Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 20 of 137 << < 1819202122 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 10 Jun 2017 07:14 AM ඔසප් තත්ත්වය ලෙඩක් වුණොත් ප්‍රශ්නය - පසුගිය සතියේදී අප සාකච්ඡා කළා ඔසප් රුධිරයේ පැහැය සහ පිටවන රුධිර ප්‍රමාණය ගැන. එසේම දින 7 කට වැඩි කලක් රුධිරය පිට වනවා නම් හෝ රුධිරය විශාල ප්‍රමාණවලින් පිට වනවානම් එය රෝග තත්ත්වයක් බවත් සඳහන් කළා. අද අප කතා කරන්නේ එම තත්ත්වය ගැනයි. වෛද්‍ය කෞමදි කරුණාගොඩ - නිරෝගී ආර්තවයත් එහෙමත් නැතිනම් ඔසප් වීමක් හඳුනා ගැනීම ඉතා වැදගත්. එයට අදාළ මූලික කරුණු පසුගිය ලිපිය මගින් අප සාකච්ඡා කළා. සමහර කාන්තාවන් ඔසප් වේදනාව ගැන නිරන්තරයෙන් කතා කරනවා. කිසිදු වේදනාවක් නැති ඔසප් වීමක් බලාපොරොත්තු වන්න බැරි බව හැම කාන්තාවක් ම මතක තබා ගත යුතුයි. ස්‌වභාවික ඔසප් වීමකදී යම් හෝ ප්‍රමාණයක වේදනාවක් ඇති වීම වළක්‌වන්න බැහැ. ප්‍රශ්නය - ඔසප් වීමේදී වේදනාවක් හට ගන්නේ ඇයි? වෛද්‍ය කෞමදි කරුණාගොඩ - ඔසප් වීමේදී ගර්භාෂයේ චලන ඇති වෙනවා. ඒ ගර්භාෂය තුළ වර්ධනය වූ රුධිරය යෝනි මාර්ගයෙන් පිට කිරීම සඳහායි. ඒ වේදනාව දරාගැනීමට හැකි නම්, එය එදිනෙදා ජීවිතයේ කටයුතුවලට බාධාවක් නොවන වේදනාවක් නම්, අප එම වේදනාවට අදාළ ඔසප් වීම සලකන්නේ සාමාන්‍ය ඔසප් වීමක් හැටියටයි. මෙහිදී ආර්තවය නමැති විෂය ප්‍රධාන කොටස් තුනක වෙන් කළ හැකියි. එනම් (1) ආර්තවයේ වේදනාත්මක අවස්‌ථාව (2) ආර්තවය වැඩිපුර පිටවන අවස්‌ථාව (3) ආර්තවය පිටවීම අඩු වීම හෝ කල් ගතවන අවස්‌ථාව. (1) ආර්තවයේ වේදනාත්මක අවස්‌ථාව - මෙය තරුණ ගැහැනු දරුවන් බොහෝ දෙනකුට තිබෙන ප්‍රශ්නයක්. සියයට පනහකට වැඩි කාන්තාවන් ප්‍රමාණයකට මේ ගැටලුව තිබෙනවා. මෙය රෝගයක් විදියට ගන්න වෙලාවලුත් තිබෙනවා. එසේම වෙනත් රෝග ලක්‍ෂණයක් හැටියට ගන්න අවස්‌ථාත් තිබෙනවා. අවිවාහක තරුණියකට, පාසල් යන නව යොවුන් දියණියකට ඉමහත් වේදනාවක් ඇති වෙනවා නම් එය සහේතුක වේදනාවක් නොවේනම් එම වේදනාව රෝග අවස්‌ථාවක් හැටියට ගනු ලබනවා. සමහර කාන්තාවන්ට උදරය ආශ්‍රිත ගෙඩි හැදෙනවා. ගර්භාෂයේ බිත්ති ඝන වෙනවා. එවිට වේදනාත්මක ලකුණු හට ගන්නවා. මේ අතර ඇතැම් රෝග තිබෙනවා ඒවායේ රෝග ලක්‍ෂණය වන්නේ ආර්තව වේදනාව. හරියටම උණ වගේ. උණ කියන්නේ රෝගයක් නොව රෝග ලක්‍ෂණයක් බව කවුරුත් දන්නවා. ශරීරය තුළ ආසාදනයක් ඇතිවුණාම උණ රෝගය හට ගන්නවා. උණට බෙහෙත් ගන්න ගියාම ආසාදනයට බෙහෙත් දෙනවා. අවුරුදු 18 - 25 අතර අවිවාහක තරුණියන්ට යටි බඩ ආශ්‍රිතව තීව්‍ර වේදනා හට ගන්නවා. මෙය උපරිම පැය 48 යි තියෙන්නේ. මෙතැනදී වේදනා නාශකවලින් වේදනාව යටපත් කරන්න පුළුවන්. එහෙම හිතලා ඊට අදාළ රෝගය යටපත් වන්නේ නැහැ. වේදනා නාශක දීර්ඝ කාලීනව භාවිත කළොත් අම්ල පිත්තය හට ගන්නවා. වකුගඩු රෝගී වෙන්න බලනවා. ඉහත සඳහන් වේදනාත්මක රෝග තත්ත්වයට සති තුනක වැනි ප්‍රතිකාර ගැනීම ප්‍රමාණවත්. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Jun 2017 03:36 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Jun 2017 03:38 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Jun 2017 03:41 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 RosiSuper Senior MemberPosts:5335 11 Jun 2017 04:18 AM බොහොම හොද ලිපි දෙකක් ..ස්තුති චාමර මල්ලි . 0 indika76Most Senior MemberPosts:10449 11 Jun 2017 06:51 AM ස්ට්‍රෝබෙරි දියවැඩියාවට ගුණ වුවත් පර්ස් එකට අගුණයි මල්ලී... 0 DushanVeteran MemberPosts:2536 11 Jun 2017 08:23 AM ගොඩක් වැදගත් ලිපියක් 0 chamaramindMost Senior MemberPosts:13471 11 Jun 2017 06:10 PM දිව ඔසුවක් වන් දෙළුම් තරුණ බව රැකදෙනවා පුරාණ මුතුන් මිත්තන්ගේ කාලයේ සිට රුව ගුණ වඩන දිව්‍යමය ඖෂධ ගුණයකින් යුතු දෙළුම් දැන් දැන් මිනිසුන්ගේ අවධානයට වැඩි වශයෙන් යොමු වී ඇත. සාර්ථක මෙන්ම ඉහළ ප්‍රතිඵල ගෙනෙන පලතුරක් වන දෙළුම් තුළ විශේෂිත වු ගුණ සමුදායක් පවතී. ශරීරයට අවශ්‍ය, ප්‍රොටීන්, අයන්, සින්ක්, මැග්නීසියම් මෙන්ම විටමින් සී. කේ. බී. හා තවත් පෝෂ්‍ය පදාර්ථ ගණනාවකින් අනූන වූ දෙළුම් වල ඖෂධීය ගුණයෙන් ඇති ප්‍රයෝජන අතර පිළිකා සෛල විනාශ කරයි ඇස් පෙනීම වැඩි කරයි මතක ශක්‌තිය වර්ධනය කරයි ඇදුම රෝගයට ගුණදායකයි හෘද රෝග වලට ගුණදායකයි තරුණ බව රැක ගනියි යන කාරණා ප්‍රධානය දෙළුම් ගසේ සියලු කොටස් ඖෂධ ගුණයෙන් යුක්‌ත වීම තවත් මෙහි විශේෂත්වයට හේතුවකි. එහිදී ඔබට පහත ආකාරයට දෙළුම් භාවිත කිරීමේ හැකියාව පවතී. උෂ්ණය හේතුවෙන් ඇස් රතු වීම, ඇස් කැසීම වැනි අවස්‌ථාවන් හිදී දෙළුම් කොළ තැම්බු වතුරින් ඇස් සෝදන්න. නාසයෙන් ලේ යන විට දෙළුම් යුෂ බිංදු 5 ක් නාසයට දමන්න (ඇතුළට නොවේ නාසය මුලට) ඉතාම පිරිසිදුව කළ යුතුය. කෑම අරුචිය ඇති අවස්‌ථාවක ඉදුණු දෙළුම් යුෂ සහිඳ ලුණු ස්‌වල්පයක් හා මී පැණි සමඟ මිශ්‍ර කර ටික ටික බීමට ගන්න. මුඛයේ ආසාදන වලට දෙළුම් ගසේ පොතු තැම්බූ වතුරෙන් කට සෝදන්න නැතිනම් දෙළුම් යුෂ බීමට ගන්න. මෙවැනි බොහෝ ශරීර රෝගාබාධ මෙන්ම අපහසුතා මගහරවා ගැනීමේ හැකියාවක් මෙම පලතුරට ඇත. වර්තමානයේ කෙසේ වුවද අතීතයේ සෑම නිවසකම තිබූ දිව්‍යමය ඖෂධයක් ලෙස දෙළුම් හඳුනාගත හැකිය. දෙළුම්වලට ඇති විශේෂ හැකියාවක් වන හදවත ශක්‌තිමත් කිරීමේ හැකියාව පිළිබඳ ආයුර්වේද වෛද්‍යවරුන් පවා පෙන්වා දී ඇත. අනර්ඝ ලෙස ශරීරයේ රෝග සුව කරන තරුණ බව රකින වස විසෙන් තොර දෙළුම් කාන්තාවන්ට පමණක් නොව පිරිමි පාර්ශවය සඳහාද ප්‍රතිඵල ගෙන දෙන පලතුරක් මෙන්ම දිව්‍ය ඖෂධයකි. රසාංගනී හේරත් අන්තර්ජාලය ඇසුරින් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Jun 2017 06:12 PM නිවැරැදිව හඳුනාගෙන ප්‍රතිකාර කළයුතු අම්ලපිත්ත රෝගය අම්ලපිත්තය හෙවත් ගැස්‌ට්‍රයිටීස් රෝගයෙන් පීඩා විඳින පිරිස දිනෙන් දින ඉහළ යන්නට පටන් ගෙන ඇත. අප ගනු ලබන ආහාරපාන මෙන්ම ශරීරයේ පවතින රෝග තත්ත්වයන් නිසාද මෙම රෝගය මතුවීමට බලපායි. එබැවින් අම්ලපිත්ත රෝගය ගැන අපි නිවැරැදි අවබෝධයක් ලබාගනිමු. වෛද්‍යතුමියනි අම්ලපිත්ත රෝගය මතුවීමට බලපාන හේතු මොනවාද? අප ගනු ලබන ආහාර දිරවන්නේ ශරීරයෙන් නිපදවන අග්නිය මගිනි. එය අම්ල තත්ත්වයට පත්වීම නිසා ආහාර දිරවීම අපහසු වේ. අම්ලපිත්තයේ දොaෂය පිතයි. වා සෙම් දෙකද පිත ප්‍රධානකොට ක්‍රියා කරයි. අම්ලපිත්ත රෝගයේදී ආමාෂයේ අම්ල බව වැඩිවීම නිසා ආහාර පල්වේ. එවිට ඇඹුල් රසට උගුරට එයි. ඇඹුල් රස නැතත් නිතර ආහාර උගුරට ඒම පවතියි. උගුරේ හා පපුවේ දැවිල්ල, බඩ පුරවා දැමීම, හිස කැක්‌කුම, ඇඟපත දැවිල්ල, හෘදය ප්‍රදේශයේ දැවිල්ල හා වේදනාව, ද්‍රවමළ පිටවීම, මළබද්ධය, මළ පිටවන විට දැවිල්ල ආදී අපහසුතා හටගනී. මෙවැනි රෝගීන් තමාට පිළිකාවක් හෝ හෘද රෝගයක් ඇතැයි සිතමින් ජීවිත කාලය පුරාම බියෙන් පසුවේ. අම්ලපිත්ත රෝගයේදී වාතය සහ සෙම ප්‍රධානවන නිසා මතුව ඇති රෝග තත්ත්වය අනුව රෝගියාට මතුවන අපහසුතා ද විවිධය. එනිසා ඇතැම් වෛද්‍යවරුන්ට මෙය නිසි ලෙස තේරුම් ගැනීමට නොහැකි වේ. එවිට රෝගියාට නිසි ප්‍රතිකාර නොලැබීම නිසා වෛද්‍යවරුන් මාරු කරමින් නොයෙක් ප්‍රතිකාර සඳහා ගමන් කරයි. ඉන් සිදුවන්නේ රෝගය සුවවනු වෙනුවට රෝගය උත්සන්න වීමයි. මෙවැනි අවස්‌ථාවලදී රෝගියා මානසිකවද බිඳවැටෙන නිසා මෙම මානසික හේතුද රෝගය උත්සන්න වීමට බලපායි. ඌර්ධවගත අම්ලපිත්තය මෙම තත්ත්වය මතුවන්නේ සෙම් දොaෂය අධික විටදීය. එවිට ආහාර ගැනීමේ අකමැත්ත ඇතිවේ. බඩගින්න තිබුණත් ආහාර ගැනීමට අකමැතිය. සමහර අයට නිතර ආහාර ගත්තත් බඩගිනි බව ඇතිවේ. මෙවැනි රෝගීන්ට කොළ, කහ, නිල්, කළු පාටට වමනය ඇතිවේ. පිටතින් තරමක් රතුපාට, ඇතුළතින් ලේ පාටවේ. මස් සේදූ වතුර මෙන් කළුපාට හා රතු පාටවේ. ලුණු තිත්ත රස ඇතිවේ. ආහාර ගෙන එය පැසුණු පසුද නැතහොත් ආහාර ගතයුතු වේලාවේදී ආහාර නොගැනීමෙන්ද ඇඹුල් වමනය මතුවේ. උගුර, පපුව, බඩ යන තැන් දැවිල්ල හටගනී. අධික හිසරදය ඇතිවේ. සෙම හා පිත ඇති අම්ලපිත්තය සෙම හා පිත ඇති අම්ලපිත්ත අවස්‌ථාවේදී අත්පා දැවිල්ල, නිතර බඩගින්න, කෑම ගැනීමට තදබල ලෙස අකමැත්ත, උණ, සිරුර පුරා පැල්ලම් හට ගැනීම, මුළු ශරීරයම තදවීම, බිබිලි හටගැනීම වැනි රෝග ගණනාවක් මතුවේ. මෙවැනි රෝගීන්ට හිරු රශ්මියේ වැඩි වේලාවක් ගමන් කිරීමට නොහැකිය. උෂ්ණයෙන් පිත වැඩිවේ. ඒ නිසා රෝගියාගේ ලේ රත්වීම නිසා අප්‍රාණිකත්වය ඇතිවේ. අධෝගත අම්ලපිත්තය අධෝගත අම්ලපිත්තයේදී පිපාසය, දැවිල්ල, කරකැවිල්ල, ඔක්‌කාරය, ශරීරයේ සියලු තැන් පළු හට ගැනීම, බඩගින්න නැතිකම, දහදිය ගැලීම, ඇඟපත කහපාට වීම ආදිය සිදුවේ. වාතාධික අම්ලපිත්තය වාතාධික අම්ලපිත්තයේදී නන්දෙඩවීම, මුර්ජාව පුපුරුගසන්නාක් බඳු වේදනාව, ඇඟපත පණ නැතිවීම ආදිය ඇතිවේ. සෙම් සහිත අම්ලපිත්තය සෙම් සහිත අම්ලපිත්තයේදී සෙම කෑරීම, සෙම බේරීම, සිරුරේ බර බව, නොරිස්‌සීම, ඇඟපත දුර්වලවීම, වමනය, මුඛයේ සෙම නිතර තිබීම, බඩගිනි අඩුකම, කැසිල්ල, නිදිමත යන අපහසුතා මතුවේ. අම්ලපිත්ත රෝගීන්ට නුසුදුසු ආහාර අම්ලපිත්ත රෝගයේ ප්‍රධාන දොaෂය පිත බැවින් විනාකිරි අඩංගු ද්‍රව්‍ය, ඉස්‌සෝ, දැල්ලෝ, අධික අම්ල වර්ග, මත්පැන්, අධික මිරිස් සැර අඩංගු ආහාර, ක්‌ෂණික ආහාර වර්ග, බීම වර්ග ආදී ද්‍රව්‍ය නොගත යුතුය. නිසි ප්‍රතිකාර නොලැබුන විට අම්ලපිත්ත රෝගයේදී ගනු ලබන ආහාර ද්‍රව්‍ය නිසි පරිදි ජීර්ණය නොවීම නිසා ශරීරයේ ලේ හිඟකම ඇතිවේ. එබැවින් ඇස් පෙනීම දුර්වලකම, හිසකෙස් අකලට වැටීම, සම රැළිවැටීම, නිතර ක්‌ලාන්තය, කරකැවිල්ල ඇතිවේ. ආමාශයේ තුවාල හට ගනී. එම තුවාල සඳහා නිසි ප්‍රතිකාර නොලැබීමෙන් කලක් ගත වන විට පිළිකා තත්ත්ව හටගත හැකිය. අම්ලපිත්ත රෝගය ගැන වැඩිදුර තොරතුරු ලබා ගැනීමට දුරකථන අංක 077-0181010 ඇමතිය හැකිය. වෛද්‍යාචාරිනී ඩී. හේවගේ හේවගේ ආයුර්වේද බෙහෙත් ශාලාව, පාදුක්‌ක. සංස්‌කරණය උපාලි ද සේරම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Ind007kaMost Senior MemberPosts:12931 11 Jun 2017 06:13 PM අද වෙනකොට දෙලුම් ඉතා මිල අදික පලතුරක් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 11 Jun 2017 06:14 PM කාන්තාවන්ට මතුවන පිළිකා මුල් අවස්‌ථාවේදී හඳුනාගැනීම පිළිකා රෝගය පිළිබඳව අප තුළ ඇත්තේ අසීමිත බියකි. ඊට හේතු වී ඇත්තේ එම රෝගය නිසා අකාලයේ මිය යැමේ අවදානමක් ඇතැයි කියා සිතීමය. වෛද්‍යතුමනි, නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව පිළිකාවක් ඇතිවීමට බලපාන හේතු මොනවාද? අප ඕනෑම කෙනෙකුගේ සිරුරේ පිළිකාවක් ඇති වීම සඳහා බලපාන සෛල මතුවිය හැකියි. ඒ සම්බන්ධව සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත්තේ මෙලෙසිනි. ගර්භ ඉJද්‍රිය භාගා දාරකා වලිකාය සෛල වර්ධන භාගා මාතෘ කුස රෝග පීඩා උත්පත්ති හේතුං දරුවකු මව් කුස පිළිසිඳ ගත් විට එම මවට මතුවන රෝග පීඩා අනුව දරුවාගේ ශරීරයේ පිළිකා සෛල මතුවිය හැකි බවය. එනිසා කාන්තාවක් මව් පදවිය බලාපොරොත්තු වන විට ඉතා සන්සුන් මනසකින් යුක්‌තව දිවි ගෙවිය යුතුය. එසේ නොවුණහොත් ඇයගේ නොසන්සුන්ව ඇති මනස නිසා හෝමෝන ක්‍රියාකාරීත්වය විකෘතිවේ. ස්‌නායු දුර්වල වේ. එවිට කුස තුළ වර්ධනය වන දරුවා තුළ පිළිකා ඇති කිරීමට බලපාන සෛල වර්ධනය වේ. ගැබිනි සමයේ මවක් නොසන්සුන් මනසින් යුක්‌තව කටයුතු කරන විට ඇයගේ කෝපාකාර නාඩිය, පලිගන්නා නාඩිය, ගැස්‌සන නාඩිය. තිගැස්‌සෙන නාඩිය, කලබල නාඩිය, කණස්‌සලු නාඩිය ක්‍රියාත්මක වේ. මෙම විකෘතිතා නිසා උපදින දරුවා තුළ පිළිකා සෛල මතුවිය හැකියි. අප ගැහැනු දරුවකු පිළිබඳව අවධානය යොමු කළහොත් එම දරුවාගේ පියයුරු, යෝනි මාර්ගයේ, ආමාශයේ පිළිකා සෛල මතුව තිබිය හැකියි. නමුත් මෙම පිළිකා සෛල මතු වූ පමණින් උපත ලැබූ දරුවා තුළින් පිළිකාවට අදාළ රෝග ලක්‍ෂණ මතු නොවේ. ඇතැම් විට එම සෛල ක්‍රියාකාරී වීම තරුණ වියේදී සිදු වේ. තවත් විටෙක මැදිවියේදී එම සෛල ක්‍රියාකාරී වේ. වෛද්‍යතුමනි, යම් කාන්තාවකට පිළිකා සෛල ක්‍රියාකාරී වීමක් සිදු වන බව පෙන්වන රෝග ලක්‍ෂණ මොනවාද? මව් කුස පිළිසිඳ ගත් දා සිට ඉපදී වයස 26 ක් පමණ වන තරුණ දියණියන් ගැන මුලින්ම අවධානය යොමු කරමු. මෙම දරුවන්ගේ ශරීරයේ වර්ධනයේ අඩුපාඩුවක් පවතී නම් සමේ පැහැය දුර්වර්ණ නම්, වැඩිවියට පත්වීම සිදු වූයේ ප්‍රමාද වී නම්, මාස් ශුද්ධියේදී අධික ලෙස වේදනාවක් මතු වේ නම්, නිතර ආහාර අරුචියක් පවතී නම්, යෝනි ප්‍රදේශයේ නිතර කැසීමක් මතු වේ නම්, දුර්ගන්ධය සහිත, රෝස පැහැති හෝ කහ පැහැති ශ්‍රාවයන් යෝනි මාර්ගයෙන් නිතර පිට වේ නම්, දහදිය අධික දුර්ගන්ධයකින් යුක්‌ත නම්, දත් අකලට වැටෙනවා නම්, මුඛයෙන් අධික දුර්ගන්ධයක් මතු වේ නම් මෙවැනි යුවතියන් නිසි වෛද්‍ය පරීක්‍ෂාවක් සිදුකර ගැනීම වැදගත්ය. එවිට පිළිකා සෛල වර්ධනය වීමක් මුල් අවස්‌ථාවේදීම හඳුනා ගතහොත් ප්‍රතිකාර ලබාදීම පහසුය. මතුව ඇති පිළිකාව ද නිට්‌ඨාවටම සුව කිරීමට ද පිළිවන. පිළිකාව පිළිබඳව අප අනියත බියක් ඇති කර ගතයුතු නැත. නිතරම නිරෝගී බව රැකගෙන පෝෂ්‍යදායී ආහාරපාන ගෙන මනස සන්සුන්ව සැහැල්ලුව තබා ගත හොත් පිළිකා සෛල වර්ධනය වීම යටපත් කරගත හැකිය. වර්තමානයේ බොහෝ දෙනා දැඩි මානසික පීඩාවට පත්වන කටයුතුවල නිරත වෙමින් අවිවේකී දිවියක් ගත කරන නිසාත් ගුණදායී ආහාරපාන වෙනුවට අගුණ ගෙන දෙන ආහාරපාන බහුලව ගැනීම නිසාත් පිළිකා වර්ග බහුලව මතුවීමත් දක්‌නට ලැබෙනවා. විශේෂයෙන් ම පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා, ආමාශගත පිළිකාවලට බොහෝ කාන්තාවන් ගොදුරුවීමට බලපා ඇති ප්‍රධානම හේතූන් වී ඇත්තේ ඉහත සඳහන් කළ කරුණු බව මෙවැනි රෝගවලින් පීඩාට පත්ව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන කාන්තාවන් පවසන තොරතුරු අනුව හඳුනාගත හැකියි. වැඩිදුර තොරතුරු සඳහා වෛද්‍යතුමන් ඇමතීම සඳහා දුරකථන අංක 0112632225 මගින් පිළිවන. මහාචාර්ය වෛද්‍ය ජිනසිරි ලියන්වෙල අඟුලාන දුම්රියපළ පාර ලියන්වෙල සෘෂිනාඩි වෛද්‍ය මධ්‍යස්‌ථානය සංස්‌කරණය උපාලි ද සේරම් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 samanthaMost Senior MemberPosts:13190 12 Jun 2017 01:37 AM කාන්තා පිළිකා පිළිබඳව කලින් හඳුනා ගන්න විවිධ ක්‍රම තිබුණත් පිළිකාවක් පිලිබඳව හඳුනා ගැනීමට වාසණාවත් බලපානවා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DushanVeteran MemberPosts:2536 12 Jun 2017 04:33 AM ඉතාමත් වැදගත් ලිපියක් ස්තුති 0 RosiSuper Senior MemberPosts:5335 12 Jun 2017 05:20 AM හ්ම්ම්ම් ඔව් ගොඩක් දුරට පිළිකා හදුනා ගනින්ද්දී ප්‍රමාදයි ...ස්තුති ලිපියට .හොද කරුණු ටිකක් . 0 hasithadSuper Senior MemberPosts:5795 12 Jun 2017 07:23 AM ඔය මොක කිව්වත් පිලිකාව ගැන හොයාගන්නකොට සේරම වෙලා ඉවරයි. අපි දන්න කීදෙනෙක් ඔහොම නැති වුනාද.... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Jun 2017 10:30 AM කොලෙස්ටරෝල් ද? මෙන්න පාලනයට හිතකර අහිතකර දේ ලිව්වේ පාලිකා දිල්රුක්ෂි බෝනොවන රෝග අතර බහුලවම දැකිය හැකි තත්ත්වයක් වන්නේ කොලෙස්ටරෝල් ගැටලුය. හෘද රෝග අවදානම වැඩිකරන මේ තත්ත්වය නිට්ටාවටම සුව කළ නොහැකියි. එහෙත් එය පාලනය කළ හැකි තත්ත්වයකි. මෙයින් මිදීමට ගන්නා ඖෂධ දීර්ඝකාලීනව භාවිත කිරීම අතුරු ආබාධ ඇතිවීමට අතවැනීමකි. එහෙත් ඒ වෙනුවෙන් කළ හැකි යමක් වේ. එනම් සුදුසු ආහාර පාන ගැනීමත් නුසුදුසු ආහාරපාන අත්හැරීමත්ය. එමෙන්ම රෝගය වැඩි කරන හුරුපුරුදු අත්හැරීම ද මෙය පාලනයට මඟකි. මොනවද කන්න හොඳ? බහුලවම කන්න හොඳ දේ සෝයා බෝංචි සහ සෝයා නිෂ්පාදනයි. කව්පි, බාර්ලි, බෝංචි, පොඩි මාළු (හුරුල්ලා, සාලයා, හාල්මැස්සා ආදී) මුරුංගා, කංකුං, ගොටුකොළ වැනි පලා වර්ග ද නිවිති, කොහිල, මුරුංගා, තක්කාලි වැනි එළවළු, දොඩම්, ඇඹරැල්ලා, අඹ, දිවුල්, නෙල්ලි වැනි පලතුරු ගෙදර සාදාගත් තුනපහ, ඇඹුල් සඳහා ගොරකා ද රස ගැන්වීමට කුරුඳු පොතු ද සුදුසුය. කුරුඳු පොතු කුඩුකර තේ මෙන් වත්කර සතියකට දිනක් දෙකක් බීම ද ගුණයි. කරපිංචා සහ සුදුලූනු සම්බෝලයක් මෙන් අඹරා දෙහි සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් මිශ්‍රකර කෑමට ගැනීම ද බොහෝ ගුණදායකයි. සීනි රහිත තක්කාලි යුෂ, දෙහි යුෂ ආදී යුෂ වර්ග, සෝඩා වතුර, කොළ කැඳ, තැඹිලි, බෙලිමල්, රණවරා, එළවළු සුප්, යොදය රහිත කිරි සහ එම කිරිවලින් සාදන ආහාර (උදාහරණ ලෙස මේදය අඩු යෝගට්) ගෝවා, ලීක්ස්, මුකුණුවැන්න, වම්බටු, පතෝල වැනි පිටි නැති එළවළු වර්ග සහ එළවළු සලාද, හාල් පිටි, කුරක්කන් පිටි, උළුදු පිටිවලින් සාදන ලද ආහාර වර්ග, පැස්ටා, ඕට්ස්, ගස්ලබු, පේර, බෙලි, දිවුල්, මුං ඇට, කව්පි, කඩල පරිප්පු වැනි මාංස භෝග. මධ්‍යස්ථව ගත හැකි ආහාර මේවා කෑම හොඳයි. ඒත් වැඩිය කන්න එපා. සතියකට හතර සැරයක් පමණ මාළු සහ සම රහිත කුකුළු මස් කන්න. අඩුම තරමින් සතියකට දවස් දෙකක් හෝ වැඩි ගණනක් මාළු ආහාරයට ගන්න. අල, බතල, මඤ්ඤොක්කා වැනි පිටි සහිත ආහාර, පොල් තෙල්, සෝයා තෙල්, ඔලිව් තෙල්, සූරියකාන්ත තෙල්, ඉරි¼ගු තෙල්, සම්පූර්ණ යොදය සහිත කිරි සහ එම කිරිවලින් සාදන ලද ආහාර (උදාහරණ මීකිරි), ලුණු එකතු නොකළ ඇට වර්ග, බඩ ඉරිඟු, අලිගැටපේර, ආනමාලු, කෝලිකුට්ටු වැනි පලතුරු, කෝපි. නුසුදුසු ආහාර මොනවද? චීස්, බටර්, සත්ත්ව තෙල්, රතු පාට මස් (හරක් මස්, ඌරු මස්) පීකුදු, සම සහිත මස් (කුකුළු මස් කන්නේ නම් සම රහිතව ස්වල්පයක් කෑම සුදුසුය) කෘත්‍රිම රසකාරක දැමූ ආහාර, කල්තබා ගැනීමට රසායන ද්‍රව්‍ය දැමූ ආහාර, සීනි, අයිස්ක්‍රීම්, ෆාම් තෙල්, කුකීස් වර්ග, පේස්ට්‍රි, ඩෝනට්, කේක්, ක්‍රැකර් වර්ග, බිස්කට් වර්ග, තෙලෙන් බැදපු කෑම වර්ග, තෙල් කෑම වර්ග, එළවළු තෙල්, ෆාස්ට් ෆුඩ්ස්, ටින් කළ බීම වර්ග, පිටරටින් ගෙන්වන තෙල් වර්ග (කෘත්‍රිම තෙල් වර්ග), සොසේජස්, බේකන් වර්ග, බිත්තර කහ මදය සහ කහ මද යොදා සකසන කෑම වර්ග (උදාහරණ ලෙස මයෝනේස් සෝස්) ඉස්සන්, කකුළුවන්, පොකිරිස්සන්, එළඟිතෙල්, පීසා, සබ්මැරීන්, යෝගට්, පුඩිං වර්ග, වටලප්පන් ආදී හකුරු හා සීනි යොදා සකසන ආහාර, හකුරු යොදා සකසන අතුරුපස වර්ග, බෝතල් කළ ලෙමනේඩ්, පැණි බීම හා බෙවරේජ් වර්ග, චොකලට්, ලුණු එකතු කරන ලද ඇට වර්ග, තෙලේ බදින අල පෙති, පේස්ට්‍්‍ර, රෝල්ස්, පැටිස්, පාන්, සෝස්, ටින්වල ඇසුරූ හෝ වියළි මාළු (අධික ලුණු සහිත කරවල ආදිය), අධික ලුණු සහිත ආහාර වර්ග, අච්චාරු වර්ග, සුප් කැට, සුප් පැකට්. කළ යුතු දේ ඇවිදීම, පිහිනීම, ගෙදර දොර වැඩ කටයුතුවල නියැළීම, රාත්‍රියේ සුවබර නින්දක් ලබාගැනීම, මෛත්‍රී භාවනාව හෝ වෙනත් භාවනාවක නිරතවීම, රාජකාරි ස්ථානය නිහඬ, නිසසල මනසට සුවදායක හැඟීම් ගෙන දෙන ස්ථානයක් වීම සුදුසුය. සිරුරේ බර වැඩි නම් අඩුකර ගන්න. සංතෘප්ත මේදය, ට්‍රාන්ස් මේදය සහ කොලෙස්ටරෝල් වැඩිපුර ඇති ආහාර කෑමට ගැනීම අඩු කරන්න. ස්ටැනෝල් සහ ස්ටෙරෝල් වැඩි ආහාර ආහාර වේලට වැඩියෙන් එකතු කරගන්න. දියවෙන තන්තු බහුල ආහාර වැඩියෙන් ගන්න. වෛද්‍ය උපදෙස් අනුව කොලෙස්ටරෝල් මට්ටම පහත දමන ඖෂධ නිසි අයුරින් භාවිත කරන්න. එළවළු සහ පලතුරු වැඩිපුර කන්න. හැකි සෑම විටම තමන්ගේ කොලෙස්ටරෝල් තත්ත්වයට හිතකර කෑම වේලක් ගැනීමට සැලකිලිමත් වෙන්න. නොකළ යුතු දේ දුම්පානයෙන් සහ මත් පැන් පානයෙන් වළකින්න. රතු මස්, සම්පූර්ණ යොදය සහිත කිරි ආහාරයට ගැනීමෙන් වළකින්න. එක තැනකට වී කාලය ගත කරන්න එපා. කොලෙස්ටරෝල් අධික විම හෘද රෝගවලට අතවැනීමකි. ඒ නිසා තරබාරුවීමෙන් වළකින්න. සංතෘප්ත මේදය අඩංගු ආහාර (අහිතකර මේදය) බිත්තර කහ මද, මස්වල තෙල් සහිත කොටස්, සම සහිත මස්, සම්පූර්ණ යොදය සහිත කිරි, ෆාම් තෙල් අසංතෘප්ත මේදය අඩංගු ආහාර (හිතකර මේදයකි) මේවා රුධිරයේ ඇති කොලෙස්ටරෝල් මට්ටම පහත දැමීමට උපකාරී වේ. ඔලිව් තෙල්, සෝයා තෙල්, සූරිය කාන්ත තෙල්, කැනෝලා, තෙල්, රට කජු තෙල්, රට කජු, කජු, බඩ ඉරිඟු, අලිගැට පේර, සෝයා බෝංචි, තල, සූරියකාන්ත ඇට, මේදය අඩංගු ලොකු මාළුවල මෙම අස්තෘප්ත මේදය බහුලව අඩංගුය. ට්‍රාන්ස් මේදය මෙය රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිකරයි. සකසන ලද ආහාර, (සොසේජස් වැනි) කෙටි ආහාර (ෂෝට් ඊට්ස්) ක්ෂණික ආහාර, ඇතැම් මස් වර්ග, මාගරින්, කිරි ආහාර, පාන්, බනිස්, කේක්, බිස්කට් වැනි බේකරි කෑම. දියවන තන්තු එළවළු, පලතුරු, රනිල භෝග, කුරුට්ට සහිත ධාන්‍ය සහ එවැනි ධාන්‍යවලින් සකසන ලද ආහාර. මෙම දියවන තන්තු මඟින් ආහාරයේ ඇති කොලෙස්ටරෝල් සිරුරට උරාගැනීම අඩුකරයි. රුධිරයේ ඇති අඩු ඝනත්ව ලිපෝ ප්‍රෝටීන් (ඹ්ච්ඹ්) මට්ටම පහත හෙළයි. ස්ටැනෝල් සහ ස්ටෙරෝල්. එළවළු, පලතුරුවල බහුලව ඇත. කොලෙස්ටරෝල් අවශෝෂණය අඩු කරයි. ඹ්ච්ඹ් මට්ටම අඩුකරයි. උපදෙස් ආයුර්වේද වෛද්‍ය ආර්.ජයසූරිය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Jun 2017 10:32 AM රාත්‍රියට මැල්ලුම් කෑම හොඳද? නරකද? ලිව්වේ විදුමිණි නිමේෂා දිසාකරුණා සෞඛ්‍යවත් දිවි පෙවෙතකට පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීම ඉතාම වැදගත්. එලෙසින් ඔබ ගන්නා ආහාර වේල අනුව ඔබගේ ආයු කාලය පවා තීරණය කළ හැකියි. දිනපතා ඔබ ගන්නා ආහාරවලින් ඔබේ නිරෝගිමත් භාවය, කාර්යක්ෂමභාවය හා සිරුරේ සුන්දරත්වයේ විවිධ වෙනස්කම් ඇති කළ හැකියි. පෝෂ්‍යදායී ආහාර වේලක අඩංගු විය යුතුම දෙයක් වන්නේ පලා වර්ගයි. කොළ පැහැති පලා වර්ගවලින් ලැබෙන පෝෂණ ගුණය ඉතාම ඉහළයි. ඒ නිසා ආහාර වේලට මැල්ලුම් වර්ගයක් එක්කර ගන්නට හැකියාව තිබේ නම් එය සිරුරේ නිරෝගි බව පවත්වා ගැනීමට හේතුවක් වේවි. මැල්ලුමක් ආහාර වේලට එකතුකර ගැනීමේ වැදගත්කම දෙස බැලූ විට පලා වර්ග ආහාරයට ගැනීම කෙතරම් වැදගත් දැයි වැටහේ. මැල්ලුම් වර්ග ආහාරයට ගැනීමෙන් තාරුණ්‍ය හැමදාමත් රැක ගෙන ඉන්න පුළුවන් වේවි. විටමින් k යනු රුධිරය කැටි ගැසීම සඳහා උපකාරී වන වයසට යාමේදී ඇතිවන රෝගාබාධ රැසකට එරෙහිව ක්‍රියා කරන සිරුරට අවශ්‍යම විටමිනයකි. පර්යේෂණවලින් ඔප්පුකර ඇති පරිදි විටමින් k අඩුවීම හෘද රෝග, අස්ථි බිඳීම් සහ වකුගඩු ආබාධ ඇතිවීමට හේතු වේ. කොළ පැහැති පලා වර්ග ආහාරයට ගැනීමෙන් විටමින් k ලබාගත හැකියි. නිවිති, මුකුණුවැන්න, ගොටුකොළ ආදී Bනෑම කොළ පැහැති පලා වර්ගයක් ඔබට මේ සඳහා ගන්නට පුළුවන්. කොලෙස්ටරෝල් අඩු කරන්නත් පලා වර්ග හොඳ ඔසුවක්. ආමාශය මඟින් කොලෙස්ටරෝල් භාවිතයෙන් මේද දහනයට උපකාරී වන පිත්ත අම්ල නිෂ්පාදනය කරයි. මෙම පිත්ත අම්ලය පලාවල ඇති තන්තු සමඟ එකතුවීමෙන් ඒවා ශරීරයෙන් බැහැර වී යයි. ඒ නිසා ආමාශයට නැවතත් කොලෙස්ටරෝල් භාවිතකර පිත්ත අම්ල සෑදීමට සිදුවේ. එයින් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම පහත වැටේ. නිවිති කොළ ආහාරයට ගැනීමෙන් පෙනීම වර්ධනය කරයි. දීප්තිමත් සහ ඇසට දරා ගත නොහැකි ආලෝකයක් ඇති විට ඇස එම ආලෝකය පෙරා අවශ්‍ය ආලෝකය ලබා ගනී. නැතිනම් ඇසට හානි සිදුවේ. මෙම ක්‍රියාවලියට අවශ්‍ය පෝෂක නිවිති කොළවල අඩංගුයි. තවද, ඇසේ සුද ඇතිවීම වැළැක්වීමටත් ඔබට දැකිය හැකි දුර ප්‍රමාණය වැඩි කිරීමටත් උපකාරී වේ. පලා වර්ග බොහොමයක විටමින් B5 අඩංගු වේ. විටමින් B මඟින් ආහාරවල ඇති කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් බවට පත් කිරීම සිදු කරයි. එමඟින් ශරීර ශක්තිය ඇති කරයි. ශරීරය, විටමින් B ගබඩාකර තබා නොගනී. එනිසා ඔබට දිනපතාම මෙම පලා වර්ග ආහාරයට ගත යුතු වෙනවා. පලා වර්ග කැල්සියම්වලින් අනූනයි. සාමාන්‍යයෙන් කාන්තාවකට දිනකට කැල්සියම් 1000mg අවශ්‍ය වේ. ඒ නිසා සුදුසු පලා වර්ගයක් ඔබේ ආහාර වේලට එකතු කරගැනීම අනිවාර්යයෙන් කළ යුත්තකි. පලා වර්ග ආහාරයට ගැනීම වැදගත්වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ මේවායේ තන්තු අඩංගු වීමයි. තන්තු, ආහාර ජීර්ණයේදී වැදගත් කාර්යයක් ඉටු කරයි. මලබද්ධය වළකයි. එමෙන්ම බඩවැල් ආශ්‍රිතව ඇතිවන පිළිකා තත්ත්වයන් අවම කරයි. ඒ වගේම පලා වර්ග ආහාරයට ගැනීමෙන් නිරෝගී සමක් ලබා දී ඔබව ලෙඩ රෝගවලින් ආරක්ෂා කරයි. මෙයාකාරයෙන් බලන විට පලා වර්ග ආහාරයට එකතු කරගැනීම අපගේ ශරීර සෞඛ්‍යයට කොතරම් නම් අගනේද? වර්තමානයේ පවතින කාර්යබහුලත්වය තුළ පෝෂ්‍යදායී ආහාර වේලක් සකසා ගන්නට වෙලාවක් නැති තරම්. වැඩිහිටියන් රැකිරක්ෂාවලට යනවා. දරුවන් පාසල්, අමතර පංතිවලට යනවා. ඉතිං උදෑසනින් මැල්ලුම් සහිත පෝෂ්‍යදායී ආහාර වේලක් පිසගෙන ගියත් දහවල් වන විට මැල්ලුම අවපැහැ ගැන්විලා. පිළුණුවෙලා. ඒ නිසා බොහෝ දෙනා දහවල් ආහාර වේලට මැල්ලුම් එක්කර ගැනීමට ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. ඒ වගේම රාත්‍රියට මැල්ලුම් ආහාරයට ගැනීම සුදුසු නැහැ යනුවෙන් මතයක් පවතින නිසා දැන් බොහෝ අය මැල්ලුම් තම දෛනික ආහාර වේල සඳහා එකතු කරගන්නේ නැතිතරම්. මැල්ලුම්වල ඇති පෝෂණ ගුණය නිසාම මැල්ලුම් රාත්‍රි ආහාරයට සුදුසු ද නැද්ද යන්න බොහෝ දෙනෙක්ට තිබෙන ගැටලුවක්. අපි මේ ගැන අතිරේක සෞඛ්‍යය වෛද්‍ය නිලධාරියකු වන ලලිත් ප්‍රසන්න හලබආරච්චිගෙන් විමසුවෙමු. රාත්‍රියට මැල්ලුම් ආහාරයට ගැනීම සුදුසු නැහැ කියන්නේ මිත්‍යා විශ්වාසයක් පමණයි. ඉන් කිසිදු හානියක් සිදු වන්නේ නැහැ. රාත්‍රියට පමණක් නොවෙයි තුන් වේලටම මැල්ලුමක් ඔබේ ආහාර වේලට එක්කර ගතහැකි නම් හොඳයි. පලා වර්ග විවිධ ආකාරයට සකසා ගත හැකියි. කිරට, සම්බෝල විදියට, මැල්ලුම් ආකාරයට, තෙල් දාලා මේ කොයි ආකාරයටත් පලා වර්ග ආහාරයට ගැනීම සුදුසුයි. හැබැයි පිසින ලද පලා වර්ගවලට වඩා අමුවෙන්ම ආහාරයට ගත්තොත් එයින් ලැබෙන පෝෂණ ගුණය ඉහළයි. ආහාර වර්ග පිසින්න, පිසින්න එහි විටමින් වර්ග විනාශ වී පෝෂණ ගුණය අඩු වී යනවා. ඒ වගේම පලාවර්ග සැකසීමේදී එයට දෙහි යුෂ වැනි ආම්ලික දෙයක් එකතු කිරීමෙන් එහි විටමින් වර්ග අවශෝෂණය වීම වැඩි වෙනවා. වර්ෂාව සහිත දිනයන්වලදී පලා වර්ග ආහාරයට ගැනීම සෞඛ්‍යයට හිතකර නැහැ. එහිදී අපිරිසුදු ජලය පලා වර්ග සමඟ මුසු වන බැවින් එවැනි තත්ත්වයකදී පලා වර්ග ආහාරයට ගැනීමෙන් විවිධ ලෙඩ රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ නිසා වැසි අධික අපදා තත්ත්වයක් තිබෙන මෙවැනි සමයක පලා වර්ග ආහාරයට ගැනීම එතරම්ම යහපත් නොවන බවත් අමතක කරන්න එපා. උපදෙස් - ලලිත් ප්‍රසන්න හලබආරච්චි අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී - කැලණිය ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Jun 2017 10:34 AM ඌන පෝෂණයට බිත්තර ඌන පෝෂණය සහිත බාල දරුවන්ට දිනකට බිත්තරය මගින් කැවීමෙන් වයසට සරිලන උසක් ලබාදිය හැකි බව හයමාසයක් තිස්සේ සිදු කරන ලද අධ්‍යනයකින් හෙළිවී ඇත. මෘදු හෝ බාගයට තම්බන ලද එසේත් නැත්නම් බදින ලද 'ඔම්ලට්' මගින් දරුවන්ට බිත්තර කැවීමෙන් වර්ධනය අතින් ප්‍රගතියක් ලැබෙන බව එක්වදෝරයේ සිදු කරන ලද එම පරීක්ෂණය පෙන්වා දෙයි. අදාළ පර්යේෂණ වාර්තාව "Pediatrics" ළමා සෞඛ්‍ය පිළිබඳ සඟරාවේ පළ කරනු ලැබ ඇති අතර බිත්තර මගින් වැඩි වියදමකින් තොරව ඌන පෝෂණය පිටු දැකිය හැකි බව එමගින් පෙන්වා දෙයි. ළමා ජීවිතයක පළමු අවුරුදු දෙක ඔවුන්ගේ වර්ධනයේ දී ඉතා වැදගත් බව පෙන්වා දෙන පර්යේෂකයෝ, ඕනෑම ඌන පෝෂණ තත්වයක් ආපසු යථා තත්වයකට ගෙන ඒම අසීරු බවත් කියා සිටිති. ඌන පෝෂණයට ප්‍රධාන හේතුව ප්‍රමාණවත් පෝෂණ පදාර්ථ නොලැබීම යයි පවසන පර්යේෂකයෝ බාල වියේදී ආසාදනයන්ට ලක්වීම මෙන්ම අසනීප තත්වයන් ද ඊට මුල්වෙන බව පවසති. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වයස අවරුදු පහට අඩු පහළොස් කෝටි පනස් ලක්ෂයක් පමණ දරුවන් ඌන පෝෂණයට ගොදුරුව සිටිති.පහළ සහ මධ්‍යම ආදායම් ලබන ජනතාව සහ සෞඛ්‍ය විශේෂඥයන් මේ ප්‍රශ්නය පාලනය කර ගැනීමේ මාවත් සෙවීමේ ප්‍රයත්නයක නිරත වෙති. ලෝරා ඉයනොටි (Lora Iannotti) සහ ඇයගේ කාර්ය මණ්ඩලයේ සගයන් එක්වදෝරයේ ග්‍රාමීය කඳුකර පලාත්වල ක්ෂේත්‍ර පර්යේෂණයක් ආරම්භ කර ඇති අතර මාස හයත් නවයත් අතර බිළිඳුන්ට නොමිළේ බිත්තර සැපයීම මගින් ඔවුන්ගේ ඌන පෝෂණය මගහැර ගත හැකිදැයි නිරීක්ෂණය කරමින් සිටිති. අහඹු ලෙස තෝරා ගත් බිළිඳුන් 160 කින් අඩකට දිනකට බිත්තරය බැගින් මාස හයක කාලයක් කවන ලද අතර එම දරුවන් බිත්තර නොදුන් සෙසු දරුවන් සමඟ සසඳා බැලීම පර්යේෂණ විධික්‍රමය විය. පර්යේෂකයෝ සතියකට දවසක් එම දරුවන්ගේ නිවෙස්වලට ගොස් තත්වය නිරීක්ෂණය කර ඇති අතර ළමුන්ට බිත්තර දීම දෛනිකව සිදු වන්නේද ? බිත්තර දීමෙන් දරුවන්ට ආසාත්මිකතා හෝ අතුරු ආබාධ ඇති වන්නේද? යන්නත් පිරික්සා ඇත. බිත්තර නොදුන් දරුවන්ට සාපේක්ෂව බිත්තර දෙන ලද ළමුන් අතර ඌන පෝෂණය අඩු මට්ටමක පවතින බව හෙළි වූ බව පර්යේෂකයෝ නිගමනය කරති. එම නිරීක්ෂණයේ දී හෙළි වූ කරුණු වලින් තමන් පුදුමයට පත් වූ බව ප්‍රධාන පර්යේෂිකා ලෝරා ඉයනොටි (Lora Iannotti) පවසන්නීය."බිත්තර පහසුවෙන් ලබා ගන්න පුළුවන් ආහාරයක්. විශේෂයෙන්ම සැඟවුන කුසගින්නෙන් සහ පෝෂණ ඌනතා සහිත ජනතාවට ආහාරයක් හැටියට බිත්තර ලබා ගැනීම එතරම් අමාරු නැහැ" ලෝරා ඉයනොටි සඳහන් කළාය. පුංචි බඩවල් සහිත දරුවන්ට බිත්තර හොඳ ආහාරයක් " ලෝරා ඉයනොටි පවසයි. ( තිළිණි ද සිල්වා ) බී.බී.සී ඇසුරෙනි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Jun 2017 10:36 AM රස ගුණ සපිරි රඹුටන් මේ දිනවල වෙළෙඳපොළේ සුලබව දැකිය හැකි පලතුරක් ලෙස රඹුටන් හඳුන්වා දිය හැකිය. වසරේ සෑම දිනකම අපේ ඇස නොගැසෙන පලතුරක් වන මෙය දැක ගත හැකි වනුයේ ජූනි, ජූලි මාසවලදීය. පලතුරක් ලෙස ලොකු කුඩා කා අතරත් ප්‍රසිද්ධ රඹුටන් පිළිබඳ ඇතැමුන් කෙබඳු මතයක් පිළිපැද්ද ද ලෙඩ රෝග ගණනාවකටම දිව ඔසුවක් සේම ඉන් ලැබෙන පෝෂණීය ගුණය ද අතිමහත් වේ. ඇතැම් පුද්ගලයන් දරන වැරැදි මත නිසා රඹුටන් ආහාරයට නොගැනීමෙන් එහි රස නොවිඳින්නේ ඔබ බියට පත්ව ඇති බැවිනි. රඹුටන් කෑමෙන් උෂ්ණය අධික වේය යන්න පැරැණි මතයකි. අපි මෙහි ඇත්ත නැත්ත දැන ගනිමු. රඹුටන්වල අහිතකර බලපෑම් - රඹුටන් ඇට කෑම නුසුදුසුය. යම් හෙයකින් ඔබට එය විස විය හැකිය. ශාකයේ පල හට ගන්නා කාලයට මී මැස්සන් වැඩිපුර එන බැවින් ඔබ මී මැසි උවදුරින් පරෙස්සම් වන්න. බිම වැටී ඇති පල අනුභවය නුසුදුසුය. රඹුටන් කටින් කඩන්නේ නැතිව අතින් කඩා ආවරණය ඉවත් කර ගන්න. බඩ රිදුම් ඇති රෝගීන් මෙම පලතුර අනුභවයෙන් වලකින්න. බඩ වියළී ඇති පුද්ගලයන්ටද සුදුසු නොවේ. දිනකට සුදුසු ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීමෙන් උණ වැනි ආසාදන තත්ත්ව ඇති විය හැකිය. එසේ වන්නේ රඹුටන් ගුණයෙන් වැඩි වීම නිසා වැඩි ප්‍රමාණය උෂ්ණය ලෙස සිරුරෙන් ඉවත් වීමයි. රඹුටන්වල ගුණ - මෙය සීනි සහිත පලතුරකි. ස්වාභාවිකව සොයා ගත හැකි සීනි වර්ග 02ක් වන 'Fructose ' සහ 'sucrose 'යන දෙවර්ගයම අඩංගු වේ. එම නිසා කුඩා දරුවන්ට වුවද දිය හැකි පලතුරකි. අඩු කැලරි ප්‍රතිශතයක් අඩංගු වීම තුළ වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත්තද සිරුරේ බර ප්‍රමාණය වැඩි නොවේ. විටමින් සී, ඩී, ඒ, පොටෑසියම්, බේටා කැරොටින් විශාල ප්‍රමාණවලින් අන්තර්ගත වේ. ඊට අමතරව කැල්සියම්, මැග්නීසියම්, සින්ක්, සෝඩියම් සහ ආහාර ජීර්ණයට අවශ්‍ය කෙරෙන කෙඳි හොඳ ප්‍රෝටීන වර්ගද අඩංගු වේ. අනාදිමත් කාලයක සිට මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග සඳහා ඖෂධයක් ලෙසද භාවිත කොට ඇත. ඊට අමතරව බඩේ අමාරු තත්ත්ව ආදියටද ඔසුවකි. තායිලන්තයේ 'chiang mai ' විශ්වවිද්‍යාලය කළ පර්යේෂණවලට අනුව රඹුටන්වල flavonoibs වැඩිපුර ප්‍රතිශතයක් අඩංගු වේ. flavonoibs විසහරණ ක්‍රියාවලියේදී විශාල මෙහෙයක් ඉටු කරයි. එය කොලෙස්ට්‍රෝල්, පිළිකා සහ අනෙක් රෝග පීඩාදියෙන් ආරක්ෂිත පටලයක් ලෙස ක්‍රියාත්මක වේ. කාබනික ආහාරවල ඇති gallic acid ද්‍රව්‍යය මගින් අපේ සිරුරට ඇතුල් වන විසෙන් ආරක්ෂා කරයි. විටමින් සී දිනකට අවශ්‍ය ප්‍රමාණය වන්නේ 75mg - 90 mg වේ. මෙම ප්‍රමාණය දිනකට රඹුටන් ගෙඩි 10ක් පමණ කෑමෙන් ලබා ගත හැකිය. යකඩ සිරුරට අවශෝෂණය කිරීම සඳහා අනිවාර්යෙන්ම විටමින් සී තිබිය යුතුය. විටමින් සී ඌනතාව ඇති පුද්ගලයන්ට යකඩ ඌනතාව ඇත. රඹුටන්වල කොපර් කුඩා ප්‍රමාණයකින් අඩංගු වන නිසා රුධිරානු සෑදීමේ කාලයේදී එය විශාල කර්තව්‍යයක් ඉටු කරයි. රතු රුධිරානු ඌනතාව නිසා අපේ සිරුරේ ඇති සුදු රුධිරානු ප්‍රතිශතයේ ඉහළ යාමක් සිදුවේ. එම තත්ත්වය රුධිරය ආශ්‍රිතව හට ගන්නා රුධිර පිළිකා ආදියට අත වැනීමකි. ඒ අනුව රඹුටන් කෙතරම් ගුණදායී පලතුරක්ද යන වග පෙනෙනවා නේද? - ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන - සටහන- මාධවී ධර්මරත්න ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 12 Jun 2017 07:05 PM අධික ලෙස හිස කෙස් වැටීම ප්‍රශ්නයක් වෙලාද? හිසකෙස් වැටීමට හේතු කිහිපයක් මුල්විය හැකි බව අපි දනිමු. පිරිමින්ගේ තට්‌ටය පෑදීම බොහෝ විට දක්‌නට ලැබුණ ද කාන්තාවන්ටත් තට්‌ටය පෑදීම සිදුවන අවස්‌ථා නැතුවා නොවේ. එය ජානමය දුර්ලභ අවස්‌ථාවකි. තවද විවිධ අසාද්මිකතා නිසාවෙන්ද (රසායනික ද්‍රව්‍යවලට) අධික කල්පනාවේ නිමග්නව සිටීම (මානසික ආතතිය) හිසකෙක් වැවීමට හේතුවන තවත් සාධක ලෙස හඳුනාගත හැක. පිරිමින්ගේ ජානමය වශයෙන් බලපෑම මත හිසකෙස් වැවීමේ ප්‍රවනතාවය බහුලව දක්‌නට ලැබෙන්නේ අවුරුදු 20-30 අතර වයස් කාණ්‌ඩය තුළදීය. බොහෝ විට මෙම වයස අවුරුදු 22 ලෙස හඳුනාගෙන ඇත. එහෙත් රසායන අසාද්මිකතා නිසා හිසකෙස් වැටීමට වයස් සීමාවක් නැත. කාන්තා පිරිමි භේදයකින් තොරව ඇතිවිය හැක. පරිසරය වෙනස්‌වීම නිසාවෙන් හිසකෙස් අධිකව හැලියන අවස්‌ථාද හඳුනාගත හැකිව තිබේ. ගමේ ළිඳේ වතුර භාවිත කර නගරයට පැමිණ නළ ජලය භාවිත කිරීමෙන් ඇතැම් අයට අසාමාන්‍ය ලෙස හිසකෙස් වැටීමක් සිදුවීමේ හැකියාව තිබේ. නොදැනුවත්කම හේතුවෙන් නොගැලපෙන කෘත්‍රිම හිස සේදීම් කාරක භාවිතයද හිසකෙස් වැටීමේ ප්‍රවණතාවයට හේතුවක් බව ඇතැම් තැනකදී හඳුනාගත හැකිය. බහුල ලෙසින් රූපලාවන්‍යාගාර වෙත යැමේදී කෘත්‍රිම හිස හැඩගැන්වීම්වලට යොමු වීම තුළ ඇතැම් තැනක ඇති ප්‍රමිතියකින් තොර රසායන ද්‍රව්‍ය භාවිතයද හිසකෙස් කැඩී යැමට හේතුවකි. කෘත්‍රිම හිස හැඩගැන්වීම් වලින් හිසකෙස්‌වලට නිසි සාත්තුව සහ නිසි පෝෂණයක් නොලැබීමත් හිසකෙස් කැඩී යැමට හේතුවක් නිසාවෙන් නිවැරදි නිසි ප්‍රමිතියකින් යුත් රූපලාවන්‍යාගාරයක් තෝරා ගැනීම හිසකෙස් ලස්‌සනකර ගනිමින් හිසකෙස් රැකගැනීමට හේතුවනු ඇත. හිසකෙස් අධික ලෙස කැඩී යැමේදී පළමුව අවධානය යොමු කළ යුතු වන්නේ හිසකෙස් වෙනුවෙන් නිසි පෝෂණයක් ලැබෙනවාද යන කාරණාව වෙතටයි. සමබල ආහාරය හිසකෙස් නිසිලෙස වැඩීමට ප්‍රධාන හේතුවක් වනු ඇත. තවද හිස පීරිමේදී නිසි ක්‍රමයක් අනුගමනය නොකිරීම නිසාද හිසකෙස් කැඩී යන අවස්‌ථා තිබේ. හිස පිරීමේදී දැති විශාල පනාවක් තෝරා ගැනීම වැදගත්ය. දිගු හිසකෙස් නම් එය පීරාගත යුතු වන්නේ යටින් ටික ටික පීරමින් උඩට යන ආකාරයටය. එවිට හිසකෙස් කැඩීයැම අවම කර ගත හැක. හිස සේදුම්කාරක භාවිතයේදී වෙළඳ දැන්වීම්වලට නොරැවටී ස්‌වභාවික දේ සඳහා යොමුවීමට වගබලා ගන්න. හැකිතාත් ස්‌වභාවික ශාකසාරවලින් යුතු හිස සේදුම්කාරයක් භාවිතයට හුරුවීම සැබැවින්ම නිරෝගි කෙස් කළඹකට හේතුවනු ඇත. වෙරළු කොළ, පේර කොළ, පොකුරු මදමල්, ගොඩපර, සියක්‌කා වැනි ද්‍රව්‍ය භාවිත කරමින් හිස පිරිසිදු කර ගැනීමට හැකිනම් එය වඩාත් යෝග්‍යය. දෙහි, උළුහාල්, තම්බා හිස ගැල්වීමත් සුදුසු අතර සෙම්ගතිය බහුල අය දෙහි උළුහාල් භාවිත කරන්නේ නම් උදේ 10-11 අතර කාලයේදී එය කළ යුතුය. ගොඩපර හිසට ඉතා හොඳ ඖෂධයක් වන අතර එය උළුහාල් සමඟ තම්බා ආලේප කිරීමත් සුදුසුය. මෙවැනි දේ භාවිතය තුළින් හිසකෙස් කැඩීයැම අවට කරගැනීමේ හැකියාව ඇත. හිස හොඳින් සේදී පිරිසිදු වනු ඇත. විශේෂයෙන්ම රාත්‍රි ස්‌නානයෙන් පසු නිසි පරිදි හිසකෙස් වියලා නොගෙන නින්දට යැම තුළින් හිසකෙස් කැඩීමට ඇති අවදානම වැඩිය. මේ සඳහා චීනකටු වෛද්‍ය ක්‍රමය තුළ ප්‍රතිකාර තිබේ. හේතුව සොයා ප්‍රතිකාර කරනු ලැබේ. ජානමය හේතුවක් මත පියාගෙන් පුතාට පැමිණෙනවා නම් හිසකෙස් සම්පූර්ණයෙන්ම වැටී නොමැති විට තිබෙන ටික නොවැටී රැකගැනීමේ හැකියාව චීනකටු වෛද්‍ය ක්‍රමය තුළ තිබේ. තෙල් සාත්තුව මගින් හිසකෙස් මුලට පෝෂණයක් ඒ සමගම ලබාදෙනු ඇත. හිසකෙස් අධික ලෙස වැටෙනවා නම් සතියකට වරක්‌වත් වෛද්‍ය උපදෙස් මත සුදුසු තෙල් සාත්තුවක් කිරීම වැදගත්ය. චීනකටු ප්‍රතිකාරවලදී රෝග ලක්‌ෂණ බලා ඊට හේතුව සොයාගෙන ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබේ. ඒ සඳහා විශේෂිත නිල ස්‌ථාන භාවිත කරමින් එම නිල උත්තේජනය වීමට සලස්‌වා හිසකෙස් සඳහා මනා රුධිර සැපයුමක් ඇති කරවමින් හිසකෙස් වැටී යැම අවම කරයි. ප්‍රතිකාර කරන අතරතුරුදී පිරිසිදු ජලය පානය, අලුත් එළවළු පලතුරු ආහාරයට ගැනීම, ධාන්‍ය සහ පලා වර්ග හැකිතාක් ආහාරයට එකතු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. හිසකෙස් වැටීම නවතා ගැනීම වෙනුවෙන් චීනකටු වෛද්‍ය ක්‍රමයේ ඇති ප්‍රතිකාරයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව ඇත. ඔබටත් නොමිලයේ චීනකඩු ප්‍රතිකාර සඳහා යොමුවීමේ හැකියාව තිබේ. වැල්ලවත්ත, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථාන පාරේ, මහාචාර්ය ඇන්ටන් ජයසූරිය අනුස්‌මරණ රෝහලේදී ඒ සඳහා අවස්‌ථාව තිබේ. වෛද්‍ය අමිලා කේ. ජයසිංහ සංස්‌කරණය වසන්තා ශ්‍රියාකාන්ති ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 20 of 137 << < 1819202122 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner