You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 29 of 137 << < 2728293031 > >>
Author Messages

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
12 Jul 2017 11:54 PM
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jul 2017 02:16 AM
නම ඇහුවෙත් අද හින්ද ලිපිය කියෙව්වා හොදටම
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
13 Jul 2017 03:56 AM
මේ ලෙඩේ නම් මිිට කලින් අහල තිබුනෙ නෑ
ස්තුති මේ වටිනා ලිපියට
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Jul 2017 06:05 AM
දැන් අමුතු අමුතු ලෙඩ ..........
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Jul 2017 06:06 PM

හෘද රෝග වැඩි ඇයි ?

හෘදය වස්තුවේ හිතකර පැවැත්ම නිරෝගී සෞඛ්‍යයක් පවත්වා ගැනීම කෙරෙහි බොහෝසේ බලපායි. ඒත් හෘද රෝග අවදානම දිනෙන් දින වැඩිවෙනවා මිස අඩු නොවේ. ඇමෙරිකාවේ පමණක් හෘද රෝගවලින් මිය යන සංඛ්‍යාව වසරකට මිලියනයක් පමණවේ. හෘදය වස්තුවේ බිත්ති තුළින් දිනකට රුධිරය විශාල ප්‍රමාණයක් පොම්ප කිරීම පැය 24 පුරාම සිදුවේ. 

හෘදය වස්තුවේ දකුණු පැත්තේ ඇති මාංශ අපිරිසුදු රුධිරය එකතු කරමින් පෙනහලුවලට මුදා හරී. මෙහිදී පෙනහලු සහ හෘදය වස්තුව අතර ගෑස් හුවමාරුවක් සිදුවේ. මෙය ඉතා සංවේදනීය සහ සූක්ෂ්ම ආකාරයට සිදුවේ. හෘදය වස්තුවේ වම් පැත්තේ ඇති මාංශ පේශී පිරිසුදු රුධිරය එකතු කරමින් පෙනහලුවලට මුදා හරී. මෙකී රුධිරය ශරීරයට මුදා හැරෙන රුධිරයයි.

හෘදය වස්තුවේ පහළ ඇති lower ventricles  ගණකම් සහ ශක්තිමත් බවින් වැඩියි. ඉහළ ඇති ධමනිවලට artria වඩා වම් පැත්තේ ඇති ventricles වටා ඇති මාංශ පේශී බිත්ති දකුණු පැත්තේ බිත්තිවලට වඩා ගණකම් බවින් වැඩිය. ඊට හේතුව වන්නේ ශරීරයේ systemic circulation සඳහා රුධිරය විශාල ප්‍රමාණයක් නිරන්තරයෙන් මුදා හැරීමට හෘදය වස්තුවට දැඩි තෙරපීමක් කිරීමට සිදුවන නිසයි.

බොහෝවිට හෘදය වස්තුව අක්‍රිය වීමට හේතු වන්නේ දකුණු හෘදය වස්තුවට අවශ්‍ය රිද්මයානුකූල ලේ ප්‍රමාණය පොම්ප කිරීමට නොහැකි වීමයි. එය බොහෝවිට දකුණු හෘදය වස්තුවේ ඇති මාංශ පේශී ඉතා දුර්වල වීම හෝ නිසි ක්‍රියාවලියට වැඩ කිරීම අත් හරින විට සිදු වේ. මෙම අත් හැරිම සිදු වූ විට හදවත අක්‍රිය වේ. එබැවින් මෙවන් හේතු ඇති රෝගීන්ගේ ජීවිතවලට බෙහෙත් මගින් හෘදය වස්තුව නිසි ක්‍රියාවලියේ තබා ගැනීමට උපකාර අවශ්‍ය වේ.

කෙටි හුස්ම ගැනීම , දරුණුව දැනෙන මහන්සිය, කකුලේ ඇති වන ඉදිමීම, හෘද රෝගයකට සිරුර මුහුණ දෙනවාදැයි කල්තියා දනවන සාධකයි. එහෙත් මෙම සියලු  හඳුනා ගැනීම් වෙනත් රෝග සඳහාද ඇති විය හැකියි.  මෙම රෝග ලක්ෂණ ඇත්නම් සුදුසු වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කොට ස්ථිර කර ගත හැකියි. ක්ෂණිකව හදවත් බිඳ වැටීම වැඩි විය හැකියි. එවිට එය ක්ෂණිකව සිදුවූ හදවත් බිඳ වැටීමක් ලෙස නිර්වචනය කළ හැකිය. මෙම රෝග ලක්ෂණ කාලයක් තිස්සේ අඩු වැඩි වෙමින් පැවතී තිබී හෘදය වස්තුව බිඳ වැටේ. එය chronic heart failure වශයෙන් හැඳින්වේ.

-ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

-සටහන- මාධවී ධර්මරත්න

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jul 2017 10:26 PM
මේ ටිකේ බලන්නෙම මේ විදියේ දේවල් තමයි
ස්තූතියි චාමර
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Jul 2017 08:44 AM
බෝවන රෝග වලට වඩා බෝ නොවන රෝග වලිනුත් සිදුවන මරණ දැන් ගොඩක් ඉහල ගිහිල්ලා තියෙන්නේ.
මේ කෝක වෙන්නෙත් අපේම වැරදි වලින් තමා.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Jul 2017 06:27 PM

මාරාන්තික තරබාරුව මට්ටු කරමු

දුම් පානය හා තරබාරුකම වහා පිටුදැකීමට ක‍්‍රියා නොකළ හොත් 2015 වන විට ලොව පුරා මිලියන 36ක් ඉන් මිය යන බව ලැන්සෙට් සඟරාව පසුගියදා පෙන්වා දී තිබුණි. ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වා දෙන අන්දමට අඩු ආදායම් ලබන පහළ සමාජ ආර්ථික රටාවක ජීවත් වන ජනතාව තුළ තරබාරුකම පැතිර යාම ඉහළ වෙයි. මෙයට හේතුව ලෙස මෙම ජනතාව මිලෙන් අඩු, වැඩි පිෂ්ට හා සීනි අඩංගු ආහාර වලට යොමු වීම පෙන්වා දී ඇත. ඔවුහු බඩගින්න නිවා දැමීමට කටට රසවත් සීනි හා තෙල් කෑම ගැනීමට පුරුදු වෙති. 

තරබාරුකම කෙරෙහි හේතු වන ආහාර රටාවේ වෙනස්කම්
ලොව පුරා බෙදාහරින බොහෝ ආහාර අධික පිෂ්ටයෙන් හා සීනි සාරයෙන් යුක්ත වීම.
ආසියාව, මැද පෙරදිග හා අප‍්‍රිකානු රටවල ජනතාව අතර අධික ලෙස තෙල් (ආහාර) පරිභෝජනය ඉහළ යාම.
තෙවන ලෝකයේ රටවල ආහාර වේල තුළ ශක්ති ඝනත්වය ඉහළ යාම.
දියුණුවන රටවල ජනතාවගේ ආහාර වේල තුළ අඩංගු සත්ත්වමය ආහාර සංඝටක ප‍්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ යාම.
 
තරබාරුකම කෙරෙහි බලපාන ජීවන රටාවේ වෙනස්කම්
ශරීරය වෙහෙසා සිදු කරන කෘෂිකර්මය ඇතුළු වගා කටයුතු වලින් ඉවත් වූ ජනතාව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා සපයන රැකියාවලට කොටු වීම.
මෙහි ප‍්‍රතිඵලයක් ලෙස දවසේ වැඩිම කාලයක් එකතැන හිඳ රාජකාරී කටයුතු කිරීමට සිදු වන අතර මේ කාලය තුළ ශරීරයේ ව්‍යායාම කටයුතු සිදු නොවෙයි. ලිපිකරැවන්ගේ පටන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, පරිපාලකයින් දක්වා මෙය පොදු වෙයි.
කාර්යාල කටයුතු වලින් අනතුරුව බස් රථයකට ගොඩ වී හෝ තමන් ගේ පෞද්ගලික වාහනයෙන් (යතුරු පැදි /මෝටර් රථ) යළි නිවසට යන අතර එහිදී ද කය වෙහෙස වීමක් සිදු නොවෙයි. 
පුද්ගලයින්ගේ එදිනෙදා ජීවිතයේ විවේක කාලය බොහෝ විට රූපවාහිනිය නරඹමින්, ඇඳට හෝ පුටුව උඩට වී පොතපත කියවමින්, තරුණයෙකු නම් පරිගණකය ඉදිරිපිට හෝ වීඩියෝ ක‍්‍රීඩාවකට සීමා වෙයි.
නිවස තුළද සිදු කිරීමට පවතින්නේ සීමා සහිත වැඩ කොටසකි. සියල්ල යන්ත‍්‍ර සූත‍්‍ර වලට භාර දී ඇත. රෙදි සේදීම, කෑම පිසීම, නෑම හෝ ඇවීදීම, පොල් මිරිකීම මේ සියල්ලටම කය වෙහෙසීමක් නැත.
නිවසේ කෑම පිසීමට වැය වන්නේ ද ඉතා අඩු කාලයකි. බොහෝ විට සුපිරි වෙළඳ සැලෙන් හෝ කෘත්‍රිමව සකස් කළ ආහාර විනාඩි කිහිපයක් තුළ පිස ආහාරයට ගැනීම සිදුවෙයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර පෙන්වා දෙන්නේ වැඩිහිටියන් අධික ලෙස තරබාරු වීමත්, කුඩා ළමයින් මන්දපෝෂණයෙන් පෙළීමත් තෙවන ලොව රටවලට විශාල උභතෝකෝටික ගැටලුවක් නිර්මාණය කර ඇති බවයි. නිරන්තර රෝගාබාධයන්ට ලක් වීමත් නිසි සැලකිල්ලට යොමු නොවීමත් නිසා ළමයින් මන්දපෝෂණයට ගොදුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට බෝ නොවන, ආසාදන නොවන (NCD) රෝග අතරින් වළක්වාගත හැකිම රෝගය තරබාරුකමය. තෙවන ලොව රටවල මරණවලින් සියයට හැටක් ම මේ (NCD) නිසා සිදු වෙයි. මේ අතරට ආසාදන රෝග හා මන්දපෝෂණය ද පැමිණි විට මෙම රටවල් අන්ත අසරණ තත්ත්වයට පත් වෙයි. 
තරබාරුබවේ අතුරු ප‍්‍රතිඵල
පහත රෝග වලට ගොදුරු වීමේ අවධානම ඉතා ඉහළ වෙයි.
1. දියවැඩියාව
2. අධිරුධිර පීඩනය
3. අධිකොලෙස්ටරෝල් මට්ටම
4. ශ්වසන අපහසුතා
5. නින්දේදී ඇති වන ශ්වසන අවහිරතා
6. පිත්තාශය ආශ‍්‍රිත රෝග
 
පහත රෝග වලට ගොදුරු වීමට මධ්‍යම මට්ටමේ අවදානමක් පවතී 
1. හෘදයාබාධ හෝ හෘද අකර්මණ්‍යතා 
2. හන්දි අමාරුව
3. මුත‍්‍රා සමඟ යූරික් අම්ලය පිට වීම.
4. ගර්භණී සමයේ සංකූලතා, අධි රුධි පීඩනය
 
පහත රෝග වලට ගොදුරු වීමට සාමාන්‍ය අවදානමක් (Risk) පවතියි.
1. බොහෝ පිළිකා රෝග
2. සරුබාවයට බාධා වීම
3. කොන්දේ ආබාධ 
4. ශල්‍යකර්මවලදී නිර්වින්දන අපහසුව
5. කලලයේ ඇති වන විකෘතිතා
 
ඔබේ ශරීරයේ බර 10% කින් අඩු කර ගැනීමෙන් සැලසෙන විශේෂ වාසි
1. මෙමගින් අධි රුධිර පීඩනය අඩු කරගත හැකිය.
2. දියවැඩියා රෝගීන් ගේ රුධිරගත සීනි මට්ටමට 50% කින් අඩු කරගත හැකිය.
3. දියවැඩියාව නොමැති නමුත් ඒ සඳහා ඉහළ අවදානමක් පවතින රෝගීන් ගේ එම අගය අඩු වෙයි. ඉන්සියුලින් සඳහා වන සංවේදීතාව ඉහළ යයි. දියවැඩියාවට ගොදුරු වීම 40-60% ප‍්‍රමාණයකින් අඩු වෙයි.
4. ශරීරයේ මුළු කොලෙස්ටරෝල් ප‍්‍රමාණය 10% කින් අඩු වෙයි. ශරීරයට හිතකර අධි ඝනත්ව කොලෙස්ටරෝල් (HDL) ප‍්‍රමාණය 8% කින් ඉහළ යයි.
5. මරණ වලට ගොදුරු වීම (ඕනෑම රෝගයකින්) 30% කින් අඩු වෙයි.  දියවැඩියාව නිසා වන මරණ සංඛ්‍යාව 30% කින් අඩු වෙයි. තරබාරුබව නිසා වන මරණ සංඛ්‍යාව 40% කින් අඩු වෙයි.
මේ අනුව තරබාරුකම කල් තියා හඳුනාගෙන ඊට එරෙහි වීමට ජීවන රටාව හැඩගස්වා ගැනීම ඉතා වැදගත් බව නොකිවමනාය.
 
ආහාර වේල වෙනස් කර ගන්නේ කෙසේද?
1. ආහාර වේලේ ප‍්‍රමාණය අඩු කිරීම.
2. සංතෘප්ත මේද අනුභවය අඩු කිරීම.
3. අසංතෘප්ත මේද අඩංගු ආහාර අවශ්‍ය නම් පමණක් එක් කර ගැනීම.
4. එළවළු හා පළතුරු ආහාර වේලට වැඩියෙන් එකතු කර ගැනීම.
5. තන්තු අධික ආහාර එකතු කර ගැනීම.
6. සීනි අඩංගු ආහාර භාවිතය අඩු කිරීම.
 
ශාරීරික ව්‍යායාම වලට යොමු කිරීම
මෙහි දී වැඩි වශයෙන් ව්‍යායාම කිරීම හෝ ජිම් (Gym) එකකට යාමට උනන්දු කිරීමට වඩා ක‍්‍රියාශීලී ව සිටීම  වැඩි කිරීම, අලස බව නැති කිරීම වැදගත් වෙයි. මේ අනුව අප එදිනෙදා ජීවිතයේ දී ක‍්‍රියාශීලී ලෙස වැඩ කරන්නේ නම් විශේෂයෙන් ව්‍යායාම අවශ්‍ය නොවෙයි. රූපවාහිනී බැලීම අඩු කිරීම, ඇවිදීම, උද්‍යාන වැවීම, පා පැදි පැදීම, ක‍්‍රීඩා වල යෙදීම ද මීට එකතු කරගත හැකි ය.
 
දිස්ත‍්‍රික් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ - හම්බන්තොට
වෛද්‍ය ජී.ජී. චමල් සංජීව.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Jul 2017 06:30 PM

ක‍ීමෝ ප්‍රතිකාරයෙන් පිළිකා සෛල පැතිරීම වැඩි වෙන හැඩ

පිළිකා රෝගය සුව කිරීම සඳහා දෙනු ලබන කීමෝ ප්‍රතිකාරය Chemotherapy මඟින් පිළිකාව සුව වෙනවා වෙනුවට එය තවදුරටත් වර්ධනය විය හැකි යැයි අලුත්ම විද්‍යාත්මක පර්යේෂණයකින් හඳුනාගෙන තිබේ.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් ම‍ෑතදී කරන ලද පර්යේෂණයකින් අනතුරුව ඔවුන් මේ බව පවසා තිබේ. පියයුරු පිළිකාව මර්දනය කිරීම සඳහා මෙතෙක් භාවිතා කළ පළමු ප්‍රතිකාරය ලෙස කීමෝ ප්‍රතිකාරය සලකනු ලැබිණි. එහෙත් එය තාවකාලික පිළියමක් පමණක් වෙතැයි එකී පර්යේෂකයෝ පෙන්වා දෙති.

ඔවුන් පවසන පරිදි ක‍ීමෝ ප්‍රතිකාරය මඟින් පිළිකා ගෙඩි හකුළුවන අතර එම පිළිකා සෛලවලට රුධිර සංසරණ පද්ධතියට ඇතුළුවීමට මාර්ගය සලස්වයි. එමඟින් පසුකලෙක වඩා බලවත්ව පිළිකාව වර්ධනය වීමට ඉඩ සැලසෙන බව ද ‍ඔවුහු පවසති.

සිරුරේ වෙනත් අවයව වෙත පිළිකා සෛල පැතිරී ගිය පසුව පිළිකාව සුවපත් කිරීම අසීරු කාරියකි. මේ තත්ත්වය පිළිකාවේ හත‍රවෙනි මට්ටම ලෙස හැඳින්වේ‍. මෙම පර්යේෂණයෙහි ප්‍රධානියා වන වෛද්‍ය ජෝර්ජ් කැරගේනිස් පවසන්නේ කීමෝ ප්‍රතිකාරය පිළිබඳ රෝගීන් බිය ගන්වනවා වෙනුවට පිළිකා ගෙඩිවල සෛල පැතිරීම අධ්‍යයනය කරමින් ප්‍රතිකාර කිරීම වඩාත් සාර්ථක ක්‍රමයක් සොයා ගත යුතු බවය. සැත්කමට පෙර දෙනු ලබන ක‍ීමෝ ප්‍රතිකාර වේල් කිහිපයකින් අනතුරුව පිළිකා ගෙඩිවලින් ඉවත් කරගන්නා සෛල පරීක්ෂාවට බඳුන් කර බලා පැතිරීම වැඩිවන ස්වභාවයක් පෙනේ නම් කීමෝ ප්‍රතිකාරයට පෙර සැත්කම සිදු කිරීම එක් විකල්පයක් විය හැකි බව ද වෛද්‍ය කැරගේනිස් කියයි. එසේ වූ විට සැත්කමින් අනතුරුව ක‍ීමෝ ප්‍රතිකාරය කිරීමට උපදෙස් දෙන බව ද ‍‍ඔහු කියයි.

කීමෝ ප්‍රතිකාරය පෙති හෝ රුධිර වාහිනිගත කිරීමෙන් (සේලයින් වැනි ආකාරයෙන්) ලබාදිය හැකි ය. පිළිකා ගෙඩිය හකුළුවා එහි සෛල ගෙඩියෙන් ඈත් කරවීම එමඟින් සිදු කෙරේ. කීමෝ ප්‍රතිකාර මඟින් පිළිකාව පැතිරීම ඉක්මන් කෙරෙන බව කියැවුණු පළවැනි වතාව මෙය නොවේ. 2012 දී සීට්ල් හි ෆ්‍රෙඩ් හච්සන් පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානය මඟින් කරන ලද පර්යේෂණ වාර්තාවකින් ද පෙන්වා දුන්නේ කීමෝ ප්‍රතිකාරය මඟින් පිළිකා සෛලවලට රුධිරයට ඇතුළුවීම පහසු කරවන බවයි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා කීමෝ ප්‍රතිකාරයේදී පිළිකා සෛල මැරීමට වඩාත් සැර විෂ මාත්‍රාවක් ඖෂධයට ඇතුළු කළ යුතු බව මානව ජීවවිද්‍යාව පිළිබඳ මහාචාර්ය පීටර් නෙල්සන් පවසයි. එලෙස විෂ වැඩි මාත්‍රාවක් එක් කිරීම රෝගීන්ට මාරාන්තික වන බව ද ඔහු කියයි. එසේ හෙයින් කීමෝ ප්‍රතිකාරයෙහි ඖෂධය පිළිකා සෛල මැරීම සඳහා බලගැන්වීමේදී අඩු විෂ මාත්‍රාවක් යෙදීම මැනැවින් පාලනය කිරීමට වෛද්‍යවරුන් විසින් වගබලා ගත යුතු බව ද මහාචාර්යවරයා කියයි. මෙය දෙ ආකාරයකින් හානිදායක ය. පිළිකාවේ අවසන් අදියර නැත්නම් හතරවැනි අදියර ලෙස සැලකෙන මෙහිදී පිළිකාවට ප්‍රතිකාර කිරීම ඉතාම අසීරු ය. ඒ වනවිට පිළිකා ගෙඩි වඩා බලවත් වන අතර ප්‍රතිකාරවලට ප්‍රතිරෝධී බවක් දක්වයි. බොහෝ අවස්ථාවල ඒ වනවිට පිළිකාව ශරීරයේ සැත්කම්වලට බඳුන් කළ නොහැකි තරම් සියුම් ඉන්ද්‍රියයන් වෙත පැතිරේ.

මෙම ගැටලුව සඳහා විසඳුමක් සෙවීමට ඔවුහු තවමත් වෙහෙසවෙමින් සිටිති. දැනට පර්යේෂණයට බඳුන් කරන ලද්දේ පියයුරු පිළිකාවට එරෙහිව කීමෝ ප්‍රතිකාරය ක්‍රියාත්ම වන ආකාරය පමණක් වන අතර ඉදිරියේදී වෙනත් පිළිකා සඳහා එය ක්‍රියාකරන ආකාරය පිළිබඳ පර්යේෂණ ද දියත් කරන බව වෛද්‍ය කැරගේනිස් පවසයි.

ද ටෙලිග්‍රාෆ් ඇසුරිනි.

සාගරිකා 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Jul 2017 06:33 PM

තරුණකම රැකදෙන මෝරතෙල්

ස්වභාවික මෝරතෙල් ඔබේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔබේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව නම් ඔබට කොහෙත්ම අමතක කළ නොහැකියි. අපි මුහුණ දෙන රෝග තත්ත්වයන් රැසකට මෝරතෙල් ගුණය ලැබෙන හැටි ගැන අද අපි ටිකක් කතා කරමු.

අසාත්මිකතා සහ ශ්වසන රෝග අවම කරයි.

අද වෙනකොට ලංකාවේ බොහොමයක් කුඩා දරුවන් මුහුණ දෙන ප්‍රධාන රෝග තත්ත්වයක් තමයි මේ අසාත්මිකතා සහ ශ්වසන රෝග. ඔමේගා 3 වගේම විටමින් A.D සහ E යන ගුණයෙන් පිරිපුන් ස්වභාවික මෝරතෙල් කරල් මේ වගේ අසාත්මිකතා, ඉදිමුම් වගේම ප්‍රදාහයන් වැනි තත්ත්වයන්වලට එරෙහි බව විවිධ අධ්‍යයන වලින් තහවුරු වෙලා තියෙනවා. ඔමේගා 3 මේද අම්ලය ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වේගවත් කරන අතර, විටමින් A,D සහ E සෛල වර්ධනයට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට මනා දායකත්වයක් ලබාදෙනවා. ඒ නිසාම දැනට සිදුකර ඇති විවිධ පරීක්ෂණවලින් ස්වභාවික මෝර තෙල් කරල් නියමිත මාත්‍රාවෙන් ලබාදීමෙන් අසාත්මිකතා වැනි තත්ත්වයන් අවම මට්ටමකට ගෙනඒමට හැකියාව ලැබී ඇති බව අනාවරණය වේ.

අස්ථි සම්බන්ධ ආබාධයන්ට හිතකරයි

ස්වභාවික මෝරතෙල් කරල් සෞඛ්‍ය සම්පන්න සන්ධි සඳහා උපකාරී වන අතර ආතරයිටිස් සහ ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි සම්බන්ධ රෝග සඳහා පිළියම් කිරීම සඳහා ද බෙහෙවින් උපකාරී වෙනවා. ආතරයිටීස් රෝගීන්ගේ සන්ධි ඉදිමුම් වේදනාව අවම කරනවා විතරක්ම නෙවෙයි. අස්ථිවල අඩංගු කාටිලේජ හානියට පත්කරන රෝගී තත්ත්වයන් සමඟද හොඳින් සටන් කරනවා.

ඔබේ තරුණ පෙනුම රැකදෙයි

මෑතකදී සිදුකළ පර්යේෂණවලින් අනාවරණය වෙලා තියෙන කරුණුවලට අනුව මෝරතෙල් වල අඩංගු ඔමේගා 3 පෝෂකය ඔබ වියපත් වීමේ ක්‍රියාවලියෙන් ඈත් කරනවා විතරක් නෙවෙයි, ඔබව සෞඛ්‍ය සම්පන්න, නිරෝගී පුද්ගලයෙකු බවටත් පත් කරනවා. විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව අපේ DNA වල අඩංගු ටැලෙමොරේස් අණු, කල්යාමේදී අවම වීමේ තත්ත්වයෙන් මෝරතෙල් ආරක්ෂා කරනවා. ඒ කියන්නේ ඔබේ වයස්ගතවීමට බලපාන ටැලොමෙරේස් අංශු හීන වීමේ වේගය අවම කරන එක. ඒ නිසා වයසට යනකොට ලෙඩරෝග රුසකට උත්තර හොයන්න මෝරතෙල් සමර්ථයි.

I Web MD

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Jul 2017 06:37 PM

පිරිමින්ට වින කටින ලොකුම ලෙඩේ

අපි කතා කරන්න ගත්තේ පිරිමින්ට හැදෙන රහස් ලෙඩ ගැනයි. මේ ලෙඩ රෝග ගැන කතා කරන්න බොහෝ පිරිමි මැලිවන නිසයි මේවා රහස් ලෙඩ හැටියට පවතින්නේ. වෘෂණය ආශ්‍රිත රෝග මෙන්ම පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතවත් හැදෙන ලෙඩ රෝග තමයි පිරිමින්ට දරුණුවටම බලපාන්නේ. පිරිමි වැඩි පිරිසක් ගොදුරු වන පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු ගැනයි මේ සවිස්තරය.

පුරස්ථි ග්‍රන්ථිය මුත්‍රාශයේ පහළ කෙළවර පිහිටලා තියෙන දොඹ ගෙඩියක් තරම් ඇති අති සුවිශේෂී ග්‍රන්ථියක්. මේ ග්‍රන්ථිය ඉදිමුණහොත් නැත්නම් ප්‍රදාහ තත්ත්වයට පත්වුවහොත් මුත්‍රා ගමන අවහිර වෙනවා. ඒකට හේතුව මුත්‍රා මාර්ගයේ මුල් කොටස ගමන් ගන්නේ මෙය හරහා නිසයි. පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත රෝග වැඩිපුරම හැදෙන්නේ වැඩිහිටි පිරිමින්ටයි. 

විෂබීජයක් ඇතුළුවීම නිසා හටගන්නා පුරස්ථ ප්‍රදාහය (Prostatitis) පුරස්ථ ග්‍රන්ථි ඉදිමුම වගේම අද සමාජයේ පිරිමින් වැඩි ගණනක් බිලිගන්නා පුරස්ථ පිළිකාව මේ ග්‍රන්ථිය ආශ්‍රිතව හටගන්නා ප්‍රධාන රෝගයි.

පුරස්ථ ග්‍රන්ථියේ ඉදිමුම

මේ කියන තත්ත්වය වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙන්නේ Benign Prostatic Hypertrophy (BPH) හැටියටයි. සාමාන්‍යයෙන් අවුරුදු 50 පැන්න පිරිමි අයටයි මෙය බහුල. ඔවුන්ට මෙහිදී මූලික ගැටලුව ඇතිවෙන්නේ ලිංගික කටයුතුවලදී නොව මූත්‍රා පිටකිරීම සම්බන්ධවයි. ග්‍රන්ථිය ඉදිමීමත් සමඟ එය මැදින් ගමන්ගන්නා මුත්‍රා මාර්ගය තෙරපී සිහින් වීම නිසා මුත්‍රා ගමන් ගන්නේ හෙමින් අසීරුවෙන්ය. බොහෝවිට මූත්‍රා බර හැදී ඉක්මණින් එය අහවර කරන්නට ගියත් මුත්‍රා හොඳින් ගලායන්නේ නැත. ඒ වෙනුවට සමහර අවස්ථාවල බිංදු කිහිපයක් පමණක් පිටවන අන්දම දකින්නට හැකිය. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී මෙය ඉතාමත් කරදරකාරී තත්ත්වයක් ලෙස බලපායි. මෙවැනි තත්ත්වයක් තිබේ නම් ඔහු වහාම පවුලේ වෛද්‍යවරයා හමුවිය යුතුයි.

එවිට වෛද්‍යවරයා ගුද මාර්ගය ඔස්සේ අත්වැස්මක් පැළැඳි දබර ඇඟිල්ල යවා පරීක්ෂාවක් සිදුකරයි. එය හැඳින්වෙන්නේ පූර්ව ගුද පරීක්ෂාව හෙවත් PR (PerRectal Examination) හැටියටය. එවිට පුරස්ථ ග්‍රන්ථිය ඉදිමී ඇත්නම් අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙනු ඇති.

සාමාන්‍යයෙන් BPH කියන මේ රෝගයට ප්‍රතිකාර වර්ග කිහිපයක්ම තිබේ. යටි බඩේ කැපුමක් දමා පුරස්ථ ග්‍රන්ථිය ශල්‍ය කර්මයකින් ඉවත් කිරීම එක් ක්‍රමයකි. මූත්‍රා මාර්ගය ඔස්සේ හැකිලුණු බැලුනයක් යවා එය පිම්බීමට ලක්කිරීම මගින් මුත්‍රා ගැලීම පහසු කිරීම තවත් ක්‍රමයකි. ලේසර් ප්‍රතිකාර මගින් පුරස්ථ ග්‍රන්ථියේ ඉදිමුණ පටක ඉවත් කිරීම තවත් ක්‍රමයකි. මේ සියල්ලට වඩා ඉදිමුණ පුරස්ථි ග්‍රන්ථිය හකුළුවන ඖෂධද අද දක්නට ලැබේ. මේ නිසා මුත්‍රා කිරීමේ අපහසුතාව පිළිබඳ මූලික ලක්ෂණ පහළ වූ වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ අවධානයට එය ලක්කිරීම ඉතා වැදගත්ය. අපි පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත අනෙකුත් ප්‍රධාන ගැටලුව හෙවත් පිළිකාව ගැන ඊළඟට කතා කරමු.

 සුගත්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Jul 2017 06:41 PM
අම්මො බයෙ බැහැ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Jul 2017 06:52 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/18641.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/18642.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/18643.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/18644.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/18645.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/18646.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/18647.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/18648.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
14 Jul 2017 08:57 PM
තවත් ගොඩක් විස්තර දාලා...
කියවන්න වෙලාවත් මදි වගේ.. සේව් කරගෙන පස්සේ හිමිහිට කියවනවා...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jul 2017 03:39 AM
ගොඩක් වැදගත් ලිපි පෙලක්
මමත් සමහර ඒව සේව් කරගත්ත
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jul 2017 09:09 AM

එන්ට එන්ටම දරුණු වන ඩෙංගු උවදුරෙන්
බේරෙන්න මෙන්න ආයුර්වේද විසඳුම...



මේ කාලය රටට බෙහෙවින් විපත්තිදායක සමයක්‌ බව පෙනේ. කලක සිට පැවැති නියං තත්ත්වය හේතුවෙන් ගොවිතැනට සිදුවූ මහාපරිමාණ හානිය නිසා රට තුළ දැඩි ආහාර ප්‍රශ්න ජනිත වූයේය. ඉන්පසුව පැවැති අධික වැසි නිසා ජල ගැලීම්, නිවාස හානි සහ නායයාම් නිසා ජාතික වශයෙන් සිදුවූයේ පිරිමසාලිය නොහැකි තරම් ආපදා තත්ත්වයකි. මෙවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා ප්‍රබල විපතකට පත්ව සිටින ජනතාවට "ඩෙංගු" උණ රෝගයත් මාරාන්තික තත්ත්වයට රට පුරා ව්‍යාප්ත වී රෝහල් පිරී ඉතිරී යන තරමට රෝගය ප්‍රබලවීම ජනතාවට උසුලා සිටිය නොහැකි තරම් බලවත් විපතක්‌ වී තිබේ.

පසුගියදා පුවත්පත් වාර්තා කරන්නේ පසුගිය මස (ජුනි) ලංකාවේ ඩෙංගු රෝගීන් වාර්තා වූයේ, 15000 ක්‌ බවයි. නමුත් මේ මාසය (ජූලි) වන විට 76000 (හැත්තෑහයදහස) ද ඉක්‌මවා ඇති බවක්‌ වාර්තා වේ.

මෙම උණ රෝගය සීග්‍රයෙන් පැතිර යැම වළකාලීමටත්, මාරාන්තික තත්ත්වයට පත් නොවී රෝගීන් සුවපත් කිරීමේ වගකීම, වගකීමකින් යුක්‌තව ඉටුකිරීමට තරම් හැකියාවක්‌ ඇති ආයුර්වේදය වැනි පොහොසත් වෛද්‍ය ක්‍රමයක්‌ පවතින ශ්‍රී ලංකාව වැනි රටකට මෙවන් සෞඛ්‍ය අභියෝගයකට මුහුණපෑමට සිදුවීම සැබැවින්ම ශෝචනීය තත්ත්වයකි.

මේ රටේ සෞඛ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා ප්‍රධාන වශයෙන් වෛද්‍ය ක්‍රම දෙකක සහාය ලබාගනී. එනම් බටහිර වෛද්‍ය සේවය සහ ආයුර්වේද වෛද්‍ය සේවයයි. මෙම වෛද්‍ය ක්‍රම දෙකටම සමාන්තර තත්ත්වයක්‌ නීතිමය වශයෙන් හිමිව ඇතත්, රට තුළ බටහිර වෛද්‍ය ක්‍රමයට පවතින "සුජාත" තත්ත්වය. ආයුර්වේදයට නොපවතින බව නොකියා නොහැකිය. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වෙනමම ලිපියකට අවකාශ තබාගෙන මෙම ලිපිය ප්‍රස්‌තුත මාතෘකාව කෙරෙහිව යොමුවීම වඩාත් උචිත යෑයි මම සිතමි.

බහුල ලෙස රෝගීව මියයමින්, වසංගත ස්‌වරූපයෙන් රෝගය පැතිර යමින් මෙම "ඩෙංගු" උණ රෝගය කොතරම් බරපතළ තත්ත්වයක්‌ උදාකර ඇත්දැයි කියතහොත්, රටේ රාජ්‍ය නායකයා පවා මීට මැදිහත් වන තත්ත්වයට පත්ව තිබේ. පසුගිය සතියේ ජාතික රූපවාහිනිය මගින් ප්‍රචාරය වූ මීට අදාළ වැඩසටහනට ජනාධිපතිතුමන්ද, සෞඛ්‍ය අමාත්‍යතුමන්ද බටහිර වෛද්‍යවරුන්ද, වෙනත් විද්වතුන්ද, විද්යුත් ජනමාධ්‍ය නියෝජිතවරුන්ගේද, සහභාගිත්වයෙන් එදින මධ්‍යම රාත්‍රිය දක්‌වාත් ප්‍රචාරය වූ සහ ජුලි 1 දින දහවල් කාලයේ නැවත ප්‍රචාරයවූත් සාකච්ඡාව ගැනද යමක්‌ කියයුතුව තිබේ.

එම සාකච්ඡාව අවසානයේදී එකී සාකච්ඡාව මෙහෙයවූ ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදී චමින්ද කුලරත්න මහතා විසින් මෙම "ඩෙංගු" උවදුර මැඬලීම සඳහා ආයුර්වේදයෙන් ගතහැකි කාලෝචිත සේවය විමසීම පිළිබඳව චමින්ද කුලරත්න මහතාට අපි ස්‌තුති කරමු. "ඩෙංගු උණ රෝගය" සාර්ථකව සුවකිරීමට සහ පැතිරයාම ඵලදායීව වළකාලීමට ආයුර්වේදය තුළ පවතින ප්‍රබල හැකියාව පිළිබඳව ජනතාවට දෛනිකව ප්‍රයෝජන ගතහැකි කාලෝචිත උපදේශයක්‌ ලබාදීමට දේශීය වෛද්‍ය අමාත්‍යංශය නියෝජනය කරමින් අදහස්‌ දැක්‌වීම සඳහා ආයුර්වේද වෛද්‍යවරයකු එහි නොසිටීමෙන් එහි පැවැති හිඩැස පුරවාලිය නොහැකි වීම ගැන අපි කනගාටු වෙමු.

උණ රෝග සුව කිරීම සඳහා බෙහෙවින් සාර්ථක ඖෂධ වේදයක්‌ සහිත ආයුර්වේදය පොහොසත් තත්ත්වයක පවතින ශ්‍රී ලංකාව වැනි රටක දිනකට රෝගීන් රැසක්‌ මියයමින්, වසංගත තත්ත්වයෙන් පැතිර යන "ඩෙංගු" වැනි උණ රෝගයක්‌ ජාතික සෞඛ්‍ය සේවයට අභියෝගයක්‌ වන තරමට පත්ව තිබීම සැබැවින්ම ශෝචනීය තත්ත්වයකි.

මා මේ බව සඳහන් කරනුයේ, මීට වසර දසක දෙකතුනකට (1985) පූර්ව කාලයේදී "ඩෙංගු උණටත්" වඩා බෙහෙවින් ප්‍රබල වූ මදුරු මාර්ගයෙන් ව්‍යාප්ත වූ, නූතන වෛද්‍ය වේදය ජැපනීස්‌ එන්සෙපලයිටීස්‌ යනුවෙන් හැඳින්වූ "මොළේ ඉදිමීමේ උණ රෝගය"ද අනුරාධපුර ප්‍රදේශයේ දිනකට රෝගීන් 10-15 ක්‌ පමණ මිරමින්, වසංගත තත්ත්වයෙන් පැතිර ගියාය. දරුණු උණ රෝගය සුවකිරීම සඳහා බටහිර වෛද්‍ය ක්‍රමය ඖෂධයක්‌ ඒවන විටත් නිපදවා නැති බව ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ද ඒ සඳහාම ලෝක සෞඛ්‍ය සංවිධානය (උHධ) මගින් වූ බටහිර විශේෂඥ වෛද්‍යවරුන්ද ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රජයට කරගත හැකි විකල්ප සෞඛ්‍ය විසඳුමක්‌ නොමැති අවස්‌ථාවේත් ආයුර්වේදයට භාරවූ එම වගකීම සාර්ථකව ඉටුකරමින් ඉතා කෙටි කාලයක්‌ තුළදී (එක්‌ මාසයක්‌ ඇතුළතදී) රෝගය සුවකළා පමණක්‌ නොව වසංගත ස්‌වරූපයෙන් පැතිරයැම වළකාලීමටද එදා ආයුර්වේද වෛද්‍යවරු ක්‍රියා කළහ. එම විශ්මිත ආයුර්වේද වෛද්‍ය සේවය අන්තර්ජාතික ඇගයීමකට ලක්‌වීම නිසා ඒ සඳහා ලෝක සම්මානයක්‌ද ආයුර්වේදයට හිමිවූයේය.

එදා සෘෂි යුගයේ සිට පැවත එන විශ්මිත ආයුර්වේදය මෙදාත් විශ්වකර්ම ලෙස අන්තරාදායක තත්ත්වයේ පසුවන ලෙඩුන් පවා සුවකරමින් සනාථකර ඇත්තේ, වත්මන් ආයුර්වේදයද ජාතික සෞඛ්‍ය සේවය සඳහා නැතිවම බැරි විෂයයක තත්ත්වයක පවතින බවය.


ආයුර්වේදය යනු ප්‍රතිජීවී නොව සජීවී ඖෂධවේදයක්‌ සහිත වෛද්‍ය දර්ශනයකි. සැබැවින්ම උණ රෝග සුවකිරීම සඳහා බෙහෙවින් පොහොසත් ඖෂධවේදයක්‌ සහිත මේවන විට ලෝක ආකර්ෂණයද දිනා ඇති ආයුර්වේදය වැනි සොබාදහමටද අනුකූල වූ වෛද්‍ය ක්‍රමයක්‌ පවතින ශ්‍රී ලංකාව වැනි ග්‍රීෂ්ම කලාපීය රටකට මදුරු බලපෑමෙන් හටගන්නාවූ "ඩෙංගු" වැනි උණ රෝගයක්‌ අභියෝගයක්‌ වන තරමට ප්‍රබලවී තිබීමෙන් පෙනීයන්නේ අපේ ජාතික සෞඛ්‍ය සේවයේ පවතින දුබල භාවයයි. මෙවන් අවස්‌ථාවලදී ආයුර්වේදයේද උපරිම සේවය කාලෝචිතව ලබාගැනීමට තරම් ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයද සමත් වූයේ නම් "ඩෙංගු" මැඬලීමට කියුබාවේ හෝ ඔස්‌ටේ්‍රලියාවේ මදුරුබීජ නාශක සොයා යැමට අවශ්‍ය නොවිය හැකිව තිබුණි.

ආයුර්වේදය යනු ඝාතක - නාශක හෝ මාරක විෂයයක්‌ නොවේ.

මරණය කරවන තැනැත්තා මාරක ඝාතක හෝ නාශක වන අතර, ජීවය කරවන්නා "ජීවක" නම්වේ. මෙවැනි මදුරු උවදුරු පැවැති අවස්‌ථාවලදී සොබාදහම විසින් මිනිසාගේ රැකවරණය සඳහා දායාද කළ පැලෑටි කිහිපයක්‌ම තිබේ.

"මදුරුතලා" පැළෑටිය ඉන් ප්‍රධාන තැනක්‌ ගනී. එම පැළෑටිය මගින් මදුරුවා මර්දනය කරන නිසා එය "මදුරුතලා" නමින් නම්දී ඇත. එය "මදුරුමරා" යනුවෙන් නම් නොවූයේ එම පැළෑටිය මාරක - ඝාතක හෝ නාශක තත්ත්වයක්‌ නොවූ හෙයිනි. එසේම - පැඟිරිමානා - අගිල් - සාම්බ්‍රානි වැනි දැද මදුරුවා පලවා හැරීමට විශේෂ ගුණදායී වූ පැළෑටීන්ය. මේවා සංයෝග කර එමගින් උදේ - සවස නිවාස තුළ දුම් ඇල්ලීමෙන් ඉතා පහසුවෙන් මදුරුවා පලවා හැර ආරක්‍ෂා විය හැකිය. අපේ පැරණි මවුවරු දෛනික චාරිත්‍රයක්‌ වශයෙන් පවත්වාගත් ගෙමිදුල් වටේ අතුපතුගා එක්‌වන කොළරොඩුවලට ගිනි දැල්වීමෙන් පැන නඟින දුමාරය නිසාද මදුරු උවදුරෙන් ආරක්‍ෂා වීමට ආරක්‍ෂක චාරිත්‍රයක්‌ වූයේය.

ශ්‍රී ලංකාව වැනි ග්‍රීෂ්ම කලාපීය රටවල මැසි - මදුරු - මකුණු - මකුළු ආදී විවිධ කෘමීන් බහුලවීම අසාමාන්‍ය තත්ත්වයක්‌ නොවේ. මෙම ස්‌වාභාවික තත්ත්වය මත මෙකී සත්ත්වයා සමූල ඝාතනය කිරීමද කළ හැකි දෙයක්‌ නොවේ. සැබැවින්ම මිනිසාගේ රැකවරණය සඳහා අප රටට අදාළ නොවූ ඉහත කී මාරක - ඝාතක හෝ නියත පිළිවෙත පවත්වාගත යුතුද නොවේ. එහෙත් මිනිස්‌ වාසස්‌ථාන ආශ්‍රිත ප්‍රදේශ තුළ එකී රෝගකාරක සත්ත්aව උවදුරෙන්

රැකවරණ සලසා ගැනීම සඳහා පරිසරය පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය වන බවද නොසළකා නොසිටිය යුතුව ඇත.

ඩෙංගු උවදුරෙන් ආරක්‍ෂා වීම සඳහා මදුරු මර්දක ඉහත කී දේශීය ඔසු ධූපය පිළිබඳ ජනතාව දැනුවත්කර එම ඔසුදුම් ජනතාව වෙත පහසුවෙන් සපයාදීමෙන් මෙම රෝග ව්‍යාප්තිය සාර්ථකව වළකාගත හැකිය.

ඉහත කී "ඩෙංගු උණ" පහසුවෙන් සුව කිරීම සඳහා ආයුර්වේදයේ එන "රසෞෂධ" ඔසු වර්ග ජනතාවට හඳුන්වාදී ඒවා පහසුවෙන් ලබාගැනීමේ ක්‍රමවේදයක්‌ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයුර්වේද ඖෂධ සංස්‌ථාවට පහසුවෙන් සිදුකළ හැකිය. මෙකී උණ රෝග සුවපත් කිරීමේ ප්‍රබල හැකියාවක්‌ ඇති ආනන්ද භෛරව රසය ශ්‍රී ජයමංගල රසය, ශ්‍රී ජයතිලක රසය, සෞභාග්‍ය රසවටිකාව ආදී බෙහෙවින් ගුණදායක වූ රස ඖෂධ ඉතා ඵලදායී ප්‍රතිකාරයෝ වෙති.

මෙම ඖෂධ වර්ග නිෂ්පාදනය කිරීම වෛද්‍යරුන්ට ඉතා දුෂ්කරය. එනිසා නාවින්නේ පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්‌ථාව සතු මහා පරිමාණ ඖෂධ නිෂ්පාදනාගාරය මගින් එහි සේවයේ නියුතු උසස්‌ දැනුමැති වෛද්‍ය මණ්‌ඩලයේ හා පළපුරුදුකම්වලින් අනූන පුහුණු කාර්ය මණ්‌ඩලයේද සහාය ඇතිව මෙම ඖෂධ හා ඉහතකී මදුරු මර්දක ධූපය මහා පරිමාණයෙන් නිපදවා රට පුරා බෙදාහැරීමෙන් මෙම මදුරු උවදුර ඉතා පහසුවෙන් හා ඉතා කෙටි කාලයක්‌ තුළදී මර්දනය කළහැකි බව අත්දැකීම් සහිත වෛද්‍යවරයකු වශයෙන් වගකීමකින් යුක්‌තව ප්‍රකාශ කරමි.

වෛද්‍යාචාර්ය එම්. බී. රත්නායක

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jul 2017 09:12 AM

තරුණ කමට හොඳ නින්දකට
හොඳම බෙහෙත චොකලට්‌...

නවතම පරීක්‍ෂණවලින් හෙළිවෙයි


චොක්‌ලට්‌ කිව් සැණින් අපගේ දිවට දැනෙන රසය මුළු ජීවිත කාලය පුරාවටම සිහිනෙන් ගෑ සුවඳක්‌ සේ රැඳී පවතින්නේය. චොක්‌ලට්‌ සඳහා වැඩියෙන්ම ප්‍රසිද්ධියක්‌ උසුලන්නේ ස්‌විටිසර්ලන්තයයි. එහි නිපදවන කිරි මිශ්‍ර චොකලට්‌ද දුඹුරු පැහැ (Dark) චොක්‌ලට්‌ රසයද ඔවුන්ටම ආවේණික වන්නේ ඒවායෙහි අඩංගු විවිධ සංඝටක, අමුද්‍රව්‍ය නිසාය. ප්‍රධාන වශයෙන් චොක්‌ලට්‌ සෑදීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වන්නේ "කොකෝවා" ඇටයි. කුඩා දරුවන්ට හා යොවුන් වියෙහි පසුවන්නන්ට චොක්‌ලට්‌වලින් ලැබෙන පෝෂණය අතිමහත්ය. ඒ එහි අඩංගු අධික කැලරි ප්‍රමාණයයි. නමුත් ටිකක්‌ වයස්‌ගත වන විට මෙම චොක්‌ලට්‌වල අඩංගු කැෆේන් (Caffeine) හා තියෝබ්‍රොaමයින් (theobromine) යන රසායනික ද්‍රව්‍ය නිසා වැඩිහිටියන්ට යම් සංකූලතා හටගන්නා බව වෛද්‍ය ලෝකයේ කවුරුත් පවසන්නේය. මේ පිළිබඳව දිගින් දිගටම පර්යේෂණයන්හි නිරත වූ විද්‍යාඥයන් විසින් මේ නොබෝදා අපූරු සොයා ගැනීමක්‌ ලොවට ඉදිරිපත් කෙරුණා. ඒ වියපත් කා හටත් ඉතා සුබ පණිවිඩයක්‌ ගෙන ආවා.

චොක්‌ලට්‌වල අන්තර්ගත ස්‌වභාවික කොකෝවා ඇට සමඟ මිශ්‍ර වී ඇති රසායනිකයක්‌ වන ෆ්ලෙවනෝල් පිළිබඳව විද්‍යාඥයන්ගේ තියුණු ඇස යොමු වුණා. ඉතාලියේ L' Aquila විශ්වවිද්‍යාලයේ Valentina Socci හා Mechele Ferrara නම් විද්‍යාඥයන් මේ පිළිබඳව විශේෂ අවධානයක්‌ යොමු කරමින් පර්යේෂණ කටයුතුවල යෙදුණා. මේ අනුව මීට පෙර ඉදිරිපත් කළ තර්කයන්ට වඩා හාත්පසින් වෙනස්‌ ප්‍රතිඵලයක්‌ ලබා ගැනීමට මොවුනට හැකි වුණා. මෙම පර්යේෂණය සඳහා යොදා ගත් වැඩිහිටි පුද්ගලයන්ට දින 5 සිට මාස 3 දක්‌වා දිගු කාලීනව චොක්‌ලට්‌ (ෆ්ලෙවනෝල්) ලබාදීමට ක්‍රියා කරනු ලැබුවා. ඔවුන් බහුතරයකගේ කාර්ය සාධනය හා ක්‍රියාශීලීභාවය වැඩි වී තිබුණා. විශේෂයෙන්ම මතක ශක්‌තිය වර්ධන වී තිබූ බව හෙළි වුණා. එමෙන්ම දෘශ්‍ය තොරතුරු පද්ධතිය එනම් ඇස ආශ්‍රිත ඉන්දියයන්හි ක්‍රියාකාරීත්වය වැඩි දියුණු වී තිබුණා. තවද රාත්‍රි නිදිවරන්නන් (රාත්‍රි සේවා මුර සේවකයන්) සමූහයකට කොකෝවා මිශ්‍ර දුඹුරු චොක්‌ලට්‌ අතිරේක ආහාරයක්‌ ලෙස ලබා දුන් විට රාත්‍රි නින්ද නොලැබීම නිසා වන සංජනන ඌනතාවන්ගෙන් ඔවුන් මිදී තිබුණා. පසුවදා ඔවුන් ඉතා ක්‍රියාශීලීව සිටිනු දක්‌නට ලැබුණා.

මෙම ප්‍රතිඵල මත මෙම විද්‍යාඥයන් ඉතා වැදගත් නියාමනයන්ට එළඹී තිබුණා. එනම් වැඩිහිටියන් සඳහා මෙම චොක්‌ලට්‌වල අඩංගු ෆ්ලෙවනෝල් රසායනිකය වෙනස්‌ ආකාරයකින් ක්‍රියා කළ බවයි. ඔවුන්ගේ වාචික ව්‍යක්‌ත භාවයද ඉහළ ගියා. යමක්‌ කෙරෙහි අවධානය වැඩිවීම සිදුව තිබුණා. මෙයට හේතු වී තිබුණේ මෙම ෆ්ලෙවනෝල් රසායනිකය මඟින් හෘදයේ කන්තුක වාහිනීවල යථා පැවැත්ම වැඩි දියුණු කිරීම මඟින් මොළයට සැපයෙන රුධිර පරිමාව වැඩි වීමයි. මේ නිසා මස්‌තිෂ්ක අර්ධ ගෝල අතර ඇති "හයිපොකැම්පස්‌" නමැති ප්‍රදේශය වඩාත් උද්දීපනය වී තිබුණා. මේ මඟින් වියපත් වීමේදී සිදුවන මතක ශක්‌තිය දුර්වල වීම, dementia‌ (චිත්ත වික්‌ෂේපය) තත්ත්වය. රුධිර නාළ තුළ රුධිරය කැටි ගැසීම වැනි උපද්‍රව මඟ හැරී තිබුණා.

මේ අනුව මෙතෙක්‌ දුර්මතයක්‌ව පැවති වියපත් අය සඳහා චොක්‌ලට්‌ ලබා නොදීම මේ සොයා ගැනීමත් සමඟම අහෝසි වී යනු ඇත. අඳුරු පැහැ චොක්‌ලට්‌ (Dark Chocolate) අනුභවය මින්පසු ළමුන් අතර, පමණක්‌ නොව වැඩිහිටියන් අතරද ප්‍රචලිත වනු ඇත. එමඟින් ඔවුන්ගේ මනසෙහි සිදුවන බුද්ධි හානියට වඩාත් හොඳ පිළියමක්‌ මෙමඟින් ලැබෙනු ඇත. අපේ වැඩිහිටියන් වඩාත් ක්‍රියාශීලීව හෙට දින යළි ඔවුන්ගේ සුපුරුදු ක්‍රියාකාරකම් ආරම්භ කරනු ඇත.

සිසිර කිත්සිරි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jul 2017 09:14 AM

රූමැටික ආත්‍රයිටිස්‌ නසන්නට
මහා හරි තෛලයට පුළුවන්


ප්‍රශ්නය - පසුගිය සතියේදී අප මේ සාකච්ඡාව අවසන් කළේ රූමැටික ආත්‍රයිටිස්‌ රෝගය පැතිර යා හැකි වෙනත් ඉන්ද්‍රියන් ගැනයි. ඒ යටතේ අප සම ගැන කතා කළා. රූමටික ආත්‍රයිටිස්‌ රෝගයේ අතුරු ඵලයන් වශයෙන් සමට වැළඳෙන රූමැටික ගැටිති ගැන කතා කළා. මෙයට ප්‍රතිකාර තිබෙනවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මහා හරි තෛලය නමැති වසර පන්සියයක්‌ පමණ පැරැණි වට්‌ටෝරුවකට අනුව සිඳින තෙල් වර්ගය නීතිපතා සම මත ගෑමෙනුත් කසාය පානය කිරීමෙනුත් මෙය සුවපත් කර ගත හැකියි. එයිටත් වඩා ලෙහෙසියි කෙලින්ම රූමැටික ආත්‍රයිටිස්‌ රෝගය සුවපත් කරගැනීම. එතකොට අතුරු රෝග කිසිවක්‌ හට ගන්නෙ නැහැ. ආත්‍රයිටිස්‌ කියන්නේ වසර දහස්‌ ගණනක්‌ පරණ ලෙඩක්‌. අපේ පැරැන්නන් මෙයට කිව්වේ හන්දිපත් රුදාව කියලයි. මෙය එදා සිටම පැරැණි දේශීය වෛද්‍යවරුන් වෙතින් සුවපත් කෙරුණා. ඒ සුව කිරීමේ තාක්‍ෂණය අදටත් මේ රටේ පැරැණි වෙද පරම්පරාවල් සතුව තිබෙනවා.

ප්‍රශ්නය - සම හැරුණාම මේ රෝගය වැළඳෙන සෙසු ඉන්ද්‍රියන් මොනවද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - පෙනහැල්ලේ හටගන්නා Fibrosis (කන්තුමතාව - තන්තුමතාව) තත්ත්වයට හේතුව රූමැටික ආත්‍රයිටිස්‌ බව සොයාගෙන තිබෙනවා. තවත් සමහර විට පෙනහළුවල කුඩා ගැටිති හට ගන්නවා. මෙයත් රූමැටික ආත්‍රයිටිස්‌ රෝගයේ අතුරු ඵලයක්‌. ඊළඟට මේ රෝගය වකුගඩුවලටත් බලපානවා. වකුගඩුවල නිදන්ගත ප්‍රදාහ තත්ත්වයක්‌ ඇති වෙනවා.

රූමැටික ආත්‍රයිටිස්‌ තිබෙන අය atherscle rosis කියන රෝග තත්ත්වයට භාජන විය හැකියි. මෙහිදී සිදුවන්නේ හෘදයට රුධිරය ගෙන යන නාල බිත්ති ඝනකම් වීමට පටන් ගැනීමයි. මෙවිට හෘදයාබාධ හට ගැනීමට තිබෙන ඉඩකඩ වැඩිවෙනවා.

ආඝාත තත්ත්වයත් ඇති වෙනවා. හෘදය වටා තිබෙන Pericardium නමැති ආවරණයේ ප්‍රදාහ තත්ත්වයක්‌ හට ගැනීමට හේතුවක්‌ ලෙස රූමැටික ආත්‍රයිටිස්‌ රෝග දැක්‌විය හැකියි. හරියට ප්‍රතිකාර නොලැබුණොත් මෙය අවදානම් තත්ත්වයක්‌.

ඊළඟට රූමැටික ආත්‍රයිටිස්‌ රෝගියා මුහුණ දෙන තත්ත්වයක්‌ තමයි Episcleritisරෝග තත්ත්වය. මෙය පිටතින් බැලුවාම පෙනෙන්නේ ඇසට ලේ බහිනවා වගේ. ඊළඟට ඔවුන්ගේ අක්‌මාවේ විවිධ රෝග තත්ත්වයන් හට ගන්නවා. එය සිරෝසිස්‌ වර්ගයක්‌ වෙන්නත් පුළුවන්. හෙපටයිටිස්‌ තත්ත්වයක්‌ වෙන්නත් පුළුවන්. ඊළඟට මෙය රුධිරයට බලපානවා. රක්‌තහීනතා තත්ත්වයක්‌ ඇති වෙනවා. රුධිරයට යකඩ අවශෝෂණය කර ගැනීමේ හැකියාව හීන වෙනවා. රූමැටික ආත්‍රයිටිස්‌ රෝගියාට පිළිකා තත්ත්වයක්‌ තිබේ නම් එය වර්ධනය වීම සිදුවිය හැකියි. උදාහරණයක්‌ වශයෙන් වසා ගැටිතිවල ඇතිවන පිළිකා තත්ත්වක්‌ වැඩිදියුණු වෙන්න පුළුවන්. ඊළඟට ස්‌නායු ආබාධයක්‌ හට ගන්නවා. හැබැයි මේ මොන ප්‍රශ්න ආවත් සුදුසු ප්‍රතිකාර මඟින් මේ රෝගය ජයගන්න පුළුවන්.

නොමිලේ විස්‌තර සඳහා
0713464276/ 0759061771
අංකයට කතා කරන්න
සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jul 2017 09:17 AM

ආත්‍රයිටිස්‌ රෝගයට බිං කොහොඹ කසායක්‌

ප්‍රශ්නය - කුඩා දරුවන්ට හැදෙන ආත්‍රයිටිස්‌ රෝගය සඳහා සුදුසු ශාකසාරමය ආයුර්වේද ප්‍රතිකාර ගැන අප පසුගිය සතියේදී සාකච්ඡා කළා. අද ඒ ගැන තවදුරටත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.

වෛද්‍ය වසන්ත උදයජීව - කුඩා දරුවන්ට හැදෙන ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර කරන විට ආයුර්වේද වෛද්‍යවරුන් මුලින්ම කරන්නේ රෝගයට බලපාන ශාරීරික තත්ත්වයන්ට ප්‍රතිකාර කර ඒවායින් ශරීරය නිදහස්‌ කර ගැනීමයි. ආයුර්වේදයට අනුව අපේ ශරීරයේ සෞඛ්‍ය සම්පත්තිය, සුවතාව, ලෙඩ රෝගවලට භාජන වීමේ හැකියාව යන කාරණා පාලනය වන්නේ ප්‍රධාන දොaෂ තත්ත්ව හතරක්‌ මගිනුයි. එයින් වාත දොaෂය පැනනැංගාම ආත්‍රයිටිස්‌ හටගන්නවා. මේ තත්ත්වය තුළදී සිරුර තුළ ආමය නමැති විෂ සහිත දෙයක්‌ හටගන්නවා. මේ නිසා ආහාර ජීරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් බිඳවැටෙනවා. ආමය ජනිත වුණාම මුළු මහත් ශරීරය පුරාම ගමන් කරනවා.

ඊළඟට ශරීරයේ දුර්වල තැන්වල තැන්පත් වෙනවා. මේ අතර ශරීරය තුළ තිබෙන වාත දොaෂ තත්ත්වය ක්‍රියාත්මක වෙනවා. එතකොට ආමය ක්‍රියාත්මක වී වැඩිදියුණු වෙන්නට පටන් ගන්නවා. සන්ධි වේදනාව හටගන්නේ මෙසේ ආමය වැඩිදියුණු වීමට පටන් ගත් විටයි. සාමාන්‍යයෙන් ඇඟිලි සන්ධිවල හටගන්නා ආත්‍රයිටිස්‌ තත්ත්වයට වඩා පාදයේ සන්ධිවල හටගන්නා ආත්‍රයිටිස්‌ තත්ත්වය දරුණුයි. හේතුව එම සන්ධිවලට ශරීරයේ බර සම්පූර්ණ වශයෙන්ම වැටීමයි. මේ නිසා ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර කරන විට ශරීරයේ වාත තත්ත්වය සමබර කිරීමට ආයුර්වේද වෛද්‍යවරයා උත්සුක වෙනවා.

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගයට ප්‍රතිකාර කිරීමේදී මෙයින් ඔබ්බේ යමක්‌ සිදුවන්නේ නැද්ද?

වෛද්‍ය උදයජීව - ස්‌ථිර වශයෙන්ම සිදුවෙනවා. මුලින්ම ශරීරයේ රුධිර වහනය සිදුවන සියලු නහර පිරිසිදු කෙරෙනවා. ඊළඟට ආහාර ජීරණය ශක්‌තිමත් තත්ත්වයකට පත් කරනවා. තුන්වෙනුව සන්ධිවල ලිහිසි තත්ත්වය වර්ධනය කර සන්ධි එහා මෙහා කිරීමේ පහසුව ඇති කරනවා. ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය සමතුලිත කරනවා.

ප්‍රශ්නය - ආත්‍රයිටිස්‌ රෝගය සමනය කර ගැනීම සඳහා දැන් අප අත් බෙහෙත් කිහිපයක්‌ බලාපොරොත්තු වෙනවා.

වෛද්‍ය වසන්ත උදයජීව - ඖෂධ කිහිපයක්‌ම තිබෙනවා. අබ තෙල් කෝප්ප 1 ක්‌ අරගෙන එයට කපුරු (කපුරු බෝල නොවේ) ග්‍රෑම් 10 ක්‌ මිශ්‍ර කර කපුරු සම්පූර්ණයෙන්ම දියවන තුරු තෙල් රත් කරන්න. තෙල් ඇල් මැරුණු පසු ආත්‍රයිටිස්‌ නිසා ඉදිමුණ සන්ධි සියල්ල එම තෙල් වලින් ඉතා හොඳින් සම්බාහනය කරන්න. මෙවිට සන්ධිවල දැඩි බව සහ ඉදිමුම නැතිව යනවා.

ඊළඟ ඖෂධය මුං ඇට සහ සුදුලූනු ඇසුරින් නිපදවන එකක්‌. මුං ඇට මේස හැඳි 3 ක්‌ වතුර මිලිලීටර් 250 ක දමා රැයක්‌ එළිවනතුරු පොඟවා ගන්න. පසු දින මුං ඇටවල අංකුර ඇදුණු පසු සුදුලූනු බික්‌ දෙකක්‌ අඹරා මුංඇට සමග මිශ්‍ර කරන්න. එයට ලුණු සහ ගම්මිරිස්‌ එකතු කර උදේටත් සවසටත් ආහාරයට ගන්න. මුංඇට පිසීමෙන් වළකින්න. සතියක්‌ පමණ මෙම ප්‍රතිකාරය කර ප්‍රතිඵල භුක්‌ති විඳින්න.

මේ වාගේම උසස්‌ ප්‍රතිඵල ගෙන දෙන තවත් බෙහෙතක්‌ කියන්නම්. මේ සඳහා ඉඟුරු කුඩු ග්‍රෑම් 50 ක්‌, උළුහාල් කුඩු ග්‍රෑම් 50 ක්‌ සහ කහ කුඩු ග්‍රෑම් 50 ක්‌ අවශ්‍යයි. මේ සියල්ල හොඳින් මිශ්‍ර කර අසුරනයකට දමා සුළං නොයන සේ හොඳින් වසා තබාගෙන සෑම උදයකම සහ සවසකම තේ හැන්දක්‌ බැගින් අනුභව කරන්න. කුඩු ගතිය නිසා කෑම අපහසු නම් උණුවතුර ස්‌වල්පයක්‌ මිශ්‍ර කර ආහාරයට ගන්න.

උදේට සහ හවසට තල අහුරක්‌ බැගින් දිගටම අනුභව කළ හැකිනම්, ආත්‍රයිටිස්‌ රෝගයට එයත් හොඳ ප්‍රතිකාරයක්‌.

ආත්‍රයිටිස්‌ රෝගයට බිං කොහොඹ

බිං කොහොඹ, කොහොඹ පොතු, එලබටු, කටුවැල්බටු, කොටිල පොතු, ලුණවරණ පොතු, අමු ඉඟුරු, දියමිත්ත යනාදිය කලං 1 මංචාඩි 10 බැගින් ගෙන වතුර පත 8 කට දමා පත 1 ට සිඳවා පෙරා උදේ සවස පත භාගය බැගින් බොන්න. පානය කළයුතු කාලය දින 6 කි.

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jul 2017 09:20 AM

පිරිමියකුගේ මද සරු බවට හේතු ගොඩක්‌ තිබෙනවා

ප්‍රශ්නය - පිරිමින් තුළ මද සරු බව හට ගැනීමට ශුක්‍රාණු නිෂ්පාදනය මද වීම හේතුවක්‌ විය හැකි ආකාරය ගැන පසුගිය සතියේදී අප සාකච්ඡා කළා. ඊළඟට ශුක්‍ර නාලවල පවතින අවරෝධතා නිසා නිසි ලෙස ශුක්‍රානු පිට නොවීම ගැනත් කතා කළා.

වෛද්‍ය ඉන්දික නුවන් - එපමණක්‌ නොවෙයි. නියම දරු පිළිසිඳ ගැනීමකට නම් පිරිමියාගේ ශුක්‍රානු ශක්‌තිමත් විය යුතුයි. පරණ කියමනක්‌ තිබෙනවා සැමියාට පැදුර පෑගුණත් බිරියට දරුවන් පිළිසඳ ගන්නවා කියලා. මේ ව්‍යංගාර්ථයෙන් කියෑවෙන්නේ ඒ පිරිමියාගේ ශ්‍රක්‍රාණු ශක්‌තිමත් බවයි. මද සරු පිරිමියකුගේ ශුක්‍රාණු සාම්පලයක්‌ ගත්තාම අප බලනවා ඒ සාම්පලය කොතරම් ක්‍රියාකාරීද කියලා. කොතරම් Fertile ද කියලා. Fertility (ෆර්ටිලිටි) කියන්නේ සාපල්‍යතාවටයි. සාර්ථක දරු පිළිසිඳ ගැනීමක්‌ වෙන්නේ මෙන්න මේ සාපල්‍යතාව උඩයි. ක්‍රියාකාරී ශුක්‍රාණු ප්‍රමාණය 50 කටත් වැඩි විය යුතුයි. එසෙ නැත්නම් පිළිසිඳ ගැනීමක්‌ ඇතිවන්නේ නැහැ. මගේ චිකිත්සාගාරයේදී මට හමුවෙලා තිබෙනවා ඇතැම් විවාහක පිරිමින් Sperm Count එක හෙවත් ක්‍රියාකාරී ශුක්‍රාණු ප්‍රමාණය 15 නැත්නම් 20 අතර තිබෙන.

ප්‍රශ්නය කොහොමද Sperm Count එක බලාගන්නේ.

වෛද්‍ය ඉන්දික නුවන් - SFA හෙවත් Seminal Fluid Analisis කියලා පරීක්‍ෂණයක්‌ තිබෙනවා. පරීක්‍ෂණය භාජනය කරන පිරිමියාට කියනවා දින 3 ක්‌ ශුක්‍රාණු පිට කරන්න එපා කියලා. තුන්වැනි දවසේ දී ඔහුගෙන් ශුක්‍රාණු සාම්පලයක්‌ අරගෙන එය පර්යේෂණාගාරයකට ලබා දෙනවා. ඉන් පසු අප ගණනය කර බලනවා ශුක්‍රාණු Count, Volume, Fertility කියන කාරණා. ඒ ශුක්‍රාණුවල විෂබීජ තිබෙනවාද කියලා බලනවා. අද ඉන්න මද සරු භාවය සහිත පිරිමින් බහුතරයකගේ ශුක්‍රාණුවල තිබෙනවා විෂබීජ. එනම් Puss Cell කියන නරක්‌ වූ පැසවූ සෛල කොටස්‌.

ප්‍රශ්නය - කොහොමද එවැනි නරක්‌ වූ සෛල හටගන්නේ?

වෛද්‍ය ඉන්දික නුවන් - ගණිකා ඇසුරට යොමු වුණොත් මෙය අනිවාර්යයෙන් ම විය හැකියි. ඒ නැතත් සමහර කාන්තාවන්ගේ යෝනි මාර්ගය තුළ වෛරස්‌ ආසාදන හෝ දිලීර ආසාදන තිබෙනවා. එවැනි කාන්තාවක සමඟ එක්‌වුණාම පිරිමියාටත් ඒ රෝගයේ බලපෑම ඇති වෙනවා. (මා මේ කියන්නේ සමාජ රෝග ගැන නෙවෙයි. ඉන් මෙහා ඇති විය හැකි තත්ත්වයක්‌ ගැනයි)

ඉන්පසු එම ශුක්‍රාණුවලටත් දිලීර හෝ වෛරස්‌ බෝ වෙනවා. එවිට ශුක්‍රාණුවල තිබෙන සෛල නරක්‌ වෙනවා. Puss Cell කියන්නේ මේ සෛල. මේවා මැරුණු නරක්‌ වුණ මලකුණු වගේ දේවල්. මෙහි ජීවයක්‌ ඇත්තෙම නැහැ. මේ වගේම තමයි පිරිමින්ගෙ ලිංගේන්ද්‍රිය තුළ හටගන්නා ආසාදන තත්ත්වය කාන්තාවන්ට බෝ වුණාමත්.

නොමිලේ විස්‌තර උපදෙස්‌

0114278586, 077 6224293

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 29 of 137 << < 2728293031 > >>