Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Jul 2018 09:17 PM by Udari අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි 2729 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 27 of 137 << < 2526272829 > >> Author Messages DushanVeteran MemberPosts:2536 04 Jul 2017 03:43 AM ඉතා වැදගත් ලිපියක් 0 maduranga001Most Senior MemberPosts:14118 04 Jul 2017 09:49 PM අර්ශෂ් රෝගය ගැන ඇති ලිපිය කියෙව්ව. එතකොට මතක් වුනා නැවතත්. මගේ මිතුරියකගේ පියා ලිපියක් ලියල තියල් සිය දිවි නසා ගත්ත. අර්ශෂ් රෝගය වේදනාව ඉවසාගන්න බැරිව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 06 Jul 2017 04:10 AM ගැබ්ගෙල පිළිකාව වලක්වා ගනිමු ශ්‍රී ලංකාවේ කාන්තාවනට සෑදෙන පිලිකා අතරින් ගැබ්ගෙල පිළිකාව දෙවැනි ස්ථානය ගනී. පූර්ව පිළිකා අවධියේ දී හඳුනාගතහොත් එම තත්ත්වය පිළිකාවක් බවට පත්වීම වැළැක්විය හැකිය. ගැබ්ගෙල පිළිකාව බොහෝ දුරට ගැබ්ගෙල ආශ්‍රිතව හියුමන් පැපිලෝමා වෛරසය (HPV) ආසාදනය දිගුකල් පැවතීම මගින් ඇති විය හැකිය. ගැබ්ගෙලපිළිකාව ඇතිවීමට පෙර පූර්ව පිලිකා අවධියක් ඇත. පූර්ව පිළිකා අවධියේදී රෝග ලක්ෂණ නොමැත. එනමුත් පැප් පරීක්ෂණයක් මගින් හඳුනා ගෙන නිසි ප්‍රතිකාර ලබා පිළිකාවක් බවට පත්වීම වැළැක්විය හැකිය. ගැබ්ගෙල පිළිකාවක රෝග ලක්ෂණ මොනවාද? Ö යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනය Ö ලිංගික සංසර්නයට පසු රුධිර වහනය Ö යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයකින් යුතු ශ්රාවයක් පිටවීම Ö මාස් ශුද්ධිය නැවතී ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම. මෙම රෝග ලක්ෂණ පිළිකාවක් නොවන වෙනත් රෝග තත්ත්ව වලදී ද ඇතිවිය හැකිය. ගැබ්ගෙල පිළිකාවක අවදානම වැඩි කාටද? Ö හියුමන් පැපිලෝමා (HPV) නමැති වෛරසය ආසාදිත කාන්තාවන්ට Ö අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹූ කාන්තාවන්ට Ö බහුපුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන්ට Ö බහුස්ත්‍රී සේවනයේ යෙදෙන පුරුෂයින් සමග ලිංගිකව සම්බන්ධවන කාන්තාවන්ට Ö අක්‍රියව හෝ සක්‍රියව දුම්පානයේ යෙදෙන කාන්තාවන්ට Ö විවිධ රෝග සඳහා ප්රතිශක්තීකරණය හීනකරවන බෙහෙත් ගන්නා කාන්තාවන්ට Ö ලිංගිකව බෝවන රෝග සෑදි ඇති කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකාවන් සෑදීමේ අවදානමක සිටින බව කලින් දැනගත හැකිද? ගැබ්ගෙල පිළිකාව සෑදීමට පෙර (පූර්ව පිළිකා අවධිය) පැප් පරීක්ෂාවකින් හඳුනාගත හැකිය. Ö පැප් පරීක්ෂාවක් යනු ගැබ්ගෙල ආශ්‍රිතව සිදු කරන සරල පරීක්ෂණයකි. Ö මේ සඳහා ඔබ පැමිණිය යුතු වන්නේ මාසික ශුද්ධ වීම නොමැති දිනයකදීය. Ö මෙහිදී ඔබට වේදනාවක් හෝ අපහසුවක් ඇති නොවේ. Ö මෙමගින් ගැබ්ගෙලෙහි පූර්ව පිළිකා සෛල හඳුනාගත හැකි වේ. පැප් පරීක්ෂණයට යොමු විය යුත්තේ කවුද? Ö පැප් පරීක්ෂණය නිරෝගී කාන්තාවන් වෙනුවෙනි Ö මෙම පරීක්ෂණය අවුරුදු 35 හෝ ඊට වැඩි ලිංගික සම්බන්ධතා පවත්වන කාන්තාවන්ට සුවනාරී සායනවලදී සිදු කර ගත හැකිය. ජාතික පිළිකා මර්දන වැඩසටහන (නො. 516 ඇල්විටිගල මාවත, නාරාහේන්පිට, කොළඹ 05. දුරකථනය : 011-3159227 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Jul 2017 04:13 AM අරක්කු කොම්පැනි අධ්‍යක්ෂණයෙන් දැන් පෙන්වනවා · අරක්කු බොන කාටත් බිව්වාට පස්සෙත් හරිම අපහසුයි. අරක්කු බොන හැටි අරක්කු බීලා කියන කරන දේවල් ආදිය ඇත්තටම සිද්ධවෙන විදිහට වඩා වෙනස් විදියට පෙන්නුවහම ළමයින්ටත් තරුණයන්ටත් ඒ චරිත ගැන කැමැත්තක් ඇති වෙනවා. කවදාහරි දවසක ඒ වගේ චරිතයක් වෙන්න නම් අරක්කු- බොන්න ඕනෙ බව ළමයින්ට ඉගැන්නුවහම ලාභ කාටද අරක්කු කොමිපැනියටයි · සල්ලිත් වියදම් කරලා ඇගට අමාරුව මිසක් වෙන කිසිම ප්‍රයෝජනයක් නැති අරක්කු බොන්න ළමයින්ට හා තරුණයන් පොළඹවා ගන්නේ නැති නම් අරක්කු සමාගම්වලට ලාභ කොයින්ද? ඒ නිසා තමයි අරක්කු ගැන ළමයින්ගේ හිතේ රසවත් චිත්‍රයක් මවන්නේ. ඒ හරහා අරක්කු බොන එක හොඳ වැඩක් ලෙස ඒත්තු ගැන්වීමටය සමාගමට උවමනා වෙලා තියෙන්නේ. අපි ඇත්ත තේරුම් ගත්තොත් අපිට ලාභයි නොගත්තොත් කොම්පැනියට ලාභයි රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ මොකටද? ඔබ නොදැනුවත්වම භාණ්ඩ අලෙවියට ඔබව හසුකර ගන්නා රූපවාහිනි නාලිකාත්, ඒ හරහා වෙළෙඳ කොම්පැණි කාරයොත් ගෙනයන වැඩපිළිවෙල හඳුනාගෙන අවබෝධ කරගන්න පුළුවන්නම් හරියට හරි. එවිට නම් ඔබවත් ඔබේ දරුවාත් දන්නෙම නැතුව වෙනස් කරන හැකියාව එම ආයතනවලට නැති වෙනවා. ළමුන් බලන කාටුන් වලත් ටෙලි නාට්‍ය චිත්‍රපටි රූපරාමුවලත් ඇති මද්‍යසාර දුම්වැටි දර්ශන හඳුනාගෙන ඒ හරහා ඔළුව වෙනස් කිරීමට සමාගම් දරන උත්සාහය හඳුනා ගැනීමට ළමයින්ට සහාය වන්න. ඒ සඳහා Ö රූපවාහිනි නරඹන අතර තුර දකින සෘජුව හා වක්‍රව මද්‍යසාර හා දුම්වැටි ප්‍රචාරණය ගැන ළමුන් සමග සාකච්ඡා කරන්න. Ö ඒ සඳහා යොදා ගන්නා රූපරාමු අදහස් දෙබස් ආදිය ගැන ඒ මොහොතේ ම දරුවාට පෙන්වා නිවැරදි කර දෙන්න. Ö ඔබේ දරුවාට අවබෝධයෙන් යුතුව රූපවාහිනිය නැරඹීමට කුඩා කල සිට හුරු කරන්න. Ö මධ්‍යසාර හා දුම්වැටි වැලැක්වීම පිළිබඳ කුඩා ප්‍රියජනක ක්‍රියාකාරකම්හි යෙදීමට දරුවා පොළඹවන්න. Ö රූපවාහිනිය නැරඹීම මෙන්ම සෙසු ළමුන් හා පරිසරය සමග ක්‍රියාශිලීව එක්විය හැකි වෙනත් අවස්ථාද දරුවාට හඳුන්වා දෙන්න. Ö රූපවාහිනී මද්‍යසාර, දුම්වැටි දර්ශනවලට පෙනි සිටින නළුවන්/නිළියන් එය මුදලට කරන බව පහදා දෙන්න. Ö රූපවාහිනිය තුළින් ළමුන්ට සෘජුව හා වක්‍ර ලෙස අරක්කු, බියර්, සිගරට් ප්‍රචාරණය තරඟ අවස්ථාවලදී ඊට එරෙහිව අදාල ආයතනයට විරෝධය ප්‍රකාශ කරන ලිපි යෑවීමට පොළඹවන්න. එයින් ඔබේ දරුවා මාධ්‍ය සාක්ෂරතාවය සහිත බුද්ධිමත් වැඩිහිටියකු බවට පත්කර ගත හැකිය මද්‍යසාර ගැන ප්‍රශ්න කරමු අවබෝධ කරගනිමු ජීවිතයේ වසන්ත සමය තමයි තරුණ කාලය, කට්ටියක් එක්ක සෙට් වෙන්න විනෝද වෙන්න මෙන්ම අපේ ජීවිතයේ දියුණුව ගැන හිතන්නත් තරුණ කාලය අපට වටිනවා. ආතල් එකක්, සැපක් කියන්නේ කොහොම හැඟීමක්, දැනීමක් ඇති වුණු විටද? විනෝදයක් ගන්න කොට ඇඟට හිතට දැනෙන්න ඕන, කොහොම ගතියක්ද? අපි ටිකක් ගැඹුරින් හිතන්න ඕනේ. යමක් ගැන හොයලා බලන එක පරික්ෂණයක් කරන එක අපේ ජීවිතවලට අලුත් අත්දැකීම් ගෙන එනවා මද්‍යසාර භාවිතා කළහම ඒ කියන්නේ අරක්කු බිව්වම ඇත්තටම ඇඟට දැනෙන දේ සොයා බලන එක අපේ ජීවිතයට හුඟාක් වටිනවා ඇඟට දැනෙන්න අරක්කු බිව්වම ඇත්තටම ඇඟට දැනෙන්නේ කුමක්ද? ඒ කියන්නේ හිසට, මුඛයට, ගිලිනකොට, බඩට, ඇඟට. ඔබටත් කෙනෙකු අරක්කු බොනකොට මේ ගැන අහලා ලියාගන්න පුළුවන්. නැතිනම් අරක්කු බීම ගැන කයිවාරු ගහන කෙනෙකුගෙන් ආතල්ම කියලා කියන අවස්ථාවේදී ඇඟට දැනුනේ මොකක්ද කියලා අහලා මේ වගුව පුරවා ගන්න පුළුවන්. මෙහෙම ප්‍රශ්න කරන එක "සැප" තමයි විවිධ පළාත්වල තරුණයින් මේ ගැන සොයා බැලූවිට ඔවුනට ආවේ 100% එක සමාන උත්තරයි විහිළුවට, බොරුවට කියන කතා මඳකට පැත්තකට කර දමා ඇත්තටම කියන කතා ගොනු කළහම ඇත්ත අත්දැකීම ගොනුවුනේ මෙහෙමයි. ඇඟට දැනෙන්න අරක්කු බිව්වම හිසට - බරයි, කැරකෙනවා, රිදෙනවා, උස්සාගෙන ඉන්න අමාරුයි. මුඛයේදී - තිත්තයි, පිච්චෙනවා වාගේ බඩට - දඟලනවා, වමනය එනවා ඇඟට - පණ නෑ විසිවෙනවා, සමායෝජනය අඩපන වෙලා හෙල්ති ලංකා 58/15 බී. පාසල් මාවත නාවල රාජගිරිය. දුරකථන - 011-2884002 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 06 Jul 2017 04:16 AM ඩෙංගු මඩින නවතම ක්‍රම සාර්ථක වේද? ශ්‍රී ලංකාව පුරාම වාර්ෂිකව සිදුවන ඩෙංගු භීතිකාව නැවත උත්සන්න වී, පසුගිය වසරවල මෙන්ම ඩෙංගු මදුරුවා නැති කළ හැකි ක්‍රම පිළිබඳව නැවත වරක් කතිකාවක් ගොඩ නැගී ඇත. වැසි කාලයට ගෙවල් හදන වඳුරන් මෙන් මෙම කතා බහ නිසා සාමාන්‍ය ජනතාවගෙන් සමහරක් කුල්මත් වීද තවත් සමහරක් ඔල්මොරොන්දම් වීද සිටිති. මෙම කතාබහවලට මූලික වී ඇත්තේ ඕස්ටේ්රලියාවෙන් ගෙන්වීමට යන බැක්ටීරියාවක් හා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මදුරුවන් කන මදුරුවකු ගැනය. ඕස්ටේ්රලියාවෙන් ගෙන්වීමට යන මේ අලුත් බැක්ටීරියාව කුමක්ද Bti බැක්ටීරියාව මෙන්ම මදුරු කීටයන් මරණ බැක්ටීරියාවක්ද, එසේ නොවේ නම් මෙම බැක්ටීරියාවේ කාර්ය භාරය කුමක්ද? මෙම බැක්ටීරියාව ඩෙංගු නැති කරන්නේ කෙසේද? මෙම බැක්ටීරියාවේ කාර්ය භාරයවනුයේ මදුරුවා විනාශ නොකර ඩෙංගු වෛරසය නැති කිරීමයි. වුල්බැකියා (wolbachia) නම් මෙම බැක්ටීරියා විශේෂය අප පරිසරයේ ජීවත්වන බොහෝ කුඩා කෘමි සතුන් ගේ ශරීර තුළ ජීවත්වේ. කෘමි සතුන්හට රෝගවලින් ආරක්ෂා වීම සඳහා ස්වභාව ධර්මයෙන්ම ලැබී ඇති දායාදයක් වන මෙම බැක්ටීරියාව, ශරීර ගත වී කෘමින් හට රෝග අසාදනය වීම පාලනය කරයි. නමුත් අපගේ අවාසනාවට ඩෙංගු වාහක මදුරුවන් (ඊඩිස් ඊජිප්ටයි, ඊඩිස් ඇල්බොපික්ටස්&zwnj හා වෙනත් බොහෝ මදුරු විශේෂයන් හට මෙම වුල්බැකියා අසාදනය වී නොමැත. නමුත් දැන් ලෝකයේ බොහෝ රටවල විද්‍යාඥයින් හා පර්යේෂකයින් මෙම බැක්ටීරියාව කෘත්‍රිමව මදුරුවාගේ ශරීර තුළටද ඇතුළු කිරීමට සමත් වී ඇත. මෙය පහසු කාර්යයක් ලෙස බැලූ බැල්මට පෙනුනද, මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිපලයකි. අප පරිසරයේ ජීවත් වන 'Drosophilidae' විශේෂයේ 'fruit flies' එසේ නොමැති නම් අප සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනු ලබන පලතුරු මැස්සාගේ ශරීරයෙහි මෙම වුල්බැකියා බැක්ටීරියාව බොහෝවිට ජීවත්වේ. විශේෂ පර්යේෂණාගාර තුළදී අන්වීක්ෂ මගින් පලතුරු මැස්සාගේ ශරීරයෙන් ඉවත් කරනු ලබන මෙම බැක්ටීරියාව ඉතා සියුම් ලෙස හුලං පුරවන ලද බැලුනයකට, බැලුනය පිපිරීමට ඉඩ නොදී කුඩා ඉඳි කට්ටක් ඇතුල් කරන්නාක් මෙන් සියුම් ලෙස මදුරු බිත්තරය තුළට මෙම බැක්ටීරියාව ඇතුල් කෙරේ. මේ ලෙස ඉතා විශාල මදුරු බිත්තර සංඛ්‍යාවකට මෙම බැක්ටීරියාව ඇතුළු කෙරේ. මෙසේ වුල්බැකියා ඇතුල් කරන ලද බිත්තර පුපුරා කීටයන්ද, පිලවුන්ද, පසුව ගැහැණු හා පිරිමි මදුරුවන්ද පරීක්ෂණාගාර තුළ වැඩේ. ඉන්පසුව මෙම ගැහැණු හා පිරිමි මදුරුවන් වෙන් වෙන්ව කූඩු තුළට දමා ගැහැණු මදුරුවන් වුල්බැකියා ආසාදනය නොවූ පිරිමි මදුරුවන් හා සංසේචනය වීමට සලස්වනු ලබන අතර සංසේචනය වූ ගැහැණු මදුරුවන්ගේ ශරීරයේ වර්ධනයවී ජනනයවන බැක්ටීරියාව ඊළඟ පරම්පරාවද අසාදිත තත්වයට පත්කෙරේ. මෙලෙස වුල්බැකියා මදුරුවන් තුළ ජීවත්වෙමින් ඊළඟ පරම්පරාවන්ද වුල්බැකියා අසාදිත පරම්පරාවට පත් කර ඩෙංගු වෛරසය මදුරුවන් තුළ ජනනය වීම වළක්වයි. එවිට මෙම වුල්බැකියා අසාදිත ඩෙංගු මදුරුවන් වාහක තත්වයෙන් මිදේ. මේ අතර වුල්බැකියා අසාදිත පිරිමි මදුරුවන්ද අසාදිත නොවූ ගැහැණු මදුරුවන් හා සංසේචනය වේ. මෙම අසාදිත පිරිමි මදුරුවන් හා සංසේචනය වන පරිසරයේ ජීවත්වන අසාදිත නොවූ ගැහැණු මදුරුවන්ද වඳ භාවයට පත්වේ. මේ ආකාරයට දෙයාකාරයකින් ක්‍රියාත්මක වන බැක්ටීරියාව ඩෙංගු රෝගය බෝවීම වලක්වන අතරම මදුරු ගහණයද අඩු කරයි. දැන් අපහට පැන නැඟෙන ප්රශ්නය වන්නේ මෙම බැක්ටීරියාව මදුරුවන් අපගේ ලේ උරා බීම හරහා අප ශරීරයට ඇතුළු වුවහොත් මිනිසා හට අතුරු ආබාධ ඇතිවිය හැකිද යන්නයි. මේ සඳහා දීර්ඝ කාලින පර්යේෂණ කර ඇති අතර මේ දක්වාම පර්යේෂකයන්හට තහවුරු වී ඇත්තේ මිනිසා හට අතුරු ආබාධ ඇති කිරීමට තරම් මෙම බැක්ටීරියාව ශක්තිමත් නොවන බවයි. තවද මදුරුවන්ගේ විලෝපිකයන් වන හුනන් මකුළුවන් වැනි සතුන් යොදා කරන ලද පරීක්ෂණවලින් ද මදුරුවන් ආහාරයට ගත්තද මෙම සතුන්ගේ ආහාර මාර්ගයේ මෙම බැක්ටීරියාව විනාශ වන බැවින් ආහාර දාමය තුළින් මෙම වුල්බැකියා ගමන් කිරීමේ අවස්ථාව විරල බව පර්යේෂකයන්ගේ මතයයි. කෙසේ වුවත් මෙම කටයුත්ත සඳහා මූලික අදියරේදී ඉතා විශාල මුදලක් වැයවන අතර මේ සදහා ඉතා දීර්ඝ කලයක්ද ගතවේ. වසංගත කාලයක් තුළදී පරිසරය තුළ ලක්ෂ සංඛ්‍යාත මදුරු ගහනයක් ජීවත් වන අතර පරිසරය පුරා පැතිරී ඇති ගහනය ආසාදිතයන් ලෙස පත් කිරීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. නමුත් ඩෙංගු මර්ධනයේදී අප අනුගමනය කරුණු ලබන බෝවන තැන් විනාශ කිරීම, ධූමායන වැනි ක්‍රියාද වියදම් අධික හා පරිසර හිතකාමී ක්‍රියා නොවන බැවින් වුල්බැකියා ආසාදිත මදුරුවන් මුදාහැරීමද එකවරම බැහැර කළ නොහැකි මර්දන ක්‍රියාවලියකි. මෙම බැක්ටීරියාවේ තවත් විශේෂත්වයක් වනුයේ මැලේරියාව බරවා වැනි බොහෝ වාහක රෝගද මෙම බැක්ටීරියාව මගීන් පාලනය කළ හැකි වීමයි. මෙ දිනවල කතා බහට ලක්වන ඊළඟ මාතෘකාව නම් මදුරුවන් කන ශාක භක්ෂක මදුරුවකු පිළිබඳ කතාබහයි. මේ මදුරුවා කවුද ශාක භක්ෂක නම් මදුරුවන් කන්නේ කොහොමද, මෙම මදුරුවාගේ කීට අවධිය මාංශ භක්ෂකවන අතර කීටයන් ආහාරයට ගනී. නමුත් වැඩුණු සුහුඹුල් මදුරුවා ගේ පිරිමි සතා මෙන්ම ගැහුණු සතා ගේ ද ආහාරය වන්නේ මල්පැණිය. කීට අවදියේදී කීටයින් ආහාරය සඳහා ගත්තද වැඩුණු පිරිමි හා ගැහැනු මදුරුවා මල් පැණි යුෂ බොන මෙම ශාක භක්ෂක මදුරුවකු ලෙස සැලකේ. අලි මදුරුවා, මදුරුවන් කන මදුරුවා යන අන්වරථ නාමයන් ගෙන් හඳුන්වන මෙම මදුරු විශේෂය මඟින් ඩෙංගු වාහකයා විනාශ කළ හැකි ක්‍රම පිළිබඳ අධ්‍යයනයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය නිශ්ශංක ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වසර 20 කට පමණ පෙරසිට සිදුකර ඇත. නමුත් අද මෙන් ඩෙංගු බහුල නොවූ එකල මෙම පර්යේෂණ පිළිබඳව නිසි ඇගයීමක් සිදු නොවුනි. මෙය ලෝකයේ වෙනත් බොහෝ රටවලද පර්යේෂණාගාර තුළ අත්හදා බලමින් පවතී. විද්‍යාගාර මට්ටමින් මෙය සාර්ථක වුවද නගරිකරණයත් සමඟ මෙම ජෛවපාලන මර්ධන ක්‍රමය ප්රයෝගිකරණය කිරීම අසීරු කටයුත්තක් බවට පත්වී ඇත. ග්රාමීයව ඩෙංගු බෝ කරන Aedes albopictus බෝවන තැන්වලම බෝවන Toxorhynchites මදුරුවාගේ ජීවන චක්‍රය සඳහා දින 45- 90 වැනි දීර්ඝ කාලයක් ගතවේ. කීට අවස්ථාවද දින 21- 45 ක් පමණ වේ. මෙම දීර්ඝ කීට අවදීය තුළ ජලයේ ඩෙංගු කීටයන් සමඟ සිටිමින් කීටයින් ආහාරයට ගනී. නමුත් මෙම දීර්ඝ කීට අවධියම මෙම මදුරුවාගේ පැවැත්මට තර්ජනයක් බවට පත්වී ඇත.මෙම කීටයන් සිටින ජල භාජනය තුළ දින 45 තුළ ජලය පැවතීමේ සම්භාවිතාව අවම බැවින් ජලය වියලි ගිය පසු මෙම කීටයින් ද ජීවිතක්ෂයට පත්වේ. ග්‍රාමීය ප්‍රදේශ ස්වභාවික මදුරුවන් බෝවන කපන ලද උණබට තුළ, ගස්බෙන හා වෙනත් ස්ථාන තුළ බිත්තර දමන මෙම මදුරුවා ඩෙංගු වාහකයකුවන Aedes albopictus නම් මදුරු විශේෂය මර්ධනය කිරීම සඳහා අත්හදා බැලුවද, පර්යේෂණාගාර තුළ මදුරු කොලනි පවත්වාගෙන යැම විශාල වියදමක් හා ශ්‍රමයක් වැයවන පහසු නොවන ක්‍රියාවලියකි. තවද මෙම මදුරුවා කෘමිනාශකවලට හා Bti වැනි ජෛව නාශක සඳහාද ඉතා සංවේදී මදුරුවකු බැවින් ඩෙංගු වසංගතයක් පවතින කාලයක පාරිසරික ශුද්ධ කිරීම් නිතර සිදුවන හා කෘමි නාශක, ධුමායන සිදු කරන මෙවන් අවධියකට කොතෙක් දුරකට සාර්ථකව මර්දන ක්‍රමයක් ලෙස භවිත කල හැකිද යන්න විමසා බැලීමෙන් කාලය, මුදල් මෙන්ම ශ්‍රමයද ඉතිරි කරගත හැකිය. පසුගිය වසර කිහිපය පුරාම අප රටේ ඩෙංගු වසංගත තත්ත්වයෙනුත් ඉදිරියට ගොස් වසර පුරාම ඩෙංගු පවතින තත්ත්වයට හා වැසි සහිත කාලවලදී අධි වසංගත තත්ත්වයට පත්වී ඇත. මේ ලෙස ඩෙංගු රෝගීන් බහුල වන විට මෙම මර්ධන ක්‍රම ප්‍රයෝගිකව යොදා ගන්නේ කෙසේ දැයි අප විසින් සලකා බැලිය යුතුය. අප මෙම වුල්බැකියා අසාදිත මදුරුවන් හෝ ටෝක්සොරින්කෛටිස් මදුරුවන් ඩෙංගු රෝගය අධික ප්‍රදේශයකට මුදාහරින්නේයයි සිතමු. එවිට අප විසින් දැන් කරනු ලබන මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම, ධුමායන යන මර්ධන ක්‍රම නවතනවාද. එම මර්ධන ක්‍රම සමගම මෙම නව ක්‍රමද ක්‍රියාත්මක කරනවා නම්, වුල්බැකියා අසාදිත මදුරුවන් හෝ ටෝක්සොරින්කෛටිස් මදුරුවන් නොමරා ඩෙංගු මදුරුවන් පමණක් පරිසරයෙන් ඉවත් කරන්නේ කෙසේද. මදුරුවන් අධික වැසි කාලවලදී අනෙකුත් මර්දන ක්‍රම නතර කර දිර්ඝ කාලයක් ගතවන මෙම නව ක්‍රම අත්හදා බැලීමේ අවදානම අපට ගත හැකිද. එසේ නොමැතිව වැසි රහිත බෝවන ස්ථාන අවම කාලවලදී මෙම නව ක්‍රම අත්හදා බලා පලක්වේද. ප්‍රයෝගිකව ඉහත අභියෝග සොයා බලා කටයුතු කිරීමෙන් කාලය මෙන්ම අනවශ්‍ය මුදල් නාස්තිය වලක්වා ගත හැකිවේ. ජාතියක් වශයෙන් අප වසර 30 ක කුරිරු යුද්ධයකින් ජයගෙන ඇත්තෙමු. එවන් වූ අපට ඩෙංගු මදුරුවාට එරෙහි යුද්ධය ජය ගැනීමට නොහැකි විය නොහැක. අපට නැත්තේ නියමිත යාන්ත්රණයකි. යුද්ධය ජයගත් ලෙසට අප C-7 යාන්ත්‍රණය මේ සඳහා අත්‍යවශ්‍ය වේ. එනම් - අවබෝධය, පැහැදිලි විශ්වාසය, සැලකිලිමත්වීම, ධාරිතාව, ආත්ම විශ්වාසය, කැපවීම, සහයෝගි ක්‍රියාමාර්ග යනාදියයි. අප රටට අවශ්‍ය කල නොහැකි දේ ගැන අවශ්‍ය සිහින මවන පර්යේෂකයෝ නොව. අප රටට ගැලපෙන දේ කළ හැකි පර්යේෂකයෝ හා C-7 යාන්ත්රණයකි. Ö නජිත් සුමනසේන Ö රජිත කුරුප්පුආරච්චි කීට විද්‍යා පුහුණු පාසැල ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 RosiSuper Senior MemberPosts:5335 06 Jul 2017 06:35 AM මට නම් හිතෙන්නේ මිනිසුන්න්ට වුවමනාවක් නැති එක තමා ඔක්කොටොම මුල 0 chamaramindMost Senior MemberPosts:13471 07 Jul 2017 06:14 PM හෘදය සහ පෙණහලු රෝගීන්ට නව බලාපොරොත්තුවක් ඉන්ද්‍රාණි තෝරදෙනිය ඡායාරූපය - උදේනි රාජපක්ෂ හදිසි අනතුරකින් හෝ රෝගි තත්ත්වයකින් මෙලොව හැරයන පුද්ගලයකුට තමන්ගේ ශරිර අවයව කොටසක් මගින් තවත් පුද්ගලයෙකුට ජිවිතය ලබාදිය හැකිනම් එය මොනතරම් භාග්‍යයක්ද? වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග අද ලොව පුරා සිදුකරන මොළය මිය ගිය පුද්ගලයින්ගේ බහු අවයව බද්ධය තුළින් තවත් පුද්ගලයකුට ජිවය ලබා දීම විශ්මය ජනකය. එම උතුම් පුණ්‍ය කර්මයට දායක විමටත් ජිවිත බලාපොරොත්තු අත් හළ අයට යළි ජිවය ලැබිමටත් මෙලොව ජනතාවට අද වාසනාව උදාවි ඇත. ලෝකයේ බොහෝ රටවල් මෙසේ ඉදිරියට පියවර තබද්දි ශ්‍රි ලංකාවද ඊට නොදෙවෙනි නොවි ඉදිරියට පය තැබිම මෙරට ජනතාවගේ වාසනාවකි. ජීවත් විමට අත්‍යවශ්‍ය වකුගඩු පෙණහලු හෘදය ඇතුළු අවයව දුර්වල වීම එදා යම් කෙනෙකුගේ ජිවිත ආශාව අත්හැරීමට තරම් හේතුවක් විය. නමුත් අද වෛද්‍ය විද්‍යාව ඔවුන්ට ජිවත් විමේ බලාපොරොත්තුව ලබාදි ඇත. මෙහි ජයග්රාහි මෙන්ම ඉහළම සතුට මෙරට ජනතාවට එක්කරන්නේ හෙට දිනයේ ලංකාවේ ප්‍රථම වතාවට මහනුවර මහ රෝහලේදි ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සුදානම් කොට ඇති හෘදය සහ පෙණහලුු බද්ධයයි. මොළය මියගිය පුද්ගලයකුගේ ශරිර අවයව ලබාගෙන තවත් පුද්ගලයකුට බද්ධ කිරිමේ ක්‍රියාවලිය තුළ නෛතික මෙන්ම විද්‍යානුකූල පදනමක්ද ඇත. ඒ පිළිබඳ අප කළ විමසීමකදි මහනුවර මහ රෝහලේ අවයව බද්ධ කිරිම පිළිබද සම්බන්ධිකරණ නිලධාරි වෛද්‍ය අනුර අබේසිංහ මහතා මෙසේ පැවසිය. “අපි මහනුවර මහරෝහලේදි මෙරට ප්‍රථම වතාවට මොළය මිය ගිය පුද්ගලයින්ගෙන් ලබාගත් වකුගඩු බද්ධය 2004 වසරේදී සිදු කළා. එය ඉතා සාර්ථකයි. මේ වන විට සැත්කම් සිය ගණනක් ඉතා සාර්ථකව සිදුකර තිබෙනවා. අපි මිළග සාර්ථක පියවර ලෙස හෘදය සහ පෙණහලු බද්ධයට සියලු කටයුතු දැන් සුදානම් කර තිබෙනවා. එංගලන්තයේ මහාචාර්ය ස්ටිවන් ක්ලාක් මහතා ඇතුළු කණ්ඩායමේ අධික්ෂණය සහ මඟ පෙන්විම යටතේ සියලු කටයුතු සිදු කරන්නේ. මොළය මියගිය පුද්ගලයන්ගේ අවයව බද්ධකිරීමයි සිදු කරන්නේ. මොළය මියගිය රෝගින් ජිවත් වෙන්නේ යන්ත්‍රයක ආධාරයෙන්. ඔවුන්ගේ ආයු කාලය දින කිහිපයයි. මොළය මියගියත් මොවුන්ගේ අනෙක් ශරිර අවයව ක්‍රියාකාරී තත්ත්වයේ පවතිනවා. විශේෂඥ වෛද්‍යවරුන් මෙම මොළය මිය ගිය රෝගියා ස්ථිර වශයෙන්ම ජිවත් නොවන බවට සහතික කළ පසු අපි එම රෝගියාගේ ඥාතීන් මේ පිළිබඳ දැනුම්වත් කරනවා. මේ අවස්ථාව ඥාතින්ට දැඩි සංවේදි අවස්ථාවක් මොකද එයාලා හිතන්නේ රෝගියා තව දුරටත් ජිවත් වෙයි කියලා. ඒක තමා ලෝක ස්වභාවය. කිසිම දවසක වෛද්‍යවරයකු තවත් රෝගියකු මරලා තව කෙනෙක් ජිවත් කරවන්ට කටයුතු කරන්නේ නැ. ඒ අවස්ථාවේ ස්ථිරවම මිය යන බවට සහතික කළ රෝගියෙකුගේ අවයවවලින් තව කෙනෙකුට ජීවය ලබාදිය හැකියි. අවසරයකින් තොරව කිසිම අවයවයක් අපි ලබාගන්නේ නැ. මේ පිළිබදව දැනුවත් විම ඉතා වැදගත් වෙනවා. කැමැත්ත මත ලබාගත් වකුගඩු වැනි අවයව දැනටමත් ලංකාවේ වෙනත් රෝහල් වල සිට ඉතා ආරක්ෂාකාරි අන්දමින් මහනුවර මහ රෝහලට රැගෙන එනු ලබනවා. හෘදය සහ පෙණහලු බද්ධ කිරිමේ සැත්කමට අවශ්‍ය සියලුම සම්පත් අප රෝහල සතුයි.” ලෝකයේ බොහෝ රටවල මෙම අවස්ථාවේ පසුවසන පුද්ගලයෙකුගෙන් අවයව ලබා ගැනීම සඳහා පනත් සම්මත කර ඇති අතර විශේෂඥ වෛද්‍ය වරුන්ගේ නිර්දේශ මත අවසරයකින් තොරව මෙම ශරිර අවයව ලබා ගෙන තවකෙකු ජිවත් කරවිමේ අවකාශ ඇතත් අප රට තුළ එවැන්නක් නොමැත. රෝහල්වලින් ලබා ගන්නා අයදුම්පත් හරහා කැමැත්ත පළ කිරිම හෝ පුද්ගලයෙකු රෝගි අවස්ථාවක එවැනි අවධානම් අවධියකට පත්වු පසු රෝගියාගේ ඥාතින්ගේ කැමැත්ත මත ශරිර අවයව මෙරට ලබා ගැනිම සිදුකරනු ලබයි. මෙහිදි ශරිර අවයව ලබාදිමට නොහැකිව මියයන සහ ලබා ගැනිමට නොහැකිව මිය යන පිරිස අති විශාලය. නොදැනුවත් භාවය හෝ රෝගියෙකු එවැනි අවදානම් සහගත තත්ත්වයකට පත්වූ පසු සිය ඥාතීන්ගේ පවතින මානසිකත්වය මත මෙවැනි අවස්ථා බොහොමයක් මඟ හැරී යයි. ප්‍රකෘති තත්ත්වයට පත්කළ නොහැකි හෘදය සහ පෙණහලු රෝගීන් සඳහා මෙම බද්ධ කිරිමේ සැත්කම කිරිමට නියමිත අතර මහනුවර මහ රෝහල මෙම රෝගින් වෙනුවෙන් අගහරුවාදා ප ව 1 සිට සහ බදාදා පෙරවරු 8 සිට හෘදය සහ උරස් ශෛල්‍ය ඒකකයේ විශේෂ සායන පැවැත්විමට කටයුතු සලසා ඇත. මේ වන විටත් පොරොත්තු ලේඛනයේ රෝගීන් විස්සක් පමණ සිටින බව ඉතා විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා යොමුවන බවත් මහනුවර මහ රෝහලේ අවයව බද්ධ කිරිම් පිළිබද සම්බන්ධිකරණ නිලධාරි වෛද්‍ය අනුර අබේසිංහ මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුග්‍රහය මත මහනුවර මහ රෝහලේදි ක්‍රියාත්මක කිරිමට නියමිතව කටයුතු සුදානම්ව පවතින හෘදය සහ පෙණහලු බද්ධ කිරිමේ සැත්කම එංගලන්තයේ මහාචාර්ය ස්ටිවන් ක්ලාක් මහතා ඇතුළු කණ්ඩායමේ උපදේශනය සහ මග පෙන්විම යටතේ සිදුකෙරේ. මේ සදහා වැලිසර , ලේඩි රිජ්වේ, කුරුණෑගල, සිරිමාවෝ බණ්ඩාරනායක සහ මහනුවර රෝහල යන රෝහල් හතක සහභාගිත්වයෙන් මහනුවර මහ රෝහලේදි සිදුකෙරේ. මේ සදහා විශේෂඥ වෛද්‍යවරු විසිදෙනෙකුගේ සහභාගිත්වය අවශ්‍ය වේ. අවශ්‍ය ඖෂධ ඇතුළු සියලුම සම්පත් මහනුවර මහ රෝහල සතුව පවති. නිර්වින්දන වෛද්‍යවරු මේ සඳහා ලබා දෙන දායකත්වය සුළු පටු නොවේ. අප රටේ දෛනිකව රිය අනතුරුවලින් පමණක් පහළොස් දෙනෙකු පමණ මිය යන බව වාර්තා වේ. මෙම අය බොහෝ විට දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මරණයට පත්වෙති. මෙහිදි එම වටිනා ජීවිත අහිමි වන අතර ඔවුන්ගෙන් ලබා ගත හැකි ශරිර අවයවවලින් තවත් ජීවිත බොහොමයක් ජීවත් කරලීමට පුළුවන්කම තිබියදී නොදැනුවත්වම එම අවස්ථාද අහිමි ව යන වාර බොහොමයකි. ලෝකයේ අන් රටවල මෙම ශරීර අවයව බද්ධය සිදුවෙද්දී අපේ රටට එය සිහිනයක්ම විය. අද ඒ සිහිනය සැබෑ කරමින් දෙවිවරුන් වැනි වෛද්‍යවරුන් පෙරට විත් හෘදය වස්තු බද්ධය දක්වා ඉදිරියට පියවර තබා ඇත. මේ සඳහා දායකත්වය දිම ජනතා අපේ යුතුකමක් හා වගකීමක්ද වන්නේය. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Jul 2017 06:18 PM දුර ගමනක් ගියාම කකුල ඉදිෙමන්නේ අැයි? දුර ගමනක් ගිහිල්ලා ගෙදර එද්දී ඇතැමෙකුගේ කකුල් දෙක හොඳටම ඉදිමිලා තිබෙනවා ඔබ දැක ඇතුවාට කිසිදු සැකයක් නෑ. ඇතැම් විට ඒ අත්දැකීම ඔබත් විඳලත් ඇති. විශේෂයෙන්ම මැදිවියේ වෙසෙන ගැහැණු පිරිමි බොහෝ දෙනා මේ ගැටලුවට මුහුණ පානවා. ඇත්තටම මෙය රෝගී තත්ත්වයක් ද? එක දිගට පැය 6ක් 8ක් පමණ වාහනයක් තුළ ඉඳගෙන දුර ගමනක් ගියාම කකුලේ ඉදිමීමක් සිදුවෙනවා නම් ඒ ගැන වැඩිදුර පරීක්ෂණ මඟින් තීරණය වනවා මෙය DVT හෙවත් Deep Vein Thrombosis ලෙස හඳුන්වන රෝග තත්ත්වයක් බව. අපගේ ශරීරය තුළ රුධිර සංසරණය කිරීමට රුධිර නාල වර්ග 2ක් ප්‍රධාන කොට උපකාරී වෙනවා. එයින් එකක් තමයි හෘදය වස්තුවෙන් ඉවතට රුධිරය අරගෙන යන ධමනි අනික් වර්ගය තමයි හෘදය වස්තුවට ආපසු රුධිරය රැගෙන එන ශිරා. හෘදය තුළ ඇතිවෙන හෘද ස්පන්දනය හෙවත් ගැස්ම නිසා ධමනි තුළ වේගයෙන් රුධිරය ගමන් කරනවා. අපට නාඩි ලෙස දැනෙන්නේ මේ ආකාරයේ රුධිර ගමනයයි. නමුත් ශිරාව තුළ ආපසු ගමනේදී මේ ආකාරයට වේගවත් රුධිර ගමනක් සිද්ධ වෙන්නේ නැහැ. එකදිගට ඉඳගෙන ගමනක් යාම වැනි ඉරියව්වකදී අපගේ පාදවල ඇති මේ ශිරාවල රුධිර ගමනය තවදුරටත් අවහිර වීමක් සමඟ එකතැන රැඳීමක් සිදුවෙනවා. ප්‍රතිඵලය වන්නේ පාදවල විශේෂයෙන් අපි බත් කෙණ්ඩ ලෙස හඳුන්වන (Calf) ප්‍රදේශයේ ගැඹුරින් ඇති ශිරාවල මේ ආකාරයට ගමනාගමනය අවහිර වූ රුධිරය කැටි ගැසීමට ලක්විය හැකි වෙනවා. මෙලෙස ශිරාවක් තුළ රුධිර කැටියක් ඇතිවීම DVT ලෙස හඳුන්වනු ලබනවා. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ වන්නේ එම ප්‍රදේශයේ ඇතිවන වේදනාව, ඉදිමීම, රස්නය, තරමක් රතු පැහැවීම, මතුපිට පේන්න ඇති නහර ගැටගැසීම හෙවත් නහර පිරී නෙරා තිබීම ආදී ලක්ෂණයි. නමුත් ඉතා වැදගත් කරුණක් වන්නේ රෝගීන් 50%ක පමණ පිරිසකට සමහර විට මේ ආකාරයේ රෝග ලක්ෂණයක් නොදැනීමයි. මේ නිසා මේ රෝග තත්ත්වය තීරණය කිරීමට ඉහත රෝග ලක්ෂණ ඇතිවීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ වගේම තව අනිකුත් රෝග කිහිපයක් නිසාත් මෙවැනි ලක්ෂණ දැකිය හැකි වන බවත් මතක තබා ගත යුතු වෙනවා. විශේෂයෙන් එම ප්‍රදේශයට විෂ බීජයක් ඇතුළු වූ විට, ආසාදන සහ මස්පිඬුවල ඇති වන අනතුරු ආබාධ, වසා පද්ධතිය (කුද්දෙටි) අවහිරවීම් නිසා ඇතිවන ඉදිමීම ආදී රෝගත් හේතුවක් විය හැකියි. මේ ආකාරයට ශිරාවක් තුළ රුධිර තුළ රුධිර කැටියක් ඇතිවීම භයානක වන්නේ කොහොමද? ශිරාවෙන් කෙරෙන්නේ නැවත හෘදය වස්තුව වෙත රුධිරය රැගෙන යාමයි. එලෙස රැගෙන යන්නේ ශරීරයේ පාවිච්චි ලද අපිරිසුදු රුධිරය නිසා එම රුධිරය හෘදය වස්තුව මඟින් පෙනහලු වෙත පිරිසුදු කිරීම සඳහා (ඔක්සිජන් ලබාගැනීම සඳහා) දෙනවා. ප්රශ්නය වන්නේ ශිරාව තුළ ඇති වුණු රුධිර කැටිය එතනින් ගැලවී හෘදය වෙතට කඩාගෙන ගියහොත් ඇතිවන විනාශයයි. එවිට හෘදය වෙත කැඩීයන රුධිර කැටිය හෘදය මඟින් පෙනහලු වෙත පොම්ප කරනු ලබනවා. මේ ආකාරයට පොම්ප කරපු රුධිර කැටිය පෙනහල්ල තුළ කුඩා නහරයක් හෝ රුධිර කැටිය විශාල එකක් නම් ප්‍රධාන නහර අවහිර කරනු ලබනවා. ප්‍රතිඵලය වන්නේ පෙනහල්ලේ ප්‍රධාන කොටසකට හෝ රුධිර කැටිය කුඩා එකක් නම් කුඩා කොටසකට රුධිර ගමනය අවහිර වී අක්‍රීය වීමයි. මේ තත්ත්වය සමහරවිට මාරාන්තික එකක් වෙන්න පුළුවන්. පෙනහලු ක්‍රියාකාරීත්වයට බලපෑමෙන් රෝගියා මිය යන්නට හෝ දැඩි සත්කාරකයක ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයක් උද්ගත වන්න පුළුවන්. එක දිගට ඉඳගෙන පැය ගණනක් ගමන් කිරීම විශේෂයෙන් ගුවන් ගමන්වලදී ඇතිවන අවදානමට අමතරව, ශරීරය තුළ ඇති රෝග පීඩාත්, රෝගියා ලබාගන්නා සමහර ඖෂධත් මේ සඳහා බලපානවා. ඒවා අතර ඇඟපත තරබාරු වීම, ප්‍රධාන ශල්‍යකර්මයකට භාජනය වීම, ගර්භණී භාවය, උපත් පාලන පෙති ගැනීම, හෝර්මෝන පෙති ගැනීම, සමහර පිළිකා වර්ග විෂබීජ ආසාදන, නිදන් ගත රුධිර ආබාධ අවදානම් කරුණු ලෙස සඳහන් කළ හැකි වෙනවා. එක දිගට වාහනයක් තුළ ගමනක් යාමේදී පැය 2 – 3කට වරක්වත් ඇවිදීම, සිටගෙන සිටීම වැනි ඉරියව්වල වෙනසක් සිදුකිරීම, වැදගත් වෙනවා. කෙසේ වෙතත් දිගින් දිගටම දක්නට ලැබෙන මේ ගැන වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතුයි. රෝගයට ප්‍රතිකාර ලෙස රෝහල් ගත කර රුධිර කැටිය දියවීමට බෙහෙත් එන්නත් කිරීමක් සමහර විට අවශ්‍ය වෙනවා. Web Mol ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Jul 2017 06:28 PM දරුවන්ගේ වර්ධනය බාලකරන ලෙඩ බලන්නකො අනේ අර අල්ලපු ගෙදර බබාගේ හැටි, හොඳට මහතට ඉන්නවා. ඒකට අපේ බබා, කොච්චර කෑවත් එක වගේනේ. ඇඟ හැදෙන්නේ නෑනේ. තම දරුවා අසල්වාසීන්ගේ ළදරුවන් සමඟ සංසන්දනය බොහෝ මව්වරුන්ගේ සිරිතක් වී තිබේ. ඉපදීමෙන් අනතුරුව වයස ගතවීමත් සමඟ ඊට අදාළ පරිදි ළදරුවන්ගේ වර්ධනය සිදු නොවී අඩාල වන්නේ කුමන නිසාදැයි විමසිලිමත් වෙමු. වර්ධනය අඩාල වීම හේතුවෙන් එම වයසට තිබිය යුතු බරට වඩා ඉතා අඩු බරක් දැරීම හා කෘෂ වී මැළිවී ගිය ස්වරූපයක් බොහෝ විට දරුවන් පෙන්වයි. මේ සඳහා බලපාන ප්‍රධාන සාධක කිහිපයක්ම පවතියි. 1.දුර්වල පෝෂණ තත්ත්වය 2.සංජානන ආබාධ 3.පරිවෘත්තීය ආබාධ 4.ආහාර අවශෝෂණයේ පවතින ගැටලු 5.ශක්ති අවශ්‍යතාවය ඉහළ යාම 6.වෙනත් රෝග තත්ත්වයන් දුර්වල පෝෂණ තත්ත්වය මෙහිදී නිසි පෝෂ්‍ය ගුණයෙන් යුතු ගුණාත්මක ආහාර නොලැබීම ප්‍රධාන වෙයි. මව්කිරි බොන වයසේ ළදරුවන් සැලකූ විට ප්‍රමාණවත් තරම් මව්කිරි උරා නොබීම, මව්කිරි ළදරුවාට ලබාදෙන වැරදි ඉරියව්ව මෙයට බලපායි. පිටිකිරි ලබාදෙන්නේ නම් වතුර වැඩිපුර දමා පිටිකිරි දීම, ප්‍රමාද වී ඝන ආහාර ලබාදීම, ගුණාත්මක භාවයෙන් අඩු ආහාර ලබාදීම, මෙන්ම ආහාර සපයා ගැනීමේ අපහසුව නිසා ආහාර ලබානොදීම වැනි හේතු සාධක ද මේ කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපායි. සංජානන ආබාධ සහ වෙනත් රෝගී තත්ත්වයන් මෙවැනි රෝගී තත්ත්ව පවතින විට මව්කිරි උරාබීම අපහසු වීමත්, නිතර නිතර රෝහල්ගතවීමත්, ආහාරවලට පවතින ප්රියතාව අඩුවීමත් ළදරුවාගේ වර්ධනය ප්‍රබල ලෙස පහත හෙලයි. සංජානන හෘදයාබාධ, විශේෂයෙන් හදවතේ කෝෂිකා සහ කර්ණිකා අතර සම්බන්ධතාව දිගටම පවතින විට (හදවතේ සිදුරු) හෘදයේ ක්‍රියාකාරීත්වය අඩාල වන අතර මෙවැනි ළමයින් මව්කිරි උරාබීම දුර්වල වෙයි. මොළයේ ක්‍රියාකාරීත්වය අඩාල වීම, වකුගඩු අක්රීයතා, ආහාර මාර්ගයේ අවහිරතා, හර්නියා මෙන්ම මුඛයේ තොල් සහ තල්ල නිසි පරිදි එකතු නොවී ඉඩ පවතින විට (හා තොල ලෙසින් හඳුන්වන තත්ත්වය) ආහාර ගැනීම අපහසු වෙයි. මේ රෝගී තත්ත්වයන් ද වර්ධනය අඩාල වීමට හේතු වෙයි. ආහාර අවශෝණයේ අපහසුතා ශරීරය තුළ ආහාර අවශෝෂණය අඩාල වීම හේතු රැසක් නිසා සිදුවිය හැකිය. විශේෂයෙන් අග්න්‍යාශයේ එන්සයිම නිපදවීම අඩාල වන සංජානන ආබාධ, කුඩා අන්ත්‍රයේ ආබාධ, ආහාර මාර්ගයේ ප්‍රමාණය කුඩා වීම, නිතර නිතර පාචනය ඇතිවීම මෙයට හේතු වෙයි. ඇතැම් අවස්ථාවලදී ආහාර මාර්ගයෙන් ප්‍රෝටීන ඉවත් වී යාම වේගවත්ව සිදුවෙයි. මෙය වර්ධනය අඩාල වීමට බලපාන ප්‍රධාන කරුණකි. • ක්ෂය රෝගය, සරම්ප, නිවුමෝනියාව, මැලේරියාව වැනි රෝගී තත්ත්වයන්ට නිතර නිතර ගොදුරු වීම තවත් හේතුවකි. • ඇතැම් අවස්ථාවන්හීදී මවගෙන් ළදරුවාට උරුම වන ඒඩ්ස්, රුබෙල්ලා වැනි රෝගද දරුවන් ගේ වර්ධනය කැපී පෙනෙන ලෙස අඩාල කර දමයි. • සමහර දරුවන්ගේ ආහාර මාර්ගයේ මව්කිරි දිරවීමට අවශ්‍ය එන්සයිම වර්ග නොමැති වීම නිසා මව්කිරි බිව් නමුත් ඒ සමඟම පාචනය අකාරයකට පිටවීම සිදුකරයි. සමහර දරුවන්ට පිටිකිරි අසාත්මික වන අතර දිරවීමට ද අපහසු වෙයි. • කුඩා අවධියේදී වැළඳෙන පිළිකා රෝගී තත්ත්ව (ලියුකේමියාව, වසා ගැටිතිවල පිළිකා) පවා වර්ධනය අඩාල කිරීමට හේතු වෙයි. පරිවෘත්තීය අබාධ තයිරොයිඩ් හෝර්මෝන නිපදවීම අඩාලවීම, අධිවෘක්ක ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩාලවීම, ඇමයිනෝ අම්ල පරිවෘත්තියේ ආබාධ, වර්ධනයේ අඩාල වීමට ප්‍රධාන ලෙස හේතු වෙයි. මිට අමතරව වර්ණදේහ පවා වර්ධනය අඩාල වීමක් පෙන්වයි. මවගේ මානසික තත්ත්වයත්, දෙමාපියන්ගේ අධ්‍යාපන තත්ත්වයත්, පවුලේ ආර්ථික සමාජයීය සහ පරිසරයේ වටපිටාව පවා දරුවන්ගේ ශාරීරික වර්ධනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රධාන බලපෑමක් සිදුකරන බව අමෙරිකානු වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කර තිබේ. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Jul 2017 06:45 PM ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 07 Jul 2017 06:58 PM පිරිමින් හංගන රහස් ලෙඩ අපේ මේ සාකච්ඡා ආරම්භ කළ මුල් කාලයේ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ පැවැසුවේ ලංකාවේ පිරිමි තමන්ට තිබෙන ලිංගික ප්‍රශ්න ගැන එළිපිට වෛද්‍යවරුන් හා කතා කරන්නට යොමුවනවා අඩු බවය. ඒ අනුව බලන විට කාන්තා පක්ෂය වඩාත් විවෘතව ඉදිරිපත් වන බවය. විශේෂයෙන්ම තමා සේවය කරන ප්‍රදේශයේදී සිංහල ප්‍රජාව අතර මේ පසුබෑම දක්නට ඇතිබව ඔහු අපට පෙන්වා දුන්නේ ලිංගික සෞඛ්‍ය පිළිබඳ කතාබහට අපේ සමාජය තුළ තවමත් ඇත්තේ බොරු බියක් සහ ලජ්ජාවක් බව පවසමිනි. දේශයේ පාඨකයන් වෙනුවෙන් මේ ලිපි පෙළ ඉදිරිපත් කිරීමේ අරමුණ වන්නේද ඔවුන් වෙත මේ අංශය පිළිබඳ නිසි දැනුමක් ලබාදීමය. පිරිමින් අතර ලොකුම ගැටලුව ලෙස සාකච්ඡා වන අප්‍රාණිකත්වයට අමතරව තවත් ලෙඩ රෝග බොහෝමයක් ලිංගාශ්‍රිතව ඇතිවිය හැකි යි. නමුත් මේවා ගැනද කතා කරන්නට බොහෝ දෙනා මැලිකමක් දක්වයි. ඒ නිසා දුරකතනයෙන් අමතා හෝ ලිපියකින් අමතා සිය ගැටලුව ඉදිරිපත්කර බෙහෙත් ඇත්නම් ඒවාත් තැපෑලෙන් ගෙන්වා ගන්නට තරම් අපේ අය මුලාවකට පත්ව සිටිති. මේ කියන ව්‍යාජ ලජ්ජාව, මුලාව දොර හැර දෙන්නේ හොර බේත් කඩවලටය. දොස්තර නාමධාරී ජාවාරම්කරුවන්ටය. අප්‍රාණිකත්වය හැරුණු විට පිරිමින්ට බලපාන ලෙඩ ගණනාවක්ම දැක්විය හැකිය. පිරිමින්ගේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව රෝග ඇතිකරන ප්‍රධාන ඉන්ද්‍රියන් දෙකක් ඇති බව විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ පෙන්වා දෙයි. ඒවා නම් වෘෂණ සහ පුරස්ථි ග්රන්ථීන්ය. මේ ගැන දැන් අපි පිළිවෙළින් සාකච්ඡා කරමු. සාමාන්‍යයෙන් වෘෂණ ආශ්‍රිතව හටගන්නා පිළිකා දුලබය. ඒවා බොහෝවිට තරුණ කාලයේදී දක්නට ලැබේ. නමුත් පුරස්ථි ග්‍රන්ථි ඉදිමීම හෝ විශාල වීම මෙන්ම එම ග්‍රන්ථිය ආශ්රිත පිළිකා හටගැනීම වැඩිහිටි පිරිමින් අතර බහුලය. නමුත් වේලාසනින් හඳුනා ගත්තොත් මේවා සුවකරගත හැකිය. වෘෂණ පිළිකා මේ පිළිකාව ඉතා දුර්ලභ අතර සාමාන්‍යයෙන් වයස 15-35ත් අතර තරුණ උදවිය අතර දක්නට ලැබෙන්නකි. තම වෘෂණ කෝෂ ස්වයං පරීක්ෂාවකට ලක්කිරීම මගින් මුල් කාලයේදීම හඳුනාගතහොත් නිට්ටාවටම සුවකිරීමට දැන් හැකියාව තිබේ. සාමාන්‍යයෙන් දරු කලල අවස්ථාවේ පිරිමි දරුවකුගේ වෘෂණ පිහිටන්නේ උදරය තුළය. එය පහළට එන්නේ පසුවය. සමහර අයගේ වෘෂණයක් එසේ පහළට පැමිණ වෘෂණ කෝෂ තුළ තැන්පත්ව නොතිබෙන්නට හැකිය. එවිට එම අවස්ථාව Undesended Testicle ලෙස වෛද්‍ය විද්‍යාව හඳුන්වයි. මෙසේ පහළට නොපැමිණ උදරය තුළ සිරවී ඇති වෘෂණ කුඩා කාලයේදීම ශල්‍යකර්මයක් මගින් නිසි තැනට ගෙන ඒමෙන් පිළිකා හටගැනීම වළක්වා ගන්නට හැකිය. වෘෂණ පිළිකාව හටගන්නා මුල් අවදියේ දක්නට ලැබෙන්නේ වෘෂණයේ පැත්තක හටගන්නා ඝනකමැති වේදනා රහිත ගැටිත්තක් හැටියටය. තමන්ගේ වෘෂණ නිතිපතා ස්වයං පරීක්ෂාවකට ලක්කරන ඕනෑම අයකුට මෙය ලෙහෙසියෙන්ම හඳුනාගත හැකි බව විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් වෘෂණ පිළිකා වේදනාකාරී වන්නේ එය ඇතිවී කලක් ගියාට පසුවය. තම වෘෂණකෝෂ තුළ මෙබඳු අස්වාභාවික ගැටිත්තක් හසුවුවහොත්, එය වේදනාවක් නැතැයි කියා නිකම් බලා නොසිට වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුව ඒ ගැන උපදෙස් පැතිය යුතුය. එමගින් ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමුව පිළිකා අවදානමෙන් වැළැකිය හැකිය. සාමාන්‍යයෙන් වෘෂණ ගැටිත්ත ඉවත්කළ පසු එතැන හිදැස පිරැවීම සඳහා කෘත්‍රිම ප්ලාස්ටික් වෘෂණයක් යොදනු ලබන බව විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ පෙන්වා දෙන්නේ එමගින් ශාරීරික විකෘතිතාවක් ඇතිවීම වළක්වන බව කියමිනි. එසේම අවශ්‍ය නම් වෛද්‍යවරයා ශල්‍යකර්මයට අමතරව ප්‍රතිපිළිකා ඖෂධ ප්‍රතිකාර මෙන්ම කිරණ ප්රතිකාරද නියම කරන්නට හැකිය. දැන් ඉතින් මේ කතාව ඇසූ විට බොහෝදෙනා භීතියට පත්වෙන කාරණාවක් තිබේ. එනම් කෙනෙකුගේ වෘෂණයක් ඉවත්කළ විට ඔහුට තාත්තා කෙනෙක් වීමට බැරිද යන ගැටලුවය. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ පෙන්වා දෙන්නේ අනෙක් වෘෂණය සෞඛ්‍යමත් තත්ත්වයක ඇත්තේ නම් එබඳු කෙනෙකුට තාත්තා කෙනෙක් වන්නට කිසිම බාධාවක් නැති බවය. සුගත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 smt90Veteran MemberPosts:1736 07 Jul 2017 07:13 PM වැදගත් ලිපියක් 0 indika76Most Senior MemberPosts:10449 07 Jul 2017 07:27 PM මමත් දඩ බඩ ගාලා කියවලා බැලුවා මොකක්ද රහස් ලෙඩේ කියලා... මේක රහස් ලෙඩක්ද මලයෝ... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jul 2017 09:31 AM දරු සම්පත් නැතිවීමට පිරිමියාගේ මද සරුකම බලපාන හැටි ප්රශ්නය - විවාහක යුවළකට දරු සම්පත් නැති විට එය ප්‍රශ්නයක්. සමහර විට එය විවාහක යුවළට වඩා, වටේ ඉන්න අයට ප්‍රශ්නයක්. කොහොම වුණත් විවාහක ජෝඩු වලින් වැඩි පිරිසක් දරු සම්පත්වලට කැමැතියි. දරු සම්පත් අහිමි වීමේ දෝෂය ගැහැනු පිරිමි දෙපක්ෂ තුළම තිබෙනවා. එහෙත් ජනප්‍රිය පුරුද්ද තමයි එසේ දරුවන් පිළිසිඳ නොගැනීම සම්බන්ධයෙන් කාන්තාව පමණක් දෝෂ දර්ශනයට ලක්වීම. මේ අසාධාරණය ගැන නාරිවේදය සහ දරු පිළිසිඳගැනීම් සම්බන්ධයෙන් උනන්දු වන වෛද්‍යවරයකු වශයෙන් ඔබ දරන අදහස කුමක්ද? වෛද්‍ය ඉන්දික නුවන් - ලංකාවේ සංස්කෘතිය එන්නේ අතීත වැඩවසම් සමාජ ක්‍රමය ඇතුලෙන්. මෙසේ එන විට හොඳ වගේම නරකත් වර්තමානයට එනවා. කාන්තාව සම්බන්ධයෙන් දරණ සමහර මතවාදයන් තිබෙනවා, ඉතාම හානිදායක. ඒ වගේම අත්හැර ගන්නට බැරි. දරු සම්පත් නොලැබුණාම කාන්තාව පිට වරද පැටවීම. එවැනි තවත් හදාගන්නට බැරි වූ අමානුෂික වරදක්. දරු සම්පත් පිළිසිඳ නොගැනීමේදී කාන්තාවන් තුළ වගේම පිරිමින් තුළත් ශාරීරික දෝෂ සහගත තත්ත්වයක් තිබෙන බව මා අත්දැකීමෙන් දන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් දරුවන් නැතිව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මා වෙත යොමු වුණු දහස් ගණනක් දෙනා අතුරින් පිරිමින්ගෙන් 80% ක් ම දාරකෝත්පාදක ශක්තියෙන් හීන මද සරු අය බව වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වුණා. ලංකාවේ තිබෙන ගැටලුවක් තමයි දරුවන් නැත්නම් බොහෝ විට වෛද්‍ය පරීක්ෂණ කරන්නේ කාන්තාවන්ගේ පමණයි. එහෙත් පිටරටවල නම් කාන්තාවගේ වගේම පුරුෂයාගේත් සරු භාවය පිළිබඳ ගනනයක් කරනවා. ප්රශ්නය - ඔබ හමුවට එන පිරිමි පාර්ශ්වයේ ප්‍රධාන දුර්වලකම කුමක්ද? වෛද්‍ය ඉන්දික නුවන් - ශුක්‍රාණු ප්‍රමාණය හෙවත් Sperm Count යන සාධකය මදි වීම තමයි ප්‍රධානතම දෝෂය. ප්රශ්නය - මෙවැනි අඩු ශුක්‍රානු තත්ත්වයන් හට ගන්නේ කොහොමද? වෛද්‍ය ඉන්දික රුවන් - සමහර විට උපතින්ම සිදු වෙනවා. තවත් සමහරුන්ට ශුක්‍රාණු තිබෙනවා. එහෙත් සපල ශුක්‍රාණු ප්‍රමාණය මදි. ඒ කියන්නේ සාපල්‍යතාව හෙවත් Fertility අඩුයි. ඇතැම් අයට ශුක්‍රාණු තිබුණත් ඒවා පිට වීමේදී ගැටලු තිබෙනවා. එක්කෝ ශුක්‍රානු පිටවන මාර්ගවල අවහිරතා තිබෙනවා. එනම් ශුක්‍ර නාලවල අවරෝධතා හට ගැනීමයි. ප්රශ්නය - ශුක්‍රානු නිෂ්පාදනය වන්නේ වෘෂණවල. ශුක්‍ර තරලය නිෂ්පාදනය වන්නේ පුරස්ථිත ග්‍රන්ථවල. ඔබ කියන්නේ මේ දෙකෙන් එකක හෝ දෙකෙහිම හට ගන්නා ප්‍රශ්න ගැන ද? වෛද්යඉන්දික නුවන් - පුරස්ථිත ග්‍රන්ථය ඉදිමුණොත් ශුක්‍රානු එන මාර්ගය අවරෝධ වෙනවා. එහෙත් මෙවැන්නක් හට ගන්නේ අවුරදු 50 පැන්නට පස්සයි. පුරස්ථිත ග්‍රන්ථයේ තිබෙනවා Seminal Duct කියලා කොටසක්. ශුක්‍ර තරලය නිෂ්පානය වන්නේ මේ කොටසආශ්රිත ග්‍රන්ථිය තුළයි. මෙහි කිසියම් අවහිරයක් හෝ අවරෝධතාවක් හට ගත්තොත් ශුක්‍රවල ප්‍රමාණාත්මක භාවය අඩු වෙනවා. එසේම ශුක්‍රාණු ශක්තිමත් විය යුතුයි. එසේ නැත්නම් දරු පිළිසිඳ ගැනීම්වලදී එය නරකට බලපානවා. ලබන සතියේ පිරිමි සරුබව දියුණු කරන විශේෂ ආහාර වට්ටෝරුවක්. නොමිලේ විස්තර උපදෙස් 0114278586, 077 6224293 ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jul 2017 09:36 AM දියවැඩියාව සුව කරන ආයුර්වේද යතුර සමාජයේ බොහෝ පිරිසක් දියවැඩියාවෙන් පීඩා විඳිනවා බොහෝ දෙනෙක් මෙම රෝගයට දැඩි බියක් දක්වනවා. ඇත්තටම දියවැඩියාව යනු කුමක්ද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - දියවැඩියාව යනු ශරීරයේ සීනි මට්ටම ඉහළ යැමයි. මේ සීනි මට්ටම ඉහළ යැමත් සමඟ ශරීරයේ ඇති වන විවිධ සංකූලතා තමයි දියවැඩියාවේ රෝග ලක්ෂණ ලෙස හඳුන්වන්නේ. මෙම රෝගය ජාන අනුවද වැළඳිය හැකි අතර වැඩි පිරිසක් මේ සඳහා ගොදුරු වන්නේ නිසි ලෙස තම දේශපාලනයකින් තොරව කටයුතු කිරීමෙන් බවද පැවැසිය හැකියි. නිවැරැදි ආහාර රටාවන් අනුගමනය නොකිරීම සහ ක්ෂණික ආහාරවලට යොමුවීම ඒ අතරින් ප්‍රධානයි. ඇයි සමාජයේ මෙතරම් දියවැඩියාවට බියක් දක්වන්නේ ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - මෙම රෝගය ඉතා අහිතකර ලෙස ශරීරයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරනවා. නිහඬවම මිනිසාගේ සිරුරට කරන හානිදායක තත්ත්වය නිසා නිහඬ මාරයා යන අන්වර්ථ නාමයෙන්ද මෙම රෝගය ඇතැමුන් හඳුන්වනවා. එබැවින් මෙම රෝග ලක්ෂණ ඇති වු වහාම රෝගීන් ප්‍රතිකාර සඳහා යොමුවීම ඉතා අවශ්‍යයි. මෙන්න මේ නිසා තමයි බොහෝ අය මේ රෝගයට බියක් දක්වන්නේ. දියවැඩියාව වැළඳුණු රෝගීන් මුහුණ දෙන අතුරු ආබාධ මොනවාද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - ආතතිය හිරිවැටීම් දියවැඩියා රෝගීන් මුහුණ දෙන අමතර රෝගී තත්ත්වයක්. රෝගීන් බොහෝ විට අප සමඟ පවසන්නේ කොට්ටයක් උඩ ඇවිදිනවා වැනි දෙයක් යටිපතුල්වලට දැනෙන බවයි. පාවහන් පැළඳ සිටියත් එය දැනෙනවා ඊට අමතරව දණහිස්, උරහිස් මෙන්ම වැලමිට ඇතුළු විශාල සන්ධි ආශ්‍රිතව ඇති වන අධික වේදනා තත්ත්වයන්ද ඇති විය හැකියි. මෙම වේදනාවන් සමහර අයට උදය කාලයේත් තවත් සමහරුන්ට දිවා කාලයේත් රාත්‍රී කාලයේත් ඇති විය හැකියි. ස්නායු පද්ධතියේ ඇති වන දුර්වලතා නිසා තමයි අත්පා හිරිවැටීම මෙම රෝගීන්ට ඇති වන්නේ. දියවැඩියා රෝගය වැළඳීමත් සමඟ ස්නායු පද්ධතියට නිසි පෝෂණ තත්ත්වයක් නොලැබීම මේ සඳහා හේතු වෙනවා. * දියවැඩියා රෝගීන්ට බලපාන තවත් රෝග ලක්ෂණ ඇති ඒ මොනවාද? බොහෝ විට ඇති වන රෝග ලක්ෂණයේ තමයි මළ බද්ධය,මළ බුරුලට යැම, ඒත් සමඟම සම මත ඇති වන කැසීම, පළු දැමීම, වැනි සමේ රෝගද හිස කැක්කුමද ඇති විය හැකයි. නින්ද නොයැම, මුඛයෙන් අධික දුර්ගන්ධයක් පිටවීම, කේන්ති යැම, පීනස් රෝග උග්රවීම, ඇස් වියළීම, කඳුළු ගැලීම වැනි රෝග ලක්ෂණද බහුලවම ඇති විය හැකියි. * මෙම රෝගය ආයුර්වේද ප්රතිකාරවලින් සුව කළ හැකිද? ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක - අනිවාර්යයෙන්ම ආයුර්වේද ප්‍රතිකාර නිසි සුදුසුකම් ඇති වෛද්‍යවරයකුගෙන් ලබා ගත්තොත් රෝගය සුව කර ගත හැකියි. විශේෂයෙන්ම මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී ඔවුන් නිවැරදි ලෙස පරීක්ෂා කිරීමෙන් පසු නිවැරැදි රෝග ලක්ෂණ හඳුනාගෙන ඒවාට නිසි ලෙස ප්‍රතිකාර ලබා දීමෙන් රෝගය සුවකර ගත හැකියි. කාර්ය බහුල අයට පවා ලබාගත හැකි ලෙස අපගේ ඖෂධ සකසා ඇති බැවින් බොහෝ දෙනා දැන් ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන රෝග සුවකර ගන්නවා. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jul 2017 09:38 AM රුධිර වහනය පාලනය කරන්න මේ විදියට කන්න බොන්න ප්රශ්නය - කාන්තාවකගේ ගර්භාෂය තුළ ගෙඩි, වන හෝ පිළිකා තත්ත්වයක් හට ගත් විට ඒ බව හඳුනා ගන්නා හැටිත්, එවැනි තත්ත්වයක් මර්දනය කිරීම සඳහා ආයුර්වේදය සහ බටහිර වෛද්‍ය විද්‍යාව මගින් කරන ප්‍රතිකාර කවරේද යන්නත් පසුගිය සතියේදී කළ සාකච්ඡාව මගින් ඔබ අපට පැහැදිලි කළා. මෙවැනි තත්ත්වයක් තුළදී රුධිරය පිටවීමට පටන් ගත් විට එම තත්ත්වය සමනය කර ගැනීම සඳහා ආහාර රටාව වෙනස් කරගත යුතු බවක් ඔබ අපට කිව්වා. මොකද්ද මේ ආහාර රටාව. සුදුසු ආහාර Ö ධාන්‍ය - රතු කැකුළු, කුරුළු තුඩ සහල්, බාර්ලි, මුං ඇට, පරිප්පු. Ö එළවළු - පුහුල්, අළු පුහුල්, අළු කෙසෙල්, නෙළුම් අල, ඕළු අල, මානෙල් අල, කෙකටිය, දියලබු, කෙසෙල් බඩ, පොලොස්, කොහිල, කතුරුමුරුංගා මල්, වට්ටක්කා Ö පලා - තම්පලා, කූර තම්පලා, පිටවක්කා, කර කොල, කිරි අඟුණ, කතුරුමුරුංගා, ගොටුකොළ, වට්ටක්කා දළු Ö පළතුරු - මාදං, දෙළුම්, සුවඳෙල්, කෙසෙල්, පුවාළු, ආනමාළු, ඉදුණු අළුකෙසෙල්, වට්ටක්කා, උගුරැස්ස, මසං, මුද්දරප්පලම්, රටඉඳි, අක් ගස්, කළු අක්, වැල් දොඩම්, ඇපල්, ඇත්දෙමට ගෙඩි Ö මාංශමය ආහාර - කුඩා මාළු, එළකිරි, මෝරු, දීකිරි. Ö වෙනත් - කිතුල් පැණි, විලඳ කුඩු, සව්, කිතුල් හකුරු Ö පාන - තැඹිලි, කුරුම්බා, උක් යුෂ, බත් කැඳ, ඉරමුසු කැඳ, හාතාවාරිය කැඳ, පිටවක්කා කැඳ, එළවළු සුප්, කිතුල් පිටි කැඳ, නෙළුම් අල කැඳ, රණවරා මල් තම්බා පානය, තැල් කොල (කළුකැම්බේරිය) කොටා ගත් යුෂ පානය, කූර තම්පලා, සහමුල කොටා ගත් යුෂ පානය. නුසුදුසු ආහාර සහ විහරණ Ö අබ, විනාකිරි, අච්චාරු, චට්නි, සෝස්, මෝජු, බිලිං, තක්කාලි, සුදුලූනු, ලුණු දෙහි, ටින් මාළු, ජාඩි, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, හරක් මස්, බල මාළු, අන්නාසි, රට දෙල්, රාබු, කොල්ලු, කළු තල, දුරු මිරිස් අධික ආහාර, බල කරවල, මධ්‍යසාර. Ö අධික උණුසුමට නිරාවරණය Ö අධික වෙහෙස ගෙන දෙන ව්‍යායාම සහ වැඩ Ö දුර ගමන් යැම. Ö මානසික වියවුල් ඉහත සඳහන් ස්වභාවයේ ආහාරවලින් ශරීරයට අවශ්‍ය හැම පෝෂ්‍ය පදාර්ථයක්ම ආවරණයවෙනවා. විශේෂයෙන් රතුකැකුළු, කුරුළුතුඩ සහල් යනාදියේ fiber හෙවත් කෙඳි සහිත ස්වභාවය ඉතාම ඉහළයි. බාර්ලිවල තිබෙනවා ශරීරයේ උෂ්ණ ගුණය නසන ස්වභාවයක්. මුං ඇට සහ පරිප්පු කියන්නේ ප්‍රොaටීන බහුල ආහාරයක්. මෙහිදී අප නිර්දේශ කර ඇති එළවළු වර්ග සිරුරට සිසිල් ගුණය ගෙන දෙනවා. නුසුදුසු ආහාර ලෙස හඳුන්වා දී ඇති කොටසේ සඳහන් වන ටින් මාලු, හරක් මස්, ජාඩි බල මාලු කියන වර්ග තුළ ශරීරයට දරන්න බැරි තරම් ප්‍රොaටීන ප්‍රමාණයක් තිබෙනවා. විනාකිරි, අච්චාරු, චට්නි, සෝස්, බිලිං, තක්කාලි, ලුණු දෙහි යනාදියේ ආම්ලික සැර ගතිය ඉතා වැඩියි. කොල්ලු කියන්නේ උෂ්ණ ගුණය සහිත ඉතාම පෝෂ්‍යදායක ආහාරයක්. එහි තිබෙන ප්‍රොaටීන තොගය ශරීරයට දරා ගන්න බැහැ. ඒ නිසා ඒවා පරිභෝජනය කළාම නොයෙකුත් වියවුල් හට ගන්නවා. (ලබන සතියේ තව කොටසක්&zwnj ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jul 2017 09:42 AM රූමැටික ආත්රයිටිස් හැදුනාම සමේ රෝගත් හට ගන්නවා ප්රශ්නය - පසුගිය සතියේදී අප සාකච්ඡා කළ රූමැටික ආත්රයිටිස් මාතෘකාවේදී ඔබ සඳහන් කළා එය දිගු කාලීන Autoimmune රෝගයක් බව එනම් අපේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් අපේ ශරීරයේම නිරෝගී කොටස් ආගන්තුක හෝ ආක්‍රමණශීලී කොටස් ලෙස වටහාගෙන ඒවාට පහර දෙන්නට පටන් ගන්නවා. මේ තත්ත්වය හිසේ හටගත්තාම හිසකෙස් සියල්ලම හැලී යනවා. යළි එම හිසකෙස් හට ගන්නවා. මේ තත්ත්වය සන්ධිවලදී ක්‍රියාත්මක වුණාම රූමැටික ආත්රයිටිස් රෝගය හටගන්නවා. මෙය හදවත දක්වා පැතිරුණාම මරණය පවා සිදුවිය හැකි බව ඔබ පැහැදිලි කළා. මේ රෝගයේ බලපෑම ශරීරයේ වෙනත් තැන්වලට බලපෑ විට ඇති විය හැකි තත්ත්වය විස්තර කරන්න පුළුවන් ද? වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - සම, පෙනහළු, වකුගඩු, හෘදය සහ රුධිර නාල, ඇස්, අක්මාව, රුධිරය, ස්නායු යන ඉන්ද්‍රියන්ට මේ රෝගය නිසා හානි ඇති වෙන්න පුළුවන්. ඊට පෙර අප සාකච්ඡා කළ යුතුයි මේ රෝගය හටගත්තාම ශරීරයේ සන්ධි කවර තත්ත්වයකට පත්වනවාද කියන එක. මෙය වැළඳුණාම උදේ කාලයේදී ඇඳෙන් නැඟිටින විට, සන්ධි ඉදිමී උණුසුම් වෙනවා. ඒ ඉදිමුම සන්ධිවල විශිෂ්ට ගුරුත්වය වැඩි වීම නිසයි. ඊළඟට සන්ධි එහා මෙහා කරන්නට බැරි බවක් හැඟෙනවා. ඔස්ටියෝ ආත්රයිටිස් රෝගය තිබෙන අවස්ථාවලත් මේ රෝග ලක්ෂණම හට ගන්තත් එය රුමැටොයිඩ් ආත්රයිටිස් රෝගයට වඩා වෙනස්. රූමැටික ආත්රයිටිස් තිබෙන අය නිරතුරුවම ESR පරීක්ෂණය කරගත යුතුයි. ඒ වාර්තා තමාට ප්‍රතිකාර කරන ආයුර්වේද වෛද්‍යවරයාට පෙන්විය යුතුයි. එවිට වෛද්‍යවරයාට පුළුවන් අවශ්‍ය පරිදි ඖෂධ මාත්‍රාව වෙනස් කරමින් ප්‍රතිකාර කරන්නට. මේ රෝගය ක්‍රමයෙන් වර්ධනය වුණාම රෝගය පවතින සන්ධිවලට අදාළ අස්ථි ක්ෂය වෙන්නට පටන් ගන්නවා. මෙසේ ක්ෂය වන අස්ථි ක්‍රමානුකූලව විකෘති වීමට පටන් ගන්නවා. සමහර විට අතැඟිලි හෝ පා ඇඟිලි ඇඹරී යන්නට පුළුවන්. බෙල්ල දික්වීම හෝ ඇද වීම සිදුවිය හැකියි. මේ හා සමාන රෝග ලක්ෂණ ඔස්ටියෝ ආත්රයිටිස් රෝගයෙත් තිබෙනවා. එහෙත් රෝගියා එම රෝගය සහ රූමැටික ආත්රයිටිස් පටලවා ගත යුතු නැහැ. මෙන්න මේ අස්ථි විකෘතිතා ඇති වන මට්ටමට රෝගය පැතිර යැමට ඉඩ නොදී රෝගය පාලනය කර ගැනීම තමයි වෛද්‍යවරයාගේ වගකීම. රෝගියාගේ වගකීම වන්නේ වෛද්‍යවරයාට අවශ්‍ය රෝග විස්තර සපයමින් ඔහු කියන පරිදි ආහාර විහරණ කිරීමයි. දැන් අපි කතා කරමු මේ රෝගය ශරීරයේ වෙනත් ඉන්ද්‍රියන් මත හට ගත්තාම කුමක් සිදු වෙනවාද කියන එක. 1. සම - රූමැටික ආත්රයිටිස් රෝගය සමට වැළඳීම බහුලව දැකිය හැකි තත්ත්වයක්. රූමැටික ආත්රයිටිස් රෝගය තිබෙන අයගෙන් 30% කගේ සම මත මේ රෝගය දැක ගත හැකියි. මෙයට කියන්නේ Rheumtoid nodule හෙවත් රූමැටික ගැටිති කියලයි. මෙහි විශ්කම්භය සෙන්ටි මීටර් දෙක තුනේ සිට මිලි මීටර් දෙක තුනක් දක්වා ව්‍යාප්ත වෙනවා. අස්ථි ආසන්නයෙන් පිහිටන සම මත තමයි මෙය බොහෝ විට හට ගන්නේ. උදාහරණයක් වශයෙන් වැලමිට, විලුඹ, දණහිස සහ අතේ මිට මෙළවූ ඉදිරිපස කොටස යන තැන්වල මේ ගැටිති බහුලව දකින්නට පුළුවන්. (පසුගිය සතියේ මේ ලිපියේ පළවූ ලසිකා පටලයට කියන බටහිර වෛද්‍ය විද්‍යාත්මක නාමය synorial membrane යනුවෙන් පළවීම දොaෂ සහිතය. එය synovial membrane යනුවෙන් නිවැරැදි විය යුතුය.) ලබන සතියේ පෙනහළු වකුගඩු සහ හෘදයට මේ රෝගය පැතිරෙන හැටි බලමු. නොමිලේ විස්තර සඳහා 0713464276/ 0759061771 අංකයට කතා කරන්න සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jul 2017 09:44 AM පොඩි ළමයින්ගේ ආත්රයිටිස් නිදන්ගත වෙන්නත් පුළුවන් ප්රශ්නය - පසුගිය සතියේදී අප කතා කළේ කුඩා දරුවන්ට වැළඳෙන ආත්රයිටිස් රෝගය ගැනයි. Juvenile idiopathic arthritisයනුවෙන් මෙය හැඳින්වෙනවා. අප මෙහි රෝග ලක්ෂණ කිහිපයක් ගැන සාකච්ඡා කළා. වෛද්‍ය වසන්ත උදයජීව - මෙහි තිබෙන වැදගත්ම රෝග ලක්ෂණයක් තමයි සන්ධි වේදනාව. ඊළඟට සන්ධි දැඩි වන අතර, ඒවා නැවීම සහ දිගහැරීම අපහසු වෙනවා. එයට හේතු වන්නේ සන්ධිවල ලසිකා පටලය හානියට පත් වීමයි. ප්රශ්නය - ළමයින්ට වැළඳෙන ආත්රයිටිස් රෝගය නිසා වෙනත් ලෙඩ රෝග හටගන්නවද? වෛද්‍ය වසන්ත උදයජීව - මේ රෝගය නිසා ඇසේ ඉදිරිපස කොටසේ ප්‍රදාහ තත්ත්වයක් හටගන්නවා. මේ රෝගය තිබෙන දරුවන් සෑම පස්දෙනකුගෙන් ම එක් අයෙකුට ඇස් ප්‍රදාහය ඇති වෙනවා. එයිනුත් වැඩි වශයෙන් ම ගැහැනු දරුවන් තමයි මේ තත්ත්වයට ලක් වන්නේ. Juvenile arthritis රෝගය ඇති දරුවන්ගේ ශාරීරික වර්ධන වේගය අඩුයි. එහෙත් සන්ධි විශාල වශයෙන් වර්ධනය වෙනවා. එයට හේතුව ප්‍රදාහ තත්ත්වය තුළ සන්ධි ලිහිල් වීම නිසා වේගවත් රුධිර සැපයුමක් සන්ධි තුළට ලැබීමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අත්පාවල දිග වැඩි වෙනවා. ඒ කියන්නේ එක පාදයක් අනෙක් පාදයට වඩා දිගින් වැඩියි. එක් අතෙක් අනක් අතට වඩා දිගින් වැඩියි. ප්රශ්නය - මෙය නිදන්ගත රෝගයක්ද? වෛද්‍ය වසන්ත උදයජීව - නොසලකා හැරිය විට මෙය නිදන්ගත රෝගයක් බවට පත් වෙනවා. ඊළඟට ඉතා දරුණු පසු ප්‍රතිඵල හටගන්නවා. එහෙත් ඉතා පරෙස්සමින් ප්‍රතිකාර කළාම මේ රෝගය සෙමෙන් මඟහරවා ගන්නට පුළුවන්. මෙහිදී මේ රෝගය නිසා ඇතිවන ඇස් රෝගය ගැන විශේෂයෙන් කිව යුතුයි. මේ රෝගය හඳුන්වන්නේ ඹඩැසඑසි යන නමින්. මේ රෝගයට ප්‍රතිකාර නොකර අත්හැර දැමුවහොත් ග්ලුකොමාව, ඇසේ තුවාල කැළල්, ඇසේ සුද පමණක් නොව අන්ධභාවය පවා ඇති වීමට පුළුවන්. නරකම තත්ත්වය තමයි ඹඩැසඑසි රෝගය කිසිදු රෝග ලක්ෂණයක් නැතිවම හටගැනීම. මේ රෝගයට ප්‍රතිකාර කරන විට ළමයින්ගේ සිරුර වර්ධනය වීම නවතිනවා. ප්රශ්නය - මේ රෝගය හට ගැනීමට හේතු මොනවද? වෛද්‍ය වසන්ත උදයජීව - antoimmune තත්ත්වයක් කියන එක තමයි සාමාන්‍ය පිළිගැනීම. කොහොම වුණත් රෝගය දරුණු වන්නේ වෙනත් හේතු කිහිපයක් නිසයි. ඒ හේතු ලබන සතියේ සාකච්ඡා කරමු. කුඩා දරුවන්ගේ ආත්රයිටිස් රෝගයට කසායක් එලබටු මුල්, පාවට්ටා මුල්, නික මුල්, දේවදාර, පත්පාඩගම්, උළුහාල්, සුදුලූනු කලං 1 මංචාඩි 10 බැගින් ගෙන පත 8 ට එකට සිඳ සුදුසු පරිදි සීනි/ මීපැණි/ එඬරු තෙල්/ සහිඳ ලුනු දමා කෝප්ප භාගය බැගින් දෙවරක්a දින 6 ක් පානය කරන්න. සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jul 2017 09:47 AM බිහිරි බවේ ඇත්ත කතාව මේකයි ප්රශ්නය - පසුගිය සතියේ ඔබ සමඟ කළ සාකච්ඡාවේදී කතා කළේ ඉතා සුලභ කර්ණ රෝග ගැනයි. ඒ යටතේ කන් කැසීම, කනේ දිලීර හට ගැනීම, කර්ණ විද්‍රdධි කන් බෙරය හිල් වීම, කනෙන් සැරව ගැලීම, මැද කනේ සෙම එකතු වූ විට රෝගියාගේ කන පිරුණු තත්ත්වයක් නිතර දැනීම සහ ශ්‍රවණය දුර්වල වීම, යුස්ටේකීය නාල අවහිර වීමෙන් සිදුවන දේ යනාදිය ගැන අප සාකච්ඡා කළා. අද අප ඔබෙන් දැන ගන්නට අදහස් කරන්නේ බිහිරි බව ගැනයි. ආචාර්ය වෛද්‍ය ශ්‍රියානි පීරිස් - බිහිරි භාවය හට ගන්නට කනෙන් සැරව ගලා ඇතිවන ආසාදන තත්ත්වය බලපාන්නට පුළුවන්. එය ආයුර්වේදයේ හඳුන්වන්නේ ප්රතිකර්ණ කියන නමින්. ප්රශ්නය - ඇයි කනෙන් සැරව ගලන්නේ? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - නිතර නිතර ආගන්තුක අපවිත්‍ර ද්‍රව්‍ය කන තුළට ඇතුළු වීම ප්රමුඛ හේතුවක් විය හැකියි. ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ ආසාදන තත්ත්වයක් හටගත්තා කියමු. මෙය සෙම අමාරුවක් එහෙමත් නැත්නම් පීනස් තත්ත්වයක් විය හැකියි. මේ තත්ත්වය පාලනය කරගත්තේ නැත්නම් ඒ ඔස්සේ හටගන්නා දුර්විපාක නිසා බිහිරි බව හටගන්නවා. කෙනකුට නිතරම සෙම් ගෙඩි තිබෙනවා නම්, අගුරේ අමාරු නිතරම හට ගන්නවා නම්, එය පාලනය කර ගන්නට බැරි නම් බිහිරි බව හටගන්නවා. ඒ කියන්නේ සෙම් ගෙඩි හෝ උගුරේ අමාරුව හැදුන පමණින් බිහිරි බව ඇති වෙනවා කියන එක නොවෙයි. ඒවා නරක් වුණොත්, නරක් කරගත්තොත් බිහිරි බව හටගන්නා බවයි. මෙසේ සෙම තත්ත්වය නරක අතට හැරුණාම මැදකනේ සෙම එකතු වෙනවා. එහෙම වෙන්නේ මැද කනේ තිබෙන ආස්තරණයෙන් සෙම කාන්දුවීම තුළින්. එහෙම සෙම එකතු වුණාම යුස්ටේකීය නාල අවහිර වෙනවා. ඉන්පසු එතැන ආසාදනයක් ඇවිත් පුපුරලා සැරව එළියට එනවා. මෙහෙම දිගු කලක් තිබුණාම ශ්‍රවණය හට ගැනීමට හේතු වන ස්නායුවට බාධා වෙනවා. බිහිරි බව හටගන්නේ එතකොටයි. ප්රශ්නය - බිහිරිබව පිළිබඳ බටහිර වෛද්‍යවරුන්ගේ අර්ථකථනය කුමක්ද? ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස් - A deaf person has little to no hearing යන ඉංග්‍රීසි වාක්‍යය මගින් බිහිරි බවේ සීමා නිර්ණය වෙනවා. බිහිරි කෙනකුගේ ශ්‍රවණ ශක්තිය සමහර විට ටිකක් තිබෙන්නට පුළුවන්. සමහර විට කිසිසේත්ම නොතිබෙන්නට පුළුවන්. බිහිරි බව එක් කනකත් හට ගන්නවා, සමහර විට කන් දෙකෙහිමත් හට ගන්නවා. කුඩා දරුවකුගේ බිහිරි බව ඔහුගේ කතා කිරීමේ ශක්තිය නැති කරනවා. මහලු වියේ පසුවන කෙනෙකු බිහිරි වුණොත් ඔහුට/ ඇයට දැනෙන්නේ තමා ලෝකය තුළ තනිව සිටින බවයි. බිහිරි බව තාවකාලිකව පවතින අවස්ථා වගේම කෙනෙකුගේ ජීවිතය නිමවන තුරුම පවතින අවස්ථාත් තිබෙනවා. බටහිර අර්ථකථනයට අනුව බිහිරි බව ඇති වීමට හේතු රැසක් තිබෙනවා. ජානමය උරුමය, වියපත්භාවය, අධික ඝෝෂාකාරීබවට නිරාවරණය වීම, ආසාදන, උපතින් ඇතිවන දොaෂ, කනට සිදුවන හානි, ඖෂධ හෝ වස විසවල බලපෑම මේ හේතු ලෙස දැක්විය හැකියි. එසේම කාන්තාවකට ගර්භනී සමයේ දී සිපිලිස් හෝ රුබෙල්ලා වැනි රෝගයක් හට ගත් විට දරු කලලයට එය බලපා බිහිරි දරු උපතක් සිදු වෙනවා. ශබ්දයේ ප්‍රමාණය මනින Decibel ඒකක 25 ක් වත් එක කනකට නො ඇසෙනවා නම් බටහිර විද්‍යාවට අනුව ඒ තැනැත්තා හඳුන්වන්නේ බිහිරි පුද්ගලයකු ලෙසයි. බටහිර වෛද්‍ය මතයට අනුව බිහිරි රෝගීන්ගෙන් අඩක් සුවපත් කළහැකියි. ආයුර්වේදයට ඊට බෙහෙවින් වැඩි ප්‍රමාණයක් සුවපත් කළ හැකියි. සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 indika76Most Senior MemberPosts:10449 09 Jul 2017 04:46 AM මේ වගේ රෝග තත්ත්වයන් කල් තියා පරීක්ෂා කර ගන්නවා නම් රෝගයන් වලක්වා ගන්න පුළුවන් වගෙයි... (චාමර මල්ලී දැන් වෛද්‍යවරයෙක් වෙන්න ආසන්නයි වගේ. වැරදිලාවත් සයිටම් එක පැත්තේ යන්න එපා) 0 You are not authorized to post a reply. Page 27 of 137 << < 2526272829 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner