You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 21 of 137 << < 1920212223 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jun 2017 07:07 PM

අංශභාගය ඇතිවීමට
වයස බලපාන්නේ නැත


අංශභාගයට වයසක්‌ නැත. කුඩා අවධියේ වුව ඇති විය හැකි රෝග තත්ත්වයකි. වයසක්‌ නැතුවා මෙන්ම ඒ සඳහා වේලාවක්‌ද නැත. විවිධ හේතු උඩ රෝගය ඇතිවීමේ හැකියාව තිබේ.

අධික වෙහෙස, අධික මානසික ආතතිය, අනතුරුවලට මුහුණ පෑම, අධික රුධිර පීඩනය පරම්පරාවට යැම තුළින් මෙන්ම අනවශ්‍ය ලිංගික ජීවිතයද මේ සඳහා හේතුවන බව පුරාණ පොත පතෙහි සඳහන්ව තිබේ. අධික මත්පැන් පානය මෙන්ම අධික දුම්පානය මේ සඳහා හේතුවිය හැකි අතර බොහෝ විට වයස අවුරුදු 60 පසුවීමේදී අංශභාගය ඇතිවීමේ හැකියාව ඉහළය.

වාතය කිපීමෙන්, ත්‍රිදෝෂ කුපිත වීමෙන් මෙන්ම ආහාර පාන වලින්ද මේ සඳහා ප්‍රවනතාවයක්‌ ඇති බව පෙනේ. විශේෂයෙන්ම හරක්‌මස්‌ වැනි ආහාරවල බලපෑමක්‌ තිබේ.

කිපුණු වායුව ශරීරයේ ලේ නහර, බල නහර වියලා සියල්ල ක්‍රියා විරහිත කරන්නේ ස්‌ර්වාංගෙ රෝගයක්‌ ලෙසින් අංශභාගය ඇති කරමින් බව පුරාණ සෘෂිවරු පෙන්වා දී තිබේ. ශරීරයේ අර්ධයක ගමන්ගත් වායුවසන්ධි බන්ධන වියළා ශක්‌තිය හීනකර වම්පස හෝ දකුණු පස ක්‍රියා විරහිත කෙරේ. වාපිත් සහිත රෝගියාගේ දැවිල්ල, තැලීම්, මුර්ජා හටගනී.

තුන්දොස්‌ සහිත පක්‍ෂගාත රෝගය සුවකළ හැක්‌කේය. වා කිපී ධාතු ක්‍ෂීණව ගීය රෝගය අසාධ්‍ය වාතයෙන් පමණක්‌ වූ විට සුවය තරමක්‌ දුෂ්කරය. බොහෝ කිපුණු විට සුව කිරීම අපහසුය.

මොළයේ රුධිරය කැටි ඇහිරීමෙන්ද, නාඩිවලට පීඩා වීමෙන්ද, මස්‌තිෂ්කයේ ඌර්ධව භාගයේ පීඩාවන් නිසා, රක්‌ත ශ්‍රාවයකින්ද රෝගය ඇති වන අවස්‌ථා තිබේ.

විෂ වර්ග ශරීරගත වීමෙන්ද, උපදංශ (සමාජ රෝගය) විෂ ආදියෙන්ද, නාඩි කේන්ද්‍රය විෂ වී පක්‍ෂගාතය හටගත හැකිය.

ගිහිමුලාව, ක්‌ලාන්තය, දුර්වලතම අංශභාග රෝග ලක්‍ෂණයි. නහර පිපිරීම, එයින් ලේ නාළ ඇහිරීම, නාළ අවරෝධය ඊට හේතු වේ.

අධික මත්ද්‍රව්‍ය භාවිතයෙන් රුධිර නාළ දිය වී ගොස්‌ ලේ ගැලීමෙන් නාඩි පද්ධතිය ක්‍රියා විරහිත වීමෙන්ද රෝගය ඇති වන්නේය.

මොළයේ රක්‌ත ශ්‍රාවය නිසා තද හිස රුඳාවද, ක්‌ලාන්තයද, ගොළු බවක්‌, වමනය, මුඛය නිල්පැහැ වීමත් ඇතිවිය හැක. මෙවැනි ඇතැම්හු වැටී වහාම මරණයට පත්වෙති. තවත් පිරිසක්‌ දින ගණන් ඇදෙහි කල්ගෙවා මරණයට පත්වේ. සිහිනැතිව කල් ගෙවනු ලැබේ. දිවේ පැත්තක්‌, කටේ පැත්තක්‌ අප්‍රාණික වේ. දත් දෙපළ තද වීම, බෙල්ල පිටිකරට යැම, වෙව්ලීම, මෝහය, මුලාව, මස්‌පිඩු පෙරළීම, තත්ත්වය දරුණු වීමෙන් සිදුවේ.

පපුවේ ගැස්‌ම, නාඩි වැටීම සීඝ්‍රවේ. මද මද මළ මුත්‍රා පිටවිය හැකි අතර හිස වරින් වර වෙව්ලා යයි. උගුර ගොර ගොර ශබ්දයක්‌ මතුවේ. රෝග ලක්‍ෂණ දුටු වහාම රෝගියා ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුය.

පක්‍ෂගාත රෝගයේදී තෙල් ගල්වා පිරිමැදීම අවශ්‍යය. අවස්‌ථාව බලා යෙදිය යුතු නස්‌න කර්ම යෙදිය යුතුය. වාතමූර්ත තෛලය සිරුරේ ආලේප කිරීම, කෝල සෙලස්‌මා තෛලය ආලේපය වෛද්‍යවරයෙක්‌ වෙත යනතුරු නිවසේදී කළ හැකි ප්‍රතිකර්මයන්ය.

පිටි අධික ආහාර, දෙල්, අන්නාසි, හරක්‌මස්‌, ඌරු මස්‌ වැනි ආහාර රෝගයෙන් පසු සුදුසු නැත. මත්පැන් දුම්පානය නතර කළ යුතුය. අධික බර වැඩ, අධික හිරු රශ්මියට නිරාවණය වීමෙන් වැළකී සිටිය යුතුය.

රෝගියා, අත්තන කොළ, නික, ආඩතෝඩ තෙල් එඬරු කොළ තම්බා මද රස්‌නයෙන් තැවීම හොඳය.

මුල්තිරිගල රජමහා විහාර පරම්පරාවේ සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍ය

ඒ වනිගපුර

සංස්‌කරණය වසන්තා ශ්‍රියාකාන්ති

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jun 2017 07:13 PM

කොලෙස්‌ටරෝල් සදහා නොගත යුතු ආහාර

බෝ නොවන රෝග අතරින් කොලෙස්‌ටරෝල් අද වන විට මධුමේහය, අධි රුධිර පීඩනය ආදී රෝග සමඟ කරට කර සිටින අතර බොහෝ විට අත්වැල් බැඳගත් එකම පවුලේ රෝග ලෙසද සැලකේ. මේද සහිත ආහාර ප්‍රධාන වශයෙන් සංතෘප්ත මේදය හා අසංතෘප්ත මේදය ලෙස කාණ්‌ඩ කළ හැකිය. මෙම සංතෘප්ත මේදය බහුල ආහාර වැඩි වශයෙන් පරිභෝජනය නිසා ශරීරයේ කොලෙස්‌ටරෝල් තත්ත්වය ඉහළ නැඟීමෙන් හෘදයේ ඇති ධමනි තුළ මේදය තට්‌ටු වශයෙන් තැන්පත් වී රුධිර ගමනාගමනය අපහසු වී හෘදයාබාධ හටගනී.

එමෙන්ම මෙම කොලෙස්‌ටරෝල් මොළයේ තැන්පත් වීමෙන් අංශභාගය වැනි භයානක රෝග තත්ත්වයන්ටද මුහුණදීමට සිදු වේ.

සංතෘප්ත මේදය බහුල ආහාර

එළකිරි, මී කිරි, බිත්තර කහමදය, එළුමස්‌, හරක්‌ මස්‌, ඌරු මස්‌, පීකුදු, චීස්‌, බටර්, බේකන්, හැම්, සොසේජස්‌, පොල්, කජු, රටකජු වැනි ආහාර.

අසංතෘප්ත මේදය බහුල ආහාර

අලුත් එළවළු, පළා වර්ග, පලතුරු (අලිගැටපේර හැර), කුඩා මාළු, නිවුඩ්ඩ සහිත සහලේ බත්, සම ඉවත්කොට පිසූ කුකුළු මස්‌, මේදය රහිත කිරි, සෝයා තෙල්, සූරියකාන්ත තෙල්.

කොලෙස්‌ටරෝල් 65% ප්‍රමාණයක්‌ ශරීරයේ ප්‍රධාන වටිනාම අවයවයක්‌ වන අක්‌මාව මගින් නිපදවෙන බවත් ඉතිරි 35% ක ප්‍රමාණය ශරීරයට ලැබෙන්නේ අප ගන්නා ආහාර මගිනුත් බව සොයාගෙන ඇත. සාමාන්‍යයෙන් කොලෙස්‌ටරෝල් අධික රෝගියකු වැලමිට පිටුපස, උඩු අල්ල, ඇසයට, බල නහරය, දනිස්‌කටු පරීක්‍ෂාවට ලක්‌කළ විට, කහ පාටට හුරු ලප වශයෙන් කොලෙස්‌ටරෝල් තැන්පත් වී ඇත. එම පුද්ගලයන් වඩාත් ප්‍රවේශම් විය යුතුය.

ආහාර මෙන්ම, අධික දුම් පානය, දැඩි මානසික පීඩනය, ශරීරයේ ස්‌ථූල බව, මධුමේහය, කය වෙහෙසා වැඩ කටයුතුවල නොයෙදීම හා වයසද මේ රෝගය සඳහා හේතු වේ.

මෙම රෝගයෙන් මිදීම සඳහාත් රෝගයට ගොදුරු නොවීමටත් ගත හැකි ආහාර

කෙඳි සහිත ආහාර ගැනීම

නිවුඩු සහලේ බත්, කුරක්‌කන්, ඕලු ඇට ගුණයි.

සෝයා බෝංචි හා වෙනත් ධාන්‍ය ආහාරද, පලතුරු මගින් ශරීරයේ අධික තෙල් බොහෝ විට අඩු වේ.

තුඹ, හාතාවාරිය, රතුලූනු, ඇඹරැල්ලා, සලාද කොළ ඉතාමත් ගුණයි.

පොළොස්‌, කොහිල, කෙසෙල්මුව, මානෙල් අල, නෙළුම් අල, බතල, හුලංකීරිය, පලා වර්ග, කොළ හා තැඹිලි පැහැති එළවළු, කැරට්‌, රතුමල් ගෝවා, තක්‌කාලි, නිවිති වඩා ගුණයි.

තැඹිලි වතුර, කුරුම්බා වතුර, ස්‌වභාවික ඔසු තැම්බූ ජලය විශේෂයෙන් කරපිංචා, බැබිල මුල්, කුඹුක්‌ පොතු, උළුහාල්, සුදුලූනුq, අරළු, බුළු, නෙල්ලි, කළුදුරු, රණවරා, කොල්ලු ආදිය තැම්බූ ජලය තේ වෙනුවට බීමට ගන්න.

කුඩා මත්ස්‍ය වර්ග අතරින් සැමන් මසුන් ගුණයි. එසේම පිටි ආහාර ගැනීම නිසා මේදවලින් ඇතිවන අහිතකර තත්ත්ව ඇති නොවන අතර ගන්නා මේද ප්‍රමාණය තනුක වීමක්‌ද සිදු වේ.

දිනපතා ආහාර සමඟ රතුලූනු ගෙඩි 3 - 4 ක්‌ පමණ සහ සුදුලූනුq බික්‌ 3 - 4 ක්‌ පමණ ආහාරයට ගැනීම.

කරපිංචා කැඳ සාදා බීම

කරපිංචා දළු, ගොරකා, රතුළුEණු සමඟ ලුණු මිරිසක්‌ මෙන් සකසා දිනපතා ආහාරයට ගැනීම

නොගත යුතු ආහාර

සත්ව මේදය අඩංගු ආහාර එනම් බටර්, චීස්‌, පීකුදු

සත්ව මොළය, ප්ලීහාව වැනි කොටස්‌

එසේම යොදය සහිත කිරි ආහාර

මද්‍යසාර භාවිතය අඩු කරන්න.

අයිස්‌ක්‍රීම්, සකස්‌ කළ බීම වර්ග සීමා කරන්න.

ඉස්‌සන්, කකුළුවන්, බිත්තර, රටකජු නුසුදුසුය.

පුඩිං වර්ග, මුදවපු කිරි, යෝගට්‌, බටර්, මාගරින් නුසුදුසුය.

සුප් කැට, මස්‌ වර්ග අගුණය.

මීට අමතරව ආතතියෙන් මිදීමට මානසික ඒකාග්‍රතාව පවත්වාගෙන යන ක්‍රියාකාරකම්වල යෙදීම, බර අඩු කරගැනීම සඳහා ක්‍රමවත් ව්‍යායාමවල යෙදීම.

දවසකට පියවර 2000 ක්‌ වත් ඇවිදීමේ යෙදෙන්න.

ආයුර්වේද වෛද්‍ය
පියුමි මල්ලිකාරච්චි අරංගල

සංස්‌කරණය වසන්තා ශ්‍රියාකාන්ති

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jun 2017 07:56 PM
මටත් කොලොස්ට්‍රොල් තියෙනවා ..ඉතින් බිත්තර ඉස්සො නොකා මොනවද කන්නෙ ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
13 Jun 2017 06:06 AM
මන් හිතන්නේ මේ කියන්නේ වැඩි පුර කන්න හොද නැ කියලා නේද ..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Jun 2017 07:05 AM

බද්ධ කළ වකුගඩුව ප්‍රතික්ෂේප වුණොත්

වකුගඩු බද්ධ කිරීමකදී සැත්කම කෙතරම් සාර්ථකව සිදු කළද එය ප්‍රතික්ෂේප නොවී රැක ගැනීම උදෙසා රෝගියා සතුව විශාල කාර්යභාරයක් පවතී. මූලික වශයෙන්ම රෝගියාට නිර්දේශ කරන ඖෂධ, ගන්නා මාත්‍රාව සේම වෛද්‍ය උපදෙස් නිසියාකාරව පිළිපැදීමද ඉතා වැදගත්ය. එය රෝගියා සතු යුතුකම සේම වගකීමද වේ.

වකුගඩුව ප්‍රතික්ෂේප වීම වැළැක්වීමට අදාල ඖෂධ ලබා ගත්තද එය ප්‍රතික්ෂේප වීමේ අවදානමක් පවතී. මෙය වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කිරීමෙන් පළමු මාස 03 ඇතුළත සිදු වීමේ සම්භාවිතාවක් ඇත.

බොහෝ විට  බද්‍ධ කිරීමක් කරනු ලැබූ සෑම රෝගියකුටම එක් ප්‍රතික්ෂේප වීමක් අක්දැකීමට සිදුවිය හැකියි. එය වලක්වා ගැනීමට ඖෂධ ලබා දෙනු ඇත.

වකුගඩු ප්‍රතික්ෂේප වීම ඔබ හඳුනා ගන්නේ කෙසේද?

මේ සඳහා නිසි පරිදි රුධිර පරීක්ෂණ සහ අනෙකුත් විශේෂිත පරීක්ෂණ සිදු කරනු ලැබේ. එවන් අවස්ථාවක පහත ලක්ෂණ මතුවේ නම් වෛද්‍යවරයා වෙත දන්වා සිටින්න.

- පිටවෙන මුත්‍ර ප්‍රමාණය අවම වීම

- ඉතා ඉක්මනින් බර වැඩි වීම

- වළලුකර ප්‍රදේශය ඉදිමීම

බොහෝ අවස්ථාවල වකුගඩු ප්‍රත්ක්ෂේප වීම සාමාන්‍ය තත්ත්වයට පත් වේ. වකුගඩුව ප්‍රතික්ෂේප වී ඇතැයි සැක සිතෙන අවස්ථාවක වකුගඩුවෙන් කුඩා කොටසක් ලබා ගෙන

ස්කෑන් පරීක්ෂණයක් සිදු කරයි. ඇතැම් අවස්ථාවලදී  sterord ඖෂධ අධික මාත්‍රාවලින් ලබා දීමට සිදු වේ.

ඉතා කලාතුරකින් ඔබගේ සිරුරේ ස්වාභාවිකව ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් ප්‍රබලව බද්ධ කරන ලද වකුගඩුව ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් ඔබට නැවත රුධිර කාන්දුපෙරණය ආරම්භ කිරීමට සිදුවේ. කෙසේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට අවසාන ප්‍රතිඵලය වෙනස් වේ.

- එක්සත් රාජධානියේ ඩම්ෆ්‍රීස් සහ ගැලොවේ ජාතික වෛද්‍ය සේවයේ වකුගඩු සහ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීකා රත්නමලල

-සටහන -මාධවී ධර්මරත්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Jun 2017 08:25 AM
නොදන්න කරුනු ටිකක්. ස්තූතියි මල්ලි දැනුවත් කලාට.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Jun 2017 06:13 PM

මතින් මිදෙන මග හඳුනා ගනිමු

මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි යන සියල්ල ඇබ්බැහිකාරක ඝනයට අයත් ද්‍රව්‍යයන් ලෙස සැළකේ. මේවායේ අඩංගු රසායන ද්‍රව්‍යයන් රුධිරය මගින් මොළය තුළට පරිවහනය කිරීමෙන් අනතුරුව මොළය තුළ අපගේ ජීව ක්‍රියාවන් යාමනය කරන ස්‌නායු සම්ප්‍රේෂක රසායන ද්‍රව්‍යයන් අනුචිත ලෙසින් ශ්‍රාවය කිරීමට පොළඹවනු ලැබේ.

ඒ අනුව මොළය තුළ "ඩෝපමින්" නම් රසායනිකය වැඩිපුර නිපදවනු ලැබේ. මෙම ඩෝපමීන් මගින් පුද්ගලයා තුළ සතුට දනවන හැඟීමක්‌, සැහැල්ලු සිතෙන හැඟීමක්‌ ඇතිකරයි. සිරුරින් ඇබ්බැහිකාරක ඉවත්වීමත් සමගම එතුවක්‌ අසාමාන්‍ය ලෙසින් ශ්‍රාවය වූ _ඩෝපමින් ශ්‍රාවය වීම අඩූවීම නිසා එම පුද්ගලයාගේ සිරුරට අපහසු ගතියක්‌ දැනෙන අතර නැවත් පෙර තත්ත්වය අත්කරගැනීම පිණිස එම රසායනිකය සිරුරට ලබාගැනීම සදහා තදබල ලෙස ආශාවක්‌ ඇතිකරනු ලැබේ. මෙය මත්ද්‍රව්‍ය සදහා ඇතිවන කෑදරකම ලෙසින් හැඳින්විය හැකිය. ඇතැමුන් මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් වැළකී සිටීමට උත්සාහ කළද, පුනරුත්ථාපන මධ්‍යස්‌ථානවල පුනරුත්ථාපනය වුවද නැවත නැවත මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට පෙළඹෙනුයේ මේ හේතුව නිසාය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින යමෙකු ඉන් බැහැරකර ගැනීම සදහා, මත්ද්‍රව්‍ය පානය නැවැත්වීම නිසා සිරුරට දැනෙන නොයෙකුත් අපහසුතා සමනය කිරීමත් නැවත නැවත පානය කිරීමට පොළඹවන මත්ද්‍රව්‍ය කෑදරකම නැවැත්වීමත් සමගාමීව සිදුකිරීම අවශ්‍යවේ. මෙය මොළය තුළ ඇතිකරනු ලබන හැගීමක්‌ නිසා මෙයින් වැලකීම පිණිස මනස ශක්‌තිමත් කිරීම මූලිකවම අවශ්‍යවන අතර ඖෂධ භාවිතය මගින් එය සාර්ථක කරගැනීමට උපකාර කිරීමක්‌ පමණක්‌ සිදුකරයි.

දුම් පානය කිරීමේදී එහි ඇබ්බැහිකාරකය වනුයේ "නිකොටින්" නමින් හඳුන්වන රසායන ද්‍රව්‍යයයි. එය නැවැත්වීම මගින් සාපේක්‌ෂව සිරුරට තදබල අපහසුතාවයන් ඇති නොකරන නිසා වෙනත් ඖෂධ භාවිතා නොකර, මනස ශක්‌තිමත් කරගැනීම මඟින් පමණක්‌ම මෙම ඇබ්බැහියෙන් මිදීමට හැකියාව ඇත. පානය කරන දුම්වැටි ප්‍රමාණය අඩුකරමින් ටිකෙන් ටික එය නැවැත්වීමට උත්සාහ කිරීම එතරම් ඵලදායි නොවේ. දුම්වැටි හෝ ගංජා පානය එකවරම නවතාදැමීම වඩා යෝග්‍ය වන්නේ එමගින් සාර්ථක ප්‍රතිඵල වඩා ඉක්‌මනින් ලබාගත හැකි බැවිණි. කුඩා සටහන් පොතක්‌ ගෙන උදැසන අවදිවූ විගස ඉදිරි පැය තුළ තමන් දුම් පානය නොකරන බවට තමන්ටම පොරොන්දු වී අත්සන් කරන්න. ඒ පැය අවසන් වූ විටම ඊළඟ පැය තුළ දුම් පානය නොකරන බවට පෙර පරිදිම ලියා අත්සන් කරන්න. ඒ අයුරින් දිනය පුරාමත් පසු දා එකවර පැය දෙකක්‌ දක්‌වාත්, ඊළඟ දිනයේදී එක වර පැය තුනක්‌ ආදී වශයෙන් කිරීම මගින් දුම් පානයෙන් මිදීමට හැකියාව ඇත.

නමුත් මත්පැන් සඳහා ඇබ්බැහිවූවන් ඉන් මුදවාගැනීම එතරම් පහසු නොවනුයේ මත්පැන් පානය කිරීම නැවැත්වීමත් සමගම ඔවුන්ට යම් යම් කායික සහ මානසික අපහසුතාවයන් ඇතිවීම හේතුවෙනි. කෙසේ වුවත් මනස ශක්‌තිමත් කිරීම මගින් නැවත මත්පැන් පානයට පොළඹවන සිතුවිලි යටපත් කිරීමේ චර්යාත්මක මනෝ වෛද්‍ය ප්‍රතිකාර සමගින් මත්පැන් පානය නැවැත්වීම සදහා වන ඖෂධ භාවිතා කිරීම මගින් මෙම තත්ත්වයෙන් මිදිය හැකිය. මත්පැන් සිරුර තූළ ජීර්ණය වීමේ ක්‍රියාදාමය අතරමැදින් නැවැත්වීම මේ සඳහා යොදාගන්නා DISULFIRAM නම් ඖෂධයෙන් සිදුකරනු ලැබේ. එවිට සිරුර තුළ ඇසිටැල්ඩිහයිඩ් නම් රසායන ද්‍රව්‍ය එකතුවීම නිසා දැඩි අප්‍රසන්න හැඟීමක්‌ ඇතිවේ. වමනය සමග සිරුරට ඇතිවෙන අපහසුතාවය නිසා මත්පැන් පානයෙන් තොරව සිටීම සදහා එය ප්‍රයෝජනවත් වේ.

හෙරොයින් වැනි ප්‍රබල ඇබ්බැහිකාරක සඳහාද තදින් මත්පැන් පානයට යොමුවූවන් සදහාද ඒවාට ඇතිවන 'කෑදරකම' නැවැත්වීම සඳහා ප්‍රධාන වශයෙන් ඖෂධ වර්ග තුනක්‌ භාවිතා කරනු ලැබේ. NALTREXONE සහ ACAMPROSATE යන ඖෂධ භාවිතකොට මොළය තුළ ඇති, මත්ද්‍රව්‍යයන් බැඳෙන ආධාරකයන් මත එම ඖෂධයන් බැඳීමට සලස්‌වා එම ආධාරකයන්ට මත්ද්‍රව්‍ය බැඳීම වලක්‌වාලනු ලැබේ. එවිට මොළය තුළ 'ඩෝපමින්' සෑදීම අවහිරවීම නිසා කෙතරම් මත්ද්‍රව්‍ය භාවිතා කළද පෙර මෙන් 'සතුට දනවන හැගිමක්‌' නොදැනෙන නිසා ඒ සදහා 'කෑදරකමක්‌' ඇතිනොවේ. එසේම අපස්‌මාර රෝගයට කලක සිට භාවිතා කරන TOPIRAMATE නම් ඖෂධය මගින් මොළය තුළ සෑදෙන ඩෝපමින් ක්‌ෂනිකව ඉවත්කිරීමේ හැකියාව ඇති බැවින් එම ඖෂධය ද මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් වලින් මුදාගැනීම සදහා සාර්ථකව යොදාගනු ලැබේ. මෙම ඖෂධ තුනෙන් මුල් ඖෂධ දෙක භාවිතා කළ හැක්‌කේ මත්ද්‍රව්‍ය භාවිතය නවත්වා, සිරුර විෂ හරන තත්ත්වයට පත්කළ පසුවය. නමුත් TOPIRAMATE ඖෂධය මත්ද්‍රව්‍ය භාවිතා කරන අතරතුරම භාවිතා කළහැකිවීම විශේෂත්වයකි.

ඖෂධ භාවිතය, මනෝ වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශනය මෙවන් මත්ද්‍රව්‍යයන් සඳහා ඇබ්බැහි වූවන් ඉන් මුදාගැනීම සදහා ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම වැදගත් වන නමුදු එවන් පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන් ගේ මෙන්ම මිතුරන්ගේ සහාය සහ උපකාරය ද මේ සඳහා ඉතාමත් අවශ්‍යවේ. කෙසේ වෙතත් එවන් සහයක්‌ ඔහු වටා ඇති සමාජයෙන් බොහෝ විට නොලැබෙන නිසා, තමන් සමග මත්ද්‍රව්‍ය භාවිතා කළ පුද්ගලයන් දකින විට, ආශ්‍රය කරන විට, මත්ද්‍රව්‍ය භාවිතා කළ, මිලට ගත් පරිසරයේ ජීවත්වන විට මෙම පුද්ගලයන් නැවත මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට යොමුවේ. එබැවින් ඒ අය පුනරුත්ථාපනයෙන් පසු එම පරිසරයෙන් ද ඉවත්කර තැබීමට එනම් විදෙස්‌ රැකියාවකට යොමුකිරීම වැනි දෙයක්‌ කිරීමෙන් සාර්ථකව මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් ඉන් මුදාගැනීමේ හැකියාව ඇත.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Jun 2017 06:14 PM

"ෆ්‍රෙ‍න්ච් ෆ්‍ර‍යිස්‌" නිරතුරුව ආහාරයට
ගැනීම මරණය ඉක්‌මන් කරවයි"


ළමා වැඩිහිටි භේදයකින් තොරව ආහාරයට ගැනීමට ප්‍රිය කරන බටහිර කෙටි ආහාරයක්‌ වන "ෆ්‍රෙන්ච් ෆ්‍ර‍යිස්‌" හෙවත් බදින ලද අර්තාපල් අල තීරු පරිභෝජනය කරන අය ඉක්‌මනින් මිය යාමේ අවදානමක්‌ පවතින බව නවතම අධ්‍යයනයකදී අනාවරණය වී ඇතැයි එංගලන්තයේ "ඩේලිමේල්" පුවත්පත සඳහන් කර සිටී.

මෙම "ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්‌" ආහාරයට ගනු ලබන්නන් සාමාන්‍ය අයෙකුට වඩා දෙගුණයකින් දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන බව මෙම අධ්‍යයනයේදී තහවුරු කර ගෙන තිබේ.

වසර අටක කාලයක්‌ පුරා පැවැති මෙම අධ්‍යයනයෙහි වාර්තාවට අනුව අධ්‍යයනයට ලක්‌කළ වයස අවුරුදු 45-79 වයස්‌ කාණ්‌ඩයේ පුද්ගලයන් 4440 දෙනාගෙන් "ෆ්‍රෙ‍න්ච් ෆ්‍ර‍යිස්‌" ආහාරයට ගත් 236 දෙනකු අවසන් වසර එනම් අටවැනි වසර වන විට මිය ගොස්‌ තිබේ. අධ්‍යයනය අවසානයේදී මිය ගිය පිරිස නිරතුරුව බදින ලද අල තීරු හෙවත් "ෆ්‍රෙ‍න්ච් ෆ්‍ර‍යිස්‌"ආහාරයට ගත් අය බව මෙම පර්යේෂකයෝ පවසති.

මෙහිදී අධ්‍යයනයට ලක්‌ කළ 4440 දෙනාගේ ආහාර පුරුදු අධ්‍යයනයට ලක්‌ කර ඇති අතර ඔවුන් එම අට අවුරුදු කාලය තුළදී ආහාරයට ගත් බදින ලද හා නොබදින ලද අර්තාපල් ප්‍රමාණයද විශ්ලේෂණයට ලක්‌ කර තිබේ. මෙම පිරිසට පර්යේෂකයන් ආහාර හා සම්බන්ධ ප්‍රශ්නාවලියක්‌ ඉදිරිපත් කර ඔවුන් ආහාරයට ගත් අර්තාපල් ප්‍රමාණය පිළිබඳ තොරතුරු ලබාගෙන තිබේ.

පෝෂණවේදිනියක වන ජෙසිකා තෝඩින්ට අනුව මෙම අධ්‍යයනයෙහි ප්‍රතිඵලය පුදුම සහගත එකක්‌ නොවන අතර ගැඹුරු තෙලෙහි බදින ලද අර්තාපල් ආහාරයට ගැනීමෙන් කැලරි, සෝඩියම් හෙවත් ලුණු හා ට්‍රාන්ස්‌මේදය පවා අධික වශයෙන් අයෙකුගේ ශරීරගත වීම එයට හේතු වේ.

පෝෂණවේදීන්ට අනුව බදින ලද අර්තාපල් වෙනුවට ආහාරයට ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරය වනුයේ නිවසේදීම තනා ගත් උදුනක පුළුස්‌සාගත් (රෝස්‌ට්&zwnj අර්තාපල් අලය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Jun 2017 06:16 PM

ලොවපුරා ගර්භණීභාවයට පත්වන
කාන්තාවන්ගෙන් සියයට 75 කට
සෞඛ්‍ය සම්පන්න ශරීර බරක්‌ නොමැත"


ආසියාව, ඇමරිකාව හා යුරෝපා රටවල ගර්භණීභාවයට පත්වන කාන්තාවන්ගෙන් සියයයට 75 කට සෞඛ්‍ය සම්පන්න ශරීර බරක්‌ නොමැති බව ඔස්‌ටේ්‍රලියාවේ මොනෑෂ් සරසවියෙහි පර්යේෂකයින් ප්‍රමුඛ ජාත්‍යන්තර පර්යේෂණ කණ්‌ඩායමක්‌ විසින් සිදු කර ඇති නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

එම අධ්‍යයනයට අනුව මෙම කාන්තාවන්ගෙන් සියයට 50 ක්‌ ගර්භණී සමය තුළ පැවැතිය යුතු නියමිත ශරීර බරට වඩා වැඩි ශරීර බරකින් යුතු වන අතර සියයට 23 ක්‌ම නියමිත ශරීර බරට වඩා අඩු බරකින් යුතුය. මෙම තත්ත්වය මත එම කාන්තාවන් නොමේරූ ළදරුවන් බිහි කිරීමේ හා සිසේරියන් සැත්කම්වලට වැඩි වශයෙන් ලක්‌වීමේ වැඩි ප්‍රවණතාවයක්‌ පවතින බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

මෙහිදී පර්යේෂකයින් කණ්‌ඩායම ආසියාව, ඇමරිකාව හා යුරෝපා රටවල මෙයට පෙර සිදු කරන ලද අධ්‍යයනයන් 5000 කට අධික සංඛ්‍යාවක්‌ නිරීක්‍ෂණයට ලක්‌ කර තිබේ.

මෙම අධ්‍යයනයේදී ගර්භණීභාවයට පත්වත කාන්තාවන්ගෙන් සියයට 7 ක්‌ අඩු බරින්ද සියයට 38 ක්‌ අධි බරින් හා තරබාරු බවෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ.
 

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Jun 2017 06:18 PM

ළමුන් අතර තරබාරු බව ඉහළට

ලොව පුරා ළමුන් වැඩිහිටියන්ට වඩා අධික වේගයෙන් තරබාරු බවට පත් වෙමින් සිටින බව "නිව් එන්ග්ලන්ඩ් ජර්නල් ඔµa මෙඩිකල්" වෛද්‍ය සඟරාවෙහි පළ කර ඇති නවතම අධ්‍යයන වාර්තාවක සඳහන් කර තිබේ.

මේ වන විට ලොව වැඩිම තරබාරු ළමා ජනගහනය සිටිනුයේ චීනයේ වන අතර එම සංඛ්‍යාව මිලියන 15.3 කි. ලොව දෙවැනි විශාලතම තරබාරු ළමා ජනගහණය ඉන්දියාවේ වාසය කරන අතර එම සංඛ්‍යාව මිලියන 14.4 කි. ළමුන් වැඩි වශයෙන් තරබාරු බවට ගොදුරු වීමට හේතු වී ඇත්තේ ධනවත් බව හෝ ආදායම් මාර්ග වැඩිවීම නිසා නොව ශක්‌තිජනක ආහාර අධිකව පාරිභෝජනයට හුරු වීම බව පර්යේෂකයෝ සඳහන් කර සිටිති.

මෙම අධ්‍යයනය මෙහෙයවූ සහායක මහාචාර්ය වෛද්‍ය අෂ්කන් අµaෂින්ට අනුව ශරීරයෙහි බර අධිකව වර්ධනය වීම මෙම කාලයේ ලොව පවතින දැඩි අභියෝගාත්මකව මහජන සෞඛ්‍ය ගැටලුව බවට පත්ව තිබේ.

මේ නිසා ශරීරයෙහි තරබාරු බව මැන බලන ශරීර ස්‌කන්ධ දර්ශකය හෙවත් බී එම් අයි අගය ඉහල යාමේ ප්‍රවණතාවය තවදුරටත් අඩු කරලීමට මැදිහත් වී ක්‍රියා කළ යුතුව ඇතැයි ඔහු සඳහන් කර සිටී.

එංගලන්තයේ මහජන සෞඛ්‍ය පිළිබඳ ප්‍රධාන පෝෂණවේදියෙකු වන වෛද්‍ය ඇලිසන් ටෙඩ්ස්‌ටෝන්ට අනුව ගෝලීය වශයෙන් මෙම තරබාරු වසංගතයට විසඳුම් සැපැයීමට නම් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුව ඇත.

ඔහුට අනුව එංගලන්තය තරබාරු බව පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා ඵලදායී ක්‍රියාමාර්ග ගෙන ඇති ලොව ප්‍රධානතම රට වන අතර ලොව සෙසු රටවල්ද එම තත්ත්වය උදාහරණයට ගෙන ඒම ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ නම් මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම අසීරු නොවනු ඇත.

එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් කුඩා ළමුන් වැඩි වශයෙන් පරිභෝජනය කරනු ලබන ආහාර වර්ගවල අන්තර්ගතව පවතින සීනි ප්‍රමාණයන් අඩු කරලීම සඳහා එරට ආහාර කර්මාන්තකරුවන් වෙත උපදෙස්‌ මාලාවක්‌ නිකුත් කර තිබේ. ඒ හරහා දියවැඩියාව ඇතුළු බෝනොවන රෝග රැසක්‌ද වළක්‌වාලීම ඉලක්‌ක කර ගෙන ඇතැයි හෙතෙම අවධාරණය කළේය.

තරබාරු බව 1980 වසරේ සිටම ලොව පුරා වර්ධනය වෙමින් පවතින සෞඛ්‍ය ගැටළුවක්‌ වන අතර එතැන් සිට ලොව පුරා රටවල් 70 ක පමණ තරබාරු බව දෙගුණයකින් වැඩි වී තිබේ. වැඩිහිටියන් හා ළමුන් අතර තරබාරු බව ඉහළ මට්‌ටමක පවතින රට බවට ඇමරිකා එක්‌සත් ජනපදය පත්ව ඇති අතර එම ප්‍රතිශතය රටේ ජනගහනයෙන් සියයට 13 කි.

ලොව වැඩිම තරබාරු ජනගහනය සිටින රට ඊජීප්තුව බව අනාවරණය වී ඇති අතර එරට වැඩිහිටියන් ගෙන් සියයට 35 ක්‌ තරබාරුභාවයට පත්ව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊජීප්තුවෙහි තරබාරු බව වැඩි වීමට ප්‍රධාන හේතුව වශයෙන් දක්‌වා ඇත්තේ ඊජීප්තු වැසියන් අතර කායික ව්‍යායාමය මඳ වීමයි. එහෙත් පෝෂණවේදියක වන වෛද්‍ය ෂෙරින් එල් ෂිමිට අනුව ඊජීප්තු වැසියන් අතර තරබාරු බව වැඩිවීමට හේතු වී ඇත්තේ ඊජීප්තු වැසියන් සීනි ආහාරයට ගැනීමට දැඩි ඇල්මක්‌ දැක්‌වීමයි.

ලොව අඩුම තරබාරු ජනගහණය සිටිනුයේ බංග්ලා දේශය හා වියට්‌නාමය යන රටවල වන අතර එම ප්‍රතිශතය සියයට 1 ක්‌ වේ.

ලොව පුරා රටවල බිලියන 2.2 ක්‌ වන ළමා හා වැඩිහිටි ජනගහනයන්ගෙන් සියයට 30 ක්‌ ශරීරරයෙහි බර වැඩි වීමේ ප්‍රශ්නයට ගොදුරුවී සිටිති.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Jun 2017 06:19 PM
අනිවා දෙෆා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
14 Jun 2017 10:18 PM
කෘතිම ආහාර නිසා තමයි ගොඩක්ම
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jun 2017 07:21 AM

වැදගත්ම දේ දරුවාගේ පෝෂණය


ඔබේ දරුවාට නිසි පෝෂණයෙන් යුතු ආහාර වේලක් ලබා දීම මවුපියන් සතු යුතුකමකි. එවිට සදහටම දරුවාව මන්දපෝෂණයෙන් ඈත් කරලිය හැකියි. විශේෂයෙන්ම පාසල් එන දරුවන් සඳහා පෝෂණයෙන් යුත් ආහාර වේලක් මවුපියන් විසින් සකසා දිය යුතුයි. එහිදී පාසල් එන දින 05ට විවිධත්වයෙන් යුත් පෝෂණීය ආහාර වේලක් ලබා දිය හැකිය.

ඒ සඳහා බත්, ධාන්‍ය වර්ගයක්, අල වර්ගයක්, කිරි බත්, ඉඳි ආප්ප, ආටා පිටි දමා සකසා ගත් පෝෂණීය රොටි මේ සඳහා යොදා ගත හැකිය. මෙයාකාරයට විවිධත්වයකින් යුත් ආහාර වේලක් ලබා දී දරුවාගේ ආහාර රුචිය සහ පෝෂණීය ගුණය ඉහළ නැංවිය හැකිය.

ඔබේ දරුවාට දෙන ආහාර වේලකදී පහත උපදෙස් පිළිබඳවත් සැලකිලිමත් වන්න.

-උදෑසන ආහාර වේල ප්‍රමුඛතම ආහාර වේල වන අතර සැමවිටම ඊට සමබර ආහාර ඇතුළත් කරන්න.

-උදෑසන පිබිදුණු විගස කිරි කෝප්පයක් පානය කිරීමෙන් අනෙකුත් වැදගත් ආහාර ලබා ගැනීමට බාධාවන බැවින් ඉන් වලකින්න.

උදෑසන ආහාරය සඳහා සමබර ආහාර වේලක් ලබා ගැනීමෙන් පහත වාසි අත්වේ.

-දරුවා අධ්‍යාපන විෂයය සඳහා දක්ෂ වේ.

-පාඩම් සඳහා දරුවාගේ නිරන්තර අවධානය යොමු වේ.

-කළහකාරී හැසිරීම්වලින් වැළකේ.

-ලෙඩ රෝගවලට ගොදුරු වීම අඩු වන බව සහ එවැනි රෝග වැළඳුන විට කඩිනමින් සුව වන බව

-ගැස්ට්‍රයිටීස් සහ මළබද්ධය වැනි රෝගවලින් වැළකිය හැකිය.

එසේම සොසේජස් වර්ග, ක්ෂණික නූඩ්ල්ස්, කෘතිම වර්ණක, රසකාරක යෙදූ ආහාර පාන වර්ග. ඇතැම් මාගරින් වර්ග සහ යළි යළිත් භාවිත කරන තෙල්වලින් සකසන ලද ආහාරවල පිළිකා ජනන හැකියාව ඉහළ බැවින් දරුවා එයින් ඈත් කරන්න.

ශරීරයේ නියමිත ආකාරයට කායකර්ම සිදු කිරීමට අත්‍යවශ්‍ය ජලය ශරීර ස්කන්ධයට සරිලන අයුරින් ලබා දෙන්න. එවිට මන්දපෝෂණයෙන් තොර නිරෝගි දරුවකු බිහි කිරීමේ සිහිනය සැබෑවක් වනු ඇත.

රාගම රෝහලේ පෝෂණවේදී සායනය මගින් නිකුත් කළ අත් පත්‍රිකාවක් ඇසුරිණි.

සටහන - මාධවී ධර්මරත්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jun 2017 06:14 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16989.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16990.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16991.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16992.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16993.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16994.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16995.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/16996.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jun 2017 06:41 PM

http://www.rivira.lk/epaper/diyaniya/2017/06/07/files/assets/common/page-substrates/page0025.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jun 2017 02:10 PM

බටහිර වෛද්‍ය විද්‍යාවේ විසෙන් විස නසන්න
සර්ප විෂ භාවිත කරන්නේ මෙහෙමයි...


සත්ත්වයින්ගේ විෂ (Venoms) යන වචනය පවා හරිම බියකරුය.

අප එතරම්ම බියවන්නේ අවසානයේ දී අපට අකල් මරණය ළඟා කර දෙන නිසාය එහෙත් මේ වන විට සර්ප - උරග විශේෂ බටහිර වෛද්‍ය විද්‍යාව තුළ ඖෂධීය වශයෙන් සංවිධානය කොට භාවිත කිරීම සුලභ වී ඇත. පොළඟා වැනි සතුන්ගේ දරුණු දළ පහර ගැන කතා කිරීමට ද අවශ්‍ය නැත. ඔබගේ සමේ තාපයට මෙම සතුන්ගේ ඇස්‌වලට යටින් පිහිටා ඇති අධෝරක්‌ත සංවේදන ක්‍රියාත්මක වී ඔබ සොයා පැමිණෙයි. ඇමරිකානු වනාන්තර වල මෙම සත්ත්වයන් ඉතා සුලභ වන පොළඟ විෂ අපගේ හෘදයට බලපායි. මේ නිසා අධි රුධිර පීඩනය පෙළෙන පුද්ගලයන්ට ප්‍රතිකාරය ලෙස පොළඟ විෂ වලින් නිර්මාණය වන ඖෂධ ලබා දීමට බටහිර වෛද්‍ය විද්‍යාව තුළ සිදු වෙයි.

සර්ප විෂ වල පවතින රසායන සංයෝගයන් මේ ආශ්‍රිත ඖෂධවලට වෛද්‍ය විද්‍යාවේ ප්‍රමුඛතාවයන් ලැබී ඇත. බොහෝ ඵලදායී ඖෂධ මෙම ඖෂධ මගින් ගොඩනැඟී ඇත. මෙම විෂ වර්ග ලබා දුන් පසුව ඒවා ඉලක්‌කගත ඉන්ද්‍රිය වෙත ගමන් ගන්නාතුරු ආරක්‍ෂා වී තිබිය යුතුය. ඉන්පසුව අවට අපට අතුරු ආබාධ රහිතව එය ක්‍රියාත්මක විය යුතුය. වර්තමානයේ දී බටහිර වෛද්‍ය විද්‍යාවේ අරමුණ ද එයයි.

සර්පයන් යන වචනය ඇසීමට පවා අපි බියක්‌ දක්‌වමු. මෙයට හේතුව සර්පයින් දෂ්ඨ කළ විට ශරීරය තුළට විෂ පැමිණීමත් එම විෂ ශරීරගත වූ විට සුව කිරීමට අපහසු බවට පවතින මතයත්ය. ලංකාව සර්පයන් සඳහා ආගන්තුක භූමියක්‌ නොවුවද බොහෝ පුද්ගලයන්ට තමන්ට දෂ්ඨ කළ සර්පයා හඳුනා ගැනීමට නිසි පරිදි නොහැකි වීමත් බොහෝ විට දෂ්ඨ කළ
සර්පයා වහා ඉවතට ඇදී යාමත් බරපතළ ගැටලුවක්‌ බවට පත්ව ඇත. ලංකාවේ බොහෝ ප්‍රදේශවල එකම සර්පයාට විවිධ නම් භාවිතා වන අතර තවමත් සර්පයකු දෂ්ඨ කළ විට දේශීය වෛද්‍ය කර්මයේ පිහිට පැතීමට බොහෝ දෙනකු උනන්දු වන බව පෙනේ. මේ වන විට සර්ප විෂට එරෙහිව සාර්ථක ප්‍රතිකර්ම බටහිර වෛද්‍ය විද්‍යාව තුළ දියුණු වී ඇති අතර මේ ලිපියේ අරමුණ ඒ කෙරෙහි අවධානය යොමු කිරීමයි.

ලංකාවේ සිටින සර්පයන්ගෙන් වැඩිම ප්‍රමාණයක්‌ විෂ සහිත වූවන් නොවෙයි. සර්ප විෂ නිසා මිය යන්නවුන්ගෙන් වැඩිම ප්‍රමාණයකට වගකිව යුත්තේ ප්‍රධාන සර්ප විශේෂ 04 කි. මොවුන් උග්‍ර විෂ සහිත සර්පයන්ය. ඔවුන් නම්

1. නයා Naja naja - Cobra

2. තිත් පොළගා Vipera russelli - Russell’s Viper

3. කරවලා තෙල් කරවලා Bungarus caeruleus

4. මූදු කරවලා Bungarus ceylonicus

ලංකාවේ ගොඩබිමින් හමුවන උග්‍රම විෂ සහිත සර්පයා කරවලාය. මෙම සර්පයන් බාහිරින් හඳුනා ගැනීමේ ලක්‌ෂණ පවතින අතරම මතුවන රෝග ලක්‌ෂණද, දෂ්ඨ කළ වෙලාව ආදිය ද සර්පයා හඳුනා ගැනීමට උපකාරී වෙයි.

නයා පිම්බිය හැකි පෙනය විශේෂ ලක්‌ෂණය වෙයි. ඒ මතුපිට 'ප' සලකුණ ඇත. ක්‌ෂණයකින් කිපෙන සර්පයකු වන නයා එවිට වහා පෙනය පුම්බාලයි.
නයකු දෂ්ඨ කළ විට දෂ්ඨ කළ ස්‌ථානයේ වේදනාව, ඉදිමීම, වතුර බිබිලි මතුවීම මෙන්ම පටක මිය යැමද සිදුවෙයි. නයි විෂ ස්‌නායු පද්ධතියට ප්‍රධාන ලෙස බලපාන (Neuro toxic) අතර මේ නිසා ශ්වසනයට උපකාරී වන මාංශ පේශීන් අක්‍රීය වී ශ්වසනය අපහසු වෙයි. එබැවින් මෙවැනි රෝගියකුට ප්‍රතිකාර කිරීමේදී ඒ කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමත්, මියගිය පටක කොටස්‌ ශල්‍යකර්මයකින් කපා ඉවත් කිරීමත් වැදගත්ය.

නයාගේ පහර දීම බොහෝ විට වැලමිටට සහ දණහිසට පහළින් සිදු වෙයි.

මේ අනුව නයාගේ බාහිර ලක්‌ෂණ රෝග ලක්‌ෂණ සහ දෂ්ඨ කර තිබෙන ස්‌ථානය එම සර්පයා හඳුනා ගැනීමට උපකාරී වෙයි.

තිත් පොළඟා

හිස මත ත්‍රිකෝණාකාර V සළකුණක්‌ ඇත. හිස සිට වලිගය ප්‍රදේශය දක්‌වා ඉලිප්සාකාර සළකුණු ක්‍රමාණුකූලව දම්වැලක පුරුක්‌ ආකාරයට පිහිටා ඇත. නාස්‌ ප්‍රදේශයේ කොරලය ඇස තරමට විශාලය. කිපුණ විට තදින් පිඹියි.
 

තිත් පොළඟාගේ විෂ ආකාර තුනකට ශරීරයට බලපායි.

දෂ්ඨ කිරීම සිදු කළ ස්‌ථානයේ ඉදිමුම, ස්‌නායු ක්‍රියාකාරිත්වය අඩපණ වීම සහ ශරීරයේ රුධිරය කැටි ගැසීමේ යාන්ත්‍රණ අක්‍රීය වීම සිදුවෙයි.

ස්‌නායු ක්‍රියාකාරිත්වයේ අඩාලවීම ඇසේ මාංශ පේෂීන්ෙa චලනයන් අඩපණ කරයි. රුධිරය කැටි ගැසීම අඩාලවීම ප්‍රබල ලෙස ශරීරයේ ක්‍රsයාකාරිත්වයන්ට හානි කරයි. මේ නිසා වකුගඩු වල ක්‍රියාකාරිත්වය බිඳ වැටෙයි. මෙය තිත් පොළඟ විෂ නිසා වන බරපතළම හානියයි. මේ නිසා මෙලෙස තිත් පොළඟෙකු සපා කෑ විට වකුගඩු පද්ධතියේ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට අවධානය යොමු කළ යුතුය.

තිත් පොළඟාද දණහිසට පහළින් සහ වැළමිටට පහළින් සපා කයි.

කරවලා

තෙල් කරවලා සහ මූදූ කරවලා ලෙස ප්‍රධාන ආකර දෙකකි. තෙල් කරවලාගේ ශරීරය තෙල් දමා පිරිමැද්දාක්‌ මෙන් දිළිසෙයි. ශරීරයේ සුදු පැහැ මුදු දෙක බැගින් වන වර්ණ රටාවකින් යුක්‌තය. තද කළු පැහැතිය.

මූදූ කරවලා හෙවත්

දුනු කරවලාගේ ශරීරය කළු සහ සුදු තීරු වලින් යුක්‌තය. මේවා මුදු මෙන් පිහිටා ඇත. උග්‍ර විෂ සහිත වුවත් දෂඨ කිරීමට තරමක්‌ මැලිකමක්‌ දක්‌වන්නෙකි.

මෙම සර්පයාගේ විෂ ප්‍රධාන වශයෙන් ස්‌නායු පද්ධතියට බලපා ඉන් ශ්වසන පද්ධතියේ මාංශ පේශීන් අක්‍රීය කරයි. ශ්වසන අපහසුතාව මරණයට හේතුවයි. කරවලුන් ශරීරයේ ඕනෑම තැනක්‌ සපා කන අතර සාමාන්‍යයෙන් සවස 6 ත් උදෑසන 6 ත් අතර කාලයේ දී බහුල වශයෙන් හමුවන අතර, ලංකාවේ මැයි සිට නොවැම්බර් අතර කාලයේ දී ප්‍රධාන වශයෙන් ක්‍රියාකාරී වෙයි.

පොළොන්තෙලිස්‌සා හෙවත් කුණකටුවා ද සාමාන්‍ය විෂ සහිත සර්පයකු වන අතර ලංකාවේ බහුල ලෙස මිනිසුන්ට දෂ්ඨ කරන සර්පයාද වෙයි. ත්‍රිකෝණාකාර හිස පැතලිය. හොම්බ උඩට ඉස්‌සීම නිසා Hump nosed viper ලෙස හැඳින්වෙයි. ඇසටත්, නාසයටත් අතර විශේෂ සිදුරක්‌ පවතියි. වේදනාව, ඉදිමීම, රුධිර පැහැ ලප සහ වසා ග්‍රන්ථි ඉදිමුම ප්‍රධාන ලෙස දෂ්ඨ කළ විට සිදුවෙයි. රුධිර කැටි ගැසීමේ යාන්ත්‍රණය අඩපණ වීම ප්‍රධාන ගැටලුවකි. වකුගඩු ක්‍රියාකාරිත්වය අඩපණ වෙයි. සමහර අවස්‌ථා වලදී සිහි මදකම, ස්‌නායු අඩපණ වීම, පාචනයට සමාන ලක්‌ෂණ ඇතිවෙයි. අතපය, ඇඟිලි හා වළලු කරට පහළ ප්‍රදේශ සපා කෑමට ලක්‌වෙයි.
 

පළා පොළඟාද (Green pit viper) සාමාන්‍ය විෂ සහිත සර්පයෙකි. දීප්තිමත් කොළ පැහැයකින් යුතු මෙම සර්පයා ලංකාවට ආවේණිකය. මීට අමතරව මාපිලන්, මල්සරා, ඇහැටුල්ලා, වැළි පොළඟා යන සර්පයන්ද සාමාන්‍ය විෂ සහිත ලංකාව තුළ හමුවන ප්‍රධාන  සර්ප විශේෂ කිහිපයකි.


විෂ සහිත සර්පයකු සපා කෑමට ලක්‌ව බටහිර වෛද්‍ය ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් රෝහල් ගත කරනු ලැබූ විට ප්‍රධාන අදියර 05 ක්‌ යටතේ රෝගියාට ප්‍රතිකර්ම යොදයි.

01. රෝගියාගේ තත්ත්වය පරීක්‌ෂාව සහ පවතින රෝග ලක්‌ෂණවලට ප්‍රතිකාර කිරීම.

02. සර්පයා හඳුනා ගැනීම.

03. සර්ප විෂ ශරීරගත වී රෝග ලක්‌ෂණ හටගෙනද, නැද්ද යන්න විනිශ්චය

04. සර්ප විෂට විරුද්ධ ඖෂධ (Anti venome serum- AVS) ලබාදීම.

05. අතුරු ආබාධ පාලනය

රෝගියකු රෝහල් ගත කළ පසුව ඔහුගේ ශ්වසන, හෘද සහ ස්‌නායු ක්‍රියාකාරිත්වයන් විශ්ලේෂණය ඉතා වැදගත් වෙයි. ස්‌නායු වල ක්‍රියාකාරිකත්වයේ අඩපණ වීම ශ්වසනයට උපකාරී වන මාංශ පේශී අක්‍රීය වීමට හේතුවෙයි. රුධිර වාහිනී විස්‌තාරණයේ ප්‍රතිඵලයක්‌ ලෙස රුධිර ගමන අඩපණ වී ඉදිමීම කම්පනය (Shock) ඇතිවෙයි. රුධිර වාහිනී වල පාරගම්‍යතාව වැඩිවීමද මෙයට බලපායි. අතපය සීතල වෙයි. නාඩි ස්‌පන්දනය අඩාල වෙයි. හෘද රිද්මය වේගවත් වෙයි. මෙවැනි රෝගීන්ට හදිසි ජීවීතාරක්‌ෂක ප්‍රතිකාර ක්‍රම වහා ආරම්භ කළ යුතුයි. මේ සඳහා සාර්ථක බටහිර ඖෂධ දැනට සියලුම රෝහල්වල පවතියි.

සර්ප විෂ ශරීරගත වීම නිසා ප්‍රතිඵල (Envenomation) අවධානයට භාජනය කළ යුතුය. පෙර සඳහන් කළ ආකාරයට සපාකන ලද ස්‌ථානයේ හෝ සමස්‌ථ ශරීරයේම හෝ
මෙම ලක්‌ෂණ දැකිය හැකිය. උදරයේ වේදනාව, වමනය, ඔක්‌කාරය, වසා සෛල ප්‍රමාණය ඉහළ නැංවීම මීට අමතරව ස්‌නායු, රුධීර කැටි ගැසීම් වකුගඩු ක්‍රියාකාරිත්වය අඩපණ වීම විශේෂයෙන් සැළකිය යුතුය.

නයා, තිත් පොළඟා, කරවලා සහ වැලි පොළඟා දෂ්ඨකර විෂ ශරීර ගතවී ඇත්නම් සමස්‌ත සිරුර පුරාම රෝග ලක්‌ෂණ මතුවී ඇත්නම් ප්‍රතිවිෂ (AVS) ලබාදීම කළ යුතුය. අනෙක්‌ සර්පයන් සඳහා මෙය ලබානොදිය යුතුය. ඇතැම් අවස්‌ථා වලදී මෙම (AVS) සමහරකුට අසාත්මිකතා (allergy) මතු කරවන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය. මෙම (AVS) ප්‍රතිකාර ලබා දීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි.

පොළොන්තෙලිස්‌සාගේ සපා කෑමකට එය කිසිවිටක ලබා නොදිය යුතුය. තිත් පොළඟකු සපාකෑවද සපාකන ලද ස්‌ථානයේ පමණක්‌ තුවාලය හෝ රෝග ලක්‌ෂණ ඇත්නම් මෙම ප්‍රතිකාරය නොකළ යුතුය.

උග්‍ර විෂ සහිත ඉහත කී සර්පයකු සපා කෑවද විෂ නිසා ශරීරයේ රෝග ලක්‌ෂණ මතුවී නැත්නම් මෙම ප්‍රතිකාරය නොකළ යුතුය. එබැවින් සර්පයා ඉතා නිවැරදිව හඳුනා ගැනීම ඉතා වැදගත් වන අතර රෝගියකු රෝහල් ගත වන විට රෝග ලක්‌ෂණ නොමැති නම් පැය 24, 48 අතර කාලයක්‌ රෝගියාව නිරීක්‌ෂණය ඉතා වැදගත්
වෙයි. මෙම කාලය තුළ රෝගියාගේ රුධිර කැටි ගැසීමේ යාන්ත්‍රණය පරීක්‌ෂාවට මූලික පරීක්‌ෂණ කළ යුතුය.

දැනට ලංකාවේ ප්‍රධාන මූලික රෝහල් බොහොමයක (AVS) ප්‍රතිකාර ලබාදීම සිදුවන හෙයින් සර්පයකු දෂ්ඨ කළ විට සර්පයා හඳුනාගෙන (හැකිනම් සර්පයාද රැගෙන) රෝහල් ගතවීම සර්ප විෂ නිසා වන මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට ඉතා වැදගත් වෙයි. පොළොන් විෂ වීම සඳහා දැනට වෙනමම විශේෂිත ඖෂධයක්‌ Polonga tab ලෙස නිපදවා ඇත. මේ නිසා පොළඟෙකු සපා කෑ විට මෙම විශේෂ ප්‍රතිකාර ක්‍රමය ලබා දීමද දැනට සිදුවෙයි. තමා අවට රෝහලේ මෙම විශේෂ බටහිර ඖෂධ ක්‍රම නොමැති නම් ආසන්නයේම පවතින ප්‍රධාන රෝහලක්‌ වෙත රෝගියා ඉක්‌මනින් රැගෙන යැම ඉතා වැදගත් වෙයි.

වෛද්‍ය - ජී. ජී. චමල් සංජීව
දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ
හම්බන්තොට

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jun 2017 02:12 PM

වායු ගෙඩි සුව කරන්න සැත්කම් ඕනැ නෑ

ප්‍රශ්නය - පසුගිය සති දෙකකට පෙර අප තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීම හා එමගින් හට ගන්නා Hashimoto රෝගය ගැන සාකච්ඡා කළා. එම ලිපියේ ඊළඟ කොටසට යැමට පෙර ඩෙංගු රෝගය පැතිර යැමත් සමඟම එම රෝගය සඳහා ඔබ සොයාගත් පතෝලවලින් කළ හැකි ප්‍රතිකාරයක්‌ ගැන ලිපි දෙකක්‌ පළ කිරීමට සිදු වුණා. ඒ අනුව තයිරොයිඩ් ග්‍රන්ථිය පිළිබඳ ලිපිය පුරා දෙසතියක්‌ පළ කරන්නට අපට බැරි වුණා. අද අප නැවතත් ඒ ලිපි පෙළ අරඹනවා. ඒ ලිපි පෙළ ආරම්භයේදී ඔබ අපට කිව්වා තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීමට අදාළව රෝග හතරක්‌ තිබෙන බව. Hashimoto රෝගය ඉන් එකක්‌. ඉතිරි රෝග තුන ගැන විස්‌තර කරන්න.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අපි අද කතා කරන්නේ Graves Disease නමැති තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝගය ගැනයි. මෙය මෙයට වසර 150 කට පෙර සොයාගත් රෝගයක්‌. මේ රෝගය හට ගැනීමට ප්‍රමුඛතම හේතුව වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය පමණ ඉක්‌මවා ක්‍රියාකාරී වීමයි. මෙය autoimmune තත්ත්වයක්‌. ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය විසින් තයිරොයිඩ් ග්‍රන්ථිය සතුරකු ලෙස හඳුනා ගැනීම නිසා උද්ගත වන තත්ත්වයක්‌. මෙවිට තයිරොයිඩ් ග්‍රන්ථිය පමණ ඉක්‌මවා හෝමෝන නිදහස්‌ කරන්නට පටන් ගන්නවා. මෙය ජානමය උරුමයෙන් එන රෝගයක්‌ වන අතර, ඕනෑම වයස්‌ කාණ්‌ඩයක්‌ තුළ සිටින කාන්තාවකට වැළඳීමට ඉඩ තිබෙනවා. ඉනුත් වයස 20 - 30 අතර කාන්තාවන්ට බහුලව වැළඳෙනවා. අධික විඩාව, ගර්භණීභාවය, දුම් පානය යන කාරණා නිසාත් මේ රෝගය හටගත් රෝගියාගේ ජීවිතය අවදානමකට ලක්‌විය හැකි බවත් අප මතක තබා ගත යුතුයි.

මේ රෝගය නිසා තයිරොයිඩ් හෝමෝන වැඩි වැඩියෙන් රුධිරයට එකතු වන අතර ඒ හේතුවෙන් රෝග ලක්‍ෂණ ගණනාවක්‌ මතු වෙනවා.

ප්‍රශ්නය - මොනවද ඒ රෝග ලක්‍ෂණ

වෛද්‍ය වික්‍රමාරච්චි - කාන්සාව, විඩාව, බාහුවල මාංශ පේෂීන් පෙරැළීම හෘද ස්‌පන්දනය ඉහළ යැම හෝ හෘද ස්‌පන්දනය අක්‍රමවත් වීම, අධික ලෙස දහදිය දැමීම, නිසි ලෙස නින්ද නොයැම හෝ කිසිසේත්ම නිදා ගැනීමට නොහැකි තත්ත්වයක්‌ හට ගැනීම, අජීර්ණය හෝ ආහාර ගත් සැනින් මළ පහ කිරීමට සිදුවීම, ඔසප් චක්‍රය අවිධිමත් වීම, වායු ගෙඩියක්‌ හට ගැනීම, ඇස්‌ නිලංකාර වීම සහ ඇස්‌ පෙනීම දුර්වල වීම යන රෝග ලක්‍ෂණ මේ රෝගයට අදාළව පහළ වෙනවා.

ප්‍රශ්නය - වායු ගෙඩියක්‌ හට ගත් විට එනම් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමුණාම වේදනාවක්‌ හට ගන්නවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මේ මගින් වේදනාවක්‌ ඇති වනවා යෑයි ස්‌ථිරවම කියන්නට බැහැ. බොහෝ විට වේදනාවක්‌ ඇති නොවන්නටත් පුළුවන්. එහෙත් මේ මගින් උගුර ඉදිමී තදබල කැස්‌සක්‌ හට ගැනීමත් ආහාර ගිලීමට අපහසු වීමත් ඇතිවිය හැකියි. සමහර විට හුස්‌ම ගැනීම පවා අවහිර වීමට පුළුවන්.

ප්‍රශ්නය - සැත්කමක්‌ නොකර මෙය සුව කළ හැකිද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ස්‌ථිර වශයෙන්ම පුළුවන්. අප මේවා ඕනෑතරම් සුව කරලාත් තිබෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය විශාල වීම වසර දහස්‌ ගණනක්‌ පරණ රෝගයක්‌. එදා සිටම හැම වෛද්‍ය ක්‍රමයකම මේ සඳහා ප්‍රතිකාර තිබුණා. සැත්කම් නොකර මේ සඳහා කළ හැකි ප්‍රතිකාර තිබෙනවා. ඒවා කසාය හා තෙල් වශයෙන් එන ප්‍රතිකාර.

නොමිලේ විස්‌තර සඳහා
0713464276/ 0759061771
අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jun 2017 02:15 PM

ආත්‍රයිටිස්‌ රෝගයට දින දොළහේ කසාය

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගය සඳහා අද ඔබ අපට දෙන කසාය කුමක්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - දේවදාර, තිප්පිලි, පත්පාඩගම්, රසකිඳ, බෙලි මුල්, ඇත්දෙමට මුල්, පාවට්‌ටා මුල්, අරත්ත අල, සුදුලූනු, උළුහාල්, සූදුරු, මහදුරු, කලං එක බැගින් ගෙන වතුර කෝප්ප අටක දමා, එය කෝප්ප එකට සිඳුවා, සීනි මී පැණි දමා උදේ සවස පානය කළ යුතුයි. දින 12 ක්‌ මෙය පානය කළාම සන්ධි වේදනාව, සන්ධි ඉදිමුම යනාදිය පහව යනවා.

ප්‍රශ්නය - මෙහි තිබෙන ඖෂධ වර්ග ශරීරය කෙරෙහි බලපාන්නේ කොහොමද?

වෛද්‍ය වසන්ත උදයජීව - දේවදාර ගස උද්භිද විද්‍යාත්මකව හඳුන්වන්නේ Cedrus deodara කියන නමින්. ඉන්දියානු අර්ධද්වීපය සහ රුසියානු කලාපයට ආවේණික බවක්‌ මෙහි තිබෙනවා. දේවදාර යන වචනයේ තේරුම දිව්‍යමය ගස කියන එකයි. මළ බද්ධය, ආම දොaෂ. දිවා කාලයේදී නිදිමත හට ගැනීම, කල් පවතින ඉක්‌කාව, උණ, ලේවල හටගන්නා දෝෂ, දියවැඩියාව. පීනස, කැස්‌ස, ඇඟ කැසීම, වාත දොaෂ යනාදියට දේවදාර ගසේ කොටස්‌ ප්‍රතිකාර වශයෙන් යොදා ගන්නවා.

තිප්පිලි - Piper longum යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන තිප්පිලි ආයුර්වේදයේ ආරම්භයේ සිටම පාවිච්චි කෙරන ඖෂධයක්‌. ක්‍රි. පූ. 5 වැනි සියවසේදී ඉන්දියාවෙන් ගෙනා තිප්පිලි නූතන වෛද්‍ය විද්‍යාවේ පියා වන හිපොක්‍රටිස්‌ විසින් ගී්‍රසියට ගෙන ගොස්‌ ඖෂධයක්‌ ලෙස හඳුන්වා දුන්නා. උණට, සෙම්ප්‍රතිශ්‍යාවට, කැස්‌සට, ඉතාම හොඳ ඖෂධයක්‌ ලෙස මෙය හඳුන්වා දිය හැකියි. එසේම පෙනහළු ආබාධවලටත්, ආහාර දිරවීමටත් රාත්‍රි කාලයේදී නින්ද නොයැමටත්, ආත්‍රයිටිස්‌ රෝගයටත් ප්‍රතිකාර කිරීමේදී වසර දහස්‌ ගණනක පටන් තිප්පිලි යොදා ගත්තා. මෙය දියවැඩියාවටත් ගුණ දෙනවා.

පත්පාඩගම් - සෙම් රෝග සමනයට ඉතාම සුදුසුයි.

ඇත්දෙමට - මෙය තම්බා බීමෙන් ආහාර රුචිය ඇති වෙනවා. මළ බද්ධය. අර්ශස්‌ සුව කිරීමට මෙය ඖෂධයක්‌ වශයෙන් යොදා ගන්නවා. මේ මගින් මුත්‍රා අඩස්‌සියටත් ඖෂධයක්‌ තනනවා. ආම වාත රෝගයට හා උණට ඉතාම ශුභයි.

අරත්ත - මෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Alpinia calcarata යන්නයි. කප සහ වාත දොaෂ සඳහා ඉතාම ගුණදායක ඖෂධයක්‌. ඉඟුරු කුලයට අයත් ශාකයක්‌.

(මෙම වට්‌ටෝරුවේ ඇති සෙසු ඖෂධවල උද්භිත විද්‍යාත්මක සහ ඖෂධීය විස්‌තර ඉකුත් සතිවල මේ පිටුවේ පළ වූ ලිපිsවල අන්තර්ගත විය.)

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jun 2017 02:17 PM

මොනවද මේ කර්ණරෝග

ප්‍රශ්නය ශ්‍රී ලංකාව තුළ ENT රෝග එනම් උගුර කණ නාසයට සම්බන්ධ රෝග දිනෙන් දින වර්ධනය වනවා. මෙයිනුත් කනේ රෝගවල විශාල වර්ධනයක්‌ පෙන්නුම් කරනවා. කර්ණ ආසාදනයක්‌ කියන්නේ මොකක්‌ද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - බටහිර විද්‍යාවට අනුව කර්ණ ආසාදනයක්‌ කියන්නේ කන් බෙරයට පසුපසින් පිහිටි මැද කන කොටස වෛරස්‌ ආසාදනයකට ලක්‌ වීමයි. මෙය තමයි කනේ රෝග අතුරින් බහුලතම රෝගය. මෙය ඉතාම වේදනාකාරී රෝග තත්ත්වයක්‌. එයට හේතුව බැක්‌ටීsයා වර්ධනය නිසා කන තුළ ඇතිවන ප්‍රදාහ තත්ත්වය සහ එය තුළ වර්ධනය වන දියර නිසා ඇති වන පීඩනයයි. කනේ හටගන්නා ආසාදන නිදන්ගත හෝ උග්‍ර තත්ත්වයක්‌ පැවතිය හැකියි. උග්‍ර කර්ණ ආසාදන ඉතාම වේදනා සහගත වුණත් කෙටි කාලීනයි. නිදන්ගත කර්ණ ආසාදන දිගු කාලීනයි. ඒවා විටින් විට මතුවෙනවා. යළි යට යනවා. නිදන්ගත කර්ණ රෝග මගින් ඇතුළු කනට සහ පිට කනට සිදුවන හානි යළි සුව කරන්න බැරි තරමට බරපතළ විය හැකියි.

ප්‍රශ්නය කර්ණ ආසාදනයක්‌ හට ගන්නේ කොහොමද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - කර්ණ ආසාදනයක්‌ හට ගන්නේ යුස්‌ටේකීය නාලය නමැති කොටස ඉදිමීම සහ අවහිර වීම නිසා බවයි බටහිර වෛද්‍ය විද්‍යාත්මක මතය. මේ අවහිර වීම තුළදී කනේ දියරයක්‌ හට ගන්නවා.

ප්‍රශ්නය - යුෂ්aටේකීය නාලය කියන්නේ මොකද්ද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - මේවා ඉතා කුඩා නාල විශේෂයක්‌. කනේ සිට දිවේ පසුපස කොටස දක්‌වා මේ නාල යනවා. යුස්‌ටේකීය නාල අවහිර වීමට හේතු ලෙස බටහිර වෛද්‍යවරන් දක්‌වන හේතු මෙසේයිá

1. අසාත්මිකතා

2. ප්‍රතිශ්‍යාව

3. පීනස/ කෝටරක ප්‍රදාහය නිසා ඇතිවන ආසාදන

4. අතිරික්‌ත සෙම හට ගැනීම

5 දුම් බීම.

6. සෙම් ගෙඩි ආශ්‍රිතව තිබෙන පටක හානි කර බැක්‌ටීරියාවලින් ආසාදනය වීම.

7. වායු පීඩනය වෙනස්‌ වීම.

ප්‍රශ්නය - කර්ණ ආසාදනය මගින් හට ගන්නා අවදානම කුමක්‌ද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - කර්න ආසාදන බොහෝ විට හට ගන්නේ කුඩා ළමයින් තුළයි. එයට හේතුව ඔවුන්ගේ යුස්‌ටේකීය නාල ඉතා පටු වීමයි. එසේම සඳහන් කළ යුතු තවත් වැදගත් කාරණයක්‌ වන්නේ මවුකිරි බොන දරුවන්ට වඩා කර්ණ ආසාදන වැඩි ප්‍රමාණයක්‌ බෝතලයෙන් කිරි බොන දරුවන්ට ඇති වන බවයි. කර්ණ ආසාදන හට ගැනීමට තවත් හේතු කිහිපයක්‌ තිබෙනවා. එනම්,

1. තමන් ජීවත්වන පරිසරයට වඩා වැඩි මුහුදු මට්‌ටමක තිබෙන පරිසරයක ජීවත් වීමට සිදුවීම.

2. දේශගුණික වෙනස්‌කම්.

3. සිගරැට්‌ දුම්වලට නිරාවරණය වීම.

ප්‍රශ්නය - කර්ණ ආසාදනයක රෝගලක්‍ෂණ වේදනාව හට ගැනීම විතරද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - කන තුළ වේදනාවක්‌ හට ගැනීම සහ අපහසුවක්‌ ඇතිවීම.

2. කන තුළ පීඩනයක්‌ තිබෙන බව වැටහීම.

3. කනේ සැරව වැනි දියරයක්‌ ගැලීම.

4. ඇසීම නැතිව යැම.

ලබන සතියට

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jun 2017 02:18 PM

මළ බද්ධය හැදුණොත්?

ප්‍රශ්නය - අද අප ඔබ සමඟ සාකච්ඡා කරන්නට අදහස්‌ කරන්නේ මනුෂ්‍ය වර්ගයා මෙලොව පහළ වූ දවසේ පටන්ම තිබෙන රෝගයක්‌ වන මළ බද්ධය ගැනයි. ලොව පහළවන මනුෂ්‍යයන් අතුරින් 99% ක්‌ ම ජීවිතයේ කවර හෝ අවස්‌ථාවක මළ බද්ධ තත්ත්වයට මුහුණ දී තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - මළ බද්ධය කියන්නේ රෝගයක්‌ නොව රෝග ලක්‍ෂණයක්‌. ආයුර්වේදය කියන්නේ වාතය දොaෂ සහගත වීම නිසා මළ බද්ධය හටගන්නා බවයි. එනම් ශරීරයේ සියලු චලනයන් සහ බැහැර කිරීම් පාලනය කරන්නේ වාතය බවට වැටහීමක්‌ ආයුර්වේදය තුළ තිබෙනවා. වෙනතක්‌ තබා ස්‌නායු පද්ධතිය පවා පාලනය කරන්නේ වාතය මගිනුයි. ඒ නිසා වාත දෝෂය කුපිත කරන විඩාව, ආතතිය, සංචරනය, විජලනය, සීත සුළං, මහන්සිය වියළි අධික ශීත හෝ රළු ආහාර මගින් මළ බද්ධය හට ගන්නා බව තමයි පිළිගැනීම.

දැන් අපි බලමු මේ ගැන තිබෙන බටහිර වෛද්‍ය විද්‍යාත්මක මතය කුමක්‌ද කියලා. එම මතයට අනුව කෙඳි සහිත ආහාර ද්‍රව්‍ය ඌණතාව, ප්‍රමාණවත් තරම් ජලය උදරයට නොලැබීම, තම තමන්ගේ පෞද්ගලික චර්යාව යන කරුණු තමයි මළ බද්ධයට හේතුව. සමහර විට ආහාර පාලනය නිසාත් මළ බද්ධය හටගත හැකි බවට පිළිගන්නවා. එසේම සමහර ඖෂධ වර්ග දිගින් දිගටම පරිහරණය කිරීම නිසාත් උග්‍ර වකුගඩු ආබාධ නිසාත්, දියවැඩියාව සහ ෆයිබ්‍රොයිඩ් තත්ත්වයන් නිසාත්, ස්‌නායු රෝග නිසාත්, මානසික හේතු නිසාත් මළ බද්ධය ඇතිවන බවයි නව්‍ය විද්‍යාත්මක පිළිගැනීම.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ බඩ වේලීම පමණක්‌ද?

විශේෂඥ වෛද්‍ය ඒ ඒ. ඡේ. පුෂ්පකුමාර - සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය නිර්වචනයට අනුව කිසියම් කෙනෙකු සතියකට වාර 3 කට අඩු ප්‍රමාණයන් මළ පහ කරනවා නම් ඔහු මළ බද්ධ රෝගියකු ලෙස හඳුන්වනවා. බඩවැල්වල චලනය හෙවත් ක්‍රියාකාරීත්වය තද ගතියකින් යුක්‌ත වීම, මළ පිට කිරීම සඳහා දීර්ඝ වේලාවල් ගත කළ යුතු වීම, මළ බෙහෙවින් ඝන වීම, බඩවැල්වල තද ගතියට අමතරව වේදනා දීම, උදරය රිදීම, උදරය පිපීම, මළ පහ කරන සෑම වාරයක්‌ පාසාම එය නිසි ලෙස සිදු නොවූ බවත් හැඟී යැම යන කාරණා සෙසු ලක්‍ෂණ ලෙස ගත හැකියි.

ප්‍රශ්නය - ඔබ කියනවා ආයුර්වේදයේ හැටියට මළ බද්ධය හට ගන්නේ වාතය කුපිත වීමෙන් කියලා. එසේ නම් කෙඳි සහිත අමු එළවළුවලින් සාදන ලද සලාද වර්ග මළ බද්ධ රෝගීන්ට කෙතරම් දුරට ගැලපෙනවාද?

විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - වාත දොaෂ බහුල අයට එවැනි අමු සලාද ගැලපෙන්නේ නැහැ. අමු එළවළු එක්‌ පැත්තකින් සීතලයි. අනික්‌ අතින් (නොපිසින ලද නිසා) රළුයි. සීතල සහ රළු ගුණය කියන්නේ වාතය අසමතුලිත කරන ප්‍රධාන කාරණා දෙකක්‌. මේ නිසා මළ බද්ධයට ප්‍රධාන හේතුව වාත දොaෂය වන පුද්ගලයා අමු එළවළු අනුභවයෙන් වැළකිය යුතුයි. මෙවැනි රෝගීන් ආහාරයට ගත යුත්තේ උණුසුම්, තෙතමනය සහිත මධ්‍යස්‌ථ තෙල් සංයුතියකින් යුතු ප්‍රොaටීන් සහිත ආහාර වර්ගයි. පිසින ලද රාබුවැනි එළවළු වාත දොaෂය මුල් කරගත් මළබද්ධ රෝගීන්ට ඉතා හොඳින් ගැලපෙනවා.

ලබන සතියේ මළ බද්ධයට තිබෙන ප්‍රතිකාර ගැන කතා කරමු.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 21 of 137 << < 1920212223 > >>