, ආහාර අරුචිය, වකුගඩු රෝග, ක්ෂය රෝගය, උදර රෝග, හිසේ වේදනාව යනාදියට සුව දෙයි. එලබටු (solanum melongena) සිරුරේ වේදනාව, හෘදයාබාධ, ඇදුම, කැස්ස, අර්ශස් රෝගය, උණ, මුහුණේ පේෂීන්, අංශභාග රෝගයට ලක්වීම, ශ්‍රොaණික රක්තය, ශෝථය යන රෝගවලට ගුණ දෙයි. නෙරෙංචි (Tribulus terrestis) වකුගඩු ආබාධ, මුත්‍ර රෝග, මුඛ රෝග, ඔසප් ආබාධ යනාදියට අත් දුටු ඔසුවකි. සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත දරුඵල ප්‍රමාද කරන ෆයිබ්‍රොයිඩ් ගෙඩි (3) (පසුගිය සතිය හා සම්බන්ධයි) එනමුත් මෙම ගෙඩි මගින් සිදු කරන තවත් සෘණාත්මක බලපෑමක් කාන්තාවන්ට පවතී. එනම් ගබ්සාවීමේ ප්රවණතාවයි. ෆයිබ්‍රොයිඩ් ගෙඩි හේතුවෙන් පිළිසිඳීමක් ගබ්සා වීමට ඉඩකඩ පවතී. මෙම වර්ධනයන් නිසා ගර්භාෂ බිත්තිය නිරෝගී බවට හානියකි. ඒ මගින් එහි රුධිර සම්පාදනයේ වෙනස්කම් ඇති කරයි. මෙබඳු හේතු පිළිසිඳගත් කලලය ස්ථායීව ගර්භාෂ බිත්තියට බැඳ තැබීමට බාධා ඇති කරයි. තවද එම ගෙඩි පැවතීමට ගර්භාෂයේ මාංස තන්තු අනවශ්‍ය ලෙස ඇකිලීමට හා ඉහිල්වීමට හේතු වේ. මාස්වීමේදී රුධිරය ගර්භාෂය තුළින් බැහැරට පිට කරන්නේ ද මෙම යාන්ත්‍රණයම වේ. නමුත් පිළිසිඳීමක් වූ විට ගර්භාෂ චලන ගැබට අහිතකරය. බිත්තියට බැඳුනු කලලය ඉන් මිදී ඉවත් වීමේ තර්ජනයක් එම ක්‍රියාවන් නිසා සිදුවිය හැක. මෙබඳු හේතු ගබ්සාවීම් සඳහා ඉඩ සලසයි. මෙම ක්‍රියාවලිය ෆයිබ්‍රොයිඩ් සමඟ පිළිසිඳගත් සෑම කාන්තාවකටම සිදු වන බව මින් අදහස් නොවේ. නමුත් ඒ සඳහා තර්ජනයක් ඇතිබව වටහා ගත යුතුය. එබැවින් මෙම ගෙඩි හඳුනාගත් වහා නිසි ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වේ. ආයුර්වේදයේ පවතින සාර්ථක ප්‍රතිඵල ලැබෙන බවට සාක්ෂි සහිත ඖෂධීය ප්‍රතිකාර පද්ධතීන් මෙහිදී කාන්තාවට මහඟු අස්වැසිල්ලකි. ශල්‍යකර්ම අතුරු ආබාධවලින් තොරව රෝග තත්ත්වය සුව කිරීමට හැකියාවක් ඒ තුළින් සැලසේ. එමෙන්ම මෙම තත්ත්වය සමඟ යම් කාන්තාවක් ගැබ් ගැනීමකට ලක් වුවහොත් එහිදී ද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් සහනයක් ලබා ගත හැක. ගර්භාෂයේ චලන මැඩපවත්වා කලලයේ වර්ධනයට ඉඩ සැලසීම, කලලය ස්ථායීව බැඳීමට උදව් සැපයීම මෙම ප්රතිකාරවලින් සිදුකරයි. එහිදී ෆයිබ්‍රොයිඩ් පැවතුන ද ඉන් වන බලපෑම අවම කළ හැකි වේ. ලබන සතියට දියවැඩියාව සුව කරන ආයුර්වේද යතුර සමාජයේ බොහෝ පිරිසක් දියවැඩියාවෙන් පීඩා විඳිනවා බොහෝ දෙනෙක් මෙම රෝගයට දැඩි බියක් දක්වනවා. ඇත්තටම දියවැඩියාව යනු කුමක්ද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - දියවැඩියාව යනු ශරීරයේ සීනි මට්ටම ඉහළ යැමයි. මේ සීනි මට්ටම ඉහළ යැමත් සමඟ ශරීරයේ ඇති වන විවිධ සංකූලතා තමයි දියවැඩියාවේ රෝග ලක්ෂණ ලෙස හඳුන්වන්නේ. මෙම රෝගය ජාන අනුවද වැළඳිය හැකි අතර වැඩි පිරිසක් මේ සඳහා ගොදුරු වන්නේ නිසි ලෙස තම දේශපාලනයකින් තොරව කටයුතු කිරීමෙන් බවද පැවැසිය හැකියි. නිවැරැදි ආහාර රටාවන් අනුගමනය නොකිරීම සහ ක්ෂණික ආහාරවලට යොමුවීම ඒ අතරින් ප්‍රධානයි. ඇයි සමාජයේ මෙතරම් දියවැඩියාවට බියක් දක්වන්නේ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - මෙම රෝගය ඉතා අහිතකර ලෙස ශරීරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරනවා. නිහඬවම මිනිසාගේ සිරුරට කරන හානිදායක තත්ත්වය නිසා නිහඬ මාරයා යන අන්වර්ථ නාමයෙන්ද මෙම රෝගය ඇතැමුන් හඳුන්වනවා. එබැවින් මෙම රෝග ලක්ෂණ ඇති වු වහාම රෝගීන් ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා අවශ්‍යයි. මෙන්න මේ නිසා තමයි බොහෝ අය මේ රෝගයට බියක් දක්වන්නේ. දියවැඩියාව වැළඳුණු රෝගීන් මුහුණ දෙන අතුරු ආබාධ මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - ආතතිය හිරිවැටීම් දියවැඩියා රෝගීන් මුහුණ දෙන අමතර රෝගී තත්ත්වයක්. රෝගීන් බොහෝ විට අප සමඟ පවසන්නේ කොට්ටයක් උඩ ඇවිදිනවා වැනි දෙයක් යටිපතුල්වලට දැනෙන බවයි. පාවහන් පැළඳ සිටියත් එය දැනෙනවා ඊට අමතරව දණහිස්, උරහිස් මෙන්ම වැලමිට ඇතුළු විශාල සන්ධි ආශ්‍රිතව ඇති වන අධික වේදනා තත්ත්වයන්ද ඇති විය හැකියි. මෙම වේදනාවන් සමහර අයට උදය කාලයේත් තවත් සමහරුන්ට දිවා කාලයේත් රාත්‍රී කාලයේත් ඇති විය හැකියි. ස්නායු පද්ධතියේ ඇති වන දුර්වලතා නිසා තමයි අත්පා හිරිවැටීම මෙම රෝගීන්ට ඇති වන්නේ. දියවැඩියා රෝගය වැළඳීමත් සමඟ ස්නායු පද්ධතියට නිසි පෝෂණ තත්ත්වයක් නොලැබීම මේ සඳහා හේතු වෙනවා. දියවැඩියා රෝගීන්ට බලපාන තවත් රෝග ලක්ෂණ ඇති ඒ මොනවාද? බොහෝ විට ඇති වන රෝග ලක්ෂණයේ තමයි මළ බද්ධය,මළ බුරුලට යැම, ඒත් සමඟම සම මත ඇති වන කැසීම, පළු දැමීම, වැනි සමේ රෝගද හිස කැක්කුමද ඇති විය හැකයි. නින්ද නොයැම, මුඛයෙන් අධික දුර්ගන්ධයක් පිටවීම, කේන්ති යැම, පීනස් රෝග උග්රවීම, ඇස් වියළීම, කඳුළු ගැලීම වැනි රෝග ලක්ෂණද බහුලවම ඇති විය හැකියි. මෙම රෝගය ආයුර්වේද ප්රතිකාරවලින් සුව කළ හැකිද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - අනිවාර්යයෙන්ම ආයුර්වේද ප්‍රතිකාර නිසි සුදුසුකම් ඇති වෛද්‍යවරයකුගෙන් ලබා ගත්තොත් රෝගය සුව කර ගත හැකියි. විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී ඔවුන් නිවැරදි ලෙස පරීක්ෂා කිරීමෙන් පසු නිවැරැදි රෝග ලක්ෂණ හඳුනාගෙන ඒවාට නිසි ලෙස ප්‍රතිකාර ලබා දීමෙන් රෝගය සුවකර ගත හැකියි. කාර්ය බහුල අයට පවා ලබාගත හැකි ලෙස අපගේ ඖෂධ සකසා ඇති බැවින් බොහෝ දෙනා දැන් ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන රෝග සුවකර ගන්නවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 23 Jun 2018 05:49 PM කලින් හඳුනාගෙන අංශභාගයෙන් බේරෙමු! ඔබත් අධිරුධිර පීඩනයෙන් පෙළෙන්නෙක් නම් හෝ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙක් නම් එසේත් නැත්නම් රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි නම් විශේෂයෙන්ම දුම්පානය කරන්නෙක් නම් ඔබට අංශභාගය හැදීමේ ප්‍රවණතාවය