Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 16 of 137 << < 1415161718 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 27 May 2017 08:00 PM ආත්රයිටිස් වේදනාව මේ විදියට අඩුකර ගනිමු ප්රශ්නය - පසුගිය මාස කිහිපය තුළ ඔබ සමඟ කළ සාකච්ඡාවලදී අපට දැන ගන්නට ලැබුණා ආත්රයිටිස් රෝගීන්ට භාවිතා කළ හැකි දේශීය කසාය වර්ග සහ ආයුර්වේද ආලේපන වර්ග. මීට අමතරව ආයුර්වේද ඖෂධ සහිත පොට්ටනි මගින් සන්ධි තැවීමත් ආයුර්වේදයට අයත් නේද? වෛද්‍ය වසන්ත උදයජීව - සන්ධි හෝ ඉදිමුම් හටගත් තැන් තැවීම ආයුර්වේදයේ මෙන්ම දේශීය සිංහල පාරම්පරික වෙදකම තුළත් ඉතාම ප්‍රචලිතයි. අද මා ඔබට ඉදිරිපත් කරනවා අත්දුටු තැවිල්ලක්. මෙය අපේ වෙද පරම්පරාව ශත වර්ෂ කිහිපයක් තිස්සේ රෝගීන්ට නියම කළ තැවිල්ලක්. ඒ සඳහා පොට්ටනි සාදා ගන්නේ මෙහෙමයි. අවශ්‍ය ඖෂධ වර්ග මුරුංගා කොළ මුරුංගා පොතු පාවට්ටා කොළ නික කොළ බෙහෙත් එඬරු අබ - සුදුළුනු මේ සියල්ල අමුවෙන් ලබාගැනීම තමයි වඩා යෝග්‍ය. මෙයින් මිට බැගින් ගෙන සෝදා පිරිසිදු කර කොටා, පොල් විනාකිරි දමා අනා ගන්න.ඉන් පසුව පොට්ටනි දෙකක් වන සේ බැඳ වණ්ඩුවේ තම්බා මඳ රස්නය තිබියදී ආත්රයිටිස් ආසාදිත සන්ධි තවන්න. මෙය උදේ සවස කළ යුතුයි. දිනපතාම කළ හැකි නම් ඉතාම හොඳ ගුණ දෙනවා. මෙය රුක්ෂ ගුණය සහිත ඖෂධයක් හැටියට තමයි සැලකෙන්නේ. දැන් අපි මීළඟට බලමු මේ ඖෂධවල තිබෙන ගුණ මොනවද කියලා. මුරුංගා Terminalia Ferdinandiana යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මුරුංගා ශාකය ඔස්aටේ්‍රලියාව මුල්බිම කරගත් අතර පසු කාලයේදී ආසියාවේ ව්‍යාප්ත වුණා. මුරුංගා පත්‍රය විටමින්, ඛනිජ ලවණ, අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, ශරීරයේ විෂ නසන ගුණය යනාදියෙන් පරිපූර්ණයි. මෙය දියවැඩියා නාශකයක්. ප්‍රදාහය පාලනය කර සුවපත් කරන්නක්. කොලෙස්ටරෝල් නැති කරන ගුණය හා හෘද රෝග වැළැක්වීමේ හැකියාව මෙහි තිබෙනවා. ජලය පිරිපහදු කිරීමේදී මුරුංගා ඇට යෙදීමෙන් කෘත්‍රිම ද්‍රව්‍ය යොදනවාට වඩා ප්‍රයෝජන ලබා ගත හැකියි. පාවට්ටා (මෙහි ගුණාගුණ පසුගිය සතිවලදී මේ පිටුවේ පළවුණා) නික කොළ - Vitex negundo - ආසියාව පුරාත්, අප්‍රිකා මහද්වීපයේ කුඩා කොටසකත් තිබෙන නික ශාකය දද, කුෂ්ට, පටිපණු රෝගය සහ වෙනත් චර්ම රෝග සඳහා යොදා ගන්නා ඖෂධයක්. අක්මාවේ රෝග, ප්ලීහාව ඉදිමීම, රූමැටික වේදනා, වාතරක්තය, ශරීරය මතුපිට හටගන්නා තුවාල සහ කොන්දේ අමාරු සඳහා යොදා ගන්නවා. මෙය හෘද රෝග සඳහා ඖෂධ තැනීමේදී ඉතා වැදගත් වන ශාකයක්. අබ - අබ ඇටය කුළු බඩුවක් වීමට පෙරදී තිබුණේ ඖෂධයක් ලෙසයි. ගෝනුසු විෂ මර්දනය කළ හැකි බෙහෙතක් ලෙස අබ යොදා ගැනීම ක්‍රි. ව. 600 දී ග්‍රීසියේ පයිතගරස්a කටයුතු කළා. ඉන් වසර 100 කට පසු හිපොක්‍රටීස් (නූතන වෛද්‍ය ශාස්ත්රයේ පියා) අබ යොදාගෙන ඖෂධ තැනුවා. ආයුර්වේදයට අනුව මෙය විෂබීජ නාශක, බැක්ටීරියා නාශක, වෛරස් නාශක, උදරයේ ආම්ලිකතාවය සමනය කරන ඖෂධයක්. කොන්දෙ වේදනාව,සන්ධි වේදනාව, ආහාර දිරවීමේ අපහසුතා, ඉක්කාව යනාදියටත් මළ බද්ධයටත්, මාංශ පේෂීන්වල තද ගතිය නැති කිරීමටත් අබ යොදා ගන්නවා. මේ මගින් පිත සහ කඵ මර්දනය කරනවා. අඹරන ලද අබ 1 කොටසක් මත්පැන් කොටස් 40 ක් සමඟ මිශ්‍රකර සාදන ලද දියරය ආත්රයිටිස් නිසා වේදනා ගෙන දෙන සන්ධි මත ආලේප කළ විට වේදනාව නැතිව යන බවයි පිළිගැනීම. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 May 2017 08:14 PM පුරස්ථිත ඉදිමීම අවදානම් හැබැයි සුව කළ හැකියි ප්රශ්නය - පසුගිය සතියේ අප PHB රෝගය හෙවත් Benign Prostate Hyperplasia කියන රෝගය ගැන කතා කළා. ආයුර්වේදයේ සඳහන් වාතාශ්ටිලා රෝගය සහ BHP රෝගය සමාන බව ඔබ අපට පෙන්වා දුන්නා. BHP රෝගයේදී සිදුවන පුරස්ථිත ග්‍රන්ථියේ ඉදිමීම ගැනත් ඔබ කරුණු පැහැදිලි කළා. පුරස්ථිත ග්‍රන්ථිය ඉදිමෙන්නේ ඇයි? විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - පිරිමියකු මහලු වියට පත්වන විට පුරස්ථිත ග්‍රන්ථිය ඉදිමීම සුලබ සහ සාමාන්‍ය තත්ත්වයක්. මෙය කෙතරම් සාමාන්‍යද යත් කෙනෙකු මහලු වන අතර හිසකෙස් සුදු වීමත්, පුරස්ථිතය ඉදිමීමත් සිදුවන බවට කියමනක් පවා තිබෙනවා. වයස අවුරුදු 60 ආසන්න වන පිරිමින්ගෙන් 50% කට මේ රෝගය තිබෙනවා. වයස 85 වන පිරිමින්ගෙන් 90% කට මෙය හටගන්නවා. පිරිමින්ගේ මුත්‍ර වහනය සිදු වන්නේ මුත්‍රා බොක්කේ සිට මුත්‍ර වාහිනිය ඔස්සේ. පුරස්ථිතය මැදින් තමයි මුත්‍රා වාහිනිය ගමන් කරන්නේ. පුරස්ථිතය ඉදිමෙන්නට පටන් ගත් විට ක්‍රමයෙන් මුත්‍රවාහිනිය තෙරපෙන්නට පටන් ගන්නවා. මේ නිසා මුත්‍ර වහනයට බාධා ඇතිවෙනවා. පුරස්ථිතය ඉදිමෙන්නට පටන් ගත්තාම එහි සෛල ප්‍රමාණයෙන් ඉහළ යන්නට පටන් ගන්නවා. එතකොට නිsසි පරිදි මුත්‍රා පිටකර ගැනීමට බැරිව රෝගියා පීඩා විඳින අතර මුත්‍රා පිටකිරීම තටමමින් කිරීමට සිදුවෙනවා. වෙනදා රාත්‍රියට එක් වරක් පමණක් මුත්‍රා කරන කෙනෙකුට දහ දොළොස් වතාවක් අවදි වෙමින් මුත්‍රා බැහැර කරන්නට සිදුවෙනවා. ඒ එක්කම මුත්‍රා බොක්කේ මාංශ පේෂි ඝනකම් වීමටත් දැඩි වීමටත් පටන් ගන්නවා. මේ සියලු කරුණු නිසා පුරස්ථිත ග්‍රන්ථිය ඉදිමුණ කෙනෙක් මුත්‍රා කරන විට මුත්‍රා බොක්ක සම්පූර්ණයෙන් ම හිස් වන්නේ නැහැ. පුරස්ථිතය ඉදිමීමේ රෝග ලක්ෂණ පහත සඳහන් වෙනවා. 1. මුත්‍රා පිට කිරීමේදී මුත්‍රා ධාරාව ඉතා සෙමින් දුර්වල ලෙස ගලා යැම. 2. මුත්‍රා බොක්ක සම්පූර්ණයෙන් හිස් නොවූ බවට දැනීමක් සහ හැඟීමක් හට ගැනීම. 3. මුත්‍රා පහ කිරීම පටන් ගැනීමට දුෂ්කර වීම. 4. නිතර නිතර මුත්‍රා පහ කිරීමට සිදුවීම. 5. මුත්‍ර පහ කිරීමේ හදිසි අවශ්‍යතා මතුවීම. 6. රාත්‍රි කාලයේදී නිතර නිතර අවදි වෙමින් මුත්‍ර පහ කිරීම. 7. මුත්‍ර පහ කිරීමෙන් විනාඩි කිහිපයකට පසු නැවතත් එම අවශ්‍යතාව හට ගැනීම. ප්රශ්නය - මෙහි අවදානමක් තිබෙනවද? විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - ස්ථිර වශයෙන් ම තිබෙනවා. මුත්‍රා බොක්ක තුළ මුත්‍ර එකතු වී දිගින් දිගටම තිබුණාම මුත්‍ර මාර්ගයේ ආසාදන ඇති විය හැකියි. ඉන් පසු මුත්‍රා බොක්කේ ගල් හට ගැනීමේ අවදානමක් ඇති වෙනවා. මුත්‍ර සමඟ රුධිරය එකතු වීම සහ උග්‍ර මුත්‍ර අඩස්සියක් ඇති විය හැකියි. මේ සියල්ලේම අවසන් ප්‍රතිඵලය විය හැක්කේ මුත්‍ර බොක්ක සහ වකුගඩු හානියට පත් වීමයි. ප්රශ්නය - පුරස්ථිත ග්‍රන්ථි ශරීරයට අත්‍යවශ්‍ය ද? විශේෂඥ වෛද්‍ය පුෂ්පකුමාර - පිරිමියකුගේ ලිංගික ජීවිතයේ වැදගත්ම කාර්යභාරයක් ඉටු කරන ඉන්ද්‍රියක් ලෙස පුරස්ථිතය සලකන්නට පුළුවන්. ශුක්‍ර නිෂ්පාදනය වීම වෘෂණ කෝෂ තුළ සිදුවන අතර එය පුරුෂ ලිංගයෙන් බැහැරට ගෙන යන ශුක්‍ර තරලය නිෂ්පාදනය කරන්නේ පුරස්ථික ග්‍රන්ථිය මගිනුයි. පිරිමියෙක් ක්‍රමයෙන් වැඩිවියට පත්වන අතර අවස්ථා දෙකකදී පුරස්ථිත ග්‍රන්ථිය වර්ධනය වෙනවා. මුලින්ම නව යොවුන් වියේදී පුරස්ථිකය දෙගුණ වෙනවා. පසුව අවුරුදු 25 දී පමණ නැවත එය වර්ධනය වෙනවා. ඉන්දියානු ආයුර්වේදයේ එන හැටියට පුරස්ථිත ග්‍රන්ථිය ඉදිමීම සමනය කිරීම සඳහා වට්ටක්කා ඇට ඉතා හොඳ ඖෂධයක්. දිනකට දෙවරක් කැරට් යුෂ මිලි ලීටර් 500 බැගින් හෝ නිවිති යුෂ මි. ලී. 200 ක් සහ කැරට් යුෂ මි. ලී. 300 ක් මිශ්‍රකර පානය කිරීමෙන් හෝ පුරස්ථිකය ඉදිමීම වළක්වා ගත හැකිය. වට්ටක්කා ඇට නම්, වියළා ග්‍රෑම් 90 ක් පමණ කුඩුකර එළවළු සමඟ මිශ්‍ර කර අනුභව කළ යුතුයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 May 2017 08:20 PM සුදු කබරවලට අත්දුටු ආලේප 4 ක් ප්රශ්නය - sLeucoderma එහෙමත් නැත්නම් Vitiligo ලෙස හඳුන්වනු ලබන සුදු කබරය රෝගය හැදුන විට ආහාර විහරණ කළ යුත්තේ කොහොමද? වෛද්‍ය ශ්‍රී ලක්මාල් සුගතදාස - තිත්ත රස සහිත එළවළු වැඩිපුර ආහාරයට ගත යුතුයි. කතුරුමුරුංගා මැල්ලුම්, කරවිල වැනි දේ යෝග්‍යයි. ඒ වගේම මුරුංගාත් ඉතාම හොඳයි. ඒ එක්කම ජීරණය වීමට අපහසු බර ආහාර නොගත යුතුයි. ලුණු ඇඹුල් වැඩි තක්කාලි, ජාඩි, බල කරවල, මුදවපු කිරි, මත්ස්‍ය වර්ග, තල ඇට යනාදිය ආහාරයට නොගත යුතුයි. මසුන් සහ කිරි වැනි විරුද්ධාහාර අනුභව නොකළ යුතුයි. අධික ශීතල සහ අධික උණුසුම සහිත පරිසරවලින් ඉවත් වී සාමාන්‍ය සමශීතෝෂිත සහිත පරිසරයක ජීවත් විය යුතුයි. ප්රශ්නය - මේ සඳහා දේශීය අමුද්‍රව්‍ය ඇසුරෙන් සෑදිය හැකි බෙහෙත් තිබෙනවද? වෛද්‍ය ශ්‍රී ලක්මාල් සුගතදාස - ඔව් තිබෙනවා. මුලින්ම කියන්නම් ආයුර්වේද ප්‍රතිකාරයක්. දෙවනුව දේශීය වෛද්‍ය ප්‍රතිකාරයක් කියන්නම්. 1. ආයුර්වේද ප්‍රතිකාර - පිරිසිදු කහ කුඩු ග්‍රෑම් 500 ක් පිsරිසිදු වතුර ලීටර් 8 ක් සමඟ මිශ්‍රකර ලීටර් 1 ක් දක්වා සිඳෙන තුරු උතුරුවන්න. ඉන්පසු මේ ද්‍රdවණය ෆිල්ටරයකින් පෙරා අබ තෙල් ලීටර් භාගයක් ඉතා හොඳින් කලවම් කර සුදු කබර පැල්ලම් මත දිනකට දෙවරක් ආලේප කරන්න. 2. සියඹලා ග්‍රෑම් 50 ක් දින 4 ක් වතුරේ පොඟවන්න. පසුව ඒවා වියෑලෙන්නට හැර හොඳින් අඹරන්න. ඒවා කුඩු බවට පත් වු පසු ජලය ස්වල්පයක් සමඟ අනා සුදු කබර පැල්ලම් මත දිනපතා ගාන්න. අබ තෙල් සහ කහ කුඩු එකට මිශ්‍ර කර දිනපතා දෙවරක් කබර පැල්ලම් මත ගාන්න. දේශීය ප්‍රතිකාරය - මුව අං කුඩු ග්‍රෑම් 100 ක් පුළුස්සා එම අළු කීකිරිදිය යුෂ සමඟ මිශ්‍ර කර අව්වේ තබා කකාරාගන්න. කැකෑරීම ඉර නැගෙන වෙලාවේ සිට බැස යැම දක්වා කළ යුතුයි. ඉන් පසු මේ ආලේaපය සුදු කබර පැල්ලම්වල දිනපතාම ගෑ යුතුයි. මෙය අත්දුටු ප්‍රතිකාරයක්. අපි දැන් බලමු මුව අං කියන්නේ නිසැකවම කැල්සියම් විශේෂයක්. මේවා පිළිස්සුවාට අළු හුණු වැනි අවක්ෂේපයක් එනවා. එය ක්ෂාරයක්. ඊළඟට ගනිමු කීකිරිදිය. මෙය චර්ම රෝග සඳහා ඉතාම ගුනදෙන බෙහෙතක්. ඇයි මේ මිශ්‍රනය අව්වෙන් කකාරන්නේ. ඒ කැකෑරිල්ල ගින්දරවලින් කරන්න ගියොත් ඖෂධයේ තිබෙන ගුනය නැති වෙනවා. මේ බෙහෙත කකාරාගත යුත්තේ ඉතාම හෙමින්. සූර්යයාට විතරයි ඒක කරන්න පුළුවන්. අව්වේ කකාරන බෙහෙත් ආයුර්වේදයේ ඕනෑ තරම් තිබෙනවා. මේ වට්ටෝරුවට පෙර වට්ටෝරුවල සඳහන් කහ ඉතා හොඳ විෂබීජ නාශකයක්. ඒ වගේම හම පැහැපත් කර ගැනීමට යොදන ඖෂධයක්. ලබන සතියෙන් අප මේ වගේම වට්ටෝරුවක් ඔබට ගෙන එනවා. සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව නොමිලේ විස්තර 037 494 0866/ 071 4257711 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 27 May 2017 08:28 PM හෙළ ඔසු බලයෙන් හිසරදය නිට්ටාවටම මට්ටු කරමු අපි දන්න කාලේ ඉඳලාම සමාජයට විශාල හිසරදයක් තමයි "හිසරදය" රෝගී තත්ත්වය. ටිකක් ඔළුව රිදෙනවා කියා හිස, මේසයක් මත හෝ ඇඳක තබාගෙන සිටින දසුන් අපි කාටත් හුරු පුරුදු දෙයකි. ඒ තරමටම හිසරදය පොදු බහුල රෝග තත්ත්වයකි. ඇත්තටම මොකක්ද මේ හිසරදය කියන්නේ? මේ පිළිබඳව කරුණු සවිස්තරව දැන ගන්නට පාඨක ඔබ වෙනුවෙන් අප පෑලියගොඩ රන්පත වෙද මැඳුරට ගොස් එහි අධිපති වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා හමුවුණා. ඇත්තටම මොකක්ද මේ හැමෝටම වධ දෙන හිසරදය? පිළිතුර - රදය යනු වේදනාවයි. මිනිසාගේ ශරීරයේ ප්‍රධානතම ඉන්ද්රිය වන්නේ මොළයයි. මොළය ස්නායු පද්ධතියේ මූලස්ථානයයි. එයින් නිකුත් වන මූල ස්නායුව කුඩා මොළය ඔස්සේ ප්‍රධාන කශේරුකා පන්තියට ඇතුල් වී කශේරුකා සන්ධිස්ථානවලින් පිටතට නිකුත් වී ශරීරයේ සියලුම ඉන්ද්රියයන් හා අවයවයන් කරා ගොස් ඒවායේ ක්‍රියාකාරීත්වයට දායක වෙනවා. එම නිසා ශරීරයේ කුමන අවයවයක ඉන්ද්‍රියක දොaෂයක් ඇති වුවත් එය මොළයට බලපෑම් කරනවා. එම බලපෑම්වල උච්චතම අවස්ථාවේදී හිසට දැනෙන අපහසුකම් හඳුනා ගන්නේ වේදනාවක් ලෙසයි. එය සාමාන්‍ය ව්‍යවහාරයේ දී හිසරදය කියලයි හඳුන්වන්නේ. මෙම රෝග තත්ත්වයට හේතු වන කරුණු මොනවාද? පිළිතුර - විශේෂයෙන් ම වර්තමානයේ ප්‍රතිකාර පතා එන වැඩි දෙනකුගේ හිසේ කැක්කුම් තත්ත්වයන්ට හේතුව සෙම කුපිත වීමයි. මේ අයුරින් හිස ආශ්රිත කලාපයේ සෙම් බහුල වන්නේ කුමක් නිසා දැයි සොයා බැලිය යුතුයි. ඊට හේතුව බොහෝ දෙනකු නොසිතන කරුණකි. සෙම් බහුල යෑයි කීව ද එවැනි අයගේ ශරීරයේ උෂ්ණාධික බවක් පෙන්වනවා. එම උෂ්ණාධික බව ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් හා අවයවවලට බලපෑම් ඇති කළ ද මොළය ආශ්‍රීතව පවතින්නේ අති සියුම් ස්නායු සෛල වන බැවින් ඒවා මෙම උෂ්ණාධික බව නිසා විනාශ විය හැකිය. මෙම තත්ත්වය වළක්වා ගන්නට ශරීරය විසින් ශීර්ෂ කලාපයට (හිස පෙදෙසට) සෙම ගෙන්වා ස්වයංක්‍රීය ශීතකරණ වැඩපිළිවෙළක් (Auto Cooling System) ඇති කරනු ලබනවා. සියලු ගැටලු මතුවන්නේ ඉන් අනතුරුවයි. මෙසේ වැඩි වැඩියෙන් හිස් කබල තුළ එක්රැස් වෙන සෙම නාස් කුහරයෙන් බාහිර වාතය සමඟ එකතුවන ක්ෂද්ර ජීවීන්ගේ බලපෑමෙන් නරක් වීම (සෙම් කුපිත වීම/ සෙම් පැසවීම) ට ලක් වෙනවා. එසේ දූෂණය වන සෙම නිසා හිසේ බර ගතිය ඇතිවන අතර එම නරක් වූ සෙම මොළ කුහරයෙන් ඉවත් වන තුරු හිසේ රෝගාබාධ ඇති කරනු ලබනවා. විශේෂයෙන් හිසේ රෝග අතරින් පීඩාකාරී බවින් වැඩිම අවස්ථාව ඉරුවාරදයයි. මෙම තත්ත්වය වැළඳුණු විට මෙහි ඇති පීඩාකාරී බව නිසා රෝගීන්ගේ සියලු දෛනික කටයුතු පවා අඩපණ වෙනවා. මේ හැරුණු විට මළ බද්ධය, ගැස්ට්‍රයිටිස් ඇතුළු ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතා ද ප්රමුඛ වෙනවා. ඊට අමතවර දියවැඩියාව, අර්ශස්, පීනස, රක්තහීනතාවය, අධික නිදිමත හෝ නින්ද නොයැම, බඩ පුරවා දැමීම, මුත්‍රා රෝග, වකුගඩු ආශ්‍රීත දුර්වලතා, පිත්තාශයේ ගල්, වරින් වර මතු වී නැති වී යන වාතරක්ත වැනි සමේ රෝග, කාන්තාවන්ගේ ගර්භාෂගත රෝග සහ ආර්ථව දොaෂ වැනි හේතූන් ද ඇතැම් ඖෂධයන් දීර්ඝකාලීනව භාවිතය ද, හිසරදය ඇති වීමට විවිධ අයුරින් බලපානවා. ඊට අමතරව විවිධ මානසික පීඩනයන් නිසා ද හිසරදය ඇති විය හැකියි. මෙම තත්ත්වය මඟහැරීමට යෙදිය යුතු පිළියම් මොනවාද? පිළිතුර - පවතින සෙම ඉවත් කිරීම හා සෙම වියළීමට ප්‍රතිකාර කිරීමේදී නැවතත් උෂ්ණාධික බව ප්රමුඛ වීමෙන් මොළය ආශ්‍රිතව පවතින සියුම් ස්නායු සෛල විනාශ විය හැකිය. නමුත් මොළය ආශ්රිත කලාපය සිසිලනය කිරීමට නම් මුළු ශරීරයේම උෂ්ණාධික බව අඩු කිරීම මෙහිදී අප සිදු කරන ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමයක්. ඊට අමතරව රෝගියාගේ ශරීරයේ පවතින අනිකුත් අහිතකර තත්ත්වයන් ද සොයා බලා ඊට අවස්ථානුකූලව නිසි පිළියම් යෙදිය යුතු වෙනවා. හුගාක් දෙනෙක් සිතන්නේ හිසරදය නිට්ටාවටම සුවකළ නොහැකි වරින් වර මතුවන ඒ වෙලාවට වේදනා නාශකයකින් යටපත් කළ යුතු රෝගයක් ලෙසයි. ඇත්තටම මෙය නිට්ටාවට සුවකළ නොහැකිද? පිළිතුර - ඇත්තටම අප කරා එන රෝගීන්ගෙන් වැඩි පිරිසක් පවසන කරුණක් තමයි ඔබ ඔය මතු කළේ. බොහෝ රෝගීන් හිස කැක්කුමට ප්‍රතිකාර ලබා ගත්තත් නිසි ලෙස සුව නොවූ අය බහුලයි. මේකට හේතුව ඒ අයගේ රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේ දී නිසි ලෙස රෝගය පිළිබඳ සොයා බලා රෝග නිධානයන්ට ප්‍රතිකාර නොයෙදීමයි. ඇත්තටම වෛද්‍යවරයා සතු නිවැරදි රෝග පරීක්ෂාව, එමඟින් රෝග නිශ්චය කිරීමේ හැකියාව සහ එම හඳුනාගත් තත්ත්වයට අවස්ථානුකූලව නිසි ප්‍රතිකාර කිරීම යන කරුණු අනුව මෙම රෝගයන් නිට්ටාවටම සුවකර ගත හැකියි. නමුත් තාවකාලික වේදනා නාශකවලට යොමු වීම වෙනත් අතුරු ආබාධ සහිත පසුකාලීනව බරපතළ ගැටලු ඇති කරන තත්ත්වයක් විය හැකියි. හිස කැක්කුම හැදුණු විට පරිස්සම් විය යුතු ආකාරය පිළිබඳව උපදේශයක් දෙනවා නම්...? පිළිතුර - විශේෂයෙන් මෙම රෝගීන් සවස් කාලයේ ඇල් දිය නෑමෙන් වැළකිය යුතුයි. තවද අධික උෂ්ණ ආහාර, මත්ද්‍රව්‍ය සහ දුම් පානයෙන් වැළකිය යුතුය. තෙල් සහිත කෘත්‍රිම ආහාරයන්ගෙන් වැළකීම ද යහපත් බව පොදුවේ කියන්න පුළුවන්. වැඩිදුර උපදේශයක් ලබා දෙනවා නම් දිය යුත්තේ ඒ ඒ රෝගීන් පිළිබඳව පූර්ණ පරීක්ෂණයකින් අනතුරව පවතින තත්ත්වයට සහ පුද්ගලයාට අනුරූප වන ලෙසයි. ආයුර්වේද ප්‍රතිකාරයන්ට බොහෝ අය මැලි වන්නේ කසාය වර්ගවලට බෙහෙත් බඩු සෙවීම කසාය තැම්බීම වැනි ක්‍රියාවන් සිදු කළ යුතු නිසයි. එයට ඔබට දිය හැකි විසඳුම පිළිතුර - ඒකට විසඳුමක් හැටියට තමයි මම පූර්ණ වශයෙන් නිෂ්පාදිත ඖෂධ රෝගීන්ට ලබා දෙන්නේ. ඒවා වර්තමානයේ කාර්යබහුල ජීවන රටාවට ගැළපෙන ලෙසට කාර්යාලයේ, වැඩබිමක දී, මඟ තොටේදී වුවත් පහසුවෙන් භාවිත කළ හැකි පරිදි පර්යේෂණාත්මකව දියුණු කළ ඖෂධයි. එම නිසා පහසු ඖෂධ භාවිතය වැඩි දෙනකු අතර අතිශයින් ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ නිසා දැන් දැන් බොහෝ රෝගීන් තම රෝග සුවකර ගැනීම සඳහා ආයුර්වේද ප්‍රතිකාර දෙසට යොමුවෙමින් සිටිනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 May 2017 06:07 PM වාජීකරණ ඖෂධ භාවිතා කළ යුතු අය ඕනෑම පිරිමියකු හෝ ගැහැණියකගේ ලිංගික ශක්තිය සඳහා ඔවුන්ගේ කායික නිරෝගී බව මානසික නිරෝගී බව බලපානවා. කායික රෝගී බවකින් හෝ මානසික ගැටලුවලින් පෙළෙන විට ලිංගික ශක්තිය දුර්වල වෙනවා. වර්තමානයේ අප රටේ තරුණ තරුණියන් විශාල පිරිසක් මද සරු බවින් පෙළෙන බව වාර්තා වී ඇත. මෙම තත්ත්වය මත ඔවුන් විවාහ වූ විට දී දරුඵල පමාවීම සහ ලිංගික දිවියෙහි පවතින අතෘප්තිමත් බව නිසා නොයකුත් ගැටලු මතුවී තිබේ. මේ සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඇති වාජීකරණ ඖෂධ මඟින් ලබාගත හැකි ප්‍රතිකාර පිළිබඳව අපි අවධානය යොමු කරමු. වෛද්‍යතුමනි, වාජීකරණ ඖෂධ ප්‍රතිකාර යනු කුමක්ද? වාජීකරණ ඖෂධ පිළිබඳව බොහෝ දෙනා තුළ පවතින්නේ වැරදි මතයකි. මෙමඟින් ලබාගත හැක්කේ ලිංගික උත්තේජනයක් පමණක් බව සමහරු හිතනවා. එනිසා වාජීකරණ ඖෂධ ප්‍රතිකාර ලබාගැනීමට බොහෝ දෙනා තුළ ලැඡ්ජාවක් පවතිනවා. ආයුර්වේදයේ වසර තුන්දහසකට පමණ පෙර සිට පැවත එන මෙම වාජීකරණ ඖෂධ මඟින් සිදුකරන්නේ කාන්තාවක සහ පිරිමියකුගේ කායික නිරෝගී බව ඇති කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදීමයි. මෙම කායික නිරෝගී බව නිසා ඔවුන් ක්‍රියාශීලී වෙනවා. ශරීරය පැහැපත් වෙනවා. අන් අයගේ ආකර්ෂණය ඇතිකර ගැනීමට සමත් වෙනවා. වර්තමානයේ තරුණ තරුණියන් විශාල පිරිසක් විවිධ කායික රෝගවලින් පෙළෙනවා. එනිසා ඔවුන්ගේ ලිංගික හැකියාවේ දුර්වලතා පවතිනවා. යුග දිවියට පත් බොහෝ අඹු සැමියන් දරුඵල පමාවීම ගැන පමණක් නොව තම ලිංගික ජීවිතයේ අතෘප්තිමත් බව පිළිබඳවත් පසුතැවෙනවා. ඔවුන් මෙම ගැටලු සඟවාගෙන මානසික පීඩාවන්ගෙන් පෙළෙනවා. ඕනෑම පිරිමියකු හෝ ගැහැණියකගේ ලිංගික ශක්තිය සඳහා ඔවුන්ගේ කායික නිරෝගී බව මානසික නිරෝගී බව බලපානවා. කායික රෝගී බවකින් හෝ මානසික ගැටලුවලින් පෙළෙන විට ලිංගික ශක්තිය දුර්වල වෙනවා. කායික රෝග අතර දියවැඩියාව, අධි රුධිර පීඩනය, වැනි බෝනොවන රෝග ප්‍රධාන තැනක් ගන්නවා. මෙවැනි රෝගවලින් දිගු කාලයක් පෙළෙන විට ලිංගික ශක්තිය ද දුර්වල වෙනවා. ඒ අතර හෝමෝන ගැටලුත් මතුවීම නිසා පවතින දුර්වලතාවය දෙගුණ තෙගුණ විය හැකියි. මේ සඳහා අප ගනු ලබන ආහාරපාන ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙනවා. කෘත්‍රිම රසකාරක සහිත පෝෂ්‍ය ගුණයට වඩා රසයට මුල් තැන දුන් ආහාර පාන ගැනීම බරපතළම ගැටලුවක් වී තිබෙනවා. තමාගේ එදිනෙදා ජීවන චර්යාවත් ලිංගික දුබලතා ඇති කිරීමට හේතු වෙනවා. මත්පැන් මත් ද්‍රව්‍ය පානයට අධික ලෙස ඇබ්බැහි වීම, අධික උෂ්ණත්වය සහිත පරිසරවල රැකියා කිරීම, වැනි හේතු මත පුරුෂයන්ගේ ශුක්‍රානු නිපදවීම දුර්වලවීමට බලපානවා. එනිසා යම් පුද්ගලයකු ලිංගික දුබලතාවයකින් පෙළෙන්නේ නම් පළමුව එම පුද්ගලයාගේ ජීවන රටාව පිළිබඳව විමසා බැලිය යුතුයි. ඒ අනුව රෝගයට හේතුව හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. වෛද්‍යතුමනි, වාජීකරණ ඖෂධ මඟින් පමණක් ලිංගික දුබලතා සුව කළ නොහැකිද? වාජීකරණ ඖෂධවලින් පමණක් මතුව ඇති ලිංගික දුර්වලතාවය නැති කරන්න බැහැ. පවතින රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා ගනිමින් වාජීකරණ ඖෂධ භාවිතා කිරීම තුළින් ලිංගික ශක්තිය වර්ධනය කර ගත හැකියි. වාජීකරණ ඖෂධ නිරෝගී පුද්ගලයන්ට භාවිතා කිරීම අහිතකරද? නිරෝගී පුද්ගලයකු ද වාජීකරණ ඖෂධ වෛද්‍ය උපදෙස් මත ලබාගැනීමෙන් තමාගේ ලිංගික ශක්තිය පමණක් නොව කායික නිරෝගීතාවය ද වර්ධනය කර ගත හැකියි. නිරෝගී දරු උපතක් සඳහා පෞරුෂයක් සහිත පිරිමියකු සහ ආකර්ෂණීය ගැහැනියක සිටිය යුතුයි. එවිට ඔවුන් තුළ ඇතිවන ආකර්ෂණය මත නිරවුල් මනසින් සහ සතුටින් යුක්තව ලිංගික කටයුතුවල නිරත වෙනවා. එවැනි එක්වීමකදී බිහිවන දරුවා නිරෝගී බවින් යුක්තය. එනිසා වාජීකරණ ඖෂධ යනු ලිංගික උත්තේජන ඖෂධයක් පමණක් නොව නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා උපකාර වන රසායන ද්‍රව්‍ය අඩංගුව පෝෂ්‍යදායී ආහාරයක් ලෙස වුව සැලකිය හැකියි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ලිංගික ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ආහාර විහරණ ව්‍යායාම සහ වාජීකරණ ඖෂධ පිළිබඳව හඳුන්වාදී තිබෙනවා. වර්තමානයේ තරුණ පරපුර මෙම නිවැරැදි පිළිවෙත් අනුගමනය නොකිරීම නිසා ලිංගික දුබලතාවලට ගොදුරුව සිටින බව අප වෙත ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගේ තොරතුරු විමසා බලන විට පැහැදිලි වී තිබෙනවා. එසේම ඔවුන් තුළ වාජීකරණ ඖෂධ පිළිබඳව නිවැරැදි වැටහීමක් නැති බවත් පෙනෙන්නට තිබෙනවා. දියුණු වන සමාජය තුළ අප සෑම ප්‍රශ්නයක් පිළිබඳව විවෘතව කතා කළ යුතුයි. ඒවා සඟවාගෙන සිටීමෙන් සිදුවන්නේ පවතින ගැටලු තව තවත් වර්ධනය වීම පමණයි. ඔබට මේ පිළිබඳව වැඩිදුර උපදෙස් ලබාගැනීමට දුරකථන අංක 0775109862 මඟින් වෛද්‍යතුමන් ඇමතිය හැකිය. සංස්කරණය උපාලි ද සේරම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 May 2017 06:09 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 May 2017 06:10 PM මව පියා ඝාතනය කිරීමට මනස නොසන්සුන් වන හැටි 'බීමතින් පැමිණි පුතා තම මව සහ පියා කපා කොටා මරාදමලා, තම දරු දෙදෙනා සමඟ මව පාලමෙන් ගඟට පැන දිවි නසාගනී' මෙවැනි පුවත් වර්තමානයේ අපට බහුලව දකින්නට ලැබේ. මේ තරම් මිනිසුන් දරුණු තත්ත්වයට පත්ව ඇත්තේ ඇයි දැයි කියා අපි නාඩි විද්‍යාවට අනුව විමසා බලමු. වෛද්‍යතුමනි, මිනිසුන්ගේ සිත් මේ තරම් දරුණු තත්ත්වයකට පත්වීමට බලපාන නාඩි විකෘතිතා මොනවාද? යම් පුද්ගලයකුට තමාගේ ජීවිතය විනාශ කරගැනීමට හෝ අන් අයගේ ජීවිත විනාශ කිරීමට පියවී සිහියෙන් බැහැ. ඒ සඳහා ඔවුන්ගේ සිහිය විකල් විය යුතුයි. සිහිය විකල් වීම කියන්නේ එම පුද්ගලයාගේ නාඩි ක්‍රියාකාරීත්වය විකෘති වීමයි. එහිදී ප්‍රධාන වශයෙන්ම විකෘති වන නාඩි ලෙස කම්පන නාඩිය, චිත්ත විපර්යාස නාඩිය, පෙර භව නාඩිය සහ උන්මත්තක නාඩිය යන නාඩි දැක්විය හැකියි. මෙම නාඩි විකෘතිතා සිදුවීමට බලපාන ප්රබලතම කරුණ තමයි පෙර භවයන්හිදී සිදුකරන ලද අකුසල්වල බලපෑම. මේ සඳහා ආගමක්, ජාතියක් බලපාන්නේ නැහැ. තමුන් අතින් පෙර භවයන්හිදී සිදුවූ බරපතළ වැරැදි ක්‍රියා තමා කුමන ජාතියක් යටතේ වුව කුමන ආගමක් යටතේ වුව ඉපදුනත් ඵලදීම වළක්වා ගන්න අමාරුයි. මේ සම්බන්ධව සෘෂිනාඩි වෛද්‍යවරුන් පවසා ඇත්තේ මෙසේය, "පෙර ආත්ම හේතු භාගා, අකුසල කර්මා, මරණං, මරණං, මරණ සහේතුං, දාරකා, වයෝවෘද්ධා, මනුස්සා මරණං". මෙයින් පවසන්නේ කිසියම් පුද්ගලයකු පෙර ආත්ම භවයේදී සිදුකළ අකුසල කර්මවල බලපෑම නිසා සියදිවි හානිකර ගැනීම, කුඩා දරුවාගේ සිට වැඩිමහල් පුද්ගලයා දක්වා වූ පිරිස ඝාතනයට යොමුවන බවය. වෛද්‍යතුමනි, මෙම අකුසල කර්මවල බලපෑම නැති කරගත නොහැකිද? බරපතළ අකුසල කර්මයක් සිදුකර තිබෙනවා නම් එහි බලපෑම නැතිsකර ගන්න බැහැ. නමුත් අපට සිදුවීමට යන හානිය පාලනය කරගත හැකියි. උදාහරණයක් විදිහට යම්කිසි පුද්ගලයකු නිතර කලකිරීමෙන් සමාජයේ විවිධ පුද්ගලයන් සමඟ ගැටුම් ඇතිකර ගනිමින් දෙමාපියන්, බිරිඳ දූ දරුවන් සමඟ රණ්ඩුසරුවල් වෙමින් ජීවත්වනවා නම් එම තැනැත්තා ගැන විශේෂ අවධානයක් යොමුකළ යුතු වෙනවා. මෙලෙස එම තැනැත්තා අසාමාන්‍ය ලෙස හැසිරෙන්නේ පෙර භවයේදී කළ අකුසල කර්ම නිසයි. එනිසා එම තැනැත්තාගේ කම්පන නාඩිය, චිත්ත විපර්යාස නාඩිය, විකෘති තත්ත්වයට පත්ව තිබෙනවා. මේ අවස්ථාවේදී නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නොත් එම තැනැත්තාගෙන් විය හැකි දරුණු අපරාධයක් වළක්වාගත හැකියි. නමුත් අප බොහෝ දෙනා ඒ ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. සිදුකරන්නේ තව තවත් එම තැනැත්තාගේ නාඩි විකෘති තත්ත්වයට පත්වන ආකාරයේ ක්රියාවන්ය. උදාහරණයක් විදිහට අපි තරුණ දරුවකු ගැන සිතමු. එම දරුවා නොසන්සුන් නම් දෙමාපියන්ට අකීකරු නම් කළ යුත්තේ එම දරුවාට දඬුවම් කිරීමවත්, ඇසුරින් ඈත් කර දැමීමවත් නොවෙයි. දරුවගේ විකෘති වී ඇති නාඩි ප්‍රකෘති කිරීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීමයි. නිසි ප්‍රතිකාර ලබාදෙන අතර දරුවාට ආදරය, කරුණාව ලබාදිය යුතුයි. එසේ නොවුණහොත් දරුවා මත්ද්‍රව්‍ය, මත්පැන් ආදියට යොමු වී දරුණු තත්ත්වයට පත්විය හැකියි. එම අවස්ථාවේදී දරුවාගේ පෙර අකුසල කර්මත් බලවත් වී දරුණු අපරාධවලට යොමුවෙනවා. ඇතැම් විට උන්මත්තක නාඩිය ක්‍රියාකාරී වීම නිසා මානසික රෝගී තත්ත්වයට පත්වෙනවා. වර්තමානයේ මෙවැනි දරුවන් ඕනෑතරම් සමාජයේ දැකගත හැකියි. දෙමාපියන්, වැඩිහිටියන් දරුවාගේ පවතින රෝග තත්ත්වය හඳුනාගෙන නැහැ. දෙමාපියන් වැඩිහිටියත් තුළ ආදරය, කරුණාව, ඉවසීම නැතිව දරුවා තුළින් ඒවා බලාපොරොත්තු වීම වැරැදියි. කිසියම් අයකු නොසන්සුන් බවින් පෙළෙනවා නම් එවැනි පුද්ගලයන් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අතර දිනපතා රාත්‍රි නින්දට පෙර ඇඳ මත හෝ බිම වාඩිවී ඉලක්කම් එකේ සිට දහයටත් දහයේ සිට එක දක්වාත් ආරෝහණ සහ අවරෝහණ පිළිවෙළට ගණන් කිරීමේ භාවනාව 21 වතාවක් බැගින් යෙදීම කළ හැකියි. එසේම දිනපතා උදැසනට ඔලිඳ කොළ, උඳුපියලිය කොළ හෝ කරපිංචා කොළ වලින් සකස්කර ගත් කොළ කැඳ පානයක් ගැනීමත් කළ හැකියි. මේ සියල්ලම අතර තම තමුන්ගේ ආගම දහම අනුව කටයුතු කිරීමත් වැදගත් වෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට දුරකථන අංක 0776500677 මඟින් වෛද්‍යතුමන් ඇමතිය හැකිය. මහාචාර්ය වෛද්‍ය ජිනසිරි ලියන්වෙල අඟුලාන දුම්රියපළ පාර ලියන්වෙල සෘෂිනාඩි වෛද්‍ය මධ්‍යස්ථානය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 May 2017 06:13 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 May 2017 06:18 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 May 2017 06:19 PM පැතිකුදය සුවකර ගැනීමට ප්‍රතිකාර තිබේ කොඳුඇට පෙළ ඇදවීම (පැති කුදය) බොහෝ විට දක්නට ලැබෙන රෝගයකි. බහුතරයක් මෙම රෝගයට ගොදුරු වන්නේ වැඩිවියට පැමිණෙන්නට ආසන්න කාලයේ සහ වැඩිවියට පැමිණීමත් සමඟය. පිරිමි දරුවන්ට වඩා ගැහැනු දරුවන් අතර රෝගය දක්නට ලැබේ. හේතුව හරිහැටි සොයාගෙන නැතත් මෙම කාල සීමාව තුළ ඇතිවන හෝර්මෝන වෙනස්වීම මේ සඳහා හේතුවක් විය හැකි බව පෙනේ. හෝර්මෝන වෙනස්වීම මත අස්ථින් සහ අස්ථි බන්ධනවල ඇතිවන අධික තද ගතිය නිසා පැතිකුදය ඇතිවන තත්ත්වයක් බහුතර මතයයි. එමෙන්ම වැටීමක්, ඉන්දවීමක් වැනි කොඳුඇට පේළිය පුරාවට දිවයන පීඩනයක් යෙදීම නිසා ඇතිවන කොඳුඇට පේළියේ වෙනස්වීමක් කාලයාගේ ඇවෑමෙන් වැරදි ඉරියව් හේතු කොට ඇලය වර්ධනය වන තත්ත්වයක් තිබේ. දීර්ඝ කාලීනව කොඳුඇට පෙළ ආශ්රිත රෝගයක් නිසා වැරදි ඉරියව්වක කාලයක් සිටීම නිසාත්, රෝගය ඇතිවිය හැක. කොඳුඇට පෙළ ආශ්‍රිතව පැති කුද ඇතිවන ආකාර දෙකක් විග්රහ කළ හැක. එස් අකුරේ හැඩයට ඇතිවන දෙපසට, පැත්තට කුදු ගතිය සහ එක පසකට පමණක් සී අකුරේ හැඩයට පැති කුදයයි. පැති කුද පැති දෙකටම විය හැකි අතර එක් පැත්තක් කේJද්‍රිය කර ගෙන ඇති වේ. තවද කුදුÊ ගතිය ඉදිරියට නැමී එන තත්ත්වයක් මත ඇතිවීමේ හැකියාව ඇති අතර මෙම තත්ත්වය කලාතුරකින් ඇතිවන තත්ත්වයකි. රෝගයේ අතුරු ආබාධ ලෙස පැත්තකට නෙරා යැම, කොඳු ඇට පෙළ සාමාන්‍ය ස්වභාවෙන් වෙනස්ව පෙනීම, නියමාකාර ඉරියව්වලට නැමීමේ, දිගහැරීමේ අපහසුතාවය, අන්තර් කශේරුක මඩල ප්‍රදාහය නිසා අත් පාවල හිරිවැටීම් සහ අනෙකුත් අවයවවල හිරිවැටීම් සහ අප්‍රාණික වීම මෙන්ම දිවීමේ, ඇවිදීමේ අපහසුතා පෙන්වා දීමට පුළුවන. එක්aස් කිරණ පරීක්ෂාවක් මගින් රෝගය හඳුනා ගත යුතුය. නැමීම සහ නැමුණු ප්‍රදේශයේ ඇති ඉන්ද්රියයන් හඳුනාගෙන ඒ පිළිබඳව සැලකිලිමත්ව පැතිකුදය සැකසීම කළ යුතුය. කොඳුඇට පෙළ හරහා සුෂුම්නාව දිවෙන නිසාවෙන් මාංශ පේෂි සහ කණ්ඩරා අස්ථි බන්ධන සන්ධි බන්ධන ලිහිල් කිරීමේ එනම් බුqරුල් කරන ඖෂධ ආලේපන පත්තු යෙදීමක් කරනු ලබන්නෙ ඉන් පසු නිවැරැදි සකස් කිරීම වෙනුවෙනි. ඉන්පසු නිසි දැනුමක් මගින් පීඩනයක් යොදා අවබෝධයෙන් සකස් කිරීම කළ යුතුය. බුරුල් කිරීමෙන් පසු ඇදය සහ කුදයට අනුකූලව ජැකට් එකක් පැළඳිය යුතුය. අවශ්‍යතාවය අනුව තමාට ගැලපෙන ලෙස එය සකස් කර ගත යුතු අතර ජැකට් එක පැය 23 ක් වත් පැළඳ සිටිය යුතුය. මෙහිදී ඇතිවන ලොකුම ගැටලුව ජැකට් එක පැළ¹ගෙන සිටීමට දක්වන කැමැත්තයි. එහෙත් රෝග සුවය වෙනුවෙන් එය ඉතාම අවශ්‍ය කරුණක් බව අමතක නොකළ යුතුය. රෝගියාගේ කැපවීම සහ ඉවසීම මත රෝගය සුව කර ගැනීමේ හැකියාව ඇත. රෝගියාගෙන් රෝගියාට වෙනස් වන කාරණා මත රෝග සුවයට ප්‍රතිකාර කරනු ලැබේ. රෝගයට ප්‍රතිකාර කරන අතරතුර දියලබු, පුහුල් වැනි ආහාර යෝග්‍ය වුවත් වෛද්‍ය උපදෙස් මත ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම ද කළ යුතුය. දියලබු, පුහුල් වැනි ආහාර මගින් අස්ථි ප්‍රාවර මොලොක් කරන බැවින් හිතූ මනාපයට එම දේ නොගත යුතුය. ප්‍රතිකාරයෙන් පසු වැරදි ඉරියව්වක සිටී නම් වැරදියට හයිවීමක් විය හැකි නිසාවෙන් ඒ පිළිබඳව කල්පනාකාරී විය යුතුය. වීදාගම පාරම්පරික (අස්ථි රෝග පිළිබඳ විශේෂ) ආයුර්වේද වෛද්‍ය හසිත කොතලාවල සංස්කරණය වසන්තා ශ්‍රියාකාන්ති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 May 2017 06:21 PM මතට ලොල් නම් පියයුරු පිළිකා මත්පැන් පානයට හුරු කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම ඉහළ බව නවතම පර්යේෂණයකින් තවදුරටත් සනාථ වෙයි. පිළිකා පර්යේෂණ සඳහාවන ලෝක අරමුදල නිකුත්කළ වාර්තාවේ සඳහන් වන්නේ දිනකට වයින් වීදුරු භාගයක් හෝ බීර කුඩා ප්‍රමාණයක් පානය කිරීමෙන් පවා පියයුරු පිළිකා වැළඳීමේ අවදානම ඉහළ යන බවය.නමුත් ශාරීරික ව්‍යායාම තීව්ර ලෙස සිදුකිරීම මගින් අවදානම අඩුකරගත හැකි බවද මෙම පර්යේෂණය තුළින් සනාථවී තිබේ. කාන්තාවන් මිලියන දොළහකගේ වෛද්‍ය වාර්තා පදනම් කරගනිමින් සිදු කරන ලද අධ්‍යයනයන් සියයකට අධික ප්‍රමාණයක් මෙම නව පර්යේෂණය සඳහා යොදා ගෙන ඇත.කෙසේ නමුත් විද්‍යාඥයන් පවසන්නේ පිළිකාවක් ඇතිවීම සඳහා ශරීරයේ හෝර්මෝන මට්ටම, ජීවන ශෛලිය සහ වෙනත් සෞඛ්‍යමය ගැටළු වැනි විවිධාකාර හේතුන් බලපාන බවය. තම පවුලේ ඥාතීන්ට පියයුරු පිළිකා වැළඳී ඇත්නම්, මාස්ශුද්ධිය නතරවීමෙන් පසු හෝ වයස අවුරුදු 50 ඉක්මවීමෙන් පසු කාන්තාවකට පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරු පවසති. එමෙන්ම උසින් වැඩි කාන්තාවන්ට සහ වයස අවුරුදු 12ට කලින් ආර්තවය (මාස්ශුද්ධිය) ආරම්භ වූ කාන්තාවට ද මෙම අවදානම වැඩි බවට වෛද්‍යවරු විශ්වාස කරති.එවැනි සාධක 18ක් ඇතුළත් නවතම පර්යේෂණ වාර්තාවේ සඳහන් වන්නේ මත්පැන් පානය ඉන් එක් සාධකයක් පමණක් බවය. තමන්ගේ ආහාර රටාව, ශරීරයේ බර සහ ව්‍යායාම වැනි පාලනය කළහැකි සාධක කෙරෙහි සැලකිලිමත්වීම මගින් පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු කරගත හැකි බවද එම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි. පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු කර ගැනීම සඳහා බයිසිකල් පැදීම, දිවීම වැනි තීව්ර ව්‍යායාම වැදගත් වෙයි.එමෙන්ම වෛද්‍යවරු පවසන්නේ මව්කිරි ලබාදීම මගින්ද අවදානම අඩුවන බවය.තම ආහාරයට වැඩිපුර පලාවර්ග එක්කර ගන්නා ලෙසද වෛද්‍යවරු උපදෙස් දෙති. තිළිණි දි සිල්වා ගල්ෆ් නිවුස් ඇසුරිනි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 May 2017 06:24 PM දැන බිව්වත් නොදැන බිව්වත් ගුණදෙන කැඳ ඈත අතීතයේ පටන් සඳහන් වන කැඳ දේශීය ආහාර සමඟ තදින් බැඳී සිටී. "සබ්බේ සත්තා ආහාරට්ඨ§තිකා" යනුවෙන් බුදු දහමේ සඳහන් වන්නේ "සියලු සත්වයෝ ආහාරයෙන් යෑපෙතියි" යන්නයි. එහිදී සත්වයෝ යෑපෙන ආහාර හොඳින් විමසා බලා කටයුතු කිරීමෙන් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇතිකර ගැනීමටත්, එයින් පැමිණෙන ලෙඩ රෝගවලින් වැළකීමේ ශක්තියත් ඇතිකර ගත හැක. එය පෝෂණය යනුවෙන් හඳුන්වයි. මෙම පෝෂණ ගුණයෙන් අනූන ආහාරයක් ලෙස කැඳ වර්ග හඳුන්වා දිය හැක. ලුණු කැඳ, පොල්කිරි කැඳ, කිරි කැඳ, බැදිහාල් කැඳ, පොරි කැඳ, කොළ කැඳ, බෙහෙත් කැඳ සුලබ කැඳ වර්ගයි. ඊට අමතරව කුරක්නන් පිටි, කිතුල් පිටි, මුංඇට, තල, යව (බාර්ලි), කොල්ලු ආදියද යොදා කැඳ සාදයි. කැඳ බඩගිනි වඩවන, මළමුත්‍ර පහකරවන ගුණයෙන් (අනුලෝමන) යුත්, ජීවනීය පදාර්ථ බහුල (විටමින්) ආහාරයකි. කැඳ වර්ග විශේෂයෙන් රෝගී අවස්ථාවේදී ඖෂධයක්, ආහාරයක් වශයෙන් යොදා ගත්තද නිරෝගී අයගේ නිරෝගී බව එනම් ස්වස්ථතාව රැකගැනීමටද ප්‍රයෝජනවත් වේ. උණ රෝගයෙන් පෙළෙන අයට, ග්‍රහනි, අර්ශස් රෝගවලින් පෙළෙන අයට ආහාර දිරවීමේ අවශෝෂණය වීමේ දුබලකම්වලින් පීඩා විඳින රෝගීන්ට, බඩගින්න මදි අයට, කාමලා (සෙංගමාල) රෝගීන්ට, රත්පිත් රෝගීන්ට, නින්ද අඩුකම ඇති අයට දහඩිය පිටකිරීම අඩු අයට, පිපාසයට ඉතා ගුණ වන අතර විෂ හරණයටද, ශාරීරික තැලීම් බිඳීම්, වේදනා ඇති අයට ශාරීරික මානසික සැහැල්ලු බව ඇති කර ගැනීම, ලේ වැඩීම, ශරීරයේ වර්ධනය, කේශ වර්ධනය, හඬෙහි තීව්‍රතාව, බුද්ධිය වර්ධනය, ඇස්, කන්, නාස, මුඛ ආදී සියල්ලේ උසස් බව රැකීම කැඳවලින් ලැබෙන අමතර වාසි වේ. කැඳ අතර ලුණු කැඳ හා කොළ කැඳ ප්‍රධාන තැනක් ගනී. ලුණු කැඳ සරලම කැඳ වර්ගය වන අතර එහිදී සහල් කොටස් එකකට ජලය කොටස් 06 ක් පමණද, ලුණු ස්වල්පයක්ද එකතු කරගෙන සාදා ගනී. හොඳින් ගරාගත් සහල් මිට භාජනයකට දමා වතුර දමා හොඳින් තම්බා ගන්න. භාජනය ඇර තබා හොඳින් තැම්බුණ පසු හැන්දකින් බත් පොඩි වන සේ හැඳි ගා අවශ්‍ය පමණට ලුණු එක්කර වතුර ගනී. තම්බපු සිංහල හාල් ගැනීම ඉතා හොඳයි. වී තැම්බීමේදී සහල් නිවුඩ්ඩේ ඇති විටමින් බී සහල් ඇටය තුළට උරා ගැනීමත්, කැකු=ළු හාල් වී කෙටීම, පෑහීම, සහල් සේදීම නිසා නිවුඩ්ඩ ඉවත් වී පෝෂණ ගුණය හීනවී තිබීමත් නිසයි. සුදුසු කොළ වර්ගයක යුෂ මිරිකමින් සාදන නිසා කොළ කැඳ යන නම ලැබී ඇත. කැඳ සාදා ගන්නට ගන්නා කොළ වර්ගයට අනුව විශේෂ ඖෂධීය ගුණ ලැබේ. කොළ කැඳ වර්ග සැලකීමේදී ලුණු කැඳවලට වඩා මඳක් ගුරු ගුණයෙන් යුතු පෝෂණයෙන් වැඩි පොදුවේ සැමටම උදේට ගත හැකි හොඳ ආහාරයකි. හරිතප්රද, විටමින් බී බහුලව ඇත. කරපිංචා, ගොටුකොළ, වැල්පෙනෙල, ඉරමුසු, හාතාවාරිය, පොල්පලා, මොණරකුඩුම්බිය, සුදුහඳුන්, එළබටු කොළ, ගොනිකා කොළ, අලිගැටපේර කොළ, නිල්කටරොළු කොළ, හීං බෝවිටියා කොළ කැඳ සාදා ගැනීමට යොදා ගන්න කොළ අතරින් ප්‍රධාන වේ. එමෙන්ම විවිධ රෝග සඳහා විශේෂිත වූ කොළ කැඳ වර්ගද ඇත. මේවායේ සමහර අවස්ථාවල ලුණු එකතු නොකරයි. සෙංගමාල රෝගයේ දී හීං බෝවිටියා කොළ, යකිනාරං කොළ, මොණරකුඩුම්බිය කොළ ආදිය යොදාගෙන ඇත. අර්ශස් රෝගයේදී කරල්සැබ කොළ, කොහිල අල කැඳ ද පණු රෝග සඳහා ගැටතුඹ, දුටුසතුටු, බටකිරිල්ල දලු කොළද, කැස්ස ඇතිවිට එළබටු කොළ, වැල්තිබ්බටු කොළ ආදියද යොදාගෙන ඇත. කැඩුම් බිඳුම් රෝග වලදී ගොනිකා කොළ කැඳ, ගංසූරිය කොළ කැඳ සාදා දෙයි. විෂ හරණයට කරපිංචා කොළ ලුණු හා පොල්කිරි නොයොදා විශේෂිත ආකාරයකට සාදයි. මීට අමතරව අතීතයේ ඖෂධ වර්ග තම්බාගත් කෂාය යොදා කැඳ වර්ග සකසා විවිධ රෝගවලට නියම කර ඇත. අමු ඉඟුරු තිප්පිලි කෂාය කැඳ, බෙලිගැට මද කෂාය කැඳ, කටුවැල්බටු, ගොකටු කෂාය කැඳ, තිප්පිලි දෙළුම්ලෙලි කෂාය කැඳ ආදී වශයෙනි. කැඳවල විශේෂත්වය නම් බාල මහලු, තරුණ, රෝගී නිරෝගී ඕනෑම කෙනකුට ඒ ඒ විදියට සාදා ගැනීමට හැකිවීමයි. කිතුල් හකුරු කෑල්ලක් සමඟ කැඳ වීදුරුවක් බීමට ඇත්නම් එය අද ඔබ ගන්නා කොත්තුවකට වඩා කොච්චර නම් පෝෂ්‍ය ගුණයෙන් අනූනද... කරුණු රැස්කර ගැනීමට වෛද්යාචාර්ය ගාමිණී විෙ-සිංහ ගුරුතුමාගේ "සැපවත් ආහාරය" ග්‍රන්ථය මනා පිටිවහලක් විය. ආයුර්වේද වෛද්‍ය පියුමි මල්ලිකාරච්චි අරංගල සංස්කරණය වසන්තා ශ්‍රියාකාන්ති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 May 2017 06:25 PM කැපී පෙනීමේ ආසාව ඇතිකරවන භාවික උන්මාදය භාවික උන්මාදය තරුණ පරපුර අතර දක්නට ලැබීමේ ප්‍රවණතාවය වැඩි බව පසුගිය සතියේ සටහන් කළා ඔබේ මතකයේ ඇත. භාවික උන්මාදයේ රෝග ලක්ෂණ (හැඩුම් අන්තය සහ සිනාසුම් අන්තය) නිසාවෙන් රෝගීන් කළහකාරී වීම නිසා ඇතිවන තත්ත්වයන් පිළිබඳ දැන් අපි විමසා බලමු. භාවික උන්මාදයේදී රෝගියා කළහකාරී වීමෙන් පවුලේ සාමාජිකයන් සමඟ එනම් මව, පියා සහ සහෝදර සහෝදරියන් සමඟ මෙන්ම අනෙකුත් පුද්ගලයන් සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇතිකර ගැනීමට පුළුවන. මෙම ගැටුම් දුරදිග යැම නිසා රෝගියාගේ ජීවිතයට මෙන්ම සමාජයේ අනෙකුත් අයගේ ජීවිතවලට අනතුරුදායක තත්ත්වයක් ඇතිකර ගැනීමට මෙන්ම ඇතිකරලීමට පුළුවන. මේ සඳහා උදාහරණයක් කියන්නම්. එක්තරා රෝගියකු නිවසින් අතුරුදන්ව සති දෙකකට පසු හොයාගෙන තිබුණේ යාපනය පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගැනීමේදීය. යාපනය පොලිසිය මගින් ඔහුගේ නෑදැයන්ට ඔහු පිළිබඳව දන්වා තිබේ. පවුලේ කිසිවකුට නොදන්වා ලංකාව තරණය කළ යුතු යෑයි සහ මෙම රෝගයට ලාක්ෂණික වූ මෝහාත්මක සිතුවිල්ල මත තීරණයක් ගනිමින් ඔහුගේ බැංකු පොතේ වූ මුදල්ද රැගෙන රෝගියා දින ගණනාවක් ලංකාවේ ප්‍රදේශ කිහිපයක් පුරා ඇවිද යමින් යාපනයට ගොස් තිබේ. යාපනයේදී එම ප්‍රදේශයේ අයකු සමඟ ඇතිකර ගත් කලහාවක් නිසාවෙන් පොලිසිය අත්අඩංගුවට ගත් බව කියයි. පවුලේ ඥතීන් පවසන ආකාරයට ඔහු භාවික උන්මාදයට ප්‍රතිකාර ගනිමින් සිටියදී බෙහෙත් අතහැර දමා නිවසින් පිටත්වී ඇත. භාවික උන්මාදයේදී මෙම අවස්ථාවට එළැඹුණු විට රෝගීන් යථාර්ථයෙන් ඔබ්බට ගිය යම් යම් සිතුවිලි සිතෙහි පෙරදැරිකර ගනිමින් ඒ අනුව ක්‍රියාත්මක වීම පටන් ගැනීමට පුළුවන. මෙම ව්‍යාධික අවස්ථාවේදී ඇතිවන තත්ත්වයට පවසන්නේ මෝහාත්මක සිතුවිලි මත ඇතිවන තත්ත්වය කියාය. මෙය මෝහෝන්මාදයට ලාක්ෂණික වූ රෝග ලක්ෂණය. මෙවැනි අවස්ථාවකදී රෝගියා සිතන්නේ මෙලොව සිටින සුපිරි සුවිශේෂී පුද්ගලයා තමා යනුවෙනි. තමාට අන් අයට නොමැති අසාමාන්‍ය බලයක්, ශක්තියක් ඇතිබව ඔවුහු සිතති. ඔවුන්ට අසාමාන්‍ය නිර්මාණාත්මක හැකියාවක් සහ විවිධ අලුත් දේ කිරීමේ සිතුවිලි මෙම අවස්ථාවේදී පහළ වීමට පුළුවන. මෙම රෝගී අවස්ථාවේදී තවත් සිදුවීමක් මෙලෙස විස්තර කරමු. එක්තරා රෝගියකු කොළඹ සිට නුවර දක්වා තෝරාගත් පන්සල් තිහකට පමණ පරිගණක යන්ත්‍ර පූජාකර තිබුණේ රෝගී තත්ත්වය නිසාවෙන් ඇතිවූ මෝහාත්මක සිතුවිලි මත බැංකු ණයක් රැගෙනය. නමුත් මොහු ප්‍රතිකාර ගෙන සුවවීමෙන් පසු තේරුම්ගෙන තිබුණේ මෙම කටයුතු සිදුකර තිබුණේ තමන්ට හැකි කමක් නොතිබියදී බවයි. රෝගය නිසා ඇතිවූ අසාමාන්‍ය කැපී පෙනීමේ සහ මුදල් වියදම් කිරීමේ වුවමනාව මත එය සිදුවී තිබුණි. මෙම තත්ත්වයේදී රෝගියාට යථාර්ථය පිළිබඳ අනාවබෝධය නිසාම රෝගී තත්ත්වයක් තිබෙනවා යෑයි පිළිගැනීමක් නැත. එය ඔවුන්ට ඒත්තු ගැන්වීමටද අපහසුය. මෙම තත්ත්වය නිසාම ඖෂධ භාවිත යොදා ගැනීමේදී ලොකු ප්‍රායෝගික ගැටලුවකට රෝගියාගේ භාරකරුවන් මෙන්ම වෛද්‍යවරයා මැදිවනු ඇත. ඒ නිසාම මෙම තත්ත්වයට රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදීම කළ යුතුය. නිසි ප්‍රතිකාර නොකිරීමෙන් කාලයෙන් කාලයට රෝගය මතුවිය හැකි නිසාවෙන් ප්‍රතිකාරය පිළිබඳ සැලකිලිමත්විය යුතුය. එසේ නොවීමේදී කාලයෙන් කාලයට රෝග මතුවීම තුළ අධ්‍යාපනය, රැකියාව, විවාහය යන සාමාන්‍ය ජීවිතයේ දිවි පෙවෙත රෝගී කාල වකවානුව තුළ සම්පූර්ණයෙන්ම අඩාල වීමේ හැකියාව ඇත. දේශීය මානසික රෝග වර්ගී කරණය තුළ මෙම රෝගය පැහැදිලිවම හඳුනාගෙන ඇත. දේශීය ප්‍රතිකාර හමුවේ රෝගය නිට්ඨාවට සුවකර ගැනීමේ ප්රත්යක්ෂ ප්‍රතිකාර ක්‍රමයක් තිබේ. සුවයෙන් පසු සදාකාලික ප්රතිකාරවලින් යෑපීමේ අවශ්‍යතාවක් නැත. රෝගියා සුවවීමෙන් පසු රෝගියා දෙස මානසික රෝගියකු ලෙසින් තවදුරටත් නොබැලිය යුතුය. සමාජය වටහා ගත යුතු ප්‍රධානම කාරණාව එය විය යුතුය. එයට හේතුව අප සැමට කවදා හෝ කොතැනකදී හෝ මනෝ ව්‍යාධියකට ලක්වීමේ ඉඩකඩ පවතින බැවිනි. නීලම්මහර දේශීය මනෝ ව්‍යාධි වර්ගී කරණයේදී පුරාණ පොත පතෙහි භාවික උන්මාදය පිළිබඳ සටහන් කර තිබෙන කවියයි මේ. * පෙනෙන සැම සපු ඇතුන් අසුරයන් අසුන් රාජ පුරියන් වැන්නේ * සවන නළා හඬ වෙඩි හඬ රැව් දෙයි බියෙන් වරෙක කෑ ගසමින්නේ * දුවනට යයි රළු බස් දෙඩවිලි වෙයි නින්දෙන් පිබිදී බියවන්නේ * පවන කිපී එන උමතුව මෙලෙසයි හැඬුම් සිනාසුම් ඇතිවන්නේ නීලම්මහර (මානසික රෝග විශේෂඥ) ආයුර්වේද වෛද්‍ය සමන් එස්. හෙට්ටිගේ සංස්කරණය වසන්තා ශ්‍රියාකාන්ති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 29 May 2017 06:28 PM සිරුර සීතල කරනා මුං ඇට සංස්කෘත භාෂාවේ මුද්ග යන නමින් හඳුන්වන මුංඇට ඖෂධීය ගුණයෙන් අනූන ධාන්‍ය වර්ගයකි. එදිනෙදා ආහාර වේල රසවත් කර ගැනීමට මුංඇට වෑංජනයක් ඉතා සුදුසුයි. තැම්බූ මුංඇට පොල් සමඟ මිශ්‍රකර ආහාරයට ගන්නත් පුළුවනි. ඒ වගේම මුං කිරිබත්, මුං කැවුම් ගැමි ආහාර රටාවට නැතුවම බැරි දෙයකි. සිරුර සිසිල්ව තබාගැනීම සඳහා උපකාර වන මුංඇට අධික ලෙස දහඩිය දැමීම වළක්වාලයි. සිරුරෙන් මළ මුත්‍ර පහ කිරීමද මනා ලෙස පාලනය කිරීමේ හැකියාවක් ඇත. මුංඇට තම්බාගත් වතුර පානය කිරීමෙන් සිරුරේ හටගන්නා අධික දාහය, මුත්‍ර දැවිල්ල වැනි ආබාධ රැසක් මඟහරවාගත හැකිය. රුධිරය ආශ්‍රිතව යම් යම් විෂමතා හේතුවෙන් හටගන්නා සමේ රෝගවලටද මුංඇට ඉතා සුදුසුය. තම්බාගත් මුං ඇට අඹරා සිරුරේ ආලේප කිරීමෙන් සමේ රෝග පාලනය කරයි. පිෂ්ඨය එතරම් වැඩි ප්‍රමාණයක් අඩංගු නොවන නිසා බඩ පිපුම වැනි උදරය ආශ්රිත සංකූලතාවන් හට නොගනී. මුංඇට තැම්බූ ජලය පානය කිරීමෙන් කුසගින්න වැඩිවී ආහාර රුචිය වඩවයි. මුංඇට සිසිල් බවින් යුත් ධාන්‍ය විශේෂයක් වුවද උගුරේ සෙම බැඳෙන ගතිය හා නිතර නිතර උගුර පාදන්නට වන ගතියද සමනය කරයි. කෙටිකාලීන රනිල භෝගයක් වන මුංඇටවල ප්‍රොaටීන්, ඛනිජලවණ හා වෙනත් පෝෂ්‍ය පදාර්ථ රාශියක්ද අඩංගු වේ. විජිතා ජයතුංග ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 smt90Veteran MemberPosts:1736 29 May 2017 06:42 PM මුං ඇට මාත් කැමති කෑමක්............ 0 Ind007kaMost Senior MemberPosts:12931 29 May 2017 07:41 PM mamath ආසයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 29 May 2017 08:40 PM මගෙත් ප්‍රියතම ආහාරයක් තමයි මුංඇට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DushanVeteran MemberPosts:2536 29 May 2017 10:01 PM නියම කෑමක් තමයි මුං ඇට 0 hasithadSuper Senior MemberPosts:5795 30 May 2017 08:50 AM සව් කැඳ හදද්දි එහෙම මුං ඇට ටිකක් තම්බලා , තියෙනවා නං පුච්චපු කජු මද ටිකකුත් එකතු කරලා හදලා බීලා බලන්නකෝ කොහොමද ගතිය කියලා. හැමදාම බොනවා සත්තයි. පුදුම රසක්. 0 maduranga001Most Senior MemberPosts:14118 30 May 2017 09:23 AM මුන් ඇට තම්බපුවම එන වතුර එකත් හරිම ගුණ පානයක්. මේ ලිපියේ කියන්නාක් වගේ හරිම ගුණදායකයි. ඒ වගේම මගේ ප්‍රියතම කැවිලි වර්ගය තමයි මුන් කැවුම්. බද පැලෙනකන් කන්න පුළුවන්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 You are not authorized to post a reply. Page 16 of 137 << < 1415161718 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner