You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 23 of 137 << < 2122232425 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Jun 2017 06:26 AM

කොලෙස්ටරෝල් පාලනයට නව එන්නතක්


හෘදයාබාධ වළක්වා ගැනීම සඳහා රුධිරයේ පවතින 'කොලෙස්ටරෝල්' ප්‍රමාණය පාලනයකර තබාගත හැකි නව එන්නතක් නිපදවීමට විද්‍යාඥයෝ සමත් වී ඇත.

මෙම එන්නත මීයන්ට ලබා දීමෙන් සාර්ථක ප්‍රතිඵල ගෙන දී අතර එය මිනිස් සිරුරට එන්නත් කර එහි සාර්ථකත්වය අධ්‍යයනය කෙරෙමින් පවතී.ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 72 දෙනෙකුට නව එන්නත ශරීරගත කර තිබේ.රුධිර නාල තුළ මේදය තැන්පත්වීම වළක්වාලන මෙම නව එන්නත නිපදවනු ලැබ ඇත්තේ හවානා වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයන් විසිනි.

හෘදයාබාධයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා දිනපතා පෙති වර්ග භාවිතා කිරීම වෙනුවට වසරකට වරක් මෙම එන්නත ලබා දීමෙන් දිගු කාලීන ආරක්ෂාවක් ලබා ගත හැකිය.නව එන්නත කෙතරම් කාර්යක්‍ෂම ද යන වග සහ එමගින් මිනිස් සිරුරට ඇතිවිය හැකි පසු බලපෑම් නිශ්චිතව ම දැන ගැනීම සඳහා තව වසර කිහිපයක් ගතවිය හැකි බව විද්‍යාඥයෝ පවසති

මෙම එන්නත මගින් සිදු කෙරෙන්නේ PCSK9 නමැති ප්‍රෝටීනය විනාශ කිරීම සඳහා සිරුර තුළ ප්‍රතිශක්තියක් ඇති කිරීමය.ශරීරයට අහිතකර LDL කොලෙස්ටරෝල් වර්ගය නිපදවෙන්නේ PCSK9 නමැති ප්‍රෝටීන වර්ගයෙනි.

නව එන්නත මීයන්ට ලබා දීමෙන් මාස 12ක් ඇතුළත LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය 50%කින් අඩු වී ඇති අතර රුධිර නාල තුළ මේදය තැන්පත්වීම ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීමක් පෙන්නුම් කර ඇත.කෙසේ නමුත් මෙම නව එන්නත රෝහල්වලට සහ වෙළඳ පළට නිකුත්වීම සඳහා තව වසර හයක්වත් ගතවිය හැකි බව පර්යේෂකයෝ පවසති.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jun 2017 06:43 AM
තව අවුරුදු 6ක් යද්දි කට්ටියට බඩු බනිස් වෙලා තියෙයි.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Jun 2017 12:30 PM
එකත් ලොකු දෙයක් නැත්නම් කොච්චර කියලා පෙති බොන්නද
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Jun 2017 06:39 PM

ඩෙංගු පිළිබඳව ඔබ දැනුවත්ද?

ඩෙංගු වසංගතය හේතුවෙනි

1. ඩෙංගු රෝගය යනු කුමක්‌ද?

වෛරසයක්‌ මගින් ඇති කරනු ලබන රෝගයකි. ඩෙංගු වෛරසය ශරීර ගත වූ අයෙකු බොහෝ විට රෝග ලක්‍ෂණ නොපෙන්වන අතර රෝග ලක්‍ෂණ මතුවුවහොත් එය.

* සාමාන්‍ය සුළු උණ තත්ත්වය

* ඩෙංගු උණ (Dengue Fever -DF)

* ඩෙංගු රක්‌තපාත උණ (Dengue Haemorrhagic Fever - DHF)

* අසාමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය (ඉතා කලාතුරකින්) විය හැකිය.

2. ඩෙංගු බෝවන්නේ කෙසේද?

ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස්‌ වර්ගයේ ගැහැණු මදුරුවන් මගින් පතුරවයි. මෙම මදුරුවන් තුළට වෛරසය ඇතුළුවනුයේ ඩෙංගු වෛරසය ශරීර ගත වූ පුද්ගලයෙකුට දෂ්ට කිරීමෙනි.

3. ඩෙංගු රෝගය සෑදීමේ අවදානම ඇත්තේ කාහටද?

ආසාදිත ඩෙංගු මදුරුවකු දෂ්ට කරන ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානමක්‌ පවතී. තවද පුද්ගලයෙකුගේ වයස හා ප්‍රතිශක්‌තිකරණය මත රෝගයේ ස්‌වභාවය වෙනස්‌ විය හැකිය.

4. උණ රෝගය සෑදුන විට එය ඩෙංගු විය හැකි බවට සැක කළ යුත්තේ ඇයි?

ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම, රක්‌තපාත උණ (DHF) වැනි අවදානම් අවස්‌ථාවලද පත්විය හැකිය. මෙම අවදානම් අවස්‌ථා මුල් අවධියේදී සාමාන්‍ය උණෙන් වෙන්කර හඳුනා ගැනීමට අපහසුවේ. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්‌මනින් සුව වන අතර අවදානම් අවස්‌ථාවල රෝහල්ගතව ප්‍රතිකාර ලැබිය යුතුය. එබැවින් අවදානම් අවස්‌ථා ඉක්‌මනින් හඳුනා ගැනීමට ඩෙංගු උණෙහි රෝග ලක්‍ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුවේ.

5. ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු උණද?

උණ සමඟ පහත රෝග ලක්‍ෂණ පවතී නම් ඔබට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සැක කළ යුතුය.

* හිසරදය හා ඇස්‌ යට වේදනාව

* මස්‌පිඩු හා සන්ධි වේදනාව

* ඔක්‌කාරය හා වමනය

* සමෙහි රතු පැහැ ලප හට ගැනීම

* රුධිර වහනය තත්ත්වයන්

ඉහත රෝග ලක්‍ෂණ ඇත්නම් වෛද්‍යවරයකු වෙත යොමුවීම අවශ්‍ය වේ. ඔබ ඩෙංගු බහුල ප්‍රදේශයක වාසය කිරීම හා අවට ඩෙංගු රෝගීන් වාර්තා වීම මෙම සැකය වඩාත් තහවුරු කිරීමට හේතුවේ.

6. ඩෙංගු රෝගය නිශ්චය කරන්නේ කෙසේද?

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වඩාත් වැදගත් වන්නේ අවදානම් අවස්‌ථාවට පත්වන රෝගීන් ඉක්‌මනින් හඳුනා ගැනීමය. උදා- ඩෙංගු රක්‌තපාත උණ, ඒ සඳහා උණ සෑදී දින 2 කට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්‍ෂාව (FBC -Full Blood Count) වඩාත් ප්‍රයෝජනවත් වේ. ඩෙංගු වෛරසය ශරීර ගතව ඇති බව තහවුරු කිරීම සඳහා කරනු ලබන NS1 හා ඩෙංගු ප්‍රතිදේහ පරීක්‍ෂාවන් මගින් ඩෙංගු උණ (DF) හා ඩෙංගු රක්‌තපාත උණ (DHF) වෙන්කර හඳුනා ගත නොහැකිය.

7. ඩෙංගු රෝගය කිහිපවරක්‌ සෑදිය හැකිද?

ඩෙංගු වෛරසයට ප්‍රභේද 4 ක්‌ ඇත. යම් පුද්ගලයෙකු ඩෙංගු රෝගයට වරක්‌ ගොදුරු වූ විට ප්‍රතිශක්‌තිය ඇති වනුයේ එම අදාළ ප්‍රභේදයට පමණක්‌ බැවින් ඔහුට නැවත අනිකුත් ප්‍රභේද මගින් ආසාදනය විය හැකිය. තවද නැවත වරක්‌ ඩෙංගු රෝගය සෑදීමේදී එම පුද්ගලයා ඩෙංගු රක්‌තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය (විශේෂයෙන් දෙවන අවස්‌ථාවේ) තිබේ.

8. ඩෙංගු උණ වැළඳුන විට නිවසේදී ප්‍රතිකාර කළ හැකිද?

ඩෙංගු වෛරසය ශරීරගත වන බොහෝ රෝගීන් සාමාන්‍ය උණ තත්ත්වයක්‌ පෙන්නුම් කරයි. එබැවින් හොඳින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස්‌ ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම වැදගත් වේ. වෛද්‍යවරයා විසින් දින 2 කට පසු FBC පරීක්‍ෂාව කොට රෝගියා රෝහල් ගත කළයුතුද යන්න තීරණය කරනු ඇත.

9. ඩෙංගු රක්‌තපාත උණ (DHF) යනු කුමක්‌ද?

ඩෙංගු රක්‌තපාත උණ, ඩෙංගු රෝගී තත්ත්වයේ ඇතිවිය හැකි අවදානම් අවස්‌ථාවකි. උණත් සමඟ ඇතිවන අනිකුත් රෝග ලක්‍ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්‌තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන් ගෙන් වෙන්කර හඳුනා ගැනීම මුල් අවධියේ පහසු නොවේ. එහිදී උණ බැසයැමත් සමඟ ප්‍රධාන ලක්‍ෂණය වන රුධිර වාහිනීවලින් පිටතට (විශේෂයෙන් ප්ලුරා පටල අතරට හා උදර කුහරයට) ප්ලාස්‌මා තරලය කාන්දු වීම සිදුවේ. මෙය සාමාන්‍යයෙන් උණ සෑදී 3 වන දින හෝ ඊට පසුව සිදුවන අතර රුධිර පරීක්‍ෂාවල (FඊC) වෙනස්‌කම් මගින් හඳුනා ගත හැකිය. මෙසේ නොදැනුවත් කමින් දිගටම ප්ලාස්‌මාව කාන්දු වීම මගින් කම්පන අවස්‌ථාවට පත්විය හැකිය. ඇතැම් රෝගීහු කම්පන අවස්‌ථාවට පත්වීමට පෙර අවදානම් ලක්‍ෂණ පෙන්නුම් කරති. එබැවින් මෙම අවදානම් ලක්‍ෂණ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වේ.

10. අවදානම් ලක්‍ෂණ මොනවාද?

* උදරයේ ඇතිවන තද වේදනාව

* නොනවත්වා වමනය පැවතීම

* අධික නිදිමත බව/ නොසන්සුන් බව/ අප්‍රාණික බව

* රුධිර වහනය වීම (විදුරුමසෙන්, නහයෙන් දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මළ පහවීම)

* පැය 6 කට වඩා වැඩි කාලයක්‌ මුත්‍රා පහ නොවීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවීම.

11. අවදානම් ලක්‍ෂණ නොමැතිවද රෝහල් ගත විය යුතු පුද්ගලයින් කවුරුන්ද?

* ගර්භණී මව්වරුන්

* අවුරුදු 1 ට අඩු දරුවන්

* අධි බර සහිත රෝගීන්

* වැඩිහිටි පුද්ගලයින්

12. උණ ඇති විට කුමක්‌ කළ යුතුද?

* වෙහෙසකර කටයුතුවලින් බැහැරවී හොඳින් විවේක ගන්න

* උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව තුළ පැරසිටමෝල් ඖෂධය ලබා දෙන්න (උපරිම මාත්‍රාව 60mg/kg/24h වේ) තදින් උණ පවතී නම් පිරිසිදු රෙදි කඩක්‌ උණුසුම් ජලයෙන් පොගාවා රෝගියාගේ ශරීරය තැවීම සිදු කරන්න.

* වේදනා නාශක ඖෂධ Non Steroidal Anti Infammatory Drugs (NSAD)  කාණ්‌ඩයේ ඖෂධ හා ස්‌ටෙරොයිඩ් (Steroids) භාවිතයෙන් වළකින්න

* සැහැල්ලු පෝෂ්‍යදායි ආහාර වේලක්‌ ලබාගන්න

* උණ පවතින කාලය තුළදී මදුරුවන් දෂ්ට කිරීමෙන් හැකිතාක්‌ ප්‍රවේශම් වන්න.

13. උණ පවතින කාලය තුළ භාවිත කළ යුතු ආහාර මොනවාද?

* උණ හා වමනය නිසා ඇතිවන විජලන තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කරන්න. තැඹිලි වතුර, කැඳ, කිරි, ජීවනී වැනි මුඛ සජලන පානය (Oral Rehydration Solution - ORS) පලතුරු යුෂ වඩාත් සුදුසුය.

* රෝගියා කැමැති ආකාරයෙන් වරකට කුඩා ප්‍රමාණ බැගින් අර්ධ ඝන, සැහැල්ලු ආහාර වේල් කිහිපයක්‌ ලබා දෙන්න. තෙල් සහිත ආහාර ගැනීමෙන් වළකින්න.

* අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන් (රතු/දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මලපහ (හඳුනා ගැනීමට අපහසු වන බැවින් රතු/දුඹුරු පැහැ ආහාර හා දියර වර්ග ගැනීමෙන් වළකින්න.

14. උණ පවතින අවස්‌ථාවේ NSAID'S

භාවිතා නොකළ යුත්තේ ඇයි?

ඇස්‌පිරින් (Aspirine), මෙෆෙනෙමික්‌ ඇසිඩ් (Mefenemic acid) ඉබ්යුප්‍රොෆෙන් (Ibuprofen) ඩයික්‌ලොෆෙනැක්‌ (Dictofenac) වැනි Non Setoidal Anti Inflammatory Drugs ( NSA/Ds) කාණ්‌ඩයේ ඖෂධ/ස්‌ටෙරොයිඩ් (Steroids) භාවිතයෙන් ඩෙංගු නිසා ඇතිවන රුධිර වහනය වීමේ තත්ත්වයන් උග්‍ර විය හැකිය.

15. ඩෙංගු රෝගීන්ට ඇතිවිය හැකි සංකූලතා මොනවාද?

සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකූලතා ඇතිවීමේ අවදානම් අවම වේ. ඩෙංගු රක්‌තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්‌ථාවලට පත්වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්‌මාව අකර්මණ්‍ය වීම, මොළයට සිදුවන බලපෑම වැනි සංකූලතා ඇතිවී කලාතුරකින් මරණය පවා සිදුවිය හැකිය. පමා නොවී නිසි ප්‍රතිකාරවලට යොමුවීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කර ගත හැකියි.

16. ඩෙංගු රෝගය ඇති විට මදුරුවන් දෂ්ට කිරීමෙන් ආරක්‍ෂා විය යුතු වන්නේ ඇයි?

ඩෙංගු මදුරුවා දෂ්ට කළ පසු වෛරසය රෝගීයාගේ ශරීරය තුළ වර්ධනය වන අතර එම කාලය තුළ කිසිදු රෝග ලක්‍ෂණයක්‌ නොපෙන්වයි. මෙම බිජෞෂන සමය දින 3-14 අතර කාලයක්‌ පවතී.

ඉන් පසුව ඇතිවන්නේ උණ අවධිය වන අතර එය දින 2-10 අතර කාලයක්‌ පවතී. මෙම කාලය තුළ ඩෙංගු වෛරසය රෝගියාගේ රුධිරය තුළ පවතින බැවින් මදුරුවකු දෂ්ට කළහොත් වෛරසය මදුරුවා තුළට ඇතුළු වන අතර එමගින් වෙනත් පුද්ගලයින් තුළට වෛරසය ඇතුළු වී රෝගය පැතිරිය හැකිය.

17. ඩෙංගු මදුරුවන් දෂ්ට කරන්නේ කුමන වේලාවන්හිද?

සාමාන්‍යයෙන් ඊඩිස්‌ මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පායා පැය කීපයක්‌ යන තුරුද, සවස්‌ කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙරද වැඩිපුර දෂ්ට කිරීම සිදු කරයි. එබැවින් මෙම කාලය තුළ මදුරු දෂ්ටනවලින් ආරක්‍ෂා විය යුතුය.

18. ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන මොනවාද?

මිනිස්‌ ක්‍රියාකාරකම්වලින් ඇති වූ ඉවතලන ප්ලාස්‌ටික්‌, මැටි හා ලෝහ බඳුන්, විසිතුරු මල් බඳුන්, බැරල්, කුරුළු නාන තටාක, වතුර ටැංකි, ශීතකරණ තැටි, ඉවතලන ටයර්, වියළි පොල් කෝම්බ හා වැහි පිහිලි වැනි ජලය රැඳෙන ස්‌ථානවල මෙම මදුරුවන් බිත්තර දමයි. තවද බ්‍රොමිලියා, අන්නාසි පත්‍ර අතරද, ගස්‌ බෙන වැනි ස්‌වභාවික ජලය රැඳෙන ස්‌ථානවලද ඩෙංගු මදුරුවන් බෝවේ. වැඩිහිටි මදුරුවන් නිවසින් පිටත මෙන්ම නිවෙස්‌ ඇතුළත අඳුරු ස්‌ථානවල රැඳි සිටිය හැකිය.

19. මදුරු දෂ්ටනයෙන් වැළකෙන්නේ කෙසේද?

* අත් පා හොඳින් ආවරණය වන පරිදි ඇඳුමින් සැරසෙන්න

* මදුරු දැලක්‌ යට විවේකීව සිටින්න

* මදුරු විකර්ෂක භාවිත කරන්න

උදා( පැ`ගිරි තෙල් හෝ කෘත්‍රිම විකර්ෂක

20. ඩෙංගු මදුරුවන් බෝවීම වළක්‌වන්නේ කෙසේද?

* භාවිතා කළ හැකි ඉවතලන ප්ලාස්‌ටික්‌, වීදුරු බඳුන්, බෝතල්, ටින් ආදිය ප්‍රතිචක්‍රීකරණය කරන්න. අනිකුත් බඳුන් මදුරුවන් බෝනොවන ලෙස විනාශ කරන්න.

* වැහි පිහිලිවල හිරවී ඇති කොළ රොඩු ඉවත් කර නිතර පිරිසිදු කරන්න. වතුර ටැංකි, බැරල්, මල් බඳුන්, ශීතකරණ තැටි බුරුසුවකින් අතුල්ලා පිරිසිදු කරන්න.

* වතුර එක්‌රැස්‌ වන ස්‌ථාන, ළිං සහ ටැංකිවලට මදුරුවන්ට ඇතුල්විය නොහැකි ලෙස දැල් යොදා ආවරණය කරන්න.

* නිරන්තරයෙන්, සතියට වරක්‌ ගෙවත්ත හා ගෙතුළ හොඳින් පරීක්‍ෂා කර මදුරුවන් බෝවිය හැකි ස්‌ථාන ඉවත් කරන්න.

ජාතික ඩෙංගු මර්දන ඒකකය

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
21 Jun 2017 06:41 PM

පොල්තෙල්වල අඩංගු මේදය
සෞඛ්‍යයට අහිතකරයි
ඇමරිකානු හෘද සංගමය


පොල්තෙල්. හරක්‌ මස්‌වල අඩංගු මේදය හා බටර් මෙන්ම ශරීර සෞඛ්‍යයට අහිතකර බව ඇමරිකානු හෘද සංගමය පවසයි.

පොල්තෙල්වල අඩංගු සංතෘප්ත මේදයන් හෘද රෝග අවදානම වැඩි කරලන ''නරක කොලෙස්‌ටරොල්'' මට්‌ටම වැඩි කිරීමට හේතුවන බව එම සංගමය කියයි.

මෙතෙක්‌ කල් පිළිගැනුණේ පොල්තෙල් සෞඛ්‍යාරක්‌ෂිත ආහාරයක්‌ වන බව හා එහි අඩංගු මේදය අනිකුත් සංතෘප්ත මේදයන්ට වඩා යහපත් බවයි.

එහෙත් ඇමරිකානු හෘද සංගමයට අනුව පොල්තෙල් සෞඛ්‍යාරක්‌ෂිත යෑයි පැවසීමට තරම් යහපත් අධ්‍යයනයක්‌ මෙතෙක්‌ සිදුකර නොමැත.

දැනට පවතින තත්ත්වය අනුව සත්ත්ව මේදයන් වන ලාඩ් ශරීර සෞඛ්‍යයට අහිතකර වන බවත්, ශාකමය තෙල් වර්ග වන ඔලිව් හා සූර්යකාන්ත ශරීරයට හිතකර බවත් පිළිගැනේ.

මෙවැනි නිගමනයකට පර්යේෂකයින් එළඹ ඇත්තේ එම එක්‌ එක්‌ තෙල් වර්ගයෙහි අන්තර්ගතව පවතින සංතෘප්ත මේද ප්‍රමාණය අනුවයි.

සංතෘප්ත මේදය අධික ආහාර වර්ග පරිභෝජනය කිරීමෙන් හෘද රෝග හා ආඝාත (ස්‌ට්‍රොaක්&zwnj අවදානම වැඩි කරලන අතර රුධිරගත නරක කොලෙස්‌ටරොල් මට්‌ටම ඉහළ නංවන බව හෙළි වී තිබෙන අතර ඇමරිකානු හෘද සංගමයට අනුව පොල්තෙල්වල අඩංගු මේදයෙන් සියයට 82 ක්‌ ම සංතෘප්ත මේදයයි.

මෙම ප්‍රමාණය බටර්වල අඩංගු සංතෘප්ත මේදය හරක්‌ මස්‌වල අඩංගු එම මේදය හා ඌරු මස්‌වල ලාඩ් වල අඩංගු මේදයට වඩා වැඩි වේ.

බටර්වල සංතෘප්ත මේදය සියයට 63 ක්‌ ද, හරක්‌ මස්‌වල එම මේදය සියයට 50 ක්‌ද, ඌරු මස්‌ ලාඩ් වල එම මේදය සියයට 39 ක්‌ද අන්තර්ගත වන බව අනාවරණය වී තිබේ.

එක්‌සත් රාජධානියේ මහජන සෞඛ්‍ය විශේෂඥයන්ට අනුව සාමාන්‍ය පිරිමි අයෙකු දිනපතා ආහාරයට ගත යුතු සංතෘප්ත මේද ප්‍රමාණය ග්‍රෑම් 30 කට නොවැඩි විය යුතු අතර කාන්තාවක නම් දිනකට ගත යුතු සංතෘප්ත මේද ප්‍රමාණය ග්‍රෑම් 20 නොඉක්‌මවිය යුතුය.

සංතෘප්ත මේදය වැඩි වශයෙන් ශරීරගත වීම වැළැකීම සඳහා ආහාර වර්ග ගැඹුරු තෙලෙහි බැද හෝ කර කර ආහාරයට නොගෙන ගි්‍රල්, බේක්‌ වැනි ක්‍රමවලට සකසා ගෙන ආහාරයට ගත යුතු වන අතර කර කරන ලද ස්‌ටු හා වෑංජනවල පවතින තෙල් හැන්දකින් ඉවත් කර ආහාරයට ගැනීමත් සැන්ඩ්විච් සකස්‌ කිරීමේදී පාන් පෙති අතරට බටර් හෝ මේද තැවරුම් භාවිත කිරීමෙන් වැළකීමත් සිදුකළ යුතු බව එම විශේෂඥයන්ගේ මතය වී තිබේ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Jun 2017 06:48 PM
අනේ මන්දා කාලෙන් කාලෙට එක එක කතා ...එක්කෙනෙක් හොදයි කියනවා තව කෙනෙක් නරකයි කියනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
22 Jun 2017 04:42 AM
හ්ම්ම්ම් ඔව් මත මේ කතාව අහලා තිබ්බා ,,අනේ මන්දා එක තමා කාලෙන් කාලෙට එක එක දේවල්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jun 2017 07:06 AM

පලතුරු අතර හොඳම පලතුර

පලතුරු අතර හොඳම පලතුරක් ලෙස කිවි පලතුර හැඳින්වේ.

මන්ද මිනිස් සිරුරේ DNA රැක දෙන එකම පලතර මෙයයි.  සාමාන්‍ය දොඩම් ගෙඩියක තිබෙන විටමින් c ප්‍රමාණයට වඩා වැඩි විටමින් ප්‍රතිශතයක් අඩංගු පලතුරකි.

ඉතාම තද කොළ වර්ණයක් ඇති කිවි පලතුර ඇතුළේ ඇති සියුම් කුඩා කලු ඇටය නිසා ඕනෑම වර්ගයේ සලාදයක් වුව වර්ණවත් කිරීමට සමත් වේ.

අවුන්ස 04ක් බරැති අඟල් 03ත් දිගැති මෙම පලතුර ක්‍රීම් රසය, ස්ට්‍රෝබෙරි, අඹ, කෙසෙල් රසය ඇති පලතුරු කිහිපයක රස මිශ්‍රණයක් පවතී. ලංකාවේ නොවැවුණද වෙළෙඳපොලේදී දක්නට හැකිය.

පවතින පෝෂණ ගුණය

විටමින්  c   - 120%

කෙඳි          -  8%

පොටෑසියම් - 6.4 %

කැලරි         -  2 %

'කිවි' ගුණ-

ඔක්සිජන් අඩු වැඩි වීම් ආශ්‍රිතව සිදු වන මිනිස් සෛලවල අනතුරු වලක්වා ලීමට කිවි උපකාර වේ.

DNA සෛල ආරක්ෂා කිරීමේ ගුණය

මේ පිළිබඳව වෛද්‍යවරුන් කළ පරීක්ෂණයකින් හෙළි වූයේ පලතුරෙහි අඩංගු ෆ්ලෙවනොයිඩ්, බෙටා කැරටින්, විටමින් c සහ කාටිනෝයිඩ්ස් නිසා DNA ඉතා හොඳින් ආරක්ෂා වේ.

එසේම එදිනෙදා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලන පලතුරකි.

'කිවි ' ගුණ දෙන ලෙඩ රෝග

හුස්ම ගැනීමේ අපහසුවට, රාත්‍රියේදී ඇති වන කැස්ස ගතියට, විසහරණය කිරීමේ ගුණය වැඩි නිසා විටමින් c ප්‍රමාණයද වැඩියි. ශරීරයේ හිතකර ශෛල වනසන ඉදිමුව සහ දැවිල්ලට, පිළිකා වැනි භයානක රෝග හට ගැනීම ඇති කරවන ශෛල නිෂ්පාදනය දුරු කිරීමට හොඳයි.

ඔස්ටියෝ ආතරයිටිස්, රුමටොයිඩ් ආතරයිටිස්, ඇදුම, මහ බඩ වැල ආශ්‍රිතව හටගන්නා පිළිකා, ආතෘස්කොලරෝයිස්, වෙරිකෝස්, දියවැඩියාව, රුධිර පීඩනය, හෘදය අමාරු, හෘදය වස්තුවේ බිඳවැටීම්, වකුගඩු ආශ්‍රිත රෝග, අක්මාවේ පිරිසුදු කිරීම් සඳහා මෙන්ම  ස්නායු පද්ධතිය ආරක්ෂා කිරීමට කිවි පලතුර කුඩා, වැඩිහිටි,ගර්භණී සැමටම ඉතා සුදුසුයි. කෙඳිවල ඇති ගුණය නිසා රුධිර පීඩනය පාලනය කිරීමටත්, කොලෙස්ට්‍රෝල් අඩු කිරීමටත් කිවි කදිමය.

තවද මාංශ පේශීවල අලුත් එකතු කිරීම් සඳහාවන වර්ධනයටත් මෙය ගුණදායී වේ. හෘදය වස්තුව ආශ්‍රිතව ඇති වන අපහසුතාවලදී නොයෙක් වර්ගයේ බෙහෙත් බොන අය සඳහා සුදුසුය.

පලතුරක් වුවද සලාදයක්, පිපාසය නිවාලන බීමක්, රස අතුරුපසක්, සලාද කාරකයක් වශයෙන්ද කල් තබා ගත හැකියි.

- ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

- සටහන - මාධවී ධර්මරත්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Jun 2017 08:22 AM
කිවි පලතුරක් වශයෙන් කන්න හා කිවි බිම බොන්නත් මා ගොඩක් ඇලුම් කරනවා ..... දවසකට වරක්වත් කිවි එකක් බොනවා මම ( වැඩ කරන දවසකට )
ආදරයේ උල්පත අම්මා ......................
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
23 Jun 2017 09:44 AM
කිවි පලතුර කන්න නම් මමත් හරි කැමතියි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Jun 2017 11:22 AM
හොදට ඉදුණු කිවි නම් හරිම රහයි තමා,, අපේ දුවලත් කන්න ආස කෑමක් .
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Jun 2017 06:25 PM
අනේ ඉතින් අපට මොන කිවි ද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Jun 2017 07:05 PM
අනේ ඉතින් අපට මොන කිවි ද ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
23 Jun 2017 07:11 PM
Posted By Ind007ka on 23 Jun 2017 07:05 PM
අනේ ඉතින් අපට මොන කිවි ද ?


එහෙම කියන්නට එපා..... අද මගේ ශිප්මට් එකේ ඩොකියුමන්ට් අවොත් හෙට කාගෝ පෙට්ටිය කිලියර් කරා අනිද්දා පාටියට කිවි තියෙනවා බොන්නට 
ආදරයේ උල්පත අම්මා ......................
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Jun 2017 07:13 PM
ෂා නියමයි ගාමිණි අයියේ ,,, ඔන්න ඉන්දික අයියේ එහෙනම් කිවිත් ලැබෙනවා ඔයාලට පාටි එකේදී ..
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jun 2017 07:22 PM

කොලෙස්ටරෝල් මර්දනයට නව එන්නතක්

රුධිරයේ නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කර හෘදයාබාධ වළක්වා ගැනීම සඳහා නව එන්නතක් නිපදවීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී තිබේ. මේ වනවිට එය මිනිස් සිරුරට එන්නත් කර එහි සාර්ථකත්වය අධ්‍යයනය කෙරෙමින් පවතී.

ඒ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 72 දෙනෙකුට නව එන්නත ශරීරගත කර තිබේ. රුධිර නාල තුළ මේදය තැන්පත්වීම වළක්වාලන මෙම නව එන්නත නිපදවනු ලැබ ඇත්තේ හවානා වෛද්‍ය විද්‍යාලයේ පර්ෙය්ෂකයන් පිරිසකි.

හෘදයාබාධයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා දිනපතා පෙති වර්ග භාවිතා කිරීම වෙනුවට වසරකට වරක් මෙම එන්නත ලබාදීමෙන් දිගුකාලීන ආරක්ෂාවක් ලබාගත හැකි බව විශ්වාසයයි. මෙම එන්නත මගින් සිදුකෙරෙන්නේ ශරීරයට අහිතකර LDL කොලෙස්ටරෝල් වර්ගය නිපදවන PCSK9 නමැති ප්‍රෝටීනය විනාශ කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබාදීමය.

 

වයාග්‍රා පෙත්තේ ඇත්ත

අප්‍රාණිකත්වයට විස්කම් ඖෂධයක් බවට පත්ව ඇති වයාග්‍රා පෙත්ත ගන්න ඕනෑ වෛද්‍ය උපදෙස් මත ම තමා. වයාග්‍රා කොච්චර හොඳ වුණත් තරමට වඩා පාවිච්චියත් හොඳ නෑ. ගන්න ඕනෑ තරම නැත්නම් මාත්‍රාව දන්නේ වෛද්‍යවරයා පමණයි. වයාග්‍රා ගැනීම නිසා අතුරු ආබාධ හටගන්නේ කලාතුරකින් කෙනෙකුට තමා. ඒ අතුරු ආබාධත් මහා ලොකු අමාරු නොවන බවයි වෛද්‍ය ආරියසේන යූ ගමගේ පෙන්වා දෙන්නේ.

වයාග්‍රා නිසා ඇතිවන අතුරු ආබාධ අතරින් මුල්තැන ගන්නේ හිසරදය. හැබැයි හිසරදය හැදෙන්නේ සියයට 16ක් වගේ සුළු ප්‍රතිශතයකට. මුහුණ සහ ඇඟ රතුවීම සියයට 10කගේ වගේ මතුවෙනවා. බඩේ දැවිල්ල හෙවත් ආමය සියයට 7කගේ වගේ තමා වාර්තා වෙන්නේ. ඊළඟට නාසයේ බර ගතිය සියයට 4කගේ විතර වාර්තා වෙන අමාරුවක්. බඩ බුරුලට යාම තවත් සියයට 3කගේ විතර වාර්තා වන ආබාධයක්. කරකැවිල්ල එන්නෙත් සියයට 2ක විතර කණ්ඩායමකටයි.

වයාග්‍රා විස්කම් පෙත්තක් වුණේ ඔන්න ඔය නිසයි. නමුත් වයාග්‍රා ගැන අපි නොදන්න බොහෝ කරුණු තියෙන බව සමහරු මේ ගැන අහන ප්‍රශ්නවලින්ම පේනවා. අපි ඒවා යොමුකළා විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේට. මෙන්න ඔහුගේ උත්තර.

වයාග්‍රා භාවිතා කළවිට දරුවන් හටගන්නේ නැද්ද?

සමහරු හිතාන ඉන්නේ වයාග්‍රා උපත්පාලන පෙත්තක් කියලයි. මේක මහා මිත්‍යාවක්. වයාග්‍රා භාවිත කරන තැනැත්තා සරු තැනැත්තෙකු සහ ස්ත්‍රිය සරු තැනැත්තියක් නම් වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කර නැතිනම් දරුඵල නොලැබී යන්න හේතුවක් නෑ. 

තවත් අය අහනවා වයාග්‍රා නිසා ලිංගික බෝවන රෝග හැදෙන්නේ නැද්ද කියලා?

මේකත් වැරැදි වැටහීමක්. වයාග්‍රා කියන්නේ ප්‍රාණවත් බව රැකදෙන ඖෂධයක්. ඒ නිසා ඔබ වයාග්‍රා අරගෙන අනාරක්ෂිත විදියට ලිංගිකව හැසිරුණොත්, ඒඩ්ස්, හෙපටයිටිස් B, ගොනෝරියා, උපදංශ, හර්පිස් වගේ මෙකී නොකී ලිංගිකව බෝවන රෝග හැදෙන එක වළක්වන්න බැහැ. ඒ නිසා වයාග්‍රා අරන් ඇඟට හයිය ගත්තා වුණාට විශ්වාසවන්ත එකම සහකරුවෙක් සහකාරියක් ඇසුරු කිරීම තමා හොඳම කාරණාව. කොණ්ඩමයක් භාවිතා කිරීමත් ඉතාම වැදගත්.

තවත් අය හිතනවා වයාග්‍රා එක්වරක් ගත්තොත් සදහටම ගන්න වේවි කියලා. ඒ කියන්නේ ඇබ්බැහියක් වේවි කියලා. මේක ලිංගික අප්‍රාණිකත්වයට මුහුණ දෙන හුඟක් දෙනා වයාග්‍රා නොගෙන ඉන්න පොළඹවන මිත්‍යා ගැටලුවක්.

මේක තීන්දු වෙන්නේ ලිංගික අප්‍රාණිකත්වය හටගන්න මුල්වුණ හේතුව මතයි. ඒ හේතුවට ප්‍රතිකාර කළාම අප්‍රාණිකත්වය පහවෙලා යනවා. එතකොට වයාග්‍රා ඕනෑ වෙන්නේ නෑ. භාවිතා කළත් ප්‍රතිකාර ලබාගන්නා කාලයේදී පමණක් අවශ්‍ය වෙන්නේ. රෝගය හොඳ වෙනකොට මාත්‍රාව අඩු කරන්න පුළුවනි. හොඳ ප්‍රතිඵල නැතිනම් ඉතාමත් කලාතුරකින් තමා මාත්‍රාව වැඩිකරන්න වෙන්නේ. ඒක වෛද්‍යවරයා තමා තීරණය කළ යුත්තේ. තවත් මේ වගේ වයාග්‍රා ගැටලු ගැන අපි ඉදිරියේදී කතාබහ කරමු.

 සුගත්

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jun 2017 07:25 PM

ඇස්වලට නැතිවම බැරි විටමින් ඒ

රෙටිනෝල් (retinol), කැරොටිනෝයිඩ් ඇසිඩ් (carotenoid acid) යන විවිධ නම් වලින් හඳුන්වන විටමින් ඒ යනු මේදයේ ද්‍රාව්‍ය විටමිනයක් ලෙස හැඳින්විය හැකිය. එලෙසම විටමින් ඒ (Vitamin A) යනු අපේ ශරීරයේ පැවැත්මට ඉතා වැදගත් සාධකයක් ලෙස හැඳින්විය හැකිය. මන්ද, ඉතා සුළු ප්‍රමාණ වලින් අවශ්‍ය වුවද ශරීරයේ ක්‍රියාකාරීත්වයේදී විටමින් ඒ (Vitamin A) ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරන බැවිනි. ඒ අනුව සමබල ආහාර වේලක ඉතා වැදගත් සංඝටකයක් ලෙස විටමින් ඒ හඳුන්වා දිය හැකිය.

 ශරීරයේ පැවැත්මට විටමින් ඒ වල වැදගත්කම කුමක්ද?

ඇසෙහි මනා ක්‍රියාකාරීත්වය සහ විටමින් ඒ

විටමින් ඒ වල ප්‍රධාන වැදගත්කම ලෙස දැක්විය හැක්කේ පෙනීමට සම්බන්ධව එහි ඇති කාර්යභාරයයි. අපේ ඇසෙහි ක්‍රියාකාරීත්වය රඳා පවතිනුයේ ආලෝකය වැටීමත් සමඟම සිදුවන ඉතා සංකීර්ණ රසායනික ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව මෙම ක්‍රියාවලියේ අවසාන වශයෙන් දෘෂ්ටික ස්නායුව උත්තේජනය වීම සිදුවේ. එමගින් අපට පෙනීම ලැබේ. නමුත් මෙම ක්‍රියාවලිය අඩු ආලෝකයේදී සිදුවන්නේ ඉතා අක්‍රමවත් ලෙසටය. මෙය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා විටමින් ඒ අත්‍යවශ්‍ය වේ.

සමෙහි පැවැත්ම සහ විටමින් ඒ

සමෙහි බාහිර සෛල ස්ථරය අපිචර්මය ලෙස හඳුන්වනු ලැබේ. ඒ අනුව මෙම අපිචර්මයේ මනා ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ විටමින් ඒ වල සැපයුම මතය. ඒ අනුව සමහර සමේ රෝග සඳහා ප්‍රතිකාරවලදී සහ රෑපලාවන්‍ය කටයුතුවලදී විටමින් ඒ භාවිත කිරීම සිදුවේ.

ප්‍රතිශක්තීකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වය සහ විටමින් ඒ ප්‍රතිශක්තීකරණ පද්ධතිය යනු විවිධ අවයව සහ සෛල වර්ග රාශියක එකතුවකි. එය බාහිර රෝගකාරක වලින් අපව ආරක්ෂා කිරීමට ඉතා විශිෂ්ට කටයුත්තක් සිදු කරයි. සම හා විවිධ ආවරණ පටක රාශියක ක්‍රියාකාරීත්වය රඳා පවතිනුයේ විටමින් ඒ මතය. ඒ අනුව මනා ප්‍රතිශක්තීකරණයක් සඳහා විටමින් ඒ ඉතා වැදගත් වේ.

ජානවල නියමිත ක්‍රියාකාරීත්වය සහ විටමින් ඒ ජාන යනු අපේ ශරීරයේ ඉතා වැදගත් කොටසකි. සෛල න්‍යෂ්ටියේ ඇති වැදගත්ම කොටස ලෙස මේවා දැක්විය හැකිය. මේවා අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වය පාලනයේදී හා ඉදිරි පරම්පරාවට දත්ත රැගෙන යාමේදී ඉතා වැදගත් වේ. ජාන ගොඩනැගීමේ කාර්යයේදී අත්‍යවශ්‍යයම සාධකයක් වන්නේ විටමින් A ය.

මෙලෙසම බොහෝ අවයව හා පද්ධතිවල ක්‍රියාකාරීත්වය සඳහාද විටමින් ඒ ක්‍රියාකාරීත්වය ඉතා වැදගත්ය.

 විටමින් ඒ ඌනතාවය හඳුනාගන්නේ කෙසේද??

මෙහි වැදගත්ම හා මූලිකම රෝග ලක්ෂණය ලෙස සැඳෑ කාලයේ නොපෙනීමයි. (අඩු ආලෝකයේ/ night blindness)

 විටමින් ඒ ශරීරයට ලබාගන්නේ කෙසේද?

මූලිකවම ආහාර මේ සඳහා වැදගත් වේ. කැරට් වැනි කහ පැහැති ආහාරවල වැඩි වශයෙන් විටමින් ඒ අඩංගු බව සඳහන් වෙනවා. ඊට අමතරව අල, බතල, නිවිති වැනි ශාක ආහාර මෙන්ම පීකුදු වැනි සත්ව ආහාරවලද මේවා දක්නට ඇත. එයට අමතරව අපට පෙති වශයෙනුත් මේවා ලබාගත හැකි වෙනවා. නමුත් විටමින් ඒ විෂ විය හැකි තත්ත්ව ඇතිවිය හැකි නිසා වෛද්‍ය උපදෙස්වලින් තොරව ඒවා ලබා නොගත යුතුයි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jun 2017 07:28 PM

උණ හැදෙන්නේ අැයි?

බලන්නකො අනේ මගේ මහත්තයට දැන් සති දෙකක් තිස්සේ උණ. තාම ලෙඩේ හොයාගන්න බැරි වුණානේ. එක එක පරීක්ෂණ කරනවා. මෙය ඔබට අත්දැකීමක් වන්නට පුළුවනි. උණ සුලබ රෝග ලක්ෂණයක් වුවත් නිශ්චිත හේතුවක් සොයාගත නොහැකිව දිගුකලක් උණෙන් පෙළීම වෛද්‍ය විද්‍යාව තුළ වැදගත් තැනක් හිමි කරගෙන තිබේ.

යම් පුද්ගලයෙකුගේ මුඛ උෂ්ණත්වය 37.60 C හෝ ගුද මාර්ග උෂ්ණත්වය 380 Cට වඩා වැඩි විට උණෙන් (fever) පෙලෙන බව සඳහන් කළහැකි වේ.

උණ ඇතිවන්නේ කෙසේදැයි පළමුව විමසා බලමු.

ශරීරයට ඇතුළු වූ ක්‍ෂුද්‍ර ජීවීන්, ඔවුන්ගේ විෂ හා එමඟින් නිකුත් වන රසායනික ද්‍රව්‍යවල බලපෑම නිසා ද සයිටෝකයිනීන් (Cytokines) වැනි සංඝටක රුධිරයට නිකුත් කිරීමට අපගේ සමහර දේහ සෛල ක්‍රියාකරන නිසාද උණ ඇතිවේ. මෙම සංඝටක අපගේ මොළයේ හයිපොතැලමස කෙරෙහි බලපාන අතර, එමඟින් ප්‍රෝස්ටග්ලැන්ඩින් (prostaglandine) නැමති හෝර්මෝනය නිකුත් කිරීමට ක්‍රියාකරයි. මෙමඟින් ශරීරයේ උෂ්ණත්වය පාලනය වෙනස් වෙයි. ශරීර උෂ්ණත්වය ඉහළ ගොස් උණ හටගනියි. 

සාමාන්‍යයෙන් හටගන්නා උණ ලක්ෂණය දින දෙක තුනක දී අඩුවී යයි. නමුත් මෙම උණ සමහර අවස්ථාවලදී අඛණ්ඩව පවතින අතර, සමහර විට දිනයේ විවිධ කාලවලදී උෂ්ණත්වය ඉහළ පහළ යෑම් පෙන්නුම් කරයි.

විටින් විට හෝ අඛණ්ඩව උණ රෝග ලක්ෂණය හේතුවක් සොයාගත නොහැකිව, සති තුනකට වඩා වැඩි කාලයක් පවතින විට එය හේතුවක් අනාවරණය කරගත නොහැකි උණ හෙවත් Pyrexia of unknown origin – PUO ලෙස හඳුන්වයි.

හේතුවක් අනාවරණය කරගත නොහැකි උණ PUO ආකාර කිහිපයකට වෙන්කර දැක්විය හැකිය. ඉන් පළවැනි කොටස ඉහත දැක්වූ අර්ථ දැක්වීමට අනුකූල වන රෝගීන්ය. දෙවන වර්ගය රෝහල් ගතවීමෙන් අනතුරුව උණ රෝගය වැළදුණ, එහෙත් සති තුනකට වඩා උණ රෝගය පවතින රෝගීන්ය. රුධිර භක්ෂක සෛල ප්‍රමාණය ඉතා අඩු, එහෙත් උණ රෝගය දිගටම පවතින රෝගීන් තෙවන වර්ගයයි. ආසාධිත වීමෙන් උණෙන් සති තුනකට වඩා පෙළෙන්නවුන් සිව්වැනි කාණ්ඩයට අයත්ය.

මේ ආකාරයට සති තුනකට වඩා උණ පවතින විට ඒ සඳහා බලපාන හේතු රැසක් පවතින බැවින් ඒ සම්බන්ධව අවධානය යොමුකිරීම වැදගත්ය.

හේතුවක් නොදන්නා උණ කෙරෙහි බලපාන ප්‍රධාන හේතු සාධක:-

1.ආසාදිත රෝග
2.පිළිකා රෝග
3.ප්‍රතිදේහ/ ප්‍රතිශක්ති ප්‍රතික්‍රියා
4.ආසාත්මිකතා
5.වෙනත් විවිධ හේතු
6.රෝහල් සේවකයින්ගෙන් සිදුවන වැරදි හෝ රෝගියා සෞඛ්‍ය සේවකයින් මුලා කිරීම.
7.කිසිලෙසටවත් හේතුව අනාවරණය නොවන උණ ලෙස දැක්විය හැකිය.

දිගුකලක් උණ රෝග ලක්ෂණ ඇතිකරන ආසාදිත රෝග රැසක් පවතියි. උදර කුහරය තුළ පටකවල, අක්මාවේ හෝ ශ්‍රෝණිය ආශ්‍රිතව සැරව ගෙඩි පැවතීම මේ අතර ප්‍රධාන වෙයි. හෘදයේ අභ්‍යන්තර මාංශ පේශී ආසාදන මෙන්ම අස්ථි ආසාදනය හෙවත් ඔස්ටියෝමයලයිට්ස් ද මෙහිදී සැලකිය යුතුය.

මීට අමතරව විශේෂ රෝග කාරකයින් මගින් සෑදෙන රෝගද දිගුකලක් පවතින උණ රෝගයට වගකිය යුතුය. ක්ෂය රෝගය, ටයිෆොයිඩ් උණ, බෘසෙල්ලෝසිස් (Brucellosis), මී උණ, උපදංශය මින් ප්‍රධාන බැක්ටීරියා රෝගවේ. එප්ස්ටින් බාර් (EBV), ඉන්ෆෙක්ෂස් මොනෝනියුක්ලියෝසිස් (IMN), හෙපටයිට්ස් හා HIV මේ ආකාරයට උණ ඇති කරන වෛරස වේ. තයිපස්, මැලේරියා, ඇමීබා රෝගය, කැන්ඩියා වැනි දිලීර රෝගත්, මේ ආකාරයට දිගුකල් පවතින උණ ඇතිකරයි.

පිළිකා රෝග අතරින් ලිම්පෝමා හෙවත් වසා ගැටති ආශ්‍රිත පිළිකා, ලියුකේමියාව, අක්මාව, අග්න්‍යාසය, වකුගඩු, ආශ්‍රිත පිළිකා ද මේ ලෙසටම දිගුකල් පවතින උණ රෝග ලක්ෂණය ඇතිකරයි.

රූමටොයිඩ්, SLS වැනි රෝග ද සමහර ඖෂධ ද, උණ රෝග ලක්ෂණයට හේතු වන අතර, තයිරොයිඩ් හෝර්මෝන මට්ටම ඉහළ යාම, අක්මා රෝග, මහාන්ත්‍රය ආශ්‍රිත ආසාදන ද මෙහිදී සැලකිල්ලට ගතයුතුය.

උණ මැනීමට භාවිත කරන උණ කටුව වැරදි ලෙස යොදාගැනීම, උණ කටුවේ දෝෂ මෙන්ම සමහර පුද්ගලයින් ශරීර උෂ්ණත්වය ඉහළ නංවන ද්‍රව්‍ය ශරීර ගතකර ගනිමින් සෞඛ්‍ය සේවකයින් මුලාකිරීම ද දිගුකලක් පවතින උණ රෝගයට හේතු වෙයි.

මේ අනුව හේතු නොදන්නා රෝගයෙන් පෙළෙන විට ඉහත කරැණු ගැන සිත්හි තබා පරීක්ෂණ පැවැත්වීම වැදගත් වෙයි. රෝගියාගේ රෝග නිධානය විමසා සිටීමත්, කායික පරීක්ෂණ පැවැත්වීමත්, විද්‍යාගාර පරීක්ෂණත්, උෂ්ණත්වය වෙනස්වන අන්දම උණ සටහනකින් නිරීක්ෂණය ක්‍රමානුකූලව සිදුකිරීම අනුව PUO කෙරෙහි වන හේතුව අනාවරණය කරගත හැකි වනු ඇත.

රුධිරය, මුත්‍රා, ශේලේෂ්මලය, මස්තිෂ්ක සුෂුම්නා තරලය, ඇට මිදුළු පරීක්ෂණ, විවිධ රෝග කාරකවලට විශේෂිත මස්තුමය (serology) පරීක්ෂණත් මෙහිදී උපකාරයට පැමිණෙයි.

වෛද්‍ය ජී.ජී. චමල් සංජීව
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
හම්බන්තොට

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Jun 2017 07:35 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/17433.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/17434.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/17435.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/17436.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/17437.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/17438.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/17439.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/17440.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Jun 2017 07:39 PM
වේද පොතක්ම ගෙනල්ලා නේ මල්ලි ,,බොහොම ස්තුති මල්ලි .
0
You are not authorized to post a reply.
Page 23 of 137 << < 2122232425 > >>