You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 22 of 137 << < 2021222324 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
17 Jun 2017 02:21 PM

අර්ශස්‌ ඇතිවන හැටි සහ සුවකරන හැටි

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව සතුරෙක්‌ පස්‌සෙන් පන්න පන්නා බලපෑම් එල්ල කරන රෝගයක්‌ ලෙස හඳුන්වන රෝගී තත්ත්වයකි, අර්ශස්‌, බොහෝ දෙනා මෙම රෝගී තත්ත්වය වැළඳුණු විට ලඡ්ජාව නිසා ප්‍රතිකාර ක්‍රමවලට යොමු නොවුණත් මෙය ඉතා ඉක්‌මණින්ම ප්‍රතිකාර ලබාගත යුතු රෝගයක්‌ ලෙසද අනිවාර්යයෙන්ම පැවසිය යුතුම රෝගී තත්ත්වයකි.

අර්ශස්‌ රෝගය එය ඇතිවීමට බලපාන හේතු සහ රෝගය ඇතිවීමෙන් රෝගියාට සිදුවන අපහසුතා සහ රෝගය සුවකර ගන්නේ කෙසේද යන කරුණු පිළිබඳව අප ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා හමුවී තොරතුරු විමසුවෙමු. එහිදී එතුමා අප සමඟ පැවසූ අදහස්‌ මෙලෙස ඔබට ඉදිරිපත් කරන්නේ මෙම රෝගයෙන් පීඩා විඳින ඔබටත් එයින් මිදීමට මෙය මහඟු අවස්‌ථාවක්‌ විය හැකි බැවිනි.

ෆ වෛද්‍යතුමනි, ඇත්තටම මොකක්‌ද මේ අර්ශස්‌ රෝගය කියන්නේ. කොහොමද මෙය වැළඳෙන්නේ.

වර්තමාන සමාජයේ බොහෝ දෙනෙක්‌ පීඩා විඳින රෝගයක්‌ තමයි අර්ශස්‌ කියන්නේ. නමුත් බොහෝ දෙනා මෙම රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නේ එය ඉතා උග්‍ර තත්ත්වයට වර්ධනය වූ පසුවයි.

නමුත් මෙම රෝගය වැළඳී ඇති බවට තමන්ට දැනුණු පළමු මොහොතේම ඒ සඳහා කුමන හෝ වෛද්‍යවරයකු කරා යොමු වී ප්‍රතිකාර ලබා ගන්නා ලෙස මා පළමුවෙන්න පවසනවා. මන්ද මේ රෝගය ඉවසා දරාගෙන සිටීමට ඉතා අපහසු රෝගයක්‌. මේ නිසාම මෙය වැළඳුණු බොහෝ දෙනා ක්‌ෂණිකව කෝප ගන්නා පුද්ගලයන් බවට පත්ව සිටිනවා.

විශේෂයෙන්ම මෙම රෝගය වැළඳීම සඳහා ජානමය ලක්‍ෂණද බලපෑමක්‌ සිදුකරනවා. මවට හෝ පියාට මෙම රෝග ලක්‍ෂණ පවතී නම් ඔවුන්ට බිහිවන දරුවාගේ කලල අවස්‌ථාවේදීම මෙම රෝග ලක්‍ෂණ දරුවාට ඇතිවීමට හැකියාවක්‌ තිබෙනවා. මීට අමතරව වර්තමානයේ පවතින අධික කාර්යබහුල ජීවන තත්ත්වය නිසා බොහෝ විට මෙම රෝග වැළඳ ගන්නා තත්ත්වයක්‌ ද පවතිනවා. මෙම අයහපත් ජීවන රටාව නිසා (විශේෂයෙන්ම විවිධ ආහාර මේ සඳහා ප්‍රධානතම සාධකයි.) කුඩා දරුවන් මුල සිටම මේ තත්ත්වයට ගොදුරුවීම සිදුවෙනවා.

පෙර පාසල් යන වයසේ සිට සලකා බැලූ විට ඉතා උදැසනම මවුපියන් විසින් ඔවුන් අවදි කරගන්නා අතර දැඩි කලබලකාරී තත්ත්වයක්‌ හමුවේ ඔවුන් පෙර පාසලට හෝ දිවාසුරැකුම් මධ්‍යස්‌ථානයට යෑවීමට සූදානම් කරයි. එවිට දරුවාට කටයුතු කිරීමට සිදුවන්නේ තමාගේ ශරීරයේ ක්‍රියාකාරිත්වයට වඩා දෙමාපියන්ගේ විධානයන් අනුවය. විශේෂයෙන්ම දරුවාට වැසිකිළි යැම සඳහා අවශ්‍ය නොවන වෙලාවක ඔහුට ඒ සඳහා සූදානම් වීමට සිදුවේ. ඉතින් දරුවා දැඩි ආයාසයක්‌ යොදා මෙම කාර්යය කිරීමට පෙළඹෙන්නේය. දෙවැන්න පාසලේදී හෝ වෙනත් යන තැනකදී වැසිකිළි යැමට අවශ්‍ය වුවහොත් එසේ නොකරන ලෙස දරුවන්ට උපදෙස්‌ දීම සිදුකරයි. එවිට දරුවා නිවසින් පිටත සිටින අවස්‌ථාවලදී මළපහ කිරීමට අවශ්‍ය වුවහොත් එය දරාගෙන ඉවසාගෙන සිටීමට පුරුදු වන්නේය. මෙලෙස අමාරුවෙන් ඉවසා සිටියත් ටික කලක්‌ යත්ම දරුවන් මෙය පුරුද්දක්‌ බවට පත්කර ගන්නේය.

නියමිත වේලාවට මළපහ නොකිරීම සහ අනවශ්‍ය වෙලාවට බලයෙන් මළපහ පිටකිරීම යන මේ කාරණා දෙකම මෙම රෝගය වැළඳීමට බලපාන ප්‍රධානතම හේතුවකි. විශේෂයෙන්ම කුඩා දරුවන් නොව තරුණ, වැඩිහිටි අයද අද මේ ක්‍රමයන්ට හුරුපුරුදු වී ඇති නිසා ඔවුන්ද මේ තත්ත්වයට ගොදුරුව ඇත.

තවත් කාරණා කිහිපයක්‌ තමයි නිසි පරිදි ජලය පානය නොකිරීම, වැරදි ආහාර පුරුදු, පිටි සහිත ආහාර වර්ග වැඩිපුර භාවිත කිsරීම, ක්‍ෂණික ආහාරවලට වැඩිපුර යොමුවීම, අධික අම්ල සහිත ආහාර වැඩිපුර ගැනීම (බිලිං, ගොරකා, සියඹලා, ඇඹරැල්ලා වැනි දැ) උෂ්ණ අධික ආහාර ගැනීමද (ඉස්‌සෝ, දැල්ලෝ, බලමාළු වැනි දැ) අර්ශස්‌ වැළඳීමට බලපානු ලැබේ.

ඉහත සඳහන් හේතූන්වලට අමතරව ගැස්‌ට්‍රයිටීස්‌ වැළඳී ඇති විට සිදුවන ආහාර ජීර්ණයේ යම් යම් අක්‍රමිකතාද මෙම රෝගය වැළඳීමට හේතුවිය හැකියි.

විශේෂයෙන්ම ඉහත සඳහන් විවිධ වැරදි පුරුදු නිසා ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතියේ මුල් කොටසේ සිදුවන යම් යම් අඩුපාඩු නිසා එහි අවසන් කෙළවර වන ගුද මාර්ගයේ ඇතිවන අවහිරතා අර්ශස්‌ රෝගය ලෙස හඳුන්වයි.

ෆ වෛද්‍යතුමනි මෙම රෝගය වැළඳී ඇති පුද්ගලයකුගේ රෝග ලක්‍ෂණ මොනවාද?

විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් රෝග ලක්‍ෂණ කිහිපයක්‌ම තිබෙනවා. ඒ අතරින් මෙම රෝගීන්ට පළමුව ගුද මාර්ගයේ ඇතිවන වේදනාකාරී බව, අධික දැවිලි තත්ත්වයන්, ඒ වගේම ඉතා සුළු සුළු දේවලදීත් ඇතිවන අධික කේන්තිය, ඇවිදීමේදී ඇතිවන අපහසුතා, නින්දට යැමේදී ඇතිවන අපහසුතා විශේෂයෙන්ම මෙම රෝගීන්ට මුනින් අතට හැර වෙනත් ඉරියව්වකින් නිදා ගැනීමේදී අධික වේදනා ඇතිවීම, නිසි ලෙස මළ පිටනොවීම, මළ මාර්ගයේ ගෙඩි හට ගැනීම, රුධිරය පිටවීම වැනි රෝග ලක්‍ෂණ හඳුන්වා දිය හැකි අතර මෙම රෝග ලක්‍ෂණ අනුවම මෙම රෝග වැළඳුණු රෝගියකුට ඇතිවන අපහසුතාව කෙතරම්ද කියා සිතා ගැනීමට හැකියාව පවතිනවා.

ෆ වෛද්‍යතුමනි, මෙම රෝගීන්ට මේ රෝග සමඟ ඇතිවන වෙනත් රෝග තිබෙනවාද?

අර්ශස්‌ රෝගීන්ට එම රෝගයට අමතරව ඒ හා සමඟම වැළඳිය හැකි රෝගාබාධ ලෙස තදබල හිස කැක්‌කුම, ගැස්‌ට්‍රයිටීස්‌ රෝග තත්ත්වය, වාත රක්‌ත තත්ත්වය, ඇදුම, දියවැඩියාව වැනි රෝගාබාධ ප්‍රධානයි.

වෛද්‍යතුමනි, මේ රෝගය සුවකර ගැනීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම පවතිනවාද?

ඔව්. පැහැදිළිවම අර්ශස්‌ රෝගීන් මෙම දුකින් මුදා ගැනීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම පවතිනවා. නමුත් එම ප්‍රතිකාර ක්‍රම කළ යුත්තේ රෝගියා පිළිබඳ පරීක්‍ෂණයකින් පසුවයි. මන්ද අර්ශස්‌ සමඟම තවත් ඉහත සඳහන් කළ රෝගාබාධද රෝගීන්ට පැවතිය හැකි නිසා එක්‌ එක්‌ රෝගියකුට එක්‌ එක්‌ ප්‍රතිකාර ක්‍රම ලබාදීම සිදුකළ යුතුයි.

පළමුවෙන්ම රෝගියාට උදේ කාලයේ නියමිත පරිදි මළපහ පිටකිරීමට අවශ්‍ය ඖෂධ වර්ග ලබාදිය යුතුයි. ඉන් පසු ආහාර ජීර්ණ පද්ධතියේ ඇති එන්සයිම සමබර කිරීමට ප්‍රතිකාර ලබාදිය යුතුයි. මෙලෙස රෝගියා නිවැරැදි ලෙස පරීක්‍ෂා කරමින් ප්‍රතිකාර කිරීම තුළින් මෙම රෝගය සුව කිරීමට ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවලින් හැකියාව පවතී.

විශේෂයෙන්ම අර්ශස්‌ රෝගය වැළඳී එය ඉතා උච්ච වී ශල්‍යකර්මවලට භාජනය කළ යුතු රෝගීන් පවා ආයුර්වේද ප්‍රතිකාරවලින් නිසි සුවය ලබා නිරෝගී වන අතර ආයුර්වේද ප්‍රතිකාර තුළින් ශරීරයේ අර්ශස්‌ ඇතිවීම මූලික ලක්‍ෂණවලටද ප්‍රතිකාර ලැබෙන නිසා එම රෝගය නැවත ඇති නොවන ලෙසට සුව කිරීමට ආයුර්වේදයට හැකියාව තිබෙන අතර ඕනෑම කාර්යබහුල පුද්ගලයකු වුව පහසුවෙන් ප්‍රතිකාර ලබා ගත හැකි ලෙස ඖෂධ සකසා ඇති නිසා ඕනෑම කෙනෙකුට දැන් අපහසුවකින් තොරව ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාවද පවතින්නේය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536

--
17 Jun 2017 05:37 PM
වැදගත් ලිපියක්

ස්තුති
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736

--
17 Jun 2017 07:00 PM
වැදගත් ලිපියක්
ලිපියට ස්තුතියි..
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
18 Jun 2017 06:42 AM
අපේ තාත්තාට තියෙනවා. බෙහෙත් නම් බොනවා දැන්.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
18 Jun 2017 07:33 AM
http://navaliya.com/2017/06/19/New%20folder/34.jpg
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
18 Jun 2017 07:41 AM

http://navaliya.com/2017/06/19/New%20folder/25.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
18 Jun 2017 07:50 AM

http://navaliya.com/2017/06/19/New%20folder/10.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
18 Jun 2017 05:09 PM

දියවැඩියාව නිසා පිරිහී යන ලිංගික ශක්‌තිය
යළි නගා සිටුවීමට ආයුර්වේද ප්‍රතිකාර ඇත

ප්‍රශ්නය -

මම අවුරුදු 50 ක විධායක ශ්‍රෝණියේ රැකියාවක නියුතු පුද්ගලයෙක්‌මි. වසර පහක පමණ පටන් දියවැඩියා රෝගයට ප්‍රතිකාර ගනිමි. නමුත් මාගේ රුධිරයේ සීනි මට්‌ටම පහත බැසීමක්‌ සිදුනොවන අතර පහත පවතින කායික දුර්වලතාවයන්ද ක්‍රමයෙන් වැඩිවනවා මිස සුවපත් බවක්‌ පෙන්නුම් නොකරයි.

බලවත්ම ගැටලුව වන්නේ ලිංගික ශක්‌තියද සීඝ්‍රයෙන් පිරිහී යැමය. මෙම තත්ත්වය නිසා මම බලවත් ලෙස මානසික පීඩාවට පත්ව සිටිමි. වෛද්‍යතුමනි මාහට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය තුළින් පිළිසරණක්‌ ලබාගත හැකිද?

පිළිතුර - දියවැඩියාව හෝ වෙනත් කායික රෝග තත්ත්වයක්‌ කලක්‌ තිස්‌සේ පැවැතීමත් ඊට නිසි පිළියම් නොකිරීමත් නිසා පුද්ගලයකු කාලයක්‌ සමඟ විවිධ දුර්වලතාවයන්ට ලක්‌විය හැකිය.

ලිංගික ශක්‌තිය පිරිහී යැමද එයටම අදාළ කරුණකි. මෙවැනි තත්ත්වයන්ට ආයුර්වේද ප්‍රතිකාර කිරීමේදී පවතින මූලික රෝග තත්ත්වයන්ට සුදුසු ප්‍රතිකාර කරන අතරම පිරීහි ඇති කායික ශක්‌තීන් නැවත පුනර්ජීවනය කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ඇති විශිෂ්ට වෛද්‍ය ක්‍රමයක්‌ මත රසායන සහ වාජිකරණ ඖෂධ භාවිතය අප සිදුකරනු ලබයි.

එවැනි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීමෙන් ඔබට දැන් පවතින සියලු රෝග තත්ත්වයනට සහනයක්‌ ලබාගත හැකි බව මට විශ්වාසයෙන් යුතුව කිව හැකිය.

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි මම වයස අවුරුදු 33 ක කාන්තාවක්‌මි. විවාහ වී වසර හතරක්‌ ගත වේ. තවම අපට දරුසම්පත් නොමැත. මේ සඳහා අප දෙදෙනාට සිදු කළ වෛද්‍ය පරීක්‌ෂණවලදී සැමියාගේ කිසිදු දොaෂයක්‌ නැති බව වාර්තා විය. මාගේ ඩිම්බ මේරීමේ ගැටලුවක්‌ ඇති බව හෙළි විය. මීට අමතරව මාගේ ශරීරයේ උෂ්ණාධික බව වැඩිවීම සහ ගැස්‌ට්‍රයිටීස්‌ තත්ත්වයක්‌ද පවතී.

මෙම තත්ත්වයන් මග හරවා ගෙන අපට ඉක්‌මනින් දරු ඵල ලබාගැනීමට ආයුර්වේද ප්‍රතිකාර තිබෙනවාද?.

මාලා කාන්ති - මීගමුව

පිළිතුර -

දරුවකු අපේක්‌ෂා කරන කාලයේදී කාන්තාවකගේ ශරීර අභ්‍යන්තර හෝමෝනවල අසමතුලිතතාවයක්‌ සහ වෙනත් කායික රෝග තත්ත්වයන් පැවතීම දරුඵල ලබා ගැනීමට මහත් බාධාවකි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින් මේවාට පිළියම් ඇති අතර රෝගියා සමඟ සාකච්ඡා කර පරීක්‌ෂා කර බලා පවතින තත්ත්වය නිවැරදිව හඳුනාගෙන කායික දුර්වල තාවයන් මග හැරවීම සඳහා සහ ශරීර අභ්‍යන්තරයේ එන්සයිම සහ හෝමෝනවල සමතුලිතතාවය ඇති කරන ප්‍රතිaකාර යොදනු ලබයි.

එම ක්‍රමවේදය තුළින් ඔබට ඉක්‌මනින් නිරෝගී දරු සම්පත් ලබාගැනීමට වාසනාව උදාකර ගත හැකිය.

ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීම තුළින් ගර්භනී කාලයේදී ඔබට ඇතිවන අපහසුතාවයන්ද දුරකර ගැනීමට හැකියාව තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංක 0713009088 හෝ 0713007000 ඇමැතීමෙන් වෛද්‍යතුමන් සම්බන්ධකරගත හැකිය.

ආයුර්වේද වෛද්‍ය
රන්පත රුවන රත්නායක
රන්පත වෙද මැදුර පෑලියගොඩ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
18 Jun 2017 05:11 PM

ඩෙංගු රක්‌තපාතයට ගොදුරු වන අවස්‌ථා

පැරන්හයිට්‌ අංශක සියයට වඩා  (100 f) උණ ඇතිවී අධික හිසදරය, දැත් දෙපා වේදනාව පවතින විට අපට නිතැතින්ම සිහිපත්වන්නේ ඩෙංගු රෝගයයි.

ඩෙංගු රෝගයේදී මෙම රෝග ලක්‍ෂණ මතුවීම ඊට හේතුවය.

ඩෙංගුද වෛරස රෝගයක්‌ බැවින් වර්තමානයේ වෛරස රෝගයක්‌ වැළඳුනවිට අප ප්‍රතිකාර ලබාගන්නේ ඩෙංගු යෑයි සිතමිනි.

ඩෙංගු පිළිබඳව අප තුළ මේ තරම් අවධානයක්‌ යොමුව ඇත්තේ එය මේ වන විට ශීඝ්‍ර ලෙස පැතිරයාමත් මාරාන්තික තත්ත්වයට ඉතා ඉක්‌මනින් පත්වීමටත් ඇති අවස්‌ථාවත් වැඩිවී තිබීමය.

ඩෙංගු පැතිරෙන අයුරු

ඩෙංගු යනු වෛරස රෝගයකි. එය ඇති කරන වෛරස වර්ග 04 ක්‌ ඇත. එකම පවුලක සාමාජිකයන් වන මෙම වර්ග වෙනස්‌ වන්නේ ඉතා සුළු ලක්‍ෂණවලිනි. මෙම වෛරස වර්ග 04 ම එකවර මතුවීමක්‌ දක්‌නට නොලැබේ. බොහෝ විට එක්‌වරකට එක්‌ වර්ගයක්‌ පමණක්‌ මතුවේ.

ඩෙංගු වෛරසය පැතිර යන්නේ ඊඩිස්‌ ඊජීප්ටයි (Aedes aegypty)) සහ ඊඩීස්‌ ඇල්බොපික්‌ටස්‌ (Aedes albopictus) කාණ්‌ඩවලට අයත් මදුරුවන් දෙදෙනා ගෙනි. එම නිසා මෙම මදුරුවන්ට ඩෙංගු මදුරුවන් කියා සාමාන්‍යයෙන් අපි පවසන්නෙමු.

ඩෙංගු වෛසරය ශරීර ගතවීම

ඩෙංගු වෛරසය සහිත මදුරුවකු අපගේ ශරීරය විද ලේ උරාබොනවිට වෛරසය ශරීර ගතවේ.

එසේම ඩෙංගු මදුරුවකු ඩෙංගු රෝගියකුගේ ශරීරයේ ලේ උරාබොන විට රෝගියාගේ ශරීරයේ ඇති ඩෙංගු වෛරසය මදුරුවාගේ ශරීරයට ඇතුළු වේ.

එවැනි මදුරුවකු වෙනත් අයකුගේ ශරීරයෙන් ලේ උරා බොනවිටදීද ඩෙංගු වෛරසය එම පුද්ගලයාගේ ශරීරයට ඇතුළු වේ.

අපගේ රුධිරය හැඩගැසී ඇත්තේ ඉතා ඉක්‌මනින් කැටි ගැසීමටය. මදුරු තුඩකින් ඇතිවන රුධිර ගැලීමකදී ඩෙංගු වෛරසය ශරීර ගත වන්නේ කෙසේ දැයි කියා යමෙකුට සිතෙනු ඇත.

මදුරුවන් අපගේ ශරීරයෙන් ලේ උරා බීම සඳහා සිරුර විදින විට ලේ කැටි ගැසීම වළක්‌වන ද්‍රව්‍ය උගේ කෙලමගින් පිටකරයි. ඉන්පසු ලේ උරා බොයි. මෙම අවස්‌ථාවේදී මදුරුවාගේ කෙල මගින් ශරීරයට වෛරසය ඇතුළුවේ.

ඩෙංගු රෝගය මතුවීම

වෛරසයක්‌ ශරීර ගතවූ විට දින 03 ක්‌ සක්‍රියව පවතී. ඒ අනුව ඩෙංගු වෛරසය ශරීර ගතවූ විට දින 03 ක්‌ සක්‍රියව ක්‍රියා කරයි.

වෛරසයක්‌ ශරීර ගතවූ විට ඊට එරෙහිව සිරුරේ ප්‍රතිශක්‌තිය නිපදවා එය විනාශ කිරීමට කටයුතු කරයි. මෙම ප්‍රතිදේහ ක්‍රියා කිරීමේදී රුධිර පට්‌ටිකාද විනාශ වේ.

එබැවින් වෛරස රෝගයකදී විවේකීව සිටීම ඉතා වැදගත්ය.

සිරුරේ ඇති ලක්‌ෂ 1 1/2 ක්‌ පමණ වූ රුධිර පට්‌ටිකා සංඛ්‍යාව පනස්‌ දහසට වඩා අඩුවූ විට රුධිරය කැටි ගැසීම දුර්වල වේ. එවිට රුධිර සංසරණයටද බාධා මතුවේ.

ඩෙංගු රෝගයේදී අධික හිසරදය ඇස්‌ යට වේදනාව ඇඟපත වේදනාව, උණ ඇතිවීම යන රෝග ලක්‍ෂණ මතුවේ.

ඩෙංගු රක්‌තපාතය

ඩෙංගු වෛරසයට එරෙහිව ශරීරය ක්‍රියාකිරීමේදී ශරීරයේ ප්‍රතිශක්‌තිය දුර්වල වුවහොත් වෛරසය ප්‍රබලවී රුධිර පට්‌ටිකා දින දෙකක්‌ පමණ කාලයකදී ඉතා ඉක්‌මනින් විනාශ වේ. එවිට රුධිර පට්‌ටිකා සංඛ්‍යාව පනස්‌ දහසට වඩා අඩුවී රක්‌තපාත තත්ත්වය හටගනී. එවිට සිරුර අභ්‍යන්තරයේ රුධිරය ගලායාමක්‌ සිදුවී මරණයට පත්විය හැකිය.

ඩෙංගු රක්‌තපාතයට ගොදුරුවීමට හැකියාව ඇති පුද්ගලයන් ලෙස කුඩා දරුවන්, වැඩිහිටියන් රෝගී පුද්ගලයන් සහ වරක්‌ ඩෙංගු රෝගයට ගොදුරු වූවන් හඳුනාගෙන ඇත.

ඩෙංගු සඳහා ප්‍රතිකාර

එකදිගට උණ පවතිනවානම් ඇඟපත වේදනාව ඇත්නම් උණ ඇතිවී තෙවැනි දිනයේදී වෛද්‍ය උපදෙස්‌ මත රුධිර පට්‌ටිකා පරීක්‍ෂාවක්‌ හෝ සම්පූර්ණ රුධිර පරික්‍ෂාවක්‌ සිදු කළ යුතුය.

එම වාර්තාව අනුව රුධිර පට්‌ටිකා විශාල ලෙස පහළ බැසීමක්‌ පවතී නම් රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදිය යුතුය.

රුධිර පට්‌ටිකා පහළ බැසීමේ අවදානමක්‌ දක්‌නට ලැබේ නම් පසු දිනයේදීත් රුධිර පරීක්‍ෂාවක්‌ සිදුකර ඒ අනුව රෝහල් ගත කිරීම පිළිබඳව තීරණයක්‌ ගනු ලැබේ. රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දෙන විට රුධිර සංසරණය පවත්වා ගැනීම සඳහා විශේෂිත සේලයින් වර්ගයක්‌ ලබාදේ.

ඇඳෙන් බිමටවත් නොබැස විවේකීව තබයි.

පැයකට වරක්‌ ජලය මිලි ලීටර් 100 ක්‌ (100 පක) බැගින් පානයට දී මුත්‍රා පිටවන ප්‍රමාණය පරික්‍ෂා කරනු ලබයි.

මෙමගින් සිදු කරන්නේ අභ්‍යන්තර රුධිර වහනයක්‌ සිදුවන්නේ දැයි කියා පරික්‍ෂා කිරීමටය. පානය කරන ජලය ප්‍රමාණයට වඩා අඩුවෙන් මුත්‍රා පිටවේ නම් අභ්‍යන්තර රුධිර වහනය අවදානමක්‌ පවතී.

ඩෙංගු රෝගය නිසා මියයැමට ඇති අවදානම වළක්‌වා ගැනීමට නම් දින තුනකට වඩා උණ පැවතීම ඇස්‌ යටින් මතුවන අධික හිසදරය, ඇ`ගපත වේදනාව යන අපහසුතා මතු වූ වහාම වෛද්‍ය උපදෙස්‌ මත රුධිර පරීක්‍ෂාවකට යොමුවී නිසි ප්‍රතිකාර ලබාගත යුතුය.

කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
පරපෝෂිත වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය
සනත් සේනානායක

සංස්‌කරණය උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
18 Jun 2017 05:17 PM

18 Jun 2017 05:19 PM

ඇසට ඖෂධ යොදන විට සැලකිලිමත් වන්න

ඇසෙහි කිසියම් රෝගයක්‌ මතු වූ විට ප්‍රතිකාර ලෙස වෛද්‍යවරු නියම කරන දියරමය ඖෂධ Eye Drops නිවැරදිව ඇසට යෙදීම සම්බන්ධව බොහෝ දෙනා තුළ ගැටලු පවති. එබැවින් ඇසට දියරමය ඖෂධ නිවැරදිව යොදන්නේ කෙසේද කියා අපි විමසා බලමු.

ඇසට දියරමය ඖෂධ යොදන අයුරු

අප බොහෝ දෙනා ඇසට දියරමය ඖෂධ යෙදීමේදී අනුගමනය කරන්නේ ඇස නාසයට සමීප කෙලවර වළක්‌ වැනි ස්‌ථානයට ඖෂධ බිංදු දැමීමය. එසේ දමන ඖෂධ බිංදු නාසය තුළින් කට ඇතුළට වැටුණවිට ඇසට ඖෂධ බිංදු දැමීම සාර්ථක වුවා යෑයි කියා සිතමු.

මින් සිදුවන්නේ නාසයට සමීප කෙලවරෙහි ඇස අග කොටසේ ඇති සිදුරින් ඖෂධ නාසය ඔස්‌සේ ගලායැම මිස ඇස තුළට එකතු නොවීමය.

ඇසට නිවැරදි ඖෂධ බිංදු යෙදීමේදී සිදුකළ යුත්තේ ඇසි පිහාටුව පහත් කර නාසය ළඟ ඇසෙහි කෙලවර සෙමින් ඇඟිල්ලෙන් තදකර එහි ඇති සිදුර වසාගෙන නියමිත ඖෂධ බිංදු ප්‍රමාණය ඇසට යෙදීමය.

ඇසට ඖෂධ යොදනවිට ඖෂධ අඩංගු බහාලුම හෙවත් බෝතලය ඇසෙහි ස්‌පර්ශ නොවිය යුතුය.

එසේ ස්‌පර්ශ වීමෙන් සිදුවන්නේ බෝතලයේ පිටත තැවරී ඇති විෂ බීජ ඇස තුළට ඇතුළුවීමය.

ඇසට යොදන ඖෂධ වෛද්‍යවරයා නියම කරන ඇති මාත්‍රාව නිසි වෙලාවට යෙදිය යුතුය.

විශේෂයෙන්ම ඇසේ පීඩනය වැනි රෝගයකදී මතුව ඇති ඇසේ පීඩනය පාලනය සඳහා නිසිවෙලාවට ඖෂධ ඇසට යෙදීම නොකළහොත් මතුව ඇති රෝගය පාලනය කළ නොහැකි වේ.

ඖෂධවල සක්‍රිය කාලසීමාව

ඇසට යොදන ඖෂධ පාවිච්චි කරන විට එය ඇසට යෙදීම ආරම්භ කළ දිනය එම බෝතලයේ සටහන් කර තබා ගැනීම වැදගත්ය.

මන්දයත් එම ඖෂධ බෝතලය පාවිච්චි කිරීම සඳහා විවෘත කළ දින සිට එහි ඖෂධීය ගුණය සක්‍රීය පවතින්නේ මාසයක කාලයක්‌ පමණි.

මාසයක්‌ ඉක්‌ම ගිය විට එම ඖෂධ භාවිතයෙන් ඉවත් කළ යුතුයි. ඉන්පසු එම ඖෂධවල සක්‍රීය ගුණයක්‌ පවතින්නේ නැහැ.

ඖෂධ ගබඩාකර තැබීම

ඇසට යොදන ඇතැම් ඖෂධ ගබඩා කර තැබිය යුතු ආකාරය එම ඖෂධ බෝතලවල සඳහන් කර තිබෙනවා. ඒ අනුව ඒවා ගබඩා කර තැබිය යුතුයි. එසේ නොවීමෙන් සිදුවන්නේ එහි ඇති ඖෂධීය ගුණය විනාශ වී යැමයි.

ඇතැම් ඖෂධ වර්ග ශීතකරණයේ තැබිය යුතුයි. තවත් ඖෂධ හිරු එළියට කෙලින්ම නිරාවරණය ස්‌ථාන වල තැබීම නොකළ යුතුයි. කාමර උෂ්ණත්වයෙන් තැබිය හැකි ඖෂධ වර්ගත් තිබෙනවා. එනිසා එම උපදෙස්‌ අනුව ඖෂධ ගබඩාකර තබා භාවිත කිරීමෙන් නිසි ප්‍රතිඵල ලබාගත හැකිය.

ඇසට යොදන ඖෂධ භාවිත කිරීමට පෙර

යම් පුද්ගලයකු ඇසේ මතුව ඇති රෝගයකට ඖෂධ භාවිත කිරීමට පෙර වෛද්‍යවරයාට තමා තුළ පවතින වෙනත් රෝග තත්ත්වයන් දැනුම් දීම වැදගත්ය. ඇදුම, වැනි ශ්වසන රෝග ඇතිවී ආතරයිටීස්‌ රෝගයෙන් පීඩා විඳිනවිට හෝමෝන අසමතුලිතතා රෝග මතුව තිබෙන විට ඇතැම් ඖෂධ මගින් එම රෝග උත්සන්න විය හැකියි.

එසේම ඇසේ මතු වූ රෝගයක්‌ සඳහා භාවිත කරන ඖෂධ ලබාගතයුත්තේ නිසි අක්‌ෂි වෛද්‍ය උපදෙස්‌ මත පමණයි. ඇතැම් දෙනා ඇසේ මතුව ඇති වෛරස ආසාදනවලදී නිසි වෛද්‍ය උපදෙස්‌ වලින් තොරව ප්‍රති ජීවක ඖෂධ ලබාගැනීම නිසා මතුව ඇති රෝගය උත්සන්න කරගත් අවස්‌ථා අප දැක තිබෙනවා. එනිසා ඇසට ඖෂධ භාවිත කිරීමේදී එය ඉතා ප්‍රවේශමෙන් සහ නිසි වෛද්‍ය උපදෙස්‌ මත සිදුකළ යුතුයි. එසේ නොවුණහොත් සිදුවන්නේ ඇස්‌ අන්ධ වීම වැනි බරපතළ තත්ත්වයන් ඇතිකර ගැනීමය.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දුරකථන අංක 0112682277 ඇමැතීමෙන් ලබාගත හැකිය.

අයි කෙයාර් දෘෂ්ටි අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ දෘෂ්ටි
විශේෂඥ නරේෂ් ප්‍රදාන්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
19 Jun 2017 08:54 AM

දිවි සුරකින එළවළු හා පළතුරු !

එක දවසකට දහවතාවක් එළවලු සහ පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීමෙන් මිනිස් ආයු කාලය දීර්ඝ විය හැකිබව පර්යේෂකයන් කණ්ඩායමක් පෙන්වා දෙති.

එවැනි ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් වසරකට අකල් මරණ ලක්ෂ හැත්තෑඅටක් වළක්වාගත හැකි බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යයනයක දී හෙළිවී ඇත.

පිළිකා සහ හෘද රෝග වැළඳීමේ අන්තරායෙන් වැලකීමට හේතුවෙන විශේෂ එළවලු සහ පලතුරු වර්ග ඉහත කී අධ්‍යයන කණ්ඩායම විසින් හඳුනා ගනු ලැබ ඇත.එළවලු සහ පලතුරු සුළු වශයෙන් ආහාරයට ගැනීම පවා ශරීර සෞඛ්‍යයට හිතකර වන අතර එවැනි ආහාර වර්ග වැඩි වශයෙන් අනුභව කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා දෙන බව අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි.

පර්යේෂකයන්ට අනුව එකවරකට ආහාරයට ගතයුතු එළවලු හෝ පලතුරු ප්‍රමාණය ග්‍රෑම් අසූවකි. එනම් කුඩා කෙසෙල් ගෙඩියකට හෝ පෙයාර්ස් ගෙඩියකට සමාන ප්‍රමාණයකි. පුද්ගලයන් විසිලක්ෂයක ආහාර ගැනීමේ පුරුදු උපයෝගී කරගනිමින් වෙන වෙනම සිදු කරන ලද පර්යේෂණ අනූපහක දත්ත සැලකිල්ලට ගනිමින් පර්යේෂකන් අදාළ නිගමනයට පැමිණ තිබේ.

පිළිකා වැළඳීමේ අනතුර පහත හෙළීමට බලපාන එළවලු වර්ග: 

  • කොල පැහැති එළවලු
  • කහ පැහැති එළවලු
  • ගෝවා, මල් ගෝවා සහ බ්‍රොකොලි වැනි කොල පැහැති පත්‍ර සහිත එලවලු 
  • හෘද රෝග වැළඳීමේ අනතුර පහත හෙළීමට බලපාන එළවලු වර්ග:
  • ඇපල්
  • පෙයාර්ස් 
  • පැඟිරි සහිත පලතුරු 
  • සලාද 
  • කොල පැහැති එළවලු 
  • ගෝවා, මල් ගෝවා සහ බ්‍රොකොලි වැනි කොල පැහැති පත්‍ර සහිත එලවලු 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි....
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
19 Jun 2017 08:57 AM

වකුගඩු බද්ධ කළ පසු ඖෂධ භාවිත කරන අයුරු

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් පසු රෝහලෙන් පිටත්ව යන ඔබට දින 14ක් සඳහා වූ ඖෂධ ඔබගේ සායන පත සමග ලබා දෙයි. හදිසි අවස්ථාවකදී හැරුණු විට ඔබට අවශ්‍ය සියලුම ඖෂධ වර්ග රෝහලෙන් ලබා දෙයි.

රුධිර පරීක්ෂාවට ප්‍රථම ඖෂධ ආරම්භ කිරීමට හැකිද? 

ඔබ Tacrolimus (prograf) ලබා ගන්නවා නම් රුධිර පරීක්ෂාවට පැය 12කට පෙර ගත යුතුයි. රුධිර පරීක්ෂාව පෙ.ව. 10.00ට නම් කලින්දා රාත්‍රී 10.00ට අදාල ඖෂධය ලබා ගත යුතු අතර පරීක්ෂණයෙන් අනතුරු බෙහෙත ලබා ගත හැකිය. මෙම උපදෙස්ම cyclosporine ඖෂධය භාවිතයේදීත් ඔබ පිළිපැදිය යුතු වේ. ඔබට යම් ඖෂධ මාත්‍රාවක් ලබා ගත නොහැකි නම් ඊළඟ නියමිත වේලාවට එම මාත්‍රාවම ලබා ගත හැකිය. එය දෙගුණ කිරීමක් සිදු නොකළ යුතුය. එසේම ඔබ පාචනය වැනි අසනීප තත්ත්වයකින් පෙළේ නම් පැය 02ක් ඇතුළත දී ඖෂධය ලබා ගත හොත් එහි ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු නොවේ. එවිට වෛද්‍ය උපදෙස් පිළිපදින්න. 

ශල්‍යකර්මයෙන් පසු නිසි ඖෂධ භාවිතයේ වැදගත්කම

පිටස්තර පුද්ගලයකුගේ වකුගඩුවක් ඔබට බද්ධ කොට ඇති නිසා එය ප්‍රතික්ෂේප වීමකින් තොරව සහ ජීවිත අවදානමකින් තොරව පවත්වා ගෙන යාම සඳහා නියමිත පරිදි ඖෂධ භාවිත කළ යුතුය. 

බද්ධ කරන ලද වකුගඩුව ඔබගේ සිරුරින් නිපදවෙන ප්‍රතිදේහ මගින් විනාශ වීමක් සිදු විය හැකි අතර ඖෂධ මගින් එය පාලනය වේ. එබැවින් නියමිත මාත්‍රාව, වේලාව පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුය. යම් අවස්ථාවක වෛද්‍ය හේතු මත ඔබ භාවිත කරන ඖෂධයක් සඳහා වෙනත් ඖෂධයක් නියම කිරීමට සිදු වේ. එය සායනයේ වෛද්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරේ. 
වෛද්‍ය උපදෙස්වලට පටහැනිව ඖෂධ නතර කිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු නොකළ යුතුය. ඔබේ රුධිරයේ ඖෂධ ප්‍රමාණය මත ඖෂධ වෙනස් කිරීමක් වෛද්‍යවරයාට කළ හැකිය. එවන් අවස්ථාවක අදාල රුධිර පරීක්ෂණද  සිදු කරයි.

එක්සත් රාජධානියේ ඩම්ෆ්‍රීස් සහ ගැලොවේ ජාතික වෛද්‍ය සේවයේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීකා රත්නමලල

සටහන -මාධවී ධර්මරත්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
19 Jun 2017 10:55 AM
වැදගත් තොරතුරු බොහොමයක් දැන ගත්තා ,,ස්තුති මල්ලි
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
19 Jun 2017 05:58 PM

මත්පැනට සහ දුම්පානයට
ඇබ්බැහි වීම නවතා ගන්න ඔබත් කැමැතිද?

සැබැවින්ම මද්‍යසාර සහ දුම්පානය පුරුද්දට කරන දෙයකි. පෙලඹවීමක්‌ මත හෝ කැමැත්ත ආශාව මුල්කර ගනිමින් පිරිමින් මේ සඳහා යොමුවන බවක්‌ පෙනේ. මැදි වයස වන විට මද්‍යසාර සහ දුම්පානයට පිරිමින්ගේ යොමුවීම වැඩි බවක්‌ හඳුනාගෙන තිබේ. බොහෝ තැනකදී මෙම යොමුවීම සිදුවන්නේ ආශ්‍රය නිසාවෙන් බව පෙනේ.

පුරුද්දෙන් අත් මිදෙන්නට අවශ්‍ය වූවත් ඒ සඳහා මානසික බලපෑම තමා තුළින් ගොඩනොනැඟීම හේතුවෙන් පුද්ගලයාට අත් මිදීමට අපහසුතාවක්‌ ඇතිවේ.

මෙය උත්සාහයෙන්ම මඟහරවා ගත යුතු තත්ත්වයකි. තවද මේ සඳහා ප්‍රතිකාරයක්‌ සඳහා උනන්දු වීමක්‌ නොවන්නේ ප්‍රතිකාර ඇති බවට නොදන්නාකම නිසාවෙන් වීමට පුළුවන.

මත්පැන් වැඩිපුර භාවිතය නිසාවෙන් මධ්‍ය ස්‌නායු පද්ධතිය සහ පර්යන්ත ස්‌නායු පද්ධතියේ අක්‍රමිකතා ඇති වී එම අක්‍රමිකතා තවදුරටත් වර්ධනය වී ස්‌නායු දත්ත කොටස්‌ දුර්වල වී ඇඟිලි අක්‍රිය තත්ත්වයට පවා පත්වීමට පුළුවන. තවද ඇඟිලි හිරිවැටෙන තත්ත්වයක්‌ ඇති විය හැකි අතර පුද්ගල සමබරතාවය හැකිව යන අවස්‌ථා ඇත. තවත් පිරිසකගේ ඇඟිලි නවන්නට බැරිව අක්‍රිය වන අවස්‌ථාත් තිබේ.

මෙවැනි සංකූලතා ඇති වූ පසු පුද්ගලයා තව දුරටත් ඇබ්බැහි වන්නේ ඇතිවන සංකූලතා මඟහරවා ගැනීමටයි. එනම් මානසිකව මත්පැන් පිහිට සොයන තත්ත්වයක්‌ ඇතිවන්නේ මෙවැනි අවස්‌ථාවන් මඟහරවා ගැනීමටයි.

මත්පැන් භාවිතයේදී දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් වැඩිවීම, සිරෝසිස්‌, අක්‌මා ආබාධ, වෘත රෝග වැනි තත්ත්වයන් බහුලව ඇතිවීමට පුළුවන. ස්‌නායු දුර්වලතා නිසාවෙන් තව බොහෝ සංකූලතා මතුවිය හැක.

මානසික තත්ත්වයක්‌ නිසා හෝ කාංසිය නිසා මත්පැන් පානයට යොමු වී නම් නිසි උපදේශනයකට යොමු වීම වැදගත්ය. එවිට උපදේශනය තුළින් නිසි මඟපෙන්වීමක්‌ ලබාදෙනු ඇත.

මේ සඳහා සාර්ථක විදිහට මත්පැන් පානය සහ දුම්පානය මඟහරවා ගැනීමට වීනකටු චිකිත්සාවේ ප්‍රයෝජන ලබා ගැනීමේ හැකියාව තිබේ.

මෙහිදී දුර්වල මනස යම් මානසික ඒකාග්‍රතාවයකට පත්කර ධනාත්මක චින්තනයක්‌ ඇතිවන ආකාරයෙන් උපදේශනය කර චීන කටු ප්‍රතිකාර කරනු ලැබේ. මත්පැනට සහ දුම් පානයට ඇබ්බැහි වීම නතර කර ඒවා එපා වන තත්ත්වයට පත්කිරීම එනම් මානසිකව එපා කරවීමක්‌ චීන කටු චිකිත්සාව තුළින් සිදුකරනු ලැබේ.

දිගුකාලීනව මත්පැනට යොමු වූ පුද්ගලයාට මත්ද්‍රව්‍ය වලින් මිදවූ පසු ඇතිවන සංකූලතා එනම් ආහාර අරුචිය, මළ බද්ධය, නින්ද නොයැම, අතපය වෙව්ලීම මඟහරවා ගැනීමට චීන කටු ප්‍රතිකාර කරන අතරතුර ඉහත සංකූලතා ඉවත්කර ගැනීමට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙනු ලැබේ.

සුව වූ පසු සාමාජීය වශයෙන් තම මනස තුළින් පුනරුත්ථාපනයට උත්සාහ ගත යුතුය. පවුල තුළින් ඒ සඳහා සහයෝගය ලබාදිය යුතුය. මත්පැන් පරිසරවලින් හැකිතාක්‌ ඈත් වී සිsටිය යුතුය. එවිට පුරුද්ද නැවත ඇතිවීමක්‌ නැත.

එමෙන්ම සමාජයේ තවත් බහුල ප්‍රශ්නයක්‌ ලෙසින් දක්‌නට ඇති දුම් පානය, දුම් පානය කරන අයට මෙන්ම නොකරන අයටත් ප්‍රබල තර්ජනයකි. සක්‍රිය දුම්පානය සහ අක්‍රිය දුම්පානය ලෙසින් කොටස්‌ දෙකකට වෙන්වන්නේ ඒ නිසාවෙනි. කෙළින්ම දුම්බොන්නා සක්‍රිය දුම්පානයට අයත් වන අතර වෙනත් අයකුගේ සිගරට්‌ දුම් ආග්‍රහණ කරන්නා අක්‍රිය දුම්පානයට හසුවේ.

යහළුවන්ගේ පෙලඹවීම මත දුම්පානයට යොමු වීම වැඩි බව පෙනේ. තරුණ පිරිමි ළමෝ අත්හදා බැලීමක්‌ වශයෙන් ඇතිකර ගන්නා වූ දුම්පානය ඇබ්බැහි වීමක්‌ දක්‌වා දිව යන්නේ සිගරට්‌ වල ඇති නිකොටින් නමැති රසායන ද්‍රව්‍ය නිසාවෙනි. නිකොටින් නොදැනුවත්වම ඇබ්බැහිවීමක්‌ ලබාදීම එයට හේතුවයි.

දුම්පානය නිසාවෙන් හෘද රෝග, පිළිකා, පෙනහලු රෝග, ශ්වසන ආබාධ, ලිංගික අප්‍රාණිකත්වය වැනි රෝගාබාධ ඇති විය හැකි අතර අභ්‍යන්තර ඉන්ද්‍රියට විය හැකි බලපෑම වැඩිය.

මෙවැනි භයානක තත්ත්වය දැන දැනත් දුම්පානයට ඇබ්බැහි වීම සැබැවින්ම කනගාටුදායකය.

පුරුද්ද අතහැර ගැනීමට නොහැකි වීම මෙහි දීද ඇතිවන තත්ත්වයයි. මනසින් අතහැර ගැනීමට නොහැකි තත්ත්වය මත දිගිsන් දිගිටම ඇබ්බැහිය දුර දිග යනු ඇත.

දුම්පානය අත්හැර ගැනීම සඳහාත් චීන කටු ප්‍රතිකාර ක්‍රමය තුළ සාර්ථක ප්‍රතිකාර ක්‍රම ඇත.

පුද්ගලයාගේ මනස ශක්‌තිමත් කර ස්‌ථාවර තත්ත්වයේ පවත්වාගෙන යැමට අදාලවන ප්‍රතිකාර ක්‍රමද චීන කටු වෛද්‍ය ක්‍රමය තුළ තිබේ. ප්‍රතිකාර කරන අතුරතුර දින 03 ක්‌ පමණ වන විට පුද්ගලයාගේ පැහැදිලි වෙනසක්‌ හඳුනාගත හැක.

දුම්පානයේදී වන සංකූලතා අතර කටින් කෙළ වැගිරීම, නින්ද අඩුකම, ආහාර අරුචිය, මළ බද්ධය සිගරට්‌ එකක්‌ නොමැතිව වැසිකිළි යැමේ අපහසුව, වැඩිපුර කුසගින්න, අධිකව පැණි බීමට යොමු වීම වැනි දෙය මූලික වනු ඇත.

මෙවැනි තත්ත්වයන් ඇතිවන විට සංකූලතා මඟහැර දුම්බීම මඟහරවා ගැනීමටද චීන කටු ප්‍රතිකාර ක්‍රමය තුළ සාර්ථක ක්‍රම තිබේ. මේ අවස්‌ථාවේදී ද පවුලේ සහයෝගය ඉතා අවශ්‍යය. දුම්බීම නැවතූ පුද්ගලයාට නැවත සිගරට්‌ටුවක්‌ නොබොන ආකාරයට අවට පරිසරය සකස්‌ කර දීම පවුලේ වගකීමක්‌ වනු ඇත.

දුම්පානය, මත්පැනට ඇබ්බැහි වී එය නවතා ගැනීමට නොහැකිව ලතවෙන අය අතර ඔබත් සිටිනවා නම් ඔබේ පියා, ස්‌වාමියා, පුතා හෝ ඥතියා එයින් ගලවා ගැනීමට චීන කටු ප්‍රතිකාර සඳහා නොමිලේ යොමු වීමට ඔබටත් අවස්‌ථාවක්‌ තිබේ. වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථාන පාරේ මහාචාර්ය ඇන්ටන් ජයසූරිය අනුස්‌මරණ රෝහලේ දී ඒ සඳහා අවස්‌ථාව තිබේ.

වෛද්‍ය අමිලා කේ. ජයසිංහ

සංස්‌කරණය වසන්තා ශ්‍රියාකාන්ති

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
19 Jun 2017 06:00 PM

ව්‍යාධිවේදී ඊර්ෂ්‍යාව හඳුනාගන්න

රැවටෙන ලෝකයේ නොරැවටී සිටින්නට සැකය අවශ්‍ය සාධකයක්‌ ලෙසින් හඳුන්වාදීමේ හැකියාව තිබේ. නමුත් මෙය අසීමාන්තිකව යම් කෙනෙක්‌ තුළ වර්ධනය වනවා නම් එය මානසික පූර්ව රෝග ලක්‍ෂණයක්‌ හෝ මානසික රෝගයක රෝග ලක්‍ෂණයක්‌ විය හැක.

අස්‌ථාන බිය සහ සැකය බොහෝමයක්‌ මානසික රෝගවලට ලාක්‍ෂණික වූ රෝග ලක්‍ෂණයක්‌ ලෙසට නීලම්මහර දේශීය මානසික රෝග වර්ගීකරණයේ සඳහන් වේ. මෙම සැකය විවිධ පුද්ගලයන් තුළ ඔවුන්ට වැළදී තිබෙන මානසික රෝගයට අනුකූලව වෙනස්‌ වීමේ හැකියාව තිබේ. මෙහිදී විවාහක දෙදෙනකු අතර සහ පෙම්වතුන් අතර මතුවන මානසික රෝගී තත්ත්වයට පත්වුණු සැකයන් පිළිබඳ සඳහන් වී තිබේ. මෙය අසුයියාව නැමැති තාක්‍ෂණික වචනයෙන් හදුන්වන අතර ව්‍යාධිවේදී ඊර්ෂ්‍යාව නමින්ද හදුන්වනු ලැබේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් අපට දැනගත හැකි වන්නේ තම පෙම්වතා හෝ පෙම්වතිය පිළිබඳ එසේත් නැතිනම් තම ස්‌වාමිපුරුෂයා හෝ බිරිඳ පිළිබඳ පැන නඟින සෘණාත්මක අහේතුකවාදී සැකයකි. මෙහිදී මෙම තත්ත්වය එසේත් නැතිනම් මෙම රෝගී තත්ත්වයට භාජනය වන පුද්ගලයා තුළ තම සමීපතමයා කෙරෙහි පදනම් විරහිත සැක සහිත ආකල්ප අදහස්‌ ගොඩනැඟීමට පුළුවන. ඔහු හෝ ඇය වෙන කෙනකු සමඟ අයථා සම්බන්ධයක්‌ ඇති බව මොවුන් මෙහිදී කරනු ලබන ප්‍රධානතම චෝදනාවයි.

මෙම සැකය තහවුරු කර ගැනීම සඳහා මොවුන් විවිධ ක්‍රියාකාරකම්වල යෙදේ. සැකයට භාජනය වන පුද්ගලයාගේ ජංගම දුරකථනය පිළිබඳ විමසිල්ලෙන් සිටීම, එම දුරකථනයට ලැබෙන ඇමතුම්වලට නැවත කතාකර බලා පරීක්‌ෂා කිරීම, එමෙන්ම දුරකථන බිල්පත් නැවත නැවත පරික්‌ෂා කර බැලීම මෙහිදී දැකිය හැකි ලක්‍ෂණයකි. මෙම තත්ත්වය බිරිඳට හෝ පෙම්වතියට වැළඳී ඇති නම් තම ස්‌වාමියා සමඟ හෝ පෙම්වතා සමඟ ඇසුරු කරන කාර්යාලයේ ළඟින් සිටින කාන්තාවන් කෙරෙහි දැඩිව විමසිලිමත් වීම, එමෙන්ම තම පෙම්වතා හෝ ස්‌වාමියා වැඩිපුර කාන්තාවන් ඇසුරු කරනවාට තිබෙන අකමැත්ත වැනි කාරණාවන්ය. ඇතැම් විට මෙවැනි තත්ත්වයන් පිළිබඳ දිගින් දිගටම ප්‍රශ්න කිරීමට යැමේදී මේ නිසාම නිතර අඬදබර පවා ඇතිවීමෙන් මෙම තත්ත්වය පවුල් ජීවිතයට පවා බලපෑම් ඇතිකළ හැකි වන්නේය. බිරියක්‌ මෙයින් නොනැවතී තම ස්‌වාමියා නිවසට පැමිණි පසු ස්‌වාමියාගේ ඇඳුම් පවා පරීක්‍ෂා කිරීමට පෙලඹෙයි. මෙයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ රෝගය නිසා මනස තුළ ජනිත වන සැකය තහවුරු කර ගැනීම සඳහා මොනයම් හෝ සාක්‌ෂියක්‌ සොයා ගැනීමයි.

එහිදී ඔවුන් තම ස්‌වාමි පුරුෂයාගේ ඇඳුම්වල කාන්තාවන්ගේ හිසකෙස්‌ තිබේදැයි කියා එසේත් නැතිනම් කාන්තාවන් භාවිත කරන සුවඳ විලවුන්වල සුවඳ වෑහෙනවා දැයි කියා බැලීමට පෙලඹෙන අවස්‌ථා අනන්තවත් තිබේ. මෙම රෝගී තත්ත්වය නිසා රෝගී පුද්ගලයන්ගේ මනස තුළ දැඩි සැකයක්‌ උත්පාදනය වේ. මෙම සැකය උත්පාදනය වීමට ඔවුන් පාදකකර ගන්නා කරුණු අතර ඔවුන්ට රෝගය නිසාම තම ස්‌වාමි පුරුෂයා අතින් හෝ බිරිඳ අතින් හෝ පෙම්වතිය හෝ පෙම්වතා අතින් සුළු අතපසුවීමක්‌ වුවත් එය දැඩි ලෙස දැනීම මෙම රෝගී තත්ත්වයේ ස්‌වභාවයයි.

ඒ නිසාම ඔවුනගේ ආකර්ෂණය තමාට අහිමි වී ඇති බවක්‌ එසේත් නැතිනම් ආදරය අඩු වී ඇති බවක්‌ මෙම ආකර්ෂණය හා ආදරය අඩුවීමට තව කෙනකු ලංවී ඇති බවක්‌ එසේත් නැතිනම් තව කෙනකුට ආදරය කරන බවක්‌ තමන් සිතින් මවාගෙන දැඩිසේ කම්පාවන අවසථා මෙම තත්ත්වයට ලාක්‍ෂණික වේ.

මේ නිසාම මොවුන්ට මෙම මානසික රෝගයට අමතරව කල් යැමේදී මෙම තත්ත්වයට ප්‍රතිකාර නොකර හරිහැටි කළමනාකරණය නොකළේ නම් පසුකාලීනව විශාදය වැනි මානසික රෝගයෙහි ලක්‍ෂණ පවා මොවුන් තුළින් මතුවිය හැකිය.

මෙම සැක සහිත සිතුවිලි උත්පාදනය වන්නේ, එම සැකයට වැඩිපුරම භාජනය වන්නේ, තමා වැඩිපුරම ආදරය කරන විශේෂයෙන්ම තමා ලිංගිකව ඇසුර කරන සමීපතමයන් කෙරෙහිය. ඒ නිසාම මෙම රෝගයට ව්‍යාධිවේදී ඊර්ෂ්‍යාව යෑයි කියනු ලැබේ.

ව්‍යාධියේදී ඊර්ෂ්‍යාව පිළිබඳ තවත් කොටසක්‌ ලබන සතියේ.

නීලම්මහර
(මානසික රෝග විශේෂඥ)
ආයුර්වේද වෛද්‍ය
සමන් එස්‌. හෙට්‌ටිගේ

සංස්‌කරණය වසන්තා ශ්‍රියාකාන්ති

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
19 Jun 2017 06:02 PM

දත් කැක්‌කුම සමනය කර ගන්න නිවසේදී කළ හැකි පිළියම්

වේදනාවන් අතරින් ඉවසන්න නොහැකි පීඩාකාරි වේදනාවක්‌ ලෙස දත් කැක්‌කුම හඳුනාගත හැකිය. බොහෝදෙනා මෙම වේදනාව ඇතිවූ විට ප්‍රතිකාර කිරීම ලෙස ෆාමයි වලින් ලබාගන්නා වේදනා නාශක භාවිත කරන අවස්‌ථා සුලබව දැකගත හැකිය.

එහෙත් ඔබේ නිවසේදීම ශරීරයට හිතකර දේශීය ප්‍රතිකාරයක්‌ කිරීමෙන් ඔබේ වේදනාව සමනය කරගත හැකියි. කරාබුනැටි තෙල්, දෙහි, ඉඟුරු, ලුණු වැනි එදිනෙදා භාවිතයට ගන්නා ස්‌වාභාවික ඖෂධවලින් ඔබට නිවසේදීම ප්‍රතිකාර කර ගැනීමට පහසුයි.

කරාබුනැටි තෙල්

දත් කැක්‌කුමෙන් අසහනයට පත් මොහොතක ඔබට භාවිත කළ හැකි සාර්ථකම ප්‍රතිකාරය මෙයයි. කරාබු නැටි තෙල් සහ පොල් තෙල් සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍රකර කපු පුළුන් කැබැල්ලක පොඟවා වේදනාව ගෙන දෙන දත අසලින් රඳවා තබා ගැනීම කළ යුතුයි. විනාඩි කිහිපයකින් ඔබේ දත් කැක්‌කුමෙන් ඇතිවන වේදනාව සමනය වන්නේ ඔබට සහනයක්‌ සැලසීමෙනුයි.

කරාබුනැටිවල පවතින ප්‍රතිබැක්‌ටීරියා කාරක ගුණය සහ ප්‍රදාහය කියන තත්ත්වය සමනය කරන ගුණය මෙම වේදනාව ස්‌වාභාවිකව සමනය කිරීමට හේතුවක්‌ වේ.

දෙහි

ආහාර රස ගැන්වීමට පමණක්‌ නොව රෝග සුවපත් කිරීමේදී ආයුර්වේදයේදී බහුලව දෙහි භාවිතයට ගනියි. දත් කැක්‌කුම නිසා ඇතිවන වේදනාවේදී දෙහි යුෂ ස්‌වල්පයක්‌ පුළුන් කැබැල්ලක තවරා වේදනාව ඇති ස්‌ථානයේ ඇතිල්ලීම කළ හැකියි.

දෙහිවල සිටි්‍රක්‌ අම්ලය හා විටමින් සී යන පෝෂණ සංඝටක අඩංගුයි. දත් වලට මෙන් විදුරු මස්‌ සඳහා සුවයක්‌ ලබාදීමට ප්‍රතිඔක්‌සිකාරක ලෙස ක්‍රියාකරන්නේ සිටි්‍රක්‌ අම්ලය හා විටමින් සී යන සංඝටකයි.

ඉඟුරු

ඉඟුරු නිවසක අනිවාර්යයෙන්ම පවතින ඔසුවකි. ඉඟුරු කැබැල්ලක්‌ තලා එම තලපය ඔබගේ දත් කැක්‌කුම පවතින ස්‌ථානයේ තැබීම කළ හැකියි.

ඉඟුරුවල ඇති සැර ගතිය හේතුවෙන් ප්‍රථමයෙන් යම් අපහසුතාවක්‌ දැනුවාද සුළු වේලාවකින් පසුව දත හිරිවැටී ඇති බවත් ඔබට දැනෙයි. ඉන් අනතුරුව ඔබට සහනයක්‌ ලැබී දත් කැක්‌කුම සුව වේ.

ලුණු

දත් කැක්‌කුම ඇති ස්‌ථානයේ ලුණු තබාගෙන මඳ වේලාවක්‌ සිටීමෙන් ඔබට සහනයක්‌ හිමිවේ.

ලුණුවල පවතින විෂබීජ නාශක ගුණය මගින් දත් ආශ්‍රිත ඇති විෂබීජ නාශනය කිරීමක්‌ද සිදු වේ.

සටහන - මදුශානි ගමගේ
අන්තර්ජාලය ඇසුරිනි

සංස්‌කරණය වසන්තා ශ්‍රියාකාන්ති

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
19 Jun 2017 09:30 PM
battrery acid ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
20 Jun 2017 06:45 PM
අපෝ දත් කැක්කුම නම් කතා කරලා වැඩක් නැ
0
You are not authorized to post a reply.
Page 22 of 137 << < 2021222324 > >>