You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 19 of 137 << < 1718192021 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Jun 2017 06:12 PM

"නිසි පෝෂණය හඳුනා ගනිමු"

එක්‌ එක්‌ පුද්ගලයාගේ වයස, සෞඛ්‍ය තත්ත්වය, ක්‍රියාශීලී බව අනුව දෛනිකව ලබා ගත යුතු ආහාර කාණ්‌ඩ සහ ප්‍රමාණයන් වෙනස්‌ වේ.

උදා(- * ක්‍රියාශීලී දරුවන්ට වැඩිපුර ශක්‌ති ප්‍රමාණයක්‌ අවශ්‍ය වේ.

* යෞවනියන් සහ කාන්තාවන් යකඩ අඩංගු ආහාර වැඩිපුර ගත යුතුය.

* වැඩිහිටි වියේදී තෙල් සහිත ආහාර අවම කළ යුතු අතර තන්තු/ කෙඳි සහිත ආහාර පිළබඳව වැඩි අවධානයක්‌ යොමු කළ යුතුය.

ඔබ දන්නවාද?

* ආහාර වේලකට ආසන්නව සහ ආහාර ගත් විගස තේ, කෝපි පානය කිරීමෙන් ආහාරවල ඇති යකඩ ශරීරයට උරා ගැනීම අඩු වේ.

* නිරෝගී දිවියකට පෝෂණය මෙන්ම ශාරීරීක ව්‍යායාම්ද අත්‍යවශ්‍ය වේ.

* සීනි, ලුණු හා තෙල් අධික ආහාර සීමා කිරීමේන් හෘදයාබාධ, අධිරුධිර පීඩනය දියවැඩියාව සහ පිළිකා වැනි රෝග අවදානම අඩුකර ගත හැකිය.

ඔබේ දිනපතා ආහාර වේල කෙසේ සකස්‌ විය යුතුද?

ශක්‌තිය ලබා දෙන ආහාර

ධාන්‍ය සහ පිටි බහුල ආහාර

ඔබට ශක්‌තිය ලැබෙන ප්‍රධාන ආහාර කාණ්‌ඩයයි මුළු ආහාර වේලෙන් භාගයක්‌වත් මේවායින් ගත යුතුය.

උදා(- බත්, කුරක්‌කන්, මෙනේරි, බඩඉරිඟු වැනි ධාන්‍ය, අල, බතල, මඤ්ෙÆක්‌කා හා වෙනත් අල වර්ග, හාල් පිටි, තිරිඟු පිටි ආදියෙන් සෑදූ ආහාර කොස්‌, දෙල්

තෙල් සහිත ඇට හා බීජ වර්ග

තෙල් හා සීනි සුළු වශයෙන්

වර්ධක ආහාර

කිරි සහ කිරි ආහාර

දත්, නිය හා අස්‌ථිවල ශක්‌තියට හා වර්ධනයට කිරිවල ඇති ප්‍රොaටීන, කැල්සියම් හා විටමින් උපකාරී වේ.

සත්ත්ව හා ශාක ප්‍රොaටීන ආහාර

ශරීරය නිසි ලෙස වැඩීමට/ ගෙවී ගිය කොටස්‌ අලුත්වීමට

ආරක්‌ෂක ආහාර

එළවළු සහ පලා අවම වශයෙන් දිනකට එළවළු වර්ග 02 ක්‌, පලතුරු වර්ග 02 ක්‌ හා පලා වර්ගයක්‌වත් ගත යුතුය.

පලතුරු

ලෙඩ රෝගවලින් ඔබ ආරක්‌ෂා කරයි. ඇස්‌වල පෙනීම රැක දෙයි. හිස කෙස්‌ හා සමේ නිරෝගී බව රැකදෙයි.

සෞඛ්‍යමත් ආහාර රටාවක්‌ බෝවන සහ බෝ නොවන බොහෝ රෝගවලින් ඔබව ආරක්‌ෂා කරයි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Jun 2017 06:14 PM

සිසිල් ජලයෙන් දැත් සේදීමෙන්
විෂබීජ ඉවත්වන බව හෙළි වේ


උණුසුම් ජලයෙන් දැත් සේදීමේදී විෂබීජ නැසෙන ආකාරයෙන්ම සිසිල් ජලයෙන් දැත් සේදීමේදී ද විෂබීජ නැසෙන බව ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක්‌ විසින් සිදුකරන ලද අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

පුද්ගලයන් 20 දෙදෙකු යොදා ගෙන සිදුකරන ලද මෙම අධ්‍යයනයට අනුව සෙන්ටිග්‍රේඩ් අංශක 15 ක (ෆැරන්හයිට්‌ අංශක 59 ක) උෂ්ණත්වය සහිත ජලයෙන් දැත් සේදීම හා සමානව සෙන්ටිගේ්‍රඩ් අංශක 38 ක (ෆැරන්හයිට්‌ අංශක 100 ක) උෂ්ණත්වයක්‌ ඇති ජලයෙන් දැත් සේදීමේදී විෂබීජ නැසී දැත් පිරිසිදු වේ.

''ආහාර සුරක්‌ෂිතතාවය පිළිබඳ සඟරාවෙහි පළව ඇති මෙම අධ්‍යයනයෙහි වාර්තාවට අනුව මෙම සොයා ගැනීම හරහා උණුසුම් ජලය සඳහා වැයවන තානායම්වල විදුලි බිල කපාහැරීමට හැකිවනු ඇත.

මෙම අධ්‍යයනය මෙහෙය වූ රට්‌ගර්ස්‌ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන්ට අනුව අධ්‍යයනයට ලක්‌ කළ පුද්ගලයන් 20 දෙනාට ඔවුන්ගේ දැත් 20 වතාවක්‌ බැගින් සෙන්ටිග්‍රේඩ් අංශක 15 (ෆැරන්හයිට්‌ අංශක 59) අංශක 26 (ෆැරන්හයිට්‌ අංශක 79) හා අංශක 38 (ෆැරන්හයිට්‌ අංශක 100) යන උෂ්ණත්වයන් සහිත ජලයෙහි සේදීමට ලක්‌කර ඇත.

මෙම පිරිස දැත් සේදීමට පෙර ඔවුනගේ දැත් හානිකර නොවන කුඩා සතුන්ගෙන් පිරී තිබී ඇත.

විද්‍යාඥයන්ට අනුව උණුසුම් ජලයෙන් මෙන්ම සිසිල් ජලයෙන් දැත් සේදූ අයගේ දැත්වල තිබූ කෘමි විශේෂය ඉවත් වීමේ ප්‍රමාණය එක සමාන වී තිබේ. මෙහිදී දැත් සේදූ අය භාවිතා කළ සබන් වෙනස්‌ කළද ප්‍රතිඵලයට එය බලපා නොමැත.

මහාචාර්ය ඩොනල්aඩ් ෂාෆ්ට්‌නර්ට අනුව ජනතාව තම දැත් උණුසුම් ජලයෙන් සේදුවද, සිසිල් ජලයෙන් සේදුවද එය සැහැල්ලුවෙන් කළ යුත්තේ එම කුමන ආකාරයේ හෝ ජලයෙන් දැත් සේදීමෙන් ලැබෙන ප්‍රතිඵලය එක සමාන වීම නිසාය.

අධ්‍යයනය පැවැත් වූ විද්‍යාඥයන්ට අනුව දැත්වල පවතින හානිකර බැක්‌ටීරියා වර්ග ඉවත් කිරීමට සුදුසු පියවර සම්බන්ධව තවදුරටත් පුළුල්ලව අධ්‍යයනය කළ යුතුය.

අධ්‍යයනය මෙහෙය වූ විද්‍යාඥයන්ට අනුව දැත් ආවරණය වනසේ ප්‍රමාණවත් සබන් යොදා තත්ත්පර 20 ක කාලයක්‌ දැත් සේදිය යුතුය.

විද්‍යාඥයන්ට අනුව නිවැරැදි අයුරින් දැත් සේදිය යුතු ආකාරය මෙසේය.

* දැත් සබන් යොදා නිසි පරිදි සේදීම සඳහා තත්ත්පර 20 ක කාලයක්‌ ගත කළ යුතුය.

* දැත් සේදීමට පෙර දැත් ජලයෙන් තෙමා දැත්වල සෑම පෘෂ්ඨයක්‌ම ආවරණය වන සේ සබන් හොඳින් ගල්වන්න. ඇඟිලි ද භාවිත වන සේ දැත්වල අල්ල ප්‍රදේශය හොඳින් අතුල්ලන්න. දැතෙහි ඇඟිලිවල සබන් මහපට ඇඟිල්ලට ද ලැබිය යුතුය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
07 Jun 2017 06:16 PM

සීනි කොකේන් වලට වඩා බලවත්
ඇබ්බැහි කාරකයකි


සීනි යනු අපට සෑම තැනකදීම හමුවන ඉතා සුලභ දෙයකි. සීනි අඩංගු කේක්‌, බිස්‌කට්‌ ඩෝනට්‌, ටොෆි වැනි කෑම වර්ග හා සීනි එක්‌කළ බීම වර්ග සෑම සුපිරි වෙළෙඳසලකින් මෙන්ම ඉතා කුඩා වෙළෙඳසල්වලින්ද අපට ඉතා පහසුවෙන් ලබා ගත හැකිය. එමෙන්ම ප්‍රයෝගකාරී වෙළෙඳ ප්‍රචාරණ මාධ්‍ය මඟින් සීනි සහිත ආහාරපානවලට ඇති ආකර්ෂණය වැඩි කරයි. මෙතරම් සුලභව පවතින සහ මෙතරම් රසවත් වූ සීනි බහුල බීම වර්ග හා ආහාර වර්ග ආහාරයට ගැනීම නැවැත්වීම ළමා, වැඩිහිටි කාහටත් ඉතා අපහසු කාර්යයකි.

එහි භාවිතය නැවැත්වීම මෙතරම් අපහසු වී ඇත්තේ ඇයි? ''සීනි ඇබ්බැහි වන ද්‍රව්‍යයකි''

සීනි වලට ඇබ්බැහි වන්නේ ඇයි?

01. සීනි ආහාරයට ගැනීමෙන් රුධිරයේ පවතින ස්‌නායු උත්ප්‍රේරකයන් වන ඩොපමින්, ටි්‍රප්ටොµන්, සෙරටොනික්‌ නම් රසායනික ද්‍රව්‍ය වැඩිවේ. සෙරටොනික්‌ මඟින් වේදනාව පාලනය කිරීම සහ නිදිමත පාලනය වීමක්‌ ද සිදුවේ. සෙරටොනික්‌ මට්‌ටම ඉහළ යැමේදී පුද්ගලයෙකුට මානසික හා කායික සුවතාවයක්‌ දැනේ.

02. සීනි වලට ඇබ්බැහි වීම කොකේන් වැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමට වඩා බලවත් වේ. කොකේන් වැනි මත්ද්‍රව්‍ය මඟින් ද සිදුවන්නේ රුධිරයේ පවතින ඩොපැමින් රසායනිකය ඉහළ යැම හා එමඟින් එම මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහිවීමක්‌ සිදුවීමයි. ආහාර වල ඇති සීනි මඟින් ද රුධිරයේ පවතින ඩොපමින් රසායනිකයේ මට්‌ටම ඉහළ යන අතර, එමඟින්ද පුද්ගලයකු සීනි සඳහා ඇබ්බැහි කිරීමක්‌ සිදුකරයි.

03. සීනි ආහාරයට ගැනීමේදී අපගේ මොළය සීනි ශරීරයට ලැබෙන තුටු පඬුරක්‌ ලෙස සිතයි. එසේ වනුයේ මිනිස්‌ මොළයේ ඇති එක්‌ ප්‍රදේශයක්‌ ( Reආරා Ceබඑeර) මඟින් සීනි සිරුරට ලැබෙන ත්‍යාගයක්‌ ලෙස අවබෝධ කර ගන්නා බැවිනි. ඒ නිසා තව තවත් සීනි ගැනීමට පෙළඹේ.

අප සිරුරට අවශ්‍ය ප්‍රධාන ආහාර කාණ්‌ඩ 03 කි. එනම්, මේදය, ප්‍රොaටීන් හා කාබෝහයිඩේ්‍රට්‌ වේ. සීනි යනු, කාබන්, හයිඩ්්‍රජන් හා ඔක්‌සිජන් අණු වලින් සමන්විත කාබෝහයිඩේ්‍රටයකි. වෙනත් කාබෝහයිඩේ්‍රට්‌ හා සස¹ බලන කල සීනි යනු සරල අණු වර්ගයක්‌ වන අතර. එය පහසුවෙන් කුඩා කොටස්‌වලට කඩා සිරුරට අවශෝෂණය කර ගැනීම පහසු වේ. මෙම සරල සීනි ග්ලුකෝස්‌, µDක්‌ටෝස්‌ සහ සුක්‌රෝස්‌ යනුවෙන් වර්ග කිහිපයකි. මෙම විවිධ අණු වර්ග එකතු වීමෙන් අපට හමුවන ''සීනි'' ලැබේ.

ඇබ්බැහිවීම යනු මානසික ගැටලුවක්‌ වන අතර. ඊට අමතරව එය කායික ගැටලුවක්‌ බවට ද පත්වේ. යම් මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීම (Addiction) එම මත්ද්‍රව්‍ය මත යෑපීමට (Dependence) සම කළ හැකිය. යම් මත්ද්‍රව්‍යක්‌ මත යෑපීම යනු එම ද්‍රව්‍ය ගැනීම සඳහා ඇතිවන පාලනය කරගත නොහැකි ආශාවයි. සාමාන්‍යයෙන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය මෙසේ ඇබ්බැහි වන ද්‍රව්‍ය ලෙස සලකන අතර සීනි ඊටත් වඩා දරුණු ලෙස ඇබ්බැහි වන ද්‍රව්‍යයකි. සීනි සම්බන්ධව සැලකීමේදී පාලනයකින් තොරව සීනි අනුභව කිරීමෙන් ශරීරයට ඉතා අහිතකර ප්‍රතිපල ගෙන දේ.

ෆ කොකේන් භාවිතයෙන් ඉවත් වීමේදී දැනෙන මානසික ගැටලු සීනි භාවිතයෙන් ඉවත් වීමේදී ද දැනෙන අතර එය කිරීමට නොහැකි දෙයක්‌ ලෙස ඔබට හැඟී යයි. මෙය ඉතා කනගාටුදායක වුවද එසේ නොවිය යුතුය. සීනි සඳහා ඇබ්බැහි වීම බිඳ දැමිය හැකිය.

ෆ සීනි සහ පිරිපහදු කළ ආහාර සඳහා ඇබ්බැහි වීම බලවත් වුවද පර්යේෂණ මඟින් පෙන්වා දී ඇති පරිදි ඔබ නිවැරදි පියවර අනුගමනය කරන්නේ නම් ඉතා ඉක්‌මනින් ශරීරය හා මොළය මෙම ඇබ්බැහි වීමෙන් නිදහස්‌ කළ හැකිය. ඇතැම් අධ්‍යයනයන් මඟින් සීනි වලට ඇබ්බැහි වීම සති 1 - 2 කාලයක්‌ තුළ බිඳ දැමිය හැකි බව තහවුරු කර ඇත.

සීනි සඳහා ඇබ්බැහි වීම ජය ගැනීමට හැකි නිසැක පියවර හත පහත දැක්‌වේ.

තදබල ලෙස සීනි සඳහා ඇබ්බැහි වූවන් පවා මෙම පියවර 7 මඟින් යථා තත්ත්වයට පත්කළ හැකි බව තහවුරු කර ඇත.

පියවර 01 ( සීනි සහ සැකසූ ආහාර සියල්ල නිවසින් ඉවත් කරන්න.

ඔබ මෙලෙස සීනි භාවිතය අවම කිරීමට කටයුතු කරන අතර තුර සීනි ආහාරයට ගැනීමට පෙළඹීමක්‌ ඇති වේ. එසේ සිදුවීම වැළැක්‌විය නොහැකිය. සීනි සහිත ආහාර සියල්ල නිවසින් බැහැර කිරීම තුලින් එම පෙළඹවීම මැඬ පැවැත්විය හැකිය. ඔබගේ මුළුතැන්ගෙයි ශීතකරණයේ, කබඩ්වල ඇති සියලුම සීනි සහිත බීම වර්ග, කිරි පැකට්‌, යෝගට්‌, කැවිලි හා සීනි අඩංගු අනෙකුත් ආහාර හැකි තරම් ඉවත් කර ඒවා නැවත නිවසට ගෙන නොඒමට වගබලා ගන්න. පියවර 02. ( මහා පෝෂක (ප්‍රොaටීන්, කාබෝහයිඩේ්‍රට්‌, මේදය) සමබල ඇති උදැසන ආහාර වේලක්‌ ගැනීම.

ඔබේ ශරීරයට නිවැරදි පෝෂක කොටස්‌ නොලැබී යැමෙන් සීනි වලට ඇති දැඩි ආශාව උත්තේජනය වේ. එම අඩුපාඩුව තුරන් කිරීමට හෝ අවම කිරීමට ඔබ කළ යුතු වනුයේa සමබල උදැසන ආහාරයක්‌ ගැනීමයි. ඔබගේ ප්‍රධාන ආහාර වේල් සෞඛ්‍ය සම්පන්න කාබෝහයිඩේ්‍රට්‌, ප්‍රොaටින් සහ මේදය, විටමින් හා ක්‌ෂුද්‍ර පෝෂක අඩංගු ආහාරයක්‌ විය යුතුය.

පියවර 03 ( වැඩි වැඩියෙන් ජලය පානය කරන්න

දීර්ඝ කාලීනව පවත්නා විජලනය, සීනි සඳහා ඇති ආශාව වැඩි කරනවා පමණක්‌ නොව ඔබේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවන්ද මන්දගාමි කරවන අතර වැඩිපුර සීනි මේදය ලෙස තැන්පත් කිරීමට ශරීරය පොළඹවයි. සාමාන්‍යයෙන් දිනකට වතුර වීදුරු 08 ක්‌ පානය කිරීමට නිර්දේශ කර ඇති නමුදු මෙය අවම ප්‍රමාණය ලෙස සැලකිය යුතු වේ. ඔබ ව්‍යායාම්වල නිරත වන්නේ නම්, ශාරීරිකව ක්‍රියාකාරී වී සිටින සෑම විනාඩි 20 කටම වරක්‌ ජලය වීදුරුවක්‌ පානය කළ යුතුය. (සැ.යු. - හෘද රෝග, වකුගඩු රෝග, වැනි රෝග තත්ත්වයක්‌ ඇතිවිට දිනකට පානය කළ යුතු ජලය ප්‍රමාණය වෛද්‍යවරයෙකුගෙන් අසා දැනගත යුතුය.)

පියවර 04 ( සෞඛ්‍යමත් කෙටි ආහාර වැඩිපුර සකස්‌ කර ඔබ ගමනක්‌ යන විට ස්‌වල්පයක්‌ ගෙන යන්න.

සීනි භාවිතය අවම කිරීමට ඇති තවත් බාධකයක්‌ නම් ඔබ කාර්යබහුල වන අවස්‌ථා අතරතුර ගැනීමට ඇති සැකසූ ආහාර වල අධිකව සීනි සහ පිරිපහදු කළ ධාන්‍ය ඇතුළත් වීමයි. බිස්‌කට්‌, ක්‍රැකර් වර්ග. යෝගට්‌ ආදී සුලභ කෙටි කෑම සීනි වලට ඇබ්බැහි වීම තව තවත් තහවුරු කරයි. සීනි අඩංගු නොමැති කෙටි ආහාර වැඩි ප්‍රමාණයක්‌ සකස්‌ කර එක්‌ වරකට ආහාරයට ගත හැකි පංගුව බැගින් වෙන වෙනම භාජන වල දමා තබා ගෙන ඔබ යන තැන් වලට රැගෙන යන්නට මතක තබා ගන්න. ඔබ, දිගු වේලාවක්‌ කුසගින්නෙන් සිටීනම් සීනි වලට ඇති ආශාව ප්‍රබල ලෙස වර්ධනය වන අතර ප්‍රධාන වේල් අතරතුර ඉහත සඳහන් පරිදි සකසාගත් කෙටි ආහාරයක්‌ ගත යුතු වේ.

පියවර 05( හිතාමතාම ඔබ ශරීරයේ විවිධ චලනයන් සිදු කරන්න.

සීනි වලට ඇබ්බැහි වීම නවත්වා ගැනීම, රුධිරයේ සීනි ප්‍රමාණය සමබරව පවත්වා ගැනීම මත ර¹ පවති. ඉක්‌මණින් අවශෝෂණය කර ගන්නා සීනි සහිත සැකසූ ආහාර ගත් පසු, ඔබේ ශරීරය විකල්ප මාර්ග 2ක්‌ යොදා ගනී.

(i) එම සීනි ශක්‌තිය නිපදවීමට යොදා ගැනීම.

(ii) වැඩිපුර සීනි මේදය ලෙස තැන්පත් කිරීම.

දිනපතා ව්‍යායාම කිරීමෙන් රුධිරයේ ඇති වැඩිපුර සීනි ශක්‌තිය ලෙස දහනය කර ඉවත් කරයි. මෙයින් අදහස්‌ කෙරෙනුයේ ඔබ ව්‍යායාම මධ්‍යස්‌ථානයකට යායුතු බව හෝ දරාගත නොහැකි ලෙස දහඩිය දමනතුරු ව්‍යායාම කිරීම නොවේ. ඇවිදීම, සරල ව්‍යායාම සහ දරුවන් සමඟ ක්‍රීඩා කිරීම ඉතා යෝග්‍ය වේ.

පියවර 06 ( ඔබ දිගු කලක්‌ මානසික පීඩනය යටතේ ජීවත් වන්නේ නම් ඔබට, සීනි සඳහා ඇති කැමැත්ත පරාජය කිරීමට ඉතා ඇසීරු වනු ඇත.

සීනි ආහාරයට ගැනීමෙන් ඉහත සඳහන් කළ පරිදි ඉහළ මානසික මට්‌ටමක්‌ ලබා ගැනීම මඟින් මානසික ආතතිය හා සංකාව තාවකාලිකව නැති කරයි. නමුත් මානසික ආතතිය මඟ හැරීමට මනස ලිහිල් කිරීමේ ක්‍රියාවන් සිදු කළ හැකිය. මනස ලිහිල් කිරීමේ එක්‌ ක්‍රියාවක්‌ තෝරා ගෙන (භාවනාව, මිහිරි සංගීතයට සවන් දීම, පරිසරයේ සුන්දරත්වය වින්දනය කිරීම, සිනාසීම වැනි) එක වරකට එක බැගින් විනාඩි 05 ක්‌ දිනපතා කරන්න.

පියවර 07 ( සෑම රාත්‍රියකම ඉතා සුව පහසු නින්දක්‌ ලබා ගන්න.

වඩාත් තිSව්‍ර ලෙස සීනි සඳහා ආශාව ඇති වන්නේ කුමන අවස්‌ථාවේද? සෑම පුද්ගලයකුටම මෙන්ම ඔබටත් සීනි සඳහා ආශාව ඇති වනුයේ දවස අවසානයේය. පර්යේෂණ මඟින් පෙන්වා දී ඇති පරිදි සීනි සඳහා ඇල්ම ඔබගේ දෛනික රිද්මය හා නිදා ගැනීමේ රටාව මත බැඳී ඇත. සාමාන්‍යයෙන් ඔබට ගුණාත්මක නින්දක්‌ නොලැබෙන්නේ නම් ඔබගේ සීනි සඳහා ඇබ්බැහි වීම උත්සන්න වනු ඇත. ගුණාත්මක නින්දක්‌ ලබා ගැනීම යනු නිදා ගන්නා වේලාවක්‌ නියම කර ගනිමින් එම වේලාවට නින්දට යැමයි. සතියේ දිනවල නින්දට යැම සඳහා වේලාවක්‌ තීරණය කර ගත යුතුය. සති අන්ත වලදී පාඩුව පිරිමහා ගැනීමට වැඩිපුර කාලවේලාවක්‌ නිදා ගත යුතු වේ.

ඉතා තදබල ලෙස සීනිවලට ඇබ්බැහි වීම පවා මෙම පියවර 7 අනුගමනය කිරීමෙන් බිඳ දැමිය හැකි බව ඔප්පු කර ඇති අතර මුල් දින කිහිපය ඉතා අසීරු ලෙස දැනුණද අවසාන ප්‍රතිපලය දැක ඔබ පුදුම වනු ඇත.

පෝෂණ මාසය - 2017

තේමාව - ''සීනි නැතිව රස බලන්න''

වර්තමානයේ අධික සීනි සහිත බීම වර්ග හා ආහාර සුලභව ඇති නිසා ඒවා ආහාරයට ගැනීමෙන් අනවශ්‍ය ශක්‌ති ප්‍රමාණයක්‌ අපට ලැබේ. එම අමතර ශක්‌තිය මේදය බවට පරිවර්තනය වී තරබාරු බවට පත්වේ.

අධික සීනි පරිභෝජනය ශරීරයේ බර වැඩි වීමට බලපාන එන් ප්‍රධානම හේතුවකි. තවද, දියවැඩියාව, හෘද රෝග, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග, දන්ත රෝග, ඔස්‌ටියෝපොරෝසිස්‌ වැනි අස්‌ථි රෝග සහ පිළිකා වැනි රෝග තත්ත්වයන් ඇතිවීමට බලපාන ප්‍රධාන අවදානම් සාධකයක්‌ ලෙස අධික සීනි පරිභෝජනය දැක්‌විය හැකිය. එමෙන්ම. ඵලදායීතාවය අඩුවීම සහ ජීවන තත්ත්වයේ ගුණාත්මක බව අඩුවීම, ආයු කාලය අඩුවීමද අධික සීනි පරිභෝජනය නිසා ඇතිවිය හැකිය.

එම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය (උHධ) මඟින් නිර්දේශ කරනුයේ වැඩිහිටියන් හා ළමුන් දිනකට අවශ්‍ය මුළු ශක්‌ති ප්‍රමාණයෙන් 5% කට වඩා අඩු ශක්‌ති ප්‍රමාණයක්‌ පමණක්‌ සීනි පරිභෝජනය මඟින් ලබාගත යුතු බවයි,

සීනි සහිත බීම වර්ග යනු, සිසිල් බීම, පලතුරු බීම, කාබනිSකෘත බීම, ක්‍රීඩා පානයන්, ශක්‌ති ජනක පානයන්. රසකළ කිරි පැකට්‌, සීනි යෙදූ තේ. කෝපි පානයන් යනාදියයි. සිසිල් බීම මිලි ලීටර් 330 ක බෝතලයක සාමාන්‍යයෙන් සීනි තේ හැඳි 9 ක්‌ පමණ අඩංගු වේ. එයින් ශක්‌තිය කිලෝ කැලරි 140 ක්‌ පමණ ලැබේ. නමුදු ඒවායේ කිසිඳු පෝෂණ ගුණයක්‌ නොමැත. එම නිසා පෝෂණ ඌණතා (ලේ අඩුකම, විටමින් අඩුකම වැනි) ඇතිවිය හැකිය.

සමහර බීම වර්ග වල කැෙµaන් අඩංගු වන නිසා වකුගඩු ගල්, නින්ද නොයැම හා මානසික ආතතිය වැනි සෞඛ්‍ය ගැටලු ද ඇතිවිය හැකිය.

සීනි යනු පෝෂණ ගුණයක්‌ නොමැති කොකේන් වලටත් වඩා බලවත් ඇබ්බැහි වන සුලු ද්‍රව්‍යයකි. සීනි අඩංගු බීම හා ආහාර ගත්විට මොළයේ රසායනික ද්‍රව්‍යවල වෙනස්‌වීම් ඇතිවීමෙන් තාවකාලික ප්‍රබෝධමත් බවක්‌ දැනේ. නමුත් කාලයත් සමඟ මෙම ප්‍රබෝධමත් බව ඇතිවීමට වැඩි වැඩියෙන් සීනි ගැනීමට සිදුවේ. අප කුඩා කල සිටම සීනි අඩංගු බීම හා ආහාර ගත්විට සීනිවලට ඇබ්බැහිවී සීනි සහිත බීම හා ආහාර ගැනීම නවත්වා ගන්න අපහසු වේ. නමුත් පහත පියවරවල් මඟින් සීනිවලට ඇබ්බැහි වීම නැවැත්වීමට හැකිය.

01. සීනි සහිත බීම හා ආහාර නිවසට ගෙන ඒම අඩු කරන්න.

02. වැඩි වැඩියෙන් දවස පුරා ජලය පානය කරන්න.

03. උදැසනින්ම පෝෂ්‍යදායී ආහාරයක්‌ ගන්න. ප්‍රධාන ආහාර වේල් මඟ නොහැර වේලාවට ගන්න.

04. අමතර කෙටි ආහාර සඳහා රටකජු, කඩල, පලතුරු වැනි ආහාර ගන්න.

05. වැඩිපුර ස්‌වාභාවික පානයන් වන කුරුම්බා, තැඹිලි, මේදය අඩු නැවුම් කිරි, සීනි නොදැමූ තේ, පලතුරු යුෂ වැනි දැ පානය කර ස්‌වාභාවික රසයන්ට හුරුවන්න.

06. මානසික ආතතිය අඩු කරගන්න. භාවනාව, මිහිරි සංගීතයට සවන්දීම පරිසරයේ සුන්දරත්වයේ වින්දනය කිරීම, සිනාසීම වැනි දේ කරන්න.

07. අමතර ශක්‌තිය වැය කිරීමට දිනපතා සුළු හෝ ව්‍යායාම කරන්න. (ඇවිදීම, සෙල්ලම් කිරීම, ගේ දොර වැඩ කිරීම, ශරීරය චලනය වන වෙනත් ක්‍රියාකාරකම්)

වෛද්‍ය රසාංජලි හෙට්‌ටිආරච්චි
ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ
අධ්‍යක්‍ෂක - පෝෂණ සම්බන්ධීකරණ ඒකකය, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
07 Jun 2017 06:40 PM
අපොයි මේ සීන් එකනම් ඇත්ත...
0

santhaa
Basic Member
Basic Member
Posts:249






--
07 Jun 2017 07:58 PM
ඇත්ත කතාව මොනවා උනත්.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 Jun 2017 08:53 PM
සීනි නම් කොහොමත් අගුණයි.. ස්තූතියි මේ ලිපි වලට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Jun 2017 05:14 AM
අපොයි ඔව් අපි කන බත් වල වුනත් සිනි තියනවා ,,මේ සිනි වලින් තමා ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනේ , ..හොද ලිපියක් බොහොම ස්තුති
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Jun 2017 06:23 AM
පැනි රස කෑම වලට කවුරුත් කැමතියි.හැබැයි කටපරිස්සම් කරනොගත්තොත් ඔක්කොම ඉවරයි.
අද ලෙඩ වලට වයස් බේද නෑ.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jun 2017 06:23 PM

ස්වභාවික තිරිහන් බේත තැඹිලි

තැඹිලි ලංකාවට ආවේණික ගසකි. තැඹිලි වර්ග කිහිපයක්ම ලංකාවේ ඇත. දේශීය වෙදකමෙහිලා අනාදිමත් කාලයක පටන් තැඹිලි භාවිත කර ඇති බවට සාක්ෂි තිබේ. තැඹිලි වතුර මේ ලොව ඇති සුපිරිසුදුම පානයක් වෙයි. මාස 7, 8ක් පුරා ජෛව පිරිසුදු වීමේ ක්‍රියාවලියට ලක්වී නිපදවෙන තැඹිලි වතුර, ජීවානුහරිතය. එහි සංයුතිය අපගේ සෛල ප්ලාස්මාවේ, රුධිරයේ අයනික සංයුතියට බෙහෙවින්ම සමාන වෙයි. මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, මැග්නීසියම් අයන මෙන්ම සුළු වශයෙන් ඇති ස්වභාවික සීනි නිසාවෙන් අයනිකතාව අතින් විශිෂ්ට ගුණ දක්වයි. එමෙන්ම තැඹිලි වතුර හා ළා මදය ආහාරමය තන්තුවලින්ද පොහොසත්ය. මැන්ගනීස්, අයඩින්, සල්ෆර්, සින්ක්, සෙලෙනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ, හා විටමින් සී, බී හා ඊ ද ඇත. තවද මෙහි අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල, කාබනික අම්ල, ප්‍රතිඔක්සිකාරක, ජෛව ක්‍රියාකාරී එන්සයිම වර්ග, ශාක රසායන වර්ග, ශාක හෝමෝන වර්ග සහ හදවතට හිතකර මේදය ද අන්තර්ගත වෙයි.

වයසට යාම වළක්වා තරුණකම රැකදීමටද සමත් තැඹිලි වතුරෙහි තිබෙන ආශ්චර්යමත් ගුණ සමුදායෙන් බිඳක් මෙන්න.

බටහිර ඖෂධ අධි මාත්‍රාවලින් ශරීරගතවීමකදී, (Over dose) ඒවායේ විෂහරණය කිරීමටත්, ආහාර වර්ගවල තිබෙන පළිබෝධනාශක ශරීරයට විෂ සහිත ශේෂ කොටස් මෙන්ම ආසනික් හා කැඩ්මියම් වැනි බැර ලෝහ නිසා සිදුවන හානිය අවම කිරීමටත් පොල්, තැඹිලි වතුර ඉවහල් වෙයි.

තැඹිලි තුළ ඇති මොනොලෝරීන් සතු විශිෂ්ට ක්‍රියාකාරිත්වය නිසාවෙන් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දියුණු කෙරෙන නිසා රෝගවලින් අප ආරක්ෂා කෙරෙන බවත් සොයාගෙන තිබේ.
දියවැඩියා රෝගය පාලනයෙහිලා ද තැඹිලි වතුර වැදගත් වන බව සොයාගෙන ඇත.

තැඹිලි වතුරෙහි තිබෙන අධික ඛනිජ ලවණ සංයුතිය නිසා හෘදයාබාධ හා අධි රැධිර පීඩනය වැළැක්වීමේ සුපිරි ආහාරයක් ලෙස, විද්‍යාඥයන් විසින් තැඹිලි වතුර හඳුන්වා දී ඇත.

තැඹිලි වතුර මිලි ලීටර් 100ක පොටෑසියම් මිලිග්‍රෑම් 250ක් පමණ තිබෙන බැවින් මෙය හදවත රකින විශිෂ්ට පානයකි. තැඹිලි වතුරෙහි අහිතකර කොලෙස්ටරෝල් නොමැති අතර, අධ්‍යයනවලදී හෙළිවී ඇත්තේ, අපගේ සිරැරේ තිබෙන අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීමට ඉවහල් වන, හිතකර කොලෙස්ටරෝල් (HDL) මට්ටම තැඹිලි වතුර බීම නිසා ඉහළ යන බවයි.

දියවැඩියාව, අධි රුධිර පීඩනය, මුත්‍රා ආසාදන, වකුගඩු රෝග වළක්වයි

රුධිර කැටි ඇතිවීම වළක්වාලන ගුණයක්ද තැඹිලි වතුරෙහි අඩංගු වන බැවින්, දරුණු හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝගවලින් ඇතිවන අවදානම අඩුකරගන්නට ද තැඹිලි වතුර පානය ඉවහල් වන බව සොයාගෙන ඇත.

සයිටොකයිනීන් නමැති රසායනයෙන් පොහොසත් ආහාර සුලභව ලබාගැනීම, දීර්ඝායුෂ විඳීම සහ වයසට යාමේදී, මතුවන සංකූලතා අවම වීමටත්, යෞවන පෙනුම වැඩි කාලයක් රැකගැනීමටත් ඉවහල් වෙයි. පොල්, කුරැම්බා සහ තැඹිලි වතුර වනාහි සයිටොකයිනීන් වලින් පරිපූර්ණ ආහාරයන්ය. 

සයිටොකයිනීන් මගින් වයසට යාම පාලනය කිරීමට අමතරව, නිරෝගි සෛල විභාජනය යහපත්ව පවත්වාගෙන යමින්, පිළිකාමය සෛල විනාශ කිරීමටත් හේතුවන බව විද්‍යාඥ බ්රෑස් ෆීෆේ අවධාරණය කර ඇත.
පොල්, කුරුම්බා සහ තැඹිලි වතුර, පිළිකා ඇතිවීමට හේතුවන නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්සිකාරක වලින් ද පොහොසත් බව සොයාගෙන ඇත.

වකුගඩු තුළ රැඳෙන විවිධ විෂ පදාර්ථයන් නිසා වකුගඩුවලට සිදුවන හානි වැළැක්වීම තැඹිලි වතුර සතු තවත් විශිෂ්ට ගුණයක් බව, පර්යේෂකයන් පෙන්වා දෙයි. එබැවින් මත්පැන්, වස විස සහ බැර ලෝහ නිසාවෙන් සිදුවන වකුගඩු නරක් වීම පාලනය කිරීමට ද තැඹිලි වතුර ප්‍රයෝජනවත් වනු ඇත.

මුත්‍රාශයේ ගල් දියකර දමන්නටද තැඹිලි වතුර ඉවහල් වන බව සොයාගෙන තිබේ. අනෙක් අතට තැඹිලි වතුර හොඳ මුත්‍රකාරකයක් ද වෙයි. (Diuretic) මුත්‍ර හොඳින් පහවීමටත්, මුත්‍ර මාර්ගයේ ඇතිවන ආසාදන සුවවීමටත් පොල්, තැඹිලි වතුර හොඳ ඖෂධයක් ලෙස සැලකේ.

පොල් සහ තැඹිලි වතුර සීනි සහිත ආහාර ගැනීමට කෙනෙකු තුළ ඇතිවන කෑදරකම පහකරන බැවින්, බර අඩුකර ගැනීමට කදිම පානයක් ලෙස යොදාගැනීමට හැකිය. අනෙක් අතට විටමින් සී සුලභ ආහාර ලබාගන්නා උදවිය බර පාලනය කරගැනීමේ සමතුන් බව, ඇරිසෝනා ප්‍රාන්ත සරසවියේ කර ඇති අධ්‍යයනයකදී හෙළි වී ඇත. තැඹිලි වතුර විටමින් සී වලින් ද අනූනය.

තැඹිලි වතුරෙහි සින්ක් හා සෙලිනියම් වැනි ඛනිජ ලවණ වර්ග තිබෙන බැවින්, ලිංගික සරුභාවයටත්, මඳසරුභාවය දුරුකිරීමටත් තැඹිලි වතුර ගුණදායක බව පැවසෙයි.

තැඹිලි වතුරෙහි තිබෙන විශිෂ්ට අයනික ගුණය නිසාවෙන් ඔබ ලබාගන්නා ඖෂධ වර්ග ලෙහෙසියෙන්ම සිරැරට උරාගැනීමටත් තැඹිලි වතුර සහාය දක්වන බව සොයාගෙන ඇත.

මහළු උදවියට හා ඝන ආහාර දිරවීමට අපහසු රෝගීන්ට ලබාදිය හැකි විශිෂ්ට පෝෂණීය පානයකි.

තැඹිලි වතුර එළකිරිවලට වඩා පෝෂණ තත්ත්වයෙන් විශිෂ්ට වන අතර, විටමින් සංයුතියෙන් දොඩම් යුෂයටත් වඩා විශිෂ්ටය. 

මව්කිරිවල තිබෙන ලෝරික් අම්ලය පොල් සහ තැඹිලි වතුරෙහිද තිබෙන නිසා සකස් කළ ළදරු කිරිපිටි වර්ගවලට වඩා තැඹිලි වතුර ඉතා ගුණදායකය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jun 2017 06:27 PM

ඔබටත් ෆ්‍රෙෂර්ද? කියවලාම බලන්න

ගැහැනු පිරිමි අතර රුධිර පීඩනය

තරුණ ගැහැනු අයගේ රුධිර පීඩනය තරුණ පිරිමි අයගේ රුධිර පීඩනයට වඩා මදක් අඩුයි. නමුත් මැදිවයසේදී මේ තත්ත්වය වෙනස් වෙයි. වැඩිහිටි ගැහැනු අයගේ රුධිර පීඩන අගයන් වැඩිහිටි පිරිමි අයගේ රුධිර පීඩන අගයන්ට වඩා මදක් වැඩිවෙයි. මෙයට හේතුව වයස්ගතවීමේදී ගැහැනු අය මුහුණදෙන ආර්ථවහරණය තත්ත්වයේදී ඇතිවන හෝමෝන වෙනස්වීමයි. ඒ වගේම ජානමය පසුබිම අනුවත් රුධිර පීඩන අගයන් වෙනස් වේ. සමහර අයගේ ළඟම ඥාතීන් අධි රුධිර පීඩනයෙන් පෙළෙන විට ඔහුට හෝ ඇයට ද අධි රුධිර පීඩනය වැළඳීමේ සම්භාවිතාව වැඩියි. ඒ වගේම රට රටවල විවිධ ජන කොටස් අතර ඔවුන්ගේ ජානමය පසුබිම අනුව රුධිර පීඩන අගයන් වෙනස් වෙයි. උදාහරණයකට අමරිකා එක්සත් ජනපදයේ කළු ජාතිකයන්ගේ රුධිර පීඩන අගයන් සුදු ජාතිකයන්ට සාපේක්ෂව වැඩියි.

අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා කියන්නේ කොහොමද?

සාමාන්‍ය රුධිර පීඩන අගයන් වනුයේ 120/80mmHg. මෙහි 120 යනු හදවත හැකිලෙන විට ඇතිවන ආකුංචන රුධිර පීඩනයයි. 80mmHg යනු හදවත ඉහිල්වන විට ඇතිවන විස්ථාර රුධිර පීඩන අගයයි. නමුත් වැඩිහිටියෙකුගේ රුධිර පීඩනය 140/90mmHg දක්වා වැඩිවෙන්න පුළුවන්. නමුත් ඊට වඩා රුධිර පීඩනය වැඩිවෙනවා නම් ඔහු හෝ ඇය අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා කියල කියන්න පුළුවන්. නමුත් එම තීරණයට එළඹීමට පෙර වෛද්‍යවරුන් අවස්ථා කීපයකදීම රුධිර පීඩන දත්තයන් නිරීක්ෂණය කරනවා. මොකද සමහර අයට වෛද්‍යවරයකු දැක්කහම වුණත් රුධිර පීඩන අගයන් වැඩිවෙනවානේ.

අධි රුධිර පීඩනය ඇතිවීමට හේතු මොනවාද?

ජානමය සාධක නිසා අධි රුධිර පීඩනය ඉහළ යයි.

අධික තරබාරැකම නිසා අධි රුධිර පීඩනය වගේම වෙනත් රෝග රැසකටද අත වනනවා. තරබාරැ අයගේ රුධිරය මේද කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම නිසා ඒවා රුධිරනාල අභ්‍යන්තරයේ තැන්පත් වී කුහරය කුඩාවෙන නිසා රුධිර පීඩනය වැඩිවෙනවා. ඒ වගේම රැධිරයේ මේද කොටස් වැඩි නිසා රුධිරයේ ඝනත්වය වැඩි වෙනවා. එවිටද රුධිර පීඩනය වැඩිවෙනවා. ඊට අමතරව තරබාරු අයගේ දේහ ප්‍රමාණය වැඩි නිසා හදවතට වැඩි වැඩ කොටසක් කරන්න වෙනවා රුධිරය පොම්ප කරන්න. එතකොටත් රුධිර පීඩනය වැඩිවෙනවා.

අධික මත්පැන් ගන්නා අයගේ අධි රුධිර පීඩනය දැකිය හැකියි. නමුත් මත්පැන් ගැනීම අඩුකළ විට රුධිර පීඩන අගයන්ද ක්‍රමයෙන් අඩුවෙනවා.

අධික ලුණු පරිභෝජනයද අධි රුධිර පීඩනයට හේතුවිය හැකියි. මේ ගැන විවිධ මතභේද වාද විවාද පවතිනවා. නමුත් රුධිර ප්ලාස්මාවේ ලුණු අධිකව පවතින විට ඒවා රඳවා ගැනීමට වැඩි ජල ප්‍රමාණයක්ද තබාගත යුතු නිසා තරල ප්‍රමාණය වැඩි වී රුධිර පීඩන අගය වැඩිවීමට හේතුවෙනවා.

මානසික ආතතිය ඇතිවන විට රුධිර පීඩනය වැඩිවෙනවා. ඉස්සරවෙලා විස්තර කළ විදිහට ආතතිය ඇතිවිට ඇඩ්‍රිනලින්, කෝටිසෝල් වැනි ආතති හෝමෝන වැඩිවෙලා හෘද සංකෝචන වේගයත් වැඩිවෙනවා. ඒ වගේම ධමනි සංකෝචනය වෙනවා. මේ නිසා රුධිර පීඩන අගයන් වැඩිවෙනවා.

දුම්පානය නිසාද අධි රුධිර පීඩනය ඇතිවෙනවා. දුම්කොළවල ඇති නිකටින් උත්තේජකයක් වන බැවින් හෘද සංකෝචන වේගයද වැඩි කරනවා. ඒ නිසා දුම්පානයෙන් වෙන්වීම ඉතා ප්‍රයෝජනවත්.

අධිවෘක්ක ග්‍රන්ථිවල ඇතිවන අර්බුද, ඉදිමුම් නිසාද අධි රුධිර පීඩනය ඇතිවෙනවා. මේ තත්ත්වයේදී ඇඩ්‍රිනලින් හෝමෝනය වැඩියෙන් ස්‍රාවය වෙනවා.

වකුගඩුවල රෝගාබාධ නිසාද අධි රුධිර පීඩනය ඇතිවෙනවා. 

අධි රුධිර පීඩනය වැළඳුණු විට ප්‍රතිකාර ගැනීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මෙම රෝගය ඇතිවීම වළක්වා ගැනීමට පියවර ගන්න එකත් එකසේ වැදගත් වෙනවා. අධික තරබාරුව පාලනය කිරීම, අධික මේද කොලෙස්ටරෝල් අඩංගු ආහාර සීමා කිරීම, මත්පැන් හැකිතාක් දුරට සීමා කිරීම හෝ නතර කිරීම, දුම්පානයෙන් සම්පූර්ණයෙන්ම මිදීම, අධික ලුණු සහිත ආහාර සීමා කිරීම, අධික සීනි ආහාර සීමා කිරීම (දියවැඩියාව හා අධි රැධිර පීඩනය අතර සම්බන්ධයක් ඇති නිසා) වගේම කායික ව්‍යායාමවල නිතර නිතර යෙදීමත් මානසික සැහැල්ලුභාවය නිරතුරුවම දිවියේ පවත්වා ගැනීමත් හරිම වැදගත්.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jun 2017 06:30 PM

මාරක ලෙඩ හදන විටමින් කෑම

වැඩිපුර එළවළු හා පලතුරු අනුභව කිරීම මගින් පිළිකා, දියවැඩියාව සහ හෘදයාබාධ ඇතිවීමේ අවදානම අවම වන බව දැන් තහවුරු කර ඇති වෛද්‍ය විද්‍යාත්මක කාරණාවකි. එයට හේතුව ඒවායේ අන්තර්ගත ඇන්තොසයනින්, ප්ලැවනොයිඩ, බීටා කැරොටින්, ලයිකොපීන්, විටමින් ඊ, විටමින් සී වැනි පෝෂක කොටස් සහ ශාක රසායනික ද්‍රව්‍යයන්ය. මෙකී ශාක රසායනික ද්‍රව්‍යයන්ගේ පැවැත්ම සහ ඒවායින් මිනිස් සිරුරට ලැබෙන දිව්‍යමය ගුණයන් පිළිබඳ වන දැනුමෙන් සමාජය පොහොසත් වීම හා ඒවා සම්බන්ධයෙන් වන උනන්දුව වැඩි වීම නිසා ඒවා වෙන් වෙන්ව නිස්සාරණය කරගනිමින් ආහාර අනුපූරක (Food supplements) පෙති හා කරල් ලෙසින් විකිණීමට ඉදිරිපත් කිරීම ද කලෙක පටන් සරුසාරව සිදුකෙරෙයි. ඇත්ත කතාන්දරය වන්නේ මෙකී පිළිකා වළක්වන ස්වභාවික විටමින් වර්ගවල කෘත්‍රිම මාදිලිය ආහාර අනුපූරකයන් ලෙසින් පමණ ඉක්මවා ලබාගැනීම පිළිකා ඇතිවීමේ අවදානම වැඩිකරන්නට හේතුවන බවය. එය මේ වන විට තහවුරැ වී තිබේ. කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පිළිකා මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය ටිම් බයර්ස් පෙන්වා දෙන්නේ විටමින් ඒ (බීටා කැරොටින්) ආහාර අතිරේකයන් ලෙසින් පමණ ඉක්මවා ගැනීම හෘද රෝග අවදානම සහ පිළිකා අවදානම සියයට 20කින් වැඩි කිරීමට ඉවහල් වන බවය.

දි ඇමෙරිකන් ජනරල් ඔෆ් ක්ලිනිකල් න්‍යුට්‍රිෂන්ස් වෙබ් අඩවියේ පළකෙරී තිබුණු පර්යේෂණ පත්‍රිකාවක සඳහන්ව තිබූ අයුරු කෘත්‍රිම විටමින් සී ප්‍රභේදය වන ඇස්කොබික් ඇසිඩ් සම්බන්ධයෙන් කළ පර්යේෂණයක ප්‍රතිඵල අප තැතිගන්වන සුළුය. එනම්, කෘත්‍රිම විටමින් සී වලින් හෝ විටමින් බී මාදිලියක් වන ඇස්කෝබික් අම්ලයෙන් කෘත්‍රිමව සරුකර ඇති ආහාර අනුපූරක හෝ සකස් කළ ආහාරවලින් දිනකට මිලිග්‍රෑම් 1,000 ඉක්මවා ලබාගැනීමෙන් කෙනෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල කරන්නටත්, ශක්තිය බෙලහීන කරන්නටත්, සෛලවල මයිටකොන්ඩ්‍රියාහි ක්‍රියාකාරිත්වය අඩපණ කරන්නටත් ඒවා හේතුවන බව සොයාගෙන තිබීමය. මෙම තත්ත්වය කුඩා ළමුන් සම්බන්ධයෙන් භයානක ලෙස බලපාන බව වාර්තා වේ.
ස්වභාවික විටමින් සහ විවිධ පෝෂක කොටස් අන්තර්ගත වන්නේ යැයි ලේබල්වල සඳහන්ව තිබෙන නා නා ප්‍රකාරයේ කිරිපිටි වර්ග ඇතුළු ආහාර ද්‍රව්‍යවල ඇත්තේ කිසිසේත්ම ස්වභාවික පෝෂකයන් නොවන බව පැහැදිලි කරගන්නට ඉවහල් වන තවත් කාරණාවක් වන්නේ බොහොමයක් ස්වභාවික පෝෂක කොටස් අධික උෂ්ණත්වයකට ලක් කිරීම වැනි නිෂ්පාදන ක්‍රියාවලියේදී විනාශ වීමය. එබැවින් ලේබල්වල සඳහන් කර ඇත්තේ කෘත්‍රිමව එකතු කළ විටමින් වර්ග සහ පෝෂක කොටස් බව පැහැදිලි වෙයි. තවත් වැදගත් කාරණාවක් වන්නේ ඇතැම් කෘත්‍රිම විටමින් වර්ග අපගේ ශරීරයේදී ක්‍රියාත්මක වන්නට නම් තවත් පෝෂක කොටස්  හා විටමින් වර්ග යහමින් අවැසි වීමය. උදාහරණයක් ලෙස ෆෝලික් ඇසිඩ්වලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නම්, විටමින් සී, නියැසින් සහ විටමින් බී 12 යහමින් අවැසි වෙයි. ඒ නිසා ෆෝලික් ඇසිඩ් පෙති පමණක් අහුරු ගණන් ගිල්ලවීම සහ ෆෝලික් ඇසිඩ්වලින් සරැකර ඇති කෘත්‍රිම ආහාර ගිලදැමීම ගඟට ඉනි කැපීමක් බව පැහැදිලි වෙයි.
කෘත්‍රිමව නිෂ්පාදනය කළ විටමින් ඩී ප්‍රභේද (Calcitriol, Doxercalciferol, Calcipotriene) ආකාර සියල්ලම පමණ ඉක්මවා ගැනීම විෂ සහිත වන බව සොයාගෙන තිබේ. එහෙත් පෙරවරු හිරු එළියෙන් ලැබෙන විටමින් ඩී කොපමණ ලැබුණත් පමණ ඉක්මවා යාමක් නොමැත. උදේට අත් පා සහ මුහුණට හිරු එළිය විනාඩි 15ක් 25ක් පමණ ලැබීමෙන් කෙනෙකුගේ දෛනික විටමින් ඩී අවශ්‍යතාවය සපුරා ගන්නට පිළිවන. 

මනුෂ්‍යයාගේ නිරෝගී යහපැවැත්ම උදෙසා යකඩ, කැල්සියම්, අයඩින්, තඹ වැනි ඛනිජ ලවණ වර්ග කොපමණ වැදගත් වුවද ආහාර අතිරේක ලෙස සහ කෘත්‍රිමව ඒවා පමණ ඉක්මවා ලබාගැනීම අතිශයින්ම භයානකය. උදාහරණයක් ලෙස යකඩ සහ කොපර් වැඩිවීම සිරුර තුළ විනාශකාරී නිදහස් මුක්ත ඛණ්ඩක නිෂ්පාදනය වන්නට හේතුවකි.

මෙසේ වන්නට හේතුව ලෙසින් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, ස්වභාවික ආහාරවල පවතින ශාක රසායනික ද්‍රව්‍යයන්ගේ ක්‍රියාකාරීත්වයන් විටමින් වර්ග, විවිධ ඛනිජ ලවණ වර්ග සහ විවිධ ශාක රසායනික ද්‍රව්‍යයන් එකිනෙකා සමඟ දක්වන අන්තර් සම්බන්ධතා නිවැරදි ලෙස හඳුනාගන්නට නවීන විද්‍යාව තවමත් අපොහොසත් වීමය. සරලව කිවහොත් ස්වභාවික ආහාරයක අන්තර්ගත වන බීටා කැරොටින් හුදෙකලාව නොපවතින අතර, ආහාරයේ ඇති විවිධ ජෛව කොටස් හා සම්බන්ධව ක්‍රියාකාරී වන්නේ නම් පමණක් පිළිකා මර්දන ගුණයන් හා අනිකුත් හිතකර ප්‍රතිඵලයක් ලැබෙන බවය. මේ අනුව ආහාරයක්, ආහාරයක් ලෙසින්ම අනුභව කරනු විනා ආහාරයක අන්තර්ගත එක් එක් කොටස් වෙන් වෙන්ව ගිලදැම්මවීමේ වෙළෙඳපොළ ක්‍රමවේදය සෞඛ්‍ය ආරක්ෂිත නොවන බව පැහැදිලිය. මෙකී විද්‍යාත්මක කරැණු කාරණාවලින් යළි යළිත් සනාථ වන්නේ, අහවල් විටමින්වලින් සරැකර ඇතැයි කියන ආහාර ද්‍රව්‍ය සඳහා ඉදිරිපත් කරන ආශ්චර්යවත් වෙළෙඳ පාඨයන්ද ව්‍යාජ මවාපෑම්ය බවය. නිරෝගී බවේ රහස් සැඟව ඇත්තේ, ක්‍රියාශීලී ජීවන රටාව මෙන්ම, ස්වභාවික පලතුරැ සහ එළවළු වලින් ලබාගන්නා පෝෂණය තුළය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jun 2017 06:47 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16538.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16539.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16540.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16541.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16542.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16543.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16544.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16545.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16558.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16559.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16560.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Jun 2017 07:51 PM
වැදගත් තොරතුරු ......
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Jun 2017 06:55 AM
හොද විස්තර ටිකක් ..ස්තුති . නිරෝගිකම තමා වටින්නේ ලස්සන වීමටත්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jun 2017 06:55 AM

සුදු කබර ප්‍රතිකාරයේදී ලේ වල විෂ නැසිය යුතුයි

ප්‍රශ්නය - අපි පසුගිය සති 5 ක පමණ කාලය පුරා සුදු කබර රෝගය පිළිබඳව ඔබ සමඟ සාකච්ඡා කළා. එහිදී ඔබ අපේa පාඨකයන් වෙනුවෙන් ආයුර්වේද කසාය වට්‌ටෝරු ගණනාවක්‌, එවැනිම ආලේප කිහිපයක්‌, දේශීය කසාය වට්‌ටෝරු ගණනාවක්‌ සහ එවැනිම ආලේප කිහිපයක්‌ ඉදිරිපත් කළා. ඒ ඖෂධ වලින් සුවය ලද විශාල ප්‍රමාණයක්‌ දුරකථනය මගින් අපට තොරතුරු දන්වා තිබෙනවා. සුදු කබර පිළිබඳ ලිපි පෙළෙහි අවසාන ලිපිය අද පළවෙන අතර ලබන සතියේ පටන් අප අවධානය යොමු කරන්නේ පොතු කබර හෙවත් සොරයිසිස්‌ රෝගය ගැනයි. ඔබ අද අවසන් වශයෙන් ලබාදෙන ප්‍රතිකාර වට්‌ටෝරු මොනවාද?

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - අද මම අපේ පාඨකයන්ට දෙනවා ප්‍රත්‍යක්‍ෂ කසායක්‌ සහ ආලේපයක්‌. මේ දෙකම ආයුර්වේද ඖෂධ. කසාය වට්‌ටෝරුව මෙයයි. වියළි අරුළු ගෙඩි, බුලුගෙඩි, නෙල්ලි ගෙඩි, පාවට්‌ටා මුල්, රත් කිහිරිය, හාතාවාරිය, සුදු හඳුන්, දුම්මැල්ල, වෙනිවැල් ගැට, වියළි රත්මල්, කොටදිඹුල පොතු, බුලු පොතු කලං 1 බැගින් ගෙන පත අට එකට සිඳ සුදුසු පරිදි සහිඳලුනු හෝ මී පැණි මිශ්‍ර කර දිනකට උදේ සහ සවස කෝප්ප භාගය බැගින් පානය කළ යුතුයි. මෙය දින 30 ක්‌ එනම් කසාය හැලි 30 ක්‌ එක දිගට පානය කළ යුතුයි.

ඉහත සඳහන් කසාය සමඟ සමගාමීව පහත සඳහන් ආලේපය සුදු කබර පැල්ලම් මත තැවරිය යුතුයි. ඉදුණු ගොරක ගෙඩියක්‌ ගෙන සිහින් කැබලිවලට කපා වියලා කබලේ බැද මී පැණි සමඟ එකතු කර ගලේ අඹරා එම ආලේපය සාදාගත හැකියි. එය දිනකට 2 වරක්‌ කබර පැල්ලම් මත තැවරිය යුතුයි. මෙය දින 60 ක්‌ එක දිගට ආලේප කළ යුතුයි. මේ ආලේපය වරක්‌ සෑදූ විට දින 3 කට වඩා තබා නොගත යුතු අතර තුන්වන දිනයේදී ආලෝපයක්‌ අලුතින් සාදාගත යුතුයි.

මුලින් දුන් කසාය වට්‌ටෝරුවේ එන අරළු, බුලු, නෙල්ලි යන තුන් වර්ගය (ත්‍රිපලා) මගින් ශරීරයේ රුධිරය පිරිසිදු කිරීම සිදුකරනවා. රත් කිහිරිය සුදු හඳුන් මගින් ශරීරයේ තිබෙන විෂ ගතිය නසනවා. වෙනිවැල්ගැට, කොටදිඹුල පොතු, හාතාවාරිය මගින් කරන්නේ ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය ඉහළ නැංවීමයි. ආලේපයේ අඩංගු ගොරක සහ මී පැණි ගෙන බලමු. ගොරක කියන්නේ ඉතාම වටිනා බෙහෙතක්‌. ශරීරයේ හටගන්නා ඕනෑම රෝගයක්‌ සමඟ හැප්පෙන්නට ගොරකවලට පුලුවන්. එහි තිබෙන ආම්ලික ගතියට පුලුවන් සම මත පරිවර්තන රැසක්‌ ඇති කරන්නට. සුදු කබර හටගැනීමට රුධිරයේ ඇතිවන වෙනස්‌කම් බලපානවා. එම වෙනස්‌කම් පලදෙන්නේ සමට. ඒ නිසා සමට ප්‍රතිකාර කරන අතර රුධිරයත් පිරිසිදු කළ යුතුයි. එහි තිබෙන විෂ සහිත ගතිය නැති කළ යුතුයි. කසාය මගින් ශරීරය අභ්‍යන්තරයට ප්‍රතිකාර ලැබෙනවා. ආලේපය මගින් සමට ප්‍රතිකාර ලැබෙනවා. මේ දෙක නිසි පරිදි සිදුවන අතර ආහාර විහරන යන දෙකෙන් පරෙස්‌සම් වීමට රෝගියාට හැකිනම් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jun 2017 06:57 AM

ඇස්‌ දුර්වල කරන පෙනහළු නරක්‌ කරන
විෂ කඩදාසියේ මුද්‍රිත පාඩම් පොත මෙන්න...
ශ්‍රී ලංකාවේ පමණයි

නිලන්ත මදුරාවල

"පොතක දිගුකල් පැවැත්ම, මුද්‍රණ සුපැහැදිලිතාව, නිවැරදි වර්ණ සංකලනය හා වර්ණ විභේදනය ආදිය සැලකිල්ලට ගනිමින් වඩා උසස්‌ තත්ත්වයේ පොත් නිර්මාණය කර ගත හැකි වෙතැයි යෝජනා වී ඇත. එම යෝජනා සැලකිල්ලට ගෙන ඇරඹුණු නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක්‌ ලෙස, අලුත්, කල්පවතින, කෘත්‍රීම කඩදාසියක මෙම පෙළ පොත මුද්‍රණය කර තිබේ. මෙමගින් ලැබෙන ප්‍රතිඵල සමාලෝචනය කිරීමෙන් අනතුරුව ව්‍යාපෘතියේ ඉදිරි පියවර තීරණය වනු ඇත."

මෙම උපුටනය අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා හත්වැනි ශ්‍රේණියේ භූගෝල විද්‍යාව පෙළපොතට ලබා දී ඇති පණිවුඩයෙනි. මෙම පණිවුඩය ඇතුළත් හත්වැනි ශ්‍රේණියේ භූගෝල විද්‍යාව පෙළපොත පාසල්වල හත්වැනි ශ්‍රේණියේ එම විෂයය ඉගෙන ගන්නා සියලුම සිසු දරුවන්ට ලැබී නැත. මෙම පෙළ පොත දැනට ලබා දී ඇත්තේ පිරිසකට පමණි. එනම් භූගෝල විද්‍යාව පෙළපොත මෙම වසර මුලදී නොලද සිසුන්ට පමණි.

මෙහි විශේෂත්වයක්‌ තිබේ. සාමාන්‍ය කඩදාසියේ මුද්‍රණය කරන පෙළපොත වසරකින් දෙකකින් යළි භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වෙයි. දරුවන්ගේ පාවිච්චිය අනුව පොතට හානි සිදුවීම සාමාන්‍යය. නව පෙළපොත මුද්‍රණය කර ඇත්තේ සාමාන්‍ය කඩදාසියක නොව කෘත්‍රීම (සින්තටික්&zwnj කඩදාසියකය. මෙම කෘත්‍රීම කඩදාසිය නොදිරයි. ජලයට දැමුවද හානියක්‌ නැත. කොළ ඉරීමට හැකියාවක්‌ නැත. කෘත්‍රීම කඩදාසියක පෙළපොත මුද්‍රණය කිරීමේ අරමුණ වසර පහක්‌ එක දිගට පාවිච්චි කිරීමය. එමගින් වසරින් වසර පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා වන වියදම ඉතිරි කර ගැනීමද අධ්‍යාපන ඇමැතිවරයාගේ අරමුණ විය හැකිය.

                   

කෘත්‍රීම කඩදාසියේ පෙළපොත් මුද්‍රණ යෝජනාව යහපාලන ආණ්‌ඩුව බලයට පත් සමයේම කරලියට පැමිණ තිබිණි. එම යෝජනාවට යම් විරෝධයක්‌ ද එල්ල විය. විරෝධය එල්ල වීමට Rජු ලෙසම බලපෑවේ කෘත්‍රීම කඩදාසි පෙළපොතෙන් දරුවන්ගේ සෞඛ්‍යයට සිදු විය හැකි බලපෑමය. අනෙක්‌ කරුණ නම් වසර ගණනක්‌ නොදිරන මෙම කෘත්‍රීම කඩදාසියෙන් පරිසරයට එල්ල කෙරෙන බලපෑමය. මෙම මුලික හේතු දෙක පෙළපොත් මුද්‍රණය සඳහා කෘත්‍රීම කඩදාසි යොදා නොගැනීමට අතිශයින් ප්‍රමාණවත් වන්නේ වුව හොඳම දේ දරුවන්ට" දෙන්නේය යන උට්‌ඨාන වීර්යය පෙරදැරිව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පොත මුද්‍රණය කළේය. මුද්‍රණය කරන ලද පොත් සංඛ්‍යාව පන් ලක්‍ෂයකි. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රිත මෙම පෙළපොත් පන් ලක්‍ෂය වෙනුවෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව දැරූ වියදම රුපියල් කෝටි පහළවකට අධික ය. සාමාන්‍ය කඩදාසියේ පොත් ලක්‍ෂ පහ මුද්‍රණය කළේ නම් වැය වන මුදල රුපියල් දෙකෝටි පනස්‌ පන් ලක්‍ෂයක්‌ පමණය. එනම් කෘත්‍රීම කඩදාසියේ මුද්‍රණය සඳහා සාමාන්‍ය පෙළ පොතට වැය වන මුදල මෙන් සය ගුණයක්‌ එකවර වියදම් කිරීමට දෙපාර්තමේන්තුවට සිදු වී ඇත. වසරින් වසර පෙළ පොත් මුද්‍රණය සඳහා වන වියදම අඩු කර ගැනීම සඳහා එමෙන් සය ගුණයක්‌ වැය කර පෙළපොතක්‌ මුද්‍රණය කර පස්‌ වසරක්‌ පාවිච්චි කිරීම කෙතරම් විශිෂ්ට ලාභාලාභ ක්‍රමයක්‌ ද? කෘත්‍රීම කඩදාසියේ පෙළපොත් මුද්‍රණය කර රටට මුදල් ඉතිරි කිරීමේ "ඇමැති න්‍යාය" සම්බන්ධයෙන් තවදුරටත් කතා කිරීමේ ප්‍රතිඵලයක්‌ නැත.

කෘත්‍රීම කඩදාසියේ පෙළපොත් මුද්‍රණය කරලීමේ යෝජනාව කුණු කඩයට දැමීය හැකි මුලික කරුණු 2 ක්‌ ඉහත සඳහන් කළෙමි. දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට හා පරිසරයට එල්ල කෙරෙන බලපෑම එම කරුණුය. මේ වන විට සිසුන් පිරිසකගේ අතට පත් කර ඇති පෙළපොතින් පරිසරයට එල්ල කෙරෙන බලපෑමට කදිම පිළියමක්‌ අමාත්‍යාංශය ගෙන ඇත. එනම් පොත මුද්‍රණය කරන ආයතනයටම එය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වගකීම පැවරීමය. කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රමය පළමුවෙන්ම සොයා ගනිමින් ලොවටම එය හඳුන්වා දීමේ පූර්ණ ගෞරවය දිනා ගත් රට ශ්‍රී ලංකාව හෙයින්ද ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා කුණු ටිකක්‌ සොයා ගැනීමට උතුරේ සිට දකුණට ඇවිද්දත් නොහැකි හෙයින්ද ආනයනය කරන කෘත්‍රීම කඩදාසි හෝ ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදා ගැනීමට හැකි වීම කෙතරම් අහ්ලාදයක්‌ද? එහෙයින් ඒ පිළිබඳවද ගැටලුවක්‌ මතු විය නොහැකි යෑයි කටකොණින් සිනහ වෙමින් හෝ උපකල්පනය කළ හැකිය.

කෘත්‍රීම කඩදාසියේ පෙළපොත මුද්‍රණය කිරීමේ ප්‍රධානම ගැටලුව නම් එය දරුවන්ගේ සෞඛ්‍යයට හිතකර ද යන්න අධ්‍යාපන අමාත්‍යාංශය සොයා බැලුවේ ද යන්නය. පෙළපොතක්‌ යනු දරුවන් සන්තකයෙහි නිරන්තරයෙන් පරිහරණය වන්නකි. එම කඩදාසිය දරුවන්ගේ ශරීර සෞඛ්‍ය හිතකර නොවන වගට පොත මුද්‍රණයට පෙර ම කරුණු ඉදිරිපත්ව තිබියදීත් ඒ පිළිබඳ සොයා බැලීමේ වගකීමක්‌ අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාට නොතිබුණු බව ඉතාම පැහැදිලිය. කිසිවකුට හෝ එවන් වුවමනාවක්‌ තිබුණේ වී නම් කෘත්‍රීම පෙළපොත මුද්‍රණය කිරීම පසෙකලා එම යෝජනාව ඉදිරිපත් කළවූන්ට දඬුවම් කරන්නේය.

අධ්‍යාපන ඇමැතිවරයා කටින් වමාරන දේ ක්‍රියාවෙන් ඔප්පු නොකරන වගට කදිම සාක්‍ෂිය මෙම පෙළපොත මුද්‍රණය කර සිසුන් අතට පත් කිරීමය. අධ්‍යාපනය භාර වගකිවයුත්තන්ට මේ අයුරින් වගකීම් විරහිත ලෙස ක්‍රියා කළ හැකි අන් රටක්‌ ලොව කොතැනක හෝ තිබිය නොහැකිය.

කෘත්‍රීම කඩදාසියේ පෙළපොත මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යාක්‍ෂ ජනරාල් එස්‌. එස්‌. මුදලිගේ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්‌ටිආරච්චි මහතාට ලිපියක්‌ යවා තිබේ. ඒ පසුගිය වසරේ සැප්තැම්බර් මස 2 වැනිදා නමිනි. එහි මෙලෙස සඳහන් වෙයි.


මෙම කෘත්‍රීම කඩදාසි කිසිදු රටක පාසල් පෙළපොත් මුද්‍රණය සඳහා යොදා නොගන්නා බව ශක්‍යතා වාර්තාවේ සඳහන් කර ඇත. එබැවින් පරිසර හිතකාමී වඩාත් දියුණු රටවලද පෙළපොත් මුද්‍රණය සඳහා මෙම කඩදාසි භාවිතා නොකිරීමට හේතුව පිළිබඳවද ගැඹුරින් විමසා බැලිය යුතුය. දැනට මෙම පෙළපොත් මුද්‍රණය සඳහා ඉදිරිපත් වී සිටින මුද්‍රණාල අතරින් කිහිපයක්‌ සතුව කෘත්‍රීම කඩදාසිවල පොත් මුද්‍රණය කිරීමේ හැකියාව සහිත මුද්‍රණ යන්ත්‍ර තිබෙන බව ශක්‍යතා අධ්‍යයන වාර්තාවේ සඳහන් කර ඇත. නියාමන ව්‍යාපෘතියෙන් අනතුරුව සියලුම පෙළපොත් මෙම කඩදාසියේ මුද්‍රණය කෙරෙන්නේ නම් මෙම මුද්‍රණාල සතුව පෙළපොත් මිලියන 42 වැනි විශාල සංඛ්‍යාවක්‌ මුද්‍රණය කිරීමට හැකියාව ඇත්තදැයි සොයාබැලීම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදු කළ හැකිය. මෙම නියාමන ව්‍යාපෘතියෙන් පසු සියලු පෙළපොත් මුද්‍රණය කෙරෙන්නේ නම් ආදාල යන්ත්‍ර ආනයනය කරන බවට සඳහන් කර ඇතත් එවැනි තත්ත්වයන් යටතේ පාසල් පොත් මුද්‍රණය සඳහා යොමු වීම අවදානම් සහගතයි. එමෙන්ම කෘත්‍රීම කඩදාසියේ පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා ආයතන කිහිපයක්‌ පමණක්‌ පවතින්නේ නම් ඒ පිළිබඳව ඒකාධිකාරයක්‌ ඇති විය හැකි අතර එමගින් පෙළපොත්වල ගුණාත්මක භාවය අඩු වී යා හැකිය. ශ්‍රී ලංකාවේ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදය තවදුරටත් දියුණු විය යුතු බැවින් සහ කෘත්‍රීම කඩදාසි ප්‍රතිචක්‌ක්‍රීකරණය කිරීම සඳහා කාර්යක්‌ෂම ක්‍රමවේදයක්‌ දැනට ක්‍රියාත්මක නොවන නිසා මධ්‍යම පරිසර අධිකාරිය සමග එක්‌ව මෙම පොත් බැහැර කිරීමේ ක්‍රමවේදයක්‌ නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර සකස්‌ කිරීම සුදුසු වේ.

මේ නිරීක්‍ෂණවලට අනුව මධ්‍යම පරිසර අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රජය මුද්‍රණාලය, ජාතික අධ්‍යාපන ආයතනය සහ අධ්‍යාපනඥයන්ගෙන් සැදුම්ලත් ස්‌වාධීන විද්වත් කමිටුවක්‌ මගින් කෘත්‍රීම කමිටුවක්‌ මගින් පාසල් පොත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් මූල්‍ය, තාක්‍ෂණික, පාරිසරික සහ පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්‍ෂක පැතිකඩ ආවරණය කරමින් සවිත්තරාත්මකව පිරිවැය ප්‍රතිලාභ අධ්‍යනයක්‌ සිදු කොට එම නිර්දේශයක්‌ අමාත්‍ය මණ්‌ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලෙස යෝජනා කරමි." යනුවෙනි.

සැප්තැම්බර් මස 2 වැනිදා නමින් අතිශය වැදගත් අදහස්‌ රැසක්‌ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ කෘත්‍රීම කඩදාසි පෙළ පොත සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ ඇස්‌ ඇරලීම සඳහා බව නිසැකය. කරුණු එසේ තිබියදී ඉන් දින කිහිපයකට පසු එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව අධ්‍යාපන ලේකම්වරයාට ලිපියක්‌ නිකුත් වෙයි. එම ලිපියෙන් කියෑවෙන්නේ කෘත්‍රිම කඩදාසියේ පෙළපොත මුද්‍රණයට දෙපාර්තමේන්තුවේ විරෝධතාවක්‌ නොමැති බවය. එකම ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම පෙළ පොත මුද්‍රණය සම්බන්ධයෙන් දින කිහිපයක්‌ තුළ එනිනෙකට ගැටෙන ලිපි දෙකක්‌ නිකුත් කිරීම සැබැවින්ම ගැටලු සහගතය. පෙළපොත මුද්‍රණයට විරෝධතාවක්‌ නොමැති බව අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලිපිය නිකුත්කර ඇත්තේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් කරන ලද යෝජනා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඒ අයුරින්ම සපුරනු ලැබූ හෙයින්ද නැතහොත් වෙනත් කරුණක්‌ නිසාද යන්න සැක සහිතය. එය සැක සහිත වන්නේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ලිපියෙන් මාසයකට පමණ පසු පෙළපොත මුද්‍රණය සම්බන්ධයෙන් වන හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ නිරීක්‍ෂණ අනුවය. එම නිරීක්‍ෂණ අනුව පැහැදිලි වන්නේ ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සැප්තැම්බර් මස 2 වැනිදා කළ යෝජනා ඔක්‌තෝබර් මස 24 වැනිදා වනවිටත් ක්‍රියාත්මක වී නොමැති බවය. මුදල් ඇමැතිවරයා සිය නිරීක්‍ෂණ ඉදිරිපත් කර ඇත්තේ ඔක්‌තෝබර් මස 24 වැනිදාය. එම නිරීක්‍ෂණයන්හි මෙසේ සඳහන් වෙයි.

"මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් යෝජනා කළ පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහත සඳහන් කරුණු සැළකිල්ලට ගනිමින් ස්‌වාධීන විශේෂඥ කණ්‌ඩායමක්‌ මගින් අමාත්‍ය මණ්‌ඩලය වෙත සවිස්‌තරාත්මක වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවට යෝජනා කරමි.

1. දැනට පවතින පෙළ පොත්හි ගුණාත්මක භාවය සහ කල් පැවැත්ම සම්බන්ධයෙන් පැමිණිලි වාර්තාවී ඇතිද යන්න

2. කෘත්‍රිම කඩදාසි භාවිතයේදී ඇතිවී ඇති පාරිසරික බලපෑම් සහ භාවිතා කරන ලද පෙළ පොත් බැහැර කිරීමේදී අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය හා අනෙකුත් අදාළ ආයතන සමඟ සාකච්ඡා කිරීම.

3. ගෝලීය සංදර්භය තුළ පාසල් පෙළ පොත් සඳහා කල් පවතින කෘත්‍රිම කඩදාසි භාවිතා කිරීම සම්බන්ධව පූර්ව අත්දැකීම් නොමැතිවීම සහ වර්තමානයේදී ඒවා ආගමික පොත් සහ සිතියම් වැනි සීමිත ක්‍ෂේත්‍රයක පමණක්‌ භාවිතා වීම.

4. මෙම පොත් භාවිතා කළ යුතු වන්නේ පාසල් ළමයි වන බැවින් සෞඛ්‍ය, ආරක්‌ෂාව සහ සනීපාරක්‌ෂක අංශ එනම්, මෙම කඩදාසිවල අන්තරායකාරී අංශු සම්බන්ධව තරයේ පරීක්‍ෂා කළ යුතුය.

5. කෘත්‍රිම කඩදාසිවල පාඨක හිතෛෂීභාවය පිළිබඳව විද්‍යාත්මකව තක්‌සේරු කළ යුතුය.

6. අනාගතයේදී කඩදාසිවලින් තොර ගුණාත්මක පාසල් ද්‍රව්‍ය ප්‍රවර්¨ධනය කිරීමේ ඊ - ඉගෙනීම් සංකල්පමය (E - Learning concept) - පසුබිමක්‌ තුළ පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීමේ ද්‍රව්‍යයක්‌ ලෙස මෙම යෝජිත කෘත්‍රිම කඩදාසි භාවිතයේ ශක්‍යතාව නැවත තක්‌සේරු කළ යුතුය." යනුවෙනි.

එසේ තිබියදී ඉන් පසුදින එනම් ඔක්‌තෝබර් මස 25 වැනිදා පෙළපොත මුද්‍රණය සඳහා කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය ලැබී ඇත. සිය නිරීක්‍ෂණ ඉදිරිපත් කරමින් කෘත්‍රිම කඩදාසිවල අන්තරායකාරී අංශු සම්බන්ධව තරයේ පරීක්‍ෂා කළ යුතු යෑයි මුදල් ඇමැතිවරයා ප්‍රකාශකර පැය 24 ක්‌ ගතවීමට පෙර ව්‍යාපෘතිය සඳහා කැබිනට්‌ අනුමැතිය ලැබීම සඳහා ක්‍රියාත්මක වූ අදිසි බලවේගය කෙතරම් ප්‍රබල විය යුතුද යන්න අමුතුවෙන් සඳහන් කරනු අනවශ්‍යය.

අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රමුඛ කැබිනට්‌ මණ්‌ඩලය මෙම පොත මුද්‍රණය කිරීම සඳහා අනුමැතිය දීම කොතරම් භයානකද යන්න පැහැදිලි වන්නේ ජාතික ප්‍රමිති සහ තාක්‌ෂණ ආයතනයේ පරීක්‍ෂණ වාර්තාවෙනි.

එම වාර්තාවේ පෙළපොත මුද්‍රණය සම්බන්ධයෙන් නිර්දේශ හයක්‌ සඳහන් වෙයි. ඒවා නම්

"1. සැපයුම්කරු විසින් නිර්දේශ කරන ලද අවස්‌ථාවක හැර අඩු සේවා සැපයුමක්‌ සහිත මුද්‍රණාලයක ජලීය ආලේප කිරීම් දිගින් දිගටම සිදු නොකළ යුතුය.

2. නිෂ්පාදකගේ පිරිවිතර දැඩිව පිළිපැදිය යුතුය.

3. විනාඩි 45 ක්‌ ඇතුළත ක්‍රියාවලිය නවතා වියළීම සඳහා ඉඩ සළසාලිය යුතුය.

4. දෙපැත්තම මුද්‍රණය කරන ජලීය පැවරුම් සඳහා වැඩි අවධානයක්‌ සහ පාලනයක්‌ අවශ්‍යය.

5. පළමු පැත්ත සම්පූර්ණයෙන්ම වියළා සිසිල් කිරීමෙන් අනතුරුව දෙවැනිපැත්ත මත ආලේප කළ යුතුය.

6. දෙවැනි පැත්ත ආලේප කිරීමේදී අඩු දුෂ්රාවි කාචයක්‌ සහිතව අඩු ආලේව ප්‍රමාණයක්‌ භාවිතා කළ යුතුය. සුවිශේෂී නිර්දේශ සඳහා ආලේපන නිෂ්පාදක නිර්දේශයන් නිරික්‌සන්න.

ඉහත විශේෂයෙන් දක්‌වා ඇති නිෂ්පාදක නිර්දේශයන්ට අනුව මුද්‍රණ ක්‍රියාවලිය හෝ මුද්‍රණ තීන්ත භාවිතය සම්බන්ධයෙන් දී ඇති විශේෂ නිර්දේශ තෘප්ත නොකරන ලද විටක හෝ ද්‍රව්‍ය සැපයුම්කරු විසින් අනුමත නොකරන ලද අවස්‌ථාවක්‌ වන්නේ නම් වයස අවුරුදු 12 ක දරුවන්ගේ නිරන්තර පරිහරණය සඳහා වන පෙළ පොත් මුද්‍රණයට මෙම කඩදාසි නිර්දේශ කළ නොහැකි බව නිගමනය කළ හැක."


මෙම කෘත්‍රිම කඩදාසියේ සංයෝගයන් සම්බන්ධයෙන්ද එම වාර්තාව තවදුරටත් කරුණු ඉදිරිපත් කරයි. ඒ අනුව ඇස්‌වල තැවරීම ඉතා උපද්‍රවකාරී වෙයි. සමෙහි තැවරීම උපද්‍රවකාරී වෙයි. ඇතැම් සංයෝගයන් අධිග්‍රහණය ඉතාම උපද්‍රවකාරී වන බවද එහි සඳහන්ය. එපමණක්‌ නොව පෙනහළුවලට, ස්‌නායු පද්ධතියට හා ශ්ලේෂ්මල පටලවලටද විෂ සහිත බව එහි සඳහන්ය. පොත මුද්‍රණය කර ඇත්තේ පෞද්ගලික ආයතනයකිනි. ජාතික ප්‍රමිති හා තාක්‌ෂණ ආයතනය ඉදිරිපත් කර ඇති නිර්දේශානුකූලව එම පෞද්ගලික ආයතනය පොත මුද්‍රණය කළ බවට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සතුව සහතිකයක්‌ තිබේද? පෙළපොත පාසල් දරුවන්ගේ සෞඛ්‍යයට කෙතරම් හිතකර ද යන්න පිළිබඳ වාර්තාවක්‌ පොත මුද්‍රණයට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය ලබා ගත්තේද? එසේ නොවූවේ නම් ඊට හේතු කවරේද? පොත මුද්‍රණය සඳහා අදිසි හස්‌තයක බලපෑමක්‌ එල්ල වූයේද? යන ප්‍රශ්න ශේෂ කරමින් කෘත්‍රිම කඩදාසී පෙළ පොත් ලක්‍ෂ පහෙන් ලක්‍ෂ දෙකහමාරක්‌ දැන් සිසුන් අතට පත්වී තිබේ. කුමන බලවේගයකට යටත්ව වුවද මෙම පෙළ පොත මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් හා දරුවන්ට එහි අහිතකර බලපෑම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය රටට පැහැදිළි කළ යුතුය. එහි අන්තරායකාරී අංශු සම්බන්ධ පරීක්‍ෂණ වාර්තා රටට ඉදිරිපත් කළ යුතුය.

ලොව අන් කිසිදු රටක පෙළපොත් මුද්‍රණය සඳහා කෘත්‍රිම කඩදාසි යොදා නොගන්නා බව අමාත්‍යාංශයේ ශක්‍යතා අධ්‍යයන වාර්තාවේම සඳහන් වෙයි. ඊට හේතු කවරේද යන්න සොයනු වෙනුවට වෙනත් කිසිදු රටක නොවන පෙළපොතක්‌ මෙරටට හඳුන්වා දීමෙන් අනාගතයේදී ශේෂ කරුණු ඇත්තේ අංගවිකල ජාතියක්‌ විය හැකිය.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jun 2017 07:01 AM

රුව අවලස්‌සන කරන සමේ රෝගවලට විසඳුම්

පැහැපත් වූ සුවපත් සමක්‌ ඇත්නම් ඔබට කෙතරම් සතුටු විය හැකිද? සම යනු ශරීරයේ පිටතින්ම පවතින ඉතා වැදගත් කාර්යයන් ගණනාවක්‌ ඉටුකරන ඉන්ද්‍රියකි.

සමෙන් ඉටුවන කාර්යයන් මොනවාද?

* සිරුරේ ඇති අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්‍ෂා කිරීම.

* සිරුරේ ඇතැම් ස්‌ථානවලට හැඩයක්‌ ලබාදීම.

* සිරුරෙහි උණුසුම නියත මට්‌ටමක තබා ගැනීමට දායක වීම.

* ශරීරයට එකතු වූ විෂ, අපද්‍රව්‍ය බහිස්‍රාවී ක්‍රියාව මගින් බැහැර කිරීම.

නමුත් විවිධ හේතූන් මත පැන නැගෙන ගැටලුකාරී තත්ත්වයන් ගණනාවකින් සම රෝගවලට ගොදුරු වේ. එය ශරීරයට බාහිරින් පැමිණෙන ක්‌ෂුද්‍ර ජීවී ආසාදනයක්‌ විය හැක. එවැනි බෝවන රෝග තත්ත්වයන් ස්‌පර්ශයෙන්, ලිංගික ක්‍රියා මගින් හෝ අපිරිසිදු කමින් සම්ප්‍රේෂණය වේ. එවන් අවස්‌ථාවකදී වත්මනෙහි ඇති දියුණු තාක්‍ෂණික ක්‍රම මගින් නිපදවන ලද ක්‌ෂුද්‍ර ජීවී නාශක ඖෂධ වඩාත් යෝග්‍ය වුවද එසේ පිටතින් පැමිණෙන විෂබීජ මගින් සමෙහි ආසාදනයන් ඇති වන්නේ කුමක්‌ නිසාදැයි සලකා බැලිය යුතුය.

සැබැවින්ම ඊට හේතු වනුයේ ක්‌ෂුද්‍ර ජීවීන්ට පහසුවෙන් වැඩීමට අවශ්‍ය පරිසර තත්ත්වයන් (උෂ්ණත්වය හා තෙතමනයන්) එම පුද්ගලයාගේ කායික අභ්‍යන්තර හේතූන් මගින් ඇතිවන බැවිනි. එවැනි අවස්‌ථාවලදී පිටතින් පැමිණෙන විෂබීජයන්ගේ ආසාදනයන් විකර්ශනය කළ හැකි ඒවාට ඔරොත්තු දෙන ඉහළ ප්‍රතිශක්‌තීන් ගොඩනඟා ගැනීමට දියුණු ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඇසුරු කිරීම යෝග්‍ය වේ.

ක්‌ෂුද්‍ර ජීවී ආසාදනයන්ගෙන් තොරව එනම් බෝ නොවන තත්ත්වයන් යටතේ සමේ ස්‌වභාවික තත්ත්වයට හානි පමුණුවමින් හටගන්නා විවිධ සමේ රෝග නිට්‌ටාවටම සුවකර හැකි ක්‍රමයක්‌ තිබේදැයි සොයා බැලිය යුතුයි.

මෙවැනි අවස්‌ථාවලදී මිහිමත ඇති සියලු වෛද්‍ය ක්‍රම අභිබවමින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පෙරමුණේ සිටී.

ඉහත කී සමේ රෝග ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ විවිධ හේතූන් නිසා රක්‌තය දූෂණය වීමයි.

රක්‌තය දූෂණය වන හේතු මොනවාද?

ශරීර ප්‍රකෘතිය - උපතේ සිටම පුද්ගලයකුට උරුම වන වා, පිත්, සෙම් දොaෂයන් අතුරින් පිත් දොaෂය අධික වූ උෂ්ණාධික ශරීර තත්ත්වයන් ඇති අයගේ සම පැසවීම බහුල වන අතර එයට වා, සෙම්, දොaෂවල දායකත්වයෙන් සම වියළීම, ඉරිතැලීම හෝ කැසීම ආදී ලක්‍ෂණ මතුවේ.

ආහාර විහරණයන්

පරිභෝජනය කරන ආහාරවල ආම්ලික, ප්‍රභවයන් (බිලිං, ගොරකා, සියඹලා, තක්‌කාලි, අන්නාසි) ආදී විටමින් සී පදාර්ථ බහුල ආහාරවල ඇති ඇස්‌කොබීන් ඇසිඩ්, සිට්‌රික්‌ ඇසිඩ් බහුලත්වය හේතුවෙන් සහ උෂ්ණාධික ආහාර (දෙල්, කිරි අල, ඉස්‌සෝ, දැල්ලෝ, බල මාළු, කකුළුවෝ) අධිකව පරිභෝජනය නිසා කෙලින්ම රක්‌ත දොaෂ ඇතිවේ.

ඊට අමතරව රාත්‍රි නිදිවැරීම, දහවල නිදීම, තද අව්වේ ගමන්බිමන් යැම, කෑ පිට කෑම, විරුද්ධ ආහාර භෝජනය, මත්පැන් භාවිතය ආදී අහිතකර විහරණයන් (ක්‍රියාවන්) නිසා රක්‌ත දොaෂ හට ගැනීම.

ෆ ආහාර ජීර්ණ පද්ධතියේ දුර්වලතාවන්

ඇතැම් පුද්ගලයන්ගේ ආහාර ජීර්ණයේ පවතින දුර්වලතාවන් නිසා ගන්නා ආහාර ශරීරයට ගත හැකි අවසාන ඵල දක්‌වා භේදනය නොවී අවශෝෂණය වී (මෙය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ආමරසය හෙවත් අමු ආහාර රසය ලෙස දැක්‌වේ.) රක්‌තයට එකතු වීමෙන් නිරන්තරයෙන් රක්‌තය දූෂණය වේ.

මානසික හේතු මත

නිතර ඇති කරගන්නා වෛර, ක්‍රෝධ සිතුවිලි කනස්‌සල්ල නිතර කේන්ති ගැනීම, කාර්යබහුලත්වය නිසා ඇතිවන මානසික පීඩනය ආදී හේතූන් නිසා රක්‌ත දොaෂ හටගනී.

දිගු කලක්‌ දියවැඩියාව පැවතීම

දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන්ගේ රුධිරයට නිරතුරුවම විෂ කොටස්‌ එකතුවන්නේ එයද ආහාර ජීර්ණයේ විකෘතියක්‌ වන් බැවිනි. දීර්ඝකාලීනව දියවැඩියාවට ඉවක්‌ බවක්‌ නැතිව පෙති ගිලින්නන් එමගින් සමේ රෝග වැනි අතුරු ආබාධ ඇතිවන්නේ යෑයි නිතර මැසිවිලි නගති. දියවැඩියා රෝගීන් පෙළෙන අතුරු ආබාධ සුවකළ හැකිය) යන මාතෘකාව යටතේ ඉදිරියේදී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරේ.

ඉහත හේතු නිසා හටගන්නා වර්තමානයේ බහුල බෝ නොවන සමේ රෝග මොනවාද?

සමේ පළු දැමීම, ඇතැම් අයට විවිධ දැ ස්‌පර්ශ වී (ශාකවල බූව, දළඹුවන් ආදී වූ) නිසා විෂම වූ ආහාර වර්ග හෝ කෘමි දෂ්ඨන (මදුරුවන්, මකුනන්) නිසා සිරුර පුරා පළු දැමීම සහ ආසාත්මිකතාවයන් වලින් ආරම්භ වී ඇතැම් විට දරුණු පීඩාවන් ඇති කරවන අවස්‌ථා තිබේ.

ඇතැම් අයට කැසීම නිසා හෝ සවස්‌ කාලයේ දිය නෑම ඇඟපත සේදීම වැනි අවස්‌ථාවල පළු දැමීම ඇති වේ (කාන්තාවන් අතර මෙම තත්ත්වය බහුලය)

මදුරුවන් දෂ්ඨ කළ විට හෝ ඉබේටම තැන් තැන් වල ඇතිවන කුඩා බිබිලි විශේෂයෙන් කැසීම නිසා ඇතැමුන්ගේ තුවාල හට ගනී. ක්‍රමයෙන් වේගවත්ව මේවා පැතිරී යයි. ඇතැම් විට තෙත් වූ දිය වගුරයි. මෙවැනි පැතිරෙන සුළු තුවාල ශරීරයේ ඕනෑම තැනක හට ගත හැකිය.

ඊටත් වඩා ප්‍රබලව රක්‌ත දොaෂ ඇති අයට දෙපාවල දණහිස්‌වලින් පහළ ප්‍රදේශවල සම පුපුරා තෙත් දියර ගලන අධික කැසීම් සහිත වාත රක්‌ත අවස්‌ථාවන් මතුවේ. ඇතැම් විට මේවා පාද හෝ ඇඟිලි කරු ආශ්‍රිතව සන්ධිවල කැසීම්වලින් ආරම්භ වේ.

සමේ රෝගවල දරුණුම අවස්‌ථා වනුයේ විවිධාකාරයෙන් හටගන්නා කුෂ්ඨ රෝගයන්ය. මේවා බොහෝ විට පෙර භවවලදී කරන ලද අකුසල් කර්මයන්ගේ බලපෑම් මගින් ඇති වන පීඩාකාරී අවස්‌ථාවන් වේ.

ඒ ඒ පුද්ගලයන් ආවේණික වූ කර්මානුරූප හේතූන් අනුව එවැනි කුෂ්ඨ රෝගවල ව්‍යාප්තිය සිදුවී ස්‌ථානගත වන බැවින් ඖෂධ ප්‍රතිකාරයන්ට සමගාමීවම මෛත්‍රිසහගතව සිදුකළ හැකි ආසාත්මික පුණ්‍ය ක්‍රියාවන්ට යොමුවීම මෙවැනි අවස්‌ථාවලදී සිදුකළ යුතුවේ.

සමේ රෝග ඇතිවන බොහෝ අවස්‌ථාවලදී එම රෝගවලට සමගාමීව ඇති වන විවිධ වූ වෙනත් කායික රෝගද හටගනී. ඇදුම, පීනස, අර්ශස්‌ බඩ පුරවා දැමීම මළ බද්ධය, බඩගින්න අඩුවීම හෝ අධික බඩගින්න ආශ්‍රිත ජීර්ණ පද්ධතියේ දොaෂ (ගැස්‌ට්‍රයිටීස්&zwnj මේ අතුරින් ප්‍රධානත්වයක්‌ ගනී. හිසේ කැක්‌කුම, නින්ද නොයැම, අධික නිදිමත, අධික ලෙස කේන්ති යැම, ඇස්‌ කන් කැසීම, උගුරේ සෙම පැටලීම, සෙම් ගෙඩි, නිතර සෙම ඇවිස්‌සීම ආදී බොහෝ රෝග හා රෝග ලක්‍ෂණ අවස්‌ථානුකූලව ඒ ඒ පුද්ගලයන්ට ආවේනික ලෙස ප්‍රමුඛ වේ.

විමර්ශන ශීලීව ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව රීතීන්ට අනුව රෝග සුවපත් කිරීමේ නියෑළෙන්නන්ට එක විට එක රෝග තත්ත්වයක්‌ හෝ ලක්‍ෂණයක්‌ පිළිබඳ පමණක්‌ සලකා බැලීමෙන් තොරව ඉහත සියලු ලක්‍ෂණයන් හෝ රෝග තත්ත්වයන් පිළිබඳව පුළුල්ව සොයා බලා සැලසුම් සහගතව ප්‍රතිකාර කිරීමෙන් එවන් වූ සියලු රෝග නිට්‌ඨාවටම සුවකර ගැනීමට හැකියාව ඇත.

වත්මන් සමාජයේ බුද්ධිමත් විමර්ශනශීලී සියල්ලන්ම පාහේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳව තිරසාර විශ්වාසයක්‌ ගොඩනඟාගෙන තිබුණද මෙම වෛද්‍ය ක්‍රමයන්හිදී අමුද්‍රව්‍ය සොයා සකසා ගැනීමේ අපහසුතා බොහෝ දෙනෙක්‌ ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමට අකමැති වෙති. නමුත් අප සතු ප්‍රතිකාර ක්‍රම ඕනෑම කාර්යබහුල අයකුට ඉතා පහසුවෙන් ලබා ගත හැකි ලෙස සකසා ඇති බැවින් ඕනෑම රෝගියකුට ඉතා පහසුවෙන් ඖෂධ ලබාගෙන රෝග නිරෝග කර ගැනීමට හැකියාව පවතින බවද කිව යුතුමය.

ගයාන් සමරසිංහ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jun 2017 07:03 AM

පිත්තාශයේ ගල්වලින් පරෙස්‌සම් වෙමු

ප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළේ අශ්මරී රෝගය හෙවත් මුත්‍ර බොක්‌කේ හටගන්නා ගල් ගැනයි. අද අප ඔබෙන් විමසන්නට බලාපොරොත්තු වෙනවා පිත්තාශයේ හටගන්නා ගල් ගැන.

විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - පසුගිය සතියේ පළ වූ ලිපියේ මුත්‍ර බොක්‌කේ ගල් හටගැනීමට හේතු දෙකක්‌ පමණක්‌ කියෑවුණා. තවත් හේතු තුනක්‌ පමණක්‌ තිබෙනවා එනම්,

1. මුත්‍ර බොක්‌කේ ප්‍රදහ තත්ත්වයක්‌ හටගැනීමත් මුත්‍ර මාර්ගයේ ආසාදන හට ගැනීමත්, උකුල හා ආශ්‍රිත ප්‍රදේශවල රෝග තත්ත්වයක්‌ සම්බන්ධයෙන් විකිරණ ප්‍රතිකාර කළ විටත් මුත්‍ර බොක්‌කේ ගල් හට ගන්නවා.

2. සමහර අවස්‌ථාවල මුත්‍ර අඩස්‌සි තත්ත්වයක්‌ හට ගත් විට මුත්‍ර ඉවත් කිරීම සඳහා මුත්‍ර වාහිනිය හරහා මුත්‍ර බොක්‌කට කැතීටර හෝ කුඩා නළ ඇතුළු කිරීමට සිදු වෙනවා. මෙය නොවැළැක්‌විය හැකි තත්ත්වයක්‌. මොකද සමහර අවස්‌ථා තිබෙනවා මුත්‍රා අඩස්‌සියක්‌ හටගත් විට මුත්‍ර මාර්ගය තුළ දිගින් දිගටම මුත්‍ර එකතුවීමට පටන් ගත්තොත් එමගින් දරුණු ආසාදන හටගෙන වකුගඩු විනාශ වීම පවා සිදුවෙනවා. එවැනි විටෙක කැතීටර යොදා මුත්‍ර ඉවත් කළ යුතුමයි. එහෙත් ආසාදන කාලයේදී මේ මගින් මුත්‍රා ගල් ඇති වෙනවා. ඒ වගේම සමහර උපත් පාලන උපකරණ හෝ Urinary stent තැන්පත් කළාමත් මුත්‍ර ගල් හට ගන්නවා.

3. වකුගඩු ගල්වලිනුත් මුත්‍ර බොක්‌කේ ගල් ඇතිවිය හැකියි. වකුගඩුවල හටගන්නා ගල් සහ මුත්‍ර බොක්‌කේ හටගන්නා ගල් අතර වෙනසක්‌ තිබෙනවා. සමහර අවස්‌ථා තිබෙනවා කුඩා වකුගඩු ගල් මුත්‍ර බොක්‌ක දක්‌වා පහළට රූටාගෙන විත් මුත්‍ර බොක්‌ක තුළ රැඳෙනවා. ඒවා පසුව විශාල හා හානිකර ගල්වල තත්ත්වයට පත් වෙනවා.

අවසාන වශයෙන් මා කිව යුතුයි මුත්‍ර බොක්‌කේ හටගන්නා ගල්වලින් කුමක්‌ සිදුවනවාද කියන එක. එනම්

1. මුත්‍ර පහකරන විට අධික වේදනාවක්‌ දැනීම මුත්‍ර බොක්‌ක තුවාල වීම, එයට අමතරව නිතර නිතර මුත්‍ර පහ කරන්නට සිදුවීම.

2. මුත්‍ර ගල් නිසා මුත්‍ර බොක්‌ක තුළ බැක්‌ටීරියා ආසාදන හට ගැනීම.

ò ò ò ò ò ò

පිත්තාශයේ ගල් ගැන මෙතැන් සිට පහදා දෙන්නම්. මෙහිදී මුලින්ම කළ යුත්තේ පිත්තාශය හඳුනා ගැනීමයි. පිත්තාශය මගින් සිදු වන්නේ අක්‌මාව මගින් නිපදවන පිත (Bile) ගබඩා කර තැබීමයි. ඉන් පසු අවශ්‍ය වෙලාවට කුඩා බඩවැලට පිත (Bile) සැපයීම සිදුÊකෙරෙන්නේ මේ පිත්තාශය මගිනුයි. පිත්තාශය නැතිව ජීවත් වීමට පුළුවන්. පිත්තාශය ඉවත් කිරීමට සැත්කමක්‌ පවා තිබෙනවා.

එහෙත් ආයුර්වේදය මගින් කොයි වෙලාවකවත් කියන්නෙ නැහැ ශරීරයේ කොටස්‌ කපල ඉවත් කළ යුතුයි කියලා. ආයුර්වේදය උත්සාහ කරන්නේ සියලු ශරීරාංග ආරක්‍ෂා කරගෙන, ඒවා රෝගී නම් කළමනාකරණය කරගෙන ගමන යන්නයි.

ප්‍රශ්නය - පිත්තාශයේ ප්‍රශ්නයක්‌ තිබෙනවා නම්, රෝග තත්ත්වයන් වර්ධනය වේගෙන එනවා නම් ඇතිවන රෝග ලක්‍ෂණ මොනවාද?

විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - රෝග ලක්‍ෂණ රැසක්‌ම තිබෙන අතර ඒවා එකින් එක මෙසේය.

1. උදරයේ දරුණු වේදනාවක්‌ හටගැනීම.

2. එසේ හටගන්නා වේදනාව දකුණ උරහිස්‌පත දක්‌වා වර්ධනය වීම.

3. තෙල් සහිත ආහාරයක්‌ අනුභව කළ විට ඉහත සඳහන් වේදනාකාරී තත්ත්වය ඉතා නරක ලෙස වර්ධනය වීම.

4. එම වේදනාව නිතරම මස්‌ පෙරළන තියුණු ගතියකින් යුක්‌ත වීම.

5. ගැඹුරින් හුස්‌ම ගන්නා විට වේදනාව වැඩි වීම.

6. පපුවේ වේදනාව

7. පපුවේ දැවිල්ල, ආහාර නොදිරවීම සහ ගැස්‌ට්‍රයිටිස්‌ තත්ත්වයක්‌ වර්ධනය වීම.

8. බඩ පුරවා දැමීම.

9. වමනය, ඔක්‌කාරය සහ උණ හට ගැනීම.

10. හදිසියේම සීතලක්‌ හටගෙන වෙව්ලීම.

11. කහ උණ තත්ත්වයක්‌ හට ගෙන ශරීරයේ සම සහ ඇස්‌ කහ පැහැ ගැනීම.

12. මැටි වර්ණය සහිත මළ පිටවීම.

ලබන සතියේ තව කොටසක්‌

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jun 2017 07:07 AM

දියවැඩියාව කහඋණ සුව කරන්නත්
පතෝල කසායට පුළුවන්


ප්‍රශ්නය - පසුගිය සතියේ අප ඔබ සමඟ සාකච්ඡා කළේ ඩෙංගු රෝගය සඳහා ගුණ දෙන පතෝල පස්‌ පංගුවේ කසාය ගැනයි. අද අප ඔබෙන් අහන්නේ පතෝල සාරය උණට එරෙහිව ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන එක ගැනයි.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - සමහර විට උණ හැදුනාම ශරීරයේ පිත කෝප වෙනවා. තව සමහර විට පිත කෝප වුණාම උණ හට ගන්නවා. මේ තත්ත්ව දෙකම සමනය කරන්නට පතෝල යුෂවලට පුළුවන්. පතෝල යුෂවලට මී පැණි ටිකක්‌ එකතු කර උණ රෝගියාට දුන්නොත් ක්‍රියාකාරීත්වය ඉක්‌මන් වෙනවා. ඒකට හේතුව මීපැණිවල තිබෙන ස්‌වභාවික ග්ලූකෝස්‌. ග්ලූකෝස්‌ ක්‍ෂණිකව රුධිරයට උරා ගන්නවා. ඒ අනුව මී පැණි සහ පතෝල යුෂ එකතු වුණාම ක්‍ෂණිකව ශරීරයට උරා ගන්නවා. දැන් ඔබ අහනවා පතෝල යුෂ ඩෙංගු සමඟ සටන් කරන්නේ කොහොමද කියලා. ඩෙංගු කියන්නේ වෛරසයක්‌. මේ වෛරසය හඳුනාගෙන එය විනාශ කිරීම සඳහා ශරීරයේ ප්‍රතිශක්‌තිකරණය වර්ධනය කරන්නට පතෝල යුෂවලට පුළුවන්. ඩෙංගු වගේම මැලේරියාවටත් පතෝල ගහේ පස්‌ පංගුව හොඳයි.

ප්‍රශ්නය - මීට අමතරව පතෝල ශාකය මගින් සුව කළ හැකි වෙනත් රෝග තිබෙනවාද?

වෛද්‍ය වික්‍රමාරච්චි - ඔව්. එයින් පළමුවැන්න තමයි දියවැඩියාව. චීනයේ තිබෙනවා එරටට ආවේණික ප්‍රතිකාර ක්‍රමයක්‌. මෙය ඉතාමත් ශක්‌තිමත්. මේ ප්‍රතිකාරයේ ප්‍රධාන අමුද්‍රව්‍යයක්‌ වන්නේ පතෝල ගහේ පස්‌ පංගුවයි. පතෝල ප්‍රතිකාරය මගින් මුලින්ම කරන්නේ දියවැඩියාව මගින් සිරුරට වන හානිය සමනය කිරීමයි. ඉන් පසු එය ක්‍රමයෙන් රෝගය සුව කරන තැනට ගෙන එන්නට පුළුවන්. දියවැඩියාව සුවපත් කරනවා කියන්නේ ශරීරයේ හටගෙන ඇති ඉන්සියුලින් හිඟය මඟහරවා එම ඉන්සියුලින් නිෂ්පාදනය කරන තත්ත්වයට අග්න්‍යාසය පත් කිරීමයි. Type II වර්ගයේ දියවැඩියාව පාලනය කර තුරන් කිරීමට පතෝල ගසේ පස්‌ පංගුවට ඉතා ඉක්‌මනින් පුළුවන්. පතෝල කියන්නේ කැලරි අඩුවෙන් තිබෙන එළවළුවක්‌. ඒ නිසා දියවැඩියා රෝගීන්ගේ බර අඩු කරන්නට මෙය මූලික වෙනවා.

ඊළඟට අපි ගනිමු හෘදයාබාධය. හෘදයේ ඇතිවන වේදනාව සහ ආතතිමය තත්ත්වය නැති කිරීමටත් හෘද ස්‌පන්දනය ක්‍රමවත් කිරීමටත් පතෝලවලට පුළුවන්. පතෝල යුෂ වලට පුළුවන් රුධිර සංසරණය ක්‍රමවත් කරන්න. ජලය මිශ්‍ර නොකළ පතෝල යුෂ කෝප්ප දෙක බැගින් එක දිගට මාස දෙකක්‌ පානය කරන්න. ඊළඟට ECG පරීක්‍ෂණ කරන්න. ඔබේ හෘද ස්‌පන්දන රිද්මය කොතරම් ක්‍රමවත් වෙලාද යන්න තේරුම් ගන්න. එවිට ඔබට පුළුවන්.

කහ උණ රෝගයටත් පතෝල යුෂ ඉතා සුදුසුයි. පතෝල කොළ ග්‍රෑම් 60 ක්‌ කොත්තමල්ලි ඇට ග්‍රෑම් 10 ක්‌ සමඟ කලවම් කර හොඳින් කොටා හෝ බ්ලෙන්ඩර් කර එයට වතුර කෝප්පයක්‌ දමා දිනකට එවැනි කෝප්ප තුනක්‌ බැගින් පානය කළාම කහ උණ සමනය වනවා.

ශරීරයේ වස විස සෝදා හරින තියුණු ශෝධකයක්‌ ලෙසත් පතෝල යුෂ යොදා ගන්න පුළුවන්. වතුර මිශ්‍ර නොකළ පතෝල යුෂ තේ හැඳි 2 බැගින් හැමදාම උදේට හිස්‌බඩ පානය කරන්න. එවිට මළ බද්ධය සුව වෙනවා. එසේම ලේ පිරිසිදු වීමත් වෙනවා.

පතෝල යුෂ කෝප්ප භාගයක්‌ ගෙන හිසට දමා හොඳින් සම්භාහනය කළ විට ඉස්‌හොරි හට ගැනීම පාලනය වනවා. Alopecia ලෙස හඳුන්වන හිසකෙස්‌ යැමේ රෝගයටත් මෙය ඉතාම සුදුසුයි. Alopecia Aeata ලෙස හැඳින්වෙන හිසේ එක්‌ තැනක කෙස්‌ වැටීමේ රෝගයේදී ආසාදිත ස්‌ථානයේ පතෝල යුෂ තවරා එතැන පමණක්‌ සම්භාහනය කළ යුතුයි.

නොමිලේ විස්‌තර සඳහා
0713464276/ 0759061771
අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jun 2017 07:09 AM

තොටිල - සුදුලූනු - පාවට්‌ටා - සාරණ - අරත්ත - දේවදාර - ආත්‍රයිටිස්‌ රෝගයට අත්දුටුවයි සත්‍යයයි

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගීන්ට ගැළපෙන ආහාර සුදුසු කසාය, ගෙදරදීම හඳුනාගත හැකි ආලේප වර්ග ගැන පසුගිය මාස කිහිපය තුළ මේ පිටුව මගින් ඔබ දැන් පාඨකයන් දැන්වත් කළා. ඒ අතර පසුගිය දවසක බටහිර වෛද්‍යවරයෙක්‌ අපෙන් ඇහුවා ලෙඩ රෝගවලට ආයුර්වේදය ඔය කියන තරම් ගුණ දෙන්නේ කොහොමද කියලා. මුලින්ම මේ පැනයට ඔබෙන් පිළිතුරක්‌ බලාපොරොත්තු වෙනවා.

වෛද්‍ය වසන්ත උදයජීව - ඔබ රාවණා පුවත විශ්වාස කරනවා නම් ආයුර්වේදය ශ්‍රී ලංකාවට අයත් වෛද්‍ය ක්‍රමයක්‌ බව විශ්වාස කරන්න වෙනවා. මන්ද යත් ආයුර්වේදය කියන්නේ රාවණ රඡ්ජුරුවන්ගේ පරම්පරාවේ ඖෂධ ක්‍රමය බවට පිළිගැනීමක්‌ තිබෙන නිසා. කොහොම වුණත් ආයුර්වේදය දියුණු වූයේ ඉන්දියාවේදී. වසර හය හත්දහසක සිට ආයුර්වේද ඖෂධ ඉන්දියාවේ රෝගීන්ට දීමෙන් ම පර්යේෂණයට ලක්‌කෙරුණා. ඇත්තටම ආයුර්වේදය කියන්නේ ඖෂධ, ආහාර මගින් දෙන පෝෂණය, ව්‍යායාම, භාවනාව යන ක්‍රියාකාරකම් සියල්ලෙහිම එකතුවක්‌. මේ සියල්ලම යොදමින් ප්‍රතිකාර කළ යුතු රෝග තිබෙනවා. ඒ වගේම මේවායින් කොටසක්‌ ගෙන ප්‍රතිකාර කරන රෝග තිබෙනවා. උදාහරණයක්‌ ලෙස ආත්‍රයිටිස්‌ රෝගයට ඖෂධ සහ ආහාර යන කොටස්‌දෙක පමණක්‌ ප්‍රමාණවත්. බටහිර වෛද්‍ය විද්‍යාවේ මතය අනුව ආත්‍රයිටිස්‌ හැදෙන්නේ ආතතිය සහ සන්ධි ගෙවී යැම යන කරුණු නිසයි. ඒවගේම කිසියම් ආසාදනයන්, ස්‌ථුලභාවය, බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙය සුව කළ නොහැකි, කළමනාකරණය කළ හැකි රෝගයක්‌. රෝග ලක්‍ෂණ අඩු කළ හැකි, එහෙත් නැති කළ නොහැකි රෝගයක්‌. එහෙත් ආයුර්වේදයට අනුව මෙය සුවපත් කළ හැකි රෝගයක්‌. ආයුර්වේදය මගින් රෝගියාට මෙන්ම රෝගයටත් ප්‍රතිකාර කරනවා. ආයුර්වේදයට අනුව ඔස්‌ටියොආත්‍රයිටිස්‌ වැනි රෝගයක්‌ ගත්තොත් එය වැළඳෙන්නේ සන්ධිවලට අවශ්‍ය පෝෂණ කොටස්‌ නොලැබී යැමෙන් එම සන්ධි ක්‍ෂය වීම නිසයි. ආයුර්වේදයේදී එකම රෝගය තිබෙන රෝගියාගෙන් රෝගියාට කරන ප්‍රතිකාර වෙනස්‌.

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගීන් වෙනුවෙන් ඔබ අද අපට දෙන කසාය කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - තොටිල පොතු, සුදුලූනු, පාවට්‌ටා මුල්, අරත්ත අල, සාරණ මුල්, දේවදාර කලං 2 බැගින් ගෙන වතුර කෝප්ප 8 කට දමා, කෝප්ප 1 ට සිඳ දවසට දෙවරක්‌ කොප්ප භාගය බැගින් දින 6 ක්‌ පානය කළ යුතුය. මෙහිදී දින 6 ට කසාය හැලි 6 ක්‌ තම්බාගත යුතුයි. මළ බද්ධය ඇති රෝගියා මේ කසායට එඬරු තෙල් බින්දු කිහිපයක්‌ එක්‌ කළ යුතුයි. එසේ නොවන අය මී පැණි බින්දු කිහිපයක්‌ එක්‌ කළ යුතුයි. වෛද්‍යවරයකුගේ අනුදැනුම මත මේ කසාය බොනවා නම් වඩාත් හොඳයි.

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 19 of 137 << < 1718192021 > >>