ඉහළය. අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වය, චලනය, සංවේදනය, පෙනුම, කතාවල ඉරියව් පාලනය හැම එකක්ම පාලනය කරන්නේ මොළයෙන්. මොළයේ යම්කිසි තැනක ආබාධයක් ඇතිවුවහොත් මොළයේ එම කොටසින් පාලනය වන ශරීරයේ අනුරූප කොටසේ ක්‍රියාව නැත්තටම නැතිවී යනවා. එහෙම නැත්නම් අඩාල වෙනවා. බොහෝ විට මෙය නිරූපණය වෙන්නේ ශරීරයේ එක පැත්තක පණ නැතිවීමක් ලෙසයි. එහිදී වන්නේ ශරීරයේ ඒ පැත්තේ පේශිවල චලනය පාලනය කරන මධ්‍යස්ථානය පිහිටි මොළයේ අදාළ කොටස ක්‍රියාවිරහිත වීමයි. එයට බොහෝ විට හේතුවන්නේ මොළයේ අනුරූප කොටසෙහි රුධිර සැපයුම අඩාල වීමයි. මෙය එම කොටසට සැපයෙන රුධිර නාලයක් පුපුරා යෑම නිසා හෝ සිහින් වී සිරවීම නිසා හෝ රැධිර කැටියක් වෙනත් තැනක සිට පාවී ඇවිත් හිරවීම නිසා හෝ සිදුවිය හැකියි. මීට අමතරව මොළයේ එම ස්ථානයට පිටතින් තුවාලයක් සිදුවුවහොත්, විෂබීජ පැමිණ ආසාදනයක් ඇතිවුවහොත්ම, එහෙමත් නැත්නම් ගෙඩියක්, අර්බුදයක් වැනි දෙයක් ඇතිවුවහොත් එම රෝග ලක්ෂණ ඇතිවන්නට පුළුවනි. අංශභාගයට ලෙහෙසියෙන් ගොදුරු විය හැකි අය අධිරුධිර පීඩනයෙන් පෙළෙන්නෙක් නම් හෝ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙක් නම් එසේත් නැත්නම් රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි නම් හෝ දුම්පානය කරන්නෙක් නම් ඔබට අංශභාගය හැදීමේ ප්‍රවණතාවය වැඩියි. හෘද රෝගවලින් පෙළෙන්නන්ගේ රෝගී හෘදයේ හටගන්නා ලේ කැටි රුධිර නාල දිගේ පාවී ගොස් මොළයේ සිහින් වූ නාල තුළ සිර වී අංශභාගය හැදෙන්න පුළුවනි. ඒ නිසා මේ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ගනිමින් රෝගී තත්ත්වය නිරතුරුව පාලනය කරගත්තොත් අංශභාගය නමැති සංකූලතාවය ඇතිවීම වළක්වාගත හැකියි. ඇස්ප්‍රීන් ඉතා සුළු ප්‍රමාණයක් සහ ක්ලෙපිඩොග්රෙල් නැමැති ඖෂධය දිනපතා ගැනීම මගින් රුධිරය කැටිගැසීම වැළැක්විය හැකි නිසා ඒවා අංශභාගය වැළඳීමේ අවදානමට ලක්ව සිටින අයට නිතිපතා ගැනීමට නියම කරන ඖෂධයන්. අංශභාගය හැදෙන එක කල්තියා දැනගන්න ක්‍රමයක් අංශභාගය හැදුන රෝගීන්ගෙන් 25%කට පමණ කල්තියාම අනතුරැ අඟවන රෝග ලක්ෂණ මතුවෙනවා. ශරීරයේ තාවකාලිකව ඇතිවන පැය කිහිපයක් හෝ විනාඩි කිහිපයක් විය හැක. ඇඟේ පැත්තක හිරිය, පණ නැති ගතිය, ඇසේ පෙනුම තාවකාලිකව දුර්වල වීම ඉන් සමහරක්. මෙවන් අනතුරු අඟවන ලක්ෂණ මතුවුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම නුවණට හුරුයි. අතීතයේ දී මොළයේ රැධිර නාල තුළ ඇති වූ අවහිරයන් නැති කිරීමට ශල්‍යකර්ම කළත් ඒවා එතරම් සාර්ථක වුණේ නැහැ. මොළයට සැපයෙන විශාල රුධිර නාලයක සිහින් වීමක් තිබේ නම් ඒ සිහින් වූ කොටස ඉවත් කිරීම වැනි ශල්‍යකර්මවලින් අනාගතයේදී නැවත එය හිරවීම වැළැක්වීම තුළින් අංශභාගය වැළැක්වීමට හැකිවීම හැරෙන්නට අංශභාගය ඇතිවූ පසු සැත්කම් කිරීම සිදුකරන්නේ කලාතුරකින්. අංශභාගයෙන් පසු බොහෝ අයට නැවත කතා කරන්න පුළුවන් වෙනවා. එකවරම නොවේ. ටිකෙන් ටික, සමහර විට දින කීපයක් හෝ සති කීපයක් නොවේවි. සමහර අයට නැවත කතාව පුරුදු කිරීම සඳහා කථන ප්‍රතිකාර කරන්නට සිදුවෙනවා. හාට් ඇටෑක් හෙවත් හෘදයාබාධයකදී සිදුවන්නේ හෘදයේ කොටසක ලේ සැපයුම නතරවීම හේතුවෙන් එම කොටස අක්‍රීය වීමයි. එසේ අක්‍රීය වූ බිත්තිය සහිත හෘදය වස්තු කුහරය තුළ රුධිර ගමන නිසි අයුරින් සිදුනොවීමේ හේතුවෙන් රුධිරය කැටිගැසී අක්‍රීය බිත්ති මත රැඳෙන්නට පුළුවනි. එය පසුව ගැලවී රුධිරයේ පාවීගොස් මොළයේ රුධිර නාල තුළ හිරවී අංශභාගයද ඔහුට හැදෙන්නට පුළුවනි. මේ හැම කරුණක්ම සාරාංශ කළොත් අංශභාග රෝගයට ප්‍රතිකාර කිරීමේදී වෙදකමට වඩා වැදගත් වන්නේ හෙදකමයි. අංශභාගය මාරාන්තික විය හැකි රෝගයක් වුවත් බොහෝ දෙනෙක් අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් සුවය ලබනවා. Web MD ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jun 2018 05:54 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jun 2018 05:54 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jun 2018 05:54 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jun 2018 05:54 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jun 2018 05:54 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jun 2018 05:55 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jun 2018 05:55 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jun 2018 06:18 PM ශරීර බර සියයට 10 කින් අඩු කර ගැනීමෙන් රෝග රැසක් මඟහරවා ගත හැකිය මුළු ලොවටම තර්ජනයක්ව පවතින බෝ නොවන රෝග රැසකට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ ස්ඵුලභාවය බව නොරහසක්. ස්ඵුලභාවයෙන් පෙළෙන්නන් තම ශරීර බර හේතුවෙන් කායිකව පමණක් නොව මානසිකව ද පීඩා විඳින තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී අවසානය. මෙවැනි වාතාවරණයක් තුළ අසාමාන්‍ය හෘද ස්පන්දන වේගයක් සහිත ස්ථුලභාවයෙන් පෙළෙන්නන්ට තම ශරීරයෙහි ඇති රෝග තත්ත්වයන් ශරීරයේ බර සියයට 10 කින් අඩු කර ගැනීමෙන් මග හරවා ගත හැකි බව ඕස්ටේ්රලියානු විද්‍යාඥයන් පිරිසක් විසින්a සිදුකරන ලද අධ්‍යනයකදී අනාවරණය කර ගෙන තිබේ. මේ අනුව ශරීරයේ බර රාත්තල් ගණනේ බර අඩු කර ගැනීමෙන් හෘදය වස්තුවේ ආබාධ සහිත රෝගීන්ට ද එම රෝග තත්ත්වය මගහරවා ගැනීමට මග හදන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. පර්යේෂකයන්ට අනුව රාත්තල් 182 ක් (ස්ටෝන් 13) බරැති පුද්ගලයකු සිය බර රාත්තල් 21 කින් අඩු කර ගතහොත් (මෙය ශරීර බරෙන් සියයට 10 ක් විය යුතුය) රෝග තත්ත්වයන් මග හරවා ගත හැකි වේ. මෙහිදී ඔවුනගේ අසාමාන්‍ය හෘද ස්පන්දන රටාවද සාමාන්‍ය තත්ත්වයට පත් කර ගත හැකිය. මෙම අධ්‍යයනය සඳහා අධි බරැති හා ස්ථුලභාවයෙන් පෙළෙන 350 කට අධික සංඛ්‍යාවක් යොදා ගෙන තිබේ. මෙම අධ්‍යයනය මෙහෙයවූ වෛද්‍ය මෙලිසා මිඩ්ල්ෙඩ්රාප්ට අනුව ශරීරයේ බර අඩු කර ගත් විට රෝගීන්ට