Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 17 of 137 << < 1516171819 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 30 May 2017 07:46 PM මිනිසුන් කරන්නේ මෙවැනි ගුණවත් කෑම අතහැර ක්ෂණික ආහාර වලට යොමුවීම... 0 chamaramindMost Senior MemberPosts:13471 31 May 2017 06:36 PM ආහාර ලේබල් කියවන්න.... පෝෂණීය බව දැනගන්න නිරෝගි බව හා පෝෂණය පිළිබඳව සැළකීමේදී ආහාරය කුමක්ද යන්න පවසනවාට වඩා එහි අඩංගු මොනාවාදැයි විමසීම වඩා වැදගත් වේ. නිවැරදි පෝෂණයත් හා නිරෝගි බවක් සඳහා ඔබ කළ යුත්තේ විවිධත්වයෙන් යුතුව, සමබරව ආහාර තෝරා ගැනීමයි. එහිදී හැකි සෑමවිටම තෙල් (සංතෘප්ත මේදය, කොලොස්ටරෝල්, ට්‍රාන්ස් මේදය), සීනි හා ලුණු අධික ආහාර වෙනුවට එම සංඝටක අඩු ආහාර පාන වලට මුල් තැන දිය යුතුය. කැලරි 400 ට වඩා වැඩියෙන් ඇති ආහාර තෝරා ගැනීමේදී එහි ඇති අනෙකුත් සංඝටක ප්‍රමාණයන් සසදා බලා ආහාරයට ගැනීමට සුදුසුදැයි තීරණය කරන්න. සුක්රෝස්, ග්ලුකෝස්, µaරුක්ටෝස් කෝන් සිරප්, මේපල් සිරප් යන දැ අමුද්‍රව්‍ය ලැයිස්තුවේ මුලින්ම සඳහන්ව ඇත්නම් එම ආහාර තෝරා ගැනීමේදී ප්‍රවේශම් වන්න. මෙම සංඝටක නිසා ආහාරයේ අඩංගු අමතර සීනි ප්‍රමාණය අධිකවේ. ජනප්‍රිය ආහාර, පාන බොහොමයක සැඟවුණු තෙල්, සීනි හා ලුණු අධික ප්‍රමාණ වලින් අඩංගු වේ. නිරෝගී වැඩිහිටියෙකු සඳහා දිනකට නිර්දේශිත මේද ප්‍රමාණයන් - තෙල් - ග්‍රෑම් 65 ට අඩු සංතෘප්ත මේදය - ග්‍රෑම් 20 ට අඩු කොලෙස්ටරෝල් - මිලි ග්‍රෑම් 300 ට අඩු සෝඩියම් - මිලි ග්‍රෑම් 2400 ට අඩු පෝෂණ තොරතුරු වලට අමතරව ආහාර ලේබල වල අඩංගු වන වැදගත් තොරතුරු මොනවාද? * කල් ඉකුත් වන දිනය * ප්‍රමිති සහතිකය * මිල * බර දැනට වෙළඳ දැන්වීම් වල පෙන්වනු ලබන නිසා හෝ ජනප්‍රිය පුද්ගලයන් කියන නිසා ඔබ ආහාර තෝරා ගත යුතු නැත. දැන් ඔබටම පිළිවන් ඔබේ ආහාරයේ අඩංගු මොනවාදැයි ලේබලය කියවා බලා එය ඔබට සුදුසුද, නැද්ද යන්න තීරණය කරන්න. ඔබටම පුළුවන්.... ආහාර ගැන නිවැරදි තීරණ ගන්න. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 May 2017 06:38 PM දුම්පානයෙන් නූපන් දරුවන්ගේ අක්මාවට දැඩි හානි සිදුවන බව හෙළිවේ දුම්වැටි (සිගරැට්&zwnj පානය කිරීම හේතුවෙන් මව් කුසයෙහි සිටින නූපන් ළදරුවන්ගේ අක්මාවට දැඩි ලෙස හානි සිදුවන බව ස්කොට්ලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ. මෙහිදී මවු කුසෙහි සිටින නූපන් ළදරුවන්ගේ අක්මා සෛල වර්ධනය වීමට මව විසින් දුම්වැටි පානය කිරීම හේතුවන බව හෙළි වී තිබේ. දුම්වැටියක අඩංගු විෂ රසායන ද්‍රව්‍යයන් 7000 ක පමණ සංඛ්‍යාව හේතුවෙන් ගැබිනි මවක් දුම්වැටි පානය කිරීම හරහා ඇයගේ නූපන් ළදරුවාගේ සෑම ඉන්ද්රියයකටම සදාකාලික හානියක් සිදුවන බව මෙම අධ්‍යයනයෙන් තහවුරු වූ බව එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය ඩේවිඩ් හේ පවසයි. කෙසේ වුවද මෙහිදී පිරිමි හා ගැහැනු ළදරු කලලයන්ට දුම්වැටි පානය හරහා එකිනෙකට වෙනස් ආකාරයෙන් හානි සිදුවන බව අධ්‍යයනය සිදුකළ පර්යේෂකයෝ සොයාගෙන තිබේ. මෙම අධ්‍යයනය සඳහා ඇබර්ඩින් හා ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලවල පර්යේෂකයන්ද සහභාගි වී තිබේ. මෙම අධ්‍යයනය ගැබිනි මවක් දුම්වැටි පානය කිරීමෙන් ළදරු කලලය වර්ධනය වීමට එය හානිකර ලෙස බලපාන්නේ කෙසේදැයි යන්න විමසීම සඳහා දැනට සිදු කරගෙන යන ව්‍යාපෘතියක කොටසක් බව ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝල් µවුලර් පවසයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 May 2017 06:40 PM මත්පැන් පානයෙන් මිදෙමු මත්පැන් යනු මේ වන විට ලෝකය පුරා වැඩිම සෞඛ්‍ය අවදානමක් ඇතිකරන රසායන ද්‍රව්‍ය බවට පත්ව ඇත. ඒ අතුරින් ශ්‍රී ලංකාව මත්පැන් පරිභෝජනයෙන් ලෝකයේ ඉදිරියෙන්ම සිටිනා රටක් බවට වූ වාර්තා මෑත කාලයේ ජනමාධ්‍ය තුළ පළ විය. මත්පැන් පානය සඳහා දැන් දැන් කාන්තාවන් ද විශාල වශයෙන් පෙළඹෙන බවටත් වාර්තා පළවන අතර පාසල් දරුවන් ද මේ සඳහා යොමුවන බවට වාර්තා දක්නට ලැබේ. මේ හේතුවෙන් බොහෝ දෙනා තුළ මත්පැන් පානය නිසා ඇතිවන අයහපත් සෞඛ්‍ය ප්‍රතිවිපාක පිළිබදව එතරම් අවබෝධයක් ඇති බවක් දක්නට නොලැබේ. මත්පැන් පානය කිරීමේදී එය මුඛයට ගත් විගස දැවිල්ලක් දැනෙනුයේ, මත්පැන් හෙවත් ඊතයිල් ස්ප්‍රීතු යනු අපගේ සිරුරේ සියුම් පටක එනම් ශ්ලේෂ්මල පටක ප්‍රදාහයට ලක්කරන රසායන ද්‍රව්‍යයක් බැවිනි. මුඛයේ සිට ආහාර මාර්ගය තුළ ආමාශය දක්වා ඇති ශ්ලේෂ්මල පටලය මෙලෙස ප්‍රදාහයට ලක්වීම නිසා මුඛයේ, උගුරේ, ගලනාලයේ සහ ආමාශයේ පිළිකා ඇතිවීමේ විශාල සම්භාවිතාවක් ඇත. එලෙසින්ම ආමාශයේ සහ ග්‍රසනිය තුළ තුවාල ද ඇතිවිය හැකිය. මෙය ඉතා වේදනාකාරි රෝග තත්ත්aවයක් වන අතර කෑම බීම ගැනීමට පවා නොහැකි වනුයේ එමඟින් වේදනාව උග්රවීම හේතුවෙනි. බඩවැල තුළින් ආහාර අවශෝෂනය ද මත්පැන් නිසා අඩාල වේ. විශේෂයෙන්ම විටමින් බී සංකීර්ණයට අයත් තයමින් අවශෝෂණය අඩාල වීමෙන් මොළයේ සෛල ඉදිමී විනාශ වීම නිසා තදබල මානසික රෝග තත්ත්වයක් ඇතිවේ. අක්මාව මඟින් ඊතයිල් මධ්‍යසාර ජීර්ණය කිරීමට අවශ්‍ය එන්සයිම ශ්‍රාවය කළ ද දිගින් දිගටම මත්පැන් ගැනීම නිසා අක්මාවේ සෛල ඉදිමී අක්මා ප්‍රදාහය ඇතිවේ එවිට අක්මාව තුළ පිත පරිවහනය අඩාල වී රුධිරයේ පිත එකතුවීම නිසා සිරුර කහ පැහැ ගැන්වේ. ඉන් අනතුරුව අක්මාවේ කැළැල් ඇතිවන අතර එය අක්මාවේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය නවතාලන සිරෝසිස් නම් මාරාන්තික රෝග තත්ත්වය බවට පත්වේ. අක්මාව මඟින් සිරුරට ඇතුළු වන විෂ ද්‍රව්‍යයන් මෙන්ම ආහාර ජීර්ණයේදී සහ වෙනත් පරිවෘත්තීය ක්‍රියාවලින් සිරුර තුළ නිපදවෙන විෂ ද්‍රව්‍යයන් විනාශ කිරීමත් ලබාගන්නා ඖෂධ වියෝජනය කර සිරුරින් ඉවත් කිරීමත්, සිරුරට අවශ්‍ය ප්‍රතිදේහ ඇතුළු ප්‍රොaටීන නිපදවීමත් අක්මාවේ ප්‍රධාන කාර්යයන් අතර වන බැවින් අක්මාව අකර්මන්‍ය වීම නිසා ඉහත ක්‍රියාවන් ද නැවතීම හේතුවෙන් බොහෝ සංකූලතාවන්ට ගොදුරුවීමට සිදුවේ. විෂ ද්‍රව්‍යයන් සිරුර තුළ එකතුවීම නිසා මොළයේ ක්‍රියාකාරීත්වය අවුල්සහගත තත්ත්වයකට පත්වේ දෙඩවීම, විකාර කියෑවීම, මීමැස්මොරය වැනි සිරුර වෙවුලා ගැහී සිහිය නැතිවන තත්ත්වයන් මේ නිසා ඇතිවේ. ඖෂධත් සිරුර තුළින් ඉවත් නොවීම නිසා ඒවා ද විෂ විය හැකිය. ප්‍රතිදේහ නොසෑදීම නිසා සිරුරේ ප්‍රතිශක්තිය අඩාල වී නිතර නිතර රෝග වලට ගොදුරුවීමත් සිදුවන නිසා මෙම තතත්aවය වඩාත් බැරෑරුම් වේ. එසේම ප්‍රොaටීන් නිෂ්පාදනය අඩාල වීම නිසා රුධිරයේ ආශ්‍රැති පීඩනය අඩුවීම හේතුවෙන් රුධිර ප්ලාස්මාව රුධිර නාළ තුළින් ඉවතට පැමිණීම නිසා උදරය ඇතුළත දියර එකතුවීමත් පාද ඇතුළු සිරුර ඉදිමීමත් සිදුවේ. අක්මාව හැකිලී තන්තුමය තත්ත්වයට පත්වීම නිසා එතුළින් ගමන් ගන්නා මහා ශිරාව අවහිරවීම නිසා ගලනාලයේ පහළ ඇති ශිරාවන් ඉදිමී පුපුරා ලේ වමනය යැම සිදුවිය හැකිය. එම සියල්ල මාරන්තික තත්ත්වයන් බවත් මෙම තත්ත්වයට පැමිණි විට වෛද්‍ය ප්රතිකාරවලින් රෝගියා සුවකළ නොහැකි බවත් අවධාරණය කළ යුතුය. අග්න්‍යාශය එකවර මත්පැන් අධික ප්‍රමාණයක් පානය කිරීමේදී ක්ෂණික අග්න්‍යාශ ප්‍රදාහය නම් මාරාන්තික තත්ත්වයට ගොදුරුවිය හැකිය. එසේම දිගුකාලීන මත්පැන් පානය හේතුවෙන් අග්න්‍යාශයේ සෛල විනාශ වීම නිසා දියවැඩියාව මෙන්ම කාලික අග්න්‍යාශ ප්‍රදාහය ද ඇතිවිය හැකය. ජීර්ණ එන්සයිම අග්න්‍යාශය තුළින් ආහාර මාර්ගයට ගැලීම අවහිර වී අග්න්‍යාශය තුළ සිරවී එතුළ එකතුවීම නිසා එමඟින් අග්න්‍යාසයේ සෛල ජීර්ණයට ලක්වීම තවත් මාරාන්තික තත්ත්වයකි. හෘදය වස්තුවේ මාංශ පේශීන්වලට මත්පැන් නිසා හානි සිදුවීමෙන් හෘද පේශීන් ඉදිමී කාර්යක්ෂම බව අඩුවි හෘද අකර්මන්‍යතාව වැළඳීම මෙන්ම හෘදයේ රිද්මය මාරාන්තික වියහැකි අයුරින් වෙනස්වීම ද සිදුවේ. අස්ථී පද්ධතිය මත මත්පැන් ඇතිකරන බලපෑම නිසා ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය ඇතිවන අතර මාංශ පේශීවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය බී විටමින් නොලැබීම නිසා එහි ක්‍රියාකාරීත්වය අඩාලවී බෙරි බෙරියාව නමැති රෝගය වැළඳිය හැකිය. ප්‍රජනක පද්ධතිය මත මත්පැන් ක්‍රියාකිරීම නිසා පිරිමින්ගේa ටෙස්ටොස්ටෙරෝන් නම් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය අඩපණවී වඳ බවට පත්විය හැකිය. එසේම කාන්තාවන් මත්පැන් පානය කිරීම නිසා ගබ්සා වීම් දරුවන්ට සංජානනීය ආබාධයන් ඇතිවීමටත් දරුවා නොයෙකුත් මානසික රෝග, ඉගෙන ගැනීමේ දුර්වලතා සහ හැසිරීමේ වෙනස්කම්වලට ගොදුරුවන බව බොහෝ කලකට පෙර වෛද්‍ය විද්‍යාත්මකව සනාථ කළ කරුණකි. නීත්‍යානුකූල අරක්කු, බියර්, වයින්, රා, වුවත් කසිප්පු වැනි නීති විරෝධී මත්පැන් වුවත් ඉහත සඳහන් තත්ත්වයන් එක ලෙසින්ම ඇතිකරනු ලැබේ. මත්පැන් කිසිදු විටෙක සිරුරට අවශ්‍ය නොවන දෙයකි. රතු වයින් සිරුරට හිතකර බවට වන මතය මිත්‍යාවක් බව මෑත කාලීන පරීක්ෂණ මඟින් සනාථ වී ඇත කාන්තාවන්ගේ සිරුර තුළ මත්පැන් වියෝජනය වන ශීඝ්‍රතාව සාපේක්ෂව අඩු වන නිසා ඔවුන්ට මත්පැන් වලින් සිදුවෙන හානිය ප්රබලය. ඔවුන් ඉක්මනින්ම මත්පැන් වලට ඇබ්බැහි වන අතර ඉතා කුඩා මත්පැන් ප්‍රමාණයක් පානය කිරීම පවා ඔවුන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම ඉතා ඉහළ මට්ටමකට ගෙන එන බව මෑතකදී කළ පර්යේෂණ වලින් තහවුරු වී ඇත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 May 2017 06:41 PM දරුවන්ට සරම්ප එන්නත ලබා නොදෙන මවුපියන්ට ජර්මනිය දඩගසයි ජර්මනියේ සරම්ප රෝගය පැතිරයැම වැඩිවෙමින් පැවතීම හේතුවෙන් තම දරුවන්ට සරම්ප රෝගය සඳහා ලබාදෙන එන්නත ලබාදීමට කටයුතු නොකරන දෙමව්පියන්ගෙන් යුරෝ 2500 ක් දක්වා වූ දඩ මුදලක් අයකර ගැනීමට ජර්මන් රජය පියවර ගෙන තිබේ. රට තුළ සරම්ප රෝගය වසංගතයක් ලෙස පැතිරයැම හේතුවෙන් මෙසේ දැඩි නීති රීති ගෙන ඒමට සිදුවූ බව ජර්මන් සෞඛ්‍ය ඇමැති හර්මන් ග්රොහේ පවසයි. රජය දැනටමත් පෙර පාසල් බලධාරීන් දැනුවත් කර ඇත්තේ සිය දරුවන්ට සරම්ප එන්නත ලබාදීම සම්බන්ධව වෛද්‍ය උපදෙස් ලබාගත් බවට තහවුරු කිරීමට අසමත් වන දෙමව්පියන් පිළිබඳව දැනුම්දෙන ලෙසයි. සරම්ප රෝගයට ගොදුරු වීමෙන් ජර්මනියේ එසෙන් නගරයේ පදිංචිව සිටි තිදරු මවක් පසුගියදා මියගොස් තිබේ. ජර්මන් රජය හඳුන්වාදී ඇති නව නීති රීතිවලට අනුව දෙමව්පියෝ තම දරුවාට සරම්ප එන්නත් ලබාදීම සඳහා වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීමට අසමත් වී ඇතිනම් එම දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථාන (ඩේ කෙයාර් සෙන්ටර්) වලින් නෙරපීම සිදු කෙරෙනු ඇත. මෙම නීතිය ලබන ජුනි මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. රොබට් කොක් ආයතනයට අනුව මෙම වසරේ අප්‍රේල් මැද භාගයේ දී ජර්මනියෙන් සරම්ප රෝගීන් 410 දෙනකු වාර්තා වී ඇති අතර එය පසුගිය වසරේ එම කාලසීමාවේදී වාර්තා වූ සංඛ්‍යාව අභිබවා ගොස් ඇත. 2016 වසරේ අප්‍රේල් මැද භාගයේ දී ජර්මනියෙන් සරම්ප රෝගීන් 325 දෙනකු වාර්තා වී තිබිණි. රොබට් කොක් ආයතනයට අනුව ළමුන්ට අමතරව 1970 වසරේ සිට උපත ලැබූ සෑම අයෙකුම සරම්ප රෝගය සඳහා වන ප්‍රතිශක්තිකරණය ලබාගත යුතුව ඇත. සරම්ප ප්‍රතිශක්තිකරණය සඳහා දැඩි නීති රීති හඳුන්වා දුන්නද ඉතාලිය මෙන් සරම්ප ප්‍රතිශක්තිකරණය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස ජර්මනිය තවම නොසලකයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව යුරෝපීය රටවල් 14 ක මේ වන විට සරම්ප රෝගය වසංගතයක් ලෙස පැතිර ගොස් ඇති අතර මෙම වසරේ දී ඒ අතුරින් වැඩිම සරම්ප රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, රුමේනියාව, ස්විට්සර්ලන්තය හා යුක්රේනය යන රටවලිනි. විශාලතම සරම්ප වසංගත තත්ත්වයක් වාර්තා වී ඇත්තේ ඉතාලිය හා රුමේනියාව යන රටවලිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පාසලට ඇතුල් කිරීමට පෙර ළමුන් සරම්ප ප්‍රතිශක්තිකරණය ලබා ඇත්දැයි විමසිය යුතුය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 31 May 2017 06:45 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 31 May 2017 08:33 PM අනෙ අම්මො පිලිකාවක් හැදෙනවට වඩා හොදයි ඊට කලින් මැරිල යනවා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 hasithadSuper Senior MemberPosts:5795 01 Jun 2017 09:03 AM හොද දැනුවත් කිරීම් මල්ලි.මහන්සි වෙලා දපු ලිපි 5ටම ගොඩක් ස්තූතියි. මේවා නිවාඩුව කියවන්න ඕනෙ ලිපි. 0 chamaramindMost Senior MemberPosts:13471 02 Jun 2017 06:19 PM දුම්පානයෙන් නූපන් දරුවාගේ අක්මාවටත් බලපෑම් දුම්පානය හේතුවෙන් නූපන් දරුවාගේ අක්මාවටත් හානි සිදුවන බව පියවි කළල සෛල යොදාගෙන සිදුකළ නවතම පර්යේෂණ තහවුරු වී තිබේ. රසායන ද්‍රව්‍ය බොහොමයක මිශ්‍රණයක් දුම්වැටියක පවතින අතර ඒවා මව්කුස සිටින දරුවාගේ අක්මාවේ වර්ධනයට හානි පමුණුවන බව මේ අනුව විද්‍යාඥයන් තහවුරු කර ඇත. සාමාන්‍යයෙන් සිගරැට්ටුවක් තුළ මිනිස් සිරුරට හානිකර සහ පිළිකාකාරක සහිත විෂ රසායන 7537 ක් පමණ මිශ්‍රණයක් ලෙස පවතින බව තහවුරු වී තිබේ. දුම්බොන මවකගේ හෝ අක්‍රිය දුම්පානයට ලක්වන මවකගේ කුස තුළ සිටින දරැවාටත් මෙහි බලපෑමක් තිබේ. මව්වරුන් දුම්බීමේදී කුස තුළ සිටින දරුවාට ඉන් ඇතිවන බලපෑම සොයා බැලීම සඳහා ඉහත කී විද්‍යාඥයෝ කළල පියවි සෛල යොදාගත්හ. මෙම පර්යේෂණ මෙහෙයවනු ලැබ ඇත්තේ බ්‍රිතාන්‍යයේ එඩින්බරා විශ්වවිද්‍යාලය විසිනි. මෙහිදී හෙළිදරව් වී ඇති තවත් වැදගත් කාරණයක් වන්නේ දුම්වැටියක ඇති රසායනික මිශ්‍රණයේ බලපෑම කළලයේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වන බවය. එමෙන්ම දුම්වැටියක ඇති රසායන ද්‍රව්‍ය වෙන වෙනම ගත් කළ ඉන් ඇතිවන හානියට වඩා වැඩි හානියක් එම රසායන ද්‍රව්‍ය එකට මිශ්‍ර වූ දුම ශරීරගත වීමෙන් කළලයට සිදුවන බව විද්‍යාඥයෝ පවසති. සිගරැට්ටුවකින් පිටවන දුම මව්කුස තුළ ඇති කළලයට හානිකර බව මීට පෙර සිට දැන සිටි නමුත් එහි හානිය සවිස්තරාත්මකව අධ්‍යයනය කිරීමට මෙම අධ්‍යනයෙන් අවස්ථාව ලැබී තිබේ. එම රසායන ද්‍රව්‍ය සම්මිශ්‍රණය වීමෙන් කළලයට ඇතිවන හානිය දරුවාට දීර්ඝකාලීනව බලපානු ඇති බව මෙම පර්යේෂණ වාර්තාවේ සඳහන් වෙයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Jun 2017 06:21 PM සිගරැට්ටුවෙන් මනෝවිකාර දුම්බීම භින්නෝන්මාදය නමැති මානසික වියවුල් තත්ත්වයක් වර්ධනය වීමට ප්‍රබල සාධකයක් ලෙස ක්‍රියා කළ හැකි බව පවසන පර්යේෂක, දුම්බීම සහ භින්නෝන්මාදය අතර පවතින සම්බන්ධතාව සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බව නිර්දේශ කර තිබේ. භින්නෝන්මාදය (schizophrenia) යනු මනස තල දෙකක ක්‍රියාත්මක වීම නැතහොත් සන්නිවේදනය සහ ක්‍රියාව අතර සම්බන්ධය නැතිව ගොස් ඇතිවන උමතුව වශයෙන් විස්තර කළ හැක. ලන්ඩන් නුවර කිංග්ස් කොලේජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායම පවසන්නේ දුම්පානය කරන්නන්ට මෙම මානසික රෝගී තත්ත්වය ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින අතර ඉතා අඩු වයස්කාර දුම්බොන්නන් මේ තත්ත්වයට වැඩියෙන් ගොදුරැ වන බවයි. එම පර්යේෂක කණ්ඩායම විසින් සිදුකරන ලද පර්යේෂක 61ක් අනුසාරයෙන් ලැන්සට් සයිකෑට්රික් සඟරාවේ පළකරන ලද විශ්ලේෂණයේ දැක්වෙන්නේ සිගරුට්ටුවේ ඇති නිකොටීන් මිනිස් මොළයට තුළ වෙනස්කම් සිදුකිරීමට සමත් බවයි. සිය පරීක්ෂණයෙන් මුලික කරුණු ඉදිරිපත් වුවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතු බවය. කිංග්ස් කොලේජ් පර්යේෂකයෝ පෙන්වා දී තිබේ. දුම්පානය සයිකෝසියාව නැතහොත් මනෝවිකාරයට හේතුවන බව බොහෝ කාලයක සිට විශ්වාස කළ කරුණකි. නමුත් භින්නෝන්මාදය ඇති රෝගීන් දුම්පානය කරන්නේ සිය මනස තුළ පවතින ශෝකී ස්වභාවය සහ මනස තුළින් ඇසෙන බවට ඔවුන් විශ්වාස කරන කටහඬවලින් මිදීමට වන බවයි මින් පෙර විශ්වාස කෙරුණේ. කිංග්ස් කොලේජ් පර්යේෂණ කණ්ඩායම විසින් දුම්පානය කරන්නන් දාහතර දහස් පන්සීය පනස් පහක් (14555) සහ දුම්පානය නොකරන පුද්ගලයන් දෙලක්ෂ හැත්තෑ තුන්දහස් එකසිය හැට දෙකක් (273162) සිය පරීක්ෂණයට යොදාගෙන ඇති අතර එයින් ලද ප්‍රතිඵල පහතින් දැක්වේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Jun 2017 06:24 PM වයාග්‍රා විස්මිත පෙත්තේ ඇත්ත නැත්ත ලිංගික අප්‍රාණිකත්වය නැත්නම් නෂ්ඨකාමය ඇති අයට දැන් විස්මිත පෙත්තක් භාවිත කිරීමේ වරම ලැබී තිබේ. ඇත්තෙන්ම කිව්වොත් මේ නම් මැජික් පෙත්තකි. ඒ තමා වයාග්‍රා. නමුත් මේ මැජික් පෙත්ත ගත යුත්තේද තෝරා බේරා වෛද්‍ය උපදෙස් මත පමණයි. සමහරුන්ට මේ කියන වයාග්‍රා නිසාත් නොයෙකුත් අපහසුතාවන්ට ලක්වන්නට සිදුවූ අවස්ථා අපමණයි. වයාග්‍රා ගැනත් බොහෝ දෙනා තුළ මිත්‍යා මත ගණනාවක් තිබේ. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ ඔය කියන මැජික් පෙත්තේ හාස්කම ගැන ඇත්ත නැත්ත අපිට පැහැදිලි කළේ මෙහෙමයි. මුලින්ම වයාග්‍රා සොයාගත්තේ ලිංගික අප්‍රාණිකත්වයට බෙහෙතක් හැටියට නොවෙයි. හදවතේ රුධිර නාල සිහින් වීමට බෙහෙතක් හැටියට සොයාගත් මෙය ලබා දුන් විට ලිංගික අප්‍රාණිකත්වයත් නැතිවෙන බව සොයාගන්න ලැබුණා. එදා ඉඳන් මේ පෙත්ත මහා මැජික් පෙත්තක් බවට පත්වුණා. වයාග්‍රා සොයාගැනීමත් සමඟ තමා ලිංගික අප්‍රාණිකත්වය මගින් පෙලෙන අය කාණ්ඩ දෙකකට වෙන් වුණේ. මානසික හේතු නිසා අප්‍රාණිකත්වය හටගන්නා අය පළමු කාණ්ඩයයි. කාන්සාව, මානසික අවපීඩනය, ස්වාමියා සහ බිරිය අතර ඇතිවන ගැටලු නිසා එකිනෙකා අතර ආකර්ෂණය නැතිව යාම මේ කාණ්ඩයට අයත්. මේ නිසා හටගත් අප්‍රාණිකත්වයට වයාග්‍රා හුඟක් ඵලදායී බෙහෙතක් වුණා. කොටින්ම වයාග්‍රා මගින් මේ කියන අයගෙන් 85%ක්ම ගොඩ ගියා. දෙවැනි කාණ්ඩය, කායික රෝග නිසා හටගන්නා අප්‍රාණිකත්වයට ගොදුරු වන අය. රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා හටගන්නා ඇතරෝස්ක්ලෙරෝසියාව, දියවැඩියාව සහ පුරස්ථි ග්‍රන්ථියේ සැත්කම් නිසා හටගන්නා ස්නායු දුබලතා ඒ සඳහා උදාහරණ ලෙස පෙන්වන්න පුළුවන්. මේ අයගෙනුත් සියයට 35කට පමණ වයාග්‍රා ප්‍රතිඵලදායක බව කිවයුතුයි. ඒ කියන්නේ අප්‍රාණිකත්වයට කියාපු බේත! හැබැයි ඉතින් මේ මැජික් පෙත්ත ගන්නට ඕනෑත් ටිකක් කල්පනාකාරීව අරපරෙස්සමින් තමා. මොකද මේ පෙත්ත ගන්න සුදුසු නැති අයත් ඉන්නවා. ඒ ගැන හරියටම දැනගන්න පුළුවන් වෛද්‍යවරයකු හමුවීමෙන් තමා. ඉන්පසුව වෛද්‍ය නිර්දේශය මත තමා මේ පෙත්තේ මැජික් බලය වැඩට ගන්නට ඕනෑ. අපි දැන් බලමු කාටද මේ පෙත්ත අගුණ කියලා. සිල්ඩෙනෆිල් සිට්රේට් නැත්නම් වයග්‍රා හෘදයාබාධවලින් පෙලෙන අයට අගුණයි. ඊළඟට ආමාශයේ තුවාල ඇති අයට, ඒ වගේම ලේ කැටි නොගැසීමේ රෝගාබාධ (හිමොෆීලියාව) ඇති අයටත් සුදුසු නැහැ. ඒ වගේම සමහර ඖෂධ වර්ග ගන්නා අයටත් වයාග්‍රා භාවිතය අගුණයි. එයින් එකක් තමා Nitroglycerine – TNT හෙවත් දිව යට තබාගන්නා හෘදරෝගීන්ට දෙන පෙත්ත. අනෙක් ඒවාත් හෘද රෝගීන්ට ලබාදෙන ISDN, Isodril, Sobitrate ඒ වගේම Pentaerythritol – Teranitrebe ඒ වගේම Erythrityl Tetranitrat – Cardilate කියන පෙති. ඉතින් මේ අපබ්‍රංස වගේ පෙනෙන බෙහෙත් ගැන හරියටම දන්නේ දොස්තර මහත්තුරු තමා. ඒ නිසයි වෛද්‍ය උපදෙස් මත වයාග්‍රා ගැනීම සුදුසුයි කියලා කියන්නේ ඒ වගේම Cimetidine, Erythromycin, Ketoconazole, Itraconazole ඖෂධ සමගත් වයාග්‍රා ගැනීම අවදානම්. තවත් වැදගත් කරුණක් තමා වයාග්‍රා නිසා සමහරුන්ට අතුරු ආබාධ හටගන්නත් පුළුවනි. ඒ වගේ ඇතිවන අතුරු ආබාධ තමා මේ. හැබැයි මේවා ඇතිවන්නේ ඉතාම සුළු ප්‍රතිශතයකටයි. වයාග්‍රා ගැන තියෙන මිත්‍යාවන් ගැන අපි ඊළඟට කතා කරමු. උපදෙස් විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 02 Jun 2017 06:40 PM ශෂී නෝනාගෙන් ඇහුවනම් හරියටම කියයි ගුණ අගුණ. ස්තූතියි තොරතුරු වලට. මෙව්වා පාවිච්චි කරන්න යන එක කොහොමත් එච්චර සුදුසු නැහැ කියලයි මට නම් හිතෙන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 02 Jun 2017 07:22 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 02 Jun 2017 09:17 PM මේ ලිිපි දැක්කම හිතෙන්නේ ගොඩක් ඒවා අපි විසින් බලෙන් ලබාගන්නා ඒවා බව... ස්තූතියි මල්ලී ලිපිවලට... 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Jun 2017 10:36 PM ස්තුත්යි මල්ලි ලිපි වලට First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 02 Jun 2017 11:11 PM සෑහෙන උපදෙස් සහිත ලිපි පෙළක්ම තියෙනවා. විවේක වෙලාවක කියවන්න පුළුවන්. බොහෝම ස්තූතියි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jun 2017 07:19 PM අත් හෝදනවා නම් ලෙඩ නෑ විෂබීජ සහ බෝ වෙන රෝග වැලැකීම සඳහා සෞඛ්‍ය සම්පන්න පුරුදු මගින් හේතුවේ. මෙහිදී අප දැඩි අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ අත් පිරිසිඳුව තබාගැනීම කෙරෙහිය. එහිදී විශේෂයෙන් පහත සදහන් අවස්ථාවන්ට පෙර සහ පසු ඔබගේ අත් පිරිසිදු කිරීම වැදගත්වේ. ආහාර ගැනීම ආහාර සැකසීම වැසිකිළි භාවිතය දරුවන්ගේ නැපි මාරු කිරීම හෝ දරුවා අත පත ගෑමේදී රෝගියෙකුට සත්කාර කිරීම තුවාලයකට ප්‍රතිකාර කිරීම හෝ අත අපිරිසිදු වූ ඕනෑම අවස්ථාවක කදවුරුවල සේවය කිරීමේදී ,මුහුණු ආවරණ ඉවත් කිරීමේදී හෝ එම ආරක්ෂිත උපකරණ ගලවා ඉවත් කිරීමේදී ඊට අමතරව පහත සදහන් ක්‍රියාවන් කිරීමෙන් පසුව ඔබගේ අත් පිරිසිදු කරගන්න: කිවිසුම් යනවිට , කහින විට හෝ ඔබේ නාසය බුරුල් කරන විට කිවිසුම් යෑමේදී , කහින විට හෝ ඔබේ නාසය බුරුල් කරන විට එක් වරකට ටිෂූ එකක් භාවිතා කිරීමද සුදුසුය තවත් පුද්ගලයෙකු අත් ස්පර්ශ කිරීමෙන් පසු හෝ සතෙකු ස්පර්ශ කිරීමෙන් හෝ සතුන් සුරතල් කිරීමෙන් පසු කුණු කසල අත ගෑමෙන් පසු අපිරිසිඳු භාණ්ඩ ස්පර්ශ කිරීමෙන් පසු. අත් සේදීම ද කළ යුත්තේ දෑත හොඳින් පිරිසිඳු වන අයුරිනි. සබන් හා ජලය යොදා අත් හොඳින් සේදීම කරන ආකාරය පියවර වශයෙන් පහත පරිදි වේ. 1.අත් වතුරෙන් තෙමාගන්න 2.සබන් හෝ අත් සෝදන දියරය අතෙහි ගල්වන්න 3.තත්පර 20 ක් හොදින් අත් අතුල්ලන්න 4.ඉන්පසු තත්පර 10 ක් අත වතුරෙන් සෝදන්න 5.පිරිසිදු වියලි තුවායකින් වියලි කරන්න හෝ ටිෂූ එකකින් පිසදාගන්න කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී - පුෂ්පා රම්‍යානි සොයිසා සටහන - ඩයනා උදයංගනී ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jun 2017 07:43 PM දියවැඩියාවට බිය නොවන්න වර්තමාන සමාජයේ මිනිසාගේ කාර්යබහුලත්වය ආතතිය හා වැරදි ආහාර රටාවන් නිසා මිනිසා නොයෙකුත් රෝගාබාධයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවක් දැකිය හැකිය. එමෙන්ම බෝ නොවන රෝග සේ සැලකෙන දියවැඩියාව හෙවත් මධුමේහය පිළිබඳ අද අප සාකච්ඡා කරනුයේ පෑලියගොඩ නුවර පාරේ රන්පත වෙද මැදුරේ අධිපති ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා සමඟය. " මොකක්ද මේ දියවැඩියාව රෝගය කියන්නේ. ඇයි සමාජයේ පිරිස් මෙතරම් මේ රෝගය සඳහා බියක් දක්වන්නේ. ඇත්තටම දියවැඩියාව ලෙස හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන්ම සිරුරේ සීනි මට්ටම ඉහළ යැමයි. මෙම සීනි ප්‍රමාණය ඉහළ යැමත් සමගම ශරීරයට ඇති වන විවිධ සංකූලතා තමයි මෙම රෝග ලක්ෂණ ලෙස පෙන්වා දිය හැක්කේ. බොහෝ විට මෙම රෝගී තත්ත්වය ජාන ඇසුරින්ද ඇති විය හැකි අතර වැඩිම පිරිසක් මෙම රෝගයට ගොදුරු වන්නේ නිසි ලෙස තම දේහ පාලනයකින් තොරව කටයුතු කිරීමෙන් බවද පැවැසිය යුතුමය. විශේෂයෙන් වර්තමානයේ බොහෝ පිරිසක් මෙම රෝගී තත්ත්වයට ගොදුරු වන්නේ නිවැරදි ආහාර රටාවක් අනුගමනය නොකිරීම සහ ක්ෂණික ආහාරවලට වැඩිපුර යොමුවීම තුළිනුයි. මෙම රෝගය වැළඳුණු විට එය ඉතා අහිතකර ලෙස ශරීරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරනු ලබන අතර මෙම රෝගී තත්ත්වය නිසැකවම මිනිසාගේ සිරුර තුළට කරනු ලබන හානිදායක තත්ත්වය නිසා බොහෝ දෙනා මෙම රෝගය නිහඬ මාරයා යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වන්නේ මෙහි ඇති දැඩි බරපතළ තත්ත්වය නිසාය. එම නිසා මෙම රෝගයේ සංකූලතාව හඳුනා ගැනීම සහ මේ සඳහා කඩිනමින් ප්‍රතිකාර ගැනීමද ඉතා වැදගත්ය. මෙන්න මේ රෝගය නිසා බොහෝ පිරිස් දියවැඩියාව රෝගයට ඉතාම බියක් දක්වයි. දියවැඩියාව සමඟම එන තවත් රෝගී තත්ත්වයක් තමයි අතපය හිරිවැටීම. ඇයි මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ, මෙම රෝගයෙන් පීඩා විඳින රෝගීන් ගොදුරු වන තවත් රෝගී තත්ත්වයක් තමයි ඔවුන්ගේ අතපය හිරිවැටීමේ රෝගී තත්ත්වය. මෙම රෝගීන් බහුතරය පවසන්නේ ඔවුන් ඇවිදින විට යටිපතුල් කොට්ට උඩ ඇවිදිනවා වැනි ආකාරයෙන් දැනෙන බවය. ඒ වගේම පාවහන් පැළැඳ සිටියත් ඒ බවක් ඔවුන්ට නොතේරෙන බවත් පවසනවා. මීට අමතරව දණහිස්, උරහිස් මෙන්ම වැලමිට ඇතුළු විශාල සන්ධි ආශ්‍රිතව ඇති වන අධික වේදනා තත්ත්වයක් ගැන රෝගීන් අප සමඟ නිතරම පවසනවා. සමහරුන්ට මෙම වේදනාකාරී බව උදෑසන කාලයේදී ඇතිවන අතර තවත් සමහරුන්ට මෙම වේදනාකාරී බව දිවා කාලයේදීත් තවත් සමරුන්ට රාත්‍රියේදීත් ඇතිවීමට හැකියාව පවතිනවා. යම් ලෙසකින් දියවැඩියා රෝගීන්ට මෙම අත්පා හිරිය සහ වේදනාව ඇතිවනවා නම් ඊට හේතු ලෙස අදාළ රෝගියාගේ ස්නායු පද්ධතියේ ක්රියාකාරීත්වයේ දුර්වලතාවන් නිසා මෙම තත්ත්වයට ගොදුරු වීමේ හැකියාව පවතිනවා. මන්ද දියවැඩියාව තත්ත්වය නිසා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය නිසි පෝෂණ තත්ත්වය නොලැබීම නිසා එම පද්ධතියේ ඇතිවන අඩුපාඩුකම් නිසා මෙම තත්ත්වය ඇතිවිය හැකියි. දියවැඩියා රෝග ලක්ෂණවලින් පෙළෙන අයකුට ආතරයිටීස් රෝගය වැළඳුනොත් මෙම වේදනාවන් දෙගුණ තෙගුණ විය හැකිය. එම නිසා එම රෝගයට ප්‍රතිකාර ලබා දීමේදී නිසි විමසීමක් පරීක්ෂාවකින් පමණක් ප්‍රතිකාර කළ යුතු වෙනවා. "මෙම රෝග ලක්ෂණයන්ට අමතරව දියවැඩියා රෝගීන්ට බලපාන වෙනත් රෝග තිබෙනවාද? ඒවායේ රෝග ලක්ෂණ මොනවාද? විශේෂයෙන්ම මොවුන් අතර දැකිය හැකි තවත් රෝග ලක්ෂණයක් තමයි මළ බද්ධය ඇතිවීම, ඒවාගේම මළ බුරුලට යැම, මළ බද්ධය සමඟම සම මත ඇතිවන කැසීම් තත්ත්වය සහ පළු දැමීම වැනි දේද ඇතිවිය හැකියි. හිස කැක්කුමද රෝගීන්ට ඇතිවීමේ හැකියාවක් පවතිනවා. නින්ද නොයැම, අධික ලෙස මුඛයෙන් දුර්ගන්ධයක් පිටවීම, කේන්ති යැම, පීනස් රෝග උග්රවීම මුඛයේ තුවාල හටගැනීම ඇස්වලින් කඳුළු ගැලීම හා ඇස් වියළීම වැනි රෝගාබාධයන්ද ඇතිවිය හැකියි. දියවැඩියාව රෝගයට ආයුර්වේද ප්‍රතිකාර තුළින් සුවයක් ලැබිය හැකිද? අනිවාර්යයෙන්ම ආයුර්වේද ප්රතිකාරවලින් මෙම රෝගය සුවකර ගත හැකියි. විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී ඔවුන් නිවැරදි පරීක්ෂාවකින් පසු වැළැඳී ඇත්තේ කුමන රෝගී තත්ත්වයක් දැයි නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර ආරම්භ කළ යුතුයි. ඉතාමත් කාර්යබහුල අයට පවා ඉතා පහසුවෙන් පාවිච්චි කළ හැකි ලෙස පර්යේෂණාත්මකව දියුණු ක්‍රමවලට සැකසූ ප්‍රතිකාර ක්‍රම අප සතුව පවතින නිසා ඕනෑම පුද්ගලයකුට අප කරා පැමිණ ඉතා පහසුවෙන් තම රෝග සුව කරගැනීමට හැකියාව තිබෙන බවද මෙහිදී කිව යුතුමයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jun 2017 07:45 PM මුත්‍රාගල් ආවොත් මොකද කරන්නේ? ප්රශ්නය - පසුගිය ලිපි දෙකකින් මුත්‍රා රෝග සම්බන්ධ කරුණු රැසක් ඔබ අපට කියා දුන්නා. අද අප ඔබෙන් විමසන්නට බලාපොරොත්තු වන්නේ අශ්මරී නමැති රෝගී තත්ත්වය ගැනයි. මෙය ඉතා සරව කියනවා නම් මුත්‍රා බොක්කේ ගල් හට ගැනීම ලෙස හඳුන්වනවා. මේගැන තවදුරටත් විස්තර කරන්න. විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - සමහර අවස්ථාවලදී මුත්‍රා බොක්කේ ගල් වලින් කිසිම හානියක් වන්නේ නැහැ. එනම් ඒ ගල කොතරම් විශාල වුණත් ගැටලුවක් නැහැ. එහෙත් එම ගල් මුත්‍රා බොක්කේ බිත්තිවල ගැටෙමින් එම බිත්ති තුවාල කරන්නට පටන් ගත්තොත්, එහෙමත් නැත්නම් එය මුත්රාවාහිනිය පටන් ගන්නා තැන හිරවුණොත් විශාල වේදනාවක් හට ගන්නවා. මුත්‍රා ගල් සෑදී ඇති බව එක්වරම දැක ගත හැක්කේ පහත සඳහන් රෝගලක්ෂණවලින්. එනම් 1. යටි බඩේ වේදනාව 2. පුරුෂයන්ගේ නම් ලිංගේන්ද්‍රියේ හෝ වෘෂණ කෝෂ වල හෝ මේ දෙතැනම අස්වාභාවික වේදනාවක් සහ අපහසුවක් ඇති වීම. 3. නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම 4. මුත්‍ර කිරීම දුෂ්කර වීම හෝ මුත්‍ර පහ කිරීමේදී එය ඇනහිටීම. 5. මුත්‍රවලට රුධිරය කලවම් වීම. 6. මුත්‍රවල දුර්වර්ණයක් ඇති වීම. ප්රශ්නය - අශ්මරී රෝගය හට ගන්නේ ඇයි? විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්ප කුමාර - ඔබේ මුත්‍ර බොක්ක සම්පූර්ණයෙන් ම හිස්නොවන අවස්ථාවලදී මුත්‍ර බොක්ක තුළ මුත්‍ර ස්පටික හටගන්නවා. ඒ අතර සමහර ආසාදන නිසාත් මුත්‍ර බොක්කේ ගල් හටගන්නවා. යම් විදියකින් පිටස්තර ද්‍රව්‍යයක් මුත්‍ර බොක්කට ඇතුළු වුණොත් එවිටත් ගල් හට ගන්නවා. මුත්‍ර ගල් හට ගැනීමට හේතුවන තවත් ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේයි. 1. පුරස්ථිත ග්‍රන්ථිය ඉදිමීම - මේ මගින් මුත්‍ර පහ කිරීමට අවහිරතා ඇති වනවා. එවිට මුත්‍ර ගල්ඇති වනවා. සාමාන්‍යයෙන් පුරස්ථිත ග්රන්ථ ඉදිමුනාම මුත්‍ර මාර්ගය අවහිර වීම ස්ථිර වශයෙන්ම සිදුවන දෙයක්. 2. මුත්‍ර බොක්කේ ස්නායු හානියටපත් වීම - මුත්‍රා පිරුණාම මුත්‍රා බොක්කේ බිත්ති තද කළ යුතුද එහෙමත් නැත්නම් ලිහිල් කළ යුතුද යන පණිවුඩය මොළයට දෙන්නේ මුත්‍ර බොක්කේ ඇති ස්නායු පද්ධතියයි. මුත්‍ර පිරුණ විට ඒ බව දැනුම් දෙන්නෙත් මේ ස්නායු මාර්ගයෙන්. එවිට මොළය පණිවුඩයක් ලබා දෙනවා මුත්‍ර පහ කරන්න කියලා. සාමාන්‍යයෙන් මුත්‍ර බොක්කේ ස්නායු හානියට පත් වන්නේ ආඝාතය (Stroke) වැනි රෝග තත්ත්වයක් නිසයි. එසේම සුසුම්නාව හානියට පත් වුණාමත් මේ පණිවුඩ හුවමාරුව හරියට සිදු වන්නේ නැහැ. 3. ප්‍රදාහ තත්ත්වයක් නිසාත් මුත්‍ර ගල් හට ගන්නවා. උකුළු ප්‍රදේශයේ හෝ මුත්‍ර මාර්ගයේ හටගන්නා රෝග තත්ත්වයක් සඳහා විකිරණ ප්‍රතිකාර කළ විටත් මුත්‍ර බොක්කේ ගල් ඇති වෙනවා. ලබන සතියේ තව කොටසක් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 03 Jun 2017 07:46 PM කඳුලැස්ස සහ සහිඳලුනුවලින් සුදු කබරවලට ආලේපයක් ප්රශ්නය - වැසි සමය එළඹ තිබෙනවා. මෙවැනි වකවානුවකදී සුදු කබර රෝග තත්ත්වය වැඩි වෙනවාද? වෛද්‍ය ශ්‍රී ලක්මාල් සුගතදාස - සාමාන්‍යයෙන් සුදු කබර රෝග තත්ත්වය වැඩි වෙන්නේ පායන කාලයටයි. හැබැයි මෙය රෝගියාට සාපේක්ෂව වෙනස් වන්නට පුළුවන්. මා ඊට උදාහරණයක් කියන්නම්. සමහර ඇදුම රෝගීන්ට රෝගය උත්සන්න වන්නේ පායන කාලයේදී තවත් සමහරකුට වැසි කාලයේදී රෝගය වැඩි වෙනවා. සමහරකට දූවිල්ල නිසා රෝගය වැඩි වෙනවා. තව කෙනකුට අධික ශීතල නිසා රෝගය වැඩි වෙනවා. සුදු කබර රෝගයේත් මේ තත්ත්වය දැකිය හැකියි. ප්රශ්නය - මෙවැනි කාලයකදී සුදු කබර සඳහා ඔබ යෝජනා කරන ඖෂධය කුමක්ද? වෛද්‍ය ශ්‍රී ලක්මාල් සුගතදාස - කඳුලැස්ස කියන ඖෂධීය ශාකයෙන් සාදා ගන්නා ආලේපයක් පාවිච්චි කළ හැකියි. කඳුලැස්ස ගහේ පස් පංගුව අමුවෙන් අරගෙන සහිඳ ලුනු දමා ඇඹරිය යුතුයි. සහිඳ ලුනු යෙදිය යුත්තේ කඳුලැස්ස ග්‍රෑම් 25 කට සහිඳ ලුණු ග්‍රෑම් 2 - 3 අතර ප්‍රමාණයක්. මෙසේ අඹරාගත් ආලේපය උදේ සවස සුදු කබර මත ආලේප කළ යුතුයි. කඳුලැස්ස කියන්නේ මාංශ භක්ෂක ශාකයක්. චර්ම රෝග, ආහාර විෂවීම් නිසා හට ගන්නා පලු, ඉන්නන්, ගල් තැලුම් යනාදියට ප්‍රතිකාර කිරීම සඳහා කඳුලැස්ස යොදා ගන්නවා. සහිඳ ලුණු කියන්නේ ක්ෂාරයක්. මෙය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Rock laSt යන නමින්. කඳුලැස්ස සහ සහිඳ ලුණු එකතු වුණාම හැදෙන මිශ්‍රණය ඉතාම බලගතුයි. තියුණුයි. සුදු කබර පැල්ලම් මත ප්‍රතික්‍රියා කරන්නට එයට පුළුවන්. විශේෂයෙන් ම වැසි සමය පවතින කාලයක, ගංවතුර වැනි තත්ත්වයකදී කුෂ්ට රෝග හටගන්නා කාලයක ඒවාට තුඩුදෙන පාරිසරික තත්ත්වයට මුහුණ දෙමින් ක්‍රියාත්මක වීමට මේ මිශ්‍රණයට පුළුවන්. නොමිලේ විස්තර 037 494 0866/ 071 4257711 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 17 of 137 << < 1516171819 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner