You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 132 of 137 << < 130131132133134 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
28 Jun 2018 09:10 PM
පුදුම ලෙඩ කන්දරාවක් තියෙන්නෙ
Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 Jun 2018 04:07 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 Jun 2018 04:26 PM



ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 Jun 2018 04:28 PM



ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 Jun 2018 05:44 PM

සිහිනයේ සැබෑව

නින්දේදී සිහින නොදකින කෙනෙක් නැහැ. යම් කෙනකු අවුරුදු 70 වන විට සිහින 150000 ක් පමණ දැක තිබෙනවා. මේ අතර යම් පුද්ගලයකු වසරකට භයානක සිහින 24 ක්වත් දකින බව කියනවා. නමුත් එදිනෙදා සිහිනවල වැඩිපුරම තියෙන්නෙ අපේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ වන දේවල්. වෙළෙඳපොළට බඩු ගන්න යනවා. මිත්‍රයකු සමඟ සාදයකට යනවා. දතක් ගැලවෙනවා. බාර් එකට ගිහින් බොනවා. නාන්න ගිහින් ගඟේ ගිලෙනවා. අහසේ පියාඹලා යනවා. අපි දකින සිහිනවල වැඩිපුරම දකින්නෙ ප්‍රචණ්ඩත්වය හෝ හානිකර දේවල් කියලා සමීක්ෂණවලින් පෙනී ගොස් තියෙනවා. පිරිමින් දකින සිහිනවලින් 47%ක්ද කාන්තාවන් දකින සිහිනවලින් 44%ක්ද ප්‍රචණ්ඩ සිදුවීම් හා සම්බන්ධ වෙනවා.

සිහින ගැන කියන විට සිග්මන් ප්‍රොයිඩ් නම් මනෝ විද්‍යාඥයා අමතක කරන්න බෑ. සිහින විශාල සංඛ්‍යාවක් අධ්‍යයනය කර ලොවට මුලින්ම විද්‍යාත්මකව ඉදිරිපත් කළේ සිග්මන් ප්‍රොයිඩ්. ප්‍රොයිඩ් සිහින ගැන මෙහෙම කීවා.

“අපගේ යටි හිතට ප්‍රවිශ්ට වෙන්න තියෙන රාජකීය මාවත තමයි සිහින”

“Dreams are royal road to the unconscious mind”

අපි ප්‍රොයිඩ් සිහින විග්‍රහ කළ ආකාරය බලමු. ප්‍රොයිඩ්ට අනුව අපේ මනස කොටස් තුනකට බෙදෙනවා. උඩු සිත (Super-ego) මැද සිත (Ego) සහ යටි සිත (Id) ප්‍රොයිඩ්ට අනුව අපගේ මෙම සිත්වල විශාලම කොටස යටි සිතයි. අපගේ ප්‍රචණ්ඩ සිතුවිලි, ලිංගික ආශාවන්, බලය පිළිබඳ තිබෙන කෑදරකම යන මේ සියල්ල සැඟවී තිබෙන්නෙ මේ යටි සිත තුළ කියල සිග්මන් ප්‍රොයිඩ් කීවා. එය ඔහු සමාන කළා අත්ලාන්තික් සාගරයේ පාවෙන අයිස් කන්දකට. ඔබ කවුරුත් දන්නවා ටයිටැනික් නෞකාව විනාශ වෙන්නෙ මුහුද යට තියෙන මේ අයිස් කන්දෙ වැදිල කියලා. මුහුද යට තියෙන අයිස් කන්දෙ ප්‍රමාණය අතිවිශාලයි. එය උඩට පේන්නෙ නැහැ. ප්‍රොයිඩ්ට අනුව යටි සිතත් එහෙම තමයි. බැලූ බැල්මට අපට යටි සිතේ තියෙන දේවල් පේන්නෙ නැහැ. ප්‍රොයිඩ් සිහින ගැන මෙහෙම කීවා. සිහින කියන්නෙ අපගේ යටි හිතේ තියෙන නොවිසඳුණු ආශාවන් සංසිඳුවාගන්න තියෙන එක්තරා ක්‍රමවේදයක් කියලා. මොකද එම ආශාවන් ක්ෂණිකව උඩු සිතට ගත්තොත් බැලූ බැල්මටම එය අපට තර්ජනයක්. ප්‍රොයිඩ්ට අනුව අපගේ සැබෑ ආශාව සිහිනයෙන් පෙන්නුම් කරන්නෙ නෑ. ඊට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි සිහිනය තුළ තිබෙන්නෙ. ඔහු කීවා අපට පෙනෙන සිහින තුළ තිබෙන සත්‍ය හෝ යථාර්ථය සැඟවිලා තිබෙන්නෙ ඒවායේ පෙනෙන ලකුණු (Symbols) තුළ බව. 

අපි මෙය උදාහරණය මගින් බලමු. අපි හිතමු ඔහු නිමල් කියලා. නිමල්ගෙ වයස අවුරුදු 25 යි. නිමල් නයෝමි සමඟ ප්‍රේමයෙන් බැඳී දැන් අවුරුදු 2 ක් වෙනවා. නිමල්ට විවාහයට පෙර නයෝමි සමඟ ලිංගිකව එකතුවීමේ ආශාවක් ඇතිවෙනවා. නමුත් නයෝමි බොහෝ සිරිත් විරිත් අනුව ගතානුගතික සම්ප්‍රදායට ජීවත් වූ නිසා ඇය මේක ප්‍රතික්ෂේප කළා. මේ ප්‍රශ්නය නිසා දෙදෙනා අතර පොඩි හිත් අමනාපකමක්ද ඇතිවුණා. මේ ගැටලුව සමඟ අපට යොමුවූ නිමල් නිතර දකින සිහිනයක් මෙසේ විග්‍රහ කළා. ඔහු මෙහෙම කීවා. “මම නිතරම සිහිනෙන් දකිනවා මට පියාපත් දෙකක් ලැබිලා අහසේ නිදහසේ පියාඹලා යනවා. එහෙම යනකොට මට පුදුම සතුටක් සහ සැහැල්ලුවක් දැනෙනවා.” සිග්මන් ප්‍රොයිඩ්ට අනුව අහසේ පියාඹීම සැඟවුණු ලිංගික ආශාව පෙන්නුම් කරන “ලකුණයි”. ප්‍රොයිඩ් කීවේ මේ සිහිනය මගින් ඔහුගේ පෙම්වතිය ලිංගික සංසර්ගයට ඉඩ නොදෙන නිසා ඇතිවන පීඩනය අවම වන බවයි.

ප්‍රොයිඩ්ගේ සිහින පිළිබඳ මතය pet’s ස්කෑන් මගින් තරමක් දුරට තහවුරු කර ඇත. එනම් අපට මෙම බොහෝ සිහින පෙනෙන්නේ R.E.M (ඇස් වේගයෙන් චලනය වන) නින්දේදීය. මෙහිදී මොළයේ හැඟීම්වලට අදාළ මධ්‍යස්ථාන අවදිවන අතර බුද්ධිය සහ තර්කයට අදාළ මධ්‍යස්ථාන වැසී පවතී. මෙවැනි අවස්ථාවකදී සැඟවුණු ආශාවන්, හැඟීම් සහ භීතීන් අවදි වී පාලනයකින් තොරව නොයෙකුත් සිහින බවට පත්විය හැකි බව මෙම ස්කෑන්වලින් පෙනී ගොස් ඇත.

ප්‍රොයිඩ්ගේ මතයට විරුද්ධව ඉදිරිපත් වී ඇති සිහින පිළිබඳ තවත් මතයක් වන්නේ සිහින යනු “අප ආරක්ෂා කිරීමට පරිණාමයෙන් අපිට උරුම වී ඇති ස්වාභාවික හැකියාවක් බවයි.” (Dreams for survival Theory) සත්ව පරිණාමයේදී ඔවුනට තිබුණේ කුඩා මොළයකි. මෙම සතුන් අවදියෙන් සිටීමේදී එදිනෙදා ජීවිතයේ එන ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට මෙම කුඩා මොළය ප්‍රමාණවත් නොවූ බව මානව විද්‍යාඥයන්ගේ මතයයි. එම නිසා අවදියෙන් සිටින කාලය තුළ ජීවිතය ගෙන යාමට අවශ්‍ය මතක පරිපථ සිහින තුළදී නිර්මාණය වන බව මේ මතයෙන් ප්‍රකාශ වේ.

මීයන් අරගෙන කළ එක් පරීක්ෂණයකදී තහවුරු වී ඇත්තේ දවල් කාලයේදී ඔවුන්ගේ බොහෝ හැසිරීම් රටාවන් සිහින තුළින් නිර්මාණය කරගන්නා බවයි. අපි සුපුන්ගේ කතාව බලමු. සුපුන් අ.පො.ස සාමාන්‍ය පෙළ ඉතා මහන්සි වී වැඩ කළ දරුවෙකි. ඔහු දිනක් මෙවැනි සිහිනයක් දුටුවේය. එම සිහිනය තුළ ඔහු දුටුවේ ඉතා හොඳින් සාමාන්‍ය පෙළ සමත් වී ප්‍රතිඵල ලේඛනය අතැතිව සිනාමුසු මුහුණින් දෙමාපියන් හමුවට පැමිණෙන ආකාරයයි. මේ හා සමාන සිහින කිහිප වතාවක්ම සුපුන්ට පෙනී ඇත. බොහෝ අය මෙය විග්‍රහ කර තිබුණේ සුපුන් විභාගය අසමත් වන ලකුණක් ලෙසටයි. මේ නිසා කනස්සල්ලට පත් සුපුන් අප සායනයට යොමුවූයේ කනස්සල්ලෙන් සහ දැඩි ආතතියෙනි. සුපුන්ට මෙම සිහිනය ඉතා හොඳ සිහිනයක් බව අපි විග්‍රහ කර දුන්නෙමු. මෙය විභාගයට ප්‍රථමව මනස නිසිලෙස සකස් කිරීමක් බව අපි ඔහුට අවබෝධ කර දුනිමු. සැබැවින්ම සුපුන් A සාමාර්ථ 8 ක් ලබාගෙන හොඳින් සමත් වීම අවසාන ප්‍රතිඵලය විය.

සිහින පිළිබඳ නූතන මනෝ විද්‍යාත්මක අදහස් ලොවටම හෙළිකළ අනෙක් මනෝ විශේෂඥවරයා Alan Hobson ය. ඔහු හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකි. ඔහුට අනුව සිහින ඇතිවන්නේ මොළය තුළ ඇතිවන විද්‍යුත් ශක්තියක් ජනනය වීමෙනි. මෙම ශක්තිය ජනනය වනුයේ අප R.E.M (වේගයෙන් ඇස් චලනය වන) නින්ද තුළයි. මෙහිදී අපගේ මතක පරිපථ අවදිකොට ඒවා යම් තේරුමක් ඇති තාර්කික පරිපථ බවට පත්කොට ඒවායෙන් සිහින ඇතිවන බව හොබ්සන් කියා සිටියේය.

හොබ්සන්ට අනුව සිහින පිළිබඳ නූතන විග්‍රහ කිරීම් මෙසේය.

අප දකින බොහෝ සිහින අවිද්‍යාත්මකය. සමහර විට ඒවායේ තාර්කික පදනමක් නැත. අප තුළ ජනිත වන ප්‍රබල හැඟීම් ආතතීන් මේවා තුළ සැඟව තිබෙන බව හොබ්සන් කියා සිටියේය.

මෙම සිහින සමඟ ඉතා ප්‍රබල හැඟීම් මිශ්‍ර වී තිබෙන නිසා ඒවා අපට සත්‍ය සිදුවීම් ලෙස බොහෝ විට දැනේ. නමුත් සාමාන්‍ය ජීවිතයේදී නම් එම අසත්‍ය විකාර රූපී සිදුවීම් එසේ නොවන බවට ප්‍රතික්ෂේප කර දැමීම සිදුවේ. උදාහරණ: ඔබ අද ගමනක් යන විට දැඩි අනතුරකට ලක්වේ යැයි බියක් ඇතිවීම. ඊට හේතුව ලෙස ඔබ හිතන්නේ එදා පවතින නරක කාලගුණයයි. නමුත් එසේ අනතුරක් සිදුනොවනු ඇති බවද ඔබේ සිත කියයි. ඔබ බය නැතුව ඔබේ ගමන යයි.

සිහිනවලින් 95%ක්ම අපට මතක නැත. ඊට හේතුව සෙරොටනීන් (Serotonin) නැමති රසායන ද්‍රව්‍ය අඩුවීම සහ ඇසිටයිල් කෝලීන් (Acetylcholine) නැමති රසායන ද්‍රව්‍ය වැඩි වීමයි. මේ නිසා බොහෝ සිහින නිසිලෙස ගබඩා නොවී මතක ධාරාවෙන් ගිලිහී යයි.

හොබ්සන්ගේ මතයට අනුව අපගේ බොහෝ සිහින මොළයේ ලිම්බික් සිස්ටම් (Lymbic system) නමැති පද්ධතියේ හැඟීම් ඇවිස්සීමත් සමඟ ඇතිවන ඒවා මිස බොහෝ විට විකාර රූපී එනිසාම සත්‍ය නොවන ඒවා බවයි.

 

මුහුණ ලස්සන වෙන්න හිසකෙස් බබළන්න මෙන්න නියම බෙහෙත්

බොහෝ දෙනා තම මුහුණ පැහැපත් කර ගැනීම සඳහා විවිධාකාර ක්‍රීම්වර්ග සඳහා විශාල මුදලක් වියදම් කරති. නමුත් එයින් සැබෑ ලෙසටම සම පැහැපත් වන්නේ ඉතා සීමිත පිරිසකට පමණි. වෙළඳ පොළේ ඇති විවිධාකාර ආලේපනවලට, විවිධිකාර ඖෂධවලට වැඩි මුදලක් ලබාදුන්නද එයින් සාර්ථක ප්‍රතිඵල අත්වන්නේ නැත. නමුත් ආයුර්වේදයට අනුව සම පැහැපත් කරලිය හැකි ඉතා සාර්ථක ස්වභාවික ඖෂධ ඕනෑතරම් පවතී.

• වතුරවලට ඇත්තේ පුදුමාකාර ගුණයකි. සැලෝන්වලට ගොස් සම පැහැපත් කරන ක්‍රීම් මුහුණේ ආලේප කර ගන්නවාට වඩා පුළුවන්තරම් ජලය පානය කරන්න.

• හිස් හොරි නිසා ඔබේ හිසට මෙන්ම මුහුණට ලබාදෙන්නේ අවලස්සන පෙනුමක්. මේ නිසා දෙහි උළුහාල් තැම්බූ ජලයෙන් හිස හොඳින් සෝදන්න. මෙය සතියකට එක්වරක්වත් හිස්කබලට සහ හිසට කරන්න.

• කෝමාරිකා හිස් හොරිවලට තවත් ඉතා ගුණදායක ඖෂධයක් වේ. කෝමාරිකා මදය හොඳින් පොඩිකර හිස්කබලේ ආලේප කරන්න. හොඳින් හිස් කබල සම්බාහනය කර හිස හොඳින් සෝදා හරින්න.

• යෝගට්වල සම පැහැපත් කරලීමට ඇත්තේ ඉතා අපූරු ගුණයකි. යෝගට් මුහුණේ බෙල්ලේ සහ බෙල්ල පිටුපස ආලේප කර හොඳින් ඇඟිලි තුඩුවලින් සම්බාහනය කරන්න.

• හිස් හොරි සඳහා ඉතා ගුණදායක ඖෂධයක් ලෙසින් ගොඩපර හැඳින්විය හැක. ගොඩපර ගෙඩි කිහිපයක් හොඳින් කොටා හිසේ ආලේප කරන්න. ටික වේලාවකින් හිස හොඳින් සෝදන්න. මෙය සතියකට වරක් කරන්නට අමතක කරන්න එපා.

• වෙරළු කොළ හිස්හොරිවලට තවත් ගුණදායක ඖෂධයකි. වෙරළු කොළ කොටා ලබාගන්නා ඉස්ම හිස මත ආලේප කරන්න. සම්බාහනය කිරීමෙන් පසුව හොඳින් සෝදා හරින්න.

• ඔබේ කෙස් දීප්තිමත්ව තබා ගැනීමට අඹරාගත් හෙනා කොළ තේ වතුර සමඟ මිශ්‍ර කරන්න. තේ වතුර වෙනුවට කෝපි වතුර වුවද ලබාගත හැක. මෙයට බිත්තරයක් දෙහි ගෙඩියක යුෂද එක්කරගන්න. එය හිසකෙස්වල හොඳින් ආලේප කරන්න. මෙයින් දීප්තිමත් කෙස් කළඹක් ලබාගත හැක.

• මුහුණේ කුරුලෑ ඇතිවීමෙන් මුහුණට ඇතිවන්නේ අවලස්සනක්. මේ සඳහා වෙනිවැල්ගැට සුදු හඳුන් ගල ගා ආලේප කරන්න. මීට අමතරව, කොකුම් පොතු, සැවැන්දරා, කස්තුරිද ආලේප කිරීමෙන් මුහුණට පැහැයක් ලබාදී කුරැලෑවලට ඉතා ගුණදායක වේ.

• කොහොඹ කොළද කුරුලෑවලට ඉතා ගුණදායක ඔසුවකි. හොඳින් අඹරාගත් කොහොඹ ඉස්මවලට දෙහි බිංදු කිහිපයක් එක්කර මුහුණේ ආලේප කරන්න. විනාඩි පහළොවකට පසුව සෝදා හරින්න.

ආයුර්වේද වෛද්‍ය එච්.එම්. තෙන්නකෝන්

 


 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 Jun 2018 05:56 PM

හර්නියාවට බයවෙන්න එපා!

අන්ත්‍ර වෘද්ධි ලෙසින් ආයුර්වේදයේ හඳුන්වන රෝගය බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව හඳුන්වනු ලබන්නේ හර්නියා ලෙසිනි. මේ නිසා බොහෝ දෙනා අන්ත්‍ර වෘද්ධි රෝගය ලෙසින් හඳුන්වනවාට වඩා හර්නියා රෝග තත්ත්වය ලෙසින් හඳුන්වන බව පෙනේ. මෙය පුරැෂ සහ ස්ත්‍රී දෙපාර්ශ්වයටම වැළඳිය හැකි රෝග තත්ත්වයකි.

ශරීරයේ අභ්‍යන්තරව ඇති ඉන්ද්‍රිය කොටස් තුළ පවතින සමහර කොටස් එම තැනින් පිටතට නෙරා ඒම අන්ත්‍ර වෘද්ධි හෙවත් හර්නියා ලෙසින් හැඳින්වේ. ඇතැම්විට මෙය පිටතට නෙරා ඒමක් හෝ පිටතට ඉලිප්පීමක් ඇතිවිය හැක.

හර්නියා රෝගය ඇතිවිය හැකි ස්ථාන

• යටිබඩ ආශ්‍රිත ප්‍රදේශය • නාභිය ආශ්‍රිත ප්‍රදේශය • කලව ආශ්‍රිත ප්‍රදේශ • ඉකිලි ආශ්‍රිත ප්‍රදේශ • අණ්ඩ කෝෂය ආශ්‍රිත ප්‍රදේශ • යම් ශල්‍ය කර්මයක් කළ තැන් ආශ්‍රිත ප්‍රදේශ
එමෙන්ම උදරය තුළ යම් තදබල පීඩනයක් ඇතිවූ විටදී එම පීඩනය දුර්වලවීමෙන්ද මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැක.

අන්ත්‍ර වෘද්ධි (හර්නියා) රෝගය ඇතිවීමට හේතුව

• අන්ත්‍ර වෘද්ධි රෝගය ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ දිගු වේලාවක් වැසිකිළියේ වාඩිවී සිටීමයි. මේ නිසා මළබද්ධය ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිය.

• බර ඉසිලීම

• මාංශ පේශි දුර්වල වූ විට

• දිගුකලක් තිස්සේ පවතින කැස්ස

• වැරදි ලෙසට කරනු ලබන ව්‍යායාම්

• දීර්ඝකාලීනව ඇතිවන දියවැඩියා රෝගයද එයට හේතු වේ.

බොහෝවිට හර්නියා රෝගය ඇතිවන්නේ පිරිමින්ගේ අණ්ඩකෝෂය ආශ්‍රිත ප්‍රදේශවලය. ඇතැම් පිරිමින්ගේ අභ්‍යන්තර ඇති අන්ත්‍ර කොටස් හිරවීම නිසා අණ්ඩ කෝෂ ඉදිමී රුධිරය සැපයීම අඩාල විය හැක. එමගින් බඩවැල්වල ඇතැම් කොටස් දුර්වලවීමටද පුළුවනි. එමඟින් ජීවිත හානියද ඇතිවිය හැක.

රෝග ලක්ෂණ

• හර්නියා රෝගය ඇති ස්ථාන ආශ්‍රිතව මඳ වශයෙන් හෝ ඉහළට එසවීමක්, ඉදිමීමක්, පිම්බීමක් හෝ දැකිය හැක.

• තදබල වේදනාවක් දැනීම.

• වමනය යාම.

• ඇතැම් රෝගීන්ට තදබල උණද ඇතිවිය හැක.

• කැස්ස ඇතිවද්දී එම ස්ථානය මඳ වශයෙන් පිම්බීම.

ආයුර්වේදයේදී මෙම රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාර ඇත. එම නිසා මෙවැනි රෝග ලක්ෂණ ඇතිවූ විට වහාම සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයාද මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්නට අමතක නොකරන්න.

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව හර්නියා රෝගයට ප්‍රධානම ප්‍රතිකාරය වන්නේ ශල්‍ය කර්මයයි. නමුත් ඇතැම් හර්නියා රෝගීන්ට ශල්‍ය කර්මයක් කිරීමෙන් පසුවද කලක් ගතවූ පසුව නැවත හර්නියා රෝග තත්ත්වය ඇතිවිය හැක.

ආයුර්වේදයට අනුව ඖෂධ මගින්ද, ඖෂධ විදීම මගින්ද, අන්ත්‍ර වෘද්ධි හෙවත් හර්නියා රෝගය සඳහා ප්‍රතිකාර කළ හැක. හර්නියා රෝගය සඳහාද ආයුර්වේදයේදී ශල්‍යකර්ම ඇති අතර ඒවා ඉතා සාර්ථක, විශේෂිත උපකරණ මගින් කරනු ලබන ශල්‍යකර්ම වේ. මේ නිසා හර්නියා හෙවත් අන්ත්‍ර වෘද්ධි රෝගය සඳහා බියවිය නොවිය යුතු අතර මෙම රෝගය ඇති වූ විට සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න.

 

 

වකුගඩු රෝගීන්ට නුසුදුසු කෑම බීම

වර්තමානයේ ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රධානම සෞඛ්‍ය ගැටලුවක් බවට වකුගඩු රෝගය පත්ව ඇත. උතුරු මැද පළාතේ මෙන්ම සෙසු කෘෂි කාර්මික ශුෂ්ක ප්‍රදේශවලට ද ව්‍යාප්ත වී ඇති මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය  (CKD) එක් පසෙකිනි. වැරදි අහාර පරිභෝජනය ඇතුළු අයහපත් ජීවන රටාව හේතු කොට ඉහළ ගොස් ඇති බෝ නොවන රෝග වන   දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි ඇතුළු හේතු පදනම් කරගෙන සෙසු ප්‍රදේශවලින් වාර්තාවන   සැලකිය යුතු මට්ටමේ වකුගඩු රෝගීන් ප්‍රමාණය ද තවත් පසෙකිනි. මේ බොහෝදෙනා ඔවුන්ට ලබාගත යුතු නිසි පෝෂණය පිළිබඳ නිසි ආකාර දැනුමක් ලබා තිබෙනවා ද යන්න සැක සහිතය. වකුගඩු රෝගී වූ විට ගැනීමට සුදුසු සහ නුසුදුසු නැත්නම්, පාලනයකට ලක් කළ යුතු ආහාර පවති. මේ කතා කරන්නට යන්නෙ එබඳු අහාර ගැනය. 

වකුගඩු සහ ප්‍රෝටීන් 

වකුගඩු රෝගීන්ගේ සිරුරේ පැවැත්ම පවත්වා ගෙන යාම සඳහා ප්‍රෝටීන් අත්‍යවශ්‍යය. එහෙත් ප්‍රමාණය ඉක්මවා ප්‍රෝටීන් ශරීරගත වුවහොත් වකුගඩු තවදුරටත් හානි වීම වැළැක්විය නොහැක්කකි. එබැවින් ප්‍රෝටීන් මෙන්ම අනිකුත් පෝෂණ ද්‍රව්‍ය ද සිරුරට ලබාගත යුත්තෙ පාලනයකින් යුතුවය. 

වකුගඩු රෝගය අදියර 5කින් යුක්ත බව වෛද්‍ය පැහැදිලි කිරීමයි. මෙයින් පළමුවැනි අදියරේ සිට 3 වැනි අදියර දක්වා එනම් :වකුගඩු රෝගය මුල් අවදියේ පවතින රෝගින් හට - දිනකට ප්‍රෝටීන් ග්‍රෑම් 0.75 කිලෝ ග්‍රෑමයට :සිරැරේ බර අනුව - ලබාගත යුතු වේ. මේ කියමන පැහැදිලි කළොත්, මෙයින් අදහස් වෙන්නේ සිරුරේ බර කිලෝ 40ක් වන අයෙක් හට දිනකට ලබා දිය යුත්තේ (0.75 වැඩි කිරීම 40 = 30) ප්‍රෝටීන් ග්‍රෑම් 30කි. 

අදියර 4 හෝ අදියර 5 යනු රෝගයේ බරපතළ තත්ත්වයයි. මේ අවස්ථාව වනවිට රෝගියා රුධිර කාන්දුකරණය හෙවත් ඩයලයිසීස් - තත්ත්වයට හෝ නොකරන තත්ත්වයට පත්ව සිටිය හැකිය. මේ අනුව ලබාදෙන ප්‍රෝටින ප්‍රමාණය ශරීර  බර අනුව පාලනය කළ යුතුය.

රුධිර කාන්දුකරණය නොකරන රෝගීන් හට ප්‍රෝටීන් ලබාදිය යුතු ප්‍රමාණය වන්නේ දිනකට ග්‍රෑ. 0.6  කිග්‍රෑ :දේහ බර  අනුව රුධිර කාන්දුකරණය ක්‍රම දෙකකි. ඒ සාමාන්‍ය රුධිර කාන්දුකරණය සහ පරිතාණ කාන්දුකරණය යන ක්‍රම දෙකයි. විශේෂයෙන්ම රුධිර කාන්දුකරණයේදී ප්‍රෝටීන් වැඩි ප්‍රමාණයක් සිරුරෙන් ඉවත් වේ. එබැවින් වැඩිපුර ප්‍රෝටීන් ප්‍රමාණයක් රෝගියාට ලබා දිය යුතුව ඇත. නිර්දේශිත ප්‍රමාණය වන්නේ දිනකට ග්‍රෑම් 1.2 සිට 1.4 දක්වා ප්‍රමාණයකි. 

ලේ පිරිසිදු කරනා රෝගීන්

මේ අයට දිනකට ග්‍රෑම් 1.2 – 1.3 අතර  ප්‍රමාණයක් දේහ බර අනුව ප්‍රෝටීන් ලබාදිය යුතුය.

වකුගඩු රෝගයේ තිබෙන තවත් ගැටලුකාරී තත්ත්වයක් වන්නේ ප්‍රෝටීන් වැඩිපුර ලබා දීමේදී වකුගඩුවලට හානි සිදුවන අතර ප්‍රෝටීන් අඩු වීමේදී සිරුරේ තිබෙන මාංශ පේශී දියවී රෝගියා දුර්වල වීමට ලක්වීමයි. එවිට ප්‍රතිශක්තිකරණය ද අඩු වේ. මේ හේතුව නිසා වෙනත් රෝග වැළඳීමට ද ඉඩ ඇත.

වකුගඩු අදියර 4 -5 සිටින රෝගීන්ගේ පොටෑසියම් අධික ආහාර සීමා කිරීම.
මුල් අවස්ථාවේ අදියර 1 -3 දක්වා :සමහර රෝගීන්ගේ - ආහාර පාලනය කළ යුතුය.

පොස්පරස් පාලනය කිරීම

සංතෘප්ත මේදය සීමා කිරීම - ලුණු ප්‍රමාණය අවම කිරීම. ලුණු දිනකට නිර්දේශිත ප්‍රමාණය නොඉක්ම වීම.

ජලය නිසි ප්‍රමාණයට පානය කිරීම හා පානීය ජලයට අමතරව පාන වර්ගවලින් සිරුරට එකතු වන ජලය පිළිබඳ සැළකිලිමත් වීම.

අවශ්‍ය පමණට විටමින් ඛනිජ ලවන (SUPPLIMENT) වර්ග ලබා ගැනීම.

විශේෂයෙන්ම රෝගියාගේ රුධිරයේ පොටෑසියම් ප්‍රමාණය අධික වේ නම් පොටෑසියම් අධික ආහාර අවම කළ යුතුය. ලුණු සහිත ආහාරවලින් වැළකිය යුතුය. වෙළඳපොළේ ඇති පොටෑසියම් සහිත ලුණු ආදේශක ද්‍රව්‍ය මෙන්ම හර්බල් සප්ලිමන්ට් වර්ග සහ ඖෂධ වර්ග ගැනීම ද නැවැත්විය යුතුය.

ඇතැම් පලතුරු එළවළු වර්ගවල ඉහළ පොටෑසියම් ප්‍රමාණයක් ඇත. සමහරවිට පොටෑසියම් අඩු ආහාර ඇතැම් රෝගීන් වැඩිපුර භාවිතා කිරීම නිසා ද සිරුරට ලැබෙන පොටෑසියම් ප්‍රමාණය අධික විය හැකිය.

පොටෑසියම් යනු ජලයේ දියවන ලවණයකි. එබැවින් පොටෑසියම් බහුල ආහාර අනුභව කිරීමේදී එළවළු කුඩා කැබලිවලට කපා දස ගුණයක් පමණ ජලය දමා පැය 2ක් පමණ කාලයක් තැබිය යුතුය. පොටෑසියම් ජලයේ දියවන බැවින් මෙලෙස කිරීමේදී පොටෑසියම් ප්‍රමාණය දියවී යයි. පොටෑසියම් වැඩියෙන් පවතින එළවළු වේ නම් කුඩා කැබලිවලට කපා මිනිත්තු 5 -10 පමණ වේලාවක් තම්බා වතුර පෙරා ඉවත් කර ආහාරයට ගත හැකිය.

පොටෑසියම් අඩු එළවළු වර්ග

ගෝවා, ගෝවා මල්, කැකිරි, පිපිඤ්ඤා, රවුම් වම්බටු, බෝංචි, රතුළූණු, සුදුළූණු, පතෝල, වැටකොලු, ඇඹරුල්ලා (අමුවෙන් හොඳ නැත) පිසින ලද අඹරැල්ලා, කැරට් (අමුවෙන් හොඳ නැත) පිසින ලද කැරට්.

පොටෑසියම් අඩු පලතුරු

කොළ පැහැති ඇපල්, පෙයාස්, කිලෝ පේර, මිදි ගෙඩි 3ක් දිනකට අන්නාසි කෑල්ලක් දිනකට- වෙළඳපොළේ මිලදී ගත හැකි ඇපල් යුෂ හොඳ නැත. නමුත් නැවුම්ව නිවසේදී පිළියෙල කර ගන්නා ඇපල් යුෂ භාවිතය හොඳයි.

පොටෑසියම් බහුල පලතුරු

පැපොල්, කෙසෙල්, අඹ, රටඉඳි, අල, බතල, අලු කෙසෙල්, නිවිති, තක්කාලි, වට්ටක්කා ආදියේ පොටෑසියම් වැඩි බැවින් ඒවා අගුණ වේ.

පලා වර්ග
පලා වර්ගවල පොටෑසියම් බහුලව තිබෙන බැවින් රෝගීන්ට පලා වර්ග ද සුදුසු නොවේ.

පොස්පරස්
රෝගීන්ගේ සිරුරේ පොස්පරස් ප්‍රමාණය වැඩි වූ විට රුධිරයේ පොස්පරස් ප්‍රමාණය වැඩි වී හෝර්මෝන ක්‍රියාකාරිත්වය නිසා අස්ථිවලින් කැල්සියම් රුධිරයට ඇතුළුවීම සිදු වී අස්ථි දුර්වල වීමට පටන් ගන්නා අතර රුධිරයේ කැල්සියම් වැඩි වීම නිසා කැල්සියම් හෘද වස්තුවේ සහ වකුගඩුවල තැන්පත් විය හැකිය.

පොස්පරස්, ඕගනික් සහ ඉන්ඕගනික් යනුවෙන් වර්ග දෙකකට අයත් වේ. විශේෂයෙන් පළතුරු යුෂ කල් තබා පවත්වා ගැනීමට කල්තබා ගැනීමේ ද්‍රව්‍යය යොදා තිබේ. විශේෂයෙන් මෙවැනි කල් පවත්නා යුෂවල ඉන්ඕගනික් පොස්පරස් අඩංගුව ඇත. මේවා පානය කිරීමේ අවාසිය වන්නේ ලේවලට පොස්පරස් 90%ක්ම උරා ගැනීමයි. තවද ධාන්‍ය වර්ගවල නිවුඩ්ඩ සහිත හාල්වල ද පොස්පරස් ප්‍රමාණයක් ඇත. නමුත් නිවුඩ්ඩ සහිත හාල් අනුභව කළ විට ඉන්ඕගනික් පොස්පරස් රුධිරයට උරා ගන්නේ 40% - 60% දක්වා පමණි. වකුගඩු රෝගීන් ආහාරයට ගත යුත්තේ තම්බපු හාල්ය. හාල් තැම්බූ විට පොස්පරස් කොටස ඉවත් වේ.

සෝයා මීට්, සොසේජස්, මීට්බෝල්ස්, හතු වර්ග, කෙරන්බීෆ්, කූනිස්සෝ, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවන් ආදියේ පොස්පරස් ප්‍රමාණය වැඩි බැවින් ආහාරයට නුසුදුසුය.
බියර් සහ සියලුම මත්පැන්වල පොස්පරස් අඩංගු බැවින් භාවිතය සුදුසු නොවේ.

කිරි

කිරි වර්ග ආහාරයට ගන්නේ නම් නන්ෆැට් හා ලෝෆැට් කිරි ආහාරයට ගත යුතුයි. වකුගඩු රෝගීන්ට විශේෂිත වූ කිරි වර්ග වෙළඳපොළෙන් මිලදී ගත හැක.

ලුණු

වකුගඩු රෝගීන්ට ලුණු භාවිතය සුදුසු නොවේ. ලුණු සිරුරෙන් ඉවත් කෙරෙනුයේ වකුගඩුවලිනි. නමුත් ලුණු ප්‍රමාණය ඉක්මවා ගත්විට සෝඩියම් ප්‍රමාණය වැඩි වේ. එවිට සිරුර ඉදිමීම, රුධිර පීඩනය වැඩිවීම මෙන්ම හදවතේ ක්‍රියාකාරීත්වය අවම වීම ද සිදු වේ.

පළමු හා තුන්වැනි අදියරේ සිටින වකුගඩු රෝගීන්ට ලුණු තේ හැන්දක් සෑහෙන අතර අදියර 4-5 සිටින රෝගීන්ට ලුණු භාවිතා කළ යුත්තේ තේ හැඳි 1, 2කි. සෝස්, මාමයිට්, සේවරි බිස්කට්, ක්ෂණික ආහාර නවතා දැමිය යුතුය. එසේම අච්චාරු, පොටේටෝ චිප්ස් වැනි ආහාර නුසුදුසුය.

ජලය
කාමර උෂ්ණත්වයේ දියවන සෑම ආහාරයකම දියර ජලය පවතී. නිද: ජෙලි, අයිස් ක්‍රීම්- එසේම ආහාර පිසින විට සාදන හොඳිවල - ජලය සහිත බැවින් ඒවායින්ද ජලය සිරුරට ලැබෙන බැවින් පානය කරන අමතර ජලය පිළිබඳ වඩාත් සැළකිලිමත් විය යුතුය.

►සුගත්

 

 

යෝග අභ්‍යාස හරියට කළොත් ජීවිතයම ගොඩ

නිවැරදි ‘යෝග’ කිසිවිටකත් ව්‍යායාම් මාලාවක් නොවේ. කෙනෙකුගේ ශරීරයට ව්‍යායාම් අවශ්‍ය වන්නේනම් ඒ සඳහා සුදුසුම තැන වන්නේ ජිම් එකය. එසේ නොමැතිව යෝග කිරීම නොවේ.

යෝග දර්ශනය වසර පන්දහසත් හයදහසත් අතර අතීතයකට දිව යන්නෙකි. යෝග වචනයේ තේරුම වන්නේ ‘යූ.ජී’ යන්නය. එහි තේරැම වන්නේ ‘ආත්මය පරම ආත්මය සමඟ බැඳීමය’ කායික, මානසික, අධ්‍යාත්මික එකතුවීම ලෙසින් මෙය හැඳින්විය හැක.

යෝග දර්ශනය තම ජීවිතයට ළංකර ගැනීමට පෙර එය තමන්ට පවත්වාගෙන යා හැකිද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතුය. යෝග දර්ශනය පිළිබඳව කැමැත්තක් ඇත්නම් පමණක් යෝග අභ්‍යාස කිරීමට උත්සාහ ගන්න. යෝග දර්ශන තුළින් කායික සුවය, මානසික සුවය සහ අධ්‍යාත්මික සුවයද අත්පත් කරගත හැක.

මේ නිසා ධනය ගලාගෙන ඒම, විවාහ ජීවිතය සඵල වීම, දරුඵල අහිමිව ඇත්නම් එම තත්ත්වය ඇතිවීමට මංපෑදීම වැනි භෞතික සැප සම්පත්ද ලබා ගැනීමට අවස්ථාව සමහරුන්ට උදාවෙයි. මේ සඳහා වඩාත්ම වැදගත් වන්නේ හොඳ ගුරුවරයකු සොයා ගැනීමයි. අන්තර්ජාලය ඔස්සේ හෝ පොත්පත්වල ලියැවී ඇති තොරතුරු ඔස්සේ හෝ කිසිවිටෙකත් යෝග අභ්‍යාස කිරීමෙන් වැළකිය යුතුය.

යෝග අභ්‍යාසවල නියැලීමට කිසිදු වයස් සීමාවක් නොමැත. යෝග හින්දු දර්ශනයේ පවතින්නකි. හින්දු වේදයට අනුව මහා බ්‍රහ්මයා අවදිවන වේලාවට අවදිවීම අවශ්‍යය. ඒ අනුව උදෑසන 4.12 සිට 5.12 දක්වා අතර කාලය තුළදී අවදි විය යුතුය. ඒ කාල සීමාව තුළදී අපගේ මනස නිශ්චලය. මනසට කිසිදු ආවේගයක් ඇතුළු වී නොමැත. පරිසරය වුවද ඒ කාලසීමාවේදී නිශ්චලය. මුළු පරිසරයම සුවදායකය. ස්වභාවික වාතය වුවද ඉතා පිරිසුදුය. මේ නිසා යෝග අභ්‍යාසවල නියැලෙන්නන් ඒ කාල සීමාව ඇතුළතදී දිනපතා අවදිවීමට පුරුදු විය යුතුය. එය බ්‍රහ්මයා ලෝකය දෙස බලන වේලාව ලෙසින්ද හැඳින්වේ.

ඒ අවදි වූ විගස යෝග අභ්‍යාසයේ ඇති ප්‍රබල මන්ත්‍රයක් ගැයීමද ඉතා වැදගත් වේ.
ඕම් භූර් භුවඃ සවහඃ
තත් සව්තුර් වරේන්‍යම්
භර්ගෝ දේවස්‍ය ධීම භී
ධියෝ යෝනඃ ප්‍රචෝදයාත්

මෙම මන්ත්‍රය පැවසීමෙන් පසුව යෝග අභ්‍යාස ආරම්භ කළ හැක. යෝග අභ්‍යාසයේ මූලික අභ්‍යාසය වන්නේ සූර්ය වන්දනාවයි. උදේ පාන්දර පායා එන හිරු නමස්කාර කිරීම එමඟින් සිදුවේ. මෙය කරනු ලබන්නේ උදෑසන ආහාරද නොගෙන කුස හිස්ව තබාගෙනය. යෝග අභ්‍යාස සිදුකළ යුත්තේ සැහැල්ලු මනසකින් යුක්තව මෙන්ම සැහැල්ලු ඇඳුමකිනි. නමුත් අද වෙද්දී යෝග අභ්‍යාසයන් සඳහා බොහෝ යුවතියන් ඉතා වටිනා ක්‍රීඩා ඇඳුම් මෙන්ම පාවහන්ද පළඳින බව දැකිය හැක. එය කිසිසේත්ම නොකළ යුතුය.

යෝග අභ්‍යාසයේදී හුස්ම ගැනීමේ පාලනය මෙන්ම හිත එක්තැනක තබා ගැනීමේ භාවනාවද සිදු කෙරේ. මෙම යෝග අභ්‍යාස උදෑසන නිවැරදිව සිදු කිරීමෙන් දවසම සුභවාදී වන බව සඳහන්ය. ශරීරයට විශාල බලයක් ලැබේ. එය විශ්වයේ බලයකි. දෛනික වැඩකටයුතු ඉතා සාර්ථකව සිදුකරගත හැක.


අද වනවිට ලොව ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්තව යන රෝගයක් ලෙස විශාදය හැඳින්විය හැක. මිනිසාගේ ජීවිතේ සෑම කටයුත්තකදීම මනස මුල් වේ. යෝග දර්ශනයේ ‘යෝග ආසන’ ලෙසින් කොටසක් ඇත. එම යෝග ආසන පුරුදු පුහුණු වීමෙන් මිනිසාගේ හිතේ ඇතිවන ආවේග, කේන්ති, පීඩන දුරුකර ගැනීමට හැකියාවක් ඇත. හුස්මේ ක්‍රියාකාරීත්වය මෙම ආවේග, කේන්ති පීඩන වැනි දුර්වල අවස්ථාවන් හමුවේ වෙනස් වේ. එවිට හුස්ම ගැනීමේ වේගය වෙනස් වේ. නමුත් ඕනෑම කෙනෙකුට හුස්ම පාලනය කරගැනීමට හැකියාවක් ඇත්නම් මෙම ආවේගවලින් මිඳිය හැක.

යෝග අභ්‍යාසයේ මෙය දියුණු කර ගැනීමෙන් පසුව හිත එක්තැනකට ගෙන ආ හැක. මේ නිසා කෙනෙකු ජීවිතයේ සාර්ථකව ගත කරගැනීමට නම් මනස දියුණුකරගත යුතුය. වර්තමානයේදී මිනිසුන්ට ඇතිවන බොහෝ රෝගවලට ප්‍රධාන හේතුව වන්නේද මනසයි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ආතරයිටීස් ඇතැම් පිළිකා රෝග බොහොමයකට හේතුව වන්නේ මනසය. ඒ සඳහා ප්‍රධානතම ඖෂධය වන්නේ මනස සුවපත් කරලීමට උනන්දුවීමය. ඒ සඳහා යෝග අභ්‍යාසයේදී භාවනාව මහත් පිටුවහලක් ලබාදේ.

මිනිසාගේ මනස මෙන්ම කය සුවපත් කර ගැනීමට ‘යෝග ආසන’ උදව් කෙරේ. මෙය දාහය දමන අපහසුවෙන් කරන ව්‍යායාම් පද්ධතියක් නොවේ. යෝග දර්ශනයේදී නිර්මාංශ වීම ඉතා වැදගත් පුරුද්දකි. නමුත් නිර්මාංශ වීමෙන් පමණක් යෝග අභ්‍යාසයෙන් පැවැත්මක් නැත. ඒ සඳහා නිවැරදි අභ්‍යාසවල නියැලිය යුතුය. හින්දු වේදය අනුව යෝග දර්ශනයට නිර්මාංශ වීම එක් පිළිවෙතකි. ඔවුන් සත්‍ය වශයෙන්ම විරුද්ධය.

අධි රුධිර පීඩන, දියවැඩියාව, ආතරයිටීස් වැනි රෝග සඳහා නිවැරදි යෝග අභ්‍යාස කිරීමෙන් හා නිවැරදි සමබල ආහාර වේලක් ගන්නේ නම් සම්පූර්ණයෙන්ම සුවකර ගත හැක.

අද වෙද්දී ඉන්දියාවට ගොස් භාවනා කිරීම සහ යෝග අභ්‍යාසවල නියැලිමට වැඩි වශයෙන් උනන්දු වන්නේ බටහිර රටවල ජනතාවය. ඔවුහු නිවැරදිව ඒ අභ්‍යාසවල නියැලෙති. නමුත් බොහෝ ශ්‍රී ලාංකිකයෝ භාවනා කිරීමට පවා හේත්තු වීමට ආධාරකයක් පතති. අවසානයේදී භාවනා කිරීම කෙසේ වෙතත් ඉක්මණින් නින්ද ළඟා වේ.

බොහෝ දෙනා අද යෝග අභ්‍යාස විලාසිතාවක් බවට පත්කරගෙන තිබෙන බව පෙනේ. යෝග පන්තියකට ගිය පමණින් යෝග අභ්‍යාසවල නියැලුණු පමණින් සියල්ල සාර්ථක වන්නේද නැත. ඔවුන්ගේ ජීවන රටාව නිසි ලෙස සැලසුම් කරගැනීම යෝග අභ්‍යාස සාර්ථක කර ගැනීමට ඉවහල් වේ. ඉන්දියාවේ පාසල්වල දිනපතාම පුරා පැයක් යෝග අභ්‍යාස පැවැත්වේ. පාසල්වල පමණක් නොව බොහෝ ආයතනවලද මෙම යෝග අභ්‍යාසය ක්‍රියාත්මක වේ. එමගින් මනස සැහැල්ලු කර රාජකාරියේ හෝ අධ්‍යාපන කටයුතුවල නියැලීමට හැකියාව ලැබේ. එමගින් මානසික ආතතිය නැතිවීම සුභවාදී චින්තනයකින් වැඩිකිරීම, ශරීරය ක්‍රියාශීලී වීම වැනි ධනාත්මක ජීවිත රටාවකට හුරු කිරීමට උදව් වේ.

යෝග හැදෑරීම තුළින් තමන් තමන්ට ආදරේ කිරීමට හුරැවීමද සිදුවේ. මේ ලොව තමන්ට ආදරේ නොකරන කිසිකෙනකු තවත් කෙනෙකුට ආදරය කරන්නේද නැත. තමන්ගේ කායික, මානසික, අධ්‍යාත්මික සුවය ලබා ගැනීමට යෝග අභ්‍යාසවලින් ලැබෙනුයේ සුළුපටු සහායක් නොවේ. නමුත් ඒ සඳහා නිවැරදි යෝග දර්ශනය පුරුදු පුහුණු වීම අවශ්‍යය. ඒ නිවැරදි යෝග දර්ශනය ඔබේ ජීවිතයට ළංකර ගැනීමට සමත් වෙතොත් ඔබේ හිතට පුදුමාකාර සහනයක් ලැබෙන බව දිනෙක වැටහෙනු ඇත.

 

►සටහන: දිශානි ජයමාලි කරුණාරත්න

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 Jun 2018 06:08 PM

ඩිමෙන්ෂියාවට මුල මැදි වයසේ අධිරුධිර පීඩනය

ඔබ මැදි වයසේ පසුවන්නේ නම් ඔබේ  සෞඛ්‍ය මට්ටම ඉහළ නංවා ගැනීමේ සැලසුම් තවත් දිනකට කල් තැබීම සුදුසු නැත. වහාම යහපත් ජීවන පුරුදු ඇරුඹිය යුතුය. අලුතින් සිදු කළ අධ්‍යයන දෙකක් පෙන්වා දෙන්නේ මැදි වයසේ ඇතිවන අධිරුධිර පීඩනය හේතුවෙන් පුද්ගලයන් පසුකාලීනව ඩිමෙන්ෂියා තත්ත්වයට ගොදුරැ වීමට ඇති අවදානම ඉහළ නංවන බවයි. 

මැදිවියේදී මෙලෙස ශරීර සෞඛ්‍ය දුර්වල වීම, අඩු වයසෙන් මරණයට පත්වීමට ඇති හැකියාව ඉහළ නංවන බව මින් එක් වාර්තාවක වැඩි දුරටත් දැක්වේ.

‘යුරෝපියන් හාට් ජර්නල්’ හි පළ කර ඇති අධ්‍යයන වාර්තාවකට අනුව, සංන්‍යස්ත රුධිර පීඩනය (systolic pressure) එනම් හදවත සංකෝචනය වන අවස්ථාවේ පීඩනය රසදිය මිලිමීටර 130 හෝ ඊට වැඩි පනස්වන වියේ පසුවන පුද්ගලයන් මෙලෙස ඩිමෙන්ෂියා තත්ත්වයට ගොදුරු වීමේ අවදානම, සාමාන්‍ය රුධිර පීඩනය සහිත පුද්ගලයන්ට වඩා 1.5 ගුණයකින් වැඩිය.

රුධිර පීඩනය වැඩිවීම හේතුවෙන්, පිටතට නොපෙනෙන  ආකාරයේ එනම් "නිසල" හෝ අඩු මට්ටමේ ආඝාත තත්ත්වයන් ඇතිවීය හැකි බව පර්  යේ ෂකයෝ පවසති. පනස් වියේදී  දක්නට ලැබෙන අධිරුධිර පීඩනය සහ ඩිමෙන්ෂියා තත්ත්වය ඇතිවීම අතර සම්බන්ධයක් ඇති බව, පුද්ගලයන් 8,639 දෙනකු යොදා ගෙන කළ අධ්‍යයනයකදී පෙනී ගොස් ඇත. නමුත් ඊට හේතුව සහ ඉන් ඇතිවිය හැකි බලපෑම් ඔප්පු කර නැත.

ජීවිතයේ මුල් අවධියේදී දුර්වලවීම, රෝගී සෞඛ්‍ය තත්ත්වයකට සහ අඩු වයසින් මරණයට පත්වීමේ අවදානමකට හේතු විය හැකි යැයි පෙනෙන්නට ඇති බව පුද්ගලයන් 493,737 දෙනකුගේ දත්ත පරීක්ෂාවට ලක් කළ තවත් අධ්‍යයනයක් මගින් සොයා ගනු ලැබ ඇත.

පහත සඳහන් සෞඛ්‍ය ගැටලුවලින් තුනක්වත් ඇති පුද්ගලයන්, ‘දුර්වල වීමට ගොදුරු වූ පුද්ගලයන්’ ලෙස හැඳින්විය හැකිය. 

ශරීර බර අඩුවීම, අධික වෙහෙස, දෙයක් ග්‍රහණය කර ගැනීමේ ශක්තිය දුර්වලවීම, ශාරීරිකව ක්‍රියාශීලීත්වය අඩුවීම, ඇවිදීමේ වේගය අඩුවීම.

සෙසු කරුණු අතර පුද්ගලයාගේ සමාජ ආර්ථික තත්ත්වය, දීර්ඝ කාලීන ඇබ්බැහි, දුම්බීම, මත්පැන් භාවිතය සහ ස්කන්ධ දේහ දර්ශකය ද සලකා බලා අවුරුදු 37 - 45 අතර වයසේ පසුවන පුද්ගලයන්, එම වයස් කාණ්ඩයේම දුර්වල නොවන පුද්ගලයන්ට වඩා 2.5 ගුණයක් මරණයට පත්වීමේ අවදානමක පවසුවන බව පර්  යේ ෂකයන් විසින් සොයා ගනු ලැබ ඇත. සෙසු සියලුම වයස් කාණ්ඩවලට (45-55, 55-65 සහ 65-73) ද එම අගය සමාන වේ.

දුර්වල යැයි විනිශ්චය කළ සහ වයස අවරුදු 45 හෝ ඊට වැඩි කාන්තාවන් සම්බන්ධයෙන් ද මෙයට සමාන තත්ත්වයන් සොයා ගනු ලැබ ඇත. ශරීරයේ පටක ඝන වීමේ රෝග තත්ත්වය (multiple sclerosis) සහ නිදන්ගත වෙහෙසකාරී සින්ඩ්‍රෝම තත්ත්වය (chronic fatigue syndrome) දුර්වල පුද්ගලයන් තුළ වැඩි වශයෙන් දැකිය හැක.

මුල් අවධියේදීම දුර්වල වීම හඳුනා ගැනීම සහ ඒ සඳහා ප්‍රතිකාර ලබා දීම අත්‍යවශ්‍ය යැයි ඉහත කී සොයාගැනීම් මගින් පෙන්නුම් කරයි. ශාරීරිකව දුර්වලවීම පිළිබඳ කළ අධ්‍යයනයේ සම කතෘ ආචාර්ය පීටර් හැන්ලොන් පවසන්නේ දුර්වලවීම කළින් හඳුනා ගතහොත් එම තත්ත්වය වෙනස් කිරීමට හැකියාවක් පවතින බවය.

මැදිවියේදී ශරීර යෝග්‍යතාව පිරිහුණු පුද්ගලයන් "හැකි ඉක්මනින්" යහපත් සෞඛ්‍ය වෙනස්කම් ඇති කර ගත යුතු බවත්, ප්‍රධානම දේ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ව්‍යායාම බවත් වෛද්‍ය නිර්දේශයයි. ශරීර බර අඩු කර ගැනීම, දුම්පානය නැවැත්වීම, මත්පැන් භාවිතයෙන් වැළකීම, දිනපතා ව්‍යායාම කිරීම සහ ලුණු අඩු වශයෙන් ආහාරයට ගැනීම රුධිර පීඩනය අවම කර ගැනීමට ගත හැකි ප්‍රධාන පියවරය. වයස්ගත වෙත්ම ඩිමෙන්ෂියා අවදානම අවම කර ගැනීම සහ මොළය සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීම සඳහා ද ඉහත කී කාර්යයන් උපකාරී වන බව ‘ඇල්ෂයිමිර් රිසර්ච්’ ආයතනය කියයි. 

►Lancet

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Jun 2018 07:55 PM
වයසට යනකම් ඉන්නෙ නැතුව ආහාර පාලනයයි, ව්‍යායාම් නුයි දිනපතා කරනව නම් ගොඩක් ලෙඩ වල් වලින් ආරක්ෂා වෙන්න පුළුවන්
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Jun 2018 08:46 PM
ගොඩක් ලෙඩ වලට මුල කට තමා .................
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Jun 2018 06:48 PM

 

aracදීර්ඝ කාලීනව හෝ කෙටි කාලීනව ඇල්කොහොල් අධික ප්‍රමාණයක්‌ භාවිත කිරීම නිසා රුධිර සංසරණ ව්‍යqහයට අයත් අවයව වන හෘදය, රුධිර වාහිනී සහ රුධිරය මත අහිතකර බලපෑම් ඇති වෙනවා. ශරීරයේ සෑම අවයවයකටම සෑම සෛලයකටම අවශ්‍ය පෝෂණ පදාර්ථ සහ ඔක්‌සිජන් සැපයීමත් එසේම සෛලවල නිපැදෙවෙන කාබන් ඩයොක්‌සයිඩ් සහ අනෙකුත් බහිස්‍රාවීය අපද්‍රව්‍ය අදාල බහිස්‍රාවී අවයව වෙත යොමු කිරීමත් රුධිරය ශරීරය පුරා සංසරණය වීම තුළින් සිදු කෙරෙන ප්‍රධාන ක්‍රියාකාරිත්වයන් වෙනවා.

කුටීර හතරකින් සමන්විත වන හෘදය එහි සංකෝචන ප්‍රසාරණ ක්‍රියාවලිය තුළින් පොම්පයක්‌ ලෙස රිද්මයානුකූලව ක්‍රියාත්මක වී රුධිර සංසරණයට අවශ්‍ය බලය සපයනවා. මෙම සංකෝචන ප්‍රසාරණ ක්‍රියාවලිය හෘදයේ උපදින විද්යුත් ක්‍රියා යාන්ත්‍රණය මගින් පාලනය වෙනවා. දිනකට වාර ලක්‌ෂයක්‌ පමණ හෘදය සංකෝචනය හා ප්‍රසාරණය වී රුධිරය ගැලුම් දෙදහසක්‌ පමණ පොම්ප කරනවා.

ඇල්කොහොල් අධික ලෙස භාවිත කිරීම නිසා හෘදය නිරීමාණය වී ඇති හෘද මාංශ පේශිය පීඩාවට පත් වී දුර්වල වෙනවා. එම තත්ත්වය වෛද්‍ය විද්‍යාත්මක ව Alcoholic cardiomayopathy නමින් හඳුන්වනවා. ශරීර ගත වූ ඇල්කොහොල් මගින් හෘද මාංශ පේශී සෛලවල ඔක්‌සිකාරක ප්‍රතික්‍රියාවන් සීඝ්‍ර කරනවා. ඒ නිසා එම සෛලවල නිර්මාණයට සහ ක්‍රියාකාරිත්වයට දායක වන ප්‍රොaටීන විනාශ වෙනවා. සෛල පටලවල සහ සෛල අභ්‍යන්තරයේ ඇති ඉන්ද්‍රිකා පටල විකෘති වෙනවා. එන්සයිම වල ක්‍රියාකාරිත්වය වෙනස්‌ වෙනවා. හෘද මාංශ පේශී සෛලවල මේද අම්ල එක්‌ රැස්‌ වෙනවා. මෙලෙස ඇති වන විකෘතිතා නිසා හෘද මාංශ පේශියේ දුර්වල වීම ඇති වෙනවා.

ඇල්කොහොල් අධික ලෙස භාවිතා කිරීම නිසා හෘද මාංශ පේශියේ විකෘතිතාවලට අමතරව හෘදයේ විද්යුත් ක්‍රියාකාරිත්වයේ ද වෙනස්‌කම් ඇති වෙනවා. හෘදයේ විද්යුත් ආවේග උත්පාදන වේගය වැඩි වෙනවා මෙන්ම අක්‍රමවත් ද වෙනවා. මේ නිසා හෘදය සංකෝචය වීමේ රිද්මය වෙනස්‌ වෙනවා. මෙම රිද්මීය විකෘතිතා රුධිර සංසරණය කෙරෙහි විශාල බලපෑමක්‌ ඇති කරනවා. හෘදය තුළ දී රුධිර කැටි නිර්මාණය වී එම රුධිර කැටි රුධිර සංසරණයත් සමග ශරීරයේ විවිධ අවයව කරා පැතිර ගොස්‌ වාහිනී අවරෝධතා ඇති කරනවා. මොළය, හෘදය සහ වකුගඩු වැනි ප්‍රධාන මර්මස්‌ථාන පීඩාවට පත් කරනවා. මේ නිසා ඝෘජු හා වක්‍ර ලෙස සුව කිරීමට දුෂ්කර විවිධ දරුණු රෝග තත්ත්ව ඇති වෙනවා. ඇල්කොහොල් අධික ලෙස භාවිත කිරීම නිසා රුධිරවාහිනී නිර්මාණය වී ඇති සිනිදු පේශි සංකෝචනය වෙනවා. ඒ නිසා රුධිර වාහිනී පටු වීමෙන් රුධිර පීඩනය වැඩි වීම සිදු වෙනවා.

මෙම සියලු විකෘතිතාවල අවසාන ඵලය හෘදය දුර්වල වීමයි. හෘදයේ ක්‍රියාකාරිත්වය දුර්වල වීමේ දී බොහෝ රෝග ලක්‌ෂණ පහළ වෙනවා. ශාරීරික අප්‍රාණිකත්වය, වෙහෙසකාරී බව, ක්‌ලාන්තය සහ කරකැවිල්ල, හෘදයේ ගැස්‌ම දැනීම, මුත්‍ර පිටවීම අඩුවීම, මානසික අසහනකාරී බව සහ අවධානය යොමු කිරීමේ අපහසුතාව, අලස බව, ආහාර අරුචිය, පාද වලලූකර ඉදිමීම සහ සුළු ව්‍යායාමයක දී පවා ඇති වෙන වෙහෙස සහ හතිය මූලික රෝග ලක්‌ෂණ ලෙස ඇති විය හැක. රෝග තත්ත්වය උග්‍ර වීමේ දී මෙම රෝග ලක්‌ෂණ වල උග්‍රතාවය ද වැඩි වෙනවා.

ඇල්කොහොල් භාවිතය නිසා හෘදයට ඇති වී ඇති බලපෑම් විශේෂිත ප්‍රතිකාර මගින් සුවකර ගැනීමේ හැකියාවක්‌ තිබෙනවා. ඒ සඳහා විධිමත් වෛද්‍ය උපදෙස්‌, ප්‍රතිකාර උපක්‍රම, ඖෂධ සහ නිවැරැදි උපදේශනය ලබා ගත යුතු වෙනවා.

arac1

 

whatප්‍රශ්නය - පසුගිය සතියේදී අප සාකච්ඡා කළේ Ulcerative Collitis හෙවත් අන්ත්‍ර ප්‍රදාහය ගැනයි. මෙය සරල ලෙස හඳුන්වන්නේ බඩවැලේ තුවාල ලෙසයි. අන්ත්‍ර ප්‍රදාහය, මහාන්ත්‍රය හෙවත් මහ බඩවැලේ ඇති වන රෝගී තත්ත්වයක්‌. මෙහි රෝග ලක්‍ෂණ ලෙස රුධිරය සහිත පාචන තත්ත්වය, උදරයේ වේදනාව, විඩාව, ශරීරයේ බර අඩුවීම, සන්ධි ඉදිමීම, ආහාර අරුචිය, මහබඩවැල ඉදිමීම, රක්‌තහීනතාව හට ගැනීම, නිතර මළ පහ කිරීමට අවශ්‍ය වීම, මුඛය තුළ සහ සම මත තුවාල හටගැනීම, කුෂ්ඨ රෝග තත්ත්වයක්‌ ඇතිවීම දැක්‌විය හැකි බව ඔබ පැහැදිලි කර දුන්නා. මෙය ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිද?

විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - ගුද විද්‍රදිය වැනි ඉතාම නරක රෝග තත්ත්වයකුත් ආයුර්වේදය මගින් සුව කළ හැකි නම් Ulcerative Collitis වැනි රෝගයක්‌ සුව කිරීම කිසිදු ප්‍රශ්නයක්‌ නොවෙයි. Irritable bowl syndrome කියන්නේ බඩවැල ආශ්‍රිතව ඇති විය හැකි මීටත් වඩා නරක තත්ත්වයක්‌. එය පවා සුව කරන්නට ආයුර්වේදයට පුළුවන්.

ප්‍රශ්නය - ඒ රෝගය ගැන අපට විස්‌තර කරන්න.

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - IBS හෙවත් ඉරිටබල් බවල් සින්ෙඩ්‍රාම් රෝගය සිංහලෙන් හඳුන්වන්නේ ග්‍රහණි රෝග නමිනි. මෙහි ඇති ඉතාම ප්‍රකට රෝග ලක්‍ෂණය තමයි ආහාරයක්‌ ගත් සැනින් මළ පහ කිරීමට සිදුවීම. මෙහිදී ආහාර ජීර්ණ පද්ධතියේ සහ ගුද මාර්ගයේ ක්‍රියා කලාපය ගැන පැහැදිලි කළ යුතුයි. ආහාර ජීර්ණයේ අවසන් කොටස තමයි මළ පහකිරීම. මෙහිදී ඝන වශයෙන්, අර්ධ ඝන ද්‍රව්‍යයක්‌ වශයෙන්, දියරමය තත්ත්වයෙන් මළ පහවෙනවා. ආහාර ජීර්ණ පද්ධතියේදී දිරවන ද්‍රව්‍ය ගුදය වෙත පැමිණීමෙන් පසුවයි මළපහ වන්නේ. මනුෂ්‍යයන් සාමාන්‍ය වශයෙන් දිනකට කිහිපවතාවක්‌ දිනකට වතාවක්‌, සතියකට කිහිප වතාවක්‌ යනාදී වශයෙන් මළ පහ කරනවා. මහාන්ත්‍රයේ තිබෙන මාංශපේෂි මගින් දිරවන ද්‍රව්‍ය පහකට තල්ලු කරන අතර එවිට එම ද්‍රව්‍ය ගුදයට ළඟා වෙනවා. මේ ආකාරයෙන් ම නොදිරවූ ආහාරත් ගුද මාර්ගය කරා ළඟා වන අවස්‌ථා තිබෙනවා. ඒ නොදිරවූ ආහාර කොටස්‌ මහබඩවැලේ තිබෙන මාංශ පේෂි මගින් පහතට තල්ලු කිරීම නිසයි. ග්‍රහණි රෝගය හෙවත් ඉරිටබල් බවල් සින්ෙඩ්‍රාaමය ලෙස හඳුන්වන්නේ බඩේ මහාන්ත්‍රයේ මාංශ පේෂීන් නොකල්හි ක්‍රියාත්මක වී නොදිරවූ ආහාර ගුද මාර්ගයට තල්ලු කර දැමීමයි.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවාද?

what1විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - මූලික රෝග ලක්‍ෂණ තමයි ආහාරයක්‌ ගත් සැනින් බඩ රිදෙන්නට පටන් ගෙන කුස තුළ පෙරළියක්‌ හටගන්නවාක්‌ වැනි තත්ත්වයක්‌ නිර්මාණය වීම. සමහරුන්ට මේ රෝගය තිබෙන විට බඩ පිපුම හට ගන්නවා. මේ රෝගය බරපතළ ලෙස තිබෙන අයට කාංසාමය තත්ත්වයක්‌ ඇති වෙනවා. IBS රෝගය තිබෙන පිරිමින් හා ගැහැනුන්ගෙන් තුනෙන් එකකට ලිංගික දුර්වලතා ඇතිවන බව සොයාගෙන තිබෙනවා.

ප්‍රශ්නය - මේ රෝගය හට ගැනීමට හේතුව මොකක්‌ද?

විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රියාත්මක වන්නේ මධ්‍ය ස්‌නායු පද්ධතිය මගින් නිකුත් කරන සංඥවලට අනුවයි. මෙය අප හඳුන්වන්නේ Gut brain axis යනුවෙන්. ආහාර උගුරෙන් පහළට යන විටම මොළයෙන් සංඥවක්‌ ආවොත් ආහාර මහාන්ත්‍රය දිගේ පහළට තල්ලු කර මළ මාර්ගයට යවන්න කියලා. එය එසේම සිදු වෙනවා.

(ලබන සතියේ මේ පිළිබඳ ආයුර්වේද මතය සහ ප්‍රතිකාර)

නොමිලේ විස්‌තර සඳහා

- 0766739977, 011-5288055

සාකච්ඡා කළේ

සංඛනාද වෙදගෙවත්ත

 

 

earප්‍රශ්නය - කර්ණ රෝගවලට කරන ආයුර්වේද ප්‍රතිකාර ගැන අප පසුගිය සතියේදී කතා කළා. කන පිරිසිදු කිරීම සඳහා උපකරණ ඇත්තේ බටහිර වෛද්‍ය ක්‍රමය තුළ පමණක්‌ බව අප මෙතෙක්‌ උපකල්පනය කළත්, ආයුර්වේදය තුළත් එවැනි උපකරණ තිබෙන බව ඔබ සඳහන් කළා.

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීපරිස්‌ - සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද ග්‍රන්ථවල මේ උපකරණ ගැන සඳහන් වෙනවා. උපකරණයේ අග පුළුන් දවටා කනට ඇතුළු කර ප්‍රවේශමෙන් පිරිසිදු කිරීම කළ හැකියි. ඉන් පස්‌සේ ධූපන ප්‍රතිකාරය කියලා දෙයක්‌ කරනවා. ධූපන ප්‍රතිකාරයේදී කෙරෙන්නේ ආයුර්වේද ප්‍රතිජීවක ඖෂධ වර්ග දැවෙන පොල්කටු අඟුරු සහිත භාජනයකට දමලා ඒ දුම් කනට යන්නට සැලැස්‌වීමයි. බටහිර වෙදකම් ඇන්ටි බයටික්‌ ඖෂධවලින්, ඇන්ටි බයටික්‌ ෙඩ්‍රාප්ස්‌වලින් කෙරෙන කාර්යය මේ ශාකසාර ඖෂධවලිනුත් ඒ විදියටම කෙරෙනවා.

ප්‍රශ්නය - ඔබ ඔය කියන පොල්කටු අඟුරු සහිත උපකරණය කොයි වගේද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - එය කුඩා මුට්‌ටියක්‌. ඒ මුට්‌ටියේ තිබෙනවා දිග නලයක්‌ සම්බන්ධ පියනක්‌. ඒ මුට්‌ටියට පොල්කටු ගිනි අඟුරු දමලා පෙර කී ඖෂධ දමලා පියන වහනවා. ඉන් පසු අර බටය කනට අල්ලනවා. එවිට ඖෂධීය දුව කන තුළට ගමන් කරනවා. එම දුමට කන ඇතුළත තිබෙන තුවාල වියෑලෙනවා. එසේ වන්නේ ප්‍රතිජීවක ඖෂධ නිසයි.

ප්‍රශ්නය - මේ සඳහා යොදන ඖෂධ මොනවද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - වළඟසාල්, නිකකොල, ගුගුල්, වෙනිවැල්ගැට, සුවඳ කොට්‌ටන් යනාදී ඖෂධ කුඩු බවට පත් කරලා පාවිච්චි කරනවා. මේ සියල්ලම ප්‍රතිජීවක ඖෂධ. ආසාදන, ප්‍රදාහ තත්ත්වයක්‌ නැසීමේ හැකියාව මේවාට තිබෙනවා. උදාහරණයක්‌ ලෙස ගනිමු වළඟසහල්. මෙය නාසය ආශ්‍රිත රෝගයක්‌ වන පීනසට ඉතා ගුණ දෙන ඖෂධයක්‌. නික කියන්නේ කෘමි නාශකයක්‌. ඒ වගේම ක්‍රිමි නාශකයක්‌. මෙය දද - කුෂ්ට, චර්ම රෝග, අක්‌මා රෝග. ප්ලීහාව, ඉදිමීම, රූමටික උණ, ඔක්‌කාරය, කොන්දෙ වේදනාව යන රෝග තත්ත්වයන් සමනය කරන්නට යොදා ගන්නවා. ගුගුල් කියන්නේ වසර 2500 කට වැඩි කලක්‌ තිස්‌සේ ඉන්දියාවේ පරිහරණය කරලා අත්දුටු ඖෂධීය ශාකයක්‌. LDL නමැති හිතකර කොලෙස්‌ටරෝල් වර්ගය මර්දනය කිරීමටත් ගුගුල් යොදා ගන්නවා. වෙනිවැල්ගැට ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.

එය විශබීජ නාශකයක්‌ වගේම පිටගැස්‌මට එරෙහිව සටන් කරන ප්‍රතිජීවක ඖෂධයක්‌. සුවඳ කොට්‌ටන්වලින් මොළය වර්ධනය වෙනවා. හෘද රෝග පාලනය වෙනවා. අස්‌ථි ශක්‌තිමත් කරනවා. ප්‍රතිශක්‌තිකරනය ඉහළ නංවනවා. මේ ඖෂධ මිශ්‍රකර කරන ධුපන ප්‍රතිකාරය ඉතාම සාර්ථකයි.

ධූපන ප්‍රතිකාරය කියන්නේ උගුර, කන, නාසය ආශ්‍රිත රෝගවලට කරන ප්‍රතිකාර පන්තියකින් එකක්‌ පමණයි. මෙයට අමතරව උගුර හෝදන්න ඖෂධීය ශාක සාරමය ජලය නිර්දේශ කරනවා. ඊට අමතරව කසාය දෙනවා. ඉහතින් අපි විස්‌තර කළේ කනේ රෝග ගැනයි. නාසයේ රෝගයක්‌ හට ගත්තාම එයට සරිලන ධූපන ආයුර්වේදයේ එනවා.

(ලබන සතියේ කනේ අමාරුව තිබෙනවිටෙක රෝගියා පැවතිය යුතු ආකාරය.)

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

ear1

 

pinas* බොහෝ පිරිසකගේ දෛනික ජීවිතයට විශාල බලපෑමක්‌ එල්ල කරන රෝගී තත්ත්වයක්‌ තමයි පීනස කියන්නේ. මේ රෝගයේ ලක්‍ෂණ මොනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - දිනපතා බහුතර රෝගීන් පිරිසක්‌ මෙම රෝගය වැලඳුණු අය අප කරා පැමිණෙනවා. මෙම රෝගයේ ප්‍රධානම රෝග ලක්‍ෂණ ලෙස හඳුන්වා දිය හැක්‌කේ, නාසයෙන් සොටු දියර ගැලීම, හිස බර ගතිය, අධික කේන්තිය සහ නිතර කිවිසුම් යැමයි. මීට අමතරව රෝග ලක්‍ෂණ තිබුණත් ඉහත රෝග ලක්‍ෂණ ප්‍රධාන ලෙස පෙන්වා දිය හැකියි.

* මෙම රෝග ලක්‍ෂණ විශේෂයෙන්ම රෝගියාට ඇතිවන විශේෂ කාලවේලාවක්‌ තිබෙනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - පීනස රෝගයේ විශේෂ ලක්‍ෂණයක්‌ තමයි අනෙක්‌ රෝගවල මෙන් මෙම රෝගයේ රෝග ලක්‍ෂණ නිතරම නොපෙන්වීම, ඒ අනුව මෙම රෝගීන්ට රෝග ලක්‍ෂණ පෙන්වනු ලබන්නේ වැඩිපුරම පරිසරයේ සිසිල් ගතිය වැඩිපුර තිබෙන අවස්‌ථාවලයි. ඒ අනුව බොහෝ රෝගීන්ට උදැසන කාලයේ මෙම ලක්‍ෂණ වැඩිපුරම ඇතිකරනු ලබනවා. කිවිසුම් යැම, සොටු දියර ගැලීම බහුලවම එම කාලයේදී සිදුවනු ලබනවා. තවද සවස්‌ කාලය හා රාත්‍රියේද මෙම රෝග ලක්‍ෂණ මතුවිය හැකියි. බොහෝ විට දිවා කාලයේදී ඔවුන්ට මෙම රෝග ලක්‍ෂණ කිසිවකින් පීඩාවක්‌ සිදුවන්නේ නැහැ. එයද මේ රෝගයේ විශේෂයක්‌ ලෙස හැඳින්විය හැකියි.

* පීනස රෝගීන්ට බලපාන තවත් රෝග තිබෙනවාද? ඒ මොනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - අප කරා පැමිණෙන මෙවැනි රෝගීන් පරීක්‍ෂා කිරීමේදී ඔවුන්ට වැලඳෙන තවත් රෝග රැසක්‌ම අප හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඉන් කීපයක්‌ ලෙස ගැස්‌ට්‍රයිටීස්‌, අර්ශස්‌ හා සමේ රෝග විශේෂයෙන්ම පෙන්වා දිය හැකියි.

බහුතර පීනස්‌ රෝගීන් පිරිසක්‌ ඉහත රෝගාබාධවලින්ද පීඩා විඳිනවා.

* ආයුර්වේද ප්‍රතිකාරවලින් මෙම රෝගය නිසි ලෙස සුවකර ගත හැකිද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - නිසි ලෙස නොව නිට්‌ඨාවටම සුවකළ හැකියි. නමුත් බොහෝ දෙනෙක්‌ මෙම රෝගයට ආයුර්වේද ප්‍රතිකාර ගැනීමේදී රෝගය තවත් උත්සන්න විය හැකි යෑයි සිතා සිටිනවා. නමුත් අපට ඉතා පැහැදිලිsවම කිව හැකියි නිවැරැදි ලෙස ආයුර්වේද ප්‍රතිකාර ලබා ගත්තොත් මේ රෝගයෙන් නිට්‌ඨාවටම සුවය ලැබිය හැකියි.

* බොහෝ විට සෙම ඉවත් කිරීමෙන් පමණක්‌ මෙම රෝගය සුවකළ නොහැකියි. බොහෝ අය විවිධ නස්‌න ක්‍රම කර, සෙම වියළන ප්‍රතිකාර ලබා ගෙන නමුත් රෝගය සුව නොවී අප කරා එනවා. පීනසට ප්‍රතිකාර කිරීමට පෙර ඔහුට හෝ ඇයට බලපාන වෙනත් රෝග තිබෙනවාද? එසේ නම් ඒ මොනවාද කියා සොයා බලා ශරීරයේ සෙම ඇතිවීමට හේතු සොයා බලා ඒ ඒ රෝගියාට වැලඳී ඇති රෝගාබාධ වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාදීමෙන් තමයි මෙම රෝගය සුවකළ හැක්‌කේ. ඒ අනුව එකම රෝගය වුවත් ප්‍රතිකාර ක්‍රම විවිධ විය හැකියි.

pinas1

 

sayatikaප්‍රශ්නය - අද අප මාතෘකාව යම් තරමකින් වෙනස්‌ කිරීමට අපේක්‍ෂා කරනවා. ඒ අනුව අප අද සිට පටන් ගන්නේ ආයුර්වේද ක්‍රමවේදයන් මගින් සයටිකා රෝගය කළමනා කරගන්නා ආකාරයයි.

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - කෙනෙකුගේ ජීවිතයේ වඩාත්ම පලදායී කාලයේදී වැළඳිය හැකි එමෙන්ම බොහෝ විට වැළඳෙන නරකම රෝගයක්‌ තමයි කොන්දේ අමාරුව. මේ කොන්දේ අමාරුවලින් 90% ක්‌ ම කවර හෝ සයටිකා රෝග තත්ත්වයක්‌ බව දැන් සොයාගෙන තිබෙනවා. නූතන ජීවිතවල තිබෙන කාර්ය බහුල බව, වෘත්තීය නිසා නිතරම වැරදි ඉරියව්වලට ඉඳගෙන සිටීමට සිදුවීම, ගමනා ගමනයේදී සහ ව්‍යායාම/ ක්‍රීඩා යනාදියේදී ශරීරයේ හට ගන්නා කම්පනය, ශරීරයේ බර වැඩිවීම, පරිගණක භාවිතයට පුරුදු වීම නිසා නිතර දෙවේලේ කොන්ද නමාගෙන සිටීම, මානසික ආතතිය, කොඳු ඇට පෙළ මත හට ගන්නා නොනිසි පීඩනය නිසා සයටිකාවත් කොන්දේ අමාරුවත් හට ගන්නවා. ආයුර්වේදයේ එන ග්‍රිධ්‍රසි නමැති රෝගයත්, බටහිර වෙදකමේ එන සයටිකාවන් යන දෙකම එක සමාන බව අප මෙයට පෙරත් සඳහන් කර තිබෙනවා. ආයුර්වේදයේ එන තානාන්ම්ජ ව්‍යාධි ලෙස හඳුන්වන රෝග 80 න් සයටිකාව ඉන් එකක්‌. එමෙන්ම එය වාතව්‍යාධියක්‌ බවත් අප මේ වන විට දන්නවා. එනම් වාත දොaෂය කුපිත වීම මුල් කරගත් රෝගයක්‌. වාත ව්‍යාධි රෝගවලට වඩාත්ම සුදුසු ප්‍රතිකාරය ලෙස ආයුර්වේදයේ සඳහන් වන්නේ වස්‌ති චිකිත්සාවයි.

ප්‍රශ්නය - මෙයට අමතර චිකිත්සා තිබෙනවාද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - ශෝධන සහ සවන ප්‍රතිකාර මගින් සයටිකාව සුව කරන්නේ කොහොමද කියන කාරණය ගැන ඉන්දියානු ආයුර්වේද පර්යේෂකයන් පිරිසක්‌ ඉන්දියාවේදී කළ පර්යේෂණ ගැන Reserch Gate නමැති web අඩවියේ පළ වී තිබෙනවා. මෙහිදී පළමු නියෑදිය ලෙස අරගෙන තිබෙන්නේ කොන්දේ අමාරුව. කොන්දේ උඩ සිට පාදයේ පහළට ඇදී යන වේදනාව, වම් පාදයේ පේෂීන්වල හට ගන්නා වේදනාව, ඇවිදින විට හට ගන්නා වේදනාව යන රෝග ලක්‍ෂණ සහිත පිරිමි රෝගියෙක්‌. එරන්ද්මුලා දී වස්‌තිය, පත්‍ර සින්ධ ස්‌වේද හෙවත් ඔෂධීය ශාක පත්‍ර ඇසුරින් සාදා ගන්නා පොට්‌ටනිවලින් තැවීම, මහර්ශනාදී ක්‌වාථය සහ සන්නිෂාද එරන්ද තෛලය මගින් කරන ප්‍රතිකාර යනාදිය මගින් මාසයක කාලයක්‌ ඔහුට ප්‍රතිකාර කර තිබෙනවා. මෙහි ප්‍රතිඵලය ඉතා උසස්‌ බව පෙනී ගොස්‌ තිබෙනවා.

(ලබන සතියේ රෝගියාගේ තත්ත්වය වේදනාවක්‌ නැතිව ඇවිදිය හැකි තැනට වර්ධනය වූ හැටි)

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

sayatika1

 

atharaiticeප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගයේදී හැමටම තිබෙන ප්‍රශ්නය තමයි වේදනාව.

වෛද්‍ය වසන්ත උදයජීව - එයට බාහිරවත් අභ්‍යන්තරවත් යොදන ඖෂධ ආයුර්වේදයේ තිබෙන තෛල අභ්‍යංග හෙවත් Oil Massage පිටතින් යොදන ඉතා හොඳ වේදනා නාශක ක්‍රමයක්‌. විශේෂයෙන්ම කාටිලේජ ඉතා ඉක්‌මනින් විනාශ වන ආත්‍රයිටිස්‌ වර්ගයක තිබෙන කෙනෙකුට මෙය ඉතා ප්‍රයෝජනවත්. තලතෙල් ස්‌වල්පයක්‌ උණු කරලා මද රස්‌නය ඇතිව ශරිරය සම්බාහනය කළ විට ශරිරයේ නිල තෙරැපී රුධිර සංසරණය යථා තත්ත්වයට පත් වෙනවා. මෙකී සම්බාහනයේදී ශරිරයේ පුළුල් ප්‍රදේශ, එනම් පිට, ගාත්‍රා වැනි තැන්වල උඩ සිට පහලට වැරෙන් සම්භාහනය කළ යුතුයි. සන්ධි රවුමට සම්භාහනය කළ යුතුයි. එතකොට තමයි උණුසුම් තල තෙල් ශරීරයේ පටක තුළට කාන්දු වන්නේ. ඒ එක්‌කම ශරීරය තුළ තිබෙන ඇලෙන සුළු විෂ ද්‍රව්‍යයක්‌ වන ආමය දියාරු විමට පටන් ගන්නවා.

තලතෙල් වගේම එඬරු තෙලුත් ආත්‍රයිටිස්‌ රෝගයට ඉතාම සුදුසුයි. එඬරු තෙල් ස්‌වල්පයක්‌ අල්ලට අරගෙන එයට කහකුඩු එකතු කර ක්‍රීම් ස්‌වල්පයක්‌ තනා වේදනාකාරි සන්ධිවල තවරා පිරිමදින්න. එයිට සන්ධිවල හට ගන්නා ප්‍රදාහ තත්ත්වයන් නැතිව යනවා. මෙය ක්‍රියාකරන්නේ steroid වර්ගයක්‌ හැටියටයි. සන්ධියේ ඉදිමුම, තද ගතිය, වේදනාව යනාදිය නැති කිරිමට මෙය ඉවහල් වනු ඇති.

ප්‍රශ්නය - අද ඔබ අපට දෙන කසාය කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - බැබිල මුල්, සුදුලූනු, අරත්ත අල, නෙරෙංචි , රසකිඳ, ඇහැලපොතු, මීතෙල් අල යනාදිය කලං 1 මංචාඩි 19 බැගින් ගෙන වතුර පත 8කට දමා එය එකපතකට සිඳ පෙරා සීනි, මීපැණි උදේ සවස පානය කළ යුතුයි. පානය කළ යුතු කාලය දින 12 යි. මෙය ඉතා ප්‍රකට සාම්ප්‍රදායික ආයුර්වේද කසායක්‌.

නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

atharaitice1

 

faiෆයිබ්‍රොයිඩ් හෙවත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ගර්භාශගත අර්බුද ලෙස නම් කරන රෝග තත්ත්වය සඳහා පවතින ආයුර්වේද ප්‍රතිකාර තීරණය කිරීම සඳහා වෛද්‍යවරයකු කරුණු කිහිපයක්‌ කෙරෙහිම අවධානය යොමු කරයි. එහිදී ප්‍රධානම වනුයේ රෝගියාගේ අවශ්‍යතාවය හා රෝගයේ වත්මන් තත්ත්වයයි. එනම් යම්කිසි කාන්තාවක්‌ දරුඵල අපේක්‍ෂිතව ෆයිබ්‍රොයිඩ් සඳහා ප්‍රතිකාර සොයා එයි නම් එහිදී ඇයගේ වයසත් ගෙඩියේ ප්‍රමාණයත් පිළිබඳ අවධානය යොමු කරයි.

ෆයිබ්‍රොයිඩ් ගෙඩියේ ප්‍රමාණය අනුව ප්‍රතිකාර පිළිබඳ සිතිය යුතුය. අප විශ්වාස කරන ආකාරයට හා අපගේ සායනික අත්දැකීම් අනුව ෆයිබ්‍රොයිඩ් ගෙඩිවල ප්‍රමාණය 2 - 3 ජප අතර ප්‍රමාණයට අඩු කිරීම දරුඵල ඇතිවීමේ හැකියාව වැඩි කරයි. එබැවින් ඊට වඩා සෙන්ටිමීටර කිsපයක්‌ විශාල ගෙඩිවල ප්‍රමාණය අඩු කිරීම සඳහා ප්‍රතිකාර පද්ධතියකට යොමු කරයි. මෙම වර්ධනයන් ප්‍රමාණවත්ව අඩු වූ විට වහා සරුබව වැඩි කිරීම සඳහා ප්‍රතිකාර ආරම්භ කරයි. ප්‍රමාණයෙන් ඉතා විශාල නම් කාන්තාවගේ වයස අනුව එය ප්‍රමාණයෙන් අඩු කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක්‌ ඉතිරිව නැතිනම් එබඳු තත්ත්වවලදී වෙනත් වෛද්‍යක්‍රමවල ශල්‍යමය ප්‍රතිකාරය සඳහා යොමු කරන අතර එය සිදුකරන තෙක්‌ උපද්‍රව අවම කිරීම සඳහා ඖෂධ නොදෙයි. ශල්‍යකර්ම මගින් ගෙඩි ඉවත් කිරීමෙන් පසු ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවන කාන්තාවන්ට නැවත ෆයිබ්‍රොයිඩ් වර්ධනය අවම කිරීම සඳහා ද ප්‍රතිකාර පද්ධතියන් ආයුර්වේදය සතුව පවතී.

මෙයට අමතරව ෆයිබ්‍රොයිඩ් සඳහා මතුවන ලක්‍ෂණ අනුව ද ප්‍රතිකාර පද්ධතීන් විවිධාකාර වේ. මෙහිදී යම් කාන්තාවකට වැඩිපුර රුධිර වහනයක්‌ පවතී නම් රක්‌ත ප්‍රදර තත්ත්වය සඳහා නිර්දේශිත ඖෂධ අනුසාරයෙන් සැකසූ රෝගී පාලනයක්‌ නිර්දේශ කරයි. ඒ සමඟ ආහාර රටාව හා එදිනෙදා ඇවතුම් පැවතුම් සකසා ගත යුතු ආකාරය පිළිබඳව ද උපදෙස්‌ ලබා දෙයි. ෆයිබ්‍රොයිඩ් තත්ත්වයෙන් මාස්‌වීමේදී අපහසුතා හා වේදනා පවතී නම් ප්‍රතිකාරය යොමු කරනුයේ වේදනා නාශනයටයි. ඖෂධ මෙන්ම ඔසප් වේදනාව පාලනය සඳහා කළ හැකි සුළු අත්බෙහෙත් ක්‍රම සඳහා ද උපදෙස්‌ සපයනු ලැබේ. මෙලෙසම කොන්දේ වේදනාව, මළබද්ධය, මුත්‍ර පිටකිරීමේ වෙනස්‌කම සඳහා ද ඒ ඒ රෝග ලක්‍ෂණ මූලික කරගත් ප්‍රතිකාර පද්ධතීන් ඇත. මේ සියල්ල සමඟ එයට සමගාමීව ගෙඩිවල ප්‍රමාණය අඩු කිරීමට ද ප්‍රතිකාර ක්‍රියාත්මක වීම මෙහි විශේෂත්වයයි. ආයුර්වේදයේ සියලු රෝගවලට මෙන්ම ෆයිබ්‍රොයිඩ් සඳහා ද පත්‍ය අපත්‍ය හෙවත් කළ යුතු නොකළ යුතු ආහාරපාන උපදෙස්‌ ද මේ සමඟම එම කාන්තාවන්ට ලබාදෙනු ලබයි.

fai1

 

koduප්‍රශ්නය - සති දෙකක පමණ නිහැඬියාවකින් පසු අප නැවත වරක්‌ ඔබ සමඟ පවත්වන සාකච්ඡා පෙළ මෙයින් අරඹනවා. දැන් අප ඔබ සමඟ කතා කරන්නට බලාපොරොත්තු වන්නේ කොඳු ඇට පෙළේ හට ගන්නා රෝගී තත්ත්වයන් හා ඒවා නිසා ශරීරයේ විවිධ තැන්වල හට ගන්නා අකර්මන්‍යතාවන් ගැනයි.

වෛද්‍ය එම්. ඒ. මදනායක - එවැනි සිද්ධියක්‌ සම්බන්ධයෙන් උදාහරණ වශයෙන් දිය හැකි සිද්ධි අධ්‍යයනයන් මා සතුව තිබෙනවා. පසුගිය මාසයේ මා වෙත එනවා දකුණ අත සහ දකුණු පාදය පණ නැති වූ රෝගියෙක්‌. ඔහු වෘත්තිය වශයෙන් කර තිබුණේ ත්‍රිරෝද රථයක්‌ පැදවීමයි.

ප්‍රශ්නය - කොඳු ඇටවල ආබාධවලට ත්‍රිරෝද රථවල ගමන් කිරීම හෝ ඒවා පැදවීම හේතුවක්‌ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - ලෝකය පුරා අද විවිධාකාර රැකියා තිබෙනවා. මේ හැම

රැකියාවක්‌ම ජන සමාජය සමඟ බද්ධ වෙලා පවතිනවා. සමහරු දිගු කාලයක්‌ පරිගණකයේ වැඩ කරන විට කොඳු ඇටපෙළ රෝගී වීමේ අවදානමට යනවා. ඒත් පරිගණකය අද සමාජයට අවශ්‍ය දෙයක්‌. එයින් වෙන්වෙලා වැඩ කරගෙන යැම හරිම දුෂ්කරයි. එහෙනම් අප කරන්න ඕනෑ පරිගණකයේ වැඩ කරන විට හිඳ සිටිය යුතු නිවැරැදි ඉරියව්ව සකස්‌ කර ගැනීමයි. ත්‍රීවීලරය පදවන විට ගැස්‌සෙනවා තමයි. එය රියෑදුරාගේ කොන්දට බලපානවා. හැබැයි වැඩි ගැස්‌සීමක්‌ නැතිව ත්‍රිරෝද රිය එළවන ක්‍රම තිබෙනවා. තමන්ගේ කොන්දට හානියක්‌ නැතිව පරිස්‌සමින් එළවන්න ඔවුන් උගත යුතුයි. නූතන සමාජයට හැම රැකියාවක්‌ම අවශ්‍යයි.

ප්‍රශ්නය - ඔබේ රෝගියාගේ විස්‌තරය දැන් අපට කියන්න.

වෛද්‍ය එම්. ඒ. මදනායක - මා වෙත පැමිණි රෝගියාගේ වයස අවුරුදු 50 කට කිට්‌ටුයි. ඔහු විවාහකයෙක්‌. පදිංචිය කැලණියට ආසන්න ගෝනහේන. මෙයට වසර දෙකකට විතර ඉස්‌සර ඔහුගේ කොඳුඇට පෙළේ බෙල්ලට සම්බන්ධ ඉහළ කොටස රිදෙන්නට පටන් ගන්නවා. ඉන් පස්‌සේ එය ටිකෙන් ටික පහළට පැතිර යනවා. ඊළඟට ඔහුගේ තුනටිය දරන්න බැරි තරමට වේදනා ගෙන දෙන්නට පටන් ගන්නවා. දකුණු කුකුලත් දකුණු අතත් පණ නැති වෙන්නට පටන් ගන්නේ ඒ අතරයි.

ප්‍රශ්නය - ඊළඟට මොකද වෙන්නේ?

වෛද්‍ය එම්. ඒ. මදනායක - ඊළඟට ඔහු යනවා රෝහලට. එතැනදී ඔහුව ස්‌කෑන් පරීක්‍ෂණයකට ලක්‌ කරන වෛද්‍යවරු කියන්නේ ඔහුගේ ගෙල පෙදෙසේ ස්‌නායු හිරවීමක්‌ තිබෙන බැවින් තීරණාත්මක සැත්කමක්‌ කළ යුතු බවයි. මෙය ඉක්‌මනින් කර ගන්න නම් පිටරටක රෝහලකට ඇතුළු විය යුතු බව ඔවුන් කියනවා. සැත්කමට යන මුළු මුදල ලක්‍ෂ 60 යි. ඔහුට ඒ තරම් මුදලක්‌ තබා රුපියල් ලක්‍ෂයක්‌වත් සොයා ගන්න බැහැ. ඒ අවස්‌ථාවේදී ඔහු ඉන්න අවදානම දැකපු රජයේ වෛද්‍යවරු ඔහුට උදව් කරලා ලංකාවේදී සැත්කම කරනවා.

ඊට පස්‌සෙ මොකද වුණේ?

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

kodu1

kodu2

 

 

 

 

 

 

 

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Jun 2018 06:48 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Jun 2018 06:49 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Jun 2018 06:49 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
30 Jun 2018 08:14 PM
ව්‍යායාම් කරන එක නම් හැම දේටම හොදයි.
Good post 👍
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jul 2018 04:51 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jul 2018 04:51 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jul 2018 05:31 PM

suwa4අතෙහි හිරිවැටීම වර්තමානයේ බහුලව අසන්නට ලැබෙන රෝග තත්ත්වයකි. වෙනත් රෝග අවස්‌ථාවන්ට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ද අතෙහි සහ ඇඟිලිවල හිරිවැටීම පිළිබඳ පැමිණිලි කරන අවස්‌ථා නිරන්තරයෙන් හමු වේ. මෙවැනි තත්ත්වයන් ඇති වීමට බොහෝ හේතු සාධකවල බලපෑම් ඇති විය හැකි අතර නවීනව හඳුන්වන Carpal Tunnel Syndrome නැමති අවස්‌ථාවද බහුලව මේ සඳහා හේතු සාධක සපයයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙය වාත රෝග ගණයේ ලා සැලකෙන රෝග තත්ත්යවකි. මැණික්‌ කටු සන්ධියේ යම් ව්‍යqහයක්‌ තුළින් ගමන් ගන්නා ස්‌නායුවක්‌ (Median nerve) පීඩාවට පත් වීම හේතුවෙන් රෝග ලක්‍ෂණ හට ගන්නා අතර මෙවැනි තත්ත්වයක්‌ උද්ගත වීමට ඒ ඒ පුද්ගලයාගේ රැකියාවේ ස්‌වභාවයද බලපෑ හැකි බව සොයා ගෙන ඇත.
 
 මැණික්‌ කටු සන්ධිය ආශ්‍රිතව ඇති යම්කිසි කුහරමය ව්‍යqහයක්‌ (Carpal Tunnel) හරහා ඇඟිලිවලට විශේෂයෙන් මහපටැඟිල්ල, දබරැඟිල්ල, මැදැඟිල්ල හා වෙදැඟිල්ලෙහි කොටසකටත් ස්‌නායු ආවේග සපයන ස්‌නායුව (Median nerve) ගමන් ගනී. මෙය අස්‌ථි හා අස්‌ථි බන්ධනී (Ligaments) වලින් මායිම් වී ඇති අතර මෙම කුහරය හරහා පේශී ඛණ්‌ඩරා (Muscles Tendons) හා ස්‌නායුව (Median nerve) ගමන් කරයි. මෙම කුහරමය ව්‍යqහය ඇතුළත පීඩනය යම් හේතුවක්‌ නිසා උදාහරණයක්‌ ලෙස දුව එක්‌ රැස්‌වීමක්‌ නිසා හෝ වැඩිවීම හේතුවෙන් ස්‌නායුව තෙරපීමට ලක්‌ වෙයි. තෙරපීමට ලක්‌වෙයි. එවිට රෝග ලක්‍ෂණ ඇති වීමට පටන් ගනී.
 
 රෝග ලක්‍ෂණ
 
 මෙය එක්‌වරම හට ගන්නා රෝග තත්ත්වයක්‌ නොව රෝග ලක්‍ෂණ ක්‍රමයෙන් ඇති වෙමින් එදිනෙදා කටයුතුවලට බාධා වන අයුරින් උග්‍ර විය හැකි තත්ත්වයකි. අතෙහි මහපටැඟිල්ල, දබරැඟිල්ල, මැදැඟිල්ල හා වෙදැඟිල්ලෙහි එක්‌ පාර්ශ්වයක වරින් වර ඇතිවන නලියන මෙන් දැනෙන ස්‌වභාවය. (Tingling Sensatian) දාහය හා හිරිය සාමාන්‍යයෙන් මෙම රෝග තත්ත්වයේදී දක්‌නට ලැබෙන රෝග ලක්‍ෂණයකි.
 
 රාත්‍රි නින්දට බාධා වන අයුරින් අතෙහි ඇතිවන වේදනාවත් අත පහළට එල්ලා වැටෙන අයුරින් තබාගෙන සිටීමෙන් එම අපහසුතාව මඟ හැරීයැමත් විශේෂයෙන් මෙවැනි රෝගීන්ගෙන් අසන්නට ලැබෙන පැමිණිල්ලකි. මීට අමතරව යමක්‌ අතින් තදින් ග්‍රහණය කිරීමට අසමත් බව හා එසේ කිරීමේදී අපහසුතාව.
 
 වේදනාව හා ඇතැම් විට අතෙහි අප්‍රාණික ස්‌වභාවයක්‌ දැනීම ද සිදු විය හැක.
 
 විශේෂයෙන් කාන්තාවන් හා මැදිවියේ පුද්ගලයන්ට මෙවැනි තත්ත්වයක්‌ ඇති වීමේ වැඩි ප්‍රවණතාවක්‌ පවතී.
 
 අත හිරිවැටීමට බලපාන හේතු
 
 විවිධ හේතු මේ සඳහා බලපායි.
 
 තයිරොක්‌සින් හෝමෝනයේ විෂමතාවක්‌ පැවතීම (Hypothyrodism) දියවැඩියාව වැනි කාලීන රෝග තත්ත්වයක්‌ පැවතීම.
 
 අති ස්‌ථුලතාවය නිසා ස්‌නායු ගමන් මාර්ගය අවට පටකවල මේද තැන්පත් වීමෙන් ස්‌නායුව මත තෙරපීමක්‌ ඇති වීම.
 
 මැණික්‌ කටුව සන්ධියට සිදු වූ අනතුරකින් අස්‌ථි බිඳීමකදී (Trauma) ස්‌නායුවට හානි සිදුවීම.
 
 එසේම ස්‌නායු ගමන් මාර්ගයට පිටතින් මාංශවල වර්ධනයක්‌ හෝ මේද තැන්පත් වීමක්‌ (Lipoma) නිසා ද කුහරමය ව්‍යqහය තුළ පීඩනය වැඩි වීම නිසාද මෙවැනි තත්ත්වයක්‌ ඇති විය හැක.
 
 විශේෂයෙන් ගර්භණී අවස්‌ථාවේදී ස්‌නායු ගමන් මාර්ගය අවට ද්‍රව එක්‌ රැස්‌වීමක්‌ සිදු විය හැකි බැවින් ස්‌නායුව පීඩාවට පත් වීමෙන් ඉහත රෝග ලක්‍ෂණ මතු වීම සාමාන්‍ය අවස්‌ථාවකි. දරු ප්‍රසූතියෙන් පසු බොහෝ විට එම තත්ත්වය මගහැරී යයි.
 
 බොහෝ විට යම් පුද්ගලයෙකුගේ වෘත්තිය හා රෝග ලක්‍ෂණ ඇතිවීම අතර සම්බන්ධතාවක්‌ පවතින අවස්‌ථා හමුවේ. උදාහරණ ලෙස ලියන්නන්, යන්ත්‍ර ක්‍රියාකරවන්නන්, විශේෂයෙන් කම්පනය වන උපකරණ (Vibrating Tools) සමඟ නිතර කාර්යයන්හි නිරත වන්නන් මෙවැනි අවස්‌ථාවන්ට බහුලව ගොදුරු වෙයි.
 
 කාන්තාවන්ට බලපෑම
 
 එසේම ගෘහණියන් දිනපතා නිතර යෙදෙන කාර්යයන් වන පොල්මිරිකීම, අතින් රෙදි සේදීම වැනි කාර්යයන් මැණික්‌කටු සන්ධියේ ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ වන අතර වැඩි පීඩනයක්‌ යෙදෙන අවස්‌ථා ලෙස දැක්‌විය හැකියි.
 
 මැණික්‌කටු සන්ධියෙන් අත නැවීමේදී හා දිගහැරීමේදී ස්‌නායුව ගමන් ගන්නා අවකාශයේ පීඩන වෙනස්‌ වීමක්‌ සිදු වෙයි. මෙම පීඩන වෙනස්‌ වීම නිතර නිතර සිදුවන ලෙස යම් ක්‍රියාකාරකමක නිරත වන්නේ නම් ස්‌නායුව මත පීඩනයක්‌ යෙදෙයි. එබැවින් එවැනි ක්‍රියාකාරකම් අවම වන සේ වැඩ කටයුතුවල යෙදීම, බලපෑම අවම වන සේ උපකරණ භාවිත කිරීම එහිදී අවම වශයෙන් එවැනි රැකියාවන්වල යෙදෙන්නන් පැයකට වරක්‌ හෝ විවේක ගැනීම, මැණික්‌ කටු සන්ධිය හා ඇඟිලිවලට සුදුසු ව්‍යායාම කිරීම, සම්බාහනය කිරීම මඟින් මෙවැනි ගැටලු ඇති වීම වළක්‌වා ගත හැක. එසේම සෑම විටම නිවැරදි ඉරියව්වල අත තබා ගැනීමද වැදගත් වෙයි. මෙසේ පෙර සූදානම මගින් එදිනෙදා වැඩ කටයුතුවලින් මෙවැනි තත්ත්වයක්‌ ඇති වීමට ඇති අවදානම වළක්‌වා ගත හැකි වනවා සේම පවතින රෝග තත්ත්වය පාලනය කර ගැනීමටද උපකාරී වෙයි.
 
 ප්‍රතිකාර කිරීම
 
 මෙහිදී පෙන්නුම් කරන විශේෂිත රෝග ලක්‍ෂණ හා විශේෂ රෝග පරීක්‍ෂා ක්‍රම මගින් පහසුවෙන් රෝග නිර්ණයකට පැමිණිය හැකිය.
 
 නවීන විද්‍යානුකූලව වේදනා නාශක, එන්නත් (Steroids ingectios) ලබා දීම මෙහිදී සිදු කරන අතර සරල, ශල්‍යකර්මයක්‌ මගින් ස්‌නායුව මත ඇති වන පීඩනය අවම කිරීමක්‌ සිදු කරයි.
 
 ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි මෙවැනි තත්ත්වයන් සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රම භාවිත වෙයි. එමගින් ශල්‍යකර්මයකට නොගොස්‌ මෙම තත්ත්වය සුව කර ගැනීමේ අවස්‌ථාව ඇත. මෙහිදී ප්‍රධානම වාත රෝග චිකිත්සාවට අනුව ප්‍රතිකාර සිදු කරනු ලබන අතර රෝග හේතුවට අනුව ප්‍රතිකාර පද්ධතිය තීරණය කරයි.
 
 අභ්‍යන්තර ඖෂධ ප්‍රතිකාරවලට අමතරව බාහිරින් ඖෂධීය තෛල අත්‍යවශ්‍යය. තැවීම පැලැස්‌තර යෙදීම, ආලේප ආදී සරල ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.
 
 මැණික්‌ කටු සන්ධිය සඳහා වූ ආධාරක (Wrist braces) පැළඳීමෙන් අතෙහි චලන සීමා කිරීමත් සමගින් ස්‌නායුව මත ඇතිවන පීඩනය පාලනයක්‌ මගින් රෝගියාට ඇතිවන අපහසුතාව මඟහරවා ගත හැකියි.
 
 ප්‍රතිකාරවලට යොමු නොවී දීර්ඝකාලීනව මෙවැනි තත්ත්වයක්‌ පාලනය නොකර සිටීමෙන් ස්‌නායුවට හානි සිදු වීමෙන් මාංශිපේශි ක්‍ෂය වීම හා දුර්වල වීම සිදුවිය හැකි බැවින්, රෝග ලක්‍ෂණ ඇති වූ වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත ගොස්‌ අවශ්‍ය උපදෙස්‌ හා ප්‍රතිකාර ලබා ගත යුතුයි.
 
 වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0774941118 ඇමැතිය හැකිය.
 
 suda3ආයුර්වේද වෛද්‍ය
 කුමුදුනී ද සිල්වා
 සෙත්සුව ප්‍රාණජීව ආයුර්වේද රෝහල බටලන්ද

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jul 2018 05:43 PM
wada5දියවැඩියා රෝගයට ගොදුරුව සිටින පිරිස සහ ගොදුරු වීමේ අවදානමට ලක්‌ව සිටින පිරිස දිනෙන් දින ඉහළ යැමක්‌ දක්‌නට ලැබේ. ඒනිසාම දියවැඩියාව ගැන ඇති උනන්දුව ද ඒ හා සමානව වැඩිවීමක්‌ දැකිය හැකිය. එබැවින් දියවැඩියා රෝගය සම්බන්ධව විමසනු ලබන පොදු ගැටලු අටක්‌ පිළිබඳව අපි අවධානය යොමු කළෙමු.
 
 ප්‍රශ්න අංක 01 - දියවැඩියාව ඖෂධ මඟින් පාලනය කිරීමට සිදුවන්නේ කුමන අවස්‌ථාවේදී ද?
 
 පිළිතුර - දියවැඩියාව සඳහා සිදුකරන රුධිර සීනි පරීක්‍ෂාවේදී HBA1C අගය සාමාන්‍ය පුද්ගලයකුගේ 6.5 ට වඩා අඩුවෙන් තිබිය යුතුයි. මෙම අගය මැදිවියේ පුද්ගලයකුගේ 7.5 පමණ දක්‌වා පැවතිය හැකිය.
 
 මෙම අගයට වඩා ඉහළ මට්‌ටමක රුධිර සීනි අගය පවතී නම් එය ආහාර පාලනය සහ ව්‍යායාම සිදුකිරීම මඟින් අඩුකර ගැනීමට උපදෙස්‌ දෙනු ලැබේ.
 
 එලෙස ආහාර පාලනය සහ ව්‍යායාම මඟින් ද මෙම රුධිර සීනි මට්‌ටම පාලනය කළ නොහැකි නම් එවැනි අවස්‌ථාවේදී ඖෂධ ලබාදීම මඟින් රුධිර සීනි මට්‌ටම පාලනය කිරීමට සිදුවේ.
 
 ප්‍රශ්න අංක 02 - දියවැඩියා රෝගය පාලනය සඳහා ගනු ලබන ඖෂධ එක්‌ දිනක්‌ ගැනීමට නොහැකි වූ විට පසුදින දෙගුණයක්‌ ගැනීම සුදුසුද?
 
 පිළිතුර - දියවැඩියා රෝගය පාලනය සඳහා දිනපතා ගත යුතු ඖෂධ මාත්‍රාව වෛද්‍යවරයා තීරණය කරනු ලබන්නේ එම පුද්ගලයාගේ රුධිරගත සීනි මට්‌ටම අනුවයි. ඒ නිසා එක්‌ දිනක්‌ ඖෂධ ගැනීමට නොහැකි වූ විට පසු දින දෙගුණයකින් ඖෂධ ගතහොත් සිදුවන්නේ සිරුරේ තිබිය යුතු සීනි මට්‌ටම ශීඝ්‍ර ලෙස පහළ යැමයි. එසේ සීනි මට්‌ටම පහළ යැම අනතුරුදායකයි. ඒනිසා දිනපතා ගනු ලබන ඖෂධ මාත්‍රාව රෝගියාට හිතෙන හිතෙන ආකාරයට වෙනස්‌ කරන්න බැහැ.
 
 ප්‍රශ්න අංක 3 - නිතර මුත්‍රා කිරීමට සිදුවීම දියවැඩියා රෝගයේ ලක්‍ෂණයක්‌ ද?
 
 පිළිතුර - නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාව මතුවන්නේ නිසි ලෙස දියවැඩියාව පාලනය නොකළ විටදී ය. විශේෂයෙන්ම රුධිරගත සීනි මට්‌ටම ඩෙසිලීටරයකට මිලිග්‍රෑම් 180 ට (180 mg/dl) වඩා වැඩි වූ විටදීය. එවැනි පුද්ගලයන්ට නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාව මතුවිය හැකියි.
 
 ප්‍රශ්න අංක 04 - දියවැඩියා රෝගයට ගොදුරු වූ විට සිරුර ඉතා ඉක්‌මනින් කෙට්‌ටු වෙනවාද?
 
 පිළිතුර - දියවැඩියා රෝගයේදී නිසි ලෙස සීනි පාලනය නොකිරීම නිසා සහ රෝගය පාලනය සඳහා ලබාදෙන ඖෂධ හේතුවෙන් දියවැඩියා රෝගයට ගොදුරු වී සිටින යම් පිරිසකගේ සිරුර කෙට්‌ටු වීමක්‌ සිදුවනු දැකිය හැකියි. නමුත් මෙය සෑම දියවැඩියා රෝගියකු තුළ දැකිය නොහැකියි. දියවැඩියාවෙන් පෙළෙන ඇතැම් පුද්ගලයන්ගේ සිරුර කෙට්‌ටු වන්නේ නැහැ. ඒනිසා සිරුර කෙට්‌ටු නොවීම යනු දියවැඩියා රෝගය පාලනය වීමක්‌ ලෙස නොසිතිය යුතුයි.
 
 ප්‍රශ්න අංක 05 - දියවැඩියා රෝගීන්ට නිතර කුසගිනි දැනෙනවාද?
 
 පිළිතුර - සිරුරේ සෛල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පෝෂණය වන ග්ලූකෝස්‌ ලැබෙන්නේ අපගනු ලබන ආහාරවල සීනි මඟිනි. දියවැඩියා රෝගයේදී රුධිරගත සීනි ප්‍රමාණය ඉහළ අගයක පැවතියත් එම සීනි ග්ලූකෝස්‌ බවට පත් වී සෛල තුළට ගමන් කිරීමක්‌ සිදුවන්නේ නැහැ.
 
 සෛල තුළට ග්ලූකෝස්‌ ගමන් කිරීම සඳහා ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙනවා.
 
 දියවැඩියා රෝගීන්ගේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය දුර්වල නිසා සෛල තුළට නිසි ලෙස ග්ලූකෝස්‌ ගමන් කරන්නේ නැහැ. ඒනිසා මොළය වෙත ගමන් කරන සංඥ මඟින් ලැබෙන පණිවුඩය වන්නේ ශරීර ක්‍රියාකාරීත්වයට ප්‍රමාණවත් අයුරින් ආහාර ලැබී නැති බවයි.
 
 එබැවින් දියවැඩියා රෝගීන්ට නිතර කුසගිනි ඇති වෙනවා.
 
 ප්‍රශ්න අංක 06 - දියවැඩියා රෝගියකු සීනි සහිත ආහාර වැඩිපුර ගත් දිනයකදී එය පාලනය සඳහා ඉන්සියුලින් මාත්‍රාව එදිනට පමණක්‌ වැඩිපුර ගැනීම කළ හැකිද?
 
 පිළිතුර - මෙම ප්‍රතිකාරය සඳහා යොමුවිය යුත්තේ තමා ගත් ආහාරවල ඇති පෝෂණය පිළිබඳව හොඳ අවබෝධයක්‌ ඇති අයකු පමණයි. ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස්‌ මත ආහාරවල පෝෂණය පිළිබඳ දැනුමක්‌ ලබාගත යුතුයි.
 
 එහිදී ඔවුනට කාබෝහයිඩේ්‍රට්‌ පාලනය පිළිබඳව (Caරඉජදමබඑසබට) වෛද්‍යවරයා උපදෙස්‌ ලබා දෙනවා.
 
 එම උපදෙස්‌ අනුව මෙවැනි අවස්‌ථාවකදී සීනි පාලනය සඳහා වැඩිපුර ඉන්සියුලින් ගත හැකියි.
 
 එසේ නොමැතිව අනවශ්‍ය ලෙස වැඩිපුර ඉන්සියුලින් ගැනීමෙන් සිරුර අධික ලෙස තරබාරුවට ලක්‌වෙනවා.
 
 ප්‍රශ්න අංක 07 - දියවැඩියා රෝගයේදී ඉකිලි, කිහිලි ආදී ප්‍රදේශවල නිතර කැසීම් මතුවෙනවා ද?
 
 පිළිතුර - ඔව්. දියවැඩියා රෝගීන්ගේ සමේ කැසීම්, තුවාල හටගැනීම් ඇති වීමේ අවස්‌ථාව වැඩියි. ඉකිලි, කිහිලි ඇඟිලි කරු අතර සහ කාන්තාවන්ගේ පියයුරු යටි පෙදෙස්‌ මෙලෙස කැසීම බහුලව දක්‌නට ලැබෙනවා. ඊට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ මෙවැනි තෙතමනය රැඳෙන තැන්වල ඉතා පහසුවෙන් දිලීර ආසාදන හට ගැනීමයි.
 
 ප්‍රශ්න අංක 08 - දියවැඩියා රෝගීන් ලිංගික දුබලතාවලට ලක්‌විය හැකි ද?
 
 පිළිතුර - දිගු කාලයක්‌ දියවැඩියා රෝගයෙන් පෙළෙන සහ රෝගය නිසි ලෙස පාලනය නොකරන පුද්ගලයන් මෙම තත්ත්වයට පසුවෙන් ම ලක්‌වෙනවා.
 
 නිසි පාලනයකින් තොරව දියවැඩියා රෝගය කාලයක්‌ පවතින විට සිරුරේ ඇති අතිචිඡානුග ස්‌නායුවල දුර්වලතාවක්‌ හටගන්නවා.
 
 (Autonomic neuropathy) එවිට සංවේදී බව අඩුවීම සහ මොළයට යන ආවේගවල දුර්වලතා නිසා ලිංගික දුබලතා මතුවෙනවා.
 
 ඊට අමතරව රුධිර නාළ තුළ කොලෙස්‌ට්‍රොaල් තැන්පත් වී එම නාළ සිහින් වීම නිසා (Atherosclerosis) රුධිර ගමනාගමනය අවහිර වීම නිසාත් ලිංගික ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා.
 
 ලිංගික ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වයට හොඳින් රුධිරය ගමන් කළ යුතුයි. එම ඉන්ද්‍රියයන් තුළ හොඳින් රුධිරය පිරුණු විටදී ඒවායේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදුවෙනවා.
 
 රුධිර නාළ තුළින් රුධිරය ගමනාගමනයට බාධා ඇති වූ විට (Vascular erectile Dysfunction) ලිංගික ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය ද අඩපණ වෙනවා.
 
 කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික රෝහලේ අන්තරා සර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
 
 suda1ප්‍රසාද් කටුලන්ද
 
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
01 Jul 2018 09:15 PM
හම්මේ මටත් නිතරම බඩගිනි නම් වෙනව..........දියවැඩියාව හැදීගෙන එනවද මන්ද...........
වැදගත් පෝස්ට් එකක්.....

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Jul 2018 10:55 PM
දියවැඩියාව ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබුනා .බොහොම ස්තුතියි මේ ලිපියට .
0
You are not authorized to post a reply.
Page 132 of 137 << < 130131132133134 > >>