You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 30 of 137 << < 2829303132 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jul 2017 09:23 AM

සොරයිසිස්‌ හරියාකාරව හඳුනා ගනිමු

ප්‍රශ්නය - Psoriasis (සොරයිසිස්&zwnj ලෙස හඳුන්වන රෝගය ගැන වැඩි දෙනා ප්‍රසිද්ධියේ කතා කරන්නට කැමැති නැහැ. මේ රෝගය තිබෙන කෙනෙකු තව කෙනෙකුට ඒ ගැන කියන්නෙත් නැහැ. එසේම මෙයින් සුවය ලද කෙනෙක්‌ වෙතොත් ඒ බව අන් අය සමඟ සාකච්ඡා කරන්නෙත් නැහැ. මොකද්ද මේ රෝගය.

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - මා මුලින්ම මේ රෝගය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යාත්මක අර්ථකථනය කියන්නම්. ඒ අර්ථකථනයට අනුව මෙය ශරීරය තුළින්ම හට ගන්නා antoimmune වර්ගයේ රෝගයක්‌. ඒ කියන්නේ ඇතැම් අවස්‌ථාවල ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ශරීරයට පහර දෙනවා. එවිට ඇතමුන්ගේ හිසකෙස්‌ හැලෙනවා. තව සමහරකුගේ හමේ රෝග හටගන්නවා. සොරයිසිස්‌ කියන්නේ එවැනි වර්ගයක රෝගයක්‌ බවයි බටහිර වෙදකමේ අදහස. මෙය සම මත හටගන්නා පැල්ලම් විශේෂයක්‌. සමෙන් ඉහළට සෙන්ටිමීටර් එකක්‌ හෝ දෙකක්‌ ඉහළට එසැවී තට්‌ටුවක්‌ බඳුව තිබෙන මේ පැල්ලම් පොතු ගැලවෙන අතර රතු පාටින් යුක්‌තයි. මේවා කසනවා. ඒ වගේම දනවා.

බටහිර වෛද්‍ය විද්‍යාඥයන් සොරයිසිස්‌ රෝගය වර්ග පහකට බෙදනවා. plaque, guttate, inverse, pustular, erithrcodermic යනුවෙන් මේ වර්ග පහ හැඳින්වෙනවා. මේ රෝගය ජානමය හේතු මත හට ගන්නා බවටත් මතයක්‌ තිබෙනවා. මේ නිසා නිවුන් දරුවන්ට සොරයිසිස්‌ රෝගය වැළඳීමේ ප්‍රවණතාව ඉහළයි. බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මෙය සුව කිරීම සම්බන්ධයෙන් තර්ක දෙකක්‌ පවතිනවා. එක්‌ තර්කයක්‌ මගින් කියන්නේ මෙය සුව කරන්නට බැරි බවයි. තව පිරිසක්‌ ස්‌ටෙරොයිඩ් ආලේප වර්ග, විටිමින් බඳු ක්‍රීම් වර්ග, පාරජම්බුල කිරණ, ප්‍රතිශක්‌තිකරණය මැඬපවත්වන මෙතොට්‍රෙක්‌සෙට්‌ වැනි ඖෂධ යොදා ගන්නවා. මේ ඖෂධවලින් රෝගය කළමනාකරණය කර ගත හැකි අවස්‌ථා තිබෙනවා. මෙය හෘදය දක්‌වා වූ ඉන්ද්‍රින්වලට බලපෑමක්‌ කළ හැකි රෝගයක්‌. මෙය මේ රෝගය අර්ථකථනය කරන සෑම වෛද්‍ය ක්‍රමයකටම පොදු වූ ලක්‍ෂණයක්‌.

ප්‍රශ්නය - මේ රෝගය කොතරම් කල් පවතිනවද?

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - මෙය දිගු කාලීන රෝගයක්‌. හැබැයි නිවැරැදි ලෙස ප්‍රතිකාර කළොත් මාස කිහිපයක්‌ තුළ මෙය සුව කර ගැනීමේ හැකියාව ආයුර්වේදයේ තිබෙනවා. දැන් අපි පෙර කී සොරොයිසිස්‌ රෝග වර්ග පහ ගැන සාකච්ඡා කරමු.

1. Plaque psoriasis නිදන්ගත රෝග තත්ත්වයක්‌ ලෙස හැඳින්විය හැකි මෙය සොරයිසිස්‌ රෝගීන්ගෙන් 85% - 90% අතර ප්‍රමාණයකට තිබෙනවා. මෙය සම මත කබොලු ආකාරයෙන් හට ගන්නවා. කොරපොතු වැනි මේ කබොලු සුදු පාටයි. වැලමිට දණහිස, හිස සහ පිට යන ප්‍රදේශවල තමයි බහුල ලෙස හටගන්නේ. එසේ හටගන්නා විටත් එය විශාල ලෙස පැතිරුණු තත්ත්වයක්‌ පෙන්නුම් කරනවා. මෙය ඉතාම දරුණු කැසීම් තත්ත්වයක්‌ සහ ප්‍රදාහ තත්ත්වයක්‌ ඇති කරනවා. එසේම ඉදිමුම් තත්ත්වයකුත් හට ගන්නවා. මෙය මාරාන්තික වීමට ඉඩ තිබෙනවා. ඒ ශරීරයට අවශ්‍ය උෂ්ණත්වය ඇති කිරීම සඳහා ශරීරය තුළ ඇති ශක්‌තිය මේ මගින් නැතිවන නිසයි.

ප්‍රශ්නය - ලබන සතියේ නැවත හමුවන තුරු මේ රෝගයට සුදුසු කසායක්‌ නිර්දේශ කළ හැකිද?

වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස - අස්‌වැන්න, පොල්පලා, නෙරෙංචි, කටුවැල්බටු, එළබටු, රසකිඳ, මුද්දරප්පලං, නෙල්ලි අහුර බැගින් ගෙන වතුර පත 8 ක්‌ දමා එය 1 කොප්පයකට සිඳ පෙරා සීනි මී පැණි දමා උදේ වරුවට, සතියක්‌ පානය කළ යුතුයි.

ඊළඟට කළ යුතු ප්‍රතිකාරය ලබන සතියේ.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jul 2017 09:27 AM

බිහිරි බවට ප්‍රතිකාර පටන් ගන්නේ මෙහෙමයි

ප්‍රශ්නය - පසුගිය සති කිහිපය තුළ කනේ හටගන්නා රෝග සහ බිහිරි බව ගැන අප ඔබ සමඟ සාකච්ඡා කළා. කන් කැසීම, කනේ දිලීර හට ගැනීම, කර්ණ විද්‍රධි, කන් බෙරය හිල් වීම, කනෙන් සැරව ගැලීම යන කාරණා ගැනත් එහිදී සවිස්‌තරාත්මකව ඔබ අපට තේරුම් කළා. අප අද ඔබෙන් විමසන්නේ බිහිරි බව සුවපත් කළ හැකි ද කියන කාරණයයි. බටහිර වෛද්‍ය විද්‍යාව තුළ කර්ණශංඛ බද්ධය නමින් ක්‍රමවේදයක්‌ තිබෙන බව ඔබ දන්නවා. එවැනි වැඩපිළිවෙළක්‌ ආයුර්වේදයේ තිබෙනවාද? තිබෙනවා නම් ඒ කුමක්‌ ද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - බිහිරි බව හටගන්නේ නිකම්ම නොවෙයි. එයට කිසියම් කර්ණ රෝගයක්‌ මුල් වෙනවා. මේ ලිපි පෙළ පටන් ගන්නා විට මා ඔබට කිව්වා කර්ණ රෝග වර්ග 28 ක්‌ තිබෙනවා කියලා. හරියට හඳුනාගෙන ප්‍රතිකාර කළොත් ආයුර්වේදයට පුළුවන් මේ රෝග 28 න් ඕනම එකක්‌ සුවපත් කරන්න. බිහිරි බවට මුල් වූ රෝගය සුවපත් නොකර ශ්‍රවණ දුර්වලතාවට ප්‍රතිකාර කිරීම නිෂ්ප්‍රයෝජනයි. ඒ එක්‌කම කර්ණ රෝගයකදී ආයුර්වේද වෛද්‍යවරයා කනට විතරක්‌ නොවෙයි ප්‍රතිකාර කරන්නේ. ඔහු කනට සම්බන්ධ, කනට අදාළ සෙසු ප්‍රදේශවලටත් ප්‍රතිකාර කරනවා. මුලින්ම අප උගුර පිරිසිදු කර ගත යුතුයි උගුරේ ආසාදන, සෙම්ගෙඩි වැනි දේවල් තිබුණොත් කනට කොතරම් ප්‍රතිකාර කළත්, වැඩක්‌ නැහැ. මොකද ඒ ආසාදිත තත්ත්වයන් නිරන්තරයෙන් ම කනට බලපෑම් කරනවා. ඒ එක්‌කම කිව යුතුයි කර්ණ රෝග සඳහා සාර්ථක ප්‍රතිකාර රැසක්‌ ආයුර්වේදය සතුව තිබෙන බව.

ප්‍රශ්නය - මොන විදියේ රෝගවලට කරන මොන විදියේ ප්‍රතිකාරද?

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - ඔය පූතිකර්ණ කියන රෝගය ගත්තොත් එය හටගන්නේ පිත සහ කප යන දෙක හේතුවෙන් මෙහිදී අප මුලින්ම කරන්නේ පිත සහ කප යන දෙක සමනය කරන ඖෂධ රෝගියාට ලබා දීමයි. මේ අනුව ගොඩක්‌ සීතල ද්‍රව්‍ය වගේම ගොඩක්‌ උෂ්ණ ආහාර වර්ග ගැනීමෙන් වැළකිය යුතුයි. රෝගියා මධ්‍යස්‌ථ ආහාර රටාවකට පුරුදු විය යුතුයි. උෂ්ණ දේවල් කියන්නේ අච්චාරු, අන්නාසි, තක්‌කාලි, බිලිං, විනාකිරි යන ආහාර වැනි ආම්ලික සංයුතියක්‌ තියෙන ආහාර. ඒ වගේම සැර මාළු වර්ග සුදුසු නැහැ. ඒ වගේම බණ්‌ඩක්‌කා, මෑකරල්, වම්බටු, කූල් බීම, අයිස්‌ වතුර, අයිස්‌ ක්‍රීම් වැනි ආහාර සුදුසු නැහැ.

ඒවා ශීත ආහාර හැටියට තමයි ගණන් ගන්නේ. කනේ රෝගයක්‌ තිබෙන රෝගියා නිදි වැරීම කිසිසේත් ම සුදුසු නැහැ. රෝගියා මේ ආකාරයට ආහාර විහරන කරන අප මුඛ මාර්ගයෙන් ඖෂධ ලබා දෙනවා.

විශේෂයෙන් කසාය වර්ග, ඊළඟට අපි කන පිරිසිදු කරනවා. ඒ සඳහා ආයුර්වේදයේ තිබෙනවා වෙනම උපකරණ සහ වෙනම ඖෂධ වර්ග. මේ ප්‍රතිකාරවලදී අප මොනම හේතුවකටවත් තෙල් වර්ග පාවිච්චි කරන්නේ නැහැ. මොකද කන තුළින් ගලන්නේ සැරව. තෙල් කන තුළට දැම්මොත් සැරව එන එක නවතින්නත් පුළුවන්. වෙනත් දරුණු රෝග තත්ත්ව හට ගන්නත් පුළුවන්.

ප්‍රශ්නය - කන පිරිසිදු කරන උපකරණ ආයුර්වේදයේ තිබෙන බව ඔබ කියනවා.

ආචාර්ය වෛද්‍ය ප්‍රියානි පීරිස්‌ - ස්‌ථිර වශයෙන්ම ඔව්. අප අනුගමනය කරන සුශ්‍රැත ආචාර්යවරයාගේ ආයුර්වේද ගුරුකුලය තුළ මේ උපකරණ අදටත් පරිහරණය වෙනවා. මේ උපකරණවලට තිබෙන්නේ සහස්‌ථාන නම්....

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jul 2017 09:29 AM

ඔබටත් ගල් තැලුමක්‌ තියෙනවද?
එහෙනම් මෙය කියවන්න


ප්‍රශ්නය - මෙයට වසර තිහ හතළිහකට පෙර මේ රටේ ගම්මානවල ජීවත් වූ බර වැඩ කරන ගැහැනු පිරිමි හැම දෙනකුටම පාහේ දෙපාවල ගල් තැලුම තිබුණා. අද නගරවල ජීවත්වන, කම්කරු ජනතාවගේ පාදවලත් පෙර කී ආකාරයෙන් ම ගල් තැලුම් තිබෙන බව එක්‌තරා සෞඛ්‍ය අධ්‍යයන පර්යේෂණායතනයක්‌ මගින් නිකුත් කළ වාර්තාවක සඳහන් වුණා. ගල් තැලුම් කියන්නේ මොනවාද?

ආචාර්ය වෛද්‍ය ඒ. ඒ. ඡේ-. පුෂ්පකුමාර - ආයුර්වේදයට අනුව ගල් තැලුම් හැඳින්වෙන්නේ කදර කියන නමින්. මෙහි ස්‌වභාවය ඇනයක ස්‌වරූපය හා සමානයි. එහි හරස්‌කඩක්‌ ගත්තොත් පෙනෙනවා හිස කොටස විශාලවත්, ඇතුළත කොටස කේතුවක ආකාරයෙන් පහළට ගමන් කර ඇති බවත්. කොටින්ම කියතොත් ගල් තැලුමක හරස්‌කඩ කේතුවක හරස්‌ කඩ හා සමානයි. ඉංග්‍රීසියෙන් මෙය හඳුන්වන්නේ ඤබැ කියලයි. සමස්‌ත ගල් තැලුම ඉතා තදයි. කැරටින්වලින් නිර්මාණය වී ඇති මෙය ඇතැම් කෙනෙකුගේ පාදයක හත අටක්‌ හෝ දහයක්‌ පහළොවක්‌ විතර තිබෙනවා. ගල් තැලුමක්‌ තියෙන අයකුට පය බිම තබන්න බැරි තරමට වේදනායි. එහි පිටතට නෙරා ඇති පොළොව සමඟ ස්‌පර්ශ වන කොටසට ගැමියන් කියන්නේ කොස්‌ස කියලා. ආයුර්වේදය මෙය හඳුන්වන්නේ ශරීරයේ උෂ්ණාධික බව නිසා ඇතිවන රෝග තත්ත්වයක්‌ කියලයි. මේක සරල දෙයක්‌. හැබැයි මෙයට අවශ්‍ය ප්‍රතිකාරය පරෙස්‌සමින් තෝරා ගත යුතුයි.

ප්‍රශ්නය - ගල් තැලුමක්‌ හටගන්නේ උෂ්ණාධික බව නිසා විතරක්‌ ද?

ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - රළු පොලොව මත ගමන් කරන විට උඩට නෙරා ගිය උල් ගලක්‌ පතුලෙහි ගැටීම හේතුවෙනුත් මෙය හට ගන්නවා. එහෙත් එය දිගින් දිගටම පවතින්නේ ශරීරයේ උෂ්ණාධික බව නිසයි. ඔබ කලින් කී පරිදි ගල් තැලුමේ ඉදිරියට නෙරා ගිය කොටස කපා ඉවත් කළාට වැඩක්‌ නැහැ. එය නැවත හටගන්නවා.

ප්‍රශ්නය - ගල්තැලුම් හටගන්නේ පාදයේ විතරද?

ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - බහුල වශයෙන් හටගන්නේ පාදයේ. ඒ අතරම ශරීරයේ වෙනත් තැන්වලත් හට ගන්නවා. විශේෂයෙන් ම හටගන්නේ යම්කිසි මතුපිටක්‌ සමඟ ගැටෙන කොටසකයි.

ප්‍රශ්නය - එමගිනුත් හානි සිදුවෙනවාද?

ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - කිසියම් වේදනාවක්‌ හට ගන්න පුළුවන්. හැබැයි ඒවා ලොකු ප්‍රශ්න නොවෙයි. ප්‍රශ්නයක්‌ වන්නේ පාදයේ හට ගන්නා ගල් තැලුමයි. හේතුව මුළු ඇඟේම බර එන්නේ පාදයටයි. එවිට පාදය රිදුම් දෙනවා. බටහිර ප්‍රතිකාර ක්‍රමයට අනුව මෙය සැත්කමක්‌ මගින් කපා ඉවත් කළ යුතුයි. එවිට යටිපතුලේ මසෙන් කෝනයක ආකාරයක කොටසක්‌ ඉවත් කරනවා. හැබැයි එහෙම කරන කොට ඒ ආසන්නයේ පිහිටි ස්‌නායුවක්‌ එහෙම කැපුනොත් එතැන් සිට ම පාදයේ චලනයන් කරගන්න බැරි වෙනවා. පා ඇඟිලි සොලවන්න බැරි වෙනවා. මේ නිසා මෙය බාගෙට කපා ඉවත් කිරීම සිදුවෙනවා. එවිට එය නැවත වැඩෙනවා. වන මෙවිට සැත්කමකින් ඉවත් කරන්න සිදුවෙනවා. මේක ඉතින් සංසාරය වගේ නිමක්‌ නැති වැඩක්‌. යම් විදියකින් පාදයක ගල් තැලුම් දහයක්‌ පහළොවක්‌ තිබුණොත් මුළු පතුලම කපන්න වෙන තත්ත්වයක්‌ තමයි හටගන්නේ.

ප්‍රශ්නය - ආයුර්වේදය මගින් මෙය සුව කරන්නේ කොහොමද?

ආචාර්ය වෛද්‍ය පුෂ්පකුමාර - අග්නි කර්මය කියන ප්‍රතිකාරය තමයි කරන්නේ. ශලාකාව නමැති සැත් උපකරණය මගින් ගල් තැලුම පිළිස්‌සීම මෙහිදී සිදුවෙනවා. එය ඉතා ආරක්‍ෂිතයි. කිසිදු වේදනාවකුත් නැහැ. සැත් උපකරණයේ උණුසුම ගල් තැලුම දිගේ ක්‍රමානුකූලව පහතට බැස කැරටින් පදාසය පිළිස්‌සීම තමයි සිදු කෙරෙන්නේ. මෙය කිසිම වේදනාවක්‌ නැති ආරක්‍ෂාකාරී ක්‍රමයක්‌. ඔපරේෂන් එකක්‌ කළා වගේ නොව ප්‍රතිකාරය සිදු කළ මොහොතේ පටන්ම වැඩ කළ හැකියි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Jul 2017 09:33 AM

උෂ්ණාධික බව මට්‌ටු කළොත්
හිසරදය නිට්‌ටාවටම සුවයි


* බොහෝ දෙනෙක්‌ පීඩා විඳින රෝගයක්‌ තමයි හිසරදය කියන්නේ. කොහොමද මෙම රෝගය ඇතිවන්නේ.

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක -

රදය යනු වේදනාවයි. මිනිසාගේ ශරීරයේ ප්‍රධානතම ඉන්ද්‍රිය මොළයයි. මොළය ස්‌නායු පද්ධතියේ මූලස්‌ථානයයි. එයින් නිකුත් වන මූල ස්‌නායුව කුඩා මොළය ඔස්‌සේ ප්‍රධාන කශේරුකා පන්තියට ඇතුළු වී කශේරුකා සන්ධිස්‌ථානවලින් පිටතට ගොස්‌ ශරීරයේ සියලුම ඉන්ද්‍රිය හා අවයව කරා දිවෙනවා. ඒවායේ ක්‍රියාකාරිත්වය දායක වීම සිදු වෙනවා. එම නිසා ශරීරයේ කුමන ස්‌ථානයක ඉන්ද්‍රිය දොaෂයක්‌ හටගත්තත් එය මොළයට බලපෑම සිදු කරනවා. එම බලපෑම්වල උච්චතම අවස්‌ථාව තමයි මෙම රදය හෙවත් හිසරදය ලෙස හැඳින්විය හැක්‌කේ.

* හිසරදය වැළඳුණු රෝගීන්ගේ ප්‍රධානතම රෝගී තත්ත්වය ලෙස හැඳින්විය හැක්‌කේ කුමන අවස්‌ථාවක්‌ද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

අප කරා පැමිණෙන බොහෝ රෝගීන්ගේ හිස කැක්‌කුමට ප්‍රධානතම හේතුව ලෙස දැක්‌විය හැක්‌කේ සෙම කුපිත වීමයි. මෙලෙස හිස ආශ්‍රිත කලාපයේ සෙම බහුල වීම සඳහා බලපාන්නේ බොහෝ දෙනෙක්‌ එතරම් නොසිතන ශරීරයේ අධික උෂ්ණාධික බවයි. මෙම උෂ්ණාධික බව ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන් හා අවයවවලට බලපෑම් ඇති කරන අතර මොළය ආශ්‍රිතව පවතින්නේ ඉතා සියුම් සෛල නිසා එම සෛල මෙම අධික උෂ්ණාධික බව නිසා විනාශ විය හැකියි.

මෙම තත්ත්වයෙන් මොළයේ සෛල ආරක්‍ෂා කර ගැනිම ශරීරය විසින් හිස පෙදෙසට සෙම ගෙන්වා ගෙන ස්‌වයංක්‍රීය ශීතකරණ වැඩපිළිවෙළක්‌ ඇති කරනු ලබනවා. මෙන්න මේ ක්‍රියාවලියක්‌ සමග තමයි සියලු ප්‍රශ්න ඇතිවීම සිදුවන්නේ.

* මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කළොත්

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

මෙසේ මොළ කුහරය තුළ වැඩි වශයෙන් එක්‌වන සෙම නාස්‌කුහර තුළින් පැමිණෙන බාහිර වාතයත් සමග එන ක්‍ෂුද්‍ර ජීවීන්ගේ බලපෑම් හමුවේ සෙම නරක්‌ වීමේ තත්ත්වයට පත්වීමෙන් හිසේ බර ගතිය සහ වේදනාව ඇතිවීම සිදු වේ. මෙම තත්ත්වයේ උච්චතම අවස්‌ථාව ලෙස ඉරුවාරදය හැඳින්විය හැකියි.

* මීට අමතරව හිසරදය ඇතිවීමට බලපාන වෙනත් තත්ත්වයන් තිබෙනාවද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

ඔව්. තවත් විවිධ රෝග අවස්‌ථා නිසා හිසරදය ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ඒ අනුව මළ බද්ධය, ගැස්‌ට්‍රයිටීස්‌ ඇතුළු ආහාර ජීර්ණ පද්ධතියේa ඇතිවන දුර්වලතා, දියවැඩියාව, අර්ශස්‌, පීනස, රක්‌තහීනතාව, අධික නිදිමත හෝ නින්ද නොයැම බඩ පුරවා දැමීම, මුත්‍රා රෝග, වකුගඩු ආශ්‍රිත දුර්වලතා, පිත්තාශයේ ගල්, කාන්තාවන්ගේ ගර්භාෂ රෝග, විවිධ සමේ රෝග, වාතරක්‌ත වැනි රෝගාබාධ අවස්‌ථාවන්හිදී ද හිසරදය ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක්‌ තිබෙනවා. මීට අමතරව විවිධ මානසික පීඩනයන්a නිසාද හිසරදය ඇතිවිය හැකියි.

මෙම රෝගය සඳහා ප්‍රතිකාර කළ යුත්තේ කෙසේද?

ආයුර්වෙද් වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

සෙම ඉවත් කිරීම සහ සෙම වියළීමට ප්‍රතිකාර කිරීම තුළින් උෂ්ණාධික බව තවත් වැඩි වී මොළය ආශ්‍රිත සියුම් සෛල තවත් විනාශ විය හැකියි. එම නිසා මොළය ආශ්‍රිත කලාපය සිසිලනය කිරීම සඳහා මුළු ශරීරයයේම උෂ්ණාධික බව අඩු කිරීමට ප්‍රතිකාර කළ යුතුයි. අප අනුගමනය කරන්නේ එම ක්‍රමවේදයයි. එවිට රෝගියාගේ සම්පූර්ණ ශරීරයේම පවතින උෂ්ණ බව නැති වෙන අතර එවිට මොළයේ සිසිලනය ද සිදුවී හිසරදය සම්පූර්ණයෙන්ම සුව වීම සිදු වෙනවා. මීට අමතරව රෝගියාට පවතින අනෙකුත් රෝගී තත්ත්වයේද සොයා බලා ප්‍රතිකාර ලබාදීම සිදු කළ යතුයි.

ෆ බොහෝ දෙනා සිතන්නේ හිසරදය නිට්‌ටාවටම සුව කළ නොහැකි බවත් මෙය ඒ ඒ අවස්‌ථාවන්හිදී යටපත් කළ හැකි තත්ත්වයක්‌ පමණක්‌ බවය. ඇත්තටම හිසරදය නිට්‌ටාවට සුව කළ නොහැකිද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා- ඇත්තටම බොහෝ රෝගීන් පවසන්නේ කෙතරම් බෙහෙත් ගත්තත් මෙය යළි යළි මතුවෙන බවයි. නමුත් වෛද්‍යවරයකු හෝ වෛද්‍යවරියක කරා ගොස්‌ නිවැරදි පරීක්‍ෂාවකින් පසු රෝගියාට වැළඳී ඇත්තේ කුමන රෝගයක්‌දැයි වටහාගෙන රෝග නිධානයට ප්‍රතිකාර ලබා දුන්නොත් හිසරදය නිට්‌ටාවටම සුව කළ හැකියි. වේදනා නාශක තුළින් හිසරදය සුවපත් කිරීමෙන් පසුකාලීනව වෙනත් බරපතළ රෝගාබාධ වැළඳීමද සිදුවිය හැකියි.

විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ දක්‍ෂ ආයුර්වේද වෛද්‍යවරයකු කරා ගියොත් මේ රෝගය නිට්‌ටාවටම සුව කර ගත හැකියි. ඒ සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවා.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Jul 2017 08:42 AM
ගල් තැලුම් වුනත් පහුවෙද්දි පිලිකා වලට හැරෙනවා කියලා සමහරු කියනවා මම අහලා තියෙනවා.
මේ ලිපියේ ඒ වගේ දෙයක් නම් කියලා නෑ.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jul 2017 09:13 AM

http://navaliya.com/2017/07/17/New%20folder/34.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jul 2017 09:16 AM

http://navaliya.com/2017/07/17/New%20folder/46.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jul 2017 06:01 PM

ආහාර ගත් විගස දෙතුන් වරක්‌
මළපහ කිරීමට සිදු වන්නේ ඇයි?


ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මම වයස අවුරුදු 40 ක දෙදරු මවක්‌මි. දියවැඩියා රෝගයෙන් වසර හතරක පමණ කාලයක සිට පෙළෙමි. දියවැඩියා රෝගය ඇතිවීමත් සමඟ මාගේ යෝනි මාර්ගය ප්‍රදේශයේ කැසීමක්‌ හටගෙන ඇත. සමේ පැහැයද දුර්වර්ණ වී තැන තැන පලු දැමීම් සහිත කැසීම් තත්ත්වයක්‌ද හට ගෙන ඇත. වෛද්‍යතුමනි, මාහට අවශ්‍යව ඇත්තේ දියවැඩියා රෝගය පාලනය කර ගන්නා අතර දැනට මතුව ඇති අනෙකුත් රෝග සුව කරගැනීමටය. මේ සඳහා ආයුර්වේදයේ ඇති ප්‍රතිකාර මොනවාද?

පූර්ණිමා - බණ්‌ඩාරගම

පිළිතුර -

කාලයක්‌ තිස්‌සේ දියවැඩියාව පැවතීම සහ ඊට ඇතැම් ප්‍රතිකාර ගන්නා විට එහි ඇති අතුරු ආබාධ ලෙස විවිධ විෂමතාවන් මතු වේ.

ලේවලට නිරන්තරයෙන්ම විෂ කොටස්‌ එක්‌වීම නිසා මතුවන ගැටලුකාරී තත්ත්වයන් ඉන් ප්‍රධාන තැනක්‌ ගනී.

ඔබට මතුවී ඇත්තේ එබඳු තත්ත්වයකි.

මෙය නවීන විද්‍යානුකූලව ලේවලට ඇසිඩොකීටෝන් වැනි විෂ ද්‍රව්‍ය එකතුවීමක්‌ ලෙස දක්‌වයි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ලේ වලට මිශ්‍ර වී ඇති විෂ තත්ත්වයන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක්‌ ඇත.

එය ප්‍රධාන රෝගයන් සමනයට ප්‍රතිකාර කරන ගමන්ම රක්‌ත ශෝධන ඖෂධ හරහා ශරීරයේ ඇති විෂ කොටස්‌ බැහැර කරවීමයි.

මෙවැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමු වුවහොත් ඔබට පවතින පීඩාකාරී තත්ත්වයන් ඉක්‌මනින් ම සුව කරගත හැකිය.

ප්‍රශ්නය -

වෛද්‍යතුමනි, මම දිවා සහ රාත්‍රි වැඩමුර අනුව රැකියාවක නියුතු අයෙක්‌මි. රාත්‍රි සේවය කළ පසු මාගේ බඩ පපුව ප්‍රදේශයෙන් දැවිල්ලක්‌ හටගනී. උදෑසන අවදි වූ විට තුන්වරක්‌ පමණ වැසිකිළි යැමට සිදුවේ. මට රැකියාවෙන් මිදීමටද හැකියාවක්‌ නැත. දැනට මම තාවකාලිකව ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය සඳහා ඇති බටහිර ඖෂධ වර්ග භාවිත කරමි. මාගේ පවතින රෝගී තත්ත්වය සුවකර ගැනීම සඳහා ආයුර්වේදයේ ප්‍රතිකාර තිබේද?

පීs. නෙල්සන් ජා- ඇල

පිළිතුර -

රාත්‍රි නිදි වැරීම සහ ජීව රටාවේ අක්‍රමික පැවැත්ම සහ අහිතකර ආහාර නිරන්තරයෙන් ගැනීම නිසා ආහාර ජීර්ණ පද්ධතියේ විවිධ විෂමතාවන් ඇතිවිය හැකිය.

එහි ප්‍රතිඵලයක්‌ ලෙස ගන්නා ආහාර හරිහැටි ජීර්ණය නොවීම, ඒ හේතුවෙන්ම මළ පිටවීමේ අක්‍රමිකතාව (මළ බද්ධය හෝ නිතර නිතර මළ පිටවීම) ඇතිවිය හැකිය.

මීට අමතරව ආහාර ගත් විගස වාර කිහිපයක්‌ මළ පහ කරන්නට සිදුවීම ද ආහාර ජීර්ණයේ දුර්වලතාවය කල් තිබීම නිසාම ඇතිවූ ග්‍රහණි තත්ත්වයක්‌ විය හැකිය.

ඔබට පවතින්නේ ඉහතින් දැක්‌වූ රෝගාබාධවලට සම්බන්ධ ලක්‍ෂණයක්‌ විය හැකිය. එය නිවැරැදිව හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයකට යොමු විය යුතුය.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් රෝග නිධාන සොයා එම තත්ත්වයන් නිට්‌ටාවටම සුව කිරීමේ වැඩපිළිවෙළක්‌ පවත්වා ගෙන යන නිසා මෙවැනි රෝග සුව කිරීම වර්තමානයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින් ඉතා සාර්ථකව සිදු කරනු ලබයි.

සේවා මුර ක්‍රමයක්‌ යටතේ රැකියා කරන අයට එම තත්ත්වයන්ට ගැලපෙන අයුරින් ප්‍රතිකාර ලබාගැනීමට නම් මේ පිළිබඳව වෛද්‍යවරයා සමඟ සාකච්ඡාකොට ඊට ගැලපෙන ප්‍රතිකාර රටාවක්‌ සකස්‌ කර ගතහැකිය.

මෙම රෝග පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංක 0713009088 හෝ ක්‍ෂණික ඇමතුම වන 0713007000 යන අංක භාවිත කළ හැකිය.

සංස්‌කරණය උපාලි ද සේරම්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 Jul 2017 06:12 PM

උසස්‌ පෙළ විභාගයට
සාර්ථකව මුහුණ දෙන හැටි


විභාගයක්‌ කරනවා නම් නින්ද අත්‍යවශ්‍යයි. නින්ද යනු අපි ස්‌විචයක්‌ නිවා දමනවා වගේ ක්‍රියාවක්‌ නොවෙයි. නිදියන කාලය තුළ අපේ මොළය ඉතා ක්‍රියාශීලීයි. උදාහරණයක්‌ වශයෙන් අපි දිවා කාලයේ ඉගෙන ගන්නා කරුණු දීර්ඝකාලීන මතකයට ගෙන යන්නේ අපි නිදාගන්නා වෙලාවෙයි. විශේෂයෙන්ම උදේ 1 සිට 3 දක්‌වා කාලය තුළයි. කලින් දා පැය 24 ම පාඩම් කළ ළමයි විභාග ශාලාවට ගිය විට කිසිම දෙයක්‌ ලියන්න අමතක වන්නේ ඒ නිසයි.

උසස්‌ පෙළ විභාගය පටන් ගන්න තව හරියටම සති තුනයි. උසස්‌ පෙළ ළමයින්ගේ දැනුම පසු කරගෙන බය වැඩි වෙන්න පටන් ගන්නේ දැනුයි. ටියුෂන් ගුරුවරු පුනරීක්‌ෂණ පන්ති පවත්වනවා. ළමයින්ගේ මවුවරු බෝධි පූජා පවත්වනවා. පඬුරු බඳිනවා. ළමයි නිදාගන්නේ පැය දෙකයි තුනයි. දෙමවුපියන්ටත් නින්දක්‌ නැහැ. ළමයා පාඩම් කරන කල් ඇහැරගෙන ඉන්නවා. උදේ වැඩට යන්නෙත් හරිම අසීරුවෙන් කාර්යාලයට ගිහිනුත් මේසෙ ඔලුව තියාගෙන අඩ නින්දේ. දුව හෝ පුතාගේ විභාගය ඉවරවෙන තෙක්‌ ගේ දොර වැඩත් සියල්ල නවතිනවා. අපේ සමාජයේ උසස්‌ පෙළ කාලවලට ඒ ළමයින්ගේ ගෙවල්වල පවතින්නේ මෙවැනි තත්ත්වයක්‌.

විභාගය ලියන ළමයා වගේම දෙමාපියන් ද පසුවන්නේ බයකින්. ළමයා වගේම දෙමාපියන් ද දරුවාගේ විභාගය සඳහා සූදානම් වෙනවා. මේ විදියට නින්ද නැතිව නොකා නොබී වෙලාවක්‌ කලාවක්‌ නැතිව පාඩම් කොට දැන් විභාගය කියන තීරණාත්මක අවස්‌ථාවට මුහුණ දීමට සූදානම්. දැන් දැන් වෙනදාට වඩා විභාග අපේක්‌ෂකයන්ගේ හිත්වල බය වැඩියි. මේ ඇතුවත් බැරි නැතුවත් බැරි බිය සමඟ විභාගයට මුහුණ දෙන්නේ කොහොමද? මේ ඒ ගැන කතා කිරීමට සුදුසුම කාලයයි.

වෛද්‍යතුමනි මේ දවස්‌වල උසස්‌ පෙළ විභාගය අත ළඟ තිබෙන අවස්‌ථාවේ ඊට සූදානම් වන ළමයින්ගේ මානසික තත්ත්වය විභාගයට බලපාන්නේ කොහොමද ?

දැන් කාලේ ලංකාවේ උසස්‌ පෙළ කියන්නේ ජීවිතයත් මරණයත් අතර කරන සටනක්‌ බවට පත් වුණ දෙයක්‌. අවුරුදු 18 ක තරුණ තරුණියෝ සිය ජීවිතයේ සියලු බලාපොරොත්තු මේ විභාගය තුළට යොමු කරගෙන සිටින්නේ. ඒ නිසා ඔවුන් මෙම විභාගය දෙස බලන්නෙත්, විභාගයට මුහුණ දෙන්න සූදානම් වන්නෙත් විශාල බියකින්. ඉතින් අපි දකින දෙයක්‌ වන්නේ විභාගය ළං වෙන්න වෙන්න බිය වැඩි වෙනවා. එය ඔවුන්ගේ ප්‍රතිඵලවලට (performance) බලපානවා.

ඔබතුමා මීට කලින් අවස්‌ථාවල පවසා තිබෙනවා විභාගයකට යම් තරමක බයක්‌ තිබීමත් හොඳයි කියා. ඒ වගේම ඔබ කියනවා විභාග බය ප්‍රතිඵලවලට බලපාන බව. ඒ කොහොමද?

මීට වසර 50 කට පමණ පෙර විද්‍යාඥයෝ සොයා ගත්තා ප්‍රස්‌ථාරයක්‌. එය හඳුන්වන්නේ Yerkes Dobson graph යනුවෙන්. එය උසස්‌ පෙළට සූදානම් වන සෑම ළමයකුම දැනගත යුතු දෙයක්‌. එනම් අපගේ මානසික බිය Y අක්‌ෂයේත්, ප්‍රතිඵල X අක්‌ෂයේත් ඇන්ද විට, එන වක්‍රය (curve) සීනුවක හැඩයේ එකක්‌ බව. එනම් බිය ඉතා අඩු නම් ප්‍රතිඵල අඩුයි. ඒ වගේම බිය ප්‍රමාණයකට වැඩි වුණාමත් ප්‍රතිඵල අඩු වෙනවා. බිය අඩුත් නැති වැඩිත් නැති එක්‌තරා optimum ප්‍රමාණයකට තිබුණාම ප්‍රතිඵල විශිෂ්ට වෙනවා කියන එක.

ඔබ කියන්නේ බිය පමණට වඩා අඩු වෙන්නත් හොඳ නැහැ පමණට වඩා වැඩි වෙන්නත් හොඳ නැහැ කියලද ?

ඔව්.

විභාගය ගැන ඇති බිය දරා ගත නොහැකි තරම් වන්නේ ඇයි ?

එසේ වන්නේ හේතු කීපයක්‌ නිසයි. සමහර ළමයි කුඩා කල සිටම කාංසාව (anxiety) වැනි රෝග වලින් පෙළෙනවා. එවැන්නෝ විභාගය කිට්‌ටු වන විට ඉතා අධික විදියට බය වෙනවා. සමහරු හරියට සූදානම් වී නැහැ. එවිටත් බිය වැඩි වෙනවා. නමුත් ළමයි බය වෙන්නේ පාසල් ගුරුවරු හෝ ටියුෂන් ගුරුවරු කියන දේවල් නිසයි. එසේ නැතිනම් පවුලේ අයගේ බය නිසයි. මෙහිදී විශේෂයෙන්ම කියන්න ඕනෑ අම්මලාගේ බය ගැන.

එසේ බිය අධික වූ විට ඔබ කීවා වගේ ප්‍රතිඵල අඩුවෙනවා. ඒ සාමාර්ථයක්‌ ගත හැකි ළමයකුට C සාමාර්ථයක්‌ ලැබෙනවා කියමු. බය වැඩියි කියා කෙනෙක්‌ දැන ගන්නේ කොහොමද ?

ලක්‌ෂණ බොහෝ තිබෙනවා. වැදගත් ලක්‌ෂණ කීපයක්‌ කියන්නම්. පළමුවැනි දේ වන්නේ මතක නැති වීම. මෙතෙක්‌ හොඳට මතක තිබුණ දේවල් දැන් දැන් මතක තබා ගන්න බැරි නම් එය කාංසාව (anxiety) රෝගයේ ලක්‌ෂණයක්‌. ඒ වගේම වාඩි වී පොතක්‌ පාඩම් කරන විට, පන්තියේ ඇහුම්කන් දී සිටින විට අවධානය අඩු වෙනවා. මීළඟට ඇතිවන දේවල් වන්නේ හිසේ රුදාව, පපුව කැක්‌කුම්, දාඩිය දැමීම, තරහ යැම, කෑම අරුචිය සහ නින්ද නොයැම වැනි ලක්‌ෂණයි. මේ සියල්ලම ඔය අධික බිය නැති නම් කාංසාව (anxiety) නිසා ඇති වන ලක්‌ෂණයි. අන්තිමේදී දකින දෙයක්‌ වන්නේ සමහරු උසස්‌ පෙළ විභාගයට සතියක්‌ දෙකක්‌ තබා හෝ තිබියදී හෝ දවසක්‌ තබා විභාගය කරන අදහස අත්හරිනවා. දරුණුම ප්‍රතිඑලය එයයි.

ඔබ හිතන්නේ උසස්‌ පෙළ ළමයින්ට ප්‍රශ්නයකට තිබෙන්නේ බිය පමණද ?

නැහැ. තව බොහෝ ප්‍රශ්න තිබෙනවා. මම කිහිපයක්‌ කියන්නම්. විශේෂ දෙයක්‌. මේ උසස්‌ පෙළ කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ටියුෂන් පන්තිවල උදේ පාන්දර 5 සිට රාත්‍රි 10 දක්‌වා ඉන්නවා. ඕනෑම කෙනෙක්‌ පැය 8 කට වඩා වැඩ කළොත් තෙහෙට්‌ටුවට පත් වෙනවා. ජපානයේ නම් මෙයට වෙනම නමකුත් තිබෙනවා. දෙවැන්න වන්නේ මේ තරුණ තරුණියෝ තමන්ගේ ශරීරය ගැන කිසිම අවධානයක්‌ යොමන්නේ නැහැ. ව්‍යායාම කිරීම සම්පූර්ණයෙන් නවත්වනවා. කෑම කන්නේ ඉතා අඩුවෙන්. එසේ නැති නම් කන්නේ ක්‌ෂණික ආහාර වර්ගයි. ඒ වගේම සතුට ලබන දේවල් වන සංගීතය වැනි දේවල්වලින් ඈත් වෙනවා. අනෙක්‌ ප්‍රශ්න ඒවායි.

වෛද්‍යතුමනි සමහර ළමයින් ස්‌ථිර වශයෙන්ම උසස්‌ ප්‍රතිඵල ගෙන ඒවි යන දැඩි අපේක්‌ෂාවක්‌ ගුරුවරු සහ දෙමාපියන් ඇති කර ගන්නවා මේ තත්ත්වයත් ළමයාට විභාගය කෙරෙහි බියක්‌ ඇති කිරීමට බලපානවා විය නොහැකිද ?

විශේෂයෙන්ම ගුරුවරු. විශිෂ්ට ප්‍රතිඵල ගන්න පුළුවන් අය විදියට ගුරුවරු ළමයි තෝරනවා. එසේ වූ විට එම ළමයා අධික පීඩනයකට පත් වෙනවා. මොකද ගුරුවරුන්ගේ බලාපොරොත්තු ඉටුකරලා දෙන්න ඕනෑ නොවැ.

මේ උසස්‌ පෙළ විභාගයට තිබෙන අවසන් මාසය සඳහා ඔබට මේ සිසු සිසුවියන්ට දිය හැකි උපදේශය කුමක්‌ද ?

පළමුවෙන්ම කියන්න තිබෙන්නේ විභාගය ගැන ඔවුන්ගේ ඇති මානසික උපකල්පනය වෙනස්‌ කර ගන්න කියන එකයි. එනම් උසස්‌ පෙළ කියන්නේ ජීවිතය සහ මරණය අතර සටනක්‌ නොවන බව තේරුම් ගන්න කියන එකයි. හිතන්න උසස්‌ පෙළ කියන්නෙත් සාමාන්‍ය පෙළ වගේ විභාගයක්‌. එය සාමාන්‍ය පෙළට වඩා ලෙහෙසියි. විෂයන් තිබෙන්නේ තුනයි. ඒ වගේම තුන් වතාවක්‌ විභාගයට ඉදිරිපත් විය හැකියි. පළමු වතාවේ විභාගය සමත් වීමට නොහැකි වූවා නම් ඊළඟ වතාවේ කළ හැකියි. එවිට ඔබේ සිත සැහැල්ලුවෙයි. ඊළඟට හිතන්න. මම කරන්නේ මට පුළුවන් හැටියටයි යනුවෙන්. ඒ තුනක්‌ ගන්නවා. දිවයිනේම පළමු වැනියා වෙනවා. යෑයි සිතන්න එපා. උස පැනීම ක්‍රීඩාව කරන විදිය ඔබ දැක තිබෙනවාද? කවුරු හරි අඩි 10 ක්‌ එක්‌ වරම පනින්න හදනවාද? නැහැ. ප්‍රථමයෙන් උස මිම්ම තිබෙන්නේ අඩුවෙන්. ඉන් පසුව එය වැඩි කරනවා. විභාගයත් එසේයි. පමණට වඩා ලොකු උසක්‌ පනින්න කියා යන්න එපා. එයින් ඇති වන්නේ මානසික පීඩනයක්‌.

අද උසස්‌ පෙළ නැතිව කිසි දෙයක්‌ කර ගන්න බැහැ කියන ආකල්පය බොහෝ දෙනෙක්‌ තුළ තිබෙනවා. ඒ ගැන කියන්න පුළුවන් කුමක්‌ද ?

එදා උසස්‌ පෙළ කරන කාලය වගේ නොවේ අද. ද උසස්‌ පෙළ අසමත් වුණොත් නොයෙක්‌ පාඨමාලා තිබෙනවා අද උසස්‌ පෙළ අසමත් වුවත් නොයෙක්‌ පාඨමාලා හදාරන්න අවස්‌ථාව තිබෙනවා. උසස්‌ පෙළ සමත් ළමයකුට වඩා ජීවිතය සාර්ථක කර ගනන් පුළුවන් පාඨමාලා අද තිබෙනවා. ඒ වගේම කිව යුතුයි, මා හිතන විදියට සාමාන්‍ය පෙළ හොඳින් සමත් වන ඕනෑම කෙනකුට උසස්‌ පෙළ සමත් වෙන්න පුළුවන්. මා එසේ කියන්නේ අපි පේරාදෙණියේ වෛද්‍ය පීඨයේම සිදු කළ සමීක්‌ෂණවලින් හෙළි වී තිබුණා බුද්ධි ඵලය හෙවත් ෂූ වැඩියෙන් සම්බන්ධ වන්නේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට බව. එනම් උසස්‌ පෙළ සුදුසුකම් ලබන සෑම දෙනෙක්‌ම බුද්ධිමත්· නමුත් උසස්‌ පෙළ අසමත් වන්නේ එක්‌කෝ නිසි පරිදි සූදානම් නොවීම නිසයි. අනෙක පමණට වඩා බිය වීම නිසා ලියා ගන්න නොහැකි වීම. බුද්ධිය තිබෙන නිසා උසස්‌ පෙළ අසමත් වන්න හේතුවක්‌ නැහැ.

මොන වගේ වෙනසක්‌ විය යුතුද ?

දැන් මෙම දින කිහිපය තුළ වත් යළි ජීවිතය ක්‍රමවත් කර ගන්න. එනම් දිනකට පැය භාගයක්‌ වත් ව්‍යායාම කරන්න. හොඳට ආහාර පාන ගන්න. පැය 10 ක්‌ 12 ටියුෂන් ගැනීම නතර කරන්න. ඒ වගේම පැය හයක්‌ වත් අඩුම වශයෙන් නිදා ගන්න. ඒ වගේම අනේ මට අරක පාඩම් කරන්න බැරි වුණා මේක පාඩම් කරන්න බැරි වුණා ය යි කියමින් අලුත් දේවල් පාඩම් කරන්න යන්න එපා. පාඩම් කළ දේවල් යළි මෙනෙහි කරන්න.

බොහෝ දෙනාගේ අදහස නින්ද පාඩම් කිරීමට බාධාවක්‌ බවයි. නමුත් ඔබ පවසන්නේ නින්ද අත්‍යවශ්‍ය බවයි. ඒ ගැන පැහැදිලි කළ හැකිද ?

විභාගයක්‌ කරනවා නම් නින්ද අත්‍යවශ්‍යයි. නින්ද යනු අපි ස්‌විචයක්‌ නිවා දමනවා වගේ ක්‍රියාවක්‌ නොවෙයි. නිදියන කාලය තුළ අපේ මොළය ඉතා ක්‍රියාශීලීයි. උදාහරණයක්‌ වශයෙන් අපි දිවා කාලයේ ඉගෙන ගන්නා කරුණු දීර්ඝකාලීන මතකයට ගෙන යන්නේ අපි නිදාගන්නා වෙලාවෙයි. විශේෂයෙන්ම උදේ 1 සිට 3 දක්‌වා කාලය තුළයි. කලින් දා පැය 24 ම පාඩම් කළ ළමයි විභාග ශාලාවට ගිය විට කිසිම දෙයක්‌ ලියන්න අමතක වන්නේ ඒ නිසයි.

ඔබට මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දුරකථන අංක 081-2232928 ඇමතිය හැකිය.

විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ
සාකච්ඡා කොට සකස්‌ කළේ
ප්‍රියන්ති මැණිකේ නවරත්න


සංස්‌කරණය උපාලි ද සේරම්
 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jul 2017 11:04 PM
ආයෙ උසස් පෙල ලියන්න වෙන්නෙ නම් නැති උනාට ගොඩක් වටිනවා
අනාගතේ ලමයෙකුට හරි කියල දෙන්න පුලුවන්නේ
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jul 2017 09:08 AM

විෂාදයෙන් පෙළෙන අය ආදරයෙන් බලාගමු

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
දිනෙන් දින යාන්ත්‍රික වන සමාජය ඉදිරියේ මිනිසුන් කයින් මෙන්ම මනසින් ද රෝගී වීම අරුමයක් නොවේ. නමුදු මේ රෝග පීඩා අපේ සාමාන්‍ය දිවියට ගැටලු ඇති කරයි නම් එය සුළුවෙන් තකා බැහැර කළ හැකි ද යන්න ගැටලුවකි.

 

අද බාල තරුණ වැඩිහිටි බොහෝ දෙනකු මනසින් පීඩාවට පත්කර කයින් දුර්වලයන් බවට පත්කරන රෝග තත්ත්වයක් ලෙස ‘විෂාදය’ හඳුනාගත හැකියි. එනිසාම ඒ පිළිබඳ දැනුවත්වීම කාලීන අවශ්‍යතාවක් බව සලකා අපි මෙලෙස ලියා තබන්නෙමු.

රෝග ලක්ෂණ

විෂාදයේ දී මතුවෙන රෝග ලක්ෂණ බොහෝය. එහෙත් හැම අයකුගෙන්ම එකම ලක්ෂණ ද දැකිය නොහැකියි. මෙම රෝගීන්ගේ හඳුනා ගත හැකි සුලබම ලක්ෂණය වෙන්නේ චිත්ත ස්වභාවයේ ඇතිවන ප්‍රබල වෙනසයි. සිතේ ඇතිවන අධික දුකත් තමන් කැමැතිම දෙයකින් වුව සතුටක් නොලැබීමත් ප්‍රධාන ලෙසම දැකගත හැකියි.

දිගුකල් පවත්නා දුක, හිස්බව, කෑම අරුචිය, බර වැඩිවීම හෝ බර අඩුවීම සමහරුන්ට නින්ද නොයන අතර සමහරු වැඩිපුර නිදාගනිති. නොසන්සුන්තාවය සහ නුරුස්සනා ස්වභාවය තවත් ලක්ෂණයකි. හැමවිටම අසුබවාදීව කතා කිරීම, බලාපොරොත්තු කඩ වූ අයකු ලෙස හැසිරීම, අසරණ බව, මතක තබා ගැනීමේ සහ තීරණ ගැනීමේ අපහසුතාව, යමක් කෙරෙහි අවධානය රඳවාගත නොහැකිවීම, සමාජ ඇසුරින් මිතුරන් ඇසුරින් ඈත්වීම, ශක්තිය අඩුවීම, දුර්වලවීම, වේගය අඩුවීම, දිගුකල් පවත්නා සුවනොවන කායික රෝග මෙන්ම මරණය ගැන සිතීම සහ සියදිවි නසා ගැනීමට තීරණය කිරීම ආදී ලක්ෂණ විෂාදයට ගොදුරුවූ අය වෙතින් දැකිය හැකියි. සමහරකුට මේ සියලු ලක්ෂණ දැකගත නොහැකි වුවත් මින් කිහිපයක් හෝ තිබිය හැකියි.

එහෙත් ලක්ෂණ කිහිපයක් පළකරන මුල් අවස්ථාවේ හඳුනා ගැනීමෙන් එම පුද්ගලයා විෂාදයේ ගොදුරක් වීමට පෙර රැකගත හැකියි. එහෙත් සියදිවි නසාගැනීමට තැත්කිරීම හැර අනෙක් රෝග ලක්ෂණ සති දෙකකට වඩා තියෙනවා නම් පමණක් සැලකිලිමත්වීම ද වටී.

දරුවන්ටත් විෂාදය

කුඩාම දරුවන් වෙතින් මෙම ලක්ෂණ දැකගැනීම බෙහෙවින් අපහසු කාර්යයකි. බොහෝවිට දරුවන් විෂාදයට ගොදුරු වුවද මාපියවරු එය හඳුනාගන්නේ නැත. ඒ නිසාම මේ සඳහා නිසි ප්‍රතිකාර කිරීමට දරුවන් යොමු නොකරන තරම්ය. බොහෝවිට විෂාදයෙන් පෙළෙන තරමක් වැඩුණු දරුවන්ගේ දෛනික කාර්යයන්වල පැහැදිලි වෙනසක් දැකගත හැකියි. පාසල් යාමට මැළිකමක් දැක්වීම, අධ්‍යාපනයට උනන්දුව අඩුවීම, සමාජයට යාමට බිය වීම හෝ අකැමැතිවීම ආදී ලක්ෂණ පෙන්වයි. සමහර දරුවන්ගේ බාහිර ස්වරූපය වෙනස්වන අයුරු ද නිරීක්ෂණය වේ.

එහෙත් මේ පිළිබඳ වැටහීමක් ලබාගත හැක්කේ නිරතුරුවම දරුවන් සමඟ වෙසෙන දරුවන් ඉතා ළඟින් ඇසුරු කරන මාපිය වැඩිහිටියනට වේ. නමුත් වැදගත්ම දේ වන්නේ විෂාදයට පත්වෙන්නේ මාපිය ඇසුරින් බොහෝ දුරස් වූ දරුවන් වීමයි.

සමහර මාපියන් දරුවන්ගේ අකැමැත්ත නොතකා ඔවුන් බෝඩිංවල, ඥාතීන්ගේ ගෙවල්වල මෙන්ම පාසල් නේවාසිකාගාරවල ද නවත්වයි. මේ නිසා පළමුව සාංකාවට පත්වෙන දරුවා දෙවැනිව මාපියන් තමන්ට ආදරය නොකරන බවට මතයක් සිත තුළ ගොඩනඟා ගනී. ඒ පිළිබඳ දිගින් දිගටම සිතන්නට යාම, තනිකම ආදී තත්ත්වයන්ට මුහුණදීම, අලුත් පරිසරයට හැඩ ගැසීමට ඇති අපහසුව හා ඊට අකැමැතිවීම ආදී හේතු නිසා දරුවා මාපියනට වෛර කිරීමට ද පෙලඹෙයි. ඒ නිසා දරුවන් අකැමැති කිසිම විටෙක මාපියන් වෙතින් දුරස් කිරීමට උත්සාහ නොකළ යුතුයි.

හොඳ කරන්න ගිහින් වැටෙන්නෙ නරකට

සමහරු හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න යැයි සිතා මෙසේ නතර කළ ද අවසානයේ දරුවා ඔබට අහිමිවී යා හැකියි. එපමණක් නොව දරුවාට තමාම අහිමිවී යාමට ඉඩ තිබේ. මාපියන්ගෙන් දුරස්වෙන දරුවන් සුමඟට ඇදෙනවාට වඩා නොමඟට වැටෙන ඉඩ ද වැඩියි. එසේ වීමට ද විෂාදය බලපෑම් කළ හැකියි. මත්ද්‍රව්‍ය, මත්පැන්, ගණිකා ඇසුර ආදියට වැඩි වශයෙන්ම යොමුවෙන්නේ විෂාදයෙන් පෙළෙන දරුවන්ය. සමහරක් දරුවන් සියදිවි නසාගැනීමට ද පෙලඹේ. ප්‍රචණ්ඩකාරී හැසිරීම, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට යොමුවීම, සමාජයට හිතකර නොවන කටයුතුවලට යොමුවීම ආදිය ද විෂාදයෙන් පෙළෙන දරුවන් අතින් සිදුවිය හැකි දේය.

රැඳෙන්න

ඒ නිසා නිතරම දරුවන් සමඟ රැඳෙන්නට කාලය කළමනාකරණය කරගන්න. දවසට පැයක් දෙකක්වත් දරුවන් සමඟ කතාබහ කිරීමට, ඔවුන්ගේ ගැටලු විසඳීමට වෙන්කරන්න.

ඔබ ජීවත් වෙන්නේ අරමුණක් තිබෙන නිසාය. ඒ අරමුණ ඔබේ දරුවන්ය. අද හරි හම්බ කරන්නේ ඔවුන්ගේ ජීවිත යහපත් කරන්නටය. එසේ නම් අන් සියලු කටයුතුසේම දරුවන් සමඟ රැඳීම ද අත්‍යවශ්‍ය දෙයක් බවට පත්කර ගන්න.

ඔවුන්ගේ අධ්‍යාපනික කරුණු පිළිබඳ විමසනවා සේම ඔවුන් ප්‍රියකරන දේවල්, දවසේ වූ සිදුවීම්, අඳින්න පලඳින්න කැමැති දේ පිළිබඳ කතාබහ කරන්න. ඔවුන් කන්න කැමැති දේ රැගෙන දෙන්න.

දරුවන් අකැමැති නම් ඔහු/ඇය ඔබෙන් හෝ පවුලෙන් වෙන්කර පිටස්තර තැන්වල නවත්වන්න එපා. බෝඩිං හෝ නේවාසිකාගාරවල රඳවන්න එපා. සමහර මාපියන් මේ කරන්නේ දරුවන්ගේ හොඳට බව මන්තරයක් වාගේ නිතර නිතර පවසමින් තම මතය ඉටුකර ගැනීමට උත්සාහ ගනී. එහෙත් එය නොවිය යුතු දෙයකි. දරුවා වැඩිහිටියකු වෙනතෙක් ඔබ අසල රැඳෙමින්, ඔබේ ආදරය සෙනෙහස විඳිමින් සතුටින් සැහැල්ලුවෙන් ඉඳීමට කැමැතිය. ඊටත් වඩා දරුවන් ඔබ සමඟ ඉන්නා විට රැකවරණය පිළිබඳ බොහෝ තෘප්තිමත්ය. පිට තැනක රැඳී ඉන්නේ සිතේ බිය රඳවාගෙනය. අද ලෝකය අනාරක්ෂිතය. මේ නිසා දරුවන් ඇස් මානයේ රඳවාගන්නට කරන උත්සාහයත් නොඅඩුවම හිමිවන ඔබේ ආදරයත් දරුවන් විෂාදයෙන් ඈත්කරනු ලබයි.

ආදරය පළමුව

ඉහත කී කුමන කරුණක් නිසා හෝ දරුවෙක් විෂාදයට පත්වී නිවෙසට නැවත රැගෙන ආවේ නම් නොපමාව ඔහුට/ඇයට ආදරය කරන්න. ඔවුන් සුරක්ෂිත බව ඒ සිත්වලට දැනෙන්නට හරින්න. නිතරම ආදරයෙන් කතා කරන්න. සැර පරුෂ වචන කිසිම විටක භාවිත කරන්න එපා. දරුවාගේ අවාසනාව, නොලැබීම ආදී වචන කියමින් ඒ සිත් පාරන්න එපා. සියල්ලම යහපත් බවත් නැවත දරුවා ඔබ වෙත පැමිණීම හොඳම දේ බවත් වටහා දෙන්න. එලෙස දුරබැහැර පාසලකට ගියේ නම් නිවෙසට ආසන්න පාසලකට දරුවා ඇතුළත් කරන්න.

මාපිය වෙන්වීම, දික්කසාදය, මාපියන් එක් අයකු හෝ දෙදෙනාම මිය යාම ද දරුවන් විෂාදයට පත් කළ හැකියි. ඒ නිසා දරුවන්ගේ මනසට අහිතකරවන ක්‍රියාවන් ගැනීමේදී ඔබේ යහපතට පළමුව ඔබ නිසා මෙළොවට පැමිණි දරුවන්ගේ යහපත ගැන සිතන්න.

මේ සංකීර්ණ සමාජයේ වැඩිහිටි අය ද බහුලවම විෂාදයට ගොදුරු වෙති. ඒ නිසා පවුලේ සාමාජිකයන් මේ පිළිබඳ දැනුවත්ව සිටීම ද බොහෝ වැදගත්ය.

අසුබවාදී සිතුවිලි පෙරට

විෂාද රෝගීන් තුළ තිබෙන්නේ අසුබවාදී සිතුවිලියි. ඒ නිසා එවැනි පුද්ගලයන්ට සිත සන්සුන්කර ගැනීමට භාවනා කිරීම නුසුදුසු දෙයකි. භාවනාව මඟින් සිත එක අරමුණකට ගනිද්දී අසුබවාදී සිතුවිලි නැවත නැවත ඇතිවීමට පටන්ගනී. එය විෂාදය වැඩි කරනවා. ඒ නිසා විෂාදයෙන් පෙළෙන අය සුවපත් කිරීමට නම් ඔවුන්ගේ සිතීමේ පරාසය වැඩිකළ යුතුයි. ඔවුන් තුළ ඇති තනිකම නැති කිරීමට ක්‍රියාකළ යුතුයි. ඒ සඳහා ඔබ නිතරම ඔහු/ඇය සමඟ සිටින බවත් ඔවුනගේ දුක/සතුට දෙකටම ළඟම හිඳින බවත් කිසිම විටෙකත් ඔවුන් තනිවී නැති බවත් ඒ සිත්වලට කාවැද්දිය යුතුයි.

 

මදේම වරදින බවත් කියයි. එවැනි විටෙකදී ඔවුන් සතු ‘නොහැකියි’ යන හැඟීම ඔවුන් වෙතින් ඉවත් කිරීමට හැකිවෙන ලෙස කටයුතු කළ යුතුයි.

නොහැකියාවේ බීජය

ඉගෙන ගන්නට නොහැකි යැයි ළතැවෙන දරුවන් තුළ තමන්ට හොඳින් ඉගෙනගත හැකියි යන බීජය පැළ කළ යුතුයි. එසේම පුංචි පුංචි ක්‍රියාකාරකම්වල නිරත වෙමින් කුඩා ජයග්‍රහණ ලැබෙන පරිදි කටයුතු කළ යුතුයි.

හැමෝම හැමදේටම දක්ෂ නොවුණත් කුමන හෝ දෙයකට දක්ෂ බව ඔප්පුකර පෙන්වීමට උත්සාහ කරන්න.

සමහර දරුවන් මෙන්ම වැඩිහිටියන්ද සුවනොවන රෝගවලින් පෙළෙන බව නිතර කියයි. ඔවුනට වෛද්‍ය ප්‍රතිකාර ලබාදී ඒ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මනෝ වෛද්‍ය ප්‍රතිකාර ද ලබා දිය යුතුයි. මෙහිදී බොහෝ අය මනෝ වෛද්‍යවරුන් වෙත යාමට අකැමැතිය. එයට හේතුව සමාජය ඔවුන් පිස්සන් යැයි සලකාවි යන බියයි. ඒ නිසා ඔබගේ වගකීම වන්නේ නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත ඔවුන් යොමුකරනවා සේම එම ප්‍රතිකාර නිසිපරිදි ක්‍රියාත්මක කිරීමට සහාය ලබාදීමය. නිසි පරිදි ඖෂධ ලබාගන්නේ දැයි සැලකිලිමත් වෙන්න. නියමිත වෙලාවට කෑම බීම ලබාදීම ආදරය පෙන්වීම සිදු කරන්න. ජීවිතයේ වටිනාකම පෙන්වා දෙන්න. කිසිවිටෙකත් ඔවුන් කොන් කරන්න එපා. බැණවදින්න එපා. ඔවුන් අඳින පලඳින විදිහ ගැන සැලකිලිමත් වෙන්න. ලස්සනට අඳින්න පලඳින්න උනන්දු කරන්න. ව්‍යායාම කිරීමට යොමු කිරීමත් බොහොම හොඳයි. ඔවුන් සමඟ ඇවිදින්න යන්න. නිවෙසේ කටයුතුවලට හවුල්කරගන්න. එවැනි විටෙකදී යම් වරදක් සිදුවුවද සිනාසී එය කිසිසේත්ම ගණන් නොගන්නා බව අඟවන්න. එවැනි දේ සිදුවීම සාමාන්‍ය දෙයක් බව පෙන්වන්න.

විෂාදයට පත්වූවන් සමඟ මෙලෙස සහජීවනයෙන් කටයුතු කරන්නේ නම් එම තත්ත්වය ඉතා ඉක්මනින් සුව වී ඔවුන් ද සාමාන්‍ය ජීවිතයට හැඩගැසෙනු නොඅනුමානයි.

 

 

 

ස්තූතිය

ජාතික රෝහලේ

 

මනෝ වෛද්‍ය ඒකකයට

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jul 2017 09:58 AM

ඩෙංගු කම්පනය මාරාන්තිකයි

ඩෙංගු රෝගය සෑදුන බව දැනගත් විට බොහෝ රෝගීන් තුළ දැඩි තැති ගැස්මක් ඇතිවේ. එයට හේතුව ඇතැම් ඩෙංගු රෝගීන්, ඩෙංගු රෝගය හේතුවෙන් මරණයට පත්වීමයි. මේ ලෙස ඩෙංගු සෑදී  මරණයට පත්වන රෝගීන් සංඛ්‍යාව ඉතා සුළු වුවද, කුමන ඩෙංගු රෝගියා ඩෙංගු රෝගයෙන් මරණයට පත්වේදැයි කලින් හඳුනාගැනීම ඉතා අපහසු කාර්යයකි. ඩෙංගු රෝගය තරම් සංකූලතා පිළිබඳව පූර්ව නිගමනවලට එළඹිය නොහැකි තවත් රෝගයක් තිබේදැයි සැක සහිතය.

 ඩෙංගු රෝගය සඳහා මේතාක් නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොමැත. ඩෙංගු රෝගය සෑදුන රෝගීන් රෝහල් ගත කිරීමෙන් සිදුකෙරෙනුයේ ඩෙංගු රක්තපාත උණ අවස්ථාවේ ඇතිවන අවදානම් අවධිය (Critical phase) කලින් හඳුනා ගැනීමත් එම රෝගීන් නිසිලෙස දියර කළමනාකරණයෙන් (Fluid management) ඩෙංගු කම්පන තත්ත්වයට  (Dengue Shock Syndrome) පත්වීම වැළැක්වීමයි. 

ඩෙංගු රෝගය මෙතරම් භයානක රෝගයක් ලෙස සැලකීමට හේතුවී ඇත්තේ ඩෙංගු රෝගය නිසාවෙන් සෑදෙන ඩෙංගු රක්තපාත තත්ත්වය Dengue haemorrhagic Fever සහ ඩෙංගු කම්පන තත්ත්වය (Dengue Shock Syndrome) ආශි‍්‍රතව ඇතිවන සංකූලතා නිසාවෙනි.

 

ඩෙංගු රක්තපාත තත්ත්වය කෙතරම් සුලභද?

ඩෙංගු වෛරසය ශරීරගත වූ අයගෙන් සියයට 80කට පමණ රෝග ලක්‍ෂණ කිසිවක් ඇති නොවේ. ඉතිරි සියයට 20ක් පමණ වන රෝග ලක්‍ෂණ ඇතිවන ඩෙංගු රෝගීන් පිරිසෙන් ඩෙංගු රක්තපාත තත්ත්වය ඇතිවනුයේ සුළු පිරිසකට ය. මේ ලෙස ඩෙංගු රක්තපාත තත්ත්වය ඇතිවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව එක් එක් වසංගත තත්ත්වය අනුව වෙනස් වේ. මේ දිනවල ශීඝ‍්‍රයෙන් පැතිරෙමින් පවතින ඩෙංගු දර්ශක 2 කාණ්ඩය ආශි‍්‍රත වසංගත තත්ත්වය තුළ පෙරට වඩා රෝගීන් 
සංඛ්‍යාවකට ඩෙංගු රක්තපාත තත්ත්වය සෑදී තිබෙන බවත් පෙනේ. 

ඩෙංගු රක්තපාත තත්ත්වයකදී සිදුවන්නේ කුමක්ද?
මෙම තත්ත්වයේදී සිදුවනුයේ රුධිර නාළ ඇති ප්ලාස්මා තරලය රුධිර කේෂ නාළිකාවලින් පිටතට කාන්දු වීමයි. මෙම ආකාරයට කේෂ නාළිකාවලින් පිටතට ගලායන ප්ලාස්මා තරලය සුලබ වශයෙන් උදර කුහරය සහ ප්ලූරා පටලය තුළට ගලායාමක් දැකිය හැක. එසේම දේහයේ ඇති අනෙකුත් කුහර තුළ ද මෙම ප්ලාස්මා තරලය එකතු වීමක් සිදුවිය හැක.

මෙම රක්තපාත තත්ත්වය ඩෙංගු උණ සෑදී දින 2ක් 7ක් අතර කාලයක ඇතිවිය හැක. බොහෝ ඩෙංගු රෝගීන්ගේ ඉහතින් විස්තර කළ ප්ලාස්මා තරලය රුධිර වාහිනීවලින් පිටතට ගලායාමේ කි‍්‍රයාවලිය පැය 48කට පමණ කාලයකට සීමාවේ. කලාතුරකින් මෙම ප්ලාස්මා තරලය පිටතට ගලායාම දිගටම සිදුවීමෙන් කම්පන තත්ත්වය ඇතිවිය හැක. ඊට අමතරව රුධිර නාළ තුළින් පිටතට ප්ලාස්මා තරලය ගලයාම හේතුවෙන් රුධිර සංසරණයට අවශ්‍ය වන ප්ලාස්මාව නොමැතිවීමෙන් ශරීරයේ මොළය සහ අක්මාව වැනි අවයවවලට දැඩි හානි සිදුවිය හැක. 

මේ ලෙස රුධිර නාළ තුළ ඇති ප්ලාස්මා තරලය පිටතට ගලායන පැය 48ක් පමණ වන  කාලය ඩෙංගු රක්තපාත තත්ත්වයේ අවදානම් අවධිය (Critical Phase) ලෙස හඳුන්වනු ලබයි.  

 

ඩෙංගු රක්තපාත තත්ත්වයේ අවදානම් අවධිය සිදුවී ඇතැයි හඳුනාගත හැකි රෝග ලක්‍ෂණ කවරේද?

මෙම අවදානම් අවධිය බොහෝවිට දැකිය හැකි  වනුයේ උණ සහිත අවධියේ අවසානයේදී හෝ උණ බැස යන අවස්ථාවේදීය. කලාතුරකින් ඉතා තද උණ පවතින විටදී වුවත් අවදානම් අවධිය සිදුවිය හැක.
ඩෙංගු රක්තපාත තත්ත්වය සමඟත් ඇතිවන අවදානම් අවධිය හඳුනාගත හැකි රෝග ලක්‍ෂණ වනුයේ.

 

  •  බඬේ කැක්කුම
  •  අධික වමනය ඇතිවීම
  • ක්ලාන්තය සහ කරකැවිල්ල
  • තද පිපාසය
  • විදුරු මසෙන්, නාසයෙන් අධික රුධිර වහනය ඇතිවීම.
  • දුඹුරු පැහැ වමනය සහ කළු පැහැති මළපහ පිටවීම.
  • ඔසප් චක‍්‍රයේදී අධික ලෙස රුධිරය වහනය සහ නියමිත කාලයට පෙර ඔසප් චක‍්‍රය සිදුවීම.
  • ඩෙංගු රක්තපාත තත්ත්වයේ අවදානම් අවධිය හඳුනාගත හැකි පරීක්‍ෂණ කවරේද?
  • සුදු රුධිරාණු ප‍්‍රමාණය  අඩු අගයක් දැකිය හැක.  
  • පට්ටිකා ප‍්‍රමාණය ශීඝ‍්‍ර ලෙස අඩු වේ. 
  • සාපේක්‍ෂ රක්තානු පරිමාව ඉහළ අගයක් දැකිය හැක.
  • රුධිරයේ ඇල්බියුමින් ප‍්‍රමාණය අඩුවීමක් ඇතිවේ.
  • රුධිරයේ කැල්සියම් ප‍්‍රමාණය අඩුවීමක් ඇතිවේ.
  • රුධිරයේ කොලොස්ටරෝල් ප‍්‍රමාණය  අඩුවීමක් ඇතිවේ.
  • අක්මාව  ආශි‍්‍රත සිදුකරනවැනි රුධිර පරීක්‍ෂණවල ඉහළ අගයක් දැකිය හැකිවීම.  
  • අල්ට‍්‍රාසවුන්ඞ් පරීක්‍ෂාව මේ පරීක්‍ෂාව මගින් උදර කුහරයේ සහ ප්ලූරා පටලය තුළ ප්ලාස්මා තරලය එකතුවී තිබීම මුල් අවස්ථාවේම හඳුනාගත හැක. බොහෝ රෝගීන්ගේ පිත්තාශයේ ඉදිමීමක්ද දැකිය හැකි වේ. 

 

 

ඩෙංගු රක්තපාත තත්ත්වයේ අවදානම් අවධිය  නිසිලෙස හඳුනාගැනීම වැදගත් වනුයේ ඇයි?

මෙම අවදානම් අවධිය ඉහතින් දැක්වූ රෝග ලක්‍ෂණ සහ රෝග පරීක්‍ෂාවෙන් නිසිලෙස කලින් හඳුනාගෙන නිවැරැුදි ප‍්‍රතිකාර නොකිරීමෙන් රෝගියා කම්පන තත්ත්වයට  පත්වීමට ඉඩ ඇත. මෙම තත්ත්වය ඩෙංගු කම්පන තත්ත්වය ලෙස හඳුන්වනු ලබයි. 

 

 

  • ඩෙංගු කම්පන තත්්ත්වය රෝග ලක්‍ෂණ කවරේද?
  • අත්පා සුදුමැලි සහ සීතල වීම
  • අධික නිදිමත ඇතිවීම
  • සිහිමඳ ගතිය
  • නොසන්සුන් බව
  • මුත‍්‍ර පිටවීමේ ප‍්‍රමාණය අඩුවීම
  • රුධිර පීඩනය අඩුවීම
  • හෘද ස්පන්දනය වේගවත්වීම
  • නාඩි අසු නොවීම.

 

ඩෙංගු රෝගය නිසා මියගොස් ඇති රෝගීන් අධ්‍යයනය කිරිමේදී දකින කරුණක් වනුයේ බොහෝ රෝගීන් මියගොස් ඇත්තේ ඩෙංගු කම්පන තත්ත්වය නිසා බවයි. මේ ලෙස ඩෙංගු කම්පන තත්ත්වයෙන් මියගොස් ඇති ඇතැම් අය රෝහල්ගතවී ඇත්තේ දැඩි කම්පන තත්ත්වයක් ඇතිවය. සමහරවිටකදී රෝහල්ගතවී සිටින ඩෙංගු රෝගීන්ගේද සිදුවිය  හැකි  අධික ප්ලාස්මා තරල කාන්දුව නිසා ඇතැම් රෝගීන් දැඩි කම්පන තත්ත්වයකට පත්ව මියයා හැක.

 ඩෙංගු කම්පන තත්ත්වය මෙතරම් බරපතළ ඇයි?
ඩෙංගු රක්තපාත තත්ත්වය හේතුවෙන් ඇතිවන ඩෙංගු කම්පන තත්ත්වය නිසා රෝගීන්ගේ රුධිර පීඩනය ඉතා අඩු අගයකට පත්විය හැක. මේ ලෙස ඇතිවන අඩු රුධිර පීඩනය හේතුවෙන් දේහයේ  වැදගත් අවයවවලට රුධිර සංසරණය ශීඝ‍්‍රලෙස අඩුවේ. මේ හේතුවෙන් එම වැදගත් අවයවවල කි‍්‍රයාකාරිත්වය අඩුවීම නිසා මරණය සිදුවිය හැක. 

ඩෙංගු කම්පන  තත්ත්වය ඇති නොවී ඩෙංගු රෝගයෙන් මියයා හැකි තවත් අවස්ථා තිබේද?
ඩෙංගු ආසාදනය සිදුවූ අයගෙන් සියයකට 1කට වඩා අඩු ප‍්‍රමාණයකට ඩෙංගු වෛරසය සෘජුවම අක්මාව, මොළය සහ හෘදයට ඇති කරන හානිය නිසාද ඇතැමකු මියයා හැක. මෙම තත්ත්වය ‘‘ අසාමාන්‍ය රෝග ලක්‍ෂණ සහිත ඩෙංගු රෝගී තත්ත්වය’’ ලෙස හඳුන්වයි.

ඩෙංගු රෝගය හේතුවෙන් වැඩිලෙස මියයනුයේ කුමන රෝගීන්ද?

  • ගර්භනී මවුවරුන්
  • කුඩා ළදරුවන්
  • මහලූ පුද්ගලයන්
  • තරබාරු අය
  • දියවැඩියා රෝගීන්
  • වෙනත් කල්පවතින රෝග තත්ත්ව ඇති අය. 
  • ඩෙංගු රෝගය නිසා ඇතිවිය හැකි සංකූලතා සහ මරණ අවම කරගත හැකි ක‍්‍රම කවරේද?
  • උණ සෑදුන පසු නිසිලෙස විවේකය ගැනීම
  • දියර වර්ග ලෙස කිරි, කැඳ, තැඹිලි, පලතුරු යුෂ, සුප්වර්ග සහ ජිවනී දියරය වැඩිලෙස ලබාගැනීම.
  • ඩෙංගු රෝගය සැක කෙරෙන අවස්ථාවලදී රතු සහ දුඹුරු පැහැති ආහාර සහ බීම වර්ග ගැනීමෙන් වැළකී සිටීම.
  • මුත‍්‍ර පිටවන වාර ගණන පිළිබඳව සැලකිලිමත්වීම.
  • තද උණ තිබේනම් ‘පැරසිටමෝල්’ ඖෂධය පමණක් පැය 8කට වරක් ලබාගැනීම.
  • වේදනාවට සුලබව භාවිතා කරන  ෘසජකදෙැබ්ජ සහ ෂඉමචරදෙැබ වැනි ඖෂධ භාවිතා නොකිරීම.
  • ඩෙංගු රෝගය සෑදී ඇතැයි සැක කෙරෙන සෑම විටකම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත  යොමුවීම. 

 

- සුසාර සංජීව

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
17 Jul 2017 10:45 AM
ඩෙංගු අම්බෝ බයේ බෑ.
Udeshika Herath
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Jul 2017 11:35 AM
මෑත කාලයේදී ලංකාව පුරා පැතුරුණ භයානකම රෝගය තමයි ඩෙංගු
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jul 2017 06:57 PM

සර්වාංග රෝග නිවාරණය කරන පලතුරු

ශ්‍රී ලංකා ධරණි තලයේ සරුසාර පින් භූමියේ ස්‌වභාවධර්මයෙන් අපවෙත දායාද ලෙස පිරිනැමුණු මිල කළ නොහැකි ගතසිත පුබුදුවාලන ලේ නහර පුබුදුවා දිවපිනවා ශරීර ශක්‌තිය තිව්‍රර කරමින් වාත, පිත්ත, සෙම යන ත්‍රිදොaෂ මුල්කරගෙන ඉදිරියට විකාශනය වන, රස, රත්න, අස්‌ථි, මඡ්ජා, ශුක්‍ර යන රස ධාතූන් සංරක්‍ෂණය කර ඒවාට පණ පොවමින් ආපෝ, තේජෝ, වායෝ, පඨවී, ආකාශ යන පංච මහා භූයන්ගෙන් නිර්මාණය වූ මානවයාට නීරෝගි භාවය ලබාදී ශ්‍රී ලාංකිකයාට යහපත් පිවිතුරු මනසක්‌ ලබාදී සෝභාවමත් ලස්‌සන පැහැපත් සිරුරක්‌ ලබාදී ඉතා හොඳ පවුල් පසුබිම් සහ පවුල් සංස්‌ථාවක්‌ ඇති කරමින් අවුරුදු සියය ඉක්‌මවීමට ජීවත් වීමට උරදෙන උපස්‌තම්බක වන අපේ පින් බිමේ අපටම ආවේණික වූ වස විසෙන් තොර පලතුරු වර්ග විශාල සංඛ්‍යාවකි.

මා එම පලතුරු වර්ග සංඛ්‍යාව මෙහි සඳහන් කරමි. එමෙන්ම එම පලතුරු වර්ග කුල වශයෙන්ද සඳහන් කර ලියමි. එසේම යම් යම් පලතුරු වර්ග ගුණාත්මක භාවය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් පරිදි මූලධර්ම අධ්‍යයනය කිරීමේදී ද්‍රව්‍ය ගුණ විඤ්Æනයට සාපේක්‍ෂව ර¹ පවතී. අනෙක ඇතැම් පලතුරු රෝග මර්දනය කිරීමටද ඉවහල්වේ. වස, විෂ, රසකාරක, පොහොර යනාදිය හේතුව නිසා ඒවා යෙදූ ආහාර ගැනීමෙන් අප රෝගීන් බවට ගොදුරුවී ඇත.

ප්‍රසංගාද් ගාත්‍රා සංස්‌පර්ශාසත් නි( ශ්වසාත් සහ භෝජනාත්
ඒක ශයHdසනශ් වෛච වස්‌ත්‍ර මාල්‍යාන, ලේපනාත්
කුෂ්ඨජ ජවරශ්ච ශෝෂශ්ච නේත්‍ර ශිෂ්‍යයන්ද ඒවච
ඖපස්‌රගිත රෝගාංග්ච්චච සංත්‍රාමන්තස නරාන්නරම්

මෙම ශ්ලෝකයෙන් ගම්‍ය වන්නේ යම්කිසි තැනැත්තකුගෙන් තවත් පුද්ගලයකුට ආශ්‍රයෙන් සහ පරිහරණය කරන දේවලින්ද නිරෝගී පුද්ගලයා රෝගී වන බවයි. රෝගී වූ විටද දේශීය පලතුරුවල සරණ ඉවහල්වේ. ශ්‍රී ලංකාවේ පැරැන්නන්ගේ ආහාර වට්‌ටෝරුව පලතුරු අනුභවය ප්‍රධාන තැනක්‌ දී තිබූ බවට සාධක තිබේ. දේවත්වයෙන්ම සලසා තිබේ. එයට සාධක වන්නේ සුමන සමන්, කතරගම විශ්ණු, වැනි දෙවිඳුන් හට භාරහාර කිරීමේදී පවා පලතුරු වට්‌ටි පූජාව අනිවාර්ය වීමය.

වසරක්‌ පාසා මේ රටට පැමිණෙන විදේශීන් පවා මෙම රටේ වැවෙන අලුත් පලතුරුවල ගුණ සුවඳ රසය, භුක්‌ති විඳ එහි වටිනාකම සහ ප්‍රශංසාව පළ කරන වග අප්‍රමාණය.

මෙම පලතුරු වර්ග භාවිතය වර්තමානයේ එක එක අයුරින් භාවිතය යොදා ගනී. ඉතා උසස්‌ අයුරින් බීම වර්ග නිෂ්පාදනය කරති. එයින් බීම සමාගම් නිෂ්පදනාගාර ඉදිවී තිබේ.

මංගල උත්සව අවස්‌ථාවල රස නාළ පිනවා වීඩාව සංසිඳවා කුසගින්න දල්වා ගැනීමට පවස සංසිඳවීමට හොඳ පලතුරු බීම බඳුනක්‌ පිරිනැමෙන බවද රහසක්‌ නොවේ.

එ අතර ග්‍රාමීය මට්‌ටමේ සහ නගර මට්‌ටමේ දානමය අවස්‌ථාවලද මෑත යුගයේ පලතුරු බඳුනක්‌ පානය කිරීමට දෙනු ලැබීම දැකබලා ගත හැකිය.

ගස්‌ ලබු ජූස්‌, අඹ ජූස්‌, කටුඅනෝනා ජූස්‌, දිවුල් ජූස්‌, දොඩම් ජූස්‌, නෙල්ලි ජූස්‌ ඒ ඈත යුගයෙන් මෑත යුගයට ආහාර පාන වට්‌ටෝරුවට අවතීර්ණ වී ඇත.

මෙසේ සිදුවීම අපේ රටේ දේශීය පලතුරුවලට සුවිශේෂ තැනක්‌ නිර්මාණය වී ඇති බව සාධක වේ.

"අප රට දේ සිරිසැප දේ" යන කියමන සිහිගැන්වේ.

මට මෙහිදී පැරැණි කවියකු ලියූ ගංගාගෝව කෘතියේ පද්‍යයක්‌ සිහියට නැඟේ.

"ඇන උල්කියුනු ගල්මුල්වල මූනත මැඩ

යන මේ ගමන කොතරම් හිතවතද හැඩ"

අපේ රටේ පලතුරුවල ගුණාත්මක භාවය සහ එහි වපසරිය පිළිබඳ විදේශිකයකු වූ රොබට්‌ නොක්‌ස්‌ පවසා ඇත්තේ කොස්‌ ගෙඩිය ගැන සඳහන් කර එය ඉදුණු විට වරකා සහ වැලමදුළුවේ ඉතා මිහිරි රසයෙන් හෙබි අට දෙනකුට පමණ කා කුසගින්න නිවාලීමට හැකි බවය.

ලංකාවට සම්ප්‍රාප්ත වූ රොබට්‌ නොක්‌ස්‌ ලංකාවේ සෑම, කැලෑ බද ප්‍රදේශයකට ගොස්‌ සෑම පලතුරු වර්ගම දැන හඳුනා ඒවා අනුභව කර එහි රස ගුණ පිළිබඳව අගයකරදීම සහ පලතුරු පිළිබඳව අතීතයට සහ වර්තමානයටත් අනාගතයටත් පැහැදිලි දැක්‌මක්‌ ආවර්ජනයක්‌ ඔබ හමුවේ තැබීමයි.

බැද්දේගම කෘතිය ලියූ ලෙනඩ් වුල්ප්ද අපේ ආයුර්වේද බෙහෙත් පිළිබඳව මෙන්ම පලතුරු පිළිබඳවද ඇතැම් අවස්‌ථාවල ප්‍රශංසනීය ලෙස කාලෝචිත ලෙස අගේ කොට සඳහන් කර ඇත.

ලෝකයේ සහ හොඳ මිහිරි රසයෙන් පිරිපුන් පැණි දොඩම් වගාව තිබුණේ ඌවේ බිබිලේය. විදේශීන් විසින් වෛරස්‌ වැලඳුන දොඩම් පැලෑටියක්‌ ගෙනවිත් ලංකාවේ වගාකර ලංකාවේ පැණි දොඩම් වගාව විනාශ කර දැමීය. බිබිලේ දොඩම් වගාව සංහාරය කළේය.

හෙරලි වෙනුවට රබර් වැව්වේය. බිබිලේ දොඩම් වගාව විනාශකර අද පිටරටින් විශාල ලෙස දොඩම් ගෙන්වා. ජනතා පරිභෝජනයට වෙළෙඳ පොළේ ගොඩ ගසා තිබේ. අපේ මුදල් විශාල ලෙස පිටරටට ඇදී යයි.

අපේ රටේ නිදහස වෙනුවෙන් පොත් ලිවූ පැදි ටිබට්‌ ජාතික එස්‌. මහින්ද හිමියන්ද මා මෙහි සිහිපත් කර සඳහන් කරමි. (නිදහසේ දැහැණ)

මාගේ ගොයම් කපති වෙන රටවල ගොවියෝ

ලාහේ ලන්න වියටැක්‌ දැන්මෙහි නැතියෝ

වර්තමානයේ ආයුර්වේද බෙහෙත් සමාගම් සහ නිෂ්පාදනාගාරවල රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගැනීමට ශරීරය ශෝභාව සම්පන්න කිරීමට දේශීය පළතුරු යුෂ යොදාගෙන ආලේප වර්ගද නිෂ්පාදනය කර තිබේ.

කෙස්‌ ගහ පවා පිටරටවල මිනිසුන් නේ

උස්‌ නිදහස පිණිස සටනට සැරසෙන් නේ

ඉස්‌මොල තිබෙද්දීත් මේ ගැන නොතකන් නේ

ඇස්‌ ගෙඩි වලට හෙන ගහලද සිහලුන් නේ·

වස විෂෙන් තොර අපේ රටේ පලතුරු පිළිබඳව ලිවීමේදී මැකී යන සංස්‌කෘතික උරුමයන් යළි පණ ගන්වා සිංහලයා අවදිකරලූ ටිබෙට්‌ ජාතික එස්‌. මහින්ද හිමියන්ද මා මෙහි සිහිපත් කරමි.

පලතුරු වර්ග

වරකා, වැල, කජු පුහුලන්, වෙරළු, ලාවුළු, වැල් දොඩම්, පේර, ගස්‌ ලබු, අන්නාසි, දිවුල්, බෙලි, මහනාරන්, හීන් නාරන්, ජම නාරන්, දොඩම්, කෙසෙල්, රඹුටං, සියඹලා, ජම්බු, මැංගුස්‌, අනෝනා, දූරියන්, මිදි, නෙල්ලි, පත්තක්‌කා, (කොමඩු, කැකිරි, හිඹටු, ඉඳි, පළු, මොර, ගල් සියඹලා, ඇඹරැල්ලා, අට්‌ටික්‌කා, කැටකාල, ඇටිකෙහෙල්, ස්‌ට්‍රොaබරි, ගඩුගුඩා, කෑලිය, කරඹ, කිරිල්ල, කාමරංග, උගුරැස්‌ස, ලොවි, කට්‌ටම්බේරිය, කිරිපලු, හිඹටු, එරමිනියා, මසං, ගොරකා, බිං පොල්, වැල්පතොක්‌, (රූන් පතොක්&zwnj, ගිරිහිල්ල, වැල් කරපිංචා, හාගිල්ලා (වල් කැකිරි), එළගොරක, චෙරි, ජෑම් (සින්චච්), පාසි ඇපල් (බූසි ඇපල්), ගුස්‌බෙරි, උඩහලු (වැල් රඹුටං), දමුන්න, බාලෝලියා, සිදරං, මාදං, බලුද, කෝන්ය.

මා මෙහි සඳහන් කළේ ඉහත පලතුරු ඇතැම් අවස්‌ථාවල සර්වාංග රෝග නිවාරණය සඳහා ගෙඩි වර්ග යුෂ වර්ග ගස්‌වල මුල් කොළ පොතු, ගෙඩි, මල් භාවිතයට ගැනේ. පංචාගයම ගැනෙන අවස්‌ථා පවතී. සර්වාංග රෝග චර්ම රෝග, සර්ප විෂ, කැඩුම්, බිඳුම් වෙදකමට ගෙඩි සහ පිළිකා වෙදකමට අක්‍ෂි රෝග වෙදකමට, ඇතැම් අවස්‌ථාවල අවස්‌ථානුකූලව උගත් ප්‍රවීණ ආයුර්වේද වෛද්‍යවරයාට යොදා ගැනීමට සිදුවන බව අවිවාදයෙන් යුතුව සඳහන් කරමි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jul 2017 07:10 PM

රෝග සුවයට තොවිලය
ශාන්ති කර්ම ගුණ දෙනවාද?


දෝෂ උන්මාදය සහ භූත උන්මාදය හඳුනාගන්න...
පසුගිය සතියෙන්.

නියුරෝනවලට යම්කිසි ක්‍ෂුද්‍රජීවියකුගේ බලපෑමක්‌ නිසා නියුරෝන විනාශයට පත්වන බවත්, ඛාදනයට පත්වන බවත් ඒ හරහා එම පුද්ගලයා ස්‌වභාවිකව වයසට පත්වීමේදී ඇතිවන සෛල පරිහානියට වඩා වෙනස්‌ තත්ත්වයක්‌ අතිවන බව හඳුනාගෙන ඇති බවට පසුගිය සතියේ සටහන් කළෙමු. එම පුද්ගලයාගේ මතකය සහ චර්යාවේ යම් යම් ගැටුම් ඇතිවීමට එය හේතුවක්‌ වන බව පෙන්වා දුන්නෙමු.

මෙම තත්ත්වය දේශීය වෛද්‍ය ක්‍රමයේ මහලු වියේදී ඇති වන්නා වූ සෛල පරිහානියට පත්වන්නා වූ රෝගය හැටියට විස්‌තර කිරීමේදී මෙම තත්ත්වයම වෙනත් පාරිභාෂික ශබ්ද මාලාවකින් විග්‍රහකොට තිබේ. එනම් භූත උන්මාදය යටතේ යම් යම් භූත කොටස්‌වල බලපෑම නිසා මොළයේ සෛලවල ක්‍රියාකාරිත්වයට යම්කිසි වෙනසක්‌ ඇතිකර දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව මානසික ක්‍රියාකාරිත්වයක්‌ පාලනය කරන ප්‍රධාන මානසික ශක්‌තීන් තුන වන සත්ත්ව, රජස්‌, තමස්‌ යන ශක්‌තීන් අසමතුලිතතාවයට පත්වන බවයි.

ඒ හරහා පුද්ගලයාගේ මනස විකල් වී විකාර දෙඩවීම, නින්ද නොයැම, බලාගත් අත බලා සිටීම, ආහාර අරුචිය, එපාවීම, දුක, කනගාටුව, කණස්‌සල්ල, නොරිස්‌සුම් ගතිය වැනි රෝග ලක්‍ෂණ පහළ වීමට පුළුවන.

මේ සඳහා පුරාතනයේ විසූ පාරම්පරික වෛද්‍යවරු ඖෂධ මෙන්ම විවිධ වත් පිළිවෙත් කිරීමට යෙදුනහ. ඒ සඳහා ශාන්ති කර්ම, බලි තොවිල්, සෙත් ශාන්ති, පිරිත් සඡ්ídයනය වැනි වත් පිළිවෙත් මූලික වූහ.

ඇතැම් විටෙක මෙවැනි කරුණු කාරණා යටතේ යමෙකුට ගැටලුවක්‌ පැන නැගීමට පුළුවන. එනම් තොවිලයක්‌ නැටීමෙන් රෝග සුවපත් කරගත හැකිද කියන ගැටලුවයි. සැබවින්ම මතුපිටින් බලන අයෙකුට එය සාධාරණ ගැටලුවකි. නමුත් මෙහි ගැඹුරු අර්ථයක්‌, පදනමක්‌ ඇතිව මෙවැනි දේ කරන බව පෙනේ. මක්‌නිසාද යත් කායික හෝ වේවා, මානසික හෝ වේවා රෝගියාට බලපාන මනෝ විද්‍යාත්මක පසුබිම ඉතා වැදගත් අංගයක්‌ හැටියට නවීන විද්‍යාව පවා සනාථ කර තිබීමයි.

තොවිලය, ශාන්තිකර්ම වැනි සත්කාර මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර හැටියට එදා විසූ ජනතාව ඔවුන්ගේ පාරම්පරික ඥනය භාවිතකොට ඉන් ඉහළින්ම ප්‍රතිඵල ලබාගෙන ඇති බවට සාක්‍ෂි තිබේ.

සරල උදාහරණයකින් එය පැහැදිලි කළේ නම් තොවිලය තුළදී ක්‍රියාත්මක වන විවිධ ශබ්ද තරංග, පන්දම්, ආලෝක තරංග, දුම්මල සුවඳ ආඝ්‍රාහනයේ බලපෑම, පුද්ගලයාගේ ස්‌නායු පද්ධතිය හරහා මොළයේ සෛලවලට කළ හැකි බලපෑම පිළිබඳ අපි අද විද්‍යාත්මක පරීක්‍ෂණ ආරම්භ කළද එදා මිනිසුන් මේ පිළිබඳව දැන සිටියහ.

මෙයින් අප අපට සෑදෙන සියලුම කායික සහ මානසික රෝග සඳහා තොවිල් කිරීමටවත්, ලක්‍ෂ ගණනින් මුදල් වැයකර ශාන්තිකර්ම කරන්නටවත් දිරි ගන්වනවා නොවේ.

මෙහිදී වැදගත් සාධකය වන්නේ අවශ්‍ය අවස්‌ථාවල අදාළ ප්‍රතිකාරය, මේ පිළිබඳ දැනුමක්‌ අවබෝධයක්‌ ඇති කෙනකුගේ නිර්දේශය මත තෝරා ගැනීමයි. ප්‍රායෝගිකව මෙවැනි වූ සම්ප්‍රදායික මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර දැනටමත් යොදා ගන්නා තත්ත්වයක්‌ තිබේ.

යමෙකු මේවා පදනම් විරහිත අවිද්‍යාත්මක යෑයි සනාථ කිරීමට උත්සාහ කරනවා නම් එය එම පුද්ගලයාගේ දැනුම පිළිබඳ ගැටලුවකි. එයට හේතුව බටහිර ලෝකයේ විවිධ රටවල් මේ පිළිබඳ විද්‍යාත්මක පරීක්‍ෂණ දැනටමත් ආරම්භ කර තිබීමයි.

මෙය සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක්‌ වීම නිසාවෙන් විද්‍යාත්මක කරුණු මත සනාථ කර ගැනීම කල්ගතවීම නිසැකය.

මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය නම් ඔබ ඔබගේ දිවට බොහොම රස දැනෙන මව විසින් සාදන ලද කිරි හොද්දක රස පර්යේෂණාගාරයකට රැගෙන ගොස්‌ විශ්ලේෂණය කර මෙයට දමා තිබෙන ලුණු දෙහි, ඇඹුල් ප්‍රමාණය වෙන් වෙන්ව හඳුනා ගැනීමට අද වන තුරු කිසිම තාක්‍ෂණයක්‌ සමත්වී නැත.

කෙසේ වෙතත් දේශීය වෙදකමේ සඳහන් භූත උන්මාදය හෝ දෝෂ උන්මාදය හෝ වේවා හරිහැටි ප්‍රතිකාර කළේ නම් රෝගියා නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට පුළුවන.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Jul 2017 07:42 PM

නිවසේදී සකස්‌ කරගත හැකි  රුධිර නාළ පිරිසිදුකර ගන්න පුරාණ ඖෂධ වට්‌ටෝරුවක්‌

සමාජයේ බොහෝ දෙනා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නොසිතන නිසා සුවදායක දිවියක්‌ ගත කිරීමට නොහැකි වෙනවා. ගන්නා විවිධ ආහාර වර්ග නිසා බොහෝ දුරට සිදුවන දෙයක්‌ තමයි රුධිර නාල තුළ මේදය තැන්පත් වීම. මෙය ඉතාමත් භයානක දෙයක්‌ ලෙස පෙන්වා දෙන්න පුළුවන්. රුධිරය සංසරණය කරන ධමනි තුළ මේදය තැන්පත් වීමෙන් ලේ ගමනා ගමනයට බාධා ඇති වෙනවා. මේ නිසා හෘද ස්‌පන්දනය නැවැතී මොළයට ලේ ගැලීම හෝ මරණය වැනි භයානක තත්ත්වලට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

අධික තරබාරුව, අධි රුධිර පීඩනය, අධික කොලෙස්‌ටරෝල් මට්‌ටම, ආතරයිටීස්‌, විවිධ ආසාත්මිකතා හා දියවැඩියාව වැනි රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට වගේම දුම්පානය කරන මේදය සහිත ආහාර නිතර භාවිත කරන හා ව්‍යායාම නොකරන පුද්ගලයන්ගේද රුධිර නාල තුළ මේදය තැන්පත් වීමේ විශාල අවධානමක්‌ වී තිබෙනවා. මෙවැනි තත්ත්වයන්ට ප්‍රතිකාර වශයෙන් විවිධ ඖෂධ වර්ග, සැත්කම් තිබුණත් ඒ තුළින් ගුණාත්මක ප්‍රතිඵලයක්‌ ඇතැම් විට ලබා ගැනීමට නොහැකි වීම වර්තමානයේ විශාල ගැටලුවක්‌ වී තිබෙනවා.

අද ඔබට දැනගන්න පුළුවන් මෙවැනි රෝගාබාධවලින් ඔබත් පීඩා විඳිනවානම් කිසිදු අතුරු ප්‍රතිඵලයක්‌ ලබා නොදෙන ස්‌වාභාවික ඖෂධ වට්‌ටෝරුවක්‌ පිළියෙල කරගන්නා ආකාරයත්, මේ තුළින් ඔබට අවහිර වූ ධමනි පිරිසිදු කර ගැනීමට හැකියාව ලැබෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

වියළි මිදි කෝප්පයක්‌ හොඳින් ගා ගත් ඉඟුරු මේස හැඳි 2 ක්‌, මී පැණි මේස හැඳි 2 ක්‌, හරිත තේ මේස හැඳි 4 ක්‌, වතුර ලීටරයක්‌.

සකස්‌ කරගන්නා ආකාරය

මුලින්ම සුදුසු භාජනයකට ජලය දමා මඳ ගින්නේ විනාඩි 10 ක්‌ පමණ රත්කර ගන්න. භාජනය ගින්නෙන් ඉවතට ගෙන එම ජලය වෙනත් භාජනයකට දමන්න. එයට අමුද්‍රව්‍ය සියල්ල එක්‌කර හොඳින් මිශ්‍ර කරන්න. (බ්ලෙන්ඩ්ර් කරගන්න) එම භාජනයේ කට පිරිසිදු කපු රෙද්දකින් ආවරණය කර පැය 8 ක්‌ පමණ තබන්න. ඉන්පසුව දිනකට දෙවරක්‌ මිලි ලීටර් 150 ත් 200 ත් අතර ප්‍රමාණයක්‌ ආහාර ගැනීමට පෙර පානය කරන්න.

අනුෂා ඉරෝෂනී

 

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Jul 2017 07:45 PM
මගෙ දුවටත් ඩෙන්ගු ..දැන් මෙ යන්නෙ 6 වෙනි දවස ..අපි ගෙදර තියා ගෙනමයි ප්‍රතිකාර කරන්නෙ ඩොcටර් ගෙ උපදෙස් මත ..platelet 120,000 ට අඩු වෙනකල් මෙහෙ ඉස්පිරිතාල වලින් බාර ගන්නෙ නැහ ..ඉතින් ඊයෙ රාත්‍රිය වෙනකල් අපි 130,000 සීමාවට එන්න නොදී තියාගත්තා ..පලමු දවස් 5 තමා අවදානම්ම දව ටිකලු ..අපි ඒ දවස් පසු කලා , දෑන් තියෙන්නෙ පසු සන්කුලතා තතවයන් ..ඒ කියන්නෙ අක්මාවෙ ක්‍රියාකාරිතවය සහ අබ්යන්තර රුදිර වහනය වෙනවාදෑයි පරීක්ශාකිරිම ..මතු පිට නොපෙනුනත් උන නොත්බ්බත් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඔනෙ ..අද blood count එකෙ platelet 120,000 අඩු නම් අනිවාර්යයෙන් රොහලකට ගෙන යනවා ...
…
…චාමර මල්ලිගෙ ඉහත ලිපිය මට ගොඩක් උප්කාරි වුනා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
17 Jul 2017 08:14 PM
මාර සිද්ධියනේ ...නිවැරදිම ප්‍රතිකාර ටික ලබාදීපං මචං..
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 Jul 2017 09:19 PM
1993 දී ඩෙංගු ආරම්භ වූ මුල් අවදියේදී මගේ බිරිඳගේ නංගී ගේ දුවට වයස අවුරුදු 8 දී ඩෙංගු රෝගය නිසා දිවි අහිමි වුණා. ඒ අභ්‍යන්තර ලේ වහනය වීම නිසයි.. ඒ නිසා බොහෝම පරීක්ෂාකාරී විය යුතුයි. ඉන්දික මල්ලීගේ දියණියට හැකි ඉක්මනින් නිදුක් නීරෝගී සුවය ලැබේවා කියා පතනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0
You are not authorized to post a reply.
Page 30 of 137 << < 2829303132 > >>