Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 24 of 137 << < 2223242526 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 23 Jun 2017 07:57 PM පලතුරු අතර හොඳම පලතුර - කිවි සියැසින් දැකල නැහැ. මේ පළතුර ගැන මම දැන ගත්තෙත් මගේ පොඩි දුවගෙන්. එයා කියනකොටයි එහෙම පළතුරක් තියෙන බව දැනගත්තෙ. කන්න ආස උනත් මෙහෙ නැහැනෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 gaminiVeteran MemberPosts:4475 23 Jun 2017 08:07 PM Posted By maduranga001 on 23 Jun 2017 07:57 PM පලතුරු අතර හොඳම පලතුර - කිවි සියැසින් දැකල නැහැ. මේ පළතුර ගැන මම දැන ගත්තෙත් මගේ පොඩි දුවගෙන්. එයා කියනකොටයි එහෙම පළතුරක් තියෙන බව දැනගත්තෙ. කන්න ආස උනත් මෙහෙ නැහැනෙ. දැකලා නැති කන්න ආසම නිසා කොහොම හරි ගෙඩි 2ක් ගේන්නම්, මාගේ මට හිමි කිලෝ ප්‍රමාණය දැනටමත් ඉක්මවා ගෙන්න තියෙන බඩු වල බර නමුත් මදුරංග මල්ලිට කිවි ගෙඩි 2ක් වත් ගෙනවා ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 23 Jun 2017 08:41 PM දැකලා නැති කන්න ආසම නිසා කොහොම හරි ගෙඩි 2ක් ගේන්නම්, මාගේ මට හිමි කිලෝ ප්‍රමාණය දැනටමත් ඉක්මවා ගෙන්න තියෙන බඩු වල බර නමුත් මදුරංග මල්ලිට කිවි ගෙඩි 2ක් වත් ගෙනවා අනේ නියමයි නේ ගාමණි අයියෙ. ඔයාට ගොඩක් ස්තූතියි. මුළු ස්ටන් එකටම ලොකු ආඩම්බරයක් ඔයා වගේ කෙනෙක් ඉන්න එක. අපේ දෝණි එයා දන්න ෆෘට්ස් ලිස්ට් එක කියද්දී කිවි කියලත් කියනවා. එතකොට තමයි මමත් හොයල බැලුවෙ. මෙහෙ හැදෙන්නේ නැති මෙහෙ පළතුරක් නෙවෙයි කියල එතකොටයි දැනගත්තෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 23 Jun 2017 09:54 PM මේක නේද kiwi fruit 0 gaminiVeteran MemberPosts:4475 23 Jun 2017 09:57 PM Posted By indika76 on 23 Jun 2017 09:54 PM මේක නේද kiwi fruit අන්න හරි ඕවා තමා ආදරයේ උල්පත අම්මා ...................... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jun 2017 08:57 AM සුද යැමට ප්‍රතිකාර පමාවුවොත් දරු ඵල වූවත් අහිමි විය හැකියි ශ්වේත ප්‍රදරය හෙවත් සුද යැමේ රෝගය වර්තමානයේ බොහෝ කාන්තාවන් පීඩාවට පත්කරන රෝගයක්. මොකක්ද මේ සුද යැමේ රෝගය කියන්නේ. වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා මෙය කාන්තාවන්ට පමණක් වැළදෙන රෝගී තත්ත්වයක්. ඒ වගේම බොහෝ කාන්තාවන් මෙම ස්වේත ප්‍රදරය හෙවත් සුදයැමේ රෝගී තත්ත්වය වැළඳුණු විට ලැඡ්ජාව නිසා ප්‍රතිකාර කරා යොමුවන පිරිස අඩුයි. නමුත් වහාම මෙම රෝගය වැළඳුණු විට ඉක්මනටම ප්‍රතිකාර ගත යුතු බවත් සඳහන් කළ යුතුයි. කාන්තාවන්ගේ යෝනි මාර්ගය ප්‍රදේශය නිරන්තරයෙන්ම තෙත් ස්වභාවියක් පවතී. විශේෂයෙන් ගර්භාෂය නිරන්තරයෙන්ම කලළයක් දැරීමට සූදානමින් සිටින අතර එම ක්‍රියාවලියේදී ඩිම්බ පිටකිරීමද සිදුවන්නේය. එලෙස වැඩිවශයෙන් යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීමේ තත්ත්වය සුද යැමේ රෝගය ලෙස හඳුන්වයි. මෙය රෝගී තත්ත්වයක් ලෙස හඳුනාගන්නේ කෙසේද? වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා සෑම කාන්තාවක්ම සරු කාලයේදී ඩිම්බ පිටකිරීම සිදුකරන අතර එම ස්රාවය ගන්ධයක් හෝ වර්ණයක් නොමැතිව පිටවේ. නමුත් මෙය රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය වූ විට ඇතැම් විට කිරි පැහැයට හෝ තරමක් උකු ස්‍රාවයක් ලෙසද පිටවීම සිදුවේ. තවද යෝනි මාර්ගය අවට සුදු පැහැතිව පැතිරී තිබීමද සිදුවිය හැකියි. මීට අමතරව රතු පැහැයට ලාකහ පැහැයට මෙන්ම තද කහ පැහැයට ස්‍රාවයක් පිටවීමද සිදුවේ. එවිට රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව තීරණය කළ හැකියි. මෙම රෝගී තත්ත්වය ඇතිවීමට මොනවාද බලපාන කරුණු? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා ඇත්තටම මෙය වැළදෙනවාට වඩා වැළඳගන්නා රෝගයක් කිව්වොත් නිවැරැදියි. මන්ද ප්‍රධාන වශයෙන්ම මේ සඳහා බලපාන්නේ සනීපාරක්ෂාවයි. හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම, පණු රෝග (ක්‍රිමි රෝග) ලිංගික චර්යාවන්, වැඩිපුර සිටගෙන සිටීම, ඉඳගෙන සිටීම, බර ඉසිලීම, පොදු වැසිකිලි භාවිතය සහ අපිරිසිදු වැසිකිළි භාවිතය සහ බහු පුරුෂ සේවනය වැනි හේතූන් නිසා මෙම රෝගය වැළදීම සිදුවිය හැකියි. තවද උෂ්ණාධික ආහාර වැඩිපුර ගැනීම, කෘත්‍රිම ආහාරවලට බහුලව යොමුවීම වැනි ක්‍රියා නිසාද මෙය ඇතිවීමට බොහෝ ඉඩකඩ පවතී. මොනවද මේ රෝගයේ අපහසුතා ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා මෙම රෝග තත්ත්වයේ අපහසුතා විවිධාකාරයි. විශේෂයෙන්ම යෝනි මාර්ගය අවට නිතර කැසීමේ තත්ත්වයක් පැවැතීම, ඉකිලි ආශ්රිත කලාපය දක්වා එය වර්ධනය වීම, නිතිර නිතර මුත්‍රා ආසාදනවලට ලක්වීම වැනි හේතුද මේ නිසා කාර්යාලයේදී, පොදු ප්‍රවාහනයේදී, පිරිස් ඇසුරේ ගැවසීමේදී සුදයැමේ රෝගය වැළඳුණු කාන්තාවන් ඉතා අපහසුතාවන්ට ලක්වීමට සිදුවේ. ආයුර්වේද ප්රතිකාරවලින් සුදයැමේ රෝගයට නිසි සුවයක් ලැබිය හැකිද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මෙම රෝගය ඇතිවූ කාන්තාවන්ට ඇතිවන අපහසුතා විවිධාකාර නිසා මේ සඳහා ආයුර්වේදය සතු ප්‍රතිකාර ක්‍රමද විවිධාකාරයි. එම නිසා මෙම රෝගීන් නිසිලෙස පරීක්ෂා කිරීමකින් සහ ඔවුන් සමඟ ඉතා හොඳ සංවාදයක් තුළින් නිවැරදි ලෙස රෝගී තත්ත්වය දැනගැනීමෙන් පසු ඒ සඳහා වූ නිවැරදි ප්‍රතිකාර ලබාදීම තුළින් මෙම රෝගය නිට්ටාවටම සුවකළ හැකි බව මට අත්දැකීමෙන්ම කිව හැකියි. විශේෂයෙන්ම මෙම රෝගය වැඩි කලක් පැවතීමෙන් ගර්භාෂය ආශ්රිත විවිධ රෝගාබාධයන්ටද ගොදුරුවිය හැකි අතර ඒ තුළින් දරු සම්පත් පවා නොලැබීමේ තත්ත්වයක්ද ඇතිවිය හැකියි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jun 2017 09:00 AM ඔසප් රෝග රැසක් තිබෙනවා ප්රශ්නය - පසුගිය අවස්ථාවේ අප ඔබ සමඟ සාකච්ඡා කළා ආර්තවය හෙවත් ඔසප් වීම රෝග තත්ත්වයක් දක්වා වර්ධනය වන හැටි. වෛද්‍ය කෞමදි කරුණාගොඩ - මෙය ඉතා පුළුල් මාතෘකාවක් වන නිසා කතා කළ යුත්තේ කොටස්වලට වෙන් කරගෙනයි. මෙතැනදී අපි මේ මාතෘකාව නව්‍ය වෛද්‍ය විද්‍යාත්මක සහ ආයුර්වේදයන කොටස් දෙක යටතේ පමණක් බෙදා ගනිමු. ඒ අනුව අප ඔසප් වීම පහත සඳහන් පරිදි කොටස් කර ගනිමු. 1. වැඩිපුර ඔසප් රුධිරය පිටවන රෝග අවස්ථාව. 2. ඔසප් වීමේදී අධික වේදනාවක් හට ගැනීමේ රෝග අවස්ථාව. දැන් මෙයින් පළමුවන කොටස වන ඔසප් රුධිරය පිටවීම රෝග තත්ත්වයක් වීම ගැන සාකච්ඡා කරමු. මේ අනුව පසුගිය ලිපියේ පළමු කරුණ මතක් කර දෙනවා නම්, ඔසප් රුධිරය පිටවිය යුත්තේ දින තුනේ සිට පහ දක්වා කාලය තුළයි. සමහරුන්ට මෙය මාසය දක්වා දීර්ඝ වෙනවා. ඒ අතර තවත් සමහර කාන්තාවන්ට ඔසප් වාර 2 ක් අතර ටික ටික එහෙත් දිගටම රුධිරය පිටවීම සිදුවෙනවා. මෙය ආයුර්වේදයේ හඳුන්වන්නේ රක්තප්රදය කියන නමින්. මෙහිදී ගැටලු සහගත වන්නේ එසේ රුධිරය පිටවීමට හේතුව කුමක්ද කියන කාරණයයි. එම හේතුව සෙවීමේදී අදාළ කාන්තාවගේ වයස සැලකිල්ලට ගත යුතයි. මල්වර වූ සැනින් දියණියකගේ ඔසප් රුධිරය වැඩිපුර වහන විය හැකියි. එය හෝමෝනවල වෙනස් වීමමත සිදුවන්නක් මිස ගර්භාෂය තුළ හට ගන්නා ගෙඩි හෝ වෙනත් ආසාදන නිසා හට ගන්නා තත්ත්වයක් නොවෙයි. එවැනි වෙලාවලදී සමහරු කියනවා එම දියණියට මෙය අවුරුදු 20 වන විට මේ තත්ත්වය මඟහැරී යාවි කියලා. එහෙත් එම උත්තරය යොදාගෙන ගැලවෙන්න අපට බැහැ. මොකද එවැනි දියනියකගේ පාසල්ගමන ඇතුළු එදිනෙදා ජීවිතයේ හැම ක්‍රියාවකටම මෙසේ රුධිරය පහවීම කරදරකාරී ලෙස මැදිහත් වීමක් කරනවා. ඒ නිසා මෙයට ප්‍රතිකාර කළ යුතුයි. ඊළඟ අවස්ථාව තමයි විවාහක හෝ මැදිවියේ පසුවන කාන්තාවන්ට මතුවන තත්ත්වය. මෙහිදී මා කතා කරන්නේ අවුරුදු 25 සිට 40 දක්වා වූ වයස් කාණ්ඩවල අය ගැනයි. ඔවුන්ගේ ඔසප් රුධිරය දිගින් දිගටම පහ වෙනවා නම්, අක්‍රමිකතා ඇති වෙනවා නම් එයට හේතුව පයිබ්රොයිඩ්, ගර්භාෂය තුළ හට ගන්නා ගෙඩි වැනි දෙයක් විය හැකියි. ඩිම්බ කෝෂයේ ඇතිවන ආසාදනයක් හෝ ගෙඩියක් වන්නට පුළුවන්. තවත් සමහර කාන්තාවන්ගේ ගර්භාෂයේ පටකය අස්වාභාවික ලෙස විශාල වෙනවා. තවත් සමහරකගේ ගර්භාෂයේ ඇතුල් පටලය තැන් තැන්වල ගිහින් තැන්පත් වුණාමත් අක්‍රමවත් රුධිරය පහවීම් හට ගන්නවා. තවත් සමහර කාන්තාවන්ට හිටි ගමන් වැඩි රුධිර ප්‍රමාණයක් පහ වෙනවා. මෙය බොහෝ දුරට ගබ්සාවක් විය හැකියි. එනම් නොදැනුවත් ගැබ් ගැනීමක් සිදුවී එය ගබ්සා වුණා වෙන්න පුළුවන්. තවත් අයට උපත් පාලන ලූපයක් පැළඳුවාම රුධිර වහනය වැඩිපුර ඇති වෙයනවා. එසේම ආර්ථව හරණයට ආසන්න නම්, එනම් ඔසප්වීම නවතින්නට ලංවූ අවුරුදු 50 ට ආසන්න හෝ 50 ඉක්මවූ අයටත් රධිර වහනය වැඩියෙන් සිදුවනවා. එයට හේතුව ආර්ථවය නැවැතීමට ආසන්න වන විට හට ගන්නා හෝමෝන වෙනස් වීමයි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jun 2017 09:03 AM මේ කසායත් බීලා බලන්න ප්රශ්නය - පසුගිය මාස කිහිපය පුරාම අප ඔබ සමඟ සාකච්ඡා කළේ ආයුර්වේද ඖෂධ ගැනයි. අද එහි සුළු වෙනසක් කරමින් අප ඔබෙන් දැන ගන්නට බලාපොරොත්තු වෙනවා ආත්රයිටිස් සඳහා ආයුර්වේද ඖෂධ සුදුසු වන්නේ මන්ද කියන කරුණ. වෛද්‍ය වසන්ත උදයජීව - දැනට තිබෙන සාක්ෂිවලට අනුව ආයුර්වේදය තමයි ලෝකයේ පැරැණිම ඖෂධ ක්‍රමය. විශේෂයෙන්ම ගත්තොත් ලෝකයේ පැරැණිතම ජාත්‍යන්තර ඖෂධ ක්‍රමය තමයි ආයුර්වේදය. මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ මුල සිටම විවිධ ජන කණ්ඩායම් සතුව පාරම්පරික ඖෂධ ක්‍රම තිබුණා. පසු කාලයේදී ඒ ජන කණ්ඩායම් විවිධ රටවල පදිංචි වුණාම ඒ ඒ රටවල දේශීය ඖෂධ බවට එම ඖෂධ සහ වෛද්‍ය ක්‍රම පත්වුණා. හැබැයි ඒ වෛද්‍ය ක්‍රම ඒවා පැවැති භෞමික සීමාවෙන් එහාට ගියේ නැහැ. ඒත් ආයුර්වේදය මුළු මහත් ඉන්දියානු අර්ධද්වීපය පුරාම පැතිර ගියා. මුහුදින් එතෙර පිහිටි ලංකාවටත් ආවා. එය ජාත්‍යන්තර මට්ටමට ගිය පළමුවැනි වෛද්‍ය ක්‍රමය ලෙස මා දකින්නේ ඒ නිසයි. ප්රශ්නය - ආයුර්වේදය ප්‍රවේසම් සහගතද? වෛද්‍ය වසන්ත උදයජීව - ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මගින් විවිධ ඖෂධ වර්ග සහ විවිධ ක්‍රමවේද පරිහරණය කරනවා. ශාක කොටස්, ඛනිජ ද්‍රව්‍ය, ලෝහ වර්ග මේවා අතර තිබෙනවා. නියම වෛද්‍යවරයා මේ ඖෂධ ඇතුළු සෙසු ද්‍රව්‍ය ඉතා ප්රවේශමින් නිසි මාත්‍රාවට රෝගීන්ට ලබා දෙනවා. ඒ නිසා ආයුර්වේදයේ විසවීමක් නම් නැහැ. ප්රශ්නය - ආයුර්වේද ඖෂධ පර්යේෂණයට ලක් නොවන බවත් බටහිර වෛද්‍ය ක්‍රමය එසේ නොවී ඖෂධ සහ ප්‍රතිකාර විධි ගැන පර්යේෂණ කර වෛද්‍යවරුන්ගේ බෙහෙත් පිළිබඳ දැනුම යාවත්කාලීන කරන බවටත් කතාවක් තිබෙනවා. වෛද්‍ය වසන්ත උදයජීව - වැඩි දෙනා නොදන්නවාට ශ්‍රී ලංකාවේ දේශීය වෙදකම පිළිබඳ පර්යේෂණායතනයක් පටන් ගත යුතුයි කියන කාරණය නිර්දේශ වන්නේ 1936 දී. එනම් ඉංග්‍රීසි ආණ්ඩු කාලයේදී. ඒ අනුව 1962 දී නාවින්නේ ආයුර්වේද පර්යේෂණායතනය ආරම්භ වෙනවා. එය පටන් ගන්නේම සොරයිසිස්, ඇදුම, කුෂ්ට, ආත්රයිටිස්, ගුද විද්‍රදි, අපස්මාරය ඇතුළු රෝග 20 කට වැඩි ප්‍රමාණයක් ගැන පර්යේෂණ ආරම්භ කරමින් ඒ නිසා ආයුර්වේද විෂය පර්යේෂණවලින් තොරයි කියන මතය බිඳ වැටෙනවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jun 2017 09:07 AM ඩෙංගු කීටයන් රසකර කමින් මල් පැණි බොන අලුත්ම මදුරුවා... උපාලි ද සේරම් පිංතූර - සුජාතා ජයරත්න ප්‍රමාණයෙන් මිලිමීටර් ගණනක් වුවත් මදුරුවාගේ ඇති භයානකකම මේ දිනවල අපට හොඳින් අවබෝධ වී ඇත. අතීතයේදී මැලේරියා, බරවා වැනි මදුරු වසංගත රෝග පැතිර ගියා හා සමානව වර්තමානයේ ඩෙංගු මදුරු වසංගතයක් රට පුරා පැතිර ගොස් තිබේ. මදුරුවකුගේ ඉතා කුඩා තුඩකින් ශරීරගත වන වෛරසයකට මිනිස් ජීවිතයක් බිලි ගැනීමට තරම් හැකියාවක් තිබීමෙන් මේ වන විට මදුරුවන් කෙරෙහි අප තුළ ඇති බිය දෙගුණ තෙගුණ වී ඇත. ඊඩිපස් වර්ගයට අයත් ඩෙංගු මදුරුවා මඟින් පැතිර යන ඩෙංගු වෛරසය කාණ්ඩ හතරක් ඇත. මේ වන විට රට පුරා දරුණු වසංගතයක්ව ඩෙංගු රෝගය පැතිර යන්නේ ඩෙංගු වෛරස් කාණ්ඩ එක පමණක් නොව දෙකද ක්‍රියාකාරී වී තිබීම යෑයි වෛද්‍යවරු පවසති. මදුරු වසංගතය නැති කරන්නට නම් උන්ට මිනිසුන්ගේ ශරීරයේ ලේ උරා බොන්නට නොව මල් පැණි උරා බොන්නට පුරුදු කරමු යෑයි ඇතැම් දෙනා හාස්‍යයෙන් යුතුව පැවසූහ. එසේ හාස්‍යයෙන් යුතුව පැවසූ දෙය වර්තමානයේ සැබෑවක් බවට පත්ව තිබේ. මල් පැණි බොන, ශාක යුෂ උරා බොන ඩෙංගු මදුරු කීටයන් ආහාරයට ගන්නා මදුරුවකු බිහි වී ඇත. කීට අවස්ථාවේදී ඩෙංගු මදුරු කීටයන් ආහාරයට ගනු ලබන මදුරු අවස්ථාවේදී මල් පැණි සහ ශාක යුෂ උරා බොන මෙම මදුරුවා ටොක් සොරින් කයිටිස් (Toxorhyn chites) නමින් හඳුන්වයි. මෙම මදුරුවාගේ වර්ග දෙකක් සිටිති. ස්ප්ලෙන්ඩන්ස් (Splendens) සහ මිනිමස් (Minimus) එම මදුරු වර්ග දෙකය. වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් වසර එකහමාරකට පෙර පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කර ඉන් ලැබූ සාර්ථකත්වය අනුව මෙම මදුරු විශේෂය ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා මේ වන විට පරිසරයට මුදා හැර ඇත. ඒ සඳහා මූලික වී කටයුතු කරන්නේ පරපෝෂිතවේදී සහ කීට විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ මහත්මියයි. ඇයගේ මෙම ව්‍යාපෘතිය සඳහා සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මී මාරතිලක මහත්මියගේත් නොමඳ සහාය ලැබේ. මෙම මදුරුවා සම්බන්ධව විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ මහත්මිය විස්තර කළේ මෙලෙසිනි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ලක්ෂ්මී මාරතිලක මහත්මිය සහ විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ මහත්මිය "ටොක් සොරින් කයිටිස් මදුරුවා බෝවන්නේ පිරිසිදු ජලය සහිත ස්ථානවලයි. මෙම මදුරුවා බිත්තර දමන්නේ පියඹා ගෙන යන අතරතුරයි. ඒ නිසා අපට මෙම මදුරුවා වරකට බිත්තර කොපමණ ප්‍රමාණයක් දමනවාද කියා හරියටම කියන්න බැහැ. නමුත් මෙම මදුරුවා වරකට දමන බිත්තර 10 ක් 15 ක් පමණ පිරිසිදු ජලයෙන් හමුවෙනවා. "මෙම මදුරුවාගේ කීට අවස්ථාව පියවර හතර සහිතව දිගු කාලයක් පවතිනවා. සීතල පරිසරයකදී නම් එය සති 5 ක් පමණ වෙනවා. උෂ්ණ පරිසරයකදී මෙම කාලය අඩු වෙනවා. "මෙම කීටයාගේ ඇති විශේෂත්වය තමයි ඩෙංගු මදුරු කීටයන් ආහාරයට ගැනීම. ඒ නිසා මෙම මදුරුවා ඩෙංගු මදුරුවන් මර්දනය සඳහා එක් විසඳුමක් ලෙස යොදා ගත හැකියි. "අනෙක මෙම මදුරුවාගේ ඇති අනෙක් විශේෂත්වය තමයි කීට අවස්ථාවෙන් පසු මදුරුවා බවට පත් වූ විට උන් ආහාරයට ගන්නේ මල් පැණි සහ ශාක යුෂයි. විශේෂයෙන්ම හබරල යුෂ ආදිය උරා බොනවා. "එසේම මෙම මදුරුවාත් බිත්තර දමන්නේ ඩෙංගු මදුරුවන් බිත්තර දමන ස්ථානවලමයි. උණ බම්බු, ගස් බෙන, පිරිසිදු ජලය රැඳී තිබෙන ස්ථාන ආදියෙහි මෙම මදුරුවා බිත්තර දමනවා. "මෙම මදුරුවාට මිනිසුන්ගේ ලේ උරා බොන්න බැරි වන ලෙස උගේ තුඩ (ශුන්ඩාව) පසුපසට වක් වී තිබෙනවා. "සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ ලේ උරා බීමට නම් මදුරු තුඩ කෙලින් තිබිය යුතුයි. මෙම ශාක භක්ෂක මදුරුවා කළු දුඹුරු පැහැයෙන් යුක්තයි. ටොක් සොරින් කයිටිස් මදුරු කීටයන් ඩෙංගු මදුරු කීටයන් ආහාරයට ගන්නා අයුරු "වැඩුණු මදුරුවකුගේ ශරීරය මිලිමීටර් 19 ක් (19mm) විශාලත්වයෙන් යුක්තයි. තටු විහිදා ගත් විට මිලිමීටර් 24 ක් (24mm) පමණ විශාලයි. "මෙම මදුරුවාගේ කීට අවස්ථාව දිගු කාලයක් පවතින නිසා ඩෙංගු මදුරු කීටයන් විශාල ප්‍රමාණයක් ආහාරයට ගත හැකියි. ඩෙංගු මදුරුවාගේ කීට අවස්ථාව පවතින්නේ දින තුනක් වැනි කෙටි කාලයක් පමණයි. "දැනට මෙම මදුරුවන් ජීවත් වන්නේ ගහකොළ සහිත ග්‍රාමීය පරිසරවලයි. මොවුන් ටින්, ප්ලාස්aටික් භාජන, ඉවත දමා ඇති ටයර්වල වැනි පිරිසිදු ජලය රැඳෙන ස්ථානවල බෝ කිරීම සඳහා දැනට පර්යේෂණ කරගෙන යනවා. "ඩෙංගු මදුරුවා එවැනි ස්ථානවලත් බිත්තර දමමින් මදුරුවන් බෝකරන නිසා එවැනි ස්ථානවලත් මෙම මදුරුවා බිත්තර දමා කීටයන්ට ජීවත් විය හැකි මට්ටමට හුරු කළොත් ඩෙංගු මදුරු මර්දනය