Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 136 of 137 << < 133134135136137 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 13 Jul 2018 08:39 PM ගැටළුවකට තියෙන්නේ මේ ටිකත් අමතක වෙනවානේ.. 0 UdariSuper Senior MemberPosts:5555 13 Jul 2018 08:42 PM තනිවෙච්ච ජීවිත ගෙවන නිසාද මන්ද යුරෝපයෙ අල්ෂය්මර් ලෙඩ්ඩු නිතර දකින්න ලැබෙනව........ වැදගත් විස්තරයක්.....ස්තුතියි අය්ය 0 Udeshika HerathVeteran MemberPosts:3955 14 Jul 2018 12:13 PM අමතක වෙනව අෆ්ෆ මටත්... Udeshika Herath 0 santhaaBasic MemberPosts:249 14 Jul 2018 07:06 PM මට හරිම වටිනා එකක් නේ මේක ...... 0 maduranga001Most Senior MemberPosts:14118 14 Jul 2018 09:21 PM ප්‍රමාණවත් නින්දක් ලබා ගන්නමතක බිඳ දමන මානසික පීඩනය මේ දෙක තමයි මට මේ ලෙඩේ හැදෙනවා නම් හේතු වෙන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jul 2018 02:51 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jul 2018 02:51 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jul 2018 02:51 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jul 2018 02:52 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jul 2018 02:52 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jul 2018 02:52 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jul 2018 03:16 AM හෘද රෝග නසන්න කළ යුතු දේ මෙන්න ප්‍රශ්නය - හෘද රෝගීන්ට සුදු ලූනු ශුභදායක වන්නේ කොහොමද කියන එක පසුගිය සතියේ අප සාකච්ඡා කළා. හෘද රෝගීන්ට සුදුසු තවත් ආහාර කිහිපයක් ගැන ඔබ සඳහන් කර තිබූ අතර බතල ගැනත් එහි සඳහන් වුණා. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - බතල කියන්නේ හෘද රෝගීන්ට ඉතා සුදුසු ආහාරයක්. මධ්‍යම ප්‍රමාණයේ බතල අලයක කැලරි 103 ක් තිබෙනවා. ඒ තරම්ම අර්තාපල් අලයක තියෙන්නේ කැලරි 128 යි. ශරීරයට සුදුසු නැති ග්ලයිසිමික් ඒකක 85 ක් අර්තාපල් අලයක තිබෙනවා. ඒත් බතල අලයක තිබෙන්නේ ඒකක 54 ක් විතරයි. මෙය වැඩි ගුණැති ආහාරයක්. විශේෂයෙන්ම කාබෝහයිඩේ්‍රට් වර්ග ශරීරය මඟින් උරා ගන්නට රුධිර සීනි මට්‌ටම කොතරම් ඉක්‌මනට නඟිනව ද කියන එක පෙන්වන්නේ ග්ලයිසිමික් මට්‌ටම මඟින්. මධ්‍යම ප්‍රමාණයේ අර්තාපල් අලයක ෆයිබර් ග්‍රෑම් 3 ක් තිබෙනවා. ඒ තරම්ම වූ බතල අලයක ෆයිබර් ග්‍රෑම් 4 ක් තිබෙනවා. රුධිර සීනි ප්‍රමාණය නිසි මට්‌ටමක පවත්වා ගැනීමටත්, රුධිර කොලෙස්‌ට්‍රොaල් මට්‌ටම අඩු කිරීමටත් ෆයිබර්වලට පුළුවන්. අර්තාපල්වල මෙන් දෙගුණයක් C විටමින් බතලවල තිබෙනවා. බතල පිළිකා රෝග සම්බන්ධයෙන් විශාල බලපෑමක් කරන්නෙ එහි පවතින විෂ නාශක ගුණය නිසයි. සෛලවල ජීව ගුණය වැඩි කරන්නටත් කොලැජන් (Collegen) නිෂ්පාදනය කරන්නටත් මේ විෂ නාශක සංඝටකවලට පුළුවන්. මේ සියලු කාරණා අතර මාංශපේෂී දියවීමේ රෝගය වළක්‌වන්නටත් බතලවලට පුළුවන්. ප්‍රශ්නය - රුධිර පීඩනය වැඩි වීම සම්බන්ධයෙනුත් බලපෑමක් කරන්නට බතලවලට පුළුවන් නේද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - බතලවල තිබෙන ඊ 6 කියන විටමින් වර්ගය ඉතා යහමින් කිරීටක ධමනි සහ රුධිර නාළ බිත්ති ඝනකම් කරමින් රුධිර ගමනට බාධා කරන Homocystine කියන ද්‍රව්‍යය කඩා ඉහිරවන්නට ඊ 6 විටමීනය ට පුළුවන්. රුධිරය ගමන් කරන වැදගත් නාළ බිත්ති නම්‍යශීලී තත්ත්වයේ තබා ගන්නට ඊ 6 විටමිනය මඟින් විශාල සහායක් ලැබෙනවා. හෘදයාබාධ වළක්‌වා ගැනීම සඳහා වැඩි පොටෑසියම් ප්‍රමාණයක් අවශ්‍යයි. මධ්‍යම ප්‍රමාණයේ බතල අලයක පොටෑසියම් මිලිග්‍රෑම් 542 ක් තිබෙනවා. ශරීරයේ පොටෑසියම් ප්‍රමාණය වර්ධනය වීමෙන් හෘදයාබාධයෙන් මියයැමට ඇති අවකාශය 20% කින් අඩු වෙනවා. ලබන සතියට නොමිලේ විස්‌තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව ගෙවුණු කාටිලේජ වර්ධනයට කුරුඳු, ගම්මිරිස්, මානෙල් අල ප්‍රශ්නය - පසුගිය සතියේ අප කතා කළේ ගෙවුණු කාටිලේජ නැවත වර්ධනය කරන ආකාරය ගැනයි. වෛද්‍ය වසන්ත උදයජීව - ඒ සඳහා සුදුසු විස්‌කම් ඖෂධයක් ගැන අපි අද කතා කරමු. සන්ධියක තිබෙන කාටිලේජ ගෙවෙන ආකාරය ගැන පසුගිය සතියේ අප ඔබ සමඟ සාකච්ඡා කළා. එහිදී සිදු වන්නේ කුමක්‌ද කියලා ඔබ දන්නවා. ප්‍රශ්නය - ඔබ නිපදවා ඇති ඖෂධයේ සංයුතිය කුමක්‌ද? වෛද්‍ය වසන්ත උදයජීව - කුරුඳු පොතු, ගම්මිරිස්, නිල් මානෙල් අල, ගොකටු ඇතුළු ඖෂධ 84 ක් මේ මිශ්‍රණයට යොදනවා. මෙය පදම් කරන්නේ තනිකරම මී පැණි සහ ගිතෙල්වලින්. ප්‍රශ්නය - මෙය ඕනෑම වයසක ඕනෑම කෙනකුට සුදුසුද? වෛද්‍ය වසන්ත උදයජීව - වයසේ කිසි ප්‍රශ්නයක් නැහැ. කාටිලේජ දියවීම නිසා තරුණ මහලු වැඩි දෙනාගේ සන්ධි වලින් කර කර ශබ්දයත්, එහෙමත් නැත්නම් සන්ධි බිඳෙන ශබ්දයක් එනවා. මේ ඖෂධය පාවිච්චි කරන්න පටන් ගත් විට ක්‍රමානුකූලව ඒ කර කර ශබ්දය නැතිව යනවා. එයින් කියෑවෙන්නේ කාටිලේජ වර්ධනය නැවත හටගෙන තිබෙන බවයි. හැබැයි ඉතාම වැදගත් දෙයක් කිව යුතුයි. ඒ තමයි කාටිලේජ වර්ධනයට තිබෙන එන්නත ගහගෙන එන අයට මේ ප්‍රතිකාරය කිරීම සුදුසු නැති බව. ඒ කියන්නේ ප්‍රතිකාරය කොහොමටවත් අහන්නේ නැහැ. ප්‍රශ්නය - මේ ක්‍රමයට කාටිලේජ වර්ධනය කරන්න කොපමණ කාලයක් ගතවෙනවද? වෛද්‍ය වසන්ත උදයජීව - සාමාන්‍යයෙන් මාස 3 යි. එයට ටිකක් වැඩිවෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. නොමිලේ විස්‌තර සඳහා 0718341834, 0372230667 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව ඔටිසම් දරුවන්ට නරක මොනවාද? ප්‍රශ්නය - ඔටිසම් රෝගය වැළඳුණ දරුවකුට සුදුසු ආහාර පිළිබඳ එක් ආයුර්වේද මතයක් පසුගියදා අප සාකච්ඡා කළා. තවත් එවැනි මත තිබෙනවාද? වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - සූදුරු, කොත්තමල්ලි, ඉඟුරු සමඟ යෝගට් කෝaaප්ප කාලක් සහ වතුර කෝප්ප තුන්කාලක් බ්ලෙන්ඩරයක දමා ගැසීමෙන් සාදා ගන්නා මිශ්‍රණය ඔටිසම් රෝගයට ඉතා සුදුසු බවට මතයක් තිබෙනවා. ඒ සමඟම දෙළුම් ගෙඩියක ඉස්‌ම වතුර වීදුරුවක් සමඟ මිශ්‍ර කර පානය කිරීමත් සුදුසු බව කියනවා. ප්‍රශ්නය - ඔටිසම් රෝගී දරුවන්ට ආහාර දිරවීමේ ප්‍රශ්නයක් තිබෙනවා නේද? වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - බොහෝ දුරට සිදු වන්නේ මෙවැනි දරුවන් ආහාර කෙරෙහි තිබෙන සංවේදීතාව අඩු වීමයි. එයට හේතුව ආහාර ශරීරයට නොදිරවීම විය හැකියි. මේ දරුවන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය සහ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය දුර්වල වීමේ අවදානමක් තිබෙනවා. මෙවිට බාගෙට දිරවූ ආහාරවල අර්ධ පෝෂ්‍ය පදාර්ථ රුධිර සංසරණ පද්ධතිය තුළට උරා ගන්නවා. ඒ එක්‌කම ශරීරය තුළ ප්‍රතිවිරෝධතාවක් හට ගෙන අසාත්මිකතාවකදී ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ක්‍රියාකරන ආකාරයේ ක්‍රියාවලියක් ඇති වෙනවා. මෙය තමයි නරක. ඔටිසම් රෝගී දරුවන්ට පහත සඳහන් ආහාර විශේෂයෙන්ම ගුණ නැති බව මතක තබා ගත යුතුයි. එනම් ඇතැම් කිරි ආහාර (කිරි සහ චීස්&zwnj තක්‌කාලි, වම්බටු, අර්තාපල් සහ මිරිස් පැඟිරි සහිත දෙහි දොඩම් වැනි පලතුරු රටකජු එසේම ආහාර කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, වර්ණක, රස කාරක. කෘමි නාශක සහ දිලීර නාශක අනුමත ප්‍රමාණවලින් පවා මෙවැනි දරුවන්ගේ සිරුර තුළට ඇතුළත් නොවිය යුතුයි. ඉඟුරු සහ ගම්මිරිස් යෙදූ ආහාර මගින් මෙවැනි දරුවන්ගේ ආහාර ජීර්ණ හැකියාව වර්ධනය වන බවත් මෙහිදී සඳහන් කළ යුතුයි. ඔටිසම් රෝගය සහිත දරුවාට නිසි නින්ද අත්‍යවශ්‍ය බව මතක තබා ගැනීම වැදගත්. ඔවුන්ගේ නින්ද ප්‍රමාද කරන රූපවාහිනිය, දුරකථනය, වීඩියෝ ක්‍රීඩා සහිත ටැබ් පරිගණක ඔවුන් වෙතින් ඈත් කර තැබීම ඉතාම වැදගත්. ලබන සතියේ තව කොටසක් නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567 සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත සයටිකා වේදනාව ඉඟුරුවලින් නසමු ප්‍රශ්නය - සයටිකා වර්ග කිහිපයක් තිබෙන බව මේ වන විට අප දන්නවා. ඒ අතර අපට දැනගන්නට ලැබුණ සත්‍ය සයටිකාව සහ ව්‍යාජ සයටිකාව යනුවෙන් තවත් දෙවර්ගයක් තිබෙනවාද? වෛද්‍ය ආර්. කේ. වීරසේකර - True Sciatica සහ Psudo Sciatica යනුවෙන් දෙවර්ගයක් තිබෙනවා. පළමු වන වර්ගය හටගන්නේ සයටිකා ස්‌නායු මාර්ගය පීඩනයට පත්වීමෙන්. දෙවැන්න හටගන්නේ කශේරුකා ප්‍රදේශයේ ඇතිවන පීඩනකාරී තත්ත්වයන් හේතුවෙන්. මේ දෙවැනි වේදනාව හෙවත් ව්‍යාජ සයටිකා වේදනාව සැබෑ සයටිකා වේදනාව තරම්ම ප්‍රබලයි. හැබැයි එය කිසිදු ඖෂධයන් නැතිවම ඇරිලා යනවා. ප්‍රශ්නය - සයටිකාවට කළ හැකි ප්‍රතිකාර සහ ඖෂධ ගැන තව දුරටත් සාකච්ඡා කරමුද? වෛද්‍ය ආර්. කේ. වීරසේකර - සුදු ලූනු මිශ්‍රිත කිරි ආහාරයට ගැනීමෙන් ඉන්දියානුවන් සයටිකාව කළමනාකරණය කරනවා. එය හදාගන්නේ මෙහෙමයි. සුදු ලූනු බික් 10 ක්, කිරි කෝප්ප 2, වතුර කෝප්ප 1 සහ මී පැණි මේස හැඳි 1 ක් ගෙන සුදු ලූනු සියල්ල ඉතා තුනියට අඹරා කිරි සහ වතුර එකතු කර සාස්‌පානක දමා විනාඩි කිහිපයක් (5 ක්&zwnj ඉතිරිවිය යුතුයි. ඉන් පසු නිවීමට සලස්‌වා පෙරා මී පැණි සමඟ මිශ්‍ර කර පානය කළ යුතුය. ප්‍රශ්නය - මෙය දිනකට කී වරක් පානය කළ යුතුද? වෛද්‍ය ආර්. කේ. වීරසේකර - වරකට මෙයින් කෝප්පය බැගින් දිනකට දෙවරක් පානය කළ යුතුයි. සෙම් රෝග නැති අය දිනපතාම වුව පානය කළත් වරදක් නැහැ. ප්‍රශ්නය - මෙය ක්‍රියාත්මක වන්නේ කොහොමද? වෛද්‍ය ආර්. කේ. වීරසේකර - සුදු ලූනුවල තිබෙන ප්‍රදාහ නාශක ගුණය තමයි මෙහිදී මූලික වශයෙන් ක්‍රියාත්මක වන්නේ. කිරි සහ මී පැණි මගින් සුදු ලූනු සාරය ශරීරයට උරා ගැනීම ඉක්‌මන් කෙරෙනවා. මෙවැනිම තවත් ඖෂධයක් තමයි ඉඟුරු. උතුරන වතුර කෝප්පයක් ගෙන අඟලක පමණ ඉඟුරු කැබැල්ලක් හොඳින් තලා එහි දමා විනාඩි 15 ක් වසා තැබිය යුතුයි. එය මද රස්‌නයට පත්වන තුරු තබා මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර පානය කළ යුතුයි. ප්‍රශ්නය - මෙය දිනකට කී වරක් පානය කළ යුතුද? වෛද්‍ය කේ. ආර්. වීරසේකර - දිනකට තෙවරක් බැගින් දිනපතාම පානය කළ යුතුයි. මෙය ක්‍රියාත්මක වන්නේ ඉඟුරුවල තිබෙන තෙල් කොටස මී පැණි හා එක්‌ව ශරීරයට උරා ගැනීමෙනුයි. එවිට ප්‍රදාහ තත්ත්වය නැතිවී සයටිකා වේදනාව නැතිව යනවා. ලබන සතියට නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055 සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත කොඳු ඇට පෙළ ආශ්‍රිතව ලේ කැටියක් හිරවුණාම සුව කරන්නෙ කොහොමද? ප්‍රශ්නය - පසුගිය සතියේ ඔබ අපට කිව්වේ තරුණ වියේ හටගත් අස්‌ථි පුපුරා යැමක් නිසා කොඳු ඇට පෙළේ ඇට පුරුක් දෙකක් අතර තිබෙන Disc කොටස අප්‍රාණික වූ තරුණ රණවිරුවෙක් සුව කළ ආකාරයයි. වෛද්‍ය එම්. ඒ. මදනායක - අද මම ඔබට විස්‌තර කර දෙන්නම් වෙනස්‌ම අත්දැකීමක්. මෙයට මාස 2 කට පෙර මා හමුවෙන්නට ආවා තරුණයෙක්. සාමාන්‍යයෙන් මා ළඟට එන හැම රෝගියෙකුටම පාහේ රෝග ලක්‍ෂණ එකක් හෝ දෙකක් තිබෙනවා. ඒත් මේ තරුණයට නිමක් නැති රෝග ලක්‍ෂණ තිබුණා. ඔහුගේ කොන්ද හිරි වැටෙනවා. ඊළඟට අධික වේදනාවක් ඇති වෙනවා. ඒ එක්‌කම ක්‌ලාන්තය එනවා. අත් පා අධික වේදනා දෙනවා. එක වෙලාවකට අතක් හෝ කකුලක් නැත්නම් අත්දෙක හෝ කකුල් දෙක පණ නැති වෙනවා. කොන්ද නවන්න බැහැ. සමහර දවස්‌වලට ඔහුට වැසිකිළියටවත් යන්න බැහැ. ප්‍රශ්නය - ඔහුගේ කොන්ද බිඳීමක් හටගෙන තිබුණද? වෛද්‍ය එම්. ඒ. මදනායක - මෙය කොන්දේ බිඳීමක් නොවෙයි. කොඳු ඇට පෙළට සිදු වූ අනතුරක් නිසා අස්‌ථි බිඳීමක් නැතිව හටගත් දරුණු ආබාධයක්. මේ තරුණයා නව යෞවනයකුව සිටි කාලයේ දිනෙක උඩුබැලි අතට බිමට වැටුණා. එහිදී ඔහුගේ කොඳු ඇට පෙළේ මැද ඇටය මහ පොළොවෙන් උඩට ඉස්‌සී තිබූ බොරලු කැටයක ගැටුණා. එතැන තුවාල වී ලේ ආවේ නැතත් යම් ප්‍රමාණයකට ඉදිමුණා. ගෙදරදී ඔහු මේ බව කීවම ඔහුගේ මව කොන්දේ ඉදිමුණ තැන උණු ජල වාෂ්ප සහිත රෙදි කඩකින් තවා තිබෙනවා. ඉන් පසුව ඉදිමුම බැස ගිය අතර දරුවා නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත්වුණා. හැබැයි මාසයක් විතර ගතවන විට කොඳු ඇට පෙළේ අනතුර සිදු වූ තැන කුඩා ගෙඩියක් වගේ යමක් ඉස්‌මතු වුණා. මෙය අතින් තද කරන විට අතට දැනුණේ රබර් ස්‌පොන්ඡ් කැබැල්ලක් තද කරනවා වගේ. ඒ කියන්නේ හමට යටින් ජෙල් ගුලියක් වගේ දෙයක් එහා මෙහා දුවනවා දැනෙනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ. අර දරුවා වැටුණු වෙලාවේ කොඳු ඇටයක් උඩ තැනකට ලේ එකතු වෙලා ඒක හම යටදීම කුණු ලේ බවට පත්වෙලා. ඔබ දන්නවා සිරුරේ යම් තැනක තැලීමක් සිදු වෙලා එතැනින් ලේ පිටතට නොගියාම කුණු ලේ කැටියක් ඉතිරි වන බව. ශරීරයේ එක තැනක මේ වගේ ලේ කැටියක් තිබීම ප්‍රශ්නයක් නොවුණත් කොඳු ඇට පුරුකක් උඩ ඒ වගේ දෙයක් ඇති වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එවැනි විටෙක ලේ කැටිය සමඟ ස්‌පර්ශ වන අස්‌ථියේ කාටිලේජ වර්ධනය නවතිනවා. නැත්නම් කාටිලේජ වර්ධනය අඩු වෙනවා. ඊළඟට කොඳු ඇට පෙළ ආශ්‍රිතව ගමන් කරන ස්‌නායු තෙරැපෙන්නට පටන් ගන්නවා. ශරීරයේ කොඳු ඇට පෙළ ආශ්‍රිත සමත්, කොඳුඇට පෙළත් අතර දිගින් දිගට වර්ධනය වන ඉදිමුමක් හට ගත්තොත් ඒ මගින් සුෂුම්නාව තෙරැපිලා, අර්බුදය තිබෙන තැනින් පහළට පණ නැති වෙනවා. මේ තෙරැපීම දිගටම තියෙන්නේ නැහැ. කොඳු ඇට පෙළේ ඉදිමුම ආසාදනය වුණාම තමයි තෙරැපීම හට ගන්නේ. එවිට පණ නැතිවන අත් හා කකුල් ආසාදනය බැහැලා ගියාම යළි වැඩ කරන්නට පටන් ගන්නවා. ලබන සතියට නොමිලේ විස්‌තර සඳහා 0412251321/ 0710827836 සාකච්ඡා කළේ රොහාන් ලංකාභරණ කරදර කාරී මළ බද්ධය මළ බද්ධය ඇතිවීම සඳහා බලපාන හේතු මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මළ බද්ධය ඇතිවීම සඳහා හේතු කිහිපයක්‌ම බලපෑ හැකියි. ඒ අතරිනුත් වර්තමානයේ දක්‌නට ලැබෙන ගැස්‌ට්‍රයිටීස් සහ ජීර්ණ පද්ධතිය ආශ්‍රිත විවිධ දුර්වලතාද මේ සඳහා බලපෑම් ඇති කරනවා. ළමා අවධියේ පටන් සිරුරේ හට ගන්නා ඇතැම් ක්‍රියාකාරකම්ද මළ බද්ධය ඇතිවීමට හේතුවිය හැකියි. කුඩා කාලයේ දරුවන්ට විවිධ බලපෑම් කරමින් සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ආහාර දරුවන්ට ලබාදීම තුළින් ජීර්ණ පද්ධතියේ විවිධ අක්‍රමිකතා ඇතිවිය හැකි අතර පසුකාලීනව එම තත්ත්වයන් මළ බද්ධය ඇතිවීමට හේතු කාරක විය හැකියි. Ö මළබද්ධය ඇතිවීම සඳහා බලපාන ආහාර පිළිබඳ සඳහන් කළොත්. ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- වර්තමානයේ බොහෝ පිරිසක් තම දෛනික කාර්ය බහුලත්වය නිසා බොහෝවිට කෙටි කෑම කෘත්‍රිම කෑම වර්ගවලට යොමුවීමක් දක්‌නට ලැබෙනවා. විශේෂයෙන් එදා අපේ ආහාර වේලේ තිබූ කෙඳි සහිත ආහාර එනම් අල වර්ග, එළවළු, පලා වර්ග බොහෝවිට අද වන විට අපේ ආහාර වේලෙන් හැලී ගොස් තිබෙනවා. ඒ වෙනුවට අද පිටි කෑම හා තෙල් කෑම එක්‌වී තිබෙනවා. මෙන්න මේ පිටි කෑම සහ තෙල් කෑම මළ බද්ධය ඇතිවීම සඳහා වැඩි බලපෑමක් ඇති කරනු ලබනවා. ඒ වගේ කෝපි සහ චොක්‌ලට් වැඩිපුර ආහාරයට ගැනීමත් මළ බද්ධයට අත වැනීමක් වෙනවා. Ö මළ බද්ධය වැළඳුණු අයෙකුට ඇතිවන රෝගලක්‍ෂණ මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- විශේෂයෙන්ම මළ පිටවීමේ අක්‍රමවත් බවක් ඇතිවීම සිදුවෙනවා. ඇතැම් අයට දින 3, 4, 5, 6 කට වරක් මළ පිටවීමේද සිදුවිය හැකියි. මීට අමතරව බඩපුරවා දැමීම, හිස කැක්‌කුම, නොරිස්‌සුම් ගතිය, මුඛයෙන් දුගඳක් පිටවීම, මුහුණ අව පැහැවීම, සම දුර්වර්ණවීම, තුනටිය හන්දිපත් වේදනාව ඇතිවීම ආදී ලක්‍ෂණයන් පෙන්විය හැකියි. මෙම රෝග ලක්‍ෂණයන් පිළිබඳ නිසි සැලකිල්ලක් නොදැක්‌වුවහොත් එම තත්ත්වයන් ක්‍රමයෙන් වැඩිවී මහා රෝග තත්ත්වයක් දක්‌වා වර්ධනය විය හැකියි. ඒ අනුව අර්ශස්, අර්ශස් භගන්දරා රෝග තත්ත්ව කරාද මෙය ව්‍යාප්ත විය හැකියි. Ö මළබද්ධය සුව කිරීම සඳහා ආයුර්වේද සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවාද? කරදර කාරී ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- අනිවාර්යයෙන්ම ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවන ඕනෑම රෝගියකුට නිවැරදි ලෙස ප්‍රතිකාර ලබා ගත්තොත් තමන්ගේ රෝග නිට්‌ටාවටම සුවකර ගැනීමේ හැකියාව පවතිනවා. මළබද්ධය සඳහාද ආයුර්වේදය සතුව විශේෂ ප්‍රතිකාර තිබෙනවා. විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට අප පළමුව විරේචන ප්‍රතිකාර අරඹන අතර ඒ අනුව ක්‍රමානුකූලව මළ පිට කිරීම ඇතිවෙනවා. මෙම විරේචන ඖෂධ රාත්‍රි ආහාරයෙන් පසු ලබාදෙන අතර ඒ අනුව උදැසනම නියමිත පරිදි මළ පිට කිරීමේ සාමාන්‍ය තත්ත්වය ඇතිවෙනවා. මෙම මළ පිට කිරීමේ සාමාන්‍ය තත්ත්වයට පත්වූ පසු රෝගියාව තවත් යම් යම් රෝගාබාධ ඇතිව තිබෙනවා නම් ජීර්ණ පද්ධතියේ යම් යම් ආබාධ තත්ත්වයන් තිබේ නම් ඒවාද සුව වීම සඳහා ඖෂධ ලබාදීම සිදුවෙනවා. මෙලෙස නිවැරදි ලෙස ප්‍රතිකාර ලබා ගත්තොත් ඉතා ඉක්‌මනින් මේ මහා කරදරකාරී රෝගයෙන් මිඳීමට හැකියාව පවතිනවා. Ö ආයුර්වේද ඖෂධ සොයා ගැනීමේ සහ සකසා ගැනීමේ අපහසුතාවක් තිබෙනවා නේද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- එදා ආයුර්වේද වෛද්‍යවරු ප්‍රතිකාර නියම කිරීම පමණක් කළත් රෝගීන්ට වර්තමානයේ මෙම ඖෂධ වර්ග නිවැරදි තෝරා බේරා සොයා ගැනීමේ සහ නිවැරදි ලෙස සකසා ගැනීමේ අපහසුව නිසා දැන් එම ඖෂධ සැකසූ ඖෂධ ලෙස රෝගීන්ට ලබා දෙනවා. කුඩු වර්ග, ගුලි වර්ග, පෙති වර්ග, දියර වර්ග ලෙස අද මේ ඖෂධ සකස්‌කර දෙන නිසා රෝගීන්ට ඒවා පහසුවෙන් ලබා ගැනීමේ අවස්‌ථාවද දැන් උදාවී තිබෙනවා. කාන්තාවන්ගේ උදර වේදනාවට හේතු මෙන්න ප්‍රශ්නය - පසුගිය සතියේ අප උදර ශූලය හෙවත් Abdominal Pain සහ ඒ ආශ්‍රිත දත්ත රැසක් ගැන කතා කළා. අදත් ඒ සංවාදය ඉදිරියට ගෙන යමු. වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - කාන්තා හා පිරිමි පාර්ශ්ව දෙකටම උදර ශූල තත්ත්ව හටගන්නා බව අප දන්නවා. කාන්තාවන්ගේ උදර ශූලයට, එහෙමත් නැත්නම් උදරයේ වේදනාවට හේතු කිහිපයක් තිබිය හැකිය. සමහර විට දරු බොක්‌කෙන් මේ වේදනාව එන්නට පුළුවන්. පැලෝපීය නාලවල දොaෂ, ශ්‍රොaණි ආසාදන රෝගය, ඩිම්බාධාර ගෙඩි, ගබ්සා, මූඪ ගර්භ තත්ත්වයන් හෙවත් Fales Pregnancy එයට හේතු විය හැකිය. ප්‍රශ්නය - අපි හිතමු අග්න්‍යාසයෙන් වේදනාවක් එනවා කියලා. මෙය හඳුනා ගන්නේ කොහොමද? අග්න්‍යාසය තිබෙන තැන සාමාන්‍ය ජනයා දන්නේ නැහැ. වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - උදර මධ්‍යයේ වම් පැත්තේ උඩ කොටසේ වේදනාවක් හට ගන්නවා නම් එය අග්න්‍යාසයේ වේදනාවක් විය හැකියි. ආහාර වේලක හෝ පානයක මුල් කටවල් කිහිපය හෝ මුල් උගුරු කිහිපය ගිල දැමූ විට වේදනාව ඉතාම නරක අතට හැරෙන්නට බලනවා. විශේෂයෙන් ඒ ගන්නා ආහාරවල අධික මේද සංයුතියක් තිබෙනවා නම් වේදනාව තව දරුණු වෙලා වැඩේ තවත් අවුල් වෙනවා. ප්‍රශ්නය - උදරයේ පහළ කොටස වේදනා දෙන්නේ ඇයි? වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - හේතු සිය ගණනක් තිබිය හැකියි. ප්‍රධාන හේතු තමයි ආසාදන තත්ත්වයන්, උදරය තුළ හටගන්නා ගෙඩි වැනි තත්ත්වයන්, උදර ප්‍රදහය, උදරය තුළ බාධාකාරී තත්ත්වයන් මතුවීම, අන්ත්‍රවල හටගන්නා රෝග තත්ත්වයන් යනාදිය. ප්‍රශ්නය - උදර ශූලය හෙවත් උදර වේදනාව අධික ලෙස දැනෙනවා කියමු. එය මගහරවා ගත හැක්‌කේ කොහොමද? වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - හොඳම දේ තමයි හැකි ඉක්‌මණින් වෛද්‍යවරයකු හමුවීම. එයට වෙලාවක් ගත වෙනවා නම්, 1. උණුවතුර බෝතලයකින් උදරය තැවීම. 2. රත්කළ සහල් පොට්‌ටනියකින් උදරය තැවීම. 3. උණුසුම් ජලයෙහි බැස උදරය පෙඟෙන ආකාරයෙන් සිටීම. 4. වතුර වැනි පැහැදිලි දියර වර්ග පානය කිරීම. 5. කෝපි, තේ, මත්පැන් වැනි පාන වර්ග ගැනීමෙන් වැළකීම කළ යුතුයි. ප්‍රශ්නය - ඇපෙන්ඩිසයිට්‌ස් රෝගය නිසා උදරය රිදෙනවා කියා හිතමු. එය පුපුරා යන්නට කෙතරම් කල් යනවාද? වෛද්‍ය පුෂ්පකුමාර අමරසිංහ - පළමු වේදනාවේ සිට පැය 72 ක් ගතවීමට පළමුව ඇපෙන්ඩිස් හෙවත් උණ්‌ඩුක පුච්චය පුපුරනවා. ලබන සතියට සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත අංශභාග රෝගය හෙවත් පක්ෂාඝාතය පිළිබඳ ආයුර්වේද විවරණය වසර 3000 ටත් වඩා දීර්ඝ ඉතිහාසයක් ඇති ආයුර්වේදය ලොවට දායාද කරන ලද මා හැඟි වෛද්‍ය ක්‍රමයකි. හිමාල පර්වතය පාමුල පැවැති ලොව ප්‍රථම සෘෂි සම්මේලනය මිනිසාගේ සෞඛ්‍ය ප්‍රශ්න සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලය ලෙස බිහිවූ ආයුර්වේදය පූර්ණ වෛද්‍ය ශාස්‌ත්‍රයක්. පසුගිය ලිපියෙහි අප මිනිසාට වැළඳෙන වාත රෝග හෙවත් ස්‌නායු රෝග අතරින් ප්‍රබල රෝගයක් වන අංශභාග රෝගය පිළිබඳ හැඳින්වීමක් කළා. ආයුර්වේද මතානුකූලව සියලු රෝග හටගන්නේ වා, පිත්, සෙම් යන ත්‍රිදොaෂයෙහි කෝපතාවය පදනම් කරගෙනයි. ඒ අතරිනුත් වාත දොaෂය ප්‍රබලම දොaෂයයි. එනිසාම වාත කෝපයෙන් ජනිත වන රෝග රැසකි. ඉතා ප්‍රබල රෝගයක් වන අංශභාග රෝගය හෙවත් පක්‍ෂාඝාත රෝගය අද වන විට සමාජයේ විරල රෝගයක් නොවන තත්ත්වයට පත්ව ඇත. වාත කෝපය යන්න පොදු වදනක් බවට පත්ව ඇතත් එය ආයුර්වේදයට අනුව බෙහෙවින් සංකීර්ණ ක්‍රියාවලියක් හඟවන වදනක්. වා, පිත්, සෙම් යන තුන් දොaෂ ඒ ඒ පුද්ගලයාගේ සිරුරේ පිහිටන්නේ එක් එක් ආකාරයටයි. යම් අයෙක් උපතින් හිමිකරගත් තුන් දොස් තත්ත්වය ඔහුට හෝ ඇයට සාතම්‍ය වේ. එම තත්ත්වයේ පිහිටි තුන්දොස සාම්‍ය අවස්‌ථාවෙන් හෙවත් සමබරව පිහිsටිවිට රෝග රහිත වේ. ඉදින් අපගේ ආහාර, විහරණ ආදිය නිසා මේ දොaෂ සමබරතාවය බිඳී රෝග හටගනී. වාත කෝප කරන, පිත් කෝප කරන හා කඵ හෙවත් සෙම් කෝපකරන හේතු වෙන වෙනම දක්‌වා තියෙනවා. වාත කෝප කරන හේතු අතර නිදි වැරීම, අධික ගමනාගමනය, රළු ආහාර විහරණ සේවනය, වැටීම්, තැලීම්, අස්‌ථි බිඳීම්, ධාතු ක්‍ෂය, මල මුත්‍රා වේග ධාරණය, බිය වීම, මානසික කැළඹීම, අධික චින්තනය, ශෝක කිරීම ආදිය ප්‍රමුඛ ස්‌ථානයක් ගනියි. කුපිත තත්ත්වයට පත් වාතය සප්ත ධාතු විකෘතිකර රෝග ජනිත කරයි. කුපිත වාතය මුල් කරගෙනම හටගන්නා රෝග වාත රෝගයි. ඉදින් එබඳු රෝගයක් තමයි මේ අංශභාග රෝගය. සිරුරේ එක් පසෙක අත හා පාදය අකර්මණ්‍ය වීම රෝගියාගේ සමාජ ජීවිතයට ප්‍රබල අයුරින් අහිතකර තත්ත්වයක් උදාකරයි. ඇතැම් විට සුවවන අතර විටෙක දිවිය පුරා පවතින ආබාධ ජනිත කරයි. නව්‍ය ශරීර විද්‍යානුකූලව මොළය ස්‌නායු මධ්‍යස්‌ථානයයි. ස්‌නායු මාර්ග හරහා දිවෙන ආවේග වාත දොaෂය මගින් ක්‍රියාත්මක වේ. කුපිත වූ වාතය මෙම ස්‌නායු ආවේග පැවැත්ම විකෘති කරයි. දැනීම් හා අත්පා ආදිය ක්‍රියාකිරීම් එවිට විකෘති වේ. අංශභාග රෝගයේදී වන්නේද එබඳු විකෘතියකි. කුපිත වාතය මොළයේ සෛල වලට රස රක්‌තාදී ධාතූන් වහනය කිsරීම නිසි පරිදි නොකරයි. එහි ප්‍රතිඵලයක් ලෙස මොළයේ ස්‌නායු සෛල අකර්මණ්‍ය වේ. අත්පා දෙකට ස්‌නායු සපයන සෛලවල අකර්මණ්‍යතාවය නිසා අත හා පාදයේ ක්‍රියා හානිය ඇතිවේ. මෙය අංශභාග හෙවත් පක්‍ෂාඝාතයයි. ලබන සතියට ඉරුවාරදයට ප්රත්යක්ෂ කසායක් ප්‍රශ්නය - පසුගිය සතියේදී ඉරුවාරදය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාව අවසන් කරමින් ඔබ කියා සිටියේ මේ රෝගය අමාරුවෙන් සුවපත් කළ හැකි රෝග අතුරින් එකක් ලෙස ආයුර්වේදයේ හඳුන්වා දී තිබෙන බවයි. අද මේ සාකච්ඡාව අරඹමින් අප ඔබෙන් පවසනවා බටහිර වෛද්‍ය විද්‍යාවට මෙය සුව කළ හැකිද කියලා. ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මේ රෝගය සඳහා නොයෙක් දේ කරනවා. එකක් තමයි Antral wash කිරීම. ඒ කියන්නේ නාසයේ දෙපස පිහිටා තිබෙන වායු කෝටර තුළට නාසය ඔස්‌සේ කැනියුලාවක් ඇතුල් කර ඒ හරහා විශේෂ දියරයක් යවා සෝදා කෝටරය තුළ තිබෙන සියලුම පැසවූ ද්‍රව්‍ය, එනම් සැරව සහ ආසාදිත දේවල් ඉවත් කරනවා. මෙය කිරීමට පෙර රෝගියා නිර්වින්දනය කරනවා. ඒ අතර කෝටරවල සෙම ඉවත් කරනවා. එහෙත් එසේ කරගෙනත් සුව නොවූ අය ඕනෑ තරම් ආයුර්වේද රෝහල්වලට එනවා. අපේ තිබෙනවා ස්‌ථානික සහ අභ්‍යන්තර ප්‍රතිකාර කියලා දෙවර්ගයක්. ඒ කියන්නේ ඇඟටත් බෙහෙත් දෙනවා. රෝගය හරියටම පවතින තැනටත් බෙහෙත් දෙනවා. ඔළුවට කරන ප්‍රතිකාර ගොඩක් තිබෙනවා. නස්‍යකර්ම තිබෙනවා. තැවිලි තිබෙනවා. හිසට ලේප දැමීමත් තිබෙනවා. මේවාට කියන්නේ ශිරෝලේප කියලා. ප්‍රශ්නය - හිස කුඩුච්චි දානවද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - හිස කුඩුච්චි නොවෙයි. නළලටයි ලේප දමන්නේ. හිස කුඩුච්චියක් දාන්නේ ගොඩක් පරීක්‍ෂා කර බලලා අත්‍යවශ්‍ය නම් විතරයි. ඒ අතර ඔළුවට තෙල් වර්ග දැමීමත් සිදුවෙනවා. ප්‍රශ්නය - ඔලුවට තෙල් දාන එක හොඳ ද? බටහිර විද්‍යාත්මක මතයක් තිබෙනවා ඔලුවට තෙල් වර්ග හෝ ජෙල් වර්ග ක්‍රීම් වර්ග හෝ නොයෙදිය යුතු බවට. ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - ආයුර්වේදයේ එනවා දින චර්යා කියලා කොටසක් ඒ අනුව එක් දින චර්යාවක් විය යුත්තේ ශිරෝ අභ්‍යංගය හෙවත් ඔළුවට තෙල් දමා සම්භාහනය කරන එකයිs. හැබැයි එය අපේ ජනතාව තෙල් දාන විදිය නොවෙයි. තෙල් පොඩි ප්‍රමාණයක් අරගෙන හිසට දාලා හිස් කබල ඇතුළට යන පරිදි ක්‍රමවත්ව, පීඩාකාරී නොවන විදියට මසාඡ් කළ යුතුයි. කෙස්‌ගස් මුලට මසාඡ් කළ යුතුයි. එමගින් ඇස් පෙනීම වර්ධනය වෙනවා. රාත්‍රියට නිදා ගැනීමට පෙර යටි පතුල් සෝදා තෙල් ස්‌වල්පයක් යොදා මසාඡ් කළ යුතුයි. ඇස් පෙනීමට මෙය ඉතාම ගුණදායකයි. ශිරෝ අභ්‍යංගය සහ පාද අභ්‍යංගය ලෙස තමයි මේ දෙක හඳුන්වන්නේ. ප්‍රශ්නය - ඉරුවාරද රෝගීන්ට සුදුසු කසායක් අපට කිව හැකිද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - පුවත්පත්වලින් දෙන කසාය බෙහෙත් කඩයකදී නිසි ලෙස කිරාගෙන මැනගෙන පිරිසිදු කර තම්බා පානය කරන්නට සැලැස්‌වීම රෝගියාගේ භාරකරුවන් සතු වගකීමක් ලෙස මා දකිනවා. මා අද ඔබට කියන්නම් දසමූල කසාය නමැති වටිනා ආයුර්වේද කසාය ගැන. මේ කසාය මහ පස් මුල් (මුල් වර්ග පහයි) සහ සුළු පස් මුල් (මුල් වර්ග පහයි) යනාදි වශයෙන් කොටස් දෙකකට බෙදුණත් කසාය තම්බන විට මුල් වර්ග දහයම එකට තැම්බීම කරනවා. 1. මහ පස්‌මුල් බෙලි මිදි තොටිල ඇත්දෙමට පළොල් 2. සුළු පස්‌මුල් අස්‌වැන්න පොල්පලා කටුවැල්බටු එළබටු හීන් නෙරෙංචි මේ එක් එක් බෙහෙත් ද්‍රව්‍ය කලං 1 මදටිය 4 බැගින් ගෙන හොඳින් සෝදා වියළා. කැබැලි කර කපා හොඳින් කොටා පත 8 එකට සිඳ එළඟිතෙල් හැඳි 1/2 ක් යොදා පත භාගය බැගින් උදේ හවස දින 7 ක් පානය කළ යුතුයි. මෙහිදී පත 8 එකට සිඳ ගැනීමේ නියම ක්‍රමවේදයක් තිබෙනවා. එනම්, මේ ඖෂධ සියල්ල මැටි මුට්‌ටියකට දමා වතුර කෝප්ප එකහමාරක දමා හැඳි මිටෙන් වතුර මට්‌ටම මැන ගන්නවා. ඉන් පසුව ඉතිරි වතුර කෝප්ප හයහමාර දාලා හින්දවනවා. එසේ හිඳීගෙන යද්දී මුට්‌ටියේ වතුර ප්‍රමාණය හැඳි මිටෙන් වතුර කෝප්ප එකහමාරක මට්‌ටමට පැමිණි විට ළිපෙන් බා ගත යුතුයි. කසායට අවශ්‍ය පරිදි සහිඳ ලුණු ස්‌වල්පයක් එකතු කළ යුතුයි. (ලබන සතියේ මේ කසායේ ශාක මුල්වල ඇති ගුණදොස් විචාරමු.) සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 15 Jul 2018 05:31 AM නොමිලේම උපදෙස් ගොඩාක් ගෙනත්....ස්තුතියි අය්ය 0 maduranga001Most Senior MemberPosts:14118 15 Jul 2018 08:17 PM මල්ලි මේ ඔටිසම් රෝගය සම්භන්ධ ලිපි පෙළ වෙනම එකම ත්‍රෙඩ් එකක ඉදිරිපත් කරන්න පුළුවන් ද? ඊට අමතරව හෘද රෝග සම්භන්ධ ලිපි, ස්වසන රෝග සම්භන්ධ ලිපි ලෙස වෙනම ත්‍රෙඩ් වල තිබුනා නම් ඒ සම්භන්ධව අවශ්‍ය තොරතුරු පහසුවෙන් සොයා ගැනීමට ඉඩ තිබුණා. ඒ රෝගයන් ගැන උනන්දු වන අයට අවශ්‍ය විටකදී අදාළ ත්‍රෙඩ් එකට ගොස් අවශ්‍ය තොරතුරු සොයා ගැනීමට පහසු වීමට පුළුවන් කියලයි මගේ අදහස. ස්තූතියි මල්ලි වැදගත් තොරතුරු වලට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jul 2018 08:22 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jul 2018 08:46 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 15 Jul 2018 09:18 PM ඩොක්ට ලගට යන්නෙ නැතුව පොඩි ලෙඩ වල් වලට තමන්ම බෙහෙත් හොයාගන්න අය නම් මාත් දැකල තියෙනව 0 maduranga001Most Senior MemberPosts:14118 15 Jul 2018 10:40 PM Posted By Udari on 15 Jul 2018 09:18 PM ඩොක්ට ලගට යන්නෙ නැතුව පොඩි ලෙඩ වල් වලට තමන්ම බෙහෙත් හොයාගන්න අය නම් මාත් දැකල තියෙනව හැබැයි ඒ වගේම හෙම්බිරිස්සාව හැදුණත් එක සැරේටම ස්පෙෂලිස්ට්ලාව මුණ ගැහෙන අයත් හමු වෙලා තියෙනව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Udeshika HerathVeteran MemberPosts:3955 16 Jul 2018 10:30 PM ස්තූතියි ලිපියට Udeshika Herath 0 chamaramindMost Senior MemberPosts:13471 18 Jul 2018 07:17 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 136 of 137 << < 133134135136137 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner