You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 26 of 137 << < 2425262728 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jul 2017 06:26 AM

වයග්‍රා නැත්නම් වැඩේ හබක්ද?

පිරිමින්ට තියෙන ලොකුම ගැටලුවට හොඳම විසඳුම හැටියට මෑත කාලයේ සොයා ගැනුණු වයග්‍රා පෙත්ත ගැන සඳහන් කළ හැකියි. නමුත් වයග්‍රා පෙත්ත මගිනුත් අප්‍රාණිකත්වය නැතිකරන්න පුළුවන් සියයට 80ක් වගේ ප්‍රතිශතයකගේ පමණයි. එහෙමනම් ඉතිරි සියයට 20ට මොකද වෙන්නේ. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ කියන්නේ ඒ අයටත් ප්‍රතිකාර ඇති බවයි. මෙන්න ඒ ප්‍රතිකාර ගැන ඔහුගේ වාර්තාව.

මම මුලින් කිව්වානේ වයග්‍රා එන්න ඉස්සර අප්‍රාණිකත්වයෙන් පෙළුණ අය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වුණේ බොහෝම අඩුවෙන් කියලා. ඇත්තටම අප්‍රාණිකත්වයට මුහුණ පෑ අයගෙන් සියයට 5ක් විතර අඩු ප්‍රතිශතයක් තමා එහෙම නිසියාකාර වෛද්‍ය උපදෙස් සොයා ආවේ. අනෙක් අය කළේ යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම්. තෙල් බේත් සාත්තු සොයායාම. ඈත කාලයේ ඉඳන්ම මේක දැවෙන ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් තියෙන අය මේ ගැන කතාකර පසුතැවෙමින් උන්නා. මේ නිසා මේ ගැන විසඳුමක් දෙනවාය කියන එක හොඳ ජාවාරමක් වුණා. ඒ කාලේ පත්තර පිටු පුරා මේ ලෙඩේට බේත්හේත් දෙන නොයෙකුත් උපක්‍රම හඳුන්වාදෙන දොස්තරලා වැහිවැහැලා. වයග්‍රා එන්න පෙර තිබූ තත්ත්වයටම නැතත් අදත් ඒ සිල්ලර වෙදකම් නැතිවාම නොවේ. ඉතින් ඔන්න වයග්‍රා ආවා. සියයට 80කටම ප්‍රතිඵල දෙන විශ්මිත පෙත්ත! මේ නිසා අප්‍රාණිකත්වය ගැන කතාබහ වැඩි වුණා. පෙත්ත සොයා එන අය වැඩිවුණා. නමුත් සියයට 20කට විතර පෙත්ත හරි ගියේ නෑ. එහෙනම් ඒ අයට මොකද කරන්නේ.

පෙත්ත වැඩ නොකරන අයට තාමත් වයග්‍රා පෙත්ත එන්න ඉස්සර බහුලව භාවිතා කරපු සාර්ථක ක්‍රම යොදාගන්න පුළුවන්. ඒ කාලේ භාවිතා කළ ශාකසාර ඖෂධ දෙකක් තියෙනවා. ඒවා දැනටත් සාර්ථකයි. එකක් තමා අප්‍රිකාවේ යොහිම්බි (Yohimbine) ශාඛයෙන් ලබාගත් සාරය මගින් නිපදනවන ඖෂධය. ඒ මගින් මොළයේ ලිංගිකත්වයට නැඹුරු ප්‍රදේශ උත්තේජනය කරලා ආශාව වර්ධනය කර ප්‍රාණවත් බව ලබාදෙන බව සොයාගෙන තියෙනවා.

අනෙක් ඖෂධය චීනයේ පාරම්පරිකව භාවිතා කළ රතු ජීන්සෙන් (Red Ginseng) ඒකත් ප්‍රාණවත් බව සහ ආශාව වර්ධනය කරන්නට සමත්. නමුත් මේවාත් ලබාගන්න ඕනෑ වෛද්‍ය උපදෙස් මත මොකද අනුකරණ සහ ව්‍යාජ බෙහෙත් ඕනෑ තරම්.

ඊළඟට ප්‍රාණවත් බව වර්ධනය කරන සහ එය රඳවා ගන්නා උපකරණ මෙන්ම ශල්‍යකර්මත් දක්වන්න පුළුවන්.

උපත් පාලන කොපුවත් ප්‍රාණවත් බව රදවන එක්තරා උපකරණයක්. හැබැයි මේක මූලික හැකියාව ඇති අයට හරියන උපකරණයක්. ප්‍රාණවත් වූ පසු ධමනි මගින් ගලා එන රුධිරය නැවත ගමන් ගැනීම අවහිර කරන රබර් පටියක් මෙහි කෙළවර තියෙනවා. මේ නිසා ප්‍රාණවත්ව ඉන්න කාලය වැඩියි. නමුත් විනාඩි 30කට එහා මෙය පැළඳ ඉන්න හොඳ නෑ. මොකද අවයවයේ සියුම් පේශි වලට හානිදායක වන නිසා. ඒ වගේම ඉතින් මේ කොපුවේ ප්‍රධාන අරමුණ උපත් පාලනය සහ ලිංගික රෝග වලින් වැලකීම බව අමතක කරන්න හොඳ නෑ.

ඊළඟට තියෙනවා වැක්‍යුම් පොම්පය. මේක 1917 තරම් ඈත හඳුන්වා දුන්න නමුත් 1980දී පමණ වෙළඳපොළට ආ උපකරණයක්. භාවිතය මඳක් අපහසු මේ උපකරණය හදුන්වන්නේ පීනයිල් පම්ප් (Penile Pump) කියලා. හැබැයි වැඩේ අමාරැ වුණාට සියයට 90ක්ම ප්‍රතිඵල සහිතයි. 

ඊළඟට ලිංගය දැඩි කරන තැන්පතු සැත්කම් මගින් ඇතුළු කිරීමත් විසඳුමක්. මේ විදිහට තැන්පත් කරන එක් ද්‍රව්‍යයක් වන්නේ දිග ඇදෙන සුළු, නැවෙන සුළු ගතියෙන් යුතු සිලිකන් කූරු. හැබැයි මේ කූරු තැන්පත් කළ පසු ලිංගය සෑම විටම තිබෙන්නේ සූදානම් ශරීරයෙනුයි. 

දෙවැනි තැන්පතුව හැඳින්වෙන්නේ හයිඩ්‍රොලික් තැන්පතුව හැටියටයි. මෙහිදි කරන්නේ සේලයින් දියර මගින් පිරීයන ඉතා සියුම් ටියුබ් දෙකක් තැන්පත් කිරීමයි. ලිංගය තුළ ටියුබ් දෙකක් ඒ තුළට සේලයින් පොම්ප කරන කුඩා උපරණයක් වෘෂණ කෝෂ තුළත් අවශ්‍ය සේලයින් දියර බෑගය උදරය තුළත් තැන්පත් කරනවා. වෘෂණ කෝෂය තුළ ඇති පොම්පය මිරිකූ විට ප්‍රාණවත් භාවයක් හා වැල්වය වැසූ විට සාමාන්‍ය මට්ටමට පත්වීමක් සිදුවෙනවා. ඒ වගේම මෙය ඉතා මිල අධික සැත්කමක්. වයග්‍රා වලටත් ප්‍රතිඵල නැති ස්ථිර අප්‍රාණිකත්වයෙන් පෙලෙන අයට පමණයි මෙය වඩාත් සුදුසු.

හැත්තෑ ගණන්වල තවත් සැත්කමක් වන්නේ ලිංගය තුළ ඇති රුධිර වාහිනි ආශ්‍රිත බාධක සිරවීම් අයින් කරන සැත්කම. ඊළඟට 80 දශකයේ ජනප්‍රිය වූ සියයට 94ක් පමණ සාර්ථක වෙච්ච ප්‍රතිකාරයක් ලෙස නික්ෂේපණ විද ගැනීම හඳුන්වන්න පුළුවන්. වයග්‍රාවලට පෙර වැඩිපුරම භාවිතා වූයේ මෙයයි. නික්ෂේපණය ස්ප්‍රේකර විනාඩි කිහිපයක් ඇතුළම ප්‍රතිඵල ලැබෙන බව වාර්තාගතයි. 

ඊළඟට වයග්‍රා සමඟ ආපු තවත් ඖෂධ්‍යක් තියෙනවා. ඒකත් සිහින් දිග පෙත්තක්. ඒවා මුත්‍රා මාර්ගයට ඇතුළු කරගත් පසු විනාඩි කිහිපයකින් සාර්ථකත්වය ලැබෙනවා. මේ සියලු ප්‍රතිකාර ඖෂධ ලබාගතයුත්තේ වෛද්‍ය උපදේශ මත බව හොඳට මතක තබාගත යුතුයි. නැතිනම් ඉතින් මොන මොන හෙයියම්මාරැ වලට මුහුණ දෙන්න වෙයිද කවුද දන්නේ!

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jul 2017 06:39 AM

http://www.rivira.lk/epaper/diyaniya/2017/06/28/files/assets/common/page-substrates/page0017.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jul 2017 07:09 AM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/17835.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/17836.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/17837.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/17838.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/17839.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/17840.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/17833.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/17834.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jul 2017 03:40 PM

රූමැටික ආත්‍රයිටිස්‌ රෝගයේ සැබෑ තත්ත්වය මෙන්න

ප්‍රශ්නය - සියලු ආත්‍රයිටිස්‌ රෝග අතුරින් වැඩිම ව්‍යාප්තියක්‌ තිබෙන රෝගය වන්නේ රුමටොයිඩ් ආත්‍රයිටිස්‌ (Rheumatoid Arthritis) රෝගය බව පසුගිය දිනවල අන්තර්ජාලය මගින් කියෑවුණි. වසර 2015 දී ලෝකවාසී ජනයා අතුරින් දෙකෝටි හතළිස්‌පන්ලක්‍ෂයක්‌ දෙනාට ආත්‍රයිටිස්‌ රෝගය වැළඳී තිබෙන බව හෙළිවුණා. (මෙය වාර්තාගත ප්‍රමාණය පමණයි. තවත් කෝටි 20 කට වඩා ජනගහනයකට මේ රෝගය පවතින නමුත් නිල වශයෙන් වාර්තා වී නැහැ. එයට ප්‍රධාන හේතුව වන්නේ මෙවැනි රෝගීන් තමන්ට ඇති රෝගය රුමටොයිඩ් ආත්‍රයිටිස්‌ බව නොදැන හන්දිපත් රුදාව හෝ වාත අමාරුව ලෙස උපකල්පනය කරමින් බෙහෙත් ගැනීමයි.) මේ අතර අවුරුදු පතා අලුත් රෝගීන් ලක්‍ෂය බැගින් මේ දෙකෝටි හතළිස්‌පන්ලක්‍ෂයක්‌ දෙනා රෝගීන්ට එකතු වන බව සඳහන් වෙනවා. මෙයත් නිල වාර්තාවක්‌ පමණක්‌ වන බැවින් නිල නොවන මට්‌ටමින් එම ගණන ලක්‍ෂ 10 ක පමණ විය හැකියි.

මේ රෝගය වැළඳෙන වයස්‌ සීමාව කුමක්‌ද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මැදිවියේ අයට තමයි වැඩිපුරම හටගන්නේ. පිරිමින්ට වඩා කාන්තාවන්ට මේ රෝගය හැදෙනවා.

ප්‍රශ්නය - මෙයින් මරණය සිදුවනවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - එසේ සිදුවන අවස්‌ථා තිබෙනවා. වසර 1990 දී ලෝකවාසී ජනයාගෙන් 28000 ක්‌ මේ රෝගය නිසා මිය ගිය බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා. වසර 2013 දී මෙසේ මළ ගණන 38000 ක්‌ වේ.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - රෝග ලක්‍ෂණ ගැන කීමට පෙර මේ රෝගය මගින් සිදු වන දේ ගැන කියන්නම්.

අස්‌ථිවල තිබෙනවා ලසිකා පටලය (synorial membrane) ලෙස හැඳින්වෙන කොටසක්‌. රූමැටික ආත්‍රයිටිස්‌ රෝගයේදී සිදු වන්නේ මෙම ලසිකා පටලය ප්‍රදාහ තත්ත්වයකට ලක්‌වීමයි. මෙවිට සන්ධි ඉදිමෙනවා. එසේම සන්ධි මෘදු සහ උණුසුම් තත්ත්වයකට පත්වෙනවා. ඊළඟට ඇල්ලූ විට මහත් වේදනාකාරී තත්ත්වයක්‌ හට ගන්නවා. මුලින්ම එක සන්ධියකින් පටන් ගන්නා මේ රෝගය ක්‍රමයෙන් සෙසු සන්ධිවලටත් පැතිර යනවා. මේ රෝගය නිසා බොහෝ විට ප්‍රදාහ තත්ත්වයකට පත්වන්නේ අත්, පාද, කොඳුඇට ගෙල යනාදියෙහි සන්ධි ප්‍රදේශයි. මේවා කුඩා සන්ධි. එහෙත් කල් යන විට උරහිස්‌ දණහිස වැනි විශාල සන්ධිවලටත් මෙය පැතිර යනවා. මේ රෝගය දුරදිග ගියාම, එනම් නිසි ප්‍රතිකාර නොලැබුණාම, එහෙමත් නැත්නම් ප්‍රතිකාර නොකර අත්හැර දැමුවාම සන්ධිවල තිබෙන පටක ඇදෙන්නට පටන් ගන්නවා. එතැන් පටන් සන්ධි එකට ඇතිල්ලෙමින් ඛාදනය වීමට පටන් ගන්නවා. එවිට සන්ධි එහා මෙහා කරන්නට බැරි තත්ත්වයක්‌ හටගන්නා අතර රෝගය හටගත් සන්ධි විකෘති වෙලා එහි ක්‍රියාකාරිත්වය නැතිව යනවා.

ප්‍රශ්නය - මෙය හටගන්නේ කොහොමද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මෙය දිගු කාලීන Antoimmune රෝගයක්‌ ලෙස තමයි, හඳුනාගෙන තිබෙන්නේ. ඒ කියන්නේ අපේ ශරීරයේ තිබෙනවා ප්‍රතිශක්‌තිකරණ පද්ධතියක්‌. පිටතින් එන රෝගවලට එරෙහිව සටන් කරන්නේ මේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතියයි. මේ පද්ධතිය ශරීරයේ කොටස්‌ වැරදි ලෙස හඳුනාගෙන ඒවාට එරෙහිව සටන් කරන අවස්‌ථා තිබෙනවා. රූමැටික ආත්‍රයිටිස්‌ රෝගයේදී සිදුවන්නේ ලසිකා පටල සතුරකු ලෙස හඳුනාගෙන, ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය එයට එරෙහිව සටන් කිරීමයි. මෙය මූලික අවස්‌ථාව විතරයි. තත්ත්වය දුරදිග ගියාම රතු රුධිරානු නිෂ්පාදනය අඩු වී පෙනහලු වටා ආසාදන හට ගන්නවා. ඊළඟට එම ප්‍රදාහ තත්ත්වය හදවත අවටත් පැතිරී යනවා. මෙතැන තමයි ලොකුම අන්තරාය තිබෙන්නේ.

තව කොටසක්‌ ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා
0713464276/ 0759061771
අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jul 2017 03:48 PM

මුත්‍රා ගල් පිත්තාශයෙ ගල් නිට්‌ටාවටම සුව කළ හැකියි

වර්තමානය වන විට මුත්‍රා ගල් ඇතිවීම මෙන්ම පිත්තාශය ආශ්‍රිතව ගල් ඇතිවීම ඉතාමත් සුලබව දැකගත හැකි රෝගී තත්ත්වයක්‌. එසේ වුවත් ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ඒ සඳහා ඉදිරිපත් කර ඇති සාර්ථක විසඳුම් නිසා බොහෝ රෝගීන් තමාගේ ජීවිත නිරෝගීව ගතකරනු ලැබේ. එවැනි ප්‍රතිකාරවල පවතින විස්‌මිත බව නිසාම ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව මුත්‍රා මෙන්ම පිත්තාශය ආශ්‍රිත ගල් ඇතිවීමේ රෝග හේතු පිළිබඳ දැනුමක්‌ අවබෝධයක්‌ ලබාගැනීම ඉතා වැදගත් වේ. මේ ඒ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක දැක්‌වූ අදහස්‌. මිනිසාගේ මෞත්‍රලිංගික පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්ව ගණනාවක්‌ වර්තමානය වන විට දැකගැනීමට හැකි අතර මුත්‍රා දැවිල්ල, මුත්‍රා මාර්ගයෙන් රුධිරය පිටවීම, මුත්‍රාශය ආශ්‍රිත කලාපවල ඇතිවන වේදනාව මෙන්ම මුත්‍රා ගල් ද ඒ අතර ප්‍රධාන තැනක්‌ හිමිකරගනු ලැබේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව මෙසේ ඇතිවන ගල් අශ්මරි ලෙසින් හැඳින්වීම වඩාත් නිවැරදි වේ. මීට අමතරව ශුක්‍ර අශ්මරි ලෙස ශුක්‍රාණු ගණ වීම නිසා ඇතිවන රෝගී තත්ත්ව මෙන්ම පිත්තාශය ආශ්‍රිතව ඇතිවන ගල් ද තිබෙන අතර ඒවා පිත්ත අශ්මරි ලෙසින් ද හැඳින්වේ.

මෞත්‍රලිංගික පද්ධතිය ආශ්‍රිතව මෙවැනි ගල් ඇතිවීමට බලපාන හේතු මොනවාද?

අධික වශයෙන් මාංශ ආහාරයට ගැනීම මීට බලපාන ප්‍රධාන හේතුවක්‌ වශයෙන් හඳුන්වාදිය හැකි අතර හරක්‌ මස්‌ එහිදී ප්‍රධාන තැනක්‌ ගනු ලැබේ. තවද උෂ්ණාධික ආහාර අධිකව ගැනීම, අධිකව දහදිය පිටවන ක්‍රියාවල නිරතවීම සමඟම ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම මීට බලපාන හේතූන් ලෙස කතාබහ කළ හැකිය. තවද මුත්‍රා සහ ශුක්‍ර වේග ධාරණයත් මීට බලපාන තවත් හේතුවකි.

මුත්‍රා ගල් ඇති වූ විට දී රෝගියා මුහුණදෙන අපහසුතා මොනවාද?

මුත්‍රා ගල් ඇති වූ විට මුත්‍රා කිරීම ඉතාම අපහසු විය හැකිය. එවිට තුනටියෙන් පටන්ගෙන කලවා සහ ඉකිලි ප්‍රදේශය දක්‌වා ගමන් කරන වේදනාවක්‌ හටගත හැකිය. විශේෂයෙන්ම මෙම ගල් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක්‌ ඇත්තේ පිරිමි පාර්ශ්වයේ අයටයි. තව ද ඔවුන්ගේ අණ්‌ඩ කෝෂ එල්ලා වැටීම මෙන්ම තුනටිය ප්‍රදේශයේ එක්‌ පැත්තකට වන්නට ද තද කැක්‌කුම් ද ඇති වේ. ඒ වගේම බඩ දැවිල්ල, උගුරට එන ස්‌වභාවය, කලවාවල සිට පාදයේ පහළ ප්‍රදේශය දක්‌වා හිරිවැටෙන ස්‌වභාවයක්‌ ද බොහෝ විට දැකගත හැකි වේ. මෙවැනි ලක්‍ෂණ මෞත්‍රලිංගික පද්ධතියෙන් පිටතට විහිදෙන වේදනාවල් වශයෙන් ද හඳුන්වාදිය හැකිය.

මීට අමතරව මුත්‍රා පිටකිරීම් ආශ්‍රිතව ද රෝග ලක්‍ෂණ පිළිබඳ පැහැදිලි කළ හැකියි. එහිදී තද කහ පැහැයෙන් මුත්‍රා පිටවීම හෝ මුත්‍රා සමඟ රුධිරය පිටවීම දැකගත හැකි වේ. මෙවැනි රෝගීන්ට කෑම ගැනීමේ අපහසුතාව, ශරීරය වෙව්ලන ස්‌වභාවයක්‌ ද දැකගත හැකි වේ.

තවද ශුක්‍ර නාල අවහිර වීමෙන් විවිධ පීඩාවන් ඇතිකරනු ලැබේ. මෙහිදී ශුක්‍රාණු ගණ වීම නිසා ඇති වන ස්‌ඵටික ශුක්‍ර නාලවල සිරවී ශුක්‍රාණු පිටකිරීමේ අපහසුතා ඇතිවීමෙන් මෞත්‍ර ලිංගික පද්ධතිය පීඩාවට පත්කරයි. තවත් රෝගීන්ගේ මුත්‍රා මාර්ගය හරහා ගල් පිටවන අවස්‌ථා ද දැකගත හැකිවේ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jul 2017 03:52 PM

කුඩා දරුවන්ට හැදෙන ආත්‍රයිටිස්‌
රෝගයට ගුණ දෙන කසායක්‌


ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගයේ විවිධ ස්‌වභාවයන් ගැන පසුගිය සතිවල අප ඔබ සමඟ සාකච්ඡා කළා. ඒ අතර මේ ලිපි කියවන අපේ පාඨකයන් දුරකථනය මගින් අපෙන් විමසීමක්‌ කළා. කුඩා දරුවන්ට වැළඳෙන ආත්‍රයිටිස්‌ රෝගය සුව කළ හැකිද කියලා. මෙය අපට අලුත් අත්දැකීමක්‌. කුඩා දරුවන්ටත් ආත්‍රයිටිස්‌ හැදෙනවද?

වෛද්‍ය වසන්ත උදයජීව - මෙහිදී මුලින්ම කිව යුතුයි, ලෙඩ රෝගවලට කුඩා දරුවා කියලා සමාවක්‌ නැති බව. ඕනෑම ලෙඩක්‌ කුඩා දරුවන්ට ඇති විය හැකියි. ඒ වගේම තමයි ආත්‍රයිටිස්‌. කුඩා දරුවන්ට හැදෙන ආත්‍රයිටිස්‌ රෝගය අප හඳුන්වන්නේ Juvenile idiopathic arthraitis කියන නමින්. මෙය වයස අවුරුදු 16 ට පෙර දරුවන්ට හැදෙන රෝගයක්‌. මෙය Juvenile arthraitis කියන්නේ වයස අවුරුදු 16 දක්‌වා ළමයින් බාල වයස්‌කාරයන් ලෙස සැලකිල්ලට ගැනීමේ තත්ත්වය තුළයි. මෙය ඉබේටම හැදෙන ලෙඩක්‌ ලෙසයි පිළිගන්නේ.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 1 සිට 6 දක්‌වා අතර වයසේ දරුවන්ට මේ රෝගය වැළඳෙනවා. එහෙත් දරුවන්ට මෙය කියා ගැනීමට බැරි පසුබිම තුළදී හරියාකාරව රෝග නිශ්චය කරන්නට බැරි වෙනවා.

ප්‍රශ්නය - මේ රෝගය වැඩිහිටියන්ට වැළඳෙන ආත්‍රයිටිස්‌ රෝග තත්ත්වයට වෙනස්‌ද?

වෛද්‍ය වසන්ත උදයජීව - බැලූ බැල්මට වෙනස්‌ ලෙසයි පෙනෙන්නේ. එහෙත් පොදුවේ ගත්තාම වැඩිහිටියන්ගේ ආත්‍රයිටිස්‌ රෝගයේ ව්‍යqහය සහ මෙහි ව්‍යqහය අතර වෙනසක්‌ නැහැ.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවද?

වෛද්‍ය වසන්ත උදයජීව - අලස බව, ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම, කුසගිනි නැතිවීම තමයි ප්‍රධාන රෝග ලක්‍ෂණ ලෙස මතුවෙන්නේ. ඊළඟට දරුවා පාද බිම අද්දවමින් ඇවිද යනවා නම් සහ ඇවිදින විට පාද රිදෙන බව කියනවා නම් එයත් රෝග ලක්‍ෂණයක්‌. මීටත් අමතරව සමහර දරුවන් නිතර උණ රෝගයේ ලක්‍ෂණ පෙන්නුම් කරනවා නම් ඒ තත්ත්වයත් රෝග ලක්‍ෂණයක්‌ හැටියට සලකා කටයුතු කළ යුතුයි. ඊළඟ අවස්‌ථාවේදී දරුවාගේ දණහිස, විලුඹ, මැණික්‌ කටුව යන තැන ඉදිමෙන්නට පටන් ගන්නවා. ඊට සමාන්තරව අතැඟිලි සහ පා ඇඟිලි රිදෙනවා. ඉදිමෙනවා. මේ සන්ධිවල ඉදිමුම බලා ගැනීමට පුළුවන් වුණාම මේ රෝගයේ තවත් අවස්‌ථාවක්‌ වශයෙන් කොඳුඇට පෙළ, උරහිස්‌, ඉඟටිය, හකු, උකුල මධ්‍යයෙහි තිබෙන සන්ධි (Sacroiliac Joints) යනාදිය ඉදිමෙනවා. ඒත් ඒවා හඳුනා ගන්නට MRI හෝ ස්‌කෑන් පරීක්‍ෂණයක්‌ කළ යුතුමයි.

දරුවන්ට වැළඳෙන ආත්‍රයිටිස්‌ රෝගයට කසායක්‌

සුදුලූනු, උළුහාල්, තොටිල පොතු, බෙලිමුල්, පාවට්‌ටා මුල්, සූදුරු කලං 2 බැගින් වතුර කෝප්ප 8 කට දමා 1 කෝප්පයකට සිඳ සීනි, මී පැණි දමා වරකට කෝප්ප භාගය බැගින් උදේ සවස දින 6 ක්‌ (කසාය හැලි 6 ක්&zwnj පානය කළ යුතුයි. ඒ අතර කුඩා දරුවන්ගේ ආත්‍රයිටිස්‌ වේදනාව නැසීමට කොත්තමල්ලි, පත්පාඩගම්, වෙනිවැල්ගැට සම සමව ගෙන තම්බා සීනි දමා උදේ සවස පානය කරන්න දෙන්න. මෙය දිනපතාම කළ යුතුයි.

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jul 2017 03:59 PM

අවුරුදු 45 පැන්නාම ගර්භාෂ පිළිකා ගැන කල්පනාවෙන් ඉන්න

ප්‍රශ්නය - පසුගිය සතියේ අප ඔබ සමඟ සාකච්ඡා කළේ ආර්ථවය හෙවත් ඔපස්‌ වීම රෝග තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය වන ආකාරය ගැනයි. මෙහිදී මේ පුළුල් මාතෘකාව ඔබ කොටස්‌ දෙකකට වෙන් කළා. ඉන් පළමුවැන්න තමයි වැඩිපුර ඔසප් රුධිරය පිටවන රෝග අවස්‌ථාව. දෙවැන්න ඔසප් වීමේදී අධික වේදනාවක්‌ හට ගැනීමේ රෝග අවස්‌ථාව.ඒ ඔස්‌සේ කරුණු සාකච්ඡා කළ ඔබ ආර්ථවහරණය දක්‌වා කතා කළා.

වෛද්‍ය කෞමදි කරුණාගොඩ - මෙතැනදී අප තවත් වැදගත් දෙයක්‌ සාකච්ඡා කළ යුතුයි. ඒ තමයි ගර්භාෂය ආශ්‍රිතව හටගත හැකි පිළිකා තත්ත්වය. කාන්තාවක්‌ අවුරුදු 45 න් පසුව එළඹෙන කාලය තුළ ගර්භාෂයේ ඇති විය හැකි පිළිකා තත්ත්වයක්‌ ගැන සැලකිලිමත් විය යුතුමයි. ආර්ථවහරණයට කිට්‌ටු මේ කාලයේදී කාන්තාවන්ගේ ශරීරය තුළ හට ගන්නා හෝමෝන වෙනස්‌ වීම පිළිකා තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය විය හැකියි.

ප්‍රශ්නය - කාන්තාවකගේ ගර්භාෂය තුළ ගෙඩි හෝ පිළිකා තත්ත්වයක්‌ හට ගන්නවා නම් එය හඳුනා ගන්නේ කොහොමද?

වෛද්‍ය කෞමදි කරුණාගොඩ - සැක කටයුතු තත්ත්වයක්‌ හට ගත් වහාම වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු විය යුතුමයි. Scan පරීක්‍ෂණයක්‌ කරනවා නම් ඉතාම හොඳයි. මෙහිදී ගර්භාෂය ආශ්‍රිත දුර්වලතා රැසක්‌ හඳුනා ගන්නට පුළුවන්. හැබැයි Scan පරීක්‍ෂණයට හසු නොවන දේවලුත් තිබෙනවා. මෙහිදී හෝමෝන මට්‌ටම් ගැන පරීක්‍ෂා කළ යුතුයි. මෙතැනදී යම්කිsසි දෝෂ සහගත තත්ත්වයක්‌ ගැන දැන ගන්නට ලැබුණොත් ප්‍රතිකාරය තීරණය විය යුත්තේ රෝගයේ හේතුව අනුවයි. මෙහිදී හෝමෝන මට්‌ටම් වෙනස්‌ වීමක්‌ නම් ප්‍රතිකාර තීරණය විය යුත්තේ එක්‌ විදියකට. ගෙඩියක්‌ හෝ පිළිකාවක්‌ නම් ප්‍රතිකාරය වෙනස්‌ විය යුත්තේ තවත් විදියකට. රුධිරය ගලනයක්‌ නම් ප්‍රතිකාර තීන්දු කළ යුත්තේ එයට අදාළ හේතුවට අනුවයි. කොහොම වුණත් ආයුර්වේදයේදී මේ හෝමෝන මට්‌ටම් පිළිබඳ කතාවක්‌ නැහැ. මෙහිදී අප කරනනේ ආර්ථවයේදී සිදුවන රුධිරය පහවීම් පාලනය කරන ප්‍රතිකාර යෙදීමයි. එසේ රුධිරය පාලනය කිරීමේදී ඉබේටම රුධිරය පාලනය නොවීමට බලපෑ සාධකය පාලනය වෙනවා. මෙය ආයුර්වේදය විසින් හඳුනා ගනු ලැබූ ඉතාම සාර්ථක ක්‍රමයක්‌

ප්‍රශ්නය - නවීන විද්‍යාවට අනුව මෙවැනි තත්ත්වයක්‌ තුළදී කරන ප්‍රතිකාරය කුමක්‌ද?

වෛද්‍ය කෞමදි කරුණාගොඩ - රුධිරය පිටවීම නැවැත්වීම තමයි කරන්නේ. එන්නත් හෝ හෝමෝන පෙති මේ සඳහා භාවිත කරනවා. මෙහිදී ආර්ථවය නවතිනවා කියන්නේ රෝගය සුව වනවා කියන එක නොවෙයි. ආර්ථවය හෙවත් මාස්‌ ශුද්ධිය නතර කිරීම දීර්ඝ කාලීනව හොඳ ප්‍රතිපල ගෙන දෙන දෙයක්‌ නොවෙයි. එහෙත් ආයුර්වේදය මගින් කරන්නේ රුධිරය පිටවීම ශරීරය තුළින්ම පාලනය විය හැකි ක්‍රමවේදයක්‌ සෑදීම සඳහා අවශ්‍ය ඖෂධ ලබාදීමයි. මෙහිදී මුඛ මාර්ගයෙන් ශරීර ගතවන 'බොන බෙහෙත්' තමයි නිර්දේශ කරන්නේ. එයටය අමතරව තෙල් ගැල්වුම්, ඖෂධීය ජලය බේසමකට දමා එය මත හිඳගෙන සිටිමින් එම ඖෂධ ශරීරගත වීමට ඉඩ සැලසීම සිදුවනවා. මෙතැනදී කෑම බීම රටාවත් වැදගත්.

(ලබන සතියේ ඒ ආහාර රටාව ගැන කතා කරමු.)

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
01 Jul 2017 04:11 PM

කනේ දිලීර හට ගත්තොත්...!

ප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළේ කර්ණ රෝග 28 ක්‌ තිබෙන බව හා ඒවා අතුරින් සුලභවම පවතින රෝග ගැනයි. මේ යටතේ අප අවසන් වශයෙන් කතා කළා Ear Wax හෙවත් කළාඳුරු, එහෙමත් නැත්නම් කර්ණ මල ගැන. ඒ රෝග තත්ත්වයන්ට හේතු පාදක විය හැකි කාරණා ගැනත් අප පෙන්වා දුන්නා. මීට අමතරව කනට වැළඳෙන සෙසු රෝග මොනවද?

ආචාර්ය වෛද්‍ය ශ්‍රියානි පීරිස්‌ - සමහරුන්ගේ කන් නිතරම කසනවා. මෙහෙම දිගින් දිගටම කසන විට කනෙන් කිසියම් දියරයක්‌ ගලනවා. මෙය සිදුවන්නේ කන තුළ දිළීර තත්ත්වයක්‌ හට ගත් විටයි. මෙවැනි තත්ත්වයක්‌ තිබෙන විට කන තුළින් දුඟදක්‌ හමනවා. පරණ පාන් වතුරේ පොඟවලා දවසක්‌ විතර තැබුවාම එන ගඳට මේ ගඳ සමානයි. විවිධ හේතු මත මේ දිලීර හටගන්නවා. සමහර විට ඔලුවේ හිස්‌ සොරි තිබුණාමත් කනේ පුස්‌ හටගන්නවා. ඒ හිස්‌සොරි කන ඇතුලට ගිහින් තැන්පත් වන නිසයි. ඒ වගේම දියවැඩියා රෝගීන්ටත් කනේ පුස්‌ වර්ග හට ගන්නවා. කෙනෙක්‌ කන කසන විට එය තුළට විවිධ දේවල් ඇතුළු කරනවා නම් ඒ මගින් අවට පරිසරයේ තිබෙන පුස්‌ වර්ග කන තුළට ගිහින් තැන්පත් වෙන්නට පුළුවන්. ඒ වගේ දේවල් කන ඇතුළට දමලා කන කසද්දී කනේ ඇතුල් ස්‌ථරය තුවාල වෙනවා. එතකොට ඒ තුවාල වූ තැන පුස්‌ හට ගන්නටත් පුළුවන්. ආයුර්වේදයෙ එනවා කර්ණ කණ්‌ඩු කියලා තත්ත්වයක්‌. කන තුළ හටගන්නා දිලීර තත්ත්වය තමයි මෙයින් හඳුන්වන්නේ. මේ දිලීර සුදු පාටට තියෙන්නත් පුළුවන්. කළු පාටට තියෙන්නත් පුළුවන්.

මේ අතර පිට කනේ බිත්තිවල හට ගන්නවා කුඩා තුවාල විශේෂයක්‌. අප මේවා හඳුන්වන්නේ කර්ණ විද්‍රධි කියලයි. මෙය ඉතාම වේදනා සහගත තත්ත්වයක්‌. මෙවැනි රෝග තත්ත්යක්‌ තුළ කන අල්ලන්නටවත් බැරිවන තරමට රිදෙනවා.

මෙහිදී තවත් වැදගත් දෙයක්‌ කිව යුතුයි. ඒ කනේ සැරව ගැලීම ගැනයි. මෙහි අවස්‌ථා දෙකක්‌ තිබෙනවා. පළමුවැන්න තමයි කන තුළ සැරව හට ගත්තත් පිටතට නොගැලීම. එයට හේතුව කන් බෙරය හිල්වුණොත් තමයි සැරව පිටතට ගලාගෙන එන්නේ. ඒ කියන්නේ ඇතුළෙන් පිටට සැරව ගැලීම. බාහිර කනේ මොනවා හරි ප්‍රශ්නයක්‌ වුණොත් සැරව පිටට ගලනවා. ඒ එක්‌කම තවත් වැදගත් දෙයක්‌ තමයි කුඩා දරුවන්ගේ දීර්ඝ කාලීන උගුරේ ආසාදන. උගුර සහ කන අතර සම්බන්ධයක්‌ තිබෙනව බව මා මීට පෙර සතියක කිව්වා. එය හටගන්නේ යුස්‌ටේකීය නාලය හරහා. ඉතින් මේ යුස්‌ටේකීය නාලය හරහා මැද කනේ සෙම එකතු වෙනවා. ඊළඟට කල්ගත වෙද්දී එතැන ආසාදනයක්‌ ඇති වෙනවා. කර්ණ පටලය නොරාගෙන ඇවිත් පුපුරනවා. එවිට මැද කනේ සිට දියර පිටතට එනවා. මෙය ඉතා පරෙස්‌සමින් සැලකිල්ලට ගත යුතු තත්ත්වයක්‌. මැද කනේ සෙම එකතු වුණාමත් ලොකු වේදනාවක්‌ හට ගන්නවා. රෝගියාගේ කුස පිරුණ තත්ත්යක්‌ එනවා. ශ්‍රව්‍ය දුර්වල වෙනවා. මන්ද යත් යුස්‌ටේකීය නාලය අවහිර වීමයි.

ලබන සතියේදී බිහිරි භාවය ඇති වීමට හේතු

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 Jul 2017 09:51 PM
ඉතා වැදගත් උපදෙස් ටිකක්. බොහොමත්ම ස්තූතියි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Jul 2017 08:16 AM
ලිපි එකතුවට ගොඩක් ස්තූතියි මල්ලි. සේව් කරගෙන බලන්න ඕනෙ.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Jul 2017 09:29 AM

http://navaliya.com/2017/07/03/New%20folder/19.jpg

http://navaliya.com/2017/07/03/New%20folder/41.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Jul 2017 09:32 AM

http://navaliya.com/2017/07/03/New%20folder/17.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
02 Jul 2017 04:31 PM
අපෝ මහත් වෙන එක ගැන කතා කරලා වැඩක් නැ ...හරිම අමාරුයි පාලනය කර ගන්න .
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Jul 2017 06:03 PM

අර්ශස්‌ කෂාය නැතිව
ඖෂධවලින් සුව කළ හැකියි


අර්ශස්‌ රෝගය යනු බොහෝ දෙනෙකුට ජීවිතය එපා කරවන තරම් වේදනාකාරී රෝගයකි. මෙම වේදනාව දරා ගැනීමට නොහැකි වූ විට අධික කෝපය ද ඇතිවන බව රෝගීහු පවසති.

වෛද්‍යතුමියනි, අර්ශස්‌ රෝගය ඇති වීමට බලපාන හේතු ආයුර්වේදයට අනුව දක්‌වා ඇත්තේ කෙසේද?

ආයුර්වේදයට අනුව අර්ශස්‌ රෝගය හය ආකාරයකට අපට බලපානවා. වාත අර්ශස්‌, පිත අර්ශස්‌, සෙම් අර්ශස්‌, තුන්දොසින් හටගත් අර්ශස්‌, පිත් අර්ශස්‌ සහ පරම්පරාගතව ඇතිවන අර්ශස්‌ ලෙස හය ආකාරයකින් මතුවෙනවා.

වාත අර්ශස්‌

වාත අර්ශස්‌ රෝගය ඇතිවීමට බලපාන්නේ උෂ්ණ ආහාරපාන ගැනීම, මත්පැන් පානය, ආහාර ඉතා ස්‌වල්පයක්‌ ගැනීම, එක්‌ වේලක්‌ පමණක්‌ ආහාර ගැනීම, වාතය සහ අව්වට නිතර නිරාවරණය වී සිටීම වැනි හේතුන්ය. මෙය දරුණු වූ විට රක්‌තාර්ශස්‌ හෙවත් මළ සමඟ රුධිරය පිටවීම සිදුවේ.

පිත අර්ශස්‌

පිත අර්ශස්‌ සඳහා බලපාන කරුණු ලෙස ඇඹුල් ලුණු ආහාර ගැනීම, ගින්දරට සහ අව්වට සමීපව නිතර කටයුතු කිරීම. මත්පැන් පානය සහ ක්‍රෝධය නිතර සිත තුළ පැවතීම ආදියයි.

සෙම් අර්ශස්‌

සෙම් අර්ශස්‌ ඇති වීමට පැණිරස, සිනිදු ලුණු, ඇඹුල් සහ බර ආහාර ආදිය ගැනීම, දවල්ට නිදා ගැනීම, ශීතල ප්‍රදේශවල වාසය කිරීම ව්‍යායාම අඩු බව ආදී කරුණු බලපායි.

තුන්දොසින් හටගත් අර්ශස්‌, පිත් අර්ශස්‌ සහ පරම්පරාගතව ඇතිවන අර්ශස්‌ සඳහා බලපාන්නේ වාත පිත සහ සෙම යන තුන්දොස්‌ කිපීමය.

මෙහිදී දෝෂ දෙකක්‌ කිපීම නිසා තුන්දොසින් හටගත් අර්ශස්‌ සහ පිත් අර්ශස්‌ හට ගැනීමට බලපායි.

තුන්දොසම කිපීම නිසා පරම්පරාගත අර්ශස්‌ ඇති වේ.

වෛද්‍යතුමියනි, අර්ශස්‌ රෝග මතු වූ විට දැකිය හැකි රෝග ලක්‍ෂණ මොනවාද?

අර්ශස්‌ රෝගයේදී ආහාර දිරවීමේ අපහසුතා ඇතිවන නිසා කුස තුළ නිතර වේදනාවක්‌ හට ගැනීම හෝ උදරය පිපුමට ලක්‌වීම, මළ අඩු බව, ශරීරය කෙට්‌ටු වීම වාතය බහුලව ඇතිවීම, සහ ගුදයෙහි මස්‌ දලු හට ගනී

මෙම මස්‌දලු වියළිය. මැලවුණු බැවින් කළු පැහැයක්‌ ඇති වේ. තද බවකින් යුක්‌තය. සෙවල බව අඩුය.

මෙම මස්‌දලු මත ගෙඩි හට ගනී. එවිට හිස, උකුල, කලව, පපුව හා පෙකණිය යන තැන් හි අධික වේදනාවක්‌ හට ගනී.

කැස්‌ස, කුසගිනි බව, ආහාර අරුචිය, ඔක්‌කාරය. පියයුරුහි තද බවක්‌ හට ගැනීම, කරකැවිල්ල. සම නියපොතු, ඇස්‌ කළු පැහැ ගැන්වීම දැකිය හැකිය.

පිත් බහුල ගුදාංකුර ඇති වූ විට දැවිල්ල, කැසීම, උණ. දහදිය අධික බව, පිපාසය වැනි අපහසුතා මතු වේ.

සෙම් බහුල ගුදාංකුර ඇති වූ විට ඉඹුල් කටු මෙන් මහමුල් ඇත. සියුම් වේදනාවක්‌ හට ගනී. මෘදුය. කැසීම් ඇත. ඉකිළිය වේදනාව, කැස්‌ස, කෑම අරුචිය, පීනස, කුසගිනි අඩුබව, වමනය, ආහාර දිරවීමේ අපහසුතා හට ගනී.

මළ සමඟ රුධිරය පිටවීම හෙවත් රක්‌තාර්ශස්‌ රෝගයේදී මළ සමඟ බොහෝ සේ රුධිරය පිටවීම නිසා කහපාට වූ ශරීරයක්‌ ඇති වේ.

රුධිරය අඩු වීමෙන් ශරීරය දුර්වල වේ. කළු පැහැයට මළ පිට වේ.

මෙම අර්ශස්‌ අවස්‌ථාවේදී පිටවන රුධිය තුනීය. මඳක්‌ රත් පැහැතිය. පෙන බහුලය. තුනටිය,කලව, ගුදය යන ප්‍රදේශවල වේදනාව හටගනී.

අර්ශස්‌ රෝගයේදී නොරිස්‌සුම්බව, තරහා යැම දැකිය හැකිය. කුඩා අර්ශස්‌ ගෙඩි විශාල වූ විට ගුද මාර්ගය කෙළවර තදබල දැවිල්ලක්‌ හට ගනී.

මෙවැනි අවස්‌ථාවකදී මොළයේ තාපනියාමන කේන්ද්‍රය උත්තේජනය වන නිසා අර්ශස්‌ රෝගයේදී නිතර කෝපය හා නොරිස්‌සුම් බවක්‌ මතු වේ.

වෛද්‍යතුමියනි, අර්ශස්‌ රෝගීනට ඇති ප්‍රතිකාර මොනවාද?

අර්ශස්‌ රෝගීන්ට ආහාර රුචිය ඇති කරන කෙඳි බහුල පහසුවෙන් දිරවන ආහාරපාන ලබා දිය යුතුය. කොහිල, ඉදුනු බෙලි, මඩු පිට්‌ටු, ඌරුමස්‌, සාරණ, කංකුන්, කොස්‌, බණ්‌ඩක්‌කා, වැටකොළු, පතෝල, රතුලූනු, කොළ කැඳ ආදිය ආහාරයට ගැනීම සුදුසුය.

බලමාළු, බල කරවල, කෝපි ආදී ආහාර ගැනීම ගුණදායී නැත.

අර්ශස්‌ රෝගීනට ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේදයේ ඒ සඳහා ක්‍රම හතරක්‌ අනුගමනය කරයි. භේෂජ, ක්‌ෂාර, ශාස්‌ත්‍ර (ආයුධ අංශය) සහ අග්නි එම ක්‍රම හතරයි

භේෂජ ප්‍රතිකාර

මෙම ප්‍රතිකාරයේදී මළ බද්ධය ඉවත් කර වායුව ක්‍රමානුකූලව අඩු කර කුසගින්න ඇතිවීම ශරීර ශක්‌තිය වර්ධනය සඳහා ඖෂධ සහ ආහාර ලබාදේ.

ක්‍ෂාර ප්‍රතිකාර

මෙහිදී ප්‍රතිකාර මගින් ගුදකීල කපා දැමීම සිදු කරයි. එනම් ඖෂධ දියෙහි දමා තබා වියළා ගත් නූල් පටකින් අංකුර මූල ගැටගසා වරින්වර තද කිරීම සිදු කරයි. ඇතැම් විට ඖෂධ නූල් භාවිත නොකර ඖෂධ ආලේපය මගින් ම මෙය කළ හැකිය. මෙහිදී ගුදකීල කැඩීම හෝ වියළි යැමට සතියක්‌ පමණ ගත වේ. රෝගියාට තදබල වේදනා හට ගනී.

ශාස්‌ත්‍ර ප්‍රතිකාරය

මෙම ප්‍රතිකාරය මගින් ආයුර්වේද ශ්‍රාස්‌ත්‍රය ආයුධ උපයෝගී කරගෙන එවෙලෙහිම ගුද කීලය කපා දැමීම සිදු කරයි.

අග්නි ප්‍රතිකාරය

මෙම ප්‍රතිකාරය මගින් සිදු කරන්නේ අංකුරය පුලුස්‌සා දැමීමයි. මෙය කරනුයේ ගිනියම් කළ යකඩ කූරුවලිනි.

මෙම ප්‍රතිකාර අතරින් රෝගියාට වඩාත්ම යහපත් ප්‍රතිකාරය ලෙස සැලකිය හැක්‌කේ භේෂජ හෙවත් ඖෂධ බීමට හා ගෑමට ලබා දීමේ ප්‍රතිකාරයයි. ඉන් වේදනාව නැතිවේ. නිට්‌ටාවට සුව වේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දුරකථන අංක 077081010 ඇමතීමෙන් ලබා ගත හැකිය.


වෛද්‍යාචාරිනී
ඩී. හේවගේ
හේවගේ ආයුර්වේද බෙහෙත් ශාලාව, පාදුක්‌ක.
සංස්‌කරණය
උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Jul 2017 06:06 PM

ගැබ්ගෙල පිළිකා වලක්‌වන
HPV එන්නත අද සිට


ශ්‍රී ලංකාවේ ගැබ්ගෙල පිළිකා වැළැක්‌වීමේ පියවරක්‌ ලෙසින් හියුමන් පැපිලෝමා වෛරස (HPV) එන්නත ජාතික ප්‍රතිශක්‌තිකරණ වැඩසටහන අද (03 වැනිදා) සිට හඳුන්වාදීමට සෞඛ්‍ය පෝෂණ හා දේaශීය වෛද්‍ය ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙම එන්නත පාසල්හි 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 10 සම්පූර්ණ වූ ගැහැනු දරුවන් සඳහා ලබාදේ.

ජාතික ප්‍රතිශක්‌තිකරණ වැඩසටහන යටතේ අද (03 වැනිදා) පටන් සෑම වසරකදීම ජුලි මාසයේ මෙම HPV එන්නත ලබාදීමේ වැඩ සටහන ක්‍රියාත්මක කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසීය.

ජාතික ප්‍රතිශක්‌තිකරණ වැඩසටහන යටතේ මෙම එන්නත ලබාදීමේ පහසුකම් ඇත්තේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 10 සම්පුර්ණ වූ දැරියන්ට පමණයි. මෙම වැඩසටහන ආරම්භවීමත් සමඟ 2018 වසරේ සිට වයස අවුරුදු 10 සම්පූර්ණ වූ සෑම පාසල් දැරියකටම වාගේ මෙම එන්නත නොමිලයේම ලැබෙනවා. දැනට වයස අවුරුදු 10 සම්පූර්ණ කර සිටින දැරියන්ට අවශ්‍ය නම් පෞද්ගලික අංශයෙන් මෙම එන්නත ලබාගත හැකියි.

වෛද්‍ය ගිණිගේ මහතා මෙම එන්නත ලබාදීමේ වැඩසටහන සම්බන්ධව පැහැදිලි කළේ එලෙසිනි.

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මැදිවියේ කාන්තාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක්‌ සංකූලතාවයන්ට පත් වූ ගැබ්ගෙල පිළිකා සඳහා ගොදුරු වන බව රෝහල් සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වී තිබේ.

මෙම පිළිකාව වැළැක්‌වීම සඳහා ලොව පුරා ක්‍රමවේදයන් දෙකක්‌ ක්‍රියාත්මක වේ. ගැබ්ගෙල පිළිකා මූලික අවස්‌ථාවේදී හඳුනාගැනීමේ පැප් පරීක්‍ෂණය සහ HPV එන්නත ලබා දීම එම ක්‍රම වේදයන් දෙකය.

පැප් පරීක්‍ෂණය 1996 වසරේ සිට ශ්‍රී ලංකාවේ සුව නාරී සායන මගින් වයස අවුරුදු 35 ඉක්‌ම වූ කාන්තාවන් සඳහා නොමිලයේ සිදු කර ගැනීමේ පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇත. HPV එන්නත ලබාදීම අද (03 වැනිදා) පටන් ආරම්භවීමත් සමඟ ගැබ්ගෙල පිළිකා වැළැක්‌වීම සඳහා ලොව පුරා භාවිත කරන ක්‍රමවේදයන් දෙකම නොමිලයේ ලබාගැනීමේ පහසුකම් ශ්‍රී ලාංකික කාන්තාවනට හිමි වේ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
02 Jul 2017 06:17 PM
හොද වැඩක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jul 2017 07:42 PM

හර්පිස්‌ සොස්‌ටර්  අතුරු ආබාධයට ප්‍රතිකාර තිබේ

හර්පීස්‌ සොස්‌ටර් පැපොල රෝගය ඇති වී අවුරුදු 10 - 12 පසු ඇතිවිය හැකි රෝගී තත්ත්වයකි. මෙහිදී විශේෂයෙන් මතක තබාගත යුතු වන්නේ මෙම රෝග තත්ත්වය ඇතිවන්නේ පැපොල රෝගය ඇති වූ අයට පමණක්‌ බවයි. එහෙත් පැපොල සෑදුනු සෑම අයෙකුටම රෝගය මතුවන්නේ ද නැත. ප්‍රතිශක්‌තිකරණය දුර්වල විට හර්පීස්‌ සොස්‌ටර් ඇතිවන බව හඳුනාගෙන තිබේ.

මෙහිදී මුහුණ ප්‍රදේශය සහ ඇලපත ප්‍රදේශය ආසාදනයට ලක්‌වන අවස්‌ථා බහුලය. බිබිලක්‌ ලෙසට රෝගය මතුවන අතර එය මතුවන්නේ වෛරසයකිනි.

මෙහිදී බොහෝ වේලාවට රෝගය අතුරු ආබාධයක්‌ ලෙසට මුහුණ සහ ඇලපත ප්‍රදේශයේ අධික වේදනාවක්‌ සහිතව ඇති වන අතර එම වේදනාව දිගු කලක්‌ පවතින අවස්‌ථා තිබේ. මධ්‍ය ස්‌නායු පද්ධතියේ බලපෑම තුළ එවැනි තත්ත්වයක්‌ ඇති වන බව පෙනේ.

මුහුණේ වේදනාව හටගන්නේ පස්‌වන කපාල ස්‌නායුව ආසාදනයට ලක්‌වීම නිසාවෙනි. මුහුණේ බිබිලි මතුවන්නේ එම කාරණාව හේතුවෙනි. රෝගය ඇතිවන විට රෝගියාට උණ ගතිය මතුවීමට පුළුවන.

මෙම රෝගි තත්ත්වය හමුවේදීත් රෝගියා ප්‍රතිකාර වලට යොමුකර වෙන්කර තබා ගත යුතුය. හැකිනම් පැපොල සෑදී නැති අයට පැපොල රෝගය ඇති වීමේ හැකියාව තිබේ.

හර්පීස්‌ සොස්‌ටර් රෝගයෙන් පසු ඇතිවන මුහුණේ අධික වේදනාව සහ කොන්දේ අධීක වේදනාවට මෙහිදී ප්‍රතිශක්‌තිය වර්ධනය කිරීම ස`දහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් වේදනාව නැතිකරමින් දුර්වල වූ ස්‌නායු අන්ත නැවත යථා තත්ත්වයට පත් කිරීමක්‌ සිදුකෙරේ. නියමිත නිල ස්‌ථාන උද්දීපනය කිරීමේදී සම්පූර්ණයෙන්ම වේදනාවෙන් තොරව රෝගියා සුවය ලබයි.

සංස්‌කරණය
වසන්තා ශ්‍රියාකාන්ති
 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jul 2017 07:45 PM

ගර්භණී සංකූලතා සහ ඒවාට පිළියම්

ගැබ්ගත් අවස්‌ථාවේ සිට ප්‍රසූතිය දක්‌වා කාලය ගර්භණියකට හටගන්නා රෝග ගර්භණී ව්‍යාපත් ලෙස සැළකේ. මේවා බරපතළ උපද්‍රව හා සුළු උපද්‍රව ලෙස අපට වෙන්කොට හඳුනාගත හැක. ප්‍රතිකර්ම නොකළ යුතු අවස්‌ථාවක්‌ වුවද ගර්භණිය අපහසුතාවකින් පසුවේ නම් ප්‍රතිකාර කළ යුතුය.

මෙහිදී එන ගර්භණී සුළු උපද්‍රව ගැන සළකා බැලූ විට වමනය, ශෝථය (කකුල් ඉදිමීම), අග්නිමාන්ද්‍ය, (බඩගින්න අඩුවීම) -වර (උණ), අතීසාරය, මළ බද්ධය, මස්‌පිඬු පෙරළීම, දාහය, අධි රුධිර පීඩනය ගත හැක.

වමනය

ගර්භණී කාන්තාවකට බොහෝවිට දෙවන මාසයේදී පමණ උදැසන වමනය ඇතිවිය හැක. මෙම කාලය සමහරවිට වෙනස්‌ විය හැක. සමහරකුට කෙටි කාලීනවද සමහරකුට දිගු කාලීනව ද ඇතිවිය හැක. සාමාන්‍ය පීඩාවේදී,

* උදැසන අවදිවීමට ප්‍රථම තේ හෝ කෝපි වැනි දෙයක්‌ බීම.

* සයනයෙන් නැගිටීමට පෙර කෙටි ආහාරයක්‌ ගැනීම.

* කොත්තමල්ලි කබලේ බැඳ කුඩුකර කෝපිමෙන් සකසා බීම.

* බෙලිමුල් තැම්බූ වතුර බීම.

* පිපිඤ්Æ කහ ආඝ්‍රාණය

* උක්‌ දඬු යුෂ නිතර පානය.

*බෙලිමුල්, බැබිල මුල්, විළඳ කෂාය සුදුසුය.

කකුල් ඉදිමීම

බොහෝවිට මෙය 7 හා 9 මාසවල හටගනී. අපත්‍ය ආහාර භාවිතය, ව්‍යායාම අධික වීම හෝ හීන වීම බොහෝ විට පහළ ගාත්‍රාවල රුධිර නාළ සාමාන්‍ය තත්ත්වයෙන් ක්‍රියාත්මක නොවීමත් සමහරවිට මුත්‍රා ආබාධ ද විශේෂයෙන් බලපෑ හැක. කෙසේ වෙතත් ශෝථයට, මුත්‍ර ශෝධක, මුත්‍රාකාරක ප්‍රතිකාර යෙදිය යුතුය.

* සාරණ මුල්, සුළුපහ කෂාය.

* සාරණමුල්, අමු ඉඟුරු, දේවදාර, සුළුපහ කෂාය

උණ

ගර්භණී සමයේදී එන උණ ඉතාමත් සැලකිය යුතු අවස්‌ථාවකි. උණ ඇතිවීමට හේතුව ඉක්‌මනින් සොයාබැලිය යුතුය.

* කොත්තමල්ලි, පත්පාඩගම් තම්බාගත් කෂාය.

* චන්දනං ශාරිවාට ද්‍රdක්‍ෂා කෂාය සුදුසුය.

අතීසාරය

බොහෝ විට අපත්‍ය ආහාර පාන නිසා මෙබඳු තත්ත්ව ඇතිවේ.

එහිදී,

* කොත්තමල්ලි, අමු ඉඟුරු, කලාදුරු අල. ඉරිවෙරිය දඬු, බෙලි මුල් කෂාය.

* අතිවිඩයං, කලාදුරු, පත්පාඩගම්, ඉරිවේරිය, සැවැන්දරා, රත්හඳුන් කෂාය.

මළ බද්ධය

මළ බද්ධතාවයට බොහෝ විට උෂ්ණ තීක්‍ෂණ ආහාර වර්ග මෙන්ම ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකිරීම හේතුවිය හැක.

බොහෝ විට අවසාන කාලයේදී ගර්භය මඟින් අපාන ප්‍රදේශයට එන තෙරපුම හා අවහිර වීම මත, නිසි ලෙස වාතානුලෝමනය නොවීම, මළ බද්ධතාවයට හේතුවිය හැක. එවිට නිසි ප්‍රතිකාර යෙදිය යුතුයි. නමුත් බරපතළ විරේඛන කර්ම නොකළ යුතුයි. විශේෂයෙන් ජලය පානයට, කෙඳි සහිත ආහාර භාවිතයට, පළතුරු භාවිතයට උපදෙස්‌ දිය යුතුය. ගර්භණී මුල් කාලයේ සිටම දිනකට එක්‌ වරක්‌වත් මළපහ කිරීම පුරුදු විය යුතුය.

මස්‌පිඬු පෙරළීම

ගර්භණී කාලයේ අවසාන සති කිහිපයේදී මෙම තත්ත්වය ඇති වේ. එහිදී කැල්සියම් ඖෂධ දීම වඩාත් සුදුසුය.

* කුඹුක්‌ පොතු කෂාය

* ලුණු පොට්‌ටනියෙන් තැවීම ඉතාමත් සුදුසුය.

දාහයට

මෙය ගර්භණී සමයේ ඕනෑම අවස්‌ථාවක ඇතිවිය හැක.

* බාර්ලි කබලේ බැඳ කුඩුකර කෝපි මෙන් සකසා බීම.

* තැඹිලි, ජලය එළකිරි පානය සුදුසුය.

මේ උපද්‍රව දිගින් දිගටම පවතී නම් වහාම වෛද්‍යවරයකු ලවා පරීක්‌ෂා කළ යුතුයි.

තවද ගර්භණී සමයේදී එන බරපතළ උපද්‍රව නම්, ගර්භාස්‍රාව , ගර්භපාත  ශරීර අභ්‍යන්තර හෝ බාහිර ලේ ගැලීම ගර්භාෂයික අර්බුද ආදිය ගත හැක. මෙම එකදු අවස්‌ථාවන් වත් අත්බෙහෙත් පිළියම් නොකළ අවස්‌ථාවක්‌ වන අතර දැනගත් වහාම වෛද්‍යවරයකු වෙත යාම සුදුසුය.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jul 2017 07:48 PM

බෙල්ලෙන් උඩ රෝග සඳහා ශීරෝධාර ප්‍රතිකර්ම

පංචකර්ම චිකිත්සාවේ දෙවැනි තැන යෙදෙන්නේද, හඳුන්වා දෙන්නේද ශීරෝධාරා පිළියමටය. පංච කර්ම යනු,

1. තෛල අභ්‍යගේ

2. "ශීරෝධාරා"

3. සර්වාංගධාරා

4. කටීවස්‌ථ

5. ශිරෝවස්‌ථ

6. ස්‌වේද කර්ම යන්නයි.

ඉහත සඳහන් පංචකර්ම කිරීමේදී රෝගියකුට දසරුවෙන් (බෙල්ලෙන්) උඩ රෝග සඳහා ශිරෝවස්‌ථි මෙන්ම ශීරෝධාරා යෙදිය යුතුමය.

බෙල්ලෙන් උඩ රෝග වශයෙන් හැඳින්වෙන පීනස්‌ රෝග, අක්‍ෂි රෝග, කර්ණ රෝග සියල්ල ඇති කිරීමට උපස්‌තම්භක වන්නේ හිසේ රෝගය.

පීනස්‌ රෝගය

පීනස්‌ රෝගය දරුණු වීමෙන් නිරෝගී පුද්ගලයාට නොයෙකුත් ආකාර රෝගාබාධ ඇති වේ. තද හිසේ වේදනාව, ඇස්‌ පෙනීම දුර්වල වීම, කන් ඇසීම දුර්වලවීම, කල්පනා ශක්‌තිය අඩුවීම, හරිහැටි නින්ද නොයැම, අකලට හිසකෙස්‌ පැසීම, කෙස්‌ ගැලවී යැම, විදුරුමස්‌ දියවීම, දත් බුරුල්වීම, දත් දිරායැම, අකාලයේ දත් වැටීයැම, කට ගඳ ගැසීම, මොළයේ වතුර පිරීමේ රෝගය සහ මානසික රෝගය (උමතු රෝගයන්ද) ශිරෝ රෝග ගණයට ඇතුළත් වේ.

පීනස්‌ රෝගය හෙවත් හිසේ රෝග හේතුවෙන් එය උග්‍රවී ගොස්‌ සුවකළ නොහැකි හතිය ඇති වේ. එහි අතුරු විපාකය ඔබ්බට ගොස්‌ හෘදය වස්‌තුව, පෙණහලු දෙක මුල්කර ගෙන හෘදයේ එක්‌ කොටසකට ලේ ද්‍රව්‍ය අවහිර වී එම කොටස මැරී හෘදයාබාධයට ගොදුරු වී මරණයට පවා පත් විය හැකිය.

හිසේ රෝගවලින් වැළකීමට නම් අපත්‍ය ආහාර විහරණවලින් වැළකී සිටිය යුතුය.

අනවශ්‍ය ලෙස නිදි වැරීම, රාත්‍රි කාලයේ නෑම, අයිස්‌ක්‍රීම්, සව් වැනි ආහාර රාත්‍රි කාලයේ නොගත යුතුය. රාත්‍රි කාලයේ පිනි බෑමෙන් වැළකී සිටිය යුතුය. අයිස්‌ වතුර පානය නොකළ යුතුයි. තද හිරු රැස්‌වලින් හිස ආවරණය කරගත යුතුය. හිස්‌ වැසුම් පැළඳීම ඉතා යෝග්‍යය.

අයහපත් කල් ක්‍රියාව, දුම් දූවිලි ආදියෙන් ආරක්‌ෂා නොවීම, හිස තැවීම, මුත්‍රා වැඩි වේලාවක්‌ දරාගෙන සිටීම යන මේවා හේතු කාරක කොටගෙන මූලික කොටගෙන වැළකී සිටිය යුතුය.

හිසේ රෝග වැළඳීමට මූලිකම හේතුව සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම සහ නරක්‌වීම යයි කීවොත් නිවැරැදිය. ප්‍රතිශ්‍යාවේ පූර්ව රූප වශයෙන් හිසබර බව, කිවිසුම් යැම, ඇඟ මැඩුම (තද ගතිය, අපහසුව), ලොමු දැහැගැන්වීම සහ ඇතිවෙන වෙනත් උපද්‍රව රෝග සහ ප්‍රතික්‍ෂා රෝග ඉපදීමට පෙර පැහැදිලිව රෝග ලක්‍ෂණයන්ය.

ප්‍රතිශ්‍යාව රෝගයද ප්‍රභේද පස්‌ වැදෑරුම් වේ.

1. වාත ප්‍රතිශ්‍යා ලක්‍ෂණ

2. පිත්ත ප්‍රතිශ්‍යා ලක්‍ෂණ

3. කපජ ප්‍රතිශ්‍යා ලක්‍ෂණ

4. සන්නිපාත ප්‍රතිශ්‍යා ලක්‍ෂණ,

5. රක්‌ත ප්‍රතිශ්‍යා ලක්‍ෂණය.

මෙහි සඳහන් කළ ප්‍රභේදවලින් දරුණුම වනුයේ රක්‌ත ප්‍රතිශ්‍යාවය. නාසයෙන් ලේ ගැලීම, ඇස්‌ රතු පැහැවීම, හුස්‌ම හෙළීමේදී ගඳ සුවඳ පිළිබඳ නොදැනීම, පපුවේ වේදනාව, තද බව, බර බව, නාසයෙන් කුණු ගඳ හැමීම, කනේ තද වේදනාව, කන පැසවීම, දියර ගැලීම, කණෙන් කළු පැහැති සහ සුදු පැහැති කුඩා කෘමීන් ඉපදීම සිදුවේ. එය රෝග උච්ඡමස්‌ථානය වේ. එය කෘමිජ ශීරෝ රෝගය නමැති තත්ත්වයේ රෝග ලක්‍ෂණ පහළ වූ අවස්‌ථාව සේ සැළකේ.

ශීර්ෂගත රෝගයේ හිසේ ලෙඩේ පීනස්‌ රෝගයේ ආයුර්වේද වෛද්‍ය චිකිත්සාවේ පීනස්‌ ප්‍රභේද දහඅටක්‌ වශයෙන් සඳහන් වේ. එනම් ප්‍රතිකාර කිරීමේදී උගත්, දක්‍ෂ වෛද්‍යවරයා චිකිත්සාව යෙදීමේදී රෝග ප්‍රභේද නිර්ණය කර එයට අවශ්‍ය පරිදි ප්‍රතිකර්ම කළ යුතුය. ශීරෝධාරා ශිරෝවස්‌ථි යොදා රෝගියා සුවපත් කළ යුතුය.

පීනස්‌ ප්‍රභේද දහඅටකි (18)

ක්‍ෂිරන වායු පීනස, ප්‍රථිගන්ධ පීනසය,

වාත පීනසය, කෝල පීනසය

ඉරක්‌නාඩි පීනසය, මාංශ පීනසය,

අර්බුද පීනසය, ජවර පීනසය,

කරන්ඩමාල පීනසය, යොමු පීනසය

ක්‍රිමි පීනස, ගඳ පීනස

ලේ පීනස, දිය පීනස

ප්‍රතිශ්‍යා පීනස, ගල් පීනස

මේ ආදී වශයෙන් දක්‌වා ලූ රෝග ලක්‍ෂණවලින් හෙබි රෝග ප්‍රභේද වැළඳුණු රෝගීන් වත්මන් සමාජයේ බහුල වශයෙන් වැඩිවෙමින් පවතී. සෙම්ප්‍රතිශ්‍යාවෙන් ප්‍රවේශම් නොවී, වැරැදි ආහාරපාන වැළඳීම නිසාත්, වැරැදි චර්යාවන් හේතුවෙන් නරක්‌වූ සෙම, කුපිත වූ සෙම පෙනහැලි කරා යැමෙන් ලය පීනස්‌ තත්ත්වය ඇති කරයි.

මෙම ශීරස මුල් කරගෙන ඇතිවන්නා වූ සියලු රෝග නිවාරණයට දේශීය වෛද්‍ය ඉතිහාසයේ සඳහන් පරිදි හිසට අවශ්‍ය ප්‍රතිකාර දේශීය වෛද්‍ය ප්‍රතිකාර සුදුසු පරිදි දේශීය වෛද්‍යවරයා අවස්‌ථානෝචිතව ස්‌ථානෝචිත අදාළ ඔසු වර්ග යොදා රෝගීවූ අය එම රෝගවලින් මුදාගත හැකිය. මරණ මංචකයට යා නොදී දීර්ඝායුෂ වළ¹ සිටීමට උරදිය හැකිය.

ශීරෝධාර සහ ශිරෝවස්‌ථි වැනි දේ සිරස රෝගවලට දේශීය වෛද්‍ය ප්‍රතිකාර නොයොදා වෙනත් ප්‍රතිකාර කිරීමට යැමේදී සාර්ථක ප්‍රතිඵලයක්‌ ලැබීමට නොහැකි වී ඇත. ඇතැම් අයට මරණයට පවා ගොදුරු වීමට සිදුවූ අවස්‌ථා නැතුවා නොවේ.




සංස්‌කරණය
වසන්තා ශ්‍රියාකාන්ති

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
03 Jul 2017 07:51 PM
මටත් දූවිලි ඇවිස්සුවාම පීනස් ගතියත් එනවා..
මේ ලිිපියේ කියන තරම් දරුණු තත්ත්වයක් නෑ..
0
You are not authorized to post a reply.
Page 26 of 137 << < 2425262728 > >>