You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 133 of 137 << < 131132133134135 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Jul 2018 07:25 PM
Posted By Udari on 01 Jul 2018 09:15 PM
හම්මේ මටත් නිතරම බඩගිනි නම් වෙනව..........දියවැඩියාව හැදීගෙන එනවද මන්ද...........
වැදගත් පෝස්ට් එකක්.....



අම්මෝ...එහෙම හිතන්නවත් එපා...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jul 2018 06:43 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jul 2018 06:44 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jul 2018 06:44 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jul 2018 07:49 PM

ලස්සන වෙන්න නිරෝගී වෙන්න වැඩි වැඩියෙන් වතුර බොමු

ලිව්වේ  හෙන්රි බෙම්මුල්ල
මිනිස් සිරුරක ලේ (රුධිර) වලට වඩා වැඩි ප්‍රමාණයක් වතුර (ජලය) ඇත්තේය. එදිනෙදා වැඩකටයුතු කිරීමෙන් හෝ ව්‍යායාම මඟින් සිරුරෙන් පිටවන දහදිය ජලයේ අපද්‍රව්‍යය වේ.

 

කිසිදු ව්‍යායාමයක් නොකර, දවසේ වැඩි කාල පරාසයක්ම සිටීමෙන් එක තැන වාඩිවී වැඩකිරීම නිසා ද සිරුරෙන් දහදිය පිටවීමක් සිදු නොවේ.

වත්මන් යාන්ත්‍රික සමාජ රටාව තුළ කෙනකු නිවෙසේ සිට වාහනයකින් පිටත්ව රාජකාරි කරන ස්ථානයේ ඇති පඩි පෙළ, පියගැට පෙළින් නොනැඟ ඉහළට යන්නේ විදුලි සෝපානයෙනි. වායුසමීකරණය කළ කාමරයක් තුළ පැය අටකටත් වැඩි කාල පරාසයක් තුළ සිටීමෙන් දහඩිය බින්දුවක්වත් සිරුරෙන් පිට නොවේ. දහඩිය මඟින් පිටවන ලවණ කොටස් වකුගඩු තුළ ක්‍රමයෙන් තැන්පත් වනු ඇත්තේ ඒවා බැහැර කිරීමට අවශ්‍ය වන ජලය පානය නොකිරීම නිසාය. හෘද නාළ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධා ඇති වීමෙන් හෝ අතිශය ස්ථූල වීමේ ආබාධ තත්ත්වයක සිටින අය ජලය පානය සීමා කළයුතු බැව් වෛද්‍ය උපදේශයකි.

සිරුර තුළ එක්රැස්වන අපද්‍රව්‍ය බැහැර වීම සඳහා ජල පරිභෝජනය දිරි ගැන්වීමක් වන බව පැහැදිලි කරුණකි.

ජලය මිනිස් සිරුර ඇතුළත ඉතාම වැදගත් සංරචකයක් වෙයි. නොයෙකුත් ජීව රසායන ක්‍රියාවන් ඉටුකෙරෙන මාධ්‍යයක් පමණක් ම නොව සිරුරේ අභ්‍යන්තරික ක්‍රියාකාරකම්වලට ද බලපානු ලැබේ. ආහාර මඟින් ගන්නා ජලය ඇතුළුව ලීටර් 2 කට වැඩි ප්‍රමාණයක් පුද්ගලයකු එක් දිනකදී ගතයුතු වේ. ජලය අඩුවෙන් ගැනීම නිසා විවිධ ආබාධවලට සිරුර නතු වේ. සම ගොරෝසු වීම, චර්මාබාධයන් ඇතිවීම, සිරුරේ පැහැපත් බව නැතිවී වියළි බව ඇතිවීම හටගන්නේ ජලය පානය නොකිරීම නිසාය. සමහර අය ආහාර ගැනීමෙන් පසු වතුර කෝප්පයක් පමණක් පානය කරයි. උදරය කුඩා බඩවැල් හා මහ බඩවැල්වලට ජලය අවශ්‍ය වේ. බඩවැලේ තැවරී ඇති ආහාර දිරවන මියුකස් මැලියම් වියළී යෑම නිසා ශරීර පෝෂණයට අයහපත් වන බැව් පැහැදිලිය.

විශේෂයෙන්ම තරුණ කාන්තාවන් වැඩිපුර ජලය පානය කළයුතුයි. සමේ පැහැපත් බව නැතිවී ගියහොත් ඡවි කල්‍යාණය අඳුරු වේ. ගර්භණී මවුවරුන් සැමවිට පිරිසිදු ජලය පානය කිරීම අනිවාර්ය වන්නේ කුස තුළ සිටින දරුවාගේ සෞඛ්‍යය රැකගැනීම උදෙසාය. තව ද දරුවා චලනය වන ජල තටාකයක රැඳී සිටීමට උපකාර වන්නේ ජලයයි.

උදෑසනම අවදි වූ විට හිස්බඩ පිරිසුදු වතුර බඳුනක් බීම ශරීරයට හිතකර වන අතර මල බද්ධය ඇති නොවේ. උදේ කාලයේ සක්මන් භාවනාවේ යෙදෙන ඇතැම් වැඩිහිටි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම පිරිසුදු ජලය පානය කරන්නේය. එයින් දවසේ වැඩකටයුතු කාර්යක්ෂම ලෙස කරගැනීමට ඉමහත් රුකුලක් වනු ඇත.

 

ප්‍රධාන වශයෙන් කැෆේන් ඇතුළු තේවල ඇතුළත් ක්ෂාරීය ද්‍රව්‍ය මොළයේ රුධිර නාළ ප්‍රසාරණය කරන නිසා හිසේ වේදනාවන්ට මහඟු ප්‍රතිකාරයකි. තේ කහට ඉතාම ස්වල්පයක් උණුවතුරට දමා සීනි රහිතව පානය කිරීම ද යහපත් වේ. පැරැණි කාලයේ උදේට දරුවන්ට ලුණු කැඳ බීමට දුන්නේ පණුවන් හීනවිමටයි. විවිධ ශාක වර්ගවලින් සකසා ගන්නා ලද කැඳ වර්ග වැඩිපුර ජලය මිශ්‍රකර බීම අතිශයින්ම ගුණදායක වේ. ලුණුවිල කෝමාරිකා වැනි ඖෂධ වර්ග ජලයට මිශ්‍රකර අලුයම් කාලයේ බීමෙන් දවසේ ප්‍රබෝධය ඇති වේ.

ලස්සනම ලස්සන තරුණියක් වූ ඔබ තව තවත් ලස්සන වෙන්න කැමැති නම් පංච කල්‍යාණිය වීමට ඔබට මිතුරන් දෙදෙනකු උදවු කරයි. පළමුවැන්න ජලය වන අතර දෙවැන්න මුහුණ බලන කන්නාඩියයි. තරුණියකට නැතුවම බැරි ලස්සන මිතුරන් දෙදෙනා මේ දෙදෙනායි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
03 Jul 2018 08:13 PM
හ්ම් ඔය සැරේ තව වැඩිපුර වතුර බොන්නම්කො
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
03 Jul 2018 09:39 PM
කොහොමත් මෙ ආන්ඩුවෙන් වතුර තම බොන්න වෙන්නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

santhaa
Basic Member
Basic Member
Posts:249






--
04 Jul 2018 11:44 AM
office එකේදී මටත් වතුර පෙවෙනවා මදි ......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jul 2018 06:35 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Jul 2018 06:42 PM
කොස් කියන්නෙ රජ කැමක් ම තමා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jul 2018 06:47 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jul 2018 06:50 PM






ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jul 2018 07:28 PM

පිළිකා රැසකට ආයුර්වේදයෙන් අලුත් බෙහෙත්

වර්තමානයේදී බෝවන රෝග අතරට පිළිකා රෝග තත්ත්වය ද මූලික තැනක් උසුලයි. අතීතයේදී ඉඳහිට පිළිකා රෝගියකු මුණගැසුණද වර්තමානය වනවිට එය සාමාන්‍ය රෝග තත්ත්වයක් වන තරමටම ප්‍රචලිත වෙමින් පවතී. ලොකු කුඩා බාල මහලු භේදයකින් තොරව පිළිකා රෝගයට මුහුණ දෙන රෝගීන් අතරේ අද වනවිට බොහෝ පිළිකා රෝග සඳහා සාර්ථක ප්‍රතිකාර නවීන වෛද්‍ය ක්‍රමයේ මෙන්ම ආයුර්වේදයේ ද පවතී.

ශරීරයේ සෛල එකක් හෝ කිහිපයක අසම්මත ලෙස හැසිරීම හේතුවෙන් හට ගන්නා බෝ නොවන රෝගයක් ලෙස මෙය හැඳින්විය හැක. මෙය මුල් කාලයේදී හඳුනා නොගත් විට එම සෛල පවතින තැන සිට ශරීරයේ වෙනත් අභ්‍යන්තර හෝ බාහිර ප්‍රදේශ කරා පැතිර යාම හේතුවෙන් අවසානයේදී මෙය භයානක රෝග තත්ත්වයක් බවට ද පත්විය හැක. මෙවැනි ශරීරයේ ඇතිවන එවැනි අසාමාන්‍ය ලෙස වර්ධනය වන කොටසට යම් අාසාදනයක් ඇතිවීමෙන් එම තත්ත්වය බරපතළ විය හැක. ඇතැම්විට එවැනි ආසාදන තත්ත්වයක් ඇති වූ විට එයින් රුධිරය සහ සැරව පිටවිය හැක. මෙයින් ශරීරයට ලැබෙන්නා වූ සියලු පෝෂණ කොටස් එයින් උරා ගනී. බොහෝ විට පිළිකා රෝගීන් ආහාරයට ගනු ලබන බොහෝ පෝෂණ කොටස් පිළිකා වර්ධනය වීම සඳහා ද ඉවහල් වේ. මෙවැනි සෛල වර්ධනයක් මුල් කාලයේදී හඳුන්වනු ලබන්නේ Tumor ලෙසය. සිංහල වෙදකමට අනුව එයට කියනු ලබන නාමය වන්නේ අර්බුදය ලෙසයි. එමෙන්ම ගෙඩිය යනුවෙන් ද හඳුන්නවනු ලබන්නේ මේ තත්ත්වයයි.

පිළිකාවක් බවට පත්විය හැකි අර්බුදයක් (ගෙඩිය) තුළ ඇතිවන ලක්ෂණ

අර්බුදය මත දිගින් දිගටම සෛල හට ගැනීම සහ එම සෛල බෙදී ගොස් අර්බුදය තවදුරටත් පුළුල් වීම. (මෙහිදී සෛල බෙදීම සිදුවනු ලබන්නේ ඒක සෛලීය ජීවියකු වන ඇම්බාවකු බෙදී යමින් තව තවත් ඇම්බාවන් හට ගන්නා ආකාරයටයි.)

අර්බුදයේ සෛල වර්ධනය සහ බෙදී යාමට සාමාන්‍ය

ඖෂධ මගින් බාධා සිදු කරන අවස්ථාවලදීත් සෛල වර්ධනය වීම.

අර්බුදය මත තිබෙන සෛල කිසිඳු සීමාවකින් තොරව දිගින් දිගටම බෙදී යාම.

අර්බුදය තුළ සහ අවට ප්‍රදේශවල තිබෙන පටක විනාශ වීම සහ ඒ තැන් වණ වීම.

පිළිකාවක් ඇතිවන්නේ කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරමිනි. මෙහි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට පටන් ගනු ලබන්නේ පිළිකාව වර්ධනය වීමත් සමඟය. උදාහරණ ලෙසින් කිසියම් රෝගියකුගේ බඩවැලේ පිළිකාවක් ඇතිවී එය වර්ධනය වෙමින් පවතීනම් එම ශරීරයේ මතුපිට කුඩා ගෙඩි හට ගනී. මෙම ගෙඩි කලක් ගතවෙද්දී පැසවා සැරව ගලයි. නමුත් බොහෝ දෙනා මෙයට නිසි ප්‍රතිකාරයක් නොගනී. කල් යද්දී මේ පිළිකා තත්ත්වය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වේ. 

එමෙන්ම ඇතැම් පිළිකා රෝගීන්ගේ පිළිකාව පවතින තැනට ආසන්නව මේ රෝග ලක්ෂණ ඇතිවේ. උදාහරණයක් ලෙසින් පෙනහළු පිළිකාවක් ඇති කෙනකුගේ ශ්වසනාලය බාධා වීම, දිගින් දිගටම පවතින කැස්ස හෝ නිව්මෝනියාව ඇතිවීම වැනි තත්ත්වයන් ඇති විය හැක.

ගලනාළය වැනි ස්ථානයක පිළිකාවක් ඇති වූ විට ආහාර ගිලීමේ අපහසුව, ආහාර ගන්නා විට දැඩි වේදනාවක් දැනීම වැනි තත්ත්වයන් ඇතිවිය හැක. එමෙන්ම බඩවැල් ආශ්‍රිතව පිළිකා තත්ත්වයන් ඇතිවූ විට බඩවැල්වල අවහිරතා ඇති වී බඩවැල්වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරයි.

එමෙන්ම ඒ ඒ ආශ්‍රිත අධික වේදනාව, කෙට්ටු වීම, එක දිගට පවතින උණ, කැස්ස, ඇඟ පත වේදනාව, වමනය යාම වැනි රෝග ලක්ෂණයන් ද මෙවැනි පිළිකා තත්ත්වයන්හි රෝග ලක්ෂණයන් වේ.

පිළිකා රෝගය බොහෝ විට සුව කරගත හැකි රෝගයකි. පිළිකා සෛල ශරීරයෙන් ඉවත් කළ විට පිළිකා රෝගය ද නිට්ටාවටම සුව කරගත හැක. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මේ සඳහා සුදුසු තෙල් වර්ග සහ කසාය  වර්ග බොහොමයක් ඇත.

එමෙන්ම පිළිකාව ඇති ස්ථානය අනුවත් පිළිකාව වර්ධනය වී ඇති අන්දම අනුවත් රෝගියා විසින් ගතයුතු සහ නොගත යුතු ආහාර වර්ග ද ඇත. කෙසේ වුවත් පිළිකාව යනු කිසිසේත්ම බෝවන රෝගයක් නොවන අතර රෝගය හඳුනාගැනීමත්, ඒ සඳහා නිසි ප්‍රතිකාර ගැනීමෙන් රෝගය නිට්ටාවටම සුව කරගත හැක.

(මේ පිළිබඳව තවත් තොරතුරැ ඉදිරි සතියෙන්)

ආයුර්වේද වෛද්‍ය  
චාන්දනී වික්‍රමආරච්චි

 

හිතුමතේ බෙහෙත් ගන්න එපා

වෛද්‍ය ක්‍රමයකදී තිබිය යුතු ප්‍රධානම දෙයක් වන්නේ රෝග සඳහා ඖෂධ තිබිය යුතු වීමයි. ඖෂධ යන වචනය සංස්කෘතික වචනයකි. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව එය මෙඩිසින් ලෙසින් හැඳින්වේ. ඖෂධයක් යනු රෝගයක් ශරීරයේ ඇති වූ විට එය නතර කරලීමට හෝ වළක්වා ගැනීමට ප්‍රතිකාරයක් සදහා භාවිතා කරන දෙයකි. එය රෝගියා විසින් හිතුමතේ භාවිත කරන දෙයක් නම් නොවේ. ඒ සඳහා යම්කිසි ප්‍රමිතියක් තිබිය යුතුය. ඖෂධ කෙනකුට ඕනෑ තරමට, වුවමනා වේලාවට ලබා දීමට නොහැක. රෝගයට අදාළව ඒ සඳහා නිසි ප්‍රමිතියක් තිබිය යුතුය. ඖෂධයක් යනු ඒ රෝග අවස්ථාවට අනුව සංස්කරණය කොට නිෂ්පාදනය කළ දෙයකි.

පුද්ගලයකුගේ ශරීරයට අභ්‍යන්තර හෝ බාහිරව ඖෂධ ලබා දිය හැක. නමුත් මෙහි ප්‍රතිඵලය ලබා දෙන්නේ ශරීරය තුළටය. ඖෂධයක ප්‍රධානම දේ වෙන්නේ මාත්‍රාවයි. ඖෂධ නිෂ්පාදන කරනා විධි කිහිපයකි. ශාඛවලින් සාදන ඖෂධ ආයුර්වේදයේ පවතී. එමෙන්ම පොළොවෙන් ගනු ලබන දේවල්වලින් ද ආයුර්වේදයේ ඖෂධ නිෂ්පාදනය කෙරේ. නමුත් ඒවායේ විෂ නිසියාකාරව නැති කොට නිසි ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය වේ.

එමෙන්ම සත්ව කොටස් ද ඖෂධ සඳහා භාවිත කෙරේ. විශේෂයෙන් මී පැණි, ඇතැම් සතුන්ගේ බඩවැල් වැනි කොටස්වලින් ද, කුකුලාගේ කරමල යොදා ගනිමින් අයුර්වේද තෙල් නිෂ්පාදනය ද කෙරේ. මෙවැනි ස්වභාවික දේ විවිධාකාර සංස්කරණවලට ලක්කොට  ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කෙරේ. එම ඖෂධයේ මාත්‍රාව පිළිබඳව  සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.

රෝගියාට දෙනු ලබන ඖෂධ මාත්‍රාව විවිධ කරුණු මත වෙනස් වේ. විශේෂයෙන් වයස අනුව දෙනු ලබන මාත්‍රාව ද වෙනස් වේ. වැඩිහිටියන්ට ලබාදෙන ඖෂධ ප්‍රමාණයම කුඩා දරුවාට දිය නොහැක. ස්ත්‍රී, පුරුෂභාවය අනුව ද ඇතැම් ඖෂධවල ම්‍රත්‍රාව වෙනස් වේ. කාය ශක්තිය අනුව ද මෙම මාත්‍රාව වෙනස් වේ. 

ආයුර්වේදය ඖෂධ ගැනීමේදී පාවිච්චියට ගත යුතු කාලය පිළිබඳවද රෝගියා අවධානය යොමු කළ යුතුය. ඖෂධය දීර්ඝ කාලයක් හිතුමතේට පාවිච්චි කළ නොහැක. ආහාරයක් මෙන් මෙය පාවිච්චි කළ නොහැක. ඒ සඳහා ඒ පවතින රෝග අවස්ථාන නිම වනතුරු පමණක් ගැනීම කළ යුතුය. එසේ නොමැතිව මෙම ඖෂධ දිගින් දිගටම හිතුමතේට ගන්නා විට වෙනත් රෝග තත්ත්වයන්වලට මුහුණ දීමට සිදුවිය හැක. එය තීරණය කළ යුත්තේ රෝගියා නොව රෝගයට ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරයා විසිනි.
ආයුර්වේදයට අනුව රෝගියාට විවිධ ක්‍රම මගින් ඖෂධ ලබා දේ. චූර්ණ, ගුලි, කල්ක, ද්‍රව, අරිෂ්ඨ, ආසව යන ආකාරයටත් ඖෂධ ලබා දිය හැක. ඇතැම් ඖෂධ රෝගියාගේ දිවෙහි ආලේප කිරීමෙන් ප්‍රතිකාර ලෙස ලබා දේ. එමෙන්ම තෙල් ආලේපනය ද ආයුර්වේදයේ ඖෂධ ලෙසින් හැඳින්විය හැක. මේවා රෝග සහ රෝග අවස්ථාවන් අනුව වෙනස් වේ. ඇතැම් රෝග සඳහා ඖෂධ බාහිරව ද ඇතැම් රෝග සඳහා අභ්‍යන්තරව ද ලබා දේ. මේ අතර බොහෝ රෝග සඳහා බාහිරව සහ අභ්‍යන්තරව ලබා දීමය සිදු කෙරේ.

ආයුර්වේද ඖෂධවල ගුණාත්මකභාවය ද වෙනස් වේ. ඇතැම් ඖෂධවල මද්‍යසාර ද අඩංගු වේ. නමුත් එය ඖෂධවලට එකතු කිරීමකින් තොරව සංස්කරණය කිරීමේදී නිෂ්පාදනය වේ. අරිෂ්ඨ වැනි වර්ගවල නිෂ්පාදනය කරන විටම මද්‍යසාර ද නිෂ්පාදනය වේ. මේ නිසා එවැනි ඖෂධ හිතුමතේට ගැනීම අති භයානකය. නමුත් මේ ඖෂධ දිය යුතු රෝගය සහ දිය යුතු ප්‍රමාණය පිළිබඳව අවබෝධයක් සහ දැනුමක් වෛද්‍යවරයා සතුව පවතී. මෙම ඖෂධ සමඟ ලබා නොදිය යුතු ඖෂධ ද ඇත. ඒ පිළිබඳව අවබෝධයක් ආයුර්වේද වෛද්‍යවරයා සතුව පවතී.

ආයුර්වේදයේ විරුද්ධ ආහාර හා විරුද්ධ ඖෂධ ලෙසින් හඳුන්වන කොටසක් ද පවතී. එහිදී එක ආහාරයක් සමඟ තවත් ආහාරයක් ගත්විට එය ප්‍රතික්‍රියා කොට ශරීරයට හානියක් වීමටද පුළුවනි. උදාහරණයක් ලෙස ආයුර්වේදයේදී මෙලෙස ප්‍රතික්‍රියා කරන අවස්ථා ඇත. ඒ පිළිබඳව නිසි අවබෝධය ඇත්තේ වෛද්‍යවරයා සතුය.

වර්තමානයේදී බොහෝ දෙනා හිතුමතේට ආයුර්වේද ඖෂධ ගැනීමට පුරුදුව සිටිති. එමඟින් ඇතැම්විට අක්මාව නරක්වීම, වකුගඩු නරක් වීම සිදුවිය හැක. නමුත් එලෙස සිදුවන්නේ ඖෂධවල වැරැද්දකින් නොව එම ඖෂධ වැරදි ලෙස ගැනීම හේතුවෙනි. ඖෂධ කිසිම කෙනකුට හිතුමතේට ගත නොහැක. අරිෂ්ඨ වැනි ඖෂධ අදාළ නොවන රෝගයකට දිගු කාලයක් ගැනීමෙන් අක්මාව නරක් වීමට ද පුළුවනි. ඇතැම් ඖෂධ අනවශ්‍ය ලෙස දිගු කාලයක් ගැනීමෙන් වකුගඩු නරක් වීමටද හැකිය. මේ නිසා ආයුර්වේදයේ ඖෂධයක් ගැනීමේදී අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව දැනුම ඇති වෛද්‍යවරයකුගෙන් උපදෙස් මත ලබා ගැනීමට අමතක නොකළ යුතුය.

රස වගේම හරිම ගුණ දොඩම්

පැඟිරි කුලයට අයත්වන දොඩම් විටමින් සී බහුල පළතුරකි. වර්තමානයේදී කරන ලද සමීක්ෂණයකට අනුව බෝනොවන රෝග සඳහාත්, නිරෝගී පුද්ගලයන්ගේ නිරෝගිකම ආරක්ෂා කිරීම සඳහා විටමින් සී වලින් බොහෝ පිහිටක් ලබාදේ. විවිධ රටවල්වල දොඩම් කහ, කොළ, තැඹිලි ආදි වර්ගවලින් දැකියහැකි වුවද ඒවායෙන් ඇතිවන ගුණය යම්තරමට වෙනස් වුවද බොහෝවිට එකසමාන පෝෂණයක් එයින් ලබාදේ.

කාන්තාවක් සඳහා ඇතිවිය හැකි හෘදයාබාධ ඇතිවිය හැකි ප්‍රවණතාවය අඩුකළ හැකි බව කරනු ලබන පර්යේෂණවලින් සොයාගෙන ඇත. එමෙන්ම දොඩම්වල බොහෝ ලොව ඇති ස්වභාවික ආහාර ද්‍රව්‍යවලට සාපේක්ෂව බොහෝ ප්‍රතිඔක්සිකාරක වර්ග ප්‍රමාණයක් අන්තර්ගත වේ. ඇතිවිය හැකි පිළිකා වැළැක්වීම හා ඇතිවුණු පිළිකා සුව කිරීමේ ගුණයක් ද දොඩම්වල ප්‍රතිඔක්සිකාරක සතුව පවතී. පෙනහළු, පියයුරු, ආමාශ, මහබඩවැල ආශ්‍රිතව පටන්ගන්නා බොහෝ පිළිකා තත්ත්වයක් සඳහා දොඩම් ඉතා ගුණදායක පළතුරකි. එමෙන්ම අක්මා පිළිකා සඳහා ඉතා ගුණදායක පළතුරක් මෙන්ම ඖෂධයක් ලෙසද ජපානයේ කරන ලද සමීක්ෂණයකදී සොයාගෙන ඇත. මෙහි ජලයේ දියවන සැලකිය යුතු කෙඳි ප්‍රමාණයක් ද අන්තර්ගත වේ. එයින් ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් එක්රුස්වීම නවතාලයි.

දොඩම්වල පොටෑසියම් සැලකිය යුතු ප්‍රමාණයක් ද අන්තර්ගත වේ. මෙමගින් හෘදය නිසිලෙස ක්‍රියාකිරීමටත් රැධිර පීඩනය නිසිලෙස පවත්වාගෙන යාමටත් උපකාරි වේ. එබැවින් හෘදයාබාධ, අධි රැධිර පීඩන රෝගින්ට ද දොඩම් ඉතා ගුණදායක පළතුරකි.

බොහෝ වෛරස් රෝග සමඟ සටන් කිරීමේ හැකියාවක් දොඩම්වල පවතී. දොඩම්වල ඇති පොලිපිනෝල් මේ සඳහා උපකාරී වේ. දොඩම්වල පවතින කෙදි තත්ත්වය නිසා ආහාර මාර්ගයේ එන්සයිම උත්තේජනයෙන් හොඳින් ආහාර දිරවීමටත්, මලබද්ධය, අර්ශස් වැනි රෝග තත්ත්වය අඩු කිරීම සඳහාත් උදව් වේ.

දොඩම් ආහාරයට ගැනීමෙන් ඇස් පෙනීම නිසි ලෙස පවත්වා ගැනීමටත්, සමේ වියපත් භාවය දුරුකොට සම පැහැපත් කිරීමටත් උදව් වේ. බොහෝ රූපලාවණ්‍යය ආලේප සඳහා ද දොඩම් යොදාගනු ලබන්නේ ඒවාවල ඇති මෙම ගුණය හේතුවෙනි. දොඩම්ලෙලි අඹරා මීපැණි කිරි මිශ්‍රකර ෆේස් පැක් එකක් ලෙස සාදා සම මත ආලේප කිරීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.

බොහෝ දෙනා දොඩම්වල අධික සීනි ප්‍රමාණයක් ඇති බව කියති. නමුත් දොඩම්වල සීනි අඩංගු වුවත් ඒවා සරල සීනි වර්ගයට අයත්ය. එහි ග්ලයිසිනික් ඉන්ඩෙක්ස් අගය හතළිහකි. මෙහි ග්ලයිසිනික් ඉන්ඩෙක්ස් අගය පනස්පහට අඩු බැවින් දොඩම් දියවැඩියා රෝගීන්ට ද ඉතා ගුණදායක වේ. අනවශ්‍ය ලෙසින් ශරීරයට සීනි උරාගැනීම වළකාලයි. වකුගඩුවල ගල් සෑදීම වළකාලයි. අහිතකර කොලෙස්ටරෝල් අඩුකර ආහාරවල ඇති මේද කොටස් අවශෝෂණය අඩු කරයි.

ආතරයිටීස් රෝගයට මෙන්ම වෙනත් සන්ධි රෝගවලදී ඉදිමුම අඩුකර වේදනාව දුරුකරලීමට ද උපකාරී වේ. කුඩා දරුවන්ට ඉතා ගුණදායක පළතුරකි. විටමින් සී මගින් ශරීරයේ සුදු රුධිරානු වැඩි කරයි. එමගින් ප්‍රතිශක්තිය වර්ධනය කරයි. අඩු කැලරි ප්‍රමාණයක් සහ වැඩි කෙදි ප්‍රමාණයක් ඇති නිසා තරබාරු අයටද ගුණදායක වේ. මෙහි කැල්සියම් ද අඩංගුය. මේ නිසා අස්ථි, දත්, නිය, කෙස්, සම නිරෝගීව පවත්වා ගැනීමට උපකාරි වේ.

දොඩම් ලෙලි හොඳින් වේලා එය හොඳින් කුඩුකර තේ සමඟ හෝ පානය කිරීමෙන් මුඛ දුර්ගන්ධය අඩු කරලීමට උපකාරී වේ. ලිංගික බෙලහීනතාවය දුරුකර ලිංගික ශක්තිය ඇතිකරයි. ආහාර දිරවීම පහසු කරයි.

විශේෂඥ ආයුර්වේද වෛද්‍ය
නිමාලි සොලොහොකාර
කුරැණෑගල ආයුර්වේද රෝහල

 

ලෙඩ තොගයක් ගොඩදාන අපි නොදන්න එන්නත්!

ඉන්ෆ්ලුවෙන්සා රෝගය දකුණු පළාත මුල්කර හදිසියේ පැතිරයාමත් සමඟ අද කාලයේ මුල්තැන ගන්නා රෝග නිවාරණ  ප්‍රතිකර්මය බවට පත්ව ඇති එන්නත් පිළිබඳව කතාබහ ඉහළ ගියේය. නූතන වෛද්‍ය විද්‍යාවේ විශාලතම වෙනස්වීම සිදුකළ හඳුන්වාදීම වන්නේ  එන්නත හඳුන්වාදීමයි. අද ලෝකවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීමේ තීරණාත්මක සාධකය එන්නතයි. එය ප්‍රතිජීවක (antibiotic) වලටත් වඩා ඉහළ තත්ත්වයක් ගනියි. එය දෙවැනි වන්නේ පිරිසිදු ජලය පානයට පමණි.

මුලින්ම ලොවට එන්නත හඳුන්වා දුන්නේ එංගලන්තයේ වෛද්‍යවරයකු වූ එඩ්වඩ් ජෙනර්ය. එතුමා 1792 දී වසූරිය රෝගය සඳහා එන්නතේ වැදගත්කම ලොවට හඳුන්වා දුන් අතර ඊට අවුරුදු 200කට පමණ පසු 1977 දී එමගින් වසූරිය ලොවින් තුරන් කිරීමට හැකි විය. එමෙන්ම ලංකාවටද ඉතාම සාර්ථක එන්නත් ලබාදීම සිදුකළ නිසා පසුගිය අවුරුදු 30ක කාලයේදී පෝලියෝ රෝගය ලංකාවෙන් තුරන්ව ගිය තත්ත්වයට පත්වී ඇත. එමෙන්ම සරම්ප, කක්කල් කැස්ස, ගලපටලය, රුබෙල්ලා වැනි රෝග ඉතාමත් කලාතුරකින්වත් දක්නට නැති තරම්ය. එන්නත් මගින් ලබාදෙන ප්‍රතිශක්තීකරණය මගින් ලොව පුරා මිලියන 2කට වඩා මරණ වළක්වා ඇති බව ගණනය කර ඇත. එම නිසා අද දින ප්‍රතිශක්තිකරණය හඳුන්වන්නේ වඩාත් සාර්ථක සෞඛ්‍ය ආයෝජනය ලෙසයි. (Most effective health investment) අද ලෝකයේ බෝවන රෝගවලින් 30කට වඩා වැළැක්විය හැකි එන්නත් නිපදවා ඇත. ඇත්තෙන්ම මේ වන විට ලංකාව තුළ එන්නත්කරණය ලෙඩ රෝග රුසකට එරෙහිව සාර්ථක ලෙස ක්‍රියාත්මකය. දරුවන් සඳහා නියමිත එන්නත් පිළිබඳව හොඳින් දැනුවත් වෙමින් නිසි කලට ඒවා ලබාදීමෙන් ඔබේ දරුවාද මාරාන්තික රෝග රුසකින් බේරාගන්නට හැකියාව ලැබී ඇත. මේ ඒ ගැන දේශය පාඨක ඔබ දැනුවත් කිරීමකි.

ශ්‍රී ලංකාවේ වසූරිය රෝගය රෝග සඳහා 1886 වර්ෂයේ සිට එන්නත් ලබාදීම සිදුකර ඇත. ඉන් පසු ක්ෂය රෝගය සඳහා ලබාදෙන එන්නත 1949 දීද, ගලපටලය, කක්කල් කැස්ස හා පිටගැස්ම සඳහා ලබාදෙන DPT එන්නත 1961 දීද, 1962 දී පෝලියෝ රෝගය සඳහා එන්නත ලබාදීමද ආරම්භ කර ඇත. එහෙත් වඩා පිළිවෙළට එන්නත් ලබාදීමේ වැඩසටහන 1978 දී (Expanded progrmme of immunization) ලෙස ආරම්භ කරන ලදී. මේ ආකාරයට අද වන විට ඉහත වැඩසටහන මගින් ලංකාවේ රෝග 12කට එන්නත් රජය විසින් ලබාදෙනු ලබයි.

රජයෙන් ලබාදෙන එන්නත් 12 ක්

1. ක්ෂය රෝගය 2. ගලපටලය 3. කක්කල් කැස්ස 

4. පිටගැස්ම 5. හෙපටයිටිස් B  6. ඉන්ෆ්ලුවෙන්සා B  

7. පෝලියෝ  8. මොළයේ උණ 9. සරම්ප 

10. කම්මුල්ගාය  11. රැබෙල්ලා 12. ඉහත රෝගවලව අමතරව රජය මගින් මේ වන විට කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකාවලට හේතුකාරක වන පැපිලෝමා වෛරසය රෝගයට එරෙහිව Human Population virus   එන්නතද ලබාදීමට කටයුතු කරයි. වසූරිය තුරන් කිරීමට ලබාදෙන එන්නත 1977න් පසු ලබා දී නැත.

අපි නොදන්න තවත් එන්නත් !

මීට අමතරව තවත් රෝගකාරක විශාල ප්‍රමාණයකට එන්නත් ලෝකයේ ඇත. ඉන් සමහරක් ශ්‍රී ලංකාවට ලබාගැනීම ඉතාමත් වැදගත් වනු ඇත. ලෝකයේ ළමා මරණවලින් 2/3කට වැඩියෙන් සිදුවන්නේ පාචනය සහ නිව්මෝනියාව වැනි තත්ත්වයන්ගෙනි.

එයිනුත් නිව්මෝනියාව යනු ලෝකයේ වැඩියෙන්ම ළමා මරණ සිදුවන අසනීප තත්ත්වයකි. මේ තත්ත්වය කෙසේද කිවහොත් ලෝක ළමා ජනගහනයෙන් මිලියන 1.5කට වඩා වසරක් ඇතුළත මියයනවා යැයි පැවසුවහොත් අතිශයෝක්තියක් නොවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනුව ප්‍රතිශක්තීකරණ මගින් pneumococcal නිව්මෝනියාව, ඉන්ෆ්ලුවෙන්සා B, කක්කල් කැස්ස හා සරම්ප යන රෝග 4 පාලනය කිරීමෙන් නිව්මෝනියාව වළක්වා ගත හැක. ඉහත සඳහන් රෝග 4ට එරෙහිව එන්නත් ඇත. මේ අතරින් ශ්‍රී ලංකා රජය අනුග්‍රහය ලබානොදෙන්නේ “නිව්මොකොකස්” නම් බැක්ටීරියාව මගින් වැළඳෙන රෝගයට පමණි. නමුත් මෙම “නිව්මොකොකස්” නම් බැක්ටීරියාව නිසා ප්‍රධාන වශයෙන් ඇතිවන නිව්මෝනියාව, මස්තිෂ්ක ප්‍රදාහය (meningitis) සහ රැධිරයේ විෂබීජ තත්ත්වය (septicemia) මගින්   මිලියනයක් පමණ අවු 5ට අඩු දරුවන් ලෝකයේ වාර්ෂිකව මියයන බව ගණනය කර ඇත. ඉහත කරුණු සලකා බැලීමේදී නිව්මොකොකස් නම් බැක්ටීරියාවට ලබාදෙන එන්නත ඉතාමත් ප්‍රයෝජනවත් එකකි.

මීට අමතරව පැපොල රෝගයද දරුවන්ට මෙන්ම වයසක උදවියට සංකූලතා ඇතිවන රෝගී තත්ත්වකි. මීට අමතරව ගර්භනී කාලයේදී පැපොල රෝගයට ගොදුරු වූ විට තදබල සංකූලතාවලට කළලය ගොදුරු වේ. එමෙන්ම පැපොල රෝගය වැළඳුනු රෝගියකුට පසුකාලීනව නැවත පැපොල සෑදීමේ හැකියාව නැතිමුත් ඔවුන්ගේ කලින් සැදුන පැපොල රෝගකාරක ස්නායු මුල්වල තැන්පත් වී නැවත රෝගී තත්ත්වය මතුවිය හැක. මෙය Herpes zoster නමින් හැඳින්වේ. මේ තත්ත්වය සලකා බලන විට පැපොල රෝගයට ශ්‍රී ලංකාව තුළ එන්නත් ලබාගැනීමේ හැකියාව ඇත. විශේෂයෙන් පවුලේ අයෙකුට පැපොල රෝගය වැළඳුනු විට හෝ එවැනි රෝගියකුට නිරාවරණය වූ විට මෙම එන්නත දින 3 ක් තුළ ලබාදීම තුළින් මෙම රෝගය වළක්වා ගත හැක.

මීට අමතරව මේ දිනවල කාගේත් අවධානය යොමු වී තිබෙන ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහාද එන්නතක් ඇත. Influenza රෝගයේ ප්‍රධාන වෛරස කාණ්ඩ 3 ක් සඳහා (Trivalent) Influenza A(H1N1) සහ A(H2N2 ) ද සහ Influenza B හෝ ප්‍රධාන වෛරස කාණ්ඩ 4 ක් සඳහා A කාණ්ඩයේ 2 ක් (Influenza H1N1 H3N2 ) සහ B කාණ්ඩයේ 2 ක් වශයෙන් එන්නත් 2 ක් ඇත. නමුත් මෙම වෛරසවල තත්ත්වය විටින් විට වෙනස් වන නිසා සෑම වසරකම එන්නත් ලබාදීම සිදුකරයි. නමුත් යුරෝපීය රටවල ශීත කාලය එනවිට මේ එන්නත් ලබාදෙනු ලැබේ.

මීට අමතරව ලෝකයේ බහුලවම ඇති රෝගයක් වන පාචනය වැඩිපුරම බෝවන Rota වෛරසයෙන් බේරීම සඳහා එන්නත් ලබාදීම කළ හැක. ශ්‍රී ලංකාවේ අද දිනය වන විට රෝග 12 ක් සඳහා එන්නත් රජය මගින් ලබාදෙන අතර ඉදිරියේදී ඉහත සඳහන් කළ රෝග (pneumonia, Influenza, Rota virus) සඳහාද එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළකට අවධානය යොමුවීම දීර්ඝකාලීනව ප්‍රයෝජනවත් වනු ඇත.

වෛද්‍ය චින්තක රාජපක්ෂ 
ළමා රෝග විශේෂඥ
කුලියාපිටිය මූලික රෝහල

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jul 2018 07:40 PM

හෘදයාබාධයක් යැයි බියවන මානසික රෝගය

අපි හැම දෙනාම එදිනෙදා ජීවිතයේ එක්තරා මට්ටමකට මානසික ආතතියට ගොදුරු වෙනවා. කිසිවකුට සම්පූර්ණයෙන්ම ආතතියෙන් ගැලවිය නොහැක. මානසික ආතතිය එක්තරා මට්ටමකට අපගේ ජීවිතය සාර්ථක කර ගැනීමට උදව් වේ.

උදා :- ඔබ විභාගයට මුහුණ දීම මොහොතකට සිතා බලන්න. විභාග දිනය ළංවූ විට ඔබට පොඩි බයක් වගේම අපහසුතාවයක් ඇති වෙන්නත් පුළුවන්. හිසේ බර ගතිය, මාංශපේශීන්ගේ තද ගතිය, උගුර කට වේලීම, නින්දේ ඇතිවන ගැටලු සමඟ ඔබගේ මනස තුළ ලොකු අවදි වීමක් දකින්න පුළුවන්. මේ බයත් සමඟම විභාගයට යන ඔබ ඉතා සාර්ථකව විභාගයට මුහුණ දී සමත් වෙන්නත් පුළුවන්. ඉහත කතාවෙන් දැක්වෙන්නේ ආතතියේ ඇති ප්‍රයෝජනවත් කොටසයි.

නමුත් අපි අසාමාන්‍ය ආතතියට ගොදුරු වූ විට ඇතිවන මානසික රෝගී තත්ත්වයක් පිළිබඳ විමසා බලමු.

මෙම රෝගී තත්ත්වයට පැනික් ඩිසෝඩර් (Panic Disorder) කියලා කියනවා. මෙම රෝගය දරුණු හෘදයාබාධයක ලක්ෂණවලට සමාන මානසික හා ශාරීරික ලක්ෂණ ඇති කරනවා. මෙයට ගොදුරු වන රෝගියෙක් හිතන්නේ ඔහුට හෝ ඇයට දරුණු හෘදයාබාධයක් (Heart Attack) හැදීගෙන එනවා කියලා. මෙම පැනික් ඩිසෝඩර් නැමති තත්ත්වය හඳුනාගැනීමට පහත සඳහන් ලක්ෂණ උපකාරී වේ.

 තදබල ලෙස පපුවේ තදවීම හෝ රිදීම. (Chest pain)

 පපුවේ ගැස්ම හෝ හෘදයවස්තුවේ වේගවත් ස්පන්දනය. (Palpable Heart pulsations)

 අධික ලෙස දහඩිය දැමීම. (Profuse Sweating)

 ශරීරය  වෙව්ලීම. (Tremors) 

 හුස්ම හිරවීම. (Suffocating Feelings)

 අත් පාවල ඇතිවන හිරිවැටීම. (Numbness or tinseling)

 කරකැවිල්ල හා ක්ලාන්ත ගතිය. (Dizziness or vertigo) 

 ක්ෂණිකවම තම වටපිටාව හඳුනාගත නොහැකි වීම හෝ තමාගේ ශරීරය මනසින් ඈත් වූවා සේ දැනීම. (Detachment frame oneself or reality) 

තමා මරණයට පත් වේ යැයි හෝ පිස්සු වැටේ යැයි යන භීතිය. (Warries about death panic) නැමති මේ තත්ත්වයට ගොදුරු වන රෝගියකු එය නැවත තමාට සෑදේ යැයි යන භීතියෙන් පසුවේ.

Panic හෙවත් අසාමාන්‍ය ආතතිය ඇතිවීමට මනෝ විද්‍යාත්මක හේතු.

 වගකීම් දරා ගැනීමට නොහැකි වීම. (Increased work responsibilities) 

යම්කිසි පුද්ගලයකුට තමාගේ රැකියාව හෝ තමා යෙදෙන මොන යම් කාර්යයක හෝ තිබෙන වැඩ ප්‍රමාණය දරා ගැනීමට නොහැකි තරම් වැඩි වූ අවස්ථාවක මෙවැනි භීතියකට ගොදුරු විය හැකියි.

උදා :- නිමල් ළඟදී පත්වීම ලැබූ ගණකාධිකාරීවරයෙකි. ඔහුට රුකියාව ලැබී මාස තුනකි. තමාට ලැබෙන වැඩ ප්‍රමාණය අවසන් කර ගැනීමට නොහැකි වේයැයි යන භීතියෙන් ඔහු නිතරම තැති ගැන්වීමෙන් සිටියේය. දිනක් කාර්යාලයේ සිටින විටදී හිටි හැටියේම නිමල්ට හුස්ම ගැනීමට අපහසු විය. වේගයෙන් කෙටි හුස්ම ගන්නට විය. අධික ලෙස දාඩිය දැම්මේය. ඔහු මරණ භයෙන් මෙන් කෑගැසුවේය. ළඟම තියෙන රෝහලට ඇතුළු කළ විට ක්ෂණික ප්‍රතිකාරවලින් ඔහු සාමාන්‍ය තත්ත්වයට පැමිණියේය. සියලු පරීක්ෂණ කළත් කිසිම රෝගයක් සොයාගත නොහැකි විය. නිමල්ට ඇතිවූ මේ භීතිය මෙසේ ඔහු පැවසුවාය. 

මම ඉන්නේ නිතරම බයෙන්. මට ඔෆිස් එකේ දෙන වැඩ ටික කරගන්න බැරි වෙයිද කියලා මට බයක් දැනෙනවා.

 අසාමාන්‍ය ලෙස තරහා යෑම

(Difficulty foliating anger)

අසාමාන්‍ය ලෙස තරහා යන පුද්ගලයකුට එය පාලනය කරගත නොහැකි වූ විට අසාමාන්‍ය ආතතියෙන් කෙළවර විය හැකිය. පහත පුංචි කතාවෙන් අපි එය බලමු.

සුනිල් ව්‍යාපාරිකයෙකි. ඔහුට දරුවන් දෙදෙනෙකි. ඔහුට තිබූ එකම අඩුපාඩුව අසාමාන්‍ය ලෙස තරහා යෑමයි. සුනිල්ගේ බිරිඳ මෙසේ එය විස්තර කළාය.

මගේ සැමියා හරිම හොඳයි. නමුත් ඔහුට තරහා ගියාම පාලනය කරගන්න බැහැ. තරහත් සමඟ හිටි හැටියේම හුස්ම  හිර වෙනවා. වේගයෙන් කෙටි හුස්ම ගන්නවා. දවසක් මෙහෙම තරහා ගිහින් කලන්තේ හැදිලා වැටුණා. රෝහලට ගිහින් ඇඩ්මිට් කරා. ව්‍යෛවරැ කීවේ වෙනත් කිසිම අසනීපයක් නැහැ කියලා.

 හැඟීම් අතර අතරමං වීම

(A Chronic sense of feeling)

තමාගේ හැඟීම් පිළිනොගැනීම හෝ දැඩි මානසික කම්පනයකට ගොදුරැ වීම නිසා යම් කෙනකු ක්ෂණිකව පැනික් නැමති තත්ත්වයට ගොදුරු විය හැකියි. අපි පුංචි කතාවකින් බලමු.

නයෝමි විවාහ වී දරුවන් දෙදෙනක් සිටී. ඉන් එක් දරුවෙන් ඩවුන්ස් (Downs) නැමති රෝගයෙන් පෙළේ. නයෝමිගේ පියා මෙම රෝගී දරුවාට කිසිම ඇල්මක් දැක්වූයේ නැත. ගෙදරින් පිට ගමනක් යනවිටත් එම දරුවා ගෙදර තබා අනෙක් දරුවාව රැගෙන යාමට පියා කැමති විය. නමුත් නයෝමි දරුවන් දෙදෙනාටම එක සේ ආදරය කළේය. පියාගේ මෙම හැසිරීම නයෝමි දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ අතර මෙම ප්‍රශ්නය විසඳාගත නොහැකිව ඇය ලෝක දෙකක අතරමං විය. ඇය දැඩි මානසික පීඩනයකට ගොදුරු විය. ඇය හිටි හැටියේම පපුව තද වී හුස්ම ගැනීමට අපහසු වී හුස්ම හිර වී ඇද වැටුණු අවස්ථා එමටය. ඇයව හෘද රෝග විශේෂඥයන් දෙදෙනකුටම පෙන්වීය. කිසිම හෘද රෝග ලක්ෂණයක් සොයාගත නොහැකි විය. අවසානයේ වෛද්‍යවරු තීරණය කළේ පියා තම දරුවාට දක්වන අකමැත්ත නිසා ඇති වූ දැඩි පීඩනයෙන් පැනික් නැමති තත්ත්වයට පත් වී ඇති බවයි.

 දෙමාපියන්ගේ දැඩි පාලනයට දරුවකු හසුවීම.

(Perception of parents on controlling, critical)

දෙමාපියන්ගේ දැඩි පාලනයට දරුවකු ගොදුරු වීම, දරුවාගේ නිදහස නැති වීම නිසා එවැනි දරුවකු පැනික් නැමති තත්ත්වයට ගොදුරු විය හැකි බව පරීක්ෂණවලින් පෙන්වා දී ඇත. අපි පුංචි කතාවකින් මෙය බලමු.

මධුරංගගේ වයස අවු. 10යි. ශිෂ්‍යත්ව විභාගයට තිබුණේ තව මාස 8කි. මධුරංග අතිශයින්ම ක්‍රියාශ්‍රීලි, කෙලිලොල්, ක්‍රීඩාවට ලැදි වූ දරුවෙකි. ඔහු බැඩ්මින්ටන් සහ පිහිනීම වැනි ක්‍රීඩාවල යෙදුණේ හරිම ආශාවෙනි. ළඟ එන ශිෂ්‍යත්වය සමඟ මධුරංගගේ දින චර්යාව සම්පූර්ණයෙන් වෙනස් විය. පියාගේ දැඩි බලපෑම සමඟ බැඩ්මින්ටන් සහ පිහිනීම නැවැත්වීමට සිදුවිය. හවස් වනතුරුම පාසලේ පංති තිබුණි. මධුරංගට ශිෂ්‍යත්ව විභාගයද එපා විය. නිතර තරහා යාමටත් පටන් ගැනුණි. හිටිහැටියේම කලන්තයක් හැදී මධුරංග බිම වැටෙන්නනට පටන් ගත්තේය. ඔහුගේ පියා එම කලන්තය ගැන මෙසේ විස්තර කළේය.

එකපාරටම වේගයෙන් හුස්ම ගන්නවා. අත පය සීතල වෙනවා. එතකොටම පපුව රිදෙනවා කියලා කෑ ගහනවා. ඇඟ පුරා දාඩිය දානවා. එතකොට කලන්තේ හැදෙනවා. විනාඩි 10කට වැඩිය මෙහෙම තියෙන්නෑ. වෛද්‍යවරැ කියනවා කිසිම අසනීපයක් නැහැ කියලා. දැන් අපි දන්නවා දරුවාට තියෙන්නේ පැනික් නැමති අසනීපය කියලා.

පැනික් හෙවත් අසාමාන්‍ය භීතියට වෙනත් හේතු

 අසාමාන්‍ය භීතිය හෙවත් කැළඹීමට ස්ථිරවම හේතුව තවමත් තහවුරු වී නැත. නමුත් සොයාගැනීම්වලින් පහත සඳහන් හේතු ද එකතු කළ හැකිය. 

 දිගටම දුම්පානය කරන කෙනකු පසුකාලයේදී මෙම පැනික් තත්ත්වයට ගොදුරැ විය හැකිය.

 ළමා කාලයේ අපයෝජනයට ලක්වන දරුවන් පසු කාලයේදී පැනික් නැමති තත්ත්වයට ගොදුරු විය හැක.

 ජානමය සම්බන්ධතාවයන් පවතින බවද සමහර සමීක්ෂණවලින් තහවුරු වී ඇත. මෙහිදී ප්‍රධාන ජාන වර්ග දෙකක් හඳුනාගෙන ඇත. (ADORA2A සහ ComT ජාන)

 වේගයෙන් හුස්ම ගැනීමේදී කාබන්ඩයොක්සයිඩ් (Co2) මොළය තුළ වෙනස් වීමද මෙම රෝගයට හේතුවක් ලෙස තහවුරු වී ඇත.

 මොළයේ ගැඹුරින් පිහිටි ඇමිග්ඩෙලා (Amygdala) නැමති ඉතා කුඩා සංවේදී ඉන්ද්‍රිය අපේ භය සහ හැඟීම් පාලනය කරයි. මෙම මධ්‍යස්ථානය වැරදි ලෙස බාහිර සංවේදනයන් හඳුනාගැනීම ද මෙම භීතියට එක් හේතුවක් ලෙස පෙන්වා දෙයි.

කිරිබත්ගොඩ මූලික රෝහලේ 
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
06 Jul 2018 07:52 PM

වැඩිපුර දහදිය දැමීමත් මහ ලෙඩක්

දාඩිය දාන එක සාමාන්‍ය තත්ත්වයක් බව සැබෑවකි. අපගේ ශරීරය සිසිල් කරමින් ශාරීරික උෂ්ණත්වය නිසිලෙස පවත්වාගෙන යෑම සඳහා එය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. පරිසරයේ උෂ්ණත්වය ඉහළ යන විට දහඩිය දමන්නේ එම නිසයි. නමුත් දහඩිය දැමීම සඳහා හේතුවෙන එකම සාධකය උෂ්ණත්වය පමණක්ම නොවෙයි. ව්‍යයාමවලින් පසුව වගේම අපි කලබලයට පත්වූ විට ඇතිවෙන චිත්තවේගවල බලපෑම නිසාද දහඩිය ග්‍රන්ථි විසින් දහඩිය පිට කරනවා.

නමුත් මේ කියන ස්වභාවික හේතු නිසා නොවී අසාමාන්‍ය ලෙස දහඩිය පිටවෙනවානම්, එය පිටුපස නිදන්ගත රෝගයක්  තිබෙන්නට පුළුවනි. එබඳු රෝග කිහිපයක් තමා මේ. 

තයිරොයිඩ් ග්‍රන්ථීයේ දෝෂයක්

තයිරොයිඩ් ග්‍රන්ථියේ වැඩිපුර හෝමෝන නිපදවන විට නොනවත්වාම දහඩිය දමනවා. එම නිසා අධික ලෙස දහඩිය දැමීම අධි තයිරොයිඩතාවයේ ලක්ෂණයක් වෙන්නට පුළුවන්. ඒ වගේම අධි තයිරොයිඩතාවය හේතුවෙන් බර අඩුවීම සහ හෘද ස්පන්දනය ශීඝ්‍ර වීමක් ද සිදුවෙනවා.

ඖෂධ

විශාද නාශක ඖෂධ හේතුවෙන් ආතති හෝමෝන මට්ටම ඉහළ යනවා. එම නිසා එහි අතුරැ ප්‍රතිපලයක් ලෙස අධික ලෙස දහඩිය දමන්නට පුළුවන්. ඊට අමතරව රුධිර පීඩනය විදිමත් කිරීම සඳහා ලබාගන්නා ඖෂධ මෙන්ම, සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ලබාගන්නා ඖෂධ නිසා ද අධික ලෙස දහඩිය දැමීමේ හැකියාවක් තිබෙනවා.

පුරුෂ හොමෝන අඩුවීම

අඩු ටෙස්ටෙස්ටරෝන් හෝමෝන මට්ටමක් ඇති පිරිමින්ට රාත්‍රී කාලයේදී වැඩිපුර දහඩිය දැමීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ටෙස්ටෙස්ටරෝන් මට්ටම අඩුවූ විට, ශරීරය ඕනෑවටත් වඩා රත්වී ඇති බව පවසන ව්‍යාජ සංඥා හයිපෝතැලමසට ලැබෙනවා. පසුව ඊට දක්වන ප්‍රතිචාරයක් ලෙස ශරීරය විසින් දහඩිය පිට කරනවා.

සීනි අඩුවීම

රුධිර සීනි මට්ටම අඩුවීමේ ලක්ෂණයක් ලෙසද අධික ලෙස දහඩිය දමන්නට පුළුවන්. ආහාර වේල් මගහරින විට, රැධිරයේ ඇති ග්ලුකෝස් මට්ටම අඩුවෙනවා. එවිට ශරීරය විසින් ආරක්ෂාකාරී පියවරක් ලෙස ඇඩ්රිනලින් හෝමෝනය නිදහස් කරන අතර එම නිසා වැඩිපුර දහඩිය දැමීමක් සිදුවෙනවා.

හෘදයාබාධ

හෘදයාබාධයක් පිළිබඳව අනතුරැ අගවා සිටින ලක්ෂණයක් ලෙස අධික ලෙස දහඩිය දැමීම සහ හිස කරකැවිල්ල ඇතිවිය හැකිය. ඊට අමතරව ව්‍යායාම කිරීමෙන් හෝ ඇවිදීම වැනි වෙහෙස දෙන ක්‍රියාවකින් පසවත් පපුවේ වේදනාවක් ද ඇතිවෙන්නට පුළුවන්. හුස්ම ගැනීමට අපහසුවීම, හකුපාඩා, බාහු සහ පසු පස ප්‍රදේශය දක්වා පැතිරී යන පපුවේ වේදනාව ඒ හා සම්බන්ධ වී පවතින අනෙකුත් ලක්ෂණයි.

හෘදයාබාධයක් ඇති විට හෘද ස්පන්දනයේ සහ රැධිර පීඩනයේ තීව්‍ර අඩුවීමක් සිදුවෙනවා. ඊට දක්වන ප්‍රතිචාරයක් ලෙස තමයි ශරීරයෙන් අධික ලෙස දහඩිය පිටවන්නේ.

- Web Mob

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Jul 2018 08:44 PM
දාඩිය දාන එකත් ලෙඩක්නෙ බලන් යනකොට
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
06 Jul 2018 08:55 PM
දාඩිය දාන එක හොදයි කියලනෙ මෙච්චර කල් හිතන් හිටියෙ......බලනකොට ඒකත් ලෙඩක්නෙ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 Jul 2018 04:25 AM
වැඩිපුර දහදිය දැමීමත් මහ ලෙඩක්
මේ ලෙඩේ මට තියෙනවනෙ. අසාමාන්‍ය ලෙස දහඩිය දමනවා. හැබැයි ඒක කුඩා කාලේ ඉඳලම එහෙම නිසා වැඩිය ගණන් ගත්තේ නැහැ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
07 Jul 2018 05:49 AM
වැඩිපුර දාඩිය දාන එකත් ලෙඩක් බලන් යද්දී .
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Jul 2018 07:00 PM

sayatikaප්‍රශ්නය - සයටිකාව, එම වේදනාව සහ එයින් හටගන්නා සියලු පසු ආබාධ සුවපත් කර ගැනීම සඳහා යොදා ගත හැකි ආයුර්වේද ප්‍රතිකාර ගැන පසුගිය සතියේ කතා කළා. එරන්ද මුQලාදි වස්‌තිය, මහර්ෂනාදි ක්‌වාථය වැනි ඖෂධ යොදාගෙන රෝගීන් සුව කළ හැටි අප විස්‌තර කළා. ඒ සඳහා අප උදාහරණ වශයෙන් ගත්තේ අවුරුදු 62 ක්‌ වයස රෝගියෙක්‌.

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - ඉහත සඳහන් අවුරුදු 62 ක්‌ වයස රෝගියාට සයටිකාව වැළඳුනේ අවුරුදු 59 දී මුලදී ඔහුගේ කොන්ද මුල රිදෙන්නට පටන් ගන්නවා. ඊළඟට එය ක්‍රමයෙන් වම් පාදයේ උඩ සිට පහළ දක්‌වා පැතිර යනවා. ඊළඟට රෝගය විසින් මුළු ශරීරයම වෙලා ගන්නා අතර රෝගියාට නින්ද නොයන තත්ත්වයක්‌ හෙවත් ඉන්සොමේනියාවකට මුහුණ දෙන්නට සිදු වෙනවා. බටහිර වෛද්‍යවරු කියන්නේ මේ රෝගියා Laminectomy නමැති සැත්කමට ලක්‌ කළ යුතු බවයි.

ප්‍රශ්නය - මේ සැත්කම ගැන විස්‌තරයක්‌ කරන්න.

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - මෙය කොඳුඇට පෙළට අදාළ සැත්කමක්‌. කොඳු ඇට පෙළේ පහළම අස්‌ථිය ආශ්‍රයේදී මේ සැත්කම සිදු කරනවා. එයින් සිදුකරන්නේ අස්‌ථි අතර පීඩනය අඩු කිරීමයි. මේ පහළම අස්‌ථිය හඳුන්වන්නේ Lamina කියන නමින්. එහි කොටස්‌ කපා ඉවත් කර තමයි පීඩනය අඩු කරන්නේ. එහෙත් ඉහත සඳහන් සැත්කමට මුහුණපෑමට තරම් සුදුසු සෞඛ්‍ය තත්ත්වයක හැට දෙහැවිරිදි අපේ රෝගියා සිටියේ නැහැ.

මෙවැනි රෝගී අවස්‌ථාවක මළ බද්ධයක්‌ වැනි තත්ත්වයක්‌ තුළින් ඇතිවන ප්‍රශ්න තිබෙනවාද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - ස්‌ථ ර වශයෙන් ම තිබෙනවා. මළ බද්ධය හැදුනාම රෝගියාට සිදුවෙනවා පහළට තටමන්නට. එවිට ශරීරයේ කොඳුඇට පෙළේ පහත කොටස තෙරැපෙනවා. ඊළඟ ප්‍රතිඵලය තමයි අධික වේදනාවක්‌ හටගැනීම. මේ වේදනාව එහි මධ්‍ය ලCෂ්‍ය වන කොඳුඇට පෙළේ පහළ කොටසේ සිට ඉහළට සහ පහළට විහිදී යනවා.

ප්‍රශ්නය - ඉහත සඳහන් රෝගියා සුවපත් කිරීමේ ක්‍රමවේදය වූයේ කුමක්‌ද?

වෛද්‍ය කේ. ආර්. වීරසේකර - එය ශමන චිකිත්සාව යනුවෙන් තමයි අප හඳුන්වන්නේ. මේ චිකිත්සාවේදී කොඳු ඇට පෙළේ අග කොටස ආශ්‍රිත පීඩනය අඩුq කර දීමත් ප්‍රදාහ තත්ත්වය නැති කිරීමත් සිදු කරනවා.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

sayatika1

 

heartප්‍රශ්නය - පසුගිය සතියේ අප සාකච්ඡා කළේ දෙළුම් කොළවලින් හෘදයාබාධ රෝගීන්ට ලබා ගත හැකි සෙත ගැනයි. මේ දෙළුම් කොළ යොදාගෙන හෘද රෝග සඳහා වෙනම ඖෂධ නිෂ්පාදනය කරන්න බැරිද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - Punica Granatum ලෙස හඳුන්වන දෙළුම් සහ දෙළුම් පත්‍රවලින් හෘදයාබාධ සඳහා විශේෂ ඖෂධ තනනවා. දෙළුම් කියන්නේ ඉතාම පෝෂ්‍යදායක පලතුරක්‌. දෙළුම් ඇට ග්‍රෑම් 174 ක තිබෙන්නේ ෆයිබර් ග්‍රෑම් 7 ක්‌. ප්‍රොaටීන ග්‍රෑම් 3 ක්‌. විටමින් C 30% ක ප්‍රමාණයක්‌ විටමින් K 36% ක්‌. පොටෑසියම් 12% ක්‌ ඒ වගේම දෙළුම් ඇට කෝප්පයක සීනි ග්‍රෑම් 24 ක්‌ සහ කැලරි 144 ක්‌ තිබෙනවා. ඉහත සඳහන් දත්ත නවීන විද්‍යාත්මකව සොයාගත් නමුත් දෙළුම් ඇට, යුෂ, කොළ යනාදියෙහි පවතින ගුණය ගැන අපේ වෙද පරම්පරා අතීතයේ පටන් දැන සිටියා. දෙළුම් ගසේ පස්‌ පංගුවෙන් ම හදාගත් විශේෂ ඖෂධයකින් හෘද රෝග සුව කළ හැකි අවස්‌ථා තිබෙනවා. හැබැයි එය තීරණය වන්නේ රෝගය ඒ මොහොතේ පවතින තත්ත්වය අනුවයි.

දෙළුම්වල තිබෙනවා Punicalgin කියන සංඝටකය. මෙය විෂ නාශකයක්‌. ශරීරයේ රුධිරය විෂ වුණාම එය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා Punicalgin සංඝටකය ඉතාම ප්‍රයෝජනවත්. ඒ නිසා දෙළුම් යුෂ ග්‍රෑම් 100 ක තිබෙන විෂ නාශක ගුණය, රතු වයින් සහ ග්‍රීන් ටී එම ප්‍රමාණය තුළ ඇති ප්‍රමාණය මෙන් තුන් ගුණයක්‌. දෙළුම් ගසේ පොත්ත තමයි ගුණය වැඩිම හරිය. දෙළුම් පොත්ත සහ තවත් ඖෂධ කිහිපයක්‌ යොදාගෙන තනන විශේෂ චූර්ණයක්‌ අපේ ඖෂධ පරම්පරාවේ තිබෙනවා.

ඒ වගේම දෙළුම්වල තිබෙනවා ප්‍රදාහ නාශක ගුණයක්‌. දියවැඩියාව, ඇල්සයිමර් සහ ස්‌ථුලභාවය යන රෝග තත්ත්වයන් සමනය කරන්නට දෙළුම් යොදාගෙන තනන දේශීය සහ ආයුර්වේද ඖෂධ වලට පුළුවන්. ඉහත සඳහන් රෝග තත්ත්වයන් තුන නිසා ඉතා ඉක්‌මනින් හෘදයාබාධය හැදෙනවා. ඒ අනුව මේ රෝග වළක්‌වා ගැනීම හෘද රෝග වළක්‌වා ගැනීමක්‌ ලෙස අර්ථ දක්‌වන්නට පුළුවන්.

ඊළඟ කාරණය තමයි රුධිර පීඩනය. රුධිර පීඩනය අඩු වීමේ රෝග තත්ත්වය සමනය කරන්නටත් දෙළුම් වලින් ඖෂධ තනා ගන්නට පුළුවන්. රුධිර පීඩනය කියන්නේ අඩු වුණත් නරක, වැඩි වුණත් නරක මධ්‍යස්‌ථ තත්ත්වයක තිබිය යුතු තත්ත්වයක්‌. එම මධ්‍යස්‌ථ තත්ත්වය පවත්වා ගෙන යැමට තමයි දෙළුම් වලින් අප බෙහෙත් හදන්නේ. ඒ ඖෂධ අප පරම්පරා ගණනක්‌ තිස්‌සේ අත්දැකපු ඖෂධ.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

heart1

 

danisප්‍රශ්නය - පසුගිය සතියේදී මේ තීරය ඔස්‌සේ අප සාකච්ඡා කළා කාටිලේජ ගෙවී යැම ගැන සහ ඒවා යළි වර්ධනය කරන ආකාරය ගැන. අප දැන් ඒ මාතෘකාවම සාකච්ඡා කරනවා.

වෛද්‍ය වසන්ත උදයජීව - මෙහිදී අප වැඩි අවධානය යොමු කරන්නේ දණහිස සම්බන්ධයෙනුයි. දණහිස කියන්නේ විශාල සන්ධියක්‌. ශරීරයේ ඇහැට පෙනෙන්නට තිබෙන විශාලතම සන්ධිය තමයි දණහිස. මෙය කාටිලේජ ඇතුළු ද්‍රව්‍ය විශාල ප්‍රමාණයකින් සමන්විතයි. දණහිස්‌ සන්ධිය වටා පේෂීන් විශාල ප්‍රමාණයක්‌ තිබෙනවා. මේ සෑම පේශියක්‌ම, කාටිලේජ කොටසක්‌ම ආසාදනය වුණාම දණහිස්‌ වේදනාව හට ගන්නවා. සාමාන්‍යයෙන් දණහිසක්‌ වේදනා දීමට පහත සඳහන් කරුණු බලපානවා. එනම්.

1. ඔස්‌ටියෝ ආත්‍රයිටිස්‌ - විශේෂයෙන්ම වියපත් පුද්ගලයන්ට වැළඳෙන රෝගයක්‌ වන මෙයට වැඩි වශයෙන් බලපාන්නේ තරුණ හෝ නව යොවුන් වියේදී දණහිසේ හටගත් පිපිරුමක්‌ විය හැකියි. වියපත් වීමත් සමඟම අස්‌ථි සහ කාටිලේජවල හටගන්නා වෙනස්‌කම් නිසා වේදනාව ඇති වෙනවා.

2. දණහිස්‌ පොල්කටුව ගෙවී යැම - දණහිස්‌ පොල්කටුව ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Patella යනුවෙන්. වයස අවුරුදු 40 ඉක්‌ම වූ පසු වැළඳෙන දණහිස්‌ පොල් කටුව ගෙවී යැමේ රෝගය Patellofemonal arthrosis යනුවෙන් හැඳින්වෙනවා. නිතර නිතර කඳු නඟින බහින අයටත් උක්‌කුටයෙන් හිඳගෙන වැඩ කරන අයටත් මෙය වැළඳෙනවා.

3. ආත්‍රයිටිස්‌ නිසාත්, දණහිස වේදනා දෙනවා. දණහිස ඉදිමෙනවා. සන්ධියේ උණුසුම ඉහළ ගොස්‌ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා.

4. කාටිලේජ සහ අස්‌ථිවල හට ගන්නා ප්‍රදාහ තත්ත්වය දණහිසේ වේදනාවට බලපාන ඊළඟ හේතුවයි.

ප්‍රශ්නය - කාටිලේජ වර්ධනයට සුදුසු ප්‍රතිකාර මොනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේදය මගින් ප්‍රතිකාර රැසක්‌ යෝජනා කර තිබෙනවා. එයින් එක්‌ ප්‍රධාන කසායක්‌ මා කියන්නම්. හැබැයි මෙය පාවිච්චි කළ යුත්තේ සුදුසු වෛද්‍යවරයකුගේ අධීක්‍ෂණය යටතේයි.

කසාය - කුරුඳු පොතු, මානෙල් අල, නෙළුම් අල, අමුක්‌කරා අල, නෙල්ලි, රසකිඳ කලං 2 බැගින් ගෙන වතුර පත 8 කට දමා පත 1 කට හිඳ පෙරා සීනි/ මී පැණි දමා උදේ සවස කෝප්ප භාගය බැගින් පානය කළ යුතුයි. මෙය දින 14 ක්‌ (හැලි 14 ක්&zwnj නොකඩවා පානය කිරීම වැදගත්.

නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

danis1

 

whatප්‍රශ්නය - අද අප ඔබ සමඟ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ උදරය තුළ සහ උදරය ආශ්‍රිතව හටගන්නා වේදනාවයි. මෙය ආයුර්වේදය තුළ හැඳින්වෙන්නේ කොහොමද?

වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - ආයුර්වේදයේදී මෙය හඳුන්වන්නේ උදර ශූලය කියලයි. ඉංග්‍රීසියෙන් කියනවා Abdominal Pain කියලා. බටහිර වෛද්‍ය ශාස්‌ත්‍රයට අනුව උකුළු ප්‍රදේශය සහ පපුව අතර තිබෙන ප්‍රදේශය තමයි උදරය ලෙස හඳුන්වන්නේ. හුඟක්‌ වෙලාවට උදර වේදනාව හට ගන්නේ පොදු හේතු දෙකක්‌ මත. පළමුවැන්න ආහාර ජීර්ණය නොවීම, දෙවැනි හේතුව මාංශ පේශීන් ඇදීම. උදර වේදනාව ගැන, බටහිර විද්‍යාත්මක මතයට අනුව තිබෙන මේ කරුණ ගැන සැලකිලිමත් වෙන්න. ඉන්පසු ඊළඟ ලිපිවලදී ආයුර්වේදයෙන් උදර වේදනාව සහ එම වේදනාවට බලපාන හේතු වගේම එම තත්ත්වයන් කළමනාකරණය කරන හැටිත් සුවපත් කරන හැටිත් විස්‌තර කරන්නම්.

උදර ශූලය පිළිබඳ දත්ත කිහිපයක්‌

ò උදර වේදනාවට බලපාන පළමුවන හේතුව විය හැක්‌කේ ආහාර ජීර්ණය නොවීමය.

ò සමහර උදර වේදනා තත්ත්වයන් වෛද්‍ය මැදිහත්වීමක්‌ නැතිවම අවසන් වෙනවා. මඟහැර යනවා.

ò උදරයේ හදිසි වේදනාවක්‌ හට ගත්තොත් වෛද්‍ය මැදිහත් වීමක්‌ වහාම අවශ්‍ය වෙනවා.

ò සමහර උදර වේදනාවන්ට ෆාමසියෙන් ගන්නා සුළු සුළු වේදනා නාශක මගින් සමනය කර ගන්න පුළුවන්. එහෙත් බෙහෙත් ගන්නවා නම් වෛද්‍ය උපදෙස්‌ මත ගැනීම තමයි වඩාත්ම සුදුසු.

ප්‍රශ්නය - උදර වේදනාව බලගතු, බලපෑම් සහගත රෝගයක්‌ ලෙස සලකනවද?

වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - උදර කුහරය තුළ සහ එය ආශ්‍රිතව වැදගත් ඉන්ද්‍රියන් රැසක්‌ තිබෙනවා. ආමාශය, වකුගඩු, අක්‌මාව, කුඩා අන්ත්‍ර සහ මහාන්ත්‍රය උණ්‌ඩුකපුච්ඡය, අග්න්‍යාශය, මුත්‍රා බොක්‌ක. ප්ලීහාව යන ඉන්ද්‍රියන් තමයි ඒ වැදගත් ඉන්ද්‍රියන්. හෘදයේ ප්‍රධාන ධමනිය සහ තවත් හෘද නාලයක්‌ ගමන් කරන්නේ උදරය හරහායි. එසේම ශරීරයේ ප්‍රධාන පේශීන් ස්‌ථාන ගතවෙලා තිබෙන්නෙත් උදර කුහරය තුළයි. එවැනි පේශි කට්‌ටල හතරක්‌ උදරයේ තිබෙනවා. වැදගත් ඉන්ද්‍රියන්වල පිහිටීම මේ පේශි කට්‌ටල ආශ්‍රිතව තිබෙනවා.

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

what1

what2

 

iruwaප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ කතා කළේ ඉරුවාරදය නමැති ශීර්ෂ රෝගය ගැනයි. මේ රෝගය නිසා පීඩාවට පත්ව සිටින ප්‍රමාණය අති විශාල බව අපට වැටහුණේ එම ලිපිය පළවීමෙන් පසු ලැබන දුරකථන පණිවුඩ සමූහය නිසයි. ඉරුවාරදය තිබෙන රෝගියකු පැවතිය යුතු ආකාරය කුමක්‌ද? ඔවුන් ආහාර විහරණ කළ යුත්තේ කොහොමද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - අපි ගනිමු පිත වැඩි කෙනෙක්‌. ඒ කියන්නේ උපතේ සිට ඔහු පිත සහිත කෙනෙක්‌. ඔහුට අම්ල පිත්ත රෝගය තිබෙනවා. නිතර කුසගිනි එනවා. කෑම කෑවහම ඔක්‌කාරෙට එනවා. තෙල් මිරිස්‌ කන්න බැහැ. කුසගිනි ආවහම කන්නම ඕනෑ. මේ අයගේ අග්නිය ගොඩක්‌ වැඩියි. කාපු ගමන් දාල පිච්චිලා යන ගතියක්‌ තිබෙනවා. ඒ වගේ කෙනෙක්‌ තව තවත් උෂ්ණ ආහාර ගත්තොත් මොකද වෙන්නේ? විනාකිරි, අබ වගේ දේවල්, සැර මාලු වර්ග (කුම්බලා, බල, හුරුල්ලෝ) කෑවොත් මොකද වෙන්නේ? ලොකු විනාශයක්‌ වෙන්නේ. ඔහුගේ පිත, අග්නිය, තවත් වැඩි වෙනවා......

ප්‍රශ්නය - තක්‌කලි උෂ්ණ කෑමක්‌ ද?

අචාරය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - ඒක වෙන්නේ එය කන අගේ ඇගේ හැටියට. ඒ කියන්නේ ප්‍රකෘතියේ හැටියට. සමහරකුට තක්‌කලි කෑවට ප්‍රශ්නයක්‌ නැහැ. හැබැයි තව සමහරකුට කන්න බැහැ. ඒ වගේම සූර්යාවර්තණය හෙවත් ඉරුවාරදය හැදෙන්නෙත් අදාළ ප්‍රකෘතිය තියෙන කෙනාටයි. එතකොට ඔහු තමන්ගේ ප්‍රකෘතිය සමඟ ගැටෙන ආහාර නොගත යුතුයි. පිත් ප්‍රකෘතිය තිබෙන සමහරකුගේ විදුරුමස්‌ වලින් ලේ යනවා. සීනි ප්‍රකෘතිය තිබෙන උෂ්ණාධික ශරීර තිබෙන අයට ඉරුවාරදය හැදුනාම හුඟක්‌ අමාරුයි. එයා සෙමයි පිතයි දෙකම වැඩිවන දේවල් කරනවා නම් එය සුදුසු නැහැ. අපි හිතමු ඉරුවාරද රෝගියෙක්‌ හවසට ඇවිත් ඇල්වතුර නානවා. මේ නාන්නේ රස්‌නේ මැද්දේ ඉඳලා. එළියේ ඉඳලා ඇවිත්. එතකොට ඉරුවාරදය තවත් වැඩි වෙනවා. සමහරු නිදි මරලා ඇවිත් ඇල්වතුර හෝ උණුවතුර නානවා. එතකොට ඉරුවාරදය තව නගිනවා.

ප්‍රශ්නය - නාන්න සුදුසු කොයි වගේ වෙලාවටද

ලබන සතියට

සාකච්ඡා කළේ - සංඛනාද වෙදගෙවත්ත

iruwa1

iruwa2

 

anshabagaආයුර්වේදයේ වාත රෝග 80 ක්‌ පිළිබඳ විස්‌තර දක්‌වා ඇත. එවකට සමාජය තුළ දක්‌නට ලැබුණු වාත රෝග මෙසේ සඳහන්ව ඇතත් රෝග සංඛ්‍යාව මීට වඩා වැඩිය. ආයුර්වේදයේ දැක්‌වෙන වාත රෝග නිසැකවම නව්‍ය වෛද්‍ය විද්‍යාවේ දැක්‌වෙන ස්‌නායු රෝග හා මනාව සැසැඳේ. ඇතැම් වාත රෝග ප්‍රබල වන අතර, ඇතැම් ඒවා මෘදු රෝග හෙවත් සුළු රෝග තත්ත්ව වේ. අංශභාග රෝගය ප්‍රබල වාත රෝගයකි. ආයුර්වේද මූලික පොත්වල පක්‍ෂාගාතය නමින් දක්‌වා ඇත. පක්‍ෂයක්‌ හෙවත් සිරුරේ පැත්තක්‌ ක්‍රියා විරහිත වීම නිසා පක්‍ෂාඝාතය යෑයි හැඳින්වේ. වම් පස අත හා පාදය හෝ දකුණු පස අත් පා අප්‍රාණික වීම මෙහි මූලික ලක්‍ෂණයයි. එහෙත් මෙහි යථාර්ථය අතේ හෝ කකුලේ රෝගයක්‌ නොවේ. රෝගයේ මූලය ඇත්තේ මොළයේ ස්‌නායු සෛල මිය යැම යන කරුණ තුළය.

මොළයේ සියුම් රුධිsර නාලයක්‌ පිපිරීම හෝ ඒවා තුළ ලේ කැටි සිරවීම ආදිය නිසා මොළයේ සෛල වලට රුධිර සැපයුම ඇනහිටීම හෝ නැතිව යැම නිසා ස්‌නායු සෛලය මියගිය විට එකී සෛල වලින් පටන්ගෙන අත් පා දක්‌වා විහිදෙන ස්‌නායු තන්තු මිය යයි. ස්‌නායු මිය ගිය විට අත් පා දෙක අක්‍රිය හෙවත් අප්‍රාණික තත්ත්වයට පත් වේ. මෙම තත්ත්වය එක්‌ අංශයක හෝ දෙකක හෝ අත් පා හතරෙහිම වුවත් සිදුවිය හැක. එක්‌ පැත්තක වූ විට හෙමිප්ලීජියා (Hemiplegia&zwnj යෑයි ද එක්‌ අංශයක වූ විට Monoplegra යෑයි ද අත් පා හතරෙහිම වූ විට Quadriplegia යෑයි ද කියති. අංශ භාගය යන නාමය ඉහත කී Hemiplegia වට කියන ගැමි වදනයි. මෙය පුද්ගලයාගේ දෛනික ක්‍රියා අඩපණ කරයි. සිරුර හා මනස යන දෙකින්ම රෝගියා පීඩාවට පත්වන නිසා ප්‍රතිකාරයේදී සිරුරටත් මනසටත් ප්‍රතිකාර කළ යුතුය.

ආයුර්වේදයේ දක්‌වා ඇති මස්‌තිෂ්කය ප්‍රතිකාර විධි මුල් මාස 3 ගත වීමට පෙර ඉතා වැදගත් වේ. මනස උද්යෝගිමත් කිරීමත්, පසු කාලීනව රසායන චිකිත්සා ක්‍රමත් යෙදීම වඩා උචිත වේ. නව පර්යේෂණ තුළින් සොයාගත් ආයුර්වේදීය ප්‍රතිකාර ක්‍රම දැන් දැන් ප්‍රචලිත වෙමින් පවතී. ඒවා යෙදෙන්නේ විද්‍යාත්මක පදනමකිනි.

ලබන සතියට

anshabaga1

 

 

 

diabiticeවර්තමාන සමාජයේ මිනිසාගේ කාර්යබහුලත්වය ආතතිය හා වැරදි ආහාර රටාවන් නිසා මිනිසා නොයෙකුත් රෝගාබාධයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවක්‌ දැකිය හැකිය. එමෙන්ම බෝ නොවන රෝග සේ සැලකෙන දියවැඩියාව හෙවත් මධුමේහය පිළිබඳ අද අප සාකච්ඡා කරනුයේ පෑලියගොඩ නුවර පාරේ රන්පත වෙද මැදුරේ අධිපති ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා සමඟය.

" මොකක්‌ද මේ දියවැඩියාව රෝගය කියන්නේ. ඇයි සමාජයේ පිරිස්‌ මෙතරම් මේ රෝගය සඳහා බියක්‌ දක්‌වන්නේ.

ඇත්තටම දියවැඩියාව ලෙස හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන්ම සිරුරේ සීනි මට්‌ටම ඉහළ යැමයි. මෙම සීනි ප්‍රමාණය ඉහළ යැමත් සමගම ශරීරයට ඇති වන විවිධ සංකූලතා තමයි මෙම රෝග ලක්‍ෂණ ලෙස පෙන්වා දිය හැක්‌කේ. බොහෝ විට මෙම රෝගී තත්ත්වය ජාන ඇසුරින්ද ඇති විය හැකි අතර වැඩිම පිරිසක්‌ මෙම රෝගයට ගොදුරු වන්නේ නිසි ලෙස තම දේහ පාලනයකින් තොරව කටයුතු කිරීමෙන් බවද පැවැසිය යුතුමය.

විශේෂයෙන් වර්තමානයේ බොහෝ පිරිසක්‌ මෙම රෝගී තත්ත්වයට ගොදුරු වන්නේ නිවැරදි ආහාර රටාවක්‌ අනුගමනය නොකිරීම සහ ක්‍ෂණික ආහාරවලට වැඩිපුර යොමුවීම තුළිනුයි.

මෙම රෝගය වැළඳුණු විට එය ඉතා අහිතකර ලෙස ශරීරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරනු ලබන අතර මෙම රෝගී තත්ත්වය නිසැකවම මිනිසාගේ සිරුර තුළට කරනු ලබන හානිදායක තත්ත්වය නිසා බොහෝ දෙනා මෙම රෝගය නිහඬ මාරයා යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන්නේ මෙහි ඇති දැඩි බරපතළ තත්ත්වය නිසාය. එම නිසා මෙම රෝගයේ සංකූලතාව හඳුනා ගැනීම සහ මේ සඳහා කඩිනමින් ප්‍රතිකාර ගැනීමද ඉතා වැදගත්ය.

මෙන්න මේ රෝගය නිසා බොහෝ පිරිස්‌ දියවැඩියාව රෝගයට ඉතාම බියක්‌ දක්‌වයි. දියවැඩියාව සමඟම එන තවත් රෝගී තත්ත්වයක්‌ තමයි අතපය හිරිවැටීම. ඇයි මෙවැනි තත්ත්වයක්‌ ඇති වන්නේ,

මෙම රෝගයෙන් පීඩා විඳින රෝගීන් ගොදුරු වන තවත් රෝගී තත්ත්වයක්‌ තමයි ඔවුන්ගේ අතපය හිරිවැටීමේ රෝගී තත්ත්වය. මෙම රෝගීන් බහුතරය පවසන්නේ ඔවුන් ඇවිදින විට යටිපතුල් කොට්‌ට උඩ ඇවිදිනවා වැනි ආකාරයෙන් දැනෙන බවය. ඒ වගේම පාවහන් පැළැඳ සිටියත් ඒ බවක්‌ ඔවුන්ට නොතේරෙන බවත් පවසනවා.

මීට අමතරව දණහිස්‌, උරහිස්‌ මෙන්ම වැලමිට ඇතුළු විශාල සන්ධි ආශ්‍රිතව ඇති වන අධික වේදනා තත්ත්වයක්‌ ගැන රෝගීන් අප සමඟ නිතරම පවසනවා. සමහරුන්ට මෙම වේදනාකාරී බව උදෑසන කාලයේදී ඇතිවන අතර තවත් සමහරුන්ට මෙම වේදනාකාරී බව දිවා කාලයේදීත් තවත් සමරුන්ට රාත්‍රියේදීත් ඇතිවීමට හැකියාව පවතිනවා.

යම් ලෙසකින් දියවැඩියා රෝගීන්ට මෙම අත්පා හිරිය සහ වේදනාව ඇතිවනවා නම් ඊට හේතු ලෙස අදාළ රෝගියාගේ ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ දුර්වලතාවන් නිසා මෙම තත්ත්වයට ගොදුරු වීමේ හැකියාව පවතිනවා.

මන්ද දියවැඩියාව තත්ත්වය නිසා ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය නිසි පෝෂණ තත්ත්වය නොලැබීම නිසා එම පද්ධතියේ ඇතිවන අඩුපාඩුකම් නිසා මෙම තත්ත්වය ඇතිවිය හැකියි. දියවැඩියා රෝග ලක්‍ෂණවලින් පෙළෙන අයකුට ආතරයිටීස්‌ රෝගය වැළඳුනොත් මෙම වේදනාවන් දෙගුණ තෙගුණ විය හැකිය. එම නිසා එම රෝගයට ප්‍රතිකාර ලබා දීමේදී නිසි විමසීමක්‌ පරීක්‍ෂාවකින් පමණක්‌ ප්‍රතිකාර කළ යුතු වෙනවා.

"මෙම රෝග ලක්‍ෂණයන්ට අමතරව දියවැඩියා රෝගීන්ට බලපාන වෙනත් රෝග තිබෙනවාද? ඒවායේ රෝග ලක්‍ෂණ මොනවාද?

diabitice1විශේෂයෙන්ම මොවුන් අතර දැකිය හැකි තවත් රෝග ලක්‍ෂණයක්‌ තමයි මළ බද්ධය ඇතිවීම, ඒවාගේම මළ බුරුලට යැම, මළ බද්ධය සමඟම සම මත ඇතිවන කැසීම් තත්ත්වය සහ පළු දැමීම වැනි දේද ඇතිවිය හැකියි. හිස කැක්‌කුමද රෝගීන්ට ඇතිවීමේ හැකියාවක්‌ පවතිනවා.

නින්ද නොයැම, අධික ලෙස මුඛයෙන් දුර්ගන්ධයක්‌ පිටවීම, කේන්ති යැම, පීනස්‌ රෝග උග්‍රවීම මුඛයේ තුවාල හටගැනීම ඇස්‌වලින් කඳුළු ගැලීම හා ඇස්‌ වියළීම වැනි රෝගාබාධයන්ද ඇතිවිය හැකියි.

දියවැඩියාව රෝගයට ආයුර්වේද ප්‍රතිකාර තුළින් සුවයක්‌ ලැබිය හැකිද?

අනිවාර්යයෙන්ම ආයුර්වේද ප්‍රතිකාරවලින් මෙම රෝගය සුවකර ගත හැකියි.

විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී ඔවුන් නිවැරදි පරීක්‍ෂාවකින් පසු වැළැඳී ඇත්තේ කුමන රෝගී තත්ත්වයක්‌ දැයි නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි.

ඉතාමත් කාර්යබහුල අයට පවා ඉතා පහසුවෙන් පාවිච්චි කළ හැකි ලෙස පර්යේෂණාත්මකව දියුණු ක්‍රමවලට සැකසූ ප්‍රතිකාර ක්‍රම අප සතුව පවතින නිසා ඕනෑම පුද්ගලයකුට අප කරා පැමිණ ඉතා පහසුවෙන් තම රෝග සුව කරගැනීමට හැකියාව තිබෙන බවද මෙහිදී කිව යුතුමයි.

සාකච්ඡා කළේ - ගයාන් සමරසිංහ

 

 

 

neuroකොඳු ඇට පෙළේ ස්‌නායු හිරවීම නිසා අත් පා පණ නැති වූ රෝගියකු ගැන අප පසුගිය සතියේ සාකච්ඡා කළා. වෛද්‍ය එම්. ඒ. මදනායක විසින් ඔහු සුවපත් කිරීම පිළිබඳ අත්දැකීම එම රෝගියා වෙතින්ම අසා දැන ගනීමට අප තීරණය කළා.

ප්‍රශ්නය - ඔබ පළමුවන දිනයේ වෛද්‍යවරයා වෙත ගියාම සිදු වූයේ මොනවද?

රෝගියා - මුලින්ම ඔහු මගේ කොඳුඇට පෙළ උඩ සිට පහළට තෙරපමින් පරීක්‍ෂා කරන්නට පටන් ගත්තා. මේ විදියට පැයක්‌ පමණ පරීක්‍ෂා කිරීමෙන් පසු ඔහු මගේ කොඳුඇට හිරවෙලා තිබුණ තැන් හඳුනා ගත්තා. මා එකෝ පරීක්‍ෂණ ස්‌කෑන් වාර්තා ගෙන ගියත් වෛද්‍ය මදනායක ඒ එකක්‌වත් බැලුවේ නැහැ. වෛද්‍යවරුන් ස්‌කෑන් වාර්තා මගින් මට කියපු දේවල් සියල්ල මගේ කොඳුඇට පෙළ අත ගාමින් වෛද්‍යවරයා කීවා.

ප්‍රශ්නය - මෙසේ අස්‌ථ තෙරපන විට ඔබට වේදනාවක්‌ දැනුනද?

රෝගියා - කොඳු ඇට පෙළේ දිරාගිය තැන්වලදී විතරක්‌ වේදනාවක්‌ හට ගත්තා. එය ඉතා සියුම් වේදනාවක්‌. දරා ගැනීමට හැකි තරම් කුඩා වේදනාවක්‌.

ප්‍රශ්නය - ප්‍රතිකාර පටන් ගත්තේ කොහොමද?

රෝගියා - මුල්ම දවසේ කළේ කොන්දේ තෙල් ගා සම්බාහනය කිරීමයි. එසේ සම්බාහනය කරන විට ඇට දිරා ගිය තැන්වලදී තෙල් ඇතුළට කිදා බසිනවා වගේ මට දැනෙන්නට පටන් ගත්තා. ඒ එක්‌කම කිසියම් ආකාරයක උණුසුමකුත් දැනුනා.

ප්‍රශ්නය - මේ විදියට දිනකට කී වරක්‌ තෙල් සාත්තුව කළාද?

රෝගියා - මුලින්ම දිනකට තුන් වතාවක්‌ කළා. ඊළඟට දිනකට දෙවතාවක්‌ කළා. රෝගය සුව වන කාලය වෙද්දී දිනකට එක්‌ වතාවක්‌ විතරයි තෙල් සම්බාහනය සිදු වුණේ.

ප්‍රශ්නය - කසාය බිව්වද?

රෝගියා - වෛද්‍යවරයා විසින් ම හදා දුන් කසාය පානය කළා. කිසිම අවස්‌ථාවක අරිෂ්ට පානය කළේ නැහැ. හැබැයි ක්‌වාථ පානයට ලැබුණා.

ප්‍රශ්නය - ඔබට සුව වන බව දැනුනේ කොහොමද?

රෝගියා - මම වෛද්‍යවරයා වෙත යන්නේ හරියාකාරව ඇවිදගන්නවත් බැරුව, දරන්න බැරි තරම් කොන්දේ වේදනාවකින් සහ අත්පා වේදනාවකින්. මාව සුව වෙන්න පටන් ගත්තම මුලින්ම කොන්දේ වේදනාව අඩු වෙන්නට පටන් ගත්තා. ඊළඟට ගෙල ප්‍රදේශයේ තිබූ හිරි ගතිය නැතිව ගියා. එයින් කියෑවුණේ මගේ කොඳුඇට පෙළේ තිබූ ස්‌නායු හිරවීම නැතිව ගිය බවයි. මේ එක්‌කම මට දැනුනා අත් පා ලිහිල් වෙන්නට පටන් ගත් බව. තවත් ටික දිනක්‌ ගත වන විට මට ටිකෙන් ටික බිම අඩිය ගහලා ඇවිදින්නට පුළුවන් වුණා. අද වන විට මට තනිව වැඩපළ කර ගත හැකි තත්ත්වයට පත්ව සිටිනවා. ඔබ දන්නවා, මා ත්‍රිරෝද රථ රියෑදුරෙක්‌. මට දැන් තනිව එම රැකියාව කර ගන්නත් පුළුවන්. ඒත් තවම වැඩ පටන් ගත්තේ නැහැ.

(ලබන සතියේ රෝගියාට කළ ප්‍රතිකාර ගැන වෛද්‍යවරයා කියන කතාව.)

නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836

සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ

neuro1

neuro2

 

otisumප්‍රශ්නය - අපට ලැබී තිබෙන අලුත්ම වාර්තා අනුව ඇමරිකාව සහ කැනඩාව යන රටවලත්, ආසියානු රටවලත් ඔටිසම් රෝගය වඩාත් බහුල ලෙස පැතිර යමින් පවතිනවා. ඉස්‌සර තිබූ ප්‍රමාණයට වඩා රෝග ලක්‍ෂණ ප්‍රමාණයකුත් සමඟ දැන් ඔටිසම් රෝගය දැන ගැනීමට පුළුවන්.

විශේෂඥ වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - සමස්‌තයක්‌ ලෙස ගත්විට මුළු ලෝකයේම සෞඛ්‍ය විෂම රටාවකට පත්ව තිබෙනවා. ආහාර සහ විහරණ තත්ත්වයන් ක්‍රමානුකූල සහ සෞඛ්‍ය සම්පන්න නොවීම මෙයට හේතු වෙන්නට පුළුවන්. මේ රෝගවලට ඉංග්‍රීසි බෙහෙත් නැති වුණාට ආයුර්වේද ප්‍රතිකාර ඕනෑ තරම් තිබෙනවා. ඔටිසම් රෝගය සහිත දරුවන්ට නිර්දේශ කළ හැකි ස්‌නේහත සහ ස්‌වේදන ප්‍රතිකාර ගැනත්, ඉඟුරු, මිරිස්‌ සහ ගම්මිරිස්‌ යොදාගෙන සාදන ඖෂධයක්‌ මගින් ඔටිසම් රෝගී දරුවන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය කරන හෝමෝන සාදන්නේ කෙසේද යන්න ගැනත් පසුගියදා ජාත්‍යන්තර මට්‌ටමින් සාකච්ඡා වුණා. එසේම පංචකර්මයේ එන ස්‌නේහක කර්ම (බාල ලක්‍ෂාදී තෛලය යොදාගෙන මෙය කළ යුතුයි) ස්‌වේදන කර්ම, වමන කර්ම, විරේචන කර්ම, වස්‌ති කර්ම, ගිරෝධාරා, නස්‍ය කර්ම, පිපිචිල්, පිනිධ ස්‌වේද වැනි ක්‍රම වේද මගින් ඔටිසම් රෝගී දරුවන්ට යහපත් සෞඛ්‍යයක්‌ ලබා දෙන්නේ කොහොමද කියන කාරණයත් එහිදී සාකච්ඡා වුණා.

මෙහිදී සාකච්ඡා වූ වැදගත්ම කාරණයක්‌ තමයි ඔටිසම් රෝගය වැළඳුන දරුවන්ට දිය යුතු ආහාර මොනවද කියන එක. සම්පූර්ණ යොදය සහිත නැවුම් එළකිරි. මුං ඇට සහ රතු පරිප්පු, ඇපල්, අඹ, නෙල්ලි, දෙළුම්, කැරට්‌, පෙයාර්ස්‌ වැනි පලතුරු, ඔලිම් තෙල්, එළඟිතෙල් සහ ඖෂධ මිශ්‍ර කළ එළඟිතෙල් යනාදියත් සුදුසු වෛද්‍යවරයකුගේ උපදෙස්‌ සහ දරුවාගේ ශරීර සෞඛ්‍ය මට්‌ටම මත ලබා දිය යුතු බවත්, එහිදී තීරණය වුණා. කෙටි කඩ කෑම, තෙල් සහ කුළුබඩු බහුල ආහාර, පරණ වූ ආහාර, ශීතකළ බීම වර්ග, රටකජු, සව්, මුදවපු කිරි, චීස්‌, කෝපි, රතු පැහැති මස්‌ වර්ග, මද්‍යසාර මිශ්‍ර පාන වර්ග, අර්තාපල්, වම්බටු, බතල යන කෑම වර්ග එවැනි දරුවන්ට නොදිය යුතු බවත්, උණු වතුර පමණක්‌ පානයට දිය යුතු බවත් එහිදී සාකච්ඡා කෙරුණා.

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

otisum1

 

fayaගර්භාෂයේ ඇතිවන ගෙඩි නොඑසේ නම් ෆයිබ්‍රොයිඩ් තත්ත්වය සඳහා ශල්‍යකර්මවලට ලක්‌වීමේ ප්‍රවණතාව අද සමාජයේ වැඩි බවක්‌ පෙනී යයි. ශල්‍යකර්මය මඟින් ගර්භාෂ බිත්තියට බැඳී තිබුණු ගෙඩිය සම්පූර්ණයෙන් ඉවත් කළ හැකි වුවත් නැවත වර්ධනයක්‌ සිදුවීමේ හැකියාව වැළැක්‌වීමට නොහැක. මේ නිසා ෆයිබ්‍රොයිඩ් ඉවත් කිරීමේ සැත්කමට ලක්‌වීමෙන් පසු කළ යුතු හා පිළිපැදිය යුතු උපදෙස්‌ පිළිබඳ දැනුවත් වීම වඩා වැදගත් වේ. ඒ මඟින් සැත්කමේ සංකූලතා අවම කිරීමට පහසු වන අතරම නැවත ෆයිබ්‍රොයිඩ් වර්ධනයන් සිදුවීම පාලනයට හැකියාව ලැබේ.

ගර්භාෂය ආරක්‍ෂාකර ෆයිබ්‍රොයිඩ් පමණක්‌ ඉවත් කරන ශල්‍යකර්මය (Myomectoney) ලෙස හඳුන්වයි. එහිදී සිදුකරනුයේ ගර්භාෂයේ මාංශපේශියේ එම වර්ධනයට අදාළ කොටස කපා ඉවත් කිරීමයි. පසුව රුධිර වහනය වැළැක්‌වීම සඳහා මැහුම් යොදනු ලැබේ. ගෙඩි කිහිපයක්‌ ඉවත් කිරීමේදී මෙලෙස ගර්භාෂ බිත්තියෙහි අදාළ ස්‌ථාන කිහිපයකම මෙබඳු කැපීම් සිදුකරයි.

මෙබඳු තත්ත්වවලදී තැන් කිහිපයක තුවාල ඇති කිරීම උපද්‍රවකාරී බව වෛද්‍යවරු තීරණය කරයි නම් සම්පූර්ණ ගර්භාෂයම ඉවත් කිරීමේ සැත්කමට (Hystorectomy) රෝගියා යොමු කරයි.

පෙර කාලයේදී වඩා අද කාලයේ මෙම ශල්‍යකර්ම සඳහා රෝහල් ගතවන කාලය හා සංකූලතා අවමය. එනමුත් ශල්‍යකර්මයක්‌ යනු ශරීරයේ කිසියම් හෝ කැපුමක්‌ සිදුකරන්නක්‌ බැවින් යම් බලපෑමක්‌ පැවතීම බලාපොරොත්තු විය යුතුය. ශල්‍යකර්මයකින් පසු නිසි විවේකය පෝෂණය නිවැරදිව පවත්වා ගැනීම වැදගත්ය. මෙහිදී දෙහි දොඩම් වැනි පැඟිරි කුලයේ පලතුරු ආහාරයට ගැනීමෙන් තුවාල ඉක්‌මනින් සුවවීම සඳහා විටමින් C වල බලපෑම උදව්කරගත හැක. එමෙන්ම කැපුමේ සුවවීම පිළිබඳ අවධානයෙන් පසුවීම වැදගත් වේ.

එමෙන්ම නැවත ෆයිබ්‍රොයිඩ් තත්ත්වය ඇතිවීම වැළැක්‌වීමට ද පිළියම් යෙදීම අත්‍යවශ්‍ය තත්ත්වයකි. මන්ද ශල්‍යකර්මයෙන් වනුයේ ගෙඩිය ඉවත් කිරීම විනා රෝග හේතුව ඉවත් කිරීම නොවන බැවිනි. ආයුර්වේදයේ දක්‌වා ඇති ගර්භාෂගත අර්බුධවලින් තොරව සිටීමේ උපක්‍රම අනුගමනය තුළින් මීට නිසි පිළිතුරක්‌ සොයාගත හැකිවනු ඇත.

එහිදී ආහාරපාන උපදෙස්‌, නිවැරදි ජීවන පුරුදු පවත්වා ගැනීම් ආදී උපක්‍රම සේම හෝර්මෝන නිසිසේ පවත්වා ගැනීමටත් රෝගී තත්ත්වයනට ශරීර ප්‍රතිරෝධය වැඩි කිරීමත් සඳහා ප්‍රතිකාර පද්ධතීන් ද පවතී.

ලබන සතියට

faya1

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 133 of 137 << < 131132133134135 > >>