Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 15 of 137 << < 1314151617 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 23 May 2017 06:01 PM වකුගඩු රෝග හඳුනා ගන්නා මූලික පරීක්ෂණ කිසිඳු රෝගයක් මතුපිටින් නිරීක්ෂණය කොට තහවුරු කිරීම නිවැරැදි පිළිවෙත නොවෙයි. රෝගීන් ඖෂධ පවා ලබා ගත යුත්තේ වෛද්‍ය නිර්දේශයට යටත්ව විය යුතු අතර රෝගය නිශ්චිතවම අනාවරණය කර ගැනීමෙනි. වකුගඩු රෝගය පිළිබඳව විමසීමේදීද මූලික ලක්ෂණ පෙන්නුම් කළ වහාම විවිධ පර්යේෂණ මගින් රෝගී තත්ත්වය අනාවරණය කර ගත හැකිය. වකුගඩු රෝග හඳුනා ගැනීමට යොදා ගන්නා පරීක්ෂණ කිහිපයකි. ඒවා රුධිර, මුත්‍ර, ස්කෑන් යනුවෙන් කොටස් 03ක් යටතේ වර්ග කෙරේ. රුධිර පරීක්ෂණ - ලේ පරීක්ෂණය යනුවෙන්ද හැඳින් වෙන්නේ මෙයයි. serum creatinine සහ estimated glomentar filtration යනුවෙන් පරීක්ෂණ වර්ග 02කි. serum creatinine - ක්‍රියැටිනීන් යනු මාංශපේශී ක්‍රියාකාරීත්වයෙන් රුධිරයට එකතු වන සංඝටකයකි. වකුගඩුවේ නිසි ක්‍රියාකාරීත්වය මත මෙය රුධිරයේ ස්ථාවර මට්ටමක පවත්වා ගනී. සාමාන්‍යයෙන් මෙම අගය 0.5-1.5mg /dl සහ 44-132micromol /l වේ. estimated glomentar filtration rate- මෙයින් වකුගඩුවේ පෙරීමේ කාර්යය නිර්ණය කෙරේ. එනම් සීරම් ක්‍රියැටිනීන් අගයේ ඇති වන වෙනස්කම් නිසා වකුගඩුවේ පෙරීමේ ක්‍රියාකාරීත්වය නිර්ණය කිරීමට යොදා ගන්නා ගණනය කිරීමකි.මෙයින් විනාඩියකට රුධිරය කොපමණ මිලි ලීටර් ප්‍රමාණයක් වකුගඩුවෙන් පෙරෙනවාද යන්න සොයා බැලේ. සාමාන්‍ය පුද්ගලයකුගේ මෙම අගය 90-120 ml/min වේ. මුත්‍ර පරීක්ෂණය - මුත්‍රවල ඇති ප්‍රෝටීන්, ග්ලූකෝස්, රතු රුධිරාණු, සුදු රුධිරාණු වැනි සංඝටක නිර්ණය කෙරේ. ස්කෑන් පරීක්ෂණ - ultra sound scan වකුගඩු රෝගයක් ඇති හෝ නැතිද යන්නත් , එවන් රෝගයක් දිගු කලක් පවතීද යන්නත්, මුත්‍ර පෙරීමේ අවහිරතා මෙන්ම මුත්‍රවල ගල්, මුත්‍රාශයේ ක්‍රියාකාරීත්වය , පුරුෂ පක්ෂයේ පුරස්ථි ග්‍රන්ථිවල ස්වභාවය වැනි තොරතුරු රැසක් මෙමගින් සොයා ගත හැකිය. ct scan - වකුගඩුවල ගල් පවතින අවස්ථාවලදීත් , මුත්‍ර පෙරීමේදී සිදුවන අවහිරතා හඳුනා ගැනීම සඳහාද ඇතැම්විට මෙය උපකාරී වේ. DTPA - diethyl enetriamine pentaacetic acid - ශරීරයෙහි ඇති වකුගඩු දෙකෙහිම පෙරීමේ ක්‍රියාකාරීත්වය නිර්ණය කරන පරීක්ෂණයකි. එක් වකුගඩුවක් පමණක් දුර්වලයැයි සැක කෙරෙන අවස්ථාවලදී මෙය යොදා ගැනේ. වකුගඩු බයොප්සි පරීක්ෂණය - renal biopsy මෙය සිදු කිරීමට නිර්දේශ කරන ආසන්නතම හේතු මෙසේය. 01) වකුගඩුවේ ප්‍රදාහ ඇති විටෙක 02) වකුගඩු අකරණිය ඇති වීමට හේතු නිර්ණය කිරීමෙදී 03) වකුගඩුවෙන් ප්‍රෝටීන පිටවීමේදී 04) රතු රුධිරාණු වකුගඩුවෙන් පිටවන අවස්ථාවලදී අල්ට්රා සවුන්ඩ් නම් උපකරණයෙන් වකුගඩුව දෙස බලමින් සිහින් දිග කටුවක් භාවිතයෙන් හැරිවැට්ටවීම මගින් මෙය සිදු කෙරේ. මෙයාකාරයට වකුගඩුවෙන් ලබා ගන්නා කුඩා කැබැලි අන්වීක්ෂය මගින් පරීක්ෂා කර නිගමනයක් ලබා ගැනේ. එක්සත් රාජධානියේ ගැලොවේ සහ ඩම්ෆ්‍රීස් ජාතික වෛද්‍ය සේවයේ වකුගඩු සහ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීකා රත්නමලල සටහන- මාධවී ධර්මරත්න ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 23 May 2017 06:07 PM harima wAdhagath thorathuru First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 24 May 2017 07:15 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 DushanVeteran MemberPosts:2536 24 May 2017 07:16 PM මේක නම් වැදගත් මාත් කියවල බලන්න ඕනේ ස්තුති 0 chamaramindMost Senior MemberPosts:13471 24 May 2017 07:16 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 May 2017 07:17 PM "මද්‍යසාර භාවිතය පියයුරු පිළිකා අවදානම වැඩිකරයි" දිනකට වයින් වීදුරු භාගයක් හෝ කුඩා බියර් කෑන් එකක් පානය කිරීම පියයුරු පිළිකාව වැළඳීමේ අවදානම වැඩි කරන බව ලෝක පිළිකා පර්යේෂණ පදනම විසින් පළකරන ලද අලුත්ම පර්යේෂණ වාර්තාවක දැක්වේ. කාන්තාවන් මිලියන 12 කගේ වෛද්‍ය ඉතිහාසය සම්බන්ධව පළකර ඇති අධ්‍යයනයන් 100 කට අධික සංඛ්‍යාවක් අධ්‍යයනය කිරීමෙන් පසු මෙම පර්යේෂණ වාර්තාව සකස් කර තිබේ. මේ අනුව දිනකට වයින් වීදුරු භාගයක් හෝ කුඩා බියර් කෑන් එකක් පානය කරන ආර්තවහරණයට (මෙනපෝස්&zwnj ලක්වූ කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම සියයට 9 කින් වැඩිවන බව හෙළිවී තිබේ. එනම් එවැනි කාන්තාවන් 100 දෙනෙකු ගත් විට 13 දෙනෙකුට පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් පවතී. පියයුරු පිළිකා පමණක් නොව වෙනත් පිළිකාවන් වැළඳීමටද මත්පැන් භාවිතය හේතුවන බව පර්යේෂකයෝ පෙන්වා දී තිබේ. ඉහත කී පර්යේෂණ වාර්තාවට අනුව පාපැදි පැදීම, දිවීම වැනි දුෂ්කර ව්‍යායාමයන්හි නිරත වීමෙන් ආර්තවහරණයට ලක්වූ කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම ක්‍රියාශීලී නොවන කාන්තාවන්ට වඩා සියයට 10 කින් අඩුවන බව දක්වා තිබේ. නිරතුරුව කායික ව්‍යායාමයන්හි නිරත වීම, සමබල ආහාර වේලක් ලබාගැනීම හා සෞඛ්‍ය සම්පන්න ශරීර බරක් පවත්වා ගැනීම හරහා පියයුරු පිළිකා ඇතුළු වෙනත් පිළිකාවන් වැළඳීමේ අවදානම මෙන්ම අනිකුත් රෝග වැළඳීමේ අවදානමද අඩුවන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. මෙම පර්යේෂණ වාර්තාවට පදනම් වී ඇති එක්සත් රාජධානියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීන්ගේ නිර්දේශයන්ට අනුව ඕනෑම ප්‍රමාණයකින් මත්පැන් පානය කිරීම පිළිකා අවදානම වැඩි කිරීමට සමත්ය. ගර්භණී මවුවරුන් කිසිදු ආකාරයකින් මත්පැන් පානය සිදුනොකළ යුතු බව පර්යේෂකයෝ අවධාරණය කර සිටිති. මත්පැන් පානය කිරීම පියයුරු පිළිකාවන් වැළඳීමේ අවදානමට අමතරව මුඛ, අක්මා, බඩවැල් පිළිකාවන් වැළඳීමේ අවදානමද වැඩි කිරීම නිසා මත්පැන් පානයෙන් වැළකී සිටීම වැදගත් බව පර්යේෂකයින්ගේ මතය වී තිබේ. මෙම පර්යේෂණය මෙහෙයවූ පිළිකා විශේෂඥවරියක වන ඇමරිකා එක්සත් ජනපදයේ සියෑටල් නගරයේ පිහිටි ෙµ්‍රඩ් හචින්සන් පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයේ වෛද්‍ය ඈන් මැක්ටියර්නන්ට අනුව කාන්තාවන් ක්‍රියාශීලී දිවි පෙවෙතක් ගත කිරීම, දිවිය පුරා සෞඛ්‍ය සම්පන්න ශරීර බරක් පවත්වා ගැනීම හා මත්පැන් පානය සිදුනොකිරීම පියයුරු පිළිකා අවදානම අඩුකර ගැනීමට මහෝපකාරී වේ. පියයුරු පිළිකාවන් ඇතිවීමේ අවදානම වැඩිවශයෙන් පවතිනුයේ ආර්තවහරණයට ලක්වූ කාන්තාවන් හා පියයුරු පිළිකාවක් පවුලේ වෙනත් අයෙකුට පවතී නම් එවැනි කාන්තාවන්ටය. වයස අවුරුදු 12 ට අඩු වයසකදී වැඩිවියට පත්වී මාසික ශුද්ධිය පටන් ගැනීම මෙන්ම උසින් යුතුවීමද පියයුරු පිළිකා වැළඳීමේ අවදානම වැඩිකරන සාධකයන් ලෙස හඳුනාගෙන තිබේ. මවුකිරි දීම හරහාද පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩුවන බව හෙළිවී තිබේ. කෙසේ වුවද ගෝවා, නිවිති වැනි කොල පැහැති එළවළු වර්ග අනුභව කිරීමෙන් පියයුරු පිළිකාවන් වැළඳීමේ අවදානම අඩුකරන බවට පවතින මතය තහවුරු කිරීමට තරම් සාක්ෂි මඳ බව පර්යේෂණ වාර්තාවෙහි දැක්වේ. එක්සත් රාජධානියේ පමණක් කාන්තාවන් අට දෙනෙකුගෙන් එක් අයෙකු තම ජීවිත කාලය තුළදී පියයුරු පිළිකාවට ගොදුරුවන බව අනාවරණය වී තිබේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 May 2017 07:20 PM "වයස අවුරුද්දක් සම්පූර්ණ වන තෙක් දරුවන්ට පලතුරු යුෂ තහනම් කෙරේ" වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කළහොත් මිසක කිසිදු අවස්ථාවකදී වයස අවුරුද්දකට අඩු ළදරුවකුට පලතුරු යුෂ ලබා නොදිය යුතු බව ඇමරිකා එක්සත් ජනපදයේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඇකඩමිය විසින් නිර්දේශ කර තිබේ. මෙතෙක් පැවැති නිර්දේශය වූයේ ළදරුවෙකුට මාස හය සම්පූර්ණ වූ පසු පලතුරු යුෂ ලබා දීම සිදු කළ යුතු බවයි. එහෙත් ළදරුවන් අතර ස්ථුලතාවය හා දත්වල කුහර සෑදීම ඉහළ යමින් පැවැතීම මත ළදරුවන්ට මුල්වරට පලතුරු යුෂ ලබා දිය යුතු වයස් සීමාව අවුරුද්ද දක්වා දීර්ඝ කිරීමට වෛද්‍ය විශේෂඥයින් තීරණය කර ඇත. නව තීරණය හඳුන්වා දෙමින් ඩෙල් වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග පිළිබඳ දෙපාර්තමේන්තුවේ සභාපති වෛද්‍ය ස්ටීවන් ඒ. ඒබ්‍රම්ස් පවසා ඇත්තේ මාස 6 ත් අවුරුදු 1 ත් අතර ළදරුවන්ට පලතුරු යුෂ ලබා දීම නිර්දේශ කිරීමේ කිසිදු පදනමක් හෝ වාසියක් නැති බවයි. පලතුරු යුෂ වෙනුවට එම වයස් කාණ්ඩයේ ළදරුවන්ට ලබා දිය යුත්තේ මවුකිරි හෝ වෙනත් ආදේශකයක් පමණක් බව ඔහු කියයි. ඇමරිකා එක්සත් ජනපදය තුළ පලතුරු යුෂ හා යුෂ ආශ්රිත පානයන් වැඩි වශයෙන් පරිභෝජනය කරනුයේ ළමුන් හා නව යෞවනයන් බව හෙළි වී තිබේ. අනෙක් අතට මවුවරුන් පලතුරු යුෂ සහිත බෝතලයේ සූප්පුව ළදරුවාගේ මුඛයට සවි කර දවස පුරාම තැබීම නිසා මෙම ළදරුවන්ගේ දත් නරක් වීම කෙරෙහි එය බලපාන බව වෛද්‍ය ඒබ්‍රම්ස් සඳහන් කර සිටී. මෙසේ දිනය පුරා පලතුරු යුෂ සහිත බෝතලයෙහි සූප්පුව මුඛයට සවි කර තැබීමෙන් එම ළදරුවන් සීනි රසයට ඇබ්බැහි වන අතර අනාගතයේදී ජලය පානය කිරීම ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත් වන බවද ඔහු කියයි. කෙසේ වුවද වයස අවුරුදු 1 ට වැඩි දරුවන් සඳහා සියයට සියයක් ස්වාභාවික හෝ මිශ්‍ර කරන ලද පලතුරු යුෂ දෛනික ආහාරයේ අංගයක් විය යුතු බව ඇමරිකානු ළමා රෝග විශේෂඥයන් පෙන්වා දී තිබේ. එසේ පලතුරු යුෂ ලබා දීමේදී වයස අවුරුදු 1 ත් 3 ත් අතර දරුවෙකුට දිනකට ලබා දෙන යුෂ ප්‍රමාණය අවුන්ස 4 කට සීමා කළ යුතු බවත් එම පලතුරු යුෂ දරුවන්ට ලබා දිය යුත්තේ බෝතලයක හෝ පැකට්වල බහා නොව කෝප්පයකට දමා පානය කිරීමට පහසු අයුරින් බව එම වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී තිබේ. මෙහිදී වයස අවුරුදු 4 ත් 6 ත් අතර දරුවන් දිනකට පලතුරු යුෂ අවුන්ස 4 ත් 6 ත් අතර ප්‍රමාණයක්ද වයස අවුරුදු 7 ත් 18 ත් අතර ළමුන් සඳහා දිනකට පලතුරු යුෂ අවුන්ස 8 ක් හෝ කෝප්පයක ප්‍රමාණයද ලබා දීම යෝග්‍ය බවට නිර්දේශ වී තිබේ. ග්රේපෆාට් යුෂ "ඉබ්රප්රොෆේන්" "Êෆ්ලබ්ප්රොෆේන්", "වෝෆරින්, "ෆ්ලුවැස්ටටීන්", ඇමිත්රිප්ටයිලින් වැනි බෙහෙත් වර්ග ගන්නා ළමුන්ට ලබා නොදිය යුතු බවද වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ. වෛද්‍ය ඒබ්රම්ස්ට අනුව විජලනය හා පාචනය වැනි තත්ත්වයක් කළමනාකරණය කිරීමේදී පලතුරු යුෂ උපකාරී නොවීම හේතුවෙන් කුඩා කල සිටම ළමුන්ට පළතුරු යුෂ පානය කරනවාට වඩා පලතුරු අනුභව කිරීමට අනුබල දිය යුතුව ඇත. ළදරුවන්ට පලතුරු යුෂ ලබා දීමේ නව තීරණය පිළිබඳව අදහස් දක්වන ඇට්ලන්ටාහි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරියක වන ඡේනිෆ්ර් ෂූ පවසනුයේ මෙම තීරණය විශිෂ්ට එකක් බවත් ස්වාභාවික පලතුරක් අනුභව කිරීමෙන් ලැබෙන වාසිය පලතුරු යුෂ හරහා නොලැබෙන බවත්ය. පලතුරු යුෂවලට වඩා පලතුරු අනුභව කිරීමෙන් තන්තු හෙවත් ෆ්යිබර් වැඩි ප්‍රමාණයක් ශරීරයට ලබා ගත හැකි බව ඇය පෙන්වා දෙයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 May 2017 07:22 PM "දුම්පානය අධෛර්යමත් කිරීමට එංගලන්තයෙන් තනි කොළ පැහැති සිගරට් පැකට්ටුවක්" දුම්පානයට ඇබ්බැහි වන්නන්ගේ සංඛ්‍යාව තවදුරටත් අඩුකරලීමේ අරමුණින් රූපමය සෞඛ්‍ය අවවාදයන් ඇතුළත් තනි දුඹුරු පැහැයට හුරු කොළ පැහැති සිගරට් පැකට්ටු වෙළෙඳ පොළට නිකුත් කරන ලෙස එක්සත් රාජධානියේ සෞඛ්‍ය බලධාරීන් දුම්කොළ සමාගම්වලට දැනුම් දී තිබේ. මේ අනුව මෙතෙක් පැවැති සිගරට් 10 ක පැකැට්ටුව වෙනුවට සිගරට් 20 ක් පැකට්ටුවක් තුළ අන්තර්ගතවන සේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය. මෙම පියවර හරහා එක්සත් රාජධානියේ දැනටමත් අඩු වෙමින් පවතින දුම්පානයට ඇබ්බැහි වී සිටින සංඛ්‍යාව තවදුරටත් අඩු කර ගැනීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය කණ්ඩායම් පවසති. නව නීති යටතේ එක්සත් රාජධානියේ දුම්කොළ සමාගම්වලට තනි කොල පැහැති සිගරට් පැකට්ටුවල 2/3 ක ප්‍රදේශයක් පුරා පැකට්ටුවෙහි දෙපැත්තම ආවරණය වන සේ විශාල ප්‍රමාණයේ රූපමය සෞඛ්‍ය අවවාදයන් පළ කළ යුතු අතර ඒ හරහා දුම්පානය කිරීමේ ප්‍රතිරූපය බිඳ දැමීම ඉලක්ක කර තිබේ. එක්සත් රාජධානිය විසින් දුම්කොළ සමාගම්වලට හඳුන්වා දී ඇති නව නීති රීති යටතේ සිගරට් පැකට්ටුවල දෙපැත්තෙහිම සියයට 65 ක් ආවරණය වන සේ විශාල පරිමාණයේ ග්රැµsක් රූපමය සෞඛ්‍ය අවවාදයන් පළ කළ යුතු අතර, සෑම සිගරට් පැකට්ටුවකම අවම වශයෙන් සිගරට් 20 ක් පැවැතීම "අඩු තාර" "ජාන" වැනි ද්‍රව්‍යයන් සම්බන්ධයෙන් නොමග යවන සුළු පණිවුඩ පැකට්ටුවෙහි සඳහන් නොවීම. වෙළෙඳ නාමය සිගරට් පැකට්ටුවෙහි නිශ්චිත ස්ථානයක ප්‍රදර්ශනය කිරීම. රස ගන්වන ලද සිගරට්ටු හා දුම්කොළ අලෙවිය තහනම් කිරීම වැනි ක්‍රියා මාර්ගයන් අනුගමනය කළ යුතුය. වෙළෙඳ නාමය හා ප්‍රචාරණය යන මාර්ග හරහා තරුණ පිරිස් දුම්පානයට පෙළඹෙන බව අනාවරණය වී ඇති අතර රූපමය සෞඛ්‍ය අවවාදයන් සිගරට් පැකට්ටුවල විශාල ප්‍රදේශයක් තුළ ප්‍රදර්ශනය කිරීම හා වෙළෙඳ නාමයට අදාළ ඇතැම් කරුණු සඳහන් කිරීම පැකැට්ටුවෙන් ඉවත් කිරීම හරහා තරුණ පිරිස දුම්පානයට යොමුවීම අධෛර්යමත් කළ හැකි බව දුම්වැටි විරෝධී ව්‍යාපාරයේ සාමාජිකයෝ පවසති. වර්තමානයේ එක්සත් රාජධානියේ වැඩිහිටියන්ගෙන් සියයට 17 ක් දුම්පානය කරන බව අනාවරණය වී තිබේ. නව නීති රීති යටතේ හඳුන්වා දී ඇති සිගරට් පැකට්ටුවෙහි වර්ණය වන දුඹුරු පැහැයට හුරු කොල පැහැය ඇතැම් විශේෂඥයන් විසින් හඳුන්වා දී ඇත්තේ ලොව ඇති කැතම වර්ණය ලෙසයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 May 2017 07:25 PM "ආර්තවහරණයේදී ඇතිවන අපහසුතා මඟහැරවීම සඳහා දේශීය වෙදකමෙන් අත්බෙහෙත් කිහිපයක්" * ආර්තවහරණයට ලක්වූ කාන්තාවක් දිනකට මැග්නීසියම් මිලිග්‍රෑම් 500 ක් හා කැල්සියම් ග්‍රෑම් 2 ක් ලබාගත යුතුය. * කැරට් බීජ මෙම තත්ත්වයට වඩාත් සුදුසුය. එළකිරි වීදුරුවක ප්‍රමාණයකට කැරට් බීජ තේ හැන්දක් දමා විනාඩි 10 ක් උතුරවා ගන්න. එය දිනපතා බෙහෙතක් ලෙස භාවිත කළ හැකිය. * පැණි රසැති පිටි වර්ගයක් තනා ගත හැකි "ලිකුවොරයිස්" නමැති පැළයෙහි කාන්තා හෝමෝනයක් වන "ඊස්ට්‍රජන්" අඩංගු වන බැවින් එම පිටි භාවිතයද කාන්තාවන්ට අහිමි වන හෝමෝනය නැවත තැනීමට උපකාරී වේ. ඉන්දීය ජාතික දේශීය වෛද්‍ය ශෂිකාන්ත් එස් සෙත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 hasithadSuper Senior MemberPosts:5795 25 May 2017 08:12 AM චාමර මල්ලි ලිපි පෙලක්ම දාලා තියෙනවා. ගොඩක් වටිනා තොරතුරු ඒවගේ තියෙනවා. ස්තූතියි මල්ලි. 0 chamaramindMost Senior MemberPosts:13471 26 May 2017 06:10 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 May 2017 06:11 PM ගොටුකොළ දිවඔසුව ලංකාවේ අපට ගොටුකොළ අමුතු දෙයක් නොවේ. ගොටුකොළ මැල්ලුම, ගොටුකොළ කැඳ අපේ ආහාර අතර ඉස්සර නම් මුල්තැන ගෙන තිබූ දෙයක්. දැන් දැන් නැවතත් අපේ ආහාර සංස්කෘතියේ, ජීවන රටාවේ ඇති වෙමින් පවතින වෙනසත් එක්ක ගොටුකොළවලට හොඳ ඉල්ලුමක් උදාවෙලා තියෙනවා. මේ නිසා ගොටුකොළ වල ඇති ගුණය ගැන අපි පොඩ්ඩක් කතා කළොත් හොඳයි කියලා හිතුණා. අපේ රටේ පැරැන්නන් ගොටුකොළ හැඳින්වූයේ දීර්ඝායුෂ ලබාදෙන මොළය මතකය, නුවණ වඩවන සොබාවික දිව්‍ය ඖෂධයක් හැටියටයි. නමුත් ගොටුකොළවල ඇති විස්මිත ගුණ සමුදාය එපමණක්ම නොවේ. දීර්ඝායුෂ ලබාදීම ගැන ගොටුකොළවලට ඇත්තේ ඉතා පැරැණි වාර්තාවක්. දිනපතා ආහාරයට තමන් ගොටුකොළ අනිවාර්යයෙන්ම එක්කර ගත් නිසා අවුරුදු 256ක් ජීවත්වීමට හැකිවූ බවට චීනයේ ශාඛ විද්‍යාඥයකු හා ආගමික ගුරුවරයකු වන ලී සින්ග් යූඒන් සටහන් කර තිබෙනවා. මතක ශක්තිය වැඩි කිරීමටත්, මොළයේ සෛල නැවත වර්ධනයටත්, ස්නායුක හා රැධිර සංසරණ ක්‍රියාවලිය යහපත්ව පවත්වා ගැනීමටත්, ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමටත්, ශරීරයේ තුවාල සුවවීමේ වේගය ඉහළ දැමීමටත් ගොටුකොළ සමත් බව සොයාගෙන තිබෙනවා. නුවණ වර්ධනය කරගන්නත්, මතකය වැඩිකර ගන්නත් කියාපු බේත ගොටුකොළ බව නවීන පර්ෙය්ෂණ මගිනුත් සනාථවෙලා තියෙනවා. කිසිම අතුරු ආබාධයක් රහිතව මොළේ වැඩෙන්න කියාපු බේත ගොටුකොළ බව සනාථ කළ එක පර්ෙය්ෂණයකදී දිනපතා පිටිකළ ගොටුකොළ ග්‍රෑම් භාගයක් භාවිතයට ගත් දරුවන්ගේ මතක ශක්තිය දැනුම අවධානය ඒකාග්‍රතාව මාස 06න් ඉහළ ගිය බව සනාථ වෙලා තියෙනවා. ගොටුකොළ තුළ අඩංගු රසායන මගින් මොළයේ අර්ධ දෙක අතර කටයුතු සක්‍රීය කරන බවයි වාර්තා වී ඇත්තේ. ගොටුකොළ භාවිතාව මගින් ස්නායු අග්‍ර හොඳින් වර්ධනය වන බවත් ඒ නිසාම ශරීරයේ පූර්ණ ක්‍රියාකාරීත්වය ඉහළ යන බවත් සනාථ වී හමාරයි. ඒ වාගේම අවපීඩනය හෙවත් විශාදය, කාංසාව, නින්ද නොයාම වගේ අද සමාජයේ බහුල රෝග රැසකට හොඳම බේත ගොටුකොළයි. හොඳ රුධිර සැපයුමක් සිරැර පුරා පවත්වා ගන්නටත්, රුධිරයට පෝෂණය සැපයීමටත් ගොටුකොළ සමත්. මේ නිසා හොඳ අඛණ්ඩ ඔක්සිජන් සාන්ද්‍රනයක් සහ අත්‍යවශ්‍ය පෝෂණ සැපැයුමක් ශරීරයට ලැබෙන නිසාම ශරීරයේ තරුණ බව රැකදීමට එයට හැකියි. ගොටුකොළ ගැන සඳහන් වෙන තවත් වාර්තාවකට අනුව එහි ඇති සුවකිරීමේ ගුණය දැන් තහවුරු වී තියෙනවා. ඒ අනුව ගොටුකොළ හෙපටයිටිස්, උදරයේ තුවාල, පාචනය, උණ. ඇදුම, අපස්මාරය, මානසික වෙහෙස නසන අතරම සිපිලිස් කියන සමාජ රෝගයටත්, සොරයිසිස් හෙවත් පොතු කබර සමේ රෝගය සුවකරන ආලේපයක් ලෙසත් ක්‍රියාකරනවා. ඒ හැර අමෙරිකාව හා යුරෝපය තුළ ගොටුකොළ වෙරිකෝස් හෙවත් නහර ගැට ගැසීමේ රෝගයට සාර්ථක ඖෂධයක් ලෙස භාවිත කෙරෙනවා. ගොටුකොළ තුවාල සුව කිරීමේ හැකියාවෙන්ද යුක්තයි. හන්දිපත් රුදාව නැති කිරීමටත් සමේ රෝග නැසීමටත් එයට හැකියි. අපිට පුරුදු මැල්ලුම්, කැඳ වුණාට වෙනත් රටවල ගොටුකළ පිටි, පෙති, තේ, සිරප් වගේම ක්‍රීම් බඳු ආලේපන හැටියටත් රෝග සුවකාරකයක් හැටියට භාවිත වෙන බව ඔබ දැන සිටියාද? ගොටුකොළ ග්‍රෑම් 100ක් තුළ අඩංගු පෝෂණ ගුණය මෙන්න. ශක්තිය කිලෝ කැලරි 3.7 ප්‍රෝටීන් ග්‍රෑම් 2.1 මේදය ග්‍රෑම් 0.5 පිෂ්ඨය ග්‍රෑම් 6.0 කැල්සියම් මිලිග්‍රෑම් 224 පොස්පරස් මිලිග්‍රෑම් 32 යකඩ මිලිග්‍රෑම් 68.8 විටමින් C මිලිග්‍රෑම් 6.8 ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නෑ කියන්නා වාගේ ගොටුකොළ වුණත් දිගට භාවිතාව හොඳ නෑ. සාමාන්‍යයෙන් සති හයකට වරක් සති දෙකක පරතයක් ඇතිව භාවිතා කළයුතු බවයි බටහිර වෛද්‍ය පර්ෙය්ෂකයන්ගේ මතය. විශේෂයෙන්ම අක්මාවේ අමාරු ඇති අයට සමහර ඖෂධ ගන්නා අයට, පිළිකා රෝග ඉතිහාසයක් ඇති අයටත් ගොටුකොළ භාවිත කරන විට වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ. සුගත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 May 2017 06:13 PM තනි අතෙන් අත්පුඩි ගහන්න පුළුවන්! සාමාන්‍ය පුරුෂයෙක්ට වෘෂණ කෝෂ 2ක්ම තියෙන්න ඕනෑනේ. නමුත් කලාතුරකින් කෙනෙකුට එක් වෘෂණයක් පමණක් පිහිටා තිබෙන්න පුළුවනි. මේ තත්ත්වය අස්වාභාවික තත්ත්වයක් හැටියට අරගෙන තැවීමට පත්වන අය දක්නට පුළුවනි. මේ අය දැවෙන ප්‍රධාන ගැටලුව තමන් වඳ පුද්ගලයෙක්ය යන හැඟීමයි. ඒ වගේම සමාජය තුළින් මේ අයට එන අපහාස උපහාස කොන් කිරීම නිසා ලොකු මානසික පීඩාවකට ලක්වෙන්නත් පුළුවනි. නමුත්, තනි වෘෂණය වෛද්‍ය විද්‍යාත්මකව නම් ගැටලුවක් නොවෙයි. ලිංගික ගැටලු ගැන කතා කරනවිට අපට අහන්නට ලැබෙන තවත් පොදු ප්‍රශ්නයක් වූ මේ ගැනයි අද කතාබහ කරන්නේ. යම් කෙනෙකුට තනි වෘෂණ කෝෂයක් ඇත්නම් දරුවන් හදන්න බැරිද? මේ වැඩේට කෝෂ දෙකම ඕනෑද? විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේට අනුව නම් එහෙම අවශ්‍යතාවක් ඒ කියන්නේ කෝෂ දෙකම අවශ්‍යතාවක් දරුවන් ලැබීම සමග සම්බන්ධ නෑ. තනි වෘෂණයක් ඇතත් එය හොඳින් ක්‍රියාත්මක නම් එය හොඳටම ඇති. වෘෂණයකින් දරුඵල සරු කරන ශුක්‍රානු පමණක් නොව ටෙස්ටොස්ටෙරොන් වැනි හෝර්මෝන වර්ගත් නිපදවනවා. ඒ සඳහාත් එක් වෘෂණයක් හොඳටම ඇති. ඒ කියන්නේ වෛද්‍ය මතය අනුව නම් තනි අතින් අත්පුඩි ගහන්නත් පුළුවනි. තනි වෘෂණයක් හිමිවීමට හේතුව ගැනත් පොඩ්ඩක් සොයාබැලිය යුතුයි. මවගේ කුස තුළ සිටින විට දරුවාගේ වෘෂණ පිහිටා ඇත්තේ යටිබඩ තුළය. ඉපදී පළමු වසර කිහිපය තුළ ඒවා වෘෂණකෝෂ තුළට ඇතුළු වෙයි. සමහර දරුවන්ගේ මේ වෘෂණ දෙකෙන් එකක් වෘෂණ කෝෂ තුළට නොපැමිණ යටිබඩ තුළම රැඳී තිබෙන්නට හැකියි. Undeicendent testis හෙවත් පහත් නොවූ වෘෂණය ලෙස හඳුන්වන්නේ මෙයයි. මේ විදියට කලක් වෘෂණ උදරය තුළ තිබීමෙන් එහි ක්‍රියාකාරීත්වය නැතිවී යාමට හැකියි. සාමාන්‍යයෙන් වෘෂණ හොඳින් වර්ධනය වීමටත් හොඳින් ක්‍රියාත්මක වීමටත් අපේ සිරුරේ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් අවශ්‍යයි. අපේ සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැරුන්හයිට් අංශක 98.4 නැත්නම් සෙන්ටිග්‍රේඩ් අංශක 37යි. ඒ කියන්නේ සාමාන්‍ය වාතයේ පවතින උෂ්ණත්වයට වඩා ටිකක් ඉහළයි. නමුත් වෘෂණ වර්ධනයට මීට වඩා අඩු උෂ්ණත්වයක් තමා ගැලපෙන්නේ. ඉතින් ඒ සඳහා සුදුසුම තැන වෘෂණ කෝෂයයි. ඒවා සාමාන්‍ය වාතයේ ගැටෙමින් එල්ලෙමින් ඇති නිසා ඒ තුළ උෂ්ණත්වය සිරැරේ අනෙක් තැන්වලට වඩා අඩුයි. මෙය හොඳින් ක්‍රියාකරන හොඳින් වැඩුණු වෘෂණයක් වර්ධනය වීම සඳහා වැදගත්. ඉතින් වෘෂණයක් සිරුර තුළම වැඩි කලක් තිබුණොත් එය නිසි ලෙස නොවැඩී විනාශ විය හැකියි. එවිට ශුක්‍රාණු සහ හෝර්මෝන හදන්නට හැකියාවක් නෑ. සමහරවිට මෙය පසුකාලීනව පිළිකා බවට වර්ධනය වන්නටත් හැකියි. අන්න ඒ නිසා තනි වෘෂණ කෝෂයක් ඇතිවිට ඒ ගැන වෛද්‍යවරයකු හමුව පරීක්ෂාවක් කර ගැනීම හොඳයි. නමුත් දරුවන් ලැබීමේ කටයුත්ත සඳහා නම් කිසිම ගැටලුවක් නෑ. ඒ සඳහා නිරෝගී එක වෘෂණයක් හොඳටම ඇති. උපදෙස් විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 26 May 2017 06:18 PM බර අඩුවීම ලෙඩක්ද? බර අඩුවෙන්න බලපාන සාධක මොනවාද? ඔබත් අඩු බර එහෙමත් නැත්නම් සිහින් සිරුරක් තියෙන කෙනෙක් නම් ඔබට ඒ සඳහා බලපාන හේතුවට සම්පූර්ණ වෙනස් හේතුවක් වෙනත් කෙනකුට බලපාන්න පුළුවන්. මොනවද මේ බර අඩුවෙන හේතු ජානමය ගැටලු (poor genetic potential) ළමාවියේ සිදුවන වර්ධනයේ දුර්වලතා (poor growth during childhood) ආසාදන රෝග (inflectious diseases) පෝෂණ ඌනතා (malnutrition) අධික ශරීර ව්‍යායාම (excess of excsercise) මානසික ආතතිය (mental stress) හෝමෝනමය ගැටලු (hormonal problems) ජානමය ප්‍රශ්න කියන්නේ මොනවාද? අපි හැමදෙනාම හැදිලා තියෙන්නේ මවගේ හා පියාගෙන් ලැබුණ ජානවලින්. ඒ අනුව අම්මා සහ තාත්තා මිටි නම් ඔබත් බොහෝ විට මිටියි. නමුත් ඊට වෙනස් වන අවස්ථා තියනවා. කොහොම නමුත් අපේ උස, බර වගේ දේවල් ඒ වගේ එක දෙයකට සීමාවෙන්නෙ නෑ. ඒ නිසා ඔබ ජාන අනුව මිටි පුද්ගලයෙක් වුණත් ඔබ නියමිත පෝෂණයක් හා අනෙකුත් දේවල් සම්පූර්ණ කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ළමා කාලයේ බර අඩුවීම බලපාන්නේ කොහොමද? අපේ ජීවිතේ වර්ධනයට අනුව වැදගත්ම කාලය තමයි ළමා කාලය. ඊටත් එහා ගියොත් ගර්භනී අවධිය. ඒ කාලයේ ඇතිවන ගැටලු දිගුකාලීනව පවතින්න පුළුවන්. දීර්ඝකාලීන ආසාදන රෝග? අපට ක්ෂුද්‍ර ජීවීන් මගින් ලෙඩක් හැදුණාම අපේ ශරීරයට ඊට එරෙහිව සටන් කරන්න වෙනවා. එතකොට අපේ වර්ධනයට තිෙයන ශක්තිය ඒ සඳහා වැය වෙනවා. ඒ නිසා අපේ බර අඩුවෙනවා. උදාහරණයක් විදියට ක්ෂය රෝගය ගන්න පුළුවන්. පෝෂණ ඌනතා කියන්නේ මොනවාද? අපි හැමෝම දන්නවා අපේ ආහාර වේල සමබර ආහාර වේලක් විය යුතුයි කියලා. ඒ කියන්නේ ඒකෙ නියමිත තරම් කාබෝහයිඩ්රේට් (carbohydrate), ප්‍රෝටීන (protein), මේදය (fat), විටමින (vitamins), ඛනිජ ලවන (minerals) හා ජලය (water) තිබිය යුතුයි. එහෙම නැත්නම් අපේ වර්ධනය බාල වෙනවා. අධික ව්‍යායාම? ව්‍යායාම කියන්නේ අපේ ශරීරයේ පැවැත්මට වගේම වර්ධනයටත් අත්‍යවශ්‍ය දෙයක්. ඒත් අධික ව්‍යායාම නිසා අපේ ඇඟේ තියන ගබඩා කරපු සියලු ශක්තිය නැති වෙනවා. වර්ධනය දුර්වල වෙනවා. මානසික ආතතිය බලපාන්නේ කොහොමද? අපි අධික මානසික ආතතියෙන් ඉන්න විට කෝටිසොල් (Cortisol) වගේ අපේ සමහර හෝමෝන අධිකව ස්රාවය වෙනවා. මේ නිසා අපේ ශක්තිය දහනය වෙලා වර්ධනය අඩු වෙනවා. හෝමෝනමය ගැටලු බලපාන්නේ කොහොමද? හෝමෝන කියන්නේ අපේ ශරීරයේ බොහෝ දේ පවත්වාගන්න වැදගත් වන දෙයක්. සමහර හෝමෝනවල අඩු වැඩිවීම් නිසා වර්ධනය අඩු වෙනවා. උදාහරණයක් විදියට වර්ධක හෝමෝන (GH), ලිංගික හෝමෝන (sex hormones), වගේ දේවල් සඳහන් කරන්න පුළුවන්. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 26 May 2017 10:18 PM අපිට නම් සමබල ආහාර වේලක් කැවෙන්නේ නැති තරම්... 0 hasithadSuper Senior MemberPosts:5795 27 May 2017 08:32 AM චාමර ඇල්බම් වගේම ලිපිත් පෝලිමට දිග අරිනවානෙ. නිවාඩුව එකෙඉන් එක බලන්න ඕන. ස්තූතියි මල්ලි. 0 chamaramindMost Senior MemberPosts:13471 27 May 2017 07:34 PM නරක් වූ වකුගඩුව සතියෙන් සුව වූ අරුමය... වකුගඩු බද්ධ කරපු මිනිස්සු දුක්විඳින හැටි දැක්කම මට ජීවිතේ එපා වුණා... 'දිවයින' පත්තරේ යන ලිපිය දැකලා තමයි පන්සලට ආවේ... අපේ පරම්පරාවේ කාටවත් වකුගඩු රෝගය නෑ. ඒත් දුවට ජාන වකුගඩු රෝගය... ඉසිවර පින් බිමක අනුහස් පිරි හාස්කම්-11 කැබිතිගොල්ලෑව, වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමකම රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකගුඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනිs මැණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද එහි නැත. අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත්පත්තිනි මෑණියන්ගේ ප්රාතිහාර්ය බලයෙන් හෝ රටේ රෝගී ජනතාවට සහනයක් ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපති වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක් ගානේ ඇවිද ගොස් රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්නේ එම කතා මාලාවේ එකොළොස් වැනි කොටසයි. අපි බෝ ගස යට සිට පූජා භූමිය වටා දෑස් පා කළෙමු. ඇස ගැටෙන සෑම තැනම කූඩාරම්ය. ඒ අසල විවිධ ආබාධ සහිත රෝගීන්ය. දැන් වාහල්කඩ මංගලාරාම පූජා භූමිය සුවසහන ගම්මානයකි. එගම්වාසීන්ට අඩුම, කුඩුම ගැනීමට තැන, තැන වෙළෙඳසල්ය. බෙහෙත් ඖෂධ ගැනීමට බෙහෙත් බඩු කඩයකි. ඒ ගම්මානය තුළ උස්, මිටි බේද නැත. තරාතිරම කෙබඳු වුවද සියලු දෙනාම එක හා සමානය. අතිශය සරල සහ අල්පේච්ඡ ජීවිත ගත කරන ඒ ගම්වාසීන්ට කප්පරක් බලාපොරොත්තු නැත. සියලු දෙනාට ඇත්තේ එකම බලාපොරොත්තුවකි. ඒ ලෙඩ සුවපත් වීම පමණි. ''අන්න අර කූඩාරමේ ඉන්න රෝගියා එක්ක ටිකක් කතා කරන්න...'' නායක ස්වාමීන් වහන්සේගේ හඬත් සමඟ මගේ දැහැන බිඳිණි. මොහොතකින් අපි උන්වහන්සේ පෙන්නූ කූඩාරම අසලට ගියෙමු. ඒ තුළ සිට අප ඉදිරියේ පෙනී සිටියේ තරුණ කාන්තාවකි. වයස අවුරුදු 25 කි. ඇයගේ නම සිලානි කෞශල්‍යා නවරත්නයි. කාලයක සිට වකුගඩු රෝගයකින් පීඩා විඳි ඇය මංගලාරාමයට පැමිණ සිටියේ මහනුවර හේවාහැට ප්‍රදේශයේ සිටය. ''අපි මේ පන්සලට ආවේ මාර්තු මාසෙ 23 වැනිදා. මගේ තනියට ඉන්නේ අම්මා...'' සිලානිගේ අසරණ දෙනෙත් මව දෙසට ඉඟිලිණි. අප අතර නිහඬතාවකි. වකුගඩු රෝගයක් කියලා දැන ගත්තේ කොහොමද...? අපි ඇයගේ ගොළුවතට කතා කළෙමු. ''මුලින්ම මගේ හන්දිපත් රිදෙන්න ගත්තා. ඒත් එක්කම වගේ කෙස් ගැලවෙන්න පටන් ගත්තා. අතපයවල ලප දැම්මා. මහනුවර ඉස්පිරිතාලෙට ගිහින් නතර වෙලා ප්‍රතිකාර ගත්තා. ලෙඩ ගතිය ටිකක් අඩු වුණා. ටිකට් කපලා ගෙදරත් ආවා. ටික දවසක් ඉන්නකොට ආයෙමත් ඒ රෝග ලක්ෂණම පෙන්නුම් කළා. ආයෙමත් මම ඉස්පිරිතාලෙට ඇතුළත් වුණා. ඒ වතාවේ පරීක්ෂණ කිහිපයක්ම කරලා වෛද්‍යවරු මට කිව්වා 'වකුගඩු නරක් වීගෙන එනවා, තව පරීක්ෂණ කිහිපයක් කරලා බලමු' කියලා. 2016 අවුරුද්දේ තමයි ලෙඩේ හඳුනා ගත්තේ. 2017 පෙබරවාරි වෙනකොට මගේ මුළු ඇඟම ඉදිමෙන්න පටන් ගත්තා. ඇවිද ගන්න බැරිව ගියා. ඒ වතාවේ ඉස්පිරිතාලෙට ඇතුළු වුණහම මාව පරීක්ෂා කරපු වෛද්‍යවරු කිව්වා වකුගඩු දෙකම නරක් වෙලා. දෙකම බද්ධ කරන්න වෙනවා කියලා...'' ''වකුගඩු බද්ධ කරලා මිනිස්සු දුක්විඳින හැටි ඕන තරම් ඉස්පිරිතාලේදී මම දැක්කා. ඒ විදිහට දුක්විඳිනවට වඩා මැරෙනවා හොඳයි කියලා හිතහදාගෙන වකුගඩු බද්ධ කරන එකට අකැමැති වුණා. පස්සේ ටිකට් කපාගෙන ගෙදර ආවා. හිතේ තිබුණු සියලු බලාපොරොත්තු අතහැරලා මරණයට සූදානම් වෙලා වේදනාව සඟවාගෙන සතුටින් ජීවත් වුණා. ඒ හැරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. එහෙම ඉන්නකොට තමයි 'දිවයින' පත්තරේ මේ පන්සල ගැන පළ කරන ලිපිය දැක්කේ. සති දෙක, තුනක් එකදිගට ඒ ලිපිය කියෙව්වා. ඒ කියලා තිබුණු දේවල් දැකලා මේ පන්සල ගැන මට ලොකු විශ්වාසයක් ඇති වුණා. පහුගිය මාර්තු 25 වැනිදා පන්සලට ආවා. මෙතැන ඉන්න රෝගීන් දැකලා මම පුදුම වුණා. අනිවාර්යයෙන්ම මටත් සහනයක් ලැබේවි කියලා මගේ හිත කියන්න පටන් ගත්තා. බුලත් තියලා ලෙඩේ ගැන ඇහුවට පස්සෙ 'සනීප කරන්න පුළුවන් පන්සලේ නතර වෙන්න' කියලා ස්වාමීන් වහන්සේ උපදෙස් දුන්නා. උන්වහන්සේගේ ඒ වචන ටික අහලා මගේ හිතට ලොකු සහනයක් දැනුණා. බෙහෙත් කරන්න පටන් අරගෙන දවස් අටක් විතර යනකොට කකුල්වල ඉදිමුම බැහැලා ඇවිදින්න පුළුවන් වුණා. ඇඟට දැනුණු අපහසුතා ටිකෙන් ටික අඩු වෙලා ගියා. දැන් ඇඟට කිසිම අපහසුවක් දැනෙන්නේ නෑ. තව ටික දවසකින් රෝහලකට ගිහින් වකුගඩු චෙක් කරලා බලනවා. මට හිතෙන්නෙ දැන් මගේ වකුගඩුවල අසනීපයක් නෑ කියලා තමයි...'' සිලානි දිගු හුස්මක් ගෙන හද සැහැල්ලු කර ගත්තාය. ගතට දැනෙන සනීපෙට දැන් ඇයගේ සිත ද සැහැල්ලුය. නැවුම් ජීවිත බලාපොරොත්තුවලින් තිරිහන් වන බව ඇයගේ කතාවෙන් අපට පසක් වේ. එහෙත් ඇය කියන සියලු විස්තර අසා සිටීමට කාලයක් නැත. තවත් කූඩාරමක් අසල පුංචි දරුවෙක් වඩාගෙන මවක් අප එන තෙක් දැස් දල්වා බලා සිටින්නීය. ඉර මුදුන් සමයමේ අවට ඇවිලෙන්නේය. පෑගෙන වැලි කැට ගිනි පුපුරු වැනිය. ගිනියමින් දැවෙන එවැනි මොහොතක හුළං කවුළුවක් හෝ නැති කූඩාරමක වාසය කිරීම ගතට පමණක් නොව, ඉහ මොළ ද රත් වෙන ගානය. එහෙයින් බොහෝ රෝගීන්, භාරකරුවන් කූඩාරම් ඉදිරිපිටට පැමිණ සිටින අයුරු පෙනේ. කූඩාරම් අතරින් පියවර මනිමින් පුංචි දරුවකු ඇකයේ හොවාගෙන පෙර මඟ බලා සිටි කාන්තාව අසල අපි නතර වීමු. ඇය ශ්‍රියා කුමාරිය. ගම් පළාත කලාවැව විජිතපුරය. තිස්හය හැවිරිදි ඇය තිදරු මවකි. මංගලාරාම පින්බිමට පැමිණ සිටින්නේ ඇයගේ තෙවැනි දරුවා වන එසිනි සත්සරණි පුංචි දියණිය සුවපත් කරගැනීමටය. දැන් අපි ශ්‍රියාගේ කතාව ද අසා සිටිමු. ''මේ මගේ තුන්වැනි දරුවා. අපේ පරම්පරාවටම ඉන්න එකම ගැහැනු දරුවා. දුව ඉපදිච්ච දවසේ අපේ මුළු පවුලම පුදුම විදිහට සතුටු වුණා. ඒත් ඒ සතුට මාස හයක් තිබුණේ නෑ. හිටි ගමන් දුවගේ ඇහි බැමි ඉදිමෙන්න පටන් ගත්තා. කලාවැව ඉස්පිරිතාලේ වෛද්‍යවරයාට පෙන්නුවම දුවව පරීක්ෂා කරලා අසනීපයක් නෑ. ඒත් පුංචි පරීක්ෂණයක් කරලා බලමු කියලා මුත්‍රා පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණයෙන් පස්සේ වෛද්‍යවරයා කිව්වා 'මුත්‍රා එක්ක ප්‍රොaටීන් පිට වෙනවා... දරුවගේ වකුගඩුවල ආබාධයක් තියෙනවා' කියලා. 'මේ වගේ පුංචි දරුවකුට වකුගඩු අමාරු හැදිලා කියලා දැන ගත්ත පළමු අවස්ථාව කියලා වෛද්‍යවරුත් පුදුම වුණා...'' ''පස්සෙ අනුරාධපුර රෝහලට ඇතුළත් වුණා. වෛද්‍යවරු පරීක්ෂණ කිහිපයක්ම කරලා බලලා 'අවුරුදු එකහමාරට අඩු දරුවන්ට බෙහෙත් නෑ. වකුගඩු රෝගීන්ට දෙන ඖෂධවලින් අටෙන් එකක් දීලා බලමු කියලා වෛද්‍යවරු අපිට කිව්වා. සතියක් විතර බෙහෙත් දුන්නා. ඒත් කිසිම අඩුවක් වුණේ නෑ. දවසින්, දවස දරුවා ඉදිමෙන්න ගත්තා. පස්සේ අපි දරුව වෙනත් රෝහලකට අරගෙන ගිහින් නේවාසිකව ප්‍රතිකාර ගත්තා. ඒ ඉස්පිරිතාලේ වෛද්‍යවරු පරීක්ෂණ කරලා දරුවට වැළඳිලා තියෙන්නේ ජාන වකුගඩු රෝගයක් කියලා අපිට දැනුම් දුන්නා. ඒත් ඒ වෙනකොට අපේ පවුලේ කිසිම කෙනකුට වකුගඩු රෝගය හැදිලා තිබුණේ නෑ...'' ''දුව සනීප කරන්න වෛද්‍යවරුත් උපරිම උත්සාහ කළා. පුංචි අත් දෙකෙන් ලේ අරගෙන පරීක්ෂණ කරනවා ඉවරයක් නෑ. පුංචි අතපයවලින් ලේ ගන්නවා මට බලාගෙන ඉන්න බැරි වුණා. පස්සේ මම මහත්තයා එක්ක කතා කරලා දුවට සිංහල බෙහෙත් කරමු කියලා ටිකට් කපාගෙන ගෙදර එක්කරගෙන ආවා. ඒ එනකොට මහත්තයාගේ යාළුවෙක් කතා කරලා මේ පන්සල ගැන අපිට කිව්වා...'' ඊට පහුවෙනිදාම අපි මේ පන්සලට ආවා. ඒ එනකොට දරුව හොඳටම ඉදිමිලා. දකින අය බය වුණා. නායක හාමුදුරුවෝ දුව බලලා පිරිත් පැන් බොන්න දුන්නා. අපි චෛත්‍ය වහන්සේ ළඟට ගිහින් භාරයක් වුණා. දවස ගානේ බෝධි පූජා පැවැත්තුවා. පන්සලට ඇවිත් අදට දින හතරයි. තවම දරුවට ඖෂධ ප්‍රතිකාර පටන් ගත්තේ නෑ. අදටත් පිරිත් පැන් දෙනවා. බෝධි පූජා පවත්වනවා විතරයි. අඬන්නේ නැතුව හිටිය මගේ පැටියා දැන් හොඳට අඬනවා. බඩගිනි වුණහම කිරි ඉල්ලලා කෑගහනවා. ඇඟේ ඉදිමුමත් බැහැලා ගිහින්. දුව ටිකෙන් ටික සනීප වෙනවා කියලා දැන් මට හිතෙනවා. පත්තිනිs මෑණියන්ට බුදු බව අත් වෙන්න මගේ චූටි දුව හිනා වෙලා ඉන්නවා. මේ කරන සත්කාරයට නායක ස්වාමීන් වහන්සේ නිවන් දකින්න ඕනෑ. පින් දෙනවා හැරෙන්න හමුදුරුවන්ට වෙන දෙන්න දෙයක් නෑ. මේ පන්සලේ පින්කැටයක්වත් නෑ...' පුංචි සිඟිත්තියව තුරුලු කර ගත් ශ්‍රියා බෝ ගස දෙසට හැරී පින් දෙන්න පටන් ගත්තාය. දෑස් ලොකු කරගෙන පුංචි සත්සරණි මවගේ මුව දෙස බලා සිටින්නීය. කිරිකැටි මුහුණේ දැන් ඉදිමුම් ගති නැත. පුංචි සිඟිත්තිය සාමාන්‍ය දරුවකු සේ කතාබහ කරති. පිපෙන්නට පෙර පර වෙන්නට ගිය සත්සරණි මංගලාරාමයේ සරණින් තව බොහෝ කාලයක් පීපී සුවඳ හමන බව නම් සිකුරුය. දැනුදු පුංචි සත්සරණිගෙන් ඒ සුවඳ විහිදේ. ඒ සුවඳ විඳිමින් අපි ඔවුන්ට සමුදුන්නෙමු. වාහල්කඩ ඉසිවර අරණේදී පිළිපැදිය යුතු කරුණු කිහිපයක් තිබේ. ඒවා මෙසේය. රෝගීන් භාරගනු ලබන්නේ බදාදා සහ සෙනසුරාදා දිනයන්හි පමණි. එමෙන්ම ස්වාමීන් වහන්සේ පරීක්ෂා කරනු ලබන්නේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සූදානම් වී පැමිණි රෝගීන් පමණි. එසේ පැමිණෙන රෝගීන් අනිවාර්යයෙන් බුලත් කොළ නවයක් රැගෙන ආ යුතුය. උපන් දිනය සහ ලග්නය දැන සිටිය යුතුය. ප්‍රතිකාර ලබාගැනීමට අවම වශයෙන් දින 21 ක් හෝ ඊට වැඩි කාලයක් පින්බිමේ නේවාසිකව රැඳී සිටීමට හැකි විය යුතුය. එසේ නතර වීමට නොහැකි අය ප්‍රතිකාර ඇසීමෙන් වැළකී සිටීම තවත් රෝගියකුට කරන උපකාරයකි. එක් වතාවකට බෙහෙත් ඇසීමට අවස්ථාව ඇත්තේ පවුලක එක් පුද්ගලයකුට පමණි. එමෙන්ම රෝගීන්ගේ සුවදුක් බැලීමට පැමිණීමේදී නිකරුණේ බෙහෙත් ඇසීමෙන් වැළකිය යුතුය. බෙහෙත් ඇසිමේදී පැහැදිළි වචනයෙන් පිළිතුරු ලබාදීම අනිවාර්යයි. පින්බිම තුළදී කායික හා වාචික සංවරය රැකගෙන විනීතව හැසිරිම මනුෂ්‍ය ගුණාංගයක් බව ද මතක තබාගැනීම වඩාත් යහපත්ය. එමෙන්ම මේ පින්බිම ගැන අපට ලබාදිය හැකි තොරතුරු සීමිතය. විහාරස්ථානයේ හෝ ප්‍රතිකාර කරනු ලබන මංගලාරාමාධිපති වහන්සේ ද දුරකථන පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බැවින් අපට ලබාදිය හැක්කේ වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගයේ විස්තර පමණි. එහෙයින් අපි ඔබගේ පහසුව සඳහා වාහල්කඩ මංගලාරාමයට යන ගමන් මාර්ගය මෙසේ සටහන් කර තබමු. අනුරාධපුරය, මැදවච්චිය, පදවි ශ්‍රීපුර හරහා කැබිතිගොල්ලෑව, වාහල්කඩ. පැමිණෙන රෝගීන්ට සරණක් ලෙස කැබිතිගොල්ලෑවේ සිට පැමිණෙන වාහල්කඩ බස් රථ මංගලාරාමය ඉදිරිපිට නතර කරනු ලැබේ. තරංග රත්නවීර කැබිතිගොල්ලෑව - සේනානායක ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 May 2017 07:45 PM පාරම්පරික වෙදකමින් වායු ගෙඩි සුව කළ හැකියි ප්රශ්නය - පසුගිය මාස කිහිපය තිස්සේ අප ඔබ සමඟ රෝග විශාල ප්‍රමාණයක් ගැන කතා කළා. ආත්රයිටිස්, හෘද රෝග, පිළිකාව, වකුගඩු රෝග යනාදිය මේ යටතේ සාකච්ඡාවට ගැනුනා. අද අප ඔබ සමඟ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීම හෙවත් වායු ගෙඩි ලෙස හැඳින්වෙන රෝගය ගැනයි. බටහිර වෛද්‍ය ක්‍රමය තුළදී මේවා සැත්කම් මගින් ඉවත් කිරීම තමයි බොහෝ විට සිදු කෙරෙන්නේ. අපට පළමුවෙන් ම කියන්න මේ රෝගය සැත්කම්වලින් තොරව සුව කළ හැකිද කියලා. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ස්ථිර වශයෙන්ම සුව කළ හැකියි. ගලගණ්ඩය, වායු ගෙඩි යන නමින් හැඳින්වෙන මේ රෝග තත්ත්වයේ ස්වභාවය පිළිබඳව ඔබට හඳුන්වා දෙන්නම්. මනුෂ්‍ය ශරීරයේ තිබෙනවා අන්තරාසර්ග පද්ධතිය ලෙස හැඳින්වෙන ඉන්ද්‍රියන් සමූහයක්. මේ පද්ධතියට අයත් ඉන්ද්‍රියයක් වන තයිරොයිඩ් ග්‍රන්ථිය පිහිටා ඇත්තේ ගෙල ආශ්‍රිතවයි. ශරීරයේ ක්‍රියාකාරකම් රැසක්ම පාලනය කිරීමට මෙකී අන්තරාසර්ග පද්ධතිය බලපානවා. තයිරොයිඩ් ග්‍රන්ථිය විසින් ශරීරයට අත්‍යවශ්‍ය හෝමෝන නිපදවනු ලබනවා. ශරීරය තුළ ශක්තිය නිපදවීම සහ එම ශක්තිය ප්‍රයෝජනයට ගැනීම යන කරුණු දෙක ක්‍රියාත්මක කරන්නේ තයිරොයිඩ් මගින් නිපදවන මේ හෝමෝන මගිනුයි. තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් වැඩිපුර හෝමෝන නිපදවනවා නම් ශරීරය තුළ විවිධ විපර්යාස හටගෙන රෝග ඇති වෙනවා. අඩුවෙන් හෝමෝන හැදුණත් තත්ත්වය එයමයි. තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධ කරගෙන ප්‍රධාන රෝග වර්ග හතරක් හට ගන්නවා. Hashimoto රෝගය, Graves රෝගය, ගලගණ්ඩය හෙවත් වායුගෙඩි (goiter) සහ තයිරොයිඩ් ගැටිති යනාදිය මේ රෝග හතර වන අතර ඉන් එක් එක් රෝගය ගැන සාකච්ඡා කරමු. Hashimoto රෝගය උග්‍ර වසා ගැටිති තයිරොයිඩ් රෝගය ලෙස හඳුන්වන මෙය ඕනෑම වයස් සීමාවක කෙනකුට වැළඳෙන අතර ඇමරිකාවේ බහුලතම තයිරොයිඩ් රෝගයයි. හැම වයස් සීමාවකටම පොදු වුණත් මෙය මැදි වියේ කාන්තාවන්ට වැළඳීමේ ප්‍රවණතාව ඉහළයි. මෙහිදී සිදුවන්නේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් තයිරොයිඩ් ග්‍රන්ථිය සතුරකු සේ හඳුනාගෙන ක්‍රමයෙන් එයට පහර දී විනාශ කිරීමයි. එවිට තයිරොයිඩය මගින් හෝමෝන නිපදවීම නතර වී අදාළ පුද්ගලයා රෝගී වෙනවා. මේ රෝගය මුලදී රෝග ලක්ෂණ පෙන්වනවා අඩුයි. එය තයිරොයිඩ් ග්‍රන්ථිය තුළ මුල් බැසගෙන දිගු කලක් පවතිනවා. මේ රෝගයට අදාළ රෝග ලක්ෂණ වෙනත් රෝග බොහොමයකට පොදු ලක්ෂණ හා සමාන නිසා බාහිරව කෙරෙන රෝග නිශ්චය කටයුත්තකදී හඳුනා ගැනීම දුෂ්කරයි. ඉහත සඳහන් රෝග ලක්ෂණ මේවායි. 1. අධික මහන්සිය 2. ආතතිය 3. මළ බද්ධය 4. සුළු වශයෙන් ශරීරයේ බර වැඩිවීම. 5. සම වියළීම. 6. හිස කෙස් වියළි තුනී ස්වභාවට පත්වීම. 7. මුහුණ ඉදිමී දුර්වල ස්වභාවයක් ගැනීම. 8. ඔපස් වීමේදී ප්‍රමාණය ඉක්මවා රුධිරය වහනය වීම මෙන්ම ඔසප් චක්‍රයේ අක්‍රමවත් භාවයන් ඇතිවීම. 9. තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීම. හෂිමොටෝ රෝගය වැළඳී තිබේද යන්න නිශ්චය කර ගැනීමට තිබෙන හොඳම ක්‍රමය තමයි ආයුර්වේද හෝ බටහිර වෛද්‍යවරයකුගේ උපදෙස් අනුව TSH නමැති රුධිර පරීක්ෂණය කරගැනීම. බටහිර වෛද්‍ය විද්‍යාවේ හැටියට මෙයට ප්‍රතිකාර නැහැ. නිතරම වාගේ සිදුවන්නේ තයිරොයිඩ් හෝමෝන එම ග්‍රන්ථියට ලබා දීමයි. එය තාවකාලික විසඳුමක්. එහෙත් පාරම්පරික වෙදකමේ මේ රෝගයට ප්‍රතිකාර තිබෙනවා. ඒවා හඳුන්වා දීමට පෙර ඉතිරි තයිරොයිඩ් රෝග තුන ගැන ඉදිරි සතිවලදී සාකච්ඡා කරමු. නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 May 2017 07:52 PM ඉරුවාරදයට දෙන කසායේ ගුණය හැදෙන්නේ මෙහෙමයි ප්රශ්නය - පසුගිය සතියේදී ඔබ අපට දුන්නා ඉරුවාරදය නමැති රෝගයට ප්රත්යක්ෂ ගුණ දෙන කසායක්. අද අප බලාපොරොත්තු වන්නේ ඒ කසායේ අඩංගු ශාකමය ඖෂධවල ගුණ දොස් ගැන සාකච්ඡා කිරීමටයි. ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - මේ කසායට බෙලි, මිදි, තොටිල, ඇත්දෙමට, පළොල් යන ශාකවල මුල් වගේම අස්වැන්න, පොල්පලා, කටුවැල්බටු, එළබටු, හීන් නෙරංචි යනාදියෙහි මුල් අපි එකතු කරගන්නවා. දැන් අපි බලමු මේ ශාකවල ගුණය කුමක්ද කියලා. 1. බෙලි - (Aegle marmelos) මේ ශාකය සම්පූර්ණයෙන් ම ආයුර්වේදීය ගුණ දෙනවා. මෙහි මුල්වල xanthotoxin, umbeli ferone, marmesin, marmin, skimming යන ද්‍රව්‍ය අඩංගු වෙනවා. බෙලි මුල ඉතා පහසුවෙන් ජීර්ණය වන දෙයක්. බෙලි ගසට අයත් පෝෂ්‍ය පදාර්ථ වැඩියෙන්ම පිහිටි කොටස ලෙස මුල් හැඳින්විය හැකියි. එය ඉතා මිහිරි රසයෙන් යුක්තයි. ඒ වගේම මනුෂ්‍ය ශරීරයේ හටගන්නා ප්‍රදාහ තත්ත්වයන් සමනය කිරීමේ අපූරු හැකියාවක් එම මුල් තුළ තිබෙනවා. උදරයේ හට ගන්නා මස් පෙරළීම, බඩවැලේ හටගන්නා තුවාල සුවපත් කිරීමේ බලය බෙලි මුල්වල තිබෙනවා. 2. මිදි - මෙය අප කවුරුත් දන්නා Grapes හෙවත් මිදි සෑදෙන වැල් වර්ගයේ මුල් නොව කුඩා ගස් වශයෙන් සෑදෙන ලංකාවට ආවේණික ශාකයකි. ශරීරයේ උෂ්ණ දාහය සමනය කිරීමට යොදා ගනු ලැබේ. 3. තොටිල - (oroxilum indicum) තිත්ත රසය ඇති රුක්ෂ ගුණය සහිත ශීත විර්යයෙන් සමන්විත තොටිල ශාකය අධික වේදනා ඇති කරන ප්‍රදාහ තත්ත්වයන් සමනය කළ හැකි ශාකයක්. ත්‍රිදොaෂ සමනය කිරීමේ බලය තොටිල සතුයි. 3. ඇත්දෙමට - ඇත්දෙමට මුල් ප්‍රධාන වශයෙන් ගනු ලබන්නේ දශමූලාරිශ්ටය සෑදීමටය. රක්තාතීසාරය සමහන් කිරීමේ බලය ඇති ඇත්දෙමට මුල් කසායට යෙදූ විට ආහාර අරුචිය නැති කරයි. මෙය ආම වාත රෝග සුව කිරීමට ඉතා සුදුසුය. මළ බද්ධය, අර්ශස් යනාදියට බෙහෙවින් ගුණදායකය. 4. පලොල් (Stereospermum chelonoides) වඳ වී යැමේ තර්ජනයට මුහුණ පා ඇති දුර්ලභ ශාකයක් වන පලොල් ශ්‍රී ලංකාවට ආවේණිකය. ශීර්ෂ රෝග සඳහා ඉතා ගුණදායකය. 5. අස්වැන්න (Alysicarpus vaginalis) ස්වදේශික ශාකයක් වන මෙය මුත්‍ර වාහිනී පද්ධතියේ ආබාධ, මැලේරියාව, උණ රෝග, ක්‍රිමි රෝග, අතීසාරය, ඉදිමුම්, ගොනෝරියා, සමාජ රෝගය යනාදියට ඖෂධ සෑදීමට යොදා ගනු ලැබේ. ශරීරයේ රුධිරය පිරිසිදු කිරීමේ හැකියාව ඇත. පොල්පලා (Aerva Javanica) මෙම පැළෑටිය ශරීරයේ හටගන්නා ඉදිමුම්, කැස්ස, හිසේ වේදනාව, මුත්‍ර රෝග, මුත්‍ර බොක්කේ ගල් හට ගැනීම යන රෝග සුවපත් කරනු ඇත. කටුවැල්බටු (Solanum Virginianum) කැස්ස, ඇදුම, උණ, පපුවේ වේදනාව, අත්වල වේදනාව, ගොනෝරියා, පීනස, ක්‍රිමි රෝග, ශ්වේත ප්‍රදරය, ලිංගික දුර්වලතා, හිසකෙස් යැම (alopecia areatra) වමනය, මුත්‍රා ආබාධ, ආහාර අරුචිය, වකුගඩු රෝග, ක්ෂය රෝගය, උදර රෝග, හිසේ වේදනාව යනාදියට සුව දෙයි. එලබටු (solanum melongena) සිරුරේ වේදනාව, හෘදයාබාධ, ඇදුම, කැස්ස, අර්ශස් රෝගය, උණ, මුහුණේ පේෂීන්, අංශභාග රෝගයට ලක්වීම, ශ්‍රොaණික රක්තය, ශෝථය යන රෝගවලට ගුණ දෙයි. නෙරෙංචි (Tribulus terrestis) වකුගඩු ආබාධ, මුත්‍ර රෝග, මුඛ රෝග, ඔසප් ආබාධ යනාදියට අත් දුටු ඔසුවකි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 27 May 2017 07:59 PM ලිපි ගොඩක් දාලා... අද නම් කියවන්න බැරිවෙයි වගේ.. සේව් කරගෙන පස්සේ කියවනවා... 0 You are not authorized to post a reply. Page 15 of 137 << < 1314151617 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner