You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 25 of 137 << < 2324252627 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
25 Jun 2017 06:46 AM
මම කිව්වේ රෝසිට. එයා පරක්කු වැඩියි කියපු නිසා.

මගෙත් කොන්ඩේ තැනින් තැන ගහක් දෙකක් සුදු වෙන්න අරගෙන. කලටද අකලට ද මන්ද.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Jun 2017 12:00 PM

තරුණ සිත් නොසන්සුන් වීමට බලපාන ගැටලු

දරු දුක දැනෙන්න නම් මවුපිය පදවිය ලැබිය යුතු යෑයි කියා සාමාන්‍ය ජනවහරේ කතාවක්‌ පවතී. දස මසක්‌ කුස දරා මෙළොවට බිහිකරන දරුවා රැකබලා ගන්නට මව මෙන්ම පියාද අපමණ වෙහෙසක්‌ ගනිති. එසේ ලොකු මහත්වන දරුවන් පෙම් සබඳතා නිසා දිවි නසා ගනී නම් සුළු කරුණු නිසා දෙමාපියන් මරා දමයි නම් එය තරම් ෙ€දවාචකයක්‌ තවත් ලොව නැති තරම් යෑයි සිතේ. මෙලෙස තරුණ දූ දරුවන්ගේ සිත් නොසන්සුන් වන්නේ ඇයි දැයි කියා අපි අවධානය යොමුකරමු.

වෛද්‍යතුමනි, තරුණ දූ දරුවන්ගේ සිත් වර්තමානයේ නොසන්සුන් වීම් බහුලව දක්‌නට ලැබෙනවා. ඒ සඳහා හේතුවී ඇති කරුණු මොනවාද?

සෘෂි නාඩි වෛද්‍යවරුන් සඳහන් කර ඇති ආකාරයට අනුව මෙළොව උපදින දරුවකුගේ මනසේ සිතුවිලි ක්‍රියාකාරීත්වයට බලපාන කාලපරිච්ඡේද දෙකක්‌ තිබෙනවා.

පළමු කාල පරිච්ඡේදය මවුකුස තුළ පිළිසිඳගත් දා සිට වයස අවුරුදු 06 දක්‌වා කාල සීමාවය.

දෙවැනි කාල පරිච්ඡේදය වනුයේ වයස අවුරුදු 06 සිට වයස අවුරුදු 26 දක්‌වා වූ කාල සීමාවය.

පළමු කාල පරිච්ඡේදය පිළිබඳව අවධානය යොමු කළහොත් මෙහි ප්‍රධාන වගකීම දරුවාගේ මවට සහ පියාට හිමිවෙනවා.

දරුවකු බිහිකිරීමට වෙහෙසෙන මව සහ පියා තුළ ශාරීරික නිරෝගීතාවය මෙන්ම මානසික නිරෝගීතාවද පැවතිය යුතුය.

එනම් බිරිඳ සහ සැමියා අතර ආදරය බැඳීම සමීපව තිබිය යුතුය. ඔවුන් තුළ මතුවන එවැනි යහපත් සිතුවිලි උපදින දරුවාගේ මානසික නිරෝගී බවට හේතුවෙනවා.

දරුවා මුරණ්‌ඩුයි... කියන දෙයක්‌ අහන්නේ නැහැ කියා පවසන බොහෝ දෙමාපියන් පිළිබඳව විමසා බැලූ විට පෙනී යන්නේ දෙමාපියන් තුළ සමගියක්‌ නැහැ. තාත්තා මත්පැනට, මත්ද්‍රව්‍යවලට යොමුවෙලා. එහෙමත් නැතිනම් සමාජය දූෂණය වන ආකාරයේ කටයුතුවල නිරතවෙනවා.

අම්මාටත් තම දරුවන් ගැන එතරම් හැඟීමක්‌ නැහැ. නිතරම ඉන්නේ කෝපයෙන් යුක්‌තවයි. එවිට දරුවා කෙරෙහි ආදරයක්‌ කරුණාවක්‌ ඇතිවන්නේ නැහැ.

දෙමාපියන්ගේ මෙම ක්‍රියාවන් කුඩා කලම දරුවනට අත්විඳින්නට සිදුවූ විට එය ඔවුන්ගේ මනසේ රැඳෙන්නේ කිසිදා අමතක කළ නොහැකි අයුරිනි.

දරුවාගේ දෙවැනි කාල පරිච්ඡේදය වන වයස 06 ත් 26 ත් අතර වසර 20 ක කාලසීමාව තුළ දූ දරුවන්ගේ මනස නොසන්සුන් වීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ පවුලේ පසුබිමත් සමාජයේ ඇසුරු කරන යහළු හිතමිත්‍රාදීන්ගේ පසුබිමත්ය.

(තෝ, උඹ, මූසලයා ආදී අසංවර වචනවලින් තම දූ දරුවන් අමතන දෙමාපියන්ගේද මනස සංවර නැත. ඔවුන්ගේ දරුවන් තුළ ද ඉතා ඉක්‌මනින් මනස නොසන්සුන් වේ.

දෙමාපියන් දරුවන්ගේ ඉදිරියේ බොරු කියන විට රණ්‌ඩු සරුවල්වන විට, තම ඥති හිතමිත්‍රාදීන් අපහාසයට ලක්‌කරන විට දරුවන්ද නිරායාසයෙන්ම එවැනි ක්‍රියාවන් සිදුකිරීමට යොමුවේ.

මෙවැනි පසුබිමක හැදී වැඩෙන දරුවන් තුළ නොසන්සුන්තාවය, කෝපාවිෂ්ඨ නාඩිය, යක්‍ෂ නාඩිය, ප්‍රේත නාඩිය ක්‍රියාකාරී වේ. එවිට ඔවුන් දෙමාපියන්ට පහරදීම, මරා දැමීම, දිවි නසා ගැනීම ආදී ක්‍රියාවන්ට සිත යොමුකරයි.

දූ දරුවන් ඉදිරියේ මත්පැන් පානයට, දුම් පානයට යොමු වූ බොහෝ පියවරුන්ගේ තරුණ පුතුන්ද තම පියා ගිය අඩි පාරේම යනු බහුලවම දැකිය හැකියි.

මව අනියම් සබඳතාවලට යොමු වූ තම සැමියා සමඟ නිතර රණ්‌ඩුසරුවල් වන පවුල් හි තරුණ දියණියන්ද එවැනි ක්‍රියාවල යෙදීමට හුරුවේ.

කොළඹට ආසන්න නගරයක මවක්‌ සහ තරුණ පුතකු මෑතකදී මා වෙත පැමිණ පුතාගේ මනසේ නොසන්සුන් බව ගැන පවසා සිටියා. පුතාට තාත්තා දකින විට ඉවසාගත නොහැකි කෝපයක්‌ මතුවන බව මව පැවසුවා. ඔවුන් සමඟ කතාබහ කරන විට හෙළි වූයේ පියා මත්පැන් පානයට යොමුවී ඇති බවත් නිවසට පැමිණ කෑකෝ ගසන බවත්ය. කුඩා කල සිට පුතාට දකින්නට අසන්නට ලැබුණේ පියාගේ අයහපත් ක්‍රියාවන් බැවින් තරුණවියට පත්වූ විට ඔහු තුළ තම පියා කෙරෙහි වෛරයක්‌ ගොඩනැගී ඇත. ඒ සමඟම එම දරුවාගේ නාඩි විකෘතිතාවක්‌ ද ඉතා ප්‍රබලව මතුව තිබේ.

මෙවැනි දරුවනට ඖෂධ මඟින් පමණක්‌ ප්‍රතිකාර ලබාදීම ප්‍රමාණවත් නැත. මනස සන්සුන් කිරීම සඳහා ආගම දහම අනුව කටයුතු කරන හැටි ඉවසීම ඇතිකර ගන්නා හැටි පුරුදු පුහුණු කළ යුතුය.

වැඩිහිටියන්ට ගරු කරන්න ඔවුනට ගරුසරු ඇතිව කතාබහ කරන්න කියා දිය යුතුයි. අද සමාජයේ වැඩිහිටියන්ට ගරුසරු ඇතිව ඇමතීම ඈත් වෙලා. ඔයා... මෙයා, හලෝ, පොර ආදී ලෙසින් ඇමතීම විලාසිතාවක්‌ කරගෙන තිබෙනවා.

අම්මා, තාත්තා, සීයා, ආච්චි, මාමා, නැන්දා වෛද්‍යතුමා, වෛද්‍යතුමිය, ගුරුතුමා, ගුරුතුමිය ආදී ලෙසින් ගරුසරු ඇතිව ලෙන්ගතුව කතාබහ කිරීම තුළින් දරුවාගේ සිත් තුළ යහපත් ආකල්ප, විනීත බව, ඉවසීම ආදිය පුරුදු පුහුණු කළ හැකියි.

මේ පිළිබඳව වැඩිදුර වෛද්‍ය උපදෙස්‌ සඳහා දුරකථන අංක 0776500677 මගින් වෛද්‍යතුමන් ඇමැතිය හැකිය.


මහාචාර්ය වෛද්‍ය
ජිනසිරි ලියන්වෙල
අඟුලාන දුම්රියපළ පාර ලියන්වෙල
සෘෂිනාඩි වෛද්‍ය මධ්‍යස්‌ථානය

සංස්‌කරණය
උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Jun 2017 12:03 PM

වර්තමානයේ පිරිමින්ගේ
මඳ සරු බවට බලපා ඇති ප්‍රධාන හේතු

විවාහක යුවළකට දරුඵල පමා වන විට සමාජයේ වැඩිම පීඩාවට පත්වන්නේ කාන්තාවය. නමුත් වෛද්‍ය මතය නම් එහි වගකීම බිරිඳටත් සැමියාටත් දෙදෙනාටම සම සමව හිමිවන බවය. එබැවින් පළමුව අපි දරුඵල පමාවීමේදී සැමියාට පැවරෙන වගකීම ගැන විමසා බලමු.

වෛද්‍යමතුමනි, දරුඵල පමාවීම සම්බන්ධව සැමියාට බලපාන ගැටලු මොනවාද?

විවාහ වී දරුඵල ප්‍රමාදයි කියා පසුතැවෙමින් ප්‍රතිකාර ලබාගැනීමට මා වෙත පැමිණෙන අඹුසැමියන් බොහෝ දෙනකුට පවතින්නේ මඳ සරු බවය. මෙය ප්‍රතිකාර මගින් සුව කළ හැකි තත්ත්වයකි.

මෙම මඳ සරු බව සැමියාට බලපා ඇති ආකාරය පිළිබඳව සොයා බැලූ විට ඒ සඳහා බලපා ඇති ප්‍රධාන කරුණු තුනක්‌ තිබෙනවා.

පළමු කරුණ තමයි වැරදි අවබෝධය. දෙවැනි කරුණ, වැරදි ඇබ්බැහිවීමය. තෙවැනි කරුණ තමයි මානසික පීඩනය.

වැරදි අවබෝධය

විවාහ වී දරුඵල අපේක්‍ෂාවෙන් ල්sංගිකව එක්‌වන බොහෝ පුරුෂයන්ට තම බිරිඳගේ ඔසප් චක්‍රයේ සරු කාලය පිළිබඳ අවබෝධයක්‌ නැහැ. එනිසා බොහෝ අඹුසැමියන් සරු කාලයේ එක්‌ නොවී දරු ඵල ප්‍රමාදයි කියා පසුතැවෙනවා.

වැරදි ඇබ්බැහිවීම්

දරු කළලයක්‌ ඇතිවීමේදී පුරුෂයාගේ ශරීරයෙන් නිපදවන නිරෝගී සක්‍රීය ශූක්‍රාණුවක්‌ අවශ්‍යයි. ඒ සඳහා ඔහු සෞඛ්‍ය සම්පන්නව සිටිය යුතුයි. අධික ලෙස මත්පැන් පානය, දුම්පානය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා පුරුෂයකුගේ වෘෂණ කෝෂ මගින් නිපදවන ශුක්‍රාණුවල දුර්වලතා හටගන්නවා. එම ශුක්‍රාණුවලට ඩිම්බයක්‌ සමඟ එක්‌වීමට හැකියාවක්‌ නැහැ.

මානසික පීඩනය

නිතරම සෘණාත්මක ආකල්පවල සිටින පිරිමින් තුළ මතුවන්නේ අසුබ ආකල්පය මට බැහැ. මම දන්නෙ නැහැ වැනි ආකල්ප තුළ සිටින විට ඔවුන් තුළ ඇති ආත්ම ශක්‌තිය පිරිහී යනවා.

වෛද්‍යතුමනි, මෙම ගැටලුවලට ඇති ප්‍රතිකාර මොනවාද?

වැරදි අවබෝධය සඳහා කළ යුත්තේ බිරිඳගේ ඔසප් චක්‍රයේ සරු කාලය පිළිබඳව නිසි වෛද්‍ය උපදෙස්‌ මත හඳුනාගෙන එම සරු කාලයේදී ලිංගිකව එක්‌වීමය. මෙහිදී බිරිඳත් සැමියාත් දෙදෙනාම එම සරු කාලයේදී එක්‌වීම සඳහා සූදානම් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය හැඟීම් දෙදෙනා තුළම තිබීම අත්‍යවශ්‍යය.

වැරදි ඇබ්බැහිවීම්වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වී තමාගේ දුර්වල වී ඇති ශුක්‍රාණු ශක්‌තිමත් කර ගැනීමට අවශ්‍ය ඖෂධීය ප්‍රතිකාර වෛද්‍ය උපදෙස්‌ මත ලබාගත යුතුයි.

ලිංගික ශක්‌තිය වර්ධනය කරන ප්‍රතිකාර රැසක්‌ ආයුර්වේදයේ තිබෙනවා.

ලිංගික ශක්‌තිය වර්ධනය කර ගැනීමට සහ එය සාර්ථකව සිදුකර ගැනීමට මානසික නිරවුල් බව අත්‍යවශ්‍යය. එබැවින් නිවැරදි වෛද්‍ය උපදෙස්‌ ලබාගෙන එම ප්‍රතිකාර ක්‍රම කෙරෙහි විශ්වාසය තබාගැනීම තුළින් තමා තුළ බිඳවැටී ඇති මානසික තත්ත්වය යළි ගොඩනඟා ගත හැකියි.

පුරුෂයකු තුළ මඳ සරු බව ඇතිවීමට මෙම ප්‍රධාන කරුණුවලට වෙනත් කරුණු බලපෑ අය ද සිටිනවා. වැරදි ලිංගික පුරුදු, අධික උෂ්ණය සහිත ස්‌ථානවල රැකියාවේ නිරතවීම, විවිධ රෝග සඳහා දීර්ඝකාලීනව ප්‍රතිකාර ගැනීම ආදී හේතු නිසා ද මඳ සරු බවට පත් වූ පුරුෂයන් හමුවෙනවා. ඔවුනොවුන් නිසි වෛද්‍ය ප්‍රතිකාර මගින් මඳ සරු බව නැති කළ හැකියි.

මේ පිළිබඳව වැඩිදුර වෛද්‍ය උපදෙස්‌ සඳහා දුරකථන අංක 0775109862 මගින් වෛද්‍යතුමන් ඇමැතිය හැකිය.


ආයුර්වේද වෛද්‍ය
සුජීව විතාන
බටලන්ද සෙත්සුව ආයුර්වේද රෝහල

සංස්‌කරණය
උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Jun 2017 05:46 AM
Posted By maduranga001 on 25 Jun 2017 06:46 AM
මම කිව්වේ රෝසිට. එයා පරක්කු වැඩියි කියපු නිසා.

මගෙත් කොන්ඩේ තැනින් තැන ගහක් දෙකක් සුදු වෙන්න අරගෙන. කලටද අකලට ද මන්ද.

එහෙනම්   නම් මට අවුරුදු 15 ඉදන්ම කලට වෙන්නැති සුදුවෙන්නේ 

 

ෂා ගාමිණී අයියා වාසනාවන්තයි නේ ,

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Jun 2017 08:41 AM

වකුගඩු බද්ධ කිරීමෙන් පසු ජීවන රටාව

ඔබට පෙරට වඩා තදින් බඩගින්න දැනේ.ඊට හේතු වන්නේ පෙරට වඩා නිරෝගී වීමත් prednisolone ඖෂධයත්ය. පරීක්ෂාකාරීව ආහාර ලබා ගත හොත් සෞඛ්‍ය දායක ශරීර ස්කන්ධයක් පවත්වා ගත හැකියි.

පලතුරු සහ එළවළු වර්ග ඇතුළත්ව කෙඳි සහිත ආහාර ගන්න.

මේද සහිත ආහාර අඩු කරන්න

ආහාර තෙලෙන් බදිනවාට වඩා අසංතෘප්ත මේද අම්ල සහිත තෙල්වලින් කෑම පිස ගන්න

සම්පූර්ණ යොදය සහිත කිරි පිටිවලින් ඈත් වන්න

සීනි ආහාර හැකිතාක් අවම කරන්න

ලුණු පරිභෝජනය අඩු කරන්න

ශල්‍ය කර්මයෙන් පසු  සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු ඇවිදීමට පිහිනීමට හැකිය

සෟඛ්‍ය සම්පන්න දියර භාවිත කරන්න

සැත්කම සිදුකර සති 06ක් ගත වන තුරු වාහන  පැදවීම නොකළ යුතුයි

ඔබ නිවසින් පිටතට යාමට ප්‍රථම නියමිත ඖෂධ මාත්‍රාව ලබා ගන්න

හැකි සෑම විටෙකම බෝවන රෝගවලින් ප්‍රවේසම් වන්න

ඔබට ලබා දෙන ඖෂධ හේතුවෙන් චර්ම රෝග වැළඳීමේ අවදානමක් පවතී. හිරු කිරණ සමග එන UV කිරණ මග හරවා ගැනීමට ක්‍රීම් වර්ගයක් සුදුසු පරිදි සිරුර ආවරණය කර ගන්න.

කලින් කලට සම පරීක්ෂා කර ගන්න.සමේ වර්ණයේ හෝ වෙනස් වීමක් ඇත්නම් වහා වෛද්‍යවරයකු හමුවන්න

පුරුෂ පක්ෂයට උපදෙස්

ඔබ රක්තකාන්දු පෙරණය HD සිදු කරන අතරතුර ලිංගිකව හැසිරීමේ යම් ගැටලු මතු විය හැකිය. ලිංගික අප්‍රාණිකත්වය ගැන ඔබගේ වෛද්‍යවරයා දැනුම්වත් කිරීමට ලැජ්ජා නොවන්න. සමහර රෝගීන් ශල්‍යකර්මයෙන් පසු ලිංගිකව එක් වීමේදී වකුගඩුවට හානි වේයැයි අනියත බියකින් පසුවේ. එය සම්පූර්ණයෙන්ම වැරැදි මතයකි.

එසේම ඔබ කලින් කලට වෘෂණකෝෂ පරීක්ෂා කළ යුතුයි. යම් සැක සහිත ඉදිමුවක් හෝ ගැටිත්තක් ඇත්නම් වෛද්‍ය උපදෙස් පතන්න.

කාන්තාවන්ට උපදෙස්

නිසි පරිදි කලින් කලට ඔබ පියයුරු පරීක්ෂා කර ගත යුතුය.සැක සහිත ගැටිත්තක් ඉදිමුවක් ඇත්නම් වෛද්‍ය උපදෙස් පිළිපදින්න.

මනා ක්‍රියාකාරීත්වයක් සහිත බද්ධ කරන ලද වකුගඩුවක් හිමි කාන්තාවකට ගැබ් ගැනීම සහ සාමාන්‍ය පරිදි සාර්ථක  දරු ප්‍රසූතියක් සිදු කර ගත හැකිය. බද්ධ කිරීමේ සැත්කම නිමවී පළමු වසර ඇතුළත ගර්භණී භාවයට පත් වීම සඳහා උපදෙස් ලබා නොදේ.ඔබට ඒ සඳහා අඩුමගානේ වසරක්වත් සිටිය යුතුවේ.

නැවත ගැබ් ගැනීමක් නිසා බද්ධ කරන වකුගඩුව මත අමතර කාර්යයක් එකතු වේ. ඔබට ලබාදෙන ඖෂධ වර්ග නිසාද දරු කළලයට හානි පැමිණේ. නැවත ගැබ් ගැනීමක් අපේක්ෂා නොකරයි නම් නියමිත උපදෙස් අනුව සුදුසු උපත්පාලන ක්‍රමයක් වෙත යොමු වන්න.

එක්සත් රාජධානියේ ඩම්ෆ්‍රීස් සහ ගැලොවේ ජාතික වෛද්‍ය සේවයේ වකුගඩු සහ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීකා රත්නමලල

සටහන- මාධවී ධර්මරත්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Jun 2017 05:19 PM

අඹු සැමියන් අතර ජීවිතය
එපා කරවන සැකය
...


ව්‍යාධිවේදී ඊර්ෂ්‍යාව ස්‌වාමියා, බිරිඳ, පෙම්වතා පෙම්වතිය අතර ඇතිවන තත්ත්වයකි. පසුගිය සතියේ අපි ඔබට එහි මූලික හැඳින්වීම මතක්‌ කළෙමු.

ව්‍යාධිවේදී ඊර්ෂ්‍යාවට පත් වූ පුද්ගලයා එනම් ස්‌වාමියා, බිරිඳ, පෙම්වතා හෝ පෙම්වතිය විශ්වාස කරන අන්දමට තමන් ආදරය කරන පුද්ගලයා කිසියම් කෙනෙකුට විශේෂයෙන් විරුද්ධ ලිංගිකයකුට සමීප නොවිය යුතු යෑයි යන දැඩි ආකල්පයක්‌ මොවුන් ගේ මනස තුළ ගොඩනගාගෙන සිටී. මේ නිසාම තමන්ගේ සහකරු හෝ සහකාරිය දැඩි නීති රීතිවලට යටත් කර ගැනීමට මෙම රෝගීහු පෙළඹෙති.

අපි ඇයට කමලා යෑයි කියමු. ඇය වෛද්‍යවරයා හමු වී පවසා සිටියේ දිනකට තුන් හතර වතාවක්‌ ඇය ස්‌වාමියාගෙන් ගුටිකන බවකි. එයට හේතුව විමසීමේදී කමලාගේ පිළිතුර වුණේ, මම කාරෙකේ ගියත් මට වටපිට බලන්න බැහැ. ඒ වටපිට බලන වේලාවට ඒ සීමාව තුළ පිරිමි කෙනෙක්‌ හිටියොත් මට ගහනවා. එයා කියන්නේ උඹ අර පාරේ ඉන්න මිනිහා දිහා බැලුවා කියලයි.

මට කවදාකවත් ලස්‌සන නළුවෝ ඉන්න චිත්‍රපටයක්‌ ටී. වී. එකෙන්වත් බලන්න දෙන්නේ නැහැ. දවසක්‌ චිත්‍රපටයක්‌ බලබලා ඉන්නකොට එයා රූපවාහිනිය පොළවේ ගැහුවා.

ළඟදී දවසක්‌ එයාගේ යාළුවෝ කට්‌ටියක්‌ නිවසට පැමිණි වෙලාවේ තේ හදල තේ බන්දේසිය අල්ලන කොට මම යාළුවොත් එක්‌ක හිනා වුණා කියලා කුස්‌සියට ඇවිත් හොඳටම ගැහුවා.

මෙයාට රෑට නින්දක්‌ නැහැ. පොඩි සද්දයක්‌ ඇහුනත් මා ගැන සැකයි. එයා කියන්නේ හොර මිනිස්‌සු ගෙන්න ගන්න හදනවා කියලයි.

ගෙදරට මාළු කාරයා ආවත්, ලියුම්කාරයා ආවත් සැකයි.

ඇතැම් වෙලාවට මාත් එක්‌ක පාරේ යනකොට මිනිස්‌සු එක්‌ක රණ්‌ඩු වෙන්න ගිය අවස්‌ථා බොහෝමයි. එයා කියන්නේ මිනිස්‌සු මගේ දිහා බලනවා කියලා.

දවසට කිහිප වතාවක්‌ ගෙදරට කෝල් කරලා බලනවා මම ඉන්නවද කියලා. සමහර වෙලාවට අවේලාවේ නොකියා ගෙදරට එනවා. මාව පරීක්‍ෂාකර බලන්න.

කසාද බඳින්නට පෙරත්, පෙම්වතුන් ලෙස ඇසුරු කළ කාලයේදීත් මෙම තත්ත්වය සාමාන්‍ය ආකාරයට තිබුණු බව කමලා පවසනවා.

ඒ කාලයේ මෙයා මෙහෙම නොවුණාට නිතරම හරියට කේන්ති යනවා.

මේ තත්ත්වය ගොඩක්‌ වැඩි වුණෙත් අපි දෙන්නා කසාද බැඳලා හෝම් කමිං තිබුණු දවසේ පාටියට ආපු එයාගේ යාළුවෝ එයාට කරපු විහිළුවක්‌ නිසා. යාළුවෝ අතර හිටපු සුපර්වයිසර් කෙනෙක්‌ මගේ දිහා වැඩිපුර බැලුවා කියන විහිළුව තමයි දුරදිග ගියේ. මේ සැකය දිගින් දිගටම බරපතළ වුණා.

ඩොක්‌ටර්, මට මගේ ජීවිතය එපා වෙලා කමලා කියනවා.

මෙම කාරණා අනුව කෙනකුට සිතෙන්නට පුළුවන් විහිළු කරන එක තව කෙනෙක්‌ තුළ මානසික රෝගයක්‌ වර්ධනය වීමට බලපානවාද කියන කාරණාව. ඒක අසත්‍යයක්‌ කිසිසේත්ම එහෙම නැහැ.

ඉහත සිදුවීමේදී රෝගියාට රෝගය ඇති වූයේ විහිළුවෙන් පසුව නෙමෙයි. මානසික රෝගයක්‌ වැළඳීමේ හේතු බහුවිධයි. නානා හේතුකයි. එහෙත් බොහෝ විට රෝගීන් හේතුව හැටියට ඉදිරිපත් කරන්නේ ආසන්නතම හේතුවයි. එහෙත් මෙහි යථාර්ථය මොවුන්ට මින් පෙරත් මානසික රෝගයක්‌ තිබුණු බවයි.