සඳහා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. "දැනට මෙම මදුරුවන් හාරසියයක් මහනුවර, කුණ්ඩසාලේ, මීරිගම, කණ්ඩලම වැනි ප්‍රදේශවලට ගෙන ගොස් දමා තිබෙනවා. එම ප්‍රදේශවල ඉතා සාර්ථකව කීටයන් වර්ධනය වෙනවා. "මෙම එක් මදුරුවකු තම ජීවන කාලය තුළ වාර හතරක් පමණ බිත්තර දමනවා. "මිනිසුන්ට හිතකර මෙවැනි මදුරුවන් වර්ධනය කර ගැනීමේදී අප වඩාත් සැලකිලිමත් විය යුතු කරුණු තිබෙනවා. මදුරු මර්දනය සඳහා භාවිතා කරන ධුමායන මෙවැනි හිතකර මදුරුවන් සිටින ස්ථානවලට යෙදීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. මොකද එවැනි ධුමායන මඟින් සියලු මදුරුවන් විනාශ වී යනවා. ශාක භක්ෂක මෙම මදුරුවන්ගෙන් ගොයම් ගස්වලට හානියක් නැහැ". විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරතුංග මහත්මිය විසින් මෙම ශාක භක්ෂක මදුරුවා ගැන කළ පැහැදිලි කිsරීමට අනුව මාරාන්තික ඩෙංගු මදුරුවා මර්දනය කිරීමට මින් යම් සහයෝගයක් ලැබුණද මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම, පරිසරය පවිත්‍රව තබා ගැනීම සඳහා අප අනුගමනය කරන වැඩපිළිවෙළ නතර නොකළ යුතුය. ඩෙංගු මදුරු ඝනත්වය වැඩි කොළඹ, ගම්පහ වැනි නාගරික ප්‍රදේශවල ජීවත්වීමට තවම මෙම මදුරුවා අනුවර්තනය වී නැත. එසේම මදුරුවන් බෝවීමේ පරිසර සකසනවාට වඩා මදුරුවන් බෝ නොවන පරිසර සැකසීමට පියවර ගැනීම අප කොයි කාගේත් යහපතට හේතුවනු ඇත. ඩෙංගු කීටයන්a නසන මෙම මදුරු ඝනත්වය වැඩි කර ඩෙංගු මර්දනය කරන විට මල් පැණි බොන, ශාක යුෂ උරා බොන මදුරු ඝනත්වයද වැඩි වේ. එවිට ගස්වැල්වල ඵලදාවට බලපෑම් ඇතිවුවහොත් එය පාලනයටද තවත් මදුරුවකු බිහිකරන්නට සිදුවේවි. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jun 2017 09:11 AM වායු ගෙඩිය හඳුනාගන්න මේ රෝග ලක්ෂණ ගැන දැන ගන්න ප්රශ්නය - Hashimoto රෝගය සහ Graves රෝගය තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රයෙහි හට ගන්නා බව පසුගිය දෙසතියෙහි අප සාකච්ඡා කළා. අද අප කතා කරන්නට බලාපොරොත්තු වන්නේ Goiter නමැති රෝග තත්ත්වය ගැනයි. මොකද්ද මේ රෝගය. වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අප ඉතාම සරල ලෙස වායු ගෙඩියක් හැටියට හඳුන්වන තත්ත්වය තමයි මෙය. ඒ වගේම මෙය පිළිකාවක් දක්වා වර්ධනය නොවන තත්ත්වයක්. වායු ගෙඩි හෙවත් ගලගණ්ඩ රෝගය හට ගැනීමට ප්රමුඛ හේතුව වන්නේ අයඩින් ඌනතාවයයි. අධිතයිරොයිඩතාව (Hyperthyroidism)_ නමැති රෝගයේ ලක්ෂණයක් ලෙසත් වායුගෙඩිය හැඳින්විය හැකියි. ප්රශ්නය - අධිතයිරොයිඩතාව යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - තයිරොයිඩ් ග්රන්ථියෙන් පමණ ඉක්මවා නිපදවීම තමයි අධිතයිරොයිඩතාව කියන්නේ. ශරීරයේ සෛලවල ක්‍රියාකාරීත්වයට වග කියන්නේ තයිරොයිඩ් හෝමෝනයයි. තයිරොයිඩ් හෝමෝන පාලනය කිරීම මොළයේ තිබෙන පිටියුටරි ග්‍රන්ථිය මගින් සිදු වනවා. නොසන්සුන්තාව, උද්වේගකාරී ලෙස ක්‍රියා කිරීම, කාංසාව, ශරීරයේ හදිසි වෙව්ලුම් හට ගැනීම, කුසගින්න වැඩි වී ආහාර පරිභෝජනය ඉහළ ගියත් ශරීරයේ බර අඩුවීම, අධික ලෙස දහදිය දැමීම, හෘද ස්පන්දන වේගය ඉහළ යැම, උණුසුම දරා ගැනීමට බැරි වීම, නිතර මළ පහ කිරීම තමයි මේ රෝගයේ මූලික ලක්ෂණ. දැන් අපි නැවතත් වායු ගෙඩි වෙත හැරෙමු. මෙය ඕනෑම වයසකදී හටගත හැකි රෝගයක්. කොහොම වුණත් වයස අවුරුදු 40 ඉක්ම වූ කාන්තාවකට මේ රෝගය වැළඳීමේ ප්‍රවණතාව වැඩියි. ඒ වගේම පවුලේ සෙසු අයට වායු ගෙඩි තිබෙනවා නම්, විවිධ ඖෂධ වර්ග පමණ ඉක්මවා ගැනීම, ගර්භණී සමය සහ විකිරණවලට අනාවරණය වීම යන හේතු නිසාත් මේ රෝගය හට ගැනීමට පුළුවන්. ප්රශ්නය - මෙහි රෝග ලක්ෂණ මොනවාද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - 1. ගෙල ඉදිමී තද ගතියක් හට ගැනීම, 2. හුස්ම ගැනීමේදී සහ ආහාර ගිලීමේදී අපහසුතාවක් හට ගැනීම. 3. කැස්ස සහ හතිය ඇතිවීම. 4. හඬ රළු වීම. තයිරොයිඩ් ආශ්රිත තවත් රෝගයක් තමයි තයිරොයිඩ් ගැටිති. Thyroid Nodules ලෙස හඳුන්වන මේ ගැටිති හටගන්නේ අයඩින් ඌණතාව නිසයි. මේ ගැටිති තුළ වතුර පිරෙනවා. මේවායින් වැඩිහරිය කිසිදු අගතියක් නැති ඒවා. සමහර විට මේ ගැටිති නිසා පිළිකා හට ගන්නත් පුළුවන්. තයිරොයිඩ් ගැටිති මුල් කාලයේදී රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. එහෙත් කල් ගත වන විට ඒවා මගින් ගෙල ඉදිමී හුස්ම ගැනීමේ සහ ගිලීමේ අපහසුතා ඇති විය හැකියි. මෙවැනි ඇතැම් ගැටිති නිසා රුධිර සංසරණ පද්ධතියට හෝමෝන නිදහස් කිරීම විශාල වශයෙන් සිදුවනවා. මෙවැනි තත්ත්වයක් තුළ පහත සඳහන් රෝග ලක්ෂණ හටගන්නවා. 1. නාඩි වැටීම වේගවත් වීම. 2. නොසන්සුන්භාවය. 3. කුසගින්න වැඩි වීම. 4. ශරීරය වෙව්ලීම. 5. බර අඩුවීම. 6. සම මත කැසීම් හට ගැනීම. 7. මහන්සිය 8. කොණ්ඩය වැටීම. 9. සම වියළීම 10. සීතල දරාගැනීමට බැරි වීම. වායු ගෙඩි සුව කරන පාරම්පරික ක්‍රමය. නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 24 Jun 2017 09:15 AM දිගින් දිගටම කනෙන් සැරව ගලනවාද? ප්රශ්නය - පසුගිය සතියේ ඔබ අප දැනුවත් කළේ කර්ණ රෝග සම්බන්ධයෙන් වන බටහිර වෛද්‍ය විද්‍යාත්මක අර්ථකතනය ගැනයි. කර්ණ රෝග ක්ෂේත්රයේ වැඩිම සුදුසුකම් සහිත ආයුර්වේද වෛද්‍යවරිය වශයෙන් ඔබ අද අපට කියන්න, කර්ණ රෝග පිළිබඳ ආයුර්වේද මතය මොකක්ද කියලා. ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - කන කියන ඉන්ද්‍රියේ කොටස් තුනක් තිබෙනවා. එනම් බාහිර කන, මැද කන, ඇතුල් කන යන කොටස්. ආයුර්වේදයේ තිබෙනවා හතරවන කොටසකුත්. මේ කොටස තමයි කන පිටත කොටස හෙවත් කන් පෙත්ත සහ එය සමඟ සම්බන්ධ වන කොටස. ඒ අනුව කන් පෙත්ත ආශ්රිත රෝග හෙවත් කර්ණපාලි රෝග කියලා. ඔබ මෙහිදී මතක තබා ගත යුතුයි අප අනුගමනය කරන්නේ සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද න්‍යාය සහ ක්‍රම. ඒ ආචාර්යවරයාගේ මතයට අනුව කර්ණ රෝග 28 ක් තිබෙනවා. ඒවා කණේ පෙර කී තුන් කොටසේ හට ගන්නා රෝග. ඒවායින් වඩාත් සුලභ රෝග කිහිපයකුත් තිබෙනවා. එනම්, 1. කන්වලින් දියර ගැනීම. මෙය සැරව ලෙසත් සුදු පැහැති ද්‍රdවණයක් ලෙසත් ගලනවා. ආයුර්වේදයේ මෙය හඳුන්වන්නේ පූතිකර්ණ කියලා. 2. ඊළඟ රෝග තත්ත්වය තමයි ඇසීමේ දුර්වලතා ඇති කරන රෝග. එනම් ශ්‍රවණාබාධ. එය හඳුන්වන්නේ කර්ණ බාධිර්යය කියලයි. 3. ඒ අතර සමහර රෝගීන් ඇවිත් පැමිණිලි කරනවා මගේ කණේ විවිධ ශබ්ද ඇහෙනවා කියලා. සමහරු කියනවා නිතරම කන තුළින් හෝ හෝ ගාන ශබ්ද එනවා කියලා. තව සමහරු කියනවා බටනලාවක හඬක් වගේ එක දිගට ශබ්දයක් එනවා කියලා. මෙය ඉතාම ප්‍රචලිත රෝග තත්ත්වයක්. අප මෙය හඳුන්වන්නේ කර්න නාද කියලයි. මේ රෝගයේම තවත් ස්වරූපයක් තිබෙනවා. ඒ ස්වරූපය හඳුන්වන්නේ කර්ණ ශ්වේඩ කියලයි. ඒ රෝග තත්ත්වය තුළදී රෝගියාට කන ඇතුලෙන් ඇහෙන්නේ එකම ශබ්දයක් විතරයි. පළමුවැනි රෝග තත්ත්වය තුළදී හඬවල් රැසක් ඇහෙනවා. දෙවන රෝග තත්ත්වයේදී ඇහෙන්නේ එකම හඬක්. ඉහත සඳහන් රෝග තත්ත්වයන් තුන තුළදීම ශ්‍රවණ හීනතාවන් ඇති වෙන්න පුළුවන්. මේ අතර හටගන්නවා කන්වල වේදනාකාරී තත්ත්වයක්. මෙය කණ තුළ හට ගන්නත් පුළුවන්. ඒ වගේම කනට පරි බාහිර, කන සමඟ සම්බන්ධ කොටස්වල හටගන්නත් පුළුවන්. සමහර විට උගුරේ ප්‍රශ්නයක් මගින් කනේ වේදනාව හටගන්නවා. දතේ කැක්කුමක් හට ගත්තොත් එය කන දක්වා පැතිර යන්න පුළුවන්. එය වේදනාව සංක්‍රමණය වීමක්. ඔලුව කැක්කුමක් කනේ වේදනාවක් හැටියට එන්න පුළුවන්. ඊළඟ රෝග අවස්ථාව තමයි කන තුළ හට ගන්නා කළාඳුරු (කර්ණමල) හෙවත් ආං නිසා ඇතිවන වේදනාව. Ear Wax හඳුන්වන්නේ කර්ණ වර්ච කියන නමින්. කලාඳුරු පිරිලා තිබෙද්දී නෑවොත් ඒ කලාඳුරු ප්‍රසාරණය වෙනවා. එවිට හට ගන්නා පීඩනය නිසා කන රිදෙනවා. ආං කියන්නේ තෛලමය පදාර්ථ සමඟ මිශ්‍ර වූ දෙයක්. මෙය සමඟ වතුර මිශ්‍ර වුණාම එය ප්‍රසාරණය වෙනවා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ස්නානය කළාම කන් කැක්කුම හෝ ඔලුවේ කැක්කුම ඇති වෙන බව. මෙහිදී සිදු වන්නේ එම තැනැත්තාගේ කනට වතුර ගිහින් ඇතුළත ප්‍රසාරණය වීමයි. එසේ කන රිදෙන විට ඔලුවත් රිදෙනවා. (ලබන සතියේ කනේ හටගන්නා දිලීර) ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Jun 2017 04:48 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Jun 2017 04:51 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Jun 2017 04:53 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Jun 2017 04:55 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 25 Jun 2017 04:58 AM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 RosiSuper Senior MemberPosts:5335 25 Jun 2017 05:45 AM අකලට හිස් සුදු වීම >>> අනේ දැන් නම් පරක්කු වැඩි වගේ 0 gaminiVeteran MemberPosts:4475 25 Jun 2017 06:05 AM අකලට සුදු වන්නේ නම් , මට තාම අකල ඇවිල්ලා නැහැ, ඩයි නොදමන මගේ හිසකේ හෙට බලා ගන්න ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 25 Jun 2017 06:12 AM Posted By Rosi on 25 Jun 2017 05:45 AM අකලට හිස් සුදු වීම >>> අනේ දැන් නම් පරක්කු වැඩි වගේ මේකේ තියෙන්නේ අකලට හිස කෙස් පැසීම පිළිඹදව. කලට හිස කෙස් පැසීම නෙවෙයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 gaminiVeteran MemberPosts:4475 25 Jun 2017 06:16 AM අකලට තියා කලටත් නැහැ ආදරයේ උල්පත අම්මා ...................... 0 You are not authorized to post a reply. Page 24 of 137 << < 2223242526 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner