You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 28 of 137 << < 2627282930 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jul 2017 07:23 AM

විශ්‍රාමිකයින්ට වඩා මැදිවියේ අයට ලෙඩ

විශ්‍රාමික පුද්ගලයන්ට වඩා වැඩි කාලයක් මැදි වියේ කාර්යාල සේවකයන් අසුන් මත ගත කරන බවට නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ.

වයස 75 ඉක්මවූ විශ්‍රාමිකයන් හා සැසඳීමේ දී දීර්ඝ වෙලාවක් රැකියාවේ නිරත බොහෝ දෙනෙකු වැඩි කාලයක් අසුන් මත ගත කරන බව එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ වාර්තා කරන බව 'ඩේලිමේල්' වෙබ් අඩවිය පවසයි.

ව්‍යායාමවලින් තොර ජීවන ක්‍රමයකට හුරු වීම තුළ දියවැඩියාව, පිළිකා සහ අකාලයේ මිය යාමට ගොදුරු වීමට ඇති ඉඩකඩ පිළිබඳ එම සොයා ගැනීම් ඔස්සේ අවධානයට ලක් කරන බවත් 'ඩේලිමේල්' වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි.

( තිළිණි ද සිල්වා )

ඩේලිමේල් ඇසුරෙනි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jul 2017 07:51 AM

http://navaliya.com/2017/07/10/New%20folder/4.jpg

http://navaliya.com/2017/07/10/New%20folder/35.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jul 2017 07:53 AM

http://navaliya.com/2017/07/10/New%20folder/50.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jul 2017 06:46 PM

වෙළෙඳපොළේ ඇති අලුත් මාළු හඳුනාගන්නා අයුරු

වැල්ලට ගියොත් අලුත් මාළු මිලදී ගන්න පුළුවන් කියා පැවසුවත් අප සෑම දෙනාටම වැල්ලට ගොස්‌ මාළු මිලදී ගන්න කාල වේලාවක්‌ නැත. එනිසා නිවස අසලට එන මාළු වෙළෙන්දාගෙන් හෝ මාළු අලෙවිසලකට ගොස්‌ මාළු මිලදී ගැනීමට අපි පුරුදුව සිටින්නෙමු.

මිලදී ගන්නා මාළු අලුත් තත්ත්වයේ පවතින්නේදැයි කියා හඳුනාගන්නා අයුරු පිළිබඳව යම් අවබෝධයක්‌ පැවතීම අප කොයි කාටත් වැදගත්ය.

අලුත් මාළු හඳුනාගන්නේ කෙසේද?

අළුත් මාළු ලෙස අප සාමාන්‍යයෙන් පවසන්නේ මුහුදෙන් අල්ලාගත් මොහොතේ සිට ආහාරය සඳහා පිසින අවස්‌ථාව දක්‌වා කාලසීමාව තුළ ශීත දාමයකින් ආරක්‍ෂා වී තිබීම පිළිබඳවය.

එනම් නරක්‌ නොවී ආහාරයට ගත හැකි තත්ත්වයෙන් අඩු උෂ්ණත්වයක්‌ යටතේ තබා ගත් මාළුවල දැකිය හැකි ලක්‍ෂණ අනුව එම මාළු ආහාරයට ගැනීම සඳහා සුදුසු මට්‌ටමේ පවතිනවාද නැතිද කියා තීරණය කළ හැකියි.

සාමාන්‍යයෙන් මාළු සෙල්සියස්‌ අංශක 4 ට වඩා අඩු උෂ්ණත්වයක (4 ජ 0) තබාගත යුතුයි. එනිසා ශීතකරණයේ තබනවා නම් සෙල්සියස්‌ අංශක 04 අඩු උෂ්ණත්වයක්‌ යටතේ මාළු තබාගැනීමෙන් ඉක්‌මනින් නරක්‌වීම වළක්‌වාගත හැකියි. මාළු අලෙවිසලක හෝ මාළු වෙළෙන්දෙක්‌ රැගෙන එන මාළු අයිස්‌ තට්‌ටුවක්‌ මත තිබේ නම් එම මාළු ඉක්‌මනින් නරක්‌වීම සිදු නොවේ.

එනිසා අයිස්‌ ඇතිරිලි මත තබා ඇති මාළු ඉතා ඉක්‌මනින් නරක්‌ නොවන තත්ත්වයේ පවතින බවට විශ්වාසයක්‌ ඇතිකර ගත හැකියි.

මාළුවලට ආවේණික සුවඳක්‌ තිබෙනවා. එම සුවඳ සහිත මාළු නරක්‌ වීමට ලක්‌වී නැහැ. නරක්‌ වෙමින් පවතිනවා නම් එවැනි මාළු තුළින් ඇමෝනියා වායුවේ දුර්ගන්ධයක්‌ (මුත්‍රා ගඳ) වහනය වේ.

මාළුවල ඇස්‌ පැහැදිලිව දීප්තිමත්ව පැවතීම හොඳ මාළුවල දැකිය හැකි තවත් ලක්‍ෂණයකි. ඇස්‌ යටට ගිලී ඇත්නම් අවපැහැ ගැන්වී ඇත්නම් එම මාළු නරක්‌ වීමට ආසන්නව පවතී.

හොඳ මාළුවකුගේ කරමලය දිලිසෙන රත් පැහැයක්‌ පවතී. අවපැහැ ගැන්වී කළු පාටට පවතී නම් එම මාළු ආහාර සඳහා පිසීමට සුදුසු මට්‌ටමේ නොමැත.

මාළුවකුගේ ශරීරයට ඇඟිල්ල තබා සෙමින් තද කළ විට ඇතුළට එබී ගොස්‌ එම ස්‌ථානයේ එබී ගිය සලකුණක්‌ ඇතිවුවහොත් එම මාළු හොඳ තත්ත්වයේ නැත.

හොඳ මාළුවකු ශරීරය සෙමින් තද කළ විට එබී ගොස්‌ නැවත පැවති තත්ත්වයටම පැමිණේ.

මාළු කූරියකු නැට්‌ටෙන් අල්ලා පහළට එසවූ විට කටින් තෙල් වැනි ද්‍රවයක්‌ වෑහෙනවා නම් එම මාළු මිලදී ගැනීම නොකළ යුතුයි. ඒවා නරක්‌ වී තිබේ.

එසේම තැලිච්ච මාළු මිලදී ගැනීම නොකළ යුතුයි.

මාළුවලට ෆොමලින් ගසා ඇතිදැයි කියා දැනගන්නේ කෙසේද?

මාළුවලට ෆොමලින් රසායනය මිශ්‍ර කර තිබේද කියා දැනගත හැක්‌කේ රස පරීක්‍ෂකවරයකුට පමණයි.

නමුත් ෆොමලින් දැමූ මාළුවලට මැස්‌සෝ වහන්නේ නැහැ. මාළුවල ආවේනික සුවඳ නැහැ. එවැනි ලක්‍ෂණ සහිත මාළු අලෙවිසලක්‌ දුටුවහොත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයකුට පැමිණිලි කිරීම තුළින් එම මාළු පිළිබඳව වැඩිදුර පරීක්‍ෂාවක්‌ සිදුකළ හැකියි.

මාළු නිවැරදිව පිසගන්නේ කෙසේද?

මාළු පිසගැනීමට පෙර එම මාළු කැබලිවලට කැපීමේදී ඒ සඳහා භාවිත කරන ලෑල්ල හෝ ප්ලාස්‌ටික්‌ තැටිය මාළු කැපීම සඳහා පමණක්‌ භාවිත කළ යුතුයි. එම ලෑල්ල හෝ තැටිය එළවළු කැපීම සඳහා භාවිත කිරීම සුදුසු නැහැ.

මාළු කැපීම සඳහා ලෑල්ල හෝ තැටිය භාවිත කළ පසු සබන් ගා සේදීම හෝ උණුවතුරින් සේදීම කළ යුතුයි. එසේ නොකළහොත් එම ලෑල්ල හෝ තැටිය මත ඉතා ඉක්‌මනින් විෂබීජ පැතිර යනු ඇත.

මාළු පිසගැනීමට පෙර සේදීමේදී ක්‌ලෝරීන් මිශ්‍ර ජලයෙන් පිරිසිදු කරනවා නම් එය ඉතා හොඳය. ක්‌ලෝරීන් යනු උසස්‌ තත්ත්වයේ විෂබීජ නාශකයකි.

මාළු පිස ගැනීමේදී සෙල්සියස්‌ අංශක 65 (65ජ)) එසේත් නැත්නම් ෆැරන්ට්‌හයිට්‌ අංශක 145 (145ෙ)) උෂ්ණත්වයක්‌ යටතේ පිසගත යුතුය.

එසේ පිසගත් විට එම මාළුවල මාංශ කොටස්‌ හොඳින් ගැලවී යයි. එය පරීක්‍ෂා කිරීමට හැන්දකින් මුළු කොටස්‌ තද කළ විට ගැලවී යැම සිදු වේ.

පිසගත් මාළු පැය 02 ක්‌ වැනි කාලයක්‌ තුළ ආහාරයට ගැනීම කළ යුතුයි.

පිසගත් මාළු පැය දෙකකට වඩා වැඩි වේලාවක්‌ කල් තබාගන්නේ නම් එය සෙල්සියස්‌ අංශක 04 ට අඩු උෂ්ණත්වයක්‌ යටතේ එනම් ශීතකරණයක තැබීම හෝ සෙල්සියස්‌ අංශක 60 ට වැඩි උෂ්ණත්වයක්‌ යටතේ තැබිය යුතුය.


මහජන සෞඛ්‍ය පරීක්‍ෂක
සමන්ත පෙරේරා
මාධ්‍ය ප්‍රකාශක ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය
ගම්පහ දිස්‌ත්‍රික්‌ ශාඛාව

සංස්‌කරණය උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jul 2017 06:49 PM

සිරුරට සමෙන් ලැබෙන රැකවරණය

අපගේ ශරීරයේ විශාලම ඉන්ද්‍රිය වන සම පිළිබඳව අප තුළ ඇති දැනුම අල්ප බව වැටහෙන්නේ බොහෝ දෙනා සම රැක ගැනීමට වෙහෙසෙන්නේ ඉන් ශරීරයට ලැබෙන පැහැපත් බව රැක ගැනීම සඳහා පමණක්‌ බැවිණි. එබැවින් සමෙන් සිරුරට ඉටුවන කාර්යයන් පිළිබඳව සාමාන්‍ය දැනුමක්‌ ලබා ගනිමු.

වෛද්‍යතුමනි අපගේ ශරීරයේ ඇති සම සෑදී තියෙන්නේ කෙසේද?

අපගේ සම ස්‌ථර දෙකකින් යුක්‌තයි. අපට මතුපිටින් දක්‌නට ලැබෙන උඩුහම හෙවත් අපිචර්මය සහ අපිචර්මයට යටින් ඇති යටි හම හෙවත් චර්මයයි. අපිචර්මයත් චර්මයත් අතර පටලයක්‌ පවතී.

අපිචර්මය

බාහිරින් දක්‌නට ලැබෙන සහ අපට ස්‌පර්ශ කළ හැකි අපිචර්මයෙහි මතුපිට ඇත්තේ අජීවී සෛලය. සමෙහි යටින් ඇති සජීවී සෛල පැතිලිවී ඉන්පසු අජීවී සෛල බවට පත්ව මතුපිටස්‌ථරය සාදනු ලබයි.

මෙම අජීවී සෛල නිතර ඉවත් කර අලුත් සෛල ඇති වේ.

අපිචර්මයේ සෛල එක මත එක පිහිටමින් ශක්‌තිමත් බැඳීමකින් යුක්‌තය. එනිසා බාහිර පරිසරය සමග ගැටීමේදී ඕනෑම පරිසරයකට ඔරොත්තු දීමේ හැකියාව පවතී.

චර්මය

සජීවී සෛලවලින් සෑදී ඇති චර්මයෙහි ලේ නහර, ස්‌නායු, රෝම කූප, දහදිය, ග්‍රන්ථි, සමේ තෙල් ගතිය ඇති කරන ග්‍රන්ථි ආදිය පවතී.

වෛද්‍යතුමනි සමෙන් අපගේ ශරීරයට ඉටුවන කාර්යයන් මොනවාද?

මුළු ශරීරයටම බාහිර ආවරණයක්‌ ලබාදෙමින් ශරීර අභ්‍යන්තරය ආරක්‍ෂා කරන්නේ සම මගිනි. හිස සිට දෙපතුළ දක්‌වා ඇති සම ශරීරයේ ඇති විශාලම ඉන්ද්‍රියයි.

බාහිර පරිසරයෙහි ඇති බැක්‌ටීරියා, වෛරස, දිලීර වර්ග, දූවිලි, රසායන ද්‍රව්‍ය සහ හිරුඑළියෙන් පිටවන පාරජම්බුල කිරණ ශරීරය තුළට ගමන් කිරීමට ඉඩ නොදෙමින් ශරීර අභ්‍යන්තරය ආරක්‍ෂා කරනු ලබනවා.

ශරීරය ඇතුළත ඇති ජලය, ප්‍රොaටීන්, ඛනිජ ලවන ආදිය පිටතට යා නොදී රැක ගන්නවා.

ශරීරයේ උෂ්ණත්වය රැකදීමට ක්‍රියා කරනවා.

හිරුඑළිය උරාගෙන ශරීරයට විටිමින් "ඩී" නිපදවීම සඳහා අවශ්‍ය පියවර ගනු ලබනවා.

සංවේදී ඉන්ද්‍රියයක්‌ ලෙසද කටයුතු කරනවා.

මේ සියල්ලටම අමතරව ශරීරයේ පෙනුම ඇති කිරීම සඳහා රූපාලංකාර ඉන්ද්‍රියයක්‌ ලෙසින්ද ක්‍රියා කරනවා.

වෛද්‍යතුමනි මෙතරම් කාර්යයක්‌ ඉටුවන සම රැක ගන්නේ කෙසේද?

එය ඉතා වැදගත් කටයුත්තකි. සමේ ක්‍රියාකාරීත්වය අඩපණ වුවහොත් ශරීර අභ්‍යන්තරයට විෂ බීජ ආදිය ඇතුළුවී ආසාදන තත්ත්ව හටගත හැකියි.

ඒ නිසා සමබර ආහාර වේලක්‌ ලබා ගැනීම තුළින් සමේ ක්‍රියාකාරීත්වය නිරෝගීව පවත්වාගත හැකියි.

පිලිස්‌සීම, ප්‍රදාහයන් ඇතිවීම (සම ඉදිමුම) දද කුෂ්ඨ මතුවීම, පොතු කබර වැනි රෝග සම පුරා පැතිරීම කලාතුරකින් දැකිය හැකිය. ඖෂධ විෂ වීමක්‌ ඇතුළු විවිධ හේතු නිසා සමේ ක්‍රියාකාරීත්වය දුර්වල විය හැකියි.

එනිසා එවැනි තත්ත්වයන් ඇතිවීම වළක්‌වා ගැනීමට පියවර ගත යුතුයි.

නිතර හිරුඑළියට සම නිරාවරණය වීම නිසා එහි ඇති පාරජම්බුල කිරණ මගින් සමට හානි සිදුවිය හැකියි. එසේම සම රැළි ගැසීමටද ලක්‌වේ. එනිසා හිරු එළියට වැඩි වේලාවක්‌ නිරාවරණය වන රැකියා ආදියෙහි නිරත වන විට ශරීරය ආවරණය වන පරිදි ඇඳුම් පැළඳුම් ඇදීම කළ යුතුය.

මතුපිට සම මත ඇත්තේ අජීවී සෛල බැවින් මතුපිට සම රළු ද්‍රව්‍ය මගින් ඇතිල්ලීම නොකළ යුතුයි. සම තදින් ඇතිල්ලීමේදී ඉවත්ව යන්නේ සෛලය. නමුත් බොහෝ දෙනා සිතා සිටින්නේ එසේ ඉවත්ව යන්නේ සම මත රැඳී ඇති කුණු කියාය.

සම මත ඇති මෙම අජිවී සෛල අනවශ්‍ය ලෙස ඉවත්වීමෙන් සමෙහි ඇති දීප්තිමත් බව නැතිවී ගොස්‌ සම රළු ස්‌වභාවයක්‌ ගනී.

එසේම නිතර නිතර සබන් ආලේප කරමින් සම පිරිසිදු කිරීම නොකළ යුතුයි. දිනකට දෙවරක්‌ පමණ සබන් ගා ශරීරය පිරිසිදු කිරීම ප්‍රමාණවත්ය. සම මතුපිට තුනි මේද ස්‌ථරයක්‌ සහ හානි කරන නොවන බැක්‌ටීරියා දිලීර පිහිටයි. නිතර සබන් ගා සේදීමෙන් මෙම ස්‌ථරයට හානි සිදුවේ.

සමෙහි පී. එච්. අගය 4.5-5.5 ත් අතර අගයක පවතින නිසා එම අගයට ආසන්න සබන් වර්ග සම පිරිසිදු කිරීම සඳහා ගත හැකිනම් වඩාත් සුදුසුය. එසේ නොවුණහොත් සම මතුපිට ඇති මේද තට්‌ටුවට හානි සිදුවිය හැකිය.

යම් පුද්ගලයකුගේ සමෙහි වියළි රළු ස්‌වභාවයක්‌ පවතීනම් ඒ සඳහා වෛද්‍ය උපදෙස්‌ මත ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්ය.

කොළඹ ජාතික රෝහලේ
චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
ජානක අකරවිට

සංස්‌කරණය උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jul 2017 01:43 AM
මේ දවස් වලනං මට සිරුර ගැන හිතන්නම බැරි උනා පට්ට අවුවේනේ මාස 5 ,6 ක්ම වැඩ කරන්න උනේ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jul 2017 05:37 PM

දොෂ උන්මාදය සහ
භූත උන්මාදය හඳුනාගන්න


දේශීය නීලම්මහර මානසික රෝග වර්ගීකරණයට අනුව මානසික රෝග ප්‍රධාන කොටස්‌ 2 කට බෙදේ. එනම් දොaෂ උන්මාදය සහ භූත උන්මාදය ලෙසයි.

මෙහිදී දොaෂ උන්මාද යනුවෙන් විග්‍රහ කෙරෙන්නේ ශරීර සමතුලිතතාව පවත්වාගෙන යාම සඳහා ශරීරය තුළ බල පැවැත්වෙන වාත, පිත්ත, සෙම යන ත්‍රිදොaෂ තත්ත්වයන්ගේ අසමතුලිතාවයෙන් හෝ අසමබරතාවයෙන් ඒ හරහා මානසික දොaෂයන්ගේ සමතුලිතතාවයට බලපෑම් ඇතිකර, ඇති වන්නා වූ මානසික රෝගයයි. මෙම දොaෂයන්ගේ උල්භනයට එසේත් නැතිනම් විෂම තත්ත්වයට පත්වීමට හේතු රාශියක්‌ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ සඳහන් කර තිබේ.

ගන්නා ආහාර පාන, ඇවතුම් පැවතුම්, නිදි වැරීම, මත් පැන්, මත්කුඩු, ගංජා වැනි දේ භාවිතය තම චර්යාවන්ගේ විනය ගරුක භාවය, ඉන්ද්‍රිය පාලනය වැනි තත්ත්වයන් නිසා (බාහිර සහ අභ්‍යන්තර හේතු) මෙම දොaෂ දූෂිත තත්ත්වයට පත්වී අසම වී අසමතුලිත තත්ත්වයට පත්වී ශාරීරික මෙන්ම මානසික රෝග වැළඳිය හැකි බව දේශීය වෛද්‍ය ක්‍රමයේ විශ්වාසයයි.

මේ නිසාම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සහ දේශීය වෛද්‍ය ක්‍රමයේ අපට වැළඳෙන්නා වූ සියලු රෝගවලට කායික මෙන්ම මානසික හේතු බලපාන බවත් එම බලපෑම් නිසා මෙම කායික මානසික සම්බන්ධතාවය බිඳී යන බවත් විශ්වාස කරනු ලැබේ.

පෙරදිග වෛද්‍ය ක්‍රමයේ මෙම සම්බන්ධතාවය පිළිනොගත්තද අපරදිග සියලු වෛද්‍ය ක්‍රමවල මෙම සම්බන්ධතාවයේ තිබෙන වැදගත්කම අවධාරණය කර තිබේ.

ශාක්‍ය දර්ශනයේ නිර්මාතෘ වන කපිල සෘෂිවරයා මෙම සම්බන්ධතාවය හඳුන්වන්නේ සමවාසී සම්බන්ධතාවය කියාය.

කෙසේ වෙතත් ඔබ අද යම්කිසි වූ කායික රෝගයක්‌ සඳහා ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු ළඟට ගිය විට වෛද්‍යවරයා ඇතැම් විට ඔබේ රෝගයට යම්කිසි වූ මානසික හේතුවක්‌ තිබෙනවාද යන්න ඔබෙන් විමසන්නේ මෙම සබැඳියාව නිසාවෙනි. ඇතැම් විට වෛද්‍යවරයා ඔබෙන් ඔබ කුමන හෝ ප්‍රශ්නයක්‌ පිළිබඳ කල්පනා කරනවා දැයි ඇසූ අයුරු ඔබේ මතකයේ තිබිය හැක.

අධික රුධිර පීඩනය පාලනය නොවන්නේ, සීනි මට්‌ටම නියමිත අගයට නොපැමිණෙන්නේ, ප්‍රශ්නයක ජීවත් වන නිසාවෙන් දැයි ඇසූ අයුරු ඔබටම තකයේ තිබෙනවා වීමට පුළුවන.

කෙසේ වෙතත් මෙවැනි වූ ශාරීරික දොෂ තත්ත්වයන්ගේ අසම තුළිතතා ඇති වීම නිසා යම් මානසික රෝග තත්ත්වයන් දක්‌වා එය වර්ධනය විය හැකි බව දේශීය වෛද්‍ය ක්‍රමයේ පැහැදිලි කර තිබේ.

එමෙන්ම භූත උන්මාදය (භූතෝන්මාදය) යටතේ පුරාණ දේශීය පොත පත පෙන්වා දෙන්නේ ඔවුන් විග්‍රහ කරන්නේ අපේ ඇසට නොපෙනෙන ක්‍ෂුද්‍ර ජීවීන් වැනි කුඩා ජීවීන්ගේ බලපෑම අපේ ශරීරයට ඇතිවීමෙන් යම් යම් මානසික රෝග ඇතිවිය හැකි බවයි. මෙතැනදී භූත යන වචනය අර්ථකථනය කිරීමේදී එක්‌ එක්‌ අවස්‌ථාවලදී ආයුර්වේදයේ මෙන්ම දේශීය වෙදකමේ සඳහන් වන ලෝක සත්ත්වයා නිර්මාණය වී තිබෙන පංච භූත සංකල්පයද ඉහත සඳහන් කළ බාහිර බලපෑම් නිසා යම් යම් මානසිකව ඇතිවන වෙනස්‌ වීම්ද විග්‍රහකර තිබේ.

මෙය ඇසට නොපෙනෙන්නා වූ සක්‍රිය හෝ අක්‍රිය සියුම් අනු කොටස්‌ ශරීරය තුළට ඇතුළුවීම නිසා ශරීරය පුරාවට අපේ මනස වහනය කරන ස්‍රොaතය එසේත් නැතිනම් ඇළ මාර්ග අවහිරකර එහි සමාන්‍ය ක්‍රියාවට මග හරස්‌ කර ඒ හරහා පුද්ගලයාගේ සිතීමේ ක්‍රියාවලියට බාධාකර හැඟීම්වල වෙනසක්‌ ඇතිකර සංවේදනයේ වෙනසක්‌ ඇතිකරමින් එය පුද්ගලයාගේ හැසිරීමට බලපෑමක්‌ ඇති කර මානසික රෝග එම පුද්ගලයා තුළ නිර්මාණය කරවන බවත් මෙහි සඳහන්ව තිබේ.

විටෙක කෙනෙකුට ඉහත සඳහන් කළ මෙම මනස ගෙනයන ස්‍රොaතයන් එසේත් නැතිනම් ඇළ මාර්ග මොනවාද යන ප්‍රශ්නය මතුවිය හැකිය.

දේශීය වෛද්‍ය ක්‍රමය සහ ආයුර්වේදයට අනුව මනස යනු ද්‍රව්‍යයක්‌ ලෙසින් විශ්වාස කිරීමේදී එය මුළු සිරුර පුරාම ගමන් කරන දෙයක්‌ ලෙසට වෛද්‍ය ක්‍රම තුළ සඳහන් කර තිබේ.

නියපොතු සහ හිසකෙස්‌ හැර සියලුම පටකයන් වෙත මනසට ගමන් කළ හැකි බව තවදුරටත් එහි දක්‌වා තිබේ.

කෙසේ වෙතත් මෙම ගමන් මාර්ග ඉහත සඳහන් කළ භූත නමැති රෝග කාරක නිසා අවහිර තත්ත්වයකට පත්වන්නේ නම් මනසේ නිදහස්‌ ගලා යැමට බාධා ඇතිකර ශරීරය සහ මොළය අතර ඇතිවන සම්බන්ධතාවය බිඳ වැටීමට පුළුවන. ඒ හරහා යම් යම් මානසික රෝග ඇතිවීමේ හැකියාව ඇත.

මෙම භූත ලෙසින් හඳුන්වන කොටස්‌ ඇතැම් විට ප්‍රේත ආත්ම හැටියට භූත ආත්ම හැටියට, මියගිය ප්‍රාණකරුවන් හැටියට, පිසාචයන් ලෙසට අපේ ශරීරයට ඇතුළු විය හැකි බවත් ආයුර්වේදයේ විශ්වාසයක්‌ ඇත.

ඇතැම් විට මොවුන් මෙම විග්‍රහ කරන භූත ආත්ම අප වර්තමානයේ රෝග කාරක හැටියට සඳහන් කරන වෛරස්‌, බැක්‌ටීරියා, හඳුන්වාදීමට යොදාගත් ඔවුන්ගේ පාරිභාෂික ශබ්ද මාලාව තුළ තිබුණු වචන වෙන්නට බැරි නැත.

කෙසේ වෙතත් මෑතකදී කළ විද්‍යාත්මක පරික්‍ෂණයකින් අනාවරණය වී තිබෙන්නේ අද ලෝකයේ බොහෝ ප්‍රචලිත රෝගයක්‌ වන මතකය අහිමිවීමේ රෝගය වශයෙන් හඳුන්වන ඩිමෙන්සියා යන රෝග තත්ත්වයේදී මොළයේ සෛලවලට එසේත් නැතිනම් නියුරෝණවලට යම්කිසි ක්‍ෂුද්‍ර ජීවියකුගේ බලපෑමක්‌ නිසා මෙම නියුරෝණ විනාශයට පත්වන බවත්, ඛාදනයට පත්වන බවත්, ඒ හරහා එම පුද්ගලයා ස්‌වාභාවිකව වයසට පත්වීමේදී ඇතිවන සෛල පරිහානියට වඩා වෙනස්‌ තත්ත්වයක්‌ ඇතිවී එම පුද්ගලයාගේ මතකය සහ චර්යාවේ යම් යම් ගැටුම් ඇතිවන බවයි.

තවත් කොටසක්‌ ලබන සතියේ

සංස්‌කරණය
වසන්තා ශ්‍රියාකාන්ති

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jul 2017 05:41 PM

රසයෙන් වැඩිවන විස

අපේ ආහාරවල අඩංගු ප්‍රවේශමින් ආහාරයට ගත යුතු දේ තිබේ.

ඒවා නම් තෙල්, සීනි සහ ලුණුය. ආහාරයේ රසය වැඩි කිරීමට මේවා යොදා ගත්තද වැඩිපුර ගැනීම සුදුසු නැත සිරුරට විෂ ය. එනම් ලෙඩ රෝග ඇති කිරීමේ හැකියාව ඉහළය.

තෙල්- ශක්‌තිය ලබාදෙයි. එහෙත් වැඩිපුර ගැනීමෙන් ලෙඩ වෙයි. මහත් වේයි.

තෙල් බහුල ආහාර ලෙස ක්‍ෂණික ආහාර, ප්‍රේස්‌ටි්‍ර, පීසා, බර්ගර්, බටර්, මාගරින්, තෙල් වර්ග (එනම් පොල් තෙල්, එළඟිතෙල් වැනි) සකස්‌ කළ මස්‌ (හැම්, බේකන්, සොසේජස්&zwnj පෙන්වා දීමේ හැකියාව තිබේ.

සීනි- ශක්‌තිය ලබාදෙයි. නිතර ආහාරයට ගැනීමෙන් දත් නරක්‌ වෙයි. සිරුර මහත් වෙයි. ලෙඩ රෝගවලට මුල පුරයි.

සීනි බහුල ආහාර ලෙස සිසිල් බීම, පැණි බීම, කේක්‌, බිස්‌කට්‌, ජෑම්, ටොµs ජෙලි වර්ග, පැණිරස කෑම වර්ග ප්‍රධාන වේ.

ලුණු- වැඩිපුර ගැනීමෙන් පිපාසය ඇතිවේ. ලෙඩ රෝග ඇති වේ.

ලුණු බහුල ආහාර ලෙස, ක්‍ෂණික ආහාර, ප්‍රේස්‌ටි්‍ර, පීසා, බර්ගර්, ලුණු යෙදූ බිස්‌කට්‌ වර්ග (අල පෙති, රටකජු, මුරුක්‌කු, ටිපිටිප්) සකස්‌ කළ මස්‌ (හැම් බේකන්, සොසේජස්&zwnj චීස්‌, මාමයිට්‌, සුප්කැට, පපඩම් පෙන්වා දීමට පුළුවන.

මෙහිදී විශේෂයෙන්ම මතක තබාගත යුතු වන්නේ ක්‍ෂණික ආහාර සහ සිසිල් බීමවල සිරුරට අහිතකර තෙල්, සීනි සහ ලුණු බහුලව තිබුණත්, සිරුරට හිතකර විටමින් ඛනිජ ලවණ ඇත්තේම නැති තරම් බවයි. පෝෂණ ගුණය අඩුයි.

මොනවද මේ කොළ, කහ, රතු කියන්නේ.

සෑම ආහාර කාණ්‌ඩයකම තෙල්, සීනි සහ ලුණු අඩංගු ආහාර වර්ග තිබේ. එම සංඝටක අඩංගු ප්‍රමාණය අනුව ආහාර කොළ, කහ සහ රතු ලෙසින් පාට තුනට බෙදා තිබෙන්නේ ජනතාව දැනුවත් කිරීම තුළ නිරෝගී දිවියකට මග පාදා දීමටයි.

කොළ- තෙල්, සීනි සහ ලුණු අඩුවෙන් ඇති ආහාරය, මෙම ආහාර දිනපතා යහමින් ගත හැකිය.

කහ- තෙල්, සීනි සහ ලුණු අතරමැදි ප්‍රමාණයක්‌ ඇත. මෙම ආහාර දිනපතා යහමින් ගැනීම සුදුසු නැත. සීමාවක්‌ සහිතව ගත යුතුය. සතියකට දින 2 ක්‌ පමණ.

රතු- තෙල්, සීනි සහ ලුණු වැඩියෙන් අඩංගු ආහාර වේ. හැකි තරම් සීමා කළ යුතුය.

ධාන්‍ය/පිටි සහිත ආහාර

කොළ- බත්, හාල්පිටි, බඩ ඉරිඟු ආහාර.

කහ- පාන්, බනිස්‌, පෑන් කේක්‌, පාන්පිටි ආහාර, µ්‍රයිඩ් රයිස්‌.

රතු- ප්‍රේස්‌ටි්‍ර, කේක්‌, බිස්‌කට්‌, ඩෝනට්‌.

එළවළු

කොළ - අලුත් එළවළු හා පලා වර්ග.

කහ - තෙල් යොදා පිසූ එළවළු.

රතු - පොටෙටෝ චිප්ස්‌, ප්‍රෙක්‌ච් µaරසිස්‌, (ගැඹුeර තෙල් බැදි අල තීරු)

පලතුරු

කොළ- නැවුම් පලතුරු, සීනි නොදැමූ ස්‌වාභාවික පලතුරු යුෂ.

කහ- සිරප්වල ගිල්වූ පලතුරු වර්ග, වියලි පලතුරු.

රතු- කෘත්‍රිම පලතුරු බීම, ජෑම්.

මාළු, මාශ බෝග, බිත්තර සහ මස්‌

කොළ- මාළු, මුං, කඩල, කවුපි, සම ඉවත් කළ කුකුළු මස්‌, බිත්තර මද, රට කජු, කජු.

කහ- තෙල් භාවිත නොකර පිසින ලද හරක්‌ මස්‌, ඌරු මස්‌, එළු මස්‌.

රතු- සොසේජස්‌, හැම් බේකන්, පීකුදු, බිත්තර කහ මද, සුදු බැදපු ඉස්‌සන්.

කිරි සහ කිරි නිෂ්පාදන

කොළ- යොදය රහිත අඩු කිරි හා එම නිෂ්පාදන, සෝයා කිරි.

කහ- යොදය සහිත කිරි හා එම නිෂ්පාදන (චීස්‌, යෝගට්‌, මුදවාපු කිරි)

රතු- අයිස්‌ ක්‍රීම්, පුඩිං

සෞඛ්‍ය සහ පෝෂණ අමාත්‍යාංශය මගින් හඳුන්වාදී ඇති ආහාර වර්ග පිළිබඳ ඔබ දැනුවත්ව නිරෝගී භාවය වෙනුවෙන් ආහාර පාන තෝරා ගැනීමට සැලකිලිමත් වන්න. තෙල්, සීනි සහ ලුණු හැකිතාක්‌ පාලනය කර ගැනීම තුළ නිරෝගී දිවි පෙවෙතකට මග සලසා ගැනීමේ හැකියාව ඇත.

සෞඛ්‍ය සහ පෝෂණ අමාත්‍යංශය

සංස්‌කරණය
වසන්තා ශ්‍රියාකාන්ති

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jul 2017 05:46 PM

දසමහා යෝධයන් බිහිකළ දේශීය සහල් ගුණ

වසරේ දින තුන්සිය හැටපහම නිවසේ මුළුතැන්ගෙයි සියලු දේ සොයා බලා ඉටුකරන කාන්තාවන් තම පවුලේ අයට ආහාර පිසීමේදී විවිධ කරුණු පිළිබඳ සැලකිලිමත් වේ. නිවසේ ප්‍රධාන ආහාර වේල් තුන සඳහා බත් අනුභව කරති. තමන් ආහාරයට ගන්නා සහල් වර්ගය පිළිබඳ ගෘහණියන් සැලකිලිමත් වන්නේ ඉතාමත් අඩුවෙනි.

පාරම්පරික කෘෂිකාර්මික රටක්‌ වන ශ්‍රී ලංකාව තුළ ඇති දේශීය සහල් පිළිබඳ ගෘහණියන් දැනුවත් වීම අත්‍යවශ්‍ය කරුණකි. 1930 වර්ෂයේදී එච් ශ්‍රේණියේ වී වර්ග හඳුන්වාදීමත් සමඟ අස්‌වැන්න වැඩිකරගත හැකි රසායනික පොහොර වර්ග භාවිතය හඳුන්වාදී ඇත. මේ හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික සහල් ප්‍රභේද වල ගුණාත්මකභාවය අඩුවීම සිදුවිය. මෙම අඩු මිලට වැඩි අස්‌වැන්නක්‌ ලබාගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් මිනිසුන්ගේ කායශක්‌තිය හා ආයුෂ පිළිබඳ ගැටලු මතුවී තිබීම වත්මන් තත්ත්වයයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන නැවතත් පාරම්පරික සහල් කෙරෙහි ගෘහණියන්ගේ අවධානය යොමුවීමේ යම් ප්‍රවණතාවක්‌ දැකිය හැකියි.

පාරම්පරික සහල්වලට අයත් සහල් විශේෂ ගණනාවකි.

සුවදැල්

මෙය සුවඳ මෙන්ම රසයෙන්ද පෝෂණය වූ සහල් වර්ගයකි. සමේ වර්ණය රැක ගැනීමට සහ වර්ධනයට මෙන්ම කටහෙŒ ස්‌වභාවය වර්ධනයටද, බාර හාර ඔප්පු කිරීමේදී කිරි ආහාර, (කිරි දානය) සකස්‌ කිරීමටද, දියවැඩියාව වැනි රෝග පාලනය කිරීමටද, සමබර කායික වර්ධනයක්‌ ඇතිකර ගැනීම සඳහාද බෙහෙවින් උපකාරී වේ. ලංකාවේ දක්‍ෂිණ පහත් බිම්වල වගා කිරීම සිදුවන අතර විශාල ශ්‍රමයක්‌ මෙන්ම අස්‌වනු නෙළීමට වැඩි කාලයක්‌ වැයවේ.

කළු හීනටි

ඖෂධීය ගුණයන්ගෙන් ඉතා ඉහළ අගයක්‌ හිමි වන රතු සහල් වර්ගයකි. විශේෂයෙන්ම මෙය කැකුළු සහල් වර්ගයක්‌ වන අතර ගර්භණී හා කිරිදෙන මවුවරුන්ට දිනපතා ආහාරයට ගැනීම සුදුසු වේ. තන්තු බහුල සහල් වර්ගයක්‌ බැවින් ආහාර ජීර්ණ ක්‍රියාවලියේ පහසුව සඳහාත් කායික වර්ධනය සඳහාත් යෝග්‍ය වේ. දියවැඩියාව මෙන්ම උණ රෝග සඳහා ද සර්ප විෂ නැසීමටද කළු හීනටි සහල්වල විශේෂ හැකියාවක්‌ පවතී. කැඳ සාදා පානය කිරීමද ඉතාමත් ගුණදායකය.

කුරුලු තුඩ

ප්‍රොaටීන් හා මේදයන්ගෙන් පිරි ඉතා පෝෂ්‍යදායී මෙන්ම රසවත් රතු හාල් විශේෂයකි. පිත්තාෂයේ ක්‍රියාකාරිත්වය වර්ධනයට සහ පුරුෂ කාම ශක්‌තිය වැඩිකිරීමටත් විශේෂ හැකියාවක්‌ මෙම සහල් වර්ගයට පවතී. කුඩා දරුවන්ට ලබාදීම තුළින් ඔවුන්ගේ ශරීර ශක්‌තිය වර්ධනය කර ගැනීමට හැකියාව පවතී.

මඩතවාලු

ඉතා තද මෙන්ම රළු භාවයකින් යුත් රතු සහල් වර්ගයකි. ආයුර්වේද ප්‍රතිකාරවලදී ප්‍රතිශක්‌තිකරණය වඩා ශක්‌තිමත් ලෙස පවත්වා ගැනීමට ඉතා යෝග්‍ය වේ. ශරීර ශක්‌තිය අඩු රෝගීන් සඳහා මඩතවාලු කැඳ ලබාදීමද ඔවුන්ගේ ශක්‌ති ප්‍රමාණය වර්ධනය කර ගැනීමට උපකාරී වේ.

පච්චපෙරුමාල්

පාරම්පරික සිංහල සංස්‌කෘතිය තුළ දිව්‍යමය සහල් ලෙසින් විශේෂ ස්‌ථානයක්‌ හිමිවන මෙම සහල් බොහෝ විට දානමය කටයුතු සඳහා යොදාගනු ලබයි. ගුණය අතින් ඉතා ඉහළ වන අතර ප්‍රොaටීන් අතින් බහුල දිනපතා ආහාරයට ගැනීමට සුදුසු සහල් වර්ගයකි.

මා වී

තන්තු බහුල සහල් වර්ගයක්‌ බැවින් ශරීරයේ, ආහාර ජීර්ණ ක්‍රියාවලියට වැදගත් වේ. රතු දුඹුරු පැහැයට හුරු මෙම මා වී කාන්තාවන් අතර අතීතයේ සිට ඉතා ප්‍රසිද්ධ සහල් වර්ගයකි. ඉතාමත් සිහින් මෙන්ම හැඩැති සිරුරක්‌ පවත්වාගෙන යැමට උපකාරී වී ඇත. ශරීරයේ උෂ්ණාධික බවට මෙන්ම ක්‍ෂය රෝගයටද ගුණදායක බව පැරැන්නන්ගේ මතයයි.

එසේම මෙම සහල් වර්ගය දියවැඩියාව, මළබද්ධය, හෘද රෝග, තරබාරුකම සඳහා ඉතා යෝග්‍ය වේ. මෙහි ඇති දිව්‍යමය ගුණය නිසාම අතීත දාගැබ් වල කොත තුළ අඩංගු ධාතු කරඬුවේ මා වී තැන්පත් කරනු ලැබූ බව මුතුන්මිත්තන්ගේ ජනප්‍රවාද වල සඳහන් වේ.

රසාංගනී හේරත්

සංස්‌කරණය
වසන්තා ශ්‍රියාකාන්ති

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Jul 2017 05:53 PM

කැඳවලට ගන්නා කොළ ගුණ දැනගන්න

නිරෝගිමත් දිවියක්‌ ගත කිරීමේදී පොෂ්‍යදායී ආහාර රටාවකට හුරුවීම ඉතාම වැදගත් නමුත් කාලයත් සමඟ අපේ පැරණි ආහාර රටාවන්ගෙන් ඈත් වෙමින් වැරදි ආහාර රටාවන්ට හුරුවීමේ ප්‍රවණතාවක්‌ හඳුනාගන්න පුළුවන්. ශරීරයට බෙහෙවින් ගුණදායක පානයක්‌ වන කොළ කැඳවල අඩංගු පෝෂ්‍යදායී ගුණය පිළිබඳ ඔබ දැනුවත් ද ? කිරි පිටි වෙනුවට සෑම උදැසනකම කොළ කැඳ වීදුරුවක්‌ පානය කිරීමෙන් ලෙඩ රෝග අවදානමෙන් මිදෙන්නට හැකි බව ඔබ දන්නවාද?

සමබර පානයක්‌ වන කොළ කැඳවල අඩංගු ඖෂධීය කොළ යුෂ මඟින් ශරීරයට ඛනිජ ලවණ, ඇමැයිනෝ අම්ල, විටමින් ලබාදෙනවා. සහල් මඟින් පිෂ්ඨයත්, පොල්කිරි වලින් මේදයත් ලබා දෙනවා. ඉඟුරු, සුදු ලුනු, ගම්මිරිස්‌ වලින් ලබාදෙන අමතර පෝෂණයත් ඉතාම වැදගත්. කොළ කැඳ පානය කිරීමෙන් නිරෝගි බව රැකීම මෙන්ම ආයු බල ශක්‌තිය වර්ධනය වීම ද සිදු වෙනවා.

කොළ කැඳවල අඩංගු කොළවලින් ශරීරයට ලැබෙන පෝෂණ ගුණයයි මේ.

ගොටුකොළ

ධාරණ ශක්‌තිය ඇති කිරීම

බුද්ධිය වර්ධනය කිරීම

කිරිදෙන මවුවරුන්ට ගුණදායකය

සිරුරට සිසිලස ලබාදීම

ඇස්‌ පෙනීමේ දුර්වලතා මඟ හැරීම

හිසකෙස්‌ වර්ධනය කිරීම

රුධිර සංසරණ ක්‍රියාවලිය මනාව සිදු කිරීම

මුකුණුවැන්න

විටමින් බහුලව ඇත.

සිරුරට අවශ්‍ය පෝෂණ පදාර්ථ ශරීරයට

අවශෝෂණය කරයි.

ප්‍රතිශක්‌තිය වැඩි කරයි.

පටකවල ගෙවී යාම අඩු කරයි.

මළ පිටවීම හොඳින් සිදු කරයි.

අක්‌මා රෝග, පීනසට ගුණයි.

හිසකෙස්‌ පැලීම නවතාලයි.

සම පැහැපත් කරයි.

හාතවාරිය

සිරුරේ සිසිලස රඳවා තබයි

මුත්‍රා හොඳින් පිට වේ.

වාතය නසයි.

සන්ධි රෝගවලට ගුණ දායකය.

සිරුරේ ඉදිමුම නැති කරයි.

ආමාශයේ රෝගවලට ගුණයි

සිරුරේ දාහය නසයි

වැල් පෙනෙල

පුරුෂයන්ගේ ධාතු ශක්‌තිය වැඩි කරයි.

සරුභාවය ඇති කරයි.

අධික රුධිර පීඩනය නැති කරයි.

ලේ පිරිසිදු කරයි.

ස්‌නායු පද්ධති මනා ක්‍රියාකාරිත්වයෙන් පවත්වා ගනී.

ඉදිමුම නැති කරයි.

අරුචිය නැති කරයි.

ඉරමුසු

කුෂ්ට, දද නැති කරයි.

සිරුරේ දහඩිය දුඟද නැති කරයි

බඩගින්න ඇති කරයි.

බරවා රෝගයට සුදුසුයි

ස්‌ත්‍රී රෝගවලට ගුණයි

මුත්‍රා දැවිල්ල නසයි.

අක්‌ෂි රෝගවලට සුදුසුයි

මී විසට හිතකරයි.

කරපිංචා

කොලෙස්‌ට්‍රොල් අවශෝෂණය බාල කරයි.

දියවැඩියා රෝගීන්ගේ රුධිර ග්ලුකෝස්‌ පාලනය කරයි.

හෘද රෝගීන්ට ඉතාම හිතකරයි.

පිළිකා සෛල නසයි.

ශරීරයේ මේද ප්‍රමාණය පහත හෙළයි.

විෂ නසයි

විජිතා ජයතුංග

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jul 2017 09:40 PM
මේ දේවල් දැන ගන්න එකනං හරිම වැදගත්
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 Jul 2017 08:10 AM
මේ ලිපි හැමදාටම තියෙන්න ඕන ලිපි.හොයලවත් හොයාගන්න බැරි දේවල්.
ස්තූතියි මල්ලි.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jul 2017 03:25 AM

හිසට වදයක්: ඉරුවාරුදාව

හිසරදය නිසා වෛද්‍යවරයෙකු වෙත යොමුවන ළමුන්ගෙන් බහුතරයකට ඇත්තේ ඉරුවාරදය නැතහොත් Migraine තත්ත්වය බව හදුනාගෙන තිබේ.

ඉරුවාරදය බහුලව දැනෙන්නේ හිසේ රිදීමක් ලෙස හෝ නහරයක නාඩි වේගයෙන් වැටෙන්නාක් මෙන් දැනෙන වේදනාවක් ලෙසයි. මෙය බොහෝ විට කාල සීමාවක් සහිතව විටින් විට ඇතිවන්නකි.

සාමාන්‍යයෙන් ඉරුවාරදය නිසා ඇතිවන වේදනාව ඇතිවන්නේ හිසේ එක් පසකය. නමුත් ළමුන්ගේ හිස ඉදිරිපස හා දෙපස වේදනාවක් ලෙස ද ඇතිවේ. මෙම වේදනාව ඇතැම්විට දරාගත නොහැකි දරුණු වේදනාවක් විය හැක.

ඉරුවාරදය ඇතිවීමටට බලපාන හේතු රාශියක් පවතී.

1. මානසික ආතතිය

2. ඇතැම් ආහාර වර්ග

3. නිදි වැරීම

4. මාස් ශුද්ධිය

5. අධික මහන්සිය

6. ජලය පානය අඩුවීම

7. දේශගුණික වෙනස්කම්

8. ජානමය හේතු

මෙය දරුවකුගේ එදිනෙදා ජිවිතයට බාධා කල හැකි රෝගී තත්ත්වයකි. පාසල්යෑම අතපසුවීම, දෛනික වැඩකටයුතු කර ගත නොහැකිවීම හෝ සාමාජීය කටයුතු සීමාවීම ආදිය ද මෙමගින් සිදුවිය හැක. ඒ නිසා මෙම තත්ත්වයට නිසි ප‍්‍රතිකාර නොකළහොත් මානසික ආතතිය පවා ඇතිවිය හැක.

ඉරුවාරදය සඳහා ප‍්‍රතිකාර ලබාදෙන ආකාර කිහිපයකි.

1.        ඉරුවාරදය ක්ෂණිකව සමනය කිරීමට ලබාදෙන ප‍්‍රතිකාර

2.        ඉරුවාරදය නැවත ඇති නොවීමට ලබාදෙන ප‍්‍රතිකාර - නිතර නිතර ඉරුවාරදය ඇතිවන විට මෙම ඖෂධ භාවිතා කිරීමට සිදුවේ.

3.        චර්යාත්මක වෙනස්කම් ඇතිකිරීම.

සාර්ථක ලෙස ඉරුවාරදය පාලනය කිරීම සදහා පහත චර්යාත්මක වෙනස්කම් ඉතා වැදගත් වේ.

1. ප‍්‍රමාණවත් තරම් ජලය පානය කිරීම

2. දිනපතා ව්‍යායාම කිරීම

3. ආහාරවේල් මග නොහැරීම

4. සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් ලබාගැනීම

5. පැය 8ක පමණ ප‍්‍රමාණවත් ගුණාත්මක නින්දක් ලබාගැනීම

බොහෝමයක් කුඩා දරුවන් ඉරුවාරදය සුව අතට පත්වේගෙන ඒමත් සමග ඖෂධ ලබාගැනීම මගහරින නමුත් එම ඖෂධ නියමිත කාලය දක්වා අදාල මාත‍්‍රාවට ලබාදීමට දෙමව්පියන් කටයුතු කළ යුතුය. 

ළමා ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය රිජ්වේ ආර්යා ළමා රෝහල

සටහන - ඩයනා උදයංගනී   

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jul 2017 03:32 AM
අපො මටත් ඉදලා හිටලා හැදෙනවා ..එපා වේනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Jul 2017 02:00 PM
අපෝ මටත් මේක නම් එනවා ...හොද විස්තර ටිකක් තිබුනා මෙතැන ඒ ගැන .බොහොම ස්තුති ලිපියට .
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jul 2017 05:57 PM

හදවත් බද්ධකිරීමේ සැත්කම් ශ්‍රී ලංකාවටත්

ශ්‍රී ලාංකේය වෛද්‍ය ඉතිහාසයේ නව පිටුවක්‌ පෙරළමින් මෙරට සිදු කරන ලද ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම ඉකුත් සිකුරාදා (07 දා) මහනුවර ශික්‍ෂණ රෝහලේ විසි දෙදෙනකුගෙන් සමන්විත මෙරට වෛද්‍ය කණ්‌ඩායමක්‌ විසින් නොමිලයේ සාර්ථකව සිදු කරනු ලැබීය.

ලොව රටවල් කිහිපයකට පමණක්‌ සීමා වී ඇති මෙම අධි මිල සැත්කම සිදු කරන ලද්දේ හෘදය වස්‌තුවේ ක්‍රියාකාරීත්වය සියයට 12 ක්‌ අක්‍රීයවූ අනුරාධපුරය පදිංචි 37 හැවිරිදි කාන්තාවකටය. සැත්කම සඳහා අවශ්‍ය හෘදය වස්‌තුව හදිසි අනතුරක්‌ හේතුවෙන් මොළය මිය ගොස්‌ තිබූ (බ්‍රේන් ඩෙත්) 24 හැවිරිදි තරුණයකුගෙන් ලබාගෙන තිබිණි.

මෙම සැත්කම සඳහා පැය 8 ක්‌ පමණ ගතවී ඇති අතර මහනුවර ශික්‍ෂණ, පේරාදෙණිය ශික්‍ෂණ, අනුරාධපුර මහ, වැලිසර ළය, බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා යන රෝහල්වල, හෘද උරස්‌ ශල්‍ය, හෘද රෝග, නිර්වින්දන, අවයව බද්ධ කිරීම සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක්‌ සහභාගී වී සිටියහ.

සැත්කමින් පසු රෝගී කාන්තාවගේ හෘදය වස්‌තුවෙහි ස්‌පන්දන වේගයව සාමාන්‍ය අතට හැරී ඇති අතර ඇය සුවයෙන් පසු වන බවද වාර්තා විය.

මෙම සැත්කමත් සමඟම බටහිර හා ප්‍රධාන පෙළේ ආසියාතික රටවලට කොටු වී තිබූ හදවත් බද්ධ කිරීමේ සැත්කම මෙරටද සාර්ථකව සිදු කළ හැකි බව ලොවටම ඔප්පු කිරීමට හැකි විය.

කුමක්‌ද මේ හදවත් බද්ධ කිරීමේ සැත්කම?

බටහිර හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ට අනුව හදවත් බද්ධ කිරීමක්‌ සිදු කිරීම අවශ්‍ය වනුයේ හෘදය වස්‌තුව අක්‍රීයවීම (හාට්‌ ෙµaලියර්) යන රෝග තත්ත්වයෙහි අවසන් අදියරයෙහි පසුවන හෝ බෙහෙත් හෝ ශල්‍යකර්මයක්‌ මගින් සුව කළ නොහැකි දරුණු හෘද රෝග තත්ත්වයකින් (කොරනරි ආටරි ඩිසිස්&zwnj පෙළෙන රෝගියෙකුටය.

මෙහිදී මොළය මිය ගිය අයෙකුගේ ක්‍රියාකාරිත්වයෙහි පවතින නිරෝගී හෘදයවස්‌තුවක්‌ බද්ධ කිරීම සඳහා ලබා ගැනෙන අතර එය රෝගියාට බද්ධ කෙරේ. වෙනත් අයෙකුගේ හෘදය වස්‌තුව බද්ධ කිරීමේදී රෝගී පුද්ගලයාගේ අක්‍රීය තත්ත්වයේ පවතින හෘදය වස්‌තුව ඉවත් කිරීම හෝ අලුතින් බද්ධ කරනු ලබන හෘදය වස්‌තුවෙහි ක්‍රියාකාරිත්වයට සහාය වීම සඳහා සිරුර තුළම අක්‍රීය හෘදය වස්‌තුව තබා ගැනීම සිදු කෙරේ. මෙහිදී සුලබව සිදු කෙරෙනුයේ රෝගියාගේ අක්‍රීය තත්ත්වයේ පසු වන හෘදය වස්‌තුව ඉවත් කර ඒ වෙනුවට නිරෝගී තත්ත්වයේ හෘදය වස්‌තුවක්‌ බද්ධ කිරීමයි.

ලොව පුරා වාර්ෂිකව මෙවැනි හෘදය වස්‌තුව බද්ධ කිරීමේ සැත්කම් 3500 ක්‌ පමණ සිදු කෙරෙන අතර ඉන් බහුතරය ඇමරිකා එක්‌සත් ජනපදය තුළ සිදු කෙරෙන බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් හදවත් බද්ධ කිරීමේ සැත්කමකට ලක්‌ වන අයෙකුට සාමාන්‍යයෙන් වසර 15 ක්‌ පමණ ජීවත්විය හැකි බව වෛද්‍ය මතයයි.

හදවත් බද්ධ කිරීමේ සැත්කම කිසිසේත් හෘද රෝග සුවපත් කරලන සැත්කමක්‌ සේ නොසැළකෙන අතර එය හුදෙක්‌ මියයමින් පවතින හෘදය වස්‌තුවක්‌ හිමි රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීමේ ප්‍රතිකාරයක්‌ සේ සැලැකේ.

මෙම සැත්කම් සඳහා නවීනතම වෛද්‍ය උපකරණ, වෙනම වාට්‌ටු හා දැඩි සත්කාර ඒකකයන් සහිත ඒකකයක්‌ මෙන්ම ප්‍රමාණවත් පුහුණු වෛද්‍ය කාර්ය මණ්‌ඩලයක්‌ද රෝහලක්‌ සතුව පැවැතිය යුතුය.

මෙරට හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සෑම අයෙකුම පාහේ හදවත් බද්ධ කිරීමේ සැත්කම් පිළිබඳවද මනාසේ දැනුවත් වී සිටින අතර අවශ්‍ය පහසුකම් රෝහල් මට්‌ටමින් ඇති කරන්නේ නම් මෙරට රෝගීන්ට මෙම සැත්කම් නොමිලයේ සිදු කරනවාට අමතරව විදේශිකයන් සඳහාද නිශ්චිත මිලකට එම සැත්කම් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

මෙහිදී මොළය මිය ගිය අයෙකුගේ ක්‍රියාකාරීත්වයේ පවතින හෘදය වස්‌තුවක්‌ බද්ධ කිරීම සඳහා ලබාගත යුතු නිසා අවයව දන්දීම පිළිබඳ කැමැත්ත පළ කිරීමේ කාඩ් පතක්‌ නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නේ නම් හදවත් බද්ධ කිරීමේ සැත්කම් සඳහා කිසිදු අපහසුතාවකින් තොරව හෘදය වස්‌තුවක්‌ සොයා ගැනීමට හැකි වනු ඇත.

වාර්ෂිකව මෙරට සිදු වන දහස්‌ ගණන්වූ රිය අනතුරු හා බාහිර රෝගාබාධ හේතුවෙන් මොළය මිය ගිය තත්ත්වයට පත් වන රෝගීහු විශාල පිරිසක්‌ නිරෝගී හෘදය වස්‌තුවක්‌ ඇතුළු වෙනත් අවයව සමඟම පොළවට මිහිදන් වනුයේ එම අවයවයන් අවශ්‍ය අයට බද්ධ කිරීම සඳහා ලබා ගැනීමේ නිසි ක්‍රමවේදයක්‌ මෙරට නොතිබීම හේතුවෙනි.

දැනට හෘදය වස්‌තුව ඇතුළු සෙසු මිනිස්‌ අවයවයන් මොළය මිය ගිය අයෙකුගෙන් ලබා ගත හැක්‌කේ රෝගියාගේ ඥතීන් එකඟත්වය පළ කරන්නේ නම් පමණකි. මෙම තත්ත්වයට විසඳුම් සැපැයීමට බලධාරීන් උත්සුක වන්නේ නම් හෘදය වස්‌තුව අක්‍රියවීමෙන් මිය යන විශාල පිරිසක්‌ ජීවත් කරලීමට හැකියාව ලැබෙනු නොඅනුමානය.

අන්තර්ජාලය ඇසුරිනි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jul 2017 06:03 PM

"අප්සෙට්‌" එක විකිණීම

සිගරට්‌ වැනි අප්සෙට්‌ භාණ්‌ඩයක්‌ විකුණලා ලාභ උපයනවා කියන්නේ ලේසි පහසු වැඩක්‌ නෙමේ. මොකද කෙනෙක්‌ව සිගරට්‌ බොන්නෙක්‌ බවට පත් කරන එක පවත්වාගෙන යන එක හරිම අමාරු වැඩක්‌. සිගරට්‌ බීලා කාටවත් හම්බවෙන දෙයක්‌ නෑ. ඕක හරියට මිනිස්‌සු තේරුම් ගත්තොත් සිගරට්‌ කොම්පැණිවලට වෙන්නේ ඒ ව්‍යාපාරය අකුලාගන්න. ඒ නිසා ඒ අය මේ අප්සෙට්‌ ම භාණ්‌ඩය විකුණන්න මොනාද නොකරන්නෞ දැන දැනම තම පාරිභෝගිකයාට මරණය හා දුබලතාවය උරුම කරදෙනු ලබන භාණ්‌ඩයක්‌ තමාගේ ලාභය වෙනුවෙන්ම නිෂ්පාදනය කර අලෙවි කරන මෙම මිනීමරු සමාගම තම ආනයන වෙළෙඳපොළ වෙනුවෙන් ලොව තොල් ඇති ඕනෑම කෙනෙකු ඉලක්‌ක කරයි. ඒ ඔබේ, මගේ අප කාගේ හෝ දරුවෙකු වනු ඇත.

එහෙව් මිනීමරු ව්‍යාපාරයේ ලොක්‌කෝ කියන කතා.........

අවදානම අඩු වන පරිදි අඩු තාර සිගරට්‌ නිපදවීම වඩා ශක්‌තිමත් පෞරුෂයක්‌ පිළිබඳව දුම් බොන්නෙකු සතු ප්‍රතිරූපය ගැන අවධානය යොමු කිරීම අප කර්මාන්තයට ඉතා වැදගත් වේ.

R.J international memoramdum,1980

කාන්තාවන්ගේ දුම් පානය අඩු බර දරු උපත් වලට හේතුවක්‌ වන අතර යුරෝපයේ රටවලින් එවැනි සිද්ධි විශාල ප්‍රමාණයක්‌ වාර්තා වී තිබිණි. මේ පිළිබඳව සිගරට්‌ සමාගමෙන් ඇසූ ප්‍රශ්නයකදී ඔවුන් පවසා තිබුණේ..... " සමහර කාන්තාවන් වඩාත් කැමති ඉතා කුඩා දරුවන් ලැබීමට බවයි."

Philip Morris CEO Joseph F. Cullman, 1971

සියලු ප්‍රචාරණයන් තහනම් කිරීම දැනෙන ප්‍රතිවිපාක අප ව්‍යාපාරවලට අත්කර දෙනු ඇත. එම නිසා වෙළෙඳ නාමයේ ප්‍රතිරූපය සිගරට්‌ පැකට්‌ටුවේ පෙනුම මගින් බලපෑමක්‌ ඇතිවන ලෙස නිර්මාණය කළ යුතුය.

British American Tobacco (BAT), 1986

අප සිදු කරන්නේ සිගරට්‌ ව්‍යාපාරය මිසක්‌, ක්‍රීඩාවලට අදාළ ව්‍යාපාරයක්‌ නොවේ. එහෙත් අපගේ නිෂ්පාදනවලට ප්‍රචාරයක්‌ ලබාගැනීමේ මාවතක්‌ ලෙස අප ක්‍රීඩා තරග භාවිතා කරනු ලබයි.

R. J Reynolds, 1989

අපගේ අරමුණ දුම්පානය පැතිරීමට බාධා ඇති කරන දේවල් සීමාකරමින් ආසියාව පුරා දුම්පානය ප්‍රචලිත සමාජ පිළිගැනීමක්‌ පවත්වාගෙන යැමයි.

Philip Morris. 1985

හැකිතරම් සෞඛ්‍ය අවවාදයන් පමා කිරීම හෝ නොසලකා හැරීම නිසැකවම අප විසින් කළ යුතුය.

Stewart Lockhark, BAT, UK Director 1978

" අප මුදල් වියදම් කරන්නේ නිකම් නොවේ" මෝටර් රථ තරග මෙන් දුම්පානයද වේගවත් හා ත්‍රාසයෙන් පිරුණු දෙයක්‌ බවට ප්‍රතිරූපයක්‌ ජනතාව තුළ ගොඩනැඟීමටයි.

BAT, Sponsor of Macay Grand Prix, 1984

මිනිසුන් සිගරට්‌ බීමෙන් ලෙඩ වෙන එක සහ මැරෙන එක අප ව්‍යාපාරවලට දීර්ඝ කාලීන වාසි අත්කර දෙයි.

Steven C. Parrish, senior vice President of Altria Group inc, 2007

කිසියම් රටක්‌ දුම්කොළ කර්මාන්තය සමඟ කණ්‌ඩායම් ගත වීමට අපොහොසත් වූහොත් ලෝක සෞඛ්‍ය සංවිධානය ගෙනයන දුම්පානය විරෝධී ව්‍යාපාරය නිසා අප ව්‍යාපාරවල තත්ත්වය නරක අතට හැරීමට හේතුවක්‌ වේවි.

Gary Fogo, BAT S managing Director For Malawi, on why bat has reduced production in Malawi. The panafrican news agency, 2003

සියලුම වැඩබිම්වල දුම්පානය තහනම් කළහොත්, සාමාන්‍ය භාවිතයට සෑහෙන ප්‍රමාණයකින් අඩු වනු ඇත. ඒ අතරම දුම්පානය නතර කරන ප්‍රමාණයද වැඩිවනු ඇත. ඒ නිසා දිගටම දුම්පානයට ඉඩ සලසන වැඩබිම් අප කර්මාන්තයට ඉතා වැදගත් වේ.

philip Morris, 1992

ඇමරිකාවේ ඇතුළු අප ව්‍යාපාර කටයුතු සිදු කරන අනෙක්‌ රටවල සිගරට්‌වලට බදු පැනවීම සහ ඒවා වැඩි කිරීම අප ව්‍යාපාරවලට දැඩි තර්ජනයකි.

philip Morris, 1985

පළමු දුම්පානය කිසිම වැඩකට නැති අත්දැකීමක්‌ ලබා දෙන්නකි. එම අසුන්දර අත්දැකීම පාලනය කරගෙන (දරාගෙන) දිගටම දුම්පානයේ යෙදීමට මානසික පෙළඹවීමක්‌ අවශ්‍ය වේ. එය සිගරට්‌ බීම ආරම්භ කළ අයෙකුට නම්" මම වීරයෙක්‌, මම දැඩි පුද්ගලයෙක්‌, වදුරටත් මම කොටු වූ පුද්ගලයෙක්‌ නොවේ." යන හැඟêම් ඔවුන්ගේ සිත් තුළ ඇති කිරීමට කටයුතු කළ යුතුය.

philip Morris, 1969, Why one smokes.

ඉහත දේ වලින් හොඳටම පැහැදිලි වෙනවා සිගරට්‌ බොන එක පවත්වාගෙන යැමට කොච්චර උත්සාහයක්‌ මේ අය ගත්තද කියලා. එම උත්සාහය.

"තොල් තියන ඕනෑම කෙනෙකු අරමුණු කරගෙන සිදුකරන මරණයේ වෙළදාමයි"

පාරිභෝගිකයාට ලැබුණ අප්සෙට්‌ ලාභය

* අවලස්‌සන මුහුණ

* ගඳ ගසන කට

* කළු වූ තොල් සහ සම

* බොර පැහැ වූ ඇස්‌

* යටගිය හකු සහිත විකෘති පෙනුම

* ලිංගික බෙලහීනතාවය

* අඩු බර සහ මළ දරු උපත්

.*ආබාධිත දරුවන් බිහිවීම

* දුක්‌ විඳලා හම්බකරන සල්ලිවලින් සිගරට්‌ කොම්පැණි පෝසත්වීම.

මෙච්චර අප්සෙට්‌ ගොඩක්‌ පාරිභෝගිකයාට අත්කරදෙමින් දෙන සිගරට්‌වල ඇත්ත වහන්න කොච්චර උත්සාහයක්‌ ඒ සමාගම්වලින් ගන්නවද කියලා ඉතිහාසය පුරා ඒ අයගේම වාර්තාවලින් හොඳට පැහැදිලි වෙනවා. කොහොම හරි අලුත් පරම්පරාවත් සිගරට්‌ එකට අන්දගත්තෙ නැත්නම් ඒ අයගේ ව්‍යාපාරවලට අනාගතයක්‌ නැති නිසා. ඔබේ මගේ මුළු ලෝකයේම දරුවන්ගේ මුව මත සිගරට්‌ටුවක්‌ රැඳවීමට සෑම මොහොතකම ඔවුන් උත්සාහ ගනිමින් සිටිනවා.

එම උත්සාහය නොහොත් මරණයේ වෙළෙඳාම පැරදවීමට ඔබ හැර අන් කිසිවෙකු නැත.

මුලාශ්‍රය - ටුබැකෝ ඇට්‌ලස්‌
තුන්වැනි වෙළුම

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Jul 2017 06:07 PM

කෝටරක ප්‍රදාහය හඳුනාගනිමු

උණ, සෙම්ප්‍රතිශ්‍යාව සෑදුණු පසුව මුහුණේ සහ නළල පෙදෙසේ තරමක්‌ කල්පවත්නා වේදනාවක්‌ පැවතීම බොහෝ දෙනෙකු විසින් අත්විඳ ඇති තත්ත්වයකි. කෝටරක ප්‍රදාහය ලෙසින් හඳුන්වන මෙම රෝග තත්ත්aවය ඇති වන්නේ මුහුණේ අස්‌ථි තුළ ඇති ඉතා කුඩා වා කුහර තුළ සෙම එකතුවී ඒවා අවහිර වීම හේතුවෙනි. බොහෝ විට මෙම අවහිර වූ කෝටරක තුළ ඇති සෙම මත රෝග කාරක බැක්‌ටීරියා ජනනය වී රෝග තත්ත්වය උත්සන්න වනු දක්‌නට ලැබේ.

රෝග ලක්‌ෂණ

හිසරදය ( පූර්ණව හෝ අර්ධව අවහිරවූ කෝටරක තුළ ඇතිවන පීඩනය නිසා මෙම තත්වය ඇතිවේ. ඉදිරියට නැමීමේදී මෙම වේදනාව වැඩිවන බව දක්‌නට ලැබේ.

මුහුණේ වේදනාව( මුහුණේ ප්‍රදාහයට ලක්‌ව ඇති කෝටරක සහිත ප්‍රදේශය ඉදිමීම හෝ ස්‌පර්ශ කරන විට වේදනාව දැනීම මෙහි තවත් රෝග ලක්‌ෂණයකි.

උණ( ප්‍රදාහයට ලක්‌ව ඇති කෝටරක තුළ ඇති සෙම මත රෝග කාරක, විශේෂයෙන් බැක්‌ටීරියා ආසාදනය වීම නිසා උණ ඇතිවේ.

බැක්‌ටීරියා ආසාදනය වීම නිසා නාසයෙන් ගලන සෙම බොහෝ විට කහ පැහැති අපැහැදිලි ස්‌වභාවයක්‌ දරයි.

නාසයේ බර ගතිය සහ සිරවුණ ස්‌වභාවය සෙම ගලා ඒම අවහිරවීම නිසා සිදුවේ.

වැඩිපුර සෙම සෑදීම නිසා ඒවා උගුර වෙත ගලා ඒම හේතුවෙන් උගුරේ ප්‍රදාහයක්‌ ඇතිවීම නිසා එහි වේදනාවක්‌ ඇතිවේ. එමෙන්ම එසේ ගලා එන සෙම ඉවත්කිරීම සඳහා කැස්‌ස ද ඇතිවේ.

දත්වල, කන්වල සහ ඇස්‌වල වේදනාව ඇතිවන්නේ ඒ වටා ඇති පටක සහ ස්‌නායු මත මෙම ප්‍රදාහය නිසා ඇතිකරනු ලබන පීඩනය හේතුවෙනි.

උණ කැස්‌ස සහ ප්‍රතිශක්‌තීකරණ පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් සිරුරට විඩාපත් බවක්‌ ගෙනදේ.

එකතුවෙන සෙම මත බැක්‌ටීරියා වර්ධනය වීම නිසා ප්‍රාශ්වාස වාතයේ දුගඳක්‌ ඇතිවේ.

නහය සහ ඇස්‌ තුළ මෙන්ම සිරුරේ සම මත කැසීම සහ කිවිසුම් යැම වැනි අසාත්මික ලක්‌ෂණ ද මෙහිදී දක්‌නට ලැබිය හැකිය.

දුම් පානය කිරීම නිසා ශ්වසන මාර්ගයේ ඇති කෙඳිති වල ක්‍රියාකාරිත්වය අඩාල වීම නිසා මෙන්ම වාහන දුම් සහ දූවිලිවලට නිරතුරු නිරාවරණය වීම නිසාත් ශ්වසන මාර්ගය ආශ්‍රිතව ඇති කෝටරක අවහිරවීම හේතුවෙන්ද මෙම රෝග තත්ත්වය ඇතිවිය හැකිය.

ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකිරීම නිසාත් පිරිටන්, සිට්‍රසීන් වැනි ප්‍රතිහිස්‌ටමින් වර්ගයේ ඖෂධ භාවිතා කිරීම නිසාත් සෙමවල ඝනත්වය වැඩිවීම හේතුවෙන් ඒවා පහසුවෙන් ඉවතට ගලායාම සිදු නොවීම නිසා කෝටරක අවහිරවීමත් ඒ තුළ බැක්‌ටීරියා වර්ධනය වීමත් සිදුවී මෙම රෝග තත්ත්වය වර්ධනය විය හැක.

වියළි වාතය එනම් ජල වාෂ්ප අඩු වාතය ආශ්වාස කිරීමත් මේ හා සමානම ප්‍රතිපලයක්‌ ඇතිකරයි

නාසය තුළ මස්‌ වැදලි ඇතිවීමත්, ශ්වසන මාර්ගය ආශ්‍රිතව ඇතිවන වෙනත් ගෙඩි, ගැටිති, පිළිකා වැනි හේතුන් නිසාවෙන්ද කෝටරක අවහිරවී එතුළ ප්‍රදාහයක්‌ ඇතිකළ හැකිය.

දින 30 කට අඩු කාලයක්‌ රෝග ලක්‌ෂණ පවතීනම් නම් එය සාමාන්‍ය කෝටරක ප්‍රදාහයක්‌ ලෙසත්, දින 30 ත් දින 90 ත් අතර පවත්නා රෝග තත්ත්වය මධ්‍යකාලික කෝටරක ප්‍රදාහය ලෙසත් දින 90 ට වඩා කල්පවත්නා රෝග තත්ත්වය කාලික කෝටරක ප්‍රදාහය ලෙසත් වෛද්‍ය විද්‍යාවේ දී වර්ගීකරනය කරනු ලැබේ. එමෙන්ම ආසාධිත කෝටරක ප්‍රදාහය සහ ආසාත්මික කෝටරක ප්‍රදාහය ලෙසින් ද තවත් අයුරකින් වර්ගීකරනය කළ හැකිය.

රෝගය හඳුනාගැනීම බොහෝ විට සිදු කරන්නේ වෛද්‍යවරයෙකු විසින් රෝගියා කායිකව පරීක්‌ෂා කිරීම මගිනි. එක්‌ස්‌ කිරණ පරීක්‌ෂණ, සීටී ස්‌කෑන් පරීක්‌ෂණ සහ එම්.ආර්.අයි. පරීක්‍ෂණ මගින් යම් තරමක්‌ දුරට රෝගය හඳුනාගැනීමට පහසු කිරීමක්‌ කළ හැකි වුවද එය අත්‍යවශ්‍ය නොවේ.

බොහෝ විට සංකූලතා ඇති නොකලද මෙනින්ජයිටිස්‌ හෙවත් මොළයේ මෙනින්ජි පටල ප්‍රදාහය, මොළය තුළ විසර බුබුලු ඇතිවීම, ඇස්‌ වටා සම ඇතුළත ආසාදනය වීම මෙන්ම එම මුහුණේ අස්‌ථින් ආසාදනය වීමත් කලාතුරකින් සිදුවිය හැකිය. විශේෂයෙන්ම දියවැඩියාව ඇති රෝගීන් සහ අවයව බද්ධ කරනු ලැබ ප්‍රතිශක්‌තිය අඩාල කරන ඖෂධ ගන්නා රෝගීන් ඉහත තත්ත්වයන්ට ගොදුරුවීමේ වැඩි අවදානමක්‌ ඇත.

ප්‍රතිකාර කිරීමේදී ආසාධිත නොවන එනම් අසාත්මිකතාව නිසා ඇතිවන කෝටරක ප්‍රදාහයට සහ වයිරස්‌ ආසාදිත කෝටරක ප්‍රදාහයන් සඳහා පැරසිටමෝල් වැනි වේදනා නාශකයක්‌ මෙන්ම සෙම දියකර හැරීම සඳහා නාසයට සේලයින් වැනි ද්‍රවයක්‌ දැමීම හෝ සෙම දියකර හරින වෙනත් ඖෂධ භාවිතා කළ හැක. උණුqසුම් ජල වාෂ්ප ආඝ්‍රාහනය කිරීමත් පලදායී වේ.

බැක්‌ටීරියා ආසාදිත කෝටරක ප්‍රදාහයට ඉහත ප්‍රතිකාරවලට අමතරව සුදුසු ප්‍රතිජීවකයක්‌ ප්‍රමාණවත් කාලයක්‌ භාවිතා කළ යුතු වේ. කෝටරක තුළට ප්‍රතිජීවක ඇතුල්වන්නේ ඉතා කුඩා ප්‍රමාණයක්‌ නිසා සාපේක්‌ෂව වැඩි කාලයක්‌ මේ සඳහා ප්‍රතිකාර කළ යුතු වේ. ඖෂධ වලට ප්‍රමාණවත් ප්‍රතිචාරයක්‌ නොලැබෙන්නේ නම් සියුම් ශල්‍යකර්මයක්‌ මගින් අවහිරව ඇති කෝටරක පිරිසිදු කොට කෝටරක විවර විශාල කිරීමක්‌ සිදුකළ යුතු වේ.

වෛද්‍ය
පාලිත බණ්‌ඩාර සුබසිංහ
(MBBS PERADENIYA)
වෛද්‍ය නිලධාරි
ශික්‌ෂණ රෝහල, මහනුවර

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
12 Jul 2017 06:13 PM
අනේ මන්දා මෙ තියන ලෙඩ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
12 Jul 2017 09:50 PM
අපි නොදන්නා රෝග තව කොච්චර ඇතිද..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 28 of 137 << < 2627282930 > >>