පුංචි උදාහරණයක්‌ මේ. වී ඇටයක්‌ කාන්තාරයේ තිබුණාට පැළවෙන්නේ නැහැ. ඒ සඳහා අත්‍යවශ්‍ය පාරිසරික සාධක සපුරාලිය යුතුයි. එනම් වතුර ජලය අවශ්‍ය වන පාරිසරික සාධකයි. වී ඇටය කෙතරම් කල් කාන්තාරය තුළ තිබුණත් පැළ නොවන්නා සේම වැසි වැටීමට පටන් ගත් කල වී ඇටය පැළවීමට පටන් ගනීයි.

ඉහත කතාවේදීත් රෝගියා තුළ තිබුණු මානසික රෝගය ඉස්‌මතු වීමට බලපෑ පාරිසරික සාධකය වුණේ විවාහයයි. විවාහයෙන් පසු තමයි සැකයට කෙනෙක්‌ හමු වුණේ.

මානසික රෝගයකට බලපාන ප්‍රධාන සාධක 2 ක්‌ තිබේ. එකක්‌ ජානමය සාධකය අනෙක පාරිසරික සාධකයි.

ජානමය සාධක අපි සෑම අයකු තුළම තිබේ. නමුත් පාරිසරික සාධක සම්පූර්ණ නොවී නම් ඉපදී මැරීයන තාක්‌ කල් රෝගය ඉස්‌මතු නොවී තිබීමට පුළුවන.

කෙසේ නමුත් මෙම රෝගය ප්‍රතිකාර කළ හැකි රෝගී තත්ත්වයකි. මෙහි තිබෙන බරපතළම සහ වැදගත්ම තත්ත්වය මෙම රෝගී තත්ත්වයට භාජනය වූ පුද්ගලයන් මෙය රෝගී තත්ත්වයක්‌ කියාවත්, එය ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක්‌ කියාවත් පිළිගන්නේ නැතිකමයි. මේ නිසාම මොවුන් ප්‍රතිකාර සඳහා යොමුකර ගැනීම බොහෝ අසීරු වේ.

මොවුන්ගේ මනස තුළ ජනිත වන මෝහාත්මක සිතුවිල්ල කොපමණ කරුණු කාරණා මගින් පහදාදීමට හැදුවද පිළිගැනීමට කැමැත්තක්‌ නැත.

මෙම රෝගයද මෝහෝන්මාද ලෙස හැඳින්වෙන මානසික රෝගයට අයත් ලක්‍ෂණ සහිතය. නමුත් ප්‍රතිකාරයෙන් පසු මෙම තත්ත්වය වෙනස්‌ කළ හැකිය.

ශේක්‌ෂ්පියර්ගේ ඔතෙලෝ නමැති දෘශ්‍ය කාව්‍යයේ පවා මෙවැනි වූ සැකයට භාජන වුණු බිරිඳ ස්‌වාමියා විසින් ඝාතනය කළ අවස්‌ථාවක්‌ සඳහන් වී තිබේ. යථාර්ථයේදී ද මෙම සැකය නිසා විවිධාකාරයෙන් හිංසනයට ලක්‌වුණු පුද්ගලයන් අපට මුණගැසී තිබේ.

මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ මෙම තත්ත්වය රෝගයක්‌ බව පිළි නොගැනීම සහ ඒ පිළිබඳ සමාජයේ අනාවබෝධය නිසා හුදෙක්‌ මෙය ඉදිරිපත් වන්නේ සමාජ ගැටලුවක්‌ ලෙසිනි. එනම් බොහෝ විට ගෘහස්‌ථ හිංසනයක්‌ ලෙසයි.

පුරාණ දේශීය පොත පතෙහි ව්‍යාධිවේදී ඊර්ෂ්‍යාව පිළිබඳ ලියෑවී ඇති අපූරු කවි දෙකක්‌ පහත සටහන්කර තිබේ. ඒ අනුව එදා රෝගය හොඳ අපූරුවට විස්‌තර කර ඇති අයුරු බලන්න.

අඹුට සැමි ගැන සැමිට අඹු ගැන
සැකයි හැම දෙන හැමතැනම ගැන
හිතක්‌ ඇති බව වෙන කෙනකු ගැන
කරයි මැසිවිලි නිතර මේ ගැන

නිදි වරමින් අඹු රකිමින්නේ
එන අය පිටතින් වළකින්නේ
සෙනෙහෙ බැම්ම ගැන හිතමින්නේ
සිත් තැවුලෙන් කල් ගෙවන්නේ

 

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Jun 2017 05:21 PM

ඩෙංගු සුව කළ හැකියි
ඩෙංගුවලට ජීවිත බිලිවිය යුතු නැහැ


මාදව හිත්තැටියේ ගුණරත්න මුදලින්ද පිරිවෙන ආශ්‍රයෙන් පැවති වෙද පරම්පරාවේ මුලාරම්භය රන්නේ ශ්‍රී සුදර්ශි නායක හාමුදුරුවන්ගෙන් ආරම්භ වන අතර, වල්පොල රාහුල හාමුදුරුවෝ, නාඔටුන්නේ සරණපාල හාමුදුරුවෝ වැනි නායක හාමුදුරුවරුන් වෙද පාරම්පරාවට අයත්ය.

මෙම වෙද පාරම්පරාවේ පස්‌වැනි පාරම්පරාව ලෙසට නො. 98/7, සුව අසපුව, කැන්දලියෑද්ද පාළුව, ගණේමුල්ලේ පදිංචිව සිටින ඩී. ඩී. ඒ. හෙට්‌ටිආරච්චි වෙද මහතා පෙන්වාදීමට පුළුවන.

මාදව හිත්තැටියේ ගුණරත්න මුදලින්ද පිරිවෙන ආශ්‍රයෙන් විශේෂයෙන්ම බිහි වී ඇත්තේ සර්වාංග රෝග පිළිබඳ වෛද්‍යවරුන් වන අතර, ඒ අතරිනුත් සර්ප විෂට, රුධිර සංඝටක වෙනස්‌වීම් සම්බන්ධ රෝගවලට හොඳ ප්‍රසිද්ධියක්‌ දරා ඇත.

ඒ අනුව යමින් වෛද්‍ය හෙට්‌ටිආරච්චි මහතා රුධිර සංඝටක වෙනස්‌වීම් සම්බන්ධයෙන් ප්‍රතිකාර සඳහා දක්‌ෂතාවක්‌ දක්‌වන බව පෙනෙන්නට ඇත.

අද වන විට වසංගතයක්‌ ලෙසට සමාජය පුරා භීතියක්‌ ඇති කරලීමට සමත් වී ඇති ඩෙංගු රෝගය වෙනුවෙන් ප්‍රතිකාර සොයා ගැනීම සඳහා වූ පරීක්‌ෂණ ගණනාවකින් පසු ඩෙංගු රෝගය වෙනුවෙන් ඔහු සතු ඖෂධය සමාජයේ බොහෝ දෙනකුගේ කතා බහට ලක්‌වී ඇති අයුරක්‌ දක්‌නට ඇත.

දේශීය පාරම්පරික වෛද්‍ය හෙට්‌ටිආරච්චි මහතා ඩෙංගු රෝගය පිළිබඳ කතා කරමින්,

ඩෙංගු රෝගය දේශීය වෛද්‍ය පොත්වල සඳහන් වන්නේ දණ්‌ඩක ජොරය යන නමින්. එහි තේරුම පොළු මුඟුරුවලින් තැළුවා හා සමානව සිරුරේ වේදනාවක්‌ ඇතිවනවා කියන එකයි.

මෙය ඊරුaන ඉදබැ ෙeඩැර ලෙසින් හඳුන්වා තිබෙන්නේත් ඉහත කාරණාව නිසාමයි.

එම ඉතා පුරාණ පොතපත පරිශීලනය කිරීමෙන් හා මා ලබා තිබෙන දැනුම අනුව තමයි ඩෙංගුවලට ඖෂධය නිපදවූයේ.

ඩෙංගු ගැන දේශීය වෛද්‍ය ක්‍රමය තුළ පුරාණ වෛද්‍යවරු මෙය සුවකළ හැකි රෝගයක්‌ ලෙසට හඳුනාගෙන තිබෙනවා. ඇත්තම කතාව තමයි ඒ.

ඖෂධය පානයට දෙන්නේ පොල්මලේ ගොබළු සහ ගස්‌ලබු කොළ කොටා ලබා ගන්නා යුෂයෙන්. ගස්‌ලබු කොළ රුධිර පට්‌ටිකා වර්ධනයට ඉවහල් වන බව සොයා ගෙන තිබෙන කරුණක්‌. ඒ පිළිකා රෝගීන් සම්බන්ධ කළ පරීක්‌ෂණයකදී.

ඇත්තෙන්ම ඩෙංගු රෝගයට නෙමෙයි ඩෙංගු රක්‌තපාතය ඉතාම අසාධ්‍ය රෝගීන් මේ ඖෂධයෙන් සුවපත් වෙනවා. ඖෂධය ලබා ගැනීමෙන් ඩෙංගු රක්‌තපාත තත්ත්වයට යන එක වලකිනවා.

ඇතැම් වෛද්‍යවරු ඩෙංගු රෝගය සඳහා ඖෂධීය තෙල් භාවිත කරනවා. ඖෂධීය තෙල් සුදුසු වුවත් මෙම තත්ත්වයට පානයට ඖෂධ අවශ්‍යයි.

දේශීය වෙදකම අනුව උණ කියන්නේ බඩේ ගින්දර ඇති වී එය සිරුර පුරා යනවා කියන එකයි. මෙයට හිසතෙල් ආලේපය සුවයක්‌. එය පිළිගත යුතු වෙනවා. එහෙත් සුවයට පානීය ඖෂධ අවශ්‍ය වන බව අමතක කරන්න බැහැ.

ඖෂධය ලබා දෙන්නේ කොහොමද?


ඖෂධය සෑදීම සඳහා ඉතාම දුර්ලභ, වටිනා ඖෂධ රාශියක්‌ භාවිත වෙනවා. මාස හතරක පහක කාලයක්‌ ඒ වෙනුවෙන් වැය වෙනවා.

රෝගියාගේ වයස, රෝගය, වැළඳුනු දින ගණන යන කාරණා බැලීමෙන් පසු නියමිත මාත්‍රාවට ඖෂධය ලබා දෙනවා. ඖෂධය පැය හයෙන් හයට පැය දහඅටක්‌ ලබාදිය යුතුයි. රෝගය පැය 24 න් සුවයි. මම එය කියන්නේ ඉතාම වගකීමෙන් යුතුවයි.

මෙම ඖෂධයෙන් සිදුවන දෙය ටිකක්‌ මතක්‌ කරන්නම්. ඖෂධය මඟින් ලේවල ඝනත්වය අඩු කරනවා. ඒ අනුව ලේ ගැලීම නවතිනවා. ඖෂධය ඩෙංගු රක්‌තපාතය දක්‌වා යැම වැළැක්‌වීමටත්, රක්‌තපාතය සුව වීමටත් බලපාන කරුණු තමයි ඒ.

පාරම්පරික වෙදකම ඉදිරියට ගෙන යන්නේ කොහොමද?

මට පුතාලා දෙදෙනෙක්‌ ඉන්නවා. ලොකු පුතා කතරගම, තිස්‌සමහාරාම, බෙලිගල ප්‍රදේශයේ වෛද්‍යවරයෙක්‌ හැටියට සේවය කරනවා. පුතාත් ලියාපදිංචි වෛද්‍යවරයෙක්‌. නමින් ප්‍රදීප් අබේවර්ධන හෙට්‌ටිආරච්චි, පොඩි පුතා ළඟදී විදේශගත වෙනවා. එයාගේ නෝනා විදේශයක ඉන්න නිසා. එයාටත් මේ හැකියාව තිබෙනවා.

ඩෙංගු භීතිකාවක්‌ ඇති මෙවැනි කාලයක දේශීය වෙදකම තුළින් රෝගය සුවපත් කිරීමේ හැකියාව හඳුනාගෙන රාජ්‍ය අනුග්‍රහයක්‌ ලබා දෙන්නේ නම් කෙතරම් අගේ දැයි වෛද්‍ය හෙට්‌ට්‌ආරච්චි මහතා පැනයක්‌ න ඟයි.

කතාව සැබෑවක්‌ බව පෙනේ. බටහිර හෝ දේශීය ක්‍රමයෙන් හෝ රෝගයට සුවයක්‌ ලැබේ නම් ඩෙංගු රෝගය පිළිබඳ සිතේ හටගන්නා වූ බිය තුරන් කර ගැනීමේ හැකියාවක්‌ ලැබෙනු ඇත. සමාජයට සැනසුමක්‌ එක්‌වනු නොඅනුමානය.

සැබැවින්ම මෙම ප්‍රශ්නයට ඉක්‌මන් විසඳුමක්‌ ලබාගත යුතු අවස්‌ථාවක අපි දිවි ගෙවමු. විසඳුමක්‌ අත්‍යවශ්‍යය.

ඩෙංගු රෝගය බව සැක හැර දැනගත් විගස රෝහල්ගත වන ලෙසට සමාජය දැනුවත් කිරීමේදී ඒ අනුව කටයුතු කරන පසුබිම හමුවේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා අතරතුර ප්‍රතිකාරය ලබා ගන්නා අයුරක්‌ තිබෙන බව පෙන්වා දුන් වෛද්‍ය හෙට්‌ටිආරච්චි මහතා ඖෂධය ලබා දී පැය 24 න් නිවසට ගිය අය බොහෝ බව පෙන්වා දෙයි. ඖෂධය භාවිතයෙන් කිසිදු මරණයක්‌ වාර්තා වී නොමැති බව ඔහු තවදුරටත් පෙන්වා දෙයි. රෝගය සඳහා විවේකය ඉතාම අවශ්‍ය බැවින් ඒ සඳහා අවධානය යොමු කළ යුතු බවද වෛද්‍ය හෙට්‌ටිආරච්චි පෙන්වා දුන්නේය.

උණ, හිසරදය ඇති විටත් ඩෙංගු උණ සෑදී ඇති අයටත් නිවසේදී සාදා දිය හැකි කදිම ඖෂධයක්‌ පිළිබඳ ඔහු විස්‌තර කළේය.

අවශ්‍ය ද්‍රව්‍ය

ඉඟුරු කලං 4 (ග්‍රෑම් 20)

කොත්තමල්ලි කලං 8 (ග්‍රෑම් 40)

සාදා ගන්නා ක්‍රමය

වතුර අඬු කෝප්ප අට එකට හිදුවා පෙරා එම කෝප්පය දෙකට බෙදා උදේ, සවස සීනි ටිකක්‌ සමඟ පානය කිරීමෙන් ඩෙංගු රෝගය සෑදීගෙන එන විට සුවයක්‌ ලබාගත හැක. උණ තිබෙන විට ආහාර නොගත යුතු බව දේශීය වෛද්‍ය පොතපතහි ඇති නිසාවෙන් ඒ අනුව කටයුතු කිරීම හොඳ වුවත් තමන්ගේ රුචිකත්වය අනුව ආහාර ගත හැකිය.
 

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
26 Jun 2017 06:26 PM
වැදගත් ලිපියක්
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Jun 2017 06:46 PM
මෙ ගස්ලබු යුශ කතාව හරියට හරි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Jun 2017 03:39 PM
"නින්ද අඩුකම මොළයට බලපාන අයුරු පිළිබඳ
ලොව දැවැන්තම අධ්‍යයනය ඇරැඹේ"


කැනඩාවේ විද්‍යාඥයන් පිරිසක්‌ විසින් නින්ද අඩුකම මොළයට බලපාන අයුරු පිළිබඳ ලොව විශාලතම අධ්‍යයනය මේ වන විට ආරම්භ කර තිබේ.

කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රදේශයෙහි බටහිර විශ්වවිද්‍යාලයට අයත් විද්‍යාඥයින් පිරිසක්‌ විසින් අරඹා ඇති මෙම අධ්‍යයනය සඳහා සිදු කරනු ලබන පර්යේෂණයන් අන්තර්ජාලය ඔස්‌සේ සිදු කෙරේ.

මෙම අධ්‍යයනයේදී ස්‌වෙච්ඡා සේවකයින් "අප නිදා ගන්නේ ඇයි" ඔබට ප්‍රමාණවත් නින්දක්‌ ලැබෙන්නේද? වැනි ප්‍රශ්න ඉදිරිපත් කර ඇති අතර එයට සහභාගි වන්නන් ඒ සඳහා පිළිතුරු සැපයීම අන්තර්ජාලය ඔස්‌සේ සිදු කෙරේ.

මෙම අධ්‍යයනය මෙහෙයවනු ලබන්නේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් හි හා කැනඩාවේ ඕන්ටේරියෝ ප්‍රදේශයේ පවතින මොළය හා මනස පිළිබඳ ආයතනයේ ස්‌නායු විද්‍යාඥයකු වන මහාචාර්ය ඒඩි්‍රයන් ඔවන්ය.

එක්‌ එක්‌ පුද්ගලයාට අවශ්‍ය නින්දෙහි ප්‍රමාණය වෙනස්‌ වන අතර මෙම අධ්‍යයනයට විශාල පිරිසක්‌ සහභාගි වුවහොත් විද්‍යාඥයින්ට මොළයෙහි මනා ක්‍රියාකාරිත්වයට කොපමණ සාමාන්‍ය පැය ගණනක්‌ නින්දට යැම අවශ්‍යද යන්න පිළිබඳව නිශ්චිත නිගමනයකට එළඹිය හැකි වනු ඇත.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Jun 2017 03:41 PM

කොලෙස්‌ටරොල් අඩු කරන
එන්නතක්‌ නිපද ව


හෘද රෝගවලට ගොදුරු වීම වැළැක්‌වීම සඳහා රුධිරගත කොලෙස්‌ටරොල් මට්‌ටම අඩු කරලිය හැකි එන්නතක්‌ සාර්ථක අන්දමින් නිපදවීමට ඔස්‌ටි්‍රයාවේ වියානා වෛද්‍ය සරසවියෙහි පර්යේෂකයින් පිරිසකට හැකි වී තිබේ.

මෙම එන්නත මීයන් යොදාගෙන සිදුකළ පර්යේෂණවලදී සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇති අතර මේ වන විට එන්නත මිනිසුන් සම්බන්ධයෙන් අත්හදා බැලීම ආරම්භ කර ඇතැයි ''යුරෝපියන් හාට්‌ ජ(ර්)නල්'' සඟරාව පවසයි.

කොලෙස්‌ටරොල් මට්‌ටම අඩු කරලන මෙම එන්නත මේද ස්‌ථරයන්a හෘදය වස්‌තුවෙහි ධමනිවල තැන්පත් වීම නතර කිරීම සඳහා නිපදවා ඇතැයි පර්යේෂකයෝ සඳහන් කර සිටිති.

මෙම එන්නත ස්‌වෙච්ඡා සේවකයින් 72 දෙනෙකු යොදාගෙන මිනිස්‌ ශරීරයට එය සාර්ථක අන්දමින් යොදා ගත හැකි ආකාරය පිළිබඳව මෙම දිනවල අත්හදා බැලීම් සිදුකෙරේ.

මෙම පර්යේෂණය මෙහෙයවන ව්‍යවහාරික විද්‍යාවන්ගේ පර්යේෂණ පිළිබඳ නෙදර්ලන්ත සංවිධානයේ වෛද්‍ය ගුන්තර් ස්‌ටාµaලර්ට අනුව මනුෂ්‍යයින් සඳහා මෙම කොලෙස්‌ටරොල් මට්‌ටම අඩු කරලන එන්නත ආරක්‌ෂිත හා ඵලදායි අන්දමින් ප්‍රතිකාරයක්‌ වශයෙන් යොදාගත හැකි ද යන්න නිශ්චිතව දැන ගැනීම සඳහා තවත් වසර ගණනාවක්‌ මෙම එන්නත පර්යේෂණයට භාජනය කළ යුතුව ඇත.

මෙම එන්නත තවත් වසර හයකින් ප්‍රතිකාරයක්‌ වශයෙන් එළිදැක්‌වුවද එයින් ජනතාව කොලෙස්‌ටරොල් සඳහා බලපානු ලබන අධික මේදය සහිත ආහාර වැඩියෙන් ආහාරයට ගැනීම හා ව්‍යායාම කිරීමෙන් වැළැකීම අදහස්‌ නොවන බව ඔහු සඳහන් කර තිබේ.

මෙම කොලෙස්‌ටරොල් මට්‌ටම අඩු කරන එන්නත නිර්මාණය කර ඇත්තේ රුධිරය තුළ නරක ලිපෝප්‍රොaටීන්, කොලෙස්‌ටරොල් (බෑඩ් කොලෙස්‌ටරොල්) හෙවත් එල් ඩී එල් හට ගැනීමට අවස්‌ථාව සලසන ''පී සී එස්‌ කේ 9'' නමැති ප්‍රොaටීනයට පහර දීම සඳහා ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතියට ආධාර කිරීම සඳහා බව පර්යේෂකයෝ පවසති.

මීයන් සම්බන්ධයෙන් මෙම එන්නත අත්හදා බැලූ අවස්‌ථාවේදී ඔවුනගේ රුධිරගත නරක කොලෙස්‌ටරොල් ප්‍රමාණය මාස 12 ක කාලයක්‌ තුළදී සියයට 50 ක්‌ දක්‌වා ප්‍රමාණයකින් කපා හැරීමටත්, ධමනි තුළ මේද ස්‌ථරයන් තැන්පත් වීමෙන් ආරක්‌ෂා කිරීමටත් එන්නත සමත් බව හෙළි වී තිබේ.

නරක කොලෙස්‌ටරොල් හෙවත් එල් ඩී ඒ හෘද රෝග වැළඳීමේ අවදානම ඉහළ නංවන බව වෛද්‍ය මතය වී තිබේ. හොඳ කොලෙස්‌ටරොල් හෙවත් එච්. ඩී. එල්. යහපත් අයුරින් ක්‍රියා කරන අතර රුධිරයෙහි පවතින වෙනත් වර්ගවල කොලෙස්‌ටරොල් අක්‌මාව දක්‌වා ප්‍රවාහනය කිරීමට එය උපකාරී වේ. අක්‌මාවේදී එම කොලෙස්‌ටරොල් බිඳීමට ලක්‌ වේ.

රුධිරගත කොලෙස්‌ටරොල් මට්‌ටම ඉහළ යැමට හේතුවන සාධකයන් අතර වැරැදි ආහාර පුරුදු අධික මත්පැන් පානය, දුම්පානය හා ක්‍රියාශීලීs නොවීම වේ.

දැනට අධික කොලෙස්‌ටරොල් රෝග තත්ත්වයක්‌ පවතින්නන්ට කොලෙස්‌ටරොල් මට්‌ටම අඩු කරලන ''ස්‌ටැටින්ස්‌'' වර්ගයට අයත් බෙහෙත් වර්ග නිර්දේශ කෙරෙන අතර ඒ හරහා හෘද රෝග වැළඳීමේ අවදානම අඩු කරලීම සිදු වේ. මෙම බෙහෙත් ඵලදායී හා මිලෙන් අඩු වුවද ඒවා සැම දෙනාටම ප්‍රතිඵලදායක නොවන බව අනාවරණය වී තිබේ.

දැනට ස්‌වෙච්ඡා සේවකයන් 72 දෙනකු යොදා ගෙන මෙම එන්නත සම්බන්ධයෙන් සිදු කරනු ලබන අත්හදා බැලීම මෙම වසර අවසානයේදී නිම වීමට නියමිතය. මෙම අත්හදා බැලීම අවසානයේ තවදුරටත් එය මිනිසුන් සම්බන්ධයෙන් අත්හදා බැලීමට අදාළ ආරක්‌ෂාව පිළිබඳ හා අතුරු ආබාධයන් පිළිබඳ ප්‍රශ්න මතුවේ දැයි විමසා බැලීම සිදු වේ.

මෙම නව එන්නත පිළිබඳව අදහස්‌ දක්‌වන බ්‍රිතාන්‍ය හෘද රෝග පදනමෙහි මහාචාර්ය ශ්‍රීමත් නිලේෂ් සාමානි පවසනුයේ ජනතාවගේ කොලෙස්‌ටරොල් මට්‌ටම පාලනය කිරීම සඳහා නව මාර්ග සෙයා ගැනීම අත්‍යවශ්‍යයෙන්ම වැදගත් බවයි. තවමත් මීයන් සම්බන්ධයෙන් පමණක්‌ සාර්ථකව අත්හදා බැලුවද මෙම එන්නත ඉදිරියේදී මිනිසුන්ගේ අධික කොලෙස්‌ටරොල් මට්‌ටම අඩු කර හෘද රෝග වැළඳීමේ අවදානම අඩු කරලීමට හේතු වනු ඇතැයි ඔහු සඳහන් කර සිටී.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Jun 2017 03:43 PM

මැක්‌කන්ගේ කෙල වලින්
දරුණු හෘද රෝග සුව අතට


මැක්‌කන්ගේ ඛේටයෙහි (කෙල) පවතින ප්‍රොaටීන් යොදාගෙන තරුණ තරුණියන්ගේ හදිසි මරණයන්ට පවා හේතු විය හැකි දරුණු හෘද රෝග තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සඳහා නව බෙහෙතක්‌ නිපදවිය හැකි බව බ්‍රිතාන්‍යයේ ඔක්‌ස්‌ෆ්ර්ඩ් සරසවියෙහි විද්‍යාඥයන් පිරිසක්‌ සිය පර්යේෂණවලදී අනාවරණය කරගෙන තිබේ.

මෙම පර්යේෂණයන්ට අනුව හෘදය වස්‌තුවෙහි අකර්මණ්‍යතාවයකට මඟ පාදන මයෝකාඩිටිස්‌ නමැති හෘද රෝග තත්ත්වය වැළැක්‌වීම සඳහා මෙම මැක්‌කන්ගේ ඛේටයෙහි අඩංගු ප්‍රොaටීන්වලට විශිෂ්ඨ ඝනයේ හැකියාවක්‌ ඇති බව තහවුරු වූ බව විද්‍යාඥයෝ ප්‍රකාශ කර සිටිති.

පර්යේෂණයන් පැවැත්වූ ඔක්‌ස්‌µaර්ඩ් සරසවියෙහි විද්‍යාඥයන්ට අනුව මැක්‌කන් යනු නවතම ඖෂධ නිපදවිය හැකි රන් ආකාරයකි. මෙම මැක්‌කන්ගේ ඛේටයෙහි අඩංගු ප්‍රොaටීන්, ආඝාතය (ස්‌ට්‍රොaක්&zwnj හා ආත්රයිටිස්‌ යන රෝගවලට ඵලදායි අයුරින් ප්‍රතිකාර කිරීමට යොදා ගත හැකි බව පර්යේෂණ වලින් අනාවරණය වී තිබේ.

මැක්‌කන්ට කිසිවෙකු නොදැනීම විදීමට හැකියාවක්‌ පැවතීම නිසා මිනිසාට හෝ සතුන්ට දිනකට අට වරක්‌ හෝ දස වරක්‌ කිසිදු වේදනාවක්‌ නොදැනෙන අයුරින් විඳීමට හැකි බව අනාවරණය වී තිබේ.

හෘදය වස්‌තුව අකර්මණ්‍ය කිරීමට හේතු වන "චෙමොකින්ස්‌" නමැති රසායනිකයන් නිකුත් වීම වැළැක්‌වීමට මැක්‌කන්ගේ ඛේටයෙහි අඩංගු ප්‍රොaටීන්වලට හැකි බව අනාවරණය වී තිබේ.

"මයෝකාඩිටිස්‌" වැනි හෘදය වස්‌තුව අකර්මණ්‍ය වීමට හේතු වන හෘද රෝග තත්ත්වයකදී ඇතැමුන්ට හදවත් බද්ධ කිරීමේ සැත්කමක්‌ පවා කිරීමට අවශ්‍ය වන නිසා මෙම සොයා ගැනීම වැදගත් එකක්‌ බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. 'මයෝකාඩිටිස්‌' නමැති හෘද රෝග තත්ත්වය දරුණු තත්ත්වයක්‌ වන අතර එම තත්ත්වය සුවපත් කිරීම සඳහා දැනට පවතිනුයේ ප්‍රතිකාර ක්‍රම කිහිපයක්‌ පමණකි. මෙම දරුණු හෘද රෝග තත්ත්වය වළක්‌වා මිනිසුන් විශාල පිරිසකගේ ජීවිත බේරා ගැනීම සඳහා ජීවිතාරක්‍ෂක ප්‍රතිකාරයක්‌ මැක්‌කන් ආශ්‍රයෙන් නිපදවීමට හැකියාව ඇති බව සොයා ගැනීම වැදගත් බව ඔක්‌ස්‌µර්ඩ් සරසවියෙහි මහාචාර්ය ෂවුමෝ භට්‌ටාවාර්ය පවසයි.

මෙම මැක්‌කන් ආශ්‍රිතව නිපදවන ඖෂධය මගින් හෘදයාබාදයන්, ආඝාතය (ස්‌ට්‍රොaක්&zwnj, ආතරයිටිස්‌, පැන්ක්‍රියටයිටිස්‌ වැනි රෝගවලට ප්‍රතිකාර කළ හැකි බව ඔහු සඳහන් කළේය.

මැක්‌කන්ගේ ඛේටයෙහි ප්‍රොaටීන් වර්ග 3000 ක්‌ පමණ අන්තර්ගත වන බව අනාවරණය වී ඇති අතර එය මැක්‌කාගේ වර්ගය මත ර¹ පවතී.

බටහිර විද්‍යාඥයින් දැන් කෘත්‍රිම ජාන යොදා ගෙන නිපද වූ යීස්‌ට්‌වල මැක්‌කන්ගේ ඛේටයෙහි අඩංගු ප්‍රොaටීන් වගා කිරීමට හැකි වී තිබේ.

මෙම පර්යේෂණයන් තවමත් පර්යේෂණාගාර තුළ සිදු කර ඇති නිසා මෙම නවතම ඖෂධයන් මනුෂ්‍යයන්ට භාවිත කිරීම සිදු කිරීමට තවත් වසර ගණනාවක්‌ ගත විය හැකි වුවද මැක්‌කන්ගේ ඛේටය අතිශයින් සාර්ථක ඖෂධයක්‌ නිපදවීමට හැකි ද්‍රව්‍යයක්‌ බව ඔහු කියයි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
28 Jun 2017 03:49 PM

අධ්‍යාත්මික ප්‍රතිකාරවලින්
පිළිකා රෝගීන් සුවපත් කෙරේ


අධ්‍යාත්මික ප්‍රතිකාර ඔස්‌සේ හීලින්පති වෛද්‍ය ක්‍රමයෙන් පිළිකා රෝගීන් සුවපත් කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ආරම්භ කර ඇත.

මෙම ප්‍රතිකාර මධ්‍යස්‌ථානය මාලමේ පොතුඅරාව පාරේ අංක 1034/13/D යන ලිපිනයේ "සෙත් අරණ හිලීන්පති වෛද්‍ය මධ්‍යස්‌ථානය ලෙස ස්‌ථාපිත කර ඇති අතර ඒ සඳහා මගපෙන්වනු ලබනුයේ ජර්මන් ජාතික හීලින්පති වෛද්‍ය තිලෝ ප්‍රෙන්ස්‌ ((Thilo Frens) මහතා ඇතුළු වෛද්‍ය කණ්‌ඩායමකි.

මෙම වෛද්‍ය ක්‍රමයේදී පිළිකා සුව කිරීමට විකිරණ ඇල්ලීමක්‌ සිදු නොකෙරේ. බටහිර ඖෂධ භාවිතා කිරීමක්‌ද නොමැත. ස්‌වභාවික පදනමට අනුකූලව අපටම ආවේණික වූ ඉපැරැණි ඖෂධ භාවිතා කෙරේ. මෙම ස්‌වභාවික ඖෂධ සහ අධ්‍යාත්මික ප්‍රතිකාර ඔස්‌සේ පිළිකා රෝගීන්ට කළ ප්‍රතිකාර සාර්ථක වී ඇතැයි සෙත් අරණ හීලින්පති වෛද්‍ය මධ්‍යස්‌ථානය පවසයි.

පිළිකා රෝගයට ලොව විශ්මිත ප්‍රතිකාර ක්‍රමයක්‌ ලෙස සැලකෙන සයිකෝ සුමැටික්‌, සයිකෝ සුබනටික්‌ යන ක්‍රමවේදයන් ඔස්‌සේ මෙම අධ්‍යාත්මික ප්‍රතිකාර ක්‍රමයේ ගුණාත්මකභාවය ඉහල නංවා ඇතැයි සෙත් අරණ හීලින්පති වෛද්‍ය මධ්‍යස්‌ථානය පවසයි.

මෙම වෛද්‍ය මධ්‍යස්‌ථානයේ 100% ක්‌ ශාකමය ආහාර හා පලතුරු යුෂ භාවිතයට ගැනෙන අතර රෝගීන් සඳහා වන ආහාර පවා සකස්‌ කෙරෙනුයේ විශේෂ ආකාරයකට අනුවය. එහිදී දුර්ලභ ශාක හා පලතුරු භාවිතා කරමින් පිළිකා රෝගීන්ගේ සිරුරේ ප්‍රතිශක්‌තිය ඉහළ නැංවීම වෙනුවෙන්ම ආහාර සකස්‌ කිරීම සිදුවේ. කායික ශක්‌තිය ගොඩනැඟීමට අමතරව රෝගීන්ගේ මානසික ශක්‌තිය ඉහළ නැංවීම සඳහා ද මෙම වෛද්‍ය මධ්‍යස්‌ථානය සුවිශේෂී ක්‍රම රැසක්‌ ක්‍රියාත්මක කරයි

නිහඬ හා නිසංසල පරිසරයක පිහිටා ඇති මෙම වෛද්‍ය මධ්‍යස්‌ථානයේ අභ්‍යන්තරය සැලසුම් කර ඇත්තේ රෝගියකුට තමා රෝගියකු සේ නොහැඟෙන ආකාරයට වීම විශේෂත්වයකි. එහි ඇති නුග වෘක්‍ෂය සහිත වැලි මළුව රෝගීන්ගේ මනස සැහැල්ලු කිරීමේ සහ අධ්‍යාත්මික ශක්‌තිය වර්ධනය කර ගැනීමට සමත්ය. රෝගීන් වෙනුවෙන් දිවා රාත්‍රී සේවයේ නියුතු ප්‍රසන්න කාර්ය මණ්‌ඩලයක්‌ මෙහි සේවය කරන බව එම මධ්‍යස්‌ථානය පවසයි.

මේ පිළිබඳ වැඩිදුර විස්‌තර 0113627300 හෝ 0702214146/0714692881 යන දුරකථන අංකවලින් ලබා ගැනීමට පිළිවන.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
28 Jun 2017 06:45 PM
කවුද අද අද්යාත්මික ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Jun 2017 08:12 AM
එක දිගටම මල්ලි ලිපි පෙලක්ම දාලා තියෙන්නේ.
පුලු පුලුවන් වෙලාවට ඇවිත් බලන්නම් ලිපි ටික. ගොඩක් ස්තූතියි මල්ලි.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jul 2017 05:56 AM

හදිසි ලෙඩ දුකට අත් බෙහෙත්

ගෝණුසු විෂට 
කොහු ලණුවක් පුච්චා ගත් අළු පොල් තෙලින් අනා ගාන්න.
කටුපිට යුෂ සීනි සමඟ බොන්න.
සුලුකුර යුෂ බොන්න.

පත්තෑ විෂට 
පැපොල් මුලක් අඹරා ගාන්න.
කොහු ලණු පුළුස්සා පොල්තෙලින් අනා ගාන්න.
සස්සඳ මුල් ඇල් දියෙන් අඹරා ගාන්න.
ඉත්තෑ කූරක් පුච්චා ගත් අළු පොල්තෙලින් ගාන්න.

දළඹු විෂට
ගැටතුඩ, අමු කහ කොටා යුෂ ගාන්න. පරණ පොල්තෙල් ගාන්න.

මඤ්ඤොක්කා විෂට
අමු ගස්ලබු තම්බා කන්න. පේර කොළ ඉස්ම හෝ බුළු ගෙඩියේ පොතු තැම්බු වතුර බොන්න.

මත්පැන් විෂට
දෙහි ඇඹුල් මේස හැඳි 04ක් හෝ ඉඟුරු පියලි තැම්බු වතුර මේස හැඳි හතරක් බොන්න දෙන්න. නර මුත්‍ර පොවන්න.

නියගලා විෂට
අළු කෙසෙල් අල ඉස්ම හෝ කොහිල අල ඉස්ම බීමට දෙන්න.

කංසා විෂට
කලටි පොල් කිරි, පැණි දොඩම් ඉස්ම බොන්න. ඇඹුල් කෙසෙල් හෝ ඇඹුල් කෙසෙල් හෝ වට්ටක්කා තම්බා කන්න.

කලාදුරු විෂට
රතුලූණු ගෙඩියක් දෙකට කපා අතුල්ලන්න. කඩුපහර කොළ හාල්පානු වතුරින් අඹරා ගාන්න.

සියලු සර්ප විෂට
වහතැල්ල කොළ අඹරා ගාන්න.

ගරුඬ විෂට
හීං උදුපියලිය, අමු කහ ලුණු දෙහි ඇඹුලින් අඹරා ගාන්න.

කුණකටු විෂට
දෙහි කොළ පොතු කහ ලුණු ලා කොටා මලවා බදින්න.

කැරපොතු විෂට
කනහුනු ජලයට දැමු විට නඟින හුමාලය අල්ලන්න. මීමුරු උණු දියෙන් අඹරා ආලේප කරන්න.

ගැරඬි විෂට
කරවිල කොළ යුෂ පොවන්න.බරපතළ තත්ත්වයකදී වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

ගෙදරට වෙදකම අත්බෙහෙත් කෘතිය ඇසුරෙනි.

ජයන්ති කුරේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jul 2017 05:58 AM

හෘදයාබාධයකට හේතු

අද වන විට හෘදයාබාධ, හෘදය වස්තුවේ බිඳ වැටීම්, හෘදය වස්තුව අක්‍රිය වීම් සමාජගත වන්නේ තව දුරටත් නුහුරු නුපුරුදු මාතෘකා ලෙස නොවේ. එනම් ලොකු, කුඩා සැමටම කිසිඳු වයස් භේදයකින් තොරව ක්ෂණිකව මෙවන් තත්ත්වයකට ගොදුරු විය හැකි නිසාවෙනි. ජාන මගින් සේම වැරැදි ජීවන රටා, වැරැදි පෝෂණය හේතුවෙන් හෘදය වස්තුවේ බිඳ වැටීම් සිදු විය හැකිය.

හෘදය වස්තුව බිඳ වැටීම සඳහා බලපාන කරුණු-

01) ඔබ නිරන්තරයෙන් දුම්පානය කිරීම

02) ඔබේ ශරීරයේ ඇති අධික මේදය

03) අධි රුධිර පීඩනය

04) ශරීරයට නිසි ව්‍යායාමයක් නොමැති වීම

05) අධික තරබාරුව

06) දියවැඩියාව

07) වයස

08) ඔබගේ ලිංගිකත්වය ( gender)

09) ජානවලට ඇති ආර

10) වර්ගය (including race)

මෙම තත්ත්ව ආදියෙන් වැළකීමෙන් ඔබට බොහෝ දුරට මනා හෘදය වස්තුවක් පවත්වා ගැනීමට හැකිය.

- ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

-සටහන- මාධවී ධර්මරත්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jul 2017 06:04 AM

හතළිහ පැන්නාද? හරියන කණ්ණාඩිය තෝරාගමු

හතළිහ පැන්නායින් පසු එන ඇස් දුර්වලතාව හඳුන්වන්නේ හතළිස් ඇඳිරිය කියලයි. හුඟක් අයට මේ තත්ත්වය ඉක්මනින් හටගන්නේ නෑ. නමුත් ඇස් ආබාධ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන නිසා හතළිහට වැඩි නම් ඇස් පරීක්ෂාවකට යෑම සුදුසුයි.

හතළිස් ඇඳිරියේදී සිදුවන්නේ ළඟ සියුම් පෙනුම දුර්වල වීමකි. මෙම අවස්ථාව විවිධ පුද්ගලයන්ට විවිධාකාරයෙන් බලපායි.මෙම සංසිද්ධිය සරල සාමාන්‍ය දෙයකි. අපේ ඇස තුළ අපිට පෙනුම ලබාදීමට අක්ෂි කාචයක් ඇති බව අපි දනිමු. මෙම අක්ෂි කාචයේ විශේෂත්වය වන්නේ අප බලන, බලන දුරට වක්‍රතාවය වෙනස් කරගනිමින් ප්‍රතිබිම්බය දෘෂ්ටිවිතානය මත (ස්නායු සෛල ස්ථරය) නාභිගත කර ගත හැකිවීමයි.

නමුත් අවුරුදු හතළිහ පමණ වන විට (අප වයසට යෑමත් සමඟ) කාචයේ මෙම නම්‍යශීලීභාවය ක්‍රමයෙන් අඩුවෙයි. එසේ අඩුවන විට ළඟ ඇති දෙයක් දෙස බැලූ විට කාචයට වක්‍රතාවය වෙනස් කරමින් ප්‍රතිබිම්බය දෘෂ්ටිවිතානය මත නාභිගත කරගැනීමට නොහැකි වෙයි. එවිට ප්‍රතිබිම්බය දෘෂ්ටිවිතානය පසුකරමින් පසුපසට යයි. ඒ නිසා අපට ළඟ පෙනුම අඩුවෙයි.

මෙහිදී අප සිදුකළ යුත්තේ පිටතින් බලයක් යොදමින් පිටුපසට ගිය ප්‍රතිබිම්බය දෘෂ්ටි විතානය මතට ලබාගැනීමයි. ඒ සඳහා අප කිරණ එකතු කරන උත්තල කාච පැළඳිය යුතුවෙයි.මෙලෙස උත්තල කාච යුගලයක් පැළඳීමෙන් ඉතා පහසුවෙන් මේ තත්ත්වයෙන් මිදීමට පුළුවන.

පුද්ගලයාගේ අවශ්‍යතාවය මත නිවැරදි කාච පිළිබඳ වට්ටෝරුවක් (Prescription) ලබාගන්නේ කෙසේද කියා බලමු.

මෙහිදී සඳහන් කළ යුතුව ඇත්තේ බොහෝ දෙනා තවමත් හිතුමතේට තමන්ට කැමති පරිදි සාප්පුවකින් මිලදී ගෙන හෝ පදික වේදිකාවෙන් මිලදී ගෙන, නැතිනම් යහළුවෙක්ගෙන් ඉල්ලා ගනිමින් තමන්ගේ අවශ්‍යතාවය පිරිමසා ගැනීම පිළිබඳවයි. මෙය ඉතාම වැරදි ක්‍රියාවකි.

පළමුව කළ යුත්තේ පෙනුම පිළිබඳ ගැටලුවක් ඇති ඔබ අක්ෂි විශේෂඥ වෛද්‍යවරයකු හෝ පුහුණුව ලත් දෘෂ්ටි විශේෂඥවරයකු වෙත යොමුවීමයි. එහිදී ඔබව නිවැරදි දෘෂ්ටි පරීක්ෂණයකට භාජනය කරනු ලබයි.එවිට ඔබට අවශ්‍ය කාච වට්ටෝරුව (Prescription) ලැබෙනවාට අමතරව අනාගතයේදී තමාගේ පෙනුමට තර්ජනයක් විය හැකි බොහෝ රෝගාබාධ හඳුනාගැනීමටද, නොදැන සිටි ශාරීරික රෝගාබාධ හඳුනාගැනීමටද අවස්ථාව සැලසෙනු ඇත. උදාහරණ දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්.

දෙනෙත පරීක්ෂා කිරීමෙන් පසු අපි අපගේ අවශ්‍යතාවයට සරිලන පරිදි එම වට්ටෝරුව ලබාගත යුතුය.

ගෘහණියක් නම් පුවත්පතක් බැලීමට, පුංචි මැහුම් වැඩක් කරගැනීමට වැනි කාරණා සඳහා අවශ්‍යතාවය මුල් වේ නම්, සම්පූර්ණ උපැස් යුවළ කියවීම සඳහා සාදාගත්තාට වරදක් නැත. (Reading glasses) නමුත් මතක තබාගත යුතු වන්නේ Reading glasses දමාගෙන දුර බැලීම නොකළ යුතු බවයි. Reading glasses මගින් දුර බැලූ විට ක්‍රම ක්‍රමයෙන් දුර බැලීමට Reading glasses අවශ්‍ය වන තත්ත්වයට පත්වෙයි.

එසේ වූ විට හොඳින් පෙනුණු දුර පෙනුමද තේරුමක් නැතිව අඩු වී යයි. Reading glasses හරහා දුර බැලීම වැළැක්වීමට ක්‍රමවේදයක් තිබේ. එනම් Bifocal කණ්ණාඩිය පාවිච්චියට ගැනීමයි.

Bifocal කණ්ණාඩියක කියවීමට ඇති බලය ඇත්තේ ඇස් කණ්ණාඩියේ පහළ කොටසෙහිය. ඉහළ කොටසේ ඒ සඳහා බලයක් නැත. එමනිසා ඒ හරහා දුර බලන විට සිදුවන්නේ තමන්ගේ සාමාන්‍ය ඇසින් දුර බලනවා වැනි ක්‍රියාවලියකි.
Bifocal වලද වර්ග කිහිපයක් ඇත. එම වර්ග පිළිබඳව දෘෂ්ටි විශේෂඥවරයාගෙන් නොපැකිලිව විස්තර අසා දැනගෙන තමන්ට වඩාත්ම සුදුසු වර්ගය තෝරාගත යුතුය.

Bifocal කාචයක් හරහා පරිගණකයක් බැලීමට අවශ්‍ය වූ විට බෙල්ල උස් කරමින් ඇස් කණ්ණාඩියේ යට කොටස Segment එක තුළින් පරිගණකය බැලිය යුතුය. මෙය දිගින් දිගටම පරිගණක භාවිත කරන අයට ඉතාමත්ම පීඩාකාරී තත්ත්වයකි. එලෙස කාලයක් බැලූ විට එය බෙල්ලේ ඇති මාංශපේශීන්ට බලපා ප්‍රතිකාර කළ යුතු තත්ත්වයකට පත්විය හැක.

එමනිසා පරිගණක භාවිත කරන අයට Bifocal කණ්ණාඩියක් නුසුදුසුය. එවැනි අයටත් වයස්ගතභාවය පෙන්වීමට අකමැති අයටත් Segment වැඩි Virifocal කණ්ණාඩිය වෙත යොමුවිය හැක.Virifocal කණ්ණාඩියක දුර පෙනුම, මැද දුර පෙනුම, ළඟ පෙනුම යන දුරවල් තුනකටම බැලීමට හැකියාව ඇත.

තවත් වැදගත් කරුණු කිහිපයක් වන්නේ ඔබ පරිගණකය දිගටම භාවිත කරන්නේ නම්, ආලෝක සංවේදී නම්, රාත්‍රියේ වාහන පැදවීම අපහසු නම්, එම තත්ත්වයන් අවම කරගත හැකි විශේෂිත Malticoated කාච ඇස් කණ්ණාඩි ලබාගැනීමයි.එසේම හතළිස් ඇඳිරිය සඳහා ඇස් කණ්ණාඩිය නිතරම භාවිත කළ යුතු නොවෙයි. තමන්ට අවශ්‍ය වේලාවට පාවිච්චි කිරීමට පමණක් පුරුදුවීම වරදක් නොවෙයි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jul 2017 06:08 AM

කොන්ද කන්ද කරන ලෙඩ

සමාජයේ බොහොමයක් දෙනා පෙළෙන රෝග අවස්ථාවන් අතර කොන්දේ කැක්කුම එහෙමත්නැත්නම් කශේරුව ආශ්‍රිතව හටගන්නා රෝගී තත්ත්වයන්ටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බාල, තරුණ, වැඩිහිටි භේදයකින් තොරව සියලුදෙනා තුළම කොන්ද ආශ්‍රිත රෝග දක්නට ලැබෙන අතර බොහෝවිට මෙවැනි රෝගවලට අප ගොදුරු වන්නේ අපේම නොදැනුවත් බව නිසාය. අපේ සිරුරේ ක්‍රියාකාරීත්වය නිවැරදිව පවත්වා ගැනීම හරහා මෙවැනි රෝග හටගැනීමෙන් වැළකී සිටිය හැකි අතර අපේ වෙදකමින් අද කතා කරන්නේද කශේරුව ආශ්‍රිතව ඇතිවන රෝගාබාධයන් සම්බන්ධයෙනුයි. මේ පිළිබඳව අපව දැනුම්වත් කරන්නේ හොරිවිල වෙද මැදුරේ කැඩුම් බිඳුම් පිළිබඳ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය සඳුන් ලක්ෂිත සේනානායක මහතායි.

“අපේ කොඳු ඇටපෙළ ගත් විට එය පිහිටන ස්ථානය අනුව විද්‍යානුකූලව කොටස් පහකට බෙදා වෙන්කර දක්වන්න පුළුවන්. ඒ අනුව මුලින්ම අපට හමුවන්නේ ග්‍රෛවී කශේරුකා ප්‍රදේශයයි. ග්‍රෛවී කශේරුකා පිහිටා තිබෙන්නේ බෙල්ල ප්‍රදේශයේ. ග්‍රෛවී කශේරුකාවලින් පසුව පෘෂ්ඨීය හා කටී කශේරුකා හමුවන අතර මේ දෙවර්ගයම පිහිටලා තියෙන්නේ කොන්දේ මැද ප්‍රදේශයේයි. මින් අනතුරුව හමුවන්නේ ත්‍රිතය හා කෝකණයයි. මෙලෙස එකිනෙකට සම්බන්ධ වූ කශේරුකා 32ක් හඳුනාගත හැකි අතර මේ කශේරුකා 32ට ග්‍රෛවී කශේරුකා 7ත්, පෘෂ්ඨීය කශේරුකා 12ත්, කටී කශේරුකා 5ත්, ත්‍රිතයේ කශේරුකා 5ත් හා කෝකණයේ කශේරුකා 4ත් අයත් වෙනවා.

අවසාන කශේරුකා වන කෝකණයේ කශේරුකා පවතින්නේ එකට එකතුවුණ ස්වභාවයකින්. මෙම කශේරුකා සියල්ලෙහිම එකතුව හඳුන්වන්නේ කොඳු ඇට පෙළ එනම් කශේරුකා ස්ථම්භය ලෙසයි. කොඳු ඇට පෙළේ සෑම කශේරුකාවක් සමඟම සුසුම්නාව සම්බන්ධයි. අපි කොන්දේ ආබාධයන් කියලා හඳුන්වන්නේ බොහෝදුරට මෙම කොඳු ඇට පෙළේ කුමන හෝ ස්ථානයක ඇතිවන යම් රෝගී තත්ත්වයක්. යම් යම් විකෘතිතා වගේම සංකූලතාවයන් නිසාද කොන්දේ ආබාධයන් හටගත හැකියි.

කොන්දේ ආබාධ ඇතිවන ආකාර

ජානමය බලපෑම්, අනතුරු, වැරැදි චර්යා රටා සේම වැරදි ආහාර පුරුදු නිසාද කොන්දේ ආබාධ හටගත හැකියි. උපතින්ම ඇතිවන කොන්දේ ආබාධ හඳුන්වන්නේ කොඳු විකෘතිතා ලෙසයි. එනම් කශේරුකාවල ඇතිවන විකෘතිතා නිසා උපතින්ම කොන්දේ ආබාධ ඇතිවිය හැකියි. ඊට අමතරව එදිනෙදා රාජකාරි හෝ ගෙදර දොර කටයුතුවලදී අපගේ වැරදි ඉරියව් නිසාද කොන්ද ආශ්‍රිත ප්‍රදේශයට අපහසුතා ඇතිවිය හැකියි. වැරදි ආකාරයට බර එසවීම මීට නිදසුනකි. ඊට අමතරව අනතුරකදී එනම් මාර්ග අනතුරදී, ඉහළ ස්ථානයකින් පහළට ඇද වැටීම, පහරදීම් ආදිය නිසාද කොන්දේ ආබාධ ඇතිවිය හැකියි. මේ එකිනෙකෙහි ලක්ෂණද එකිනෙකට වෙනස් වන අතර ඒවාට සිදුකළ යුතු ප්‍රතිකාරද එකිනෙකට වෙනස් වේ. මෙහිදී අවබෝධ කරගත යුතු කරුණක් වන්නේ කොන්දේ කැක්කුම ඇතිවීමට බලපෑ හැකි සාධකය හඳුනා ගැනීමයි.

දරු උපතකදී මේ ගැනත් සිතන්න

සාමාන්‍යයෙන් දරුවකු සිසේරියන් සැත්කමක් හරහා මොලොව එළිය දකිද්දී (සාමාන්‍ය බිහිකිරීමකින් තොරව) උපදින දරුවාට කොන්ද ආශ්‍රිතව යම් යම් රෝග හටගැනීමේ ප්‍රවණතාවයක් ඇත. මෙලෙස වන්නේ සිසේරියන් සැත්කම සඳහා භාවිත කරන උපකරණවල බලපෑම නිසයි. දරුවා එළියට ගැනීමේදී එම උපකරණවල බලපෑම නිසා සුසුම්නාව තදවීමක්, කශේරුකා තදවීමක් සිදුවීමෙන් එම විකෘතිතාවන් ඇතිවේ. එලෙසම වෛද්‍යවරුන් බිඅළිඳා මවගේ සිරුරෙන් එළියට ගැනීමේදීද වෛද්‍යවරුන්ගේ දෑත්වලට තදවීමෙන්ද බිළිඳාගේ කශේරුවලට හානි සිදුවිය හැකිය. මීට අමතර මවගේ කුස තුළ සිටියදීම බිළිඳාගේ කශේරුකාවල විවිධ වූ විකෘතිතාවයන් ඇතිවිය හැකි අතර නිවැරදි ආකාරයෙන් කශේරුකා වර්ධනය නොවීම, කශේරුකා හැඩය නියමිත ආකාරයේ නොවීම, බිහිවීම ආසන්න දරුවෙකු හිස පහළට සිටින ආකාරයට හැරී නොමැති විටෙක ඒ දරුවා හැරවීම සඳහා භාවිත කරන ප්‍රතිකාරවලදී කශේරුකාවට අනවශ්‍ය පීඩනය යෙදීම, දරුවා ලැබෙන්නට සිටින කාලය තුළ මව බර ඉසිලීමට යාම නිසා සිදුවියහැකි අපහසුතා ආදී දේ නිසා බිහිවන දරුවාගේ සුසුම්නාව හා කොඳුඇට පෙළට හානි සිදුවිය හැකිය.

පාසල් දරුවන්ගේ පොත් බෑගයත් කොන්ද ලෙඩකරන හේතුවක්

අද දවසේ දරුවන් පාසල් යන්නේ තමන්ට දරන්නට බැරිතරම් වූ පොත් බෑගයක්ද කරේ දමාගෙනය. මෙවැනි බෑගයක් කරේ දමාගෙන යාම නිසා කොන්දට ඇතිවෙන පීඩනයද වැඩිවිය හැකිය. මෙහිදී නිරායාසයෙන්ම මේ දරුවා කොඳු ඇටපෙළ ආශ්‍රිත රෝගියකු බවට පත්විය හැකිය. එය කොඳු ඇට පෙළ ඇද වීම වැනි බැරූරුම් රෝග අවස්ථා දක්වා ගමන් කළ හැකියි.

සාමාන්‍යයෙන් පාසල් කාලය දරුවකුගේ වර්ධන අවධිය වන අතර කොඳුඇට පෙළෙහි කැල්සියම් තැන්පත් වී එය ශක්තිමත් වීමට වසර 18ක් පමණද ගතවේ. එහෙත් වයස 18 යනු අපේ දරුවකු පාසල් ගොස් නිමවන කාලයයි. ඔවුන් මෙලෙස බර රැගෙන යන්නේ කොඳු ඇට පෙළෙහි වර්ධනය සිදුවන කාලයේදීයි. එබැවින් අධික බර සහිත පොත් බෑග් පිටේ දමාගෙන යාම හරහා අපේ අනාගත පරපුර කොන්ද ආශ්‍රිත රෝග සහිත පරම්පරාවක් විය හැකිය.

ක්‍රීඩා කරන්නේ පරිස්සමින්

ක්‍රීඩා කිරීමේදී ඇතිවන අනතුරු නිසාද කොන්දේ ආබාධයන් හටගත හැකියි. ක්‍රීඩා කටයුතුවලදී ක්‍රීඩා උගන්වන ගුරුවරු ඇතැම් අවස්ථාවලදී වැඩි ප්‍රගතියක් ලබාගැනීම සඳහා දරුවන් වැඩි වැඩියෙන් එම කටයුතුවලට යෙදවීමේදී දරුවන්ගේ වයසට හා ශරීර ස්වභාවය එය නොගැලපෙන නිසාද දරුවන්ගේ කශේරුවලට ඇතැම් අවස්ථාවලදී බලපෑම් සිදුවිය හැකිය. මෙහිදී දරුවන් කොඳු ඇට බිඳීම පවා සිදුවිය හැකියි. එලෙස කොඳු ඇට බිඳීම නිසා සදාකාලික එක්තැන්වීම් පවා සිදුවිය හැකිය.

අංශක අනූවට ඉඳගන්න

අපේ දරුවන් මෙන්ම වැඩිහිටියන්ගේ ඉඳ ගැනීමේ ස්වභාවය නිසාද කොන්දේ විවිධ රෝග හටගත හැකිය. විශේෂයෙන්ම දරුවන් පාඩම් කටයුතුවලදී බොහෝවිටම වැරදි ඉරියව් භාවිත කරන අතර ඇඳක හාන්සි වී පාඩම් කිරීම, නුසුදුසු ඉරියව්වලින්, පැය ගණන් ඉඳගෙන සිටීම, නුසුදුසු අසුන් භාවිත කිරීම යන මේ සියල්ල කොන්ද ලෙඩ කරන කාරණාය. මෙවැනි අවස්ථාවලදී කොන්දට යෙදෙන බර ප්‍රමාණවලින් වෙනස්වීම නිසා ස්නායු තෙරපීම ආදිය නිසා කොන්දට හානි සිදුවේ. සාමාන්‍යයෙන් වෛද්‍ය නිර්දේශය වන්නේ අංශක අනූවට පිටුපසට ඇන්දක් තිබෙන පුටුවක වාඩිවීමයි. පුටුවේ පිටුපස පවතින එම ඇන්ද මගින් කොඳුඇට පෙළට හොඳ ධාරණයක් ලැබේ. එහිදී බර බෙදීයාමක් සිදුවන අතර කොන්ද මත යෙදෙන පීඩනය අඩුවේ. ඇළ පුටු, හාන්සි පුටු බංකු ආදිය වාඩිවීම නුසුදුසු වන අතර බංකුවක බෙල්ල නමාගෙන බොහෝ වෙලාවක් පාඩම් වැඩකරන දරැවා කොඳුඇට පෙළ හෝ බෙල්ල ආශ්‍රිත රෝගියකු වීමට විශාල ඉඩකඩක් ඇත.

බබා ලැබුණාට පස්සේ අම්මාට හැදෙන කොන්දේ අමාරුව

සිසේරියන් සැත්කමකට භාජනය වන මවටද පසුකාලීනව කොන්දේ අපහසුතාවන්ට ගොදුරැ විය හැකිය. මෙසේ වන්නේ මෙම සැත්කමක් හරහා දරුවකු බිහිවීමෙන් කොන්දට අධික පීඩනයක් ලබාදීම නිසාය. මෙලෙස පීඩනයන් ලබාදීමේදී කොඳුඇට පෙළෙහි යම් සංකූලතාවයන්ද ඇතිවිය හැකි අතර ඇතිවිය හැකි අතර එම බලපෑමෙන් කශේරුවල වෙනස්වීම්ද ඇතිවිය හැකිය. මේ නිසා පසුකාලීනව කොන්දේ ආබාධයන් ඇතිවිය හැකිය.

ජිම් යන්නේ බලාගෙනයි

වර්තමානයේදී බොහෝ තරුණ පිරිස් ක්‍රම සිරුර ක්‍රමවත්ව සකස්කර ගැනීම සඳහා කායවර්ධන මධ්‍යස්ථාන වෙත ඇදීයාම සුලබ දසුනකි. මෙම ස්ථානවලදී සිදුකරන ක්‍රියාකාරීත්වයන් ලෙස තමන්ට ඉසිලීමට අපහසු බර ඉසිලීම, දෑත්වලට විශාල බර රැගෙන පුහුණුවීම් කටයුතුවල නිරතවීම ආදිය හේතුවෙන් කොන්දේ ආබාධ ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇත. අද වනවිට කොන්දේ ආබාධ සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් අතර කායවර්ධන මධ්‍යස්ථානවලට ගොස් රෝගී වූ පිරිස අධිකය. එයට හේතුව නිවැරදි ආකාරයේ උපදෙස් පිළිනොපැදීමය. පුහුණුවීම් මධ්‍යස්ථානවල ශරීර යෝග්‍යතා කටයුතු පිළිබඳව නිසි උපදේශයන් ලබාදෙන්නට තරම් සුදුසු පුද්ගලයන් නොසිටීම මේ සඳහා බලපාන ප්‍රධාන හේතුවයි. තමන් ළඟට පැමිණෙන පුද්ගලයාගේ යෝග්‍යතාවය, ඔහුට කොතරම් බර ප්‍රමාණයක් ඉසිලිය හැකිද යන්න ගැන පුහුණුකරු තුළ විශේෂ අවබෝධයක් තිබිය යුතු අතර මෙම ස්ථානවලට පැමිණෙන බොහොමයක් දෙනා රෝගී වන්නේ අනවශ්‍ය ලෙස ව්‍යායාමවල නිරතවීම නිසාය. යෝග්‍යතාවය සාදාගන්නට ගොස් ඔවුන්ට අවසානයේදී සිදුවන්නේ රෝගීන් බවට පත්වන්නටය.

තරුණ පරපුර අතර බහුලයි

වර්තමානයේදී වයස අවුරුදු 12, 13 සිට අවුරුදු 30-35 වූ පිරස් අතර බහුල වශයෙන් කොන්දේ ආබාධ දැකගත හැකිය. මෙයට මූලික වශයෙන්ම හේතු වී ඇත්තේ වැරදි ඉරියව්, අනවශ්‍ය ලෙස බර ඉසිලීම් ආදියයි. කෙසේ වෙතත් දීර්ඝකාලීනව පවත්වාගෙන යන වැරදි ඉරියව්වලින් මිදී තම ක්‍රියාකාරීත්වයන් නිවැරදි ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා මෙවැනි රෝගවලින් පහසුවෙන්ම මිදීමේ හැකියාව ඇත.

වයසට යද්දී කොඳුඇට දිරායාම

වයසට යාමත් සමඟම කොඳුඇට ආශ්‍රිතව දක්නට ලැබෙන රෝගයක් වන්නේ කොඳු ඇට දිරායාමයි. මෙලෙස කොඳු ඇට දිරායන්නේ වයසට යෑමත් සමඟ කොඳු ඇට පෙළෙහි ශක්තිමත් භාවය අඩුවන නිසාය. මෙය ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය ලෙස හඳුනාගත හැකිය. මෙලෙස කොඳු ඇට පෙළ ශක්තිමත් බවෙන් අඩුවීම නිසා බර ඉසිලීමට අපහසු වීම, කොන්ද අවශ්‍ය ආකාරයට නවා ගත නොහැකි වීම ආදිය නිසා වැඩපළ කර ගැනීමේ අපහසුතාවය ඇතිවේ. ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය ඇතිවීමට තරුණ කාලයේ සිදුවූ සිදුවීම්ද බලපෑ හැකිය. ඊට අමතරව ඔස්ටියෝ ආතරයිටිස් එනම් අස්ථි ගෙවී යාමද වයසට යාමේදී කොඳුඇට පෙළ ආශ්‍රිතව හටගන්නා රෝගී අවස්ථාවකි. තරුණ කාලයේදී කොන්ද ආශ්‍රිතව සිදුවන අනතුරු මෙන්ම, වයසට යාමේදී මතුවන කැල්සියම් ඌණතාවයත් මෙවැනි රෝග සඳහා හේතුකාරක වේ. බැක්ටීරියා, දිලීර ක්‍රියාත්මක වීම නිසාද හන්දි දිරායාම සිදුවිය හැකි අතර මෙය කුඩා දරුවන්ගේ පවා මතුවන රෝගී අවස්ථාවකි.

නිවැරදිව බර උස්සන්න

වර්තමානයේ තරුණ පරපුර අතර කොඳුඇට පෙළ ආශ්‍රිතව රෝග ඇතිවීමට මූලිකව හේතුවකි බර ඉසිලීම. කෙනකුට ඉසිලිය හැකි බර ප්‍රමාණයක් ඇතිවා සේම එම බර ඔසවන නියමිත ක්‍රියා පටිපාටියක්ද ඇත. ඒ පටිපාටියට බර එසවුවහොත් හානිදායක තත්ත්වයකින් තොරව බර ඔසවා ගත හැකියි. සාමාන්‍යයෙන් නිවැරදි ආකාරයට බර එසවීමේදී දණහිස් දෙකෙන් පහළට නැමී එම බර එසවීම කළ යුතුය. කෙළින්ම එකවර හැපී කොන්ද නවා බරද රැගෙන නැගිටීමේදී අනිවාර්යයෙන්ම එය කොන්දට විශාල බලපෑම් ඇතිකරන හානියක් බවට පත්වේ.

කොන්දේ කැක්කුම වෙනත් රෝගයක ලක්ෂණයක්ද?

වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයන්හට ඇතැම් අවස්ථාවලදී කොන්දේ වේදනාවන් ඇතිවිය හැකි අතර මෙවැනි අවස්ථාවලදී වේදනාව හටගන්නේ කොන්දේ පහළ ප්‍රදේශයේයි. එමෙන්ම මාංශපේශීන් ආශ්‍රිතව ඇතිවන රෝගයන්වලදීද කොන්දේ වේදනාව හටගත හැකියි. කොන්ද ආශ්‍රිතව මාංශපේශි ඉරීයාම, ඇදීමකට ලක්වීම නිසාද කොන්දේ කැක්කුම ඇතිවේ.

ඉහළකින් වැටීම භයානකයි

ඉහළ ස්ථානයකින් පහළට වැටීම නිසා කොඳු ඇටපෙළ කැඩීයාම හෝ පිපිරීයාම සිදුවිය හැකිය. එසේම පහරක් වැදීම හෝ අනතුරක්ද කොන්දට මෙවැනි බලපෑමක් ඇතිකරන අතර විශේෂයෙන්ම කොඳුඇට පෙළ බිඳීගොස් ඇතැයි සැකකෙරෙන රෝගියකු අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමද පරිස්සමින් කළ යුත්තකි. ඒ සුසුම්නාවත් සමඟ කොඳුඇට පෙළ සම්බන්ධ නිසාය. මෙවැනි අවස්ථාවකදී රෝගියා හැකිතරම් සෙලවීම්වලින් වළක්වා ගතයුතු අතර මෙවැනි රෝගියකු ලෑල්ලක් මත තබා වෛද්‍ය ආයතනයකට ගෙනයාම සුදුසුය.

කොන්ද කැඩුණත් සුවකරන්න පුළුවන්ද?

කොන්ද ආශ්‍රිත ආබාධයකදී කොඳුඇට වලට පමණක් සිදුවන ආබාධ මෙන්ම කොඳුඇට හා සුසුම්නාවට සිදුවන හානි ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැකි අතර සුසුම්නාවට හානි නොවී කොඳුඇට වලට පමණක් හානිවීම සඳහා ප්‍රතිකාර කිරීම අනෙක් අවස්ථාවට වඩා පහසුය. මෙහිදී ලෙඩාට ඇති අවදානම් තත්ත්වයද අඩුය. යම් හෙයකින් රෝගියාගේ සුසුම්නාවටද හානි වූවිට රෝගය බොහෝ සෙයින්ම බරපතළ වේ.

ගැහැනු ළමයින්ට වදදෙන ස්කෝලියෝසිස්

උපතින්ම කොන්ද ආශ්‍රිතව ඇතිවන ස්කෝලියෝසිස් රෝගය බහුලවම දක්නට ලැබෙන්නේ ගැහැනු දරුවන් අතරය. මෙවැනි දැරියන් රෝගීන් බවට හඳුනාගත හැකිවන්නේද ඔවුන් මල්වර වීමෙන් අනතුරැවයි. මෙහිදී කොඳුඇට පෙළ ඇදවීමක් සිදුවේ. මෙම රෝගය සඳහා සාර්ථකම විසඳුම වන්නේ දැනගත් මොහොතේ පටන්ම ප්‍රතිකාර වෙත යොමුවීමයි. ආයුර්වේදයේ ඒ සඳහා නියමිත ප්‍රතිකාර ක්‍රම ඇත.

කොඳුඇට පෙළ ශක්තිමත් වන්නට නම්

කොඳුඇට පෙළ ශක්තිමක් කර ගැනීම සඳහා කැල්සියම් බහුල ආහාර සුදුසුය. මේ සඳහා කිරි, යෝගට්, චීස්, පොඩි මාලු, එළවළු, පලාවර්ග සුදුසුය. විශේෂයෙන්ම සමතුලිත ආහාර වේලක් ගැනීමට වග බලා ගත යුතුය. මේ සඳහා කෘත්‍රිම ආහාර වර්ග ඇතත් ස්වභාවික ආහාරවලින්ම කැල්සියම් අවශ්‍යතාවය සපුරා ගැනීම වඩා වැදගත්ය. ජලය පානය මෙන්ම දිනකට විනාඩි 20ක්වත් ව්‍යායාම කිරීමද කොඳුඇට පෙළෙහි නිරෝගී බවට වැදගත්ය.

ගෙදරදීම ප්‍රතිකාර

සාමාන්‍ය ආකාරයේ මස්පිඬු පෙරළීමේ අවස්ථාවකදී නිවසේදීම ප්‍රතිකාර ලබාගත හැකි අතර එවැනි විටදී උණුවතුරට ලුණු ස්වල්පයක් දමා එයට පිරිසුදු රෙදි කැබල්ලක් දමා අදාළ ස්ථානය තැවීම මගින් වේදනාව සමනය කරගත හැක.

♦ හේමමාලා කුමාරි රාජකරුණා
සේයාරුව | සුමුදු හේවාපතිරණ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jul 2017 06:20 AM

උණත් එක්ක ඇඟේ රතු පැල්ලම් එන්නේ ඩෙංගුවලට විතරද?

උණ සාමාන්‍ය රෝගී තත්ත්වයක් වුණත්, කාගේ හරි ඇඟේ උණ රෝගය සමඟ රතු පැල්ලම් හෝ ලප මතු වුණොත්  ඕනෑම කෙනෙකු බියට පත්වෙයි. විශේෂයෙන් කුඩා දරුවන් තුළ මේ තත්ත්වය සුලබ වන අතර දෙමාපියන් වහා දරුවා රෝහල් ගත කරන්නට පෙළඹෙති. ඩෙංගු මේ අතර ප‍්‍රධන වෙයි.

ඩෙංගු රෝගයේ දී උණ සමග රතු පැල්ලම් වැඩිපුර දකින්නට ලැබෙන්නේ දිව සහ විදුරුමස මතයි. මීට අමතරව ශරීරයේ තැනින් තැන රතු පැල්ලම් ඇති වන්නේ ඩෙංගු රෝගයට පමණක් නොවෙයි. උණ සමග ඇතිවන රතු පැල්ලම් දකින්නට ලැබෙන වෙනත් රෝග තිබෙනවා. ඒ සම්බන්ධව දැනුවත්ව සිටීම වැදගත් වෙනවා.

සරම්ප 

උණ සමඟ රතු පැල්ලම් දකින්නට ලැබෙන තවත් රෝග තත්ත්වයකි මේ. සරම්ප රෝගියාගේ කෙළ බිඳිති, නාසයේ ස‍්‍රාවයන් සමඟ තව කෙනෙකුට මෙය බෝ වෙයි. පුද්ගලයෙකු තුළට වෛරසය ඇතුළු වී දින 10ක් 14ක් ගත වූ පසුවයි. ඔහුට රෝග ලක්ෂණ ඇති වන්නේ රෝගය වැළඳී දින 4 – 5ක් පමණ වන විට උණ රෝගය වැඩි වී අඩු වන්නට පටන් ගන්නා අතර ඇඟ පුරා රතු පැහැ පැල්ලම් මතුවෙයි. මේ විදියට උණ අඩුවී යන කාලයට මෙම පැල්ලම් කන දෙපස සිට පහළට මුළු ශරීරය පුරාම පැතිර යයි. පැතලි රතු පැහැ ලප වන අතර, තදින් තද කළ විට නැවත මතුවේ. ඇතැම් විට මෙම ලප ඉහළට මතුවී හොඳින් අතින් අල්ලන්නටද පුළුවනි. මෙම ලප දින 09 ක් පමණ වන විට අඩුවී යයි. කට ඇතුළත හක්ක ප‍්‍රදේශයේ සුදු පැහැ පැල්ලම් (Koplik’s spots) දින 2 ක් පමණ ගත වන විට ඇති වී දින 5 - 6 පමණ වන විට අඩු වී යයි. කැස්ස, ඇසේ රතු පැහැය වැනි රෝග ලක්ෂණ ද ඇතිවෙයි.

රුබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප 

මවගෙන් දරුවාට ගර්භනී සමයේ දී සම්ප්‍රේෂණය වන රෝගයක් ලෙස රුබෙල්ලා වැදගත් ස්ථානයක් හිමිකරගෙන තිබෙයි. රෝගී ශ්වසන පද්ධති ස‍්‍රාව හරහා අනෙක් පුද්ගලයින්ට වැළඳෙයි. රෝග බීජ ශරීර ගත වී දින 14ක් 21ක් ගත වූ පසුව රෝග ලක්ෂණ මතුවෙයි. ආරම්භයේ දී මඳ උණ ගතියක් පවතින අතර, පසුව රතු පැහැ ලප පැල්ලම් මතුවෙයි. මුලදී මූහුණ ප‍්‍රදේශයේ හට ගන්නා මේ ලප පසුව සිරුර පුරා ව්‍යාප්ත වෙයි.

දින 3 - 5 කින් මේ ලප නොපෙනී යයි. කුද්දැටි ඉදිමීමත් දකින්නට පුළුවනි. හන්දි අමාරුව, එන්කෙපලයිටිස්, හෘද පේශි ආසාදනය, රුධිර පට්ටිකා අඩුවීම වැනි අතුරු ආබාධ ඇති වෙයි. රෝගය වැළඳුණු පසු විශේෂ වෛද්‍ය ප‍්‍රතිකාර නොමැති අතර  පූර්ව ප‍්‍රතිශක්තීකරණය ලබාගෙන සිටීම වැදගත් වෙයි.

කවසාකි රෝගය 

මෙය තරමක් දුලබ රෝගයක් වුණත්, මෙම රෝගයෙන් පෙළෙන ළමයි ලංකාවෙන් ද විටින් විට වාර්තා වෙති. මාස 06 ත් වයස 04 ත් අතර වයසේ දරුවෝ මෙම රෝගයට බහුලව ගොදුරු වෙති. රෝගයට බලපාන හේතුව ස්ථීර ලෙසම හොයාගෙන නැතත්, ඇතැම් බැක්ටීරියාවන් නිකුත් කරන විෂ වර්ග මෙයට හේතු වෙතැයි අනුමාන කරති.

මෙම රෝගයේ දී කුඩා හා මධ්‍යම ප‍්‍රමාණයේ රුධිර නාල හානි වෙයි. හෘදයේ කිරීටක ධමනි වලටත් හානි සිදුවෙයි. මේ නිසා හෘදයාබාධ වැළඳී ළමයි මිය යති. රෝග ලක්ෂණ ලෙස දින 5 කට වඩා පවතින උණ, ඇස් රතුවීම, තොල් පැලීම, දිව තද රතු පැහැ වීම, ගෙල අවට වසා ගැටිති ඉදිමීම,  රතු පැල්ලම් සහ ලප මතුවීම දැකිය හැකියි.
මෙහි දී අත්ල හා පත්ල පළමුව රතු පැහැවී පසුව සම ගැලවී යාම හට ගනියි.

මෙනින්ගො කොකල් රෝගය 

Nesseria meningitides බැක්ටීරියාව නිසා ඇතිවන මෙනින්ගො කොකල් රෝගයේ දී උණ සමග ඇඟේ රතු පැහැ පැල්ලම් මතුවීම සිදුවෙයි. මෙම ලප මත පීඩනයක් යෙදුවද ඒවා නැති වී නොයයි. ඇතැම් රටවල මෙය වසංගතයක් ලෙස ඇතිවන රෝගයකි. මෙම රෝගයේ දී මෙනෙන්ජි පටල හෙවත් මොළයේ පටල ප‍්‍රදාහයද (මෙනෙන්ජයිටීස්) ඇතිවෙයි. මෙම රෝගය මගින් පැය කිහිපයක් ඇතුළත දරුවෙකු මිය යා හැකිය.

හර්පීස් වෛරසය ද ශරීරයේ පැල්ලම් ඇති කරන අතර මෙයින් ආකාර කිහිපයකට රෝග ලක්ෂණ මතුවිය හැකිය. ශරීරයේ සැරව බිබිලි, පැල්ලම්, සුදු පැහැ ඉදිමුණු සැරව ගෙඩි ලෙස මතුවිය හැකියි. මෙම රෝගකාරකයා සම හෝ ශ්ලේෂමල පටක හරහා ශරීරගත වෙයි.

පැපොල රෝගය 

දෙයියන්ගේ අසනීපය හෙවත් පැපොල ලෙස හඳුන්වන රෝගයේ දී රතු පැහැ ලප ද පසුව මේවා සැරව පිරී ගෙඩි බවට ද පත්වෙයි. රෝග කාරක Varicella zester වෛරසය ශරීර ගතවී දින 10 - 23 අතර කාලයේ දී රෝග ලක්ෂණ මතුවෙයි. උණ ඇතිවෙලා දින 3 - 5 ගත වන විට සැරව පිරී රතු පැහැ ගෙඩි ඇතිවෙයි. මෙම සැරව ගෙඩි ද්විතියිකව මෙනින්ජි පටල ප‍්‍රදාහය මෙන්ම ඇතැම් විට නිව්මෝනියාව, රුධිර වහනය වැනි අතුරු ආබාධ ඇති කරන හෙයින් මුල් අවස්ථාවේ දීම ප‍්‍රතිකාර ගැනීම වැදගත් ය. මේ අනුව පුද්ගලයෙකු විශේෂයෙන් කුඩා දරුවෙකුට උණ රෝගය සමඟ සමේ පැල්ලම්, ලප, සැරව බිබිලි මතුවන්නේ නම් වහාම රෝහල් ගත කර පළපුරුදු වෛද්‍යවරයෙකුගෙන් ප‍්‍රතිකාර ලබාගැනීම වැදගත්ය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 25 of 137 << < 2324252627 > >>