You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 31 of 137 << < 2930313233 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Jul 2017 01:59 AM
මම දුවව hospital admit කරලයි මෙ ආවෙ ..තත්වය බරපතල නැහ ..නමුත් අබ්යන්තර ලෙ ගැලීම් ගැන සොයන්න scan පරීක්ශාවක් සදහා මම ඇයව යොමු කලා ..කොයිකටත් ඇගට ගුඅන්යිනෙ ..දැන් නම් එයා සුව අතට එමින් සිටින්නෙ ..මගෙ wife තමා ගෙදර ඉදන් එයාට සියලු ඇප උඅප්ස්තාන කලෙ hospital නොයවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Jul 2017 02:56 AM

තාරුණ්‍ය රැක දෙන මැංගුස්

ලිව්වේ  විදුමිණි නිමේෂා දිසාකරුණා
දම්පාටින් බබළන හුරුබුහුටි මැංගුස් ගෙඩි මේ දිනවල සුලබ දසුනක් බවට පත් වෙලා. බාහිර පෙනුමින් ඕනෑම කෙනකුගේ සිතක් ආකර්ෂණයකර ගැනීමට මැංගුස්වලට පුළුවන්. ලස්සන වගේම එහි පවතින ගුණ පිළිබඳ බොහෝ දෙනෙක් නොදන්වා විය හැකියි.

 

 

මැංගුස්වල ජලය ග්‍රෑම් 80.94 ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 41 ක්, මේදය ග්‍රෑම් 0.58 ක්, කාබේහයිඩ්‍රේට් ග්‍රෑම් 1.8 ක් අඩංගු වෙනවා. ඒවගේම මිනිස් සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වන කැල්සියම් මිලිග්‍රෑම් 12 ක්, යකඩ මිලිග්‍රෑම් 0.30 ක්, මැග්නීසියම් මිලිග්‍රෑම් 13 ක්, පොස්පරස් මිලිග්‍රෑම් 8 ක්, පොටෑසියම් මිලිග්‍රෑම් 48 ක්, සෝඩියම් මිලිග්‍රෑම් 7 ක් සහ සින්ක් මිලිග්‍රෑම් 0.21 ක් අන්තර්ගතයි.

වියපත් බව දුරු කරයි

මැංගුස්වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ගුණය හේතුවෙන් මිනිස් සිරුරෙහි වියපත් බව දුරලමින් තරුණ බව රැක ගැනීමට උපකාර කරයි. එහි අඩංගු සංතෘප්ත මේදය හේතුවෙන් සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය මනාව පවත්වා ගැනීමට පුළුවන්.

දිලීර නසනා ගුණයත් මැංගුස් පලතුරෙහි ඇති බැවින් ඉඳහිට හෝ මැංගුස් පලතුර ආහාරයට ගැනීමෙන් ශරීරයේ දිලීර නසා දැමිය හැකියි.

මේද පාලනයට කදිම පලතුරක්

මැංගුස් ග්‍රෑම් 100 ක අඩංගු වන්නේ කැලරි 63 ක් වැනි ප්‍රමාණයකි. එම නිසා මිනිස් සිරුරේ අන්තර්ගත මේද ප්‍රමාණය මැංගුස් ආහාරයට ගැනීමෙන් පාලනය කරගත හැකියි. ස්ථුලතාවයෙන් පීඩා විඳින පුද්ගලයන්ට මැංගුස් ආහාරයට ගැනීමෙන් තම ශරීර බර අඩුකර ගැනීමට පුළුවන්. මැංගුස් ග්‍රෑම් 100 කින් මිනිස් සිරුරට අත්‍යවශ්‍ය විටමින් සී 12% ක් පමණ ලබාගත හැකියි. රතු රුධිර සෛල වර්ධනය කරගැනීමට මැංගුස් ආහාරයට ගැනීමෙන් හැකියාව ඇත. රුධිර නාලවල ධමනි හීනිවීමේ තත්ත්වය මඟහරවා ගැනීමට ද මැංගුස් වඩාත් ගුණදායකය.

ප්‍රතිශක්තිකරණය වැඩි කරයි

මැංගුස් මඟින් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යහපත්ව ක්‍රියාත්මක කරලීමට හැකිය. එමඟින් රෝග වළක්වා ගැනීමට ද හැකිවේ. මැංගුස්වල අන්තර්ගත තඹ, මැග්නීසියම්, ඛනිජ ලවණ හා පොටෑසියම් නම් වූ පෝෂ්‍ය පදාර්ථ මඟින් අධික රුධිර පීඩන තත්ත්වය වළක්වාගත හැකියි. එසේම හෘද ස්පන්ධනය මනාව පාලනය කර ගැනීමට පුළුවන්.

ආතතියට, ඇසේ සුදට ආතරයිටිස්වලට හොඳ පලතුරක්

ශරිරයේ ඇතිවන දැවිල්ල වැනි තත්ත්වයන් නැසීමට මැංගුස් පලතුරට ඇත්තේ අපූරු හැකියාවකි. ශරිරයෙහි තුවාල ඇති වී තිබේ නම් එවා ඉක්මනින් සුව කිරීමේ ගුණයක් මැංගුස්වල තිබේ.

මුහුණේ ඇතිවන කුරුලෑ තත්ත්වයන්ට සහ සම පැහැපත් කරගන්නටත් මැංගුස් උපකාරී වේ. ඒ වගේම මුඛයෙහි ඇතිවන විවිධ රෝග සඳහා මැංගුස් ගුණදායකයි.

මැංගුස්වල අඩංගු විටමින් සී හේතුවෙන් ඇසේ ඇතිවන සුද තත්ත්වය වළක්වා ගත හැකියි. මැංගුස් ආහාරයට ගැනීමෙන් ආහාර රුචිය වඩවයි.

වයසට යාම ප්‍රමාද කරයි

ඔබත් ඉක්මනින් වයසට යෑමට අකැමැති අයෙක් ද? එසේ නම් මැංගුස් පලතුර ආහාරයට ගැනීමෙන් වයසට යෑම ප්‍රමාද කරනු ඇත.

ශරීරයෙහි ඇතිවිය හැකි අසාත්මිකතා නැතිකර දැමීමට මෙම පලතුරට හැකිය. පිළිකා නැති කිරීමටත් උදව්වන නිසා මැංගුස් පලතුරක් ලෙස ආහාරයට ගැනීම උචිතය.

ශරිරයේ ඇතිවන වේදනාවන් සඳහා, ආතරයිටිස් රෝගීන්ටත් මැංගුස් ගුණදායකයි. කාන්තාවන්ගේ ඔසප් ගැටලුවලදී ගුණදායක බවක් මැංගුස් පලතුරෙන් ලැබේ. මානසික ආතතිය නිසා පීඩනයට පත් වූ අයට ද ගුණදායකයි.

විජලනය ඇති වූ අවස්ථාවලදී එම තත්ත්වය මඟහැරිමට වඩාත් සුදුසු පලතුරකි.

මැංගුස් ලෙලි අතීසාරයට ගුණයි

මැංගුස් ලෙලි හා ලෙලිවල වියළි කුඩු අතීසාරයට ගුණදායකයි. මැංගුස් ආහාරයට ගැනීම දත් වැඩීමටත්, අස්ථි ශක්තිමත් කිරීමටත් උපකාර කරයි. එමෙන්ම හෘද රෝගවලට සහ මුත්‍රාශයේ රෝගවලට ද ගුණදායකයි.

මැංගුස්වල මෙතරම් පෝෂණ ගුණයක් තිබුණත් එය අගුණ වන අවස්ථා ද නැතිවා නොවේ. ගර්භණී මවුවරුන්ට සහ කිරිදෙන මවුවරුන්ට මැංගුස් ආහාරයට ගැනීම සුදුසු නොවේ.

නිතර හොඳ නැහැ

මැංගුස් මෙතරම් ගුණදායක වුවත් දිනපතාම ආහාරයට ගැනීම සුදුසු නොවේ. මැංගුස් උෂ්ණාධික පලතුරක් නිසා වැඩි වශයෙන් ආහාරයට ගතහොත් ශරීරයෙහි දැවිල්ල, මුඛයෙහි තුවාල, සමෙහි ලප දැමීම වැනි රෝගී තත්ත්වයන් ඇති විය හැකියි. එම නිසා සතියකට තුන් පාරකට මැංගුස් ගෙඩි දෙක බැගින් ආහාරයට ගැනීම සුදුසුයි.

මැංගුස් පලතුර වයස් භේදයකින් තොරව ආහාරයට ගත හැකියි. නමුත් කුඩා දරුවන්ට මැංගුස් ආහාරයට දීමේදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ මැංගුස්වල ඇට කුඩා දරුවන්ගේ උගුරෙහි හිරවිය හැකි නිසායි. ඒ වෙනුවට ඔබට පුළුවන් ඔබේ කුඩා දරුවාට මැංගුස් පානයක් ලෙස සකසා දෙන්න. මැංගුස් පානය ද පෝෂණ ගුණයෙන් ඉහළයි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Jul 2017 05:29 AM
Posted By Ind007ka on 17 Jul 2017 07:45 PM
මගෙ දුවටත් ඩෙන්ගු ..දැන් මෙ යන්නෙ 6 වෙනි දවස ..අපි ගෙදර තියා ගෙනමයි ප්‍රතිකාර කරන්නෙ ඩොcටර් ගෙ උපදෙස් මත ..platelet 120,000 ට අඩු වෙනකල් මෙහෙ ඉස්පිරිතාල වලින් බාර ගන්නෙ නැහ ..ඉතින් ඊයෙ රාත්‍රිය වෙනකල් අපි 130,000 සීමාවට එන්න නොදී තියාගත්තා ..පලමු දවස් 5 තමා අවදානම්ම දව ටිකලු ..අපි ඒ දවස් පසු කලා , දෑන් තියෙන්නෙ පසු සන්කුලතා තතවයන් ..ඒ කියන්නෙ අක්මාවෙ ක්‍රියාකාරිතවය සහ අබ්යන්තර රුදිර වහනය වෙනවාදෑයි පරීක්ශාකිරිම ..මතු පිට නොපෙනුනත් උන නොත්බ්බත් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඔනෙ ..අද blood count එකෙ platelet 120,000 අඩු නම් අනිවාර්යයෙන් රොහලකට ගෙන යනවා ...
…
…චාමර මල්ලිගෙ ඉහත ලිපිය මට ගොඩක් උප්කාරි වුනා
ඉන්දික අයියේ දෝනිව පරිස්සමින් බලා ගන්න ,,,දෙවිපිහිටෙන් ඉක්මනටම දුවට හොද වේවා ! 

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Jul 2017 05:32 AM
මන් දන්නේ අදයි මැන්ගුස් මෙච්චර ගුණයි කියලා ...ස්තුති මල්ලි ලිපියට .
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
18 Jul 2017 06:21 AM
ඉන්දික අයියාගේ දුවට ඉක්මන් සුවය ලැබෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනවා. අපේ ගෙදරත් ඉන්න හැමොටම වයිරස් උණ. පොඩිම බබාටත් අද උදේ හැදුණා. දැන් "වෛරස් ෆිවර් ෆැමිලි පැකේජ්" එක සම්පුර්ණයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
18 Jul 2017 08:41 AM
ඉන්දික අයියාගේ දුවට ඉක්මනට සුවය ලැබේවා ...
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Jul 2017 08:44 AM
ලංකාවේ ඉන්න ඔයාලා හැමෝමටම තෙරුන්වන්සරණයි ,, මේක මහා නරක කාලයක් ,,මොකක් හරි විපැත්තියක් කාලෙන් කාලෙට . ඉස්සර නම් ඔහොම නැ නේ .දැන් අහන්නම ලැබෙන්නේ කරදර .
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
18 Jul 2017 12:31 PM
ඉන්දික අයියාගේ දුවට ඉක්මන් සුවය ලැබෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනවා. අපේ ගෙදරත් ඉන්න හැමොටම වයිරස් උණ. පොඩිම බබාටත් අද උදේ හැදුණා. දැන් "වෛරස් ෆිවර් ෆැමිලි පැකේජ්" එක සම්පුර්ණයි.

මේ කොමෙන්ටුව දාල මට පැයක් වත් යන්න ලැබුනේ නැහැ. මගේ ජිවිතේ ලබපු නරකම අත් දැකීමක්ට මුහුණ දෙන්න උණා මට. මගේ දරුවට හදිසියේම උණ වැඩි වෙලා ෆිට් එක ආව. එක සැරේට බෙල්ල කඩාගෙන වැටුණා. ඇඟ ගල් වෙලා වගේ ඇස් දෙකත් උඩ ගියා.
මම දරුවාව දාගෙන කාර් එක ඉස්පිරිතාලෙට පැදෙව්ව වේගය කොපමණද කියන්න බැහැ. හෝන් එක තද කරගෙන. මේ පාරේ ඔය ස්පීඩ් එකට වෙන කිසිම වාහනයක් යන්න ඇති කියල අම්ම හිතන්නෙ නැහැ.

මට ඒ වෙලාවේ දැනුනු දේ විස්තර කරන්න මම දන්නෙ නැහැ. තවමත් මම මගේ පපුව හිර වෙලා වගේ ඉන්නෙ. ඒ වෙලාවේ මට කෑ ගැහුණා. මම හිතුවේ ඉවරයි කියලා. ඇත්තටම හිතුන දේ නිසා මම එහෙම කිව්වේ.
මට මගේ පණත් හරි මගේ දරුවෝ දෙන්නත් හරි. මුන් දෙන්න නැතිව මට ජිවත් වෙන එක හීනයක්. හැම අම්ම තාත්ත කෙනෙකුටම එහෙම තමයි.

දරුවා හොස්පිටල් නතර කළා. තව පැය කිහිපයකින් නැවත මම හොස්පිටල් එකට යනවා. පැය දෙකකින්. පාන්දර පහට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
18 Jul 2017 05:57 PM
වැදගත් ලිපියක....
ස්තුතියි චාමර
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
18 Jul 2017 06:03 PM
Posted By maduranga001 on 18 Jul 2017 12:31 PM
ඉන්දික අයියාගේ දුවට ඉක්මන් සුවය ලැබෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනවා. අපේ ගෙදරත් ඉන්න හැමොටම වයිරස් උණ. පොඩිම බබාටත් අද උදේ හැදුණා. දැන් "වෛරස් ෆිවර් ෆැමිලි පැකේජ්" එක සම්පුර්ණයි.

මේ කොමෙන්ටුව දාල මට පැයක් වත් යන්න ලැබුනේ නැහැ. මගේ ජිවිතේ ලබපු නරකම අත් දැකීමක්ට මුහුණ දෙන්න උණා මට. මගේ දරුවට හදිසියේම උණ වැඩි වෙලා ෆිට් එක ආව. එක සැරේට බෙල්ල කඩාගෙන වැටුණා. ඇඟ ගල් වෙලා වගේ ඇස් දෙකත් උඩ ගියා.
මම දරුවාව දාගෙන කාර් එක ඉස්පිරිතාලෙට පැදෙව්ව වේගය කොපමණද කියන්න බැහැ. හෝන් එක තද කරගෙන. මේ පාරේ ඔය ස්පීඩ් එකට වෙන කිසිම වාහනයක් යන්න ඇති කියල අම්ම හිතන්නෙ නැහැ.

මට ඒ වෙලාවේ දැනුනු දේ විස්තර කරන්න මම දන්නෙ නැහැ. තවමත් මම මගේ පපුව හිර වෙලා වගේ ඉන්නෙ. ඒ වෙලාවේ මට කෑ ගැහුණා. මම හිතුවේ ඉවරයි කියලා. ඇත්තටම හිතුන දේ නිසා මම එහෙම කිව්වේ.
මට මගේ පණත් හරි මගේ දරුවෝ දෙන්නත් හරි. මුන් දෙන්න නැතිව මට ජිවත් වෙන එක හීනයක්. හැම අම්ම තාත්ත කෙනෙකුටම එහෙම තමයි.

දරුවා හොස්පිටල් නතර කළා. තව පැය කිහිපයකින් නැවත මම හොස්පිටල් එකට යනවා. පැය දෙකකින්. පාන්දර පහට.
හපොයි

දැන් කොහොමද පොඩි එක්කනට අයියේ?

ඉක්මන් සුවා ප්‍රර්ථනා කරනවා පොඩි එක්කනට!  


0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Jul 2017 07:01 PM
Posted By maduranga001 on 18 Jul 2017 12:31 PM
ඉන්දික අයියාගේ දුවට ඉක්මන් සුවය ලැබෙන්න කියල මමත් ප්‍රාර්ථනා කරනවා. අපේ ගෙදරත් ඉන්න හැමොටම වයිරස් උණ. පොඩිම බබාටත් අද උදේ හැදුණා. දැන් "වෛරස් ෆිවර් ෆැමිලි පැකේජ්" එක සම්පුර්ණයි.

මේ කොමෙන්ටුව දාල මට පැයක් වත් යන්න ලැබුනේ නැහැ. මගේ ජිවිතේ ලබපු නරකම අත් දැකීමක්ට මුහුණ දෙන්න උණා මට. මගේ දරුවට හදිසියේම උණ වැඩි වෙලා ෆිට් එක ආව. එක සැරේට බෙල්ල කඩාගෙන වැටුණා. ඇඟ ගල් වෙලා වගේ ඇස් දෙකත් උඩ ගියා.
මම දරුවාව දාගෙන කාර් එක ඉස්පිරිතාලෙට පැදෙව්ව වේගය කොපමණද කියන්න බැහැ. හෝන් එක තද කරගෙන. මේ පාරේ ඔය ස්පීඩ් එකට වෙන කිසිම වාහනයක් යන්න ඇති කියල අම්ම හිතන්නෙ නැහැ.

මට ඒ වෙලාවේ දැනුනු දේ විස්තර කරන්න මම දන්නෙ නැහැ. තවමත් මම මගේ පපුව හිර වෙලා වගේ ඉන්නෙ. ඒ වෙලාවේ මට කෑ ගැහුණා. මම හිතුවේ ඉවරයි කියලා. ඇත්තටම හිතුන දේ නිසා මම එහෙම කිව්වේ.
මට මගේ පණත් හරි මගේ දරුවෝ දෙන්නත් හරි. මුන් දෙන්න නැතිව මට ජිවත් වෙන එක හීනයක්. හැම අම්ම තාත්ත කෙනෙකුටම එහෙම තමයි.

දරුවා හොස්පිටල් නතර කළා. තව පැය කිහිපයකින් නැවත මම හොස්පිටල් එකට යනවා. පැය දෙකකින්. පාන්දර පහට.
ඉන්දික අයියාගේ දියණියට හා මදුරංග අයියගේ පොඩි පුතාට ඉක්මන් සුවය..වයිරස් උණ හා ඩෙංගු උණ මේ දවස්වල තියන ඒවා.හැදුනොත් නම් එපා වෙනවා අපිටත්

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Jul 2017 07:04 PM

දත්මිටි කන්නේ ඇයි?

පාසලේ දී හිරිහැරයන්ට ලක්වන, නව යෞවනයේ පසුවන පාසල් ළමුන් වැඩිදෙනෙක් නින්දේ දී දත්මිටි කන බව නවතම සමීක්ෂණ වාර්තාවක් සඳහන් කරයි.

නව යෞවනයේ පසුවන බ්‍රසීල පාසල් සිසු සිසුවියන් 300ක් යොදා ගනිමින් මෙම නවතම සමීක්ෂණය සිදු කර ඇත.බ්‍රිතාන්‍යයේ මුඛ සෞඛ්‍යය පිළිබඳ පදනම ප්‍රකාශයට පත්කර ඇති මෙම වාර්තාවේ සඳහන් වන්නේ පාසලේදී හිරිහැරයට ලක්වන, වයස අවුරුදු 13ත් 15ත් අතර පාසල් ළමුන් දත්මිටි කෑමට පෙළඹීමේ ප්‍රවනතාවය සාමාන්‍ය ළමයෙකුට වඩා හතර ගුණයකින් වැඩි බවය.

එම ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් දක්වන සමීක්ෂණ වාර්තාව පවසන්නේ පාසලේදී හිරිහැරයට ලක්වන සිසුන්ගෙන් 65%ක් නින්දේදී දත්මිටි කන බවය. එසේ නොවන ළමුන්ගෙන් දත් මිටි කෑමට පෙළෙඹෙන්නේ 17%ක් වැනි සුළු ප්‍රතිශතයකි

මෙම තත්වය පිළිබඳව පාසල් බලධාරීන් දැනුවත් කළ යුතු බවත් ආතතියෙන් සහ කාංසියෙන් පෙළෙන වැඩිහිටියන්ද දත්මිටි කෑමට පෙළඹිය හැකිබවත් සමීක්ෂකයෝ පවසති.

විශේෂඥයෝ පවසන්නේ දත්මිටි කෑම හේතුවෙන් හිසරදය, දත් ගෙවීයාම සහ නිසි නින්න්දක් නොලබන තත්වයක් ඇතිවන බවය.එමෙන්ම දත්මිටි කන පිරිස වැඩිවීමේ ප්‍රවනතාවක් ද පවතින බව ඔවුහු පවසති.

කෙසේ නමුත් නින්දේදී දත්මිටි කෑම සුව කරගැනීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර පවතින බව විශේෂඥයෝ පවසති.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Jul 2017 07:07 PM

අක්මාවට හානි කරන ඖෂධ

අක්මාව සතු ප‍්‍රධාන කාර්යයක් නම් ඖෂධ වර්ග, ඖෂධීය ශාක  සහ පරිපූරක  ඇතුළු අප මුඛයෙන් ගන්නා ද්‍රව්‍ය බිඳ හෙළීමය. මෙම කාර්යය අක්මාව මඟින් කාර්යක්ෂම ලෙස සිදු කරනු ලබයි.

විවිධ ඖෂධ වර්ග අලූතෙන් නිෂ්පාදනය කරන විට, ඒවා ජනතාවගේ ප‍්‍රයෝජනය සඳහා අනුමත කිරීමට ප‍්‍රථම, විශාල පිරිසක් උපයෝගී කරගෙන පුළුල් වශයෙන් අත්හදා බැලීම් කරනු ලබන අතර මෙහිදී අක්මාවට හානියක් නොවීමට වගබලා ගැනීමට විවිධ පර්යේෂණවලට ද භාජනය කෙරේ. මේ නිසා අලෙවිය සඳහා දැනට ඇති ඖෂධ වැඩිහරියක් අක්මා ආබාධවලින් පෙළෙන්නන්ට පවා බෙහෙවින් ආරක්ෂාකාරී තත්ත්වයක පවතී.

මෙම ආරක්ෂාකාරී තත්ත්වය හමුවේ වුවද සමහර අවස්ථාවල  කිසියම් ඖෂධයක් ගැනීමෙන් පසු සමහරුන්ගේ අක්මාවට හානි සිදුවීමේ දුලබ නැඹුරුතාවක් ඇති බව අනාවරණය වී තිබේ. මෙය හැඳින්වෙන්නේ ඉඩියොසින්ක‍්‍රටික් ප‍්‍රතික‍්‍රියාව ලෙසටය.  මෙවන් තත්ත්වය ඇතිවන්නේ කලාතුරකින් වන අතර ඒ පිළිබඳව අනාවැකි පළකිරීම අසීරු කාර්යයකි.

අත්හදා බැලීම්වලදී ආරක්ෂාකාරීයයි ඔප්පුවූ සමහර ඖෂධ සාමාන්‍ය භාවිතය සඳහා මුදාහල විට කලාතුරකින් ඒවා උපද්‍රව සහිත බව පෙනීගොස් ඇතත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඒවා භාවිතා කරති. අක්මා ආබාධවලින් පෙළෙන්නන්ට අහිතකර ඖෂධවල, ඒවා ඔවුන්ට නුසුදුසු බවට අනතුරු අඟවන නිවේදන ඇතුළත් වේ. 

 

ඖෂධවලට සම්බන්ධ අක්මා හානිවල රෝග ලක්ෂණ මොනවාද?
අවස්ථා වැඩි හරියකදී රෝග ලක්ෂණ පහළවීමට ප‍්‍රථම අක්මාවට සෑහෙන ප‍්‍රමාණයක හානි සිදුවීමට ඉඩ තිබේ අක්මා ආබාධවල සාමාන්‍ය රෝග ලක්ෂණවලට කායික අපහසුතාව, ඔක්කාරය, ආහාර අරුචිය, පැතිරුණු කැසීම, කළු පැහැයෙන් මුත‍්‍ර පිටවීම සහ ඇස් හා සම කහ පැහැවීම ආදිය අයත් වේ. එහෙත් බොහෝ දෙනකුට මේ රෝග ලක්ෂණ කිසිවක් ඇති නොවීමටද ඉඩ තිබේ. රෝග ලක්ෂණ පහළවීමට ප‍්‍රථම අක්මාවට හානි සිදුවී ඇත්ද යන වග, රුධිර පරීක්ෂණ මඟින් දැන ගැනීමට පිළිවන. අක්මාවට හානි සිදුවිය හැකි ඖෂධයක් භාවිතා කරන විට රෝග ලක්ෂණ පළවීමට ප‍්‍රථම, අක්මාවට හානි සිදුවී ඇත්දැයි දැන ගැනීම සඳහා විටින් විට රුධිර පරීක්ෂණ කරන ලෙස වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත.

 

ඖෂධ මගින් අක්මාවට හානි සිදුවී ඇත්දැයි දැන ගැනීමට කරනු ලබන රුධිර පරීක්ෂණ.
ඖෂධයක් භාවිතා කිරීම ආරම්භ කරනවිට සාමාන්‍යයෙන් අක්මා පරීක්ෂණ නිරීක්ෂණය කිරීමේ අවශ්‍යතාවක් නැත. අක්මාවට හානි සිදු කරන බව අතීතයේදී පෙනී ගොස් ඇති ඖෂධයක් නිර්දේශ කිරීමට ඔබේ වෛද්‍යවරයා අදහස් කරන්නේ නම්, අක්මාව නිරීක්ෂණය කිරීමට කරනු ලබන වඩාත් සුලබ පරීක්ෂණ පංතිය ‘ලිවර් පැනල්’ නමින් හැඳින්වේ.  රුධිර පරීක්ෂණ කිහිපයක් අයත් වන මෙමගින් අක්මාවට සිදුව ඇති හානි දැනගත හැකිය. ඒ.එස්.ටී,

 

ඒ.එල්.ටී සහ බිලිරුබින් නම් පරීක්ෂණ මේවාට අයත් වේ.
මෙම පරීක්ෂණවල මට්ටම් ඉහළ අගයක පැවතීමට වෙනත් හේතුද බලපානු ලබයි. මේ නිසා ඖෂධයක් භාවිත කිරීම ආරම්භ කිරීමට ප‍්‍රථම අක්මාව සාමාන්‍ය තත්ත්වයක පවතීද යන්න සහතික කර ගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයා බේස්ලයින් ලිවර් පැනල් නම් පරීක්ෂණ පංතියේ වාර්තාවක් ලබාගන්නවා. ඇත. 

ඖෂධ භාවිතය ආරම්භ කළ විට මෙම පරීක්ෂණවල අගයන්හි සුළු වැඩිවීමක් දක්නට ලැබුණද සැලකිය යුතු අක්මා හානියක් එමගින් පෙන්නුම් නොකරයි. ඖෂධ භාවිතය නිසා හටගත් අක්මා හානි ලෙස වෛද්‍යවරු සැලකිල්ලක් දක්වන්නේ ඒ.එස්.ටී. සහ ඒ.එල්.ටී. මට්ටම් සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා තුන් ගුණයේ සිට පස් ගුණය දක්වා වැඩිවූ විට හෝ බිලිරුබින් මට්ටම් වැඩිවූ විටය. මෙම වැඩිවීම් සුළු ඒවා නම් ඖෂධ 

දිගටම දෙමින් අක්මා පරීක්ෂණය නිරීක්ෂණය කරනු ලැබේ. බොහෝ අවස්ථාවල ඖෂධ දිගටම භාවිතා කරගෙන ගියද පරීක්ෂණ වාර්තා සාමාන්‍ය තත්ත්වයේ පවතී. 

 

අක්මා හානි සිදුකළ හැකි සාමාන්‍යයෙන් භාවිතා කරනුු ලබන ඖෂධ මොනවාද?
වැඩි වශයෙන් අක්මා හානි සිදු කරන ඖෂධය ඇසිටමිනොෆෙන් යන නමින් හැඳින්වෙන පැරසිටිමෝල්ය. මෙම ඖෂධය වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගත හැකි අතර සෙම්ප‍්‍රතිශ්‍යාව හා ෆ්ලූ ආබාධ සඳහා මෙන්ම වේදනා නාශකයක් ලෙසද භාවිතයට ගැනේ. ඇස්ප‍්‍රින් අඩංගු නැතැයි නම් කර ඇති වේදනා නාශක ඖෂධ වැඩි හරියක ප‍්‍රධාන ද්‍රව්‍යය වශයෙන් පැරසිටිමෝල් අන්තර්ගත වේ.
නිර්දේශ කර ඇති පරිදි පැරසිටිමෝල් භාවිතා කරන්නේ නම් අක්මා ආබාධවලින් පෙළෙන්නන්ට පවා මෙය බෙහෙවින් ආරක්ෂාකාරී ඖෂධයකි. එසේ වුවද ඒවා එකවර විශාල ප‍්‍රමාණයක් ගැනීම හෝ දිගටම අධික මාත‍්‍රාවක් ගැනීම හෝ මඟින් අක්මාවට හානි සිදුවීමට ඉඩ තිබේ. නිරෝගී පුද්ගලයන් එක් වරකට පැරසිටිමෝල් මිලි ග‍්‍රෑම් 1000කට වැඩියෙන් හෝ දිනකට මි. ග‍්‍රෑම් 4000කට වැඩියෙන් හෝ නොගත යුතුය. මීට අමතරව නිරෝගී පුද්ගලයන් පවා ඇසටමිනොෆෙන් දිනපතා මි. ග‍්‍රෑම් 4000 බැගින් දින පහකට වැඩියෙන් නොගත යුතුය. අක්මා ආබාධවලින් පෙළෙන රෝගීන් ඇසිටමිනොෆෙන් භාවිතය දිනකට මි. ග‍්‍රෑම් 2000කට සීමා කළ යුතු අතර බරපතළ අක්මා ආබාධවලින් පෙළෙන්නේ නම් ඊටත් වඩා එය අඩුකළ යුතුය. ඔබට අක්මා ආබාධයක් නොමැති වුවත් සහනය සලසා ගැනීමට ඇසිටමිනොෆෙන් අවම ප‍්‍රමාණය භාවිතා කිරීමට වග බලාගන්න. 