රෝග ලක්ෂණ අඩුවෙන් පහළ වී ලබා ගත යුතු ප්‍රතිකාර අඩු කරගැනීමටත් ඒ හරහා යහපත් ප්‍රතිඵල අත් කර ගැනීමටත් හැකිවේ. ඇයට අනුව බෝ නොවන රෝග හා ශරීර බර අඩු කර ගැනීම අතර සබඳතාවක් පවතී. මෙම අධ්‍යයනය ස්ථුලභාවය හා අසාමාන්‍ය හෘද ස්පන්දන තත්ත්වයන් ශරීර බර අඩු කර ගැනීම හරහා වළක්වා ගත හැකි බව අනාවරණය කරගත් මෙතෙක් සිදු කර ඇති ප්‍රථම අධ්‍යයනය ලෙස සැලකේ. අසාමාන්‍ය හෘද ස්පන්දන රටාව හෙවත් "ආටි්රයල් µaයිබ්රිලේෂන් තත්ත්වයට ප්‍රතිකාර නොගතහොත් රුධිර කැටි හටගෙන ආඝාතය හා හෘද අකර්මණ්‍යතාවය වැනි රෝග ඇතිවිය හැකි බව වෛද්‍ය මතයයි. අධ්‍යයනය පැවැත්වූ මහාචාර්ය ප්රෑෂ් සැන්ඩ(ර්) ස්ට අනුව ශරීරයේ බර අඩු කර ගැනීම හරහා සැත්කම් හා බෙහෙත් ප්රතිකාරවලින් මිදීමටද උපකාර කර ගත හැකිය. ඒමන්ති මාරඹේ රෝගය යටපත් කිරීමට නොව ඉවත්කර ගැනීමට උදව් දෙන නාඩි වෙදකම නාඩි වෙදකමට ශ්‍රීපාද අඩවියේ ආරම්භය දක්වා වූ ඉතිහාසයක් තිබේ වාත පිත, කඵ යන ත්රිධාතුන් එකක් දෙකක් හෝ ධාතුන් තුනම දොaෂ වීම හෙවත් තුන්දොස් කෝපය ද සප්තධාතුන් වන රස, රක්ත, මාංශ, මේද, අස්ථි, අස්ථි මඡ්ජා, ශුක්‍රානු, සතෙහි දොaෂ බව හරිහැටි නොපැසවීම නිසාද විවිධ රෝගයන් උත්පාදනය වීමට මුල පුරන්නේය. සප්තධාතුන්ට අයත් ඒ ඒ අග්නියට අයත් අයුරින් නොපැසවීම හේතු කොට ගෙන රෝගයන් ඇති වන්නේය. හෘදයේ ඇතිවන ස්පන්දනයට අනුව ධමනි කම්පා වී ගොස් ඇතිවන ගැස්ම හේතු කොට ගෙන ජීවිත ප්‍රාණ තත්ත්වය මෙබඳු යෑයි අවබෝධය ඇති කරවන බැවින් ධමනි, ජීවසාක්ෂිනි නම් වූවාය. ඒ ඇසුරින් නාඩිය නිර්ණය කරනු ලබන්නේය. මනුෂ්‍යා විසින් ගනු ලබන ආහාර හරිහැටි ආමාශයේ නොපැසවීම හේතු කොට ගෙන ත්රිධාතුන් සහ සප්තධාතුන්ගේ ආමය සහ අමිල බව සෙමෙන් සෙමෙන් වර්ධනය වී භයානක රෝගාබාධයන්ට මනුෂ්‍යා ගොදුරු වේ. ආමය සහ අමිල බව නිසා මිනිස් ශරීරයේ ඇති රුධිරයේ වටිනා සංයුතිවල හීනවීම ඇති කරයි. එවිට මනුෂ්‍යයාගේ ශරීරය තදබල විඩාවකට පත් කරයි. තදබල නින්දකට වැටෙයි. ශරීරය තුළ රුධිර ගමනේදී ඇතිවන විවිධ ඉJද්රියයන් කෙරෙහි වැරදි බලපෑම් මත හිසරදය, හිස කැක්කුම්, ක්ලාන්ත, කරකැවිල්ල හෘද වේදනා, කොලොස්ට්‍රොaල්, දණහිස් ඇතුළුÊඅනෙකුත් සන්ධි වේදනා ඉදිමුන් ගති ඇති කරයි. විෂම ආහාර පාන හරිහැටි නිදි නොමැතිවීම, විවිධ කාර්යයන්හි නියුක්තවීම, විෂමාචාර ක්‍රියා, විවේකය අඩුබව, වෛද්‍ය උපදෙස් නොමැතිව ගනු ලබන විවිධ ඖෂධ වර්ග නිසාද රුධිරයේ සංයුතිවල හීනවීම ඇති කරයි. එසේ කලක් තිස්සේ සෙමෙන් සෙමෙන් වර්ධනය වන රෝගාබාධ නිදන්ගත වීම හොඳින් තීන්දු කරගත හැක්කේ නාඩි පරීක්ෂාවෙනි. ත්රිධාතුන්ගේ විකෘති බව සප්ත ධාතුන් නොපැසී නතර වී ඇත්තේ කිනම් ස්ථානයකදී දැයි තීන්දුÊකර ගත හැකිය. දණහිස් ආබාධ අද ප්‍රචලිතව කථා කරන ආතරයිටීස් යනුවෙන් රෝගීන් හඳුන්වන රෝගාබාධය පිළිබඳව කථා කරන්නේ නම් දණහිසෙහි ඉදිමුන් හටගැනීම, ඒ කෙසේද යත් වැටීම්, තැලීම් නියමිත ප්‍රතිකාර නොගැනීම නිසා කලක් ගතවීම හේතු කොට ගෙන දියර පිරවීම, දිගහැරීමේදී නැවීමේදී තද ගතිය තදබල වේදනා කර කර ගාන ශබ්දය ඇවිදීමේදී ඇති අපහසු බව හේතු කොට ගෙන සප්ත ධාතුන්ගේ විකෘති බව හේතු කොට ගෙන මෙම රෝගයට මනුෂ්‍යා ගොදුරු වේ. නාඩියෙන් තීන්දු කරනු ලබන ඖෂධය සමඟ තැවිලි, තෛල ගැල්වීම් සඳහා යොමු කරමි. මෙම නාඩි වෛද්‍ය ක්‍රමය ආයුර්වේදයේ අංගයක්ද? නැතිනම් පාරම්පරික සිංහල වෙදකමේ අංගයක් දැයි ප්‍රශ්නයක් ඇත. ආයුර්වේදය යනු මධ්‍යගත වෛද්‍ය ක්‍රමයක්. සිංහල පාරම්පරික වෛද්‍ය ක්‍රමය එකම වෛද්‍ය ක්‍රමයක් නොවේ. වෙද පරම්පරා මගින් වෙනස් වෙනස් ක්‍රමවලට වෙනස් කෙරෙන වෙදකම් වේ. මෙම නාඩි වෙදකමත් එබඳු සබරගමු ශ්‍රීපාද අඩවියට අයිති වෙද පරම්පරාවක ඉපැරැණි වෛද්‍ය ක්රමයකි. නාඩි වෛද්‍ය ක්‍රමය නාඩියම මුල්කර ගත් වෛද්‍ය ක්රමයකි. මේ සම්බන්ධව ගැටලුවක් කිසි තැනක නැද්දැයි, ඉතිරි පරීක්ෂණ ක්‍රම අනුගමනය නොකරනනේ දැයි පැනයක් වේද? අටතැන් පරීක්ෂාවක් පිළිබඳ කතා කර ඇත්තෙමු. තවදුරටත් ඒ පිළිබඳව සටහන් තබන්නේ නම් රෝගියකු සුපවත් කිරීමට නම් එහි ගැටලුවක් නැත. රෝගියා දුක් විඳින රෝගයක් ඇත්නම් රෝගියා එයින් මිදීමට කිනම් වෛද්‍ය ක්‍රමයකට හෝ යොමු වීමට කැමැත්තෙහිය. තවදුරටත් විග්රහ කිරීමේදී අප නාඩි වෛද්‍යවරු වෙනත් වෛද්‍ය ක්‍රම ප්‍රතික්ෂේප කරන්නේ වත් වෛද්‍ය වාර්තාවන් බැහැර කරන්නේවත් නැත. ඒ මක්නිසාද යත් ඒ පිළිබඳව මහා දැක්මක් නොමැති නිසාමය. නමුත් පාරම්පරික වෛද්‍ය ක්‍රමයන්වලින් බොහෝ රෝගීන් සුපවත්වීම නිසයි අවුරුදු දහස් ගණනක් මේ ප්‍රතිකාර ක්‍රම ආරක්ෂා වී ඉදිරියට ගමන් කරන්නේ. ආපෝ, තේජෝ, වායෝ, පඨවි ආකාශ යන පංච මහා ධාතුන්ගෙන් සමන්විත මිනිස් සිරුර තරම් අසිරිමත් නිර්මාණයක් ලොව නැති තරම්ය. එම සිරුර නිරෝගීව පවත්වා ගැනීම සඳහා රෝගයක් මුල පිරීම සමඟම එය යටපත් කර තබා ගැනීම සුදුසු නොවේ. රෝගයන් කිහිපයක් යටපත් වීම හේතු කොට ගෙන ගැටලු මතුවීම වෙනුවට ප්‍රතිකාර ක්‍රම මගින් වහා රෝගය ඉවත් කර ගත යුතුය. නැතිනම් එම රෝග නිධන්ගත වීමකට හේතු වේ. වකුගඩුවල ගල් ගැස්ට්‍රයිටීස් යනුවෙන් හඳුන්වන ආමාශගත ආමය නිසා ඇතිවන දැවිල්ල කෝඨර තුළ සෙම කැට වී වියලීම නිසා ඇතිවන දැරිය නොහැකි හිසරුජා, කොන්ද තුනටිය ආශ්‍රිතව ඇති කටිරුජා, සයටිකා යනුවෙන් හඳුන්වන ස්නායුවත් කකුල දිගේ විලුඹ ප්‍රදේශයට දරාගත නොහැකි වේදනාදීම, ඇදුම වැනි රෝගාබාධයන්ට ප්‍රතිකාර, නාඩි වෛද්‍ය ක්රමයේ ඇත්ද? ඒ සඳහා කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර කෙසේ වේවිද? නාඩි පරික්ෂාවේදී වෛද්‍යවරයා ත්‍රිදොaෂයන්හි කිනම් දොaෂයක් වී ඇත්දැයි පරීක්ෂා කොට ප්‍රතිකාර කරනු ලබන්නේ. එලෙස ත්රිශක්තීන් මනාව හසුරුවාදීම තුළින් මෙම ආබාධයන් සුවපත් වන්නේමය. ඖෂධ භාවිතය අපහසු දැයි පැනයකි. දිනකට කිහිප වතාවක් ගත යුතු දැයි බෙහෙත් සොයා ගත යුතු දැයි රෝගීන්ගෙන් ප්‍රශ්න බොහොමයකි. කිව යුත්තේ ඉතා කෙටි පිළිතුරකි. දිනකට වරක් නිවුනු හෝ නටන උණුදිය සමඟ භාවිතය සඳහා ඖෂධ තිබේ. තෙල් සහ පත්තු අවැසි නම් රෝගයට අවශ්‍ය පරිදිය. ඔබත් යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් කාලාන්තරයක් තිස්සේ පටන් පීඩා විඳිනවා නම් මෙතෙක් රෝගය නිවැරැදිව සොයා ගැනීමට නොහැකි වූ බව ඔබට සිතෙනවා නම් ඒ පිළිබඳ නොමිලයේ වැඩි විස්තරයක් දැන ගැනීමට අවශ්‍ය නම් 0779399935 අංකයෙන් වෛද්‍යතුමිය සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ. පාරම්පරික ආයුර්වේද නාඩි වෛද්‍ය මොයිරා එලිසබෙත් කරුණානන්ද නාඩි වෙද අරණ - පැපිලියාන ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jun 2018 06:33 PM මළබද්ධය යනු කුමක්ද? ආහාර ක්රමයේ අක්‍රමිකතා ලෙස තන්තු ආහාර අඩුවෙන් ගැනීම, ජීරණයට අපහසු ආහාර ගැනීම, ආහාර අධික ප්‍රමාණයක් ගැනීම, ප්‍රමාණවත් තරම් ආහාර ප්‍රමාණයක් නොගැනීම. ද්‍රව වර්ග අඩුවෙන් ගැනීම, ආහාර නිසි ලෙස නොදිරවීම, ආහාර අතර කාල පරතරය අඩුවීම, ආහාර අරුචිය හෝ කුසගිනි අඩු විට ආහාර ගැනීම, මාංශ ආහාර බහුලව ගැනීම මළ බද්ධයට හේතු ලෙස දැක්විය හැකිය මළබද්ධය යනු රෝගයක් නොවන අතර එය වෙනත් රෝගයක ප්‍රතිඵලයක් විය හැකිය. අපගේ ආහාර විහරණවල ඇති වැරදි නිසා ඇතිවන තත්ත්වයක් විය හැකිය. මානසික ආතතිය වැනි අවස්ථා ද හේතු විය හැකිය. කාලීන මළබද්ධය වෙනත් රෝග ඇති කිරීමට හේතුවක් විය හැකිය. මළබද්ධයේ ලක්ෂණ මොනවාද? සතියකට දෙවරකට වඩා අඩු වාර ගණනක් මළ පිටවීම, මළ දැඩිව, ඝනව පිටවීම, ඉතා අපහසුවෙන් තැටමීමක් සහිතව මළ පිට කිරීම, මළ පිටකිරීමේදී ගුදය, උදරය ආශ්රිත වේදනාව, දාහය ඇතිවීම, වරකට පිට කරන මළ ප්‍රමාණය අඩු වීම හෝ මළ පිට කරන සාමාන්‍ය වාර ගණන අඩුවීමෙහි ලක්ෂණ ලෙස දැක්විය හැකිය. මළබද්ධය රහිත සාමාන්‍ය අවස්ථාවේ ලක්ෂණ මොනවාද? සාමාන්‍ය මළ පිට කිරීම එක් එක් පුද්ගලයා අනුව වෙනස් වේ. මෙය බොහෝ විට පුද්ගලයාගේ ජීවන රටාව අනුව සිදුවේ. සාමාන්‍යයෙන් වැඩිහිටියකු දිනකට මළ 90 - 100ට දක්වා පිට කරන අතර, ඒවා ඒකාබද්ධව පවතී. කහ පාටය. ප්‍රමාණය අධික නොවන අතර ජලයේ පාවේ. නොඇලෙන සුලුය. මළ පිටකිරීමට ආයාසයක් දැරීම අවශ්‍ය නොවේ. මළබද්ධය සමඟ ඇතිවන වෙනත් අපහසුතා මොනවාද? උදරයේ වේදනාව, තද බව, පිපී ඇති සේ දැනීම, වමනය, ඔක්කාරය, හිසරදය, කරකැවිල්ල. තෙහෙට්ටු බව, ඇඟ බර බව, කම්මැලි බව ආදී ලක්ෂණ ගණනාවක් ඇතිවිය හැකිය. මේවා එකවර එකක් හෝ කිSපයක් ලෙස ඇතිවිය හැකිය. මළබද්ධයට හේතු මොනවාද? ආහාර ක්රමයේ අක්‍රමිකතා ලෙස තන්තු ආහාර අඩුවෙන් ගැනීම, ජීරණයට අපහසු ආහාර ගැනීම, ආහාර අධික ප්‍රමාණයක් ගැනීම, ප්‍රමාණවත් තරම් ආහාර ප්‍රමාණයක් නොගැනීම. ද්‍රව වර්ග අඩුවෙන් ගැනීම, ආහාර නිසි ලෙස නොදිරවීම, ආහාර අතර කාල පරතරය අඩුවීම, ආහාර අරුචිය හෝ කුසගිනි අඩු විට ආහාර ගැනීම, මාංශ ආහාර බහුලව ගැනීම දැක්විය හැකිය. හැසිරීම් රටාවේ දුර්වලතා ලෙස මළ පිට කිරීමට අවශ්‍ය විට එය නොකිරීම/ දරාගෙන සිටීම. සිරුරට අවශ්‍ය තරම් ව්‍යායාම නොලැබීම, මත්පැන්, මත්කුඩු, සිගරැට් අධිකව පාවිච්චි කිරීම, අධිකව තේ කහට, කෝපි, කිරි වර්ග, බිස්කට් වර්ග ගැනීම ද මළ බද්ධයට හේතු විය හැකිය. මීට අමතරව බලපාන හේතු මොනවාද? දිගු කාලීනව පාවිච්චි කරනු ලබන සමහර බෙහෙත් වර්ග, බාහිර යමක් ගුද මාර්ගයට ඇතුල් වී තිබීම, ශල්‍යකර්මයක් කිරීමෙන් පසුව ඇතිවන වේදනාව නිසා මළ පිටකිරීමට අපහසු වීම, වැසිකිළි පහසුකම් ප්‍රමාණවත් නොවීම හෝ අප්‍රසන්න නිසා මළ පිට කිරීම නිතර කල් දැමීම, ආහාර මාර්ගයේ වෙනත් ස්ථානයක පවතින ගෙඩි, තුවාල වැනි හේතු නිසා ඇතිවන අවහිරතා, බඩවැල් වල ඇති චලන වල විෂමතා මීට හේතු වේ. ගර්භණී සමයේ මළබද්ධය ඇතිවීම සාමාන්‍යයෙන් සිදු වේ. මළබද්ධය ඇතිවීමට බලපාන වෙනත් රෝග තත්ත්වයන් මොනවාද? ගුද මඟ පැලීම, ගුද මාර්ගය පහත්වීම, අන්ත්‍රවල පිළිකා තත්ත්වයන්, ගුදවලිවල ක්රියාකාරීත්වයේ විෂමතා, ස්නායුගත රෝග, හදිසි අනතුරු නිසා ඇති වූ ස්නායු අඩපණවීම, ආහාර මාර්ගයේ ඇති වන ගෙඩි වර්ග නිසා ඇතිවන අවහිරතා දැක්විය හැක. විශාදය, සංකාව, අධික තරහ, දුක, කලකිරීම වැනි මානසික අසහනකාරී තත්aත්වයන් මීට ප්‍රධානම හේතු වීමට පුළුවන. කාලීන මළබද්ධයෙන් ඇතිවන ප්‍රතිඵල මොනවාද? අර්ශස්, ගුද මාර්ගය පිටතට ඒම, ගුදය වටා පැලීම් ඇතිවීම, ගුදගත පිළිකා තත්ත්වයන්, මළ සමඟ ලේ පිටවී, විවිධ උදරාබාධ ආදිය ඇතිවිය හැක. මළබද්ධයට ආයුර්වේදයේ ප්‍රතිකාර මොනවාද? උදරයේ ඇති අන්ත්‍රවල හා අනෙකුත් කොටස්වල ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට ඖෂධ හා විශේෂ ප්‍රතිකාර ලබාදීම, වස්ති ප්‍රතිකාර, ස්නායුවල ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරන ප්‍රතිකාර, මීට අමතරව මළ ප්‍රමාණය වැඩි කිරීම, මළ පිටකිරීමට අවශ්‍යතාව ඇති කිරීම මළවල ද්‍රව බල වැඩි කිරීම, මළ මෘදු කිරීම, මළ මාර්ගයේ ඇති අවහිරතා ඉවත් කිරීම, හිර වී ඇති මළ ඉවත් කිරීම ආදිය සිදුකළ හැකිය. වැඩි විස්තර සඳහා දුරකථන අංක 0754876632 ඇමතිය හැකිය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 Jun 2018 07:06 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 Jun 2018 07:06 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 Jun 2018 07:06 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 27 Jun 2018 07:56 PM අම්මො ඩෙංගු ගැන නම් මතක් කරන්නවත් එපා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 28 Jun 2018 06:20 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 28 Jun 2018 06:20 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 28 Jun 2018 06:20 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 28 Jun 2018 06:20 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 28 Jun 2018 06:21 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 131 of 137 << < 129130131132133 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner