You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 18 of 137 << < 1617181920 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jun 2017 07:47 PM

ඔසප් ප්‍රශ්නවලට බෙහෙත් බොන්න ඕනෑද?

ප්‍රශ්නය - ඔසප් වීම රෝගයක්‌ නොවෙයි. එය කාන්තාවන්ට සුවිශේෂ වූ ජීව විද්‍යාත්මක සංසිද්ධියක්‌. එහෙත් අද වන විට බොහෝ කාන්තාවක්‌ මෙය රෝග තත්ත්වයක්‌ ලෙස සලකන අතර ඉන් අත්විඳීම සඳහා ඖෂධ භාවිතයටත් පෙළඹී සිටිනවා.

වෛද්‍ය කෞමදි කරුණාගොඩ - කාන්තාවක්‌ පුරුෂයකුගෙන් වෙනස්‌ වන මූලික කාරණා කිහිපයෙන් එකක්‌ ලෙස ඔසප් වීම හඳුන්වන්න පුළුවන්. වැඩි වියපත් යෞවනියන්ගේ ශරීරය දරු පිළිසිඳ ගැනීමක්‌ සඳහා සූදානම් වීමේදී ශරිරය තුළ හට ගන්නා වෙනස තමයි ඔසප් කාලය එම වෙනස්‌ වීමේ එක්‌ අදියරක්‌ හැටියට ඔසප් රුධිරය පිට වෙනවා. හැබැයි මේක විතරක්‌ නෙවෙයි දරු පිළිසිඳ ගැනීමකට සුදානම් බව පෙන්වන සංඥාව. මුළු මාසය පුරාම කාන්තා ශරීරය තුළ දරු පිළිසිඳ ගැනීමකට අදාළව වෙනස්‌කම් සිදුවෙනවා. ඔසප් රුධිරය පිටවීම එක සංඥාවක්‌ විතරයි. මෙය සිදු වන්නේ දවස්‌ 28 කට සැරයයි. ආයුර්වේදයේ මෙය හඳුන්වන්නේ චන්ද්‍ර මාසයකට වරක්‌ සිදුවන ක්‍රියාවක්‌ හැටියටයි.

ප්‍රශ්නය - මෙය ස්‌ථිර වශයෙන්ම දින 28 කට වරක්‌ විය යුතු දෙයක්‌ද?

වෛද්‍ය කෞමදි කරුණාගොඩ - කිසිසේත් ම නැහැ. දින 28 කට පෙරත් මෙයසිදුවිය හැකියි. දින 28 කට පසුත් මෙය සිදු වි හැකියි. සාමාන්‍යයෙන් ඔසප් වීමක්‌ දින 25 සිට දින 35 දක්‌වා කාල පරාසය තුළ ඇති විය හැකියි. දින 25 කට අඩුවෙන් ගෙන දින 35 කට වැඩියෙන් සිදුවන ඔසප් වීම් රෝග තත්ත්වයක්‌ හැටියට සැලකිය හැකියි. ආයුර්වේදය තුළ රෝගී ඔසප්වීමක්‌ සම්බන්දයෙන් පැහැදිලි කිරීම් ගොඩක්‌ තිබෙනවා. ආයුර්වේදයේ හැටියට නියම නිරෝගී ඔසප් වීමකදී රුධිරය වැඩියෙන් පිට වන්නෙත් නැහැ. අඩුවෙන් පිටවන්නෙත්නැහැ. දින 3 ක අවමයක කාලය තුළත් දින හතක උපරිම කාලයක්‌ තුළත් නිරෝගී ඔසප්වීම සිදුවිය යුතුයි. එසේම ඔසප් රුධිරය ගැනත් ආයුර්වේදයේ සඳහන් වෙනවා. ඒ අනුව සමහරුන්ගේ ඔසප් රුධිරය ලා තඹ පාටයි. තවත් කෙනකුගේ ඔලිඳ ඇටයක තිබෙන රතු පාට හා සමානයි. තවත් විටෙක හාවකුගේ රුධිරයේ පැහැයට සමානයි. නැත්නම් රත්නෙළුම් මලක පැහැයයි. එහෙමත් නැත්නම් ඉන්ද්‍රගෝපක කියන කෘමියාගේ පැහැයට සමාන කරලාත් තිබෙනවා. ඉන්ද්‍රගෝපක කියන්නේ ඉපැරැණි භාරතීය දේව කතාවල එන කෘමියෙක්‌. මේ කෘමියාගේ පැහැය රතු සහ කළු මිශ්‍ර වූ පැහැයක්‌ බව තමයි පොත්වල සඳහන් වන්නේ. මෙහිදී වැදගත් වන්නේ ලේවල පාට නොව ආර්ථවය හෙවත් ඔසප් වීම සිදුවන හැම කාන්තාවක්‌ම කිසියම් වර්ණ පරාසයක්‌ තුළ සිටින බව පැහැදිලි කිරීමයි. නිවැරැදි ඔසප් වීමකදී පිටවන රුධිරය හරියටම මේ පාටයි කියලා කිsයන්න බැරි බවතමයි ආයුර්වේද මතය. රුධිරයේ වර්ණය තීරණය වන්නේ අදාළ කාන්තාවගේ ස්‌වභාවයේ සිට ඇය ගන්නා ආහාර ද්‍රව්‍ය දක්‌වා වූ කරුණ විශාල ප්‍රමාණයක්‌ මතයි.

ප්‍රශ්නය - මෙසේ රුධිරය පිටවන නිශ්චිත ප්‍රමාණයක්‌ තිබෙනවාද?

වෛද්‍ය කෞමදි කරුණාගොඩ - නව්‍ය විද්‍යාවට අනුව මිලි ලීටර් 50 සිට 80 දක්‌වා ප්‍රමාණයක්‌ තමයි රුධිරය පිටවන්නේ එය කෝප්පයකිනුත් පහෙන් එකක්‌. හුඟක්‌ම සුළු රුධිර ප්‍රමාණයක්‌. එහෙත් දින 7 කට වඩා රුධිරය පහවෙනවා නම් සහ එය තමන්ට දැනෙන තරම් විශාල ප්‍රමාණවලින් පහ වෙනවා නම් එය රෝග තත්ත්වයක්‌.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jun 2017 07:48 PM

වැසි කාලයේදී ආත්‍රයිටිස්‌ රෝගය කළමනාකරණය කරන හැටි

ප්‍රශ්නය - වැසි සමය ආරම්භ වී තිබෙනවා. මෙය ආත්‍රයිsස්‌ රෝගීන්ට එතරම් සුභදායක කාලයක්‌ නොවෙයි නේද?

වෛද්‍ය වසන්ත උදයජීව - ඔබේ ප්‍රශ්නයට පිළිතුර මේ ආකාරයෙන් අර්ථකථනය කරන්නට පුළුවන්. සමහර ආත්‍රයිටිස්‌ රෝගීන්ට සීතල හොඳ නැහැ. සමහරුන්ට රස්‌නෙ හොඳ නැහැ. රස්‌නෙ කියන්නේ වියලි කාලගුණය. සාමාන්‍යයෙන් ලංකාවේ වියලි කාලගුණය තුළ බොහෝ විට තෙතමනය තිබෙනවා. පරිසරයේ තිබෙන වාතයේ ආර්ද්‍රතාව (Moiture) 85% දක්‌වා නඟනිවා. අන්නඒ ආකාරයට වියළි කාලගුණය තුළ තෙතමනය තිබීම සුදුසු නැහැ. මොකද මේ තෙතමනයන් බොහෝ විට උණුසුම්. එය තමයි නරක.

ප්‍රශ්නය - මෙවැනි කාලයකදී ආත්‍රයිටිස්‌ රෝගීන් පැවතිය යුතු විදිය කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - අපගේ මේ ලිපි මාලාව කියෑවූ ඔබ දැනටමත් දන්නවා. ආත්‍රයිටිස්‌ රෝගියකු පැවතිය යුත්තේ කොයි විදියට ද කියලා. ඔහු හෝ ඇය ඉතා පරෙස්‌සම් සහගත ජීවිතයක්‌ ගත කළ යුතුයි. මා මුලින් කියූ පරිදි අධික ශීතලට හෝ අධික රස්‌නයට නිරාවරණය නොවී මධ්‍යස්‌ථ තත්ත්වයක්‌ යටතේ සිටිය යුතුයි. ස්‌නානය කළ යුත්තේ දහවල් 12 ට කලින්. ඒත් හොඳින් ඉර පායන දවසක. දහවල් 12 කලින්. ඔබ ස්‌නානය කළ යුත්තේ උණු වතුරෙන් ද ඇල් වතුරෙන්ද කියන එක තීරණය කරන්නේ ඔබේ වෛද්‍යවරයා. ඒ අතර පහත සඳහන් කසාය පාලනය කළොත් ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.

කසාය - බෙලිමුල්, පාවට්‌ටා මුල්, සාරාණ මුල්. බෙහෙත් එඬරු මුල්. කටු කරඳ මුල්, නෙල්ලි, රසකිඳ, අරත්ත අල, දේවදාර, ඇහැල පොතු, තිප්පිලි යනාදිය කලං එක බැගින් ගන්න. මෙය පත අට එකට හිඳුවා සීනි හෝ මී පැණි දමා උදේ සවස පත භාගය බැගින් පානය කළ යුතුයි. අප පසුගිය සතිවල ඔබට නිර්දේශ කළේ දින 6 ක්‌ එහෙමත් නැත්නම් කසාය හැලි 6 ක්‌ පානය කළ යුතු කසායක්‌. එහෙත් මේ කසාය හැලි 12 ක්‌ පානය කළ යුතුයි. ඖෂධයේ නියම ගුණය ගන්න නම් කසාය තැම්බීමට පෙර ඖෂධ වර්ග හොඳින් සෝදා කුඩා කැබලිවලට කපා ගත යුතුයි. ඉන් පසු මැටි මුට්‌ටියක කසාය තැම්බිය යුතුයි.

ඉහත සඳහන් කසායේ තිබෙන ඖෂධ වැඩි හරියක ප්‍රතිජීවක ගුණය තිබෙනවා. විශේෂයෙන් සාරණ, කටුකුරුඳු, අරත්ත. දේවදාර, ඇහැල පොතු යනාදිය තුළ ඇති ප්‍රතිජීවක ගුණය ඉතාම ඉහළයි. සෙසු ඖෂධවල තිබෙන්නේ ඉතා ඉහළ වේදනා නාශක ගුණයක්‌.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jun 2017 07:50 PM

පතෝල වැලේ පස්‌පංගුවෙන්
ඩෙංගු සුව කරන්න පුළුවන්


ප්‍රශ්නය - පසුගිය මාස කිහිපය තුළ අපේ රට තුළ ඩෙංගු රෝගය වසංගතයක මට්‌ටමින් ඉහළ ගිය බව ඔබ දන්නවා. මදුරුවකු මගින් වැළඳෙන ඝර්ම කලාපික රෝගයක්‌ වන ඩෙංගු, මාරාන්තික රෝගයක්‌ වන අතර, උණ, හිසේ වේදනාව, වමනය, මාංශ පේශි සහ සන්ධි වේදනාව, සම මත හටගන්නා කුෂ්ඨ රෝග තත්ත්වය යන රෝග ලක්‍ෂණවලින් සමන්විත වෙනවා. සාමාන්‍ය ඩෙංගු උණ රෝගය Dengue Hemorrhagic Fever නමැති තත්ත්වය දක්‌වා වර්ධනය වූ විට රුධිරයේ පට්‌ඨ§කා ප්‍රමාණය පහත වැටීම (Low Levels of biood Platelets) හටගෙන, රුධිරයේ කැටි ගැසෙන ගතිය නැති වී අභ්‍යන්තර රුධිර කාන්දුවීම සිදුවී රෝගියා මිය යනවා. එහෙමත් නැත්නම් රුධිර පීඩනය ක්‍රමයෙන් පහත වැටී එමගින් හට ගන්නා කම්පනය මගින් රෝගියා මිය යනවා.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙහිදී ඒ තුළ වැදගත් ප්‍රශ්නයක්‌ මටත් තිබෙනවා. ඩෙංගු වෛරසය වර්ග 5 කට බෙදෙනවා. එයින් එක්‌ වර්ගයක්‌ වරක්‌ වැළඳුනු විට යළි කවදාවත් එය ආපහු වැළඳෙන්නේ නැහැ. එයට හේතුව මුළු ජීවිත කාලයටම අවශ්‍ය ප්‍රතිශක්‌තිකරණය එමගින් ලැබීමයි. එහෙත් ඉතිරි හතර වැළඳුනාම කෙටි කලක්‌ තුළදී ප්‍රතිශක්‌තිකරණය නැතිව යනවා. අන්න ඒ හතර වරද්දා ගත්තොත් ලැබෙන ප්‍රතිඵලය මාරාන්තිකයි. ඩෙංගු සඳහා එන්නතක්‌ නිපදවීමට 1929 සිට පරීක්‍ෂණ කෙරුණා. අවුරුදු 90 කට කිට්‌ටු පර්යේෂණ මාලාවකින් පසු 2016 දී ඩෙංගු රෝගය සඳහා යම් ප්‍රමාණයකට ප්‍රතිශක්‌තිකරණයක්‌ ලබා දෙන එන්නතක්‌ නිපදවූවා. රටවල් 7 ක දැනටමත් මෙය ක්‍රියාත්මක වන අතර, දින 3 ක එන්නත් මාලාවක්‌ වන මෙය ලංකාවේ මුදලින් රුපියල් 35,000 ඉක්‌මවනවා. එහෙත් මේ එන්නත 100% ක ප්‍රතිශක්‌තිකරණයක්‌ ලබා නොදීම නිසා ප්‍රශ්නකාරී තත්ත්වයක්‌ හට ගෙන තිබෙනවා. මෙහිදී මා වැදගත් යමක්‌ කිව යුතුයි. ඩෙංගු කියන්නේ ඡ්වර (උණ) රෝගයක්‌. එබඳු ඡ්වර රෝග සඳහා සුදුසු කසාය වර්ග අපේ දේශීය වෙද පොත්වල තිබෙනවා. මීට වසර දෙකකට පෙර මගේ දියණියකට ඩෙංගු වැළඳුනා. රුධිර සංයුති ප්‍රමාණය ඉතා නරක ලෙස පහත වැටුණා. කරන්න දෙයක්‌ නැතිම තැන මා අපේ වෙද පරම්පරාවට අයත් කසායක්‌ ඇයට බොන්න දුන්නා. දින 2 ක්‌ මේ කසාය බොන විට දියණියගේ රුධිර සංයුතිය ඉහළ ගියා.

ප්‍රශ්නය - මේ කසාය සෑදීමට භාවිතා කරන්නේ මොනවද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මේ සඳහා ගන්න ප්‍රධානතම ද්‍රව්‍යය තමයි අමු පතෝල වැලේ පස්‌ පංගුව. ඊට අමතරව තවත් බෙහෙත් පැළෑටි 5 ක්‌ ඒ සඳහා යොදා ගන්නවා.

ප්‍රශ්නය - පතෝල වැලකට ඩෙංගු සුව කරන්න පුළුවන් කියලා ඔබ කියන්නේ කවර පදනමක්‌ මතද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඉංග්‍රීසියෙන් Snake Gourdලෙසත්, උද්භිත විද්‍යාත්මකව Trichosanthes cncnmerina ලෙසත් හැඳින්වෙන පතෝල ශාකය ආසියාවටත් ඔස්‌ටේ්‍රලියාවටත් අප්‍රිකාව සහ ශාන්තිකර සාගරයට අයත් රටවලටත් ඇමරිකාවේ µaලොරිඩා ප්‍රාන්තයටත් ආවේණික එළවළුවක්‌. මෙය උයලත් කනවා. අමුවෙනුත් කනවා. පිසූ විට එක ගුණයකුත් අමුවෙන් කන විට තව ගුණයකුත් මෙහි තිබෙනවා. අපේ පරම්පරාවේ වෛද්‍ය ක්‍රමයට අනුව පතෝල සියලුම ආකාරයේ උණ රෝගවලට ඉතා ඉහළ ප්‍රතිශක්‌තිකරණයක්‌ ඇති කරන ආහාරයක්‌. ඔබට මතකද මෙයට අවුරුදු හතළිහකට පනහකට පෙර කෙනෙක්‌ උණ රෝගයෙන් පෙලුනාම මුලින්ම දෙන ආහාරයක්‌ තමයි කිරට ඉවු පතෝල සහ බත්. පතෝලවල තිබෙන කෙඳි සහිත කොටස්‌ නිසා දිරවීමට ඉතා පහසුයි. ඒ වගේම එමගින් ශරීරයේ අභ්‍යන්තරය සිසිල් වෙනවා. සාමාන්‍ය උණක්‌ බහින්නේ නැති වුණාම අමු පතෝල කොල සහ අමු කොත්තමල්ලි කොළ ග්‍රෑම් 50 බැගින් ගෙන පත අට එකට සිඳවා දවසට වේල් 3 ක්‌ පානය කරන්න. එවිට උණ ඉතා ඉක්‌මණින් බැස යනවා. ඒ වගේම අධික වමනයටත් පතෝල යුෂ ඉතාම ගුණයි. පතෝල යුෂ කෝප්ප භාගයක්‌ මී පැණි හැන්දක්‌ සමඟ මිශ්‍ර කර වමනය කරන රෝගියාට දුන් විට වමනය වහාම නවතිනවා. පතෝල වැලක්‌ ගෙන කුඩා කැබලිවලට කපා සම්පූර්ණ රැයක්‌ වතුරේ පොඟවා උදේට එයින් වතුර කෝප්ප දෙකක්‌ පෙරා පානය කළාම මුත්‍රා දැවිල්ල නැතිව යනවා. සමේ කුෂ්ට තත්ත්වයක්‌ හටගත්තාම පතෝල අඹරා කුෂ්ටය මත දවසට දෙවරක්‌ ආලේප කළාම කුෂ්ටය සුව වෙනවා.

ඩෙංගු සුව කිරීමට පතෝල ක්‍රියාත්මක වෙන හැටි ලබන සතියේ කියවමු.

නොමිලේ විස්‌තර සඳහා
0713464276/ 0759061771
අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Jun 2017 08:37 AM

http://navaliya.com/2017/06/05/New%20folder/37.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Jun 2017 08:39 AM

http://navaliya.com/2017/06/05/New%20folder/4.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Jun 2017 08:40 AM
http://navaliya.com/2017/06/05/New%20folder/36.jpg
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Jun 2017 08:41 AM

http://navaliya.com/2017/06/05/New%20folder/48.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Jun 2017 08:44 AM

http://navaliya.com/2017/06/05/New%20folder/23.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
04 Jun 2017 09:05 AM
මොනවා කලත් කමක් නෑ ඇස් දෙක බේරගෙන.
වැඩි ලස්සනට ගිහින් අකරතැබ්බ කරගත්ත අය අනන්තයි.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Jun 2017 07:02 PM

මුත්‍රාගල් නිට්‌ඨාවට සුවකර ගත හැකිද?

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මාගේ වයස අවුරුදු 30 කි. වසර කිහිපයකට පෙර මට මුත්‍රාගල් ඇතිවිය. ඒ සඳහා බටහිර ප්‍රතිකාර වාර කිහිපයක්‌ ගත්තද නැවත නැවතත් මුත්‍රාගල් ඇතිවීම නිසා බලවත් සේ පීඩාවට පත්ව සිටිමි. මෙය නිට්‌ඨාවට සුවකර ගැනිSමට ආයුර්වේද ප්‍රතිකාර තිබෙනවාද?

මාතර - එම්. එස්‌. ජයතිස්‌ස මහතා

පිළිතුර -

කෙනෙකුට මුත්‍රා ගල් ඇතිවන්නේ ආහාරවල ඇති ඔක්‌සලේට්‌ වැනි රසායනික පදාර්ථ ඝණී භවනය වීමෙන් හටගන්නා ස්‌ඵටික රූපී සංඝටක නිසාය. එම ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවන්නේ ආහාර ජීර්ණයේ ඇති දුර්වලතාවයන් නිසා බව බොහෝ දෙනෙකු නොදනී.

මෙම තත්ත්වය ස්‌ථිරවම මඟහැරවීමේ ආයුර්වේද ප්‍රතිකාර පවතින අතර එම ප්‍රතිකාර නිසිලෙස සිදුකළහොත් නැවත නැවත මුත්‍රාගල් හට ගැනිSම නිට්‌ඨාවට සුවකර ගත හැකියි.

දියවැඩියා රෝගීන්ගේ
දැත් දෙපා හිරි වැටෙන්නේ ස්‌නායු දුර්වල වන විටදී


ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මම දියවැඩියා රෝගය සඳහා ප්‍රතිකාර ගනු ලබන අයෙක්‌මි. මාගේ වයස 55 කි. ටික දිනක පටන් මාගේ දැත් දෙපාවල හිරිවැටීමක්‌ මතුවේ. වෛද්‍යතුමනි, මෙය දියවැඩියා රෝගය නිසා මතුවන්නක්‌ද? මාගේ මෙම රෝග තත්ත්වය සුවකර ගත හැකිද?

අස්‌ගිරිය - සී. ගජනායක මහතා

පිළිතුර - කලක්‌ තිස්‌සේ දියවැඩියාව පවතින කෙනෙකුට ඇතිවන බොහොමයක්‌ අතුරු ආබාධ අතරින් අත් පා හිරිවැටීම නිසා පීඩාවට පත්වන රෝගීන් බොහෝමයක්‌ මට නිතර හමුවේ.

මෙහිදී හිරිවැටීමට හේතුවන්නේ බොහෝ විට දියවැඩියා රෝගීන්ගේ ස්‌නායුවලට අවශ්‍ය පෝෂණය වැනි කාරණාවන් දුර්වලවීම සහ විෂ සංඝටක රුධිරයට එක්‌වීම නිසාය.

එම නිසා ස්‌නායු අන්ත සංවේදයන්ට නිසි ප්‍රතිචාර නොදැක්‌වීමෙන් මෙම හිරිවැටීමේ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් වැඩිවේ.

නිවැරදි ආයුර්වේද ප්‍රතිකාරවලදී ආහාර ජීර්ණ ක්‍රියාවලිය ඉතා යහපත් අතට පත්කරන ප්‍රතිකාර සහ ශරීරයේ එකතුවන විෂ කොටස්‌ බැහැර කිරීමේ විශිෂ්ට වැඩ පිළිවෙලක්‌ ඇති බැවින් මෙවැනි තත්ත්වයන් සාර්ථකව සුවකර ගැනීමේ හැකියාව ඇත.

මෙම රෝග පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා දුරකථන අංක 071-3007000 හෝ 071-3009088 ඇමැතිය හැකිය.

ආයුර්වේද වෛද්‍ය
රන්පත රුවන් රත්නායක
රන්පත වෙද මැදුර පෑලියගොඩ.


සංස්‌කරණය උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Jun 2017 07:07 PM

වියපත් පෙනුම සහ ලෙඩ රෝග
ඇති කරන ආතතිය

''බලන්නකො එයා ඔය ඉක්‌මනට වයසට ගිහිල්ලා තියෙන හැටි. ගිය අවුරුද්දෙ අපි යන කොට කොණ්‌ඩෙ පැහිලවත් තිබුණෙ නෑ නේද? දැන් කොණ්‌ඩෙ පැහිලා ඇඟ රැලි වැටිලා. මොකද නැන්දට වෙලා තියෙන්නේ? අසනීපයක්‌වද්ද? මෙවැනි කතා ඔබ නිතර අහනවා නොවෙද? හිටිගමන් ම පෙනුමින් වයසට යාම. හිටිගමන් හෘදයාබාධ ඇති වීම. හොඳට හිටි මිනිස්‌සු බොන්න පටන් ගැනීම. සරුවට ව්‍යාපාර කළ අයගේ ව්‍යාපාර බංකොලොත් වීම. මේවට මූලිකම හේතුව ආතතියයි. අද සමාජය ගත් විට ඔබේ කාර්යාලයේ ගෙදර මඟ තොටදී මට හරි ස්‌ට්‍රෙස්‌ කියන අය ඕනෑ තරම් හමු වීS ඇත. මොකක්‌ද මේ ස්‌ට්‍රෙස්‌ නැතිනම් ආතතිය කියන්නේ? කොහොමද ආතිතය අඩු කර ගන්නේ? ආතතිය වැඩි වුණොත් මොකද වෙන්නේ? අද වෛද්‍ය හමුව තුළින් අපි ඒ සම්බන්ධව කතා කිරීමට අදහස්‌ කළෙමු.

වෛද්‍යතුමනි අද සමාජයේ හැමෝම වගේ කියන දෙයක්‌ වන්නේ මට හරි sඑරුssග මොකක්‌ද මේ ස්‌ට්‍රෙස්‌ නැතිනම් ආතිතය කියන්නේ?

ආතතිය කියන්නේ මීතොටමුල්ලේ කුණු කන්ද ළඟ පොළවට වුණා වගේ දෙයක්‌. යම් බරක්‌ උසුලා ගෙන සිටීමට තරම් අධික වන විට එම බර දරා ගෙන සිටි පොළව ගිලා බහිනවා වගේ අපේ මනසත් කඩා වැටෙනවා. ජීවිතයේ අපි නොයෙක්‌ විදියේ ආතතිවලට භාජනය වෙනවා. එය වැළැක්‌විය නොහැකියි. නමුත් දරා ගත නොහැකි ආතතියක්‌ ඇති වුණොත් අපේ මනසත් ඒ විදියට ගිලා බසිනවා. ඒ අනුව නොයෙක්‌ මානසික සහ ශාරීරික ලක්‌ෂණ ඇති වෙනවා.

මේ විදියට ආතතියට පත් වන්නේ මිනිස්‌සුන් විතරද?

නැහැ නැහැ. සියලු ජීවී සහ අජිවී වස්‌තූන්වලට ආතතිය ඇති වෙනවා. උදාහරණ විදියට මීතොටමුල්ල පොළව වගේ අජීවි වස්‌තුවලටත් ඇති වෙනවා. ඔය පාරවල් කැඩෙන්නේ, පාලම් කැඩෙන්නේ, වාහන අධිවේගී මාර්ගයේ ගිනි ගන්නේ මේ දරා ගත නොහැකි ආතතිය නිසයි. ඒ වගේම සතුන්ටත් පැළෑටිවලටත් ආතතිය ඇති වෙනවා. හොඳට බලන්න ඔය වියළි කලාපයේ ගස්‌ දෙස. ඒවා මිටියි, වැවෙන්නේ බොහොම අසීරුවෙන්. වායු දූෂණයෙන් වැඩි පාර දෙපස ඇති ගස්‌ දෙස බලන්න. ඒවා හරියට වැවෙන්නේ නැහැ. ඒ ආතතිය නිසා. සතුන්ගේ නම් ආතතියට මුහුණ දීමේදී ප්‍රධාන මූලික ලක්‌ෂණයක්‌ තිබෙනවා.

එනම් සටන් කිරීම හෝ පැන යාම. එය (සෙටයඑ දර කෙසටයඑ) ප්‍රතික්‍රියාව ලෙස හඳුන්වනවා. බලන්න ඕනෑම සතෙක්‌ තර්ජනයක්‌ ඇති වුණාම එක්‌කෝ පැනලා යනවා. නැතිනම් සටන් කරනවා. සතුන් ආතති වලට මුහුණ දෙන්නේ ඒ විදියටයි.

මිනිසා මීට වෙනස්‌ නොවේද? අපි දුවන්නෙත් නෑ සටන් කරන්නෙත් නෑ?

හරියට හරි. අපි බොහෝ අවස්‌ථාවල දාලා දුවන්නෙත් නැහැ. සටන් කරන්නෙත් නැහැ. කොහොම හරි මුහුණ දෙන්න හදනවා. දරා ගන්න නොහැකිව මානසිකව කඩා වැටෙන්න බලන්නේ එවිටයි.

අපි මුහුණ දෙන ආතති දැන් වැඩිද?

ඔව්. සමාජයක්‌ සංකිර්ණ වෙන්න වෙන්න ආතතිය වැඩි වෙනවා. එයට හේතුව මෙයයි. අපි අර සත්තු වගේ මුහුණ දෙන්නේ ක්‌ෂණික තර්ජන පමණක්‌ නොවෙයි. අපේ ක්‌ෂණික තර්ජනවලට වඩා අපි මුහුණ දෙන්නේ අපේ හිතේ මවා ගත් තර්ජනවලටයි. උදාහරණ - විභාග, ප්‍රේම සම්බන්ධකම්, විවාහ, රැකියා, ශාරීරික රෝග, ව්‍යාපාර, මුදල් වැනි මෙවැනි නොයෙක්‌ දේවල් ගැන නිතර හිතෙන් කරදර විඳිනවා. මේ ගැන දැන ගන්න ලෙහෙසිම විදිය වන්නේ සති අන්තයේ පුවත්පත්වල දැන්වීම් කියවා බලන්න. වැඩියෙන්ම තිබෙන්නේ මේ කියපු දේවල්වලට කරන්න පුළුවන් දේවල් ගැන නොවේද? සාමාන්‍ය ජනතාව කෙතරම් ආතතියකින් පෙළෙනවාද යන්න එයින් පෙනෙනවා. අර ක්‌ෂණික තර්ජන වගේ නොවෙයි. මෙවැනි ආතති වලින් බේරෙන්න බැහැ. අවදි වෙලා ඉන්න කල් අපි මේවා ගැන කල්පනා කරනවා.

මෙහෙම ආතතියට පත් වී සිටීමෙන් ඇති වන බලපෑම මොකක්‌ද?

ආතතිය බලපාන්නේ අර මා කලින් සඳහන් කළ විදියට තර්ජනයක්‌ ද එසේ නැතිනම් දීර්ඝකාලීන ආතතියක්‌ ද යන්න මතයි. ක්‌ෂණික තර්ජන වලින් අපිට දරා ගත නොහැකි ආතතියක්‌ ඇති වුවහොත් මානසික අවපීඩනය හෙවත් විශාදය, ඡඔSD (ඡදිඑ ඔර්මප්එසජ Sඑරුss Dසිදරාeර) වැනි රෝග හැදෙන්න පුලුවන්. ඡඔSD යනු මරණ තර්ජනයක්‌, එසේ නැතිනම් දූෂණය වීමක්‌ වැනි බිහිසුණු දෙයකට මුහුණ දීමට සිදු වුවහොත් එමගින් ඇති වූ කම්පනයටයි. ඔවුන්ට අර සිදු වූ දෙය අමතක කරන්න බැරි වෙනවා. නිතර මතක්‌ වෙනවා. මතක්‌ වන ගානේ අර එදා සිදු වුණු මානසික සහ ශාරීරික වෙනස්‌කම් ඇති වෙනවා. එනම් බය, හුස්‌ම ගන්න බැරිවීම, ක්‌ලාන්තය, වෙව්ලීම වැනි දේවල්. ඒ වගේම මොවුන්ට සාමාන්‍ය ජීවිතය කර ගෙන යාම අසීරු වෙනවා. ශිෂ්‍යයෙක්‌ නම් විභාග අසමත් වෙනවා. රැකියාවක නිරත අයෙක්‌ නම් රැකියාව කර ගන්න බැරි වෙනවා. ගෘහණියක්‌ නම් දරුවන් පවා බලා ගැනීම ගේ දොර වැඩ පවා අසීරු වෙනවා. නිතර තරහ යනවා.

දෙවැනි ආතති වර්ගය වන්නේ නිධන්ගත ආතතිය (ජයරදබසජ sඑරුss) යි. එනම් හැමදාම මුහුණදීමට සිදු වී තිබෙන ආතතියයි. අධිකව වැඩ රාජකාරී නියම කරන ප්‍රධානියන් යටතේ වැඩ කිරීම, අප්‍රසන්න විවාහයක්‌ සිදුවීම, අසහනකාරී පවුල් ජීවිතයක්‌ ගෙන යාම වැනි දේවල් නිධන්ගත ආතතිය (ජයරදබසජ sඑරුss) ලෙස හැඳින්විය හැකියි. මෙවැනි දේවල්වලින් බොහෝ දීර්ඝකාලීන ප්‍රතිඵල ඇති වෙනවා. නිධන්ගත ආතතිය නිසා අපේ ඩී. එන්. ඒ. පවා වියපත් වන බව අලුත්ම පර්යේෂණ වලින් දැන් සොයා ගෙන තිබෙනවා. ශාරීරික වශයෙන් කොණ්‌ඩේ ඉදෙනවා, කොණ්‌ඩේ යනවා, නිතර හිස කැක්‌කුම් ඇති වෙනවා, හෘදයාබාධ ඇති වෙනවා, ඇදුම, බඩේ තුවාල, කොන්දේ රුදාව, හන්දි කැක්‌කුම් වැනි දේවල් ඇති වෙනවා. ඒ වගේම නින්ද නොයාම, ශාරීරික තරබාරුකම, දියවැඩියාව රුධිර පීඩනය, ඇති වීම වැනි දේවල් ද ආතතියට සම්බන්ධයි. මානසික රෝග ගතහොත් මානසික අවපීඩනය , කාංසාව වැනි රෝග ඇති වෙනවා. ඒ වගේම මත්පැන් aකජදයදක aඉමිeල දුම්පානය වැනි දේවල්වලට ඇබ්බැහි වෙනවා. එනම් අද සමාජයේ දකින බොහෝ රෝග වලට මුල ආතතියයි.

ඒ කියන්නේ වෛද්‍යතුමනි අද සමාජයේ ආතතිය නැති කෙනෙක්‌ නැහැ වගේම ආතතිය ලෙඩ රෝගවලටත් හේතුවක්‌?

ඔව්. ඇත්ත එයයි

එම ආතතිවලට මුහුණ දෙන්නේ කොහොමද?

වැදගත් දේ එයයි. අපි රැකියාවක්‌ සොයා ගන්නා විට, යම් පාඨමාලාවක්‌ කිරීමට පටන් ගත් විට, විවාහයක්‌ කරගන්නා විට, ඒවායින් ඇති වන ආතතිය පාලනය කර ගන්නේ කොහොමද කියලාත් අපි කල්පනා කළ යුතුයි. එසේ නැතිව අන්ධ විදියට ඒවාට බහින්න එපා. පළමුවැනි දේ වන්නේ මුහුණ දෙන තත්ත්වය ගැන ස්‌වයං කතිකාවක්‌ ඇති කර ගන්න. නිකම්ම මට sඑරුss කියා කියන්න එපා. එය යථාර්ථවාදීව විග්‍රහ කරන්න. උදාහරණයක්‌ වශයෙන් ඔබ පැය අටකට වඩා සේවය කරන්නේ නම් තමා තමාටම කියා ගන්න මම දැන් අවුරුද්දක්‌ තිස්‌සේ දවසකට පැය 10 ට වඩා වැඩ කරලා තියෙනවා. එය අඩු කර ගැනීමට ඕනෑ කියලා. එසේ කොට එය අඩු කර ගැනීමට පියවරක්‌ ගන්න. අතිකාල පැය සීමා කර ගන්න උත්සහ කරන්න. එසේ සීමා කරන්න නොහැකි නම් වෙනත් රැකියාවක්‌ සොයා ගන්න හෝ වෙනත් අංශයකට මාරු වෙන්න. ඔබ සැමියා ඔබට ගෙදර නඩතත්=වට මුදල් දෙන්නේ නැතිනම්, ඒ ගැන ඔහු සමඟ කතා කරන්න. බිල් පෙන්වන්න. එසේ නැති නම් එම භාණ්‌ඩ ගෙන ඒම බිල්පත් ගෙවීම ඔහුට භාර දෙන්න. එවිට ආතතිය අඩු කර ගන්න පුලුවනි. ඒ වගේම තමන්ගේ හැඟීම් ගැන කල්පනාවෙන් ඉන්න. මම දැන් තරහෙන් ඉන්නේ මට මේ ගැන දුකයි බයයි වගේ දේවල් ගැන ස්‌වයං කථනයක යෙදෙන්න.

මීට අමතරව අපිට කරන්න පුළුවන් මොනවද?

තමන්ගේ ආතතියට හේතු සොයා පිළියම් සොයනවා වගේම වැදගත් දේවල් වන්නේ තමන්ටම යෑයි කියා වෙලාවක්‌ තබා ගැනීමයි. එම වෙලාව තුළ ව්‍යායාම කරන්න. තමන් ආස කරන දෙයක්‌ කරන්න. උදාහරණයක්‌ වශයෙන් පොතක්‌ කියවීම, සංගීතයට සවන්දීම සංගීත භාණ්‌ඩයක්‌ වාදනය කිරීම වැනි දෙයක නිරත වන්න. ඒ වගේම භාවනා කිරීම, සැහැල්ලුවෙන් හුස්‌ම ගැනීම වැනි දේවල් මඟින් ද ආතතිය අඩු කර ගත හැකියි. තවත් වැදගත් දෙයක්‌ වන්නේ කිට්‌ටු මිත්‍රයන් සමඟ කතා කරන්න. ප්‍රශ්න තිබෙන විට සාකච්ඡා කරන්න.

ඒ වගේ නොකළ යුතු දේවලුත් තිබෙනවාද?

ඔව්. එනම් ආතතිය අඩු කර ගන්න කියා මත් පැන් පානය කරන්න එපා. දුම් බොන්න එපා.

මේ සියලු දේවල් කළත් ප්‍රතිඵල නොලැබුණොත්?

එසේ නම් සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරයෙක්‌ හමු වෙන්න. ඔබට වෛද්‍ය ප්‍රතිකාර කළ යුතු විශාදය වැනි රෝගයක්‌ තිබිය හැකියි.

මේ පිළිබඳව වැඩිදුර වෛද්‍ය උපදෙස්‌ ලබාගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 081-2232928 හෝ 081-4481457 අමතන්න.

විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ
සාකච්ඡා කොට සකස්‌ කළේ
ප්‍රියන්ති මැණිකේ නවරත්න

ආපදා විපත් නිසා ද ආතතිය මතුවේ

ගෙවුනු මාස කිහිපය තුළ අප රටේ හදිසි ආපදාවන් රැසකට ජනතාවට මුහුණ දීමට සිදුවිය. ඉන් බොහෝ දෙනාගේ දෙමාපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් අහිමි වූහ. මෙතෙක්‌ කලක්‌ තමා ජීවත්වූ නිවාස විනාශයට පත්විය. මෙවැනි සිද්ධීන් නිසා ඔවුන් තුළ දැඩි මානසික පීඩනයක්‌ මතුව තිබේ.

මෙවැනි මානසික පීඩනයකදී ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව දනුවත් වීම සඳහා මෙම ලිපියෙහි තොරතුරු උපකාර කර ගත හැකිය.

සංස්‌කරණය උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
04 Jun 2017 07:24 PM
ස්තුති මේ ලිපියටත්
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
04 Jun 2017 07:41 PM
මේ ලිපිය කියවලා මටත් ආතතිය වගේ...
ගොඩක් ස්තුතියි මල්ලී මේ ලිපියට..
නූතන සමාජයේ බොහොමයක් මේ තත්ත්වයෙන් පෙළෙනවා..
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
05 Jun 2017 05:39 AM
හොද ලිපියක් ,,දැන් කලේ මිනිස්සුන්ට ආතතිය නැති උනොත් තමා පුදුමේ වෙන දේවල් අනුව
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
05 Jun 2017 07:15 AM
පීඩනය ආතතිය නැති කර ගන්න කියල ගොඩක් අය මෙන්න මේ දේ කරනවා. දැක්කද මේ කොටස.
ඒ වගේ නොකළ යුතු දේවලුත් තිබෙනවාද?
--------ඔව්. එනම් ආතතිය අඩු කර ගන්න කියා මත් පැන් පානය කරන්න එපා. දුම් බොන්න එපා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Jun 2017 05:12 PM

වැරදි පුරුදු නිසා  මදසරු බවට පත්වන තරුණයන්

දරු සම්පතක්‌ බලාපොරොත්තු වීමේදී කාන්තාවට මෙන්ම පිරිමියා සතුව ද පවතින වගකීම බොහෝය. එබැවින් විවාහ වී දරු සම්පතක්‌ උදා කර ගැනීම සඳහා වූ නිරෝගී බව තරුණ වියේ සිට පවත්වාගෙන යැම පිරිමි දරුවන් සතු එක්‌ වගකීමකි.

වෛද්‍යතුමනි, දරු සම්පතක්‌ ලබා ගැනීමේදී පිsරිමියා සතු වගකීම ඔබ දකින්නේ කෙසේද?

බිරිඳකට තම කුසින් දරුවකු බිහි වීමට සැමියාගේ දායකත්වය අවශ්‍ය බව අප අමුතුවෙන් කිව යුතු නැත.

නිරෝගී දරුවකු බිහිකර ගැනීමේදී බිරිඳගේ නිරෝගී ඩිම්බ හා සමානව සැමියාගේ නිරෝගී ශූක්‍රාණුත් වැදගත් වෙනවා.

වර්තමානයේ බොහෝ තරුණයන් තම ශරීරයේ ශුක්‍රාණු නිපදවන ඉJද්‍රිය වන වෘෂණ කෝෂ නිසි අයුරින් ආරක්‍ෂා කර නොගැනීම නිසා විවාහයේදී දරුඵල අහිමි කර ගැනීමට හේතුවෙක්‌ බවට පත්කර ගෙන තිබෙනවා. මෙය දරුපල අහිමි වීමක්‌ හෝ ප්‍රමාද වීමේ එක්‌ හේතුවක්‌ පමණයි. මීට අමතරව තව බොහෝ හේතු තිබෙනවා.

දරු ඵල ප්‍රමාද බව පවසමින් මා වෙත පැමිණි අඹු සැමියන්ගේ ගැටලුවලට හේතු විමසා බැලීමේදී අනාවරණය වූ එක්‌ ගැටලුවක්‌ තමයි බොහෝ පුරුෂයන් තම වෘෂණ කෝෂ නිසි ලෙස ආරක්‍ෂා කර නොගැනීම.

ඒ සම්බන්ධව උදාහරණ කිහිපයක්‌ මට දැක්‌විය හැකියි. මා වෙත පැමිණි එක්‌ යුවළක්‌ විවාහ වී වසර පහක්‌ පමණ ගත ව තිබෙනවා. ඔවුනට තවම දරුවන් නැහැ. දරු සම්පත් බලාපොරොත්තුවෙන් නොයෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන ඉන් සාර්ථකත්වයක්‌ ලැබී නැහැ.

බිරිඳගේ ඩිම්බවල හෝ ප්‍රජනන පද්ධතියේ ගැටලුවක්‌ නැහැ. පැවැතියේ සැමියාගේ ශුක්‍රාණුවල සක්‍රීය බව දුර්වලව පැවතීමයි.

ඔහු අවිවේකී රැකියාවක නිරත වන කෙනෙකුත් නෙමෙයි. ශුක්‍රාණු දුර්වලවීමට බලපාන රෝගාබාධවලට ලක්‌ වූ අයෙකුත් නොවන බව තොරතුරු විමසීමේදී දැන ගන්නට ලැබුණා.

ඔහු සමඟ දීර්ඝව කතාබහ කිරීමේදී අනාවරණය වූයේ ඔහු තරුණ කාලයේදී ලිංගික උත්තේජනයක්‌ ලබා ගැනීම සඳහා වෘෂණ කෝෂ උණුසුම් ජලයේ බහා තබා ගැනීමට හුරුව තිබෙනවා.

ඔහුගේ මෙම ක්‍රියාව නිසා වෘෂණ කෝෂ තුළින් ශුක්‍රාණු නිපදවීමේ දුර්වලතාවක්‌ හට ගෙන තිබෙනවා.

තවත් එක්‌ තරුණයෙක්‌ වයස අවුරුදු 10 - 12 සිට තද යට ඇඳුම් දෙකක්‌ පමණ දවස පුරා ඇඳීමට පුරුදුව සිට තිබෙනවා. ඔහුට ඊට හේතුව වශයෙන් ඔහුගේ වැඩිහිටියන්ගෙන් ලැබුණු උපදෙසක්‌ වී ඇත්තේ තද යට ඇඳුම් ඇන්දේ නැත්නම් වෘෂණ කෝෂ විශාල වන බවයි. මෙම තත්ත්වයට බියෙන් ඔහු දවසේ පැය 24 පුරා තද යට ඇඳුම් දෙකක්‌ ඇඳීමට පුරුදු වී තිබෙනවා. මින් සිදු වී ඇත්තේ ඔහුගේ වෘෂණ කෝෂ තුළින් නිපදවන ශුක්‍රාණුවල සක්‍රීය බව දුර්වල වීමයි.

වෛද්‍යතුමනි, මේ අනුව අපට පැහැදිලි වන දෙයක්‌ තමයි පිරිමියකු තම වෘෂණ කෝෂවලින් නිපදවන ශුක්‍රානු නිරෝගීව පවත්වාගෙන යැමට නම් එම වෘෂණ කෝෂ ආරක්‍ෂා කර ගත යුතු බව. එය සිදුකරන අයුරු පැහැදිලි කළ හැකිද?

පිරිමියකුගේ ශරීරයේ වෘෂණ කෝෂ සිරුරින් පිටත පිහිටා තිබෙන්නේ එහි නිපදවන ශුක්‍රාණු ශරීර උෂ්ණත්වයෙන් ආරක්‍ෂා කර ගැනීමටයි. ශරීර උෂ්ණත්වයේදී පවා ශුක්‍රාණු විනාශයට පත් විය හැකියි.

එබැවින් වෘෂණ කෝෂවලට නිතරම අධික උෂ්ණත්වයක්‌ සහිත පරිසරයක්‌ පැවතීම ශුක්‍රාණු නිපදවීමට බාධා මතු වෙනවා.

තමා අඳින යට ඇඳුම් ඉතා තද ඝනකමින් යුක්‌ත ඒවා නොවියයුතුයි. සැහැල්ලු කපු රෙද්දෙන් සකස්‌ කළ ඒවා භාවිතා කළ යුතුයි.

වර්තමානයේ ඇතැම් තරුණයන් යට ඇඳුමට අමතරව කොට කලිසමක්‌ ඇඳ ඉන් පසු ඩෙනිම් කලිසමක්‌ අඳිනවා. ඩෙනිම් කියන්නේ ඉතා ඝනකම් රෙද්දකින් මැසූ කලිසමක්‌ දිනපතා මේ ආකාරයෙන් දවසේ පැය 12 ක්‌ පමණ ඇඳුම් ඇඳ සිටියොත් ඔහුගේ වෘෂණ කෝෂවලින් නිපදවන ශුක්‍රාණුවලට හානි සිදුවෙනවා.

එනිසා තරුණයන් ඇඳුම් පැළඳුම් භාවිතා කරන විට විලාසිතාව ගැන පමණක්‌ නොසිතා ශරීරයේ නිරෝගී බව පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි.

මීට අමතරව පෝරණු ආශ්‍රිත රැකියාවල යෙදෙන පුද්ගලයන් සේවා කටයුතුවල යෙදෙන අවස්‌ථාවලදී හැර අන් අවස්‌ථාවලදී එම උෂ්ණත්වය සහිත පරිසරයෙන් ඈත් වී සිටීමට අවධානය යොමු කළ යුතුයි. මෙවැනි උණුසුම් පරිසරයක රැකියා කරන අය නිතරම සැහැල්ලු ඇඳුම් භාවිතා කළ යුතුයි.

ශුක්‍රාණු සක්‍රීය බව දුර්වල පුද්ගලයන්ට ඊට අදාළ හේතුව අනුව කළ යුතු ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ තිබෙනවා. නමුත් වැරදි අවබෝධ, නොදන්නා කම සහ වැරදි පුරුදු නිසා ශුක්‍රාණු සක්‍රීය බව දුර්වල තත්ත්වයට පත් කර ගැනීම වළක්‌වා ගැනීමට නිතරම අප අවධානය යොමු කළ යුතුයි. එසේ නොවුණ හොත් මද දරු බව ඇතිවීම පමණක්‌ නොව වඳ භාවයට ද පත් විය හැකියි. එවැනි පුද්ගලයන් අපට බොහෝ හමු වී තිබෙනවා.

ඔබට මේ පිළිබඳව වැඩිදුර උපදෙස්‌ ලබා ගැනීමට අවශ්‍ය නම් දුරකථන අංක 0775109862 අමතා වෛද්‍යතුමන් හමුවිය හැකිය.


ආයුර්වේද වෛද්‍ය

සුජීව විතාන

බටලන්ද සෙත්සුව ආයුර්වේද රෝහල

සංස්‌කරණය උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
05 Jun 2017 05:13 PM

සිරුරේ කැල්සියම් අඩු වූ විට මතුවන රෝග

ශරීරයේ මාංශ පේශී ක්‍රියාකාරිත්වයට හෘදය වස්‌තුවේ මස්‌පිඩුවල ඇති සියුම් ලේ නහරවල සංකෝචනය සඳහා එන්සයිමවල ක්‍රියාකාරිත්වය සඳහා රුධිරය කැටිගැසීම සඳහා අග්න්‍යාසයෙන් නිපදවන ඉන්සියුලින් හෝමෝනය ශරීරය වෙත මුදාහැරීම සඳහා තයිරොයිඩ් හෝමෝනය පාලනය සඳහා ආදී ශරීරයේ අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් රැසකට කැල්සියම් අත්‍යවශ්‍ය සංඝටකයක්‌ බවට පත්ව තිබෙනවා.

වර්තමානයේ අප රටේ වකුගඩු රෝගවලට ලක්‌ව නිවැරැදි ප්‍රතිකාර ලබාගන්නා පිරිස හා සමානව නිවැරැදි නොවන ප්‍රතිකාර ක්‍රම සඳහා යොමුව සිටින පිරිසක්‌ ද සිටිති.

එසේම හෝමෝන අසමතුලිතතාව නිසා රෝගී ව සිටින පිරිස ද දිනෙන් දින ඉහළ යන්නට පටන්ගෙන ඇත.

මෙම තත්ත්වය නිසා වෙනදා අප නිතර නොදුටු රෝග මේ වන විට නිතර දකින අවදානමක්‌ මතුව තිබේ. කැල්සියම් ඌණතාවය ද එලෙස හිස ඔසවන රෝග තත්ත්වයක්‌ බවට පත්ව ඇත.

වෛද්‍යතුමනි, කැල්සියම් අපගේ ශරීරයට අත්‍යවශ්‍යවන්නේ වන්නේ ඇයි?

අපගේ ශරීරයේ අස්‌ථිවල වර්ධනයට ඒවා ශක්‌තිමත් වීමට අවශ්‍ය ප්‍රධාන සංඝටකයක්‌ වනුයේ කැල්සියම් ය. දත්වල ශක්‌තිමත් බව සඳහා ද කැල්සියම් අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍යයකි.

ශරීරයේ මාංශ පේශී ක්‍රියාකාරිත්වයට හෘදය වස්‌තුවේ මස්‌පිඩුවල ඇති සියුම් ලේ නහරවල සංකෝචනය සඳහා එන්සයිමවල ක්‍රියාකාරිත්වය සඳහා රුධිරය කැටිගැසීම සඳහා අග්න්‍යාසයෙන් නිපදවන ඉන්සියුලින් හෝමෝනය ශරීරය වෙත මුදාහැරීම සඳහා තයිරොයිඩ් හෝමෝනය පාලනය සඳහා ආදී ශරීරයේ අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් රැසකට කැල්සියම් අත්‍යවශ්‍ය සංඝටකයක්‌ බවට පත්ව තිබෙනවා.

වෛද්‍යතුමනි, දිනකට අපට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය කොපමණද?

එය පුද්ගලයාගෙන් පුද්ගලයාට, වයස අනුව තීරණය වෙනවා.

සාමාන්‍ය වැඩිහිටියකුට දිනකට කැල්සියම් මිලි ග්‍රෑම් 1000 ක්‌ (1000 ඵට) අවශ්‍ය වෙනව. කිරි දෙන මවකට දිනකට කැල්සියම් මිලි ග්‍රෑම් 1500 ක්‌ (1500 ඵට) පමණ අවශ්‍ය වෙනවා.

වෛද්‍යතුමනි, ශරීරයට අවශ්‍ය කැල්සියම් ලැබෙන්නේ කෙසේද?

අප ගනු ලබන කිරි, බිත්තර, මාළු, චීස්‌, බටර්, කිරි ආශ්‍රිත නිෂ්පාදන කළ ආහාර, පොඩි මාළු වර්ග ආදියෙන් ශරීරයට අවශ්‍ය කැල්සියම් ලබාගත හැකියි.

ශරීරයට ලැබෙන කැල්සියම් මනාව අවශෝෂණය කර ගැනීම සඳහා විටමින් 'ඩී' අවශ්‍යයි. එම විටමින් 'ඩී' අපට හිරු එළිය මඟින් සහ ආහාර මඟින් ලෙස ක්‍රම දෙකකින් ශරීරයට හිමි වෙනවා.

කිරි, බිත්තර, මාළු, චීස්‌, බටර් ආදියේ විටමින් 'ඩී' තිබෙනවා. එනිසා කැල්සියම් ලබාගැනීම සඳහා ගනු ලබන ආහාර පාන වලින්ම විටමින් 'ඩී' ලබාගැනීමට හැකියාව පවතිනවා.

වෛද්‍යතුමනි, අපගේ ශරීරයට අවශ්‍ය කැල්සියම් අඩුවන්නේ කෙසේද?

ආහාර මගින් කැල්සියම් සහ විටමින් ඩී නිසි ලෙස නොලැබෙන අවස්‌ථාවලදී සහ ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලු නිසාත් කැල්සියම් අපගේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවීම සිදුවෙනවා. ඊට අමතරව පැරාතයිරොයිඩ් හෝමෝනයේ අසමතුලිතතාව නිසා කැල්සියම් ඌණතා මතුවෙනවා. වකුගඩුවල පවතින රෝග නිසා කැල්සියම් ඌණතා හටගන්නවා.

ඇතැම් පුද්ගලයන්ට උපතින්ම ඇතිවන රෝග නිසා කැල්සියම් නිපදවීම අඩුවෙනවා.

වෛද්‍යතුමනි, කැල්සියම් අඩුවූ විට ශරීරයේ හටගන්නා රෝගාබාධ මොනවාද ?

යම් පුද්ගලයකුගේ ශරීරයේ කැල්සියම් ඌණතාවක්‌ ඇතිවූ විට ස්‌නායු ක්‍රියාකාරිත්වයේ දුර්වලතා මතුවෙනවා. මස්‌ පිඩුවල ක්‍රියාකාරිත්වයේ දුර්වලතා හටගන්නවා. නිතර නිතර මස්‌ පිඩු පෙරළීමට ලක්‌වන්නේ මෙලෙස මස්‌ පිඩු ක්‍රියාකාරීත්වය දුර්වල වූ විටදීය.

කැල්සියම් අඩු වූ විටදී මුහුණේ සහ කට වටේට හිරිවැටීමක්‌ හටගන්නවා.

කැල්සියම් ඉතා විශාල ලෙස අඩු වූ විට හෘද ස්‌පන්ධනය අඩු වෙනවා. මොළයේ ක්‍රියාකාරීත්වයේ දුර්වලතා ඇතිවී සිහිකල්පනාව අඩුවෙනවා.

කුඩා දරුවන්ට රිකට්‌සි රෝගය මතුවන්නේ කැල්සියම් සහ විටමින් 'ඩී' ඌණතා ඇති වූ විටදී ය. එවිට එම දරුවන්ගේ අත් පාවල විකෘතිතා මතුවෙනවා.

වැඩිහිටියන්ට කැල්සියම් සහ විටමින් 'ඩී' අඩු වූ විට මතුවන රෝගයක්‌ වනුයේ ඔස්‌ටියෝ මැලේසියා රෝගී තත්ත්වයයි.

එවිට ඔවුන්ගේ අස්‌ථිවල ශක්‌තිමත් බව අඩුවෙනවා. ඉතා ඉක්‌මනින් අස්‌ථි බිඳී යැමට ලක්‌වන්නේ මෙවැනි අවස්‌ථාවලදී ය.

වෛද්‍යතුමනි, කැල්සියම් සහ විටමින් 'ඩී' අඩු වූ පුද්ගලයන්ට ලබාදෙන ප්‍රතිකාර මොනවාද?

මතුව ඇති රෝග තත්ත්වය අනුව ප්‍රතිකාර කළ යුතුයි. පැරාතයිරොයිඩ් ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වයේ දුර්වලතා නිසා එම ග්‍රන්ථිය මඟින් නිපදවන පැරාතයිරොයිඩ් හෝමෝනය අඩුවීමෙන් කැල්සියම් අඩුවෙනවා නම් ඊට අදාළව ප්‍රතිකාර කළ යුතුයි.

වකුගඩු රෝගයක්‌ නිසා කැල්සියම් අඩුවෙනවා නම් අදාළ වකුගඩු රෝගයට නිසි ප්‍රතිකාර කරමින් කැල්සියම් ඌණතාව නැති කළ යුතුයි.

විශේෂයෙන්ම වකුගඩු රෝගීන් තම සිරුරේ කැල්සියම් සඳහා නිසි වෛද්‍ය උපදෙස්‌ මත ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍ය බව කිව යුතුයි. එසේ නොවුණහොත් අස්‌ථි පද්ධතියේ සහ අනෙකුත් ඉන්ද්‍රිය වල කැල්සියම් අඩුවීම නිසා බරපතළ රෝග තත්ත්වයක්‌ මතුවිය හැකියි.


කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය
ප්‍රසාද් කටුලන්ද

සංස්‌කරණය උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Jun 2017 08:35 AM
කැල්සියම් ගැන මිට වඩා හිතන්න ඕනේ තමා ..
ස්තුති ලිපිය අපි සමග බෙදා ගත්තට .
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Jun 2017 08:38 AM
මෙතන හොද ලිපි ගොඩක් තියෙනවා ,,බොහොම වටිනවා මේ ලිපි.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
06 Jun 2017 10:41 AM
අද මේ ආතතිය නිසා මොණතරම් ජීවිත හානි කර ගන්නවාද.. කොරියාවේ හිටපු කාලයේ මේ වගේ දිවි හානි කර ගැනීම් දිනපතාම වගේ අහන්න ලැබුණා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 18 of 137 << < 1617181920 > >>