නිතිපතා මත්පැන් පානය කරන්නන්, පැරසිටිමෝල් මඟින් බරපතළ අක්මා හානි සිදුවීමේ වැඩි අවදානම් තත්ත්වයක පසුවෙති. දිනපතා මත් පැන් පානයෙන්, අක්මාව, සමහර ඖෂධ බිඳහෙළන ආකාරය වෙනස් කරයි. පැරසිටිමොල් සම්බන්ධයෙන්, මැත්පැන් භාවිතයෙන් ඒවායේ අඩංගු විස අතුරු නිෂ්පාදනයක් අක්මාවේ එක්රැුස්වීමට මඟ සලසන අතර එමගින් අක්මා ෙසෙල හානියට හෝ මරණයට හෝ පත් කරයි.

 


කොලෙස්ටරෝල් මට්ටම් අඩු කරන ඖෂධ මගින් අක්මා හානි සිදු කරයිද?

අක්මාවට බලපාන තවත් ඖෂධ කාණ්ඩයක් නම් ස්ටැටින්ස් යන නාමයෙන් හැඳින්වෙන කොලෙස්ටරෝල් මට්ටම් අඩුකරන ඖෂධයි. කොලෙස්ටරෝල් මට්ටම් අඩු කිරීම සඳහා දැනට නියම කරනු ලබන ඖෂධ ගණනාවක් මේවාට අයත් වේ. විශිෂ්ට තත්ත්වයේ ආරක්ෂක වාර්තා සහිත මෙම ඖෂධ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දැනට භාවිතා කරන අතර සුළු අක්මා ආබාධවලින් පෙළෙන්නන් සම්බන්ධයෙන් පවා අක්මාවට හානි සිදුවූ බවට වාර්තා ලැබී ඇත්තේ ඉතා ස්වල්ප වශයෙනි.

මෙම ඖෂධ භාවිතය ආරම්භ කළ මුල් අවධියේ අක්මා පරීක්ෂණ වාර්තාවල අගය සුළු වශයෙන් වැඩිවීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දෙයකි. බොහෝ දෙනෙක් සම්බන්ධයෙන් මේ වැඩිවීම සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා තුන් ගුණයකට වඩා අඩු අතර, එම ඖෂධ දිගටම භාවිතා කළද පසුව එම අගය සාමාන්‍ය තත්ත්වයට පත්වේ. මේ ගණයට අයත් ඖෂධ භාවිතා කරන විට අක්මා පරීක්ෂණ නිරීක්ෂණයට භාජනය කිරීම යහපත් දෙයක් වුවත්, ඒවායේ අගය වැඩිවී ඇත්තේ සුළු වශයෙන් නම් ඖෂධ භාවිතය නතර නොකළ යුතුය.

 

ඖෂධීය ශාක හා පරිපූරක මඟින් අක්මාවට හානි සිදු කරයිද?
ඖෂධීය ශාක හා පරිපූරක ස්වභාවික ඒවා වුවද  අක්මාවට විස සහිත විය හැකිය. මෙම පරිපූරක නිෂ්පාදනය හා බෙදාහැරීම නිර්දේශිත ඖෂධ මෙන් නිසි පරිදි විධිමත්ව සිදු නොකෙරේ. ‘ස්වභාවික’ නිෂ්පාදනය, ප‍්‍රමාණවත් අත්හදාබැලීම්වලින් තොරව හා සාර්ථකත්වය පිළිබඳව ලබාගත් සාක්ෂිවලින් තොරව අලෙවි කළ හැකිය. සමහර අවස්ථාවල පරිපූරක හෝ ඖෂධීය ශාක මඟින් අක්මා හානියක් සිදුකළ හැකිය. නිෂ්පාදනය කරන අවස්ථාවේදී ඒවාට ඇතුළු විය හැකි අපවිත‍්‍ර දෑ විස ද්‍රව්‍ය අක්මාවට විස සහිත වීමට ඉඩ තිබේ.
විටමින් පරිපූරක ද පමණ ඉක්මවා ගත හොත් අහිතකර විය හැකිය. විටමින් ‘ඒ’ හෝ යකඩ පමණ ඉක්මවා ගැනීමෙන් අක්මාවට සැලකිය යුතු හානි සිදුවීමට ඉඩ තිබේ.

 

අක්මා ආබාධවලින් පෙළෙන්නන් සමහර ඖෂධ භාවිතය නිසා අක්මාවට හානි සිදුවීමේ වැඩි අවදානම් තත්ත්වයක පසුවන්නේද?
කලාතුරකින් සිදුවුවහොත් හැර සුළු අක්මා ආබාධවලින් පෙළෙන්නන්ට පවා ආරක්ෂාකාරී ලෙස නිර්දේශිත මෙන්ම වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගත හැකි ඖෂධ, නිර්දේශිත මාත‍්‍රාවට අනුව භාවිතා කළ හැකිය. හෙපටයිටිස් ‘සී’ හෝ මේදමය අක්මා වැනි සුළු අක්මා ආබාධවලින් පෙළීම, නියම කරනු ලබන ඖෂධයක් අක්මාවට විස සහිත වීමේ අවදානම වැඩි නොකරයි. එසේ වුවද කලින් සිට පවතින අක්මා ආබාධයකින් පෙළෙන තැනැත්තෙකුට ඖෂධ භාවිතය නිසා අක්මාවට හානි සිදුවුවහොත්, එම ප‍්‍රතික‍්‍රියාවම ඇතිවන නිරෝගී පුද්ගලයකුට වඩා මුලින් සඳහන් තැනැත්තාට සිදුවන හානිය වඩා දරුණුවීමට ඉඩ තිබේ. ඒ නිසා කිසියම් තැනැත්තෙක් අක්මා ආබාධයකින් පෙළෙන බව දැනගත් විට, ඔහුට, අක්මාවට ආරක්ෂාකාරී ඖෂධ නියම කිරීමට වෛද්‍යවරු හැමවිටම පෙළඹෙති.
සිරෝසිස් වැනි බරපතළ අක්මා ආබාධවලින් පෙළෙන තැනැත්තන් ඔවුන් ගන්නා ඖෂධවල වර්ණය හා මාත‍්‍රාව පිළිබඳව වැඩියෙන් සැලකිලිමත් විය යුතුය. දරුණු අක්මා ආබාධවලින් පෙළෙන්නන්ට සමහර ඖෂධ නොදිය යුතු අතර සමහර ඖෂධ දිය යුත්තේ අඩු මාත‍්‍රාවකි.

 

 ඖෂධ මඟින් අක්මාවට සිදුවන හානි අවම කර ගැනීම සඳහා මා කුමක් කළ යුතුද?
1. ඔබ ගන්නා ඖෂධීය ශාක, විටමින් වර්ග හා පරිපූරක ඇතුළු නිර්දේශිත හා වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගන්නා සියලූ ඖෂධ වල ලැයිස්තුවක් තබාගන්න. ඔබ ප‍්‍රතිකාර ගැනීමට යන සෑම වෛද්‍යවරයකුටම මෙය පෙන්වන්න.

2. අවම ඖෂධ ප‍්‍රමාණයක් ගැනීම වඩාත් හිතකරය. මේවාට ඖෂධීය ශාක, පරිපූරක නිර්දේශිත හා වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගත හැකි ඖෂධ ආදිය අයත් වේ. ඔබ වෛද්‍යවරු කිහිප දෙනෙකුගෙන් ප‍්‍රතිකාර ගන්නේ නම් ඔවුන් නියම කරන ඖෂධ ඔබේ ඖෂධ ලැයිස්තුවට ඇතුළත් කිරීමට වග බලා ගන්න.

වෛද්‍ය නිර්දේශයකින් තොර ඖෂධ ලබාගන්නා විට ලේබලය හොඳින් කියවීමටත්, නිර්දේශිත ප‍්‍රමාණය නොයික්මවීමටත් වග බලාගන්න. වෛද්‍යවරයා නොවිමසා නිර්දේශිත උපරිම මාත‍්‍රාව දීර්ඝ කාලයක් ගැනීමෙන් වැළකී සිටින්න.

4. ඔබ ඖෂධ කිහිපයක් ගන්නා අයෙක් නම් ඒවායේ අන්තර්ගත ද්‍රව්‍ය එකම ඒවා නොවන බවට වග බලා ගන්න. එමගින් නියමිත මාත‍්‍රාව ඉක්මවීම නිසා එය අනතුරුදායකවීමට ඉඩ තිබේ.

5. ඔබ දිනපතා මත්පැන් සැලකිය යුතු ප‍්‍රමාණයක් ගන්නා අයෙක් නම් පැරසිටිමෝල් භාවිතය සීමා කරන්න. නැතිනම් නොගෙන සිටින්න. කිසි විටක නිර්දේශිත උපරිම මාත‍්‍රාව නොගන්න.

6. ඔබ අක්මා ආබාධයකින් පෙළෙන්නේ නම් ඒ බව හා එහි උත්සන්නතාව පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කරන්න.

7. ඔබ සිරෝසිස් වැනි බරපතළ අක්මා ආබාධයකින් පෙළෙන අයෙක් නම්, අලූතෙන් ඖෂධයක් භාවිතය ආරම්භ කිරීමට ප‍්‍රථම ඒ පිළිබඳව අක්මා රෝග විශේෂඥ වෛද්‍යවරයා විමසීම නුවණට හුරුය.

 

පරිවර්තනය - කේ.එන්. ඕ. අමරදාස.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

ishan22
New Member
New Member
Posts:65






--
18 Jul 2017 07:09 PM
වැදගත්
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
18 Jul 2017 08:55 PM
ඉතා වැදගත් ලිපියක්.. අක්මාව කියන්නේ අපේ ශරීරයේ තිබෙන ඉතාමත් වැදගත් ඉන්ද්‍රියක්.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
18 Jul 2017 09:32 PM
මගෙ දුව සුව අතට ආවා ..අද මම එයාව ඉස්පිරිතාලෙන් ගෙදර ගෙනවා ...
…
…
…මදුරන්ග මල්ලි පුතාට කොහොමද ?ඉකමන් සුවය ප්‍රර්තනා කරනවා පුතාට ..කලබල වෙන්න එප මල්ලි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
18 Jul 2017 10:10 PM
සතුටුදායක පුවතක්.. මධුරංඟගේ පුතාට මොකද? කොහොම නමුත් සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය පතනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
19 Jul 2017 07:57 AM
අසනීප තත්වෙන් ඉන්න හැම දෙනාටම තෙරුවන් සරනින් ඉක්මනින් සුවය ලැබෙන්න ප්‍රාර්තනා කරනවා.

හැම තැනම ඩෙංගු.හැකි තරම් පරෙස්සම් වෙන්න.වට පිටාව අපායට තියං ඉන්න උන් ඉන්නවානං වගකිව යුතු අයට දැනුම් දෙන්න.
විහින් මැරෙන්න ඕනෙ නෑනෙ. අපිට නම් ඕනෙ එකක්.අහිංසක නොදරුවන් ලෙඩ වුනාම කොච්චර අමාරුද කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.
කොච්චර ලෙඩ වැඩි වුනත් එකා පිට එකා මැරිලා වැටුනත් අපේ උන් හැදෙන්නෙත් නෑ කවදාවත්.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jul 2017 06:24 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/18927.jpg

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jul 2017 06:26 PM

රෝගීන්ගේ දත්ත ගබඩා කළ හැකි
ජංගම දුරකථන ඇප් (App) එකක්‌


ශ්‍රී ලංකාවේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර ඇතුළු වෛද්‍ය සේවා ක්‍ෂේත්‍රය තුළ නවතම තාක්‌ෂණය භාවිතා කරමින් පෙරලියක්‌ ඇති කළ ඩිජිටල් වෛද්‍ය සේවා සැපයුමේ ප්‍රමුඛතමයෙකු වන මයිඩොක්‌ටර් ඩොට්‌ එල්කේ (MyDoctor.lk) විසින් වෛද්‍යවරුන් සඳහාම වන ශ්‍රී ලංකාවේ ප්‍රථම අද්විතීය ජංගම දුරකථන ඇප් (App) එක හඳුන්වා දී ඇත. ආරම්භයේ සිටම පසුගිය අවුරුදු 05 පුරාවටම ශ්‍රී ලංකාවේ වෛද්‍ය - රෝගී සම්බන්ධතාවයේ දියුණුවට නිරන්තරයෙන් කටයුතු කළ MyDoctor.lk සමාගමේ මෙම නවතම හඳුන්වා දීම, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයා සහ රෝගියා අතර ඇති සම්බන්ධතාවයේ වෘත්තීමයභාවය සහ සුහදශීලිතාවය තවදුරටත් ශක්‌තිමත් කරන පියවරක්‌ ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකිය.

වෛද්‍යවරුන්ට, තමන්ගේ රෝගීන්ගේ රෝග විනිශ්චය, නිරීක්‌ෂණ සටහන්, වෛද්‍ය වාර්තා සහ අනෙකුත් අදාළ සියළුම තොරතුරු මෙම අන්තර් ක්‍රියාකාරී වෛද්‍ය - රෝගී ඇප් එකට පිවිස එහි ඇති සෞඛ්‍ය කුටිය (Health Vault) වෙත යොමු කර (මචකද්d) එහි සුරක්‌ෂිතව තැබිය හැකිය.

එමෙන්ම මෙම නවතම ජංගම දුරකථන තාක්‌ෂණය මගින් MyDoctor.lk ලියාපදිංචි පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ප්‍රදේශයේදී හමුවිය හැකි වෛද්‍යවරුන්ගේ නාම ලේඛනය සහ කාලසටහන් වෙත සෘජුවම යොමුවීමේ හැකියාව ලැබෙන අතර වෛද්‍යවරයාගේ නමින් හෝ රෝහලේ නමින් හෝ ප්‍රදේශයේ නමින් වෛද්‍ය හමුවීම් වලට අදාළ කාල සටහන් විස්‌තර සහ තොරතුරු සෙවීම් කළ හැක. වෛද්‍ය හමුවේදී රෝගියාගේ ප්‍රශ්න සහ ගැටලු නිරාකරණය කරමින් රෝගී තත්ත්වයන් පරීක්‌ෂා කොට බලා නිර්දේශ කරනු ලබන බෙහෙත් වට්‌ටෝරු, යොමු කරවන රසායනාගාර පරීක්‌ෂණවලට අදාළ සියළුම තොරතුරු සහ වාර්තා, වෛද්‍යවරයාට මෙම ඇප් (App) එක තුළට ප්‍රවේශ වී රෝගියාගේ සෞඛ්‍ය කුටිය (Health Vault) තුළ සුරක්‌ෂිතව ගබඩා කළ හැකිය. මෙහි අනෙකුත් විශේෂත්වය වනුයේ ඕනෑම ලියාපදිංචි රෝගියෙකුට තම සියළුම පුද්ගලික සහ රහසිගත වෛද්‍ය, රසායනාගාර වාර්තා සහ අනෙකුත් ලියකියවිලි ක්‍රමානුකූලව තම රෝගී සෞඛ්‍ය කුටිය (Health Vault) හි විශ්වාසනීයව හා සුරක්‌ෂිතව ගබඩා කළ හැකිවීමයි. එමගින් ඕනෑම අනාගත වෛද්‍ය ගැටලුවකදී සම්පූර්ණ පුද්ගලික වෛද්‍ය වාර්තාවන්ට ඉතා පහසුවෙන්ම යොමු විය හැකි වේ. ඊට අමතරව එම සියළුම විස්‌තර අවශ්‍ය වූ ඕනෑම විටක MyDoctor.lk හි ලියාපදිංචි වී සිටින ඔබට ප්‍රතිකාර කරන ඕනෑම වෛද්‍යවරයෙකුට නිරික්‌ෂණය කිරීමේ හැකියාව ලබා දී ඇත. මෙම පහසුකම සැළසෙනුයේ උපරිම රහස්‍යභාවය හා සුරක්‌ෂිත පරිසරයක්‌ තුළ වීම එහි ඇති තවත් සුවිශේෂත්වයකි.

ඵහ Dදජඑදර ඇප් එක හරහා වෛද්‍ය ක්‌ෂේත්‍රයට නූතන තාක්‌ෂණය භාවිතා කරමින් තවත් අදියරක්‌ ජනතාව සමීපයට පැමිණ සේවය කිරීමට තාක්‌ෂණික පහසුකම් සපයන්නේ ආචාර්ය චමින්ද රණසිංහගේ මග පෙන්වීම යටතේ IDEAHUB කණ්‌ඩායමයි.

ඊඩොක්‌ටර් ඩොට්‌ එල්කේ (eDoctor.lk) ලෙසින් 2012 දී ආරම්භ කොට, අද වන විට ඩිජිටල් තාක්‌ෂණය පාදක කොට ගත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවා ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස මයි ඩොක්‌ටර් ඩොට්‌ එල්කේ (MyDoctor.lk) අවිවාදෙයන් පිළිගැනෙනවා. දිවයින පුරා 68,000කට අධික ලියාපදිංචි පාරිභෝගිකයන් සංඛ්‍යාවක්‌ දැනටමත් ඔවුන්ගේ මෙම නවීන තාක්‌ෂණය පාදක කොට ගත් සේවාවන් වෙතින් අතිමහත් ඵල ප්‍රයෝජනයක්‌ ලබා ගන්නා අතර රෝගියා සහ උසස්‌ තත්ත්වයේ වෛද්‍ය සේවාවක්‌ අතර ඇති දුරස්‌ථභාවය නැති කොට, වඩා කාර්යක්‍ෂම ගුණාත්මක සේවාවක්‌ එමගින් ශ්‍රී ලංකා වෛද්‍ය සේවයට ලැබේ.

වෛද්‍ය හර්ෂ ජයකොඩි

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 31 of 137 << < 2930313233 > >>