You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 134 of 137 << < 132133134135136 > >>
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
07 Jul 2018 09:20 PM
වැදගත් විස්තර ගොඩාක් ගෙනත්......ස්තුතියි අය්ය
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
08 Jul 2018 12:14 AM
ඔටිසම් රෝගී දරුවන්ට සුදුසු ආහාර මෙන්න
ඔටිසම්. කතා කරන්න එපා මේ ගැන.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jul 2018 06:26 PM

ඉස්‌සර නම්බෙල්ලේ වේදනාවක්‌ ඇතිවූ විට නිදාගන්න කොට්‌ටය මාරු කරනවා. එහෙමත් නැත්නම් අව්වේ වේළෙන්න දමා පාවිච්චියට ගන්නවා. නමුත් දැන් කාලේ මතු වන බෙල්ලේ වේදනාවන්ට කොට්‌ටය මාරු කිරීම පිළියමක්‌ නොවන තත්ත්aවයට පත්ව ඇත. වෛද්‍යතුමනි, වර්තමානයේ බොහෝ දෙනකුට මතුව ඇති බෙල්ලේ වේදනාවට බලපා ඇති හේතුව කුමක්‌ද?
 
 බෙල්ලේ වේදනා පවතින බොහෝ දෙනාගේ රෝගයට හේතුව පරීක්‌ෂා කළ විට හෙළිවී ඇත්තේ ඔවුන් සියලු දෙනා දවසේ වැඩි වේලාවක්‌ බෙල්ල එක්‌ පැත්තකට හරවා ගෙන රාජකාරි කටයුතුවල නිරතව සිටින බවයි. විශේෂයෙන්ම පරිගණක ආශ්‍රිත රැකියාවල නිරත වන පුද්ගලයන් බෙල්ල එක්‌ පැත්තකට හරවාගෙන දවසේ පැය 7 ක්‌ 08 ක්‌ පමණ එක දිගට කටයුතු කරන විට ඔවුන්ගේ බෙල්ලේ ග්‍රයිවී කශේරුකාවල තද වීමක්‌ හටගන්නවා.
 
 විශේෂයෙන්ම ග්‍රයිවී කශේරුකා 7-8 සහ 5-6 යන ස්‌ථානවල මෙම තදවීම මතු වෙනවා මෙම අසාමාන්‍ය තදවීම නිසා අන්තර් කශේරුකා මඬල තෙරපුමට ලක්‌වීම සිදුවෙනවා. එම තෙරපුම එක්‌ පැත්තකට පමණක්‌ සිදුවීම නිසා අන්තර් කශේරුකා තරු මඬලේ එක්‌ පැත්තක්‌ සිහින් වීමට ලක්‌ වෙනවා. ඒ අතර එහි අනෙක්‌a පැත්ත අසාමාන්‍ය ලෙස විශාල වීමට පටන් ගන්නවා. මෙලෙස දීර්ඝ කාලයක්‌ එකම ඉරියව්වෙන් දවසෙ වැඩි කාලයක්‌ කටයුතු කරන විට අන්තර් කශේරුකාවල හැඩය වෙනස්‌ වීමට ලක්‌ වෙනවා. එසේ වූ විට අන්තර් කශේරුකා මඬල සිහින්වූ ප්‍රදේශයෙන් ගමන් කරන ස්‌නායු තෙරපීමට ලක්‌වීම පටන් ගන්නවා. එම තෙරපුම නිසා බෙල්ලේ සිට අත දක්‌වා ගමන් කරන ස්‌නායුවල වේදනාවක්‌ ඇති වෙනවා. මෙම වේදනාව දිගු කාලයක්‌ පැවතීමෙන් අත් සහ ඇඟිලිවල හිරි වැටීම ඒවා නිසි ලෙස ක්‍රියා නොකිරීම පටන් ගන්නවා. ඒ අතර අත්වල මාංශ පේශීවලට හරියාකාරව රුධිරය ගමන් නොකිරීම නිසා මාංශ පේශී ක්‌ෂය වීමට ලක්‌ වෙනවා. එවැනි අවස්‌ථාවකට පත්වූ විට වේදනාව අත් දෙකටම බලපානවා. එවිට අත් දෙක දිගේ වේදනාව ඇඟිලි දක්‌වා ගමන් කරනවා.
 
 වෛද්‍යතුමනි, මෙම තත්ත්වයට පත්වන තවත් පුද්ගලයන් පිළිබඳව පැවසිය හැකිද?
 
 ඔව්. බෙල්ල එක පැත්තකට පමණක්‌ හරවාගෙන පොත්පත් පාඩම් කරන අය ලේඛන කටයුතුවල යෙදෙන අය, රූපවාහිනිS නරඹන අය ද මෙලෙස බෙල්ලේ වේදනාවට ඉතා පහසුවෙන් ගොදුරු වෙනවා. ඊට අමතරව එක ඉරියව්වක හිදිමින් රථවාහන ධාවනය කරන රියෑදුරන්ද මෙම බෙල්ලේ වේදනාවට ගොදුරුවී සිටිනු අපට හමුවී තිබෙනවා.
 
 මෙවැනි රෝගවලට බහුලවම ගොදුරු වන්නේ වයස අවුරුදු 16 ත් 25 ත් අතර වියේ පසු වන අයයි. ඔවුන් වැරදි ඉරියව්වලට හුරුවී කටයුතු කිරීම නිසා ඇති වන බෙල්ලේ වේදනාව වයස අවුරුදු 30-45 වනවිට උග්‍රවී ඉතා දරුණු තත්ත්වයට පත් වෙනවා.
 
 මෙවැනි බෙල්ලේ වේදනාවක්‌ හටගත් විට මුල් අවස්‌ථාවේදී බොහෝ දෙනා සිතන්නේ මෙය නිදි උලුක්‌කුව යෑයි කියාය. නමුත් මෙය නිදි උලුක්‌කුව නොවන බව සිහි තබාගත යුතුයි.
 
 වෛද්‍යතුමනි, මෙවැනි රෝගයකට ගොදුරු වූ අයකු එය සුවපත් කර ගැනීමට ගත යුතු ප්‍රතිකාර මොනවාද?
 
 පළමුව තමා නිරතව සිටින වැරදි ඉරියව්වලින් මිදී එකම ඉරියව්වෙන් දවසේ වැඩි වේලාවක්‌ කටයුතු කිරීම අත්හැරිය යුතුයි.
 
 අන්තර් කශේරුකා මඬලේ වෙනස්‌වීම් සිදුව ඇත්නම් ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඒවා යළි නිවැරදි කරගත යුතුයි.
 
 මෙවැනි රෝගවලට ගොදුරුව සිටින අය නිදා ගැනීමේදී උසින් වැඩි කොට්‌ට පාවිච්චි නොකළ යුතුයි. බෙල්ලත් කඳත් අතර අඟල් 1 1/2 ක්‌ පමණ පරතරයක්‌ ඇති වන උසින් යුත් කොට්‌ටයක්‌ පාවිච්චි කළ යුතුයි. කොඳු ඇට පෙළ ආශ්‍රිතව මතුවන මෙවැනි රෝග සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ බොහෝ සාර්ථක ප්‍රතිකාර තිබේ. එනිසා රෝගය මුල් අවස්‌ථාවේදීම ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් ඉතා ඉක්‌මනින් මතුව ඇති ආබාධ සුවපත් කරගත හැකියි. රෝගය මතුව ඇති කාලය අනුව ප්‍රතිකාර කළ යුතු කාලසීමාවද වෙනස්‌ වෙනවා.
 
 ස්‌නායු රෝග සමග වාත රෝගද හටගන්නා නිසා ප්‍රතිකාර ලබා රෝaගය නිට්‌ඨාවට සුවකර ගන්නා තුරු කොස්‌, පොලොස්‌, වම්බටු, මෑකරල්a, කිරිබත්, මුංඇට, ඊස්‌ට්‌ දැමූ ආහාර ආදිය පාවිච්චිය සම්පූර්ණයෙන් නතර කළ යුතුයි.
 
 වැඩිදුර විස්‌තර සඳහා දුරකථන අංක 0717-666488 හෝ 072-8878890 ඇමැතිය හැකිය.
weda6 

 සකස්‌ කළේ කඩවත කරුණාදාස ජයකොඩිආරච්චි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jul 2018 06:30 PM

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jul 2018 06:30 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jul 2018 06:31 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jul 2018 06:31 PM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Jul 2018 06:49 PM

weda5සන්ධි රෝග, බාල, තරුණ, මහළු වයස්‌ බේදයකින් තොරව දක්‌නට ලැබෙන තත්ත්වයක්‌ බවට පත්වී ඇත. වැඩි වශයෙන් වයස්‌ගත වීමත් සමඟම බොහෝ මවුවරුන්, පියවරුන් මේ තත්ත්වය නිසා පීඩා විඳිමින් සිටිනවා දක්‌නට ලැබෙනවා. විශේෂයෙන්ම කිවයුතුයි පාකින්සන් රෝගය, ඇදුම, හදවත් රෝග, වකුගඩු හා මුත්‍රාශ රෝග, ආමාශගත රෝග වැනි නොයෙකුත් රෝගී තත්ත්වයන් සමඟම සන්ධි රෝග වැළඳීමෙන් පාද ඇදගැසීමත්, වේදනාවත් නිසා ඔවුන් ගෙවන්නේ ඉතාම පීඩාකාරී ජීවිතයක්‌. මෙය වත්මන් සමාජයේ බහුලව දක්‌නට ලැබෙනවා.
 
 වෛද්‍යතුමියනි කුමක්‌ද මේ සන්ධි රෝගය කියන්නේ?
 
 හිසෙA සිට දෙපතුල දක්‌වා සන්ධි ගණනාවකින් යුක්‌තව අස්‌ථි පද්ධතිය නිර්මාණය වී පවතිනවා. අස්‌ථියෙන් අනිත් අස්‌ථියට සම්බන්ධ කර නම්‍යශිලිතාවය හා ක්‍රියාකාරීත්වය ගෙනදෙන කාටිලේජ නමැති පටක ව්‍යqහය ඉතා වැදගත් ස්‌ථානයක්‌ ගන්නවා. ශරීරයේ කොතැනක හෝ සන්ධියක පටකවල වැඩි ඝර්ෂණයක්‌ යෙදීම, වයස අනුව ගෙවී යැම නිසාද, සිදුවන හදිසි අනතුරු නිසාද, දිරායාමත් නිසාද, විනාශ වූ හෝ තුවාල වූ ගෙවීයන පටක මත ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ක්‍රියාකර පිළිසකර කරදී මේ මුල් අවස්‌ථාව ප්‍රදාහක තත්ත්වය ලෙස හඳුන්වනවා. මෙහිදී එම ස්‌ථානයට දියර එකතු වී ඉදිමීම, රතුපාට වීම, එම ස්‌ථානයේ උෂ්ණත්වය වැඩි වීම හා වේදනාව ඇතිවීම මින් ඇති වෙනවා. මෙය අපි සන්ධි රෝගයක්‌ ලෙස හඳුන්වනවා. ආතරයිටිස්‌ කියන්නේ මේ තත්ත්වයයි.
 
 ශරීරයේ ඕනෑම ස්‌ථානයක මෙය ඇතිවෙන්න පුළුවන්ද?
 
 අස්‌ථි පද්ධතියේ අස්‌ථි 2 ක්‌ එකතුවන ඕනෑම ස්‌ථානයක ආතරයිටිස්‌ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මූලිකව ඇතිවන මෙම වෙනස්‌කම නිසා ඇතිවන වේදනාව මුල් කරගෙන වේදනාව පමණක්‌ නැති කර ගන්න උත්සාහය තුළ රෝගය පිළිබද හරි අවබෝධයක්‌ නොමැතිකම තුළ ඇතුළතින් මේ ව්‍යqහාත්මක වෙනස්‌වීම ක්‍රම ක්‍රමයෙන් ඇද ගැසීමකට ලක්‌වන්නේද රෝගය ඇතුලාන්තයෙන් වර්ධනය වී යැමත් සමඟය. ඒ සමඟ රසායනික සංයුතිවල වෙනස්‌කමද සිදුවී (ESR, Rh, facter) ඉහළයාම වේදනාව දරාගත නොහැකි තතAත්වයට පත්වීමක්‌ වෙනවා. ශරීරයේ මේ තත්ත්වය ඇතිවන ස්‌ථානය අනුව ගෙවීයන ආකාරය, තත්ත්වය අනුව විවිධාකාර නම් රැසකින් හැඳින්වීම අපව රෝගයේ නමත් සමඟ බිය ගෙන දෙනවා. බෙල්ලේ ඇතිවීම (Cervical Spondylisis) කොන්දේ ඇතිවීම (Lumba Spondylosis), දිරායාම (osteoporosis) ලෙස විවිධාකාර නම් ගෙන දෙනවා. තත්ත්වය උත්සන්න වූ විට ස්‌නායු තෙරපීම් ගෙනදීම අවසානයේ ශල්‍යකර්ම දක්‌වා පුංචි රෝගය වර්ධනය වීම සිදු වන්නේ රෝගියාගේ නොදැනුවත්කම නිසයි.
 
 ආතරයිටිස්‌ වර්ග තියෙනවාද?
 
 සන්ධි රෝග සඳහා ශරීරයේ ප්‍රතිශක්‌තිය දුර්වල වීම විශේෂයෙන් බලපෑමක්‌ ඇතිකරන අතර එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ වනවා. ඒ නිසා වැළඳෙන ආකාර ලෙස ආතරයිටිස්‌ වර්ග 100 කට අධික සංඛ්‍යාවක්‌ පවතිනවා. එය එකිනෙකාගේ ශරීරය තුළ ඇතිවන ආකාරය අනුව හැදින්වීම සිදුකරනවා. අද බහුලව දක්‌නට ලැබෙනAනෙA ඔස්‌ටියෝ ආතරයිටිස්‌, රුමටොයිඩ් ආතරයිටිස්‌, ගවුට්‌ ආතරයිටිස්‌, සීරෝ පොසිටිව් ආතරයිටිස්‌, සිරෝ නෙගටිව් ආතරයිටිස්‌, සොරයිටික්‌ ආතරයිටිස්‌ යන විවිධාකාර නම් වලින් හඳුන්වන මේ ගෙවීයාමත් වෙනස්‌වීමත් පුද්ගලයාගේ ශරීර තත්ත්වය අනුව වර්ග කිරීම සිදු වෙනවා.
 
 හෝමියෝපති ප්‍රතිකාර සන්ධි රෝගවලට සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයක්‌ වන්නේ කොහොමද?
 
 කාරණා කිහිපයක්‌ තිබෙනවා. පළමු කාරණාව හෝමියෝපති ප්‍රතිකාර ලබා දෙන්නේ රෝගයට නොව රෝගියාටයි. උදාහරණයක්‌ ලෙස පාකින්සන් රෝගියෙක්‌ ගතහොත් ඔවුන් වෙව්ලනවා, ඇවිදින්න බැහැ, සමබරතාව නැති නිසා වැටෙන්න යනවා, ඒ වගේම වේදනාවයි, පාද ඇදගහල වේදනාවයි, ඉදිමිලා බෙල්ල හරවගන්නත් බැහැ. බලනකොට කාටිලේජ ගෙවිල, අස්‌ථි දිරාගෙන යනවා. ඒ වගේම විෂාදය, ගැස්‌ට්‍රයිටිස්‌ වැනි රෝග තත්ත්ව කිහිපයක්‌ ඇති අයට මෙම සෑම රෝගයකටම එකවර ප්‍රතිකාර ලබාදී රෝගියා සුවපත් කරවීම හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ විශේෂත්වයක්‌ වෙනවා.
 
 රෝගය පෙන්වන රෝග ලක්‌ෂණය (අනතුර පෙන්වන සංඥාව ) එකවර නැතිකර දැමීමට යාම නිසා (එනම් රෝගය පාලනය කිරීමට වේදනා නාශක ලබා ගැනීමෙන්) අනතුර වර්ධනය වීම නොදැනුවත්වම සිදු වෙනවා. මෙසේ කාලයක්‌ යත්ම රෝගය ඖෂධ මගින් පාලනය නොවන තත්ත්වයට පත්වන්නේ තව තවත් අතුරු අබාධවලට ලක්‌වීමෙන් ජීවිතය පවා එපා වීමෙනි. එයින් ඔවුන්ගේ ජීවිත අන් අයටද බරක්‌ වෙනවා. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ මූලධර්මය "රෝගයට සමාන ප්‍රතිකාර තුළින් රෝගය සුවය" මේ අනුව රෝගියාගේ සියලුම කායික මෙන්ම මානසික රෝග ලක්‌ෂණද සැලකිල්ලට ගෙන, ලබා දෙන්නා වූ ඖෂධ මගින් පුද්ගලයාගේ රෝගයට හේතු වූ, වේදනාවට හේතු වූ, වෙව්ලීමට හේතු වූ හේතුව නැති කරනවා. එනම් අප රෝගියා පෙන්වන රෝග ලක්‌ෂණය නැති නොකර එය අනතුරු මාර්ගය ලෙස සලකා අනතුර වෙතට ගොස්‌ එය නැතිකර දමනවා. එනම් මෙහිදී සිදු කරන්නේ රෝගය පාලනය කිරීමක්‌ නොව රෝගයට හේතුව නැතිකර රෝගියාට සුවය සහනය ලබාදීමයි. එහිදී ශරීරයේ බෙල්ල, කොන්ද, ඇඟිලි පුරුක්‌, දණහිසේ කොතැනක හෝ වේවා ගෙවුණු පටක නැවත වර්ධනය වීම, දිරාගිය පටක නැවත වර්ධනය වීම, කාටිලේ- වර්ධනය වීම, ඉන් ස්‌නායු තෙරපීම නැතිව යාම, රෝගයේ වර්ධනයත් සමඟ ඇදගැසුණු ස්‌ථාන දණහිස්‌, ඇඟිලි නැවත යථා තත්ත්වයට පත්වීම, මෙම ප්‍රතිකාර ක්‍රමයේ ඇතුලාන්ත සුව වීමක්‌ පටන් ගැනීමක්‌ සමඟම වේදනාව නැත්තටම නැතිවී යනවා. ශරීර ඇතුලාන්ත ඉන්ද්‍රියන් සෛල අලුත්වීම පමණක්‌ නොව රසායනිකව වෙනස්‌ වූ සංයුතීන්. (ESR, Rheumatoid fracture, FBC) නිරෝගී මට්‌ටමකට ගෙන එම සිදු වෙනවා. මේ අනුව වාර්තා යහපත් වනවා. රෝගියාගේ තිබුණා වූ බොහෝ රෝගවලට සුවය යථාර්ථයෙන්ම අත්දකිනවා. ඔවුනොවුන්ගේ රෝගයන් සමග වියපත් වුණු පෙනුම තරුණ පෙනුමට ගෙන එනවා. කායික මානසික සුවය සමග දිර්ඝායුෂ ලබනවා.
 
 රෝගය සුවවීමට බලපාන වෙනත් කාරණා තිබෙනවාද ?
 
 ඔව්. මේ තත්ත්වය ලබන්නට රෝගියාද නිවැරදිව ප්‍රතිකාර, සත්කාරය කළ යුතු වෙනවා. වෙදකම වගේම හෙදකමත් හොඳට ලැබිය යුතුය. සරලයි, පහසුයි. රෝගී වූ කාලයත් සමඟ ඔවුන්ගේ වයස අනුව සුවය ගෙන දීමට. වාතය කෝප කරන ආහාර නොගෙන සිටීම කළ යුතු වෙනවා. ඔවුන්ගේම යහපතට. වයස්‌ භේදයකින් තොරව ඇතුලාන්ත වර්ධනය ගොඩනැඟීමට, ඇදය නැති කිරීමට බොහෝ උපකාර කරන හෝමියෝපති ඖෂධීය ආලේපයද ආලේපනය කිරීමද ඉතා වැදගත් වෙනවා.
 
 සෑම රෝගයකටම හෝමියෝපති ප්‍රතිකාර තිබෙනවාද ?
 
 ඇත්තෙන්ම ඔව්. පාකින්සන්, ආතරයිටිස්‌, කොඳුඇට පෙළේ ආබාධ, ස්‌නායු රෝග, අත් පා වල හිරිවැටීම, වෙව්ලීම, නහර ගැට ගැසීම, අර්ශස්‌, හර්නියා, ඉරුවාරදය, අකලට කෙස්‌ සුදුවීම, ගැලවී යාම, දත්මුල් දියවීම, ආමාශගත රෝග, මළ බද්ධය, ලිංගික රෝග, හෘද රෝග, අක්‌මා රෝග, වකුගඩු මුත්‍රාශ්‍රිත රෝග, දියවැඩියාව, අධික ස්‌ථුලතාවය, කැස්‌ස, ඇදුම, පීනසය, සියලු කාන්තා රෝග ආදී සෑම රෝගයකටම හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළින් සුව කළ හැකි වෙනවා. හෝමියෝපති ඖෂධවල කිසිම අතුරු ආබාධයක්‌ නොමැති වීමද සුවිශේෂී වෙනවා.
 
 වැඩිදුර විස්‌තර සඳහා දුරකථන අංක 011-2731695 හෝ 0718250716/17 ඇමැතිය හැකිය.
 
weda4 දෙහිවල රජයේ හෝමියෝපති වෛද්‍ය මධ්‍යසථානය ස්‌ථානභාර වෛද්‍ය නිලධාරිනී,
 වෛද්‍ය අනුෂා හේමකුමාර

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
08 Jul 2018 08:41 PM
ආතරයිටීස් හෝමියෝපති ක්‍රමයෙන් නිට්ටාවට සනීප කරන්න පුළුවන් ලු, අනේ මන්ද මේව ඇත්තද කියල ......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Jul 2018 08:42 PM
ගොඩක් අයට කලහම දෙතුන් දෙනෙකුට හරි යනවා ඇති
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jul 2018 05:31 AM

විවිධ හේතු නිසා හට ගන්නා හක්කේ වේදනාව

හක්කේ වේදනාව බොහෝවිට ඔබත් පෙළෙන ගැටලුවක් විය හැකිය. TMJ  Dysfunction නැතිනම්  Temperomandibulor joint dysfunction නමින් හැඳින්වෙන හක්කේ වේදනාකාරි බවට බොහෝ විට හේතු වන්නේ හකු සන්ධිය අවට මාංශපේෂීවල හෝ හකු සන්ධියේ හට ගන්නා ආබාධයක් නැතිනම් ප්‍රදාහ තත්ත්වයක් වීමට බොහෝවිට ඉඩ තිබේ. ඊට අමතරව හක්කේ වේදනාවට බලපාන තවත් හේතු නැතිවා නොවේ. මේ ආකාරයේ හක්කේ වේදනාවටද ඉතා සාර්ථක භෞත චිකිත්සක ප්‍රතිකර්ම ඇති බව සමහරවිට ඔබ නොදන්නවා විය හැකිය.

කෙසේ වුවද විද්‍යාත්මක පරීක්ෂණ මගින් තහවුරු වී ඇත්තේ මෙම තත්ත්වය සැපීම සම්බන්ධ මාංශපේෂීන්ගෙන් පැන නගින ගැටලුවක් වන්නට බොහෝවිට ඉඩ ඇති බවය.

හක්කේ වේදනාව ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් අතර හක්ක ආශ්‍රිතව හටගත් අනතුරු, ආබාධ, අධික ලෙස සැපීම, දත්මිටි කෑම වැනි හේතුන් නිසා හට ගන්නා ආබාධයන්, සන්ධියේ සිදුවන ආකූලතා, අසමතුලිතතා සහ මාංශ පේෂීන් හේතු කොට ගෙන සන්ධි තැටියේ සිදුවන වෙනස්කම් ආදියවේ. ඊට අමතරව හකු සන්ධිය ගෙවීම හේතුවෙන් හටගන්නා ආතරයිටිස් තත්ත්වයක් හෝ synovitis හෝ retrodiscitis වැනි ප්‍රදාහ තත්ත්වයන් නිසාද මෙම සන්ධියේ අධි චල්‍යතාවය (Hyper mobitity) හේතු කොටගෙනද හක්කේ වේදනාව හට ගන්නා අවස්ථා තිබේ.

නමුත් මුලින් සඳහන් කළ ආකාරයට හක්කේ වේදනාවට බොහෝවිට හේතු වන සැපීම සම්බන්ධ මාංශපේෂීන්වල හෝ හකු සන්ධියේ හට ගන්නා ආබාධයන් භෞත චිකිත්සක ප්‍රතිකර්ම මගින් ඉතා පහසුවෙන් හා සාර්ථකව සමනය කර ගත හැකිය.

ඒ අතර ස්නායු සම්බන්ධ කපාල ස්නායුවල හෝ facial nerve පැරොටිඩ් ග්‍රන්ථියේ හෝ sinus pain හෝ beningn  or malignant tumour  වැනි තත්ත්වයක් මෙන්ම රුධිර නාලයක ගැටලුවක් හෝ කනේ ආබාධයක් හේතුවෙන්ද ඉතාමත් කලාතුරකින් හක්කේ වේදනාකාරී බව ඇති වන අවස්ථා තිබේ.

හක්කේ වේදනාව එක් හකු සන්ධියක මෙන්ම හකු සන්ධි දෙකෙහිම හට ගන්නා අවස්ථා තිබේ. ආහාර සැපීමේදී පවතින වේදනාව, මුඛය ඇරීමේදී සහ වැසීමේදී එම සන්ධියෙන් නිකුත් වන 'ක්ලික්' වැනි වූ ශබ්දය, හකු සන්ධිය අවට ස්පර්ශ කිරීමේදී ඇතිවන වේදනාව සහ හකු සන්ධියේ චලනය සීමා වී පැවතීම TMJ Dysfunction රෝග ලක්ෂණ අතර ප්‍රධාන වේ.

සමහර අවස්ථාවලදී මුඛ කුහරයේ දත්වල පිහිටීමේ අසමතුලිතතාවයන්ද හකු සන්ධියේ යාන්ත්‍රණයට බලපෑම් ඇතිකරවන අතර එවැනි අවස්ථාවන්හිදී දන්ත වෛද්‍යවරයෙකු හමුවීම සුදුසුවේ.

දන්ත වෛද්‍ය ප්‍රතිකාරවලදි මුඛය බොහෝ වේලාවක් විවෘතව තබා සිදුකරන ශල්‍යකර්ම හේතු කොටගෙන හකු සන්ධියේ යාන්ත්‍රණයේ හෝ මාංශපේෂීන් හි ඇතිවන තදවීම හෝ ඇවිලීම නිසාද මෙලෙස හක්කේ වේදනාව හටගන්නා අවස්ථා තිබේ.

TMJ dysfunction රෝගී තත්ත්වයේදී බොහෝ විට සිදුකරන ප්‍රතිකාර ශල්‍යකර්ම නොවන ප්‍රතිකාර වුවද කලාතුරකින් ශල්‍ය කර්මයකට භාජනය කරන්නට සිදුවන අවස්ථාද තිබිය හැකිය. මේ සඳහා සිදු කරන වෙනත් වෛද්‍ය ප්‍රතිකාර අතර වේදනා නාශක, ප්‍රතිප්‍රදාහ ඖෂධ සහ Botox හෝ කොර්ටිකෝසෙටෙරොයිඩ් එන්නත්, මාංශපේෂී ලිහිල් කරන ඖෂධ සහ Tricyclic Antidepressants වැනි ප්‍රතිකාර ක්‍රම ප්‍රධාන වේ.

හක්කේ වේදනාකාරී බවට භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් සිදුකරන්නට උත්සාහ දරන්නේ හකු සන්ධියේ යාන්ත්‍රණය සහ ඒ අවට මාංශපේෂීන්වල යාන්ත්‍රණය නිවැරදි කිරීමෙන් රෝග මූලයම මුලින් උපුටා දැමීමය.

මෙම රෝගය සඳහා ප්‍රතිකාර ආරම්භ කිරීමේදී සමහර පුද්ගලයන් කාලයක් හුරුවී සිටින නිය‍පොතු සැපීම, දත්මිටි කෑම හක්කට අත තබා බර දීම වැනි පුරුදු වලින් ඉවත් වීමට පළමු කොට උපදෙස් ලබාදීම කළ යුතුවේ. ඉන් පසුව සිදුකරන භෞත චිකිත්සක ප්‍රතිකාර අතර සන්ධියේ යාන්ත්‍රණය සහ සන්ධි තැටියේ යාන්ත්‍රණය නිවැරදි කිරීම සඳහා මැනුවල් තෙරපි සහ ජොයින්ට් මැනිපියු‍ලේෂන් (Joint manipvlation) ක්‍රම භාවිතා කරනු ලබයි. 

සැපීමට උපකාර වන  මාංශපේෂීන්ගේ තදවීම් සහ අවුලවන ස්ථානයන් ලිහිල් කිරීමට Dry needdling නැතිනම් වියළි කටු චිකිත්සාව සහ ‍ලේසර් තෙරපි හෝ softtissue manipulation වැනි ක්‍රමවේදයන්ද භාවිතා කරනු ලබයි. සැපීමේ යාන්ත්‍රණය නිවැරදි කිරීමට Bio feedback ක්‍රමවේදය සහ ප්‍රදාහ තත්ත්වයන් සහ වේදනාවන් පාලනය කිරීමට TENS සහ Ultra sound වැනි විද්‍යුත් චිකිත්සක ක්‍රමවේදයන්ද භාවිතා කරන්නට සිදුවේ.

එවැනි ප්‍රතිකාර ක්‍රම අතර හකු සන්ධිය අවට මාංශපේෂී ශක්තිමත් කිරීමට සහ ජීව යාන්ත්‍රණය නිවැරදි කිරීමට මාංශපේෂී ශක්තිමත් කිරීමේ ව්‍යායාම සහ ව්‍යායාම් චිකිත්සාවන් සිදු කිරීමද TMJ dysfunction නමින් හැඳින්වෙන හක්කේ වේදනාව සඳහා සිදු කරන භෞත චිකිත්සක ප්‍රතිකාර අතර ප්‍රමුඛ වේ.

කොළඹ 07, වෝඩ් පෙදෙසේ, වයිබේ්‍රන්ට් ෆිසියෝ කෙයා හි විශේෂඥ භෞත චිකිත්සක ඩී.කේ. ඇන්තනි (B.P.T. CBDN, CMT, CADN, M.P.T (CP)

උත්පලා සුභාෂිනී ජයසේකර

 

බොහෝ දෙනෙකු අත්දකින සිරුර කසන හේතු මෙන්න !

 ශරීරයේ මතුවන කැසීම් බොහෝ දෙනෙකු අත්දකින සමේ ගැටලුකාරී තත්ත්වයකි. සමේ පවතින දදයක්, අළුහම්, හිස්හොරි වැනි රෝගී තත්ත්වයන් නිසා හටගන්නා කැසීම්වලට අමතරව, පැහැදිලි හේතුවක් සොයාගත නොහැකිව. මතුවන කැසීම්ද විටෙක ගැටලු මතුකරයි. බොහේ අය නොසිතන ඉතා සරල හේතුකාරණා රැසක් මේ කැසීම්වලට මුවාවී ඔබට කරදර කරනවා සේම ශරීරය තුළ සැගව පවතින සමහර රෝගී තත්ත්වයන්ද මෙවැනි කැසීම් හරහා ඒවා හඳුනාගන්නා ලෙස ඉඟිකරමින් සිටින්නටද බැරිකමක් නැත.

සමේ මතුවන මෙවැනි කැසීම්වලට ප්‍රධාන සේම සුලබම හේතුවක් වන්නේ ශරීරයේ අපිරිසිදුබවය. අද සමාජය පෙලන මේ අවිවේකී කලබලකාරී ජීවන රටාව තුළ ශරීරය අතුල්ලා හොඳින් කුණු ඉවත් කරගෙන සෝදා ගන්නට කාලය මිඩංගු  නොකිරීමම මෙසේ සමේ කැසීම්වලට හේතුවෙයි. සම මත දිගින් දිගටම පවතින කුණු සමේ ආසාදන කැසීම්වලට මගපාදයි. මේ හේතුව නිසා හටගන්නා සමේ කැසීම් වලට බෙහෙත් සොයා වෙහෙසීමෙන් පලක් නැත. කළ යුතු වන්නේ සම මත තැවරී ඇති දහදිය කුණු දුහුවිලි හොඳින් ඉවත්ව යන සේ අතුල්ලා හොඳින් නා ගැනීමය. සම නිතරම පිරිසිදුව තබා ගැනීමය.

එසේම පරිසරයේ උෂ්ණත්ව වෙනස්වීම් නිසාද සමේ කැසීම් හටගනී. අධික ලෙස උෂ්ණත්වය ඉහළ යාම සේම අධික ශීතල පරිසරවලදීද සම කැසීමකට ලක්විය හැකිය. එසේම දිගු කාලයක් එකම ඇඳුමක් ඇඳගෙන සිටින විට උදාහණයක් ලෙස රැකියාවකට යන කෙනෙකු උදේ ඇඳගන්නා ඇඳුම ඉවත් කරන්නේ රාත්‍රියට ආසන්නවය. පැය 10-12ක් තිස්සේ ශරීරයේ බාහිර පරිසරයට නිරාවරණය නොවීම, කාලයක් තිස්සේ බලපෑම නිසාද සම මත කැසීම් හටගනී. එසේම මේ ඇඳුම් දහදිය උරන්නේ නැති කෘත්‍රිම ඒවා වීම තත්ත්වය වඩාත් තීව්ර කිරීමට හේතුවෙයි. මේ ආකාරයට ශරීරයේ සම මත ඉකිලි, කිහිලි වැනි ප්‍රදේශවල දහදිය කුණු දූවිලි එකතු වී, දිලීර රෝග පවා හටගැනීමට බොහෝ ඉඩකඩ තිබේ.

එසේම කෘමි සතුන්ගේ දෂ්ඨනද මෙවැනි කැසිම්වලට හේතුවකි. රාත්‍රී නින්දෙදී, ඔබ මදුරු දැලක් යට නිදාගත්තා වුවද, ශරීරය මදුරු දැ‍ලේ ස්පර්ශ වන ස්ථානවල මදරුවන් දෂ්ඨ කර තිබෙන්නට පිළිවන. එවිට සිදුවන්නේ ඒ තැන්වල පළු මතුවී කැසීමට පටන් ගැනීමය.

එසේම සමට සත්කාර ලෙස සිදුකරනු ලබන සමහර ඖෂධීය කොල තම්බා සේදීම්, අඹරා ගෑම් වැනි දේ වලින්ද, සමහර විට සමේ කැසීම් හටගනී.

තවද අද මේ නූතන ආහාර හුරුපුරුදු අතර තිබෙන කෘත්‍රිම රස කාරක තෙල්, ලුණු, සීනි අධික ක්ෂණික ආහාර වර්ග දිගින් දිගට ආහාරයට ගැනීම් හරහාද සමේ ආසාදන කැසීම් ඇතිවන බව පර්යේෂණ හරහා හෙළිව තිබේ. කල්තබාගත හැකි ලෙස සැකසූ මස් වර්ග, පේස්ට්, බිස්කට් වර්ග සේම වසවිස මුසුවූ සහල්, එළවළු, පලතුරු වර්ගද දිගින් දිගට ආහාරයට ගැනීමේදී විෂ වර්ග ශරීරය තුළ එකතුවී සමේ කැසීම් මතු කිරීමට බොහෝ ඉඩකට තිබේ. එසේම අද ආහාරවල බහුල ලෙස අඩංගු වන කෘත්‍රිම වර්ණකද මේ තත්ත්වයට ප්‍රබල ලෙස හේතුවී තිබෙන බවද කිව යුතුමය.

දියවැඩියාව, අක්මාවේ ක්‍රියාකාරිත්වයේ ගැටලු මතු කරන රෝගී තත්ත්ව, රුධිර සාන්ද්‍රණයේ වෙනස්කම්, දිගුකාලීනව ලබා ගන්නා සමහර ඖෂධ වර්ග වැනි හේතු නිසාද සමේ කැසීම් මතුවිය හැකිය. එබැවින් කැසීමක් හටගත් විටෙක එයට හේතුව කුමක්විය හැකිදැයි යම් අදහසක් ලබා ගැනීමට මේ තොරතුරු ඔබට උපකාර වේවි.

තංගල්ල මූලික රෝහ‍ලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය හිරෝමල් ද සිල්වා අවධාරණය කරයි

සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න

ඔබේ අත හිරිවැටෙනවාද? එසේ නම් වහාම ප‍්‍රතිකාර කරන්න

අත් හිරිවැටීම අද සමාජයේ බොහෝ දෙනා තුළ සුලභව දැකිය හැකි තත්ත්වයකි. මේ තත්ත්වය නිතර නිතර සිදුවේ නම් මෙය රෝගී ලක්ෂණයකි. ස්තී‍්‍ර පුරුෂ භේදයකින් තොරව ඇතිවන මෙම තත්ත්වය නව්‍ය වෛද්‍ය විද්‍යාවේදී carpal tunnel syndrome ලෙසින් හඳුන්වන අතර ආයුර්වේදයේදී මෙම තත්ත්වය විශ්වාචී වාත රෝග ගණයට අයත් රෝගී තත්ත්වයක් ලෙස හැඳින්වේ. බටහිර වෛද්‍ය ක‍්‍රමය තුුළ මෙම රෝගයට ඇති අවසාන විසඳුම ශල්‍යකර්මයකි. එහෙත් ආයුර්වේදයේ මෙම රෝගය වෙනුවෙන් ඉතා දියුණු චිකිත්සක ක‍්‍රමයන් රැසක් පවතී.

මෙම කාරණය ප‍්‍රධාන වශයෙන්ම හටගනු ලබන්නේ අතේ මැණික් කටුවේ සන්ධියෙනි. මුල් ඇගිලි දෙක තුළ මෙම හිරිවැටීම සිදුවුවද කල්යාමේදී රෝගියාට දැනෙනුයේ සම්පූර්ණ අතම හිරිවැටී ඇති බවකි.

මැණික් කටු සන්ධියේ මධ්‍යම ප‍්‍රමාණයේ ස්නායුවක් (Medium Nerve) ගමන් කිරීම සඳහා විවර වූ කුඩා මාර්ගයක් (Cannal) ඇත. එම මාර්ගය තන්තු (Trans verse ligament) ඉදිමීමක් හෝ ඝනවීමක් හේතුවෙන් පටු වීමකට ලක්වෙයි. එවිට ස්නායුව තදවී තෙරපීමකට ලක්වීම හේතුවෙන් ඇගිලි හිරිවැටීම සිදුවේ. ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ ඉගැන්වෙනුයේ ශරීරයේ වාත කෝප කරන හේතු වැඩිවීම හේතුවෙන් මෙවැනි රෝග තත්ත්වයන්ට ප‍්‍රධාන හේතුව වෙන බවයි. ඊට අමතරව නිදිවැරීම, අධික වෙහෙසකර වැඩවල අඛණ්ඩව යෙදීම, රළු ආහාර වැඩිපුර ගැනීම, යතුරු පැදිවල වැඩිපුර කාලයක් ගමන් කිරීම, නිතර අත වෙහෙසවා කරන වැඩ කටයුතුවල නිරතවීම හේතුවෙන් මෙම රෝග තත්ත්වය මතුවේ. එසේම වැටීම් තැලීම්වලදී සන්ධි බිඳීමක් වී එය නිසි ආකාරයකින් සුවවී නොතිබීම වැනි හේතු ද කාපල් ටනල් රෝගයට හේතුවන බව හෙළි වී තිබේ. එබැවින් යම්කිසි අවස්ථාවක එවැනි වැටීමකට හෝ තැලීමකට මුහුණ පෑවේ නම් ඒ පිළිබඳ අවධානයෙන් පසුවීම ඉතා වැදගත් වේ.

මෙකී කරුණු කාරණාවලට අමතරව සන්ධිගත රෝග ආතරයිටීස් වැනි රෝග තත්ත්වයන්ද අධික ස්ථුලතාවයද පවුල් සැලසුම් ක‍්‍රම සඳහා ලබා ගන්නා ඖෂධ මගින් ද අත් හිරිවැටීම සිදුවිය හැකිවීම  මෙම රෝගයට හේතුවෙයි. කලාතුරකින් අත හිරිවැටීම ගැබිනි මාතාවන් අතර සුලභව දැකගත හැක. එහෙත්  ගර්භණී සමයේ දී ඇතිවන අත් හිරිවැටීමේ තත්ත්වය දරු ප‍්‍රසූතියෙන් පසු බොහෝ දුරට මගහැරී යයි. එසේ නොවේ නම් පමණක් ප‍්‍රතිකාර සඳහා යොමු විය යුතුය. මෙම තත්ත්වයට පත් රෝගියාට යම්කිසි කාර්යයක නිරත වීමට අපහසු වේ. අතින් ඒකාකාරීව වැඩක නිරතවීමට අපහසු වෙයි. එසේම අතෙහි ඇඟිලි නලියන ස්වභාවයක් ගනියි. වැඩිපුර රාතී‍්‍ර නින්දෙන් පසුව නැගිටින විට අතෙහි මේ තත්ත්වය ඇති වෙයි. එසේම යමක් ඇල්ලීමට යාමේදී එය වැටීමටද පුළුවන. මේ සඳහා නියමිත ප‍්‍රතිකාර නිසි අවස්ථාවේදී නොකළහොත් ක‍්‍රමයෙන් මෙම රෝගී තත්ත්වය වර්ධනය වී අතින් කරන සියලූ කටයුතු කිරීමේ හැකියාව නැති වී යෑමට පවා ඉඩ තිබේ. ඒ මාංශ පේශීන් හීන වීම හා මාංශ ක්ෂය වීම නිසාවෙනි. එසේම මහත් වේදනාකාරී තත්ත්වයක් ද ඇතිවෙන අතර නිතර නිතර අත පිච්චෙනවාක් මෙන් වේදනාවක් ඇති වීමටද හැක.

මේ සඳහා ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අනුව සාර්ථක ප‍්‍රතිකාර පද්ධතියක් ඇත . මෙහිදී අතෙහි හිරිවැටෙන ප‍්‍රදේශය තෙල් ගා සම්බාහනය කිරීම, ක්ෂාය තැම්බූ ජලයෙන් එම ස්ථානයන් ස්වේද ගැල්වීම හෙවත් වාෂ්ප ඇල්ලීම හා දිය කඳුරු ගෙඩියක් තලා එම ස්ථානය තැවීම මෙන්ම ආයුර්වේද ඖෂධීය කී‍්‍රම් වර්ගයන් එම ස්ථානයේ ආලේප කිරීම මගින් හිරිවැටෙන ස්ථානය මොළොක් කිරීම සිදුකරනු ලබයි. මෙහිදී මෙම සියලූම ප‍්‍රතිකාරයන් ආයුර්වේද වෛද්‍ය වරයෙකුගේ උපදෙස් පරිදි සිදුකර ගැනීම අත්‍යවශ්‍ය වේ.

මේ රෝග තත්ත්වය සඳහා නිවසේදීම සිදුකරගත හැකි ආයුර්වේද ඖෂධීය අත් බෙහෙත් කිහිපයක් ද වේ. මේ සඳහා ලූණුවරණ කොළ, ගොරක, වල් අඹරැුල්ලා කොළ හා පොතු තැම්බූ වතුරට උදේ සවස විනාඩි 15 ක් පමණ වේලාවක් අත දමාගෙන සිටීම උඵහාල් පෙරුම්කායම් තිත්ත අබිං සමව ගෙන රාතී‍්‍ර දෙකක් ජලයේ පොඟවා අඹරා මැණික් කටුවේ සන්ධියේ ආලේප කිරීම වැනි ප‍්‍රතිකාර සිදුකර ගත හැකිය. එහෙත් පළපුරුදු වෙද්‍යවරයෙකුගේ උපදෙස් පරිදි ඖෂධීය ප‍්‍රතිකාර සිදුකිරීමෙන් මේ රෝගී තත්ත්වය නිට්ටාවටම සුවකරගත හැක.

 එහෙත් අතහිරි වැටීමට එකම හේතුව කාර්පල් ටනල් තත්ත්වය නොවේ. එහෙයින් ඔබම රෝග විනිශ්චය කර අත්බෙහෙත් නොකර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වෙයි. මෙම ප‍්‍රතිකාර සිදුකරන අතරතුර රෝගියකු සීතල වතුර ඇල්ලීමෙන් වැළකිය යුතුය. ඒ සඳහා මද රස්නයෙන් යුතු වතුර භාවිතා කළ යුතුය. මදක් රත් වූ වතුරට ලූණු දමා අදාළ ස්ථානය තැවීම හා එහි දෑත් ගිල්වා තබාගෙන සිටීම සුදුසුය. එමෙන්ම අධික නිදි වැරීම සිදුනොකළ යුතු අතර අධික ලෙස වෙහෙසට පත්වෙන කටයුතුවලින්ද ඉවත් වී සිිටිය යුතුය.

කාර්පල් ටනල් රෝගීන් සඳහා වූ සායනයක් නාවින්න ආයුර්වේද පර්යේෂණ මධ්‍යස්ථානයේදී සෑම සතියේ දිනකම පෙ.ව. 9 .00 12 .00 දක්වා වූ කාලවේලාවන් තුළදී පැවැත්වේ.

මෙම ලිපිය නාවින්න බණ්ඩාරනායක ජාත්‍යන්තර ආයුර්වේද පර්යේෂණායතනයේ ‍ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රුවිනි ප්‍රීතිකා මෙන්ඩිස් සමග කළ සාකච්ඡාවකින් ලියවේ.

චමිලා අල්විස්

ඍ‘‰ýඬන්‍දා

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jul 2018 05:32 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jul 2018 05:32 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jul 2018 05:32 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jul 2018 05:33 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jul 2018 05:33 AM
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jul 2018 05:44 AM

එකම බෙහෙත දිගටම ගැනීම අහිතකරද?

ලෙඩවීම මනුෂ්‍ය ස්වභාවයයි. එලෙස ලෙඩ වූ විට අකමැත්තෙන් වුවත් අපට බෙහෙත් ගන්නට සිදුවේ. ඒ බෙහෙතේ බලයෙන් රෝගය සුවපත් වීම හෝ එය පාලනය කරගෙන ජීවිතයට මුහුණ දෙන්නට බොහෝවිට හැකියාව ලැබේ. යම් බෙහෙතකින් මනුෂ්‍ය ශරීරයකට ඒ හැකියාව ලැබෙන්නේ කෙසේදැයි දැන් අපි විමසා බලමු.

ලුණු කැටයක් වතුරේ දිය කළ විට වතුර ලුණු රසය ගන්නා අතර ලුණු කැටය අතුරුදහන් වීම සිදුවේ. එලෙස වතුරේ දියවීමත් සමග ලුණු කැටයට සිදුවූයේ කුමක්ද? එය ඉතා කුඩා අංශු මාත්‍රවලට කැඩීබිඳී විසිරී ගොස් තිබේ. එම අංශු අපේ පියවි ඇසට නොපෙනෙන තරමේ ඉතා කුඩා ඒවාය.

යම් බෙහෙතක් ඔබට වැටුණු විට සිදුවන්නේද එයමය. එවිට එම බෙහෙත ඉතා කුඩා අංශු මාත්‍ර වී ශරීරයට වතුර උරා ගන්නා ආකාරයටම උරා ගැනීම සිදුවේ. සමහර බෙහෙත් වතුර ආකාරයටම ශරීරයෙන් පිටවීම සිදුවේ. ඒ අප ගන්නා බොහෝ බෙහෙත් ශරීරය තුළ එක් දිනක්වත් රැඳෙන්නේ නැත. දිනක් පුරාවට ශරීරයේ රැඳෙන යම් බෙහෙතක් වේ නම් එම බෙහෙත දවසකට එක්වරක් පමණකැයි වෛද්‍යවරයා නිර්දේශ කරනු ලබයි. සමහර බෙහෙත් නිර්දේශ කරන්නේ දවසට දෙවරක් හෝ තුන්වරක් ගන්නා ලෙසය.

මේ ආකාරයට අප ගන්නා සමහර බෙහෙත් මුත්‍රා සමග වකුගඩු වලින් බැහැර වේ. තවත් සමහර බෙහෙත් අක්මාව හරහා මළ සමග පිටවේ. ඒ නිසා වකුගඩු හෝ අක්මාවේ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙනා බව දන්නා රෝගීන් ඕනෑම බෙහෙතක් ගැනීමේදී ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම වඩා සුදුසුය.

දියවැඩියාව අධි රුධිර පීඩනය වැනි රෝග සඳහා ගන්නා බෙහෙත් නතර කළ නොහැකිද?

දියවැඩියාව අධිරුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් ශරීරයේ ස්ථිර කඩා වැටීමක් පිළිබඳ හඟවන රෝග තත්ත්වයන්ය.

වියපත් වීමත් සමග කලින් පැවති තරුණකම නැවත ලැබෙන්නේ නැහැ නේද? වියපත් බව වසා ගන්නට සුදු කෙස් කළු කරන්නට පටන් ගත් කෙනෙකුට එය කොතරම් කාලයක් කරන්නට සිදුවේවිද? සුදු කෙස් වසා ගන්නට නම් දිගටම කළු පැහැයෙන් වර්ණ ගන්වන්නට සිදුවේ. ශරීරයේ ස්ථිර වශයෙන් කඩා වැටුණු යම් කොටසකට අදාල රෝග තත්ත්වයක් සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රතිකාරද එසේමය. එවැනි රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර වශයෙන් දෙනු ලබන ඖෂධ ජීවිත කාලයටම ලබා ගන්නට සිදුවේ.

අප ජීවත්වන ප්‍රදේශය ගං වතුරකින් යටවූ විටදී දෙපයින් ඇවිද පිටතට යන්නට හැකියාවක් නැත. එවිට අපට සිදුවන්නේ පිටතට යන්නට බෝට්ටුවක පිහිට පතන්නටය. යම් කොටසක කඩා වැටීමක් නිසා ශරීරය රෝගී වුවහොත් බෙහෙත්වල පිහිටෙන් හෝ ජීවිතය ගැටගසාගෙන ඉදිරියට යන්නට අපට සිදුවේ.

යම් ඖෂධයකින් කරදර ඇතිවන විටදී කුමක් කළ යුතුද

අම්මා අපට කොතරම් ආදරේ වුවත් ඉඳ හිට ඇයගෙන් තැලුම් කන්නටද සිදු නොවනවාම නොවේ. කොතරම් හොඳ බෙහෙතක් වුව යම් යම් කරදරකාරී දේවල් සිදු නොවේ යැයි සහතික විය නොහැකිය. ඒ ආකාරයට එක් අයෙකුට ඉතා හොඳ ප්‍රතිඵල ළඟා කර දුන් බෙහෙතක් තවත් කෙනෙකුට නොයෙක් අහිතකර ප්‍රතිඵල ගෙනදිය හැකිය.

බෙහෙතක් හේතුවෙන් යම් යම් අතුරු විපාක ආරම්භ වූවා නම් ඒවා දිගටම පැවතීමද නතර කළ නොහැකිය. එහෙත් ඒවා එතරම්ම හානිදායක නොවේ නම් වෛද්‍යවරයා සමග සාකච්ඡා කර අතුරුවිපාක පිළිබඳව නොතකා හරිමින් ඖෂධය දිගටම පාවිච්චි කරන්නට සිදුවේ.

බොහෝ අයට හිතකර ඖෂධයක් වුවත් එය තවත් කෙනෙකුට අසාත්මිකතාවයක් ඇතිකරවිය හැකිය. එවිට කැසීම, පළු දැමීම, හුස්ම ගැනීමේ අපහසුව මෙන්ම සමහරවිට ක්ෂණිකව මරණයට පත් වීමටද හැකිය. එලෙස අසාත්මික වූ ඖෂධය ශරීරයට කිසිදා අමතක වන්නේ නැත. ඊට පසුව ගත්තද ශරීරය එය හඳුනාගෙන අහිතකර ප්‍රතිඵල  දැක්වීම නතර කරන්නේ නැත. ඒ නිසා වරක් අසංත්මික වූ ඖෂධ නාමය ලියා තබා හෝ මතක තබාගෙන අවශ්‍ය වූ විට වෛද්‍යවරුන් දැනුවත් කිරීමට අමතක නොකළ යුතුය.

එකම බෙහෙතට විවිධ වූ නම් ඇයි ?

එළදෙනගෙන් ලබා ගන්නා කිරි, පිටි බවට පත්කර පැකැට්ටුවල අසුරා විවිධ නාමයන්ගෙන් අප අතට පත් වුවද ඒ තුළ ඇත්තේ එකම එළකිරිය. යම් ඖෂධයකට ඇත්තේ එකම ඖෂධ නාමයක් වුවද විවිධ වෙළඳ සමාගම් යටතේ වූ නොයෙක් වෙළඳ නාමයන්ගෙන් ඒ එකම ඖෂධය ෆාමසියට පැමිණේ. ඒ ඒ වෙළඳ සමාගමේ හැකියාවන්ට අනුව ඖෂධය නොයෙක් ආකාරයෙන් වෙනස් වෙමින් වෙළඳපළට පැමිණෙන අවස්ථා තිබේ.  එකම වයසේ දරුවන් වුවද ඈත ගමේ පාසැලක උගෙන සමාජගත වන විටත් නගරයේ පාසැලක ඉගෙන සමාජගත වන විටත් පැහැදිලි වෙනසක් හඳුනාගත හැකිය. ඒ ආකාරයට එකම ඖෂධය වුවද නිෂ්පාදනයේදී සිදුවන යහපත් හෝ අයහපත් වෙනස්කම් මත ඖෂධයේ තත්ත්වයද වෙනස් නොවී පවතින්නේ නැත.

එවිට ඒ ඒ ඖෂධය භාවිතා කරන රෝගීන්ම පවසන ගුණදොස් මත විවිධ වෙළඳ නාමයන්ගෙන් පැමිණෙන ඖෂධයේ තත්ත්වය පිළිබඳව වෛද්‍යවරු යම් දැනුවත් භාවයකට පත්වෙති. එලෙස රෝගීන්ගේ අයහපත් ප්‍රතිචාර වැඩිපුර ලැබූ වෙළඳ නාමයෙන් යුතු ඖෂධය වෛද්‍යවරුන් එවිට හංවඩු ගැසීමකට ලක් කරන නිසා එම ඖෂධ නාමය එවිට නැවත නැවත වෛද්‍යවරුන් අතින් ලියවෙන්නේ නැත.

එකම බෙහෙත දිගටම ගත්තට කමක් නැද්ද?

කල්පවතින රෝග හෝ ජීවිත කාලයටම ඖෂධ ලබාගත යුතු රෝග සඳහා වෛද්‍යවරුන් නියම කළ ඖෂධයක් හිතුමතේ දිගටම පාවිච්චි කළාට කමක් නැද්ද යන්න බොහෝ රෝගීන්ට ඇති ගැටලුවකි. එහෙත් රෝගීන්ට නොදැනෙන අතුරු ආබාධ හඳුනා ගැනීමට හැකියාව ඇත්තේ වෛද්‍යවරුන්ට පමණය. සමහර ඖෂධ විෂ වන්නේ හොර රහසේය. රෝගියෙකුට එම අතුරු ආබාධ පිළිබඳව දැනෙන විට එය බොහෝ උත්සන්න වී කිසිවක් කර කියාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබිය හැකිය. ජීවිතය ලැබෙන්නේ එක් වරකි. එය සමග අත්හදා බැලීම් කරන්නට යනවා නම් ඒ අනුවණකමකි. හොඳම දෙය නම් වෛද්‍ය උපදෙස් වලට අනුකූලව ඖෂධ ගැනීමය.

බෙහෙත් පිළිබඳව බිය විය යුතුද?

යම් බෙහෙතක් රෝගියෙකුට නිර්දේශ කරන්නට පෙරාතුව කොතරම් නම් අත්හදා බැලීම්වලට ලක් කරනවාදැයි ඔබ දන්නවාද ? පරීක්ෂණ ගණනාවක් සිදුකොට ඉන්පසුව සතුන්ගේ ශරීරගත කොට තව තවත් විමර්ශණයනට ලක් කිරීම සිදු කරයි. ඔබේ වෛද්‍යවරයාගේ පෑනෙන් ලියවෙන්නේ ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ගේ භාවිතයට ලක් වූ ඖෂධ වන නිසා යම් ඖෂධයක් පිළිබඳව බිය වීමට හේතුවක් නැත.

සමහර ඖෂධ එන්නත් ලෙස ලබා දෙන්නේ ඇයි ?

ආහාර ආකාරයට ජීර්ණ ක්‍රියාවලියට ලක්වන ඖෂධ තිබේ. එවැනි ඖෂධ ආහාර මාර්ගයෙන් ලබා දුන් විට එහි ක්‍රියාකාරිත්වය නැති වී යාම සිදුවේ. ඉන්සියුලින් වැනි වූ එවැනි ඖෂධ එන්නත් ආකාරයට ලබා දෙන්නට සිදු වන්නේ ඒ නිසාය.

ඉක්මනින්ම ශරීරගත වී ක්‍රියාකාරී විය යුතු හදිසි අවස්ථාවන්හිදීද ‍ලේ නහරයක් පාදාගෙන ඊට ඖෂධය එන්නත් කරන්නට වෛද්‍යවරු පෙළඹෙන්නේ, ආහාර මාර්ගය හරහා දිගු ගමනක් ගොස් ඖෂධය ශරීරගත වන විට එය ප්‍රමාද වැඩිවිය හැකි නිසාය.

සිංහල බෙහෙත් ගන්නා අතර ඉංග්‍රීසි බෙහෙත් ගත්තට කමක් නැද්ද ?

බොහෝ අයට ඇති මෙම ගැටලුවට පිළිතුර වන්නේ ඉංග්‍රීසි බෙහෙතින් සිංහල බෙහෙතට හෝ සිංහල බෙහෙතින් ඉංග්‍රීසි බෙහෙතට හානියක් නොවනවා සේම ඒ දෙකම ගන්නා රෝගියාට ඉන් කරදරයක් වන්නටද හැකියාවක් නැති බවය.

එහෙත් සිංහල බෙහෙත් ඉංග්‍රීසි බෙහෙතට සම කරන්නටද හැකියාවක් නැත. සිංහල බෙහෙතට ඉතා ඈත අතීතයක් ඇති බව සැබෑ වුවත් එය බොහෝ මිනිසුන් අතරට ගොස් අත්හදා බැලීම් හෝ පරීක්ෂණ සිදුකර අන්තර්ජාතිකව තහවුරු කරගෙන නොමැති බවද පැවසිය යුතු වේ.

බෙහෙත් සමග සමහර කෑම හෝ නෑම අගුණද ?

ඉංග්‍රීසි බෙහෙත් සමග ආහාරපාන සම්බන්ධයක් නැත. බෙහෙත් බොන අතර ගන්නා ආහාර නිසා බෙහෙතක් ප්‍රත්‍ය වන්නේ හෝ අප්‍රත්‍ය වන්නේ නැත. ඉංග්‍රීසි  බෙහෙත් සමග නෑමද ගැටලුවක් නොවුවද ආහාරපාන මෙන්ම බෙහෙතක පවතින කල් ඉකුත්වීමේ දිනය පිළිබඳව නම් නොතකා හැරිය නොහැකිය.

දිගටම ගන්නා බෙහෙත් පෙත්තක් අමතක වූ විට කළ යුත්තේ කුමක්ද?

දිවා ආහාරය මගහැරුණා යැයි කියා රාත්‍රියට බත් පිඟන් දෙකක්ම ආහාරයට ගත හැකිද? ඒ සඳහා බඩෙන් ඉඩක් ලැබෙන්නේ නැත. අමාරුවෙන් හෝ කෑවොත් ඉස්මුරුත්තාවට පැමිණ නැති කරදරයක් ඇතිවිය හැකිය.  පෙරදා ගත යුතු බෙහෙත් පෙත්ත අමතක වූවා යැයි කියා පසුදා කරන්නට හැකි දෙයක් නැත. ඒ වන විට සිදුවිය යුතු හානියක් ඇත්නම් එය සිදු වී හමාරය. ඊටත් වඩා බරපතල හානියක් සිදුවන්නේ අමතක වූ පෙත්තත් සමග පසුවදා පෙති දෙකක්ම ගිල දැමූ විටය. එනිසා මෙවැනි දේ කිරීම නුසුදුසුය.

ඊට පෙර ගත්  බෙහෙත්  පිළිබඳව වෛද්‍යවරු දැනුවත් විය යුත්තේ ඇයි ?

දිනපතාම බෙහෙත් බොන්නට සිදුවන රෝගීහු කොතෙකුත් සිටිති. ඒ අතර තමන්ගේ රෝගය සුව නොවූ විට වෙනත් වෛද්‍යවරයෙකු වෙත යන රෝගීහුද සිටිති. එලෙස අලුතින් ප්‍රතිකාර ගන්නට ගිය වෛද්‍යවරයාට තමන් එතෙක් ගත් ඖෂධ පිළිබඳව දන්වන්නට අමතක නොකළ යුතුය.

එහිදී උදේ ගත් බෙහෙත් පෙති ටික කොළයක ඔතාගෙන ගොස් වෛද්‍යවරයාට පෙන්වීම තේරුමක් නැත. බෙහෙත නම් වශයෙන් පැවසීම හෝ බෙහෙත් වට්ටෝරුව වෛද්‍යවරයාට පෙන්වීම කළ යුතුය. බෙහෙත් බෙහෙත් අතර පවතින ගැටුම් දන්නේ වෛද්‍යවරයාය. ඊට පෙර ගත් ඖෂධය පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් නම් එවැනි ගැටුම් මගහැරවෙන ආකාරයට ඖෂධ නිර්දේශ කරන්නට වෛද්‍යවරයා පෙළඹෙනු ඇත.

ප්‍රතිජීවක ඖෂධ මගදී නතර කිරීම හානිදායක වන්නේ ඇයි ?

ශරීරයේ පවතින විෂබිජයක් විනාශ කරන්නට වෛද්‍යවරු ප්‍රතිජීවක ඖෂධ නියම කරති.  
එවැනි විෂබිජයක් එක පෙත්තකින් හෝ දෙකකින් පලවා හැරිය නොහැකිය. සමහරවිට යම් විෂබිජයක් මැඩපැවැත්වීමට සතියක් හෝ ඊටත් වැඩි කාලයක් එක දිගට ප්‍රතිජීවක ඖෂධ ගන්නට සිදුවේ. 
ප්‍රතිජීවක ඖෂධය එලෙස දින දෙක තුනක් ගන්නා විට පිටතින් රෝගය සුව වූ බවක් දැනෙන සමහර රෝගීහු ඖෂධ ගැනීම  නතර කර දමන අවස්ථා තිබේ. එහෙත් එය 'නයාට ගසා ‍පොල්ල වරද්දා ගැනීමක්' බව බොහෝ අය නොදනිති. ඉන් සිදු වන්නේ බාගෙට විනාශ වූ බිෂ බිජය පැටව් පිට පැටව් ගසමින් තව තවත් බලසම්පන්න වීමය.  එය මර්දනය කරන්නට සමරවිට වෛද්‍ය ප්‍රතිකාරවලටද නොහැකි විය හැකිය.

කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා අවධාරණය කරයි

උත්පලා සුභාෂිනී ජයසේකර

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jul 2018 06:00 AM

අමතක නොවන සුන්දර මතකය කඳුලක් කරන උපත් දෝෂ


දසමසක් කුස හොවා සිටි දරුපැටියා මෙලොව එළිය දකින අවස්ථාව දරුවකු පතන සෑම මවකගේම අමතක නොවන මතකයකි. මෙලොව සිටින සෑම මවකගේම ප‍්‍රාර්ථනය වන්නේ තම දරුවා නිරෝගීව දැකීමය. එහෙත් ඒ පැතුම් නොසිතූ ලෙස වියැකී යන අවස්ථා තිබේ. ඒ උපත් දෝෂ හේතුවෙනි. එනිසාම ඒ ගැන දැනුවත්වීමෙන් එවැනි ගැටලූ මගහරවා ගත හැකිය. මෙම සටහන ඒ පිළිබඳවය.

අපට බහුලව දක්නට ලැබෙන උපත් දෝෂ තිබේ. මෙහි දී ශරීර ව්‍යුහයේ සහ පරිවෘත්තිය ක‍්‍රියාවලියේ දෝෂ ඇතිවීම බෙහෙවින් දක්නට ලැබේ. එනම් උදාහරණ ලෙස දරුවාගේ ශරීරයේ කොටසක් නොසෑදීම හෝ වැරදි ලෙස සෑදීම, එය විකෘති ලෙස පිහිටීම යනාදිය සඳහන් කළ හැකිය. එසේම රසායනික ක‍්‍රියාවලියේ වෙනස්කම් නිසාත් එසේ වෙයි. එනම් හෘදයේ කපාට රෝග, කොඳු ඇට පෙළේ ගැටලූ වැනි දෑය. මේ හැර ශරීරයේ එන්සයිම වැරදි ලෙස සෑදීම නිසාත් උපදින දරුවාගේ බරපතළ දෝෂ ඇති වේ. මෙම තත්ත්වය වඩාත් බරපතළ වන්නේ එහිදී දරුවාගේ බාහිර ස්වරූපයෙන් රෝග ලක්ෂණ පහළ නොවීමයි.

 

කුස තුළ ආසාදන ඇති වුවහොත්

ගර්භිණී කාලයේ මවට ඇතිවන ජර්මන් සරම්ප රෝග නිසා ශරීරගත වන රුබෙල්ලා වෛරසයෙන් ගැබ තුළ වැඩෙන දරුවාට බරපතළ සංකූලතා ඇති වේ.

මේ හැර මවගේ රුධිරයේ රීසස් සාධකය සෘණ වීමෙන් රීසස් ධන සැමියකුගෙන් ලැබෙන දරුවාගේ රීසස් සාධකය ධනවීමෙන් බරපතළ ගැටලූ ඇති විය හැකිය. එසේම පළමු දරුවාට පසු උපදින දරුවන්ට කුසේදීම රුධිර ෙසෙල බිඳීම් ඇති වී විවිධ රෝග හා දෝෂ සහිත දරුවන් බිහිවිය හැකිය. එසේ නැතහොත් දරුවා කුස තුළ මියයයි.

 

ජානගත රෝග

මවට උපදින දරුවාට පරම්පරාවෙන් පරම්පරාවට යන ජානගත රෝග හා නෑදෑයන් අතර සිදුවන විවාහ නිසා x හා y යන ලිංගික වර්ණ දේහ මගින් ඇතිවන රෝග ද බලපෑ හැකිය. එසේම දරුවා කුස තුළ වැඞීමේදී උඩුතොල හා මුඛය නිසි ලෙස වර්ධනය නොවන අවස්ථා ඇති වේ. ඉන් උඩුතොල හා නාසය අතර පැළීමක් ඇති වේ. එවිට දරුවාට කිරි උරා බීමට නොහැකිය. ඇතැම් විට මෙය තල්ල දක්වා අභ්‍යන්තරයට සිදුර දිගු විය හැකිය. මෙය ද බරපතළ තත්ත්වයකි.

 

එන්.ටී.ඞී. රෝගයට ගොදුරුවීම

කොඳු ඇට පෙළේ හිඩැස් සහිතව උපදින දරුවෝ සිටිති. මෙම හිඩැස්වල වතුර ගෙඩි ඇති විය හැකිය. එසේම මෙම විකෘතිතා නිසා සුසුම්නා නළයක් ලෙස කොඳු ඇට තුළින් ගිලා බසී. මෙම දරුවන් බොහෝවිට කුස තුළදී මිය යයි. නැතහොත් උපන් විගස මිය යයි. ඉහත සඳහන් දෝෂවලට අමතරව දරුවාගේ හෘදයේ දෝෂ, මස්තිෂ්කයේ රෝග, අස්ථි දෝෂ, හා මන්ද මානසිකභාවය (Down syndrome) තයිරොයිඞ් හෝමෝන දෝෂ, ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලූ ආදී වශයෙන් බොහෝ රෝගාබාධ ඇති විය හැකිය.

 

ඉපදීමට පෙර රෝග හඳුනාගන්න

දරුවකු උපන් පසු රෝග ගැන හඳුනා ගැනීමට වඩා ඉපදීමට පෙර රෝග හඳුනා ගතහොත් ඉපදීමට පෙර බොහෝ දෝෂ නිවැරදි කර ගත හැකිය. එනිසා යම් අවදානමක් ඇති මවක් බියෙන් සැකෙන් පසුවී දරුවා ඉපදෙන තෙක් සිටිනවාට වඩා ඒ ගැන ඉපදීමට පෙර සැලකිලිමත් විය යුතුය.

 

අවදානම් මවුවරු කවුද?

ගැබිනි මවක් උසින් අඩු නම් ඇය සැලකිලිමත් විය යුතුය. එසේම බර අඩු වීම, බර වැඩි වීම, වයස වඩාත් අඩුවීම, වයස වඩාත් වැඩිවීම, මීට පෙර මළ දරු උපත් සිදුවීම, ගැබිනි සමයේ රුධිර වහනයක් සිදුවීම, රුධිර ගණය සෘණ මවක් නම්, විකෘති දරුවන් බිහි කර තිබේ නම්, ගැබෙහි වැඩෙන දරුවාගේ වර්ධනය වඩාත් බාල නම් මෙම මවුවරු අදානම් ගණයේ මවුවරු වේ.

ඉහත සඳහන් ගැටලූ නිසා සෑම කාන්තාවක්ම ගැබ් ගත් විට වෛද්‍යවරයාට තමා හා ගර්භය සම්බන්ධ තිබෙන ගැටලූ සියල්ල නිවැරදිව පැවසිය යුතුය.

මෙහි දී මවගේ අතීතයේ ගර්භ දෝෂ ආදිය දැනගත් විට වෛදවරයා ඉතා සැලකිලිමත් වේ. මෙහිදී යම් දෝෂයක් පවතී නම් වෛද්‍යවරයා වැඩිදුර පරික්ෂණ කරයි.

මෙහි දී රුධිර පරීක්ෂණ, ස්කෑන් පරීක්ෂණ ආදිය කරනු ඇත. එයින් දරු උපත සිදුවීමට පෙර බොහෝ උපත් දෝෂ හඳුනාගත හැකි වේ. සාමාන්‍යයෙන් ඩවුන් සින්ඩ්‍රෝම් දරුවකු ගැබ්ගෙන තිබේ නම් දරු ගැබට සිත 16 ක් වූ පසු මවගේ රුධිර පරීක්ෂණයක් කිරීමෙන් එම තත්ත්වය හඳුනාගත හැකිය.

මවකගේ ගැබෙහි වැඩෙන දරුවාගේ යම් දෝෂ සහිත තත්ත්වයක් පෙනේ නම් එය නිවැරදිව හඳුනා ගැනීමට ගර්භ තරලය පරීක්ෂා කිරීමෙන් බොහෝදුරට පුළුවන. මේ හැර දරුවාගේ ශාරීරික දෝෂ ස්කෑන් පරීක්ෂණ මගින් හඳුනාගත හැකිය.

 

උපත් දෝෂ නැති දරුවකු බිහි කරන්නේ කොහොමද?

කාන්තාවක් නිසි වයසේ දී විවාහවීම, දරුවකු පතන කාන්තාවක් ගැබ් ගැනීමට මාස තුනක පමණ සිට ෆෝලික් අම්ලය ගැනීම ඉතා සුදුසුය. එසේම පිළිසිඳ ගැනීමට මාස තුනකට පෙර රුබෙල්ලා එන්නත ලබාගත යුතුය. දියවැඩියා රෝගී කාන්තාවක් නම් රෝගය නිසි ලෙස පාලනය කර ගැබ් ගැනීමට සිතිය යුතුය. ස්ථුල කාන්තාවක් නම් නියමිත බර ළඟා කර ගත යුතුය. එසේම ගැබිනි සමයේ නිසි වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ, විටමින් ලබා ගත යුතුය. ගැබ්ගත් පසු එක්ස් කිරණවලට භාජන නොවිය යුතුය.

ලේ ඥාති විවාහයෙන් වැළකිය යුතුය. පරම්පරාවේ උපත් දෝෂ සහිත දරුවන් සිටී නම් වෛද්‍ය උපදෙස් මත පරීක්ෂා කර එවැනි ගැටලූ තිබේ දැයි පරීක්ෂා කර ගැනීම ඉතාම සුදුසුය.

ඉහත සඳහන් අයුරින් දරුවකු පතන කාන්තාවක් සැලකිලිමත් වුවහොත් බොහෝ උපත් දෝෂ වළක්වා ගෙන නිරෝගී දරුවකු බිහි කළ හැකි වේ.

 

ශිරානි ගල්ලෑල්ල

 

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jul 2018 06:33 PM

ඇඟට පණ නෑ ඔබත් යකඩ ඌනතාවයෙන් පෙළෙන්නේද...?

ලිව්වේ  යශෝදා ඉන්දීවරී
අනේ මගේ ඇඟට නම් පණ නෑ වගේ . . හරිම අමාරුයි . . . කලන්තේ වගේ මෙලෙස කවුරුන් හෝ කියනවා ඔබත් අසා ඇති. ඇතැම් විට ගෙදර දොර වැඩපළ කරන කොට ඔබටත් අනන්තවත් මෙහෙම අමාරුකම් දැනිලා ඇති.

 

ඒ කියන්නේ ඔබත් ඇඟ සුදුමැළි විම, වැඩ කිරීමේදී සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික මහන්සියක් දැනීම, ක්ලාන්ත ගතිය, කරකැවිල්ල යන රෝග ලක්ෂණවලින් පෙළෙන්නේද? එසේ නම් ඔබත් යකඩ ඌනතාවයෙන් (Iron Deficiency Anemia) පෙළෙනවා විය හැකියි.

යකඩ

යකඩ (Iron) මිනිස් දේහයේ වර්ධනය සහ ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍යයකි. ප්‍රධාන වශයෙන් ඔබගේ රුධිරයේ රතු රුධිර සෛල (රක්තාණු) තුළ පවතින හිමොග්ලොබින් (HB) නමැති වර්ණකයේ මූලික සංඝටකයක් ලෙස ක්‍රියාකරනු ලබයි. මෙම හිමොග්ලොබින් නම් වර්ණකය දේහය පුරා පටකවලට අවශ්‍ය ඔක්සිජන් පරිවහනයට දායක වේ. ඒ අනුව රතු රුධිර සෛල නිපදවීම සඳහා යකඩ අත්‍යවශ්‍ය වේ. නිරෝගී පුරුෂයකුගේ රුධිරයේ තිබිය යුතු හිමොග්ලොබින් සාන්ද්‍රණ අගය ලෙස සැලකෙන්නේ 12-14g/dl  අගයයි. එය නිරෝගී කාන්තාවකගේ නම් 11.5-13.5 g/dl  අගයක් ගත යුතු වෙනවා. කාන්තාවකගේ මෙලෙස හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීමට බලපාන්නේ මාසික ඔසප් රුධිර වහනයයි.

මෙම අගයයන්ට වඩා අඩු අගයකින් රුධිරයේ හිමොග්ලොබින් සාන්ද්‍රණය පවතී නම් එය රක්තහීනතාවය නැතහොත් නීරක්තිය (Anaemia) ලෙස හඳුන්වනවා. මෙහිදී රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවිමක් සිදු වන නිසා රුධිරය මඟින් පෙණහලුවල සිට සිරුරේ නොයෙක් පටක කරා ගෙන යන ඔක්සිජන් ප්‍රමාණය ද අඩු වී යයි.නීරක්තියේ වර්ග ගණනාවක් තිබෙනවා. නමුත් බෙහෙවින් හඳුනාගත හැකි වර්ගය නම් යකඩ මද විම නිසා ඇතිවන නීරක්තිය (Iron Deficiency Anaemia)  විටමින් B  අඩුවීම නිසා සහ වෙනත් පිළිකා වැනි සංකූල රෝග හේතුවෙනුත්, ජානමය හේතු නිසා ඇතිවන නීරක්ති විශේෂත් තිබෙනවා. නමුත් අපි මෙහිදී සලකා බැලෙන්නේ බහුල වශයෙන් පවතින යකඩ ඌනතාවයි.

රෝග ලක්ෂණ

* අධික වෙහෙස සහ ශක්තිය මදකම, නිදිමත හෝ අලස බව

* ස්වසන අපහසුව නැතහොත් ඉක්මනින්ම හති වැටීම-

* සුදුමැලි බව

* හදවත ගැහෙන බව තමන්ට දැනීම

* නිතර ඇතිවන හිසරදය

* නිතර නිතර අසාධන තත්ත්වයන් හට ගැනීම

* හිසකෙස් ගැලවීම-

* ගිලීමේ අපහසුතා

* මුඛයේ ඇතිවන තුවාල

* නියපොතු හැන්දක ආකාරයට හැඩය වෙනස් වීම

* අසාමාන්‍ය ආහාර පුරුදු හට ගැනීම මෙහිදී අඟුරු, සබන්, අමු හාල් වැනි ආහාර වර්ග ප්‍රිය කරයි. -

* මතකය දුර්වල වීම හැදෙන වැඩෙන දරුවකුගේ අධ්‍යාපනයට මෙය විශාල බලපෑමක් ඇති කරයි.

යකඩ අඩු නීරක්තියට හේතු මොනවාද?

 

 

ඉතිරි කොටස ලබන සතියේ

http://www.tharunie.lk/

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
10 Jul 2018 06:45 PM
යකඩ තමයි කන්න වෙන්නෙ මෙ එලවලු වල ගනන් වලට
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0
You are not authorized to post a reply.
Page 134 of 137 << < 132133134135136 > >>