Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 135 of 137 << < 133134135136137 > >> Author Messages UdariSuper Senior MemberPosts:5555 10 Jul 2018 08:46 PM හදවත ගැහෙනව මටත් දැනෙනව අනේ........ 0 chamaramindMost Senior MemberPosts:13471 12 Jul 2018 03:23 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Jul 2018 03:25 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Jul 2018 03:32 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Jul 2018 03:34 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Jul 2018 03:50 AM අධික ලිංගික ආශාව රෝගයක්ද කෙනෙකුට ලජ්ජා බය නැතිව සමාජය ඉදිරියේ සිය නිරුවත පෙන්වීමට හැකි නම් හෝ කායික සබඳතා සඳහා ඉදිරිපත් වේ නම් මොවුන් රෝගීන්ය. එනම් මේනියා රෝගයෙන් පෙළෙන බව කිව යුතුවේ. ඕනෑම කෙනෙක් නව යොවුන් වියට පා තබයි. මෙම වයසට පැමිණි බොහෝ දෙනා තමන් කරන කියන දේ නිවැරදි යයි සිතති. එමෙන්ම තව කෙනෙකුගේ අදහස්, පිළිගැනීමට අකමැතිය. මේ නිසාම අමාරුවේ වැටෙන පිරිස් සිටිති. නව යොවුන් වියේදී බොහෝ දෙනාට ඇතිවන ආශාවන් වැඩිය. මෙම ආශාවන් අතර ලිංගික ආශාවන් ද වැඩි බව පැහැදිලි කරුණකි. මේ නිසා යොවුන් ආදරයට පැට ලෙන පිරිස වැඩිය. එමෙන්ම මෙම ආශාවන් නිසා දැරියන් බොහෝ විට විවිධ ගැටලූ වලට මුහුණ දෙති. එනිසාම මේ ගැන දැනුවත් වීම ඉතාම වැදගත්ය. දැරියකගේ වයස අවුරුදු 15 යනු හෝමෝන ක්‍රියාකාරිත්වයේ වඩාත් අධිකව පිබිදීමක් සිදුවන කාලයයි. මේ කාලයේදී ස්ත්‍රී x පුරුෂ දෙපාර්ශවයේම ද්විතියක ලිංගික ලක්ෂණ පහළ වේ. එහෙත් මිනිස් හැගීම් තිබෙන අප එම වයසට පත් වූවා කියා එම හැඟීම් වලට ඉඩ දී ජීවත් වන්නේ නැත. එම හැඟීම් මනසින් පාලනය කර අවශ්‍ය විටක පමණක් සපුරා ගත යුතුවේ. සාමාන්‍යයෙන් ලිංගිකත්වය පිළිබඳ හැඟීම් යටපත් කර ගෙන හිදීම මිනිස් ස්වභාවයයි. එහෙත් සමහරුන්ට ඉතා අඩු වයසෙන් පාලනය කර ගැනීමට අපහසු තරමට අනුරාගී හැ`ගීම් ඇතිවේ. එසේ වන්නේ අධික හෝමෝන ක්රියාකාරිත්වයක බලපෑම් නිසාය. මෙසේ ඔබේ දුව හෝ පුතා අසාමාන්‍ය ලෙස තම හැඟීම් වලට ඉඩ දී සබඳතා වල පැටලෙන්නේ නම් ඊට දඬුවම් කිරීම නොව වෛද්‍ය උපදෙස් ගත යුතුය. එවැනි දරුවෙකව අන්තරාසර්ඝ ග්‍රන්ථි විශේෂඥ වෛද්‍යවරයෙකු පෙන්වීම ඉතාම අවශ්‍යය. (Endocrinologist) අපගේ ලිංගික හෝමෝන ශ්‍රාවය වන්නේ පිටියුටරි ග්‍රන්ථිය ආශ්රිත ප්‍රදේශයෙනි. ඒ අනුව පිටියුටරි ග්‍රන්ථියේ පිළිකාවක් හෝ ගෙඩියක් හටගත්තොත් එම ග්රන්ථියෙන් වැඩිපුර හෝමෝන ශ්‍රාවය වේ. මේ නිසා ද එවැනි රෝගියෙකුට නොදැනුවත්වම අසාමාන්‍ය ලෙස ලිංගික ආශාවන් ඇතිවේ. එවිට රෝගියා නොදැනුවත්වම ඒ සම්බන්ධ හැසිරීම් පළ කරයි. එනිසා යොවුන් හෝ ඕනෑම වයසක කෙනෙකු අසාමාන්‍ය ලෙස ලිංගික ආශාවන් ගෙන් පෙළේ නම් හෝමෝන පරීක්ෂණයක් (Hormone Profile test) කර බැලීම ඉතාම වැදගත්ය. ඉන් ඉහත සඳහන් රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ දැයි හඳුනා ගත හැකිය. එහෙත් ඉහත පරීක්ෂණයකින් පසු කෙනෙකුට අධික ලිංගික ආශාවන්ට හේතුව රෝගී තත්ත්වයක් නොවේ නම් එම දැරිය හෝ දරුවා මානසික වෛද්‍යවරෙයකුට පෙන්වීම ඉතාම සුදුසුය. සාමාන්‍යයෙන් කාන්තාවකට අධික ලිංගික ආශාවන් හා හැසිරීම් ඇති වීමට හේතුව ‘නිම්ෆොමේනියා’ නම් රෝගයයි. පිරිමින්ට අධික ලිංගික ආශාවන් හා හැසිරීම් ඇතිවන්නේ ‘සැටරයිසිස්’ (Satyrisis) නම් රෝගී තත්ත්වය නිසාය. මෙම අධික ලිංගික ආශාවන් ඇතිවන මානසික රෝග ද තිබේ. ඒ මෙසේය. මේනියා රෝගය මෙම රෝගය1,2 වශයෙන් අංශ දෙකකින් සඳහන් කළ හැකිය. එනම් විශාදය සහ මේනියා රෝගය ලෙසටය. මේ හැර විශාදය සහ හයිපෝමේනියා තත්ත්වය ලෙසටත් හ`දුන්වයි. අන්ත රෝග දෙකක් පැවතීම නිසා මෙම මානසික රෝගියා සමහර කාලවලට විශාදයෙන් පෙළේ. එනම් කාලයකට මේනියා ලක්ෂණ පෙන්වයි. නැතහොත් විශාදය සහ හයිපොමේනියා ලක්ෂණ පෙන්වයි. විශාදය ලක්ෂණ පහළ වන කාලයට රෝගියා නිතර දුකෙන්, කේන්තියෙන්, නොසන්සුන් අයුරින් හැසිරෙයි. නැතහොත් දුක්මුසුව පැත්තකට වී සිටී. ඒ කාලයට ලිංගික ආශාවන් පිළිබඳ ආශාවන් නැත. හයිපොමේනියා තත්ත්වයේදී රෝගියාගෙන් දකින්නේ මීට විරුද්ධ පැත්තය. එනම් අධික සතුටෙන් හැසිරෙන ලිංගික හැසිරීම් ගැන දැඩි සේ උනන්දු වේ. එහෙත් ඒවා පාලනය කර ගැනීමටත් හැකියාව තිබේ. හයිපෝමේනියා තත්ත්වයට ගොදුරු වූ රෝගියෙකුට රෝහලක නතර කර ප්‍රතිකාර ගත යුතු නැත. ඔවුන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිය. මෙම රෝගී තත්ත්වය මේනියා තරමටම වර්ධනය නොවු තත්ත්වයකි. අද සමාජයේ ඕනෑ තරම් ඉහත සඳහන් මානසික රෝග වලින් පෙළෙන අය සිටිති. ඔවුනට ප්‍රතිකාර අවශ්‍ය නැත. එහෙත් ලිංගික ආශාවන් පාලනය කර ගැනීමට නොහැකි තරමට පහළ වුවහොත් පමණක් ඖෂධ ප්‍රතිකාර ගත යුතුවේ. එහෙත් මේනියා තත්ත්වයෙන් පෙළෙන කාන්තාවකට හෝ පිරිමියෙකුට අධික ලිංගික ආශාවන් පහළ වේ. ඔවුන් ඒවා සපුරා ගැනීමට උත්සාහ ගනී. ඉන් විවිධ බරපතළ ගැටලූ පවා ඇතිවන අවස්ථා ඇත. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට අධිකව ලිංගික ආශාවන් පහල වුවත් එය අවස්ථානුකූලව පාලනය කර ගනි. මේනියා රෝගියාට එසේ හැඟීම් පාලනය කර ගැනීම අපහසුය. ඔවුහු ඕනෑම කෙනෙකු ඉදිරියේ බියක් සැකක් නැතිව ලිංගික හැසිරීමක යෙදීමට සැරසෙති. මෙම රෝග තත්ත්වය ඇති කාන්තාවකට වුවත් එවැනි හැසිරීමකට ලැජ්ජා බය නැතිව ඕනෑම තැනක ඇඳුම් ගැලවීමට පවා ඉදිරිපත් විය හැකිය. එහෙත් මේ අය ගණිකා වෘත්තිකයන් නොවේ. කෙනෙකුට ලජ්ජා බය නැතිව සමාජය ඉදිරියේ සිය නිරුවත පෙන්වීමට හැකි නම් හෝ කායික සබඳතා සඳහා ඉදිරිපත් වේ නම් මොවුන් රෝගීන්ය. එනම් මේනියා රෝගයෙන් පෙළෙන බව කිව යුතුවේ. මෙසේ වන්නේ මේනියා රෝගය නිසා සිය ආශාවන් පාලනය කර ගැනීමට නොහැකි වීමයි. එහෙත් අධික ලිංගික ආශාවන් ඇති එවැනි හැසිරීම් සඳහා ඉදිරිපත් වන සැවොම මේනියා රෝගීන් නොවේ. ඔවුන් තම ආශාවන්ට අනවශ්‍ය ලෙස ලොල් වීමත් මේ සඳහාතවත් එක් ප්‍රධාන හේතුවකි. මේ නිසා ඉහත සඳහන් අය ගැන එකහෙළා වැරදි ලෙසට නොපැවසිය යුතුය. ඔවුන් මේ කුමන තත්ත්වයේ අය දැයි පරීක්ෂා කර තේරුම්ගත යුතුවේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Jul 2018 04:47 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Jul 2018 04:47 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Jul 2018 04:48 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Jul 2018 04:48 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 12 Jul 2018 05:20 AM තීන්ත වර්ග භාවිතය ගැන හොඳ දැනුවත් කිරීමක්... 0 isurusamSuper Senior MemberPosts:7342 12 Jul 2018 05:56 AM තින්ත ගැන හොඳ දැනුවත් කිරීමක්. 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jul 2018 06:34 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jul 2018 06:35 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jul 2018 07:22 PM කූඩැල්ලන් ලවා ලේ උරවන පූඩා වෙදකම විවිධ රෝග සුවකරගැනීම සඳහා බොහෝ කලක් තිස්සේ කූඩැල්ලන් යොදවාගෙන තිබේ. විශේෂයෙන් නහර කැටිගැසීම හෙවත් වෙරිකෝස් රෝගය සඳහාත්, ඇතැම් අක්ෂි රෝග සඳහාත් කූඩැල්ලන් යොදා කරන පූඩා වෙදකම ඉතා සාර්ථක වෙදකමකි. ලේ විදහැරීමේ වෙදකම හෙවත් රක්ත මෝක්ෂණ වෛද්‍ය ක්‍රමය ආයුර්වේදයේ පැරණිම වෛද්‍ය ක්රමයකි. මෙය වර්තමානයේදීද ඉතා සාර්ථක ප්‍රතිකාරයකි. නමුත් වර්තමානයේදී ලේ හැරීමේ වෙදකම සම්බන්ධව බොහෝ දෙනකු තුළ නිසි අවබෝධයක් නොමැතිකම නිසාම එය අභාවයට යමින් පවතින වෙදකමක් බවට පත්වෙමින් පවතී. නමුත් කූඩැල්ලන් යොදා කරනු ලබන වෙදකම අදද ඉතා සාර්ථක වෙදකමක් ලෙසින් හැඳින්විය හැක. ලේ විදහැරීමේ පිළිවෙළ පැරැන්නෝ ක්‍රම තුනකට සිදුකළහ. එනම් අං යෙදීමෙන්, ලබුකැට යෙදීමෙන් සහ කූඩැල්ලන් හෙවත් පූඩාවන් යෙදීමෙනි. සර්පයන් විසින් දෂ්ඨ කළ විට කටින් කට ලේ ඉරීමේ සිරිතක් අපේ පාරම්පරික වෛද්‍යවරු භාවිත කරති. නමුත් ලේ හැරීමේ වෛද්‍ය ක්රමයද අන් සෑම වෛද්‍ය ක්‍රමයක් මෙන්ම ඉතාමත් සැලකිල්ලෙන් සිදුකළ යුතු වෛද්‍ය ක්රමයකි. ඒ සඳහා සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකු ලවා ප්‍රතිකාර ලබාගත යුතුය. උපදංශ රෝගීන් ලේ හැරීමට සුදුස්සන් ලෙස නිර්දේශ කෙරේ. එමෙන්ම බරවා රෝගීන්ටද, රක්තගත වූ වාත රෝගීන්ටද, යම්කිසි විෂක් හේතුවෙන් ලේ දූෂණ රෝගීන්ටද ලේ විදහැරීම කළ හැක. ලේ අතීසාර රෝගීන්, ශ්වාස රෝගීන්, කාය රෝගීන් මෙන්ම වයස අවුරුදු හැත්තෑවට වැඩි වැඩිහිටියන්ද, වයස අවුරුදු දහසයට අඩු අයද, ඉතා කෙට්ටු සිරැරක් ඇති රෝගීන්ද, ගැබිණි කාන්තාවන් මෙන්ම කිරිදෙන මව්වරුන්ද ලේ හැරීමට නුසුදුසු රෝගීහු වෙති. චිකිත්සාවෙහි යොදාගනු ලබන කූඩැල්ලන් විෂ සහිත කූඩැල්ලන් සහ විෂ නැති කූඩැල්ලන් ලෙස කොටස් දෙකකට බෙදිය හැක. විෂ නැති කූඩැල්ලන් වැඩිපුර ජීවත් වන්නේ පිරිසුදු ජලය ආශ්‍රිතවය. මෙම කූඩැල්ලන්ගේ උදරය කහ පැහැතිය. නිල් ඉරි ඇත්තෝය. විෂ ඇති කූඩැල්ලන් ජීවත් වන්නේ අපිරිසුදු ජලයේය. විශේෂයෙන් මාළුන්, මැඩියන් බහුල ජලයේ ජීවත් වන එම විෂ සහිත කූඩැල්ලන් එම සත්ත්වයන්ගේ මළ ආදී අපවිත්‍ර දෑ ආහාරයට ගනී. රතු, සුදු සහ කළු පැහැති මෙම කූඩැල්ලන් ඉතා විෂ සහිතය. විෂ සහිත කූඩැල්ලන් ලේ ඉරීම සඳහා බොහෝ විට යොදා නොගනී. මෙවැනි විෂ සහිත කූඩැල්ලන් ලවා ලේ ඉරීමක් සිදුවුවහොත් දැඩි දැවිල්ලක් ඇතිවේ. කැසීම, කරකැවිල්ල පවා ඇතිවිය හැක. ලේ ඉරවූ මුඛය පැසවයි. රෝගියාට උණ ගනී. ලේ විදීම සඳහා යොදාගනු ලබන කූඩැල්ලා රෝගියාට ප්‍රතිකාර සඳහා යොදාගැනීමට පෙර කහ දියෙහි දමා විනාඩි හතක් පමණ තැබිය යුතුය. එවිට කූඩැල්ලා ඉතා පිරිසුදු වේ. පසුව සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයා විසින් රෝගියාට ප්‍රතිකාර ලබාදිය යුතු සුදුසු තැන්හි කූඩැල්ලා තබයි. ඊට පළමුව ලේ ඉරවීමෙහි පිළියෙළ කළ තැන් හොඳින් පිරිසුදු කළ යුතුය. නමුත් සබන් සුවඳ හෝ තෙල් සුවඳට රැඳී තිබෙන විට කූඩැල්ලන් ලේ උරා බොන්නේ නැත. කූඩැල්ලා දත ගසා ලේ ඉරීමට පටන් ගත් කල වෛද්‍යවරයා විසින් තෙත පුළුන් කැබැල්ලකින් හෝ තෙත රෙදි කැබැල්ලකින් කූඩැල්ලා වසා තැබේ. වරින් වර මෙම පුළුන් කැබැල්ල හෝ රෙදි කැබැල්ල තෙත් කළ යුතුය. දූෂණය වුණු ලෙයින් කුස පිරුණු පසු කූඩැල්ලා මත් වී වැටේ. කූඩැල්ලා ලවා කොතරම් ලේ ප්‍රමාණයක් මුදවනවාද යන්නද වැදගත් වේ. එය රක්ත මෝක්ෂණ මාත්‍රාව යනුවෙන් හැඳින්වේ. රෝගියාගේ වයස, ශක්තිය සහ දෝෂ තත්ත්වයද අනුව මෙම රක්ත මෝක්ෂණ මාත්‍රාව වෙනස් වේ. කෙසේ වුවත් බොහෝ දෙනකුට කූඩැල්ලා අප්‍රියජනක සතෙකි. නමුත් කූඩැල්ලා යනු ඇතැම් රෝග ඉතා සාර්ථකව සුවකරගැනීමට උදව් දෙන සතෙකි. සෑම ආයුර්වේද වෛද්‍යවරයකුටම මේ ප්‍රතිකාරය සිදුකළ නොහැකි අතර ඒ සඳහා මනා පළපුරුද්දක් මෙන්ම දැනුමක්ද අවශ්‍ය වේ. එවැනි සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකු ලවා සිදුකරන මෙම පූඩා වෙදකම ඉතා සාර්ථක ආයුර්වේද වෛද්‍ය ක්රමයකි. ආයුර්වේද වෛද්‍ය ඩී.එච්. තෙන්නකෝන් හිටපු අධ්‍යක්ෂක ආයුර්වේද ශික්ෂණ රෝහල - බොරැල්ල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jul 2018 07:34 PM ඇස්වලට හිතුමතේ බෙහෙත් කරන්න එපා බොහෝ දෙනා තම ඇස් සම්බන්ධව එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැත. නමුත් ඇස් යුගලයේ වටිනාකම වැඩියෙන්ම දැනෙන්නේ ඇස් අන්ධ වූ කෙනකුට පමණි. නමුත් ඇස් දෙකට හානියක් ඇති වූ විට එය සුව කරගැනීමද එතරම් පහසු කටයුත්තක් නොවේ. ඇසේ ආරක්ෂාව රැකගැනීම සඳහා ස්වභාව ධර්මයෙන්ම ඇස පිහිටා ඇත්තේ අස්ථි කුහරයක් තුළදීය. ඇසට යම් හානියක් සිදුවීමෙන් ඇතැම් විට ඇස් අන්ධ වීමටද පුළුවනි. නිරෝගී ඇස් යුගලක් පවත්වා ගැනීමට නම් • බොහෝ අය තද අව්වේ හෝ අධික උණුසුම් ස්ථානවල බොහෝ වෙලාවක් රැඳී සිට එක්වරම නෑමට පුරැදු වී සිටිති. විශේෂයෙන් දහවල් තද අව්වේ ක්‍රීඩා කටයුතුවල දිගු වේලාවක් රැඳී සිටින ක්‍රීඩකයෝ ක්‍රීඩා කටයුතු අහවර වූ සැණින් නෑමට යති. මෙය ඔබේ ඇස්වලට එතරම් හිතකර තත්ත්වයක් නොවේ. • දිගු වේලාවක් එකම ඉරියව්වෙන් එකම දෙයක් දෙස බලා සිටීමෙන්ද ඇස්වලට හානි ඇතිවිය හැක. විශේෂයෙන් පරිගණක තිරය දෙස දිගුවේලාවක් බලා සිටීම හොඳ නැත. අද බොහෝ දරුවෝ ජංගම දුරකථනයේ හෝ පරිගණකය මගින් ක්‍රීඩාවල නිරත වෙති. එකදිගට දිගුවේලාවක් එකම දෙයක් ඔස්සේ මෙලෙස බලාසිටීමෙන්ද ඇස්වලට බලපෑම් ඇති විය හැක. මේ නිසා මෙවැනි තත්ත්වයකදී පොඩි විවේකයක් හෝ අතරමගදී ගැනීමට අමතක නොකරන්න. • දුම් වර්ග, අළු වර්ග වැඩිපුර ගැවසෙන රාජකාරිවල නියැලෙන සේවකයන්ගේ ද කල් ගතවන්ට ඇස්වල රෝග ඇතිවීමට පුළුවනි. ඇස් දුර්වල වීමට පුළුවනි. විශේෂයෙන් වෑල්ඩින් වැඩ කරන කම්කරුවන්ගේ ඇස්වලට මේ තත්ත්වය උදාවිය හැක. මේ නිසා මෙවැනි සේවකයන් ඒ සඳහා විශේෂිත වූ කණ්ණාඩි පළදා එම කටයුතුවල නිරත වීම අනිවාර්ය වේ. එමෙන්ම තද උණුසුම් ස්ථානවල (පෝරණුවල) සේවය කරන සේවකයන් ද මේ පිළිබඳව සැළකිලිමත් වියයුතුය. • අඳුරු ස්ථානවල හෝ තද ආලෝකය ඇති ස්ථානවල සිට පොත්පත් කියවීමෙන්ද ඇස් දුර්වල වීමට පුළුවනි. විශේෂයෙන් පාසල් අධ්‍යාපනය ලබන දරුවෝ රාත්‍රි කාලයේදී අඩු ආලෝකයේ හිඳ පොත්පත් කියවීම, පාඩම් වැඩ කරති. සමහරු එයට ඇස් හුරුවී ඇති බව විශ්වාස කරති. නමුත් කල්යත්ම ඒ අද අඳුරේ කියවීම ඔබේ ජීවිතය අඳුරැ කරන්නට ද පුළුවනි. • රාත්‍රි කාලයේදී නිදි මැරීම, පෝෂ්‍යදායක ආහාර නොගැනීම, ඇස්වලට අනවශ්‍ය කුඩා දේ ඇතුළු වීම (කුඩා සතුන්, වැලි කැට) ඇසට යමක් වැදීමෙන්ද ඇස්වලට හානි ඇතිවිය හැක. එමෙන්ම තවත් රෝගියකු ඇසට යෙදූ ඖෂධයක් වෛද්‍යවරයකුගේ නියමයකින් තොරව ඇස්වලට යෙදීමෙන්ද ඇස් දුර්වල වියහැක. • ගොවිතැන් කටයුතුවලදී යොදන රසායනික ද්‍රව්‍ය ඉසීමේදී ද ඇස්වලට අනතුරැ ඇතිවය හැක. රතිඤ්ඤා වැනි දෑ පාවිච්චි කිරීමේදී ද ඇස්වලට හානි ඇතිවිය හැක. ඇස් රෝගයක් ඇතිවූ විට ඇතිවන රෝග ලක්ෂණ • එක්වරම ඇස් පෙනී නොපෙනී යාම, ඇස්වලින් දකින ඡායාව බොඳවී යාම, ඇස් රතුවීම, ඇසෙහි ඇතිවන තදබල වේදනාව, ඇස් අවට ඉදිමීම, ඇස් දෙක කුඩා වීම, ඇස්වලින් කඳුළු සහ කබ ගැලීම. • ආලෝකයක් දෙස බැලූකල පාට පාට වළලු පෙනීම, එක වස්තුවක් දෙස බැලූවිට එය වස්තු දෙකක් ලෙස දියවීම, කළු තිත් අවට පෙනීම, ඇස් පෙනීම අඩුවීම. මෙවැනි රෝග වළක්වා ගැනීමට කළයුතු දේ • කිසිම අවස්ථාවක වෙනත් රෝගියකු සඳහා නිර්දේශිත වූ ඖෂධයක් ඔබේ ඇසට දමන්න එපා. • අපිරිසිදු අත්වලින් සහ අපිරිසිදු ලේන්සුවලින් ඇස් පිසදමන්න එපා. • ඇසට හැකිතාක් විවේකය ලබාදෙන්න. ඇස් රෝගයක් ඇති වූ විට රූපවාහිනිය නැරඹීම, පොත්පත් කියවීම, ගිනි රස්නය ඇති ස්ථානවල ගැවසීමෙන් වළකින්න. පුළුවන් තරම් ඇසට විවේකය ලබා දෙන්න. • වහාම සුදුසුකම් ලක් වෛද්‍යවරයකු මුණගැසී අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න. • කල්ඉකුත් වූ ඖෂධ කිසිවිටකත් ඇසට යොදන්න එපා. ඖෂධ පිළිබඳව ඉතා සැලකිලිමත් වෙන්න. • සාමාන්‍ය කෙනකු කිවූ බෙහෙත් යොදා ඇස් රෝගවලට ගොඩ වෙදකම් කරන්න එපා. • බෝවන ඇස් රෝග ඇතිවූ විට සෙනඟ ගැවසෙන තැන්වල යාමෙන් වළකින්න. • රෝගියා විසින් පාවිච්චි කරන කොට්ට, තුවා, සබන් මෙන්ම ඇඳ ඇතිරිලිද නිරෝගී පුද්ගලයන් පාවිච්චි කිරීමෙන් වළකින්න. • අධික රස්නය ඇති ජලයෙන් ඇස් සේදීමෙන් වළකින්න. මේ පිළිබඳවද සැලකිලිමත් වෙන්න • ඇස් දෙකට විවේකය දිය හැකි හොඳම ක්‍රමය වන්නේ දිගුවේලාවක් ඇස් වසාගෙන සිටීමයි. • සීතල වතුරෙන් පොඟවා ගත් පිරිසුදු කපු රෙදි කැබැල්ලක් වසාගත් ඇස් මත ටික වේලාවක් තබන්න. • ඇසෙහි යමක් ඇනුණු විට එය ගලවන්නට යන්න එපා. වහාම අක්ෂි වෛද්‍යවරයෙකු වෙත ගොස් අවශ්‍ය ප්‍රතිකාර ඉක්මනින් ලබාගන්න. • ඇසට වැලිකැට, දූවිලි ආදිය ගියවිට ඇස් පොඩි කරන්න එපා. ටික වේලාවක් ඇස් වසාගන්න. කඳුළුවලින් ඒවා ඉවත් නොවේ නම් පිරිසිදු ජලයෙන් ඇස් සෝදන්න. පිරිසුදු වතුර භාජනයකට ඇස ඔබා හොඳින් ඇස් කරකවන්න. • දියවැඩියාව, අධික රැධිර පීඩනය වැනි රෝගී තත්ත්වයන් ඇති රෝගීන් තම ඖෂධ නිසි වේලාවට ගැනීමට හුරැවෙන්න. මෙවැනි රෝග උත්සන්න වූ විට ඇස් අන්ධ වීමටද පුළුවනි. • පෝෂ්‍යදායක ආහාර ගන්න. විශේෂයෙන් කිරි, බිත්තර, මාළු, කැරට්, තද කොළපාට එළවළු, එළඟිතෙල්, කව්පි වැනි ආහාර නිතරම එක්කර ගන්න. • දුර පෙනීම හෝ ළඟ පෙනීම අපහසුනම් ඉතා ඉක්මනින් සුදුසුකම් ලත් අක්ෂි රෝග වෛද්‍යවරයකු මුණගැසෙන්න. ආයුර්වේදයට අනුව කසාය, ගුලි, හුමාලය වැනි ක්‍රම මගින් ප්‍රතිකාර ලබාගත හැක. නමුත් නිවැරදි රෝග තත්ත්වයට අනුව නිසි ප්‍රතිකාර ලබාගැනීමට වගබලා ගන්න. කිසිවිටකින් හිතුමතේ ඇස්වලට ප්‍රතිකාර කරන්න එපා. ආයුර්වේද වෛද්‍ය ජී.ජී. ලූෂාන්ති සෙන්මිර ආයුර්වේද හා දේශීය වෛද්‍ය මධ්‍යස්ථානය - රාජගිරිය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jul 2018 07:45 PM දරුවා ලෙඩ කළ අම්මාගේ ආතතිය විවාහය තුළ ඇතිවන ආදරය සහ ලෙන්ගතුකම වැදගත් වන්නේ ඔබට ජීවිතය විඳීමට පමණක් නොවන අතර ඉන් ඔබ ළඟ වැඩෙන දරුවාට යහපත් මානසික සහ ශාරීරික සෞඛ්‍යයත් ද ලැබෙනවා. දරුවා පිළිබඳ ඔබට අපූරු චමත්කාරජනක සිහින තිබෙන බව අපි කවුරුත් දන්නවා. දරුවා වෛද්‍යවරයෙක් කරන්න ඉංජිනේරුවෙක් කරන්න එහෙමත් නැත්නම් විද්‍යාඥයෙක් කරන්න. මේවා තමයි ඔබේ සිහින. ඔබ බොහෝවිට සිතන්නේ මේ සිහිනවලට දරුවා රැගෙන යන්න අවශ්‍ය එකම මාධ්‍යය අධ්‍යාපනය පමණක් කියලා. නමුත් පූර්ව ළමා වියේ මානසික වර්ධනය ශක්තිමත් පෞරුෂයක් ඇති දරුවකු හදන්න ඉතාම වැදගත් සාධකයක් බව ඔබ නොදන්නවා ඇති. මෙම මානසික වර්ධනයට දෙමාපියන්ගේ හැසිරීම් රටා කොතරම් දුරට බලපානවද කියලා අපි සොයා බලමු. මවගේ සතුට හෝ දුක පුංචි දරුවාගේ මානසික වර්ධනයට කෙසේ බලපාන්නේ දැයි බොහෝ සමීක්ෂණවලින් අද සොයාගෙන ඇත. මෙහිදී මානසික අවපීඩනය යන රෝගී තත්ත්වය ඉතාම වැදගත් තැනක් ගනී. මානසික අවපීඩනය සියලුම මානසික රෝග අතරින් බහුලව දක්නට ලැබෙන මානසික රෝගයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන පරිදි සෑම පස්දෙනකුගෙන් එක්කෙනකුට මෙම රෝගී තත්ත්වය වැළඳීය හැකි බව අවධාරණය කරයි. වසර 2020 වන විට සියලුම රෝග අතරින් මානසික අවපීඩනය දෙවන ස්ථානයට පැමිණෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත. මවක් මෙම පීඩනයට ගොදුරු වීමට හේතු රාශියකි. සැමියා සමඟ නිතර රණ්ඩු දබර ඇතිවීම, කුඩා කල අපයෝජනයට ලක් වීම සහ ජානමය හේතුය. මෙසේ අවපීනඩයට ගොදුරු වන මවකට සිටින කුඩා දරුවකුට ඇති වන මානසික දුර්වලකම ගැන කරන ලද සමීක්ෂණවලින් ඩැනියල් ස්ටර්න් (Daniel Stern) නම් මනෝ විද්‍යාඥයා ඉතා ඉහළ පිළිගැනීමකට ලක්වී ඇත. ඩැනියල් ස්ටර්න්ගේ මනෝ විද්‍යාත්මක සොයාගැනීම් පාවිච්චි කරමින් මානසික අවපීඩනයට ගොදුරු වූ මව්වරු සහ ඔවුන්ගේ කුඩා දරුවන් අතර සිදුවන සන්නිවේදනය වීඩියෝ කර එහි ස්වභාවය අධ්‍යයනය කර ඇත. මෙහිදී සොයාගත් වැදගත්ම කරුණ වූයේ එම දරුවන් නිසි ලෙස මානසික උත්තේජනයකට පත් නොවන බවයි. මෙහිදී දරුවන්ට ඇතිවන දිගු කාලීන ප්‍රතිඵල වනුයේ ¤ ප්රචණ්ඩ සහ ආවේගශීලී හැසිරීම් රටාවන්ට ගොදුරු වීම. ¤ නිතරම බියෙන් සහ ආතතියෙන් පෙළීම. ¤ පහසුවෙන් ජීවිතය එපා වීම සහ කලකිරීමට ගොදුරු වීම. ¤ කතාව සහ ලිවීමේ දුබලතා ඇති වීම. ¤ බුද්ධිමය සහ අධ්‍යාපනික හැකියාවන් අඩු වීම. ඉහත කරුණුවලින් පෙනී යන්නේ කුඩා දරුවකු සිටින මවක් සතුටින් තැබීම දරුවාගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයට ඉතාම වැදගත් බවයි. මෙය පුංචි කතාවක් ඇසුරෙන් බලමු. සුපුන් අපි ළඟට යොමු වූ අවු. 3 2/1ක් වයසැති පුංචි දරුවෙක්. සුපුන්ට තිබූ ගැටලුව ඔහුගේ මව මෙසේ විස්තර කළාය. “සුපුන් ඉපදුනේ සාමාන්‍ය විදිහට. බර 3kg ක් තිබුණා. ඉපදුනාට පස්සේ හොඳට ඇඬුවා. වෙලාවකට හිනා වුණා. ඇවිදීම, කතාව නිසි පරිදි සිදු වුණා. නමුත් දැන්මාස 6ක සිට දරුවාගේ හැසිරීම හොඳටම වෙනස් වුණා. හරිම ආවේගශීලීයි. අධික ලෙස කේන්ති යනවා. තරහා ගියාම තමන්ගේ අත තමන් විසින්ම හපාගන්නවා. රෑට නින්දෙන් ඇඳේ චූ දානවා. අඬනකොට නවත්තගන්න බෑ. එක දිගට අඬනවා. නිතර ගොත ගහනවා. කෑම කන්නෙම නැති තරම්. දැන් බරත් අඩු වෙලා.” සුපුන්ට මෙහෙම වුණේ ඇයි? දැන් අපි ගෙදර පරිසරය දෙසට හැරෙමු. ගෙදර පරිසරය ගැන සුපුන්ගේ මව තවදුරටත් මෙහෙම පැවසුවා. “අපි බැඳලා අවු.6ක් වෙනවා. මගේ ස්වාමියා හොඳ කාර්මිකයෙක්. ඔහුට හොඳ ආදායමකුත් තිබෙනවා. අපි දෙන්නා බැන්ද දවසේ ඉඳලා නිතරම ප්‍රශ්න. Husband ට ගොඩක් කේන්ති යනවා. මහත්තයා කැමති නෑ කිසි කෙනකුට උදව් කරනවට. මම මගේ අම්මලාට අපේ පවුලට කෑම හදලා දෙනවට එයා අකමැතියි. මම අම්මලාගේ ගෙදර යනවටවත් කැමති නෑ. එයා නිතරම කියන්නේ එයා හම්බ කරන දේවල් මම මහ ගෙදරට දෙනවා කියලා. එයා හරිම ගුප්තයි. හරිම ආත්මාර්තකාමියි. බබා හදාගත්තෙත් මගේ කැමැත්තට. ඔහු මුලින් කීවේ බබෙක් අවශ්‍ය නෑ කියලා. මගේ පෙරැත්තයට තමයි බබා හදාගත්තේ. ඔහුට යාළුවොත් නෑ. තනියම හුදෙකලාව ඉන්න තමයි ආස. අපි දෙන්නා අතර ඇතිවන රණ්ඩු නිතරම දරුවා දකිනවා. දරුවා හුඟක් වෙලාවට බය වෙනවා.” අපි ඇයගෙන් තවදුරටත් කරුණු විමසුවා. ඇගේ පීඩනය ඇය මෙසේ පැවසුවා. “මම බයෙන් ඉන්නේ කොයි වෙලාවෙ මෙයා ඇවිලෙයිද කියලා. මට මගේ අම්මා තාත්තාට සලකන්න බැරිනම් ඔවුන් ආශ්‍රය කරන්න බැරි නම් මොකද්ද මේ ජීවිතේ කියලා මට නිතරම හිතෙනවා. මට දැන් ඇඟට පණ නෑ. කිසිම දෙයක් ආසාවෙන් කරන්න හිතෙන්නෑ. සැමියා සමඟ ලිංගිකව එකතු වෙන්නවත් හිතෙන්නෑ. මැරිලා ගියානම් මීට වඩා හොඳයි කියලා හිතෙනවා. ඒත් බබා නිසා මම එහෙම කරගන්නෑ.” මව සහ පියාගේ රණ්ඩු දබර සහ මවගේ මානසික අවපීඩනය දරුවාගේ ජීවිතයට බලපෑ අයුරු මෙම කතා දෙකෙන් පැහැදිලි වේ. ශක්තිමත් නිරෝගී දරුවකු ඇතිදැඩි කිරීමට මව සතුටින් තැබීමේ ඇති වැදගත්කම ද ඔබට පැහැදිලිය. මෙහි එන මව පියා සහ දරුවා මෙම මානසික පීඩනයන්ගෙන් එළියට ගැනීමට භාවිතා කළ මනෝ විද්‍යාත්මක ක්‍රියාදාමයන් පහත විස්තර වේ. මව සහ පියාට මනෝ අධ්‍යාපනය (Psychoeducation) ලබා දීම. මෙහිදී පියාගේ ඊර්ෂ්‍යාසහගත ආත්මාර්ථකාමී සිතුවිලි ක්‍රමානුකූලව ඔහුට අවබෝධ කර ගැනීමට සැලැස්වීම. නිතර රණ්ඩු දබර වීම නිසා දෙදෙනාම ජීවිතය විඳවන අකාරය අවබෝධ කරගැනීමට ඔවුන් දෙදෙනාටම හැකි වීම. මව මානසික පීඩනයට ගොදුරු වී ඇත්තේ පියාගේ හැසිරීම නිසාය. අසතුටින් සහ දුකෙන් සිටින මවගේ පීඩනය නිසා දරුවාගේ හැසිරීම වෙනස් වී දැඩි ආතතියකට ගොදුරු වී ඇති අයුරු දෙදෙනාටම අවබෝධ කරදීම. මානසික අවපීඩනයට ගොදුරු වී සිටින මවට ඖෂධ ප්‍රතිකාර ලබා දෙ ලදී. සති දෙකක් යාමටත් පෙර මවගේ දුක කලකිරීම සහ එපාවීම 70%කින් පමණ අඩුවීය. දෙදෙනා අතර සම්බන්ධතාවය ද දියුණු විය. දරුවාට ලබාදුන් මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම මෙම දරුවා දැඩි ආතතියකට ගොදුරු වී ඇත. එම ආතතිය අවම කිරීමට පහත ආකාරයට හැසිරීම් ප්‍රතිකාර ක්‍රමවලට දෙමාපියන් පුරුදු කරවීය. ප්‍රසංශා කිරීම (Give Praise) මෙය දරුවාගේ ආතතිය අවම කිරීමට ඉතා හොඳ ප්‍රතිකාර ක්රමයකි. දරුවා යම් හොඳ දෙයක් කළ විට එවලේම එම ක්‍රියාවට ප්‍රසංශා කළ යුතුය. Ex- දරුවා ඔබට වීදුරුවකට වතුර එකක් ගෙනාවා යැයි සිතමු. එවලේම දරුවා සිපගැනීම සහ වාචිකව ඇගයීම කළ හැකිය. සිනහව (Smiles) දරුවාගේ හොඳ හැසිරීමකට ඔබගේ සිනහව එම හැසිරීම තවත් ශක්තිමත් කරයි. නමුත් යම් නරක හැසිරීමකදී ඔබගේ සිනහව හෝ අවධානය එම නරක හැසිරීම තවත් වැඩිදියුණු කරයි. මේ ගැන ප්‍රවේසම් වන්න. දරුවා සමඟ සෙල්ලම් කිරීම (Ask to play) දරුවා ආශා කරන සෙල්ලමක යෙදෙන විට ඔබද එයට සහභාගී වෙන්න. ඔබද දරුවාගේ වයසේ යැයි මොහොතකට සිතන්න. මෙය ඔබ සහ දරුවා අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීමට ඉතාම වැදගත් මනෝ විද්‍යාත්මක ක්රමයකි. ස්පර්ශ කිරීම (Positive Touch) ස්පර්ශ කිරීම හා වැළඳගැනීම ඉතාම හොඳ සන්නිවේදන ක්‍රමයක්. දරුවාගේ හොඳ හැසිරීමකට පසු දරුවා ළගට ගෙන සිපගැනීම හෝ වැළඳගැනීම තුළින් එම හැසිරීම තවදුරටත් ශක්තිමත් වන අතර එය තවදුරටත් කිරීමට දරුවා පෙළඹේ. අනුකරණය (Imitation) දරුවාගේ සමහර හැසිරීම් දෙමාපියන් විදිහට ඔබට නැවත කර එය දරුවාට පෙන්වීමට පුළුවන. ඉන්පසු එය නැවත නැවත කිරීමට දරුවා පෙළඹේ. වැරදි හැසිරීමට අවධානය නොදීම (Ignoring) වැරදි හැසිරීමට අවධානය දීම බොහෝ දෙමාපියන් අතින් සිදුවන වරදකි. දරුවාගේ වැරැද්දකට ඔහු සමඟ තරහා ගැනීම, නිතර “එපා” හෝ “නෑ” කීම තුළින් එම වැරදි හැසිරීම තවදුරටත් වැඩි වේ. ඔබ කළ යුත්තේ දරැවාගේ වැරදි හැසිරීමකදී ඒ දෙස නොබැලීම, ඉන් ඉවත්ව යාම හෝ වෙනත් අවධානයකට දරුවා යොමු කිරීම. මව පියා සහ දරුවා ප්‍රතිකාර සහ උපදේශනයට යොමු කිරීම තුළින් ටිකෙන් ටික සියලුම ගැටලු අඩුවී යථා තත්ත්වයට පැමිණියේය. දරුවාගේ ආවේගශීලී හැසිරීම අවම වී ගොත ගැසීම ද නැති වී හුරතල් දරුවෙක් බවට පත්විය. මවගේ මානසික අවපීඩන තත්ත්වය නැති වී ජීවිතයට ආශාව ඇති වී පවුල් ජීවිතය සතුටින් ගෙවන තත්ත්වයට පත්විය. පියාගේ ආත්මාර්ථකාමී බව අවම වී මවට තම දෙමාපියන් ඇසුරට හා උදව් කිරීමට අවස්ථාව ලබා දුනි. ►කිරිබත්ගොඩ මූලික රෝහලේ මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jul 2018 08:00 PM ලෙඩ රැසක් එළිකරන අත්ලේ වෙනස්කම් කෙනෙකුගෙ අත්ල ඒ තැනැත්තාගෙ සෞඛ්‍ය තත්ත්වය ගැන තොරතුරු ලබාදෙන කැටපතක් හැටියට හැඳින්විය හැකියි. ශරීරයේ යම් තැනක ඇතිවන රෝගාබාධ හේතුවෙන් අත්ලෙ විවිධ වෙනස්කම් ඇතිවිය හැකියි. කලින්ම මේ අනතුරැ ඇඟවීම් සලකුණු ගැන සැලකිලිමත් වීමෙන් දැඩි රෝගාබාධයකට ගොදුරු නොවී බේරීමේ අවස්ථාව උදා කර ගත හැකියි. ඔබටත් මෙවැනි ලක්ෂණ නිරීක්ෂණය වුවහොත් වෛද්‍ය උපදෙස් පැතීම කළයුතුමයි. රතු පැහැති අත්ල අත්ල රතු පැහැති වීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස අක්මාවේ මතුවන ගැටලු දැක්විය හැකියි. ඔබේ වයස අවුරුදු 50ට වඩා වැඩිනම් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. සාමාන්‍යයෙන් අත්ලේ යට පෙදෙස රතු වීම මෙහි ලක්ෂණයයි. හෝර්මෝනවල අසමතුලිතතාවයක් ඇති වූ විටත් ලේ නහර පළල් වීමක් සිදු විය හැක. එවිටද අත්ලේ තද රතු පැහැය ඇතිවිය හැකියි. රූමැටික ආතරයිටිස් (Rheumatoid arthritis) තත්වය නිසාත් අත්ල රතු විය හැක. මෙවැනි තත්ත්වයකදී වෛද්‍යවරයෙකු හමුවීමත්, ඔබ ලබා ගන්නා මත්පැන් ප්‍රමාණය අඩු කිරීමත්, සෞඛ්යාරක්ෂිත ආහාර ලබා ගැනීමත් වැදගත් වෙනවා. නිතර අත්ලට දහදිය දැමීම අත්ලට දහදිය දැමීමට හේතු වන කරුණු 3ක් තිබෙනවා. සමහරුන්ගේ ශරීරයට දහදිය දමන ප්‍රමාණය කොහොමත් ඉතා වැඩියි. එවැනි අයගේ අත්ලට වැඩියෙන් දහදිය දැමීම සාමාන්‍යයි. නමුත් සමහරුන්ගේ අත්ල දහදියෙන් තෙත් වන්නේ මානසික ආතතිය ඇති වූ විටයි. ඔබේ මානසික ආතතිය අඩුකර ගැනීම සඳහා උපකාරී වන භාවනා ක්‍රම, යෝගා ව්‍යායාම ආදියේ නිරත වන්න. ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්තියේ ඇති වන ගැටළුවක් නිසාත් මෙසේ විය හැකියි. ඔබ සිරුරට ලබාගන්නා මත්පැන් නැවත්වීම වඩාත් සුදුසුයි. අඩුවක් නැති නම් වෛද්‍යවරයෙකු හමුවන්න. අතෙහි සංවේදීතාවය ගිලිහි යාම (හිරිවැටීම) අපි හැමෝටම හිටපු ගමන් මේ තත්වය දැනිලා තියෙනවා. සිරුරේ කොහේ හෝ ස්ථානයක යම් හිරි වැටීමක් ඇති වීම සාමාන්‍යයි. නමුත් ඔබේ අත නිතර නිතර හිරිවැටීම්වලට ලක්වෙනවා නම් එය ගැන අවධානය යොමු කළ යුතුයි. මෙසේ වන්නේ දිගු කාලයක් තිස්සේ සංවේදී නහරයක් තද වීමකට ලක් වීම නිසායි. මීට අමතරව මැණික් කටුවේ ඇති ආබාධයක්, දියවැඩියාව වැනි බරපතළ රෝගී තත්වයක් නිසාත් මෙය සිදු විය හැකියි. මේ නිසා හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමු විය යුතුයි. වියළුණු අත්ල බොහෝ විට අත්ල වියළි ස්වභාවයක් ගැනීමට හේතු වන්නේ ඊස්ට්‍රජන් හෝමෝනයේ හිඟතාවයක් නිසා විය හැකියි. බොහෝ විට ආර්තවාහරණයත් සමඟ මෙය සිදු විය හැකියි. දිනපතා ජලය පානය කරන ප්‍රමාණය වැඩි කරන්න. සිරැර වේලීමට ලක් කරන පාන ලබා ගැනීමෙන් වළකින්න. අතට මොයිස්චරයිස් ක්‍රීම් එකක් ගැල්වීමට පටන් ගන්න. ඔබේ ආහාර වේලට ඇටවර්ග සහ මාළු එක් කර ගන්න. අඩුවක් නොවන්නේ නම්, ඔබේ වෛද්‍යවරයා හමුවන්න. අත් වෙව්ලීම අත් වෙව්ලීම Parkinson’s Disease වැනි බරපතළ රෝගයක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. මෙම තත්වයෙන් ඔබ බරපතල ලෙස පීඩා විඳිනවා නම්, තවත් බලා නොසිට වෛද්‍යවරයෙකු හමුවන්න. කෝපි සහ ඇල්කොහොල් ලබාගැනීම සම්පුර්ණයෙන්ම වළක්වා ගන්න. ඇතැම්විට අත් වෙව්ලීම කාංසාව හෝ මානසික ආතතිය නිසා සිදු වීමටද හැකියි. නියපොතුවල දුර්වලතා නියපොතු බිඳී, පිපිරී ගිය ස්වභාවයෙන් දිස් වන්නේ සින්ක් අඩුවීම නිසායි. සින්ක් ඔබේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයක් වෙනවා. තුවාල ඉක්මනින් සුවවීමට, සෛලවල ක්‍රියාකාරීත්වයට, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිරෝගී බවට සින්ක් පෝෂකය අත්‍යවශ්‍යයි. ඔබේ ආහාරවේලට ඕට්ස්, මස්, ඇට වර්ග වැනි සින්ක් අඩංගු ආහාර එක් කරගන්න. වෛද්‍ය උපදෙස් මත පමණක් සින්ක් අඩංගු විටමින් පෙති ලබාගන්න. ඇඟිලිවල කොනක් මහත් වීම ඔබේ ඇඟිලි සාමාන්‍ය ඇඟිලිවලට වඩා වෙනස්ව, ඇතැම් ස්ථාන මහත්ව (මුරුංගා කරල් ලෙස) තිබේ නම්, ඒ ගැන ඔබේ අවධනය යොමු කරන්න. මෙසේ මහත් වන්නේ නියපොත්ත පිහිටි ප්රදේශයයි. ඔබේ සිරුරට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය හිඟ වීම, හදවත් රෝග, පෙනහලු පිළිකා වැනි තත්වයකදී මෙසේ විය හැකියි. වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය පරීක්ෂණ සිදුකර ගන්න. ►සුගත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 13 Jul 2018 08:28 PM අත බලල සාස්තර වගේම ගොඩක් ලෙඩවලුත් කියන්න පුළුවන් නේ.... වැදගත් තොරතුරු ටිකක්....... 0 chamaramindMost Senior MemberPosts:13471 13 Jul 2018 08:29 PM අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි අමතකවීම හෙවත් අල්ෂයිමර් රෝගය කියන්නේ දරුණු ස්නායුගත රෝගයක්. මෙයින් ගැළවෙන්න නම් අප කළ යුත්තේ එය නොවැළඳෙන සේ ප්‍රවේසම් වීමයි. ඒ සඳහා මේ විදිහේ හුරුපුරුදු කීපයක් අනුගමනය කළොත්, ඇල්ෂයිමර් ගොදුරක් නොවී බේරෙන්න හැකි බව විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා. පුරුද්දක් ලෙස ව්‍යායාම කරන්න ව්‍යායාම කිරීම නිසා ඇල්ෂයිමර් රෝගය වැළඳීමේ අවදානම 50%ක්ම අඩු වන බව සනාථ වී තිබෙනවා. ව්‍යායාම නිසා සිරුරේ රුධිර සංසරණය ප්‍රාණවත් වන අතර, එයින් මොළය සුරකිනු ලබන රසායනිකයන්වල ක්‍රියාකාරීත්වය වර්ධනය වෙනවා. වයස්ගත වීමත් සමඟ මොළයේ ඇතිවන දුර්වලතා වැලැක්වීමටත් ව්‍යායාම උපකාරී වෙනවා. සතියකට මිනිත්තු 150ක්වත් ඔබ ව්‍යායාම වල නිරත විය යුතුයි. බර එසවීමේ ව්‍යායාම මඟින් මස්පිඬු සකස් වනවා සේම, මොළයේ ක්‍රියාකාරිත්වයත් වර්ධනය වෙනවා. තනිකමට තිත තියන්න තනිකමට හුරුවෙන්න එපා. මිනිසා කියන්නේ ස්වාභාවිකවම සමාජය හා ගැටීමට බිහි වූ සත්වයෙක්. මිනිසා අවධානය ලබා ගැනීමට සහ සන්නිවේදනය කිරීමට ප්‍රිය කරනවා. මේ නිසා සමාජය හා එක්ව ඔබේ ජීවිතය ගත කරන්න. එසේ කිරීමෙන් මේ රෝගය වැළඳීමේ අවදානම අඩු වෙනවා. සමාජ ආශ්‍රය ඔබට උපකාරී වන්නේ මේ රෝගයෙන් බේරෙන්න විතරක්ම නෙවෙයි. එය ඔබේ මානසික ශක්තිය නඟා සිටුවන්නත් උපකාරී වෙනවා. වයස්ගත වීමත් සමඟ බොහෝ මිනිසුන් තනිවෙනවා. මෙයින් මිදීම සඳහා නව මිතුරන් ඇති කර ගන්න. සංවිධාන හෝ වැඩමුළුවලට සහභාගී වන්න, ස්වෙච්ඡාවෙන් සේවය කරන්න. මොළේට ගුණ ආහාර වේලක් මේ රෝගය සමහර වෛද්‍ය මහාචාර්යවරු හඳුන්වන්නේ මොළයේ ඇති වන දියවැඩියා තත්ත්වයක් ලෙසයි. මේ නිසා ඔබ ඔබේ ආහාර වේල ගැන සැලකිලිමත් විය යුතුයි. සීනි භාවිතය සහ කබෝහයිඩ්රේට් භාවිතය ඔබ අඩු කළ යුතුයි. රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වූ විට මොළයට හානි පැමිණෙනවා. එසේම මේදය අධික ආහාර වලින් ඔබ වැළකිය යුතුයි. ඔමේගා 3, ග්‍රීන් ටී, ෆෝලික් අම්ලය, විටමින් B-12 බහුල මොළයට හිතකර ආහාර ඔබේ දෛනික රටාවට එක්කර ගැනීම සුදුසුයි. ප්‍රහේළිකා හා ගණිත ගැටලු අත්අරින්න එපා විනෝදයත් සමඟ මතක ශක්තිය වඩවා ගත හැකි හොඳම ක්‍රම වන්නේ මෙමරි ගේම්ස්, ප්‍රහේළිකා හා ගණිත ගැටලු විසඳීම වැනි දේවල් අනුගමනයයි. නිතරම අලුත් දෙයක් ගැන ඉගෙන ගැනීමට උත්සාහ කරන්න. අලුත් භාෂාවක්, සංස්කෘතිය ගැන අලුතින් යමක් ඉගෙන ගන්න. පත්තර කියවීමට හුරුවන්න. මීට අමතරව හැමදාම එකම විදිහට කරපු දේවල් වෙනස් විදිහකට කරන්න උත්සාහ කරන්න. නිතරම එකම ක්‍රමයක් හෝ පිළිවෙළක් අනුගමනය කළොත් ඔබේ මොළය ක්‍රියාශීලි වන්නේ නැහැ. මේ නිසා සංඛ්‍යා අග සිට මුලට ලිවීම, දිනපතා නිරත වූ යමක් වෙනස් ආකාරයකට කිරීම, කබඩ් එකේ ෆයිල් තබන රටාව වෙනස් කිරීම, කරන වැඩ නුහුරු අතින් කිරීම වැනි යමක් කරන්න. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න අල්ෂයිමර් රෝගය වැළඳුනු බහුතරයක් දෙනා නින්ද නොයෑමේ රෝගයෙන් පීඩා විඳින අය බව හෙළි වී තිබෙනවා. නින්ද නොයෑම ඔබේ සිතිවිලි, සිතීමේ රටාව සහ මනසේ ස්වභාවයට බලපානවා. ඔබ නින්ද නොයෑමේ ලක්ෂණවලින් පීඩා විඳිනවා නම්, දවල් කාලයේ කෙටි නින්දවල් ලබා ගැනීමෙන් වළකින්න. රාත්‍රී නින්ද සඳහා ඔබ පැය දෙකක පමණ සිට මනසින් ලෑස්ති වන්න. නිදා ගැනීමට ආසන්න වූ විට ඇඟ සේදීමෙන් නින්ද පහසුවෙන් ඔබ වෙත ළඟා වෙනවා. පොතක් කියවීමට හුරු වීමෙන්, ඔබ වෙත නින්ද ළඟා වේවි. එකම වෙලාවක නින්දට යාමට හුරුවන්න. මතක බිඳ දමන මානසික පීඩනය මානසික පීඩන තත්වයන් ඔබේ මොළයේ මතක තබා ගැනීමේ කොටසට හානි පමුණුවනවා. භාවනා කිරීම, ඇවිදින්නට යාම, ගැඹුරින් හුස්ම ගනිමින් හුස්ම ගැනීමේ රටාවට අවධානය යොමු කිරීම, අවට පරිසරයේ සුන්දරත්වයට අවධානය යොමු කිරීම වැනි ක්‍රියාවල නිරත වෙමින් මානසික පීඩනය අවම කර ගන්න. නිතරම සතුටින් සිටීමට උත්සාහ ගන්න. ►Brain med ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 135 of 137 << < 133134135136137 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner